සිංහල විමානවස්තු ප්‍රකරණය- v

Wikibooks වෙතින්

සිංහල විමාන වස්තු ප්ර කරණය.

උච්ඡු විමාන වස්තුව.

තවද මේ විමාන වස්තු ප්රවකරණයෙහි සතරවන මඤ්ඡඬක වර්ගෙයෙහි දසවන උච්ඡු විමාන වස්තුවද, මෙම විමාන වස්තු ප්රටකරණයෙහි තුන්වන පාරිච්ඡත්තක වර්ගමයෙහි දෙවන උච්ඡු දායිකා විමාන වස්තුව මෙනි. මෙහි වෙනස් වශයෙන් පැනෙන්නේ පිඬු පිණිස පැමිණි භික්ෂුද නමකට උක්දඬු කඩක් පූජාකළ භාය්ය්පැනවට ස්වාමිපුරුෂතෙම වියලුනු මැටිකැටයකින් ගසා ජීවිතක්ෂතයට පමුණුවන ලද්ද පමණෙකි. අනෙක් සියල්ල උච්ඡු දායිකා විමානවස්තුව මෙනැයි දතයුතු.

වන්දයන විමාන වස්තුව.

තවද මේ විමාන වස්තු ප්රසකරණයෙහි සතරවන ම‍ෙඤ්ඡඬක වර්ගනයෙහි එකාදශවන වන්දතන විමාන වස්තුව නම් කවරැයත්:—

දෙවාතිදෙවවූ බුදුරජාණන් වහන්සේ එක් සමයෙක්හි සැවැත් නුවර ජෙතවනාරාමයෙහි වැඩ වාසයකර වදාරණ සේක. එසමයෙහි වනාහි බොහෝ භික්ෂූරහු එක්තරා ගාමිකා වාසයෙක්හි වස්වැස සම්පූර්ණව කරණලද වස් ඇත්තාහු පවරා අස්වසණලද සෙනසුන් ඇතිව පාසිවුරු ගෙන බුදුරජාණන් වහන්සේ දැකීම පිණිස සැවැත්නුවරට ව‍ඩින්නාහු එක්ත‍රා ගමකට පැමිණ ඒ ග්රාවමයද ඉක්මවා වඩින්නාහුය. එකල්හි ඒ ගම එක්තරා ස්ත්රිායාවක් තොමෝ ඒ වඩින්නාහු භික්ෂු න් වහන්සේලා දැක ප්රතසන්නවු සිත් ඇත්තී එසේම හටගත්තාවූ ආදර බහුමාන ඇතිව ඒ භික්ෂූ‍න් පසඟ පිහිටුවා වැඳ උන්වහන්සේලාගේ දර්ශතන පථය ඉක්මවනතෙක් දොහොත් මුදුනෙහි තබා වැඳගෙන ප්රටසාදවූ සිතින් යුක්තව අනිමිස ලොචන ඇතිව සිටියාය. ඕ‍තොමෝ මෙපමණෙක් පින්කම්කොට අනෙක් කලෙක්හි කාලක්රිගයාකොට තවුතිසා දිව්ය ලොකයෙහි උපන්නීය. ඉක්බිති ඒ දිව්යාරස්ත්රිතතොමෝ දිව්යයසම්පත් අනුභව කරමින් වසනකල්හි එක් දවසක් ආයුෂ්මත්වු මුගලන් මහතෙරුන් වහන්සේ දිව්ය්ලොකයට වැඩ ඇගේ දිව්යගසම්පත් දැක මෙසේ විචාළසේක.




සිංහල විමාන වස්තු ප්රතකරණය. 125

“ අභික්කන්තෙන වණ්ණෙන යා ත්වංක තිට්ඨසි දෙව තෙ -පෙ- වණ්ණෙන ච තෙ සබ්බදිසා පභාදිසතී” ති.

මෙසේ මුගලන් මහතෙරුන් වහන්සේ විචාර කාරණය මුදුනෙන් පිළිගෙන ඒ දිව්යාුඞගනාව මිනිස්ලොවදී තමන් කළ පුණ්යෙ කර්ම මය විස්තරව ප්රිකාශකළාය. සෙස්සද පෙරකී නයින් දතයුතු.

සතරවන ම‍ෙඤ්ඡඬක වර්ගපය කියා නිමවනලදී.


දුතීය පීඨ විමාන වස්තුව.

තවද මේ විමාන වස්තු ප්ර්කරණයෙහි පළමුවන පීඨ වර්ගියෙහි දුතීය පීඨ විමාන වස්තුව නම් කවරැයත්:—

සුර තර භමරගණාදිසෙවිත පාදපඞකජොපෙතවූ භාග්ය—වත් බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජෙතවනාරාමයෙහි වැඩ වාසය කර වදාරණ සේක. එසමයෙහි වනාහි සැවැත් නැවර වාසීවූ එක්තරා සතියක් තොමෝ තමන්ගේ ගෙට පිඞු පිණිස වැඩ වදාළාවූ එක්තරා තෙරුන් වහන්සේ නමක් දැක ප්ර සන්නවු සිත් ඇතිව උල්වහන්සේට වැඩහිඳීමට ආසනයක් දෙන්නී තමාගේ පුටුව මත්තෙහි නීල වර්ණතවු වස්ත්රේයක් අතුට දුන්නීය. ඒ කුශල කර්මකය හෙතුකොට ගෙන ඕතොමෝ මරනින් මත්තෙහි තවුතිසා භවනයෙහි උපන්නීය. ඇගේ පුණ්යෙ කර්මවය විපාක දීම් වශයෙන් වෛසුය්ය්ලපී මාණික්යතමයවූ පය්ය්ීය ඞක විමානයක් ඈට පහළවූයේය. ඕතොමෝ එහි දිව්යය සම්පත් විඳිමින් එක් දවසක් සුය්ය් ම දිව්යවරාජයාමෙන් බබලවමින් උයන් කෙළි‍ පිණිස යන්නීය. එසමයෙහි ආයුෂ්මත් මුගලන් මහ තෙරුන් වහන්සේ දෙවචාරිකාවෙන් වඩනා සේක් ඒ දිව්යාමඞගනාවට පෙනී වදාළ සේක.

“ පිඨන්තෙ වෙළුරිමයං උළාරං මනො ඡවං ගච්ඡති යෙන කාමං අලඞකතෙ මල්යඡධරෙ සුවත්ථෙ ඔහාසසි විජ්ජුරිවබ්භ කූටං”


126 සිංහල විමාන වස්තු ප්රිකරණය.

යනු හෙයින් ‘එම්බා දෙවතා දුව! තීගේ සිතට අනුරූපවූ පරිද්දෙන් උයන් කෙළි ආදියට යෙමිය් සිතූ කෙණෙහිම සිතු ලෙස පවත්නා හෙයින් මනොමය ජව ඇත්තාවූ යොදුනක් පමණ මහත් උදාරතර ශ්රෙපෂ්ඨවූ වෛසුය්ය්රිද පය්ය් ජවඞකාකාර ‍සටහන් ඇත්තාවූ කණක විමාණයක් හා අලඞකෘතවූ දිව්ය‍ ශරීරයෙහි නානාප්රදකාරවූ රශ්මි ජාලාවෙන් බබලන්නාවූ අනෙක විධ රත්නයෙන් විරාජමානවූ හස්තුපග පාදුපගාදීවූ ප්රබභෙද වශයෙන් සැටගැලක් පුරා ලන පමණ සර්වාවභරණයෙන් සැරහී කල්පවෘක්ෂ් පාරිච්ඡත්තකාදී සම්භව සුවීසුද්ධ චාමීකර විවිධ රත්නමයවු පත්රර කිඤ්ජල්ක කෙසරසමන්ත විජ්ජොතමානවූ විස්ථුරන්ත කිරණ නිකර රුවිර දිව්යරකුසුමයෙන් විභුෂිත හෙයින් මාලාධාරීවූ කල්පලතා නිබ්බන්ත නා නා වර්ණද විරාග විශෙෂ සුපරිසුද්ධ භාසුර ප්රලභා සම්පන්න දිව්යත වස්ත්ර‍යන්ගේ වශයෙන් සුන්දධර වූ දිව සලුවක් හැඳ එසෙයින්ම දිව සළුවක් එකා ශකොට බබලන්නාවූ නොහොත් අඩ සඳක් වැනිවූ යහපත් නළල් තළයෙන්ද දෙව්දුනු දෙකක් වැනිවූ බැම සඟලින්ද යන මේ ආදි ඓශ්චය්ය්ු සම්පත්තියෙන් යුක්තවූ දෙවතා දූ තොමෝ යම් තැනකට යෙමියි සිතූ කෙණෙහිම සඳු විමනක් සේ වායු වෙගයෙන් ඒ දිව්ය විමානය ආකාශයට පැන නැගී මනාප ස්ථානයකට සම්ප්රාකප්ත වේ මැයි. මෙසේ පළමුකොට ඇගේ සම්පත් ප්රකකාශකොට වදාරා නැවත ගිය දවස කළාවූ සුචරිත කර්මකය විචාරා වදාළ සේක. දෙවතා දූ තොමෝ පළමු විමාන වස්තුවෙහි කියනලද ආකාරයෙන් තෙරුන් වහන්සේට විස්තර කොට කි කල්හි තෙරුන් වහන්සේ මිනිස් ලොවට වැඩ වදාරා මේ සියලු පවත් බුදුරජාණන් වහන්සේට සැළ කෙළේය. බුදුරජාණෝ එම අර්ත්ථොතත්පත්ති කොට ගෙන පැමිණි පිරිසට බණ වදාළ සේක. ඒ දෙශනා තො‍මෝ බොහෝදෙනාට සාර්ත්ථටක විය.

මේ විමාන වස්තු ප්ර කරණයෙහි පළමුවන පීඨ වර්ග යෙහි දුතිය පීඨ විමාන වස්තු වර්ණරනාව කියා නිමවන ලදී.


තතීය පීඨ විමාන වස්තුව.

තවද‍ මේ විමාන වස්තු ප්රාකරණයෙහි පළමුවන පීඨ වර්ග යෙහි තුන්වන පීඨ විමාන වස්තුව නම් කවරැයත්,—

සුගත තථාගත භාග්යමවත් බුදුරජාණන් වහන්සේ රජගහ නුවර වෙළුවනාරාම විහාරයෙහි වැඩ වාසය කර වදාරණ සේක. එසමයෙහි වනාහි එක්තරා රහත් තෙර කෙනෙක් රජගහනුවර

සිංහල විමාන වස්තු ප්රසකරණය. 127

පිඞු පිණිස හැසිර ලබන ලද පිණ්ඩාහාරය ගෙන භත්තකෘත්යස කාලය පැමිණි කල්හි වළඳනු කැමැත්තෙන් හරින ලද දොරටු ඇති එක්තරා ගෘහයක වැඩිසේක. ඒ ගෙහි වනාහි ගෘහ සාමිනී ස්ත්රීහ තොමෝ ශ්රාඬා සම්පන්න වූවා තෙරුන් වහන්සේගේ අකාරය සලකා, ‘ස්වාමීන් වහන්ස! මෙහි වැඩිය මැනව. වැඩහිඳ අහර වළඳා වදාළ මැනව’යි කියා තමන්ගේ උතුම් පුටුව මත්තෙහි පීත වස්ත්ර යක් අතුට අසුන් පණවා නිරපෙක්ෂේ පරිත්යාුග වශයෙන් දුන්නීය. එසේ දුන්නාවූ ඕතොමෝ මේ ස්වල්ප මාත්රව වූ පින කරණකොට ගෙන ‘මතු භවයෙහි ස්වර්ණවමය පුටුවක් ලැබේවා’ යි ප්රා ර්ත්ථුනාවක් ද තැබුයේය. ඉක්බිති තෙරුන්වහන්සේ එහි සිට භත්ත කෘත්යාය කොට පාත්‍රය සුද්ධකිරීමෙන් වඩින්ට ආරම්භ කෙළේය. එකල්හි උපාසිකා තොමෝ ‘ස්වාමීනි, මේ පුටුව නුඹවහන්සේටම පූජා කෙළෙමි. මට අනුකම්පාවෙන් පිළිගත මැනව’යි ආරාධනා කළාය. එබස් අසා තෙරුන් වහන්සේ ඒ පුටුව ගෙන්වා ගෙන ගොස් සංඝයාට දුන් සේක. ඒ උපාසිකා තොමෝ මෑත කාලයෙක්හි එක්තරා රොගයකින් පෙළෙන ලද්දී කාලක්රිසයාකොට එම කුශල කර්මතය කරණ කොටගෙන තව්තිසා දිව්යලලොකයෙහි උපන්නීය. මුගලන් මහතෙරුන් වහන්සේට සම්මුඛවීමාදී සියල්ල පෙරකී නයින් දැනගත යුත්තේය.

මෙතෙකින් මේ විමාන වස්තු ප්ර කරණයෙහි පළමුවන පීඨ වර්ග යෙහි තුන්වන පීඨ විමාන වස්තු වර්ණවනාව කියා නිමවන ලදී.

