Jump to content

සිඛවලඳ හා සිඛවලඳ විනිස - ශික්ෂා ග්‍රන්ථ

Wikibooks වෙතින්

ix


ශික්ෂා ග්‍රන්ථ


උපසපන් භික්ෂූ්න් විසින් පළමුවෙන්ම හදාරා හික්මියැ යුතු ශික්ෂාලවන් සඞග්රිහ කෙරෙමින් ග්රසන්ථ් දෙකක් ද, සාමණෙර තැන් විසින් හදාරා හික්මියැ යුතු ශික්ෂාිවන් සඞ්ග්රිහ කෙරෙමින් එක ග්රඛන්ථදයක්දැයි ශික්ෂා ග්රරන්ථැ තුනක් පූර්වාිචාය්ය්් සයන් විසින් සැකෙවින් රචනා කරන ලදී. බුද්දසික්ඛා, මූලසික්ඛා, සාමණෙර සික්ඛා යනු ඒ ත්රිනවිධ ශික්ෂාසග්රහන්ථියෝය. විනය පිටකයට අයත් ශික්ෂාඞවන් අතුරෙන් උපසම්පදාව ලැබූ භික්ෂූ න් විසින් මුලදීම ඉගෙනගත යුතු ශික්ෂාූවන් සැකෙවින් සඞ්ග්රැහ කළ ග්රූන්ථමය කුදුසිඛ නමි. මුල්ම කුදුසිඛ ග්රාන්ථනය අභයගිරි පක්ෂ්යට අයත් ය. දැන් තිබෙන මහාවිහාරිකයන්ගේ කුදුසික ධම්මසිරි තෙරණුවන් විසින් පසුකාලයක රචනා කරන ලද්දකි. අභයගිරි මහාවිහාර යන දෙපක්ෂලයට අයත් කුදුසික ග්රාන්ථකයන්හි සමත්වමය හෝ විසමත්ව ය හොඳින් තීරණය කළ හැක්කේ අභයගිරිකයන්ගේ කුදුසික සොයාගන්නට ලැබුණොත් පමණකි. නමුත් මහාවිහාරිකයන්ගේ කුදුසිකට අභයගිරිකයන්ගේ කුදුසික ග්රරන්ථායෙන් යම් යම් දේ උපුටා ගත් බව ‍නමි පැහැදිලිවැ පෙනේ. දැනට අප ඉදිරියෙහි තිබෙන මහාවිහාරිකයන්ගේ කුදුසිකෙහි මෙන්ම පාළිමුත්තක විනය විනිශ්චයෙහිත් පෙනෙන පරිදි නම්, පෙරවරු කාලයෙහි තමාවිසින් සවත්ථුචකවැ පිසිනලද මිනිස් වසා තෙල් හැර ‍අනෙක් ගව මහීෂාදීන්ගේ වසා තෙල් සත්තාහ කාලික වන්නේය.

“සනත්ථුාපක්කාසාමං වා - වසාකාලෙ අමානුසා” යනු කුදුසික පාඨයි. (කුදුසික 99 ගාථාව බලනු) අමානුසා වසා, තෙල; කාලෙ, පෙරවරු කාලයෙහි; සාමං සවත්ථුාපක්කාවා, තමා විසින් වස්තුව හා එක් කොට පිසින ලද්දේ;


x


(කප්පති) සත්දවසකට වටී යනු එහි අර්ථසයි. කුදුසිකේ 97, 98 යන ගාථාවන් බැලීමත් ප්ර යෝජනවත් ය. මිනිස් මස්වලින් සකස් කරගත් තෙල අකැප බවත් ගොමහිෂාදී අනෙක් සතුන්ගේ මස්වලින් සිඳ ගන්නා ලද මස්තෙල් යාවකාලීක බවත් විනය අටුවා ආදී යෙන් පැහැදිලිවැ පෙනේ. මස්තෙල් යාවකාලික බවට විනා සත්තාහකාලික බවට මහා විහාරිකයන්ගේ පොතපතිකින් නිදසුන් නොලැබේ. එසේ තිබිය දීත් ධර්මගසිරි තෙරණුවන් මස්තෙල් (මිනිස් මස් තෙල් හැරයි) සත්තාහ කාලිකයයි. කියන්නේ අභයගිරිකයන්ගේ කුදුසික බලාගෙන වේ. ඔවුන්ගේ කුදු සිකෙහි


සප්පි නවනීතං තෙලං - මධු ඵාණීත පඤ්චමං

අච්ඡ මච්ඡචසාදීනිච - හොන්ති සත්තාහකාලිකා,


යි කියනලදී. සප්පි නවතීදිය මෙන්ම මාංස තෛලයත් සත්තාහ කාලික බව අභයගිරිකයෝ පිළිගත්හ යි. මේ අනුව නිශ්චය කළ හැකිය. “ථෙරෙන පන - උත්තර විහාර වාසීනං බුද්දසික්ඛාය ආගතනයෙන වුත්තං” යන කුදුසිත ටීකාපාඨයෙනුත් පෙනෙන්නේ ධම්මසිරි තෙරුන්වහන්සේ අභයගිරිකයන්ගේ කුදුසිකෙන් තමන් ගේ කුදුසිකට ඉහත කී කාරණය උපටාගත් බවය. රචනා විලාසයත් කරුණු ගැළපීමත් අතින් උන්වහන්සේ අභයගිරිකයන්ගේ කුදුසික කොතරම් දුරට අනුගමනය කළසේක්දැයි දැනගන්නට මගක් නොමැතවීම ලොකු පාඩුවකි. මෙවැනි ප්රකසිද්ධ වැදගත් කාරණයකදී ධම්මසිරි තෙර ස්වාමීන්වහන්සේ සියගණයට විරුද්ධවගියේ කුමක් හෙයින්දැයි සොයනුත් මෙය කියවන්නන්ට භාරය. මහාවිහාරික මතයට හරසර නොදක්වා අභයගිරික මතයක් පිළිගත් පමණකින්ම ධම්මහිරි තෙර සාමීහු


xi


අභයගිරි පක්ෂියේ කෙනෙකැයි සිතනු කරුණු සහිතම නො වේ. ඉහත දැක්වූ මතය හැරුණු විට අපේ කුදුසිකේ ඉතිරි ඉගැන්වීම් සියල්ලම මහාවිහාර පක්ෂරයේ ඉගැන්වීම් සමග සැසැ‍ඳෙන බව අප‍ට පෙනේ.

නමුත් අප විසින් මෙහිදී විශේෂයෙන් සලකා බැලියැ යුත්තක් නම් මහාවිහාර අභයගිරි යන දෙපක්ෂේය අතර අපේ පො‍තපතේ එන තරම් පුලුල් හෙදයක් නොතිබුණ බවය. ධම්මසිරි තෙර සාමීන්වහන්සේ අභයගිරිකයෙක් නම් සිය ගෙණේ උගතකු විසින් කරනලද කුදුසිකක් තිබියදී තවත් කුදුසිකක් උන් වහන්සේ රචනා කරතැයි සිතාගත නො හැකිය. සමහරවිට ඒ කුදුසික අසම්පූර්ණයවැ තිබුණු හෙයින් මේ කුදුසික කළසේකැයි ද සමහරුන් විසින් ප්රුශ්න කරන්නට පුළුවන. මේ සියල්ල උගතුන්ගේ පරීක්ෂසණයට පාත්ර්වේවායි පතමු. ධම්මසිරි තෙර සාමීන් වහන්සේත් බුදුගොස් තෙර සාමීන්වහන්සේට සමීප කාලයක වැඩසිටි සේකැයි ද එහෙයින්ම කුදුසිකත් පස්වන සියවසට අයත් ග්රයන්ථසයකැයි ද සාමාන්යදයෙන් සලකනු ලැබේ. කුදුසික විනයවිනිශ්චය පවා අනුගමනය නොකළ කරුණෙන් පෙනෙන්නේත් එහි පැරැණි කමය.


