සස දා විවරණය-විවරණය vi
250
අන්වය : –– සසරැ බිරි වී නම්, කිසි දුකැ නොරිසි වී නම්, නොරහසැ රහසැ කිසි පව් නො මැ කැරැ, දැහැමින් යෙදෙවු.
පදාර්ථි: –– සංසාර භීතිය වූයෙ නම්. කිසි ද දුකෙක්හි අරුචිය වූයේ නම්, පෙනී හෝ නොපෙනී හෝ කවර ද පාපයක් නො කොටැ මැ, ධර්ම.යෙන් යුක්ත වවු.
ටිප්පණී: –– සසරැ බිරි –– සංසාරයෙහි භීත භාවය. සසරට බන (බිය වන) බව. ‘වී’ යන්නේන් උක්ත වනුයේ මේ ‘බිරි’ යනු යැ. 2. කිසි දුකැ නොරිසි –– කිසි දු දුකෙක්හි අරුචිය. කිසි දුකක් නුරුස්නා බව. දෙ වන ‘වී’ යන්නෙන් උක්ත වනුයේ ‘නොරිසි’ යනු යි. 3. නොරහසැ –– එළියෙහි. පෙනෙන සේ. 4. රහසැ –– අඳුරෙහි. නොපෙනෙන සේ.
251
අන්වය : –– ගත පිරිසුදු මෙ දම්හි ගුණ වෙසෙසා සැමැරැ,දැහැමින් ලදක් බිදැ දී, කුලුණුනුවණින් යුත් වා.
විස්තර : –– ගත්තා වූ පරිශුද්ධ වූ මේ ධර්මෙයෙහි ගුණය විශිෂ්ට කොටැ ස්මරණය කොටැ, ධර්ම යෙන් ලද දැයක් අනුභව කොටැ දී, කරුණාඥානයෙන් යුක්ත වවු.
විස්තර : –– සිල් සමාදන් වැ සිල් ගුණ ආවර්ජනා කිරීමෙහි අනුසස් මහති. එ හෙයින් ගත් දහම්හි ගුණ වෙසෙසා සමරන්නට කී හ.
ටිප්පණී: –– 1. මෙ දම්හි –– මේ ශිල ගුණ ධර්මියෙහි. තමන් සමාදන් වූ ප්රාපණාතිපාතවිරමණාදි ශීලයෙහි. 2. ගත –– අතීත කෘදන්ත නාම යි. ‘ගත්’ යන්නට සමාන යැ. ‘දම්හි’ යන්නට විශෙෂණ යි. 3. සැමැරැ –– ‘සමර’ ධාතුයෙන් වූ පූර්ව ක්රිියා නිපාත යි. 4. වෙසෙසා ––
විවරණය 315
‘වෙසෙස’ ධාතුයෙන් වූ පූර්ව ක්රිහයා නිපාත යි. 5. ලදක් ––ලැබු දැයක්. 6 . බිදැ දී –– තමා ද අනුභව කොටැ ආගන්තුකයකු පැමුණුණ හොත් ඔහුට ද දි 7. වා –– වවු = (‘වු’ ලොප් වැ පූර්ව ස්වරය දීර්ඝ වීමෙන් ) වා.
252
අන්වය : –– ඉති බැණැ, ඔවා දී, එ තුන් මිතුරන් යවා, තම අතුරේ සලකන්නේ කිසි ද වතක් නොදිස්නේ –– (අනතරු පැදියෙහි ‘හැඟියෙ’ යනු හා සබඳි.)
පදාර්ථේ : –– මෙ සේ කියා, අවවාද දි. ඒ තුන් යහළුවන් නික්මවා, තමා ගේ අන්තරයෙහි පරීක්ෂා කරන්නේ යම් කිසි ද වස්තුවක් නොදන්නේ –– (අනන්තර පද්යරයෙහි ‘හැඟියෙ’ යනු හා සම්බන්ධ කරන්නේ යැ. )
ටිප්පණී: –– 1. තම ‘තුරේ –– තම + අතුරේ. තමා ගේ අන්තරයෙහි (ඇතුළතැ –– සිතෙහි.) 2. සලකන්නේ –– මෙනෙහි කරන්නේ. සැලැකුයේ ‘අද මේ සිල් ගෙනැ සිටි දවස්හි යාචකයකු අව හොත් ඔහුට දියැ යුතු දෙයෙක් මා අයිතියෙහි වේ ද නො වේ ද’ යන විසිනි. 3. කිසි ද වතක් –– ‘යම් කිසි දෙය්යහ වස්තුවක්’ යනු යැ පුරාණ සන්නය දෙන අරුත. ‘දෙය්යි’ යනු පාලි යි. ‘දියැ යුතු’ යනු අරුති. සකුයෙහි ‘දෙය’ යනු වෙයි. ‘ද’ යන්නෙන් මේ අරුත නො ලැබේ. එක් පිටපතක් ‘දැ’ යනු දක්වයි. ඒ අරුතට ඉනුදු පිහිටි නැති. ‘දෙය්යො’ යනු පරිකථා මුඛයෙන් කියන ලද්දෙකැ යි හැඟේ. 4. නොදිස්නේ –– ‘නුදුටුයේ’ යනු යැ පුරාණ සන්නය දෙන අරුත. එහෙත් ‘දිස්නේ’ යනු වර්තමාන කෘදන්තයක් බව පැහැදිලි යැ. 203 වැනි ගීයෙහි ‘නොදිස්මි’ යන්නට ද පුරාණ සන්නය දෙනුයේ ‘නුදුටු විරීමි’ යන අරුත යි. විමසත් වා.
316 සස දා
253
අන්වය : –– ඉදින් යදින් අව, සිය මස් කවා තුස්වා, මෙහි මැ උපවස් වස්වා, ඔවුන් මන පුරමි යි හැඟියෙ.
පදාර්ථ : –– කිසි පරිද්දෙකින් යාචකයන් පැමුණුන හොත්, ස්වකීය ශරීර මාංසය අනුභව කරවා සතුටු කොටැ, මේ ස්ථානයෙහි මැ උපවාස වාසය කරවා, ඔවුන් ගේ මන දොළ සම්පූර්ණ කෙරෙමි යි සිතී යැ.
විස්තර : –– සියලු පිටපත් ‘යදින්’ යන පෙළැ ගෙනැ ‘යාචකයක්හු’ යි ද, (මෙහි වූ ‘ඔවුන්’ යන්න වෙනුවට ‘ඔහු’ යන පෙළ ගෙනැ ‘ඒ යාචකයා ගේ’ යැ යි ද ‘මන පුරමින්’ යන පෙළ ගෙනැ ‘මානොදෞහෘදය පුරමි යි’ යන අරුත ද දෙයි.
254
අන්වය : –– ඉති සිතත, පඬැඹුල සලසුන හුණු වත්, සක්, කිමෙකැ හොයි බලන්නේ, එ තුමා දළ දන් දොළ දිටි.
පදාර්ථහ : –– මෙ සේ සිතන කල්හි, පාණ්ඩුකම්බල ශෛලාසනය උෂ්ණ වත් මැ, ශක්ර: තෙමේ කිම් දොහොයි පරීක්ෂා කරන්නේ, ඒ උත්තමයා ගේ මහත් දාන දෞහෘදය දුටුයේ යැ.
විස්තර : –– මහත් තැතින් නඟා – ගන්නා ලද ගියෙකි. පෙළ කිමෙක් ද සන්නය කිමෙක් දැ යි බේරා - ගැනීම සුකර නුවූ හෙයිනි. ‘බලන්නේ’ යන්නෙක් එයි. එය පෙළ සේ සලකා දුන් අරුතෙකුදු නැති. අපි එය පෙළ කළම්හ.
ටිප්පණී: –– 10 පඬැඹුල සලසුන –– මෙහි ලා සියලු පිටපත් එකඟ යැ.
‘සිය රූ නොහළ “සුදඅත්” “පඬුඇඹුල්” ඈ අවිබත් අවිය සද ඈ අවිදුමන් විදි’ විවරණය 317
යන සිදත් සඟරා පෙළට සන්න කාරයන් කරන පරිකථා මෙයින් බොරු වෙයි. ‘පඬු + ඇඹුල්’ යනු ‘පඬැඹුල්’ යන විසින් සංහිත නොවෙයි යනු යැ මෙ තෙක් පැවැති මතය. සිදත් සඟරා කරුවෝ සස දාව නුදුටු ද ? පඬු වූ (ඉතා රත්වූ) ඇඹුලෙකින් (කම්බලයෙකින්) වසන ලද සල් (ගල්) අසුන යැ පඞු ඇඹුල සලසුන නම්, ශක්ර්යා ගේ යැ. 2. දළ –– දෘඪ. තද. ‘මහත්’ යන අරුත ද ගත හැකි. 3. දන් දොළ –– දානාශාව. 4. එ තුමා –– ඒ ශශ බෝධිසත්ත්වයන් ගේ.
255
අන්වය : –– එ සඳ, එ සඳ විමසනුවට, රියවර නැඟී, අබරණ රැසින්, විදු කලබින් එව්, දස හස කලඹා –– (අනතුරු පැදිය හා සබඳි.)
පදාර්ථ : –– ඒ කාලයෙහි ඒ ජන්දය පරීක්ෂා කරනු පිණිසැ, රථවරාරූඪ වැ, ආභරණ රශ්මියෙන්, විද්යු ත්කලාපයෙන් මෙන්, දශ දිශාව ක්ෂොභ කොටැ, –– (අන්තර පද්ය්ය හා සම්බන්ධ යි.)
විස්තර : –– ශක්රයා––
‘මිණි අබරණ පැලැඳ
සැටක් ගැල් පිරියැ හැකි මනනඳ’
එන කල්හි ඒ ආභරණවලැ කාන්තිය දශ දිශායෙහි විහිදී සියලු දශ දිශාව දියක් මෙන් කැලැඹෙනු වෙයි. විදු ලිය රිවියෙකින් මැ එළිය වැටුණු සේ කැලැඹෙනු වෙයි.
ටිප්පණි : –– 1. එ සඳ එ සඳ ––පෙර ‘සඳ’ කාලාථීය දෙන නාමයෙකි. ප්ර්කෘති රූපය මැ ආධාරාර්ථදය දෙන්නට යෙදිණ. පසු ‘සඳ’ ඡන්දාර්ථදය දෙයි. ඡන්දය නම් කැමැත්ත යි. මෙ තන්හි ශශ බෝධිසත්ත්වයන් ගේ දානචඡන්දය 318 සස දා
(දන් දොළ) ගැනේ. පිටපත්හි මෙ දෙක මැ සඳග යෙදුණේ එක මැ ‘එ සඳ’ යන්න යි. දෙ වරක් යෙදුණු තන්හි ලියන්නෝ, පුනරුක්ත දොෂය වළකන අටියෙන් දෝ, එකක් හැරැපියති. ගීය නුවූයෙන් මෙහි හැරැ - පීම සිතට එ තරම් බරෙක් නො වේ. 2. රියවර –– මෙහි ‘වර’ යනු උත්තමාර්ථඑ යි. ශක්රයයා ගේ රියවර නම් වෛජයන්ත රථය යි. 3. කලඹා –– සියලු පිටපත් ‘කලඹා’ යන්නට ‘විරිවන් පැහැ කොට’ යන අරුත දෙයි. ඇතැම් පිටපත් ‘කලබා’ යනු පෙළ කෙරෙයි. මුද්රිරත පිටපත ‘විරිවන්’ යනු හැරැ ‘පැහැ කොටැ’ යනු පමණක් අරුතට දි, යට සටහනට ‘වරින් වර –– යි සමහර’ යන්න ගනී. අබරණ රැසින් කැලැඹීම නම් ආභරණයෙන් රැස් ඒ මේ අතැ නිකුත් වන කල්හි එහි මෙහි විදු ලිය කොටන්නා සේ දැක්වීම යි. 4. කලබින් –– ‘කලාප’ යන අරුත්හි ‘කලබ’ සද යි.
256
අන්වය : –– ඔහු නෙත් දහස් මෙහෙයා විලසින් ලෝ බලත්, අඹර දෙරණ අතුරු ඉඳු නිල් මිණි තෝ දහර බඳ වන්.
පදාර්ථඉ : –– ඔහු නෙත්රව සහස්ර්ය යොමු කොටැ විභ්රරමයෙන් ලෝකය බලන කල්හි, අම්බර ධරණී අන්තරයෙහි ඉන්ද්රස නීල මණි තෝය ධාරාව බද්ධ වූවා වැනි යැ.
විස්තර : –– ශක්ර යා දහසක් නුවන් මෙහෙයා බලත, ඒ නුවන්හි නිල් කැලුම් ලොව පුරා පැතිරෙන්නට වෙයි. එ නිල් කැල්මෙන් අහසත් පොළොවත් අතර පිරෙයි. එ කලැ ‘දෙරණ අඹරැ අතරැ ඉඳු නිල් තෝ දහර බඳ වන් වනු කවර අසිරියෙක් ද ?
විවරණය 319
ටිප්පණී : –– 1. විලසින් –– විලාසයෙන්, විභ්රනමයෙන්. මෙහි ‘විලස්’ නම් සුන්දරාකාරයෙන් ඇස ලෙළවා බැලීම යි. විලස් වනුයේ බැල්මෙහි මැ නො වේ. කවර පැවැතුමක් වුව ද ‘විලසින්’ කළ හැකි යැ. විලසින් යුත් පැවැත්ම සිත් අදී.
257
අන්වය : - එකස් කළ රඳනා නිමල් උතුරු සළු පට මෙන් නුඹඳ අඹුරු නී සුලකළ හිමවු ගිරි රජ දිටි.
පදාර්ථහ : –– එකාංශ කළා වූ හොබනා වූ නිර්මඹල වූ උත්තර ශාටක පටයක් මෙන් අනුබද්ධ වූ ආකාශ නදිය අත්යළලංකෘත කළා වූ හිමාලය පර්වත රාජයා දුටුයේ යැ.
විස්තර : –– ශක්රය හිමාලය පර්වතය දිටි. ආකාශ නදිය ඒ හිමාලය පර්වතය ඉතා අලඞ්කෘත කෙළේ යැ. ආකාශ නදිය ඒ පර්වතයෙහි අනුබද්ධ වැ සිටියේ යැ. එ හෙයින් ඒ පර්වතය රාජයා විසින් එකාංශ කොටැ බහා ගන්නා ලද උතුරු සළු පටක් වැන්නැ.
මහා කවි කාලිදාසයෝ –– ආකාශ ගංගාව කෛලාස පර්වතයා ගේ උත්සඞ්ගයෙහි ස්රිස්ත වූ (ශිථිල වූ ) දුකූලයක් වැනි යැ යි යෙති.
‘තස්යොහත්සඞ්ගෙ ප්රවණයින ඉව ස්ර ස්තගඞ්ගාදුකූලාං’
[ තස්ය –– ඔහු ගේ (ඒ කෛලාශ පර්වතයා ගේ), උත්සඞ්ගෙ –– ඇකයෙහි, ප්රගණයිනඃ ඉව –– වල්ලභයකු ගේ (ඇකයෙහි) මෙන්, ස්ර ස්ත –– ශිර්ථුල වූ, ගඞ්ගා දුකුලාං –– ගඞ්ගා නමැති දුහුල ඇති .......................]
ශරීරයෙහි ඌර්ධව භාගය ද ඌරු ප්ර දෙශය ද උත්සඞ්ග නාමයෙන් ගැනේ.
320 සස දා
ටිප්පණී: –– 1. එකස් –– එක් + අස්. එකස් (එකාංශ කිරීම් නම් එක් උර හිසක් වැසෙන සේ උතුරු සළුව බැහීම යි. 2. නුබඳ –– අනුබඳ. අනුබද්ධ. නිරන්තර. අහස් ගඟ නිරතුරු වැ ගලන හෙයින් අනුබඳ යැ. 3. අඹුරුනී –– අම්බර නදී. ආකාශ ගංගා. Ganges. මේ හිමාලයයෙහි කෛලාස කූටයෙන් ගලන ලෝකප්රනසිද්ධ නදිය යි. ‘අඹුරු’ යනු ආකාශයට නමි. 4. සුලකළ –– ‘අඹුරු නි’ යනු මෙයට අනුක්ත කතෘ යි.
258
අන්වය : –– සඳුන් බුජඟ ළඟ, බුලත පුවකින් මන කල් නරඟ සිරිඟර මඬු වන් මල ගල්, ඇලී බැලී.
පදාර්ථ : –– සඳුන් භුජඬ්ගාසන්න වූ බුලතින් පුවකින් මනඃකල්යව වූ, අනඞ්ගයා ගේ ශෘඞ්ගයා ගේ ශෘඞ්ගාර මණ්ඩපය වැනි වූ මලය පර්වතය සක්ත වැ බැලී යැ.
