සිංහල විමානවස්තු ප්‍රකරණය- iii

Wikibooks වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

පරමාර්ත්ථනජොතිකා නම් මේ විමානවස්තු ප්රරකරණයෙහි

දෙවන චිත්ර ලතා වර්ගමයයි


පීඨ වර්ග්යෙහි පටන් චිත්රගලතා වර්ගඡය ඇතුළුව ප්රොකාශවූ විමාන වස්තූන් මාගේ නුවණ පමණින් විස්තර වශයෙන් වර්ණ්නාකොට ඊට අනතුරුව සියලු විමාන වස්තූන් විස්තර වශයෙන් වර්ණවනා කරත හොත් ග්ර න්ථල බොහෝ වීමෙන් පොත මහත්වන බවක් විනා, “දිව්යර ලොකයෙහි උපන්හ”යි කීකල “දිව්යූ ලොකයෙහි උපන් කෙනෙකුට උද්යාෙන විමානාදි සම්පත්තියෙන් අඩුවක් නැත්තේය. එබැවින් සියලු සම්පත් ප්රයකාශ කළා නම් වෙයි. මෙහි වෙනසෙක් නම් ඔවු නොවුන්ගේ නම් ගොත් හා ඔවු නොවුන් කළ කුශල් හා ඔවුනොවුන්ගේ නම් ගොත් හා ඔවු නොවුන් කළ කළ කුශල් හා ඔවුනොවුන්ට පහළ වන්නාවූ උයන් පොකුණු ගලතල කල්ප වෘක්ෂ විමාන සටහන් ඇතුලුව නෘත්යන ගීත නළු නාටකාදී පිරිවර හා ශරීර ප්රිභාදී වර්ණ සටහන් පමණක්ම මුත් යටකී විමාන වස්තුන් හා සමාන වන්නේය. එබැවින් ග්රනන්ථප බොහෝ වීමෙන් පොත මහත්වන නිසාත් පොත මහත්වීමෙන් සියලුදෙනාටම සැපසේ ලියා කියා මතු පැවැත්වීම දුෂ්කර නිසාත් අනිකුදු බොහෝ කටයුතු සලකා පූර්වාකචාරීන්ගේ වචනයටත් අනුකූලව මතු ප්රනකාශ වන්නාවූ පාරිච්ඡත්තක වර්ගරයෙහි පටන් ඒ ඒ දෙවතාවන් විසින් කරනලද කුශල් පමණෙක්ම වර්ණපනාකොට උද්යා‍න විමාන වර්ණා සටහන් ආදිය සංක්ෂෙෙපයෙන් වර්ණණනා කෙරෙමි. අසමර්ත්ථඒ කමක් නිසා නම් මෙබඳු පාලියක් හෙළු බසින් කෙරෙමි”යි කියා සිතිනුත් නොසිතමි ලඝුකොට නොසිතා ශ්රබද්ධාවන්ත සත්පුරුෂයන් විසින් බණ අසා ස්වර්ගට මොක්ෂ සම්පත් ලබන්ට උත්සාහ කටයුතු.

“ තෙපිටකා මහාථෙරා මහා පඤ්ඤා බහුස්සුතා, වීවාදො දිස්සතෙ පුබෙබ කාමං තෙසම්පි ධීමතා. සිංහල විමාන වස්තු ප්රිකරණය. 77

තස්මා හි මාදිසා නාම දුප්පඤ්ඤා ඉහ කා කථා, ඉමාය සක භාසාය විරුද්ධා චෙ පදිස්සතෙ.

අපටි‍ක්කොසිය ධීරෙහි ප ළිං ලොකිය සාධුකං, උග්ගහෙත්වාස විසෙසෙන චත්තබ්බං පාළිභාසතො.

මාදිසානං මනුස්සානං හිතාය ච සුඛාය ච, කුසලං ජාතතත්ථාසය සක භාසාය චුච්චතෙ” ති.

උළාර විමාන වස්තුව.

තවද මේ විමාන වස්තු ප්රයකරණයෙහි පරසතු වර්ගංයෙහි පළමුවැනිවූ උළාර විමාන වස්තුව නම් කවරුයත්:— එහි පිළිවෙළ කථාව මෙසේ දතයුතු

සාධු ජන නමැති කෞමද වන ප්රකබොධයට සරා සඳ මඬලක් වැනිවූ බුදුරාජණෝ එක් සමයෙක රජගහ නුවර වෙළුවනාරාමයෙහි වැඩවසන සේක. එසමයෙහි ආයුෂ්මත් මුගලන් මහ තෙරුන් වහන්සේට උපස්ථාන කරන්නාවූ රජගහ නුවර එක්තරා ශ්රලද්ධාවන්ත කුලයක නිරන්තරයෙන් දන් දීමෙහි ඇලුම් ඇත්තාවූ දන් දීමෙයි තුටු පහටු සිත් ඇත්තාවූ ශ්රිඬාවන්ත කුමාරිකාවක් ඇත්තීය. ඕතොමෝ පෙරවරු භාගයෙක් කිසියම් කන බොන දෙයක් ඒ ගෙයි උපදීද, එයින් ඒ කුමාරිකාවටත් කොටසක් ලැබේද, ඒ තමන් ලත් කොටසින් භාගයක් දන් දී අනුභව කරන්නීය. දන් නොදී අනුභව නොකරන්නීය. දන් පිළිගන්නට නිසි සිල්වත් කෙනෙකුන් බත් වේලෙහි නුදුට හොත් භාගයක් සඟවා තබා දුටු කල දන් දෙන්නීය. එසේම යාචකයන්ටත් දන් දෙන්නීමය. එකල්හි ඇගේ මෑණියෝ, “මාගේ දියණියෝ දානාධ්යාතශ ඇත්තීය. දාන විභාගයෙහි ඇලුම් ඇත්තීය”යි සතුටු සිත් ඇතිව දෙභාගයක් දෙන්නීය. එසේ දෙන්නිද පළමු ලත් කොටස දන් දුන් කල අනෙක් කොටසක් දෙයි. සිල්වතුන් දුටුකල එයිනුදු භාගයක් දන් දෙන්නීමය. මෙසේ කල්යවන කල ඇගේ මව්පිය දෙදෙනා වැඩිවිය පැමිණෙන ලද ඒ කුමාරිකාව එම නුවර සමාන කුලයක කුමාරයෙකුට සරණ කොට දුන්හ. ඒ කුලය වනාහි මිත්යාකදෘෂ්ටිකය. තුනුරුවන් කෙරෙහි අප්රසසන්නය, ශ්රවද්ධා හීනය, එසමයෙහි ආයුෂ්මත් මුගලන් මහ තෙරුන් වහන්සේ රජගහ නුවර ගෙපිළිවෙළින් පිඬු සිඟා ව‍ඩනා සේක් ඒ කුමාරිකාවගේ මයිලනුවන් දොර සමීපයෙහි වැඩ සිටිසේක. කුමාරිකාව ඒ තෙරුන්වහන්සේ දැක සතුටු සිත් ඇතිව නමස්කාරකොට, “මෙසේ වැඩිය මැනව”යි

78 සිංහල විමාන වස්තු ප්රිකරණය.

කියා ගෙට ගොස් නැන්දණියන් විසින් සඟවා තබනලද කබුලු පුවක් දැක නැන්දණියන් ආකල, “මෙපවත් කියා පින් අනුමෝදන් කරවමි” සිතා විශ්වාසයෙන් ගෙන තෙරුන්වහන්සේට පූජාකළාය. මහ තෙරුන් වහන්සේ අනුමෝදනා කොට වැඩි‍සේක. ඉක්බිති ඒ කුමාරිකාව නැන්දණියන් ආකල මෙපවත් කියන්නී, “මෑණියෙනි, නුඹ විසින් සඟවා තබන ලද කබලු පුවක් මුගලන් මහ තෙරුන් වහන්සේට පූජාකෙළෙමි. එහි පින් අනුමෝදන්ව”යි කීවාය. එබසට කිපී, “කිමෙක්ද, මේ කවර බුහිටි කමෙක්ද, නපුරු කෙල්ල, මා සන්තක කබලු පුව මා නොවිචාරා හිස මුඩු ශ්රූමණයාට දුන්නීදැ?”යි කියා බැණ, ‘තට තට’ යන අනුකරණ ඇතිව ක්රො‍ධයෙන් දිළිහී කටයුතු නොකටයුතු සලකාගත නොහි ඉදිරිපිට තිබූ මෝල් දණ්ඩක් ගෙන අංශ කූටයට පහරක් දුන්නීය. ඒ කුමාරිකාව සුකුමාල ශරීර ඇති හෙයින් අ ගෙවුනාවූ ආයු ඇති හෙයින්ද එම පහරින්ම බලවත් දුඃඛ වෙදනාවෙන් මඬනා ලදුව කීප දවසකින් කාලක්රි යාකොට තවුතිසා දිව්යනලොකයෙහි උපන්නීය. මෙ අනෙක් කුශලයෙක් නොවෙයි. තෙරුන්වහන්සේට දුන්නාවූ කබල පුවෙහි අනුසස් වන්නීය. එසමයෙහි ආයුෂ්මත් වූ මුගලන් මහ තෙරුන් වහන්සේ දෙවචාරිකාවෙන් වඩනා සේක් දහසක් පමණ දෙවඟනන් පිරිවරා මහත්වූ දිව්යා ලීලාවෙන් විරාජමානව බබලන්නාවූ දිව්යා්ඞගනාව දැක සමීපයට වැඩ ඈ විසින් ගිය දවස කරනලද කුශල කර්මනය මෙසේ විචාළසේක.

“ උළාරො තෙ යසො වණ්ණො සබ්බා ඔභාසතෙ දිසා, නාරියො නච්චන්ති ගායන්ති දෙවපුත්තා අලඞකතා.

මොදන්ති පරිවාරෙන්තී තව පූජාය දෙවතෙ, සොවණ්ණානි විමානානි තවිමානි සුදස්සනෙ.

තුවංසි ඉස්සරා තෙසං සබ්බකාම සමිද්ධිනි, අභිජාතා මහත්තාසි දෙවකායෙ පමොදසී,

දෙවනෙ පුච්ඡිතාවික්ඛා කිස්ස කම්මස්සිදං ඵලං, කෙන තෙ තාදිසො ව‍ෙණණා-පෙ-පභාසති”

යනාදීන් “එම්බා දිව්යාමඞගනාව, තිගේ රන්කඳක් වැනිවූ ශරීර වර්ණයය හා යසස් ඉතා උදාරතරවෙයි” යනාදීන් සම්පත් වර්ණසනාකොට, “මේ දිව ඉසුරු ලැබීමට කළාවූ කුශලය කවරේදැ?”යි විචාරා වදාළ සේක. එකල මහතෙරුන් වහන්සේගේ වචනය මුදුණෙන් පිළිගෙන ඒ දිව්යා ඞගනා තොමෝ මෙසේ ප්ර්කාශ කළාය. සිංහල විමාන වස්තු ප්ර්කරණය. 79

“ අනංමනුස්සෙසු මනුස්ස භූතා පුරිමාය ජාතියා මනුස්ස ලොකෙ,

දුස්සිල කුලෙ සුණිසා අහොසිං අස්ස‍ඬෙසු කදරියෙසු අහං.

