Jump to content

සිදත් සඟරා විවරණය-විවරණය ii

Wikibooks වෙතින්

හ්ර්ස්ව විධිය සිංහල ව්යා කරණ විධියෙකි. දීර්ඝාරන්ත ප්රවකෘතීන් විභක්ති ගන්නා කලැ දීර්ඝවය සාමාන්ය යෙන් හ්රිස්ව වෙයි. පය (පා + අ) - පැයින් ( පෑ + ඉන්) - වියට (වී + අට) - රුවින් (රූ + ඉන්) හෙයට (හේ + අට) හොය (හෝ + අ) යනාදිය නිදර්ශටන යි. ධාතු ස්වරයෝ ද මෙ සේ හ්ර ස්ව වෙත්. කා - බා - පලා - මලා යන ධාතුන් ගෙන් සිද්ධ වූ කති - බති - පලති - මලති යන මේ නිදර්ශන කිහිපයෙකි.






අර්ථත : ප්රනකෘතියක් ආශ්රලය කොටැ හෝ ආශ්රපය නො කොටැ හෝ කරන ලද්දේ නිපාත නමි.

ගුරුළු ගෝමි - සඳ ගෝමි - රතැසි පා - ගොස් (යන) ආදි ආකාර යි.

විස්තර : ‘ගුරුළු’ යන ප්රපකෘතිය ද ‘සඳ’ යන ප්රිකෘතිය ද ආශ්රාය කොටැ ‘ගෝමි’ යනු නිපතනය කරනු ලැබේ. ‘රතැසි’ යන ප්ර කෘතිය ආශ්ර ය කොටැ ‘පා’ යනු නිපතනය කරනු ලැබේ. මෙ සේ ‘ගෝමි’ යනු ද ‘පා’ යනු ද පියෙවි නිසා කළ නිපා යැ.

කිසි ප්ර‍කෘතියක් ආශ්රාය නො කොටැ ‍’ගොස්’ යනු නිපතනය කරනු ලැබේ. එ හෙයින් ඒ පියෙවි නොනිසා කළ නිපා යැ.


116 සිදත් සඟරා විවරණය

මේ සිදත් සඟරා කාරයන් ගේ මතය සේ පෙනෙයි.

නිපතනය කරන ලද්දෝ නම් ප්රමකෘති ප්ර ත්ය්ය දැක්වීමෙන් සිද්ධ කැරැ ගත නොහැකි වූ එ හෙයින් මැ අහසින් වැටුණාක් මෙන් පහළ වූ පදයෝ යැ. සිංහලයෙහි මෙ නමින් ගත යුත්තාහු ප්රපකෘතීහු නො වෙත්. වෙත් නම්. භාෂායෙහි බෙහෙවින් ලැබෙනුවෝ නිපතිත වූවෝ යැ. කවර හෙයින් ද? ප්රනකෘතීන් අතුරින් ධාතුප්රකත්ය’යයක් දක්වා රීත්යයනුකූල ලෙස නිපැදැවියැ හැක්කවුන් ගේ සඞ්ඛ්යාලව අත්යඅල්ප වන හෙයිනි. නිපතිතයෝ නම් කවරහු ද? අසාධ්යන වූ පදයෝ මැ යැ. මම - අපි - තෝ - තෙපි - ගොස් - අවුත් - කොටැ - ගිය යනාදීන් වැන්නෝ යැ.

අව්යනයයෝ ද නිපාත නාමයෙන් ගැනෙති. ඔහු නාම හෝ ආඛ්යාෝත හෝ නො වෙති. මූල අව්යතයයෝ යැ. සාධ්යව අව්යමයයෝ යැ යි අව්‍ය‍යයෝ ද්විභෙද වෙත්. නිති - දැන් - හෝ - හා - ද මෙන් - යැ - යි - ල - නො යනාදි සිද්ධ නො කළ හැකි අව්‍න්යයෝ මූලයෝ යැ. දැකැ - දකිමින් - දකිනුව - දකුතු - නොහිම් - නොසරස් - යව්දිව් යනාදීහු සිද්ධ කළ හැකි හෙයින් සාධ්යද අව්යදයයෝ යැ.

නිපතිත පදයෝ ඉහතැ දැක්වුණු නිපාතයන් සේ නො වෙත්. ඔවුන’ තුරෙහි මම - අපි යනාදි ඇතැමෙක් නාමයෝ යැ. ගිය යනාදි ඇතැමෙක් ආඛ්යාහතයෝ යැ, ගොස් - කොටැ යනාදි ඇතැමෙක් අව්යෙයයෝ යැ. මොවුන් පැමිණෙනුයේ ප්රටකෘතියක් ආශ්ර්ය කොටැ ගෙනැ මැ යැ. මම - අපි යන දෙක ‘ම’ යන ප්රයකෘතිය ද තෝ - තෙපි යන දෙක ‘ත’ ශබ්දය ද ගොස් - යනු ‘යා’ ධාතුව ද අවුත් යනු ‘එ’ ධාතුව ද කොටැ යනු ‘කර’ ධාතුව ද ගිය යනු




                                1.සංඥාධිකාරය                                       117

‘යා’ ධාත්ර ව ද ආශ්රාය කොටැ නිපතිත වන බව පෙනේ. ප්ර කෘතියක් ආශ්රයය නො කොටැ නිපතිත වන්නෙක් නැති.

කරුණු මෙ සේ වන බැවින් ‘පියෙවි නිසා හොත නොනිසා හොත’ යන තන්හි ‘නොනිසා’ යනු අශාස්ත්රී ය වේ.

‘ගෝමි’ යනු ‘නිපා’ නමින් ගත යුත්තෙක් නො වේ. නමා ප්රණකෘතියෙකි. සංස්කෘතයෙහි ‘ගෝමින්’ යනු බොහෝ ගවයන් ඇත්තේ යැ ‘මහොපාසක’ යැ යන දෙ අරුත්හි යෙදෙන්නෙකි. සිංහලයෙහි ‘ගෝමි’ යනු මහොපාසකාර්ථිය දෙයි. එ හෙයින් ධර්මලප්ර‘දීපිකා, අමා වතුරු යන ග්රථන්ථයන් කළ ගරුඩාචාර්යයෝ ද චාන්ද්රහ ව්යාමකරණය කළ චන්ද්රාාචාර්යයෝ ද භක්තිමත් බෞද්ධොපාසකයෝ වූවාහු ‘ගෝමින්’ යන ගරු නාමයෙන් පුද ලද හ.

යම් කිසිවක්හු ගේ නාමයට ‍පර කොටැ ‘පාද’ යනු යොදනු ලබන්නේ මහත් ගෞරව දැක්වීම පිණිසැ යැ. ‘ආචාර්ය පාදයෝ ආ හ’ යනු කියන්නේ සිය ඇදුරාණනට මහත් ගෞරව දක්වයි. ඉඳුරා ආචාර්යයන් නො ගෙනැ ඔවුන් ගේ පාදයන් ගන්නේ එ හෙයිනි. මේ ‘පාද’ යනු සිංහලයෙහි ‘පා’ යැ යි සිටී. ‘රතැසි’ (රක්තාක්ෂි) යනු ද යම් කිසි පණ්ඩිතයකු ගේ නමෙකැ යි හැ‍ඟේ. ‘රතැසි පා’ යනු නම ගෞරව සහිත වැ දැක්වූ සේ යැ. ‘පාද’ යනු මෙන් මැ ‘පා’ යනු ද නාමයෙකි. මෙහි ‘පා’ ‘නිපා’ නමට යම් පමණ සුදුසු ද, ‘ම-ගේ පා රිදෙයි’ යන තන්හි ‘පා’ යනු ද ඒ නමට එ පමණ මැ සුදුසු යැ.





118 සිදත් සඟරා විවරණය

‘යා’ ගමන්හි ධාතුයෙන් අතිත කෘදන්ත නිපාතයක් නිපැදැවුව මනා තන්හි ‘යා’ ධාතු සිටී. මේ ගණයට අයත් අතීත කෘදන්ත නිපාත ප්රුත්ය.යය වූ ‘ආ’ යනු සිටී. යා + ආ. මෙයින් ලැබියැ යුත්තේ ‘යා’ යනු මැ යැ. එහෙත් ‘යා’ යැ යි අතීත කෘදන්ත නිපාතයෙක් නො ලැබේ. ලැබෙනුයේ ‘ගොස්’ යනු යි. ‘යා + ආ’ යන්නෙන් ‘ගොස්’ යනු නිපතිත වූවෙකි. එය නිපතිත වූයේ ‘යා’ යන ධාතු ප්රිකෘතිය ආශ්ර ය කොටැ ගෙනැ මැ යැ. නො එ සේ නම් එයින් දැන් ලැබෙන අර්ථැය නො ලැබෙයි.




අර්ථ : දමෝරා - ආදිය නියම විධි යි.

විස්තර : දමත් (දාමයක් - දම් වැලක්) උදරයෙහි වනුයේ යමක්හු ගේ ද හේ දමෝරා (දාමොදර.) විෂ්ණුහු ගේ නාමයෙකි. දම් + උදර = දමෝර. මේ ප්රමකෘතිය යි. ‘දමෝරා’ යැ යි වූයේ ‘ආ’ විබත ගැනීමෙනි.

‘දමෝර’ ශබ්දය මෙ සේ මැ විනා අන් ලෙසෙකින් නො සිටිති යි ද එ හෙයින් නියම විධියට නිදර්ශ න යැ යි ද සිදත් සඟරා කාරයන් කියන්නා සේ යැ. පුරාණ සන්නයෙහි කියන ලෙස නම් ඔවුන් පද සිද්ධිය කරනුයේ ද අන් ලෙසෙකිනි. ‘උදර’ ශබ්දයට ‘ඕර’ යනු ආදෙශ වෙ ල. දම් + උදර = දම් + ඕර = දමෝර.

මේ පද සිද්ධි ක්රඕමය ශාස්ත්ර යෙන් පිහිට නො ලබයි. ‘දමෝර’ යනු නියම විධියට ඇතුළත් වේ නම්, ලඹෝර - මුහුදෝර - අඹරෝර - පෝරු - මෝර යනාදිය ද එ සේ



                                   1.සංඥාධිකාරය                  119

වියැ යුතු යැ. සිදත් සඟරා කාරයෝ මැ ‘ලඹෝරා’ යනු ස්වරාදෙශ සන්ධි විධියට නිදර්ශ න කෙරෙමින් එ තන්හි ‘අ’ ‘උ’ දෙකට ‘ඕ’ අදෙස් වූ බවක් කියති. ‘ලඹ + උදර’ යි වෙන් වැ සිටි කලැ ‘අ + උ’ දෙක එක් තැන් වැ පෙනෙන හෙයින් ස්වරාදෙශයට අවසරයක් මෙහි පෙනෙතුද්රබ ‘දම් + උදර’ යන තන්හි ‘අ’ කාරය නොවනුයෙන් ඒ අවසරය නො පෙනෙයි. ‘දම + උදර’ යි ‘දම’ ශබ්දයක් ගන්නට ද මේ නොතැනි. එ හෙයින් පද සිද්ධියට ක්රයමයක් නොදක්නාහු නිකම් මැ ‘දමෝරා ඈ නියම් විදි’ යි ඇදැ හෙළා දුර්ගකයෙන් එ තෙර වන්නට සිදත් සඟරා කාරයන් සිතූ සැටි යැ. ව්යා‍ඛ්යාරන කාරයන් විසිනුදු යම් කිසිවක් කියුව මනා හෙයින්, ‘උදර’ ශබ්දයට ‘ඕර’ ආදෙශයෙක් කැරිණ.

සංස්කෘත මාගධ රීතීන් මැ නො හඹා, සිංහල රීතීන් පිරික්සන්නකුට ‘දමොර’ යනු ශාස්ත්රහ න්යා්යයෙන් සිද්ධ කිරීම නොබැරි යැ. දම් + උදර = (ස්වරාරොහණයෙන්) දමු + දර = (‘ද’ කාරයට ‘ව’ කාරාදෙශයෙන්) දමු + වර = (‘ච’ ලෝපයෙන්) දමු + අර = (‘උ + අ’ දෙකට ‘ඕ’ ආදෙශයෙන්) දමෝර. සිංහලයෙහි වනාහි ‘අ + උ’ දෙකට (හ්රටස්ව) ‘ඔ’ යනු මිසැ ‘ඕ’ යනු කිසි ලෙසෙකිනුත් ආදෙශ නො වේ. මොහොර (මහ + උර) - වටොරු (වට + උරු) යනාදිය නිදර්ශ න යි. ‘ඕ’ ආදෙශ වනුයේ ‘උ + අ’ දෙකට යි. මෝර (මුවර = මු + අර ) - තෝර (තුවර) - පෝරු (පුවරු) - මුහුදෝර (මුහුදු + උදර = මුහුදුදර = මුහුදුවර = මුහුදු + අර) යනාදිය ද නිදර්ශදන යි. ‘අ + ඉ’ දෙකට ද (හ්රනස්ව) ‘එ’ විනා ‘ඒ’ යනු නම් ආදෙශ නො වෙයි. මෙහෙසුරු (මහ + ඉසුරු) යනාදිය නිදසුනි. ‘ඉ + අ’ දෙකට ‘එ’ අදෙස් වෙයි. පිය (කඩ) = (‘ය’ ලෝපයෙන්) පි + අ = පේ.



120 සිදත් සඟරා විවරණය




අර්ථ  : ඇතැම් සන්ධි විභක්ති ආදිය අනියම විධි යි.

විස්තර : ‘නියම් විදි’ යන්න එක් නිදර්ශ න මාත්ර යෙකින් හඳුන්වන්නට යෑමෙන් වූ අවුල ඉතා මහති. ව්යා ඛ්යා්න කාරයෝ අද දක්වා ද වෙනස් වෙනස් මත දක්වති. ආධුනිකයනට නම් මේ අවුලින් මිදීමෙක් නැති.

අනියම් විදියට නිදර්ශ න මාත්රආයකුදු නොදැක්වීමෙන් සිදත් සඟරා කාරයනට මේ ව්යානකරණ විධිය පිළිබඳ දැනිමක් නැති බව හැ‍ඟෙයි. ‘ස’ කරට ‘හ’ කර අදෙස් වන බවට නිදසුන් දෙ පනසක් මැ දක්වන්නෝ අනියම් විදියට එක මැ නිදසුනක් නෝ දක්වති: අනියම් විදිය හැඳිනැ ගන්නට ලක්ෂණ මාත්රනයකුදු නො දක්වත්. බොහෝ ව්යාදඛ්යා්න කාරයෝ ද මෙයට නිදර්ශනන දැක්වීමට නො වෙහෙසෙත්. එහෙත් සිදත් සඟරාව සකල ව්යාිකරණ ශාස්ත්රකයා ගේ කොටි ප්රාදප්තිය බව නම් සලකත්.

පැමිණියැ හැකි විධි කිහිපයක් ඇති තන්හි අසුවල් විධිය මැ පැමිණියැ යුතු යැ යි නිගමයෙක් නො වේ නම් ඒ අනියම් විදි නම් වියැ යුතු. ‘කොලු’ සද ‘ආ’ විබත් ගත් කලැ, කොල්ලා යැ යි ද්ව්රූප විධියෙන් ද සන්ධිය වියැ හැකි යැ. මෙ බඳු තැන් සන්ධිය පිළිබඳ අනියම් විදියට නිදසුනෙකි. දෙ වන (කම්, කතු) විබත් එක බසැ ආ - උ - හු යනාදි රූප කිහිපයෙක් මැ වේ. ‘ගොන්’ සද ගොනා - ගොනු යන දෙ ලෙසින් මැ සිටී. අසුවල් විභක්ති රූපය මැ වියැ යුතු යැ යන නියමයෙක්.

                                   1.සංඥාධිකාරය                                 121

නැති. එ හෙයින් මේ විබත් පිළිබඳ අනියම් විදියට නිදසුනෙකි. ‘ඈ’ සදින් පස -ලොප් - අදෙස් - අගම් ආදියෙහි ද අනියමය වියැ හැකි බව සැලැකියැ යුතු.





අර්ථැ : ස්වකීය රූපය නොහළුවා වූ සුදඅත් - පඬුඇඹුල් යන අදිය ද අවිභක්ති ශබ්ද අව්යමය ශබ්ද (යන) ආදිය ද අවිද්යාලමාන විධි යි.

මෙ සේ විංශතිවිධ වූ ව්යා්කරණ විධි සමාප්ත යැ.

විස්තර : රජු ගේ ශුද්ධාන්තයට (අන්තඃපුරයට) නම් වූ ‘සුදඅත්’ යනු සන්ධියෙන් ‘සුදත්’ යැ යි සිටියැ හැකි යැ. එහෙත් ඒ ‘සුදඅත්’ යැ යි මැ සිටි: ස්වකීය රූපය නො හරී. ශක්ර‘යා ගේ ආසනයට ‍නම් ‘පඬුඇඹුල්’ * (පාණ්ඩුකම්බල) යනු ද සන්ධි විධියෙන් ‘පඬැඹුල්’ ඈ ලෙසකට හැරියැ හැකි වුව ද ස්වකීය රූපය නො හැරැ මැ සිටියේ යැ. මෙ බඳු තැන් අවිද්ය මාන විධියට නිදර්ශකන වේ. කවර හෙයින් ද? වියැ හැකි සන්ධි විධිය එහි අවිද්ය මාන (නැති) හෙයිනි.

විභක්ති නො ගෙනැ සිටි ශබ්ද ද අවිද්ය මාන විධියට නිදර්ශධන යැ. සත් - දන අය යනාදිය ඇතැම් තන්හි විභක්ති නො ගෙනැ මැ යෙදේ. එහි දු විභක්ති විධිය විද්යිමාන නො වී යැ.

                       * ‘පඬුපුල්’ යනු මෑතෙකෑ ඇති වූ රූපය යි. 


122 සිදත් සඟරා විවරණය

අව්ය ය ශබ්ද ද අවිද්ය මාන විධි ගණයෙහි වැටේ. අව්ය ය නාමයෙන් නිපාතොපසර්ග යන් කියැවෙති යි ද සියලු තන්හි ස්වරූපයෙන් මැ සිටුනා හෙයින් ඔවුන් අවිද්ය මාන විධියට නිදර්ශ්න වෙති යි ද ව්යාසඛ්යා්න කාර‍යෝ කියති.

මෙහි ‘අවිද්යනමාන විධි’ යනු අතිශයින් අශාස්ත්රීදය වූ නාමයෙකි. ‘සුදඅති’ යන තන්හි සන්ධි විධිය අවිද්යශමාන යැ. එහෙත් එහි විසි වැදෑරුම් වියරණ විධියට ඇතුළත් සමාස විධිය එකාන්තයෙන් විද්යුමාන යැ. එක විධියක් අවිද්යිමාන වූ හෙයින් ඒ අවිද්යතමාන විධි වේ නම්: අනෙක් විධියක් විද්ය මාන හෙයින් විද්යවමාන විධි නමුදු වියැ යුතු යි. එ සේ ගත් කලැ අවිද්යකමාන විධි මෙන් මැ විද්යනමාන විධි ද නොවන්නා වූ එක ද ශබ්දයෙක් සකල භාෂායෙහි ඇති වියැ නොහැකි යැ. කවර ‍ශබ්දයෙකැ වුව ද එක් විධියක් විද්ය මාන වන හෙයිනි.