විස්තර : –– ශක්ර මලය පර්වතය ඇල්මෙන් බැලී යැ. එයට විශෙෂ ඇල්මක් කරන්නට ශක්ර යාට වුව ද හේතු නැත්තේ නො වේ. අනඞ්ගයා ගේ කාම ක්රීකඩා මණ්ඩපයක් වැන්නැ මලය පර්වතය. කෙසේ ද ? මලය පර්වතයෙහි සඳුන් බුජඟ ළඟ යැ. (චන්දන වෘක්ෂයෝ භුජඞ්ගාසන්නයෝ යැ –– නයින් විසින් වලඳන ලද්දෝ යැ.) නරඟ සිරිගර මඬුව ද බුජඟ ළඟ සඳුන් (භුජඞ්ගාසන්න –– භුජඞ්ගයන් හෙවත් ජාරයන් විසින් (ආලිංගනය කරන ලද්දා වූ –– කාන්තාවන් ) ඇත්තේ යැ. මලය පර්වතය ද බුලතින් පුවකින් ම නොහර ය. නරඟ සිරිඟර මඬුව ද බුලතින් පුවකින් මනොහර යැ.
චන්දනය භුජඞ්ගාශ්ර ය කරන අයුරු පුරාතනයෝ ද කී හ.
විවරණය 321
‘ජනකඃ සානුවිශෙෂො
ජාතිඃ කාෂ්ඨං භුජඞ්ගමෛඃ සඞ්ගඃ
ස්වගුණෛරෙව පටීරජ
කිං කථයාමස්ත්වදීයමෞන්නත්ය්ම්’
[ ජනකඃ –– උත්පාදකයා (පියා) , සානුවිශෙෂඃ –– පර්වත විශෙෂයෙකි. (මලය පර්වතය යි;) ජාති කාෂ්ඨං –– ජාතිය කාෂ්ඨ (දර) යැ; සඞ්ගඃ භුජඞ්ගමෛඃ සහ –– ආශ්ර)යය භුජඞ්ගමයන් (නයින් දොහෝ නොහොත් ජාරයන්) සමඟ යැ; පටිරජ–– වන්දනය, කිං කථයාමඃ –– කුම් කියමු ද ? ත්වදියං ඖන්නත්යයම් –– තා පිළිබඳ උසස් බව, ස්වගුණෛඃ එව ––ස්වකීය ගුණයන් ගෙන් මැ යැ. පියා නිසා හෝ ජාතිය නිසා හෝ ආශ්රි්තයන් නිසා හෝ නො වෙති යි යූ සේ යැ.]
මලයයෙහි සඳුන් ද බුලත්පුවක් ද කාලිදාසයන් විසිනුදු. වැනිණ.
‘තාම්බූලවල්ලිපරිනද්ධපූගා –
ස්වෙලාලතාලිඞ්ගිතවන්දනාසු
තමාලපත්රාගස්තරණාසු රන්තුං
ප්රෙසීද ශශ්වන්මලයස්ථලීෂු’
[ තාම්බූලවල්ලී පරිනද්ධ පූගාසු –– බුලත් ලිය වැලැඳි පුවක් (තුරු) ඇති, එලා ලතා ආලිඞ්ගිත චන්දනාසු –– එල් ලිය වැලඳි සඳුන් (තුරු) ඇති, තමාලපත්ර, ආස්තරණාසු –– තමලු පත් ඇතිරිලි ඇති, මලයස්ථලීෂු –– මලය තලාවන්හි, ශශ්වත් රන්තුං ප්ර්සීද –– සියලු කල්හි කෙළින්නට පහදුව. ]
ටිප්පණී : –– 1. බුජඟ –– නාග යැ, ධූර්තයැ යි අරුත් දෙකක් දෙන්නෙකි. සකුයෙහි ‘භුජඞ්ග’ යනු වෙයි. භුජවැ (කුටිල වැ –– ඇද වැ) ගමනය කරනුයේ භුජඞ්ග යි. නයා භුජ වැ යන සැටි ප්රයසිද්ධ යැ. ධූර්තයා ද භුජ වැ (කුටිල වැ - හොරෙන් ) යන හෙයින් භුජඞ්ග වේ මැ යි.
322 සස දා
මේ භුජඞ්ග නාමය වෙශ්යානවන් කරා යන්නා වූ කාමුක පුරුෂයනට නමි. ‘ජාර’ යනු ඔවුනට යෙදෙන තව ද නමෙකි. Paramour. 2. ළඟ –– ආසන්න වූ ධාතුව මැ අතීත කෘදන්ත නාමය වූ තැනි. මෙහි) ළැඟී මැ යම්තම් ආසන්න වීම මැ නො වේ. වැලඳැ- ගැනීම යි. 3. සඳුන් ––චන්දන යැ කාන්තාවනැ යි අරුත් දෙකක් දෙයි. මලය පර්වත පක්ෂයෙහි චන්දන යි. එහි ‘සඳුන්’ යනු මැ පියෙවි යි. අනඞ්ග ශෘඞ්ගාර ශාලා පකෂයෙහි ‘සඳ’ යනු කාන්තාවට නමි. රුවන් මල ගැහැනු නම් දක්වනුයේ ––
‘සොඳුරු ඉතිරි බිරි - ලිය සඳ කත් මෙහෙලි කල්’
යන ඈ විසිනි. ‘සඳ’ යනු ‘උන්’ විබත ගෙනැ ‘සඳුන්’ වේ ‘සඳුන් බුජඟ ළඟ’ යන විසින් අන්වයය ගෙනැ, ‘කාන්තාවන් භුජඞ්ගයන් ආසන්න වූ, යැ යි අරුත් බණනු විනා, ‘බුජඟ ළඟ සඳුන්’ යනු සලකා,භුජඞ්ගයන් ආසන්න වූ කාන්තාවන් ඇති’ යන විසින් අරුත් දීම සිංහලයට හුරු නො වේ. 4. නරඟ සිරිඟර මඬු –– ‘නරඟ’ යන අනංගයාට නමෙකි. නි + අඟ = නිරඟ. ‘ශරීරය නැත්තේ’ යනු අරුති. ‘සිරිඟර’ (ශෘංගාරය) යනු මෙහි සම්භොගයට නමි. එයට තැන් වූයේ ‘සිරිඟර මඞු’යි. ‘නරඟ සිරිඟර මඬු’ යැ යි වෙසෙසා කියන ලද්දේ සම්භොගයට මැ ඇරුණු තැනක් බව අඟවන පිණිසැ යැ. 5. ඇලී –– පිටපත්හි එනුයේ ‘බැලී –– සක්ත, බැලී ––නිරීක්ෂණය කෙළේ’ යනු යි. ‘සක්ත වැ’ යන තන්හි ‘වැ’ යන්න හැළුණූ බවත් ‘බැලී’ යනු වැරැදීමෙන් ලියැවුණු බවත් සලකා - ගත හැකි යි. මේ වරද ඉතා පැරැණි යැ. ඇතැම් ලියන්නන් මුල් ‘බැලී’ යනුත් එයට දුන් අරුතත් මුළුමනින් මැ හැරැ - දැමු බව පෙනෙයි. කෙනෙක් ‘බැලී’ යන හුදු පදයට ‘සක්ත නිරික්ෂණය කෙළේ’ යන අරුත දුන් හ. අපි ‘සක්ත’ යන්න බලා ‘ඇලි’ යනු පාඨය කළම්හ. අන් තැනකට නොදැක්වූ ඇල්මක් ශක්රනයා මෙහි ලා ඇති කෙළේ එය ‘අනඟ සිරිඟර මඬු වන්’ වූ යෙහිනැ යි සිතියැ හැකි. 6. බුලතපුවකින් –– බුලත් ද පුවක් ද බුලත්පුවක් ඉන් බුලතපුවකින්. සමාසය ද්විතීයාදි විභක්ති
විවරණය 323
ගන්නා විටැ හලන්ත වූ ද පූර්වාඞ්ගය ස්වරාන්ත වන සෙයෙක් පෙනේ. අත්පා + ඉන් = අතපයින්. පත්පොත් + අට = පතපොතට.
259
අන්වය : –– දැඟුම් කුළු සිය වන් බමන දැඩි වරණ යුත්, කුඹුයොන් බියෙන් එබී හුන්, විඳු ගිරි අබක් නැරැඹි.
පදාර්ථ : –– ජංගම කූට ශතයන් වැනි වූ භ්රතමණය කරන්නා වූ දෘඪවූ වාරණයන් යුක්ත වූ, කුම්භයෝනිහුට හයින් නීච වැ හුන්නා වූ, වින්ධ්යූ පර්වතය ක්ෂණයක් බැලීයැ.
විස්තර : –– ශක්රක තෙමේ ඇසිල්ලක් වින්ධ්යා පර්වතයා දෙස ද බැලී යැ. ඒ වින්ධ්ය ය අගස්තිහුට කළ බියෙන් නැමී පහත් වැ සිටියේ යැ. එහි මහ ඇත්තු බමති. ඔහු ඔබ මොබ යන පර්වත කූට වැන්නෝ යැ. එ බඳු ඇත්තු සිය ගණන් වෙත්.
ටිප්පණී: –– 1.දැඩි –– දෘඪ. මහත් 2. වරණ ––වාරණ . හස්ති. 3. දැඟුම් –– ජඞ්ගම. අස්ථාවර වැ සිටි තැනැ මැ නො සිටැ යනුයේ –– ගමනයට ශක්ති ඇත්තේ ––ජඞ්ගම යි. සිටි තැනැ මැ සිටිනුයේ ස්ථාවර යි. 4. විදු ගිරි –– වින්ධ්යත ගිරිය. දක්ෂිණපථයට (Dekkhan) උත්තර සීමාව ද මධ්යත දෙශයට දක්ෂිණ සීමාව ද වී සිටි පර්වතය. 5. අබක් –– අල්පයක්. මොහොතක්. ක්ෂණයක්. සකුයෙහි ‘අර්භ’ යනු ද ‘අල්ප’ යනු ද ‘ඉතා ටික’ යන අරුත දෙයි. හෙළුයෙහි ‘අබ’ යනු ද එ බඳු යැ අතිස්වල්ප වේලාව යන අර්ථ‘යෙහි ‘ඇබිති’ යනු දැනුදු ව්ය්වහාරයෙහි ලැබේ. ‘ඇබිත්තක් බලන්නැ’ යන ආදි තන්හි යැ. එහි ‘ඇබිති’ යනු ‘අබ’ යන්නට අල්පාර්ථ.යෙහි ‘ඉති’ ප්රැත්යතයය යෙදීමෙන් වූයේ යැ. පිටපත්හි පෙළටත් සන්නයටත් එනුයේ ‘අභක්ෂණයක්’ යනු යැ. ‘අබක්’ යන පෙළත් ‘ක්ෂණයක්’ යන අර්ථ්යත් එක් තැන් වැ ‘අබක්ෂණයක්’ යන්න ලියන්නාට ලියැවුණේ මෙ සේ යැ.
324 සස දා
‘අබ ක්ෂණයක්’ යැ යි නො ලියා ඔහු ‘අභක්ෂණයක්’ යැ යි ලියූයේ මහාප්රා‘ණ යොගයෙන් ප්රයයොගයට වැඩි පණක් ගෙනැ දෙනු සඳහා යැ. 6. කුඹුයොන් බියෙන් –– පෙරැ වින්ධ්ය පර්වතය අන් සියලු පර්වතයනට මැ වඩා වැදගත් වන්නට සිතා, චන්ද්රිසූර්යයන් –– එ කලැ මහා මෙරුව වටා යෙමින් උන්නවුන් –– අමතා, තමා (වින්ධ්යන පර්වතය) වටා යන්නට නියම කෙළේ යැ. චන්ද්රෙ සූර්ය දෙ දෙනා ඒ නියමය නො පිළිපැද්ද හ. කිපුණා වූ වින්ධ්යවය අහස දෙසට විහිදෙන්නට වන. තමාට නොකීකරු වු චන්දු සූර්ය දෙ දෙනා ගේ ගමන් වළකනු සඳහා යැ. දෙවියන් ගේ විමන් මඟ ද ඇවිරිණ. බියපත් වූ දෙවියෝ අගස්තිහු බලා ගොස් සැනැසිලි යැදිය හ. එ කලැ උතුරු දඹදිවැ සිල් රකිමින් සිටි අගස්තිහු ‘භයකට ඉඩ නො තබමි’ යි දෙවියන් සනසා දකුණු දෙස බලා ගමන් ගත. හේ තව මැත් ඉහළට විහිදෙමින් සිටි වින්ධ්යද පර්වත සමීපයට පැමිණැ, තමාට දකුණට යාමට මඟ හරින සේ අයැදි යැ. වින්ධ්යර පර්වතය ද හිස නමා මඟ පෑගෙනැ සිටියේ යැ. අගස්ති, තමා පෙරළා උතුරට එන තෙක් හිස නොඔසවන සේ වින්ධ්ය යෙන් ගිවිසුම් ගෙනැ. දකුණට ආයේ මෙ තෙක් පෙරළා උතුරට නොගියේ යැ. ඔහු එනු බලමින් වින්ධ්යළය අද ද නැමි වන මැ සිටී. කුඹුයොන් බියෙනැයි කීයේ මෙ පුවත සලකි යැ. 7. එබී හුන් –– පහත් වැ හුන්නා වූ අකර්මෙක ‘ඔබ’ ධාතු පහත් වීමෙහි වැටේ.
260
අන්වය : –– එ වටැ, ඉඳුරු, මිහි මඬල මත් සිකිනිඳු විහිදූ පිල් මඬල තනන දළ රළ ගළ දලනිදු දිටි.
පදාර්ථග : –– ඉක්බිති, ඉන්ද්රහ තෙමේ මහී මණ්ඩලය නමැති මත්ත මයුරෙන්ද්රලයා විස්තීණී කළා වූ පිච්ඡ මණ්ඩලය (වූ,) චඤ්චල වූ මහත් තරඞ්ගයන් ගහන වූ ජලනිධිය දුටුයේ යැ.
විවරණය 325
විස්තර : ––නඟින බසින මහත් රළ සමූහය ඇති මහා සාගරය ශක්රඬයාට පෙනුණේ විහිදුවන ලද මොනර පිල් කලබක් ලෙසැ යැ. එ බඳු මහ මුහුද පිල් කලබ නම්, එය විහිදු මොනරා මහ පොළොව යි.
ටිප්පණී: –– 1. පිල් මඬල –– මේ ‘දලනිදු’ යන්නට තුල්යාගධිකරණ යි. ( In apposition with ) පිල් මඬලනම් දලනිදු යැ. මේ සම්බන්ධය අන් ලෙසෙකින් පැහැදිලි කළ නොහැකි වැ, පුරාණ සන්නය, ‘පිච්ජ මණ්ඩලය වැනි වූ’ යැ යි විදහා අරුත් පවසයි. 2. මත් –– මත්ත, ප්රී ති, දර්ප, රාග, මද්යය යන මේ ආදි කිමෙකින් මත් වුව ද මත් යැ.සුදුසු සේ සලකා - ගත යුතු. මේ ‘මත්’ යනු කවීනට ඉතා ප්රි ය යැ. 3. සිකිනිඳු ––මයුරෙන්ද්රර. මයුර රාජ. ‘සිකිනිඳු’ යනු මැ ගනිමින් පුරාණ සන්නය පවසනුයේ ‘මයුර’ යන අථර්යන පමණ යැ. 4. ඉඳුරු –– පිටපත් ‘ඉන්ද්රය’ යනු පෙළට ගෙනැ ‘ශක්රය තෙමේ’ යැ යි අරුත් පවසයි. ‘ඉන්ද්රඳ’ යනු හෙළු කොටැ යෙදු සේ ඉවැසියැ නොහැකි වැ දෝ එක් පිටපතක් ‘ඉන්ද්රප’ යනු දෙයි. ලියන්නනට ‘ඉඳුරු’ ‘ඉන්ද්රත’ වනැ ද (259) ‘අබක් –– ක්ෂණයක්’ ‘අභක්ෂණයක්’ වනු ද එන සේ පහසු යැ. 5. දළ රළ ගළ –– ‘දල රල හල’ යනු යැ බොහෝ පිටපත්හි එන පාඨය. එක් පිටපතෙක් ‘හ’ යන්න නො කපා මැ යටින් ‘ග’ යන්නකුදු දක්වයි. ‘රළ ගළ උපෑ’ යැ යි ගුරුළු ගෝමීහු ‘අමාවතුරුයෙහි’ යෙති. ‘ගළ’ යන්නට පුරාණ සන්නය ‘ගහන වූ’ යැ යි අරුත් පවසයි.අප ගේ ඇස් අයවන්නෙකි. මෙ තෙක් අපි ‘වන ගළ’ යනාදි තන්හි ‘වන ඝටා’ යන විසින් මැ අරුත් පැවැසූමු. හෙළු ‘ගළ’ යන්නෙහිත් සකු ‘ඝටා’ යන්නෙහිත් නෑ කමක් දුටු සෙයක් මැ හැඟැවුමු. 218 වැන්නෙහි ‘වන ගෙළෙක්’ යන තැනට මේ අරුත නොගැළැපෙන සේ දැන් නම් පෙනෙයි. ‘වන ගළ’ නම් වන ගහනය (ගහන වූ –– Thick, dense –– වනය) නො වේ ද ? ‘ගහන’ යන අරුත දෙන්නට ‘ගාඪ’ යනු ද සකුයෙහි යෙදේ.