සද්ධා සීලෙන සම්පනනා සංවිභාරගතා සදා, පිණ්ඩාය චරමානස්ස අපූවං තෙ අදාසහං.

තදාහං සස්සුයාචික්ඛිං සමණො ආගතො ඉධ, තස්ස ආදාසහං පුවං පසන්තා සෙහි පාණිහි.

ඉතිස්සා සස්සු පරිභාසි අවිනිතා තුවං වධු, න මං සම්පුච්ඡිතුං ඉච්ඡි සමණස්ස දදාමහං.

තතො මෙ සස්සු කුපිතා පහාසි මුසලෙන මං, කූටඞගච්ඡි අවධි මං නසාක්ඛිං ජිවිතුං චිරං,

සා අහං කායස්ස භෙදා විප්පමුත්තා තතො වුතා, දෙවානං තාවතිංසානං උප්පන්නා සහව්යතතං”

යනාදීන් දක්වන්නි, “ස්වාමීනි, මම මිනිස් ලොව වසනකල පිඬු පිණිස වැඩියාවූ නුඹවහන්සේ දැක පහන් සිත් ඇතිව මා සතු දෙයක් නැති බැවින් නැන්දණියන් සන්තක කබලු පුවත් දැක විශ්වාසයෙන් ගෙන පූජාකොට ඉක්බිති නැන්දණියන්ට කබලු පුව දුන් පවත් කීමි. එබසට කිපී “මා නොවිචාරා මා සන්තක කබලු පුව ශ්රබමණයන්ට දුන්නීදැ?”යි කියා ඉදිරියේ තුබූ මෝල් දණ්ඩක් ගෙන පහරක් දී අංශ කුටය බිඳපුව. එබැවින් බොහෝ දවසක් ජීවත්විය නොහි කලක්රිඅයා කොට ඒ කුශලයෙන් මේ දිව්ය ශ්රීත සම්පත් ලදිමි” යි කිව. මහ තෙරහු දෙවතාදුවට බණ වදාරා මිනිස් ලොවට අවුත් බුදුන්ට එපවත් කීසේක. බුදුහු එම අර්ත්ථොටත්පත්ති කොට ගෙන එතැන්හි පැමිණි පිරිසට බණ වදාල සේක. ඒ ධර්මඅ දෙශනාව බොහෝදෙනාට ප්රැයෝජන විය.

මේ විමාන වස්තු ප්රදකරණයෙහි පාරිච්ඡත්තක වර්ගෙයෙහි උළාර විමාන වස්තු වර්ණ නාව කියා නිමවන ලදි.

2. උර්ත්ථතදායිකා විමාන වර්ණරනාවද,

       3.  පල්ලඞක විමාන වර්ණිනාවද,

4. ලතා විමාන වර්ණානාවද, උළාර විමාන වර්ණ නාව මෙනැයි දතයුතු.

80 සිංහල විමාන වස්තු ප්රාකරණය.

ගුප්තිල විමාන වස්තුව.

තවද මේ විමාන වස්තු ප්රමකරණයෙහි පාරිච්ඡත්තක වර්ගණයෙහි පස්වැනිවූ+ගුප්තිල විමාන වස්තුව නම් කවරැයත්;— එහි පිළිවෙළ කථාව මෙසේ දතයුතු.

ජල පොළොවසේ ගැඹුරුවූ විසිතුරු දෙශනා ඇති බුදුරජාණන් වහන්සේ එක් සමයෙක රජගහ නුවර වෙළුවනාරාමයෙහි වැඩ ‍වසන සේක. එසමයෙහි ආයුෂ්මත් මුගලන් මහ තෙරුන් වහන්සේ යට කියනලද ක්ර්මයෙන් දෙවචාරිකාවෙන් වඩනා සේක් ඒ තව්තිසා දෙව්ලොව පිළිවෙලින් එකතැන පිහිටියාවූ සතිසක් පමණ දිව්යව විමානවල වෙන වෙනම දහස දහසක් දිව්යායඞගනාවන් පිරිවරා මහත්වූ දිව්යන සම්පත් අනුභව කරන්නා වූ සතිසක් දිව්යායඞගනාවන් දැක, “අභික්කතෙනන වණෙණන” යනාදී ගාථාවලින් වෙන වෙනම පූර්ව ජාතියෙහි කරනලද කුශල කර්මියන් විචාරා ඔවුන් විසිනුදු ඒ වචනයට අනතුරුව ‘වත්ථුනත්ත මදායිකා නාරි” යනාදී ගාථා‍වන්ගෙන් වෙන වෙනම කුශල් ප්රඞකාශකොට කීකල මිනිස් ලොවට වැඩ බුදුන්ට එපවත් දැන්වූ සේක. බුදුරජාණෝ එබස් අසා, “මොද්ගල්යාඑයන ස්ථවිරය, ඒ දිව්යාවඞගනාවෝ තොප විසින් විචාරන ලදුව මෙසේ ප්රඅකාශ කොට කීවාහු වේදැ?”යි වදාරා මහතෙරහු විසින් විස්තර දෙශනාවට ආරාධනා කරන ලදුව තමන්ගේම පූර්වැ චරිත වශයෙන් අතීතවූ ගුත්තිල පණ්ඩිතයන්ගේ උත්පත්ති කථාව ගෙනහැර දක්වා වදාළසේක. ඒ කෙසේදයත්?

“යටගිය දවස බරණැස් නුවර බ්රේහ්මදත්ත නම් රජ්ජුරු කෙනෙකුන් රාජ්යටය කරන සමයෙහි අප මහ බෝසතාණෝ එක්තරා ගන්ධ්ර්ව් කුලයක ඉපිද ගන්ධයර්වර ශිල්පයෙහි කෙළවරට පැමිණ තම්බරු නාරදාද ගන්ධාර්වඉ දිව්යිපුත්රඞයන්සේ ග්රධත්තිලාචාරින් වහන්සේයයි සියලු දිශාවන්හි ප්ර සිද්ධව දඹදිවට එකාචාර්ව අන්ධයවූ මව්පියන් රක්ෂාසකෙරෙමින් වෙසෙති. එසමයෙහි උදෙනි නුවරවාසි වු මූසිල නම් ‍ගන්ධ ර්වෂයෙක් එපවත් අසා බෝසතුන් කරා ගොස් වැඳ එකත්පස්ව සිටියේය. “කුමක් පිණිස ආයෙහිදැ?”යි විචාළ කල ‘නුඹවහන්සේ සමීපයෙහි ශිල්ප උගන්ට ආමි යි කීය. පණ්ඩිතයෝ එබස් අසා ලක්ෂ ණ දැන්මෙහි සමර්ත්ථස බැවින් ඔහුගේ ලකුණු බලා ‘අසත්පුරුෂවූ තද පරුෂවූ කෙළෙහි ගුණ නොදන්නා විෂමාධ්යාුශ ඇති එකෙක. එබැවින් මොහු මා විසින් සංග්රවහ නොකට යුතුය’යි සිතා ශිල්ප උගන්ට අවසර නුදුන් සේක.


+ ගුප්තා රක්ෂියතං ධනං ශාස්ත්රං වාශ්යාිස්තිති ගුත්තිලඃ යි. සිංහල විමාන වස්තු ප්රකරණය. 81

මවුපියන්ට මෙහෙකොට ඔවුන් ලවා යාච්ඤා කරවිය. එසේ මවු පියන් විසින් යාච්ඤා කරන ලද ගුත්තිල පණ්ඩිතයෝ, ‘මවුපියන්ගේ වචනය නම් අතික්රාකන්ත නොකටයුතුය’ යි සිතා ශිල්ප උගන්වන සේක් මසුරු මල නැති හෙයින්ද මහත් කරුණා ඇති හෙයින්ද ආචාය්ය්ිය භාකයකුත් නොතබා නිරවශෙෂකොට ශිල්ප ඉගැන්වූ සේක.

“ඒ මුසිලයාද නුවණ ඇති හෙයින්ද පෙර පුරුදු හෙයින්ද කුශීත නොවන හෙයින්ද නිෂ්ඨාකොට උගන්නාලද ශිල්ප ඇතිව සිතන්නේ, ‘මේ බරණැස් නුවර නම් මුලු දඹදිව රජුන්ට අග්රපවූ රජහට නිවාස හෙයින් අධිපති නුවරය. එබැවින් මෙනුවර රජු හා පිරිසට ශිල්ප දැක්වූයෙම් නම් ඉතා යෙහෙක. එසේ කල ආචාරින් මෙන් නුවණින් මුලු දඹදිව ප්ර්සිද්ධ වෙමි’ යි සිතා ආචාරීන්ට මෙසේ කීය. ‘ආචාරින්වහන්ස, රජු ඉදිරියේ මම ශිල්ප දක්වනු කැමැත්තෙමි, රජහට මා දැක්වුව මැනවැ’යි කීය. එකල බෝසතාණෝ සිතනසේක්, ‘මොහු මා සමීපයෙහි උගන්නාලද ශිල්ප ඇත්තේය. එබැවින් මෝහට පිටිවහලක් ලැබේව’යි සිතා කරුණා සිත් ඇතිව රජු සමීපයට කැඳවාගෙන ගොස් රජහට දක්වා, ‘දෙවයන්වහන්ස, මාගේ මේ අතවැස්සා උගත් වීණාශිල්ප බලා වදාළ මැනව’යි කීසේක. රජු, ‘යහපතැ’යි කියා වීණා ගායනා අසා සතුටුව සිය රටට යනු කැමතිව සිටි ගමන් වළකා, ‘මා සමීපයෙහි වසව, ආචාරින්ට දුන් සැපතින් භාගයක් දෙමි’ කීහ. එබසට මූසිලයා, ‘මම ආචාරීන්ට භය නොවෙමි, ආචාරින් මට වඩා දන්නා දෙයක් නැත, සම කොටසක් දුන මැනව’යි කීහ. ‘එසේ නොකියව, ආචාරීහුම මහත් වෙති, තට භාගයක් දෙමි’යි රජු විසින් කී කල්හි, දෙවයන්වහන්ස, එසේ වී නම් ම‍ාගේද ආචාරීන්ගේද ශිල්ප වාද දක්නාසේක්වා’යි කියා රජගෙන් නික්ම, ‘මෙයින් සත්වන දවස් රාජාඞගණයෙහිදී මාගේද ගුත්තිලාචාරීන්ගේද ශිල්ම වාදය දැක්ම වෙයි. ඒ වාදය දක්නා කැමති කෙනෙක් සත්වන දවස් රාජාඞගණයෙහි රැස්වෙත්වා’යි කියා ඒ ඒ තැන ඇවිද උද්ඝොෂණය කෙළේය. මහබෝසතාණෝ එපවත් අසා සිතනසේක්, ‘මේ මූසිලයා තරුණය, කාය බල ඇත්තේය. මම වනාහි ජරාවෙන් ජීර්ණගවීමි. ඉදින් මට පරාජයෙක් වීනම් නපුර. ජීවත්වීමට වඩා මියයාම උතුම්ය. එබැවින් වල් වැද කර වැල ලා මියෙමි’යි සිතූහ. මෙසේ සිතා වලට ගිය සේක් මරණ භයින් තැතිගෙන නැවත ආසේක් එසේම නැවත නැවතත් යමින් එමින් වෙහෙසෙන සේක් එතැන්හි යන එන මග වල්විය. තණ පහවිය. එකල්හි සක්දෙව් මහරජාණෝ එපවත් දැක බෝසතුන් කරා

11


82 සිංහල විමාන වස්තු ප්රසකරණය.

