සිංහල සැහැලි - iv
(153)
විරිදු කාව්යියන්හි එන පෙම්වලප්
ද ද මුතු ලැල් සිසි බිම්බා කුඩ නඟමින් දිගු යට ගේ බැ ඳ මින් දද නුබැ ලම්බා දික් විජයට ගෙනැ සෙන ගේ ත ද කෝකිල සක් පුම්බා මලවිය තල අසුට නැ ගේ අ ද නරනිඳු පැරකුම්බා නොළැගෙනු කිම වරද ම ගේ
පැරකුම්බා සිරිත
නේදික් දිලි යවටක් ලෙස පෑ පුන්සඳ පෙ නේ වානක් විය ගලමින් එන කඳුලැලි දෙනුව නේ ශ්රී් වික්රකම රාජසිංහ නම් භුවි පාල නේ මේ දුක් ඉවසනු බැරි යව්වන කල අ නේ
ඉංග්රී්සි සිංහල යුද්ධය
පැරණි ලංකාවේ බෞද්ධ කාන්තාවෝ හුදු විනෝදය සඳහා වීණා ගායනය කරමින් බුද්ධ ස්තොත්රෝ ගැයූ බව :-
මනහරනා මෙනෙවිය නිඳ ළවැලි පි ට ගෙන මිණි වෙණ තත් නියගින් මැද රැව ට කන හෙව මිහිරි බුදු ගුණ ගී මියුරු කො ට සැනසෙවැ කැළණි ගඟ බඩ මඳ කලක් සි ට 13 යන්නෙන් පෙනේ.
13. සැළලිහිණි සන්දේශය
(154)
ශාන්ති කර්මයන්හි දී ඇදුරන් විසින් ගයනු ලබන රත්නත්ර ය ප්ර්ශස්ති විශේෂයක් ද ඇත්තේ ය. බෙරයට හෝ කයිතාලමට අනුව කියැවෙන ඒ ජයමංගල ශාන්ති කවි දෙකක් පහත දැක් වේ.
තෙ දි ය තු ලේ තෙද පතුලේ නැති නිසලේ අපෙ - මැනිදු රදුන් බ ල පැ හැ වි පු ලේ ලෙස නිමලේ දිවග ලොලේ දස - දර්ම උතුම් බ ල දි ගු පු ළු ලේ දිවගමුලේ රසකොපුලේ මෙම - අත පිහිටුන් ක ල වි න සි ය ලේ දුරුව පලේ අද මෙකෙසේ සල - සමි ජය මංග ල
මොක ඇඳුරා වෙත නිතරා කර අදරා තුනු - ලොව පැහැදුන් ක ළ ඔ බ එ සු රා සිටි නිතරා සරණවරා නිව - නින් සුවපත් ක ළ දෙ ත ළු තු රා කර රුදුරා විනත පුරා බැස - යන විලසින් ජ ල ස සි රි බ රා යස ඉසුරා අද මෙවරා සල - සමි ජය මංග ල
පුරාණ සිව්පද සංග්ර හය
(155)
6 වෙනි පරිච්ඡේදය
[සංස්කරණය]කෙළි සැහැලි
ක්රී1ඩාවන්හි දී භාවිතා වන සැහැලි, කෙළි සැහැලි නම් වෙයි. කුඩා ළමුන් ගේ ක්රීීඩාවන්හි දී මෙන් ම වැඩිහිටි අය ගේ කෙළි සෙල්ලම්වලදී ද කව්ගීත කියනු ඇසේ. මේ ගීත සරලය. සුන්දරය. එසේ ම ඇතැම්විට හැඟීම් අවුස්සන සුළු ය. සාමාන්ය වශයෙන් කෙළි සැහැලි ගයනු ලබන්නේ දෙපිලට බෙදුනු ක්රීුඩකයන් විසින් උත්තර ප්රෙති උත්තර වශයෙනි. සමූහය ම එකවිට ගයන සැහැලිත් ඇත්තේ ය. ඇතැම් කෙළි සැහැලි ගායනයෙහි දී සංගීත භාණ්ඩයක් අතිශයින් ම අවශ්යතවන අතර, ඇතැමකට වාජ්ජමක උපකාර වුවමනාවන්නේ නො වේ. කෙළි සැහැලි ප්රැධාන වශයෙන් පහත දැක්වෙන සේ වර්ගි කළ හැකි ය.
ළමා කෙළි සැහැලි කාන්තා කෙළි සැහැලි ජාතික කෙළි සැහැලි නවීන කෙළි සැහැලි යනුවෙනි.
ළමා ක්රීිඩා සැහැලිවල අර්ථයට වඩා බල පවත්නේ ශබ්ද රිත්මය ය. බැලූ බැල්මට මේවා බොහොමයක් ම අර්ථ ශූන්යප පද කැබලි ලෙස පෙනෙතත් ඇතැම්විට ඒ සැහැලිවල අමතක වූ වකවානුවක ඓතිහාසික සිඬිවල සහ ආගමික හැඟීම්වල ඡායාමාත්ර දැතිය හැකි ය. පොත්
(156)
පත් වල සටහන් නො වුව ද පරම්පරාවෙන් පරම්පරාවට මේ ගීත රැක ගෙන පවත්වා ගැනීම ගැන ගැමි ජනතාවට ජාතියේ කෘතඥතාව හිමි විය යුතු ය. උසස් පඬ්ක්තියවන නාගරිකයනුත් සැම විටම ඔවුන් අනුගමනය කිරීමෙන් ඉහළ පෙළන්තියට ඇතුළත් වීමට දඟලන, උපරිම මධ්යනම පඬ්ක්තිකයනුත් සිය දූ දරුවන් සඳහා බටහිර ළමා කෙළි සැහැලි යොදා ගත්තෙන් අපේ ළමා සැහැලි නූගත් ගැමි ජනතාවට ම සීමා විය. ඔව්හු ඒවා කටින් කට පවත්වා ගත්තා මිස, අර්ථාය ගැන හැඟීමක් ඇති කර නො ගත්තෝ ය. ශබ්දයට ම සැළකිල්ල දැක්වීම නිසා අතක මතක නැති වූ තැන් වලට ශබ්දයට ගැලපෙන, එහෙත් අර්ථැයට නො සැසඳෙන, නැතහොත්, අර්ථශශූන්යෙ සක්ක පද යොදා ගත්තෝ ය. මේ නිසා අද අපට සැහැලිවල එන අගනා ප්රඅවෘත්ති නිරාකූලව නිරාකරණය කරගත නො හෙන තත්ත්වනයකට මුහුණු පෑමට සිදු වී තිබේ. උසස් උගත් සමාජයේ භාවිතය සඳහා විදේශීය ළමා සැහැලි ඉදිරිපත් වීම නිසා පසුගිය ශත වර්ෂ දෙක තුන ඇතුළත අළුතින් සැදුන ළමා සැහැල්ලක් ද නො වීය. පහත දැක්වෙන්නේ ගැමි දරුවන් අතර බහු ප්රහචාරයට පැමිණි කෙළි සැහැලි කිහිපයකි.
(157)
පළමු වැන්නා - මේ කොයි යන්නේ දෙවැන්නා - රයිගම් යන්නේ ප - කවදා එන්නේ දෙ - ඉරිදා එන්නේ ප - මක්ක ගේන්නේ දෙ - කැවුම් ගේන්නේ ප - කාටද දෙන්නේ දෙ - නැන්දට දෙන්නේ ප - මේ කොයි පාරේ දෙ - රයිගම් පාරේ
මේ ක්රීාඩාවෙහි දී ඉරටු කැබෙල්ලක් හෝ ගල්කැටයක් මුදුනෙහි තැබූ වැලි දෝතක් ගත් පැටියකු ගේ දෙ ඇස් දෙ අත්ලෙන් වසාගත් තව පැටියෙක් ඔහු ගමන් කරවන ගමන් “මේ කොයි යන්නේ” ආදියෙන් අසන ප්ර්ශ්නවලට අනිකා “රයිගම් යන්නේ” ආදී උත්තර දෙයි. මෙසේ අස අසා උත්තර ලැබ ලැබ වටෙන් වටේ ගොස් එක් තැනක දෝතෙහි තුබූ දෙය තබන්ට සලස්වා පෙරසේම වැසු ඇස් ඇති ව කෙළිමඬලට පමුණුවා තමා විසින් තැබූ දෙය සෙවීමට අණ කරයි. සොයා ගත හොත් ඔහු දිනන්නේ ය.
ඇතුළු නුවරට යන එන මාර්ගී හෝ එහි තත්ත්වයය හෝ පරකීයයන් ගෙන් වසන් කර තැබීම පැරණි රාජ තන්ත්රෝයෙකි. උමංදාව ඒ බව සඳහන් කරන්නේ මෙසේ ය.