326 සස දා
261
අන්වය : –– සුර නා, උලෙළ දෙන ගැඹුරු රුවනාර මැඟැ වත් අන් කහි නම් උඩඟු කරත් නොවත් යි සිමිඳි.
පදාර්ථඟ : ––සුර නාථ (ශක්ර ) තෙමේ උල්ලොලනය දෙන්නා වූ ගම්භීර රත්නාකරය බලා, ‘වස්තුව අන් කවරකු නම් උද්ධත කරත් හොත් අසමර්ථන ද’යි ස්මරණය කෙළේ යැ.
විස්තර : –– මුතු මිණි ආදි රුවනින් මහ සයුරට වඩා ආඪ්යන වූ අනෙකෙක් ලොවැ නැති. එ හෙයින් සයුරට ‘රුවනාර’ (රත්නාකර) නාමය යෙදෙනුයේ. ගැඹුරු ගුණයෙහි දු සයුරට සම කළ හැක්කෙක් නැති. කො තරම් වස්තු ලද ද ගැඹුරු ගුණ ඇත්තන් උඩඟු නො වෙති යි පඬුවෝ කියති.
‘භවන්ති නම්රා්ස්තරවඃ ඵලොද්ගමෛර්
නවාම්බුහිර්භුරිවිලම්බිනො ඝනාඃ
අනුද්ධතාඃ සත්පුරුෂඃ සමෘද්ධිහිඃ
ස්වභාව එවෛෂ පරොපකාරීණාම්’
[ තරවඃ ඵල උද්ගමෛඃ නම්රාඃ් භවන්ති –– ගස්හු පල උදායෙන් නැමුරු වෙති; ඝනාඃ නව අම්බුහිඃ භූරිවිලම්බිනඃ ––වලාවෝ අලුත් දියෙන් බෙහෙවින් එල්බෙන්නේ යැ; සත්පුරුෂාඃ සමෘද්ධිහිඃ අනුද්ධතාඃ –– සුපුරිස්හු සම්පතින් නොඋඩඟුවෝ යැ; එෂඃ පරොපකාරිණාම් ස්වභාවඃ එව–– මේ පර වහලුන් ගේ සබා (දහම) මැ යි. ]
ගැඹුරු ගුණයක් නැති ගස් ද වලා ද එ බඳු යැ. ගැඹුරු ගුණයෙන් අග තැන් පැමිණි රුවනාර කෙබඳු ද ? මහ උළෙල දෙයි –– බොහෝ ඉහළ නැඟෙන්නේ වෙයි ––බෙහෙවින් වැ උවඟු වෙයි. පඬුවන් කුමක් කිව ද, එ තරම් ගැඹුරු වූ ද රුවනාර එ තරම් මැ උඩඟු වේ නම්, (ගැඹුරු ගුණයක් නැති) අන් කවරෙක් නම් වසුතුව නිසා උඩඟු නො වේ ද ?
විවරණය 327
මේ යැ සුර නා සිමිඳි සැටි.
ටිප්පණී: –– 1. උලෙළ දෙන –– උඩට (ඉහළට) ලෙළුම යැ ‘උලෙළ’ නම්. ධාතුව මැ නාමය වැ සිටි තැනි. උළෙල දිම නම් උලෙළ ඇති කිරීම යි. 2. ගැඹුරු –– ගම්භීර මේ මෙහි අරුත් දෙයි. එකෙක් නම් බොහෝ යටට ගිය පතුල් ඇති බව යැ. අනෙක නම් සත්ත්ව ගුණයෙහි ( Character ) ඇති නොකැලැඹි –– නොඋඬඟු –– බව යි. Profound . තුන් තැනෙකැ ගැඹුරු බව ශුභ යැ යි පුරුණුවෝ කී හ.
‘සවරෙ සතෙත්ව ව නාහෞ ව ත්රිනෂු ගම්භීරති ශුභා’
[ ස්වරයෙහි (හඬෙහි) ද සත්ත් ව ගුණයෙහි ද නාභියෙහි ද ගැඹුරු බව හොබනේ යැ. ]
3. රුවනාර –– රුවන් ආර. රුවනට (රත්නයනට) ආර (ආකර - උත්පත්ති ස්ථාන) වන බැවින් සයුරට ‘රුවනාර’ නම යෙදේ. මෙ තන්හි සයුරට මෙ මැ මුත් අන කිසි නමෙක් උචිත නොවන්නෙ යැ. සයුර වස්තුමත් බව හැඟැවියැ යුතු හෙයිනි. ‘ගැඹුරු’ යනු ද මෙ සේ මැ අත්යැන්තොවිත ලෙස යෙදුණෙකි. සියලු පිටපත් ‘රුවනාකර’ යනු මැ දෙයි. ලියන්නන් ගේ මැ වරදක් බව කීම ද වැඩියෙකි. 4. මැඟැ –– මෙහි ‘මඟ’ (බැලීමෙහි ) ධාතු ‘රක්’ ආදි පර පද යි. 5. සිමිඳි –– ‘සිමිඳ’ (සිහි කිරීමෙහි) ධාතු යි. ‘රක්’ ආදි පර පදයි.පිටපත් ‘සිමිඳු’ යනු දෙයි. වියරණයෙහි එයට ඉඩෙක් නැති. 7. කරත් –– ආවස්ථික කෘදන්ත නිපාත යි. භාවය ප්රිධාන කොටැගෙනැ පුරාණ සන්නය ‘කරන්නට’ යන අරුත දෙයි. 8. කහි ––කා. කවරකු. ‘කහු’ යන්නට සමාන යැ. 9. වත් –– වස්තු 10. නොවත් යි –– පිටපත්හි එනුයේ ‘නොවත් ඊ’ යනු යි එයට ‘අසමර්ථ දැයි කියා’ යන අරුත දෙවිණ.
328 සස දා
262
අන්වය : –– එහි සිලිලතැ කෙළනා පබළ ලිය සක්, මහ මේ කැල වලඳනා සසල විදු ලිය කොක් වන්, බැලී.
පදාර්ථද : –– එහි සලිලාන්තරයෙහි ක්‍ීළ ඩා කරන්නා වූ ප්‍ල වවාල ලතාවන් ද ශඞ්ඛයන් ද, මහා මෙඝ සමූහය ආශ්ලෙප කරන්නා වූ චඤ්චල වූ විද්යු ල්ලතාවන් ද බලාකාවන් ද වැන්නවුන්, දුටුයේ යැ.
විස්තර : –– නිල් මුහුදෙහි කෙළනා පබලු ලිය මහා මේඝ සමූයහෙයි චඤ්චල වූ විදු ලිය වැන්නැ, සක් කොකුන් වැන්නැ.
263
අන්වය : –– පුරඳුරු, ඉති රමණී නන් වණ පෙදෙස් බලමින්, එ වන මුව පත් වෙමින්, ජර දද වෙස් පිළිපන්.
පදාර්ථම : –– පුරන්දර තෙමේ, මෙ සේ රමණීය වූ නානා වර්ණා ප්රපදෙශයන් දකිමින්, ඒ අරණ්යද මුඛයට ප්රාතප්ත වෙමින්, ජීණි ද්විජ (බ්රාහ්මණ) වෙශය ගත්තේ යැ.
ටිප්පණී: –– 1. පිළිපන් –– ‘පිළිපද’ ධාතුයෙන් වූ අතීතාඛ්යාාත යි. බස් ආදි ගණ ‘පිළිපද’ ධාතු අකර්මළක වූ තන්හි පැමිණීමෙහි ද සකර්මණක වූ තන්හි ගැන්මෙහි ද වැටේ. 2. ජර –– පිටපත් ‘ජරා’ යනු මැ දෙයි. 3. නන් වණ පෙදෙස් ––‘නන් වන පෙදෙස්’ යනු පෙළ කොටැගන්නා පුරාණ සන්නය ‘නානා වන ප්රිදෙශය’ යන අර්ථිය දෙයි. එක් පිටපතෙක් පමණක් ‘නානා වර්න ප්රෙදෙශය’ යන්න දක්වයි. අපි එය ‘නානාවර්ණඑ ප්රපදේශයන්’ කළම්හ. පුරන්දරයා බැලූයේ වන ප්රදදෙශ මැ නො වේ. ‘වණ’ (වණ) යනු වර්ගා්ර්ථාය ද දෙයි. එ හෙයින් ‘නන් වණ පෙදෙස්’ නම් නානා වර්ග යේ ප්රදදෙශ යි. 4. එ වන මුව –– ඒ සාබෝ
විවරණය 329
සතුන් වසන වනය පටන් ගන්නා තැනට. ‘මුව’ යනු මෙ තන්හි පටන් - ගන්නා තැනට නමි. වනයට ඇතුළු වීමට වුව එ තැන යැ.
264
අන්වය : –– වැදැ, පිළිවෙළින් එ තුන් මහතුන් බසැ විමසා, ගොසින්, හිමියා කුලුණු ඇස් අමා පොකුණේ ගිලුණේ.
පදාර්ථ : –– ඇතුළු වැ, පරිපාටියෙන් ඒ මහාත්මයන් තුන් දෙනා කථායෙන් පරීක්ෂා කොටැ, නික්මැ, ස්වමියා ගේ කරුණා අක්ෂි නමැති අමෘත පුෂ්පකරිණියෙහි නිමග්න වී යැ.
විස්තර : –– ශෘගාලාදි මහාත්මයන් තුන් දෙනා සමඟ දොඩා උන් ගේ තරම් ද පිරික්සා, එ තැනින් ගොස් බෝධිසත්ත්වයන් දුට හ යි යූ සේ යැ.
ටිප්පණී: –– 1. වැදැ –– ඒ වනයට පිවිසැ. 2. බසැ –– ‘බසින්’ යන්නට සමාන යැ. 3. එ තුන් මහතුන් –– පිටපත් ‘එ තුන් මිතුරන්’ යනු පෙළ කොටැ ‘ඒ ශෘගාලාදි මහතුන් තුන් දෙනා’ යන අරුත පවසයි. 4. ගැලුණේ ––සියලු පිටපත් ‘ගැලී’ යන්න පෙළට ගෙනැ ‘නිමග්න වී’ යන අරුත දෙයි. වරද පැහැදිලි යැ. 5. කුලුණැස් අමා පොකුණේ –– බෝධිසත්ත්වයන් ගේ ඇස් කුලුණු බර යැ. එ බඳු ඇසට අසු වීම අමා පොකුණෙකැ ගිලීමක් වැනි වේ.
265
අන්වය : –– එ සා සා බමුණු වහළ මුහුණු දුරින් දැකැ, කුලුණින්, ‘මෙ තැන් පතුයේ කරුණු කිමෙකැ’ පිළිවිත්.
පදාර්ථත : –– ඒ ශශ තෙමේ ක්ෂුධිත බ්රාුහ්මණයා ගේ වැහැරුණා වු වක්ත්රතය දුරැ දී බලා, කරුණායෙන්, ‘මේ ස්ථානයට පැමිණීමෙහි කාරණය කිමෙක් ද ? යි විචාළේ යැ.
330 සස දා
විස්තර: –– බමුණා ගේ වැහැරුණු මුහුණ දුරැ දී මැ දුටු ශශ බෝධිසත්ත්වයනට කරුණා උපන්නේ යැ. එහෙයින් ඔහු පැමිණීමට කරුණු එක් වරැ මැ පුළුවුත් හ.
‘ බමුණු මුහුණු දැකැ හොළ ’
යැ යි පිටපත රක්නා සේ ගත, දෙ වන පයෙහි මත් දසයෙකි. අගැ ලුහුව ගුරු කොටැ ගිණු කලැ එකොළොස පිරේ.
ටිප්පණී: –– 1. බමුණු –– ‘බමුණ’ යනු යැ පිටපත්හි එනුයේ. 2. වහළ –– ‘වහර’ (වැහැරීමෙහි –– කැහැටු විමෙහි) දයින් වූ අතීත කෘදන්ත නාම යි. පිටපත් ‘හොළ’ යනු පෙළ කොටැ ‘වහළා වූ’ යන අරුත දක්වයි. ‘වහළ’ යනු ලියන්නාට ‘හොළ’ වියැ හැකි. ඇතැම් පිටපතෙකැ ‘හොළු’ යනු එයි. පෙළෙහි ආ පදය මැ අරුතට ගැනුණු තැන් ද නැත්තේ මැ නො වේ. 244 වැන්නේහි ‘අකුලෙක්’ යන පෙළට ‘අකුලෙකැ’ යන අරුත යෙදේ. 3. පතුයේ –– පතුයෙහි. පත් වීමෙහි. ‘පතු’ යනු ‘පමුණු’ දයින් වූ අතීත කෘදන්ත නාම යි. මෙහි භාව යි.
266
අන්වය : ––සා දුකින් ආයෙම්. තොප දුනු වතක් ඇද බැදැ, උපවස් ඉටා මෙ වෙනේ දවස් අරනට රිසියෙම්.
පදාර්ථම : –– ක්ෂුධා දුඃඛයෙන් පැමිණියෙමි. තොප විසින් දෙන ලද්දා වූ වස්තුවක් අනුභව කොටැ උපවාසාධිෂ්ඨානය කොටැ, මේ වනයෙහි කාලය ගෙවන්නට කැමැත්තෙමි.
විස්තර : –– මේ ශක්රැයා ගේ වචන යි. ‘සක් පිළිවදන් දින්’ යනාදියෙකින් සම්බන්ධය නො දක්වා ප්ර.තිවචන මාත්රය දැක්වූ සේ ඉතා මැනැවි.
විවරණය 331
ටිප්පණී: –– 1. දුනු වතක් –– ‘දුනුවක්’ යනු මැ යැ පිටපත්හි එන පෙළ. එහෙත් අරුත නම් ‘තොප විසින් දුන්නා වූ අනුභවනීය වස්තුවක්’ යනු යි. 2. ඇදැ බිදැ –– ‘ඇදැ’ යනු කා’ යන අරුත ද ‘බිදැ’ යනු අනුභව කොටැ යන අරුත ද දෙයි. දෙක මැ එක් වැ මෙහි ‘අනුභව කොටැ’ යන එක මැ අරුත දෙන සේ යැ. තළා පෙළා –– කපා කොටා ––බලා සොයා ––බැණැ දොඩා –– යනාදිය ද මෙ බඳු තැන් යැ. ‘අද’ ඇදීමෙහි ධාතු අනුභවාර්ථ යෙහි යෙදුණු වෙන තැනුදු ඇති. සිරි රහල්හු ––
‘පෙර දිගු සර සැපත් දිවයුරු රන තිසර
ත ර සර තුඬින් ගන ‘ඳර සෙවෙල’දන වර’
යන තන්හි ‘අදන’ යනු ‘බුදින්නා වූ’ යන අරුත දෙන්නට යොදති. මහ පැරැකුම්බාවන් ––
‘සැදි වැමල ‘ඹර විල් – තමරැස් සෙවෙල් බිදුමට කර නැඟු රජ හස් – සරා සිසි දිසි මඳ මඳ’
යන තන්හි යෙදූ ‘බිදුමට’ යන්නට පැවැසූ අරුතක් බඳු යැ රහල් පියොව. පිටපත් ‘අද’ යනු පෙළ කෙරෙයි. 3. ඉටා –– ‘නො හරිමි’යි සිත තරවාගැන්ම ඉටුම් නමි. ‘ඉට’ ධාතු යි. 4. උපවස් –– සියලු පිටපත්හි එක සේ එන්නෙකි. ‘උවවස්’ වී නම්!
267
අන්වය : –– අප බුදුත්, තණ මුත්, කිසි තල මුඟු මත් නැත්. මෙ ඇඟැ පිරුණු මස් ඇත්. රිසි සේ බිදැ තපස් කර.
පදාර්ථ : –– අප අනුභව කරත් හොත්, තෘණ විනා, කිසි තිල මාංස ඇත්තේ යැ. මේ ශරීරයෙහි පිරුණා වු මාංස ඇත්තේ යැ. රුචි පරිද්දෙන් අනුභව කොටැ තපස් කරව.
