Jump to content

සිඛවලඳ හා සිඛවලඳ විනිස - හෙරණසිඛ විනිස i

Wikibooks වෙතින්

හෙරණසිඛ විනිස.

නමවූ මුනිසරණ

හෙරණසිඛයෙහි ආදියැ හෙරණයි දක්වන ලද හෙරණ පැවිද්දා පළමු හැඳිනැ ඔහු විසින් රැක්ක යුතු දසසිල් ආදිය දතයුතු බැවින් හෙරණ පැවිද්දට අභව්යනයෝ ද, හෙරණ පැවිද්දට භව්ය් වුව ද පිය යුත්තෝ ද, හෙරණ පැවිදි කොටැ වත් පද දෙන්ට නිස්සෝ ද, හෙරණ පැවිදි පූර්ව්යෙහි කළමනා විධි ද, හෙරණ පැවිදි ‍අරණ විධි ද, පළමු දතයුතු වෙයි-

මෙහි හෙරණ පැවිද්දට අභව්යවයෝ කවරහ? යත්;- 1 නොමාගම් නොපිරිම්නී නපුංසක පණ්ඩකයෝ ද, 2 උපක්රමමයෙන් බිජු හරණලද ඔපක්කමික පණ්ඩකයෝ ද, 3 මෙ සඟහු සුව විහාර ඇත්තාහ. සුභෝජන වළඳා මනා සෙනස්නෙහි වාසය‍ කෙරෙති. යනාදීන් මහණ වෙස ගැන දැන මුඬුවැ සිවුරු පෙරවැ මහණලිඟු සොරාගත් ලිඞගත්ථුනකයෝ ද, 4 පළමු මහණ ලිගු සාදනා නොහෙන රජබියෙන් දිවිරක්නා නිසා සිවුරු පෙරව ද, 5 එසේ මැ දුගැටි සාවියෙන් හැමදෙනා හා සාධාරණ අහර ගෙණැ දිවි පෙවෙත් වැටෙන් නිසා සිවුරු පෙරවැද, 6 කතරගම තරනු නිසා සිවුරු පෙරව ද, 7 සොරබියෙන් දිවිරක්නා නිසා සිවුරු පෙරව ද,





129 හෙරණසිඛ විනිස

8 සතුරු බියෙන් දිවි රක්නා නිසා සිවුරු පෙරවැ ද,

9 පසුවැ මෙවෙස් මැනවැයි මහණලිඟු සාදනා කළ කෙණෙහි අභව්යස වූ ලිඞග‍ෙත්ථ නකයෝ ද,

10 හෙරණ පැවිදිවැ ගිහිගෙට ගොස් සිවුරු හැරැ නැවත එ සිවුරු වෙහෙරට හැර දෙනු නිසා හැඳැ පෙරවැ වෙහෙරට ආ කලැ එපවත් සඟනට නොහඟවා සිවුරු දෙවා නොගෙනැ මහණලිඟු සාදනා කළ කෙණෙහි අභව්ය වූ ලිඞගු‍ෙත්ථ නකයෝ ද,

11 දුන් කහාගෙනැ ගිහිවියටිවැ. කයින් තොරැ කොටැ එපවත් සඟනට සැලනොකොටැ පසුවැ සිවුරු දෙවා ගනිමියි හැඳැ පෙරවැ පසුව එපවත් සඟනට නොකියා මහණලිඟු සාදනාකළ කෙණෙහි අභව්යැ වූ ලිඞග‍ සෙත්ථුනක යො ද,

12 නෑයන් විසන් සිවුරු හඳවා පොරවා අතැ තළුපා තබා තෝ මහණවැයි ගෙන් නෙරනා ලදුව වෙහෙරට අවුදු එ නො වටනාබව් දැනැ දැනැ එපවත් සඟනට නොහඟවා මහණලිඟු සාදනාකළ කෙණෙහි අභව්ය් වූ ලිඞග‍තෙත්ථහයො ද,

13 හෙරණ පැවිදිවැ සිවුරෙහි ආලය පියා කයින් තොරැ කොටැ පරිජි ඇවැද්ද නොවැද්ද නුදුන් කහාගෙනැ මහණලිඟු සාදනා කළ කෙ‍ණෙහි අභව්යැ වූ ලිඞග‍කෙත්ථ නකයො ද,

14 හෙරණ පැවැදිවැ ගිහිවියැටිවැ හන්පෙරවි සිවුරු ගිහි පිළීසේ හැඳැ පෙරවැ එවෙස් රුස්වා දැකැ පසුව එපවත් සඟනට නොහඟවා සිවුරු දෙවා නොගෙනැ මහණලිඟු සාදනා කළ කෙණෙහි අභව්යඟ වූ ලිඞග‍නෙත්ථසනකයො ද




130 හෙරණසිඛ විනිස 15 සිඛ නොපස්කා සිවුරෙහි ආලය පියා සුදුපිළි හැඳ පෙරවැ පරිජි ඇවිද්ද නොවැද්ද, නුදුන් කහා ගෙනැ මහණලිඟු සාදනා කළ කෙණෙහි අභව්යද වූ ලිඞග‍ුෙත්ථමනක යො ද,

16 සිඛ පස්කා එබව් සඟනට නො‍හඟවා හෙරණ පැවැදිවැ එබව් සඟනට නො‍හඟවාඳ පිළිගන්වනු කැප කරනු පොහෝ පව්රුණු කරනු වස් ගණන් කියනු ආදි මහලු පැවිදි කිස කොටැ අභය්‍යවූ සංවාස‍ිෙත්නෙක යො ද,

17 මෙකී තාක් ප්රැකාරයෙන් ලිඟු සොරා ගෙනැ, සංවාසද සොරා ගෙනැ අභව්යක වූ උභයත්ථනනක යො ද,

18 උපසම්පන්න වැ තීත්ථීකකයන් ගත් ලද රුස්වා ගෙනැ දැකැ ලිහිණි වැ හිසකෙහෙ උදුරවා මොනරපිල් ගන්වා ද, කුස වැහිරි පුවරුපෙළි හැඳැ ජටාබැඳැ තිදඬු කෙණ්ඩිකාද, ගන්නාලද කළ කෙණෙහි අභ්යඳව්යථ වූ තීත්ථිටයපක්ඛන්තකයො ද,

19 තීරච්ඡානයහයි කියනලද නාගමානවකයො ද,

20 ගරුඬ මානවකයො ද,

21 හැම දෙවියො ද,

22 මිනිස් මවුපියන් මව්පිය බැව් දැන ද නො දැන ද මැරූ මාතුඝාතක පිතුඝාතකයො ද,

23 මිනිසත් බව සිටැ පැවිදි වූ ද නුවූ ද රහතුන් මැරූ අරහන්ත ඝාතකයො ද;