‘අවිබත් අවිය සද’ යනු ඇතැමෙක් අවිභක්ති ශබ්ද යැ, අව්යයය ශබ්ද යැ යි දෙ කොටසක් කොටැ ගෙණෙත් : ඇතැමෙක් අවිභක්ති වූ අව්ය ය ශබ්ද යැ යි එක් කොටසක්මැ කොටැ සලකති. කුමක් වුව ද අශාස්ත්රීදය යැ. ‘අවිභක්ති’ යනු ඇත. ‘අව්යබය’ යනු ද ‘අව්ය(ය’ යනු ඇත, ‘අවිභක්ති’ යනු ද නුවුව මනා යැ. අවිභක්ති ශබ්ද නම් අව්යදය ශබ්ද යි. අව්යකය ශබ්ද නම් අවිභක්ති ශබ්ද යි. ‘සිය රූ නොහළ’ ශබ්ද ගැනුණු හෙයින් ‘අවිබත්’ අවිය සද’ යන දෙක මැ නුවූව මනා යැ. කවර හෙයින් ද? අවිභක්ති වුව ද අව්ය ය වුව ද ශබ්ද සිය රූ නොහරනා හෙයිනි.





1. සංඥාධිකාරය 123

අර්ථ. : සියල්ල ප්ර ධානයෙන් (ප්ර්ධාන - අඞ්ග - සූත්රවයෙන්) සිද්ධ වූ ලෙස සලකන්නේ යැ. විස්තර : මෙහි දැක්වුණු සියල්ල - ‘සද’ රුත් විදි සියල් - අනුරූ සේ පියෝනන්’

යන ප්ර ධානයෙන් (අඞ්ග සූත්ර්යෙන්) සිද්ධ වූ ලෙස සැලැකියැ යුතු ල. අගනා කීමෙකි. කෙසේ මෙහි කියැවුණ ද ගුරු කමට ගත යුත්තේ ශිෂ්ට ප්රකයොග යි.

‘පදන් සිදු සේ’ යන්නට ‘ප්රුධානයෙන් සිද්ධ වූ ලෙස’ යැ යි අරුත් බණනා ලද්දේ පුරාතන ව්යේඛ්යා නයට අනුවැ යැ. ‘පදන්’ යනු විබත් නොගත් හෙයින් මෙ සේ අරුත් පැවැසීම මඳක් නුසුදුසු සේ පෙනේ. ‘පදනින්’ යනු යෙදීමට මෙහි මඳ වූ ද බාධාවෙක් නැති. අර්ථ්ය ව්යාෙකුල වන සේ පද යෙදීම ව්යාටකරණ ග්රාන්ථයෙකැ නො කළ යුත්තෙකි. ________

පඤ්ච භෙදය





අර්ථ  : ජාති යැ ද්ර ව්ය_ යැ ගුණ යැ ක්රිනයා යැ සංඥා යැ යි ශබ්දයන් ගේ පඤ්ච භෙදය ද අන්වර්ථ යැ ආරූඪ යැ (යන) ද්විභෙදය ද විශෙෂයෙන් විමසා දනු (අවබෝධ කරනු.)



124 සිදත් සඟරා විවරණය

විස්තර : ශබ්දයන් ගේ භෙද පසෙක් ද භෙද දෙකෙක් ද වෙයි. ජාති, ද්ර ව්යෙ, ගුණ ක්රි යා, සංඥා යන මෙ යැ භෙද පස නම්. භෙද දෙක නම් අන්වර්ථ ආරූඪ යන මේ යැ.

මෙහි ‘සද’ නමින් ගැනුණාහු නාමයෝ යැ. පළමු වැ නාමයෝ ජාති ආදි වශයෙන් පස් වැදෑරුම් වෙති. ඉක්බිති, එක් එක් නාමය අන්වර්ථ හෝ ආරූඪ හෝ වෙයි. ජාති නාමයක් වූව, ඒ අන්වර්ථ හෝ වියැ යුතු යැ. ආරූඪ හෝ වියැ යුතු යැ. ද්රයව්යාවදි නාමයක් වුව ද එ සේ මැ යැ. මෙ නයින් බලන කලැ අන්වර්ථ ජාති නාම යැ - ආරූඪ ජාති නමා යැ - අන්වර්ථ ද්රැව්යි නාම යැ - ආරූඪ ද්ර ව්යද නාම යැ යන ආදි විසින් නාමයෝ දශවිධ වෙති.

මේ භෙදයෝ ව්යාිකරණ ශාස්ත්ර්යට කො තරම් අවශ්ය වන්නේ ද යනු මතු වන විස්තරයෙන් ප්රාකාශ වෙයි.






අර්ථු : හින්න අර්ථායෙහි ඥාන ශබ්ද දෙක හින්න නො කොටැ පවත්වන්නී ජාති නමු.

සුර - නර - ගොන් (යන) ආදිය යි.

විස්තර : බුන් අරුත් (හින්නාර්ථ) නිම් කිම? නිය (ඥාන) නම් කිම? සද (ශබ්ද) නම් කිම? නිය බිඳීම.

                                            1.සංඥාධීකාරය                                 125

නම් කිම? නොබිඳීම නම් කිම? සද බිඳීම නම් කිම? නොබිදීම නම් කිම? මේ ප්රමශ්නයන් සම්පූර්ණන වශයෙන් නො විසඳා මෙහි දැක්වුණු ජාති නාම වර්ණ්නය තේරුම් කළ නොහැකි.

වස්තු දෙකෙකින් එකෙක් අනෙකට වෙනස් වේ නම්, එ දෙක එකිනෙකට හින්න යැ. වස්තු තුනක්, සතරක්, දහයක්. සියයක්, දහසක් හෝ වැඩියක් හෝ ඇති තන්හි දු හින්නත්වය මෙ මැ නයින් වෙයි. එ බඳු වස්තු සමුදායය හින්නාර්ථ නම් වේ. ‘සුර’ යනු වර්ණ යෙන් ප්ර මාණයෙන් ආකාරයෙන් පැවැත්මෙන් හින්න වූ නානාවිධ වූ සමුදායයෙකැ සියල්ලවුනට සාධාරණ වූ නාමයෙකි. නර - ගොන් යනාදිය ද එ සේ යැ. එක මැ ‘සුර’ නාමයෙන් ගැනෙන සත්ත්ව සන්නතිය හින්නාර්ථයයෙකි. නර - ගොන් යනාදියෙන් ගැනෙනුයේ ද හින්නාර්ථෙ මැ යැ.

‘සුර’ යැ යි කියන්නේ ඒ නාමය කවුරුනට නම් වේ ද යනු දනී. ඒ ඔහු ගේ නිය (ඥානය) යි. එය අසන්නේ ද ඒ නාමාර්ථ ය එ සේ මැ දනී. ඒ ඔහු ගේ නිය යි. මෙ සේ කියන අසන දෙ පක්ෂයේ මැ නිය එකක් වැ පවතී. නර - ගොන් ආදියෙහි දු නිය මෙ බඳු යැ.

‘සුර’ යන මේ නාමය ‘සද’ (ශබ්ද) නම් වේ. සුරන් ඔවුනොවුනට කො තරම් වෙනස් වුව ද ඒ සියල්ලනට මේ එක මැ ‘සුර’ නාමය සාධාරණ වේ. නර ‍- ගොන් යනාදිය ඒ ඒ විෂයයෙහි මෙ සේ යෙදේ.

කියන්නා සුරන් ගෙන් ‍එක් කොටසක් පමණක් සලකා ‘සුර’ නම කිව, ඔහු ගේ නිය (ඥානය) බිඳුණේ.





126 සිදත් සඟරා විවරණය

නම් වෙයි. අසන්නා ‘සුර’ නාමයෙන් සියලු සුරන් නො ගත, ඔහු ගේ නිය බි‍ඳෙයි. එ සේ නො වැ කියන්නා සකල සුරන් මැ සලකා ‘සුර’ නාමය යෙදුව, අසන්නාට ද එ සේ සලකා ගැනීමට බාධා නැති වුව, කියන අසන දෙ පක්ෂයේ මැ නිය නොබිඳුණේ නමැ. නර - ගොන් යනාදීන් කෙරෙහි දු මෙ මැ නය යි.

සකල සුරන් ගැන්වීමට ‘සුර’ ශබ්දය ප්රාමාණ නො වේ නම්, ඒ ශබ්දය සුරන් ගෙන් එක් පක්ෂයක් මැ ගන්වා නම්, මෙහි ‘සද’ බිඳුණේ වෙයි. සකල සුරන් මැ ගන්වන්නට ශබ්දය ප්රනමාණ වන හෙයින් සමර්ථ - වන හෙයින් - එ සේ නො වේ. නර - ගොන් සදහු ද සියලු නරන් - සියලු ගොනුන් ගන්වන්නාහු නො බි‍ඳෙත් මැ යි.

මෙ සේ කො තරම් වැනුව ද මේ ජාති වර්ණතනය නම් අතිශයින් ව්යාේකුල යැ. මෙහි දැක්වුණ ලක්ෂණ ඇත්තේ ජාතියෙහි පමණක් නො වේ, ද්රැව්යමයෙහි දු ඇත් මැ යැ. ‘කුඹු’ (කළය) යනු හින්නාර්ථ යක් ප්ර කාශ කෙරෙයි. ඥාන ශබ්ද දෙ දෙනා නො බිඳැ පැවැත්විම යැ යන යමෙක් වේ නම්, ඒ මේ ‘කුඹු’ යන්නෙහි ද වෙයි. මහත් කුඹු, කුඩා කුඹු, රන් කුඹු, රිදී කුඹු, මැටී කුඹ, හෙළ කුඹු, කළු කුඹු යනාදි සියල්ල එක් වූ කලැ සැබැවින් මැ හින්නාර්ථ යෙකි. ‘කුඹු’ සදින් මේ සියල්ල එක සේ ගැනේ නම් මේ සියල්ල හැඟැවීමට ‘කුඹු’ යනු සමර්ථු වේ නම් සැබැවින් මෙහි ඥාන ශබ්ද දෙ දෙන නො බිඳැ පැවැත්වීම මැ යැ. එ හෙයින් ‘කුඹු’ යනු ජාති ශබ්දයෙක් නො වේ ද?

මෙ තරම් අවුල් දෑ මහත් ප්රැයාසයෙන් ව්යාිකරණ ග්රසන්ථයෙකැ ඇදැ ලනුයේ කවර අරුතක් සඳහා ද? මෙ කියන ජාති ශබ්දය හැඳිනීමෙන් ව්යාේකරණයෙහි කවර




                                                  1.සංඥාධිකාරය                         127

අවුලෙක් ළිහී යේ ද? කවර විභක්තියක් කවර ප්රනත්යධයයක් යෙදීමේ දී මේ හැඳිනිම වැඩ පිණිසැ වේ ද? එ බඳු කිසි අරුතක් සිදු නොකරන දෑ ඇදැ හෙළීමෙන් ග්රපන්ථ කාරයෝ ද සංස්කෘත මාගධ යුක්තීන් ඇදැ බහා අරුත් පැවැසීමෙන් ව්යාිඛ්යාාන කාරයෝ ද මෙ බඳු දෑ තමනට ද වැටැහෙන බව හඟවන්නට මහත් තැත් කෙරෙති. එහෙත් නිතැතින් මැ සිදු වන්නෙක් වෙයි. එ නම් මේ දෙ පක්ෂයට මැ මෙය නොවැ‍ටැහෙන බව යි.





ර්ථි : ගුණ අදීනව ආධාර වූයේ ද්රමව්ය නමි.

ටැඹ - කුඹු (යන) ආදිය යි.

විස්තර : ‘සුදු බත්’ යන තන්හි ‘සුදු’ යන ගුණය දරා සිටිනුයේ ‘බත්’ යන ද්ර ව්යකය යි. එ හෙයින් ‘බත්’ යන ද්ර ව්යසය ‘සුදු’ යන ගුණයට ආධාර වූයේ නමැ.

‘ගුණ ඈනට’ යන තන්හි ‘ඈ’ සදින් ජාති, ක්රි‍යා, සංඥා යන තුන ද ගැනේ. එ කලැ ජාති ද්රහව්යඈ ගුණ ක්රිජයා සංඥා යන පසින් සෙසු සතරට මැ ආධාර වූයේ ද්රලව්ය‍ය යැ යනු හැ‍ඟෙයි. එ කලැ කියැ යුත්තේ ‘දෑ ඈනට අදර වූයේ දැව් නම්’ (ජාති ආදීනව ආධාර වූයේ ද්රජව්ය. නමි) යනු යි. කවර හෙයින් ‘ගුණ ඈනට’ යැ යි කී හු ද? බාලාවතාර කාරයෝ ද ‘ජාත්යානදීනමාධාරො දබ්බං’ (ජාත්යා දීනට ආධාර වූයේ ද්ර‘ව්ය‍ නමි) යැ යි




128 සිදත් සඟරා විවරණය

පැවැසූ නු ? ‘ද්ර ව්ය්ය ගුණයට ආධාර වීම වඩා ප්රදකට බැවින් මෙහි ගුණ යන්න මුල් කොටැ කියන ලදැ’ යි දෙසමින් ව්යාවඛ්යාධන කාරයෝ ග්ර න්ථ කාරයන් රකිති.

මෙහි ලා තව ද ප්ර.ශ්නයෙක් නඟී. ‘කළු ගොනා’ යැ යි කී කලැ ‘කළු’ යන ගුණ ශබ්දය පෙනෙයි. ‘ගොන්’ යන ජාති ශබ්දය පෙනෙයි. ඉතින් මෙහි ගුණයට ආධාර වූයේ කිමෙක් ද? මේ ආධුනිකයා ගේ බත් පතෙහි ලූ කටු පොලෙක් නො වේ ද? කුඩාතම වූ වියරණ පොතෙහි නුවුව මනා දෑ ඇදැ බැහීමෙන් වන මහත්තම අවුලෙහි රඟ බැලුව මැනැවි.

ජාති ශබ්දය හැඳින්වූ අයුරින් ප්රරකාශ වනුයේ ටැඹකුඹු යනාදිය ද ජාති බව යි, ඒ පෙරැ මැ පැවැසිණ.




අර්ථි : ද්රිව්ය ආශ්ර ය කොටැ වෙනස් වන සුලු වුයේ ගුණ නමි.

කළු - හෙළ (සුදු) - නැබුළු (මහත්) (යන) ආදිය යි.

විස්තර : ‘කළු වත’ යැ යි කී කලැ ‘කළු’ යන ගුණය ‘වත්’ යන ද්ර්ව්යහය ආශ්රුය කෙළේ යැ. වත (වස්ත්ර ය) කළු මැ නො වෙයි. එය සුදු හෝ රතු හෝ නිල් හෝ වියැ හැකි යැ; අන් කිසි වණෙකින් හෝ යුතු වියැ හැකි යැ. එ හෙයින් ගුණය පෙරැළෙන සුලු වේ.

මෙහි දු ප්ර ශ්නයෙක් නිපදී. ‘මිහිරි හඬ’ යැ යි කී කලැ ‘මිහිරි’ යන ගුණය ‘හඬ’ ඇසුරූ කෙළේ යැ. ඉතින් ‘හඬ’ නම් ද්ර ව්ය’යෙක් ද?


                                              1.සංඥාධිකාරය                              129

ඇතැමෙක් ‘දැව් ඇසිරු පෙරැළෙන සුළු වී ගුණ නම්’ යනු සුපාඨය කොටැ ගෙනැ මෙ මැ අර්ථ ය පවසත්. ‘ආශ්ර’ය කොට’ යන අරුත දෙන ‘ඇසිරු” යන්නෙක් හෝ ‘වූයේ’ යන අරුත පවසන ‘වී’ යන්නෙක් හෝ භාෂායෙහි නො ලැබේ. ‘ඇසුරු’ ධාතු ‘බස්’ ආදි අත් පද යි. ඇසිරේ - ඇසිරෙති - ඇසි‍රිණි, ඇසිරි, අසිළි, අසිළ, අසළ - ඇසිරුණු, ඇසුරුණු, ඇසිරි, අසුළු, අසුළ, අසළ, ඇසිරී - ඇසිරැ යන රූප ද්වයය මැ අතීත කෘදන්ත (පූර්වස ක්රිුයා ) නිපාත වශයෙන් යෙදේ.






අර්ථ් : ක්රිරයා ලක්ෂණ කියන ලද්දේ මැ යැ. එහි භෙදය මේ ස්ථානයෙහි අසම්භාවනීය (නුසුදුසු) වන හෙයින් ක්‍රියාධිකාරයෙහි ප්රෙකාශ කරන්නමු.

විස්තර : ‘නො දැව් නුගුණ දැව් නිසා ස කරුනෙන් දාමුවා වැ සිදු කිරිය නම්’ (1 – 23) යනුයෙන් ක්රිසයා ලක්ෂණ කියන ලද්දේ යැ. ක්රිතයා භෙදය ක්රි යාධිකාරයෙහි ප්රුකාශ වෙයි. මෙහි වනාහි ‘කිරිය’ නමින් ගැනුණේ ක්රිසයා ශබ්ද හෙවත් ක්රි‍යා නාම යි.





130 සිදත් සඟරා විවරණය

අර්ථ  : භාව ක්රි යා යැ අර්ථර ක්රි යා යැ යි ක්රි යා ශබ්දය ද්විවිධ යි.

විස්තර : මේ දෙ නමින් මැ ගැනුණේ සංස්කෘතයෙහි කෘදන්ත යැ යි ගැනුණු නාමයෝ යැ.




අර්ථණ : නටනු (නැටීම) - ගනු (ගැයීම - ගායනය) - වයනු (වැයීම - වාදනය ) - තැවුලි (තැවීම) - පිරියස්ලි - (පර්යෙෂණය - සෙවීම) - බොජුන් (කෑම) - නැමැඳුම් (වැඳීම) යන ආදිය භාව ක්රි යා ශබ්ද නමි.

විස්තර : ක්රි)යාව කරන්නකු හෝ විඳින්නකු හෝ අන්යු වූ කාරකාර්ථ‍යක් හෝ නොහඟවන ක්රිවයා භාවය පමණක් මැ හඟවන ක්රිකයා නාමය භාව ක්රි යා නමි.

‘නට’ ‘ගා’ ‘වය’ යන ධාතුනට භාවයෙහි ‘නූ’ ප්රමත්ය යය යෙදීමෙන් නටනු - ගනු වයනු යන ශබ්ද සිද්ධ යැ. ‘ගා + නු ‘ යන තන්හි ධාතු ස්වරය භ්රුස්ව වෙයි. දීර්ඝධ ස්වරාන්ත ධාතු විෂයයෙහි මේ සිරිති. කා +නු = කනු. බා + නු = බනු. පලා + නු = පලනු (පලා යෑම) මලා + නු = මලනු (මලාන වීම.)

‘තව’ ‘පිරියෙස්’ යන ධාතුනට ‘ඉලි ප්ර ත්යපයය යෙදීමෙන් තැවිලි - පිරියෙසිලි යන රූප ලැබේ. තැවුලි - පිරියස්ලි යනු විකෘත රූප යැ. ‘ඉලි’ ප්රිත්යපයය පර කල්හි ලොප් නොවන ධාතු ස්වරයෝ අනම්යි වෙති. නැටිලි - ගැයිලි - වැළැඳිලි යනාදිය නිදර්ශාන යි.



                                              1.සංඥාධීකාරය                              131

‘බොජුන්’ යනු ක්රි යා භාවයෙක් නො වේ. කනු ලබන දැය හඟවන්නාවූ නාමයෙකි. ඒ සිංහලයෙහි ධාත්රභ ප්රේත්යධය එක් වීමෙන් නිපදින්නෙක් ද නො වේ. ‘‍භෝජන’ යන අථියෙහි යෙදෙන මූල ප්රදකෘතියෙකි.

‘නමඳ’ ධාතුවට ‘උම්’ ප්ර්ත්යථයය යෙදී ‘නැමැඳුම්’ යනු නිපදී. ‘උම්’ ප්රදත්ය යය පර කල්හි ද ධාතු ස්වරයෝ අනම්ය’ වෙති. නැටුම් - ගැයුම් - වැළැදුම් යනාදිය ද නිදර්ශන යි.

