සස දා විවරණය-සසදාව ii
7. හිම උතු වැනුම්
[සංස්කරණය]105 පෙෙරවැ බොල් කඹල් – ගල්වා
කොකුම් අඟරා
නො කැරැ පියතම ‘ති ‘හිල් – වැලලත සැපත් හිම කල්
106
හිම පළ හෙළ අළු – තවර කැරැ ගිරි මෙහෙසිරු
දොඹ කොඳ කුසුම් පුමින් – වැදි එව් මුනිඳු සිරි පා
107
ගන බඳ හිම බිඳී – විහිරුණු ළහිරු රසිනෙන්
දැවැ යත ඔහු රිය ‘සුන් – ගුවන් සුනු වන් කුර සුන්
108
කළු වැල් දුම් දුන් – ගබ ගෙහි තුඟු යහන් යුත්
කල් හළ රිසි සෙ – බුලතෙ’ක් – ලමඟි ‘ඟුරින් සළලු දෙනෙ
109
හළ දළ දප් සප් – කැල හිම කල් සිහිල්නෙන්
සොමි මෙන් සිනිඳ රෙසෙන් – පියන් ළේ බඳ තද මැසි
110
රැ’ඳු ළහිරු රස් – කොකුමන් වෙරැ සැළැලැයෝ
රිසි සෙ තැවී තිරසන් – තොස පත් ගොදුරැ වැ නිසන්
111
බිඟු නුබ යා හළ – හිම බොල් පවන් බියෙනෙ ‘ව්
පරපුටුනටෙ ‘කල් සර – පරවනුවට දිනෙ ‘ව් වර
තිසුල්
සැසැදිය 23
103. පෙළ – මදරත් සර කොවුල්, අලුයම්, ගාමින්
104. සන්නයේ අන්වය– බොල් සිහිල් හිම කල් දස දිගු හක කැරැ පැලැඹෙමිනෙත සරා කල් මහෙලින් (මෙහෙලින්) හැකිල ගියවන්.
105. අඟර, පියන්නම් ඉහිල්, වැල්ලත – වල්ලත
106. ස.අ. (සන්නයේ අන්වය) – ළ හිරු රස්නෙන් බඳ බිඳි විහිරූ හැම ද වහන ඔහු කුසුම් ගුවන් සුවන්.
108. ස.අ. – දුන් කළුවැල් දුම් තුඟු නැඟ යහන් ගබගේ සලළු දෙනෙ බුලතෙක් ලමඟ හිඟුරෙන් රිසිසේ (රිසිරෙක) කල් හළා
109. ස.අ. – හිම කල් සිහිල්නෙන් සප් කැල දළ දප් හළ සිනිඳු රෙසෙන් පියන් ලේ බඳ තද මැසි සොමි මෙන් (–මෙනි.)
110. ස.අ. – සලලි වෙරා ලහිරු රැස් කොකුමන්නෙන් (කොකුන්නෙන්) සලලියො වෙර රැඳු තිරසන් ගොදුර නිසන්වා රිසිසේ තැවි තොස සන් (–තොසව.)
24 සස දාව
112
නිහරනි හර කල් – මන නමන නල හමු වත
පත දප තද මද ඉහි – සර හසර හඟිමින් කල්
ඈ ඇමැඬි
113
කොකුම් කෙසුරු හරැ – ලග දිමුතු මුතු හර හැරැ
පැහැරන්වනුන් සැසැඟි – නැ ‘ලෙ’ කල් දෙන නොවිඳියේ
114
පියුම් නළ මැලෑ – සිසි ද දැකෙ ‘කල් වමියෝ
නිසැක වැ ළෙන් තුටුවෝ – දැපුණට හළ දැපුණු සිත්
හිම උතු.
8. සිසිර උතු වැනුම්
[සංස්කරණය]115 සහළ ‘ඟර රැසු ‘ණු – සිලිලුදු ලෙවන් මන ගත
බැණැ පිරුණු දුකු හරන – හිම සම සිහිල් කල් පත්
116
දැකැ ලොත් මල් ඇල් – කලට කල් සලකුණු වන්
හිමින් ඉහිල ‘ත් නො වන – කල් හැඟැ තොසින් සිඹි කල්
117
රසාලෙහි සියල් – සිලිල් හුණු වත සැකි ලෙව්
මේ ඇසිරූ කෙළෙ හොයි – හැරැ හිරු මැලෑයෙන් රස්
118
සියල් දියත් වත – සිහිලින් මැ නිමියක් සේ
රිලවි දු පවා ගිනි දිගු – ගිය වන් වී තැවීමට
119
වළදා හුණු බොඡුන් – ගල්වා බොල් කසා වෙරැ
හැඳැ රතු වතුනු ‘රැලා – අඹුන් තිළි මන හිමින්
120
සිහිල් කල් ඇලින් – නොසහනේ සැඬු ‘තුරු මරු
ලොළ වන ලෙස් වෙවුලුම් – පෑ දසැ දසැ ගුගුළ වන්
සැසැදිය 25
113. ස.අ. දිමුතු මුතු හර හැර කොකුම් කෙසරු හැර පැහැ රන්වනුන් සසඟනි දෙනෙ එ කල් හැල් නොවිඳියෙ.
114. ස.අ. – එ ගල් වමියො පියුම් තල මැලැසි දැක නිසැක ව ළෙන් තුටුවෝ දැපුණට දැපුණු සිත් හළ
115. ස.අ. – සහළඟරැස් උනු සිසිල් ලෙවන් මන ගත බැණ පිරුණු (–කරුණ) දුකු හරන යලන් (–යලං) හිම සම සිහිල් හපත් (– හැපත්.)
116. ස.අ. – ඇල් කලට කල් සලකුණු වනෙවු ලොත් මල් දැක හිමින් ඉහිලත් නොමන කල් හැඟ කල් තොසින් සිඹි.
117. ස.අ. – සියල් රසාලෙහි සිලිල් (– සිසිල්) හුණු වත හිරු මලින් හැර රස් මෙ ඇසිරු කෙලෙ ලෙවන් සැකි.
118. අ. – සියල් (– සිහිල්) දිය අත් සිහිලින් ම නිමියක් සේ වත රිවිදු පවා තැවීමට ගිනි දිගු ගිය වන්
119. ස.අ. හුනු බොඡුන් වලඳා වෙර බොල් කසා ගල්වා රතු වතුන් හැඳැ උරල හිමි මන තිලි.
120. ස.අ. සිහිල් කල් සැඬ තුරු මරු ඇලින් සහනේ ලොල වන ලෙස් වෙවුලුම් පෑ දස දෙසෙ ගුගුල වන්.
552-B
26 සස දාව
121
බමර කොවුල් මල් – පලු පිරිවරින් වසතිඳු
දැකැ අදරිනො ‘වස් දී – ගිය වන් හිම සිහිල් කල්
සිසිර උතු.
9. වසත උතු වැනුම්
[සංස්කරණය]122 නෙ නිරිඳුනට සත් – නංගා බිසෙව් දෙවමින්
කැරෙ’ක මඟුල් මඬු ලෝ – සිරි සර වසත් කල් පත්
123
සහයුරු මල් මලැ – සිඳුවර කුසුම් හරැ ලග
වසත් සිරි පතෙ ‘හි ගෙනැ – කුරව කුසුම ‘ත් පඬුරට
124
කිසල් සුපුල් මල ‘– වල වජඹනා නා තුරු
මුදුන්හි තබා පලන් – වන් මුනි සරණ නිය රස්
125
වැඡැඹි එහි විරා – අරී සැසැඟින් සිය රා
බැහැරි කළ වන් රුසිරු – කුසුම් ලෙස්නෙන් හෝ තුරු
126
හැමි වසත් රජ – කල් සහළා දකුණු මරු
ගැවැසී මල ගලැ සඳුන් – තුරැ නී පියුම් රොන්හි
127
බිඟු මුමනැ සහගුම් – නල ලොළ ඇසළ මල් කැන්
හෙබි රන් රසු කලබ මෙන් – ලඹ දුන් පහා සිවු කන්
128
බිඡී එහි සුපුල් – පලා තුරු ‘තුරු නො බෙදී
ඇස් ලූ සැකිනු ‘දු වී – නුළු කැරැ පොතල්නු ‘දු වී
129
එහි දෙ පසෙහි හිසැ – කැකුළු රඳනා පසු තුරු
මුනිඳු පුදට වසති ‘ඳු – දැල්වු පහන් රුක් වන්
130
හාත් පසින් පුල් – ගිහිණි කිණිහිරි රඳනා
මුනිඳු පුද ‘ද විස්සම් – මවා හළ රන් වියනෙ ‘ව්
සැසැදිය 27
120. ස.අ. – බමර කොවුල් මල් පල් පිරිවෙරින් වසතිඳු අදරින් ඔවස් (– ඔවර) දී හිම සිහිල් කල් ගිය වන්
122. ස.අ. – නෙ නිරිඳු සත් නග බිසෙව් දෙවමින් ලෝ එක මඟුල් මඬු කැර සිරි වසත් කල් පත්.