අවුත් දෘශ්යහමාන ශක්රව විලාශයෙන් ආකාශයෙහි සිට, ‘ආචාරිනි, කුමක් කරනසේක්දැ?’යි වාචාළහ. එබස් අසා මහ බෝසතාණෝ තමන් කළ කී දේ මේ ගාථාවෙන් ප්ර්කාශ කළ සේක.

“සත්ත නත්තිං සුමධුරං රාමණෙය්යංේ අචාවයිං, සො මං රඞගමහි අ‍ෙවහති සරණං මෙ හො ගි කොසියා’ති.

“කොසිය ගොත්ර යෙහි උපන් සක්දෙව් රජාණෙනි, සත්තක් ඇත්තාවූ ඒ තන්ත්රීින් සත්දෙනාගේ සැදීම් වශයෙන් සප්ත ප්රයකාරයෙන් පවත්නා ස්වර සතකින්ද එ මැ විෂය කොට ‍සුදුසු වශයෙන් පවත්නා දෙවිස්සක් ප්රනමාණ ශ්රැනතීන් හා ඒ ශ්රැ‍ති භෙද අපාහරණ වශයෙන් පවත්නා සමපණස් මෘච්ඡතාවන්ගේ ව්යා්ප්තවීමෙන් ස්වරයාගේද ශරීරයාගේද වීණාවගේද ඔවුනොවුන්ගේද සංසන්දහනයෙන් අසන්නවුන්ගේ සිත් අතිශයින් අභිරමණය කරන හෙයින් රාමණෙය්යහවූ ස්වර ශතාදි විභාග වශයෙන් සදනලද චතුර්විධ ගන්ධහර්වය ශිල්පය නොහැර ආචාය්ය් ව මුෂ්ටි රහිතව ගන්ධගර්වක ශිල්පය නිෂ්ඨාකොට නොසඟවා මූසිල නම් අතවැසියාහට කිමි; උගන්වා හික්මවීමි. ඒ මූසිලයා දැන්, ‘වාද කෙරෙමි’යි, ‘මා හා සමග රජ පිරිස් මැද නෘත්ය මණ්ඩලයෙහි ශිල්ප දක්වන්ට එව’යි කියා මා කැඳවයි. එබැවින් දෙදෙව්ලොවට අධිපතිවූ සක්දෙව් මහ රජාණෙනි, ‘මට පිටිවහල්වුව මැනව, මට පිළිසරණ වෙව’යි කීසේක. එබස් අසා සක්දෙව් මහ රජාණෝ නොබව, ආචාරිනි, සැක නොවුව මැනව, මම නුබ රකිමි, පිළිසරණ වෙමි’ කියා අස්වසන්නාහු;—

‘අහං තෙ සරණං හොමි අහමාවරිය පූජකො’ න තං ජයිස්සතී සිස්දොසිස්සමාවරිය ජෙස්සසි

යනු හෙයින්, (ගිය දවස මහබෝසතාණෝ ශක්රයයාට ගුරුවූ සේක. එබැවින් ශක්රීයා බෝසතාණන්ට ආචාය්ය්තාණ වාදයෙන් ආමන්ත්ර ණය කරයි.) ‘ආචාරිනී, මම ගුරු පූජා කෙරෙමි; මූසිලයා සේ සමකොට නොසිතමි, මා වැනි අතවැසියකු සිටියදී කවර හෙයකින් නුඹට පරාජය වේද? මම නුඹට පිළිසරණ වෙමි. නුඹට මුත් ශිෂ්යකවූ මූසිලයාට ජය නැත්තේය. සත්වන දවස මමත් සාකච්ඡා මණ්ඩලයට එමි. සැක නොව නෘත්යූ මණ්ඩලයට එනසේක්වා’යි කියා අස්වසා දෙව් ලොවට ගියහ. ඉකිබිති සත්වන දවස් රජු මහ පිරිස් පිරිවරා, ‘ශිෂ්යාාචාය්‍ර්ය දෙදෙනාගේ ශිල්ප වාදය බලම්හ’යි කියා සිංහාසනාරූඪව රාජ සභාවෙහි උන්හ. ගුත්තිලාචාරිද මූසිලයාද ශිල්ප දක්වනු පිණිස සැදී පැහැදී රජු කරා එළඹැ නමස්කාර කොට තම තමන්ට සුදුසු අසුන්වල හිද වීණා ගායනාවට පටන්ගත්තාහුය. එකල්හි ශක්රලදේවේන්ර් පටයෝද එම නෘත්යස මණ්ඩලයට අවුත් ආකාශයෙහි සිටියෝය. ඒ ශක්රේයා වනාහි මහබෝසතාණන් විසින් මැ

සිංහල විමාන වස්තු ප්රශකරණය. 83

දකිනු ලැබෙයි. අවශෙෂයන් විසින් නොදක්නා ලැබෙයි. රජ පිරිස දෙදෙනාගේම ගායනා අසා දෙදෙනාගේම ගායනා සම හෙයින් දෙදෙනා කෙරෙහිම සම සිත් වූහ. ඉක්බිති ශක්ර්යා, ‘ගුත්තිලාචාරිනී, එක් තතක් සිඳුව’යි කීය. පණ්ඩිතයෝ එක් තතක් සිඳ ගායන් කළ සේක. එකලද පෙර සේම මධුර ශ්වර විය. එසේම ‘දෙවන තුන්වන සතරවන පස්වන සවන සත්වන තත යයි මෙම ක්රයමයෙන් සිඳුව’යි කීය. එසේ සිඳ ගායනා කළහ. පෙර සේ මධුර නාදවිය. ඒ බව දැක මූසිලයා පරාජය වීමෙන් ගුත්තිල පණ්ඩිතයන්ට සාධුකාර දුන්හ. රජු මූසිලයා රාජ සභාවෙන් පිටත ලැවුහ. මහජනයා කිපී කැට කැබිලිත් දඬු මුගුරු ආදියෙන් තළා එතැන්හිම ජීවිත විනාශයට පැමිණවිය. සක්දෙව් මහරජාණෝ බෝසතුන් හා සමග ප්රි්ය කථාකොට දෙව්ලොවටම ගියෝය. එකල දෙවතාවෝ, ‘මහරජ, නුඹ මද කලක් කොයි ගියසේක්දැ?’යි විචාරා එපවත් අසා, ‘මහරජ අපිද ගුත්තිලාචාරින් දක්නා කැමැත්තම්හ. ගුත්තිලාචාරීන් මෙතැන්හි ගෙන්වා අපට දැක්වුව මැනව’යි කීහ. ශක්රතයා දෙවතාවන් කී බස් අසා මාතලී දෙව් පුත් කැඳවා, ‘මාතලිය, වෛජයන්ත නම් රථය ගෙන ගොස් අපගේ කුත්තිලාචාරීන් කැඳවා ගෙන එව, දෙවතාවෝ ආචාරීන් දක්නා කැමැත්තෝය’යි කියා යැවීය. එකල මාතලී දෙව්පුත් වෛජයන්ත නම් රථය ගෙන මිනින් ලොවට ගොස් ගුක්තිල පණ්ඩිතයන් රථයට නංවා ගෙන දෙව් ලොවට ගියේය. ශකු දෙවෙන්ර්න් යෝ බෝසතුන් දැක සතුටුව උන් හා ප්රි ය කථා කොට, ‘ආචාරිනී, දෙවතාවෝ වීණා ගායන් අසන්ට කැමැත්තෝය’යි කීහ. එබසට බෝසතාණෝ කියන සේක්, ‘දෙවයෙනි, අපි ශිල්ප නිසාම ජිවත් වම්හ. වැටුප් වස්තුවක් නැතිව ශිල්ප නොපාමිහ’යි කීසේක. ‘කෙබඳු වස්තුවක් කැමැත්තෙන් වේදැ?’යි විචාළ කල, ‘අනෙක් වස්තුවකින් මට ප්ර යෝජන නැත මේ දෙවතාවන් විසින් පූර්වශ ජාතියෙහි කරන ලද කුශල් ප්රටකාශකොට කිම මැ මට වස්තුව නම් වෙ’යි කීසේක. දිව්යාලඞගනාවෝද එබසට’ ‘යහපතැ’යි කියා ඔවුන් කළ කුශල් ප්රවකාශකොට කීහ. ඒ දිව්යාසඞගනාවෝ කාශ්යපප බුදුන් සමයෙහි මිනිස් ලොව ඉපිද වෙන වෙනම කුශල් කොට එයින් චුතව තවුතිසා දිව්යෝ ලොකයෙහි වෙන වෙනම දිව්යකප්සරාවන් දහස දහස පිරිවරා ශක්රායාට පාදචාරිකා‍වන්වැ පිළිවෙළින් පිහිටි සතිසක් දිව්යා විමානවල ඉපිද බුදු මුඛයකින් මුත් ක්රි‍යා නිමවාලිය නොහැකි මහත්වූ දිව්යද සම්පත් අනුභව කරන්නාහුය. මෙසේ එක තැන පිළිවෙළින් පිහිටි සතිස් දිව්යාදඞගනාවන්ගේ විමන් දැක ඔවුන් මෙබඳු සම්පත් ලැබීමට




84 සිංහල විමාන වස්තු ප්ර කරණය.

යටගිය දවස කරනලද කුශල් ප්ර කාශ කරනු කැමතිව විණා ශිල්ප දැක්වීමට වැටුප් වියදම් වශයෙන් ප්ර තිඥා ගෙන වදාරන සේක් මේ ගාථාවන්ගෙන් විචාළ සේක.

“අභික්කන්තෙන වණ්ණෙන යා ත්වංර තිට්ඨසී දෙවනෙ, ඔභාසෙන්ති දිසා සබ්බා ඔසධි විය තාරකා, පුවාරාමිතං දෙවි පෙ-පභාසතී’

යනුහෙයින්, ‘එම්බා දිව්යාවඞගනාව, තී අනෙකවිධ රැසින් දිලිසෙන නොයෙක් දිව්යා භරණයෙන් සැරහී මහත්වූ ශරීර වර්ණ යෙන් දිළිසෙමින් දෙව් පිරිස් මැද යම් ලීලාවකින් සිටින්නෙහිද, එකල්හි තාරකාවන් මැද දිළිසෙන ඔසධි තාරකාවක් සේ දස දිග් එකාලොක කෙරෙමින් බබලන්නෙහිය. මෙසේ දිලියෙන්නාවූ තී කවර කුශල කර්මොයක් හෙතුකොටගෙන වර්ණා සම්පත් භොග සම්පත් පරිවාර සම්පත් ආදියෙන් ජොතිමත්ව බබලන්නෙහිදැ?’ යි විචාළ සේක. මෙසේ ගුත්තිල පණ්ඩිතයෙන් විචාළ පැණය විසඳන්නාවූ දිව්යාිඞගනා තොමෝ මෙසේ ප්ර කාශ කළාය.