කුදුසික සහ පිරිවර පොත්


කුදුසික සත්යිය, බුද්දසික්ඛාවිනිච්ඡය, කුදුසික දෙවන ටීකාව, කුදුසික සන්නය යන මේ ග්රොන්ථහයන් විසින් කුදුසික පිරිවරා ගන්නා ලදී. එයින් කුදුසික සත්ය ය ඉතා පැරැණි විය. එසේම එය අභාවයට ගිය පොතක් සේත් සැලැකේ. කුදුසික සන්නයට එයින් උපුටා ගත් පාඨ කීපයක් පමණක් කියවන්නන්ගේ විනෝදය සඳහා මෙහි බහා ලම්හ.


xii


1. නිසිම්හි ඇති සිහොතුජු වියොවිය නම් වෙයි. (64 පිට) 2. මහරතු ඇති තෘණ (71 පිට) 3. පුරෙ අරුණෙහිම අතීත පස් විකුමෙන් පස් විකුව ඉණ පරිහොග ද නොම වේ. සතැව්කැලි හා යව් දිව්කැලි පුනදවස් පෙරවරු රෝග පිණිස වළඳත් නොපස් විකුහොත් ඇවැත් වේ. (78 පිට) 4. තියුණු කොට ඇණ කවා අතුරෙහි කටුඹවිත්ල ගේ දාරැමක්කටක නමි. (93 පිට) 5. ගොවනැසිමතියෙ එකිපකිවසා මැඩිලි ඇතිහොති එකි පරාළි ඇති හොති පරාළි මතියෙහි එකි දෙනි ඇතිහොති නම් නමි නො වෙයි. (95 ) 6. එයිබට දියැටිවැ දෙවියටිවැ බලනුයුහට නිරවති එකතියෙනි ගරහන වෙළෙවැනි විසිනි. බොජුමිනි හුනුයු පසු බැලිය නො ලැබෙයි. (105) 7. හත්තගේග ච, බත් ඇගෙහිජු වෙහෙරෙහිදිවයි පිරි වෙසෙන තැන්හි එව් බොජුනු හල්කි එව්. (107) 8. හිසිහි ඕනට අනුජති පසවණකි එව පමණ ඉකිත හොති කොට්ට කන්වයිනකට නො ලැබෙයි. යම් කවරි එව පමණින්ම කරණි. (110) 9. එසේ නොදිනිහොත් සද්ධා දෙය්යව විනිපාත නම් වෙයි යෙති. (132) 10. වසිසෙයි කටයුතු තන්හි සති කරණි වටීයෙති එකි කෙණෙහි(147)

මේ පාඨයන් පෙනෙන්නේ කුදුසික සන්නයෙහිය. විනයාර්ථ සමුච්චය ආදී තවත් පොත්වලටත් මේ සන්ය යෙන් පාඨ උපුටා ගෙන ඇතත් ඒවා සම්බන්ධොයෙන් යමක් මෙහිදී නො පවසම්හ. නොයෙක් දොෂයන් ගෙන්


xiii


දූෂිතවැ පවත්නා මේ පාඨයන් ශුද්ධ කිරීම මෙන්ම මේවාට අර්ථද පැවැසීමත් ඉතා දුෂ්කර කාය්ය් පායක් බව අමුතුවෙන් කියැ යුතු නොවේ. නමුත් ආධුනිකයන්ට වැඩ සඳහා අපට හැ‍මඟෙන හැටියෙන් මෙහි අර්ථු දක්වන්නටත් වෑයම් කරම්හ.

1. “නන්සිම්හි අතිපසි හොතුජ වියොජීය නම් වෙයි” යනු ශුද්ධ පාඨය සේ හගිම්හ. නන්සිම්හි; නානා සීමායෙහි (සිවුර තැබූ විට එය) අතිපසිහොතුජු, අත්පසෙහිවූවත්; වියොජිය නම් වෙයි. වියොජිත නම් වෙයි. බද්ධසීමා ආදී නොයෙක් සීමාවන් අතුරෙන් එකක සිවුර තබා එකක තමා සිටිනා විට සිවුර අත් පසෙහි වුවත් සිමා හෙදය නිසා සිවුරු අත්පසින් වියෝජිත නම් වෙයි. යනු අර්ථයයි. හත්ථවපාස > හතිපසි > අතිපසි, වියෝජිත > වියොජිය.

2. මහරතු ඈ තෘණ - මහරතු (මාරටු) ආදී තෘණ ධාන්ය සාමාකාදීනං, යි. කීහෙයින් මහ රතු ඈ යි යොදන ලදී. මාරටු කැද රුහුණේ ඉතා ප්රතසිද්ධය.

3. පුරෙ අරුණෙහිම, පූර්වය අරුණොද්ගමයෙහිම; අතීත පස් විකුමෙන් පස් විකුව, අතීත ප්‍රත්ය්වෙක්ෂාුවෙන් ප්රිත්යයවෙක්ෂාී කළහොත්; ඉණ පරිභොග ද නොම වේ, ඉණ පරිභොගත් නො‍‍ වේ; පුනදවස්, දෙවන දවස්හි; නොපස් විකුහොත්, ප්රයත්ය්වෙක්ෂාව නො කොළොත් ඇවැත් වේ.


4. තියුණු කොට ඇණකවා කටුඹවිත්ල, සියුම් කොට ඇණ වද්දා එහි කටු බහා දමත්ලු. හේ; එසේ ඇණ වද්දා කටු බහා දමන ලද යන්ත්රාය දාරුමක්කටනමි, ගස් උදුරනු සඳහා වඳුරකුගේ ස්වරූපයෙන් කළ යන්ත්රද විශෙෂයකැයි හැ‍ඟේ.


xiv


5. ගොවනැසිමතියෙ, පරාලමත්තෙහි; එකිපකිවසා, මැඩලි අතිහොති, එකපක්ඛපාස මණ්ඩලයක් ඇතහොත්; එකිපාරාළි ඇති හොති, එක පරා ලයක්වත් ඇත හොත්; පරාළිමතියෙහි එකිදෙනි ඇති හොති; පරාලමත්තෙහි එක දෙතියක් වත් (රීප්පද) ඇතහොත්; නම් නමි නො වෙයි. මේ පාඨය “ජහිතවත්ථු)ක නම් නමි නො‍ වෙයි” කියා ගත හොත් අර්ථායන්විත වේ. සොයනු. (විනය අටුවා 816 පිටත් බලනු.)‍

6. එයිබට දියැටිවැ දෙවියටිවැ, තමාට ඔබ්බෙහි හිඳගෙන දන් වළඳන භික්ෂුබවට තමා දෙනු කැමැතිව හෝ අනුන් ලබා දෙවනු කැමැතිව හෝ බලනුයූහට නිරැවති, අනුන්ගේ පාත්ර ය දෙස බන්නාහට ඇවැත් නො වේ. එකතියෙනි ගරහන වෙළෙවැනි විසිනි. ඒකාන්තයෙන් ගර්භාය කරන ස්වභාව බඳු ස්වභාව ඇත්තහු විසින්; බොජමිනි හුනුයු පයු, අනුභව කරමින් සිටියහුගේ පාත්රසය; බැලියැ නො ලැබෙයි. බලන්නට නො ලැබේ.

7. බත්ඇගෙහිජු, භක්තාග්රහයෙහිදීවත්; වෙහෙරෙහිදිවයි, විහාරයෙහිදීවත්; පිරිවෙසන තැන්හි එව්, අනුභව කරන තැන්හිදී හෝ; බොජුනුහල්හි එව්, භෝජන ශාලායෙහිදී හෝ

8. භිසිහි ඕනට අනුජති පසවණකි. එව, ගුදිරියෙහි දමන්නට අනුදක්නාලද එළු ලොම්, රෙදි කැබලි, වැහැරී, තණ, කොළ වර්ගි යන පස්ජාතිය දමා; (කොට්ටය සෑදීමත් සුදුසුය. නමුත්) පමණ ඉකිත හොත, ප්රතමාණය (පුළුළින් මිටිරියනකුත් දිගින් එක්රියන් බාගයකුත් ප්ර,මාණය වේ) ඉක්මගියහොත්; කොට්ට කන් වයිනකට නො ලැබෙයි, (එසේ පමණ ඉක්මවා සාදන ලද්ද) කොට්ට සඬ්ඛ්යාෙත කන්වයිනකට නුදුසුයු ය; යම් කවරි එව, පුලුන් ආදී යම් කිසිවක් දමා; පමණින්ම කරණී, ප්ර්මාණයෙන් යුක්තවමැ කළයුතු වේ.


xv


9. එසේ නුදුන්හොත් සද්ධාදෙය විනිපාතය වේයයි කියති.

10. වසිසෙයි කටයුතු තන්හි සති කරණී එකි කෙණෙහි වටී යෙති. වස්සචේඡදය කළයුතු තන්හි සත්තාහ කරණය එකී මොහොතෙහි වටී යයි කියති.


