Jump to content

සැවුල් අසුන් පවන්

Wikibooks වෙතින්

සැවුල් අසුන් පවත්

පෙළ:- රතමිණි සදිසි සිළු යුත්, මුතුකලබෙව් දිමුත්, පළ හෙළ - පිය පතර සැදි සැවුලිඳු සඳ සැරද!

(රත් මැණික් සරිවැ පෙනෙන කරමලක් සහිත වූ, මුතු රැස මෙන් බබළන, පැතිර පෙනෙන සුදු පැහැ ඇති පියා පත් සමූහයෙන් සැරැසුණු කුකුළු රජ තුමාණෙන, ආයුබෝවන්).

විතර :- සැවුලිඳු සඳ, සැරද’ යනු මෙහි සැකෙවි වදනයි.

සැවුල් :- යනු කුකුළාට නමෙකි. ඉඳු යන්නෙන් නායකයා, රජ, ‍ෙලාක්කා යන අරුත් පළ කෙරෙයි. ‘සැවුල් ඉඳු’ යනු ‘සැවුලිඳු’යි ගැළැපී සිටි. ගතකුරකුත් පණකුරකුත් මෙ අයුරෙන් ගැළැපීම හුදු ස්වර සන්ධියක් නොවෙතත් සිදත්දඟරා කරුවෝ මේ ගැළැපීමට ‘ස්වර සන්ධි’ යන නම කියති.

     1.	‘සැවැලිඳු’ යන්නෙන් ‘කුකුළු රජ’ කුකුළු නයුවා’ ‘කුකුළු ලොක්කා’ (මහ කුකුළා) යන අරුත් ගත හැකි. ‘ප්රිභූ’ අරුතෙහි ‘රජ’ සදද යෙදෙනුයෙන් මෙහි කුකුළු රජ, යනු ගනුමු.  ‘සඳ’ යන්නේ නො එක් අරුත් ඇතත් මෙහි ඒ යෙදුණේ ‘උතුම්’ යන අරුත දීමට යි. ‘සැවුලිඳු සඳ’ යනු ‘කුකුළු රජතුමා’යි මෙ දා බසින් සදහන් කළ හැකි.

සැර:- යනු දිගු කල් යන අරුත්හි ‘වීර’ යන්නට හුරු වන එළු වදනයි. ‘ද’ යනු ‘ජීවත් වේ වා’ යන අරුත දෙන ‘දෙ’ යන කිරිය පදය ‘සැර’ යන්න හා එකට බැඳිමේ දී. ගත් වෙසෙ‍ස් රුවයි. ‘සැ‍ර‍ෙද්’ යනු ‘සැරද’යි එක්වී සිටි.







34 සැවුල් අසුන් පවත්


දේ දෙති’ ‘දිනි දුනු’

යන පිළිවෙළටයි ජීවත් වීම් අරුත්හි ‘දෙ’ යන්න දෙ කැලැ දෙ බසෙහි සිටිනේ. එහෙත් මෙ දවස්හි ඒ

දිනා දිනති දිනි දුනු’

යි බෙහෙවින් අසන්නට ලැබේ. අද වහරේ සැරදේ යන්න වෙනුවට ඇසෙන්නේ, ආයු බෝ වන්! යනුයි’ ‘ආයු බෝ! ආයු බෝ වේ වා! යනු වෙසෙස් ආවැඩුම් හි දී අසන්නට ලැබේ.

‘සිළුයුත්’ ‘පියපතරසැදි’ යනු සැවුලිඳු යන්න වෙසෙසීමට යෙදුණේ වෙයි. ‘කරමලින් යුතු’ ‘පියාපත් රැසින් සැරැසුණු’ යන අරුත් එ වෙසෙසුන්වලින් ලැබේ. ‘සිළු’ යනු ‘අග’ (මුදුන) යන අරුත දෙතත් බෙහෙවින් ඒ යෙදෙන්නේ මුඳුන් කෙස් රොදටයි. එහෙත් මුඳුන් වී නගිනා ගිනි දැලි සදහා ද ‘ගිනිසිළු’ යනු යෙදේ. ‘සිළුමිණ’ යනු මුඳුන් කෙස් රොද අගට යොදනු ලබන මැණික අඟවයි. බමුණා ගේ ‘සිළුව’ නම් ඔහි ගේ හිස මුඩු කිරීමේදී මුඳුනේ ඉතිරි කරන කෙස් රොදයි. කුකුළාට - උගේ හිසේ මුඳුන් වී සිටිනේ උගේ කරමල හෙයින් - සිළුව වන්නේ එ කරමලයි.

‘රතමිණ සදිසි’ යනු සිළුව වෙසෙසන්නට යෙදිණි. රතින් බබළන මිණි රතමිණියි. දිසි යනු ‘පෙනෙන’ යන අරුත ඇති - පෙනීම් අරුත්හි - දිස් දයින් වූ වත් - මනැ පසරුත් වෙසෙසුනයි. ‘ස’ යනු ‘සම’ යන අරුත දෙයි. සම වැ (එක් බඳු වැ) පෙනෙන්නේ ‘සදිසි’ යි. රත්මිණි හා එක් සම වැ දිසෙන්නේ ‘රත්මිණි සදිසි’ යි. මැණික් අතුරෙහි මහත් අගය ඇත්තේ ද රත්මිණි යි.

‘රුවනතුරෙන් මහඟු රත් මැණ’ (සි: ස:) යන්නෙන් ද ඒ පළ වෙයි.






                                       සැවුල් අසුන් පවත්                                               35


‘පිය’ යනු පියාපත් සදහා ද, ‘පතර’ යනු රැස, (සමුහය) අඟවනු සදහා ද යෙදිණි. පියාපත් රැස යනුයි ‘පිය පතර’ යන්නේ අරුත. පියා පත් රැසින් සැරැහුණේ ‘පියපතර සැදි’ යි.

මුතු කලබෙව් දිමුතු’ යන්නත් ‘පළ හෙළ’ යන්නත් පිය පතර වෙසෙසීම පිණිසැ යෙදිණි. මුතු කලබ නම් මුතු රැස යි. ‘එව්’ යනු ‘මෙන්’ සේ, වැනි’ යන අරුත් දෙන අවිය ‍සදෙකි. කලබ එව්, යනු ‘කලබෙව්’ යැයි සැසැදී සිටි. ඒ ඈඳීමෙ නයට ‘පෙරසර ලොප් සඳ’ විදිය යනු සිදත් සඟරා කාරයෝ කියති. ‘පළ’ යනු පැතිරී පෙනෙන, පසිදු යන අරුත් දෙන්නෙකි. ‘හෙළ යන්නේ අරුත ‘සුදු’ යනු යි. පළ හෙළ යන්නෙන් පැතිරී පෙනෙන සුද යනු ඇඟැවේ. කණ කොකා ගේ ‍ෙග් සුද පෙනෙන්නේ ඉගිළුණු විටැ පමණයි. එ හෙයින් උගේ පියා පත් පළ හෙළ නොවේ. මෙ කුකුළා ගේ පියා පත් පළ හෙළ යි හෙවත් පසිදු වැ මැ පෙනෙන සුදින් යුතුයි.

තතු:- මෙ ගීය එළු සැදැස් ලකුණේ සදහන් විරිතකට අනුවැ බදනා ලද්දෙක් නො වේ. මෙහි වසම් පිය දෙකේ මත් නවය නවය ද, සම දෙ පියේ මත් එකොළොස ද ඇති. එ හැටි විරිතකට නමෙක් එළු සදැස් ලකුණෙ නැති. එ හෙයින් මෙය අලගියවන්න රාලහාමින් විසින් අමුතු වැ පහළ කරන ලද විරිතක් අනුවැ හෝ පැරැණි කිවියන් ගේ පබදක් අසරින් හුරුවූ විරිතක් අනුවැ හෝ බදනා ලද්දක් වියැ යුතු. අලගියවන්න රාලහාමිනේ ගී විරිත් පහළ කරන පමණට සැහැසි වන වගේ කිවි කෙනකුන් නො වන බව ඔවුන් ගේ පැදිවල තරමින් මැ පෙනෙන හෙයින් මෙය පෙ රැ ගී කරුවන් ගෙන් දත් ගීයක් අනුවැ කරන ලද බව අපට සිතා ගත හැකියි.









36 සැවුල් අසන් පවත්

එළු සදැස් ලකුණේ වෙසෙස් විසිතුරු බැඳුම් හැරැ සරල ගී නව වගෙකැ ලකුණු දැක් වේ. ඒ ගී වලැ ‍මත් ගණන සිටින්නේ මෙ හැටියි.

ගී. මත්. 9. 11. 11. 11.

පියුමු ගී ,, 8. 11. 8. 14. මත්වල ,, ,, 8. 8. 8. 13. උමතු ,, ,, 9. 10. 9. 10. කවි ,, ,, 9. 10. 9. 11. බමර ,, ,, 8. 11. 10. 13. යහ ,, ,, 9. 11. 11. 11. (සියල්ල ලුහු) දුවඟ ,, ,, 9. 11. 11. 13. යොන් ,, ,, 8. 11. 10. 11.

මේ එකකට වත් සැවුල් අස්නේ මුලැ ගීය අයත් නොවේ. එහි මත් ඇත්තේ 9. 11. 9. 11 ගණනේයි. 9. 14. 9. 14. යන පිළිවෙළට මත් සිටුවා බදනා ලද ගී වෙසෙසෙක් රනස්ගලු තෙර සාමින් ගේ ලෝකෝපකාර නම් පොතේ දක්නා ලැබේ. එ ද එළු සදැස් ලකුණේ නො සදහන් ගී වෙසෙසෙකි. එ නයින් මෙ ද එළු සදැස් ලකුණු කරුවන් නුදුටු හෝ ඔවුන්ට පසු පහළ වූ හෝ ගී වෙසෙසක් වියැ හැකි. පැදි කරුවනට කෙළ සවහස් ගණන් විරිත් පහළ කළ හැකි බව :-

කෙළ සුවහස් විරිත් සදැස් ලකුණු දනු එළුයෙ, එ බඳුන් හොත් කිවියරන් නොවිරිත් නමැයි කොවිරිත්?

යන්නෙන් එළු සදැස් ලකුණු කරුවෝ ද පවසති මේ සැවුල් අස්න ළඟට මැ වැඩි මහලු ‘හස් අස්නේ’






                                                 සැවුල් අසුන් පවත්                                   37

‘සරද හස රද සද පුන් සඳ පහන් පිරිසුදු පියකරු පියන් පිරි පියොවුරු ලෙසින් හොබනා’ යි මුල් ගීය මෙ විරිතින් දක්නා ලැබේ. එ හෙත් මේ විරිත එළු සදැස් ලකුණේ නැතු බව දත් වියතුන්,

‘පියකරු පියන් පිරි පිය පියොවුරු ලෙසින් හොබනා’ යි තුන්වන පියට ‘පිය’ යැයි දෙ මතක් ලා අඩුව පුරා එය ගීතියක් කොටැ ගත් බව කිසි පිටපතෙකින් පෙනේ. අලගියවන්න රාලහිමින් විසින් ඒ අඩුව පුරවන්නට පළමු පැවැති ‘හස් අසුන්’ ගීය දක්නා ලද්දේ ද යනු නො දනිමි. ඒ ගීයේ අඩුව පුරවා ඇත්තේ ‘නිසි’ යි කියැ හැකි වදනක් යොදා නම් නො වේ. එ අස්නේ මැ: -

‘අඟට ගෙනැ රත් මැටි සිටැ දිගට කුර අදිමින් ගවයන් සිටි පොරට ඕවිට බලා සතොසින්’ යැයි අඩුව පුරා නැති ගීයෙක් ද වෙයි. එ ද එක් ගී වෙසෙසක් මිසැ අඩු වීමෙකින් ඇති වූ, විරිතකට නැති ගීයක් නොවන බව එයින් ‍පෙ‍ෙන්. එ සේ නම් හස් අස්නේ මුල් ගීය ආයේ වඩන්නට පිටපත් කරුවන් නැමුණේ හැයිදැ’යි පැනයෙක් නැගේ. එයට කරුණු වූයේ ගියවුන් පස්සේ, ඔවුන් ගිය සේ්න‍ මැ යනු මිසැ ඉන් අමුත්තක් අපේ කිවියන් නො කළ බව කාත් පිළිගත් පවතක් වීමයි. එ තෙක් දක්නා ලද අසුන් කවි (සන්දේශ කාව්ය ) ගීයෙකින් පුරා ඇතිබවත්, එ ළඟට කටයුත්තට බැසැ ඇත්තේ දස පද හෑල්ලෙකින් බවත් නිතින් දුටු අපේ කිවියෝ බුදුනුවන් කටයුත්තකට බැසීම නමකර, තිසරණ, පන්සිල, ද දපා කරන්නාසේ මැ එ ද රැකියැ යුතු සිරිත් පනතක් කොටැ ගත් හ. ආසිරි ගීය ද නිති






38 සැවුල් අසුන් පවත්


දක්නා ලද්දේ මත් 9. 11. 11. 11. යන පිළිවෙළට සිවු පියේ සිටුවා බැදැ ඇති සෙයිනි. එ හෙයින් ‘හස් අසුන්’ කවේ ආසිරි ගීය වඩන්නට පෙළක් පිටපත් කරුවන්ගේ සිත නැමෙනට ඇත්තේ.

2. පෙළ :- කඳ කුමර අත සුලකළ, නඳ, පවර, ම - මිතුර! නුඹ:-

මා නස නම් සරසිනෙන හසරද සිරින්, සිය සඳ ඔදවඩවා,. නිසි ලෙසින් නුබ අරා - එන වරැ,

      (1)	කිරිසිදු තුළිනුලැඟි අම පි‍ඬෙකැ යන සිතින් කුල්මතින් සුර නර මුළු නො මැ ළැගැ වූ ද?
     (2)	නඳුනුයනින් ගිලි කුසුමෙ කැ හැහැවෙමින් ළද සිදඹුවෝ උතුමඟැ නො පැළැඳියෝ ද? සකි සඳ,
     (3)	මහ කිසි දුකක් නො වැ අවු ද?
     (4)	තොප දුටු සඳ මෙසඳ සඳ දුටු කිරණ රඟ!

(කතරගමැ දෙවියා ගේ අතට මනා සේ අලංකාරයක් හෙවත් හොඳ හැරැහිල්ලක් වූ, සිතට තොස දෙන, ඉතා උතුම් වූ මගේ යාළුවේ, ඔබ - මානය නම් විලෙන් එන්නාවූ හංස රජ කු වාගේ, සිත පුබුදුවා ගෙනැ, තමන් හට සුදුසු වන පරිදි අහසට නැගී එන වේලාවේ දී -

(1) කිරිමුද ඇතුළෙන් නැඟුණු අමා කැටියක් යැ කියා සිතේ සැකක් ඇති කොටැ ගෙනැ, කුල්මත් වී දෙව් සමූහයනුත් මිනිස් සමූහයනුත් කිට්ටු වූයේ මැ නැති ද?

(2) නඳුන් උයනින් වැටුණු මලක් යැයි හැගී තරුණ සිද්ධ ලියෝ ඉසේ පැළැදැ නො ගත්තෝ ද?

මිතුරු තුමෙනි,




                                             සැවුල් අසුන් පවන්                                          39

(3) අතර මඟැදී යම් කරදරයකට නො පත් වී ආවහු ද?

(4) ඔබ දුටු විටැ මගේ සිත සද දුටු කිරිමුහුද වැනියි. සරසිනෙන, තුළනුලැගි, නඳුනුයනින්න උතුමඟ’ යනු සරසින් එන, තුළින් උලැඟි, නඳුන් උයනින්, උතුම් අඟ, යන පද ගැළැපීමෙන් සිදු යි. ‘සිදඹුවෝ’ යනු සිදු අඹුවෝ, යන වදන් එක්වීමෙන් සිදු‍ යි.

කුකුළා කඳ කුමරු ගේ අතට මනා අබරණක් බව කීමෙන් ඇඟැවෙන්නේ කඳ කුමරු අතේ කුකුළකු රදන බවයි. එ කුකුළා රැඳීමෙන් කද කුමරු ගේ අත මනා සේ සැරැසෙන බව යි මෙහි කියැවුණේ. එ හෙයින් මැ වනැ කඳ කුමරු‍ ගේ කොඩි කුකුළු රුවින් යුතු කරන්නේ.

‘ග නේ මිණි බැබැළු කිරණෙව් සත පාය ර නේ යටගැ සැවුලිඳු දද ගළ පාය අ නේ ලකළ කළ පුර අප තර පාය පෙනේ දකුණැ මහසෙන් දෙව්රද පාය’

යනුයෙන් කද කුමරු ගේ දෙවොලේ කුකුළු කොඩි ඇති පවත් සැළ ලිහිණි අස්නේ ද සදහනි.

කඳ කුමරා නම්!

     	‘මු  ණු	   සයෙකි අත් දොළොසෙකි මයුරා පිට 	වාහනේ

රූ ණු රටේ පිහිටි කන්ද කදිර දේව රාජනේ’ යි සදහන් වන කතරගම දෙවියා යි. මෙ තෙමේ ලක් දිවේ තෙද බල මහිමයෙන් සිටි ‘තාරක’ නම් අසුර රජු නසනු පිණිසැ බඹු ගේ උවදෙසින් දෙවියන් විසින් මෙහෙසුරු ලා උමාව ගේ කුසේ දා කරවන ලද පුතා ලූ. මොහු ගේ උපත පිණිසැ උමාව කෙරේ මහ ඉසුරා ගේ සිත යොමු කරවන්නට ගොස් ලූ මල්සරා මෙහෙසුරු දළැසැ ගින්නෙන් දා අළු වූයේ. එ පුවත මහා කවි කාලිදාසයන් ගේ ‘කුමර සම්භව’ නම් (සංස්කෘත) කවෙහි විසිතුරුවට පවසා ඇති.





40 සැවුල් අසුන් පවත්


මෙහෙසුරු උමා සමවායෙන් උපන් මේ කදකුමරා ලක් දිවට පැමිණැ තාරකා අසුර රජු නැසු පසු මෙහි අඟනක විසි වී කතර ගමේ රැඳුණේ ලූ. දෙමළු එ අඟනට ‘වල්ලි අම්මා’ යන නම කියති. වල්ලි යනු හෙළුයේ ‘මැණිකේ’ යන්නට සම අරුත් ඇති නමෙකි. ‍ෙපාත්හි මෙ දෙවියාගේ දෙවිය ‘සේනා’ යන නමින් සදහන් වෙයි. යුදට අදිපති මෙ දෙවියා රජුන් විසින් පුදනු ලබන්නෙකි. අඟහරු ගහයා මොහු ගේ ඇසුරේ සිටිල. මහ සෙන්, කුමර, කඳ, සමුව, බරනෙත් ඈ නම් මොහුට ඇති මොහ‍ු ගේ වහන මොනරා යි. අවිය කොතවිය යි.

මානස සරසිය නම් මෙහෙසුරුට නිවෙස් වූ කෙලෙස් ගිර ඇසැ ඇති විලෙකි. අද තිබ්බතයේ (ටිබෙට් රටේ) මනසරාවාර් යන නමින් සදහන් වන්නේ ඒ විල ලූ හංසයන් ගේ නිති විසුම මානස විලේ යැයි පැරැණි දඹදිව් වැසියෝ ඇදැහූ. වෙසෙසින් වැසි අවදියේ දී දඹදිවේ හංසයන් මානස විලේ ලැගුම් ගැනීමට යෙතිය එහි දනෝ අදහති. කුකුළා මානස විලෙන් එන රජ හසකු සෙයින් එන බව කීමෙන් පෙනෙන්නේ මෙ අස්න යැවීමට අලගියවන්න රාලහාමින් විසින් නිලකොටැ ගන්නා ලද්දේ ඇළි‍ (සුදු) කුකුළකු බවයි. ආසිරි ගීයේ දිමුතු මුතු කලඹෙව් පළ හෙළ පිය පතර සැදි යන්නෙන් ද ඒ පෙනෙයි. ඇම කුකුළෝ සුදු පැහැ ඇත්තෝ නො වෙති.

‘නිසි ලෙසින් නුම අරා’ යන තැනැ ‘නිසි ලෙසිනැ’යි කියන ලද්දේ අහසට නැඟිම කළ හැටි ඇඟැවීමට නො වේ. පියාපත් ඇත්තවුන් ගමන් යනු නිසි අහසට නැඟී යි. කුකුළා ද පියාපත් ඇත්තෙකි. එ හෙයන් ඌත් ගමන් යනු නිසි නුබ අරා (අහසට නැඟී) යි, එ ඇඟැවීමට වනැ ‘නිසි ලෙසින්’ යන්න කීයේ. එ හෙත් ගම් කුකුළෝ අහසින් මැ යන්නෝ නො වෙති.








                                            සැවුල් අසුන් පවත්                                  41


අම පිඬු (අමා කැටි) කිරි මුහුද කලඹත් දී එයින් නැඟි බව පුරාණ කතා යි. ඇළි කුකුළා අහසින් එන විටැ ඌ කිරි මූහුද තුළින් නැඟී අමා කැටි‍යක් වෙති යි දෙව් සමුහයනුත් මිනිස් සමූහයනුත් ඌට ළං වීම උගේ ගමනට දුකෙකි. අමා කැටි දැකැ දෙවියන් රළ බැදැ දිවීම නම් සිරිති. එ හෙත් නරන් ‘අමා’ කැටි මත්තේ දිවෙන බවක් හෝ අමාව වළදිනා බවක් හෝ ලොවේ නො පළයි. එ හෙයින් මෙහි ‘සුර නර මුළු’යි නර යන්නන් යෙදීම නිකමට මිසැ නයට නම් සුදුසු නො වේ. මිනිස්සු සිතින් මිසැ කටින් අමා නුබුදිති.

‘හැඟැවෙමින්’ යන තැනැ ‘වෙමින්’ යනු නිකම් පද පිරැවීමෙකි. ‘හැඟැ’ යනු නිසි අරුත දෙන්නට පමණ වෙයි. හැඟී මෙ ‘හඟ’ දය ‘හඟී, හඟිති, හැඟී, හිඟි’යි දෙකල් දෙ බසෙහි වරනැගේ. එහි පෙර කිරිය සිටිනේ ‘හැඟැ’ කියායි. හැඟැවෙමින් යනු ‘දැකැවෙමින්’ යන්න සේ අසබායි. මේ ‘වෙමින්’ යන්නක් ගැට ගසන්නට සිදු වූයේ අලගියවන්න රාලහාමින් සෙසු පොතින් තමාට පාඩම් වී ඇති ‘මල් කැතෙකැ’ යන්න සිහි කොටැ එය ‘කුසුමෙකැ’ කියා වෙස් මාරුකැරවීමේදී ඇති වූ දිග මඳ බව මකා ලීමට බව පෙනේ.

තිසර අස්නේ මෙ තැනැ මැ ඇති දස පද හෑල්ලේ :-

‘දෙව්ලොව් නෙත අම පි‍ඬෙකැයි සත පිනෙති දෙව් තොප දැකැ වට නො කළෝද සදෙකිනි?

උ ය ති න් නඳුන් ගිලි මල් කැනෙකැ වී හැග සොබමන් ත දැකැ නුවු ද සිදඹුවො ළඟ? ග ම න න් දුකෙක් නො ‍වී ද සකි අතර මඟ? යන කොටසත්, පරෙවි අස්නේ ද මෙ තැනැ මැ ඇති දස පද හැ ල්ලේ :-






42 සැවුල් අසුන් පවත්


‘සදෙකි න් නදුනුය‍නිනෙන මලෙකැ සුරනබේ ස‍ඳෙකි න් අවුත් වටලා නොදැමුද ඉඹේ? නි දු කි න් අ වු ද සකි සඳ අතර මඟැ නුබේ? යන කොටසත් මෙහි දී රාලහාමින් සිහිපත් කළ බව නම් එකති.

තිසර අස්නේ ‘මල් කැනෙකැ වී හැඟැ’ යන තැනැ ‘වී හැඟැ’ යනු ‘හැඟ වී’ යැයි ගත් සෙයක් රාලහාමින් හට පෙනෙන්නට ඇති. එ හෙත් එහි ‘වී’ යන්නේ අරුත ‘කියා’ යනුයි. මල් කැනෙකැ වී හැඟැ’ යන්නෙන් අදහස් කරන ලද්දේ ‘මල් කැනක් යැ යි හැඟී’ යන්නයි. යී, වී, යන දෙක මැ දෙන්නේ ‘කියා’ යන අරුතයි.

‘වියා, වියති වියී, වියූ, යනුත්, ‘කීයා කියති කියී කියූ, යනුත්, ‘යේ යෙති යී යූ, යනුත් හෙළුයේ දෙන්නේ එක් අරුතයි. වී කියා, යී, යනු එ තුන් විදියේ පෙර කිරි ය වදනු යි.

‘මෙ වියූ වීබත් සයට මැ කරු නම්, වියූ පඬුවෝ, (සිදත් සඟරා) යන තැනැ ‘වියූ’ යනු කියූ යන අරුත දෙයි.

‘නොබා අප වාදය කෙරෙමියි කියයි වාදය’

‘කෙරෙමි යෙයි වාදේ මෙසවු අයටත් සිල්ප සෑදේ’ (ගුත්තිල දා කව) යන තැන්හි ‘කියයි’ ‘යෙයි’ යන දෙ වදන මැ දෙන්නේ එක් අරුතයි.

ළද සිදඹුවෝ නම් තුරුණු සිදු ලියෝ යි. සිදුවෝ නම් හිමවත මැතැ අහස් පියෙසේ ගැවැසෙතියි සලකන ලද සුළු දෙව් වෙසෙසෙකැ ඇත්තෝ යි.




                                                සැවුල් අසුන් පවත්                                     43

‘විදුදර, අසර, යක්, රකුස්, ගදඹ, කීනුර, පියස්, ගෙහැකි, සිදු, බූ’ යැයි දස දෙව් කුලයක් වෙතියි යෙති. අමර සිංහයෝ:-

‘විද්යාලධරෝප්සරෝයක්ෂ- රක්ෂෝ ගන්ධර්ව කින්තරාඃ පිශාචෝ ගුභ්යවකඃ සිද්ධෝ භූතෝ මි දේවයෝනඃ. යැයි එ සදහනි. අට කරුණක් සිදු කොටැ ගෙනැ සිටිනා හෙයින් සිදු වනට එ නම් යෙදේ ලූ.

‘සුළු වීම, මහත් වීම, ලුහු වීම, ගුරු වීම, කුමකට වූවද පැමිණීම, රිසිය නො වැළැක්වියැ හැකි බව, පබු බව, විසි කරන බව යන අට කරුණ ඔවුන් සිදු කොටැ ගෙනැ ඇත්ලූ.

‘අණීමා මහිමා වෛව ලඝිමා ගරිමා තථා ප්රාාප්තිඃ ප්රා කාම්ය මීශීත්වං වශීත්වං වාෂ්ටසිද්ධයඃ’ යනුයෙන් හින්දුවෝ ඒ සදහන්.

තොප දුටු සද යන තැනැ ‘සද’ යනු ‘කල්හි’ යන අරුත ද, ‘මෙසද’ යන තැනැ ‘සඳ’ යනු සිත යන අරුත ද, ‘සද දුටු’ යන තැනැ ‘සද’ යන්න ‘හඳ’ (චන්ද්රදයා) යන අරුත ද, දෙයි.

සද එළියට කිරි මූහුද ඔද වැඩෙන බව පසිදුයි. කිරි මූහුදේ පමණක් නොවැ කොහින් සඳින් ඔද වැඩීම වන බව දක්නා ලැබේ. මෙහි කිරි මූහුද මැ සදහන් වූයේ සද එළියත් කිරි මුහුදත් එක් සේ සුදු හෙයිනි. අමාවට උපත් තන් වූ කිරි මුහුද සිත්මත් (හිතලූ) එකෙකි.

3. පෙළ:- මෙ මුළු පුවතර සක්වළ ගබ මැදුරු තුරු, පබසර මිණි මිතුරු මෙන් අඳුරු දුරලන දින කර එන යන වර කවර බව දැනැ, මෙ විතර පමණ යැයි කවුරු නිබොරු පවසති?




44 සැවුල් අසුන් පවත්

(මෙ මුළු මහත් සක්වළ කුස නැමැති ගෙ ඇතුළේ අඳුරු දුරු කරන, පබසර මැණික් පාන මෙන් අඳුරු දුරු කරන ඉර බස්නා පායන වේලා ක‍වරේ දැ යි දැනැ මෙන්න මේ වෙලාවට පමණ ඇති’යි කවුරු නම් නො වරදින්නට පවසති ද? ‘පුවතර’ යන්නෙන් දෙන්නේ ‘පසිදු’ යන අරුත යි, එහෙත් මෙහි එ යොදා ඇත්තේ ‘මහත්’ යන්න සදහා යි. මුළු මහත් සක්වළ ගබ අඳුර පිරි ගෙ තුළක් සේ ද, ඉර එ ගෙ තුළින් අඳුර දුරු කරන පබසර මිණි පානක්මෙන් ද මෙහි සැලැකිණි. මිණිපාන නම් ගිනි දල්වනට කඩ වැටියක් නොලා වැට (වැටිය) ට මැණිකක් යෙදූ පානයි. ‘පබසර’ යන්නෙන් අදහස් කරන්නේ ලොවැ ඇතිතාක් පැහැ වෙන් වෙන්වැ එක් තන් කළ විටැ ඇතිවන පෙනීමයි.

‍’ලොවැති පැහැ එක් කොට කළ රුසිරු සිතියම් පට විදහන මෙන් රැවට දිවි පබසර කැලුම් එකවිට

‘ඇති සියලු ලොවතුරු පැහැය ගෙනැ ඇළැලු යුර කැලුම් කද පබසර දිටි තල් කද පමණ මනහර ඈ විසින් පැරැණි ගත් කරුවන් පබසර කැලුම් සදහන්නේ එ හෙයිනි. එ පැහැගේ ලෙසත් අපට පලිඟු වීදුරු අසෙකින් දැක්කැ හැකි. ඉර බස්නාවේලා ආසන්නයේ ගස් නැගී හැඩැලීමත් ඉර පායන්නාට පළමු හඬලා ගසින් බැසීමත් කුකුළන් කරනු සිරිති. ඔවුන් ගේ ඒ වේලා දැන්ම නො වරදිනා එකෙකි. එ සැටියට, නො වරදිනනට වේලා නියම දැනැපවසන්නට කුකුළාට මිසැ වෙන කාටත් බැරි බවයි මෙ කීයේ. සෙසු ඇදුරන් ගැණැ බලා කී නකත් වේලා වරදන්නට පිළිවති. එයින් ඔවුන් ‍ෙග් කීම් බොරු වන්නට ඉඩ ඇති. කුකුළා ගේ කල් දැනීම වරදින්නේ නැති. එයින් උගේ කීම බොරු නොවේ. ‘එ හැටි නො






                                                     සැවුල් අසුන් පවත්                                45

වරදින්නට නකත් වේලා දැනැ කීම කුකුළාට මැ මිසැවෙන කාටත් බැරි බව කීමෙන් ඇඟැවෙන්නේ ලොවේ බොරු කාරයකු නොවන එක මැ නැකැත්තා ඌ බවයි.

‘මැදුරුතුරු’ යනු මැදුරු අතුරු’ යන දෙපදය එක් කිරීමෙන් නිපදවන ලද්දෙකි.

1. පෙළ:- දිව, තද තෙද බලැති, සක, හර, වෙන් පවා නන් අවි සෙන්සහ ගෙනැ විරිදුන් නසති; පද පහරින් රුපුන්වනසන, අබිමන් ඇති තොප විකුමන් නත මුත් කවුරු පවසති?

(දෙව් මහිමය මැ වූ දැඩි තෙදන් බලත් ඇති ශක්ර , ඊශ්වර, විෂ්ණු යන මූ පවා නො එක් අවිත් බල පිරිසුත් ඇරැගෙනැ සතුරන් වනසති; පා පහරින් සතුරන් වනසන පමණට එඩින් මනුත් ඇති තොපගේ සපන් කම් අනත් නා රජු හැරැ වෙන කවුරු කීයත් ද?)

සපන් කමින්, එඩියෙන්, මානයෙන්, කුකුළා සක් දෙව් රජුටත්, මහ ඉසුරාටත්, විෂ්ණු හටත් වැඩියෙන් ඉහළ බව යි මෙ වැනුමෙන් පැවැසුණේ.

‘සක්’ දෙවියා තද තෙද ඇත්තෙකි, මහ බල ඇත්තෙකි; ඔහු ගේ එ තෙදත් බලත් අණ තෙද හෝ වෙර බල හෝ නො වෙයි, දිව මහිමය විසින් පවත්නා උතුරු තද තෙද බල යි. එ හැටි ‍තද තෙද බල ඇති සක් දෙවියා සතුරන් නැසීමට යන්නේ වෙසෙස් බල ඇති වරද (වජ්රතය හෙවත් හෙණය) නම් අවිය ගන්මිනුයි. ඒත් තනි වැ නො වේ, බල සෙත් ද පිරිවරා ගෙනැයි.

‘හරා’ නම් වූ මෙහෙසුරා දිව තද තෙද ඇති පරම දෙවියා යි. ඔහු ද රුපුන් නසන්නේ තිසුලවිය (හෝ වේලායුදය හෝ) ගන්මිනුයි.

‘තිසුලවි ගත් කරින් කළු පැහැ රැගත් උගරින්, යැයි (බුදුගුණ අලංකාරයේ) සදහන් වන්නේ එ හෙයිනි. එ මහ දෙවියාත් රුපුන් නැස්මට යන්නේ සහ පිරිවරිනි.




46 සැවුල් අසුන් පවත්


‘වෙන්’ (විෂ්ණු) දෙවියා පරම බල කඳ යි. එ දෙවියා ද රුපුන් නස්නට යන්නේ යගදාවක් ගන්මිනු යි.

‘ගත් යගදා අතට පත් දිව ගුරුළු යහනට’ යි (බුදු ගුණ අලංකාරයේ) ඔහු සැටි සදහන් වෙයි. ඔහු ද සතුරන් නැසීමට යන්නේ සහ පිරිවරිනි.

කුකුළාට කිසිදු දිව තද තෙදෙක්, දිව බල මහිමයෙක් නැති. හේ කිසිදු අවියක් නො ගෙනැ තනිවැ මැ ගොස් රුපුන් හට පහර දී ඔවූන් නසති. පහර දෙන්නේ ද අතින් වැත් නො වේ, පයිනි. එ හෙයින් කුකුළාගේ සපන් කම් වෙසෙසියි. එ වැනීම අනත් නම් (මුව දාහක් ඇති) නා රජුට මිසැ වෙන කාට වූවද බැරි යි.

වැනීම හැකිවන්නේ කටවල් වැඩි වූ පමණට යැ යි. අපේ පැරැණි මිනිසුන් සිතු බවෙක් මින් පෙනේ. කවර කවියාත් වැනීමක් අවසන් කරන්නේ මේ මුව දාහේ වදන් මත් නා රජුට ඉතිරි සරිය පැවැරීමෙනි.

බලැති, අබිමනැති, යනු බල ඇති, අබිමන් ඇති’යි වහරේ දී බිඳී සිටි.

	5. පෙළ:-  මිතුරු කෙසර තෙල් මන රන පතිනි දර, දිනකර සිරිනි මිතුරු තඹර නද දුන් දිවි දෙවැනි කර තමා මන් පතුරුවන මිතුර!

මා තෙපලන මෙ බස සවන් පුර.

(යහළු ගුණය නැමැති සිහ තෙල් සිත නැමැති රන් පාත්තරයෙන් දරන්නාවූ, ඉරු ගේ විලසින් යහළුවන් නැමැති නෙළුම් මල් තුටු කැරැ වූ, පණට පළමු තමා ගේ මානය පතුරුවා හැරීම සලකන යහළුව! මා කියන මෙ වදන් අසන්නැ.)

සිහ තෙල් හිඟ දැයෙකි. එ හෙයින් අගනේ ද වෙයි. සිංහයා උතුම් සතකු හැටියට සලකන ලද්දේ යි. එ හෙයින් සිහ තෙල් උතුම් දැයෙක් ද වේ. මෙහි තෙල්




                                       සැවුල් අසුන් පවත්                               47


යනු ගිතෙල් සදහා යෙදෙන්නේ යැයි. අයෙක් යෙති. එසේ නම් සිහ ‍ගිතෙල වඩාත් අගනේ ද උතුම් ද වෙයි. උතුමෝ උතු‍මන් කෙරේ මුත් පහතුන් කෙරේ. නොරැදෙති. එ සෙයින් මැ උතුම් දැයක් උතුම් දැයකෙරේ මියැ පහත් දැය කෙරේ නො රැ‍ඳේ. එ සේ හෙයින් උතුම් දැයක් වූ සිහ තෙල එ සෙයින් මැ උතුම් දැයක් වන රන් බදනෙහි මුත් සෙසු තැනැ නො රදතියි සම්මත පුවතෙකි.

මිතුරු දහම් උතුම් දැයෙකි. ඒ මිතුරු දහම සිහ තෙල වතොත් ඒ රදනා රන් බදනා තමා කුකුළා ගේ සිත. කුකුළා මිතුරු දහම නිසගින් රක්නා බව යි. මේ කීයේ.

‘හෙම් පත් අයුරු සදහම් සීතෙල රදන දම් කි ත් මෙ මාහිමි සද සමඟ උදුළන’ (කොවුල්) යන්නෙන්ද සදහන් වූයේ මෙ හැටි මැ උවමෙකි.

රන් බදනෙහි කෙසර තෙල් අඩු නොවී පවතින මෙන්, යැයි රනස්ගල හිමියෝද මේ සිහ තෙල් කතාව කී හ.

හිරු රසින් යැ නෙළුම් මල් පුබුදු වන්නේ යනු ද පසිදු පවතෙකි. පුබුදු වීම සිදු වන්නේ ස‍ෙතාස ඇති වීමෙනි. හිරු දැකැ, එ දුටු තොසින් නෙළුම් මල් පුබුදු වේලු. මේ කුකුළා දුටු විටැ උගේ මිතුරෝත් තොසින් පුබුදු වෙති. එ හෙයින් මිතුරෝ නෙළුම් මල් බඳු වෙති, මෙ කුකුළා හිරු බඳුයි.

‘මිතුරු කෙසර තෙල්, මන රන පතිනි, යි පළමු පියේ උවම යොදා ඇති හැටිය හා නො ගැළැපේ, දින කර සිරින් මිතුරු තඹර (නද දුන්)’යන උවම යොදා ඇති සැටි. ‘මිතුරු තඹර නඳ දුන්’ යනු ද හොඳ යෙදුමෙක් නොවේ. ‘මිතුරු තඹරනට නදදුන්’ යැයි යෙදිණි නම් මදකට දොස මැකේ. එ හෙත් විරිතින් එයට ඉඩ නො ලැබේ.






48 සැවුල් අසුන් පවත්

‘සතුරු සුර අඳුරු එක පැහැර දුරු කළ මිතුරු තඹුරු වන නිරතුරු පුබුදු කළ’ (සැළ) යන තැනැ නම් ඒ යෙදූ හැටි මැනවි.

මිතුරු නද දුන් යනු ‘ගොනුන් තණ දුන්’ යන්න මෙන් අසබා යි.

‘කුකුළා දිවි යතන් තමා ගේ අබිමන නම් බස්වන්නේ නැති’ යනුයි, දිවි දෙවැනි කර මන් පතුරුවන, යන්නේ අදහස.

6. මිතරු කොඳ නඳ සඳ සබඳ, තොප අදහස ලෙසින් මෙ දැන් මම් කුම් කෙරෙමි දෝ හෝ.

යහළුවන් නැමැති කොද මල් පුබුදුවන්නට සද වන් වූ සබදාණෙනි, ඔබේ හිතේ හැටියට මම් මෙ දැනි කුමක් කෙරෙම් ද (යත් හොත්.) ..............

‘මිතුරු කොද නද සද’ යන්නෙන් අදහස් කැරෙන්නේ මෙ සබදා (එනම්, කුකුළා) නිසා හදට කොඳ පිපෙන්නා වගේ යහළුවන් පුබුදු වන බවයි.

මෙ වැකිය පරෙවි අස්නේ . ඇති :-

‘මෙ මා මන මැදුරුතුරු මිතුරු යුරු මිතුරු සද මෙසද කුම් කෙරෙම් දෝ හෝ! යන්නට සමයි.

7-8. පෙළ:- සොබන, තඹර කරේ කිරණෙව් දිගතැ පැතිරෙන පහ කොත් මිණි රැසින අඳුර දුරේ හළ, අමරපුරේ ලෙසැ සව් සිරි නොමන පිරි,

සපරපුරේ - තෙමහල් පහතුරු රදන බඹසුරනර - තු‍ෙරන සමන් කෙනකුනු, සමන්බඳුරු සිරිපද ලස නමදිමින සමන් ගිර නිවෙස් කැරැ නිරතුරු වසන, සමන් සුරිඳු දැකැ මෙ හසුන් දෙව්.

(හොබනා තැනැත්ත, හිරු ගේ කැලුම් සෙයින් දිසා කෙළවරතෙක්’ පැතිරෙන්නා වූ මැදුරු කොත්වලැ මැණික් එළියෙන්’



                                       සැවුල් අසුන් පවත්                               49

අඳුර දුරට හැරියා වූ, දෙව් පුරය සේ සියලු සැපත් පමණක් නැති වැ පිරි ඇත්තා වූ,

සපර පුරයේ, තුන් මාල් මැදුර ඇතුළේ නැවැති සිටින්නා වූ,

බඹුන් සෙවියන් මිනිසුන් අතරේ - තමහට - සරි කෙනකු නොවූ බුදුන් ගේ සිරි පා ලකුණ වඳිමින් සමනොළ නිති නිවෙස කොටැ ගෙනැ විසීම කරන සමන් දෙව් රජු වෙතට ගොස් මේ අස්න දෙන්නැ.)

රැසින, නොමින, බඹසුරනරතුරෙන, යනු රැසින් නොමින්, බඹසුරනරතුරෙන් යැයි වහරේ සිටිනු යි සරි. බඹ සුර නර අතුරෙන් යනු එකට කැටි වීමෙනුත් සන්ධි වීමෙනුත් ‘බඹ සුරනරතුරෙන්’ යැයි සිටි. බඹහු ද සුරෝ ද නරෝ ද බඹ සුරනරෝයි.

‘තඹර කර’ යනු හිරු සැදැහීමට යෙදිණි, හිරු ගේ රස් තඹ (තාම්රද) පැහැ ඇති හෙයිනි. එහෙත් ඒ පළ නමෙක් නො වේ. ‘තඹර අකර’ යනු එක් වී ‘තඹර කර යැයි සිටි. තඹරනට හෙවත් නෙළුම්වලට ආකාර වන්නේයි විලට ඒ නම යෙදේ. එ හැටි පළ අරුතක් ඇති වදනක් පළ නොවූ අරුතක් දීමට මෙහි යොදන්නට වූයේ ‘සපර’ යන්න හා එළිසම වැ සිටීමට ‘හිරු’ අඟවන අන් වදනක් නො දැක්මෙනි.

නො මැරෙන්නෝනු යි දෙවියනට ‘අමරැ’යි නමෙකි. අමරයන් ගේ පුර අමර පුරයි. පුරය යනු කැටි වීමෙන් ‘පුරේ’යි සිටි. කොළය, කොළේ; කැලය, කැලේ; වනය, වනේ ආදිය මෙනි.

සපර පුරයට දැන් ‘සපරගමුව’ යනු පැවැසේ. සබරගමු යනුදු බොහෝ විටැ ඇසේ.

මෙහි ‘තෙමහල් පායි’ යි කියන ලද්දේ සොල්දර තට්ටු තුනක් එ පායට වූ හෙයින් නො වේ. පිටතින් පියැස්ස මාල තුනක් වැ පෙනෙන සේ යොදා ඇති හෙයිනි.






50 සැවුල් අසුන් පවත්

සමාන කෙනකු යන අරුත දෙන්නට ‘සමන්’ කෙනෙකු යි යෙදීම ද වියතුනට රිසියෙන්නේක් නො වේ. එ ද සුරිඳු ගේ නම වූ ‘සමන්’ යන්න හා එළි වැටට සිටිනා සේ වෙනස් කරන ලද්දෙකි. ‘සුර ඉඳු’ යන දෙ වදන එක් වීමෙනුයි ‘සුරිඳු’ යනු වූයේ. ‘නු’ යනු ‘නොවූ’ යන්න කැටි වීමෙන් ඇති වූවෙකි. ‘සමන් බඳුරු’ යනු බුදුනට නමෙකි. ඒ ‘සමන්තභද්රන’ යන්නේ එළු හුරුව යි. පිරිපදලස යන තැනැ ‘ලස’ යනු ලකුණ යන අරුත් ඇති ‘ලාඤ්ඡන’ යන්නේ එළු මුණුවර යි.

‘සපර පුරේ තෙමහල් පහතුර රඳන, සමන් ගිර නිවෙස් කැරැ නිරතුරු වසන සමන් සුරිඳු’ යි කීම මදක් හැඩ මද සේ පෙනේ. සමන් ගිරේ නිති වසන දෙවියා සපර පුරේ පායේ රැදී සිටිති යි කීම සිනා උපදවන්නෙකි. මෙහි තෙමහල් පායේ රැදෙනවා යැයි කීයේ සමන් දෙවියා‍ ගේ පිළිමය සලකා යි. සමන් ගිර නිති නිවෙස් කැරැ වසනවා යි කීයේ බසින් ඇසෙන පමණක් වූ සමන් දෙවියා සලකා යි. ‘නිරතුරු වසන’ යනු වෙනුවට නබද ගැවැසෙන’ ‘නිරතුරු සරන’ ඈ විසින් යොදන ලද්දේ නම් මේ අසබා පවත මැකී යයි.

9. මිතුරු හර- ලකළ- කළ- මෙරද රද- විසුළ ලෙළ- තරළ මිණ- සදිසි වූ - මිතුර රස - බස් නුසුන්- ඒ අසුන් - කියමි මතු - දැන් මෙ තොප- නිකුත් වන- සව් ඉසුරු - නුමුත් වන - මෙ පුරැසිරි - සර වැනුම්- මිණි කො‍ඬොල්- තා සවන් - සද.

(මිතුරන් නැමැති මුතු වැළ හැරැහුවා වූ, රස් රොද - වල් පැතිරී බබළන අග මැණික් බඳු යහළුවේ, රසවදන් නැසී නැති ඒ පහිණය මතුවට කියමි. දැනට මෙ ඔබ පිටත් වන්නා වූ - සියල් සැපත් නො මිදී පවත්නා මේ පුරයේ මහිමය වැනීම ඔබේ කනේ මිණි කොඩොලක් පළදින්නා සේ අසන්නැ)

‘හර’ යනු මුතු වැළට නමෙකි. ‘මෙරද රද’ යනු ‘මරීචි රාජි’ යන්න මැ එළු මුණුවර ගන්වා කළ නිපැදැවීමෙකි. ‘තරළ මිණ’ නම් ඇට වැළෙකැ මහ මිණ යි.






                                   සැවුල් අසුන් පවත්                                    51

දැන් එ වෙනුවට ලොවාදුක් (පැංඩනයක්) යොදනු: පෙනේ. ඇට වැළ එය නොමැති විටැ හොබනේ නැති ලු.

‘වෙළ නැති සයුර මෙන තරළ මිණ නැති හර මෙන’ (දහම් සොඬ) යනුත් මේ රාලහාමිනේ ගේ මැ යෙදුමකි.

‘උ දු ළ තරළ මිණ වෙන් ඇර - ගනී තමා පු ව ළ තනිඳු හට පමුණන ලෙසින් බමා ත ර ළ නැබළ රළ ගොස පහළ කැරැ දමා වෙ ර ළ වතළ සිඳු රඟ බලග නෙත් යොමා (ගිරා) යන්නෙන් ‘තරළ’ යනු ‘ඉහළ’ යන අරුත දෙන බව පෙනේ.

10. පෙළ:- ම මිතුර, සේ පැහැසර තාරක පති සෙ දුළ යසැති, මුළු දියතෙක නැබළ මාතාවක වන් හැම වර සිරි දී තා රකවරණ කළ, ලකළ සීතාවක පුර ‍දනු.

(මා යහළුව, සුදු පැහැයෙන් සරු සද සේ දිළෙන යසස් ඇත්තා වූ, මුළු ලොවට මහත් වූ එක මවක බදු සියලු කල්හි සැපත් දෙමින් ඔබ ආරක්ෂා සෙවණ කළා වූ, අලංකාර වූ සීතාවක පුරය දන්නැ.)

යසැති, දියතෙක, රකවරණ, යනු ‘යස ඇති, දියතැ එක, රක අවරණැ’යි සිටි පද ගැළැපීමෙන් වූයේ යි.

මේ පැදිය ‘සීතාවක’ යනු සිතැ ගන්වා ගෙනැ එය එළි වැටෙක්හි ලා බඳින්නට යාම නිසා ගැන්මකට නැති පලාපයක් බවට පත් සේ පෙනේ. ‘තාරක පති’ යනු හොඳ එළු නො වේ. ‘තුරු පති’ යනුයි එහි නියම එළු වදන. සකුයේ වුවද ‘තාරා පති’ යනු මිසැ තාරක පති යනු පැසැසුම් නො ලබයි. ‘තාරක’ යනු පළ කරන්නේ අසුර රජකු ගේ නමෙකි.





52 සැවුල් අසුන් පවත්

‘මුළු දියත එක මාතාවක වන්’ යනුත් දෙන්නේ පැසැසුම් නො වේ. මුළු ලොවට ‘එක මවැ’යි කියනවා මිසැ ‘එක මවකැ’ යි කියනු නො යෙදේ. ‘එක මවක්’ යැයි නොකීවාට ‘මවක්’ යැයි කී පමණින් මව ගේ එක් බව ඇගේ. ‘එක මවක්’ යැයි කීමෙන් ඇ‍ඟෙන්නේ බොහෝ මවුන් ගෙන් එකක බව යි. එ හෙත් මෙහි අදහස් කරන ලද්දේ ‘එක මැ මව’ යන අරුත යි.

‘‍ෙලාවට කුලුණින් සදිසි මාතා’ (කව්සේකර) යන තැනැ එක් යනු තැතත් ඒ අරුත ලැබේ. ‘නැබළ’ යන්න ද ‘මාතාවක’ යන්නට නිසි වන වෙසෙසුනෙක් නො වේ. මෙ සියලු අවුල් වූයේ එළිවැටේ බලයෙනි.

‘මහ දොසෙහි විළි යේ නැබළ බල බලව එළි කෙළියේ (විරිත් වැකිය) යනු සිහි වන්නේ මෙ වන් තැනැ දී යි.

‘මුළු දියතෙක’ යනු මුළු දෙරණෙකැ,යි පෙරළා සිවු වන පියේ දනු ම මිතුර යනු ‘ම මිතුර දනු’ යි පද මාරු කිරීමෙන් තවත් එළි වැටක් බැදැ ගන්නට හැකි වුව ද අපේ රාලහාමින් හට ඒ නො පෙනුණේ ‘සිතාවක’ යන්නට එළි වැටක් බැඳීම එක් මැ අරමුණ වැ සිතේ පැවැති හෙයිනි.

11. පෙළ:- දිගත පැතිරෙන මන හර සඳ කැන් හරණ කිරණ රැඳි, තරසර, තුඟු පිළිමිණි පවුර - නරවර නරණ රඳනා මෙ නුවර කිරණ වට කර - අනත නාරද ලූ දරණ වැනි.

(දිසා කෙළවර තෙක් විහිදී යන, සිත් ගන්නා, සඳ එළිය බඳු රස් රැඳී පවත්නා, නො සැලෙන සවි ඇති උස් පළිඟු තාප්පය - රජු නැමැති වෙනු - එ නම්, විෂ්ණු - නැවැතී සිටිනා පුරය නැමැති කිරි මූද වටේට අනත් නම් නා රජු ලා - ගත් දරණ වාගේ යි.)

පැදියේ දෙවන පිය තරසර තුඟු පවුර රැඳි පිළිමිණි කිරණ’ යැයි ද දක්නා ලැබේ. එ සේ වත් හොත් පිළිමිණි කිරණ රැඳී......පවුර’ කියා මිසැ ‘කිරණ රැඳි..........




                                  සැවුල් අසුන් පවත්                                     53

පිළිමිණි පවුර’ කියා පෙළ ගන්නට ඉඩෙක් නැති. එ විටැ අදහස් කැරෙන්නේ ‘..........සඳ එළිය බඳු පළිඟු කැල්ම රැදී පවත්නා......... පවුර’ යනු යි. නැති පළිඟු පවුරක් සදහන් කරනවාට වඩා ඒ ඉතා මැ සුදුසු වෙතත් අපේ රාලහාමින් හට නිති හුරු පුරුදු ‍පළිඟු පවුරු මැ හෙයින් මෙහි ද ඒ මැ ගන්නට සිදු විණි.

‘තුඟු ගොපුර පණ කැර

	 නත ලු දරණ වැළ		  යුර
	 එ පුරැ			 පිළිමිණිවුර
	 දිළෙයි සුරපුර හිමි වැ      හැමවර’  (දහම්සොඬ)

‘අගළ පිළිමිණ උර සිටි නා සුර දෙ පුර හිමි කර’ (කුසදා)

යන තන්හිදු රාලහාමින් සදහන් කරන්නේ පිළිමිණි පවුර මැයි.

අනත් නා රජු සුදු යැයි සම්මත හෙයින් ඔහු ගේ දරණ වැළට පවුරක් සම කිරීම වැරැදි නොවේ.

‘පබා විහිදි පවුරට නත දරණ යොමා ‍ෙනාබා කියමි නො සරිද යම්තමක් තමා’ (ගිරා)

යනු එ සැටි සුදුසු යෙදීමෙකි. එ හෙත් කිරි සයුරක් වටා අනත් නයකු දරණ ගැසීමක් කීම අසබායි. සිරි රජ සිහ රජු වෙන් දෙවි හැටියටත් සීතාවක පුර කිරිමුහුද හැටියටත් මෙ අසු අස්සේ මැ සදහන්නට යාමෙන් මෙ අවුල වූ බව පෙනේ. වෙන් දෙවියා කිරි මූහුදේ අනත් නා රජු ගේ දරණ වැළ පිට සැතැපෙන බව සමය කතා යි. එහෙත් කිරිමුහුද වට කොටැ අනත් නා රජු දරණ ගසන බවක් අසන්නට නො ලැබේ.

‘නාරායණ’ යනු වෙනු දෙවියාට නමෙකි. එ මැ එළුවට හුරු වී ‘නරණැ’ යි සිටි. ‘කිරණ’ යනු ‘කිරි අණ’ යන දෙව දන එක් වීමෙන් නිපණ. අණ (අර්ණවය) නම් මූද යි.





54 සැවුල් අසුන් පවත්


12. පෙළ:- පැහැදුළ, තුඟු, පළ හෙළ පවුර අබියෙස - රළ පෙළ වතළ කළ, ලෙළ - දිය’ ගළ විලස දළැසරඟ දෙන වරැ ගත අඹළ වෙයින් කෙලෙස වටැහුණු, දළ සුලකළ, අහස් ගඟ වැනි.

(පැහැය පතුරුවමින් දිළෙන්නා වූ, උස් වූ, පැතිරි සුදු පැහැ ඇති, තාප්පය ඉදිරියේ - රළ පෙළ වතුරුවා හැරියා වූ, බබළන්නා වූ - දිය අගළේ හැටිය මහ ඉසුරා නටන වේලායේ දී ඇඟ කැරැකැවූ වේගය නිසා කෙලෙස් ගිරා වටා වැටුණු - ජටාවට මනා අබරණක් වූ - අහස් ගඟ බඳුයි.)

පැහැදුළ, දියගළ, ගතඹළ, දළැස, යනු පැහැ උදුළ දිය අගළ, ගත අඹළ, දළ ඇස’යයි බිඳී සිටි.

නළලේ ඇසක් ඇතියෙන් දළැස (දළ ඇස) යනුයෙන් ද මහ ඉසුරා සදහන් වෙයි. අහස් ගඟ මහ ඉසුරා ගේ දළ මඬලේ දහර වටා ගොස් ලූ බිමට ඇදැහැළෙන්නේ. ඔහු බහුරි රඟ නම් නැටුමේ යෙදී සිරුර වෙයින් කරකවන විටැ ඒ ග‍ඟේ දිය දහරා ඉහිරී ගොස් කෙලෙස් ගිර වටා වැටෙයි. මහ ඉසුරා නටන්නේ කෙලෙස් ගිර මුඳුනේ සිටැ ගෙනැයි. මහ ඉසුරා ගේ මේ නැටීමත් ඔහු ‍ෙග් දළ මඬලින් අහස් ගඟ විහිදී යාමත් අපේ කිවියෝ නිති සදහන් කරති.

‘පිළිමිණි පවුර ළඟ බබළන දිය අගළ රඟ ගත හර බහුරි රඟ කෙලෙස වටැහුණු වැන්නැ සුර ගඟ’ (කුසදා)

යන්නෙන් ද මෙ රාලහාමින් කියන්නේ ද මේ මැයි.

‘අඹළ වෙයින් ගත ප‍ඬෙරඟ රඟන ‍වරා (කොවුල්) යනුවෙන් ද සැදැහුණේ මහ ඉසුරා ගේ මේ සුරලය යි. ආදි කපේ දී අහස් ගඟ වූ යේ හිම වතින් ඇදැහැළෙන්නා වූ ‘ගංගා’ නදියේ ඉහළ ‍ෙකාටසයි.




                                   සැවුල් අසුන් පවත්                                    55

‘අහස් ගඟ යමු නා එක් වූ තැනැහි දි නා පයාගයැ දිය නා ගිමන් සැනැහී කුමරු දිය නා (කවිසේකර) යනු අපේ පඬුවන් එ දත් බව පළ කරයි. එ හෙත් කිවියන් බෙහෙවින් සදහන්නේ දෙව්ලොව ඔස්සේ එන්නා වූ සිත් මත් අහස් ග‍ඟෙකි. එය වෛකුණ්ඨයේ සිටිනා වෙන් දෙව්හු ගේ පයේ මාපටැඟිල්ලෙන් හෙන බවත් එක් වට මැ එය බීමට හීමෙන්‍ පොළොව බිදී යා හැකි හෙයින් එ දිය කදට මහ ඉසුරා තම හිස ඇල්ලූ බවත් එයින් ඔහු ගේ දළ මඬලට හුණු දිය දහර බාල වූ වෙයින් දළ මඬලේ දඟර පිරිවටා ගොස් තවද වෙය බාල කොටැ ගෙනැ හිමවතට බස්නා බවත් යෙති පුරාණ කතා කරුවෝ.

13. පෙළ:- මෙ පුරවරැ අපමණ මනහර පහ කොතගැ - ගනඳර දුරැරැ බබළන - රතමිණි කිරණ තම පරපුර රඳුට දුන් දරණ කිරණ දෝ (යි) බිසරුවො රැයිදු දින කර හට උරණ වෙති.

(මෙ උතුම් පුරයේ ගණන් නැති සිත් කලු මැඳුරු කොත් මුදුනේ - ගන අදර දුරු කරමින් දිලෙන - රත් මැණික් එළිය තම කුලයේ වූ රජුට දුන්නා වූ සැඩ රස් දෝ යි සිතා අබිසරු ලියෝ රෑත් ඉරුට කිපෙති).

මේ පුරය උතුම් වෙයි. මෙහි මැඳුරු සිත් ඇඳැ ගන්නා ඒවායි. ඒවායේ ගණන නිමක් නැති. ඒ මැඳුරු වලැ කොත් අගැ රත් මැණික් ඇති, ඒවායේ රස් විහිදී රැ දැඩි කළුවර දුරැලයි. ඒ අඳුර දුර ලන්නා වූ රස් විහිදුවන රතු මැණික් අබිසරුවනට පෙනෙන්නේ හිරුගේ දරුණු තෙද කැටි වාගේ යි. සීතාවක සිරි රජ සිහ රජු හිරු ගොතැ (සූර්ය වංශයේ) උපනෙකි, එ හෙයින් හිරු ගේ නෑයෙකි. මේ (රස් විහිඳුවන රතු මැණික්) හිරු තම පරපුරේ නෑයා වන රජුට දුන් දරුණු වූ තෙද කැටි ද හෝයි අබිසරුවෝ සිතති.







56 සැවුල් අසුන් පවත්

අබිසරුවෝ රැයේ අඳුර මිසැ එළිය රිසි වන්නෝ ‍ෙනා වෙති. එ හෙයින් ගන අඳුර දුර ලන්නා වූ එ දරුණු තෙද කැටි තම කු‍ෙල් රදුට දුන් හයි ඌ තුමු රෑට හිරු කෙරේ කිපෙති.