24 පුවතක් මහෙණක හා තුන්මගින් එක්තරා මගකැ මෙවුන්ධම් සෙව් භික්ඛුණි දූසකයොද,

25 යටත් පිරිසෙයින් තමා ඇතුළු නවදෙනෙකු වසන වෙහෙරැ සඟුන් නොදහම දැහමැ දහම් නො දහමැ ‍යනාදීන් ගන්වා බිඳැ සතර දෙනෙකු ගෙනැ එකසිමැ පොහෝ සිවුරුණු කළ සංඝභෙදකයො ද, 131 හෙරණසිඛ විනිස

26 දැහැමි සිතින් බුදුන් සිරුරෙන් ඇට‍ලේ මැස්සක බොණ පමණ ලේ ඉපද වූ ලොහිතුප්පාදකයො ද,

27 මාගමුන් කෙරෙහි පිරිම්නීකිස කරන පිරිම්නීන් කෙරහි මාගම්වැ ගැහැණිකිස කරන උභතොබ්යනඤ්ජනක යො ද,

මෙතෙකින් හෙරණ පැවිදි අභව්යබය දක්වන ලදහු යි මෙකී තාක් අභව්යියන් නොදැන මහණ කළ ගිහිපිළී හඳවා නෙරිය යුත්තෝ යැ-


හෙරණ පැවිද්දට භව්යො වුව ද පියැ යුත්තො කවරහ? යත්:

1 සිවුරෙන් මුවහ නොවන තැනැ වඩනට නිසි රත්පෑ කළුපෑ ඇති නියපිටකුදු පමණ කුෂ්ඨ ඇත්තො ද,

2 අතුල් පිටැ පතුල් පිටැ මුහුණ තොලැ නො වඩනා නියපිටකට කුඩා දිවු කුෂ්ඨ ඇත්තො ද,

3 ගොයින් පිටුසෙ කොරොස්වැ සුණු වැගිරෙන සිරුරු ඇත්තො ද,

4 සිවුරෙන් මුවහ නොවන තැනැ ඩෙබර ඇටකුදු පමණ ගඩු ඇත්තො ද,

5 ඇතුල්පිටැ පතුල්පිටැ මුහුණ තොලැ කි පමණ නොවඩනා ගඩු ඇත්තො ද,

6 පියුම් පෙත්තකැ පැහැ වැනි නොපැලෙන ඉසු1 නොබස්නා කිලාස ඇත්තො ද,

7 සොස යයි කියනලද ක්ෂැයරොග ඇත්තො ද,


1 ඉස්. 132 හෙරණසිඛ විනිස

8 පිළියම් කොටැ මනා නො කොටැ හැකි අප මාරයයි කියනලද ‍පිත් කිපි වූ යකුන් විසින් වූ උන්මාද ආත්තො ද, 9 රජදරුවන් විසින් තො මහණවයි අනුදන්නා නොලද වැටු‍මින් සිටි තිරසේවායො ද, 10 ඇමති ආදීහු ද, 11 මිනිසුන් විසින් සැදැහැ නො කරන්නට නිසි ගම් පහරණු ඈ කම් කරන පහළ වූ සොරහු ද, 12 දුනමනා බද්දට කළමනාකමට දඟගෙයි හොනා කලැ හැකිලි ආදිය බිඳැ හො වැරැ එයින් මිදී පලා ආ කාරභෙදකයො ද, 13 දුටු තැනකැ මරන්නේ අත්පා සිඳුනේ මෙතෙක් මෙතෙක් දඬ ගන්නේයයි ලියා තබනලද ලිඛිතකයො ද, 14 දරදීගෙනැ නොදිය හෙනුයෙන් මේමැ දඩයයි සීපූ කැළල ගැට නොවහල් වූවො ද, 15 එකස් කොටැ පෙරෙවි සිවුරෙන් මුවහ නොවන තැනැ එබූ එක් පෑ නොවූ ලකුණු ඇත්තො ද, 16 මවුපියන් විසින් ගත් දරදී ඇත්තො ද 17 අනුන් දස්හු ද, 18 අත් සිඳුනා පා සිඳුනා අත් පා සිඳුනා කන් සිඳුනා නාසා සිඳුනා කන්නාසා සිඳුනා ලදුවො ද, 19 නිය නොපැණෙන සේ ඇඟිලි සිඳුනා ලදුවො ද, 20 උරෙහි ඇලෙහි පිටැ කුදු ඇත්තො ද, 21 මතු සිරුරු පිරිහුන් ලුහුඬු පා ඇති ජංඝ වාමනකයො ද,




2 තිරවැ.



133 හෙරණසිඛ විනිස

22 දික්පා ඇතිවැ මතු සිරුරු නොපිරිහුන් කටිවාමනකයො ද, 23 දෙකමැ ලුහුඬු වූ උභය වාමනකයො ද, 24 නිය නොපැනෙන සේ සතර මහපට ඇඟිල්ලෙන් එකකදු සිඳුනාලද අලච්ඡින්නක‍යො ද, 25 මහනහරින් එකකුදු සිඳුනාලද කණ්ඩාරච්ඡින්න යො ද, 26 වවුල් පියාසෙ බඳැගිලි ඇත්තො ද, 27 සාගිලි ඇත්තො ද, 28 සීපද ඇත්තො ද, 29 පිළියම් කොටැ මනා නො‍කට හැකි අරිසස් ඇත්තො ද, 30 භගන්දමර ඇ‍ත්තො ද, 31 පිතින් සෙමින් වූ පාපරොග ඇත්තො ද, 32 තමන්ගෙ විරෑප භාවයෙන් පිරිස්නස්නා පරිඝ දුසකයො ද ඔහු කවරහ ? යත්:- 33 අනුන් හිස් පමණ පෙකිණ ඇතිවැ ඉතා උස් වූද, 34 පළමු කී උභයවාමනක‍යන් වැනි ඉතා මිටිහු ද, 35 දැලි කණුවක් යෙ ඉතා කළුද, 36 මැලි තඹලොසෙ ඉතා සුදු ද, 37 මල් ලේ නැතිවැ ඇට නහර සමින් කළ සිරුරක් වැනි වූයෙ ද’ 38 මහා භූතයක්හු වැනි මහත් උදර ඇත්තො ද, 39 පැසක් හිසැ තිබුවා සෙ මහත් හිස් ඇත්තො ද, 40 සිරුරට නොහොබනා කුඩා හිස් ඇත්තො ද, 41 තල් කැනක් සෙ ගැට ඇති හිස් ඇත්තො ද,







