සිංහල බෝධි වංසය-vi
12. ප්‍රවෘජ්‍යා සුඛ විහරණ කථාව
[සංස්කරණය]ඉක්බිත්තෙන් සියලු ලෝකයට..
[සංස්කරණය]ඉක්බිත්තෙන් සියලු ලෝකයට අසහාය ප්රුදීපයක් වැනි වූ මහා බෝධිසත්ත්ව තෙමේ සන්හුන්නා වූ රජස් ඇති මේඝ කාලයක් මෙන් සන්හුන්නා වූ රාගාධී කෙලෙස් ධූලි ඇත්තේ
එයින් වදාළහ:
“රාගෝරජෝ න ච පන රේණු වුච්චති
රාගස්සේතං අධිවචනං රජෝති,
ඒතං රජං විප්පජහිත්ව භික්ඛවෝ
විහරන්ති තේ විගත රජස්ස සාසනේ.
දෝසෝ ැජෝ න ච පන රේණු වුච්චති
දෝසස්සේතං අධිවචනං රජෝති,
ඒතං රජං විප්පජහිත්ව භික්ඛවෝ
විහරන්ති තේ විගරජස්ස සායනේ.
මොහෝ රජෝ න ච පන රේණු වුච්චති
මෝහස්සේතං අධිවචනං රජෝති,
ඒතං රජං විප්පජහිත්ව භික්ඛවෝ
විහරන්ති තේ විගතරජස්ස සාසනේ” යි
මෙසේ සන්හුන්නා වූ කෙලෙසුන් ඇත්තේ..
[සංස්කරණය]මෙසේ සන්හුන්නා වූ කෙලෙසුන් ඇත්තේ, බ්රාහ්මචර්යයට අලංකාරයක් වැනි වූයේ, සතර මඟ සතර ඵල නිර්වාණ පාලි ධර්ම සංථ්යාගත වූ දශ විධ ධර්මයට යෞවනයක් වැනි වූයේ, සනිධ්යාා වලා පටලයෙකින් බබළන්නා වූ ශරත් කාලයෙහි චන්ද්ර යා මෙන් උතුම් වූ කාෂාය වස්ත්රනධර වූයේ, හුදෙකලා වූයේත් ආනුභාව සම්පත්තීන් නොයෙක් ජනයන් විසින් පිරිවරනලද්දාක්හු මෙන් හොබනේ, ඒ වනයෙහි වසන්නා වූ මෘග පක්ෂීන් ගේ නේත්ර්යට අමෘත පානයක් මෙන් කෙරෙමින්, කේශර සංහයක්හු මෙන් ඒකචාරී වූ නරශ්රේ ෂ්ඨමහා බෝධිසත්ත්ව තෙමේ මතැතක්හු ගේ ගමන් බඳු වූ විලාසවත් වූ ගමන් ඇත්තේ, පාද තලයෙන් මහී කාන්තාව අස්වසන්නක්හු මෙන් එක දවසින් මැ තිස් යොදුන් මග ගෙවා ගොස්, උස් වූ මහත් වූ රළපතර බිඳීමෙන් මනෝඥ වූ ගංගා නම් ගඞ්ගාවෙන් එතෙරවැ, මහාමන්ධාතු මහා ගෝවින්දාදී වූ උතුම් වූ රජදරුවනට භවන වූ ඉතා සිත් කලු වූරජගහ නුවරට වැදැ, එනුවර ඓශ්චර්යය මදයෙන් මත් වූ ජනයනට “මෙවැනි සිවුමැලියහුඑවැනි සම්පත්තියක් ඇරපියා මහණ වූ කලැසෙස්සන් ඓශ්චර්යය මදයෙන් මත් වනු වියරු යැ” යි හාස කරන්නාක්හු මෙන් ද, උඩඟු වෙස් ඇති ජනයනටතමා ගේ ශාන්ත මූර්තීන්ලජ්ජා උපදවන්නාක්හු මෙන් ද, අභිනව යෞවනයෙන් හා මනෝඥ ගුණයෙන් හා ශාන්ත ගුණයෙන් ද සියලු නුවර වාසී වූ සත්ත්වයන්ගේ සිත් තමා කෙරෙහි බඳනාක්හු මෙන් ද, රූපශ්රී්න් සියලු ජනයන් ගේ නුවන් පැහැර ගන්නාක්හු මෙන් ද, සන්හුන්නා වූ චක්ෂුරාධී පඤ්චේන්ද්රිවයන් ඇත්තේ, සන්හුන්නා වූ සිත් ඇති වැ වියඳඬු පමණ දුර බලමින් පුර වීදියෙහි පිඬු සිඟා ඇවිදැ යැපෙන පමණක් ආහාරය ගෙනැ “ශක්රුයෙක් දෝහෝ! බ්රනහ්මයෙක් දොහෝ! මාරයෙක් දෝහෝ! නාග සුපර්ණ යක්ෂ රාක්ෂය මනුෂ්යෙයන් අතුරින් එක්තරා එකෙක් දෝහෝ! මේ තෙමේ කව රෙක් දොහෝ!” යි කියා අට ගත්තා වූ කුහුල් වූ ඇති නුවරවාසී වූ සත්ත්වයන් මහමෙර නැමැති මතින් අලළනලද සාගරයක් මෙන් අළලා නුවරින් නික්මැ, පාණ්ඩව පර්වත සමීපයෙහි සුපිපි වන ලියෙහි සුවඳ මලින් මනෝඥ වූ සුවඳ ඇති එක්තරා අවකාශයෙක්හි හිඳැ, ප්රිත්යුවේක්ෂා නැමැති මන්ත්රූ බලයෙන් ශරීර නැමැති තුඹසින් නික්මෙන්නා වූ බහන් නැමැති සර්ප රාජයා වළකා, මිශ්රැක ආහාරය අමෘත භෝජනයක් මෙන් වළඳා; බිම්සර රජ්ජුරුවන් විසින් සමීපයට එළඹැ නම් ගොත් පිළිවිසැ “ශාක්ය් වංශ නැමැති ඔටුන්නට ශිඛා මාණික්යීයක් බඳු වූ මා ගේ යහළු වූ සිද්ධාර්ථ කුමාරයෝ ආවාහු යැ” යි සතුටු සිත් ඇතිවැ ඒ මගධ රාජ්යවයෙන් ආරාධනා කරනු ලබන්නේ ද; “මහ රජ්ජුරුවෙනි! මට චක්රාවර්තී සම්පත්තියෙනුත් ප්රජයෝජන නැත. ලෝවැඩ පිණිසැ මම වීර්යය කොටැ දුෂ්කර ක්රිායායෙහි යෙදී බුදු වෙමි” යි මගධ රාජ්ය.