(158)
“ ඒ අසා බෝධිසත්ත්ව යන් වහන්සේ සිතන සේක් යම්සේ සතුරනට අවකාශයක් නො පෙනේ ද එසෙයින් මා විසින් සුරක්ෂිසත කොට රක්නා ලද මේ නුවර මහවාසල පටන් රජගෙයි දොරකඩ දක්වා ද එතැන් පටන් තමන් වහන්සේ ගේ දොරකඩ දක්වා ද ඇතුළු වීථී දෙපාර්ශනවයෙහි බට පැලලි හඳවා සිත්තම් කරවා ........................ ”
අපේ “මේ කොයි යන්නේ” ළමා කෙළි සැහැල්ලෙන් ද කියැවෙනුයේ රයිගම රාජධානි කාලයේ දී අන්යිතරයන් ඇස්වසා බැඳ ඇතුළු නුවරට ගෙනගිය ආකාරය ය.
අතුරු මිතුරු දඹදිවතුරු රාජ කපුරු හෙට්ටියා වරා ගහක් දුටින් බොලන් වරා ගහට ගිහින් බොලන් පුහුකලටිය නෙලින් බොලන් ඇස්ස සිඟා කාපු වෙදා ඇහි වෙළඳම් කරපු වෙදා වෙලබඩ තිබු අකුල කපා රන් තැටියේ පුදා තියා කුකුළ කපල වැටමුල්ලේ කිකිළි කපල දොරමුල්ලේ කෙහෙල් කැනක් ගෙයි එල්ලේ කැවුම් කදක් දොර මුල්ලේ උස් කොල්ලෝ පේළියයි මිටි කොල්ලෝ පේළියයි
(159)
උස් දරමිටි පේළියයි මිටි දරමිටි පේළියයි මාමලාට නැන්දලයි බෑනලාට ලේලිලයි අක්කලාට අයියලයා නංගිලාට මල්ලිලයි උසි කපුටා උසී අලුත ගෙනා මනමාලී හාල් පතක් ගරාලා බටු කොරහක් කපාලා ඉහළ ගෙටත් බෙදාලා පහළ ගෙටත් බෙදාලා ලිඳේ තිබුණු ටිකිරි මුට්ටි හතෙන් එකක් ගොඩ ගණියෝ හෙට්ටියෝ
මේ කෙළි සැහැල්ලෙන් කියැවෙන්නේ වැදගත් ඓතිහාසීය ප්රකවෘත්තියකි. එය කෙතරම් වැදගත් දැයි කියතොත් ඇතැම් විට මේ සැහැල්ල නුවුවා නම් ලංකා ඉතිහාසයේ එක්තරා වකවානුවක් පිළිබඳ ප්රැවෘත්තිය දැනට වඩා බොහෝ සේ වෙනස් වන්නට ඉඩ තිබුනේ ය. මේ සැහැල්ල පිළිබඳ කථාව රාජාවලියට කීමට ඉඩහැර අසා සිටිමු.
1 “සොළී රටින් ඇවිත් උන් අරිට්ටකිවෙනුඩු පෙරුමාල් කියන ආඬියාට මන්නම්පෙරුම මොහොට්ටිකමුත් දී යකඩ දෝළියට ඇරගෙන
1. රාජාවලිය 68 පිට
(160)
උන් රාජහෙට්ටියා ගේ දුව මන්නම්පෙරුම මොහොට්ටියාට බොහෝ කරුණා ඇතිව ඉඳිනා සඳ කන්ද උඩරට පෙරළි බව අසා මහා සේනාව භාරකර යුඬයට ඇරිය විට බලනේට ගොඩ නැගෙන්ට නො දී කොනප්පු බණ්ඩාරත් කන්ද උඩ පස් රටේ හමුදාවත් කන්ද උත කඩවත් බැඳගෙන සෑදි සිටියහ.”
2 “ප්රඩතිකාල් සේනාවටත් යොන් මුදලියාටත් වැදී යුඬ පරාජයව බිඳී දුවන හමුදාව පාරේ එලව එලවා අල්ලා ගෙන නැතක් තරමුත් ගෙන මහත් සන්තෝෂයෙන් සීතාවකට මන්නම්පෙරුම මොහොට්ටිල ගියේ ය.
පළමුවෙන් මේ මන්නම්පෙරුම මොහොට්ටිල සොළී රටින් ඇවිදින් ආඬි එක්ක සිටියා දැක රාජසිංහ රජ මොහුල හපනායයි අසා වදාරා කැඳවා ගෙන මන්නපෙරුම මොහොට්ටි නම් දී සිටියා යයි දැනගත යුතු යි. ඒ ආඬීන් එක්ක හිටියාට මහ අතපත්තුවේ දොළොස් හමුදාව බාරව ඉන්නා අතපත්තුනේ ආරච්චියා සිවුපද පද බැඳ එතෙක් වෙන පද කොක්කනම කියා සෑම සිවුපද ම මෙනමින් සීතාවක හැම වීදිවල ම කියන්ට පටන් ගත්තාහ. මන්නම්පෙරුම මොහොට්ටිල ලජ්ජාව වත්තට ගොසින් උන්නේ ය. ඒ ගිය නොබෝ දවසකින් බිසෝ අදහසින්
2. රාජාවලිය 70 පිට
(161)
මන්නම්පෙරුම මොහොට්ටිල ගෙන්නවා සීතාවක සිටියාහ. ඒ හිටිනා කොටත් එම සිවුපද කොල්ලෝ දක්වා කියන්ට පටන් ගත්තාහ. එවර මන්නම්පෙරුම මොහොට්ටාල අවසර ඉල්ලා ගෙන ගිරා ඉඹුලේ කොටුවට ඇවිත් එහි උන්නේ ය. ගිරා ඉඹූලේ කොටුවේ ඉඳලා අඟුලක් ගෙන පිටත්ව කඩු දෙවොල රග්ගහ වත්තට ඇවිදින් හිටලා රාත්රිඹයේ කොළඹට වෙන් වෙලා ගොසින් ධර්මවපාල රජ්ජුරුවන් දැක්කේ ය. ධර්මෙපාල රජ්ජුරුවෝ ජයවීර බණ්ඩාර යන නම පටබැන්දේ ය.”
සැහැල්ලෙහි එන “රාජ කපුරු හෙට්ටියා” “අළුත ගෙනා මනමාලී” ආදිය රාජාවලි පුවතෙහි සඳහන් වන රජ හෙට්ටියාත්, ඔහුගේ දෝනියන් දෑ අරිට්ටකීවෙන්ඩුට පාවාදීමත් කියා පාන තැන් ය. ශත වර්ෂන තුනක් ඇතුළත ම ගැමි දරුවාට වෙන් වී තුබූ මෙහි අඩු වැඩිවීම් ඇතිවීම පුදුමයක් නො වේ. මුල් ගීතයෙහි සෑම සතර පදයක් ම අවශානයෙහි කොක්කනම යනුවෙන් අවශාන වන ධ්රැගව පදයක් තුබූ බව කියතුදු දැන්නම් මේ සැහැල්ල කියැවෙන්නේ එවැනි ධ්රැැවයක් නො මැතිව ය. එහෙත් ළමා කෙළිබිමෙහි :-
“ආඬි ගොල්ල එක එකටයි කොක්ක කම් පයිය වෙන වෙනමයි”
යනුවෙන් ගයන ගීතයක් ද ඇත්තේ ය. මෙය පෙර කී සැහැල්ලෙලහි ධ්රැෙව පදය වූවාදැයි නො දනිමි. කෙසේ වෙතුදු රාජාවලි පුවතෙන්, මෙහිත් ඉඳුරා පෙනෙන සම්බන්ධකම් නම් ඇති බව කිව යුතු ය.
(162)
දැන් ගැමි දරුවන් ගේ කෙළි සැහැල්ලක් බවට පත් වී ඇති මෙහි එදා තිබු ආනුභාවය එවකට මුළු ලංකාවෙහි ම විසු කෘතහස්ත රණශූර රාජ්යඑ තන්ත්රන විශාරදයා ස්වකීය රාජයා ගෙන් මෙන් ම රාජධානියෙන් ද පළවා හැර විරුඬ රාජයා ගේ පක්ෂසයට එක්කර වීමෙන් ම පෙනෙන්නේ ය.
අම්බලමේ පිනා පිනා වළං කඳක් ගෙනා ගෙනා ඒක බිඳපි ගොනා ගොනා ඒකට මට හිනා හිනා
මේ ළමා කෙළී සැහැල්ලෙන් කියාපාන්නේ ආනාදීමත් කාලයක සිට සිංහල වර්ගහයා තුළ පරම්පරාවෙන් පරම්පරාවට බැවහැරව ගිය ජීවිත තත්ත්වරය පිළිබඳ ගාම්භීර විවරණයකි. සාමාන්ය සිංහල ගැමියා ද මහා දාර්ශිනිකයෙකු මෙන් ජීවිතයේ නිස්සාර භාවය දැකීමටත් ඉපදීම් මැරීම් සංඛ්යාංත මේ ජීවිතය ගැන සැහැල්ලුව සිතා අනවශ්ය් දුක් දොම්නස් වලින් ඉවත් වීමටත් පුරුදු වන සැටි මෙයින් පෙනේ.
පිනා අම්බලමට වලන් කඳක් ගෙනාවේ ය. ගොනා ඒක බිඳපි ඒකට මට හිනා ය.