‘වත්ථු ත්තමදායිකා නාරි පවරා හොති නරෙසු නාරිසු, එවං පියරෑපදායිකා මනාපං දිබ්බං සා ලභතෙ උපෙච්ච ඨානං,

තස්සා මෙ පස්ස විමානං අච්ඡරා කාම වණණිනී හමස්මි, අච්ඡරා සහස්සස්සාහං පවරා පස්ස පුඤ්ඤාතං විපාකං’

යනුහෙයින්, ‘එම්බා ගුත්තිල ගන්ධචර්විය, මම යටගිය දවස කාශ්යනප බුදුන් සමයෙහි මිනිස් ලොව ඉපිද මෙලෝ පරලෝ දැන වසන්නෙම් කර්ම්පල අදහමින් මිනිස් ලොව විද්යාරමාන වස්ත්ර් ජාතීන් අතුරෙන් අනගිවූ කොටි කණන් අගණා උතුම් පිළි සඟලක් රහත් නමකට පූජා කෙළෙමි. එපමණ කුශලය හෙතු කොට ගෙන මේ දෙව්ලොවට අධිපතිවූ ශක්රතදෙවෙන්ර්ළෙමයන්ට අග්රු මහෙසිකා වැ කවර කෙනෙකුන් විසිනුත් කියා නිමවාලිය නොහැකි මෙබඳු දිව්යක ශ්රීෙ සම්පත්තියක් ලදිමි. එබැවින් මේ ලොකයෙහි ස්ත්රීක පුරුෂයන් අතුරෙන් යම් ස්ත්රි යක් උතුම් වස්ත්රියක් දුන්නේ වී නම් හෝ තොමෝ ප්රිලය මනාපවූ වර්ණහ සම්පත් දුන්නා නම් වෙයි. එබැවින් සියලු ස්ත්රීම පුරුෂයන් අතුරෙන් අග්රරවූ ප්රිඅය මනාපවූ දිව්යා සම්පත් ලබයි. සිංහල විමාන වස්තු ප්රලකරණය. 85

එහි අනුසස් දක්නා පිණිස මාගේ මේ උත්තම වර්ණන සම්පත් හා දිව්යී විමානාදි සියලු සම්පත් බැලුව මැනව. එක වස්ත්ර ය දුන්නාවූ කුශල කර්මාය සියලු සැපතට මුල කාරණා වන්නේයයි කිව. ඉක්බිති පිළිවෙලින් සිටි අනිත් සියල්ලවුන් අතින්ද වෙන වෙනම පෙරසේම විචාළ සේක. ඔවුහුද වෙන වෙනම කුහල් ප්රනකාශකොට කීහ.

හේ කෙසේද යත්;— එක් දෙවඟනක් කියන්නී, යටගිය දව ස කාශ්යරප බුදුන් සමයෙහි මිනිස් ලොවදී තුනුරුවන් කෙරෙහි පැහැද උතුම්වූ සමන් මල්දමක් හා සුවඳ මල් පූජාවක් කෙළෙමි. එපමණ කුශලයෙන් මෙබඳු සැපතක් ලදිමි යි කිව. ඉක්බිති අනෙක් දෙවඟනත් කියන්නී, ‘එම බුදුන් දවස මිනිස් ලොව උපන් සමයෙහි තුනුරුවන් කෙරෙහි පැහැද සඳුන් සුවඳ කස්තුරිකාදී උතුම් සුවඳ ගඳ පූජාවක් කොට මේ සම්පත් ලදිමි’ යි කිව. ඊට අනතුරුව අනෙක් සුර සුන්දගරියක් කියන්නී, ‘මම යටගිය දවස කාශ්යදප බුදුන් සමයෙහි මිනිස් ලොවදී අනුභව කටයුතුවූ වැල, වරකා, අඹ, දඹ, කදලි, නාළාකෙරාදි වශයෙන් ඵලා ඵල දානයක් දුනිමි. එපමණ කුසලින් මේ සියලු සම්පත් ලදිමි’ යි කිව. ඉක්බිති අනෙක් දිව්යාඑඞගනාවක් කියන්නි, ‘පින්වත් ගන්ධතර්ව’ය, මම මිනිස් ලොව වසන සමයෙහි ගිතෙල් මී සකුරු ආදී මිහිරි රස දානයක් දුනිමි. එපමණ පිනින් මෙබඳු සම්පත්තියක් ලදිමි’යි කිව. ඊට අනතුරුව අනෙක් දෙවගනක් කියන්නී ‘පින්වත්නි, මම මිනිස් ලොව උපන් සමයෙහි කාශ්ය්ප බුදුන්ගේ ශාසනයෙහි පැවිදිවූ භික්ෂු සංඝයාද භික්ෂුමණි සංඝයාද යන දෙපක්ෂශයෙහි සංඝයා දීර්ඝා මාර්ගවයට පැමිණ වඩනාහු මා වසන ගම සමීපයට පැමිණියා දැක සතුටුව වැඳ පුදා ඔවුනොවුන්ගෙන් බණ අසා එක පොහෝ දිනයෙක අෂ්ටාඞග සමන්විතවූ පෙහෙවස් පමණක් විසීමි. එම කුශලයෙන් මේ දිව්යෂ සම්පත් ලදිමි’යි කිව ඉක්බිති අනෙක් සුර සුන්ද රියක් කියන්නී, ‘කාශ්ය්ප බුදුන්ගේ ශාසනයෙහි පැවිදිවු භික්ෂුත කෙනෙකුන් වහන්සේ කිසි කටයුත්තක් නිසා නැව් නැඟී වඩනාසේක් අහර වළඳනා කාලය සම්ප්රා ප්තවූ හෙයින් එම නැව පිටම හිඳ වළඳනා සේක. මම එසමයෙහි උන්වහන්සේට බොන පැන් හා මුඛ ධොවන පැන් පමණක් දුනිමි. එපමණ කුසලයෙන් මේ දිව ඉසුරු ලදිමි. දිය පිටම හිඳ කිසි ආයාසයක් නැතිව අතට ගෙන දුන් පැන් සිඟිත්තෙහි අනුසස් බලව’යි කිව. ඊට අනතුරුව අනෙක් දිව්ය ඞගනාවක් කියන්නී ‘යටගිය දවස කාශ්යකප බුදුන් සමයෙහි එක්තරා කුල දුවක්ව චණ්ඩවු විෂමාධ්යාිස මව්පියන් ඇති පුරුෂ



86 සිංහල විමාන වස්තු ප්රනකරණය.

යෙකුට සරණ ගොස් ඒ ඵරුෂවූ නැදි මයිලන් විසින් ක්රොනධයෙන් දිළිහි නොයෙක් ලෙසින් අප්රිුය වචන කියා පරිභව බණන කල නොකිපි මෛත්රිය ශණයෙන් යෙදී සසර සිහිකෙරෙ මින් සිහි නුවණින් යෙදී වරද ඉවසා නොපමාවීමි. එපමණ කුශලයෙන් මේ දිව ඉසුරු ලදිමි’යි කිව. ඉක්බිති අනෙක් සුර සුන්දදරියක් කියන්නී, ‘යටගිය දවස මම කාශ්ය්ප බුදුන් සමයෙහි එක්තරා කල ගෙයකැ දාසියෙක්වැ ඉපිද දුඃඛ ජීවික‍ාවෙන් දවස් යවන්නෙම් එතකුදු වුවත් දන් දීමෙහි ඇලුම් ඇතිවීමි. එබැවින් කර්මව ඵල අදහමින් දාන සංවිභාගය සිතින් සලකා මා ලත් කොටසින් භාගයක් දන් දී අනුභවකරන සුලු වීමි. හිමියන් විසින් ‍නොයෙක් ලෙසින් ආක්රොුෂ පරිභව බණනකල, ‘මා වැනි වැඩ පසස්නා දාසියකටත් මෙසේ කිව්දැ’යි අභිමාන නොකොට සිහිනුවණින් යෙදී කිසි කලෙකත් ක්රො ධ නොකොට සන්හුන් කායාවාත් සමාචාර ඇති බැවින් කීකරුව මෛත්රි් ගුණයම පහළ කෙළෙමි. එපමණ කුශලයෙන් මෙබඳු සැපතක් ලවමි’යි කිව. ඊට අනතුරුව අනෙක් දෙවඟනෙක් කියන්නී. ‘මම යට ගිය දවස කාශ්යවප බුදුන්ගේ ශාසනයෙහි මහණවූ භික්ෂුෙ කෙනකුන් දැක සතුටු සිත් ඇතිව කිරි බත් පමණක් පූජා කෙළෙමි. එපමණ කුශලයෙන් මෙබඳු සැපතක් ලදිමි’යි කිව. ඊට අනතුරුව අනෙක් සුරසුන්ද රියක් කියන්නී, ‘එම්බා ගන්ධදර්ව‍ය, මම යටගිය දවස මිනිස් ලොව උපන් සමයෙහි පිණ්ඩපාතික සඟ නමකට සකුරා පිණ්ඩයක් පූජා කෙළෙමි. එපමණ කුශලයෙන් මෙබඳු සැපතක් උදිමි’යි කිව. ඊට අනතුරුව අනෙක් සුරසුන්දඳරියක් කියන්නී, ‘මම කාශ්යධප බුදුන් සමයෙහි මිනිස් ලොවදී පිණ්ඩපාතයෙහි වඩනා සඟනමක් හට උක් දඬු කඩක් පමණ පූජාකෙළෙමි. එපමණ කුශලයෙන් මෙබඳු සැපතක් ලදිමි’යි කිව. ඉක්බිති අනෙක් සුර සුන්දරියක් කියන්නී, ‘මම මිනිස් ලොව උපන් සමයෙහි පිණ්ඩපාතික සඟනමක් හට තිඹිරි ගෙඩියක් පමණක් පූජා කෙළෙමි. එපමණ කුශලයෙන් මෙබඳු සැපතක් ලදිමි’යි කිව. ඉක්බිති අනෙක් සුර සුන්දණරියක් කියන්නී, ‘මම යටගිය දවස මිනිස්ලොවදී පිණ්ඩපාතික සඟ නමක් දැක කැකිරි ගෙඩියක් පූජා කෙළෙමි. එපමණ කුශලයෙන් මෙබඳු සැපතක් ලදිමි යි කිව. නැවත අනෙක් දෙවඟනක් කියන්නී, ‘මම මිනිස්ලොව වසන සමයෙහි පිණ්ඩපාතික සඟ නමක් දැක තියඹරා ගෙඩියක් පුජා කෙළෙමි. එපමණ කුශලයෙන් මෙබඳු සැපතක් ලදිමි’යි කිව. ඊට අනතුරුව අනෙක් දෙවඟනක් කියන්නී, ‘මම මිනිස්ලොව වසන සමයෙහි පිඬු සිඟා වඩනා සඟ නමක් හට වැල ඵලයක් පුජා කෙළෙමි. එපමණ කුශලයෙන් මෙබඳු සැපතක් ලදිමි’යි කිව. ඊට අනතුරුව අනෙක් සුරඟනක් කියන්නී, ‘එම්බා ගන්ධදර්ව’ය, මම මිනිස් ලොව වසන සමයෙහි පිණ්ඩපාතික සඟ නමක්හට බොරළු දමුණු ඵල


