සිංහල විමානවස්තු ප්‍රකරණය- vii
සවන පායාසි වර්ගතය. අගාරිය විමාන වස්තුව.
තවද මේ විමානවස්තු ප්ර කරණයෙහි සැවැනිවූ පායාසි වර්ගමයෙහි පළමුවන අගාරිය විමාන වස්තුව නම් කවරැයත්:— සිංහල විමාන වස්තු ප්රවකරණය. 175
සර්වලලොක ප්රි්යඞකරවූ අප භාග්යාවත් බුදුරජාණන්වහන්සේ එක් සමයෙක්හි රජගහනුවර වෙළුවනාරාමයෙහි වැඩවසන සේක. එසමයෙහි වනාහි රජගහනුවර එක් කුලගෙයෙක්හි රතනත්රසය කෙරෙහි අතිශයින් පැහැදුනාවූ ශීලාචාර ගුණසම්පන්න වූ භික්ෂූ න්ට හා භික්ෂුිණින්ට ඉතා අවනතවූ එක්තරා අඹුසැමි දෙදෙනෙක් වූහ. ඔවුහු තුමු රත්නත්රුය කෙරෙහි පැහැද ජීවිතාන්තය දක්වා පින්කොට එම මිනිසත්බවෙන් චුතව තවුතිසා දෙව්ලොව උපන්නාහුය. ඔවුන් විසින් කරනලද පුණ්යවකර්ම්ය විපාකදීම් වශයෙන් නානාලඞකාරයෙන් විර්භනෂිතවූ දශයොදුන් රන් විමනෙක් පහළවිය. එහි දහස් ගණන් දිව්යෙ සෙනාව පිරිවරා මහත්වූ දිව්ය ශ්රීඋ සම්පත් අනුභව කරන්නාහුය. එසමයෙහි මුගලන් මහතෙරුන්වහන්සේ දෙවචාරිකාවෙහි හැසිරෙනසේක් ඒ දිව්යහවිමානය දැක එහි වැඩ වදාරා මේ සම්පත් ලැබීමට ගිය දවස කරනලද කුශලකර්මය විචාරනසේක් මේ ගාථාවන්ගෙන් විචාළසේක.
“ යථා වනං චිත්තලතං පභාසති උය්යාථන සෙට්ඨං තිදසානමුත්තමං, තථූපමං තුය්හමිදං විමානං ඔහාසයං තිට්ඨති අන්තළික්ඛෙ.
දෙවිද්ධීපත්තොසි මහානුභාවො මනුස්සභූතො කිමකාසි පුඤ්ඤං, කෙනාසි එවං ජලිතානුභාවෙ වණ්ණො ච තෙ සබ්බදිසා පභාසති” ති.
යනුහෙයින්, “එම්බා දෙවතාව, ඉතා දීප්තිමත්ව බබළන්නාවූ චිත්රඅලතා වනය යම්සේද එපරිද්දෙන් තවුතිසා වැසි දෙවියන් අතුරෙන් ශ්රෙවෂ්ඨවූ උයනකින් යුක්තවූ එසේම නොයෙක් දිව්යාදලඞකාරයෙන් යුක්තවූ තොපගේ මේ විමානය මහත් අලොකයෙන් බබළමින් ආකාශයෙහි සිටින්නේය. මහත්වූ උදාරතර ආනුභාව සම්බන්නවූ එම්බා දෙවතාව, තොප විසින් මීට පූර්වවජාතියෙහි මනුෂ්ය භූතව කවර කුශලයක් කොට මෙබඳු දිව්යො ඍද්ධියක් දිව්යනුභාවයක් දිව්යය සම්පත්තියක් ලබනලද්දේද, කවර කාරණයෙකින් මෙබඳු වස්ත්රාආභරණාදියෙක් හා ශරීර වර්ණ යෙන්ද දස දික් බබුළුවාද? මීට කාරණාවූ සුචරිතකර්මභය ප්රකකාශකොට කියව”යි වදාළසේක.
“ සො දෙවපුත්තො අත්තමනො මොග්ගල්ලානෙන පුච්ඡිතො, පඤ්හං පුට්ඨො වියාකාසි යස්ස කම්මස්සිදං ඵලං” ති.
යනුහෙයින්; මුගලන් මහතෙරුන්වහන්සේ විසින් විචාරන ලද්දාවූ ප්රහශ්නය විස්සර්ජ නය කරන ඒ දිව්ය්පුත්රූතෙම, “රත්නත්රජ 176 සිංහල විමාන වස්තු ප්ර්කරණය.
යෙහි ගුණ සිහිකොට ආහාර පානවර්ගතයෙන් ප්ර්සන්නවූ සිතින් භික්ෂුව භික්ෂු ණීන්ට කරනලද සංග්රහහ කරණකොටගෙන මෙබඳු සැපතක් ලද්දෙමි” මි මහතෙරුන්ගේ වචනය මුදුනෙන් පිළිගෙන,
“ අගඤ්ච භරියා ච මනුස්සලොකෙ ඔපාතභූතා සරිමාවසිමහ, අන්නඤ්ච පානඤ්ච පසන්නචිත්තා සක්කච්ච දානං විපුලං අදමහ.
තෙත මෙ තාදිසො වණ්ණො-පෙ- වණ්ණො ච මේ සබ්බදිසා පභාස”තී ති.
යනුහෙයින්, “ස්වාමීනි, මාගේ භාය්යා් ව සහ මමද මීට පෙර ජාතියෙහි මෙම බුඬෝත්පාද කාලයෙහි මිනිස්ලොව ඉපිද විද්යා මාන මිනිසුන්ට අන්තර්ගනතව දවස් යවන්නමෝ එසමයෙහි රත්නත්රඉය කෙරෙහි ප්ර සන්නවූ සිත් ඇතිව භික්ෂුම භික්ෂුයණීන්ට ඉතා අවනතවූවමෝ ආහාරපාන වර්ගාිදියෙන් සංග්රභහකොට ලැබූ කුශල කර්මෂමය හෙතුකොටගෙන මෙබඳු සම්පත්තියක් ලද්දෙමු, ස්වාමිනි” කිව. එකල්හි මහතෙරහු පිරිවර සහිත ඒ දිව්යංපුත්රකයාහට විස්තර වශයෙන් බණ වදාරා මිනිස්ලොවට වැඩ බුදුරජාණන්වහන්සේට එපවත් දැන්වූසේක: බුදුරජාණන්වහන්සේ එම අර්ත්ථො ත්පත්තිකොටගෙන එතැන්හි පැමිණි පිරිසට ධර්මි දෙශනාකොට වදාළසේක. ඒ ධර්ම්මදෙශනාව බොහෝදෙනාට ප්රියෝජන විය.
මේ විමාන වස්තු ප්රිකරණයෙහි පායාසි වර්ගදයෙහි පළමුවන අගාරිය විමාන වස්තු වර්ණහනාව කියා නිමවනලදී
දෙවෙනිවූ අගාරිය විමාන වස්තුවද මේ නයින් දතයුතු
ඵලදායක විමාන වස්තුව.
තවද මේ විමානවස්තු ප්රුකරණයෙහි සවැනිවූ පායාසි වර්ග යෙහි තුන්වැනිවූ ඵලදායක විමාන වස්තුව නම් කවරැයත්:—
සකල ලොක ශිවඞකරවූ භාග්යනවත් බුදුරජාණන් වහන්සේ එක් සමයෙක්හි රජගහනුවර වෙළුවනාරාමයෙහි වැඩවසන සේක. එසමයෙහි බිම්බිසාර රජ්ජුරුවෝ අකාලයෙහි අඹ අනුභවකරනු කැමතිවූහ. එකල්හි රජ්ජුරුවෝ ආරාමපාලයා ගෙන්වා කියන්නාහු, “එම්බා ආරාමපාලය, මට අඹ ඵලයෙහි ලොභ උපන. එබැවින් මට අඹ ගෙනවුත් දෙව”යි කීහ. එකල්හි ආරාම පාල සිංහල විමාන වස්තු ප්රඅකරණය. 177
තෙම කියනුයේ; “දෙවයන්වහන්ස, අඹ ගස්වල අඹ ඵල නැත්තේද නොවෙයි. එතකුදුවත් වහා දිපිය නොහැක්කේය. දෙවයන් වහන්ස මඳ කලක් ඉවසා වදාරනසේක් නම් යම් ආකාරයකින් නොබෝ දවසකින් අඹ ඵල ගනීද එලෙස කරමි”යි කීය. එජ තෙමේ එබස් අසා, “යහපත, ආරාමපාලය, එසේ කරවයි කී” ය. නැවත ආරාමපාලයා අඹ උයනට ගොස් අඹගස්මුල පස් හැර දමා යම් ලෙසකින් ගස්වල පත් නැතිවෙද හෙවත් කොළ වැටේද එබඳු රූක්ෂ වූ බොරලු කැට මිශ්රසවූ පස් දමා එබඳු දිය වත්කෙළේය. නැවත පත් ගිලිහෙන්ට වන් කල්හි රළු බොරළු පස් ඉවත දමා යහපත්වු ප්රේකෘති පස් දමා මනාකොට දිය වත් කෙළේය. අඹ ගස් නොබෝ දවසකින් දලුකොළ හා මල් කැකුළු හටගෙන මුකුලිතව මල් පිපී මැලකී හටගෙන අඹ ඵල ගත්තේය. ඒ උයනෙහි එක් අඹ ගසක පළමුකොටම මනොසිලා සුණු රැඳුසේ වර්ණතසම්පන්නවූ අඹ ඵල සතරක් පැසුනේය. උයන් පාලයා ඒ අඹ සතර නෙලාගෙන, ‘රජ්ජුරුවන්ට දක්වමි’ කියා ගෙනයන්නේ අතරමගදී පිඬු පිණිස වඩනා මුගලන් මහතෙරුන්වහන්සේ දැක මෙසේ සිතුවේය. “මේ අග්රුවූ අඹපල අග්රද දක්ෂිවණෙය්ය වූ මේ මහතෙරුන් වහන්සේට දුන්නේවීනම් ඒකාන්තයෙන්ම මට බොහෝ කාලයක් මුළුල්ලෙහි හිතසැප පිණිස වන්නේය. රජ්ජුරුවන් මරණසේක් හෝ රටින් නහනසේක් හෝ වේවයි ඒ දුක් මේ ජාතියට පමණක් වන්නේය. රජ්ජුරුවන්ට දුන්කල රජ සතුටුව ඉහලොක සම්පත් පමණක් දෙනසේක. එයිනුදු ස්වල්ප මාත්රදයෙක් වෙයි. මේ ස්වාමීන් වහන්සේට දුන් කල්හි එසේ නොවෙයි. ඉහලෝක පරලොක දෙක්හිම මහත් ඵල මහානිසංස වන්නේය” යි සිතා ඒ අඹ ඵල තෙරුන් වහන්සේට පූජාකොට රජ්ජුරුවන් කරාගොස් රජ්ජුරුවන්ට එපවත් කීහ. රජු එබස් අසා රාජපුරුෂයන් කැඳවා, “මොහු මට ගෙනා අඹ, තෙරුන් වහන්සේට දුන්නෙමි’ කියා යමක් කියා නම් ඒ සැබෑදැයි විමසා එත්ව”යි කීහ. එකල්හි තෙරුන්වහන්සේ ඒ අඹ ගෙනගොස් බුදුන්ට පිළිගැන්වූසේක. බුදුරජාණන්වහන්සේ එයින් එකක් සැරියුත් මහතෙරුන් වහන්සේටද එකක් මුගලන් මහ තෙරුන් වහන්සේටද එකක් මහා කාශ්ය ප ස්ථවිරයන් වහන්සේටද දෙවා වදාරා එකක් තමන් වහන්සේ වැළඳූසේක. රාජ පුරුෂයෝ එපවත් දැක රජ්ජුරුවන්ට කීවාහුය. රජ්ජුරුවෝ එපවත් අසා, මොහු ඒකාන්තයෙන්ම ප්ර්ඥාවන්ත වීර පුරුෂයෙක. තමාගේ ජීවිතය පරිත්යාමගකොට කුශල් කෙළේය.
