සිඛවලඳ හා සිඛවලඳ විනිස - සිඛවලඳ විනිස iii

Wikibooks වෙතින්
Jump to navigation Jump to search

මෙහි වෙළුදානං යන කුලසඞ්ග්ර හ කරනු නිසා රණ හුණුදිමි. සෙසු දඬු හුණාදී දීම් වෙළුදානහි මැ ගැනේ3-

පත්තදානං යනු තල්පත් තලපත් ආදී දීම්-

පුත්ථාදානං යනු සුවඳ ඇති නැනි මල් දීමි. ඵලදානං යනු විලිකුන් නො විලිකුන් කුදු මහත් පක් දීමි. දන්නකඪදානං යනු දැහැටි දඬු දීමි. මුඛොදකදානං යනු දැහැටි දඬු දීමි. මුඛොදකදානං යනු මුහුණ දෝනට4 හුණුදිය සිත්දිය5 දීම්. සිනාන දානං යනු සෙසු දිය දීමි. චුණ්ණදානං යනු මහරිසුනු ආදී දීමි. මත්තිකාදානං යනු පියවි මැටි තිල් මැටි ආදී දීමි-

චාටුමකම්යආතා යනු උපාසකයන් හුවා තමා ලාමකවැ වැටෙන වැටීමි-

මුග්ගසුපත්යීතා යනු හිවූ මුඟු නො පැසෙන මුඟු මඳ සෙයින් තතු මඳ කොටින් ඇඹුල බොහෝ කොටින් කීමි-

පාරිගට්ටකතා යනු කිරි දැසක සෙයින් කුලදරුවන්ඔර ලන ආදී විසින් ඇධැරීමි6-

ජඞඝපෙසනිකම්මං යනු අස්නෙකින් මෙහෙයුවාක්හු සෙයින් එගෙන් එගෙට ඊමි-


1. මුග්ගසුප්පතා. 2. පහීණකම්මං, පහීනගමනං 3. වෙළුදානම් හෙ ගැණේ. 4 දෝනාහට. 5. සිල්දිය. 6. ආදර කිරීමි, ඇදැරීම් 92. සිඛවලඳවිනිස

වෙජ්ජකම්මං යනු පිළියම් කිරීමි. පස්සහධැමියහ, දෙමාපියහ, දෙමාපියන්ගේ තමාගේ මෙහෙකරුවහ, තමා තිසූ නො නිසූ නිවහල්ලහ යන මෙතෙක් දෙනා තබා සෙස්නට පිළියම් කරත් කියත් දුකුළා වෙ-

දුතකම්මං යනු හසුන්පත් ගෙනැ යන එන කැමි-

පහෙණගමනං යනු කෙත්වත් ආදී තැනට මෙහෙ යුවහුගේ ගමනි-

පිණ්ඩපතිපිණ්ඩදානං1 යනු ලාභ කැමැති වැ එ ළු කුල වැස්සනට පිඬු දීමි-

දානානුප්පදානං යනු ලාභාශායෙන් අත්ලස් දීමි--

වත්ථූුවිජ්ජා යනු ළිඳු පොකුණු ගෙවතු ආදී කැණියැ යුතු තැන් දන්නා විජ්ජා යි-

නක්ඛත්තවිජ්ජා යනු නකත් දන්නා විජ්ජා යි-

අඞගවිජ්ජා යනු අඟපසඟහි ලකුණු දන්නා විජ්ජායි -

නොනෑ නොපැරූවන් විනවා ගත් පස දු රන්රිදී ආදී ඉවසා ලන පස ජ් අයප තෙපුලෙන් එළවූ ගම් ආදී ඉවසා ලන පස ජ් අයප තෙපුලෙන් වැව්හි පස් වඩනා ලියැදි බඳනා යනාදී2 කොටින් ලදු පස ජ් කුහනා ලපනා තෙමිත්තකතා නිප්පෙසිකතා ලාහෙන ලාභං තිජිගිංසතතාදී විසින් ලද පස් ජ් වැළඳුව උකුළා වෙ-

මෙහි කුහනා නම් ‍ලාභසත්කාර උපයනු නිසා අපිත් සතොස් බඳුවැ මනා3 පස පිළිඛෙව් කොට නපුරු පස වළඳන මන පස නො වළඳනා බවකින් විස්ම කිරීම්, පරියායෙන් තමා කෙරෙ නැති උතුරු මිනිස්ධම් ඇති බඳු කොටැ දැක්වීම්: බුහුමන් කැමැති වැ ගමනාදී ඉරියවු පැටවීම් යන මෙසෙසින් තුන් වැදෑරුම් වෙ-

1. පිණ්ඩපති පිණ්ඩං 2 වැව්හි පස් ඔව යන ආදී, ලියදි බඳව යනාදී, වැව්හි පස් වඩන ලියැදි බඳන යනාදි. 3 මද, බොහෝ.

93 සිඛවලඳවිනිස

ලපනා නම් පස උපයනු නිසා තමා හුවා එව් උපාසකයන් හුවා එව් පොලඹනු විසින් එව් බිණීම-

නෙමිත්තකතා නම් තමාහට පස එළවන සෙයෙකින් කා විසින් සලකුනු කිරීමි-

නිප්පසිකතා නම්‍ මෙසෙ වුව මට පස උපද්දී සිතා අනුන් ගුණ මකා බැණැ පස ඉපැදැවීමි -

ලාහෙන ලාහං නිජිගිංසනතා නම් එකක්හු කෙරෙත් ලද්දා මෙරමාහට දී මෙරමා ‍කෙරෙන් ලද්දා මෙරමා හට දී පස ඉපැදැවීම් - මෙ බුදුන් වැරූ තාක් පස පස් සගධැමියනට ද නො වටී-

20 නිසපිළිබැඳි වැ නිස නො ගෙනැ වෙසේ නම් දුකුළා වෙ-

මෙහි නිසපිළිබැඳි නම් උනුපස්වැසි වැ නො වියත් වූයේ යි. පස්වස් වැ වියත් වුව නිස නො ගත වරජ නැති මෙහි වියත් නම් යටත්පිරිසෙයින් අරුත් හා බැජුත් සහිත කොටැ දෙමා පිරිවහා පොහො බණ කියන්නට සුතතින්1 සතර බණවරකුදු සපත්තානට බණ කියන්නට වතකුදු මඟුල, වමඟුලෙහි අනුමොවනාට2 රුවන් සුත් මහමඟුල් යුත් තිරොකුඬු සුත් යන මෙ තුන් රුවබන් සුත් මහමඟුල් සුත් තිරොකුඬුසුත් යන මෙ තුන් සුත ජ්, පොහො පවුරුනු ආදී දන්නාට කම්මාකම්විනිස යි ජ් මහනුවම් කරන්නට අරහත්පල දක්වා පවැති කමටහන ජ් නම් රූ විනිසයි. ජ් උගත්තේ වියත් නම්. මෙසේ වියත් නොවුව තමා දිවිහිමියෙන් සැලජැ නිස දෙන්නට නිසි අදුරක්හු නිසා වසත්වටී. නිසදෙන්නට නිසි ඇදුරා උභතොවිහඬග කමා’ කම් විනිස යැ කුදුවත සඟින් එක් පොතෙකැ යන මෙතෙක් බණවර පිරිවහා අපත්ති අනාපත්ති දත වටී. මෙ‍ පොත් සඟා නො අරා ගිය කල කි බැවින් දැන් පොත් සඟා කළ සඳැ


1. සුත්තින්. 2. අනුමව්නාට 3. අනුමොව්නාට 94 සිඛවලඳවිනිස

ආපත්ති ආනාපත්ති දැනැ මෙ ඇදුරහට කී තාක් බණ ‍අස පොත් බලා කියැ හොත් නිස දෙත් වජ්ජාවජ්ජ කම්ම කරත් වටී යෙත් ල-

තිසි දෙන ඇදුරා මහලු වුව නිස ගන්නා සඳැ සකසා හැඳැ පෙරවැ උක්කූටුකයෙන්1 හිඳැ අඤ්ජලී පගෙනැ, ආචරියො මෙ භන්තෙ; හොහී අයසම්මතො නිස්සාය වච්ඡාමි” යි තුන් යලක් කියා අයජ ගන්නේ. සඟ වුව ආවුසො” යනු -

වත් තෙරුන් කෙරෙ නිස ගෙනැ වසන්නාහට පස් සෙයකින් නිස පිළිපසජ් වෙ1 හේ කවර? යත්; බැහැරයීයැ, ගිහිවීමැ, කලුරිය කිරීමැ, තිථබවට ගිය බවැ3 ඇණැයීමැ යන මෙ පසයි. ඇදුරු තෙරුන් කෙරෙ නිස ගෙනැ වසන්නාහට පයෙකින් නිස පිළිපස ජ් වෙ, හේ කවරැ? යත්:- බැහැර යීමැ, ගිහිවීමැ, කලුරිය කිරීමැ, තිථබවට ගියබැවැ, ඇණැවීමැ, වත් තෙරුන් හා එක්වීමැ යන මෙ සය යි -

මෙහි බැහැර යීම් නම් ලග්නා නිසා උවසර සිමින් බැහැර යීමි. උවසර සිම් නම් පිරිඛෙව් ඇති වෙහෙර පිරිඛෙව් නැති වෙහෙර අවසන් සෙනස්නෙන් එව් මහසෑ මහබොයට වෙත් ගෙන් එව් දෙලෙඩුපායෙකි. තිථබවට ගිය බැව් නම් තිත්ථිවය පක්කන්තක බැවි. ඇණවීම් නම් මා නිසා නො වසායි කීමි. මෙසේ කි සඳැ දෙදෙනා අතුරෙන් එක් කෙනෙකුද් නො පියැටිවූහු නම් නිස පිළිපස ජ් නොවෙ. නො කරුණෙහි පණමනා කළ ඇදුරු ඉවත් තෙරණට දුකුළා වෙ. පණමනා කළ සඳැ නොකමැති වුව අතවැසිසැකැරියනට4 දුකුළා වෙ. ඇදුරු වත් තෙරු ඉදින් කිම් නොගතිත් නම් ඔවුනට හිතයන් කරා එළැබැ සමසකුදු වුව කමවන්නට තැත් කටයුතු. වත් තෙරුන්එක් වීම් හා නම් ඔහුන් දුටු බැව්-



1. උක්කුටිකයෙන්. 2. පිළිපසද - පිළිපසිදු. 3. බවැ. 4. සිරියනට, අතවැසි සැකැරි සිරියනට


95. සිඛවලඳවිනිස

21 අනුදත්තනට තබා සෙස්සනට පිළියම් කියා නම් කෙරෙ නම් කරවා නම් දුකුළා වෙ -

හේ කෙසෙනි? යත්;- මහණ, මෙහෙණ, සික්මන්, හෙරණ, හෙරැණි, යන මෙ පස්සහ ධැමියනට ජු දෙමාපියනට ජු ඔවුනට මෙහෙ කරන මිනිස්නට ජු මහනුන් නිසා වසන්නා හට ජු තමාගෙ මෙහෙකරුවනට ජි තමාගේ අයතින් එව් සිඟාගෙනැ එව් පිළියම් කරත් කරවත් වටී-

22 සාපත්තික වැ දැනැ දැනැ පොහෝ පවුරුණු කෙරෙ නම් දුකුළා වෙ. සඟවෙසෙස් අරොජා තිබුව ලහුකාපත්ති මලියෙහි ලා සඳහන් කළ මෙයිත් නැගී දෙසම් පොහොදු පවුරුණුදු කරත් වටී.