මෙහි භාව කෘදන්ත ප්රිත්ය.ය තුනෙක් දැක්විණ. නූ - ඉලි - උම් යන මේ යැ. ඊම් - මන් යන ප්ර ත්ය ය දෙක නො දැක්විණි. ‘ඊම්’ පර කල්හි ද ධාතු ස්වරයෝ අනම්යන වෙත්. නැටීම් - ගැයීම් - වැළැදීම් යනාදි තන්හි ඒ පෙනේ. ‘ආ’ කාරාන්ත ධාතුන් කෙරෙන් ‘ඊම්’ ප්රැත්යනයය යෙදෙන කලැ ප්රේත්ය‘ය ස්වරය පෙර රූ ගනී. කා + ඊම් = (දීර්ඝත ස්වරයන් ලොප් නොවන හෙයින් ධාතු ස්වරය අනම්යෙ වීමෙන්) කෑ + ඊම් = (‘ඊ’ පෙර රූ ගැනීමෙන්) කෑ + ඈම් = (සවර්ණා දීර්ඝ යෙන්) කෑම්. දෑම් - පැලෑම් - මැලෑම් යනාදිය ද නිදසුනි.

නූ - උම් - ඊම් - ඉලි යන ප්ර ත්යරයයෝ සකල ධාතූන් කෙරෙන් වෙති. ‘මන්’ ප්රෙත්යඈයය වනුයේ ලිය - කිය - විය - විද - පිස - පොහො - හිඟ - දෙ (දීමෙහි) යනාදි ධාත්රය කිහිපයක් සමඟ යැ. ලියමන් - කියමන් - වියමන් - විදමන් - පිසමන් - පෝමන් - හිඟමන් - දීමන් යනාදිය නිදර්ශවන යි. ‘මන්’ ප්රමත්ය යය පර කල්හි ධාතු ස්වරයෝ අනම්ය නො වෙති. ‘දෙ’ ධාතුයෙහි ‘ආ’ කාරය ‘ඊ’ වෙයි.

භාව කෘදන්තයන් ගේ අතීත රූපයෝ ද වෙති. විස්තර ප්ර ත්යකයාර්ථායධිකාරයෙහි එයි.




132 සිදත් සඟරා විවරණය




අර්ථ  : දෙන්නේ (ජීවත් වන්නේ නොහොත් දානය කරන්නේ) - සෙනුයේ (සිනා සෙන්නේ) (යන) ආදිය අර්ථන ක්රි යා ශබ්ධ නමි.

විස්තර : කර්තෘෙ කර්මාජදි කාරකාථිය ද ක්රිථයාර්ථාය ද යන දෙක මැ හඟවන කෘදන්ත නාමයන් සිදත් සඟරා කාරයෝ අරුත් කිරිය නමින් ගනිති. එහෙත් නිදර්ශ්න දැක්වූ අයුරු නම් හාස්යි ජනක යැ.

මෙහි ගැනුණේ කිරිය සද යි. ‘දෙන්නේ’ යනු හෝ ‘සෙනුයේ’ යනු හෝ සදෙක් නො වේ. එ දෙක මැ ‘ඒ’ විබත ගෙනැ සිටි පද යි. දෙනු - සෙනු යන ප්ර කෘති නම් සද යැ යි කියැ හැකි. ‘විබත‍ෑනට ඇසිරූ සද පියෙවි’ නම් යැ යි සිදත් සඟරා කාරයන් මැ කියන හෙයින් සද නමින් ගත යුත්තේ විභක්ත්යින්ත වැ සිටී පදය නො වේ. විභක්තියට ආශ්ර යය වැ සිටි ශබ්ද ප්රිකෘතිය යි.

‘දෙනු - සෙනු ඈ අරුත් කිරිය සද නම්’ යැ යි ගත ද අවුලෙකි. හව් කිරිය සද ද දෙනු - සෙනු ඈ විසින් මැ සිටිනා හෙයිනි. සිදත් සඟරා කාරයනුදු ඒ අවුල දැකැ. ‘දෙන්නේ - සෙනුයේ’ යන පද සද යැ යි වරදවා කී හ යි ද සිතියැ හැකි. ‘දෙන්නේ - සෙනුයේ’ යැ යි කිව ද ඒ අවුල නම් එ සේ මැ යැ. කවර හෙයින් ද? හව් කිරිය සද වුව ද විබත් ගත් කලැ දෙන්නේ - සෙනුයේ’ ඈ විසින් මැ සිටුනා හෙයිනි.




                                        1.සංඥාධීකාරය                                  133
                     මා දන් දෙන්නේ හෙට යැ. 

තොප සෙනුයේ කුමක් දැකැ ද?

මෙ තන්හි ‘දෙන්නේ’ යනු ද ‘සෙනුයේ’ යනු ද භාව කෘදන්ත යි. (හව් කිරිය යි). ව්යා’ඛ්යායන කාරයෝ මේ අවුල නො දකිති. දැකැ නුදුටුවන් හෝ වෙති.

මේ තාක් සුපාඨය ලෙස ගැනුණේ ‘සේනුයේ’ යනු යි. ‘සුව පත් වනුයේ’ යනු ව්යාේඛ්යානන කාරයන් දෙන අර්ථ ය යි. ‘සිව’ යනු සුවයෙහි ධාතු යැ යි ද එයට ‘නූ’ ප්රුත්යනයය වැ ‘සේනු’ යනු වූයේ යැ යි ද කියත්. ‘සිවනු’ යනු ‘සේනු’ යි වීමට බාධා නැති. සිවනු = (‘ය’ කාරාදෙශයෙන්) සියනු = (‘ය’ ලොපයෙන්) සි + අනු = (‘ඉ + අ’ දෙකට ‘ඒ’ ආදෙශයෙන්) සේනු. එහෙත් මේ අර්ථේයෙහි ‘සිව’ ධාතුවෙක් හෝ ‘සේනු’ යන්නක් යෙදුණු තැනෙක් හෝ නො පෙනේ.

‘නූ’ යනු භාවයට පමණක් ඇරුණු ප්රාත්යවයයෙක් නො වේ. ඒ කර්තෘය කර්මන කාරකාර්ථයයනටද සාධාරණ යැ.

දන් දෙන්නේ (දීම) පින් පිණිසැ යැ. දන් දෙන්නේ (දෙන තැනැත්තේ) රජ යැ. රජු දෙ‍න්නේ (දෙනු ලබන දෑ) දන් යැ. ප්රේථමය භාවාර්ථ‍ය ද, ද්වීතීයය කර්ත්ර‍ර්ථනය ද, තෘතියය කර්මාදථීය ද පවසයි. එහෙත් රූපයෙන් මඳ වූ ද වෙනසෙක් නැති.

දුන්නේ - සුණුයේ - කෙළේ - කැරුණේ යනාදිය කර්තෘය කාරක කර්ම් කාරක කෘදන්තයන් ගේ ද අතීත රූප‍යන් ඇති බවට සාක්ෂ්යය යි. ප්රකත්යේයාර්ථාුධිකාරයෙහි විස්තර එයි.




134 සිදත් සඟරා විවරණය




අර්ථ  : දෙව්දත් - බඹදත් ආදි (විසින්) කළා වූ ප්රරඥප්තිය සංඥා නමි.

විස්තර : ප්ර ඥප්ති නම් නියම කිරීම යි. සෙස්සවුන් ගෙන් වෙසෙසා හැඳිනැ ගැනීමට යම් කිසිවක් හට පනවා ගන්නා ලද නාමය මෙහි ප්රිඥප්ති නම් වේ. දෙවදත්ත - බ්රනහ්මදත්ත යනාදිය නිදර්ශෙන යි.

‘පණ’කුරු ගත කුරු ඈ නම් ලකුණෙන් හඳුන්වනු සන් නම්, යැ යි පෙරැ මැ කියූ හ. දැන් ‘කළ පනත සන් නම්’ යැ යි කියති. ඉතින් එක මැ ශාස්ත්ර යෙහි දෙකක් එක් නමින් හැඳින්වූ කලැ ආධුනිකයනට කවර සරණෙක් ද?





අර්ථක: ‘හැළි සිඟුමන් දුවන ගොන් දෙව්දත් නම් වී (යන) මේ පඤ්ච ශබ්දයන් එක පදාර්ථ යෙහි විකල්පනය කරන (යොදන) පරිදි යැ.

පඤ්ච භෙදය මෙ සේ යැ.

විස්තර : ‘සුදු වූ අං ඇත්තා වූ දුවන්නා වූ වෘෂභ තෙමේ දෙවදත්ත නම් චී’ යනු ‘හැළි සිඟුමත්’ –


                                                1.සංඥාධිකාරය                           135

යනාදියෙහි අර්ථ යි. හැළි - සිඟු - දුවන - ගොන් - දෙව්දත් යන මේ පස පිළිවෙළින් ගුණ - ද්ර ව්ය- - ක්රි යා - ජාති - සංඥා යන පසට නිදර්ශෙන යි.

මේ ව්යාිකරණ ‍පාදයෙහි බරවයෙකි. කිසි කමකට නැති බරක් වන හෙයිනි.

මේ දක්වා ශුද්ධ පාඨය ලෙස ගැනුණේ ‘සිඟුවත්’ යනු යැ. එහෙත් ‘අං ඇති’ යන අර්ථයය එයින් නො ලැබේ. ලැබෙනුයේ ‘අඟක් මෙන්’ යන අර්ථඅය යි. සිංහල තද්ධිතයෙහි අ - ආ - ඇ - ඈ යන ස්වරයන් කෙරෙන් අස්ත්ය ර්ථියෙහි ‘වත්’ ප්රිත්ය යය ද සෙසු ස්වරයන් කෙරෙන් ‘මත්’ ප්ර්ත්යසයය ද යෙදෙයි. ගුණවත් - සිරිමත් - රූමත් යනාදිය නිදසුනි; තුල්යාෙර්ථතයෙහි ‘වත්’ යනු සියලු තන්හි යෙදේ. ‘තුරුවත්’ යනුයෙන් ලැබෙනුයේ ‘ගසක් මෙන්’ යන අර්ථ ය යි. එ හෙයින් ගොනා අඟක් මෙන් දුවන බවක් නො හැඟැවුව මනා නම් සුපාඨය වියැ යුත්තේ ‘සිඟුමත්’ යනු මැ යැ.





අර්ථව: පැන් - කැසුබු - මියුලැසි (යන) ආදිය අථර්‍යක් ආරම්භ කොටැ ඉපැදුණු හෙයින් අන්වර්ථ ශබ්ද නමි.

විස්තර : ‘පියැ යුතු පැන්’ යැ යි ද ‘කැසින් බොනුයේ කැසුබු’ යැ යි ද ‘ මියුලන්’ (මුව දෙනුන්) ගේ ඇස් වැනි ඇස් යමක ගේ ද ඕ මියුලැසි යැ යි ද අර්ථ ය ඉදිරි පත් කොටැ ගෙනැ. පැන් - කැසුබු - මියුලැසි යන තුන ඇති වූ හ යි ද ළු හෙයින් ‘අන්වර්ථු’ (අනු + අර්ථම ) නම් වෙති යි ද යෙති.


136 සිදත් සඟරා විවරණය

‘පැන්’ යනු හෝ ‘කැසුබු’ යනු හෝ සිංහලයෙහි නිපන්නෙක් (ඉපැදුණෙක්) නො වේ. පා (බීමෙහි) ධාතුවට ‘ඇන්’ ප්රහත්යදයය යෙදීමෙන් ‘පැන්’ යනු නිපන් හ යි කියතත් ‘පා’ ධාතුවෙක් හෝ ‘ඇන්’ ප්රිත්යයයයෙක් හෝ නැති. සකු මගද දෙක්හි එන ‘පාන’ යනු සිංහලයෙහි ‘පැන්’ යැ යි සිටී. ඒ මූල ප්රගකෘතියෙකි. ‘පැන්’. යනු යෙදෙනුයේ පානාර්ථ’යෙහි මැ නො වේ. ‘සුවඳ පැන් සොළොස් කළයෙකින් ඉස් සෝදා නහා’- යනාදි තන්හි ‘පැන්’ යනුයෙන් නහන දිය ගැනිණ. සකු මගද දෙක්හි ‘කච්ඡප’ යනු සිංහලයෙහි ‘කැසුබු’ යැ යි සිටිනු විනා ‘කැසින් (කච්ඡයෙන් තීථීයෙන්) බොනුයේ’ යන අර්ථ යෙහි ‘කැසුබු’ යන්නෙක් සිංහලයෙහි නූපදී. එ හෙයින් ‘පැන්’ යනු හෝ ‘කැසුබු’ යනු හෝ අරුත් ඇරැඹැ නිපන් බවක් කීම නො යෙදෙයි.

‘මියුලැසි’ යනු නම් අරුත් ඇරැඹැ නිපන් සේ ගත හැකි වේ.

‘කිසි අන් බසින් නුමුසු - හෙළ දිවැ පළ නිපන් නම්’

යනු පළමු කියා දැන් ‘අරුත් ඇරැඹැ නිපන්’ බවක් කියති. ආධුනිකයනට ව්යාපකරණය අතිශයින් අප්රි ය කැරැවීමට නොවරදනා උපායයෙකි.








1. සංඥාධිකාරය                                        137

අර්ථ1: සෙලු - තෙල්බූ - මඟුල් (යන) ආදිය අර්ථා විලොම (අර්ථඒයට විරුද්ධ) බැවින් ආරූඪ ශබ්ද නමි.

                       ද්විභෙදය මෙ සේ යැ. 

විස්තර : ‘සෙලු’ යනු පක්ෂි විශෙෂයකට නම් වේ ල. දැන් ‘ රෙදි හොරා නමින් ගැනෙනුයේ මේ පක්ෂියා යැ යෙති. ‘සෙල් (වස්ත්රන) ඇතියේ සෙලු’ යැ යි ගත් කලැ මේ නම යෙදියැ යුත්තේ වස්ත්ර‘ ඇත්තකුට යැ. මෙහි සඳහන් පක්ෂියා වස්ත්රි ඇත්තකු නොවන බැවින් ‘සෙලු’ යනු ආරූඪ නාමයෙකැ යි කියත්. නග්නත්වය ද ‘සෙලු’ නම් වෙයි. වස්ත්රහ ඇතියේ ‘සෙලු’ නම් එ තන්හි ද ශබ්දය ආරූඪ යැ.

‘තෙල්බූ’ යනු ‘තෙල් දිනි’ හට නමැ යි පුරාණ ව්යා.ඛ්යාහන කාරයෝ කියති. මේ කවර සත්ත්ව විශෙෂයෙක් ද යනු අවිනිශ්චිත යැ. තෙල් බොනුයේ තෙල්බූ යැ යි ද එ න න් ගැනෙන ‘තෙල් දිනි’ නම් සත්ත්වයා තෙල් නොබොන හෙයින් ‘තෙල්බු’ යනු ආරූඪ නාමයෙකැ යි ද කියත්. සංස්කෘත ‘තෛලපායිකා’ යනු කැරපොත්තාට නම් වෙති යි ද එයට සමාන වූ ‘තෙල්බූ’ යනු ද ඒ අර්ථය මැ දෙති යි ද ඇතැමෙක් යෙති. කැ‍රපොත්තා තෙල් නොබොන්නේ යැ යි නො කියැ හැකි බැවින් මේ මතය කෂ්ට යැ යි කියමින් අන් සමහරෙක් ‘තෙල්බූ’ යනුයෙන් ‘තෙලිසි’ නම් වූ හෙළ ගෝනුසු වෙසෙසක් ගනිත්. තෙලිසාට තෙල් විස බවත් ඌ තෙල් නොබොන බවත් ප්රෙසිද්ධ ලු.

‘මඟුල්’ යනු ශුභ වාචක ශබ්දයෙකැයි ද අශුභදායි අඟහරු හට නම් වන විටැ ඒ ආරූඪ යැ යි ද යෙති. අඟහරුවා පාපයකු නො වෙති යි ද එ හෙයින් ඔහු ගේ ‘මඞ්ගල’ නාමය ආරූඪ නො වෙති යි ද කියමින් තවත් ඇතැමෙක් අඞ්ගාරක නාම මාලාවක් මැ දක්වති.




138 සිදත් සඟරා විවරණය

අන්වර්ථ ආරූඪ යන ද්විභෙදය ද සිදත් සඟරායෙහි දැක්වුණු ව්යාරකරණයට නුවුව මනා යැ. අනවර්ථි වූයෙන් හෝ ආරූඪ වූයෙන් හෝ වරනැඟීමෙහි විශෙෂයෙක් වේ නම්, පද යෙදීමෙහි විශෙෂයෙක් වේ නම්, මේ භෙදය ද උගත මනා මැ යැ. එ බන්දක් නැති හෙයින් මේ නිකම් මැ බරෙකි.

අන්වර්ථි ආරූඪ යනු ශබ්දයන් ගේ භෙදයෙක් නො වේ. අර්ථියන් ගේ භෙද යි. යොග යැ රූඪ යැ යොගරූඪ යැ යි ආලඬ්කාරිකයෝ ශබ්දාර්ථථයන් ත්රියවිධ ‍කොටැ දැක්වූ හු. එහි ශබ්ද නිෂ්පත්තියට අනුරූප වැ මැ ලැබෙන්නා වූ අර්ථිය ‘යොග’ නමි; ‘පාන’ යනු මෙනි. පියැ යුත්තේ ‘පාන’ යි. ‘පා’ බීමෙහි ධාතුවට ‘අන’ ප්ර ත්යඑයය යෙදීමෙන් මේ සිද්ධ යැ. යොගාර්ථතයට අනුරූප නො වැ ලැබෙන ලොක සම්මත අර්ථදය ‘රූඪි’ නමි. ‘නාරිකෙල තෛල’ යනු මෙනි. තිලයෙහි (‘තල’ නම් වූ ධාන්ය‘යෙහි) වූයේ ‘තෛල’ යි. එ හෙයින් ‘තෛල’ නාමය දියැ යුත්තේ තලින් උපන් ස්නේහයට (තෙලට) පමණෙකි. පොල් තෙල් ගන්නා තන්හි අර්ථතය රූඪි යැ. යොගරූඪි නම් ශබ්ද නිෂ්පත්තිය සැලැකූ කලැ යොග වතු දු ව්යතවහාරය සැලැකූ කලැ රූඪී වන්නා වූ අර්ථයය යි. ‘අම්බුජ’ යනු නිදර්ශ න යි. ‘අම්බුජ’ නම් පියුම යි. අම්බුයෙහි (ජලයෙහි) ජනිත වූයේ (උපන්නේ) ‘අම්බුජ’ නමි. පියුම දියෙහි උපදනා හෙයින් අර්ථය යොග යැ. දියෙහි මැ උපදනා මැඬි සෙවෙල් ‍යනාදීනට ද’අම්බුජ’ යනු සාධාරණ නමා වියැ යුත්තෙහි පියුමට පමණක් රූඪ කළ හෙයින් රූඪී ද වෙයි. මෙ සේ ‘අම්බුජ’ ශබ්දයා ගේ අර්ථය යොගරූඨීයෙකි.






                                 1.සංඥාධිකාරය                                            139







අර්ථ  : ආදෙශ විධි ද ආගම විධි ද ප්රුකෘති සම්බන්ධ ද (වූ) ‘හ’ කාරයන් විශෙෂණය කොටැ හැඳිනැ ගෙනැ, ආචාර්යයන් ගේ උද්ග්රා‍හය නො හැරැ යුක්ත කරනු (ව්යැවහාර කරනු.)

විස්තර : සිංහල භාෂායෙහි ත්රි විධ ‘හ’ කාර ව්යරවහාරයක් ඇති බව මෙ සේ කී හු. අ‍ාදෙශ විධි ‘හ’ කාරය යැ ආගම විධි ‘හ’ කාරය යැ ප්රිකෘති සම්බන්ධ ‘හ’ කාරය යැ යන මේ යැ ත්රි)විධ ‘හ’ කාරය නම්.