123.ස.අ. – සහයුරු මල් වලා සිඳුවර කුසුම් හර ලග වසත් සරි කර (– කුර) කුසුම් අත් පඬුර ගෙන එහි.
124. ස.අ. – සුපුල් මල් කිසල් අවල වැජඹෙනා නා තුරු මුනි සරණ නිය රැස් මුදුනෙහි තබා පලන් වන්.
125. ස.අ. – එහි හොතුරු රුසිරු කුසුම් ලෙස්නෙන් විතා (– විත) අරි සසඟින් සියරා බැහැරි කල වන් වැජඹි.
126. ස.අ. – වසත් රජ කල් සඟළා දකුණු මරු මල ගල සඳුන් තුරු නී පියුම් රොන් ගැවසී හැමි.
127 ස.අ. – සහ ගුම් බිඟු මුමන නල ලොල ඇසැලි මල් කැන් පහා සිවුකන් ලඹ දුන් කලබ මෙන් හෙබි.
128. ස.අ. – එහි සුපුල් පලා තුරු අතුරු නො බෙදී උද වී සැකින් ඇස් ලූ පොතල්න නුළු කැර බිඡි.
129. ස.අ. – එහි දෙපස හිස කැකුළු රඳන් (–රදන්) සපු තුරු වසතිඳු මුනිඳු පුදට දැල් වූ පහන් රුක් වන්.
130. ස.අ. – හාත්පසින් රඳනා පුල් ගිහිනි කිනිහිරි මුනිඳු පුදෙ විස්සම් අද මුවා කල රන් වියනෙවු.
28 සස දාව
131 සුපිපි පියලෙහි රොනැ ‘ස් – බඳ ද පියලෙහි නුගි හා
තහත මුව මදින් මත් – පවනු ‘මුව මද යාගන්
කවළු බැඳුම්
132 වනන් අනභ සර – පස ලක් කළ වසත් කල්
නන් යහ බඬ ‘ළ යළ කල් – සබඳ කල්නට මන කල්
එක සර
133 සුර ‘සුර කැන් පිදු – සත් සිරි දිරි නරතුරු
සර සදා විසිතුරා – රඳන පොකුරු කුසුම් පුල්
134
හස කැල තුඩු ලග – පොකුරු අකුරු වසතිඳුහු
තෝ කෙළියෙ විල ‘ඹුවන් – ගත් දල දර යතුරු වන්
135
දෙතා තුටු එ මුනි – පසස්නදා සස්නෙහි
වසතිඳු නන් සිරිනෙ ‘හි – සැරැහී සියා සිටි වන්
උතු වැනුම්
10. උවසු පැහැදුම්
[සංස්කරණය]136 එ කල් මුනිඳු දම් – අසන්න ‘සිනෙක් පුභුලෙක්
එක් දහක් මහ දනා – හා ඉහි එළැඹි දේනා
137
ගෙනැ නෙ මිණි දැදිරි – ම ලැඳිලි තුරු සා අතින්
කරණිනු ‘වැසි සිටුනා – මන කල් වසත් සිරි දිටි
138
හොබනා වෙසෙසිනෙ ‘– මළු සිරි බැලී විසිතුරු
හැඟැවුම් පිල් වනු වන් – පිරිසුදු ගුණ මුනිවරන්
139
දිටි මුනිඳු නැමැඳැ සිටුනා මහණ ගණ එහි
වෙරඳනා පහන් තුරු – දියුණු කළ වන් නරතුරු
සැසැදිය 29
131. ස.අ. – සුපිපි පියලෙහි රොන් ඇස් බඳැ ද පියල් නුඟි හා ඉහි තවත (– තවත) මදනි මත් මුව පවනුමුව මද යාගත්.
132. ස.අ. – ......................................................යා මඬල.
133. ස.අ. – සර සැදි විසිතුරු ...........................
134. ස.අ. – තුඩු ලග පොකුරු කුරු හය කැල වසතිඳු තො කෙළියෙ විලඹුවන් ගත් දල දර යතුරු වන.
136. ස.අ. – එ කල් මුනිඳු දම් අසන්නසින් වරෙක් දහක් මහ දනා හා එහි එක් පුඟුලෙක්.
137. ස.අ. – ..............ඇඳිලින් ..................උවසි කරණෙන් ..............දිටු.
138. ස.අ. – ...............හැඟැවීමෙ (–ශගවීමේ)....................
139. ස.අ. – එහි රඳනා පානා තුරු නරතුරු දියුණු කළ වන් මහන ගන මුනිඳු සිටුන (– දුටු)
30 සස දාව
140
මෙ ඈ නන් වතුන් – මැඟැ හැඟැ පිරිස් ඉහි ගොස්
මුනුඳු සදහම ‘ම රස – රිසි සේ පී ළෙන් තිළී
141 එ වැළහන් වැ යළි – නැමැ සිරි සරණ සෑසී
දෙමි යි දන් පන දවස් – පැවැරී තම සිය නිවෙස්
11. බණ මඬු වැනුම්
[සංස්කරණය]142 කැරුවී හෙ නෙමිණි – මුවා සුදම් සබා මෙන්
බඳ මුළු ලෙව් මන නුවන් – හොබනා මඬුවක් රුවන්
143 නන ‘බරණින් සැදි – සිවු බිතැ අලෙවු රූනෙන්
පුද නහමන ‘සින ‘ද වන් – සුර ලෝ සදිසි වන්නා
144 ලඹමුතුවැළ ලෙළ – කනදද මරා වියනින්
මේ කැල අවුලන්නා – දලදර නිතොර විදු බඳ
145 විසුළ සපු කුසුම් – මෙන් දිසි මිණි බිමැ වැටුපු
සහස්න පැළිබිඹුනෙන් – දිය නෙත් නුළු කරන්නා
146 අතුළපියවිළි – කුමුදි ‘එ පුන්කලසහස
ගඳදුම්බිඟු මහලින් – මිණි මුතු තළා තළනා
147
මැදැ මහ සවු අසුන් – දසබල පැලැගි පැලැගින්
තුර පතර මැදැ රඳනා – සිසි බිඹු පුවළ පානා
කුලක.
12. උදා වැනුම්.
[සංස්කරණය]148 ඉති පුද සරහත – එ උවස් අවිදු සිඳුමට
පෙරටු කැරැ නිමිත් පෑ – ගිවි එව් එ රෑ තම රිළු
සැසැඳිය 31
141. ස.අ. – .......................වලහත්ව ...........................නම .....................
142. ස.අ. –වේ නෙමිනිමුප ..............................සුදමි සබ (–සුබ–සුව) මෙන්..............
( ‘වේ’ යනු ‘හෙ’ යන්න සඳහා යැ යි සිතේ)
143. ස.අ. – ..................................බිතැ අලෙවු රුවන් ...........................