23 දොරබා දොරවටු පිරිවැටෙන දොර ඇති සෙ‍නස්නෙහි දොර නො පියලා දොර බලා යි නො පිළිපයා බික්සඟ කෙනකුන් එව් ගිහි මිනිස් කෙනෙකුන් එව් ඇත මොහු රකිත් නො යන අ‍ාහොග නො කොටින් දහවල් බැසැ හොවී නම් දුකුළා වෙ. මෙ කී දොරවටු ආදිය එක්තරාක් නැත එව් ඇති දොර නො පියා ලියැ හැකි වුව එව් හිරු ආවාමට1 ගිය සඳැ එව් බැසැ හොත වරජ නැති-

24 මුතු මැණික් ආදි හැම රුවනු දු සාලි2 විහි යනාදී හැම ධඤ්ඤයි දු මාගම්සැටි පොත් රූ දු2 සිත්තම් රුහුදු යටත් පිරිසෙයින් මාගම අතැ ලු තල්පත් මුඳු කනැ තුබු පතාදී පලඳනා දු යටත් පිරිසෙයින් සියරොදු4 ආදි අවුස් බඬු දු දුනුදිය කාල්5 පලී ආදී හැම ආවුධ බඬු දු ගස්හි තුබූ කෑයුතු පකාපැකි ජු පහරමී යන සිත් ඇති වැ පිරීමට දුකුළා වෙ. පක් ඇති ගස් එල්බැ එව් වැතිරැ එව් සිටිය හුන වරජ නැති. පක් බිඳැ ගන්නා අනුපසපනක්හට අතු නමා දෙත් වටී. තමා වළඳත් අතු නමා දෙනු නො වටී-


1. හවාමට. 2. සාල් 3. පොතුරුදු, පොත්රුහුදු 4. සියල්රූ, සියල්රුදුරුවා, සියල්රුදු. 5. කෝල්.

96 සිඛවලඳවිනිස

හැල් වී වරා නිරි1 ආදී පුබ්බණ්ණයි ජු උඳු මුං තල කලත් කොමඬු පුසුල් ආදී අපරණ්ණයි ජු රැස් කොටැ තුබූ උඳු මුඟු ආදී අපරණ්ණයි ජු පහරිමි යන සිත් ඇති වැ පහරී නම් දුකුළා වෙ-

25 පෙණහෙන් එව් අත්පොණෙහෙන් එව් දියමුසු හිටිමුසු තෙලින් එව් හුදු තෙලින් එව් හිසකෙස් මට කෙරෙ නම් දුකුළා වෙ. හිව් සිටි කෙනෙ තෙත් අතින් මට කොට හොවා නම් වරජ නැති-

26 දෙපැවිජි කෙනෙක් එක් හැ‍ඳෙකැ හොවිත් නම් දුකුළා වෙ-

දෙපැවිජි කෙනෙක් එකක් අතුරුවා3 අතුරෙ සැරයටි ආදිනෙන් නො තොර හොවිත් නම් දුකුළා වෙ. දෙදෙනා එකක් පෙර වැ හොවිත් නම් දුකුළා වෙ-

27 එක් බජනෙන්3 දෙදෙනෙක් බුදුත්4 නම් දුකුළා වෙ-

28 වඩු අඟුලෙන් අටගුලෙන් වැඩි සතරඟුලෙන් උනු දැහිටි5 කා නම් දුකුළා වෙ. මියෙහි සප් ආදී සන්නිධි වතක් එව් සැතපී සඳැ අමිස් එව් නැත දැහිටි නො කෑව වරජ නැති-

29 නටනු එව් ගනු එව් වයනු එව් බලයි ජු නම් අසයි ජු නම් යොදනු යොදවනු කෙරෙ නම් දුකුළා වෙ-

මෙහි යටත් පිරිසෙයින් මොනොරනැටුමු ජු නැටුම් නම්. බණ මුසු ගි ජු ගී නම්. දිය‍බොකු අතොනයි ජු6 වයන නම්-

නටනු ගනු වයනු බලන්නට ගිය අසන්නට ගිය පියවරැ පියවරැ දුකුළා වෙ. බලන සඳැ අසන සඳැ පෙරැළි එව් පහ වැ එව් පුන පුනා බලා නම් පියවරැ පියවරැ දුකුළ වෙ-


1. තිරි. 2. අතුරා 3. බජනෙකැ. 4. බුදුත් 5. දැහැටු 6 අන්නෙයිජු අන්තෙයිජු. 97 සිඛවලඳවිනිස

නටනු ආදියෙන් පුද කරම්හ යි කිව මැනැව යි එව් පුද කරවයි එව් කියත් නො වටී. බුහුදු පුදයට නිස්සහ යි එව් පුද කරනු කටයුත්තේය යි එව් කියත් වටී. අරමැ යෙදූ නැටුම් ආදී එව් තමා සිටි තැනට ‍ඇරැ යෙදූ නැවුම් ආදී එව් බලත් අසත් වටී. පෙරමඟට ගෙනෙන්නා නො සිටැ බැලුව වරජ නැති. අනික් කරුණෙකින් ගිය තැන්හි එව් ආපදායෙකින්1 ගිය තන්හි එව් නටනු ආදී බලත් අසත වටී-

30 කොඩවරති ජු පවුරෙති ජු බැහැරැ හසර2 ඇති තැනැ සුලුදියටනු එව් මහදියටනු එව් කසළ එව් එක්තරාක්හි3 ඉඳුල් දිය ආදිය එව් පියා නම් පියොව්හි දුකුළා වෙ-

අනුන් ලබා පියවන්නට කම්සන් ඔතා සඳැ තෙප්ලෙහි තෙප්ලෙහි4 දුකුළා වෙ. හසර නැති තැනැ එව් ඔබ්බේ සිටි කෙනෙකුන් බලා එව් පියා නම් වටී-

31 ගොයම්හි එව් රකවල්5 ඇති වත්තේ එව් සුලුදියටනු එව් මහදියටනු එව් කසළ ඉඳුල් පියා එව් පියවා එව් දුකුළා වෙ. මෙහි ඉඳුල්6 නම් හිඳුල් දිය. උක්දඬු කෑ සප් කසළ ලොඹු ආදී වපුළ සඳැ අකුරු නො නැගී තන්හි දු දහවල්වත් කළ සඳැ රකවල් ඇති වූ රිවිනි ඇති තන් හිදු ඇවැත් වන බැව්7 නො දැනැදු පියා නම් දුකුළා වෙ. තිරපූ8 කෙත්හි දු ගස් ආදී නිරපූ වත්තෙහි දු කෙත් වත්මුලුලෙහි දු කෙත්මියර ද ගොයම් නැති කැප තැන්හි දූ පී කෙත්හි දු වත්තෙහි දු පිච චරජ නැති-

32 දෙ අඟුලෙන් දික් කෙසුදු මසින් ඉතිරි නිය ද නැහැයෙන් බැහැරැ පෙනෙන නැහැලොමු දු නො අළ දුකුළා වෙ. හිසකෙස් දෙ අඟුලෙන් නො දික් වුව ද දෙමස් ඉකුත ‍දුකුළා වෙ-


1. ආපදයෙකින්. 2. අගර 3. එක්තරා. 4. නෙපුලෙහි. 5. රැවවල්. 6. සිඳුල්. 7. වනවා 8. නෙරපු


98. සිඛවලඳවිනිස

33 නො ගිලන් වැ කිසිල්ලෙහිදු නිමිත් පියෙස්හිදු ලොම් අරවා නම් දුකුළා වෙ. නො ගිලන් වැ සෙසු සිරිරැ කෙල් අළ1 වරජ නැති - සරුප් කලි නො වෙ-

34 නැ‍හැවියන් සෙයින් නිය මට කෙරෙ නම් කරවා නම් දුකුළා වෙ. දැල් හරුත් කැපූ තැන්හි කොරොස් හරුත් වරජ නැති-

35 සඟසතු කරඬුවම්3 ආදිනෙන් පිරියම් කළ බිම තෙත් පයින් එව් වහන් ඇති පයින් එව් ඇක්මෙ නම් දුකුළා වෙ. තෙ‍ත් පා පිසැ පියා බිම ඇකුත් සඳැ දිය නැති වැ වළඳු පැනෙත් වටී. සිරුර පහළ වරජ නැති-

36 සඟසතු හැඳ පුටු පිරියම් කළ විතුදු දො ර දු කවුළු දු ටැඹ දු වැතිරැ හිඳුනා පුවරු දු තමාගෙ සිවුරු ආදී පිරිකරක් ලා එව් තැනවන බික්සඟුන් පරිභොග කරන ‍සෙයින් එව් පරිභොග කරත් වරජ නැති. නො එසේ සිරුරු පහරී නම් දුකුළා වෙ. මෙහි හැඳ පුටුයෙහි තමාගේ අතරණ ලා දවස් ලන සඳැ පහවූ අතරණ අතුරෙහි සිරුරු පහළ දුකුළා වෙ. ලොමින් පහළ ලොම් ගණනින් දුකුළා වෙ-

37 සඟල සිවුරෙහි අකවටු අවුළුවා හිඳී නමුදු ගැටු වටු ගන්වා පෙරෙවි සඳැ පැසැ හොවී නමුදු දුකුළා වෙ හැකිළවූ සඟළ සිවුරැ බැසැ හිඳුත් හොවුත් වරජ නැති-

38 කිසි දෙයක් නො අතුරා හිඳුනා ආදී විසින් කිලුටු4 වනසේ දුප්පරිභොග5 කෙරෙ නම් දුකුළා වෙ.

39 කාබාන් නො බැඳැ ගම් වදී නම් දුකුළ වෙ.