23
178 සිංහල විමාන වස්තු ප්රජකරණය.
තමන්ගේ තමන් උදෙසා ගෙන අවාවූ අඹ ඵලයත් ස්වල්ප නොකොට යහපත්වූ සමතැනටම පැමිණෙන ලෙස කෙළේය’යි කියා සතුටු සිත් ඇතිව ඕහට එක් ගම්වරක් හා වස්ත්රාූභරණාලංකාරාදි උපකරණ සියල්ලදී, “එම්බා ආරාමපාලය, අම්බඵල දානය හෙතුකොටගෙන තා විසින් යම් කුශලයක් රැස් කරන ලදද එයින් මට පින් දෙව”යි කීහ. ආරාමපාලයාද “දෙවයන් වහන්ස, සුවසේ පින් අනුමෝදන්වනු මැනව”යි කියා පින් දුන්නේය. උයන්පාලයා එයින් අපරභාගයෙහි කාලක්රියයා කොට තවුතිසා භවනයෙහි උපන්නේය. ඕහට සතසියයක් කූටාගාරයෙන් ප්රාතිමණ්ඩිතවූ සූසැට ගවු පමණවූ රන් විමනෙක් පහළවිය. එසමයෙහි ආයුෂ්මත්වූ මුගලන් මහ තෙරුන් වහන්සේ දෙව්ලොවට වැඩ ඒ දිව්යටපුත්රකයා දැක මෙසේ විචාළ සේක.
“උච්චමිදං මණිථූණං විමානං සමන්තතො සොළස යොජනානි, කූටාගාරා සත්ත සතා උළාරා වෙළුරියත්ථතමහා රුචකන්ථ තා සුභා.
තත්ථරච්ඡසි පිචසි ඛාදසී ච දිබ්බා ච විණා පවදන්ති වගගු අට්ඨටඨකා සික්ඛිතා සාධුරූපා දිබ්බා ච කඤ්ඤා තිදසවරා උළාරා, නච්චන්ති ගායන්ති පමොදයන්ති”
යනාදීන්, යට කියනලද ක්රයමයෙන් දිව්ය සම්පත් වර්ණවනා කොට, “මේ සත්සියයක් කූටාගාරයෙන් ප්රයතිමණ්ඩිතවූ දිව්යව ප්රාමසාදය ඇතුළුවූ දිවඉසුරු ලැබීමට කරනලද කුශලය කවරේදා?යි විචාරා වදාළසේක. එකල්හි යටගිය දවස කරනලද කුශලය ප්රකකාශකොට දක්වන්නාවූ දිව්ය.පුත්ර තෙම මෙසේ කීයේය.
“ ඵලදායි ඵලං විපුලං ලභති දදමුජ්ජුගතෙසු පසන්නමානසො, සොගි මොදති සග්ගගතො තිදිවෙ අනුහොති ච පුඤ්ඤඵලං විපුලං”
යනුහෙයින් “ස්වාමීනි, මේ ලොකයෙහි යම් කිසි කෙනෙක් ඍජු මාගීයට පැමිණියාවූ අෂ්ඩාය්ය්ස්ව පුද්ගල මහාසඞඝයා කෙරෙහි පහන් සිත් ඇතිව අම්බඵලාදිවශයෙන් යම්කිසි ඵලදානයක් දුන්නේවී නම් ඒ ඵලයතෙම දිව්යලලොකයට ගියේ උදාරතරවූ මහත්ඵල ලබමින් සතුටුව දිව්ය සම්පත් අනුභව කෙරෙයි. ඒ සිංහල විමාන වස්තු ප්ර කරණය. 179
මහත් ඵල මහානිසංස ඇතිබව මාගේ මේ දිවඉසුරු බලා දත යුත්තේමය. මම යටගිය දවස මිනිස්ලොව වසන සමයෙහි එක්තරා ආරාමපාලයෙක් වීමි. එසමයෙහි අළුත් අඹ ඵල සතරක් පූජාකෙළෙමි. ඒ කුශල කර්මිය හෙතුකොටගෙන මේ සියලු දිවඉසුරු ලැබීමි. එබැවින් දිව්ය මනුෂ්යක සම්පත් කැමැත්තාවූ නුවණැති මනුෂ්යුයන් විසින් නිරන්තරයෙන් දන්දෙන්ට සුදුසු වන්නේය”හි කීෂයේය. එකල්හි ආයුෂ්මත් මුගලන් මහ තෙරුන් වහන්සේ ඒ දිව්යය පුත්රකයාට විස්තර වශයෙන් බණ වදාරා මිනිස් ලොවට වැඩ බුදුන්ට එපවත් දැන්වූ සේක. බුදුරජාණන් වහන්සේ එම අර්ත්ථොාත්පත්තිකොට ගෙන සම්ප්රාසප්ත පිරිසට බණ වදාළ සේක. ඒ ධර්මාදේශනාව බොහෝ දෙනාට සාර්ත්ථසක විය.
මේ විමාන වස්තු ප්ර කරණයෙහි පායාසි වර්ග යෙහි ඵළදායක විමාන වස්තු වර්ණ නාව කියා නිමවනලදී.
උප්පස්සයදායක විමාන වස්තුව.
තවද මේ විමානවස්තු ප්ර්කරණයෙහි සවැනි වූ පායාසි වර්ගියෙහි සතරවැනි වූ පලමුවන උප්පස්සදායක විමාන වස්තුව නම් කවරැයත්.—
පුරනලද දශපාරමී ඇති භාග්යයවත් බුදුරජාණන් වහන්සේ එක් සමයෙක්හි රජගහනුවර වෙළුවනාරාම විහාරයෙහි වැඩ වාසය කර වදාරණසේක. එසමයෙහි වනාහි එක්තරා භික්ෂූඩන් වහන්සේ නමක් ගමිකාවාසයෙක්හි වස් වැස සම්පූර්ණහකොට රක්නාලද වස් ඇත්තේ වස් පවරා බුදුරජාණන් වහන්සේ වඳිනා කැමතිව රජගහ නුවරට එනුයේ එතුරු මාර්ගජයෙහිදීම සවස්ව ගියහෙයින් එක්තරා ගමකට පැමිණ රාත්රිභාගයෙහි වාසයට තැනක් පරීක්ෂාමකරන්නේ එක්තරා උපාසකනක දැක විචාරනුයේ, “එම්බා උපාසකය, මේ ගමෙහි ප්රඋව්රවජ්යා සම්පන්නයන්ට වාසයට සුදුසු තැනෙක් ඇද්දැ?”යි විචාළසේක. එබස් ඇසූ උපාසකතෙම, “වහන්ස, මඳක් නැවතුව මැනව”යි කියා ප්රළසන්නවූ සිත් ඇතිව තමාගේ ගෙට ගොස් භාය්යාන් ව හා සමග මේ ප්ර්වෘත්තිය කියා තෙරුන් වහන්සේට විසීමට සුදුසු තැනක් පරීක්ෂාොකොට දැන එහි ආසනයක් පනවා පා දෝනා පැන් හා පා තැබීමට පුටුවක්ද තබා තෙරුන් වහන්සේ කරා පැමිණ වැඳ ආරාධනාකොට වැඩමවා පා ධොවනයකොට පහන් දල්වා
180 සිංහල විමාන වස්තු ප්රැකරණය.
ඇඳෙහි ආස්තරණ අතුරා තෙරුන් වහන්සේට පිළිගැන්වීය. ඉක්බිති තෙරුන් වහන්සේට දෙවැනි දවසට දන් පිණිස ආරාධනා කොට දෙවෙනි දවස්හි වළඳවා ගිලන්පස පිණිස උක් සකුරු පිඬක්ද පිළිගන්වා තෙරුන් වහන්සේ වඩිනා කල්හි පසු ගමන්කොට නැවතුනේය. ඒ උපාසකතෙම ඉන් මෑත කාලයෙක්හි භාය්යාගමන්ව හා සමග කාලක්රි යාකොට තවුතිසා භවනයෙහි අනෙක ප්රයකාරවූ දිව්යර ඓශ්චය්ය් ස සම්පත්තියෙන් හා සිය දරස් ගණන් දිව්යා නළු නාටක සමූහයා විසින් පිරිවරනලද දොළොස් යොදුන් රන් විමනෙක උපන්නේය. එසමයෙහි ආයුෂ්මත් මුගලන් මහ තෙරුන් වහන්සේ දෙවචාරිකාවෙන් වඩනාසේක් ඒ දිව්ය විමානයට වැඩ දිව්යවපුත්රායා දැක ප්රීදති සොම්නස් උපදවා, “ගියදවස මෙබඳු දිවඉසුරු ලැබීමට කරන ලද කුශල කර්මාය කවරේදැ?”යි දිව්යිපුත්රියාගෙන් අසනුයේ මේ ගාථාවන්ගෙන් විචාළසේක.
“ චන්රෙස ම යථා වීගතවලාහකෙ තහෙ ඔභාසයං ගච්ඡති අන්ත ලික්ඛෙ, තථුපමං තුය්හමිදං විමානං ඔභාසයං තිට්ඨති අන්තලික්ඛෙ. දෙවිදධී පත්තොසි මහානුභාවො මනුස්සභූතො කිමකාසි පුඤ්ඤං කෙනාසි එවං ජලිතානුභාවො වණ්ණො ච තෙ සබ්බදිසා පභාසතී”ති.
යනුහෙයින්, “එම්බා දිව්යවපුත්රෙය, පහවු වලාකුල් ඇති අහසෙහි චන්ර්උපදයාසේ දිළිසෙමින් මහත්වූ ශ්රීාසෞභ්යවයෙන් යුක්තව අහසෙහිම ඒ මේ අත ගමනාගමනය කරන්නාවූ තොපගේ මේ විමානය අහස බබුලුවා සිටින්නේය. මහත් දිව්ය ඍද්ධිප්රාගප්ත මහානුභාව සම්පන්න එම්බා දිව්යනපුත්රමය, මීට පූර්වදජාතියෙහි මනුභූතව කවර කුශලයක් කොට මෙබඳු දිව්යේඍද්ධියක් දිව්යාිනුභාවයක් දිව්යව සම්පත්තියක් ලබන ලද්දේද, කවර කාරණයකින් මෙබඳු වස්ත්රාාභරණාදියෙන් හා ශරීර වර්ණබයෙන්ද, දශදිග් බබුළුවාද? මීට කාරණාවූ සුචරිත කර්මයය ප්රයකාශකොට කියව”යි වදාළසේක. එබස් අසා ඒ දිව්යවපුත්රමතෙම තෙරුවන්වහන්සේගේ වචනය කැමතිව තමන් පින් ප්ර්කාශකරනුයේ මෙසේ කීය.