සිංහල විමාන වස්තු ප්රාකරණය. 87

පමණක් පූජා කෙළෙමි. එපමණ කුශලයෙන් මෙබඳු සැපතක් ලදිමි’යි කිව. නැවත අනෙක් සුරඟනක් කියන්නී, ‘මම මිනිස් ලොව වසන සමයෙහි භික්ෂුනකෙනකුන්වහන්සේට සිත නිවාරණය පිණිස හස්තප්රාොප්තයක් දිනිමි හෙවත් අඟුරු කබලක් පූජා කෙළෙමි. එපමණ පිනින් මෙබඳු සැපතක් ලදිමි’යි කිව. ඉක්බිති අනෙක් සුර සුන්දොරියක් කියන්නී, ‘මම මිනිස්ලොව වසන සමයෙහි භික්ෂුිකෙනකුන්ට පලා කොල මිටක් පමණ පූජා කෙළෙමි. එපමණ කුශලින් මෙබඳු සැපතක් ලදිමි’යි කිව. ඊට අනතුරුව අනෙක් දෙවඟනක් කියන්නී, ‘මම මිනිස්ලොව වසන සමයෙහි මඟ වඩනා එක් භික්ෂු කෙනකුන් දැක පුලුන් මිටක් පමණ පුජා කෙළෙමි. එපමණ පිනින් මෙබඳු සැපතක් ලදිමි’යි කිව. නැවත අනෙක් සුර සුන්දඩරියක් කියන්නී ‘මම මිනිස් ලොව වසන සමයෙහි පිඬු සිඟා වඩනා සඟනමක් දැක සතුටු සිත් ඇතිව මුල පලා මිටක් පමණ පූජා කෙළෙමි. එම පිනින් මෙබඳු සැපතක් ලදිමි’යි කිව. අනෙක් දෙවඟනක් කියන්නී, ‘මම යටගිය දවස මිනිස්ලොව පිඬු සිඟා වඩනා සඟ නමක් දැක සතුටුව කොසඹ කොළ මිටක් පූජා කෙළෙමි. එම කුශලින් මෙබඳු සැපතක් ලදිමි’යි කිව. ඉක්බිති අනෙක් සුරඟනක් කියන්නී, ‘මම මිනිස්ලොව වසන සමයෙහි පිඬු සිඟා වඩනා තෙරකෙනකුන්ට ඇඹුල් කැඳිත්තක් පමණ පූජා කෙළෙමි’යි කිව. අනෙක් සුරඟනක් කියන්නී, ‘මම මිනිස් ලොව වසන සමයෙහි පිඬු සිඟා වඩනා සඟනමක්හට තෙල් මුරුවටක් පූජා කෙළෙමි’යි කිව. නැවත අනෙක් සුරඟනක් කියන්නී, ‘මම මිනිස් ලොව වසන සමයෙහි එක සඟනමක්හට කහබානක් ‍‍හෙවත් සිවුරු පටියක් දුනිමි’යි කිව. නැවත අනෙක් සුර සුන්දකරි යක් කියන්නී, ‘මම මිනිස්ලොව උපන් සමයෙහි එක් සඟනමක්හට කර එල්වා පරිහරණය කටයුතුවූ පටියක් පූජා කෙළෙමි’යි කිව. අනෙක් දෙවඟනක් කියන්නී, ‘මම මිනිස්ලොව වසන සමයෙහි සඟ නමක්හට සවුරැස් විජිනි පත්රකයක් පූජා කෙළෙමි’යි කිව. ඉක්බිති ‍‍අනෙක් සුරඟනක් කියන්නී, ‘මම මිනිස්ලොව වසන සමයෙහි සඟනමක්හට තල්වටක් හෙවත් තල්පතින් කළ ව‍ටාපතක් දිනිමි’යි කිව. ඊට අනතුරුව අනෙක් දෙවඟනක් කියන්නී, ‘මම යටගිය දවස මිනිස්ලොවදී මොණරපිල් කළඹක් ගොතා කරනලද හෙයින් මනාවූ මොනරපිල් යා විජිනිපතක් පූජාකෙළෙමි’යි කිව. නැවත අනෙක් සුර සුන්දිරියක් කියන්නී, ‘මම මිනිස්ලොව වසන සමයෙහි එක්තරා සඟ නමක්හට කුඩයක් පූජා කෙළෙමි’යි කිව. ඉක්බිති අනෙක් දෙවඟනක් කියන්නී, ‘මම මිනිස්ලොව වසන සමයෙහි සඟනමක්හට සෙරෙප්පු යුගලයක් පූජා කෙළෙමි’යි කිව. නැවත



88 සිංහල විමාන වස්තු ප්ර්කරණය.

අනෙක් සුර සුන්දවරියක් කියන්නී, ‘මම මිනිස්ලොව වසන සමයෙහි පිඬු සිඟා වඩනා සඟ නමක්හට කබලු පුවක් පූජා කෙළෙමි’යි කිව. ඊට අනතුරුව අනෙක් දෙවඟනක් අතින් විචාළ සේක. ඒ දිව්යා්ඞගනාව කියන්නී, ‘යටගිය දවස මම මිනිස්ලොව වසන සමයෙහි පිඬු සිඟා වඩනා තෙරකෙ‍නකුන්ට අග්ගලාවක් පුජා කෙළෙමි. එම කුශලයෙන් මෙබඳු සම්පතක් ලදිමි’යි කිව. ඊට අනතුරුව සතිස් දිව්‍ෙළාඞගනාව අතිනුදු ඈ කළ කුශල කර්ම ය පෙර සේම විචාළ සේක. ඒ දිව්යා‍ඞගනාව අතිනුදු ඈ කළ කුශල කර්මිය පෙර සේම විචාළ සේක. ඒ දිව්යා‍ඞගනාව කියන්නී, ‘ගුත්තිල පණ්ඩිතයෙනි, මම මිනිස්ලොව වසන සමයෙහි කාශ්යඒප බුදුන්ගේ ශාසනයෙහි පැවිදිවූ භික්ෂු‘ කෙනකුන්වහන්සේ දැක පහන් සිත් ඇතිව සක්ඛලික නම් කැවිලි විශෙෂයක් පූජා කෙළෙමි. එම කුශල කර්මලය හෙතුකොටගෙන මේ සියලු ඓශ්චය්ය්හන් සම්පත්තියක් ලදිමි’යි කිව. මෙසේ ඒ දිව්යානඞගනාව යටගිය දවස ඈ විසින් කරනලද සුචරිත කර්ම‍ය ප්ර්කාශකොට කී කල්හි විශෙෂයෙන් සතුටුව ප්රිකාශ කරන්නාවූ මහබෝසතාණෝ,

‘ස්වාගතං වත මෙ අජජ සුප්පභාතං සුචුට්ඨිතං, යං අද්දසං දෙවතායො අච්ඡරා කාම වණ්ණියො.

ඉමාසාහං ධම්මං සුත්වා් කාහාමි කුසලං බහුං, දානෙන සමචරියාය සඤ්ඤමෙන දමෙන ච, ස්වාහං තත්ථය ගමිස්සාමි යත්ථ ගන්ත්වාං න සොචරෙ’

යනුහෙයින්, ‘අද මා විසින් මේ දිව්ය ලොකයට ආ ගමනත් ඉතා යහපත, අද මේ රාත්රි,යත් යහපත් වඩක හැසිරීමෙන් අතික්රාොන්තවිය. මෙලෝ පරලෝ දන්නා රුපශ්රී ඇති දිව්යාඩඞගනාවන් දැකීමක් ඇද්ද, ඒ දැකීමත් යහපත් වන්නේය. කුශලකර්මි ඵල ප්රනත්ය‍ක්ෂත කිරීම් වශයෙන්ම සතුටු සිත් ඇත්තාවූ මම මිනිස් ලොවට ගොස් අප්රුමාදව ප්රාඵණඝාතාදිවූ දශවිධ අකුශලයෙන් දුරුව දන්දීම ආදිවූ දශවිධ කුශල කර්මරයෙහි පිහිටා කුශල් කෙරෙමි’යි කියා කුශලකර්මන ඵල ප්ර ත්යික්ෂරයෙන්ම දැන සිත එකඟවූ බව ප්රිකාශකොට, ‘මේ දිව්යම භවනයට ආ ගමන සාර්ත්ථතක විය’යි කීසේක. ඉක්බිති ගුත්තිල පණ්ඩිතයෝ නැවත මිනිස් ලොවට ගොස් කියනලද ක්රථමයෙන් දිවිහිමියෙන් කුශල්කොට කම්වූ පරිද්දෙන් මිය පරලොව ගිය සේක.

“මෞද්ගල්යයයන ස්ථවිරය, ගුත්තිල පණ්ඩිතව උපන්නෙම් දැන් මේ ලොවුතුරා බුදුවූ මම්ම ය”යි වදාරා “කාශ්යාවප බුදුන්ගේ බුද්ධොත්පාදය පටන් මාගේ මේ බුද්ධොත්පාදය දක්වා දෙව්‍ ලොවම සැරිසරන්නාහු කියනලද විමන්වල සැප විඳිනවුන් සිංහල විමාන වස්තු ප්රවකරණය. 89

දැක තොප විසින් විචාරන ලදුව ප්ර්කාශකොට කීවාහුය. දැන් තොප විසින් විචාරන ලදුව ප්රදකාශකොට කීවාහුම නොවෙයි. මා විසිනුදු ගුත්තිල පණ්ඩිතව උපන් සමයෙහිද විචාරන ලදුව තොපට කීවා සේම වෙන වෙනම ප්රෙකාශකොට කිවාහුම වේදැ” යි විචාර‍ා මේ ගුත්තිල විමාන වස්තු දෙශනාව ගෙනහැර දක්වා වදාළසේක. වත්ථුචත්තම දායිකා විමානය පටන් සක්ඛලිදායිකා විමානය දක්වා වෙන වෙනම වර්ණුනාකරන ලද ‍කුශල කමර්යලන් මුගලන් මහ තෙරුන් වහන්සේට ප්රෙකාශකොට කීවා සේ පළමු කොට ගුත්තිලාචාරීන්ට කී හෙයින් ගුත්තිල විමානයයි කියා සංගීති කාලයෙහි සංග්රොහවට නැඟූ පමණක් විනා ඒ විමානයන් ඒ ඒ දිව්යායඞගනාවන් සන්තකමය. සංගීතිකාරක මහා ස්ථවිරයන් විසින් ගුත්තිල විමාන වස්තු දෙශනාවෙයයි කියා සඞගායනා කළ හෙයින් ගුත්තිල විමාන නම්විය. ඒ දිව්යාෙඞගනාවෝ සතිස් දෙන වනාහි කාශ්යිප බුදුන්ගේව බුද්ධොත්පාද කාලයෙහි පටන් කුශල කර්මතය නැවත සිහිකිරීම් වශයෙන් උපදනා ප්රීේතිචිත්තයෙන් කාලක්රිටයා කොට දිව්ය ලොකයෙහිම ඉපිද දෙවන ආත්මභාවයෙහි පටන් එක් බුද්ධාන්තරයක් මුළුල්ලෙහි දෙව්ලොවම සැරිසරන්නාහු අප බුදුන් කාලයෙහිද තවුතිසා භවනයෙහි එක තැන පිහිටි සතිසක් දිව්ය විමානවල ඉපද දසදහසක් දෙවඟනන් පිරිවරා දිව්යතශ්රීෙ සම්පත් අනුභව කරන්නාහුය. එසමයෙහි ආයුෂ්මත් මුගලන් මහතෙරුන් වහන්සේ දෙවචාරිකාවෙන් වඩනා සේක් ඒ දිව්යාෙඞගනාවන් දැක ඔවුන් විසින් පූර්වඉ ජාතියෙහි කරන ලද කුශල කම්ර යන් විචාරනු කැමතිව යට ගුත්තිල පණ්ඩිතයන් විචාළ සේම විචාළසේක. ඔවුන් විසිනුදු ගුත්තිල පණ්ඩිත‍යන් කාලයෙහි ප්රාකාශකොට කීවාසේම මුගලන් මහ තෙරුන් වහන්සේටද වෙන වෙනම ප්රාකාශකොට කීවාහුයයි දතයුතු.

