Jump to content

සිංහල විමානවස්තු ප්‍රකරණය- iv

Wikibooks වෙතින්

පරමාර්ත්ථනජොතිකා නම්වූ බුද්දකට්ඨකථාවෙහි තුන්වන පාරිච්ඡත්තක වර්ගථ වර්ණබනාවයි

98 සිංහල විමාන වස්තු ප්රතකරණය.

ම‍ෙඤජඪක වර්ගමය

ම‍ෙඤජඪ විමාන වස්තුව.

තවද මේ විමාන වස්තු ප්රමකරණයෙහි සතරවන මඤ්ජෙට්ඨක වර්ගරයෙහි පළමුවන මඤ්ජෙට්ඨ විමාන වස්තුව නම් කවරැයත්,— එහි පිළිවෙළ කථාව මෙසේ දතයුතු.

කරුණාවෙන් සිහිල්වු භාග්යාවත් බුදුරජා‍ණෝ එක් සමයෙක සැවැත් නුවර දෙව්රම් වෙහෙර වැඩවසන සේක, එසමයෙහි සැවැත් නුවර වාසීවු එක්තරා උපාසකයෙක් බුදුන් කරා එළඹැ නමස්කාර කොට බුදුන්ට ආරාධනා කොට නැවත ගෙට ගොස් ගෙදොර සමීපයෙහි මණ්ඩපයක් සාදා උඩුවියන් බැඳ වටතිර ඇද පරික්ෂෙදප කොට ධ්වජ පතාක නංවා නා නා වර්ණය පිළි හා ඔලම්බක පුෂ්පදාමයන් එල්වා නොයෙක් අලඞකාරයෙන් මණ්ඩපය සරහා පැන් ඉස හමදනා ලද භූමි ප්රනදේශයෙහි අසුන් පනවා බුදුන්ට කල් දැන්වූයේය. එකල්හි බුදුරජාණෝ පූර්වපහ්න සමයෙහි හැඳ පා සිවුරු ගෙන දිව්යට විමානයක් සේ අලඞකෘත කොට සරහා පිළියෙල කරණ ලද මණ්ඩපයට වැඩ දිළිසෙමින් පණවන ලද ආසනයෙහි වැඩහුන් සේක. එකල්හි ඒ උපාසකයා ගඳ දුම් මල් පහන් ආදියෙන් පූජාකෙළේය. එසමයෙහි එක්තරා කුල දාසියක් අන්ධන වනයට ගොස් ඒ වනයෙහි පිපුනාවූ මල් ඇති සල්ගසක් දැක සුපිපි මල් කඩාගෙන ඉරටුවල අමුනා මුදුන් මල්කඩ කීපයක් කොට නැවත ගොතා ඉතිරිවු බොහෝ සල් මල් ගෙන ඇතුලු නුවරට වන්නි යුගන්ධ ර පර්විත මස්තකයෙහි පර්වාත කුක්ෂිකය එකොභාෂ කෙරෙමින් දිළිසෙන බාලාක මණ්ඩලයසේ සවනඝණ බුද්ධරශ්මි මාලාවන් විහිදුවා ඒ මණ්ඩපයෙහි දිළිහි දිළිහී බුද්ධාසනයෙහි වැඩහුන් බුදුන් දැක සිත හටගත්තාවු බලවත් ප්රී ති සොම්නස් ඇතිව ඒ ගෙනයන මලින් පූජාකරන්නී මුදුන් මල්කඩ කීපය වැඩහුන් ආසනය වට තබා සෙසු මල් ආසනය වට විසුරුවා පූජාකොට බුදුන් වැඳ ප්රනදක්ෂිමණාකොට ගියාය. ඒ දාසිතො‍මෝ එයින් පසු නොබෝකලකින් කාලක්රිායාකොට තවුතිසා දිව්යොලොකයෙහි ගොමුත්තක ගොමෙධකාදී මැණික් රත්න වශයෙන් හා රන්පබලු මිණිමය දෙව්විමනෙක උපන්නීය. ඒ විමන් දොර ඉදිරියෙහි රුවන්වැලි අතුරන ලද භූමිභාග ඇති මහත් සල්වනයක් පහළ විය. ඒ දිව්යාැඞගනාව යම් දවසෙක විමනින් නික්ම ඒ සල්වනයට ප්රහවේශවන්නි වීනම් එකල්හි ඒ


සිංහල විමාන වස්තු ප්රනකරණය. 99

සල් අතු නැමී හිස මත්තෙහි මල් වගුරුවති. මෙසේ මහත්වූ දිව්ය ශ්රීන සම්පත් අනුභව කරන්නී එක් දවසක් විමනින් නික්ම දහසක් දෙවඟනන් පිරිවරා මහත්වු දිව්ය ඍද්ධියෙන් සල්වනයට ප්රඟවිෂ්ටව ශරීර ප්රවභාවෙන් දිළිහි දිළිහී සැප විඳිමින් ක්රීඑඩාකෙරෙයි. එසමයෙහි ආයුෂ්මත්වූ මුගලන් මහතෙරුන් වහන්සේ දෙවචාරිකාවෙන් තවුතිසා දෙව්ලොවට වැඩ ඒ දිව්යාපඞගනාව දැක ඈ සමීපයට වැඩ මේ සම්පත් ලැබීමට ඈ විසින් ගිය දවස කරන ලද කුශල කර්මවය විචාරන සේක් මේ ගාථාවන්ගෙන් විචාළේය.

“ මඤ්ජෙට්ඨකෙ විමානසමිං සොණ්ණවාලුක සත්ථ නෙ, පඤ්චඞගිකෙන තුරියෙන රමසී සුප්පවාදිතෙ

තස්මා විමානා ඔරුස්ස නිම්මිතා රතනාමයා, ඔගාහසී සාලවනං පුපර්වනතං සබ්බකාලිකං,

යස්ස යස්සෙව සාලස්ස මුලෙ තිවාසි දෙවනෙ, සො සො මුඤ්චති පුප්ඵානි ඔනමිත්වාස දුමුත්තමො.

වාතෙරිතං සාලවනං ආධුතං ටිජ සෙවිතං, වාති ගන්ධොා දිසා සබ්බා රුක්ඛො මඤ්ජුස්සකො යථා.

ඝායසෙ ත්වංා සුචිං ගන්ධංර රූපං පස්සසි අමානුසං, දෙවතෙ පුච්ඡිතාවික්ඛ කිස්ස කම්මස්සිදං ඵගං”ති.

යනාදීන් ඇගේ ඓශ්චය්ය්කිස සම්පත් වර්ණානාකොට “මෙබඳු සම්පත් ලැබීමට කරන ලද කුශල කර්ම්ය කවරේදැ?යි විචාළ සේක. මෙසේ තෙරුන් වහන්සේ විසින් විචාරණ ලද පැණය විසඳන්නාවූ දිව්යාතඞගනා තොමෝ මේ ගාථා‍වන්ගෙන් ප්ර කාශ කළාය.

“ අහං මනුස්සෙසු මනුස්සභූකා දාසි අයිරකුලෙ අග්රා , බුද්ධං නිසිත්තං දිස්වාන සාල පුප්ඵෙහි ඔකිරිං.

ව‍ටංසකඤච සුකතං සාල පුප්ඵමයං අහං, බුද්ධස්ස උපනාමෙසිං පසන්තාසෙහි පාණිහි.

තාහා කම්මං කරිත්වාසන කුසලං බුද්ධ වණ්ණිත, අපෙතසොකා සුඛිතා සම්පමොදාමනාමයා”ති.

යනු හෙයින් “ස්වාමීනි, මම යටගිය දවස එක්තරා කුල දාසියක් වීමි. එසමයෙහි භොජන ශාලායෙහි මහසඟ පිරිවරා වැඩහුන් බුදුන් දැක සතුටු සිත් ඇතිව ආසනය වට වැසිවස්නා සේ සල් මල් විසුරුවා සල් මලින් කරන ලද මුදුන්මල්කඩ කිපයක් ආසනය වට සදා බුදුන්ට පූජාකෙළෙමි. එපමණ කුසලය හෙතු කොට ගෙන මෙබඳු දිව ඉසුරක් ලදිමි”යි කිව. එකල මුගලන් 100 සිංහල විමාන වස්තු ප්රකකරණය.

මහ තෙරහු මිනිස් ලොවට වැඩ බුදුන්ට එපවත් දැන්වූ සේක. බුදුරජාණෝ එම අර්ත්ථොුත්පත්ති කොට ගෙන සම්ප්රාපප්ත පිරිසට බණ වදාළ සේක. ඒ ධර්ම්දෙශනාව බොහෝදෙනාට සාර්ත්ථපක විය.

මේ විමාන වස්තු ප්රවකරණයෙහි මඤ්ජෙට්ඨ වර්ග යෙහි මඤඡටඨ විමාන වස්තු වර්ණරනාව කියා නිමවන ලදී.

පභසසර විමාන වස්තුව.

තවද මේ විමාන වස්තු ප්රවකරණයෙහි සතරවන මඤ්ජෙට්ඨක වර්ගබයෙහි දෙවන ප්රිභාස්වර විමාන වස්තුව නම් කවරැයත්:—

කරුණාවෙන් සිහිල්වූ භාග්යවවත් බුදුරජාණන් වහන්සේ එක් සමයෙක රජගහ නුවර වැඩවසන සේක. එසමයෙහි රජගහ නුවර ශ්රේද්ධා සම්පන්නවූ එක්තරා උපාසකයෙක් ඇත්තේය. ඒ උපාසක තෙම ආයුෂ්මත් මුගලන් මහතෙරුන් වහන්සේ කෙරෙහි විශෙෂයෙන්ම ප්ර සන්නවූ සිත් ඇත්තේය. ඔහුගේ ශ්රවද්ධා සම්පන්නවු දුවක් ඇත්තීය. එසමයෙහි ආයුෂ්මත්වු මුගලන් මහතෙරුන් වහන්සේ රජගහ නුවර ගෙපිළිවෙලින් පිඬු සිඟා වඩනා සේක් ඒ කුලගෙටත් වැඩිසේක. ඒ කුමාරිකාව තෙරුන් වහන්සේ දැක සතුටු සිත් ඇතිව ආසනයක් පනවා තෙරුන් වහන්සේ ආසනයෙහි වැඩහුන් කල්හි සමන් මල් පූජාකොට මිහිරිවූ උක් සකුරු පිඬක් තෙරුන් වහන්සේගේ පාත්රලයට පිළිගැන්වුවාය. තෙරුන් වහන්සේ ඒ කුමාරිකාවට අනුමේවේනි බණ වදාරනු කැමතිව වැඩහුන් සේක. ඒ කුමාරිකාව ගිහි ගෙයි බොහෝ කටයුතු ඇති බැවින් අවකාශ නැති බව දන්වා ‘අනෙක් දවසක බණ අසමි’ කියා තෙරුන් වහන්සේට නමස්කාර කොට වඩනට කල් දැන්වූවාය. ඒ කුමාරිකාව එදවස්ම කාලක්රි යා කොට තව්තිසා දිව්යූලෝකයෙහි උතුම්වූ රන්විමනෙක උපන්නීය. එසමයෙහි ආයුෂ්මත්වූ මුගලන් මහතෙරුන් වහන්සේ දෙවචාරිකාවෙන් වඩනා සේක් ඒ දිව්යාමඞගනාව දැක සමීපයට ‍වැඩ මෙසේ විචාළ සේක.