“ අහඤ්ච භරියා ච මනුස්ස ලොකෙ උපස්සයං අරහතො අදමහ, අන්තඤ්ච පානඤ්ච පසන්නචිත්තා සක්නච්චදානං විපුලං අදහමං තෙන මෙ තාදිසොවණ්ණො -පෙ- වණ්ණො ච මෙ සබ්බදිසා පභාසති” ති. සිංහල විමාන වස්තු ප්ර්කරණය. 181
යනුහෙයින්, “ස්වාමීනි, මගේ භාය්යාණය ව සහ මමද මීට පූර්ව ජාතියෙහි මෙම බුද්ධොත්පාද කාලයෙහි මිනිස්ලොව ඉපිද එක් රහත් නමකට සෙනසුනක්ද දුන්නේය. එසේම ප්රිසන්නවූ සිතින් ආහාරපාන වර්ගදයන් සකස්කොට මහත් දානයක් දුන්නෙමු. මෙපමණ කුශල වර්මිමය හෙතුකොටගෙන මෙබඳු දිව්යන ශ්රී් සම්පත්තියක් ලදින් ශරීර වර්ණතයෙන්ද දශදිග් බබුළුවමි” කිව මෙසේ මහ තෙරුන් වහන්සේ විසින් විචාළාවූ ප්ර ශ්නය ඒ දිව්යද ශ්රීු සම්පත්තියක් ලදින් ශරීර වර්ණ්යෙන්ද දශදිග් බබුළුවමි” කිව මෙසේ මහ තෙරුන් වහන්සේ විසින් විචාළාවූ ප්රශශ්නය ඒ දිව්යද පුත්රවයා විසින් විස්සර්ජ නය කළ කල්හි මහ තෙරුන් වහන්සේ පිරිවර සහිතවූ ඒ දෙවතාවාට විස්තර වශයෙන් බණ වදාරා ඉක්බිති මිනිස්ලොවට වැඩ ප්රදශ්න පුච්ඡා විස්සර්ජරන දෙක යුක්ත කොට බුදුරජාණන් වහන්සේට දැන්වූසේක. බුදුහු එම අර්ත්ථොිත්පත්ති කොටගෙන සම්ප්රාරප්ත පිරිසට බණ වදාළසේක. ඒ ධර්මඅ දෙශනාව බොහෝ දෙනාට සාර්ත්ථාක විය.
මේ විමාන වස්තු ප්රනකරණයෙහි පායාසි වර්ග.යෙහි පළමුවන උපස්සයදායක විමාන වස්තු වර්ණානාව කියා නිමවන ලදී.
5. මෙම වර්ගමයෙහි දෙවන උපස්සයදායක විමාන වස්තුවද මේ නයින් දතයුතුයි.
භික්ෂානදායක විමාන වස්තුව.
තවද මේ විමාන වස්තු ප්රාකරණයෙහි සවැනි වූ පායාසි වර්ගියෙහි සවැනිවූ භික්ෂා දායක විමාන වස්තුව නම් කවරැයත්.—
සර්වමධර්මුයන් සර්වාසකාරයෙන් දත්තාවූ බුදුරජාණන් වහන්සේ එක් සමයෙක්හි රජගහනුවර වෙළුවනාරාමයෙහි වැඩ වසන සේක. එසමයෙහි එක් භික්ෂුහ කෙනකුන් වහන්සේ දීර්ඝේ මාර්ගවයට පැමිණ වඩනාසේක් අතරමග එක්තරා ගමකට පැමිණ ගෙපිළිවෙළින් පිඬුසිඟා වඩනාසේක් ඒ මග නාමගොත්රයෙන් අප්ර සිද්ධවූ එක්තරා පුරුෂයා අත් පා සෝදා පිරිසිදුකොට බත් අනුභවකෙරෙමින් හුන්නේය. ඔහුගේ භාය්යාසිදුව තලියෙහි බත් ලා ඉදිරියෙහි තුබුවාය. එකල්හි භික්ෂූ න්වහන්සේ දැක ප්රටසන්නවූ සිත් ඇතිව තමන්ට අනුභව කිරීමට එලවනලද බත් තැටිය ගෙනගොස් තෙරුන් වහන්සේගේ පාත්රකයෙහි බහන්නේ
182 සිංහල විමාන වස්තු ප්ර කරණය.
තෙරුන් වහන්සේ විසින්, “එක්කොට සක් දෙව” යි වදාරනලද කල්හිද ඒ වචනය නොඇසුනා මෙන් ඒ බත් සියල්ලම නිමවා පිළිගැන්වීය. එකල්හි තෙරුන් වහන්සේ ඕහට අනුමෝදනා වදාරා වැඩිසේක. ඉකිබිති ඒ පුරුෂයා වනාහි, “මට අනුභව කිරීමට එලවනලද ආහාරය අනුභව නොකොට බඩසාව සිට පිණ්ඩපාතයෙන් ක්ලාන්තවූ තෙරුන් වහන්සේට මා විසින් දෙන ලද්දේය” යි නැවත නැවතත් සිහිකෙරෙමින් උදාරතරවූ ප්රී්ති සොම්නස් ඇතිව එයින් මෑතභාගයෙහි කාලක්රිැයාකොට පතලූ ආහාරය අනුභව නොකොට දන්දුන් කුශලානු භාවයෙන් තවුතිසා දෙව්ලොව දොළොස් යොදුන් රන් විමනෙක උපන්නේය. එකල්හි ආයුෂ්මත්වු මුගලන් මහතෙරුන් වහන්සේ දෙවචාරිකාවෙන් වඩනාසේක් මහත්වූ දිව්යෂඍද්ධියෙන් දළිසෙන්නාවූ දිව්යරපුත්රඩයා දැක මෙසේ විචාළසේක.
“ උච්චමිදං මණිථූණං විමානං සමන්තතොද්වාදසයොජනානි, කූටාගාරා සත්තසතා උළාරා වෙළුරියත්ථතමහා රුචකත්ථ තා සුභා
දෙවිද්ධිපත්තොසි මහානුභාවො -පෙ- වණ්ණො ච තෙ සබ්බදිසා පභාසතී” ති.
යනුහෙයින්, “එම්බා දිව්යේපුත්රේය, මෙසේ වෛදුය්ය්රඑය මිණිමය ටැම් ඇත්තාවූ සතළිස් අටගවු පමණවූ සත්සියයත් කූටාගාරයෙන් ප්රතිමණ්ඩිතවූ නොයෙක් රත්නයෙන් විසිතුරුවූ භික්ති දොරකවුළු ආදියෙන් සැදුම් ලද්දාවූ තාගේ මේ උදාරතරවූ විමානය ඉතා ශොභාමත්ව දිළිසෙයි. තාගේ ශරීරවර්ණදයද චන්ර්මේ මණ්ඩලයසේ දශ දිග්හි ඒකාලොක කෙරෙමින් දිළිසෙයි. මෙබඳු සම්පත් ලැබීමට තා විසන් පූර්විජාතියෙහි කරනලද කුශල කර්මරය කවරේදැ?” යි විචාරා වදාළසේක. ඒ තෙරුන් වහන්සේ විසින් විචාරණලද පැණය විසඳන්නාවූ දිව්යේපුත්රරතෙම මෙසේ කීයේය.
“ අහං මනුස්සෙසු මනුස්සභූතො දිස්වාන භික්ඛුං තසිතං කිලන්තං, එකාහං භික්ඛං පටිපාදයිස්සං සමඞගි භත්තෙන තදා අකාසිං
තෙන මෙ තාදිසො වණ්ණො-පෙ- වණ්ණො ච මෙ සබ්බදිසා පභාසතී” ති. සිංහල විමාන වස්තු ප්රිකරණය. 183
යනුහෙයින්, “ස්වාමීනි, මම මීට පූර්ව ජාතියෙහි මේ බුද්ධොත්පාද කාලයෙහි එක්තරා ශ්රාද්ධාවන්ත පුරුෂයෙක් වීමි. එසමයෙහි එක් දවසක් ආහාරයෙන් කලාන්තවූ පිඬු පිණිස මාගේ ගෙදොරට පැමිණි තෙරකෙනකුන් දැක මට අනුභව කිරීමට සාදාගත් ආහාර පමණක් පූජාකෙළෙමි. එපමණ කුශල කර්මුය හෙතුකොටගෙන මෙබඳු දිව ඉසුරක් ලදිමි”යි කීයේය. එකල්හි ආයුෂ්මත්වූ මුගලන් මහ තෙරුන් වහන්සේ ඒ දිව්ය් පුත්රදයාට විස්තර වශයෙන් බණ වදාරා මිනිස්ලොව වැඩ බුදුන්ට එපවත් දැන්වූසේක. බුදුරජානෝ එම අර්ත්ථොාපත්තිකොටගෙන එතැන්හි රැස්වූ පිරිසට බණ වදාළසේක. ඒ ධර්ම්දෙශනාව බොහෝදෙනාට සාර්ත්ථ්ක විය.
මේ විමාන වස්තු ප්රවකරණයෙහි පායාසි වර්ගථයෙහි භික්ෂාතදායකා විමාන වස්තු වර්ණථනාව කියා නිමවන ලදී.
යවපාලක විමාන වස්තුව.
තවද මේ විමානවස්තු ප්රාකරණයෙහි සවන පායාසි වර්ගණයෙහි සත්වන යවපාලක විමාන වස්තුව නම් කවරැයත්.—
සුරනරමකුටමණිකිරණායමාන වූ භාග්යරවත් බුදුරජාණන් වහන්සේ රජගහානුවර වෙළුවනාරාමයෙහි වැඩවාසයකර වදාරනසේක. එසමයෙහි රජගහානුවර එක්තරා දුප්පත් දරුවෙක් යවකෙතක් රක්ෂාසකෙරෙයි හෙතෙම එක් දවසෙක උදාසන වෙයෙහි තමහට අනුභව කිරීම පිණිස කොමුපිඬු ලැබේ, ‘කෙතට ගෙනගොස් අනුභවකෙරෙමැයි”යි සිතා ඒ කුම්මාස ගෙන යව කෙතර ගොස් එක්තරා රුක්මුලෙක්හි හුන්නේය. එකනෙහිම එක්තරා රහත් කෙනෙකුන් වහන්සේ මහට පිළිපන්සේක්, මධ්යාාහ්න කාලයෙහි ඒ ස්ථානයට පැමිණ යවපාලකයා වැදහොත් රුක්මුලට වැඩිසේක. යවපාලකතෙම වේලාව බලා “ස්වාමීන්වහන්ස, වැළඳීමට ආහාර කොහින් ලබනලද්දේදැ?’යි විචාළේය. එබසට තෙරුන් වහන්සේ තුෂ්ණිම්භූතවූසේක. ඉක්බිති යවපාලකතෙම තෙරුන් වහන්සේ නොවැළඳී බව දැන තෙරුන් වහනසේට මෙසේ සැළ කෙළේය. “ස්වාමීන් වහන්ස, වේලාව ආසන්න බැවින් පිඬු සිඟා වැළඳීමට අපොහොසත්ය’ එබැවින් මට අනුකම්පා පිණිස මේ කුම්මාසය වළඳා වදාළ
184 සිංහල විමාන වස්තු ප්ර්කරණය.
මැනව”යි කියා තෙරුන් වහන්සේට ඒ කොමු පිළිගැන්වූයේය. තෙරුන් වහන්සේද ඔහුට අනුකම්පා පිණිස ඔහු බලා සිටියදීම ඒ කොමුපිඬු වළඳා අනුමෝදනා වදාරා වැඩිසේක. ඒ දුප්පත් දරුතෙම ‘මා විසින් මෙබඳු කුම්මාස දානයක් දෙනලද්දේය” යි සිත පහදවාගෙන අනෙක් කලෙක්හි කාලක්රිදයාකොට තවුතිසා දිව්යතලොකයෙහි (භික්ෂාිදායක විමාන වස්තුවෙහි කියන ලද පරිදි) දිව්යිවිමානයෙක්හි උපන්නේය. ආයුෂ්මත් මුගලන් මහ තෙරුන් වහන්සේගේ ප්ර ශ්න විචාරීමාදිය නයින් දතයුතුයි.