මේ විමාන වස්තු ප්රවකරණයෙහි පාරිච්ඡත්තක වර්ග යෙහි ගුත්තිල විමාන වස්තු වර්ණ‍නාව කියා නිමවන ලදී.


දද්දල්ල විමාන වස්තුව.

   තවද මේවිමාන වස්තු ප්රුකරණයෙහි තෙවෙනි පාරිච්ඡත්තක වර්ග.ගයෙහි සයවැනිවූ දද්දල්ල විමාන වස්තුව නම් කවරැයත්:- එහි පිළිවෙල කථාව මෙසේ දතයුතු. කෙසේද?

භාග්යදවත් බුදුරජාණන් ජෙතවනාරාමයෙහි වැඩ වසන සමයෙහි තාල නම් ගම එක්තරා කෙළෙඹි පුත්‍් යකුගේ භද්රාතය, සුභද්රාසයයි දියණියන් දෙදෙනෙක් වූහ. උන් දෙදෙන එක 12 90 සිංහල විමාන වස්තු ප්රසකරණය.

පුරුෂයකුට සරණ ගොසින් වසන්නාහුය. ඔවුන් අතුරෙන් භද්රායව නිරන්තරයෙන් දන් දෙන්නීය. එක් දවසක් තමන් නැගණිවු සුභද්රායවටත් දන්දීමෙහි අනුසස් කියමින් අවවාද කෙළේය. එකල සුභද්රාසවද යහපතැයි කියා භද්රාමවගේ වචනය පිළිගෙන රෙවත මහතෙරුන් වහන්සේ ඇතුළුව අට දෙනෙකුන්වහන්සේ වඩා හිඳුවා සාංඝික කොට දානයක් දුන්නීය. ඒ කුශලයෙන් සුභද්රාඩව නිර්මාොනරති නම් දිව්ය.ලොකයෙහි උපන්නීය. සුභද්රාසව තමන්ගේ සම්පත් දැක භද්රාවව උපන් තැන් බලා ශක්ර යාට පරිචාරිකාව උපන් බව දැක භද්රා්වගේ විමානයට ගොස් දිළිහි දිළිහී සිටියාය. භද්රාබව සුභද්රාද නම් දිව්යා ඞගනාව දැක, “මේ දෙව්ලොව දෙවියන්ට ව‍ඩා ශරීර වර්ණසයෙන් බබලන්නාවූ තී කවුරුදැ?”යි විචා‍ළාය. එකල්හි සුභද්රාවව කියන්නී ‘පෙර මිනිස්ලොව උපන් සමයෙහි එක් පුරුෂයකුට භාය්යා ද ව විසුවාවු සුභද්රා‍ නම් වූ තොප නැගණියෝ නම් මම ය. නිර්මායණරතී නම් දෙව්ලොව උපන්නීදැ?”යි වාචාරණ ලදුව සුභද්රායව කියන්නී “පෙර මම සඟ අටනමකට සාංඝික දානයක් දුන්නෙම්ද ඒ කුශලයෙන් මෙබඳු දිව ඉසුරක් ලදිමි”යි කිව. ඒ භද්රාුව විචාරන්නාහු, “මා බොහෝ සේ දන් දී හිනවු තවුතිසා දෙව්ලොව උපදින්ටත් තොප එක් දවසක් දන් දී නිර්මා නරතී දෙව්ලොව උපදින්ටත් කාරණා කවරේදැ?”යි විචාළාය. එකල සුභද්රා්ව කියන්නී, “මම සාංඝිකය දුන් හෙයින් නිර්මා්නරතී දෙව් ලොව උපන්මි. තෝ පුද්ගලික කොට දුන් හෙයින් හීනවූ තවුතිසා දෙව්ලොව උපන්නෙහිය”යි කියා සාංඝික දානය මහා නීසංස බව ප්රතකාශකොට ගියාය. ශක්රසයා ඒ දිව්යාසඞගනාව කථා කොට ගියා දැක භද්රා ව අතින් මෙසේ විචාළේය. “ශරීර වර්ණකනාව කවුරුදැ?”යි විචාළේය. භද්‍රාව ඒ සියල්ලම ශක්රියාට කිව. ශක්රණයෝද මුගලන් මහතෙරුන් වහන්සේ දෙවචාරිකාවෙන් වඩනා දැක ඒ සියලුම පවත් තෙරුන් වහන්සේට කීහ. මහතෙරහු මිනිස් ලොවට වැඩ ඒ සියලුම ප්ර වෘත්තිය බුදුන්ට දැන්වූ සේක. බුදුරජාණන් වහන්සේ එම අර්ත්ථොයත්පත්තිකොට ගෙන සම්ප්රා ප්ත පිරිසට බණ වදාළ සේක. ඒ ධර්මථදෙශනාව බොහෝදෙනාට සාර්ත්ථ්ක විය. මේ විමාන වස්තු ප්රඑකරණයෙහි පාරිච්ඡත්තක වර්ගරයෙහි දද්දල්ල විමාන ව්ස්සතු වර්ණකනාව දාන පරිච්ඡෙදයෙහි විස්තර වශයෙන් හෙළුබසට නැඟූ බැවින් මෙතන්හි ග්රරන්ථප බොහෝවන නිසා සංක්ෂෙූපයෙන් කියා නිමවන ලදී.




සිංහල විමාන වස්තු ප්රමකරණය. 91

සෙසවතී විමාන වස්තුව

තවද මේ විමාන වස්තු ප්රවකරණයෙහි තෙවැනි වූ පාරිච්ඡත්තක වර්ගසයෙහි සත්වැනි සෙසවතී විමාන වස්තුව නම් කවරැයත්? එහි පිළිවෙල කථාව මෙසේ දතයුතු. වීපදොත්තමවූ බුදුරජාණන් සැවැත් නුවර ජෙතවනාරාමයෙහි වැඩ වසන සමයෙහි මගධරට නාලක නම් ගමෙක් විය. ඒ ගම එක්තරා සිටු පුත්රමයක්හුගේ සෙසවතී නම් යෙහෙළියක් ඇත්තීය. ඒ කුමාරිකා වනාහි යටගිය දවස කරනලද කුසල් ඇතිහෙයින් මහ පින් ඇතිවූවාය. ඒ කෙසේද යත්, “යටගිය දවස කාශ්යහප බුදුන්ගේ ශ්රී් ශරීරය ආදාහන කළ තැන එක ඝනවූ ධාතු වසා රුවන් දාගැබ කරන කල්හි මේ සෙසවතී කුමාරිකා ළදරු කුමාරිකාවක්ව මෑණියන් හා සමග ඒ චෛත්ය්ස්ථානයට ගිය තැනැත්තී රන් උළු කර්මාාන්ත කරන්නවුන් දැක මෑණියන් අතින් විචාරන්නී, ‘මෑණියෙන්, මොහු කුමක් කෙරෙද්දැ?’යි විචාළිය. එකල මෑණියෝ කියන්නාහු, දියණියෙනි, මේ ගැබ බඳනා පිණිස රන් උළු වැඩ කරවති’යි කීහ. එකල්හි එ පවත් අසා ඒ කුමාරිකාව සතුටු සිත් ඇතිව, ‘මෑණියෙනි, මාගේ කර පළඳනාව දාගැබ පිණිස දෙමි’යි කීවාය. මෑණියෝ එබසට, යහපත, දෙව’යි කියා පළඳනාව කරින් ගලවා මේ කුමාරිකාව විසින් දෙනලද පළඳනාව මේ රණෙහි බහා, උළුකැටක් කරව’යි කියා ස්වර්ණෙකාරයා අතට දුන්නාහ. ස්වර්ණකකාරයා කී ලෙසම කෙළේය. ඒ කුමාරිකාව එයින් අපරභාගයෙහි කාලක්රියයා කොට එම කුසලයෙන් දිව්යක ලොකයෙහි ඉපිද නැවත නැවතත් සුගතියෙහිම සැරිසරන්නී අප බුදුන් සමයෙහි නාලක නම් බමුණු ගම උපන්නී අනුක්රමමයෙන් දොළොස් හැවිරිදි වයසට පැමිණියාය. එක් දවසක් මෑණි‍යන් විසින් ‘තෙල් ගෙනෙව’යි කියා මිළදී යවන ලද්දී මිළගෙන එක්තරා සල්පිලකට ගියාය. ඒ සල්පිල එක්තරා කෙළෙඹි පුත්රායෙක්, ‘පියාණන් විසින් නිධාන්කොට තබනලද රන් රිදී මුතු මැණික් රත්නයන් ගොඩනගමි’යි සිතා ඒ හිරණ්යව ස්වර්ණාතදිය ගන්නා පිණිස ගොඩනගන්නේය. ඒ ආපර්ණ්කයා ඔහුගේ කර්මනබලයෙන් කැට කැබිලිති ගල් බොරළු සේ නැගෙන්නා දැක මහත් සංවෙගයට පැමිණ එක් දවසක්, පින්වත් කෙනෙකුන් නිසා වත් රිදී ආදිය සේ වේදෝහෝ’යි සිතා විමසනුපිණිස සල්පිල රැස්කොට තුබූයේය. එසමයෙහි තෙල් පිණිස මිළ ගෙන ගියාවූ ඒ සෙසවතී කුමාරිකාව මහත් රුවන් ගොඩ දැක, ‘කිමෙක්ද? පින්වත, රන්



92 සිංහල විමාන වස්තු ප්ර්කරණය.