සිවුරු පොරොනා තැනැ මැ සිටැ බැන්දැ යුත්තේ යි. සිහි නො එළවා නො බැඳැ වන ඇතුළුගම ලා සඳහන් කළ තැනැ මැ එකත්පස්වැ සිටැ ඇත කහබහන් බැඳැ


1. හළ 2. නැවියන් 3. කරඬුමල්. 4. කිලුටු 5. දුක්පරිභොග 99 සිඛවලඳවිනිස

නැත පියැල්ලක් එව් එක්වැල රැහැණක් ලණුවක් එව් බැඳැ එයිදු නැත ගමින් නික්මැ කී සෙයින් එක්තරාක් බැඳැ ගමට වැද්ද යුත්තේ යි-

“පට්ටිකා, සූකරන්තං” යනු දෙපටි. ‘පට්ටිකා’ යනු රටා ඇති කොටැ නැතිකොටැ1 කෙළු2 පටි යි. ‘සූකරන්තං’ යනු දුනු කුසු සුදුසු හූරු අතුණුපටි යි. පිළිවැටී දු3 එක්වැල රොදු දු කි දෙපටියට අනුලොම් පටී. දෙඩ්ඩුහකං මුරජං, මද්දවීණං, කලාබුකං, යන මෙ සතර ‍පටී නො වටී. මෙහි දෙඩ්ඩුහක නම් බරණ හිස් සුදුසු මළ ඇත්තේ යි. මුර‍ජ නම්, බොහෝ රොජු එක් කොටැ ගෙනැ4 එක රොජකින් සිසාලළ් යි. මද්දවීණං යනු පමු කොටැ ගැවැසුයේ යි. කලාබුකං යනු බොහෝ රොදි.5 බුදුන් කලැ කාබානේ දහයෙන් බිඳිති. දහයෙන් බඳනා බව් පාඨයෙහි ද “කායබඣනස්ස දසා ජිරන්ති” යූ බැවින් දතයුතු “දසා ජිරන්ති”, යි බුදුනට දැන්වූයෙන්-

“අනුජානමි භික්ඛවෙ මුරජං මද්දවීණං” යි අනු දත්හු මෙ පෙළැ අභිප්රාජය මැ පාළ කරන්නට අටුවා යෙහි “මුරජං මද්දවීණන්ති ඉදං දසාසුපෙපව අනුඤ්ඤතං පාමඞගසසා වෙත්ථව චතූන්නං උපරි න වට්ටති”* යි යුහු. මෙ ගෙනැ ඇතැම් කෙනෙක් පටිය දෙකෙළවර බොහො පමු ගවසා රවුළු දත් දමා ගෙත්තම් කෙරෙත්. හෙ‍ නො වටී යෙත් කුමටයැ? යත්: පටියැ වුව නොව වටී “පාම ඞගසණඨානං ඊදිසංගි එකම්පි න වට්ටති”* යූ බැවින් ඔවුන් කියනු නො ඉති, කරුණු කිමැ? යත්: එ දහ දු පටි දු නොවන බැවින්. දහ නො වත් පිටි නොවත් හේ කුමක්? වෙ යි යත්;- හෙ විටු නම් විටු නම් හමුකරල් වෙණි නො යත්- හෙ විටු නම් නො වෙයි - දියුණු හූ නම්. මෙවිටු නම් යන්නට කරුණු කිමැ? යත්; - දියුණු හූ



1 තනිකොට. 2. කළ 3. පිපිපටිදු. 4. ගොතා. 5. රොජ්ජි.

  • චිනයට්ඨකතා 895


100 සිඛවලඳවිනිස

තැන්හි වූ බැවින් හෙ දියුණු හූ නමැ. විටු වදාළ තැන්හි වූ බැවින්1 මෙ රවුළුදත් විටු නම්. හෙ කෙසෙනි? යත්;- “‍උභොයු පන අත්තෙසු දසාමුඛස්ස ථිර භාවාය දිගුණං කොටේටතුං වට්ටති” යූ බැවින් දහ - කුරුඟුලා වැළත් තන්හි තර බැවින් එයට අනුලොම් වන බැවිනු දු ඇජරෝ හමු කරල්වෙණි යුහු. ඉති බැවින් ඒ හමුකරල් වෙණි ජ් දියුණු තැන්හි සිටි බැවින් දියුණු හූ නම් වෙ- විටු නම් නො වෙ.

“පවනන්තෙ ජිරති” යන අධියරහි සෙයින් මළ කෙළවර ජිරන්නෙන් තර බැව් සඳහා “අනුජානාමි භික්ඛවෙ? උච්චාවචානි වීඨානි ධාරෙතබ්බානි. යොධාරෙය්යන ආපත්ති දුක්කටස්ස” යී සොවණ්ණමය රජ තමය විටු වරා “අනුජානමි භික්ඛවෙ. වීඨං අටිඨිමයා දත්තමයා විසාණමයං නළමියා වෙළුමයං කඪමයං ඵල කමයං ලොහමයං සඞඛනාභිමයං සුත්තමයං” යි* එකොළොස් කැප විටක් වදාළහ. එ අතුරෙහි මේ රවුළු දත් පාසාන්තයෙහි කරන ලබන සුත්තමය වීඨ මැ යි ඉති බැවින් වී‍ඨයෙ බොහො පමුදු වටී- නො වැරූබැවින් කල් දෙස් කිස කතීතෲන් නනස් බැවිනුදු දියුණු හූ හා විටු නනස් බව් දන්නේ. හෙ කෙසෙනි? යත්;- දියුණූ හූ පූර්ව්කාලිකයැ - පටියෙහි මැ ලා කෙළියැ යුතු බැවින් විටු අපර කාලිකයැ - මළත් දිරාගිය කළැ ‍අනු දත් බැවින් මෙසේ කල් විසින් නනස් දියුණූ හූ. කොළා පුන කීප හුයක් කොළනා බැවින් දියුණු හූ පටියැ ඇතැළුවැ; විටු බැහැරි - මෙසේ දෙස් විසින් නනස්. දා කුරුඟුලා දෙ අන්තය තර කරන කිස ඇත්තේ යි විටු. මෙසෙ කිස විසින් දියුණූ හූ කොළන්නන්3 විසින්





1. යූ බැවින් 2. දිහිණූ හූ. 3. කොළොන්නෙන්. *චුල්ලවග්ගපාලි 250


101 සිඛවලඳවිනිස

කැරෙයි. විට් ගෙත්තම් කරන්නන් විසින් කැරෙයි.1 මෙසේ කර්තනතෲන් විසින් නනස්. මෙසේ දියුණුහුය ද විට ද තොරතුරු දතයුතු.

එ කී ගුණ ඇතිවිටමෙ රවුළිදත් නම් විටු බැවින් යට පටිය ද දහයෙහි ජ් කිව වරද නො වෙ යි. ඒ විට් වුව “මුරජං මද්ද වීණන්ති ඉදං දසාසුයෙව අනුඤ්ඤතං” යන තැනැ “එව” කාරයෙන් විට්හි පමුගැවසුම් නො වටී යෙත්? හේ නො ඉති “දසාසුයෙව” යි සේයි - “න කාය බඣනෙ” යි සේයි ඉති බැවින් “එව” කාරයෙන් පටියැ මෙ පමු වැළකේ. විටැ නො වැළකේ. “දසාසුයෙව” යන අටුවායෙන් කහබහන් පූර්ව බැවින් විටු උත්තර බැවින් එයට සිඛ නැගී ක්රතම මෙ පිරික්සියැ යුතු -

“තෙන ඛො පන සමයෙන ඡබ්බග්ගියා භික්ඛු උච්චාවචානි කායබඣනානි ධ‍ාරෙන්ති කලාබුකං දෙඩඩු භකං මුරජං මද්දවීණං. මනුස්සා උඡාඣයන්ති - පෙ - භගවතො එතමත්ථංව අරො වෙසුං නභික්ඛවෙ උච්චාවචානි කායබඣනානි ධාරෙතබ්බානි කලාබුකං දොඩඩුහකං මුරජං මද්දවීණං යො ධාරෙය්යත ආපත්ති දුක්කටස්ස. අනුජානාමි භික්ඛවෙ. වෙ කායබඣනානි පට්ටකං සූක රත්තං”‡ යනු එක් සිඛයෙක් ඉක්බිති “කාය බඣනස්ස දසා ජිරන්ති - පෙ - අනුජානාමි භික්ඛවෙ මුරජං මද්ද වීණං” යනු එක් සිඛයෙක්.

ඉක්බිති “කායබඣනස්ස අන්තා ජීරති - පෙ - අනුජානාමි භික්ඛවෙ සොභකං ගුණකං” යනු එක් සිඛයෙක්. ඉක්බිති “කාය බඣසස්ස පවනන්තා ජිරති- පෙ අනුජානාමි භික්ඛවෙ. වීඨං” යනු කෙළවර සිඛ යි. පෙළ මෙසෙයින් නැඟි2 බැවින් “අනුජානාමි භික්ඛවෙ මුරජං මද්දවීණං” යන පෙළට ලී අටුවායෙහි “දසාසු යෙව” යන “එව” කාරය ගෙනැ ‘න විඨෙ’ යි ගමත්3 අවුත්ත අප්පටියොගී පරමාසවන බැවින් “එව” කාර



1. කෙරේ. 2. නැති 3. විටසෙයි ගමන්, විටැයි ගමන් *චුල්ලවග්ගපාලි 250

102 සිඛවලඳවිනිස

යෙන් විටු නො වැළකෙයි. චුත්තපටියොගී වූ කා‍බාන් මෙ වැළැකේ. ඉති බැවින් මෙ “අනිච්චතො අනුපස්සති නො සුඛතො” යන ආදී පෙළෙහි “අනිච්චතොච අනු පස්සති නො නීච්චතො” යි නීත්ය යා තප්පටියොගී කොටැ යෙදූහ. නො සුඛතො යනාදී තප්පටියෝගී නොවන බැවින් “එව” කාරය නො යෙදූහු. එසෙයින් මැ මෙහි දු ‘නා කායබඣනෙ’ යි චුත්ත පටියොගී වූ කායබඣනය මේ පිළිඛෙව් කෙරෙ යි. ‘න වීඨෙ” යනු නො වෙ යි-

කබානෙහි අටමඟලා බෑළරූ සිත්තම්රූ ආදී අකප්පිය1 අනුලොම් බැවින් නො වටී. දෙකෙළවරෙහි ලණු ජ් වඟපුල් ආකෘති ජු2 විටුහි බොහෝ පමුජු කප්පිය අනුලොම් බැවින් වටී-


පටිවිනිස නිමි.

40 සිරුරු කිස කොටැ ඇති දියෙහි දිය කිස නො සාහා නම් දුකුළා වෙ-

දිය ඇති තැන මුවහ නැත කුඹු ආදී බජනෙන් ඇරැ මුවහ තැන දිය කිස සාගන්නේ. සෙසු බජුන් තැන සතප්පා පයිනි ජු දිය කිස සාහත් වටී. මුවහ තැනු ‍ජු බජු නු ජු නැත ඔබ්බේ ථාසු තැනෙකැ දිය කිස සාහම් යත් වටී. දිය කිස නො සාහන තෙක් කලැ සිඟියැයුතු වේලා වී නම් සිඟත් වටී. සතප්තු දු බණ කියතු දු වටී.

41 පාස්සහධැමියනට* නො වටනා බව් දැන දැනැ ‘මෙ කර, මෙ බුද’ යන ආදී විසින් අයපයෙහි සමාදන් කෙරෙ නම් දුකුළා වෙ-

42 සභ‍ාග ඇවැත් දෙසා නම් දුකුළා වෙ- මෙහි සභාග ඇවැත් නම් දෙජනා විකල් වැළඳුම් අපිළිගතු වළඳනා ආදි විසින් අවන් වත් සභාග ඇවැති -


1. අතප්පියනය: අකප්පනය 2. ඇකිතාදිදු, අතතින් ආකෘතිපු 83 පිට බල

103 සිඛවලඳවිනිස

මෙ වෙනි වත්සභාග ඇවැත් පිළිගනී නම් දුකුළා වෙ. අරොජා නම් දුකුළා වෙ. වත් තොර වැ එමෙ ඇවැතුදු වුව දෙසත් වටී. සභාග ඇවැත් දෙසුව දෙසූ පසයෙන් දෙසූ ඇවැතු දු පිළිගත් පසයෙන් අවන් ඇවැතු දු පුන අනන්මන දෙසත් වටී.