ය ප්රපතික්ෂේප කොටැ පධන් භූමියට යන්නේ, අතර මගැ දී මහත් වූ යස පිරිවර ඇති සප්ත සමාපත්තිලාභී වූ ආළාර තාපසයන් විසින් ද හරනලද ලෝකාස්වාද විෂය ඇති අෂ්ටසමාපත්තිලාභී වූ උද්දක තාපසයන් විසින් ද සෘෂි සමූහයා හට ගුරු වැ සිටි තම තමන්ගේ ආචාර්යය තනතුරිත් යාච්ඤා කරනු ලබන්නේත්, ඒ ගුරු තනතුර නොඉවසා; කෙළනා වූ මද සහිත වූ මගධාඞ්ගනාවන් ගේ කේශ කලාපයෙහි සුවඳ දුමෙන් හා සුවඳ මලින් සුවඳ කවන ලද ජල ඇති නේරඤජරා නම් වූ ගංගා තීරයෙහි අතිශයෙන් සන්තුෂ්ට වූ කොවුල්ලන් විසින් රැවු පිළිරැවු දෙන ලද විශාල වූ ශාල වනයෙහි දී මහත් වූ වීර්යය පූර්වාගම වූ දුෂ්කර ක්රිියා කරන්නේ, දිව්යං ගනාවන් විසින් පිරිවරන ලදුවැ දිව්යූලෝක සම්පත්තිය අනුභව කරන්නා වූ ශක්රූ දේවේන්ද්ර යන් මෙන් පළමු කිඹුල්වත් පුරයෙහි රාජ්යප ශ්රීර සැපය බොහෝ කලක් අනුභව කළා වූ මහාබෝධිසත්ත්ව තෙමේ කාමසුඛල්ලිකානු යෝග සංඛ්යාත රූපශබ්දාදී වූ විෂයාස්වාදයෙහි සිතින් ඇලීමෙන් කයින් යෙදීමෙන් නිවන් නැති බව ලොවට ප්රයකාශ කරන්නේ, දැන් ආකාශ පථය ගැට ලන්නාක්හු මෙන් ද පොළොව පෙරළන්නාක්හු මෙන් ද, කිසි කෙනෙකුන් විසින් නො කට හැක්කා වූ කෙළ පැමිණියා වූ දුෂ්කර ක්රි යා කෙරෙමින් අත්තකිලමථානුයෝග සංඛ්යා ත වූ ශරීර පීඩායෙහි යෙදීමෙන් නිවන් නැති බව දක්වා, මධ්ය්ම ප්රසතිපත්ති ලක්ෂණ වූ ආර්යය ැෂ්ටාංගික මාර්ගයෙහි පිළිපදනේ, ඖදාරික වූ ආහාර පාන වර්ග අනුභව කිරීමෙන් ශරීරය පිනවාගෙනැ, වෙසක් මසැ මැදි පොහෝ දිනයෙහි උදය ගිරි පර්වතයට ශිඛා මාණික්යවයක් බඳු වූ පද්මවනය ප්රයබෝධ කරන්නා වූ හිරු නැගි කල්හි මත්ත හංස රාජයක්හු ගේ ගමන් බඳු වූ විලාසවත් වූ ගමන් ඇත්තේ, උදාසන මැ ගොස් පිඬු සිඟන්නා වූ වේලාව පරීක්ෂා කරන්නේ, අජපාල න්ය ග්රෝ ධ වෘක්ෂ සමීපයෙහි නැගෙනහිරි ලෝක ධාතුව බලමින් ශරීරාලෝකයෙන් ඒ සියලු වෘක්ෂයන් රන්වන් කොටැ මේඝ පටලයෙකින් නික්මුණු සූර්යයමණඩලයක් මෙන් බබළමින් හුන්නේ යැ.
13. ක්ෂීර පායාස කථාව
[සංස්කරණය]ඉක්බිත්තෙන් උරුවේලා නම් දනව්වෙහි..
[සංස්කරණය]ඉක්බිත්තෙන් උරුවේලා නම් දනව්වෙහි සේනානි නම් නියම් ගමෙහි සේනානි නම් කෙළෙඹිහු ගේ දූ වූ සුජාතා නම් උත්තම ස්ත්රිමයක් වැඩි විය පැමිණැ, ඒ අජපාල න්යිග්රෝජධ වෘක්ෂයෙහි ප්රායර්ථනාවක් කොටැ පිරුණා වූ මනදොළ ඇත්තී, ඒ වෙසක්මසැ මැදි පොහෝ දිනයෙහි “අද වෘක්ෂ දෙවතාවාට බලාකර්මාන්ත කෙරෙමි” යි උදාසන මැ නිරායාසයෙන් අතිමධුර වූ ක්ෂීරපායාසය පිසැ. ලක්ෂයක් වටනා ඝන රත්තලියක් මැදැ ඒ ක්ෂීරපායාසය පුරා, එබඳු වූ මැ අනර්ඝ රන්තලියෙකින් වසා, ඉස තබාගෙනැ සුවඳ මලින් හා වස්ත්රායභරණයෙන් ද සැදුම් ලද්දී, ීබමර වැළක් බඳු වූ කේශ කලාප ඇති වන බැවින් සන්නිහිත බාලාන්ධකාර වුව ද. දිලියෙන්නා වූ ශරීර ශෝභා ඇති වන බැවින් හාසමානතනුසම්පදා දවු. ඇය සන්නිහිත බාපාන්ධකාර වුව හොත් ‘හාසවත්තනු සම්පත්’ නො වුව මැනවැ ‘හාසවත්තනු සම්පත්’ වුව හොත් ‘සන්නිහිත බාලාන්ධකාර’ නො වුව මැනව. යම් කලෙක්හි අන්ධකාර ඇති තැන ආලෝක නො වේ ද, ආලෝක ඇති තැනැ අන්ධකාර නො වේ ද, අන්ධකාර හා දීප්ති හා දෙක එක් තැනෙක්හි නො විය හැකි බැවින් මේ අන්යෝාන්ය විරුද්ධ වේ ද යත්: එසේ නො වෙයි. බාල ශබ්යෙන් අභිනව භාවය මතු කියන්නාහු නො වෙති. කේශයනුදු කියති. එබැවින් සන්නිහිත කේශයෙන් අන්ධකාර ද වුව, බබළන්නා වූ ශරීර සෘද්ධි ඇත්ති ද වූ එහෙයින් ඔතොමෝ අභිනව යෞවන විලාසයෙන් බබළන්නී යැ.