සවන වර්ගහය කියා නිමවනලදී
කුණ්ඩලී විමාන වස්තුව. තවද මේ විමාන වස්තු ප්රාකරණයෙහි පායාසී වර්ගනයෙහි අටවැනි වූ පළමුවන කුණ්ඩලි විමාන වස්තුව නම් කවරැයත්.—
දෙවාතිදෙව වූ භාග්යාවත් බුදුරජාණන් වහන්සේ එක් සමයෙක්හි සැවැත්නුවර ජෙතවනාරාමයෙහි වැඩ වසනසේක එසමයෙහි අග්රනශ්රාකවකවූ සැරියුත් මුගලන්දෙදෙනා වහන්සේ නිත්යක පරිවාර වූ පන්සිය පන්සියසංඝයා පිරිවරා කසීරට දනවු සැරිසරා වඩනාහු සවස සූය්ය්ිවායා අස්තඞගතවන වේලෙහි එක්තරා විහාරයකට පැමිණියාහ. එපවත් අසා ඒ විහාරයට ගොචරවූ නුදුරු ගමක වසන්නාවූ එක්තරා උපාසකයෙක් තෙරුන් වහස්සේලා කරා එළඹැ නමස්කාරකොට සිරිපතුල් සෝදා තෙල් ගල්වා පුටු ඇඳ කලාල් පැදුරු එලවා සදා ඇතිරි අතුට මනාකොට හසුන් පණවා වඩා හිඳුවා දානාරාධනා කොට දෙවෙනි දවස් අහර පිළියෙලකොට මහත්කොට දන් පැවැත්වූයේය. තෙරුන් වහන්සේලාද වළඳා ඉක්බිති අනුමෝදනා වදාරා විඩියාහුය. එයින් අපරභාගයෙහි උපාසකතෙම කාලක්රිෝයාකොට තවුතිසා දිව්ය ලොකයෙහි දොළොස් යොදුන් රන් විමානයක උපන්නේය. එසමයෙහි ආයුෂ්මත් මුගලන් මහ තෙරුන් වහන්සේ දෙවාරිකාවෙන් තවුතිසා භවනයට වැඩ ඒ දිව්යෂපුත්රොයා දැක මෙසේ විචාළසේක.
“ අලඞකතො මල්යේධරො සුවත්ථොව සුකුණඩලී කප්පිතකෙසම්සසු, ආමුත්තහත්ථා්භරණො යසස්සී දිබ්බෙ විමානම්හි යථාසි චන්දි මා.
සිංහල විමාන වස්තු ප්රවකරණය. 185
දිබ්බා ච වීණා පවදන්ති වග්ගු අට්ඨට්ඨකා සික්ඛිතා සාධුරූපා, දිබ්බා ච කඤ්ඤා තිදසවරා උළාරා නච්චන්ති ගායන්චි පමොදයන්තී.
දෙවිද්ධිපත්තොසි මහානුභාවො -පෙ- වණ්ණො ච තෙ සබ්බදිසා පභාසතී” ති.
යනුහෙයින්, “එම්බා දිව්යදපුත්රදය, යහපත් අන්දන් තබන ලද කෙශමශ්රෑ්න් හා පළඳනාලද කුණ්ඩලාභරණ ඇතිව දිව්යවමය වස්ත්රාිභරණ පාදාභරණාදී නොයෙක් අලංකාරයෙන් සැරහී තෝ මේ දිව්යතප්රා සාදයෙහි චන්ර්් යාසේ ජොතිමත්ව බබලන්නෙහිය. සිවුසැටක් පමණ ස්ත්රී අලඞකාරයෙන් සැරහුණාවූ දිව්යා්ඞගනාවෝ වීණා ගායනාකෙරෙමින් නෘත්ය ගීත කෙරෙමින් තොප සතුටු කරවන්නාහු වෙති. එම්බා දිව්ය පුත්රගය, තා විසින් මෙබඳු සැපතක් ලැබීමට කළාවූ කුශලය කවරේද?” යි විචාරා වදාළසේක. එබස් අසා කුශලය ප්රවකාශකොට දක්වන්නාවූ ඒ දිව්යාපුත්රුතෙම මෙසේ කීයේය.
“ අහං මනුස්සෙසු මනුස්ස භූතො දිස්වාන තෙ සමණෙ සීලවන්තෙ, සම්පන්නවිජ්ජාතරණෙ යසස්සි බහුසසුතෙ තණ්හක්ඛපූප්පන්තෙ.
අත්තඤ්ච පානඤ්ච පසන්තවිත්තො, සක්කච්ච දානං විපුලං අදාසිං” -පෙ-
යනුහෙයින්, “ස්වමීනි, යටගිය දවස මම මිනිස්ලොව වසන සමයෙහි ශීලසම්පන්නවූද බහුශ්රැුතවූද තෘෂ්ණාක්ෂයය කළාවූද ඒ මහා සඞඝයා දැක සතුටුවූ සිත් ඇතිව අන්තපානාදියෙන් උදාරතරව දන් දී උපකාර කෙළෙමි ඒ කුශලයෙන් මේ සියලුම දිව ඉසුරු ලදිමි” යි කීයේය. එකල්හි මහතෙරුන් වහන්සේ ඕහට විස්තර වශයෙන් බණ වදාරා මිනිස්ලොව වැඩ බුදුන්ට එපවත් දැන්වු සේක. බුදුරජාණන් වහන්සේ එම අර්ත්ථොනත්පත්ති කොට ගෙන සම්ප්රාසප්ත පිරිසට බණ පදාළ සේක. ඒ ධර්මටදෙශනාව බොහෝදෙනාට දාර්ත්ථ්ක විය.
මේ විමානවස්තු ප්ර කරණයෙහි පායාසි වර්ග යෙහි කුණ්ඩලි විමාන වස්තු වර්ණෙනාව කියා නිමවන ලදී.
9. දුතිය කුණ්ඩලි විමාන වස්තුවද මේ නයින් දතයුතු.
186 සිංහල විමාන වස්තු ප්ර්කරණය.
උත්තර විමාන වස්තුව
තවද මේ විමාන වස්තු ප්රමකරණයෙහි සවැනි පායාසි වර්ගවයෙහි දසවැනි වූ උත්තර විමාන වස්තුව නම් කවරැයත්.—
සකල සත්වාවනුකම්පා ඇති භාග්යනවත් බුදුරජාණන් වහන්සේ සියලු බුද්ධාකෘත්ය යන් කොට නිමවා පිරිනිවන් පා වදාළ කල්හි ධාතු බෙදාගත් රජදරුවන් ආදීහු ඒ ධාතු නිධන් කෙරෙමින් ඒ ඒ තන්හි දැගැබ් බඳනට පටන් ගත්තාහුය. එසමයෙහි ධාතු බෙදන තැනට රැස්වූ මහා ශ්රා වකයන් අතුරෙන් ආයුෂ්මත්වූ මහා කාශ්යාප ස්ථවිරයන් වහන්සේ ප්රපධානකොට ඇති මහ සංඝයා වහන්සේ විසින් “ධර්මය සඞගායනා කිරීම රජගහනුවරදී වන්නේය” යි නියම කොටගෙන ශ්රානවක සන්නිපාතයට හා වස්විසීමට නියමවූ ඇසළ මස පුරපසළොස්වක් දිනය සම්ප්රාිප්ත වනතෙක් තම තමන්ගේ පිරිස් හා සමග මහාස්ථවිර තැන් ඒ ඒ තැන්හි වසන කල ඒ මහා ශ්රාමවකයන් අතුරෙන් ආයුෂ්මත්වූ කුමාර කාශ්ය්ප ස්ථවිරයන් වහන්සේ පන්සියයක් භික්ෂුඅසංඝයා පිරිවරා සෙතව්යා නුවරට පැමිණ සිංසපා වනයෙහි වැඩවසනසේක. එසමයෙහි පායාසි රාජඤ්ඤ නම් බ්රාපහ්මණයෙක් බොහෝදෙනා විසින් පිරිවරන ලදුව තෙරුන් වහන්සේ කරා එළඹැ පිළිසඳර කථාකොට එකත්පස්ව හිඳ මෙසේ කීයේය. “කාශ්යළප ස්ථවිරයන් වහන්ස, “මෙලොව සිටියන්ට පරලොවත් නැත; මළ සත්ව්යන්ට නැවත ඉපදීමකුත් නැත; කුශල් කිරීමෙන් ලබන පල විපාකයකුත් නැත; අකුශල් කිරීමෙන් වන අපා දුකකුත් නැතැ’යි කියා මම මෙබඳු වාදයක් දෘෂ්ටියක් ඇත්තෙමි”යි කීයේය. එකල්හි තෙරුන් වහන්සේ වදාරනසේක්, ‘එම්බා රාජඤ්ඤය, මම එසේ නොකියමි, පර ලොව නැත, කුසල් අකුසල් නැත, කියා දැකවත් ආසාවත් නැත්තේය, එසේවී නම් මම තා අතින් කාරණයක් විචාරමි. මේ චන්ර්ආසා සූය්ය්එසේ දෙදෙනා මේ ලොවද, පරලොවද දෙවියෝද, මනුෂ්ය්යෝද දන්නෙහි වීනම් කියව”යි වදාළසේක. එකල්හි බ්රායහ්මණයා සිතන්නේ, මේ තෙරුන් වහන්සේ චන්ර්ළස සූය්ය්්රා උදාහරණය පළමුකොට වදාළසේක. එබැවින් චන්ර් හි සූය්ය්දාළයන් මෙන් කිසිවක්හු විසින් මැඩ පැවැත්විය නොහැක්කේය. “මේ චන්ර්‍වී සූය්ය්‍කන දෙදෙන කොපමණ උස මහත ඇත්තාහුද, යනාදීන් වදාරොපණය කරණසේක. එකල්හි මට උත්තරය කියාලිය නොහැක්ක ‘පරලොවැ’යි කිම් නම්, පරලොව නැතැ’යි කියාගත් මාගේ
සිංහල විමාන වස්තු ප්රණකරණය. 187
වාදය බිඳෙයි. එතකුදු වුවත් මුන්වහන්සේටම එක්විය යුතුය”යි සිතා “පරලොව දෙවියෝය; මෙලොවත් නොවෙයි, මනුෂ්යියොත් නොවෙයි” කීය. එකල්හි කාශ්යවප ස්ථවිරයන් වහන්සේ “පරලොවත් කුශල් අකුශලුත් ඇතැ’යි කියා මේ කාරණයෙන් දැනගනුව”යි වදාළසේක. එකල්හි බ්රා හ්මණයා කියන්නේ, “එතකුදුවුවත් කාරණා ඇතිහෙයින් මම අදහා නොගනිමි, සතුන් නැසීම සොරකම් කිරීම ආදීවූ දශවිද අකුසල් කළාවූ මාගේ නෑයන් මිත්රමයන් මරනාසන්න කාලයෙහි උන් කරා ගොස් මෙසේ කීමි. ‘පින්වත්නි, ‘ප්රා ණඝාතාදී අකුසල් කළ සත්වායෝ අපායෙහි උපදනාහ’යි කියා සමහර ශ්රාමණ බ්රාාහ්මණ කෙණෙක් කියන්නාහු වෙති. උන් කියන්නාහු බස් සැබෑ වී නම් තොප පව් කළ බැවින් අපායෙහි උපදනාහු වෙති. එසේ උපතහොත්, ‘අපි අපායේ උපනය’යි කියා මට අවුත් කියව’යි කීමි. ඔව්හුද ‘යහපතැ’යි කියා කාලක්රිපයා කළාහුය. ඔවුන් අතුරෙන් අවුත් මට කී කෙනෙක්වත් දූතයකු එව් කෙනෙක්වත් නැත. එබැවින් ‘පරලොව නැතැ,යි කීමි”යි කීය. එකල්හි මහතෙරහු වදාරණසේක්, “රාජඤ්ඤය, මම තට උපමාවක් කියමි. උපමාවෙනුත් සමහර නුවනැත්තාහු වචනාර්ත්ථඤය දන්නාහුය”යි වදාරා, “රාජඤ්ඤය, තොපගේ ජීවිතයෙහි රාජ අපරාධ කළාවූ සොරක ගෙනවුත් තොපට දක්වා, ‘මේ සොරාහට වධ යෙදුව මැනවැ’යි කීකළ තොපි චොර ඝාතකයන් කැඳවා, “මොහු පිටිතලහයා බැඳ වීථියෙන් වීථිය සන්ධි යෙන් සන්ධිනය කසයෙන් තලා ක්ෂාටරස්වරවූ පණාබෙරින් වධ බෙර ගස්වා කී ලෙස වධබෙර ගසා බැඳ වීථියෙහි දකුණු වහසල් දොරින් පිටත්කරවා සොරුන් මරන තැන හිඳුවා ඉස් සිඳින්නට ආරම්භවූ කල, ‘අසවල් ගම මාගේ නෑයන් මිත්රැයන් බලා එනතෙක් මා හිස නොකප්පව’යි කියා චොරඝාතකයන් කෙරෙන් ගැළවීයන්ට සොරා අවසරයක් ලබාද, නොහොත් හඬ හඬා සිටියදීම හිස කපන්නාහුය”යි කීය. “එසේවී නම් රාජඤ්ඤය, සොරාත් මනුෂ්යපයෙක, වධකරුවොත් මනුෂ්යියෝය, මනුෂ්යනයෙක් මනුෂ්යීයන්ගෙන් ගැලවී නෑයන් දකින්නට යාම නොලබා නම් පව්කොට අපායේ උපන් තොපගේ ඤාතිමිත්රායෝ අමනුෂ්යටවූ යමපළුන්ගෙන් ගැළවී කෙසේ තොප කරා එද්ද? මේ කරා එද්ද? මේ කාරණයෙන් පරලොව ඇති බව දැනගනුව”යි වදාළසේක. එකල්හි බ්රා හ්මණයා කියන්නේ, “එතකුදුවුවත් මම අදහා නොගනිමි, ඊට කාරණා ඇත, ඒ කවරේදයත් —
188 සිංහල විමාන වස්තු ප්රනකරණය.
