සස දා විවරණය-සසදාව
සස දාව
1. කව් මුව
[සංස්කරණය]1 නමවු නොමින් අන් - බුදුනුදු වනත ගුණ ගණ
සරණ දෙවි දෙවි මුදුන් - මිණි තර තොයින් උතුමා
2
නමවු දුමත ගජ - දළ දප ලත කෙසර වන්
අවිදු ගන ‘දරට හිරු - උතුම් සදහම් වෙසෙසා
3
නමවු නත් මහරු - ගුණ මැණ රිළු මහ නදන්
මුළු ලෙව්හි එක පින් කෙත් - අරි මහ අදරින්
සැසැඳිය (මෙයින් කැරෙනුයේ පිටපත්හි එන පාඨන්තරයන් සැසැඳීම යි. ස.අ. = සන්නයේ අන්වය)
1. පෙළ (හැම) – සරණත. සන්න (හැම) - සරණ.
2. පෙළ (හැම) – අවිදු ගන අඳරට හිරු. පෙළ (මුද්රිේත) – අවිදු ගනඳුරට හිරු.
3. පෙළ (හැම) – නෙ මහරු. සන්න (හැම) - අපිරිමිත වූ, මහාර්හ වූ.
4 මුනිඳු ගුණ මහරු - වැකුව ද ම කුදු තෙපෙලේ
උතුම් මැ නො එ මුනි දම් - ලියුව ද නොරන් පත්හි
5
නොසෙ කිසි දෑ අඳ - බිරු පිළු දුඹුල් බිලිඳෙක්
ගැඹුරු සයුරු තරනට - මන බඳ නමෙ ‘කිම’ න් මට
6
ඉතු දු මිණු මලෙ ‘ව් - දැක්මට මුනි ගුණෙක ‘ක් දෙස්
මොකැ ‘සිරැ බචඳ මන මා - යුහු කෙළෙ සෙබේ සේ කිවි
7
පිහිනති කිසි දන - වැදැ පැන ‘තාන් ගත සයුර
මුව පතුයෙහි යුහු දෙනෙ - නොවත පද ඇළ තරනට
8
බඳුතු කිවි මල්හු - වැදැ මහ බෙලෙන් කව් මලු
තොර නො නොහසළ දනට - පිරිසරමැ බර දැන්මෙක්
9
පෙදෙහි පෙදෙහි මඳ - පැනැ ‘තායෙ මුළා අඳ මෙන්
පැනැසරැ ‘සැ ‘තියා මෙන් - පැලැඹෙන්නේ සව් අත්හි
10
බැඳුම් ද එ නියෙනෙ ‘- සුවෙනෙ ‘ද දෙසැ දන සිරින්
එ සිරි ගුණ නුවණ ඇති - මැති යුත් රජක්හු බෙලෙන්
11
එ බැවිනි මෙත් සර - නුවණැ ‘සැ සිටි ලෝ වැටුම්
සදප් සොළී ගජ මුළු - දළ දප් සුන් කෙසර වන්
12
හිමි කුලැ බඳ ‘දර - නිති සිතු මැණෙ ‘ව් රක්නා
රුවන්පා කුල කෙහෙලි - අග මැති කිත් සෙනෙවි යුත්
13
හුදු ගුණ අබරණ - රිවි සඳ කුල මුදුන් මල්
පසක් සිරි කත විලසින් - මුළු ලෝ මනනුවන් ගත්
14
කළ ලො සසුන් වැඩ - ලීලාවතී හිමි සඳ
පළ කළ දම් රජ සිරි - මෙ වැටුම්හි පිටු පල වී
5. පෙළ (හැම) – කිනන් මට, සන්න (හැම) - කිනම් මට
6. පෙළ (හැම) –
ඉතිදු මුනිනෙක්දෙස ගුණ මිණි මලෙවි දැක්මට සන්න (හැම) – ඉතිදු මුනි එක් දෙස් ගුණ.
7. පෙළ (හැම) – - ගත සයුරෙ.
සන්න (හැම) – ග්රින්ථ නමැති සාගරය.
8. පෙළ (හැම) –
බදුතු වැද කිවි මල්හු මහ බෙලෙන් කව් මල් තොර නො නො හසළ දන හට පිරිසරහ බර දැන්මෙක්.
9. පෙළ (හැම) –
පෙදෙහි පෙදෙහි මුළා අඳ මෙන් මද පැනැතියෙ ඇසැතිය මෙන් පැනසර ...... සන්න (ඇතැම්) – ඇසැතියක් මෙන්.