අලුත පිපි පියුමක් බඳු සොමි මුහුණ ඇති වන බැවින් පුණ්ඩරීකමුඛී ද වුව, එක් ඇවිරිදි මුව පොල්ලකගේ ඇස් බඳු වූ දිගු පුළුල් නිල් නුවන්ඇති වන බැවින් හරිණලෝවනා ද වූ. ඇය පුණ්ඩරීකමුඛී” වුව හොත් “හරිණලෝවන” නො වුව මැනව. “හරිණලෝවන” වුව හොත් “පුණ්ඩරීකමුඛී” නොවුව මැනව. යම් කලෙක්හි පුණ්ඩරීක මුඛයෙක්හි හරිණලෝවනයෙක් නූ වූ විරී ද, එබැවින් මේ අන්යෝ්න්යමවිරුද්ධ වේ ද යත්: එසේ නො වෙයි. පුණ්ඩරික ශබ්දයෙන් දිවියන් මතු කියන්නාහු නො වෙති. පද්මයනුදු කියති. එබැවින් ප්රණබුද්ධ පද්මයක් බඳු වූ මුහුණ ඇත්තී ද වෙයි. හරිණයන් ගේ ලෝචන බඳු ලෝචන ඇත්තී ද වෙයි. මෙසේ කාන්තිමත් වූ මුඛය හා අභිනිලනේත්රඳයන් ද ඇත්තී යැ.
ළහිරු රැස් කලබක් බඳු වූ පැහැ ඇති වන බැවින් ‘බාලපප්රඇහාධාරා’ යනුදු වුව එළ ඇඹුල මල් සේ ධවල වූ සිනා ඇති බැවින් ‘කුමුදහාසිනී’ යනුදු වූ ඇය “බාලාතපප්රේහාධර” වුව හොත් “කුමුදහාසිනී”නො වුව මැනවැ. “කුමුදහාසිනු” වුව හොත් “බාලාතපප්රාහාධර” නො වුව මැනව. යම් කලෙක්හි කුමුද කුසුමයෝ සූර්යය රශ්මියට විකසිත වන්නාහු නො වෙද්ද, එබැවින් මේ විරුද්ධවන්නේ වේ ද යත්: එසේ නොවෙයි. ‘හාස ශබ්දයෙන් කුසුමයන් ගේ විකාශය මතු ඹකියන්නාහු නො වෙති. සිනාදු කියති. එබැවින් සූර්යය රශ්මි බඳු ශරීරප්රඹභා ඇත්තී ද වෙයි.කුමුද පුෂ්පයන්බඳු ධවල වූ සිනා ඇත්තී ද වේ.
මියුරු හංව නාදයට බඳු වූ කටහඬ ඇති වන බැවින් “මධුරහංසනාද” යනුදු වුව උසු වූ වට වූ පිරිපුන් පියොවුරු ඇති වන බැවින් ‘සමුන්නතපයෝධරා’ යනුදු වූ ඇය ‘සමුන්නත පයෝධර’වුව හොත් ‘මධුර හංස නාද’ නො වුව මැනැව. මධුර හංස නාද වුව හොත් ‘සමුන්නත පයෝධර’ නො වුව මැනව. යම් කලෙක්හි මධුර හංස නාද මේඝ කාලයෙහි වන්නේ නො වේ ද, එබැවින් මේ විරුද්ධ වන්නේ වේ ද යත්: එසේ නො වෙයි. ‘පයෝධර’ ශබ්දයෙන් මේඝයන් මතු කියන්නාහු නො වෙති.ස්තන දූ කියති. එබැවින් මධුර හංස නාද බඳු කටහඬ ඇත්තී ද වෙයි.සමුන්නතස්තන යුගල ඇත්තී ද වේ.
රත් පියුම් පෙති බඳු කොමළ වූ අත් ඇති වන බැවින් ‘කමල කෝමලකරා’ යනුදු වුව පළල් වූ ශිලා තලයක් බඳු දුවන් පියෙස ඇති වන බැවින් ‘පුථුසිලානිතම්බිනී’ යනුදු වූ ඇය ‘කමලකෝමලකර’ වුව හොත් ‘පුථුසිලානිතම්බ’ නො වුව මැනැව. ‘පුථුසිලානිතම්බ’ වුව හොත් ‘කමලකෝමලකර’ නො වුව මැනැවි. මෙ වැනි මොළොකක් හා එවැනි දැඩි බවෙක් එක් තැනෙක්හි නො වේ ද, එබැවින් මේ අන්යෝකන්යද විරුද්ධ වන්නේ වේ ද යත්: එසේ නො වෙයි. රත් පියුම් පෙති බඳු වූ කොමළ වූ කර තල ඇත්තී ද වෙයි. පෘථු ශිලාතලයක් සේ විශාල වූ ජඝන ප්ර දේශ ඇත්තී ද වෙයි.
අනුපූර්වක වැ ක්ර මෝන්නත වූ ඌරු යුගල ඇති වන බැවින් ‘කරහෝරු’ යනුදු වුව, මඳලස ගමන් ඇති වන බැවින් විලම්බීතගාමිනී’ යනු දු වූ, ඇය ‘කරහොරු’ වුව හොත් ‘විලම්බීත ගාමිනී’ නො වුව මැනව. ‘විලම්බීත ගාමිනී’ වුව හොත් ‘කරහෝරු’ නො වුව මැනැව. උෂ්ට්රතයෝ එක් දවසැ පනස් යොදුන් සැටයොදුන් යෙති. එබැවින් ‘කරහෝරු’ යනුදු ‘විලම්බීතගාමිනී’ යනුදු විරුද්ධ වන්නේ වේ ද යත්: එසේ නො වෙයි; කරභයන්ගේ ඌරු බඳු අනුපූර්ව වූ ඌරු යුගල ඇත්තී දහංසයන්ගේ ගමන් බඳු විලම්බීත ගමන් ඇත්තී ද වේ.
මෙසේ වූ විරුද්ධාලංකාර සයෙකින් යුක්ත වූ රූපශෝභා ඇත්තී යැ ඒ සුජාතා නම් උත්තමාංගනාව. ඇය කෙරෙන් සොමි පැහැ ගෙනැ පැහැපත් වූවාක් වන බැවින් ඕ චන්ද්රංයාට කුලදේවතාවක වැන්නී යැ. ඇය ඉක්මැ අන්තැනෙක්හි රාග නො පවත්නා බැවින් ඕ අනුරාග සාගරයට වෙරළක් වැන්නී යැ. නවයොවුන් පුන්සඳ උදයට රශ්මිමාලාවක් වැන්නී යැ. සුරත රස නැමැති අමෘත ජලයට මහ හොයක් වැන්නී යැ. ලෝකවාසී වූ සත්ත්වයනට මැය ගේ රූප ශෝභාව බලා කුසල් කිරීමට සිත නැමෙන බැවින් කුසලකර්ම පරිණාම පරම්පරාවක් වැන්නී යැ.