කුදුසික පැරැණි ටීකාව

මේ ටීකාව කවදා කවුරුන් විසින් කැරිණි දැයි නොදත හැකිය. සඞඝ‍රක්ඛිත මාහිමියන්ගේ ටීකාවට මෙන්ම මෙධ‍ඞකර මාහියන්ගේ ය යි සැලැකෙන සන්නයටත් මේ ටීකායෙන් උපුටා ගනු ලැබූ පාඨයෝ බොහෝය. තෙළෙස් වන සිය වසෙන් පසුව ලියැවුණු කිසිම පොතපතක මේ පොතේ නාමමාත්රතයක්වත් සඳහන් නො වන හෙයින් ද කුදුසික ඉගෙන ගන්නා ශිෂ්යමයන්ගේ භාවිතයෙහි නො පැවති හෙයින් ද මේ පොතත් නැතිවුණු පොත් ගණයට වැටුනේය. නමුත් ඉතා මෑතදී මේ පොතේ පැරැණි පිට පතක් අහම්බෙන්ම වාගේ හමුවුණු බව මෙවැනි දේට ගරු කරන පාළි පඬිවරයන් ඉදිරියෙයහි ප්රමකාශ කරන්නට ලැබීම අපට මහත් සතුටකි. මාතර කරගොඩ උයන්ගොඩ සිරිසුජන කන්ත මහා විහාරස්ථ පුස්තකාලයේ තිබුණු ඒ පිටපතතත් විහාරාධිපති සාසන සොහන දම්පැල්ලේ සිරි ඤාණවංස මහා ස්ථවිරයන් වහන්සේ විසින් සොයා ගන්නා ලදුවැ දැනට එකී විහාරාධිවාසී පණ්ඩිත හීනිපැල්ලේ ඉන්දසවංශ ස්ථවිරයන් වහන්සේගේ භාරයෙහි ඇත්තේය. බුරුමයෙහි විසූ ලේඩිෂායාඩෝ නම් පණ්ඩිත ස්ථවිරයන් වහන්සේ විසින් අභිධර්මාරර්ථ සඬ්ග්රයහය විස්තර කෙරෙමින් ලියූ පරමාර්ථ දීපනී නම් ටීකාග්රගන්ථ‍යෙහි පෙනෙන තුමුලසෝම විහාරය පිළිබඳ විස්තරය කවර ග්රභන්ථයකින් ගන්නා ලද්දක්දැයි තවමත් මේ රටේ උගතුන්ට තේරුම් ගත නො හැකි විය. ලඬ්කාවේ තිබුණු තුමුලසෝම විහාරයෙහි තල්ගස්


xvi


බහුලව වැවුණු බවත් තලකොළ විකුණා භික්ෂූහන්ට සිව්පසය සැලැස් වූ බවත් ගොඩනැගිලි සියල්ලෙහි උළු සෙවිලි කර තිබුණු හෙයින් තලකොළවලින් විහාරයට එතරම් වැඩක් නො වූ බවත් පැවැසෙන ඒ වගන්තිය ලේඩ්ෂායාඩෝ ස්ථවිරයන් වහන්සේ විසින් උපුටා ගන්නා ලද්දේ පැරැණි කුදුසික ටීකාවෙන් බව නිශ්චය වශයෙන් දැන් කියැ හැකිය. ඒ ප්ර වෘත්තිය දැන් ලැබී තිබෙන කුදු සික ටීකායෙහිත් ඇතුළත්වන හෙයිනි. මුලින් සඳහන් කළ කුදුසික ටීකා (සුමඞගලපපසාදිනි) කුදුසික සන්න යන උබය ග්රසන්ථයන්හි පෙනෙන පාඨ සියල්ලමත් මේ කුදුසික ටීකායෙහි දැක්ක හැකිය. කුදුසික විනිශ්චය නැමැති මේ පොත ඇරඹෙන්නේ

1. යො චිරංදිඝඬානං - විදිත්වාැ දුක්ඛිතං පජං තථාපි තාච බජඣන්ති - මනුකම්පාය චොදිතො

2. බොධාය පණීධිං කත්වාද - පතෙතා සමේබාධි මුත්තමං තස්සපාදෙ නමස්සිත්වාං - ධම්මං සඞඝඤ්ච සාධුකං

3. පුබ්බාචරිය පාදෙසු - ඨපෙත්වාඞ සීසමන්තනො ථෙරෙන ධම්මසිරිනා - ථීරසීලෙන යා කතා

4. ආදිතො උපසම්පන්න - සික්ඛිතබ්බන්ති ආදිනා බුද්දසික්ඛා සමාසෙන - තස්සා අත්ථත විනිච්ඡයං

5. ලිඛිස්සාමි හිතත්ථා ය - ආදි කම්මික භික්ඛුනං ත්ථ් යුත්තං ‍ගහෙත්වයන - මයුත්ත කුච්ඡිතබ්බකං, ති යන ගාථා වලිනි.

“අභයගිරි වාසීනං පන චිගාවුත වසෙන අඞාන පරිචේඡදොති පාළියං යෙව අත්ථිභ” “සීහලදීපෙ තුමුල‍ෙසාම මහා විහාරෙ සඞ්ඝස්ස පාකවට්ටමපි තාලපණ්ණං වික්කිණිත්වාච කරියති. තස්මා නහී තත්ථ පණෙණන අත්‍ථි සබෙබජි ඉටඨකච්ඡාත්තා පාදාදාදයොති එවං අඤ්ඤථායපි එවාති වදනති”


xvii


යනාදී පාඨයෝත් එහි එති. තෙළෙස්වන සියවස වන විට කුදුසික හොඳින් තේරුම් ගැනීමට මේ ටීකාව ප්රිමාණවත් නො වීය. එහෙයින් ආරණ්යි වාසී සුමඞගල මහතෙර සාමීන්ගේ (සමහර විට වාතගිරි පර්ව තයෙහි විසූ මහනෙත් පාමුල සුමඞගල මහතෙර ස්වාමීන් වන්නට පුළුවන.) අයැදීමෙන් සඞඝරක්ඛිත මාහිමියන් විසින් කුදුසික දෙවන ටීකාව රචනා කරන ලදී. එය දැනට මුද්රිනතවැ පවත්නා හෙයින් හැඳින්වියැ යුතු නො‍ වේ. නමුත් එහි පෙනෙන එක්තරා කාරණයක් වෙත ආධුනිකයන්ගේ නැණැ’ස යොමු කරවනු කැමැත්තෙමු.

එනම් - වස්වසන්නට බලාපොරොත්තු වන ස්ථානයෙහි නිස සමාදන් වන්නට සුදුසු ආචාය්ය්න වරයෙක් නැත්නම් වස්වසන දිනයෙහිම වුවත් නිස්සයාචාය්ය් යකු සිටින අන් තැනකට යෑමෙන් වරදක් නොවේ ය යි කීමත් සිරිසාරිපුත්ත හිමියන් විසිනුත් පිළිගනු ලබන මේ අදහස ප්රකති‍ිෙක්ෂිප කළ සඞඝරක්ඛිත මාහිමියන්ගේම ශිෂ්ය‍ පිරිසක් සිටි බව කීමත්ය. මේ ගුරු මතයට විරුඬ වුණු භික්ෂූනහු කවරහුදැයි දැන ගන්නට මගක් නැත. තමන් වහන්සේ උත්කෘර්ෂුයෙන් වැණු මේධඞකර මාහිමියන් ‍ෙම් මත පිළිගත් බවට හෝ නො පිළිගත් බවට හෝ නිදසුන් නො ලැබේ. ‍එහෙයන්‍ මේ කාරණය තව දුරටත් සොයා බැලියැ යුතු බැව් කියමු. සඞඝරක්ඛිත මාහිමියන්ගේ කුදුසික ටීකාවෙන් දැනගත හැකි තවත් වැදගත් කාරණයක් නම්, උන්වහන්සේගේ කෘතියක් වන යොග විච්ඡය සම්බන්ධකයෙනුත් නිගමනයක් ඇති කර ගත හැකිවීමය. මුද්රි ත සුමඬගලප්පසාදනියේ 121 වන පිට බැලීමෙන් මේ කාරණය තේරුම් ගත හැකිය. යොග නිච්ඡය වියරණ පොතක් බවත් සුමඞගලප්පසාදනී වාක්යලයෙන් පෙනේ. දැන් සෙවියැ යුත්තේ කුදුසික සන්නය. කාගේ කෘතියක් ද යන බවය. දිඹුලාගල මේධඞකර මාහිමියෝ එහි කර්තෘ් වූහ යි කියතත් ඒ