43 ‘මෙ සෙ‍නස්නෙහි වසා වන්නේයැ, අප වඳවන් නේ යැ’ යනාදී කැප තෙපුල් කී සඳැ සුද්ධ සිතින් මැනැවැ යි පිළින දී1 වසැකි කෙරෙ නම් දුකුළා වෙ. ගිහි වෙමි, බත් නො කමි යනාදී විසින් වසැකි කළ වරජ නැති-

44 අන්තරාය නැති වැ දොර ඇති සෙනස්නෙහි වසා නො වෙස් නම් දුකුළා වෙ-

ඇසළ අව පෑළවී දවස් පෙරවසන2 වසා නොවූවාහුය විසිනු දු සුන්වස් වූවහු විසිනු දු නිකිම්තියැ අව පෑළවී දවස පස්වන වසා වන්නේ-

45 පස් සහධැමියනු දු දෙමාපියනු දු ගිලන් වුව බෙහෙ‍ද් පිරියෙස්නාදී ප්රුයෝජනයෙකින් එව් වෑත්තා ‍දන්නාට එව් හසුන් දුන ද නුදුන ද සතී කරණෙන් යත් වටී. ගිලන් දෙමාපියනට මෙහෙ කරන්නාට දු නො නෑ මෙහෙකරුවනට දු බික්සඟුන් වහල්, කොටැ වෙහෙරැ ගිලන් වැ වසන්නාහට දු බතාදී ඉල්වනු නිසා හසුන් දුන සතී කරුණෙන් යත් වටී. සෙසු නෑයන් දන් දෙම්හ, බණ අසම්හ යනාදී පසතු4 යමක් නිසා කියා එවුව සතී කරණෙන් යත් වටී. නෑ නො නෑයන් බික්සඟුන්ගෙ තමන්ගෙ එව් සෙනසුන් පිළිබැදි කොටින් එව් තමන්ගේ මඟුල් පිළිබැදි කොටින් එව් දන් දියැටියම්හ. බණ ඇසි යැටියම් යි කියා එවුව සති කරණෙන් යත් වටී.

තමාගේ එව් සෙසුබික් සඟුන්ගේ එව් සෙනසුන් මහසෑ පිළිබැඳි කොටැ සඞඝකරණීයෙන් යත් වටී. සෙසු


1. පිළිගෙනද 2. පෙරවස්න. 3. නිකින්නියැ. 3. පස්වස් වසන්නේ 4 පොරොදු පෙරදුමක්, වෙරෙදු පසතු. 104 සිඛවලඳවිනිස

කරණී සඞඝකරණීයැ යි නො සලකන ලද්දේ. බික්සඟුන් කටයුතු වනකම් නිසා එව් ඕනට ඔවාදෙනු නිසා එව් ඔවුන්ගේ කුකුස් දිට්ඨ උකටලී හරනා නිසා එව් සතී කරණෙන් යත් වටී.* වසාවූ දවස් එහි අරුණු නො නඟා සතී කරණෙන් යත් වටී. සතී කරණෙන්ගොස් අවුද් පුන අරුණු නො නඟා සතී කරණෙන් යත් වටී-†

මෙ සිඛවලඳ විනිසයෙහි සමඟ වරද නො කියා අටුව පාඨ උදෙස්1 බලා වනධරුන්2 හා සසැඳැ ගන්නෙ-

නෑ නො නෑ යම් කවරි කෙනෙකුන් දක්නා නිසා එව් සිවුරු දෝනාදී කිසයෙන් එව් බණ කියවා ගන්නාදී කිස යෙන් එව් සති කරණෙන් යත් දුකුළා වෙ. ඇදුරු වත්තෙ රුන් දක්නට එව් ඔවුන්ගේ සිවුරු දෝනාදී කිසයෙන් එව් සතී කරණෙන් යත් වටී. සතී කරුණෙන් ගොස් එන්නාහු අද නො යා යී වත් ඇදුරෝ නැවතූ නම් සතී ඉකුත ඇවැත් නැති පසයෙහි හානියෙකින් එව් එක්තරා අන්තරායෙකින් එව් නිදන් දුට සිත් නොරැක්කැ හැක්කැ යි සිතුව3 එව් මාගම් සොර නො සොර නො නෑයන් අතුරෙන් එක් තෙරෙකින් එව් රන්රිදී ආදී රුවනින් එව් කෙතේවත් ආදී එක්තරා වස්තුයෙකින් එව් මෙ තොපට දෙමී. එක්තෙරෙකින් පොළොබා නම් සිත් නො රැක්ක හැක්කැ යි සිතුව සුන්වස් වැ යත් වටී. නොදුරු තැනකට අද මෙ ගොසින් එමී ගියාහු එන සඳැ අතරමගැ අරුණු නැගුව ඇවැත් නැති - සුන්වස් ‍නොද වෙ. වප්මසැ පුර නවවක පටා සතී කරණී ඇත, සතී කොටැ යනු වටි- නැවත නො අව වරද නැති. මෙහි වරද නැති බව කීහ. “නවමිතො පඪාය ගන්තුං වට්ටති”* යි. සතියට යන්නාහු උවසර සිමින් ඇතුළුව සිටැ ඇතුළු සතියැ එමි ආභොග කොටැ යන්නෙ. මෙ උවසර සිම් යටැ දොළො‍ස් වන පචිති විනිසයෙහි කී සෙයින් දන්නෙ† ආභොග නො කොටැ උවසර සිම් ඉකුත සුන්වස් වෙ.


  • විනයට්ඨකථා 799 † විමති විනොදනී. 424 1 උපදෙස්.

2. විනයධරයන්. 3. සිතුවා. *විනයට්ඨ කථා 800 † 62 පිට බලනු


105 සිඛවලඳවිනිස

46 උවදුරු නැතියා වැ බඹයෙකින් මත්තෙ රුකකට නැගෙ නම් දුකුළා වෙ. මළ දර බිඳිනාදී කිසයෙන් බඹයකට නැ‍ෙඟත් වටී. උවදුරු ඇත කැමැති තාක් තැනට නැ‍ෙඟත් වටී.

47 පෙරහන් නැතියා වැ යටත්පිරිසෙයින් දෙගවු අධන්1 මඟ පිළිපදී2 නම් දුකුළා වෙ- පෙරහන් නැත්තෙන් එව් ඉල්වා නොලද්දෙන් එව් සිවුරුකතින් පරහා ගන්මියන අභොග ඇති වැ යත් වටී. සිවුරෙන් පැරැහූ දිය වැළැඳියැටි වුව පළමු මෙ සිවුර පිළිගන්වා ගන්නේ-

මඟහි ලා පෙ‍රහන් තැත්තක්හු පෙරහන් ඇරැවුව පෙරහන් ඇතියා වැ දිය පරහන්නට නො දේ නම් දුකුළා වෙ-

48 මියැටි සිතින් තම‍ා මරා නම් දුකුළා වෙ. අනුන් ලවා තමා මරවා නම් දුකුළා වෙ.-

49 සිත්තම් පොත් රූ කෙරෙ නම් දුකුළා වෙ. දාහටු3 ධම්පියාවත්4 බුදුනාදී අඳවත්5 වටී-

50 එක්තරා තැනෙකැ හිඳ ‍බුදුනාක්හු තිපි6 අපට සගය ව යනාදී කියා නඟා නම් දුකුළා වෙ-

බුදුනා ගෙයි ආ මහල්ලනට හුනස්නෙන් නැගී උවසර නොපෑ හිඳී නම් දුකුළා වෙ. තමා බුදුනා සඳැ මහල්ලන් දැකැ ‘කමන්නැ’ යි එව් ‘හිඳුව’ යි මහල්ලන් දුන් සමූයෙන් එව් හුන වරද නැති-

51 නෙගිලන් වැ පිරිම්නීන් උසුලන හිදොලු ගැල් ඇ යනාදියෙහි හිඳී නම් දුකුළා වෙ. ගිලන් වුව වටී-

52 රුවන්තියා අරභයා බුදුහු කී බුදුහැ? පිළීබුදුගැ? සල බුදුගැ? ධම, කී ධමැ? ගෝධමැ; අජධමැ? සඟ, කී සඟැ? ගෝසගැ? අජසඟැ යනාදී විසින් දවයෙත් බෙණේ නම් දුකුළා වෙ.

1. අඬනි. 2. යත්. 3. ජාසටු, දාසටු දහටු 4. දහම්පියාවත් 5 අනාවත් 6. තෙපි. 106 සිඛවලඳවිනිස

53 අනුන් පිරිස් ‘පිරිකර දෙම්හ සිවුරු දෙම්හ, යනාදී විසින් ඔසවා නමු දුකුළා වෙ. දුස්සිලුන්1 කෙරෙ වන්නානට නහන්නට අවුදු මඩැහි ගැලී ගියාක්හු වැන් තෙහි’යන ආදී විසින් අවෙන්වා2 මාත්රැයක් කියත් වටී-

54 සිවුරු නඟා කළෙවෙ ආදී මාගම් පැවිජ්ජනට පවී නම් දුකුළා වෙ.-

55 අන්නට වෙහෙසයට වැටෙන ශාස්ත්රආද විතණ්ඩ ශාස්ත්රු ය යි ගත් ලොකායතද උගනී නම් දුකුළා වෙ. කියවා නම් දුකුළා වෙ-

56 නරකෙස් ගනී එව් ගන්වා එව් දුකුළා වෙ. මහලු බව් දන්නාට සංවේගයෙන් ගන්වා බලා නම් වටී-

57 තඹලෝ වටලෝ රිදී ආදිනෙන් කළ පාතටු මත්තෙ තබා වළඳත් දුකුළා වෙ-

‘ආසිත්තකූපඨාන’ යනුදු ‘පෙළා’ යනුදු හඟලාතටු3 යනුදු මෙ පාතටියෙහි මෙ නමි. පස් කළ කොතලා වන් මොරවා ආදී මත්තේ තබා වළඳත් වටී. ඇතැම් කෙනෙක් නො දැන හිර වත් හඟලවත් ලූ පත් නො වටී යෙත් හෙ නො ඉති-

ඉටන් පොහොනා පා අතින් ගෙනැ දොරකවුළු වරී නම් පියා ලා නම් දුකුළා වෙ. ඉස්වූ පා දත ලා කඳට ලා 4 දොර වරී නම් පියා ලා නම් වටී-

කිසි වතක් නො ලා රද ඇති බිම්හි එව් සිවි නැ‍ෙඟන කොරොස් බිම්හි එව් තබා නම් දුකුළා වෙ. සකස් බි‍ම්හි එව් සිඟින් වැල්ලෙන් එව් තබත් වරද නැති. මට බිම්හි එව් තබත් වටී-


1. දුස්සලයන්, දුසිලුන්. 2. අඳිනවා, ඔවා 5. වගුලත්තපටු 4. පා දතල කරලා.