‘රැයිදු’ යන්නේ අරුත ‘රැත්’ යනුයි. අබිසරුවෝ රෑත් කිපෙතියි කියන විටැ දවාලේත් ඔවුන් කිපිවන මැ සිටුනා බවෙක් ඇඟැවේ. එ හෙත් දවාලේ එළිය කෙරෙතියි හිරුට අබිසරුවන් තිබා බැස්සියෝ වත් නො කිපෙති. එ හෙයින් ‘රෑ’ යනු කියැයුතු තැනැ ‘රැයිදු’යි යෙදූ බව සුදුසු නො වේ.

අබිසරුවෝ නම් පුරවලැ රැයේ අවිදුනා (වෙ‍සඟන වෙසෙසෙකැ) අගනෝයි. පිරිමින් සොයා යන්නා වූ මෙ අඟනෝ ආදි දඹදිවේ පුර වැසියන් ගෙන් අදර බුහුමන් ලැබූ වැදගත් පෙළකට අයත් ලියෝ වූ එ‍ හෙයින් ආදී කිවියෝ පුර වැනුම්හි ඔවුන් වෙසෙසින් සදහන් කළ හ. අද එ පවත් ඇත්තේ පෙරැළියි. අබිසරුවම මෙ දිවයිනේ ගැරැහුමට මුත් පැසැසුමට බඳුන් වැ පැවැති බවෙක් නො පෙනේ. සීතාවක අවදියේ දී මෙ රටේ වැනුමට සුදුසු වූ පළ අබිසරුවෝ නුවු. එ හෙයින් අපේ රාලහාමිනේ ගේ මේ වැනීම සිරිතට නම්මතින් කළ සදහනෙකි. ඒ වැනීම පිළිමිණි පවුරු සදහන මෙන් නිකම් පෙර සිරිත රැකීමෙකි. අපේ රටේ සිරිතට අබිසරුවෝ ගැරැහුම් ලබන්නියෝයි.

මේ පැදිය රහල් හිමියන්ගේ :-

‘පහගැ කොත් රත මැණ එ පුරැ යන සදැ නුබමැණ බිසරුව වන උරණ කිරණ රැඳුණේව් බැබළි අපමණ’ (ක: සේ: 1.32) යන ගීය නිසා කැරුණෙකි.







                                     සැවුල් අසුන් පවන්                                57

බිසරුව යනු අබිසරුව යන්නේ ‘අ’ යන්න අනුසුරු වීමෙන් වූයේයි. උතුමා, අනත්, අසිපත ඈ වදන් තුමා, නත්, සිපත් ඈ විසින් සිය බසෙහි වහර වනු දහමි.

14. පෙළ:- නිලා මිණින් සුලකළ මැඳුරු මුදුනතා දුලා දුහුල්, කලදෝ, රන් දද ලෙළෙතා, බලා විදු රැඳි ගන කුළු යැ සිතා පුලා, ගෙමියුරු ලොලා වෙලා මියුරු රඟ දෙතා.

(නිල් මැණික්වලින් මනා සේ සරසන ලද ගෙවල් මුඳුනේ දිළි දිළි දුහුල් දද රිදී දද රන් දද ලෙළ දෙන විටැ කොකුන් සහිත වැ පෙනෙන විදුලිය රැඳුණු වැහි කළු යැයි සිතා තුටු වී හීලෑ මොනරු ලොල් වෙමින් මිහිරි නැටුම් දක්වති)

නිලා, මුඳුනතා, ලෙළෙතා, ලොලා, රඟ දෙතා යනු නිල්, මුඳුනතැ, ලෙළෙත, ලොල්, රඟ දෙත්, යනුවෙනි නො එළි වහරේ සිටිනේ.

මෙහි ‘පුලා බලා’ යනු ‘තුටු වැ බලා’යි ද ගතහැකි. එ විටැ ‘කලදෝ’ දද සදහනින් වැඩක් නැති වෙයි.

විමන් මුදුනේ කොත්හි නිල් මිණි යොදා ඇති. ඒ වායනි රස් අහසට නැගේ, එ රස් එ විමන් මුඳුනේ අහසේ ලෙළෙන දුහුල් දදවලැ වැදුණු විටැ ඒවා ද නිල් පැහැ වි වැසි වලා මෙන් පෙනේ. රිදී දද හා රන් දදත් දුහුලින් හෝ අනෙක් පිළියෙකින් හෝ නො කරන ලද හෙයින් ඒවායේ පැහැය වෙනස් නොවේ. එයින් රිදී දද කොක් පෙළ සේ ද රන් දද විදුලිය සේ ද පෙනී වැසි ලකුණු තව ද වැඩි කෙරෙයි. එ දුටු ගෙ වැසි මොනරු වැසි නඟන්නා වනැයි තුටු වී ඊට ‍ෙලාල් වෙමින් පිය කරු නැටුම් දක්වති.

අලගියවන්න මුකවෙටි තුමන් මෙහි දී තමා උගත් පැදි කීපයක් එකට මුසු කළ බව පෙනේ.







53 සැවුල් අසුන් පවත්

‘පහ කොතැ නිල් රතන පැහැ රැඳි දුහුල් දද වන වැසි කලැ වලා මෙන විමන් මොනරුන් පහන් කෙළෙමන’ (කවි සේකරය) යන්න ද,

‘සදහම් නදින් යුතු ඉඳු නිල් මිණි පහස මතු ලෙළ රන් දද දිමුතු බලා මේ හැඟැ මියුරු රඟ ගතු’ (කවි: සේ)

යන්න ද මෙහි දී සිතට නැඟී ඒ හා,

‘මන කල් දසත පවනින් රන් දද අඹළ ඉඳු නි ල් මිණි පා සියන ගැසි මුතු වැළ පැහැ දුල් ලෙළෙන විදුලිය සහ බලා වැළ සුවි පුල් ගනැ යි ‍සෙද රඟ දෙති ගෙසිත පෙළ (කොවුල් අස්න)

යන්න ද සිහි වන්නට ඇති මෙහි දී.

   		එද:-  ‘සුනිල් වලා සිරි

පෑ ලෙළ බලා වැළ සහ ම‍රා මිණි තොරණෙ පුරේ සල මුතු ලැල් වජඹනා (මුව දෙව්දා) යන්නෙහි සේසයි-

15. පෙළ:-විසල් සල් පිල් තුළෙහි දුළ, පතර, අතැගි මිණි මුතු රැස් රස් විසුළ මෙ පුර වර - අගතිසි ඇදිලියෙන් ගෙනැ සිලිල් උළ එ වර-- සයුර විලස් නො හැරැ සතහට පළ කළ.

(මහත් වූ වෙණෙද ගල් ඇතුළේ බබළන්නා වූ මහත් වූ, අගය නො කළ හැකි මැණික් මුතු ගොඩ වලැ කාන්තිය පැතුරුණා වූ මෙ උතුම් පුරය, අගත් රුසියා දෝතින් ගෙනැ දිය ඉරූ ඒ වේලායේ දී සයුරේ හැටියට වූ පරිදි මැ මිනිසුනට දක්නට සැලැස්වි.)


                                     සැවුල් අසුන් පවත්                                    59

‘ගෙනැඳිලියෙන්’ යනු ගෙනැ ඇඳිලියෙන් යන දෙ පදය එක් වීමෙන් ද, අගනිසි යනු අගත් ඉසි යන දෙ පදය එක් වීමෙන් ද නිපණි.

අගත් රුසියා දකුණු දෙසැ ඇදුරා වෙයි. අහසින් යන්නා වූ ‘මිතුරු යැ, වරණ යැ, යන දෙ දෙන (අහසින් යත් දී) උරුවිසිය දැක්මෙන් උපන් අනුරාව මහත් වී මෙන් ඔවුන් ගේ දනදාවත් වගුළ බව ත්, ඉනි කොටසක් ඔවුන් ගේ දනදාවන් බවත් ඉන් කොටසක් කළයකට වැටී එ තුළැ මෙ රුසියා උපන් බවත් එ හෙයින් ඔහුට කුඹුයොන් යන නම යෙදුණු බවත් හින්දුවෝ කියති. ‘අග’ යනු කළයට නමෙකි. එ සේ මැ කන්දට ද, ‘අග’ යන නම යෙදේ. ‘අස්ති’ යනු ‘දමන්නා’ යන අරුත දෙයි. කඳු මැඩීමේ ද මොහු සමත් බව යෙති හින්දු දනෝ. ආයේ උතුරට නො යන්නට මොහු දකුණට ආ පරිදි දක්වන අපුරු කතාවෙක් වෙයි.

තමා ගේ උස් බැවින් මන් මත් වූ විනධ්යාි පර්වතය මෙ වටා යන හිරත් සඳුත් අමතා තමා වටා යන සේ අණ කෙළේ ල. එ හෙත් එ දෙදෙන එ අණෙහි නො පිහිටා පුරුදු පරිදි මෙර වටා මැ යන්නට වූයෙන් කිපියා වූ වින්ධ්යාො පර්වතය කෙමෙන් උස් වන්නට පටන්ගනිල. එයින් හිරු සඳු යන මං පවා ඇවිරෙන බව දැකැ දුකට පත් දෙවියෝ අගත් රුසියා වෙතැ ගොස් ඔහු ගේ පිහිට අයැදියෝ ල. රුසියා දෙවියන් අස්වසා දකුණු දිග බලා අහසින් යන්නට පටන්ගනි අහසින් යන්නා වූ ඔහු දුටු වින්ධ්යා පර්වතය හිස නමා, වත් දක්වා සිටියේ ල. එ දැකැ ඉන් පහන් වූ සෙයක් පාමින් එ රුසි තෙමේ ‘මා පෙරළා නොඑන තුරු මෙසේ (නැමුණු වන) මැ සිටුව’යි කියා දකුණ‍ට ගියේ ල. ඒ ගියා ගියා මැ යි, රුසියා. ‘වින්ධ්යාන’ පර්වතය අදත් නැමුණු වන මැ සිටී. දෙමළුනට සතර හදාරන්නට ලැබුණේ එ සේ දකුණු පසට ආ අගත් රුසියා ගෙන් ල.








60 සැවුලා අසුන් පවත්


සයුර වරක් තමා කුප්වා ලූයෙන් එහි පළි ගන්නා අදහසින් ද, තුන්ලොව පෙළූ ද, ඉඳුරු දික්පතියාට සතුරු වූ ද, රකුසන් සයුරේ සැගී උන් හෙයින් ඔවුන් යුරනට පෙන්වන අදහසින් ද මෙ රුසියා සයුරේ සියල් දිය එක්වරැ දෝතට ගෙනැ පූයේ යැ යි පුරාණ කතා කරුවො කියති. මේ පවත අපේ ගත් කරුවෝ නිති සදහන් කළ හ. එ යින් :-

‘තෙ විසිතුරු රුවනු- දුළ තර පතර කෙළියෙන් ඉසිහු සිලිලුළ සියල් රුවනාර දුරැ ලන්නා’ (ක.සි. iii 14)

යන්නයි මෙහ දි අපේ රාලහාමිනේ හට ගුරු වූයේ.

‘දඹ දිව්හි හැමන් රජ මුහුදු ඔද වඩමින් දැවැ ම සෙත් වැළමඩුත් මෙ කගිසි මුව නො යොමු වුව. (ක.සි.)

‘සයුරු බොමින් කුඹුයොන් දුටු සෙ මිණපබා පොකුණු බොනුව අවටත් සැලැසි නම් බඹා’ (මයුර)

‘කළයෙන් උපන් අගතිසි නම් එකකු පෙර එකැඳිලිනි ගත් වරැ වියැළිණි සත් සයුර’ (තිසර)

‘දිය කඳ ගැඹර පිරි පුවතර මහ සයුර මුවරඳ ලෙසින් වත අගතිසි කර තඹර’ (සැළ)

‘අගතිසිහු දිය රැස ඇඳිලින් ගතෙව් දිය රැස’ (කවි. සේ)

එ ඈ නො එක් තැනැ මෙ පුවත සදහනි.

16. පෙළ:- එහි මත මතහ - සුනිල් මිණි මඳුරු වලැසී මැඳුරු පත ළකල් කලුන් දිමුත වත් සිරි නරඹා, සුපුල්, සොඳුරු පියුමැයි අත දිගු කෙරෙමින් කුහුල් සිතින් හැසිරෙති.



                                      සැවුල් අසුන් පවත්                                   61

( එ පුරේ මද ඇත්තු - ඉඳුනිල් මැණික පහයන්හි කවුළු වෙතැ පැමිණි සිත්කලු ලියන් ගේ කැලුම් සහිත මුහුණු වලැ හැටි බලා පුබුදු වූ හොඳ නෙළුම්මල් වෙතියි සොඬ දික් කෙරෙමින් සැක සිතින් ඇවිදිති.)

එ පුරේ ඉඳුනිල් මැණික්මය විමන් ඇති. එ විමන්හි සිත් කලු ලියෝ වෙති. එ ලියෝ මඟ දෙසැ බැලීමට කවුළු වෙතට පැමිණෙති. එ විටැ උන් ගේ දිළෙන මුහුණු දකිති මඟැ යන මද ඇත්තු. උන් හට ඒ මුහුණු පෙනෙන්නේ විලෙකැ පිපි හොද නෙළුම් මල් මෙනි. එ හෙයින් ඌ එ නෙළුම් මලක් නෙළා ගන්නට සොඬ දිගු කෙරෙති, හා! එය නෙළුමෙක් නොවේ! එ විටැ අනෙක් මැඳුරෙකැ කවුළුව ළඟැ නෙළුම් මලෙක් පෙනේ. එ ද ගන්නට ඌ සොඬ දිගු කෙරෙති, එ ද නෙළුමෙක් නො වේ! එ අයුරින් කවර එක නෙළුමෙක් ද කවර එක නෙළුමෙක් දැයි සැක සිතින් ඒ ඇත්තු එහා මෙහා යමින් සිටිති.

ඉඳුනිල් මිණි මැඳුරු විල්හි දිය කඳ සේ ද, ගෑනුන් ගේ මූණු පුබුදු රතු නෙළුම් මල් සේ ද පෙනෙන බවෙකි මෙයින් දැඟැවුණේ. ආදි මැ නම් පියුම උපමානයට ගන්නා ලද්දේ මුව ගබ (කට) සදහා යි, සුදුසුත් ඒ මැයි. එහෙත් මෑතැ දී මුව මඬල යනුයෙන් ඒ අවට ද පැතිරී මුළු මුළු මුහුණ මැ එයින් ඇඟැවෙන්නට වූයේ යි.

‘සී මැඳුර’ (සීහ පඤ්ජර) නම් සිංහ කූඩුවට සෙයින් කූරු ගසා ඇති කවුළුවයි. සිහ පඤ්ජර, ගජ පඤ්ජර, ව්යාසල පඤ්ජර, ජල පඤ්ජර, යැ යි ආදි කවුළු සිවු වගෙක්හි වි.

නිල් මිණි මැදුරේ සී මැඳුරක සැපත කල් බඳ සොඳ වත දකිමින් මතඟ ම ත පුල් පියුමෙකැ කුහුලින් දිගු කරත අ ත තුල් රහු වැනි සිසි ගැනුමට ගමන් ග ත’ (තිසර) යනු මෙහි ගුරු වූ සේ යි.







62 සැවුල් අසුන් පවත්


17. පෙළ:- මෙ පුරවර පවර මනහර අඟනන් ගෙ පැහැසර ගහන් කෙමි, ලවනත් පත් ලකර, පියකර තෙපුල් මුවරඳ රස යුත් - වත් තඹර මත් සලෙළුන් නෙත් බමර හැරවර කෙළිති.

මෙ උතුම් පුරේ ඉතා උතුම්, සිත් කලු ගෑනුන් ගේ, පැහැයෙන් සරු නැහැය නැමැති බටුව (කෙමිය) ක් ඇති, තොල් නැමැති පෙති සැරැසිල්ල ඇති, ඇල්ම වඩවන වදන් නැමැති රසවත් මල් පැන් සහිත - මුහුණු නැමැති නෙළුම් මලේ මත් වූ සන්ලාල නැමැති මී මැස්සෝ ඇම වේලේ කෙළිති.)

ගෑනුන් ගේ මුව ගබ පියුම් ගබකට සම කිරීම නිතර දක්නට අසන්නට ලැබේ. මුව ගබ වටා ඇති ලවන දල හැටියට ද, දසන් කෙසරු හැටිය ද ගැන්ම අපේ කිවියනට ඉතා හුරු යි. එ හෙත් අලගියවන්න රාලහාමින් පුරා මුහුණ පියුමක් කොටැ පාන්නට ‍ෙගාස් වෙතින් ඔබ්බේ ඇති නැහැයක් කෙමිය හැටියට පෑමෙන් කටයුත්ත අවුල් කොටැ ගත් බව පෙනේ. පිය කර තෙපුල් රස කෙමියෙන් බැහැරි පෙදෙසෙකැ මකාගත් බව,

පැහැපත් ලවනත් පත් පෙළිනුදු ලා දිසිදත් මුව රඳ දිව් කෙමි නිම ලා දන නෙත් කැන් බිඟු කැන් සෙවි නිම ලා සිරි ගත්තේ යැ එ ළඳගෙ මුව කම ලා (කුසදා)

යන්නෙන් පෙනේ. එ හෙත් එහි දී වූ වරද නම් ‘කෙසරු’ වියැ යුතු දත් මුවරද බවට හැරීම යි!

‘ළහිරු පියහු වස වසගත කරත දෙ ත

කෙසරු දසන් මඳ මඳ පෑ එ පෑ ප		ත
තඹුරු   මුවින් සිනසෙන සදෙහි විල් ක	ත
සොඳුරු  සබඳ ඉන් යැ ගන්නැ මාව                           ත  (තිසර)

යනතැනැ නෙළුම් මල් කෙසරු නිසි පරිදි උපමානයට ගෙනැ ඇති එ ද:-




                                 සැවුල් අසුන් පවත්                                       63

‘දෙත දිවයුරු සරා කර වසනත්හි විල් කල් කෙසර දසනග තඹර මියැ මඳ මද රැපෑ බද’ (ක: සි: vii. 18)

යන්නේ පිළිබිඹුවෙ‍පෑකි.

  18.	ගනඳුර දුරු කරන රතමිණ තොරැණැ රස් වැද රතවන් සුපුන් සඳ එහි සරන සොඳ අබිසරු. සලෙළුන් හට නව දිවයුරු යැයි සඳ සැක දැනැවියැ.

(තද අඳුර දුරු කරන්නා වූ රත්මිණි තොරණේ රස් වැදී රත් පැහැවූ සපිරි සඳ එහි ගැවැසෙන අබිසරුවන් හටත් සන්ලාලයන් හටත් ඒ - අලුත් හෙවත් පායාගෙනැ එන ඉර දෝ යි සිතේ සැක ඉපැදවි).

“ සද සැක’ යනු සැක සඳ යැයි ගෙනැ ‘සැකසිත්” යනුවෙන් ද අරුත් ගත හැකි.

රත්මිණි තොරණේ රස් අබිසරුවනට බිය දෙන බව අපේ සන්දේශ පොත් සියල්ලේමැ සදහනි. අබිසරු‍වෝ කවුරු දැයි අපි පළමු දතුමු. අපේ රාලහාමිහු පෙරැ කිවිවරුන් ගේ අබිසරුවන් ගොඩට සලෙළු පිරිසක් ද මෙහි දී එක් කොටැ ලති. එ හෙත් සලෙළුවෝ අබිසරුවන් සෙයින් රැයෙහි ඇවිදින්නෝ නො වෙති. ඌ තුමු දවල් එළියේ යෙහෙළියන් හා කෙළි දෙළෙන් ඇවිදින්නෝයි, රැයේ ගෑනුන් සොයා යන්නෝ නො වෙති.

‘ස පු ම ල් යොහොඹුලා බැඳැ වරල මන ර ඟ

පැ හැ දු  ල්	දොඹ කැකැළු හර කැරැ ලා තන	ඟ
රො නවු ල්	නා කුසුම් කනැ ලා කොඩොල් ර	ඟ
ද   හ ව  ල්	උයන් කෙළි කෙළැ සලෙළුන් සම        ඟ’

(සැළ)

යන්නෙන් පෙනේ සලෙළුවන් අසරට ලියන් යන කල් හා තන් ද. පෙරැ කිවියන් කීයේ රත් පැහැ ගත් සඳ අබිසරුවන්හට නො සතුට දැනැ වූ බව පමණෙකි.




64 සැවුල් අසුන් පවත්

‘රත මිණි තොරණැ රැස් රැසින් රතෙ පුරේ සුපුන් සද ළහිරි හොයි නො සරස් දැනැවි සැකබිසරුවන්’ (කව්: සි: 1:12) යන, මෙ සිවු පැදියට ගුරු වූ ගීයේ සදහන් වනුත් අබිසරුවන් පමණෙකි.

පරෙවි අස්නෙහි,

‘සත කුම් යුතු පහ මතු කැරැලි කෙළව ර පිහිටි පියුම් රා රුවනින් කැලුම් බ ර රත් පැහැ ගත් සිසි වුවනට ලියනෙපු ර පැරැ දැ අවර රිවි වෙස් ගත් එව් එව් ර’ යැයි මේ රත් පැහැ ගත් සඳ අවර රිවි කොටැ දක්වති.

‘රත් මිණි ගෙ මෙරදැ රැඳී සද එ පුරැ වමියන් වතට පැරැදැ නුළු කැරැ ගිය වන් ළහිරු වෙස් ගෙනැ’ (සසදා) යන්නට අන් වෙසක් දුන් හැටියි ඒ.

‘ගනඳුර’ යනු ගන අඳුරු යන දෙපදයේ එකට ගැළැපීමෙකි.

19. පෙළ:- සිරිමත, මෙ පුරැ තුඟු, තුල් පහගැ ලෙළ දද, ඉඳු නිල්මිණි දෙරණැ පිළිබිඹු වැ බබළත මනකල් ‍කලිඳු ගඟ තුළැ සතත කෙළනා, පැහැ දුල්, දිමුත, නොයෙක් මින් වග සිරි පැයි.

(සිරිමතාණෙනි, මේ පුරයේ උස මහත ඇති විමන් අගැ සැලෙන කොඩි රැස සුනිල් මැණික් බීමේ සේයා වැටී බබළන විටැ, සිත්කලු වූ යමුනා නදියේ දිය තුළ, පැහැයෙන් බබළන කාන්තිමත්, අනෙක් වගෙ මසුන් සමූහයා ගේ සබාව දැක්වි).






                                    සැවුල් අසුන් පවත්                                     65 

මෙහි ඉඳු නිල් මිණි දෙරණැ යි කීයේ ගෙ පිළි සදහා නො වියැ හැකි. පහ අගැ බද දද ගෙ පිළේ පිළිබිඹු නො දෙයි. එ හෙයින් අද කළු ගල් දමා තළා තාර දමා ඇති සේ එදා ඉඳුනිල් මැණික් අතුරා කරන ලදු වැ පැවැති විදි බිම ඉන් ගත යුතු වෙයි.

‘පහග’ යන්න වෙනුවට ‘යටග’ යන්න ද දක්නට ලැබේ. ‘තුඟු, තුල්’ වෙසෙසුන් එ පිණිසැ නුසුදුසුයි.

‘කලිඳු ගඟ’ යනු යමුනා නදියට නමෙකි. ‘පැහැදුල්’ යන වෙසෙසුන ‘මින් වග’ යන්නට යෙදූ පසු තව ‘දිමුත’ යන්නකුත් යෙදීම විසුළුවෙකි. එ දෙකේ මැ අරුත එතරම් පරතරයක් නො දක්වයි. එ හෙයින් ‘දිමුත’ යන්න යොදන්නට සිදු වූයේ අරුතක් පළකිරීමට නො වැ සීපදය සපුරා ගැනීමට බව කිය, හැකි.

පිළිබිඹු බඳ දද සුමු සුනිල් මිණි වේ බිමැ පෙරැළෙත කලිඳු ගඟැ මින් කැලැ කෙළී පෑ එ පුර වර’ (කවි: සි: 1.11) යන්නයි මේ සීපදයට ගුරු වූයේ.

‘සුනිල් මිණි බිමැ දුළ පිළිබිඹු වැ දිසි දද වැළ කෙළි කලිඳු ගඟ තුළ අමින් මින් රළ විලස් පළ කළ’ (දහම් ‍ෙසාඬ:) යන්නෙන් ද ඒ මැ කියයි මෙ කිවියා.

20. පෙළ:- මනහර, පවර රුසිරැති, මෙ පුරැ වර ගන - කරදර සරණ නවදළු, හස කුසුම් සර, තුඟුතර සුපුන් තන පතර අම පල යුතු රන ලිය සිරින හැමවර පුර තුර සරති.

(සිත්කලු වූ, උතුම් රූ සැපත් හෙවත් රූප සම්පත - ඇත්තා වූ, මෙ පුරේ උතුම් ලියෝ නොවත් හොත් වෙසඟනෝ - අතුල්, තොල්, පතුල් නැමැති ළා දළු ද,





66 සැවුල් අසුන් පවත්


සිනාව නැමැති සරු මල් ද, උස්, දැඩි, මනා සේ. පිරුණු තන නැමැති මහත් මිහිරි ගෙඩි ද සහිත රන් වැල් හැටියෙන් සියලු විටැ මැ පුරය ඇතුළේ සරා ඇවිදිති).

‘මෙ පුර වරඟන පුරතුර සරති’යි පැවැසීම එ තරම් මැ සුදුසු නොවේ.

‘කර’ යනු අතට නමෙකි. මෙහි එ නමින් ගන්නේ අතුලයි.

‘ගිනි ගෙනැ දිලි අඟුරු ගත් කලැ දවයි කර, (සුබාසිත) යන්නෙන් ද මෙ කිවියා අදහස් කළේ ඒ මැයි. අදර, යන්නෙන් තොල ඇඟැවේ. කර අදර යන දෙ පදය ‘කරදර’ යැයි සසඳා ඇති. වරඟන යනු ‘වර අඟන’ යන දෙ පදය සබද වීමෙන් තිපණී. උතුම් ලිය යන අරුතෙහි ‘වරාංගනා’ යන සකු වදනේ සේසත්, එ බසේ මැ, ‘වෙසඟන’ යන අරුත දෙන ‘වාරාංගනා’ යන වදනේ සේසත් එළුයෙහි සිටිනේ ‘වරඟන’ යනුයෙනි. මෙහි දී අපේ රාලහාමිනේ විසින් කවර අඟනන් සදහා මෙ නම යොදන ලද්දේ ද යනු ඉඳුරා නො කියැ හැකි. ලකුණු නම් බර දෙවන පසටයි.

කොම ළ අදර කර සරණත ළපලු දර උ දු ළ දසන් කුසුමැති තන පල පතර ස ලෙ ළ සලෙළු යදි දන මන නදන කර ල ක ළ මෙ පුරැ ලිය කප් ලිය වැනි පවර’ (පරෙවි) යි රහල් හිමියෝ ඔවුන් කප් ලිය කොටැ අරුත පෙනෙන තෙක්මානයේ තුබූ හ.

‘තොලතුල් පතුල් පලු හස මල් කැනින් සිත් කලු පියොවුරු පල ඉසිලු ලියෝ ලිය වැනි පුර සරන සුලු’ (කවි : සේ: ii.8) යනුත් එ හිමියන් ගේ මැ පැවැසුම්.






සැවුල් අසුන් පවත් 67

‘නෙතු මුව කුසුමුදුල කරදර සරණ නව දල පුන් තන අමා පල එ පුර ලිය කප් ලියන්එක තුල’ (කුසදා) යැයි මෙ කිවියෝ මැ පසුවැ මෙ දියුණු කොටැ පවසති.

21. පෙළ:- මෙ පුරවරැ සොඳුරු පහ මුදුනතැ, දිමුත, මහරු, රුවන් කොත් මුදුනතිනි ගිය හොත නිසරු බවට පැමිණේ දෝ සිත විළි වැ දියනෙත උතුරු දකුණු වැද යන වැන්නැ.

(මෙ පුරයේ මනා පෙනීමෙන් යුත් මහ විමන් මුදුනේ, කැලුම් සහිත, බොහෝ අගනා මැණික් කොත් වලට ඉහළින් ගියොත් නිවට වන්න සිදුවේදෝ හෙවත් තමා නිකම් රොඹුවක බවට පත්වේ ද හෝ කියා සිතට ලජ්ජා ඇති වී ඉර උතුරටත් දකුණටත් බර වී ඈතින් යනවා වැනි යි).

හිරු එක් අවදියෙකැ (අප්රි යෙල් - සැප්තැම්බර) උතුරු අයණයේ ද තවත් අවදියෙකැ (ඔක්තෝබර - මාරතු) දකුණු අයණයේ ද යනු දන්නා ලැබේ. එසේ වරෙකැ උතුරට බර වී යන්නේ ත් වරෙකැ දකුණට බරවී යන්නේත් අහස මුඳුනින් යන්නට ගිය හොත් මෙ පුරේ රුවන් කොත් අසලැ දී තමාට නිවට වන්නට සිදු වෙතියි සිතට ලජ්ජා අට ගෙනැ දෝයි මෙහි දැක්විණි. රුවන් කොත්හි දිදුළ හිරු ගේ එළියට ද මහත් බවයි ඉන් පළ වුයේ. රුවන් කොත්හි උස් බව නිසා හිර ඒ මෙ පසට නැමී යෙතියි කියන ලද්දේ නම් ඒ සුදුසු වන්නට පිළි‍වනි එයින් පහා උස් බව පළවන හෙයින්. රුවන් කොතක් කැල්මෙන් හිරු පරයන බව කීම සුදුසු උවමෙක් නොවේ. මීට පලමු (තෙළෙස් වන පැදියෙන්) පහ කොත් අගැ රතමිණි කිරණ හිරු සිය පරපුරැ රජුට දුන් තෙද දො’යි සිතට නැ‍ඟෙන හැටි පවසා දැන් මෙහි හිරු ද රුවන් කොත් අබියෙසැ තිසරු වන බව පෑමේ විදු හුරු වැනීමෙක් නොවේ.







68 සැවුල් අසුන් පවත්

22. පෙළ:- නුවනුන් ඉඳුවරන්, වත සපිරුණු ඉන්දු, රුසිරැති ළන්දු කොමළතින් ගෙතු කුසුමන් පන්දු ගසමින් සලෙළුන් මන නුවන් තම වෙතට මැ කැන්දු.

(ඇස් නිල් උපුල් වැනි වූ, මූණ සපිරි සද වැනි වූ, රූ සැපත් ඇති ලියෝ මොළොක් අතින් ගොතන ලද මල් පන්දු ගැසීමෙන් සලෙළු දනන් ගේ සිතුන් ඇසුත් තමන් දිසාවට මැ ගෙන්වා ගත්හ).

රුසිරැති, කොමළතින්, යන පද ‘රුසිරු ඇති, කොමළ අතින්’ යැයි බිඳී සිටි.

මේ නම් ඉතා පළ වූ වැනුමෙකි.

‘නෙතිනිඳුවර වතිනිඳු සිරි පරදවති’ යනු හස් අසුන් කරුවෝ කී හ.

‍ මේ නම්:-

‘සදලුවලැ පන්දූ කෙළිනා ‍ෙසාඳුරු ළන්දූ රුසිරු නෙත ඇන්දූ සලෙළු සිත් තම වෙතට කැන්දූ’ (කවි. සේ: i. 34) යන්නේ මැ අලුත් වැඩියාවෙකි.

23. පෙළ:- මිතුර, සතර පද, වලග, කර, රහසඟ, නිතොර දෙරණ පිහිටි, දුළ දකණ දළ උත්තුඟු, සමර වරැ කිපෙන, කලණ ලකුණෙන් යුතු, වේ මහැ සරණ වරණ නරඹ.

(යහළුවේ, පා සතර යැ, නගුවේ අග යැ, සොඬ යැ, රහස් අඟ හෙවත් හදන යැ යන තන් නිබද වැ බිමැ ගැටී සිටිනා වූ, දිළෙන දකුණු දළ උස් වැ නැගී ඇති, යුද ඇති විටැ කිපෙන්නා වූ වගේ - විදී මඟැ හැසිරෙන - ඇතුන් නරඹන්නැ.)





                                        සැවුල් අසුන් පවත්                                   69

වලග, රහසඟ, යනු වල් අග, රහසි අඟ යැයි බිඳී සි‍ටී.

මෙ වනාහි යම් තම් ඇත් රුවක් වූව ද සදහන් කරත් හොත් අපේ රාලහාමින් අතින් ඉබේ මැ කියැවෙන්නෙකි.

මෙ දැක්වුණේ:-

‘බිම පහළ සත් තන් හිවි කුඹු දකුණු දළ උස් රජ වහන් කළ මෙ ඇත් බළහම් තුරිනි තුස්නා -

මෙ ගදත් නම් .............................., (කව්. සි:) යැයි සදහන්, ගඳැත් කුලේ ඇතුන් ගේ ලකුණු සමහරෙකි.

මේ මැ :-

‘විසි නිය කොපොල් බොල් සත් තන් බිමැ පිහිටි උස් කුඹු දකුණු දළ දෙ අසුන් සම වැ සිටි මද මත නො මද යුද බෙර ගිගුමට නො පැටි බල මෙ ලකුණැති එහි තුඟු මඟුලැතුන් සිටි’ (ති: අ:) යි තිසර අසුන් කරුවෝ ද කීහ. මෙ කිවියා මෙහි මැ තවත් කිහිප පළෙකැ මේ සදහ යි. (63,102)

‘උස් කුඹු දළ දිළින දෙරණ සුපිහිටි සතඟින ලකුණෙන් යුතු සොබන මතඟ සෙන් එහි සරති ඇම දින’ (දහම් ‍සොඬ දා)

‘රහසඟ වලග කර සතර පය සුපිහිටි දර දකුණු දළ තුඟු තර කලණ මත ගජ සරති එ නුවර’ (කුස දා)

යනු ‍ද මෙ කිවියන් ගේ මැ පැවැසුමු යි.


70 සැවුල් අසුන් පවත්

24. පෙළ:- දුවන හ රළ තරවර සුනෙර, මැති කුල කුලගිරි ලකළ, පුවතර මහ සෙනඟ නැබළ දිය කඳ පිරි, පහඟ තියුනද ගොස හැමවර වතළ පුරවර කිරණ රළ වැනි.

(දුවන්නා වූ අස් පෙළ - රජු නැමැති මහ මෙර ඇති, කුල පවු පෙළින් සැරැසුණු, ඇමති කුල නැමැති පසිඳු වූ බළ සෙනඟ නැමැති මහ දිය කඳ පිරුණු පසඟ තුරු නදත් තුති නදත් නැමැති මුහුදු ගොස් සියලු කල්හි පැතිරෙන එ උතුම් පුරය නැමැති කිරි මූදේ රළ වැනියි).

පසඟ යනු පස් අඟ යැයි බිඳී සිටි. පස් අ‍ඟෙකැ හෙවත් පස් කොටසෙකැ තුරු පස් කොටසෙකැ තුරු පසඟ තුරුයි.

අතින් වයන බෙර, විතෙන් වයන බෙර (එනම් තම්මැට) අතිනුත් විතෙනුත් වයන බෙර, (එ නම් දවුල්) ගන හෙවත් තාළය සඳහා ගසන තැටි (කයිතාළ) පිඹිනා තුරු හෙවත් නළා යන දැය පසඟ තුරට ගැනේ.

මෙහි සීතාවක පුර කිරිමූදට සම කොටැ දක්වා ඇත.

පුරය කිරි මුහුදයි

පුර මැදැ වසන රජ ඒ මූද මැද්දේ පිහිටි මහ මෙරයි.

රජු පිරිවරා සිටුනා මැති කුලයෝ මහ මෙර වටා සිටුවා කුල පවු වෙති.

පුරය පුරා සිටුනා මහ බළ සෙනඟ සයුරේ මහ දිය කඳයි.

පුරයේ නිතින් පැතිරෙන පසඟ තුරු නද හා රජුට කියන තුති නදත් මූහුදේ නො කඩවා පැතිරෙන රළ ගොසයි.

පුරයේ දුවන අස් පෙළ සයුරේ රළ පෙළයි.





                                   සැවුල් අසුන් පවත්                                     71

මහ මෙර වටා ඇති යි යෙන ‘යුගන්ධර, ඊශධර, කරවික, සුදර්ශන, නේමින්ධර, විනතක, අශ්වකර්ණ’ යන සත් පවුව සත් කුල පවු යන නමින් සැදැහේ. ඒ කඳු වළලු අතරේ ‘සීමන්ත’ සයුරු සත වේල.

පුරය සයුරක් බඳුයි ද අස් පෙළ එහි රළ බඳු යිද පැවැසීම අපේ කිවියනට ඉතා හුරු යි (ගිරා අස්න 18).

‘තුරඟ සෙන් වැනි තරඟ සයුරේ’ යි මෙන් මහ නෙත් පාමුළැ හිමියෝද වදාළහ.

‘ගිජිඳු ගිරි පෙළ රැඳී රිය හය තරඟ වැළ සැදී හිවි තුරු ගොස නිසැඳී සයුරු සිරිසිලි එ පුර මන බැඳි’ (කව්. සේ. i 37) යැයි සිරි රහල් හිමියෝ ද මේ වදාළ හ. මේ කිවියෝ ද,

‘නරවර සුනෙර දුළ ඇමැති ගණ කුල ගිරි පෙළ පුර කිරණ වැ නැබළ විසුළ රළ වැළ වැන්න හය රළ’ (කුස දා) යැයි මේ මැ ආයේ කීහ.

25. පෙළ:- සිය තෙදන මහිමෙන දිතු සෙන් ජය රැගෙනැ සුදසුන් වේ මහැ සරන සුර සෙන් ලෙසින් රුපු සෙන් බිඳැ දිනා යස දසතැ පතුරන මහ සෙන්පුරවේ නො හැර පුරමින සිටිති.

(තමන් ගේ තෙද අණ බලයෙන් අසුර සෙන් පරදවා සුදසුන් විදියේ ඇවිදිනා දෙව් සෙන් සෙයින් - සතුරු සේනාවන් පරදවා පලවා හැරැ යසස දස දෙසැ අග තෙක් පතුරුවන්නා වූ මහ බල පිරිස නුවර විදිය අතුරු නොදී පුරා සැරීම කෙරෙති.)





72 සැවුල් අසුන් පවත්

‘තෙදණ, දසත’, යනු තෙද අණ, දස අත යැයි බිඳී සිටි. ‘මහිමෙන, පුරමින’ යනු ‘මහිමෙන්, පුරමින්’ යැ යි සැබැවින් සිටි. මේ එළි පිණිසැ කරන ලද පෙරැළීයි.

‘දිතු සෙන්’ යනු අසුරයන් සදහා යොදන ලද්දේ වෙයි. අසුරයෝ සුරතට සතුරෝයි, දැන් සුර පුරය පෙරැ අසුර පුරය වී. සුරයෝ අසුරයන් මෙර පත්ලේ තිකුළ අතරට පලවා හැරැ උන් ගේ පුරය වූ මෙර මුඳුන අත් කොටැ ‍ගත්තෝ යි. සුරයෝත්, අසුරයෝත්, ‘කසුබු’ නම් පජාපතියා ගේ දරුවෝයි. එ පජාපති කසුබුවා හට ‘විනතා, තාම්රාම, කද්රෑි, සරසා, සුරභි, ක්රෝලධවසා, දිති, දනු, ඉරා, බසා, අරිෂ්ටා, මුනි, අඳිති යැයි තෙළෙස් බිරි කෙනකුන් වූ බව යෙති (පද්ම පුරාණ). ඔවුන් ගෙන් දිතිය කුසැ ඔත් දරුවෝ ‘දෛත්යියෝ’ යි. අදිතිය ගේ කුසැ ඔත් දරුවෝ ආදිත්යියෝ යි. ඒ දෛත්යතයන් සදහා යි මෙහි ‘දිතු’ යන නම යොදා ඇත්තේ. ඌ තමා අසුරයෝ. ආදිත්යයයෝ සුරයෝ යි. සුර අසුර යුදෙහි දී තමා කිරි මුහුද කලඹවන ලද්දේ. ඉදරුණු වූ අසුරයන් දිනා තොස් පත් සුර සෙන් දෙව් පුරේ සුදසුන් වීදියේ සැණ කෙළි කෙළිමින් සැරූ බවයි මෙහි සදහන් කරන ලද්දේ. සුදසුන් වීදිය නම් සක් දෙව් රජු ගේ විජයොත් පායේ සිටැ ‘සුදම්’ සබ මඩුවට ඇති මඟයි. එය තමා තිදසේ මහ මඟුල් වීදිය.

‘ජ ය ග ත් අසුර සෙන් විකුමෙන් සදිසි මහසෙන් දිනා නෙක රුපු සෙන් එ පුර හැසිරෙති තුමුල බි සෙන්’ – (කුසදා) යැ යි මේ මැ කියති මෙ කිවියෝ පසුත්.









                                  සැවුල් අසුන් පවත්	                                     73

‘අසුරන් ජය ගෙනැ සිත සේ සුර සෙන් කෙළි සැණ කෙළ සේ’ –

(ගුත්තිලදා) යි අසුරන් දිනු සැණය වෑත්තෑවේ හිමියෝ ද සඳහති.

26. පෙළ:- නොමින් සව් ඉසුරු සහ පිරිසුදු කුලැති නුවන් පිනන රන් රූ සදිසි රුසිරැති, එහි පැවැති, සලෙළු සැලළන් හට පහන් වන පමණ මිසැ වෙන දුකෙක් නැති.

(පමණ නො කළ හැකි, සියලු වගේ මැ සැපතත්, සිරිසුදු වූ කුලයත් ඇත්තා වූ, ඇස් පිනවන රන්රූ බඳු වැ පෙනෙන රූ සපුව ඇති, එනුවරැ වසන්නා වූ, පිනාගිය සිත් ඇති, සලෙළුවන් හටත් සැලෙළන් හටත් එළිවෙනවා විතරක්, හැරැ අනෙක් කිසි දුකෙක් නැත්තේ යි.)

කුලැති, රුසිරැති යනු ‘කුල ඇති, රූ සිරි ඇති’ යි බිඳී සිටි.

සලෙළුවෝ නම් කෙළිදෙළෙන් සරන කම් සුව ලොල් දනෝ යි, සැලළෝ නම් උන් බඳු මැ අඟනෝ යි. ඔවුන් හට සියලු වගේ මැ සැපත් පමණ නැති වැ ඇත්තේ යි. උන් ගේ රූ සපුව (රූප සම්පත්තිය) රතින් කළ රුහි මෙන් ඇස් පිනවන්නේ යි. ඌ තුමු පෑදුණා වූ සිත් ඇත්තෝ යි. උන් හට ඇති එක් මැ දුක නම් රෑ එළි වීම පමණ යි, අන් කිසිදු දුකෙක් උන් හට නැත්තේ යි.

සියලු ඉසුරින් පිරි නුවරෙකැ වසන රූමත් දනන් පතන්නේ ලෝ දම් රසෙහි ඇලී ගැලී විසීම බවයි මෙයින් අපේ කිවියාණන් පවසන්නේ. සමහන් සුවයේ ගැලී විසී ම අදරේ මැ කැරෙන සිරිතක් වැ පැවැති බව ද මෙයින් ඇඟැවෙයි. අදර සෙසු කටයුත්තට සරස් වී සිටිනා හෙයන් අනෙක් කළ යුත්තක් නැති වේලාව ලෝ වගාවට නිල කොටැ ගත් බව නම් සුදුසු යි. රැයේ එක් තන් වී වුසූ අඹුන් හිමින් ඉරු නැ‍ඟෙන්නා හා අනෙක් කටයුතු පිණිසැ යා යුතු හෙයින් ඒ උන් වියෝ






74 සැවුල් අසුන් පවත්

වන වේලාවක් හැටියට සලකන හැකි. වියෝ දුක දරුණු යි. එ හෙයින් එ බඳු දුකක් පැමිණීමට කල් පත් බව අඟවා රැය එළිවීම, උනුන් ඇලී මැ වසනු ලොල් අඹුන් හිමින් හට දුක් උපදවන්නක් වියැ හැකි. සීතාවක පුරේ කම් ලොල් සිත් විසි පිරිමිනටත් ගෑනුනනටත් පැමිණෙන එක මැ දුක නම් ඒ මැ පමණයි. විඳින්නට සැප ඇතත් ඒ රිසි පුරා විදිනට කල් දිග මද සේ වැටැහෙන්නේ ඉන් නො තින් වන (ඇතිවීමකට නො පත් වන) දනන් හට යි. අලුයමැ වියෝව දුක් දෙන බවක් ඃ- ‘පියුම් මුවරද බර සුවඳ නල එත මනහර වැලැඳැ දු කලුන් කර දුකට පැමිණෙත් ලියෝ සමහර’ – (කවි. සේ. viii.8) යැ යි රහල් හිමියෝ ද පෙරැ කිවියරන් අසරින දැනැ වදාළ හ.

එළි වීම කාත් පිය කරන්නෙකි. එ සේ වූ පිය දැය ද තම රිසියට සරසෙක් වේ නම් එ හමු ව දුක් දෙන්නෙකි. ඒ ‍සබා දහමයි.

‘මෙ පමණෙක් දුක වී හඟිත් එ කල් මහදනෝ නරතුරෝ කෙළිමඬලේ කැඳවත් අහර බුදුනට’ (සස. 217) යනතැනැ දු රිසියට හරස් වීම නිසා පිය කරුණක් දුකට හැරුණු සේ දක්වා ඇති.

27. පෙළ:- සිවු වහසල් මුව, සිවු වේ හිසින් යුති, දෙව් විමනත සත ඉඳුනිල් කොත් දළැති, ලෙව් අග පත්, සුදු පැහැති, මෙහි රජ පහ (සිවු වහසල් මුව, සිවු වේ හිසින් යුති, දෙව් විමනත, සත, ඉඳුනිල් කොත් දළැති, ලෙව් අග පත්, සුදු පැහැති,) නො පමණ දිඟා ඇති බඹ එව් දිසි.






                                     සැවුල් අසුන් පවත්                                75

විමනත, පැහැති, දළැති, දිගා, = විමන් අත’ පැහැ ඇති, දළ ඇති, දිගු ආ.

(හතර වාසල් දොරැ හත‍ර විදි ඉස්මත්ත පිහිටියා වූ, දෙවොලින් එ පසැ පිහිටියා වූ, සිය ගණන් ඉඳු නිල් මිණි කොත් සහිත මුඳුන ඇති, ලොවේ උසස් මැ තැනට පැමිණි, සුදු පාට ඇති, මෙ පුරේ රජු ගේ පාය - මහත් වූ සතර මුවක් ඇති, හතර වේදය මැ වූ සතර හිසෙකින් යුතු වූ, දෙව් විමනින් ඔබ්බේ හිඳිනා, ඉඳුනිල් පැහැයෙන් මුඳුන වූ ‘සේ’ සතක් ඇති, ජටාවක් සහිත වූ - පමණක් නැති දිගු ආයු ඇති බඹු මෙන් පෙනේ).

සීතාවක පුරයේ ඇති රජ විමන (වදනින් පමණක්) මහ බඹු වැනි කොටැ මෙහි දැක්විණි. එ සමකම බසින් මුත් අරුතින් නො වේ.

රජ පහයට සිවු වහසල් මුවක් ඇත්තේ යි. ඒ සිවු වහසල් මුවැ යි කීයේ හතර වාසල් දොරටයි.

මහ බඹ ද සිවු වහසල් මුවක් සහිතයි, ඒ සිවු වහසල් මුව නම් මහ මුව ගප් හතර යි.

රජ පහය සිවු වේ හිසින් යුතු වෙයි. ඒ සිවු වේ හිස නම් සතර විදියෙන් අවුත් පහයට නැඟීමට ඇති, පිය ගැට හිසයි.

මහ බඹ ද සිවු වේ හිසින් යුතු වෙයි. ඒ සිවු වේ හිස නම් සතර වේද නැමැති හිසයි. (බඹු ගේ හිස් වේද වෙති යි යෙති.)

රජ පහය දෙව් විමන් අතැවේ. දෙවොලින් මත්තේයි රජු ගේ පහය වූයේ

මහ බඹ ද දෙව් විමන් අතැ වෙයි. බඹු‍ ගේ විසීම (ස) දෙව් ලොවින් මත්තේ යි.

රජ පහය සත ඉඳු නිල් කොත් (සිය ගණන් ඉඳු නිල් මිණි මුවා කොත් සහිත) වේ.




76 සැවුල් අසුන් පවත්

බඹ ද ඉඳු නිල් කොත් සත (මුඳු‍න ඉඳු නිල් මිණි මය සේසත) සහිත යි.

රජ පහයට දළ (ඇත් දත්) ඇත්තේ යි බඹ ද දළ (ජටා) ඇත්තේ යි රජ පහය සුදු පැහැ ඇත්තේ යි බඹ ද සුදු පැහැ ඇත්තේ යි.

28. පෙළ:- තඹර වනිඳුවර නෙත්, රතු පුල් ලවනී, බමර බැම, සෙවෙල් වරලස, කොඳ දසනී, තිසර පතර තන, විල් ලිහිණි මෙවුලෙනි, එ පුරැ ගෙ දිගු විල් කල් බද සෙ සිත් ගනී.

(එළි නිසා විකාර කරන ලද වැකිය පෙරළා සකස් කළ වැටැ මෙ සේ සිටී.)

තඹර වත්, ඉඳුවර නෙත්, රත් උපුල් ලවන්, බමර බැම, සෙවෙල් වරලස, කොඳ දසන්, තිසර පතර තන, විල්ලිහිණි මෙවුල (ඇති) එ පුරැ විල් කල්බඳ සේ (වී) සිත් ගනී.

(නෙළුම් නැමැති මුහුණින් ද, නිල් උපුල් හෙවත් මානිල් නැමැති ඇසින් ද, රත් උපුල් නැමැති තොලින් ද බමරුන් නැමැති බැමෙන් ද, සෙවෙල් නැමැති වරලසින් ද, කොඳ නැමැති දත් වලින් ද, හංසයන් නැමැති මහ තන වලින් ද, විල් ලිහිණි නැමැති මෙවුලින් ද යුතු එ පුර ගෙදිගු විල් ගෑනුන් සෙයින් සිත් ගන්නේ යි).

ගෙ දිගු විල් නම් දිය කෙළි පිණිසැ ගෙ අසැ කැණැ පිළියෙළ කොටැ ගන්නා ලද මහ පොකුණු වෙසෙසෙකි. ‘දිගුවිල’ යනු එ විලේ පමණ සලකා දෙන ලද නමෙකි. දීර්ඝිකා යන සකු නම මැ එ සෙයින් වෙස් පෙරළවා ගත් සේ පෙනේ.

‘දුණු සියයක් සරියේ වූයේ පොකුණු (පුෂ්කරණී) යි, තුන් සියයක්සරියේ වූයේ දිගු (දීර්ඝිකා)යි, යාර සියයක් සරියේ වූයේ දොණු (ද්රෝරණි) යි, පන්සියයක් සරියේ





                                     සැවුල් අසුන් පවත්                                77

වූයේ තළා (තඩාග) යි’ යනු සකු ඇදුරන් ලකුණු කියන හැටි යි. දුන්නෙක් සතර බඹයෙකි, එ නයින් දිගු විලක් බඹ එක් දහස් දෙසියයෙක සරියේ බිම වසා සිටියැ යුතු. ඒ අක්කර බාගයක් පමණ වන දිය තලයෙකි.

විල්, ගං හෝ ආදිය ගෑනුන් මෙනැ යි ද, ගෑනු විල්, ගං හෝ ආදිය මෙනැයි ද ලකුණු සහිත වැ පැවැසීම දඹදිවේත් මෙ දිවේත් කිවින් හට ඉතා හුරු වූ ද ඉතා පිය වූ ද විසිතුරෙකි. ගෑනියක ‍ෙග් අඟපසඟට උපමාන පිණිසැ ‍ග‍ඟේ විලේ ඇති දැය දැක්වීම ද, ග‍ඟෙකැ විලෙකැ ඇති දැයට උපමාන හැටියට ගෑනියක ගේ අඟපසඟ දැක්වීම දැ’යි යන මේ දෙවිදියෙන් මැ මේ වැනීම කරනු දක්නට ලැබේ. ‘රූපෙට රූපෙ’ දක්වන්නා වූ මෙ උපමාවට ‘රූපක’ යන නම ලකර දතුවෝ කියති.

මෙහි ගෙදිගු විලත් එහි ඇති දැයත් අඟනකටත් ඇගේ අඟපසඟටත් සම කොටැ දක්නා ඇති.

ගෙදිකු විලේ, අඟනගේ, නෙළුම්මල් මූණට ද නිල් මානෙල් ඇස්වලට ද රත් මානෙල් තොල්වලට ද (සරන)බමරුන් රළ බැමට ද දිය සෙවෙල් වරලට ද කොද මල් දත්වලට ද (සරන )හංසයන් පිරුණු තනවලට ද

   ,,	විල් ලිහිණියන්		මෙවුල්දමට ද - මෙහි සමාන කොටැ ඇති මේ කිවියා මේ මැ:-

‘හස තනිඳුවර නෙති බමර බැම පුල්සර වති නිල් සෙවෙල් වරලැති එ පුරැ විල් කල්බදුන් එක යුති’ (කුසදා) යි පසු දු සදහන් කෙළේ යි.




78 සැවුල් අසුන් පුවත්

‘නුවනුපුල් වුවන් පියුම් වරල් බමරි රිළු අවුල් මත වරඟනන් මහ විල් සදිස් වන්නා’ (කව: සි.iii. 12)යි ගෑනුන් විල් සරි කොටැ දැක්වීම මෙහි අනෙක් පිට යි.

‘පෑ තෝ නෙත් මින් විළි රළ හර පොකුරු කුරු ළකල තුනු විල්නෙන් පියොවුරු හසුසුලන්නා’ (කව් සි. ii 38) යනු ඒ අනෙක් අතට හරවා ඉතිරි රුව විලක් කොටැ පෙන්නීමෙකි.

රහල් හිමියෝ ගඟක් අඟනක සේ මවා පාමින් මේ ‘රූපෙට රූපෙ’ දැක්වීම බොහෝ දික් කොටැ :-

‘සුපිපි සියපත් - වත රතුපුල් - ලවන් පැහැපත කුමුදු - මදහස යුත සසල පෙටි පෙළ- බලන දිගු නෙත’

තරඟ වැළ - බැම ලෙළ සක සිරි - ගෙලෙන් සුලකළ සළා - නැබ පළ කළ පුලිනතල - පුළුලුකුළ සිරි කළ,

සක්වා ලිහිණි - තන සැදි විල් ලිහිණි - මෙවුලෙ න සයුරු රජ බිසෝ වුන විලස ඉඳුරා එ ගඟ පෑ මෙන’ (කවි. සේ.iii. 29-31) යැයි වදාරති.





                                      සැවුල් අසුන් පවත්                              79

සෙබමන් වුවන් නෙත් පියොවුරු බැම සසල අ ඟ න න් දිය කෙළෙනු දැකැ මෙහි ගෙදිගු විල ග න ර න් පියුම් මිහි ලොල් තිසර බිඟු කැල දන කැන් දනිති තොරතුරු ඇසුමෙන් තෙපල’ (පරෙවි) යන තැනැ උපමානයන් ගේත් උපමේයයන් ගේත් එක් දිසි බව ඉතා අසල් කොටැ අනෙක් ‍ම‍ඟෙකින් අඟවා ඇති. එද:-

‘දිය කෙළිය ලොල්කල වුවනත නෙත පියොවුරින් පියුමුපුල හස සැපත් දියුණුකැරැ පෑ දිගුවිල්’ (සසදා) යන්නේ වැඩීමෙකි.

‘වනිඳුවර, රතුපුල් යනු ‘වත් ඉඳුවර, රත් උපුල්’ යැයි බිඳී සිටි.

මෙහි ‘කොඳ යනු ‘කුමුදු’ යන්න වෙනුවට වරදවා යොදන ලද්දෙකි. අසා උගත් ලකරක් පැවැසීම මිසැ ඇසින් දුටු දැයෙකැ ‘ලකරක්’ කිරීම නො කළ කවියෝ ‘කොඳ’ ‘කුමුදු’ දෙවගේ‍ වෙසෙස නොසිහි කළහ. ‘කුමුදු’ දියේ පිපෙන හෙල් මැලි නම් මල් වෙසෙසයි. කොඳ නම් ගොඩ බිමේ අටගන්නා මල් වෙසෙයෙකි. ඒ වැල් කොඳ යැ ගස් කොඳයැයි දෙවගෙක් හි වේ.

‘කල්බඳ’ යනු අඟනනට නමෙකි. කාන්දම්ගුණයෙන් යුතු හෙවත් ඇද - ගන්නා (කාන්ත) ගුණය ඇති බදක් (සිරුරක්) ඇත්තී නු යි අඟන ‘කල්බඳ’ නම් වෙයි.

29. පෙළ :- සොබන මෙ පුරැ ගජ හය සෙන් දැරු බරින නොමින වෙහෙස විඳිනා නතනා විසින හෙළන නඟන සුසුමෙහි ඇසෙන ගිඟුමට දද දන නො දැනැ මුහුදු ගොස යැ යි කියති






80 සැවුල් අසුන් පවත්

‍(හොබනා වූ හෙවත් බබළන්නා වූ මේ පුරයේ ඇත් ඇස් සෙන් ඉසිලූ බරට, බොහෝ මහන්සිය විඳින්නා වූ අනත් නම් නයා විසින් හුස්ම පහළ හෙළීමේදීත් ඉහළ ඇදීමේදීත් හෙවත් හැති දැමීමේදී ඇතිවන ගගිරීමට මෝඩ මිනිස්සු නොදත් කම නිසා මුදු පරගෑම යැයි කියති).

‘හෝ! හෝ! ගාන හඬක් මූද දෙසින් එන්නා අසා ඊට මිනිස්සු මූදු පරගෑම හෙවත් රළ ගොසැයි කියති. එ සේ කියන්නෝ මෝඩයෝ යි. උන් එ කියන්නේ නො දත් කම නිසායි. එහි ඇත්ත නම් මෙයයි. එනම් :- මේ පොළොව රැඳී ඇත්තේ අනත් නම් මහ නයාගේ පෙණ මඬුලු පෙළ මත්තේයි. එය ඌට එ තරම් බරෙක් නො වේ. එහෙත් මේ සීතාවක පුරයේ ඇතුන් ගේත් අසුන් ගෙත් ගණන ඉතා මහත් හෙයින් එ පුරය පොළොවට බර වෙයි. එයින් බර දැනී පාතට බස්නා පොළොව එය රඳවා ගෙනැ සිටිනා අනත් මහ නයා ගේ පෙණ ගොබ මඬල මිරිකයි. එයින් එ මහත් බර දැරීමේ වෙහෙස විදින්නේ එ නයා හැති දමමිනුයි. අන්න ඒ හැති දැමීමේ දී ඌ හුස්ම හෙළන නඟන අඬයි මෙ ගොස නම්. ඒ මිසැ මුහුදු රළ ගොසෙක් නොවේ’යි මෙ කිවියා අමුතු වැනුමක් කරයි.

අනත පිරි ඉසුරු සැපතින් වෙමින් බර අනත පෙණ මඬුලු පෙළ මැඩෙන එකවර (හංස) යැයි සදහන් වන්නේ ද ‘අනත්’ නයා මෙ පොළොව දරා සිටිනා පුවතයි.

‘දුනු දඟරදරණු කැරැල්ලක් මැතැ රඳවන ලද පාත්තරයක් සෙයින් මෙ පොළොව අනත් නම් මහ නයකු ගේ මඬුල සතක් වූ පෙණ රැසක් පිටැ රැඳී පවත්නේ යැ’යි හින්දු පුරාණ කාරයෝ කියති.








                                    සැවුල් අසුන් පවත්                                 81

‘නොදැන’ යන්නෙන් ‘නො දැනීම නිසා’ යන කරණ අරුත මිසැ පෙරකිරිය අරුතෙක් නො ලැබේ. ගොනකු දැකැ ළමයා බිය වී’ යන තැනැ ‘දැකැ’ යන්නෙන් දෙන්නේ ද ඒ අරුත යි.

30. පෙළ:- සතර දිගත හිමි හිමි හැම දින වසන, ගැඹර නැණින් යුතු නෙක මැති ගණ රඳන, ගජ සෙන් සරන මහ වේ විතර නොවන, නිති වැජඹෙන මෙපුර අමර පුර දිනී.

(සිවු සයුර කෙළවර කොටැ ඇති සතර දික් අතට මැ අදිපති හිමියා සියලු දා වසන්නා වූ ද, ගැඹර නුවණ ඇති බොහෝ ඇමති සමූහයන් රැඳී සිටිනා වූ ද, ඇත් සෙන් ගැවසෙන මහ වීදි අපමණ ඇත්තා වූ ද, නිති ඉහළින් පෙනී පවත්නා වූ මෙ පුරය දෙව් පුරය පැරැදැවී).