134. හෙරණසිඛ විනිස

42 ලුහුඬු වූ හිස් ඇත්තො ද, 43 මහත් හුණ පුරුක් වැනි හිස් ඇත්තො ද, 44 කප් කරුවක්සෙ මැදින් වළ ඇති හිස් ඇත්තො ද, 45 සතර දිශාවෙන් එක් දිශාවකට නැමුණු හිස් ඇත්තො ද, 46 වණ ඇති හිස් ඇත්තො ද, 47 කුණු හිස් ඇත්තො ද, 48 කැන් කැන් වැනි වූ කෙහෙ ඇති හිස් ඇත් තො ද, 49 තල් හිර වැනි වැඩි දළකෙහෙ ඇත්තො ද, 50 ජ‍් ාතියෙන් මැ නර ඇත්තො ද, 51 ගිනි ඇවිලියාක් වැනි තඹ කෙහෙ ඇත්තො ද, 52 අඹරුණු කෙහෙ වරළු උඩුවලා හොත් කෙහෙ ඇත්තො ද, 53 හිසකෙ හා බඳ බැම ඇත්තො ද, 54 බඳබැම ඇත්තො ද, 55 ලොම් නැති බැම ඇත්තො ද, 56 වඳුරන් බැම වැනි බැව ඇත්තො ද, 57 ඉතා මහත් ඉතා කුඩා ඇස් ඇත්තො ද, 58 එක් ඇසක් කුඩා වැ එක් ඇසක් මහත් වූවො ද, 59 එක් ඇසිපියක් එබී එක් ඇසිපියක් උස්වූ යෙ ද, 60 වම් රැස් ද, 61 අතුළුවන් ඇස් ඇත්තො ද, 62 පිටතට නික්මුණු ඇස් ඇත්තො ද,







135. හෙරණසිඛ විනිස

63 විරූප වූ මහත් කන්පි ඇත්තො ද, 64 මීයන් කන් වැනි කන් ඇත්තො ද, 65 ඉතා කුඩා කන්පි ඇත්තො ද, 66 කන්වළ්1 මිසක් පී නැත්තො ද, 67 යොනුන් විනා විදිනා2 කන් ඇත්තො ද, 68 නිත්තෙන් පූයා වැගිරෙන කණී භගන්දඇර ඇත්තො ද, 69 නිත්තෙන් පූයා වැගිරෙන ගඩුකන් ඇත්තො ද, 70 ඉතා පිඟු ඇස් ඇත්තො ද,3 71 ලොම් නැති ඇත් ඇත්තොද 72 තිත්තෙන් දිය වැගිරෙන ඇස් ඇත්තොත ද, 73 පුප් ඇති ඇස් ඇත්තො ද 74 විළික්සුණු ඇස් ඇත්තො ද, 75 ඉතා මහත් නාසා ඇත්තො ද, 76 සිපි නැහැ ඇත්තො ද, 77 හැද නාසා ඇත්තො ද, 78 දික් වූ නැහැ ඇත්තො ද, 79 දිවින් ලෙවිය හැකි ගිරවුන් තුඩු සෙ නැමුණු නාසා ඇත්තො ද 80 නිත්තෙන් මුකුණු වැගිරෙන නාසා ඇත්තො ද, 81 මඩුවන් මුවසෙ මහත් මුව ඇත්තො ද, 82 මියෙහි සිදුර කුඩාවූයෙ ද, 83 බුන්මුව ඇත්තො ද,


1. කන්වැල් 2. විදිනා 3 මීයෙ පැහැවැනසි ඉතා පිගු. ඇස් ඇත්තො ද,





136 හෙරණසිඛ විනිස

84 හැදමුව ඇත්තො ද, 85 බදුන් මුව විටිසෛ මහත් තොල් ඇත්තො ද, 86 දත් මුවහ කරන්නට නොපිළි‍වන් තුනුතොල් ඇත්තො ද, 87 මහත් උඩුතොල් ඇත්තො ද, 88 මහත් යටිතොල් ඇත්තො ද, 89 කෙළ වැගිරෙන තොල් ඇත්තො ද, 90 ඇතුළෙන් රත් පිටතින් සුදු තොල් ඇත්තො ද, 91 කුණුමුව ඇත්තො ද, 92 විරූපවූ මහත් දත් ඇත්තො ද, 93 අසුරන්සෙ පිටතට නික්මුණු දළ ඇත්තො ද, 94 කුණු දත් ඇත්තො ද, 95 ගෙරිහණුසෙ මහත් හනු ඇත්තො ද, 96 දික් හණු ඇත්තො ද, 97 ඇතුළුවන් හණු ඇත්තො ද, 98 බුන් හණු ඇත්තො ද, 99 වුවමනා වයසැ මාගමුන්තසෙ දැළි නැත්තො ද, 100 කොකුන්සෙ දික් කඳට ඇත්තො ද, 101 ඇතුළුවන්නා වැනි ලුහුඩු ගළසර ඇත්තො ද, 102 බුන් උර ඇත්තො ද, 103 බුන්ගළසර ඇත්තො ද, 104 බුන් පිට ඇත්තො ද, 105 කස් බොහො සිරුරු ඇත්තො ද, 106 කණ්ඩුයා බොහො දද ඇත් සිරුරු ඇත්තො ද,






187 හෙරණසිඛ විනිස

මෙසේ පිරිස් නසන විරූප යොද, 1. ලිප් කැටක් වැනි මහත් නිසදුන් ඇත්තො ද, 2 මහත් ‍කළවෙ ඇත්තො ද, 3 මහත් දණ ඇත්තො ද, 4 ළු දණින් එදණ ගැටෙන දණ ඇත්තො ද, 5 යටක්සෙ දික් සිහින් කකුල් ඇත්තො ද, 6 මතුබලා නැමුණු යටිබලා නැමුණු මහත් පිඬුමස් ඇත්තො ද, 7 ඉතා දළ පිඬුමස් ඇත්තො ද, 8 ඉතා දික් පතුල් ඇත්තො ද, 9 ඉතා දික් විළුම් ඇත්තො ද, 10 ඇතුළට අඹරුණු පිටතට නුමුණු පතුල් ඇත්තො ද, 11 හිඟුරු පෙන වැනි ගැට ඇති ඇඟිලි ඇත්තො ද, 12 කළු වූ කුණු නිය ඇත්තො ද, 13 එක් ඇසකුදු නටුවො ද, 14 වක් අත් ඇති වක් පා ඇත් වක් ඇඟිලි ඇති කුණී ද, 15 ඛඤ්ඡ යැයි කියනලද, දණනැති, බුන් සිහින් කකුල් ඇති, ඇකුළුණු පතුල් ඇති, පිටිපතුල් මැදින් කකුල් ඇති, ඇකුළුණු පතුල් ඇති, පිටිපතුල් මැදින් ඇක්මෙන, පිටිපතු‍ල් අගින් ඇග්මෙන, විළුඹෙන් ඇක්මෙන, පත්ලෙහි පිටතැ ඇලයෙන් ඇක්මෙන, ඇතුළු ඇලයෙන් ඇක්මෙන, සියලු පිටිපත්ලෙන් ඇක්මෙන, ඛඤ්ඡක ද,*






  • අටදා සන්යි 14 පිට බලනු



138 හෙරණසිඛ විනිස‍

16 එක් අතක් හො එක් පයක් නො සිරුරෙන් අර්ඪෙයක් හෝ වියළුණු පක්ඛහත ද, “ජින්නිරියා පථ” යැයි කියනලද පිළු ද, †