“ පභස්සරවර වණ්ණනීහෙ සුරත්තවත්ථව නිවාසනෙ, මහිද්ධිකෙ චන්දණන රුචිරගත්තෙ කා ත්වංක සුහෙ දෙවතෙ වන්ද්සෙ මමං-පෙ-”

යනු හෙයින් ප්ර භාස්වරවූ වර්ණද සම්පන්නවූ සුරක්තවූ දිවසළුවක් හැඳ එසේම දිව සළුවක් එකාංශකොට සඳුන් තවරනලද මනොඥවූ ශරීරයක් ඇතිව මට වදන‍ා තී කවරෙක්හිද? නන්දවන

සිංහල විමාන වස්තු ප්ර කරණය. 101

වනයෙහි ශක්රු දෙවෙන්ර් ත යා සේ යම් ආසනයක හුන්නෙහිද ඒ පය්යාමහ ඞකය මහාර්ඝ වූ නා නා විධ රත්නයෙන් විසිතුරු විය” යනාදීන් වර්ණිනාකොට ‘මෙබඳු සම්පත් ලැබීමට කරනලද කුශලය කවරේදැ?’යි විචාළ සේක. එකල්හි ඒ දිව්යා ඞනාව මෙසේ කිව,

“ හොති ච මෙ අනුතාපො අපරඬං දුක්ක තඤ්ච භත්තෙ, සාහං ධම්මං කාස්සොසිං සූදෙසිතං ධම්ම රාජනෙ-පෙ-”

යනු හෙයින් ‘මම මිනිස් ලොව වසන සමයෙහි පිඬු පිණිස වැඩියාවූ නුඹවහන්සේට සමන් මල් පූජාකොට උක්සකුරු පිඩක් පාත්‍රයට පිළිගැන්වූයෙමි. එකල්හි නුඹවහන්සේ බණ වදාරන පිණිස වැ‍ඩහුන් සේක. මම අවකාශ නැති හෙයින් බණ නෑසූයෙමි. බුදුන් විසින් වදාරණ ලද ධර්මෙය නෑසූ හෙයින් මා විසින් නොකටයුත්තක් කරන ලද්දේය. එබැවින් විපිළිසරවීමක් ඇත්තේය. ස්වාමීනි, මේ කාරණය නුඹවහන්සේට කියමි. යම් අනුකම්පා කටයුත්තක් ඇත්නම් බුදුන් විසින් වදාරන ලද ශීලාදී කිසියම් ගුණධර්මායක සමාදන් කරවන සේක්වා. එසේවීනම් මාගේ ඉසුරු සම්පත් කියා නිමවිය නොහැක්කේය”යි කිව. එකල්හි මහතෙරහු විස්තර වශයෙන් බණ වදාරා මිනිසු ලොවට වැඩ බුදුන්ට එපවත් දැන්වු සේක. බුදුරජාණන් වහන්සේ එම අර්ත්ථොසත්පත්ති කොට ගෙන සම්ප්රාලප්ත පිරිසට බණ වදාළසේක. මේ ධර්මරදේශනාව බොහෝදෙන්ට සාර්ත්ථනක විය.

විමාන වස්තු ප්රශකරණයෙහි සතරවන මඤ්ජෙට්ඨක වර්ගියෙහි දෙවන ප්ර්භාස්වර විමාන වස්තු වණ්රඤනාව කියා නිමවන ලදී.

නාග විමාන වස්තුව.

තවද මේ විමාන වස්තු ප්රික‍රණයෙහි සතරවන ම‍ෙඤඡඪක වර්ගමයෙහි තුන්වන නාග විමාන වස්තුව නම් කවරැයත්:— භාග්යනවත් බුදුරජාණන් වහන්සේ එක් සමයෙක බරණැස් නුවර ඉසිපතනාරාමයෙහි වැඩ වසන සේක. එසමයෙහි බරණැස් නුවර වසන්නාවූ ශ්රපද්ධාවන්තවූ ශීලාචාර සම්පන්නවූ එක්තරා උපාසිකාවක් බුදුරජාණන් උදෙසා වස්ත්රා දෙකක් වියවා යහපත් කොට මැසුම් පිරියම් කරවා බුදුන් කරා එළැඹ බුදුන්ගේ ශ්රී පාද මූලයෙහි පිළිසඟල තබා මෙසේ කිව. “ස්වාමීනි යම් කුශල කර්මනයක් බොහෝ කලක් මුළුල්ලෙහි මට හිත සැප පිණිස

102 සිංහල විමාන වස්තු ප්රපකරණය.

වැටේද, ඒ කුශල කර්මමය මට අත්පත් කරණ පිණිස බුදුරජාණන් වහන්සේ මා කෙරෙහි අනුකම්පාවෙන් මේ පිළිදෙක පිළිගන්නා සේක්ව”යි කිව. බුදුරජාණෝ ඒ පිළිසඟල පිළිගත් සේක. නැවත ඒ උපාසිකාව උපතිශ්රහය සම්පත් ඇති බව දැක චතුස් සත්යසය ප්රනකාශකොට බණ වදාළ සේක. ඒ උපාසිකාව දෙශනා කෙළවර සොවාන් ඵලයෙහි පිහිටා බුදුන් වැඳ අවසර ගෙන ප්රවදක්ෂිොණා කොට ගෙට ගියාය. එයින් පසු නොබෝ දවසකින් කාලක්රි‍යා කොට තව්තිසා දෙව්ලොව ශක්ර‍දෙවෙන්ර්ගියයනිට වල්ලභ වූ යසුත්තරා නම් අග්රක මෙහෙසිකාවක්ව උපන්නීය. ඇගේ කුශලානුභාවයෙන් හස්තාලඞකාරයෙන් හෙබියාවූ රන් දැලින් වසන ලද ඇත් වාහනයක් පහළ විය. ඒ ඇතු පිට නිර්මිතවූ මැණික්මය මණ්ඩප මධ්යනයෙහි සර්ව රත්නමය පය්ය්්මිඞකයෙක් පහළ විය. දළ දෙකෙහි කමල කුවලයාදී නොයෙක් මලින් ගැවසී ගත්තාවූ සිහිල් ජලයෙන් පිරුණාවූ රමණීය පොකුණු පහළ විය. එකල්හි මල්කෙමිවල පඤ්චාංගික තූය්ය්රමණ භාණ්ඩ ගත් දිව්යාමඞගනාවෝ නටති. ගායනා කරති, මෙසේ මහත් දිව්යත ශ්රීප සම්පත්තියක් ලද්දීය. ඉක්බිති බුදුරජාණන් වහන්සේ බරණැස් නුවර කැමති කලක් වැඩ වාසය කොට සැවැත් නුවරට යම් දිශාවකින් යායුතු වේද ඒ දිශාවෙන් මගට පැමිණ ගම් නියම්ගම් රාජධානි පිළිවෙලින් වඩනා සේක් සැවැත් නුවරට පැමිණ ජෙතවනාරාමයෙහි වැඩවසන සේක. එසමයෙහි ඒ දිව්යාැඞගනාව තමා විසින් අනුභව කරන දිව්යි සම්පත් බලා ‘ඒ දිව්යර සම්පත් ලැබීමට කාරණා කවරේදැ?’යි පරික්ෂාර කරන්නී බුදුන්ට පිළිසගල දුන් බව දැන බුදුන් කෙරේ පැහැද ආදර බහුමාන සතුටු සොම්නස් ඇතිව බුදුන් වදනා කැමතිව පෙරයම ඉකුත් මධ්යහම රාත්රි්යෙහි වැඳ දොහොත් මුදුන් දි එකත්පස්ව සිටියාය, එකල්හි ව ගීස මහ තෙරුන් වහන්සේ බුදුන් විසින් අනුදන්නා ලදුව මේ ගාථාවන් වදාළ සේක.

“ අලඞකතා මණිකඤ්ච නාමිතං සුවණ්ණජාල චිත්තං මහත්ත, අභිරුය්හ ගජවරං සුකප්පිතං ඉධාගමා වෙහාසයං අන්තළික්ඛෙ-පෙ”

යනු හෙයින් කියන ලද ක්ර්මයෙන් දිව ඉසුරු වර්ණ නාකොට මෙබඳු සම්පත් ලැබීමට තී විසින් කරණ ලද කුශල කර්මණය කවරේදැ?’යි විචාළසේක: එකල්හි කුශලය ප්ර කාශකොට දක්වන්නී මෙසේ කිව.



සිංහල විමාන වස්තු ප්රීකරණය. 103

“ බාරානසීයං උපසංකම්ත්වාස බුඬස්සහං වත්ථ් යුගං අදාසිං, පාදාතිචන්දියත්වථ ඡමා නිසිදිං චිත්තා චහං අඤ්ජලිකා අකාසිං-පෙ-”

යනු හෙයින් ‘ස්වාමීනි! යටගිය දවස බරණැස් නුවර එක්තරා ශ්රිඬාවන්ත උපාසිකාවක් වීමි. එසමයෙහි පිළිසගලක් වියවාගෙන බුදුන් කරා ගොස් බුදුන්ට පිළිගන්වා වැඳ බිම එකත් පසෙක හුන්නෙමි. එකල්හි බුදුරජාණන් වහන්සේ චතුස්සත්යාය ප්ර කාශකොට බණ වදාළසේක. මම ඒ බණ අසා සෝවාන් වීමි. ආයු මද හෙයින් නොබෝ දවසකින් කාලක්රිරයාකොට ඒ කුශලයෙන් සක්දෙව් මහා රජාණන්ට අග්රයමෙහෙසිකාවූ සොළොස් දහසක් වල්ලභ දිව්යාදඞගනාවන් අතුරෙන් දශ දිශාවෙහි ප්රොසිද්ධවු යසුත්තරා නම් එක්තරා අග මෙහෙසියක් වීමි’යි කිව. එකල්හි බුදුරජාණන් වහන්සේ එම අර්ත්ථොඅත්පත්තිකොට ගෙන බණ වදා‍ළසේක. ඒ ධර්මණදෙශනාව දිව්යාිඞගනාවට හා බොහෝ දෙනාට සාර්ත්ථකක විය. ඒ දිව්යාහඞගනාව බුදුන් වැද අවසරගෙන දෙව් ලොවටම ගියාය.

මේ විමාන වස්තු ප්රතකරණයෙහි සතරවන මඤ්ජෙට්ඨක වර්ග්යෙහි තුන්වැනිවූ නාග විමාන වස්තු වර්ණිනාව කියා නිමවන ලදී.

අලොමා විමාන වස්තුව.

තවද මේ විමාන වස්තු ප්රසකරණයෙහි සතරවන ම‍ඤෙඡඨක වර්ග යෙහි සතරවන අලොමා විමාන වස්තුව නම් කවරුයත් —

භාග්ය වත්වූ සම්යවක් සම්බුඬ සර්වඤඥ රාජොත්තමයාණන් වහන්සේ එක් සමයෙක බරණැස් නුවර නිසා ඉසිපතනාරාමයෙහි වැඩ වසන සේක. එසමයෙහි බුදුරජාණන් වහන්සේ එක් දවසක් පූර්වාවහ්න කාලයෙහි මනාකොට හැඳ පා සිවුරු ගෙන බරණැස් නුවරට පිඬු සිඟා වැඩිසේක. එකල්හි අලොමා නම්වූ එක්තරා දුක්පත් ස්ත්රිැයක් බුදුන් දැකහටගත් බලවත් ප්රීාතිසොම්නස් ඇතිව දියයුතුවූ දාන වස්තුවක් නොදුක යව සාලින් කරන ලද වියලි කොමුවක් දැක ‘දානය ස්වල්ප වී නමුදු බුදුන්ට දෙනලද්දේ මහත් ඵල මහානිසංස වෙයි’ සිතා දුර්වවර්ණ වූ ලුණු නැත්තාවු වියලී ගියාවූ කොමුපිඬු ගෙන ගොස් පිළිගැන්වූවාය. බුදුරජාණෝ

104 සිංහල විමාන වස්තු ප්රවකරණය.

පිළිගත් සේක. ඒ ස්ත්රිවයද ඒ දානය අරමුණුකොට ගෙන විශෙෂයෙන්ම සතුටුව එයින් මෑත භාගයෙහි කාලක්රි යාකොට එම කුශල කර්මඅ හෙතුවෙන් තව්තිසා දෙව්ලොව මහත්වූ රන් විමනෙක උන්නීය. එසමයෙහි ආයුෂ්මත්වූ මුගලන් මහතෙරුන් වහන්සේ දෙවචාරිකාවෙන් වඩනා සේක් ඒ දිව්යාඑඞගනාව දැක මෙසේ විචාළ සේක.

“ අභික්කන්තෙන වණ්ණෙන යා ත්වංව ත්ට්ඨසි දෙව නෙ, ඔහාසෙන්ති දිසා සබ්බා ඔසධී විය තාරකා.”

යනුහෙයින් ‘එම්බා දිව්යාරඞගනාව! ති ඔසධී තාරකාවක් සේ ශරීරාලොකයෙන් දශදිග් එකාලොක කෙරෙමින් බබලන්නෙහිය. මෙබඳු දිව ඉසුරක් ලැබීමට පූර්ව ජාතියෙහි කරනලද කුශලය කවරේදැ?’යි විචාළ සේක. ඒ වචනය මුදුනෙන් පිළිගෙන කුශල කර්මාය ප්රුකාශකොට දක්වන්නාවූ දිව්යාුඞගනා තොමෝ,

‘ අහං ච බාරාණසියං බුද්ධස්සාදිච්ච බන්ධුමනො, අදාසිං සුක්ඛ කුම්මාසං පසන්නාසෙහි පාතිහි-පෙ-‍”

යනු හෙයින් ‘ස්වාමීනි, මම යටගිය දවස බරණැස් නුවර එක්තරා දිළිඳු ස්ත්රියයක් වීමි. එසමයෙහි පහන් සිත් ඇතිව සූය්ය්එක් වංශොද්භූතවූ බුදුරජාණන් වහන්සේට වියලුනාවු යව කොමුවක් පමණ පූජාකෙළෙමි. ඒ කුශලයෙන් මේ සියලු සම්පත් ලදිමි’යි කිව. (එබැවින් ලොකයෙහි යම් කෙනෙක් සකස්කොට දන් දුන්නාහු වීනම් ඔවුන් ලබන සම්පත් කියනුම කවරේද? ලුණු නැත්තාවූ වියලුනාවූ යව කොමුවෙහි අනුසස් බලව. මේ අලොමා නම් දුප්පත් ස්ත්රින සුවපත්වූ බව කවරෙක් නම් කුශල් නො‍කරේද? එක බත් පිඬකුදු ඇත. එයින් භාගයක් දන්දී විනා අනුභව නොකරන්නේමය.) ඉක්බිති තෙරුන් වහන්සේ මිනිස්ලොවට වැඩ බුදුන්ට එපවත් දැන්වූ සේක. බුදු රජාණෝ එම අර්ත්ථොොත්පත්ති කොටගෙන සම්ප්රාසප්ත පිරිසට බණ වදාළ සේක. ඒ ධර්ම්දෙශනාව බොහෝදෙනාට සාර්ත්ථේක විය.