අමර පුරය නම් සක් දෙව්රජු වසන සුරපුර‍ය යි. මේ සීතාවක පුරය එයට වඩා ඉහළ බවයි මෙයින් දැක්වුණේ. මේ පුරයේ සතර මහා දිසාවෙන් හටත් හතර මහ දිසාපතියන් හටත් හිමියා වන රජතෙමේ වසයි. අමර පුරයේ වසන්නේ එක් දිසාවකට - එ නම් ඉඳුරු දිසාවට - පමණක් හිමියා වන සක් දෙව් තෙමෙ යි.

‘මව ඉඳුරු දික් පති දනෝ සක් දෙවිඳු යැයි පවසති’ (ගුත්තිලදා) යැයි සක් දෙව්රජ තමා ඉඳුරු (නැගෙනහිර) දිගට පමණක් පති බව සඳහයි.

ගැඹර නැණින් යුත් මැතිවරු මෙහි බොහෝයි. අමර පුරයේ වසන්නේ එක් මැ සුර ඇජරායි. මෙහි බොහෝ ඇතුන් සරන මහ වීදි ගණන් නැති. එහි ඇත්තේ සුදසුන් නම් එක් මැ මහ වීදියෙකි. එ වීදියේ සරන්නේද එරවණ නම් මැ ඇතෙකි. එයින් මෙ පුර අමර පුරය පරදවා සිටි. මෙය:-







82 සැවුල් අසුන් පවත්


‘සොඳුරු සියනදන් අනුතුරුදෙ සැ සිටින කි නු රු නිය සරන් කදහස වෙතැ නොවන ඉ සු රු දන ද සිය නිකෙලෙස් තැනැ රදන උ තු රු දිගිදු පුර දිනි මෙපුර බැජඹෙන’ යන්න සිහපත් කරවයි. (සැළ)

31. පෙළ:- සකත සවත ලෙසැ බුජ බලවිකුම් යුත මහසෙන් සතත නුමුත රඳනා , මහත සැපත පිරි මෙ පුරෙති අනත සිරි වනත අනත, නරඹත සක මුත් කෙ වත?

(වෙනු - එ නම් විෂ්ණු - දෙවියා යැ, කතරගම දෙවියා යැ යන මොවුන් බඳු, අතේ සවියෙන් දක්වන සපන්කම් ඇති මහ බල පිරිස් සියලු කල්හි නිතොර වැ නැවැතී සිටිනා වූ ද, මහත් සැපත් පිරි පවත්නා වූ ද මේ පුරේ ඉමක් නැති සැපත් වැනීම කරනවා නම් අනත් නා රජුත්, බලනවා නම් සක් දෙව් රජුත් හැරැ අන් කවුරු සමත් වෙති ද?)

මේ පුරයේ සැපත් කෙළවරක් නො දක්නා පමණට ඉතා බොහෝයි. ඒවා වැනීම කාට පිළිවන් ද? පිළිවන් වතොත් ‘අනත්’ නම් මහ නයාට පමණයි. එ මහ නයාට සෙස්සන් හට සේ නො වැකටවල් දාහක් ඇත්තේ යි. එ හෙයිනි ඔහු එහි සමත් වෙතොත් වන්නේ මේ පුරයේ සිරි බලා නිම කිරීමටත් ඇස් දෙකේ සතට බැරි වෙයි. එහි පොහොසත් වන්නේ ඇස් දා‍හේ සක් දෙව් රජ පමණයි.

‘සකත’ යනු සකක් අතේ ඇත්තේ නුයි (සකඅත) වෙනු දෙවියාට නමි. හේ බලයෙන් අග තන් පත්තේ යි. ‘සවත’ යනුවත් සයක් ඇත්තේ නු යි කතරගම දෙවියාට නමි. හේ යුද විකුමෙන් පසිඳු දෙවියා යි.







                                       සැවුල් අසුන් පවත්                               83

අපේ කවර කිවියාත් යමක් වනා වනා හිත් නො වැදුණු තැනැ එය හමාර කළේ සිරිතක් හැටියට ඉතිරි ‍ෙකාටස මෙ ‘අනත, සක’ යන දෙ දෙනාට පවරමින් තමා.

‘සුදනන් ගෙන් දිමුත් එ පුරෙහි සියලු සම්පත් වනත නරඹත හොත් අනත සකමූත් කවුරු පොහොසත්’ (දහම් සොඬදා) ය යැයි මෙ කිවියෝ සෙසු තැ නැ දු මෙ සිරිත රැකිය හ.

32. පෙළ:- ලොවැ හැම තැනැ සැපත් එක තැනැ සැපත් සිරි ගත්, සත් නෙත් සිත් රැගත්, එ මහත්, මෙ පුරවරෙහි -

(ලොව පුරා ඇති සැපත් - සම්පත් - එක් තැනකට පැමිණි අයුරක් ඇරැගත්තා වූ, සතුන් ගේ ඇසුත් සිතුත් ගත්තා වූ, ඉතා මහත් මෙ උතුම් පුරයේ -) මෙ කිවියෝ මැ:-

‘ලොවැ සියලු මැ සැපත් සැපත් තන් මෙන් සිරි ග ත් දඹදිව් තලැ මහත් සැවැත් නම් වී පුරෙක යහපත්’ (කුසදා) යැයි මේ මැ පසු ද කී හ.

‘මුළු ලොවැ සිරි සැපත් සැපත් තන් මෙන් තෙවුනා මන හදනා මහදනා රදන රද සිරි මෙ පුරේ’ (හංස) යන්න මැ යි මේ කීයේ ද.

33. පෙළ:- හර තුරුරාජ විලසින් නො විතර යසැති. නිසි පවර මනු රාජ කුලයෙන් පැවැතෙන, රුපු පර රාජ මත ගජ බිඳි කෙසර යුර, වර රාජසිහ නරනිඳු සඳ මෙ පුර දිනෙ.




84 සැවුල් අසුන් පවත්

(මුතු වැළ, සඳ, යන සුපිරිසුදු දැය බඳු අපමණ යසස් ඇති, දොසක් හෙවත් කිලුටක් නැති උතුම් වූ මනුරජ කුලයෙන් පැවැතී එන, සතුරු වූ පර රජුන් නැමැති මද ඇතුන් ගේ කුඹු පැළූ සිංහයා වැනි වූ, උතුම් රාජසිංහ රජතුමා මෙ පුරේ දිනේ හෙවත් වසයි).

මෙහි ‘රාජ සිංහ’ යන්න හා එළිවැටක් මවන්නට යාමෙන් තුරු රාජ, මනු රාජ, පර රාජ, යනු කිසි හිරියක් කිතියක් නැති වැ යෙදීමේ සවිය ඇති වියැ. තුරු රාජ යනු තරුවලට රජ යැයි සඳට නමෙකි. මනු රාජ නම් හිරු පුත් මනු රජ තෙමෙයි. හිරු තෙමේ බඹුගෙන් උපන් පුතා යි, එ හෙයින් හිරු පුත් මනු රජුට ද බඹ උපත ඇත්තේ යි.

‘බඹ උපතින් සැපත පෙරැ නර ලොවට කැරැ සෙත නරන් කළ සම්මත වි යැ නිරිදෙක් ‘මහාසම්මත’ (බුදු. ග. අ.) යනුයෙන් සඳහන් වන්නේ ද මෙ මනු රජ යි. හින්දු පුරාණයන්හි සදහන් වන මනුවන් ගේ ගණන තුදුයෙකි. ඔවුන්ගෙන් සත්වැන්නා වූ ‘විවස්වත්’ තෙමේ ලෝ සතුන් ගේ ආදී මැ පියා හැටියට සලකනු ලැබේ. එ හෙයින් පොත්හි නො එක් තැනැ ‘මනු රජ’ යන්නෙන් සදහන් වන්නේ හුදෙක් හෙ තෙමේ. පරණ තෙස්තමේන්තුකාරයන් ගේ ‘නොවා’ නම් තැනැත්තා හා සම කළ හැකි මෙ (වී වස්වත්) මනු රජ තෙමේ ‘අයෝධ්යා ව’ ගොඩ නංවා එහි මුලින් මැ රජකම් කළ තැනැත්තා හැටියට සලකනු ලැබේ. ඔහු ගේ දූ වූ ඉළා තොමෝ සොමි පුත් බුද හට අඹුවූ. ඇගෙන් තමා සද කුල (චන්ද්රවවංශ)ය ඇති වූයේ. මනුහු ගේ පුතුන් ගෙන් හිරු ගොත (සූර්යවංශය) වැවිණි.

මෙ (විවස්වත්) මනු තෙමේ ‘යම’ යාගේ සෝවුරා යි. හිරු පුත් හෙයින් යමයා ද ‘විවස්වත්’ නම් වෙයි.






                                  සැවුල් අසුන් පවත්                                      85

(1. ස්වායම්භුව, 2. ස්වාරෝචිත, 3. උත්තම, 4. තාමය, 5. රෛවත, 6. චාක්ෂුෂ, 7. වෛවස්වත, 8. සාවර්ණි, 9. දක්ෂ සාවර්ණි, 10. බ්ර්හ්මසාවර්ණි, 11. ධර්ම සාවර්ණි, 12. රුද්ර සාවර්ණි, 13. දේව හෙවත් රෞව්යු සාවර්ණි, 14. ඉන්ද්ර් සාවර්ණි යන මූ වෙති තුදුස් මනුවෝ)

‘නිසි’ යනු නොබිදුණු (අසම්හින්න) බව ඇඟැවීමට යෙදුණේ වෙයි.

‘වර’ රාජසිංහ නරනිඳු ‘සඳ’ යන්නේ ‘වර’ යන්නත් සඳ යන්නත් දෙන්නේ එක් මැ අරුත යි. එ හෙයින් මේ පැසැසුම් ලැබියැ යුතු යෙදුමෙක් නොවේ.

‘රාජ සිහ’ යනු දූ සුදුසු යෙදුමෙක් නො වේ. රජ සිහ හෝ ‘රාජසිංහ හෝ විණි නම් ඒ සුදුසු වෙයි.

34. තව ද, මෙ පුරව්ර වරාධිශ්වර සමස්තසාමන්තඟු - පාලමණිමෞලි මාලාලංකෘත ශ්රී පාදද්වන්දෝ පශෝභිත ශ්රීව රාජසිංහ මහා රාජෝත්තමයා ගේ කීර්ති ප්රීතිපාදී ගුණෛක දේශ්යක් ශ්රවවණයකර.

වැළිදු, මේ ඉතා උතුම් පුරයට අදි ඉසුරු වූ සියල් පෙදෙසි රජුන් ගේ මිණි වොටුනු වැළින් සැරැසුණා වූ දෙ සිරි පයින් යු තු වැ බබළන සිරි රජසිහ මහ රජතුමා ගේ යසස් තෙද ආදී ගුණයෙන් ගෙන් එක් කොටසක් අසව).

පුරප්ර වර අධි ඊශවර = පුර ප්රසවරාධිශ්වර මාලා අලංකෘත = මාලාලංකෘත ද්වන්ද උපශෝභිත = ද්වන්දෝපශෝභිත ප්රනතාප ආදී = ප්රපතාපාදී ගුණ ඒක දේශයක් = ගුණෛකදේශයක්.

35. පෙළ:- සරසවිය සිරිකත මෙ රජු වෙතැ වසත සැපත වියෝ දුක් සිතැ නොමැ කරමිනුදු සතත සතත බඹසර මැ රැකීයෙන් මිසැ සකත ලෙසැ ගත සොවින් කළු නො මැවේ ද?





86 සැවුල් අසුන් පවත්

(සරස්වතීය යැ සිරිකත යැ යන දෙදෙන මෙ රජු කෙරේ වසන කල්හි එයින් පැමිණි වියෝ දුක් සිතට නො ගන්මින් මැ බඹා සදහට බඹසර දහම් රැක්කායින් මිසැ නැති නම් ඔහු ගේත් සිරුර වෙනු ගේ සිරුර සේ කළු නො වේ මැද?

වෙනු (විෂ්ණු) දෙවියා ගේ සිරුර කළු යි. ඔහුගේ සිරුර එ සේ කළු ගැසුණේ වෙන එකක් නිසා නො වෙයි. සෝ ගින්නෙන් දැවීමෙනු යි. ඇයි ඔහුට සොවෙක? වෙනු‍ ගේ අඹු වූ සිරි තොමෝ මේ රජසිහ රජු ළඟට වී වස යි. එයින් පත් වියෝ දුකයි මේ සොවට කරුණ. සිය අඹු වූ සිරිය රජසිහ රජු ළඟට ඇදී වසන නිසා අඹු වියොවින් අටගත් සොවින් තැවී වෙන් දෙවි තෙමේ කළු ගැසුණේ යි.

වෙන් දෙවියා ගේ අඹු පමණෙකැ රජසිහ රජු ළඟට ඇදී වසනු? බඹ ගේ අඹු වූ සරසවි තොමෝ ද එ රජු කෙරේ වස යි. ඉතින් ඇයි අඹු වියොවින් තැවී බඹාත් වෙනු සෙයින් කළු ගැසුණේ නැත්තේ ? බඹු ගේ මුව ගබේ අඹුවක විසුව ද හෙතෙමේ අඹුන් සෙවුනා එකෙක් නො වේ. ඔහු ගේ නිති වැඩේ නම් බඹසර දහම - එ නම් ගිහිකම් වරා සිටීම - රැක්මයි. එ හෙයින් ඔහුට අඹුවක ගේ සදහනෙක් නැති. එයින් වියොදුකෙක් ඔහු ගේ සිතට නොනැ‍ඟෙයි. එ අයුරින් වියොවින් වන් දුකක් සිතට වැද්ද නො ගන්මින් මැ බඹසර දහම රැක්කායින් මිසැ එ සේ නැති නම් බඹාත් වෙනු දෙවියා සේ වියෝ දුක් ගින්නෙන් තැවී කළු නො වන්නේ ද/ වන්නේ මැයි.

‘සිරි යන්නෙන් අදහස් කැරෙන්නේ ‘සම්පත’යි. මෙ රජු කෙරේ ‘සිරි’ වසති යි කීමෙන් මෙ රජු ගේ සම්පතේ හි අති මහත් බව පළ කැරෙයි. සම්පත රැදෙන්නේ බලය ඇති තැනැ යි. වෙන් දෙවියා බලයෙන් අග වෙයි. එ හෙයිනි සිරිය ඔහු ගේ අඹු හැටියට සදහන් කැරෙනු. සිරිය වෙනු හැරැ අවුත් මෙ රජු කෙරේ වෙසෙතියි කීමෙන් මෙ රජු ගේ බලය වෙනු ගේ








                              සැවුල් අසුන් පවත්                                       87

බලයට ද වැඩියෙන් මහත් බව පළ වෙයි. වෙනු ගේ බලයට වඩා රජසිහ රජු‍ ගේ බලය මහත් බව දැකැ සිරි වෙනු හැරැ මෙ රජු වෙතැ අවුත් වසති යි කීම නො සිතූ සිරිතක් ද මතු කොටැ දක්වයි. ඒ නම් පෙරැ සිටැ කළ ඇසුර නො සදහා සැපත් වැඩි තන් බලා හිමි හැරැ යන ගෑනු සිරිත යි. පිරිහුණු හිමියා හැරැ බල වැඩි එකකු කෙරේ ගොස් ඇලීම ගෑනු සිරිත හෝ වියැ යුතු. නැත මහ ‍ෙබලෙන් දුඹුලා ඔබා ඔහුගේ අඹුව තමා කෙරේ වස්වා ගැනීම පිරිමි සිරිත හෝ වියැ යුතු.

‘සරසවිය’ යන්නේ පරම අරුත නම් වදන්පති බව යි. වේදයට පියා වු බඹු ගේ මුව ගබේ සරසවිය වසති යි කියන්නේ බඹුගේ වදන්පති බව සලකා යි.සරසවිය බඹු හැරැ මෙ රජු කෙරේ වෙසෙති යි කීමෙන් ඇඟැවෙන්නේ මෙ රජු බඹුට ද වැඩියෙන් වදන්පති වැ සිටිනා බවයි.

ස තො සි න් වසත සිරි සරසවිය මොහු කෙරේ වි යො වි න් පැමිණි දුක් නො මැ විඳැ ඒ අවසරේ රැ කි යෙ න් මිසක් බඹ බඹ සර මැ අරතරේ සො ව ගි න් තැවි කළු නො මැවේ ද වෙනු යුරේ

(තිසර) යන්න මේ කවියේ පියා යි.

සතක් අතේ ඇත්තේ නු යි බඹුට ‘සත්අත්’ යැයි නමෙකි. ඒ ‘සතතැ’යි ගැළැපී සිටී. මහ බඹු ගේ සේ සතා ඉතා පළ එකෙකි.

36. පෙළ:- උවිඳු කිරණ අළලන සඳැ නැඟී, සොබන තරිදු අමා සිතුමිණ සුරතුර රැගෙනැ සිනිඳු වත තෙපල සිත අතට යොදමින මහ බඹු විසින පසිඳු මෙ හිමි මැවූ වැනි.

(වෙනු කිරිමූද කළඹවන වේලායේදී එයින් පැනැ නැඟුණු හොබනා හඳ යැ, අමාව යැ, සිතුමිණ යැ, සුරතුර යැ යන මේ දැය ඇරැගෙනැ සිනිඳු වූ මූණ යැ, වදන යැ, සිත යැ, අත යැ, යන මේවා සදහා පිහිටුවා බඹු විසින් මේ රජු මැවූ හැටි යි).





88 සැවුල් අසුන් පවත්

මෙ රජ බඹා විසින් මවන ලද්දේයි. බඹ තෙමේ මෙ රජු මැවීමේ දී මූණ පිණිසැ සඳ පිහිටුවැ ලූයේ යි. වදන් පිණිසැ අමාව බහා ලූ යේ යි, සිත හෙවත් හද පිණිසැ සිතුමිණ පිහිටුවා ලූයේ යි, අත් පිණිසැ සුරතුර යෙදූයේයි. එ පිණිසැ එ දැය බඹුට ගන්නට ලැබුණේ වෙනු කිරි මූද කැළැඹැවූ විටැ ඉන් ඒ දැය පැනැ නැඟුණු නිසාය.

රජු ගේ මූණ සඳ මෙන් ‍ෙසාමි බවත්, වදන් අමා සේ මිහිරි බවත්, සිත සිතුමිණ බඳු වැ දෙන හිත මැ වැ පවත්නා බවත්, අත් දෙන්නට මැ ඇරී සුර තුරු සේ ඇති බවත් මින් කියැවිණි.

මේ කිරි මුහුද ඇළැලීමේ පුවත නො සදහන් පැදි පොතක් අපට නැත්නේ යි. කිසි විටෙකැ එක පොතේ දෙතුන් ‍පළේ ද මෙය සදහනි. එ හෙයින් ඒ ඉතා පසිඳුයි.

1. ලක්ෂ්මි, (සිරිකත) 2. කෞස්තුහ පාෂාණය, (කොතබු ගල) 3. පාරි ජාතක වෘක්ෂය, (පරසතු රුක) 4. සුරා දේවි, 5. ධන්වන්තරී ඍෂිය, 6. චන්ද්රතයා, 7. කාම දායක ගවයෝ (සුරබි ආදීහු) 8. ඓරාවණ හස්ති, 9. රම්ඟා ආදී දෙවඟනෝ, 10. සප්ත මුඛ අශ්වයා, 11. කාලකූට විෂය, 12. විෂ්ණුහු ගේ දුන්න, 13. ,, ශංඛය, 14. අමෘතය,

යන තුදුස් ගණය කිරි මුහුද ඇළැලීමේ දී නැඟුණහ යි හින්දුවෝ:-





                                  සැවුල් අසුන් පවත්                                    89

‘ලක්ෂ්මිඃ කෞස්තුභ පාරිජාතකසුරාධන්වන්තරීශ්චන්ද්රනමා

ගාවඃ කාමදුඝාඃ සුරේශ්වරගජෝ රම්භාදී දේ වාඬිගනාඃ
අශ්වඃ සප්තමුබෝ විෂං හරිධනුඃ ශඬ්බෝමෘතං චාම්බුධෙ
රත්නානීභ චතුර්දශ ප්රහතිදිනං කුරුවන්තු වෝ මඬගලම්’

යනුවෙන් එ බලෙන් ද සෙත් වඩත්.

37. පෙළ:- නො හිම්, රුඳු, සතුරු ගනඳුරු දුරැලමිනි මෙ හිමි සඳු මෙ සිරිලකඹරැ දැඟුම් වත උතුම් සිවුසහරවත් සසි නිඳු කිරණ සව්සත සතනැ පෙම් සිඳු උදම් කෙළෙ යැ

(මෙ තෙකැයි ඉමක් නැත්තාවූ, මහත් සතුරන් නැමැති ගන අඳුරු දුරු කරමින් මෙ රජු නැමැති සද සිරි ලක් දිව නමැති අහසේ සැරීම - ඇවිදීම - කරන කල්හි උතුම් වූ සතර සංග්රදහ වස්තු නැමැති ඉතා සිනිඳු කාන්තිය සියලු සතුන් ගේ සිතේ වූ ප්රේවමය නැමැති මූද ඔද වඩවා ලූයේයි).

ලක් දිව් තලය අහස හැටියටත්, රුදු සතුරන් ගන අදර හැටියටත්, රජු සඳ හැටියටත් එ රජු දෙන සිවු සඟරාවත් සඳ එළිය හැටියටත් දනන් ගේ සිතේ ඇති ආදරය මූද හැටියටත් මෙහි දැක්විණි.

රජුට සතුරන් බොහෝ බවද, ඔවුන් රුදුරු බව ද පවසමින් රජු ඔවුන් නස නසා රටේ ඇවිදුනා ගමන් මැ රට වැසියා සිවුසඟරාවතින් තුටු කරවන බවත් එයින් රජු කෙරේ ඔවුන්ගේ සිතේ ඇල්ම වැඩි වන බවත් මේ කි සැටියි. සඳගන අඳුර බිඳිමින් අහසේ සරන විටැ ඉන් නික්මෙන කිරණින් මුහුද ඔද වැඩේ. එයින් මුහුද ඔද වැඩුණත් සඳුගේ කිරණ පතුරුවා ලීමේ අදහස අඳුර දුරු කිරීම යි; එ සෙයින් රජු රට වැසියන් සිවු සඟරා වතින් තුස්වන්නේ ද සතුරන් නැසීම පිණිසැ වියැ යුතු.







90 සැවුල් අසුන් පවත්

සිවු සඟරාවත නම් ‘දීම (දාන), පියවදන් බිණීම, (ප්රියය වචනය), වැඩ සිදු කිරීම (අර්ථ චර්යා), අනුන්හට ද තමන්හට සේ දුක සැප ඇති වන බව සලකා කටයුතු කිරීම (සමානාත්මතා) යන සතර යි’ මේ හොඳ රජකු විසින් පිළි පැදියැ යුතු සැටි යි.

‘ගනඳුරු’ යනු ‘ගන අඳුරු’ යි බිඳී සිටි. ‘ලමනි’ යනු වහරේ සිටිනේ ‘ලමින්’ කියා යි.

38. පෙළ:- වෙන් විකුමැති මෙ නිරිඳු සොඳුරු හස රද සිළු වන් වොරඳ තෙද තුඩු දිගු කරමින් නන් දෙස රද කර සර පඬුරු මුවරද මන් ලෙසැ රැගෙනැ ලක අරද සරැ වැජැඹේ.

(වෙනු ගේ සපන් කම් බඳු සපන් කම් ඇති මෙ රජු නැමැති මනා වූ හස් රජ තෙමේ ගින දැලි වන් තෙද නැමැති තුඩ දිගු කොටැ නො එක් දිසායේ රජුන් ගේ අත් නැමැති නෙළුම්මල්වලින් පඬුරු නමැති මල් පැන් සිතේ හැටියට ගන්මින් ලංකාව නැමැති මහ විලේ උසින් පෙනී සිටි).

රජ සිහ රජු හංසයකු හැටියටත් එ රජු ගේ තෙද ඒ හංසයා ගේ තුඩ හැටියටත් ලක්දිව එ හංසයා සිටිනා විල හැටියටත් නො එක් පෙදෙස්හි රජුන් දෝතින් පිළි ගන්වන පඬුරු නෙළුම් මල්හි මුවරද හැටියටත් දැක්වීමටයි මෙ පැදියේ අදහස. ඒ අදහස ඇඟැවීමට පද යෙදූ හැටි ඉතා අවුල් සහිත යි.

‘වන් සිළු තෙද තුඩු’ යනු විකාර යෙදීමෙකි. ‘සිළු යන්නේ අදහස’ ‘මුදුන්’ යනු යි. බමුණා ගේ සිළුව නම් උගේ හිස මුදුනේ කෙස් රොද යි, කුකුළා ගේ සිළුව නම් උගේ කරමල යි, ගින්නේ සිළු නම් ගිනි දැලි යි, මෙහි ‘සිළු’ යි කීයේ කුමකට දැයි පෙනෙනට නැති. ‘තෙද සිළු’යි ගත හොත් එ තැනැ කාරිය සිදු වෙතත් ‘තෙද සිළු වන් තුඩ’ යැයි උපමාව ගත් කලැ එය නිකම් මැ විහිළු වෙයි. මේ අවුල වූයේ ‘න්’ යන්නෙන් බඳිනා ලද එළි වැටට සිත






                                    සැවුල් අසුන් පවත්                                91

දීමෙනි. කිවි තුමන් අදහස් කරන්නට ඇත්තේ විලෙකැ හස් රජකු ඒ විලේ පිපී ඇති නෙළුම්මල්වලට තුඩ ඇනැ ඒවායේ පැණි බොන්නා වගේ මේ රජ තමාගේ තෙද පත්රුවා පර රජුන් දෝතින් පිළිගන්වන පඬුරු ලබන බවයි. උපමාව නම් හොදයි, එය පළ කිරීමට සුදුසු පරිද වදන් නො යෙදුවා මිසැ.

‘නන් දෙසැ’ යන්නෙන් ලක්දිවේ මැ නෙ පෙදෙස් මිසැ පිට රට ගන්නට ඉඩෙක් නො ලැබෙයි. ‘ලක සරැ’ යි කී හෙයින් ලක් විලේ හංසයාට පැණි බියැ හැක්කේ ඒ විලේ මැ පියුම් වලින් පමණෙකි.

‘සර’ යනු ‘නෙළුම්මලට ද විලට ද එක සේ යෙදේ. ‘කර සර’ කීයේ අත් නැමැති නෙළුම්මල් වලට යි. ‘ලක සර’ කීයේ ලක්දිව නැමැති විලට යි.

39. පෙළ:- මෙ හිමි කර මහ මෙයිනි පැහැදුළ සිපත සෙණ රුපු නිරිඳු ගිරි කුළ සතත ගසත දිගත පැතිරැ යන නැබළ යස ගිඟුමට උනඹු කර හර බලා වැළ පතිත වී යැ.

(මෙ හිමියා ගේ හෙවත් රජු‍ ගේ අත නැමැති වැස්සෙන්, පැහැපත් වැ දිළි‍ෙයන කඩුව නැමැති හෙණය - නැතිනම් අකුණ - සතුරු රජු නැමැති කඳු මුදුනට අතරක් නැති වැ ගසන කල්හි දිසා කෙළවර තෙක් පැතිරී යන යසස - යස ගොස- නැමැති මහ ගිගිරීමට ඔවුන් අඹුවන් ගේ ‍කරේ වූ මුතු වැළ නැමැති කොක් පෙළ වැටුණේ යි).

රජු ගේ අත වැහි කළුවකටත් එ අතේ ඇති රුපුන් කොටන කඩුව හෙණයකටත්, එයින් පහර කන සතුරු රජ කඳු මුදුනක් හැටියටත්, රජු ගේ යස ගොස සෙණ හඬක් හැටියටත්, සතුරු රජු ගේ මෙහෙසන කරැ පැළැදී මුතු වැළ කොක් පෙළක් හැටියටත් මෙහි දැක්විණි.







92 සැවුල් අසුන් පවත්

මෙ රජු‍ ගේ අතේ කඩුව ඇති, ඉන් නිති සතුරු රජුන් හට පහර ලැබේ. එ සතුරන් වැටෙත් රජු ගේ යස ගොස පැතිරේ. එ හඩින් තම හිමියන් මළ බව දත් සතුරු රජ අඹු‍වෝ කරැ පළන් මුතු වැළ සිදැ හෙළති;

වැසි කළුවේ විදුලිය කොටා සෙණක් පාත් වෙයි. ඒ සෙණය වදින්නේ උස් කඳු මුදුනකට යි, අකුණ පුපුළ හඬ දිගත් පුරා පැතිරේ, එ මහ හඬට කොක් පෙළ ඉහිරී යති;

රජු අතින් සිදු වන්නත් වැසි කළුවෙන් සිදුවන්නත් එක් සම කොටැ දැක්වීම යි මෙහි කැරුණේ.

නො එක් තැනැ වූ වැනුම් කිහිපයක් ගරා මෙය කරන්නට යා මෙන් ඇති වූ සුළු පාහේ දුඹුල් කම් කීපයක් පෙනෙතත් වැනීම බොල් මැ එකෙක් නොවේ.

වැහි කළුවෙන් රුපුනට හෙණ වදිතත් එයින් පහත් අයට සැලැසෙන්නේ සෙතෙකි. එ හෙයින් කැරෙන්න බලා අත වැහි කළුවකට සම කිරීමෙහි ඇති දොසක් නැති. එහෙත් මෙ රජු මැ වැසි කළුව කොටැ ගත්තා නම් කොයි අතටත් ඒ සුදුසු වේ.

‘මෙ නිරිඳු පැදුම් රද මහ දන් වැසි වසින සඳ’ (ක: සේ) යැයි රහල් හිමියෝ රජකු වැසි කළුවට සම කළහ.

එහිමියෝ මැ :-

‘නම කළ සත හැලේ සි ලි ලේ දෙන සිහිලී

බිය සෙණ රුපු කැලේ තු මු ලේ		දෙන නොකලී
නළලත ගිරි තෙලේ	    සු නි ලේ		රැසිතිපිලී
සු ර ර ද දෙබැ ම ලේ   ග න ලේ	              සිරි කියෙලී’  (සැළ) යි විබිසණ සුරිඳු ගේ දෙ බැම වැසිවලා රොදකට සම කළහ. එහෙත් අතක් මේ කුළකට සම කිරීමට ඔවුන් ඈ කිවියෝ නො සිතූ.





                                 සැවුල් අසුන් පවත්                                         93

‘යස නැබළ ගිඟුමට’ යන තැනැ ‘යස’ යන්නෙන් අදහස් කරන ලද්දේ යස ‍ෙගාස වියැ යුතු. එ සේ නැති වැ යසසක් සඳහා උපමානයට ගොසක් නො ගත හැකි. නැබළ ගොසැ යි කීයේ හෙණ ගසන විටැ ඇසෙන මහ ගොසටයි. එය උපමාන වියැ යුත්තේ තවත් ගොස කට මිසැ යසසකට නොවේ. එ හෙයින් ‘යස ගොස’ යනු ඇඟැවීමට යස යැ යි යෙදීම සුදුසු නො‍ වේ.

හිමියන් නැසුණු බව ඇසූ අඹුවන් පළන් අබරණ ගලවා ලනු සිරිති. සතුරු රජුන් ගේ අඹුන් ඔවුන් කරැ වූ මුතු වැළ සිදැ විසුරුවනු කොකුන් ගේ හෝ හංසයන් ගේ හෝ පෙළ බිඳී විසිරැ යාමකට යි සමවියැ යුතු. ‘බැලා වැළ පතිත වියැ’ යන්නෙන් පෙනෙන්නේ සෙණ හඬ අසා කොක් පෙළ වැටුණු බවයි. එ බන්දක් සිදුවනු මා නම් අසා නැති. මේ මුතු වැළ සිඳීම :-

‘සෙනඟැ ඔහු ගජනා ගජ මේ කැල උතුරු දෙස රුපු පියන් තන හස ගත් හර පොකුරු කුරු දුරැලී’ (කවි: සි: 1.61) යි විසිතුරුවට දක්වා ඇති. ඒ මැ:-

ල කි සු රු සුරතැ ලෙළ කගපත වලා කුළේ නි ර තු රු නැගෙන එ විග සැ පැළ දිගින් වෙළේ අ මි තු රු නිරිඳු අඟනන් කොමළ උරතෙළේ පි යො වු රු තිසර මුතුහර නෙළුඹු දැලි හෙළේ’ යි පැරැකුම්බා සිරිත් කාරයො ද කීහ.

‘සිපත’ යනු අසිපත යන්නේ මුලකුර අනුසුර වීමෙන් වු යේයි. උතුමා, අයුණු ඇහි ද මෙ නය දක්නට ලැබේ. ‘දීගත’ යනු ‘දිගු අත’ යැයි බිදේ. ‘පතිත වියැ’ යනු හොද එළු ‍ෙනා වේ. ‘උනඹු’ යනු ‘උන් අඹු’ යන දෙකේ ගැළැපීමෙකි.

වැසි කලට කොකුන් ගේ දැක්ම නියත යි. එහෙත් සෙණ හඬට ඔවුන් වැටුනු අසබා යි.





94 සැවුල් අසුන් පවත්

40. පෙළ:- සිරිමත මෙ හිමි රුපුනුවර වැදැ යුද කැරැ දිනු බව දැකැ පුරඳර බියෙනි නො නැවත, සිඳු සත අගළ (ද) සත් කුල තිකුළත වෙසෙයි සිතෙනු යැ.

(සිරිමත් වූ මෙහි හිමියා සතුරන් ගේ නුවරවලට වැදී හටන් කොටැ දිනු බව දැකැ සක් දෙව් රජ බිය නිසා නො රැඳී දිවැ, සත් සමුදුර අගළ හැටියට ද සත් කුල පව් පෙළ පවුරු හැටියට ද ගෙනැ මහමෙර අවර බලයක් කොටැ තුන් කුළ අතරැ ඇතුළු පෙදෙසේ වෙසේ යැ යනු සිතේ).

මෙහි ‘පුරදර’ යනු අලගියවන්න රාලහාමින් හට හෝ පිටපත් කළවුන් හට හෝ වැරැදීමෙකින් වැටුණු බව පෙනේ. ‘පුරඳර’ යන්නෙන් සක්දෙව් රජ අඟවනු ලැබේ. සක්රජු තිකුළත වෙසෙතියි කිම සිංහයා ලිදේ නිදති යි කිමට දෙ වැනි නොවේ. සක් රජු වසන්නේ මෙර මුදුනේ යි. මෙර පත්ලේ තුන් කුළ අතරැ වසන්නේ අසුර රජ යි. එ හෙයින් මෙහි ‘පුරඳර’ යනු ‘රඳ’ සර’ කියා හෝ ‘නිතුළත’ යනු තිකුලග කියා හෝ වෙනස් කළ යුතු වෙයි. ‘තිකුළත’ යන්න වෙනස් කිරීමට එළි වැට අවසර නොපායි. ‘පුරඳර’ යනු මැ ‘රද, සුරැ’යි පෙරැළිම සුදුසු වේ.

‘දුකු රඹ අරන මුළු පුට දිරදෙවු අරඳ විකුමට පසිදු මොහු වෙපසින් අසුර රඳ දැකුමට බියෙන් සැඟැවී බල කොටැ මෙර ඳ

	 තිකුළතැ වෙසෙයි සිතෙනු යැ වට කොට	නිරද’

(කොවුල්) යන්න සිතට ගෙනැ,

‘සත් සමුදුර අගළ සත් ගිරි පවුරු වට කළ සක් පුර මිසැ උදුළ එ පුර සරි කොද පුරෙක් සක්වළ’ (බු.අ.)







                                   සැවුල් අසුන් පවත්                                      95

යන්නේත් එය සරසා මේ උපමාව ‍මවන්නට යාමෙනු යි අවුල ඇති කොටැ ගන්නා ලද්දේ. ‘රද සුර’ යැයි ගෙනැ ‘තිකුළත වෙසෙයි’ යන්න සුදුසු බවට පැමිණැවුවත් ‘සත් සමුදුරත් , සත් කුල පවුත්’ අගළ, පවුරු හැටියට සිටියේ අසුරට නො වැ සුරපුරට හෙයින් ඉනුඳු වැඩෙක් පුරා සිදු නො වෙයි.

‘පෙ ර සු ර පුරට පව් රෙව් මෙර වටා සිටි ස මු දු ර තරඟ සෙමෙරට ලූ කිරණ මිටි යු ග ඳු ර පටන් අඩෙකින් එකිනෙකට මිටි

  		 ම  න  හ ර	රුවන් සත් කුල පවු වළලු                   දිටි’

(ගුත්තිල දා) යි වෑත්තෑවේ හිමියෝ ද කුලපවු සක් පුරට පවුරු සේ දුටුහ. ඒවා අසුර පුරට පවුරු නො වේ.

‘තිකුළ’ නම් හැළියක් දරා සිටිනා ළිග්ගල් කැට තුනක් සේ මහ මෙර දරා සිටුනා මහ ගල් තුනයි. ඒ ගල් තුන අතරේ බිම යි අසුරපුර.

‘සිරිමත’ යනු ‘සිරිමත්’ යැ යි වහරේ සිටී. ‘තිකුළතැ’ යනු ‘තිකුළ අතැ’ යි බිඳී සිටී. තුන් කුළ! තුළැ යනු එහි අරුති.

41. පෙළ:- හර, සුර ගහ තරඟ රඟ සුනිමල් යසැති, තරසර, මෙ රද තද තෙද යුගත සැඬ නල වැදැ, මැතිවර තුමුල සත් කුල ගිරි පෙළිනවල, රුපු නරවර සුනෙර මුලිනිගිළැ ගියෙ බල!

(මුතු ඇට වැළ, අහස් ග‍ඟේ රළ- යන දැය - බඳු ඉතා පිරිසිදු යසස් ඇති, තිර බැවින් සරු වූ මෙ රජු ගේ දැඩි තෙද නැමැති කප් කෙළැ සුළඟ වැදී, ඇමති උතුමන් නැමැති මහත් වූ සත් කුල පවු පෙළින් වට වූ සතුරු රජ තුමා නැමැති මහ මෙර මුලින් ඉගිළි ගියේ යි. බලව!)

මෙහි සතුරු රජුන් මහ මෙර බඳු කොටැ මෙ (රජ සිහ) රජු ගේ තෙද යුග කෙළැ හමා බස්නා සැඬ පවන හැටියට දක්වන ලද බව පෙනේ. සතුරු





96 සැවුල් අසුන් පවත්

රජුන් ‍ෙග් ඇමැත්තෝ සත් කුල ගිරි බඳු කොටැ දක්වන ලද්දෝ යි. මීට පළමු මෙ (රජ සිහ) රජු ද මහ මෙර බඳු කොටැ මෙ රජු ගේ ඇමතියන් කුල ගිරි කොටැ දක්වන ලද බව සදහනි (24 වැනි පැදිය). එහි රජු සුනෙර හැටියටත් මැනියන් කුල ගිරි හැටියටත් දැක්වීම නිසි සේ කැරුණ ද මෙහි ඒ එතරම් නිසි සේ ‍ෙනා පෙනේ. එසේ මා කියන්නේ මෙහි දී ‘කුලගිරි’ යන්න වෙනුවට ‘සත් කුලගිරි’ යි ගණන ද සදහන් කිරීම නිසා යි. මැති කුලන් - නැත්නම් මැතියන් - සත් කුල ගිරි බඳු යි කී විටැ එ මැතියන් ගේ ගණන ද සතක් වියැ යුතු යි. එහෙත් රජකු කෙරේ විසි යැ යුතු මැතියන් ගේ ගණන සතක් වියැ යුතු යි. එහෙත් රජකු කෙරේ විසි යැ යුතු මැතියන් ගේ ගණන සතක් මැ වියැ යුතු යැයි නියමයක් නැති ‍හෙයින් මෙහි ‘සත්’ යන්න තැනට ඔබින්නේ නැති.

‘යුගත’ යනු ‘යුග අත’ යැයි බිඳී සිටී යුග අත නම් යුගයේ අන්ත ය යි. හෙවත් කෙළවර යි. මෙකි ‘යුග’ යන්නෙන් අදහස් කරන ලද්දේ කල්පයකට අයත් කොටස් සතර යි. මේ සතර යුගය අවසනැ ගින්නෙන්, දියෙන් හෝ සුළඟින් හෝ ලොව නසිති යි ‘පුරාණ’ කාරයෝ කියති. එයට මැ තමා කල්ප ‘විනාශය’ හෙවත් කප නැස්ම යැ යි කියන්නේ ත්.

සිවු යුගයෙන් දැනට මැ තුනක් ගෙවී ගොස් ඇති. දැන් පවත්නේ සිවු වැනි වූ ‘කලි යුගය’ යි. එ ලැබුයේ කිතුනු වසට පෙරැ 3102 වැන්නේ පෙබරවාරි මසැ 17 වැනිදා ගෙවී 18 වැනිදා ට ලබන මැදියම් රැයේ දී යි. එ හෙයින් 1955 ට ලැබූ පෙබරවාරි මසැ 17 වැනිදා ගෙවන විටැ කලියුගයෙන් අවුරුදු 5057 ක් ගෙවී ගියා වෙයි. මුළු කලියුගයට අයත් වන්නේ නර අවුරුදු 432000 කි. එ හෙයින් පුරාණ කාරයන් ගේ කීමේ හැටියට ලොව වැනැසෙන්නට තව ඉදිරියට නර අවුරුදු 326943 ක් ඇත්තේ යි (බිය නො වියැ යුතු!). සිවු යුගයේ දිග පමණ මෙ සේ වේ :-








                                      සැවුල් අසුන් පවත්                                  97

කෘත (සත්ය ) යුගය අවුරුදු 1728000 ත්රෙේතා ,, ,, 1296000 ද්වාපර ,, ,, 864000 කලි ,, ., 432000

එයින් පළමු යුග තුනත් කලියුගයෙන් අවුරුදු පන්දහස් පනස් හතකුත් ගෙවි ඇති හෙයින් පුරාණ කාරයන් ගේ කීමේ හැටියට 1955 පෙබරවාරි 17 වන දාට ලොවේ වයස අවුරුද 3833057 කි.

යුග අවසනැ - එ නම් කප් කෙළවරැ සුලඟින් කප නස්නා විටැ සිවු දිගින් හමා බස්නා ‘වේරම්බ’ වාතයෙන් මුළු මහත් සමුදුරු ජලය ගොඩ ගමන් ගනී ලු. කුලපවූ සහිත මහ මෙර ඉදිරි ඉල්පී ගසා යේලූ. මෙ රජු ගේ තෙද නැමැති යුග අතැ සුළඟින් මැනියන් නැමැති කුලපව් සහිත රුපු රජුන් නැමැති මහ මෙරවල් මුලින් ඉදිරි ගිය බව යි මෙහි කියැවුණේ. ‘යුග අතැනල’ සැබැවින් මැ සැඬ වේ. එ හෙයින් එහි සැඬ බවක් කියැ යුතු නො වේ. ‘සැඬ’ නලක් වෙසෙසින් සඳහන් කරන්නේ නො සැඬ නල ද ඇති හෙයිනි. යුග අත නල සැඬ මැ යි. එ හෙයින් එ වෙසෙසීම ඇවැසි නො වේ. යුග අතැ ‘සැඬ’ නලැ යි කීම ‘උස්’ වූ මහ මෙරැයි කීම බදු එකෙකි.

‘තෙද’ පිණිසැ වෙසෙසින් උපමාන වියැ යුත්තේ යුග අත අනල (යුග අවසනැ ගින්න) යි. එහෙත් මෙ තැනට එයින් වැඩෙක් නැති.

42. පෙළ:- මන නද මෙ රද හිමි සිවු සයුර පිරිසිද මිහි මඬල නො මැ හැරැ එක්සත් කරන වර, මොහු පද නිය කිරණ සුර ගහ සිර දරා, හැම බිය දුරැර රුපු රද ඉසුරු බව ලඳු.

(සිත් තුටු කරවන්නා වූ මෙ රජ හිමියා සතර සයුර අවසන් කොටැ ඇති පොළෝ තල මඬල ඉතිරි නො කැරැ මැ එක්සත් කරන කල්හි, මෙ රජු ගේ පයේ නිය







98                                        සැවුල් අසුන් පවත්

රස් නැමැති අහස් ගඟ සිරසින් උසුලා, සියලු බිය දුරු කැරැ, සතුරු රජහු ඉසුරු බව - හෙවත් අදිපති බව - ලැබූහ).

‘මුළු පොළෝ තලය සතර දිගින් සතර සයුර අවසන් කොටැ ඇත්තේ යැ’යි පුරාණ කතා කරුවෝ පවසති. ඔවුන් ගේ බස් අනුවැ මුළු පොළෝ තලයට සතර ඉම සතර සයුර යි. සතර සයුර කෙළවර කොටැ ඇත්තා වූ මුළු පොළෝ තලය ඉතිරි නො කොටැ එක්සත් කිරීමෙහි මෙ රජ සිහ රජ තෙමේ යෙදී සිටියේ යි. එ සේ යෙදී සිටිනා කල්හි එ රජුට පිළමල් වූ හෙවත් සතුරු වු රජ හු තුමු ඔහුට සතුරු වැ සිටීමට නො පොහොසත් බැවින් ඔහු ගේ පා වැඳැ යටහත් බව අඟවා පෙරළා ඔවුන් ඔවුන් ගේ පෙදෙස්වලට පැවැති රජ බව මෙ රජුගෙන් ලැබ ගත්හ. එ බව යි මේ කීයේ.

මෙ රජ සිහ රජු මුළු පොළොව තම හට නතු කිරීමෙහි යෙදී සටන් ඇරඹි විටැ ඒ ඒ රටේ රජුන් මොහු ගේ පා වැඳැ යටත් බව අඟවා පළමු පැවැති රජ බව හෙවත් ඒ ඒ රටට අදිපති බව මෙ රජු ගෙන් ලැබැ ගත් බව යි මේ පළ කෙළේ.

මෙ රජු ගේ පා වැඳැ ඒ ඒ පෙදෙසට අදිපති බව ලැබීම ‘ඉසුරු’ (ඊශ්ව‍ර) බව ලැබීම හා සරි කොටැ පෙන්වන උපමාවෙක් මෙහි වෙයි.

‘ඉසුරු’ යන්නෙන්’ ‘අදිපති’ යන අරුත සේ මැ ඉසුරු (ඊශ්වර) දෙවියා යන අරුත ද දෙයි. (මහ) ඉසුරා සිරසින් අහස් ගඟ දරයි. මෙ ඉසුරෝත් සිරසින් අහස් ගඟක් දරති. මහ ඉසුරා සිරසින් දරන්නේ වයිකුණ්ඨයේ වෙසෙන වෙනුහු ගේ පයේ මහපටැඟිලි අගින් හෙන්නා වූ අහස් ගඟ ‍යි. මෙ ඉසුරන් සිරසින් දරන්නේ මෙ (රජ සිහ) රජු ගේ පයේ නිය රස් නැමැති අහස් ගඟ යි. මෙහි රජ සිහ රජු ගේ පයේ නිය රස් අහස් ගඟට සම කොටැ දක්වන ලදී. පා නිය ඉතා සුදු හෙයින් වැන.





  සැවුල් අසුන් පවත්                                   99

‘නිරිඳු පද නිය රස් පිරිසුදු දියෙන් සිහිලස් කැරැ මුදුනතබි සෙස් (එ තර බෝසත් තමා ගෙට ගොස්’ ) යැයි ගුත්තිල දා කවේ ද සදහනි.

‘පද නිය රස් නැමැති අහස් ගඟ සිරසින් දරා’ යන්නේත් ‘පද නියරස් සිහලස් පිරිසිදු දියෙන් මුදුනත අබිසෙස් කැරැ’ යන්නෙත් අරුත ‘පා වැදැ’ යනුයි.

මෙහි රජු ගේ පයේ නියරස් අහස් ගඟ හැටියටත් රජු පා වැඳැ අදිපති බව රැකැ - ගන්නවුන් ඉසුරන් හැටියටත් දැක්විණි.

‘ලත් මහ පදෙවියා

	 සිර සුර ගඟින්		දෙවියා’   යන්නෙන් මහ ඉසුරා ගේ හිස මතැ සුරගග හෙන බව බුදුගුණ අලංකාර කාරයෝ ද කීහ.

සීතාවක රජසිහ රජු මුළු දෙරණ තිබා මුළු ලක්දිව ද එක්සත් නො කළ බව අපි දනුමු. එ‍ හෙයින් මේ බොරු වැනුම නිකම් සිරිතට:-

‘කරතෙකසත් සියු සයුරත් දෙරණොහු සරණ නියරසහස් ගඟ දරා රුපු රජ ලද ඉසුරු තන්’ (ක.සි. i.62) යන ගීය ඇසුරු කොටැ කරන ලද බව කියැ යුතු වේ.

43. පෙළ:- දෙව්ලිය තුඟු තුල් සුනෙර ගිරි හිස, සිදු විදුදර කිනුරු රැස තිම පවු දෙසැ ඉදැ, කියන සව්සිරි පිරි මෙ නිරිඳු තියු ගොස ඔවුනොවුනට රැව් පිළිරැව් විලස වි යැ.

‍(දෙව් අඟනන් උස මහත ඇති මහාමේරු කඳු මුදුනේ ද, සිද්ධ, විද්යාරධර, කින්නර, සමුහයා හිමවත් පෙදෙසේ ද ඉදැගෙනැ කියන්නා වූ - සියලු සැපත් පිරි - මෙ රජු ගේ තුති ගොස ඔවුනොවුන් හට රැව් පිළිරැව් වුයේ යි).



 100                                     සැවුල් අසුන් පවත්

දෙව් අඟනෝ උස මහත ඇති මෙර මුදුනේ ඉඳැ මෙ රජු ගේ ගුණ වනමින් රජු පසසති, හිමවතේ වසන සිදු විදුදර කිනුරු සමූහයෝ ද එහි සිටැ මෙ රජු පසසති. දෙව්ලියනට එ විටැ ඇසෙන්නේ තමන් ගේ තියු ගොස දෙන රැවුව හිමවතේ පිළිරැව් දෙන ලෙසිනි. සිදු විදුදර කිනුරු රැසට ඒ සුර ළඳුන් ගේ තුති ගොස ඇසෙන්නේ තමන් කරන තුති ගොස දෙන රැවුව මෙර මුදුනේ පිළිරැවු නඟන්නා මෙනි. දෙවු ලියනට සිදු විදුදර කිනුරු ගොස තම තුති ගොසේ පිළිරැවුව සේ ද සිදු විදුදර කිනුරු රැසට දෙව් ලියන් ගේ ගොස තම තුති ගොසේ පිළිරැවුව සේ ද ඇසෙන බව යි ඒ කීයේ.

‘පිරි සව් සිරි’ යනු රජකු වෙසෙසීමට නො වැ පුරයක් වැනීමට යි යෙදියැ යුතු. මේ පුර වැනුමක් අසරින් මවන ලද බව පළ කරන ලකුණෙකි.

‘සිදු විඳුදර කිනුර’ යන තුන් වගේ මැ ඇත්තන් දෙවියොන් බව පෙරැ දක්වා ඇති.

44. පෙළ:- මෙ රජු ගෙ ‍ෙනා මඳ, පුවතර තෙදනල වැදැ රුදු රුපු රද මහ මුහුද සෙද උණු වත ජය සිරිසඳ තද වෙහෙස වැ එහි නො හිඳැ යෙද මොහු උර මැඳුරතට වැද ඉඳිනෙව්.

(මෙ රජු ගේ බොහෝ පසිදු තෙද ගින්න වැදී මහත් වූ - හෝ රුදුරු වූ හෝ - සතුරු රජුන් නැමැති මහ මුහුද වහා උණු වන කල්හි ජය නැමැති සිරිකත දැඩි වෙහෙසට පත් වී එහි ඉඳිනේ නැති වැ වහා මෙ රජු ගේ උරතලය නැමැති මැදුරට පිවිසී ඉඳිනවා වැනි යි).

මෙ රජු ගේ උරතලයේ සිරිකත වසයි. ඒ සිරි කත නම් ජයයි. ජය නැමැති සිරිකත මොහු උර තෙලේ වසන්නේ පළමු වුසු තැනැ වසන්නට බැරි වීයි. සිරිකත ගේ මුල් නිවෙස කිරි මුහුද යි. ජය නැමැති සිරිකත ගේ පළමු නිවෙස රුදුරු සතුරන් නැමැති






                                   සැවුල් අසුන් පවත්                             101

මහ මුහුද යි මෙ රජු ගේ තෙද නැමැති ගින්න වැදුණාම සතුරන් නැමැති මහ මුහුද රත් වේ. එ විටැ ජය නැමැති සිරිකත එහි විසීමට නො හැකි හෙයින් වහා මෙ රජු ගේ උරතලය නැමැති නිවෙසට වැඳී හිඳී.

මෙහි උරතලය මැ නිවෙස හැටියට සදහන් කරන ලද්දේ සිරිකත වෙනු ගේ උර තෙලේ රදනා බව සලකායි. මෙහි සිරිකත හැටියට දක්වන ලද්දේ ‘ජය’ යි. සිරිකත වෙන් උරතලට ආයේ කිරි මුහුද රත් වී ඉඳිනට බැරි වූයෙන් නො වේ. මෙ ජය නැමැති සිරිකත මෙ රජු ගේ උර මැඳුරට ආයේ රුපු සයුර රත් වි එහි ඉදිනට බැරි වුයෙන් නො වේ. ජය සිරිකත හැටියට දැක් වූ පසු රුපුන් දැක් වියැ යුතු වූයේ කිරි මුහුද හැටියට යි. නිකම් මැ මහ මූද සඳහන් කිරී‍ම ‘සිරිය’ට මඳි කමෙකි. සිරිකත හුදු මහ මූදේ නො විසු.

අපේ කවියා:-

‘දවත දස මඬුලු මඩිමිනොහු තද තෙද රැස් නො සැඟැ ඇසුරු කළ එව් මෙහෙසුරු ගඟ වෙන් මුහුදු’ (ක. සි. i. 44) යන්න ඇසිරින් අලුත් උපමාවක් මැවීමට නැමුණු බව මින් පෙනේ.

මෙයින් අදහස් කරන ලද්දේ මෙ රජු ගේ තෙදින් රුදුරු සතුරන් තැවෙන බව හා ජය නිති මෙ රජුට අත්වන බවත් යැ.

‘තෙදනල’ යනු ‘තෙද අනල’ යන දෙ පෙ දේ සන්දි වීමෙකි. ‘සෙඳ’ උණු වත, සෙද වැද, යනු එක් මැ පැදියේ යෙදී ම වියතුන් ගේ සිත් ගන්නේ නො වේ. සකු කිවියෝ මෙ බඳු යෙදුම් ‘බහු තුහින’ යැයි දොසක් හැටියට දක්වති.

‘වැද’ යනු ‘වැඳ’ යන්නේ එළි විකාරයෙකි. ‘හිඳ’ යනු ද එ සේ මැ ‘හිඳැ’ යන්නේ එළි විකාරයෙකි.






102 සැවුල් අසුන් පවත්

45. පෙළ:- සකත සවත විකුමැති, සොබන. මෙ රජු ගෙ තෙද යුගතනල මෙන දිගත පැතිරැ යත. තිනෙත සඳ වලා පෙළ යැයි මොහොත සලකමින රඟා අවසර නො දැන වෙහෙසිණි.

(වෙනු ගේ ද, කඳ කුමරු ගේ ද සපන්කම් ඇති, ‍ොහබනා වූ, මෙ රජුගේ තෙද, කප අගැ ගින්න මෙන් දිගුන් කෙළවර තෙක් පැතිරී යන කල්හි මහ ඉසුරා එය සවසැ වලා පෙළ යැ කියා සිතා - නටන වේලාව ඒ යැයි සලකා නටා ඉවරයක් නො දැන්මෙන් වෙහෙසට පත් විණි).

සකත = සක අත. විකුමැති = විකුම් ඇති. දිගත = දිගතැ = දිගු අතැ. යුගත = යුගතැ = යුග අතැ.

මෙ රජු ගේ තෙද කප් කෙළවරැ ගින්න සේ සියලු දිගුන් අවසන තෙක් පැතිරී යන විටැ ඒ දුටු මෙහෙසුරා ඒ සවසැ වලා පෙළ යැයි සිතා නටන වේලාව විසඳා නො ගත ගී නටනට පටන් ගනී. මහ ඉසුරා සිරිත පරිදි නටන්නේ සැදෑවේ යි. රජු ගේ තෙද සැඳෑ වලා පෙළ යැයි සැලැ කු මෙහෙසුරා සැඳෑ කල් එන්නේ යැයි සිතා එ බලා බලා නටන්නට පටන් ගත්තාම සැඳෑ වලා සේ එ තෙද අවසන් නො වන හෙයින් මෙහෙසුරාට එයින් සැඳෑව ගණන් ගෙනැ නටා එ නැටුම අවසන් කරන්නට අවසරයෙක් නො ලැබේ. එ යි න් හේ නැටීමෙන් මැ වෙහෙසට පත් වෙයි.

‘සකත’ යනු ‘සක අත’ යන්න මැයි. සකක් අතේ ඇතියෙන් ඒ වෙනු (විෂ්ණු) හට නමෙකි. ‘සවත’ නම් මූණු සයක් ඇත්තේ යි. කතර ගම දෙවියාට මූණු සයක් වෙතියි යෙති. එ හෙයින් ‘සවත’ යනු ඔහුට නමෙකි. යුදට අදිපති මෙ දෙවියා ‘මහසෙන්’ යන නමිනි වෙසෙසින් මෙ රටේ පසිදු.






                                    සැවුල් අසුන් පවත්                                     103


විකුම් තෙද පිළිබද මෙ වැනුමෙහිදී රජුට වෙසෙසුන් පිණිසැ යොදන ලද ‘සොබන’ යන්න නිකම් විරිත පිරිමැසීමට මුත් වෙන වැඩකට ඇති බවෙක් නොපෙනේ.

මෙ වනාහි:- ‘ඔහු දසත සදත එක්වන් තෙද මෙහෙසුරා සැඳෑ සඳින් පෙරැ සේ නො දත නැටමේ පිරිසේ’ (ක. සි. i. 39) යන්න මැ යි.

46. පෙළ:- සොබන මෙ රඳු ගෙ - යුග කෙළ රිවි, හර දළ නයන මෙන දුළ පළ තද තෙද, දළ දප දෙලෙනොද වැඩි රුපු සිඳු සිදෙන වළබනල සිරිත් ඇමදින තෙවුණේ යැ.

(හොබනා වූ මෙ රජු ගේ, කප අවසන් වන දා පායන හිරු, මහ ඉසුරාගේ නළල් ඇස මෙන් දිළෙන්නා වූ, පසිඳු දැඩි තේජස - දැඩි එඩි නැමැති දියෙන් ඔද වැඩුණා වූ සතුරන් නැමැති සාගරය සි‍ඳෙන වඩබා ගින්නේ අයුරින් සියලු දා බැබැළුණේ යි).

‘යුග කෙළැ රිවි’ ගින්නෙන් කප නස්නා දා පායන සත් හිරු. එ හිරු රසින් සියල් සයුරු වියැළී යෙති යි කියති.

‘හර දළ නයන’ මහ ඉසුරා ගේ නළලේ ඇති යි කියන ගිනි නිකුත් කරන ඇස. මෙ ඇස යොමු වූ විටැ සියල් ලොව දා අළු වෙති යි යෙති. අනගා ද දවන ලද්දේ මෙ ඇසිනි.

‘දෙලෙනොද වැඩි’ දෙලෙන් ඔද වැඩුණු. මේ විසුළු කියමනෙකි. ‘දල ඔද වැඩි’යි කියැවුණා නම් දිය ඔද වැඩුණු බව සලකා ගත හැකි යි. දියෙන් මූද ඔද වැඩුණා යැයි කීම අසබා යි. ඔද වැඩීම නම් දිය





104 සැවුල් අසුන් පවත්

පිපි වැඩීම යි. සඳ වැනි දැයෙකින් මූදේ දිය ඔද වැඩෙන බව මුත් මූදක් දියෙන් ඔද වැ‍ඩෙන බවක් අසන්නට නැති. මූද යි කියන්නේ මහ දිය කඳකට යි.

‘වළබනල = වළබ අනල’ (වඩබාමුවේ ගින්න) වළබ නම් කප් කෙළැ අවිචියෙන් ගිනි දැලී පිට වන පිණිසැ මූදු පත්ලේ ඇතියි යේන දොර යි.

පළමු පැදියේ සේ මැ මෙහි දු ‘සොබන’ යන්න යෙදීම මහ විහිළුවෙකි. මෙ කිවියා ගේ පබඳ විමසා බලන්නකුට ‘සොබන, සොබමන්’ යන පද සිය දහස් පළේ වැඩකට නැති වැ යෙදී ඇති හැටි දක්නට හැකි යි.

මෙ පැදිය, ‘පළ තද තෙදෙනර - වරා කෝදෙලෙනොද වැඩි වළබ දල කලබ පෑ විපක් දලනිඳු සිඳුනා’ (ක. සි. i. 41) යන්න මැ අනුවාදයෙකි.