මෙබඳු වූ උතුම් වූ රූප ශෝභා ඇති ඒ සුජාතා තොමෝ..
[සංස්කරණය]මෙබඳු වූ උතුම් වූ රූප ශෝභා ඇති ඒ සුජාතා තොමෝ අනේක ප්රකකාර වූ ආභරණයෙන් හා විචිත්රු වූ වස්ත්රඒයෙන් හා මල් දමින් හා සුගන්ධාඞ්ගරාගයෙන් ද යුක්ත වූ භාවාභාවයෙන් ලීලෝපේත වූ තරුණස්ත්රීන් විසින් පිරිවරණ ලදු වැ ස්ඵුට වූ පටහ හෙරි ධවනි ප්ර බන්ධයෙන් සියලු සක්වළ පුරන්නාක් වැන්නී, මියලු ලෝක ධාතුව මලින් ගැවසී ගත්තාක් මෙන් ද සුවඳින් ගැවසී ගත්තාක් මෙන් ද, ස්වඳ දුාමන් ගැවසී ගත්තාක් මෙන් දකෙරෙමින් යන්නී; ඒ න්ය්ග්රෝලධ වෘක්ෂයා හා අධික වූ කුශලසම්භාරානු භාවයෙන් නිපන් බැවින් රූපවත් වූ කුශලරාශියක් මෙන් උන්නා වූ මහා බෝධිසත්ත්වයන් දුර දී මැ දැකැ උපන්නා වූ ප්රීලති සොම්නස් ඇත්තී, වෘක්ෂාද්වතා යැ යි සිතන්නී, දැක්ම හා සමග නැමිනැමී ගොස් ළහිරු මඩලක් බඳු වූ රන්තලිය ඉසින් බා ඒ මහා බෝධිසත්ත්වයන්ගේ රතැඹුල මලක් බඳු වූ කොමළ වූ අත්ලෙහි රන්තලිය තබා පොළෝ තෙලෙහි තබන ලද නළල් නැමැති අඬසඳ ඇත්තී “මගේ මනදොළ යම් සේ සමෘද්ධ වී ද එපරිද්දෙන් මැ නුඹ වහන්සේ ගේ මනෝරථය ද සිද්ධ වේ වා” යි ඉතා සිත්කලු වූ තෙපුල් කියා සකුටු වෙමින් ගියා යැ.
ඉක්බිත්තෙන් ලෝකස්වාමී වූ අප මහා බෝධිසත්ත්වයෝද රන් තලිය ගෙනැ ගංගා තීරයෙහි හටගත්තා වූ වෘක්ෂායෙන් වගුළ මල් රොනින් රන් වන් වූ නේරංජරා නම් වූ ගංතෙරට ගොස් එගංතෙරැ සුප්රවතිෂ්ඨිත නම් තීර්ත්ථයෙහි ක්ෂීර සාගරයෙහි ජලතරංග සමූහයක් සේ ධවල වූ වැලිතල මත්තෙහි ඒ ක්ෂීරපායාසය තබා, අපර සාගරයට බස්නා වූ සූර්ටටමණ්ඩලයක්මෙන් ගංගාවට බැසැ පොළොවට බට ආකාශතලයක් බඳු වූ ජල තලය දෙව්දුනු දහස් ගණනින් බබුළුවන කලක් මෙන් ශරීරාලෝකයෙන් බබුළුවමින් ගැලී, ගංගා ජලයෙහි ජල පරම්පරා නැමැති වරාඞ්ගනාවන්ගේ රළ නැමැති දහස් ගණන් අතින් උලනලද ශරීර ඇත්තේ. ජලස්නානය කොටැ පූර්ව සාගර තටයෙන් නැංගා වූ සූර්යයා මෙන් ගඟින් ගොඩ නැගී, ගංතෙරැ හිඳැ ක්ෂීරපායාස අනුභව කොටැ, “ උඩුගං බලා යේවැ” යි කියා රන්තලිය ලහට හැරැ ඒ ගංගා තීරයෙහි මැ සුවඳ මලින් සැදුම් ලද නිල් පැහැයෙන් සිත්කලු වූ සල් සෙවනෙහි දී දිවා විහාර කොටැ, සවස් වේලෙහි රන්වන් වූ මනෝඥ වූ සුගන්ධ ඇති පුෂ්පයන් තුවටුයෙන් ගිලිහී සිවුර මත්තෙහි වැටෙන්නට පටන් ගත් කල්හි, දිව්යාට සුරයන් විසින් පුදන ලද නිලුපුල් රත් පියුම් හෙළ පියුම් මදාරා මල් ආදී වූ පුෂ්ප වර්ෂාවන් අතුරක් නඅති වැ වස්නට පටන්ගත් කල්හි, සුරඞ්ගනාවන් හා කින්නරඞ්ගනාවන්ද සාධුකාර දෙන්නට පටන් ගත් කල්හි, සුවඳවත් වූ සඳුන් සුන්නෙන් ගැවසී ගත්තා වූ පුෂ්පයෙන් හා කොකුම් කෙසුරින් හා සුවඳ දුමෙන් හා ඒකසුගන්ධ වූ අනේක ප්ර කාර වූ විචිත්රඞ වූ මහත් වූ ධ්වජ මාලාවන් ඇති දසදහසක් සක්වළ වෙව්ලන්නට පටන් ගත් කල්හි, ඇළැලුණා වූ පියුම් වන හා ඇඹුල උපුල වන ද ඇති පුෂ්ල රේණුයෙහි මධු බින්දු සමීහය වහනය කරන්නා වූපුෂ්ප සුගන්ධයෙන් පිනවනලද පඹර වැළ ඇති මාරුතය මඳ වැ හමන්නට පටන්ගත් කල්හි; දෙවියන් විසින් සරහා පිළියෙළ කරන ලද අට ඉස්බක් පමණ පළල ඇති