මේ විමාන වස්තු ප්රවකරණයෙහි සතරවන මඤ්ජෙට්ඨක වර්ගියෙහි සතරවැනිවූ අලොමා විමාන වස්තු වර්ණනනාව කියා නිමවන ලදී



සිංහල විමාන වස්තු ප්රමකරණය. 105

කඤ්ජිකදායිකා විමාන වස්තුව.

තවද මේ විමාන වස්තුප්ර්කරණයෙහි සිව්වැනි මඤ්ජෙට්ඨකවර්ග යෙහි කඤ්ජිකදායිකා විමාන වස්තුව නම් කවරැයත්:—

සර්විලොකෛක නාථවූ බුදුරජාණෝ එක්සමයෙක අන්ධ:කවින්දහ නම් ඊට එක්තරා රමණීයවූ ස්ථානයෙක්හි වැඩවසන සේක. එසමයෙහි බුදුන්ගේ කුස වාතරොගයෙක් උපන, බුදුහු අනඳ මහා තෙරුන්වහන්සේට ආමන්ත්රෙණයකොට, “යව, ආනන්දතය, තෝ පිඬු පිණිස ගොස් මාගේ කුස උපන් වාතරොගයට නිසි බෙහෙත් කැඳක් ගෙණව”යි වදාළසේක. එකල අනදමහ තෙරුන්වහන්සේ බුදුන්ගේ වචනය අසා මුද්රිණෙන් පිළිගෙන සතරවරම් දෙව්රජ දරුවන් විසින් දෙනලද ශෛලමය පාත්රදය ගෙන තමන්වහන්සේට උපස්ථානකරන්නාවූ වෙදාණන්ගේ ගෙදොරට වැඩ දොර සමීපයෙහි වැඩ සිටිසේක. එකල වෙදාණන්ගේ භාය්යා දොරව මහතෙරුන් දැක සතුටුසිත් ඇතිව පෙර මගට ගොස් පසඟ පිහිටුවා වැඳ පාත්රාය ‍අතට ‍ගෙන විචාරන්නී‍, “ස්වාමීනි, කෙසේවූ බෙහෙතක් නුඹවහන්සේට ප්ර යෝජන ඇද්ද?”යි විචාළීය. මෙසේ උපාසිකාව මහනුවණ ඇති හෙයින් “මහතෙරහු බෙහෙතින් ප්ර”යෝජනයක් ඇතිකල මේ ගෙට වඩනාසේක. භික්ෂාත පිණිස වැඩි ගමණක් නොවෙයි” කියා සිතින් සලකා දැන විචාළ හෙයින්, “කැඳකින් ප්රඩයෝජන ඇතැ”යි වදාළසේකල සිතන්නි, “අප අනඳමහ ස්වාමීන්ට ප්රඳයෝජන බෙහෙතක් පිණිස වැඩි පවක් නොවෙයි. මේ වනාහි සර්වසඥයන්වහන්සේගේ පාත්රෙයවන්නේය. එබැවින් බුදුරදුන්ට සුදුසුවූ කැඳක් ඉදිකරමියි” සිතා බලවත්ව හටගත්තාවූ ප්රීේතිසොම්නස් ඇතිව ඩෙබරයුෂයෙන් කැඳ පිස පාත්රරය පුරවා පිළිගන්වා, “මෙපමණකින්ම අප වැනි ශ්රරද්ධාවන්තයන්ට සුදුසු නොවෙයි” සිතා අනෙකුදු සුප ව්යණඤ්ජන සහිත අහර පිළියෙලකොට යැවූහ. ඒ බෙහෙත් කැඳ වැළඳු කෙණෙහිම බුදුන්ගේ කුස හටගත් වාතරොගය සන්සිඳින. ඒ උපාස්කාව එයින් පසු නොබෝකලකින් කාලක්රිසයා කොට ඒ කුශලමය හේතුවෙන් තවුතිසා දෙව් ලොව ඉපිද මහත්වූ දිව්යරශ්රී සම්පත් අනුභවකෙරෙයි. එසමයෙහි ආයුෂ්මත් මුගලන් මහතෙරුවන් වහන්සේ දෙවචාරිකාවෙන් වඩනාසේක් දහසක් දෙවඟනන් පිරිවරා දිව ඉසුරු අනුභව කරන්නාවූ ඒ දිව්යාසඞගනාව දැක ඈ විසින් ගිය දවස කරණ ලද කුශල කර්ම ය මේ ගාථාවන්ගෙන් විචාළසේක.

14


106 සිංහල විමාන වස්තු ප්රනකරණය.

“ අභික්කන්තෙන වණ්ණෙන යා ත්වංම තිට්ඨසි දෙවතෙ, ඔහාසෙන්ති දිසා සබ්බා ඔසධී විය තාරකා”-පෙ=

යනාදි ගාථාවන්ගෙන් දිව්යධසම්පත් වර්ණ-ණනාකොට, “එම්බා දෙවතාදුව, තී මෙබඳු සම්පත් ලැබීමට කළාවූ කුශලය කවරේදැ?”යි විචාළසේක. එබස් අසා ඒ ප්රසශ්නය විසඳන්නාවූ දිව්යාණඞගනා තොමෝ මේ ගාථාවන්ගෙන් මදක් ප්ර කාශ කළාය.

“ අහං අන්ධරකවින්දූස්මිං බුද්ධස්සාදිච්චබන්ධු නො, අසිං කොලසම්පාකං කඤ්ජිකං තෙලධූපිතං. පිප්ඵල්යාන ලඝුණෙන ච මිස්සං ලාමඤ්ජකෙන ච, අදාසිං උජුභූතස්මිං විප්පසන්තෙන වෙතසා. යා මහෙසිත්තං කාරෙය්‍ය වත්තවත්තිස්ස රාජිනො, නාරි සබ්බඞගකල්යාෙණී භත්තුච්චානොමදස්සිකා. එතස්ස කඤ්ජික දානස්ස කලං නාගසන්ති සොළසිං, සතං නික්ඛා සතං අස්සා සතං අස්සතරි රථා. සතං කඤ්ඤා සහස්සානි ආමුත්තමණිකුණ්ඩලා, එතස්ස කඤ්ජික දානස්ස කලං නාගඝන්ති සොළසිං. සතං හෙමවතා නාගා ඊසා දන්තා උරුළභවා, සුවණ්ණකච්ඡා මාතාඞගා හෙමකප්පනවාසසා, එතස්ස කඤ්ජක දානස්ස කලං නාගඝන්ති සොළසිං, චතුත්තම්පි ච දීපානං ඉස්සරජ යොධ කාරයෙ, එතස්ස කඤ්ජක දානස්ස කලං නාගඝන්ති සොළසිං” ති

යනුහෙයින්, “ස්වාමීනි, මම මීට පූර්ව ජාතියෙහි මිනිස්ලොව අන්ධ‍කවින්දන නම් රට වසන සමයෙහි ඩෙබර යුෂ සතර එකට සිඳුවා කැඳ පිස ඉඟුරු මිරිස් තිප්පිලි අසමෝදක පෙරුන්කායන් සුදුලුනු කළුදුරු යන මේ කටුකහණ්ඩයන් එක්කොට බහා බැද තෙල් සිඳුවා සුවඳ දුම් කවා, ‘මේ බෙහෙත් කැඳ බුදුන්ට ඵාසු පිණිස වේවා”යි කියා පූජාකෙළෙමි. එපමණ කුශලින් ඉක්බිති තුනුරුවන් වටනා පින්කෙත් ලොකයෙහි නැති බව හගවන්නී, “මේ ලොකයෙහි යම් ස්ත්රිියක් සතරමහ දිවයිනට අධිපත්වු චක්ර වත්ති රජ්ජුරුවන්ට අග්රිමෙහෙෂිකා බවට පැමිණ පඤ්චකල්යාතණයෙන් යුක්තව ස්වාමියාට ප්රිවයකරුව සුවසූදහසක් බිසෝවරුන්ට නායකව ශ්රීම සම්පත් අනුභවකරන්නේ වීනමුදු ඒ සියලු ඉසුරු සම්පත්තිය බුදුන් උදෙසා දුන් එක කැඳ දාන


සිංහල විමාන වස්තු ප්රනකරණය. 107

යාගේ සොළොස්වැනි කලාවෙන් කලාවකටක් නොඅගනේය. තවද රත්රන් පස්කල‍ඳෙක් නිකයෙක් නම්වෙයි. ඒ නිකවශයෙන් රත්රන් සියදහසක්ද අශ්වාලඞකාරයෙන් සරහනලද අසුන් සියක් දහසක්ද සෛන්ධනවයන් යොදා රථාලඞකාරයෙන් සරහනලද රථ සියදහනස්ද මුක්තාමාණික්යයමය කුණ්ඩලාභරණාදී නොයෙක් අලඞකාරයෙන් සරහනලද කන්යාමගනාවන් සිය දහසක්ද යන මෙ සියල්ලම යම් කෙනෙක් යාචකයන්ට දන් දුන්නේ වීනමුදු ඒ සියලුම දන් මේ එක කඤ්ජික දානයාගේ සොළොස්වැනි කලාවෙන් කලාවකටත් නොහඟනේය. දත්වල රන් කුප්පි බහා නොයෙක් හස්ත්යා්ලඞකාරයෙන් සරහන ලද හිමාල වනයෙහි උපන් අලි ඇතුන් සියදහසක් දුන්නේවී නමුදු මා දුන් එක කඤ්ජික දානයාගේ සොළොස්වැනි කලාවෙන් කලාවටත් නොඅගනේය. දත්වල රන් කුප්පි බහා නොයෙක් හස්ත්ය්ලංකාරයෙන් සරහනලද හෙමවනාදි ඇත්කුලයන්ගෙන් පිටත් අලි ඇතුන් සියක් දහසක් දුන්නේවී නමුදු මා දුන් එක කඤ්ජික දානයාගේ සොළොස් වැනි කලාවෙන් කලාවටත් නොඅගනේය. යමෙක් සතර මහාද්වීපයට අධිපතිව චක්රවවත්ති රාජ්යනය කරන්නේවී නමුදු ඒ ඉසුරු සම්පත්තිය මා දුන් එක කැඳ දානයාගේ සොළොස්වන කලාවෙන් කලාවකටත් නොඅගනේය”යි කියා “තුනුරුවන්ට වඩා වටිනා පින් කෙතක් ලොකයෙහි අත්ශයින් නැතැ”යි කියා බුදුගුණ ප්රවකාශකොට කිව. එකල්හි මුගලන් මහතෙරුන්වහන්සේ ඒ දිව්යාාඞගනාවට විස්තරවශයෙන් බණ වදාරා මිනිස්ලොවට වැඩ බුදුන්ට එපවත් දැන්වුසේක. බුදුරජාණෝ එම අර්ත්ථොොත්පතත්තිකොටගෙණ එතන්හි රැස්වූ පිරිසට බණ වදාළසේක. ඒ ධර්ම්දෙශනාව බොහෝදෙනාට සාර්ත්ථැකාවිය.

මේ විමානවස්තු ප්රාකරණයෙහි මඤ්ජෙට්ඨක වර්ගවයෙහි කඤ්ජිකදායිකා විමාන වස්තු වර්ණෙනාව කියා නිමවනලදී.

විහාර විමාන වස්තුව.

	තවද මේ විමාන වස්තු ප්රරකරණයෙහි සතරවැනි මඤ්ජෙට්ඨක වර්ගහයෙහි සැවැනිවු විහාර විමාන වස්තුව නම් නවරුයත්:—

සර්වනලොකෛකනාථවු භාග්යවවත් බුදුරජාණන් ජෙතවනාරාමයෙහි වැඩවසන සමයෙහි නුවරවාසීන්ගේ එක්තරා ක්රීතඩා


108 සිංහල විමාන වස්තු ප්රාකරණය.