107. සිඛවලඳවිනිස

හැඳැ තබා නම් දුකුළා වෙ. පුටුයෙහි තබා නම් දුකුළා වෙ. හැඳැපුටු ආදී මත්තේ තුබූ හෝනා කසු ආදී එක්බැඳිකොටැ බැදැ තබත් වටී. හැඳපුටුවල බැඳ එල්වා1 තබත්වටී. හටු කොටැ තුබූ2 හැඳපුටු වල් මත්තේ තබත් වටී. ඔරැ තබත් නොවටී. අතින් ගෙනැ එව් පත්තී අස්වදු දත ලා3 එව් කඳට ලා එව් ඔරැ තුබුව වරජ නැති. අතින් නො ගෙනැ හම්වා4 පිටිපයැ තබා නම් දුකුලා වෙ-

බත් පිරුණු පයි දු අස්වදු කඳට ලා දත ලයි දු සතැ තබා නම් දුකුළා වෙ. දෙරියන් නැති නිසවත්තේ වළල්ලක් නො ලා තබා නම් දුකුළා වෙ. දෙරියන් තිසවත්තේ යතා තබා එව් කුඩා නිසවන්තේ වළල්ලක් තබා එව් වටී. නිසවත්තේ කී තාක් විනිස පිළීගත්තෙහි දු දතයුතු -

පියැයුතු කටු ඇට සප්5 ආදී පයැ ලා නම් දුකුළා වෙ. පුන කැටි වැ එව් අන්නට දියැටි වැ එව් තබත් වටී-

පා මත්තෙ අත් දොවී නම් දුකුළා වෙ. පා තෙ‍මන්නට අත් මත්තෙ6 දිය ඔත වරජ නැති-

ඉඳුල් දිය පයැ එවැ ගෙනැ යේ නම් දුකුළා වෙ-

යපා මැටිපා ‍තබා සෙසු දඬු දළ ලොහොමුවා දී පා පරිභොග කළ දුකුළා වෙ මැටි තඹ යමුවා තළු තබා සෙසු පරිභොගකළ දුකුළා වෙ. කදා පිළිවහණ කස් ලොහොමුවා තැටි ආදී බදුන් පුඟුන් සතු වුව නො වටී. සඟසතු ගිහිසතු වුව එවිගස පරිභොග කළ වටී. රන් රිදී පජනෙන් ගිහි මිනිසුන් බැජුන් එළවුව පහරනෙයි ජු ‍නො වටී. මාගමුන් අතින් ඕනා ‍දියෙන් අත් දෝනා වටනා බැවින් ළුළවූ රිදී ඉකිළියේ නො පැහැරැ අත් දොවුත් වටී. කළ කොතලා කබල් එවිගස පරිභොග කොටැ පියත් වටී-


1. බැදැ හෙළුවා. 2. අටුකොටුතුබු, හටුකොටු තුබු. 3. තබා 4. හඹා, ලග්ගවා. 5. පස්. 6. අක්මත්තේ.

108 සිඛවලඳවිනිස

58 අනුන් කිවුටු සඳැ අවඩා නම් දුකුළා වෙ තමා කිවුටු සඳැ අනුන් ආ වැඩුම තමා පිළි ආ වඩත් වටී-

59 අනාදරිය පිණිසැ සිඛකරණිය නො හික්මෙ නම් දුකුළා වෙ. උගන්නට1 තැන් නො කිරීම් මෙ අනාදරිය නම්-

මෙහි සිඛරණී2 නම් කවර? යත්:- සැඛෙවින් කියනෙම්;-

අවට නැත්තා කොටැ සිවුරු හඳී නම් දුකුළා වෙ- වඩු අඟුලෙන් අටඟුලක් පමණ දණමඞලෙන් බහා වමත් පසැ හසුන් කන් තබා එක් කෙළවරකින් නො එල්වා අවට ඇත්තා කොටැ හැන්දැ යුත්තේ යි. අවට ඇති කොට හඳනා සඳැ වැරැදැ අවට නැති වුව වරජ නැති-

අවට නැත්තා කොටැ සිවුරු පොරොවි නම් දුකුළා වෙ. ඇතුපිටැ ලූ ගොටු3 සෙයින් දෙකෙළවරින් සමකොටැ වම් දතින් පත් පිටු බහා ලා එක් කෙළවරකින් නො එල්වා අවට ඇති කොටැ පෙරැවියැ යුත්තේ යි-

සුපිළිසන් නො වැ අතුරෙඝෙරෙහි යේ නම් හිඳීනම් දුකුළා වෙ-

මෙහි අතුරුඝර නම්; ගම් එව් වෙහෙර එව් මිනිසුන් බිඳැ ලක්නා4 නැති. මෙ මෙ තකා කියනලද ‘ගාමොවා හොතු විහාරොවා මනුස්සානං පරිවෙසනට්ඨටානං ගච්ඡ නතේන තිචිවරං5 පාරුපිත්වාර කායබඣනං බඬමෙව වට්ටතීනි. අඪකඨාසුවුත්තං”යි එබැවින් තුන් සිවුරු හැඳැ පෙරැවැ කාබාන් බැඳැ සුපිළිසන් වැ අතුරු ඝෙරෙහි හින්දැ යුත්තේ යි. ගලවළුදු5 මිණිබානු දු පිඞමසු දු වැසෙන සේ සිවුරු හැඳ පෙරැවා හුන්නේ සුපිළිසන් නම්



1. උගන්නා. 2. සිඛකරණීය. 3. ගොවු. 4. ලග්නා. 5. ගලවටු.


109 සිඛවලඳවිනිස


මේ සිඛයෙහි “අසඤ්ච්ච්ච, අසතියා, අජානන්තස්ස, නිලානස්ස, වාසූපගතස්ස, ආපදාසු, උම්මත්තකස්ස, ඛිත්ත චිත්තස්ස, වෙදනට්ටස්ස, ආදිකම්මිකස්ස” යන මේ දස අනාපත්ති චරි*-

ඇතැම් කෙනෙක් අඤ්ඤතිකව්ඤ්ඤත්ති සිවුරු සිඛයෙහි ‘අනාපත්ති සමයෙ ඤාතකානං පවාරිතානන්ති යන මෙයට ලී පාඨයෙහි “යො මය්හං ගෙහං පවාරෙමිති චදති තස්ස ගෙහං ගන්ත්වාන යථාසුඛං නිසිදිතබ්බං නිපජ්ජි තබ්බං න කිඤ්චි ගහෙතබ්බං. යො පන යං මයහං ගෙහෙ අත්ථින තං පවාරෙමිති වදති යං තත්ථෙ කප්පියං තං විඤ්ඤ පෙතබ්බා, ගෙහෙ පන නිසීදිතුංවා නිපජජිතුං වා න ලබ්හතීති කුරන්දිංයං චුත්තං”§ යන මේ අටුවා ගෙනැ දුන් ගෙහි සිවුරු ගළවත් වටී යෙත්. “යථාසුඛං නිසීදිතබ්බා නිපජ්ජිතබ්බං” යි යූ බැවින් සිවුරු නොගැලවුව යෙහෙන් හෝනා හිඳුනා උගහට බැවින් සිවුරු ගැළවුව වරජ නැති යෙත්. ඉදින් මෙසේ වවුහොත් පවරා සෙසු පසයෙන් නොපැවැරූ හිඳුනා මිසැ ඔවුන් දුන් සිවුරු පිඬුවා1 ගිලන්පස නොගතයුතු වෙත්. ඉති හොතුජු “යථා සුඛං නිසීදිතබ්බංයි’ යි යූ බැවින් සිවුරු ගළවනු මෙ හැ‍ෙඟගි යෙත් නම් හේ නො ඉති. කරුණු කිමැ යත්.

‘අනුජනාමි භික්ඛවෙ යථාසුඛංමුග්ගං පරි‍භුඤජිතුං යන ‍මෙහි යථා සුඛපරිභොග කී බැවින් නොපිළිගත්මුඟු පරිභොග කරතුදු2 පස්වරු වළඳතුදු පැවරිවූවහු කැප නො කරවා වළඳතුදු වටී. මෙ විය යුතු3 නො හේ නො ඉති. “අනුජානාමිභික්ඛවෙ යථා සුඛං ගුළං පරි‍භූඤ්ජිතුං යන ආදී පෙළදු පිරික්සියැ යුතු. පැවැරූ ගෙහි සුවෙන් හෝනා හිඳුනා වටී යන මෙ තෙපුල් සාමඤ්ඤයෙන්


  • විනයට්ඨ කථා 917 චීවරං, පාචිත්තිය පාලි 202 § විනයට්ඨ කථා 481. 1 පිඬුපා. 2 කටයුතු ද. 3 වටනේ මැනැවිය යුතු



110 සිඛවලඳවිනිස

සිවුරු ගළවත් අයප තිල්ලෙහිදු1 නොවිමැසු අස්නෙහිදු හෝනා හිඳුනාදිදු වටී. මෙ වියයුතු. නො හෙ ද නො ඉති. ‘වාසූපගතස්ස අනාපත්ති, යි යූ2 බැවින් බත්කිසයට ද ගිලන් පසටද වන්නෙ වාසූපගත මෙ වෙ. නො යෙත් සුපටිච්ඡන්ත සිඛපදමෙ නිරත්ථුදක වනු. හෙ ද නො ඉති. ඉති බැවින් අඤ්ඤාතික විඤ්ඤත්ති සිඛපදයට දු සුපටි- ච්ඡන්න සිඛපදයට දු විරුඬ නොවන සෙයකින් පිළිපැද්ද යුතු “කප්පියාකප්පිය විචාරණ ආගම්ම රුන්ධිෙතබ්බං ගාළ්හං කත්තබ්බං සොතං පච්ජින්දිිතබ්බං ගරුක භාවෙ යෙව ඪාතබ්බං” යනුදු ආචිණ්ණකපෙපා ඛො ආවුසො එකචේචා කප්පති එකච්චොන කප්පති” යනුදු පිරික්සියැ යුතු අනාපත්ති වරැ නො ආ හෙයින් සිවුරු ගැළ වීමෙහි බොහෝ වරද කියති. ඇපි බොහෝ වන්නෙන්3 නොකියමො-

අතු‍රු ඝෙරෙහි අක් එව් පා එව් කෙළවමියන් යත් හිඳුත් නො වටී-

අතුරු ඝෙරෙහි ඇස් යටිමිනිය නො කොටැ යේ නම් හිඳි නම් දුකුළා වෙ. පෙරට වියදඬු පමණ තාක්4 තැන් යලායතුදු හිඳු තුදු උවදුරු බලන්නට දුරු තැන් බලාතුදු වටී-

අතුරු ඝෙරෙහි එක්දන5 එව් දෙදෙන එව් සිවුරු නඟාලා යත් හිඳු‍ත් ‍නො වටී-

අතුඝෙරෙහි මහ සිනා සෙමින් යත් හිඳත් නො වටී-

අතුරුඝෙරෙහි මහඬ6 කොටඇ බෙණෙමින් යත් හිඳුත් නො වටී-




1 අයප කිල්ලෙහිදු 2 කී 3 මත්තෙන්. 4. වියදඬුතාක්. 5. දන 6 මහඟඬ, මහත්හඬ, මහත්.