10. පෙළ (බොහෝ) –
බැඳුම් ද එනියෙන් සුවෙන්නෙද දෙස දන සිරින් එසිරි ගුණ නුවන් ඇති ......
11. පෙළ (බොහෝ) – සහදප්
12. පෙළ (හැම) – හිමි කුල බඳ අදර
13. පෙළ (හැම) – හුදු සස් ගුණ බරණ.
(සමහර) – සිතුමිණෙව්
14. (1) පෙළ (බොහෝ) – දහම් රජ සිරි.
(2) පෙළ (හැම) – මෙ වැටුම්හි.
සන්න (හැම) – මා ගේ කාව්යව ප්රහවෘත්තියට මෙයට අනුවැ පෙළ ‘ම වැටුම්හි’ වියැ යුතු.
සසද්රඅව
15
එ බැවිනි දොසකැ ‘ත – දැහැ දෙනෙ මුනිඳු ගුණැ ලඟ
සරහා ම වදන් රිළු – මිණි පස්කනෙ ‘ව් කන්හි
16
දැකැ සා බමුණා – මුනි විරු එ සස කල්හි
දල මැද ‘රා සිසි දිසි – සිය මස්නි පුස්නා ළෙන්
17
මෙ දා බඳ ආලවි – පටැ වැටි සනෙ ‘ව් දක්වා
විසිතුරු රඟ තවර මෙන් – පිළි මෙහි විතර පානෙම්
2. සැවැත් පුර වැනුම්
[සංස්කරණය]18 අනේ සැපැත් සර – නුවරෙක් වී සැවැත් නම්
විසිනත මෙ තෙදියැ උවම් – තම වැන්නැ යත් යුත් වූ
19
සිරි රුකුළෙ සෙමිණි – මහ ‘වුරු නුබ වුලුඹුනා
මිහි මඬල සක්පණුහු – පුර නැබ පියුම් පෙති පෙළැ
20
එ පුර පිරි සිලිල් – කෙළි දොළිනි බට සුර කැන්
දැක වයමියානෙ ‘හි කෙළනා – නිසලැ ‘ස්හි පල විදියෝ
21
සුර පුර ද තම ද – දෙ තටු සැපතින් සපුරා
නඟත බඹ මෙර තුලා – බෙරෙන් පුර බිම් බට වන්
22
රිසි වත් ගන්ව යි – හඬෙ ‘වැ රසුනෙනෙ ‘පුර කල්
කැරැ සසල දද අත් සන් – ‘වහසින් සුරන් කැඳි එව්
23
රත්මිණි ගෙ මෙරදැ – රැඳි සඳ එ පුර වමියන්
වතට පැරැදැ නුළු කැරැ – ගිය වන් ගෙනැ ළහිරු වෙස්
24
සරහතෙ ‘ දැකැ දිගු – නුවන් සරෙ ‘පුර වමියන්
නොදිස් වැ ලි කම් සර – තෙමෙ ලක් වන බියෙන් මෙන්
සැසැඳිය 5
15. පෙළ (හැම) – පස්කැනෙව්
සන්න (හැම) – එ දෙනෙ. (මෙයට අනුවැ පෙළ ‘දැහෙ දෙනෙ’ වියැ යුතු.)
පෙළ (හැම) – මෙ වදන්. සන්න (හැම) – මා ගේ වචන
16. පෙළ (හැම) – දල මැද අරා
19. පෙළ (හැම) –
මිහි මඬල සක් පමන පුර නැබ පියුම් පෙති පෙළ සිරි රුකුළෙ එහි සෙමිණි මහවුරු නුබ වුලුඹුන. ‘එහි’ යනු සන්නයට නො ගැනිණි.
20. පෙළ (හැම) – දැක කෙලන එහි වමියන්
22. පෙළ (හැම) –
සිරිවතුන් ගන්වයි එ පුර කල් හඬෙවැ රසුනෙන් කරැ සසල දද අත් සන් වහසින් සුරන් කැඳි එව්.