චතුත්ථි පීඨ විමාන වස්තුව.

තවද මේ විමාන වස්තු ප්රනකරණයෙහි පළමුවන පීඨ වර්ග‍යෙහි සතරවන පීඨ විමාන වස්තුව නම් කවරැයත්,—

ත්රෛවලොක්යප ගුරුවූ භාග්යනවත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ රජගහ නුවර ලෙහෙණුන්ට බත් වැටුප් දෙන හෙයින් කලන්දනක නිවාස නම්වු වෙළුවනාරාමයෙහි වැඩ වාසයකර වදාරණ සේක. එසමයෙහි රජගහ නුවර වාසීවූ එක්තරා ස්ත්රි යක් තොමෝ තමාගේ ගෙට පිඞු පිණිස වැඩියාවූ භික්ෂුා නමක් දැක ප්රාසන්නවු සිත් ඇත්තී උන්වහන්සේට ආසනයක් දෙන්නී නිල් වස්ත්රැයක් ආසනය මත්තෙහි එලා දුන්නීය. එකල්හි තෙරුන් වහන්සේ ඒ මත්තෙහි වැඩහුන් සේක. එකල උපාසිකා තොමෝ, ‘මට මහත් පින් කෙතක් පහළවිය’යි ඉතා සතුටු සිත්


128 සිංහල විමාන වස්තු ප්ර කරණය.

ඇතිව ඛාද්යං භොද්යානදියෙන් උන්වහන්සේ වැළඳ වූවාය. ඕ තොමෝ මෙපමණක්ම පින් කොට ඉන් මෑත භාගයෙක්හි කාලක්රි්යාකරන්නී එම කුශල කර්මණයාගේ බලයෙන් තව්තිසා දිව්යලලොකයෙහි උපන්නීය. මෙහි විස්තරද පෙරකී නයින් දැන ගතයුතු.

මේ විමාන වස්තු ප්රයකරණයෙහි පළමුවන පීඨ වර්ගයයෙහි සතරවන පීඨ විමාන වස්තු වර්ණරනාව කියා නිමවන ලදී.

දුතිය නාවුකා විමාන වස්තුව.

තවද මේ විමානවස්තු ප්ර්කරණයෙහි පළමුවන පිඨ වර්ග‍යෙහි හත්වන දුතිය නාවුකා විමානවස්තුව නම් කවරැයත්:—

තුන්ලෝවාසින්ගේ ආවික ප්රවතිපත්ති පූජාවට සුදුසුවූ භාග්යනවත් බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජෙතවන‍ාරාම විහාරයෙහි වැඩවාසයකර වදාරණසේක. එසමයෙහි වනාහි එක්තරා රහත් කෙනෙකුන් වහන්සේ වස්වසන කාලය ආසන්නවූ කල්හි ග්රාාමකා වාසයෙක්හි වස්වසනු කැමතිව සැවැත් නුවරින් නික්ම වස් විසීමට සුදුසු ගමක් සොයමින් සවස්භාගයෙහි දීර්ඝ්මාර්ගූයට පිළිවන්සේක්, මාර්ගියාගේ දුර්ගරත්ව ය කරණ කොටගෙන ක්ලාන්තවූයේ නටුවාවූ ශරීර ඇතිව අතුරු මාර්ගසයෙහි එක්තරා ගමකට පැමිණියේය. එසේ පිටගමකට පැමිණද සෙවනින් යුත් තැනෙක් හෝ ජලයෙන් යුක්තවූ තැනෙක් හෝ නොදක්නේ මාර්ග්යා‍ගේ දුගීත්වගයෙන් මඩිනු ලබන්නාවූ සිවුරු පොරවා ආසන්නවූ ගමට ප්රදවිෂ්ටව ඒ ගම ඉතා දුරින් පිහිටියාවූ ගෙයක්හිම දොර සමීපයෙහි වැඩ සිටිසේක. එකල්හි ඒ ගෘහයෙහි වසන්නාවූ එක්තරා ස්ත්රිරයක් තොමෝ තෙරුන්වහන්සේ දැක, “ස්වාමීනි, කොහිසිට වැඩිසේක්දැ”?යි විචාරා, මාර්ගක කලාන්තබවද, පිපාසිතබවද, දැන, “වඩිනුමැනව, ස්වාමීන්වහන්සැ’යි කියා “ගෙට වැඩමවා වැඩ හිඳ ව ළමැනව”යි ආසනයක් පනවා දුන්නීය. ඒ ස්ත්රිගතොමෝ තෙරුවන්වහන්සේට පාදෝනා පැන් හ පාදයන්හි ගැල්වීමට තෙල්ද පිළිගන්වා තල්වැටක් ගෙන පවන් සැලුවාය. පවන් සලා පරිදාහයන් සන්සිඳුනුකල්හි මිහිරිවූ සුගන්ධහවත්වූ සිහිල්වූ පානවර්ග.යක් යොදා වළඳනු පිණිස පිළිගැන්වූවාය. තෙරුන් වහන්සේ



සිංහල විමාන වස්තු ප්ර කරණය. 129

සේ ඒ පානය වළදා සන්සි‍ඳෙනලද කලාන්ත ස්වභාව ඇති සේක් අනුමෝදනා වදාරා වැඩිසේක. ඒ ස්ත්රීදතොමෝ මෑත කලෙක්හි කාලක්රිවයාකොට එම කුශල‍යාගේ හෙතුවෙන් තවුතිසා භවනයෙහි උපන්නීය. මෙහි අනෙකුදු සියලු ප්රලවෘත්තිහු පළමුවන නාවුකා විමාන වස්තුවෙහි ප්ර්කාශවූ පරිදි දතයුතු.

මේ විමාන වස්තු ප්රිකරණයෙහි පළමුවන පීඨ වර්ගෙයෙහි සත්වන දුතිය නාවුකා විමාන වස්තු වර්ණමනාව කියා නිමවන ලදී


දෙවෙනි පතිව්රීතා විමාන වස්තුව.

තවද මේ විමාන වස්තු ප්රමකරණයෙහි පළමුවන පීඨ වර්ගගයෙහි දොළොස් වැනි වූ දුතිය වතිව්ර්තා විමාන වස්තුව නම් කවරැයත්.—

අසෙසජනවන්ද නීයවූ භාග්ය‍වත් බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජෙතවනාරාමයෙහි වැඩ වාසයකර වදාරණසේක. එසමයෙහි එක්තරා උපාසිකාවක් තොමෝ පතීව්රකතා රක්ෂා කරන්නී ශ්රපඬායෙන් යුක්තවූවා ඉතා පිරිසිඳුකොට පන්සිල් රක්ෂාව කළාය. එසේම ශක්ති පමණින් දානයන්ද දුන්නීය. මෑත කලෙක්හි ඕ තොමෝ කාලක්රිදයාකොට තවුතිසා භවනයෙහි දොළොස් යොදුන් පමණවූ වෛඪූය්ය්ලක් ප්රාාසාදයෙක්හි උපන්නීය. අනෙකුදු සියලු විස්තර කථාව පළමුවන පතිව්ර්තා විමාන වස්තුවෙහි කියනලද පරිදි දතයුතු.

මේ විමාන වස්තු ප්ර්කරණයෙහි පළමුවන පීඨ වර්ග යෙහි දොළොස්වැනි වූ දෙවන පතිව්රකතා විමාන වස්තු වර්ණ‍නාව කියා නිමවනලදී.


මේ විමාන වස්තූන් ඇතුළුවූ මේ විමාන වස්තු ප්රසකරණයෙහි සම පණසක් ස්ත්රී්විමාන වස්තු වර්ණුනා කියා නිමවන ලදී


17

130 සිංහල විමාන වස්තු ප්ර කරණය.

මහාරථ වර්ගංය.

මණ්ඩුක දිව්ය‍ පුත්ර විමාන වස්තුව.

තවද මේ විමානවස්තු ප්ර කරණයෙහි පස්වැනි වූ මහාරථවර්ගෙයෙහි පළමුවැනිවූ මණ්ඩුක දිව්යර පුත්රි විමාන වස්තුව නම් කවර යත්:—

ත්රිවභුවනෛක තිලක වූ භාග්යහවත් බුදුරජාණන්වහන්සේ එක්සමයෙක චම්පානුවර ගොදුරුගම්කොට ගර්ගූරානම් පොකුණ සමීපයෙහි රමණීයවූ විහාරයෙක වැඩ වසනසේක. එසමයෙහි බුදුරජාණෝ අළුයම් වේලෙහි මහාකරුණා සමාපත්තියට සමවැද සමාපත්තීන් නැඟි විනෙයජනයන් දක්නා පිණිස මුළුලොව බලා වදාරණසේක. එක්තරා මැඬියෙකු දැක, “අද මා බණ වදාරනකල එක්ත‍රා මැඞියෙක් මාගේ ස්වරයේ නිමිත්තග්රිහණය කෙරෙමින් අසා හෝනේය. එකල්හි ගවපාලයෙකුගේ උපක්ර මයෙන් මිය දෙව්ලොව ඉපද මහත්වූ දෙව් පිරිස් පිරිවරා මහජනයා බල බලා සිටියදීම මා දක්නා පිණිස එන්නේය. එතැන්හිදී බොහෝ දෙනාට ධර්මාදභිසමය වෙයි” කියා දැක පෙරවරු මනාකොට හැඳ පා සිවුරු ගෙන මහත්වු භික්ෂුර සඞඝයා සමග චම්පා නුවරට පිඬු පිණිස වැඩ පිණ්ඩපාත ලාභයෙන් සඞඝයාට පාසුකොට කරන ලද අහරකිස ඇතිව නැවත විහාරයට වැඩ භික්ෂුඞසඞඝයා තමන්වහන්සේ වැඳ වත් දක්වා අවසර ගෙන තමතමන්ගේ දිවා ස්ථානවලට ගියකල සුගන්ධතවූ ගඳකිළියට වැඩ ඵල සමාපත්ති සැපයෙන් දවස් යවා සවස් වේලෙහි භික්ෂුූ භික්ෂුඵණී උපාසක උපාසිකා යන සිවුවණක් පිරිස් පොකුණුතෙර ධර්මවසභා මණ්ඩපයෙහි රැස්වූ කල්හි සුරහි සුගන්ධ් ගන්ධු කුටියෙන් කාලානුරූපවූ ප්රාභතිහාය්ය්්හ යෙන් නික්ම පොකුණු තෙර ධර්මනසභා මණ්ඩපයට වැඩ අලඞකෘතකොට පණවන ලද බුද්ධාසන මස්තකයෙහි වැඩ හිඳ මැණික් ගල්තලා මත්තෙහි සිංහනාදකරන අභිත කෙශර සිංහරාජයකුසේ අව්න්තෙය්යප අප්රමමෙය්ය වූ බුඬානුභාවයෙන් අනූපමවු බුඬලීලාවෙන් අෂ්ටාඞග සමූපෙත බ්රතහ්මස්වර විහිදුවා සර්ව්සත්වය ස්වකීය භාෂානුරූපවු මධුර වචනයෙන් ධර්මඅදෙශනාව පටන්ගත්සේක. එකෙණෙහි එක්තරා මැඬියෙක් පොකු‍ෙණන් නික්ම අවුත්, මොහු විසින් ධර්මඑයක් කියනු ලැබෙයි’ සිතා ධර්මණ සංඥාවෙන් ස්වරයෙහි නිමිත්තග්රිහණය කෙරෙමින් පිරිස් කෙළවර බණ අසා හොත්තේය. එසමයෙහ එක්තරා ගොපලු දරුවෙක් ඒ භූමි ප්රවදේශයට ආයේ නොයෙක් බුඬාශ්රීපන් දිළිහි දිළිහි



සිංහල විමාන වස්තු ප්රඑකරණය. 131

බණ වදාරන බුදුරජාණන් වහන්සේද හන්හුන් ඉඳුරන් ඇතිව කාය වාක් සමාචාරයෙන් යෙදී බණ අසන පිරිසද දැක ඒ ධර්ම් ශ්ර වණයට එළවන ලද සිත් ඇතිව අත තිබූ කෙවිටි ලීය බිම සිටුවා එලි සිටින්නේ බණ අසා හොත් මැඩියා නොදැක ඉස මත්තෙහි අමුණා ඉස පලවා සිටියේය. ඒ මැඩියා එතැන්හි කාල ක්රිකයාකොට බණ ඇසූ කුශලයෙන් තව්තිසා දෙව්ලොව නිදා පිබිදියාක්හු සේ දොළොස් යොදුන් රන් විමනෙක උපන්නේය. නොයෙක් දිව්යාලභරණයෙන් සැරහී දිව්යනප්සරා සමූහයා පිරිවරා දීප්තිමත්ව බබලන්නාවූ තමන්ගේ දිවසුරු දැක උපන්කෙණෙහිම පූර්වපජාතියෙහි කරනලද කුශලකර්මතය බැලීම දෙවතාවන්ගේ ධර්ම තාවක් හෙයින් මේ දිව්යමපුත්රීයාද.., කොසින් චුතව අවුත් මෙහි උපන්නෙම්දැ?”යි ආවර්ජිනා කරන්නේ පූර්වය ජාතියෙහි ජල ගොචරව තිරිසන් යොනියෙහි සිට ආබව දැක, ‘තිරිසන්ව සිටි මමත් මෙබඳු සම්පත් ලදින් මේ දෙව්ලොව ‍උපන්මි මෙබඳු සැපතක් ලැබීමට කවර කුශල කර්මෙයක් කෙළෙම්දැ”යි පරික්ෂාන කරන්නේ බුදුන්ගේ ස්වරයෙහි නිමිත්තග්ර හණයකොට ශබ්දය ඇසූ පමණක් විනා අනික් කුශලයක් නොදැක බුදුන් කෙරෙහි ප්ර්සන්නව විමානය හා සමගම මිනිස් ලොවට අවුත් විමානය ආකාශයෙහි රඳවා බිමට බැස මහජනයා බලබලාසිටියදී මහක් වූ දිව්යායනුභාවයෙන් දිළිහි දිළිහී බුදුන් කරා එළඹැ ශ්රීබපාදයට නමස්කාරකොට දොහොත්මුදුන් දී එකත්පස්ව සිටියේය. එකල්හි බුදුරජාණෝ බුඬානුභාවයත් කුශලකර්මම ඵලයත් සියලු මහජනයාට ප්ර්ත්ය ක්ෂනකොට දක්වනු පිණිස දැන දැන ම මෙසේ විචාරා වදාළසේක.