522- H
332 සස දා
ටිප්පණි : –– 1. තල මුඟු මත් –– තල ඇට මුං ඇට පමණකුත්. 2. බුදුත් –– ‘බුදු’ (අනුභවයෙහි) ධාතුයෙන් වූ ආවස්ථික කෘදන්ත නිපාත යි. පිටපත් ‘බුදුන්’ යනු මැ පෙළ කෙරෙයි, ‘අනුභව කරන්නා වූ’ යනු අරුතට දෙයි. 3. පිරුණු –– ‘පිරිහුනු’ යනු යැ පිටපත්හි පෙළ. එහෙත් අරුත ‘සම්පූර්ණ.ර්’ යනු යි.
අන්වය : –– කියා, යළි, අර රැස් කැරැ ගිනි අල්වන්නට එවු හට උපදෙස් දී. සිය ගත් කිමින් පොළමින් –– (ඉක්බිති පැදිය හැ සබඳි.)
පදාථී: –– (මෙ සේ) කියා, ඉක්බිති දාරු රිශි කොටැ අග්නි ජ්වාලනය කරන්නට ඕ හට උපදෙශ දී, ස්වකීය ගාත්ර,යෙහි කෘමීන් ධූනනය කෙරෙමින් –– (අනන්තර පද්ය ය හා සම්බන්ධ යි.)
විස්තර : –– සිය ඇඟෙහි වූ පණුවනට වුවත් පීඩාවක් නොවන සේ මස් දන් දෙනු පිණිසැ යැ ඇඟ කිළි පොළා පණුවන් ගැසුයේ.
ටිප්පණී: –– 1. උපදෙස් –– උවදෙස්’ යැ යි යෙදිණි නම් සුදුසුතර සේ යැ.
269
අන්වය : –– සිය කුලුණු සයුරේ තොස රළ බව අග අග පත්. එ ගුණ ගැමුණු සල මුතු සුමෙර හරණින් හුන්නේ.
පදාර්ථ : –– ස්වකීය කරුණා නමැති සාගරයෙහි සන්තොස නමැති තරඞ්ගය භවාග්ර යෙහි අග්රි ප්රාවප්ත වියැ. ඒ ගුණ ග්රාගමණී තෙමේ චලමුක්ත වූ සුමෙරු ආකාරයෙන් හුන්නේ යැ.
විවරණය 333
විස්තර : –– ඒ බෝධිසත්ත්වයන් ගේ කරුණාව සාගරය යි. සන්තොෂය ඒ සාගරයෙහි මහ රළ යි.ඒ රළ දැන් භවාග්රයයෙහි දු අග්රියට මැ (මුදුනට මැ) නැංගේ යැ. රළ කොතරම් ඉහළ නැඟුණ ද නොසැලෙන්නා වූ මහ මෙර මෙන් බෝධිසත්ත්වයෝ නො සැලී මැ හුන් හ.
ටිප්පණී: –– 1. පත’ග –– පත් අග. අග පත්. 2. බව ‘ග –– භවාග්රනයෙහි. මෙහි භව නම් සකල ලෝකය යි. භවයෙහි අග්රෙය නම් ලෝකයෙහි ඉහළ මැ ප්රිදෙශයයි. භවාග්රරයෙහි දු අග්රකයට මැගිය කලැ එයට වඩා ඉහළ යන්නට ඉඩෙක් නැති. 3. ගුණ ගැමුණු –– ගැමුණු (ග්රාමමණි) යනු මෙහි ශ්රෙ2ෂ්ඨතම යන අර්ථිය දෙන්නෙකි. ගුණ විෂයයෙහි ලා අන් සියල්ලන් පරදවා සිටියේ ‘ගුණ ග්රාිමණි’ යැ. සකු යෙහි ‘ග්රාිමණී’ යනු ගම් දෙටුවාට නමි. එහි ශ්‍රෙෂ්ඨතමයා ගම් දෙටුවා යැ. ඒ අරුතින් කොහි වුව ද ශ්රෙීෂ්ඨතමයා ‘ග්රාවමණි’ නාමයෙන් ගැනෙන්නට වියැ. ග්රාුමය (ගම) නයනය (නියිම ––හැසිරැවීම) කරනුයේ ‘ග්රානමණී’ යැ. 4. සල මුතු –– සල (සෙලැවීම –– චලනය) මුතුයේ (මිදුයේ ––හැරියේ) සල මුතු යි. ‘නිශ්චල’ යන අර්ථයය දෙන්නට යෙදිණි. 5. සුමෙර –– ‘මෙර’ ‘සුමෙර’ යන දෙ නම මැ මෙර ගිරට නමි. සකුයෙහි දු ‘මෙරු’ ‘සුමෙරු’ යන දෙ නම මැ යෙදෙයි. 6. හරණීන් –– ‘හරණ’ යනු ‘ආකාර’ යන අරුත දෙන්නෙකි.
270
අන්වය: –– එ විප් නුදුරු තැනැ ගිනි රස් නොසරස් මවා, මුහුණු සොම්නස් දියුණමින් හුන් බෝ සත් බැලී.
පදාර්ථි : –– ඒ විප්ර තෙමේ අදුර ස්ථානයෙහි අග්නි රාශි වහා මැ නිර්මා ණය කොටැ, වක්ත්රබයෙහි සෞර්මරනස්යසය ද්විගුණ කෙරෙමින් හුන්නා වූ බෝධිසත්ත්වයා බැලූයේ යැ.
334 සස දා
ටිප්පණී : –– 1. විප් –– විප්රම. ඥානය වපුරන හෙයින් බ්රාකහ්මණයා ‘විප්රු’ නම් වේ ල. 2. නොසරස් –– සරස් නො වැ නොසරස්. වහා මැ. Straightaway. 3. හුන් –– පිටපත්හි මේ නො එයි. ‘බෝ සත්’ යන්නට මැ ‘හුන්නා වූ බෝධිසත්ත්වයන්’ යැ යි අරුත් දෙවිණ.
271 අන්වය : –– ගිනි කළ බව් දැනැ, ‘ලද අත් බැවැ පල ලදිමි’ යි හැඟැ, ගිරි සිරේ සී රජ විලසින්, දල මැදැ හෙබි.
පදාර්ථී: –– ගින්න දැල්වූ බව දැනැ, ‘ලැබුවා වූ ආත්ම භාවයෙහි ඵල ලැබුයෙමි’යි සලකා, පර්වත ශිඛරයෙහි සිංහ රාජයකු පරිද්දෙන්, වහ්නි මධ්යයයෙහි ශොභිත වී යැ.
විස්තර : –– ස්වකීය ආත්මභාවය පරොපකාරය පිණිසැ යොදන්න්ට ඉඩ ලැබුණු හෙයිනැ බෝ සතුන් ‘ලද අත් බැවැ පල ලදිමි’යි හැඟියේ.
ටිප්පණී: –– 1. අත් බැවැ –– ‘අත් බව්’ (අත්ම භව) නම් ජන්ම ලාභය යි. (උත්පතිය යි.) 2. ගිරි සිරේ –– ‘රන් ගල් මුදුනෙහි’ යැ යි පුරාණ සන්නය කියයි. ‘රන් ගල්’ නම් ස්වර්ණ ගිරිය යි. පුරාතනයෝ සිංහයා සිටු වන්නට ‘රන් ගල්’ ‘රක් ගල්’ ‘රත් ගල්’ යන තුන මැ ගත්හ. ‘රක්’ යනු මනඃශීලයට (මනෝසීල) නමි. ‘රත්’ යනු ද එයට මැ නම් වෙති යි හැඟේ.
272
අන්වය : –– ලොම මතක් නො දවා. අමා පිරිසෙවු, සේ සෙවුත්, හිමි ‘බමණ, තා මෙ ගිනි සිසිල් වනුයේ කිම?’ වී.
පදාර්ථණ: –– ලොම මාත්රියක් නො දවා, අමෘත පරිෂෙකයක් සේ සනහන කල්හි. ස්වාමි තෙමේ ‘බ්ර හ්මණය, තා ගේ මේ වහ්නිය ශිතල වන්නේ කිම් ද ? යි කී යැ.
විවරණය 335
විස්තර : –– ‘අමා පිරිසෙවු සේ සෙවුත්’ යනු මහත් උත්සාහයෙන් නඟාගන්නා ලද්දෙකි. අමා පිරිසෙ සෙවත් අමා පිරිසෙවත් –– යන දෙ ලෙසට යැ පිටපත්හි පෙළ එනුයේ. ‘අමෘත ප්ර සේකයක් සේ, සනහන කල්හි’ යනු යැ සන්නය කැරුණේ. එක් පිටපතෙකැ ‘අමෘත පර්සෙකයක්’ යනු එයි. පරිෂෙකයක් යනු ලියන බසට හැරැවුණු බව සිතාගත හැකි යැ. එය හා සැසැඳෙන සේ ‘පිරිසෙවු’ යැ යි පෙළ නඟාලූම්හ. ‘වු’ ලොප් වැ පූර්ව ස්වරය දීර්ඝ වීමෙන් ‘පිරිසේ’ යනු ද නො වියැ හැක්කේ නො වේ. සන්නයෙහි ‘සනහන කල්හි’ යන්න සඳහා කුමක් ගනිමු ද? ‘සෙවුත්’ යනු මැ ගත යුතු සේ පෙනේ. එහි ධාතු ‘සෙවු’ යනු යි. ‘සෙවු’ ධාතු සෙවනයෙහි වැටේ. ‘සේවන’ යන්නෙහි අරුත් බෙහෙවි. එකෙක් නම් සැනැහීම යි. (සාත්තු කිරීම යි. Attend to.)
ටිප්පණී: –– 1. ලොම මතක් –– ලොමක් පමණකුත්. 2. සෙවුත් ––‘සෙවු’ ධාතුයෙන් වූ ආවස්ථික කෘදන්ත නිපාතය යි. 3. පිරිසෙවු –– පරිෂෙකය. හාත්පසින් ඉසීම.
273
අන්වය : –– මම නොදදමි. සක්. තිළිණ අදහස නැහැසියෙමි. තොප මෙ අසිරින් අද සඳ මඬල සසිරි කෙරෙම්.
පදාර්ථ් : –– මම ද්විජ නො වෙමි, ශක්රනයෙමි. දානාධ්යාසශයය පරීක්ෂා කෙළෙමි. තොප ගේ මේ ආශ්චර්යයෙන් අද චන්ද්රත මණ්ඩලය සශ්රීඅක කෙරෙමි.
විස්තර : –– “ශරීර මාංශය යදියකුට දෙමි” යි තොප සිතූ දන් සිත සැබෑ දැයි පරීක්ෂා කෙළෙමි. තොප ගේ මේ අසිරිය කරණ කොටැගෙනැ සඳ මඬල සසිරි කෙරෙමි’ යි ශක්ර කී යැ. ‘අසිරින් සසිරි කෙරෙම්’ යනුයෙන් විරොධාහාසයෙක් හැඟේ. සිරි නැතියේ අසිරි. සිරි ඇතියේ
336 සස දා
සසිරි. ඉතින් අසිරින් කෙසේ සසිරි බව කළ හැකි ද ? එ සේ නො වේ. අසුරට (අසුරු ගස්වන්නට ) සුදුසු වූයේ ද අසිරි යි. එ නම් ආශ්චර්ය යි (පුදුමය යි.) එයිනි සඳ මඬල සසිරි කැරෙනුයේ. තොප ගේ රුව අඳිමින් සඳ මඬලට අලුත් ශොභාවක් ගෙනැ දෙමි යි කී සේ යැ.
ශ්රී මදාර්යශූරයෝ ශක්රගයා ශශ බිම්බ ලක්ෂණයෙන් තුන් තැනක් අලඞ්කාර කළ බව කියති.
‘ශක්රඃත ..................ශශ බිම්බලක්ෂණෙන වෛජයන්තස්යත ප්රාලසාදවරස්යප සුධර්මායාශ්ච දෙවසභායාඃ කූටාගාරකර්ණිකෙ චන්ද්රෂමණඩලං වාහ්යකලංචකාර.’
[ ශක්රය තෙමේ ශශ බිම්බ ලක්ෂණයෙන් වෛජයන්ත ප්රාරසාදයා ගේ හා සුධර්මාර දිව්යර සභාව ගේ හා කූටාගාර දෙකෙහි කැණි මඬුලු දෙක චන්ද්ර මණ්ඩලය ද උසස් ලෙස අලඞ්කාර කෙළේ. ]
‘කෙරෙම් අද සඳ මඬල’ යැ යි සිවු වැනි පය ගත් කලැ මත් දසයෙකි. අගැ ලුහුව ගුරු කොටැ ගිනියැ හැකි වන බැවින් විරිතට වන හානි නැති. එහෙත්, අහෝ –
‘කෙරෙම් ද සඳ මඬල ද’
යි ගැනිණි නම් !
ටිප්පණි : –– 1. නොදදමි –– සියලු පිටපත් පෙළට ‘නොමද දමි’ යනු ගෙනැ ‘බ්රා හ්මණයෙක් නො වෙමි’ යන අරුත දෙයි. ‘ම’ යන්න වැඩියක් බවට සැක නැති. 2. සක් –– ‘සක්මි’ යි වියැ යුතු තැනි. සියලු පිටපත් ‘සක්’ යනු මැ ගෙනැ ‘ශක්ර යා යැ’ යන අරුත දෙයි. 3. තිළිණ –– තෝෂණය. තෑග්ග දානය. Gratficoitian. ලැබුවහු එයින් තිළෙන (සතුටු වන) හෙයින් ඒ ‘තිළිණ’ නම් වේ. මෙහි තිළිණ අදහස නම්, ‘යදියකු අව ඔහුට ඇඟැ මස් දෙමි’
විවරණය 337
යි සිතූ සිත යි. 4. නැහැසියෙම් –– ‘නහස්’ ධාතු යි. උර ගෑමෙහි වැටේ. උර ගලෙහි (නිකෂයෙහි –– Touch Stone) ගෑමෙනි. රන් පිරික්සෙනුයේ. එසේ රන් පිරික්සීම නැහැස්ම යි. එයට අනුවැ සියලු පිරික්සුම් නැහැසුම් නමින් ගැනෙන්නට වී යැ.
‘ සවසුදුරු දිස්නා
නුබ පහණේ නහස්නා
රන් වටිනි රස්නා
නැහැසි ඉරි මෙනි වලා දිස්නා ’
(කව්සේකර)
පිටපත් ‘නො නැහැසියෙම්’ යනු ගෙනැ ‘පරීක්ෂා කෙළෙමි’ යන අරුත දෙයි. 5. මෙ අසිරින් –– ‘මේ ප්රා ණ පරිත්යාකග දානාශ්චර්යය කරණ කොටැගෙනැ’ යැ යි පුරාණ සන්නය පරිකථා කෙරෙයි.
274
අන්වය : –– තා තබා හැම තිලෝ වැසි ම දන් අදහස බලත නිස්සෙක් නොවන; ම එක්දිස්සෙක් නො මැ ඇත්.
පදාර්ථර: –– තා පමණක් නො වැ, සකල ලොක ත්ර්ය වාසීන් මා ගේ දානාධ්යාශයය පරීක්ෂා කරත් හොත් සමර්ථනයෙන් නොවන්නේ යැ. මා හා සදෘශයෙක් නැත්තේ මැ යැ.
විස්තර : –– ශක්රොයා බෝ සතුන් ගේ දන් අදහස බලන්නට නොසමත් යැ. ශක්රතයා පමණක් නො වැ මුළු තුන් ලෝ වැසියන් මැ බලතත් බෝ සතුන් ගේ දන් අදහස මනින්නට නිසි එකෙක් නොවන්නේ යැ. කවර හෙයින් ද ? බෝ සතුන් හා සදෘශ වූ –– සමාන වූ –– අන් එකකුදු නොවන හෙයිනි. බෝ සතකු ගේ දන් අදහස මිනියැ හැකි අන් එ බන්දකු විසිනි. එ බන්දකු නැති කලැ. මුළු තුන් ලෝ වැසියන් අතරෙහි ඒ අදහස් බැලියැ හැක්කෙක් නොවන්නේ මැ යැ.
338 සස දා
‘තා තබා හැම තිලො වැසි මදන් හදහස් බලත නිස්සෙක් නො වන ම එක් දැස්සෙක්’
යන අන්වයයට පුරාණ සන්නය දෙනුයේ ––
‘තා හැරැ සකල ලොකත්රදය වාසී තෙමෙ මා ගේ දානාධ්යාුශය බලන්නට පරීක්ෂා කරන්නට . සමර්ථස එකෙක් නොවන්නේ යැ. මට වැඩියක්හු තබා සදෘශ එකෙක් නො මැ ඇත්තේ යැ’
යන සපරිකථා සන්නය යි. සෝදුවාට දෙවි සරණ යි.