47. පෙළ:- රුපු රඹ රන් සුන් කළ මෙ නිරිඳු සිඳුරු ඔවුනඹුවන් උර තළැ රැඳී තන තිසරු පුඩු තුඩගින් ගත් මුතුහර පොකුරු කුරු තෙද සොඬගින් ගෙනැ තමහට ගොදුරු කෙළෙ.

(සතුරන් නැමැති කෙසෙල් වන සිදැ දැමූ මෙ රජු නැමැති ඇතා ඔවුන් අඹුවන් ගේ උර තල නැමැති විලේ නැවැතී සිටි ‍පියොවුරු නැමැති හංස‍යන් - තන - පුඩු නැමැති තුඩින් ගත් මුතු වැළ නැමැති නෙළුම් දඬු තෙද නැමැති සොඬින් ගෙනැ තමාට ගොදුරු කෙළේ යි).

රඹ රන් = රඹ අරන්. ඔවුනඹුවන් = ඔවුන් අඹුවන්. තුඩගින් = තුඩු අගින්. පොකුරුකුරු = පොකුරු අකුර.







සැවුල් අසුන් පවත් 105

මෙහි උපමාව ‍ෙ‍මසේ බිදැ දැක්වියැ හැකි.

උවමේ උවම් රුපු රඹ අරන් (කෙසෙල් වන) නිරිඳු සිඳුරු (ඇතා) අඹුවන් උර තළා (විල්)

      	  තන				  තිසර

පුඩු තුඩු හර පොකුරු කුරු (නෙළුඹු දැලි) (රජුගේ)තෙද සොඬ

පැරැණි පැදි කිහිපයෙකැ අරුත් ගෙනැ සබඳ කරන ලද මෙ පැදියේ අරුත පියකර නො වේ. ඇතකු හංස‍යන් තුඩින් ගත් නෙළුඹු දැලි පෑරැ ගෙනැ කෑම නො පිරිමස්නා දැයෙකි. ඇරත් නත නැමැති හසුන් පුඩු නැමැති තුඩින් ගත් හර නැමැති නෙළුඹු දැලි තෙද නැමැති සොඬින් රජ නැමැති ඇතා ගෙනැ තමඟට ගොදුරු කළ බවක් පැවැසීමෙන් ඇඟැවෙන්නේ එ මුතුහර මෙ රජු වෙතට පත් බව යි. ඒ හොබනේ නො වේ. රුපුන් නසා උන් අඹුවන් ගේ හර උදුරා ගැන්ම දුඹුලන් ගේ බඩු පෑරැ ගැන්මෙකි.

‘සෙනහැ ඔහු ගජනා ගජ මේ කැල උතුරු දෙස රුපු පියන් තන හස ගත් හර පොකුරකුරු දුරැලී ‘ (ක.සි. i.61) යන්න තවද පැදි ගණනෙකැ අරුත් හා මුසු කිරීමෙන් වඩන්නට ගොස් මෙ අවුල කොටැ - ගත්බව පෙනේ.

48. පෙළ:- දිය නෙත කුලග මෙ නිරිඳු දිමුත තෙද බිජු රුදුරු රුපුනඹුවන් ගෙ මන කෙත කිදුවත උන් සුරත් නෙත් නො නැවත නැගි ළ සෝ සුහුඹුල ‍කරෙහි මත පැහැපත දෙපෙති සිරිගති.

(හිරු ගොතේ හෙවත් සුර්ය වංශයේ අග තන් පත් මෙ රජු ගේ දිළෙන තෙද නැමැති බිජුවට රුදුරු වූ සතුර අඹුන් ගේ සිත නැමැති කුඹුරේ ඉඳුවන විටැ,




106 සැවුල් අසුන් පවත්

උන් ගෙ තද රත් ඇස් - ඇතුළේ නො රැඳී නැගුණු සිත් සොව නැමැති සරුවට වැඩුණු අංකුරයේ පැහැපත් මුදුන් පෙති දෙකේ හැටි ගත්තේ යි).

දිමුත = දිමුත්. මන කෙත = මන කෙතැ. රුපු නඹුවන් = රුපුන් අඹුවන්. මත = මතැ. නො නැවැත = නො නැවැතැ.

‘හිඳුවත’ යන්නෙන් දෙන්නේ ‘හිඳුවන කල්හ’ යන අරුත යි: බිජුවටක් හිඳුවන විටැ මැ පැළ වැ අකුරු නඟන්නේ නැති. එ හෙයින් මෙ තැනට සුදුසු ‘හිඳැ වූ’ යන අරුත දෙන වදනෙකි. ‘අකුරෙහි’ කී පමණින් කාරිය පිරිමසිත් දී තව ‘මත’ යන්නක් ද යොදා ඇත්තේ විරිතත් එළියත් නිසා යි.

‘නො නැවත’ යන්න ද විරිතටත් එළි වැටටත් මුත් අන් කිසිවකට වැඩක් ඇත්තෙක් නො වේ.

‘දුනු රුපුනඹුන් මන කෙතැ ඔහු තෙජ බිජුනි සිතිවිලි ළද ලියෙ රත්

                    නුවනත දෙ පෙති හැඟැවී’ (ක. සි. i.43)  යන්නයි

මෙහි ගුරු පැදිය.

40. පෙළ:- මෙ නරනිඳු මන රඟ තෙද ගමඬලෙන බව අග දකින තුරු එක ලෙසින මැඩැලත සුරගඟ නහනු වස් ගිය සුරඹ සිදහන බියෙන සෙද නැඟ විසිරැ තැනැ දව ගතු.

(මෙ රජු හිතේ හැටියට තෙදගිනි මඬ‍ලින් ලොව කෙළවර තෙක් මැඩැලන කල්හි අහස් ග‍ඟේ නෑමට ගිය දෙව් ලියොත් සිදු ලියොත් බිය පත් වැ වහා ගොඩ නැඟී විසිරි තන්හි තන්හි පැලෑ දිවැ යන්නට වූහ.

මෙ රජු බව අග තෙක් සියලු තන් තම තෙද ගින්නෙන් ඔබා ලන්නට පටන් ගත් විටැ එ තෙද ගින්න බව අග දක්වා පැතිරී යේ. ඒ තෙද ගිනි රසින් රත්වූ





                                   සැවුල් අසුන් පවත්                                   107

අහස් ගඟ ද පෙනෙන්නේ ගිනි කදක් මෙනි. අහස් ග‍ඟේ දිය කෙළියට වන් දෙව් ලියොත් සිදු ලියොත් එ බලා ගඟ ගිනි ගත්හ යි බිය වී වහා නැඟී පැලෑ දිවූ.

මඬලෙන = මඬලෙන්. ලෙසින = ලෙසින්. සුරඹ = සුර අඹ. සිදඟන = සිදු අඟන. බියෙන = බියෙන් ‘දකින තුරු’ යනු වියතුන් රිසියෙන යෙදුමෙක් නො වේ. වියත් වහර අනුවැ නම් එය ‘නො දක්නා තුරු’ යි වියැ යුතු.

මේ ,- ‘මඬුතු එ සත් සර දිය අග තෙදග මඬලින් සුර ගඟ සිද’සර කැන් විහිටි සනහන්නසිනා’ (ක. සි. i.45) යන අරුත මැ යි. 50. මෙ රජු ගෙ වෙසෙස දුල ය වුවන මන කොඳ සතොස වඩන පුන් සඳ; නෙතු නුලුපුල ය; රුදු රුපුකැලය නො ලස දවා හළු කළ පුවතර තෙද නලය කෙලෙස ඇතිවී ද?

(මෙ රජ ගේ වෙසෙසින් දිළෙන මුහුණ සිත් නැමැති කොඳ මල් පුබුදු කරවන පුරාහඳ යි, ඇස් නිල් උපුල් යැ; රුදුරු වූ - හෝ මහත් වූ හෝ - සතුරන් නැමැති කැලෑව වහා දවා අළු කළ මහත් තෙද ගින්න - ඉතින් - කෙ සේ ඇති වී ද)?

මූණ පුන් සද යි, ඇස් නිල් උපුලු යි. එ දෙ වගේ මැ ඉතා සිසිල් දැය යි. ඉතින් එ සිසිල් දැය අතරේ මෙ මහත් තෙද ගින්න කෙ සේ ඇති වූයේ ද?

දුලය = දුල්. නිලුපුල ය= නිල් උපුල් යැ. තෙද නලය = තෙද අනලය. නො ලස = නො ලසැ. කෙ ලෙ ස = කෙ ලෙසැ.









108 සැවුල් අසුන් පවත්

‘මොහු නෙත නිලුපුලේ වුවනත සුපුන් සස‍ලේ අළු කළ රුපු කැලේ කෙ ලෙසැ ඇති විද තෙදග විපුලේ?’ (කවි.සේ.) යන්න මැ යි මෙත්.

51. පෙළ:- මෙ නිරිඳු පිරිසුදු, විපුල් යස රැසින සොබන වෙන් බඳ කොපොල් කර විලස් වත, කමලහන නිමල්, දිගු, පුළුල්, පැහැදුල් යුවළැසින කුහුල් දුරැරැ, සැප සේ වුසු.

(මෙ රජු ගේ පිරිසිදු වූ මහත් වූ, යස සමූහයෙන්, හොබනා වූ ගේ සිරුර මහ ඉසුරා ගේ සිරුර බඳු වන විටැ, සිරිකත නො කිලිටි, දික්, පළල්, පැහැයෙන් දිළෙන දැසින් සැක දුරු කොටැ ගෙනැ සුව සේ වුසු).

මෙ රජු ගේ යස රස් වැදී වෙන් දෙවියා ගේ නිල් පැහැ සිරුර මහ ඉසුරා ගේ සිරුර මෙන් සුදට පෙනේ. එ සේ කල්හි සිරිකතට ‘මේ ම- හිමියා ද, මහ ඉසුරා ද යන සැකට ඇති වේ. එයින් හිමියා වෙන් කොටැ දන්නට අසමත් ඇයට වෙනු ගේ නෙත් දෙක බලා ඔහු ඇඳින දත හැකි වෙයි. මහ ඉසුරාට ඇස් තුනෙකි. වෙනුට ඇස් දෙකකි. එයින් ඕ සැක හැරැ හිමියා දැනැ ඔහු කෙරේ වස යි.

රැසින = රැසින්. යුවළැසින = යුවළ ඇසින්. දුරැරැ = දුරැ ඇරැ.

මෙහි දු ‘සොබන’ යන්න මහ විහිළුවෙකි. කොපොල් කර = කොපොල් අත, යනු කොපොලක් (හිස් කබලක්) අතෙහි ඇත්තේ යි මහ ඉසුරාට නමෙකි.

කමලඟන = කමල් අඟන, යනු කමලක් (නෙළුම් මලක්) අතේ ඇති යි සිරි කතට නමෙකි.






                                       සැවුල් අසුන් පවත්                             109

‘ඔහු යෙසෙන් තිදෙත් විලසුසුලත උවිඳු බඳ සඳ යුවළුඳුළ විමල් නුවනින් දුරැ ලූ කමල්’ (ක. සි. i. 56) යන්න ‍මැ යි මේ.

52. පෙළ:- සිරින් සුරිඳු වන්, දියතග, මෙ නිරිඳු ගේ පිරිසුදු යස නෙ දිගැ නිතින් පැතිරැ යන පසන් සුනිල් මිණිතර හෙබි කලිඳු ගඟ කිරි සිඳු හා සමඟ වනින් නො වෙන් කෙළෙ.

(සිරියෙන් සක් දෙව් රජු වැනි, ලොවට අග පත් මෙ රජු ගේ පිරිසුදු වූ හසස නො එක් දික්හි, නිබඳ වැ පැතිරැ යන කල්හි, පැහැදිලි, ඉඳුනිල් මිණි කැල්මින් හොබනා යමුනා ගඟ කිරි මුහුදත් එක් වැ පැහැයෙන් නො වෙනස් හෙවත් එක් සම කෙළේයි).

දියතග = දියතැ අග.

යමුනා නදියේ දිය නිල් පැහැ බව කවි සම‍යයේ ඉතා පළ ‍යි. එ නිල දියේ මැ පැහැය මිසැ ඉඳු නිල් මිණි කැල්මක් නිසා වූවෙක් නො වේ. එ හෙයින් ‘පසන් සුනිල් මිණි තර හෙබි කලිඳු ගඟ’ යනු යෙදීම වියතුන් ගේ සිත් ගන්නේ නො වේ.

අරුත් පැහැයෙන් කලිඳු ‍ග‍ඟේත් කිරි මුහුදේත් වෙනසක් නො තුබූ බව කියැ යුත්තේ එ දෙක එකිනෙකට පෙනෙන නො පෙනෙන සරියේ වත් පිහිටා ඇති නම් පමණෙකි. කලිඳු ගඟ ඇත්තේ කිරි මුහුද පැත්තේ ‍ෙනා‍ වේ. නිල් පැහැ කලිඳු ග‍ඟේත් සුදු පැහැ අහස් ග‍ඟේත් පැහැයෙන් වෙනසක් නො තිබි යැ යි කීවා නම් ඒ මඳකට ඉවසත හැකි යි. එ දෙ නදිය එකට යාවන හෙයිනි.

මෙහි දී තමා ගුරු කොටැ ගත් ගීයේ අරුත තව ද වඩු කමෙකින් සරසවන්නට යාමෙන් අපේ රාලහාමි‍න් මෙ වරද කළ බව යි පෙනෙන්නේ.






110 සැවුල් අසුන් පවත්


‘විමලිඳු නිල්මිණි තර පතර හෙබි මුහුද ද එ වෙන් නො වෙන් හි තිබී යෙසෙ‍ෙනාහු කිරි මුහුද හා’ (ක.සි.i. 51) යන්න මෙහිදී රාලහාමින් හට ගුරු වූයේ යි.

53. පෙළ:- රිවි කුල කිරුළ අගැ දිසි රඟ මිණෙක වන්, මුළු දියතග මෙ නිරිඳු නැබළ යස රැස සුර ගග යටැ දුළ, දිය තෙක් සෙවණ කළ බඹ උමතුමඟ සේසත් විලස පළ කළ.

(රිවි කුලය හෙවත් සූර්ය වංශය නැමැති වොටුණු මුදුනේ පෙනෙන දැරඟ මිණ හා එක් සම මෙ රජු ගේ මහත් වූ යස සමූහය අහස් ගඟ නැමැති මිටෙහි - මුදුනේ - දිළෙන ලොව ඇති තාක් සරිය සෙවණ කළා වූ බඹ මුදු‍ෙන් ඇති සුදු කුඩයේ හැටි පෙන්වූයේ යි).

මිණෙක = මිණ එක, දියතඟ = දියතැ අග, උතුමඟ = උතුම් අඟ (හිස් මුදුන)

මේ :- ‘ඔහු යෙසෙ සේසත් සිරි රුකුළෙ බඹ මුදුනේ සුර ගග යටගැ රඳනා දිය තෙක් සෙවණ බදනා’ (ක. සි. i. 52) යන්න යි.

54. පෙළ:- රුපු බළ දළ දප හළ මේ රජු ගෙ, පළ හෙළ, තුමුළ යසින් මෙ මුළු දිය තුළ සුදු වත, ගන කුළ සිරින් දිසි, තුඟු, තුල් අඳුන් කුළ, පැහැදුළ කෙලෙස් ගිරි රජ විලස පළ කළ.

(සතුරු සෙබළුන් ගේ දැඩි එඩි දුරු කළ මෙ රජු ගේ ඉතා සුදු වූ මහත් යසසින් මෙ මුළු ලෝකුස සුදු වත් මැ වැසි කළුවක් සේ පෙනෙන උස් වු මහත් වූ අඳුන් ගිර, පැහැයෙන් දිළෙන කයිලාස කූටයේ ආකාරය පෑයේ යි).





                                    සැවුල් අසුන් පවත්                                  111

‘ප‍ඬෙර කෙලෙස් ගල්

	රජ පැහැසර සිරින් හෙබි

නව මේ කුළෙව් තෙව්නා

	 අඳුන් ගල් රජ යෙසෙනොහු’   (ක. සි. i. 55)  යන්න මැයි මේ කී යේද.

55. පෙළ:- ඉඳු බඳු යසැති මොහු ඇවිසැ යුදවන් කැලැ රුපු රඳ උදු රුදු බියෙනි පෙර දවස යත වෙසෙස රුදු සිඳු ගජ නැඟුම් හසළෙන් මිසැ කෙලෙස සෙදු කඳු නැඟී දිවි රැකැ ගත හැකි?

(සක් දෙව් රජුට බඳු යසස් ඇති මෙ රජු කොව ඇවිසී යුදට පැමිණියාම සතුරු රජුන් නැහැ වන් මහ බියෙන් පළමු දවසේ - හෙවත් කල් තිබා මැ පැලෑ - යන්ට වූ විටැ වෙසෙසින් මැ මහ අසුන් ඇතුන් නැඟීම පුරුදු වී සිටි හෙයින් මිසැ - නැති නම් -කෙසේ ද ඉක්මනට කඳු නැඟී, දිවි රැකැ ගන්නේ?)

මෙ රජු කොවින් යුද ඇරැඹී විටැ සතුරු රජුන් මහත් බියට පැමිණැ කල් තිබා මැ අසුන් ඇතුන් පිටැ නැඟී කඳු පියෙසට පැලෑ දිවි රැකැ ගන්නා බවත් එ සේ ඔවුනට වහා පැලෑ යා හැකි වන්නේ ඔවුන් වෙසෙසින් මැ මහ අසුන් ඇතුන් නැඟීමට පුරුදු වැ සිටි හෙයින් බවත් මේ කී හැටියි.

යසැති = යස ඇති. සෙදු = සෙද (එළි විකාර)

මීට පළමු (52) ‘සිරින් සුරිඳු වන්’ යැයි පවසා එ ළඟැදී මැ ආයේ ඉඳු බඳු යසැති’ යි කීම වියත් බවට ‍ෙහාබනේ ‍ෙනා වේ.

‘සකලා අවි සිල්ප තතුගත් ලොවැ පැවැති සකලා සදිසි සපු මල් කුමරිඳු නැමැති දැකලා වත තුරුණු රුපු ඔහු ගෙ විකුමැති එකලා වැමැ ගජ දළ යානැ සැතැපෙති’ (කො. ස.)

යන්නේ වැඩුමෙකි මේ. මෙය ගුරු කමට ගත් මහසෙන් හිමියෝ ද,





112 සැවුල් අසුන් පවත්

‘මෙ නිරිඳුට රිවි කුල නො වු අවනත රුපු කැල හැරැ යහන් තිලි තුල සැතැපි මත වරණිඳු යහන් තල’ (සුමුගුදා 57) යැයි පැදියක් කෙරෙති.

56. පෙළ:- හැම දිගු වරඟනන් හට යස හර සැදූ, ඉසුරෙක් සුරිඳුට සරි, පුවතර මෙ හිමි හැම වරැ තිරසර විකුම් සබවස විතරණ සිය දිවි සතර වැනි කො ටැ සොඳට රකි. (සියලු මැ දිසා නැමැති උතුම් ලියන් ගේ බෙල්ලේ තම - යසස නැමැති මුතු වැළ පැළැඳැ වූ, ඉසුරෙන් සක් රජුට සම, පසිදු මෙ හිමියා හැම විටැ තිර හෙවත් ‍ෙනා සැලෙන බැවින් සරු විකුම් යැ, නිබොරු බස් තෙපලීම යැ, දීම යැ යන මේ ගුණයනට ඉක්බිති වැ සතර වැන්න කොට තම දිවි සොඳ සේ රකී). ‘විතරණ’ නම් දීමේ ගුණය යි. ඒකීයේ මෙ රජු ගේ යසස සියලු දික්හි පැතිරී දිලෙමින් පැවැති බවයි. දිගුන් ගෑනුන් හැටියට සලකත් හොත් මෙ රජු ගේ යසස ඔවුන් ගේ බෙල්ලේ පැළැඳී මුතු වැළ බඳු යි. දිගුන් අඟනුන් හැටියට අපේ කිවියන් නිති සදහන් කළ බව පෙනේ. වෙසෙසින් මැ ඒ කොටැ ඇත්තේ යමකු ගේ යස හෝ තෙද හෝ වැනීමේ දී යි.

‘දිමුතු කිතු මුතු හර කැරැ දිගු පියන් පියොවුර’ (ගුත්තිල) යැයි ගුත්තිල කව් කරුවෝ යස හර දිගඟනන් ගේ පියොවුරෙහි ලවති.

‘විකුමට නිබොරුවට දෙන මහ දනට දන හට දිවි සතර වනු කොට රකින සිහිපත් ඇතිවැ හැම විට’ (බු. අ.) යැයි මහ නෙත් පා මුළ මෙත් හිමියෝ ද දිවි සතර වන තන්හි තබා රැක්ම රජකු ගේ නියම ගුණයක් කොටැ දක්වති.





                                     සැවුල් අසුන් පවත්                                   113

57. පෙළ;- රිවි කුල කිරුළ, දසට පසිඳු මෙ නිරිඳු දසට අවිසරම දැනැ විරුදු බිඳ හළ; දසට පොරණරුත් සිතු සේ පුහුණු කළ; දසට දෙසෙහි බස සිය බස මෙන් හසළ.

(සූර්ය වංශයට වොටුනු වූ, අට දිසායෙහි පසිදු වූ මෙ රජ තෙමේ අවි සරම දස අට දැනැ සතුරන් බිඳුවා හළේ යි; දහ අට පුරණෙයෙහි අරුත් හිතේ හැටියට පුහුණු කෙළේ යැ; දස අට දේශයෙහි බස සිය බස මෙන් ඇසුරු කෙළේ යි).

දසට = දස අට (අට ළොස). දසට = දස අට (දිසා අට). පොරණරුත් = පොරණ අරුත්.

දසට අවි සරම:- (=දස අට අවි සරම) අටළොස් වගෙකැ අවි පිළිබද සරම (හරඹ).

මේ නම් වැදැගැන්මකට ඇති ගණනෙක් නො වේ. මෙහි අවි අටළොස් වගෙකැ සරම යන්න වෙනුවට ‘අවි පිළිබඳ අටළොස් වැදෑරුම් වූ සරමැ යි ද ගත හැකි. එයිනුදු ඇති වැදැගැන්මෙක් නො වේ. අටළොස් අවි සදහා,

1. අසි (හෙවත් කඩු) 2. දුනු 3. පොරෝ 4. අඩයටි (පොලු) 5. නඟුල් (සී සනා වගේ ‍ෙනා වේ) 6. මො‍ෙහාල් 7. යවුල් 8. යකුළු 9. කුන්ත (කොතවී හෙවත් ලන්ස) 10. තෝමර 11. යවට (යකඩ ගෝල





114 සැවුල් අසුන් පවත්

12. පාරා වළලු. 13. පත් ‍කෝල් (මහ මන්නා) 14. යදම් 15. ‍ෙපාරොදු (දිග ඇවුළුම් බිළි) 16. වීදුරු (වජ්රාියුධ) 17. තිශුල (තුන් හුල්) 18. මුගුරු

යන දැය පැරැණි පොත්හි දැක්වේ. මේ සියල්ලේ සරම රජ සිහ රජු පුරුදු වැ සිටි බවයි මින් පැවැසෙන්නේ. ඒ නිකම් වැනුම් බසෙකි.

දසට පොරණ:- (දසට අට පොරණ) බමුණන් ගේ ‘පුරාණ’ නම් වූ දහම් පොත් දහ අට. එහි නම් මෙ සේ දැක්වේ:-

(1) බ්රනහ්ම පුරාණ (10) බ්රණහ්ම වෛවර්ත පුරාණ (2) පද්ම ., (11) ලිංග ,. (3) විෂ්ණු ., (12) වරාඟ ,, (4) ශිව ,, (13) ස්කන්ද ,, (5) භගවත් ., (14) වාමන ,, (6) නාරද ,. (15) කුර්ම ,, (7) මාර්තණ්ඬේ ය (16) මත්ස්යා ., (8) අග්නි ,, (17) ගරුඩ ,, (9) ගවිෂ්ය්ත් (18) බ්රුහ්මාණ්ඩ .,

මේ බණ තිබා මේවායේ නම් වත් සිරි රජසිහ රජු දැනැ සිටියේ ද යනු සැක සහිත යි. සිරි රජසිහ රජ තෙමේ යුදෙහි සුරු මිනිසෙකි; උගතෙක් නො වේ.

දසට දෙසෙහි:- (දස අට දෙසේ හෙවත් රට වල් දස අටේ) මෙද නිකම් සිරිතට දක්වන දස අටක් පෙදෙස්හි නමු යි. ඒ පෙදෙස් දස අටේ බස ‘දස අට බාසෙ’ යනුයෙන් සදහන් කෙරෙති මෑතැ අතීතයේ නො වියත් ඇදුරෝ. ඔවුන් ගේ දස අට දෙස මෙ සේ දන්නැ:-





                                     සැවුල් අසුන් පවත්                              115

(1) සිංහල (10) තෙලිඟු (2) යෝනක (යවන) (11) කලඟු (3) ජාවක (12) වඟු (4) චීන (13) කංක (5) තුලම (14) මගඳ (6) තුඩව (15) කඩක (7) ‍ෙකාංකණ (16) ගෞඩ (8) කණ්ණඩි (17) කොසොල් (9) චෝළ (18) දෙමළ.

දසට = (= දස අට) අට දිසායේ. උතුර, දකුණ, නැගෙන හිර, බටහිර, ඊසාන, ගිනි කොන, නිරිත, වයඹ, යන දිසා අටේ. උඩු නුවර, යටි නුවර, තුන්පනේ, හාරිස් පත්තුව, සත් කෝරලය, තමන් කඩුව, වෙල්ලස්ස, බිම්තැන්න යනුදු ලක් දිවේ අටේ දිසා වෙකැ නම් යැ.

58. පෙළ:- කිරණ සහ තුරු මුකුලිත ගුවන පිරිසඳ පෙර දිගින, පැහැනද අරුණු රස් එන ලෙස මනනඳ රාජ සිහ රජු‍ ගෙ තෙදග ‍ෙනා මඳින රුපු රඳ යසස මැඩැ දස දෙස වතළ මෙන.

(කිරි මූදත් තරු හැකුළුණු අහසත් දෙක වෙන් කොටැ එ දෙක අතරින් - නැගෙන හිරි දිගින්, පැහැයෙන් ආටෝප වූ අරුණු රස් එන ආකාරය, සිත් සතුටු කරවන රජ සිහ රජු ගේ තෙද ගින්න බොහෝ සෙයින් වූ සතුරු රජුන්ගේ යසස මැඩැලා දස අතේ පැතුරුණා මෙනි.)

කිරණ = කිරි අණ (කිරි මූද.) තෙදඟ = තෙද අග (තෙද ගින්න.) නො මඳින = නො මඳින්, පිරි සිඳ = සිඳැ, දිගින = දිගින් (එ. වි)






116 සැවුල් අසුන් පවත්

මෙහි ‘එන ලෙස වතළ මෙනැ’යි කීම නය හුරු නො‍ වේ. ආ ලෙස වතළ මෙන කියා හෝ එන ලෙස වැතිරෙන මෙන කියා හෝ වියැ යුතු, නය හුරු වන්නට නම්. එන යනු වත්මනැ පසරුත් වෙසෙසුනෙකි. වතළ යනු අයුහි පසරුත් වෙසෙසුනේකි. වත්මනැ පසරුත් වෙසෙසුනක් අයුහි පසරුත් වෙසෙසුනක් හා උවම් උවමේ විසින් සිටුවා උපමාවක් මවනු නො යෙදෙයි. තුරු මුකුලිත යනුදු සිත් ගන්නා යෙදුමක් නො වේ.

මෙය උදය වැනුමක් අසරින් කරන පැසැමකට මිසැ හුදෙක් රජකු වැනීමට සුදුසු නො වේ. පෙර දිගින් පැතිරෙන බව සදහන් කරන ගමන් රජකුට කරන පැසැසුමකැ හැටියි මෙහි පෙනෙන්නේ.

‘වඩනා තා තෙද සේ මැඩ පිරිපත්න යස රස් රැස් දිවැ දිවයුරු කෙළෙ සිසිහු පියවිළි යුරු (ක. සි. vii. 16) යනු මෙ සිහි කරවන උදා වැනුමෙකි.

59. පෙළ:- මෙ නරනිඳු (තමා ) හසළ සරම ඇම තැනැ පසිඳු කරනුව, උඳුළ සිපත ගෙනැ බමවත සුනෙර ගිර වට කැරැ කැරැ නො මඳු ලකළ දහස් සුවහස් පමණ විදු වතළ වැනි.

(මෙ රජු - තමා පුහුණු කළ අවි සරම සියලු තන්හි දක්නට සලස්වනු පිණිසැ කඩුව ගෙනැ තමා වටා කරකවන විටැ මහ මෙර ගල වට කරමින් - එය බෙහෙවින් සැරැහුවා වූ දහස් ගණන් සිය දහස් ගණන් විදුලිය වැතුරුණා වාගේ යි පෙනෙන්නේ).

රජු කගපත බමවන විටැ විදුලි වළලු සේ පෙනෙන බවත්, එ මැද රජු ගේ රුව මෙර ගල සේ පෙනෙන බවක් මේ කී සැටි යි.







                                සැවුල් අසුන් පවත්                                     117

උඳුළ සිපත = උඳුළ අසිපත, ‍ නොමඳු = නො මද (එ. වි)

60. පෙළ:- තිරසර ගුණැති, නො ලස මෙ නිරිඳු ලස නො වී සදහස මෙර ගිර වතට වත් ඇනැලත රත් කළ යවුල පරණලැ නො පැකිලෙන ලෙස පිටතට මුණය දැකැ මිසැ අතරැ නො රඳ යි.

(තිර බැවින් සරු ගුණ ඇති, පමා නො වන මෙ රජු නො පමා වැ කඩුව මෙර ගල් පියෙසට ඇන්න හොත් රත් කළ හෙවත් ගිනියම් කළ යකඩ උල පියැළී කොළ රැයෙහි හැපී නො නවතින්නා සේ පිට පැත්තට මුණත පසා වී මිසැ අතරේ රැඳී නො සිටි).

ගුණැති = ගුණ ඇති, ලෙස = ලෙසැ. යවුල = ය උල. ‘ නො ලස මෙ නිරිඳු ලස නො වී’ යනු පැසැසුම් ලැබීමට සුදුසු යෙදුමෙක් නො වේ. ‘මෙර ගිර වත’ යනුත් සුදුසු යැයි නො කියැ හැකි. හිමවූ පියෙසට ‘හිමවත’ යනු යෙදෙනු සලකා තනි කුළක් වන මෙරටත් ඒ යෙදූ බව පෙනේ. මෙරගිර හිමවත වැනි කඳු පියෙසෙක් නො වේ. මෙර වැන්නක් පසා කොටැ ගෙනැ යන්නට කඩුවක දිග බොහෝ වියැ යුතු. කොතවී වැනි දැය තිබියැ දී මෙරට ඇනීමට කඩුවක් දීම සුදුසු මදි.

‘දිත් රජු පිණිසයුර පියුමැ යි නමැති මොළ ගත් සිය අතින් කොතිනැනැ මෙර සිදුරු කළ’ (පරෙවි) යැයි කඳ කුමරු කොතවියෙන් ඇනැ මෙර සිදුරු කළ බව සිරි රහල් හිමියෝ පවසති. ‘ මද මත ගිජිඳු බදැවත් මද නො වී ලස මොහු අතසිපත ගොස් නො රඳයි අහසැ මිසැ’ (හංස) යන ඇතුන් පොළු ගැසීමේ සවිය වැනු සැටි තවද වැඩීමට ‍ෙගාස් මේ විසුළු උපමාව මැවූ බව කියැ හැකී.






118 සැවුල් අසුන් පවත්

‘සඳැහස’ යනු කඩුවට නමෙකි. ඒ වහරට එන්නේ කලාතුරෙකිනි.

‘ඔහු රණ දෙරණ බැස ලෙළවත සුරතැ සදහස’ (ක. සේ ) යැ යි. රහල් හිමියෝ ද එළි වැට නිසා මේ යෙදූහ.

‘පරණලැ නො පැකිලෙන රත් කළ යවුල ලෙස යනු ඉතා පසිදු උපමාවෙකි.

‘තද රත් කළ යවුල නො පැකිලෙන මෙන් පරණල’ (ක. සේ) යැ යි සිරි රහල් හිමියෝ ද ඒ මතක් කළහ.

61. පෙළ:- දසට අවි සරම දත් මෙ හිමි රිසිනි කගපට ගෙනතට විදුලි ලෙසට ලෙළවත විට විට දෙ පිට සිය දහස් වරැ වඳි යැ; එයින් කහ සිපට මොහුට සරි කවුරු ද?

(අට‍ෙළාස් වැදෑරුම් අවි සරම හෙවත් ආයුධ ශිල්ප දැනැ ගත් මෙ හිමියා සිය රිසිය පරිදි කඩු පත අතට ගෙනැ විදුලි - කොටන්නා සේ - ලෙසට ලෙළවන විටැ මාරුවෙන් මාරුවට සිය දහස් වරක් දෙ පසට වදී. එ හෙයින් කඩු ශිල්පයට මෙ රජුට සම වන්නෝ කවුරු ද?)

දසට = දස අට, ගෙනතට = ගෙනැ අතට. විට විට = විටැ විටැ.

මිට පළමු පැදි දෙකින් ‍ද දැක්වූණේ කඩු ශිල්පයේ සමත් බව මැයි. මින් පසු පැදියෙන් දැක්වෙන්නේ ද ඒ මැයි. ‘දසට අවිසරම’ දත් බව මීට පළමු ද පැවැසිණි (57).

62. පෙළ:- නරණ විලසින් නොමඳින් විකුම් පළකල, සොබමන්, මෙ රජ කරැ රැඳි කිරණ විහිදෙන සිපතින් සියලු මෙ දෙරණ දරා සිටියෙක් නත, නා රජුගෙ පෙණ වෙසෙසින් සැතැපුණේ.





                                     සැවුල් අසුන් පවත්                                   119

(විෂ්ණු දෙවියා මෙන් බොහෝ සපන්කම් කළ, හොබනා වූ මෙ රජ - තමා ගේ අතේ රැඳී පවත්නා රස් විහිදෙන කඩු පතින් මෙ මුළු මහත් පොළොව දරා සිටිනා හෙයින් අනත් නා රජු ගේ පෙණ ගොබ වෙසෙසින් සැතැපුම් හෙවත් විශ්රා ම ලැබුයේ යි).

මෙ රජු කඩුවෙන් පොළොව උසුලා සිටිනා හෙයින් අනත් නා රජු ගේ පෙණ මඩුල්ලට (29 වැනි පැදිය බලන්නේයි) අස්වස් ලැබුණු බවයි මෙ කීයේ.

මෙ වනාහි ‘නිරි දෙකෙපුරැ වී කුස නම් රෙණේ සීසර දෙරණුසුලා වහළන ත් ගජනුඹුහුරු කළ පුවළ (ක. සි. 1. 32) යන්න සිතට ගෙනැ කළ වඩුවමෙකි මේ.

63. පෙළ:- කලා පති යසැති, පවර මොහු දුනු කම් බලා, නො සම වනුයෙන් පුරදර විළි වැ තම දුන්නෙහි දුනු දිය විතර නොළා මැ වරින් වරැ වලා කුළෙහි සඟවන වැනි.

(සඳු ගේ එළියට බඳු යසස් ඇති, උතුම් වූ මෙතුමා ගේ දුනුවම හෙවත් විදීමේ ශිල්පය බලා සක් දෙව් රජු ලජ්ජා වී තමා ගේ දුන්නෙහි රැහැන පමණකුදු නො දමා විටින් විටැ වලාකුළේ සඟවන්නා වැනියි).

‘කලාපති’ නම් සඳ යි. සඳට දිනෙන් දිනැ වැඩි දිනෙන් දිනැ ගෙවී යන කලා ‍ෙසාළොසකි. කලාවෙක් නම් සඳ මඬලින් දහසයෙන් කොටසෙකි. සොළොස් කලා පිරි සඳ දක්නට ලැබෙන්නේ පසළොස්වක් දිනට පසු දිනයේයි.

මෙ රජ දුනු කම්හි මහ සමතෙකි. මොහු දුනු සිප් දක්වන්නා බැලූ සක් දෙව් රජු ගේ සිතෙහි විළියක් අට ගනී තමාට එ හැටි දුනු කම් බැරි හෙයින් එ හෙයින්






120 සැවුල් අසුන් පවත්

හෙතෙමේ තම දුන්නේ රැහැන පමණක් ද නොදමා එය වලාකුළ අස්සේ සඟවයි. එයින් තමාට දුනු කමට එන්නට නො සිදුවන හෙයිනි. දුනු කම් දක්වනනට සිදුවන්නේ දුන්න ඇතෝතිනි. දුන්න වලාකුළ අස්සේ ගසා සඟවා තිබුවා ම එය නැති සේ හිඳිනට හැකි. යම් හෙයෙකින් වහා සඟවා ගත නොහී එය එළියේ පෙනුණත් දුනුකමට නො එළැඹී සිටියැ හැකි වෙයි එහි රැහැන නැත හොත්. එහෙයිනි සක් රජ තෙමේ එයට ලණුව පමණක්වත් නො ලා සඟවන්නේ.

සිහින් වැසි වලා රොදින් අහස වැසී පවත්නා විටැ ඒ පිටට හිරු රස් වැටීටමන් අටගන්නා ‘දේදුන්න’ සක් ර‍ජු ගේ දුන්න යැයි පසිදු යි. සක් දෙව් රජ තෙමේ වැස්සට අධිපතියා යි.

64. පෙළ:- වලඟ, කර, රහස පද, පුවතර ම වූ තිමග කෙලෙස මෙර ගිර ඇත් ඇතොත් තුම සිතඟ නැඟී තම මහිම පෑ බමවයි. ඉන් මෙ රජුගෙ මතග නැගුම් කියනු කිම.

(නගුටේ අග යැ, සොඬ යැ, අංගජාතය යැ; පාද යැ යන සත්තන් බිම පිහිටි ඉතා පසිදු හිමව් කුළ, කෙලෙස් කුල, මහ මෙර, බදු ඇතකු ඇතොත් මෙ තුමා සිත් සේ ඔහු - නැඟී තමා ගේ බලය පෙන්නා -ඌ - කරකවයි. එ හෙයින් මෙ රජු ගේ ඇතුන් නැගීම ගැනැ කියන්නේ කුමට ද?

පැදියේ වදන් යොදා ඇති හැටි ඉතා අසරණ යි. ‘පුවතරම’යන තැනැ ‘ම’ යනු විරිතට පිරිමැසෙතුදු අරුතට හානිකර වේ. පසිදු මැ මෙරැයි කී විටැ පසිඳු මෙර කීපයක් ඇති බවක් ද ඇඟී යයි. හිම ගිර, කෙලෙස් ගිර ආදිය පිළිබද තතු ද ඒ සැටියි. ‘වලග, කර, රහස, පද’ යනු ද විසුළුවෙකි. ‘අංග ජාතය’ සදහා ‘රහස’ යනු පමණක් යෙදීම දිවැසින් අරුත් දන්නට මිසැ නැණැසින් අරුත් දන්නට නම් සුදුසු නො වේ. ‘රහස පද’ යන්න නම් ‘රහස් පියෙස්’ සදහා ගත හැකි. එ විටැ එන්නේ විසුළු අරුතෙකි.






                                 සැවුල් අසුන් පවත්                                     121

ගිමග කෙලෙස මෙර ගිර වලග කර රහස පද වූ ඇත් යැයි

කී විටැ හිම ගිර පමණ වූ වලගකුත්, කෙලෙස් ගිර පමණවූ සොඬකුත්, මහ මෙර පමණ වූ අංග ජාතයත් ඇති ඇතකු’ යි ගන්නට සිදු වේ. එ විටැ පා ගැනැ සඳහනෙක් නැති. පද යෙදී ඇති හැටි‍ෙයන් නම් ගන්නට සුදුසු මේ විසුළු අරුත මැ යි. එ‍හෙත් අපේ රාලහාමින් සෙසු ඇම තන්හි ඇතුන් සදහන් කිරීමේ දී ‘සත් තන්’ බිම පිහිටි බව නො වරදවා සදහන් කොටැ ඇති සැටි සැලැකීමෙන් මෙහි ‘වලග කර රහස පද’ යන්නේ අරුත ‘නගුටු අග, ‍ෙසාඬ, අංගජාතය, පාසතර ය’යි ගන්නා ලදි.

හිමඟ = හිම අග (අග නම් පර්වතය යි). වලඟ = වල් අග (වල් නම් නගුට යි). තුම = උතුමා. සිතග = සිතු අග = සිතු අඟැ.

65. පෙළ:- මෙ නරනිඳු සොබන නකුල රජු මෙන් අසුට නැගෙමින් යුගත නල ලෙසින වේ දිගට මෙහෙයා විටින් විටැ තොසින දෙන නද ඇසෙන පමණ මිසැ හස නො පෙනෙයි ඇසට

(මෙ රජු හොබනා වූ නකුල රජු මෙන් අසු පිටට නැගී කප් කෙළවරැ හමා බස්නා පවන සෙයින් වීදිය දිගේ දවවමින් වරින් වරැ සතොසින් කරන හඬ ඇසෙනවා පමණක් මිසැ අසු ඇසට නො පෙනෙයි).

අසුන් නැඟීමේ ආදී ඉතා පසිදු රජෙකි නකුල යන නමින් සදහන් කැරෙන්නේ. කොවුල් අසුන් කරුවෝ ද:-

‘ප ත ඟ කුලග පැරැකුම් රජුගේ කුමරිඳු ස ත ඟ මිහි පිහිටි මතඟුන් තුරඟු නුදු නි ස ඟ නැඟී පවනෙව් විහිදුවා උදු ලෙස ඟ වියැ උදේනිය නකුල දෙ නිරිඳු, යැ යි එ සදහන් කළහ.





122 සැවුල් අසුන් පවත්

රජ සිහ රජු අසු දවවන විටැ ඔහු කරන හඬ ඇසෙනු මිසැ අසු ඇසට නො පෙනෙන බව කීමෙන් අසු දවවින වේගයේ මහත් බව ඇඟැවිණි.

ලෙසින = ලෙසින් (එ.වි). යුගත = යුග අත (අත = අන්තය). තොසින = තොසින් (එ.වි).

66. පෙළ:- වියතුන් විසින් නියමින් ගනින මඳක් අඩු වැඩි වුවහොත් සතරින අසුබ යැ කියති; එ බැවින් දළ නුවන උනහය කළ රතිඳු මෙ රජුන් රුවට සරි වෙයි කියනු කෙලෙසින?

(වියත් දනන් විසින් සම්මත කරන ලද පමණට වඩා සිරුරෙන් මඳක් වත් අඩු වැඩි හෝ වුවහොත් ශාස්ත්ර යේ හැටියට ඒ අව ලකුණැ යි කියති. එ නිසා මහ ඉසුරා විසින් අඩ සිරුරු බවට පමුණුවන ලද අනඟා මෙ රජු‍ ගේ රුවට සමයැ යි කියන්නේ කවර අයුරින් ද?

ගතින = ගතින්. සතරින = සතරින්. කෙ ලෙසින = කෙ ලෙසින් (එ.වි). රතිඳු = රති ඉඳු (රතිය ගේ ඉඳු හෙවත් හිමියා රතිඳු යි. අනඟ) උනඟය = උනු අඟ ය (‘ය’ විරිත නිසා කළ වැඩියෙකි).

රිය ගේ හිමියා වන මල් සරා හෙවත් අනඟ අද සිටිනේ අඩ කයින්ලු. එයට කරුණ මෙ හෙසුරා විසින් දැළැසැ ගින්නෙන් දවන ලද හෙ තෙමේ නැවැතැ ඔහු විසින් උපදවන ලද්දේ අඩ කයින් සිටුනා පරිදි විමලු.

මේ/ අපේ කව් පොත්හි නොවරදවා මැ දක්නට ලැබෙන පුවතෙකි.

සැළ ලිහිණි අස්නේ ‘පෙර මලවියා වන් රුසිරෙන් මන නදන’ යැයි පෙර මලවියා යන්නෙන් සදහන් කරන ලද්දේ තිනෙතා විසින් දැවෙන්නට පළමු සිටි අනඟ තෙමේ යි. හන්ස සන්දේශයේ ‘මන් මඳ වෙයි “දැන් මද රජු” ගේ සිතට’යැ යි ‘දැන් මද රජු’ යන්නෙන් සදහන් කරන ලද්දේ දවනු ලැබුවාට පසු දෙවනු වැ ඇති කරන ලද අනඟා යි.





                                  සැවුල් අසුන් පවත්                                    123

‘ලෙව් දන මන කරවන සඟතොස විපුල මෙනිරිඳු රුවට පරදිනුවට පළමු කල මෙහෙසුරු දළැසගින් කළ බව ගත විකල සිතෙනු යැ මදනහට එ මැ යැ යි සෙත‍ට මුල’ යැ යි පරෙවි සන්දේශයේ සදහන් වන්නේ ද මෙ පවත යි.

සිරුරේ ලකුණු බලා සුබ අසුබ පවසන ශාස්තුයක් ඇති. එය සමුදුරු රුසියා විසින් පහළ කරන ලද හෙයින් ඊට සමුදුරු සතර (සාමුද්රිඑකා ශාස්ත්රසය) යන නම කියනු ලැබේ. ඒ වියත්හු හදාරති. එ හදාළා අය, එ සතරේ ඇති නියමයනට වඩා අඩු වැඩි බවක් සිරුරේ ඇත හොත් ඒ අව (නපුරු) ලකුණක් හැටියට දක්වති. මල්සරා අඬ සිරුරින් සිටිනා හෙයින් යුතු මේ රජුට සම කරන්නේ කවර නම් අයුරෙකින් ද?

67. පෙළ,- සොබමන් මෙ නරනිඳු ගේ දළ දන් වතුර දිළිඳුන් ළ වැව් ගං හෝ නො හැර පුරමින් කිවිඳුන් වැනුම් සයුරත වැඳැ, යුග කෙළ සයුර රළ ලෙසැ එක පැහැර ඇම තන් වතළ.

(හොබනා මෙ රජු ගේ මහත් වූ දන් නමැති වතුර දිළිඳු දනන් ගේ සිත් නැමැති වැව්, ගං, හෝ ඉතිරි නො කැරැ පුරවා කිවියන් ගේ වැනීම් නැමැති සයුරට වැඳී කප අගැදී - ප්රතලය වන - සයුරේ රළ මෙන් එක් වටැ සියලු තන්හි පැතිරීයේ යි).

නො හැර = නො හැර (එ.වි).

මෙ රජු ගේ දන් දීම මහ වතුරක් හෙවත් ගලන දියක් බඳුයි. එ වතුර දිළිඳුන් ගේ සිත් නැමැති වැව් ගං හෝ පුරා උතුරා ගොස් මුහුදු වදී. එ මුහුද නම් කිවිඳුන් ගේ වැනුමයි. එහි වන් වතුර සයුර ද පුරා කප් කෙළ දී සිවු දිගින් හමා බස්නා (වේරම්බ) සුළඟින් කැලැඹුණු මහසුරු රළ සේ රළ නඟා වෙරළ පැනැ ගොස් එක් වට සියලු මිහි පිට වසා පැතිරැ සිටී.






124 සැවුල් අසුන් පවත්

මෙයින් කියැවුණේ රජු දිළිඳුන් ගේ සිත් පුරා වස්තු දෙන බවත්, එ දීමනාව කිවියන් වනතත් (එය) කිවි වදන් ඉක්මවා සිටින බවත් යැ. මෙ වනාහි:-

‘එ නිරිඳු පැදුම් රද මහ දන් වැසි වසින සඳ දිළිඳුන් ළවැව බඳ උඩඟු දළ ලොබ නියර ගියෙ බිඳ’ (ක. සේ.) යන්නේ වැඩීමෙනි.

68. පෙළ:- රවුළු දිනු, පවර, සිරි රම් රජහු මෙන අවුළු නොයෙක් විරිඳුන් විකුමෙන දුරැරැ, (මෙ රජ) සවුළු ලැමැති කුල කිරුළඟ මිණක් මෙන සිරි ලක තෙදින් අවුළුව‍මින් වැජඹේ.

(රාවණයා පැරැදැ වූ, උතුම් වූ, උතුම් වූ සිරි ‍රම් හෙවත් ශ්රීස රාම චන්ද්රන - රජු මෙන් ඇවිළි ආ නො එක් සතුරන් සපන් කමින් දුරු කළා වූ - මෙ රජ, තෙමේ - සවුළු පෙළට අයත් ලැමැණි කුලය නැමැති ඔටුන්න මුදුනේ මැණිකක් මෙන් තෙදින් සිරි ලක අවුළුවා හෙවත් එළිය කොටැ උසින් පෙනී සිටි.

මෙන = මෙන්. විකුමෙන = විකුමෙන්. තෙදින = තෙදින් (එ.වි).

‘අවුළුවනවා’ යන්නේ අදහස අමුණුවනවා, ඬහපනවැයනුයි. ‘ගිනිඅවුළුවනවා’ යන තැනැ වුවත් අරුත ඒ මැයි. ගින්න ඩහවන බවයි එයිනුත් කැරෙන්නේ. එහෙත් මෙහි, ‘අවුළුවමින්’ යන්න යොදා ඇත්තේ එළිය කරමින් යන අරුත දීමටයි. සිරි ලක අවුළුවමින් යැයි කීවාම ඇ‍ඟෙන්නේ නම් සිරි ලකට ගිනි දල්වා යන්න යි. කිවියා නො සිතුව ද පළ අරුත ඒ මැයි. එ බව අපේ කිවියාට නො පෙනුණේ බැල්ම එළි වැටට මැ වැටී පැවැති නිසයි.






                                  සැවුල් අසුන් පවත්                                125


‘සැවුළු’ කුලයක් රජ සිහ රජුට කෙ සේ අත් වීද යනු අපි නම් නො දනුමු. ‘පණික්කල’ පරපුරෙහි වූ මෙ රජුට රට වැසියන් කීයේ ‘පණික්කියා’ යන්නයි. ලක් දිවේ සවුළු පර පුර සවැති සිරි පැරැකුම් රජුගෙන් අවසන් වූයේ යි.

සිරි රම් රජු ගේත් රවුළු (රාවණ) රජු ගේත් කතා පුවත මෙ දිවේ ඉතා පසිදු යි.

69. පෙළ:- සිවු පා තර, ගුණදම බැදෙමින් සිටින, දළ දම් සොඬ, පිරිසිදු කිත්, සිරි රඳන, සතහ දෙරණ සුපිහිටි, වොරඳන ගතිනි මෙ නරවර නිතින (සිවු පා තර, ගුණ, දම බැ‍ඳෙමින් සිටින, දළ, දම්, පිරි සොඬ, කින් සිරි රදන, සතහ දෙරණ සුපිතිවි, වොරදන ගතිනි) කලණ ‍වරණෙවි දිසි.

(සතර උපාය දැඩියේ ගත්, ගුණ දහමෙහි බැඳී සිටිනා, මහත් වූ දහමට ලොල් ගතියක් ඇති පිරිසුදු හෙවත් නොකිලිටි - කීර්තියක් ඇති, සැපත් රැඳී පවත්නා සත් අඟින් - හෙවත් අංග සත නිසා රටෙහි තිරව පිහිටියා වූ, බබළන සිරුරෙන් යුතු මෙ රජ (නිබද මැ දැඩි වූ සතර පයක් ඇති, ගුණවත් වූ, දමින් හෙවත් දම්වැළින් - බැඳී සිටිනා, දළ උස්, පිරුණු හොඬ ඇති, සුදු පැහැ නම් දැරූ සිරි කත රැඳී සිටිනා, සත් තැනක් බීමැ මනා වැ පිහිටියා වූ, උසින් පෙනෙන සිරුරක් ඇති, කල්යාැණ ලකුණු සහිත) ඇතු‍ සේ පෙනේ.)

සිවුපා = සිවු උපා. සතඟ = සත් අඟ. වරණෙව් = වරණ එව් (වරණ නම් ඇතා යි).

ගතිනි=ගතින්. නිතින= නිතින්.

  සිවු උපාය නම් :- සමගි දමින් බැඳැ ගැනීම, තුටු පඬුරු දීම, උනුන් බිඳුවීම,  දණ්ඩනය හෙවත් පහර දීම,යන සතරයි. ඒ රජකු විසින් පිළිපැදිය යුතු විදියයි. රජකු ගේ රැක්ම තිර යැ යි සලකා ගැනීමට ඇවැසි -



126 සැවුල් අසුන් පවත්


සත් අග හෙවත් අංග හත නම් :- ස්වාමි, අමාත්යප, සුහෘත්,කෝශ, රාෂ්ට්රර, දුර්ග, බල, යනු යි.

මෙහි රජුත් ගදැත් කුලේ ඇතකුත් එක් සැටි කොටැ දැක්විණි.

ඇතු ගේ සතර පය (සිවුපා) තිර වැ පිහිටියේ යි.

රජු ගේ ද සතර උපාය (සිවුපා) තරු වැ පිහි‍ටියේ යි.

ඇතා කඹයෙන් හා දම්වැලිනුත් (ගුණ දම) බැඳී සිටියේ යි.

රජ ද ගුණ දහමින් (ගුණ දම්) බැද සිටියේ යි.

ඇතා දළින් ද, දමින් (යදමින්) ද, සොඬින් ද (දළ දම් සොඬ) යුතු වූයේ යි.

රජ ද දැඩියේ දහම් හි ඇලී (දළ දම්සොඬ) සිටියේ යි.

ඇතා පිරිසුදු යසස් (පිරිසුදු කිත්) ඇත්තේ යි.

රජද පිරිසුදු යසසක් (පිරිසුදු කිත්) ඇත්තේ යි.

ඇතුගේ කුඹපිට සිරි රඳයි (සිරිරදන). රජු කෙරේ ද සිරි රදයි ( සිරිරඳන).

ඇතා සත් තැනක් බිමැ ගැටී (සතහ දෙරණ සුපිහිටි) සිටිම ඇත්තේ යි.

රජ ද සත් අඟින් යුතුවැ රටේ මැනැවින් සිටියේ ( සතඟ දෙරණ සුපිහිටි) වෙයි.

මෙ කිවියෝ මැ:- ‘සිවු පා පදැති දිඩ බස් මද වැහෙන නොවැ ඉඩ යුතු වූ දහම් සොඬ වරණ සිරි ඉසිලි දහම්සොඬ’ යැයි අන් තැනැකැදු කීහ.


සැවුල් අසුන් පවත්                                127


70. පෙළ:- දිය මුදුනා පත්, ගුණ රැඳී, සුපිරුසුදු, මිහි පා නිති සෙවුනා, සිනිඳු පත් යුත්, සිරි රඳනා, දිනකර සිය මෙ නරනිඳු හැමවරැ (දිය මුදුනා පත්, ගුණ රැඳි, සුපිරුසුදු, මිහි පා නිති සෙවුනා, සුනිඳු පත් යුත්, සිරි රඳනා, දින කර සිය කමල මෙනා බබළ යි.

(ලොවට මුදුන් පත්, ගුණයෙන් ගෙන් යුත් වූ දෙ කුලෙන් ඉතා පිරිසුදු වූ, රජුන් විසින් නිතර සොයනු ලබන්නා වූ සිනිඳු පා ඇති, ඉසුරු රැඳී පවත්නා, හිරුට නෑවු හෙවත් හිරු ගොත් ඇති මෙ රජ සියලු කල්හි (දිය මතු පිටට පැමිණි, දඬුයෙහි හූ ඇති, ඉතා පිවිතුරු, මීමැස්සන් නිතින් ඇසුරු කරන, සිනිඳු පෙති ඇති, සිරිකත රැඳී සිටුනා, හිරුට නෑ වූ හෙවත් හිරු රසින් පුබුදුවනු යෙන් හිරුට සබඳ කම් ඇති) පිපි සිටිනා නෙළුම් මල සේ දිළෙයි).

දිය මුදුනා = දිය මුදුනැ. මෙනා = මෙන්.

71. පෙළ:- සසල නො මැ වන, නෙක මිහිසුරු මුදුන්වන්, සිවුසැට කලා පිරි, කදහස උනු නො වන, දෙ පස සුපිරිසුදු, තුඟු සිහසුනැ රඳන, මෙ නිරිඳු නිතිනි තරිඳු ජය ගෙනැ බබළයි.

(සැලීමක් නො මැ වන්නා වූ, නො එක් රජුන් හට මුදුන් පත් වූ, කලා සිවු සැට පුරා දත්, කිසි කලෙකැ අඩුවකට නො පත් වන, - මා පිය - දෙ පස ඉතා පිරිසුදු වූ, උසස් හෝ උස් හෝ සිහ අස්නේ රඳන්නා වූ මෙ රජ සියලු විටැ සඳු පරදවා දිළෙයි.

නෙක = න එක. මිහිසුරු මිහි ඉසුරු (රජුන්) මහ ඉසුරු (ඉසුරු දෙවියා)

සිහසුනැ = සිහ අසුනැ. නිරිඳු = නර ඉඳු. තරිඳු = තරු ඉඳු - නිතින = නිතින් (එ.වි).






128 සැවුල් අසුන් පවත්


මෙහි රජ සිහ රජු සඳුට වඩා උසස් බව දක්වනු සදහා ස‍ඳෙහි ඇති පවතට විරුදු පවත් මෙ රජු ගේ ඇති බව පෙන්වන ලදී. එහෙත් මෙහි තිස් වන පැදියේ දැක් වූ පරිදි උවම් උවමේ දෙකෙ හා (අසම) ගුණ ගුණ විසින් මැ දක්වා නැති. කිසි විරුදු ගුණයක් දක්වා ඇත්තේ වදනෙහි ඇති සෙලෙස් අරුතින් පමණෙකි. නිදසුන් විසින් මේ විමසනු.

මෙ රජය දෙ පස පිරිසුදුයි. ඒ කීයේ මා පිය දෙ පසින් රජු පිරිසුදු බවයි. ඊට විරුදු විසින්, සඳු දෙ පස පිරිසුදු නැති. ඒ කීයේ සඳු ගේ පුර, අව, යන දෙ පක්ෂනය එක සේ පිරිසුදු නැති බවයි. එහි විරුදු ගුණය ගුණ යෙන් මැ දැක්වී ඇති.

මෙ රජ සසල නො මැ වෙයි. ඒ කීයේ මෙ රජු කිසිවෙකිනුත් සැසලෙන්නේ නැති මැ බවයි, එයට විරුදු ගුණය වියැ යුත්තේ සැසැලීමෙන් මැ යුතු බවයි. හෙවත් සඳු සසල මැ වන බව යි. එ හෙත් මෙහි ‘සසල මැ වන’ යන්නෙන් ගන්නට සිදු වන්නේ ‘සසල මැ වන ‘ යන අරුතයි. එ විටැ විරුදු ගුණය පෙදෙහි සෙලෙස් අරුතින් මිසැ පවතින් නො ලැබේ.

සියල්ල මෙ සෙයින් සලකා බලමු.

මෙ රජ සඳ,

(1) ‍සසල නො මැ වෙයි. (1) සසල මැ වෙයි. (සැසැලෙන්නේ මැ නැති) (සස ලපින් යුතු මැ වෙයි)

(2) නෙක මිහිසුරු මුදුන් වෙයි. (2) එක් මිහිසුරු මුදුන් වෙයි. (නො එක් රජුනට මුදුන් පති) (එක් මහ ඉසුරා ගේ ජටා මුදුනට පති)







                                 සැවුල් අසුන් පවත්                                    129


(3) සිවු සැට කලා පිරියි (3) සොලොස් කලා පිරියි. (කලා හැට හතර පුරා දත්තේයි) (කලා දහසයක් පමණක් පිරුණේ වෙයි)

(4) කදහස උනු නොවෙයි. (4) එක් දනක් පමණක්උනු නොවෙයි. (කවර දාවත් නො පිරිහෙයි) (නො පිරිහී පවත්නේ මසකට දවසයි)

(5) දෙ පස සුපිරි සුදුය. (5) එක් පසක් අපිරිසුදුයි. (මා පිය දෙකුලෙන් නො කිලිටියි) (එක් පසක් කළුවරයි)

(6) තුඟු සිහසුනැ රඳයි. (6) ගජ අසුනැ රඳයි. (උස් සිහ අස්නේ හිඳී) (ඇතු පිටේ හිඳී)

72. පෙළ:- ඇම දවස දහසක් වරැ දහසක් වස් දහසක් වතිනි කිවත් නො ගෙවෙන මොහු යසය මම වසින් එක් සිය ආයු ලැබැ නර පණු වැ වැස එක් මුවෙන් පවසා කෙ ලෙ ස නිමවමි.

(ඇම දා මැ - දවසට - දහස් වර ගණනේ දහසක් අවුරුද්දක් කටවල් දාහකින් කීවත් අවසන් නොවන මොහු ගේ යසස මම අවුරුදු ගණනින් සියක් - වසකට ආයු ඇති මිනිසෙකු වී සිටැ එක කටෙකින් කියා කවර විදියෙකින් ඉවර කරම්ද?)