“ කො මෙ වන්ද්ති පාදානි ඉදධියා යසසා ජලං, අභික්කන්තෙන වණ්ණෙන සබ්බා එභාසයං දිසා” ති

යනුහෙයින්, “විදුළිය කැල වැළඳි රන් පර්වදතයක්සේ සැට ගැලක් පුරාලන පමණ සර්වාෙභරණයෙන් සැරහී මහත්වූ දෙව්සිරිස් පිරිවරා ඡවිවර්ණැයෙන් හා ශරීරාලොකයෙන් දශදිග් එකො ධහාෂකෙරෙමින් දිළිහි දිළිහී මාගේ ශ්රීර පාද වන්දරනයට නමස්කාර කරන්නාවූ තෝ දිව්යළ බ්ර හ්ම නාග යක්ෂද රාක්ෂනස මනුෂ්‍යාදීන් අතුරෙන් කවරෙක්හිදැ” යි විචාරා වදාළසේක. මෙසේ භාග්යෂවත් බුදුරජාණන් වහන්සේ විසින් විචාරණ ලද වචනය මුදුණෙන් පිළිගෙන දිව්යජපුත්රවතෙම පූර්ව ජාතිය ආදිකොට සියලුම ප්ර‍වෘත්තිය කියන්නේ මේ ගාථාවන්ගෙන් ප්රතකාශකොට කීයේය.




132 සිංහල විමාන වස්තු ප්රආකරණය.

“ මණ්ඩුකො’හං පුරෙ ආසිං උදකෙ චාරිකො චරො, තව ධම්මං සුණත්තස්ස අවධී වච්ඡ පාලකො.

මුහුත්තං විත්තප්පසාදස්ස ඉද්ධිං පස්ස යසඤ්ච මේ, ආනුභාවඤ්ච මෙපස්ස වණ්ණං පස්ස ජූතිඤ්ච මෙ.

යෙච තෙ දීඝමද්ධානං ධම්මං අස්සොසු ගොතම, පත්තා තෙ අචලට්ඨානං යත්ථ ගන්ත්වා න ගොචරෙ” ති.

යනුහෙයින්, “ස්වාමීනි, මම මීට පූර්ව ජාතියෙහි දිය ගොදුරුකොට උපන් දියම භූමිකොට වසන එක්තරා මැඩියෙක් වීමි. එසමයෙහි නුඹවහන්සේ විසින් සර්ව සත්වක ස්වකීය භාෂානුරූප ලක්ෂමණීය ස්වභාෂානුරාගශ්රයවණිය මධුර වචනයෙන් දෙශනාකරන ලද්දාවූ ධර්මකදෙශනා ශබ්දයෙහි නිමිත්තග්ර හණයකොට, ‘මේ කියන්නේ ධර්මවයෙකැ’යි සිතා බණ අසා හොත්තාවූ මා එක්තරා ගොපලු දරුවෙක් අත තිබූ කෙවිටි දණ්ඩ බිම ඔබා හිස මත්තේ ඇණ හිසපලා මැරූයේය”යි කියා නැවත; “ස්වාමීනා, නුබවහන්සේගේ ධර්මමදෙශනාවෙහි පැහැද ශබ්ද මාත්රඩයක් පමණ ඇසූ කුශලයෙන් සමෘද්ධවූ දිව්යු සම්පත්තියද නළුනාටකාදී පරිවාර සම්පත්තියද මේ දිව්ය සමූහයා අභිභවමින් දොළොස් යොදුනෙක පැතිර පවත්නා අන්ධමකාර විධ්වංශනය කොට බබලන්නාවූ ශරීරාලොකයද බලා වදාළ මැනව”යි කියා ඔහුගේ දිව්යො ඉසුරු සම්පත් ප්ර කාශකොට කියා එතැන්හි රැස්වූ පිරිසට හා බොහෝදෙනාට ධර්මබශ්රුවණමයකුශලය ප්රාකාශකොට කියන්නේ “ස්වාමීනි, මද ඇසිල්ලක් බණ ඇසූ පමණකින් මෙතෙක් සැපත් ලැබුණුකල මේ ලොකයෙහි යම්කිසිකෙනෙක් ඇසුවාහු වීනම් ඔවුන්ට වන්නාවූ ඉෂ්ට විපාකය කියා නිමවාලිය නොහැක්කේය. ඒ සත්වනයෝ සසර වසනතෙක්කල් මුළුල්ලෙහි කිසියම් සංසාර ව්යයසනයකට නොපැමිණ දෙව්මිනිස් සැපත් විඳ කෙළවර මේ ලොකවාසීහු යම් තැනකට ගියාහු සොක නොකෙරෙද්ද, එබඳු, අචලස්ථානවූ ප්රවණිතවු අමෘතවූ මහානිර්වාරණයට පැමිණෙන්නාහ”යි කියා, “දැන් එහි අනුසස් දක්නා පිණිස හොහොතක්කල් බණ ඇසූ මාගේ සම්පත් බලා වදාළ මැනව”යි කීයේය. එකල්හි බුදුරජාණන් වහන්සේ ඒ දිව්යා පුත්රවයාගේද සම්ප්රාවප්ත පිරිසගේද චරිතය බලා විස්තරවශයෙන් ධර්ම දෙශනාකොට වදාළ සේක. ඒ ධර්මයමදෙශනාවගේ කෙළවර ඒ දිව්ය්පුත්රෙයා සෝවාන් ඵලයෙහි පිහිටියේය. අනෙකුදු සුවාසූදහසක් ප්රාෙණීහු සද්ධර්මාත මෘතපානය කොට අමාමහනිවන් දුටුවාහුය. ඉක්බිති ඒ මණ්


සිංහල විමාන වස්තු ප්රසකරණය. 133

ඩුක දිව්යාපුත්රමයා බුදුන් වැඳ අවසර ගෙන ප්රකදක්ෂිදණාකොට නැවත භික්ෂු සංඝයාටද නමස්කාරකොට සහ පිරිවරින් දෙව් ලොවටම ගියේය.

මේ විමාන වස්තු ප්රවකරණයෙහි මහාරථ වර්ගුයෙහි මණ්ඩුක දිව්යතපුත්රර විමාන වස්තු වර්ණ නාව කියා නිමවන ලදී

රෙවතී විමාන වස්තුව.

	තවද මේ විමාන වස්තු ප්රරකරණයෙහි පස්වැනි වූ මහාරථවගූයෙහි දෙවැනි වූ රෙවති විමාන වස්තුව නම් කවරැයත්.—

සනරාමර ලොක ගුරු වූ භාග්යුවත් බුදුරජාණන් වහන්සේ එක් සමයෙක්හි බරණැස්නුවර සමීපයෙහි වූ බරණැස් රජහු විසින් න්ය ග්රොහධ මුවරජහට දෙන මඳ වැටුප් හා අභය දාන ඇති හෙයින් මිගදාය නම් වූ ඉසිපතනාරාමයෙහි වැඩවාසය කරණ සේක. එසමයෙහි බරණැස් නුවර ශ්රපඬාසම්පන්නවූ ගුලයක තුනුරුවන් කෙරෙහි ප්රුසන්නවූ ශ්රරද්ධා සම්පන්න නන්දික නම් වූ උපාසකයෙක් ඇත්තේය. හෙතෙම නිරන්තරයෙන් ආසනශාලාව හැමදීමය නහන බොන පැන් එලවා තැබීමය, දැහැටිදඬු එළවීමය. තෙමේ යම් තරම් දෙයකින් යැපී මධුරකොට දන්දීමය, යනාදින් නොයෙක් ලෙසින් මහාසඞඝයාට උපස්ථාන කරන්නේ, දුගී මඟී යාචකයන්ටද දානපතිව දන් දෙන්නේය. එසමයෙහි සමීපගෙයක නන්දිගකයන්ගේ මයිලනුවන් දූ වූ රෙවතී නම් වූ කුමාරිකාවක් ඇත්තීය. ඕ තොමෝ දන් නොදෙන්නීය, සිල් නොරකින්නීය, බණ නොඅසන්නීය. නන්දිෝකයන්ගේ මවුපියෝ ඒ දෙවතී නන්දිනකයන්ට සරණ පිණිස ගෙනෙනු කැමැති වූවාහුය. ඕතොමෝ පවිටු අදහස් ඇති හෙයින් නන්දිනකයෝ නොකැමැතිවිය. නන්දි කයන්ගේ මෑණියෝ රෙවතිය හට මෙසේ කිව. “දියණියෙනි, තෝ මේ ගෙට අවුත් සංඝයා වහන්සේ වැඩහිඳිනා භොජනශාලාව අලුත්ගොමයෙන් පිරිබඩගා හිඳිනා අසුන් පණවා භික්ෂූින්වහන්සේ වැඩි කල්හි නමස්කාරකොට පාත්රාපගෙන වඩා හිඳුවා ඩබරාවෙන් පැන් පෙරාදී වැළඳූ කල්හි පාත්රාම සොධා උපස්ථාන කරව. මෙසේ කළකල මපුතණුවන් සිත් ගත්තීනම් වේය” යි කීහ. එබසට රෙවතී තොමෝ සැදැහැනැතත් ස්වාමිපුත්රතයා සත්ගන්නා පිණිස එසේම කළාය. ඉක්බිති මෑණියෝ රෙවතී අවවාදයෙහි පිහිටි බව නන්දි්කයන්ට කියා නන්දිසකයෝ


134 සිංහල විමාන වස්තු ප්රණකරණය.