නිදර්ශධනයන් පිරික්සූ කලැ, මේ ‘හ’ කාරය පමණක් නො වැ, තවත් නොයෙක් අකුරු පිළිබඳ වැ කළ හැකි බෙදුමක් බව වැටැහෙනු නිසැක යැ.

ටිප්පණී : 1. වෙසෙසා - අතීත කෘදන්ත නිපාත යි. ‘වෙසෙස’ ධාතු ‘බල’ ආදි පර: පද යි. වෙසෙසැ - වෙසෙසති - වෙසෙසී - වෙසෙසූ.

අකර්ම ක ‘වෙසෙස’ ධාතු ‘රක්’ ආදි අත්: පද වෙයි. වෙසෙසේ - වෙසෙසෙති - වෙසෙසිණි, වෙසෙසි - වෙසෙසුණු. වෙසෙසි.

2. හැඳිනැ - ‘හඳුන’ ධාතු ‘පිහිට’ ආදි පර: පද යි. හඳුනා - හඳුනති - හැඳිනි - හැඳිනි.

140 සිදත් සඟරා විවරණය

3. උගහා - උද්ග්රා හ. එ නම් ඉගැන්ම යි. ඇදුරන් ගෙන් උගත් දෑ ඇදුරු උගහා යැ.

4. දැහැ - ‘දහ’ (අත් හැරීමෙහි ) ධාතු ‘බම’ ආදි උභය පද යි. (පර: පද) දහා - දහති - දිහී - දුහු. (අත් : පද) දෙහේ - දෙහෙති.










අර්ථ. : සුදු, හුදු............. සඟු, හඟු (යන) ආදිය ‘ස’ කාරයට ආදේශ වූ ‘හ’ කාරයෙන් සිද්ධ වූ පාඨ යි.





                                         1.සංඥාධිකාරය                                         141

විස්තර : ‘සුදු’ යන තන්හි ‘ස’ කාරයට ‘හ’ කාරය ආදෙශ වැ ‘හුදු’ යනු වෙයි. ‘විහිදා’ යනාදි තන්හි දූ මෙ මැ නය යි. අර්ථ’ මෙ සේ වෙයි :-

‘ස’ කාර ‘හ’ කාර අර්ථ් යුක්ත පාඨය යුක්ත පාඨය සුදු - හුදු - ශුද්ධ විසදා - විහිදා - විසර්ජනය කොටැ (දී - හැරැ) සිඳි - හිඳි - ජින්න (සිඳුණු) සුදී - හුදී - සුධී (මනා ප්රුඥා ඇති) සැමැඳැ - හැමැඳැ - සම්මාර්ජනය කොටැ සැඳිනැ - හැඳිනැ - සඤ්ජානනය කොටැ සොබී - හොබී - ශොභන වෙයි සොබ - හොබ - ශොභා සිඹැ - හිඹැ - චුම්බනය කොටැ පිරිසිඹු - පිරිහිඹු - පරිශ්රනමය (වෙහෙස) සුණමින් - හුණමින් - ශ්රශවණය කෙරෙමින් (අසමින්) ලසුනු - ලුහුනු - ලශුන (සුදු ලුනු) පසණ - පහණ - පාෂාණ (ගල්) සල් - හල් - ශාලා (සල් ගස,) ශාලා සුල් - හුල් - ශුල (උල) සැල් - හැල් - ශාලි (‘ඇල්’ නම් වී ) මුසල් - මොහොල් - මුසල (‍ෙමා්ල් ගස) සුසුල් - සුහුල් - ශවශ්රෑ් (නැන්දා) සිඹුල් - හිඹුල් - සිම්බලී (ඉඹුල් ගස) සැදැහිලි - හැදැහිලි - ශ්ර්ද්ධා (ඇදැහීම්) සැලි - හැලි - ඇල්ල (පර්ව‍තයෙන් බස්නා ජල ප්රිවාහය) සකර - හකර - ශර්කරා (උක් සකුරු හෝ කැට ගල්)




142 සිදත් සඟරා විවරණය

‘ස’ කාර ‘ග’ කාර අර්ථි යුක්ත පාඨය යුක්ත පාඨය

සිඟුරු - හිඟුරු - ශෘඞ්ගවෙර (ඉඟුරු) සූරු - හූරු - ශූකර (ඌරා) සූ - හූ - සූත්ර (නූල්) සේ - හේ - සේතු (භෙය - පාලම) සෝ - හෝ - ශ්රො තස (දිය පහර - හොය) සිම් - හිම් - සිමා සැමි - හැමි - ස්වාමි සික්මුම - හික්මුම් - ශික්ෂණය (හික්මීම) සැම - හැම - සර්ව- (සියලු) සව් - හව් - සර්ව- (සියලු) සවා - හවා - ශාප කොටැ සිවන් - හිවන් - සීවන (මැස්ම) සිතු - හිතු - සිත සුළු - හුළු - සික්ථ (බත් හුළු) සඟුළු - හඟුළු - සඞ්ඝාට (දෙක හෝ අඟුළ) සිටි - හිටි - සික්ථ (මී ඉටි) ස්ථීත සිටියා වූ)

විසට - වුහුට - විසෘෂ්ට (හරනා ලද) සටහන් - හටහන් - සංස්ථාන (ලකුණ, ආකාරය) පසන් - පහන් - ප්රෘසන්න (පැහැදුණු) සසුන් - හසුන් - ශාසන (හස්න) සින් - හින් - නිෂණ්ණ (හුන්නේ යැ) සන් - හන් - ඡන්න (වසන ලද - හඳනා ලද) සිස්සා - හිස්නා - සිඤ්වනය කරන ඉසින්නා වූ) සිස් - හිස් - ශීර්ෂණ (හිස) තුච්ඡ (හිස් වූ) සස් - හස් - ශස්යෂ (ගොයම්)



                            1.සංඥාධිකාරය                                 143

‘ස’ කාර ‘හ’ කාර අර්ථ යුක්ත පාඨය යුක්ත පාඨය සිකු - හිකු - ශුෂ්ක (වියැළුණු) සැකි - හැකි - ශක්යක (පිළිවන්) සැති - හැති - ස්තවක (පොකුරු - මල් ආදියෙහි මෙනි) සිගු - හිගු - ශීඝ්රි (ඉක්මන්) සඟු - හඟු - ශෘඞ්ග (අඟ)

සකු මගද වහර බලා විසදා - සැමැඳැ - සැඳිනැ - ලසුනු - පසණ - සුල් යනාදි ‘ස’ කාර යුක්ත පාඨ දුන් නමුත් ව්යසවහාරයෙහි එ බන්දෙක් නො වී යැ. එ හෙයින් එ බඳු තන්හි සැලැකියැ හැක්කේ සංස්කෘතයෙහි හෝ මාගධයෙහි හෝ ‘ස’ යන්නකට සිංහලයෙහි ‘හ’ යන්නක් අදෙශ වූ ලෙස යැ. සංස්කෘත මාගධ භාෂා‍වන් ඉගැන්වීමක් නොවන හෙයින්, එ වැනි නිදර්ශහනයනට මේ නොතැනි.

‘ස’ කාරයට ආදෙශ වූ ‘හ’ කාරයෙන් සිද්ධ වූ පාඨ මෙ තරම් මහත් ගණනක් දීම ග්රනන්ථය නිසරු කිරීමෙකි. බාලයකුට වුව ද මෙයට වඩා දික් වූ ද පාඨ මාලාවක් දීම නොබැරි යැ.

සිනාවට කරුණෙක් නම්, ඇතැම් නවීන ව්යැඛ්යාුන කාරයන් මේ විහිළුව ශාස්ත්රන සංග්ර හයක් ලෙස දක්වන්නට තැන් කිරීම යි. සියලු ශබ්දයන්හි මැ ‘ස’ කාරයට ‘හ’ කාරය අවිශෙෂයෙන් වේ නම්, එක නිදසුනක් දැක්වීම ද පමණ වේ ල. ඇතැම් ‍ශබ්දයන්හි ‘ස’ කාරයට ‘හ’ කාරය නොවන බැවින්, ‘ස’ කාරයට ‘හ’ කාරය වන්නා වූ ශබ්ද රාශියක් නිදසුන් කිරීම ග්රදන්ථ කර්තෘර පාදයනට අභිමත වී ල. ‘ස’ කාරයට ‘හ’





144 සිදත් සඟරා විවරණය

කාරය කිරීම ශාස්ත්ර ක්ර මයට අනුවැ යෑමෙන් සිද්ධ කට හැකි නො වේ ල. මේ වියරණ විදිය නිදර්ශ නවලින් මැ උගත යුතු බැවින් නිදර්ශ න රාශියෙක් දක්වන ලද්දේ ල.

අනුනට නොපෙනෙන සියුම් දෑ දක්නවුන් ගේ තර්කණය මෙ බඳු යැ. ‘සියලු තන්හි අවිශෙෂයෙන් වේ නම් එක නිදසුනක් දැක්වීම ද ප්රරමාණ වේ.’ පූර්ව රූපයට ‘විස්සම්’ යැ යි එක මැ නිදසුනක් ‍දුන්නේ සියලු තන්හි අවිශෙෂයෙන් වන හෙයිනි. ‘දමෝරා ඈ නියම් විදි’ යි එක නිදසුනෙන් මැ නැවැතියේ ඒ විධිය සියලු තන්හි අවිශෙෂයෙන් වන හෙයිනි. ‘රජදත් ඈ පද පෙරැළි’ යැ යි එක නිදසුනෙන් මැ පෙරැළි කෙළේ ඒ පෙරැළිය සියලු තන්හි අවිශෙෂයෙන් වන හෙයිනි.

‘ඇතැම් ශබ්දයන්හි ‘ස’ කාරයට ‘හ’ කාරය නොවන බැවින් ‘ස’ කාරයට ‘හ’ කාරය වන්නා වූ ශබ්ද රාශියක් නිදසුන් කිරීම ග්ර න්ථ කර්තෘ පාදයනට අභිමත වී ය.’ ඇතැම් තන්හි පූර්වශ රූපය නොවන හෙයින් පූර්වර රූපය වන්නා වූ තැන් රාශියක් නිදසුන් නො‍කෙ‍ළේ කවර හෙයින් ද? ඇතැම් තන්හි නියම විදි ‍නොවන හෙයින්, නියම් විදි වන්නා වූ තැන් රාශියක් නිදසුන් කොකෙළේ කවර හෙයින් ද? ඇතැම් තන්හි පද පෙරැළිය නොවන හෙයින් පද පෙරැළිය වන්නා වූ තැන් රාශියක් නිදසුන් නොකෙළේ කවර හෙයින් ද?

‘ස’ කාරයට ‘හ’ කාරය කිරීම ශාස්ත්රි ක්ර මයට අනුවැ යාමෙන් සිද්ධ කට හැකි නො වේ.’ කිමෙක් නම් ශාස්ත්රර ක්රසමයකට අනුවැ යෑමෙන් සිද්ධ කට හැකි වේ ද? සන්ධිය හැකි වේ ද? ලෝපය හැකි වේ ද? ආදෙශය ආගමය, පූර්වේ රූපය, ද්වි රූපය, පෙරැළිය, වෘද්ධිය, හානිය, නිපාතය, නියම විධිය, අනියම විධීය, අවිද්ය්මාන




                                            1.සංඥාධිකාරය                                 145

විධිය හැකි වේ ද? ඒ ‍එකෙකුදු නොහැකි වේ නම් ඒ එක - එකට සියය බැගින් වත් නිදසුන් නොදෙන ලද්දේ කවර හෙයින් ද?

මේ වියරණ විධීය නිදර්ශදනවලින් මැ උගත යුතු බැවින් නිදර්ශ න රාශියෙක් දක්වන ලද්දේ ල. පෙරැ කියැවුණු ව්යා කරණ විධි සියල්ල ද නිදර්ශකනවලින් මැ උගත යුතු යැ. ඒ එ සේ නම් එක - එකට නිදර්ශැන මහත් රාශියක් නොදැක්වීම කෙසේ නම් සුදුසු වේ ද?

ජගත් වැඩ කරන්නට මැ කැස පට කවා ගත් මහ වියතුන් ගේ කියුම් මෙ තරම් විහිළු වේ නම් සෙස්සවුන් ගේ කියුම් කැරුම් ගැනැ කවර කථා ද?






අර්ථ  : සිදුහත් - ............... බහස්ම (යන) ආදිය ආගම ‘හ’ කාරයෙන් සිද්ධ වූ පාඨ යි.

විස්තර : ‘සිදුහත්’ යනාදි තන්හි ආගම ‘හ’ කාරයක් පෙනෙනුයේ ශබ්ද තත්ත්වය නොපෙනෙන්‍නවුනට යැ. සංස්කෘත මාගධ පාඨ බලා එ තන්හි නුවු ‘හ’ කාරයක් සිංහල පාඨයෙහි වූ සේ සලකා මේ මහත් අවුලට වැටුණු බව හැඟේ.

‘සිදුහත්’ යනාදිය සංස්කෘත මාගධ භාෂාවලැ සිටුනා පරිදි පළමු කොටැ විමැසියැ යුතු යැ.

                                                                                                      10


146 සිදත් සඟරා විවරණය


සංස්කෘත මාගධ සිංහල සිද්ධාර්ථ සිද්ධත්ථ සිදුහත් අශ්රැාධාරා අස්සුධාරා ඇස්දහර ශ්රරද්ධා සද්ධා සැදැහැ සද්ධර්ම් සද්ධම්ම සදහම් රාජධානි රාජධානි රජදහන් ධ්යාාන ඣාන දහන් සෘද්ධි ඉද්ධි ඉදුහු සංස්ථාන සණ්ඨාන සටහන් අධ්යාාසය අජ්ඣාසය අදහස් හස්ම හස්ම බහස්ම

මේ සංස්කෘත හෝ මාගධ හෝ පාඨ සිංහලයට පෙරැළුණේ යැ යි සිතමු. එ තන්හි නුවු ‘හ’ කාරයෙක් සිංහල පාඨවලැ වූයේ නම්, ආගම වූ ‘හ’ කාරයක් වෙති යි කීමට මඳ අවසරයෙක් ඇති. එහෙත් ‘සිදුහත්’ යන ආදි සිංහල පාඨවලැ පෙනෙනුයේ ‘සිද්ධත්ථෙ’ යනාදි පාඨවලැ පෙනෙන ‘හ’ කාරය මැ යැ. ‘සිද්ධත්ථස’ යන තන්හි ‘ධ’ යන්න ‘ද්හ’ යන්නට සමාන යැ. මහා ප්රායණාක්ෂරයෙක් ‘හ’ කාර සහිත වු අල්පාක්ෂරයෙකි. එ හෙයින් සංස්කෘත මාගධ පාඨයෙකැ වූ මහා ප්රා්ණාක්ෂරයෙක් සිංහලයෙහි අල්පාක්ෂර ‘හ’ කාර යන දෙකින් දැක්විණි නම්, එ තන්හි ‘හ’ කාරයක් ආගම වූ සේ සැලැකීම අයුක්ත යැ.

‘දහර’ යනු ‘දාර’ යැ යි ද ‘සැදැහැ’ යනු ‘සැදෑ’ යැ යි ද ව්ය වහාරයෙහි යෙදෙතුදු ප්රරකෘති රූප නම් දහර සැදැහැ යනු මැ යැ. සමාන ස්වර මධ්ය යෙහි ‘හ’ කාරය ලොප් වනු ද එයින් අනන්තර වූ සමාන ස්වර දෙකට එක් දිර්ඝහයක් වනු ද රීති යි. දහර = ද + අර = දාර. සැදැහැ = සැදැ + ඇ = සැදෑ.



                                    1.සංඥාධිකාරය                                        147

සදහම් - බහස්ම යන දෙක ව්ය වහාරයෙහි සදම් - බස්ම යන විසිනුදු ලැබේ. මෙහි දු ප්රයකෘති රූප සදහම් - බහස්ම යනු මැ යැ. සදම් - බස්ම යනු කෙසේ වී ද. ‘හ’ කාර ලෝප සවර්ණි දීර්ඝ් යන දෙකින් ‍සදාම් - බාස්ම යනු වූ පස්, ස්වර රහිත හලක් පර වැ සිටි හෙයින් දීර්ඝඅය හ්රයස්ව වෙයි. සදාම් = සදම්. බාස්ම = බස්ම. මේ හ්රයස්ව විධිව සිංහලයෙහි අරුමයෙක් නො වේ. කළ + හොත් = (ස්වර පර රූපයෙන්) කළො + හොත් = (‘හ’ ලෝපයෙන්) කළො + ඔත් = (ස්වර්ණප දීර්ඝීයෙන්) කළෝත් = (ස්වර රහිත හල පර හෙයින් දීර්ඝ ය හ්රවස්ව වීමෙන්) කළොත්. හල යළි දු ස්වරවත් වූ කලැ දීර්ඝඝය හ්රවස්ව වීමෙන්) කළෝත්. හල යළි දු ස්වරවත් වූ කලැ දීර්ඝරය ද පෙරළා පැමිණේ. එ හෙයින් ‘කළෝතින්’ යනු මැ විනා ‘කළොතින්’ යන්නෙක් නො ලැබෙයි.





අර්ථෙ : හුරු - ....................හිවි (යන) ආදිය ප්රෙකෘති පාඨ යි.

විස්තර : ‘හුරු’ යනාදිය ප්ර.කෘතියෙන් මැ සිටි ‘හ’ කාරයෙන් යුක්ත වූ පාඨ යි. එහි ‘හ’ කාරය ආදෙශ ‍වූයේ ද නො වෙයි, ආගම වූයේ ද නො වෙයි. ප්ර කෘතියෙහි මැ සිටියේ යැ.

‘හුරු’ යනු උචිතාථෟයෙහි (‘සුදුසු යැ’ යන අරුත්හි) වෙයි. ‘ඔහුට හුරු කටයුත්ත යැ’ යනාදි තන්හි ඒ පෙනේ. ‘‍හොරු’ යනු ඔරුවට නමි. ‘හොළ’ නම් දුක යි. ‘හළුයේ යැ’ (‘හරනා ලද’) යන අරුත්හි ‘හළ’ යනු වෙයි. (වාතය මෙන්) හැමී - හැමූ යනු ‘හමළ’ යන්නෙහි අර්ථට යි.



148 සිදත් සඟරා විවරණය

‘හැඟි’ යනු ‘කල්පනා කෙළේ යැ’ යන අර්ථඅ ඇත්තේ යැ. ‘හඬ’ නම් ශබ්දය යි. වැටුණා වූ යන අර්ථලයෙහි ‘හුණු’ යනු වේ. උස් වූයේ හෝ ගැවැසුණේ හෝ ‘හිවි’ නම් යැ.

හොරු - හළ - හැඟි - හඬ යනු ඔරු - අළ - ඇඟි - අඬ යැ යි ද ව්යුවහාරයෙහි එයි. මෙයින් පෙනෙනුයේ ප්රඔකෘති ‘හ’ කාරය ඇතැම් තන්හි ලෝපයට ද පැමිණෙන බව යි. ලෝප ‘හ’ කාරයක් ද ගණනට ගෙනැ. ‘හ’ කාරය චතුර්විධ ‍කොටැ දැක්වීමට මේ ප්රෙමාණ නො වේ ද?

සිංහලයෙහි නොලැබෙන විසදා - සැඳිනැ - ලසුනු - පසණ - සුල් - මුසල් - සැදැහිලි - සිඟුරු - සූරු - සෝ යනාදියක් සලකා ගෙනැ. විහිදා - හැඳිනැ යනාදියෙහි ආදෙශ ‘හ’ කාරයක් වෙති යි කියැ හැකි නම්, සමීර - සද්ද යනාදිය සලකා, හමළ - හඬ යනාදියෙහි ද ආදෙශ ‘හ’ කාරය මැ වෙති යි කවර හෙයින් නො කියැ යුතු ද? සමීර - හමර යන දෙකෙහි සාම්යයය ඉතා පැහැදිලි යැ. ‘ගඞ්ගා බද්ධ’ යනු ‘ගඟ බඩ’ යි සිංහල වේ නම්, ‘සද්ද’ යනු ‘හඬ’ යි වියැ හැකි.