17 වළඳන කලැ තමා පෙරටැ බත්කන කපුටුවන් පළවාපිය නොහෙන පමණ ළදරු ද,

18 තමාගේ සිවුර සිරුරැ රඳාගන නොහෙන පමණ ජරා දුර්වකල ද,

19 ජාත්ය න්ධර ද,

20 සරණ ගමන් ශුද්ධකොටැ නොකියහෙන මම්මනද,

21 බිහිරුදුයි. මෙතෙකින් හෙරණ පැවිදැදට භව්යද වුවද පිය යුත්තො ද, දක්වන ලදහු. මෙකී තාක්දෙනා නොදැන මහණකළ පැවිජි අරයි. කළානට වනාහි ආපත්තිවෙ-

හෙරණපැවිදිකොටැ වත්පද දෙන්ට නිස්සෝද නිය දෙන්ට නිස්සෝද කවරහ? යත්:-

‍ දසවසක් ඇති වැ පිරිස් අහිවිනයෙහි භික්මවනු සඳහා පරිජි පවිති දෙපොත හුදකලාවැ හෝ එක් කෙනෙකුන් හා සමඟ හෝ දෙදෙනෙකුහා සමග හෝ පිරිවහන්නට නිසිවූ අපලොකනකර්මෙයැ ඥප්තිකර්ම යැ ඥප්ති චීතිය කර්මිය ඥප්ති චතුත්ථිඅකර්මෙයැ ඥප්තිකර්මොයැ ; යන කමා ‘කම් විනිසද කුඳුවතුදු උගතක් කෙනෙක් පිරිස් අභිධර්මමයෙහි හිකමවනු සඳහා දික්සඟියැ මහවග හෝ මැදුම්සගියැ මුල්පණස හෝ සංයුත් සඟියැ සියඟාවග නිදන්වග කුඳුවග හෝ නොහොත් සංයුත්සඟියැ මහවග හෝ අ‍ෙඞ්ගාත්තර සඟියැ පූර්වතර්ධගය හෝ අපරාඬර්‍ හෝ නොහොත් චතුෂ්කය හෝ පචකය හෝ කුදුගත් සඟියැ අටුවා හා සමඟ දාපාඨ ධම්පියා හෝ උගත්


† අටදා සන්යෝ 7 පිටබලනු 139 හෙරණසිඛ විනිස

කෙනෙක් කැමති කැමති දිශාවට යන්ට නිවැසි ගියගිය දෙසෙහි නායකවන්ට නිසිවූ කෙනෙක් පරි සුපඪාපකනම් වෙත්. මෙසේවූ කෙනෙක් හෙරණ පැවිදි කොටැ වත්පද දෙන්ටද නිසිවෙත්-

හෙරණපැවිදි පූර්වකයෙහි කළමනා විධි කවර? යත්:-

පළමුකී අගුණාඞගයෙන් තොරවූ ගුණා ‘ඞගයෙනක් යුත් මහ පිනැ’තියක්හු මහණ වියටිවැ ආකල ධැමෙන් සෙමෙන් උපදනා පස ලබනයේ ද සිහිල් කැමත හුණු ලැබෙනසේ ද හුණු කැමැත සිහිල් ලැබෙනසේ ද දිවිහිමියෙන් හුදකලාවැ හිඳිනා හෝනා එක්වේලේ වළඳනු බ්රෙම්සරවස් රක්නට උගහටසේ ද පළමු ඕහට කියා මේ හැම කිසිවක්සේ නොහැඟැ නිවන් සඳහා මහණ වීමෙහි උත්සාහ ඇතිබව ඇඟවූ කලැ කුළුණු නුවණ සැඳැහැයෙන් යුත් මහපිනැ’තියෙක් වීනම් පළමු මවුපියන් අනුදන්වාගෙනැ රොගී වීනම් උපශම කටහැකි තාක් රොගයට පිළියම් කරවා මනා කොටැ හිස කෙහෙ දැහැඟුලෙන් දික්වීනම් මහලු පැවිදි සඟුන් කෙහෙ බැහැවුව මනාවීනම් සිමැ ඇතිතාක් සඟුන් රැස්කොටැ පැවිජි කැමැත්තහු එපිරිසට හැරැ “සඞඝං භන්තෙ! ඉමස්ස දාරකස්ස හණ්ඩු කම්මං ආජුචඡාමි” යි මෙසේ අපලොකනකර්මඉයෙන් කෙහෙ බහවන්නට සඟුන් අනුදන්වා ගෙනැ එසේ නොපිළි’වන් වීනම් අනුපසම්පන්න කෙනෙකුන්ලබා කෙහෙබහවා මහලු පැවිදි සඟුන්මැ කෙහෙ බැහැවුව මනාවීනම් පිටිසිමට හැරැ කෙහෙ බහවා ගොමසුන්නෙන් ගඳසුනෙන් උලා ගිහිගඳ හැරැ නහවා ඉක්බිති ඔහු වත්තෙරුන් වැඳැ සිවුරු අතින් ගෙනැ නතුවැ සිටැ; සව්දුක් නිසරණු නිවන්දහම් පසක්කරනු සඳහා මෙකහා ගෙනැ මා මහණ කරව් දහපා!” යී කීකලැ ඔහු අතින් සිවුරු ගෙනැ නැවත ඔහු විසින්මැ; “සව්දුක් නිසරණු නිවන්





140 හෙරණසිඛ විනිස

දහම් පසක් කරනු සඳහා තෙ‍ල කහා මා මහණ කරව් දහපා!” යි ආරාධනා කොටැ සිවුරු ඉල්වූ කලැ ඔහු අතැ තබා මෙ නියායෙන් තුන්විටෙකැ ඕලවා අරාධනා කරවැ තුන්විටෙකැ සිවුරැදි සිවුරු හැඳැ එකස්කොටැ පෙරවි කලැ වත්තෙරුන් පා වඳවා උත්කුටුයෙන් හිඳුවා දොහොත් මුදුනේ කැරවුව මැනවි-

මෙතෙකින් හෙරණ පැවිජි පූර්වැයෙහි කළමනා විධි දක්වන ලදී.

හෙරණැපැවිජි අරනවිධි කීයේයැ? යත්- මෙකී සෙයින් හෙරණපැවිදි කැමැතිවැ හුන්කලැවත් තෙරුන් විසන් ඔහු බදැදිලි ගන්වා1 මෙසේ කියැයුතු.