144. ස.අ. – ලඹමුතුවැලලෙල කන (– කනා) දද පෙලනා මරා වියනින් දලදර නිතොර විදු බිදු (– විදු බිඳු බඳු) මේ කල අවුලන්නා.
145. ස.අ. – මිණි බිම් දිසි .................................. නුළු කර (– නුළු කරන)
146. ස.අ. – අතල .........................මහාලන් (– මහාලෙන්) .....................
147. ස.අ. – මහසවුවන් අසුන් මැද දසබල පැලලැඟි (–ලැඟි) පලගින්(–පලඟින්)...
148. ගි වී (– ගින් වී)
32 සස දාව
149
රිවි හිමිහු කෙරෙනා ‘– අල නලු සිකිහු දක්මින්
රඟො ‘ත වන් විල ‘ඹුවෝ – තර ‘ඟන නඟා සතොසින්
150
කම් වම්යන් ළෙහි – පහළ ‘ත සෙ පිය සන් දී
කනො ‘ත රත් යවුල් මෙන් – පළ රැවු කෙළේ තඹසිළු
151
කෙමෙන් නිඟී දිසි – හිරු සයුරු තෝ අත්නෙන්
පළ පළ නිල පට ‘තුරින් – දිගු වමිය මිණි කැට වන්
152
පැහැ රද යොත ගෙනැ – ගිරි රඡුහු හළ දිගුහි
ගන රන ‘හස් පත් මෙන් – නැඟි හිරු නිල ‘ඔරෝරට
153
බිඟු වැළ බැම ලේ – හුටු කැරැ වටා විල් කල්
බැලු එව් රිවි පියා – මද පුල් උපුල් නෙත් ලා
154
බමත බමර වැළ – නැඟී බැසැ පුල් තඹුරින්
කර ‘ග දිගු කැරැ රිවි ‘සි – ගත් වන් සුමුගින ‘ක් මල්
උදා වැනුම්.
13. බුදු පෙළහර
[සංස්කරණය]155 කැරැ වතෙ ‘කල් පිළි – වෙත් සරු මහරු මහ සඟ
ඉහි රැසි වැ පිළිවෙළින් – නැමැඳැ සිටි ඉක්බිත්තෙන්
156
කල් දැන ‘ප දිය බප් – සිරි පා බා පිටත් වත්
පුල් පියුමෙ ‘පිළිගත් ගත් – විසුළ රොන් රන් සුනු මෙන්
157
දැඟුම් රුවන් මෙර – සිරි උසුලත් මුනිඳු සඳු
පබළ ගිරි සිරි පාමින් – සඟ සඟ වැඩි පිළිවෙළින්
158
හකුළුවා සහස් – රස් සිය රස් නුබ තෙලේ
ලො වැසි බැලූ රඳනා – ගන රන් සත් සිරි දෙමින්
සැසැඳිය 33
149. ‘තරඟ අත’ යනු ‘තරඬ්ග නමැති හස්තය’ යන සන්නයෙන් උපුටාගන්නා ලද්දෙකි.
150. පෙළ (ඇතැම්) – පහළ රැවු
151. (ඇතැම්) – නිලපට
152. ‘ගෙනැ’ යනු ‘ග්ර හණය කොටැ’ යන සන්නයෙන් නඟාගන්නා ලදිදේකි.
153. ස.අ. – බිඟු වැල බැම හුටු කැර වට මඳ පුල් උපුල් නෙත් ලා විල් කල් රිවි පියා බැලු වනෙව්.
154. ස.අ. – ......................එහි රැස්ව පිළිවෙළ නැමඳ සිටිය ඉක්බිත්තෙන්.
156. ස.අ. – කල් දැන අප දිය බප් සිරි පා බා පඩුත් පුල් පියුම් එ පිළිගත්................
157. ස.ද. – ..............................සහා සඟ (–සහ සඟ)..................
158. ‘ලොවැසි’ යනු ‘ලෝ වැස්සෝ’ යන සන්නයෙන් නැඟිණ.
34 සස දාව
159
මඟ පිසැ කැරැ සකස් – නන් කුසුමනැ ‘රැ ඉසිමින්
පෙරටු කැරැ හිම පවන් – පා වැටමට දිවූ වන්
160
ඔබා රජ පබඳ – පොද දල හිසැ මිහි තෙලේ
වතළ වහා මහ වෙලෙ – වසා නුබ නිල් වියනෙ ‘ව්
161
දැකෙ ‘දා සැණ කෙළි – නැටුම් ලිය ගී නන් පුද
තමන් සිය ලෙවි ‘සුරේ – දොළ හළ අසුර සුර නා
162
ඉති මහ පෙළහර – කෙරෙමින් ගොයුම් හිමියා
වඩුතු සස්නේ පහන් – එ උවස් වඩා දන් සඳ
163
පිනි රස බොදුන් යුත් – නන් දන් වතුන් සපයා
එළැවී එ සඟ සමඟ සැහැ නා වඩා හිඳුවා
164
මහ කුලුණො ‘හු හට – කෙළෙ සමුනි මුනි රජෙ ‘දා
රඳනා සල මුතු පුල් – පියුම් මැදැ රජ හස මෙන්
14. සැඳෑ වැනුම්
[සංස්කරණය]165 නෙ ගුණ නදන් බුදු – පාමෙක් මහ සඟනට
දෙවා ‘නැඟි පිරිකර නන් – විසිතුරු පුද කරත් යළි
166
එතර එ දා ගඟ – හිස ‘ළ බෝ සත් සස් කැරැ
රන් පා පෑ පත හිරු – කෙමෙන ‘ වරන් නිල ‘ඹුරින්
167
අත් ගිරි රජ සිළු – මිණි සිරි රැපෑ අතරක්
අවරන් විලැ හී හිරු – මිණි මුතු තඹුරු සිරි ගත්
සැසැඳිය 35
159. ස.අ. – ...............................නන් කුසුමෙන් .............................................
160. ස.අ. – මහ වෙල් (–මහාවෙන්) මිහි තෙලෙ පොද ජල හිස රජ පබඳ ඔබා වසා ලේ වියනෙව් හොතත (– හෙනතා, හොන්තා)
‘හොතත’ යන්නට ‘ක්ෂණයෙහි ව්යා්ප්ත වී’ යනු සන්න යි.
161. ‘දොළ’ යනු ‘දොහලය’ යන සන්නයෙන් නඟා යොදන ලදි.
162. ස.අ. – ...............................දන් සඳහා වඩා .................................
163. ස.අ. – පිනි රස බොදුන් යුත් ....................වඩා හිඳුවා එළමින් (එළවමින්)
164. ස.අ. – ............................එ දා එ මුනි රජ ඔහු හට .....................
165. ස.අ. – .................................අනගි ...........................
166. ස.අ. – ..................................නිල් අඹුරෙන් ...........................
167. ස.අ. – ....................................අවරන් විල්හි .............................
36 සස දාව
168
දිගු කැරැ කර හුන් – රුකැ සිකි නවා ගැන්මට
අඳුරු වන් සැඟැ බලන – අවර දික් හිරු ගිය හොයි
169
බිඟු කැල පියුමින් – දැහැ වන මලට යාගත්
පුරුද්දන් හැරැ දනා – මන මෙන් නව යොනන් දෙසැ
170
අරා රුදු අවර – ගිරි මත් වරණ දවසි ‘ඳු
දැමු සුරත් මුව පට – විලසින් පතළ සඳ පැහැ
171
තම කඳු ‘තුළ පැදුම් – පැළ සඳ පැහැ හිවි ගුවන්
පසැ නව තඹ වතුරො ‘ත – දලනිදු පළ පුවළ හළ
172
සහතරතරුසඳ – පැහැඅදරින් හිවි ගුවන්
සැදු වනෙව් ලෝ රුක් – කුසුම්පලුනිල් පත්නෙන්
173
එ සඳ කිරි සයුරු – සිලිලත්නි නැඟි පුන් සඳ
නුඹ හඹා නැඹ පියුම් – හරණින් දනා නෙත් ගත්
174
දිසි රසින් පුරා – නුබ දෙරණත් සුපුන් සඳ
විමල් කිරි මුහුදු මැදැ – පෑ පළ පෙණ මිඬු විලස්
15. බණ පිරිස්
[සංස්කරණය]175 අරා උවසා ‘ස්න – මුනි රජ වැහැප් බැබළී
ලකළ ළහිරු විලසින් – යුගඳුරු ගිරි මුදුනෙ ‘සඳැ
176
ගැලෙම්නි සොම්නසැ – නැමෙම්නි මුනිඳු දෙසෙහි
පැදුමි දෙසට අරකට – සැහී සහසැ ‘ස් සිටැගත්
සැසැඳිය 37
168. ස.අ. – ................................හිරු අවරක් (–අවරන්) ගිය හොයි ..................
