සිංහල බෝධි වංසය-විවරණය
විවරණය
අභිසම්බෝධි කථා
[සංස්කරණය]1.ආරම්භ කථාව
[සංස්කරණය]විපුල - මහත්
ත්රිලවිද්ය - 1. පෙරැ විසූ කඳ පිළිවෙළ දන්නා නුවණ,
2ත සියලු සතුන්ගේ මරණයත් උපතත් දන්නා නුවණ, 3. කෙලෙස් නැසීම සම්බන්ධනුවණ යනු ‘ත්රිපවිද්යාු’ නමි.
අෂ්ට විද්යාම - මේ වනාහි 1. විදර්ශනා ඥානය, 2. ඉදුහ පිළිබඳ නුවණ, 3 ඉදුහ පිළිවෙළ පිළිබඳ නුවණ, 4. දිව ඇස, 5, දිව කන, 6. පරසිත් දැනීමේ නුවණ, 7. පෙර විසු කඳ පිළිවෙළ දන්නා නුවණ, 8. කෙළෙස් නැසීමේ නුවණ යන දත යුතු කරුණු අටයැ.
පසළොස් චරණ ධර්ම - නිවන් මඟට පදනම් වැ පවතින හැසිරීමේ ක්රරම හෙවත් දහම් පසළොස. එනම් 1. ප්රුථම ධ්යාරනය, 2. ද්විතීය ධ්යාඑනය, 3. තෘතීය ධ්යාිනය, 4. චතුර්ථ ධ්යාරනය, 5. සිල සංවරය, 6. ඉන්ද්රසයයන්ගේ සැඟැවුණු දොරටු ඇති බව, 7. ආහාරයෙහි පමණ දැනුම, 8. නින්දට ගැති නොවීම, 9. ශ්රමද්ධාව, 10. පාපයට ලජ්ජාව, 12. සත්ය4ය, 13. අරඹන ලද වීර්ය ඇති බව, 14. එළැබ සිටි සිහි ඇති බව, 15. සුදුසු වැටහීම් නුවණ ඇති බව.
දශබල - හුදක් බුදුනට මැ හිමි වු නුවණ බල දසයත් කාය බල දසයත් දස බල නමින් ගැනේ.
චතුර් වෛශාරද්යි - බුදු කෙනෙකුට මැ හිමි වැ පවතින සිව් කරුනෙක්හි ඇති විසාරද බව.
ෂඩ් අසාධාරණ ඥානය - අන් පුද්ගලයන් හා සම නොවන්නා වූ බුදු කෙනෙකුන් කෙරෙහි පමණක් මැ පවතින්නා වූ නුවණ. එනම් 1. පරසිත් දැනුම, 2. දිව ඇස, 3. දිව කන, 4. සෘධි ප්ර්භේද, 5. මනෝමය සෘධි, 6. විදර්ශනා ඥානය යන හය.
විදස්සනා ඤාණ මනෝමයිද්ධි ඉද්ධිප්පභේදො පි ච දිබ්බසොතං පුරස්සවේතානුගතං ච ඤාණං පුබ්බේනිවාසාන්ගතං ච ඤාණං
අෂ්ට පර්ෂද් - අට පිරිස 1. ක්ෂත්රී ය 2. බ්රා හ්මණ 3. ගෘහපති 4. ශ්රටමණ යන හතර වර්ගයේ මිනිස් පිරිස හා 5. චාතුර්මහා රාජිකය 6. තාවතිංසය 7. මාරය 8. බ්රාහ්මය යන හතර වර්ගයේ දෙව් පිරිසත් මේ අට වර්ගයට අයත්යැ.
අකම්ප්යර ඥානයෙන් - නොවෙව්ලන නුවණින්. මේ ක්ෂත්රීරයයැ, මේ බ්රායහ්මණ යැ යනාදී වශයෙන් හෝ සලකා නොසැලෙන්නා වු න්වණින්.
ලෝකත්රනය - 1. ස්වර්ග, 2. මර්ත්යද, 3. පාතාල යන ලෙසින් හෝ 1. කාම, 2.රූප, 3. අරූප යන ලෙසින් හෝ බෙදෙන ලෝක තුන.
අසහාය ප්රාදීපයක් වැනි වු - තනි පහනක් වැනි වූ.
දෙව් බඹුන් මුදුනෙහි ලෙලෙනා පා පියුම් ඇති - දෙව් බඹුන් හිස් මුදුනෙහි ලීලෝපේත වන්නා වූ, එනම් ඔවුන් විසින් වඳිනු ලබන්නා වූ, නෙළුම් මල් වැනි පා ඇති.
ශාක්යා සිංහ වූ - ශාක්යි වංශයට උත්තම වූ. සිංහ ශබ්දය වෘෂභ, හංස, චන්ද්රව යන ශබ්ද මෙන්ම උත්තතමාර්ථය සඳහාද යෙදෙයි.
පර දුක්ඛ දුක්ඛිත වූ - අනුන් ගේ දුක නිසා දුක් වුණු .
අනුශාසක වූ - (තමන්) අනුවැ හික්මවන්නා වූ.
සමන්ත භද්ර - හැම පැත්තෙකින්මැ යහපත්.
අද්වයවාදි - දෙවදනක් නොතෙපලන. යම් වදනක් කලින් තෙපලා, කී ඒ වදන නැවැතැ වෙනස් කිරීමෙක් නැති.
ප්රලතිපක්ෂ - සතුරු.
සතර අාර්ය මාර්ගය - සෝවාන්, සකෘදාගාමි, අනාගාමි අර්හත් යන ලෝකෝත්තර සතර මඟ.
ආර්ය මාර්ගඥාන සංඛ්යාතත වූ - උතුම් මඟ නුවණ යැයි ගණන් ගන්නා ලද.
ප්රනතිවේධ කළ - ඇතුළතින්මැ වටහාගත්.
සර්වඥතා ඥාන - සියල්ල දන්නා බව පිළිබඳ ඥානය.
අත්ත්යානතෝපකාරී වූ - කෙළවරක් නැති පමණට උපකාරි වූ.
පඤ්චමාර - ස්කන්ධමාර, මෘත්යුතමාර, දේවපුත්රන මාර, අභිසංස්කාර මාර, ක්ලේශ මාර යනු පංච මාරයෝය.
ඒකාතපත්රා - එක සතක් (කුඩයක්) යටතට පත් කොට, එක්සත් කොට. ‘ආතප’ නම් අව් රස්නයයි; පත්රාක නම් ැාරක්ෂාවයි. අව්වෙන් රකින්නේ ‘ආතපත්ර්’යි, එනම් කුඩයයි.
අර්ථ බල - ධන බල.
තන්ත්රලබල - උපක්රකම බල.
දිගන්ත ව්යාමප්ත - දිසා කොනට මැ පැතුරුණු.
කීර්ති - යමකු පිළිබඳ වැ රටැ තොටැ කටින් කටැ පැතිරෙන ගුණ කථාව.
තේජස - වටපිටාව තැති ගන්වා නිහඩ කිරීමේ ගුණය.
දීප ධුප ගන්ධ පුෂ්ප භෝජනාදී වූ - පහන්, දුම්, සුවඳ මල් බොජුන් යන ආදී වූ.
දීප ධුප ගන්ධ පුෂ්ප භෝජනාදී වූ සත්කාර ඇති - පහන් දැල්විම්, සුවඳ දුම් ගැස්විම, සුවඳ ඉසිම්, මල් පිදීම්, බොජුන් පිදීමි යන ආදී වු සත්කාර ඇති.
දසපින් කිරියවත් - 1. දන් දිම, 2. සිල් රැනිම, 3. භාවනාව, 4. පින්දිම, 5. පින් අනුමෙවිම, 6. වතාවත් කිරිම, 7. හරසර දැක්විම, 8. දම් දෙසීම, 9. දම් ඇසීම, 10. දැකීම් නිවැරදි කිරිම.
දානං සිලංච භාවනා - පත්ති පත්තානු මෝදනා ව්යෛ වච්චාපචායනෝ - දේශනා සුති දිට්ඨුජු.
සාර පෝයේ පේවස් රක්ශා කොටැ - පුර අටවක යැ පසළොස්වක යැ යන හතර පෝයෙහි අට සිල් හෝ දසසිල් සමාදන්වැ, සමාදන් වූ ඒ සිල්පද කඩ නොකොටැ පොහොය දවසේ වසන්නා වූ හෙවත් පවතින්නා වූ වෙසෙයි පිළිවෙළයි පෙහෙවස් නම්.
කරන ලද ආත්මාර්ථ ඇති - කරන ලද තමා පිළිබඳ වැඩි දියුණුව ඇති. ප්රුත්ය.ය දානය - සිවුරු, පිඬු, ගිලනපස, සෙනෙසුන් යන සිවිපස දිම.
ස්වර්ග මෝක්ෂ සැප - සඟ මොක් සැප, දෙව්ලෝ සැප සඟ සැප නම් යැ. මොක් සැප නම් නිවන් සැපතයි.
කරුණා නිධාන - කරුණාවට නිදහනක් බඳු.
රාජ වංශ නමැති රත්නාකරයෙහි - රජ කුලය නමැති මැණික් පතලයේ.
චින්තා මාණික්යරයක් - සිතුමිණක්. සිතූ පැතූ දේ දෙන්නේ යැයි සලකන මැණික සිතුමිණ නමි. මෙය දෙව්ලොවේ වූ මැණිකෙක් ල. එය අභියෙසට ගොස් වත් පිළිවෙත් දක්වා කවර හෝ යමක් පැතුව හොත් පැතුවහොත් පැතූ මොහාතේමැ ඒ පැතූ පැතුම ඉටු වෙයිලු.
ද්වීප චක්ර වර්තී - මුළු දිවයිනටමැ අණ සක පවත්වන.
මගධ භාෂාවෙහි අකෝවිධ වූ - මගධ බසෙහි සමත් කමක් නැති.
සාවධාන වැ - අවධානය සහිතවැ. සිත්යෙමු කිරීම සහිතවැ.
2. මහා බෝධි කථාව
[සංස්කරණය]විස්ජනය කටයුත්තේයැ - විසැදීම කළ යුතුයැ.
සෝතාපත්තිමාර්ගාදි වු - සෝවාන් මඟ ආදි වූ. මෙහි ආදී ශබ්දයෙන් සෝවාන් ඵලයත් ඉතිරි තුන් මඟ හා තුන් ඵලයත් ගැනිණ.
සතර ආර්ය මාර්ගයෙහි පැවැත්තා වූ ඥානය - උතුම් මඟ හතරෙහි පැවැති නුවණ.
ආර්ය මාර්ග ඥාන සංඛ්යාවත වූ - උතුම් මඟ නුවණ ලෙස ගණිනු ලබන්නා වූ.
පැමිණි සේක්නුයි - පැමිණි සේකිනුයි, පැමිණි සේක් නිසායි.
ධරමාන - ජිවමාන, දිවමන්, ජීවත් වන, ප ණ ඇති.
ධරමාණ සර්වඥයන්ගේ ශරීරයෙන් - දිවමන් බුදුන්ගේ සිරුරින් . පණ පිටින් ඉඳුනා බුදුන්ගේ ඇගෙන්.
ෂඩ්වර්ණ ඝන බුද්ධ රශ්මි මාලා - පාට හයෙන් යුතු දැඩි බුදුරැස් වළලු.
3. සුමේධ පණ්ඩිත කථාව
[සංස්කරණය]භද්ර කල්පය - යහපත් කල්පය.
සාරා සංඛ්ය කල්ප ලක්ෂයෙකින් මත්තෙහි - අසංඛ්යද කල්ප ලක්ෂ හතරකට උඩැ දී.
සමයක් සම්බුස්ධ - ලොවුතුරා සමුබුදු. සැබෑ සම්බුදු.
ප්රකත්යේක බුද්ධ- පසේබුදු:පසෙකින් කොටෙසකින් වැටැහීම ලබාගත් බුදුහු පසේ බුදු නම් වෙති.
අග්රත ශාවක - අග සවු.
අශිති මහා ශ්රාශවක - අසූ මහ සවු.
සමුපචිත මහා කුශල සම්භාරයෙන් - රැස් කරන ලද මහ පින් ගොඩෙන්.
දක්රනවර්ති - සක්විති. මුළු ෙලාවැමැ සිය අණසක පවත්වන රජ.
ප්රරලිෂ්ඨාධාර - දනා පිළීසරණ. නොසැලෙන උදවුව.
ප්රරවර - උතුම්
ඇගෑ - පහන් ටැම්. මුලින් මහත්වැ උඩට යන්න යන්න ප්ළිවෙළින් සිහින් වන හැටියට තනන ලද පහන් ටැම්.
දශවිධ ශබ්ද - නගරයෙකැ මහ උසස් බව හගවන හඬ දහය. ඇත්, අස්, රිය, පාබළ යන සේනා හඬ හතරත්; ගැයුම්, වැයුම්, නැටුම් පිළිබඳ හඬ තුනත්, එව, කව, බොව, යන සැගැනුම් හඩ තුනත් එක්වැ මේ දශවිධ ශබ්දය තැනෙයි. එහෙත් සමහර පොතෙකැ හත්ථ, අස්ස, රථ,භේරි, මෘදංගවීණ, ගීත, සම්මතාලි, අස්නාථ, පිබථ, කාදථ යන සැටියෙන් දක්වා ඒ සශ ශබ්සය අවුල් කොටැ තිබේ.