ටිප්පණී : –– 1. තබා ––හැරැ. මෙහි ‘පමණක් නො වැ’ යනු අරුත යි. 2. නොවන –– පිටපත්හි එන සැටියි. ඇතැම් පිටපත් ‘නො වෙන’ යනු දක්වයි. කාලය බලත් නො වේ’ යනු යෙදිණි නම් මනාතර යැ යි හැඟේ. 3. නො මැ ඇත් –– පිටපත්හි මේ නො එයි. එනුයේ ‘නො මැ ඇත්තේ යැ’ යන සන්නය පමණෙකි. 4. එක්දිස්සෙක් –– සදෘශයෙක්. සමානයෙක්. එක් (සමාන –– නොවෙනස්) දිසි (පෙනීම) ඇත්තේ යමක්හු හට ද හේ එක්දිසි. ‘සදිසි’ යනු ද ‘එක්දිසි’ යනු ද පර්යාය යි. පිටපත් ‘එක් දැස්සේක්’ යනු මැ දෙයි. වරදෙකැ යි හඟුම්හ.
275
අන්වය : –– උපන් කෙණෙහි සිය සුතන් සා දුකින් බුදුනට වලඟන වළ මුවැ පැනැ, එවු දෙ තන රැකියෙහි තො නො?
පදාර්ථැ :–– උපන් විගසැ ස්වකීය පුත්රදයන් ක්ෂුධා දුඃඛයෙන් අනුභව කරන්නට ව්යිඝ්ර: ධෙනුව විසින් විවෘත කරන ලද්දා වූ මුඛයට පැනැ, ඒ දෙ පක්ෂය ආරක්ෂා කෙළෙහි තෝ නො (වෙහි ද? )
විස්තර : –– ශක්ර යා සා බෝ සතුනට කී බසි. මේ තැන් සිටැ ගී සතෙකින් හේ බෝ සතුන් ගුණ වනය.
විවරණය 339
මේ ව්යාතඝ්රිය ජාතකය සඳහන් කරවයි. චර්යා පිටකයෙහි හෝ ජාතක අටුවායෙහි හෝ නොඑන්නෙකි. මහායාන බෞද්ධයෝ මේ ජාතක කථාවට මහත් ආදරය දක්වත්. ශ්රී මදාර්යශූරයන් විසින් ආදි කොටැ මැ දැක්වූණේ මේ යැ.
පැවිදි බෝ සත්හු දිනක් සිසුවකු හා වන මැදැ සරනුවෝ, වැදු කෙණෙහි දරුවන් කන්නට බලන වග දෙනක දුට හ. ‘සුදුසු අහරක් සොයා ගෙනෙව’ යි සිසුහු යවා, ඔහු, වග දෙන හුන් තැනට ගිරි මුදුනින් පිනූ හ. වග දෙන ඔවුන් ගේ මසින් කුසැ ගිනි නිවා දරුවන් බිඳිමෙන් වැළැකියා යැ.
ටිප්පණී : –– 1. බුදුනට –– ‘බුදිනට’ ‘බුදින්නට’ යන දෙ ලෙස යැ පිටපත් පවිනුයේ. 2. වළ ––‘විවෘත’ යනු යැ පුරාණ සන්නය දෙන අරුත. ‘වර’ ධාතුයෙන් ‘වළ’ යනු සිදු වියැ හැකි. එහෙත් වරණාර්ථසයෙහි වුත් විවරණාර්ථ‘යෙහි ‘වර’ ධාතුව යෙදේ ද යනු විමැසියැ යුත්තෙකි. ‘වළ තැන් ගොඩ තැන්’ යැ යි කියූ තන්හි ‘වළ නම් හෑරුණු තැන යි. ‘සිය සුතන් බුදුනට’ යැ යි කල් තබා කී හෙයින් විපරීතාර්ථළයක් නොලැබෙන්නට නම් මෙ තැනැ කෘදන්ත නාමයක් මැ වියැ යුතු යැ. නොඑසේ වුව ‘බුදුනට’ යනු ‘පැනැ’ යන්නට විශෙෂණ වෙයි. බෝ සතුන් ‘සිය සුතන් බුදුනට’ පිනූ සේ ගත කො තරම් විපරීතාර්ථ’යෙක් වේ ද ? 3. වල ‘ඟන + වල ––අඟන. ව්යා ඝ්රර ධෙනුව. ‘වල’ යනු ව්යා‘ඝ්රනයාට නමි. සකුයෙහි ‘ව්යා‘ල’ යනු වෙයි. 4. එවු ––‘එ’ යන්නට සමාන යැ. ‘එවුහු’ යනාදි තන්හි ‘එවු’ යනු ප්රාකෘතිය වූ සේ යැ. 5. දෙ තන –දෙ පක්ෂය. (මාතෘ පුත්රස යන) දෙ පක්ෂය. මව කුස ගින්නෙන් රැකියෙහි; සුතන් මරණින් රැකියෙහි.
276
අන්වය : –– සේ ගජ කලැ, වෙනෙක්හි සා වෙළෙඳුන් දැකැ, නැඟී ගිරින් හී, දී, සිය මස්නි පිසියෙහි තො නො ?
340 සස දා
පදාර්ථ : –– ශ්වෙත හස්ති කාලයෙහි, වනයෙක්හි ක්ෂුධිත වාණිජයන් බලා, ආරූඪ වැ පර්වතයෙන් පතිත වැ, දි, ස්වකීය මාංසයෙන් පොෂණය කෙළෙහි තෝ නො වැ ?
විස්තර : –– මෙයට සම වන ජාතක කථාවෙක් ජාතක අටුවායෙහි හෝ චරියා පිටකයෙහි හෝ නො එයි. ශ්රීසමදාර්යශූරයෝ මෙය හස්ති ජාතක යැ යි දක්වති. ඔවුන් දක්වන කථායෙහි සාරය මෙ සේ යැ: ––
බෝ සත්හු ඇත් වැ මහ වෙනෙක්හි වෙසෙති. එ වනයත් මිනිස් පියත් අතරැ මහ මරු කතරෙකි. රජු විසින් දඬුවම් පිණිසැ ඒ මරු කතරෙහි හරනා ලද මිනිසුන් දහසෙකින් ඉතිරි වූ සත් සියක් දෙන සයින් පවසින් වෙහෙසින් පෙළුණාහු බැගෑ හඬ නඟන්නට වූ හ. මහ සත්හු එය අසා අවුත්, තතු දැනැ, ඔවුන් සුවපත් කරන්නට සිතා, ‘මෙ තැන් සිටැ මඳ දුරක් ගිය කලැ අසුවල් තැනැ මහ පියුම් විලෙක්වෙයි. එහි පැන්බීසැනැහී, ඉන් ඔබ ගල් පයත්හි හුණු මහ ඇතු ගේ මසින් යැපී, උහු ගේ මැ අතුණු යෙහි සම් . පහිවලැ මෙන් දිය පුරවා -ගෙනැ අසුවල් මගින් ගොස් මිනිස් පියට වදිවු’ යැ යි අනුසැසැ, ඔවුන් විලට යාදී, ළඟ මඟෙකින් ගිරි මුදුනට නැඟී පිනූ හ. මිනිස්සු විලින් පැන් බී සැනැහී, ගල් පයත්හි වූ ඇත් සිරුර දැකැ, පුදුම වැ එ මහසතුන් ගේ මන දොළ පුරනු පිණිසැ, ඔවුන් කි සැටි මැ කොටැ කතරින් එ තෙර වූ හු.
ටිප්පණී : –– 1. සේ ගජ කලැ –– එ කලැ බෝ සත්හු ඉතා සුදු වූ හු ල. එ හෙයිනි ‘සේ ගජ’ (ශ්වෙත ගජ) යැ යි කියැවුණේ. ආර්යශූරයො එ සුද මෙ සේ වනති: ––
‘ජඞ්ගමමිව හිමගිරිශිඛරං නීහාරපුඤ්ජමිව ශරද්වලාභකමිව..............’
[ ජඞ්ගමං හිමගිරිශිඛරං ඉව –– ගමන් ගත් හිම ගිරි කුළක් වැනි, නීහාර පුඤ්ජං ඉව –– හිම කැටියක් වැනි, ශරද්වලාහකං ඉව –– සාර වලාවක් වැනි .......] 2. සා
විවරණය 341
වෙළෙඳුන් –– ක්ෂුධිත. (කුසැ ගින්නෙන්) පෙළුණු වණිග්ජනයන්. උන් වෙළෙඳුන් බවක් ආර්යශූරයෝ නො කියති. 3. වෙනෙක්හි –– පිටපත් ‘වෙනෙහි’ යනු මැ පෙළට ගෙනැ ‘වනයෙක්හි’ යැ යි අරුත් පවසයි. 4. නැඟී –– ගිරට නැඟී යැ යි අඩුව පුරවා - ගත යුතු. ‘ගිරින්’ යැ යි ඉක්බිති වැ කියැවෙන හෙයින් වරද නැති. 5. දී –– ‘සිය මස් දී’ යැ යි ගත ‘දී’ යන්නට කර්මරය පිරෙයි. සිය මස්නි’ යැ යි ඉක්බිති වැ යෙදුණු හෙයින් එයට බාධා නැති. 6. පිසියෙහි –– ‘පුස්’ (පොෂණයෙහි) ධාතු යි.
277
අන්වය : –– එ දවස් මියුල පණ රැකැ ගොස් කොලොඹුයෙහි හිස දුන සෙ, තැනින් ලද පබවත අත හිසැ දී, තො නොතුටු.
පදාර්ථස: –– ඒ දවයෙහි මෘගිය ගේ ප්රාුණය රක්ෂා කරන්නට ගොස් දම් ගෙඩියෙහි හිස දුන් කල්හි සෙයින්, යත්නයෙන් ලැබුවා වූ ප්රණභාවති ය ගේ හස්තය හිසෙහි දී ද, තෝ සන්තුෂ්ට නුවුයෙහි.
විස්තර : –– ඔබ ඒ යට ගිය දවසැ මුව රජ වැ, එ දා මරණයට නියම වැ සිටි ගැබිණි මුව දෙන මරණින් මුදනු සඳහා, ඇය වෙනුවට මැරෙන්නට ගොස්, දම් ගෙඩියෙහි හිස තබා සිටි කලැ, යම් බඳු සන්තොෂයක් වින්දාහු ද, තමන් ඉතා තැත කොටැ ලබා - ගත් ප්රුභාවතිය ගේ අත ඇය ගේ මැ කැමැත්තෙන් ඔබ ගේ හිසට දුන් කල්හි වත්, ඔබ එ බඳු සන්තොෂයක් නොලද්දෝ වෙත්. ඔබ ගේ සුවයට වඩා අනුන් ඔබ නිසා ලබන සුවය මැ ඔබට සතුටට කරුණු නො වී දැයි ඇසූ සැටි යැ.
මේ කථාව ‘න්යනග්රොවධ මෘග ජාතක’ නමින් ජාතක අටුවායෙහි එයි. ආර්යශූරයෝ මෙය නො දකිත්.
342 සස දා
බෝ සතුහු වරක් නුභ නම් මුව රජ වැ මහත් මුව පිරිස් සමඟ වනයෙහි වෙසෙති. රජු ගේ මිනිස්සු වනය වට ලා සියලු මුවන් රජු ගේ උයනට ඇතුළු කළ හ. එක් එක් දිනයෙහි එක් එක් මුවෙක් මැ රජ ගෙට මාළු වෙයි. වුවෝ මරණ වාරය බෙදාගත්හ. වාරය පැමිණි මුවා ඇණැවීමක් නැති වැ මැ ගොස් දම් ගෙඩිය මතැ හිසැ තබා හොවී. අරක්කැමියා අවුත්, වෙන් කොටැ තබාලූ මාලුවක් ගෙට ගන්නා සේ, මුවා මරාගෙනැ යේ. එක් දිනක් දැරි ඇති මුව දෙනකට වාරය පැමිණියේ යැ. මුව දෙන දරුවා වදා පසු වැ මැරෙන්නට වුව මැනැවැයි පැතූ යැ. නුභ මුව රජහු ඒ බව දැනැ, ‘එකකුට පැමිණි මර අනෙකකුට නියම කළ නොහැක්කැ; මම මැ එය විඳැ තොප ගේ දිවි රකිමි’ යි ගොස් දම් ගෙඩියෙහි හිස තබා හොත් හ. කල් තබා මැ රජු විසින් එ මුව රජුන් නොමරන සේ නියම කරන ලද්දේ වියැ. එ හෙයින් අරක්කැමියා ගොස් එ මුව රජුන් දම් ගෙඩියෙහි හිස තබා හොත් බව සැළ කෙළේ යැ. රජ අවුත් තොර තුරු අසා සියලු මුවන් මරණින් මිදී යැ.
මේ ගීය සන්නයෙන් නඟන ලද්දේ ඉමහත් තැතිනි.
‘එ දවස් මයුල පණැ රැකැ ගොස් කොළඹුයෙහි සුදුන් තැනින් ලද පබවත් අත හිස දී තො නො තුටු’
යනු යැ පිටපත්හි පෙළට ගැනුණු සේ පෙනෙනුයේ.
‘ගර්භිණි මෘගියට මරණ වාරය සම්ප්රානප්ත හෙයින් මට ජිවිත දානය දුන මැනැවැ යි ආරාධනා කළ දවස් ඒ මෘගිය ගේ ප්රාරණය රක්ෂාව කරන පිණිස (ගොස්) දම් ගෙඩියෙහි සුදුන් කල වූ සතුටු සේ මහා යත්නයෙන් ලබ්ධ වූ ප්රදභාවතිය ගේ කොමල හස්තහය හිස්හි දී තෙපි එ ලෙස සතුටු නො වූ. තොප පරාර්ථ යෙහි රසවත් සිතැතිය හ.’
යනු සපරීකථා අර්ථූ කථනය යි.
විවරණය 343
ටිප්පණී: –– 1. මියුල –– මෘගාඞ්ගනාව ගේ. ‘මියුල්’ යනු පුම ඉතිරි ලිඟු දෙකෙහි සම යැ. ‘මියුලා’ ඈ විසින් විබත් ගත පුම යැ. ‘මියුල’ ඈ විසින් ගත ඉතිරි යැ. 2. රැකැ –– රකිනුව. රක්නා පිණිසැ. මෙහි පූර්වව ක්රිියා නිපාතය අපර ක්රිියාර්ථරය දෙන්නට යෙදුණේයැ. 3. කොලොඹුයෙහි –– මස් ආදිය තබා කපන ගී කොටය ‘කොළොඹු’ නමි. හිස් ගසා අමන කලැ හිස තබන කොටය ද මෙ නමින් ගැනෙන බව මෙයින පෙනේ.
‘ගෙනැ පොරෝ මස් ලොඹුවත්’
යන තන්හි අලගියවන්නයෝ මෙයට ‘ලොඹු’ නාමය දෙති. ‘දම් යෙඩි’ යනු තව ද නමෙකි. පිටපත්හි එනුයේ ‘කොලඹුයෙහි’ යනු යි. කට වහරෙහි ‘කොලොම්බු යනු ලැබේ. 4. දුන –– දුන් කල්හි. ‘දෙ දීමෙහි ධාතුයෙන් වූ ආවස්ථිපක කෘදන්ත නිපාත අතීත රූප යි. 5. තුටු –– අතීත තෘදන්ත නාම යි. ‘තො නොතුටු විහි’ යැ යි වැකිය පිරේ. 6. තැනින් –– බෝ සතුන් කුස. රජ කල්හි පබවත ගේ පෙම් ලබන්නට කළ තැත ඉතා ප්රුසිද්ධ යැ. 7. අත හියැ දී –– මහත් මැ සන්තොෂය වනුයේ ප්රි යාව ගේ අතෙහි තමා ගේ හිස තිබීමෙන් නො වේ, ප්රිදයාව මැ සිය කැමැත්තෙන් සිය අත තමා ගේ හිසෙහි දීමෙනි. පබවත එ සේද කොටැ බෝ සතුනට වූ තොස, එ දා කොලොඹුයෙහි තමන් මැ හිස තුබූ දවස් වූ තොස පමණ මහත් නො වී යැ.
278
අන්වය : –– හිස් ඇස් ලේ මසුදු තොප දුන්දන් නොමින් ල. වැනුමට පමණ ල! අහෝ ම යුහු යුහු කෙළෙ. බලවු.
පදාර්ථො : –– හිස් ද ඇස් ද ලේ ද මස් ද දැයි තොප විසින් දෙන ලද්දා වූ දානය අප්රඅමාණ ල. වැනීමට ප්රේමාණ ල. ආශ්චර්ය ය! මා ගේ ශක්තිය ඉක්මන් කෙළේ යැ.