169. ස.අ. – ................................නව යොනන් සේ (–නව යොනන් මන සෙ) දනා මන මෙන්.
171. ස.අ. –............................පසෙ (– පසෙක) ........................
172. ස.අ. – ...........................අඳරෙන් කුසුම් පලු නිල් පත් මෙන් සැදු වනෙවු (–සැදුණු වෙනෙවු.)
173. ස.අ. –...................සිලිලෙන් (–සිලිලන්) නැබ පියුම් හරනෙන් ...............දන නෙත් ගත්
175. ‘උවසන්න’ යනු සඳහා පිටපත්හි එනුයේ ‘උඅස්නෙ යනු යි.
176. ‘සැහී’ යනු වෙනුවට පිටපත් ‘සහි’ යනු දෙයි.
38 සස දාව
177
දුරිනු ‘වදුරු දුරැ – ලා රැකවල් ගති ‘ක්බිති
දකණ දසට එක මැති – යම දෙවි දෙවි ගණ යුත් වැ
178
පෙරැ මැ බුදුන් දස් – දෙස්නේ දම් පහන් සිත්
සහබල දරුණු වරුණු – පැළ දිග වසා සිටැගත්
179
නෙබිය මෙනෙන ‘වද – සහපිරිවර කුරිරැ මරු
වෙසවුණු බැසැ සිටියේ – තියුණු ‘වියෙනු ‘තුරු දිගුහි
180
නගා එකැ ‘ ඟිලිත් – මුළු ලෝ අලු කරත් වත්
මහ බඹ මුනිඳු වෙත් වත් – රිවි සමුයේ කදෝ වත්
181
නැමැ හිමි ගැවැසි – සරණ නිය රැස් පතරැ
සිටුතු වෙන්මෙහෙසුරන් – සිය කල් මුළා වැ බැලු
182
වැඳියෙ දසබලහු – පා දැහැ හල ‘වි මත්වළ
නාලාගිරි කිරිඳු මත් – පළ පුවළ වෙළපා මෙන්
183
එ වැනි සවැනි රූ – පලා නො මැ පත් තෙරට
සිරි පා වැඳි එවෙ ‘දෙවි – පතා සහසැස් ගණ දෙවි
184
දිවි යළි අනත – විදහා පුළුල් පණ පෙළ
කිරි සයුරේ දැවැගත් – යුගතැ ‘ලැළැ දළ රළ පෑ
185
පියුමු ‘පුල කලබ – බඳ රන් ඇගෑහි සිරින්
බිජී වැඳැ සුගති ‘ඳුහු – කඳ කුමර එක් පස්හි
186
එ දා එ තන් පත් – දෙවි බඹ නා ගුරුළු කැන්
විල්හි තඹුරු කුරු මෙන් – සැදි රැඳි බඳැඳිලි මුදුනැ
සැසැඳිය 39
177. ස.අ. – ....................
........යම දෙවි දෙවිගණ යුත් උවදුරු ........
178. ස.අ. – .................පහන් සිත් සහබල දරුණු වරුණ පැළ දිග වසා සිටගත්.
179. ස.අ. – කුරු සහා මරු අව (– අවු) මෙනෙන් නො ම බිය තියුණු අවියෙන් වෙසමුනු (–වෙසමුනි) උතුරු දිගහි බැසසිටියෙ
180. ස.අ. – එකැඟිලින් .......................රිවි සමුයෙ (සමුහයෙ) කාදෝවත්.
181. වෙන් මෙහෙසුරු
183. ‘වැඳි’ යන්නට මැ ‘ප්ර ණාමය කළාක්හු මෙනි’ යනු සන්න යි. එයින් ‘එව’ යනු යොදන ලදි.
184. රන් ඇගෑ ගෙ
186. මුදුනෙ
40 සස දාව
16. අනුමෙවුනී
[සංස්කරණය]187 එතර එ බුදු රජ – ඇඳි වන් එ මහ පිරිසේ
මෙ වි පළ බඔ ගොසින් – මන දැනැ සොළොස් අයුරින්
188
සිත පිරිසුදු හුදු – ත දුන් මෙ දන්හි කර පෙරැ
පඬුවනුදු යදියහට – සිය මසුදු දෙනු සර දම්
189
එ දම් දෙසින ‘සා – එ උවස ‘ත් බැඳැ මුදුනේ
අයැදියැ දියැ හිමියා – පෙර කල් හෙ පවත් කෙසේ
190
අනේ විනේ දන – වැඩ සඳහා අයදනෙනෙ’
ඉකුත් මෙ වත් මුනි – රජ පැවැසී සී විලස්නෙන්
17. බරණැස් පුර වැනුම්
[සංස්කරණය]191 වී එකහස් සුර – සපුව හා දඹ දිව්හි
අනත සිරි සර පවර – බරණැස් නම් පුරෙක් පෙරැ
192
බිජී පිළිමිණිනි – බඳ තුඟු මහ පවුරු එහි
මුදුන්හි පත් හිර සඳ – පියනෙකැ සිරින් සරහා
193
සඳ රිවි බිඹු බිජී – රුදු පහා අසනෙ ‘පුරේ
තුඟු සිඟු ලග රිදී රන් – හිරවරණ තොර නො බෙදා
194
නල ලොල නරතුරින් – දද දද සිය වන් සරන
නුබ මඩලේ මහ වේ – සලැ මුළු මිණි මිනැ ‘ස් ලා
195
පින්පියොවුරුබර – පුළුලුකුළුමදසිවුමෙන්
කියෙලූ වන් වරඟ ‘නො – පවතුන් වතුන් විසිතුරු
සැසැඳිය 41
187. පිරිස්; අයුරෙන්;
188. ස.අ. – තා විසින් දුන් ........................සිය මසදු – (සිය මසද)
189. ස.අ. – එ දම් දෙසෙ අසා ........................අයදිය (–අයදියේ.)
191. ස.අ. – ........................බරණැස් පෙර දඹදිව්හි වී.
‘නම් පුරෙක්’ යනු සන්නයෙහි අන්වයයට නො ගැනිණ.
192. ස.අ. – .....................පිළි මිණි බඳ .....................පියනෙක සිරින් සමා හා බිජී.
193. ස.අ. – එ පුර රුදු පහසන් ..................රිදි රන් හිරණ තොර නො බෙදා බිජී.
194. ස.අ. – නරතුරෙන් නල ලොල දද මහ වෙසලාරා (–මහා වෙසලර) මුළු මිනිසමින් ලා (–මිනි මිනි ලා) නුඹ මඬලෙ සරනා දද සිය වන්.
195. පැවැතුන්.