ටිප්පණි : 1 හළ - අතීත ආඛ්යාීත යි. කාදන්ත රූපය ද මෙ මැ යැ.

‘හර’ ධාතු ‘බස්’ ආදි පර: පද යි. හරී - හරිති - හළි - හළු. හළි - හළු යන දෙ තන්හි අන්ත්ය ස්වරය ‘අ’ බවට පැමිණැ ‘හළ’ යනු වෙයි. 2. හමළ - අතීත ආඛ්යාුතය ද කෘදන්ත නාමය ද වෙයි. ‘හම’ ධාතු ‘බස’ ආදි අත්: පද යි. හැමේ - හැමෙති - හැමිණි, හැමි, හමළි, හමළ - හැමුණු, හැමි, හමුළු, හමළ.




   1.සංඥාධිකාරය                        149

3. හැඟි - අතීත ආඛ්යා තය ද කෘදන්ත නාමය ද වෙයි.

‘හඟ’ ධාතු ‘රක්’ ආදි පර: පද යි. හඟී - හඟිති - හැඟි - හැඟි.

4. හුණු - අතීත බහුවචන ආඛ්යාාතය ද අතීත කෘදන්ත නාමය ද වේ. ‘හෙ’ ධාතු ‘රක්’ ආදි අත්: පද යි. හේ - හෙති - හිණි - හුණු.

5. හිවි - අතීත ආඛ්යානතය ද කෘදන්තය ද වෙයි.

අකර්ම ක ‘හුව’ ධාතු උස් වීමෙහි ද ගැවැසීමෙහි ද වැටේ. ‘රක්’ ආදි අත්: පද යි. හිවේ - හිවෙති - හිවිණි, හිවි - හිවුණු, හිවි.







අර්ථම : අඳුන් ...................... ඇසිඳැ (යන) ආදිය ප්රාුණාක්ෂර පාඨ යි.

විස්තර : අව්ය.ක්තයෝ ‘හ’ කාරොච්චාරණයට අසමර්ථේයෝ යැ. එ හෙයින් ඔහු බොහෝ තන්හි ‘හ’ කාර යුක්ත ශබ්දයන් ‘හ’ කාර රහිතයන් සේ උසුරුවති. ඔරුව (හොරුව) - ඇකි (හැකි) - ඇඟි (හැඟි) - උන් (හුන්) - ඉඹුල් (හිඹුල්) යනාදිය මෙනි. ව්යොක්තයෝ මෙ බඳු තැන් ‘හ’ කාර යුක්ත කොටැ මැ උසුරුවත්.




150 සිදත් සඟරා විවරණය

අව්ය ක්තයන් අඳුන් - ඇඳැ යනාදිය උසුරුවනු අසා ඔවුන් තුබුණු ‘හ’ කාරයක් බැහැරැ ලැ උසුරුවති යි ව්ය-ක්තයෝ සිතත් දෝ යන බියෙන් ‘හ’ කාර ලෝපයෙන් ශෙෂ වූ සේ නො ගත යුතු ස්වරයන් ඇති පාඨ ද මෙ සේ දක්වති. එ හෙයින් අදෙස් විදි - අගම් විදි - පියෙවි යන තුන් වැදෑරුම් ‘හ’ කාර අතුරින් එකකට ද මෙය අයත් නොවන බව සැලැකියැ යුතු.

ඇඳැ - අද - ඉදි - එළු - උළු - ඔළු යන මෙ තැන් ප්රා ණාක්ෂර පාඨ සේ නිදර්ශුන කළ අයුරු නොහොබනේ යැ. ‘සළු ඇඳැ’ යනාදි තන්හි ලැබෙන අර්ථ්ය ප්රඅකාශ කිරීමට ‘හැඳැ’ යනු දු යෙදෙයි. ‘සිතියම් ඇඳැ’ යනාදි තන්හි නම් යෙදෙනුයේ ‘ඇඳැ’ යනු මැ යැ. මෙ තන්හි කවර අර්ථ යක් ගත යුතු ද යනු ශිෂ්ය යා කෙසේ නිශ්චය කැරැ ගනී ද? අර්ථන කිහිපයෙකැ යෙදෙන්නක් නිදර්ශදන කළ යුත්තේ ඒ කවර අර්ථ යෙකැ යෙදුණු ද කායීය පිරිමැසෙත හොතිනි. නොඑ සේ නම්, තමන් ඉස්නා අර්ථකය පැවැසියැ යුතු වේ. අවුත් - ලැබූ වක - ආර්ද්ර (තෙත්) යන අර්ථ යන්හි ‘අද’ යනු ප්රා ණාක්ෂර පාඨයෙකි. හෘදයාර්ථ්යෙහි ද ‘අද’ යනු යෙදෙයි. ඒ ‘හද’ යන්නෙන් ඉතිරි වූවෙකි. ‘සෘජු’ යන අර්ථ යෙහි ‘ඉදි’ යනු වෙයි. ‘පිසිනා ලද’ යන අර්ථූයෙහි වන ‘ඉදි’ යනු නම් ‘හිදි’ යන්නෙන් ආයේ යැ. එඩක වාචි ‘එළු’ ශබ්දය ප්රාුණාක්ෂර පාඨ යි. සිංහල වාචි ‘හෙළු’ සදිනුදු ‘එළු’ යනු සිදු වේ. ඉෂ්ටිකා (ගෙහි පියසි සොයන උළු) යැ, උඩු (තාරකා) යැ යන අරුත්හි ‘උළු’ යනු පණ ‘කුරු පා වුව ද, සික්ථ (බත්තුළු) සඳහා යෙදෙන ‘උළු’යනු නම් ‘හුළු’ යන්නෙහි විකෘතියෙකි. ශිර්ෂි (හිස) වාචී තන්හි ‘ඔළු’ යනු ප්රා’ණාක්ෂර පාඨ යැ යි කියති. එහෙත් ඇඹුල මලට නම් වූ ‘ඔළු’ යන්නට ප්රිකෘතිය වනුයේ ‘හොළු’ යන්න යි. ආලියට (මියරට ) නම් වන





                                  1.සංඥාධිකාරය                                          151

තන්හි ‘ඇලි’ යනු එ සේ මැ වුවද ‘කඳුරැලි’ යනාදි තන්හි වන ‘ඇලි’ යනු ‘හැලි’ යැ යි ද සිටී. වියන දඬුව යැ දුනු දඬුව යැ යන අරුත්හි ‘අළු’ යනු මැ වේ. භස්මාර්ථියෙහි වනාහි ‘අළු’ ‘හළු’ යන දෙක මැ යෙදේ.

ටිප්පණී : 1. ඇඳැ - (සිතියම) ඇඳීමෙහි ‘අඳ’ ධාතු ‘රක්’ ආදි පර: පද යි. අඳි - අඳිති - ඇඳි - ඇඳි.

නිවාසනයෙහි ‘හඳ’ ධාතු බස් ආදි පර: පද යි. හඳි - හඳිති - හනි - හනු. මේ ධාතුව මැ ‘රක්’ ආදි පර: පද ද වේ. හඳී - හඳිති - හැඳි - හැඳි.

2. ළුරුණු - ‘එර’ (අවතරණයෙහි) ධාතු ‘පිහිට’ ආදි අත්: පද යි. එරේ - එරෙති - එ‍රිණි - එරුණු.

3. අරුණු - අරුණයට ද රත් පැහැයට ද නමි.

4. අරා - ‘අර’ ධාතු ‘බල’ ආදි පර: පද යි. අරා - අරති - ඇරී - ඇරූ.

5. අලු - ආලෝක, ආලි (මියර) යන අරුත් දෙයි.

6. ඉදි - සූදනයෙහි (පිසීමෙහි) ‘හුද’ ධාතු ‘බස්’ ආදි අත්: පද යි. හිදේ - හිදෙති - හිදිණි, හිදි, හිනි - හිදුණු, හිදි, හුනු.

7. ඇවිණි - ආපණය. අවුණු මැ ඇවිණි ස්වාථි තද්ධිත යි.

‘ඇවුණුණු’ යන අර්ථයයෙහි ‘ඇවිණි’ යනු කෘදන්ත නාම යි. අකර්මදක ‘අවුණ’ (අමුණ) ධාතු ‘රක්’ ආදි අත්: පද යි. ඇවිණේ - ඇවිණෙති - ඇවිණිණි, ඇවිණි - ඇවිණුණු, ඇවිණි.



152 සිදත් සඟරා විවරණය

සකර්ම ක ‘අවුණ’ ධාතු ‘බල’ ආදි පර: පද යි. අවුණා - අවුණති - ඇවිණි - ඇවුණු. 8. අස්වස් - ආශ්වාස. 9. අල - ‘කුකුළල’ යනාදි තන්හි ලැබෙන අර්ථ ය යි. 10. එළැඹි - ‘එළඹ’ ධෘතු ‘රක්’ ආදි අත් : පද යි. එළැඹේ - එළැඹෙති - එළැඹිණි, එළැඹි - එළැඹුණු, එළැඹි. 11. අසි - කඩුව. 12. ඉක් - ‘අතික්රා්න්ත’ යන අර්ථැයෙහි යෙදෙති යි ව්යා.ඛ්යාින කාරයෝ කියති.ඒ අර්ථුයෙහි යෙදියැ යුතු නම් ‘ඉකුත්’ යනු යි. ඒ ‘ඉකුම්’ දයින් වූයේ යැ. ‘ඉකුම්’ ධාතු ‘බස්’ ආදි අත්: පද යි. ඉක්මේ - ඉක්මෙති - ඉක්මිණි, ඉක්මි, ඉකිති - ඉක්මුණු, ඉක්මි, ඉකුතු. 13. ඇසිඳැ - ‘ඇහිඳැ’ යනු අරුති. ‘අසිඳු’ ධාතු ‘රක්’ ආදි පර: පද යි. අසිඳී - අසිඳිති - අසිඳි - ඇසිඳි. වර්ත.මාන ව්යමවහාරයෙහි ‘ඇහිඳ’ යනු ධාතුව වැ සිටී.






අර්ථඅ : හැරැඹැ, ඇරැඹැ - .................. හැදෑරුම්, ඇදෑරුම් (යන) ආදිය ‘ස’ කාරයට ආදෙශ වූ ‘හ’ කාරයෙන් ද ‘අ’ උපසර්ගියෙන් ද සමාන වැ සිද්ධ වූ පාඨ යි,



                                      1.සංඥාධිකාරය                      		 153

විස්තර : ‘හැරැඹැ’ යනාදිය ‘ස’ කාරයට ආදෙශ වූ ‘හ’ කාරයෙන් ද ‘ඇරැඹැ’ යනාදිය ‘අ’ උපසර්ග යෙන් ද සිද්ධ වූ පාඨ යැ යි කියන ලදුයේ සංස්කෘත මාගධ ව්ය වහාරයන් බැලීමෙනි. සංස්කෘතයෙහි ‘සම’ උපසර්ගි පූර්වෘ වූ ‘රහ්’ ධාතුවට ‘ය’ ප්ර්ත්ය යය වීමෙන් ‘සංරහ්යව’ යනු උපදී. ‘කුපිත කොටැ’ යනු අර්ථ’ යි. සිංහලයෙහි ලැබෙනුයේ ‘හැරැඹැ’ යන්න යි. ඒ ‘හරඹ’ ධාතුවට ‘ඇ’ ප්රථත්යවයය යෙදී සිද්ධ යැ. සංස්කෘතයෙහි ‘ආ’ උපසර්ගි පූර්වී වු ‘රහ්’ ධාතුවට ‘ය’ ප්රරත්ය්යය වී ‘ආරහ්යං’ යනු වූයේ යැ. ‘පටන් ගෙනැ’ යනු අර්ථර යි. සිංහලයෙහි මේ අර්ථටය ලැබෙනුයේ ‘ඇරැඹැ’ යන්නෙනි. ඒ ‘අරඹ’ ධාතුවට ‘ඇ’ ප්රහත්යථයය වීමෙන් නිපන්නේ යැ. සෙස්ස ද මේ නයින් සලකන්නේ යැ.

සංස්කෘත සිංහල අර්ථර සම්මුඛ සමු - හමු ඉදිරියට පැමිණි ආමුඛ අමු (එ මැ) සංචාර හසර හැසිරීම ආචාර අසර (එ මැ) සංශ්රිතත හසළ සේවනය කළ ආශ්රිිත අසළ (එ මැ) සංකුච්ය හැකිළැ හැකිළී ආකුච්යය ඇකිළැ (එ මැ) සංධාරණ හැදෑරුම් දෑරීම ආධාරණ ඇදෑරුම් (එ මැ)

සිංහල රීතියෙන් ‘ස’ කරට අදෙස් ‘හ’ කරින් සිදු පැ යැ යි ගත හැක්කේ ‘හමු’ යනු පමණෙකි. සමු හමු යන රූප ද්වයය මැ ලැබෙන හෙයිනි. හැරැඹැ - හසර - හසළ - හැකිළැ - හැදෑරුම් යන තන්හි




154 සිදත් සඟරා විවරණය

‘හ’ කාරාදෙශයෙක් නො පෙනේ. සිංහලයෙහි මේ අරුත්හි සැරැඹැ - සසර - සසළ - සැකිළැ - සැදෑරුම් යනු නොලැබෙන හෙයිනි. හරඹ - හසුර - හකුළ - හදාර යනු මැ ධාතු වෙයි.

ටිප්පණි : 1. හැරැඹැ - ‘හරඹ’ ධාතු ‘රක්’ ආදි පර: පද යි. හරඹි - හරඹති - හැරැඹි - හැරැඹි.

‘නො හැරැඹැ අත් තල ගී - සම තන් යුතු මිහිඟු හඬ’ යනු මුවදෙව් දා පාඨ යි.

2. ඇරැඹැ - ‘අරඹ’ ධාතු ද ‘රක්’ ආදි පර: පද යි. අරඹි - අරඹිති - ඇරැඹි - ඇරැඹි.

3. හසළ - ‘හසුරු ධාතු ‘බස්’ ආදි අත් : පද යි. හැසිරේ - හැසිරෙති - හැසිරිණි, හැසිරි, හසිළි, හසිළ, හසළ - හැසිරුණු, හැසුරුණු, හැසිරි, හසුළු, හසුළ, හසළ.

4. අසළ - ‘අසුරු’ ධාතු ද ‘බස්’ ආදි අත්: පද යි. ඇසිරේ - ඇසිරෙති - ඇසිරිණි, ඇසිරි, අසිළි, අසිළ, අසිළ - ඇසිරුණු, ඇසුරුණු, ඇසිරි, අසුළු, අසුළ, අසළ.

5. හැකිළැ - ඇකිළැ. අකර්මසක ‘හකුළ’ ධාතු ‘රක’ ආදි අත්: පද යි. හැකිළේ - හැකිළෙති - හැකි‍ළිණි, හැකිළි - හැකුළුණු, හැකිළි.

සකර්මේක ‘හකුළ’ ධාතු ‘බල’ ආදි පර: පද යි. හකුළා - හකුළති - හැකිළී - හැකුළූ.

‘ඇකිළැ’ යනු ‘හැකිළැ’ යන්නෙහි ‘හ’ ලෝපයෙන් වූයේ යැ.

6. හැදෑරුම් - ඇදෑරුම්, ‘හදාර’ ධාතු ‘බල’ අදි පර: පද යි. හදාරා - හදාරති - හැදෑරී - හැදෑරූ. අයුහි ‘හදාළ’ යන නිපතිත රූපයෙක් ද වෙයි.

                                         1.සංඥාධිකාරය                                    155

‘හැදෑරුම්’ යන්නෙහි ‘හ’ ලෝපයෙන් ‘ඇදෑරුම්’ යනු වේ.








අර්ථහ : ‘රත’ ත දිදී ඉහිල් වසන ‘තුරින් රසන් දම්’ – ‘කියව කර හලළා පැහැබර දිගු නුවන් ලා’ – ‘කළ වන් බිඟු මහත් වන හිරු හත් වත’ – (යන) මේ ආදි ඡෙක පාඨයන්හි ව්ය හිචාර දර්ශනනයෙන් අනියම විධි ද සලකන්නේ යැ. ‘හ’ කාර විනිශ්චයය මෙ සේ යැ. පළමු වන සංඥාධිකාරය යි.

විස්තර : එකාන්ත නොවන්නා වූ - අනියම් වූ - පැවැත්ම ව්යයහිචාර නමි. සංස්කෘත ‘හස්ත’ (පාළි ‘හත්ථ’) යනු සිංහලයෙහි සිටියැ යුතු ‘හත් ‘ යන විසිනි. එහෙත් ලැබෙනුයේ ‘අත්’ යන්න යි. මේ ව්‍යහිචාරයෙකි. සංස්කෘතයෙහි ‘ආ’ උපසර්ගළ පූර්වථ වූ ‘ලුඞ්’ ධාතු කැලැඹීමෙහි වැටේ. ‘ආලුඞ්’ යනු සිංහලයට එත් හොත් ‘අලළ’ යැ යි සිටියැ යුතු යැ. එහෙත් මෙහි ‘හලළා’ යනු පෙනේ. ව්ය හිචාරයෙකි.



156 සිදත් සඟරා විවරණය

සූර්ය යා බැසැ යෑම අස්ත වීම නම් වේ. මේ ‘අස්ත’ යනු හෝ පාළි ‘අත්ථ’ යනු හෝ සිංහලයෙහි සිටියැ යුත්තේ ‘අත්’ යන විසිනි. ‘හිරු හත් වත’ යන තන්හි ඒ ‘හත්’ යැ යි සිටි සේ පෙනේ. ව්යැහිචාරයෙකි.

මෙ බඳු යෙදුම් ඡෙකයන් (දක්ෂයන් - පණ්ඩිතයන්) ගේ පාඨවලැ පෙනෙයි. එ හෙයින් වැරැදි යැ යි හළ හැකි ද නො වේ. සංස්කෘත රූපයන් හා සසඳා බලන කලැ ඇති ‘හ’ කාරය නැති වීමත් නැති ‘හ’ කාරය ඇති ‍වීමත් පෙනෙන හෙයින් මේ යෙදුම් ව්ය හිචාර ගණයෙහි වැටේ.

ඇති ‘හ’ කාරයෙක් නැති වී නම් ඒ ලෝපයෙකි. නැති ‘හ’ කාරයෙක් ඇති වී නම් ඒ ආගමයෙකි. ආගම ‘හ’ කාරයක් ගැනුණු හෙයින් හලළා - හත් යන දෙ තන්හි ‘හ’ කාරය ව්යකහිචාර වේ නම්, ආගම ‘හ’ කාරය දැක්වූ තන්හි දු ඒ එසේ මැ වියැ යුතු යැ. ඔරු (හොරු) - ඇදැහිලි කාරයක් දැක්වීමෙන් ‘අත්’ යනාදි තන්හි ‘හ’ කාරයා ගේ ව්ය හිචාරත්වය ද දුරු වෙයි.

ටිප්පණී : 1. රත’ත දිදී........ - මේ දෙ පෙළ එක් ගීයක් ලෙස ව්‍යාඛ්යාින කාරයෝ ගනිති. අසක් දා කවෙන් ගැනුණු බව පුරාණ ව්යා ඛ්යාගනයෙහි කියැවිණ. වෙන් වූ ගී දෙකෙකින් ගැනුණු අර්ධ දෙකෙකැ යනු අප ගේ මතය යි.

