සැවුල් අසුන් පවත්-9
සැවුල් අසුන් පවත්
[සංස්කරණය]81. පෙළ:- බරම් මුව පහළ සිවු වේ වීදි ලෙසට සකම් වීදිය නො වැරැදැ ඇම විටැ කරන සෙතට මුල් වු උතුම්, පෙරෙවි විප් මුළු සිට ආ සිරි වදන් ෙනා හිමි වැ පවසති.
(බඹු ගේ මුවින් පහල වූ වේද සතරේ කියන ලද විදී අනු වැ, සය වැදෑරුම් කර්ම වීදිය නො වරදවා සියලු විටැ කරන, සෙත් වැඩීමේ මුල් වූ, උතුම් වූ, පුරෝහිත බමුණු සමූහ - දෙ පසැ සිටැගෙනැ ආ සිරි වදන් ඉමක් නැති වැ කියති).
බරම් :- මේ වනාහි ‘බ්රසහ්ම’ යන්න සදහා යොදන ලද වදනෙකි. එය වියතුන් රිසි වන්නක් නුවුව ද පැදිය සලකා යොදන ලද බව පෙනේ. ‘බ්රදහ්ම’ යනු නො වියත් දනන් හට කීයැවෙන්නේ ‘බුරහ්ම’ යනු යෙනි. දඹ දිව් වැසි නො වියත්හු ‘බම්භ’ යන්නෙන් එය වහරති. ‘ම්රිම්ම’ යනු ද නො එක් විටැ ඇසේ. ‘බුරුම’ යනු අනාසිකයන් ගේ බසෙහි එයි. එ අනු සරින් ‘බරම්’ යනු යොදා ගන්නට ඇති. අලගියවන්න රාලහිමින් ‘දෙමළ’ බස ද රුසියන් ගේ මුවින් පහළ සේ සැලකූ බව පසිදු යි.
‘පහළ පොරණ ඉසිවර. මුවෙනි මන නඳ
දෙමළ සකු මගද නො හසල සතට දඳ’ යනු ඔහු මැ ‘සුභාෂිත’ යෙහි කීහ.
වේද සතර බඹුගේ මුවින් පහළ වූ බව හින්දු දනෝ කියති. සෘක්, යජුස්, සාම, අථර්වත් යන නම් සතරින් වේද සතර ඇඳිනැ වේ. ආදී පැවැත්තේ පළමු සදහන් තුන් වේදය යි. පසු වැ ‘අථර්වන’ වේදය ද එක් වැ සිවු වේදයෙක් පහළ වූයේ යි. පළමු මැ පහළ වූ ‘ඍක්’ වේදයෙන් මැ ගන්නා ලද කරුණු ඇතුළත් කිරීමෙන් සෙසු වේද ඇති කරන ලද බව ඒවා විමසා බැලීමෙන් පෙනෙයි. වේද සතර දැන්ම පෙරෙවි බමුණන් හට ඇවැසී මැ වෙයි. රජුන් හට ආ වැඩීම නො වැ ජය තුති පැවැත්වීම මෙ බමුණන් අයත් සේවය යි.
ගිරා අස්නෙහි දූ :-
‘ස බ ඳ සියල් සිවු වේ දැනැ පිවිතුරු ව
පැ ළ ඳ කසුන් හු අබරණ විසිතුරු ව
නොමඳ පෙරෙවි බමුණන් සිටැ නිරතුරු ව
එ ස ඳ කියන ජය තුති නද අනතුරු ව’ යි එ පැවැසිණි.
සකම් වීදිය :- බමුණු ඇදුරකු විසින් දැනැ සිටියැ යුතු කම් සයේ පවත.
(1) යාග කිරීම යැ,
(2) ., කැරැවීම යැ,
(3) ඉගෙනීම යැ,
(4) ඉගැන්නීම යැ,
(5) දීම යැ,
(6) පිළිගැනීම යැ, යි බමුණු ඇදුරා විසින් දත යුතු නම් විදි සයෙකි.
බමුණෙක් සැබැවි නම් ඔහු කම් සය දත්තකු හැටියට සදහන් කිරීම පැවැති සිරිති. රජ කුමරුවනුත්, පිට රට රජුනුත් සඳහන් කළ ඉක්බිති පෙරෙවි බමුණන් සදහන් කිරීම රජ සබයේ පවත් සදහන් කිරීමේ දී සිරිත් විරිදු වෙයි. සෙසු සියල්ලනට පළමු ජය තුති තද පවත්වන පෙරෙවි
බමුණන් ඔවුන් ගේ සේවය කළ යුතු. සෙස්සනට වර පෑදෙන්නේ එයින් පසු යි. රජ සබේ පවත් ඇත්තේ හැටියට සදහන් වන්නේ ගිරා අස්නේ යි.
82. පෙළ:- අදිකරණ සහ රජ නිති සත ඉගෙන එකම නෙත විලසින් ලොව සතන් රකින, දියත පරසිදු, සොබන, මහ ඇමති වරු මුදුනතැ අත තබා බැතිනි වඳැ සිටිත්.
(අදිකරණ හෙවත් යුක්ති පසිඳිනා හැටිත් රජ නීති ශාස්ත්රසයත් ඉගෙනැ ගෙනැ එකමැ ඇසක් ඇත්තකු එය රක්නා සේ ලෝ වැසියන් රක්නා වූ, ලොවේ පසිදු වූ ද, හොබනා වූ ද, මහ ඇමතියෝ දොහොත් මුදුනේ බැඳැ වැදැගෙනැ සිටිත්).
මෙහි ‘අදිකරණ’ යැයි කීයේ නඩු විසදන හැටිය යි. ‘රජ නීති සත’ යනුවෙන් යනුයෙන් මෙහි සදහන් වන්නේ රජ දහම පිළිබඳ නීති ශාස්ත්ර ය යි. ඉගෙන = ඉගෙනැ (එ.වි.)
‘මුදුනතැ අතතබා’ යනු මනරම් යෙදුමෙක් නො වේ. මේ ‘දොහොත් මුදුන් දි’ යන අරුත දීම පිණිසැ යොදන ලද බව පෙනේ.
ගිරා අස්නේ :-
‘ඉ ගෙන අදිකරණ දැනැ රදනිය නොයෙක
නි ති නි පෙමින් මුළු සත්වග රකින ලක
එ දි න පැමිණි කටයුතු දන්වා නිසැක
සි ටි න දෙ පසැ ඇම මහ මැතිවරන් දැක’
යන්න අසබා කොටැ දැක්වීමෙකි මේ.
83. පෙළ,- මහත සයුරැ දිය සහ මුළු දෙරණ පස් මෙ තැකැයි නිසිත නැණින් පමණ කළ, දියත වඩන වාසල මුකවෙට්ටි ගණ සබ කිරණ පුන් සිසි කැන් මෙන් සිටිත.
(මහ මූදේ දියත් මුළු පොළොවේ පසුත් මෙ තැනැට හෙවත් මේ තරමට ඇතැයි තිහුණු නුවණින් දැනැ ගෙනැ පමණ කොටැ ලූ, ලොවට වැඩ දායක හෙවත් ලෝ වැඩ වඩන්නා වූ, වාසල මූකවෙට්ටි සමුහය රජ සබය නැමැති කිරි මූදට වැටුණු පුරා හඳ කැලුම්, සෙයින් සිටිති).
මහත = මහත්. දෙරණ = දෙරණැ. සිටිත = සිටිත්. කිරණ = කිරණැ. (එ.වි.) කිරණ = කිරි අණ.
මූකවෙට්ටියෝ නම් අදිකරණ බලය ලත් ලේකම්වරු වෙති. ගිරා අස්න කැරුණු අවදියේ මොවුන් එතරම් පසිඳු නුවුවත් හංස සන්දේශ අවදිය වන විටැ මූ තුමු රජ සෙබේ සැලැකියැ යුත්තෝ වෙත් මෙ කවියෝ ද එ තනතුරු ඇත්තෝ යි.
84. පෙළ:- ගැඹුරු සකු මඟද හෙළු දෙමළෙහි පුරුදු, සොඳුරු සඳ, ලකර, වියරණ දත්, කිවිඳු මියුරු අරුත් යොදමින් විරුදු කවි බැඳැ නරනිඳු සබ තුරෙහි අතුරු නො වැ කියති.
(ගැඹුරු වූ හෙවත් බොහෝ දුරට අරුත් ඇති, සකු,මඟද, එළු, දෙමළ යන බස් වහර පුරුදු ඇති, මනා වූ හෙවත් පියකරු වූ සඳ, ලකර, වියරණ දත් කිවිතුමෝ මිහිරි වූ අරුත් දමමින් විරුදු කවි බැදැ රජ සෙබේ අතරක් නො දී කියති).
කිවිඳු = කිවිඳෝ (එ.වි.)
‘සකු’ නම් බමුණු වියතුන් ගේ පතට පොතට නිසි කොටැ ‘සංස්කෘත’ යන නමින් ඇති කොටැ ගන්නා ලද බස යි.
‘මගද’ නම් පෙළ දහමත්, අටුවා ටීකා ආදියත් පිණිසැ නිසි කොටැ සකස් කොටැ ගන්නා ලද ‘පාලි’ යි පසිදු බස යි.
‘එළු’ නම් හෙල දිව් වැසියන් ගේ වහරට නිසි වූ අද පැදි පිණිසැ මැ ඇරී ඇති හුදු සිංහලය යි. ‘දෙමළ’ දෙමළුන් ගේ බස යි. මෙයට මෙ දිවයිනේ තැනක් ලැබුණේ ‘පණික්කල’ පෙළේ රජුන් ගේ අවදියේ යි.
‘සඳ’ නම් පැදි විරිත් වෙසෙස් දක්වන ‘ඡන්දස්’ යන නමින් පසිදු ශාස්ත්ර ය යි. ‘පිංගල’ නම් ඇඳුරා විසින් මේ ශාස්ත්රදය වඩන ලදහ යි කියති.
‘ලකර’ නම් කිවියන් ගේ බස් අරුත් සරසන අයුරු දක්වන ශාස්ත්ර ය යි.
‘වියරණ’ නම් බස් නය හෙවත් වදන් හසුරුවන අයුරු දක්නට පද විබා කොටැ දක්වන ශාස්ත්ර ය යි.
‘කව්’ නම් රසවත් පැවැසුමු යි. එහෙත් මෙහි ‘කව්’ යන්න යොදා ඇත්තේ ‘පැදි’ යන අරුත දෙන්නට යි. ‘විරුදු කව්’ නම් බඩ වැඩුමට අනුන් පසස්නා පැදියි. එ වන් පැදි ගයන්නෝ කිවියෝ නො වෙති. ඔවුනට ‘වැදි’ (වන්දි භට්ට) යන නම යි වහර වන්නේ. කිවියෝ පබඳ කරන්නවුන් මිසැ විරුදු කියන්නෝ නො වෙති.
‘දියත සතන් මන බැඳි වැඳි සහසේ
කියත නොයෙක් විරුදාවලි සතොසේ’ (ගුත්තිල දා)
යන්නෙන් දැක්වෙන්නෝ ‘වන්දියෝ’ යි.
‘ලෙල විදු රතත් රැඳි වැඳි ගණ දෙපිටැ සිට
දල නිදු ගොසෙව් තුති ගොස කැරැනැවැති විට’
යනුයෙන් ගිරා අසුන් කරුවෝ රජ සෙබේ වැඳියන් සදහනි.
කිවිඳු:- කිවිදෝ යනු හෝ ‘කිවිහු’ යනු හෝ යෙදියැ යුතු තැනි. පළමු වන විබත් බුහු බසට ‘කිවිඳු’ යනු නො යෙදේ. මෙ ද එළි විකාරයෙකි.
85. පෙළ:- නිසග විකුමෙන් නානා රුපුන් ජය ගෙනැ දිගු මතඟ කුඹු තලැ තෙදග රඟ ගානා සේනානායක වරු හිමි පද නිය කිරණ ගඟැ පීනා යුග පසෙහි සිටිති.
(උපතින් මැ අත් වැ පිහිටි සපන් කමින් නො එක් සතුරන් පරදවා තෙද නැමැති ඇඟැ ගල්වන සුනු දිගු ඇතුන් ගේ කුඹු තෙල් ගල්වන සේනා නායක වරු හිමිහුගේ පයේ නිය රස් නැමැති, ගඟේ පීනා දෙ පැත්තේ සිටිති).
තෙදඟ රඟ = තෙද අඟරඟ. ගඟ = ගඟැ.
මේ කීයේ සෙන් පතියන් රජු ගේ පා වැඳැ දෙ පසැ සිටිනා බවයි. මෙ සෙන් පතියෝ අට දික් කෙළවර තෙක් පැතිරි තෙද ඇත්තෝ යි. උපතින් මැ සපන් කම්හි උරුම ඇත්තෝ යි. නො එක් සතුරන පරදවාලූවෝ යි.
දිගු මතඟ :- දිගු ඇත්තු නම් පොළොව උසුලා අටදිගැ සිටිතියි සලකනු ලබන සිත්මත් අලි අට දෙනා යි. ඌ තුමු:-
1. ඓරාවණ
2. පුණ්ඩරික
3. වාමන
4. කුමුද
5. අඤ්ජන
6. පුෂ්පදන්ත
7. සාරභෞම
8. සුපුතික යන නම් ඇත්තෝ යි.
ඉන්ද්රත ආදී අටදික් පතියෝ ඔවුන් ගේ හිමියෝ යි.
තෙදක්, යසසක් අටදික් කෙළවරට පත් සේ කීමට එ මේ දිගු ඇතුන් ගේ කුඹුතෙලේ වැකීම කිවියන් ගේ සිරිතෙකි.
‘පිරිසුදු යස සඳුන්
දිගැතුන් කුඹු අලෙව් දුන්’ යැයි ගුත්තිල දා කව් කරුවෝ ජයපාල මැතිදුන් ගේ යසස පළ නියාව දැක්වූ.
තෙද අඟ රඟ යන්නෙන් අදහස් කරන්නට ඇත්තේ තෙද නැමැති කොකුම් සුනුයි. කොකුම් සුනු රත් පැහැයෙන් යුතු හෙයිනි. එහෙත් ඇතුන් ගේ කුඹුතෙලේ තැවැරීමට ගන්නේ ගුරු තවර යි.
86. පෙළ:- නෙක රටවලෙති නිරිඳෝ සයුරට ගං හෝ වඳින විලස පළ කර, නිසි පට සව්, කපුරු, කස්තුරු, සඳුන් හර පඬුරු කර දී, කර තඹර මුදුනතැ දී මොනවට සිටිති.
(නො එක් රටවලැ රජ හු මූදට ගං හෝඅවුත් වදනා සැටි දක්වමින් - සුදුසු පට පිළි, කපුරු, කස්තුරු, සඳුන් අරටු, පඬුරු හැටියට පිළිගන්වා - අත්’ නැමැති පියුම් හිස් මුදුනේ තිබාගෙනැ මනා සේ සිටිති.)
ඒ කීයේ නො එක් රටවලැ රජුන් මෙ සිරි රජසිහ රජුට පඬුරු පිළිගන්වා දොහොත් මුදුන් බැදැ ගෙනැ නිසි සේ පෙළ ගැසී සිටුනා බවයි. ඔවුන් ගේ පඬුරු පිළිගැන්නීම මූදට ගං හෝ දිය වැදීම බඳුයි. සිරි රජ සිහ රජ මූද නම් ඔහු වෙතට එළවනු ලබන පඬුරු රැස මුදු වදනා ගං හෝ දිය බඳුයි. එ පඬුරු එළවන රජහු මූදට දිය ගෙනැ බස්නා ගං හෝ බඳුයි. ඔවුන් එළවත පඬුරු රැසෙහි අගනා බැවින් රජුනට නිසි පට සළු, කපුරු, සඳුන් හර යන දැය ඇත්තේ යි.
පිට රට රජුන් මෙ රජුට පඬුරු එළවනු නම් වියැ හැකියි. එ හෙත් දූතයන් අතේ පඬුරු එවනව වෙනුවට එ රජුන් මැ අවුත් පඬුරු පිළිගන්වා සිටිනියි කීම විසිළුවෙකි. මෙ වනාහි ගිරා අස්නේ ඇති :-
‘දෙ ස තු රු ඉසුරු නිරිඳුන් පියෙදු ලකුළු
වි සි තු රු මහරු මිණිමුතු රන්පට බැබැළු
පි වි තු රු කපුරු කස්තුරු නිසි කසිසළු
පි ය ක රු පඬුරු නරනිඳු හට පෑ පැසුළු’
යන්න නිසා නිකම සිරිතට යොදන ලද්දෙකි.
87. පෙළ:- සමන්, බලැති සිරිලකැ මහසෙන් සමඟැ මලල දොලුවර නන් දෙසැ සෙනඟ - මහත් ගැඹර සර සමුදුරට මනරහ වැදැ නුමුත් වැ සිටුනා වඩ දියක් රඟ සිටිත්.
(සමත් වූ, බල ඇත්තා වූ සිරිලකේ සෙන් හා එක් වී මලල දෙස යැ දොලුවර දෙස යැ යන රටවල් ආදී නො එක් දෙස්හි සෙන් - මහත් වූ, ගැඹුරින් යුතු වූ, මූදට වැදී තොර නො වැ සිටුනා වඩ දියක් සේ - සිටිත්).
බලැති = බල ඇති.
මලල, දොලුවර, යනු දඹ දිවේ පෙදෙස් දෙකෙකි. ‘ඈ’ යන්නෙන් අංග, වංග, තෙලිංග ආදී සෙසු රට ගැනේ.
වඩදිය මූදු වැද සිටුනා එකෙක් නො වේ, මූදින් මැ නගිනා එකක් මිසැ, එ හෙයින් ‘මූදු වැදැ සිටුනා වඩ දියක් රඟ’ යැයි කීම නය හුරු නො වේ.
88. පෙළ,- සිටු, සෙනෙවි, ඈපා, මාපා, නැමැති- ඉටු ගුණ නැණින් යුතු, මහ පිනැති මැති ගණ, පටු නු අදර බැති පෙම්, රුති වඩ වඩා මන් තුටු පුරා වැඳැ වැඳැ නැඟි නැඟී යෙනි.
(සිටු යැ, සෙනෙවි යැ, මාපා යැ, ඈ පා යැ යන තනතුරු නම් ඇති, පිය වූ ගුණෙන් නැණින් යුත්, මහ පින් ඇති ඇමැති සමූහ පටු නුවූ හෙවත් මහත් වූ අදර බැති පෙම්, රිසි, වැඩි වන පරිදි සිතේ සතොස පුරා ගෙනැ වඳිමින් නැඟී යෙති).
සෙනෙවි යනු විරිත නිසා දික් කරන ලද ‘සෙනෙවි’ යන්න මැ යි.
සිටු තනතුරු පිහිටියෝ යැ, සෙන්පති තන් පතුවෝ යැ, මහා ආදිපාදයෝ යැ, ආදී පාදයෝ යැ යන මොවුන් රජු වැඳැ වැඳැ නැඟී යන සැටි යි ඒ කීයේ.
‘පටු නු’ යනු ‘පටු නොවූ’ යන්නේ ලුහු විදියෙකි. නැමැති = නම් ඇති. පිනැති = පින් ඇති.
‘අදර’ නම් ඇල්ම යි. බැතිය නම් ඇදැහිල්ලෙන් යුතු බැඳුම යි. පෙම නම් සිනේ යි. රිස නම් කැමැත්ත යි.
89. පෙළ,- පෙරැ නිරිඳුන් හට පැවැති සිරිත් ලෙසින් මහත් ඇතුන් සහ රුති අය පඬුරු ගෙනැ වන්නි දසටින් වන්නිවරු අවුත් යුගත් මුදුන් දී නිති වැඳැ වැඳැ එහි සිටිති.
(ආදී රජුන් කෙරේ පවත්වන ලද සිරිතේ හැටියට මහ ඇතුනුත් රිසිය වඩවන අය කොටසුත් ගෙනැ දහ අට වන්නියෙන් වන්නි වරු අවුත් දොහොත් මුදුන් දී නිබඳ වැ වඳිමින් එ රජ සෙබේ සිටිත්).
දසටින් = දස අටින්.
වන්නිවරු නම් වන්නි පෙදෙස් රක්නා අදිපති යෝ යි. ඌ තුමු ආදී කෝට්ටේ මහ වාසලේ රජුට අය පඬුරු දෙමින් සිටියහ. ඊට පළමු දඹ දෙණියේ මහ වාසලට අය කොටස් දෙමින් සිටියහ. ඒ සිරිතේ හැටියට මෙ විටැ සීතාවක මහ වාසලට අය කොටස් දෙන බව යි මෙහි කියැවුණේ. ඒ අය පඬුරු අතරේ මහ ඇතුන් ද වූ බව සදහනි. වන්නියෝ වන ඇතුන් බැදැවීමෙන් නිති යෙදුණෝ යි.
‘වන්නි’ යනු වන අරුත්හි ‘වන්ය ’ යන්න නො වියත් වහරට පැමිණීමෙන් නිපණි. වන්නියා නම් වන පෙදෙසේ අදිපතියා යි. මෙහි දස අට වන්නියක් සදහන්
වන්නේ නිකම් සිරිතට යි. වන්නි පෙදෙස්හි ගණන කලින් කලට අඩු වැඩි වූයේ යි. ඇත්තේ හැටියට නම් කෝට්ටේ අවදියේ දී වන්නි පනසකට නො අඩු ගණනක් වූ බව පෙනේ. කෝට්ටේ (සවන) සිරි පැරැකුම්බා රජ මැ:-
‘පෙරැ නිරිඳුන් අයැති නුවු දසටක් වන්නි ජය ගති’ (ගි. අ) යි සදහන් වෙයි. එයින් පෙනෙන්නේ පෙරැ රජුන් අයැති වැ පැවැති වන්නි පෙදෙස් හැරැ තවත් වන්නි දහ අටක් එ රජු යටත් කොටැ ගත් බව යි.
දඹදෙණි හත් පත්තුව, දේව මැදිහත් පත්තුව ඌව, බිම් තැන්න, වෙල්ලස්ස, තමන් කඩුව යන පෙදෙස් ඒ දස අටට අයත් වෙයි.
90. පෙළ,- තිරසර නැණ නැවින් සත් මුහුද තෙර පත්, නො විතර කිවිවරුන් මෙ නිරිඳු නමට බඳ, මනහර, ගැඹර, විරුදාවලි කවි පබඳ, පුවතර වැඳිගණන් පවසා නවැති සඳ-
(නො බිදෙන නො සැලෙන නුවණ නැමැති නැවින් ශාස්ත්ර සාගරයේ එගොඩට පැමිණි, මෙ පමණැ යි. විතරක් නැති උතුම් කිවියන් මෙ රජු ගේ නම සදහා, බැඳි සිත් කලු ගැඹුරු විරුදු පෙළින් යුත් කවි පසිඳු විරුදු කරු සමුහයන් ගයා නැවැතුණු පසු-)
විරුදාවලි = විරුදු ආවලී (ආවලිය නම් වැළ යි).
විරුදු නම් යම් යම් සපන් කම්, සොඳුරු ගුණ ආදිය සදහා පිරිනැමෙන ‘නම්බු නාම’ යි.
ගැඹුරු යනු වෑයමින් අරුත් පාදා ගත යුතු පමණට වසා ඇති බව ඇඟැවීමට යොදති. අද අපේ රටේ බැරි පඬුවන් ගැඹර අරුත නුරුස්සතත් ආදී වියතුන් එය පිය කළ බව මෙයින් පෙනේ. අද වියතුන් පතන්නේ නිකම් මැ හෙලූ අරුත් ඇති පැදි යි. ආදී වියත්හු එ බඳූ පැදි ‘ගැමි’ යි පිළිකුල් කළහ.