xviii


බව ස්ථිර කරන නිදසුන් මාත්ර වයක්වත් මේ තාක් සොයා ගෙන නැත. එහි කර්තෘථවරයා කවුරුන් වුවත් දෙවන පැරකුම් රජ‍ුගේ නිස්සන්දෙහ නම් වනවිනිස සන්යතයට පසුව ‍ඒ පොත සැපැයිණැ යි සැලැකිය හැකිය. නිස්සන්දේහය ගැන එහි සඳහන් වන හෙයිනි. කුදුසික සන්නය නිස්සන්දේහයට පසුව කැරුණක් හෙයින් සුමඞගලප්පාසාදනිය එයට පූර්වනයෙන් රචනා කළ බව පැහැදිලිය. එහෙත් කුදුසික සන්නයේ කිසි තැනක සුමඞගලප්පසාදනිය ගැන සඳහන් නොවේ. කුදුසික සන්නයට ඇතැම් කරුණු උපුටාගත් කුදුසික සන්යනය ආදී පැරැණි සිංහල පොත් කීපයකුත් විය. එයින් කුදුසික සන්ය ය පිළිබඳ තොරතුරුත් එයින් උපුටා ගනු ලැබූ වාක්ය සමූහයකුත් මුලින් දන්වන ලදී. විනය සන්යනය, අටුවා සන්යලය, සඞඛාවිතරණී ගැට පදය, වනවිනිස සන්යයය, නිස්ස‍ෙන්ද හය යන මේවා ඉතිරි පොත්ය. මේ පොත්වලින් උපුටා ගනු ලැබූ පාඨයනුත් ශිෂ්යවයන්ට බෙහෙවින් ප්රසයෝජනවත් වියැ හැකි හෙයින් ද, මුද්රි ත කුදුසික සන්නාදියේ මේ පාඨයන් සම්බන්ධපයෙන් කිසිම විවේචනාදියක් පළ නොවූ හෙයින් ද සිංහල භාෂාවේ ඉතිහාසය සොයන්නට එයින් ලැබෙන ආලෝකය විශාල හෙයින් ද ඒ පාඨයනුත් මෙහි දක්වම්හ.

1. අග පටන් මුල දක්වා මෙහෙයීම ප්රදවේශ නම්. සියලු මෙහයූ සඳ පවිට්ඨය නම්, මෙහෙයුවා අදනා සඳද අතුරෙහි සිටිනා සඳද සුකුරා විසට සමයෙහි මාගම ක්යායයාමයෙන් බැරම සිටිනා සඳද ඨිති නම්, අග දක්වා අදිනා සඳ උඬරණ නම්, (48 පිට)

2. ඉමං ගඞඝාටිං විකපේපමි යනාදීන් ඒ ඒ නම් ගෙන විකපුව හොත් නො විකපුවා වේ. අයිරා සිවුරු තන්හි සිටි (59 පිට)


3. හීනායාවත්තනේතන, සික පස් නොවිකාම ගිහිවනු යෙන්එහි උසාහෙළන බැව් ගෙන කීහු. (66)


xix


4. අලමෙතං ‍සබ්බං යිය යුතුය. ති සිටුවයි අලමෙත සබ්බන්ති යු හොතිජු නො කළා වෙයි. (74 පිට) 5. ඵාරුසන්ති අරියදෙසෙ එකො රුකේඛා (75 පිට) 6. වචත්ථං්, වජපිරිබුලු, හෙළිවෙජෙ යෙති මෙ (77 පිට) 7. මැජ ‍බි‍ඳෙ විළිතුලු කොට බඳුත් නොම වටී. එක් විළිතුල බාණින් මෑහින පුන පුනා සසාරා බඳුත් වනාහි වටී. (121 පිට) 8. නන්හු‍යින් සිසාරා ගත් දෙණ්ඩිම වැනි යි සේයි. (123 පිට) 9. වට්ටති, බඳුත් බඳනට නිසිතැන් බැවින් ලණු නොබඳුතුදු වටී මෙ. (128 පිට) 10. රජනදෝණි පකිරති, එවතබතිසේයි (129 පිට) 11. අස්වදු කාබාන් ගහටත් වානහී වටී. (129 පිට) 12. කතුරුයට කෙළවර හඩු කොට කරන යවලලුදු වටී මේ. (131 පිට) ‍ 13. කිවුතායෙහි මහණනට මාගම් රූමිස සෙසු වණමට වටීයෙත් (131 පිට) 14. අපාදකස්ස දීඝජාතිකස්සාති අභිජාතියෙව පටික්ඛිතතා මලඞ්කාදිමච්ඡා අපදකාපි වට්ටනේතව මලඞ්කආදී (82 පිට) 15. “පාමඞග සණ්ඨානං පන” යනුයෙහි පුවක්මල් රටාවට ගෙතූ හෙයින් වනාහී පමුදම් සටහන් නම් නො වෙයි. (123 පිට) 16. මාගම්රූ ඇති පිළිජි බිසිජි ඇතිරිලිජි මාගම් රුව්හි නොගෙනැ ගනුත් වටී. මාගම් කෙළෙබිරෙහි සෙතින් පැහැරැ පසුල් ගෙන යන බැවින් දඩුහතිසෙමිනි. කිසිවෙකින් ඔවයි. විහිජිවිය යුතුය. (151) 17. නතිවතු ලාවැටු සැත්දඩුදු ඩබරිදු අඳුන්තැලිජු නොම වටීයෙත් (106 පිට)


xx


18. මුද්දිකා කාය බන්ධ්නං නාම; චතුරස්සං අකත්වාි සජජිතං (122) 19. හම්මිය මතුයෙහි අහසි අගුණු කොට පළ කර වඩු මඩුගේ (64) 20. විසිබේ කොට අයිටන් කියූහයෙන් (147) 21. කණ්ඩුංපටිච්ඡාදෙ’තීනි කණ්ඩු පටිච්ඡාදි රොග ඇති සඟුන් සඳහා අනුදත් සිවුරකට නමි. (59)

1. මෙහෙයුවා අදනා සඳ, මෙහෙයන ලද හෙවත් ප්රගවේශ කරන ලද අඞලජාතය අදනා කල්හි ද; මේ බැරම ශබ්දය “විරාම” ශබ්දයෙන් ආයේය. පුරුෂශක්තිය ක්ෂ යවූ කල්හිත් ස්ත්රි්යගේ ව්යායයාමය නිසා පුරුෂයාට විශ්රා මය කරන්නට සිදු වේ. මෙවුන්දම් සෙවීමෙන් වැලැකැ එසේ විශ්රා්මයෙන් සිටින අවස්ථාව මේ බැරම ශබ්දයෙන් අදහස් කරන ලදී. 2. අයිරා සිවුරුතන්හි සිටී. අතිරෙක චීවර ස්ථානයෙහි සිටී. 3. එහි උසා හෙළන බැව් ගෙනැ, එහි ඒ ශික්ෂාී ප්රසත්ය.ඛ්යා5නයෙහි; උසා, උත්සාහය; හෙළන බැව් ගෙනැ හැරීම් බව ගෙන කීහ. 4. අලමෙතංසබ්බං යියැයුතුය, “ආලමෙතං සබ්බං” කියා කියැයුත්ත; ති සිටුවය්, තිකාරය සිටුවා හෙවත් නොකියා හැර; අලමෙතං සබ්බන්ති, යුහොතිජි, “අල මෙතං සබ්බන්ති” කියා කිවුව හොත්; නොකළා වෙයි, කැප නො කළා නම් වෙයි.

මෙසේ අර්ථ් දක්වන ලද්දේ පොතේ පෙනෙන පාඨය අනුවයි. නුමුත් මේ අර්ථ්ය අටුවා‍ව සමග නො ගැළපෙන ලෙසත් අපට පෙනේ. “අලමෙතං සබ්බන්ති එත්ථද තිකාරං අවත්ථා ව අලවෙතං සබ්බං ඉති එත්තකං වත්තං වට්ටති”


xxi


යනු අටුවා පාඨයයි. එයින් කියැවෙන්නේ “අලමෙතං සබ්බන්ති” යන තිකාරය සහයිත පාඨය නොකියා “අලමෙතං සබ්බං යන තිකාරය රහිත පාඨය කියැයුතු බවය. මේ අර්ථසය ගන්නට නම් වාක්යාය යොදා ගත යුත්තේ “ති සිටුවයි අලමෙතං සබ්බං යියැයුතුය අලමෙතං සබ්බන්තියු හොතිජි නො කළා වෙයි” කියාය. සිටුවයි යන රූපය ශිලාලෙඛන අනුව යොදතොත් “සිටුවය” කියා හෝ “සිටුවය්” කියා යෙදියැ යුතුය. හොතිජි, යි යෙදී තිබෙන්නේ හොතිජු යන්න මැයි.