යහපතැයි කියා ඉවසූ කල දවස් නියම කොට අවවාදකළහ. එකල්හි නන්දියකයෝ රෙවතියට මෙසේ කීහ. “එම්බා සොඳුර භික්ෂුෙ සංඝයාවහන්සේටද මවුපියන්ටද උපස්ථාන කරන්නී වි නම් තී මේ ගෙයි වසන්ට ලබන්නීය. එසේ හෙයින් නොපමාව වත් පිළිවෙත් කරව”යි කීයේය. රෙවතී තොමෝ නන්දියකයන්ගේ බස් අසා “යහපතැ”යි පිළිගෙන ස්වාමියා සිත්ගන්නා පිණිස නොබෝ දවසක් ශ්රකඬා ඇති එකියක් සේ නන්දිගකයන්ට අනුව පවත්නී කල්යාමකින් දරු දෙදෙනෙකු ලද්දීය. නොබෝ කලකින් නන්දිිකයන්ගේ මවුපිය දෙදෙන කාලක්රිෙයා කළාහුය. එකල්හි ඒ ගෙයි සියලුම ඉසුරු සම්පත් රෙවතීට හිමිවිය, නන්දිකකයෝ දුගී මගී යාචකයන්ට ගෙදර දන්වැට තබා දන් දෙන්නේය. මහාසංඝයා වහන්සේටද දානපතිව මහදන් පැවැත්වූයේය. තව ද නන්දිේකයා ඉසිපතන විහාරාසන්නයෙහි ගබඩැ සතරකින් ප්රතතිමණ්ඩිතවූ චතුශ්ශාලාවක් කරවා එහි ඇඳ පුටු බිසි බීම්බොහන කලල් පැදුරු ගිනිකබල් කළ කොතලා සැලි වලන් ආදී සෙනාසන භාණ්ඩයන් සපයා ඒ විහාරය පිළිගන්වන දවස් බුදුන් ප්රනධානකොට ඇති මහා සඞඝයා වහන්සේට මහත්කොට උදාරතරව දන් දී ඉක්බිති බුදුන්ගේ ශ්රීම හස්තයෙහි පැන් වත්කොට උදාරතරව දන් දී ඉක්බිති බුදුන්ගේ ශ්රී් හස්තයෙහි පැන් වත්කොට විහාරාය පිළිගැන්වූයේය. ඒ දක්ෂි නොදකය හා සමග විහාරය පිළිගැන්වූයේය. ඒ දක්ෂිැණොදකය හා සමග විහාරය පිළිගැන්වූ කෙණෙහි තවුතිසා දිව්යැලොකයෙහි දිගින් පුළුලින් සතලිස් අට ගවු පමණ ඇති සාරසියයක් ගවු උස ඇති නොයෙක් මහල් ඇති දහස් ගණන් ගබඩා ඇති හිරු රැස් කළඹක්සේ බලන්නවුන්ගේ ඇස් බමවන්නාවූ සත් රුවන්මය සර්‍ රාභරණයෙන් ජෝතිමත්ව බබලන්නාවූ නොයෙක් දහස්ගණන් දෙවඟනන් විසින් ගැවසීගත්තාවූ සප්ත රත්නමය දිව්යගප්රා්සාදයෙක් පහළවීය. එසමයෙහි ආයුෂ්මත්වු මුගලන් මහතෙරුන් වහන්සේ දෙවචාරිකාවෙහි වඩනාසේක් නන්දිමකයන්ට ඒ පහළවූ දිව්ය ප්රාහසාදය දැක තමන්වහන්සේට නමස්කාර පිණිස ආවා වූ දිව්යදපුත්රූයන් අතින් මෙසේ විචාළ සේක්, “හිරුවිමණක් සේ ජොතිමත්ව බබලන්නාවූ මේ ප්රාූසාදය කාගේ විමානයෙක්දැ?”යි විචාරා වදාළසේක. ඒ දිව්ය පුත්ර යෝ උන්වහන්සේට උත්තරදෙන්නාහු : ස්වාමීනි, මේ ප්රාසසාදය හිමියා නැත්තේය; හෙතෙම මිනිස් ලොව වසන්නේය; බරණැස් නුවර නන්දිේක නම් කෙළෙඹි පුත්රයයෙක් සංඝයාවහන්සේ උදෙසා ඉසිපතන විහාරාසන්නයෙහි ගබඩා සතරකින් ප්රරතිමණ්ඩිතවූ චත්රේශ්ශාලාවක් කරවා පිළිගැන්විය. ඕහට මේ ප්රාාසාදය පහළවීය”යි කීවාහුය. ඒ විමානයෙහි උපන් දිව්යානඞග



සිංහල විමාන වස්තු ප්රුකරණය. 135

නාවෝ තෙරුන්වහන්සේට නමස්කාරකොට කියන්නාහු, ස්වාමීනි, බරණැස්නුවර නන්දිේක නම් උපාසකයාට පරිචාරිකා වන පිරිස අපි මේ දිව්ය්විමානයෙහි උපනුම්හ; ස්වාමීනි, නන්දිවකයන්ට මෙසේ වදාළමැනවි. ‘නන්දිරකයෙනි, තොපට පරිචාරිකා වන පිණිස උපන් දිව්යායඞගනාවෝ තෙපි මිනිස්ලොව කල්යවන හෙයින් කළකිරුණාවූ සිත් ඇත්තාහුය. දිව්යරලොක සම්පත්තිය නම් මැටිභාජනයක් බිඳ රන්භාජනයක් ගන්නාක් මෙන් සතුටු එළවා මනවඩන්නේය”යි කියා. මේ දෙව් ලොවට එන්ට වදාළ මැනවයි” කීවාහුය. දිව්යා ඞගනාවන් කී බස් යහපතැයි පිළිගෙන මහතෙරහු වහා දෙව්ලොවින් මිනිස්ලොවට අවුත් දම්සභා මණ්ඩපයෙහි සිව්වනක් පිරිස් මැද වැඩහුන් බුදුන් කරා එළඹැ මෙසේ විචාළසේක. “ස්වාමීනි, කරණලද කුශල් ඇතිව අප්රුමාදව වසන කුලපුත්රසයන් මිනිස් ලොව සිටියදීම දිව්ය ලොකයෙහි සම්පත් පහළවේදැ?”යි විචාළ සේක. බුදුරජාණන් වහන්සේ, “මෞද්ගල්යාියන ස්ථවිරයෙනි, නන්දිිකයන්ට තවුතිසා දිව්යජලොකයෙහි පහළවූ දිව්ය්සම්පත්තිය තා විසින් දක්නා ලද්දේය. දැන් කුමක් පිණිස මා විචාරන්නෙහි දැ?”යි වදාළසේක එකල්හි මහතෙරහු, “එසේය, ස්වාමීනි, නන්දි කයන්ට පහළවූ දිවඉසුරු මා විසින් දක්නාලද්දේය”යි දැන්වූසේක. එකල්හි බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන සේක්, “යම් සේ දෙශනාන්තරයකට ගිය පුරුෂයෙක් එනු අසා නෑයෝ මිත්රරයෝ පෙරමගට ගොස්, මෙසේ “එව පුත්රයයෙනි, මිත්රකයෙනි, යනාදීන් ආමන්ත්රරණය කෙරෙද්ද’ එමෙන් කරනලද කුශල් ඇති සත්පුරුෂයන් මෙලොවින් පරලොවට යනකල කුශල් නමැති ඥාතිමිත්ර යෝ සම්පත් නමැති අතින් පිළිගෙන ආදර දක්වා සතුටුවෙති.” ඒ බව දක්වනු පිණිස මේ ගාථා දෙකින් ධර්මනදෙශනා කළසේක.

“ චිරප්පවාසිං පුරිසං දුරතො සොත්ථිමමාගතං, ඤාතිමිත්තා සුභජ්ජා ච අභිනන්ද න්ති ආගතං.

තථෙව කතපුඤ්ඤමපි අසමා ලොකා පරං ගතං, පුඤ්ඤානි පතීගණ්හන්ති පියං ඤාතිංච ආගතං” ති.

යනු හෙයින් “යම් සේ පරදෙශයට ගොස් බොහෝකලක් එහි වැස ලබන ලද ලාභ සත්කාර ඇතිව යම් පුරුෂයෙක් සුවසේ ඒද, ඔහු දැක ‍නෑයෝ ඉදිරියට ගොස් වැළඳීමෙන්ද සිප ගැන්මෙන්ද “ආ බව යහපත’ යනාදීන් ප්රි ය බස් කියා විශෙෂයෙන්ම සතුටු වෙද්ද, එමෙන් දාන ශීලාදී වශයෙන් කරණ ලද කුශල් ඇති සත්පුරුෂයන්ද පරලොව යනකල කුශල් නමැති නෑයෝ


136 සිංහල විමාන වස්තු ප්රීකරණය.

පිළිගන්නාහුය”යි වදාළ සේක. ඒ බණ අසා සතු‍ටුව ප්රී තීන් පිරුනාවූ ශරීර ඇති නන්දිනකයෝ පෙර දවසට වඩා බොහෝ කොට දන්දෙමින් සිල්රකිමින් බොහෝ කුශල් කරන්නාහු වෙළඳාම් පිණිස යනු කැමතිව එක්දවසක් රෙවතිය ළඟට කැඳවා කියන්නාහු “සොඳුර! මා විසින් භික්ෂු සංඝයාට හා දුගි මගි යාචකයන්ට දෙනලද දානය මා සිටිනා සේ අප්ර මාදව පවත්වාලව”යි කීහ. ඒ රෙවතීයද එබසට ‘යහපතැ’යි කීවාය. මෙසේ අවවාද කොට නන්දිීක තෙම වෙළඳාමට ගියේය. හෙතෙම යම් තැනෙක ලැගුම් ගෙන සිටිනේවී නම් භික්ෂුද සංඝයාට හා දුගී මගී යාචකයන්ටද විභවානුරූපව දන්දෙන්නේ රහතුන් වහන්සේලාද ඔහුට අනුකම්පා උපදවා දුරිනුදු අවුත් දන් පිළිගන්නා සේක්මය. රෙවතියද නන්දිටකයන් ගිය කීපදවසක් දානය පවත්වා යාචකයන්ට දෙන දානය නැතිකළාය. භික්ෂූ න් වහන්සේලාටද කාඩි හා නිවුඩු ස‍ාලේ බත් දෙන්නීය. භික්ෂූාන් වහන්සේ වැළඳූ කල්හි තමන් අනුභවකොට ඉතිරි බත්සුලු හා දියමස් ගොඩමස් කැවිලි හා ඇට කටු ආදිය විසුරුවා මිනිසුන්ට දක්වා මෙසේ කියයි. “ශ්රකමණයන්ගේ කටයුතු හැමදෙනාම බලව්. අපි සැදැහැයෙන් දෙනලද දානය මෙසේ වළඳන්ට සුදුසුදැ?”යි කියා සංඝයාගේ නුගුණ මනුෂ්යසයන්ට දක්වන්නීය. වෙළඳාමෙන් ලබන ලද ලාභ සත්කාර ඇතිව එන්නාවූ නන්දි්කයෝ එපවත් අසා නොසතුටු සිත් ඇතිව රෙවතිය ගෙයින් පිටත්කරවා ගෙට වන්නිය. දෙවන දවස් බුදුපාමොක් මහා සංඝයාට දන් දී එතැන් පටන් භික්ෂු්න්ට හා අනාථ යාචකයන්ට නිති දන් පැවැත්වූයේය. නැවත තම‍ාගේ යහලුවන් විසින් යාච්ඤාකොට ගෙට කැඳවාගෙන එන ලද රෙවතියට බත් පිළි පමණක් දී ඉන්ට සැලැස්විය. නන්දිෙකයෝ අප්රමමාදව කුශල් කොට එයින් නොබෝ දවසකින් කාලක්රිසයාකොට තව්තිසා දෙව්ලොව තමන්ට පහළවූ දිව්යම විමානයෙහිම උපන්හ. රෙවති වනාහි නන්දිෙකයන් මළ පසු සියලු දන්වැට නැතිකොට ‘මේ ශ්රලමණයන් නිසා මාගේ ලාභ සත්කාර නැතිවීය’යි සංඝයා කෙරෙහි වෛර බැඳ භික්ෂූ‍න්ට ආක්රොේශ පරිභව බෙණෙමින් ඇවිදිනීය. එකල්හි වෙසවුණු මහ රජ්ජුරුවෝ යක්ෂ්යන් දෙදෙනකු කැඳවා මෙසේ කීහ. “යව තෙපි ගොස් ‘මෙයින් සත්වන දවස ජීවත්ව සිටියදීම රෙවතී නරකයට දමන්නෙමිහ’යි කියා සියලු බරණැස් නුවරට ඇසෙනසේ අඬගසවිය”යි නියෝග කළහ. ඒ යක්ෂයයෝ ගොස්, මෙයින් “සත්වන දවස්හි ජීවත්ව සිටියදිම රෙවතී නරකයට දමන්නනෙමු පාපීවෙවු අසත්පුරුෂවූ රෙවතීට වන්නාවූ අනර්ත්ථරය නුවරවාසීහු




සිංහල විමාන වස්තු ප්රෂකරණය. 137

දැනගෙන මේ රෙවතී මෙන් පව් නොකොට පින් කෙරෙත්වා”යි උද්ඝොෂණය කළාහුය. ඒ හඬ අසා මනුෂ්ය යෝ භයින් තැති ගෙන කටයුතු නොකටයුතු සලකාගෙන නොහී තම තමන්ගේ ඉෂ්ට දෙවතා නමස්කාර කෙරෙමින් වෙවුල වෙවුලා ඒ ඒ අත දිවමින් චඤ්චලව මහත්වූ සංවේගයට පැමිණියාහ. රෙවති වනාහි ප්රා සාදයට නැඟී දොර වසාගෙන හුන්නීය. ඉක්බිති සත්වන දවස් ඇගේ අකුශල කර්ම යා විසින් චොදනා කරනලදුව වෙසවුණු මහ රජහු විසින් අණවා එවන ලද යක්ෂඅයෝ දෙදෙන අඤ්ජනකුට පර්වසතය මෙන් ඉතා නිල්වූ භයානකවූ මහත් ශරීර ඇතිව පර්වෙත විවරයක් මෙන් මහත්වූ මුඛයක් ඇත්තාවූ මැදින් බිඳී අගින් පැතළිවූ මහත්වූ නාසිකා ඇත්තාවූ සලා දිදී ඇවිලෙන ගිනිවැටක් සේ ක්රෑ්රවු තඹ රැවුල් ඇත්තාවූ නිල් මේකුලක්සේ මහත් උදර ඇත්තාවූ තියුණු මුවහත් ඇති කඩුපෙලක් සේ දික්ව රුධිර ධාරාවෙන් ගැවසී ගත්තාවූ රත්වූ නිය පතර ඇත්තාවූ රැලි සහිත පළල් නළල්තල ඇත්තාවූ පිටිතොල මස් කකා මනුෂ්ය්මාංස භක්ෂපණය කොට ලේ පානය කරන්නාවූ භයානක චණ්ඩ පරුෂ ස්වභාව ඇතිව මතු මහල්තලයෙහි උන් රෙවතිය කරා අවුත් මෙසේ කීහ.