23. පෙළ – මුවනට. වුවනට. උවනට
24 24 පෙළ -හැම -
දැක දිගු නුවන් සර සරහත එ පුර වමියන්
25
දිසි වත් පුර ‘ඟනන් – මිණි මැඳුරැ සී මැදුරේ
සළලුවනැ ‘සැ පොපි දැහැ – කෙළෙ සුරන් හා එක්වෙස්
26
තුරඟ රසු රැවින් – කුර තළිනු ‘දම් යොරයොර
පුර දෙරණතෙ ‘මෙහෙසුරු – සඳ රඟැ සකොබ ඉසිලී
27
මුහුළු මහ මෙය ‘ඔ – ළ ‘ත විදු රඟොත වමියන්
තුරු ගොස ගඡුන් ‘ගෙ සිකින් – නරතුරු නැටුම් කැරැවි
28
උයන් සඳුන් පලු – තනවමිනදෙ ‘පුර පවන්
සරත දිහී මෙද පියන් – මෙහෙයී හා කෙළි දෙළේ
29
ඉහිල්වසන් දිසි – මිණිමෙවුල් මීඔඩම ‘ත්
සලපලුනෙත් වමියන් – මත් වළිනෙ ‘පුර නොවහළ
30
නො හැරැ එ පුර කල් – යල් මද පොදිනො ‘නද බඳ
ගජනා ගජ කුල වෙලෙ – කනදව්විදු දළවලා
31
හළ ද ‘බිසරුවන් – අබරණ ‘ලු බියෙන්
විදෙ ‘ව් සහතර තුනු රෑ – දනනැ ‘ස් වරැ සදිස්වී
32
රතු ‘පුල දම් හර – උර මඬලැ හී කෙළෙනා
මිමී එවෙ ‘පුර වමියන් – රතො ‘ටැ දසන ‘ගැ පැහැ කිඳු
33
සිඳි හුණු වෙරළු – තෙල මිණි මෙවුල් වමියන්
අවල මහ මේ ගිගුමෙන් – හපුන් අකුරෙ ‘ව් වැ බිඡී
34
ගන ‘ඳර විදුනා – මිණි තොරණ තර එ පුරේ
වළබ ගිනි සිළු සිය වන් – දලනිදු තොයත් දැක්වී
35
නැඟෙ ‘ත නුබ පහළ – පෙද වමියන් හමි තෙලේ
ඉහි වැ ගිය නෙතැ නිල් පැ – සස ලෙසිනි සඳැ ලැගි එව්
සැසැදිය 7
26. පෙළ (හැම) – එ පුර දෙරණත මෙහෙසුරු
27. පෙළ (හැම) – මුහුළු මහමේ අඹළත.
28. පෙළ (හැම) –
දෙහි මෙද පියං සරතස මෙහෙයී හා කෙළි දෙළේ.
29. පෙළ (හැම) – සසල. (මෙය ගත ද විරිතට වන හානි නැති.)
30. පෙළ (හැම) –
මද පොදිනොනද බඳ කල් යල් නොහැර එ පුරේ කනදම්විදු දළඛලා ගජ කුල වෙලෙ ගජනා
31. පෙළ (හැම) – රුවනබරණ අලු බියෙන්.
32. පෙළ (හැම) –
දසනග රතොට පැහැ කිඳු මිමී එව් පුර වමියන්
34. පෙළ (හැම) – ගන අඳර බිඳුනා
සන්න (හැම) – ඝනාන්ධකාර වෙධනය කරන්නාවූ
35. පෙළ (හැම) – පැහැ. (විරිත බිඳි)
සස දාව
36
එ පුරැ අනත සිරි – සරි ‘සුරු සුතන් කෙළනා
ගන සේ රුක වැ ගියෙ ‘ව් – නරතුරු ලකළ කප් තුරු
37
දැහැම් රන් ලියෙකැ – සිසිමඬුලුහසතඹරන්
නොදිස් විරූ අසිරි – පිරූ දනනැ ‘සැ වමියෝ
38
එහි නළු ගී මත – වමියන් කෙළුතු මුළු රූ
බලා නො හියැ නිඳි කල් – එ පුර දැහැ දුර ගිය වන්
පුර වැනුම්.