344 සස දා
විස්තර : –– හිස් ද ඇස් ද ලේ ද මස් ද විසින් තොප දෙන ලද මහා දාන පමණ රහිත යැ යි කියති. එහෙත් වර්ණමනය කිරීමට ප්ර මාණ වන සේ යැ. ඉන් ආශ්චර්යයෙක් නො වේ ද ? ආශ්චර්යය තොප ගේ පක්ෂයෙහි නො වේ, මගේ පක්ෂයෙහි යැ. මා ගේ ශක්තිය කො තරම් ආශ්චර්ය වහ ද යත හොත්, තොප ගේ ‘අප්ර.මාණ යැ’ යි ලෝකයෙහි ප්රයසිද්ධ වූ දානාදි ඒ ගුණ සමූහය මම ඉතා සුළු කලෙකින් කියා නිම නො කෙළෙම් ද ? ඒ ආශ්චර්ය වූ මා ගේ ශක්තිය තොප ගේ ගුණ වැනිමෙහි ලා ඉක්මන් කෙළේ යැ.
බෝ සතුන් ගේ ගුණ වනන්නට ගිය ශක්ර යා බැරි දැයක් කරන්නට වන් තමාට මැ මහත් උපහාසයක් කැරැගත් සේ යැ. ‘අහෝ, මා වැනි මෝඩයෙක්! අපමණ වූ බෝ සත් ගුණ පමණ කැරැ කියන්නට වනිම් නො ?’ යි කියූ සේ යැ.
පිටපත්! කුමක් කියා එහි පිරිසුදු බව වනමු ද ? පෙළත් සන්නයත් වෙන් කරන්නට ගොස්, ශක්රයයා බුදු ගුණ වනන්නට ගොස් කැරැගත් උපහාසය වැන්නක් නූපදවා, පිටපත මැ පිටපත් කෙරෙමු.
‘හිස්සහ ඔටුනු පලන් හිස, ඇසුනු නීලොත්පල සේ දිගු පුලුල් ඇස, ලේ ශරීරයෙහි රුධිරය, මස් එසේම මාන්ෂයයි, තොප තොප විසින්, දුන් දන් දෙන ලද දානය, නොමින්ල, ප්රසමාණ නොවෙල, ගුනීමට ඒ අසාධාරනාදි ගුණ සමූහ වර්ණ,නා කිරීමට පමණ ප්ර මාණයෙක්ල පිලිවන්ල අහෝ විස්මය ආස්චර්යය, මයුහු මාගේ භක්තිය, යුහු කෙළෙය, බලනවු බලවු’ ෴
‘බලනවු’ යන තන්හි ‘න’ යන්න එක් පිටපතෙකැ කපන ලද්දේ යැ. මෙහි වූ ‘ගුනීමට’ යනු වෙනුවට බොහෝ පිටපත්හි එනූයේ ‘ගුනුවැනිමට’ යනු යැ. ඉතින් මෙ වැන්නෙකින් කවීන් ගේ පෙළ නඟාගන්නට ගොස් කවර වරදක් කළ ද එවැසියැ යුත්තේ නො ?
විවරණය 345
ටිප්පණී : –– 1. නොමින් ල ................ පමණ ල –– ‘ල’ දෙක කියුම් දෙකෙහි මහ අතර තර කොටැ දක්වන්නට යෙදිණ. ලෝකයා කියන සැටියට නම් තොප ගේ ගුණ අප්රටමාණ ල. මා ගේ ශක්කියට පෙනෙන සැටියට නම් ඒ අතිශයින් මැ සප්රපමාණ ල. හැයි ? ගුණ කියා නවතින්නට කො තරම් මඳ කලෙක් ද ගියේ ? 2. හිස් ඇස් ලේ මසුදු –– ‘හිස් ඇසුදු ලේ මස්’ යනු යැ පිටපත්හි එනුයේ. 3. වැනුමට –– වැනීම නම්, නම් විසින් නො වැ, විස්තර විසින් කියා –පෑම යි. නම් විසින් මැ අපමණ දැයක් විස්තර විසින් දැක්වීම නො කළ හැක්කේකි. ශක්රවයා වන්නේ එ බඳු නො කළ හැක්කක් කරන්නට යැ? එ ද හේ සැණෙකින් කොටැ නැවැත්තේ යැ. අසිරි මැ නො ඔහු ගේ ‘යුහුව’ ? 4. පමණ ල –– මුලැ ‘නොමින්’ යන්නෙන් අප්රඔමාණත්වය පැවැසුණු හෙයින්, මෙහි සප්රකමාණත්වය හැඟැවියැ යුත්තේ ‘සමින්’ යන්නෙනි. එ කලැ යැ භෙදය මහත්තම වැ පෙනෙනුයේ. 5. යුහු ........... කෙළෙ මෙහි ‘යුහු’ යනු ශිඝ්රමර්ථවය දෙයි. දැන් වහරෙහි ද ‘යුහු වැ යවු’ යනාදි තන්හි ඒ අර්ථහය ලැබේ. 6. ම යුහු –– මෙහි ‘යුහු’ යනු ‘ශක්තිය’ (දක්ෂ භවය –– සමර්ථබ භාවය) යන අරැත ෙදයි. 7 වැනි ගීයෙහි ද මෙ අරුත දෙන්නට ‘යුහු’ යනු යෙදිණ.
279
අන්වය : –– තිරසන් තොප පිළිබිඹු ඇඳමට සඳ මඬල මැ සුහු කළ හිමි, තොප අනත ගුණ ගණ කා මුවෙහි සැරැහෙ ද?
පදාර්ථත : –– තිරශ්චීන වූ තොප ගේ ප්රලතිබිම්බය ඇඳීමට චන්ද්රප මණ්ඩලය මැ සුදුසු කළා වූ ස්වාමිය, තොප ගේ අනන්ත වූ ගුණ සමූහය කා ගේ මුඛයෙහි හොබී ද ?
විස්තරය : –– තිරිසන් වැ සිටියා වූ රුව ඇඳිමට ගැනැණේ ලෝකයෙහි සෞම්යර කාන්ති ඇත්තා වූ වස්තූන් අතුරින් අග්රම වූ චන්ද්රෞ මණ්ඩලය යි. බෝ සත් වුව ද ඒ රුවෙහි ලා වෙනසෙක් නැත්තේ යැ. අන් සාවකු ගේ ද මේ සාවාණන්
346 සස දා
ගේ ද රුව එක බඳු යැ. ගුණ එ සේ නො වේ. අනන්ත යැ, අසම යැ. තිරිසන් රුවට සඳ මඬල ගැනිණි නම්, නොතිරිසන් වූ’ ලොවග වූ අපමණ වූ, ගුණයට කෙබඳු තැනක් ගත යුතු ද ? එ නයින් බලන කලැ එයට සුදුසු තැනෙක්, එය වැනීමට සුදුසු මුවෙක්, මුළු තුන් ලොවැ නැති.
‘නමමු නොමින් අන් –– බුදුනුදු වනත ගුණ ගණ’ යි මුලැ මැ කියැවිණි නු ?
ටිප්පණී : –– 1. පිළිබිඹැඳමට –– ‘පිළිබඳට’ ‘පිළිබිමට’ ‘පිළිබිඹට’ ‘පිළිබවට’ යන ඈ විසින් මෙ තැන පිටපත්හි නනයුරු වැ එයි. ‘ප්ර තිබිම්බ විලෙඛනයට’ යනු සන්නයි. පිළිබිඹු + ඇඳමට. ‘ඇඳුමට’ යනු ‘ඇඳමට’ වූ අයුරු සල කන්නේ යැ. 2. සඳ මඬල යැ –– සියලු පිටපත් ‘සඳ මඬල’ යනු පෙළ කොටැ ‘චන්ද්ර් මණ්ඩලය ම’ යන අරුත දෙයි. 3. සුහු –– සහනුයේ –– ඉවසනුයේ –– සහු. සර පර රැවින් සුහු. මෙහි සිහීම (ඉවැසීම) නම් සස රුව දරා සටීමට සුදුසු වීම යි. 4. අනත –– රුවෙහි තිරිසන් බව හා ගුණෙහි නොතිරිසන් බව මහත් කොටැ දක්වන්නට මේ යෙදිණ. 5. සැරැහෙ ද –– ගුණ මුවෙහි සැරැහීම යැ, ගුණෙන් මුව සැරැහීම යැ යන දෙකෙහි වෙනස මැනැගත යුත්තේ යැ. උසසකු ගේ ගුණ කීම් එ කියන මුවට සැරැසීමෙකි. බෝ සත් ගුණ කා ගේ මුවට නම් සැරැසීමෙක් නො වේ ද ? එ බඳු තන්හි මුව, ගුණෙන් සැරැසෙන්නේ නමැ. සුළු වූ ගුණය උසස් වැනුම් කරුවකු ගේ මුවට පැමිණැ මහත් වෙයි. වැනුම් කරු අබක් සා ද ගුණය මෙරක් සා කොටැ වනන හෙයිනි. එබඳු තන්හි ගුණ මුවෙහි සැරැසෙයි –– හොබී –– බැබැළෙයි. එ වැනි සැරැසිමක් ලබන්නට බෝ සත් ගුණයට නම් ඉඩෙක් නැත් තේ යැ. මහත් කොටැ වැනීම් තිබියැ දී ඇති පමණින් දහසින් කොටසක් වත් ඇති සේ කියන්නට සමත් මුවක් මුළු තුන් ලොවැ නැති හෙයිනි. ‘සැරැහේ’ යන මේ පදයේ මහිමයක් නැහැමුව මැනැවි.
විවරණය 347
280
අන්වය: –– සුවන් මොනර දම් කන් ඔත, අඟ රස් විදුරස්නැ පසක් මර දිනුව, අද හිම් ලෝ සැබැවින් සසරණ.
පදාර්ථ : –– ස්වර්ණ මයුරයා ධර්ම්ය කන්හි බැහුව, අග්නි රාශි නමැති වජ්රාථසනයෙහි ප්ර ත්ය ක්ෂ මරණය දොහෝ නොහොත් පඤ්ච මාරයන් පැරැදැවූව, අද පටන් ලොකය නියතයෙන් මැ සප්රයතිෂ්ඨ යැ.
විස්තර : –– මහොත්තමයකු විදුරසුන් අරා පස් මරුන් බිඳැ බුදු වැ දම් දෙසූ කලැ යැ අශරණ ලෝකය සශරණ වනුයේ.එ බදුන් දෙසන දම් ස්වර්ණු මයුරයාණෝ දෙසු හු නම්, අද සා බෝ සත්හු ගිනි රස් විදුරස්න අරා පසක් මර දිනු හු නම්, ලොකය සශරණ වීමට තවත් අඩු කිමෙක් ද? බුදුහු ද විදුරසුන් අරා පසක් මර දිනති. සා බෝ සත්හු අද ගිනි රස් විදුරසුන අරා පසක් මර දිනූ හු. මෙ පමණ යැ සිදු කළ යුතු. රන මොනරිඳුන් දම් දෙසූ බව ලොවැ පතළේ යැ.
අර්ථයය එ තරම් උදාර යැ. එහෙත්, අහෝ; පිටපත් !
‘සුවන් මොනරිඳුව, ස්වර්ණර මයුර රාජන්ව තොප දෙසූ දම් තොප විසින් දෙසන ලද ධර්මනය, කනොත කර්ණ යෙහි ඔත්තා වූ, අග්නි රාශිය, විදුරසන, වජ්රා සනය පස්මර, පඤ්ච මාරයන්,සැබැවින්, නියතයෙන්ම, දිනු පැරදවු, අද හිම්, අද පටන්, ලො. සමස්ත ලොකය, සරණ, ප්රනතිෂ්ඨා සහිතය, හෙවත් අසරණ නොවන්නේය’ ––
මෙ පමණෙකි පිටපත්හි එනුයේ. අපට ශාප නො කෙරෙත් වා.
ටිප්පණී: –– 1. සුවන් මොනර –– ස්වර්ණ මයුරයා, බෝ සත් වරක් හිමවුයෙහි රන් වන් මොනර වැ උපන් හ. ඔහු උදයැ සවසැ පිරිත් කොටැ එ අනුහසින් සියලු උවදුරින්
348 සස දා
මිදී වෙසෙති. බරණැස් නුවරැ රජු බිසොවට රන් වන් මොනරකු ගෙන් බණ අසන්නට දොළෙක් උපන. රජු රන් වන් මොනරාණන් ගේ පුවත් වැද්දකු ගෙන් අසා ඔවුන් ගන්නට යෙදී යැ. වැද්දා මොනරාණන් මලකට අසු කරන අන් ලෙසක් නොදක්නේ, සෙබඩක තැනෙකැ රඳවා, එහි මලක් යොදා, සෙබඩ හඬවාලී යැ. රන් වන් මොනරාණෝ සෙබඩ ගේ හඬ අසා මත් වැ, පිරිත් මතක නැති කොටැ අවුත් මලෙහි බැඳුණහ. වැද්දා ඔවුන් ගෙනැ රජුට දින. මොනරාණෝ බුදු කෙනකු මෙන් බණ දෙසා යළිදු හිම වතට වන් හි. 2. කනොත –– කන් + ඔත. කන්හි බැහුව. කනෙහි බහන ලද්දේ නම්. කන්හි බැහීම නම් අසන්නට සැලැසීම යි–– දෙසීම යි. ‘ඔත’ යනු ‘ඕ’ (බැහුම්හි) දයින් වූ ආවස්ථික කෘදන්ත නිපාත යි. 3. අග රස් විදුරස්නැ –– අග්නි රාශි නමැති වජ්රාහසනයෙහි. සා බෝ සත්හු තව මැ සිසිල් ගිනි රැසැ මැදැ වෙති. ඔවුන් එ තැනින් නො ගෙනැ මැ ශක්රත ඔවුන් ගේ ගුණ වනයි. දැන් ගිනි රැස ඔවුනට විදුරසුන වැනි යැ. බුදුන් පසක් මර දිනනුයේ විදුරසුන් අරා යැ. මෙහි බෝ සත්හු ගිනි රැස් නමැති විදුරසුන් අරා හිඳැ පසක් මර දිනූ හ. 4. පසක් මර ––මාරයන් පස් දෙනකු (පඤ්ච මාරයන්) දොහෝ නොහොත් ප්රමත්යපක්ෂ වූ මරණය. බුදුහු විදුරසුන් අරා පස් මරුන් දිනති. සා බෝ සත්හු ගිනි රැස් අරා ප්රමත්යමක්ෂ වූ, ඉදිරියට මැ පැමිණැ සිටියා වූ, මරණය දිනූ හ. අනෙකෙක් ගිනි මැදට පිනුයේ නම් එ කණෙහි මරණය නියත යැ.බෝ සතුහු මෙ තෙකුත් ගිනි මැදැ මැ වෙති. එහෙත් ලොම මතෙකුදු නො දෑ යැ. මෙහි ‘පසක් මර’ යනු මෙ සේ අරුත් දෙකක් දෙන්නට යෙදු හෙයින් ශ්ලේෂ යි. 5. දිනුව –– ‘දින’ දයින් වූ ආවස්ථික කෘදන්ත නිපාත යි. ‘දිනුයේ නම්’ යනු අරුති. ‘ඔත’ ‘දිනුව’ යන කෘදන්ත නිපාත දෙක මැ හෙත්වර්ථ්යක් හඟවයි. ‘සුවන් මොනර දම් කන්හි ඔත් හෙයින්, තොප පසක් මර දිනූ හෙයින්, අද හිම් ලෝ සසරණ’ යැ යූ සේ යැ. 6. අද හිම් –– අදසීමා කොටැ. අද පටන්. 7. සසරණ ––සහ වන සරණ යමකුට ද හේ සසරණ. ශරණ (පිහිට –– ප්ර තිෂ්ඨා) සහිත.
විවරණය 349
අන්වය : –– තොප ගුණ සයුරෙහි තෙර දැක්මට බඳ ම මන, සිය සෙය පසු ලනුවට දැවැ දදහු කළ තැත් වන්.
පදාර්ථු : –– තොප ගේ ගුණ නමැති සාගරයෙහි තීරය දැකුමට බඳනා ලද්දා වූ මා ගේ සිත, ස්වකීය ඡායාව පසු කරන්නට දිවෙමින් මෝඩයකු කළා වූ උත්සාහය වැන්නැ.
විස්තර : –– බෝ සත් ගුණ වනා කෙළවර කිරීමට කරන තැතත් ස්වකීය ඡායාව (සෙවණැල්ල) පසු කිරීමට කරන තැතත් සමාන යැ. කො පමණ දිවුව ද දුවන්නහු ගේ දෙ පයත් සෙවණෙහි දෙ පයත් එක් තන්හි මැ යැ. මඳකුදු පසු කළ හැකි නො වේ.
ටිප්පණි: –– 1. සෙය –– ඡායාව. සේ + අ = සෙය. පිටපත් සේ’ යනු දෙයි.
282
අන්වය : –– සුර රජ, ඉති වියමින්, ඇරෑ මුදුන් සරහත්, මුළු දුන් ලොව මෙහෙයූ නිල් උපුල් පුද විලස් ලද.