මාර්ගයෙන් මත්ත හස්තියක්හුගේ කුම්භහස්ථල විදාරණය පිණිසැ නිර්භිතව පැළැඹි යන්නා වූ කේශර සිංහ රාජයක්හු පරිද්දෙන් බෝධි ද්රැ මය සමීපයට යන්නේ, සොත්ථිය නම් බ්රාහහ්මණයක්හු විසින් එළවනලද ඊකණ අට මිටක් ගෙනැ; පපටිකා රහිත වන බැවින් පිරිසිදු වූ, කාන්තිමත් වන බැවින් සිනිඳු වූ . ඉතා වටමට වූ සෘජු කඳ ඇති. ඝන කොටැ බඳනා ලද මොනර පිල් කලබෙක්හි පිල්මඩුල්ලක් බඳු වූ. හැම කල්හි නිල් වූ පත් ඇති, අතරතුරෙහි පබළු දලු පෙති හා සමාන වූ පවනින් සැලෙන්නා වූ රත් වූ පල්ලව පත්ර,යෙන් ඇති මන්දමාරුතයෙන් චලිත වූ ශාඛායෙන් ප්රීහතියෙන් නටන්නාක් වැනි වූ සියලු පෘථිව් මණ්ඩලය සරහන්නා වූ, මහී කාන්තාවට තිලකාභරණයක් වැනි වූ, තමන් උපන් දවස් උපන්නා වූ, හැම බුදුන් බුදු වන ජය භූමියෙහි හට ගත්තා වූ, එහෙයින් මැ විජය වෘක්ෂ වූ, කරුණාවෙන් සිහිල් වූ තමන් ගේ ය සේ සිහිල් සෙවණ ඇති. ඇසතු මහ බෝරුක කරා එළඹැ තුන් යළක් පැදකුණු කොටැ ඊශාන කෝණයෙහි සිටියේ; සියලු සර්වඥවරයන් විසින් අවිජහිත ස්ථානයෙහි තණ සලා තෙලි අගින් පිරිහුන්නාක් වැනි වැ උපන්නා වූ තුදුස් රියන් පමණ තණ ඇතිරිය දැකැ ඒ තෘණ මස්තකයෙහි හිඳැ “මහ පොළොව පෙරැළෙන කල්හි ද, දහස් ගණන් සෙණහෙන කල්හි ද, ආකාශ පථය ශුෂ්ක ගර්ජනාවෙන් පැළෙන කල්හි ද, ගිනි ගෙනැ දිලිසෙන්නා වූ කිහිරඟුරු සමූහයන් වස්නට පටන් ගත් කල්හි ද, මා ගේ සම් මස් ලේ ඇට නහර වියැළී සුණු විසුණු වන කල්හි ද, සම්යික්සම්බෝධියට නො පැම්ණැ මා ගේ වීර්යය නො හකුළුවමි” යි පලක් බැඳැ බෝධි වෘක්ෂ සමීපයෙහි නැගෙනහිරට අභිමුඛ වැ හුන්නාහු යැ.
එකල් හි මහා බෝධිසත්ත්වයනට ශක්රම දේවේන්ද්රැ තෙමේ එක් සිය විසි රියන් පමණ දිග ඇති ගුවනෝදරයෙහි ව්යාශප්ත වන ධ්වනි ඇති විජයුත්තර නම් සක පිඹිමින් සිටියේයැ. එසේ මැ පංචසිඛ නම් වූ ගන්ධර්ව තෙමේ තුන් ගවුවක් පමණ දිග ඇති බේලුවපණ්ඩු වීණාව ගෙනැ ගායනා කෙරෙමින් සිටියේ යැ. සුයාම නම් දිව්ය රාජ තෙමේ තුන් ගවුවක් පමණ දිග ඇති ශරත්කාලයෙහි චනුද්ර මරීවි සමූහයක් සේ සශ්රීාක වූ දිව්යග චාමරය ගෙනැ මදින් මඳ සලමින් සිටියේ යැ. සන්තුෂිත නම් දිව්යතරාජ තෙමේ මැණික් තල්වැටක් ගෙනැ සැප වූ මාරුත පරම්පරාවෙන් පිනවමින් සිටියේ යැ. සහම්පති නම් බ්රැහ්ම තෙමේ තුන් යොදනක් පුළුල ඇති දෙවෙනි පුන්සඳක් වැනි වූ සේසත බුදුන් මස්තකයට ධරමින් සිටියේ යැ. කාල නම් නා රජ තෙමේ අසූදහසක් පමණ නාග නාටිකාවන් විසින් පිරිවරන ලදු වැ ස්තුති වචන සහශ්රජයන් ගායනා කෙරෙමින් සිටියේ යැ. දෙතිස් දිව්යතපුත්රතයෝ හා දෙතිස් දිව්යැ කුමාරිකාවෝ ද දිව්යි පුෂ්පයෙන් සම්පූර්ණ වූ අනේක ප්රතකාර වූ රුවන් කරඬු ගෙනැ පුදමින් සිටියාහු යැ. සියළුදස දහසක් සක්වළැ දෙවියෝ සැණ වෙස් ගෙනැ, හාත්පසින් නඟනලද ධ්වජපතාක හා කෙහෙල් තොරණ හා මල්දම් ද ගත් අත් ඇත්තාහු ගන්නාලද පුන් කළස් හා දුමළොසු හා මිණි ඳඬුවැට පහන් ද ඇත්තාහු ධරනලද අට මඟල හා රුවන්කැටපත් පංති ද ඇති වැ පෘථිවියෙහි පටන් අකනිෂ්ඨා බ්රමහ්ම ලෝකය දක්වා අතුරක් නැති වැ හැසී ගැවසී සිටියාහු යැ.