මුවෙනි = මුවෙන් (එ.වි). වසිනෙක්සිය = වසින් එක් සිය. නර පණුවා (මිනිස් ප්රාෙණීයා) = මිනිසා.

73. පෙළ:- නව රුවන් බන්, තුඟු, ගන රන් ටැම් මුදුන, මන් පිනවන නොමින කටහම් රූ යුතු රන්, කලදෝ, දැව පේ කඩිනි බබළන, නන් විසිතුරු බිතු සිතුවමිනි වොරදන -

74. විදු කිඳු අයුරු පැහැ විදි රන් කොත් පැළැඳි, පිරිසුදු සිනිඳු පළ හෙළ උඩුවියන් බැඳී, කිරි සිඳු බඳු වූ මුදු සුදු තිර අවට සැඳී, විදු පැහැකනා මිණි වැට පහනින් වොරැඳි -



130 සැවුල් අසුන් පවත්


75. පැහැදුල්, විසිතුරු, තුරු පෙළිනි බබළන අඹරා සිරි පෑ හැම වරැ දිළෙන, ළද කල් ඉසි අසෙනිය මලිනි වොරදන, දන මන බඳින ඉඳු නිල් මිණි බිමන් යුතු-

76. නන් විසිතුරු, පහ සිරිවමියගෙ කොකුමහර දුන් මනහර පියොවුරු සිරිනි දුටු දන මනනෙත් නො හැර සන් තොස වඩන රන් මිණි කලස් සිය ගණනින් සැඳි, පවර -

77. ලඹා දෙන නොමින මුතු ලැල් වටින් සැදි, දිගත අලු කැරැ රුවක් පබා පැතිරෙන, සුර පුරය හොබවන සුදම් සබා යුරු සතොස වඩවන, සබා මඩුවෙහි -

78. අග රජ කිරුළු පෙරගිරි සිහිනුදා වන, සුනිමල් දිමුතු මුතුලැල් තුරු පෙළෙනි යුතු, සිහිලැල් සේ රැසින් නොදිගුබිත හෙළි කළ, පර රද කර තඹුරු මුකුලිත කැරැ මැ වොරඳන, සන් සුන්, සුපුන් සඳ වන්, සේසතෙහි යට නන් රන්කමින් බබළන සිහසනේ පිට - සූවන් ගිරි දෙ පසැ හෙන හැලි සිරිත් සොඳ ළඳුන් දුන් සෙමෙර නල විඳ, ලෙවන් හට සුරිඳු සිරි පළ කැරැ, නො මද සිතින් මෙ අප රජසිනා නිරිඳු උන් සඳ -

79. පබඳ විකුමෙන් රුදු විරිදුන් ජය ගෙනැ කිරුළිය පැළැඳ මෙ තුන් ලක වට සරන, සුර කුමරුන් වැනි සොඳ රජ කුමරුවෝ මෙ නිරිඳුගෙ සිරි පදැ මුදුන් දී සිටිති.

(නවරත්න හෙවත් නව වගේ මැණික් බැඳී, උස් වූ, ගනරනින් කරන ලද කණු මුදුන්, සිත් පිනවන්නා වූ බොහෝ කැටයම් රූ ඇති, රන් රිදී දැව හෙවත් ලීදඩු යන දැයින් කරන ලද පේකඩින් බබළන්නා වූ, නො එක් හැටියේ අඳිනා බිතු සිතුයම් වලින් උදාර වී පෙනෙන






                                  සැවුල් අසුන් පවත්                                    131

විදුලි කෙඳි වැනි වැ පැහැය පැතිරෙන රන් කොත් පළදවා ඇති, නො කිලිටි වු, සිනිඳු වූ, පැතිරැ පෙනෙන සුදු පැහැ ඇති උඩු වියන් බැන්දා වූ, කිරි මුහුදේ පැහැය බඳු පැහැ ඇති සුදු පැහැ, මෙළෙක් සළුයෙන් ඇදි වට තිර ඇම පැත්තෙන් මැ ඇති, විදුලි පැහැය ඇති රන් වැට මිණි වැට පහනින් උදාර වී පෙනෙන -

පැහැයෙන් දිළෙන්නා වූ, විසිතුරු වූ, තරු වැළින් බබළන අහසේ සැටි දක්වමින් සියලු විටැ දිළියෙන්නා වූ, තුරුණු ලියන් විසින් ඉස්නා ලද විලඳින් උදාරවැ බබළන, මිනිසුන් ගේ සිත් බඳිනා සුනිල් මැණික් බිමින් යුත් -

නො එක් හැටි සැරැහුණු පහය නැමැති සිරි කතගේ, කොකුම් සුනු ගැල් වෑ තන අයුරු පෙනීමෙන් මිනිසුන් ගේ සිතුත් නෙතුත් එකකුත් - නෑරැ සතොස වැඩිකරන්නා වු රන් කලස්, මිණි කලස් සිය ගණනින් සැරැහුණා වූ, උතුම් වූ -

එල්ලෙන්නා වූ බොහෝ මුතුලැල් වටා යෙදුවා වූ, දිගුන් අවසනට පැතිර යන මැණික් එළිය ඇති, දෙව් පුර හොබවන්න‍ා වූ හෙවත් සරසන්නා වූ සුදම් දෙව් සබය වැනි වැ සතොස වැඩි කරන්නා වූ, පැහැදුණු ගුණයෙන් යුත් සබා මඩුයේ -

අග රජුගේ වොටුණු මුදුන නැමැති උදා ගිරි මුදුනින් පායන, පිරිසුදු වූ, කැලුම් සහිත වූ මුතු ලැල් නැමැති තරු වැළ සහිත, ඉතා සිසිල් පැහැ නැමැති රස් නිසා නො එක් දිගුන් බිතු පිට සේ එළිය කළා වූ, සෙසු රජුන් ගේ අත් නැමැති නොළුම්මල් අකුළුවා මැ උදාර ලීලායෙන් පෙනෙන පුරා හඳ වැනි සුදු කුඩ සෙවණේ නො එක් රන් සැරැසිල්ලෙන් බබළන්නා වූ සිහ අසුන මත්තේ, රන් ගිර හෙවත් මහ මෙර දෙ පැත්තේ ඇද හැළෙන ඇලි මෙන් පෙනෙන, සොඳුරු ලියන් සලන්නා වූ සෙමෙර පවන් විඳීමින්, ලෝ වැසියාට සක් දෙවිඳු ගේ අයුරු පෙන්වමින්, බොහෝ සතුටින් මෙ අපේ රජ සිහ රජු උන් විටැ-







132 සැවුල් අසුන් පවත්


පතළා වූ සපන් කමින් මහත් සතුරන් පරදවා වොටුනු පැළැඳැ මේ තුන් ලක වටා සැරී සරන්නා වූ තුරුණු දෙව් පුතුන් සම රජ කුමරුවෝ මෙ රජු ගේ උතුම් වූ පා - තමන් ගේ- හිස් මුදුනේ ගන්වා සිටිත්).

(73) මුදුන = මුදුනැ. නොමින = නොමින්. (77) ලඹා = ලඹ. නොමින = නොමින්. (78) යුත = යුතු. සඳසඳැ. (79) පැළඳ = පැළැඳැ.

(73) පේ කඩිනි = පිය කඩිනි. සිතුවමිනි = සිතු කමිනි (76) කොකුමඟර = කොකුම් අඟර. (77) දිගත = දිගු අත (78) හිසිනුදා වත = හිසින් උදා වත. සිහිලැල් = සිහිල් ඇල්.

සිරි රජසිහ රජු ගේ සබා මඬුව වැනීමට පටන් ගැනුණේ සිවු පැදි සයකුත් දස පද සැහැල්ලකුත් එක් මැ වැකියෙකැ ගැන්වීමෙනි. මුල් සිවු පැදි පසින් මඩුවේ විසිතුර ද, එ ළඟට දස පද හෑ‍ෙල්ලෙන් රජ සිහ රජු සිහසුන අරා ඉඳිනා සැටි ද, එ ළඟට සිවු පැදියෙන් එ රජු සිරිපා වැඳැ සිටිනා රජ කුමරුවන් ගේ පවත් ද පැවැසිණි.

ඒ මඩුයේ කණු ගන රනින් නිමියේ යි, ඒවා නව රුවන් ඔබවා සරසන ලද්දේයි. ඒ කණු බොහෝ උස් වෙයි. ඒ වා මුදුනේ දුටුවන් ගේ සිත් පිනවන කැටයම් රූ යුතු රන් පේකඩ, රිදී ‍ෙප්කඩ, දැව පේකඩ මාරුවෙන් මාරුවට යොදා ඇත්තේයි. එහි නො එක් විදියේ බිතු සිතුයම් ද විසිතුරට කොටැ ඇත්තේ යි.

(පේ කඩ නම් යට ලීය දරා සිටිනා කණු ඉහයි)

ඒ මඩුවට රනින් මුදුන් කොතක් පළදවා ඇත්තේ යි. එහි විහිදෙන රස් කිඳු විදුලිය කෙඳි බඳු යි. එහි සුදු පිරිසුදු උඩුවියන් බදවා, සුදු වට තිර අදවා ඇත්තේ යි. එහි, වැටිය පිණිසැ රන් කූරු, මැණික් යන දැය යෙදූ පහන් ඇත්තේ යි. ඒවියින් ද පැහැය විහිදී යයි.





                                  සැවුල් අසුන් පවත්                                    133


ඒ මඩුයේ බිම ඉඳුනිල් මැණික් අල්ලා කරන ලද්දේ වෙයි. කොමළ අඟනන් විසින් ඉසිනා ලද විලද එහි ඇති. එ හෙයින් විලද සහිත එ පිල පෙනෙන්නේ තුරු වැළින් සැරැසුණු පිරිසුදු අහස මෙනි.

එහි රන් කලස්, මැණික් කලස් සිය ගණන් ඇත්තේ යි. ඒවා දෙසට දනන් ගේ නෙත් සිත් එකකුත් මඟ නෑරැ ඇදී යයි. එ සෙයින් උන් ගේ නෙත් සිත් ඒවා දෙසට ඇදෙන්නට හේතුව ඒවා පියොවුරු සේ පෙනීම යි. ඒවා පියොවුරු වන්නේ පහය නැමැති සිරිකතට යි.

එ මඩුව අවට පියැසි අගැ මුතුලැල් එල්වා ඇති. එහි ඇති මැණික් කැලුම් අවට පෙදෙස් එළිය කරමින් පැතිරෙයි. එය සුරපුරට පළදනාවක් වන ‘සුදම්’ සබය වැනිය.

ඒ සබා මඬුයේ සේසත් සෙවණේ සිහසුන ඇත්තේ යි. සේ සත පෙනෙන්නේ උදා වූ පුරා සඳ මෙනි, අග රජු ගේ වොටුණු මුදුන ඒ සද නැංගා වූ උදය ගිරි මුදුන මෙනි, සේ සත වටා එල්ලා ඇති මුතු ලැල් සඳ වටා ඇති තරු කැලන් බඳු යි. සේ සතින් විහිදෙන රස් සඳින් නික්මෙන එළිය බඳු යි. සේ සත් සෙවණේ සිහස්නේ හිඳුනා රජුට දොහොත් මුදුන් දී සිටුනා පර රජුන් ගේ ඒ ඇඳිලි සද එළියට ඇකුළුණු නෙළුම්මල් වැනි යි. සිහසුන නො එක් රන් කමින් සැදුණේ වෙයි. එහි හිඳුනා රජ ‍මහමෙර බඳුයි. එ රජු දෙපසේ සිටැ ලියෝ සෙමෙරින් පවන් විදිති. ඒ සෙමෙර මහ මෙර දෙපසින් ඇද හැළෙන ඇලි මෙන් පෙනේ. රජු ඉඳිනේ ලෝ වැසියාට සක් සුරිඳු ගේ හැටි මෙ සේ යැ යි පෙන්වන්නා මෙනි. එ අයුරින් ඒ රජු අස්නේ උන්නාම-

රජ කුමරුවෝ දොහොත් මුදුන් දී සිටිති. ඒ රජ කුමරුවෝ ද කිරුළු පැළැදියෝ වෙති. පෙනුමෙන් ඌ තුමු දෙව් පුතුන් බඳු යි. ඌ තුමු මහත් සපන් කමින් මහ බල සතුරන් පරදවා, රටට අරක් ගන්මින් ලක් දිවේ තුන් රජයේ සැරිසරන්නෝ වෙති.






134 සැවුල් අසුන් පවත්


(73) කනා මිණි වැට පහන් :- වැට නම් වැටිය යි. කනා වැට පහන් මිණි වැට පහන් ඒ වැටියේ කැල්මින් එළිය දෙන ඒවා මිසැ ගිනි දල්වන ඒවා නොවේ. වැටිය පිණිසැ රන් යොදන ලද පහන ‘කනා වැට’ පහන යි. වැටිය හැටියට මැණික් යොදන ලද පහන ‘මිණි වැට’ පහන යි. ඒ නයින් වැටිය පිණිසැ දඩු යොදන ලද පහන ‘දඬු වැට’ පහන යි. එයට ගිනි දැල් වියැ යුතු. මෙ දවස්හි දඬු වැට පාන ‘පන්දම’ යන නමින් අඳුනවනු ලැබේ.

මේ පැදිය ගුත්තිල දා කවේ ‘සුදු පිරිසුදු වියනුත් උඩ බදවා මුදු ඉඳුවර මල් දම් එහි රඳවා විඳු කිඳු යුරු රන් රසු දැල් යොදවා සැදු සුර සිඳු බඳු වටතිර අදවා’ යන්න සිහිපත් කරවයි.

(75) අසෙනිය මලිනි:- අසෙනිය මල් යනු විලඳට නමෙකි. පිදීමට නිසි යන අරුත ඇති ‘අර්වනීය’ යනු ‘අ‍ෙසනිය’ යැයි සිය බසට ගන්නා ලදී. ලජා යනු ධාන්යඇ බැඳීමෙන් පුප්වා ගත් දැයට නමි. එය ‘ලද’ යැයි සිය බසේ සිටි. වියෙන් කළ ලද විලඳ යි.

‘අසෙනිය මල් තරු විමල් ඉඳු නිල් මිනි තල ගුවැ සිහසන සරා සිසි බිඹු ‍ෙසාමි මෙන්නා’ (ක.සි. iv. 6.) යන්න මෙ කිවියන් සිහි කළ බවෙකි පෙනේ.

තුරුණු ලියන් විලඳ ඉසීම මඟුල් සම්මත යි.

‘විලඳ ඉසි කොමලඟ’ (ක. සේ. vi. 55) යන්නෙන් ද ඒ පෙනේ.

76. කොකුමඟර:- දැන් රත් පැහැ සුනු (පියර) මුහුණේ ගෑමට ගන්නා සේ එදා රත් පැහැසුනු පිණිස කොකම් සුනු ඇඟැ ගෑමට ගන්නා ලදී. ආදී ලියෝ අද ලියන් හැට්ට-



                                     සැවුල් අසුන් පවත්                                  135


යෙකින් වසන පියොවුරු පෙදෙස නො වසා සුනු, මල් දම්, මුතු පට ඈ දැයින් සරසා දැකුම්කලු කළ හ. බෙහෙවින් පියොවුරන්හි තවරන ලද්දේ කොකුම්, මල් රෝන ඈ පාට සුනු යි.

‘සලා දුලා පියොවුරැ තඹර රොන් රත’ (සැ.අ) ඈ යෙදුමෙන් ද ඒ පෙනේ.

පහය සිරි වමිය ( වමිය නම් අඟන යි) වුව ඇයට වියැ යුත්තේ පියොවුරු දෙකෙකි. මෙහි සිය ගණන් මිණි කලස් පහ සිරි වමිය ගෙ පියොවුරු වැනි යි කීම විසුළුවෙකි. මෙහි වනත ලද්දේ මඬුවෙකි. මඬුව පිණිසැ ‘පහ’ යනු යෙදීම ද විසුළු යි. එ සියල්ලට කරුණු වූයේ :-

‘පහ සිරි වමිය කොකුමද පින් පියොවුරෙව් පැහැසර සොමි පියුම්රා මිණි වැණිනි නෙත් බදනා’ (ක. සි. iv. 3) යන්නන සිහියට නැගී ඒම යි.

මේ රජ සබ වැනුම් ගිරා, හංස යන සන්දේශ දෙකේ කොටැ ඇති සැටි බලා කරන ලද්දේ යි.

(79.) තුන්ලක :- යන්නෙන් ලක් දිවේ රුහුණු, මායා, පිහිටි යන තුන් රට අඟවන ලද්දේ යි.

80. පෙළ:- නිමල ඔහු රිවි බඳ තෙද අනල පත් වූ, සොළී, පඬි, කේරළ මන නද නිරිඳු කැල හිමි නිය කිරණ තුමුල ගඟැ ගිලෙමින් මුදුනතැ කර කමල දී වැඳ වැඳ සිටිති.

(දොසින් මිදුණු එ රජු ගේ ඉරු රස් බඳු තෙද ගින්නට අසු වු, සොළී, පාඬි, කේරළ යන ජාතිවලැ, සිත් තුටු කරන රජ සමුහය - මෙ - හිමියා ගේ පයේ නිය රස් නැමැති මහ ග‍ෙඟ් ගිලී හිස් මුදුනේ අත් නැමැති නෙළුම් මල යොදා වැඳැ වැඳැ සිටිති).



136 සැවුල් අසුන් පවත්

මෙහි නිමල යනුත් ‘මන නඳ’ යනුත් නිකම් විරිත සපුරා ලීමට මිසැ තැනට සුදුසු වන වෙසෙසුන් නො වේ. මේ වැනුම ද නිකම් සිරිතකට කළ එකක් ‍මිසැ ඇත්තේ පවතක් එළි කරන්නෙක් නො වේ. සීතාවක රජසිහ රජුට මූදින් එ තෙරැ රජුන් නතු වැ සිටි බවක් යටගියායෙන් පෙනෙන්නට නැති. මේ වැනීම සෙසු අසුන් කව්හි ඇති කරුණු අනුසරින් නිකම් සිරිතට කරන ලද්දක් බව සැලැකීමට මේ හොඳ නිදසුනෙකි.

81. පෙළ:- බරම් මුව පහළ සිවු වේ ‍වීදි ලෙසට සකම් වීදිය නො වැරැදැ ඇම විටැ කරන සෙතට මුල් වු උතුම්, පෙරෙවි විප් මුළු සිට ආ සිරි වදන් ‍ෙනා හිමි වැ පවසති.

(බඹු ගේ මුවින් පහල වූ වේද සතරේ කියන ලද විදී අනු වැ, සය වැදෑරුම් කර්ම වීදිය නො වරදවා සියලු විටැ කරන, සෙත් වැඩීමේ මුල් වූ, උතුම් වූ, පුරෝහිත බමුණු සමූහ - දෙ පසැ සිටැගෙනැ ආ සිරි වදන් ඉමක් නැති වැ කියති).

බරම් :- මේ වනාහි ‘බ්රසහ්ම’ යන්න සදහා යොදන ලද වදනෙකි. එය වියතුන් රිසි වන්නක් නුවුව ද පැදිය සලකා යොදන ලද බව පෙනේ. ‘බ්රදහ්ම’ යනු නො වියත් දනන් හට කීයැවෙන්නේ ‘බුරහ්ම’ යනු යෙනි. දඹ දිව් වැසි නො වියත්හු ‘බම්භ’ යන්නෙන් එය වහරති. ‘ම්රිම්ම’ යනු ද නො එක් විටැ ඇසේ. ‘බුරුම’ යනු අනාසිකයන් ගේ බසෙහි එයි. එ අනු සරින් ‘බරම්’ යනු යොදා ගන්නට ඇති. අලගියවන්න රාලහිමින් ‘දෙමළ’ බස ද රුසියන් ගේ මුවින් පහළ සේ සැලකූ බව පසිදු යි.

‘පහළ පොරණ ඉසිවර. මුවෙනි මන නඳ දෙමළ සකු මගද නො හසල සතට දඳ’ යනු ඔහු මැ ‘සුභාෂිත’ යෙහි කීහ.








                               සැවුල් අසුන් පවත්                                      137

වේද සතර බඹුගේ මුවින් පහළ වූ බව හින්දු දනෝ කියති. සෘක්, යජුස්, සාම, අථර්වත් යන නම් සතරින් වේද සතර ඇඳිනැ වේ. ආදී පැවැත්තේ පළමු සදහන් තුන් වේදය යි. පසු වැ ‘අථර්වන’ වේදය ද එක් වැ සිවු වේදයෙක් පහළ වූයේ යි. පළමු මැ පහළ වූ ‘ඍක්’ වේදයෙන් මැ ගන්නා ලද කරුණු ඇතුළත් කිරීමෙන් සෙසු වේද ඇති කරන ලද බව ඒවා විමසා බැලීමෙන් පෙනෙයි. වේද සතර දැන්ම පෙරෙවි බමුණන් හට ඇවැසී මැ වෙයි. රජුන් හට ආ වැඩීම නො වැ ජය තුති පැවැත්වීම මෙ බමුණන් අයත් සේවය යි.

ගිරා අස්නෙහි දූ :-

‘ස බ ඳ සියල් සිවු වේ දැනැ පිවිතුරු ව පැ ළ ඳ කසුන් හු අබරණ විසිතුරු ව නොමඳ පෙරෙවි බමුණන් සිටැ නිරතුරු ව එ ස ඳ කියන ජය තුති නද අනතුරු ව’ යි එ පැවැසිණි.

සකම් වීදිය :- බමුණු ඇදුරකු විසින් දැනැ සිටියැ යුතු කම් සයේ පවත.

(1) යාග කිරීම යැ, (2) ., කැරැවීම යැ, (3) ඉගෙනීම යැ, (4) ඉගැන්නීම යැ, (5) දීම යැ, (6) පිළිගැනීම යැ, යි බමුණු ඇදුරා විසින් දත යුතු නම් විදි සයෙකි. බමුණෙක් සැබැවි නම් ඔහු කම් සය දත්තකු හැටියට සදහන් කිරීම පැවැති සිරිති. රජ කුමරුවනුත්, පිට රට රජුනුත් සඳහන් කළ ඉක්බිති පෙරෙවි බමුණන් සදහන් කිරීම රජ සබයේ පවත් සදහන් කිරීමේ දී සිරිත් විරිදු වෙයි. සෙසු සියල්ලනට පළමු ජය තුති තද පවත්වන පෙරෙවි






138 සැවුල් අසුන් පවත්

බමුණන් ඔවුන් ගේ සේවය කළ යුතු. සෙස්සනට වර පෑදෙන්නේ එයින් පසු යි. රජ සබේ පවත් ඇත්තේ හැටියට සදහන් වන්නේ ගිරා අස්නේ යි.

82. පෙළ:- අදිකරණ සහ රජ නිති සත ඉගෙන එකම නෙත විලසින් ලොව සතන් රකින, දියත පරසිදු, සොබන, මහ ඇමති වරු මුදුනතැ අත තබා බැතිනි වඳැ සිටිත්.

(අදිකරණ හෙවත් යුක්ති පසිඳිනා හැටිත් රජ නීති ශාස්ත්රසයත් ඉගෙනැ ගෙනැ එකමැ ඇසක් ඇත්තකු එය රක්නා සේ ලෝ වැසියන් රක්නා වූ, ලොවේ පසිදු වූ ද, හොබනා වූ ද, මහ ඇමතියෝ දොහොත් මුදුනේ බැඳැ වැදැගෙනැ සිටිත්).

මෙහි ‘අදිකරණ’ යැයි කීයේ නඩු විසදන හැටිය යි. ‘රජ නීති සත’ යනුවෙන් යනුයෙන් මෙහි සදහන් වන්නේ රජ දහම පිළිබඳ නීති ශාස්ත්ර ය යි. ඉගෙන = ඉගෙනැ (එ.වි.)

‘මුදුනතැ අතතබා’ යනු මනරම් යෙදුමෙක් නො වේ. මේ ‘දොහොත් මුදුන් දි’ යන අරුත දීම පිණිසැ යොදන ලද බව පෙනේ.

ගිරා අස්නේ :-

‘ඉ ගෙන අදිකරණ දැනැ රදනිය නොයෙක නි ති නි පෙමින් මුළු සත්වග රකින ලක එ දි න පැමිණි කටයුතු දන්වා නිසැක සි ටි න දෙ පසැ ඇම මහ මැතිවරන් දැක’ යන්න අසබා කොටැ දැක්වීමෙකි මේ.

83. පෙළ,- මහත සයුරැ දිය සහ මුළු දෙරණ පස් මෙ තැකැයි නිසිත නැණින් පමණ කළ, දියත වඩන වාසල මුකවෙට්ටි ගණ සබ කිරණ පුන් සිසි කැන් මෙන් සිටිත.






                                    සැවුල් අසුන් පවත්                                  139

(මහ මූදේ දියත් මුළු පොළොවේ පසුත් මෙ තැනැට හෙවත් මේ තරමට ඇතැයි තිහුණු නුවණින් දැනැ ගෙනැ පමණ කොටැ ලූ, ලොවට වැඩ දායක හෙවත් ‍ලෝ වැඩ වඩන්නා වූ, වාසල මූකවෙට්ටි සමුහය රජ සබය නැමැති කිරි මූදට වැටුණු පුරා හඳ කැලුම්, සෙයින් සිටිති).

මහත = මහත්. දෙරණ = දෙරණැ. සිටිත = සිටිත්. කිරණ = කිරණැ. (එ.වි.) කිරණ = කිරි අණ.

මූකවෙට්ටියෝ නම් අදිකරණ බලය ලත් ලේකම්වරු වෙති. ගිරා අස්න කැරුණු අවදියේ මොවුන් එතරම් පසිඳු නුවුවත් හංස සන්දේශ අවදිය වන විටැ මූ තුමු රජ සෙබේ සැලැකියැ යුත්තෝ වෙත් මෙ කවියෝ ද එ තනතුරු ඇත්තෝ යි.

84. පෙළ:- ගැඹුරු සකු මඟද හෙළු දෙමළෙහි පුරුදු, සොඳුරු සඳ, ලකර, වියරණ දත්, කිවිඳු මියුරු අරුත් යොදමින් විරුදු කවි බැඳැ නරනිඳු සබ තුරෙහි අතුරු නො වැ කියති.

(ගැඹුරු වූ හෙවත් බොහෝ දුරට අරුත් ඇති, සකු,මඟද, එළු, දෙමළ යන බස් වහර පුරුදු ඇති, මනා වූ හෙවත් පියකරු වූ සඳ, ලකර, වියරණ දත් කිවිතුමෝ මිහිරි වූ අරුත් දමමින් විරුදු කවි බැදැ රජ සෙබේ අතරක් නො දී කියති).

කිවිඳු = කිවි‍ඳෝ (එ.වි.)

‘සකු’ නම් බමුණු වියතුන් ගේ පතට පොතට නිසි කොටැ ‘සංස්කෘත’ යන නමින් ඇති කොටැ ගන්නා ලද බස යි.

‘මගද’ නම් පෙළ දහමත්, අටුවා ටීකා ආදියත් පිණිසැ නිසි කොටැ සකස් කොටැ ගන්නා ලද ‘පාලි’ යි පසිදු බස යි.






140 සැවුල් අසුන් පවත්


‘එළු’ නම් හෙල දිව් වැසියන් ගේ වහරට නිසි වූ අද පැදි පිණිසැ මැ ඇරී ඇති හුදු සිංහලය යි. ‘දෙමළ’ දෙමළුන් ගේ බස යි. මෙයට මෙ දිවයිනේ තැනක් ලැබුණේ ‘පණික්කල’ පෙළේ රජුන් ගේ අවදියේ යි.

‘සඳ’ නම් පැදි විරිත් වෙසෙස් දක්වන ‘ඡන්දස්’ යන නමින් පසිදු ශාස්ත්ර ය යි. ‘පිංගල’ නම් ඇඳුරා විසින් මේ ශාස්ත්රදය වඩන ලදහ යි කියති.

‘ලකර’ නම් කිවියන් ගේ බස් අරුත් සරසන අයුරු දක්වන ශාස්ත්ර ය යි.

‘වියරණ’ නම් බස් නය හෙවත් වදන් හසුරුවන අයුරු දක්නට පද විබා කොටැ දක්වන ශාස්ත්ර ය යි.

‘කව්’ නම් රසවත් පැවැසුමු යි. එහෙත් මෙහි ‘කව්’ යන්න යොදා ඇත්තේ ‘පැදි’ යන අරුත දෙන්නට යි. ‘විරුදු කව්’ නම් බඩ වැඩුමට අනුන් පසස්නා පැදියි. එ වන් පැදි ගයන්නෝ කිවියෝ නො වෙති. ඔවුනට ‘වැදි’ (වන්දි භට්ට) යන නම යි වහර වන්නේ. කිවියෝ පබඳ කරන්නවුන් මිසැ විරුදු කියන්නෝ නො වෙති.

‘දියත සතන් මන බැඳි වැඳි සහසේ කියත නොයෙක් විරුදාවලි සතොසේ’ (ගුත්තිල දා)

යන්නෙන් දැක්වෙන්නෝ ‘වන්දියෝ’ යි.

‘ලෙල විදු රතත් රැඳි වැඳි ගණ දෙපිටැ සිට දල නිදු ගොසෙව් තුති ගොස කැරැනැවැති විට’ යනුයෙන් ගිරා අසුන් කරුවෝ රජ සෙබේ වැඳියන් සදහනි.

කිවිඳු:- කිවිදෝ යනු හෝ ‘කිවිහු’ යනු හෝ යෙදියැ යුතු තැනි. පළමු වන විබත් බුහු බසට ‘කිවිඳු’ යනු නො යෙදේ. මෙ ද එළි විකාරයෙකි.





                                 සැවුල් අසුන් පවත්                                 141

85. පෙළ:- නිසග විකුමෙන් නානා රුපුන් ජය ගෙනැ දිගු මතඟ කුඹු තලැ තෙදග රඟ ගානා සේනානායක වරු හිමි පද නිය කිරණ ගඟැ පීනා යුග පසෙහි සිටිති.

(උපතින් මැ අත් වැ පිහිටි සපන් කමින් නො එක් සතුරන් පරදවා තෙද නැමැති ඇඟැ ගල්වන සුනු දිගු ඇතුන් ගේ කුඹු තෙල් ගල්වන සේනා නායක වරු හිමිහුගේ පයේ නිය රස් නැමැති, ග‍ඟේ පීනා දෙ පැත්තේ සිටිති).

තෙදඟ රඟ = තෙද අඟරඟ. ගඟ = ගඟැ.

මේ කීයේ සෙන් පතියන් රජු ගේ පා වැඳැ දෙ පසැ සිටිනා බවයි. මෙ සෙන් පතියෝ අට දික් කෙළවර තෙක් පැතිරි තෙද ඇත්තෝ යි. උපතින් මැ සපන් කම්හි උරුම ඇත්තෝ යි. නො එක් සතුරන පරදවාලූවෝ යි.

දිගු මතඟ :- දිගු ඇත්තු නම් ‍පොළොව උසුලා අටදිගැ සිටිතියි සලකනු ලබන සිත්මත් අලි අට දෙනා යි. ඌ තුමු:-

1. ඓරාවණ 2. පුණ්ඩරික 3. වාමන 4. කුමුද 5. අඤ්ජන 6. පුෂ්පදන්ත 7. සාරභෞම 8. සුපුතික යන නම් ඇත්තෝ යි. ඉන්ද්රත ආදී අටදික් පතියෝ ඔවුන් ගේ හිමියෝ යි.

තෙදක්, යසසක් අටදික් කෙළවරට පත් සේ කීමට එ මේ දිගු ඇතුන් ගේ කුඹුතෙලේ වැකීම කිවියන් ගේ සිරිතෙකි.






142 සැවුල් අසුන් පවත්


‘පිරිසුදු යස සඳුන් දිගැතුන් කුඹු අලෙව් දුන්’ යැයි ගුත්තිල දා කව් කරුවෝ ජයපාල මැතිදුන් ගේ යසස පළ නිය‍ාව දැක්වූ.

තෙද අඟ රඟ යන්නෙන් අදහස් කරන්නට ඇත්තේ තෙද නැමැති කොකුම් සුනුයි. කොකුම් සුනු රත් පැහැයෙන් යුතු හෙයිනි. එහෙත් ඇතුන් ගේ කුඹුතෙලේ තැවැරීමට ගන්නේ ගුරු තවර යි.

86. පෙළ:- නෙක රටවලෙති නිරි‍ඳෝ සයුරට ගං හෝ වඳින විලස පළ කර, නිසි පට සව්, කපුරු, කස්තුරු, සඳුන් හර පඬුරු කර දී, කර තඹර මුදුනතැ දී මොනවට සිටිති.

(නො එක් රටවලැ රජ හු මූදට ගං හෝඅවුත් වදනා සැටි දක්වමින් - සුදුසු පට පිළි, කපුරු, කස්තුරු, සඳුන් අරටු, පඬුරු හැටියට පිළිගන්වා - අත්’ නැමැති පියුම් හිස් මුදුනේ තිබාගෙනැ මනා සේ සිටිති.)

ඒ කීයේ නො එක් රටවලැ රජුන් මෙ සිරි රජසිහ රජුට පඬුරු පිළිගන්වා දොහොත් මුදුන් බැදැ ගෙනැ නිසි සේ පෙළ ගැසී සිටුනා බවයි. ඔවුන් ගේ පඬුරු පිළිගැන්නීම මූදට ගං හෝ දිය වැදීම බඳුයි. සිරි රජ සිහ රජ මූද නම් ඔහු වෙතට එළවනු ලබන පඬුරු රැස මුදු වදනා ගං හෝ දිය බඳුයි. එ පඬුරු එළවන රජහු මූදට දිය ගෙනැ බස්නා ගං හෝ බඳුයි. ඔවුන් එළවත පඬුරු රැසෙහි අගනා බැවින් රජුනට නිසි පට සළු, කපුරු, සඳුන් හර යන දැය ඇත්තේ යි.

පිට රට රජුන් මෙ රජුට පඬුරු එළවනු නම් වියැ හැකියි. එ හෙත් දූතයන් අතේ පඬුරු එවනව වෙනුවට එ රජුන් මැ අවුත් පඬුරු පිළිගන්වා සිටිනියි කීම විසිළුවෙකි. මෙ වනාහි ගිරා අස්නේ ඇති :-






                                       සැවුල් අසුන් පවත්                               143


‘දෙ ස තු රු ඉසුරු නිරිඳුන් පියෙදු ලකුළු

වි  සි  තු රු	මහරු මිණිමුතු රන්පට	බැබැළු
පි  වි  තු රු	කපුරු කස්තුරු නිසි	කසිසළු
පි  ය  ක රු	පඬුරු නරනිඳු හට පෑ           පැසුළු’

යන්න නිසා නිකම සිරිතට යොදන ලද්දෙකි.

87. පෙළ:- සමන්, බලැති සිරිලකැ මහසෙන් සමඟැ මලල දොලුවර නන් දෙසැ සෙනඟ - මහත් ගැඹර සර සමුදුරට මනරහ වැදැ නුමුත් වැ සිටුනා වඩ දියක් රඟ සිටිත්.

(සමත් වූ, බල ඇත්තා වූ සිරිලකේ සෙන් හා එක් වී මලල දෙස යැ දොලුවර දෙස යැ යන රටවල් ආදී නො එක් දෙස්හි සෙන් - මහත් වූ, ගැඹුරින් යුතු වූ, මූදට වැදී තොර නො වැ සිටුනා වඩ දියක් සේ - සිටිත්).

බලැති = බල ඇති.

මලල, දොලුවර, යනු දඹ දිවේ පෙදෙස් දෙකෙකි. ‘ඈ’ යන්නෙන් අංග, වංග, තෙලිංග ආදී සෙසු රට ගැනේ.

වඩදිය මූදු වැද සිටුනා එකෙක් නො වේ, මූදින් මැ නගිනා එකක් මිසැ, එ හෙයින් ‘මූදු වැදැ සිටුනා වඩ දියක් රඟ’ යැයි කීම නය හුරු නො වේ.

88. පෙළ,- සිටු, සෙනෙවි, ඈපා, මාපා, නැමැති- ඉටු ගුණ නැණින් යුතු, මහ පිනැති මැති ගණ, පටු නු අදර බැති පෙම්, රුති වඩ වඩා මන් තුටු පුරා වැඳැ වැඳැ නැඟි නැඟී යෙනි.

(සිටු යැ, සෙනෙවි යැ, මාපා යැ, ඈ පා යැ යන තනතුරු නම් ඇති, පිය වූ ගුණෙන් නැණින් යුත්, මහ පින් ඇති ඇමැති සමූහ පටු නුවූ හෙවත් මහත් වූ අදර බැති පෙම්, රිසි, වැඩි වන පරිදි සිතේ ‍සතොස පුරා ගෙනැ වඳිමින් නැඟී යෙති).





144 සැවුල් අසුන් පවත්

සෙනෙවි යනු විරිත නිසා දික් කරන ලද ‘සෙනෙවි’ යන්න මැ යි.

සිටු තනතුරු පිහිටියෝ යැ, සෙන්පති තන් පතුවෝ යැ, මහා ආදිපාදයෝ යැ, ආදී පාදයෝ යැ යන මොවුන් රජු වැඳැ වැඳැ නැඟී යන සැටි යි ඒ කීයේ.

‘පටු නු’ යනු ‘පටු නොවූ’ යන්නේ ලුහු විදියෙකි. නැමැති = නම් ඇති. පිනැති = පින් ඇති.

‘අදර’ නම් ඇල්ම යි. බැතිය නම් ඇදැහිල්ලෙන් යුතු බැඳුම යි. පෙම නම් සිනේ යි. රිස නම් කැමැත්ත යි.

89. පෙළ,- පෙරැ නිරිඳුන් හට පැවැති සිරිත් ලෙසින් මහත් ඇතුන් සහ රුති අය පඬුරු ගෙනැ වන්නි දසටින් වන්නිවරු අවුත් යුගත් මුදුන් දී නිති වැඳැ වැඳැ එහි සිටිති.

(ආදී රජුන් කෙරේ පවත්වන ලද සිරිතේ හැටියට මහ ඇතුනුත් රිසිය වඩවන අය කොටසුත් ගෙනැ දහ අට වන්නියෙන් වන්නි වරු අවුත් දොහොත් මුදුන් දී නිබඳ වැ වඳිමින් එ රජ සෙබේ සිටිත්).

දසටින් = දස අටින්.

වන්නිවරු නම් වන්නි පෙදෙස් රක්නා අදිපති යෝ යි. ඌ තුමු ආදී කෝට්ටේ මහ වාසලේ රජුට අය පඬුරු දෙමින් සිටියහ. ඊට පළමු දඹ දෙණියේ මහ වාසලට අය කොටස් දෙමින් සිටියහ. ඒ සිරිතේ හැටියට මෙ විටැ සීතාවක මහ වාසලට අය කොටස් දෙන බව යි මෙහි කියැවුණේ. ඒ අය පඬුරු අතරේ මහ ඇතුන් ද වූ බව සදහනි. වන්නියෝ වන ඇතුන් බැදැවීමෙන් නිති යෙදුණෝ යි.

‘වන්නි’ යනු වන අරුත්හි ‘වන්ය ’ යන්න නො වියත් වහරට පැමිණීමෙන් නිපණි. වන්නිය‍ා නම් වන පෙදෙසේ අදිපතියා යි. මෙහි දස අට වන්නියක් සදහන්





                                         සැවුල් අසුන් පවත්                           145

වන්නේ නිකම් සිරිතට යි. වන්නි පෙදෙස්හි ගණන කලින් කලට අඩු වැඩි වූයේ යි. ඇත්තේ හැටියට නම් කෝට්ටේ අවදියේ දී වන්නි පනසකට නො අඩු ගණනක් වූ බව පෙනේ. කෝට්ටේ (සවන) සිරි පැරැකුම්බා රජ මැ:-

‘පෙරැ නිරිඳුන් අයැති නුවු දසටක් වන්නි ජය ගති’ (ගි. අ) යි සදහන් වෙයි. එයින් පෙනෙන්නේ පෙරැ රජුන් අයැති වැ පැවැති වන්නි පෙදෙස් හැරැ තවත් වන්නි දහ අටක් එ රජු යටත් කොටැ ගත් බව යි.

දඹදෙණි හත් පත්තුව, දේව මැදිහත් පත්තුව ඌව, බිම් තැන්න, වෙල්ලස්ස, තමන් කඩුව යන පෙදෙස් ඒ දස අටට අයත් වෙයි.

90. පෙළ,- තිරසර නැණ නැවින් සත් මුහුද තෙර පත්, නො විතර කිවිවරුන් මෙ නිරිඳු නමට බඳ, මනහර, ගැඹර, විරුදාවලි කවි පබඳ, පුවතර වැඳිගණන් පවසා නවැති සඳ-

(නො බිදෙන නො සැලෙන නුවණ නැමැති නැවින් ශාස්ත්ර සාගරයේ එගොඩට පැමිණි, මෙ පමණැ යි. විතරක් නැති උතුම් කිවියන් මෙ රජු ගේ නම සදහා, බැඳි සිත් කලු ගැඹුරු විරුදු පෙළින් යුත් කවි පසිඳු විරුදු කරු සමුහයන් ගයා නැවැතුණු පසු-)

විරුදාවලි = විරුදු ආවලී (ආවලිය නම් වැළ යි).

විරුදු නම් යම් යම් සපන් කම්, සොඳුරු ගුණ ආදිය සදහා පිරිනැමෙන ‘නම්බු නාම’ යි.

ගැඹුරු යනු වෑයමින් අරුත් පාදා ගත යුතු පමණට වසා ඇති බව ඇඟැවීමට යොදති. අද අපේ රටේ බැරි පඬුවන් ගැඹර අරුත නුරුස්සතත් ආදී වියතුන් එය පිය කළ බව මෙයින් පෙනේ. අද වියතුන් පතන්නේ නිකම් මැ හෙලූ අරුත් ඇති පැදි යි. ආදී වියත්හු එ බඳූ පැදි ‘ගැමි’ යි පිළිකුල් කළහ.





146                                   සැවුල් අසුන් පවත්


91. පෙළ,- මෙ ලෙස සව් සිරිත් සැඳි, පවර සබයට පිවිස, ත සිතැ අදර බුහුමන් වඩමින්, තිදස හිමි සදිසි රජු වර පද කමල වැඳැ, සිතෙහි සතොස සපුරා අවසර ගෙනැ -

(මෙ අයුරු සියල් සැපතින් සැරැහුණු, ඉතා උතුම් සබයට ඇතුළු වී, තගේ සිතේ ඇති ආදරයත් ගරු සැලැකිල්ලත් වැඩි කොටැ ගෙනැ, සක් දෙව් රජු බඳු රජු‍ ගේ උතුම් වූ පා පියුම වැඳැ, සිතේ සතුට සපුරා අවසර ගෙනැ-)

ගෙනවසර = ගෙනැ අවසර ( අවසර ගෙනැ) මෙහි ‘සිරින්’ යන්න් නියම අරුත ‘සැපතින්’ යැයි කීවද එය යොදා ඇත්තේ විසිතුරින් යනු ඇඟැවීමට යි.

‘තිදස’ නම් තව්තිසා දෙව් ලොවයි. එහි හිමියා නම් සක් දෙව් රජ යි.

මෙ ලැසැ, පිවිසැ යනු එළි නිසා ‘ම ලෙස, පිවිස’යි සිටියේ යි.

92. පෙළ,- සව් සිරි පිරි මනනඳ එ පුර වරඟන ගෙ දෙව් රජ විමන් තන යුගතුරෙහි ගිලි, සොඳ, නිල වසා රොද එව් ගඟි නෙතරැ වැ, පැහැදැ, දෙව් විමනතැ රඟ වහසල තුළට වැඳැ-

(සියල් සැපත් පිරි ඇති, සිත් තුටු කරවන, එ පුරය නැමැති උතුම් අඟන ගේ දෙවොල යැ රජ මැදුර යැ යන වීමන් දෙක නැමැති තන දෙකට මැදින් ගිලී ඇති නිල් පැහැ වසා ‍ෙරාද වැනි ගඟින් එ තෙරැ වී, පැහැදී, දෙවොලේ රැඟුම් පුද පවත්වන හල ඇතුළට වැදී-)

මෙහි සීතාවක පුරය උතුම් අඟනක හැටියටත්, එ පුරයේ ඇති දෙවොලත් රජ මැදුරත් ඇගේ තන දෙක හැටියටත්, එ දෙක මැදින් ගලා බස්නා ( සිතුවක් ඔය නම්) නදිය ඇගේ වසා රොද හැටියටත් දක්වා






                             සැවුල් අසුන් පවත්                            147


ඇති. වසා රොද නම් ළැ පැත්තේ මැදැ සිටැ දුවනා (උකුළ) තෙක් ඇති රෝම පෙළ යි. දෙ පසින් වැඩී ඇති ලොම් එකට ගැටීම නිසා මේ රෝම වැළ වහළයෙකැ මුදුන් යට ලීය සේ උස් වී පෙනේ.

සීතාවක පුරය ගඟ දෙ ගොඩේ මැ වූ බවත් දොවොලත් රජ මැදුරත් වූයේ එ දෙ ගොඩේ බවත් මින් පෙනේ.

93. පෙළ:- සබඳ වයිර ව සිටි නො මඳ අසුර සෙන් ජය ගෙනැ කයිරව සිය සදිසි පබඳ යසසින් යුතු බයිරව කෝවිලට වඳිමින්, සිතු පැහැද එහි රැඟුම් පුද නරඹා වයි යව.

(එදිරි වාද බැඳැ ගෙනැ සිටි බොහෝ වූ අසුර සෙන් පරදවා, සඳ රස් බඳු මහත් යසසින් යුතු වූ බයිරව දෙවියා ගේ දෙවොලට වැදී, සිත පැහැදෙන සේ එහි නැටුම් පූජාව බලා වහා යන්නැ).

‘වයිර වැ සිටි නො මඳ අසුර සෙන් ජය ගෙනැ .........පබඳ යසසින් යුතු’ යනු හොඳ සිංහල වැකියෙක් නො වේ. ‘ගෙනැ’ යන පෙර කිරිය රූ ගත් පදය එ තැනට යම්තම් වැ ත් සුදුසු වන්නේ ‘යුතු’ යන්නෙන් පසු වැ ‘වූ’ යි අයුහි පසරුත් වෙසෙසුනක් ඇති සේ සලකත් හොත් පමණෙකි. එ නැතහොත් ‘ජය ගෙනැ’ යන්න වෙනුවට ‘ජය ගත්’ යනු යොදා ගන්නට සිදු වෙයි වැකියේ පෙර අපර සැබැඳියාව ඇතිවන්නට. ‘වයිරව’ යනු එළි නිසා විකර වූ ‘වයිර වැ’ යන්න මැ යි. ‘කයිරව’ නම් සඳ එළියට පුබුදු වෙති යි කියන හෙල්මැලි වගේ මල් වෙසෙසෙකි. පුබුදු වීම ඉත නෑයන් දැක්මෙන් වෙයි. සඳ දැකැ කයිරව පුබුදු වන්නේ එය එ මල්හි නෑයා වන හෙයිනි. එ නිසා සඳට ‘කයිරව සිය’ යන නම යොදා ඇති. හිරුට නෙළුම්හි නෑයා යි ‘සියපත සිය’ යන්න යොදන්නා මෙනි-







148 සැවුල් අසුන් පවත්

බයිරව නම් මහ ඉසුරා ගේ එක් වෙසෙකි. සකුයේ ‘භෛරව’ යන්න මැ මෙසේ එළු කොටැ යොදන ලදී.

‘වයි’ යනු ‘වහා’ යන අරුත දෙයි. එළිය තකා යොදන ලද එය එ තැනට සුදුසු නොවේ. දොවොලේ තවත් දක්නට වඳින්නට සුදුසු අය පසුදු සඳහන් කරන්නට ඇති විටැ නේ ‘වහා’ යවයි කීම විසුළුයි.

වයිරව, කයිරව, වයි යව, යනු හුදෙක් ‘බයිරව’ යන්න හා එළි වැට තකා මැ යොදන ලද බව සැලැකියැ යුතු.

94. පෙළ,- සබඳ, දිය රම් රවුළු යුද, මහ බාරත යුද ද, මනරම් කඳකුමරු පෙරැ කළ දිත් යුද ද හිමි කොටැ ඇදැ ඇති නො මඳ සිතියම් රූ හිම් නො වැ සතොස පිරි ළෙන් දැකැ ගොස්-

(මිතුර, ජය රාම රාවණ යුදය, මහ බරත හටන ද, සිත් අලවන්නා වූ කඳකුමරා ආදී කළ අසුර යුද ද දක්වා ඇඳැ ඇත්තා වූ බොහෝ සිතියම් රූ නික්ම නැති වැ ඇතිවන සතුටින් පිරුණු සිත්න් බලා ගොසින්-)

ඒ කීයේ දෙවොලෙහි ඇඳැ ඇති බිතු සිතියම් පිළිබද පවතයි. වෙහෙර අරම්හි බුදු ගෙයි බිතුවලැ ජාතක කතාවන් සිතියමින් දක්වා ඇති සේ මේ දෙවොලෙහා දෙව් කතා පවත් සිතියම් කොටැ ඇත්තේ යි. රාමායණයෙහි සඳහන් වන රාම රාවණ යුද ද, මහා භාරතයෙහි සදහන් කුරු පාණ්ඩය සටන ද, කුමාර සම්භවයෙහි සදහන් තාරක අසුර රජු නසාලීමට කද කුමරු කළ සටන ද මෙ බිතු සිතුවම් වලින් දැක්වෙයි.

දියරම් යනු රාමචන්ද්රි නම් වූ සීතාව ගේ හිමියා සදහා යෙදිණි. දිත් යනු අසුරයන් සදහා යෙදිණි. දිතිය ගේ පුතුන් වූයෙන් ඔවුනට ඒ නම යෙදේ.







                                 සැවුල් අසුන් පවත්                                     149


95. පෙළ:- ම මිතුර, පුවතර ගුරුවරන් ඉසිවර කී වදන් සත විදි අඩු නො කර, තුනු කර කිරිය ගේ දොර පිරිසුදු වැ කර, පුදකර නැමැති වර හරහන විමන්තුර වැඳැ -

(මගේ යහළුව, පසිදු ගුරු උතුමන් හෙවත් ආඬි ගුරුන් පෙර රුසියන් කී වදන් අනුවැ ශාස්ත්රන විදී අඩු නො කැරැ සිරුර, අත්, කීරියා, ගේ දොර පිරිසුදු කොටැ ගෙනැ හෙවත් පේවී පුද පවත්වා අවසන් වුණාට පසු මහ ඉසුරු දේවිය ගේ විමන තුළට වැදී-)

‘පේ වී’ යන්න ඇඟැවීමට ‘තුනු කර කිරිය........ පිරිසුදු ව’ යැයි පැවැසීම අවුලෙකි. ‘තුනු’ යි කී විටැ කර යනු ඉන් බැහැරි ‍ෙනා වෙයි.

‘හරා’ යනු මෙහෙසුරුට නමෙකි. හරා ගේ අඟන හරඟන යි. උමා කුමරි, ගිරිදු ආදී නම්වලින් සදහන් වන්නි මෙහෙසුරා ගේ අඟනයි. කාලී ‍, යනුද ඇගේ එක් වෙසකට පැවැසේ. මේ දෙවොලේ මුල්ි තැන හාර ගේ අඟනට දී ඇති බැවින් පෙනෙන්නේ එය කාලී කෝවිලක් වූ බවයි.

96. පෙළ:- පවර, තුඟු, තුල් හිමගිරි රජහට නදන වන - බසරුත (බස අරුත) ලෙසින් වෙන් නොවමින් සසදරබරණ වෙතැ හැම දවසැ නිති රඳනා - නිදොස - තුන් යමෙහි ගත් තුන් වෙසින් තුනු ‍ලෝ පරසිඳු - නම කළ සුර කිරුළු කෙමි, රතැඟිලි, (රත් ඇඟිලි) දලින (දලින්) සුලකළ සිරිසරණ සියපතිනි වොරඳින - පියුම් යොන්, උවිඳු, හර, සක් ඈ නො හිම් පවර සුරන් හට නිතොර වර වර දෙන - උතුම් ගුණෙන් යුතු - පවර- හරඟ (හරා අඟන) හට ළපෙම වෙමින් නම කැරැ අවසර රැගෙනැ.

(උතුම් වූ, උස් වූ, මහත් වූ හිමිවි පව්- හිමාලය පර්වත -රජු හට දුව වන - වදනත් එහි අරුතත් වාගේ වෙන් වීමක් නැති වැ මහ ඉසුරා කෙරේ ඇමදා මැ






150 සැවුල් අසුන් පවත්


නිබඳ වැ රැඳී පවත්නා වූ - දොසින් මිදුණු වූ හෙවත් කුමරි මැ වූ - තුන් යමට ගත්තා වූ තුන් වෙසින් තුන් ලොවේ පසිදු - වැන්දා වූ දෙවියන් ගේ වොටුනු නැමැති කෙමියෙනුත්, රත් පැහැ ඇඟලි නැමැති මල් පෙති වලිනුත් සැරැසුණු සිරිපා නැමැති රත්නෙළුම් මලින් බබළන - මහ බඹ, විෂ්ණු, ඊශ්වර, ශක්රූ ආදී සීමා රහිත ඉතා උතුම් දෙවියන් හට උතුම් වූ වර දෙන්නා වූ උතුම් වූ මාහේශ්වරිය හෙවත් උමා ළද සිතේ ආදරය සහිත වී නැමැඳැ අවසර ගෙනැ-)

එ කීයේ උමා ළද ගේ පවත යි. උමාව හිමවූ පව් රජු ගේ දූ බවක් පුරාණ කතා කරුවෝ පවසති. හිම වූ කඳු පියෙස උතුම් වෙයි. නො එක් රුසිවරන් සිදු විදුදරන් එහි ගැවසෙන්නේ එ හෙයින් වනැ එ පියෙස ඉතා උස් ද වෙයි. අදත් එහි මුදුනට නැගීමට සමත්තු වෙහෙසෙති; එ පියෙස මහත් ද වේ. එ සෙයින් උතුම් වූ, උස් වූ, මහත් වූ හිමවූ කඳු රජු ගේ දූ ලු උමාව. හිම වූ පවු රදු ගේ දූ වූ උමාව මහ ඉසුරා හට අඹු වූ පරිදි විසිතුරුවට පවසති මහා කවි කාලිදාසයෝ ‘කුමර සම්භව’ නම් මහ කවෙන්

උමා තොමෝ සසදරබරණයා ගේ පියාව යි. සස නම් සාවා යි. සාවා දරණ හෙයින් සසදර යැ යි නමෙක් වෙයි සඳට. ස‍ඳෙහි අපට කළුවට පෙනෙන ලපය සක් දෙව් රජු විසින් අඳිනා ලද ( සාගින්නෙන් පෙළෙන බමුණකු ගේ වෙසින් වන් තමහට ඇඟැ මස් පලහා දෙනු සිතා, තමා විසින් මැ ඉදුහයෙන් මවා පානා ලද ගින්නට පිනූ බෝසත්) සාවා ගේ රුව යැ යි බුදුනු ජාතක කතාවේ සදහනි. සසදර (එ නම් හඳ) අබරණ වුයේ යමකු හටද හේ සසදබරණ යි. මහ ඉසුරා තමා ගේ දළ (ජටා) අගැ නව (අලුත්) සඳ බඳිති යි පුරාණ කතා කරුවෝ කියති. එහෙයින් සසදර බරණයා නම් මහ ඉසුරා යි.








                                      සැවුල් අසුන් පවත්                                  151


‘දළැ අඬසඳ බඳින ගොර සප් හරක් පළදින’ ඈ විසින් බුදුගුණ අලංකාර කාරයන් කීයේ ද එ හෙයිනි.

උමාව මහ ඉසුරා ගෙන් මඳකට දූ වෙන් නො වනු දහමි. එ දෙදෙනා ගේ එක් බව හරියට මැ වදනේ යි එහි අරුතේ යි එක් බව මෙනැ යි යෙති. වදනක් එහි අරුතින් හෝ අරුතක් එ පළ කරන වදනින් හෝ වෙන් කළ නො හැකි යි. අරුත ඇත්තේ වදනේ මැ යි. වදන ඇසෙන්නේ අරුතත් පළ කරමින් මැයි. මෙ වනාහි:-

‘වාගර්ථාවිව සම්පෘක්තෞ වාගර්ථප්රවතිපත්තයේ ජගතඃ පිතරෞ වන්දේ පාර්වතීපරමේශ්පරෞ’ යනුවෙන් ‘රඝුවංශ මහා කාව්ය ය’ ඇරැඹීමේ දී මහා කවි කාලිදාසයන් කී වදන යී. උමාව මෙහෙසුරු කෙරේ වසන්නේ ඔහු ‍ෙග් මැ කයේ අඩක් හැටියට යැයි හින්දුවෝ කියති. මෙහෙසුරු ගේ හැටි පවසන බුදුගුණ අලංකාර කරුවන්:-

‘තිසුලවි ගත් කරින කළු පැහැ රැගත් උගුරින් සම් සළු ගතඹරින් අඩක් උමයඟන ගත් සිරිරින්-

දළැ අඬසඳ බඳින ගොර සප්හරක් පළඳින රඟ කරන දින දින මහලු ගොන් වාහනෙන් ඇවිදින-

ලත් මහ පදෙවියා සිර සුරගඟින් දෙවියා අලඟරුව දැවියා යෙහෙකැ පුදකරත මහ දෙවියා’ යැ යි කීයේ එහෙයිනි.




152 සැවුල් අසුන් පවත්


මෙ ගිරි දූ තොමෝ පෙර, මැඳි, අලු යන තුන් ය‍ම්හිදී උමා කාලි රුද්රි යැයි තුන් වෙසෙකින් පෙනී සිටිනා බව ශෛවයෝ කියති. ඇගේ එ තුන් වෙස තුන් ලොවේ මැ පසිදු යි.

‘ස්වර්ගි, මර්ත්ය , පාතාල යැයි හින්දුවෝ තුන් ලෝ සදහති. දෙව්, මනු, නා යැයි ද, එ දැක් වියැ හැකි. බුදුනුවෝ කාම, රූප, අරූප යැයි ලෝ තුනක් ද ‘සත්තව, සංස්කරාර, අවකාශ’ යැයි ලෝ - තුනක් ද සදහනි.

උමාව ගේ සිරිපා සඟළ රත් නෙළුම් මලක් සේ සැරැසී පෙනේ. එ නෙළුම් මලේ කෙමිය වන්නේ සිරි සරණ වදන දෙවියන් ගේ කිරුළ යි, එහි පෙති නම් රත් පැහැ ඇති ඇඟිලියි. උමා ළද දෙවියන් ගෙන් වැඳුම් ලබන බව ‍මින් පළ විණි.

පියුම්යොන් (බඹා) උවිඳු (විෂ්ණු) හර (ඊශ්වර) සක් (ශක්රස) යන ලෝ පළ උතුමෝ ද උමාවගෙන් උතුම් වූ වර ලැබැ ගනිති. බ්ර්හ්ම, විෂ්ණු, මාහේශ්වර යන පරමාත්මයා ගේ ත්රීඋ මූර්තිය යි. එ ත්රී‍ මූර්තිය පවා මෙ උමාව ගෙන් වර ලබනවා නම් ඇගේ උස් බව තවත් කීවමනා නො වේ.

ආදී දඹදිව් වැසියන් ගේ මිහි මවුන් වැඳුම් පිදුම් කිරීම කෙමෙන් වෙනස් වෙවී අවුත් මෙ අයුරු ලෙව් ‘මාපිය’ නැමැදුමට පත් හැටි පෙනේ. පසු කල්හි සින්දු දෙණියට බට සුදුවෝ හින්දු දනා ගේ මේ සිරිත් අසරින් තම ‘වේද’ දහම් ඇදැහීම වඩා - ගත්හ.

97. පෙළ:- හැමකල් සිදුවිදු දරඟන කෙළෙන, සොඳ තුල්හි මසෙල් සිරින් දිසි - රන් රිදී දද ලෙළ, තුඟු විසල් - නඳ වාසල් පළ මුදුනැ පැහැදුල්, කලදෝ, සුඟුසිරි පෑ මඳක් ඉඳැ -

(සියලු කල්හි සිද්ධ, විද්යා ධර, ගැහැනුන් කෙළින්නාවූ, යහපත් හිමවූ ගල්ලේ වීදියට පෙනෙන- රන් දද රිදී දද ලෙළදෙන්නා වූ, උස් වූ, ඉතා මහත් වූ, පියකර වාසල්





                              සැවුල් අසුන් පවත්                                153


පළයේ - හෙවත් දොරටු ගෙහි පියස්සේ - පැහැපත් වැ බබළන හෙවත් පැහැයෙන් දිලියෙන රිදී කොතෙකැ - සැටි පෙන්නා මදක් වේලා ඉදැ -

‘විදුදරඟන’ යනු ‘ව්දු දර අඟන’ යන්නේ සන්දි වීමෙකි. එහෙත්:-

‘හැම කල් ‍කෙළෙන සිදුවිදුදර අහන සොඳ’ යැයි පැදි පිය යොදන ලද්දේ නම් හන්දිය මඟ හැරී යනු පමණක් නො වැ ‘‍ෙසාඳ’ යන්න ‘හිම සෙල්’ යන්නට වෙසෙසුන් වැ යෙදෙනවා වෙනුවට ‘සිදු විදුදර’ අඟන, යන්නට වෙසෙසුන් වැ යෙදේ. සුදුසුත් ඒ මැ තමා.