“ උට්ඨෙිහි රෙවතෙ සුපාප ධම්මෙ අපාරුතං චරං අදාන සීලෙ, නෙස්සාම තං යත්ථ ථුනන්ති දුග්ගතා සමජ්ජතා නෙරයිකා දුක්ඛෙන.

ඉච්චෙව වත්වාින යමස්ස දූතා තෙ වෙ යක්ඛා ලොහිතක්ඛා බ්රමහන්තා, පච්චෙකබාහාසු ගහෙත්වාාන රෙවතං පක්කාමයුං දෙවගණස්ස සන්තිකෙ” ති.

යනු හෙයින් “එම්බා පවිටුවූ රෙවතිය, මේ ප්රාචසාදය නරක දුකින් ගලවන්ට නොහැකි වන්නේය. හුන් තැන්න් වහා නැගී සිටුව. යම් හෙයකින් ආය්ය්ට නයන් වහන්සේට ආක්රෝශ පරිභව බෙණෙමින් තීගේ දොර සමීපයට ආ යාචකයන්ට ආහාර පානාදී වශයෙන් කිසිවක් නොදී දඬු මුගුරු කැටපහන් ආදියෙන් තලා මරා එලවමින් අනුන්ගේ සම්පත් නොඉවසන සුලුවූ තමාගේ සම්පත් සඟවා මසුරුවූ සඨප්ර්යෝගයෙන් හෝ කෛරාටික ගුණයෙන් යෙදී තුනුරුවන් ගුණ නොසලකා දාන ශීලාදී කිසියම් කුශල කර්මියක් නොකළාද එබඳු ලාමක ස්වභාව ඇති ති වැනි

18


138 සිංහල විමාන වස්තු ප්ර්කරණය.

හීන සත්වායන්ට නරකවල දොර නොවසන ලද්දේය. තී වැන්නන්ට නරකයම වාසස්ථාන වන්නේය. මේ සත්ව ලොකයෙහි දාන පවතීව දන් දෙන්නාවූ සිල්වත් මසුරුනොවන්නාවූ තීගේ ස්වාමිපුත්රසයන් වැනි පින් කළවුන්ටම ස්වර්ග්ලොකයෙහි වාසස්ථාන වන්නේය. එසේ හෙයින් පින්කළවුන්ට ස්වර්ගසයත් පව්කළවුන්ට අපායත් තියනවා විනා මේ ප්රාදසාදය තිට රක්ෂාළ ස්ථානයක් නොවෙයි. මෙහි මොහොතකු නොයිඳ පළා එව. එසේ නොව මෙතැන්හි හිඳිනට නොදෙම්හ වහා නැගී සිටුව”යි කියා වෙන වෙනම අත්දෙක ගසා අල්වාගෙන බරණැස්නුවර මුළුල්ලෙහි, “පව්ගණවුන් ඉදිරි විඳිනා දුක් මෙසේය”යි කියන්නාසේ වීථියෙන් වීථියට නුවර මුළුල්ලෙහි ගල්මුල් ආදියෙහි ඇණ බිමලා ඇද භ්රේමණයකොට උකුස් භවනයෙහි නන්දිදකයන්ගේ විමන්දොර සිටවූහ. එසේ සිටුවන ලද ඒ රෙවතී තොමෝ සූය්ය්ුළුමණ්ඩලය සේ ඉතා ප්රරභාමත්ව බබලන්නාවූ විමානය දැක මෙසේ විචාළිය.

“ ආදිච්චවණ්ණං රුචිරං පභස්සරං ව්ය මහං සුභං කඤ්චනජාලච්ඡන්තං, කස්සෙ තමාකිණ්ණජනං විමානං සුර්යස්ස රංසීරව ජොතමානං.

නාරිගණා චන්දීන සාරලිත්තං උභතො විමානං උපසොභයන්ති, තං දිස්සති සූරිය සමාන වණ්ණං කො මොදති සග්ගප්පත්තො විමානෙ” ති.

යනුහෙයින්, “ආකාශයෙහි දහසක් රැසින් දිළියෙන්නාවූ හිරු විමනක්සේ රන්දැල් වසා නොයෙක් රශ්මිජ්වාල‍ායෙන් හා සප්තවිධ රත්නයෙන් ආකීර්ණපව ජොතිමත්ව බබළන්නාවූ තෙල පෙනෙන විමානය කාගේ විමානයෙක්ද? යෙල යාළක් පමණ සඳුන් සුවඳ විලවුන් ගල්වන ලද ශරීර ඇතිව දිවසළු පැලඳ සත්රුවනින් විසිතුරුවූ සර්වාුභරයෙන් සැරහී මේ විමානය උභයපාර්ශුවයෙහි සත්රුවනින් විසිතුරු චාමර ගෙන දෙපස සලමින් සිටිති. සමහරු ගායනාකෙරෙති. භාවනාව ලීලාවෙන් යුත් නොයෙක් දහස් ගණන් දිව්යාාඞගනාවෝ දෙපස සිට දිව්යර පුත්රලයා සතුටු කරවති, මෙසේ මේ පරිවාර දිව්ය‍ සේනාව මධ්යටයෙහි සූය්ය්ත්ර මණ්ඩලය සේ මේ ප්රාඉසාදයෙහි සුව විඳි



සිංහල විමාන වස්තු ප්රරකරණය. 139

නුයේ කවරෙක්ද; කොයි සිට ස්වගලොකප්රා‍ප්තවූ කෙනෙක් දැ?”යි කියා යක්ෂ යන් අතින් විචාළීය. එසේ විචාරනලද යක්ෂෙයෝ මෙසේ කීහු.

“ බාරාණසියං නන්දිියො නාමාසි උපාසකො අමච්ඡරි දානපතී වදඤ්ඤු තස්්සෙ තමාකිණ්ණජනං විමානං සුරියස්ස රංසිරිව ජොතමානං

නාරිගණා චන්දිසන සාරලිත්තං උභතො විමානං උපසොභයන්ති; තං දිස්සති සුරියසමංනවණ්ණං සො මොදති සග්ගප්පත්තො විමානෙ.

නන්දිදයස්සාහං භරියා ආගාරිනී සබ්බකුලස්ස ඉස්සරා, භත්තු විමානෙ රමිස්සාමි දානහං න පත්ථවයෙ නිරයං දස්සනාය.

එසො තෙ නිරයො සුපාපධම්මෙ පුඤ්ඤං තයා අකතං ජිවලොකෙ, න හි මච්ඡරි රොසකො පාපධම්මො සග්ගුපගානං ලභති සහව්යධතං” ති.

යනුහෙයින්, “මිනිස්ලොව බරණැස්නුවර මසුරුනොව දානපතීව දන් දුන්නාවු බුඬාදී රත්නත්රබයෙහි පහන්සිත් ඇති සිල්වත්වු නන්දිනක නම් උපාසකයෙක් විය. ඕහට දහසක් රැසින් දිළිසෙන හිරුමඬලක් මෙන් බබලන්නාවූ අනල්පවූ දිව්ය්වූ චන්දසන දුඞකුමාදී සාරගඞධයෙන් අඞගරාග ගෙන සිටි දිව්යඅ ස්ත්රීදන්ගෙන් ගැවසීගත් මේ දිව්යදප්රානසාදය පහළවිය: එහි බලන්නවුන්ගේ ඇසට රසාඤ්ජනයක් බදුවූ දිව්යනමය නිලුපුල්පෙති වැනිවූ දිගු පුළුල් සුනිල් නෙතින් හා සියලු අවයව සම්පත්තීන් සැරහුනාවූ භාසකරයාසේ භාවහාව ලීලා විලාශයෙන් යුත් නොයෙක් දහස් ගණන් දිව්යා ඞගනාවෝ සඳුන් විලවුන් ගෙන ඔහුපිරිවරා සිටිති. මෙසේ දෙපස සෑදීසිටි දිවපිරිස් මැද සූය්ය්් යාසේ බබලන්නාවූ තෙල පෙනෙන්නාවූ දිව්යිපුත්රූයා නම් නන්දි ක උපාසකයාය”යි කීවාහුය. එබස් අසා රෙවතිය කියන්නී, “එසේවී නම්, පින්වත්නි, මම ඒ නන්දිබකයන්ගේ ගෙයි එක්ව ඉසුරු විඳි ස්ත්රි,යක්මි. ඒ නන්දිකයෝ මාගේ ශ්වාමි පුත්රනයාය. එසේහෙයින් මාගේ ස්වාමියා‍ගේ විමන්හි සිත් අල 140 සිංහල විමාන වස්තු ප්රයකරණය.

වමි. දැන් මම නරකය දක්නට පැසෙන්නටද නොකමැත්තෙමිය”යි කීවාය. එසේ කී රෙවතියට යක්ෂ්යෝ කියන්නාහු, “එම්බල, රෙවතිය තීගේ ප්රාකර්ත්ථ්නාවෙන් කම් නැත. නන්දිතක දිව්යය පුත්රසයාගේ සිත් කලුවූ නිර්මයලවූ කිසිකලෙකත් තී කරා නොපැමිණෙන්නාවූ ස්වභාව ඇති මේ රත්නප්රාොසාදය තී කුමක් පිණිස ප්රාාර්ත්ථූනාකෙරේද? එසේ නොපතව. ති නරකයට යනු කැමති වේයයි නොකමැතිවේයයි තීගේ පැතීමෙන් ප්ර‍යෝජන නැතැ”යි කියා සංසවක නම් තිරය සමීපයට ගෙනගොස් සිටුවා කියන්නාහු, “රෙවතිය,තී විසින් මනුෂ්යර ලොකයෙහිදී ස්වල්ප මාත්රාවූද කුශල කර්ම්මයක් නොකරන ලද්දේය. එසේ පින් නොකරන තමාගේ සම්පත් සඟවන සුලුවූ මසුරු මලයෙන් යුක්තවූ අනුන් කෙරෙහි වෙෂ ඉපදවීමෙන් හා තමාගේ සිත හටගත් ලොභාදී පාපධර්මෙයන් හා ලාමක ස්වභාව ඇති තී වැනි සත්වපයෝ වනාහි කුශල් කොට දිව්ය්ලොකයෙහි මහත් දිවසුරු විඳිනා දෙවියන් හා සමග වාසයකරන්ට නොලැබෙ”යි කියා නැවත, “තී බොහෝ කලක් මහදුක් විඳීමට වාසස්ථානයවු මේ සංසවක නම් නරකයෙහි පැසීමට නියත වන්නීය”යි කියා ඒ යක්ෂ්යෝ දෙදෙන එතැන්හිම අන්තර්ධාසනවූවාහුය. එදවස් යමපල්හු දෙදෙනෙක් අවුත් ඒ සංසවක නම් ගුථ නරකයෙහි ලන පිණිස අදනාකල්හි ඒ රෙවතිය යමපලුන් අතින් මෙසේ විචාළීය.

“ කින්නු ගුථඤ්ච මුත්තඤ්ච අසුචි පතිදිස්සති, දුග්ගන්ධංථ කිමිදං මීළහං කිමෙත උපවායතී” ති.

යනුහෙයින්, “ආහාර මලයෙන් හා මුත්රා දියෙන්ද ඔරු නැවූ සා මහත් පණුවන් විසින් ගැවසී ගත්තාවූ නාසිකාව පැළී යනතරම් දුර්ගාන්ධු ඇති මේ මහත් අසූචි වළක් දක්නා ලැබෙයි. මෙසේ දුර්ගන්ධු හමන්නාවූ අසුචි වළ කිමෙක්දැ?”යි විචාළීය. එසේ විචාළ රෙවතියට යමපල්ලු නරකයේ නමද දිග පුළුල හා ආයුෂයද ප්රබකාශකොට කියන්නාහු,

“ එය සංසවකො නාම ගම්භිරො සතපොරිසො, යත්ථඑ වස්සසහස්සානි තුවා පච්චසි රෙවතෙ”ති

යනුහෙයින්, “මේ සංසවක නම් නරකය සියක් යොදුන් පමණ උසවන්නේය. සියක් යොදුන් වට ඇති සියක් යොදුන් තැත උන්නවුන් ඉස් පැළීයන පමණ දුර්ගන්ධහ ඇති කකියනලද ගුථනරකයෙහි හුනුසත්වවයා සුවිමුඛවූ ලොහොතුඬු වැනි තුඩු ඇති ඔරු තාවු පමණ පණුවෝ ව‍ටලාගෙන හාත්පසින් සිවි සිඳ මස්


සිංහල විමාන වස්තු ප්රවකරණය. 141

සිඳ නහර සිඳ ඇට සිඳ මස් ලිය ලියා කමින් සකල ශරීරය ගුල්ලන් විසින් විදිනලද දණ්ඩක් පරිද්දෙන් සිදුරුකොට ඈට මුල් කති. මිනිස්ලොව ආයුගණනින් තුන්කෙළ සැට ලක්ෂනයක් අවුරුදු මේ නරකයෙහි එක් දවසෙක් වෙයි. ඒ නිසා දවසින් තිස්දවස් මස්කොට දොළොස්මස් අවුරුදුකොට ඒ අවුරුද්දෙන් මේ නරකයෙහි දහසක් අවුරුදු ආයු වන්නේය. එම්බා රෙවතිය, තී ඒ නරකයෙහි නොයෙක් දහස් ගණන් අවුරුදු පැසෙන්නීය” යි තමන් ඒ නරකයෙහි උපදනට හෙතුවූ අකුසල කර්මනය විචාරන්නී මෙසේ විචාළීය.