පිනා හෙවත් කර්මක .ශක්තිය මේ ලෝකයෙහි තාවකාලික පැවැත්ම වන පඤ්චස්කන්ධයක් නොහොත් පස්වලින් සැදූ වළං කඳක් ගෙනාෙව්ය. ගෞතම නායකයානන් වහන්සේ එය
(163)
බිඳ දැම්මේ ය. පිනාට නැවතත් කරගහගෙන යෑමට වළං කඳක් දැන් නො මැත, හෙවත් දුක් සහිත වූ මේ සංසාර ගමන කෙළවර කර ගත හැකි ක්රිොයා මාර්ග6ය ගෞතම බුදුන්වහන්සේ විසින් පෙන්වා වදාළ සේක. ප්රීරතියකි. අහෝ එය මට මහත් ප්රී තියකි.
දැනුදු ගම්බද ව බොහෝ සේ පවත්නා කෙළි සැහැළි වලින් තව කිහිපයක් පහත දැක්වෙන්නේ ය.
කපුටු කාක් - කාක් - කාක්
ගොරක දේන් - දේන් - දේන්
දොරකඩගහේ - පුවක් - පුවක්
බට පඳුරේ - බුලත් - බුලත්
මට විඩකට නොදුන් පුවක්
උසි කපුටා - උසී
කූචි කුචයියෝ තෝත් නටාපිය මාත් නටන්නම් තොට පොල් බෑයයි මට පොල් බෑයයි තෝත් නටාපිය මාත් නටන්නම් තොට බත් හැන්දයි මට බත් හැන්දයි
(164)
තෝත් නටාපිය මාත් නටන්නම් තොට හොදි හැන්දයි මට හොදි හැන්දයි තෝත් නටාපිය මාත් නටන්නම් තොට කිරි හැන්දයි මට කිරි හැන්දයි තෝත් නටාපිය මාත් නටන්නම් තොට පැනි හැන්දයි මට පැනි හැන්දයි බිං කුංඩෝ බොල බිං කුංඩෝ තෝත් නටාපිය මාත් නටන්නම් කම්මල් වත්තේ බල්ලො බුරන්නන් ගෙඹාගෙ අප්පේ ගෙඹාගෙ අප්පේ ගෙඹා නටන හැටි මෙන්න බලන්නේ කූඹි කුචයියෝ තෝත් නටාපිය මාත් නටන්නම්
මේ සැහැල්ලෙන් සාමාන්‍ය වශයෙන් ගැමි දරුවෙකු ගේ එදිනෙදා ආහාර වේල පිළිබඳ ව සිතා ගැනීමට ඉඩ සැලසේ. එය බතුත් එලවළු
(165)
හෝ මාලු හොඳිත්, පොලුත්, දී කිරිත්, පැනිත් යන මේවායින් යුක්ත වූවකි. දරුවෙකුට අවශ්යො “විටැමින්” ආහාර පදාර්ථ සියල්ල ම මේ කෑම වට්ටෝරුවේ අඩංගුවීමෙන් අපට පෙනෙන්නේ ගැමි ජනතාව අතර තුබූ දියුණුව ය.
එලෙසුත් ජාවා
මෙලෙසුත් ජාවා
එලෙසුත් අරගන
මේ ගම ගිය කල
කෝන් කොඩොත්තන්
කොටකන් බිත්තන්
පොල් ගා රුංගා
අවිචාරේ
කන්ද උඩින් එන
කොල්ලා ඒවා
කොරමුතු වාවා
දොඩත් පනාවා
ගලගන්තාවා
ඕඩුපෝ
වැස්සක් ආරම්භ වී පොද වැටී ගන යත්ම එලිමහනේ කෙළි සෙල්ලම්වල යෙදී සිටින ගම්බද ළපටියෝ ගෙවල් කරා කියමින් දිවෙන සැහැල්ලක් ඇත. වැසි ලබා ගැනීම සඳහා පැරැන්නන් විසින් භාර හාර වූ බවට ඉඟියක් දක්වන ඒ සැහැල්ල මෙසේ ය.
(166)
වැහැපන් දෙයියා කහපැන් දෙඤ්ඤයි දොරකඩ පොල්ගහ නින්දම දෙඤ්ඤයි අටු ඇට මල්ලක් පුරහම දෙඤ්ඤයි කොවුලක බුලතුත් තනිවම දෙඤ්ඤයි හානට මී ගොන් බානක් දෙඤ්ඤයි වැහැපන් දෙයියා වැහපන් දෙයියා //
මේ සැහැල්ගලන් එලිවන තවත් වැදගත් කරුණක් නම් පැරණි ගැමි ජීවිතයේ චාන් බව ය. දිවි පෙවෙත පවත්වා ගැනීමට බලාපොරොත්තු වූ බාහිර එක ම උපකාරය නම් වර්ෂාව ය. වැස්ස සමග ම සියලු ම සැප සම්පත් ඔවුන් වෙත ලඟා වන්නේ ය. කොස් ගස් පොල් ගස් කිහිපයකුත් බුලත් කොවුලකුත් හානා ගොන් ගෙයකුත් ඇතිකළ සියලු අවශ්යගතාවයන් සම්පූර්ණව වේ. තැම්බූ වියලි කොස් ඇට හෝ, කුරුම්බාවක් හෝ කා බුලත් විටක් සැපීමෙන් වේලක් පාකර ගැනීමට ගැමියනට අපහසුවක් නැත.
ඔළිඳ කෙළිය එළුවන් ගැනීම පනා හැංගීම ආදී ක්රී.ඩා වලදී ගැයෙන සැහැලි ද රබන් පද සහ උන්සිල්ලාවාරම් ද කාන්තා ක්රීආඩා සැහැලි වශයෙන් දැක්විය හැකි ය.
(167)
ඔලිඳ කෙළිය
ඔළිඳ තිබෙන්නේ කොයි කොයි දේසේ ඔළිඳ තිබෙන්නේ බංගලි දෙසේ ගෙනැත් සදන්නේ කොයි කොයි දේසේ ගෙනැත් සදන්නේ සිංහල දේසේ ඔළිඳ වැපුරුවද බල කොයි නෑනෝ එක් පෙති වෙච්චද බල කොයි නෑනෝ දෙපෙති වෙච්චද බල කොයි නෑනෝ තුන්පෙති වෙච්චද බල කොයි නෑනෝ රෑන් ඇදිච්චද බල කොයි නෑනෝ ගසට පලච්චද බල කොයි නෑනෝ මල් අටගත්තද බල කොයි නෑනෝ පලු අටගත්තද බල කොයි නෑනෝ කිරිසල් වෙච්චද බල කොයි නෑනෝ ඔළිඳ පැසිච්චද බල කොයි නෑනෝ ඔළිඳ කඩන්නට යමු අපි නෑනෝ
එළුවන් ගැණීම
මේ වැල මොකදෝ - දම්වැල මේ වැල මොකදෝ - කිරිවැල මේ වැල මොකදෝ - කිඳ වැල මේ වැල මොකදෝ - මදුවැල උඩින් පනින් - තල්ල කැඩෙයි යටින් රිංගන් - තිඹොල් ඇනෙයි මේ පුටු කාගේ - බන්ඩාරේ මේ ඇඳ කාගේ - බන්ඩාරේ
(168)
කුරුලු කූඩු කූඩු දුටින් - අපි දුටු කූඩුවක් නැතී ලේන් කූඩු කූඩු දුටින් - අපි දුටු කූඩුවක් නැතී ගේ ගොමගාලා ගත් මගෙ එළුවා නුඹට කොයින්දෑ මාගේ එළුවා ඉලපත දීලා ගත් මෙග එළුවා නුඹට කොයින්දෑ මාගේ එළුවා එළුවන් කන්ඩයි මං ආවේ එළු බෙටි කාපන් සොන්දීරේ එළුවා කපා අපේ ගෙටයි ඒ බඩවැල් තොපේ ගෙටයි බුලත් කොටඤ්ඤං රළහමි - දෙනවද එළුවා බුලත් කෙටූවත් රළහමි - නොදෙනමි එළුවා දනින් වදිඤ්ඤං රළහමි - දෙනවද එළුවා කොච්චර වැන්දත් රළහමි - නොදෙනෙමි එළුවා
පනා හැංගීම
දියත් නෑනො පනා වා අපි නුදුටිමි පනා වා ඉස පීරන පනා වා අපි නුදුටිමි පනා වා උකුනො වැටෙන පනා වා අපි නුදුටිමි පනා වා ලේඩි වැටෙන පනා වා අපි නුදුටිමි පනා වා රුහුණු රටින් ගෙනා වා අපි නුදුටිමි පනා වා
(169)
මෙතන තිබුණු පනා වා මෙතන නැතේ පනා වා කොන්ඩේ හැටි බලා ලා දියන් නෑනෝ පනා වා අපි නුදුටිමි පනා වා බත් ටික කොසමද ලිප උඩ නෑනෝ බත් ටික බෑවම යමු අපි නෑනෝ හොදි ටික ලිප උඩ කොසමද නෑනෝ හොදි ටික බෑවම යමු අපි නෑනෝ වස්සා කොටුවේ කොසමද නෑනෝ වස්සා බැන්දම යමු අපි නෑනෝ දියන් නෑනෝ පනා වා අනේ මගේ පනා වා අපි නුදුටුමි පනා වා
රබන් පද සැහැලි
කවුදැයි කවුදැයි රන්ඩු කරන් නේ නැන්දයි මාමයි රන්ඩු කරන් නේ මොකටද මොකටද රන්ඩු කරන් නේ දුංකළ නැට්ටට රන්ඩු කරන් නේ
පොල් අත්තක් උඩ පොල් කිච්චෙක් ඉඳ කිචි කිචි බිචින් කීචි බිචි බිචින්
(170)
වලලු සතක් ගෙන දෑත දමාගෙන සිලින් බිලි බිලින් සිලින් බිලි බිලින්
හොඳ හොඳ කුක්කන් ගම ගෙට දක්කන් තෙමිච්ච කුක්කන් මිදුලට දක්කන් ලොක්කන් බක්කන් කොළඹට දක්කන්
කොක්කු දෙදහසක් ඇවිදින් පුත්තලමේ දොං තවත් දෙදහසක් ඇවිදින් අතරමගදි දොං කොකා කරපු නින්දාවට කෙකී ගියයි වෙල්මාවට කොක්කු පුතේ කොක්වලල්ල උදළු මිටේ රිදී විල්ල ටිකක් නටාපන් බලන්න.