‘රත් අත ඉහිල් වසන් අතුරින් රසන් දම් දිදී’ යනු ප්රඅථම පද්යාතර්ධයෙහි අන්වයය යි. ‘රතු වූ හස්තය බුරුල් වූ වස්ත්රදය අතරින් රසනාදාමයට දිදී’ – (වස්ත්රාඅන්තරයෙහි රතු අත බහා රසනා දාමය ස්පර්ශි කෙරෙමින් - ) යනු අර්ථ( යි.




 2.සන්ධ්යඅධිකාරය                          157

‘කර හලළා’ පැහැබර දිගු නුවන් ලා කියව’ යනු ද්විතීය පද්යාරර්ධයෙහි අන්වයය යි. එහි අර්ථ ‘හස්තය (අත) වනා, ප්රඞභා සමූහ ඇති ඇස් බහා (යොමු කොටැ) කියව’ යනු යි.

2. කළ වන් බිඟු මහත් වන හිරු හත් වත - මේ මධුර සන්දේශයෙන් ගැනුණේ යැ යි පුරාණ ව්යා ඛ්යාරන කාරයෝ කියති. සූර්ය්යා අස්ත වත් මැ (වන කල්හි) හෘඞ්ගයා ගේ කාල වර්ණ ය මහත් වන්නේ යැ ‘ යනු අර්ථ යි.

සංඥාධිකාරය නිමියේ යැ.

    ____

2. සන්ධ්යයධිකාරය



අර්ථ. : පූර්වේ පර වර්ණ යන් ආශ්රි්ත විධියෙන් ගැළැපීම සන්ධි නමි. එහි (


අර්ථ.: පූර්වූ වර්ණපයන් ආශ්රිනත විධියෙන් ගැළපීම සන්ධි නම්. එහි (ඒ සන්ධි විධියෙහි) වර්ණප ලෝප ආදෙශ ආදිය ලක්ෂ්යා‍නුසාරයෙන් (උදාහරණවලැ යෙදුණු පරිද්දෙන්) දන්නේ යැ.

විස්තර : අක්ෂරයන් එක් වැ සිටි කලැ උච්චාරණය හැකි තරම් පහසු කළ යුතු වේ. එක් තැන් වැ සිටි අකුරු දෙකක් උත්පත්ති ස්ථාන වශයෙන් නොළං වීම උච්චාරණ පහසුවට බාධාවෙකි. ඇතැම් විටැ එක තැනැ




158 සිදත් සඟරා විවරණය

උපන් අකුරු දෙකක් ‍එක් තන්හි වීම ද බාධාවෙක් වෙයි. තව ද විවිධ බධා ‍ඇති වෙයි. ඒ බාධා දුරු කිරීම සන්ධි නම් වේ. මේ බාධා දුරු කිරීමට ආරොහණ, ලෝප, ආදෙශ, ආගම, පූර්වේ රූප, පර රූප, ද්විරූප, හ්රරස්ව, දීර්ඝස, වාද්ධි යන විධි නවයෙන් යම් කිසි එකෙක් තැනට සුදුසු සේ යෙදේ.

ඉතා ආසන්න වැ සිටි ශබ්ධයන් ගේ අග මුල දෙක එකට ගැළැපීම සන්ධි නමැ යි ඇතැමෙක් කියති. මෙ සේ කියන්නවුන් අතරැ මහා විද්යානලයයාධිපතිනුදු වීම අභාග්යකයෙකි. මුලැ සිටි ශබ්දයක්හු ගේ අන්ත්යො වර්ණයය පූර්වප නම් ද ඊට පර වැ ආසන්න වැ සිටි ශබ්දයා ගේ ආදි වර්ණේය පර වර්ණය නම් ද වේ ල. සන්ධියකට ශබ්ද දෙකක් මැ අනවශ්යබ බවත් එක මැ ශබ්දය ඇතුළතැ සන්ධියක් වියැ හැකි බවත් පූර්වක පර වර්ණැයනුදු එක මැ ශබ්දයෙහි වීමට බාධා නැති බවත් මේ මහා විද්යාකලයයාධිපතීනට ඔවුන් ගේ ශිෂ්ය යන් ගෙන් වත් උගන්නට නො ලැබිණි දෝ! ‘මුවර’ යන තන්හි ඇත්තේ එක මැ ශබ්දය යි. මෙහි අන්ත්යි වර්ණීය හැරැ සෙසු එක් එක් වර්ණනය පර වූ වර්ණැයට පූර්ව වන හෙයින් පූර්වා වර්ණඔ යි. ආදි වර්ණ‍ය හැරැ සෙසු එක් එක් වර්ණූය පූර්වප වර්ණවයට පර වනුයෙන් පර වර්ණඔ යි. ‘මුවර’ යනු ‘මෝර’ යි වනුයේ සන්ධි විධියෙනි.

සන්ධියෙහි ලැබෙන වියරණ විදි නම් ලොප්, අදෙස්, අගම්, පෙර රූ, දෙ රූ, පෙරැළි, වැඩි යන මේ වියරණ විදි සත ලු. මෙ සේ කියන්නාහු ද සිදත් සඟරා කාරයන් මෙන් මැ ආරොහණ විධිය නුදුටුවාහු යැ. ‘පස් + ඇස්’ යන තන්හි සන්ධියක් වීමෙන් ‘පසැස්’ යනු නිපනි නම්, එහි යම් කිසි විධියක් වියැ යුතු යැ.





                            2.  සන්ධ්යසධිකාරය                               159

එ නම් ආරොහණ විධිය යි. ‘රූ + ඉන්’ යනු ‘රුවින්’ යැ යි වෙයි. ‘ව’ කාරාගමය වූ බව නම් සැබෑ යැ. එ මෙන් මැ ‘රූ’ යන්නෙහි දීර්ඝ් ස්වරය හ්රාස්ව වූ බව ද සැබෑ මැ යැ. එ සේ නම් සන්ධි විෂයයෙහි හ්රීස්ව විධිය ද යෙදෙන බව නො කියා හිරිම කො තරම් මහත් වරදෙක් ද?

ආරොහණ නම් ව්යිඤ්ජනයට ස්වරය ආරූඪ වීම යිය. පින් + ඇති = පිනැති.

ස්වර ලෝප යැ ව්යාඤ්ජන ලෝප යැ යි ලෝපය පළමු කොටැ ද්විවිධ වේ.

ස්වර ලෝපය පඤ්චවිධ යැ: - ආදි ලෝපය - අනත් = නත් අන්ත්යප ලෝපය - කද = කද් (=කත්) පූර්වය ලෝපය - දිගු + ආ = දිගා පර ලෝපය - බුදු + අකුරු = බුදුකුරු මධ්යෝ ලෝපය - බැලුම = බැල්ම

ව්යයඤ්ජන ලෝපය පඤ්චවිධ යි : -

‘හ’ ලෝපය - පහර = ප + අර (පාර) ‘ය’ ලෝපය - වියළ = වි + අළ (වේළ) ‘ව’ ලෝපය - (1) මුවර = මු + අර (‍ෙමා්ර) (2) දෙව් + දුනු= දේදුනු ද්විතීය ලෝපය - ‍(නෙළුඹු + මල්) නෙළුම්බ්මල් = නෙළුම්මල් තෘතීය ලෝපය - (බඳවා) බන්ද්වා = බන්දා

ස්වරාදේශ යැ ව්ය ඤ්ජනාදෙශ යැ මිශ්රා දෙශ යැ යි ආදෙශය පළමු කොටැ ත්රිාවිධ වෙයි.



160 සිදත් සඟරා විවරණය

ස්වරාදෙශය පඤ්චවිධ යි. (අ + ඉ දෙකට) ‘එ’ ආදෙශය - (මහ + ඉසුරු = මහෙසුරු (මෙහෙසුරු) (ඉ + අ දෙකට) ‘එ’ ආදෙශය - (වියළ) වි + අළ = (වේළ) (අ + උ දෙකට) ‘ඔ’ ආදෙශය - මහ + උර = මහොර (මොහොර) (උ + අ දෙකට) ‘ඔ’ ආදෙශය (මුවර) මු + අර = මෝර (එ + අ දෙකට) ‘ඈ’ ආදෙශය - දෙ + අත = දෑත

ව්යරඤ්ජනාදෙශය පඤ්චවිධ යි. ‘ය’ ආදෙශය - පිළි + කම් = පිළියම් ‘ව’ ආදෙශය - දඬු + කම් = දඬුවම් ‘හ’ ආදෙශය - (1) සාවා = හාවා (2) බල + කම් = බලහම් (3) සම + ගම් = සමහම් අඝොෂාදෙශය - (1) (උගු) උග් = උක් (2) (කද) කද් = කත් (3) (ගබ) ගබ් = ගප් පරසවර්ණා(දෙශය - (1) දම් + කඩ = දංකඩ දම් + ගල්ල = දංගල්ල

මිශ්රාණදෙශය ද්විවිධ යැ : - ‘අය’ යන්නට ‘ඒ’ ආදෙශය - ගුණය = ගුණේ ‘අව’ යන්නට ‘ඔ’ ආදෙශය - ඉඩවර = ඉඩෝර

ආගමය ද ස්වරාගම යැ ව්යනඤ්ජනාගම යැ යි ද්විවිධ යැ:

ස්වරාගමය ද්විවිධ යැ:-



                                       සන්ධ්ය ධිකාරය                                              161

‘ඉ’ ආගමය - මා + දු = මාඉදු (මයිදු) ‘උ’ ආගමය - මා + දු = මලුදා

ව්ය ඤ්ජනාගමය ත්රි විධ යැ :- ‘ය’ ආගමය - පිරි + අත් = පිරියත් ‘ව’ ආගමය - කටු + අල = කටුවල ‘ර’ ආගමය - නි + අතුරු = නිරතුරු

ස්වර පූර්ව රූප යැ ව්ය ඤ්ජන පූර්වධ රූප යැ යි පූර්වම රූපය ද්විවිධ යැ:-

ස්වර පූර්ව රූපය - පිරි + සුදු = පිරිසිදු ව්යරඤ්ජන පූර්වැ රූපය - විස් + කම් = විස්සම්

ස්වර පර රූප යැ ව්යපඤ්ජන පර රූප යැ යි පර රූපය ද ද්විවිධ යැ:- ස්වර පර රූපය - මහෙසුරු = මෙහෙසුරු ව්යරඤ්ජන පර රූපය - අත්ල = අල්ල

ද්විරූප වනුයේ ව්ය ඤ්ජන යැ. එ ද ‘ඉ’ හෝ ‘උ’ හෝ ලොප් වූ තන්හි පමණෙකි. වැදි + ඕ = වැද්දෝ දුනු + ඒ = දුන්නේ

‘ය’ ‘ව’ අගම් වූ තන්හි ද ‘යි’ හෝ ‘හල්’ හෝ පර කල්හි ද හ්ර ස්වය වේ.

පා + ඉන් = පයින් රූ + ඉන් = රුවින් බලා + යි = බලයි කළෝත් = කළොත්

සමාන ස්වර දෙකකට එක් දීර්ඝ යක් වීම ස්වර්ණ දීර්ඝැ යි.

                                                                                                   11

162 සිදත් සඟරා විවරණ

(පහර ) ප + අර = පාර (පැහැරැ) පැ + ඇරැ = පෑරැ (මිහිරි) මි + ඉරි = මිරි (මුහුණු) මු + උණු = මූණු ‍(මෙහෙවර) මෙ + එවර = මේවර (පොහොය) පො + ඔය = පෝය

ස්වර ලෝපය වූ කලැ පූර්ව ව්යයඤ්ජනාශ්රියත අනුනාසිකාඨිය සම්පූර්ණ විම වෘද්ධි යි. මඟ = මංග් (මං) ළිඳ = ළින්ද් (ළින්) ටැඹ = ටැම්බ් (ටැම්)

සන්ධියෙක් වේ නම් මෙහි දැක්වුණු විධියෙකිනි.







අර්ථි : විදුරවියේ - දිගා - දිනිසුරු - කනීල් - බමරුදුළ - නොමරූල් - සඳෙව් - යළේහි - පහරොත - හඬෝනා (යන) අදිය පූර්ව ස්වරය ලොප් කොටැ පර ස්වරය ගාත්රහයට (ව්යොඤ්ජනයට) පැමිණැවූ හෙයින් පූර්ව් ස්වර ලෝප සන්ධි නමි.



2.සන්ධ්යගධිකාරය 163

විස්තර : එක් ස්ථා‍නයෙකැ වූ ස්වර දෙකෙකින් පූර්ව ය ලොප් කොටැ අපරය ව්ය්ඤ්ජනයට පැමිණැවු කල්හි යම් සන්ධියෙක් වේ ද ඒ පූර්වර ස්වර ලෝප සන්ධි නම් වේ. විදුරු + අවි = (පූර්වෙ ස්වර ලෝපයෙන්) විදුර් + අවි = (ස්වරාරොහණයෙන් ) විදුරවි

දිගු + ආ = (පූර්වව ස්වර ලෝපයෙන්) දිග් + ආ = (ස්වරාරොහණයෙන්) දිගා

දින + ඉසුරු = (පූර්වෙ ස්වර ලෝපයෙන් ) දින් + ඉසුරු = (ස්වරාරොහණයෙන් ) දිනිසුරු

කන + ඊල් = (පුර්ව ස්වර ලෝපයෙන්) කන් + ඊල් = (ස්වරාරොහණයෙන්) කනිල්

බමර + උදුළ = (පූර්වන ස්වර ලෝපයෙන්) කන් + ඊල් =(ස්වරාරොහණයෙන්) බමරුදුළ

බමර + උදුළ = (පූර්වන ස්වර ලෝපයෙන්) බමර් + උදුළ = (ස්වරාරොහණයෙන්) බමරුදුළ

නොමරු + ඌල් = (පුර්වම ස්වර ලෝපයෙන්) නොමර් + ඌල් = (ස්වරාරොහණයෙන්) නොමරූල්

සඳ + එව් = (පූර්වු ස්වර ලෝපයෙන් ) සඳ් + එව් =(ස්වරාරොහණයෙන්) ස‍ඳෙව්

යළ + ඒහි = (පූර්ව‍ ස්වර ලෝපයෙන්) යළ් + එහි = (ස්වරාරොහණයෙන්) යළේහි පහර + ඔත = (පූර්වළ ස්වර ලෝපයෙන්) පහර් + ඔත = (ස්වරාරොහණයෙන්) පහරොත

හඬ + ඕනා = (පූර්වහ ස්වර ලෝහයෙන්) හඬ් + ඕනා = (ස්වරාරොහණයෙන්) හ‍ඬෝනා


164 සිදත් සඟරා විවරණය

කවර ස්වරයක් පර වුව ද පූර්ව ස්වරය ලොප් වියැ හැකි බව දක්වන්නට මෙ සේ නිදර්ශපන දශයෙක් දැක්විණ. අ - ආ - ඉ - ඊ - උ - ඌ - එ - ඒ - ඔ - ඕ ස්වරයන් පර වැ සිටුනා නිදර්ශ න සිතා පිරික්සා තෝරා ගත් බව පෙනෙයි. නිදර්ශ න තුනෙකැ ලොප් වනුයේ ‘උ’ යන්න යි. සතෙකැ ‘අ’ යන්න යි. ලොප් වියැ හැකි මේ ස්වර දෙක පමණෙක් ද?

සිංහලයෙහි අ - ඇ - ඉ - උ යන ස්වර ‍සතරින් කුමක් වුව ද ලොප් වියැ හැකි යැ. එ - ඔ දෙක හෝ දීර්ඝදයෙක් හෝ කිසි ලෙසෙකිනුත් ලොප් නො වෙයි. ‘කනීල්’ යනු ‘කනා + ඊල්’ යන තන්හි ‘ආ’ ලොප් වීමෙන් සිදු වූ සේ ඇතැමෙක් සලකති. ඒ මුළායෙනි. කනකාථ්රකයෙහි ‘කනා’ යනු මෙන් මැ ‘කන’ යනු දු සිංහලයෙහි යෙදේ. ‘කනමුවා’ (කනකමය) ‘කන තොරණ’ (කනක තොරණ) යනාදි මහා කවි ප්ර යොගයන් ගෙන් ඒ බව මොනොවට පළ වෙයි. එ හෙයින් ‘කනීල්’ යනු ලැබෙනුයේ ‘කන + ඊල්’ යන්නෙනි. ‘දැකැ + එහි’ යනු ‘දැකෙහි’ යි වනුයේ ‘ඇ’ ලෝපයෙනි. ‘ඉ’ ලෝපයෙන් ‘මුනි + ඉඳු’ යනු ‘මුනිඳු’ යි වෙයි.

‘විදුරවියේ’ යනාදි දශය මැ බාහ්යි සන්ධියට නිදර්ශදන යි. ශබ්දයන් හෝ පදයන් හෝ දෙකක් සම්බන්ධ වන ස්ථානයෙකැ වන්නේ බාහ්යස සන්ධිය යි. ‘මුවර’ යනු ‘මෝර’ යි වූ තන්හි මෙන් ශබ්ද මධ්යදයෙහි හෝ ‘ගොන් + ආ’ යනු ‘ගොනා’ යැ යි වූ තන්හි මෙන් ප්රනකෘති ප්රයත්යිය සම්බන්ධයෙහි හෝ වනුයේ අනතඃසන්ධි් යි.

එක් සන්ධියකට නිදර්ශේන කැරුණ ද ‘විදුරවි’ ආදි තන්හි සන්ධින දෙකෙක් පෙනෙයි. එකෙක් නම් පූර්වය ස්වර ලෝපය යි. අනෙක නම් ස්වරාරොහණය යි.





                                          2.සන්ධ්යවධිකාරය                      165

ටිප්පණී : 1. විදුරවියේ - විදුර (වජුය - හෙණ පහර) අවි වනුයේ යමකු හට ද හේ විදුරවි. ශක්ර-යාට නමෙකි. ‘විදුරවි’ යන්නට ‘ඒ’ විබත යෙදී ‘විදුරවියේ’ යනු වෙයි. 2. දිගා - දීර්ඝ වූ ආයුෂ. 3. දිනිසුරු : - දිනට ඊශ්වර (අධිපති) සූර්යනයා යැ; ජිනටයනට ඊශ්වර වනුවෝ බුදුහු යැ. ‘දිනිසුරු’ යනු වෛශ්රධවණයාට ද නමෙකි. ධනයට ඊශ්වර වන හෙයිනි. දන + ඉසුරු = දනිසුරු = (ස්වර පර රූපයෙන්) දිනිසුරු. 4. කනීල් - කනකයෙන් (රනින්) කළ හෝවිලිය (උන්සිල්ලාව) කනීල් නම් වේ. 5. බමරුදුළ - ‘බමරුන් බැබැළුනා වු’ යනු අර්ථ යි. ‘බමරුන් කරණ කොටැ ගෙනැ බැබැළුණා වූ’ යැ යි ද අරුත් පවසත්. 6. නොමරූල් - ‘මරු’ නම් වැලි යැ. මරු (වැලි) නොවනුයේ යමෙක්හි ද හේ නොමරු. එ හෙයින් ‘නොමරු ඌල්’ නම් වැලි නැති උල්පත යැ. 7. ස‍ඳෙව් - සඳ වැනි 8. යළේහි - ‘යළ (නැවැතැ) එහි’ යනු අරුති. ‘යළේහි’ යනු සඳැස රක්නට යෙදුණු තැනක් සේ පෙනේ. නොඑ සේ නම් ‘ඒහි’ යන්නෙහි දීර්ඝරය හේතු රහිත යැ. 9. පහරොත - ‘පහර දුන් කල්හි’ යනු අර්ථ යි. ‘ඔත’ යනු ‘ඕ’ (වත් කිරිම් ආදි අරුත්හි) දයින් වූ අසම්භාව්ය කෘදන්ත නිපාත යි. ‘ඕ’ ධාතු ‘බස්’ ආදි පර: පද යි. ඔවී - ඔවිති - ඔති ඔතු.