අවිචික්කිත වූ - විචිකිත්ත නොවූ, තොර නොවූ, ඉස්පාසුවක් නැති. ආකීර්ණ - ගැවැසුණ. සිත්කළු - සිත් ඇඳගන්නා. සාගර තුල්ය යූ - සයුර හා සමාන වූ. කාමේශ්වරයා - අනංගයා. කම් දෙවියා ආකාශය සේ අනන්ත වූ - අහස මෙන් ඉමක් කොනක් නැති. සියුමැළි - සුකොමළ, සුකුමාර, තද ගොරෝසු ගතියක් නැති. අයකැමි අමාත්යතයා -ආදායම් පිළිබඳ කටයුත්තේ යෙදීහිඳුනා ඇමැතියා. රත්නගර්භ සහස්ර යන් - රුවන් මැඳිරි, රුවනින් පිරුණු කාමර දහස් ගණන්. කර්ෂ පණ මාත්රයයකුදු - කහවණුවක් පමණකුත්. සංවේගය - කණගාටුව සංසාරය අනවරාග්ර යැ නරක දුක්ඛ භයානක යැ - ඉපැදුම් මැරුම් වශයෙන් පවත්නා සොබාවේ ඉමෙක් කොනෙක් නැත. නිරයේ දුක බිය පමුණුවන සුලු යැ. මනුෂ්යැත්වය දුර්ලභ යැ - මිනිසත් බව දුලබ යැ. මිනිස් අත්බවක් ලැබීම ඉතා අපහසු යැ. සෙසු තැන් පුණ්යත කර්මයට අස්ථාන යැ - ඉතිරි තැන් පින් කිරීම සඳහා තැන් නොවේ; නොතැන් යැ. පින් කිරීමට නම් මිනිසත් බවක් මැ ලැබියැ යුතු යැ. අනෙක් තැන්වලැ උපන් විටැ පින් කිරීම නොකළ හැකියැ. එහෙත් මිනිස් අත්බවක් ලැබීම නම් ඉතා අමාරු යැ. ක්ෂණ සම්පත්තිය - විටක් පින් කිරීමට නිසි මොහොතක් - ලැබීමේ සැපත.
අනුගාමික නිධානයක් මෙන් - කැටි වැ යන නිදහනක් වගේ; අනුවැ යන නිදහනයක් වගේ.
ජාතිය - ඉපැදීම ජරාව - දිරීම ව්යා ධිය - ගිලන්කම මුවරඳ වතුර - මල් රොන් සැඬ පහරක් මෙන් කොතෙකුත් වැහෙන්නා වූ මල් රොන් හිම වර්ෂාව - හිම වැස්ස දන් නැමති හිම වර්ෂාවෙනුදු නො ගෙවන ලද රත්න නමැති පද්ම වනය දැකැ - හිම වැස්ස නෙළුම් වනයට නැසී වැනසී යෙයි. එහෙත් සුමේධ කුමාරයන්ගේ දන් දීම් නමැති හිම වැස්ස කොතෙක් වැස්සද ඔවුන්ගේ රුවන් ගබඩා නමැති පියුම වන නො වැනැසිණ. නිම නොවිණ.
ලැව් ගිනි - වනය දවන , වනයේ මැ හටගන්නා ගින්න. දුනුකේ - කහ වන් කොළයෙහි නිල් වන් ඉරි ඇති කේ ගස් ජාතිය දුනුකේ නමින් හැඳින්වේ. මුළු කොළය මැ තද කොළ පාට වගය වැටකේ නමි. හෝපලු - අසෝක, ඉතා සිනිඳු සිවි බඳු දලුයෙන් යුතු හෙයින් ඒ ගොපලු නම ලබයි. පුවඟු - රුක් නමින් හැඳින්වෙන ගස් වෙසෙස . එහි නොපිපුණු මල් කොළ පාට ගැට ගැට බඳු යැ. පිපුණු මල් කහ පාට ගැට ගැට බඳු යැ. ඈතට විහිදැ යන සුවඳින් යුතු යි. ප්රිවයංගු, සකු. කීන - චීන නමින් හැඳින්වෙන හීන් දොඹ. චතුස්පාද සමූහයා - සිවුපාවුන් රෑන. ගන්ධර්ව - එක්තරා දෙවු කුලයෙකි. සිද්ධයන් විද්යාාධරයන් - මේ ද දෙවු කුල දෙකෙකි. ඉන්ද්රනනීල මාණික්යයය - මරකත නමින් හැඳින්වෙන මැණික් ජාතිය, පච්ච ගල්. ස්ඵටික මාණික්යචය - පළිඟු මිණි. අනේකප්රමකාර දිව්යාං ගනා සමූහයාගේ පයෝධර නමැති ඝටයෙන් අළලන ලද - නොයෙක් සැටි වූ දෙවඝනන් රෑනේ තන නැමති කළයෙන් කළඹන ලද. ලිය මඬුව - මඬුවක් මෙන් ඔබින් මොබින් පැතිරී වෙළී වැවී සිටි වැල් ගොන්න. ගඟුලැල්ල - ගුඟුල් හැල්ල. ගඟ පටන් ගන්නා පෙදෙසේ වූ දිය ඇල්ල; ගංඟා නිර්ඣර. ලියකින්නරාවන් - මනහර කිඳුරු අඟනන්’ රඟමඩල - නැටුම් පිල කල්ප වෘක්ෂයෙහි පල්ලව පත්ර්යක් මෙන් - කප් රුකෙහි දලු පතක් වගේ දල්වන ලද නේත්ර යෙහි රශ්මි ජ්වාලායෙන් - අයන ලද ඇසෙහි දිස්න සිළුයෙන්; ඇරැගත්ත ඇගේ කාන්ති දහරාවෙන්; අයාගත් ඇසින් නොක ඩවා විහිදැ යන දිස්නයෙන්.
වන්යි හස්තීන්ගේ - වන ඇතුන්ගේ, වල් ඇතුන්ගේ. මද ජල වර්ෂාවෙන් - වැස්සක් වගේ නො කඩවා වැගිරෙන මද ජලයෙන්. සුපුෂ්පිත පුෂ්පයෙන් - මනා වැ පිපුනු මලින් ඒක සුගන්ධ වූ - මුළුමනින් සුවඳවත් වූ පබළු වන් සෙවෙනි ඇති - පබළු, කොරල් වැනි පැහැයෙන් යුතු පියැසි ඇති. සුශ්ලිෂ්ට වූ - සුසිලිටි වූ; මනා වැ ඔප මට්ටම් වූ. හන් සළු - ඇඳිවත්; ඇඳැගත් රෙදි වැහැරිමය අඳනය ඇඳැ - දිරාපත් රෙද්දෙන් කැරැගත් අඳනය ඇඳැ ගෙනැ.
අනෝජා මල් - අනෝදා නම් කහපාට මල් වෙසෙස දළ මඬුලු බැඳැ - ජටා මණ්ඩලය බැඳැගෙනැ; කෙස් වැටිය ගැටලා ගෙනැ. සුඛ ස්පර්ශ - සැප ගතියක් දැනෙන ස්පර්ශය; ස්ව පහස. ඛර ස්පර්ශ - රළුවට ගොරෝසුවට ඇති ස්පර්ශය; රළු පහස අමෘත රස ධාරා පරම්පරායෙන් පරිශේක කරන ලද - අමාව බඳු දිය දහරා පෙළෙන් සනහනු ලැබූ. ප්රීදති ප්රුමෝද - සතුටු සොම්නස ප්රීව්ර ජ්යාමව - පැවිද්ද. සංසාර වෘත්තය - සසර පැවැත්ම. නෛෂ්ක්රෘම්ය ය - නික්මියාව, ගිහි සැපත හැරැදමා පැවිද්ද පිණිස නික්මීම මැ වෙසෙසින් මේ වදනින් හඟවයි. මුං වන් සල වට මත්තේ - මුං ඇට පාට ගල් ගෙඩිය උඩ, වට , හැඩය ඇති ගල, සල වට නමි. විලඟනන් ගේ ස්වාමී වූ - විල් නමැති ගැහැනුන් ගේ හිමියා වූ. නුරුවළා ධ්වනිය - ගිගිරි වළලු හඬ මන්දාකිනි නම් විල - මඳොවු විල; හිමවත් පෙදෙස් වූ විලෙකි. හංසයෝ මේ විලට ඉතා පිය කෙරෙත්ල ! වැහි ඉරුතුයේ දී ලොවේ අනෙක් විල් වලැ පියුම් වැනැසෙන විටැ ඌ තුමූ ඒ විල් හැරැපියා මන්දාකිණිය බලා පියාඹන වගක් කිවියෝ කියති. නිද්රා නමැති චන්ද්රා රශ්මීන් - නින්ද නමැති හඳ කැල්මෙන් ස්මෘති ප්රතඥාවෙන් යුක්ත වැ- සිහිනුවණින් යුතු වැ. යෙහෙන් නිඳා යෙහෙන් පිබිදියෝ - හොඳින් නිඳාගෙනැ හොඳ සැප සේ නැඟිටි තැනැත්තෝ. නුරු වළා ආදීන්ගේ ඝර්ෂෝණ ධ්වනිය - ගිගිරි වළලු ආදියේ ගැටුම් හඬ ස්වර්ණාභරණ විභූෂිත - රන් අබරණ පැළැඳැගත් අභිනව යෞවන විලාසය - අලුත් තුරුණු වෙස. සොළොස් වියෙහි පමණ වූවෝ අලුත් තුරුණු නම් වෙති. තෘණ ලවයක් - තණ කොළ ටිකක්. ක්ලේශ සන්තාපයට කාරණ වූ - කෙලෙස් හැඟුම් තැවීමට හේතු වූ. රුක් මුලැ එළැඹැ - ගස් මුලකට පැමිණැ. සප්ත විධ ධාන්යැ - පළට වූ ධාන්ය. හත් වගය. වී, හැල්, කුරහන්, තිරිඟු, කඩල, මෙනේරි, යව, යන හත් වගය. තුවටුව - නටුව.
තුවටුයෙන් ගිලි හී බිමෙහි වගුළ - නටුයෙන් ගැලැවී බිමට වැටුණු.
ඵලපත්රෙයෙන් - ගෙඩි, කොළ රාත්රීෙන්දිනය හකුළුවමින් - රෑ දවාල් ගෙවමින්.
කිසුණු පිරියම් - කසීණ පරිකර්ම - මැටි - පිඬක් වැනි යම්කිසි සලකුනක් අරමුනු කැරැගෙන හිත එකග කිරීම.
පඤ්චාභිඥා අස්ට සමාපත්තීන් - අභිඥ පසත් සමාපත්ති අටත්;
ඍද්ධි විධඥානය, දිව්යඑ ස්රෝසතස්ඥානය, පරචිත්ත විජනනඥානයැ පූර්වේනිවාසානුස්මෘති ඥානය, දිව්ය චක්ෂුරභිඥානය යන උසස් නුවණ පස අභිඥා පසයි. පළමු දෙවැනි තෙවැනි සිවු වැනි යන රූපාවචර සමවත් හතර හා ආකාසානඤ්ඤායතන, විඤ්ඤාණඤ්චායතන ආකිඤ්චඤ්ඤායතන, නේවසඤ්ඤා නැසඤ්ඤායතන යන අරූපචර සමවත් හතරත් අෂ්ට සමාපත්ති නම් වේ.
සතර සම්ය්යක් ප්රවධානය - යහපත් හැබෑ වෑයම් හතර, නූපන් අකුසල් නොඉපැදැවීම, උපන් අකුසල් නෙරැපීම, නූපන් කුසල් ඉපැදැවීම, උපන් කුසල් වැඩීම යන හැබෑ වෑයම් හතර.
මෝහ නමැති අන්ධකාරය භග්න කරන්නා වූ - මුළාව නමැති අඳුර වනසන්නා වූ උත්තරී කෙනකුන් - උතුම් කෙනකුන්. ප්රතමාණාතික්රා න්ත වූ - පමණ ඉක්මැවුණු; පමණ මෙතෙකැයි නොමිනියැ හැකි. සමත්රිංැසත් - සමතිස්. දශදිශාවවලෝකනය කොටැ - දස දිග බලා. උත්තර දිශාභිමුඛ වැ - උතුරු දෙසට හාරී, උතුරු දෙසට මුහුණලා. සප්ත පද ව්යිතිහාරාවසානයෙහි - සත් පියවරක් නඟා ඉවර වීමෙහි. යෞවන මද ප්රිතිපක්ෂ වූ - යොවුන් මදයට විරුදු වූ; තරුණකම නමැති මත් ගතියට හතුරු වූ. ජරා ජීර්ණ රූපය - ජරාවෙන් දිරාගියා වූ රුව ආරෝග්යර මද ප්ර-තිපක්ෂ වූ - නොලෙඩ ගතිය නමැති මදයට හතුරු වූ; “මම නොලෙඩෙක්මි, මට ලෙඩ හැදෙන්නේ නැත” යන උඩඟු හැඟුමට එරෙහි වූ. ව්යානධිත රූපය - ගිලන් වූ රුව කෙලෙස් තැවුලියට කාරණා වූ - කිලිටි හැඟුම් තැවීමට, මනසට නැඟෙන්නට ඉඩ නොදී යටපත් කිරීමට හේතු වූ. චතුරඞ්ගිණී සේනාව - සිවුරඟ සෙනඟ මහඛිනික්මන - මහ රහසේ පිටත් වීම යැ; මහ උතුම් පිටත් වීම යැ යන අරුත් දෙකක් මේ වදනින් ලැබේ. දෙවැන්න මේ තැනට වඩා නිසියි.