3. දේනා වෙහෙර වැනුම්
[සංස්කරණය]39 එහි දේන් නම් – වෙහෙරෙක් වී මන නඳන්
දුදසුන් නිවන් පානා – මුනාඳුන් හව් පෙවෙණි බිම්
40
ඉඳැ සක්වළ ගලැ – පෙරැළී වටැ සළා දුන්
මුනිඳු යස රැස් කියෙලී – එහි පවුර සෙ මිණිනි බඳ
41
බිඡී එහි රුසිරු – පළ හෙළ රුදු දොරටුහලු
පුද හේ බිම් දෙබරා – නැඟි නත පණ මඬුලු වන්
42
හනා සඳ සඳුන් – කෙලෙස ගිරි සක් කැල්මෙන්
අතුළ වන් දිමුතු වැලි – රමණී මළු නුවන් කල්
43
නන්රුවන්මුවා – ගඳකුළු ළුහි වොර්ජනා
ලෝ නුවන් බඳ කිරුළෙ ‘ව් – ලකළ රුසිරු මිහි වමුය
44
සැඬරස් රස් වරා – පොරළෙ ‘ව් සිහිල් සිලිලට
බිඡී එහි පොකුණු ගුලූ – පියුම් ‘ළු රොන් පළලු පට
36. පෙළ (හැම) –
අනත සිරි සර එපුරෙ ඉසුරු සුතන් කෙළනා ගනසෙ රුකට ගියෙ වී ................
38. පෙළ –
කෙළුතු ළුහි මුළු රෑ නළු ගී මත වමියන් බලා නොහියි නිදි කල් ..............
සන්න – නොහිසි, නොහී (ක්ෂමා නො වැ)
39. පෙළ – පුදසුන්
සන්න – සුදු දසුන්, දුසුදැසුම් (දුර්දර්ශනීය වූ)
40. (1) පෙළ (සන්න) – සක්වළ ගල් (චක් ිවාට පර්වතයෙහි.)
(2) පෙළ – සෙමිණි බඳ සන්න – ස්ඵටික මාණික්යඳයෙන් බඳනා ලද
43. පෙළ (හැම) –
මිහිවමිය ලකළ රුසිරු කිරුලෙව් ලො නුවන් බඳ
44. (1) පෙළ – වලා. සන්න – වරා – (හැරැ.)
(2) පෙළ (සන්න) – පලල් පට.
45 එහි සිවු කන් ලඹ – නල ලොල කිකිණි රැවුනෙන්
දහම් සඛ තෙමෙ ද දහම් – පිරිවන්න වන් නරතුරු
46
මුවරඳ වැළ ‘වල – නල ලොල පලු උයන් තුරු
සුර සැවු විදු කැල බඳ – මහ මේ මෙන් ගිමෙ ‘ඩි මැඩි
47
රැපෑ එහි සුනිල් – තුරු සා නුබ වුලුඹුනා
රිවි සඳ බියෙනෙ ‘අබිය – තත් වන් නැබූළු තම රැස්
48
එහි විනේ කුමුදු – පොබයමිනි මෙන් දද රද
වෙසෙයි එ අප දියබප් – සිවු බඹ විහරණින් යුත්
49
කරත ‘ර දෙ ‘හි පුද – දෙවි බඹ නා ගුරැළු කැන්
මුළු ලෝ පිරි අසිරින් – බිඡී දෙ සහස් එක ‘ලු වැ
4. ගිම් උතු වැනුම්
[සංස්කරණය]50 එ කල් කල් කුසුම් – ගෙනැ නෙ වතුත් පිළිවෙළැ
සයුහු පුද කළ වනෙ ‘හි – පැලැඹෙමින් නන් දෙස්හි
51
හකුළුවමින් රෑ – වඩමින් සතොස සක්ෙවා
සැනැහීමෙ දිය දිය සිත් – දියුණු කැරැ පත් ගිම් කල්
52
මුනිඳුහු දැක්මට – සෙරෙනා ‘මලිගිය ලියන්
ගැවසී පිපි කුසුම් ලූ – මනහර උතුරු සළු වන්
53
ගබ දෙලෙන් බිහිවී – සහමල් පුවක් තුරු රැස්
මද මතිනෙ ‘කල් විහිදු – පණ රැදි උරා කැල වන්
54
සෙරෙන් ලද පියන් – පියෙදු වදන් රස මෙන්
හමළ මද නිරුත් මරු – සනහා ගැමන් තත් ලෙව්
45. පෙළ (බොහෝ) – දහම් සබ තොමො ද
(ඇතැම්) – දම් සබ තොමො ද
46. (1) පෙළ (හැම) – මුවරඳ වලනවල
(2) පෙළ (ඇතැම්) – ලෙල
(3) පෙළ (හැම) – විදු කැලන්
47. පෙළ (හැම) – රිවි සඳ බියෙන් එ අබිය
48. පෙළ (හැම) –
සිවු බඹ විහරනෙන් යුත් වෙසෙයි එ අප දියබප්
49. පෙළ (හැම) –
අරද කරතෙහි පුද දෙවි බඹ නා ගුරුළු කැන් දසහස් එකලුව බිඡී මුළු ලෝ පිරී අසරින්
50. (1) පෙළ (හැම) – නෙ වතුන්
සන්න – ‘නානාවසිතූන් ද’
(2) පෙළ (හැම) – පුද කළ වන් එහි
(4) පෙළ – පැලැඹෙම්නින දෙස්හි, පැලැඹෙන්නිය
දෙස්හි
සන්න (හැම) – පැලැඹෙමින්
53. පෙළ – බිහිවි, පුවක තුරු
54. පෙළ (හැම) – සෙරෙනා.