111 සිඛවලඳවිනිස

අතුරුඝෙරෙහි එකු’කුළෙ එව් දෙ උකුළෙ එව් වළ මිටි1 වක් කොටැ අත්තබා යත් හිඳුත් නො වටී-

අතුරුඝෙරෙහි හිස් වටා2 පෙ‍රැවැ යත් හිඳුත් නො වටී-

අතුරුඝෙරෙහි අක් පයින් එව් විළුමින් එව් කෙළින්3 සිටිත් යත් නො වටී. උගහට කරුණක් පිණිසැ කෙළින් සිටිත් යත් වරජ නැති-

අතුරුඝෙරෙහි අතින් එව් පිළි ආදී එක්තෙරකින් එව් අකවටු අවුළුවා හිඳුත් නො වටී. වාසූපගතයහට වරජ නැති-

මෙයින් මත්තේ කියන සිඛකරණි අතුරුඝෙරෙහිදු බැහැරැ දු දතුයුතු-

සකස් නැතියාවැ බිකඅහර පිළිගන්වා ගනී නම් නො වටී-

පාහී එළවූ සඤ් නැතියාවැ පා පිළිගන්වා ගනී නම් නො වටී-

බත සතරවන කොටසින් ඉතිරි කොටැ හූ ගනී නම් නො වටී. අත්5 නැත්තෙන් හූ මතු එව් සෙසු බැජුන් මතු එව් බොහෝ දෙතුදු ගත වරජ නැති-

ඉටන් පොහොනා පය මුවවිටියේ යටහිර ඉකුම්වා ඔත් බික අහර පිළිගන්වා ගනුත් දුකුළා වෙ. ගත බුදුනා පසයෙන් වරජ නැති යම්කැලි ආදී පයින් ඉතිරි කොටැ ගත ද ඉටන් නොපොහොනා6 පා ආදී ඛජනෙන් බතාදි උස්කොටැ ඔත්තා ද - පිළිගත වරජ නැති. පා මත්තේ හුළු ඇත වරජ නැති බත්පා මත්තේ තළු ආදියැ බතාදී7 ළුවැ උස් කොටැ දුන්නාද පිළිගත වරජ නැති-


1. වළමිටි 2. වසා. 3. කිළින්. 4. පාසඤ්ඤ, වාසඤ්ඤ 5. අත්. 6. පොහොනා 7 තබාදි.


112 සිඛවලඳවිනිස

සකස් නැතියා වැ විකඅහර බුදී නම් දුකුළාවෙ. පාහි එළවු සඤ් නැතියාවැ බිකඅහර බුදී නම් දුකුළා වෙ. පෙරටින් පිළිවෙලින් ඉකුම්වා බුදී නම් දුකුළා වෙ. අනෙක් කෙනෙක්නට දෙන්නට එව් අනෙක් බජනෙක්හි ලන්නට එව් අවුළු ආදි ගන්නට එව් බහා ගනන්නට එව් ඒ ඒ තැන් පිරීමට වරජ නැති-

බත සතරවන කොටසින් ඉතිරි කොටැ හු බුදීනම් දුකුළා වෙ. බත මැඳතුරෙන් හනා බුදී නම් දුකුළා වෙ. එබැවින් බත් යතා තබා පෙරට කෙළවරින් හනා බුදුනෙ1-

වඩා කැමැති වැ හූ හෝ වැජුන් හෝ බතින්2 පිළිසොයා නම් දුකුළා වෙ. වඩා කැමැති බැව් නැතියාවැ අතික් කරු‍ණෙකින් පිළිසෙවුව වරජ නැති-

නොගිලන්වැ බත් හෝ හූ හෝ විනවා බුදීනම් දුකුළා වෙ. නෑ නොනෑ පැවරූවන් එව් පස්සහ ධැමියන් අතුරෙන් ‍එක්තරා ගිලනක්හට එව් විනවත් වරජ නැති-

පිඬු මහත් ‍කොටැ වටා වළඳත් දුකුළා වෙ. කුකුළු බිජුවට3 කුඩා නො කොටැ මොනර බිජුවට3 මහත් නො කොටැ වැටියැ යුතු මොනර බිජුවට4 මහත් වුව වරජි කුකුළු බිජුවට කුඩා වුව වරජ නැති-

පිඬු වටවන් නො කොටැ වළඳත් දුකුළා වෙ. මුවට නො සපත් සැඳැ දුරලා මුව වරී නම් දුකුළා වෙ. තොලට එළවූ සඳැ මුව වරා5 නොලසා වළඳිත් සරුපි-

හැම ඇඟිලි හෝ එක් ඇඟිල්ලක් හෝ මියෙහි ගලා බුදී නම් දුකුළා වෙ. පිඬු යතන සැඳැ වැරජැ ඇඟිලි කෙළවර වර වරජ නැති-

මියෙහි පත් තබා බෙණෙ නම් දුකුළා වෙ. තෙපුල් පිරිහුන් නොවත් අරළු ආදි එක්තරා දැයකුදු මියෙහි


1. බුදිනෙ 2. ඔතින්. 3. කිකිළි බිජුවට- බිජට. 4. බිජට 5. වැරැ. 113 සිඛවලඳවිනිස

තබා බණත් නො වටී. තෙපුල් පිරිහුන්වත්1 මියෙහි එක්තරා දැයක් තබා2 බණත් වරජ නැති සරුප් කලි ‍නො වෙ-

පිඬු මියෙහි දමාලා වළඳත් දුකුළා වෙ. පකාපැකි පුවක්කඩ ආදී දමාලා වළඳත් වටී3-

කබල කඩා බුදී නම් දුකුළා වෙ. පකාපැහි පුවක් කඩ ආදී කඩා වළඳත්4 වරජ නැති-

වදුරුසුඹුකු5 කොටැ වළදා නම් දුකු ළා වෙ. පකා පැකී ආදී වළඳන සැඳෑ වරජ නැති-

අත් සලසලා බුදී නම් දුකුළා වෙ. කසල කටු ආදී පියන සඳෑ අත් සැලුව වරජ නැති-

හුළු ඉසුරුවා6 බුදී නම් දුකුළා වෙ. සප් පැහැර පැහැරැ7 වළඳා නම් දුකුළා වෙ. හඬ ඇති කොටැ උරවා වළදා නම් දුකුළා වෙ -

අත එව් පා එව් තොල එව් ලෙවැ ලෙවැ වළඳත් දුකුළා වෙ. කිරි පායස් සකුරු තෙල් ආදී වළඳනා සැඳෑ ඇඟිලි ලෙවැ වැළඳුව වරජ නැති. පයැ මඳවූ අහර දිව් නො නෙරැ තොලින් මැ ඇතුළු ලා වළඳන්නේ- අමිස් මුදු අතින් පැන්තළු ආදී ගනී නම්9 දුකුළා වෙ-

හුළු මුසු පා දෙවි දිය අතුරුඝෙරෙහි පියා නම් දුකුළා වෙ. ගිහි මිනිසුන් දිය පියන තන්හි එව් ඉකිළි යෙහි එව් පිච වරජ නැති-




1. පිරිහුන්නම්මි - පිරිහුන් නැත්නම්. 2. ඇති කොටදු. 3 වරජ නැති 4. වළඳන සඳ. 5 වඳුරුසුරුකු 6. හිසුරුවා. 7 පාහාරා. 8. වරදනැති. 9. පිළිගනීනම්. 114 සිඛවලඳවිනිස

සත් ගත් ‍අත් ඇතියාහට1 බණ කියා නම්2 දුකුළා වෙ. අත්ලෙන් නො ගෙනැ සිරිරින් ඇධැරුවාහට කියත් වරජ නැති-

වඩුරියනින් සතර රියන් දඬු3 ගත්තාහට බණ කියා නම් දුකුළා වෙ. එ දඬු අතින් අළුවාහට බණ කියත් වරජ නැති-

දඬු4 කාල් ගත් අත් ඇත්තාහට බණ කියා නම් දුකුළා වෙ. එයිදු අත්ලෙන් අළුවාහට බණ කියත් වරජ නැති-

හී සහිත වූව ද නො වූව ද දුනුදිය ඇත ද නැත ද දුනු ගත්තාහට දු හීදඬු ගත්තාහට දු බණ කියා නම් දුකුළා වෙ. අත්ලෙන් එ අළුවාහට5 කියත් වරජ නැති-

පාදුකා එව් වහන් එව් පයැ ලූවාහට බණ කියා නම් දුකුළා වෙ. පයින් හරවා කියත්6 වරජ නැති-

	හිදොළු ගැලාදි යානෙහි හුන්නාහට බණ කියා නම්  දුකුළා වෙ.  ගැලින් ගළවා තුබූ සැකිදු යාන මෙ වෙ තමාද යානයෙකැ හුනැ මෙරමා හුන් යානය7 බට යානය පසු වුව කියත් වටී.   එක යානයෙකැ හුනැ මෙරමා හුන් තැන බට පසු වුව කියත් වටී. යටත් පිරිසෙයින් පැදුරු ආදී යානයෙකැ හොත්තාහට තමා උස් තැනෙකැදු හිඳැ සිටැ බණ කියත් නො වටී.  මෙරමා හොත් තැන් බට තමා හෙවැ බණ කියත් වටී-

අත් අකවටු ආදී එක්තෙරෙකින් අකවටු අවුළුවා8 හුන්නාහට බණ කියත් දුකුළා වෙ-

කෙසක්9 නොපැනෙන සේ පිළි වොටුනු10 ආදීන් හිස වැසූවාහට බණ කියත් දුකුළා වෙ. කෙසක් පැනෙත් වරජ නැති-


1 සත් ගත්තාහට, ඇත්තාහට. 2. කියත්. 3. මුඟුරු. 4 කඬු 5. අත්ලෙන් ඇරගත්තාහට ඒ අළුවාහට. 6. කිව. 7 යානයෙන් 8. අක්අවුළුවා:- අකවලුලවා. 9 කෙසග්. 10. වෙටුණු, වුටුනු, ඔටුනු 115 සිඛවලඳවිනිස

හිස් වටා1 පෙරැවියහට බණ කියත්2 දුකුළා වෙ. හිස් පැනෙනසේ වරවා3 කියත් වරජ නැති-

තමා බිමහැඳැ පිළි තණ අතුරුණු ආදී අස්නෙකැ හුන්නාහට බණ කියත් දුකුළා වෙ-

බිම් ආදී උස් තැනෙකැ හුන්නාහට තමා බට4 තැනෙකැ හිඳැ බණ කියත් දුකුළා වෙ-

සිටැ හුන්නාහට බණ කියත් දුකුළා වෙ-

මහල්ලෝ හිඳැ සිටියාහු පැන පුළුවුසිත් නම් නැගී සිටැ පුළුවස්ව යනු දුකුළා බැවින් වැළැතැ සිටියාක්හට කියමියි කියත් වරජ නැති. වළැත සිටියවුන් නැත නොකියන්නෙ-

තමා පසු වැ පෙරට වැ යන්නාහට බණ කියත් දුකුළාවෙ. පසු වැ යන කෙනෙක්නට බණ කියමි කියත් වරජ නැති-

මඟින් යන්නාහට නොමගින් යමින් සිටැ බණ කියත් දුකුළා වෙ. දෙදෙන මැ නොමගින් යන සඳැ බණ කියත් වරජ නැති-