“ කින්නූ කායෙන වාචායා මනසා දුක්කතං කතං, කෙන සංසවකො සද්ධො ගම්භීරො සතපොරිසො” ති.

යනුහෙයින්, “පින්වත්නි, කයින්ද වචසින්ද මනසින්දැයි යන මේ ත්රිිවිධ දුශ්චරිතයන් අතුරෙන් කවර නම් අකුශල කර්මවයක් හෙතුකොටගෙන සියක් පුරුෂ ප්රොමාණ ගැඹුරුවූ සංසවක නම් අසූචි නරකයමා විසින් ලබන ලද්දේද? කවර අකුශලයකින් මේ නරකයෙහි උපදීම්දැ?”යි විචාළීය. එකල්හි යම්පල්හු ඒ අකුශල කර්මනය, ප්ර කාශකොට කියන්නාහු,

“ සමණෙ බ්රා්හ්මණෙ වාපි අඤ්ඤෙ වාපි වණිබ්බකෙ, මුසාවාදෙන වඤ්චෙසි තං පාපං පකතං තයා”ති.

යනුහෙයින්, “රෙවතීය, තී යම් ද්වෙෂ මොහයක් කරණකොටගෙන සන්සිඳුවනලද පාපයන් ඇතිහෙයින් ශ්රයමණ නම් වූ ද බාහිතකිරීම් වශයෙන් නසනලද ලොභාදි ධර්ම්යන් ඇතිහෙයින් බ්රා හ්මණ නම් වූ ද එයින් අන්ය වු අනාථයන්ද යන මේ හැමදෙනාම බොරුවෙන් රවටා වඤ්චාකෙළේද, තී විසින් එබඳු පවිටුකමක් කරණලද්දේය. එහෙයින් මේ සත්වළලොකයෙහි යම් කිසිවෙක් කායාදී ‍ද්වාත්රොයෙන් ප්රාවණඝාතාදී අකුසල් කෙළේවීනම්‍ ‍මෙබඳු මහත් දුකට පැමිණෙන්නේය. තිද කායාදී ද්වාත්රපයෙන් මහත් අකුසල් කළාය. එසේ හෙයින් මේ නරකයෙහි පැසෙන්නෙහිය”යි එහි පැසෙන්නට හෙතුවූ අකුශලකර්ම මය ප්ර්කාශ කොට කියා නැවත කියන්නාහු,

“ තෙන සංසවකො ලද්ධො ගම්භීරො සාතපොරිසො, තත්ථත වස්සසහස්සානි තුවා පච්චසි රෙවතෙ” ති.

යම් අකුශල කර්මවයකින් ගැඹුරෙන් සියක් පුරුෂයන් උස ඇති දහසක් අවුරුද්දට ආයු ඇති නීරන්තරයෙන් ගුථ මුත්රා්දි


142 සිංහල විමාන වස්තු ප්රයකරණය.

යෙන් අසූචි වහනය වන හෙයින් සංසවක නම් වූ නරකයෙක් ඇද්ද, ඒ නරකයෙහි අකුශලකර්මි බලයෙන් රෙවතිය, තී පැසෙන්නෙහිය” යි කියන්නාහු මේ මතු කියන ගාථාවෙන් මෙසේ කීහ.

“ හත්ථෙයපි ජින්දකන්ති අථොපි පාදෙ කණ්ණෙපි ජින්දාන්ති අථොපි නාසං, අථොපි කාකොළගණා සමෙච්ච සංගම්ම ඛාදන්ති වීථන්දනමානං”ති.

යනාදීන් කියන්නාහු, “රෙවතිය, තී වනාහි තුන් ගවු උස ඇති ශරීරයෙන් මේ නරකයෙහි නොයෙක් දහස්ගණන් අවුරුදු පැසෙන්නෙහිය. තී විසින් කරනලද අකුශල කර්ම්ය යම් පමණ කාලයක් නොගෙවේද එපමණකල් පැසී මහ දුක් විඳිනාවූ තීගේ අත් පා කන් නාසා අඟ පසඟ තියුණු මුවහත් ඇති හස්ති තොමර මුද්ගරාදී නානාප්රතකාර ආයුධ ගෙන කපති, පළති, ඉරති, තළති. නැවත කැපූ කැපූ තන්හි මස් හටගන්නේය. තවද තිගේ තුන් ගවුදිග ශරීරයෙහි නොයෙක් දහස් ගණන් කවුඩෝ තල්කඳ සා ගිනිගෙන දිළිසෙන අයොමය තුඩින් මස් විද විද ඉරා කති. නැවත කර්ම බලයෙන් කෑ තැන් මස් පිරෙයි” යනාදීන් එහි දුක් කම්කටුල් ඒ යම පලුන් දෙදෙනා විසින් කී කල්හි; ඒ රෙවතිය “මිනිස්ලොවට කුශල් කරනු පිණිස යෙමියි” යාච්ඤාකරන්නී මෙසේ කියා ඇඬූහ,

“ සාධු ඛො මං පටින්ථෙ කාහාමි කුසලං බහුං, දානෙන සමචරියාය සඤ්ඤමෙන දමෙන ච, යං කත්වාච සුඛිතා හොන්ති න ච පච්ඡානුතප්පරෙ”ති.

යනුහෙයින්, “සත්වනයෝ යම් කුශලයෙක් කොට නිවන් දැකීමෙන් සුවපත් වෙද්ද, එබඳුවූ දාන ශීලාදී කුශල් කෙරෙමී; මිනීස් ලොවට හැරිය මැනව” යි කීහ. එකල්හි නීරයපාල‍යෝ මෙසේ කීවහුය.

“ පුරෙ තුවං පමජ්ජිත්වාඑ ඉදානි පරිදෙවසි, සයං කතානං කම්මානං විපාකං අනුභොස්සසී” ති.

“රෙවතිය, තී පෙර කුසල් නොකොට ප්ර මාද විහාරීව දැන් කුමක් පිණිස හඬන්නෙහිද? තී විසින් කළාවූ අකුශල කර්ම ය තීම විඳුව”යි කියා,


සිංහල විමාන වස්තු ප්රශකරණය. 143

ඉච්චෙවං විප්පලපන්තිං එන්දසමානං තතො තතො ඛ්පුංසු නිරයෙ ඝොරෙ උද්ධපාදං අවං සිරං” ති.

නොයෙක් විලාප කිය කියා ඔබිනොබ වැටෙමින් අඬන්නා වූ රෙවතියගේ දෙකකුල ගසා අල්වා ඌධර්ව පාදව අධොශිෂී කොට කප් ගින්නක් මෙන් නිරන්ත‍රයෙන් සලා ගුගුරා දශදිග දිවන ගිනි සිලු ඇති සංසවක නම් ගුථ නරකයෙහි හෙලූහ. ඉක්බිති භික්ෂූනන් වහන්සේ රෙවතී යක්ෂථයන් ගෙනගිය බව බුදුරජාණන් වහන්සේට දැන්වූ සේක. බුදුරජාණන් වහන්සේ “එම්බා මහණෙන්, ඒ රෙවතිය වෙසවුණු මහ රජුගෙන් නියෝග ලත් යක්ෂේයන් දෙදෙනෙක් අවුත් අල්වාගෙන ඒ අසා මහත් බරණැස් නුවර වීථියෙන් වීථියෙහි ඇදගෙන ගොස් තව්තිසා දෙව්ලොව නන්දිතකයන්ගේ විමානය දක්වා සංසවක නම් ගුථ නරකය සමීපයට ගෙන ගොස් සිටුවා අන්තර්ධානන වූහ. ඒ නරකයෙහි වසන යමපල්හු දෙදෙනෙක් අවුත් අල්වාගෙන ගොස් නරකයට දැමූහ”යි මෙසේ මේ ප්ර වෘත්තිය විස්තර වශයෙන් වදාරා මත්තෙහි චතුස්සත්යේය ප්රේකාශකොට බණ වදාළ සේක. ඒ දේශනාවශානයෙහි බොහෝදෙනා සෝවාන් සකෘදාගාමි, අනාගාමි, අභිත් යන සතර මග සතර ඵලයට පැමිණියාහුය.

මේ විමාන වස්තු ප්රාකරණයෙහි මහාරථ වර්ගවයෙහී රෙවතී විමාන වස්තු වර්ණ නාව කියා නිමවන ලදී.


ඡත්ර මානවක විමාන වස්තුව.

තවද මේ විමාන වස්තු ප්රමකරණයෙහි පස්වැනි වූ මහාරථ වර්ගයයෙහි තෙවැනි වූ ඡත්ර් මානවක විමාන වස්තුව නම් කවරැයත්:—

භාග්යිවත් බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර වැඩවසන සමයෙහි සෙතව්ය නුවර ඡත්රා නම් බමුණු කුමාරයෙක් උක්කට්ඨා නුවර පොක්ඛරසාති නම් බ්රා‍හ්මණයා කරා ගොස් ශිල්ප ඉගෙන නිමවා නැවත සෙතව්ය නුවරට ගොස් මවුපියන්ට එපවත් කියා ගුරු පඬුරු පිණිස කහවණු දහසක් ගෙන උක්කට්ඨා නුවර පොක්ඛරසාති නම් බමුණා කරා යමින් සිටියේය. එසමයෙහි බුදු රජාණෝ එදවස් අළුයම් වේලෙහි ඡත්රක මාණවකයා දැක වදාරා


144 සිංහල විමාන වස්තු ප්රාකරණය.

ඒ මාර්ගායෙහි රුකක් මුල වැඩහුන් සේක. ඡත්රක මාණවකයා මග යමින් සිට බුදුන් දැක සමීපයට ගොස් බුදුන්ගෙන් බණ අසා සරණ සීලයෙහි පිහිටා තුනුරුවන් සිහිකෙරෙමින් ඒ මගට බැස යන කල සොරු දැක විද මැරූහ. ඒ කුමාරයා කාලක්රිෙයාකොට තම්තිසා දෙව්ලොව තිස් යොදුන් රන්විමනෙක උපන්නේය. කුමාරයා මළ පවතු අසා මව්පියන් හා සෙතව්යව නුවර වාසීහුද රැස්ව මහත් සමාගමෙක් විය. බුදුරජාණෝද ඒ ස්ථානයට වැඩි සේක. එකල්හි ඡත්රි නම් දිව්යෙපුත්රායා විමානය හා සමග දෙව් ලොවින් අවුත් බුදුන් වැඳ එකත්පස්ව සිටියේය. බුදුරජාණෝ දිව්යහපුත්රියාට හා සම්ප්රාඑප්ත පිරිසට බණ වදාළ සේක. ඒ බණ අසා බොහෝ සත්ව්යෝ සතර මග සතර ඵලයට පැමිණියාහ. බුදුරජාණෝ දිව්යාපුත්රායාට හා සම්ප්‍රාප්ත පිරිසට බණ වදාළ සේක. ඒ බණ අසා බොහෝ සත්වයයෝ සතර මග සතර ඵලයට පැමිණියාහ. බුදුරජාණෝ ජෙතවනාරාමයට වැඩ ඡත්ර‍ නම් දිව්යඵ පුත්ර යාගේ විමානය වර්ණානාකොට සම්ප්රාොප්ත පිරිසට බණ වදාළ සේක. ඒ දෙශනාව බොහෝ දෙනාට සාර්ත්ථ්ක විය. මෙහි විස්තර ශීල පරිච්ඡෙදයෙන් අසා දතයුතු.

මේ විමාන වස්තු ප්රතකරණයෙහි මහාරථ වර්ග්යෙහි ඡත්රි මාණවක විමාන වස්තු වර්ණ නාව සංක්ෂෙපයෙන් කියා නිමවන ලදී.


කකිකටකරස දායක විමාන වස්තුව.