ප්රාාණඝාතාදී දශවිධ අකුශලින් දුරුවී දාන ශීලාදී වශයෙන් කරණලද කුශල් ඇත්තාවූ මාගේ නෑයන් මිත්ර යන් මරනාසන්න කාලයෙහි උන් කරා ගොස් මම මෙසේ කීමි. ‘පින්වත්නි, ‘මේ ලොකයෙහි කුසල් කළ සත්ව,යෝ දිව්යම ලොකයෙහි උපදනාහ”යි කියා සමහර ශ්ර‘මණ බ්රාුහ්මණ කෙණෙක් කියන්නාහු වෙති. උන් කියන බස් සැබෑ වී නම් තොපි කුසල් කළ බැවින් දෙව්ලොව උපදනාහු වෙති, එසේ උපනහොත් ‘අපි දෙව්ලොව උපනුම්හ’යි කියා මට අවුත් කියව’යි කීමි. ඔව්හුද ‘යහපතැ’යි කියා කාලක්රිියාකළෝය. ඔවුන් අතුරෙන් මට කී කෙනෙක්වත් කියා එව් කෙනෙක්වත් නැත. එබැවින්, පරලොව, නැත “කිමි” යි කීය. එකල්හි තෙරුන්වහන්සේ වදාරණසේක්, “එම්බා රාජඤ්ඤය, උපමාවක් කියමි; ඉස පටන් අසුචි වළක ගැලී සිටි පුරුෂයෙකු දැක තොපි තොපගේ පුරුෂයන්ට මෙසේ කියන්නාහුය. ‘මොහු අසුචි වළින් ගොඩනගා උන පත්තෙන් පිස සෝදා පඬුමැටියෙන් උලවා තෙල් ගල්වා සුවඳ සුණු ගල්වා සොදව’යි කියා සෝදවා සර්වා්භරණයෙන් සරසවා පාසාදයකට නංවා පඤ්චකාම සම්පත්තියෙන් උපකාර කරන්නේවේද, ඒ ප්රාදසාදාභිරූඪව පඤ්චකාම සම්පත් අනුභව කරන්නාවූ පුරුෂයා නැවතත් එම අසූචි වලෙහි ගැලෙනු කැමතිදැ”යි විචාළසේක. “එසේ නැත, අසූචි දුර්ගන්ධන බැවින් ඉතා පිළිකුල් කෙරෙ” යි කීය. එසේ වී නම් සුවඳ විලවුන් ගා සර්වා්භරණයෙන් සැරසී සිටි චක්රිවර්ත ති රජ්ජුරුවන් වැනියවුන් පවා සාරසියයක් ගවු දුර සිටි දෙවියන්ට කරබැඳි ගැරඬි කුණක්සේ වැටහෙති. එබැවින් කුශල් කොට දෙව්ලොව උපන් තොපගේ ඤාතිමිත්රණයෝ පරලොව ඇති බව කියන්ට තොප කරා කෙසේ එද්ද? මේ කාරණයෙන් පරලොව ඇති බව දැනගනු’වයි වදාළසේක එකල්හි බ්රාපහ්මණයා කියන්නේ “තවත් කාරණා ඇත, අදහා නොගනිමි, කවරේදයත්:— දශ විධ අකුශලින් දුරුව දශවිධ කුශලයෙහි පිහිටියාවූ මාගේ නෑයන් මිත්ර්යන් මරණාසන්න කාලයෙහි උන් කරා ගොස් මම මෙසේ කීමි, පින්වත්නි, ‘කුශල්කළ සත්ව්යෝ තවුතිසා දෙවුලොව උපදනාහ’යි කියා සමහර ශ්ර මණ බ්රාසහ්මණයෝ කියන්නාහු වෙති. උන් කියන බස් සැබෑ වී නම් තොපි කුසල් කළ බැවින් දෙව්ලොව උපදනාහු වෙති. එසේ උපනහොත් අපි දෙව්ලොව උපනුම්හ’යි කියා මට අවුත් කියව’යි කීමි.ඔහුද යහපතැයි කියා කාලක්රිපයාකළෝය.ඔවුන් අතුරෙන් මට කී කෙනෙක්වත් එව් කෙනෙක්වත් නැත, එබැවින්, පරලොව නැත “කිමි”යි කීය. එකල්හි තෙරුන් වහන්සේ වදාරනසේක්, “එම්බා රාජඤ්ඤය, මිනිස් ලොව සියක් අවුරුද්දක් තවුතිසා වැසි දෙවියන්ට එක් දව
සිංහල විමාන වස්තු ප්රාකරණය. 189
සෙක් මසෙක් වෙයි; ඒ මසෙන් දොළොස් මසෙක් අවුරුද්දෙක් වෙයි. ඒ අවුරුද්දෙන් දහසක් අවුරුද්දට ආයු වෙයි. තව්තිසා දෙව්ලොව උපන් තොපගේ ඤාති මිත්ර්යෝ ‘දෙතුන් දවසක් පඤ්චකාම සම්පත් අනුභව කොට නැවත ගොස් පායාසි රාජඤ්ඤ නම් බ්රා‘හ්මණයාහට කුශල් අකුශල් හා පරලොව ඇති බව කියන්ට යම්හ’යි කියා දෙතුන් දවසක් සැප විඳ අවුත් කියන්නාහු නම් එසේ ලැබේද?” යි විචාළ සේක. “කාශ්යනප ස්ථවිරයන් වහන්ස, නොලැබෙයි. උන් එන කල මම කාලක්රි.යාකොටත් බොහෝකල් ඉක්මෙයි” කීය. එසේ කියා නැවත කියන්නේ “තව්තිසා දෙව්ලොව දෙවියන් ඇති බවද බොහෝ ආයු ඇති බවද නුඹවහනසේට කීවෝ කවුරුද? මම අදහා නොගනිමි” යි කීයේය. එසේ කල්හි තෙරුන් වහන්සේ වදාරණ සේක් “එම්බා රාජඤ්ඤය, මම උපමාවක් කියමි. යම්සේ ජාත්යනන්ධක පුරුෂයෙක් හිර සඳ නොදකීද, තාරකාවන් නොදකීද, නීල පීතාදී රූපයන් නොදකීද එසේ නොදැකීම නිසා ඔහු මෙසේ කියන්නේය. ‘හිර සඳ නැත, තාරකාවන් නැත, නීල පීතාදී රූපයකුත් නැත. හිර සඳ දුටු කෙනකුත් නැත, තාරකාවන් දුටු කෙනකුත් නැත. නීල පීතාදී රූපයන් දුටු කෙනකුත් නැත. මම නොදනිමි, මම නොදක්නෙමි.’ එබැවින් නැතැයි කියන්නේ වේද, ඒ කියන වචනය ඇත්තක්ද, යහපත් වචනයක්ද, නොහෝත් නොදක්නා බැවින් කියාදැ?”යි විචාළ සේක. “පින්වත් කාශ්ය ප ස්ථවිරයන් වහන්ස, ඔහු නොදක්නා හෙයින් කියන බවක් විනා යහපත් බසෙක් නොවෙයි” කීය. “එම්බා රාජඤ්ඤය, තව්තිසා වැසි දෙවියෝත් ඇද්ද, එබඳු දීර්ඝාථයුෂයකුත් ඇද්ද, ඒ දුටුවෝ කව්රුද, නුඹවහන්සේට කීවෝ කව්රුදැ?”යි කියන හෙයින් තෝද ඒ ජාත්ය්න්ධඒයාට උපමාකොට සිතමි. ජාත්ය්න්ධියාට චන්ර්ය්බ සූය්ය්ාව්යාදී රූපයන් නොපෙනෙන්නා සේ තාගේ මේ ප්රෝයෝගයෙන් පරලොව දැනගත නොහැක්ක. දිවස් ඇති ශ්ර මණ බ්රාාහ්මණයෝ විශේෂයෙන් දක්නාහුය”යි වදාළ සේක. එකල්හි බ්රා්හ්මණයා කියන්නේ, ‘එසේද වුවත් මම අදහා නොගනිමි.’ ඊට කාරණා ඇත, කවරේද යත්:—
සිල්වත්වූ ශ්ර මණ බ්රා හ්මණයෝ මරණයට පැමිණියාහු, අපට පරලොව සැප ඇතැ’යි කියා දනිත් නම් විෂ කා හෝ මියෙන්මය, ශස්ත්ර යෙන් හෝ කරවැල්ලා හෝ මියෙත්මය, දුකට පිළිකුල්වූ මරන නොකැමැත්තාවූ සැප කැමැත්තාවූ ජීවත්වනු කැමැත්තාවූ ශ්රකමණ බ්රාමහ්මණයන් දක්නෙමි, කුශල විපාකයක් නැතිහෙයින් මරන නොකැමැත්තාහ, ජීවත්වනු කැමැත්තාහ.