සන්න (හැම) – ‘විර කාලයෙකින්’ 12 සස දාව
55
වහත නොවත බිඟු – මහරී කුසුම් සිවුමැලි
බල ලෙව් වතුන් අසිරි – කුරිරු මහ ගිම් උසුලා
56
කියම ‘න් කුම් සතුන් – සතැවුලි කුරිරු ගිම් තෙද
නිසවන් වනෙව් දවහල් – නිඳි හේ පසි ‘ඳුරෝ හා
57
පෙරැ ලියසැවු මල් – සර යැ මෙ නමින් පැලැඹී
සැතැපැ ගිය වන් ගිම් කල් – මද දුර හළහු පැලැගින්
58
නොකෙළෙ ද දුකු ගිම් – ඉහිල ‘ත් කැරැ පිය පියන්
කෙළෙන් මුත් කඳප දප – හර සඳන සඳ සිහිලෙන්
59
සුපුල් මල් පළොල් – වන හිස් හාත්පස්හි
ගිමන්හු තෙද සිළු වන් – දවමින් වන් වන ගෙළේ
60
දලත ගිම් කුරිරු – තෙද වැදැ දස ‘නුදසැ හී
නරතුරු සිරු හඬ ගත – වන නො හියැ වලපින වන්
61
වන ගළ වත විදල් – නව තද ගිම් ඔකඳනෙත්
ගත සල ළැව ‘ග සිළු රැස් – ළදල ගිහිණෙ ‘ව් මුළු ඉළු
අඩ බමි
62
දැදුරු හිරි කුරිරු – ගිම්හු ලු මිහි පිටුහි
තැවී පවන් පවසින් – ගිය මඟ වනෙ ‘ව් රසහල්
63
දුනුකේ ලියන් මේ – හිමි දසන යැදැ දෙවියන්
රඳනා කැකුළු දෙ අත් – සිරි දින් දුන් මුදුන්හි
ගිම් උතු.
සැසැදිය 13
55. පෙළ (හැම) –
කුරිරු මහ ගිම් උසුලා – බල ලෙව් වතුන් අසිරි
(මෙ සේ ගත ද විරිත පිරිමැසියැ හිකි.)
56. පෙළ (හැම) – කියම් කුම් කුරීරු
සන්න (හැම) - අන කුම් කියම්, අනික් කුමක් කියම් ද
57. පෙළ (හැම) - සැතැපී
58. පෙළ - කෙළෙයින්,
60. (1) පෙළ (හැම) - දසනුදෙස
(2) පෙළ (හැම) - සිරුන්
සන්න (ඇතැම්) - සිරුන්
(3) පෙළ - නොහොයි, නොහයි, නොහෙයි,
61. පෙළ - ළවග
62. (1) පෙළ (හැම) –
දැදුරු හිරි මිහි පිටුහි ළූ කුරිරු ගිම්හි
(2) පෙළ (හැම) – වැනෙව්
63. පෙළ (හැම) –
මුදුන් දො අත් සිරි දින් කැකුළු රඳනා
සන්න (අන්වය) – මුදුන්හි දුන් දො අත් සිරි.