166 සිදත් සඟරා විවරණය

10. හ‍ඬෝනා - ‘හඬ වදිනස්නා වූ’ යනු අර්ථ යි. ‘ඕනා’ යනු ‘ඕ’ දයින් වූ කෘදන්ත නාම යි.



අර්ථෘ : ඌලේසුම් සුස්මෙන් - තියුණු - වැටූසිපත (යන) ආදිය පර ස්වර ලෝප සන්ධි නමි.

විස්තර : ළං වැ සිටි ස්වර දෙකෙකින් පර ස්වරය ලොප් වීමෙන් වනුයේ පර ස්වර ලෝප සන්ධි යි.

ඌලේ + උසුම් = (පර ස්වර ලෝපයෙන්) ඌලේසුම් සූ + උස්මෙන් = (‘උ’ ලෝපයෙන් ) සුස්මෙන් ති + අයුණු = (පර ස්වර ලෝපයෙන්) තියුණු වැටූ + අසිතපත = (පර ස්වර ලෝපයෙන්) වැටූසිපත

‘සුස්මෙන්’ යන තන්හි පර ස්වර ලෝපයෙක් නො පෙනේ. විසන්ධි වූ තැන ඇතැමෙක් ‘සු + උස්මෙන්’ යැ යි ද ඇතැමෙක් සු + ‘ඌස්මෙන්’ යැ යි ද තවත් කෙනෙක් ‘සු + අස්මෙන්’ යැ යි ද දක්වති.

සු + උස්මෙන් යනු ‘සුස්මෙන්’ යැ යි වී නම් එ තන්හි පෙනෙනුයේ පූර්ව ස්වර ලෝපය යි. සමාන රූප වූ ස්වරයන් වූ තන්හි පූර්වු ලෝපය වෛයාකරණයනට අභිමත යැ. පර ස්වර ලෝප යැ යි ගත ද වෙනසක් නො වතු දු පූර්ව ස්වර ලෝප යැ යි ගත ද නිවැරැදි බැවින් මේ නිදර්ශෛනයට සුදුසු නො වේ.

‘සු + ඌස්මෙන්’ යන්නෙක් වේ නම් එහි දීර්ඝව ස්වරය ලොප් කළ යුතු වේ. දීර්ඝ ස්වර ලෝපයෙක් සිංහලයෙහි නො ලැබේ. එ හෙයින් ‘සු + ඌස්මෙන්’ යනු නොනිපදී.




                                          2.සන්ධ්යරධිකාරය                                   167

‘සු + අස්මෙන්’ යනු ගන්නෝ අපූර්ව. වූ නිරුක්ති ක්රොමයක් ‍දක්වති. සංස්කෘත ‘ශ්වස්’ ධාතුව සිංහලයට ‘සු + අස්’ කියා බි‍ඳේ ල. පර ස්වර ලෝපයෙන් ‘සුස්’ යනු ද ‘උම්’ ප්රූත්ය’ය යෝගයෙන් ‘සුසුම්’ යනු ද ‘එන්’ විභක්ති ග්ර හණයෙන් ‘සුස්මෙන්’ යනු ද ලැබේ ල. ‘ශ්වස්’ යනු ‘සු අස්’ යැ යි බි‍ඳේ යැ යනු මහත් මෘෂාවාදයෙකි. ගුරුළුගෝමීන් වැන්නෝ ‘ආශ්වාස ප්රබශ්වාස’ ‘අසස් පසස්’ යැ යි යොදති. ‘අසුඅස් පසුඅස්’ යැ යි හෝ (පර ස්වර ලෝප වාදයට රුකුල් දෙනු වස්) ‘අසුස් පසුස්’ යැ යි හෝ නො යොදති. ‘ශ්වස්’ යනු ‘සුවාස’ යැ යි බි‍ඳෙති යි කියන ලද නම් පිටිසරයන් ගේ පිහිට වත් ලැබියැ හැකි යැ. ‘සුඅස්’ වාදයට පිහිටෙක් නො ලැබෙයි. ‘සුස්’ ධාතුවෙක් සිංහලයෙහි වේ නම් එයට ‘උම්’ ප්රැත්ය යය යෙදුණු කල්හි වියැ යුත්තේ ‘සිසුම්’ යනු යි: ‘සුසුම්’ යනු නො වේ. ‘පුර’ ධාතුවට ‘උම්’ ප්රැත්ය‘යය වූ කලැ ‘පිරුම්’ යනු විනා ‘පුරුම්’ යන්නෙක් නො වේ. බුරුම් - දුලුම් ගුගුරුම් - පුපුරුම් යනාදියෙකුදු සිංහලයෙහි නො ලැබේ.

‘සුසුමෙන්’ යනු ‘සුස්මෙන්’ යැ යි වේ. එහි වනුයේ පූර්වව ස්වර ලෝපයෙක් හෝ පර ස්වර ලෝපයෙක් හෝ නො වේ, මධ්ය ස්වර ලෝපය යි.

‘අයුණු’ යන තන්හි ආදි ස්වර ලෝපයෙන් ‘යුණු’ යනු ද අගුණයට නමෙකි. ‘මෙ ඈ යුණු වරා’

යන තන්හි සිදත් සඟරා කාරයෝ මැ ‘යුණු’ සද යොදත්. ‘දුසිරි ද දොස් වරද - අයුණු යුණු සම වනුයේ’





168 සිදත් සඟරා විවරණය

යනුයෙන් රුවන් මල් කාර‍යෝ අගුණර්ථදයෙහි යුණු අයුණු යන දෙ සද මැ දක්වත්. එ හෙයින් ‘තියුණු’ යනු පර ස්වර ලෝපයට නිදර්ශ නයෙක් නො වෙයි.

‘අසි + පත්’ යනු ආදි ස්වර ලෝපයෙන් ‘සිපත්’ වෙයි. ‘අසි පත්’ යනු මෙන් මැ ‘සිපත්’ යනු ද කඩුවට නමෙකි. එ හෙයින් ‘වැටූසිපත’ යන තන්හි දු පර ස්වර ලෝපයෙක් නො පෙනේ.

‘ අනු + අරුත්’ යනු ‘අනුරුත්’ යැ යි ද ‘බුදු + අකුරු’ යනු බුදුකුරු’ යි ද ‘පිළි + උතුරු’ යනු ‘පිළිතුරු’ යි ද පර ස්වර ලෝපයෙන් වෙයි. ‘පඬු + ඇඹුල්’ යනු ‘පඬුපුල්’ වනුයේ ද පර ස්වරලෝප විධියෙනි. ‘පඬුඹුල්’ යනු සූච්චාර්ය නොවන හෙයින් ‘ඹු’ යන්නෙහි අර්ධානුනාසික ලෝපය වැ ‘පඬුබුල්’ යනු ද ‘ප’ ආදෙශයෙන් ‘පඬුපුල්’ යනු ද ලැබේ.

ටිප්පණි : 1. ඌලේසුම් - උල්පතෙහි උෂ්ණය. 2. සුස්මෙන් - ‘සු උස්මෙන්’ යනු සලකා ‘අධික උෂ්ණෂයෙනැ’ යි මෙයට අරුත් පවසති. ‘සුස්මෙන්’ යනු ව්ය වහාර වනුයේ ‘ශ්වාසයෙන්’ යන අර්ථුයෙහි යැ. 3. තියුණු - තුන් අගුණය. 4. වැටූසිපත - ලෙළවන ලද කඩු පත. ‘වැටූ’ යනු වට (කරකැවීමෙහි) ධාතුයෙන් වූ අතීත කෘදන්ත නාම යි.

මේ අර්ථ්යෙහි ‘වට’ ධාතු ‘බල’ ආදි පර: පද යි. වටා - වටති - වැටී - වැටූ.



                                               2.සන්ධ්යාශධිකාරය                          169





අර්ථ  : ‘පසැස්’ (යන) ආදිය ස්වර ලෝප නැතත් ස්වරය ගාත්ර යට (ව්ය ඤ්ජනයට) පැමිණැවූ හෙයින් ස්වර සන්ධි නමි.

විස්තර : ව්ය ඤ්ජනයකට ස්වරයක් ආරූඪ කිරීම සිදත් සඟරා කාර මතයෙන් ස්වර සන්ධි නමි. ‘පස් + ඇස්’ යන තන්හි ‘ස්’ යන ව්යලඤ්ජනය ද ‘අ’යන ස්වරය ද වෙන් වැ සිටී. ව්යඟඤ්ජනයට ස්වරය ආරූඪ වීමෙන් ‘සැ’ යනු වෙයි.

මෙහි සන්ධිය ‘ස්’ යන ව්ය ඤ්ජනය හා ‘ඇ’ යන ස්වරය හා එක් වීමෙන් වියැ. එ හෙයින් මෙයට ස්වර සන්ධි යන නාමය නො ගැළැපෙයි. කාර්යය සලකා ආරොහණ සන්ධි යන නාමය දෙන ලද නම් මැනැවී.

ස්වර සන්ධි යැ යි කියැ යුත්තේ ස්වර දෙකක් අතරෙහි වන සන්ධියට යැ. විදුරු + අවි - බුදු + අකුරු - මහ + ඉසුරු - පිරි + අත් - වැලි + අවුරු යනාදි තන්හි සන්ධියට අවකාශ කැරෙනුයේ ස්වරයන් අතරෙහි යැ. පළමු වැන්නෙහි පූර්වන ස්වර ලෝපයෙන් ‍ද දෙ වැන්නෙහි පර ස්වර ලෝපයෙන් ද තුන් වැන්නෙහි ස්වරාදෙශයෙන් ද සිවු වැන්නෙහි ‘ය’ ආගමයෙන් ද පස් වැන්නෙහි ස්වර ලෝප ද්විරූප යන දෙකින් ද සන්ධිය වෙයි. කාර්යය කුමක් වුව ද සන්ධිය ස්වරයන් අතරැ වන හෙයින් මෙ තන්හි ස්වර සන්ධිය වන සේ සැලැකීම ශාස්ත්රීයය වෙයි.



170 සිදත් සඟරා විවරණය

අත් + කම් යනාදි තන්හි සන්ධිය පැමිණෙනුයේ ව්යවඤ්ජනයන් අතරෙහි යැ. එ හෙයින් එ බඳු තන්හි වනුයේ ව්යිඤ්ජන සන්ධි යි.

පස් + ඇස් - දඬු + කම් - කබ + පිල් - ගඟ + රන් යනාදි තන්හි ස්වර ව්ය+ඤ්ජන දෙ පක්ෂය අතරෙහි සන්ධිය පැ‍මිණෙයි. එ හෙයින් එහි වනුයේ මිශ්ර සන්ධි යි.

ටිප්පණී : 1. පසැස් - පසක් ඇස් යමකු හට ද හේ පසැස්. බුදුනට නමෙකි. මසැස, පැනැස, දිවැස, බුදු ඇස, සමතැස යන මේ යැ බුදුන් ගේ පස් ඇස නම්.





අර්ථ.: මෙහෙසුරු - මොහොර - ලඹෝරා යන ආදිය අ - ඉ - උ යන අක්ෂරයන් ලෝප කොටැ එ - ඔ - ඕ යන අක්ෂරයන් ආදෙශ කළ හෙයින, ස්වරාදෙශසන්ධි නමි. විස්තර : ස්වර දෙකකට එක් ස්වරයක් ආදෙශ වීමෙන් ස්වරාදෙශ සන්ධි යි.

මහ + ඉසුරු = (අ + ඉ දෙකට ‘එ’ වැ) මහෙසුරු (ස්වර පර රූපය වැ) මෙහෙසුරු. මහ + උර = (අ + උ දෙකට ‘ඔ’ වැ) මහොර (ස්වර පර රූපය වැ) මොහොර. ලඹ + උදර = (පූර්ව ස්වර ලෝපයෙන්) ලඹුදර = (‘ව’ අදෙශයෙන්) ලඹුවර = (‘ව’ ලෝපයෙන්) ලඹු + අර = (උ + අ දෙකට ‘ඕ’ වැ) ලඹෝර


                                 1.සන්ධ්ය ධිකාරය                                       171

‘අ + ඉ’ දෙකට ‘එ’ වීම යැ ‘අ +උ’ දෙකට ‘ඔ’ වීම යැ ‘උ + අ’ දෙකට ‘ඕ’ වීම යැ යි තුනෙක් මෙහි දැක්විණ. ‘ඉ + අ’ දෙකට ‘ඒ’ වීම යැ ‘එ + අ’ දෙකට ‘ඈ’ වීම යැ යන දෙක නො දැක්විණ. මහත් අඩුවෙකි.

‘අ’ යනු කණ්ඨජ යැ. ‘ඉ’ යනු තාලුජ යැ. එ දෙකට කණ්ඨතාලුජ වූ ‘එ’ යනු ආදෙශ වීම යෙදෙයි. කණ්ඨජ වූ ‘අ’ යැ ඔෂ්ඨජ වූ ‘උ’ යැ යන දෙකට කණ්ඨෞෂ්ඨජ වූ ‘ඔ’ යනු ආදෙශ වීම ද එ සේ මැ යෙදෙයි. අ + ඉ - අ + උ යනු පිළිවෙළින් සිටි කලැ (හ්රීස්ව) එ - ඔ ආදෙශ වීම ද ඉ + අ - උ + අ යන පිළිවෙළින් සිටි කලැ (දීර්ඝ ) ඒ - ඕ ආදෙශ වීම ද සිංහල රීති යි.

‘ලඹ + උදර’ යැ යි සිටි තන්හි ‘අ + උ’ දෙකට ‘ඕ’ ආදෙශ වෙති යි ද ‘ද’ කාර ලෝපයෙන් ‘ලඹෝර’ යනු වෙති යි ද ව්යා ඛ්යාකන කාරයෝ කියති. ඇතැමෙක් ‘උදර’ ශබ්දය ‘උරා’ වන බවක් කියා තතු දන්නවුන් සෙවති. ‘මහ + උර’ යන නන්හි (හ්රීස්ව) ඔයන්නත් මේ තන්හි (දීර්ඝත) ‘ඕ’ යන්නත් ආදෙශ වීමට හේතුව මේ සූක්ෂ්ම දර්ශ්කයෝ නො දකිති, නො දක්වති.

‘ඉ + අ’ දෙකට ‘ඒ’ ආදෙශ වන තැනට මේ නිදසුනි :-

සියන = (‘ය’ ලෝපයෙන්) සි + අන = (‘ඒ’ ආදෙශයෙන්) සේන වියළ = ( ,, ) වි + අළ = ( ,, ) වේළ පිය = ( ,, ) පි + අ = ( ,, ) පේ (පේ කඩ)






172 සිදත් සඟරා විවරණය

‘එ + අ’ දෙකට ‘ඈ’ අදෙස් වන තැනට නිදසුන් මෙ සේ යැ:-

එ + අත = ඈත මෙ + අත = මෑත

කණ්ඨතාලුජ වූ ‘එ’ යන්න යැ කණ්ඨජ වූ ‘අ’ යන්න යැ යන අකුරු දෙකට ‘ඇ’ යන්න ආදෙශ වීමෙන් ‘ඇ’ කාරය කණ්ඨතාලුජ බව ද එහි කණ්ඨජත්වය තාලුජත්වයට වඩා අධික බව ද පෙනී යෙයි. සූක්ෂ්ම දර්ශජකයෝ මෙ බඳු දළ තන්හි ලා අන්ධ වැ ප්රිලාප බෙණෙති.






අර්ථජ : අත්වරු - සිත්වරු - මහණුවම් - දඬුවම් (යන) ආදිය පර වූ ‘ක’ කාරයනට ‘ව’ කාර ‘ය’ කාරයන් ද කප්පිල් - කැසුප්පොතු - ලප්නාරඟ - හෙප්තොට - සුත්බත් - බුත්සරණ (යන) ආදිය ‘ග’ කාර ‘බ’ කාරයන් ගේ ස්වරයන් ලොප් කොටැ ‘ප’ කාර ‘ත’ කාරයන් ද ආදෙශ කළ හෙයින් ගාත්රා්දෙශ සන්ධි නමි.

විස්තර : එක් ගාත්රාරක්ෂරයකට අන්යණ ගාත්රාකක්ෂරයක් මාරු වීමෙන් වනුයේ ගාත්රා:දෙශ සන්ධි යි.




                                      2. සන්ධ්යරධිකාරය

අත් + කරු = (‘ක’ හට ‘ව’ ආදෙශයෙන්) අත්වරු සිත් + කරු = ( ,, ) සිත්වරු මහණු+ කම් = ( ,, ) මහණුවම් දඬු + කම් = ( ,, ) දඬුවම් ගිනි + කම් = (‘ක’ හට ‘ය’ ආදෙශයෙන්) ගිනියම් කබ + පිල් = (ස්වර ලෝපයෙන්) කබ් + පිල් = (‘ප’ ආදෙශයෙන්) කප්පිල් කැසුබු+ පිල් = (ස්වර ලෝපයෙන්) කැසුබ් + පොතු = (‘ප’ආදෙශයෙන්)කැසුප්පොතු ලබු + නාරඟ = (ස්වර ලෝපයෙන්) ලබ් + නාරඟ = (‘ප’ ආදෙශයෙන්) ලප්නාරඟ හෙබ + තොට = (ස්වර ලෝපයෙන්) හෙබ් + තොට = (‘ප’ ආදෙශයෙන්) හෙප්තොට සුදු + බත් = (ස්වර ලෝපයෙන්) සුද් + බත් = (‘ත’ ආදෙශයෙන්) සුත්බත් බුදු + සරණ = (ස්වර ලෝපයෙන්) බුදු + සරණ = (‘ත’ ආදෙශයෙන්) බුත්සරණ

මෙහි ප්රතථම නිදර්ශනන පසින් සන්ධි වියැ යුතු තන්හි පර වූ ‘ක’ කාරයාට ‘ව’ කාර ‘ය’ කාරයන් ආදෙශ වන සේ දැක්විණ. එහි දු අත් + කරු - සිත් + කරු යන දෙ තන්හි ‘ක’ කාරයට ‘ව’ කාරාදෙශය හේතු රහිත යැ. මහණු + කම් - දඬු + කම් යන දෙ තන්හි ‘ක’ කාරය ‘උ’ කාරයෙන් පර යැ. ‘උ’ කාරය ඔෂ්ඨජයෙකි. එ හෙයින් උච්චාරණය පහසු වන පිණිසැ ‘ක’ කාරයට ඔෂ්ඨජ වූ ‘ව’ කාරය ආදෙශ කිරීම යුක්ති යුක්ත වෙයි. ‘ගිනි + කම්’ යන තන්හි තාලුජ වූ ‘ඉ’ කාරයෙන් පර වූ ‘ක’ කාරයට තාලුජ වූ ‘ය’ කාරය ආදෙශ කිරීම ද යෙදෙයි.



174 සිදත් සඟරා විවරණය

‘කප්පිල්’ ආදි නිදර්ශ න සයෙන් දැක්වූණේ අඝොෂාදෙශය යි. වර්තකමාන සිංහලයෙහි ඝොෂාක්ෂරයෝ යුගල නුවූ තන්හි හල් වැ නො සිටිත්. එ හෙයින් ස්වර ලෝපය වනු හා සමඟ මැ ඝොෂාක්ෂරයට ඒ වර්ගතයෙහි මැ වූ අඝොෂාක්ෂරය ‘ප’ යන්න යි. ‘ද’ යන්න වූ වර්ගයෙහි අඝොෂාක්ෂරය ‘ත’ යන්න යි. ‘ග’ යන්නට ‘ක’ යන්න ආදෙශ වන නිදර්ශ්නයෙක් මෙහි නො දැක්විණ. ලැගුම = ලැග්ම = ලැක්ම - අග + මුල් = අග් + මුල් = අක්මුල් - උගු + දුනු = උග් +දුනු උක්දුනු යනාදිය ‘ක’ ආදෙශයට නිදර්ශනන යි.