42 සස දාව
196 නැගී රජ පබඳ – හයන් කුර සුන් එ පුරේ
කරතැ ‘දිරි සුර පුරත – විස්මු බලා සුරත කැන්
197
නොකෙළෙ පුර යොනන් – විලසි ‘සිරි කා දස් බව්
නො ලද සිය කැම ‘වසර – තිලෝ දිය ලද මල් සර
198
නන් රුවන් විමන් – මෙරදින් රැඳි ගෙ සිකි කැන්
නොයෙක් වෙස්නෙනෙ’ පුරේ – මහ දනා කුහුලෙ’ළැවි
199
දිය කෙළියැ ලොල් කල් – වුවනතනෙතපියොවුරින්
පියුමු’පුල හස සැපැත් – දියුණු කැරැ පෑ දිගු විල්
200
උයන්හි කෙළනා – මියුල ‘ ඟනො පුර වමියන්
රුකුළත සනහන්න ‘සින් – නැරැඹු පලු අසක්නෙන්
201
පත ද පැහැ සෙ මිණි – අවුරෙහි වේ ගජ මුළු
සුර ගඟ බට පැනු ‘රමින් – මේ කුළු සිය පැරැදැවී
202
තවැරි ගෙ දිගු විල් – මුවරඳ ‘වල මද පවන්
ය කෙළියෙ පුර වමියන් – මිරිකි කොකුම ‘ඟර තවර
203
නො දිසිමි රූ මෙ වන් – මම් තෙපි යම ‘සා ද වී
පුළුවුස්න ‘සින් නුවන් – පුරඟ’න කන ‘තැ ගිය වන්
204
අඳුරු බිඳුතු මිණි – තොරණ තරෙ ‘පුර මහ වේ
රහස් යොනන් මන බඳ – මරා මණි තොරණ තුරේ
205
කෙළුතු මුළු මුළු වැ – ලාලී වමියනෙ ‘පුරෙහි
උඩුහුරු වත් සිරි බලා – සිදු සිදු කළ රිසි තමන්
සැසැඳිය 43
196. ‘විසළු’ ‘විසුළු’ යන මේ යැ ‘විස්මූ’ යනු සඳහා පිටපත්හි යෙදුණේ.
197. ස.අ. – පුර යොනන් වෙලෙසිසිරි (–වෙලෙසිරි) කා දස් බැවු (–කා දැස බැවු) කෙලෙ .................අවසර නො ලදි.
198. ස.අ. –නන් රුවන් විමන් මෙරදින් රැඳි ගෙ සිකි කැන් නොයෙක් වෙස්නෙන් මහ දනා කුහුලෙලවි.
199. ස.අ. – දිය කෙලියෙ ලොල් (–ලොලන්) කල් උවන (–උවනත) නෙත පියවුරෙන් දිගු විල් පියුම පුල හස සෙරෙන් (– සරන්) දියුණු කැර පෑ.
201. ස.අ. – සෙමිනි අවුරෙහි පැහැ පත (–පතන්) වෙ ගජ සමු පැනුරමින් සුර ගඟ බට මෙ කුළු සිය පරද.
202. ස.අ. – පුරවමියන් අරි කෙළියෙ මිරිකි කොකුමඟර තවරා ගෙදිගුවිල් මුවරඳවල තැවරී.
203. ස.අ. – මෙ වන් රු නො දිස්මි (–නොදිසිමි) තෙපි යම් (–යන්) අසාද පුළුවුසන්නසින් (–පුළුවුස්නනසසින්) එ පුරඟඟනන් නුවන් කනත (–කනත්) ගිය වන්.
204. ස.අ. – මිනි තොරණ තර ළු පුරද මහ වෙ අඳුරු බිදුතු අතුරෙ මරා මිනි තොරණ රහස් යොනන් මන බඳ.
44. සස දාව
209 එ පුර සිරි වනත – කවර කිවියර මුව පත්
තෙපලට අවියත් දනා – නූහූසූ දිව වදන් මෙන්
18. බඹ දත් රද වැනුම්
[සංස්කරණය]207 බඹදත් නම් දිනු – බඹ මහ ගත්නි පැනැ කළ
සිරි වමියට සිරි නිවෙස් වන් රජෙක් වී එ පුරේ
208
එ රජ ගුණ නුරා – වැදැ ලෙවන් කෙරෙ සැරැහී
සඳුන් කොකුම් සිරිඟර – ලෙසින් කරතුරු වෙරැ රැඳි
209
අලු කරත් එ කලැ – එ රජ තෙද යස දව රෑ
හිරු දව සඳ කියෙලී – සඳ සේ පියුම් වෙස් ගත්
210
ළෙනි ‘සිලී එ සත් – සර මුළු ලෙව් මැ සිනෙහෙන්
උරැ වතළ ළද වමියන් – රුසිරු පියොවුරු විලසින්
211
එ රජ රුපු කලුන් – කියඹු වැළ හුණු වුවනත්
පලග අඩ ගහණ ඔත – මැලෑ සඳ සිරි ඉසිලී
212
කෙ වත් එ විරු යස – ගි ගා නො නටත් දියේ
රණ රඟැ කවඳ සහස් – නරතුරු නැටුම් ගැනවූ
213
සිරි සරෙ’ නරනිඳු – පලඹ ‘ත විපක්සුපකට
හම දඬු කප් තුරු සිරින් – බිය ගොස කෙළෙ නරතුරින්
214
නො ලද සිහිනෙනුදු – එ කල්හි අන් දඬක් දෙනෙ
පත්ලෙනො ‘ත පහර මුත් – පණ ඩබරින් ළද කලුන්
සැසැඳිය 45
206. නුහුසු (– උචිත නුවූ)
208. සඳුන් කොකුම් සිරිවන් ලෙසින් (වන්දන කුඞ්කුම සොභාවෙන්)
211. උවනත්; අඬ ගහනත; මැල සඳ (–මැලසි සඳ )
212. කවඳ සුවහස්
213. නරතුරෙන්
214. පතලෙන් ඔත; අන් දඬ
46 සස දාව
215
යා නො හසළ දෙනෙ – එ කල්හි එලියෙන් බැහැරැ
විදු හලට පටන්නට – දෙවොලට පුදයට විනා
216
එ කල් දළ හරනි – ලග පිනයොවුරන් ලෙව්
මුත් පියො පියොවුරු බර – ඉසිලූ නො ඉසිලූ බර
217
මෙ පමණෙක් දුක වී – හඟිත් එ කල් මහ දානෝ
කරතුරෝ කෙළි මඬලේ – කැඳවත් අහර බුදුනට
19. වන ගළ වැනුම්
[සංස්කරණය]218 රකුතු බා බෙලන් – ඉති ගුණ සර එ රජ ලෙව්
හිමවු වෙනෙ පෙදෙසෙකෙ ‘ක් – වී විසිතුරු වන ගෙළෙක්
219
කඳට නඟා කන් – හුවා හුලඟි ‘හි නරඹා
කෙළනා මුව පොල්ලන් – කමිනෙ ‘හි ළ තඹ පල්ලන්
220
ලිය ගිය ‘සා මිණි – තෙලෙ වැදැ රඟෝ ‘නා මත
කිඳුරන් ගොදුරැ බියැ සන් – නො වැ සිටුනා සී ගජන්
221
පිල ‘ඔළ මත සිකි – කැන් කැඟී නිල් මිණි තෙලෙ
බලා මොනර කිළි සැකී – නො දැනැ තොරතුරු සිටුනා
222
සඳල්ලෙන් ඛජන – රමණී රන් ගිරි සිරේ
ගී ගානා මල ළදුන් – සිය කලුනෝ ‘රැ හිස් දී
223
මහ ගජ හුරිර’ද – දිළීන් සිටි ඇනා පිළිමල්
පානා එ වල ‘ත් ගිරි – බඳ ළ සඳ සඳ පැහැනද
සැසැඳිය 47
215. එලියෙන් බැහැ; (එක් පිටපතෙකැ) බැහැරැ
216. ස.අ. – එ කල් ලෙවු (– ලොවු) පින්පියවුරන් (–පින්පියවුරුන්) දල හරනි ලද (–දල) පියවුරු බර ඉසුළු පියො මුත් බර නො ඉසිලී
217. ස.අ. – එකල් මහ දෙනෝ (– මහා දෙනො) කෙලි මඬලෙ නරතුරෙ අහර බුදුන්ට (–බුදුන්) කැඳවත මෙ පමනෙක් දුකවී හඟිත්.
218. හැමවු වෙනෙහි.