‘තුල් යන්න දෙන්නේ ‘මහත්, සම, පිළිකුල් කටයුතු’ යන අරුත් යැ. මෙහි ‘මහත්’ යන අරුත යෙදේ.

රූ සයුරේ පතුල් නො පෑ උන් ගේ දෙ පතුල් කෙරෙයි සිතැ ලොබ තුල් කුමක් කියමිද මෙ ලො වැ කැරැ තුල්’ (බු. අ.) යන තැනැ ඒ මුල් දෙ අරුත පිණිසැ යෙදී ඇති. මෙහි ‘තුල්’ යනු මහත් අරුත්හි ගත් කලැ විසල් යන්න වැඩි වේ. එ හෙයින් ‘තුල් විසල්’ යන්න සදහා ‘ඉතා මහත්’ යැයි යම්තමකට කියන ලදී. ඒ සුදුසු යෙදීමක් වත් අරුත් බිණීමක් වත් වන්නේ නැති. ‘පැහැදුල්’ යනු මෙහි යොදා ඇත්තේ කැලුම් වගුරුවන යන අරුත දෙන්නට වියැ හැකි.

‘කලදෝ’ යනු විරිත නිසා ලුහු වූ කලදෝ යන්න මැයි. කලදෝ සුඟු සිරි පෑ යන තන්හි කුකුළා සුදු පැහැ හෙයින් කලදෝ - (රිදී) යන්න සුදුසු‍ වේ. එහෙත් කුකුළා හුල් කොතකට සරි කිරීම නම් සුදුසු නො වේ. එ සෙයින් මැ ‘පළ මුදුනැ කොතෙකැ සිරි පෑ’ ඉන්නැ යි කීමෙන් එ පළ මුදුන කොත් රහිත බවෙක් ද ඇඟැවේ. ඒ අසධා යි.



154 සැවුල් අසුන් පවත්


ගිරා අසුන් කරුවෝ :-

‘විහිදා කිරණ බබළන රන් කැරැලි අඟ

සුසදා මදක් ඉඳ බඳ අග මිණික්		රඟ’

......... ............ ........... .............. ...........

‘කොඳ සඳ කල් සුනුවම් උදුළ පළ බිතේ

ඉඳ මඳ කල් වහසල් කැරැලි මුදුන 	                         තේ’ යැ යි.

ගිරවා කැරැලි මුදුනේ මිසැ වහළ මුදුනේ නො රැදැ වූ.

‘අගිල් කපුරු දුම් කද පැතිරැ පිවිකුළු

විපුල්		මෙ පුරැ රන් දෙදෙනුදුළ	පහකුළු
ළකල්		සුරඹ සිදු ලිය කෙළි සිරස	කුළු
සියල්		හිමවූ ගිරි කුළු සිරි පැයි                   ලකුළු  (ගි. අ.)

යන්න මෙ පැදියට මුල් වූ බව පෙනේ.

98. පෙළ:- සබඳ, සුබද ගමනට පෙර ඉසිවර වදහළ, සරසිය දිනැ හත නැකතින් සද රැසෙහි සුරගුර, කිවි, බුද සබලවැ, උදා සඳ, වර මුනිගුණ සිහි කරැ වඩනේ.

(යහළුව, සුබ පමුණුවන හෙවත් ශුභ දායක ගමනට සුදුසු යැයි - ආදී වුසු ඉසිවරයන් - නියම කොටැ - කී ඉරිදා දවසේ හත නැකතින් කන්යා. රාශියෙහි සිටැ ගුරු, සිකුරු, බුද යන ග්ර හයන් උච්ඡ වැ පෑයූ කල්හි, උතුම් වූ බුදුගුණ සිහි කැරැ වඩින්නැ.

සුබද යනු ‘ශුභ දායක’ යන්නේ මැ අනෙක් රුවෙකි. එය සිටියැ යුත්තේ ‘සුබදා’ කියා වූවත් විරිත නිසා ‘දා’ යනු ‘ද’ යැයි ලහු වී සිටි.

‘සුබද සියල් සිවු වේ දැනැ පිවිතුරු වැ’ ‘වරද වරද හැරැ පින් කළ සවුසත ට’ (ගිරා. අ.) ඈ තන්හි මෙනි.

‘සර යනු නෙළුම් මලටද ‍නමෙකි. ‘සිය’ නම් නෑයා යි. සරසිය නම් නෙළුම් මලේ නෑයායි. නෙළුම් මල් පිපෙන්නේ හිරු දැකීමෙනැයි කවියන් ගේ සමයයේ එයි.


                                  සැවුල් අසුන් පවත්                                 155


පිබිදීම නෑයන් දැක්මෙන් වනුයෙන් හිරු දැකැ පිපෙන නෙළුම් මලට හිරු නෑ වෙතියි ‘සරසිය’ යනු ඉරු සදහා පැවැසිණි. සිය පත සිය යනුයෙන් ද අලගියවන්න රාලහාමින් විසින් මේ සදහන් ලදී (සුභාෂිතය).

සරසිය දින, නම් ඉරු ගේ නමින් වූ දිනයයි. හෙවත් ඉරිදායි.

‘හත’ යනු සත් විසි නකතින් තෙළෙස් වැන්න යි.

1. අස්විද 14. සිත 2. බෙරණ 15. සා 3. කැති 16. විසා 4. රෙහෙණ 17. අනුර 5. මුවසිරස 18. දෙට 6. අද 19. මුල 7. පුනාවස 20. පුවසල 8. පුස 21. උතුරු සල 9. අස්ලිස 22. සුවණ 10. මා (නකත්) 23. දෙනට 11. පුවපල් 24. සියාවස 12. උතුරුපල් 25. පුව පුටුප 13. හත 26. උතුරු පුටුප 27. රේවති.

යැයි සත් විසි නකත සදහනි. ඊට මැ ‘අභිජිත්, යැයි අනෙකක් ද එක් කොටැ ‘අටවිසි නකත’ ක් ද අයෙක් සදහනි.

සුරගුරු, අමරගුරු, සුර ඇජර, යනු දෙවියනට ගුරු යැයි වෘහස්පතියාට නමෙකි. ඔහු නමින් සැදැහෙන තරුව ගුරු තරුවයි. කිවි නම් සිකුරා යි. අසුරයනට ගුරු වෙතිය යෙන සිකුරු ගේ තරුව පස්වරුයේ අගැදි ‘ඉරබටු තරුව’ යන නමින් ද, අලුයමේ දී පහන් තරුව යන නමින් ද මෙරට වැසියෝ දනිති. ‘බුද’ නම් ගහයා




156 සැවුල් අසුන් පවත්


ගේ තරුව එ නම් වේ. ‘සඳ’ යනු අඟනට ‍නමෙකි. එහෙයින් මෙහි සඳරැසෙහි යි කීයේ කන්යා රාශියේ යනු ඇඟවීමට යි. එහෙත් ‘සඳ යනු හුදෙක් ‘ඉතිරි’ අරුත මිසැ ‘කන්යා ’ අරුතක් නො දෙයි.

ඒ කීයේ :-

‘පොරණ රුසින් කී තොප යතුරට පවර ල ද නි දොසි න් රිවි දිනැ නැකතැ දිනකර කු ම රි රැ සි න් කිවි සුරගුරු සිටි ‍ නොහැර මි තු ර ගොසින් වඩු සිහි කැරැ මෙන් සුතුර’ (ගි. අ) යන්න මැ යි.

99. පෙළ:- දිගා දෙන වෙද මතුරෙන් පැවැති ළඟැ සිටැ මනරඟ රඟා කැමැති වැඩ දෙන විප්දන ජය තුති නි පවසමිනි රහා එන කොමළඟ (යන) මේ පෙර මහ සුබ නිමිති මහා යන.

(දිගු ආසිරි දෙන හෙවත් ආවඩන්නාවූ, වේද මතුරට එකඟ වැ පැවැතෙමින් ළඟ ළඟ වැ සිටැ සිතේ හැටියට රැඟුම් කොටැ - නටා - රිසි දියුණුවක් දෙන්නා වූ බමුණු දනෝ යැ, ජය තුති කියමින් නටා එන ගෑනු යැ යන මේ ඉදිරි මඟැ සුබ ලකුණු බලා යන්නැ).

දිගා = දිගු ආ. විප් යනු බමුණනට නමෙකි. කොමළඟ = කොමළ අඟ කොමළ (මුදු) වූ අඟ (ගත) ක් ඇතියේ නු යි ගෑනුනට ‘කොමළඟ’ යනු පැවසේ.

100. පෙළ:- පවර අදික‍ාරි සහ සෙබෙහි ඇමදෙන සතර අගතියෙන් වැළැකී ඉඳැ ගැඹර අදිකරණ යෙහෙන විසදා පසිදැලන, මෙ පුර විදියෙහි මහපාය දැකැගෙනැ -

(උතුම් වූ අදිකාරම (මහනිලමේ) ත් උසාවියේ සෙසු- සියලු දෙනාත් සතර අගතියෙන් තොර වැ ඉදැගෙනැ ගැඹුරු වූ හෙවත් විසඳීමට අසීරු ගැටළු නඩු සුව සේ විසදා තීන්දුව දෙන්නා වූ, මෙහි පුර විදියේ පිහිටි මහි පාය - හෙවත් මහ අදිකරණ සබා ගෙය - දක්මින්)-




සැවුල් අසුන් පවත්                                 157


‘අදිකාරි’ නම් අධිකරණ නායක යි. ආදියෙහි අදිකරණ නායක තනතුර දැරුයේ ද මහ නිලමේයි. ‘සෙබෙහි’ මෙහි ‘සබ’ යන්නෙන් අදහස් කරන් ලද්දේ නඩු අසන තැනයි, හෙවත් උසාවියයි. සතර අගතියෙන් = නො මනා ගති සතරින්. විනිස කරුවන් විසින් වැළැකී සිටියැ යුතු අගති සතරෙකි. ඒ නම්.

‘ඡන්දා දොසා භයා මෝහා’ යි දක්වන ලද ගති සතරයි.

‘ඡන්දය’ නම් කැමැත්තයි, හෙවත් පක්ෂර බවයි. විනිස කරුවන් එක්පසකට පක්ෂඡ වැ අධිකරණ පසිදි විටැ යුක්තිය ඉෂ්ට’ නො‍ වේ. අදිකරණයන් ගේ එ අගතිය එදා සේ මැ මෙ දා ද දක්නට නො ලැබෙන්නේ මැ නො‍ වේ.

‘දෝස’ ය නම් එක් පිලක අයට ඇති ‘ද්වේෂ හෙවත් කුඩුකේඩු හැඟීමයි. අදිකරණය පසිඳිනා අය එක් පිලක් නුරුස්නා හැඟීමෙන් යුතු වැ එය කළහොත් එහි යුක්ති පසඳීමෙක් නො වේ.

‘භය’ නම් රජයේ මැති, සෙනෙවි, ඈපා, මාපා, ආදීන් කෙරේ ඇති බියයි. ඇමැති ආදීන් කෙරේ ඇති බිය නිසා ඔවුන් ගේ අතට නැමී අදිකරණය පසිඳින්නේ යුතු දහම නො දකි.

මෝහය නම් සිත මුළාවීම හෙවත් රැවැටෙන බවයි.

යෙහෙන = යෙහෙන්. දැනැගෙන = දැනැගෙනැ පුරවීදිය නම් පුරයේ මහි වීදියයි.

101. පෙළ:- නිකසළ නැණිනි විපුල් තාළ සත දැනැ ළකල් නද පසඟ තුරු වැයුමෙහි හසළ නිමල් එ පන්සිළු තුල්, නැබළ නළ රැඳි මඟුල් විදියෙන් කෙළැ කෙළ යාගන්නැ.





158 සැවුල් අසුන් පවත්


(පිරිසුදු නුවණින් මහත් වූ තාළ ශාස්ත්ර ය දැනැගෙනැ සිත් ඇදැගන්නා තදින් යුතු පස් අයුරු තූර්ය භාණ්ඩ වැයීම පුරුදු වූ, දොසක් නැති, පසිදු පන්සිළුවා බඳු මහත් නළු පිරිස් වසන්නා වූ මඟුල් විදිය ඔස්සේ සෙල්ලමින් යාගන්නැ).

වෙසෙසුන් යොදා ඇත්තේ කිසි වඟක් විබාවක් ඇති වැ නොවේ. පද යෙදීම ද ඊට නො දෙවැනියි.

සීතාවක පුරයේ මඟුල් වීදිය දෙවොලෙහි සේවය පිණිසැ ගැයුම් වැයුම් නැටුම් කරන්නවුන් ගේ විසීමට වෙන් වැ පැවැති බව මෙයින් පෙනේ. ‘එ පන්සිළු තුල් නැබළ නළ’ යනු මහ විහිළුවෙකි. පන්සිළුවා වෙණ වයන දෙවි‍යකු මිසැ නටන දෙවියෙක් නො වේ.

102. පෙළ:- සබඳ, සොඳ විකුම් සිහ මහ මැති තුමා සුවිපුල් හරසෙල් එකතුල් කැරැ කැරැවු, සුබද පබඳ වසුවිල් විටෙහි මහමඩම ද සිතැලොල් වඩා දැකැ නුබ නැහෙමින් යව.

(‘මිතුර, යහපත් වූ වික්රලමසිංහ මහ ඇමැති තුමා මහත් වූ කෛලාස කූටය හා එක සමාන වන පරිදි කැරැවූ, වැඩ දායක වූ, පසිඳු වූ, වසුවිල් විටෙහි මහ අම්බලමක් සිතේ ආසාව දියුණවා බලා ගෙනැ අහසට නැගී යන්නැ).

මෙහි ‘මහ මැති’ යනු මහ අදිකාරම බව ඇඟැවීමට නො වැ උසස් බව ඇඟැවීමේ ගරු පද හැටියට යොදන ලද බව පෙනේ. ‘වික්ර ම සිංහ’ යනු ආදී වූ ‘සෙනෙවි රත්’ යන්න මැයි.

‘මඩම’ ය න්නෙන් මිනිසුන් නවා තන් ගන්නා අම්බලම අඟවයි.







                                 සැවුල් අසුන් පවත්                                    159


‘හරා’ යනු මහා ඉසුරාට නම්. හරා ගේ සෙලැ යි කෛලාස කූටයට ‘හර සෙල්’ යනු පැවැසේ. මහ ඉසුරා වසන්නේ කෙලෙස් ගිර මුදුනේ ලු. මේ මඩම කෛලාසය මෙනැයි කීමෙන් එහි උසත් සුනුවමින් වූ සුදත් අඟවන ලදී.

103. පෙළ:- මිතුර, වල,කර සතර පද, රහසඟ යැ යන සතඟ දෙරණැ සුපිහිටි, දළ දළින යුතු නොමින මතහ කැලන් සිටිනා - තොප යන වම් පසැ පෙනෙන - ඇත්හල බගඟ.

(යහළුව, නගුටේ අග යැ, පා සතර යැ, රහස් අඟ යැ යන අව යව සත පොළොවේ මනා වැ පිහිටි යාවූ, මහත් දළින් යුතු බොහෝ ඇත් සමූහයන් සිටිනා වූ, තොප යන මඟැ - වම් පැත්තේ පෙනෙන්නා වූ, ඇත් හල් බලව)-

වලඟ = වල් අග. රහසඟ = රහස් අඟ. සතඟ = සත් අඟ. දළින = දළින්, නොමින = නොමින්

මෙ ඇතුන් වැනීම මෙවිටැ විහිළුවක් බවට හැරෙන පමණට සදහන් ‍විණි. යම් තම් ‘ඇත්’ පුළුටක් සදහන්නට ඇත අපේ රාලහාමින් ගේ සිතට නැඟී එන්නේ මේ ලකුණුයි.

104. පෙළ:- යුග කෙළ සයුරත් මෙරත් වෙරළ පැනැ ගෙනැ වෙතැ පත් වෙතත් නවතනු වත් වනා බෙලෙන (යුත්), කඩු, කොත්, පළඟ, දුනු, වෙඩි ගත් සෙන් සිටින ගැට හැත්තේ කඩවතින සිත් ලෙසින් යව.

(කප අගැ මූදත් මහ මෙරත් වෙරළට උඩින් පැනැ ළඟට පැමිණෙතත් නැවැත්වීමට සමත් වන බෙලෙන් යුත් - කඩු, කොතවී, දුනු, පළිස්, තුවක්කු ගෙනැ බළන් සිටිනා ගැටහැත්තේ කඩවතින් හිතේ හැටියට යන්නැ).

කප අගැ දී මහ සයුර කැලැඹී රළ නඟා වෙරළ පැනැ එනු පුරාණ සමය වාදයෙහි ඇති.





160 සැවුල් අසුන් පවත්


ප්ර ලයේ හින්න මර්යාදා භවන්ති කිල සාගරාඃ’

යැයි හින්දුවෝ කීහ. එහෙත් මෙරක් වෙරළ පැනැ ගෙනැ එනු සමය පවත්හි නැති. මෙර එ දාට එතොත් එන්නේ සැඬ පවනින් ඇලැළෙන සයුර රළින් තැළෙන දඬු කඩක් මෙන් යැ.

වෙඩි, යනුයෙන් අදහස් කරන ලද්දේ ගිනි අවි හෙවත් තුවක්කු යි.

කඩවත නම් රට ඉමේ ඇති මුර පළයි. එක් රටෙකින් අනෙක් රටකට වදනාහු එ තැනැ පසු කොටැ යෙති. එහි සෙබළුන් මුරට සිටින්නේ සතුරු සෙන් නො වැද්ද දෙනු සදහා යි. එ තන්හිදී වෙණෙ ද බඩු එහා මෙහා ගෙනැ යන්නෝ ද ‘සුත්’ (බදු) දී ලති.

මේ කඩවත මුර පළ වැනීම පුරා විහිළුවක් වන බව නිකම් වැනුම් බසට මිසැ සබා දහමට සිත නුදුන් කිවියා නුදුටුයේ යි.

‘අ යි රාවන වුවත් නවතන රිසින් එන අ යි රාදහස් දිළි කඩු කොත් සිපත් ගෙන ක යි කාවලැහි දැකැ සෙබළුන් රැකැ සිටින ව යි යා කරන් මල් තුරු ගන වන හිසින’ (සැළ) ඈ වැනුම් සිහි කොටැ මෙ පැදිය කළා මිසැ එහි සුදුසු නුසුදුසු බවක් කිවියා සිතුයේ නැති.

මෙ දෙවැනිවැ කී තැනැ සෙබළුණ් එ අවි ගෙනැ සිටිනුයේ එන්නා වූ ‘‍ෙඑරාවණ’ ඇතා වූව ද නවතන රිසිනි. එහෙත් අපේ රාලහාමි‍න් කියන තැනැ සෙබළුන් අවිගෙන සිටිනේ වෙරළ පැනැ එන සයුරද නවතන බලා ඇති වැ යි. සිත් පිත් නැති, ඉබේ ගලා එන සයුරක නැවැත් වීමට අවි දරා සිටීම විසුළු යි. අවි දැකබිය වන්නෙක් නො වේ සයුර.





                                         සැවුල් අසුන් පවත්                               161


105. පෙළ:- ඔප් නහා ලූ රන් රූ සිරින රූ පෑයෙන් දන මන බඳින, පන්සරා සර මෙන් තොප යන පෙර මඟැ සිටින යෝනත් බලා තොප ළ පුරමින මින්වානෙත් යාගන්.

(ඔප දැමූ රූ බඳු වූ සිරුරු පැහැයෙන් දනන් ගේ සිත බඳිනා වූ ද, අනගා ගේ ඊ මෙන් තොප යන මඟැ ඉදිරියේ සිටිනා වූ ද තුරුණු ලියන් බලා තොප ගේ සිත පුරා ගෙනැ මින්වානෙත් ගමන් ගනුව).

මින්වාන සරියේ ඉදිරි මඟැ තුරුණු ලියෝ සිටිති. උන් ගේ සිරුරු පැහැය ඔප් ලු රන් රූ පැහැය බඳුයි. එ රූ පැහැය දක්නා දනන් ගේ සිත් ඔවුන් කෙරේ බැ‍ඳේ. ඔවුන් පෙර මහැ සිටුනු අනඟා ගේ ඊ බඳු වැ යි. තුරුණු ලියන් නො දක්නා කුකුළා ගේ සිත සයින් පෙළෙමිනු යි පවත්නේ. මෙ තුරුණු ළඳුන් දැකැ සිත පුරා ගෙනැ යන්නා යි කීයේ එ හෙයිනි. නො එ සේ නම් කියැ යුතු වූයේ ඇසපුරා බලා යන්නට යි.

මෙහි ‘රූ’ ‘රූ’ ‘තොප’ ‘තොප’ යනු යෙදූ හැටි පැසැසුමට සුදුසු නො වේ.

සිරින = සිරින්. බඳින = බඳිනා. සිටින = සිටිනා. පුරමින = පුරමින්.

‘පන්සරා’ යනු ‘පස් සරා’ හෙවත් සර පසක් ඇත්තා යැයි අනඟාට නමෙකි. ‘පඤ්ච’ යන්න සලකා ‘පස්’ යනු ‘පන්’ යැයි වහරට ගත් සේ පෙනේ. පන්සිල්, පන්සියය, ඇතන්හි මෙනි.

‘අරවින්ද (නෙළුම්), අශෝක (හෝපලු) වූත (අඹ) නවමල්ලිකා (ඉද්ද), නීලෝත්පල (මානිල්) යන පස් වගේ මල් අනඟා ගේ ඊ වෙති යි යෙති. ඒ එක් එක් හීයෙන් විදි කලැ පිළිවෙළින්:-

සම්මෝහන (සපුරා විසී වීම), උන්මාදන (උමතුව), ශෝසන (වියැළීම), තාපන (තැවීම), ප්ර ගල්භ (ගල්වීම) යන ලෙඩ ඇති වෙති යි ව්යංලග විසින් පෙර ඇදුරෝ කීහ.




162 සැවුල් අසුන් පවත්


106. පෙළ:- සබඳ, දෙරණට බට විදුලිය සසඳ නිල් වෙලෙවි, වට පුල් සාමඩුලු නො මඳ තුරු පෙළ යුතු ගැට දෙල් ගස මඩමේ මඳ කලක් ඉඳ අට ලොල් වෙමින් නුබ නැඟැ යා ගන්නැ.

(යහළුව, බීමට බැස්සා වූ විදුලිය සහිත වැසි වලා වැනි, හාත් පසින් මල් පිපිණු අතු පතර සහිත බොහෝ ගස් ඇති ගැට දෙල් ගහ මඩමේ මදක් වේලා ඉදැ ගමනට ආසා වෙමින් අහසට නැඟී ගමන් ගන්නැ).

සිවු වැනි පියේ මුල ඇති ‘අට’ යන්න එළිවැට රක්නා පිණිසැ මැ වෑයමින් සපයා යොදන ලද්දේයි. අටනය නම් සැරිසැරීම යි. භික්ෂා අටනය (පිඬු සිඟා යාම) ඈ තන්හි මෙනි.

මෙහි අතු පතරින් හෙබී රුක් නිල් වලා සරි කිරීම සුදුසු වේ. එ රක්හි පිපි මල් විදුලිය හා සරි කිරීම කිවියන් කරතත් වියතුනට ඒ එ තරම් පියකරු නොවේ.

‘තු ලා ගනව ලා කු ළු වි දු ලි විදිය නි ලා මනකලා තු රු දෙපසැ විදිය දු ලා වනම ලා මැ ලි සු ව ඳ වීදිය බ ලා සි රිප ලා ය ව එ තොට වීදිය’ (හ. ස) යැයි හස් ස‍ඳෙස් කරුවෝ ද මේ දුඹුල් උපමාව දක්වති. එහෙත් :-

‘තරු බරිති දෙරණට බට නුබි නඩක් විලසට මල් පුල් එක ලෙසට සුනිල් කැලයක් අතර මඟැදිට (ක.සේ) යැයි සිරි රහල් හි‍මියෝ නිසි මැ උපමාව දක්වති.

‘උ දු සුනිලා පැහැගෙන ගන වලා පෙළ වි දු ලි ය ලා සහ බට තන් තුලා කළ’ යන තැනැ මයුර සන්දේශ කාරයා විදුලියට සරි කරන්නේ අඟනුන් ගේ තුනු සිරුරු යි.




                                 සැවුල් අසුන් පවත්                                   163


වෙලෙව් = වෙල එව් (වලා වැනි)

107. පෙළ: - පුන් ස‍ඳෙව්, පෑ‍පත්, නිසි වුවනින් දිලෙන, යාපත්, වෙන් ලීයෙව් සත සතන පිනවන, රූමත්, නන් කොමළ අඟනන් නිති රඳන බෝ පැත්තෙන් සිත් සේ සොඳ ලෙසින යව.

(පුරා හද වැනි වූ, පාට වැටුණු, සුදුසු මුහුණින් බබළන, මනා වූ, සිරි කත වන්, දනන් ගේ සිත පිනවන්නා වූ රුවින් යුතු, බොහෝ වූ මුදු ලියන් නිති රැඳී සිටිනා ‍බෝ පැත්තෙන් හිතේ හැටියට සුදුදු අන්දමින් යන්නැ).

ස‍ඳෙව් = සඳ එව්. ලියෙව් = ලිය එව්. ලෙසින = ලෙසින්.

‘සිත් සේ, සොඳ ලෙසින යව’ යනු නිකම් පැදිපිය පිරිමැසීමට, මිසැ සුදුසු අරුතක් දීමට යෙදුණෙක් නො වේ.

108. පෙළ:- වුවනතින් අමාකර පළ කැරැ දිළෙන, උමායුර සොඳුරු කොමළඟනන් කෙළෙන අස්ගම් අමාකර දැකැ හමන පවන විදැ තුනුගිම් නිවා හැරැ වඩන මැනැවි.

(මුහුණින් පුරාහදේ අයුර පෙන්වා බබළන්නා වූ, ගිරි දේවිය වැනි වූ, මනා රූ ඇති‍, මුදු ලියන් කෙළියේ යෙදී සිටිනා, අස් ගම නැමැති කිරි සයුර දැකැ, - එ පිරිමැදැ - හමන්නා වූ මඳ සුළඟ විඳීමෙන් ඇ‍ඟේ ගිමන නිමවා දමා යන්නැ.)

අමාකර = අමා වූ කර (රශ්මි) ඇත්තේ (සඳ). කොමළඟනන් = කොමළ අඟනන්. අමාකර = අමා (අමෘත) අකර (ආකාරය.)

මීට පළමු පැදියේ ‘පැපත් පුන් ස‍ඳෙව් නිසි වුවනින් දිළෙන’ යැයි පවසා එ එක් වැ ම‍ැ ආයේ, දිළෙන වුවනනින් පළ කරැ අමාකර’ යනු යෙදීම මහ නිවට කමෙකි.





164 සැවුල් අසුන් පවත්


109. පෙළ:- කරඬු සමා පුලා සිටිය පියොවුරු යුග, සුරඟන සදිසි ‍මන රමා සිටිය කලා බලා සිටිය කමන පමා වෙයි. පමා නො වී කලාපිටිය පසු කැරැ යව.

(කරඬු වැනි වූ, පිරුණු, කෙළින් සිටි දෙ තන ඇති, දෙව්ලියන් සරි වැ පෙනෙන, සිත් අලවන්නා වූ, සිටිනා ගෑනුන් බලා සිටිය හොත් ගමන පමා වෙයි. - එහෙයින් පමා වන්නේ නැති වැ කලා පිටිය පසු කැරැ යන්නැ.)

සමා = සම. මනරමා = මනරම්. පුලා සිටිය’ යන්නට ‘පිරි සිටිනා’ යි ද අරුත් ගත හැකි.

110. පෙළ:- මිතුර, වෙනේ සුපිපි මල් රොන් සහ බිඟුන් සර ගෙනේ හමන නල විදැ තුනු ගිමන හැර මෙනේරි පිටියා බැවුලෙන් බැස, මෙනේ පතර සතොස සපුරා යාගන්.

(යහළුව, කැලෑවේ, හොදට පිප‍ුණු මල්වලැ රොනුත් මී මැසි සදත් හැදැ ගෙනැ හමන්නා වූ සුළඟ විඳැ, ඇ‍ඟේ ගිමන නිවා දුරු‍ කොටැ ‘මෙනේරිපිටියා බැවුලෙන් බැසැ, සිතේ මහත් වූ සතුට සපුරා ගෙනැ ගමන් ගන්නැ).

ගෙනේ = ගෙනැ. හැර = හැරැ.

මෙහි පතර සතොස සපුරා යනු නම් සුදුසු නො වේ. ‘පතර සතොස පුරා’ යි සිටියේ නම් මදකට ඉවැසියැ හැකි. ‘පතර’ යනු ‘මෙනේරිපිටියා බැවුල’ යන්නට වෙසෙසුන් විසින් ගත හොත් මීට වඩා සුදුසු වේ. එහෙත් එ දෙක අතරැ ‘බැස’ යන පෙර කිරිය අරුතැ අවිය සඳ ඇති හෙයින් එසේ ගන්නට ඉඩෙක් නො ලැබේ.

බැවුලෙක් නම් ළන්දෙකි, හෙවත් කැලෑ ගොඩැල්ලෙකි.

111. පෙළ:- කමල සැටිය වත, පෙටිය දිගු නිල් නෙත්, යුග තන තිසර පැටිය විලසින් සිටිය ගමඹු මදයුදට වෙමිනටිය සිටිය මිලිලවිටිය යුග දිටිය තොස කැරැ බල.




                              සැවුල් අසුන් පවත්                                      165


(පියුම සරි මුහුණින් යුතු, පෙටියන් බඳු දිගුනිල් නෙත් ඇති, දෙ පියොවුර හස් පැටියන් සෙයින් සිටි ගම් වැසි ලියන් රති කෙළි ලොල් වැ සිටිනා මිලිලවිටිය දැස තුටු වන පරිදි බල).

යුග දිටිය (දෑස). යුග තන (දෙ තන). මෙහි ‘ගමඹු’ යනු ගම් වැසි ලියන් ඇඟැවීමට යොදා ඇති. එහෙත් :-

‘වැන්නේ ගම්ඹු ගලැ පලමල් කුමුකුවට’ (සැළ) යන තැනැ ගමඹු යනු දෙන්නේ ‘ගම නැමැති අඹුව’ යන අරුතයි.

‘ගසමින් කාල් වැටි තැවැරූ ඇඟැ කසා මැටී ගම්වැසි ලියන් සැටී බැලී මහසත් මඟැ යෙමින් සිටී’ (ක. සේ)යි ගමැ ගෑනුන් ‘ගම් වැසි ලියන්’ යන්නෙන් සදහන් වූ තන් පෙනේ. ‘ගමඹු’ යනු ‘ගමඹුන්’ කියාවත් යෙදිණි නම් යම්තමකට හෝ ගම්වැසි ගෑනුන් යන අරුත ගන්නට ඉඩ සැලසේ.

112. පෙළ:- මමිතුර, මිහිපිටැ හුණු සඳ කිරණ ලෙසට උදුළිය සුදු වැලි අතුළ, සුමට වැලි මළුයෙහි සැදී, රුදු නත දරණ යුරු සුමට පවුරෙනි යුතු දෙල්ගමු වෙහෙර වඳු ලැඟුමට.

(මගේ යහළු, බිමට වැටුණු හඳ පාන මෙන් තදට බබළන සුදු වැලි ඇතුරුවා වූ, හොඳ හැටි සමතල වූ වැලි මළුයෙන් සැදුම් ලද, මහත් වූ අනත් නයා ගේ දරණ වැළ බඳු, හොදට මට්ටම් වූ තාප්පය ඇති දෙල්ගමු වෙහෙරට මළුයෙන් වදින්නැ ලැගීම පිණිසැ).

උඳුලිය = උදුළ

සුදු වැලි අතුළ වැලිමළුයෙනි, සුමට, සුමට, යන යෙදුම් රමණී නො වේ.


133. පෙළ:- මිතුර, පවර තුඟු අවර ගිරි කිර රද විපුල අඹරලිය ලැහැබැ රැඳී දිනිඳු බිඹුපල පතර සඳවලා තුඩිනැ දැ රැගත් කල එහි මල වල තුරු සිරෙකැ ලගින්.

(යහළුව, උතුම් වූ, උස් වූ, අවර ගිරි නැමැති මහ ගිරවා මහත් වූ අහස නැමැති වැල් ගොල්ලේ රැඳී ඇති ඉර නැමැති කෙම් ගෙඩිය, පැතුරුණා වූ හෙවත් පුළුල් වූ සැඳෑවලා නමැති හොටින් ඇදැගත් කල්හි එහි දෙල්ගමු වෙහෙරේ - මල් පිපුණු ගසක් මුදුනේ ලගින්නැ).

විපුල = විපුල්. තුඩිනැදැ = තුඩින් ඇදැ.

අහසේ වූ ඉර සැදෑවලා අසරින් බැසැ යාම ලැහැබෙකැ වූ ඉදුණු කෙම් ගෙඩියක් ගිරවකු විසින් තුඩින් ඇදැගත්තා වැනි කොටැ මෙහි දැක්විණි.

‘පවර’ යන වෙසෙසුන ‘අවර ගිර’ යන්නට සුදුසු වන්නෙක් නොවේ. අඹර යන්නට ‘විපුල’ යන වෙසෙසුන ද අනැවැසි යි.

‘අඹර ලිය ලැහැබැ’ යනු ‘අවරඹර ලැහැබැ’යි යෙදිණි නම් පළමු වන පියට එය කැපී සිටිනු ඇති.

114. පෙළ:- වෙරළ හොයළ පතර මුතු බරණින් සැදි, පතළ සළා සක් අවි ලෙළ තරහ කර, පුවළ අවර දිගු උවිඳු ගෙ පුළුල් උර තරළ මිණෙකැ සිරි සහසකර කියෙලි යැ.)

(වෙරළ බඩ වැලි තල නැමැති, මහත් වූ මුතු පළදනායෙන් සැරැසුණු, පැතිරී ගිය සුළී නැමැති සක් අවි හෙවත් පරාවළලු අවි ලෙළ දෙන රළ නැමැති අත් ඇති, මහත් වූ - නැතහොත් ආඩම්බරවත් වූ - බටහිර දිසාව නැමැති වෙන් - විෂ්ණු - හු ගේ පළල් උරයේ මහ මැණිකෙකැ - හෙවත් පැංඩනයෙකැ - අයුර ඉරු තෙමේ දැක්වි).






                                සැවුල් අසුන් පවත්                                      167


මෙහි ‘මුතු බරණින් සැදි, අවි ලෙළ (තරඟ) කර’ යනු ‘උවිඳු ගෙ’ යන්නට වෙසෙසුනි. මුතු බරණ නම් වැලි තලයි, සක් අවි නම්, සුළි යි, කර (අත්) නම් තරඟ යි, උවිඳු නම් අවර දිග යි, එ විටැ පුළුල් උරය කීමෙක් ද?

වෙරළ හොයළ, සළා, තරඟයන එ සියල්ල ඇත්තේ සමුදුරට මිසැ අවර දිගකට නො වේ. එ හෙයින් ‘අවර දිගු’ යන්න ‘අවර සිඳු’ යි ගෙනැ ඒ අවුල මඳකට ලිහා දැක්වියැ හැකි වූවත් ‘උර’ යන්නට උවමේ වන දැයක් නො සදහන් වීම නිසා ඇති වන අඩුව එයිනුත් නොපිරිමැසේ.

‘පැළ දිගු වෙනුර සරසන කොතඹු මිණි ලෙසින් දළ රිවිබිඹු බබළත වෙසෙස සයුරසින්’ (කොවුල්) යන වැනුම සිතේ තිබා ගෙනැ තවත් එ මේ තැනින්, කොටස් ලා උපමාවක් මැවූ බව මුත් එහි අරුත තම සිතේ මිසැ පැදියේ නො රැඳුණේ බව අපේ රාලහාමින් නුදුටුවා විය හැකි. සිත පුරා අරුත පවත්නා විටැ පැදියෙන් එ නො පළවන බව පෙනේ යැ?

‘පතර, පතළ, පුවළ’ යන අසල් අරුත් පද ළඟැ ළඟැ මැ යෙදූ හැටි පියකර නො වේ.

115. පෙළ:- නිසහන හත් පැහැසර ගනනිලඹර ද, අට දිගැතුන් කො‍ෙපාලතැ වන් බිඟු රොද ද, සැඳැවෙලා ගින්නෙන් නැඟී රුදු දුම් කඳ ද, මෙ ලෙසින් සැකයුත් ගන අඳුරු කඳ බල.

(‘රැය නැමැති ගෑනිය ඇඳී තද පාට ඇති වැහි වලා පෑ නිල් සළුව ද ‍හෝ, අට දිගැ, ඇතුන් ගේ කොපොල් හෙවත් කම්මුල් තලට පැමිණී, මී මැසි සමූහය දෝ හෝ සැදෑවලා නැමැති ගින්නෙන් නැඟුණු මහත් වූ දුම් කඳ ද හෝ’යි යන මේ විදියට සැක’ උපදවන තද අඳුරු කඳ බලව).

නිසඟන = නිසා අඟන. නිලඹර = නිල් අඹර. ගැතුන් = දිගු ඇතුන්.




168 සැවුල් අසුන් පවත්


මෙ වනාහි ගිරා අස්නේ ඇති :-

‘ප ළ ඟ ගඟණ කළ සදැ විහිඳුණු විස ද ස ම ඟ කලා වැදැ නො හැසුණු මැදැ හිර ද ම ත ඟ ඉසිහු බට මඟ තව නො මැකුණේ ද බ ල ඟ මෙ බඳු සැක බද සද ලප සබඳ’ යන්න වෙනුවට යොදන ලද්දෙකි.

අට දිගැතුන්;-

ඓරාවත, පුණ්ඩරීක, වාමන, කුමුදු, අඤ්ජන, පුෂ්පදන්ත, සාර‍ෙභෟම, සුප්රගතික යන ඇතුන් පිළිවෙළින් පෙරදිගැ ඈ ඒ ඒ දික්හි පොළොව දරා සිටිති යි යෙති. (අමර කෝෂ).

116. පෙළ:- ම මිතුර, සිසි හිමි නො ලස වැ තම වෙතැ එන බැවින නිසි නිසහන නුඹ විමනත සුසදමින ඉසි අසෙනිය කුසුමන් විලසින් නො මින දිසි තුරුවැළ සිතු ලෙසින බල.

(මගේ යහළුව, සඳ නැමැති හිමියා පමා නැති වැතමා කරා එන නිසා - ඔහුට - සෑහෙන රැය නැමැති අඟන අහස නැමැති ගෙ තුළ මනා සේ සරසා ඉස්නා ලද විලඳ මෙන් බොහෝ වැ පෙනෙන තරු පෙළ හිතේ හැටියට බලන්නැ).

සඳ නැමැති හිමියා නො පමා වැ එන නිසා රැය නැමැති අඟන ඔහු පිළිගන්නට අහස නැමැති ගෙය හොඳින් සරසා විලඳ ඉසි සෙයින් තරු පෙනුණු බව යි ඒ කීයේ. හිමියකු පිළිගන්නා ළඳක සැරැසියැ යුත්තේ ගෙය නො වැ ඇඳ යි. විලඳ ඈ දැය ඉස්නේ ගෙට හිමියා වැඩමවන්නට නො වේ, උතුමන් වැඩම කරවන්නට මිසැ.

‘උ ඳු ළ සොමි කැලුම් නිසයුරු හිමි පුවළ ප හ ළ වන බැවින් තම වෙතැ නිසඹු දොළ ල ක ළ ගුවන් තල සිරියහනැ නිකසළ අ තු ළ කුසුම් විලසින් සැදෙත තුරුවැළ’ (සැළ.) යැයි රහල් හිමියෝ එය නිසි පරදි කීහ.



                                    සැවුල් අසුන් පවුත්                               169


බැවින = බැවින්. සදමින = සදමින්. නො මින = නොමින්. ලෙසින = ලෙසින්.

117. පෙළ:- නිසා කත උදය ගිරතින් පසන් කැලුම් යුතු පුන්සඳ වටාපත රැගන්මින් නුඹේ ගත ගමන් වැසන දුරු කරනුව පවන් ගසන මෙන් මඳ නල හමා එන -

(රැය නැමැති අඟන උදය ගිර නැමැති අතින් පහද වන ගුණයෙන් යුතු කාන්තිය සහිත පුරා හඳ නැමැති තල්වට ගෙනැ ඔබ ගේ සිරුරේ ගමනින් වූ විඩා දුරු කිරීමට පවන් සලන්නා මෙන් මද සුළඟ හමා එන විටැ-)

ගිරතින් = ගිරි අතින්. ගත = ගතැ.

118. පෙළ:- සකි, නොතෝරා සිරුරුරැසින් දිගු හෙළි කැරැ, පරසතු මදාරා මල් අතින් රැගෙනැ නියම නෑරා සුරන් පුදට යනු එනු උදාර බැති සිතින් ‍සතොසින් බල.

(යහළුව, තොරක් නැති වැසිරුරේ පැහැයෙන් දිගුන් හෙවත් පැති එළිය කරමින්, පරසතු මදාරා යන වගේ මල් අතින් ගෙනැ නියමය හෙවත් සිරිත කඩ නො කැරැ දෙවියන් පුදට එනවා මහත් බැති සිතින් සතොසින් යුතු වැ බලව).

සිතිනුදාරා = සිතින් උදාර (උදාර සිතින්) නෑරා = නෑරැ.

දෙල්ගමු වෙහෙරට මල් පුදනට දෙවියන් ද එන බවයි ඒ කීයේ. දෙවියන්, පිදීමට බෙහෙවින් ගෙනැ එන්නේ පරසතු, මදාරා යන දෙවගේ මල් මැයි. ඒ දෙව් ලොවේ මැ ඇති දැය හෙයිනි. මනු ලොවේ පරසතු නම් රුක්අත්තන යි, මදාරා නම් එරබදු යි.

119. පෙළ:- මනනඳ රාජසිහ රජු ගෙ නොමදින තෙදග රුපු රද යසස මැඩැ දස දෙසැ වතළ මෙන ගුවනැ පිරි සඳ කිරණ සහ තුරු මකමින් පෙරදිගින් සඳ පැහැ අරුණු රස් පැතිරේ.




 170                                      සැවුල් අසුන් පවත්


(සිත් තුටු කරවන්නා වූ රජසිහ රජු ගෙ බොහෝ වූ හෙවත් මහත් වූ තෙද ගින්න සතුරු රජුන් ගේ යසස යටපත් කොටැ දහ අතේ පැතුරුණා ව‍ාගේ අහස පුරා පැවැති සඳ එළියත් තරුත් මකා නැගෙන හිරි පැත්තෙන් සැදෑ පැහැ ඇති අරුණු රස් පැතිරේ).

තෙදග = තෙද අග. මෙන = මෙන්. ගුවන = ගුවනැ. පෙරදිගින = පෙර දිගින්.

‘වඩනා තා තෙද සේ මැඩැ පිරිපන්න යස රැස් රස් දිවැ දිවයුරු කෙ ළෙ සිසිහු පියවිළියුරු’ (ක. සි. vii. 16)- යන්න මැ යි ඒ කීයේ ද.

119. පෙළ:- සබඳ, පෙරග ඉසි අරුණු රස් කසවත වැලඳ, ලොවහනෙහි නොමඳ ගනඳර කසළ රැස ඇමද එළි කරන ගනරන් මුසුන් ලෙස කිරණ කිඳු දුළ රිසි රිවි බලග.

(යහළුව, පෙරගිර නැමැති රුසියා අරුණු රස් නැමැති කහපාට සළුව පෙරවැ ගෙනැ ලොව නැමැති මළුයේ හෙවත් මිදුලේ බො‍හෝ වූ ගන අඳුර නැමැති කුණු රොඩු සමූහය අතුගා පායන ගන රන් මුසුන් හෙවත් ඉදල් මෙන් රස් කෙඳි දිළෙන, රිසිය වඩවන හිරි බලව).

ඉරු ගේ රස් කෙඳි රැස ඉදල් කූරු හැටියටත් ගන අඳුරු එයින් ඇමැදැ ලනු ලබන කසළ රැස හැටියටත්, මෙහි දැක්විණි.

පෙරග = පෙර අග ( අග නම් කන්දයි). ලොවඟනෙහි = ලොව අඟනෙහි (අඟන නම් මිදුලයි).

121. පෙළ:- මමිතුර, ලොවැ නොමඳින් පිරි ගනඳර සිය කිරණින් දුර දමා හිරු උදාගිර පැමිණෙත, ලැගි නිවෙසින් නැහැ, තෙරුවන මෙනේ කෑර, මනෝහර දළදා ගෙට වඩින්.



                                  සැවුල් අසුන් පවත්                                      171


(මගේ යහළුව, ලොවේ මඳ නොවන්නට - හෙවත් බොහෝ සෙයින් - පිරුණා වූ තද කළුවර තමා ගේ රසින් - දෝ ‍හෝ නොහොත් සිය ගණනින් සදහන් වන රස් සමූහයෙන් - දුරු කොටැ හැරැ හිරු උදය ගිරට පැමිණෙන විටැ, ලැගීම කළ නිවහනින් නැඟී සිටැ තුන් රුවන සිහි කොටැ, සිත් ගන්නා සුලු දළදා ගෙට පැමිණෙන්නැ).

ගනඳර = ගන අදර.

තෙරුවන නම් බුදු, දම්, සඟ යන රුවන් තුනයි.

මනෝහර යනු හොඳ එළු වදනෙක් නො වේ. මනහර යනු යි එහි නියම එළු වහර.

122. 123. පෙළ:- ම මිතුර, මුනිඳා සිරිමුවෙන් වදහළ එක බසින තෙ කෙළ සැට සුවහස් අයු ලදින පැහැදා සුරිඳා පිදු නවමිණි කිරුළෙව් තෙවුන, පබදා, රුවන් කරඬු තුළෙහි වොරඳන -

බඹ සුර නර උරග කිරුළඟ මිණි රසින හැම වර පුදන සිරි පා තඹරින් සොබන මුනිවර වදනඹර තරිඳු මෙන සුලකළ දළදා හිමිහට බැතින නමදු.

(මගේ යහළුව, බුදුන් සිරි මුවෙන් වදාළා වූ එක බසින් තුන්කෙල හැට ලස්සෙට ආයු ලැබීම නිසා පැහැදී සක් දෙව් රජු පිදුවා වූ නවරුවන් වොටුන මෙන් බබළන -

බඹහු යැ, සුරෝ යැ, නරෝ යැ, උරගයෝ යැ යන මුන් වොටුනු ඇගැමිණි රසින් හෙවත් සිළුමිණි කැල්මෙන් සියලු කල්හි පුදන්නා වූ පා පියුමෙන් හොබනා මුනිතුමා ගේ මුව ගබ නැමැති අහස සැරැසූ සඳ වන් දළදා සමිඳු හට බැතියෙන් නැමැඳීම කරව).





172 සැවුල් අසුන් පවත්


බසින = බසින්, ලදින = ලදින්, තෙවුන = තෙවුනා, වොරදඳන = වොරදනා, රසින = රසින්, මෙන = මෙන්, බැතින = බැතින්, පබඳා = පබඳ, පැහැදා = පැහැදී, කිරුළඟ = කිරුළු අග, වදනඹර = වදන අඹර.

ආයු පිරිහී මර ළංවැ හොත් සක් දෙවිඳු හට “ආයුබෝ” යැ යි බුදුන් කළ ආ වැඩීමෙන් තුන් කෙළ සැට ලස්සෙකට ආයු ලැබුණු බව බණ පොත් හි සදහනි.

‘ළං වැ සිටැ මරණෙ‍ට

 	 වැදැහොත් සක් දෙවිඳු	හට

තෙ කෙළ සැට ලස්සෙට ආයු දිනි එක බසින් තිර කොට යැයි බුදුගුණ අලංකාරය ද එ සදහයි.

නවමිණි කිරුළ නම් අලුත් මැණික් වොටුන යැයි ද ගත හැකි. එහෙත් මිණි පැරණි වන දැයෙක් නොවේ යනු සලකත එ අරුතින් වැටෙක් නැති.

මුතු, රතු කැට, වීදුරු, ගෝමේද, දියමන්ති, පබළු, පියුම්රා, මරකත, ඉඳුනිල් යන නවවගේ රුවනින් කරවන ලද කිරුළ නවමිණි කිරුළයි.

      පබද යනු ‘පසිදු’ යන අරුත සේ මැ ‘මහත්’ යන අරුත ද දෙයි.
        බඹ සුර නර උරග පුදන යනු හොඳ එළු නොවේ.
         සතර දළදාවෙකින් සැදුණු සිරිමුවක් එක් දළදා වෙකින් (අහස සඳින් සැරැහුණු          සේ) සැදිණියි කීම හැඩ මඳි.

‘දළදා හිමි හට නමඳු’ යනුදු ‘දළදා හිමි තුමන්’ යැයි යෙදිණි නම් සුදුසු යි.

124. පෙළ:- මිතුර, මුනිඳු දා නදන කැරැ කළ දාගබ ද, විහිදු ගන කුළක් බඳු රුදු ඳුම රදු ද, පසිඳු, උතුම් ලකුණෙන් කළ මුනි රුව ද තුන් සිත පැහැද බැතියෙන් නමඳු.





                                     සැවුල් අසුන් පවත්                                 173

(යහළුව, බුදුන් ගේ ධාතු නිදන් කොටැ කරන ලද සෑය ද, පැතුරුණාවූ වැසිවලාකුළක් බඳු මහත් වූ බෝ රුක ද, පසිදු වූ සුබ ලකුණු යුතු කොටැ කරන ලද බුදු පිළිමය ද තුන් සිත පහදවා බැතියෙන් නමදින්නැ.)

තුන් සිත නම් සිතේ මුල, මැද, අග යන කොටස් තුන යි.

125. පෙළ:- සුගතිඳු සසුනඹරැ සිසිකර ලෙසින් තෙවුනා, වල් බිජු රකින සෙමෙර කිරළ විලසින් නිතොර සපිරි සිවු පිරිසුදු සිල් රකින, නැණ නැවිනි තෙවළා දම් සයුරෙ තෙර පැමිණි, කව් නළු සඳ ලකර නැණින පිරිසිඳැ දැනැ කවි කැල ගල පිරිසුදු යස හරින සැදු, දිනකර සිරිනි අවිදු අඳුර ඳුරු කළ, අමායුරු සිනිඳු මියුරු පිය තෙපුලැති, මිහිඳු ලකර තෙරහිමි සිරිපා තඹර බැති පෙම් සිත දියුණුකැරැ නමඳු.

(බුදු සසුන නැමැති අහසේ සඳ සෙයින් බබළන්නා වූ ද, වල රක්නා සෙමරාත් බිජු රක්නා කිරළාත් මෙන් නිබදවැ මැ සපිරි පවත්නා සිවු පිරිසුදු සිල් රක්නා වූ ද, නුවණ නැමැති නැවින් තුන්පිටක දහම නැමැති මහ මූදේ එ ගොඩට පැමිණියා වූ ද, කවි, නළු, සඳ, ලකර යන දැය නුවණින් අවසන් කොටැ දැනැගෙනැ කිවියන් සමූහයා ගේ ගල හෙවත් බෙල්ල පිරිසුදුවූ යසස නැමැති මුතු වැළින් සැරැසුවා වූ ද, හිරු සේ වෙමින් අවිද්යාූව නැමැති අඳුර දුරු කළා වූ ද, අමා බඳු සිනිඳු මිහිරි පියකර වදන් ඇති,

මිහිඳු ලකර තෙර හිමි තුමා ගේ සිරිපා පියුම බැති පෙම් සිත දියුණු කැරැ නමඳින්නැ).

දෙල්ගමු වෙහෙරේ එ දවස්හි අදිපති වැ සිටි මිහිඳු ලකර (මහින්දාලංකාර) තෙර හිමියන් ගේ සිරිපා පියුම නමදින්නටයි ඒ කීයේ.







174 සැවුල් අසුන් පවත්


එ හිමි තුමා :-

(1) බුදු සසුන නැමැති අහසේ සද සෙයින් බබළයි (බුදු සසුන අහස නම් මෙ තුමා එ අහසේ දිළෙන හඳ යි).

(2) සෙමෙර මුවා (යැක් නම් මුවා) උගේ වල රක්නා මෙන් ද, කිරළා බිජු රක්නා මෙන් ද, නිබඳ සපිරි ඇති සිවු පිරිසුදු සිල් රකී.

(3) නැවින් මූදේ එ තෙරට පැමිණෙන්නා සේ නැණින් තුන්පිටකය ගෙවා දත්තේ යි (තුන් පිටකය මහ මූද නම් මෙ තුමා ගේ නුවණ එ ඉක්මවන නැව යි).

(4) කව්, නළු, සඳ, ලකර නුවණින් නිමවා දැනැ කිවියන්‍ ගේ බෙල්ල තම යසස නැමැති මුතු වැළින් සැරැසුයේ යි (මෙ තුමා කව්, නළු, සඳ, ලකර නුවණින් ගෙවා දත් හෙයින් කිවියෝ මෙ තුමා ගේ යසස වනති. ඒ ඔවුන් ගේ කිවි බවට ද ලකරෙකි).

(5) ඉර අඳුර දුරු කරන්නා සේ අවිද්යාටව දුරු කෙළේ යි.( අවිද්යාළව අඳුර බඳු යි, මෙ තුමා ඉර බඳුයි).

(6) මෙ තුමා ගේ තෙපුල් අමා මෙන් සිනිඳු යි, මියුරු යි, පියයි.

රකින = රකිනා (රක්නා). නැණින = නැණින්. හරින = හරින්.

සෙමරු නම් තිබ්බතය බද හිමවූ පියෙසේ සිටිනා ‘යක්’ නම් සත්තු යි. සෙමෙර (චාමර) නම් වල් විදුනා මෙ සතුන් ගේ වල් යැ. සෙමෙරා උගේ වලට කොතරම් ආසාද යත හොත් එය කටු පඳුරෙ කැ පටලැවුණු හොත් එයන් කෙන්දක් සි‍ඳෙතියි බියේ නො සැලී සිටිලු.






                                  සැවුල් අසුන් පවත්                                    175

කිරළුන් අසහ බිදැ වැටී සිය බිජු බිදෙති යි බියෙන් එය රදවන අදහසින් දෙ පය අහසට පා උඩු බැල්මෙන් හෙවැ බිජු රකිතියි කියති.

‘රකින තම බිජු වල් කිරළ සෙමෙරෙව් හැර කල් පොහො දවසැ අටසිල් රකී නිති පිරිසුදු වැ පන්සිල්’ (කුසදා) යැයි මෙකවියා සිල් රැක්ම පිළිබඳ වැ මෙ උපමාව යළිදු පවසයි.

සිවු පිරිසුදු සිල් නම් ප්රාවතිමෝක්ෂ සංවර, ඉන්ද්රී ය සංවර, ආජීව පාරිශුද්ධි, ප්රුත්යලය සංනිශ්රීාත යන සතරයි.

ප්රා තිමෝක්ෂළ සංවරය නම් සික පද නො සිදියැ දී රැකැගැන්මයි. ඉන්ද්රිනය සංවර නම් ඉඳුරන් හසුරුවා ගැන්මයි. ආජීවපාරිශුද්ධිය නිවැරැදි දිවි පෙවෙතයි. ප්රරත්යහසංනිශ්රීරත ශීලය නම් සිවුපසය නිවැරැදි අයුරින් ලැබීමයි.

තෙවළාව නම් සුතක් වළා (සූත්රී පිටක), බිදම්වළා (අභිධර්ම පිටක), වනවළා (විනය පිටක) යන තුනයි.

කව් (කාව්යප) නම් රසවත් පබඳ යි. මේ ලොව පහළ වූයේ ‘වාල්මිකී’ රුසියා ගෙනැ යි දඹදිව් වැසියෝ කියති. එහෙත් සියල්ලේ මුල් තැන බඹු හැටියට සැලැකීමයි සිරිත.

නළු නම් නැටුම් පිළිබඳ ශාස්ත්රනයයි. රැඟුම්, ගැයුම්, වැයුම් යන සියල්ල මෙයට ඇතුළති. නළුව (නාට්යන ශාස්ත්ර ය) භරත මුනිහූ විසින් පහළ කරන ලද බවයි දඹදිවේ පඩියන් කියන්නේ.

සඳ (ඡන්දස්) නම් විරිත් පිළිබඳ මත්, අකුරු, ගණ, නියමයයි. පැදියෙකැ පිය ගණනත් ඒ ඒ පියේ දිග පමණත් ඉන් පැවැසේ. මෙය පිංගල නම් රුසියා විසින් පහළ කරන ලද්දේයි.





176 සැවුල් අසුන් පවත්


ලකර නම් කවි රසවත් වන අයුරු සරසන පරිදි දක්වන ශාස්ත්රගයයි. මෙය නළුයේ මැ අඟක් වැ පැවැතී වැඩුණේයි.

කව් කැලැ ගල සැදූ යන තැනැ ‘කවි’ යනු ‘කිවි’ යි වූව නිවැරැදි වේ. කිවි අරුතැ ‘කවි’ යන්නෙක් නො යෙදේ.

‘කිවි කැල ගලට මුතුහර වන් යස පබඳ’ (සැළ) යන සැළලිහිණි අස්නේ යෙදුම සරි යි.

සසුනඹරැ = සසුන් අඹරැ. සිසිකර = සිසිකර.

126. පෙළ:- සුමන සුරරද මනරම් සුරඹ සමඟින් ගඳ දුම් මල්, පහන් පුදකැරැ නිති වඳින, නරදම් සැරි එ සිරිපාද ලසිනි වොරඳන, පෙර දෙසැ පෙනෙන විහිගුම් සමන්ගිර බල

(සුමන දෙව් රජු, සිත් අලවන්නා වූ දෙව් ලියන් එක් වැ සුවඳ වහන දුම්, මල්, පහන් පුදා නිති වඳින්නා වූ, බුදුන් ගේ පසිදු සිරිපා ලකුණිනි, බබළන නැගෙනහිරි පැත්තෙන් පෙනෙන උස් වූ සමනොළ බලව.

නරදම් සැරි යනු බුදු නට නමෙකි.

‘සුර රද සමන් සමඟින් සුරඟන එ වර පැහැනද මදාරා පරසතු මල් පතර කැරැපුද වඳින රැඳි මුනි සිරි පා තඹර සකිසද පෙනේ සමනොළ ගල නැගෙනහිර’ (සැ.ය.) යන්න සිහිපත් කරවන්නෙකි මේ.

මිහිඳු ලකර තෙරහිමි සිරිපා තඹර නමඳු’ යි පවසා ඉන් ඉක්බිති අන් කළ යුත්තක් නො කියා ‘සමන්ගිර බල’යි පැවැසීම සුදුසු මඳි. හිමි සිරිපා තඹර නැමැඳි ගමන් මැ එ තැනැ සිටැ සමන් ගිර බැලියැ නො හැකි. එ දැතුරට ‘ගමන් කොටැ, ගමනට බැසැ, නැගැ අවුත්’ ඈ විසින් යමක් පැවැසුණා නම් සුදුසු වේ.



                              සැවුල් අසුන් පවත්                                       177

127. පෙළ:- ගුණ නදන, බලවල කොකුම් ලිය වෙනෙනෙන රොන, සුනිමල අහස් ගඟ රළැ සීකර ද ගෙනැ හිමවල වැදැ සඳුන් පලු තනවා හමන මඳ නල පහස විඳැ යාගන්.

(ගුණයෙන් සිත් තුටු කරවන තැනැත්ත, මලින් අවුල් වූ හෙවත් මල් ගහන කොකුම් වැල් වනයෙන් එන මල් කුඩු ද, නො කිලිටි අහස් ග‍ඟේ රළින් එන කුඩු පොද ද හැදැගෙනැ හිම වූ වනයට වැඳී සඳුන් සල්වා හමන මඳ සුල‍ඟේ පහස හෙවත් ඇගේ වැඳීම විදැ ගමන් ගන්නැ).

එ කීයේ හිතේ මිසැ මෙ රටේ ඇතිවන පවනෙක් නො වේ. පවනේ ඇති සුවඳ කැවුණු බව, සිසිල් බව, මුදු බව යන තුන් ගුණයට ‘සුරහි’ ගුණය හෙවත් සෞරභ්ය ය’ යැයි කියනු ලැබේ. එ අයුර‍ැ පවන ‘සුරභි’ මාරුත යැයි නො එක් විටැ සදහන් වේ.