පුරාඞ්ගනාවක - පුර වැසි අඟනක. ආජිවක - එක්තරා මිසදුටු පැවිදි කොටසෙකි. එළවනලද - පමුණුවනලද. සමධිගම කොටැ - වටහා ගෙනැ. බෝධී ද්රුම - බෝ ගස.
ක්ෂිණාශ්රමවයන් - ආශ්ර වයන් ක්ෂීණ කළවුන්; සසර බැලුම් ගෙවා දැමුවවුන්, රහතුන්.
අවගමනය - වටහා ගැන්ම ; අවබෝධය
ප්රමතිවේධ ශාසනය - නිවන පසක් කිරීම පිළිබඳ දහම. සෝවාන් ආදි සතර මඟත් සතර පලත් නිවනත් යන ලොවුතුරා දහම නවය.
අපරිමිත - අප්රවමාණ, අපමණ, පමණක් නැති. පැදකුණු කොටැ - දකුණත ඇතුළු පැත්තට සිටුනාසේ හාත්පසැ වටයට ගමන් කරමින් යමකුට හරසර දැක්වීම පැදැකුනු කිරීම යි.
අසදෘශ - නො සදිසි: අසමාන
උදය පර්වත මස්තකයට චූඩා මාණික්ය යක් බඳු වූ - උදය ගිරි මුදුනට සිළු මිණක් වැනි. නැඟෙනහිරි දෙස දසුන් මඬුල්ල අවරගිරි උදාගිරි නමිනුත් බටහිරි දෙස දසුන් මඬුල්ල අවරගිරි නමිනුත් පැරැණියෝ හැඳින්වූහ. ඔටුන්නෙකැ හෝ කොතෙකැ හෝ වැනි තැනෙකැ මුදුනේ පළඳිනු ලබන මැණික සිළුමිණ නමි.
අරුණ තරුණ රශ්මි - අරුණු වන වූ - රතු පාට වූ ළා දිස්නය.
අභික්ඥා පාදක කොටැ ඇති - “පඤ්චාභිඥ” යන්නෙන් සඳහන් වුණු උසස් දැනුම් පසින් යම් දැනුමක් පදනම් කොටැ ඇත්තා වූ, මෙහි පදනම් වනුයේ මනෝමය ඍද්ධිය යැ.
චතුර්ථ ධ්යා නය - සිව් වැනි දැහැන. ආකාශ පථය - අහස් මඟ රශ්මි කදම්බ - රස් කදඹු. මිටි මිටි වසයෙන් විහිදෙන්නා වූ දිස්නය. සුදර්ශන මහා වීථීය - තව්තිසා දෙව් ලොවැ වූ මහ වීදී මඟ. පස් වනක් ප්රීීතීන් - පස් හැටියේ සතුටින්; බුද්දක, ඛණික, ඔක්කන්තික, උබ්බේග, එරණ යන ප්රීයති පහ. මහ වතුරු මැඩීමෙන් ගුඹුරු වූ - මහ සැඬ පහරට මිරිකී හැරී යෑම නිසා ගුඹුරු වුණු. කඳු රුළියක් - දිය බස්නාවක්. බුද්ධාලම්බන ප්රී-තී - බුදුන් අරමුණු කොටැ ඇති සතුට, පරසතු මඳාරා - දෙව් ලොවේ වූ පළට මල් දෙජාතිය; පරජාත, මන්දාර. අඩාල වැ තිබියැ දී මැ - හරි හැටි නොනිමා තිබිය දී මැ. ත්රි මණ්ඩල ප්රණතිච්ඡාදනය කෙරෙමින් - නැබ යැ දෙදණ යැ යන තුන් පෙදෙස වැසීම කෙරෙමින්. රන් පමුදය - රන් හවඩිය. විද්යුුල්ලතා සශ්රීනක වූ කායබන්ධනය - විදුලිය හා සිරියාවෙන් යුතු වු පටිය. ස්වර්ණ පර්වතයන් - රන් කන්දක්. ලාක්ෂා රස - ලාකඩ දියර පාංශුකූල චීවරය - සොහොන යැ මඟ යැ මංසල යැ යන ඈ තැනෙකින් අහුලාගත් රෙදි කැබලි වලින් මසා ගන්නා ලද සිවුර. ශරච්චන්ද්රියා - සරත් ඉරුතුයෙහි හඳ. වලාකුළුවලින් අහස තොර නිසා සරත් ඉරිතුයේ දී හඳ අනෙක් කල දවසට වඩා හොඳින් බැබැළෙයි. ව්යාවම ප්රයභා මණ්ඩලය - බුද්න සිරුරින් බඹයක් දුරට හාත්පසැ විහිදෙන දිස්න දහරාව. නීල - නිල් පීත - කහ ලෝහිත - රතු අවදාත - සුදු මාඤ්ජිෂ්ඨ - මඳට පාට ප්ර්භාස්වර - කලවම් පාට රන් පෝරු අතුළ හෙයක් පිටැ වඩනා කලක් මෙන් - රන් ලෑලි අතුරන ලද පාලමක් මත්තේ වඩිනා විටෙකැ වගේ. අක්බඹුරු වූ -අගින් නැමී කැරැකී සිටියා වූ. දළ මඬුලු - ජටා මණ්ඩලය ගොතා ගැටගසාගන්නාලද හිස කෙස් වටාව. අතුටැ - අතුරා විකසිත පද්මය - පිපුනු නෙළුඹ. ස්මෘති සම්පන්න - සිහියෙන් යුතු. ශ්රුති සම්පන්න - ඇසූ පිරූ තැන් ඇති දැනුම් තේරුම්. ප්රුවේශ කරවන්නෙමි - ඇතුළු කරවන්නෙමි. අභිප්රාසය - අදහස අනාගත වූ ජාති පර්යන්තය - මතු ඉපැදීමෙහි නිමාව. මහා පර්ෂද් මධ්යරයෙහි - මහ පිරිස් මැදැ. උග්රප තපස් ඇති - බලවත් වූ කෙලෙස් තැවීම් ඇති. කළල් පිටැ - මඬ මත්තේ ක්ෂීර පායාසය - කිරිබත. නිල්දලා හෝ තෙරැ - නේරඤ්ජරා, නිලන්ජලා, නම් ඔය ඉවුරේ. උතුරු සළු - පොරෝනා රෙදි. බුද්ධාඞ්කුර තෙමේ - බෝසත් තෙමේ. බුදුබව නමැති මහ ගස තැනෙන , ගිරියක්, පැළයක් වැන්නේනුයි බෝසත් හු බුද්ධාඞ්තුර නම් වෙති.
4. බුද්ධ කාරක ධර්ම කථාව
[සංස්කරණය]බුද්ධ කාරක ධර්මයන් - බුදු බව සිදු කරන්නා වූ දහම්. කරුණෝපාය කෞශල්යයයෙන් - කරුණා උපාය කෞශල්යායෙන්, අසරණ ලෝවැසියන් අරබයා හට ගන්නා, කරුණාව නමැති උපායෙහි හපන්කැමින්. පරිගෘහිත - හාත්පසින් ගන්නලද ආත්මෝපකරණ පරිත්යා්ග කරන - තමාගේ මැ සිරුරේ අවයව දීමනාව කරන්නා වූ. චේතනා සංඛ්යාකත - සිතැවිල්ල ලෙස සලකනු ලබන. කිබිසිනි කොටැ තබන ලද - මුණින් නමා තබන ලද නිරවශේෂ කොටැ ප්රී තීන් ප්රණබුද්ධ වූ - නො ඉතිරි සේ, මුළුමනින්, සතුටින් පිබිදුණා වූ. මුඛ පද්ම - මුහුණ නමැති පියුම චණ්ඩ මාරුතයෙන් - සැඬ සුළඟින් වජ්ර පර්වතයක් - වීදුරු පවුවක්. දියමන්ති කන්දක්. චණ්ඩමාරුතයෙන් වජ්රත පර්වතයක් සොල් වලියැ නොහැකි කලක් පරිද්දෙන් - කන්දක් හුළෙඟෙකින් සොලවන්නට බැරි යැ. දියමන්ති කන්ද එසේ මෙසේ කන්දෙක් නොවේ. එය ඉතා තද ගුණයෙන්, ඉතා තිර ගුණයෙන් යුතු යැ. එ හෙයින් කවර සැඬ සුළඟෙකින් වුව ද ඒ සෙලැවියැ නොහැක්කේ යි. කායවාක් සුචරිත - කයින් හා වදනින් ද මනා පැවැත්ම. ආකාර්තව්යු විරති, කර්තව්ය කාරණ චේතනා සඞ්ඛ්යාදත වූ - නොකටයුත්තෙන් වෙන් වැ කටයුත්ත මැ හේතුව වන්නා වූ සිතැවිල්ල යැයි සලකනු ලබන. වාලධිය රක්නා වූ සෙමෙර ධේනුවක මෙන් - වලග රකින සෙමෙර මුව දෙනක වගේ. සෙමෙර මුවා තමා ගේ දිවියට ද වඩා ඇල්මෙන් වලග රකින්නේ යැ. ලස්සන බව රැකගැන්මට වඩාලා මැ ආසාව ගැහැනු පසට නොවැ.? සෙමෙරාට ද වඩා ඇඟලුම් කමෙකින් යුතු වැ සෙමෙර දෙන වලග නො රකීවී යැ? එය තකා වන්නට ඇති සෙමෙර දෙන යැයි වෙසෙසා සඳහන් වුණේ. ආදීනව පූර්වඞ්ගම කොටැ ඇති කාමයෙන් නිෂ්ක්ර මණ චිත්තෝත්පාද සංඛ්යාටත වූ - විපාකය පෙරටු කො ටැ ඇති කම් සැපතින් නිකුත් වීමේ හිත ඉපැදීම ලෙස සලකනු ලබන.
නිරන්තරයෙන් උත්කණ්ඨා බලවත් වූ දඟ ගෙයක්හි - නිතොර වැ මැ උකටලී බව, ඉතා දැඩි වූ හිර ගෙදරෙකැ.
ධර්මයන් ගේ සාමාන්යබ විශේෂ ලක්ෂණාවබෝධ සඞ්ඛ්යා ත වූ - දහම් හි හුරු පුරුදු ලකුණු හා අමුතු ලකුණුත් වටහා ගැනීම ලෙස සලකනු ලබන.
සපදාන චාරිකාඞ්ගය - ගෙ පිළිවෙළින් පිඬු සිඟීම.
කාය චින්තයෙන් පරහිතාරම්භ සඞ්ඛ්යා ත වූ - කයින් හිතින් අනුන්ගේ වැඩි දියුනුව සඳහා පටන් ගැන්ම යැයි සලකනු ලබන.
ස්ථාන ගමන ශයනාසන ලක්ෂණ සතර ඊර්ය්යා් පථයෙහි ඒකාකාරයෙන් පවත්වන්නා වූ දැඩි වීර්යය ඇති - සිටීම යැ ඇවිදීම යැ, නිඳීම යැ, ඉඳීම යැ, යන ලකුණින් යුතු වූ හතර ඉරියව්ව එක සැටියෙන් මැ පවත්වන්නා වූ තද වැර වෑයමක් ඇති. සත්ත්ව සංකාරයන්ගේ අපරාධ සහනය කරන්නා වූ - සතුන්ගේ වැරැදි ඉවසන්නා වූ. අද්වේශ ප්රරධාන වූ තදාකාර ප්රාවෘත්ත චිත්තෝත්පාද සඞ්ඛ්යාපත වූ - නොතරහව හෙවත් මිතිරියාව, යාළුකම, මුලුකොටැ ඇති ඒ සැටියෙන් මැ පවත්නා
හිත ඉපැදීම යයි සලකනු ලබන.
චිරති චේතනාදී භේද වූ - නො ඇලීම හිතැවිල්ල යනාදී සින් බෙදුණා වූ.
හිමත් - හිම වැටෙන ඉරිතුව . හේමන්තය. ගිමන් - ඉඩෝරකාලය, ගිම්හානය. මාෂාවාදය - බොරු කීම.