14. වශවර්ති මාර කථාව
[සංස්කරණය]එසමයෙහි සියලු පෘථග්ජන ලෝකයා තමා වශයෙහි පවත්වන හෙයින් වශවර්ති නම් වූ, දිව්යය ලෝකයෙහි හාර දිව්යෙපුත්ර තෙමේ “මේ සිද්ධාර්ථ කුමාර තෙමේ මා ගේ විෂය ඉක්මවනු කැමැත්තේ යැ. ඒකාන්තයෙන් සිද්ධාර්ථ කුමාරයා අසිද්ධ වූ අර්ථ ඇත්තකු කෙරෙමි” යි අත් දහසක් මවා ගෙනැ දිලියෙන්නා වූ වහ්නිමය අසි ශක්ති තෝමර හෙණ්ඩිවාලාදී අනේකප්ර කාර වූ ආයුධයන් ගෙනැ යෙළසියයක් යොදුන් උස ඇති ගිරිමේඛලා නම් වූ චණ්ඩ හස්ති රාජයා පිටට පැනැනැගී.; සිංහ ව්යා්ග්ර් යක්ෂ රාක්ෂසාදී වූ අනේක ප්රතකාර වූ මුහුණු ඇති, ගිනි ඇවිළියාක් වැනි තඹ වන් කෙස් ඇති, රත් වූ පිටතට නික්මුණා වූ ඇස් ඇති, පිටි තොල් ඩෑමෙන් භයංකර වූ මුහුණු ඇති, කරෑලන ලද සර්පාභරණයන් ඇති, අනේක ප්ර්කාර වූ ආයුධ ගත් අත් ඇති, පිටතට නික්මුණු මහත් දළ ඇති, සකල ශරීරයෙන් හා මුඛයෙන් ද නික්මෙන්නා වූ වහ්නිජාලාවන් ඇති, සරෝෂ වූ කල්පාන්ත වහ්නියක් සේ දිලිසෙන්නා වූ භයානක වූ විසුළු වූ වේගවත් වූ ප්ර මාණාතික්රාකන්ත වූ මාර සේනාව විසින් පිරිවරන ලද්දේ:දහසක් යොදනෙහි පටන් ගර්ජනා කරන ලද ප්රරලය කාලයෙහි මේඝ මාලාවන් ගේ ගර්ජනයෙන් උපන්නා වූ ප්ර චණ්ඩ වූ සෙණ හඬ දහස් සුවහස් හෙන කලක් මෙන් දරුණු ගොරබිරම් හඬින් සියලු ලෝකය ඒක නින්නාද කොටැ “සිද්ධාර්ථ කුමාරයා ගනුව මරව! විදුව! දෙකකුල ගෙනැ සමුද්රදයෙන් එපිට දමව” යි විධාන කරන්නේ; කල්පාන්ත මාරුත වේගයෙන් ගසාදමනලද පුළුනි රළක් පරිද්දෙන් තමා ගේ දැක්ම හා සමග මැ දිව්ය් බ්රනහ්මාදී වූ සියලු දේවතාවන් පලවන්නේ, හාත්පසින් පර්වත මැඩැගෙනැ ඝටන්නා සේ අභිනව මේඝ ධ්වනියක් බඳු වූ ගම්භීර ධීර නාද ඇති, භයංකර වූ ප්රතචණ්ඩ වූ ආරම්භ ඇති වායු වේගයක් මවා ඒ මාරුත වේගයෙන්, කම්දර්ප දර්පය දුරුකරන්නා වූ ඒ මහා පුරුෂයාණන්වහන්සේ ගේ සිවුරු කනක් පමණකුත් සොලවන්නට අසමර්ථ වූයේ; ප්රේලය කාලයෙහි වර්ෂා වේගයක් බඳු වූ වේග ඇති මහත් වූ වර්ෂාවක් වස්වා, ඒ වර්ෂාවෙන් හිම බින්දුවක් පමණ වූත් ජල බින්දුවක්, අනංග ධ්වජය සිඳැ හෙළනු වූ මහබෝසතාණන්ගේ සමීපයට වත් කළවන්නට අසමර්ථ වූයේ; හාත්පසින් නික්මුණු වහ්නි ශිඛා සතසහශ්රකයෙහි ගිනි පුපුරු සමූහයෙන් ගැවසී ගත්තා වූ වහ්නි ජාලයෙන් වලඳනාලද පාෂාණ වර්ෂාවක්ද, ආයුධ වර්ෂාවක් ද කිහිරගුරු වර්ෂාවක් ද, උණු අළු වර්ෂාවක් ද, කළල් වර්ෂාවක් ද වැලි වර්ෂාවක් ද වස්වා; ඒ සයලු වර්ෂාවන් අතුරින් පාෂාණ වර්ෂා මල් බවට හා ැායුධ වර්ෂා මල දම් බවට හා, අඟුරු වර්ෂා මල් වැසි බවට හා, හස්ම වර්ෂා සඳුන් සුණු බවට හා, වැලි වර්ෂා මල් ගොන් බවට හා, කළල් වර්ෂා දිව සුවඳ විලෙවුන් බවට හා පැමිණියා දැකැ, ලෝ ඇඳිරි මහ නරකයෙහි අඳුර සේ දරුණු වූ භයානක වූ අන්ධකාරයක් මවා, අවිද්යාි නැමැති අන්ධකාරය පවා නසන්නා වූ ඒ මහා පුරුෂයාණන් වහන්සේ ගේ ශරීර රශ්මියෙන් හිරු දහස් නැගි කලක් මෙන් උපන්නා වූආලෝකය දැකැ; කෝපයෙන් රත් වූ මුඛ මණ්ඩලයෙහි පැලැඹුණු බැම බිඳීමෙන් භයානක වූ වෙස් ධරන්නේ; මේරු මන්දරාදී වූ පර්වතයන් හුණු කිළිල් මෙන් කඩ කරන්නා වූ ඉතා තියුණු වූ දිව්යානනුභාවයෙන් යුක්ත වූ කර මුවහත් ඇති චක්රාායුධය දමා, ඒ චක්රායයුධය මහා බෝධිසත්ත්වයන් වහන්සේගේ මුදුන් මස්තකයෙහි මල් කූඩයක් මෙන් සිටියා දැකැ, මාර සේනාව විසිනුදු දමනලද්දා වූ මහත් වූ මාරානුභාවයෙන් යුක්ත වූ දුමන්නා වූ දිලියෙන්නා වූ පර්වත කූටයක් මල් වට බවට පැමිණියා දැකැ උපන්නා වූ ශෝක ඇත්තේ.