සත් ගත් අත් ඇත්තාහට බණ කියනාදි5 මෙ සොළොස් සිඛයෙහි ගිලන්හට බණ කියත් වරජ නැති

නොගිලන් වැ සිටැ සුලුදියටනු මහදියටනු කරත් දුකුළාවෙ. වැරැදැ පැවැත්ත6 වරද නැති-

නොගිලන් වැ යම් කවරි දෙන තණ මුල් අතු ආදියැ පහරනා සේ සුලුදියටනු මහදියටනු කෙළ මුකුණු පවත්වා නම් දුකුළා වෙ. තණ මත්තෙ පරඬලා ආදී එක්තරාක් ලාදියටනු ආදී ලන සඳැ පරඬලා ආදී ඉක්මැ7

1. වසා. 2. කියා නම්. 3. හිස් වගුරුවා, හරවා, වගුරුවා. 4. මට 5 බණකියත් යනාදි. 6. පැවැත්තාහට. 7. එක්වැ. 116. සිඛවලඳවිනිස

තණ ආදියැ පහළ වරජ නැති. කැප බිම් ඉලියන1 සැඳැ නො ඉවැසිවැ පැවැතී නම්2 ගිලන් තැනැ පිහිටා. එබැවින් තණාදී මත්තේ කළ වරද නැති-

නොගිලන් වැ දියෙහි සුලුදියටනු මහදියටනු කෙළ මුකුණු ලා නම් දුකුළා වෙ. ඔවස්ගෙහි දියෙහි දු මුහුදු දියෙහිදු මිනිස්හට පරිභොග නොවන දියෙහිදු පැවැත්වුව වරද නැති. මහවැසි වස්නා සැඳෑ දිය නැති තැන් නැත නො ඉවැසි වුව3 වරජ නැති-

සිඛකරණී නිමි.

60 බඬැරි සිසයෙන් ගිහි මිනිසුන් දෙමාපියන් ආදී එක්තරා කෙනෙකුන්ගේ පිරිකරක් සඟවා නම් පචිති ඇවැත් වෙ. දෙමාපියන්ගෙ කැපවත් තමා අයත් කොටැ සඟවා එව්. මෙ සඟවා දෙවයි කී සඳැ නො වටී. පිළිඛෙව් කළ සැඳෑ පියා ගිය4 සඟවා එව් රකවල් වන තැනක් පචී5 එව් වරද නැති. මොහු ගත්හයි පැවිජ්ජන් කෙරෙ සැක කෙරෙනම් සැකකටයුතු තැනෙකැ පි කැප අයප වතක් හිමි කෙනෙක්නට දෙමියි ගෙනැ තබත් වරද නැති

61 දුබැසි විනිස යට මුසවා සිඛපදයෙහි කී විනිස සේ දන්නේ-*

පකිණ්නක විනිස නිමි.

ඇදුරු වත්තෙරුන් නිසා වසන සිල් කැමි6 පැවිජ්ජා රැයිම්මෙ නැගීහුණුදියසිත්දියැයුත්තේ තුන් දවසක් හුණුදිය හෝ සිත්දිය හෝ වළඳත් නම් වැළඳු දියමෙ පියවින් දියයුත්තෙ. දෙක වළඳත් පියවින් දෙකමෙ දියැ යුත්තෙ. මහත් කුඩා මැඳීම්7 දැහිට් එළවා තබා තුන් දවසක් කැ දැහිටි මෙ පි‍යවින් තබන්නෙ. අනියම කොටැ වළඳත් නම් ලද දැහිටක් තබන්නෙ. හිඳුනා අසුන් පනවා


1.බලන් ඉල්වන. 2. නො ඉවසුව තොසැ පැවැතිනම්. 3. නොඉසවුව, නොසැවුව. 4. ගියා. 5. පැවී. *53 පිට බලනු. 6. කැමැති. 7. මැදි 117 සිඛවලඳවිනිස

දැහිටු කා නැඟි සඳැ දැහිටි කොස් පියා හුන් හසුන් නඟා තබා දැහිටි කෑ තැන හමඳනෙ. එවුන්1 එළැබෙන සුලුදියටනු මහදියටනු ගෙ ද එයට යන මඟු දු හමඳනෙ. ඔවුන් ලග්නා2 ගෙය හමඳන සඳැ සතර කන් සම කොටැ බිත සිවු නො නඟා බිත් පිසැ සතුන් නො මියන සෙ මකුළුසටු හැරැ හමඳනෙ. මකුණන් හැරැ ධූලි ගසා පියා හැඳපුටු ආදී දග්නෙ3 ධූලි ගසන සඳ යටසුළඟැ බික්සඟුන් ගෙහෙ පිරිසෙ හමඳනෙ. කෙළමලා දෙවැ එළැවියැ යුත්තෙ. පියවින් හිදිනා අසුන් පැනැවියෑ යුත්තෙ.

සිවුරු හඳනාසඳැ හඳනා සිවුර දී පළමු හන් සිවුරු ගෙනැ පටි දි පුන පොරෝනා සිවුර දියැ යුත්වතෙ. ඔවුන් නැහැටි සඳැ4 නහන පිළිවෙළ හැම එළවා නඟනා5 කඬදීහන් පෙරෙවි සිවුරු නො කෙළෙසෙන සේ තබා වෙරැ පිටැ අත් ගසා නහවා6 වෙර දිය පිසැපියා හඳනා සිවුරු දී ඉක්බිති පටි දී පොරෝනා සිවුරු දියැ යුත්තේ. ඔවුන් බණන සඳැ අතරතුරැ නො බණනෙ, ඔවුන්ගේ සිවුරු ‍ෙගත්තම් කරන්නා දෝනා රඳනම් කරන්නා ලතුපිස ආදි කටයුත්තෙ. මෙ හැම තමා නො කටහෙත් අනුන් ලබා කරවන්නට තැත් කටයුත්තේ. ඇදුරුවත් තෙරුන් නොරුස්වන්නාහට7 පා සිවුරු ආදී එක්තරා පිරිකරක් නො දෙනේනෙ. ඔවුන්ගෙ පිරිකර තමා නො ගන්නෙ. ඔවුනට එක්තරා මෙහෙයක් නො කරන්නෙ. ඔවුන් ලබා තමහට මෙහෙ නො කරන්නෙ. ගමුදු බිහිසිම් ආදි දු යාටි වුව ඇවිසැ යන්නෙ තමා හිසැ කෙස් බහනා ‍නිය හරනා සිවුරු දෝනා ආදි කිස ඇවිසැ කටයුත්තෙ. ඔවුනට උපන් කුකුස් දිට්හ. ආදී හරනා හරවන්නට උත්සාහ එව් කටයුත්තෙ. ඔවුන් ගිලන් වුව බෙහෙදු දු මෙහෙයුජු කරන්නෙ. මෙ කී වත් අනාදරියෙක් කළ දුකුළා වෙ-


1. ඔවුන්. 2. ලගිනා. 3. දක්නෙ 4. නැගි සිටි සඳ. 5. හදනා. 6. සනඟා 7. නොරුස්සනාහට




118 සිඛවලඳවිනිස

ආගන්තුකයා උවසරසිමින් බැහැරැ සිටැ පයැ වහන් හැරැ සත්1 පහ කොටැ ඇත සිහින් සිවුරු හැරැ අරමට වැද්දැ යුත්තෙ. පැන් කෙමැ පැන් පොකුණැ පා නො දෙවැ පා දෙවියැ යුතු තැනැ දෝනේ. තැනවුවන් පා දෝනට එළවූ පැනින් එව් තමා අළ පැණින් එව් පාදොවුත් වරද නැති. තමා නො දන්නා අමුතු තැනට ගිය සුලුදියටනු මහදියටනු පියවි ගෙය දු පැන් පිරි‍බො කරන කෙමාදිනු2 සෙසු වළඳ කරන කොමාදිදු පිළිවිස්සැ යුත්තෙ තැනැ වැන්දැ යුතු මහල්ලන් වැඳැ ලක්නා තැන් පිළිවැස්සැ යුත්තෙ-

ගම් පැවිජ්ජා හැඳැ පුටු පිරිකර දු පැන් බඳුන් ආදී පිරිකර දු සඟවනු සඟවවනු කොටැ නොහොත් සඟවනු ආදී වතාවත් තෙප් කරව යි මොනොවට පිළියන්නෙ-

තැනවූ පැවිජ්ජන් විසින් ආගන්තුක මහල්ලන් අතින් පා සිවුරු ගෙනැ හිඳිනා අසුන් පනවා පා දොවා ලග්නා සෙනසුන් පනවා කතිකාවත් කියා සුලුදියටනු පියවි ගෙ පැන් පොකුණු කීම් නඟන පොකුණු කීම් ආදි හැම වත් කට යුත්තෙය-

සෙනසුන් වත් ඇදුරු වත් කී සෙයින් දන්නෙ-

2 පිළිගහන විනිස පැවරී සිඛයෙහි* දු දන්තපොණසිඛයෙහි දු †කී සෙයින් දන්නෙ-

3 පා සිවුරු ඉටන් විකපුන් විනිස සිවුරු සිඛයෙහි§ කී සෙයින් දන්නෙ-

4 ඇවැත් දෙසන සඳැ පැවිජි කෙනෙකුන් කරා එළැබැ සිවුරු සකසා හැඳැ පෙර වැ ඔවුන් වැළැතැ හිඳැ දොහොත් මුදුනේ තබා අවන් ලහුකාපත්ති කියා ‍ ‘මෙ ඇවැත් මුල් කොටැ මා දැනැ නො දැනැ අවන් ලහුක විසභාග ඇවැත් නුඹ කෙරෙ දෙසමි’ යි අ‍රොජා “අහං


1. සැත්. 2. කෙමිදු. *63 පිට. † 69 පිට § 40 පිට 119. සිඛවලඳවිනිස

භන්තෙ! සම්බහුලා නානා චත්ථුකකා” යානාදී විසින් සිඛ වළඳැ* කී සෙයින් දෙසන්නෙ. සඟ වුව “අහං ආවුසො!” යි කියා දෙසසන්නෙ. කරුණු ඇත සකසා හඳනා පොරෝනා නො කොටිනුදු සිටයි දු දොහොත් මුදුනේ නො කොටිනු ‍දු දෙසත් වටී-