6 වජපිරිබුලු - මේ වචත්ථන යන්න තේරෑ සැටිය. වජ යන්න “වචා” ශබ්දයෙන් ආයේය. මේ පිරිබුලු හබ්දයාගේ අර්ථනය අපට නොවැටහේ. හෙළඹුලු (=කල්හාර) යානදිය සමගත් සසදා බලනු හෙලිවෙජෙ යෙතිමෙ, සුදුවදකහයයි කියත්මය යනු අර්ථ‍යි (වචා, වජ, වෙජෙ) 7. මැජබි‍ඳෙ, (මැජබිදැ?)මැදින්නමා; විළිතුලු කොට බදුත්, වස්ත්ර යෙන් කළ වැටි‍යක් සමාන කොට බඳිතොත්; නොමවටී, නොවටනේය. එක් විළි (වැලි?) තුලුබාණින් මැ, ඉඟටිය පුන පුනා සිසාරා බඳුත් වනාහී වටී, නැවත නැවතත් වට කොට බඳුත් හොත් එය සුදුසුය. මේ තුලු ශබ්දය කුමකින් ආවක්දැයි සොයා බැලියැ යුතුය. තුල්ය ශබ්දය එයට සමානය.

8. නන්හුයින් සිසාරාගත්, නොයෙක් රජ්ජූන්ගෙන් වට කොට ගත් දෙණ්ඩිම වැනි, යීසේයි. දෙණ්ඩිමනම් බෙර විශේෂය (පණා බෙර) වැනියයි කීයේය. මෙහි යීසේයි කියා යෙදුනේ යුසේයි යන්නමැයි. කී ආකාර වේ යනු අර්ථියි. 9. බඳුත්, බැන්දත් (වටී); බඳනට නිසි තැන් බැවින් ලුණු නොබඳුතුදු, බඳින්නට සුදුසු තැන් හෙයින් ලුණු නො බැන්දත්; වටීමෙ, වටින්නේම වේ,


xxii


10. රජන දොණි පකිරති, එවතබතිසේයි. මෙහි “රජ නදොණිපකිරති” යනු පාළිවාක්යජයත් “එවතබතිසේයි” යනු සිංහල වාක්යැයත් වේ. රජනදොණි පකිරති යන පාළිවාක්යිය වෙනුවෙන් යෙදුණු සිංහල වචන කීපයක් අඩුවී තිබේ. එවතබතිසේයි යන්න යොදා ඇත්තේ නැතිවී තිබෙන සිංහල වචනයක අර්ථසය වඩාත් පැහැදිලි කරනු සඳහාය. බහාතබති හෙවත් දමාතබති යනු අර්ථ යි. කියා එයට අර්ථය දිය හැකිය.

11. අස්වදු කාබන්වනාහි, පාත්රථ පසුබිම් පොත් පසුබිම් ආදියේ පටි ද ඉනේ බඳින බටි ද; ගහටත්වටී, පඬුඔරුවේ ගසතොත් වටනේය. මේ අස්වදු යන්න “අංසබඞ” යනුවෙන් ආවකි.

12. කතුරුයට කෙළවර, හැරමිටිය (=කත්තරයටර්ඨි) කෙළවරෙහි, හඩුකොට කරන ස‍තකුගේ අණ්ඩක් හෙවත් පාදයක්මෙන් කරනු ලබන; යවලලුදුවටිමේ, යකඩ වළල්ලක් හෙවත් ; විල්ලත් සුදුසුමය. හඩුකොට යන්න ගඩුකොට, යී ගතහොත් ගුටියක් කොට යන අර්ථ්ය සුදුසුය.

13. කිවුතායෙහි මහණනට මාගම්රූමිස සෙසුවණමට වටියෙත්, කිවුතායෙහි, ඉහතකීතාක් පානීයභාජනාදී දේවල්වල; මහණනට, භික්ෂූන්ට; මාගම්රූමිස, ස්ත්රීද රූප විනා; සෙසුවණමට, ඉතිරි යම් කිසි රූපාදියක් හෝ මාලාකාර්මග ලතාකර්මාසදී කැටයමක් වටී යෙත්, වටීයයි කියත්.

14. අපාදකස්ස දීඝජාතිකස්සාති, යනාදී වාක්යටයෙහි අර්ථස කුදුසික සන්ය්යෙහි 82 වන පිටේ සඳහන් වේ.

15. පුවක්මල් රටාවට ගෙතූ සෙයින් වනාහී, පුවක් මල් රටාව සිටිනසේ ‍ගෙතූ හෙයින්, පමුදම් සටහන් නම් නොවෙයි. පමුදම් සටහන් ඇත්තක් නම් නොවේ. පමුදම් නම් සිව්රැස් දම් වැලකි.


xxiii


16. මාගම් රූ ඇති පිළීජි, ස්ත්රී් රූප ඇති වස්ත්රහ ද; බිසිජි, ස්ත්රීි රුප ඇති ගුදිරිද; ඇතිරිලිජි, ස්ත්රී‍රූප ඇති ඇතිරිලි ද; මාගම්රුව්හි නොගෙන ගනුත් වටී, ස්ත්රීිරූපයන්හි නොගෙන ගැනී‍මත් සුදුසුය; මාගම් කෙරෙබිරෙහි, ස්ත්රීින් මෘතශරීරයෙහ; සෙතින් පැහැර, ආයුධයෙන් පහරා; පසුල් ගෙනයන බැවින්, පංසුකුලික වස්ත්රසයන් ගෙනයන බැවින්; දඬුහතිසෙයිනි, දඬු අවි වැනි, කිසිවෙකින් ඔවයි, යම්කිසිවකින් ඔබා; විහිජවිය යුතුය, විහිදවියැ යුතුයි.

17. තනිවත්, නැහැයේ බෙහෙත් වත්කරන උපකරණ ද (=නැහැහොරු) ලාවැටුදු, සලාකවෘත්තිය ද අඳුන්ගාන පින්සලක් වැනි පතුරු කැ‍බෙල්ල ද; සැත්දඩුදු, පිහියාමිටිද; ඩබරිදු, ඩබරාව ද, අඳුන් තැලිජු, අඳුන් දමන නලය ද; නොමවටීයෙත්, නොවටීයයි කියත්.

18. හම්මිය, හම්මිය නම්; මතුයෙහි අහසි අඟුණු කොට කළ කරවටුමඩුගේ, ගෘහමස්තකයෙහි ආකාශාඞගනයක් කොට කරන ලද කරවටුමඩුගේ නමි.

දැව වලින් තනා උළු සෙවිලි නො කළ පියස්සක් හෙවත් ගඩොළු ආදියෙන් කළ මුණ්ඩච්ඡදනයක් ඇති ගෘහ විශේෂය හම්මිය නම් වේ. ගෙඩි‍ෙගයි පියස්සත් මෙසේ සාදනු සිරිති. චන්දිුකාසථල යනුත් හම්මියටම නමි. හම්මියෙහි සාදන කාමර හම්මියශබ්හ නමින් ප්ර සිඬය. කරවටුමඩුගේ යනුව කරවටුමුඩුගේ, යි සිටියැ යුතුදැයි සොයනු. සඳ එලිය වැටෙන සේ සාදන මුණ්ඩච්ඡදන ගෘහය යනු එහි අර්ථනයි.

19. විසිබේ කොට අයිටන් කියූහයෙත්, වාග්හෙද කොට අධිට්ඨානය කියූහයි. කියති. (අධිට්ඨාන ‍<අයිටන්)

20. සුබොධයි.


xxiv


අටුනා සන්ය් පාඨ

1. සිනිඹලා පත්හි නොවටනා සිටුවා සිතිඹලා ආදී කොළ තුරුයෙහි වටී. (81 පිට) 2. “තචං විකොපෙත්වා” යූ බැවින් රුක සතු ද පපටිකා ද මල්ලහටු ද රුක නොමළ සුඹුලු නො කළකිරුවා මතුයෙන් ‍ගනුත් දොස් නැති (93 පිට) 3. බොහෝ රොජු ඇති (123 පිට) 4. බැස ‍හෝනා කල්හි දොර පියයි දොර තිසයිම හොවැ දොර තමාමෙ වරිතිවටී. (151 පිට)

1. මේ වාක්ය‍ය, සියුම්පත්හි නොවටනා සේ වූවා, සිනිඹලා ආදී කොළ තුරුයෙහි වටී, යි සිටියේ නම් මැනැවැයි සිතේ; සියුම් කොළ ගිලිහී නොවැටෙන පරිදි පිළිගැන්වුවහොත් පිළිගැන්ම සිදුවේ. සියඹලා ආදී කොළ ගසපිටින්ම පිළිගත‍ෙහාත් වටී යනු මෙහි අර්ථලය වන්නට පුළුවනැයි සැක කළ හැකිය. තවත් සොයනු.

2. යූ බැවින්, කීබැවින්; රුකසතු ද, ගස්වල ඇතිවන හතුද, පපටිකා ද, ගැලවී යන උඩ පොතු ද; මල්ලහටු ද, වියලීගිය මල් සහ ලහටු ද; රුක නොමළ, ගහ නොමැරුනේ නම්; සුඹුලු නො කළකිරුවා, සුඹුලු විනාශ නො කොට; මතුයෙන් ගනුත්, දොස්නැති, උඩින් ගැනීමෙන් දොෂයක් නැත.

3. බොහෙ රොජු ඇති බොහෝ රජ්ජූන් ඇති.‍

4. බැස හෝනා කල්හි, සයනය කරන කල්හි; දොර පියයි, දොරපියා දොරනිසයිම නොවැ, දොර ඇසුරු කොට ම නිදා; දොර තමාමෙ චරිති, ද්වාරය තමාම විවෘත කරත්හොත්; වටී, වටනේය. (නිස්සාය >තිසයි)


xxv


කඞ්ඛාවිතරණී ගැටපද පාඨ

1. “ඵාතිකම්මං නාම සමකං වා අතිරෙකං වා තදගඝනකං,” ඒවටනාමිල හෝ වඩාදීම හෝ ඵාතිකර්මක නමි. මෙ මැසිපටු ඈ සඟහට දෙමියි කල ගුරුබඩිවෙයි. නොබෙජියයුතු.සිගිනි පිරිබැජිනි බැවිනි, මෙ සගිහිමියනට වසෙගිනි ගණිනට දෙමියි කල ගුරුබඩි හොතුජු කෙපෙවත ‍බෙජෙයි. වසෙගිනි ගණිති වටීයි දමා කීසෙයිනි කරති දොසනැත. අයපවත බෙජෙයි. ගත නොලැබෙයි. මේ මැසි පුටු වසෙගිනි ගණිනට දෙමියි කී දොස නැති. පළමි සගිහි පෙරෙමිජි කියායි කල ගුරුබඩි වෙයි. (150 පිට) 2. සාමිකෙ අපලොකෙත්ථඩවා, යි බැවින් හිමියන කීයෙහි ලති දොස් තැනි. එකරුණෙනි බික්සඟිති අයති වතුයෙහි ලති දොස් නැති. 1. ඒ වටනා මිල හෝ වඩාදීම හෝ ඵාතිකර්මව නමි. ඒ ඇඳ පුටු ආදියේ වටිනා මිලදීම හෝ ඒ වටිනා මිලට වඩා දීම හෝ ඵාතිකර්මම නමි. මේ මැසිපුටු ඈ සඟනට දෙමි යි කළ ගුරුබඩිවෙයි, මේ ඇඳ පුටු ආදිය සඞඝයාට දෙමියි කී කල ගරුභාණ්ඩ වෙයි; නොබෙජියැයුතු, නොබෙදියැ යුතු; සගිනි පිරිවැජිනි බැවිනි, සඞඝයා විසින් පරිභොග කළ යුතු හෙයිනි; මෙ සගිහිමියනට වසෙගිනි ගණිනට දෙමි යි කල, මේ භාණ්ඩය සඞඝාස්වාමීන්ට වැඩි මහලු පිළිවෙළින් ගනු පිණිස දෙමියි කී කල; ‍ගුරුබඩිහොතුජු කෙපෙවතබෙජෙයි, ගුරුබඩුවක් වුවත් එය කැප වස්තු ගණය භජනය කෙරෙයි. වසෙගිනි ගණිවතිවටීයි, එහෙයින් වැඩිමහලු පිළි වෙළින් ගණිත් හොත් වටනේය; දවා කීසෙයිනි කරති. දොස නැති, ක්රීනඩා පිණිස ඉහතකී අයුරෙන් කරතත් දොසක් නැතත්; අයපවතබෙජෙයි, අකැප වස්තු ගණය භජනය කෙරෙයි; ගත නො ලැබෙයි, ගන්නට නො ලැබේ; මේ මැසි පුටු



xxvi



වසෙගිනි ගණිනට දෙමියි කී දොස නැත, මේ ඇඳපුටු වැඩිමහලු පිළිවෙළින් ගන්නට දෙමියි කීයේ නම් ඉහත කී දොෂය නැත්තේ ය. (ක්රීලඩා පිණිස නො කී හෙයිනි) පළමි, පළමුකොට; සගිහි, සඞඝයා විසින්; පෙරෙබිජි කියා යී කළ, පරිභොග කළයුතුය කියා කී කල්හි ; ගුරුබඩිවෙයි, ගුරු බඩුවන්නේ ය.

2. සාමිකෙ අපලොකෙත්වාළ,යි බැවින්, සාමිකෙ අපලොකෙත්වා (හිමියන් අතින් විචාරා) යි කී බැවින්; හිමියන කීයෙහි, ඉඩම් හිමියා විසින් කියන ලද ස්ථානයෙහි; ලති, කුණු රොඩු දමත් හොත්; දොස් නැති, දෝෂයක් නැත්තේය. එකරුණෙනි, ඒ කාර‍ණයෙන්; බික් සගිනි අයති වතුයෙහි ලති දොස් නැති, භික්ෂුන සඞඝයාට අයත් වත්තෙහි දමත් හොත් දෝෂයක් නැති, සගිති, යි සිටියේ සඟන යන්න මැයි, ඵාතිකම්මං යනුව විස්තර කළ කඞ්ඛාවිතරණී ගැටපද පාඨයෙහිත් මේ වචන යෙදී තිබේ.


වනවිනිස සන්ය පාඨ

1. කණ්ඩුම්පටිච්ඡාදෙතීති කණ්ඩුපටිච්ඡාදි” යනු කණ්ඩුයාදී රොග ඇති සඟුන් සඳහා අනුදත් සිවුරකට නමි. (59 පිට) 2. කොණසුත්ත යි කී පස් වටුයෙහි කත්හුයින් නෙලුහූ (130 පිට) 3. කොණ සුත්තං යි, කොණසුත්තං යනු; කී පස් වටුයෙහි, කියන ලද පාසකවට්ටයෙහි වූ; කණ්හුයින් නෙහෙලූ. කණ්ණී සූත්රෙයෙන් හෙලන ලද; හූ, සූත්රතයයි. සැකසහිතයි, තවත් සොයනු.

පෙරවූ සිවුරෙහි දෙකොණ විසිර නො යාදී සම්බන්ධණ කරනු පිණිස යොදා තිබෙන ගණ්ඨිය සහ පාසකය ගැන අපි දනිමු. මෙහි දැක්වෙන පස්වටු නම් සිවුරු


xxvii


නුවායෙහි යොදන ලද පාසකයක් හෙවත් වලයක් වැනි රෙදි කැබෙලි හෝ නූල්ය. කණ්ණසුත්තයනුත් ඒවාටම නමි. කෝටු සිටුවා සිවුර වියලෙනු සඳහා ඒ කෝටුවල බැඳීමේදී කොණසුත්තය උපකාරවන බැව් පෙනේ. කොණසුත්තය, ඒ කණීසූත්ර යෙහි දමා කෝටුවල බඳිනු සිරිත හෙයිනි.



නිස්සන්දෙහ පාඨයක්

1. පමුදම්සේ සිවුරැස් සටහන් ඇතියේ (123 පිට)


මුල්සිඛ

උපසම්පදාවුණු භික්ෂූවන් විසින් මුල්කාලයෙහි සිටම හැදෑරියැ යුතු ග්ර.න්ථතය මුලසික්ඛාු නමි. ප්රාකතිමොක්ෂර සංවරශීලය මූලශීලය නැමැයි ද ඒ මූලශීලය ප්රසකාශ කරන ග්රෂන්ථපයත් අභෙදොපචාර‍ෙයන් මූලශීලය (මුල්සිඛ නම් වූයේ යයි ද මුලුසිඛ ටීකාව කියයි. කුදුසිකේ මුල පෙනෙන “ආදිතො උපසම්පන්න - සික්ඛිතබ්බං සමාතිකං” යන්නෙන් අදහස් කරන ලද්දේ උපසපන් භික්ෂු ව විසින් මුලපටන් හික්මියැයුතු ශික්ෂාහවන්ගේ සඬ්ග්ර්හය කුදුසිකවූ බවය. “හික්ඛුනා නවකෙනාදො - මුලභාසාය සික්ඛිතුං” යන මූලසික්ඛා පාඨයෙන් කියැවෙන අදහසත් බොහෝ දුරට ඒ හා සමග ගැළපී සිටී. කුදුසික පාඨයෙහි පෙනෙන “උපසම්පන්න සිඛක්ඛිතබ්බං” යන සමාසය ධම්මසිරි ස්ථවිරයන් වහන්සේගේ ව්යානකරණ ඥානය කිලිටිකර පෙන්වයි. මුලසික්ඛා කර්තෘ්ගේ යෙදිල්ලෙහි එවැනි විපරීතයක් නො ලැබේ. ඒ කොයි හැටි වෙතත් මුලුසිඛ කුදුසිඛට වඩා බාල බව බොහෝ කරුණු අනුව නිගමනය කළ යුතු සත්යතයක් වශයෙන් අපට වැටහේ. මුල ශික්ෂායයෙහි කතුවරයා කවරේදැයි නො කියැහැකිවා සේම එය කවරදා නිපදවන ලද්දක් ද යනුත් නිශ්චය කොට නොකියැ හැකි කාරණයකි.


xxviii


මුලුසිඛ, සිඛවලඳ සිඛවලඳ විනිස යන තුන් පොතම එකකර්තෘික හෙයින් ද සිඛවල‍ඳෙහි දොළොස්වන සියවසට අයත් විනයත්ථො මඤ්ජුසාවෙන් උපුටාගනු ලැබූ “ආසාළ්හිස්සව කාලමහා” යනාදිය පෙනෙන හෙයින් ද මූල සික්ඛාව දොළොස්වන සියවසට අයත් පොතකැයි සිතතොත් එය කරුණු සහිත නොවන බව ‍කියැ යුතුය. ඒ ගාථාවත් පසුකලෙක පොතට ඇතුළත් වූ හෙයිනි. පළමුවෙන්ම මුලුසිඛ නාමය දක්නා ලැබෙන්නේ පළමුවන පැරැකුම් රජුගේ පොළොන්නරු කතිකාවත්හිය.

“මුල්සිඛ සේඛියා වනපොත් කරවා සිඛවලඳවිනිස අස්වා” යනු එහි එන පරිදිය. මුල්සිඛ හා සිඛවලඳ විනිස ද දොළොස්වන සියවසේදීත් උද්ග්රලහණ ධාරණාදියෙහි යෙදුණු හෙයින් එහි නිර්මාවණ කාලය දොළොස්වන සියවස ඉක්මවා යන බව පැහැදිලිවැ පෙනේ. පොතේ ප්රොයුක්ත භාෂාව අනුව බැලුව‍ත් සිඛවලඳ විනිසේ භාෂාව දෙවන වන්නේ ධම්පියා අටුවා ගැටපදයේ භාෂාවට පමණකි. ඇතැම් විට ඒ හා සමානව යන තැනුත් බෙහෙවි, පොත් දෙකේ ලැබෙන සමානත්ථලය සසඳා පෙන්වීම ආධුනිකයන්ට හිතවත් වියැ හාකිවුවත් එවැන්නකට මේ අවස්ථාව නොවේ. මූලශික්ෂාක කතුතුමා ප්රසථමයෙන් මූලසික්ඛා නම් පාළිග්ර න්ථයයත් ඉක්බිති එයම හෙළු බසට පෙරළීමෙන් සිඛවලඳත් එහි විස්තරාර්ථ, වණීනා වශයෙන් සිඛවලඳවිනිසත් රචනා කළ බැව් මේ පොතේ අවසාන වාක්ය යෙන් පෙනේ. මිහින්තලා ලිපියෙහි පෙනෙන “සිඛකරණීහි කියූ හෙයින් හැන්දෑ පෙරැවැ” යන වාක්යනය බලාගෙන සිඛවලඳ විනිස නවවන සියවසටත් පෙරාතුව රචිතවූවකැයි සර් බී.බී. ජයතිලක මහත්මයා කියතත් ඒ කියමන පිළිගත යුතු තරම් සත්යායකැයි අපට සිතාගත නොහැකිය. පචිති පෙ‍ාතෙන් සිඛවලඳවිනිසට උපුටාගනු ලැබූ සේඛියාවන්ට සිඛකරණීනාමය යොදා තිබෙනු විනා සිඛවලඳ විනිසට ඒ නම යොදන ලද්දේ නොවේ. සේඛියාවට සිඛකරණී


xxix



නාමය යොදන ලද්දේ කඬ්ඛාවිතරණී ආදියෙහි එන “සික්ඛාකරණීය” යන්න බලා ගෙන වේ. බ්රිෙතාන්ය කෞතුකාගාරයෙහි තිබී නෙවිල් මහත්මයා විසින් සොයා ගන්නා ලද පත්ඉරු කීපයකින් යුත් කුඩා ග්ර්න්ථොයක් අමුතු පොතක් නොවැ පසු කලෙක්හි යම් කිසිවකු විසින් සිඛවලඳ විනිසෙන්ම වෙන් කොට ගත්තක් සේ සලකන්නට ඉඩ තිබේ. සේඛියාව වෙන් කොට ගෙන එය පූර්වාේචාය්ය්තිබවරයෙකු අතින් සැපයුණු විස්තර වණීනාවක් වුවත් තිබෙන්නට බැරි නොවේ. “සුපිළිසන් නොවැ අතුරු ඝෙරෙහි යේනම් හිඳි නම් දුකුළා වේ” යන ශික්ෂාපපදයට ලියූ විස්තරය විශේෂයෙන් සලකා බැලිය යුතුය. ඒ විස්තර යම් කිසි පොතකින් ගන්නා ලද්දක් වන්නටත් නො බැරි හෙයිනි. සිඛවල‍ෙඳහි “සම්මජ්ජනීපදිපො ච” යනාදී යෙන් ඇරැඹෙන කොටස පසු කාලයකදී පොතට එකතුවූවකැයි සලකනුත් යුක්තිසහිතය. එසේම සිඛවළඳ ග්රලන්ථ යෙහි එන ශික්ෂාකපදයන් පිළිබඳ සචිත්තක අචිත්තක විනිශ්චයක් අතරින් පතර කළ ස්වල්ප වෙනස්කම් ඇතිවැ සිඛවලඳ විනිසෙහිත් යොදා ඇත්තේය. අර්ථෙ පක්‍ෂයෙන් කිසිවෙනසක් නැති ඒ වාක්යෙය සිඛවලඳ විනිසට ඇතුළත් වූයේ පසු කාලයකදී යයි සිතනුත් කරුණු සහිතය. සතර පරිජි, සත්සග වෙසෙස්, තුදුස්නිසැගි, එක් සාළිස් පවිති, පකිණ්ණක, පොහෝපවුරුණු විධි, වස් විසීම් විධි, සචින්තක අචින්තක විනිස’යි සිඛවලඳ කොටස් අටකින් යුක්තවන අතර සිඛවලඳ විනිස සෙඛියා පටිවිනිශ්චය යන තවත් කොටස් දෙකකින් යුක්තය. ඒ දෙ කොටස ඇතුළත් වූයේ සිඛවල‍ඳෙහි පෙනෙන පද දෙකක් (සේඛියා, කාබාන්) විස්තර කරන්නට යෑමෙනි. සිඛවලඳට සික්ෂාදපද තෝරාගත් සැටියත් විශේෂ පරීක්ෂාිවට පාත්රන කළ යුතුය. මේ කාලයේ ක්රිගයායෙහි නොයෙදෙන ශික්ෂාපපදයන් ඉවත් කොට ක්රිළයායෙහි යොදන ශික්ෂා පදයන් පමණක් සිඛවල‍ඳෙහි යොදන


xxx


ලද්දේයයි සලකතොත් ඒ සැලකිල්ල කොතරම් දුරට සාර්ථක වියැහැකි දැයි සොයා බලනු උගතුන්ගේ යුතුකමක් බව ‍පමණක් කියමු. විනය පිටකයට අයත් සප්තාපත්ති ස්කන්ධුයෙන් පාටිදෙසනීය කොටස ඉවත්කළ ආචාය්ය්තාපපාදයෝ පරිජි, සඟවෙසෙස්, පචිති යන තෙ කොටස වෙනම දක්වා ඵුලැසි, දුකුළා, දුබැසි යන මේවා එක කොටසකට සඬ්ග්රයහ කොට ඒ කොටස පකිණ්ණක නාමයෙන් හැඳින්වූහ. ඒ කොටසෙහි ඵුලැසි ආදීන්ගේ මිශ්රාණය ලැබෙන බැවින් නාමය අනුරුත්ය. නමුත් ඒ කොටසෙහි සමහරවිට පචිතිත් සඬ්ග්රයහවන බැව් පෙනේ. “බඩැරි සියයෙන් ගිහි මිනිසුන් අයත් සඟවා නම් පචිති වෙ” යනු නිදසුනි. මේ වනාහි පෙළේ නොවැ අටුවාහි එන අදහසකි. “ගිහි සන්තකං භණ්ඩාගාරික සිසෙන පටිසාමෙත්තස්ස පාචිච්තියමෙව්” යනු සාමාන්තපාසාදිකා පාඨයි. (හේ.වි. මුද්රාණය 654 පිට)


ආශ්රිය

සිඛවලඳ :- විනය පිටකයට අයත් පෙළපොත් ඇසුරු කළ අතර සිඛවලඳ විනිස විශේෂයෙන් සමන්තපාසාදිකා නම් විනය අටුවාව ඇසුරෙන් ලියන ලදී. නමුත් මෙහිදී විශේෂ සැලකිල්ලට පාත්රල කළ යුත්තක් නම් විනය අටුවාව ඇසුරෙන් ලියන ලදී. නමුත් මෙහිදී විශේෂ සැලකිල්ලට පාත්රය කළ යුත්තක් නම් තල් හකුරුත් පොල් හකුරුත් පිළිබඳ විනිශ්චය වේ. ඒ හකුරු දෙවර්ගමය විකාලයෙහි නො වැළැඳියැ යුතුයයි කියන සිඛවලඳ විනිස එයට කරුණු දක්වන්නේ කුරුඳු අටුවායෙහි ඒ හකුරු දෙවර්ගවය විකාලයෙහි නො වැළඳියැ යුතුයයි කී හෙයින්ම සිඛවලඳ විනිස කතු තුමාත් එසේ කියයි. කුරුඳු අටුවාව මහාවිහාර වාසීන්ගේ කෘතියක් නො වන බව නිශ්චිතය. එසේ තිබියදී කුරුඳු අටුවායෙහි පමණක් පෙනෙන කාරණයක් ගුරුත්වයයෙන් ගැනීමට ඇති හේතුව සොයා බලන්නට තරම් සුදුසුය.


xxxi


භාෂාව

සිඛවලඳ හා සිඛවලඳ විනිස යන දෙගතෙහි එන භාෂාව සම්බන්ධහයෙනුත් නොයෙක් දේ කියන්නට තිබේ. නමුත් එවැනි විස්තරයකට මේ ස්ථානය නොවන හෙයින් කරුණු කීපයක් ගැන පමණක් මෙහිදී සඳහන් කරමු. ඇතිදියෙහි, ඇතිපසයෙහි, මේ දෙපදය යොදන ලද්දේ දිය ඇති කල්හි හේතුවක් ඇති කල්හි යන අර්ථයන් දෙනු සඳහාය. මෙ වැනි ප්රහයෝගයන් අනෙක් පොත්වල දුර්ලභය. පැවිජි තමාහදන් වැසූයෙන් එව් නො වැසූයෙන් එව්...... මෙහෙයා නම් පරිජි වේ. යනුත් එවැනිම තැනකි. විශෙෂ්යගයට බඳු ලිගු විබත් වචන ගන්නා බව නොයෙක් විට දක්නා ලැබෙන නීතියකි. “එක්තරා මගෙක්හි පියලි තුඹු ආදිනෙත් වැසූයෙහි එව් නො වැසූයෙහි එව්” යනාදිය නිදසුනි. ඉහතකී වාක්යියෙහි මේ නීතිය නො ලැබේ. වැසීමෙන් යුක්තව හෝ වියුක්තව යන අර්ථෙය සලකා යෙදූවක් දැයි විමසනු සමවජිමි, සමවැජිමි. සමවජන්නෙමි යනුත් සලකා බැලියැ යුතු තැනකි. මේ ප්රියෝගය වඩාත් ‍ප්රතයෝජන වන්නේ සිංලහ භාෂායෙහි කවදාවත් අනාගත විබතක් නොතිබුනේය යි කියන පින්වතුන්ටය. අනාගතාර්ථය දෙන “නු” ප්රපත්යරයක් හෙළුයෙහි තිබුණු බවට නිදසුන් රාශියක් සැපයිය හැකි බව අපට පෙනේ. කහිණක්හට බඳවෙළුව, ටැඟුල, මැඩිලිපත, ගොඩහමු, වරාදෙරි, එකු කවරිවෙක්, කවරිවකු, එසිත, යනාදී අප්ර සිද්ධ වචන සමූහයකුත් මේ පොතේදී අපට හමුවන්නේ ය. අද ඇති යනුව සන්ධි් නො කොටම ලියන මේ ආචාය්ය්න වරයා ආදිනෙන් යනු‍වත් නො වෙනස්වැ යොදයි. ජු. දු. ජ්. ද්. ත් යන මේ නිපාතයන්ගේ යෝගයෙහි ඇතැම්විට පූර්වසයට “යි” යනුවක්


xxxii


ආගම කළ සේත් පෙනේ. “මාගමයිජ්” යනාදිය නිදසුනි. දම්පියා අටුවා සන්යකයට සමානව යෙදුණු වචනයෝත් මෙහි බොහෝය. ඇතැම් පාලි වාක්යළයන් හකුළුවා හෙළ බසට නැගීමේදීත් මේ ආචාය්ය්තැමයවරයා පෙන්වා තිබෙන්නේ අතිශය චතුරත්වවයකි. මෙසේ මේ පොතේ පෙනෙන භාෂාව සම්බන්ධේයෙන් කියැයුතු දෑ බොහෝවතුදු එවැන්නකට මේ අවස්ථාව නො‍ වේ. සඞකාර්ථවත් වාක්යෑවලදී කර්තෘව තෘතියා එකවචනයෙන්ම සිටියැ යුතුය. යනුවෙන් ඇතැම් අය විසින් ඇති කරන ලද නවීන මතයන්ටත් මේ පොතෙන් පහර වදී.

සිඛවලඳ සිඛවලඳ විනිස යන පොත් දෙකට පැරැණි ගැටපදයක් මෙන්ම ටීකාවකුත් ඇති බැව් කියති. එහෙත් ඒ දෙපොත එතරම් සැලකියැ යුතු ඒවා හැටියට අපට නොපෙනේ. එයින් ගැට පදයේ එන ඇතැම් දේ ජයතිලක ඇමතිතුමා ගේ ගැටපදයටත් උපුටාගෙන තිබේ. තෙළෙස් වන සියවසේ දී පංච මූල පරිවෙණාධිපතීන් වහන්සේ විසින් සික්ඛාපද වලඤ්ඡනය රචනා කරන ලද්දේ සිඛවලඳ විනිස පෙළ බසට පෙරළීමෙනි. හෙරණසිඛ සහ හෙරණසිඛ විනිස සම්බන්ධනයෙන් වැඩිදුර යමක් කියන්නට නැත. එහෙත් ඒ ග්ර න්ථඩය සිඛවලඳ විනිසට වඩා මෑත කාලයකට අයත් සේ පෙනේ. එය සකස් කරන ලද්දේත් සිඛවලඳත් සිඛවලඳ විනිසත් ගුරුකමට ගනිමිනි.


කිරින්දේ ඤාණරතන ස්ථවීර.


1955 ජූනි 26 සිරිනන්දජන පිරිවෙනේ දීය.