190 සිංහල විමාන වස්තු ප්රාකරණය.
එබැවින්, ‘පරලොව නැතැ’යි කියමි”යි කීය. එකල්හි තෙරුන් වහන්සේ වදාරනසේක් “එම්බා රාජඤ්ඤය, මම පෙරවූ දෙයක් කියමි. එක්තරා බ්රානහ්මණයකුගේ අඹුවෝ දෙදෙනෙක් වූවාහුය, එක් ස්ත්රිායකුගේ දශදොළොස් වයස්වූ පුතෙක් ඇත්තේය, එක් ස්ත්රිවයක් ගර්භනීවූවාය, එකල්හි බ්රාොහ්මණයා කාලක්රිපයා කෙළේය. ඒ ගෙයි සියලුම ඉසුරු සම්පත් ඒ ගැබිණියටම සන්තක විය. එකල්හි ඒ බ්ර.හ්මණකුමාරයා ගැබිණියට කියන්නේ, ‘මෑණියෙනි. පියාණන් සන්තක ධනධාන්යා දී සියලු සම්පත් නුඹම සන්තක විය, මටත් දායාද කොටසක් දෙව’යි කීය, එකල්හි බැමිණි කියන්නී, ‘මා වදනතෙක් බලව, පුතකු වී නම් තොපටත් භාගයක් දෙමි, දුවක් වී නම් තොපටම පරිචාරිකා කොට සියලුම සම්පත් දෙමි’යි කීය. කුමාරයා දෙවෙනිවත් තුන්වැනිවත් එසේම ‘දායාද දෙව’යි කීය. එකල්හි අඥාන බාල නුවණ නැති බැමිණි ‘කුමාරයෙක්ද කුමාරිකාවක්දැයි කියා බලමි’ සිතා ගෙට වැද බඩ ඉරා අනයව්ය සනයට පැමිණියාය. එමෙන් රාජඤ්ඤය, තෝත් පරලොව සොයා අනයව්ය සනයට පැමිණියෙහිය. සිල්වත්වූ යහපත් ගුණ ඇති ශ්ර මණ බ්රා්නහ්මණයෝ එසේ අනයව්යණසනයට නොපැමිණෙන්නාහුය. යම්තාක් ආයු පරිපාකයට යේද ඒතාක් කල් බොහෝ කුශල් රැස්කෙරෙමින් බොහෝදෙනාට හිත සැප පිණිස පිළිපදිමින් ආත්මාර්ත්ථර පරාර්ත්ථ. සාදමින් බොහෝකල් සිටිනාහුය”යි වදාළ සේක. “එසේද වූවත් මම අදහා නොගනිමි. ඊට කාරණා ඇත. කවරේද? ‘ජීවිතය සොයමි’ සිතා මරන්ට සුදුසු වරද ඇති සෙරෙකු අල්වා සැලියෙක ලා තෙත්සමින් මුව වසා බැඳ ඝණකොට මැටි බැඳ ලිප තබා ගිනිකොට නිවුන කල බිමට බා මැටි බිඳ වැසුම් හැර වහා බැලීමි. එකල ජීවිතය නික්මෙනවා නුදුටුයෙමි. එබැවින් ‘පරලොව නැතැ’යි කියමි’ කීය. ‘එම්බා රාජඤ්ඤය, දවල් සයනය කරන්නාවූ තෝ උයන් පොකුණු ආදීවූ රමණීයවූ භූමිභාග සිහිනෙන් දුටුයේ ඇද්දැ?”යි විචාළ සේක. “රැක උන්නාහුය”යි කීය. “ඔවුන් අතුරෙන් තාගේ ජීවිතය ශරීරයෙන් පිටත්වන බවක් හෝ ඇතුල්වන බවක් හෝ දුටුවෝ ඇද්දැ?”යි විචාළසේක. “නැතැයි” කීය. “එසේ වී නම් ජිවත්වූ ස්ත්රී හු ජීවත්වූ තාගේ ජීවිතය නික්මෙන්නා කෙසේ දකීද? මේ කාරණයෙන් පරලොව ඇති බව දැනගනුව”යි වදාළ සේක. එකල්හි බ්රායහ්මණයා කියන්නේ ‘;මරන්ට නිසි සොරකු අල්වා තරාදියේ තබා කිරා එහිම සිටියදී දුනුදියෙන් බොටුව
සිංහල විමාන වස්තු ප්රවකරණය. 191
වෙලා මරා නැවතත් කිරුව. ජීවත්ව හුන්කල බර සැහැල්ලුවිය. මළ කල බර බොහෝවිය, තදවිය. එබැවින් පරලොව නැතැ’යි සිතමි” යි කීය. එකල්හි වහන්සේ වදාරණ සේක්, “දවසක් මුළුල්ලෙහි යවටක් ගිනිකොට ගිනිගෙන දිලියෙන යවට තරාදියේ තබා කිරා නැවත නිවුනු කල කිරන්නේ වීනම් කවර වේලෙක බර බොහෝ වේද කවර විට සැහැල්ලුව මෘදු වේදැ”යි විචාළ සේක. “ගිනිගත් යවට ගිනි හා වායු එක්වූ බැවින් සැහැල්ලුත් වෙයි, මෘදුත් වෙයි, නුවුනු කල බරත් වෙයි. තදත් වෙයි” කීය. “එමෙන් රාජඤ්ඤය, ජීවත්වූ සත්වනයා උෂ්ණ සහගතව, වායු සහගතව, විඤ්ඤාණ සහගතව සිටිනා හෙයින් සැහැල්ලු වෙයි, මෘදු වෙයි, මළ ශරීරය උෂ්ණයද, වාතයද, විඤ්ඤාණයද නැති හෙයින් බර වෙයි, තද වෙයි; මේ කාරණයෙන් ‘පරලොව ඇතැ’යි කියා දැනගනුව”යි වදාළ සේක. එකල්හි බ්රාකහ්මණයා කියන්නේ, “ජීවිතය නික්මෙන්නා බලම්හ’යි සිතා මරන්නට නිසි වරද ඇති සොරෙකු ගෙනා පුරුෂයන්ට මෙසේ කීමි. ‘සිවි, සම්, මස්, නහර, ඇට, ඇටමිදුලු විනාශ නොකොට ජීවිතයෙන් තොරකරව; හෙවත් මරව’යි කීමි. උන් එසේම කළෝය. ඔහු මියන්ට ආසන්නවූ කල්හි ‘උඩුකුරු කොට හොවා ජීවිතය නික්මෙන්නා බලව’ යි කීමි. ඔව්හු එසේම කළෝය. නැවත ‘මුනින් හොවා බලව, දකුණැලයෙන් හොවා බලව, වම් ඇලයෙන් හොවා බලව, නගා සිටුවා බලව, ඉස බිම තබා බලව, අනෙක් අතින් අනුව, පයින් අනුව, කැටින් පහරව, දණ්ඩෙන් පහරව, ශස්ත්රායෙන් පහරව; ඔබිමොබ බිම ඇන සොලවා බලව’යි කීමි. එසේ කොටත් දිවි නික්මෙන්නා නුදුටුම්හ. එබැවින් !පරලොව නැතැ’යි සිතමි”යි කීය. එකල්හි තෙරුන්වහන්සේ වදාරණ සේක් “එම්බා රාජඤ්ඤය, ඊට උපමා වශයෙන් පෙරවූ දෙයක් කියමි. සක්පිඹිනා පුරුෂයෙක් එක්තරා ප්රඋත්යෙන්ත ගමක් මැදට ගොස් තුන්වරක් සක පිඹ සක බිම තබා හුන්නේය. මනුෂ්යායෝ ඒ ශබ්දය අසා සතර දිගින් අවුත් ‘මේ මිහිර්වූ කර්ණහරසායනවූ ඇලුම් කටයුතුවූ ශබ්දය කවර නාදයෙක්දැ”යි විචාළාහුය. ඒ පුරුෂයා ‘මේ සඞඛනාදය’යි කීය. එකල්හි අඥානවූ බාලවූ මනුෂ්යරයෝ ඒ සක උඩුකුරුකොට හොවා ‘සඞඛනාද කරව’යි කිවූය. නාද නැත; මුහුණින් හොවා දකුණැලයෙන් හොවා, වම් ඇලයෙන් හොවා; නගා සිටුවා ‘සංඛනාද කරව’යි කීහ. අතින් පැහැර, කටින් පැහැර, සැතින් පැහැර, ඔබිනොබ බිම ඇණ සොලවා ‘සංඛනාද කරව’යි කිවූය. එකල්හි සක්පිඹිනා පුරුෂයා සිතන්නේ, ‘මේ ප්ර ත්යාන්ත ජනපද
192 සිංහල විමාන වස්තු ප්රාකරණය.