අත්තක රතුමල් අත්තක සුදුමල් වලුමල් බෙලිමල් රෑන කිතුල් මල් රත්ගම නන්දට පිපිච්ච රතුමල්
(171)
තුංතුඹමල් තුනක් ගන්ඩ තිත්ත කැකිරි දෙකක් ගන්ඩ පස්කුළු බඩු ටිකක් ගන්ඩ රට කජු මද දෙකක් ගන්ඩ වර මැණිකෝ අද නටන්ඩ
ඔංචිලි වාරම්
මල් වාරම්
බෝමල් සහ එනුග මල් ද ඇහැටු මල්ද දිඹුල ම ලී දෙල්මල් නැත කවදාවත් කොස්මල් නම් පනාම ලී එමල් ගෙනැත් දෙන්ට කියා එළඳ අඬයි බිම පෙර ලී අකලට නැති එමල් මිසක් කොතනින් සරිලන්ද ම ලී
වැල්ල දිගට රිල්ල මලී මා දොඩවන් දොඩන් මලී කනේ දමන පුල්ලි මලී මානළවා ගන් කො මලී
සපුනා කිනිහිරය ම ලී එපනා දොඹමල් කැකු ලී ගෙන දෙමි සව් කෙන්ද ම ලී නාඬා ඉඳගන් කොම ලී
නාරන් නික දොඩම් පනා දෙසිද එරන් තඹුරු මලී පීරන් ගොර සතුන් බුදින ජවනාරන් පඬෙර මලී කාරන් පුස් සිල්ලි ඔලිඳ අරලු විසුළු දෙමට මලී කීවා මිස දිටුවේ නැත මගෙ කොමලිය දිඹුල් මලී
(172)
ගෙඩි වාරම්
වඩා පුතුන් ලොකු කර ගෙන කඩා ගෙනෙති එපොල් ගෙ ඩි බෙදා ගනිති මං මංවල කඩ කඩ බෝවිටිය ගෙ ඩි නිදා ගන්ඩ බැරිය මෙමට දොළ දුක දැන් බොහොම වැ ඩි කඩා වරෙන් හිමියනි මට කන්ඩ සිතයි නවසි ගෙ ඩි
වනස්ස සක් පුබ්බේරිය බොල් මුතු වානි කීකිරිදි ය පිනස්ස මිදි පළොල් ඔලිඳ අගිල් සුවඳ රත් කිහිරි ය කනස්සලුව නොකරන් මට නෙළමින් ගෙන දෙමින් පිරි ය කඩා වරෙන් හිමියනි මට කන්ඩ හිතයි දෙළුම් ගෙඩි ය
කලට පීදි පැසී තිබෙන රන්වන් පාටින් දිලිසි ය පෙළට මිසක් නෙළනු බැරිය කටු වටේට විහිදෙන්නි ය රැලට ඇවිත් වසති කොබෝ සැම සත්තුත් පිරෙන්නී ය ලඳුට කතොත් කඩා දෙන්ට කියාපන්කො එ ඉඳි ගෙඩි ය
(173)
පහල පොකුරු එල කට රොලු ලීල සවන් එතුඹ ගෙ ඩි පෑලද වම්බොටු කරිවිල රල බටු තියඹරා ගෙ ඩි ගෝනල වන් ඇත් කරිවිල ආල වඩන පුහුල් ගෙ ඩි බාල එළඳ කඩා දෙන්ඩ කියා අඬයි දොඩම් ගෙ ඩි
ජාතික ක්රී ඩා සැහැලි
ගායනයෙන් තොර එක ද ජාතික ක්රීසඩාවක්වත් අපට නොමැති තරම් ය. අපේ ක්රීකඩාවන් ආරම්භයේ දී හෝ මධ්යරයෙහි දී හෝ එසේත් නැත්නම් අවසානයෙහි දී හෝ ගී ගැයීම් ක්රීඩඩාවට ආවශ්ය්ක අඬ්ගයක් වශයෙන් ම යෙදී තිබේ. ඇතැම් ක්රීඩඩාවක ප්ර්ධාන ම අඬ්ගය වනුයේ ගායනය ය. රබන් සෙල්ලම මෙබන්දකි. රබන් ක්රීීඩාව අතීතයේ දී ඉතාමත් ජනප්රි යව පැවැත්තේ ය. ගිගිරි ලූ අතින් කුඩා සුරල් පද ගසමින් අවස්ථාවෝචිත විරිදුවක් ගයන රබන් සෙල්ලම්කරු ජනතාවට විනෝදයත්, දැනුමත්, ප්රිවෘත්තීත් සැපයූ අතර එයින් තම ජීවනෝපාය ද ලෙහෙසියෙන් ම සලසා ගත්තේ ය. රබන් විරිදුව එක්කෝ පුද්ගල වර්ණයනයෙකි, නැත්නම් අවවාද මාලාවකි. එසේත් නැත්නම් ඓතිහාසීය හෝ ආගමික කථා විස්තරයකි. දුප්පත් පොහොසත් කොතැනත් රබන් සෙල්ලම්කරුට විවෘතව පැවැත්තේ ය.
(174)
පරංගි කඳුවුරේ ඔත්තු බැලීමට බලකොටුව ඇතුළට ම රාජසිංහයන්ට පිවිස ගත හැකි වූයේ මේ අවසරය නිසා ය. රබන් සෙල්ලම් කාරයකු මෙන් වෙස් වලා ගත් රාසිංදෙවියන් විසින් ගයන ලදැයි යෙන පහත දැක්වෙන විරිදුව අදත් ජනප්රදවාදයෙහි පවතින්නකි.
දියයට තිබු කඩුව සේම මතුවට පවතිඤ්ඤ යි නයාට ගුරුලිඳු විලසට සතුරට මූන දෙඤ්ඤ යි ඇතාට සිහ නාදය ලෙසට රබාන අඬවඤ්ඤ යි රබන් දෙකක් ගෙන දෑතට සිරිලක වට යඤ්ඤ යි
තනි තනි ව මෙන් ම යුගල වශයෙන් ද රබන් ක්රීඤඩාවෙහි යෙදී ම සිරිත ය. දෙදෙනෙකු හෝ වැඩි ගණනක් වූ විට ක්රීදඩාව ඉතා ම රසවත් වන්නේ ගායන වාදන දෙවිදියෙන් ම එය තරඟයක ස්වරූපය ගන්නා බැවිනි. එකෙකු අසන ප්රරශ්නයට අනිකා පිළිතුරු සැපයීම හෝ උනුන් කෙළි කවට බස් පවසා ගැනීම හෝ තරඟ ගායනයෙහි ස්වභාව වන්නේ ය. ක්රීනඩකයන් අතර උනුනුන් වෙහෙසා තරඟයට කෙළි කවට බස් බිනීම පුරාතනයෙහි සිට පැවැති බව පෙනේ.3
කි කී බ ස ටා කියමින් කව ටා සබදද ගොසටා නඟමින් ගිය ටා රඟදෙන් සතුටා ලිය මේ ලෙස ටා ඒ දුටු නෙ ත ටා රසඳුන් කුම ටා
තිසර සන්දේශය
(175)
දැන් මඟුල් ගෙවල්වල සාජ්ජ පාටිය නමින් දන්නා සිංදු කණ්ඩායම ගන්නා තැන මේ මෑතක් වනතුරු ම ගම්බද මංගල්යද උත්සවයන්හි දී ලැබී තිබුනේ රබන් ක්රීනඩකයන්ට ය. සාජ්ජකාරයන් මෙන් නොව රබන් සෙල්ලම් කරුවෝ මඟුල් කණ්ඩායම සමගම මංගල්යය ප්රාස්තාවෙහි ද ගියෝ ය. ඒ ඒ අවස්ථාවට, පුද්ගලයන්ට, ගැලපෙන පරිදි හිටිවන විරිදු ගොතා ගැයුවෝ ය. මඟුල් පිරිස ගමන් කරණුයේ පයින් නම් ඔව්හු පයින් ම පෙරාතුව ගියෝ ය. මඟුල් ගමන අඟුලෙන්, බරබාගයෙන් හෝ තිරික්කලයෙන් නම්, රබන්කරුවන් සඳහා ද අවස්ථානුරූපව වෙන් වූ සැරසූ ඒ වගර්‍යේ ම වාහනයක් විය. ඔව්හු ගෙයත් මහත් පමණක් ම නොව මුළු ගම්මානයම, හුදු වායුගෝළය ම, මිහිරි නදින් හා ගීතයෙන් පුරවා ලූවෝ ය.