1 “පුඞම් සරණම් ගච්ඡාමි ධම්මම් සරණං ගච්ඡාමි සඞ්ඝම් සරණම් ගච්ඡාමි

2 දුතියම්පි බුඞම් සරණම් ගච්ඡාමි දුතියම්පි ධම්මම් සරණ ම් ගච්ඡාමි දුතියම්පි සඞ්ඝම් සරණම් ගච්ඡාමි

‍ 3 තතියම්පි බුඞම් සරණම් ගච්ඡාමි තතියම්පි ධම්මම් සරණම් ගච්ඡාමි තතියම්පි සඞ්ඝම් සරණම් ගච්ඡාමි

1. බුඞං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සඞඝං සරණං ගච්ඡාමි

2. දුතියම්පි බුඬං සරණං ගච්ඡාමි දුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි දුතියම්පි සඬ්ඝං සරණං ගච්ඡාමි

1 ගෙනැ 141 හෙරණසිඛ විනිස

3 තතියම්පි බුඞං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සඞ්ඝං සරණං ගච්ඡාමි

මෙසේ සරණගමන් කරවන වත්තෙරුන් විසින් එකි එකී සරණ මකාරාන්තකොටැ තුන්‍තුන්විටැ නොපිරි හෙලා උච්චාරණ ශුඞකොටැ පළමු සරණගමන් කැරවිය යුත්තේය. ඉක්බිති නීග්ගභීතාන්ත කොටැ පද වෙන වෙනැ නොතෝරා එක්කොටැ සරණ ගමන් කැරවිය යුත්තේය. හෙරණ පැවිජ් කැමැත්තහු විසිනුදු නොපිරිහෙලා උච්චාරණ ශුඞකොටැ සරණ ගමන් කටයුත්තෙයැ. මෙතෙකින් හෙරණ පැවිජි අරයි. වත්තෙරුන් විසින් හෝ හෙරණ පැවිදි කැමැත්තහු විසන් හෝ ශුඞකොටැ උච්චාරණ නොකොටහුන පැවිද්ද නො අරා. හෙරණපැවිද්දන් ගේ සරණගමන් මහලු පැවිදි කරන කම් වදන්හා සමයැ, ඒඇදුරුතෙරුන් ශුඞකොටැ කම්වදන් කිය වත් මැ අරයි මෙවනාහි දෙදෙනමැ ශුඞකොටැ උච්චාරණ කළහොත් අරා. යම්සේ මහලු පැවිද්දන්ට කම්වදන් ශුඞකොටැ කියවීමෙන් පැවිජි අරත්මැ මහලු පැවිදිවැ රැක්ක මනාතාක් සංවර සමාදන් වුවාමැ වෙත් ද එසේමැ සරණ ගමනයෙන්මැ හෙරණ පැවිජි අරත්මැ තමන් විසින් රැක්ක යුතු සියලුදු සමාදන්වුවාමැ වෙත්. එතකුදුවුවත් සමාදන් කරවියයුතු වෙත්. මෙතෙකින් හෙරණපැවිජි අරනවිධි දක්වනලදී-


දැන් වනාහි හෙරණසිඛයෙහි විනිස කියනු ලැබේ. “හෙරණහට” යි යූ සේ යි, මෙකී සෙයින් ‍හෙරණ පැවිදි වූවාහටයයි යූ සේයි. මෙහි ‘:දසසිල් දසසිඛ දසපරිජි දසනාසනා “ දෙසදඬුවම්වත්” යි උදෙස් විසින් පසක් දක්වා එහි විභාග දක්වනුවෝ





142 හෙරණසිඛ විනිස

“හෙරණහට දසසිල් නම් කවර? යත්.” යි ප්ර්ශ්න කරළා. එහි සීල යූ සේයැ තමා රක්නාහුගෙ තුන් දොරින් සිඞවන අකුසලුන් දුරුකොටැ සිත් සතන්හි හිඳිවීමෙකැ මතුමතුයෙහි ලැබියයුතු ලොවී ලොව්තුරා දහමට පිහිටෙකැ යූ සේයි. “පණීවා” නම් සතුන් මැරීමැ. “දුරුවීම්” නම් විරතින් පිටත් අනෙකක් නොවන බැවින් මැරියයුතු සතුන් කෙරෙන් හැකිළ ඔවුන් නොමඩනා සැබවිවූ සැදැහැ ඔතප් අපිස් ගුණු පිහිටැ කොටැ ඇති පව් කිරීමට පිටිපානාක්හු වැනි සමකමත් සැපියුතු කුසල් සිත යූසේයි. “අයිනාදන්” නම් නුදුන්නා ගැන්මැ “දුරුවීම්” නම් විතරතින් පිටත් අනෙකක් නොවන බැවින් ගතයුතු බතින් හැකිළැ එවන නොමඩනා සැබැවිවූ සැදැහැ හිරි ඔතප් අපිස් ගුණ පිහිට කොටැ ඇති පව්කිරීමට ‍පිටිපානාක්හු වැනි සමකමත් සැපියුතු කුසල් සිත යූ සේයි.

බුදු පසේබුදු සව්වෝද බඹහු ද බ්‍රහ්ම නම් වෙති. ඔවුන්ගේ සර “බ්රේම්සර” නම් වෙයි. හේ මෙතෙනැ වනාහි මෙවුන් ධමින් විරතියැ. බ්රුම්සරයැ නොවන්නෙ අබ්රනම්සරයැ හෙවත් මෙවුන්ධමැ “දුරුවීම්” නම් විරතින් පිටත් අනෙකක් නොවන බැවින් විකුම් කටයුතු වතින් හැකිළැ එවන් නොමඩනා සැබැවිවූ සැදැහැ හිරි ඔතප් අපිස් ගුණ පිහිට කොටැ ඇති පව්කිරීමට පිටිපානාක්හු වැනි සමකමත් සැපියුතු කුසල් සිත යූ සේයි. “මුසවා” නම් බොරු කීමැ. “දුරුවීම්” නම් විරතීන් පිටත් අනෙකක් නොවන බැවින් කියයුතු බොරුවෙන් හැකිළැ සබා නොමඩනා සැබැවිවූ සැදැහැ හිරි ඔතප් අපිස් ගුණ පිහිට කොටැ ඇති පව්කිරීමට පිටිපානාක්හු වැනි සමකමත් සැපියුතු කුසල් සිත යූ සේයි. “රහමෙරින් දුරුවීම්” නම් විරතින් පිටත් අනෙකක් නොවන බැවින් පියැයුතු රායෙන් හැකිළැ එවත් ‍නොමඩනා සැබැවිවූ සැදැහැ හිරි ඔතප් අපිස් ගුණ පිහිට කොටැ ඇති පව්කිරීමට.





148 හෙරණසිඛ විනිස

පිටිපාන්නාක්හු වැනි යමකමත් සැපියුතු කුසල් සිත යූ සේයි. “විකල් බොජුන්” නම් පස්වරු අහර වැළඳීමයි. “නටනු” නම් තමා නැටීමැ. “ගනු” නම් ගී කීමැ. “වයනු” නම් බෙර ආදී වැයීමැ. “විසුළුදසුන්” නම් මෙකි නටනු ආදී බැලීමැ. මල් ගඳ විලවුන් ඇධැරීමැ” නම් මල් පැළඳුම් ගඳ විලවුන් ගැනුම් “උසසුන්” †නම් වඩුරියන් උස්පා ඇති හැඳයැ. “මහසුන්” නම් පුප්ඔත්තිලි සතර ඟුලෙන් දික්ලොම් ඇති පලස් ඇතිරියැ. “රන්” නම් රත්රන. “රිදී” නම් රිදීයැ. දඬුලායෙන් කළ ලො‍හය බැවහාරයෙහි වැටෙන මාසක “මස්ස” යි සංග්ර හ කළහ. රන්රිදී තබ එක්කොටැ රූ නඟා කළ කහාපණයට “කහවණු” යයි කීහු. මෙ විකල් බොජුන් ආදී පස පස්කම්රා නොපැහුවන් විසින් සෙවියයුතු බැවින් කෙලෙස් කමටනමැ,1 එයින් දුරුවීම් හැකිලැ එවත් නොමඩනා සැබැවි වූ සැදැහැ හිරි ඔතප් අපිස් ගුණ පිහිට කොටැ ඇති පව් කිරීමට පිටිපා නාක්හු වැනි සමකමත් සැපියුතු කුසල් සිත යූ සේයි.

