සිඛවලඳ හා සිඛවලඳ විනිස - සමාලෝචනය

Wikibooks වෙතින්
Jump to navigation Jump to search

සිඛවලඳ

හා

සිඛවලඳ විනිස



සරික්කාමුල්ලේ සිරිනන්දි පරිවෙණාධිපති

පණ්ඩිත මැදඋයන්ගොඩ විමලකීර්ති ස්ථවිරයන් වහන්සේ

විසින් සකස් කරන ලදී.



සිඛවලඳ සමාලෝචනය


සිංහල සාහිත්යපය නැමැති රත්නාකරයෙහි හටගත් අගනා දෙමිණිරුවණක් වැනි සිඛවලඳත් සිඛවලඳ විනි‍සත් සාහිත්යමසේවීහු හොඳින් හඳුනති. දීර්ඝඛකාලයක් තිස්සේ පුස්කොළ පොතටම සීමා වෙමින් අව්යනකන ලෙඛකයන් අතින් දූෂණයට පැමිණෙමින් අප්රුසිස්ධවැ පැවැති මේ පොත් දෙක පළමුවෙන්ම ආධුනිකයන් අතට පමුණුවන ලද්දේ සර්. ඩී.බී. ජයතිලක ඇමැතිතුමා විසිනි. එ‍තුමාගේ සංස්කරණය බෙහෙවින් වැඩදායක වුවත් එහි සංශොධනය වියැයුතු තැන් මෙන් ම විවරණය වියැයුතු තැනුත්, බහුලවැ තිබෙන බව අපට පෙනී ගියේය. එහෙයින් අප මීට වර්ෂ කීපයකට පෙරැ පණ්ඩිත හීනිපැල්ලේ ඉන්ර්යවිවංස ස්ථවිරයනුත් සමග පොත හැකි පමණින් ශුද්ධියට නගා විවරණයකුත් සැපයීමු. ඒ පොත දැනට සුලභ නොවන හෙයිනුත් එහි මුද්රාණ කාය්ය්යීමය අසතුටුදායක හෙයිනුත් ඒ පොතෙන් වැඩ ගැනීම එතරම් ලෙහෙසි නොවන හෙයිනුත්, මේ වාරයෙහි ඒ සියල්ල පලවාහැර පොත හොඳින් මුද්රනණය කරවන්නට පුළුවන් වූයේ කොළඹ සීමාසහිත ඇම්.ඩී. ගුණසේන සහ සමාගමේ කළමනාකාර තැන්පත් ඇම්.ඩී. ගුණසේන මහත්මයාගේ අනුග්රළහය නිසාය. ‍මෙවර සැපැයුණු ප්රාදීපයත් මුල්වාරයෙහි ප්රමදීපයට වඩා බෙහෙවින් වෙනස් ක‍ළෙමු. වෙනස් කළ ආකාරය පොත බැලීමෙන් දත හැකිය. මේ වාරයෙහි පොතට ඇතුළත්වුණු විශේෂ අඞගය නම් පණ්ඩිත කිරින්දේ ඤාණරතන ස්ථවීර තැන විසින් ශික්ෂානග්රරන්ථ යන් සම්බන්ධ.යෙන් කළ ආලෝචනය වේ. අපේ පිරිවෙනේ උප ප්රොධානාචාය්ය්් තැන්පත් ඒ ස්ථවීර තැනගේ ඒ අ‍ාලෝචනය මෙතෙක් මේ රටේ උගතුන් නොදැන සිටිය


vi


වැදගත් කරුණු සමූහයක් හෙලි කරන ගමන්ම ශාසනික ඉතිහාසයට ආලෝකයකුත් දෙන්නේය. කුදුසික සන්නයට පැරැණි පොත්වලින් උපුටා ගන්නා ලද සිංහල වාක්යල සමූහයට අරුත් පැවැසීමෙන් සාහිත්ය රසිකයන්ට කරන ලද්දේ විශිෂ්ට සංග්රහහයෙක්මය. අපේ මුල් සංස්කරණයෙන් ඉවත් නොකළ හැකිවැ තිබුනු දෝෂස්ථාන කීපයකුත් මේ සංස්කරණයෙන් ඉවත් වන්නේ ය. “තොලැමියෙකන් සිදුරෙ” යන පාඨය තොලියෙ කන් සිදුරෙ, යි ශුද්ධවූවාක් මෙනි, (24 පිට) මේ ‍ෙපාතේ පස්විසිවන පිටුවෙහි එන “තොලින් බැහැර නිකුත් දත්ගිජු ඇතුළ නො වදවා මෙවුන් ධම් සෙව් ථුලැසි වේ, යන වාක්යදය තොළින් බැහැර නිකුත් දිව්ගිජු දත්ගිජු ඇතුළ නො වදවා මෙවුන් ධම් සෙවීමෙන් ඵුලැසිවේ, යි වෙනස් කළ යුතු බව ද පසුව පෙනී ගියේය. ඔට්ඨතො බහී නික්ඛන්ත “ජීවහායවා දනේතසුවා ථුල්ලච්චයං” යන කඞකා විතරණී පාඨය සමග ගැළපියැ හැක්කේ එවිට ය. පන්සාළිස්වන පිටුවෙහි බ්රඞකැට් ඇතුලේ පෙනෙන ව්යාකකූල වාක්ය යක් මෙහිදීම පිරික්සියැ යුතුය. මේ සිංහල වාක්ය ය යොදන ලද්දේ විනය අටුවායෙහි එන “තත්ථ‍ සඞඝාටියා ච උත්තරාසඞගස්ස ච දිඝන්තතො විදත්ථිය ප්පමාණස්ස තිරියන්තතො අටඨඞ්ගුල පප්මාණස්සච පදෙසස්ස ඔරතොජිද්දං අධිටඨානං හින්දලති. අන්තරවාසකස්ස පන දීඝන්තතො විදත්ථිජප්පමාණසෙස්ව තිරියන්තතො චතුරඞ්ගුල ප්පමාණස්ස පදෙසස්ස ඔරතො ජිද්දං අධිට්ඨානං හින්දොති.” යන පාළි වාක්යජය වේ. සිංහල වාක්යපයෙන් මේ පාළි වාක්යොයෙහි අර්ථාය පැහැදිලි වැ නො පැවැසෙන බව පෙනේ. ඉදින් සිංහල වාක්ය් “තෙසිවුරු නමින් ඉටු තුන් සිවුරුහි සඟළ සිවුරු දිගතින් වියත් පුඵලයේ අටගුල් ඇතුළු සිල්හුදු අතුරුවසා සිවුරු දිගතින් වියත් පුඵලයේ සතරගුල් ඇතුළත් සිල්හුද අදිටන් ‍බි‍ඳේ” යි යෙදුනේ නම් මැනැවැ යි හැගේ.