219. ස.අ. – හුලැඟිය කන් හුවා කඳට නඟා නරඹා ලතඹ පල්ලෙන් කමින් එහි කෙලනා මුව පොල්ලන්.
220. සිටිනා.
221. මත කින්; සැකි සිටු තැන්.
222. මලිගිය මලදු.
223. ස.අ. – ..................මහගජ සඳ පැහැ නඳ ලද සඳ අත් ගිරි ....................
48 සස දාව
224
නැති වරදක් හැඟැ – සැඟැවී හැරැ සිය හිමින්
වන දෙවියන් කෙළනා – තමලු ලිය ගුම් රඳනා
225
බඳ සිතු දිවි හිම් – නොදම න රාසවතුන් සේ
නො සිඳැ වලග ලග ලියැ –ෙසමෙර ‘ඟන සිටුනා තැන්
226
හිමිනඹුවන් රිසි – බිම් පුලින තල මඳ මරු
බිඟු රැවු නඳුන් සල් පා – සඳකන සිලිල් සඳ රැස්
227
වගළ නන් කුසුම් – මුවරඳ රදින් ගැවැසී
සලිල් කඳි ‘ඳු නිල් ගඟැ – නව තඹ වතුරු කළ තැන්
228
ඉඳු නිල් මිණි නෙත් – වට තුඩු වට ‘ඟ දිගු වල්
ගවර සිසන් සිටුනා – දළ වට කඳට රඳනා
229
සිසි කිරණ බමර – බමන කොවුල් පිය රැවු
සැමැඟි රියසමරහට – නරතුරු අවල කෙළි බිම්
වන වැනුම්
230 සිය සිරුරු සතුරු – කැරැ සව් සත් වග මිතුරු
ලද මොක් හැරැ සසරැ වන් – හිමි දනන වන කෙ වනත්
20. බෝ සත් මෙත් බල වැනුම්
[සංස්කරණය]231 ඉති සිරි සරෙ ‘වන – පෙදෙස්හි එක් ළැහැබෙක්හි
සසර පුර දොර ලමින් – සා යොනැ දිනී හිමියා
232
එ විරු ගුණ බෙලෙනෙ’ – තරෙක් සිගලෙක් මකුළෙක්
මස් කාවෙක් මිතුරු වූ – යළි සව් සත් මැ මෙතු ‘මුව
සැසැඳිය 49
224. සිය හිමියන්.
225. ස.අ. – ........................දිවි හිම් (–හිමින්) නොම දන්වා රස් වතුන් සෙ (–සවතුන සේ ) .................
226. රිසි (ක්රී.නා භූමි වූ.) ‘බිම්’ යන්නෙක් පෙළෙහි නැති. සන්නයෙන් නැඟිණ.
227. ...............................සිලිල් කඳ තඹ වතුරු ....................
228. ස.අ. – ඉඳු මිණි නිල් නෙත් වට තුඩු වටඟ දිගුවල් දලවට කඳට රඳනා ගවර සිය සිටිනා ................
230. ස.අ. – ................හිමි දනවන කෙ වනත්. (සන්න) දනවන – ජනිත වන්නා වූ උපදවන්නා වූ වනය.
231. ස.අ. – ඉති සිරි සර එ පෙදෙස්හි එක් ලැහැමිහි (–ලැම්හි, ලැබ්හි) සසර පුර දොර ලෙමින් හිමියා සා යොන දිනි.
232. ස.අ. – එතර එවිරු ගුණ බෙලෙන් එක් සිගලෙක් එක් මකුළු එක් මස්කා (– මසකා) මිතුරු. යල එ ගුණ සව් සත්ත මෙතුමුව වී.
50 සස දාව
223
වන ‘තුරේ ගජන් – කුඹු පිළු ඇනුණු කටු දැකැ
බහසුරු හැරැ නිය ‘ගින් – සැනැහී පිඹැ තුඩින්
234
බුජඟ ළ දැදුරන් – හිඳුවා තම පණ පිටුහි
සුතනැ ‘රැ කරැ අරනවා – රඟො ‘ත පියක්හු ගින් කෙළි
235
ගිරි පිටැ අවුයේ – තැවෙන ගිලන් උරා දැකැ
සිකි කැන් පෙම් බැඳැ සිතින් – සෙවණ කෙළෙ පිල් මඬලින්
236
සිසාළ මුව කරැ – දැකැ වැල් මලක් නොසරස්
කැපී දැවැ වැදැ දතින් – බැහැවී සදුල් වදුලින්
237
සල පලු විදු බඳ – ගජ ගුම් ගුම් වන ගන
වන ‘ග රොන් කබබ මුතු – නව සදල දුරු දැනැවී
238
ළ දරුවන ‘දහර – දරණෙහි හොවා මල ලිය
සිය කම්හි නිකුතුවෝ – තන්හි තන්හි නිසැකයෝ
239
ගල් කුළු කුඹු සියත් – පියැලි පෙරැ පළන්නේ
සෙණ සී එ කල් නො හිණි – රුදු ගිරි ගිජිඳු මුදුනේ
240
පණ වැනැසුම් හැරැ – වනසර අරණ ‘හර බිඳ
තම දිවි සෙ දිවි හිමින් – සතු වග රැකි මෙත් සිතින්
21. සිල් වැනුම්
[සංස්කරණය]241 ඉති සතුනෙ’ වෙනේ – සිත් සම මෙත්නි හැසිරෙත්
ආ පමණින් නො කිසි දු – දුකු සුව මැ වී තහවුරු
සැසැඳිය 51
233. ඇනුනු, ඇලුනු.
234. ස.අ. – බුජඟ පණ පිටුහි අල දදුරන් (–ලද දැදුරුවන්) හිඳුවා සුතන් ඇර කර හිඳුවා රඟොත ............................
235. ස.අ. – ගිරි පිට අවුයෙ ගිලින් (–ගිලිලින්) උරා දැක සිතින් පෙම් බැඳ මඬලෙන් සෙවන කෙලෙ.
236. ස.අ. – නොසරස්, නොසස්, නොශරසි; වදුලෙන්.
237. ස.අ. – සස පළු (–සසලු, සසලලු, සසල පළු ) විදු බඳ (– විදු බව ) ගජ ගුම් ගුම් .......................
238. ස.අ. – මලි ලිය ලද දරුවන් දදහර දරණ (–ධරණ) හොවා සිය කමිහි (–කන්හි) තන්හි තනහි (තණහි තණහි) නිකුතු නිසැකයෝ.
238. ස.අ. – මලි ලිය ලද දරුවන් දදහර දරණ (–ධරණ) හොවා සිය කම්හි (–කන්හි) තන්හි තනහි (තණහි තණහි) නිකුතු නිසැකැයෝ.
240. ස.අ. –........................පන වැනසුන් (–පැන වැණසුම්) ඇර (–අරු) අවන (–අවන්) අහර විඳ ..................