රුවන් මෙසේ අනාථයේ දමන්නෝ ඇද්ද? මනාකොට සඟවා තිබිය යුතු නොවේදැ?”යි කිව. කෙළෙඹි පුත්රතයා එබස් අසා, ‘මේ කුමාරිකාව මහ පින් ඇත්තීය. මේ කුමාරිකාවගේ පුණ්යක මහිමයෙන් අපගේ මේ සියළු වස්තුව රන් රුවන් ව ගියේ නම් අපට මහත් අභිවෘද්ධියෙක මේ කුමාරිකාව මපුතනුවන්ට සරණ පිණිස කැඳවාගෙන එමි’යි සිතා ඇගේ මෑණියන් සමීපයට ගොස්, ‘නැගණියනි, තොප දියණිවූ සෙසවතී මපුතනුවන්ට සරණ පිණිස දෙව’යි කියා වළක්වා මෑණියන්ට බොහෝ වස්තු දී අවාහ විවාහ කොට ‍ඒ කුමාරිකාව ඔහුගේ ගෙට කැඳවාගෙන ගියේය. ඉක්බිති ඒ කුමාරිකාව ශීලාචාර ගුණ ඇති බව දැන භාණ්ඩාගාරයෙහි දොර හරවා කැට කැබිලිති ආදිය සේ තුවූ වස්තුරැස දක්වා, ‘දියණියෙනි, කුමක් පෙනේදැ?’යි විචාරා, ‘මේ ගෙයි රැස්කොට තබනලද රන් රුවන් රැස දකිමි’යි කීකළ, ‘මේ සියල්ලම අපගේ කර්ම, බලයෙන් අන්තර්ධා නව වස්තුය. තීගේ කුශල විපාක වශයෙන් ප්රේකෘතිමත්ව රන්රුවන් විශෙෂවිය. එබැවින් මෙතැන් පටන් ‍මේ ‍ගේ සියල්ලම තී සන්තකය, තීම රකුව, ‘තී විසින් දෙනලද දෙයක්ම අපි අනුභව කරම්හ’යි කියා ඒ සියලුම සම්පත් සෙසවතිය සන්තකයයි කියා ව්යුවහාර කළහ. “එසමයෙහි දම්සෙනෙවි සැරියුත් මහතෙරුන්වහන්සේ, ‘මාගේ මවු රූපසාරී නම් බ්රාෙහ්මණ දෙවීන්ට මා ලත් නිවන් සම්පත් පොෂාවනීක මිළ කියා ඒ පිණිස දී පිරිනිවන් පාමි’යි සිතා බුදුන් කරා එළඹැ උපන් ගෙයිදී පිරිනිවන් පානට අවසර ගෙන බුදුන් කරා එළඹැ උපන් ගෙයිදී පිරිනිවන් පානට අවසර ගෙන බුදුන්ගේම අනුමතියෙන් අනෙකවිධ ප්රායතිහාය්ය්නට දක්වා නොයෙක් ස්තුති සහස්රුයෙන් බුදුගුණ කියා ස්තුතිකොට බුදුන් වැඳ ප්රෙදක්ෂිාණාකොට දර්ශිනය විෂයවනතාක් තැන් පටන් බුදුන්ට අභිමුඛව ගොස් මුවහවන තැන සිට පසඟ පිහිටුවා වැඳ භික්ෂු් සංඝයා පිරිවරා විහාරයෙන් නික්ම භික්ෂුහ සංඝයාට අවසර දී ආයුෂ්මත් අනදමහ තෙරුන්වහන්සේ අනිතයතා ප්රාතිසංයුක්ත ධර්මහදෙශනාවෙන් අස්වසා සිවුවනක් පිරිස අතුරෙන් නිත්යර පරිවාර පන්සියයක් සංඝයා පිරිවරා අනුක්ර මයෙන් නාලක නම් ගමට පැමිණ මෑණියන් සෝවාන් ඵලයෙහි පිහිටුවා එදවස් අළුයම් වේලෙහි මහත්වූ පවනින් නිවීගිය මහා ප්රාදීපයක් මෙන් උපන් ගෙයිදී පිරිනිවන් පා වදාළ සේක. එසමයෙහි සැරියුත් ස්වාමීන් පිරිනිවී පවත් අසා දිව්යරබ්රවහ්මයන් සහ මනුෂ්යරයෝ රැස්ව ශරීර සත්කාර වශයෙන් සත් දවසක් මුළුල්ලෙහි ගඳ දුම්මල් පහන් ආදි නොයෙක් පූජා පෙළහරින් දවස් යවූහ. ඉක්බිති අගරු වන්ද්නාදියෙන් සියක් රියන් පමණ දර සෑයක් කළාහුය. ඒ සෙසවතී කුමාරිකාවද මහ තෙරහු පිරිනිවන්



සිංහල විමාන වස්තු ප්ර කරණය. 98

පා වදාළ බව අසා ඒ ස්ථානයට ගොස්, ‘සියතින් ගඳ දුම්මල් පහන් ආදියෙන් පුදමි’යි රන් මල් රිදී මල්ද අනෙකුදු නොයෙක් මල් හා හරිචන්ද නාදි නොයෙක් සුවඳ කරඬුද ගෙන්වාගෙන යනු කැමතිව මයිලනුවන් විචාරා ඔහු විසින්, ‘තෝ බැරෑරුම් ඇත්තෙහිය. එතැන්හි බොහෝදෙනාගේ රැස්වීමෙන් ජන සම්බාධ ඇත්තේය. ගඳ දුම්මල් පහන් ආදී පූජා භාණ්ඩ යවා මෙහිම වසව’යි කියා වලක්වමින් සිටියදී ශ්රඳද්ධා ඇති බැවින් නොපසුබට වීය්ය්ම ඇතිව, ජීවිත විනාශයට යේ නමුදු ගොසින්ම පූජා සත්කාර කෙරෙමි’යි කියා මයිලනුවන් කී බස් නොගිවිස පිරිවර හා සමග පූජා භාණ්ඩ ගෙන්වාගෙන ගොස් ගන්ධම පුෂ්පාදීන් පුජා කොට දොහොත් මුදුන් දී වැඳ සිටියාය. එසමයෙහි තෙරුන්වහන්සේගේ ශරීර පුජාවට ආවාවූ පිරිස් අතුරෙන් මදයෙන් මත්වූ ඇතෙක් ඒ ස්ථානයට දිව ආයේය. ඔහු දැක මනුෂ්යයයන් මරණ භයින් තැතිගෙන දිවනකල මහත් ජන සම්මදිනයෙන් වැටී හුන් සෙසවතී කුමාරිකාවන් ඇග පිටට මනුෂ්යමයන් පැණ පෑගී මිරිකී මැරු‍ණීය. ඒ කුමාරිකාව ශ්රාද්ධා සම්පන්නව කර්මටඵල අදහමින් පූජා සත්කාර කොට තෙරුන් වහන්සේ කෙරෙහි චිත්තප්රධසාද වශයෙන් කරනලද කුශල කර්මමය හෙතුකොටගෙන කාලක්රිචයා කොට තවුතිසා දිව්ය්ලොකයෙහි උපන්නීය. පරිවාර ස්ත්රීනහුද දහසක් පමණ වූහ. උපන් කෙණෙහිම ඒ දිව්යාලඞගනාව ඇගේ දිව්යත සම්පත් බලා, ‘කවර කුශලකර්ම යක් හේතුකොටගෙන මා විසින් මෙබඳු සම්පත්තියක් ලබන ලදදැ?’යි ඇගේ කුශල කර්මුය පරීක්ෂාමකරන්නී තෙරුන් වහන්සේට කරන ලද පූජා සත්කාරයක් එයින් ජනිතවූ ඉෂ්ට විපාකයත් දැක රත්නත්රඳය කෙරෙහි අතිශයින් ප්රකසන්නවූ සිත් ඇතිව සැට ගැලක් පුරාලන පමණ සර්වතභරණයෙන් සැරහී දහසක් දෙවඟනන් පිරිවරා චන්ර්ඇතිසූය්ය්ා යන්සේ මහත් දිව්යාදනුභාවයෙන් දිළිහි දිළිහී දසදිග් එකාලොක කෙරෙමින් විමානය හා සමග බුදුන් දක්නා පිණිස මිනිස් ලොවට අවුත් විමානයෙන් බිමට බැස බුදුන් කරා එළඹැ නමස්කාරකොට දොහොත් මුදුන් දී එකත්පස්ව සිටියාය. එසමයෙහි වඩ්හිස මහ තෙරුන් වහන්සේ බුදුන් සමීපයෙහි සිටිසේක් බුදුන්ට නමස්කාර කොට, ‘ස්වාමීනි, මේ දිව්යාසඞගනාව මෙබඳු සම්පත් ලැබීමට කරනලද කුශල කර්මමය විචාරන්ට අවරස දෙන සේක්වා’යි කීසේක. එසඳ බුදුහු, ‘වඞගිස ස්ථවිරය, පිළිවිසව’යි වදාළ සේක. ඒ දිව්යාමඞගනාව කරනලද කුශලකර්මඞය විචාරනු කැමති වඞගිස මහ තෙරහු පළමුකොට ඇගේ සම්පත් ප්රිකාශ කරන සේක්,




94 සිංහල විමාන වස්තු ප්රාකරණය.

‘පලික රජත හෙමජාල ඡත්තං විවිධ විචිත්රහ තලමද්දසං සුරම්මං, ව්යිමහං සුනිම්මිතං තොරණූප පන්නං රුවකුපකිණ්ණමීදං සුභං විමාන,

භාතී ච දසදිසා නභෙව සුරියො සරදෙ තමොනුදො සගස්ස රුසී, තථා තපතිමිදං තව විමානං ජලමිව ධුමසිඛො නීසෙ නහග්නෙ,

මුසතීව නයනං සතෙරතාව ආකාසෙ ඨපිනමිදං මනුඤ්ඤං, වීණාමුරජසම්මතාළඝුට්ඨං ඉද්ධං ඉන්ද්පුරං යථා තවෙදං’

යනාදී ගාථාවන්ගෙන් විමාන වර්ණෙනාකොට, ‘බහලාන්ධකකාර විශ්වංසනය කොට ආකාශසෙහි බබලන්නාවූ සූය්ය්දංණ මණ්ඩලය සේ බබලන්නාවූ මේ විමානය ඇතුළුව මේ දිව්ය ශ්රී සම්පත් ලැබීමට තී පූර්වන ජාතියෙහි කළාවූ කුහල කර්මනය කවරේදැ?’යි විචාරා වදාළසේක. මෙසේ වඞගීස මහ තෙරුන්වහන්සේ විසින් විචාරණලද පැණය විසඳන්නාවූ දිව්යාාඞගනා තොමෝ මෙසේ කිව.

‘යථා ච මෙ අධිගතමිදං විමානං කොඤ්ච මයුර ච කොරසඞඝචරිතං; දිබ්බපිලව හංසරාජවිණ්ණං විජකාරණ්ඩව කොනිලාභි තදිතං.

නානාසත්තානක පුපඵ රුක්ඛ විවිධා පාටලිජම්බු අසොකරුක්ඛ වන්තං, යථා ච මෙ අධිගතමිදං විමාන තන්තෙ පවදිස්සාමි සුණොභි භන්තෙ.

මගධවර පුරත්ථිාමෙන නාලකගාමො නාම අත්ථිු භන්තෙ, තන්ථග අහොසිං පුරෙ සුණිසා සෙසවතීති තත්ථ ජානිංසු මමං.