දවසෙක පරිවාර ජනයා හා යෙහෙළිවරුන් විසින්, “උයන් කෙළියට යම්හ”යි කියා යාච්ඤාකරණලද විශාඛා මහාඋපාසිකාව සුවඳ පැනින් ඉස සෝදා නහා සුවඳ තෙල් ගා යහපත්ව බත් අනුභවකොට නව කෙළක් අගනා මේල පළඳනාව පැළඳ පන්සියයක් යෙහෙළියන් පිරිවරා මහත්වූ ඓශ්චය්ය්ළ යෙන් දෙවඟනක් සේ ගෙයින් නික්ම උයන් බල බලා මදතැනක් ගොස් මෙසේ සිතුවාය. “බාල කුමරිකාවන්සේ සිහිමුළාව කෙළ ඇවිදීම අප වැන්නන්ට සුදුසු කොවෙයි. විහාරයට ගොස් බුදුරාජාණන්වහන්සේද ප්රි යවූ භික්‍ෂුසංඝයාද දැක බණ ඇසුයෙම් නම් ඉතා යෙහෙකැ”යි සිතා විහාරයට ගොස් එක්තැනෙක සිට මේල පළඳනාව ගලවා දාසිය අතට දී බුදුන් කරා එළඹැ නමස්කාරකොට එකත්පස්ව උන්නාය. බුදුරජාණෝද සුදුසු ලෙසින් බණ වදාළසේක. ඒ විශාඛාව බණ අසා ඉක්බිති අවසරගෙන බුදුන් වැඳ ප්ර දක්ෂිාණාකොට ම‍නොභාවණීයවූ භික්ෂු සංඝයාද වැඳ විහාරයෙන් නික්ම මදතැනක් ගොස් ආභරණ පළඳනා දෙව”යි කිව දාසී වනාහි ආභරණ පොදි බැඳ විහාරයෙහි තබා ඒ ඒ තැන ඇවිද යනකල සිහිමදව වහා අවුත් කැටුව ගියහෙයින්, “ආභරණ දෙව”යි කීකල එකෙනෙහිම කියන්නී, “ස්වාමීනි සිහිමඳව විහාරයෙහිම තබා ආමි, මහා ගෙන එමි, මදක් සිටිනු මැනව”යි කියා වළක්නා කැමතිවූවාය. එකල විශාඛාවෝ කියන්නාහු “පින්වත් දාසිය, ඉදින් විහාරයේ තබා ආයෙහි නම් අපි නොගනුම්හ. විහාරය පිණිස පරිත්යා,ග කරමිහ”යි කියා විහාරයට ගොස් බුදුන් කරා එළඹැ නමස්කාරකොට තමන් අභිප්රාතය බුදුන්ට දන්වන්නාහු, ස්වාමීනි, විහාරයක් කරවනු කැමැත්තම්හ. මා කෙරෙහි අනුකම්පා උපදවා විහාරදානය ඉවසා වදාළ මැනව”යි කියා ආරාධනා කළහ. බුදුරජාණෝ මුවෙන් නොබැන ඉවසා වදාළසේක. ලක්ෂආයක් අධිකකොට නව කෙළක් වස්තු දී විශාඛාවෝ මේලපළඳනාව ගෙන ඒ සියලුම වස්තු වියදම්කොට පූර්වාකරාම විහාරය කරවන්නාහු ආයුෂ්මත් මුගලන් මහතෙරුන් වහන්සේ විහාර කර්මරමාන්තය නියමවනතෙක් එතැන්හි වැඩ සිටුවා උන්වහන්සේගේ නියොගයෙන් භීත්තිස්තම්භ තනාන් ගොතැස් කැණිමඩලු දොරඛා වාතපනා සොපානාදි ගෙහාවයවයන් යහපත් කොට සලනලද දඬුකර්මුමාන්තයෙන් හා මනොඥවූ සුදාලෙපන කර්මයය හා මාලාකර්මම ලතා කර්මාෙදි විචිත්රා චිත්රූකර්මා්න්තයෙන්ද යහපත්කොට ඔප් නගා නිම වනලද ඉඳුනිල් මැනික්පෝරුවක්සේ විසිතුරු භුමිභාග ඇති




සිංහල විමාන වස්තු ප්රකරණය. 109

යටමාලේ සැතපෙන ගෙවල් පන්සියයක් හා උඩුමාලේ ගෙවල් පන්සියයෙකැයි ගෙවල් දහසකින් ප්රහතිමණ්ඩිතවූ ප්රා්සාදය බුදුන්ගේ හා මහාසංඝයාගේ විසීමට සුදුසු පරිද්දෙන් දිව්යතවිමානයක්සේ අලඞකෘතකොට කරවා ඒ ප්රාවසාදයට පිරිවර වශයෙන් ප්රා්සාද දහසක්ද ඒ ප්රාකසාදයන්ට පරිවාරවශයෙන් සක්මන් මණ්ඩප භොජන ශාලාදියද යන මේ සියලු විහාරකර්මානන්තය නවමාසහිකින් කරවා නියම කළාහ. විහාර කර්මාොන්තය නිමි කල්හි නවකෙළක් පමණ රුවනින් විහාර පූජාව කරවන්නාවූ විශාඛාවෝ පන්සියයක් යෙහෙළියන් හා සමග ප්රා සාදයෙහි මතු මහලට නැඟි ඒ ප්රාිසාදයාගේ ලක්ෂ ණ ශ්රීා සමෘද්ධිය බලා සතුටු සිත් ඇතිව පරිවාර ස්ත්රීශන්ට ආමන්ත්රකණයකොට මෙසේ කීහ. “නවකෙළක් වස්තු වියදම්කොට මෙබඳු විහාරයක් කරවන්නාවූ මා විසින් යම් කුශලකර්මයයක් රැස්කරණලදද ඒ සියලු පින් තොපට දුනිමි. පින් අනුමෝදන්වහුවා”යි කියා පින් දුන්නීය. ඒ සියලුම ස්ත්රීොහු, “යහපත, යහපතැ”යි කියා පින් අනුමෝදන්වූවාහුය. එදවස් එතැන්හි සිටි එක්තරා උපාසිකාවක් විශෙෂයෙන්ම තුනුරුවන් කෙරෙහි සිටි එක්තරා උපාසිකාවක් විශෙෂයෙන්ම තුනුරුවන් කෙරෙහි සතුටුව පින් අනුමෝදන්වූවාය. ඒ උපාසිකාව එයින් පසු නොබෝකලකින් කාලක්රිවයාකොට ඒ පින් අනුමෝදන්වූ කුශලයෙන් තවුතිසා දෙව්ලොව උපන්නීය. ඇගේ කුශල මහිමයෙන් නොයෙක් කූටාගාරයෙන් හා උයන් පොකුණු ආදියෙන් ප්රමතිමණ්ඩිතවූ සිව්සැට ගවු පුළුල හා උස ඇති සියක් යොදුන් තැන් අන්ධශකාර විධවංසනයකොට ප්රවභා විහිදෙන්නාවූ ආකාශයෙන් යන්නාවූ මහත්වූ දිව්යසවිමානයෙක් පහළවිය. ඒ දිව්යාඞගනාව උයන්කෙළි ආදියට යන්නීද දහසක් දෙවඟනන් පිරිවරා විමානය හා සමගම යන්නීය. මෙසේ මහත්වූ දිව්ය ශ්රීි සම්පත් අනුභවකෙරෙයි. ඒ විශාඛා මහා උපාසිකාව වනාහි උදාරවූ මහත් පරිත්යායග ඇති හෙයින්ද තුනුරුවන් කෙරෙහි අචල ශ්රහද්ධාවෙන් යුක්ත හෙයින්ද නිර්මා්ණරතී නම් දිව්යුලොකයෙහි ඉපිද සුනිම්මිතා නම් දිව්යෙරාජයාට අනුරුද්ධ මහතෙරුන්වහන්සේ තවුතිසා භවනයෙහි දෙව චාරිකාවෙන් වඩනාසේක් විශාඛාවන්ගේ යෙහෙළියවූ දිව්යාහඞගනාව දැක මෙසේ විචාළසේක.

“ අභික්කන්තෙන වණ්ණෙන යා ත්වයජ තිට්ඨසි දෙවතෙ ඔහාසෙන්ති දිසා සබ්බා ඔසධි විය කාරකා.

තස්සා තෙ තච්චමානාය අඬගමඞගෙහි සබ්බසො දිබ්බා සද්දා නිච්ඡ රත්ති ස්වණ්ර්යා මනොරමා.

තස්සා තෙ නච්චමානාය අඞගමඞගෙහි සබ්බසො, දිබ්බා ගන්ධාච පවායන්ති සුවිලන්ධාය මනොරමා” ති 110 සිංහල විමාන වස්තු ප්රරකරණය.

යනාදීන් යට කියනලද ක්රිමයෙන් පූර්වායජාතියෙහි කරණලද කුශලකර්මදමය විචාරා වදාළසේක. ඒ දිව්යාූඞගනාව මහතෙරුන් වහන්සේගේ වචනය පිළිගෙන මෙසේ ප්රදකාශකළාය.

“ සාවත්ථිේයං මය්හං සඛී භදන්තෙ සංඝස්ස කාරෙසි මහාවිහාරං, තත්ථ්ප්පසන්තා අහමානුමොදිං දිස්වා අගාරඤ්ච පියඤ්ච මෙතං

තායෙව මෙ සුද්ධානුමොදනාය ලද්ධං විමානා අබ්භුතං දස්සනෙය්යංි, සමන්තතො සොළසයොජනාති වෙහාසයං කච්ඡති ඉද්ධියා මම

කූටාගාරා නිවෙසා මෙ විහත්තා භාහසො මිනා දද්දල්ලමානා ඇහන්ති සමන්තා සතයොජනා”

යනාදීන්, “ස්වාමීනි, අනුරුද්ධ ස්ථවිරයන්වහන්ස, සැවැත් නුවර වාසීවු විශාඛා නම් ශ්රනඬ‍ාවන්ත උපාසිකාවක් සතරදිගින් වඩනා මහාසංඝයාට සැපසේ වසන පිණිස නවකෙළක් වස්තු වියදම් කොට පූර්වාඋරාම නම් මහත් විහාරයක් කරවා ඒ විහාරය බුදුපාමොක් මහා සංඝයාට පූජාකරන කල, ‘මා විසින් රැස්කරණ ලද මේ සියලුම පින් තොපට දුන්මි, පින් අනුමෝදක් වේව”යි කියා පින් දුන්නීය. ඒ පින් අනුමෝදන් වන්නාවූ මම මේ දිව්ය් විමානයක් සේ ගෙවල් දහසකින් ප්ර තිමණ්ඩිතවූ උදාරතරවූ ප්රා්සාදයද ඒ ප්රා සාදය නිසා පරිත්යාහග කරණලද ධන රාශියද දැක, ‘මේ ප්රා්සාදය නිසා මෙතෙක් වස්තු දෙනලද’යි කියා සිතින් සලකා අතිශයින් පහන් සිත් ඇතිව පින් අනුමෝදන් වීමි. මෙසේ ශුද්ධසිතින් පින් අනුමෝදන්වූ කුශලයෙන් මෙබඳුවූ දිව්යයසම්පත්තියක් ලදිමි’යි කිව. එකල්හි මහතෙරහු ඒ විහාරය කරවූ විශාඛාවන් උපන් තැන් ඒ දිව්යාමඞගනාව ලවා ප්රශකාශකරවනු කැමැතිව මෙසේ විචාළසේක.

“ තායෙච තෙ සුඬානුමොදනාය ලඬං විමානං අබභුතං දස්සනීයං, යා චෙව සා දානමදාසි නාරී තස්සා ගතිං බ්රෑාහි කුහිං උප්පන්නා සා” ති.

යනුහෙයින් “යම් ස්ත්රි යක් බොහෝ වස්තු වියදම්කොට විහාරයක් කරවා බුදුපාමොක් මහාසඞඝයාට දී තිට පින් දුන්නීද ඒ සිංහල විමාන වස්තු ප්රදකරණය. 111

විශාඛාවෝ දැන් කොහි උපන්නීද? පින් අනුමෝදන්වූ තිට මෙතෙක් සැපතක් ලැබුණුකල ඒ විශාඛාවන්ට පහළවූ සම්පත කියනුම කවරේද? ඒ විශාඛාවන් උපන් තැන් ප්රශකාශකොට කියව”යි වදාළසේක. එකල්හි මහතෙරුන් වහන්සේ විසින් විචාළ පමණක් දක්වන්නාවු ඒ දිව්යාුඞගනාතොමෝ මෙසේ කිව.