14 සස දාව
5. මේ උතු වැනුම්
[සංස්කරණය]64 දවමින් වන් වන – සිඳිමින් රස මිහි තෙලේ
වෙහෙර ‘ත්හි සොමි සිරි දී – ගිය හිම් තවසින ‘දරින්
65
වියොවුන් කැරැ සියො – සියොතුන් සතොස වඩමින්
ගිමන්හු මන් මඬිමින් – මහ මේ කලා ‘සිකි කල්
66
ගෙනැ විදු කග පතෙ ‘ව් – ගන රජ ‘රකට මුනි හට
සිදී දුනුකේකැකුළු – කිරුළුබලාවැළහරින්
67
නො පතළ ද මුනිඳු – සවනක් රස් පබසර
කෙළෙ ලො බඳැ ‘ඳිලිමුදුන් – නුබ මඬලැ බඳ සුර සැවු
68
වැඡැඹැ තමෙ ‘ක බඳ – කැරැ දිය සියල් රිවි රජ
නෙතෙද කෙළෙ මෙ ද වැනැසී – පියුම් සියනුදු ගන රජ
69
පළ වී මැඬි සියන් – ශොස දස ‘නුදෙසෙහි
තුරු ගොස ලෙසින් කෙළනා – ගන රජ වඩුතු පෙර මහැ
70
සුනිල් වුව සිකි පිල් – ගල රන් වනෙ ‘පැහැ සිරින්
බිඡී කැකුළු දුනුකේ – ගන නිල් පත ‘තුරින් පත්
71
බිඟු වැළනු ‘දහන – ලියනඟලා මල් වල්හි
නැත ද එ කල් ළැවු ගිනි – සහදුම් හුතැස් සිළු දින්
72
ගිරි මුඳුන ‘ඹළ පිල් – සිකි නිල් ගල වොරජනා
කුඳ වැ මහ මේ නිල් පෑ – හුණුයෙ ද විසුළ වන් පෑ
73
මුනිඳු පුදට ගත – කැණැහිල් මල් සෙමෙර එව්
මිහි කත නවසදලනිල් – දියුලි ‘ ඳුගොවුවැළමෙවුල්
සැසැදිය 15
65. (1) පෙළ (හැම) – වියොවුන් සියො කැර
(2) පෙළ – සතොස්
66. පෙළ (හැම) – දුනුකේ කැකුළු කිරුළු සිදී බලා වැළහරින් ගෙන ගන රජ විදු කග අරකට පතෙව් මුනි හට
67. (1) පෙළ පබසරා (2) පෙළ – නුබ මඬලෙ බඳ සර සැවු කෙළෙ ලොබඳැඳිලි මුදුන්
68. පෙළ – වැජඹී ගන රජ කැර තම එකබඳු දිය සියල් රිවි රජ නිතෙද කෙළෙ මෙ ද පියුම් සියනුදු වැනසී
69. පෙළ – ගන රජ වඩුතු පෙරමඟ කෙළනා තුරු ගොස ලෙසින්
70. (1) පෙළ (හැම) – සුනිල් ව පිල් සිකි (2) පෙළ – පතතුරෙන්
71. පෙළ – ලියනඟල සන්න (අන්වය) – ලියනගලා
72. (1) පෙළ – නිල් ගල් (2) පෙළ – විසුළ වන් වී සන්න (අන්වය) – විසුව වන් පැහැ
73. පෙළ (හැම) – නව සදල නිල් දියුල් රතිඳු ගොවු වැල මෙවුල් මිහිකත මුනිඳු පුදෙ ගත කැනහැල්ල මල් සෙමෙරෙව්
16 සස දාව
74 රඟොත වළු ‘තුරෙහි – සිකින ‘ඹළ නිල් පිල් සක්
දිගු කත ඉඳු නල ‘ත්නෙත් – සලන මිණි තල් වට වන්
75
අවන් කෙළෙ මිහිලොල් – දැවැ වී නී කුසුම්හි
පවන් සෙළෙ සිහිලැල් – දැලැවී හා කුසුම්හී
ගොමුත් පදත් යමකි
76 මිණි මුතු කඳුළු වන – කඳුළු වනනැ ‘සැ බඳ නී
නැසැ බඳ නී මද සුළඟ – මද සුළ ‘ඟ ළැවැ දැලැ වී
සඳහට ගී
77 ගෙනැ සුපුල් දුනුකේ – පෙති රන් ඔඩම් සුවහස්
ගල ලේ බොන්නට වනන් – දැවැ වන් මේ මහ රකුස්
78
පත සැඬ වතුරු බිම් – දැදුරු කැරැ තුරු මුල් සිඳැ
නැවැතී යතුරු රණ ලොල් – නිරිඳුන් මහ අජර මෙන්
79
දැව කෙළෙඳි කොළඹ – කුබුබු හින්සල් සල් මල්
පුදා තුරු හිස් අස්නේ – වෙහෙරත් හාත්පස්හි
80
මිදෙල් මෙවුල් දම් – නව නී කුසුම් පස්කන්
සැදි වන සිරි වැඳි එව් – මුනි රඡු පලුදල ‘ත්නෙන්
81
ගිගුම් කැරැ මැඬො ‘බ – මිනි මෙන් නුබ මිහි තෙලේ
පැලැඹැ පැලෑ මහ මේ – ගිරිමෙවුල් මෙන් අදරින්
මේ උතු.
6. සරා උතු වැනුම්
[සංස්කරණය]82 විමල් කැරැ සිලිල් – කළ මුනිඳු තරු නැඟමෙන්
සත්තට ගිලන ‘යු කල් – පත් දිව ඔසු සරා කල
17 සැසැදිය
74. පෙළ (හැම) – පිල් පිල් සක්
75. පෙළ (හැම) – දැව හී (යමක ලකුණු පිපිරෙයි)
76. පෙළ (එක් පිට පෙතකැ) – මිණිමුතු කඳුළු වනනැස බඳිනී මද සුළඟ ළැව දැලැවි
අන් පිටපත්හි පෙළ –
මිණිමුතු කඳුළු වන කඳුළු වනනැස බඳිනී සබඳි නිමද සුළඟ මද සුළඟ ළැව දැලැවී
77. පෙළ (හැම) – සුපුල් දුනුකෙ පෙති ගෙන රන් ඔඩම් සුවහස් වනන් ගල ලෙ බොන්නට දැව වන් මෙ මහ රකුස්
78. පෙළ –
කැර බිම් දැදුරු තුරු සිඳ මුල් පත සැඪ වතුරු
79. පෙළ –
දැව නෙලෙඳි කොළඹ කුඹුවන් හිසල් මල් පුදාන හිස් අන්නේ වෙහෙරත් හාත් පස්නේ
සන්න පෙළ – කුඹුවන් හිසල් සල් මල්, තුරු හිස් අස්නේ.
80. පෙළ – පස්කැන්
81. පෙළ –
ගිගුම් කැරැ මැඩබමිනි මෙන් නුබ මිහි තෙලෙ පැලඹි පැල මහමෙ ගිරි මෙවුල මෙන අදරින්
82. පෙළ – (1) නැඟෙමින්
(2) අයු කල් ගිලන් සත්හට දිව ඔසු සරා කල් පත්
18 සස දාව
83 නැත ද පැදුම් දෙවි – සිලිලින් බිසෙව් මිහි කත්
නුනු වන්නරතුරින් – ගිඡිඳුන් මද දල දරින්
84
දස ‘නුදස මඬලැ – පැලැඹෙන සරා සඳ රජ
වන වන ‘ඳුරු සතුරන් – කුමරන් හඬෙ ‘ව් බිඟු රැවු
85
බිඳුතු අඳුරු තර – කොටැ ගෙනැ ගසා රස ‘තින්
හිසුනු අඳුරු සුනු වන් – සස ලේ සරා සඳෙහි
86
කෙළි කළ හස පෙළ – තළා රළ වැළ ඊලේ
මිහි සෙවින ‘කුරු දුන් වන් – තුඬු ලග පොකුරු දැළියෙන්
87
කැකුළු දෑ ලිය මල් – මතුරු වැළ අවුණන්නට
බිඟු පොකුරු මිණි විදුනා – සිසි ඉසිහු ගත විදුරෙ ‘ව්
88
තැත ද සිකින ‘ඹළ – පිල් සකින් පුද පෙරැ සේ
දියුණු කළ වන් එ පුද – ගිරිනිල් මල් කැල සුපුල්
89
අද වන් හැල් කෙත් – නරතුරු ගිරා කැල තුඬු
පළ කෙළෙ නැතද ගන ගුම් – වෙරළු තෙලෙහි රුවන ‘කුර
90
පිපි සුරත් නොමඳ – බඳු වද සැදි වෙහෙරෙහි
විහිරෑ එ දා මර සෙන් – සහළ ‘ භරැ සිරි දැලැවී
91
දුන් බිඟු වැළ දිය – රුසිරු ‘ගු යට සැවු දතෙකැ
ගෙනැ කැකුළු උපුල් හී – වැඡැඹැ ගිය දියැ මල්ගී
92
දසැ පතළ සඳ රැස් – දන කල් සබඳ සැනැහී
දළ තොස්නි ගත වන රැස් – දවහ පණ බිලි මල්හී
දද බැඳුම්
සැසැදිය 19
83. පෙළ – නනුන වන් නරතුරු
84. පෙළ – (1) මඬලෙහි
(2) වෙනෙ වන් අඳුරු සතුරන් කුමරුන්
85. පෙළ –
ගෙන තර කොට අඳුරු බිඳුතු ගසා රසතින්
87. පෙළෙ –
දැලිය මල් කැකුළු මතුරු වැළහුනන්නට
88. පෙළ –
නැත ද පුද සිකිනඹළ පිල්සකින් පෙරසේ දියුණු කළ වන් පුද එ ගිරිනිල් මල් කැල සුපුල්
89. පෙළ –
අද වන් හැලන් කෙත් නරතුරු ගිරා කැල තුඬු නැතැ ගන ගුම් පල කෙලෙ වෙරළු තලෙහි රුවන් කෙලෙ
සන්න පෙළ – හැලන් කෙත් අද වන් නර තුරු ගිරා කැල තුඩු ගන ගුම් නැත ද වෙරළු තලෙහි රුවන් කෙළෙ.
91. පෙළ –
බිඟු වැල දිය දුන් රුසිරුගු යටසැවු එකදත් ගෙන කැකුළු පුල් මල් හී වැජඹි ගියෙ දිය මල් හී
20 සස දාව
93 සෙරෙන් අද දරා – හෙල් මැලි පියා කස මල්
වැඳි එවි මුනිඳු සිරි පා – අදරින් සරා සිරි කල්
ගුළු සකර
94
වැලුගු මල් සෙමෙර – උලැඟි මුවරඳ රොන් පට
මින්දද දිය දද වන් – බඳ දිගු දිගත් යටෙහි
95
නොහිම් වැ දැවැ යන – සල සිතු වන් සැළැලියන්
මඳ සුවඳ සරා මරු – සනහා නන් දෙසෙනො ‘සළ
96
දිසි මිණි මුතු කොකුම් – කෙසරු සරා සිරි අතැ
තෙලි මෙනි නිරා තැවැරූ – හිමිනඹුවන් මන පෙළේ
97
මමන මද ගඳ රොන් – ගනසා සත්දල දුමන්
දඩැ ‘ත් කැල කන් හිඳුවා – සහසක් වැ ළෙන් නැරැඹූ
98
හෙටුරු බිඳැ උලැඟී – නරඹා අඳනා කුර
සැහැසී බිම් දෙබෙරා – සොයනෙ ‘ව් ඔසබ පිළිමල්
99
නැබුළු වෙල්හි පැසී – පඬු පැහැ වැ නැමි හැල් පෑ
ඔබල වෙස් රෙසෙන ‘ද මේ – කලු වියො සෝ බැර නො සැහැ
100
නිලුපුලු දිගු නෙත් – තිසර වැළ හර රඳනා
සෙරෙනා ‘විල් සැළැලියෝ – තඹර ‘ත්නි මුනි වැඳි එව්
101
වගළ සේ කුසුම් – පළ හෙළ වැලි මළු ‘තුරේ
කිරණවැ අරද රඳනා – පබළ ‘කරැ සිරි සැරැහී
102
සියල් විල් සුපුල් – කුමුදෝරැ ලග බිඟු මුළු
සඳ සස ලේ සුදු න්ල් – පෑ එහි පතළ වන් පෑ
සැසැදිය 21
93. පෙළ – අදරෙන්
94. පෙළ –
වැලුගුමල් සෙමෙර බඳ දිගු දිගත් යටහි උලැඟි මුවරඳ රොන් පට දිය දද වන් මින් දදා
96. ඇතැමෙකැ පෙළ – තෙලි මෙන්
97. පෙළ – නැරඹී
98. පෙළ –
හෙටුරු බිඳ උලැඟී නරඹා කුර අදනා සොයනෙව් ඔසබ පිළිමල් සැහැසි බිම් දෙබෙරා
99. පෙළ –
පැසී පඬු පැහැ වැ නැමි හැල් නබුළු වෙල්හි රෙසෙනද මෙකළු වියොසො බැර නො සැහැ බල වෙස් පෑ
ඇතැමෙකැ – ඹල වෙස් , ඔල වෙස් සන්න – වොල වෙස් (දුර්බල වෙසය)
101. පෙළ – සෝ කුසුම්, කිරණවුවෙ
102. පෙළ – සුදු නිල් පැහැ
22 සස දාව
103
සර මද මත් කොවුල් – අලු යමැ සුර ගදඹ කැන්
ගයමින් වසම් රා ගී – පොබයන්න වන් මුනි රජ
104
දස දිගු හක කැරැ – ගන බොල් සිහිල් හිම කල්
පැලැඹෙමිනෙ ‘ත සරා කල් – හිමැලින් හිකිළැ ගිය වන්
සරා උතු.