විනෝදාත්මක රබන් කවි
දසාව බුදහුට ලැබුවම එනවලු ගෝමර ලැපැත් තෙ දසාව රාහුට ලැබුවම කාඟුල් එනවලු දෙපැත් තෙ උසාවියත් බොහොම ලඟයි වලගෙදරින් එහා පැත් තෙ කසාදයක් බැඳිය යුතුයි මේ ළමයට එන දුරුත් තෙ
(176)
ය හ ප ත් කම කටින් කියා හිතේ තියෙන්නේ රුදු ක ම බැ ල ලි ත් පෙර නාගුන වැල කරවැටි සිල් රැක්ක ඔහො ම ක ව ද ත් මම සම්බ උනම නින්දා බස්මය පැවසු ම ම හ ස ත් දම් දෙසු මුලකුර දැන ගන්නට සතුටුයි ම ම
අ හ න් න යම් දෙයක් ඕනැ සබාවකදි යටත්ව ඉ ඳ ග හ න් න තරමට තරහයි මේ යෝදය ගොනෙක් නොවෙ ද ක ර න් න හැකි කදිම වැඩක් මපිය ගුරුන් නිස බැහැ අ ද අ ය න් න මුල්කර අග්ගො යන දම්පදෙ දෙසු දියන ද
මංගල අවස්ථා4
ඔබතුම නිස තමයි මෙහට ආවේ අපි සියලු දෙන ම අපි මෙම තුතිකර කියන්නෙ වැඩි පිහිටක් ලබන ලෙසම එක් සැබැයි සැබැයි
4. ප්ර සිද්ධ රබන් ක්රීැඩක මාතර නැකුළුගමුවේ ඩී. සී. අභයගුණවර්ධතන පිස්කල් රාජහාමිගේ අත් පොතෙන්.
(177)
වි ය ද ම වැඩි කරන්ට ඔනැ දවස තෙවද අද ඔබතු ම මෙහිසැම දෙනටම වැඩියෙන් තෑගි දෙන්න නිස්ස බොහො ම සුදු රුපියල් - දේවි අතට
හැ බැ යි ඒක අපි දෙන්නා ආවේ ඔබ නිසා තම යි අ ද යි සතුටු දිනය එගැන වියදම වැඩියෙන් යනව යි හි ත යි ඔබගෙ ගුණ කියන්න එගැන කාලෙ ගත වෙනව යි ලැබෙයි අපට එක රුපියල එක මට සහතික ම යි
ප සි ඳු කරමි මැතිඳුගෙ ගුණ ගිය ගිය රටවල සිහික ර තොමඳු අ සිරි ශප විඳිමින් දූ පුත් දන ලැබ නොවිත ර වි රි දු සතන් මිතුරු වෙමින් සැදැහැ සිතින් නේ පින්ක ර සු මු දු ගුනැති මනාල මහත්මය දිගුකල් රකිනු අම ර
(178)
ජාතක කථා ගායනය
ස ත රා අප බුදු කුරු දන්, සපයන, අතරා පිද කුලෙ වෙළඳන්, කසපුට නන්දරා යසගුණ පින්සරා නිති වෙළඳන් කරාවිද දිවි රකිමින් එ පු රා සෙරිවානිජයන්, මිනිසෙකු නිතරා වෙළඳම අදමින්, කරනෙය ගන්බිරා ගුණ වෙළඳුන් කරාවිත් ඔහු, අන්පුරා යමු වෙළඳමෙ දැන්
මිතුරු ලෙස රස තෙපුලෙන් කියතර, අදරා බස ඔහු වෙත් දුන්, යමු එහෙ නන් නුරා ඟන සිත පෙන්කරා ගැනුමට, රන්කිරා දෙන බඩු නැහැමින් එවරා දෙදෙනම වෙළඳුන්, ලොහොබඩු, සපුරා කරබැඳ ගනිමින්, යන ලෙස උන්පුරා පසුකර අන්තරා නොව ගඟ, කින් නෙරා තොටියගෙ ඔරුවෙන්
වැඳුම්4
පාලා මෙන් ඒ බෝසත් සතට නිවන දෙන විලසින් ලෝලාතත් දා දූ පුත් ඇස් ඉස් ලේ සිරුර මසි න් දී ලා ප ත් යවාවෙත් බුදුඋන මුනි සරණ තොසින් ආ ලා ම ත් දීමා අත් වඳිමි නිවන් ලබන ලෙසි න්
(179)
දිං දිං දිං දිංගන තාලයෙන් අප යුගත් දම්රදාහට - තං තං තං දෙන ගී රැඟුම් දෙමු මෙමල් පුද පුදා මේ දුන් පුෂ්පයෙහි වර්න සුඟදද ලෝතුන් සාක්යප මුනිඳුන්ට වෙව පුද ඒ පින් බලනෙපි අව නොඉපිද වේ ඉන් දෙව් මනු ලෙව්හි සැපතද සිත් සෙව්දන් මෙන් මුනිඳන් නෙත් දකිමින් අත්වෙ නිවන්
සවුදම් 4
බෝවා සවුසත වෙත කරුණාවෙන් බුදුවුන මුනිපිද වෙළඳ කු ලේ ආ වා දෙව්දත් රන්තලියක් ගැන වයිර බැඳන් උපනුපන් ක ලේ පෑ වා සවුගුණ ඔහු වෙත වෙර හැර මරු බිඳ බුදු උනෙ බෝදිමු ලේ දේ වා සවුදම ගසමින් ගඳඹය සතර වෙනුව මුනි පුදය ක ලේ
දින් ගත දිමි කිට අමර තදිත්තා, තොන්නන් නගු දිත චතුර කතාහ න් තත්කෘකෘ මිත තතකෘතිත්තා, අඩි නඩි ජෙක්කඩ තකු දිතු තාහ න් ත්රිනත්තකු දෘමි දෘමි දිමිතහු දිත්තා, ගගනිත ගන ගන ගද ගුනිතාහ න් ත්රෛතලෝකනායක ත්රීහ කල් දත්තා, නමාමි දේවා සවුදම තාහ න්
(180)
පොදු ජනතාව ආගම ධර්මීය කෙරේ යොමුකර වීම සඳහා විරිදුව ප්රමයෝජනයට ගෙන තිබේ. “බුදුගුණ විරිදුව හෙවත් බෝධි සත්න චරිතය”5 එබඳු විරිදු කාව්යරයකි. කවි එකසිය දමතුනක් ඇති එහි පිට කොළයේ සඳහන් වන්නේ මෙසේ ය.
ස ත හ ට උත්තම බෝසත් බුදුව දෙසූ දම් තිලොව ට අ ප හ ට හැකි පමණින් සිංහලයට නගා සුද්ද ලෙස ට මෙලක ට වසනා ලොකු සැම කුඩා අයට හැකි කීම ට සි ත ය ට කිසි ලෝබ නැතුව මෙපොත ගනුව පැන්ස හයක ට
මුළු පොතම පිළියෙල වී තිබෙන්නේ දෙබස් අයුරෙනි. පහත දැක්වෙන්නේ එක් ප්රවශ්ණයක් සහ එයට දෙන පිළිතුරත් ය.
බු දු න් දහම් සඟුන් නැමද අසන්
මෙබස් සොදි නේ
නි ව න් ලැබෙයි පිළිකුල් සිහි
කළ හොත් සව්සතු නේ
බැ ති න් කුසල් කළ මහසත්
උතුමා හට යෙහෙ නේ
ම වු න් වෙච්ච බිසව කවුද
පවසන් සකි සඳි නේ
4. ඇම්. එච්. අරනෝලිස් ගුරුන්නාන්සේ විසින් 1895 ප්රතසිඬ කරන ලදී.