“ යා සා අනු මය්හං සඛී භදන්ත සඞඝස්ස කාරෙසි මහාවිහාරං, විඤ්ඤාතධම්මා සා අදාසි දානං උප්පන්නා නිම්මාණරතීසු දෙවෙසු.

ප්රපජාපතී තස්ස සුනිම්මිතස්ස අචින්තියො කම්මවිපාක තස්සා, යමෙතං පුච්ඡසි කුහිං උප්පන්තා සා තත්තෙ වියාකාසි අනඤ්ඤථා අහං” ති

යනුහෙයින්, “ස්වාමීනි, යම් ඒ විශාඛා නම් උපාසිකාවක් පූර්වා්රාම විහාරය කරවා බුදුපාමොක් මහාසංඝයාට පූජාකොට මට පින් දුන්නීද සෝවාන්ඵලයෙහි පිහිටා චතුස්සත්යය ධර්මටය දන්නා මා යෙහෙළියවූ ඒ උපාසිකාව නිර්මාහණරතී නම් දෙව්ලොව සුනිර්මිත නම් ‍දිව්යිරාජයාට අග්රිමහෙසිකාව උපන්නීය. ඒ උපාසිකාවගේ කුශල විපාකයෙන් පහළවූ ඉසුරු සම්පත් අචින්තෙය්යට අප්රනමෙය බැවින් කියා නිමාවාලිය නොහැක්කේ ය” යි කිව. විශාඛාවන්ට පහළවූ දිව්යෙසම්පත් පහත දෙව්ලොව සිටි දිව්යාවඞගනාව කෙසේ දැනගත්ති දැයි යතහොත් — යටකී දද්දල්ල විමාන වස්තුවෙහි සුභද්රා‍ නම් දිව්යායඞගනාව සමීපයට අවුත් කථාකොට ගියාසේ ඒ විශාඛා දිව්යාරඞගනාව සමීපයට අවුත් කථාකොට ගියාසේ ඒ විශාඛා දිව්යාාඞගනාවද මෙකී දිව්යා ඞගනාව වසන් තැනට අවුත් කථාකොට ගියා ය. එබැවින් ඒ විශාඛාවන් උපන් තැන හා දිව්යාසම්පත් ප්ර කාශකොට කිව. මෙසේද කියා ඉක්බිති බොහෝ දෙනා කුශලයෙහි පිහිටුවන පිණිස බණ කියන්නී මෙසේ කිව.

“ තෙනහඤ්ඤෙපි සමාදපෙථ සඞඝස්ස දානානි දදාථ චිත්තා, ධම්මඤ්ච සුණාථ පසන්තමානසා සුදුල්ලභො ල‍ඬො මනුස්සලාභො.

යං මග්ගං මග්ගාධිපන්ත්යසදෙසයි බ්රමහ්මස්සරො කඤ්චන සන්නීභත්තචො, සඞඝස්ස දානානි දදාථ චිත්තා මහප්ඵලා යත්ථ භවන්ති දක්ඛිණා”—පෙ— 112 සිංහල විමාන වස්තු ප්රසකරණය.

යනුහෙයින් “ස්වාමීනි, කුශලකර්මපම විපාකය මා ලවා ප්රයකාශ කරවනසේක්වීනම් සුචරිත ගුණය ප්රදකාශකොට කියමි. නැවත මිනිස්ලොවට වැඩ බොහෝ සත්පුරුෂ ජනයන් කුශල්කිරීමෙහි සමාදන් කරවා මෙසේ බණ වදාළ මැනව. ‘එම්බා පින්වත්වු සත්පුරුෂයෙනි, අපට දුෂ්ට ක්ෂ්ණයෙන් මිදී මනුෂ්යා ත්ම භාවය ලැබීම දුර්ලපභවන්නේය. එබැවින් දුර්ලුභවු මනුෂ්යා ත්මභාව‍යත් බුද්ධොත්පාදයත් ලද්දාවූ තෙපි බණ අසා කුශල් අකුශල් හැඳින දාන ශිලාදී වශයෙන් කුශල් රැස්කරවි. එසේ දෙනලද දානයෙක් ඇත්නම් මහත්ඵල මහානිසංසවන්නේය’ යනාදීන් තුණුරුවන් ගුණයත් කුශල් කිරීමෙහි අනුසසුත් ප්රිකාශකොට කිව මැනව”යි කිව. එකල්හි අනුරුද්ධ මහතෙරුන්වහන්සේ මිනිස් ලොවට වැඩ බුදුන්ට එපවත් දැන්වූසේක. බුදුරජාණෝ එම අර්ත්ථෝත්පත්තිකොටගෙන එතැන්හි පැමිණි පිරිසට බණ වදාළ සේක. ඒ ධර්ම දෙශනාව බොහෝදෙනාට සාර්ත්ථසක විය.

මේ විමාන වස්තු ප්රථකරණයෙහි මඤ්ජෙට්ඨ වර්ගැයෙහි විහාර විමාන වස්තු වර්ණධනාව; කියා නිමවන ලදී.


පීත විමාන වස්තුව.

තවද මේ විමාන වස්තු ප්රධකරණයෙහි සතරවැනිවූ මඤ්ජෙට්ඨක වර්ග්යෙහි නවවැනි පීතවිමාණ වස්තුව නම් කවරුයත්:—

ද්විපදොත්තමවූ බුදුරජාණන් වහන්සේ සියලු බුද්ධ කෘත්යඨයන් කොට නිමවා පිරිනිවන් පා වදාළ කල්හි මගධෙශ්වර වූ අජාසත් මහරජ්ජුරුවන් විසින් තමන් ලත් ධාතු කොට්ඨාශය නොයෙක් පුද පෙරහරින් වැඩමවා ගෙන ගොස් රජගහ නුවර මහත්වූ දාගැබක් කරවා ජිවමාන බුදුන්ට පූජා කරන්නා සේ මහත්වූ දාගැබක් කරවා ජීවමාන බුදුන්ට පූජාකරන්නා සේ මහත්වූ පූජාසත්කාර පවත්වන කල්හි රජගහනුවර වසන්නාවූ එක්තරා ස්ත්රි්යක් අලුයම නැගී සිට සිරුර පිළිදැගුම්කොට පවිත්රනශීලීව සකසා හැඳ වැටකොළු මල් සතරක් කඩාගෙන ශ්රිද්ධා බලයෙන් නොපසුබට වීය්ය්ස ඇතිව මාර්ගධයෙහි වන උවදුරු නොසලකා ඒ දාගැබ දිසාවට අභිමුඛව යන්නීය. එකල අලුත වැදු දෙනක් ළමා වස්සකු ගෙන දුවන්නි වහා අවුත් මග බැස ඒ ථූප පූජා පිණිස යන ස්ත්රීළයට අභිමුඛව අගින් ඇණ ඒ ස්ත්රිබය එතැන්හිම ජීවිත විනාශයට පමුණුවාපුව. ඒ උපාසිකා වනාහි එතැන්හිම කාලක්රිණයාකොට ධාතුපූජා පිණිස ගිය කුශලය හෙතුකොටගෙන සිංහල විමාන වස්තු ප්ර්කරණය. 113

තව්තිසා දෙව්ලොව උපදනා තැනැත්තී උයන් කෙළියට යන සක්දෙව් මහරජාණන්ගේ අභිමුඛයෙහි දෙකෙළ පණස්ලක්ෂයයක් පමණ දෙවඟනන් මැද ඇගේ ශරීර ප්රභභාවෙන් සියළු දෙවඟනන් අභිනවනයකෙරෙමින් රථ විමානය හා සමග පහළවූවාය. සක්දෙව් රජාණෝ ඒ දෙව්දුව දැක විෂමපත්ව ආශ්චය්යාහළවූද්භූතවූ ප්රීදති සොම්නස් ඇතිව කවර නම් උදාරතර කුශලයක් හෙතු කොටගෙන, ‘මේ දිව්යාූඞගනාව මෙබඳු මහත් දිව්ය් සමෘද්ධියකට පැමිණියාදැ?” යි විචාරනු කැමතිව මේ ගාථාවෙන් විචාළෝය.

“ පීතවත්ථෙ, පීතධජෙ පීතාලඞකාරභූසිතෙ, පීතවන්දවනලිත්තඞගෙ පීත උප්පලමාලිනි

පීතපාසාදසයනෙ පීතාසනෙ පීතභාජනෙ, පීතච්ඡත්තෙ පීතරථෙ පීතස්සෙ පීතවිජ‍නෙ.

කිං කම්මමකරි භද්ෙදෙ පුබ්බෙ මානුසකෙ භවෙ, දෙවතෙ පුච්ඡිතා වික්ඛ කිය්ස කම්මස්සිදං ඵලං” ති

යනුහෙයින්, “ශරීරයත් ශරීරයෙහි පළඳනාලද වස්ත්රා භරණ සඳුන් මාලාදිය හා කුඩ කොඩි සේසත් විමානාසන පරිවාරාදි සියල්ලත් ස්වර්ණභ වර්ණදයෙන්ම බබලන්නාහ. ති මෙබඳු දිව ඉසුරක් ලැබීමට මිනිස් ලොවදී කළාවූ කුශලය කවරේදැ?”යි විචාළෝය. මෙසේ ශක්රකදෙවෙන්ර් ලොයා විසින් විචාරණ ලද පැනය විසඳන්නාවූ දිව්යානඞගනාතොමෝ මේ ගාථා‍වන්ගෙන් ප්රවකාශ කළාය.

“ කොසාතකී නාම ලතත්ථින භන්තෙ කිත්තිතා අනභිජ්ඣිතා, තස්සා චත්තාරි පුප්ඵානි ථූප, අභිහරිං අහං.

සස්ථුසරීරමුද්දිස්ස විප්පසන්නෙන චෙතසා, නාස්ස මග්ගං භවෙක්ඛිස්සං තදග්ග මනසාසති.

තතො මං අවධි ගාවී ථූපා අප්පත්තමානසං, තඤ්චාහං අභිසඤ්චය්යාප භියො නූන ඉතො සියා.

තෙන කම්මෙන දෙවින්දා, මඝවා දෙවකුඤ්ජර, පහාය මානුසා දෙහං තව සහව්යාත මාගතා”ති

යනු හෙයින් “දිව්යාරාජොත්තමවූ ස්වාමීන් වහන්ස! මිනිස් ලොව වැටකොළු නම් වැල් ජාතියක් ඇත්තේය. මම ද අවිද්යා්වෙන් නොමුළාව කුශල් ඵල දන්නා බැවින් බුදුන් සිහිකොට වැටකොළුමල් සතරක් කඩා ශාරීරික ධාතූන්ට පූජාකෙරෙමි’ යි සිතා මගට බැස දාගැබ දිශාවට යන්නෙම් එකල අලුත වැදූ ‍ 15 114 සිංහල විමාන වස්තු ප්ර කරණය.

දෙනක් ළමා වස්සකු ගෙන දිව එන්නී උවදුරු නොසලකා තුනුරුවන් ගුණ සිත සිතා යන්නාවූ මා දාගැබ සමීපයට යන්ට පළමුවෙන් ඇණ මරණු ලැබුවෙමි. ඒ මල් සතර ධාතු උදෙසා යොමුකොට මඳ තැනක් ගෙනගිය පමණින් මෙබඳු සැපතක් ලදිමි. නුඹවහන්සේ හා සමග සැප පමණින් මෙබඳු සැපතක් ලදිමි. නුඹවහන්සේ හා සමග සැප විඳීමට පැමිණියෙමි. ඉදින් ඒ මල් පූජාකළා නම් මෙයටත් වඩා උදාරතර සම්පත් ලබන්නෙමි”යි කිව එබස් අසා සතුටුව ශක්රතදෙවෙන්ර්පත්යෝ මාතලි දිව්ය පුත්රායා ඇතුලුව තව්තිසා වැසි දෙවියන්ට මෙසේ බණ කීහ.

“පස්ස, මාතලි, අච්ඡෙරං චිත්තං කම්ම ඵලං ඉදං අප්පකම්පි කතං දෙය්යංම පුඤ්ඤං හොති මහප්ඵලං.

නත්ථිම චිත්තෙ පස්න්නමගි අප්පිකානාච දක්ඛිණා, තථාගතෙවා සමුබුද්ධෙ අථවා තස්ස යාචකෙ

එහි මාතලි අම්හෙහි ගි‍ෙය්ය භි‍ෙය්යාං මගෙමසෙ, තථාගතස්ස ධාතුයො සුඛො පුඤ්ඤානමුච්චයො.