අත්වරු - සිත්වරු යන දෙ තන්හි ‍ගාත්රාගදෙශ සන්ධියක් දැක්වීම ශාස්ත්රාිනුකූල නො වේ. අත් + කරු සිත් + කරු යනු මැ අත්වරු - සිත්වරු යි වූ සේ ‍ගනුත් හොත් එකකු ගැන්මට අත්වරුවා - සිත්වරුවා යනු යෙදීම නිදොස් වෙයි. ‘මෙහෙකරුවා’ යනාදිය නිදොස් වන හෙයිනි. අත්වරු සිත්වරු යනාදිය ශිෂ්ට ප්ර‘යොග නම් ‘වරු’ යනු ‘ගුරුවරු’ යනාදි තන්හි මෙන් බහ්වර්ථයෙහි ප්ර ත්යරය යැ යි ගැනීම මැනැවැ යි හැ‍ඟේ. ‘ත’ යන්න දන්තජ වන බැවින් ඉන් පර වූ ‘ක’ යන්නට දන්තෞෂ්ඨජ වූ ‘ව’ යන්න වී යැ යන සූක්ෂ්ම දර්ශ්කයන් ගේ කථා අසාර යැ. ‘ව’ කාරය දන්තෞෂ්ඨජයෙක් නො වේ. දන්තජයෙකි. අන්තඃස්ථාවක් වූ ‘ව’ කාරය දන්තෞෂ්ඨජයෙක් වේ නම් ඒ සඳහා මැ ස්වර පක්ෂයෙහි සිටුනා ‘උ’ කාරය ද දන්තෞෂ්ඨජයක් මැ වියැ යුතු යැ.

‘මහණුවම්’ යන තන්හි ‘මහණු’ යනු ‘මහණ’ ශබ්දය සම්බන්ධාර්ථයෙහි දෙ වන විබත ගත් තැනි.






                                          2.සන්ධ්යූධිකාරය                                 175

‘මහණහු ගේ’ යනු අර්ථ යි. මෙ පමණකුත් සලකා ගත නොහැකි සූක්ෂ්ම දර්ශමකයෝ මෙහි පිලි පෙරැළියක් දකිති.

මෙහි නොසඳහන් වූ ව්යහඤ්ජනාදෙශ ද කිහිපයෙකි. යන්නෙහි ‘ක’ කාරයට ‘ය’ කාරාදෙශ වෙයි. දඩ + කම් = දඩයම් - පණ + කම් = පණයම්. සූක්ෂ්ම දර්ශකයෝ ‘දඩයම්’ යනුත් ‘දඬුවම්’ යන්නෙහි මැ විකෘතියක් කොටැ සලකති. එ හෙයින් ‘මහණු - දඬු’ යන දෙ තන්හි .......... ‘ක’ යන්නට ‘ව’ යන්න වියැ. එහි අන්තයෙහි ‘උ’ යන්න නොවීමෙන් මහණකම් දඩයම් කියා ද වේ. යනාදි උමතු බස් බෙණෙත්. ‘දඩයම්’ යන්නෙහි අර්ථය පවා නොදන්නා කලැ කවර වියරණ දැන්මෙක් ද?

(2) බළ - වෙළෙඳ යනාදියෙන් පර වූ ‘කම් යන්නෙහි ‘ක’ කාරයට ‘හ’ කාරදෙශ වේ. බළ + කම් = බළහම් - වෙළෙඳ + කම් = වෙළෙඳහම්.

(3) පර වූ ව්ය ඤ්ජනය ‍යම් වර්ගයකට අයත් ද ඒ වර්ගයෙහි අන්ත වූ අනුනාසිකාක්ෂරය පූර්වූ වූ අනුනාසිකාක්ෂරය ආදෙශ වෙයි. මේ වර්ගාන්තාදෙශ නමි. පර සවර්ණාදෙශ යනු දු යෙදෙයි.

(දඹු කඩ) දම් + කඩ = දංකඩ (අඹගමුව) අම් + ගමුව = අංගමුව යම් + තම් = යන්තම් (ගම් දොර) ගම් + දර = ගන්දර (ගඟ පළ) ගං + පළ = ගම්පළ රන් + බඩ = රම්බඩ (වඟු මුතු) වං + මුතු = වම්මුතු




176 සිදත් සඟරා විවරණය

ටිප්පණි : 1. කප්පිල් - මොනර පිලට නමි. 2. ලප්නාරඟ - ‘නස්නාරම්’ යනු ඇතැම් පෙදෙසෙකැ ව්ය වහාර වන නාමය යි. ඇතැම් පෙදෙසෙකැ ‘ඔඩු දෙහි’ යන නම යෙදයි. 3. බුත්සරණ - ‘බුදුන් ගේ සරණ’ යනු අර්ථද යි.





අර්ථ. : අත්තම් - වත්තම් - ගෙත්තම් - පන්නම් - විස්තම් (යන) ආදිය පර වූ ‘ක’ කාරයනට පූර්ව- රූප ලැබූ හෙයින් පූර්ව් රූප සන්ධි නමි.

විස්තර : ළං වැ සිටි ව්ය ඤ්ජන දෙකෙකින් පූර්වෙයෙහි රූප‍ය අපරයට ද වේ නම් ඒ පූර්වත රූප යි.

අත් + කම් = අත්තම් වත් + කම් = වත්තම් ගෙත් + කම් = ගෙත්තම් පන් + කම් = පන්නම් විස් + කම් = විස්සම්

‍ මේ නිදර්ශ නයෙන් පෙනී යනුයේ ‘කම්’ යන්නෙහි ‘ක’ කාරයට මැ පූර්වේ රූපය වන බවෙකි. එහෙත් ඒ එ සේ නො වේ.



                         2. සන්ධ්යොධිකාරය                                          177

ගොන් + හු = ගොන්නු (වදවා) වද + වා = වද්දා (වැනි + යැ) වැන් + යැ = වැන්නැ

යනාදි නිදර්ශ+නයෙන් ගෙන් එ බව ස්ඵුට වෙයි.

ටිප්පණී : 1. අත්තම් - හස්ත කර්මස. 2. වත්තම් - පොහොසත් කම්. 3. ගෙත්තම් - ගෙතීමේ කර්මඵ. 4. ‍පන්නම් - පර්ණරයෙන් (පත්ර=යෙන්) කැරෙන කර්ම . 5. විස්සම් - විශ්වකර්ම්.

ව්ය්ඤ්ජන විෂයයෙහි පර රූපය ද ස්වර විෂයයෙහි පූර්ව රූප පර රූප දෙක මැ ද නොදැක්වීම මෙහි මහත් අඩුවෙකි. ගාත්රා්දෙශ සන්ධි විධියෙහි මැ පර රූපය ද ඇතුළත් යැ යනු ඇතැමකු ගේ මතය යි. කප්පිල් - කැසුප්පොතු යනු ඔහු එයට නිදර්ශැන කෙරෙති. මේ දෙ තන්හි සමාන ව්යුඤ්ජන යුගලය පර රූපයෙන් නොපැමිණි බව ඉඳුරා දැනැ දැනැ මෙ බඳු මතයක් ගැන්ම නොතරම් යැ. තව ද පර රූප විධිය ගාත්රාදදෙශයෙහි හෙළමින් පූර්වො රූපය වෙන් කිරීමට හේතු නැති බව ද සැලැකියැ යුත්තේ යැ.

‘සැර + දෙ’ යන තන්හි ‘දෙ’ යන්නෙහි වූ ස්වරය (‘එ’ යන්න) ‘ර’ යන්නෙහි වූ ස්වරයේ (‘අ’ යන්නේ) රූපය ගැනීමෙන් ‘සැරද’ යනු වෙයි. මේ ස්වර පූර්වව රූප යි. ‘පිරි + සුදු’ යනු ‘පිරිසිදු’ වනුයේ ද මේ විධියෙනි. ‘මහෙසුරු’ යනු ‘මෙහෙසුරු’ යනුයේ ද ‘මහොර’ යනු ‘මොහොර’ වනුයේ ද ස්වර පර රූප විධියෙනි. මේ දෙ

                                                                                                                     12



178 සිදත් සඟරා විවරණය

විධියෙහි ලා ස්වරයන් ගේ පූර්ව පරත්වය සැලැකීමෙහි දී මධ්යරයෙහි වූ ව්යිඤ්ජනය නො ගැනේ. ‘සැර් + අ + ද් + එ’ යන තන්හි අ - එ යන ස්වර දෙක අතරැ ‘ද්’ යනු වෙයි. එහෙත් එය නො සලකා ‘අ’ යනු පූර්වන ස්වර යැ යි ද ‘එ’ යනු පර ස්වර යැ යි ද කියනු ලැබේ.





අර්ථ  : ගංරන් - වංමුතු - මුංබියලි - නෙළුම්මල් - අම්මල් - (යන) ආදිය ‘ග’ කාර ‘බ’ කාරයන් ලොප් ‍කොටැ මාත්රා වෘද්ධිය කළ හෙයින් ගාත්රාරක්ෂර ලෝප සන්ධි නමි.

විස්තර : ගාත්රාමක්ෂරයක් ලොප් කිරීමෙන් වනුයේ ගාත්රා‍ක්ෂර ලෝප සන්ධි යි. මෙහි වනාහි (1) ස්වර ලෝප යැ (2) අර්ධානුනාසික වෘද්ධි යැ (3) ගාත්රාහක්ෂර ලෝප යැ යි විධි තුනෙක් පෙනේ.

ගඟ + රන් = (ස්වර ලෝප අනුනාසිකාර්ධවෘද්ධි වැ) ගංග්රන් = (ව්ය්ඤ්ජන ලෝප වැ) ගංරන් වඟු + මුතු = (ස්වර ලෝප අනුනාසිකාර්ධ වෘද්ධි වැ) වංග්මුතු = ව්ය්ඤ්ජන ලෝප වැ ) වංමුතු මුඟු + බියලි = (ස්වර ලෝප අනුනාසිකාර්ධ වෑද්ධි වැ) මුංග්බියලි = (ව්යරඤ්ජන ලෝප වැ) මුංබියලි නෙළුඹු+ මල් = (ස්වර ලෝප අනුනාසිකාර්ධ වෘද්ධි වැ) නෙළුම්බ්මල් = (ව්යාඤ්ජන ලෝප වැ ) නොළුම්මල් අඹ + මල් = (ස්වර ලෝප අනුනාසිකාර්ධ වෘද්ධි වැ) අම්බ්මල් = (ව්ය්ඤ්ජන ලෝප වැ) අම්මල්


                                    2.සන්ධ්යැධිකාරය                                   179

මෙහි දැක්වුණේ එකස්ථානයෙහි වූ ව්ය ඤ්ජන තුනින් මධ්යයය ලොප් වන බව යි. ‘ගංග්රන්’ යන මෙහි එකස්ථානයෙහි වූ ව්ය ඤ්ජන තුනෙකි. 0 -ග් - ර් යන මේ තුනින් මධ්යඑය වූ ‘ග’ යන්න ලොප් වෙයි.

මේ ගාත්රාවක්ෂර ලෝපයෙහි එක් විධියෙකි. තව ද කිහිපයෙක් වේ.

(1) ප්ර්කෘති ප්රධත්ය.ය සම්බන්ධයෙහි එකස්ථානයෙහි වූ ව්යනඤ්ජන තුනින් තෘර්ත‍යය ලොප් වෙයි.

බඳ + වා = බන්ද්වා = (‘ව’ ලෝපයෙන්) බන්දා පුඹු +වා = පුම්බ්වා = ( ,, ) පුම්බා රඟ + වා = රංග්වා = ( ,, ) රංගා නඟ +වා = නංග්වා = ( ,, ) නංගා

මෙහි විකල්පයෙන් මධ්ය= ලෝපය ද වන හෙයින් ‘නංවා’ යන රූපය ද සාධු යි.

බැඳු + ම = බැන්ද්ම = (‘ද’ ලෝපයෙන්) බැන්ම = (පර රූපයෙන්) බැම්ම

ප්ර කෘති ප්රධත්යනය සම්බන්ධයෙහි වුව ද මෙහි ලොප් වනුයේ මධ්ය ය යි.

(2) පදාන්තයෙහි ව්ය්ඤ්ජන දෙකක් වූ කලැ අන්ත්යමය ලොප් වේ.

මඟ = (අන්ත්යය ස්වර ලෝපයෙන්) මංග් =

       (ව්යතඤ්ජන ලෝපයෙන්) මං 

ළිඳ = ( ,, ) ළින්ද් ‍= ( ,, ) ළිං ටැඹ = ( ,, ) ටැම්බ = ( ,, ) ටැම්




180 සිදත් සඟරා විවරණය

(3) සමාන ස්වර මධ්ය යෙහි ‘හ’ කාරය ලොප් වේ. ප + හර = ප අර (පාර) පැ + හැරැ = පැ ඇරැ (පෑරැ) මි + හිර = මී ඉරි (මීරි) මු + හුණු = මු උණු (මූණු) වෙ + හෙස = වෙ එස (වේස) ගො + හොරු =ගො ඔරු (ගෝරු)

(4) ‘ඉ’ කාරයෙන් පර වූ ‘ය’ කාරය ඇතැම් තන්හි ලොප් වේ. වි + යළ = විඅළ (වේළ) පි + ය = පිඅ ‍(පේ)

(5) ‘උ’ කාරයෙන් පර වූ ‘ව’ කාරය ඇතැම් තන්හි ලොප් වේ. මු + වර = මු අර (මෝර) තු + වර = තු අර (තෝර)

(6) අවසානයෙහි නුවු දෙව් - සිවු ශබ්දයන් ගේ ‘ව’ කාරය ඇතැම් තන්හි ලොප් වේ. (පූර්වා ස්වරය දීර්ඝෝ වෙයි.)

දෙව් + දුනු = දේදුනු (සිවු තිස්) සුවු + තිස් + සු + උ තිස් + (සවර්ණ් දීර්ඝ යෙන් සූතිස්. (‘සිවු’ යනු ‘සුවු’ යනුයේ ස්වර පර රූපයෙනි.)







                           2. සන්ධ්ය ධිකාරය                                            181

අර්ථ  : පිරියත් - මියුඟුණු - සිපියෙව් - දුවඟ - රුවාරූ - තුනුවහ - පුනරුත් - නිරොද (යන) ආදිය පූර්වි ස්වරය ලොප් නො කොටැ ‘ය’ කාර ‘ව’ කාර ‘ර’ කාරයන් ආගම කළ හෙයින් ආගම සන්ධි නම් වේ.

විස්තර : මෙහි ආගම යැ යි ගැනුණේ අමුතුයෙන් ව්යෙඤ්ජනයක් පැමිණීම යි.

‘පෙර සර නො ලොපා’ යනු සිනා පහළ කරවන කීමෙකි. ආගමයකට ලෝපයක් වුව මැනැවැ යි කවුරු කී හු ද?

සිංහලයෙහි ස්වරාගමයෙකුදු ඇති. එය නොදැක්වීම මහත් අඩුවෙකි.

පිරි + අත් = (‘ය’ ආගමයෙන්) පිරියත් මි + අඟුණු (‘ය’ ආගමයෙන්) මියඟුණු = (හ්රරස්වයෙන් ) = මියඟුණු (ස්වර පර රූපයෙන්) මියුඟුණු සිපි + එව් = (‘ය’ ආගමයෙන්) සිපියෙව් දූ + අඟ = (‘ව’ ආගමයෙන් ) දුවඟ = (හ්ර ස්වයෙන්) දුවඟ රූ + අරූ = (‘ව’ ආගමයෙන්) රූවරූ = (හ්ර ස්වයෙන් ) රුවරූ = (දීර්ඝසයෙන්) රුවාරූ තුනු + අඟ = (‘ව’ ආගමයෙන්) තුනුවඟ පුන + උත් = (‘ර’ ආගමයෙන්) පුනරුත් නි + ඔද = (‘ර’ ආගමයෙන්) නිරොද

මේ නිදර්ශ න‍යන් ගෙන් පෙනෙනුයේ ය - ව - ර යන අකුරු තුන ආගම වන බව යි.



182 සිදත් සඟරා විවරණය

‘ය’ ආගමය ‘ඉ’ වර්ණ යෙන් පර වැ වෙයි. ‘ඉ’ – ‘ය’ යන දෙක මැ තාලුජාක්ෂර වන බැවින් ඒ යෙදෙයි. ‘උ’ – ‘ව’ යන දෙක මැ ඔෂ්ඨජාක්ෂර වන බැවින් ‘උ’ වර්ණ යෙන් පර වැ ‘ව’ කාරාගමය ද හේතු සහිත යැ. ‘ර’ කාරාගමයට සිංහල හේතුවක් දැක්වියැ හැකි නො වේ. සංස්කෘතයෙහි ‘පුනරුක්ත’ ‘නිරොජස්’ යනාදි ‘ර’ කාර යුක්ත ප්රුකෘතීන් සිංහල ව්යාවහාරයට හැරුණු විටැ ද ‘ර’ කාරය ශෙෂ වන බව පෙනෙයි.

පාළියෙහි ‘ධුතඞ්ග’ යනු සිංහලයෙහි ‘දුහඟ’ යි සිටී. මෙහි ‘හ’ කාරයට ‘ව’ කාරාදෙශය වීමෙන් ‘දුවඟ’ යනු ලැබේ. එ හෙයින් ‘දුවඟ’ යනු ආගමයට නිදර්ශවන කරන ලද්දේ මුළායෙනි.

බාහ්යග සන්ධියෙහි ‘ය’ කාර - ‘ව’ කාරාගමය පූර්ව නිමිත්තයට අනුරූප වැ වතු දු අන්තඃ සන්ධියෙහි දී ඇතැම් තන්හි පූර්වු නිමිත්තයට ද ඇතැම් තන්හි පර නිමිත්තයට ද අනුරූප වැ වෙයි.

(1) ‘එ’ යන්න හෝ ‘ඒ’ යන්න හෝ මුල් කොටැ ඇති විභක්තියක් පර කල්හි ‘උ’ කාරයෙන් පර වැ ද ‘ය’ ආගමය වේ.

කරනු + ඒ = කරනුයේ කරනු + එන් = කරනුයෙන් කරනු + එහි = කරනුයෙහි

(2) ‘අ’ වර්ණයයෙන් පර වැ සාමාන්යනයෙන් ආගමය වනුයේ ‘ය’ යන්න යි. ගුණ + අ = ගුණය පා +අ = පය




                                           2.සන්ධ්යේධිකාරය                              183

(3) විබත් ගන්නා කලැ හ්ර ස්ව නොවන ‘අ’ කාරයෙන් පර වැ ‘ව’ ආගමය වෙයි.

සිවුපා + ආ + සිවුපාවා

(4) වාදනාර්ථ් ‘වා’ ශබ්දයෙන් පර වැ ‘ය’ ආගමය වෙයි. බෙරවා + ආ = බෙරවායා

(5) ‘ඇ’ වර්ණබයෙන් පර වැ බෙහෙවින් ‘ය’ ආගමය වේ. නැහැ + අ = නැහැය පෑ + අ = පැය වෑ + ආ = වෑයා පැත්තෑ+ ආ = පත්තෑයා

(6) ‘ඈ’ කාරයෙන් පර වැ ඇතැම් තන්හි ‘ව’ ආගමය වෙයි. කැබැල්ලෑ + ආ = කැබැල්ලෑවා ඉත්තෑ + ආ = ඉත්තෑවා

(7) ‘එ’ ‘ඔ’ වර්‍ නයන් කෙරෙන් වනුයේ ‘ය’ ආගමය යි. මෙහෙ + අ = මෙහෙය හේ + අ = හෙය පොහො + අ = පොහොය හෝ + අ = හොය

ටිප්පණි :