මල් අවල හෙවත් මල් අකුල් ගැසී ඇති කොකුම් වෙනෙන් එන මල් රොන් (පරාග) ගෙනැ එන බව කීමෙන් ඒ පවනේ සුවඳ කැවුණු බව පළ වෙයි. අහස් ග‍ඟේ රළින් විදෙන දිය රොන් ගෙනැ එන බව කීමෙන් එහි දැඩි සිසිල් බව පළ වෙයි. හිමවූ වන වැදී සඳුන් පල්ලේ ගැටී ගැටී එන බව කීමෙන් එහි මඳ වෙය, හෙවත් හමන වෙය බාලවී ඇති බව පළ වෙයි. වෙය බාල වීම වූයේ සඳුන් දළුයේ ගැටී නිසා ඒ ගැටීමේදී සිසිල බාල නො වෙයි. සඳුන් දළු සිසිල් ගුණය වහන දැයක් හෙයිනි. ඒ සියල්ල නම් සරි. එහෙත් අහස් ගඟ හෝ හිම වත හෝ මෙහි අසලෙකැ නැති. ‘හිමය’ යනු දැන් වහරේ ‘වනය’ ඇඟැවීමටත් යෙදෙන හෙයින් ඒ දෙල්ගමු පෙදෙසේ වනයෙකැ යි ගත හැකි වූවත් අහස් ගඟ නම් මෙ දිවයිනට අසල් තැනෙකැ නැත්තේ යි.

මලවල = මල් අවල. වෙනෙනෙන = වෙනෙන් එන..







178 සැවුල් අසුන් පවත්


128. පෙළ:- රසග මියඹ පානය කැරැ වෙළෙස් මතු කොවුල් විහග කැලැ, බිඟු දෙන නද නුමුතු පතහ කිරණ නො පහළ තුරුසෙවණ යුතු, තැනින් තැන සැදි, සොඳ උයන් වතු බලග.

(රසින් අග වූ මී අඹ පැණි බී, කරු මත්තේ කොවුල් කුරුල්ලන් සමූහ දෙන නද ත් මී මැස්සන් දෙන නදත් තොර නො වන්නා වූ, ඉරු රස් නො වැටුණු ගස් සෙවණැලි සහිත වූ, තැනින් තැනැ සැරැහි සිටුනා මනා වූ උයන් වතු බලව).

‘රසග මියඹ පානය කැරැ’යි කී විටැ රෙසෙන් අග වූ මී අඹ බී, යන අරුතයි ලැබෙන්නේ. අඹ බුදුනා දැයක් මිසැ බොන දැයෙක් නො වේ. අග මියඹ රස පානය කැරැ’යි ගත හොත් අග්රර වූ මී අඹ රස බී’ යැ යි මදකට ගත හැකි.

‘විහග කොවුල් කැල’ යනු ‘කොවුල් විහග කැල’යි ගන්නා ලද්දේ ‘කොවුල් කුරුලු සමූහයා’ යන අරුත ‍ගනු සඳහායි. ‘විහග’ යෝ නම් කුරුල්ලෝ යි. කුරුලු කැලන් වෙන මැ ත් කොවුලන් වෙන මැත් සදහන් කිරීම විසුළුයි.

කොවුලෝ ද කුරුල්ලෝ වෙති. ‘කොවුල් විහගැ’ යි කීම ද පුරා නිවැරැදි නො වේ. කොවුලනැ යි කී පමණින් කාරිය පිරිමසිනා තැනැ ‘විහග’ බවක් සැඳැහීම වැඩියෙකි.

‘වෙළෙප් මතැ ‍ෙකාවුල් කැල බිඟු දෙන නද’ යනු ද විසුළු යි. කොවුලන් වන්නා ඔහේ මතින් වත් වෙළෙපෙකැ සිටියා යි සිතමු, බිගුවෝ? මී මැස්සන් මල් අගැ මිසැ වෙළෙස් මතැ වසා නො සිටිත්.

‘මුළැ මුවරළ කෙළෙන වෙළපෙහි මෙනෙර පැලැඹෙන සුනිල් කොළ ලෙළදෙන විහිදි අතු අගැ කොවුල් හඬලන’ (ක. සේ) යැයි





                                 සැවුල් අසුන් පවත්                                       179

සිරි රහල් හිමියෝ කොවුලන් හඬලන තන් නිවැරැදි වැ සදහන් කළහ.

‘මී අඹ රසඹ පානය කරමින් වැහෙන නිලබ පැහැති පරපුටු කැල තුටුරැවින’ (කු.දා) යැයි මේ කිවියෝ මැ කොවුලන් මී අඹ පැණි බොන බවක් කියති. ඒ නයින් ‘රසඟ මීයඹ පානය කැරැ’ යන්නේ අදහස නිනයා ගත හැකි වෙයි.

‘පතඟ කිරණ නො පහළ තුරු සෙවන යුතු’ යන්න ‘පතහ කිරණ දුරු කළ තුරු සෙවණැල්ල’ (ගිරා) යනු සිහිපත් කරවයි.

129. පෙළ:- සැවුලිඳු සඳුනි, නොමඳින් සස්වගින් අස් වැදැ තිබෙන, මනා, පැසුණු හැල් කෙත්වලට මන පිනා බසිමින් බඩ සා පමණ දැනැගෙනා ගොදුරු බුදිමින් එ තැනින් සතොසින් වඩින්.

(කුකුළු රජතුමාණෙනි, බොහෝ වූ සස් ජාතීන් ගෙන් අස්වැදී තිබෙන, යහපත් වූ, පැසුණු ඇල් කෙත් වලට සතොසින් බැසැ කුස ගිනි විතරට ‍ෙගාදුරු බිදැ එ තැනින් සතුටු යන්නැ).

නො මඳින් = නො මද. දැනැගෙනා = දැනැගෙනැ. සතොසිනා = සතොසින්.

‘සස් වගන් අස් වැදැ’ යනු ‘සළුවලින් පිළි හැඳ’ යන්න වැනි අසබා පැවැසීමෙකි. නො මද සස්වගින් අස්වැදුණු ඇල් කෙත් යැ යි කීම ඊට ද වැඩියෙන් අසබා යි.

130. පෙළ:- සබද පුල්, රතු උපුල් මල් යුග සවනතැ පැළැඳැ, තුල් තුඟු ගල් කුළු මුදුනතැ නැඟී ඉඳැ ළකල් ඇල් ගෙවී ලියන් පවසන සොඳ ගී අසා ලොල් කැරැ කල් නො යවා යාගන්.





180 සැවුල් අසුන් පවත්

(යහළුව, පිපුණු රතු මානිල් මල් දෙකනේ පැළැඳැ, මහත් වූ උස් වූ ගල් මුදුන් මතු පිටට නැඟී ඉදැගෙනැ, සිත් අදනා, ඇල් කෙත් රක්නා ගෑනුන් කියන හොද ගී අසා අසා කොටැ කල් ගෙවන්නේ නැති වැ ගමන් ගන්නැ).

පැළැඳ = පැළැදැ. ඉඳ = ඉදැ.

මෙ පැදිය ගිරා අස්නෙ ඇති:-

‘දු ටු පටු නළල් තලාය දී ත ලා ය පු ල් රතු උපුල් මලාය සවනැලාය ග ල් කුළු මුදුන් වලාය සිටි කලාය ඇ ල් ගෙවිලියන්බලාය තෝ පලාය’ යන්න සිහිපත් කරවයි.

131. පෙළ:- ගුණ නඳන සකි, හිරුහට මඳක් බිමැ හිය නො මැදි දිළෙන තුරුයටැ, සොබන, සුපිරි සුදු වැලි තලැ මඳක් සැතැ පීයෙහින ඉඳැ තුනු ගිමන දුරු කොටැ කුරුවිට ගහ දොගොඩ බල.

(ගුණයෙන් සිත් තුටු කරවන යහළුව, ඉරට මද වූද අවසරයත් - හෙවත් ඉර අවුව වැටීමට සුළු ඉඩක් වත් - බීමින් නො දී මැ බබළන්නා වූ ගස් සෙවණේ ඇති, හොබනා වූ, ඉතා නිමල වූ සුදුවැලි තලයේ මදක් සැතැපුම් ලබා සුවසේ ඉදැ සිරුරේ ගිම් දුරු කොටැ ගනිමින් කුරුවිට ගඟ දෙගොඩ බලන්නැ).

යට = යටැ. ඳුරු කොට = දුරුකොටැ. යෙහෙන = යෙහෙන්.

132. පෙළ:- දිගු සොඬගින් ඇදැ තුඟු තුරු හෙළානේ, බිඳරැ කමින් සිටි මත ගජ රළානේ දැකැ මහ වළානේ නො ගොසින් කුරුවිට මූකළානේ සිරි සතොසින් නරඹන්.

(දික් වූ සොඬ අගින් ඇදැ උස් ගස් පෙරළා බිදැ ගෙනැ කමින් සිටිනා මත් ඇත් රළන් දැකැ වට මඟැ නො ගොස් කුරුවිට මූකළානේ සැටි සතුටින් බලන්නැ.



 සැවුල් අසුන් පවත්                                181
  

සොඬගින් = සොඬ අගින්. හෙළානේ = හෙළා ගෙනැ. බිඳැරැ = බිදැ ඇරැ. රළානේ = රළන්.

133. පෙළ:- මිතුර, තමල් නිල් වරල්, වැළබිඹු රත අදර සුපුල් නිල් උපුල් නෙත්, තිසර තන බර, කොවුල්, කුල් තෙපුල්, සුහුඹුල් රඹ වටොර, ළකල් කල් සෙ දුල් වනගළ බල.

(යහළුව, කොල්ලම් අකුල් නැමැති නිල් වරලින් ද, ඉදුණු කෙම් පල නැමැති රත් තොලින්ද, මනා වැ පිපිණු මානිල් නැමැති ඇසින්ද, හංසයන් නැමැති මහ පියොවුරින්ද, කොවුලන් ගේ නද නැමැති තෙපුලින්ද, සරුවට වැඩුණු කෙසෙල් කඳ නැමැති කලවායෙන් ද යුත් සිත් ඇදගන්නා අඟනක සේ බබළන වන පෙළ බලන්නැ).

වන පියෙස අඟනක සේ කොටැ රූපකයෙන් දැක්වීමයි ඒ කැරුණේ.

වන පියෙස ගෑනියක බඳුයි.

වනය අඟන යි. වෙනේ කොල්ලම් ගොල්ල අඟන ගේ වරල යි.

   ,,        	ඉඳුණ කෙම් පල	  ,,              රතු තොලයි.
   ,,		සුපුල් මානිල්		  ,,	ඇසුයි.
   ,,		හස්හු			  ,,	මහ තන යි.
   ,,		‍ෙකාවුල් නද		  ,,	තෙපල  යි.
   ,,		සරු කෙසෙල් ගස්	  ,,	කලවා යි.

මේ වැනුම:-

‘තමලු වරලස නිලුපුලන් නෙත් සුරත් බිඹු වැළ ලවනතේ තඹර වත කොඳ දසන් මදනල සුසුම් තඹපලු ‍ෙකාමළතේ තිසර පියොවුරු බිඟු වසා රොද කනා රඹ වටොරින් යුතේ මත කොවුල් සර පිය තෙපුල් ‍ දෙන එ වන දිටි වන් දිගු නෙතේ. (ක. සේ) යි

182 සැවුල් අසුන් පවත්

සිරි රහල් හිමියෝ සපුරා දැක් වූ, එය අලගියවන්න රාලහාමි‍න් සැකෙවි කොටැ මෙහි දැක් වූ බව පෙනේ. එ හෙත් ඒ කැටි කිරීමේ දී මුහුණ නො සදහන් කොට අත් හැරීම බර අඩුවෙකි.

වනයක් හෝ වන උයනක් හෝ ගැහැනියක කොටැ දක්වන්නා සේ මැගැනියක වනයක් හෝ වන උයනක් හෝ කොටැ දැක්වීම ද පෙරැ කිවියෝ කළහ. එ නයින් (කවි සිළුමිණි) කුසදා කරුවෝ පබවත වත උයනක් බදු කොටැ මෙ සේ දක්වති.

‘නෙතින් නිලුපුලන් මුහුලස්නෙන් තමලු ලිය පලු සුරතත්ලෙන් පෑ පියොවුරුනි සක්වාවන්,

වටොරනෙත් සුවන්- රඹ රතුපුල සරණනින් ගන නිල් වසානි බිඟු- වැළ තෙප්ලෙන් කොවුල් සර,

ලවනින් වැළ බිඹු දසනගින් සැදි සිඳුවර තුනු තුනු හවුනෙත් මඳ - නල වැඳැ ලෙළ ලිය විලස්,

වුවනින් පුල් පියුම් මද සුසුමෙන් සුවඳ නල සවනත්නෙත් ලිය ඊල් නළලත්ති මුවරඳ පට,

(ගන සා සැදි ලිය ගුමැ වැළැහුණු කුස නිරිඳු නෙත හමු යේ) පබවත් උයන් සිරි නෙත් බදනා’ (x. 39-42)


134. පෙළ:- නිල් ගල, නිල් කටරොළු මලෙව් පිල් කැල විදනමින තුඟු තුල් ගිරිමුදුනැ රඟන රඟ, යන මෙ තොප බැල්මට යුග ඇස මඳ බැවින් පිල් ඇස් විදා සතොසින නරඹන වැන්නැ.

(මොනරුන් නිල් කටරොළු මල් වැනි පිල් රැස විදහා උස් වූ මහත් වූ කඳු මුදුනේ නටන හැටිය, යන්නා වූ මේ තොප බැලීමට දැස මඳ නිසා සදැස් පිල් විදා සතුටින් බලනවා වැනියි).

මොනරුන් පිල් විදා නටන විටැ ඔවුන් ගේ පිල් අගැ ඇති සඳැස් පෙනේ. එයින් ඇ‍ඟෙන්නේ මෙ කුකුළාගේ රූ සිරිසර සපුරා බලනට දෑස මද නිසා සඳැස් විදා එයින් සිත පුරා බැලීම කරනවා වෙන්නට ඇති යන්න යි.

විදන ලද මොනර පිල් නිල් ක‍ටරොළු මල් සැටි යි ගිරා අසුන් කරුවෝ ද:-

‘තුරු යට සුපිපි නිල් ක‍ටරොළු මල් කැලය

පැටිකොට විදා  දිගුනිල් ඇස්පිල් 	 කැලය’  යනුයෙන් කීහ.

මලෙව් = මල් එව්, විදහමින = විදහමින්, මුදුන = මුදුනැ, බැවින = බැවින්, සතොසින = සතොසින්.

135. පෙළ:- මරකත මිණි සදිසි පැහැයුත්, තඹ රත ගිරා පෙළ දෙළුම් පළනෙන් වගළ බිජු රැස් ගන කල් නො මැ පත වූව ද මිහි පිටැ වතළ, පැහැපත රනිඳු ගොවු සිරි ගෙනැර පළ කළ.

(මරා මිණි හෙවත් පච්ච මැණික් ගල් සම පැහැ ඇති, හොට රත් ගිරා රෑන දෙළුම් පල පළන හෙයින් වැගුරුණා වූ බිජු හෙවත් ඇට සමූහය - වැසි අවදිය පත් නුවූයේ මැ වූව ද පොළෝ තලයේ වැතුරුණු පැහැපත් හෙවත් පාට වැටුණු රත් ඉඳු ගොවුවන් ගේ හැටි ගෙනැ ඇරැ දැක්වි).






184 සැවුල් අසුන් පවත්

ගිරවුන් විසින් පළවු ලබන දෙළුම් පලවලින් බීමට වැටෙන (දෙළුම්) ඇටි සමූහය බිම ඉහිරී පවත්නා විටැ රනිඳු ගොවුවන් නැගුණා සේ පෙනේලු. රතිඳු ගොවුවන් ගේ නැගීම වන්නේ වැසි අවදියට යි. මේ වැසි අවදිය නො වේ. එ වුවත් රනිඳු ගොවුවන් මෙන් දෙළුම් ඇටි බිමැ ඉහිරී පෙනෙන හෙයින් වැසි කල් ආ සෙයක් සිතෙනට බැරි නැති.

උපමාව විසිතුරු රඟට මැවුණා නම් කියැවියැ යුතු වූයේ, වැසි කලැයි සැක උපදනා බව යි. ගිරවුන් සදහනත් ඔවුන් ගේ රුව වැනීමත් උපමායෙන් බැහැරැ වී සිටියි. එයින් පෙනෙන්නේ මැදුරක් ඉදිකිරීමට ඇවැසි දැය තැනැ තැනැ ගොඩ ගසා කණුවක් දෙකක් සිටුවා තුබූ සේ උපමාව මවන්නට සැරැසී එය අඩාළ වැ පවත්නට හළ බවයි.

‘බාණ’ නම් බමුණු ඇදුරා ගේ ‘කාදම්බරී’ නම් පබද කියවා ඇති සිරි රහල් හිමියෝ :-

‘විලිකුන් දෙළුම් පළ පළමින් තුඩින් පැහැදුළ කෙළිනෙන් ගිරා පෙළ දැඟුම් දෙව්දුනු සිරින් සුලකළ’ (ක. සේ. 12.4.) යැයි ගිරවුන් ගේ දෙළුම් පැළීම සදහන් කළහ.

136. පෙළ:- මිතුර ලමහ, සබර, කිණිහිරි, කිහිරි, මා නුග, වෙලහ, ඩෙබර, පර, සොර, තුවර, බුනුග, පෙතහ, ප‍ඬෙර, කළු හර, තරණ, රෑ රහ, මහ තුරු වග මහ දෙ පසැ සිතහ මහ.

සිතහ මහ = සිතේ හැටියට බලන්නැ. ලමහ (කුරුඳු). වෙලහ (වෙලං). පෙතහ (පෙතං).

137. පෙළ:- කලබයුත් (වැසි කළුවක් බඳු) එ වන ගැබ, පලලඹ (ගෙඩි එල්ලෙන) ඇටඹ, පතඹ, මී අඹ දොඹ, ගිරා අඹ, සැළඹ, කොළොඹ, බට දොඹ, ගිවුළු, මා දඹ, කරඹ, කිරඹ, ඇට රඹ, නිඹ, පේර දඹ නරඹ, (බලව).




                                සැවුල් අසුන් පවත්                                   185

ගැබ = ගැබැ (ඇතුළේ). ඇට රඹ = (ඇටි කෙසෙල්). නිඹ (කොහොඹ).

138. පෙළ:- තඹ සිළ, මිණි මුතු මල් පබළු යුතු සල් පිල් දොරළ මහ විදි තුරු, දද, ලිය, තුරුරැව් වතළ, සිදුවර, වරණ, මිහිපා, රදලිය ලකළ වන (මිණි මුතු, මල් පබළු යුතු දොරළ සල් පිල්, මහ වීදි තුරු දද, ලිය, තුරු රැව් වතළ, සිඳුවර, වරණ, මිහිපා, ලකළ රද ලිය) පුරවර සිරිසර නරඹ.

(කුකුළ, පිපුණු මල් කැන් සහිත සල්, මොර, දොරළ ආදී- මහත් වැ විහිදුණා වූ ගස් ඇති, කුරුල්ලන්, වැල්, ගස් මැදෙන රාවය වැතිරැ ඇති, නික, වරණ, යන ගස් ඇති, මී මැස්සන් සහිත, රදලිය වලින් සැදී වනය නැමැති මැණික්, මුතු, මල්, පබළු ඇති දොරවල් ඇරැ පවත්නා අවන්හල් මහ වීදි අතුරේ පවත්නා, කොඩි ඇති, අඟනුන් සරන, තූර්ය රාවය පැතිරි, අසුන්, ඇතුන්, සරන, රජු සහිත, රජ ළඳුන් ගෙන් සැදි උතුම් පුරයේ සැපතින් සරු බව බල ව.)

ඉතා නිසරු සෙලෙස් උවමෙකි. පුරයෙකැ ඇති දැය සදහා ද යෙදියැ හැකි නම් ඇති වනයේ යම් යම් දැයේ නම් යෙදුවා මිසැ ‍වැකියේ ගැළැපීමක් බැලූ බවෙක් නො පෙනේ. එහෙයින් ‘සල්, පිල්, දොරළ’ යන ගස් නම් සදහන් කොටැ ඉන් ඉක්බිති අනෙක් අනෙක් දැය ද සදහන් කරන ගමන් ආයේ ආයේ ද ‘සිඳුවර, වරණ’ යන ගස් නම් සදහන් කොටැ ඇති.

වන, පුර යන දෙපයේ දී ඒ ඒ වදන්හි අරුත් ගන්නට සිදු වන්නේ මෙ සැටියෙනි:-

(වන) මිණිමුතු මල් පබළු යුතු සල්, පිල්, දොරළ මහ තුරු විදි (පුල් මල් කැන් යුත් හල්, මොර, දොරළ යන මහ ගස් පැතිරී ඇති).







186 සැවුල් අසුන් පවත්


(පුර) මහ වීදි, තුරු, දොර’ළ මිණි, මුතු, මල්, පබළු සල් පිල් යුතු (මහ වීදි අතුරේ දොර කඩැ ඇරැ ඇත්තා වූ මැණික්, මුතු, මල්, පබළු සල් පිල් ඇති)

සල් පිල් නම් වෙණෙද බඩු තිබා ඇති උස් වේදිකා හෙවත් පිල් කඳු යි.

(වන) දද, ලිය, තුරුරැව් වතළ (කුරුල්ලන් ඇති, වැල් ඇති, ගස් මැදෙන හඬ පැතිරැ පවත්නා).

(පුර) දද, ලිය, තුරු රැව් වතළ (කොඩි ඇති, ගෑනුන් සරන, තුරු ගොස පැතිරි)

(වන) සිඳුවර, වරණ, මිහිපා, රදලිය ලකළ (නික,වරණ, මී මැසි සමූහයා, රදලිය යන අය ගෙන් සැදි)

(පුර) සිඳුවර, වරණ, මිහිපා, රදලිය ලකළ (අස්, ඇත්, රජ, රජඟන යන මොවුන් ගෙන් සැදුණු).

තඹවන් සිළක් (කරමලක්) ඇත්තේ නු යි තඹසිළු යනු කුකුළාට නමෙකි.

139. පෙළ:- සිහිල්, සොඳුරු: ගං, හෝ, ඇළ, කඳුරු පැන, ගඟුල් හැලි සෙමෙර නල විඳැ ගිමන දැහැ, විසල් ගල් තලා සිහසනහි විපුල් රජ සිරින් හිඳි මින ගොස් එ වන ගෙවමින් -

(සිසිල් වූ, නෙත් සිත් පිනවන ගං හෝ ඇළ කඳුරු පනිමින්, ගඟුල් හැලි නැමැති වල් විදුනා පවන් විදැ ගිමන් නිවමින්, මහත් වූ ගල් තලා නැමැති සිහසුන්හි මහරජු සෙයින් හිඳැ හිඳැ යාමෙන් එ වනය ගෙවා-)

ගඟුල් හැලි නම් ගංගා පටන් ගන්නා සරියේ ඇදැ හැළෙන දිය දහරයි. ‘උල’ යනු මුල් දිය සීරාවට නමෙකි. ගඟක උපත සිදුවන දිය දහර ගං උලයි. එය ගලෙකින් ගොඩැල්ලෙකින් ඇදැ හැළෙන විටැ ඇල්ලයි. එහි පෙනීම සෙමෙරෙකැ පෙනීම බඳුයි. එ අසරින් හමා බස්නා පවන සිසිල් වේ.




                                  සැවුල් අසුන් පවත්                                    187
	පැන  = පැනැ.   හිඳිමින  =  හිඳිමින්.   ගෙවමින  =  ගෙවමින්

ගඟුල් = ගඟ උල්. සිහසනහි = සිහ අසනහි

140. පෙළ:- යහදසන, රිවි රස් මැඩැදිසි ගනඳුරු යුතු, සොබන, තුඟු ගස් උඩ පැනැ යන සාමුවන දැකැ ‍ෙතාස් වඩමින් සැතැපී ඉඳැ යෙහෙන කොස් ගොඩ පසු කරමින් යව.

(දක්නට සුබ තැනැත්ත, ඉරු රස් යට පත් කොටැ පෙනුණු අඳර වැනිවූ, හොබනා, උස් ගස් මතු පිටින් පැනැ පැනැ යන වඳුරන් දක්මින්, ගමන් නිවනු වට ඉඳැ සුව සේ කොස්ගොඩ පසු කරමින් යන්නැ).

සාමුවන = සාමුවන්. යෙහෙන = යෙහෙන්

141. පෙළ:- සැවුල, අනුදත්තේ සිලිලෙව් සුනිමල පැහැති දිය මත්තේ ඇළ පෑ පෑ ඉපිලිපිල එක රොත්තේ එන තුමුල මින් කැලැ දැකැ බෙලි අතේ වළ පසු කැරැ යව.

(කුකුළ, අනෝතත්ත විලේ දිය මෙන් ඉතා පිරිසුදු පැහැ ඇති දිය මතු පිටැ ඇළ පතේ පැහැය පෙනෙන සේ ඉල්පි ඉල්පී එක වැළට එන මසුන් මහත් සමූහය බලා බෙලිඅත්තේ වළ පසු කොටැ යන්නැ).

සිලිලෙව් = සිලිල් ‍එව්. ඉපිලිපිල = ඉපිලැ ඉපිලැ.


142. පෙළ:- මඟ දෙපසැ දිලෙනා තුඟු තුල් ගිරි මත්ත මොනර ගණ පිල් සැත්ත විදහා රඟනා පිපි කුසුමෙන් යුත්ත සපුනා තුරු පෙළැති බමුණාවත්ත පෙරමඟැ දකිනා මැනැවි.

(පාර දෙපැත්තේ බබළන උස් වූ මහත් වූ කඳු පිටැ මොනර සමූහයා පිල් වල්ල දිගඇරැ නටන, පිපුණු මල් සහිත සපු ගස් නා ගස් පේළි ඇති බමුණා වත්ත ඉදිරි මඟැ හෙවත් මඟ ඉදිරියේ දැකැ යන්නැ).




188 සැවුල් අසුන් පවත්

ගිරිමත්ත = ගිරි මත්තේ. දිලෙනා = දිළෙන. රහනා = රඟන. පෙළැති = පෙළ ඇති. දකිනා = දකිනු.

143. පෙළ:- ම මිතුර, දිගුතර නිල් වරලැ කුසුම් කඩ ගවසා, කුසුම්කඩ යුද ජය ‍ෙගනැ දිය තුර පසිඳු තුනු සිර ලියන් සරඹ මන් මැඩ රඳනා ගණේරගොඩ පසුකරමින් වඩිත්.

(මා යහළුව, ඉතා දික් වූ නිල් වරලේ මල් කැටි ගවසා ගෙනැ, මද යුද දිනා ලොවේ පසිඳු වූ, තුනු සිරින් යුතු ගෑනුන් දෙව් ලියන් ගේ අබිමන යට පත් කොටැ සිටිනා ‍ගණේ ගොඩ පසු කොටැ යන්නැ).

කුසුම් කඩ (1. මල් කැටි. 2. අනංගයා). තුනුසිර = තුනසිරි. රඳනා = රඳන. සුරඹ = සුර අඹ.

සුරඹන් ගේ මානය නම් ‘අපි රූමත් හූ වමු’යි යන දැපීම යි.

144. පෙළ:- මිතුර, පවර, අමරපුර සරවන් රුසිරු සර, සමර සමර දිනු වරඟන නිතොර රැඳි, පැතිර ඉතිර පිරිතිර සිරිනි නොවිතර, පතර සපරගමු පුරවර වඳු.

(යහළුව. උතුම් වූ, දෙව් ලියන් බඳු රූ සැපතින් සරුවූ, මද යුද දිනූ වැදගත් ගෑනුන් ‍ෙතාරක් නැති වැ රැඳී සිටිනාවූ ද, පැතිරී, ඉතිරී, පිරී ඉතිරී යන සැපතින් පමණ නො කළ හැකි, මහත් වූ, සපරගමු පුරවරයට ඇතුළු වන්නැ).

අ ම ර පුරසර (දෙව් පුරේ ලියන්). සමර සමර (මඳ යුද). පැතිර = පැතිරැ. ඉතිර = ඉතිරැ.

මීට පළවූ ගණේ ගොඩ ගෑනුන් ගේ අගය කියන ලද්දේ ඔවුන් මද (කුසුම් කඩ) යුද දිනා දෙව්ලියන් ගේ මැන් මැඩ සිටිනා බව පැවැසීමෙනි. දැන් මෙ සපරගමු






                                     සැවුල් අසුන් පවත්                                 189

පුරේ ලියන් ද මද යුද (සමර සමර) දිනා සුර ළඳුන් සේ සිටිනා බවයි උන් වැනීමේදී ද පැවැසෙන්නේ. ඒ මහ මැ දුඹුල් කමෙකි.

145. පෙළ:- මෙ පුරවරැ රඟන රුසිරු නළඟන විදු කිඳු ලෙළෙන, වයන නොයෙක් තුරු ගුම් ගැඹුරු ගුම් දෙන, දිලෙන ඉඳුනිල් වි‍මන් ගන ගෙ මියුරු කැලන් මන නිතින සතුටු කෙළෙ.

(මෙ පුරවරේ නටන්නාවූ රූ සිරින් යුතු අඟනුන් නැමැති විඳිලි කෙඳි ලෙළෙන්නාවූ, වයනු ලබන නොයෙක් තුරු වලැ ගොස නැමැති මේ ගිඟුම් දෙන්නාවූ බබළන ඉඳුනිල් මිණි විමන් නැමැති වැසිවලා හීලෑ මොනර සමූහයන් ගේ සිත ඇම විටැ සතුටට පත් කෙළේයි).

මෙ පුරේ විමන් ඉඳු නිල් මිණෙන් බඳනා ලද්දේ දුර‍ට මේ කුළු (වැහි කළු) සෙයින් දිස් වේ. ඒ විමන් තුළැ රූමත් නිළියෝ නටති. එ විට ඔවුන් ගේ සිරුරු පෙනෙන්නේ මේ කුළේ විදුලිය වැල් ලෙළෙන සේ යි. උන්හට නැටීමට එහි බෙර ඈ තුරු වයනු ලැබේ. ඒවායින් නික්මෙන හඬ වැසි ගිඟුම සේ ඇසේ. ගෙවලැ ඇති වන මොනරුන් එයින් රැවැටී වැසි එ තියි තුටු වෙති.

බැලූ බැල්මට අහසේ ගැටෙන මහ මේ කුළු පෙනේ නම්, එ තුළැ විදුලිය වැල් ලෙළෙනු පෙනේ නම්, මහ වැහි ගොස එ තුළින් නික්මෙනු ඇසේ නම් ඉතින් වැසි එතියි නො සිතා කුමක් සිතන්නටද? වැස්ස මොනරුනට ඉතා පියයි.

‘වහරේ කලෑ මොනර තුටු වන මෙන් කෙකා කැර’ (ක. සේ) යි කීයේ එ හෙයිනි.

සපරගමුයේ ඉඳුනිල්මිණි විමන් නුවූ බව නම් ඇත්ත මැ යි. එ හෙයින් මේ නිකම් සිරිතට කළ වැනුමෙකි.






190 සැවුල් අසුන් පවත්


‘කෙළෙ තුටු මතඟන ඔත රඟ විදු වැද ගැජුම් ගෙනෙ ඉඳුනිල් මිණි විමන් විමන් සිකි කැන් එ පුරේ’ (ක. සි,i. 16) යන්න යි මේ කීයේ.

නිතින = නිතින්. නළඟන = නළ අඟන.

146. පෙළ:- ගතිනා කනා ලිය, රතදරිනි නාලිය, තෙනෙනා රනා හස, ගමනින් එ නාලිය, නිතිනා දිනා එහි සරනා මනා ලිය නතනා විනා කවරෙක් වනා ලිය වති.

(ගතින් රන් වැල් බඳු වූ, රත් පෑ තොලින් නා දළු වැනිවූ, තනවලින් රන් හසුන් වැනි වූ, ගමනින් ඇතිනයන් බඳුවූ, එ පුරයේ ඇමදා සරන මනා වූ ගෑනුන් අනත් නම් නයා හැරැ කවරෙක් නම් වනාලීමේ සමත් ද?)

ඒ පුරයේ ගෑනු මනා (යහපත්) වූ වෝයි; උන් ගේ සිරුරු රන් වැල් බඳුයි. රත් පෑ තොල් නාදළු බඳුයි; තන රන් හසුන් බඳුයි, උන් ගේ ගමන ඇතිනියන් ගේ ගමන් බඳුයි (එ සේ වූ) ඔවුන් වැනීමට අනත් නම් (මුව දාහක් ඇති) නා රජු මිසැ අන් ක‍වරෙක් සමත් ද?

එළියේ විහිළු පුරා පෙන්වන පැදියෙකි මේ.

ගතිනා = ගතින්. නෙතිනා = නෙතින්. නිතිනා = නිති. දිනා = දිනැ. එ නාලිය යන තැනැ ‘එ’ යනු එ හැම පිටින් විරිත රක්නා පිණිසැ යොදන ලද්දේයි.

නාදළු සඳහා ‘නාලිය’ යනු යෙදීම මෙ කවියන් හට මැ ඇරුණෙකි.

‘රතදරිනි නාලිය ගමනින් සදිසි නාලිය එ පුරෙහි මනාලිය කවුරු නම් හැකි වෙති මනාලිය’ (කු: ස. දහම් යනු මේ කිවියන් අතින් ඇමැ තැනැදී සදහන් වන්නෙකි.



                                    සැවුල් අසුන් පවත්                                  191

147. පෙළ:- එනුවර පුරසර මඳහස පනැදැ, මනරා තෙපුල සන් පියොවුරු ගල වසා පතර පස යොදමින් බැම සැව් නෙතු සරින් සලෙළු මුව සර විදැ වනසරන් මෙන් සරති.

(එ නු‍වරේ පුරඟ‍නෝ මඳ සිනාව නැමැති මන්ද ඇදා සිත් අලවන තෙපුල නැමැති රැව් සන කොටැ පියොවුරු නැමැති මහ ගල මුවායේ මහත මල පුඩුව යොදා බැම නැමැති දුන්නෙහි යෙදූ නෙත් නැමැති ඊයෙන් සලෙළුවන් නැමැති මුව පොල්ලන් විදැ වැද්දන් සෙයින් සරති).

(කිසි පිට පතෙක් හි මේ පැදිය නැති).

පනැදැ = පනඇදැ.

පන, පස, යන, දෙක මැ දෙන්නේ එක් අරුතයි. පැරැණි කිවියෝ ‘පස’ යන්න මැ ගත්හ.

අඟනන් ගේ මද හස ‘පන’ සේ දැක්වීම මෙ කිවියනට ඉතා හුරු යි.

‘මෙ පුරඟනන් ගෙ දුල දැවැටී නෙත් කැලුම් දැල මදහස පන පැකිල සිටිති යා නො වැ සලෙළු මුව කැල’ (දහම්.) යනු ද මොවුන් ගේ මැ යෙදුමෙකි. ඒ:-

‘න ල ලෙළ රන් ලිය වන් සුරඟන නිමල දු ල මුව ගැබ පිරි මදහස පන පැකිල ‍ෙලා ල වඩමින් නිති දැවැටී නුවන් දැල බ ල සකි සඳ සිටිනා සලෙළු මුව කැල’ (කොවුල්) යන්න මැයි.

එ පු ර ලිය සරල් දිගු නිල් වරල් වලේ ත ඹ ර වුවන් මද හස පනැදැ මන කලේ ස ම ර සබර සලෙළුන් සිත් මියුල් කැලේ නොහැර විදැ ඇවිදි සර පසිනි ඇම කලේ’ (පරෙවි.)



192 සැවුල් අසුන් පවත්

යැයි සිරි රහල් හිමියෝ සකු කිවියන් අනුසරින දක්වති)

වැද්දෝ මුවනට මල පුඬු අටවා ඔවුන් ගේ සිත් ඇදෙන රැව් කොටැ මුවන් බැඳැ ගනිති. ගල් අතරේ මල යොදා මුවන් අල්ලා ගනිති. දුනු හී ගෙනැ ගොස් මුවන් විදැ මරා ගනිති. මෙ පුරැ අඟනන්ද එ සෙයින් මද සිනා යෙන්, පිය තෙපළින්, පියොවුරු මුවායෙන්, වහස් බැල් මෙන් සලෙළුන් බැද ගන්නා බව යි කීයේ.

‘විදුනා දුතුමුවන් හිද බිදැ පියොවුරු ගල සැ පුරඟනන් බැම සැවුහි ලා මද දිගු නුවන් හි’ (ක. සි. iii. 19) යන්න වියවුල් කිරීමෙකි මේ.

148. පෙළ:- දිවසරන් මෙන් සොබන මනනද රුවැති දෙ පසැ සිටින වරඟන නෙත් කැලුම් කද වේ මැදෙති යන සලෙළුන් ගෙ ලොබ බැඳැ අඳින සුනිල් දිගු රැහැනෙක විලස් ලද.

(දෙව් ලියන් මෙන් හොබනා, සිත් තුටු කරවන රූ ඇති - පාර දෙපැත්තේ සිටිනා. අනුන් විසී කරන ගෑනුන් ගේ ඇසින් නික්මෙන කැලුම් රැස විදිය මැදින් යන එන සලෙළ දනන් ගේ ආසාව බැදැ අඳිනා ඉතා නිල් පැහැති දික් ලණු හා එක් හැටි ගත්තේ යි.)

වරඟනෝ විදිය දෙ පසැ සිටැ බැලුම් හෙළති. ඒ බැල්මට හසු වෙනි විදියේ එහා මෙහා යන එන සලෙළදනෝ. ඔවුන් ගේ ආසාව මොවුන් කරා ඇදී එයි ලණුවෙකින් බැඳී ඇරදන සේ. විදියට බැලුම් හෙළන ඒ වරඟනන් ගේ නෙත් කැන් පෙනෙන්නේ මඟැ යන එන සලෙළන් ගේ ලොබ බැඳ අදනා පිණිසැ ලන ලද නිල් පැහැති දික් යොත් මෙනි. ඇස් ගැහීම යොත් දැමීමක් බඳු කොටැ බොහෝ කිවියෝ කීහ.






                                සැවුල් අසුන් පවත්                                        193

‘ලෙවන් බැලුම් කිඳු දිගු නිල් යොත් ලූවද නුවන් යුවළ මින් යුවළෙකි එහි නොබද’ (ම : ස) යැයි මයුර සන්දේශකාරයෝ ද බැල් ම දික් නිල් යොතක් කොටැ පෑහ.

‘වරඟන’ යනු සිය බසෙහි ලා සකුයෙහි ‘වරාංගනා’ යන උතුම් අඟන සදහනැ ද ‘වාරාංගනා’ යන වෙසඟන සදහනට ද එක් සේ යෙදේ. උතුම් අඟනෝ කුමට මඟැ යන්නවුන් එන්නවුන් ඇසින් අදිති ද?

149. පෙළ:- සබඳ, අදර, කර, සරණ නවදළ, දසන් කොඳ, වදන තඹර, ගමන කලහස, රනබරණ දර, මනනඳ, පවර, අමරසර බඳ, නගරවර සරන වරඟන බල.

(යහළුව, තොල්, අත්, පා අලුත් දළු බඳු වූ, දත් කොඳ කැකුළු බඳු වූ, මූණ නෙළුම්මල වැනි වූ, ගමන රන හසුන් ගේ ගමන බඳු වූ, රන්අබරණ පැළැඳි, සිතට තොස දෙන, උතුම්, දෙව්ලියන් බඳු, පුරවරයේ ඇවිදුනා උතුම් අඟනුන් බලන්නැ).

ඉතා පළ උවම් රැසෙකි ඒ.

150. පෙළ:- තෙදියත පසිඳු, මනකල්, සමන් සුරිඳු ගෙ තුනු නිල් කැලුම් දස දිගත පතළා සේ, සුර කල් බඳුන් නෙත් කැන් කිඳු වන් අනත ඉඳුනිල් මිණි තොරණ රස් දිගත පැතිරෙයි.

(තුන් ලොවේ පළ වූ සමන් දෙව් රජු ගේ සිරුරේ නිල් පැහැ කැල්මන් දස අත්හි පැතුරුණා සේ, දෙව් ලියන් ගේ ඇස්හි කැලුම් කෙඳි වැනි - පමණක් නැති ඉඳුනිල් මැණික් තොරණ රස් දිසා අවසනට පැතිරේ).

මෙ පුරේ මෙ පමණැයි ගණන් නැති ඉඳුනිල් මිණි තොරණ ඇති. එ තොරණවලැ ඉඳු නිල් මිණි කෙරෙන් රස් කිඳු පැතිරේ. ඒ ඉඳු නිල් මිණි දෙව් ලියන්ගේ නෙත් බඳුයි. එයින් නික්මෙන රස් කිඳු දෙව් ලියන් ගේ





194 සැවුල් අසුන් පවත්

නෙතින් නික්මෙන කැලුම් කිඳු බඳුයි. එ රස් කිඳු සියල්ල පැතිරෙත් මැ පෙනෙන්නේ සුමන දෙව් රජු ගේ සිරුරේ නිල් පැහැ කාන්තිය දස දික් කෙළවර තෙක් පැතිරී සේ යි.

දිගත = දිගු අතැ

151. පෙළ:- යදි යදිනට දනා දෙවන දනා රඳනා, දනාදිපපුරෙව් දිසි මෙ පුරැ නනා සිරි, නනා, සවත, සිවුවත, සරසවිය, විනා, විනා කවර කිවියර ඇති විලස වනා?

(ඉල්ලන්නාවූ හෙවත් ලබන රිසි ඇත්තා වූ යදියනට දත දෙවන දනන් රඳන, කුවෙර පුර මෙන් පෙනෙන මෙ පුරේ නො එක් සැපත්, අනත් නා රජ යැ, කඳ කුමරා යැ, මහ බඹා යැ, සරසවි යැ, ගණ දෙවි යැ, යන අය මිසැ කවර නම් කිවියා ඇති හැටියට හෙවත් ඇත්තේ විලසින් වනයි ද?)

ඉතා අසරණ සදහට යමක බැඳුමෙකි.

දනා = දන. දනා දිප = දන අදිප (දනයට අදිපති, එනම් කුවෙරයා) නනා = නා නා (නා රජ, එනම් අනත් නා රජ) න නා = (නො එක් නො එක්. විනා = (1. ගණ දෙව් 2. හැරැ)

152. පෙළ:- සකිසඳ, ලකතන සමන් ගිරි සිරසින් ගොතා හළ, මලගිය මලින් සැදි වරලස මෙන් උදුළ, එ නුවර මැදින් හුණු, පෙණ විසුළ කළු ගඟ, ගොසින් ත මන දොළ පුරා බල.

(මිතුරුතුමාණෙනි, ලක් දිව නැමැති ගෑනිය සමනොළ ගල නැමැති සිරසින් - පාතට - ගොතා හැරියා වූ, ඉද්ද මලින් සරසන ලද කෙස් වැටිය මෙන් බැබැළි, පෙණ විසිරී පවත්නා, එ නුවර මැදින් වැටී ඇති, කළු ගඟ ගොස් තගේ සිතේ ආසාව පිරෙන පරිද්දෙන් බලන්නැ).





                                        සැවුල් අසුන් පවත්                             195

‘ලක කොමළඟ සමනොළ ගිරි හිසින් ගොතා හළ ම න හ ර මලිගිය මල් දමින් යුතා ව ර ල ස ර ඟ පෙණ වැළ හැලි සියෙන් ඉතා දි ළි එ ග ඟ ළඟ වැදැ හරු ගිමන් ගතා යැයි ගිරා අසුන් කරුවෝ ද මේ මැ කීහ.

‘දු ළ මිණි සැදි සිරි ලකඟන ලකළ ලෙළ පෙණ වැළ මලිගිය මල් බර මුහළ’ යැයි කොවුල් අසුන් කරුවෝ ගිං ගඟ සදහා කියති.

153. පෙළ:- ලකළ එ ගහවර, වතළ තරඟ බැම, දියරොනලුයෙන්යුති, නැබළා සළා නැබ, නිල් සෙවෙල වරලැති, වෙරළ පුලිනතල හර සහ නිති රඳන උමඟයන සිරිගති.

(සැදී ඇති එ උතුම් ගඟ, පැතුරුණාවූ රළ නැමැති බැමින් ද, දිය රොන් හෙවත් සීකර නැමැති පැහැයෙන් ද යුත්, මහත් වූ සුළී නැමැති නැබත් නිල් සෙවෙල නැමැති වරලත් ඇති, වෙරළ බඩ හෙවත් ඇළයේ වැලි තලය නැමැති මෙහෙසුරු හා නිබඳ වැ රදන්නා වූ උමා ළඳ ගේ සැටිය ගත්තේ යි).

සැදී ඇති එ ගඟ මෙහෙසුරු හා නිබැඳී පවත්නා උමාව ගේ සැටි ගත්තේ වෙයි.

ගඟ උමාව යි. ග‍ඟේ තරඟ (රළ) උමාව ගේ බැම යි.

  ,,	සීකර				   ,,               කැල්ම යි.
  .,	මහ සුළී			   ,,	(ගැඹර) නැබයි.
 ,,	සෙවෙල			   ,,	වරල යි.
 ,,	ඉවුරස වැලිතලය		   ,,	මෙහෙසුරා යි.

රොනලුයෙන් = රොන් අලුයෙන්

154. පෙළ:- හිමවතිනා සුවඳ මල් මුවරඳ ගෙනැ මඳ මඳිනා එන නල පහස විඳැ විඳැ, තුනු ගිමනා දැහැ, සැනැසී, සිතු පැහැද ගහස මනා මල් පුල් තුරු සිරෙකැ ඉඳ -




196 සැවුල් අසුන් පවත්


(වන පියෙසින් සුවඳ මල් රොන් ගෙනැ මඳින් මද හමන පවන් පහස් විඳිමින් සිරුරේ ගිමන නිවා, සැනැහී සිත පහන් කොට ගෙනැ ගඟ අයිනේ මල් පිපුණු හොද ගසක් මුදුනේ හිදැ -)

ගහසැ = ගඟ අයිනේ

මෙහි ‘හිමවත’ යන්නෙන් අදහස් කරන ලද්දේ හිමවූ පියස නොවැ වන පියෙසයි. මෙ රටේ ගම් වහරේ වනයට ‘හිමේ’ යනු එයි.

‘හි ම න නිවන සිසිලස තරඟ රොන් වැද බ ම න බමර රැවු සහ මල් සුවඳ හැද හ ම න සිනිදු මදනල පහස විද විද ත ම න ලෙසින් විසිතුරු තුරු සිරෙකැ ඉද’ යන ගිරා ඇසුන් පැදිය මෙයින් සිහිපත් කැරැවේ. එ ද කළු ග‍ඟේ දියකෙළි වැනුමකට පෙරාතු වැ යොදන ලද්දේ වෙයි.

155. පෙළ:- නිල් වරලස මල් අවුල් කැරැ බඳිමින්, මැදැ දෙස වසමින් රතු නිල් වසන් ඇඳ, සිහිල් ඇල් ගඟැ පැනැ රන විදුලිය ලෙසැ දිය කෙළිනා මියුලැස ලොල් කැරැ බල.

නිල් කෙස් වැටිය මල් ගවසා බැදැ,- සිරුරේ මැදි පෙදෙස වැසෙන පරිදි රත් නිල් රෙදි ඇඳැගෙනැ, ඉතා සිහිල් වූ ගඟට පැනැ රන් වැල්, විදුලි වැල් මෙන් පෙනෙමින් දිය කෙළිනා වූ ගෑනුන් සිතේ ආසාව ඇතිවැ බලව).

මලවුල් = මල් අවුල්.

155. පෙළ:- පුරවරඟන දිය කෙළියට වන් සඳ රන් හස ගඟ හැර ගිය රඟ කෙලෙසින; උන් පියොවුරු සරි නොවැ. තද විළියෙන මතු දිනවන මෙන රන්ගබ සෙවූ වැනි.





                                 සැවුල් අසුන් පවත්                                     197

(පුරවරයේ ගෑනුන් දිය කෙළියට පැමිණි විටැ - එහි සිටි - රන් හසුන් ගඟ හැරැ ගිය හැටි කෙසේ ද - කියනවා නම් - එ ගෑනුන් ගේ පියොවුරුවලට අසම වීම නිසා ලජ්ජායෙන් මතු දවසෙකැ ඔවුන් දිනවල සේ ඇයැදැ මහ බඹුට සේවය පිණිසැ ගියා වැනි යි).

පුරේ ලියන් ගඟැ දිය කෙළියට බට විටැ එහි වූ රන හස් හු ගඟ හැරැ ගියහ. ඔවුන් එ ගියේ ගඟට බට ගෑනුනු ගේ පියොවුරු එ හසුන් ගේ රුවට වඩා හැඩ ඇතියෙන් පැරැදීම තම හට අත් වන බව දැනී විළියෙන්, මතු වාරයෙකැ හෝ තමන් හට ගෙනැ දී අඟනුන් ගේ පියොවුරනට පැරැදීම ලැබැ දෙවනු පිණිසැ බඹු සෙවුම් කරනට සේ යි මෙහි දැක්විණි.

(ඉතා පළ වැනුමෙකි)

පුරඟන යනු පමණ වැ තිබියැ දී ‘පුරවරඟන’ යැයි යෙදීම විරිත මැ තකා යි. රන්ගබ යනු බඹුට ‍නමෙකි. ලෙසින = ලෙසින්. විළියෙන = විළියෙන්. මෙන = මෙන්. මෙහි ‘කෙලෙසින’ යන්න යොදා ඇත්තේ ‘කෙලෙසද’ යන්න වෙනුවටයි.

157. පෙළ:- රත් තුඩු පද පබළකුරෙව් වොරඳන සිත් හස ගඟ පැලැඹෙන රහ කෙලෙසින; පුරඟන සහ කෙළිනට ගහඟන ගත් රත්මිණි බන් කලදෝ දිය විත් මෙන.

(රත් පෑ තුඩුත්, පාත් පබළු දළු මෙන් බබළන්නාවූ, සුදු හසුන් ග‍ඟේ හැසිරෙන හැටි කෙසේ ද කියනවා නම් පුර අඟනුන් හා සෙල්ලම් කිරීමට ගඟ නැමැති අඟන ගත්තා වූ රතු මැණික් බැඳි රිදී කළහ මෙනි).

පබළ කුරෙව් = පබළ අකුරු එව්. වොරඳන = වොරදනා. කෙලෙසින = කෙ ලෙසිනි. ගඟඟන = ගඟ අඟන. පුරඟන = පුර අඟන






198 සැවුල් අසුන් පවත්

මීට පළමු පැදියෙන් හසුන් පැලෑ බවක් පවසා එ එක් වැ මැ හසුන් ගේ පැලැඹීමක් සදහන් කරනු සිතට නැ‍ඟෙන නැ‍ඟෙන දැය කීමක් මිසැ සැබැවි වැනීමක් මෙහි නැති බවට දෙස් දෙයි. පරෙවි අසුන් කරුවෝ සුදු හසුන් ‘රිදී දිය’ මෙනැයි කියති. (ප. 100)

158. පෙළ:- පුර පියඹා තුනු රුසිරෙන් වර සුරඹා පසු බා, දුටු දන මන පොලොඹා සිලිලැ දොඹා‍ කෙළැ ගනබා ලෙළ සසොබා විදුලිය මෙන රඟ පෑ.

(පුරයේ පිය අඟනෝ සිරුරේ රූ සපුයෙන් උතුම් වූ සුර අඟනන් පසු බස්වා, දුටු දනන් ගේ සිත්හි මහත් ලොබ උපදවමින්, දියට ඉහළ සිටැ පැනැ, කෙළිමින් වැසි වලාව ඇතුළේ ලෙළෙන, බැබැළීම සහිත විදුලිය සමූහයේ සැටි දැක් වූ).

ඉතා දුඹුල් පබ‍ඳෙකි.

සුරඹා (සුර අඹා) යනු ‘සුර අඹුවන්’ යන්න සදහා යෙදිණි. පසු බවා යන අරුත සදහායි ‘පසුබා’ යන්න යෙදුණේ. ‘දොඹ හී’ යන්න වෙනුවට යි. දොඹා යනු යොදා ඇත්තේ. ‘ගනබා’ කීයේ ‘ගන ගැබැ’ යනු වෙනුවට යි. කලඹා = කලඹ,

ළදරු වකු ගේ සීපද බැඳුමක් බඳුයි මෙද.

159. පෙළ:- සිසිවත්, තුඟු බැම, නිල් නෙත්. පුන් තන යුතු කත් උඩුහුරු වෙමින කෙළිනුයෙන සියපත්. බිඟුදැල්, නිලුපුල්,තිසරුන, නැතිවැත් ගඟ හැම තැනැ ඇති මෙන් වියැ.

(සඳ බඳු මුහුණ, උස් වූ බැම, නිල් පෑ ඇස්, පිරුණු තන ඇති ගෑනුන් උඩු බැල්ලෙන් - දිය - ‍ෙකළනා නිසා නෙළුම්, මී මැසි රළ, මානිල්, හසුන් නැති වූවද ගඟ හැම තැනැ ඇති සේ විණි).







                                   සැවුල් අසන් පවත්                                   199

ලියෝ ග‍ඟේ උඩු බැල්මෙන් පීනමින් දිය කෙළිති. එ විටැ ඔවුන් ගේ මූණූ පෙනෙන්නේ ගග පුරා පිපුණු නෙළුම් මල් මෙනි, බැම පෙනෙන්නේ මල් ඇසුරු කරන මී මැසි රොද මෙනි, නෙත් පෙනෙන්නේ මානිල් මල් මෙනි, තන පෙනෙන්නේ ‍ග‍ඟේ පීනන හසුන් මෙනි; එ හෙයින් සැබැවී නෙළුම්, මීමැස්සන්, මානිල්, හසුන්, ග‍ඟේ නැති වුණත් හැමැ තැනැ ඇති‍ සේ පෙනෙයි.

ග‍ඟේ නෙළුම් මල් වෙනුවට පෙනෙන මූණු සඳහා ‘සිසි වත්’ යනු යෙදීම සුදුසු නො‍ වේ. සිසි යන්න වෙනුවට ‘දිසි’ යනු යෙදිණි නම් ඒ දොස මැකෙයි.

කෙළිනුයෙන = කෙළිනුයෙන්. තිසරුන = තිසරුන්. හැම තැන = හැම තැන.

‘පි හි න ත උඩුහුරු වෙමිනඟනන් ගඟ සි ය ප ත ඉඳුවර දිසි තිසරුන් රඟ පැ හැප ත බිඟුරළ කෙළනා මන රඟ සි රි ග ත ගඟ දිගු ගෙ දිගු විලෙ කැ රඟ’ යැයි හස් අසුන් කරුවෝ මේ මැ අන් ලෙසෙකින් කීහ.

160. පෙළ:-මන පිනවන වරඟන උරබිතැ වැද, හෙන දලදර සෙද මුදුනෙත් ගෙනැ සිටි තන සිය පතකුරු ඇද තුඩගින් ගෙනැ සිටි, පැහැනද රනහස සිරිසර කියෙලි යැ.

(සිත පිනවන්නා වූ උතුම් අඟනන් ගේ ළපැත්තේ ගැටී ඇදැ හැළෙන්නා වූ දිය දහර වහා මුදුනින් ගෙනැ සිටි තන, නෙළුඹුදැලි, (නෙළුම් දඬු) ඇදැ හොට අගින් ගෙනැ සිටිනා පැහැපත් රන හසුන් ගේ රූ සපුව ඇඟැවී).

වරඟන = වර අඟන. වැදැ = වැදැ. ගෙන = ගෙනැ සියපතකුරු = සියපත් අකුරු.

161. පෙළ:- එහි බිඟු කැන් සහ, කෙළනා සලෙළු ද අඟනන් වතයැයි හැගැ පුල් පියුම ද, පිපි රන් පියුමැයි හැඟැ වුවනද නඳ වෙමින් සැකයෙන් විමසා බලති.




200 සැවුල් අසුන් පවත්

(එහි මී මැස්සොත්, දිය කෙළනා සලෙළුවෝත් ගෑනුන් ගේ මුහුණ යැයි හැගී පිපුණු නෙළුම් මල්ද, පිපුණු නෙළුම් මල් යැයි හැඟී ගෑනුන් ගේ මූණුද සතුටු වෙවී සැකින් විමසා බලති).

එ ග‍ ඟේ පිපුණු නෙළුම් මල් ඇති. ඒවායේ රොන් ගැනීමට මීමැස්සෝ සරති. ග‍ඟේ ගෑනුන් දිය කෙළනා හෙයින් උන් ළඟින් ඇසුරු කිරීමට සලෙළෝ ද දිය කෙළියට එති. මී මැස්සනට නෙළුම් මලින් මිසැ ගෑනුන් ගේ මූණින් වැඩෙක් නැති. සලෙළනට ගෑනුන් ගේ මූණින් මිසැ පියුමෙන් පිරිමැස්මෙක් නැති . ගෑනු මූණුත් පිපුණු රත් නෙළුම් මලත් එක් සම හෙයින් එක් තැනැදී වෙන් කොටැ දැන්ම අසීරු යි, පිපුණු නෙළුම් මලට බස්නා මී මැස්සෝ මෙය ගෑනුමූණක් වත් දෝ යි සැකින් එය විමසා බලති. ගෑනු මූණට නෙත් දෙන සලෙළෝ ‘මේ පුල් පියුමෙක් දෝ’ යි සැකින් එ විමසති. එ අරතරේ එ දෙක්හි ඇති එක් වන් බවට සතුටු ද වෙති. ‘සලෙළෝ’ යනු පිණිසැ ‘සලෙළු’ යි යෙදීම සුදුසු නො වේ.

162. පෙළ:- දුළ පියොවුරු රන කුම්බා සරිවන, පළ හෙළ වැලිතල උකුළැති අම්බා පියුමම්බාහිමි කිරිසිඳු අළලත කමලම්බා පත් සිරිසර පළ කළෝ.

(බබළන තන රන් කළ සමවන්නා වූ, සුදු වැලි තලා මෙන් පළ වැ පෙනෙන උකුළු ඇති ගෑනු, වෙන් දෙවියා කිරි සයුර කලඹවන විටැ සිරිකත පහළ වූ සැටි පළ කළෝ).

කුම්බා = කුඹු, අම්බා = අඹුවෝ. පියුමම්බා = පියුම්අම්බා. කමලම්බා = කමල් අම්බා’ මේ ඉතා බාල යෙදුම්යැ. පියුමම්බා කමලම්බා යන දෙක මැ දෙන්නේ එක් අරුතයි. ‘පියුමම්බා’ නම් සිරි යි. ‘පියුමම්බාහිමි’ නම් වෙන් (විෂ්ණු) දෙවියායි. ‘අම්බා’ යන එක් මැ වදන එළි වැටෙහි තුන් පෙළෙකැ මැ යෙදීම මහ මඳි කමෙකි.







                                සැවුල් අසුන් පවත්                                     201


163. පෙළ:- බිඟු කැන් දිගු බැම, සියපත් වතිනි (යුත්) හස පුන් පියොවුරු, රතුපුල් ලවනි, සොබමන් ගඟඟන සතොසින් මද හසිනි මින් නෙතිනි තොප බලනෙව්.

(මී මැසි රළ නැමැති දික් බැමින් ද, නෙළුම්මල් නැමැති මූණින් ද, හසුන් නැමැති පිරි පියොවුරින් ද යුත් ‍ෙහාබනා ගඟ නැමැති අඟන සතුටු වී ‍ෙකාද නැමැති මද හසින් යුතු වැ මසුන් නැමැති නෙතින් තොප බලන වැනියි).

මේ නදී වැනුමක් මිසැ දියකෙළි වැනුමෙක් නො වේ. පැදියේ වදන් යෙදීම ද වියතුන් ගේ සිත් ගන්නා සේ නො වේ.

‘දිගු බැම’ ‘වතිනි’ ‘පියොවුරු’ ‘ලවනි’ යන උපමාන පද මෙසේ නන් වී බත් අරුතින් තිබීම එළිවැට අන් ඇමට පරම කොටැ සිතා එහි බෙලෙන් කළ දැයෙකි.

ගඟඟන = ගඟ අඟන. බලනෙව් = බලන එව්.

‘රජ හස සුපුන් තන රළ සළුපටින් වසමින ඇළ පෑ පෙටි නෙතින බලන වැනි ඔහු එ ගඟ වරඟන’ (ක. සේ. iii. 40) යන්න මෙහි දී සදහන් වූ සැටි යි.

164. පෙළ:- දිය තුළ පැන පැන උන් කොමළඟ උනුන ගෙන ඉසි දල දර උර බීත ගැසෙමින තන සිළගින් නික්මුණ රඟ කෙලෙසින? ගිරිමුඳුනෙත හැලි සිරි කියෙලී.