තිට්ඨන්තෙ නිබ්බුතෙ වාපි සමෙ චිත්තෙ සමං ඵලං, චෙතො පණිධි හෙතු හි සත්තා ගච්ඡන්ති සුග්ගතිං,

බහුත්තං වන අත්ථාය උප්පජ්ජන්ති තථාගතා, යත්ථ කාරං කරිත්වා න සග්ගං ගච්ඡන්ති දායකා” ති

යනුහෙයින්, “මාතලී දිව්යචපුත්රමය, බුදුන්ගේ ආශ්චය්ය්සා වත් ගුණයක් බලව. දියයුතු දාන වස්තුව ස්වල්පවී නමුදු කුශලය මහත් ඵල වන්නේය. එබැවින් බුදුන් කෙරෙහිද බුදු සව්වන් කෙරෙහිද පහන් සිත් ඇතිව දුන්කල දානවස්තුව ස්වල්පවන්නේ නොවෙයි. නුගබිජුවට කුඩාවුවත් ගස මහත්වන්නාසේ දානය ස්වල්පවීනමුදු මහත් ඵල වන්නේය. එබැවින් මෙසේ එව, මාතලිය, උයන් කෙළියට යාමෙන් ප්ර්යෝජන නැත. බුදුන්ගේ ධාතු පූජාකිරීම කුශල් අතුරෙන් උතුම්වූ කුශලයෙක් නම් වන්නේය. ශරීර ධාතු පූජාවට යම්හ. බුදුන් කෙරෙහි සම අදහස් ඇතිව යමක් පිදූයේවීනම් ජිවමාන බුදුන්ට කළාවූ පූජාවත් පිරිනිවන් පා කළ කරන ලද උද්දේසික පූජාවත් සම විපාක වන්නේය. සිත් ප්රිසන්නවූ කුශලය හෙතුකොටගෙන සත්වායෝ ස්වර්ගන ලොක සම්පත්තියට හා නිර්වාවණයට පැමිණෙන්නාහ. එබැවින් බොහෝ දෙනාට වැඩ පිණිස බුදුවරයෝ ලොව පහළවන්නාහ. බුද්ධොත්පාද කාලයෙහි තමතමන්ගේ ශක්ති පමණින් පූජාසත්කාර කොට දායකයෝ සුගතියට යන්නාහ”යි කියා. ප්රයශංසාකොට උයන් කෙළිය තබා තමන් නිරන්ත‍රයෙන් පූජාසත්කාර කරන


සිංහල විමාන වස්තු ප්රනකරණය. 115

ලද සියලුමිණිසෑය සමීපයට ගොස් සත්දවසක් මුළුල්ලෙහි පූජා සත්කාර කෙළේය. එයින් පසු එක්දවසක් ආයුෂ්මත්වූ නාරද මහතෙරුන්වහන්සේ දෙවචාරිකාවෙන් තව්තිසා භවනයට වැඩි සේක. ශක්රුදෙවෙන්ර්කරයයෝ සියලුම ප්රචවෘත්තිය උන්වහන්සේට කීහ. නාරද මහතෙරුන්වහන්සේ මිනිස් ලොවට වැඩ සංගීතිකාරක මහා ස්ථවිරයන්ට කීසේක. උන්වහන්සේලා මේ විමාන වණීනාවත් බොහෝදෙනාට වැඩ පිණිස ධර්මේසංග්රනහවට නගා සඞගායනා කළහ.

මේ විමාන වස්තු ප්ර කරණයෙහි මඤ්ජෙට්ඨක වර්ගායෙහි පීත විමාන වස්තු වර්ණ‍නාව කියා නිමවනලදී

චතුරිත්ථින විමාන වස්තුව

තවද මේ විමාන වස්තු ප්රාකරණයෙහි සතර වන මඤ්ජෙට්ඨක වර්ගෙයෙහි සත්වැනි වූ චතුරිත්ථි‍ විමාන වස්තුව නම් කවරැයත්:—

දෙවාතිදෙව වූ භාග්යරවත් බුදුරජාණන්වහන්සේ එක් සමයෙක්හි සැවැත්නුවර ජෙතවන මහා විහාරයෙහි වැඩවාසයකර වදාරණසේක, එසමයෙහි ආයුෂ්මත් මුගලන් මහතෙරුන්වහන්සේ පළමු කියනලද පරිද්දෙන් දෙවචාරිකාවෙහි හැසිරෙමින් තවුතිසා භවනයට වැඩිසේක. එහි පිළිවෙළින් දිව්යරවිමානම සතරෙක්හි දිව්යවප්සරාවන් දහසදහස පිරිවරකොට ඇතිව දිව්යව සම්පත් අනුභවකරන්නාවූ දිව්යහකුමාරිකාවන් සතරදෙනෙකු දැක ඔවුන් විසින් පූර්ව්ජාතියෙහි කරණලද කුශලකර්මාය විචාරන සේක්,

“ අභිකන්තෙන වණ්ණෙන-පෙ- වණ්ණො ච තෙ සබ්බදිසා පභාසති” යනාදීන් පිළිවෙළින් විචාළ කල්හි ඔවුහු තෙරුන්වහන්සේට පිළිවෙන් මෙසේ සැළකළෝය.

“ සා දෙවතා අත්තමනා-පෙ- යස්සකම්මස්සිදං ඵලං” ති

යනුවෙන් “ස්වාමීනි, අපි සතරදෙන කාශ්යිප බුදුරජාණන් වහන්සේගේ කාලයෙහි ඒසිකා නම් රට පණිකත නම් නුවර එක්තරා කුලගෙයෙක්හි ඉපැද වැඩිවිය පැමිණි ස්ත්රීපන් සතර දෙනෙක්ව එම නුවරෙහිම ස්වාමි කුලයට ‍‍ගොස් සමගිව වාසය 116 සිංහල විමාන වස්තු ප්ර කරණය.

කෙළෙමු. එසේ කල්හි පිඬු පිණිස හැසිරෙන එක්තරා භික්ෂුලවක් දැක අපගෙන් එකියක්තොමෝ ඉතා ප්ර්සන්න සිත් ඇත්තී ඇසළ මල් කළඹක් පිදීය. අනෙක් ස්ත්රිතයක් තොමෝ තිලොත්ඵල කලාපයක් පිදීය. එනෙක් ස්ත්රි‍යක් තොමෝ සෙවන පදම කලාපයක් පිදීය. අනෙක් ස්ත්රී. තොමෝ සමන්මල් පිදීය. මෙසේ පිදුවාවූ අපි අනෙක් කලෙක්හි කාලක්රි යාකොට තවුතිසා භවනයෙහි දහසක් දිව්යාප්සරාවන් පිරිවරකොට ඉපිද ආයු ඇතිතාක් එහි දිව්යුසම්පත් අනුභව කරමින් අපගේ බුදුරජාණන් වහන්සේගේ කාලයෙහි මේ දිව්ය පාසාද සතරෙහි ඉපිද සැප අනුභව කරන්නෙමුය”යි තෙරුන්වහන්සේට සැළ‍කළෝය. තෙරුන්වහන්සේද පිළිවෙළ කථාවද චතුස්සත්යන ධර්මායද වදා‍ළසේක. ඒ ධර්ම ය අසා පිරිවර සහිතර්වව ඔවුහු සෝවාන් ඵලයට පැමිණියෝය. ඉක්බිති තෙරුන්වහන්සේ මිනිස්ලොවට වැඩ බුදුරජාණන්වහන්සේට ඒ ප්රෝවෘත්තිය සැළකෙළේය. බුදු රජාණන්වහන්සේද එයම අර්ත්ථොරත්පත්තිකොටගෙන පැමිණි පිරිසට ධර්ම්දෙශනා කළසේක. ඒ ධර්මධදෙශනාතොමෝ බොහෝ දෙනාට සාර්ත්ථපක විය.

මේ විමාන වස්තු ප්ර කරණයෙහි සතරවන මඤඤ්ජට්ඨක වර්ග්යෙහි සත්වන වතුර්ත්ථිප විමාන වස්තු වර්ණමනාව කියා නිමවන ලදී.

අම්බ විමාන වස්තුව

තවද මේ විමානවස්තු ප්රිකරණයෙහි සතරවන මඤ්ජෙට්ඨක වර්ග යෙහි අටවන අම්බ විමාන වස්තුව නම් කවරැයත්:—

එක් සමයෙක්හි භාග්ය්වත් බුදුරජාණන්වහන්සේ සැවැත් නුවර වැඩවසනසේක. එසමයෙහි සැවැත්නුවර වසන්නාවූ එක්තරා ශ්රවද්ධාවන්ත උපාසිකාවක් ආවාසදානය මහත් ඵල මහානිශංස ඇති බව අසා ආවාසයක් කරවන අදහස් ඇතිව බුදුන් වැඳ කියන්නී, “ස්වාමීනි, මම ආවාසයක් කරවනු කැමැත්තෙමි, ඒ ආවාසය කරන්ට සුදුසු ස්ථානයක් ලබනු කැමැත්තෙමි”යි කීවාය. එකල්හි බුදුරජාණන්වහන්සේ ඒ බව භික්ෂුථන්වහන්සේට වදාළසේක. භික්ෂූතහු ආවාසයට සුදුසු ස්ථානයක් දක්වා කීවාහුය. ඒ උපාසිකාව එතැන්හි රමණීයවූ විහාරයක් කරවා ඒ විහාරය අවට අඹගස් රෝපණය කරවූහ. එබැවින් ඒ විහාරය


සිංහල විමාන වස්තු ප්රපකරණය. 117

අඹගසින් පරික්ෂොපකරණලද්දාවූ ඡායුදක සම්පන්නවු මුතු රැසක්සේ සුදුවැල්ලෙන් ගැවසීගත්තාවු රිදීපටක්සේ සිත්කලුවූ භූමිභාග ඇතිවිය. ඒ උපාසිකාතොමෝ ඒ විහාර කර්මුමාන්තය නිමවා නානාවර්ණ වස්ත්රවයෙන් වීයන් බැඳ මල්දම් එල්වා විහාරය දිව්යී විමානයක්සේ අලඞකෘතකොට සරහා සුවඳ තෙලින් පහන් නගා අඹගස් අලුත් වස්ත්රායෙන් වෙලා සංඝයාට පූජාකළාය. ඒ උපාසිකාව එයින් අපරභාගයෙහි ක‍ාලක්රිෙයාකොට තවුතිසා දිව්යාලොකයෙහි උපන්නීය. ඇගේ කුශලානුභාවයෙන් පූර්ව‍ජාතියෙහි කරනලද කුශල කර්මලය ප්ර්කාශකොට දක්වන්නාසේ දිව්යනමය අඹවනයෙන් පරික්ෂෙනපකරණලද උතුම්වූ දිව්යීප්රාොසාදයෙක් පහළවිය. ඒ දිව්යාකඞගනා වතරුපිරිවැරූ පූර්ණූ චන්ර්ව යාසේ දිව්යව ස්ත්රීය සමූහයා පිරිවරා මහත්වූ දිව්ය්සම්පත් අනුභව කරන්නීය. එකල්හි ආයුෂ්මත්වූ මුගලන් මහතෙරුන්වහන්සේ දෙවාචාරිකාවෙන් වඩනාසේක් ඒ දිව්යාතඞගනාව දැක මෙසේ විචාළසේක.

“ දිබ්බන්තෙ අම්බවනං රම්මං පසාදෙත්ථක මහල්ලකො, නානාතුරිය සංඝුට්ඨො අච්ඡරාගණඝොසිතො”-පෙ-

යනුහෙයින්, “එම්බා දිව්යථඞගනාව, තීගේ මේ රමණීයවූ දිව්යිමය අඹ වනයෙහි නානාප්රටකාර තුය්ය්ි නාදයෙන් හා පරිවාර දිව්යාමඞගනාවන්ගේ ගායනාවෙන් ‍‍ඝොෂා කරනලද යම් මේ මහත්වූ විමානයෙක් ඇද්ද ඒ විමානය රැස්කළඹක්සේ බබලන්නාවූ වියනින් හා නානාවිධ රත්නයෙන් නිර්මිතවූ පහනින් එකාලොකව බබලන්නේය. දිවසලු නමැති ඵලයෙන් හා එයින්ම නැගෙනලද දිව්යවපාත්රියෙන් ගැවසීගත්තාවූ අඹවනයෙන් පිරිවරන ලද මේ ස්වර්ණදමය දිව්යපප්රායසාදය හිරුවිමනක්සේ ජොතිමත්ව බබළන්නේය”යි කියා දිව්යණසම්පත් වර්ණ‍නාකොට ‘මෙබඳු සම්පත් ලැබීමට කරනලද කුශලය කවරේදැ’ යි විචාළ සේක. මුගලන් මහතෙරුන්වහන්සේ වචනය මුදුනෙන් පිළිගෙන දුශලය ප්රතකාශකොට දක්වන්නාවූ ඒ දිව්යාමඞගනා තොමෝ මෙසේ කීවාය

“ අහං මනුස්සෙසු මනුභූතා පුරිමාය ජාතියා මනුස්සලොකෙ, විහාරං සඞඝස්ස කාරෙසිං අම්බෙහි පරිවාරිතං’ -පෙ-

යනුහෙයින්, “ස්වාමීනි, යටගිය දවස සැවැත්නුවර එක්තරා උපාසිකාවක් විමි. එසමයෙහි විහාරයක් කරවා ඒ විහාරය අවට අඹගස් රොපනයකොට විහාරය නොයෙක් අලංකාර

118 සිංහල විමාන වස්තු ප්රවකරණය.

යෙන් සරහා අඹගස් වස්ත්රමයෙන් ඵලගන්වා සරහා බුඬපුත්රගවූ මහසංඝයාට පූජාකෙළෙමි. ඒ කුශලයෙන් මේ සියලු සම්පත් ලදිමි”යි කීවාය. එකල්හි මහතෙරුන්වහන්සේ විස්තර වශයෙන් බණ වදාරා මිනිස් ලොවට වැඩ බුදුන්ට එපවත් දැන්වූ සේක. බුදුරජාණන්වහන්සේ එම අර්ත්ථොුත්පත්ති කොටගෙන සම්ප්රාැප්ත පිරිසට බණ වදාළසේක. ඒ ධර්මොදෙශනාව බොහෝ දෙනාට සාර්ත්ථයක විය.

මේ විමාන වස්තු ප්රපකරණයෙහි සතරවන ම‍ෙඤඡඬකවර්ගදයෙහි අටවන අම්බ විමාන වස්තු වර්ණරනාව කියා නිමවනලදී.

රජ්ජුමාලා විමාන වස්තුව.

තවද මේ විමාන වස්තු ප්රණකරණයෙහි සතරවැනි වූ ම‍ෙඤඡඬක වර්ගෙයෙහි දොළොස්වැනිවූ රජ්ජුමාලා විමාන වස්තුව නම් කවරැයත් :—

එක් සමයෙක්හි ශාස්තෘවූ බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජෙතවනාරාමයෙහි වැඩවසන සේක. එසමයෙහි දඹදිව ගයා නම් වූ බමුණු ගමෙක් විය. ඒ ගම වසන්නාවූ නාම ගොත්රගයෙන් අප්ර සිඬව බමුණෙකුගේ එක්තරා දියණියක් ඇත්තීය. ඒ කුමාරිකාව වැඩිවිය පැමිණිකළ ඒ ගම අනෙක් බමුණු කුමාරයකුට සරණ පිණිස දෙනලදුව පතිකුලයට ගිය තැනැත්තී ඒ ගෙයි ඉසුරු සැපතට හිමිව වසන්නීය. ඒ ගෙහිම දාසියෙකුගේ දුවක් ඇත්තීය. ඒ බමුණු කුමාරිකාව කෙල්ල දුටු තැන් පටන් ක්රොදධයෙන් දිළිහී, ‘තට තට’‍යේ කිපී ක්රොාධය ඉවසාගතනොහී ආක්රො ශ පරිභව බෙණෙයි. යම් කලෙක වැඩිවිය පැමිණ කාය බල ෂාමත්ථායක් ඇතිවූවාද එකල්හි දනහිසින් වැළමිටින් තළා මරා කිසි වරදක් නැතිව නිකරුණේ හිංසා පීඩා කෙරෙයි. ඊට කාරණා කවරේදැයි යතහොත්:— බෙර ජාතියෙහි බඳනාලද වෛරයක් නිසා වෙහෙසෙන්නීය. ඒ කෙසේදයත්:— “යටගිය දවස කාශ්ය ප බුදුන් සමයෙහි මො තොමෝ කුලකුමාරිකාවක් වූවාය. මේ බමුණු කුමාරිකාව ඒ ගෙයි දාසියක්ව උපන්නීය. ඒ කුලකුමාරිකාව නිරන්තරයෙන් දණ්ඩෙන් කැටකැබිලිති ආදියෙන් හා අතින් පයින් ඒ දාසියට තළා මරා බොහෝසේ වෙහෙසන බැවින් දුකින් පීඩිතව අභිමාන උපදවා ශක්ති පමණින් දානාදි කුසල් කොට, ‘මේ කුශලය හෙතුකොටගෙන උතුම් කුලයක ඉපිද මේ කුලදාරිකාවට ස්වාමිව මට දුන් වෙහෙසට දියුණ


සිංහල විමාන වස්තු ප්රසකරණය. 119

තියුණා වෙහෙසම්වා’යි කියා ප්රා ර්ත්ථපනා කළාය. ඒ දාසි වනාහි එසේ කරනලද ප්රාණර්ත්ථානා ඇතිව එයින් චුතව කුශලාකුශල කර්මා වශයෙන් සැරිසරන්නී මේ බු‍ඬොත්පාද කාලයෙහි කියන ලද ගයා නම් බමුණුගම ඉපිද පතිකුලයට ගිය තැනැත්තී ඒ ගෙයි සියලු සැපතට හිමිවූවාය. එකල පෙර කී කුල ස්ත්රිතයද එයින් චුතව සසර සැරිසරන්නි ඒගෙයි දාසිව උපන්නිය. මෙසේ කරන ලද ප්රාිර්ත්ථිනා වශයෙන් බඬ‍ෙවෙරිවූ ඒ බමුණු කුමාරිකාව කෙල්ලට වෙහෙසෙන්නී කිසි වරදක් නැතිව එසකේ වැටිය අල්වා බිම හෙළා අතින් පයින් ඇන තළා නිරන්තරයෙන් වෙහෙස කෙරෙයි. ඒ දුක් ඉවසාගත නොහී ඉසකේවැටිය අල්වා තලන හෙයින් එක්දවසක් කරණවෑමි ශාලාවට ගොස් හිසකෙස් කප්පවා හිස මුඩුකොට ගෙට ගියාය. බමුණු කුමාරිකාව ඒබව දැන ‘කිමෙක්ද, දුෂ්ට කෙල්ල, තී හිස මුඩුකළ පමණකින්ම නිදොස් වන්නීදැ”යි කියා හිස රැහැණක් බැඳ ඒ රැහැණ අල්වා නමා බැඳ හෙළා අතින් පයින් ඇණ වෙහෙස කෙරෙයි. ඒ රැහැණ මාලාවක්සේ තිබෙන හෙයින් එතැන්සිට ඒ දාසී රජ්ජුමාලාවයයි කියා අනෙක් නමකින් ප්රෙසිද්ධවූවාය. එසමයෙහි භාග්ය වත් බුදුරජාණෝ මහා කරුණා සමාපත්තියෙන් නැගී විනෙයජනයන් දක්නා පිණිස මුළුලොව බලා වදාරණසේක් ඒ; එජ්ජුමාලාව සෝවාන් ඵලයෙහි පිහිටුවීමට උපනිශ්රිය සම්පත් ඇති නියාවත් ඒ බමුණු දුව සරණයෙහි පිහිටන නියාවත් සර්වහඥතාඥානයෙන් දැන වදාරා පූර්වාුහ්න සමයෙහි හැඳ පෙරව වනාන්තරයට වැඩ එක්තරා ඡායා සම්පන්නවූ රැකක් මුල සවණග් ඝණ බුඬ රශ්මි මාලාවන් විහිදුවමින් දිළිහි දිළිහී වැඩහුන්සේක. එදවස් යටකී රජ්ජුමාලාව දවස දවස ගුටි මුටකා වෙහෙසෙන්නී මෙසේ සිතුවාය. ‘මාගේ මේ දුඃඛ ජීවිකාවෙන් ජිවත්වීමට වඩා මියයාම යහපතැයි කලකිරුණාවූ සිත් ඇතිවපණ නසාගන්නා කැමැතිව කළය ගෙන පැන්තොටට යන්නියක්සේ මිනිසුන් වංචාකොට ගෙයින් නික්ම කළය මගින් ඉවත තබා අනුක්ර්මයෙන් ගොස් වනාන්තරයට වැද බුදුහු රුක් මුලට නුදුරු තෙනක එක්තරා ගසක් දැක කරවැල්ලා ගන්නා අභිප්රානය ඇතිව හිසැ බැඳ තුබූ රැහැණ ගලවා වහා ඇසිරෙනසේ මුදුපාසකොට ඒගස අත්තක බැඳ මන්ද ගරලාගෙන, ‘යම්කිසිකෙනෙක් සිට මරණයට අන්තරායක් කෙළේවීනම් නපුරු’යි සිතා ඈතමෑත බලන්නී සවණක් ඝන බුඬරශ්මිමාලාවන් විහිදුවමින් දිළිහිදිළිහි එතැන්හි රුතමුල වැඩහුන් බුදුන් දැක සතු‍ටු සිත් ඇතිව මරණ නමැති ප්රිපාතයෙහි වැටී ගිය චිත්තය බුඬ ගෞරවයෙන් සර්වවඥ නැමැති සමබිමට අදනා




120 සිංහල විමාන වස්තු ප්රතකරණය.

ලදුව, ‘කිමෙක්ද, සර්වපඥවරයෝ නම් මා වැන්නන්ටත් කරුණාවෙන් බණ වදාරන්නාහ. එබැවින් බුදුන් සමීපයට ගොස් බණ අසා මේදුකින් මිදුනේවීනම් ඉතා යෙහෙකැයි සිතුවාය. එකල්හි බුදුරජාණෝ ඇගේ සිත බලා, ‘රජ්ජුමාලා’ යයි වදාළසේක. ඒ වචනය අසා අමෘත්භිෂෙකයක් ලද්දාසේ අතුරු නැතිව ප්රීවතියෙන් පිරුණාවූ සිත් ඇතිව ප්රීකතියෙන් ඉපිළ පැණනැඟි බුදුන් කරා ගොස් වැඳ එකත්පස්ව සිටියාය. බුදුරජාණෝ අනුපූර්වද කථාවෙන් බණ වදාළසේක. රජ්ජුමාලාව එකෙණෙහිම සෝවාන්ඵලයෙහි පිහිටියාය. කිසිකෙනෙකුන් විසින් සොළවාලිය නොහැක්කාවූ ශ්රහඬාවෙහි පිහිටා සඞකා රහිතව ආය්ය්සොළ ගුණයට පැමිණියාය. බුදුරජාණන්වහන්සේද මේ රජ්ජුමාලාවට නුදුරු තැන එක්තරා රුකක් මුල හිරුවිමනක්සේ දිළිහි දිළිහී වැඩහුන් සේක. ඉක්බිති රජ්ජුමාලාව කිසිකෙනෙකුන් විසින් විනිපාතනය නොකට හැක්කාවූ තමන් කෙරෙහිද සියල්ලවුන් කෙරෙහිද සමව පවත්නා ක්ෂාොන්ති මෛත්රීෙ දයානුකම්පා ඇතිහෙයින්, ‘බැමිණි මා මරා වේවයි, වෙහෙසා වෙවයි, ‍යමි වධයක් කරනු කැමැත්තීනම් ඒ කෙරෙව”යි සිතා පැන් කළයක් ගෙන ගෙට ගියාය. එසමයෙහි ගෙ හිමි බ්රා‘හ්මණයා ගෙදොර සමීපයෙහි සිටියේ ගෙට එන රජ්ජුමාලාව දැක, ‘එම්බා රජ්ජුමාලාව, අද ති දිය ගෙණෙනා පිණිස ගිය තැනැත්තී බොහෝ කල්යවා අවුය. තිගේ මුහුණ වර්ණ යත් අති ප්රණසන්නය. පෙර සේ නොව අනෙක් ආකාරයකින් උපස්ථානයත් කෙරෙයි. මෙසේ වන්ට කාරණා කවරේදැ?යි විචාළේය. රජ්ජුමාලාව ඒ සියලුම ප්රාවෘත්තිය බමුණාට කිව. බ්රායහ්මණයා එබසට සතුටුව ගෙටගොස්, ‘දියෙණියෙනි, මෙතැන්පටන් මේ රජ්ජුමාලාව ලවා තී විසින් කිසිවක් නොකරවියයුතුය’යි හෙහෙළියට අවවාදකොට බුදුන් කරා එළඹ නමස්කාරකොට ආදරයෙන් කරන ලද ගෞරව බහුමාන ඇතිව පිළිසඳර කථාකොට ආරාධනාකොට ගෙට වඩාගොස් වඩා හිඳුවා ප්රවනීතවූ කන බොන දෙයින් වළඳවා වළඳා ඉක්බිති ශ්රීප හස්තයෙන් පහකරන ලද පාත්රළය ඇති බුදුන් කරා එළඹැ නමස්කාරකොට එකත්පස්ව හුන්නේය. ඔහුගේ යෙහෙළිද බුදුන් වැඳ එකත්පස්ව හුන්නීය. එපවත් අසා ගයා නම් ගම වසන්නාවූ බමුණන් හා ගොවීහුද බුදුන් කරා එළඹැ නමස්කාර කොට එකත්පස්ව හුන්නාහුය. සමහරු බුදුන් හා සමග පිළිසඳර එකත්පස්ව හුන්නාහුය. එකල්හි බුදුරජාණෝ රජ්ජුමාලාව කථා යටගියදවස කුලදුවක්ව බමුණු කුමාරියට වෙහෙසදුන් නියාකොටවත් බමුණු දුව රජ්ජුමාලාවට දාසිව උපන් නියාවත් විස්තර වශ‍




සිංහල විමාන වස්තු ප්රණකරණය. 121

යෙන් වදාරා ඔවුනොවුන්ගේ චරිතානුකූල වශයෙන් සම්ප්රාරප්ත පිරිසට බණ වදාළසේක. ඒ බණ අසා බ්රලහ්මණයා හා ඔහුගේ යෙහෙළීද එතැන්හි රැස්වූ මනුෂ්යකයෝද සරණ ශීලයෙහි පිහිටියාහුය. ඉකිබිති බුදුරජාණෝ හුනස්නෙන් නැඟී සැවැත් නුවරට වැඩිසේක. බ්රාරහ්මණයා රජ්ජුමාලාව දූ තනතුරෙහි තැබුයේය. එතැන් පටන් බමුණු දුව රජ්ජුමාලාවගේ මුහුණ ප්රිලය නෙත්රැයෙන් බලමින් සමගි සතුටුව දවස් යැවීය. රජ්ජුමාලාව එයින් පසු නොබෝ දවසකින් කාලක්රිසයාකොට තවුතිසා දිව්ය ලොකයෙහි උපන්නීය. පරිවාර ස්ත්රීැහු දහසක් පමණ වූහ. ඒ දිව්යාංිගනාව එක්දවසක් සැටගැලක් පමණ පුරාලන සර්වාූභරණයෙන් සැරහී දහසක් දෙවඟනන් පිරිවරා නන්දැනොද්යාුනයෙහි කෙළිමින් මහත්වූ දිව්ය ශ්රී සම්පත් අනුභව කරන්නීය. එකල ආයුෂ්මත්වු මුගලන් මහතෙරුන් වහන්සේ එක් දවසක් දෙවාචාරිකාවෙන් ව‍ඩනාසේක් මහත්වූ දිව්යානනුභාවයෙන් හා මහත් දිව්යම ඍද්ධියෙන් බබලන්නාවූ ඒ දිව්යාුඞගනාව දැක ඈ විසින් කරණලද කුශල කර්ම්ය මේ ගාථාවන්ගෙන් විචාළසේක.

“ අභික්කන්තෙන වණ්ණෙන යා ත්වංහ තිට්ඨසි දෙවතෙ, හත්ථෙභ පාදෙ ච විග්ගය්හ නච්චසි සුප්පවාදිතෙ.

තස්සා තෙ නච්චමානාය අඞගමඞගෙහි සබ්බසො දිබ්බා සද්දා නිච්ඡරන්ති ස්වර්ණියා මනොරමා.

විවත්තමානා කායෙන යා වෙණිසු පිළන්ධරනා, තෙසං සුය්ය ති තිගෙසසො තුරියෙ පඤ්චඞගිකෙ යථා

වටංසකා වාතධුවා ව‍ාතෙන සම්පකම්පිතා, කෙසං සුය්යධති නි‍ග්ඝෙ‍ාසො තුරියෙ පඤ්චඞගිකෙ යථා

යා පි තෙ සිරස්මිං මාලා සුචිගන්ධාග මනොරමා, වාතිගන්ධොස දිසා සබ්බා රු‍ෙකඛ මඤ්ජුස්සකො යථා

ඝායාසෙ තං සුචීගන්ධාද රූපං පස්සසි අමානුසං, දෙවතෙ පුච්ඡිතාවික්ඛ කිස්ස කම්මස්සිදං ඵලං” ති.

යනුහෙයින්, “එම්බා දිව්යා ඞගනාව, තී මේ ලීලා‍වකින් දීප්තිමත්ව සිටින්නී වීනම් හස්තපාදයෙන් අනෙකප්රයකාර වර්ණා ඇති මල් මිටිගෙන නටන්නීය” යනාදීන් වර්ණ්නාකොට යට කී ක්රණමයෙන් කුශලකර්මීය විචාළසේක. ඒ පැණය විසඳන්නාවූ ක්රනමයෙන් කුශලකර්මකය විචාළසේක. ඒ පැණය විසඳන්නාවූ දිව්යා ඞගනා තොමෝ මේ ගාථා‍වන් ප්රළකාශකළාය.

16 122 සිංහල විමාන වස්තු ප්රයකරණය.

“ දාසි අහං පුරෙ ආසිං ගයායන් බ්ර ම්හාණස්සහං, අප්පපුඤ්ඤා අලක්ඛිකා රජ්ජුමාලාති මං විදුං.

අක්කොසානං වධානඤ්ච තජ්ජනාය ච උපක්කතා, කූටං ‍ගහෙත්වාජ නික්කම්ම ගච්ඡිං උදකභාරියා.

විපථෙ කූටං නික්ඛිපිත්වාා වනසණ්ඩං උපාගමිං, ඉධෙවාහං මරිස්සාමි කො අත්ථො ජිවිතෙන මෙ

දළ්හං පාසං කරිත්වාකන ආසුම්හිත්වාතන පාදපෙ, තතො දිසා විලොකෙසිං කො නු කො වනමනයිතො.

තත්ථදද්දසාසිං සම්බුඬං සබ්බලොකහිතං මුනිං, නිසින්නං රක්ඛමූලස්මිං ඣායන්තමකුතො භයං

තස්සා මෙ අහු සංවෙගො අබ්භුතො ලොමහංසනො, කො නු ඛො වනමස්සිතො මනුස්සො වා උදාහු දෙවතා.

පාසාදිකං පසාදනීයං වනා නිබ්බාණමාගතා, දිස්වා මනො මෙ පසීදි නායං යාදිස කීදිසො

ගුත්තින්රි ම යො ඣානරතො අබභිග්ග තමානසො, හිතො සබ්බස්ස ඛුද්ධො සොයං භවිස්සති.

භයභොරවො දුරාසදො සීහොව් ගුහමස්සිතො, දුල්ලභායං දස්සනාය පුප්ඵං ඔදුම්බරං යථා”-පෙ-

යනාදීන් ප්රනකාශකරන්නී, “පෙර මම මිනිස්ලොව ගයා නම් බමුණුගම එක්තරා බමුණකුගේ ගෙයි පින් මද කාලකන්නිවූ දාසියක් වීමි. ඒ ගෙයි බැමිණියක් මා හිසකේ වැටිය අල්වාගෙන ඈත මෑත අතින් ඇණ වෙහෙසන හෙයින් දුක් ඉවසිය නොහී හිසකෙස් කප්පවාලීමි. එකල රැහැණකින් හිස බැඳ ඒ ලනුව අල්වාගෙන වෙහෙස කෙරෙයි. ඒ රැහැණ හිසින් ගලවාලිය නොදී නිරන්තරයෙන් මාලයක්සේ තිබෙන යෙහින් රජ්ජුමාලායයි කියා ආමන්ත්රගණය කෙරෙති. ඒ වධ ඉවසිය නොහි මහත් දොම්නසට පැමිණ, “මාගේ මේ දුඃඛ ජීවිකාවෙන් කවර අර්ත්ථ යෙක්ද? මිය යාම උතුමැ’යි සිතා දිය පිණිස පැන්තොටට යන්නියක්සේ ගෙයින් නිකිම මගින් ඉවත්ව බැද්දේ කළය තබා වනසණ්ඩයට ගොස් එක්තරා රුකක් මුලට පැමිණ මෙතැන්හි කර වැලලා මියෙමි” යි සිතා ඉස බැඳි ලනුව ගලවා මදු ඇස්ස තනා තරකොට අත්තෙහි බැඳ මන්ද බොටුවට දමා, “මේ වනාන්තරය ආශ්ර්යකොට යම්කිසි කෙනෙකුන් විසින් මරණයට අන්ත‍රායක් කෙළේවී නම් නපුරැ’යි සිතා ඈත මෑත බැලූයෙම් එතනට නුදුරුතැන රුකක් මුල වැඩහුන් බුදුන් සිංහල විමාන වස්තු ප්ර්කරණය. 123

දැක මට මෙබඳු මහත්වූ සංවේගයක් උපන. ‘පෙර නුදුටුවිරූ මේ ආශ්චය්ය්බැ මත් පුරුෂයා මේ වල වසන කවර වීර පුරුෂයෙක්ද නොහොත් දෙවතා කෙනෙක්දැ?’යි පරීක්ෂාෂකරන්නෙම් දෙතිස් මහා පුරුෂ ලක්ෂයණයෙන් හා අසූ අනුව්යදඤ්ජන ලක්ෂ ණ ඛ්යාදමප්ර භා කෙතුමාලාලංකාරයෙන් දිළිසෙන්නාවූ ශ්රීස විශාලය දැක, ‘මේ එසේ මෙසේ ලාමක සත්වතයෙක් නොවෙයි. සර්ව‍ලොක ගුරුවූ බුදුරජාණන්වහන්සේය. මේ බුදුන් දැක්ම නම් රන්ගල් ගුහාවෙක්හි වසන්නාවූ භජනයකවූ කෙශර සිංහයාගේ දැකීම දුර්ලදභවන්නාක්මෙන්ද දිඹ්ර ල්මල් දැකීම දුර්ලවභවන්නාක්මෙන්ද පින්මද සත්වදයන් විසින් නොලැබිය හැක්කාවූ දුර්ල භ දැක්මෙකැ’යි සතුටු සිත් ඇතිව රැහැණ කරින් ගලවා බුදුන් කරා ගොස් වැඳ පම් ගෙවා ගත්තෙම් විම් නම් ඉතා යෙහෙකැයි සිතීමි. එකල්හි බුදුරජාණන් වහන්සේ, ‘එම්බා රජ්ජුමාලාව බුදුන් සරණ යව’යි වදාළසේක. මිහිරිවූ මෘදුවූ කර්ණසරසායනවූ මධුර වචන අසා විශෙෂයෙන්ම සතුටුව බුදුන් කරා ගොස් වැඳ එකත්පස්ව සිටියෙමි. එකල්හි බුදුරජාණෝ මාර්ශා ධිගමයට සුදුසුවූ කෙලෙසුන් තුනීවූ සිත දැක ජාති ජරා මරණාදි දුක්ඛ සත්යායද ඒ දුක් ඉපදීමට මුල්වූ තෘෂ්ණා සඞඛ්යාකත සමුදය සත්යයයද ඒ තෘෂ්ණාවගේ නැසීමයයි කියණලද නිරොධසත්යඛය ද ඒ දුක නිරුද්ධවීමට කරනු ලබන ප්ර තිපත්ති සඞඛ්යාීත මාර්ගි සත්යධයද යන මේ චතුරාය්ය්ද සත්යදයද ප්රිකාශකොට බණ වදාළසේක. මම ඒ බණ අසා සෝවාන් ඵලයෙහි පිහිටා අචලශ්රවද්ණාවෙන් යුක්තව තුනුරුවන් කෙරෙහි අති ප්රඵසන්නවූ ප්රේමණීයවූ බුදුන්ගේ දියණියක් වීමි. එබැවින් සසරදුකින් මිදී දැන් මේ දෙව්ලොවට ආවාවූ මම මාර්ගෙරතියෙහිද ඵල රතියෙහිද සිත් අලවා කිසි භයක් නැතිව පඤ්චකාම රතියෙන් ක්රීෙඩාකෙරෙමින් මහත්වූ දිව්යඅසම්පත් අනුභවකෙරෙමි’යි කියා යට දාසී විමාන වර්ණහනාවෙහි කී පරිද්දෙන් දිව්ය් සම්පත් වර්ණකකාකොට මාගේ මේ දිවඉසුරු බලා වදාළ මැනව’යි කිව. එකල්හි ආයුෂ්මත් මුගලන් මහතෙරුන් වහන්සේ මිනිස්ලොවට වැඩ බුදුන්ට එපවත් දැන්වූසේක. බුදුරජාණෝ එම අර්ත්ථොුත්පත්තිකොට ගෙන එතැන්හි සම්ප්රාැප්ත පිරිසට බණ වදාළසේක. ඒ ධර්මනදෙශනාව බොහෝ දෙනාට සාර්ත්ථමක විය.

මේ විමාන වස්තු ප්රයකරණයෙහි මඤ්ඡඬක වර්ගපයෙහි රජ්ජුමාලා විමාන වස්තු වර්ණඒනාව කියා නිමවන ලදී.