පදාර්ථ : –– දිව්යන රාජයා, මෙ සේ කියමින්, නඟාගෙනැ මස්තකය අලඞ්කෘත කෙරෙත් මැ, රැස් වූ ලොකයා විසින් මෙහෙයන ලද්දා වූ නීලොත්පල පූජා විලාසය ලද්දේ යැ.
විස්තර : –– ශක්ර යා මෙ සේ කියමින් සස බෝ සතුන් වඩාගෙනැ සිය මුදුනෙහි තිබී යැ. එ තැනට රැස් වූ සුරාසුර ගරුඬ ගන්ධර්වාදි සියල්ලෝ එ කලැ ඔවුන් ගේ ඇස් සුර රජු දෙසට මෙහෙයු හ. ඇස් නිල් වන බැවින් සියල්ලන් ඇස් එක් දෙසට මෙහෙයන කලැ එ දෙසට නිල් මානෙල් මල් ඉසිනු වැනි වෙයි.
350 සස දා
ටිප්පණි: –– 1. වියමින් –– ‘විය’ (කියුම්හි) ධාතු යි. 2. මුළු දුන් –– ‘මුළු’ යනු සමූහයට (Assembly) නමි. එ හෙයින් මුළු දීම නම් රැස් වීම යි. –– එක්තැන් වීම යි. ‘මුළු දුන්’ යනු සඳහා පිටපත්හි එනුයේ ‘මුදු’ යනු පමණෙකි. එහෙත් ‘ඒ ස්ථානයට රැස් වූ’ යනු සන්න යි. 3. ලොව –– ලෝක වාසීන්. සුර රජු එ තැනට පැමිණි හෙයින් මිනිසුන් නැත ද දව්යා දීන් පැමිණෙනු වෙයි. 283, 289, 293 වැනි ගී බලන්නේ යැ. 4. මෙහෙයූ –– ‘මෙහෙය’ (යැවිමෙහි ––යොමු කිරීමෙහි ධාතු යි. 5. නිලිපුල් –– නිල් + උපුල් = නිලුපුල් = (සර පෙර රුවින්) නිලිපුල්. 6. විලස් –– ‘ශොභා’ (ශ්රීන) යන අරුත යැ මෙහි ලැබෙනයේ. සකුයෙහි ‘විලාස’ යනුයෙන් ද ඒ අරුත ලැබේ.
283
අන්වය : –– එ වනැ එ අසිරින් ඇස් පිරීගිය දෙවියෝ, උන් උන් කලුන් නො සැමැරැ කරට අත් නඟා රඟ බඳ.
පදාර්ථැ: –– ඒ වනයෙහි ඒ ආශ්චර්යයෙන් නෙත්රි පිරී ගියා වූ දෙවතාවෝ, ඔවුනොවුන් ගේ කාන්තාවන් පරීක්ෂා නො කොටැ, ග්රීනවාවට අත් ඔසොවා නැටුම් කළහ.
විස්තර : –– ඒ පුදුමය දුටුවා වූ දෙවියන් ගේ ප්රීවතිය කොතරම් වී ද යත හොත් ඒ ඒ දෙවියාට තමා ගේ කාන්තාව කවරෙක් දැයි හැඳිනැගත නොහැකි වියැ. නොහොත්, ‘මේ කවරෙක් ද, මෝ කවරක් ද ? යි පිරික්සන්නට ඒ දෙවියෝ නො නැවතුණා හ; අත පොහොනා සරියේ සිටි කවර කතක ගේ වුව ද කරට අත නඟා නටන්නට වන් හ.
‘ඒ අරිසිරි, ඒ ආශ්චර්යයෙන්, පිරීගිය, පූර්ණතව ගියා වූ, ඇස්, නුවන් ඇති, ඒ වන දෙවතාවෝ, උදෙන කල් නො සැමර, සතුටින්
විවරණය 351
ඔවුනොවුන් ගේ කාන්තාවන් පරීක්ෂා නො කොට, කරට අත් නඟා, කර අත් නඟා, රඟ බඳ, නෙර්තයට ප්ර රම්භ කලො’
යනු යැ පිටපත්හි එනුයේ.
ටිප්පණී: –– 1. උනුන් –– ‘උදෙන’ යනු යැ සියලු පිටපත්හි එනුයේ. 2.නො සැමැරැ –– ‘සමර’ ධාතු සිහි කිරීමෙහි වැටේ. මෙහි සිහි කිරීම නම් ‘මේ මගේ කල ද අනුන් ගේ කලක් ද ? ’යි පිරික්සීම යි.
284
අන්වය : –– ඔසළ දෙව් රැස් සැණ ගොසින් සළු හිසැ සිසාළ එ වන, ගිගුම් ගත් දළ රළ ගළ දලනිදු නොවෙනැ.
පදාර්ථ : –– රැස් වූ දිව්යි සමූහයා උත්සව ක්රී ඩා ඝොෂයෙන් පිළි හිස්හි කරකැවූ ඒ වනය (තෙමේ), ඝොෂ නැඟුවා වූ මහත් වූ තරඞ්ගයන් ගහන වූ ජලනිධිය හා නොවෙනස් යැ.
විස්තර : –– ඒ තන්හි රැස වූ දිව්යූ සමූහයෝ මහත් ප්රීජති ඝොෂ පවත්වමින් පිළි හිස් වටා කරක වූ හ. එ හෙයින් ඒ වනය මහා සාගරය හා ඒකාකාර වී යැ. හිස් වටා නැට වූ සළු සාගරයේ මහ රළ වැන්නැ, දෙවියන් ගේ ප්රීාති ඝොෂය සාගරයේ ඝොෂය වැන්නැ.
‘හිස් සිසාළ සළු ඔසළ දෙව්’
යන අන්වයයට පුරාණ සන්නය ––
‘හිස්හි උද්ධුත වූ සාටක ඇති උත්සව ක්රී ඩා ඝොෂාවෙන් යුක්ත වූ රැස් වූ දෙවතාවන් යුක්ත වූ රැස් වූ දෙවතාවන් ඇති ඒ වනය තෙමේ’
යන අර්ථ්ය දෙයි.
352 සස දා
ටිප්පණී: ––1. සළු හිස සිසාළ –– සළු හිස් වටා කරකැවීම ප්රී තිය හැඟැවීමේ ලකුණෙකි. යෞරොපීයයෝ හිස් පහිය හිස වටා යවමින් ප්රී ති ඝොෂ පවත්වති. පෙර දිගැ පුරාතනයන් ඒ සඳහා උතුරු සළුව ගත් බව පෙනේ.
‘ගෙනැ සළු හිසැ සිසාළ හා’ (කව්සේකර)
‘පිළි හිස වටැ වෙළ වෙළා
රැපැයි ඔහු යස සිඳු සළ’ (ගුත්තිල)
යන මේ ඈ විසින් පුරාන කවීන් සළු හිසැ සිසෑරැවූ තැන් වෙයි. ‘සිසාළ’ යනු ‘එ වන’ යන්නට විශෙෂණ යි. 2. සැණ ගොසින් ––‘සැණ’ නම් උත්සව ක්රීවඩා යැ. ‘සැණ ගොසින්’ යනු ‘සිසාළ’ යන්නට විශෙෂණ යි. දෙවියෝ සැණ ගොස නහමින් සළු හිසැ සිසාළෝ යැ.3. ඔසල –– ‘ඔසර’ (එක්තැන් වීමෙහි) දයින් වූ අතීත කෘදන්ත නාම යි.4 දෙව් රැස් - මෙහි ‘රැස්’ යනු සමුහාර්ථ්ය්ස දෙයි. ‘ඔසළ දෙව් රැස්’ යැ යි කි කලැ ‘සමූහ වූ දිව්ය– සමූහ’ යන අරුත ලැබීමෙන් පුනරුක්තියෙක් නො වේ ද? ‘දෙව්රැස්’ යනුයෙන්, දෙවියන් තනි තනිවැ නොපැමිණැ වග බැඳැ පැමිණි බවත්, ‘ඔසළ’ යනුෙයන් එ බඳු වග බොහෝ ගණනක් එක්තැන් වූ බවත් පළ වෙයි. 5. නොවෙනැ ––නොවෙන් යැ –– නොවෙනස් යැ.
‘එ වෙන් නොවෙන්හි තිබි’
යැ යි පැරැකුම්බාවෝ ද ‘නොවෙන්’ යනු ‘නොවෙනස්’ යන අරුතෙහි යොදති. වෙන් නොවනුයේ නොවෙන්.
285
අන්වය : –– තහවුරු දැඟුම් වත් නො හැරැ නැටමේ පියැලෙත්, බෙරෙන් ඔබල මුළු මිහි කත් සැනැහී ගුගුළ එව්.
පදාර්ථළ : –– ස්ථාවර වූ ද ජඞ්ගම වූ ද වස්තු නො නවත්වා නැටීමේ ප්රොගල්භ වන කල්හි, බරින් දුර්වල වූ (ද) සකල මහී කාන්තාව ඉවසා කම්පිත වැ ගර්ජනය කළා වැන්නැ.
විවරණය 353
විස්තර : –– පර්වත ආදි අවර වස්තු ද, මනුෂ්යා දි වර වස්තු ද, එකකුදු නො නැවැතැ නටන්නට වූ කල්හි, පොළොවට කො තරම් බරෙක් ද ? පොළොව බරින ඔබල වුව ද ඒ සියල්ල ඉවසා - ගත්තේ යැ. එ පමණෙක් ද ? ඒ සියලු බරත් උසුලා, තෙමේ ද නැටී යැ. ගර්ජනය කෙළේ යැ. මිහි සැලුම් ගිගුම් ද වූ බව කී සේ යැ.
ටිප්පණී: –– 1. වත් –– ‘සර්වත්රි මනුස්යාවදි වස්තූන්’ යැ යි සියලු සන්න පිටපත් කියයි. අපි එය ‘පර්වත මනුෂ්යා–දි වස්තූන්’ යැ යි ගනිමු. පිටපත්හි වන්නක් මැ ගත යුතු යැ යි කියන සෝදුවෝ අපට ශාප කෙරෙති. 2. පියැලෙත් –– ‘පියල්’ (ප්රෙගල්භ වීමේ) ධාතු යි. ප්රිගල්භ වීම නම් තදින් සිතට ගැනීම යි. 3. නැටමේ –– නැටුමේ = නැටමේ. මෙ බඳු තන්හි ‘උම්’ ප්රතත්යසයයේ ‘උ’ යන්න ‘අ’ බවට හැරේ. සිංහල රීති යි. 4. ඔබල –– අවබල. බල නැති. දුර්වල. 5. සැනැහී –– බර එ තරම් මහත් වූ කලැ, තමා එ තරම් ඔබල වූ කලැ, කවර සැනැහීමෙක් ද ? ඒ කුමක් කෙබඳු වුව ද, පොළොවේ සතුටත් ගණනට ගත යුතු යැ. එ හෙයින් පොළොව එ සියලු බර බරක් ලෙස නො සලකා සැනැහුණේ යැ. එ සියලු ඔබල කම් පබල කමක සේ සලකා සැනැහුණේ යැ, සැනැහී නිකම් සිටියේ නම් මඳ යැ ? තෙමේ ද නැටී යැ, තෙමේ ද ගිගුම් දිනි. 6. තැනී –– කම්පිත වී. මෙහි කම්පිත වීම වෙදනායෙන් කළ වෙවිලීමක් ලෙස නො වැ ප්රී ති වේගයෙන් කළ නැටුමක් ලෙස ගත යුතු. ‘තන’ (කම්පායෙහි) ධාතුව ‘බම’ ආදි උභය පද යි. එයින් වියැ හැකි පූර්ව ක්රිලයා නිපාත පද දෙකෙකි. තනා –– තැනැ යන දෙක යැ. ‘තැනී’ යනු ? ‘තන’ ධාතු ‘රක්’ ආදි අත් පද ද වේ නම්, තැනේ ––තැනෙකි ––තැනිණි, තැනි –– තැනුණු, තැනි –– යන විසින් වරනැඟේ. එ තැනැ, තැනැ ––තැනී ––යැ යි පූර්ව ක්රි යා නිපාත දෙකෙක් වේ. ‘නිති’ ‘තිනි’ යන දෙක යැ පිටපත්හි එනුයේ. ‘කම්පිත වැ’ යන්න යැ දෙවුණු අරුත. ‘තිනී’ යැ යි පූර්ව ක්රිියා නිපාතයක් වියැ
354 සස දා
හැකි දැයි තව ද විමැ සියැ යුතු. ‘තබ’ (තිබිමෙහි) ධාතුයෙන් ‘තිබි’ යන්නක් වන බව ද සඳහන් කළ යුත්තේ යැ. 7. ගුගුල –– ප්රී)තියෙන් කළ ගුගුමක් ලෙස යැ ගත යුතු.
286
අන්වය : –– විසුළ පළ හෙළ හැලි සළු කුළු අතින් තනවා, ගිරි රජ, දලනිදු රුදු රඟ ඕරේ නළු විලස් ගත්.
පදාර්ථඟ : –– විස්තිණී වූ ව්යසක්ත වූ ධවල වූ නිර්ඣර නමැති සාටක කූට නමැති හස්තයෙන් සිසාරා, පර්වත රාජ තෙමේ, රලනිධි නමැති මහත් වූ රඞ්ගාභ්ය්න්තරයෙහි නට විලාසය ගත්තේ යැ.
විස්තර : –– පර්වත රාජයා ද සළු හිසැ සිසාරා නැටු නළුවකු වැනි වී යැ. ඔහු ගේ සළු නම් ගලා බසින නිර්ඣර ධාරා යැ. ඒ සළු සිසෑරූ අත් කූට යැ (මුදුන් යැ.) ඔහු ගේ රඟ බිම නම් සාගරය යි. මහ මෙර පවා මුහුදු මැදැ නටන්නට වූ බව යැ මේ කියැවුණේ. ‘දලනිඳු රඟෝරේ’ යැ යි යෙදුණු හෙයින් මෙහි මහ මෙර ගැනුණු බව පැහැදිලි යැ. එහෙත් මහ මෙරෙහි නිර්ඣර කොහි වේ ද ? මේ පැනය පුරාණ සන්න කාරයනට ද නොනැඟුණේ නො වේ. ‘මෙර වටා නිර්ඣර කියැ හැකි ද ?’ යි අසමින් ඔහු කාලිදාසයන් පිහිට කොටැ ගෙනැ,මෙර වටා නිර්ඣර කියැ හැකි බව දකිත්. කාලිදාසයන් අද්රිසරාජයකු කී බවත්, ඔහු ගේ නිර්ඣර කී බවත් සැබෑ යැ. එහෙත් කාලිදාසයනට අද්රිරරාජ වනුයේ මුහුදු මැදැ සිටි මහ මෙරෙක් නො වේ. හිමාලය පර්වතය යි. කවර හෙයින් හිමාලයයෙහි නිර්ඣර නො කියැ හැකි ද ? මෙ තැනැ ගැනුණේ මහ මෙර යැ. එහි නිර්ඣර නො කියැ හැකි ද මෙ තැනැ ගැනුණේ මහ මෙර යැ. එහි නිර්ඣර කියැ හැකි බවට කිවි සමය හෝ බුදු සමය හෝ දොස් නො දෙයි.
ටිප්පණී: –– 1. තනවා –– ‘සිසාරා’ යන්න මැ වෙන ලෙසෙකින් කී සැටි යි. පර්වතයෙක් නටන්නට වී නම් පර්වත මස්තකයෙන් ඇදැ හැලෙන හැලි, කුළු වටා, සළු
විවරණය 355
මෙන් විහිදෙන්නට වනු නොබැරි යැ. 2. කුළ’තින් –– කුළු + අතින්. පර්වතයකට කුළු එකට වඩා ඇති වියැ හැකි. මුදුන් කුළ හිස මෙන් ද සෙසු කුළු අත් මෙන් ද සැලැකියැ හැකි. 3. විසුළ –– විසිරී ගියා වූ. ‘විසුරු’ අයින් වූ අතීත කෘදන්ත නාම යි. 4. පළ –– ව්යකක්ත. පැහැදිලි වැ පෙනුණු. 5. හැලි ––ගිරි කඳුරු. කඳු මතින් ගලා බසින දිය දහර හැලි නමි. 6. රුදු ––මහත්. 7. රඟෝරේ –– රඟ + ඕරේ. ‘රඟ’ යනු මෙහි රඟ බිමට නමි. ඔවුරේ = ඕරේ. 8. ගිරි රජ –– බොදු වනට ගිරි රජ නැති මහ මෙර යැ. කිවියනට ගිරි රජ ඇති හිමච්ච යි දලනිදු රඟ කොටැ ගැනීමෙනි. මෙ තැනැ වරද වූයේ. 9. නළු –– නළනුයේ නළු. Actor. නිළීම නම් ක්රිමයායෙන් දැක්විම යි. Act. යම් කිසිවකු කළ දෙයක් එ සේ මැ කොටැ දැක්වීම ද නිළීම යැ. එ හෙයින් රැවැටීම ද නිළිම නම් වී යැ. නළුවෝ බොහෝ විටැ නැටුම් (නෘත්යහ) ද කෙරෙති. එ හෙයින් ‘නළු’ නාමය නටන්නනට ද යෙදෙන්නට වී යැ.