241. ස.අ. – ඉති එ වනෙ සතුන් සත් සම මෙත්නි (–සම මෙන්ති) හැසිරෙත් අපමනින් කිසි දුකු (–දුක) නො වී තහවුරුව සුව වී
52 සස දාව
242
එ විරු මැදි පොහෝ – දවසක් හැඟැපුනු සඳින්
සිල් ඉටා තම පැලැගි – කැරැ මිතුරන් එ කල්හි
243
තොප ‘ප ගත් මෙ දම් – මහතුන ‘ත් සර රුවනෙක්
ගතට විදුරු කවදෙක් – සඟ මොක් පුරට යතුරෙක්
244
අවා වඟැ අකුල් – කෙලෙස තමසට සැඬරස්
සව් සැපතට සුර තුරු – විසීකරණෙ’ක මුළු ලෝ
245
ජර තොයින ‘නුබඳ – වියත් දළ කෙළනා
මරණ වළබ මුව සියෝ – දෑ සයුරු තරනට නැව්
246
මෙ දම් රැකි කිසි සත් – මුදුන් මැලි වෙ සියලු ලෙව්
තම ද ලොව ද රක්නේ – සව් සතර දුක් හරනේ
247
ගව ‘ඟන සිතු මිණි – බද කළ සුර තුරු යදුතු
සිරි දේ මොක් සිරි නොදේ – මෙ දම් ගත හෙද අත් පත්
248
හැඟැ පර පණ වත් – සිය පණ සේ ගොර වසෙ ’ව්
සව් මහ දනා සියනෙ ‘ව් – සමඟ මෙත් ළෙන් සැර දෙවු
249
නන් රුවනු ‘දුළ සව් – අබරණ පලන ද ලෙවන්
පිරිසුදු මේ සිල් බරණ – නොපලඳනේ නොරඳනේ
250
සසරැ බිරි වී නම් – කිසි දුකැ නොරිසි වී නම්
නොරහසැ රහසැ කිසි පව් – නො මැ කැරැ දැහැමින් යෙදෙවු
251
මෙ දම්හි පිරිසුදු – ගත ගුණ සැමැරැ වෙසෙසා
දැහැමින් ලදක් බිදැ දී – කුලුණුනුවණින් යුත් වා
53 සැසැදිය
242. (ඇතැම්) තමා පැලැගි; (ඇතැම්) එ කල්;
243. (ඇතැම්) බිදුරු කබදෙක්
244. අපා මඟ
245. වියන්; කෙලෙනා; තරණට, තරණයට
246. ස.අ. – මෙ දම් රැකි කිසි සත් ලෙව් (–ලෙව් සියළු සත) මුදුන් මැලි වෙ (–ව) තම ද (–තවද) ලොව රැක්නේ සව් සංකර දුක් හරනේ
247. සිරි දේ මොක් සිරි නො දෙත් (–නො දෙන්)
248. ස.අ. – පරපන සිය පන සේ පර වත් ගොර (ගෝචර) වසෙවු සව් මහ දනා සියනෙවු හැඟ සමඟ මෙතෙලෙන් සැරදෙවු
249. ‘පලන ද’ යනු සඳහා පිටපත්හි එනුයේ ‘පලදන’ ‘පලදන’ යන දෙක යැ.
250. කිසි දුකු. ‘ නොරැහසරනා දරහස නොපෙනි’ යනු යැ. ‘නොරහසැ රහසැ’ යන්න සඳහා පිටපත්හි එනුයේ.
251. ස.අ. – ගත පිරිසුදු (– පිරිසිදු) මෙ දම්හි ගුන වෙසෙසා (–වෙසෙස) දැහැමින් ලදක් බිද දී කුළුනු නුවනින් (–කුළුනුවන්) යුත්වා (යුතුව)
54 සස දාව
252
යවා ඔවා දී – ඉති බැණැ එ තුන් මිතුරන්
තම ‘තුරේ සලකන්නේ – කිසි ද වතක් නොදිස්නේ
253
ඉදින් යදින් අව – සිය මස් කවා තුස්වා
මෙ හිමැ උපවස් වස්වා – මනො ‘වුන් පුරමි යි හැඟියෙ
22. සක් ගමන්
[සංස්කරණය]254 පැඬ ‘ඹුල සල ‘සුන – හුණු වත් ඉති සිතත සක්
කිමෙකැ හොයි බලන්නේ – දිටි දළ දන් දොළෙ ‘තුමා
255
එ සඳ එ සඳ විම – සනුවට රිය වර නැගී
දස හස අබරණ රසින් – කලඹා කලබිනෙ ‘ව් විදු
256
බලතො ‘හු විලසින් – ලෝ නෙත් දහස් මෙහෙයා
දෙරණ ‘ඹර ‘තුරිඳුනි’ල් – මිණි තෝ දහර බඳ වන්
257
එක ‘ස් කළ රඳනා – නිමලු ‘තුරු සළු පට මෙන්
දිටි නුබඳ අඹුරැ නී – සුලකළ හිමවු ගිරි රජ
බුජඟ ළඟ සඳුන් – කරඟ සිරිඟර මඬු වන්
ඇලී බැලි මල ගල් – බුලතපුවකින් මන කල්
259
බමන දැඩි වරණ – යුත් දැඟුම් කුළු සිය වන්
නැරැඹි විඳු ගිර ‘බක් – කුඹුයොන් බියෙනෙ ‘බී හුන්
260
පිල් මඬල විහිදු – මිහි මඬල මත් සිකිනිඳු
ලනිදු ඉඳුරැ එ වටැ දිටි තනන දළ රළ ගළ
සැසැඳිය 55
252. ස.අ. – ......................තමනතුරෙ (–තනතුරෙ) සලකන්නෙ කිසිද වතක් (–කිසි දැවතක්) නොමදිස්නේ
253. ස.අ. – ......................ඔහු මන පුරමින් හැඟියේ
254. ස.අ. – ...................එ උතුමා දළ දන් දොල දිටු.
255. ස.අ. – එ සඳ විමසනුවට (පිටපත්හි ‘එ සඳ’ යෙදුෙණ් එක මැ වරැ යැ)
257. සළුනි මෙන්, සළු පටනි මෙන්; දිටු
258. සිරි රඟ මඬු (‘ඇලී’ යනු පිටපත්හි නැති)
259. (පෙළේ ‘අබක්’ යනු සන්නයේ ‘ක්ෂණයක්’ යනු හා එක් කොටැ ලියූ ‘අභක්ෂණයක්’ යනු මැ පිටපත්හි එයි.)
260. ස.අ. – එ වට ඉන්ද ........................................දිටු.
56 සස දාව
261
උලෙළ දෙන ගැඹුරු – රුවනාර මැඟැ සුර නා
සිමිදි උඩඟු කරන් අන් – කහි නම් වත් නොවත් යි
262
බැලි සිලිලතෙහි – පබළ ලිය සක් කෙළනා
සසල විදු ලිය කොක් වන් – මහ මේ කැල වලඳනා
263
පිළිපන් ජර දද – වෙස් පත් වෙමිනෙ ‘වන මුව
පුරඳුරු බලමින් ඉති – රමණි නන් වණ පෙදෙස්
264
වැදැ විමසා බසැ – පිළිවෙළිනෙ ‘තුන් මහතුන්
ගොසින් හිමියා ගැලුණේ – කුලුණැ ‘ස් අමා පොකුණේ
23. සිරුරු දන්
[සංස්කරණය]265 දුරින් එ සා සා – බමුණු මුහුණු දැකැ වහළ
කිමෙකැ මෙ තැන් පතුයේ – කරුණු කුලුණින් පිළිවිත්
266
සා දුකිනා ‘යෙම් – තොප දුනු වතක් ඇඳ බිඳැ
දවස ‘රනට මෙ වෙනේ – රිසියෙම් ඉටා උපවස්
267
කිසි තල මුඟු මත් – නැත් අප බුදුන් තණ මුත්
මෙ ඇඟැ ඇත් පිරුණු මස් – රිසි සේ බිදැ කර තපස්
268
කැරැ දර රැස් ගිනි – දල්වන්නට කියා යළි
උපදෙස් දී එවූ හට – පොළමින් කිමින් සිය ගත්
269
පත ‘ඟ බව ‘ග තොස – රළ සිය කුලුණු සයුරේ
එ ගුණ ගැමුණු හුන්නේ – සල මුතු සුමෙර හරණින්
සැසැඳිය 57
261. ස.අ. – ..................කහි නම් (– කා නම්) උඩඟු කරත් නොවත් ඊ සිමිඳු
262. කොක වන්
263. නන් වන පෙදෙස්; ජරා දද වෙස්;
264. එ තුන් මිතුරන් ; ගැලි
265. හොල මුහුනු, හොළු ......................, බොළු ............................;
266. තොප දුනුවක් අද බිඳ, අදබිඳ
267. අප බුදුන් තනු මුත්
269. ගුණ ගමන තෙමෙ සුමෙර හරනෙන් හුන්න
522-O
58 සස දාව
270
එ විප් නුදුරු තැනැ – මවා ඟිනි රස් නොසරස්
බැලී සොම්නස් මුහුණු – දියුණමින් හුන් බෝ සත්
271
ගිනි කළ බව් දැනැ – ලද ‘ත් බැවැ පල ලදිමි යි
හැඟැ දල මැදැ හෙබි ගිරි – සිරේ සී රජ විලසින්
272
ලොම මතක් නො දවා – සෙවුත ‘මා පිරිසෙවු සේ
කිම බමණ තා මෙ ගිනි – සිහිල් වනුයේ වී හිමි
273
මම නො දදමි සක් – තිළිණ ‘දහස නැහැසියෙම්
තොප මෙ අසිරින් සසිරි – කෙරෙම් අද සඳ මඬල
274
තා තබා ම දන් – අදහස හැම තිලෝ වැසි
බලත නොවන නිස්සෙක් – නො මැ ඇත් ම එක්දිස්සේක්
24. බෝ සත් ගුණ පැසැසුම්
[සංස්කරණය]275 බුදුනට සා දුකි – නු ‘පන් කෙණෙහි සිය සුතන්
වළ මුවැ පැනැ වල ‘ඟන – රැකියෙහි තො නො එවු දෙ තන
276
සේ ගජ කලැ දැකැ – සා වෙළෙඳුන් වෙනෙක්හි
නැඟී ගිරින් හී දී – සිය මස්නි පිසියෙහි තො නො
277
මියුල පණෙ ‘දවස් – රැකැ ගොස් කොළොඹුයෙහි හිස්
දුන සෙ තො නො තුටු තැතින් – ලද පබවත ‘ත හිසැ දී
278
නොමින් ල තොප දුන් – දන් හිස් ඇස් ලේ මසුදු
වැනුමට පමණ ල යුහු – අහෝ පලවු කෙළෙ ම යුහු
සැසැඳීය 59
270. ස.අ. – එ විප් නුදුරු තැන නොසරස් ගිනි රැස් මුහුනු සොම්නස්, දියුනම් බෝසත් බැලී
271. ගිරි සිරෙන්
272. ස.අ. – ලොම මතක් (–ලොම් පමනක්) නො දවා අමා පිරිසෙ (–අමා පිරි) සෙවත් හිමි බබන (–බබණ, බබුණ) සිහි වනුයේ කිම.