(118)
අසුන් මෙබස් සවන් හෙලා තෙරුවන වැඳ නිතරේ වරින් වරේ පින් කළ හොත් ලැබේය සැප පව රේ වරින් වරේ පතා ඇවිත් සැප විඳිනේ සස රේ මවුන් උනේ මහ මායා බිසව නොවෙද මිතු රේ
සිංහලයන් ගේ විශීෂ්ට ක්රීනඩාවක් වන පන්දු කෙළියෙහි ද ක්රීසඩා සැහැලි බෙහෙවින් දක්නට ලැබේ. පන්දු කෙළිය හේවායන් සඳහා කඳවුරුවල පැවැතැනු ක්රී ඩාවක් යැයි කියත්. ඔතෑනිකමි පහවීම, ඇඟ ශක්තිමත් වීම, අන්තරායට නො තැකීම්, කුරුමානම් ගැනීමේ පුහුණුව ආදිය ඉන් නො අඩුව ම ලැබෙන්නේ ය. පරාජිත වූවන් වටකොට ගෙන දිනන ලද්දවුන් විසින් ජල්ලි දැමීම යනුවෙන් කරන කෙළි කවටකම් යුද පෙරමුණෙහි ගිගුම් දෙවන වහසි බිනීමේ පූර්ව් අභ්යා්සයක් දැයි සිතිය හැකි ය. ජල්ලි සැහැලිවල ඇස් රතුවන කවටකම් ද ඇත. එහත් ඒවා හමට මිසක් සිතට වැදීමක් නො මැත.
යුද හමුදා දෙකක් සටනට අර ඇදගෙන මූන ගැහෙන විට ඔවුනොවුන් වෙහෙස කරවන වහසි බිනීමක් කොක්හඬ තැලීම නමින් පැවැති බව කලින් කියන ලදී. නොයෙක් නින්දාවන්ගෙන් යුත් ආක්රොිශ පරිභව ඇසෙන විට සිත කෝපයට පත් වන්නේ ය. කෝපීවූ සිත ගිජුලිහිණියකු මකුළු හූයක් කඩා දමන්නාක් මෙන් විනය කඩා ඉගිලීයන්නේ ය. අවස්ථාව, ස්ථානය හෝ ක්රීමය සහමුලින් ම අමතක වී පලිගැණීමට ද යුහුසුළු
(182)
වන්නේ ය. හමුදාවක ජීව ප්රා,ණය විනය වේ. සතුරන්ට පහර දීමේදීත් සතුරු පහර වැලැක්වීමේදීත් හේවායා විසින් අනුගමනය කළ යුතු විනය නීති රැසක් ඇත්තේ ය. යුද ඇරඹීමට අණ ලැබීමට පෙරාතුව ගසන එකම පහරක් නිසා, රංචුවෙහි තමාට නියමිත තැනින් පෙරට හෝ පසට හෝ තබන එකම එක අඩියක් නිසා මුළු හමුදාවක් වැනසී යා හැකි. එ නිසා නිර්භීත භාවය මෙන් ම, විනයාක්ෂාම භාවය ද හේවායෙකුට අතිශයින් ම අවශ්යී වූ අඬ්ගයෝ ය. කෝප වී කලබලවීමෙන් තමාත්, තම හමුදාවත්, එයින් ම මුළු රටත් පරාජිත වන බව දන්නා හේවායා කෙබඳු අවස්ථාවකදී වුව ද සිත මැඩ පවත්වා ගැනීමට පුරුදු විය යුතු ය. වහසි බිනීමකින් කෝප වූ සේනාපතියෙක් නිසා යුද්ධයක් පැරදුනු අයුරු :-
6 “එවේලෙහි රජ්ජුරුවන් සමීපයට යන දීඝජන්තු නම් යෝධයා දුටු සුරනිමල යෝධයා තමා ගේ නම කියා “මා සිටිය දී ඔබ කොයියෙහි ද? නිවට දෙමළැයි” හඬ ගැසී ය. ඒ වේලෙහි ඔහු බස් ඇසූ දීඝජන්තු නම් යෝධයා “දෙපළුකොටගසා මොහු මරා රජු පසුව මරමියි” කිපී අහසට පැන නැගී ................. යන ප්රජවෘත්තියෙන් කියැවෙන්නේ ය.
එම්බල නිවට දෙමළැයි කී බසට කිපී යන මා වළකා පෙරලා හැරී ඒම නිසා දිඝජන්තුවා දෙපළු වී ගියේ ය. එයින් ම එළාර - දුටු ගැමුණු
5. සිංහල ථූපවංශය
(183)
සටන සියයට අනූ නවයක් ම සිංහලයන්ට පක්ෂ ව විසඳුනේ ය. යම් හෙයකින් පෙරලා කර කැවී නො ඇවිත් දීඝ ජන්තුවා කෙළින් ම දුටුගැමුණු රජ වෙත ම කඩා පැන්නේ නම් මේ රටේ ඉතිහාසය වෙනත් අයුරකට ලියැවීමට ඉඩ නො තිබුනා නො වේ. වහා කීපීමෙන් සිදුවන මෙවැනි අභාග්යමයන් වළක්වා විජයශ්රී.ය ලඟාකර ගැනීමට හේවායන්ට එයට සුදුසු වන පුහුණුවක් ලබා දිය යුතු ය. ජාතියෙන් ගටා බැණීමෙන්, මව, බිරිය, සහෝදරිය ඈඳා ගැරහීමෙන් කෙනෙකුගේ සිත වහා කුපිත කළ හැක්කේ ය. එසේ ම මෙවැනි බැණුම් නිතර නිතර අසන්නට වීමෙන්, ඒ පිළිබඳ ව එක්තරා පරිචයක් ඇතිවීම නිසා සිතෙහි වේගය මඳ වන්නේ ය. පරිචය වැඩිවත් වැඩිවත් ම ඒ පරිභව පද වලට හිත කුපිත කිරීමේ ශක්තිය සහමුලින් ම නැතිවී යන්නේ ය.
හේවායෙකුට මේ අභාෂය ක්රීීඩාවෙහිදී ම දෙනු සඳහා ය ජල්ලි කියමන ඇති වූයේ. ගතට මෙන් ම සිතට ද ව්යාෙයාමය සලස්වන පරිදි පන්දු කෙළිය පිළියෙල වී තිබෙන බව මින් පැහැදිලි වේ. සෑම තත්වනයේ ම ඇනුම් බැණුම් වහසි බිණුම් වලින් ජල්ලිය සරු වන පහත දැක්වෙන් සැහැලි කිහිපය කියා පානු ඇත.
හෝ - හෝ - ජල්ලියා ජල්ලි ජකිරි ජල්ලියා // වප්ප, වපිරි, සිරි බර බර මන්දැයි උඹ අඬන්නේ //
(184)
කඩොල්ලෙ පය - හැපුනෙ නැද්ද උඩ හූනෙක් - ඇඬුවෙ නැද්ද ගෑනි එපයි කිව්වෙ නැද්ද බාදාවක් උනේ නැද්ද චප්ප, චපිරි, සිරිබර බර මන්දැයි උඹ අඬන්නේ // හෝ - හෝ - ජල්ලියා මූලීකේ ජල්ලියා මුසිප්පාත්තු ජල්ලියා හෝ - හෝ - ජල්ලියා //
මූ කොතනින් ආ කොල්ලා
දෙවුන්දරින් ආ කොල්ලා
මක්ක කෑමෙ ආ කොල්ලා
ඉල්ල කෑමෙ ආ කොල්ලා
හෝ - හෝ - ජල්ලියා
ජල්ලි ජකිරි ජල්ලියා //
කන්දේ උඩ ගෙයි දුරයගෙ වත්තේ
වතු කැන කැපුවේ මූමයි සත්තේ
වතු ගහෙ බැඳගන දුන්නු දෙපැත්තේ
ගියේ නැද්ද දෙටෝ පුවාලු රිස්සේ
(185)
තලප පිසු කල හැන්ද කැඩෙන්නේ හැන්ද කැඩුණු කල වඩුවා එන්නේ වඩුවා ආ කල හැන්ද හදන්නේ හැන්ද හැදු කල මක්කද දෙන්නේ පැරදුනු අයගේ අක්කල දෙන්නේ හෝ - හෝ - ජල්ලියා ජල්ලි ජකිරි ජල්ලියා //
පොරණ සිටන් පන්දු කෙළිය මහසම්මත මුල ලු
එතැන සිටන් පන්දු ගැසුවෙ අපේ මුත්තො පෙළ ලූ
එතැන මෙතැන ඉල්ල කාපු ගස් ගැට ගොළු රැල ලු
අපිත් සමග පන්දු ගසා දිනාද තොපි බෙල ලු .
ගාල්ලෙ පලගත් දිග වට්ටක් කා
වට්ටියෙ පළලට පෙති වට්ටක් කා
මුට්ටියෙ ඉඳ උන් සාදිලි කුක් කා
තුට්ටු දෙකට දෙනවද තොගෙ අක් කා
හෝ - හෝ - ජල්ලියා ජල්ලි ජකිරි ජල්ලියා // මූට නමක් දමමු මැලෝ - දත් වල්ලයි කියමු මැලෝ මූට නමක් දමමු මැලෝ - කෙස් වටුවයි කියමු මැලෝ මූට නමක් දමමු මැලෝ - දන් උදියයි කියමු මැලෝ මූට නමක් දමමු මැලෝ - පොල් බෑයයි කියමු මැලෝ මුගේ කටේ රත මොකදැයි - හැකරැලි බිඳ කාලා මුගේ කටේ කලු මොකදැයි - හොර දන්කුඩ කාලා
(186)
පාන්දරින් ගොස් වැල්ලට බැස ලා වැල්ලේ පාවෙන කෙංගෙඩි දැක ලා කෙංගෙඩි අස්සේ ජාවෝ ඉඳ ලා එකනොට අම්මට ජාවො නටා ලා
තින් තිනාන තින් තිනාන තින් හුඹස් කොටුවෙ මැද්දේ හුඹසෙ උන්නු රන ගිරවිගෙ ඇඟිලි තුඩට විද්දේ දෙපන් දහක් මිල දීලයි මුන් එලියට ගත්තේ දෙවෙනි බුස්ස දිනා දෙන්න අක්ක දියන් සින්නේ හෝ - හෝ - ජල්ලියා ජල්ලි ජකිරි ජල්ලියා //
නවීන කෙළි සැහැලි
ස්වාමි පක්ෂියේ ගති පැවතුම් ගෞරවයෙන් සැලකීමත් සැමවිට ම ඔවුන් අනුගමනය කිරීමට වෑයම් කිරීමත් පරාධීන ජාතියකට උරුම වන ධර්ම්තානයකි. විශේෂයෙන් ම පාලක පක්ෂමය අනුගමනය කිරීමට යුහුසුළු වන්නෝ නම් ඔවුන් යටතේ උසස් නිලතලවල යෙදී සිටින ස්වදේශීකයන් සහ ඔවුන් ගේ ගති පැවතුම් නිරන්තරයෙන් ම දක්නට ලැබෙන ඉසුරුබර නාගරිකයනුත් ය. විදේශීය බලවතුන් ගේ සිරිත්
(187)
විරිත් වැළඳ ගැණීමත් ඔවුන් අනුගමනය කිරීමත් වාසියට හේතුවන පිළිවෙත් ලෙස මේ රටේ ජනතාව ඉතා ඈත අතීතයේ සිට ම සැළකූ බව ඉතිහාසයෙන් පැහැදිලි වන්නේ ය. ඇඳුම පැළඳුම පමණක් ම නොව, භාෂාව හා ඇදහීම ද පාලක අනුකරණයේ ප්රසතිඵලය ය. පුරාතනයේ දී මේ තත්වය සෑම රටවලට ම සාධාරණ වූවක් වුව ද ලංකාව ඉනුත් විශේෂ තැනක් ගත්තාක් සේ පෙනෙන්නේ විදේශීය බලවතුන් අනුකරණය අද සියුම් කලාවක තත්වයට අප අතර දියුණුවී තිබීම නිසා ය.
ඒ ඒ වකාවානුවල මෙහි කඩා වැදුණු ද්ර විඩ බලවතුන් අනුකරණයෙන් අපේ සංස්කෘතියේ විවිධ අංශයන්ට එකතු වූ දැන් දේශීය භාවයට පැමිණ තිබෙන්නේ ය. මෑත යුගයේ දී මෙරට යටත් කර ගත් පෘතුගීසි ආදීන් ගෙන් ලබා ගත් එක්තරා කෙළි සැහැලි වෙසෙසක් අප අතර දියුණු වෙමින් පවත්නේ ය. දැනටම එය අපේ නිජ සැහැලි ගණයේ දොරකඩටම ලඟා වී තිබේ. ද්රකවිඩ අනුකරණයෙන් එකුවූ අංගයන් මෙන් ම මෙය ද වැඩිකල් නො ගොස් දේශීය භාවය ලබනු ඇත.
පෘතුගීසිහු ස්වකීය ප්රී ත්යුභත්සව අවස්ථා වන්හි දී විනෝදය ලොවට අඬගා කියනු වස් වාදනයන්ට අනුව නටමින් කිපිරිඤ්ඤා නම් ලිහිල් ගී විශේෂයක් භාවිත කළෝ ය. විනෝදයේ පරමොත්කෘෂ්ඨතාවයට අවශ්යයයැයි සැළකෙණ අංගත්රමය ම එහි වීයැ. එනම් මධුවත් මදිරාවත්
(188)
මාධුය්ය්)යැයත් යන ත්රි විධ සම්පත්තියෙන් කපිරිඤ්ඤා නැටුම පරිපූර්ණු විය. සුරාව ජාතික පානයක් වශයෙන් සැලකූ ඔව්හු සුන්දරියන් හා අතිනත ගෙන සුමිහිරි කපිරිඤ්ඤා ගීතයන් ගයමින් ඕර්ගන් වාදනයට අනුව පා තබමින් පැද්දුනෝ ය. ඕලන්දයන් අතර ද මෙබඳු ම නැටුම් ක්රාමයක් තුබුණු බව පෙනේ. ඔවුනට පසුව මෙරටෙහි අධීපති භාවයට පත් ඉංග්රී සිහු ද උත්සව අවස්ථාවන්හි දී ප්රටතීතිවූවෝ මෙයට අනුරූප වන නැටුමකිනි. කපිරිඤ්ඤා නැටුමෙන් එය වෙනස් වූයේ නටන්නන් විසින් ගී ගැයීමක් නො කිරීමෙන් ම පමණකි. මධුවත්, මදිරාවත් මාධුය්‍ර්‍යයත් එහි ද විය.
සමාජයෙහි ඉහල තැන්වලට නැඟ ගත් නාගරිකයෝ පෘතුගීසි කාලයෙහි සිටම මේ නැටුම් ක්රතමයට රුචියක් දැක්වූවෝ ය. මේ රුචිය බෙහෙවින් ම විකාශනයට පත්වූයේ ඉංග්රීදසින් ගේ අග කාලයේදී ය. කපිරිඤ්ඤාව බයිලා නමින් දියුණු වී ප්රයචාරයට පත්වූවා පමණක් නොව එය නාගරිකයන් ඉක්මවා හද්දපිටිසර පැල්පත් කරාද පැතිරී ගියේ ය. මේ මෑතක් වන තුරු ම කපිරිඤ්ඤා නැටුමේ ගීතය පමණක් ම සාමාන්යය ජනතාව බැවහාර කිරීමත් ගීතය ඉවත් කල අනිකුත් අඬ්ග උපරිම සමාජයේ ව්යාවහාර වීමත් දක්නට ලැබිණ. වත්මන් ප්ර භූහූ සමාජයේ කොටස් අතර තුබූ ඒ පරතරය ද නැතිකර දැම්මෝ ය. ඔව්හු සුප්රමසිද්ඬ උත්සවයන්හි, අභිරමනීන් සමග මහත් අභිරුචියෙන් ලාබ ම
(189)
බයිලා සැහැලි ගයන්නෝ ය. බයිලා කොතරම් නම් ජනප්රිලය භාවයට පත්ව ඇත්දැයි කියතොත්, සිංහල ගී කව් ආදියෙන් ඇතැම් ප්ර සිඬ විනෝදකාමී ජනනායකවරු දන්නේ බයිලා සැහැලි කීපයක් ම පමණකි.
රිත්මානුකූල ව කවර හෝ පද කිහිපයක් යෙදීමෙන් බයිලාවක් නතාගත හැකිවීමත්, සමූහයකට එක්ව ගායනය කළ හැකි ටැව පදයක් වීමත් බයිලාව ජනප්රිෝය වී පැතිරී යාමට හේතු විය. විශේෂයෙන් ම අපේ සරසවියේ බහු ප්රිචාරයට පැමිණ තිබෙන ප්රි යතම ගීත විශේෂය නම් බයයිලාව ය. උපාධි අපේක්ෂනක තරුණ තරුණියෝ දොගොල්ල ම බයිලා රුසියෝල. ඔව්හු බයිලා කීමෙහි පමණක් ම රුසියෝ නො වෙත්. අවස්ථාවට ගැලපෙන පරිදි ක්ෂ ණයකින් බයිලා බැඳීමෙහි ද ගජසමත්තු ය.
සිංහල භාෂා සාහිත්යියට අයිති කාව්යල ප්රගභේදයන් ගෙන් යම්තමින් හෝ ඉවතට පැනීම මහා සාවද්ය පාපයක් මෙන් සිතමින් උගත් කවීහු බයිලාව මුසුන් කොණෙන්වත් නො අල්වා නිසොල්මන් වූ අතර, ඕනෑම දෙයකට ඔළුවේ ඉඩකඩ තිබෙන ජනතා කවියා බයිලා ව ආදරයෙන් වැළඳ ගත්තේ ය. හැඩ ගැසුවේ ය. වැඩ දායක බවට ද පත් කෙළේ ය. ඔවුනට පින්සිදු වන්නට සාමාන්යබ ගැමියාට, වඩාත් ප්රිවය මනාප ලෙස, ආගමික කථාවනුත්, සුචරිතෝපදේශයනුත් රටේ තොටේ එදිනෙදා සිදුවන ප්රළවෘත්තිත්
(190)
විනෝදාත්මක සිඬින් ආදීකොට ඇති සෑම දෙයක් පාහේ ම බයිලාවෙන් ඇසිය හැකි ය. ඇතැම් පළාත්වල පොදු උත්සව අවස්ථාවන්හි දී බයිලා තරඟ පවත්වා ජයග්රා හකයන්ට පරිත්යා ග ද පිරිනමත්. ජීවිකා වෘත්තියට අමතර ආදායමක් සපයන අතු රක්ෂාකවක් වශයෙන් බයිලා ගැසීම කරන සුප්රආසිඬ බයිලා කරුවෝ ද සිටිති.
පෘතුගීසින් ගෙන් ආරම්භ වූ කපිරිඤ්ඤා පද්යාාවලිය පරම්පරාවෙන් පරම්පරාවට පවත්වා ගෙන එන පවුල් කිහිපයක් වුව ද තවමත් තිබේ. වඩාත් ප්රිපය භාවයට පැමිණි බයිලාව විසින් අඳුරු මුළුවල අඩ පණව සැඟවී සිටින ඒ කපිරිඤ්ඤා කිහිපය ද නිරනුමානයෙන් නිශ්ප්රඅභා කොට දමනු ඇත.
පහත දැක්වෙන්නේ තවමත් රැකී තිබෙන ඉපැරණි කපිරිඤ්ඤා වලින් කිහිපයකි.
1. රිකෝච් ලෑත වම් පෝ තමස් අලරින් කච කිඤ්ඤෝ ප්රෑතතුකුම් සුවචියස් මුතරින්
2. සුඛි ආල්තු මෝන් තිනෙ මෝ තිපසේයි පර්දීන් කච කිඤ්ඤෝ ප්රෑලතුකුම් සුවචියස් මුගරින්
3. සුබි ආල්තෝ මොන්ති නෙමෝ තිපසේයි පර්දීන් මිස් තිසවලිය මිස් තීස සෝන රුබීන්
4. සුබි ආල්තු මෝන්ති ඔයා මුතුර්ද පෝගු විංගලා මතාමායි සෆරන් පසේ ඕරු
5. රූන් පිංදු මඤ්ඤා උන් කෙලාර්ද නිලාය යෝචු ලෝ ප්රෙ වාරන් කුන් ප්රේරච පර්දු සීසෙනුත්පාය
(191)
සිඤ්ඤෝලාගේ කපිරිඤ්ඤා තාලයට අනුව සිංහලයෙන් ලියන ලද කපිරිඤ්ඤා වලින් වඩාත් සිත් ගනු ලැබුයේ “රෝසා නෝනගේ සහ ජැන්ඩි සිඤ්ඤෝගේ” කපිරිඤ්ඤාය. ඉන් කිහිපයකි පහත පළවන්නේ.
රෝසා පොල්ල ගෙනෙන් බල්ල මරන්ට දෙයියෝ දුන්නු කකුල් දෙනෙක් පැනල දුවන්ට
අඩේ - රෝසා පොල්ල ගෙනෙන් බල්ලමරන්ට //
උඹයි මමයි යාළු පනේ කටුයි මසුයි වාගේ පනේ උඹ - නැති දාට පනේ මං ඉඳලා මොටද අනේ
රෝසා රෝසා සාය අල්ල නටාපන් මගෙ රෝසා රෝසා සාය අල්ල නටාපන් රෝසා පොල්ල ගෙනෙන් බල්ල මරන්ට //
නවසිය පනස් පහේ සුමිහිරි බයිලා 3
පායන පුන් සඳපානේ - එළිය මෙන්න මේ මූ නේ මතක නැතුව අත වැදුනේ - තරහ වෙන්නෙ ඇයි ලඳු නේ අරලිය මලමෙන් - හැඩ - මගෙ ප්රි ය රොස් ලින් - යස
3. කර්තෘන - විල්සන් ජයවික්ර ම, මුද්ර්ණාලය - එඩිස්ටෝන් මුද්ර ණෘලය, ගාල්ල
(192)
උදේ පහට නුඹව අරන් - මගේ සිතේ යන්ට ගුව න් නුඹ් බරට බර මසුරන් - මෙන්න ගෙනාවා නාඬ න්
අමර සීදේවි - මගේ - සිත නලවාවී - අද
මේ අහපන් රත්නවලී - කොළඹ මුදේ නැව් පෙර ලී එනවලු ගොඩ මුදූ අලී - නුඹල වගේ ගෑනු ගි ලී
මගෙ මනරන් ගී - කොහී - යන වද නන්ගී - නුඹ
ඔන්න මල්ලි බෝමිරියේ - කාක ජෝන් මිලි ටරි යේ නිවාඩුවට නුවරෙලියේ - ඇලිස් නෝන එක්ක ගි යේ යුනිපෝම් ගහල - එතන - සුදියක් දමලා - කදිම
අපේ ලමය සිමෝනා - දැන් අදින්නේ කිමෝ නා පිනට ඇගේ ලැබුනා - වෙස්සන්තර බමු නා
වැරිගුඩ් මිස්ටර් - බබුන් - කාපන් මස්කට් - ඉතින්
(193)
නවතාලය
යන්ට හිතුන මට මූදේ නැවත නැගී ලා නැන්සි උඹත් එනවානන් වරෙන් හැංගි ලා
මූදේ රැලයට - මුතු ඇති හැබෑවට ඒ ඔක්කොම නැන්සිට
නෝනා ගියා බයිසි කලේ සින්දු කිය කි යා සාරි පොටේ පැටළුනාළු රික්ෂො කාර යා
අයිසේ උන වැඩේ - නෝන මඩේ ගොඩේ වැටුනා එතන දඩ බ ඩේ
උඩු මාලේ සිටියත් ඔය ගවොම් කාරි යෝ බර බාගේ පටවන්නේ සරෝම් කාර යේ
ඉස්සර කලිසමට - සරොමට දැන්රට තේරුන නේද නෝනට
පැරණි තාලය
අමුතු කරන කොළඹ නගරෙ ඇන්.ඇම්. පෙරෙ රා මැතිඳු තමයි සම සමාජෙ කනුව මිතු රා
පාර්ලිමේන්තු මන්ත්රී සබේ වාම නාය ක තවම හැඩයි මැතිතුම බණ්ඩාරනාය ක
(194)
විශ්ව විද්‍යාල ප්‍රියතම බයිලා
උඩරට සිට මැණීකෙ කෙනෙක් ආව වාසි ටි ඇවිත් වාසිටී බැඳුනා ආට්ස් පැකල් ටි
රතුපාටයි නිල් පාටයි මැණිකෙගේ සා රී තවත් නමක් තමයි ඈට වාසිටි මේ රී
තෙල්ගාලා පීරාලා මැණිකෙගෙ කොන් ඩේ ගෙඩි දෙක ඇඳගෙනයි මැණිකෙ වාසිටි එන් නේ
රනින් ෂූස් දමාලා නොවැ මැණිකේ දුවන් නේ හන්ඩ්රඩ් යාඩ් ටූ ටුවැන්ටි පස්ට්ම් ගහන් නේ
නිතර හවස ගියොත් අයිසෙ සින්ඩර් ට්රැසක් එ කේ මැණිකෙ එනව හොකි ගහන්ඩ බයිසිකල් එ කේ
සාරිද ඕනෑ මැණීකෙට චෝලි ද ඕ නෑ ඕනෑ දෙයක් මැණීකෙට මම අරගෙන දෙන් නා
4හායි හුයි බබි අක්කගේ බයිසි කල් එක // කොල්ලෝ රැලක් වට කර ගෙන ගැහුව බැල් එක //
සමාජ සංශෝධනය පිණිස ද ඇතැම් ජන කවි කෙනෙක් කපිරිඤ්ඤා උපයෝසගී කර ගන තිබේ. 1893 දී කේ. ඒ. ඩී. පී. ප්රේ්රා විසින්
4. එංගලන්තයේ ලංකා ශිෂ්ය. උත්සයකදී මේ ප්රිමයතම බයිලාව එවකට ලංකා අග මැතිඳුන්ව සිටි කොතලාවල ශ්රීයමතුන් විසින් ද ගයන ලද්දේල.
(195)
“ආය කපිරිඤ්ඤා හෙවත් තරුණ රැවටිල්ල” නමින් ප්රිබන්ධ කරන ලද පිටු 8 කින් යුත් සවකීය පොතේ පිට කොළයේ ම ඒ බව කියා තියෙන්නේ මෙසේ ය.
කැ ත කර කොළඹ ඇවිදින ආයලා ගැ න ල ත වෙත තරුණො නිම නැත විත් ගන්ඩ ම න සි ත මගෙ බැඳුනි එය දැක පද කරණ මෙ න ස ත දොළහක් දී මෙම පොත බලනු මැ න
එහි එන කපිරිඤ්ඤා කිහිපයකි පහත දැක්වෙන්නේ.
වෘතිය - අයියො මඤඤ
නොකිය ඉන්නෙ මන් කෙලෙසද මුන්නෙ නාඩග න් ගනියි තරුණයින් රවටා ඕනෑ දෙය ඉති න්
මුලදි ආයලා අප්පුට ආදරේ වෙ ලා වැරදි කිව් බලා නැති උදෙසා කිසිත් ප ලා
වෘතිය - තීරානා
කියති නෝනටා, අවසර ගනිති සවස ටා ලමය අතපිටා, ගෙන යන්නෙ ඇවිදින් ටා