vii


දිගින් වියතක් සහ පුඵලින් අටගුලක් ඇති සිදුර කරණකොට ගෙන දෙපට තනිපට යන දෙසිවුරෙහි අධිෂ්ඨානය කැඩෙන බවත් දිගින් වියතක් සහ පුළුලින් සතර අඟලක් ඇති සිදුර නිසා හදන‍යෙහි අධිෂ්ඨානය කැඩෙන බවත් මෙයින් කියන ලදී. අපරණ්ණයිජු (168) ගැන තවත් මතයක් පසුව දක්නට ලැබිණ. “තවද යම්‍ සේ වැස්සෙන් පෙරවරු වපුරන්නාවූ හැල්වී ආදී වූත්, පස්වරු පවුරන්නාවූ උඳු මුං ආදී වූත්, බිජුවට ඇස් පවා ද” (ස: ර: ච: 737) 131 පිටේ දෙවෙනි පෙලේ “දැක” යනුව හා හතරවෙනි පෙලේ “කල” යනුවෙන් අනවශ්යත බව පෙනේ. 128 පිටේ 16 පෙලේ තිස දෙන් ට ද තිස වෙත් කියා ද 153 පිටේ නොමළ කැලැ හොත් යනු නොමළ හොත් කියාද සකස් විය යුතුසේ පෙනේ. “ඉස්වූපා” (191 පිට) යනුවට පසුම්බියෙහි ලූ පාත්රීය යි. කියන ලද්දේත් සැක සහිතව ය. ඉස්වූ යන්නෙහි නිවැරැදි පාඨය ඇස්වූ කියා සිටින්නටත් පුළුවන. යමකින් යමක් වසාලීම ඇස්වීම නමි. පාත්රනය පසුම්බියෙහි දමා වැසීමෙන් ඇස් වීමකැ යි ඒ අනුව කියැ හැකිය. ඇස් වූ (හැස්වූ) යනුම ඉස්වූ,යි සිටින්නටත් නො බැරිය. මෙ වැනි තැන් මේ පොතේ තව තවත් ඇති වන්නට පුළුවන. “හදන්” යනුව සාධන ශබ්දයෙන් ආවෙකැ යි අපි මුලදී සිතුවෙමු. නමුත් පෙළ ‍බසෙහි ලිංගවාචක හදන ශබ්දයත් හදන් ශබ්දයා ගේ මූලය වන්නට සුදුසුයැ. මේ සියල්ල විමසියැ යුතුයැ. මෙවර මේ ග්රින්ථ.යට හෙරණසිඛත් යාකරන ලද්දේ භාෂාව සම්බන්ධ යෙන් පරීක්ෂ‍ණ පවත්වන්නට කැමැති භාෂා රසිකයන්ට රුකුලක් වනු සඳහා ය. එහෙත් ඒ පොත නොයෙක් අශුද්ධ ස්ථානයන්ගෙන් ගහණවැ පවත්නා හෙයින් එකවරටම එහි ශුද්ධියක් බලාපොරොත්තු වීම නුසුදුසු ය. 131 වන පිටේ 27 වන ශික්ෂාන පද‍යා ගේ අවසානයෙහි අඩාල ගතියක් අපට


viii


පෙනේ. මෙ වැනි තැන් පරීක්ෂාව කළ යුතු ය. සිඛ වළඳ විනිස පිළිබඳ අපේ මුල් සංස්කරණය මේ දෙවන සංස්කරණයටත් බෙහෙවින් ප්ර යෝජනවත් විය. මෙ වර මේ පොත සංස්කරණය කිරීමේදී අපට බෙහෙවින් ඉවහල්වූවාහු නම්; අපේ පිරිවෙනේ උප ප්රණධානාචාය්ය්ට කිරින්දේ ඤාණරතන පණ්ඩිත ස්ථවිර තැනත්, විනයාචාය්ය්ි නෑහින්නේ සොමින්දේ ස්ථවිරයන් වහන්සේත් ය. පෲප් බැලීම වචන සුචිය සකස්කිරීමාදී කටයුතු වැඩි හරියක් සිදුවූයේ සොමින්දව ස්ථවිරයන් වහන්සේ අතිනි. එහෙයින් උන්වහන්සේගේ පරිශ්රොමය අපට බෙහෙවින් හිතවත් වූ බව කරුණාවෙන් දන්වමු. මාතර කරගොඩ උයන් ගොඩ සුජන කන්ත මහා විහාරාධිවාසී හීනිපැල්ලේ ඉන්ර්ගේ වංස පණ්ඩිත ස්ථවිරයන්ගෙන් ලැබුණු අනුබලයත් අපි ඉතා අගය කොට සලකම්හ. පණ්ඩිත තලම්මැහැර විජය පණ්ඩිත කිරින්දේ සෝමාලෝක යන ස්ථවිර තැන් දෙපොලත් මේ කාය්ය් ක යෙහි ලා අපට ඉවහල් වූ හ.

සිංහල සාහිත්ය්ය දියුණු වේවා!


මීට,


මැදඋයන්ගොඩ විමලකීර්ති ස්ථවීර.

2499 ඇසළ මස පුර අටවක් ලත් රිවිදින සරික්කාමුල්ලේ, සිරිනන්ද න පිරිවෙන.