අචලාධිෂ්ඨාන තදාකාර ප්රරවෘත්ත චිත්තෝත්පාද ලක්ෂණ වූ -සැලෙන ඉටාගැන්ම ඒ සැටියෙන් මැ පවතින හිත පැදීමේ සලකුණ වූ. ආත්මාධිෂ්ඨානය - තමාගේ බලවත් ඉටාගැනිම. ප්රමහීන වූ අනූ නය ප්රාතිඝ ඇති වැ - ගෙවුණා වූ බලවත් ඟැලුම් කම හා තරහව ද ඇති වැ. භුත භවිෂ්යහද් වර්තමාන ලක්ෂණ කාලත්ර යවර්තී වූ - ඉස්සර වුණා වූත් දැන් වන්නා වූත් මත්තට වන්නා - වූත් යන තුන් පවත්නා ලක්ෂණ රස ප්ර ත්යුනපස්ථාන වශයෙන් සම්මර්ශනය කරන්නා වූ - ලකුණු වසයෙන් හෙවත් හැඩ නිල වසයෙන්ද රස ලෙසින් හෙවත් පල විපාක ලෙසින්ද ප්ර ත්යුපපස්ථාන වසයෙන් හෙවත් හේතු එළැඹීම වසයෙන්ද මෙනෙහි කරන්නා වූ. අනුලොම නය - මුලැ සිටැ අග දක්වා වූ පිළිවෙළ. ප්රලතිලෝම ණය - අගැ සිටැ මුල දක්වා වූ පිළිවෙළ. ආද්යොන්ත - ආදි අන්ත. මුල අග උභතෝ වර්ධන නය - දෙපසට වැඩි විහිදී යන පිළිවෙළ මධ්ය සංක්ෂේප නය - දෙ පසැ සිටැ මැදට හැකිළෙන්නා වූ පිළිවෙළ. ගත ප්රළත්යා්ගත නය - ගිය තැනට මැ ආපසු එන්නා වූ පිළිවෙළ. කුඹල් සක - කුඹලා මැටි බඳුන් තැනීම සඳහා උදවුවට ගනු ලබන රෝදය. සිසාරවා - හාත්පස කරකවා. සුපර්ණයන් - ගරුඩයන්, ගුරුළන්, මනා පියපත් ඇති හෙයින් ගරුඩයෝ සුපර්ණ නම් වෙති. කිරීට මාණික්ය ය - කිරුළු මිණ. සෛලාසනය - ගල් අස්න. පනවන ලද - පිළියෙළ කරන ලද. ස්වර්ග කථා ශ්රසවණයෙන් - දෙව්ලොව පිළිබඳ ව කථාව ඇසීමෙන් . කාමයෙහි ලුබ්ධ වූ - කම් සැපතෙහි ලොල් වූ. බුද්ධ කෘත්ය් - බුදු කෙනෙකුන් විසින් කරනු ලැබියැ යුතු කිස.
5. අවශේෂ විවරණ කථාව
[සංස්කරණය]බෝධි සම්භාර - බුදුකුරු දහම් රැස, බුදු බව ලබනු සඳහා පිරි යැ යුතු දහම් රැස. ගවපාන - ක්ෂිර පායාසයට බොහෝ වැ චතුමධුර යොදා හැඳිගෑ විටැ ඒ ගවපාත යන නමින් ගැනේ. බන්ධු සමූහයා - නෑයන් සමූහයා. නාග භළුනය - නා ලොව. දිව්යළ පඤ්චාඞ්ගික තූර්යය නාදය - දිව ලොවේ වූ දෙවියනට අයත් වූ දෙව් ගඳඹුවන් විසින් පවත්වනු ලබන්නා වූ ආතත විතතාදි පස් පිළිවෙල් තුරු හඬ.
අග්රාෙමකාරණ්යඬය - ගමට නොළඟ වූ වනය; බුද්ධාලම්බන ප්රීාතිය - බුදුන් අරමුණු කොටැ ගෙනැ ඇති වන සතුට.
ඍෂි ප්රටව්රජ්යා ව - රුසි පැවිද්ද, තවුස් පැවිද්ද බුද්ධ දිවාකරයෝ - බුදු හිරු හු. වේදත්රදයෝ - වේද තුන, ඍග්, යජුස්, සාම යන තුන් වේදය මල් මණ්ඩප - මලින් තැනූ මඬු.
කප්පිය භාණ්ඩ - කැප බඩු මහරි - මාරා තිහිරි පිළි - පට දුහුල්
අවිවිය - විඳුනා දුකෙහි හෝ ඒ දුක් විඳි මේ කල් තරමෙහි හෝ මිම්මක් පමණක් මෙතෙකැයි නැති නිරය.
ලෝකාන්තරිකය - ලෝකයන් අතුරෙහි පවත්නා ඉතා මැ සීත ඉතා මැ අඳුරු දරුණු නිරය.
අසංඤ්ඤ සත්ත්වය - මෙය අරූපාවචර බඹ ලොවෙකි. ජාත්යඤන්ධනා - උපතින් මැ අඳ බව ජාති මූගතා - උපතින්මැ ගොළු බව. උහතෝඛ්යගඤ්ජනකභාවය - දෙ ලිගු ඇති බව; කලෙකැදි පිරිමියකු වීම, යළි කලෙකැදි ඉතිරියක වීම.
පණ්ඩක භාවය - නපුංසක භාවය, නිපුස් බව, පිරිමි හෝ ගැහැණු හෝ නොවීම.
පඤ්චානන්තරිය කර්මය - අනතරයක් නැති; අනතුරක් විටක් , ඉඩක් නැති කර්ම පස මව මැරීම යැ පියා මැරීම යැ, බුදුන් ඇඟින් ලේ සෙලැවීමය . රහතුන් මැරීම යැ, සඟුන්ගේ සමඟිතාව කඩා බිඳ හෙළීම යැ, යන මේ කර්ම පස මේ කර්ම කළ වුන් හට එහි විපා විඳැ මඳ ඉසුබුවක් ලැබීමට හෝ අතරක් විටක් නොලැබෙයි.
අශුද්ධ ගෝචරතා - කිලිටි බවට ගොදුරු වීම්. මිථ්යා දෘෂ්ටිය - වැරැදි දසුන, මිසදිටුව කර්ම ක්රිලයාවන් ගේ අදර්ශනය - කර්මයෙහි පල විපා නැතැ යි සැලැකීම.
අභව්යීස්ථාන - නුසුදුසු තැන්. අටළොස් අභව්යයස්ථාන - බුදුකුරු උතුමන් ඟේ ඉපැදීමට සුදුසු නොවන තැන් දහ අට. අඞ්ග පරිත්යා ගය - සිරුරේ අවයව දන් දීම. අනේක ජන්ම කෝටි ශත සහසුයෙහි - නොයෙක් ජාති කෙළ, කෝටි සිය දහසෙහි. කෙළ සිය දහස් ගණන් නොයෙක් ජාති වලැ දී, උපත් වලැදී.
ලෝකාර්ථ චර්යාව - ලොවට වැඩ පිණිස හැසිරීම. ඥාත්ය්ර්ථ චර්යාව - නෑයනට වැඩ පිණිසැ හැසිරීම. බුද්ධි චර්යාව - සිහි නුවණ සඳහා හැසිරීම වර ධන පරිත්යා ගය - උතුම් දන, සැපත, දන් දීම. පුත්ර දාර පරිත්යාවගය - දරුවන් අඹුවන් දන් දීම. ප්ර්තිඥාව - පිළිනය, ගිවිසුම. තෝ තැනි - දිය නවතින සේ ගස් වටා පිළියෙළ කරනු ලබන කුඩා අගල, ආලාවාලය. ජල පරිශේකය- දියෙන් තෙමීම, හාත්පසින් දිය ඉසීම. පල්ලව පත්ර් - දලු පත් විකසිත පුෂිප - පිපුණු මල්
6. පඤ්ච මහා විලෝකන කථාව
[සංස්කරණය]දිව්යත චාමර ප්රනභා සමූහයෙන් - දිව සෙමෙර කැලුම් රොදින් දෙව් ලොවේ වූ සෙමෙරවලැ දිස්න රැසින්.
නිදුකාණන් වහන්ස - දුක් නැති උතුමාණෙනි. පඤ්ච මහා විලෝකනය - තුසිත දෙව් ලොවැ වසන මහා බෝසත් කෙනෙකුන් විසින් බුදුවන අත් බැවෙහි ඉපැදීම සඳහා බලනු ලබන බැලුම් පස. 1. උපදනා කල 2. උපදනා දිවයින 3. උපදනා දෙස. 4. ඒ කලදවසට ජනතාව අතරැ උතුම් යැයි සම්මත කුල ගොත. 5. මවගේ ආවි පමණ යනුයි ඒ පස නම්. මධ්යද මණ්ඩලය - දඹදිවැ මැදි දෙස. සුණු වමින් ධවල වූ - හුණු පිරියම් කිරීම නිසා සුදු පාට වූ උද්යාවන පරම්පරාවෙන් අලංකෘත වූ - උයන් පෙළෙන් ලස්සන වූ කෛලාස පර්වතය - කෙලෙස් ගිර හිමාලය කඳු වැටියේ වූ උස් කඳු මුදුනෙකි. ගංගා නදිය ඇරැඹෙන්නේ මේ කඳු මුදුනින් යැ. සදා හිමෙන් වැසී ඇති හෙයින් මේ කඳු මුදුන ඉතා සුදු යැ
වන රේඛා - වන රොදු රථ සහසුයෙන් හක වූ රාජ වීථී ඇති - රිය සමූහයෙන් ඇකැළුණු ඉඩ කඉ ඇහිරී ගියා වූ, මහ වීදී ඇති.
මෘදංග භේරි ධ්වනියක් සේ - මිහිඟු බෙර හඬක් වගේ; ධාරා ගෘහ - නිතොර වැ දිය බිඳු වැගිරෙන ලෙසැ පියැසි සකස් කරන ලද කෙළි ගෙවල්
මත්තාංගනාවන් ගේ - අනඟ සැරයෙන් මත් වූ අඟනන් ගේ සූර්යය පුත්ර වූ මනු වංශයෙහි - හිරුගේ පුත් වූ මනු, රජහුගේ කුල ගොතෙහි. අසංඛ්යාපයුෂ්ක - අසංඛ්ය් ආයුෂ්ක, අපමණ වූ මෙතෙකැයි නොගිණි යැ හැක්කා වූ ආවිස ඇති.
7. ශාක්ය් වංශ කථාව
[සංස්කරණය]ඕපපාතික වැ - ඉබේ ඇදැහෙළි. මවක ගේත් පියකු ගේත් සබඳතාව නැති වැ. දේසිතාදිච්ච බන්ධුනා - ආදිච්ච බන්ධුනා දේසිත. හිරු නෑයා විසින් දෙසන ලද. “ආදිච්චා නාම ගොත්තේන සාකියා නාම ජාතියා ” - ගොතින් අදිතිය, ආදිත්යක, හිරු, නම් වූත් ; උපතින් සැකි , ශාක්යා, නම් වූත්.
වෑහෙයි - මඳින් මඳ වැගිරෙයි අකාශයෙහි පලක් බැඳැ හිඳින්නේයැ - එරැමිණිය ගොතාගෙනැ අහසෙහි ඉන්නේයැ.
අනේක කවිවර සහස්රඉයෝ - නොයෙක් දහස් ගණන් උතුම් කිවියෝ.
කාම භෝගීන්ට අග්ර වූ - කම් සුව විඳින්නවුන් හට අගපත් වූ පුත්රෝ පෞත්රන පරම්පරායෙන් - දරු මුනුබුරු පරපුරින් මුළු දඹදිව ඒකාතපත්රන කොටැ - මුළු දඹදිව එක්සත් කොටැ. (මුළු දඹදිව මැ තනි කුඩයට, තනි රජ සලකුණට, යටත් කොටැ.)
ඉසැ නර කෙසක් දුටු කලැ - ඔළුයෙහි පැහැණු කෙස් ගහක් දැක්කාම
මේ නියායෙන් මත්තෙහි පවත්ති හොයි - මේ හැටියට මතු කලදවසැත් පවතිද්දෝ යි.
අන්යකතර වේශයෙකින් - වෙනත් වෙසෙකින් චිත්තාරාධනාව කොටැ - හිත සතුටු කොටැ. පුත්රෝරත්පත්ති සිද්ධීන් - දරුවන් ඉපැදීම සිදු කිරීමෙන් ඵල නිෂ්පත්තිය දක්වා - පල විපාකය ඇති වන තුරු. පල උපත සිදුවන තුරු
සමුද්රද පර්යන්ත පෘථීවියට ඊශ්චරයහ - හාත්පසින් මැ මුහුදින් ඉවර වන පොළොවට ඉසුරෝ යැ.
කරවුවර - අය බදු පර්යන්තයෙහි - හාත්පසින් අවසන් හි. අනන්තරෝක්ත - අනන්තර උක්ත. අතුරක් නැතිවැ පවසනලද . නිතොර පාහේ කියැවුණු. පස් බිහින්නන් හා සමඟ - සෝවිරියන් පස් දෙනා හා සමඟ අධිෂ්ඨීත - අධිපති වුණු. උසස් බවෙහි පිහිටියා වූ පර්ෂදීන් උපලක්ෂිත වැ - පිරිසින් හෙබී කනිෂ්ඨ හගිනීන් - කනිටු සෝවිරියන්
“සක්යාි වත හෝ රාජ කුමාරා, පරමසක්යා වත හෝ රාජ කුමාරා - හෝ රාජකුමාරා සක්යාහවත පින්වත් වූ රජ කුමරුවෙ හපන්නු යැ. හෝ රාජ කුමාරා පරම සාක්යජ වත - පින්වත් රජ කුමරුවෝ ඉතා හපන්නු යැ.
උදාන වාක්යාය - සොම්නස පිණිසැ කියැවෙන කියමන.
8. සිද්ධාර්ථ කුමාරෝත්පත්ති කථාව
[සංස්කරණය]සූර්ය්යක වංශයෙහි ජාත - හිරු කුලයෙහි උපන්, හිරුගෙන් පැවැතෙන ගොතෙහි උපන්
මහා සම්මත රාජ පරම්පරාව - වෛවස්වත මනු නම් වූ මහ රජුගේ රජ පෙළපත. මහ ජනතාවෙහි සම්මතයෙන් රජ වූ නිසා වෛවස්වත මනු රජ තෙමේ “මහා සම්මත රජ” යන නම ලද්දේ යැ. ඔහුගෙන් පැවැතෙන පරපුර යැ. “මහා සම්මත රාජ පරම්පරාව” නම්.
කිරිටය - කිරුළ, වොටුන්න
නිර්මල වූ ශීල නමැති ආභරණයෙන් සැරැහුණා වූ - පිරිසුදු වූ පැවැතුම් නමැති අබරණයෙන් සැරැසුනු.
ගුණ නැමැති රත්නයට ආකරයක් වූ - ගුණ නැමති මිණි රුවන් වලට පතලයක් වැනි වූ . පතලයෙන් උතුම් මිණි රුවන් පහළ වන්නාක් මෙන් මොවුන් කෙරෙන් උතුම් ගුණ ලෙවියාට ලැබෙයි.
ශ්රීය කාන්තාවය වාසස්ථානයක් වැනි වූ - ලෝ වැස්සෝ මැටියෙන් රනින් රිදියෙන් රූප අඹති. හරියට අන්න ඒ වගේ මේ සුදොවුන් රජ තෙමේ උතුම් යහපත් පුරිස් ගුණයෙන්මැ මැවුණේ යැ. ඒ හෙයින් හේ සත් පුරුෂ ගුණයෙන් හැඹුණු රූපයක් වැනි වූයේ යැ.
ශීලාලංකාරයෙන් අනවරතයෙන් සමලංකෘත වූ - සිල් නමැති පළඳනාවෙන් නිතොර වැ හැඬ වැඩ වුණා වූ.
උපස්ථාන - උවටැන්, වත් පිළිවෙත්
සන්තාන විශේෂ ඇති - විශේෂ වූ; අමුතු වූ, සිත් සතන් ඇති.
ගරච්චන්ද්රේ රේඛාවක් වැනි - සරත් ඉරුතුයෙහි වූ හඳ ඉරක් වැනි. සරත් කල දවසේ දී වලා කුළින් අහස තොර වූ හෙයින් හඳ සකසා පෙනෙයි.
සියලු ලෝකවාසී සත්ත්වයනට සිත්කලු වූ - අලුත් හඳ, අමාවක පසු වූ දෙවැනි දා හඳ, බැලීම උතුම් මංගලයක් ලෙස තකා ලෙවියෝ ඉතා කුහුලින් ඒ බලති. මහමායා බිසොව ද ලෙවියාට එතරම් මැ සිත් කලුයැ. ඌ තුමූ අලුත් හඳට මෙන් වැඳුම් පෙරටු වැ මහ බැති පෙමින් ඇය දෙසැ බලති.
ධවල - සුදු ස්මෘති ප්රමඥා - සිහි නුවණ
දශ සහස්රීම ලෝක ධාතු කම්පනාදි වූ විවිධ ප්රාහතිහාර්ය සහස්රැයන් පවත්නට පටන් ගත්හි කල්හි ප්ර තිසන්ධි ග්රරහණය කළේ යැ - දස දහසක් ලොව කම්පා වීම ආදි වූ නොයෙක් සැටියේ පෙළහර, අරුම පුදුම සිදු වීම්, දහස් ගණනක් ඇති වන්නට පටන් ගත් විටැ පිළිසිඳැගත්තේ යැ.
රන් පියුම් කෙමියක් මත්තෙහි හුන්නා වූ රන් පිළිමයක් මෙන් - මලෙකැ මැදැ පිහිටි ගැහැනු පරාග දරනය කෙමිය නමි. රත් නෙළුම් මලෙකැ මැදැ වූ ඒ කෙමිය මත්තෙහි වැඩ හුන් රන් පිළිමයක් වගේ, මේ මහ බෝසතුන්, මෑණීයන්ගේ කුසෙහි වැඩ උන් සැටි කිවියාණන් විසින් මවා පෑ පිළිවෙළ යි.
මාණික්යම රත්නයෙක්හි අවුණනලද රන් පලස් හූයක් මෙන් - උතුම් මැණිකෙකැ ඇමුණු රතු කම්බිලි නූලක් වගේ. මිණි රුවන තුළන් එ රතු නූල යස ලස්සනට දිලිහි දිලිහි පෙනෙනවා නොවැ? අන්න ඒ වගේ මෑණීයන් කුසැ ඔත් මහ බෝසතාණෝ මෑණියනට හරි ලස්සනට පෙනුණහ.
තමාගේ සුවඳ තුනු ලියට එළැඹෙන ලද මත් වූ බමරුන් ඇති - මහමායා දේවීන්ගේ සිරුර සුපිපි වැලක් මෙන් මනහර යැ. එමෙන් මැ සුවඳවත් යැ. මත් වූ බඹරු ඇය සිරුරේ සුවඳින් මුළා වී ඇත්තෙන් මැ සුපිපි වැලෙකැයි සිතා ඇය වෙතැ ළං වෙති. බමර මුළු - මී මැහි රොදු අධෝමුඛ වැ නො හෙමින් - සොබා මිනිස් පිළිවෙලට වෙනස් වැ මහ බෝසතුන් උපන් බවයි කිවියා මෙයින් පෑයේ. මව හිටැගෙනැ ඉඳිද්දී දරුවා බිහි වූයේ නම්, හිස යටිකුරු වැ බිහි වියැ යුතු යැ. එහෙත් මහ බෝසතාණන් බිහි වූයේ ධම් සභා මණ්ඩපයෙකින් බස්නා තෙර නමක්සේ මන හරට යැ. රත්න පර්යංකය - රුවන් පුටුව. ධර්ම කථික කෙනෙකුන් - දහම් දෙසන කෙනෙකුන් පද්ම ගර්භ කර්ණිකාවෙක්හි ශයියාව කොටැ - නෙළුම් මලක් ඇතුළේ වූ කෙමියෙනැ නිඳා හිඳැ.
ස්වර්ණ භෘංග රාජයකු - රන්වන් මහ මී මැස්සකු. කසී වස්ත්රගයෙකින් වසා තිබූ ජාති රංග මාණික්යැයක් මෙන් - කසී වස්ත්රස ඉතා සිනිඳු දිලිසෙන දුහුල් පිළි යැ ජාති රංග මාණික්ය අමුතුයෙන් ඔප නඟන්නට ඇවැසි නැති. එය උපතින් මැ බැබැළෙන්නේ යැ. ඉතින් එහෙවු දෑරඟ මිණි කසී දුහුලින් වැසූ කලැ කවර තරම් මනහර හොබනා බවෙක් ඇති වේ ද? ආකාශගත වූ රත්නයන් - මේ කියැවුණේ තාරකා සලකා යැ. සප්ත ස්වරයෙන් සමුපේත - සර හතින් යුතු; ස, රි, ග, ම, ප, ද, න යන සත් සරෙන් යුතු.
ග්රාසම රාග - ගම්රා; වැයුම් හඬෙහි එක්තරා වෙසෙසි තාවෙකි.
අන්ධු බන්ධන සංකලික බන්ධන - පා විලංගු, අත් විලංගු තුන් ලෝ - ස්වර්ග, මර්ත්ය, පාතාල යන තුන් ලොව. නොහොත් කාම, රූප, අරූප, යන තුන් ලොව.
පඤ්චාංගික තූර්යයෝ - ආතත යැ, විතත යැ, විතතාතත යැ, ඝන යැ, ඝන යැ, සුසිර යැ යන සේ පිළිවෙළේ තුරු බඩු ආතත, විතත, විතතාතත, යනු බෙර තුන් වගයෙකි. ඝන නම් කායිතාලම්, රන්සුතාලම් වැනි තාලම් පට වෙසෙස් යැ. සුසිර යනුයෙන් ගැනෙනුයේනළා ජාති යි.
කනක වලය නුපුරාදි ශරීරාභරණ - රන් වළලු, සළඹ යන ආදී ඇඟ පළඳනා චතුරංග සංගීතිය - සිවු අවයවයෙකින් යුතු සගයුව, බෙර ආදිය තැළිම යැ, නළා ආදිය පිඹීම යැ, නැටීම යැ, ගැයීම යැ, යනුයි ඒ අංග හතර. සත් බුමු මහ පියුම් - පෙති වට හතෙකින් යුතු මහ නෙළුම්.
කිබිසිනි ඕලම්බක පද්ම - මුහුණත පහළට සිටුනා සේ; හැරී එල්බෙන නෙළුම් . නෙළුම් මල නටුයෙන් අල්ලා බැඳැ එල්ලූ විටැ එය කිබිසිනි ඕලම්බක පද්මයෙකි.
එක පැහැර - එක විටැ; එක හඬින් සර්වඥතාඥන ප්ර තිලාභය - සියල්ල දන්නා නුවණ ලැබීම. ලෝකාන්තරික නරකය - ලෝක අතරතුරෙහි පවත්නා නිරය. මෙය ඉතා අඳුරු වූත් ඉතා සීතල වූත් අපාය වෙසෙසෙකි.
තාරාගණ - තරු සමූ හ. විනේය ජන - හික්මැවීමට සුදුසු වූ සෙනඟ ක්ලේශ පරිදාහ - කෙලෙස් දැවිල්ල . හාස්පතින් පවත්නා. දාහ, පරිදාහ නම්, කිලේශ නමැති පරිදාහ; ක්ලේශ පරිදාහ නම් වේ.
ගංගා ප්රමවාහ - ගඟෙහි සැඩ පහර චතුර් වෛශාරාද්යූ ප්ර තිලාභය - සිවු කරුණක් පිළිබඳ වැ පවත්නා විශාරද බව යැ චතුර් වෛශාරාද්යර නම්; එය ලැබීම යැ ප්ර තිලාභය නම්. සතර ප්රැතිසංවිදා - අර්ථ යැ, ධර්ම යැ, නිරුක්ති යැ, ප්රමතිහාන යැ යන හතර.
කාකෝලුකාදි වෛරී සත්ත්වයන් - කපුටු බකමූණූ ආදි වූ උනුන් හා වෙර බැඳගත්තා වූ සතුන් සතර බ්රාහ්ම විහාර ප්ර්තිලාභය - මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා යන හතර බඹ විහරණය ලැබීම. බ්රකහ්මයා ගේ විසීමේ පිළිවෙළ බ්ර.හ්ම විහරණය නමි. දිව්යඛ චක්ෂු: ප්රළතිලාභයට - දිව ඇස ලැබීම සඳහා
පංගුල - පිළු. පිට ගැට කුදු බට පිළු නම් වෙයි. බධිර - බිහිරි. බධිරයන් ගේ ශබ්ද ශ්රිවණය දිව්යට ග්රෝටත්රව ප්රබතිලාභයට පූර්ව
නිමිත්ත යැ - බිහිරන්ගේ හඩ ඇහීම, බිහිරන් විසින් හඬ අහනු ලැබීම දිව ලැබීමට පෙර නිමිත්තකි.
මුගයන් - ගොළුවන්.
කාය ගතා සතිය - කය අනුවැ ගියා වූ සිහිය. ශිශිර පරිදාහය - සිහිල යැ දැවිල්ල යැ යන දෙක. අස්මිමාන සමුච්ඡේදයට - මම යැ යන උඩඟුවට වැනැසීම සඳහා
අෂ්ටාංගික මාර්ගය - අංග අටෙකින් යුත් මල.
හරි දැකුම - සම්මා දිට්ඨි හරි දෙඩුම - සම්මා වාචා හරි වෙහෙසුම - සම්මා වායාම හරි හිතුම - සම්මා සංකප්ප හරි කැරුම - සම්මා කම්මන්ත හරි සිහියුම - සම්මා සති හරි සමවැදුම - සම්මා සමාධි හරි දිවි ගෙවුම - සම්මා ආජීව යනුයි ඒ අංග අට.
අවාදිත තූර්යයන් - නොවයන ලද තුරු බඩු. ධර්මභේරි ශ්රතවණයට - දහම් බෙරේ ඇහීමට. මධුර ධ්වනි - මිහිරි රැවු.
වෘක්ෂ ලතා ගුල්ම - තුරු ලිය වදුලු. ගස් වැල් එක ළං වැ වැවී අතු පතර ඔබ මොබ එකට එක වෙළී පැටලී පවත්නා ගොමු යැ තුරු ලිය වදුලු නම්. විමුක්ති පුෂ්පයෙන් සුපුෂ්පිත වන බවට - නිවන් නැමති මලින් මනා වැ පිපී සටුනා බවට.
අවශේෂ ප්රාීතිහාර්ය - අනෙකුත් පෙළහර. බ්රේහ්මාමර මනුෂ්යතයන් අතින් - බඹ දෙව් මිනිසුන් අතින්. බඹුන් ගේත් දෙවියන් ගේත් මිනිසුන් ගේත් අතින්.
සුප්ර තිෂ්ඨිත පාද තලයෙන් පෘථිවි තලය පවිත්රඅ කළේ යැ - මනා වැ පිහිටුවන ලද පත්ලෙන් පොළෝ මත් පිට පිරිසිදු කළේ යි. සිදුහත් කුමරාණන් ගේ පතුල වනාහි, මේ උපන් ඇසිල්ලේ දරුවාගේ පතුල යැ කියා නිකම් ආවට ගියාට, ඇදට කුදට, ඕනෑවට එපාවට හේ මැ නො වේ පොළෝ තෙලෙහි පිහිටියේ. හොඳ සවිමත් පුරුෂයකු ගේ සුනිසි හැකියාවටත් වඩා උසස් ලෙසිනි, මනා ලෙසිනි, එඩිතර ලෙසිනි, ඔවුන් විසින් පය පොළොවෙහි පිහිටනු ලැබුයේ.
ද්වාත්රිං ශද්වර මහා පුරුෂ ලක්ෂණයෙන් - දෙතිසක් උතුම් මහ පිරිමි ලකුණින්; උතුම් මහ පුරිස් ලකුණු දෙතිසෙන්. අශීත්ය නුව්යංඤ්ජනය - අනු ලකුණු අසූව. කිරීට මාලාව - කිරුළු පෙළ; වොටුනු සමූහය. වරණ යුගලය - දෙ පය. ප්ර සාදයෙන් හා විස්මයෙන් ද සම්පූර්ණ වූ - පැහැදීමෙන් හා පුදුමයෙන් ද පිරීගියා වූ. ස්තුති ඝෝෂා - තුති හඬ; පැසැසුම් හඬ. මේරු මන්දිරාදි පර්වාතයන් කහිළ් කඩක් සේ කඩ කරන්නට - මහ මෙර යැ මඳර ගිර යැ යන මහ කඳු උණ ගොබ කැබැල්ලක් වගේ කැබලි කරන්නට.
වජ්රා්යුධ සහස්ර්යකටත් වඩා දුර්ලබ වූ ප්ර.ඥා සාරත්වය - විදුරවි දහසක් ලැබීම යම් තරම් මැ අපහසු ද; එයටද වඩා ලබන්නට ලබන්නට අපහසු වූ නුවණෙහි හරවත් බව. ප්රා්ර්ථ නා විශේෂයෙන් ලබන ලද ඥාන පරිපාක ඇත්තේ යැ - විශේෂ වූ පැතුමෙන්; අමුතු මැ පැතුමෙන් ලැබූ. නුවණෙහි පිරිපැසුම් ඇත්තේ යි. කුශල සම්භාරයයෙන් භරිත වූ සන්තාන විහේෂ ඇත්තේ ය. පින් රැසින් බර වුණු, එ නිසා මැ, අමුතු බවට ගියා වූ සිත් සතන් ඇත්තේ යැ.
අන්කාරයා ගේ විධ්වංසනයට - අඳුරේ වැනැසුමට. ප්රකවාහය - සැඬ පහර. හෙයක් - පාලමක් චක්ර්යා ගේ නාභිය - සකෙහි මැද. රෝදයේ බොස් ගෙඩිය. ධර්ම නැමති ධ්වජය නැඟීමට වංශ යෂ්ටියක් වැනි වූයේ යැ - දහම් නැමති කොඩි එසැවීමට උණ දණ්ඩක් මෙන් වියැ.
ඒකාඩ්න වූ නොයෙක් චක්ර වාට කෝටි සහස්රියන් - එක මැ මිදුලක් වැනි වූ නොයෙක් කෙළ දහස් ගණන් සක්වළවල්. පල්ලව පත්රයයන් ගේ වියැළීමට ලැව් ගින්නක් - දලු කොළ වියැලී යෑමට කැලෑ ගින්නක්. වල් විදුනාව - වලින් කළ පවන් සලනය. ඈත කල දවැස දී සිහසුන් පත් රජ දරුවනට පවන් සැලීම සඳහා ගත් උවාරණයෙකි සෙමර නම් මුවා ගේ වලග. වල් විදුනාව යැ කියනුයේ අන්න ඒ සෙමෙර වලගින් කරන ලද පවන් සලනය යි.
රන් මිරිවැඩි - රනින් කරන ලද පාවහන්. සප්ත පද ව්යා තිහාරය - සත් පියවරක් නැඟීමට. සහජ වූ මුඛ සුගන්ධය - උපතින් මැ ලත් කට සුවඳ.
නොයෙක් ජන සහස්ර්යන් ගේ කලකල ධ්වනියෙන් බහල වූ - නොයෙක් දහස් ගණන් සෙනඟෙහි කලකල යන හඬින් ගැවසුණා වූ. නුරුවළා - ගිගිරි වළලු. ශීඝ්රළ ගමනින් කම්පමාන වූ - ඉක්මන් ගමන නිසා වෙවුලුම් කෑවා වූ.
චඤ්චල වූ මුක්තහාර නැමති ලීයෙන් පහරන ලද පයෝධරස්ථල ඇති - සෙලැවෙන මුතුමාලය නැමැති වැලින් පහර වැදුණු තන බිත්ති ඇති.
වෙළෙවී වැ නැඟීමෙන් ඇළැලුණා වූ - ඉක්මනින් නැඟිටැ සිටීම නිසා කැළැඹීගියා වූ.
වීණා යැ වස් කුළල් යැ මෘදඞ්ග හේරි යැ කංසතාල යැ - මේ වදන් යෙදීමෙන් කවියාණන් හැඟවූයේ නියම තුරු උවාරන නම් කිමෙක් ද යන වගයි. පඤ්චාඪ්ගික තූර්ය භාණ්ඩ ගැන කලින් සඳහන් විණ.එහෙත් ඇත්තේ හැටියට එහි ඇත්තේ අංග පසෙකැ තුරු බඩු නො වේ. ආතත විතත විතතාතත යන මේ තුන මැ බෙර වෙසෙස් යැ. ඝන නම් තාලම් පටයි. සුසිර යන්නෙන් හැඟැවුණේ නළා වෙසෙසු යි. එ හෙයින් එතැනැ ඇත්තේ තුරු බඩු තුන් වගයෙකි. තුරු බඩු වනාහි සුනිසි හැටියට නම් වර්ග වගයෙකි. අන්න ඒ හතර වගය තමා මෙහි දැක්වුණේ. වීණා ආදී තතින් යුතු මැඳීමෙන් හඬ නැඟෙන වගය මැදි නමි. වස් කුළල් ආදි පිඹීමෙන්හඬ නැගෙන වගය පිඹි නමි. බෙර ආදී තැළීමෙන් හඬ නැඟෙන වගය පිඹි නමි. බෙර ආදි තැළීමෙන් හඬ නැඟෙන වගය තැළී නමි. කංසතාල ආදී ගැටීමෙන් හඬ නැඟෙන වගය ගැටි නමි.
කපෝලස්ථල - කොපුල් බිතු, කම්මුල් පෙදෙස්. කර්ණෝත්පල - කන්මහනෙල සාමන්ත ජනයන් - පෙදෙස් වැසියන්, පිටිසරබඳැ මිනිසුන් අන්තඃපුර ස්ත්රීමන් - ඇතොරැ අඟනන්, රජ්ජුරුවන්ගේ බිසෝ වාසලෙහි වූ අඟනන්.
නාග සුපර්ණයන් සහිත වූ - නයින්ගෙන් හා ගුරුළන්ගෙන් ද යුතු වූ, පර්ණ නම් පත් යැ; පියාපත් යැ; මනා වූ පියාපත් ඇති හෙයින් ගුරුළෝ සුපර්ණ නම්හ.
ස්ථාවර ජංගම ලෝකයා - නො ඇවිදින්නා වූත් යැ, ඇවිදින්නා
වූත් යැ යන දෙවග යේ ලෝවැසි සෙනඟ
සුණුවමින් ධවල වූ ප්රෙසාද ශතයෙන් අතුරක් නැති - හුණු පිරියම් කිරීම නිසා සුදු වූ මහ ගෙවල් සමූහය නිසා කිසි ඉඩක් කඩක් නැති.
යමින් යමට සාදා ගෙනවුත් සිටුවන ලද - යුගලයෙන් යුගලය සාදා පිළියෙළ කොටැ ගෙනවුත් සිටුවුණු .
වරාංගනා ජනයා - උතුම් ස්ත්රී. සෙනඟ මංගල ප්රොදීපයක් මෙන් - මඟුල් පහනක් මෙන්, උළෙල සඳහා දල්වන ලද පහනක් මෙන්
සහජාහරණ - උපතින් මැ ලත් පළඳනා පද්මරාග මාණික්යම රශ්මින් - පියුම්රා මැණික් වලැ දිස්නයෙන්, රන් නෙළුම් බඳු රතු වූ මැණික් වෙසෙස පියුම් රා මිණි නමි. අසදෘශ - සදෘශ නොවූ
9. විවාහ කථාව
[සංස්කරණය]සප්ත කුල පර්වත - සත් කුල පවු. යුගන්ධර, ඊසධර, කරවික, සුදස්සන, නේමින්ධර, විනතක, අස්ස කන්න යන කඳු වළලු හත මහමෙර වටා වුයේ ල.
“යුඟඳුර පටන් අඩෙකින් එකිනෙකට මිටි
මනහර රුවන් සත් කුල පවු වළලු දිටි”
යනු ගුත්තිල කරුවන්ගේ කියමන යැ.
පිළිසන් වූ - සැඟැවුණා වූ
ප්රිමාණාතික්රායන්ත වූ පරිවාර ජනයා - පමණ ඉක්මවා සිටි; පමණ මෙතෙකැයි නොදත හැකි තරම් මහත් වූ පිරිවර සෙනඟ.
අක්ෂණ වේධී ධනුර්ධරයා - අකුණු ගැහීමේ එළියෙන් ලකට විදින දුනු වායා.
වාල වේධි ධනුරුධරයා - ලොම් ගස පළායන්නට විඳින දුනුවායා ශබ්ද වේධි ධන්ර්ධරයා - හඬ අනුවැ ලකය විදින දුනුවා යා. ශර වේධී ධනුර්ධරයා - හීයට විදින දුනුවායා සහස්රධස්ථාම ශරායන - දහසක් දෙනා විසින් ඔසවනු ලැබියැ යුතු දුන්න. ශර පද්මයෙන් දිලියෙන්නා වූ - ඊතල නමැති නෙළුඹින් බැබැළෙන. චතුරංග සමන්වාගත ඝනාන්ධකාරයෙහි - අංග හතරෙකින් යුතු තද අඳුරෙහි. යොදුන් බොල ඇති විදුරු පර්වතයෙන් - යොදුනක් ගනකම ඇති දියමන්ති කන්දෙන්
ප්ර සාද වක්ෂුස - පැහැදිලි ඇස. තමලු ලිය - කොල්ලම් ” නම් පඳුරු වෙසෙස අධර පල්ලව - තොල් දලු; දලු වැනි වූ තොල් ආකාශ ගංඟා ජලධාරාවක් සේ- අහස් ගඟේ දිය දහරාවක් සේ.
පයෝධර නමැති ස්වර්ණ හංසයන් ගේ සංගමයට පැමිණියාවූ ආකාශ ගංඟා ජලධාරාවක් සේ බබළන්නා වූ ඉතා මනෝඥ වූ මුක්තාභාරයන් ඇති - තන නමැති රන් හසුන් සමඟ එක් වුනු අහස් ගඟේ දියදහරක් වගේ බබළන හොඳට ගැළැපෙන මුතු වැල් ඇති.
වසාරාජි නමැති ලියට තෝතැන්නක් බඳු වූ - වසා රොද නමැති වැලට ආලවාලයක් වැනි වූ, නැබෙහි සිටැ උඩු අතටත් යටි අතටත් විහිදැගිය ලොම් රොද වසා රාජි නමි. දිය නවතින සේ ගස හාත් පසින් පිළියෙළ කරන ලද වටාව යැ තෝ තැන්න නම්.
රන් මෙවුල් දම - රනින් මැ කරන ලද ඉඟ පළඳනාව මෙය පළඳිනුයේ අඳනයට යටිනි
ඌරු යුගලය - කලවා දෙක
වෘක්ෂයක් හට පුෂ්ප ලතිකාවක් වැනි වූ - ගහකට මල් කැනක් වැනි වූ
වෛත්රව මාසයට පුෂ්ප සමෘද්ධියක් වැනි වූ - බක්මහට මල් වැඩි දියුණුවක් වැනි
මලය පර්වතයට චන්දන රේඛාවක් බඳු වූ - මලය කන්දට සඳුන්
වන රොදක් වැනි වූ. මලය කන්ද සඳුන් ගැන මැ ඉතා පළට යැ. එහෙයින් සඳුන් වනය මලය කඳු පෙදෙසට අබරණයක් බඳුයි.
10. සතර පූර්ව නිමිති කථාව
[සංස්කරණය]දික් වූ උෂ්ණ වූ මියුඬුහුරු ලමින් - දික් වූ උණුසුම් වූ සුසුම් ලමින්, “හා” ගා හිල්ලීම මියුඬුහුරු ලෑම නමි. එය ඉතා දිගට බලවත් ලෙස ලෑ වගයි. මේ පැවැසුණේ මෙයින් ඇඟැවුණේ ඉතා බලවත් දොම්නසට පත් වූ බවයි.
දිව්යස සමූහයෙන් විසිනුදු ප්රාගර්ථනා කටයුතු වූ ශෝභාවන් ඇති - දෙව් සෙනඟ විසින් පවා පැතියැ යුතු රූමතියන් ඇති . කිඹුල්වත් පුරු රජ වාසලැ වූ ශෝභාවෝ එසේ මෙසේ වූවෝ නො වෙති. දෙවියන් විසින් පවා පැතියැ යුත්තෝ යැ ඌ තුමූ.
සකස් කොටැ අටවා තබන ලද මලක් වැනි - මනාව යොදා තුබුනු මල පුඪුවක් වැනි.
ප්රපව්රබජ්යානභිලාෂ - පැවිදි වීමේ කැමැත්ත. පඤ්චේන්ද්රිවයයන් - ඉඳුරන් පහ; ඇස, කන, නැහැය, දිව, කය යන අවයව පස
ළහිරු රැස් - ළා හිරුගේ දිස්නය. උදා හිරුගේ කාන්තිය.
උත්ම් වූ පිළිහන්නේ - උතුම් වූ රෙදි හැඳගත්තේ. ධවලාත පත්ර්ය - සුදු කුඩය , සේසත කණ පල්ලව - කන් පත්, කන් පළඳනා වෙසෙසෙකි. ස්වර්ණ ඝණ්ටිකා නාදයෙන් - රන් සීනු හඬින් පිටිකර කෙසරු සළා - ගෙල පසු පසැ වූ; දිගට වැඩුනු ලොම් සුළිය වාල පල්ලව - වල් පත් ආතපස ආභරණ රශ්මි ආලෝකයෙන් දෙව්දුන්නෙන් ගැවැසී ගත්තාක් මෙන් - ඉර අවුව පළඳනා ලද අබරණ වලැ දිස්නය නිසා හරියට දේදුනු සමූහයෙන් ගැවැසී ගත්තාක් වැනි වූ
ටිංගිනිය - ඇහේ කළු ඉංගිරියාව. නේත්රන රශ්මි රේඛා ප්රඇබන්ධයෙන් - ඇහේ දිස්න ඉරි වලින් මැ සකස් වූ සිත්තම් පබැඳුම නිසා.
පත්ර පුටුයෙන් - කොළ ගොටුයෙන්
ආභරණ ධ්වනිය - අබරණ රැවුව. මිණි සළඹ, මිණි මෙවුල ඈ අබරණයෙන් නික්මෙන හඬ
ධාරා ගෘහයෙන් වර්ෂා සමයයක් වැනි වූ ද - ධාරා ගෘහය නම් පෙම්වත් හූ කෙළි සුවයෙන් දින ගෙවන ගෙයයි. එහි ඔබින් මොබින් කොතෙකුත් දිය බිඳු වැගිරෙයි. එහෙයින් එයට වන් විටැ කවර ඉඩෝර කලෙකැ වුව ද වැහි කළ දවසක් සේ හැඟෙයි.
11. අභින්ෂ්ක්රයමණ කථාව
[සංස්කරණය]අනේක ප්ර.කාර වූ විකෘති ප්රාකාශ වූ භයානක වූ ශය්යාේවන් ඇති - නොයෙක් සැටියේ නොසොබා බව පළට කරන බිහිසුනු වූ සැතැපීම් ඇති. දිව්යු වාද්ය්යන් - දිව තුරු බඬු දිව්යේමය වූ තූර්ය භාණ්ඩ වේටිකාවන් - මෙහෙකරුවියන් කාමච්ඡන්දය - කම් රිසිය. කම් සැපතෙහි කැමැත්ත භුවනත්ර්ය - තුන් ලොව කල්පාන්න වහ්නි ශිඛා කලාපයෙන් - කල්පය අවසනෙහි ලොව වැනසී යෑමට පහළ වන ගිනි සිළු රැසින් .
යුද්ධ මථනය කරන්නා වූ කන්ථක නම් අශ්වයා - යුදෙහිදී හතුරන්ගේ හිත් කළඹාදමන්නා වූ කන්ථක නැමති අසු.
නොහරනා ලද ගර්භරාග ඇත්තා වූ - දුරු නොකළ ගබ් පැහැය ඇති. මෙයින් කවියා පෑයේ ඉතා සොබැ පවතෙකි. දරුවකු ඉපිදැ දින කීපයක් යන තුරු මැ ගබෙහි ඉඳි යැ දී දරුවාගේ පැවැති ලේ කැටි රතු පැහැය දුරු නොවෙයි. නොහරනා ලද ගර්භරාග ඇත්තා වූ යන්නෙන් කිවියා ඇඟැවූයේ බිලිඳා කෙරෙහි වූ මේ පැහැපත් බවයි. මේ වග දනිති ද පැවිද්දෝ ? එ හෙයින් ඌ තුමු “ගර්භ රාග” යන්නට “කාමරයේ වර්ණය” යන සැටියෙන් නො නිසි අරුත් ගන්වති !
චිත්තයට වශීකරණ මන්ත්රටයක් වැනි වූ - හිත වසඟයට ගන් ලබන මතුරක් වැනි වූ
ආකර්ෂණාඤ්ජනය - ආකර්ෂණය කරන්නා වූ,ඇඳැ බැඳගන්නා වූ අඳුන.
මෙරමා හට - අනුන් හට ස්වර්ණ පත්රය ලතිකා සමූහයන් ඇති - රන් පත් වලින් මැ සකස් වුණු මල් පොකුරු සමූහ ඇති. මහත් වූ මුක්තා ඵලයෙන් , ඝන වූ තාරකා සමූහයෙන් ගැවැසී ගත්තා වූ සඳ පහනක් බඳු වූ - පළඳවන ලද මහත් වූ මුතු පල ඇති ; ඒ මුත් වැල් නිසා ඒ අසු හරියට බොහෝ තරුවලින් ගහන වූ හඳ එළියක් වැනි යැ.
පතනෝත්පතනයෙන් උපන්නා වූ ඛුර ඝර්ෂණ ඇති - කුරය තැබීමෙන් හා නැඟීමෙන් ද උපන්නා වූ ගැටීම් ඇති.
ප්රීලය කාලයේ සමුද්රන ඝෝෂාවක් මෙන් - කැලැඹෙන්නා වූ අවදියේ මුදු හඬක් වගේ. මෙහි සඳහන් ප්රමලය කාලය කල්පාන්තය යැ.
කුල්නා - අතරක් නැති වැ හඬ නඟන
භේෂාධ්වනී - භේෂා රවය, අසුන්ගේ හඬ කෛලාස පර්වතය සේ ධවල වූ - කෙලෙස් ගිර වගේ සුදු වූ, කෙලෙස් ගිර හිමාලය කඳු වැටියේ වූ උස් මුදුනෙකි. නිබඳ ව හිමෙන් වැසී තිබෙන හෙයින් ඒ සුදට බබළයි.
අකනිෂ්ඨ බ්රදහ්මලෝකය - අකනිටා බඹ ලොව. උසස් මැ පෙළේ බඹ ලොව. මෙය පොළොවට ඉතා මැ ඈතින් පිහිටියේ යැ.
රාත්රිය ශේෂයෙන් - රැයේ ඉතිරි හරියෙන්; සිදුහත් ගමන අරඹින විටැ රැයේ පසළොස් පැයක් පමණ ගෙවී ගොස් යැ. ඉතිරි පසළොස් පැයේ දීයි, ඔවුන් තිස් යොන්නක් පමණ චුර ගමන් කළේ.
ගංගා තීරයෙහි - ගං ඉවුරේ
පරසතු මඳාරා මල්හි මුවරද බින්දුයෙන් රත් වූ ශරීර ඇති - මේ වගක් කිවියාණන් සඳහන් කළේ ඇයි? සිදුහතුන්ගේ අබිනික්මනෙහි සොම්නසින් දෙවියන් විසින් දිව මල් වගුළ පවත සකසා අඟැවීමට යැ.
සුපිපි කිණිහිරි රුකක් මුදුනට නැඟි බමර වැළ ලීලාවක් බඳු වූ - ඔටුනු සහිත වූ කෙස් වැටිය යනු නො යෙදි ණි නම්, මේ උපමාව ඉතා මනහර යැ, සිදුහතුන්ගේ සිරැර ඉතා රන් වන් හෙයින් ඒ සුපිපි කිණිහිරි රුකට සම යැ, එිවිටැ ගන නිල් කෙස් කලබ බමර වැළට සකසා සමාන වෙයි.
ලීලාවක් බඳු වූ - ඔටුනු සහිත වූ කෙස් වැටිය යනු නොයෙදිණී නම්, මේ උපමාව ඉතා මනහර යැ. සිදුහතුන්ගේ සිරුර ඉතා රන්වන් හෙයින් ඒ සුපිපි කිණිහිරි රුකට සම යැ. එ විටැ ගන නිල් කෙස් කලබ බමර වැළට සකසා සමාන වෙයි.
එළවන ලද - පමුණුවනු ලැබූ අෂ්ට පරිෂ්කාර - අට පිරිකර
12. ප්රළවජ්යා සුඛ විහරණ කථාව
[සංස්කරණය]හුදෙකලා - හුදු + එකලා. තනි මැ තනි.
මෘග පක්ෂීන් ගේ නේත්රහයට අමෘත පානයක් මෙන් කෙරෙමින් - සිදුහතුන් ගේ දසුන ඒ වන පෙදෙස් සිවුපාවුනට හා කුරුල්ලනට ද ඉතා පියකරු වූ බව යැ මෙයින් හැඟැවුණේ.
ඒකචාරි වූ කේශර සිංහයක් හු මෙන් - තනි වැ හැසිරෙන කේශර
සිංහයකු වගේ, බෙල්ල වටේට ඉතා ගන සැරේට දිගු වැ ලොම් වැවීගිය සිංහයෝ කේශර සිංහ නම් හු යැ.
නර ශ්රේ්ෂ්ඨ වූ - මිනිසුන් අතරැ උතුම් වූ . මතැතක්හූ - මත්වූ ඇතක්හු; මද කිපුණු ඇතක්හු ශාන්ත මුර්තීන් - සන්සුන් වෙසින් අභිනව යෞවනයෙන් - අලුත් තරුණ බැවින් මහමෙර නමැති මතින් අළලනලද සාගරයක් මෙන් - මහමෙර මත් දණ්ඩ කොට ගෙනැ කැලැම්බූ මහ මුහුදක් වගේ. මත නම් කිරි වැනි දියර වෙසෙස් කැලැඹීම සඳහා ගනු ලබන දණ්ඩයි. වෙසෙසින්මැ මත් දණ්ඩ නමින් ගැනෙනුයේ කිරියෙන් වෙඬරු වෙන් කොට ගැන්ම සඳහා ඒ කැළැතීමට ගන්නා දණ්ඩ යි. “මහ මෙර මතින් ඇළලූ සාගරය යැ” යි මෙහි සඳහන් වුණේ තකහනියක්මැ කිරි මුහුද යි. අර අසුර හටනේදි එය කැලැඹීමෙන් යැ අමාව ආදී වස්තු දහහතරක් පැනැනැංගේ.
ප්රතත්යේවේක්ෂා - සිවු පසය බුත්ති විඳීමේදි නුවණින් සලකා බැලීම; පස් විකීම.
ප්ර ධන් භූමිය - ප්රඅධාන භූමිය; හටන් බිම; කෙලෙස් හතුරා සමඟ සටන් කිරීම සඳහා ගැළැපෙන පෙදෙස යැ, මෙහි ප්ර ධන් භූමිය යන්නෙන් වෙසෙසින් සැලැකුණේ.
අෂ්ට සමාපත්තිය - සලකුණු අරමුණු වූ දැහැන; රූපාවචර ධ්යා න හතරත්; නොසලකුණු අරමුණු වූ දැහැන අරූපාවචර ධ්යා න; හතරත් යැ යන සමවත් අට පඨමඣානය, දුතිය ඣානය, තතිය ඣධානය, චතුත්ථ ඣානය, ආකාසානඤ්චායතනය, විඤ්ඤා නඤ්චායතනය, අකිඤ්චඤ්ඤායතනය, නේවසඤ්ඤා නාසඤ්ඤායතනය යන අට.
මාගධාඞ්ගනාවන් - මගද දෙසෙහි අඟනක්. මහත් වූ වීර්ය්යන පූර්වඞ්ගම වූ දුෂ්කර ක්රිනයා කොටැ - මහත් වූ විරිය පෙරදැරි කැරගෙනැ අමාරු වත් පිළිවෙතෙහි යෙදි.
කාම සුඛල්ලිකානු යෝග සංඛ්යාපත රූප ශබ්දාදී වූ විෂයාස්වාදයෙහී - කම් සැපතෙහි ඇලීම ගැලීම යැයි කියන ලද රුව හඬ යන ආදි වූ අරමුණු පිළිබඳ රස විඳීමෙහි රුව ඇසට අරමුණු වෙයි. හෙවත් විෂය වෙයි. හඬ කනට අරමුණු වෙයි. ගඳ නැහැයට අරමුනු වෙයි. රස දිවට අරමුණු වෙයි. පහස කයට අරමුනු වෙයි. මේ කියන ලද අරමුණු පිළිබඳ වැ විඳැගැන්මයි “විෂයාස්වාදය” නම්.
ආකාශ පථය ගැට ලන්නක්හු මෙන් - අහස් මඟ ගැට ගසන කෙනෙකු වගේ.
අත්තකිලමථානු යෝග - අත්බව වෙහෙසීම පිළිබඳ වැ නිරත වීම.
මධ්යකම ප්ර්තිපත්ති ලක්ෂණ වූ - මැද පිළිවෙළේ පිළිවෙත මැ සලකුණු වූ
ඖදාරික වූ - උදාර බැවින් යුතු වූ, ශිඛා මාණික්ය ය - මුදුන් මිණ, සිළු මිණ, වොටුනු ආදියෙහි මුදුනට අල්ලනු ලබන මැණික උසස් මැ පෙළේ මහත් මැ වගයේ මැණිකෙකි. එහෙයින් මැණික් අතරින් උදාර මැ වගයේ මැණික හැඳින් වීමට සිළුමිණ යන වදන යෙදෙයි. අජපාල න්යිග්රෝුධ වෘක්ෂ සමීපයෙහි -අජපල් නම් නුග ගස අසලැ
13. ක්ෂීරපායාස කථාව
[සංස්කරණය]දනවුව - මිනිස් පියෙස; ජනපදය නිරායාසයෙන් - ආයාසයක් නැති වැ; අපහසුවක් නැති වැ. ක්ෂීර පායාසය - කිරි බත. නිරායාසයෙන් අති මධුර වූ ක්ෂිර පායාසය පිසැ - ඉතා මිහිරි කිරිබත වැඩි අපහසුවක් නැති වැ උයාලා. මෙ කියමනෙහි නිරායාස යන වදනින් ගන්වන අරුතෙහි වැඩි අවැසි කමෙක් නැති. පායාසය යන වදන හා අනුපැහැසි ගතිවක් හිටින්නට “ආයාසයෙන්” යන්නක්ද යෙදුණු සේ යි හැඟෙන්නේ. අනර්ඝ - ඉතා අගනා. අර්ඝ නම් අගයයි. මෙතෙකැයි අගය කළ හැකි යම් පමණෙක්ද ඒ පමණ පවා ඉක්මවා සිටියේ අනර්ඝ නමි.
බමර වැළක් බඳු වූ කේශ කලාප ඇති බැවින් - මී මැසි රෑනක් වැනි කෙස් වැටිය ඇති නිසා.
සන්නිහිත බාලාන්ධකාරා ද වුව - ගැවැසී ගත් තරුණ අඳුරු, ගන අඳුරු ඇත්තියක වූ නමුත්.
දිලිසෙන්නා වූ ශරීර ශෝභා ඇති වන බැවින් - දිලිසෙන්නා වූ ඇඟේ ලස්සන කම ඇති නිසා.
හාසමාන තනු සම්පදා ද වූ - බැබැළෙන තුනු සපුවියක්; දිස්නය විහිදෙන ශරීර සම්පත්තිය ඇති අඟනක් ද වූ වා යැ.
සන්නිහිත බාලාන්ධකාර වුවහොත් - ගැවැසීගත් තරුණ අඳුර වුව
හොත්
හාස්වත් තනු සම්පත් නො වුව මැනැවැ - බැබැළෙන ශරීර සම්පත්තිය වීම නො මැනැවි.
මේ අන්යෝය විරුද්ධ වේ ද - මේ කියමනේ, පරස්පර වෙනස් කමක් ඇති වෙනවා ද?
බාල ශබ්දයෙන් අභිනව භාවය මතු කියන්නා හූ නො වෙති කේශය නුදු කියති - මේ කියමනේ “උක්ත පදය” සඳහා ලෙවියෝ යන ආදි වදනක් එක් කළ යුතු වැ පවතියි. ලෝ වැස්සෝ ‘බාල’ යැ යන වචනයෙන් “අලුත් තුරුණු කම” පමණක් පවසන්නෝ නො වෙති. කේශයනුත් පවසති.
- ‘බාල ’ යැ යන හඬින් ලෝ වැස්සන් විසින් අලුත් තුරුණු කම යන තේරුම පමණක් නො වේ පැවැසෙන්නේ. ‘කෙස්’ යැ යන තේරුමත් ඒ බාල යන වචනයෙන් මැ පැවැසෙනවා. සන්නිහිත කේශයෙන් අන්ධකාරා ද වුව බබළන්නා වූ ශරීර සෘද්ධි ඇත්ති ද වු - ගැවැසුණු කෙස් වැටිය නිස අඳුරුමතියක වූ නමුත්, ඇඟපතේ බබළන උසස් බව ඇත්තියක් වු වා යැ.
අභිනව යෞවන විලාසය - අලුත් තරුණ හැඩ නිලය. පුණ්ඩරික මුඛී - නෙළුම් මුහුණිය. සුදු නෙළුඹක් බඳු මුහුණ ඇත්තිය.
මුව පොල්ලක ගේ - මුව වැස්සියක ගේ. දිගු පුළුල් නිල් නුවන් - දික් වූත් පුළුල් වූත් නිල් වන් ඇස් හරිණ ලෝවනා - මියුලැසිය, මුවන්ගේ බඳු ඇස් ඇත්තී. බාලාතප ප්ර භාධරා - බාල ආතප ප්රනභා ධරා; ළපැටි අවුවෙහි දිස්නය දරන්නී. හිමිදිරි පාන්දර විහිදෙන රත් වන් එළිය යැ බාලාතප නම්. කුමුදහාසිනි - කුමුදු හිනාවිය. කුමුදු මල් බඳු සුදට සුදු දසන් කැලුම් විහිදා හිනා හෙන අඟන. සමුන්නත පයෝධරා - සකසා උස් වැ සිටි පියොවුරු ඇත්තී. කමල කෝමල කරා - නෙළුම් මලක් බඳු වැ මොළොක් වූ අත් ඇත්තී. දුවන් පියෙස - උකුළු පෙදෙස, ජඝන ප්රූදේශ
පෘථු ශිලා තලයක් සේ - පුළුල් ගල් අතලයක් වගේ. අනුපූර්වක වැ ක්රසමෝන්නත වූ - මුලට අනුවැ ටිකින් ටික පිළිවෙළින් උස් වැ පිහිටියා වූ
ඌරු යුගලය - කළවා දෙක. කරහෝරු - කරහ + ඌරු ඔටු කළවාවිය. ඔටුවනටබඳු කළවා ඇත්තිය.
විලම්බිත ගාමිණි - ලැසි ගමන් ඇත්ති. සුරත රස - රති කෙළි රසය කුසල කර්ම පරිණාම පරම්පරාව - කුසල් කම සඳහා හිත නැමීමේ කරුණු පරපුර සුගන්ධ අඞ්ගරාග - ඇඟ සුවද කරවන, පැහැමත් කරවන විලවුන්
භාව භාවයෙන් ලීලෝපේත වූ - සුරත රස හැඟියාවෙන් ලෙළුම් ගත් මදන හැඟීම නිසා අඟර දඟර ඇති.
ස්ඵුට වූ පටහ භේරිධ්වනි පුබන්ධයෙන් - පැතිරෙන්නා වූ පටහ
හඬෙත් බෙර හඬෙත් හඬ පිළිබඳ මැ වූ මනා ගෙත්තමෙන්. ලිවිසැරි කලාකරුවා තමා ගේ හැකියාවේ මහිමයෙන් සිතැවිලි පරපුර මෙහෙයවා වදනින් ගෙත්තමක් පැබැඳුමක් කරන්නාක් මෙන්; සගයු කලාකරුවා ඔහුගේ හැකියාව අනු වැ බෙරයෙහි, පටහයෙහි, නළායෙහි, වීණායෙහි හඬින් කරන පැබැඳුම ‘’ ධ්වනි ප්රීබන්ධ’ නමි.
රූපවත් වූ කුශල රාශිය මෙන් උපන්නා වූ මහ බෝධි සත්ත්වයන් - මහ බෝසතාණන් ඒ නුග ගස මුලැ බැබැළි බැබැළී සිටියේ කුමක් මෙන් ද යත් හරියෙ කඳ ගත්තා වූ හෙවත් මූර්තිමත් වූ කුශල සමූහය මෙනි.
රතැඹුල මලක් බඳු වූ - රත් ඕළු මලක් වැනි. සිත් කළු වූ තෙපුල් - හිත අදින්නා වූ වදන්. ජල පරම්පරාව - වැල නොසිඳී ගලා බස්නා දිය දහරාව තුවටුව - නටුව මත්ත හස්තියක්හු ගේ කුම්හස්ථල විදාරණය පිණිසැ - මත් ඇතෙකුගේ කුඹු තලය පළා දැමීම සඳහා පපටිකා - වියැළී ගොස් හෝ දිරා ගොස් හෝ ගැලැවෙන පොක් කැබැලි.
අට ඉස්බක් - බඹ දෙසීය අසූවක් පමණ වූ දුර තරම
අවිජහිත - දුරු නොකළ. සෙණ හෙන කල්හි - හෙණ ඇදැවැටෙන කල් හි. ආකාශ පථය ශුෂ්ක ගර්ජනායෙන් පැළෙන කල්හි - අහස් මඟ වියැළි ගිගිරිල්ලෙන්, හිස් ගෙරවිල්ලෙන් පැළීයන විටැ.
පලක් බැඳ - එරැමිණිය ගොතාගෙනැ. පද්මාසන සිද්ධාසන, වජ්රාබසන යන ආදි යම් කිසි යෝගාසන පිළිවෙළකින් සක්ස් වී
ශරත් කාලයෙහි චන්ද්ර මරිවි සමූහයක් සේ - සරත් ඉරිතුයෙහි හඳ එළිය රැසක් වගේ. මෙහි චන්ද්රහ මරීවි යන්න සමඟ සමූහයක් යන යෙදුම නොමන හර යැ. “රාජියක් සේ” යන හැටියෙන් යෙදිණි. නම් මෙයට වඩා තරමක් හොඳ යැ. සැණ වෙස - උළෙල වෙස. උත්සව වේශය. දුමළොසු - දුම් ගස්වන බඳුන් අට මඟල - මඟුල් යැ සම්මත රූ සටහන් අට පුන් කළස, වල් විදුනාව, හක, පහන, දද, ඇතු, ගොනු, සිඟ යන සටහන් අට.
පෘටග්ජන ලෝකය - සතර මඟට සතර පලයට නො පැමිණි; දස සංයෝජන දහමින් බැඳී සිටුනා මුළු මහත් සතුන් රැස;
14. වශවර්ති මාර කථාව
[සංස්කරණය]යෙළ සියයක් දහසක් - එක් සිය පනස් යොදුන් පිටි තොල් ඩෑමෙන් - පිටි තොල ඩැහැ ගැන්මෙන්. උඩු තොල හෝ යටි තොල හෝ විකා ගැන්මෙන්.
ප්රයමාණාතික්රාමන්ත - පමණ ඉක්මුණු. පමණ මෙ තෙකැයි ඒත්තුගන්නට බැරි.
කල්පාන්ත මාරුත වේගයෙන් - කල්පය අවසැන දී ලොව වැනසී යෑම සඳහා නැඟී එන සුළගේ සැරෙන්
අභිනව මේඝධ්වනියක් බඳු - අලුත් වැහි වලා හඬක් වැනි. කන්දර්ප දර්පය - කන්දර්පයා ගේ දර්පය. අනඟා ගේ එඩිය සිවුරු කනක් - සිවුරේ කොනක් වහ්නි ශිකා ශත සහස්රියෙහි - ගිනි සිළු සිය දහසෙහි පාෂාණ වර්ෂාවක් - ගල් වැස්සක් භෂ්ම වර්ෂාව - අළු වැස්ස බැම බිඳීමෙන් භයානක වූ වෙස් දරන්නේ - බැම බිඳීම; බැම ඇකිළීම කෝපයේ බලවත් සලකුණෙකි. බැම විහිඳීම සොම්නසේ සලකුණෙකි. ඒ වග කීහ. මුව දෙව්දා කරුවෝත්. නිරතුරු නිතොර වැ එ නරවරා බැම ලියෙන් මිමි විපක් සුපක්නට කුරිරු මරන, පිය කරන
යන පැදියෙන්.
කර මුවහත් ඇති චක්රා යුධය - කරයෙහි වූ, දැලි පිහියේ වූ මුවාත බඳු වූ මුවාත ඇති සක් අවිය. සක් අවිය වනාහි හතුරන් වෙතැ දමා ගැසීම පිණිසැ යොදන ලද අවියෙකි. එය නවසීලන්ත වැස්සන් විසින් අද පවා බූමරංගය බඳු වූත්, එහෙත් එයට වඩා සවි බලයකුත් රුදුරු මුවාතකුත් ඇත්තා වූත් අවියෙකි.
දුමන්නා වූ- දුම් නඟන්නා වූ පර්යඞ්කය - අසුන, පුටුව ගර්ජනා සංඛ්යාුත වූ ධ්වනි - ගිගිරුම් යැයි කියන ලද රැවුම, ගිගිරුම නමැති හඬ. භයින් ත්රමස්ත වූයේ - බිය නිසා තිගැස්සී ගියේ