(දියට පැනැ පැනැ උන් ගෑනුන් ඔවු නොවුන් ගන්මින් ඉසි දිය දහර ළැපැත්තේ ගැටී තන පුඬු අගින් නික්මුණු හැටි කෙ සේ ද කියනවා නම් කදු මුදුනින් ඇදැහැළෙන්නා වූ ඇලි මෙනි).




202 සැවුල් අසුන් පවත්

නික්මුණු රඟ කෙලෙසින... හැලිසිරි කියෙලී’ යනු පෙර අපර පෙදෙස් ගැළැපෙන වැකියෙක් නො වේ. එ හෙයින් අරුත් බිණීමේ දී ඒ රැසැයුම නො තකන ලදී . මීට පෙරැදු මේ, ‘රඟ කෙලෙසින’ යන්න දෙපළෙ කැ ඇති (156.157) ‘උනුනුන’ යනු මහ විහිළුයෙකි. ‘උන් උන් උන්’ යනු ගැළැපීමෙනි ඒ සිදු වී ඇත්තේ. එහි විහිළු බව මදක් අඩු කරනු සලකායි එක් ‘උන්’ යන්නක් ‘පැනැ පැනැ’ යන තැනට යවා ‘පැනැ පැනැ උන්’ යැයි යොදන ලද්දේ.

මේ පැදියෙන් කියන දැය මීට පළමු ද (160) කියා ඇති.

165. පෙළ:- මුහුළස හැඩ පතරින මුදුනෙත් හළ කලදෝ පැහැසන් සිලිල් ඇහැ තැවැරෙන, සොබමන් එ පුරඟනෝ ගඟ බසිමින හර සිරි ගෙන මන මෙන් දිය කෙළියෝ.

(ගන්වන ලද කෙස් වැටියේ දඟර රැස මතුයෙන් යවන ලද රිදී පැහැයෙන් යුත් දිය ඇ‍ඟේ තැවැරෙන්නා වූ, හොබනා වූ, ඒ පුරේ ගෑනු ගඟට බැසැ මහ ඉසුරා ගේ සැටි ගෙනැ සිත් සේ දිය කෙළියෝ යි).

හිස් මුදුනේ කෙස් වැටිය ගන්වා ගෙනැ ගෑනු ගඟට බැසැ, විතින් දිය ගෙනැ ඉස් මුදුනට ඔවති. එ දිය කෙස් වැටියේ දඟර පසු කොටැ ගෙනැ බැසැ, ඇගේ තැවරේ. එ සේ විටැ පෙනෙන්නේ අහස් ගඟ දළ මඬලේ හී එය වටා ගොස් ඇදැහැළෙන දියෙන් නෑවෙන මහ ඉසුරා ගේ සැටි ඔවුන් ගත් සේයි.

අලගියවන්න රාලහාමින් ගේ ‘‍ෙසාබමන්’ යන්න ගැනැ යමක් කියැ යුතු නො වේ.

‘සොබමන්’ කුස නිරිඳු... (කුසදා) යි කීයේ ද මොවුන් නොවැ?

පතරින = පතරින්. බසිමින = බසිමින.






                                         සැවුල් අසුන් පවත්                            203

166. පෙළ:- මුතු පල වන් පළ හෙළ වැලි පිට කෙළැ කෙළැ උන් කොමළඟනන් දුටු විටැ කිරිමුහුදින් පහළ වැ දිසි මනතුට පබළකරන් යැයි ත සිතට සැලැකේ.

(මුතු ඇට මෙන් පැහැදිලි සුදු වැල්ල මත්තේ සෙල්ලම් කෙරෙමින් සිටියා වූ මුදු අඟනුන් දුටුවාම කිරි මුහුදින් මතු වී පෙනුණු සිත තුටු කරවන පබළු ගිරිද යැයි තගේ සිතට සැලැකැවේ).

     ‘මන තුට පබළකරන්’ යනු විහිළු යෙදුමෙකි.
        ‘දිමුතු  මුතු			විමල්

පුලින තල පත වමියෝ

 	 කියෙලු  		  කිරණවූයේ

පබළ ලිය පෙළ රඳනා’ (ක. සි. xi. 8.) යන්නයි එ කීයේ.

167. පෙළ:- වුවනින් පුන් සඳ, රතදර නාලිය, නුවනින්, නිලුපුල්, ගතිනි කනාලිය, මනාලිය මනමෙන් දිය කෙළි විලස උවිඳුන් මිසැ කවුරු වනාලිය හෙති.

(මූණේ හැටියෙන් පුරා හඳ වැනි වූ ද, රත් වූ තොලින් නා දළු වැනි වූ ද, ඇස්වල හැටියෙන් මානිල් වැනි වූ ද, කයින් රන් වැල් සරි වූ ද, නිසි වු අඟනුන් දිය කෙළි හැටි වෙන් දෙවියා හැරැ අන් කවුරු නම් විසිතුරු කොටැ කියා ලීමේ සමත් වෙති ද?).

අපේ කිවියනට මෙ වැනීමට සිත දීම නිසා තමන් කරමින් සිටි දැය ද නො සදහන් වූ සැටියි. කුකුළාට කළු ග‍ඟේ ගෑනුන් දිය කෙළිනා හැටි දක්නට යි කිවියා කියමින් සිටියේ. එසේ කියන අතර මැ දිය කෙළිය අවසන් වන බවක් ද නො කියා මැ ‘දිය කෙළි විලස’ යැයි ඉකුත් පවතක් හැටියට එය සදහන් කිරීම නිකම් මැ කිවිකම සලකා මිසැ කරන දැය සලකා කළ හැකි එකෙක්






204 සැවුල් අසුන් පවත්


නො වේ. මී ළඟ පැදියෙන් ‘මෙ ලෙසින් දිය කෙළැ නිමුණු ස‍ඳේයා’යි අයේ වරක් දිය කෙළිය අවසන් කිරීම ද මෙ නිසා මැ නුසුදුසු වේ. වැනීමෙහි සමතකු හැටියට වෙන් (විෂ්ණු) දෙවියා සදහන් කිරීම ද අරුමයෙකි. මෙහි දී ‘නාලිය’ යන තමනට ඉතා පිය එළි තෙවැට ගැනැ සිත දුන්නා මිසැ සරි නො සරි බවක් රාලහාමින් නො බැලූ බවයි මින් පෙනෙන්නේ. මේ ‘ නා-ලි-ය’ එළි වැට මීට පළමු දු දක්නට ලදී (148). ‘වුවනින් පුන් සඳ’ යැයි කී පසු ‘රතදරිනි නාලිය’ කියනු මිසැ ‘රතදර නාලිය’ යි කියනු අසබා යි.

‘ලෙළෙනා මෙන් ගඟැ තරඟ ක නා ලි ය කෙළෙනා ලෙසැ එළි බැ සැ දි ව නා ලි ය පි හි නා යන එන සොඳුරු ම නා ලි ය සො බ නා රූ සිරි නො හැකි ව නා ලි ය’ යැයි හස් අසුන් කරුවෝ ද මේ එළිවැට බන්හ. එහෙත් එහි මෙහි මෙන් නය ඉක්මැවී මෙක් නො දක්නා ලැබේ.

168. පෙළ: සොබමන් එ පුරඟනන් රුසිරෙන් සුරඹ ලෙදේයා පසු කැරැ, සත මන් තදේයා තුටු කරවමිනි, පැහැදේයා මේ ලෙසින් දිය කෙළෑ නිමුණු ස‍ඳේයා.

(හොබනා වූ, එ පුර ලියන් රූ සපුයෙන් දෙව් ලියන් ගේ සැටි ද, ඉක්මවා, සතුන් ගේ සිත් තදින් තුටු වන පරිදි පැහැදී මේ විදියට දිය කෙළැ ඉවර වුණා ම-)

ලෙදේයා = ලෙද (ලෙස). තදේයා = තදින්. පැහැදේයා = පැහැදී. ස‍ඳේයා = සඳැ.

169. පෙළ:- මිතුර කපුරු සඳුන් වෙනෙ නව පලු තනවමින, පරපුටු සන් සහ බිඟු නද ද හැදැ ගෙනැ හමන පවන් විඳැ තුනු ගිමන පහ කැරැ පළමුවෙන එහි වෙහෙරට වඩින්.

(කපුරු ගසින් හා සඳුන් ගසින් යුත් වනයේ අලුත් දළු - හෙවත් වනයේ කපුරු ගස්හි ත් සඳුන් ගස්හි ත්




                                      සැවුල් අසුන් පවත්                                  205

අලුත් දළු සල්වමින්, කොවුල් නද හා මී මැසි නදත් ඇදැ ගෙනැ හමන සුළඟ විඳීමන් ඇ‍ඟේ ගිමන් දුරු කැරැ මුල්න් මැ එහි වෙහෙරට යන්නැ ).

170. පෙළ:- ම මිතුර, ගොර සප් දරණ වැඩැ ඉඳැ නො මිනා දම් දෙසූ, දිය බප් මුනිරජු ගෙ දා තු ද නදනා කැරැ මහ පිනැති දනා කිසි ලප් නො වැ කැරැ වූ දහගප් හිමි ත මන පිනා නමදු.

(මගේ යහළුව, නා දරණ ගැබේ, වැඩැ ඉඳැ අපමණ දම් දෙසූ, ලොවට පියා වන් බුදු රජු‍ ගෙ දාවනුත් තන්පත් කොටැ මහ පින් ඇති දනන් විසින් කිසි කැලලක් නැති වන පරිද්දෙන් කරවන ලද දා ගප් මින් තගේ සිත සතුටු කොටැ ගෙනැ නමඳුව).

නො මිනා = නො මින්. නදනා = නදන් (නිදහන්). ‘දාතු’ යනු ‘ධාතු’ යන්න අවියත් වහරේ සිටුනා සැටියි. ‘දාතු ද’ යන තැනැ ‘ද’ යන්න ‘ම මිතුර’ යන තැන ‘ම’ යන්නට ද වැඩියෙන් තැනට නො හොබනේ යි. ‘දාතු ද නිදන් කැරැ’ යි කී විටැ එයට ද වැඩියෙන් නිදහනට සුදුසු වන තව දැයක් තන්පත් කරන ලද බවක් ඇඟැ වේ. එහෙත් මෙහි එවන් අරුතක් අදහස් කරනු නො ලැබේ.

‘මම බුදුන් වැන්දෙමි මහ සඟන ද වැන්දෙමි’ යි කී විටැ මගේ වැඳීම වෙසෙසින් වූයේ බුදුන් උදෙසා බවත් එ බුදුන් වැඳීම කරන ගමන් මහ සඟන ද වැඳී බවත් පළ වේ. එහි මුල් වන්නේ බුදුන් වැඳීම යි. මහ සඟන වැඳීම එ ගමන් කළ අමතර වැඩෙකි. එ මෙන් ‘දාතු ද නිදන් කොටැ’යි කී විටැ අනෙක් දැයක් නිදහනට කළ සෑයේ දාවනුත් ඒ අරතරේ නිදහන් කළ බව යි. ඇගැවෙන්නේ. එ නිදහනට තකා සෑය කළ දැය මෙහි නො සදහනි, එ වැන්නක් නුවූයෙන්. එ හෙයින් මෙහි මෙහි ‘දා තු ද’ යන තැනැ ‘ද’ යන්න යෙදීම නුසුදුසු යි.







206 සැවුල් අසුන් පවත්


‘නො මින දම් දෙසූ’ යන තැනැ ‘නොමින’ යනුත් නිකම් පුහු වදනෙකි. එක් තැනෙක වැඩැ හිඳැ අපමණ දම් දෙසීම බුදු සිරිත නො වෙයි. සවන සතියේ න, දරණ ගෙහි ‍වැඩැහුන් මුනි එහි දී ‘‍ෙකාපමණ’ දහමක් වත් දෙසූයේ නැති. එ අවදිය වන විටැ බුදුන් දම් දෙසීමට බැස සිටියේ නැති. එ‍ හෙයින් එ පැවැසුම නො විමසා ‘දහගප්’ යන්නට එළි වැටක් සැපැයීමේ සිහියෙන් මැ යෙදී කළ එකෙ‍කි.

171. පෙළ:- මිතුර, සිදුහත් ගැබෙහි සිවු ඉරියවුව හැකි වන දොළොසත් බුදු බඳින් යුතු අප දිය නඳන දකුනැළයෙන් වැද හොත් විලස පළ කරන ඔත් පිළිම හිමි හට අදරින වඳු.

(යහළුව, අබය ඇතුළේ හතර ඉරියවුව පිළිවන් වන්නා වූ දහ අට රියන් බුදු කඳින් යුතු අපේ ලෝ පිය තුමා දකුණු ඇළයෙන් වැදහොත් හැටි පෙන්නුම් කරන ඔත් පිළිම හිමි හට ආදරයෙන් වඳින්න).

‍ෙදාළොසත් = දොළොස් අත් (අතෙක් රියන් එක් සමාරෙකි). දකුණැළයෙන් = දකුණු ඇළයෙන්.

සිවු ඉරියවුව නම්, සක්මන, ඉඳීම, සිටීම, හෙවීම හෙවත් සැතැපීම. මේ අබ පෙළහර බුදුගුණ අලංකාර කරුවෝ :-

‘දසට රියනක් ගත රැගෙනැ අබලුව ඇතුළත යත සැතැපෙත ඉඳිත සමත ඒ මුනි මිසක් වෙන නැත. යැයි තුන් ඉරියවුවෙක් හි ගන්වා සදහති.

172. පෙළ:- අඩයටි. කග, පළග, දුනු, නනවි දරමින සැඩ ලෙටි මරු ‍සරොසින යුදට වන් ‍ස‍ඳෙහි මැඬැ පැටි කැරැ දිනු සොබන අප සුගතිඳු (ගේ) වැඩැ සිටි පිළිම හිමි පිරිසිදු සිතින වඳු.





                                    සැවුල් අසුන් පවත්                                  207


(අඩ යටි- හෙවත් දෙරියන් පොලු - කඩු, පළිස්, දුනු ආදී නො එක් අවි දරා, රළු වූ, ලොබින් පිරුණු මරදෙවියා හටනට පැමිණි වේලායේ ඔහු මැඩ පරදවා සුළු කොටැ ජයගත්, අපේ හොබනා බුදුන් ගේ වැඩැ හිටි පිළිම සාමි පිරිසුදු සිතින් වඳුව).

දරමින = දරමින්. සරොසින = සරොසින්. මැඩ = මැඩැ. සිතින = සිතින්. ලෙටි යනු දැඩි ලොබ යන අරුත්හි නො එක් සන්දේශ පොත්හි යෙදී ඇති. අලගිය වන්න රාලහාමින් මෙ පැදිය යොදා ඇත්තේ:-

‘සැඬ ලෙටි මරු පැරැයු ඉඳ - බෝ තුරු ළ‍ඟෙහි දි ඬ දි ටි රුවෙල් කැස්බන් ලූ අග මගෙහි මැ ඬ පැ ටි කරන දිටු පව’ ඳුරු සතනගෙහි වැ ඩ සි ටි පිළිම හිමි වඳු සිටි පිළිම ගෙහි (පරෙවි). යන්න සලකා යි.

173. පෙළ:- ම මිතුර විදුලි රැඳි මහ ගන කුළ ලෙසින පැහැසර, තරසර, කිසලගන සා මඩලින් දිළෙන, එ වෙහෙරතුර රඳන, තුඟු තර දූම - රඳුට, බැති සිතින සඟසිරි ලබනුව නුමුඳු.

(මගේ යහළුව, විදුලිය රැඳුණු මහ වැහි වලා කුළ සේ පැහැපත්, තිර බැවින් යුතු, දළු ගනවැ ඇති, අතු පතරින් හොබනා, එ වෙහෙර බිමේ පවත්නා ඉතා උස් බෝ රුක් රජ බැති සිතින් සග සැපත් ලබන පිණිසැ නමදුව).

‘දූමරදුට - නමඳු’ යනු හොඳ සිංහල නො වේ.

‘එ වෙහෙර තුර රඳන’ යන්නේ වදන් අරුත නම් එ වෙහෙර ඇතුළේ රැදී පවත්නා යනුයි. ඒ මෙහි නො යෙදෙනුයෙන් සැබැවී අරුත දක්වන ලදී. සඟ සිරි නම් දෙව්ලෝ සැපතයි. එ මොක් සිරියි විණි නම් මීට වැඩියෙන් සුදුසු වෙයි.





208 සැවුල් අසුන් පවත්

බැතින = බැතින්. කිසල (දළු).

174. පෙළ:- එ වෙහෙර සරැ සරන තිසර යුරු, ගුණ රඳනා, සිවු පිරිසුදු සිල් සිය සක්මෙන් රකිනා, හැම වරැ සිවුබඹ විහරණින් දවසරිනා, යුග කෙළ රිවි කිරණ මෙන දිවු තද තෙදින් යුත්, තරු පිරිවරින දිසි පැහැපත් පුන්ස‍ඳෙව් පිළිවෙත් සරු සහගණ සමඟ වැජැඹෙන, මොක් වෙරළින් සොබන දහම් මහ සයුර සියුම් නුවණ මෙර පහරින් අලළමින නො හිම් මියුරු පදරුත් මිණි ලොවට දෙන දහම් ලකර යති හිමි අදරින නමදු.

(එ විහාරය නැමැති විලේ හැසිරෙන හසා බඳු, ගුණ රැඳී ඇත්තාවූ, සතර වැදෑරුම් පිරිසුදු සිල් තමා ගේ ඇඟ මෙන් රක්නාවූ, සියලු විටැ සතර බඹ වෙරින් දවස් හරනා වූ, කප අඟැ ඉරු රස් සෙයින් පතළා වූ දැඩි තෙදින් යුත්, තරුයෙන් පිරිවැරී පෙනෙන පැහැයෙන් යුත් හෙවත් බබළන පුරා හද සේ පිළිවෙතින් සරු සඟ පිරිස හා උසින් පෙනී හිටිනා, නිවන් නැමැති වෙරළින් හොබනා දහම් නැමති මහ සයුර තිහුණු නුවණ නැමැති මහමෙර පාරින් කළඹවමින් කෙළවරක් නැති වැ පදයන් ගේ අරුත් නැමැති මැණික් ලෝ වැසියාට දෙන්නාවූ දහම් ලකර තෙර - ධර්මාලංකාර ස්ථවිර - හිමි අදරින් නමඳින්නැ).

පුන් ස‍ඳෙව් = පුන් සඳ එව්. පදරුත් = පද අරුත්.

සිවුපිරිසුදු සිල පෙරැ සදහන් විණි (125). බඹුගේ පැවැත්ම බඹ විහරණයි. සතර වැදෑරරුම් වූ බඹ පවත සිවු බඹ විහරණය යි. මෙත් (මෛත්රී ) කුලුණු, (කරුණා), මුදිතා, උපේ (උපේක්ෂාහ) යනු සතර බඹ විහරණයයි.

මෙත නම් මා පිය සනාවයි. කුලුණු නම් අනුන් දුක් නො ඉවැසීමයි. මුදිතා නම් අනුන් සැපතෙහි තුටු වීමයි. උපේ නම් මැදහත් බව යි.







                                      සැවුල් අසුන් පවත්                                 209

දහම් මහ සයුර සියුම් නුවණ මෙර පහරින් අලළමින නොහිමි මියුරු පදරුත් ‍ෙලාවට දෙන යනු:-

‘ගැ ඹු රු විජම් පෙළ කිරි සයුර ඇම විට ‍ෙසා ඳු රු නුවණ මෙර පහරින් සකොබ කොට මි යු රු පද අරුත් අම ගෙනැ දෙන ලොව ට ක වු රු සදිසි වෙති මෙකලට එ යතිඳු‍ට’ (ගිරා. 234) යන්න සදහනින් කීයේයි.

175. පෙළ:- මිතුරු සඳ, මෙලෙසැ හැම තන් නඳ බැති සිතින් වඳිමින්, නො මඳ එ වැඳුම් පල සිරි මෙනෙහි පුරමින්, වෙසෙසින් අනැගි වත් සපිරුණු නැවක් ලෙද එ තැනින් දෙව් රජ ගෙට වඩුව.

(මිතුරු තුමෙනි, මේ විදියට ඇති සියලු තන් සතුට පෙට දැරි බැති සිතින් වැදැ බොහෝ වූ එ වැඳුම් පල සැපත් සිතෙහි පුරා ගෙනැ, තනි කැරැ, අගය නිම කළ නොහැකි දැයින් මැ සපිරුණු නැවක් මෙන් එ තැනින් හෙවත් එ වෙහෙරින් දෙව් රජු ගේ ගෙට - එ නම් දොවොලට වඩින්නැ).

මෙ ද:-

‘පි රි සි ඳ නොහැකි මෙ වැඳුම් පුද පින් පඬුරු ම න බැ ඳ රැගෙනැ දෙන ලෙසැ දැකැ එ සුර වීරු සු ර ර ද පායා වන් විජයොත් නම් මහරු එ මැ ස ද වඩන රජ ගෙට මිතුර වැඩ කරු (සැළ). යන්න මැයි.

176. පෙළ:- පතඟ කුලැ කිරුළ සුලකළ අගමිණෙක රඟ, කෙසර මෙන් රුපු රජ ගජන් එඩි මැඩි, දැඩි, සිරි රජසිහ රජු ගෙ සිරිපද සෙවණැ වැඩිරන ගිර ‍ෙලසැ සව් අවිසිප් සයුරැ පමණ දුටු - කණ්ඩාපසගුරුසෙ නැබළ විකුමෙන් යුතු - පුවළ.





210 සැවුල් අසුන් පවත්

බණ්ඩාර නායක තනතුරු, ලත් - හස රද සෙ සිය කුල කමල විල සුල කළ- සුනිමල නානම්බි කුරුප්පු මැතිඳු සද එහි නිල කරන පබඳ ගුරු හැම දෙන හා තරිඳු ලෙසැ සබ කිරණ ඔද කැරැ සිටි කල-

(හිරු ගොත නැමැති වොටුන - හෙවත් ඔටුන්න මැනැවින් සැරැසීම කළ අග මිණි හෙවත් සිළුමිණ හා එක් වන්, සිංහයා සේ සතුරා රජුන් නැමැති ඇතුන් ගේ එඩිය යටපත් කළ, දැඩි වූ සිරි රාජසිහ රජුගේ සිරිපා සෙවණේ වැඩුණු - මහ මෙර සේ සියල් අවි සිප් සයුරේ ගැඹර පමණ දුටුවාවූ -

වෙනු සේ මහත් විකුමෙන් යුතු - පසිඳු වූ මහ කපු පදෙවිය ලැබූ - හස් රජු සෙයින් තම පෙළපත නැමැති පිල පුරා ලකර කළ- දොස් රහිත, නානම්බි කුරුප්පු මැතිතුමා, එ දොවොලේ තනතුරු ලැබී කරවන පසිදු ගුරු හෙවත් කපු ගොල්ල ඇම දෙනා හා එක් වැ සඳ සෙයින් වී සබය නැමැති කිරිමූද ඔද ‍වඩවා සිටි කල්හි-)

පතහ කුල - (හිරු ගොත). අගමිණෙක රහ = අග මිණ එක රඟ. රන ගිර (මහ මෙර). මහමෙර සයුරේ ගැඹර පමණ දන්නේයි. මෙ කුරුප්පු මැති අවිසිප් සියල්ල දන්නේයි. මැතිඳු සඳු. මෙ ද ‘උනුනුන්’ යන්න මෙන් ඉවක් බවක් නැතිවැ යොදන ලද්දෙකි. ‘මැතිඳු’ යන්න හෝ ‘මැතිසඳු’ යන්න හෝ යෙදීම මෙහි පමණි. එහෙත් විරිත!

කණ්ඩා පසගුරු (පන් සරා ගේ පියා, එනම් වෙනු) බණ්ඩාර නායක තනතුරු. මේ භාණ්ඩාර නායක තනතුර නොවේ. ‘පණ්ඩාර නායක’ යන ආඬිගුරු (කපු) නායක තනතුර මිසැ. ගුරු (කපු ආඬිගුරු). කිරණ = කිරි අණ (අණ නම් සයුරයි).







                                     සැවුල් අසුන් පවත්                                  211 

177. පෙළ:- ළදඟන මිණි බන් අනැගි අබරණ දරමින් සුරඹුන් සිරින් රුවට සැරැසී විත් ගන රන් තලි රිදී තලි අතට ගනිමින් දෙ පසැ සිටැ සිරිතින්. ආවඩා නැවැති විටැ-

(තුරුණු ලියන්, මැණික් බැඳි, අගය පමණ නැති පළදනාවන් ලා ගෙනැ, දෙව් ලියන් සේ හැඩට සැරැසී අවුත් ගනරන් තැටි, රිදී තැටි අතට ගෙනැ දෙ පැත්තේ සිටැ ගෙනැ සිරිතේ හැටියට ආවඩා නැවතුණාම-)

සිට - සිටැ. විට = විටැ. විත් = ඇවිත් (අවුත්).

සුරඹුන් - සුර අඹුන්. ළඳඟන = ළඳ අඟන.

171. පෙළ:- මලවුල් කැරැ සරල්. දිගු, නිල් වරල් බැඳැ, නිලුපුල් සදිසිනෙත් රසඳුන් ඇඳැ තනා, සුනිමල් දුහුල් ඇඳැ, නන් අබරණ පැළඳ, එහි රඟ කරන කල්බද ලොල් සිතින් බල.

(මල් ගවසා, රැළි සහිත, දික්, නිල් කෙස් වැටී බැඳැ, නිල් උපුල් හෙවත් මානිල් මල් බඳු ඇස්, රස අඳුන් ඇඳීමෙන් සරසා, ඉතා පිරිසුදු සිනිඳු සළු ඇදැ නො එක් පළදනා ලා ගෙනැ එහි නටන ගෑනුන් සිතේ ලොබ වඩවමින් බලව).

මලවුල් = මල් අවුල්. නිලුපුල් = නිල් උපුල්. රසඳුන් = රස අඳුන්.

179. පෙළ:- දිමුත නළඹ, පෙර ඉසිවර බරත ‍සතෙහි කීලෙසට, දෙනෙත, යුගත, දෙපයෙහි පමණ සරි කොට සමත මද්දල ‍තාළ ගියට එක්කොට දිව නළ ‍ෙලසට රඟ දෙති.

(දිළෙන නිළියෝ හෙවත් නටන ගෑනු ආදී රුසිවරන් නැටුම් සතරේ කී නියායෙන් දෑසත් දෑතත් දෙපයත් සරි සරි පමණින් සිටුවා සියලු මද්දල තාළයන් ගීයට එක් වන නියායෙන් දෙව්ලොවේ නිළියන් සේ නැටුම් කරති.)





212 සැවුල් අසුන් පවත්

යුගත = යුග අත. නළඹ = නළ අඹ. කොට = කොටැ.

180. පෙළ:- නිසි තාළ බේදය සිතු ලෙසට ඉගෙන, වයන සුද්ද මද්දල නදට පෑදය, විරෝදය, නොවැ අත පය හෙළන නඟන නළඹ රඟන සූබෝදය මමිතුරු බල.

(මනාවූ තාළ බේද හෙවත් වෙනස් වෙනස් වූ තාළ හිතේ හැටියට ඉගෙනැ වැයීම කරන සුද්ද මද්දල නම් වූ උඩැක්කි නදට පෑදි, වෙනසක් නො වන පරිදි අත් පා හෙළීම නැඟීම කරන නිළියන් නටන හැටි මනා වැටැහීමක් ඇති මා යහළුව, බලන්නැ).

පෑදය = පෑදී. වීරෝදය = විරෝද. සුබෝදය = සුබෝද.

‘අත පය හෙළන නඟන රඟන නළඹ’ යනු විසුළු යෙදීමෙකි. යම්තම් පිරිමැස්මක් වන නියා ‘රඟන’ යනු රඟනු (රැඟීම) යි අරුතට ගන්නා ලදී.

බේද, විරෝද, සුබෝද, යනු හොඳ සිංහල නො වේ. ‘සුබෝද’ යන්නට මනා වැටැහීමක් ඇතියි අරුත් බණන ලද්දේ වූවද ‘මනා’ යන අරුතෙහි ‘සුබෝ’ යන්නක් අපේ රාලහාමින්ගේ බසෙහි ඇති බවෙක්ද පෙනේ.

‘සුබෝ’ පබාවත් ළඳගෙන් වෙන්වැ හඳ’ (කුසදා,) ඈ යෙදුම් වලින් ඒ පෙනේ. ඉගෙන = ඉගෙනැ

181. පෙළ:- අඟනක බහුරි රඟ ගත්වර වෙයිනඹළ (අඹළ වෙයින්) ඇය වෙර අවට හෙළ සළු විසිරැ දිසි රඟ පැහැ සර පද කනා යටියෙන් හෙබි මදසිර උඳුළ නැබළ සේසත විලස පළ කළ.

(ගෑනියක බහුරි රඟ - වට මා ලක්කම - නම් නැටුම පටන් ගත් විටැ කරකැවුණු වේගයෙන් ඇගේ සිරුර වටා- හාත් පසට සුදු සළු විහිදී පෙනුණු හැටි, පැහැයෙන් සරු වූ රන් යටින් හෙවත් මිටෙන් හොබනා, මල් සරා ගේ හිස මුදුනේ දිළෙන මහත් වූ සුදු කුඩයේ හැටිය දැක් වූ යේ යි).




                                        සැවුල් අසුන් පවත්                              213


ගත්වර = ගත් වරැ. වෙයිනඹළ = වෙයින් අඹළ. මද සිර = මද සිරැ.

නිළිය වෙයින් කරකැවුණු විටැ ඇය ඇඳී සුදු සළුව විසිරී දිග හළ සේ සතක් සේ පෙනේ. ඇගේ එක්තන් වූ පා සඟළ ඒ සේසතේ රන් මිටි මෙන් පෙනේ. දූටන් රාගය උපදවන හෙයින් ඇගේ ඒ සේසත් විලස මල්සරා ගේ මුදුනට නගන ලද සේසතේ සැටියි කියන ල දී.

මෙ පෙනීම :-

‘පැහැසර රන් මිණි බරණින් ලකුළු අඟනක රඟ බැස නො වැකිසි කොමළු ගතඹළ මෙන් වට විහිදුණු ‍ෙස සළු මදහු ගෙ සේ සත් සිරි පැයි යහළු’ යි තිසර සදෙස් කරුවෝ සදහන් කළහ.

182. පෙළ:- විසිතුරු නවරුවන් රැසක් විසුරන ලෙසින් (ද), නොයෙක් පැහැ යුතු කුසුම් දමක් අවුණන මෙන් (ද), සසොබන නළගනෝ උදක් සුඟන ලෙසැ මදක් (වත්) වරද නො වැ වෙසෙසින් රැඟුම් දක්වති.

(විසිතුරු වූ නව රුවන් රැසක් විසුරන්නාක් මෙන්ද, නො එක් පාටින් යුතු මල් දමක් අවුණන්නාක් මෙන්ද කැලුම් සහිත වූ නටන ගෑනු තනිකැරැ මැ දෙව් නිළියන් සේ මද වූ ද වැරැදීමක් නැතිවැ වෙසෙස් වී නැටුම් දක්වති).

නිළියන් නැටුම් ගෙනැ ඒ මේ අතේ පැතිරී යන විටැ පෙනෙන්නේ නව රුවන් රැසක් ඉහිරවන්නා මෙනි, ඔවුන් නටමින් මැ යලි පෙළ ගැසෙන විටැ පෙනෙන්නේ නො එක් පැහැ ඇති මලින් දමක් අවුණන්නා මෙනි. නව රුවනුත් නො එක් පැහැ මලුත් සදහන් කිරීමෙන් එ නිළියන් ගේ ඇඳුම් නන් පැහැයෙන්වූ බව පෙනේ.





216 සැවුල් අසුන් පවත්

(සිරුරේ රූ සපුයෙන් දෙව් ලියන් ගේ, නාලියන් ගේ විලස පෙන්නුම් කළාවූ, සුළඟට රන් වැල් ලෙළ දෙන සේ එහි නැටුවා වූ, ‍ෙසාඳුරු අඟනුන් ගේ රූ සිරියේ හැටි අනත් නා රජත් වෙන් දෙවියනුත් හැරැ කවරෙක් නම් වනාලිය - හෙයි ද?)

‘නාලිය යන එළි තුන් වැට බැලුවා මිසැ වැකිය පුරා අවසන් වන නො වන බවක් මෙහිදි බලා නැති. එ හෙයිනි:-

‘නත උවිඳුන් මිසැ කවරෙක් වනාලිය.......යි’ වැකිය අඩාළ වැ පවත්නේ.

187. පෙළ:- වෙසෙස බරත සතරෙහි හසර නො විහිදි මෙ ලෙස ගී රැඟුම් අනතුරුවැ එ මැ සඳ, සහස කිරණ වන් පබඳ තද තෙද යුතු එ සුමන සුරිඳු සඳ ත ඇස පුරා දකු.

‍(වෙසෙස් වූ නැටුම් කලා සතරේ කී මඟ බිදින්නේ නැතිවැ මේ විදියට ගැයුම්, නැටුම් පුද නැවැති ඒ වේලායේ මැ, හිරු වැනි මහත් තද තෙදින් යුත් පසිඳු වූ සුමන දෙව් රජතුමා ත ගේ ඇස පුරා දැකැ ගනුව).

‘මෙ සේ පැවැති අනතුරු ගී රැඟුම් පුද තොසේ සිතින් උන්සදැ සුරවරන් මැද ය සේ පතළ දියතුළ උතුළ මන නද ඇ සේ පුර දකු විබිසණ සුරිඳු සඳ’ (සැළ.)

188. පෙළ:- සුපුන් සිසි කැලුම් මෙන් නිකසළ යසැති සමන් සුරිඳු උතුම්හැ සැදි රන් කිරුළ අඳුන් ගිරි මුදුනතෙහි රැඳි, පැහැ විසුළ සුවන් මොනර සිරි සර ලොවට පළ කළ.

(සපිරි හෙවත් මනා වැ පිරුණු හදේ එළිය මෙන් පිරිසුදු - නො කිලිටි - යසස් ඇති සමන් දෙව් රජු ගේ හිස මුදුනේ සැදි ඇති රන් ඔටුන්න අඳුන් ගිර මුදුනේ රැඳුණා වූ පැහැ විහිදුණා වූ රන් මොනරු ගේ සිරිසර ලොවට එළි කෙළේයි).





                                      සැවුල් අසුන් පවත්                                217

උතුමඟ = උතුම් අඟ (හිස). විහිදී යන අරුත දෙන්නට විසිරුණා වු යන අරුත දෙන ‘විසුළ’ යන්න යොදන්නට සිදු වූයේ එළිවැට නිසායි.

189. පෙළ:- සුගතිඳු සිරිසරණසර මුදුනත පැළැඳී, මුළු තෙදියතෙක නෙත, පරසිදු සුර රදු ගෙ පැහැවිදු රන් පටින් හෙබි සොඳුරු නළලත විදු කිඳු තොර නොවන ගන කුළෙකැ සිරිගත.

(බුදුන් ‍ෙග් සිරි පා පියුම හිස් මුදුනේ පැළැන්දාවූ, මුළු තුන් ලොවට එක් ඇස වූ, ඇම තැනැ දන්නා අඳුනන දෙව් රජු ගේ, පැහැ විහිදී රන් පටින් හොබනා නළල් තලය විදිලි කෙඳි තොර නො වන්නා වූ වැහි වලා කුළෙක්හි හැටි ගත්තේ යි).

සුගතිඳු = සුගත් ඉඳු. තෙදියතෙක = තෙදියතැ එක. ‘තෙදියත එක නෙත’ යන්න පමණ වන තැනට ‘මුළු’ යි වෙසෙසක් කිරීම අනැවැසි යි.

190. පෙළ:- ඉඳුනිල් යටගැලෙළ නිල් දද යුවළ මෙන, වොරඳන, සුරරඳුගෙ පැහැදුල් බැම සහළ, නෙතු පුල් උපුල් සසදා තොර නො වැ කෙළෙන ‍ෙසාබන, මහිලොල් යුවළෙකැ සිරිගනි.

(තද නිල් මැණික් රිටක් අගැ ලෙළදෙන්නා වූ නිල් කොඩි දෙකක් මෙන් බබළමින් පවත්නා, දෙව් රජු ගේ පැහැයෙන් දිළෙන දෙබැම, ඇස් නැමැති පිපුණු මානිල් මල් මනා සේ සරහා තොර නො වී කෙළිනාවු, ‍ෙහාබනා මී මැසි රොද දෙකෙකැ සබාව ගත්තේ යි).

යටගැ = යටි අගැ. වොරඳන = වොරදනා.

191. පෙළ:- මහගු, ඉඳුනිල් ඉඳුවරන් රඟ දිළෙන, සුමන සුර රජුගෙ දිගු නිල් නුවන් යුග, නිතින සව් සතන් වෙතැ එක රඟ පතළ කුලුණුගඟ සරන සොඳුරු මින් යුවළෙකි.






218 සැවුල් අසුන් පවත්


(මහත් අගය ඇති ඉඳු නිල් මිණි, මානිල් යන දැය සෙයින් දිළෙන්නා වූ සමන් දෙව් රජුගෙ, දික්වූ, නිල් පැහැ දෑස ඇම විටැ සියල් සතුන් කෙරේ එක් සේ පැතුරුණු මහ කුලුණු ග‍ඟේ හැසිරෙන, මනා වූ මස්හූ දෙදෙනෙකි).

මහගු = මහ අගු. ගඟ = ගඟැ.

පිරිමි බවට ඇස්හි පුළුල මිසැ දිග හොබනේ නො වේ. එ හෙයින් ‘දිගු නිල් නුවන්’ යනු මෙ තැනට නිසි යි නො කියැ හැකි. ඉඳුනිල් ඉඳුවරන් රඟැයි කී පසු ‘නිල්’ යන්න යෙදීම ද වැඩියෙකි.

192. පෙළ:- ලොවැ සත් සතන් කොඳ නඳ කළ තරිඳු යුත, නිසි සොමි ගුණ නුමුත, සිරිමත් සුරනිඳු ගෙ, ගහනත දෙ පස සුලකළ, යහපත් දෙබැම ගොබින් යුගපත් රඹ පැළෙකැ සිරි ගත.

(ලෝ සතුන් ගේ සිත් නැමැති කොද මල් පුබුදු කළ සඳ බඳු, සුදුසු වූ සොමිගුණ තොර නුවූ, සුබ ගුණයෙන් යුතු, දෙව් රජු ගේ මනා වු නැහැය, දෙ පැත්ත නිසිසේ සැරැසුවා වූ බැම දෙක නැමැති කොළ දෙකක් ඇති ගොබයෙන් හොබන කෙසෙල් පැළයෙකැ හැටිය ගත්තේ යි).

සිතන අරුත යොදන වදනින් දෙනවා ද යනු ‍ෙනාබලා කළ පබදෙකි.

‘තරිඳු යුත’ යි කී පසු ‘සොමිගුණ නුමුත’ යන්නක් හෙළීම අග මුල නො දැන කරන්නෙකි. ‘සිරිමත්’ යනු යොදා ඇත්තේ ‘දැක්මෙන් සෙත සැලැසෙන’ යන අරුත දෙන්නට යි. ‘ගහනත දෙපස සුලකළ’ යනු ද නො සිතා යොදන ලද්දෙකි. දෙබැම ඇත්තේ කොහි ද යනු ත් ‍ෙනා සිහි වූයේ උවමට සිත ගොස් පැවැති හෙයිනි. ‘ගොබින් යුත’ යන්න තම සිතේ වූ උවම සිහිනෙන්






                                   සැවුල් අසුන් පවත්                                  219


යෙදුවා මිසැ තමා මැවූ උවමෙකැ සැටි විමසා බැහුවා නො වේ. නැහැය කෙහෙල් පැළයේ කඳ යි, දෙ බැම දෙ පත යි. ඉතින් ගොබය කීමෙක් ද?

‘සදන ලේ ළ‍ෙගාබ නළලැතැ බැම ලේ දෙපත් වැනුම් කවර ගහනත මනහර රඹ පුවළ හළ’ (ක. සි. v. 20) යන්නයි මේ කීයේ. මේ වරද මීට පසු ද මේ කිවියන් විසින් කරන ලද බව දක්නට ලැබේ. (කුසදා. 199) එ තැනැදී, මෙ ද, මෙහි මැ 190 වැන්නද එකට ඇඳා ඇති හෙයින් මොවුන් ගේ උවම් මැවීම පැරැණි ගෙබිතු මැටි අන අනා පවුරු බැඳීමක් බඳු බව දත හැකි.

193. පෙළ:- සුමන දෙව් වුවන දසන දිමුතු මුතු, හස තරහින් දිමුතු පැහැදුළ දසන වසන පබළ පෙළ යුතු, සුර නරන් නදන වදනම සතත පිරි සමුදුර විලස් ගත.

(සමන් දෙව් රජු ගේ මුව ගබ, දත් නැමැති) දිළිසුම සහිත මුතු ඇති, සිනාව නැමැති රළින් බැබැළීම වන, පැහැයෙන් දිළී තොල් නැමැති පබළු - කොරල් - පෙළ ඇති, දෙව් මිනිසුන් තුටු කරන වදන් නැමැති අමාව සියලු කල්හි පිරි සයුරේ - මහ මූදේ - සබාව ගත්තේ යි).

දැන් දැන් රාලහාමින් ගේ පැදි කුඩා ළමයන් උන් හිටි හැටියේ පබද කෙරෙමින් ගයන පැදීමෙන් සිතු අරුත් දිවැසින් දැකැ දත යුතු පබඳ බවට පත්වන සේ පෙනේ. දැනුත් ‘හිටිවන කවියෝ’ මේ හැටි පබද කෙරෙති.

‘දසන දිමුතු මුතු, හස තරඟින් ‘දිමුතු’ යනු කිවි බසට නො යෙදේ. ‘සුරනරන් නඳන වදන් අම’ යන තැනැ සුරනටත් නරනටත් නදන වන්නේ වදන් පමණෙකි; ‘අම’ නරනට නදන වතොත් ඒ නිකම් බසින් පමණයි. නරෝ අම නො දකිත්. නුබුදිත්. අම පිරි






220 සැවුල් අසුන් පවත්

සමුදුරු අසන්නට නැති. කිරිමුහුදේ අම වූ බවක් යෙති. එහෙත් එ මූද ද අම පිරි එකෙක් නොවී කිරි පිරි එකක් මිසැ. මෙහි ‘වුවන’ යනු යොදා ඇත්තේ, මුවගබ අඟවන සදහා බව පෙනේ.

වදනම = වදන් අම. දසන වසන (දසන් වැස්ම- තොල)

194. පෙළ:- සිරි සරසවි කෙළින රනොවිලියුරු සොබන, මිණි තෝඩු බබළන සුරවර යුග සවන, තුගුතර අඳුන් ගිරිකුළු යුග පසැ දිලෙන, පැහැසර ළහිරු යුවළෙක් ඇත්නම් එ මෙන.

(සිරි කත යැ සරසවි ළද යැ යන දෙදෙන කෙළෙන රන් උන්සිල්ලා වැනි වැ හොබනා මැණික් තෝඩු බබළන්නා වූ, දෙව් තුමා ගේ කන් දෙක ඉතා උස් අඳුන් ගිරි මුදුනක් දෙපැත්තේ පැහැයෙන් සරුවූ බාළ හිරු මඬල දෙකක් ඇත්නම් අන්න ඒ හැටියි).

දෙසවන ළහිරු මඬල බඳු කොටැ පැවැසීම එතරම් සුදුසු නො වෙයි. රන් ඕවිලි වැනියි කීම නම් සුදුසු යි. ළහිරු මඬල ‘පැහැසර’ යි වෙසෙසීම ද සුදුසු නො වේ.

‘මනහර සදවලා පෙළ කෙළවරැ පෙනෙන පැහැසර ල සද යුවළෙක් ඇත්නම් එ මෙන’ (සැළ.) යන්න ඇති ‘පැහැසර’ යනු සලකායි මෙ හිදු එ යොදනට ඇත්තේ.

රනොවිලි = රන් ඕවිලි (රනෝවිලි යි වූ පසු විරිත නිසා ‘‍රනොවිලි’ යි ලුහු කැරිණි).

195. පෙළ:- සුරිඳු කර, දිගු තර සුරතැගිලි දළු, නිය කුසුම් සර, පියකර සුනිල් මිණි අබරණ බමර රැඳි, නිතොර සුර නර නදන කැරැ සව් සිරි දෙන, සුර තුර අතු විලස කියෙලියැ.





                                       සැවුල් අසුන් පවත්                                 221


(දෙව් රජු ගේ අත්, ඉතා දික් තද රතු, ඇඟිලි නැමැති දළු ඇති, නිය නැමති මල් ගහන ඇති, පියකරුවු නිල් මැණික් පළදනා නැමැති බමරුන් රැඳී ඇති, දෙවියන් මිනිසුන් තුටු වන පරිදි තිතින්, සියලු සැපත් දෙන දෙව් රුකේ අතුවලැ හැටි පළ කෙළේ යි)-

සුරතැඟීලි = සුරත් ඇඟිලි.

196. පෙළ:- මෙ සුරිඳු ගෙ නිසි විපුල් පුළුලුර මඩල, සුනිල් වසා රොද නිල් සෙවල ගැවැසුණු, ළකල් සුරඹ නෙත් කැන් මිහිලොල කෙළෙන, සිහිල් කුලුණඹින් පිරි මනකල විලෙකි.

(මෙ දෙව් රජු ගේ සුදුසු පමණ‍ට මහත් වූ පුළුල් උර තලය හෙවත් ළැම පෙදෙස තද නිල් පැහැ වසා රෝම නැමැති නිල් සෙවල ගැවැසුණු, හිත ඇදගන්න: සුලු දෙව් ලියන් ගේ ඇස්හි කැල්ම නැමැති බමරුන් කෙළිනා, සිසිල් වූ කරුණා ගුණය නැමැති දියෙන් පිරුණු සිත් අදනා විලෙකි).

පුළුලුර = පුළුල් උර. කුලුණඹින් = කුලුණු අඹින්.

197. පෙළ:- පැහැනද, අනැගි නව මිණි ගනරනින් කළා පැහැසර ඉණසැද වොරැඳි, නිසි පුළුලුකුළ, සුරරද තුනු කලිඳු ගහ සුලකළ, පුවළ, මනනද, රුවන් වැලිතල විලස පළ කළ.

(පැහැයෙන් රැඳුණා වූ, අගය පමණ කළ නොහැකි නව රුවනින් ද, ගත රනින් ද කළා වූ පැහැයෙන් සරුවූ, මෙවුල්දමින් බබළන, සුදුසු පමණ‍ට පුළුල් වූ උකුළ, දෙව් රජුගේ සිරුර නැමැති යමුනා නදිය මනා වැසැරැහු, මහත් වූ, සිත් තුටු කරවන මැණික් වැලි තලයෙකැ සැටි දැක්වූයේ යි).

පුළුලුකුළ = පුළුල් උකුළ. පුළුලුරමඩල (196) ට සේ මැ පුළුලුකුළට ද ‘නිසි’ යන වෙසෙසුන යොදා ඇති මේ ‘නිසි’ යන්න:-





222 සැවුල් අසුන් පවත්

‘නිසි පුළුලුකුළ රිය සකයුරු තිසර තන’ (සැළ) යනු නිති කටට ඊමෙන් යොදන්නට සිදුවූ බව පෙනේ.

198. පෙළ:- තිනයන දළ නයන, යුග කෙළ රිවි විලස වැජැඹෙන, පුවළ තෙදැති මෙ සුමන සුරිඳු ගෙ, පැහැසර ලකළ දෙවටොර දිය විමන උසුලන ඉඳුනිල් ටැම් සහළ සිරි ගෙන දිළෙයි.

(මෙහෙසුරු ගේ නළල් ඇස, කප අගැ හිරු ද මෙන් වැජැඹෙන්නාවූ මහත් තෙද ඇති මෙ සමන් දෙව් රජු ගේ පැහැයෙන් සරු වූ, සැරැසුම් සහිත කලවා දෙක ලොව නැමැති විමන දරා සිටිනා, ඉඳුනිල් මැණික් කණු දෙකෙකැ හැටි ගෙනැ බබළ යි).

මෙහි වෙසෙසුන් යොදා ඇත්තේ විරිතට පිරිමසිනා නියා මිසැ අරුතට වැඩක් වන අයුරු සලකා ‍ෙනා වේ. ‘ලකළ දෙවටොර’ යන්නෙන් සරසන ලද කලවා දෙක යනු ඇඟැ වේ. කලවා සැරැසීම පිණිසැ පැහැ තැවැරීම හෝ සමේ රූ කෙටීම ‍හෝ කළ යුතු. එ හැටි සිරිත් මේ දිවේ පෙරැ පැවැති බවක් අසන්නට නැති.

‘පැහැසර’ යන වෙසෙසුන මෙ වැනුමේ බෙහෙවින් දක්නා ලැබේ.

199. පෙළ:- දස දිග පරසිදු වූ සුමන සුර රජුගෙ, පැහැසර සොඳුරු මොනර කර රහ දිළෙන, නොමින රුවැති, සසිලිටු, කොමළ යුග දහ දකින සුරඹ මන නෙත දඟ කරවා ය.

(දස අතේ පරසිදු වූ සමන් දෙව් රජු ගේ, පැහැපත්, මනාවූ, මොනර කර මෙන් දිළෙන, අපමණ රුව ඇති, සිලිටි බැවින් හෙවත් මට බැවින් යුතු, මෙළෙක් වූ කෙංඩ දෙක එ දක්නා දෙව් ලියන් ගේ සිතත් නෙතත් බදව යි).

දසදිග = දස දිගැ, සුරඹ = සුර අඹ. දකින = දකින: (දක්නා).






                                      සැවුල් අසුන් පවත්                                 223


200. පෙළ:- සුරවර සරණ තල, තරසර සුනිල් මිණි අබරණ බිඟුන් රැඳි, දිලි දිගුතර සුරතැඟිලි දල පෙළින් සැදි, සුර නරවර තිසර කැල නිසැදි සෙව්නා, රත කමල සිරි ලදී.

(දෙව් රජු ගේ පාද තලය, කැලුම්න් සරු තද නිල් මැණික් පළඳනා නැමැති මී මැස්සන් රැඳි සිටිනා -195-වූ බබළන ඉතා දික් රත් ඇඟිලි -195- නැමැති පත් පෙළින් සැදුණා වූ, දෙව් රජුන්, නර රජුන් නැමැති හසුන් නිති සැදි ඇසුරු කරන, රත් නෙළුම් මලේ සැටි ලද්දේයි).

201. පෙළ:- සමත සුර නරන් නෙතැ රස අඳුන් යුත, දිමුත, සුමන සුරිඳු ගෙ තුනු සිරි වනත, සතත, සවත, සුරගුරු, ගණිසුරු, අනත (යන) මහත මෙ සුර මිසැ අන් කෙවියත සමත?

(සියලු දෙවියන් ගේත් මිනිසුන් ගේත් ඇසට රස අඳුනක් බඳු, දිළිසීමෙන් යුත් සමන් දෙව් රජුගේ සිරුරේ හැටි වනත් හොත්, මහ බඹ යැ, කඳ කුමර යැ, සුර අදුරා හෙවත් වෘහස්පති යැ, ගණදෙව් යැ, අනත් නා රජ යැ යන මෙ උසස් දෙවියන් මිසැ අන් කවර වියතෙක් ද, සමත්?).

සතත = සත් අත (සතක් අතේ ඇත්තා, එනම් මහ බඹා).

සවත (මූණු සයක් ඇත්තා, එනම් කඳ කුමරා).

(යහළුව. එ දෙව් රජුට වෙසෙස් වූ මෙ හැටිවිත්තියක් දන්වන්නැ).

202. පෙළ:- මිතුරු සඳ, නම කළ සුර අසුර නර නා කිරුළු කෙමිනුඳුළ - වෙසෙස් නිදොස් රතැඟිලි පෙත්තෙන් තෙවුනා, අපිස් තවුස් හස් කැන් නිත්තෙන් සෙවුනා- මුනි සරණ සිය පත හැම සදැ මුදුනත පැළැඳි, තෙවළා දහම් කඳ සවන බරණ කළ, සුමන, සුමන සුර රජු සිරි පා නැමැඳ -





224 සැවුල් අසුන් පවත්


මෙ අප පවර මුනි සස්න ද, සත් ලොව ද, ළතර රාජසිහ නිරිඳු ද, මැති ගණ ද, පතර ඇතස් රිය පාබල සෙන් පබඳ (ද) නිතොර රකින ලෙසැ අයදින්.

(මිතුරු තුමෙනි, නැමඳීම කළ හෙවත් වැදැ සිටියාවූ දෙව්, අසුර, මිනිස්, නා යන වගේ රජුන් ගේ වොටුනු නැමැති කෙමිය (බට්ට) බබළන්නා වූ, අන් අයට නැති තමනට මැ ඇරුණු, දොස් රහිත රත් ඇඟිලි නැමැති පෙතිවලින් දිළෙන්නා වූ, මඳ දැයින් තුටු වන තවුසන් හෙවත් සඟන නැමැති හසුන් සමූහයා නිති සෙවුම් කරන්නාවූ,

බුදුන් ගේ පා පියුම්

සියලු විටැ හිස් මුදුනේ පැළැඳැ සිටුනා, තුන් පිටක දහම අසන, මනා වූ පහන් සිතක් ඇති සමන් දෙව් රජු ගේ සිරිපා වැඳැ,

‍ මෙ අප ගේ උතුම් වූ බුදු සස්නත්. සත් ලොව හෙවත් ලෝ සතුනුත්, සිත දැඩි වූ රජසිහ රජුත් ඇමැති රැසත්, මහත් වූ ඇත්, අස්, රිය, පාබල සෙන් සමූහයත් නිතින් රකිනා හැටියට අයදින්නැ).

ඇතස් = ඇත් අස්

204. පෙළ:- සබඳ සිරි සර මෙසුරනිඳු සුරතුර වැලැඳී, සොඳ, මනහර කප් ලියක් මෙන් හැම සඳ දිලෙන, පුවතර, බිසෝ දෙවියන් පද කමල වැඳ, එක් පසෙකැ සිටැ මෙ පුවත සැළ කර.

(යහළුව, සිරින් සරු වූ මෙ දෙව් රජු නැමැති කප් රුක වැලැඳී, මනා වූ, සිත් ගන්නා සුලු වූ, කප් ලියක් සෙයින් සියලු කල්හි බබළන, පසිඳු වූ බිසෝ දෙවියන් ගේ පා පියුම වැඳැ, එකත් පස් වී සිටැ ගෙනැ මෙ පුවත දන්වන්නැ).






                                   සැවුල් අසුන් පවත්                                 225

204. පෙළ:- සකි, සිසිර කර කිරණ, කිරණව තරඟ යුත පතර යස රැසින් මුළු දියත හෙළි කළ කුමර දෙවිඳු යුග සිරි සරණ සිය පත ත සිරු පැළැඳැ මෙ පුවත සැළ කරව.

(යහළුව, සඳ රස්, කිරි මුහුදේ රළ; වැනි මහත් යසසන් මුළු ලොව එළි කළාවූ - පුත් - කුමර දෙව් රජු ගේ දෙසිරි පා පියුම් තගේ හිසේ පැළෑඳැ හෙවත් දෙපය වැඳැ මෙ පුවත සැළ කරන්නැ).

205. පෙළ:- කළණ මිතුර, තිපුර දැවූ හර දළ නෙතගෙව් තෙදණ, අපමණ ලොවතුළ යසස් රැස සපුර කළා, සපු සුරිඳු ගෙ යුග සිරිසරණ නම කැරැ මෙපුවත සැළ කරව.

(මනා ගුණයෙන් යුත් මගේ යහළුව, ත්රිඳපුරය දැවූ මහ ඉසුරා ගේ නළල් ඇසේ ගින්න වැනි තෙද අණ යුත්, ඉමක් නිමක් නැති ලෝ කුසේ යසස් සමූහය - හෙවත් කීර්ති රාශිය සපිරීම කළාවූ, සපු දෙව් රජු ගේ දෙ සිරිපතුල වැඳ මෙ පවත දන්වන්නැ.

නෙතගෙව් = නෙතු අග එව්.

මීට පළමු පැදිය ඇති කල්හි මේ පැදිය අනවැසි වේ.

දෙව් රජුට අස්න කියා එය බිසෝ දෙවියනටත් පුත් දෙව් කුමරුටත් සදහන් කැරැවීම සිරි රහල් හිමියන් ගෙන් ගත් නියායෙකි. පෙරැ මෙ රටේ මහවත් ගේ කුලුණ ලැබීමට දනන් පිළිපන් නියර තමා ඒ.

206. පෙළ:- තඹසිළු මිතුර, නුඹමිනි තෙ දැති, එ, සොබන සුමන සුරිඳුට සුබ මෙ හසුන් අප ඇයැදුමෙන දන්වා, යසහිරවරණ බඹ මුදුනත සදමින නෑසියත හා පවතින්.






226 සැවුල් අසුන් පවත්


(කුකුළු යහළුව - හෙවත් යහළු කුකුළාණෙනි, ඉරුට බඳු තෙද ඇත්තා වූ, හොබනා වූ, පසිඳු, සුමන දෙව් රජුට, වැඩ දායක මෙ පහිණය අප ගේ අයැදීමක් හැටියට සැළ කොටැ, යසස් නැමැති සේසත බඹා ගේ මුදුනට නංවා හෙවත් තම යසස බඹුට සේසත කොටැ තම නෑයන් හා එක්වැ පවතින්නැ.

තෙදැති = තෙද ඇති.

යසස බඹුට සේසතක් කිරීමෙන් යසස බඹ ලොවිනුත් ඉහළට නැඟීම වේ.

‘ඔහු යෙසෙ සේසත්

සිරි රුකුළෙ බඹ මුදුනේ’ (ක: සි:) යන්නෙන් කරන ලද අදහස මැ යි මෙ ද?

207. ගැඹුරු සකු මගද කව් නළු සිඳු කිමිඳි, මිතුරු නොවන කිවිගජ සිග සිරින් බිඳි; සොඳුරු, අලගිවන්මුකවෙටි නැමැති සුදී, මියුරු පද රසැති - මෙ සැවුල් අස්න යෙදී.

(ගැඹුරු වූ සකු මගද දෙබසින් වූ කව් නළු නැමැති සයුරේ නිමිදියා වූ, සතුරු කිවින් නැමැති ඇතුන් සිංහයකු ගේ විලස් පෑ බින්දා වූ, යහපත් වූ අලගියවන්න මූකවෙටි නම් වූ හුදන තෙමේ මිහිරි වූ පද රස ඇති මෙ සැවුල් අස්න යෙදු වේ යි).

අලගියවන්න රාලහාමින සයුර සේ ගැඹුරු සකු මගද කව් නළු කියවා දත් බව මෙයින් පැවැසේ, එහෙත් එ තුමන් සකුව හෝ මගදය හෝ දත් බවට මේ ගතින් හෝ මොවුන් කළ අනෙක් ගතෙකින් හෝ දෙස් (සාක්කි) නො ලැබේ.

සතුරු කිවියන් ඇතුන් සේද මොවුන් සිහරදුන් සේද මෙහි දැක්විණි. එහෙත්,






                                       සැවුල් අසුන් පවත්                                 227


මිතුරු නොවන කවිගජ සිහසිරින් බිඳී, යනු පැසැසුම් ලබන උවමෙක් නොවේ. එක් පළෙකැ කි‍විගජ, යැයි ද අනෙක් පෙළේ ‘සිහ සිරින්, යැයි ද යෙදීම නයහුරු හෝ විදුහුරු හෝ නොවේ.

‘ගජ බිඳි’ යනු ද වියත් යෙදුමෙක් නොවි. සිහරදු බි‍ඳිනේ ගජන් නොවැ ගජන් ගේ කුඹු යි.

‘කිවි ගජ බින්න කළ එකසර කෙසරයුර’ (සුභා.) යනු ද මොවුන් ගේ මැ යෙදීමෙකි.

‘අලගිවන්’ යනු ‘අලගියන්න’ යන්න විරිත නිසා කොට කිරීමෙන් නිපදවා ඇති.

‘පද රසැති’ යි යෙදීමෙන් මෙහි ඇත්තේ පද රස මුත් අරුත් රස නොවේ යැ යනු ඇඟැවේ. එහෙත්

‘මෙ මියුරු පදැති සැළ ලිහිණිය අස්න යෙදී’ (සැළ.) යන්න සිහි කොටැ නිකම් සිතට ආවාට මෙය යෙදුවා මිසැ එ වන අරුතක් සලකා යෙදුවා නො වේ. ‘මියුරු පදැති’ යන්නේත් ‘මියුරු පද රසැති’ යන්නේත් වෙසෙස මෙ කිවියනට නො හැගේ.

"https://si.wikibooks.org/w/index.php?title=සැවුල්_අසුන්_පවන්&oldid=4089" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි