සිංහල සැහැලි - vii

Wikibooks වෙතින්
Jump to navigation Jump to search

(300)

2 වෙනි පරිච්ඡෙදය

ප්ර්වෘත්ති සැහැලි _________


ආදිම මනුෂ්යියා කෙරෙහි භයත් සන්ත්රාවසයත් නිසා ගීතස්වරූපීය යාඥා ආරම්භවූ සැටි ඉහත පරිච්ඡේදයක කථා කෙළෙමු. වේදනාවත් ප්රේ මයත් විසින් මිනිසා මෙහෙයවා ගීතයන් බිහිකෙළේ ද, ඒ කැලෑ යුගයේදීමය. ස්වකීය පෙම්බර දරු සිගිත්තා හඬනවිට මෑනියන්ගේ සිත වේදනාවෙන් දෙදරා යන්නේය. ඌ නලවා ගැනීම සඳහා වෙහෙස වන ඇය මුලින්ම ලදරුවා ගේ සිත වෙනතක යොමු කරවීම සඳහා යම් යම් ශබ්දයන් කරන්නීය. ඇයගේ කිසිද දැනීමක් නොමැතිවම ශබ්ද ධර්ම ය අනුව එහි එකම හ‍ඬේ ප්රිතිරායක් නැගී මිහිරිබවක් පළකරන්නේ ය. දරුවාගේ කන මෙන්ම මෑනියන්ගේ කනද රිත්මානුකූල ඒ ශබ්දාවලිය කෙරෙහි නතුවන්නේය. මෙය දකින මාතාව වැඩි වැඩියෙන් උනන්දු වෙමින් ඒ ශබ්ද මාලාව වඩ වඩාත් රිත්මය පළවන පරිද්දෙන් කිය කියා එයින් සැනසෙන ළපටියා බල බලා ප්රීළතිමත් වන්නීය. දරුවා සැනසවිය යුතු, නිදි ගැන්විය යුතු, සෑම විටම මෙය ‍නොවරදින උපක්ර මයක් බව වටහා ගැනීමට මෑනියන්ට කලක් ගත නොවනු ඇත.

එහි ප්රටයෝජනය දකිත් දකිත්ම එය තව තවත් හොඳින් සකස් කර ගැනීමට මෑණියෝ උනන්දුවන්නීය. මුලදී - ආ - ආ - ආ - ආ හෝ








(301)

-ෂෝ - ෂෝ - ෂෝ - ෂෝ ආදී වශයෙන් එකම ශබ්දය නැවත නැවතත් උසුරු වීමෙන් පටන් ගත් නැලවිලි ගීතයට නිතර දෙවේලේ ඇසට පෙනෙන කනට ඇසෙන, නැතහොත් සිතේ බලපවත්වන යම් යම් දේ නිතැතින්ම ඇදෙන්නේ ය. ප්ර වෘත්ති සැහැලි ගී කව් ආදියෙහි ප්රාවරම්භක වස්තු බීජය මෙය ය.

මහ වන මැද වෙසෙන වැදි මවක් ස්වකීය සිගිත්තා නලවන ගීතයකි පහත දැක්වෙන්නේ.

රෝ රෝ රෝ රෝ - රෝ රෝ රෝ ‍රෝ රෝ රෝ රෝ රෝ - රෝ රෝ රෝ ‍රෝ

උයන් කොළේ පුතා ලී පණ අත්තෙන් වාවා ලී වඳුරු කුළල් කවා ලී නිදි වරෙන් පුතා ලී

මොකටද අම්මේ ආඬන්නේ - හුසල් බතටයි ආඩන්නේ ඒකත් නිම්බම දී පව්මි

මොකටද අම්මේ ආඬන්නේ - කටුවල තම්බින ආඬන්නේ ඒකත් නිම්බම දී පව්මි - රෝ රෝ රෝ - රෝ රෝ රෝ ‍

ගෝන හමේ පුන්නාලා පනා ඇටෙන් බැටදීලා හිනි හිනි හිනි දරුවා හිනි හිනි





(302)

කෝන් ගවේ මුල ඉහලට ජානා හීන් ගවේ ඉඳ හා හූ ගානා උන්න කලට කුකුලන් හඬලන් නා ඔන්න බිලිඳු බකමූණු හඬන් නා

මෙයින් පෙරකී කරුණු දෙකම, එනම් පටන් ගැන්මේ දී නැලිවිලි සැහැල්ලක වූයේ එකම ශබ්දය නැවත නැවත ත් උසුරුවීම පමණක් බව හා නිතර දෙවේලේ පෙනෙන, ඇසෙන, සිතෙන දේවල් වලින් එය කල් යෑමේදී සැරසී ගිය බවද පැහැදිලි වන්නේ ය.

රෝ රෝ රෝ ‍රෝ රෝ රෝ රෝ ‍රෝ

යන්නය ප්රාසරම්භක ශබ්දාවලිය. එයට ඇඳී තිබෙන අනිත් කොටසින් කියැවෙන්නේ වැදි ජීවිතයෙහි එදිනෙදා තොරතුරු ය. මෙහි පහත පෙනෙන පිටිසර ගැමිලියක ගේ නැලවිල්ලෙන් ද මෙය වඩාත් ස්ථුට වන්නේය.

දෝ - දෝ - දෝ - දොයි - දොයියෝ දෝ - දෝ - දෝ - දොයි - දොයියෝ

වැනේ - ලු - කළු - වැනේ - ලූ කළූ - ට - බඩ - ගිනී ලූ

කළූ, මෙතන - වැනේ - ලූ කලු අලකොළ - ලිපේ - ලූ

කළූ මෙතන , පිලේ - වැනෙ යි කලු අලකොළ, වෙලේ - වැනේ යි කළූට බත්, ලිපේ - ඉදෙ යි වෙල් අල කොළ, දුමේ - තියෙ යි




(303)

අඹර කුරක් - ‍කන් කළු වේ ගලයට පිටි - කොයි; කළු වේ රොටී එකක් - උය, කළු වේ අම්මට දී - පන්, කළු වේ

තවත් එකක් - උය, කළු වේ අප්පට දී - පන්, කළු වේ මටත් එකක් - දිය, කළු වේ උඹත් එකක් - කා, කළු වේ

උඹෙ අප්පත් - ඉතා කළු යි උඹෙ අම්මත් - ඉතා කළු යි උඹ නලවන - මාත් කළු යි උඹ විතරක් - තල එළලු යි

ජීවිත සටනෙහි යෙදී සිටින දුගී ගෘහනියක‍ගේ සිතේ බල පවත්වන කරුණු මෙයින් හොඳ හැටි පැහැදිලි වන්නේය.

නැලවිල්ලට වට පිටාව එක් වූ අයුර කියන්නකි, පහත පෙනෙන සැහැල්ල.

ලොවේ ළමයි වැලි කෙළි තා වැලි මැන මැන දබර මෙ තා මගේ පුතා එහෙම නැ තා නාඩා නැලවියන් පු තා

ලොවේ ළමයි ගොන් කෙළි තී උකු තලමින් පොර අනි තී දනගාමින් සීසා තී මගේ පුතා එහෙම නැ තී





(304)

ලොවේ ළමයි නඩු කිය තී ගුටි අනිමින් සිර කර තී කැට කැබිලිති දඩ ගෙව තී මගේ පුතා එහෙම නැ තී

ලොවේ ළමයි බෙර ගස තී කළ හැලිකට බෙර ගස තී දඬුබෙර ගසමින් නට තී මගේ පුතා එහෙම නැ තී _______

දරුවා ග‍ැන ප්රීවතියෙන් උද්දාම වන මෑණියන් ගේ සිතෙහි රස උල්පත් මැවී මුවින් ගිලිහි යන්නේ ය. දරු ප්රේතමයෙන් සිදුවන මහත් අසිරි යක් නම් නිතැතින්ම වට පිටාව ආස්වාද ජනක ලෙස විස්තරවී කියැවීම ය. ඇසට පෙනෙන දේ සිතෙහි සැඟවී ඇති හැඟීම් සමග කැලතී විසිතුරු අන්දමින් කියැවෙන සැටියට නිදසුනකි, පහත පළ වන්නේ.

පාන් කිරිත්තී පොල් අඹරන වා ප‍ාන් කිරිත්තී බෙරේ ගහන වා උන්ගේ පැටියෝ කඹේ නටන වා කන් ‍කොට නිලමේ කුඹුරෙ කොටන වා _______

කොන්ඩ කුරුල්ලට එන්ට කියාපි ය කොන්ඩ කිරිල්ලී ලෙඩින් කියා පි ය

උස් පුටුවක් පිට ඉන්ඩ කියා පි ය මල් පස්වගයක් ගන්ඩ කියා පි ය

කට්ට කුමංජල් පිනි දිය දීපි ය නූල් පොටක් මතුරන්ඩ කියා පි ය




(305)

ප්ර්වෘත්ති පැවසීම මේ ආකාරයෙන් පටන් ගෙන ක්රුම ක්රසමයෙන් දියුණුවී යෑම පිළිබඳ කථාන්තරය අනාවරනය කරගැනීමට ඉවහල් වන තරම් ජන සැහැලි තවම ජාතියට ඉතුරුව තිබීම වාසනාවක් ලෙස සැළකිය යුතුය. අපරදිග පොට්ට ඇසින් ජාතික වූ සියල්ල දෙසම බැලීමේ ප්රුතිපත්තියව පැවැති ආසන්නතම අතීතය ගැන සිතනවිට මෙය නම් ඇත්ත වශයෙන්ම මහත්ම වාසනාවෙකි. පැරණිතම ප්ර වෘත්ති සැහැලිවල විශෙෂ ලක්ෂනණය නම් අසංකීර්ණ. නිරහංකාර චාං බවය.

ගම්බද සුලභව දක්නට ලැබෙන නැන්දා ලේලි හටනදී, ලේලිය විසින් කරන ලද අතවරයක් නැන්දා ගේ මුවින් පිටවු හැටි කියන සැහැල්ල මෙසේ ය.

අන්දිරිසා පුතා පල්ල දොරකඩ කොස් ගහා පල්ල හෙරලි තැම්බූ හැලිය පල්ල සිළිං තුනේ පට කුඩේ ඉරා ලිපේ තෙයි. ______

තමා ඉතා ආශාවෙන් කලක් තිස්සේ පතමින් සිටි කෑමක් ලැබී තෘප්තියට පත් ඒකතරා මාතාවක් සිය සතුට පුතාට පළ කරන්නී මුළු මන්ඩියටම ඇසෙන ලෙස මෙසේ කීවාය.

පුතා වදාගත් සන් දා යොත අඹරාගත් සන් දා මොදා මරාගත් සන් දා කාපි පුතේ තෙල් මන් දා


20




(306)

මෙතරම් කෙටි නොවන ප්රදවෘත්ති සැහැලිද ඇත්තේ ය. යම් යම් නියමන් සඳහන් කෙරෙන සැහැලි සාමාන්යත වශයෙන් ම සතර පදයකට වඩා වැඩිවී තිබේ. එබඳු සැහැලි දෙකකි, පහත දැක්වෙන්නේ.

රෑටයි මම එන් - නේ දොර අටවා - පන් - නේ

තෝර කොළයි කන් - නේ හොඳට උයා පන් - නේ

හීතයි මට වන් - නේ ගිනි මොලවා පන් - නේ ¬¬¬¬______

මම - යනව කතර ගම් // මගෙ - කොල්ල බලාගන් මගෙ - කෙල්ල බලාගන් උඹ - ගෙදර ඉඳ ගනින් ඉඳා කාසි ලෙලි අරගන ලනු අඹරා ගන් මම - යනව කතරගම් //

කොල්ලො වැටෙයි ලිඳවට වැට නොකඩ තියාගන් පොලීසියගෙ හරකි එනවා කඩොල්ල වහගන් මම - යනව කතරගම් //

මගෙ - කොල්ල බලාගන් මගෙ - කෙල්ල බලාගන් _______




(307)

මෙවැනි ප්රනවෘත්ති පැවසීම් අසන්නා ගේ කුහුල වැඩි දියුණුවනසේ ක්ර ම ක්රවමයෙන් පිළියෙළ වී ගිය බව සිතා ගත හැකිය.

ආන මරිය ඩෙග ඩෙ ගා මිරිස් කරල පොග පො ගා ලුනු ගෙඩිය ලිය ලි යා ජනේලෙකින් බල බ ලා

ආනමරියා ගේ හැසීරිම ගැන කියැවෙන මෙහි ඒ ප්රළවෘත්තියට අමුතුවෙන් “ඩෙඟ ඩෙඟා” යන්නක් එකතුවී තිබේ. මෙය උගත් කවීන් විසින් මෙන් එලි වැට සඳහා යොදා ගත්තක් නො වේ. ගැමියාට එලි වැටක ඇති හාස්කමක් ගැන දැනුමක් නොමැති බැවින් විශෙෂ අර්ථයක්, පුරාවෘත්තයක්, ඉදිරිපත් කිරීමක් සඳහා යෙදුවක්ද විය නොහැක. එවැනි පලිප්පු දැමීම් වාන් ගැමි ලෝකයේ නොමැත්තේය. එපාකළ දෙයක් සිය සගයෙක් හොර රහසින් කරනු දුටු ගම්බද දරුවෙකු ගේ මුවින් නිතැතින්ම පිටවන්නකි හ, හා, හා, හ, හා, යන්න. එයින් “හොරේ අහුවුනා, හොරේ අහුවුනා” යන ගුප්තානාවරන විජයග්රානහක ප්රොකාශයේ ප්රාුරම්භක උද්දානය ප්රාකාශ වන්නේ ය. මහා ගණිත ගැටලුවක් විසඳු ගණිත විශාරදයකු ගෙන් නික්මෙන සැනසුම් සුස්මේද , ආදායම් බදු දෙපාර්තමේන්තුවට අල්වාගත නොහෙන පරිදි ආදායම් තත්ත්වේය වසංකර ලීමේ උපාය මාර්ග ය අවබෝධ කරගත් ධනපතියෙකු ගේ මුවගින් නික්මෙන සියුරු හැඬලීමේද ගැබ්වී ඇත්තේ මෙබඳුම ප්රුකාශන ස්වරයන්ය.








(308)

මුළුතැන්ගෙහි කටයුතු කරන ගමන්ම, ළඟ ඇති ජනේලයෙන් යුවතියක් එබිකම් කිරීම, ගම්බද පරිසරයෙන් අවසර නොලැබෙන හැසිරීමකි. අවිනීත කමකි. එනිසාම කල්ල කමකි. ඇය ගේ හැසිරීම හදිසියෙන්ම දුටුවෙකුගෙන් කියැවුන “ඩෙඟ ඩෙඟා” වෙහි ඇත්තේ ද පෙරකී රහසක් අනාවරණය කිරීමෙහි දී කියැවෙන විනෝදාත්මක උද්දාමයකි.

ප්රදවෘත්ති කථනය තවදුරටත් දියුණු වී ගිය අවස්ථාවක් ප්රීකාශ කරන්නකි- “ගොඩ ගොරවන්නම් විදුලි කොටන් නම් මන්ඩඩි මහගෙගෙ ඇහැ නැටවෙන්නම්”

යන සැහැල්ල. මෙහි කාටත් ප්රුකට වශයෙන් ම පෙනෙන ගොඩින් ගෙරවීම හා විදුලිය කෙටීම ගැන සඳහන් කරන ‍ගමන්ම සිතින් මවාගත් දෙයක්ද කියාපාන්නේය. ගොඩ ගෙරවීම් විදුලි කෙටීම ඇතිවන විට දියඹේ සිටින මාළු අයින් වෙරළ අසබඩට වන බවත්, එය යහමින් මාළු අල්වා ගැනීමේ කාලය ලඟාවූ බවත් ස්වභාව ධර්මරයා විසින් කරන දැන්වීමක් බවත්, මුදු කරයේ ජනයා විශ්වාස කරත්. මේ ලකුණු ඇතිවන විට මන්ඩඩිමහගේ ගේ හෙවත් ඔරුදැල් පන්නයෙහි ප්රරධානියා ගේ අඹුව ගේ ඇහැ නැටවෙන බවක්ද සැහැලිකරු දකින්නේ ය ගැහැණියක ගේ ඇහැ නැටීම ළඟ ළඟම එන සිඬියක පෙර නිමිත්තක් වශයෙන්







(309)

සැලකීම මේ රටේ සාමන්යය ජනතාව අතර පමණක් නොව උගතුන් අතරද බැවහරයේ එන්නකි.1 මන්ඩඩි අඹුව ගේ ඇහැ නැටීමෙන් කියන්නේ මහත් ලාභයක් අයිතිවන බව ය. යහමින් මාළු අසුවූවිට එහි ප්ර ධානම කොටස් අයත් වන්නේ වන්නේ මන්ඩඩි තැනටය. ඔහුගේ ලාභයෙන් ජයවන්නේ අඹුවටය. මාළු හරාය කාලයේ ස්වභාව ධර්මායේ ප්රනවෘත්තියත්, මස් මරන්නන් ගේ ප්රමවෘත්තියත් කෙතරම් නම් අහිංසක ලෙස මේ සැහැල්ලෙහි සඳහන් වී තිබේද?

සිතේ ඇතිවන හැඟීම් සැහැල්ලු ලෙස මෙසේ ජන කවියාගෙන් කියැවී ගෙන ගියේ ය. ඔහුට වුවමනා වූයේ තම හැඟීම් අසා සිටියවුන් ගේ කන් ඇතුළටම යන ලෙස කීම පමණකි. එයට වුවමනා වාන් වචන කිහිපය ශබ්ද රසයක් නැ‍ඟෙනසේ ගැට ගැසීම පමණකි . මේ සඳහා ඔහු සිත වෙහෙස වූයේ නොවේ. නැත්තම් ජන කවියේ මේ අවස්ථාවේදී රචකයා ගේ සිත පැවැතියේ නිදි ලොවකයැ. එනිසා මේ ගණයේ සැහැලිවල පිබිදුන සිතකින් නික්මෙන ආශ්වාද ජනක හැඟීම් විරලය.

නිවී සැනසිල්ලේ නිදාගෙන හුන් ජනකවි සිත අවදිවීමට අවස්ථාවක් එලඹුනේ ය. එනම් මුළු ගම්මානයම සුවඳ ගුලාවක් වන පරිද්දෙන්, සැරසූ ආසන කූඩුවක් වන පරිද්දෙන්, ශත වර්ෂා භාගය- 1. මෙ රජුගෙ කග සිලිල් පොව ත

   වගල සිලිල් රුප’ඹුව නෙ	ත
   එමැකග සුරතින් ලෙළව		ත
   ලෙළ දින සුරඹුව වම් නෙ	ත  - පැරකුම්බා සිරිත 98.








(310)

කටත් වඩා පැරණි වූ මහා තල් ගසක කරටිය දෙබෑ කරමින්, මලක් මතුවී පිපී විසිරී යෑමය. එහි දිගින් බඹයකට නො අඩුවන එකම මල් රෑනක මුල සිට අග දක්වා සෑම තැනින්ම මතුවූ මල් සිය ගණනකට ත් වැඩිය. එක මලක රන් වන් රොන් කෙඳි ගණන් ගත යුත්තේ සිය ගණනිනි. සෑම මලකම මී මැසි බඹරු පොදි පොදි ගැසී සිටිති. එවැනි මල් රෑන් සිය ගණනකින් මල සෑදි තිබෙන්නේ ය. මල් රෑනක තැනෙක මතුවන කැකුළුය. තැනෙක පෙති දිග ඇරී පිපී එන කැකුළුය. තැනෙක සුවඳ උතුරුවන විකසිතවූ මල්ය. තැනෙක රොන් සලන මල්ය. තැනෙක පියලි ගිලිහෙන මල්ය. තල් ග‍ෙස් අවට සතර දිග මල් පියලි පාවාඩයක් එලාලුවා වැන්න. ඒ මත වැටී ඇති මලින් ගිලිහෙන රොන් සුනු සමග කැලතුනු මල්පැනි සඳුන් කල්ක වැන්න. තල් ගසේත් අවට ගස් මුදුන්හීත් නොයෙක් පැහැයෙන් යුත් කුරුළු රංචු ප්රී ති ගීතිකා ගයන්නෝ ය. සුළගින් මද මද සෙලවෙන මල් රෑන්වල මල් පෙති එකට හැපෙනවිට රන් කයිතාලම් ගසන හ‍ඬ නික්මෙන්නේය.

තල මල දෙස බලන ඇස රුසිරියෙන් පිනා යන්නේය. යොමුවන නැහැය මිහිරි සුවඳින් කුල්මත් වන්නේ ය. මේ සියලුම වින්දනයත් බාහිර ඉන්ද්රිියයන් මගින් දැනුම් දෙනු ලැබූ සිත, අවදිවීම කුල්මත්විම,විය යුත්තෙක්මය. තිරිසන් සිතින් මිනිස් වෙනස් වන ප්රදධාන තම කරුණුවලින් එකක් නම් ස්වභාව ධර්මගයේ









(311)

අලංකාරයන් ගේ රස විඳීමේ ශක්තිය ය. ස්වභාව සෞන්දර්යය නොදක්නා මිනිස් සිතක තිරිසන් සිතකට වඩා ඇති ප්ර බෝධමත් ගතියක් නොමැත. උත්පත්තියෙන් ම මිනිස් සිතෙහි ලක්ෂ ණ දේවල් කෙරෙහි ඇල්මක් පවත්නේ ය. බිළිඳු දරුවන් මල් ආදී පියකරු දේ කෙරෙහි ඇදී යන්නේ එබැවිනි. උත්පත්තියෙන් ලැබූ ඒ ශ්රෙයෂ්ඨ ගුණය බොහෝ මිනිසුන් කෙරෙහි ක්රනම ක්රිමයෙන් තුරන්වී යන බව පෙනේ. බිළිඳු අවධිය පසුකරත්ම තුනීවී යන ප්රිකයංකර දෙය අගය කිරීමේ ආශාව වයස් සම්පූර්ණබවූ මිනිසෙක් වන විට සහමුලින්ම නැතිවන අවස්ථා ඉතාම සුලභය. ස්වභාව සෞන්දර්යයෙන් පුබුදුවන සිතකමය, මෘදු හැඟීම්, දැකීම්, පහළ වනුයේ. කරුණා මෛත්රී ආදියට මෙන්ම, ස්වදේශ වාත්සල්යතය, ජාතිකාභිමානය, ආත්ම පරිත්යා‍ගය ආදී මිනිස් සිතක ඇතිවිය හැකි විශිෂ්ටතම ගුණ සමුදායන් බවට වැඩී මේරි යන්නේද ස්වභාව ධර්ම යෙන් පිබිදුන සිතක ඇතිවන මිහිරි හැගීම් මය.

තල මලෙන් ජන කවි සිත ස්වභාව ධර්මඇයේ මිහිරෙන් රස ගන්වා ප්රමබෝධමත් කලාසේම, ඒ පිළිබඳව ඔහුගෙන් කෙරුන සුමිහිරි තාත්වික වර්ණලනාව නිසා මුළු ගම්මානයමද පිබිදි ගියේ ය. ස්වභාව ධර්මියේ රස විඳීමටත්, එය අගය කිරීමටත් ඇබ්බැහිවී ගියේය. තල මලේ ආශ්චය්ය්‍ජනයෙන් ප්රබබොධමත් ජනකවි සිත කලින් පා නොතැබූ වර්ණ්නා ලෝකයට අනායාසයෙන් පිවිසි ගත්තේය. දැක ඇති සියලු ලක්ෂ ණ දෙයත්, අසා ඇති සියලු මිහිරි දෙයත්, සිතිය හැකි සෑම සිතුවිලිත් ඒ









(312)

වෙනු‍වෙන් ම යෙදූ ඔහුට උපමා අලංකාරාදියෙන් සාටෝපවූ අළුත් සැහැලි වර්ග‍ය තැනීම පසහුවෙන් ම කළ හැකිවිය. ප්රතබොධමත් වු හෙළ ජනකවි සිතින් හාහා පුරා කියා නික්මුණු රසික හැඟීම් වල නැවුම් රසය විඳීමට නම් තලමල් කවි සේවනය කළ යුත්තේ එහෙයිනි, චාංබවෙන් පැවැති ප්රමවෘත්ති සන්දර්ශනය ජනකවියා විසින් සාරාලංකාරයෙන් කමනීය ලෙස පැවසීමේ ප්රාරරම්භය ලෙස තලමල් වරුණ ගණන් ගැනීම එනිසා යුක්ති යුක්ත ය. ජනතාව සාහිත්යායයේ වැඩි කොටසක් මෙන්ම රස වත්ම කොටසද තලමල් කවි බවට පත්ව තිබෙන්නේ සෑම ජනකවි පරපුරක්ම තල මලෙන් ආස්වාදය ලබා ඇති බැවිනි. තලමල් කවීන්ගේ සිත් ප්රටබෝධ කළාත්මෙන් ම තලමල් කවිය ගැමි සිතද මුළුමනින්ම බැඳගත්තේය. කෙත් වැඩ පිළිබඳ බොහෝ අවස්ථාවලදි ඕසයට අදිමින් ලෙලවමින් ගැමි ගැහැණු රංචු පිටින් තලමල් කවි සැහැලි ගයන්නේ එබැවිනි. ජනතාව ගේ සදාදරය දිනාගත් තලමල් වරුණවල තත්ත්වයය සිතා ගැනීමට ඉවහල් වනසේ ඉන් කව් කිහිපයක් පහත දක්වා ඇත.

මලේ වරුන මම කියන්ට කවිකර - දෙවිඳුනි මට අවසර දෙන් නේ විලේ රුවැති මල් රන්වන් පාටට - සතර දිගට පෙති විහි දෙන් නේ ජලේ වතුර ලෙල දෙනවා සේමයි - තලමල සුළඟට ලෙල දෙන් නේ බලේ ඇතුව සකි තලමල පිපුනා - පැනිගල ඇල්ලට නුදුරු තැ නේ








(313)

ආරා තල ගස ගොන් වැඩුනාසේ මෝරා - තලමල එන අන් දන් පීරා වරසල අවුල් අරිනසේ තලමල - සුළඟට යන අන් දන් දිවිය ලෝක දහසයේම බැලුමත් - මෙහෙම රුවක් නැත වෙන අන් දන් සින්දුව කීවට වස් නැත දෙවියනි - තලමල සුළඟට යන අන් දන්

යන්තන් ගුරු ලගු යවහන් ඇර කවි - සිහි නුවණට ගෙන පුණු ක ළේ තැන්තැන් වල මල් රේනු සිඳීලා සුළඟට - කැරකුණි අහස් ත ලේ අන්දම් රූබර කැකුලු නුරාවට රොනට - ඇවිත් වට බමරු රැ ලේ රන්වන් තලමල පිපුණා දුටුවද පන්සල් - වත්තේ වෙල අයි නේ

තලමල් වරුණෙන් වර්ණ නා ලෝකයේ දොර ඇරගත් ජන කවියා නෙත් සිත් වශී කරවන සුළු කොයි දෙය පිළිබඳවත් ආශාවෙන් බැලුවේය. ඇසින් පමණක් නොව සිතින් ද එහි තතු වැඩි දුරටත් විමසා බැලුවේය. බැලීමෙන් ඇතිවූ ප්රීදතිය අන්යදයනට දෙනු සඳහා ආශාවද ජනක සුමිහිරි ගී සැහැලි ද බැන්දේය.

මලක් පිපුන තැන කියන්ඩ පුළුවනි - බලන්ඩ යමු අපි උදෑස නේ වටකර මල් පෙති ගණනාවක නැත - මැදරේනුව රන් රුව දිළු නේ මල් ඉති දහසක් නවා තියෙද්දී මුදුනට කරඬුව පුබුදු උ නේ බල සකි ගලපිට කෝමාරිකා මල - නීලවර්ණක පාටින් දිලු නේ _________



(314)

සෙල්ලි බුබුළු රැලක් එය පෙළින් පෙළ - පුස්බ කුසුම් පිපුනා විල සේ දුල්ල පතිනි දෙවි කොමල දෙපය ලන - මිණි සළඹින් රන් වළලු ලෙ සේ ඇල්ල උඩින් දිය රැල්ල දමන ලෙස - මල්ලි මාල අඹ කෙළින ල සේ ඇල්ලක උස බල දිවයින් පෙදෙසේ - අරණේ මැනිකද කියා සතො සේ ________

නානා විෂයයන් ගැන මෙබඳු ගී බැඳීමෙන් ආභාසය ලද ජන කවියාගේ ඇසට පෙනෙන කොයි යම් දෙයක් හෝ කයියකට හැරවීමේ ආශාවත්, හැකියාවත්, නිම්හිම් නැති තැනට නැංගේය. එනිසාය, සිංහලයේ ජීවිතය පිළිබඳ සෑම අවස්ථාවක් ම මහා කවියක් බවට පත්වී ඇත්තේ.

කුදු මහත් සෑම ප්ර වෘත්තියක් ම කවියෙන් පැවැසීමට සාමාන්යි ජනතාව බෙහෙවින් ආශා කළ බව පෙනේ. එහි ප්රටතිඵලය වශයෙන් පහත දැක්වෙන විධියේ සැහැලි විශාල සමූහයක් කියැවී තිබේ.

1. හාමිනේ ගෙ කෑරල් ලා ගත්ත කෙනෙක් දී පල් ලා අතට දෙන්ඩ ලජ්ජානම් කඩොල්ල මුල දාලපල් ලා ________







(315)

		2.	ටිකිරි ටිකිරි ටිකිරි ලි		යා

කලෙත් අරන් ලිඳට ගි යා ලිඳ වට කර කබර ගො යා කකුල කාපි දිය බරි යා ________

සම්පූර්ණි සිඬියක් එක කවියකින් ම කියා නිම කරලීමට මුල් අවධියේ දි ජනකවියා කැමැත්ත දැක්වූ බවක් පහත දැක්වෙන කව්වලින් සිතා ගැනීමට තුඩු දෙන්නේය.

සුනා සිසුරු ගුණ විසිනිය බබලන - සිඹ නලවන එන ඇතින් නි යේ දෙවුර උරෙන් ගති කරවට ඔප ඇති කම්පොත දැලේ ගෝමරි යේ මහ වාසලටත් ඔප්පුවුනා කිව් නමක් - සැදුනි සොඳ හුරතලි යේ බෝරුග්ගමුවේ ගම්ලත්රාලගෙ - ඇතින්න වැටුනලු වෙල් එලි යේ ¬¬¬_________

යොදුන් ගණන් උස මුදු‍න් වනය පිටු - අඳුන් කූට පර්වතේ උඩි න් තදින් රාමසැර ගොසින් වැදුන සැටි - බිඳුන් කාපිගල අකුණ උඩි න් මෙවන් නැමති ගල වමත් උනිය තෙද - සමන් සුරිඳු අසුරා බලයෙ න් බලන් මිතුරෙ සකි නාය බිඳුන සැටි - කුණු දිය ගල් පර්වතේ උඩි න් _________





(316)

කිසියම් ප්ර්වෘත්තියක සිඬවීම් මාත්ර්ය පමණක් ම කීමෙන් සෑහිමට නොපත් කවියා ඒ පිළිබද සම්පූර්ණ ඉතිහාසයම එයට ඈඳා ඉදිරිපත් කිරීම යොග්ය යයි සිතූ බව පෙනේ. සම්පූර්‍ණ ප්රිවෘත්ති කථනයන් ගැන ජනතාව බො‍හෝ ඇළුම්කළ බැවින් ඒ නවීන අඞ්ගය බහු ප්ර්චාරයට පත් විය. එහි විශිෂ්ඨම කාල පරිච්ඡේදය වශයෙන් දහනව වන ශත වර්ෂුයේ අග භාගය සඳහන් කළ යුතුය. කවීන්ට එතෙක් නොමැතිව තිබුණු මහත් පහසුකම් රාශියක් ම මුද්රිණ යන්ත්රටය සමඟ ලඟාවූ බැවිනි. මුද්ර ණ යන්ත්ර යේ පිහිටෙන් වඩ වඩාත් පැතිරීමට පත් මේ ප්රනවෘත්ති විස්තරය රට පුරාම ගියේ කවිකොළ නමිනි. මුද්ර්ණ පහසුකම් නොතිබුන අවධියේද කවි කොළ නොතිබුනේ නොවේ. එහෙත් අතින් ලියා විසූරුවා හැරීමට හැකිවූයේ සීමා සහිත පිටපත් ගණනකි. අතිනුත් ‍නොලියා අච්චුත් නොගසා ප්රමවෘත්ති කව් රට පුරා ප්ර චාරයකර ගැනීමට හැකිවූයේ මහා ධනවතුන්ටම පමණකි. උම්මග්ග ජාතකය එබඳු අවස්ථාවක් සඳහන් කරන්නේ මෙලෙසය.

“ඉක්බිති රජ්ජුරුවෝ යහපත් කොට අදාළ කාව්යර කාරයන් ගෙන්වා ඒ වූ නියාව කියා බොහෝ වස්තු දී ඔවුන්ට දුවනින් පෙන්වා කුඩාවරුනි මේ කුමාරිකාවගේ රූප ශ්රී් වර්ණටනා කෙරෙමින් මුන් නිසා කාව්යව කරව්ය” යි කීහ. කාව්යරකාරයෝ කර්ණව රාසයන කොට අති මනෝහර කොට ගී බැඳ රජහු ඇස්වූහ. එදවස් රජ්ජුරුවෝ බොහෝ ප්රණසාද දුන්හ. කවීන් අතින් විද්දත්









(317)

නායකයෝ ඉගෙන බොහෝ දෙනා මධ්යවයෙහි ගායනා කළහ. ඒ ගීතිකා බොහෝ දෙනා අතරේ ප්රසසිඬ වූ කල්හි රජ්ජුරුවෝ ගී කියන්නවුන් කැඳවා කියන්නාහු ...........................................

+ + + + + + + + + + + + + + + + + +

“නැවත රජ්ජුරුවෝ කවීන් කැඳවා “කුඩාවරුනි දැන් තෙපි ගී කියන කල මෙවැනි රූ ඇති කුමාරිකාවක් දඹදිව අනික් රජක්හට තරම් නොවෙයි, මියුලු නුවර වේදේහ රජගහට තරමැයි වේදේහ රජ්ජුරුවන් ගේ රාජ ශ්රීූ හා කුමාරිකාවන් ගේ රූප වර්ණහනාව හා එක් ‍කොට ගී බැඳ කාව්යජ කරව්ය”යි කීහ. ඔව්හු ගී බැඳ රජ්ජුරුවන් ඇස්වූහ. රජ්ජුරුවෝ ගායකයන්ට බොහෝ ප්ර්සාද දී “ දරුවෙනි මියුලු නුවරට ගොස් මේ උපායෙන් ම ගායනා කරව්ය” යි කියා යැවූහ. ඔව්හු එතැන් පටන් වන් වන් තැන ගායනා කෙරෙමින් සාර සියයක් ගව් ගෙවා මියුලු නුවරට පැමිණ බො‍හෝ දෙන රැස්වූ සභායෙහි ගායනා කළහ. ඒ අසා බොහෝ ඔල්වර හඬ දහස් ගණන් පවත්වා මහා සන්තෝෂයෙන් වස්තු දුන්හ.”

මේ ප්රහවෘත්තියෙන් පැහැදලිවන තවත් වැදගත් කරුණක් නම් ඒ සා පැරණි කාලයේ සිට කවි කොළයේ ඇති ප්ර චාරාත්මක වටිනාකමය. මියුලු නුවර වේදේහ රජුගේ ධර්මො යුගයේ සිට මේ පරමාණු








(318)

යුගය දක්වාත් පොදු ජනතාව අතර යමක් පතළ කර හැරීමට කවිකොළයේ ඇති හාස්කමට කිට්ටුවෙන් හෝ යාහැකි කිසිද උපක්රනමයක් තවම උපදවා ගත නොහැකි විය. සිංහල ගැමි ජනයා සඳහා නම් මතුවටද ඒ තත්ත්වදය එසේම පවතිනවාට අඩමානයක් නොමැත. සාමාන්ය සිංහල ජනයා කළ සෑම දෙයක්ම කවියෙන් ඇසීමට ඇති කැහුලැහිකම ජාතික ගුණාඞ්ගයක් වී තිබෙන බැවිනි. අනිකක් තබා පරමාර්ථත ධර්මකය පවා සාමාන්යම සිංහල සිත්වලට පහසුවෙන් ඇතුළු වූයේත්, ඇතුළුවී පල පදියන් වූයෙත් කවියේ මාර්ගලයෙනි.

හයවන ශත වර්ෂගයේ වුසු සුළු මුගන් හෙවත් දෙවෙනි මුගලන් නම් ධර්ම ශාස්ත්රෂධර අසමාන මහා කිවි රජතුමා තැන් තැන්වල භික්ෂූමන් ලවා බණ කියෙව්වා පමණක් ම නොව ධර්මුය විස්තරකොට තමා විසින්ම බඳිනලද කව්, ධර්ම දෙශනාව අවශාන යේදී මිනිසුන් ලවා ඇත්බඳ සිට කියවන ලද බවද මහාවංශය කියන්නේ ය.2 මේ දහම් කාවියම් වර්ත මාන හෙළ කවි කොළ පරපුරේ එක්තරා මුල් අවස්ථාවක්සේ සැළකිය යුතුය.

සාමාන්යු සිංහල ජනතාව ධර්මයයෙහි හික්මවිම සඳහා කවි උපාය පහසුතම මාර්ගයක් ලෙස දහනව වෙනි ශතවර්ෂධයේ අග භාගයේදී ලංකාවෙහි කතෝලික ධර්මෙ ප්රරචාරයෙහි යෙදුන සුප්රෙසිඬ ජාකෝමේ ගොන්සාල්වෙස් පූජා ප්ර සාදීන් වහන්සේ විසින්ද සැලකු බව පෙනේ. (2) පරිච්ඡේදය










(319)

කවිකොළ යුගය ආරම්භවන විට රටේ පැවැති භාෂා සාහිත්යන තත්ත්ව ය සළකා බැලීම වටනේය. පාළියත් සකුවත් අකුරටම ගුරු තනතුරේ තබා පිළිපැදීමට පටන් ගත් සමයේ අසංකීර්ණක හෙළකව් සම්ප්ර දායයේ විනාශය ආරම්භවූ බැව් පෙර කියන ලදි. එක ගණයේ භාෂාවල, සම්බන්ධර කමෙන් පොෂණය ලැබ අනිකුත් රටවල භාෂා වැඩෙද්දී මෙරට සිදුවූයේ මාතෘ භාෂා නැමැති පිළිල, හෙල බස් රුක කොඩ කොට වසා පැතිරීයෑම ය. මෙයින් බරපතළම හානිය සිදුවූයේ කාව්යාං ශයටය. එහෙත් තමාට හුස්ම ගැනීමට බැරිවන පරිද්දෙන් ඉස සිට වසා පොරවා බැඳ තිබෙන සකු මගද පඩංගුවෙන් මෑත්වී ස්වකීයයන් වෙතට ලඟාවීමටත් හෙළ කවිය මද මද විසින් හෝ වෑයම් නොකළා ‍නොවේ. එවැනි එක් අවස්ථාවකි සන්දේශ යුගය. සන්දේශ කවිහුද පූර්වාවචාය්ය්එවැ වරයන් ගේ නීති රීති ගෞරවයෙන් පිළිපැද්දෝය . ඔවුන් අනුගමනය කළෝය. ඔවුන් ගේ ඇසින්ම බැලුවෝය. මුවෙන් නොබැනම ඔවුන් ට අවනතද වූවෝ ය. එහෙත් ඔව්හු මේ රට, මේ රටේ සිරිත් විරිත්, කෙළි සෙල්ලම්, සිතුම් පැතුම් ආදිය ගැන දයා පරවශ හැඟීමෙන් කටයුතු නොකළෝයයි කියතොත් එය ඔවුන්ට කරන අකාරුණික කමකි. සන්දේශ යුගයේ ද හුදු දේශීය බවටම පෙරලීමට දරන ලද උත්සාහය ව්යදර්ථුවී ගියේය. ආදීම සිංහල සන්දේශ කර්තෘථවරයා වන කවීශ්චවරයන් විසින් දක්වන ලද නිදහස් රුචිකත්වයත්, ස්වදෙශවාත්සල්යකයත් ඔහු ගේ අනුගාමීන් ගෙන් දියුණු බවට පත් නුවූවේය.









(320)

ගිරා කතුවරයානන් හැර අනිකුත් කිසිවෙක් එහි මහඟු අනුසස් යම්තමකින් හෝ නුදුටුසේය. ක්රනම ක්ර මයෙන් වියැකී ගිය මේ අළුතෙන් පටන් ගත් හෙළකවි නිදහසත් සන්දේශ යුගයත් අලගිය වන්නයන් ගෙන් කෙළවරවිය. මුවදෙව්දාවෙන් පටන් ගැනී සැවුල් සන්දේශයෙන් අවශානවූයේ උගතුන් සඳහාම පවත්වාගත යනු ලැබූ කවි පෙළහරකි.

පරසතුරු වියවුල් නිසාත් ආර්ථික පරිහානිය නිසාත් සීතාවක කාලයේ සිට භාෂා සාහිත්ය යට සුදුසු පරිදි හිස එසවීමකට ඉඩ නොලැබුනේ ය. දහඅටවෙනි ශත වර්ෂියේ අග කොනේ දී ඇති වූ සාහිත්යේ පිබිදීමෙහිදී ද බෙහෙවින් ම උත්සාහ කරනු ලැබුයේ පැරණි උගතුන් අනුගමය කිරීම ය. පිරිහී ගිය වලව් කාරයෝ දිරාගිය කළු කෝට් කබල්වලින් වැදගත්කම සමාජයට පෙන්වීමට වෑයම් කරන්නාක් මෙන්, එකල භාෂා රසිකයෝ සිය දැන උගත්කම් පෙන්වීම සඳහා ව්යාවකරණයෙන් ගැට ගැසුනු ගුඪ භාෂා ශෛලියක් අනුගමනය කළෝය. උගත්කමේ මිණුම් දණ්ඩවූයේ ගාඪ බවය. එබැවින් ඔවුන්ගේ කාව්‍යයන් භාවිතවූයේ එබඳුම පණ්ඩිත මානීන් අතළොස්සක් අතරේය. එහි මිහිරියක් ආශ්වාදයක් විදිනු තබා අගක් මුලක් වත් තේරුම්කර ගැනීමට නොහැකි වූ පොදු ජනතාව කවිලොවින් ඈත්වී ගියෝය. ඔවුන් සඳහා ලියවුණු එකද කවියක් හෝ නොවීය. ඒ හේතුව නිසාම, පොදු ජනයාගේ ඈත්වීම නිසාම, සිංහල කවිය හං පපඩමක් බවට පත්විය. ‍









(321)

වැඩි උගත්කම් පෙන්වන්නට යෑමේ විපාකය වශයෙන් පොදු ජනතාව නිසාම රැකුන සිංහල භාෂාවද අතර මංවී ගියේ ය. මේ කාලය වන විට සමාජයේ උසස් පඞ්ක්තියට ඔවුන් ගේ වැදගත්කම ආරක්ෂා කර ගැනීමට හැකිවූයේ සිංහලයෙන් ඈත් වූ තරමටම ය. ඉංග්රීවසිය දේවත්ව යෙන් අදහනු ලැබූ ඔවුනට සිංහල කාව්ය යයේ පිරිහීම ගැන කිසිද කැක්කුමක් නොවීය. සමාජයේ ඉහල පඞ්ක්තියෙන් එලවා දමනු ලැබූ, එසේම පහල පඞ්ක්තියේ ආශ්රපයෙන් ඈත් වූ සිංහල කවිය අතරමං වී විනාශයට පත්වීමට ඔන්න මෙන්න කියා තිබියදී දහනමවන ශතවර්ෂ යේ අග භාගයේදී තරම යලිත් පොදු ජනතාව අතරට ආවේ ය. මේ භාග්යව සම්පන්න ආගමනය වූයේ කවිකොළ මගිනි. සිංහලයා පිළිබඳ සංස්කෘතියේ මහාර්ඝේ අකලංක රත්නයන් වන පොදු ජනතාව ගේ සිතුම් පැතුම් වලින් යලිදු සිංහල කවිය පණපෙවි අජරාමර වීමට එයින් මග පෑදුනේ ය.

ස්වකීය නිජසාහිත්යුයෙන් ඈත් කරනු ලැබ සිටි පොදු ජනතාව පෑ ගණනක් හිස් පුපුරණ අව්වේ කරවෙමින් පෝලිමේ සිටි මගීන් සමූහයක් බස් රියකට නැඟ ගන්නාසේ කවිකොළ තුළට මහත් ආශාවෙන් ඇතුළු වී ගත්තේය . බස් ගමනෙහි දී මෙන් නොව මේ සාහිත්යව වාහනයෙහි ඔවුන්ට සෑම සැප පහසුවක්ම හොදින්ම සකස් වී තිබීම නිසා එයට වඩ වඩාත් ලැදිවුවෝය. අවට ලෝකය දෙස බලන විවෘත කවුළුව නැමැති



21






(322)

ප්රිවෘත්තීත්, නොදැනීම් කුස ගින්නට සපයන පථ්යා ආහාර නමැති අවවාද උපදේශාදියත්, රසවිඳීම් නැමැති ගුවන් විදුලි සංගීතයත්, ඒ වාහනයෙන් නොමිලේ ම සැපයුනේ ය.

කාලාන්තරයක් තිස්සේ මුළු ගන්වා ඔබා සිටි පොදු ජනතාව ගේ සාහිත්යරරාසිකත්වනය කවිකොළ නිසා උද්දාමවීව නැගී සිටියේ රක්ෂාවවක ඉව වැටී දුවන ජ්යෙසෂ්ටකාරයන් අයිනක් මෙනි. කවි කොළයෙන් ජනතාව ගේ සාහිත්යව රසය ඇවිස්සුවා, පමණක් නොව නොයෙක් විධියේ බය ගැන්වීම් නිසා, නින්දා අපහාස කිරීම් නිසා, මුවින් පිට කළ නොහැකි ව සිත් තුළ පැහි පැහී තුබූ උපන් කවිකාර කමද දසතින් පිටවී ලියලා ඇදී පිපී වැනීගිය සමන් මල් වනයක් මෙන්වී මුළු රටම පොදු ජන සිතුම් පැතුම් සුවදින් සුවඳවත් විය.

අනුරාධපුර යුගයෙන් පසු සිංහල කිවියේ වැඩි දියුණුව සඳහා ඇතිවූ ප්රරධානතම සාහිත්යල විප්ලවය වශයෙන් සැළකිය යුතු කවි කොළයේ පැතිරීම ගැන අප්රිසාදය පළකළෝද නොවූයේ නොවේ. ඔව්හු නම් මවු කිරක රසක් කවදාවත් නොලද සංස්කෘත කාව්යක නීති රීතින් විසින් පෝෂණය කරණු ලැබූ පණ්ඩිත මානී ලැක්ටෝජන් බබ්බුය. ඒ උගතුන් ගේ ගෙරවීම් ගැන පොදු ජනතාව තුට්ටුවකටවත් නොසැළකූවේ ය. ජනතා කවියන්ට කවි කොළ කාරයෝ ය, ගස්යට කයියෝ ය, යනාදී වශයෙන් නම් පට බඳිමින්








(323)

ඔවුන් විසින් කළ අපහාසයන් රටවැසියා සළකන ලද්දේ ඊර්ෂ්යාෝ පිසාචයා ගේ ආවේශයෙන් කරන නන්දෙඩවීම් මෙනි. වෙළඳ පොළට හෝ පිංකම් පොළට හෝ යන දෙමාපියන් විසින් නොවරදවා ඉටුකරන ලද ප්රපධානම යුතුකමක් නම් සිය දරුවන් වෙත කවි කොළයක් ගෙනැවිත් දීමය. එසේ කළේ කවිකොළය කෙරෙහි ගැමි ජනතාව මහත්ම බලාපොරොත්තු රැඳවූ බැවිනි. ඈත පිටිසර ගම්මානවලට ආරංචි සැපයූ එකම ප්රචවෘත්ති පත්රපය කවි කොළයය. අධ්යාතපන පහසුකම් නොතිබු ගැමි දරුවන් ට සිරිත් විරිත් ඉගැන්වූයේ ද දැනමුතුකම් උපදේශාදීය දුන්නේ ද කවි කොළයය. එමතුද, කියැවීම් ශාලාවෙනුත් විනෝදාගාරයෙනුත් සැපයෙන අවශ්යවතාවයන් ඔවුනට ලබා දුන්නේ ද අනිකක් නොව කවි කොළයමය. ඉවුරු තලා පිටාර ගලමින් මහා නගරයන් යටකරමින් වේගයෙන් පැතිරී ගිය විදේශිය ශිෂ්ටාචාර ගංවතුරෙන් හද්දා පිටිසර ගම්මානයන් ආරක්ෂාදකරලීමට සිංහල කවියේ භාග්‍යය විසින් බඳිනු ලැබූ ප්රෂබල පවුර වූ කවි කොළයට මේ රටේ ජනතාව ගේ සාදරය සදාකල්හිම හිමිවනු නියතමය.

නවීන ප්ර වෘත්තිපත්රේ කලාවේදීන් විසින් ඇගීම් දනවන සිඬීන් පත්රබයේ මුල් පිටේ ලොකු අකුරෙන් ප්රරසිඬ කිරීමට තෝරා ගන්නාක් ‍ ජන කවියන් විසින් ද කවි කොළ සඳහා ගැමි සිත් අවුස්සවන සුළු ප්රදවෘත්තින්ම මාතෘකා කර









(324)

ගත්තෝය. විෂ්මය, භය හා ශොකය අහිංසක ජනතාව සිත් සතන් වඩාත්, අළලවන බව ඔව්හු දත්තෝ ය. ගැමි සිතුම් පැතුම් සංඛ්යාාත චිත්ත ස්වරූපයන් නිවැරදි ලෙස විජානනය කිරීමෙහි ලා ඔවුන් සරි විශෙසඥයෝ ලොව කිසිද තැනක කිසිද කලෙක පහළ නුවුවාදෝය සිතමි. ප්රෙවෘත්ති පත්රජ කලාවෙහි පරතිරයටම පත්වූවන්ට ද කළ නොහෙන අසිරියක් ඔවුනට පහසුවෙන් ම කළ හැකිවිය. එනම් මූලික ප්රරවෘත්තිය, පිහියා ඇණුමක් ජලගැල්මක්, එක ගහක දෙවර්ගයක ගෙඩි පලගැණීමක්, ගැහැණියක ගේ හොරෙන් පැන යෑමක්, පිංකමක්, ආදී කොයි යම්ම එකක් වුවද එයින් කවීන් විසින් සම්මත වන රසයත් නම් විසින් නොකියන ලද තවත්ව නොයෙක් රස වෙසෙසුත් නිකුත් කොට එයින් ම අවවාද උපදේශාදියත්දී අසන්නා තුළ එකවිටම ප්රසසාද සංවේගයන් ඇති කරවා ලීමය.

මහජන මතයක් අවුලුවාලීමට මෙන්ම හැඩ ගැස්වීමටද කවි කොළය හා සමාන තවත් ප්රවචාරක ආයුධයක් නොමැත්තේ ය. චුලනි බ්රකහ්මදත්ත රජ්ජුරුවන් ‍ගේ ආණ්ඩුව ප්ර චාරය සඳහා යොදාගත් මේ කවි කොළ ව්යාුපාරය, ඉර නොබසින අධිරාජ්ය යෙක මහාධිරාජයානන් වූ සවෙනි ජෝර්ජ් රජුගේ ආණ්ඩුව ද පසුගිය 1. වෙනි ලෝක මහා යුද්ධ සමයෙහිද යොදා ගැනීමෙන්ම එහි අඩු නොව න අගය ගැන සිතාගත හැකිය.









(325)

1914 දී ඇතිවූ මහා ජගත් සංග්රා ම අවධියෙහි එක්තාරා වකවානුවකදි විජය ග්ර්හනයෙහි තුලාව ජර්මන් පක්ෂාය කෙරෙහි වහා වහා බර වෙමින් පැවැත්තේ ය. බ්රිරතාඤ්ඤ අධිරාජ්යෂය පිළිබඳ මර්මවස්ථානයක් වූ ලංකාවේ ද ජර්මනුන් ගේ දිනීම ගැන හැගීම් පැතිරි යන්නට වන. යුද්ධාධිනායකයෝ පෙරහැර පැවැත්වීම්, මහාජන රැස්වීම් ආදිය තහනම් කරමින්, මහාජන හැඟීම් හැඩ ගැසෙන අන්දම ගැන විමසිල්ලෙන් බලා සිටියෝය. කොළඹ නගරයත් ඒ අවට ප්රනදේශ ගැණත් ඔවුන්ගේ සැලකිල්ල විශෙෂයෙන්ම යොමුව පැවැත්තේය.

එකල මෝදර මුහුදෙහි මසුන් මැරීමේ යෙදුන එක් අයෙක් විය. ඔහුගේ සම්පූර්ණෙ නාමය අත්තනායක ගිරොනිස් ප්රගනාන්දුග ය.

මසුන් මරන්නන් අතර ඔහු හැදින්වූයේ ගිරයියා නමිනි. ගිරයියා ගිය ස්කෝලයක් නැත. වෙරළෙහි සිටගන ඇස් දිෂ්ටිය ප්රනමාණයේ දියඹ මුහුදේ ගැහෙන කට්ටාවාගෙන් තෝරා වෙන්කර හැදින ගැනීමට පුළුවන් වුවද උන්දෑට ‘අ’ යන්නෙන් ‘ක’ යන්න වෙන්කර ගැනීමට හැකි වක් නොවීය. එහෙත් ගිරයියා ඔරුව බාපු වේලේ පටන් ගොඩ අදිනතෙක් කවි සින්දු සිව්පද කියන්නේ ය. කන බොන නිදා ගන්න වේලාවන් හැර අනිකුත් සෑම විටම ඔහුගේ කටේ මුනු මුනු ගැයෙන්නේ කවිමය.









(326)

ඉංග්රී6සි ආණ්ඩුව කෙරෙහි මහත් භය පක්ෂව පිරිමාන හිතවත් කමක් දැක්වු මේ උපන් කවියා කළේ ඉංග්රීමසි ජර්මන් යුඬය ගැන කවි තැනීමය. අකුරු දන්නා ගැටයෙක් ලව්වා ඒ කවි ලියවා අච්චු ගස්වා ඉන් පිටපතක් ආණ්ඩුවටද ඔහු ඔප්පු කළේය. කවි කොළයෙන් වන ප්රපචාරයේ වාසිය දුටු ආණ්ඩුවකරවන්නෝ ගිරයියාට බෑන්ඩ් කණ්ඩායමක් සහ විශාල බ්රිුතාඤ්ඤ කොඩි කිපයක්ද දී ඕනෑම තැනක ඕනෑම වෙලාවක තූය්ය්කදුවාදන සහිත ව කවි කොළය කියැවීමට අවසරද දුන්නෝ ය. ඉංග්රී සි කොඩි ගන්තවුන් සහ බෑන්ඩ් කන්ඩායම් පෙරටු‍කොට ගෙන මල පත අකුරවත් නොදන්නා ගිරයියා තම රචනය නට නටා කටපාඩමෙන් කියමින් කොලුවන් ලවා කවි කොළ විකුණු වමින් කොළඹ වීථියක් පටුමාවතක් මුඩුක්කුවක් නොහැර මාස ගණනක් සංචාරය කෙළේය. එක මාලු හරායකදී උපයන මුදල මෙන් දෙතුන් ගුණයක් කවි කොළ ජාවාරමෙන් උන්දෑ උපයාගත් අතර පවුම් දස දහස් ගණනක් වියදම් කොට හෝ ලබාගත නොහෙන ප්රාචාරකයක් ඉංග්රීණසි ආණ්ඩුවට ලැබුනේය. __________












(327)

ගිරයියා ගේ ඉංග්රීතසි ජර්මන් යුඬයෙන් කවි කීපයක් මෙසේය.

හන්ගේරියන් කුමරුන් සහ කුමරි දුක් ගෙ නා සරනියෙල්වරු නිවට නිසා පලි ගැණුමට රොස් උ නා සර්වියන් රජ රුසියන්හට කියා සිටිය ඒ ගැ නා ජර්මන් රජ ඇදපු උගුලෙ මුළු ලෝකම ඇවිලු නා

ජර්මන් රජ ඉතාලියන් එක්ක ගිවිසුමක් උ නා අප‍ වෙත යම් කෙනෙක් සටන් කළ විට අපි එක් වෙ නා කාත් නොදැන දුප්පත් බැල්ජියමට කළ අවගු නා ඒරොප්පෙ රාජධානි කවුරුත් කම්පා උ නා

ජර්මන් රජුගෙ සටනෙ මහිම ඉංග්රී සින් දකිමි නා නැව්වල මහසෙන් ගෙනැවිත් ප්රමන්සෙට විත් පැමුණු නා ජරමන් රජ ගහගනවිත් ලන්ඩන් එක ලන්චු නා බැටන්තුමා දීපු පාර දහස් ගණන් බිලි උ නා





(328)

කිචනර් සාමි අපගෙ තු මා මැප් එක සැදු හැටි කදි මා ජර්මන්හට අවුල් උ නා ඔන්න ඉංගිරිස් කෙළින් උ නා

කිචනර් සාමි දීපු බ ලේ බල්ගේරියාව බොම්බට් ක ලේ ගින්න තදට ගත්ත ක ලේ බල්ගේරියන් පැනපි කැ ලේ

යුද්ධ කරන ඉඩම දි නා සැම රජවරු පැන එන නා නැවකින් වයර්ලස් කෙරු නා ජැලිකෝතුමාට දැනු නා

‍‍කො‍හොමද ඕයි ආරං චි ජර්මනියට බො‍හො වාසි යි පැරිස් කොටුව ලංවෙච් චි දිව්වලු පස්සට ගැස් සී

ජර්මන් රජ කරපු බ ලේ මිනිස් බෝට්ටු හයක් මැ ලේ යටින් යන්ඩ දාපු ක ලේ වැටුනලු ඉංගිලිස්ගෙ දැ ලේ ¬¬¬¬¬________

කවිකොළ කවියා ගේ තවත් විශෙෂ ලක්ෂංණයක් නම්, පුද්ගල, තත්ත්වය ආදිය ගැන කිසිදු අමුතු සැලකිමක්, පැකිලීමක් නොමැති වීමය. අගමැතිවරයාත් සාමාන්ය‍ දිළිඳු ගැමියාත්





(329)

අතරෙහි ඔහු කිසි වෙනසක් නොදක්වන්නේ ය. දෙශපානඥයන් පසු පස ලුහු බැඳීමේ පිස්සුවක් ඔහුට නොමැත්තේය. පෙරවදන් ලියවා ගැනීමට මහාචාය්ය්මේ වරුන් යාලුකර ගැනීමේ වෑයමක් ඔහු නොදරන්නේය. සියල්ලටම වඩා ඉඳුල් බත් පිඩක් ලබා ගැනීමට කෙල පෙර පෙරා අගු කොන් වල රැක සිටින පෙරේතයන් මෙන් ස්වකීය ප්රලබන්ධඅය මිලකර ගැනීමට මහෙශාක්යි ප්රනකාශකයන් ඉදිරියෙහි තේවාව කිරීමේ දීන භාවය ඔහුගේ අසල හත් ගව්වකටත් ලංවී නොමැත. පණ්ඩිත කවියන්ට මෙන් ඔහුට දුප්පත්කම ආරයෙන් නොඑන්නේ ය. ඔහුගේ   කවි විකිණීයන්නේ උණු කැවුම් ලෙසටය. තම චාං ජීවිතයට එය හොඳටම ප්රනමාණවත්ය. ප්ර බන්ධයය කරන්නාත් ඔහුය. මුද්රටණය කරවන්නාත් ඔහුය. බෙදා හරින්නාත් ඔහුමය. ඔහුගේ කවියට වඩා  ස්වරය රසය. කවියටත් ස්වරයටත් වඩා කියවන විලාශය රසවත්ය. ඉහල අත්තක සිට ගීයක් ගයමින් එයින් ගලායන මධුර රාවය විදීමට ක්ෂටණයකින් පහල අත්තට පියාඹා එන කුරවීකයකු මෙන් තමාගේ කවියෙන් තමා නගන ස්වරයේ පද්ම දැනගැනීමට එක් කණක ඇඟිල්ල ගසා ගන අනික් කන ඔසවා හරවා ගන ඔහු සර්වාංගයෙන් ම ඉගි දක්වමින් කවි කියන්නේ ය.

මහනුවර දළදා, මාලිගය අසල මහ සෙනග පිරිවරා‍ගන මෙසේ කවි කියමින් සිටි කවි කොළ










(330)

කාරයකු දුටු සුප්රකසිඬ ඉංග්රීමසි මහා කවියකු හා චින්තකයෙකු වන බාර්නාඩ් ෂෝ කළ ප්රපකාශය මෙසේ ය.

“ලංකාවේ කවීහු සෙසු රටවල කවීන් මෙන් නොව, තමන් විසින් ලියන කවි තමන් විසින්ම මුද්රකණය කොට මහාජනයා මැදට ගෙණගොස් කියවා රස අවුස්සන අතරම ඒවා මහාජනයාට විකුණත්.

කවිකොළ යුගයේ ආරම්භය 1860 තරමේදී විය. එහි මූලිකයන් වශයෙන් අමුපිටියේ සුන්දර, ජිනදාස, මාදම්පේ සිල්වා, පල්ලේගම ආර්. ඇම්. මල්හාමි, කළුතර වි.බී. වත්තුහාමි , පිලවෙල තෙන්නකෝන් ලත්හාමි ආදි ජන කවියෝ ඉස්මතු වී පෙනීයන්නෝ ය. පතුරුවා හැරීමෙහි ව්යා වෘත වූවන් ලෙස ඇම්. පී . කේ ජෝන් ප්රේුරා, බී . ඇම්. මැන්දිස්, එච්. රූබන් ප්රේනරා, එච් . පී පොන්සේකා, ස්ටීපන් ප්රේතරා සහ ඇස්. පී. අමරසිංහ යන කිවිවරු විශෙෂයෙන් සඳහන් කළ යුත්තෝය. පොදු ජනතාව කෙරෙහි කවි කොළයේ ඇති, හාස්කමින් වසීවූ සුප්රොසිඬ ග්ර න්ථ, කර්තෘ වර පියදාස සිරිසේන මහත්මාණන් විසින්ද යම් යම් කරුණු සඳහා කවිකොළ ලියා ප්රෙචාරයට පත්කළ බව සිහිකට යුත්තකි. කවි කොළ සිය ගණනක් ලියා ලක්දිව සතර දිගට රස උල්පත් ගලා හැරී ඇම්. පී. කේ . ජෝන්










(331)

පෙරේරා ක්රගමයෙන් ජෝන් පෙරේරා ගුරු තුමා බවට පත්වීමෙන් ඔහුගේ කාවියම් කෙරේ මහාජන ප්රනසාදය වැඩීවී ගිය අයුරු සිතා ගත හැකිය.

ඇතැම් විටක ගම්බද ඇතැම් කිවිකෙනෙකු විශෙෂ සිඬියක් වූ විට එය කවියට නගා අත්පිට පත් සපයා ගම්ගොඩවල් වල බෙදා හැරීමේ සිරිතක් ද පැවැත්තේය. එබඳු අතින් ලියූ කවි කොළයකි. 1872 දී “කැළණි ගඟට අලියා වැටුන විත්තිය.”

අතින් ලියා‍ බෙදා හරිනු ලබන තවත් කවි කොළ විශෙෂයක්ද ගම්බඳව ඇත්තේය. ඒවා විසුරුවා හරිනු ලබන්නේ මහ රෑ හොර රහසේය. එහි අඩංගු වන්නේ ද ප්රතසිඬියේ කිය නොහැකි ප්රමවෘත්තිය. ගැමියන් අතර මේ කවිකොළ හැදින්වෙන්නේ “කැළෑපත්තර” නමිනි. ඇතැම් පිටිසර ගම්වල සමාජ දූෂණයවන පහත් පැවැත්මක් යම් කිසි පවුලක සිදුවූවිට ඒ සඳහා කැලෑ පත්තර වැටිම නො අනුමානයේම පාහේ සිදුවන්නකි.

සෑම අපරාධයක්, ත්රාමසජනක සිද්ධියක්, සිහිකටයුතු සිදුවීමක්, පාසාම වැල නොකැඩී බිහිවූ, බිහිවන, කවිකොළ ගණන් ගත යුත්තේ සිය දහස් ගණනිනි. විවිධ ප්රිවෘත්ති අනුව ලියැවී තිබෙන කවිකොළ වලින් උපුටා ගනු ලැබූ කොටස් කිහිපයක් පාඨකයන් ගේ ප්රතසාද සංවේගය පිණිස මෙහි දක්වනු ලැබේ. _________








(332)

කවිකොළ

1865 දී පමනේදි ඉන්දියාවෙන් ලංකාවට පැමිණි නාට්යණ කණ්ඩායමක ප්රදධාන නිළිය වශයෙන් රගපාන ලද්දේ කාමාච්චි නම් රූපත් තරුණියකි. කුඹ ගසක මුදුනේ සිට සතර දිගට අදින ලද ලනුවල යමින්; කරකැවෙමින්; එකි නෙකට මාරුවෙන් ඈ විසින් දක්වන ලද්දේ ලොමු දැහැගන්වන ත්රාැසජනක නැටුම්ය. මේ කාවියම ලියැවී තිබෙන්නේ ඈ ගැනය.

_________

කුඹේ නටන කාමාච්චි _______

අල්ලා නෙරි රැල් ඉසිරී යන්නට කවුද ළඳේ නුඹ සැරසෙව් වේ අසුර බවන උඩ ගුවනේ ඇවිදින් කුඹේ නටන්ටයි සැරසෙන් නේ රනින් නොවෙයි රිදියෙන් දත් ඇදි දෙක දිව්ය මූණමෙන් කන්ණඩි සේ මෙලොව උපන්නත් නැටුමට ඇද නැත දියපිට සේරුන් මෙන් ගම නේ








(333)

තිස් අට රියනක් උස ඇති කුඹයක් ගෙනැත් සිටෙව්වයි වෙල මැද් දේ හතර අතට ලනු හතරක් ඇදලා කඹ දෙකකට යන පර සිද් දේ ඉස්සර නව ගම් දෙකේ සෙනඟ ඇවිදින් සිටියයි වට මැදි මැදි දේ ඇස්වහ නැත කාමච්චිගෙ නැටුමට ඉගිලෙනවයි කඹ දෙක මුදු නේ

නැව් පිට සාගර පසුකර ඇවිදින් සිංහලේ ට ගොඩ බැසපු ළ මා රදල මහත්තැන් මුදලට ඉල්ලති දකින්ට ඇගෙ සෙල්ලන් කතෙක් ඔහොම නම් දුටුවෙත් නැත අපි ඇසුවෙත් නැත මුහුදෙන් මෙත රා මතක් වෙලා ඇය නින්ද නොයයි අද කාමච්චි ළඳ දකින තු රා

තරිඳු ලෙසින් ඉර මුදුනට එනවිට ගොසින් කුඹය පිට ඉද ගන් නේ ලස්සන රුව ඇති රූබර අඟනෙක් වැටී දුවයි ලනුපට මුදු නේ රුපියල් සියයක් ගැන ලා දීලා ගන්ඩ කතාකර එක ‍සන් නේ විරිදු නැටුම් නටලා යන අඟනෙක් නුඹ මිස මේ රට වෙන නැත් තේ







(334)

මෙලෙසින් කුඹ ගස තබමින් වෙල මැද කුඹ මුදුනින් ගිය කාමච් චි මැදලා දත් පොඩි නළල තලාවට නැටුමට එන බව තේරිච් චි අනෙක් ඇසළ මස මළුවට එනවද දෙමළ රුසිරු ළඳ කාමච් චි මරලා දමතත් මම දුටුවා නම් ඇරගෙන එනවා කාමච් චි __________

රිළවු දෙදෙනෙක් විසින් හොරු තුන්දෙනෙක්ම නඩු මගට අල්ලා දුන් පිළිවෙල. - (1870) එච්. හැන්රි ද සිල්වා කවි 17. සින්දු එකයි.

සිරියෙන් සපිරුන තන්ගළු පෙදෙසේ කොටිය පිටිය යන ගමෙහි ම නා සිදුවන් කරුණක් කවියෙන් පවසමි ඒක ඉතාමත් පුදුම ව නා මරමින් හොරු තුන් දෙනෙකුන් එක්වී රිළව් නැටෙව් මිනිහෙකු එදි නා රිළවුන් දෙදෙනා නඩු කියමින් සොරු අල්ල දුන්න පිළිවෙල අස නා

බන්ගලි මිනිහෙක් රිළව් දෙදෙනකුත් එළුවෙකු මිළයට අර ගනිමි න් ඉන්දිය දේසෙදි හීලෑ කරගන සෙල්ලන් නොයෙකුත් උගන්වමි න් තැන්තැන් වල සෙල්ලම් පෙන්නාලා සියලු දෙනා සිත් තුටු කරමි න් උන් තුන් දෙන සහ කොළඹට පැමිණි කීකරු කර ගෙන දරු‍වො ලෙසි න්




(335)

දනින් හිටිනවා පිනුන් ගහනවා කන්නාඩිය ගෙන මූන බල යි ඇඳුන් අදිනවා හිස පීරනවා ජේත්තු වී ගන හැඩ බලතෙ යි වරෙන් කියනවා දුවගෙන එනවා එලුවාගේ පිට රේස් දුව යි රබන් ගහනවා පොර අල්ලනවා ගෑනිත් මිනිහත් බව අගව යි

+ + + + + + + + + + + + බියක් කිසිත් නැති හොරු තුන් දෙනෙකුන එගමේ සොරකම් කර සිටිනා මොකක්ද කරුණක් උදෙසා පාරෙන් යනකල බන්ගලියව පෙන් නා හුඟක් මුදල් ඇත කියමින් තුන්දෙන බංගලියව මරනා ලෙසි නා ටිකක් මුවාවී ඉඳලා දුවගෙන ඇවිත් එකෙක් මොහු පෙරලූ වෙ නා

+ + + + + + + + + + + + සුපිරින්ටන්ඩන් දකිමින් එහි උන් අනික් රිළව් සැලියුට් කර ලා අත දිගු කරමින් ගේ පෙන්නාලා නගිමින් වහලට උලු ඇර ලා එලුවා මරමින් මස් බෙදනා බව අතින් හිසින් මූ දැන්නු ක ලා ගෙයි දොර කඩමින් අල්ලා තුන්දෙන අතින් පයින් ඇන කුදලා ලා





(336)

 	මිදුලට බැහැල රිළවුන් දෙන්නා

පොළොවෙ පස්කා බිම පෙරලෙ යි

කැලයට අත දික්කරමින් පෙන්නා බෙල්ල කැපුබව හග වනව යි

හරියට තේරී මහතට ඒ බව රිළව් දෙන්න පස්සෙන්ම ගිය යි

දෙනෙතට දැකලා මිනිය කැලේ දී තුන්දෙන එතනට ගෙන්නුව යි

+ + + + + + + + + + + +

තුන්දෙන අතුරෙන් ඔත්තු බැලුව අය දහ අවුරුද්දට නියම කල යි

තුන්දෙන අතුරෙන් අල්ලා සිටි අය පහළොස් වරුසෙට නියම කල යි

තුන්දෙන අතුරෙන් බෙල්ල කැපු අය විසි අවුරුද්දට නියම කල යි

තුන්ගරු කෝට්ටුවෙ මහරජ උතුමානෝ මේ ලෙස තින්දුව දුන්න යි

+ + + + + + + + + + + +





(337)

ඇසුවන් මවිතවීම හෙවත් ස්ත්රීුගේ අවකල් - ක්රිනයාව නිසා කෝපයට පත් පුරුෂයා විසින් ඇගේ ලේ ඉල්ලා බිව් අන්දපම සහිත නඩු විභාගයේ ශංසේප විස්තර. _____

කවී 33: ඇම් . පී. ඒ. චාර්ලිස් සිංඤ්ඤෝ ______

සසර දුකින් සත මුදවන තුන් රත්නය වැඳ සුරිඳුට පිං ලා පවර මෙ මුළුලොව මින් පෙර නොම ඇසූ විපතක් පවසමි කවි කර ලා අදර සිතින් පාවා උන් ලඳගේ ලේ බිව් සැටි දුදනෙක් මෙක ලා පතර කරන්නෙමි එපුවත මවිසින් අසන්න දොස් ඇතිමුත් හැර ලා

+ + + + + +

පලින් බරිත ‍ෙපාල් පුවක් එදෙල් ‍කොස් කෙසෙල් රබර් තේ ඇති එග මේ ගුනෙන් නිලෙන් දනයෙන් අදිපතියන් සමග ලියන මහතුන් බොහො මේ කියන්ඩ කිසිවක් දොසක් නැතුව පෙර සිටන් එමග විසුවවූ මහි මේ නමින් ජෝන් කරුණානායක නම් තරුණයෙකුත් උන්නයි සවු මේ


22


(338)

ඇවැස්ස මාමගෙ දුවෙක් පාවගති ඈට බේබිනෝනා කිය නා සතොස් සිතින් දෙදෙනා වසනාතර දරු සදෙනෙක් ලැබුනයි කෙමෙ නා හදිස්සියෙන් එක දරුවෙක් මිය ගොස් පස්දෙන තනමින් ඉන්න දි නා වෙනස් වෙන්ඩ හිමි ගේ සිත ලඳවෙත හොර හිමියෙක් වෙත ආලෙ උ නා

+ + + + + +

හොර රහසින් තොපි දෙදෙන මෙතෙක් කල් විසුමුත් අද මට අසු උවෙ නේ මරමි තීත් දරු පස්දෙන කියමින් ගතිලු තුවක්කුව කිලු රොයි නේ මරන බියෙන් ලඳ අඩා වැටී හිමි පාමුල වැඳ කිව් මේ ලෙසි නේ වරද කලේ මම පොඩි දරුවන් කල වරදක් නැත හාමුදුරුව නේ

+ + + + + +

සමාව දෙන්නට දරුවන් සහ මා වෙනුවට සදිනක් ගත වෙන ක න් තමා ගෙනත් තමතින්ම කපා ලේ දුනිනම් ලේ කෝප්පයක් බැගි න් සමාව දෙන්නම් නැත්නම් තොපි සැම මරා දමමි කිකල යකුමෙ න් තමාගේ ලේ මුත් දී දරුවන් මරණින් බේරා ගතිමි සිත න්





(339)

දුන්නෙළු පසුදින කකුල කපා ලේ කෝප්පයක් තමතින් රැගෙ නා ඇන්නාවේ ඇල්වතුරත් දා ගෙන බිව්වලු ඔහු රකුසෙක් ලෙසි නා ඔන්න ඔහොම දෙදිනක් ලේ දුන්නළු තුන්වෙනි දින නැත කී සදි නා කන්ඩ උයාදිය ලේ නැත්නම් මට අද අන්තිම කෑමයි කිවෙ නා

දින ගණනක් ලඳ සමගින් දරුවන් නොමර‍ා ලේ බී වද දෙමි නේ වනසාලන්ඩද නොදැනෙයි එම දින කෑම උයන්නට කිළු අ නේ දැනගෙන මේ බව ලිපිකරු මහතෙක් උසාවියට දුවගෙන ගොසිනේ ගුනවාත් එසෙකරදාරින් මැතිඳුට කිවලු ආරන්චිය සැනි නේ

+ + + + + + සිංහල විලාපය - කවි 17 - සිංහල ජාතක කර්තෘල පියදාස සිරිසේන මහතා විසින් විරචිතයි. අඞ්ක 2

අසනුය සිංහල සොහොයුර නේ දැන් අප ජාතිය පවතින තත්තේ බලනුව ඇස් ඇර හිඟන පිරිස මුලු රටෙහි මෙතෙක් යැයි නිම නැත්තේ බුදිනුව අහරක් නැතිව කිලුටු වැරහැලි සිංහල දන ඇඳ ගත්තේ සිතනුව මැන ගස් ගල්මෙන් නොසිටිවි වැනසෙයි ජාතිය සැක නැත්තේ





(340)

අක්කර එක් කෝටියකුත් හැට ලක්ෂරයක් පමණ ඇත සිහල ර ටේ ඔක්කොම සිහලුන් තිස් ලක්ෂසය නම් එකෙකුට අක්කර පහක් වැ ටේ මක්කා කෙරුවත් බැරිද අපට සැපසේ ඉන්නට ඉඩ ඇතොත් ර ටේ වික්කායින් අපෙ හොඳ හොඳ ගම් බිම් දැන් ගැසුමට විය පිටේ පො ටේ

+ + + + + +

හම්බ ද ‍කොච්චින් මලබාරේ සිටි වැල නොකැඩී එන්නට වෙච්චි උම්බල කඩ වත් නැති හොඳි බත්කා පුරුදු ඔවුන්හට සැප වේච්චි සිංහල කම්කරු කළ රුපියලෙ වැඩ සත පණහට අඩුවෙන් වෙච්චි කම්පල නැති මේ පිරිස පිරීලා ලක හැම තැන ඉඩ නැති වෙච්චි

+ + + + + +

පහත් පවුල්වල උපන් අදමයෝ අසරණ අයකර පිට වෙච් චී මහත් දනය එක්කර ගන රවටා පිට රට දෙමළුන්සහ කොච් චී සුගත් දහම බොරුවයි කියමින් පින් දහම් කිරීමත් නැති වෙච් චී ඇවිත් දකුණු ඉන්දියාවේ දෙමළුන් සිංහල රට දැන් තද වෙච් චී

+ + + + + +




(341)

	රටත් ඉඩ නැත වැඩ පලත්

නැත ඉන්ට තැනකුත් නැතිය අප ටා මහත් හිරි හැර විදින අතරට අලුත් මන්තිරි සබය ටා ඉමක් නැති ලෙස ඉන්න සක්කිලි කොච්චි හම්බන් හැත්ත ටා බෙලෙන් දෙන්නට කියති මැතිවරු තෝරණා රජ සබය ටා

+ + + + + +

දැනටමත් ඉඩ නැතුව සිංහලු හිඟාකති ලක්සෙටත් වැඩි සේ පැව‍රුවොත් මැති සබේ බලයත් කියනු කිමවන නපුරු දැඩි සේ බොරු කළත් ටික දෙනෙක් උන්ගේ “පගාවට” දැන් මෙදඩි බිඩි යේ බල දුනොත් දෙමළුන්ට මැති සබ යාවි අප පාතාල අඩි ‍යේ



_______







(342)

පෙර සිරිත් නැතිවිම සහ පරසිරිත් බෝවීම __________

අද ‍රටේ හැටි __________

වී. බී. වත්තුහාමි ගුරුතුමා . කවි 26. සින්දු 5.

නිවන් බෙදා දුන් ජිනේන්ද්ර මුනිදුගෙ සරනය පළමුව ගෙන බැති නේ මෙතින් සතට දෙසු දම මුනිදුත් අරිය සහන වැඳ තුටු සිති නේ ගුරුන් ද මව්පිය වැඳලා වරගෙන සියලු සුරන් හට පින් දෙමි නේ කියන්න සිතුනේ එදා එහෙම අද මෙහෙම රැගෙන බලනුය සුද නේ

‡ ‡ ‡

අම්මල අපගෙ ඇන්දේ හැට්ටේ මැණික් කට්ටු දෙක වහල අ නේ දැන්කල තරුණියෝ අදින හැට්ටේ කිහිල්ල ලඟ තටු දෙක ලෙසි නේ උන්දැල නොදකින් එක්කොම පෙනෙ - තෙයි කිහිල්ලටම ඇකිලි ගොසි නේ නින්දිත ලෙස මේ හැට්ටේ අදින්නේ විලිබිය නුඹලට නැද්ද අ නේ

‡ ‡ ‡




(343)

අනේ කෙල්ලනේ සාය අනුන්ගේ නාදිල්ලා විලිබිය ඇත්ත න් අනේ කෙල්ලනේ හැට්ටෙ අදින්නේ ඇයි අත් දෙක ලා හෙලු වැල්ලෙ න් අනේ කෙල්ලනේ ඔහොරිය ඇන්දම දිව කුමරියො සේමයි සැබවි න් අනේ කෙල්ලනේ මොට්ටක් කිලියක් සිංහලයට ආවේ කොතනි න්

‡ ‡ ‡

තරුණ වයසේ පිරිමින් ගේ ලක්ෂ ණ බබලයි මූනේ උඩ රැවුලෙ න් තරු ණ වයසේ අඟනුන් ගේ ලක්‍ෂන බබලයි ලැමදේ දෙපියයුරෙ න් අමන පිරිමි දැන් රැවුල් කපනවා උදු ගොව්වන් කෑවා විලසි න් දෙකොන කපා මැද මුට්ටිය තියලා නාසේ ඇබ ගැසුවාය බොල න්

‡ ‡ ‡

කලිසන් ඇඳගෙන තොප්පි දමා- ගෙන බස්තම වැනුවා ඉතින් ඇ තේ සතුරන් අපගේ මිතුරන් කරගෙන කල්කර සිටියා ඉතින් ඇ තේ සතුරන් ගෙන් බොරු නම්බු ලබා ගෙන ජාතිය නැසුවා ඉතින් ඇ තේ මිතුරන් අපගේ සිංහල ජාතිය මිස වෙන කිසි ජාතියක් නැ තේ

‡ ‡ ‡




(344)

සිංදුව - වෘතය - දේවදාර

දෙකට බෙදල කොන්ඩේ පිරා බැන්දෙ පොරන අම්මලා - දැනට කපතී රුවති කොන්ඩේ සිංහල නෝනලා - බොස්ත්රොක්ක තද කරයි ඉස්කුරුප්පු තදකරයි නගර වටේ අවිත් මුන් හයර්යන්ට සැරසෙමින් ෴ සැන් පිනිදිය ලැවන්දරා පුයර් සබන් පිනිදියෙන් - නන් විසිතුරු සාය ගවුන් පැළඳ ඔමරි කර ලියන් යනෙන කලට මාවතේ තරුන ගැටයි මත්වෙතේ ගෙවල්වලට ආය වැඩට අප්පු වැඩට පැමිනෙතී - පවුල්වෙලා ටික කලකින් පෑල ‍දොරින් පැන යතී ..........................................................

බරකරත්ත රක්ෂානවට තද පහර අළුත් නීතියක් - වලංගුකරන්නට යෑම _________

දුප්පතාටම වෙයි අමාරුව

ඒ ජෝන් ප්රේෙරා : කවි 28 : සින්දු 2:


සත් පානා සැත සිත පොබ කරවන සරසවි උමයංගනා උජි තා වෙත් මා ඉඳ‍ගන කොඳුරා කීවයි රටට කියන්නට මේ විප තා වත්කම නැති අප දුප්පත් අයහට වැදුන ගැටේ මේ පොටේ ඉ තා ඇත්තට විෂමයි තුස්නිම් භූතව උන්තොත් මේ ගැණ නොකර ක තා

‡ ‡ ‡





(345)

කවුරු කරන්නෙත් දුක්පත් මාගේ රාලබ්බටමයි කිව මෙ නේ කවුරු කරන්නෙත් දුක්පත් අපටයි නොකා නහින්නට දෙයකි උ නේ මහරු අපේ සිටන් පැවත එන ගොන් බැඳි රථවල් වලට උ නේ අපූරු ලෙසින් යස නියෝගයක් එහෙ වලංගු වෙන්නට යතිලු අ නේ

‡ ‡ ‡

‍ගොන් දෙන්නා බැඳි රථයක හෝ තව රෝද ඇති වූ රථයක යා ලූ ටොන් ‍ගණනේ නම් එක හමාරකට වැඩි බර පටවන්නට බැරි ලූ ඇන්න ඉලව්වේ බර පැටවූ එම රථයේ මුළු බරනන් යහ ලු ‍ටොන් දෙකකුත් සහ හොන්ඩර පහකට වඩා බරක් තිබෙනට බැරි ලූ

‡ ‡ ‡

සමින්චි අයියේ බොරළු පැටෙව්වොත් උඹේ කරත්තේ තට්ටුව ටා උඩින් අඩි‍යකුත් අඟල් දෙකක් තව තියෙන්ට ඕනව මට්ටම ටා බොලන් තෙපයියේ කබොක් පැටෙව්වොත් උඹේ කරත්තේ තට්ටුව ටා උඩින් අඩියකුත් අගලෙන් හතරක් තියෙන්ට ඕනලු කෝදුව ටා

‡ ‡ ‡




(346)

බස් ලොරියන මේ මග මරු රථ ගැන නොපෙනුනු එක මහ පුදුමය ලූ ඇස් යොමු වන්නේ නැත්තේ ඒ වට ඉංග්රී්සි කරත්ත නිසාම ලූ ඉස්තිර උනහොත් මේ තද නීතිය දුප්පතාට බොහො අමාරු ලූ දිස්ටිය දැම්මේ දුප්පත් අපෙ විය බානට පමනද පවසා ලූ

‡ ‡ ‡

මෙම රට දුප්පත් පිරිසගෙ සහ තව සමහර ධනවත් අයගෙ ම නා දියුණුව කප් රුක් බදු ගොන් කරත්ත වලටා දශාව නරක් උ නා ඇත්තට තුෂ්නිම් භූතව උන්නොත් මහජනයා මේ නිති ගැ නා මත්තට උඹලගෙ කරත්ත ගොඩකර ගිණි දෙවි පුදනට සිද්ද වෙ නා



___________







(347)

අරුම පුදුම මඟුලක් නොහොත් පුදුම මනමාලියක් කැන්දා ආ දිනේම දරුවෙක් ප්රිසූත කිරීම. _____

එච්. පී. පොන්සේකා : කවි : 18

යසා සිරින් පිරි සිරි ලංකාවේ දොඩම්පෙ කියනා ගමෙහි අ ටී විසාලා කරුණක් සිදු උනි වියතුනි කාට නමුත් ඇසුමයට ව ටී කසාද බැන්දවූ මනාලියෙක් සකි එදාම දරුවෙක් වැදුව හැ ටී අසා බලනු සැම ගෑනු උගුල්වල පිරිමින් අසුවී නැසුන සැ ටී

* * * රන් වන් මොනරිගෙ නිල්වන් පිල වැනි දුල්වන් ඇගෙ කෙස් වැටිය ය සේ කැල්මෙන් නලලත දුල් අඩ සඳ වැනි රන්වන් අන්කිසි විය නා සේ නිල්වන් ඉඳුමින මෙන් තුම් නෙත් යුග රන්වන් පැහැ ඇති දෙතොල ය සේ රන්වන් මුතු ඇට මෙන් සුදු දන්තය කතා කරන හඬ ගිරවිය සේ







(348)

පුන් පියයුරු ඇගෙ රන් තැටි සේමයි යනෙනා ගමනට ලෙල දෙන් නේ ඉන් ග්රීනසි තාලෙන් සාය ගවුන්මළු ගෙදරට ගමනට පලදින් නේ රන් වන් අබරන සියලඟ නිතරම ගින්දර විලසින් බබල නේ යන් තන් වත් දෙපයින් ගමනක් නැත රථයෙන්මයි එහෙ මෙහෙ යන් නේ

* * * මම්මට පිස්සුද මට සැක වෙන්නේ පොඩි ලමයෙක් දැයි මම මෙවි ටා පප්පට නොකියන් මේ ලට පට උඹ එහෙම දෙයක් නැත මෙමා හ ටා දැන්මට ඇත්තවූ අසනීපය නම් හීනෙන් මස් ගෙන දෙතිකන් ටා නින්දට ආසයි කට ඔක්කාරයි ලෙඩේ මොකද නොදනෙයි මෙම ටා

* * *

නෑදෑ එන්නා මගුල් ද කන්නා රබන් ගසන්නා ගෑනු ඉඳ න් රෑවී එන්නා මනාලි කියනා බඩේ කැක්කුමයි කියා තදි න් කලබොල වෙන්නා මොකද කියන්නා යහනාවේ විලිලාපු ගම න් කෑඃ කියන්නා ලමයෙක් අඬනා නෑදෑයෝ උනි ගල් ගැහෙමි න්






(349)

ඇඳුම නිසාලු බඩ තද උනිලු මාස් ගණන හරියට හරි ලු පිරිමි පුතාලු රටක් වටීලු බිහිවී ‍එවෙලම කෑ ගැසි ලු පුදුමෙ තමාලු කල බල උනිලු කසාද බැන්දෙත් එදාම ලු වැඩේ හොඳයිලූ පුතෙක් වැදුවලු මනාල මහතා ගැහෙනව ලු

මහ රජතුමා සිංහාසනය අත් හැරීම සහ සත්ය වචනයේ දිවුණුව

ස්ටීවන් ප්රේංරා කවි 13: සින්දු 2

තෙරුවන් නමකර පවසමි කරුණක් පත් මග ලියලා තිබුනා ලු බලමින් මේ පත ඇස දුටු කාටත් හදවත කකියන්නට උනි ලු දුකයෙන් ලියනෙමි මේ පත මිතුරනි ඇසු පමනින් වගුරති කඳු ලු ඇසුවත් පුදුමයි ඇඩ්වඩ් මහරජු සින්හාසනෙ අත් හැරියා ලු









(350)

නිදහස් උනි අපෙ මහරජ උතුමා සිංහසානෙ අත්හැර දා ලා අදහස් උනු ලෙස තෝරා ගත්ත යස සිස්සන් නෝනට සිත බැඳි ලා තද සිත් ඇතිවී විවාහ වීමට සම්පූර්ණ නිදහස ලැබි ලා වෙද මෙම කරුණක් සමස්ත ලෝකෙම ශෝක ජනක විය එක ලී ලා

සීලින් නෝනා නැමැති මනාලියක් මඟුල් කපුවා සමඟ මහ රෑ හොරෙන් පැන ගොස් කර ගන්නා ලද බලවත් අපරාධය සහ අක්කල නංගිලාට පාඩමක්

පී. ඩී. මාටින් අප්පුහාමි : කවි : 33

සිරිනා පරසිදු සිරි ලංකාවේ හොරන්ගල්ල නම් ගම් පිය සේ සිටිනා හේරස් අප්පුහාමි සහ බංඩර මැනිකේ සමග ය සේ දෙදෙනා සරනය වීමෙන් සිතු ලෙස ගෙවනා අතරෙදි කල දව ‍සේ යෙදුනා කරණක් බලනු සුද‍නනේ මේක තමයි මනම‍ාල වි සේ








(351)

එමවිට මව්තුම ඈ කී විලසට මඟුලක් කර දෙන්නට සිත ලා සැමියට ඒ බව දන්වා සිටියයි මීට කුමක් කරමිද කිය ලා විගසට කපුවෙක් ගෙන්වා ‍කීවයි දූහට මඟුලක් සොයනු බ ‍ලා සතුටට පත්වී කපුවා කීවයි සේරම මම කර දෙමියි කිය ලා

ලියලා ලියමන තබා මේසේ උඩ සීලින් ඉන්නේ නිදි මර ලා ඇඳලා කලිසම මිනිහෙක් ආවයි ඒ කපුවා සමඟින් එක ලා දැනිලා කපුවා ආවග ඒකිට බොහො හෙමින්ම ඈ දොර හැර ලා බැඳලා අබරන පොදියක් අරගන සීලින් ගියෙ ආපසු නොබ ලා










(352)

වර්ෂ3 1928 ක් වූ මාර්තු මස 12 වෙනි දින රෑ අටට පමණ කලුතර කටුකුරුන්දේදී කෝච්චි දෙකක් ගෂ්ටන වීමෙන් ඇතිවූ භයංකර අනතුර

ඩී. ඩබ්ලිව්. කුරුප්පු ආරච්චි - කවි 35 : සින්දු 2 : වාසගම් 1

කිතු වරුසේ එක්වා දහයේ නමසිය විසි අටවෙනි මෙම වරු සේ මසද යසේ මාර්තු මාසේ දින දොලොස් වෙනිවු සඳුදා දව සේ අවර දෙසේ හිරු ගොස් එලෙසේ රෑ අටට පමණ වූ රුදුරු දො‍ සේ කිසි විලසේ අප මෙලක් කුසේ මින් පෙර සිදු නූනවූ දුක මෙලෙ සේ


ඇන්ජින් දෙක ගටන වූ නාදෙට හැතැක්ම ගනනක දුර ඇත් තෝ උන් උන් කලබල වීමෙන් කිම මේ නාදය කියමින් තැති ගත් තෝ ඉන් කන් බිහිරින අසල් වැසියො සැම දෙඅතින් කන් දෙක වහගත් තෝ උන් උන් තැන පොඩි ළමයින් අඟනුන් වැටී සිහිය නොව බිය ගත් තෝ







(353)

අපොයි කියන්නෝ කනිසිත් කිය - න්නට බැරිව තැලී තදවී ඉන් නෝ එලිය කරන්නෝ පෙට්ටි කඩන්නෝ මැරිලා එතනම බාවන් නෝ කිසිත් නොදන්නෝ විකලින් ඉන්නෝ කංබිහිරිව නොදොඩා උන් නෝ කාර් ගෙනෙන්නෝ බස් ගනෙ එන්නෝ තුවාල කරුවන් පටවන් නෝ

පුදුම වල්ගා තරුවක් පෑවීම සහ 1936 අවුරුද්දේ පලාපල හා ග්රීහ යුඬ

ඒ. කේ. රොමියෙල් ප්රේෝරා : කවි 20 : සින්දු 3

සකල සතුන් හට නිවන් සැපත දුන් මුනිදම් සඟ රත්නය වැඳ ලා නිමල සිල්ප දුත් ගුරුවරයා වැඳ දෙගුරුන්ටත් පිංදී නිම ලා පතල කරන්නෙමි ජෝති සතර ගැන නමසිය තිසහයෙ පලාප ලා මෙකල කියන්නෙමි වල්ග තරුව ගැන කාටත් ඇසුමට කන් දී ල‍ා








(354)

ජනවාරි මාසේ විසි හතරේ දින සිතුරුත් සෙනසුරු යුද වෙන වා සෙනසුරු ග්රනහයා යුදයෙන් පැරදී ලෝකෙට මෙවිපත් පතුරන වා අනතුරු බොහො ලෙද දුම්රිය මොටො රථ බස් වලටත් සිදුවෙන වා උන ගිනියන් ලෙඩ අතීසාර තව පැපොල් සරම්පද ඇති වෙන වා

අවුරුදු හය සීයකින් සිදු නොවූ මහා විනාශයක් 1955 ජුනි මස 20 දා උදේ 7-34 සිට 12.17 දක්වා සිදුවන මහා සූය්ය් ග්ර7හනය

කවීන්ද්රද දෙවඥ ඇල්. ඇම්. පී. මොල්ලිගොඩ කවි 20 නවග්ර්හ අෂ්ටක පඬ්ක්තියයි ස්ලෝක 8

කිතුවසින් එක් දහස් නවසිය පනස් පස්වනු ජුනි ම සේ එ විසිවත් සඳ දිනේ පෙරවරු හතයි හතරට වී මෙ සේ අඳුරුවන් රිවි එළිය නැතිවී දසත ගනඳුරු වැසි ලෙ සේ ලක දනන්හට හොඳින් දැක්වෙන මද්දහන පසුවනු එ සේ







(355)


සුදනනේ මේ වසර යුතු.කම් පැහැර හරිනා අදිමිටුන් හ ට නොමදිනේ විපතට වෙමින් මතුලකට සිරිසැප ‍වුඩේ මනතු ට එම දැනේ පින් කමින් සිල්රැක දුකින් .දුරු සැප ලැබීමට ඉ ට සතොසිනේ බුදු බණ අසා දැහැමිව වෙසෙනු මැන නොලස් විලස ට

කළුවාමෝදර කල්යා්ණරාම මහා විහාරයෙහි දැනට කිරීගන යන පිංකම් වර්ණනාව

ඇම්. පී. කේ. ජෝන් ප්රේීරා : කවි 17 : සින්දු 4.

බිඳුවා මරසෙන් බෝදි මුලේදී ජයගත් බුදුපිය වැඳ බැති නා පිනවා එම පින් සකල සුරන් හට දෙන්නෙමි දුගි ගැතු රැක දෙව නා කළුවා මෝදර කල්යාතණාරාමයේ කොරෙන පින්කමෙ වරු නා කියවා බලනුය ගොතන මෙවරුනෙහි දෝස ඇතත් දුර හැර ලමි නා








(356)

රඹ තොර නින්ද සැරසිල්ලෙන්ද ලන්කාරනේද දිලි සී මේ තද සුළඟින්ද කොඩි සේසත් ද ලෙලදී මෙන් ද ‍විය මහි මේ දුට දන නන්ද වන විලසින් ද කර සිතුයන්ද ඇත පුදු මේ බැළු ‍බැල්මෙන් ද දිව පුරමෙන් ද පෙනෙති යසින් ද මේරා මේ

හෙවිසි ගසන්නා පසතුරු නදිනා පෙරහැර එන්නා ගන් වලි නා පිනුන් ගසන්නා සරඹ කරන්නා නැටුන් නටන්නා තරඟ යෙ නා මූද ගලන්නා විලසින් සේනා සතර වටින්නා රැස් වෙන් නා සාදු නදින්නා ගෝසා දෙන්නා කම්පිත වෙමිනා මහසේ නා

සෝමවති සහ සිරියවති කල්යාිනවතී එක්කසු වෙන් නේ ඥානවති පොඩි කමලවති ගොස් සුමනවති කැන්දා එන් නේ ප්රේ මවති රතු කුසුමවති උස නන්දවති සමගින් යන් නේ ආලවති මිටි පබාවත් සහ සුගුනවති සැම රැස් වෙන් නේ







(357)

චීත්ත පට කම්බා මල් රෙදි සහ නොයෙකුත් සළුපිලි ඇඳ ගනිතෙ යි ජේත්තුවට සුදු සාය ගවුන් සහ පෙලක් කතුන් සාරිය අඳිතෙ යි මාත්තු ඇති රන් කූරු කරාබුද සියගත නිතරම බබලන ව යි වාත්තු කළ රන්රුව වැනි මොල කැටි අඟනුන් අත්වැල් බැඳ නික්මෙ යි

කැලෑ පත්තර 2

වැලි පිටියේ සිට ගෙනාව සේතන් කොල්ලන් වනසන වංගෙඩිය ක් වැලි මිටටත් තව අඟල් හයක් උඩ අත් කොට හැට්ටෙට නැහැ බොඩිය ක් එළී වුන වේලේ හිටගන රට මුළු දා ඇවිදින කවි චක්කරය ක් විලි ලැජ්ජා නැති කමක මහත තව පොට්ටනි තම්බිත් ගෙට රිංග ත්






2. අවුරුදු හැටකට පමන පෙර ලියා විසුරුවා හැර තිබුණු මේ කැලෑ පත්තරයේ කවි 14 ක් තිබේ.







(358)

කවනි සෙද අරුමෝසම් මල් රේන්ද පටියෙන් හිඟක් නැ තේ හවරි ආයකටු සෙයිලමෙ සේරම පොට්ටනි තම්බිය ගෙනැත් දෙ තේ අවෙනි හිතක් නැහැ කට ඇරියෝතින් සත් පත්තිනිගෙත් පූනු ය තේ මෙවැනි ගෑනු මෙ ගමෙ තව හිටියොත් ගමන් ගිලා බසිනව සත් තේ

"https://si.wikibooks.org/w/index.php?title=සිංහල_සැහැලි_-_vii&oldid=5715" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි