සිඛවලඳ හා සිඛවලඳ විනිස - සිඛවලඳ ප්‍රදීපය ii
207 සිඛවලඳ ප්රතදීපය
ගෙතූ මල් වටා එවා :- ගෙතූ මල් වටේට දමා. ගෙන්පවරා:- ගෘහ ෙයන් පවරා. ගොටු:- මේ වචනය පෙනෙන්නේ ඇතුපිට ලූ ගොටු සෙයින් දෙකෙළවරින් සමකොටැ වට් දතින් පත් පිටු බහාලා” යන වාක්යවයෙහිය. මේ වාක්යල වෙනුවට හෙරණසිඛ විනිසෙහි පෙනෙනුයේ “පත්පට ඇත්පිට බහාලූ ඇත්ගොටුවක්සේ” (143 පිට) කියාය. “ගොටු” ශබ්දයෙන් ඝණ්ඨාව අදහස් කෙළේ නම් ඇතුපිට දැමූ ඝණ්ඨා සේ සිවුරේ දෙ කෙළවර සම කළයුතු බවත් වම් උරයෙන් පත්පිටු බහාලියැ යුතු බවත් එයින් කියනලද්දේ යයි සිතා ගත හැකිය. ගොන්නි :- ගොනෙක් වෙහිය. ගොණක :- දික්ලොම් ඇති ඇතිරි විශෙෂයක්. ගොනිසාදි; - වැටකින් හෝ තාප්පයකින් නො වට කරනලද ආරාමයක භික්ෂූ න්ගේ වාසය පිණිස සාදනු ලබන ගෘහවිශෙෂය ගොනිසාදි නමි. ආවරණයක් නොමැති හෙයින් ඒ ගෙවල්වල ගවයන්ට වාසය කළ හැකි හෙයින් ඒ නාමය අනුරුත්ය.
ගොරොක්මුත් සඳපටා :- කුස්බරින් මිදුනු කල්හි පටන් (ගරුක - ගොරොක්) ඝටන :- කරදර කරන. ෙඝරෙහි :- ගෘහයෙහි. චාටුකම්ය-තා:- උපාසකයන් උසස් තන්හි තබා තමා පහත්වා පැවැතීම. චිමිලිකා:- පිරියම් කළ බිම ආරක්ෂාය කරනු පිණිස අතුරනුලබන සිවුරු ආදිය ගෙත්තම් කොට සෑදූ බුමුතුරුණු වෙසෙසක්. චිමිලිකා යනුත් පාඨාන්තරයි.
208 සිඛවලඳ ප්රසදීපය
චූළහපරිච්ජන්ත:- මඳක් උසට බැඳි කුඩා බිත්තියකින් වටකරනනලද මේ - චූළහ ශබ්දය සිංහල සුලු ශබ්දය පාළියට පෙරළා සාදාගන්නා ලද්දකි.
ඡඞඝපෙසනියතා :- ගිහියන්ගේ පනිවිඩ එහි මෙහි ගෙන යන බව.
ජන්නා :- දත්තා වූ. ඡටාබද්දක්හටජු :- ජටාබැඳි තැනැත්තෙකුහටත් ජටිලයකුටත්. ජල්වූ ජල්වූසඳ:- දැල්වූ දැල්වූ කල්හි. ජැපීම් :- ජප කිරීම්. මන්ත්රාෙදිය නියමිත වාර ගණනක් නැවත නැවතත් කීම ජපකිරීම නමි. පීරන්නෙන්:- දිරන හෙයින් (ජිරනුයෙන් - ජිරන්නෙන්) ටැඟුල :- ස්වදෙශීය පහත් නාමකැයි හැඟේ පහත්නාම හැටියට පාළි පොතේ එන්නාහු අව කණ්ණ ජවකණ්ණ යන නාමයෝය. මේ නාමයන් ගේ අර්ථි පක්ෂවය අපට නොතේරේ. අවකන් යනුව අවකණ්ණ, යී පාළි කෙළේ ද යනුත් සෙවියැ යුතුය. “බීරා” යන අර්ථයදෙන අපකණ්ණ ශබ්දය ද විය හැකිය. ජවකණ්ණ, යන වචනය වැරැදීමකින් ජවකණ්ණ, යී වීනම් කන්කුනා යන අර්ථ ය එයින් ගතැහැකිය.
ටැඹහිජ්:- සත්මහයෙහිත් - කණුවෙහිත්. (ටැඹහි ජු - ටැඹහිජ්)
ටිගොහොල් :- දත් තිඹොල් නමින් හැඳින්වෙන්නේ මේ ගස් විශෙෂය වේ. මේ ගස්වල අරටුව තම්බා සාදා ගත්පඬු අකැප සේ සලකනු ලැබේ.(තුඟහාර - ටිගොහොල්) ඨන්සවුන් :- යමක් තිබුණු තැනින් ඉවත් කිරීම. (ඨනාචාවන -ඨන්සවුත්) ඩහා :- බාධා “ඩහක්” යනුත් පාඨයි.
209 සිඛවලඳ ප්රඟදීපය
තක්බිඳු :- මෝරු බින්දු (තක්ක - තක - තක්). තණ අතුරි :- තෘණ ඇතිරිය වේ. ( අතුරසි - අතුරි ). තණ ඹලක් :- තණහාල් බත් ඇටයක්. සිංහල තන ශබ්දය තෘණ යන්නෙන් ආවක් ද නැතහොත් වීනා ශබ්දයෙන් ආවක් ද යනුත් සොයා බැලියැ යුතුය. (සිත්ථබ - සුල - හුල - හොල - ඔල) තබයිජු :- තබයිද. තමාපකයිජ් :- සයංපාක (තාමම පිසගත් දෙය ද) තමාහදන් වැසූයෙන් එව් නොවැසුයෙන් :- වස්ත්රා දියෙන් කළ වැස්මෙන් යුක්තවැ හෝ වියුක්තවැ තමාගේ අඞගජාතය.
තලාටියෙහි :- තලාටුයෙහි ගොඩබිමෙහි යනු අර්ථගයි . නමුත් තලාටු තලාටි යන දෙ ශබ්දයෙන්ම කිවැවෙන ප්රහධානාර්ථයනම් ගොඩබිම පිහිටි යනුයි. (තලට්ඨ - තලාටු) දියාටු යනාදිය සමගත් සමකර බලනු.
තල්පත් මුදු :- තල්පතින් සෑදු මුදු. තැනවන :- ස්ථානවාසි- නෙවාසික. තැප්පෙයින් :- “ගිනිතැප්පෙයින්” යනු නිදසුනි. ගිනිතැප්ප හෙයින් යනු අර්ථනයි. තැපිහෙයින් - තැප් පෙයින්) යි කාරය ආගමයකැයි ගැනීමට වඩා පූර්ව්රූප සමීකරණය සේ සැලකීම වඩා සුදුසුය.
තිතිරිවටු :- තිත්තිර නම් වටු විශෙෂය. කැට කුරුළුයයි ජාතක ගැටපදයෙහි කියනලදී. (68 පිටු) තිත්තිර - තිතිරි) තිථයක්හට :- තීර්ථකයකුහට. දෙ සැටක් මිත්යාරු මතයෝ තීර්ත නමුත් එවා ඇති කළාහු තීර්ථඞකාරයෝ නමුත් ඊට අනුව පිළිපදින්නෝ තීර්ථකයෝ නමුත් ඔවුන්ගේ ශ්රාහවකයෝ තීර්ථක ශ්රා වකයෝ නමුත් වෙති.
210 සිඛවලඳ ප්රනදීපය
තිථලද :- තීර්ථකයන්ගේ ලබ්ධිය තිපි : - තෙපි තිරිසනනුජු :- තිරිසනුන්ද යන අර්ථශයි. තිරිසනන් යන තැන අවසානයෙහි පෙනෙන “න්” යනුව කම්විබත් බුහුවස්හි යෙදුණු “න” ප්රාත්ය:ය මැයි. (තිරච්ජාන - තිරිසන) තිරෙළුවන් :- එළුවන් තිරොකුඩුසුත් :- “තිරොකුඩ්ඩෙසු තිට්ඨන්ති” යනාදිය මුල්කොට ඇති සූත්රුසඞ්ග්රශහ බලනු. තිහිඹර :- තියඹරා. තිලියී :- ඇතිරිලියි. තිහිරිහූ :- පටපණුවන් තම්බා ඔවුන්ගේ කොෂයෙන් සාදාගනු ලබන නූල්. (සුත්ත - හුයි - හූ) තුඹුසජු :- තුඹස්ද ථූප ශබ්දයෙන් ආ තුඹ ශබ්දය ස්වාර්ථනවත් ත ප්රුත්ය-ය ගත් විට තුඹත, යි සිටී. තුඹස, තුඹස්, තුඔහ යනාදී රූපයන් ගත්තේත් ඒ ශබ්දය මැයි. තුනු වුව :- තුනී වුවහොත්, නොඝනවැ දියාරු : වුවහොත්. තුවටින් එක්හසුකොට:- නැටිවලින් එකට අසු කොට, මල්මාලා ගෙතීමේදී හුයකින් නටු පමණක් එකතුකොට බඳිනු සිරිති. එකට අසුකිරීමට සම්බන්ධු කිරීම එක්හසු කිරීම නමි. “එක්කාසුකරයි” යනාදිය සමඟත් සසඳනු. තුළුල් තෙපුල්:- රහස් ස්ථානයන් පිළිබඳ අසභ්යඅ වචන. (දුට්ඨුල්ල - දුළුලු - තුළුල්) තලාකූට:- තරාදියෙන් කිරීමේදී කරන වංචාව, එය රූප කූට, අඞගකූට, පටිච්ඡන්තකූට යි සිව් වැදෑරුමි.
211 සිඛවලඳ ප්රයදීපය
තුමුහු ගිනිය නොපිසැ කොළෝ නම්:- තුමූ ගින්නෙන් නොපිස කළාහු නම්. තුවටුයෙන්:- නැට්ටෙන්, මේ තුවටු ශබ්දයත් පරීක්ෂාූකළ යුත්තකි. තුලික :- පුලුන් සමන් පිච්චමල් ආදිය ඇතුළට දමා තුනී ගුදිරියක ආකාරයෙන් මසාගනු ලබන ඝනකම් ඇතිරි විශෙෂයකි, කපුපුලුන් ඇතුළට දමා සාදන ලද මහනුවර යුගයට අයත් තුලිකයක් මාතර බටහිර ගිරුවා පත්තුවේ තාරාපේලියට අයත් ගල්කෙමේ පන්සලේ තිබේ. තූලිකය තේනාගම චන්දාජොති මහ තෙර සාමීන්ට කිර්ති ශ්රීග රාජසිංහ මහරජුගෙන් ලැබුණු ජූජාවකැයි කියතත් දැනට නම් එහි කිසිම ආරක්ෂාුවක් නැත. තුලි යනුත් තුලිකයට ම නමි.
තෙත්තී :- රාගයෙන් තෙත් වූ තැනැත්තිය (තෙත්තිය - තෙත්තී) තෙත් ශබ්දයට “ඊ” පස ගැන්වූ විට තෙතී, යි සිටී එයම විත්ථ විධියෙන් තෙත්තීයි සිටියේය. තෙනන්නට :- සොරකම් කරන්නට, (තෙනනුවට - තෙනන්නට).
තෙනාගැන්මි :- සොරකම්කොට ගැනීම වේ. (ථෙනෙත්වා - තෙනය - තෙතස් - තෙනා) ගැනුමයි - ගැන්මි) තෙසිවුරු නමින් ඉටු සිවුරු - තුන් සිවුරේ නම් කියා වෙන වෙනම ඉටු සිවුරු. තෙප්කරවව :- යුෂ්මිත්හු කරවව්. තෙපුල් සාමඤ්ඤයෙන් :- සාමාන්ය කීම හෙතු කොටැ ගෙන. ථුලැසි:- දෙශනාගමි ඇවැත් අතුරෙන් ලොකු වරද (චුල්ලව්චය - ථුලැසිය - ථුලැසි).
212 සිඛවලඳ ප්ර දීපය
දග්නෙ :- ජග්ගනය කළ යුතුය. මෙහි ජග්ගනය නම් පිළියෙල කිරීමයි. දනක්මහ’යි:- දන්නෙමුයි. (දනුමහ - දන්මහ) මේ මහ යනුව අතීතාර්ථහවත් ප්ර:ත්යදයකි. (සං, සම, පාළි, මහ, සිං, මහ)
දණ්ඩ :- දණ්ඩය. දඬු එල් බෑ මීමැස්සහ :- එනම් මීමැස්සෝ වෙති. අත්තක එල්වූ අතංගුවක හැඩයෙන් ගස් අතු ආදියෙහි එල්බෙමින් පවත්නා මීය දඩු එල් බෑ මීය නමි, එහි මැස්සෝ දඬු එල් බෑ මී මැස්සෝ. (ඔලම්බිත - එල් බිය - එල්බෑය - එල්බෑ) දඬුපොණෙනුදු :- එනම් උපකරණයෙනුත්. නාන විට ඇඟඋලනුත් ඇගේ හුනු ගානුත් සඳහා පාවිච්චි කළ උපකරණයකි. වඳුරකුගේ අතකට සමාන හෙයින් ඒ නම ලැබුනේය. “ගන්ධවබ්බහත්ථඔ” යනු පාළි නාමයයි. (පාණි -පෙණ)
දතලා :- උරෙහි දමා. (ජත්තු - දත)
දඹපනු :- දඹ ගෙඩි මිරිකා සාදා ගනු ලබන පාන විශෙෂයක්. වෙරලු ගෙඩි මිරිකා සාදා ගනු ලබන පාන විශෙෂයක්. වෙරලු ගෙඩි තරම් ලොකු මාදම් විශෂයක් දඹ ශබ්දයෙන් අදහස් කරනු ලැබේ. හින්දි නාමය “ජමු න්” යනුයි. දනවා :- දැනැ දවයෙන් :- සෙල්ලමට දවස් ලනසඳ - දවස් ගතකරන කල්හි. දවහල් :- (දිවාකාල - දවකල් - දවහල්) දහවල් යනුත් ඒ අර්ථ යෙහිම යෙදේ.
දහපා :- ගෞරවාභී ස්වාමීන් වහන්ස යනු අර්ථලයි. මේ ශබ්දය යෙදී ඇත්තේ “භන්තෙ” යන පාලි වචනය වෙනුවට “පා” යනුව ගෞරවාර්ථවත් පාද
213 සිඛවලඳ ප්ර දීපය
ශබ්දයෙන් ආයේය. දහ යන්නෙහි නිෂ්පත්තිය නො දනිමු. සාධු ශබ්දයෙන් ආවක්දැයි සොයනු. මේ ව්ය වහාරය - අදත් රොඩී ජනයා අතර පවතී. දහයහිත් :- දසායෙහිත් යනු අර්ථ යි. වස්ත්රතයත් වස්ත්‍පවයෙහි වාටියත් දෙකම දහ ශබ්දයෙන් කියැවෙන බැව් පෙනේ. “දහවලුහැඳ” යනාදී තන්හි පෙනෙන දහවල්ල නම් දහවලු සහිත වස්ත්රඅයයි. ඇතැම් කොට්ට උරවලට මෙන් රෙදිවල අන්තයටත් ලක්ෂුණට සිටින සේ රෙදිපටි අල්ලනු සිරිති. ඉන්දිරයාදේ තාරානාථ පඬිවරයා හැඳ සිටි වස්ත්රටයත් දසා සහිත විය. පටි විනිශ්චයෙහිදී පාස නාමයෙනුත් දසාමූලං, යි, විනයත්ථ් මඤ්ජුසායෙහි කී හෙයිනි. පටියේ අගට අල්වන ලද සිදුරක් සහිත ඝනකම් රෙදි කැබැල්ල පාසය නමැයි සලකන්නට ඉඩ තිබේ. පටියේ ඉතිරි කෙළවර ඒ පාසයේ දමා බඳින්නට ඇත. මෙකී තාක් කරුණු අනුව සලකන විට පෙනෙන්නේ ඇතිරිලි, බිම ඳමා හිඳගන්නා මෙට්ට, මුවපිසින ලේන්සු, හඳනා වස්ත්රි යනාදියෙහි අගට අල්වනලද මල් ලියකමින් යුත් රෙදි කැබෙලි රේන්ද පටි ආදිය දසා ( දහ) ශබ්දයෙන් අදහස් කළ බවය. තවත් විමසත්වා (කුදුසික සන්නයෙහි 94) වන පිටත් බලනු) එහි කුරුඟුලා නමින් අදහස් කරන ලද්දේ උතුරු සළුවේ කොන බැව් සැලැකියැ යුතුය. දහකන් :- දසාවනේ කොන. දහනොවනත්:- දසාව නොවන කල්හි - ඒ විටුව දසාව නොවන කල්හි යනු අර්ථනයි. දැන් තිබෙන සමහර බුරුම පටිවල පැතැලි පැත්තේ කෙලවරේ පාසකයක් වෙයි. මෙහිදී දහනාමයෙන් අදහස් කරන ලද්දේ ඒ පාසකය වියැ යුතුය. දහම්සතින්:- මේ වෙනුවට විනය අටුවාහි පෙනෙන්නේ “ආසනසාලාය” කියාය. එය තැනටත්
214 සිඛවලඳ ප්රිදීපය
ගැළපේ. නමුත් ආසනසාලාවට “දහම්සන්” යන නමක් තිබුනේදැයි සිතා ගැනීමට තරම් නිදසුන් නොලැබේ. භික්ෂූ්න්ට දන් දෙනු සඳහාත් සාදවා තිබුණු ගෘහ විශෙෂය ආසනසාලා නම් වෙති. ඇතැම් විට ඒ ගෘහයන්හි බණ කියූ බවත් පෙනේ.
දළකොළන :- (දාඨාකොඨන) දත්කූරු කෑම
දල්හරුත් :- කුණු ඉවත් කරතොත්. (ජල්ලික - දැල්) දැහැටිකොස් :- දැහැට්ටේ දත්මදිනා කොස්ස. දැහැව :- කෝපවැ දික්සඟලාපුටු :- හාන්සිපුටු දිග්දැහ :- සර්ව යෝය. (දීඝජාති - දිග්දැයි - දිග්දැ) දිගුල්ලෙහි :- දීර්ඝාතැනැත්තාණෙනි. සාමාන්ය ව්යැවහාරයෙහි “දිගෝ” යනුයි. (දිගුලුයෙහි - දිගුල්ලෙහි) මේ දිගුලු යන්න දීඝ ශබ්දයෙන් ආහැකිය. (දීඝ - දිගුලු) ටැඟුල ශබ්දය සමගත් සසඳනු. දිට්හ :- දාෂ්ටියි (දිට්හි - දිට්හ) දියධරින් :- ජලධාරායෙන් ජලවේගයෙන්. දියපැල් :- මූණ සේදීමාදිය පිණිස දියබඳුන් තැන්පත් කොට තිබෙන කුඩා කුටි. දියබොකු :- දිය බුංගැසීම නමින් දන්නා ජල ක්රීුඩාව දියට දෑත දමා ශබ්ද නගින සේ තදින් දෑත ගැසීම දිය බුං ගැසීම නමි. (දියබුකු - දියබුඟු - දියබුං) දියාටු :- ජලයෙන් හටගන්නැ සෙවෙල් ආදිය. (දකට්ට - දියහටු - දියාටු)
215 සිඛවලඳ ප්ර දීපය
දිවසොයින් :- දිවකණින්. මිනිස්ලොව සිටගෙන දෙවියන්ගේ ශබ්ද ඇසියැ හැකි ඤාණයෙන්. (සොත - සොය). දිස්මනුවු :- පෙනෙන්නා වූ. (දිස්සමාන - දිසමනු - දිස්මනු) දිහි :- මිදුණු කිරි. (දඩි - දිහි) දිගුලිකා : - දිය වී නො ගිය කුඩා දී කැට. දීමනු :- ජීවමාන. (ජීවමාන - දිව්මුනු - දීමනු). දීමි :- දීම වේ. (දීමයි - දීමි). දුක්කට :- සාමාන්ය චාරිත්රනයක් කැඩීමෙන් කරන නරක ක්රි යාවත් එයින් සිදුවන කුඩා ඇවතත් දෙකම දුක්කට ශබ්දයෙන් කියැවේ. දුබ්බාසිතුදු :- දුර්භාෂිත කීමත් එයින් සිදුවන ස්වල්ප ඇවතත් දෙක දුබ්බාසිත ශබ්දයෙන් අදහස් කරනු ලැබේ. දුනුකසු :- මැඩගඟු දුන්න දමන පසුම්බියත් “සූකරන්ත” නම් පටියත් එකසමාන බව ග්ර න්ථාේනු සාරයෙන් පෙනේ. දුටුල්වසු :- අසභ්යේවචන. (දුට්ඨූල්ලවාවා - දුටුල්වසු) දුබැසි :- දුබ්හාසිත, බලනු දුරුවුව :- දොළොස් රියනකට වඩා දුර වුවහොත්. දෙක් :- දෙකක් දෙ ජනා :- දෙදෙනකු විසින්. දෙඩ්ඩුහ :- දියබරණ
216 සිඛවලඳ ප්ර්දීපය
දෙ දෙ පොහොය : දෙ පෝය දෙක. “පෝය” යන්නෙන් උපොෂථ ය මෙන්ම සතියත් කියැවේ. දෙ සතියකට වරක් ලැබෙන පෝය දෙ පෝය නමි. දෙ පෝ ශබ්දයෙන් පසළොස්වක මෙන්ම තුදුස්වකත් ගන්නා ලැබේ. දෙ පෝ ශබ්දය පමණක් යෙදුණු තැන්වලදී පසළොස්වක පෝයත් කලුවර ශබ්දයත් සමඟ කලුවර දෙ පෝ, යි යෙදුණු තැන තුදුස්වක පෝයත් ගැණේ. එක සෘතුවකදී ලැබෙන පොහොය කළ යුතු අට පොහොයෙන් තුන්වන හත්වන පෝය දෙක තුදුස්වක් නාමයත් ඉතිරි සය පොහොය යන්නෙන් අදහස් කරන ලද්දේ ඉහතකී තුදුස්වක් පොහොය දෙක බැව් සැලැකිය යුතුය. දෙ පොහොයකට (දෙසතියකට) වරක් පැමිණෙන පොහොය දෙ පොහොය නමැයි සලකම්හ. පක්ෂියකදී ලැබෙන දෙවන පොහොය යන අර්ථො යත් සුදුසුය. ගුණ පොහෝ යනුත් කලුවර පෝයට නමි.
දෙ දෙ අඟුලෙහි දෙ දෙ බාන් : අගල් දෙකක් ප්රණමාණ වූ ස්ථානයෙහි බැඳීම් දෙකක් බැගින් යනු අර්ථණයි. මැටි පාත්රබයක ඉරිගිය විට ඒ ඉරේ බැමි දැමීමේදී අඟල් දෙකක් පමණ වූ ස්ථානයෙහි බැමි දෙකක් දැමියැ යුතු බව මෙයින් කියනලදී. අඟලකට එක බැම්ම බැගින් දැමියැ යුතු බවත් එයින්ම හැඟ්.
දෙ ලෙඩුපාවෙක්: ලෙඩ්ඩු පාත දෙකක්. ගල් කැටය ගැසූ තැනැත්තාත් ගල්කැටය වැටුණු තැනත් අතර ඇති දුර ප්රකමාණය එකලෙඩ්ඩු පාතයකි. එවැනි ලෙඩ්ඩුපාත දෙකක් දෙ ලෙඩුපාවකි. මෙහි ලෙඩ්ඩු ශබ්දයෙන් ගල්කැට යත් “පාත” ශබ්දයෙන් ගැසූ ගල්කැටය වැටෙන තැනත් අදහස් කරනලදී. (පාත - පාය)
දෙන :- ජීවත්වන දෙ (පණදැරුම්හි) දයින් නිපන් වත්මන් කෘදන්ත රූපයි -
217 සිඛවලඳ ප්ර්දීපය
දෙමා :- විනය අභිධර්ම යන දෙ මාතෘකාව මාතිකා - මවු - මව්- මා). දෙමොනොයි:- දෙන්නමෝ නොවේදැයි. දෙසූපයෙන් :- දේශනාකළ හේතුවෙන්. දෙවාඞග :- අනුරුඞ ස්ථවිරයන්වහන්සේට මෙන් දෙවියන් විසින් දෙනු ලබන සිවුරු දෙවාංග නමි. සිල්ක් රෙදි වාචක “දෙවංගම්” ශබ්දයකුත් මල්ලියකමින් යුත් වාටි ඇති උසස් වස්ත්රච වාචක දෙවංගු ශබ්දයකුත් දෙමළබසෙහි ඇත්තේය. “දෙවාංග’, නමින් ෙරදි වියන ජාතිකයකුත් විය. දැනුත් කෝවිල් ආදියෙහි තිබෙන දේවරූපාදිය අඳනාලද ඇතැම් වස්ත්රියන්ට දෙවාංගම් යි කීයති.
දොරටුබත්ගෙය :- දොරටුවේ බඳනා ලඳ වාහල් ගෙය. (බඬ - බද - බද්). දොරබා :- උලුවස්ස ඉස්සර දොර උලු වස්සෙහි තබා බඳනාලදී. නම ලැබුනේ එහෙයිනි. (වාරබඞ - දොරබහ - දොරබා) දොර උසුලන්නා යන අර්ථනයත් ගතැහැකිය. එසේ නම් “බා” යනුව වාහ ශබ්දයෙන් එන්නට පුළුවන. දොරවටු :- ඉස්සර දොරපලුවලැ උලුවස්සට සම්බන්ධබවන පැත්තේ දෙ කොණේ කූරු වැනි අවයව දෙකක් විය. උඩයට ඇති සිදුරු දෙකක ඒ දෙ අවයවය සවිකරන ලදී. උඩ සිදුර උඩෙලි පතේත් යට සිදුර යටෙලි පත්තේත් වැඩි වශයෙන් සාදන ලදී. යට එලිපත්ත ගලින් සකස් කළ විට එහි සාදන සිදුර වණුවළ නමිනුත් උඩෙලිපත්තේ සිදුර දොරවටුව නමිනුත් හැඳින්වූ බව පෙනේ. දොරදමන පාසකය යනු අථර්යි්. ගැටවටු යනාදිය සමඟත් සසඳනු.
දොවා ගත්තෙහි :- බඳුන් සේදීමට පාවිච්චි කරන බඳුනෙහි (දොවා ගලතුයෙහි - දොවා ගත් යෙහි - දොවා ගත්තෙහි)
218 සිඛවලඳ ප්ර දීපය
ධඤ්ඤයිදු : ධාන්යදය ද. මේ “යි” කාරය ආගමය කැයි හැඟේ. (ධඤ්ඤදු - ධඤ්ඤයිදු) ධම්රොජ් :- චෛත්යියක් හෝ බෝධියක් වටේට ඇද තිබුණු දෙ පටකින් යුත් ලනු විශෙෂයකි. ඉස්සර රුවන්වැලි සෑයෙහිත් එවැන්නක් තිබුනේය. චෛත්යෛය වටේට මල් පූජා කරන්නට උවමනා වූ විට මල් නැටි ගෙන ධම්ම රජ්ජුවේ. අමුණනු සිරිති. ධමස්නෙහිජු :- කිධමැ ගෝධමැ යනාදී තන්හි එයි. ධර්මනයක් ද යනු අර්ථනයි. (ධමදැ - ධමයැ - ධමැ) ධුරනිඛෙව්නිජු :- බලාපොරොත්තු අතහැර ගැනීමේනුත් (ධුරනිඛෙවිනුජු - ධුරනඛෙව්නුජු) නඟාලාඑව් :- ඔසොවාදම යි හෝ වේද. (නඟාලායි - නාගාලා) නටසිවිරි නොවැ:- වේයන් මීයන් කෑමාදියෙන් විනාස වැ ගිය සිවුරු ඇතියෙක් නො වැ. (චීවරික - සිවිරිය - සිවිරි) – නනස් :- වෙනස. (නානත්ත - නනත - නනස - නනස්- නන්තෙන බුන :- නොයෙක් තැන් බිඳුනොත්. නම්මතු තොර :- නාමමාත්රැය පමණක් තොරයි- නම්රූ පිනිස :- නාමරූප විනිශ්චය. පඤ්චසකන්ධි විභාගය. නමුජු :- එසේ වුවත් යනු අර්ථයයි. (නමජු - නමජු) මෙහි “නම්” යනු නිපාතයි. නලාරශිල්ප:- බටපොතු කර්මනන්තකාරයන්ගේ ශිල්පය (නලකාර - නලාර)
219 සිඛවලඳ ප්රවදීපය
නවාමට :- නමකර්මාකන්තයට. නව කම්ම - නවහම - නවාම - නවාම්). නවිඨෙයිගමත් :- විඨයෙහි නොවැලකේ යන්න පරීක්ෂාන කරන විට. නහනාකඩ :- නෑම පිණිස පාවිච්චි කරන වස්ත්‍රය කඩ යනු රෙද්දට (රෙදි) කෑල්ලට නමි. නාමනා :- හොඳ නොහොඳ මනා යනුව මනාප ශබ්දයෙන් ආයේය. (මනාප- මනව් - මනා) නාම නාම් යනු ධම්පියා අටුවා සන්යුපාඨයි. එය නාමනව්, යි ශුඞ වියැ යුතුනොවේ ද. නොමනාමනා යන්නම පසු කලෙක නාමනා, යි සිඞවන්නට පුළුවන.
නානාසංවැස්සා :- නානාසංවාසිකයා. අන්යානිකායිකයා අන්යු ගණයන් ඇසුරු කරන්නා. (සංවැසියා - සංවැස්සා) නැඟුට් :- වලිගය. (නහාපිතයන් - කුලියට අධිපතියන් නාවන්නෝ නහාපිතයෝය. මේ රැකියාව අදත් ඉන්දිකයාවේ ඇත්තේලු. රැවුල්කැපීම, කන් නාසා ශුද්ධ කිරීම, නියපොතු කැපීමාදියත් නහාපිතයන්ගේ අප්රලධාන කෘතීහුය. පසුව රැවුල්කැපීම පමණක් ඔවුන්ගේ ප්රදධාන කෘතිය වූයෙන් නහාපිත ශබ්දය අන්දම් තබන්නා යන අර්ථ්යෙහි රූඪී විය. නික්මෙන්නා :- නික්මෙනු යනු අර්ථ යි. (නික්මෙනුවා - නික්මෙන්නා). නිකිම්නි මස:- චන්දමමාසයත් අතුරෙන් පස්වැන්න නික්ඛමනිය - නිකිම්නිය) නිපුසඳු :- නපුංසක ද. නිප්පෙසිකතා :- “නිප්පෙසිකතා යනු දූත කර්මින්තයි” මේ ජාතක ගැටපද පාඨයි. (231 වන පිට බලනු)
220 සිඛවලඳ ප්ර(දීපය
නිමිත්තිජු - නිමිත්තයෙනුදු. නිමියත් කල :- අවසන් වූ කල්හි නියැසැතාදි :- නියපොතු සහ ආයුධාදිය මෙහි ආදී ශබ්දයෙන් ගින්දර ගනු ලැබේ. නියහාපක් :- කැඳ පෙරා හැර පිසන ලද යන අර්ථ ය සුදුසු සේ පෙනේ. “අවස්සාවිත” යනු මේ සඳහා යෙදුණු පාළිවචනය වේ. නියෙනුජු :- නියපොත්තෙනුත්. නිර්මිතදු :- සෘඞියෙන් නිපන් සිවුරුත්. එහි භික්ඛු භාවයෙන් පැවිදිවන්නන්ට මේ සිවුරු පහළ වේ. “නෙත්රෙදු” යනු අපපාඨයි. නිරි :- නීවාර නම් ධාන්ය් විශෙෂය. හුරුහැල් (පාළි සූකරසාලි) යනුත් තිරිවලට නමි. ඒවා කැලෑවල ඉබේ හටගන්නා බව ප්ර සිද්ධය. ගොයම් කපා පාගා ගත්විට ඉපැනැල්ලට වතුර වැටීමෙනුත් කුඹුරුවල තිරි නමින් යුත් ගොයම් විශෙෂයක් හටගනී. ඒ ගොයමේ වී ඇඟිටි වශයෙන් පාවිච්චි කරනු සාමාන්යග සිරිති. හාල් ඇට අසම්පූර්ණෙ හෙයිනි. (නීවාරික - නිවැරි - නිරි) අකාලයෙහි සෑදෙන ගොයම් යනු අර්ථසයි. නිරියත්හි :- නිරිසතෙක් වෙහිය. නරකාදියෙහි දුක් විඳින්නෝ තිරිසන්හුය. නිරුපූ :- නොවනලද (නිරොපිත - නිරුපුය - නිරුපු) නිලි :- සෙවෙල්. (නීලිකා - නිලි). නිවහල්ලහ:- දාස නොවූවෝ නිසැගි :- අනුන්ට භාරදියැ යුත්තක් බවට පැමිණි පිරිකර යනු අර්ථුයි. අධිෂ්ඨාන කළ සිවුරක් තිබියදී අනෙක් සිවුරක් පාවිච්චි කළ හැක්කේ දස දිනක් පමණි.
221 සිඛවළඳ ප්ර්දීපය
ඒ දස දින ගතවීමෙන් සිදුවන ඇවැත හා අධිෂ්ඨානය නොකළ අතිරෙක චීවරාදිය අනෙක් කෙනෙකුට පැවැරීම පිණිස කරනු ලබන විනය කර්මැයත් දෙකම නිසැගි නාමයෙන් හඳුන්වනු ලැබේ. පළමුවෙන්ම නිසැගිවුණු පිරිකර අනෙකකුට පවරා ඉක්බිතිවැ දෙසියැ යතු පවිතිය නිසගි නමි.
නිසජුන් :- නිසීදනය. බිමදමා හිඳගනු පිණිස එළු ලොම් ආදියෙන් කරනු ලබන මෙට්ට වැනි ඝන ඇතිරි විශෙෂයකි. (නිසීදන - නිසජුන්) “නිසජ්ජන” ශබ්දයෙනුත් ආහැකිය. නිසපිළිබැඳිවැ :- නිස සමාදන් වීමට සුදුස්සෙක්වැ. උපසපුවෙන් පස් වසකට අඩුවීමත් අව්ය ක්තයකු වීමත් නිස පිළිබැඳි වීමය. ව්ය ක්තයකුට නම් පස් වසින් පසුවැ සින සමාදන්වීමක් උවමනා නොකෙරේ.
නිසවත්ත :- සිංහල පොත්වල බහුලවැ ලැබෙන මේ ශබ්දයට සිරිසුමඞල ශබ්දකෝෂයේ අර්ථස කියා තිබෙන්නේ ප්රවමුඛය, ඉදිපස ගෘහය, පෝටිකෝව කියාය. ගෘහයක ප්ර්මුඛය වශයෙන් ගැෙනන ප්ර(ධාන අවයවය මීඪය වේ. සංස්කෘතයෙහි එන පිණ්ඩ ශබ්දයෙනුත් ඒ අර්ථවයම කියැවෙන්නේය. සිංහල පිළ් ශබ්දය සෑදුනේ ඒ පිණ්ඩ ශබ්දයෙනි. මීඪ ශබ්දයෙන් නොවේ. කුඩා ගෙවල්වල ඉදිරිපස තිබෙන නඩයත් ලොකු ගෙවල්වල ඉස්තෝප්පුවත් පිණ්ඩ ශබ්දයෙන් කියැවෙන සේ පෙනේ. මීඪයත් නිසවනත්තත් එකක් නොවැ දෙකකි. මීඪන්තෙවා පරිභණ්ඩන්තෙවා, යී කීයේ එහෙයිනි. බුත්සරණාදී ඇතැම් පොතක මීඪයටත් නිසවතු නාමය යොදා ඇතත් ප්රවධාන වශයෙන් කියනු සඳ හාය. පරිභණ්ඩ ශබ්දය පරිභණ්ඩ පබ්බත (පිරිවර පර්වනතයේ) පරිභණ්ඩ ඤාණ (පිරිවරි නුවණ) යනාදී තන්හි පරිවාරාර්ථවය ද සිනෙරු පරිභණ්ඩ චෙතියපරිහණ්ඩ යනාදී තැන්වල මහමෙරුවගේ - චෛත්යියා
222 සිඛවලඳ ප්රණදීපය
ගේත් හාත්පස තිබෙන ක්රලමයෙන් පාත්වැ ගියඋත්තක භූමිය යන අර්ථ ය ද චීවරපරිභණ්ඩ යන තැන චීවරයා ගේ ඇතුළුනුවාව යන අථීය ද කියයි. සිඛවලඳ විනිසෙහි එන මේ නිසවතු ශබ්දය ගෙහ පරිණ්ඩාර්ථ යෙහි වැටෙන හෙයින් ඒ ගේය පරිභණ්ඩය කුමක්දැයි සෙවියැ යුතුය. පැරැණි ගෙවල්වල මෙන් ම ඇතැම් විහාරවලත් ඇතුළ් භිත්තියටත් පිට භිත්තියටත් අතරෙහි එක්කෙනෙකුට පමණ යාහැකි සේ ගෙය වටේට යොදන ලද කුඩා අවකාශයක් තිබේ. එයත් පරිභණ්ඩ විශෙෂයකි. උඩරට ඇතැම් ගෙවල්වල විශෙෂයෙන් කුඩා ගෙවල්වල ගේ වටේටම භිත්තියෙන් පිටට නෙරා ගිය කුඩා වේදිකා විශෙෂයක් නිතරම දක්නා ලැබේ. එයත් පරිභණ්ඩයක් බැව් සැලැකිය යුතුය. පරිභණ්ඩය භිත්තියේ ආරක්ෂාභව පිණිසත් පඳිති. පෝටිකෝව හෝ ඉස්සරහ ගෙය පරිභණ්ඩය නොවන බව මේ කරුණු අනුව නිශ්චය කළ හැකිය. නිසැග්ගක් :- (නිසගියක් - නිසැග්යක් - නිසැග්ගක්) නිස්සග්ගිය :- යමකින් දමාගසා මැරීමේ ප්රනයෝගය.
නිසූ:- ආශ්ර යකළ (නිස්සිත - නිසිය - නිසුය - නිසූ)
නිහරසර :- අගෞරව. නුසුන :- නොසිඳුනොත්. නෙරනා :- නික්මවන - ඉවත්කරන. නෙරීනම් :- බැහැර කෙරේනම්. නෙරඹුවාමල්:- නෙලුම්මල් - නෙලුම් ගසේ මල් යනු අර්ථවයි. නෙලුඹුවා, යි සිටියෙ නෙලුඹුවහ යනු නෙලුඹු ශබ්දය සබඳ විබත් ගත්තැනි. හිමියා පුතු යනාදිය සමගත් සසඳා බලනු.
223 සිඛවලඳ ප්රචදීපය
නොඇවිසැ :- නොවිචාරා (ආපුච්ජිත්වාඳ - ඇවිසියැ - ඇවිසැ) නොඉටා :- අධිෂ්ඨාන නොකොටැ. නියමිත පිරිකරක් අතින් ගෙන මේ පිරිකර විනාශවනතුරු මම පරිහරණය කෙරෙමි, යි පිරිකරේ නමකියා අධිෂ්ඨාන කිරීම - ඉටීම නමි.
නොඉති :- නුදුසුයි - අයුක්තියි.
නොඋයාලා :- මේ අර්ථිය කියා ඇත්තේ “අනුත්තණ්ඩුල” යන පාළි වචනයට වේ. කඞඛා විතරණී පිට පතෙහි එනුයේ “නොසාල්” කියාය. ඒ අථීය පැහැදිලිය. නොඋයාලා යන්නෙහි අර්ථලය තේරුම් නොගත හැකිය. උත්තණ්ඩුල ශබ්දය වුවත් උයාලා යි නොසිටියි. එහෙ යින් මෙය අශුද්ධ පාඨයක් හැටියට සලකන්නට ඉඩ තිබේ.
නොකැටි :- කුට්ටිවශයෙන් කැටි නොගැසුණු නොකොවා :- කොපනය නො කොට, වෙනස් නොකොට යනු මෙහිදී ගතයුතු අර්ථධය වේ. (කොපෙත්වා - කොවව - කොවස් - කොවා). නොජඇති :- ඇත්තේත් නො වෙයි. මේ ජ කාරය අනුක්ත සම්පිණ්ඩනාර්ථ යෙහිය. යමකු තමාට පීඩා කරනවිට එයින් මිදීමේ බලාපොරොත්තුවෙන් ඔහුට පහර දී පැනයාමෙන් ඇවැත් නොවන බව මෙහිදී කියනලදී. මරණචෙතනාවක් නැතිවැ අනුන්ට පහළ විට ඒ පහරින් ඔහු මළත් පහළ තැනැත්තාහට ඇවැතක් නැත යන්න දකාරයෙන් සම්පිණ්ඩිත අර්ථනය වේ.
නොදික්අසුන :- යටත්පිරිසෙයින් තිදෙනෙකුට අරමිනිය ගොතා වාඩිවී සිටිය නොහැකි ආසනය. නොතිසු :- ඇසුරු නොකළ. නොපියටි :- බැහැර කරන්නට නොකැමැති.
224 සිඛවලඳ ප්රටදීපය
නොබා :- නොබහා - නොදමා. (බහා - බා) නොබුදැටිවැ :- අනුභව නොකරනු කැමැතිවැ නොරඹුරෙහි :- ආවරණ සහිත ස්ථානයෙහි - ආවරණ ඇති තැන නොරඹුර වන විට ආවරණ නැති තැන අඹුර වියැ යුතුය. එහෙයින් අඹුර යනුව අම්බර ශබ්දයෙන් ආයේ යයි සිතනු යුක්ති සහිතය. අවකාශ ස්ථානය ඇඹුර නමි. නොවැරූ:- නොවලක්වන ලදස (වාරිත - වැරිය - වැරුය - වැරූ) නොවිලිකුන් :- මෙයත් නොවික්සුනුයි, කඞ්ඛාවිතරණී පිට පතේ එයි. බත ප්රේමාණය ඉක්මවා තැම්බී බෙරවී යෑම විලික්සීමය. විලිකුන් ශබ්දය පැසීම ඉදීම මෘදුවීම යනාදී අර්ථකදෙයි. එහෙයින් නොවිලිකුන් යනුවත් සූපාඨයකැයි හැඟේ. (විකිලින්න - විකිලුනු - විලිකුනු - විලිකුන්)
නොවිකපා :- තමා සන්තකවැ ඇති සිවුරු ආදී පිරිකර අනෙක් භික්ෂුාවකට බාරනොදී. (විකප්පෙත්වාප - විකපය - විකපය් - විකපා) නොසරුපට වැටෙයි :- අසාරුප්යවය පිණිස පවතී. නොසියමනාවැ :- නොසතුටු සිත් ඇතිවැ. (සක මන - සියමන - සියමනා) නොසේවූ :- අෙක්ෂසමවූ ආරක්ෂාිවක් නොමැති චෞරාර්ථනයෙහිත් නොසේ ශබ්දය යෙදී ඇත්තේය. (කුදුසික 294 වන ගාථා බලනු) නොහැසුරුම්වන :- සංහාරිම නොවන - එහි මෙහි ගෙනයා නොහැකි උපකරණයෝ නොහැසුරුම්වන උපකණයෝය. එනම් අනුන් නසනු පිණිස බොරු වල් කැපීමාදී මේ. (සංහාරිම - සැහුරුම් - හැසුරුම්) පක් :- පිසනලද (පක්ක - පක්)
225 සිඛවලඳ ප්ර්දීපය
පක්පත්මල් :- ගෙඩි කොළ මල් පක නොපැකැයිජු :- පිසූ දෙය වුවත් නොපිසූ දෙය වූවත්. පකා පැකිජු :- ගෙඩිවර්ග ද, පැසුණු නොපැසුණු ගෙඩියයිද කියත්, “සතා සතන්” යනාදිය සමගත් සමකර බලනු. මෙය ගුණාගුණ යනාදී තන්හි දෙයින් පක + ආපැකි ශබ්දයන්ගේ එක්වීමක් නොවැ. පක ශබ්දයම විත්ව වීමෙන් සෑදුනකැයි හැඟේ. කුඩා මහත් ගෙඩි යැයි ගනුදු යෙදේ.
පකිණ්ණක :- මිශු යනු අථර්යිය. පරිජි සඟවෙසෙස් ආදී ශික්ෂා වන් වෙන වෙනම විස්තර කිරීමෙන් පසුව ඒ සියලු ශික්ෂායවන් එකට ගොනුකොට කරන විස්තරය පකිණ්ණක නාමයෙන් අදහස් කරන ලදී. පචිති :- “කුසල චිත්තං පාතෙතීති පාචිත්තියං” යි කුසල් සිත විනාශ කරන කුඩා වරද පාචිත්තිය නමැයි ඇතැම් තැනක දක්නා ලැබේ. කුසල්සිත නසන්නේ පවිතිය පමණක් නොවේ. අනෙක් වැරැදිත් කුසල් සිත නසාමය. පාචිත්තිය ශබ්දය ඒ අර්ථ්යෙහි රූඪි විය. අපායෙහි පැසවනු ලබන හෙයින් පචිති නමැයි ද කියති. සංස්කෘතයෙහි එන ‘ප්රා යශ්චිත්ත’ ශබ්දය පාචිත්තිය’යි පාළියෙහි සිටියේය.
ප්රායයොනාම තපඃ ප්රොාක්තං - විත්තං නිශ්චය උච්ය්තෙ තපො නිශ්චය සංයුක්තම් - ප්රාතයශ්විත්ත මිති ස්මෘතම් තපස් කිරීම පිළීබඳ සිතිවිල්ල සමඟ යෙදුණු වාන්දාියණාදී වෘත විශේෂයෝ ප්රාියශ්විත්තයෝ වෙතැයි මේ අනුව සිතාගත හැකිය. ඒ අදහස අපේ පොත්වල දැක්වුණු අර්ථ්ය සමඟ නොගැළපේ.
226 සිඛවලඳ ප්රුදීපය
පටන් :- ආදියෙහිම යනු අර්ථේයි. (පඨමං - පටම් - පටන්) පටන් කෙළවර :- මල් ඇවුණු නූල් ආදියේ මුල් ෙකාණ පටා :- (පට්ඨය - පටය් - පටා) පටික :- එළුලොම් වලින් කරනලද සුදු ඇතිරිලි විශෙෂයක්. පටලික :- ළංළංව මල් ඇවනුයේ එළුලොම් ආදියෙන් සාදන ලද ඇතිරි විශෙෂයක්. පටියැවුව :- පටියෙන් වුවහොත්. පටිස්සව කෙරේ නම් :- ප්රයතිඥා කෙරේ නම්. පඨමඣන් :- ප්රංථමධ්යාහනය (ඣාන - ඣන - ඣන්) පඬු :- පණ්ඩකයා. නපුංසකයෝත් බීෙජාද්ධරණය කරණු ලැබුවෝත් පණ්ඩකයෝය. පණමනා :- එලවා දැමීම (පණමන - පණමනා) පත්අතුරි :- කොළ ඇතිරිය වේ (අතුරයි - අතුරි) පත්ති :- පාත්රද පසුම්බි පත්පිටු :- “ගොටු” බලනු පන්නි :- පානය වේ. (පනුයි - පන්යි - පන්නි) පනරසී :- පසළොස්වක පෝය (පණ්ණරසී - පනරසී) පමු :- පාමඞග සිව්රැස් සටහන් ඇති හවඩි විශෙෂය පාමඞ නමි. පයිනිජු :- පාත්ර්යෙනුත්(පත්ත - පත - පය)
277 සිඛවලඳ ප්රුදීපය
පරණලා :- වියලි කොළ (පරණ දල - පරණ අල - පරණල -පරණලා) පරඟලා :- අනුභවය (පරඟල - පරඟලා) පරවිටිලියෙහි :- පරම්මුඛයෙහි යනු අර්ථපයි. “පර” යන්නෙන් අන්යර්ථයයත් “විටිලි” යන්නෙන් ස්ථානාර්ථ යත් ගත හැකිය. (වට්ටන - වටන - විටිති - විටිලි) “ඇතුළුවටන” යනාදිය සමඟත් සසඳනු. “පරවිටිලි” යනුව “පරවිටි’, කියාත් ඇතැම් තැනෙක එයි. කුදු සික පුරාණ සන්ය්යෙහි “විඤ්ඤත්තිපථෙ” යන්න තෝරන්නට ගියතැන, “හැඩී ආසන ඔවසිහි හමුවෙහි එවූ පරවිටියෙහි එවූ ..................” යනා දිය පෙනෙන හෙයිනි. පරහාගත් :- පෙරාගත් (පරිස්සාවෙත්වා. - පරහචය - පරහාය - පරහස් - පරහා) පරාමාස වන බැවින් :- මෙහි පරාමාසය නම් හැඟීමයි. “අවුත්ත අප්පටියොගී පරාමාස වන බැවින්” යන්න බලනු. පරිජ්ජට :- පරිජි ඇවතට. (පරිජියට - පරිජ්ජයට - පරිජ්ජට) පරිජි අවජනා :- පරිජි ඇවැතට පැමිණෙන. (ආපජ්ජන - අවජන - අවජනා) පරියායෙන් :- ව්යාං ජයෙන්. “සමන්තජප්පන” යනු පාළි නාමයි. තමා මාර්ග ඵල ලාභීබැව් සෘජුවැ නොකියා තොපගේ සෙනස්නෙහි වැඩ වසන ස්ථවිරයන් වහන්සේ මාර්ගවඵල ලාභීවෙතැයි යනාදී වක්රසකොට කීම “සාමන්තජප්පන” නමි. පල්පොහොනා :- පාදයක් අගනා කවර දෙයක වුවත් හතරෙන් කොටස පාදය නමි. මෙහි කියැවෙන
218 සිඛවලඳ ප්ර දීපය
පාදය නම් කහවණුවෙන් හතරෙන් කොටස වේ. ඒ සම්බන්ධ්යෙන් මතභෙද රාශියක් ඇතත් ශත 75 ක් පාදයකැයි ගත් මතය අනෙක් මතයන් පසුබා සිටී. (පාද - පල - පල්) පලී :- පලිහ. (ඵලික - පලිහ - පලී) පලෙළුවන් :- පලෙළුවන්ගේ පොරගසන එළුවෝ පලෙළුවෝය. පළළු යි සිටියේ පොරඑළු යනුව ද නැතහොත් පීඩාම්එළු යනුවදැයි සොයා බැලියැ යුතුය. පොරඑළු යනුවම පලෙළු, යි සිටියේ නම් මැනවි. පවීනම් :- පෙන්වා නම්. පව (පැවීමෙහි) දයින් නිපන්නේය. පවුරි :- පවාරය වේ. පවාර නම් පලස්ය. (පවුරුයි - පවුරි) පවුරුණ :- ප්රායවරණය (=පොරෝනාව) වේ. (පවුරුණුය - පවුරුණ) පවුරුණි :- (පවුරුණියි - පවුරුණි) පස්පස් ඳුකුළාවෙ :- දුකුළා පසක් පසක් බැගින් වේ. පස්වටත්:- පරිභොග කරත්හොත්. පස්සහධැමියන්:- සමාන පැවැතුම් සහ ගති වෙසෙස් ඇත්තෝ සහධැමියෝය. භික්ඛු, භික්ඛුණී, පසඇත :- ප්ර්ත්ය යක් (උවමනාවක්) ඇතහොත්. පසකිමෙනුදු :- බැහැර කිරීමෙනුත්. (පච්චක්ඛාන- පසකන - පසකින - පසකිම - පසකීම) පසතරණ :- ආසනවල අතුරන ඇතිරිලි. (පච්චත්ථාරණ - පසතරණ)
229 සිඛවලඳ ප්රිදීපය
පසකු :- බැහැරකළ. (පච්චක්ඛාත - පසකුය - පසකු)
පසතු :- (පසත්ථ - පසතු)
පසුදුරා :- පච්චුඞරණය කොට.
පසුදුළසඳ :- පච්චුද්ධරණය කළ කල්හි. ඉමං සඞඝාටිං අධිට්ඨාමි, ඉමං උත්තරාසඞඝං අධිට්ඨාමි යනාදී විසින් ඒ ඒ සිවුරු විශෙෂවල නම් කියා ඒවා පරිහරණය කරන්නෙමි, යි සිතින් සිතා ගැනීම අධිට්ඨානය නමි. සිවුරු ආදිය ඒ අධිට්ඨානයෙන් වෙන්කිරීම පච්චුද්ධරණය නම් වේ. කදුසික ටීකාවේ 57 වන ගාථාවට ලියූ විස්තරයත් බලනු.
පසුල් :- පංසුකූල. පස් මෙන් නොවටනා දෙයක් සේ සලකා ඉවත දැමූ රෙදි කැබලි ආදියත් එයින් කළ සිවුරුත් පංසුකූල නමි.
පසුල් ඝඤ්ඤයෙන් :- පංසකූල සංඥායෙන්.
පසවන වසාවන්නෙ :- පසුවසෙහි පස්විසියැ යුතුය. මසක් ඉක්ම ගිය වස්සාන සෘතුව පසු වසන (වස්සාන - වසන) “වසා” ශබ්දය වස්ස ශබ්දයෙනස් ආයේය. (වනුයෙ - වත්යෙ - වන්නෙ)
පහණපෙණ :- ගල්පෙණ, ගලින් තැනූ අල්ලක් වැනි උපකරණය. නෑමේදී පාවිච්චි කරති.
පහන :- ගැසුවොත්
පහණ කබල ආදී :- පහනක් වෙනුවට ගිනිදල්වන කබල.
පහරනෙයිජු :- ගැසීම ද.
230 සිඛවලඳ ප්රවදීපය
පාතටු :- පාත්රැය තබාගෙන වළඳන ආධාරවිශෙෂයකි. ධම්පියා අටුවා සන්යඛයෙහි “බුදුනා පා තබන්නට පයෙක්ල” යි කියනලදී (මුද්රිවත පොතේ 185 පිට) ආසිත්ත කූපධාන, හඟලාතටු, පෙළා යන නමුත් මේ පත්රි තැටියම හඳුන්වයි. “ආසිත්ත කූපධානංනාම තම්ඛ ලොහෙනවා රජතෙනවා කතාය පෙලාය එතං අධිවවනං” යි විනය අටටුවාහි (හේ. වි. 893 පිට) කීහෙයින් ආසිත්ත කූපධානයත් පෙළාවත් දෙකම එකක් සේ ගණන් ගත යුතුය. ඉස්සර ආහාර උණුසුම් ගන්වනු සඳහා ලොකු බඳුන්වල කැඳ ආදී ඉක්මනින් නොනිවෙන උණුකළ ද්රවවවර්ගඳ වත්කොට ඒවා උඩින් ආහාර බඳුන් තබනු සිරිත් විය. එසේ උණුසුම් කැඳ ආදිය වත්කර තබන ලොකු බඳුන් විශෙෂය පෙළා නමි. දෙමළ “පෙළෛ” ශබ්දයත් මේ අර්ථබයම දෙයි. අනුරාධපුරේ පැරැණි දළදා මාලිගාව ළඟ තිබුණු දාන ශාලාවත් “මහපෙළ” නමි. එයට ඒ නම යෙදුනේ එහිත් විශාල පේලාවන් තිබුණු හෙයිනි. පේලා බෙහෙවින් සිව් රැස් කොට අටරැස්විය. ලොහවර්ග , මැටි, වැල්, පතුරු යනාදියෙන් තනන ලදී. ඒවා සාදන්නෝ දඹදිව මැදුම් පියසෙහි පමණක් විසූහයි විමති විනොදනී කාරයන් කියතත් ඒවා ලක්දිවත් තිබුණු හෙයින් එහි සත්යනයක් ඇතැයි නොසිතේ. ආසිත්ත කූපධාන යන නාමයට හේතු වූයේත් ඒ බඳුන්වල කැඳ ආදිය වත්කර තැබීමය. “බුදුනා පා තබන්නට් පයෙක්ල” යන ධම්පියා අටුවා සන්යී පාඨයෙහි පෙනෙන “පයෙකද්ල” යන්නෙන් අදහස් කරනු ලබන්නේ පාත්රාීත්ථිෙය නොවේ. පාත්ර්යක් උඩ පාත්ර යක් තබාගෙන වළඳනු සිරත නො වන හෙයිනි. ඒ පා ශබ්දය පත්ත ශබ්දයෙන් නොවැ පාද ශබ්දයෙන් ආයේ යයි සිතනු යුක්ති සහිතය. එවිට පාත්රනය හෝ බඳුන හෝ තබාගෙන වැළඳීමට උපකාරවන යම්කිසි ආධාරයත් පැතැටි නාමයෙන් හැඳින්විණැයි සැලැකිය හැකිය. උඩරට පළාත්වලැ
231 සිඛවලඳ ප්රිදීපය
අනුභවකරන ආහාරබඳුන් තබා ගනු පිණිස සකස් කරනලද සේරක්කාලිය, කුරුඅඩිය, පැස්පෙට්ටිය හෙවත් වටපෙට්ටිය යන නම්වලින් හැඳින්වෙන උපකරණ තුනක් ඇත්තේය. එයින් සේරක්කාලිය අධිපතින්ගේ ගෙවල්වල තිබුනේය. ලෝහයෙන් සෑදු සේරක්කාලිය අදත් නුවර කටුගෙයිදී දැක්කහැකිය. මධ්ය ම පඞක්තියේ අය කූරු අඩිය මත තබාගෙන අනුභවකළහ. එය වේවැල් වලින් සාදනලද්දකි. එය බුරුම පාත්රන අඩියක හැඩය දරයි. ඇතැම් විට මැදින් එකට අල්ලා බඳනාලද විහිදීගිය කකුල් තුනකින් යුක්තය. පැස්පෙට්ටි හෙවත් වට පෙට්ටි පහත් පඞකතියේ අය පාවිච්චිකරති. එය දුනුකේ ආදියෙන් කදිමට වියා තිබේ.
පාත්පමුණුවා :- පහතට දමා
පාදුකා :- වැසිකිළිවලැ කැසිකිළිවලැ පයතබා ගැනීමට ගඩොළු ආදියෙන් සාදනු ලබන කුඩා පඩිය. එය සමහරවිට පතුළේ ස්වරූපය ගෙන සිටී. උස්සාවපාදුකා වච්චපාදුකා වශයෙන් පාදුකාවෝ දෙ වර්ගනයක් වෙත්. පාදුකා නාමය ලැබුනේ පය තබාගැනීම සඳහා පාදුකාවක ස්වරූපයෙන් කළ හෙයිනි.
පාචරිය සඟවෙසෙස් :- තමහට මෙවුන් දමින් මෙහෙ කිරීමෙහි ඇති අනුසස් ස්ත්රිායක් සමඟ කීමෙන් සිදුවන සඟවෙසෙස් ඇවැත.
පරිහට්ටකතා :- දායකාදීන්ගේ දරුවන් වඩා ගැනීම් ආදියෙන් මව්පියන් සතුටුකිරීම.
පාවර :- පීනනවිට ජලයට පා පහරදීමේ වාරය
පාසාගතය :- පාසස්ස අන්තො, දසාමුලන්ති අෙත්ථායයි විනයත්ථග මඤ්ජුසායෙහි කීහෙයින් පාසාන්තයත් දසා මූලයත් දෙකම එකක් සේ ගණන් ගත යුතුය. බුදුන්
232 සිඛවලඳ ප්ර දීපය
කල පටියේ දසායෙන් බඳිනු සිරිත් වූ හෙයින් පටියේ දෙ කෙළවරම හෝ එක්කෙළවරක අමුතු රෙදිපටි කැබලි දෙකක් අල්ලන්නට ඇත. එයින් එක් කෙළවරක ඇල්ලූ රෙදිපටිය පාසයක් මෙන් සකස් කරන ලදී. ඉතිරි කෙළවරෙහි වූ රෙදිපටි කැබැල්ල ඒ පාසයෙහි දමා ගැටගසන්නට ඇත. දැන් තිබෙන බුරුම පටි මේ පැරැණි ක්රලමය අනුව සාදා තිබෙන බව පෙනෙන්නට තිබේ.
පැක්කෙ :- පිසනලද දෙය. (පැකියෙ - පැක්යෙ - පැක්කෙ)
පැටවීම :- සංසිඳවීමත් සැඟවීමත් දෙකම පැටවීම යන්නෙන් අදහස් කරන ලදී. ඉරියව් සංසිඳවීම- ශාන්තදාන්ත කිරීම ඉරියව් පැටවීම නමි.
පැටකෙරෙ එවු පැටිකරවා එවු :- තෙමේ සඟවයි හෝ වේද අනුන් ලවා සඟවයි හෝ වේද.
පැන්කෙම :- ජලය ඇති කුඩාගල් පොකුණ
පැන් පවස්නටජු :- පැන් පිපාසයට ද,
පැන් පවස්මාත්රාද :- පැන් පිපාස මාත්රදයක්
පැරැහු :- පෙරනලද. “පරහ” දයින් නිපන් අතීත කෘදන්තයි.
පැවරිවූවහු :- අත්පසට ගෙනා යාවකාලික ආහාර ප්රනතිෙක්ෂනප කළ භික්ෂුවව විසින් (පවාරිත - පැවරිය - පැවැරි)
පැවරිසිඛය :- පවිති කාණ්ඩයෙහි සොළොස්වන ශික්ෂාැ පදය පවාරිත ශික්ෂාිපදය.
පැවරුවත් කෙරෙන් ලද්දෙය :- වුවමනා යමක් ඉල්වනු මැනවයි පැවැරූ අයගෙන් ලත් දෙය
233 සිඛවලඳ ප්රගදීපය
පැවිජ්ජා :- පැවිද්දා විසින්. ( පැවිජියා - පැවිජ්ජා - පැවිජ්ජා)
පැස් :- නොයෙක් ආකාර ඇතිවැ වේවැල් ආදීයෙන් සාදනු ලබන කූඩ විශෙෂයක්. තෙල් මණ්ඩි මිරිකන පැස දික්මල්ලක හැඩයගනී.
පැහැරැදු :- වැදීද පැලවී:- පසළොස්වක හෝ මාස්පෝය ගිය පළමු වනදා (පාටිපද - පෑළවිය - පැළවී) පෑළවිය පුර අව වශයෙන් දෙ පරිදි වේ. මාසේ පෝය ගිය පළමු වනදා පුර පෑළවියත් පසළොස්වක ගිය පළමුවනදා අව පෑළවියත් වන්නේය.
පිටිහු ආදියැලු :- පිටි සහ සුප ආදිය දැමූ (සූප - හුවු - හූ)
පිටුමුවා (මල්දම්) :- පිටිවලින් කරනලද මාලාදාම.
පිඩිමස් :- කෙණ්ඩ මාංසය “ජඞඝ” යනු පාළි නාමයයි. ඇස්වටයටත් දනිස්සටත් අතර හරිය ජඞඝානමි.
පිඩුවා :- පිණ්ඩපාතය (පිණ්ඩපාත - පිඩුවය - පිඩුවස් - පිඩුවා)
පියාගියා :- අතහැර ගිය දෙය
පියැලි තුඹු :- වස්ත්රද සහ ඊයම් - මේ පියැලි ශබ්දය පිලොතිකා ශබ්දයෙන් ආහැකිය. (පිලොතිකා - පිතැලිය - පියැලිය - පියලි, තුඹු යනුව තිපු - තුඹු)
පියාදු :- පිහාටුද. (පත්ත - පිය)
234 සිඛවලඳ ප්රඹදීපය
පියල්ලක් එවූ :- පරණ රෙදිකඩක් හෝ
පියවි ගෙහිදු :- වැසිකිලියෙන් ඉවත්වැ අතපය ශුද්ධ කරන ගෙහිදු යනු අර්ථහයි. පියවිගෙය යනුව සික්ඛාපද වලඤ්ජනයෙහි “පකතීගෙහ” යි පෙරළා තිබේ. ශරීර කෘත්යයයකොට අතපය ශුද්ධකරන ගෙහි සිටින විට සිවුර ඉවත්කරන හෙයින් එසේ පෙර ළන්නට ඇතැයි සිතේ. පස්සාව - පුහවි - පුයවි - පියවි) තවත් සොයනු. 110 පිට බලනු
පියෙන් බැහැර සිට :- පාතබන පාදුකායෙන් (පාදුකා - පිය)
පියොල්හි :- ප්රරයොගයෙහි (ප්ර්යොග - පියොල්)
පියෝ :- ප්ර යෝගය (පයොග - පියොවි - පියෝ)
පිරික්සියැ යුතු :- පරීක්ෂාගකළ යුතුය. (පරීක්ෂිටතුං පිරික්සියැ).
පිරිකපා :- පරිචේඡද කොට , සිතින් නියම කොට යනු අර්ථංයි. (පරිකප්පෙත්වා: - පරිකපය - පිරිකපය් - පිරිකපා) අමුතුවෙන් යමක් ගැන සිතීමත් පරිකල්පනයකි.