නොවැළකියැ හැක්කා වූ යශස් සමූහය ඇති ඒ මහා බෝසතාණන් කරා එ ළැඹැ, “සිද්ධාර්ථ කුමාරය, නැගී සිටුව. මේ පර්යාංකය මට පැමිණෙන්නේ යැ” යි කියා , ඒනොදිනිය හැකි වික්රරම ඇති මහා පුරුෂයාණන් විසින් “එම්බල! වශවර්ති මාරය! මේ පර්යංකය ලබන්නට කාරණ වූ කුශල ධර්මයන් කිරීමෙහි තට සාක්ෂි කවුරු දැ?” යි කී කල්හි ‘මොහු හැම දෙනා සාක්ෂිහ” යි මාර සේනාවට අභිමුඛ කොටැ අත දික් කොටැ ප්රලලය සාගරයෙහි ඝෝෂය පරදවන්නා වූ මහත් වූ රොබිරම් හඬින් “මම සාක්ෂි ය” යි කියා මාර සේනාව ලවා සාක්ෂි බව කියවා, “සිද්ධාර්ථකුමාරය, තට සාක්ෂි කවුරු දැ?” යි කියා ඒ අසාධාරණ වූ පරාක්රවම ඇති මහා පුරුෂයාණන් විසින් “මට මෙතැන්හි සිව්තස්ක වූ සාක්ෂි කෙනෙක් නැතැ” යි කියා, රත්වලා ගැබෙකින් නික්මුණ වූ රන් විදුලියක් මෙන් චීවර ගර්භයෙන් දක්ෂිණ ශ්රීාහස්තය පිටත්කොටැ පොළොවට අභිමුඛ කොටැ “පාරමිතා භූමියෙහි දී නොයෙක් වර ගර්ජනා කොටැ දැන් කවර කාරණයෙකින් නිශ්බ්ද වූ දැ?” යි කියා; මහා පෘථිවිය විසින් එබස් අසා නොයෙක් සිය දහස් ගණන් ගර්ජනා සංඛ්යායත වූ ධ්වනි පැවැත් වූ කල්හි, පෙර අනුන් තමා වශයෙහි පවත්වන්නා වූ ඒ වශවර්ති මාර තෙමේ, දැන් තෙමේ තමා වශයෙහි පවත්නට නො පොහොසත් වැ භයින් ත්රේස්ත වූයේ ඉස් ලූ ලූ දිශාවෙන් දිවෙන මාරසේනාව හා සමග ගන්නා ලද ආයුධයන් හා වස්ත්රාූභරණයන් ද දමා චක්රවවාට පර්වතය දක්වා පැරද පලා ගියේ යැ.
15. සම්ය ක් සම්බුද්ධ කථාව
[සංස්කරණය]මෙසේ මාර සේනා නැමැති..
[සංස්කරණය]මෙසේ මාර සේනා නැමැති පුලුන් පෙදට චණ්ඩ ප්ර ලය මාරුතයක් වැනි වූ ඒ මහා පුරුෂයාණන් වහන්සේ හිරු අස්නයට යන්නාට පූර්ව භාගයෙහි මාර වේනාව විධවාසනය කොටැ අහෙද්ය පර්යාංකය, ජය පර්යංකය, වර පර්යංකය, මංගල පර්යංකය යැ කියන ලද මහා බෝධි පර්යංකයෙහි උන් සේකැ. ජයඝෝෂාව පවත්වන්නා වූ ප්ර සාදය හා ප්රෙමෝදය ද ඉතා වශග කොටැ ඇත්තා වූ දේව දානව නාග සුපර්ණාදීන් විසින් සමීපයට අවුත් ගන්ධර්ව පූජාවෙන් හා දිව සුවඳ මල් දම් ආදියෙන් අධික කොටැ පුදනු ලබන සේක්, සියලු දස දහසක් සක්වළා අකුළා දමා ලූ මල් වටක් මෙන් ද, ඝන කොටැ බඳනා ලද මල්කලබක් මෙන් ද, මනා කොටැ සරහන ලද මලස්නක් මෙන් ද, සරහා පිළියෙළ කරන ලද මල්වියනක් මෙන් ද, එක පැහැරැ මලින් ගැවසී ගත්තාක් කොටැ;තව ද ඒ සියලු සක්වළ ඝන වූ සුවඳ දුමෙන් ඒක සුගන්ධ කොටැ, සුවඳ සුන්නෙන් හා මල් රොනින් ද සුවඳ කවනලද්දක් කොටැ, ඒකශෝභාවෙන් උඡ්චලිත කොටැ ඒකෝත්සව ඒක කෝලාහල කොටැ, ප්රටථම යාමයෙහි:
“ඒකම්පි ජාති ද්වේපි ජාතියෝ තිස්සෝපි ජාතියෝ චතුස්සෝපි ජාතියෝ පංචපි ජාතියෝ දසපි ජාතියෝ වීසතිම්පි ජාතියෝ තිසංපි ජාතියෝ වත්තාරිසම්පි ජාතියෝ පඤ්ඤාසම්පි ජාති යෝ, ජාති සතම්පි ජාති සහසම්පි ජාති සතසහස්සම්පි අනෙකේපි සංවට්ටකප්පේ අනෙකේපි විචට්චකප්ප අනෙකේපි සංවට්ට විචට්ටකප්පේ අමුත්රානසින් එවං නාමෝ එවං ගොත්තෝ එවං වණ්ණෝ එවමාහාරෝ එවං සුඛදුක්ඛපටිසංවේද එවමායු පරියත්තෝ සෝ තතෝ චුතෝ අමුත්ර උපපාදිං තත්රා සාසිං එවං නාමෝ එවං ගොත්තෝ එවං වණ්ණෝ එවමාහාරෝ එවං සුඛ දුක්ඛපටිසංවේදී එවමායුපරියත්තෝ සෝ තතෝ චුතෝ ඉධූපපන්නෝති ඉති සාකෝරං සඋද්දේසං පුබ්බේනි වාසං අනුස්සරති” යි.
මෙසේ දක්වනලද පෙර විසූ කඳපිළිවෙළ සිහි කරන්නාහු ප්රේමාණාතික්රා න්ත වූ අතීත කාලයෙහි පැවැත්තා වූ මෝහ නැමැති අන්ධකාරය නසා, මධ්යිම යාමයෙහි:
“සෝ දිබිබේන චක්ඛුනා විසුද්ධේන අතික්කන්තමානුසකේන සත්තේ පස්සති චවමානේ උප්පජ්ජමානේ හීනේ පණීතේ සුවණ්ණෝ දුඛ්ඛණ්ණෝ සුගතේ දුග්ගතේ යථාකමමූපගේ සත්තො පජානාති. ඉමේ වත හොනෙතෝ සත්තා කායදුච්චරිතේන සමන්නාගතා චවිදුච්චරිතේන සමන්නාගතා මනෝදුච්චරිතේන සමන්නාගතා අරියානං උපවාදකා මිච්ඡාදිට්ඨිකා මිච්ඡාද්ට්ඨිකම්මසමාදානං තේකායස්සහෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනීපාතං නිරයං උපපන්නා. ඉමේවා පන හොන්තෝ සත්තා කායසුචරිතේන සමන්නාගතා වචීසුචරිතේන සමන්නාගතා මනෝසුචරිතේන සමන්නාගතා අරියානං අනුපවාදකා සම්මා දිට්ඨිකා සම්මාදිට්ඨිකම්මසමාදානා. තේ තායස්ස හෙදා පරම්මරණා සුගතිං සග්ග ලෝකං උප්පන්නාති. ඉති දිබ්බේන චක්ඛුනා විසුද්ධේන අතික්කන්තමානුසකේන සත්තේ පස්සති චවමානේ උප්පජ්ජමානේ හීනේ පණීතේ සුවණ්ණේ දුබ්බණ්ණේ සුගතේ දුග්ගතේ යථාකම්මූපගේ සත්තේ පජනාති” යි
මෙසේ දක්වනලද ..
[සංස්කරණය]මෙසේ දක්වනලද චුත වන්නා වූ ද උපදනා වූ ද සත්ත්වයන් දිවැසින් බලන්නෝ, ප්ර්මාණාතික්රාසන්ත වූ අනාගතකාලයෙහි පවත්නා මෝහ නමැති අන්ධකාරයන් නසා, පශ්චිම යාමයෙහි වර්තමාන කාලයෙහි පැවැත්තා වූ අවිද්යාය නැමැති අන්ධකාර සමූහය නසන පිණිසැ අගාධ වූ අපාර වූ ප්රනතීත්යසසමුත්පාද නැමැති සාගරයෙහි මහා ප්රැඥා නැමැති මෙර මත බහා අළලන්නාක්හු මෙන්;
‘අවිජ්ජාපච්චයා සංඛාරා’ යනාදීන් නැගි ජරා මරණ පරියන්ත වූ ද්වාදශාංගය වර්ත නමැ. ‘අවිජ්ජානිරෝධා සංඛාර නිරෝධෝ’ යනාදීන් නැගි ජරාමරණපරියන්ත වූ ද්වාදශාඞ්ගය විවර්ත්ත නමැ. මෙසේ වර්ත විවර්ත වශයෙන් ආදියෙහි පටන් ගෙනැ අන්තය දක්වා ලක්ෂණ රසප්රිත්යුෙපස්ථාන වශයෙන් සම්මර්ශනය කිරීම අනුලෝම නම් වෙයි. අන්තයෙහි පටන් ගෙනැ ආදිය දක්වා සම්මර්ශනය කිරීම ප්රනතිලෝම නම් වෙයි. මද්ධ්යයයෙහි පටන් ආද්ය න්ත කෙළවර දක්වා සම්මර්ශනය කිරීම උභතෝවර්ධන නම් වෙයි. ආද්ය න්තයෙහි පටන් ගෙනැ මධ්යශය දක්වා සම්මර්ශනය කිරීම මධ්යයසංක්ෂේප නම් වෙයි. පළමු වන අවිද්යාශප්රයත්යමය සම්මර්ශනය කොටැ දෙ වැනි වූ සංස්කාර ප්ර ත්යයයට ගොස් එය සම්මර්ශනය කොටැ නැවත පළමු වන අවිද්යාැ ප්රාත්යඒයට බැසැ ක්රමයෙන් ද්වාදශාඞ්ගය දක්වා නැගී පළමු වන අවිද්යාය ප්රනත්යයය දක්වා බැසැ සම්මර්ශනය කිරීම ශතෝත්තර විංශතිප්රවත්යමයාගත නය නම් වෙයි.
මෙසේ අනුලෝම ප්රෝතිලෝමාදී වූ මහාපඞ්චකනය වශයෙන් සම්මර්ශනය කරන සේක්, දශබලචතුර්වෛශාරද්යාාදී වූ ගුණ නැමැති රත්නයෙන් පිරිවරනලද සර්වඥතාඥාන නැමැති අමෘතය සමෘද්ධ කොටැ ගෙනැ, වාසනා සහිත වූ කාමාදී වූ ආශ්රැවයන් සිඳැ “ආසවානං ඛයා අනාසවං චේතෝවිමුත්තිං පඤ්ඤවිමුත්තිං දිට්යේව ධම්මේ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරති” යි දක්වනලද ආශ්රඤවයක්ෂයකර ඥානය සමධිගම කොටැ, අතීතානාගතවර්තමාන යැයි කියන ලද කාලත්ර යවර්තී වූ සංස්කාර විකාර ලක්ෂණ නිර්වාණ ප්රාඥප්ති යැ යන පඤ්චවිධ ඥෙය මණ්ඩල ලක්ෂණවූ සියලු පදාර්ථය අත්ලෙහි තුබූ ජාතිරංග මාණික්ය රත්නයක් මෙන් නිරවශේෂ කොටැ දැකැ, සම්පූර්ණ වූ මනෝරථ ඇති ඒ තිලෝගුරු බුදු රජාණන් වහන්සේ ප්රීදති වේගයෙන්:
“අනේකජාති සංසාරං සන්ධාවිස්සං අනිබ්බිසං,
ගහකාරකං ගවේසන්තෝ දුක්ඛා ජාති පුනප්පුනං.
ගහකාරක දිට්ඨො’ සි පුන ගේහං න කාහසි,
සබ්බා තේ ඵාසුකා හග්ගා ගහකූටං විසංඛීතං,
විසංඛාරගතං චිත්තං තණ්හානං ඛයමජ්ඤගායි”
මෙසේ ප්රී ති වාක්ය පැවැත්වූ සේකැ.
යම් සර්වඥරාජෝත්තමයාණන් කෙනෙකුන් වහන්සේ මෙ සේ යථොක්ත ක්රේමයෙන් මහත් වූ කරුණා ඇති සේක් ද, සියලු ලෝකවාසී සත්ත්වයන් සංසාර නැමැති සාගරයෙන් එතෙරැ ලන පිණිසැ භව දුර්ගයට වැදැ සමත්රිං ශත් පාරමී ධර්මයන් පූරණය කොටැ නසනලද රාග ද්වේෂාදී වූ සකල ක්ලේශයන් ඇති සේක් ද, පැමිණියා වූ සර්වඥතාඥානය ඇති සේක් ද, මෙරමා හට වැඩ කිරීමෙහි ඇලුණු සේක් ද, මේ ශ්රීව මහා බෝධිය ඒ භාග්ය,වත් වූ නික්ලේශී වූ විවිතෝ පවිත පාරමිතාසම්භරණයෙන් සිද්ධ වූ ස්වයම්භූ ඥායෙන් ලෞකික ලෝකෝත්තරාදී වූ හෙද හින්න සකල ධර්ම සමූහය යථා ස්වභාව ප්ර තිවේද ලක්ෂණ ඥානයෙන් දත් හෙයින් සම්ය ක්සම්බුද්ධ වූ තිලෝගුරු බුදුරජාණන් වහන්සේ ශ්රීාමහා බෝධිය වන්නේ යි.
එහෙයින් කියනලදී:
“ඉති විපුලදයෝ සෝ ලෝකනිත්ථාරණත්ථං
පවීසිය භව දුග්ගං පාරමී පූරයිත්වා,
හත සකල කිලේසෝ පත්ත සබ්බඤ්ඤුභාවෝ
පරහිතනිරතෝ “යං තස්ස බුද්ධස්ස බෝධි” යි.