273. ස.අ. – මම නොම දදමි සක්. තිලින දහස (–තිලින) නොනහැසියෙන් (–නොනහැසි –යෙං) .........................
274. ස.අ. – .......................මදන් හදහස බලත නිස්සෙක් නොවන ම (–එම) එක් දැස්සෙක්..................(‘නො ම ඇතතේ ය’ යන සන්න වචන බලා ‘නො මැ ඇත්’ යන පෙළ නඟන ලදි.)
275. බුදිනට, බුදින්නට
276. වෙනෙහි
277. ස.අ. – ......................කොලඹුයෙහි සුදුන් තැනින් ................
278. ස.අ. – හිස් ඇසඳු ලේ මස් තොප දුන් දන් නොමින්ල ගුනිමට (–ගුනු වැනීමට) පමන. අහො, වයුහු යුහු (–යුහුනු) කෙලෙය. බලවු (– බලනවු)
60 සස දාව
279
තිරසන් තොප පිළි – බිඹැ ‘ඳමට සඳ මඬල මැ
සුහු කළ හිමි තොප ‘නත – ගුණ සැරැහෙ ද කා මුවෙහි
280
සුවන් මොනර දම් – කනො ‘ත ‘ග රස් විදුර ‘ස්නැ
පසක් මර දිනුව සැබැ – වින ‘ඳ හිමි ලෝ සසරණ
281
තොප ගුණ සයුරෙහි – තෙර දැක්මට බඳ ම මන
සිය සෙය පසු ලනුවට – දදහු දැවැ කළ තැත් වන්
25. ලෝ සැණ කෙළි
[සංස්කරණය]282 ඉති වියමින් ඇරැ – සිර රජ සරහත් මුදුන්
මුළු දුන් ලොව මෙහෙයූ – නිලිපුල් පුද විලස් ලද
283
එ අසිරින් පිරී – ගිය ඇස් එ වන දෙවියෝ
උනු ‘න් කලුන් නො සැමරැ – බඳ රඟ නඟා කරට ‘ත්
284
සිසාළ සළු හිසැ – සැණ ගොසිනො ‘සළ දෙව් රැස්
එ වන නොවෙනැ දලනිදු – දළ රළ ගළ ගිගුම් ගත්
285
තහවුරු දැහැම් වත් – පියැලෙන් නො හැරැ නැටමේ
ෙබරෙනො ‘බල මුළු මිහි කත් – සැනැහී තනී ගුගුළෙ ‘ව්
286
තනවා කුළති ‘න් – විසුළ පළ හෙළ හැලි සළු
දලනිදු රුදු රවඟෝරේ – ගිරි රජ ගත්නළු විලස්
287
ගොහොම්නි නී රජ – විහිගුම් ගිගුම් ආසී
උලැඟි දළ රළ ‘ත්නෙන් – වුහුටු මෙන් කේමැලි මැලි
සැසැඳිය 61
279. ස.අ. – තිරසන් – (තිරිසන්) තොප පිළිබිඹට (–පිළිබඳව) සඳමඬල ම ............
280. ස.අ. – සුවන් මොනරිඳු ව තොපි දෙයු දම් කනොත විදුරස්න (–විදුරසුන) පස් මර සැබැවින් දිනූ අද හිම් ලෝ සරණ.
281. සිය සේ පසලනුවට
283. ස.අ. – ..................එවන දෙවියො උදෙන කල් නො සමර (–නොමරග).......
284. ස.අ. – හිස පිසාල ස්ළු. සැන ගොසින් ඔසළ දෙව් (–දෙව් රැස්) දල රල ගල ගිගුම් ගත් දලනිදු නො වෙන.
285. ස.අ. – .................බැරෙන් ඔබල මුළු මිහි කත් සැනහි තිනි ගුගුලෙවු
287. ස.අ. – නී රජ විහිගුම් (–මිහිගුම්) අසි හොම මනි උලැඟි දල රල අත්නෙන් කෙමැලි වුහුටු මෙන්.
62 සස දාව
288
හිවි කෙහෙළි කියෙලී – නලැ ලොල ලෝ මෙහෙසුරා
නටත ‘ඹුරු දළ කෙළැ බුන් – සුර ගහැ රළ සළා සිළු
289
වුහුටු සුරන් කැන් – කොකුම් කෙසුරු සඳුන් සිනු
තුරුණු රිවි මෙ රජ රජ – වදුනා හිම සුමුව වන්
290
සැදි ගුවනත මී – බිඳින ‘ද මලෝලඹුයෙන්
සුපිපි පියුම් දෙලෙ තෙලෙ – තුරු සා වසා මල් වී
291
තෙමෙ මැ ගුගුළෙ මුරු – බෙර වෙණ ලිය ‘නු රැවු ගත්
නුබැ විදු කිඳු සසලො ‘ත – දිළි රැවන් තන් තන්හි
292
දස හස ගඳ දුමින් – නුබ ගබ දුහුල් දදනෙන්
මිහි මඬල නන් කුසුමෙන් – මුළු ලෝ පුදෙන් නරතුරු
293
නො බඳ රඟ කෙ නම් – කෙ නම් නො ගැයු .තියූ ගී
නො විස්මූ ළෙන් කවරෙක් – කවරෙක් නො අළ පුද වත්
සැසැඳිය 63
289. හිම සුමු වන්
290. පියුම සුපිපි
291. (‘තෙමෙ ම’ යනු පිටපත්හි අන්වයයට’ නො ගැනිණ.) නුබෙ, නුඹෙ; සසලොත්
292. නුබ ගැබ ; නුඹ ගැඹ
293. ස.අ. – කෙ නම් රඟ නො බැඳ කවරෙක් තියු ගි නො ගී. කෙ නම් ලෙන් නො බිස්වූ (–හිස්මූ) කවරෙක් පුද වත් නො හල.