සාහං අපචිතත්ථ ධම්ම කුසලං දෙවමනුස්ස පූජිතං මහන්තං, උපතිස්සං නිබ්බුතං අප්පමෙය්යක මුදිතමනා කුසුමෙහි අබ්හොකිරි සිංහල විමාන වස්තු ප්රරකරණය. 95

යනාදීන්, ‘වර්ණුණනීයවූ කොංචාමයුරාදි පක්ෂිේසමූහයා විසින් ගැවසී ගත්තාවූ පිපී වැනිගිය මලින් ගැවසී ගත්තාවූ සල් පළොල් ආදි නොයෙක් දිව්යග වෘක්ෂාූදියෙන් ශොභාමත්වූ මාගේ උයන් විමන් ආදි මේ සියලු සම්පත් ලැබීමට කරනලද කුශල කර්මිමය ප්රමකාශ කෙරෙමී. අසා වදාළ මැනව, ස්වාමීනි, ජය ශ්රීය මහා බොධින්වහන්සේට නැගෙනහිර දිග මගධරට නාලක නම් ‍ගමෙක් ඇත. ඒ ගම එක්තරා කෙණෙඹි පුත්රියෙකුට යෙහෙළිව සෙසවතී කුමාරිකාවයයි ප්රමසිද්ධව විසීමි. එසමයෙහි දම් සෙනෙවි සැරියුත් මහ තෙරුන්වහන්සේ පිරිනිවන් පා තැනට ගොස් මළ ශරීරයට ‍ස්වර්ණිණ මල් හා සුවඳ මල් ආදියෙන් පූජා කෙළෙමි. එපමණ දුශලය හෙතුකොට ගෙන මෙබඳු සම්පත්තියක් ලදිමි”යි කීව. මෙසේ වඞගීස මහ තෙරුන්වහන්සේ විසින් විචාරනලද වචනය මුදුනෙන් පිළිගෙන ඒ දිව්යා ඞගනාව විසින් කියනලද වචනය අර්ත්ථොවත්පත්ති කොටගෙන එතැන්හි පැමිණි පිරිසට බුදුරජාණන්වහන්සේ ධර්මනම දෙශනාකොට වදාළසේක. ඒ ධර්ම්මදෙශනාව දිව්යාදඞගනාවට හා බොහෝ දෙනාට සාර්ත්ථදක විය. මේ විමානවස්තු ප්රේකරණයෙහි පාරිච්ඡත්තක වර්ගනයෙහි සෙසවති විමාන වස්තු වර්ණවනාව කියා නිමවන ලදී.

8. මල්ලිකා විමාන වර්ණරනාවද, 9. විසාලක්ඛි විමාන වර්ණ‍නාවද, පළමු කී නයින් දතයුතු.


පාරිච්ඡත්තක විමාන වස්තුව.

තවද මේ විමාන වස්තු ප්රනකරණයෙහි තෙවැනි පාරිච්ඡත්තක වර්ගියෙහි දසවැනිවූ පාරිච්ඡත්තක විමානවස්තුව නම් කවරැයත්:— අප භාග්ය වත්වූ බුදුරජාණන් වහන්සේ එක් සමයෙක්හි සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩ වසන සේක. එසමයෙහි සැවැත් නුවර වාසී එක්තරා උපාසකයෙක් බුදුන් කරා එළඹැ නමස්කාර කොට, “ස්වාමීනි, සෙට දවස මාගේ දානය ඉවසා වදාළ මැනවැ”යි කියා ආරාධනාකොට නැවත තමන්ගේ ගෙට ගොස් ගෙදොර සමීපයෙහි මණ්ඩපයක් සාදා උඩ විසිතුරු වියන් බැඳ වටතිර ඇද පරික්ෂෙමපකොට ධ්වජ පතාක නංවා නානා


96 සිංහල විමාන වස්තු ප්රාකරණය.

වර්ණර පිළි හා සුවඳ මල් දම් එල්වා නොයෙක් අලඞකාරයෙන් මණ්ඩපය සරහා පැන් ඉස යහපත්කොට හමනාලද භූමි ප්ර දෙශයෙහි අසුන් පණවා බුදුන්ට කල් දැන්වූයේය. එකල්හි බුදුරජාණෝ පෙරවරු සමයෙහි හදනා සිවුරු පැළඳ පාසිවුරු ගෙන විහාරයෙන් නික්ම දිව්යණ විමාන‍යක් සේ අලඞකෘතකොට සරහනලද මණ්ඩපයට වැඩ විමානයක් සේ අලඞකෘතකොට සරහනලද මණ්ඩපයට වැ‍ඩ සූය්ය්නයකමණ්ඩලය සේ සමුද්රඞ කුක්ෂිසය එකාලොක කෙරෙමින් බුදුරැසින් දිළිහි දිළිහී පණවනලද ආසනයෙහි වැඩහුන් සේක. එකල්හි ඒ උපාසකයා ගඳ දුම්මල් පහන් ආදියෙන් බුදුන්ට පුජා කෙළේය. අසමයෙහි කාෂ්ඨභාරී නම් වූ එක්තරා ස්ත්රි්යක් දර පිණිස අන්ධ.වන නම් අරණ්යකයට ගිය තැනැත්තී ඒ වචනයෙහි වැඩහුන් බුදුන් දැක පහන් සිත් ඇතිව වැඩහුන් ආසනයට මල් ඇතිරියක් සේ හෝපලු මල් අතුට පූජා කොට පසඟ පිහිටුවා වැඳ ප්රලදක්ෂිහණාකොට පියාය. ඒ ස්ත්රිැය එයින් පසු නොබෝ කලකින් කාලක්රිරයා කොට තවුතිසා දිව්යද ලොකයෙහි උතුම්වූ රන් විමනෙක උපන්නීය. පරිවාර ස්ත්රීුහු දහසක් පමණ වූහ ඒ දිව්යාවඞගනාව එක් දවසක් නන්ද න නම් උයන්හි දහසක් දෙවඟනන් පිරිව‍රා නටමින් ගායනා කෙරෙමින් පරසතු මල් ගොතමින් සතුටුව ක්රී‍ඩා කෙරෙයි. එසමයෙහි ආයුෂ්මත් මුගලන් මහ තෙරුන් වහන්සේ යටකී ක්රකමයෙන් දෙව චාරිකාවෙන් වඩනාසේක් තවුතිසා භවනයට වැඩ ඒ දිව්යාකඞගනාව දැක ඒ දිව්යාාඞගනාව විසින් කරනලද කුශලකර්ම ය මේ ගාථාවන්ගෙන් විචාළ‍ සේක.

“පාරිච්ඡත්තකෙ කොවිළාරෙ රමණීයෙ මනොරමෙ, දිබ්බ මාලං කත්වෙමානා ගායන්ති සම්පමොදයි.

කස්සාතෙ තච්චමානාය අඞගමඞගෙහි සබ්බසො, දිබ්බා සද්දා නිච්ඡරත්ති ස්වර්‍ණයා මනොරමා.

තස්සාතෙ නච්චමානාය අඞකමඞගෙහි සබ්බසො, දිබ්බා ගන්ධාම පවායන්ති සුචිගන්ධාන මනොරමා.

විවත්තමානා කායෙන යා වෙර්ණාසු පිළන්ධොනා, තෙසං සුය්ය ති නිග්ඝොසො තු‍රියෙ පඤ්චඞගිකෙ යථා.

වවංසකා වාතධුනා වාතෙන සම්පකම්පිතා, තෙසං සුය්යධති නි‍ග්ඝොසො කූරියෙ පඤ්චඞගිකෙ යථා.

සාපි තෙ සිරස්මං මාලා සුචිගන්ධාත මනොරමා, වාතී කන්ධොර දිසා සබ්බා රු‍ක්ඛො මඤ්ජස්සකො යථා

සායසෙතං සුචිං කන්ධංද රූපං පස්සසි අමානුසං, දෙවනෙ පුච්ඡිතාවික්ඛ කිස්ස කම්මස්සිදං ඵලං”ති. සිංහල විමාන වස්තු ප්රංකරණය. 97

යනු හෙයින් “දිව්යසමය උයනෙහි පරසතු මදාරා මල් ගොතා පැළඳ නටන්නාවූ තීගේ මුදුන් මල් කඩින් හා දෙපය පටන් හිස දක්වා ගැවසී තිබෙන වස්ත්රාූභරණ මාලාදිය වාත වේගයෙන් කම්පිතව පංචාඞගික තූය්ය්ස නාදයක් සේ සියල්ලන් විසින් අසනු ලැබෙයි. ගන්ධකමාදන පර්වූතයෙහි නන්දෙන මූලක පබ්භාරයෙහි මැණික් ලෙණ දොර පිහිටි දියෙහි ගොඩෙහි හැම මල් පිපෙන්නාවූ මඤ්ජුෂ්ක නම් වෘක්ෂ්ය යම් සේ නොයෙක් යොදුන් ගණන් හිමාල වන ප්රනදෙශය සුගන්ධව පිණ්ඩයක් සේ එක පැහැර සුවඳ කෙරේද, එමෙන් තිගේ ඇග හිස වළඳනා ලද වස්ත්රාධභරණ මාලාදියෙන් හා ශරීරාවයවයෙන් නික්මෙන්නාවු සුවඳින් දසදිග එකපැහැර සුවඳ පැතිරෙයි” යනාදින් දිව්ය සම්පත් වර්ණුනාකොට, මෙබඳු සම්පත් ලැබීමට කරණ ලද කුශල කර්මදය කවරේදැ?යි” විචාළ සේක. ඒ පැණය විසඳන්නාවූ දිව්යාදඞගනාව මේ ගාථා දෙකින් ප්රණකාශ කළාය.


“ අභස්සරං අවිචිමත්තං වණණ ගන්ධොන සඤ්ඤුතා, අසොක පුප්ඵමාලාහං බුඬස්ස උපනාමසිං.

තාහ කම්මං කරිත්වතන කුසලං බුඬවණණිතං, අපෙත සොකා සුඛිතා සම්පමොදාමනාමයා”ති.

යනු හෙයින් “සිවාමීනි, මම මිනිස් ලොව උපන් සමයෙහි ප්ර වාලමය රෙනු පෙළින් හා ගිනි රැසක් සේ රත්වූ යහපත් සුවඳ ඇති හෝපලු මල් ගෙන ගොස් බුදුන්ට පුජාකෙළෙමි. එපමණ කුශලයෙන් බුදුන් විසින් වර්ණරනා කටයුතුවූ අය‍ශෙෂ‍යන් විසින් කියා නිමවාලිය නොහැකි දිව්ය් සම්පත්තියක් ලදිමි”යි කිව. එකල මහ තෙරහු විස්තර වශයෙන් බණ වදාරා මිනිස් ලොවට වැඩ බුදුන්ට එපවත් දැන්වූ සේක. බුදුරජාණෝ එම අර්ත්ථොණත්පත්තිකොට ගෙන එතැන්හි සම්ප්රාැප්ත පිරිසට බණ වදාළසේක. ඒ ධර්මාදෙශනාව බොහෝදෙනාට සාර්ත්ථ්ක විය.

මේ විමානවස්තු ප්ර්ක‍රණයෙහි පාරිච්ඡත්තක වගීයෙහි පරසතු විමාන වස්තුව වර්ණූනාව කියා නිමවන ලදී.