287
අන්වය : –– නී රජ විහිඟුම් ගිගුම් ආසී ගොහොම්නි, උලැඟි දළ රළ අත්නෙන් කේමැලි මැලි වුහුටු මෙන්.
පදාර්ථ් : –– නදි රාජ තෙමේ මහත් ගර්ජන නමැති ආශිර්වාද ඝොෂණය කෙරෙමින්, නැඟුණු මහත් රළ නමැති අතින් පෙණ නමැති මල් දැමුවා වැන්නැ.
විස්තර : –– සාගරයා ද සැණ කෙළියට හවුල් වූ සේ යැ. හේ ආශිර්වාද ඝොෂණය කෙළේ යැ. ඔහු ගේ ගර්ජනය යැ ආශිර්වාද ඝොෂණය කෙළේ යැ. ඔහු ගේ ගර්ජනය යැ ආශ්ර්වාද ඝොෂණය. හේ මල් ද විහිසි කෙළේ යැ. මුහුදු පෙණ යැ මල්. රළ යැ ඒ මල් විහිසි කළ අත්.
‘නී රජ, නදී රාජ තෙම, විහිඟුම්, මහත් ඝෝෂාවෙන්, අසි හොමමනි, ආසීර්වාද ඝොෂා කෙරෙමින්, උලැඟි, උල්ලංඝිත වූ ,දල රල අත්තෙන්, මහත් වූ
356 සසදා
තරඞ්ග නමැති හස්තයෙන්, කෙමැලි, පෙණ නමැති මාල්ය යෙන් හෙවත් කුසුම්, වුහුට මෙන්, පූජා පිණිස දැමුවාහූ මෙනි’
යනු යැ පිටපත්හි එනුයේ. කුමකට යැ විවරණ ?
ටිප්පණී: –– 1. ගොහොම්නි –– ‘ගොහ’ (ඝොෂණයෙහි) ධාතු යි. ගොහම්නි - ගොහම්නි. ‘ගොහමිනි’ යනු ‘ඟොහිමිනි’ යි ද වියැ හැකි. ධාතුව ගොස යි ද සිටි.
‘ගිම් කලැ තැවුලි මිලි නිල්ගල ගොසාලා’
යනු සිරි රහල් වදනි. ගුරුළු ගොමිහු ––
‘බමුණෝ ජය ශබ්ද ගොහිමින් යෙති’
යනු යොදත්. ‘ගොසා’ යනුයෙන් ‘ගොස’ ධාතුව ‘බල’ ආදි ගණයෙහි වරනැඟුණු බව පෙනෙයි. ‘ගොහ’ යනු ද එ සේ වර නැඟුණහ යි සිතමු. ‘ගොහමිනි’ යනු ස්වර පූර්ව රූපයෙන් ‘ගොහොමිනි’ යි ද ස්වර පර රූපයෙන් ‘ගොහිමිනි’ යි ද වියැ හැකි. 2. නී රජ –– නී නම් නදී යැ. නදීනට රජ වූයේ සාගරය යි. 3. විහිගුම් ගිගුම් –– ලියන්නෝ ‘ගිගුම්’ යනු හැරැ - පියති. පුනරුක්තියක් දැකීමෙන් යැ යි හැඟේ. ‘විහිගුම් ගිගුම්’ යනු ‘විහිගුම් හිගුම් යැ යි ඔවුනට කියැවුණු සේ යැ. ‘විහිගුම්’ යනු ‘මහත්’ යන අරුත් ඇත්තේ යැ.
‘ගල් මතු ගඟුල් හැලි විහිගුම් ගිගුම් ඇදැ’
යන තන්හි සිරි රහල්හු ද ‘විහිගුම්’ ගිගුම් යන්නෙන් මේ අරුත හඟිති. 4. ආසි –– කහට ද ? එ තරම් අසිරියක් කළ බෝ සතුනට 5. වුහුටු –– ‘වුහුස්’ (විහිසි කිරීමෙහි) ධාතු යි. මේ ධාතු ‘බස්’ ආදි ද ‘රක්’ ආදි ද වේ. ‘බස්’ ආදි: –– වුහුසී ––වුහුසිති –– විහිටි ––වුහුටු. ‘රක් ආදි: –– වුහුසී ––වුහුසිති ––විහිසි ––විහිසි. මේ ‘විහිසි’ යනු දැන් වහරෙහි ද ‘වීසි කරනවා’ යන ආදි තන්හි යෙදේ.
විවරණය 357
6. කේමැලි මැලි –– මෙ තන්හි දෙ වැනි ‘මැලි’ යනු ද ලියන්නනට පුනරුතක් ලෙස පෙනුණු නියා යැ. ‘කේමැලි යනු පමණක් පෙළ කොටැ - ගන්නා ඔහු ‘පෙණ නමැති මාල්යමයන් හෙවත් ‘කුසුම්’ යන අරුත ලියති. ‘කේමැලි’ නම් දියෙහි පෙණ යි. ‘ක’ නම් දිය යි. ‘මැලි’ නම් කුසුම් යැ. හෙළුමෙහි ‘මල්’ ‘මැලි’ දෙක මැ කුසුමට නමි. පියුම් මල හෝ රුවන් මල හෝ මලට ‘මැලි’ නමක් නො දෙත්, වහරෙහි ‘මැලි’ යනුත් කුසුම් අරුත දෙන්නට වූ බවට දෙස් ඇති.
‘සැදුණු වන පසමලා මැල්ලෙන්’
යන රහල් වදන්හි ‘මලාමැල්ලෙන්’ යන්නට අරුත් පවසන ශ්රීට ධර්ම්රාමයෝ ‘කුදු මහත් පුෂ්පයෙන්’ යැ යි කියත්. ‘මල්’ යනු මහත් මලැ යි ද ‘මැලි’ යනු කුදු මලැ යි ද ගත හැකි. කෙහි (දියෙහි) මැලි ‘කේමැලි’ පැරැකුම්බාවෝ ද පෙණට ‘කේමැලි’ නම දෙති.
‘කේමැලිනිකස් තුරුනි’
යන තන්හි.
අන්වය : –– නලැ ලොල හිවි කෙහෙලි, ලෝ. මෙහෙසුරා නටත, අඹුරු දළ කෙළැ බුන් සුර ගඟ රළ සළා සිළු කියෙලී.
පදාර්ථැ : –– මාරුතයෙහි චඤ්චල වූ ගහන වූ ධ්වජයෝ (තුමු,) ලෝක නමැති මහෙශ්වරයා නෘත්යළ කරන කල්හි ආකාශ නමැති ජටායෙහි කොටියෙහි බිඳුණා වූ දිව්ය නදියෙහි තරඞ්ගච්ඡටා ශිඛා හැඟැවි යැ.
විස්තර : –– සමස්ත ලෝකය මහෙශ්වරයා යැ. ඔහු ගේ ජටාව නම් ආකාශය යි. ඒ ජටායෙහි ආකාශ නදිය වි නම්, මහෙශ්වරයා නටන කල්හි ජටා කෙළවරින් ඒ ආකාශ
358 සස දා
නදිය කඩා හැලෙන්නට වෙයි. කඩ තොලු සහිත ගිරි කුළෙකින් මෙන් ජටා කෙළවරින් නදිය කඩා හැලෙන විටැ, එහි රළ සමූහ නැඟි පෙණ ගසා සිටී මැ යි. එ සේ නැඟුණු රළ සමූහයේ කොන් වැනි යැ එ දවස් අහසේ ගහන වැ සුළඟින් ලෙළ දුන් කොඩි. ලොව පුරා දෙවියන් සුදු කොඩි නැඟූ බව ද, පවනින් ඒ කොඩි දස අතැ ලෙළ දුනු බව ද මේ කී පරිදි යි.
ගීයෙහි ‘නලැ ලොල’ යනු ‘කියෙලී’ යන ආඛ්යානතයට පසු වැ යෙදීම ආසත්ති ගුණයට අනුකූල මැ නො වේ. අනුප්රාෙසයට ඉඩ දුනුම්හ.
‘කියෙලී නල ලොල - හිවි කෙහෙලි ලො මෙහෙසුරා’
යැ ගත ඒ දොස පලයි. අරුත ඉතා පැහැදිලි හෙයින් ගීයෙහි ගැනුණු ලෙස මැ ගත ද වරදෙක් නො වේ.
ටිප්පණි: –– 1. සළා –– ඡටා. සමූහ. 2. සිළු –– ශිඛා. කොන්. වෙසෙසින් මැ ‘සිළු’ යැ යි කියන්නේ ඉහළට ගිය කොනට යි.
289
අන්වය : ––සුරන් කැන් වුහුටු කොකුම් කෙසුරු සඳුන් සුනු, තුරුණු රිවි මෙ රජ රජ හිම සුමුව වන්.
පදාර්ථර : –– දිව්ය සමූහයන් විසින් හිස්නා ලද්දා වූ කුඞ්කුම කෙසර ද, චන්දන චූර්ණම ද, තරුණ සූර්ය රශ්මි රාජිය විසින් විදිනු ලබන්නා වූ හිම සමූහය වැනි යැ.
විස්තර : –– දෙවියෝ කොකුම් මල් රොන් ද සඳුන් සුනු ද ඉසිති. එ දෙක එක් වැ පැතිරෙන කලැ තරුණ හිරු රැස් හිම විදැගෙනැ යන්නා බඳු වෙයි. තරුණ රිවි රැස් රතු හෙයින් කොකුම් කෙසුරු වැන්නැ, සඳුන් සුනු සුදු හෙයින් හිම වැනි වේ.
විවරණය 359
ටිප්පණී : –– 1. වුදුනා –– ‘විදු’ විදීමෙහි ධාතු යි. විදුනා = (සර පර රුවින්) වුදුනා. මෙහි විදීම නම් එළිය නොවළකන කදා වැනි හිම කැට අතුරින් රිවි රැස් යාම යි. 2. හිම සුමුව –– ‘හිම සුමු’ යනු පමණෙකි පිටපත්හි එනුයේ. විරිත බිඳි. එක අකුර දෙ වරක් යෙදුණු විටැ එකක් හෙළීමට ලියන්නෝ නො බති. මෙහි ‘සුමුව’ යනු ‘සුමුම’ යැ යි ඔවුනට පෙනෙනු නොබැරි යැ.
290
අන්වය : –– ගුවනත මි බිඳින් අද මල් ඔලඹුයෙන් සැදී. දෙලෙ තෙලෙ පියුම් සුපිපි. තුරු සා වසා මල් වී.
පදාර්ථ : –– ආකාශය (තෙමේ,) මධු බින්දුයෙන් ආර්ද්රස වූ පුෂ්පාවලම්බනයෙන් සජ්ජිත වී යැ. ජලයෙහි ද ස්ථලයෙහි ද පද්ම ප්රමබුද්ධ වී යැ. වෘක්ෂ ශාඛාවන් පුරා කුසුම වි යැ.
ටිප්පණී: ––1. මී –– මල් පැණි. 2. මලෝලඹුයෙන් –– මල් + ඔලඹු = මලොලඹු = (‘ඔ’ දිගු වීමෙන්) මලෝලඹු. මේ තැන් ද විමසන්නේ යැ: –– පස් + අසු = පසාසූ; දෙ + අනූ = දෙයානූ ; කල් + අතුර = කලාතුර; මල + මැලි = මලාමැලි. ඔලඹිනුයේ (ඵල්බෙනුයේ) ‘ඔලඹු’ යැ. එල්ලීමට කළ වැලට නමි. මලින් කළ ඔලඹු මලෝලඹු.
291
අන්වය : –– මුරු බෙර තෙමේ මැ ගුගුළෙ, වෙණ ලියනු රැවූ ගත්, නූබැ විදු කිඳු සසල ඔත නන් තන්හි රුවන් දිළි.
පදාර්ථි : –– දිව්‍ය බෙරීහු තුමු මැ ඝොෂ පැවැත්වූ හ, වීණාවෝ ලයාන්විත රාවය ගත්තෝ යැ. ආකාශයෙහි විද්යුැත් සමූහයෝ කෙටූ හ. නානා ස්ථානයන්හි රත්නයෝ දිලිහුණ හ.
360 සස දා
විස්තර : –– දෙවියන් ගේ වුව ද බෙරත් වෙණත් යම් කිසිවකු විසින් වැයියැ යුතු යැ, නිකම් මැ හඞ නඟන බෙර හෝ වෙණ හෝ දෙව් ලොවැ නැති.එ දා වනාහි දිව බෙර දිව වෙණ වයන්නවුන් නැති වැ මැ හඬ නැඟී යැ. විදු ලිය කෙටීමට එක් තැන් වියැ යුතු කරුණු කිහිපයෙක් වෙයි. එ බඳු සංයොගයක් නැති තන්හි විදුලි කෙටුම් නැති. එහෙත් එ වැනි කිසිවක් නැති වැ මැ විදු ලිය රැස් එ දා කොටන්නට වි යැ. කො තරම් මහරු රුවන් වුව ද, තන්හි තන්හි දිලිසෙන්නට නම් යම් කිසිවකු විසින් ඉසියැ යුතු යැ. එ බඳු ඉසීමක් නැති වැ මැ එ දා තන්හි තන්හි රුවන් දිලෙන්නට වී යැ. බොදු පෙළහරෙහි මෙ බඳු දෑ අඩු නැති.
ටිප්පණී: ––1. තෙමේ මැ –– පිටපත් මෙය පෙළට නො ගනී, අරුතට එක් කෙරෙයි. එහෙත් සතර තැනට මැ මෙය යොදාගත යුතු. 2. ලියනු –– ලිය + අනු. ලයයට අනුගත වූ. ලය නම් තාලයා ගේ එක් බව යි – නොබිඳි බව යි. Harmony. 3. කිඳු –– සන්න කාරයෝ ‘කිඳු’ යන්නට බෙහෙවින් මැ ‘රාජි’ යන්නෙන් අරුත් පවසති. ‘රාජි’ නම් පෙළට සිටි සමූහය ය. Line. 4. සසලොත ––සසල + ඔත. චඤ්චල බව බැහී යැ. ‘චඤ්චලතා දින’ යනු පුරාණ සන්න යි.
292
අන්වය : –– දස හස බඳ දුමින්, නුබ ගබ දුහුල් දදනෙන්, මිහි මඬල නන් කුසුමෙන්, මුළු ලෝ පුදෙන් නරතුරු.
පදාර්ථන : –– දශ දිශාව ගන්ධ ධූමයෙන් ද ආකාශ ගර්භය දුකුල ධ්වජයෙන් ද, මහි මණ්ඩලය නානා කුසුමයෙන් ද, සමස්ත ලෝකය පූජායෙන් ද නිරන්තර යැ.
විවරණය 361
විස්තර : –– මෙහි අමුත්තකට ඇත්තේ ගඳ දුම් සඳහන පමණෙකි. 288 වැන්නෙහි සඳහන් දද, 290 වැන්නෙහි පැවැසුණු කුසුම්, සියල්ලේ හැඟැවුණු පුද මඳ යැ ? ප්රනක්ෂිප්තයෙකැ කීමට අප සිත පෙලැඹෙයි.
293
අන්වය : –– කෙ නම් රඟ බඳ ? කෙ නම් තියු ගී නො ගැයූ ? කවරෙක් ළෙන් නො විස්මූ ? කවරෙක් පුද වත් නො අළ ?
පදාර්ථො : –– කවුරු නම් නැටුම් නො පැවැත්වූ හූ ද ? කවුරු නම් ස්තුති ගීත ගායනය නොකොළෝ ද ? කවුරු නම් සිතින් විස්මිත නුවූ හු ද ? කවුරු නම් පූජා වස්තු නො එළැවූ හු ද ?
විස්තර : –– මෙහි දු විශෙෂයෙක් නැති. කාව්ය ය සුදුසු ලෙස කෙළවර කරන්නට බැරි වූ යේ යැ. සස රුවින් සද මඬල සසිර කරන්නට ශක්රුයා සිතූ නමුත් එ සේ කරන්නට අවසරයක් නො දී මැ කාව්යසය කෙළවර වීම අඩුවක් දක්වයි.
ටිප්පණී: –– 1. කෙ –– ‘කො’ යන සර්ව නාමයේ ප්රිථම විභක්ති බහුවචන රූප යි. 2. කවරෙක් –– මේ දෙබසෙහි මැ සම යැ. ‘කවරෙක් විස්මි’ යැ යිකිව එක බසි.
නිමි.