තවද මේ විමාන වස්තු ප්ර කරණයෙහි පස්වැනි වූ මහාරථ වර්ගෙයෙහි සතරවැන් කකිකටකරස දායක විමාන වස්තුව නම් කවරැයත්:—

සර්වැලොකෛකනාථවූ භාග්යාවත් බුදුරජාණන් වහන්සේ එක් සමයෙක්හි රජගහ නුවර වෙළුවනාරාමයෙහි වැඩ ‍වසන සේක. එසමයෙහි ශ්රසද්ධාවෙන් පැවිදිව නිවන් පිණිස මෙහෙයන ලද සිත් ඇති ආරද්ධ විපස්සකවූ භික්ෂුහ කෙ‍නකුන් වහන්සේ බුදුන් කෙරෙන් කර්මධස්ථාන ගෙන වීය්ය්ු කකරණ සේක් කර්ණදයෙහි පහරණ ලද රුජාවකින් පෙළෙන ලද ශරීර ඇතිව සිත එකගකොට ගත නොහැක්කාවූ කෙලෙසුන් තුනීකිරීමට සුදුසු නොවන්නාවූ කයක් ඇති බැවින් විදර්ශ නා භාවනා කිරීමට උත්සාහ කරන්ට නොහැකිවන සේක. වෙදවරුන් විසිනුදු විධි වූ පරිද්දෙන් බෙහෙත් කොටත් ඒ රොගය ඵාසු නොවූයේය. එබැවින් ඒ භික්ෂූබන් වහන්සේ බුදුන්ට එපවත් කියන සේක්, “ස්වාමීනි, මාගේ

සිංහල විමාන වස්තු ප්රෙකරණය. 145

කණැ හටගත් රොගය නිසා කර්මවස්ථානයන් සිහිනොහැර සිත එකඟකොටගත නොහෙමි’ කීසේක. එකල්හි බුදුරජාණන්වහන්සේ උන්වහන්සේගේ හෙතු සම්පත් ඇති නියාවත් රොගය නිසා අධිගමයට අන්තරාය වන නියාවත් කකීටකරස භොජනයෙන් කර්ණාරොගය හා ක්ලෙශ රොගය සන්සි‍ඳෙන නියාවත් සර්විඥතා ඥානයෙන් දැක වදාරා කුකුළුරස භොජනය සැපයයි කියා දැන කැප වශයෙන් මේ භොජනය කෙසේ ලැබේදැයි සිතා එක්තරා කෙත් පාලකයෙක් කුකුළු රස පිසන්නා දැක ඒ කෙත් පාලකයාට වන වැඩත් දැක උන්වහන්සේට වදාරණ සේක්, “මහණ තෝ මගධ ක්ෂෙඩත්රයයට පිඬු පිණිස යව”යි වදාළ සේක. බොහෝකල් දක්නාලද බුදුරජාණන් වහන්සේ විසින් මතුවන වැඩ දක්නා ලදැයි සිතා යහපතැයි කියා බුදුන් වදාළ වචනය මුදුනෙන් පිළිගෙන බුදුන් වැඳ අවසර ගෙන කයින් සිවුර හා අතින් පාත්රනය ගෙන මගධ රට කෙතට වැඩ නාමගොත්රවයෙන් අප්රරසිඬවූ එක් තරා කෙත් පාලකයෙකුගේ දොර සමීපයෙහි වැඩසිටි සේක. එකල කෙත් පාලකයා දැක කකීටක රස හා බත් පිස, “මඳක් කල් යවා බත් අනුභව කෙරෙමි”යි සිතා හුන්නේ ඒ තෙරුන් වහන්සේ දැක සතුටුව පාත්රකය ගෙන ඔවුන්ගේ වාසභවනයෙහි ආසනයක් පණවා පැණවූ ආසනයෙහි තෙරුන් වහන්සේ වඩා හිඳුවා කකුළු රස ‍භොජනය පිළිගැන්වීය. තෙරුන් වහන්සේ ඒ භොජනය මඳක් වැළඳු කෙණෙහි පහකරණ ලද රුජාව සන්සිඳී ග්රී ෂ්ම කාලයෙහි පැන් කල සියයක් වත්කළා සේ ශරීරය සිහිල් වුයේය. තෙරුන් වහන්සේ කයට සැප ආහාර ලැබීමෙන් චිත්ත පහසුව ලැබ විදර්ශේනා වශයෙන් සිත නිර්වා ණයට යොමුකොට නමන්නේය. භොජනය වළඳා නීමවන්ට පළමුවෙන් ආශ්රතවක්ෂ යකරාභිඥානයෙන් නිරවශෙෂකොට සකල ‍ක්ලෙශ‍යන් නසා රහත්ඵලයෙහි පිහිටා කෙත්පාලකයාට මෙසේ වදාළසේක “එම්බා උපාසකය, තාගේ පිණ්ඩපාත දානයෙන් මාගේ රොගය සන්සිඳී කයත් සිතත් යහපත්වීය. තොපදමේ කුශලකර්මාඵලයෙන් හෙවත් මේ කුශලය හේතුකොටගෙන පහවූ කායචිත්ත රොග ඇතිව නිදුක් නිරොගි වෙව”යි කියා අනුමෙවෙනි බණ වදාරා වැඩිසේක. කෙත රක්නා තැනැත්තේ එයින් පසු නොබෝකලකින් කාලක්රිියාකොට හාත්පසින් උස්ව නැංගාවූ උතුම්වු පද්මරාග මාණික්යලමය ටැම් ඇත්තාවූ ස්වර්ණගණ වර්ණපණමයවූ සත්සියයක් කූටාගාරයෙන් ප්ර්තිමණ්ඩිතවූ වෛදුය්ය් උමාණික්ය‍මය ගබඩා ඇති දොළොස් යොදුන් දිව්ය් විමානයෙක මැණික්මය ගෙයක උපන්නේය. ඔහු විසින් පූර්වොජාතියෙහි රැස්කරනලද කුශල කර්මමය ප්රේකාශකරණු පිණිස කුශල

19



146 සිංහල විමාන වස්තු ප්ර්කරණය.

කර්මනයෙන් නිරාමිතවූ මුතු සාල්ලෙක රන්වන් කකුළුවෙක් එලී සිටියේය. එසමයෙහි ආයුෂ්මත් වූ මුගලන් මහතෙරුන්වහන්සේ යට කියණලද ක්රයමයෙන් දෙවචාරිකාවෙන් වඩනාසේක් තුන් ගවු උස දිව්යා‍ත්ම භාවයක් ඇතිව සර්වාුභරණයෙන් සැරහී දහසක් දිවස්ත්රීගන් පිරිවරා හිරුසඳුසේ මහත්වූ දිව්යස ඍද්ධියෙන් දිළිසෙන්නාවූ දිව්ය්පුත්රනයා දැක පූර්වේජාතියෙහි කළාවූ කුශල කර්මයය ප්රිකාශකරවනු කැමතිව මේ ගාථාවන්ගෙන් විචාළසේක.

“ උච්චමිදං මණිථුණං විමානං සමන්තතො වාදසයොජනාති, කූටාගාරා සත්තසතා උළාරා, වෙළුරියත්ථතමහා රුචකත්ථ, තා සුභා

තත්ථරච්ඡසි පිවසි ඛාදසී ච දිබ්බා ච වීණා පවදන්ති වග්ගු, දිබ්බා රසා කාමගුණෙත්ථ පඤ්ච නාරියො ච නච්චන්ති සුවණ්ණචත්තා -පෙ-

යනුහෙයින්, “හාත්පසින් උස්ව නැංගාවූ පද්මරාග මිණිමය ටැම් ඇත්තාවූ උදාරතර විපුලවූ සත්සියයක් පමණ ස්වර්ණාමයවූ කූටාගාරයෙන් ප්රතතිමණ්ඩිතවූ වෛදූය්ය් පම මිණිමය ගබඩාවෙන් උප සොභිතවූ දොළොස්යොදුන් පමණ මහත්වූ දිව්යෛ විමානයක් හා ඒ විමානයෙහි වෛදූය්ය් සො මිණිමය ගබඩාවෙහි රන් පුවරු මත්තෙහි සදා තිබෙන්නාවූ දිව්යප රස භොජනයෙන් හා සියුම් මොලේක් සුවපහස් ඇති ආසතරණ අතුට සුවඳ මලින් සරහා තිබෙන්නාවු ශ්රීු යහනින් හා ස්වර්ණාඳභරණාදී නොයෙක් අලඞකාරයෙන් සැරහ ශ්රෙවණීයවූ මධුර නාද පවත්වා බෙර වීණා වාද්‍යාදියෙන් ගායනා කෙරෙමින් නටන්නාවූ නටනාටකාදීන් හා රූපශබ්දාදි පඤ්චකාම සම්පත්තියෙන් අඩුවක් නැත්තාවූ මෙබඳුවූ දිව්ය් සම්පත්තියක් ලැබීමට තා විසින් පූර්ව්ජාතියෙහි කරණලද කුශලය කවරේදැ”යි විචාරා වදාළසේක. මෙසේ මුගලන් මහතෙරුන් වහන්සේ විසින් විචාරණලද පැනය විසඳන්නාවූ දිව්යිපුත්ර්තෙම මෙසේ කීයේය.

“ සතිං සමුප්පාදකරො ද්වාරෙ කක්කටකො ඨිනො, තිට්ඨිතො ජාතරූපස්ස සොහතී දසපාදකො.

යනුහෙයින් ඝණරණින් නිමයාවූ රන්කඩක් වැනිවූ කයක් ඇත්තාවූ එකෙකි පාර්ශිවයෙක්හි පස් පස් පයක් බැගින් දෙපස දශස්රඑයක් ඇත්තාවූ රන්වන් කකුළුවෙක් මා‍ෙග් මිමන් දොර සාල් සිංහල විමාන වස්තු ප්රාකරණය. 147

ලෙහි සොභාවත්ව එලී සිටිනාලෙස දැක වදාළසේක් වීනම් ඒ රන්වන් කකුළුවා පූර්ව ජාතියෙහි කුකුළුමස් රස දන්දී මේ දිව්යු සම්පත් ලත් බව සිහිකොට බොහෝ දෙනාට කුශලකර්මෙය ප්රසකාශ කරවනු පිණිස පහළව සිටින්නේයයි නුඹවහන්සේ සිතා වදාරන සේක්මය. එබැවින් ස්වාමීනි, මා කියන්නේ කිමෙක්ද? මා කියන්නේනම් මේ කකුළුවාගෙන් ප්රියෝජන කවරේද? මේ සලකණෙන් කුකුළුමස් දුන් කුශල කර්මාය හෙතුකොටගෙන මේ දිව ඉසුරු ලද්දේයයි කියා දැන් වදාළ මැනව”යි කීයේය. එකල්හි තෙරුන්වහන්සේ පිරිවර සහිතවූ ඒ දිව්යමපුත්ර යාට බණ වදාරා මිනිස්ලොවට වැඩ බුදුරජාණන් වහන්සේට එපවත් සැලකළ සේක. බුදුරජාණන් වහන්සේ එම අර්ත්ථොාත්පත්තිකොටගෙන එතැන්හි පැමිණි පිරිසට බණ වදාළසේක. ඒ දෙශනාව බොහෝදෙනාට ප්රපයෝජන විය.

මේ විමාන වස්තු ප්ර්කරණයෙහි මහාරථ වර්ගියෙහි කකීටක රසදායක විමාන වස්තු වර්ණෙනාව කියා නිමවනලදී.

ද්වාරපාලක විමාන වස්තුව.

තවද මේ විමාන වස්තු ප්රවකරණයෙහි පස්වන මහාරථ වර්ගයයෙහි පස්වන ද්වාරපාලක විමාන වස්තුව නම් කවරැයත්:—

සර්වමධර්මියන් සර්වාහකාරයෙන් දත්තාවූ සර්වෙඥයන් වහන්සේ එක් සමයෙක්හි රජගහානුවර වැඩවසනසේක. එසමයෙහි රජගහානුවර එක්තරා උපාසකයෙක් නිරන්තරයෙන් සංඝයාට බත් සතරක් දෙන්නේය. ඒ උපාසකයාගේ ගෙය කෙළවර පිහිටි මහදොර ඇතුළට සොරු වදනාහෙයින් උන් වළක්වන පිණිස බොහෝසෙයින්ම ඒ දොර වසනලද්දේ වෙයි. භික්ෂුනහු ඔහුගේ දානය පිණිස දොර සමීපයට වැඩ දොර වසනලද හෙයින් සමහර දවසක බත් නොලැබ ආපසු වඩනාහුය. උපාසකයා අවුත් භාය්යා් නොවට කියන්නේ “කිමෙක්ද, භද්රාපව, තී විසින් අපගේ ස්වාමීන්වහන්සේලාට සකස්කොට බත් දෙනලදදැ”යි විචාළේය. එබසට ඒ ස්ත්රී් කියන්නී, “එදවස්වල සඞඝයාවහන්සේ වැඩියේ නැතැ”යි කීවාය. එකල්හි නොවඩින්ට කාරණා කවරේදැ?” යි විචාළේය. එබසට ඒ ස්ත්රී් කියන්නී, “ගෙය කෙළවර දොර වසන ලද හෙයිතැයි සිතමි” යි කීවාය. උපාසකතෙම එබස් අසා මහත් සංවෙගයට පැමිණ ‘ද්වාරපාලයක මා විසින් සෑදුව මැනව’ යි සිතා එක්තරා පුරුෂයකු කැඳවා, “අද පටන් තෝ මේ දොර රක්ෂා කරමින් හිඳයම් වේලක සඞඝයාවහන්සේ වැඩිසේක්වීනම් උන් වහන්සේලා ඇතුළු ගෙට වඩා පාත්රව ගෙන ආසනයෙහි වඩා හිඳුවා 148 සිංහල විමාන වස්තු ප්රිකරණය.