5 “අජ්ජ මෙ උපොසථො පණ්ණ‍රසො අධිඨාමි” යනාදී තැන නව පොහො නව පවුරණු දතයුතු -

හේ කෙසෙනි? යත්- දවස් විසින් සයික්සී3 පණ්ණ රසී සමඟ පොහෝ යන තුන් පොහෝ යි. කරුවන් විසින් සඟ පොහෝ යැ ගණ පොහෝ යැ පුඟුල් පොහෝ යැ යන තුන් පොහෝ යි කට යුතු ආකාර විසින් සුත් උදෙස් පිරිසිදු ඉටන් පොහෝ යැ යන තුන් පොහෝ යි. මෙහි සමඟ පොහෝ නම් සියලු සඟවු පොහෝ බිඳැ2 සමඟවූ දවස් කටයුතු පො‍හෝ යි. මෙහි එක්හු දු දෙදෙනා දු සිඛවළඳැ* කී සෙයින් පොහෝ කරන්නෙ මොවුනට ඤාත්ති නැති. තුන්දෙනා පොහෝ කරන තැනැ “සුනන්තු මෙ ආයස්මන්තා! අජ්ජුපොසථො පණ්ණරසො. යදායස්මන්තානං පත්තකල්ලං මයං අඤ්ඤමඤ්ඤං පාරිසුඬිං උපොසථං කරෙය්යානම” යන මෙ ඤත්ති සෙස්ස සිඛවළඳැ* කි සෙයින් දන්නෙ. ඤත්ති දෙවන සතරවන කැමැ “එසාඤත්ති පිහිට් වනු ලැබෙ. සෙසු තැනැ ‘කරෙය්ය ම, කරෙය්යත” යන් ආදිම ඤත්ති. හැම ඤත්ති මෙ ලකුණෙන් දන්නෙ ඉටන් පොහෝ පණණරසී” පොහෝවුව “අජ්ජ මෙ උපොසථො පණ්ණරසො” යන්නෙ. සයික්සී වුව අජ්ජමෙ උපොසථො චාතුද්දසී” යන්නෙ සඟ පොහොයැ මහල්ලන් උසුරුවන සඳැ පනු රැසි වුව “සුණාතු මෙ ආවුසො! ස‍් ෙඞඝා අජ්ජුපොසථො පණ්ණරසො” යනාදී විසින් උසුරුවන්නෙ. සඟුන් උසු



1. දන්නෙ.. 2. බිඳු 3. සයිත්සි

  • 12 පිට බලනු


120 සිඛවලඳවිනිස

රුවන සඳැ “සුණාතු මෙ භන්තෙ! ස‍ෙඞඝා” යනාදි විසින් මහණ මැයේ ආ සෙයින් පණ්ණරසී වුව ‘පණ්ණරසො’යි සයික්සී වුව චාතුද්දසෙ‍ා” යි උසුරුවන්නේ -

මෙහි පූ කිස පූකරණ නම්- සැඳැ, පිරිසිදු, යූ කීම්, මහණ ගණන්, මාගම්1 පැවිජ්ජන්ගේ ඔවා යන මෙ පස පූකිස යි. මෙහි සැඳෑ පිරිසුදු නම් ‍පොහෝ කරන්නට සඟහු මුළු වැ සිමැ අත්පසට නො ආ කෙනකුන් කෙරෙන් සිඛවළඳ* කී සෙයින් සැඳැ දු පිරිසිදු දු දුන්නා ඇරැ පොහෝ කටයුත්තෙ. දෙදෙනා තුන්දෙනා පොහො කරන සඳැ පිරිසුදු ගෙනැ නො ඉයැයුත්තේ. යූකීම් නම් පොහෝ කරන වසන් හිමත් ගිමන් සිටියායිදු ගියා යිදු කියා පොහෝ කටයුත්තේ. මහණ ගණන් ‍යම් මෙ තෙක් දෙන මො මෙහි මුළු වූම්හ යි කීමි. ඉටන් පොහො යැ ‘මම හුද කළලමි’ යන්නෙ. මාගම් පැවිජ් ජන්ගෙ ඔවා නම්: මාගම් පැවිජ්ජෝ පොහෝ දවස් දුටු පැවිජි කෙනෙකුන් “දහපා! මාගම් සඟවු පා වඳිති. ඔවා එළැවීමක් අයජ්ජි” අයජිත්. මෙසෙයින් කියනලද හස්න බාල ගිලන් ගමී තබා සෙස්සන් නො පිළිගත දුකුළා වෙ. පිළිගෙනැ පොහො අග්නි2 කියා ඔවාදෙන කෙනකුන් ඇත ‘අල්ලේ අසෝ ඔවා දෙන පැවිජ්ජන කරහ එළැබෙ වැ’ යි යන්නෙ. නැත. “නො පමා වැ” ‍යි යන්නෙ මෙසේ නො කියත් දුකුළා වෙ. පොහොයට මුළුවූවන් විසින් ‘මාගම් පැවිජ් ජන්ගෙ ඔවා අළුවහු නැතැ’ යි ඉටන්නෙ-

පොහෝ කරන තැන් හැමදු මැ, රෑ වුව වැටුප් පහන් ලීමැ, දිය පරහා තිබීමැ, හසුන් පනවීමැ යන මෙ සතර පූකරණ නම්-

නව පොහො විනිස නිමි.


1. මහගම. 2. අග්නි. * 16 පිට




121 සිඛවලඳවිනිස

නව පවුරුණු නම්;- සයික්සී පවුරුණැ, පතරසී1 පවුරුණැ, සමඟ පැවුරුණැ, තෙවාචික පවුරුණැ, වෙවාචික පවුරුණැ, එකවාචික පවුරුණැ, සඟ පවුරුණැ, ගණ පවුරුණැ, පුඟුල් පවුරුණැ යන මෙ නව පවුරුණි- මෙහි සමඟ පවුරුණු නම්;- සියලු සඟහු මහ පවුරුණු බිඳැ හිල්මස මැඳි පොහොය එන අතුරෙ සමඟ වූ දවස් නො‍ පෝ වුව ‘සුණාත මෙ භන්තෙ! ස‍ෙඞඝා අජ්ජ පවා රණා සාමග්ගි’යි කියා පවරන පවුරුණැ යි- තෙවාචික පවුරුණෙහි පවරන දවස් අන්තරායක් නැත. ‘සුණාතු මෙ භන්තෙ! ස‍ෙඞඝා අජ්ජ පවාරණා පණ්ණරසී. යදී සඞඝස්ස පත්ත කල්ලං ස‍ෙඞඝා තෙවාචිකං පවාරෙය්ය්’යී ඤත්ති පිහිටුවා පවරන්නේ- වෙවාචික පවුරුණෙහි ‘වෙවාචිකං පවාරෙය්යර’යී ඤත්ති පිහිටුවා පවරන්නෙ. එකවාචික පවුරුණෙ‍හි පවරන දවස් ඉතා මඳ වුව ‘එකවාචිකං පවාරෙය්යප’යි ඤත්ති පිහිටුවා පවරන්නෙ-

මෙහි ඒකවාචික පවුරුණුම්;- ‘සඞඝං ආවුසො! පවාරෙමි දිඪෙනවා සුත්තෙනවා’ යනාදී විසින් එක් යලක් කියා පවරන්නෙ. වෙවාචිකයෙහි දෙවරක් කියා පවරන්නෙ. තෙවාචිකයෙහි සිඛවළඳ* කී සෙයින් තුන් යලක් කියා පවරන්නෙ. පස්දෙනා එව් අයිරා පස්දෙනා එව් කරන පවුරුණු සඟ පවුරුණු නම්;- දෙදෙනා තුන්දෙනා සතරදෙනා කරන පවුරුණු ගණ පවුරුණු නම්;- එක් කෙනෙකුන් පවරන පවුරුණු පුඟුල් පවුරුණු නම්-

නව පවුරුණු විනිස නිමි.

6 වසා වන2 විධි යට කී වසාවන විනිසෙහි කී සෙයින් දන්නෙ-

7 මෙ සිඛවළඳැ කී සිඛයෙහි සචිත්තක අචිත්තක විනිස මෙ කියන සෙයින් දතයුතු-


1. පන්නරසී. 2. වසා වසන. * 12 පිට. ‡96 පිට.


122 සිඛවළඳවිනිස

සත් සඟවෙසෙසැ සසුරුතු සඟවෙසෙස අචිත්තකයි. සෙසු සඟවෙසෙසු දු හැම පරිජි දු සචිත්තක යි-

තුදුස් නිසග්ගෙහි දොළොස්වන අසිඳුනා සිඛය හා තුදුස්වන පරිණත සිඛය හා මෙ දෙසිඛය සචිත්තකයි. සෙසු දොළොස් නිසැගි අචිත්තක යි-

එක්සාලිස් පචිත්තෙහි සතරවන පදසොඨම් සිඛයැ, පස්වන සවන සහසෙය්යස සිඛය, සත්වන මාගමට බණ කියනසිඛයැ, එකොළොස්වන දොළොස්වන සෙන සුන් සිඛයැ, ප‍සළොස්වන සිවුරු ගෙත්තම් කරන සිඛයැ, සොළොස්වන පැවරි සිඛයැ, අටලොස්වන විකල් බොජුන් සිඛැය, එකුන් විසිවන සන්නිධි සිඛයැ, විසිවන පිණි බොජුන් සිඛයැ, එක් නවිසිවන දත්තපොණ සිඛයැ, දෙවිසිවන තිථයනට තමා අතින් දෙන සිඛයැ සතළොස් සිඛයැ අචිත්තක යි. සෙසු සූවිසි පචිති සචින්තක යි-

පකිණ්ණකයෙහි බික්සඟුන් අවක්සා මැරූ මස් කී සිඛපද තබා සෙසු හැම මස් සිඛ දු, දෙපැවිදි කෙනෙකුන් එක් හැඳ හෝනා සිඛදු, දෙදෙනා එකක් අතුරුවා හෝනා සිඛ දු, දෙදෙනා එක් පෙරවැ හෝනා සිඛ දු දෙදෙනා එක් බජනෙහි බුදුනා සිඛ දු, නැටුම් ආදී බලනු සිඛ දු කොඩවර1 පවුරෙන් බැහැර දියටනු ආදී පියන පියවන සිඛ දු, ගොයම් ආදී තන්හි දියටනු ආදී පියන පියවන සිඛ දු, දික් කෙස් අධරණ සිඛ දු, කැස හඬු පියෙසැ ලොම් හරන සිඛ දු, නිය මට කරන කරවන සිඛ දු, පිරියම් කළ බිමැ තෙත් පයින් වහන් ඇති පයින් ඇක්මෙන සිඛ දු, සඟසතු හැඳ පුටු සිරිරින් පහරන සිඛ දු, පිරියම් කළ සඟසතු බිත පහරනා සිඛ දු, කහබහන් නො බැඳ ගම් වදනා




1. කුඩවර‍


123 සිඛවළඳවිනිස

සිඛ දු, ඉටන් පොහොනා පා අතින් ගෙනැ දොරකවුළු වරන පියාලන සිඛ දු යන මෙතෙක් සිඛ අචිත්තක යි. සෙසු හැම සිඛ සචිත්තක යි-


සිඛපද ‍දත නොදත විකුම් දත විකුම් සිද්ධ වුව සචිත්තක ඇවැත් අවදි- නොදත නො අවදි-

සිඛපද දත නොදත විකුම් දත නොදත විකුම් සිද්ධ වුව අචිත්තක ඇවැත් ‍අවදි-

මෙසෙයිනස් සචිත්තක අචිත්තක ඇවැත් ඇවැද්මෙහි ලකුණු දතයුතු-*

අටුවා පාඨ උදෙස් බලා සැඛෙවින් මුල්සිඛ හා සිඛවලඳ හා සිඛවලඳ විනිස මා විසින් කරන ලද්දේ යි. ලිඛිත දොසෙක් ඇත එපියා ල‍ාහෙළා වරද නො කියා අටුවා පාඨ උදෙස් බලා ධනධරුන් හා සසඳැ ගතයුතු-


-සිඛවලඳවිනිස නිමි-