පිරිකරසොළ :- පරීෂකාර වස්ත්රි (වොල - සොළ) සිවුරු ආදිය අධිෂ්ඨාන කිරීමේ ක්ර මයක් සිවුරු පිරිකර ඒ ඒ නම් වලින් වෙන වෙනම අධිට්ඨාන කළ විට අධිට්ඨිත පිරිකරහැර වෙන පිරිකරක් නියමිත දින ගණනක් පරිභොග කිරීමෙන් නිසැගි වෙතත් පිරිකර සොළ වශයෙන් අධිෂ්ඨාන කළ කල්හි නිසැගි නොවේ.
පිරිකෙවුජු :- පරිෙක්පෙයද - ආරාමාදියත් වටා බඳනා වැට හෝ තාප්පය පරික්ඛෙප නමි.
235 සිඛවලඳ ප්රිදීපය
පිරිබෝකරන :- පරිභොග කරන.
පිරිම්නි :- බ්රාපග්මණ ශබ්දය දෙමළබසට යනවිට “ජිරාමණ” රූපය ගනී. සිංහල ‘පිරිම්නි” ශබ්දය ඒ දෙමළ රූපය ප්රිභවකොට ඇත් සේ පෙනේ. (පි - රාමන - පිරිම්නි - පිරිම්නි).
පිරිම්නිනජු :- පිරිමින්ද, (පිරිම්තින + ජු ) පිරිම්නි ශබ්දය කම් විබත් බුහුබස් ගත්තැනි.
පිරිමට :- අතගෑවොත්. (පරාමට්ඨ - පිරිමට)
පිරියෙස්නාදි :- සෙවීමාදි. ( පිරියෙසන - පිරියෙස්න)
පිරිවහා :- කාටපාඩමින් කියා පිරිවහය ශබ්දය සාමාන්ය හැදෑරීම් අර්ථවයෙහිත් වැටේ. “පිරිවානා පොත” යනාදියත් සිහිකරනු.
පිරිවැටෙන දොර ඇති :- වසාලිය - පියාලිය හැකි දොර ඇති. (පරිවත්තන - පිරිවැටෙන)
පිරිවෙන් :- අවටින් තාප්පයකින් වටකරන ලද ආවාසය, මිදුල්, කුඩා කුටි, ප්රටසාද යන අර්ථලයන්හි වැටෙන පරිවෙණ ශබ්දයක් ඇත්තේය. මේ ධර්මට ශාස්ත්රානදිය ඉගැන්වීම නිමිතිකොට නිපන් පිරිවෙන් ශබ්දය විද්යා.ලයවාචක වන්නේය. “පරි” පූර්වක වහ (පිරිවහ) ධාතුවෙන් නිපන් “පිරුවන” යන්න පසු කාලයකදී ප්රා සාද වාචක පිරිවෙන් ශබ්දය සමඟ පටලවා ගැනීමෙන් ඇතිවුණු පැටලිල්ල තවමත් බල පවත්වන බැව් පෙනේ.
පිරිවෙස් :- සඟවෙසෙස් ඇවැතට පැමිණි භික්ෂුබව විසින් එයට දඬුවම් විඳිමින් “පිරිවෙස්” නමි.
236 සිඛවලඳ ප්රරදීපය
පිරිසෙ :- පරිචේදය (පරිචේදක - පිරිසෙය - පිරියෙස් - පිරිසේ - පිරිසෙ)
පිරිහුන් :- පරිපූර්ණ (පරිපුණ්ණ - පිරිපුන් - පිරිහුන්)
පිළින :- පොරොන්දුව (පටිඤ්ඤ - පිළිඤ - පිළිත)
පියඹුරු :- විසඹුරු යනුත් ශිලාලේඛන පාඨයි. චාමරයක සටහන් ඇති නිල්වන් සෙවෙල් විශෙෂයකි. “පණක” යනු පාළිනාමයයි. පණකංවා, දියමැලි හෙවත් පිසඹුරු යනු ඡද්දන්තජාතක ගැටපද පාඨයි.
පිසපියා :- පිසදමා
පිළිග්හු :- පිළිගතැ යුතු දෙයක් නොපිළිගත් බව දැනැ, ඔසවා ගැනීම උග්හු නමුත් එය බිම තබා හෝ නොතබා අනෙකකු ලබා නැවත පිළිගන්වා ගැනීම පිළිග්හු නමුත් වන්නේය.
පිළිත්තෙහිදු :- ඉස්තෝප්පුවෙහිත්. (පීඨ - පිළ පිළම පිළත තකාරය ස්වාර්ථයෙහිය. නොහොත් පිළේ කෙළවර පිළත නමි. එසේ ගතහොත් පිළ + අත පිළත යි සිටිය යුතුය. ( පිළතය - පිළත්ය - පිළත්ත) පිළස්හි යනුත් මේ අර්ථීයෙහිම යෙදේ. (පිළත්හි - පිළස්හි)
පිළිදෙස්නි :- පාටි දෙසනීය. ස්වාමිනි මම ගර්හාහ කළයුතු ඇවැතකට පැමිණියෙමියි දෙසියැ යුතු ඇවැත් විශෙෂය තත්ත්ව යෙන් පව්ති දුක්කට අතරෙහි සිටින බව පෙනේ.
237 සිඛවලඳ ප්රනදීපය
පිළිපයා :- අන්යයයකුට භාරකොට “දොර නොපියා නොපිළිපයා යනු නිදසුනි. තමා දොර නොපියා එය වසන සේ අනෙකකුට භාරකිරීම පිළියැපීම නමි. (පටිපාදෙත්වාෙ - පිළිපයය - පිළිපයස් - පිළිපයා)
පිළිපසජ්වේ :- සංසිඳෙයි, කැඩෙයි.
පිළිබැජ් යෙහිදු :- ප්රිතීබඬයෙහිත්. (පිළිබැජියෙහි - පිළිබැජ්යෙහි) පිළිබැජි යනුව “පටිබඬ” ශබ්දයෙන් ආයේය.
පිළියැනියො :- විරුඞකාරකයෝ. (පච්චණීක - පිළියැණි)
පිළිවහණ :- පළිඟු. (එලිකපාසාණ - පිළිපහණ - පිළිපහණ)
පිළිසන් වූවා :- සඟවන ලද දෙයක් (පටිච්ඡන්න පිළිසන - පිළිසන්)
පිළීසෙව්වාවෙ :- සඟවන ලද්දේ වෙයි. පිළිසෙවු + වා - පිළිසෙව්වා) පිළිසෙවු යනුව පටිච්ඡාදිත ශබ්දයෙන් ආහැකිය.
පිළිවැටිදු :- අඹරවා ගත් වස්තු ද, (වට්ටි - වැටි)
පියස් :- පිසාව
පිහිට්වන :- (පිහිටුවන - පිහිට්වන)
පී :- දමනලද (පියූ - පිය් - පී)
පීකෙත්හිඳු :- අතහරින ලද කුඹුරුවල ද,
පීවා :- පසුම්බිය. (පසිබ්බක - පිහිවය - පිහිවා - පීවා)
පුප්පා :- පිටට නෙරවා (පුපුවා - පුප්පවා - පුප්පා)
238 සිඛවලඳ ප්රුදීපය
පුප්නා :- පිපෙන්නා වූ පුප්දයින් නිපන් වර්ත මාන කෘදන්තයි.
පුප්වළැ :- වැසිකිළි වළෙහි. මේ පුප් ශබ්දය වර්චස් කියයි (පුප්ඵ - පුප්)
පුප්ජි :- මලුත් (පුපුජු - පුපුජ්)
පුළුජු :- හබලපෙති ද (පුථුක - පුළු)
පුළුප්හකුරු :- පොල්හකුරු. (පුලුපු - පුලුප්)
පුවතත් :- ප්රපකෘති මහණකම ඇති (පකතත්ත පුවතත්)
පුවරුපෙළුදු :- තුනී ලී පතුරු එකට අමුණා කළ සිවුරු දාරුවීරිය ස්ථවීරයන් වහන්සේත් එවැනි සිවුරක් පාවිච්චි කළහ. මෙහි පෙනෙන “පෙළු” යනුව “පිළී” ශබ්දයාගේම විකෘතියක් සේ පෙනේ. මේ පොතේම 68 වන පිටුවෙහි පුවරුපිළි, යි එන හෙයින් හෙරණසිඛ විනිසෙහි 121 පිටේ පුවරුපෙළි කියාත් වෙයි. පෙළබසෙහි පුවරුවාචී “ඵලක” ශබ්දයත් ප්රේසිද්ධය. (පදර - පුවරු)
පුස් :- දැහැටි ආදියෙහි සෑදෙන පුස්.
පුසකළ :- විචෑරීම කළහොත් (පුච්ඡා - පුස)
පුසන් :- මල පහකිරීමෙන් පසුව කසලමාර්ග්ය ශුද්ධ කරන ඉරටු ආදී කූරු. (පුඤ්ඡන - පුසන - පුසන්)
පුහුන් :- පීදුණු “වදන පොදන” ආදිය ගැනත් සලකනු.
පූකරණීය :- සඞඝයා ආරාමයට එන්නට ප්රදථමයෙන් කළයුතු අතුපතු ගෑම් පැන් පෙරහා තැබීම් ආදී කටයුතු. (පුබ්බ - පුබ - පුර්ව - පූ)