කළමනා කටයුතු සියල්ලම තෝ ම කරව”යි කියා එක්තරා පුරුෂයකු දොර රක්ෂා වට තුබූයේය. ඒ වාරපාලයාද ‘යහපතැයි කියා එතැන් පටන් එසේම කෙරෙමින් භික්ෂූටන් සමීපයෙහිදී බණ අසා උපදනාලද ශ්රාඬාව ඇතිව කර්මපඵල අදහා සරණයෙහිද ශීලයෙහිද පිහිටියේය. භික්ෂු සංඝයාටද සකස්කොට උපස්ථාන කෙළේය. ඉක්බිති නිරන්තරයෙන් බත් සතරක් දී සංධයාට උපස්ථාන කළාවූ උපාසකයා මෑත භාගයෙක්හි කාලක්රි යා කොට යාමනම් දිව්යාලොකයෙහි උපන්නේය. ද්වාරපාලකවනාහි කාලක්රියයාකොට අනුන්ගේ දානයෙහි සකසා වතාවත් කිරීම් වශයෙන් කරනලද කුශලයෙන් හා අනුන් කුශලය අනුමෝදන්වූ කුශලයෙන්ද තවුතිසා දිව්යයලොකයෙන් දොළොස් යොදුන් රන් විමනෙක උපන්නේය. එසමයෙහි ආයුෂ්මත්වූ මුගලන් මහතෙරුන් වහන්සේ දෙවචාරිකාවෙන් වඩින්නාසේක් ඒ දිව්යමපුත්රමයා දැක මෙසේ විචාළසේක.

“ උච්චමිදං මණිථූණං විමානං සමන්තතො ද්වාදසයොජනානි; කූටාගාරා සත්තසතා උළාරා - වෙළුරියත්ථතමහා රුචකත්ථ තා සුභා”-පෙ-

යනුහෙයින්; ස්වර්ණුකකීටක විමානයෙහි කියනලද ක්රතමයෙන්, “එම්බා දිව්යයපුත්රාය, තෝ මේ දොළොස් යොදුන් රන් විමානය ඇතුලුවූ දිව්යඅ සම්පත් ලැබීමට කරණලද කුශලය කවරේදැ?”යි විචාළසේක. එකල්හි කුශලකර්මුය ප්රීකාශකොට දක්වන්නාවූ දිව්යේපුත්ර්තෙම මෙසේ කීයේය.

“ දිබ්බං මමං වස්ස සහස්සමායු වාවාභිගීතං මනසා පවත්තිතං එත්තාවතා ඨස්සති පුඤ්ඤකම්මො දිබ්බෙහි කාමෙහි සමඞගිභූතො” -පෙ-

යනුහෙයින්, “ස්වාමීනි මම යටගිය දවස එක්තරා ද්වාරපාලයෙක් වීමි. එසමයෙහි දොර සමීපයට වැඩියාවූ මහසංඝයා දැක ‘මේ බුඬපුත්ර වූ මහසඞඝයාවහන්සේ අති පවිත්රාවූ ශීලාචාර ගුණ ඇත්තාහ’ යනාදීන් ගුණ සිහිකොට ප්රසසන්නවූ සිත් ඇතිව නමස්කාරකොට “ස්වාමීනි, මෙසේ වැඩිය මැනව’යි කියා එක්තරා උපාසකයකුගේ ඇතුළුගෙට වඩා, “මෙහි ආසන පනවන ලද්දේය. වැඩහුන මැනව’යි කියා වඩා හිඳුවා, ස්වාමීනි, ශරීරයෙහි ඵාසු අඵාසු කවරේද? වෙහෙර සුවසේ විසූසේක්ද?, යනාදීන් ආචාර සමාචාර වශයෙන් පිළිසඳර කථාමාත්රතයක් පමණ

සිංහල විමාන වස්තු ප්රණකරණය. 149

කෙළෙමි. මෙපමණක්ම කුශලයක් කෙළෙමි. මෙපමණෙක් විනා මා සතු දෙයින් යම්කිසි දාන වස්තුවක් දෙන ලද්දේත් නොවෙයි. ආචාර සමාචාර කුශලමාත්ර්යක් පමණ හෙතුකොට ගෙන මේ දිවඉසුරු ලැබ මිනිස්ලොව ගණනින් තුන්ගෙළ කෙරෙමි”යි කීයේය. එකල්හි මහතෙරහු ඕහට බණ වදාරා මිනිස්ලොවට වැඩ බුදුන්ට එපවත් දැන්වූසේක. බුදුරජාණන් වහන්සේ එම අර්ත්ථොොත්පත්තිකොට ගෙන සම්ප්රාේප්ත පිරිසට බණ වදාළසේක. ඒ ධර්ම්දෙශනාව බොහෝදෙනාට සාර්ත්ථඉකවිය.

මේ විමාන වස්තු ප්රවකරණයෙහි පස්වන මහාරථ වර්ග යෙහි පස්වැනි වූ ද්වාරපලක විමාන වස්තු වර්ණවනාව කියා නිමවන ලදී


කරණීය විමාන වස්තුව

තවද මේ විමාන වස්තු ප්රමකරණයෙහි පස්වැනි වූ මහාරථවර්ගයයෙහි සවැනිව පැනෙන පළමුවන කරණීය විමාන වස්තුව නම් කවරැයත්:—

ලොකදිවාකරවූ භාග්යවවතා බුදුරජාණන් වහන්සේ එක් සමයෙක්හි සැවැත්නුවර ජෙතවනාරාමයෙහි වැඩවාසයකර වදාරනසේක. එසමයෙහි වනාහි සැවැත්නුවර වාසීවූ එක්ත‍රා උපාසකයෙක් තෙමේ නහන උපකරණ ගෙන අචිරවතී නම් ගංගාවට ගොස් නාපියා එනුයේ බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර පිඬු පිණිස හැසිරෙන බව දැක උන්වහන්සේ කරා එළැඹ වැඳ මෙසේ සැළකෙළේය. කෙසේද:- “ස්වාමීනි, භාග්යනවතුන් වහන්ස, කිසිවෙකුගේ ආරාධනාවත් අද පිළිගෙන වදාරනලද දැ”? යි විචාළේය. එකල බුදුරජාණන් වහන්සේ තුෂ්ණිම්භාවයෙන් වැඩසිටිසේක. එකල්හි ඒ උපාසකතෙම කිසි‍වකුගේ ආරාධනාවක් ලැබී නැති බව දැන, “ස්වාමීනි, භාග්යසවතුන් වහන්ස, මා කෙරෙහි අනුකම්පාවෙන් මාගේ දානය පිළිගතමැනව”යි ආරාධනා කෙළේය. බුදුරජාණන් වහන්සේද, ඒ ආරාධනාව තුෂ්ණිම්භාවයෙන් ඉවසා වදාළසේක. ඉක්බිති උපාසකතෙම බුදුරජාණන් වහන්සේ තමන්ගේ නිවසට වැඩමවා බුදු රජාණන්වහන්සේට වැඩහිඳීමට සුදුසු ආසනයක් පණවා එහි වැඩහිඳුවා ප්රහණීතවූ ආහාරපානයන් වැළඳවූහ. බුදුරජාණන් වහන්සේද කරණලද භක්ත කෘත්යණ ඇත්තේ ඕහට අනුමෝ


150 සිංහල විමාන වස්තු ප්රතකරණය.

දනා වදාරා විහාරයට වැඩිසේක. ඒ පිණ කරණකොටගෙන උපාසකතෙම දිව්යදලොකයෙහි උපන් පරිදි පෙර කියනලද විස්තර සෙයිනැයි දැනගත යුතුයි.

මෙතෙකින් මේ විමාන වස්තු ප්රෙකරණයෙහි පළමුවන කරණීය විමාන වස්තුව කියා නිමියේය.


දුතිය කරණීය විමාන වස්තුව.

තවද මේ විමාන වස්තු ප්රුකරණයෙහි පස්වැනි වූ මහාරථ වර්ග යෙහි සත්වැන් වූ දෙවැනි කරණීය විමාන වස්තුව නම් කවරැයත්.—

ද්විපදොත්තම වූ බුදුරජාණන් වහන්සේ එක්සමයෙක්හි රජගහනුවර වැඩවසනසේක. එසමයෙහි රජගහනුවර එක්තරා උපාසකයෙක් තෙම බුදුන්ට ආරාධනාකොට දන් දෙන්නේය. එසමයෙහි ආරණ්යපසේනාසනයක වසන්නාවූ එක්තරා තෙර කෙනෙකුන් වහන්සේ පිඬු සිඟා වැඩිසේක. එකල්හි එක්තරා පුරුෂයෙක් තෙරුන්වහන්සේ දැක නමස්කාරකොට උපාසකයාගේ ඇතුළුගෙට වඩා ආසනයෙහි වඩා හිඳුවා යටකී ද්වාරපාලයා මෙන් සත්කාර කෙළේය. ඉක්බිති උපාසකයා එයින් අපරභාගයෙක්හි කාලක්රිකයා‍ෙකාට තවුතිසා දිව්යආලොකයෙහි සත්සියයක් කූටාගාරයෙන් ප්රකතිමණ්ඩිතවූ දොළොස් යොදුන් දිව්යය පාසාදයක උපන්නේය. එසමයෙහි ආයුෂ්මත්වූ මුගලන් මහ තෙරුන් වහන්සේ දෙව්ලොවට වැඩ ඒ දිව්යනපුත්රයයා දැක මෙසේ විචාළසේක.

“ උච්චමිදං මණිථුනං විමානං”-පෙ-

යනාදීන් යටකියනලද ක්ර මයෙන් ඔහුගේ දිව්යයසම්පත් වර්ණකනාකොට, “මෙබඳු සම්පත් ලැබීමට කරණලද කුශලකර්මගමය කවරේදැ?”යි විචාරා වදාළසේක. එබස් අසා ඒ දිව්ය්පුත්රරතෙම මෙසේ ප්රිකාශ කෙළේය.

“ කරණීයානි පුඤ්ඤාති පණ්ඩිතෙන වීජාතතා, සම්මග්ගතෙසු තාදීසු යත්ථණදින්නං මහප්ඵලං” -පෙ-

යනුහෙයින්, “ස්වාමීනි, මා මිනිස්ලොව වසන සමයෙහි අරණ්යයසෙනාසනයක වසන්නාවූ තෙරකෙනෙකුන් වහන්සේ පිඬු පිණිස වැඩිසේක. උන්වහන්සේ දැක සතුටු සිත් ඇතිව දියයුත්තක් නැත්තේවී නමුදු නමස්කාරකොට දන්නාවූ එක්තරා උපාසකයකුගේ ගෙට වැඩමවා ආසනයෙහි වඩා හිඳුවා සිංහල විමාන වස්තු ප්රුකරණය. 151

සුවදුක් විචාරා සමාචාර දක්වා අනුන් දෙන දානයෙහි පින් අනුමෝදන් වීමි. එපමණ කුශල්යා හෙතුකොටගෙන මේ තවුතිසා දිව්යහලොකයට පැමිණියෙමි. මට වැඩ පිණිස ම ඒ තෙරුන් වහන්සේ වනයෙන් නික්ම ගමට පැමිණිසේකැයි සිතමි. එබැවින් තමහට වැඩකැමති ශ්ර්ඬාවන්තයන් විසින් දානශීලාදී වශයෙන් කුශල් කටයුත්තාහ. එතකුදුවුවත් සම්ය‍ක්මාර්ගවයට පැමි‍ණියාවූ ආය්ය්ිසි ශ්රා්වකයන් අතුරෙන් යම්කෙනකු කෙරෙහි පහන්සිත් ඇතිව කිසියම් දෙයක් දෙනලද්දේවීනම් ඒ දානය මහත්ඵල මහානිශංස වන්නේය” යි කීයේය. එකල්හි තෙරුන් වහන්සේ ඒ දිව්යමපුත්රයයාට බණ වදාරා මිනිස්ලොවට වැඩ බුදුන්ට එපවත් දැන්වූසේක. බුදුරජාණන් වහන්සේ එපවත් අර්ත්ථො ත්පත්තිකොටගෙන එතැන්හි සම්ප්රාණප්ත පිරිසට විස්තරවශයෙන් බණ වදාළසේක. ඒ ධර්මනදෙශනාව බොහෝදෙනාට සාර්ත්ථිකවිය.

මේ විමාන වස්තු ප්ර්කරණයෙහි පස්වන මහාරථවර්ග්යෙහි සත්වැනි වූ දෙවන කරණීය විමාන වස්තු වර්ණවනාව කියා නිමවනලදි