මෙතෙකින් දසසිල් විනිස සැඛෙවින් දක්වන ලදී.


ඉක්බිති!! “දසසිඛ නම් කවර? යත්:-” යි ප්ර ශ්න කොටැ “මෙදස සිල්මැ හික්මියයුතු බැවින් දස සිඛ නම්‍ වෙ” යි දක්වා එහි හික්මෙන ප්ර්කාර නොකී බැවිනුදු මෙ දසසිල් භික්මෙන ප්රාකාර දක්වනුවන් විසින්; අත්තනා ච පාණාතිපාතං පහාය පාණාතිපාතා පටිවරතො හොති පාණාතිපාතා වෙරමණියාච සමාදපෙතා පාණාතිපාතාවෙරමණියාච චරණ්ණවාදී පානාතිපාතා වෙරමණීයාච පාසංඝො” යනාදීන් එකී




† 81 1 කමටවන


144 හෙරණසිඛ විනිස

‍එකී සිල් සරත සතර අඟින් යුක්ත කොටැ සතළිස් ආකාරයකින් හික්මියයුතු යයි වදාළ බැවින් දැන් එකී ‍එකී සිල් සරත සතර අඟින් යුක්ත කොටැ හික්මිය යුතු සේ දක්වනු ලැබේ. කීයේය? යත්:- පාණාති පාතා වෙරමණී සික්ඛාපදං සමාදියාමි” යනාදීන් සමාදන් වූ සිල් ඇත්තහු විසින් අත්තානුවාදභය - පරානුවාදභය- දණ්ඩභය- දුගීතිභයා’දීන් පස්විකා විකුම් නොකරන පියල්වැ සිතැ උපන් රාදොස් ඈ කෙලෙස් වසඟ නොවැ එකෙලසුන් මැඩ හිරි ඔතප් සැදැහැ අපිස් ගුණ එළවා සිත් සතන් අකුසලින් නගා කුසල්හි පිහිටුවා හැමකලමැ නොපමාවැ සිහිනුවණින් යෙදි පණිවාදීන් දුරුවැ හික්මියයුතු - මෙසේවත් ඔහු විසින් රක්නා දසසිල් දස අඟින් යුක්ත වෙ. යම්සේ එකීසෙයින් හික්මෙනලද දසසිල් හික්මෙනුවන්ට ලොවී ලොව්තුරා දහමට පිහිට වෙ ද, එසේමැ මෙරමාහට ද පිහිට වුවහදහයි සිතා කුළුණු නුවණින් යෙදී මෙරමා දස සිල්හි පිහිටවීමෙන් ඔහු විසින් රක්නා දසසිල් විසි අඟින් යුක්ත වෙ. යම්සේ විසි අඟින් යුක්ත කොටැ දසසිඛය පුරනුයෙ යම්කලෙකැ මෙ දසසිඛයෙහි ගුණ ද මෙයින් සිද්ධවන ලොවී ලොව්තුරා දහම්හි ගුණ කියා ද එකලැ ඔහු විසින් හික්මෙනලද විසි අගින් යුක්ත අදසිඛය තිස්අඟින් යුක්ත වෙ. යම් කලෙකැ මෙකී තිස් අඟින් යුක්ත කොටැ දසසිඛය පුරනුයෙ මෙරමාගෙ ද තමා ගෙද ගුණ සිතින් සලකා ද එකලැ ඔහු විසින් හික්මෙන ලද තිස් අඟින් යුක්ත දසසිඛය සතළිස් අඟින් යුක්ත වෙ. මෙ දසසිල් තමා හික්මෙන විසින් අනුන් දසසිල් සමාදන් කරවන විසින් දසසිල්හි ගුණ කියනු විසින් දස සිල්හි ගුණ සිතින් සලකන විසින් හික්මිය යුතු බැවින් දසසිඛ නම් වෙයි කීහු -

ඉක්බිති “දසපරිජි නම් කවර? යත්” යි ප්රසශ්න කොටැ “දැන දැන සතක්හු දිවි ගැවුළව පරිජි වෙ” යි.





115 හෙරණසිඛ විනිස

යනාදීන් දසපරිජි දක්වූහු. මෙදස පරිජි නම් කෙසේවියැ යත්? යම් හෙතුයෙකින් මෙසස්නෙන් පරදවා ද සස්නෙන් ව්යුපත කෙරෙ ද සදහමින් දුරු කෙරෙ ද ශක්රාෙත්මභාවයකින් බ්රපහ්මාන්තමහාවයකින් ව්යුුත වූවක්හු වැනි කෙරෙ ද එබැවින් මෙදස පරිජි නම් වි-

මෙහි පළමුවන පරිද්දෙහි “දැනැ දැනැ” යූ සේ යැ. මෙපියොවින් මොහු මරමි දැනැ දැනැ යු සේ යි. පිළිසඳ පටන්ගෙනැ ව්යුයතවන තාක් පස්කඳ ධැරුවානට රූපාදිය ඇළුම් වන බැවින් “සත්හ” යන පණති. කම්සමුඪනි1 කලාපයෙහි සිටි රූ දිවිදු ද සව්සිත් සැපියැ යුතු අරූදිවිදු ද සව්සිත් සැපියැ යුතු අරූදිවිදු ද ‘දිවි,, නම්, “ගැළවීම්,, නම් තොරකිරිමැ යු තෙනයත් යම් කවර සතක්හු බව දැනැ දැනැ මරමි යන සිතුම් ඇතිවැ සිය අතින් පහරණ විදිනාදී යම් කවර ප්රමයොගයක් කළකලැ එපියොවින් එවිගස හෝ කලාතුරකින් හෝ එසත් මියන්නේ වීනම් එපියෝ කළහට එපියෝ කළ කෙණෙහි පරිජි වෙ ඇණවා මරනු හට ඇණවනු ලදුයෙ එකාන්තයෙන් මරන්නෙ වී නම් ඇණවු කෙ‍ණෙහි පරජි වෙ. පරියායෙන් කීමෙහිදු මෙමැ නයයි. මෙ මෙහි උදෙස්. නිදෙස් වනාහි මිනිස්විකා පරිද්දෙහි* කීසෙයින් දතයුතු. මෙදෙක්හි වෙසෙස් කවර? යත්:- එහි මිනිස්සතක්හුම මැරුව පරිජි වෙ -

පළමුවන පරිජි නිමි.

දෙවන පරිද්දෙහි “දැනැ දැනැ” යූ සේයැ. මෙරමා අයිතැයි දැනැ දැනැ යූ සේයි. “දනා අයිතැයි” දැනැ දැනැ යූ සේයි. තමා නොගැතියැ යු සේයි. “දාහුවැලයකුදු” යටත්පිරිසෙයින් පරිජ්පොහොනා වත් දක්වනු සඳහා කීහ. “සොරසිතින් ගත්” නම් යූ සේයැ. අනුන් ගැතිවත් අනුන් ගැතිබව දැනැ දැනැ


1 කර්මැසවුච්ඨනි. * 29



146 හෙරණසිඛ විනිස

පස්විසි අවහාරයෙන් එක්තරා අවහාරයෙකින් සො‍රා ගත්නම් යූ සේයි. මෙ මෙහි උදෙස්. තිදෙස් වනාහි අයිනාදන් පරිද්දෙහි කීසෙයින් දතයුතු. ‍ මෙදෙක්හි වෙසෙස් කවර? යත්:- එහි රත්තරන් විසිවියැටෙකින් පරිජි‍ වෙයි. † මෙහි දාහූවැලයකිනිදු පරිජි වෙ -


දෙවන පරිජි නිමි.

තුන්වන පරිද්දෙහි “දැනැ දැනැ” යූ සේයැ, අසූචි හා සඳුන් විවෙක නොකරන පමණ ද ගිනි හා රත්රන් හා විවෙක නොකරණ පමණ ද උමතු නොවැ නොනිදන සඳකරන විකුම් සාදනා කෙරෙත් නම් යූ සේයි “තිරිසන්ගිය මාගමක හා ද” යී යටත්පිරිසෙයින් මෙවුන්ධම් පොහොනා මාගමුන් දැක්වූහු. එතෙකුදු වුව යටත් පිරිසෙයින් මෙවුන් ධමටැ වත් වූ කොබෙයින් ගොයින් ඈ දික්දැවත් මාගමුන් පිරිම්නීන් ගතයුතු රාගයෙන් සමවූ මාගම්පිරිම්නීන්ගේ දහම් මෙවුන්ධම් සෙවීම් නම් යූ සේයි. මෙකී මාගම් පිරිම්නීන්ගෙ තුන්මගින් එක්තරා මගෙකැ මෙවුන්ධම් සෙවීනම් ද තමානිමිත්හි මෙරමා විසින් කරන විකුම් සාදනා කෙරෙ නම් ද යූ සේ යි. මෙ සිඛයෙහි උදෙස් නිදෙස් වනාහි මෙවුන්ධම් පරිද්දෙහි* කීසෙයින් දතයුතු-

තුන්වන පරිජි නිමි.

සතරවන පරිද්දෙහි , ‘දැනැ දැනැ” යූ සේයැ. බොරු කියන පෙරට ද කියන කල ද තමා කියන බොරු දැනැ දැනැ යූ සේයි. “සිනාසු බසිනුදු” යි යටත් පිරිසෙයින් පරිජිවන්නට නිසි බො‍රු දක්වන සඳහා කීහු. කුමැ යූ තැනයත්? සිනා සඳහා යහපත්හ නිස්සහ. නුවණැත්තාහ යොග්යදවැ සිටියහ. යනාදීන්


† 23 * 21


147 හෙරණසිඛ විනිස

නො එසේ වූවානටැ කීවානමුදු වෙහෙර ටැ පැසැ තබා එක් අවුළුපතක් හළුවා දැකැ බෙහෙරටැ අවුළු පත් පැසින් බැවුහයි ද බොජුන්හලැ තෙලිත්තක් වැටුනා දැකැ බොජුන්හල තෙල මොහෙළ ගෙනැ ගියෙයැ යනාදීන් සිනා සඳහා කියා නම් යූ‍ සේයි. “මුසවා” කියා නම් යූ සේයැ. සිහි නැතිවැ සහයා නොකියා එකක් බෙණෙමි සිතා අනෙකක් නොකියා නොදුටුවා නො අසුවා දිටිමි ඇසිමි යානදි නුදු සැක ඇතිදැ සැක නැතිවත්ව ද සැක නැතිදැ සැක ඇති වන්ව ද කියා නම් යූ සේ යි. මෙ‍ මෙහි උදෙස්. නිදෙස් වනාහි පචිති පොතැ ඇදි සිඛයෙහි කීසෙයින් දතයුතු-

සතරවන පරිජි නිමි.

පස්වන පරිද්දෙහි “දැනැ දැනැ,, යූ සේයැ. රාබව දැනැ දැනැ යූ සේයි. එබැවින් රා නොදැනැ පුව පරිජි නොවෙයි. අකුසල් වනාහි වෙයි. සෝවාන් වූවාටනැ නොදැනැ බොත් නොවදී. කම්පථ වූකලී අකුසල් සිතින්මැ වියයුතු බැවින්. “පිණිබිඳක් සාද,, යි යටත් පිරිසෙයින් පරිජි පොහොනා වත් දක්වනු සඳහා කීහු. මෙ මෙහි උදෙස්. නිදෙස් වනාහි සුරාපාන සිඛයෙහි කීසෙයින් දතයුතු-

පස්වන පරිජි නිමි.

සව්නෙ සවාරෙන් දතුවයෙන් “බුදුහු” හැදෙනාම විසින් ආදර කරනලද බැවිනුදු මහඇගි බැවිනුදු තමන්හා සම කෙනෙකුන් ලොවිහි නැති බැවිනුදු සැරියුත් මහතෙරුන් ඈ මහපිනැ’තියන් විසින් සෙවියයුතු බැවිනුදු “රුවනුදු” වෙත්. “අයුණු කිව” යූ සේයැ. සව්නේ සවාරෙන් නො දන්ති. කෙලෙසුන් කෙරෙන් දුරුහු නොවෙති.



1 නොදත්හි.


148 හෙරණසිඛ විනිස

යනාදීන් නවඅරහාදි ගුණ පිළිවක් කොටැ අයුණු කිව යූ සේයි. සතරමඟ සතරපල ද නිවන් ද “දහම්” නම් පළමු කීසෙයින් රුවනුදු වෙයි. අයුණු කිව යූ සේයි. එදහම් මනාවැ පිළිපදනවුන් දුක් නැසීමට නොපමණුවා යනාදීන් අයුණු කිව යූ සේයි. අරීඅට පුගුලෝ “‍සඟහු” නම් වෙති. ඔහු ඔහු පළමු කීසෙයින් රුවනුදු වෙති. අයුණු කිව යූ සේයැ. එසඟහු සුපිළිපන්හු. නොවෙති, යනාදින් අයුනු කිව යූ සේයි. පළමු මෙවුන්ධම් පරිජි දක්වන තැනැ පුවතත් - මෙහෙණනුදු, ගැණෙන්නෙන් නැවතැ සබ්බනාසනා දක්වනු සඳහා “පුවතත් මෙහෙණක හා ද මෙවුන්ධම් සෙවිය” යූහු “අනියතමිසදිට්” යූ සේයි. නොහරන්නට තිසිවැ නියතවුයෙ නොවෙයි යූ සේයි. වත්මනුයෙහි ද ඉකුත් කල්හිදු අනායෙහිදු රුවාරු දහමහු පිණිස උපදිති. සිතා නොගෙනැ තුන්කල්හි එකදහම්හයි ගන්නා සස්සත දිඨියැ, පළමු කළ කුසලා’කුසලින් දැන් ඵල නැත. දැන් කළ කුසලා ‘කුසලින් මත්තට උපකාර නැතැයි ගන්නා උච්ඡදදිඨි නම් -

දස පරිජි නිමි.

(iv) මෙසේ දක්වනලද මෙදස පරිද්දෙන් එකකුදු අවන්නෙන් දුස්සීල වුවාහට සැදැහැයෙන් දුන් පස වළඳනු වරා ගිනිගෙනැ දිලිසෙන ලොහොගුළා වළඳනු මැනවයිදු; සැදැහයෙන් දුන් සිවුරු හඳනා පොරෝනා වරා: ගිනිගෙනැ දිලිසෙන යපට හඳනෙ මැනැවැයිදු, සැදැහයෙන් කරවා දුන් සෙනස්නෙහි ලග්නා වරා. ගිනිගෙනැ දිලිසෙන ලොහොගෙයි ලග්නෙ මැනැවැයිදු; සැහැහයෙන් දුන් හැඳපුටු ආදිය හෝනා හිඳුනා වරා. ගිනිගෙනැ දිලිසෙන හැඳපුටු ආදියැ හෝනෙ හිඳුනෙ මැනවයිදු; සැදැහයෙන් වඳනවුන්ගෙ වැඳුම් ඉවසනු වරා. ගිනි සදල යවටක්එව පොලුලා





149 හෙරණසිඛ විනිස

අඹරනු මැනවයිදු; තියුණු සැතින් උරෙහි විදුනෙ මැනවැයිදු වදාළ බැවින් පරිජි වන්නට නිසි විකුම් කොටැ බුන්සිල් ඇත්තහු විසින් හිසැ ගිනි ඇවිලියක්හු එගිනි නිවන්නට ‍වන වෙලෙවියක් ලෙසින් වහා සංවරයෙහි පිහිටැ යුත්තෙයැ- නො එසේ වුවහු විසින් සඟුන් වළඳවන සතරපසෙහි විධාන නොකට ය‍ුත්තෙයැ. නොද පිරියස්ස යුත්තෙයැ. නොදසිය අතින් සැපවියැ යුත්තෙයැ. යටත්පිරිසෙයින් වළඳන සඟනට අවුලට නිසි කොල’ත්තකුදු කැප කොටැ නොදියැ යුත්තෙයැ. සඟුන් ඔහු ලවා කැපකරවා නොගත යුත්තෙයැ. මෙ අත්ථීයයැ අටුවාහි ආ බැවිනුදු-

“එකොපි අලජ්ජි අලජ්ජිසතමපි අලජ්ජි සහස්සමපි අලජ්ජිසහස්සමපි කරොති” බැවිනුදු; මෙසේ මෙසේ වන බැවින් තමහට උපන් සතරපසයැ සඟනට දියටිහු විසිනුදු; සහනට වළඳ එවන සතර පසයෙහි විධාන කරනු ආදී කැමැත්තහු විසිනුදු; ආයති සංවරෙයෙහි නොපිහිටත්‍ හොත් මහණ වෙස් හැර ගිහි භාවයට පා යුත්තෙයැ. මෙතෙකින් ඔහු විසින් සඟනට ඵලවන සතර පසෙහි සඟනට නොවටන බැවින් රන්රිදී මසු ආදී අකැපවතින් කැපවත් පෙරළා ගෙනැ ද, කුලදූෂණාදීනුදු ලද සතර පසය වනාහි නොවන්නහු විසිනුදු සිල්වත්නට නො දියැ යුත්තෙයැ. මෙ දසපරිද්දෙන් එකකුදු අවන්නහු සැදැහැයෙන් දුන් සතර පසය පරිභොග නරන්නට‍ නො නිසිවන බැවිනුදු; මෙයින් සිද්ධවන ආදීනව නොදැන ද පරිභොග කළ අපාය සිද්ධවන බැවිනුදු මහණ ලිගු විනා පැවිජි නැති බැවිනුදු; සඟුන් හා සම්හෝගයට නො නිසිවන බැවිනුදු; ලිඞගනාසනා විසින් සබ්බනාසනා විසින් නසන කලැ මෙ දසපරිජි අවන්නන්මැ නැසියැ යුතු බැවින් “මෙ දසපරිජිමැ දසනාසනා නම්‍ වෙයි” කීහු -






150 හෙරණසිඛ විනිස

ආදී දැක්වූ දසපරිජි පස්ලිඞ්ගනාසනා නම් කුමට වියැ? යත්:-

එපසින් එකකදු අවන්නන්ගෙ මහණලිගු පිළී ගන්වා නැසියයුතු බැවින් ලිඞ්ගනාසනා නම් වෙ. එසෙමැ. නැසීමට කරුණු කිමැ? යත්:- එපසින් එකකදු අවන් කෙණෙහි පැවිද්ද නස්සී. වත් තෙරුන් කෙරෙන් ගත් වත්පද ද උපශම වෙයි. ගත් සෙන සුනුදු නොගත්තා‍ වෙයි. සංඝලාභ ද නොලැබෙයි. හුදෙක් මහණලිගු මතු තිබෙයි. එබැවින් මහණ නිඟු නැසියයුතු වෙයි. ලිඞ්ගනාසනායෙන් නැසියැයුතු කවරහ? යත්:- යමෙක් පරිජි වන්නට නිසි විකුම් කොටැ මාකළ දේ නොයෙදෙයි සිතා වහා සංවරයෙහි පිහිටිය මැනවැයි යන සිත් නැත්තෙ ද එසේ වූවහු සංවරයෙහි පිහිටුවන කලැ පළමු ලිඞ්ගනාසනායෙන් නසා සිවුරු දී සංවරයෙහි පිහිට වියැ යුත්තෙයැ. ඉදින් එක්වන් පරිජි වන්නට නිසි විකුම් කරනුයෙ වීනම් සංවරයෙහි නොසිටින්නේ වීනම් නෙරියැයුතු වෙ. යමෙක් සහසා වැරද මා කළ සේ නොයෙදෙයි සිතා වහා සංවරයෙහි පිහිටා ද, එසේ වූවාහුගේ මහණලිගු නැසුවමනා නැති. හත්පරෙවි සිවුරු තුබූ සේ තබා පැවිද්දෙහි පිහිට වියැ යුත්තේයැ. ලග්නා සෙනසුනුදු දියයුත්තෙයි-