වාසී බාල ජනයෝ නුනුවණයහ. කෙසේ සංඛනාද සොයද්දැ?යි කියා සක පිඹ කර වතුරුවාගෙන ගියේය. එකල්හි මනුෂ්යොයෝ පුරුෂයාගේ ව්යාපයාමයෙන් හා වායු සහගතව නාද පවත්නේය’යි කියා දැනගත්තාහුය. එමෙන් රාජඤ්ඤය, මේ කයද වායු සහගතව, උෂ්ණ සහගතව, විඤ්ඤාණ සහගතව, යාම් ඊම් ඉඳීම් සිටීම් ආදි ඉරියව් පවත්වමින් රූප ශබ්දාදී පඤ්චකාම සම්පත් අනුභව කෙරෙයි. එබැවින් ‘පරලොව ඇතැ’යි කියා දැනගනුව’යි වදාළසේක. එකල්හි බ්රාිහ්මණයා කියන්නේ “ජීවිතය සොයමි සිතා මරනට සුදුසු වරද ඇති සොරෙකු ගෙනාකල පුරුෂයන්ට මොහුගේ සම සිඳ ජීවිතය බලව’යි මෙසේ කීමි. එසේ කොටත් ජීවිතය නුදුටුම්හ. නැවත ‘සිවි සිඳ බලව, මස් සිඳ බලව, නහර සිඳ බලව, ඇට සිඳ බලව, ඇට මුල් සිඳ බලව, මස් සිඳ බලව, නහර සිඳ බලව, ඇට සිඳ බලව, ඇට මුල් සිඳ බලව’යි කීමි. එසේ බලාත් ජීවිතය නැදුටුම්හ. එබැවින් ‘පරලොව නැතැ’යි සිතමි” යි කීය. එකල්හි තෙරුන්වහන්සේ වදාරණ සේක්, “මීට උපමා සහිත පෙරවූ දෙයක් කියමි. වනයෙහි මනුෂ්යව පථයට යනු කැමතිව ළදරු කාලයෙහි වල දමා තිබූ කුමාරයකු වඩාගෙනවුත් වල වැඩුනාවූද දශ දොළොස් වයස් පිරුණාවූද ඒ කුමාරයා බණවා ‘පුත්රඩය; මා එනතෙක් ගිනි පූජාකරව, ගිනි නිවුනේවීනම් මෙයින් ගිනි උපදවා ගනුව’යි කියා දර කොටන කැත්ත හා ගිනි ගානා දඬුකඩ දෙක දක්වා ගියේය. කුමාරයා කෙළ ඇවිදීමෙන් ගිනි නිවුනේය. හෙතෙම ගිනි නිවුනු බව දැක, ‘ගිනි උපදවමි’ සිතා ගිනි ගානා දඬුකඩ ගෙන කැත්තෙන් සැස්සේය. එසේ ගිනි නොදැක දෙකට පැළීය. එසේත් නොදැක තුනට හතරට පහට දශයට පළා එසේ ත් නොදැක කඩ කඩ කොට කපා වන ලා කොටා සුණු විසුණු කොට සුළඟේ හැරත් ගිනි උපදවා ගත නොහැකිවිය. නැවත අග්ගික ජටිලයා අවුත් ‘පුත, ගිනි පූජා කෙළෙහිදැ?’යි විචාළේය. එකල තමන් කළ කටයුතු සියල්ලම කීය. ‘මේ ලදරුවා නොදන්නා නිසාය’යි සිතා බලා සිටියදී ගිනි ගා ‘මෙසේ ගිනි ඉපදවිය යුතුය’යි කීයේය. ඒ බාලවූ දරුවා ගිනි සොයන්ට උත්සාහ කළා සේ තෝද පරලොව සොයන්ට උත්සාහ කෙළෙහිය. තාගේ මේ විපරිත දෘෂ්ටිය හරුව. මේ විපරිත දෘෂ්ටිය නොහළුයේ වී නම් තට බොහෝ කලක් මුළුල්ලෙහි අහිතයට දුක්ඛයට කාරණා වෙයි” වදාළසේක. එකල්හි බ්රා හ්මණයා කියන්නේ “කාශ්යදප ස්ථවිරයන් වහන්ස, පරලොව නැත, කුශල් නැත, අකුශල් නැතැ’යි කියා මම මේ ලාමක දෘෂ්ටි ගත් බව කොසොල් රජ්ජුරුවන් ඇතුලුව බොහෝ
සිංහල විමාන වස්තු ප්රමකරණය. 193
පණ්ඩිතවරු දනිති. මම දැන් මේ දෘෂ්ටිය හැරියේ වීනම් ‘පායාසි රාජඤ්ඤයා බාලයාය, අඥානයාය, අව්යික්තයාය, මෙතෙක් දවස් වරදවා හැසුරුණේය’යි නින්දාවකෙරෙති. ඒ නිසා නොහරිමි, නුඹ වහන්සේගේ වචනය නාසන නිසාත් නුඹවහන්සේ හා සමකොට සිතන්නාවූ යුගග්රාසහය නිසාත් නොහරිමි” යි කීය. “එම්බා රාජඤ්ඤය, ඊට උපමා වශයෙන් පෙරවූ දෙයක් කියමි. සාර්ත්ථබවාහකයෝ දෙදෙනෙක් ගැල් දහසක් ගෙන බොහෝ වෙළඳුන් හා එක්ව වෙළඳාම් කොට ඇවිදිනාහුය. යම් ප්ර දේශයකට ගිය කල ඒ ප්රතදෙශයෙහි දර පැන් හා තණකොල ආදිය වහාම විනාශ වන්නේය. එබැවින් ගැල් දහසක් ගෙන එක මග යාම දුෂ්කර යයි කියා ගැල් පන්සියය පන්සියය දෙකට බෙදාගෙන ඔවුනොවුන් අතුරෙන් අඥාන වෙළඳ නායක තෙම ‘පළමුවෙන් මම යෙමි’යි කියා ගොස් යක්ෂාඳධිගෘහිතවූ අල්පභක්ෂ නිරුදක කාන්තාරය ළඟට පැමිණ දිය දර පටවාගෙන යන්නේය. එකල්හි යක්ෂ යෙක් මඬ වැකුණු රථචක්රළ ඇති කොටලුවන් යෙදූ රථද තෙත් හිසකේ හා තෙත් පිළි ඇති මිනිස් වෙසක්ද මවාගෙන නෙලුඹු දැලි කකා ඉදිරියට අවුත් මාර්ගතයෙහි වැසි වැස ඇල කඳුරු පිරී මඩ ගෝරු බොහෝ බව කියා දිය දර ගැලින් ඉවත දම්මවා අන්තර්ධාවන විය. එබසට දිය දර දමා වාලුකා කාන්තාරයට පැමිණි මේ පිරිස දිය දර නොදැක සවස්වනතුරු ගොස් මිනිසුන්ට හා රිය අදනා ගොනුන්ටද කිසිම ආහාර පාන වර්ගවයක් නොමැති බැවින් ක්ලාන්තවූ ශරීර ඇතිව ඒ ඒ තැන වැටී හුන්නාහුය. එකල්හි යක්ෂගයෝ අවුත් ගොන් හා මිනිසුන්ගේ ශරීර මාංශ භක්ෂ ණය කොට ඇට පමණක් දමා ගියාහුය. ඉක්බිති අනෙක් වෙළඳාණන්ද එසේම වාලුකා කාන්තාරය සමීපයට පැමිණි කළ යක්ෂ යා පෙරසේම අවුත් දිය දර ඉවත්කර දමන්ට කීය. එකල්හි නුවණැති සාත්තු නායකයා ඔහුගේ ලක්ෂඅණයෙන් යක්ෂටයකු බව දැන සියලු මිනිසුන් රැස්කොට ‘පෙර මේ කාන්තාරයෙහි දිය දර ඇතැයි කියා ඇසුවෝ ඇද්දැ?”යි විචාරා ‘නැතැ’යි කීකල ‘එසේවීනම් දිය දුටුකල මුත් එක දිය බින්දුිවක් පමණකුත් පිටත නොදමත්ව’යි කියා අවවාද කොට ‘පළමු ගිය වෙළඳුන් මළතැන් සොයන්ට යම්හයි කියා වහ වහා ගොස් ඇටකටු හා බඩු පිරූ ගැල් පමණක් දැක විෂ්මයට පත්ව පරණ ගැල් හා අගය අඩු වස්තු දමා අලුත් ගැල් හා මාහැඟි වස්තු ගෙන සුවසේ වෙළඳාම් කොට කම්වූ පරිද්දෙන් පරලොව ගියේය. එම්බා රාජඤ්ඤය, තෝ දර දිය දමා ගිය වාලුකා කාන්තාරයට පැමිණි වෙළඳුන් හා විනාශයට පැමිණි වෙළඳ නායකවාට උපමාකොට
25
194 සිංහල විමාන වස්තු ප්රණකරණය.
සිතමි. මේ සංසාර නමැති කාන්තාරයට පැමිණ කුසල් නැමති මාර්ගෝපකරණ දමා තටත් තාගේ පිරිවර ජනයාටත් අහිතයට දුඃඛයට කාරණාවෙයි. තාගේ විපරීත දෘෂ්ටිය හරුව”යි වදාළ සේක.
එබසටත් පෙරසේම “නොහරිමි”යි කීය. එකල්හි ඊට උපමා පිණිස මහතෙරුන් වහන්සේ වදාරණ සේක්, “එම්බා රාජඤ්ඤය, මම පෙරවූ දෙයක් කියමි. ඌරන් පොෂ්යහකරණ පුරුෂයෙක් කිසි කටයුත්තක් පිණිස දුර තැනකට ගොස් යන්නේ අතරමග වියලී තුබු අසූචි ගොඩක් ‘ඌරන්ට දෙන්ට ගෙනයෙමි”යි සිතා උතුරු සළුවේ පොදි බැඳ ඉස තබාගෙන යන කල මහත් වැස්සකින් තෙමී ඉස පටන් දෙපය කෙළවර කොට අසූචි වෑහෙන්ට වන. ඒ දැක මනුෂ්යතයෝ, ‘කිමෙක්ද, තෝ උමතු වන්නහු වෙති. මම ඌරන්ට ගෙනයෙමි’යි කියා එය ඉස තබා ගෙනම ගියේය. එම්බා රාජඤ්ඤය, තෝත් සූකර පොෂකයාට උපමාකොට සිතමි. අසූචි පොදිය වැනිවූ තාගේ විපරීත දෘෂ්ටිය හරුව”යි වදාළ සේක. එකල්හි බ්රයහ්මණයා කියන්නේ “වහන්ස, මම මේ දෘෂ්ටිය ගත් බව කොසොල් රජ්ජුරුවන් ඇතුළුවූ බොහෝදෙනා දන්නා හෙයින්ද, නුඹවහන්සේගේ වචනය නාසන නිසා නුඹ හා සමකොට සිතන යුගග්රාටහය නිසාද මේ ලාමකවූ විපරීත දෘෂ්ටිය නොහරිමි”යි කීය. එකල්හි තෙරුන් වහන්සේ වදාරණ සේක්, “එම්බා රාජඤ්ඤය, මම උපමාවක් කියමි. පෙර අක්ෂහධූතියා, ‘පසඇට නොගිලුව” යි කියද්දීම ඔහු දෙවෙනිවත් පසඇට ගිලිනේය. එකල්හි අනෙක් පුරුෂයා එක්දවසක් විෂ යොදා පස ඇට දැමීය. එදවස්ද පෙරසේම පැරදෙන බව දැන පසඇට ගිල කාලක්රි යා කෙළේය. එම්බා රාජඤ්ඤය, තෝ ද මේ විපරීත දෘෂ්ටිය නොහැරියේ වීනම් පසඇට ගිල නැසුනු අක්ෂ්ධූර්තෙයාමෙන් අනයව්ය්සනයට පැමිණ සසර දුකින් ගැලවිය නොහෙන්නෙහිය. තා විසින් ගන්නා ලද ලාමක දෘෂ්ටිය හරුව”යි වදාළසේක. එබසටත් පෙරසේම “නොහරිමි”යි කීය. එකල්හි තෙරුන් වදාරණ සේක් “එම්බා රාජඤ්ඤය, මම උපමාවක් කියමි. උපමාවෙනුත් නුවණැත්තාහු කියන ලද වචනයාගේ අර්ත්ථ ය දන්නාහුය” යි වදාරා “රාජඤ්ඤය, මම පෙරවූ දෙයක් කියමි. එක්තරා දනවුවක වැසි මනුෂ්යයයෝ එය හැර අන් තැනකට ගියාහුය. එසමයෙහි යහළුවන් දෙදෙනෙක් මිනිසුන් හැර
සිංහල විමාන වස්තු ප්ර්කරණය. 195
ගිය ජනපදයෙහි කිසියම් වස්තුවක් දමා තිබුයේවීනම් ඒ ගෙන එන්ට යම්හ’යි කියා ගොස් එක්තරා ගමෙක්හි දමන ලද හන වැහැරී ගොඩක් දැක හන මිටි දෙකක් බරට බැඳගෙන එන්නාහුය. මෙසේ එන අතර අනෙක් ගමකට පැමිණ එතැන්හි දමන ලද හන නූල් දැක ඔවුන් අතුරෙන් නුවණැති යහළුවා කියන්නේ, ‘මේ හන වැහැරි ගෙන ගොස් නූල්කරන්ට වුව මැනව. එබැවින් මේ හන මිටි දමා හන නූල් ගෙනයම්හ’යි කීය. එකල්හි අනෙක් යහළුවා කියන්නේ, ‘මේ හන මිටිය මම මනාකොට බැඳ දුර සිට ගෙන එන ලද්දේය. එබැවින් නොදමන්නෙමි. තෝද නොගනුව’යි කීය. එකල්හි ඒ නුවණැති යහළුවා හන වැහැරි මිටිය දමා හන නූල් බරක් බැඳගත්තේය. ඉක්බිති ඔහු දෙදෙනම එක්ව යන්නාහු අනෙක් ගමකට පැමිණයහ. එහිදී දමන ලද හන පිළි ගොඩක් දැක ඒ නුවණැති යහළුවා කියන්නේ, ‘යහළුව, හන බර දමව, මම හන නූල් දමමි. අපි දෙදෙන හන පිළි ගෙන යම්හ’යි කීය. එකල්හිද අඥාන යහළුවා, ‘මම මේ හන මිටිය මනාකොට බැඳගෙන දුර සිට ගෙනෙන ලද්දේය. එබැවින්! නොදමමි’යි කීය. නුවණැති යහළුවා නූල් දමා හන පිළි බරක් බැඳගත්තේය. මෙම ක්රමමයෙන් ඔහු දෙදෙන එක්ව යන්නාහු අනෙක් ගමකටද පැමිණියහ. එතැන්හි දමන ලද ක්ෂෞෙම වැහැරි දැක නුවනැති යහළුව. පෙරසේම කියා හන පිළි දමා ක්ෂෞෂම නුල් ගත්තේය. ක්ෂෞ.ම නූල් දමා ක්ෂෞලම පිළි ගත්තේය. ක්ෂෞ ම පිළි දමා කපු පිළිද ගත්තේය. කපු පිළි දමා කජු නූල්ද එම නූල් දමා කපු පිළිද ගත්තේය. කපු පිළි දමා කලු ලොහෝ ගත්තේය. කලු ලොහෝ දමා තඹ ලොහෝද, තඹ ලොහෝ දමා කලු ඊයම්ද, කලු ඊයම් දමා සුදු ඊයම්ද, සුදු ඊයම් දමා සුදු රිදීද ගත්තේය. අනෙක් පුරුෂයා හත මිටියම ගෙන යන්නේය. මෙසේ දෙදෙන එක්ව යන්නාහු මසුරන් ගොඩක් දුටහ. ඉක්බිති නුවණැති යහලුවා කියන්නේ “යහලුව, තෝ හන මිටිය දමව. මම සුදු රිදී බර දමමි. අපි දෙදෙනම මසුරන් දෙබරක් ගෙන යමිහ’යි කිය. එබසටත් එබසටත් අඥාන යහළු කියන්නේ, “මම් මේ හන බර මනාකොට බැඳ දුර සිට ගෙනෙන ලද්දේය. එහෙයින් එය ඉවත නොදමමි. තෝද නොගනුව’යි කිය. එකල්හි නුවණැති පුරුෂයා රිදී බර දමා මසුරන් බරක් බැඳගෙන ගමට ගියේය. ඔහුගේ මව්පියන් හා අඹු දරුවෝද විශෙෂයෙන්ම සතුටු වූවාහුය. බොහෝ වස්තුවත් ලද්දේය. මසුරන් නොගෙන හනමිටිය පමණක් ගෙන
196 සිංහල විමාන වස්තු ප්රයකරණය.
ගිය පුරුෂයාගේ මව්පියන් හා අඹු දරුවෝද නොසතුටුව දොම්නස් වූවාහු වස්තුවෙනුත් පිරිහුනාහුය. එම්බා රාජඤ්ඤය, තෝද බුද්ධරත්නය, ධර්මුමරත්නය, සංඝරත්නය යන ත්රිූවිධ රත්නයෙන් උපසොභිතවූ මේ මඟුල් සක්වල ඉපිද දාන ශීලාදී වශයෙන් කුශල කර්මනයන් නොකොටැ ‘පරලොව නැත, කුශල් නැත, චුති චිත්තයෙන් මත්තෙහි උපදනා සත්ව යන් නැත්තේය’යි කියා ලාමකවූ විපරිත දෘෂ්ටිය ගෙන තාගේ ඤාති මිත්රයයන් හා පිරිවර ජනයන්ද අඹුදරුවන් ඇතුළුව තා ආශ්රිය කළාවූ බොහෝ දෙනාත් සතර අපායාදියට පමුණුවා බොහෝ කාලයක් මුළුල්ලෙහි සසර දුක් විදුවා තෝත් නරකාදී සතර අපායට පැමිණ අනයව්යළසනයට පැමිණෙන්නෙහිය. එබැවින් එම්බා රාජඤ්ඤය, තෝත් හන මිටිය ගෙනගිය පුරුෂයාට උපමාකොට සිතමි. තාගේ මේ ලාමකවූ විපරීත දෘෂ්ටිය හරුව. ඒ දෘෂ්ටිය තට දීර්ඝම කාලයක් මුළුල්ලෙහි අහිතයට දුඃඛයට කාරණාවෙයි වදාළසේක.
එකල්හි බ්රායහ්මණයා කියන්නේ “ස්වාමීනි, නුඹවහන්සේ පළමුකොට වදාළ උපමාවෙන්ම පරලොව ඇතිබව දැනගතිමි. එතකදුවුවත් නුබවහන්සේගෙන් විසිතුරු ප්ර ශ්න විස්සර්ජනයන් අසනු කැමතිව මෙතෙක් කාරණා කිමි. සමසක් මංමුළාවූ එකක්හු අත අල්වාගෙන ‘මේ මග යව’යී කියා මග පෑවාක්මෙන් නූබවහන්සේගේ ධර්මමදෙශනාව ඉතා යහපත් වන්නේ”ය කියා ප්ර්ශංසාකොට “අද පටන් තුනුරුවන් සරණයෙමි” කියා සරණ ගොස් කියන්නේ ‘ස්වාමීනි, අද පටන් මහදන් පවත්වනු කැමැත්තෙමී, මට අනුශාසනාකොට වදාළ මැනව’යි කීය. එකල්හි තෙරුන්වහන්සේ “එම්බා රාජඤ්ඤය, යම් ලෙසකින් ප්රාමණඝාකාදී පව් නොපිරේ නම් එලෙසින් දනදෙව” යි වදාළ සේක. එතැන් පටන් ශ්ර මණ බ්රාරහ්මණයන්ට හා දුගී මගි යාචකයන්ට දන් දෙන්නේ පෙර දන්දි පුරුද්දක් නැති හෙයින් කැඳ හා කාඩි ඇඹුල් දෙවෙනි කොට නිවුඩු සාලේ බත් දෙයි. දළ පිළි හා මහත් දහ ඇති පිළි මහත් දහ ඇති පිළි දෙයි. මෙසේ සකස්නොකොට දන් දී චාතුර්මතහාරාජික දිව්යතලොකයෙහි හීනවූ දිව්යසනිකායෙක උපන්නේය. එසමයෙහි ඒ දාන විධානය කරන්නාවූ උත්තර නම් මානවකයෙක් විය. ඒ උත්තර නම් මාණවකයා එක්දවසක් දන්දී “මේ පියාසි රාජඤ්ඤයන් හා මේ ජාතියෙහි එක්වූ පමණක් විනා මතු එක්නොවම්හ’ ‘යි කියා පැතුයේය. බ්රාමහ්මණයා එපවත් අසා ඔහු ගෙන්වා ‘සැබෑද?’යි කියා විචාළේය; එකල්හි “නුඹවහන්සේ සකස්නොකොට දමාපියන දෙයක් සේ ස්වල්ප දෙය දන්දී මතුත් ස්වල්ප දේම ලබන සේක. එකල්හි නුඹ එක්ව
සිංහල විමාන වස්තු ප්රදකරණය. 197
උපනහොත් අපටත් ස්වල්ප දෙයක්ම ලැබෙයි, එබැවින් ‘නුඹ හා එක්නොවම්හ’ කියා ප්රාැර්ත්ථතනා කෙළෙමි’යි කීය. එකල්හි බ්රාතහ්මණයා කියන්නේ “අප පරිභොග කරණ පරිද්දෙන් දන් දෙව”යි කීය. එතැන් පටන් ඒ උත්තර මානවකයා දානය පැවැත්වීමෙහි ව්යා්වෘතව සකස්කොට දන්දී තව්තිසා දිව්ය ලොකයෙහි දොණොස් යොදුන් රන් විමනෙක උපන්නේය, ඉක්බිති ඒ දිව්ය පුත්රහ තෙම ‘දිව්ය සම්පත් ලැබීමට කාරණා කවරේදැ?’යි පරීක්ෂාාකොට කුමාර කාශ්යයප ස්ථවිරයන් වහන්සේගෙන් බණ අසා දාන ශීලාදී වශයෙන් කුශල්කොට අවුත් උපන් බව දැන කළ උපකාරය සලකමින් විමාලය හා සමග තෙරුන්වහන්සේ කරා එළැඹැ විමානයෙන් බැස පසඟ පිහිටුවා වැඳ දොහොත් මුදුන්දී එකත්පස්ව සිටියේය. එකල්හි තෙරුන් වහන්සේ ඒ දිව්යුපුත්රකයා දැක මෙසේ විචාළ සේක
“ යා දෙවරාජස්ස සභා සුධම්මා යත්ථයච්ඡති දෙව සඞඝො සමග්ගො, තථුපමං තුය්හමිදං විමානං ඔභාසයං තිට්ඨති අන්තලික්ඛෙ, දෙවීඬිපත්තොසි මහානුභාවො”-පෙ-
යනු හෙයින් “එම්බා දිව්ය්පුත්රුය, තව්තිසා වැසි දෙවියන් රැස්ව හිඳිනාවූ සක්දෙව් මහරජහුගේ සුධර්මාා නම් දිව්ය්සභාවමෙන් තාගේ මේ දිව්යිප්රාඳසාදය ආකාශයෙහි දීප්තිමත්ව බබලන්නේය. තෝද දෙදෙවිලොව දෙවියන් පිරිවරා බබළන්නාවූ ශක්රියා මෙනැයි සිතමි, මෙබඳු සැපතක් ලැබීමට කලාවූ කුශලය කවරේදැ?යි විචාරා වදාළසේක. එකල්හි ඒ කුශල කර්මැහ ප්රකකාශකොට දක්වන්නාවූ දිව්යයපුත්රසතෙම මෙසේ කීයේය.
“ අහ මනුස්සෙසු මනුස්සභුතො රඤ්ඤො පායාසිස්ස අහොසිං මානවො ලද්ධා ධනං සංවිහාගා අකාසිං පියා ච මෙ සීලවන්තො අහෙසුං
අත්නඤ්ච පානඤ්ච පසන්නවිත්තො සක්කච්ච දානං විපුලං අදාසිං තෙන මෙ තාදිසො වණ්ණො”-පෙ-
යනුහෙයින්, “යටගිය දවස මිනිස්ලොව වසන සමයෙහි පායාසි රාජඤ්ඤ නම් බ්රා“හ්මණයාගේ කාය්ය්සන කාය්ය් යෙහි දක්ෂිවූ උත්තරනම් මානවකයෙක් වීමි. එසමයෙහි දන් දීමෙහි සතුටු 198 සිංහල විමාන වස්තු ප්රසකරණය.
සිත් ඇතිව කර්ම්ඵල අදහමින් මාලත් දෙය මම අනුභවනොකොට යම් දෙයකින් යැපි සකස්කොට දන් දුනිමි. යහපත් කොට ශීලයද රක්ෂාමකෙළෙමි. ඒ පායාසි රාජඤ්ඤයාගේ දානයද අනුන්ගේ දානයයි නොසිතා මාගේ දානයක් මෙන් සතුටු සිත් ඇතිව සකස්කොට දන් දුනිමි. ඒ කුශලකර්මකය හෙතුකොට ගෙන මේ දිව ඉසුරු ලදිමි” කියා ප්රමශංසාකොට මහතෙරුන් වහන්සේ වැඳ අවසර ගෙන දෙව්ලොවටම ගියේය.
මේ විමානවස්තු ප්රේකරණයෙහි සවැනි වූ පායාසි වර්ග යෙහි දස වැනිවූ උත්තර විමාන වස්තු වර්ණවනාව කියා නිමවන ලදී.
පායාසි වර්ගල වර්ණ්නාව කියා නිමවන ලදි.