සිදත් සඟරා විවරණය-විවරණය iii
ටිප්පණි : 1. පිරියත් - පිරුණා වූ අත් (අන්තය) යමෙක්හි ද ඒ පිරියත්. පඨීන්තයට (කෙළවරට ) නමි.
184 සිදත් සඟරා විවරණය
2. මියුඟුණු - මිහියෙහි (මහීයෙහි - පෘථිවියෙහි) අඟුණු (අඞ්ගණය) මියුඟුණු යැ. මහ්ය ඞ්ගණයට හෙවත් බිම්තැන්නට නමි.
3. සිපියෙව් - සිල්පියකු (ශිල්ප දන්නකු ) මෙන්. 4. දුවඟ - ධූතාඞ්ග. කෙලෙස් ධූනනය කොටැ - කම්පිත කොටැ - හරින්නා වූ අඞ්ග තෙළෙසෙක් ධූතාඞ්ග නාමයෙන් ගැනේ. 5. රුවාරූ - රූප අරූප යන දෙක 6. තුනුවඟ - තුනු (සිහින්) වූ අඟ (ශරීරය) යමක ගේ ද හෝ තුනුවඟ. ස්ත්රිායට නමි. 7. පුනරුත් - පුන (නැවැතැ) උත් (කියන ලද්දේ) පුනරුත්. වරක් කී දැය මැ නැවැතැ කියැවුණ හොත් ඒ පුනරුක්තියෙකි. 8. නිරොද - ඔද (ඔජස) නිකුත් වූයේ යමකු කෙරෙන් ද හේ නිරොද. සාරය හෝ එඩිය හෝ නැත්තේ නිරොද යි.
අර්ථ : වැල්ලවුරු - හෙළිල්ලඹු - තඹ පල්ලෙන් - කුල්ලෙව් (යන) ආදිය පූර්වි ස්වරය ලොප් කොටැ ගාත්රෙයට (ව්යුඤ්ජනයට) ද්විරූප ඉපැදැවූ හෙයින් ද්වීරූප සන්ධි නමි.
ද්විතීය වූ සන්ධ්යිධිකාරය යි.
2. සන්ධ්යා ධිකාරය 185
විස්තර : ව්ය ඤ්ජනයක් ද්විරූප කිරීමෙන් ගැළැපෙනුයේ ද්විරූප සන්ධි යි. මෙ බඳු ද්විරූපයක් වනුයේ ‘ඉ’ හෝ ‘උ’ හෝ ලොප් වූ තැනෙකැ මැ යැ.
වැලි + අවුරු = (‘ඉ’ ලෝපයෙන්) වැල් + අවුරු = වැල්ලවුරු හෙළිලි + අඹු = (‘ඉ’ ලෝපයෙන් ) හෙළිල් + අඹු = හෙළිල්ලඹු තඹ පලු + එන් = ( ‘උ’ ලෝපයෙන්) තඹ පල් + එන් = තඹ පල්ලෙන් කුලු + එව් = (‘උ’ ලෝපයෙන්) කුල් + එව් = කුල්ලෙව්
මේ නිදර්ශ න සතර ‘ල’ යන්න මැ ද්විරූප වන බව දක්වයි. එහෙත් ක - ත - ද -න - ව - ස යන අකුරු දා ද්විරූප වෙයි.
කෙකි + අ = කෙක්ක වතු + එන් = වත්තෙන් වැදි + ආ = වැද්දා දුනු + අට = දුන්නට පොවු + ඕ = පොවුවෝ මැසි + එහි = මැස්සෙහි
ටිප්පණී : 1. වැල්ලවුරු - වැල්ලෙන් කළ ආවරණය (ප්රා කාරය) 2. හෙළිල්ලඹු - හෙළළු (සුදු) ස්ත්රීය. 3. තඹ පල්ලෙන් - තාම්ර පල්ලවයෙන් (තඹ වන් දළුයෙන්.) 4. කුල්ලෙව් - කුල්ලක් මෙන්.
සන්ධ්යීධිකාරය නිමියේ යැ.
186 සිදත් සඟරා විවරණය
3. ලිඞ්ගාධිකාරය
අර්ථ. : සංස්කෘත (ශබ්ද) ශාස්ත්රානනුසාරයෙන් ශබ්දයනට ලිඞ්ග භෙදය ඇතත් පුං ස්ත්රී ලිඞ්ග දෙක විනා (අන්යර) විශෙෂයෙක් ව්යාවහාරයෙහි නො පෙනේ.
විස්තර : සිංහලයෙහි දු ශබ්දයන් ගේ ලිඞ්ග භෙදය වනුයේ සංස්කෘත ශබ්ද ශාස්ත්ර:යට අනුවැ යැ. ඒ එ සේ වුව ද සංස්කෘතයෙහි මෙන් ලිඞ්ග තුනෙක් සිංහල ව්යවහාරයෙහි නො පෙනේ. පෙනෙනුයේ පුං ස්ත්රීෙ යන ලිඞ්ග දෙක පමණෙකි. මේ සිදත් සඟරා කාරයන් ගේ මතය යි. එහෙත් මේ මහත් අසත්යපයෙකි.
සිංහලයෙහි දු පුං ස්ත්රී නපුංසක යන ‘තුන්’ ලිඟුව මැ ව්ය්වහාරයෙහි පැහැදිලි වැ පෙනේ. ඒ සංස්කෘත ශබ්ද ශාස්ත්රා්නුසාරයෙන් ඇති වූවෙක් නො වේ. ස්වභාව ධර්මාඒනුසාරයෙන් ඇති වූවෙකි. ප්රාිණි වාචි ශබ්දයන් අතුරින් පුරුෂ වාචකයෝ පුල්ලිඞ්ග ද ස්ත්රීු වාචකයෝ ස්ත්රී ලිඞ්ග ද වෙති. අප්රානණ වාචි ශබ්දයෝ නපුංසක ලිංඞ්ගයෝ යැ. මේ සාමාන්යල සිංහල රීතිය යි.
කවීහු සංස්කෘත ශබ්ද ශාස්ත්රා නුසාරයෙනුදු ලිඞ්ග ව්යේවහාරය කෙරෙති. එහෙත් ඒ සාමාන්යස රීතිය නො වේ.
‘ පියයුරුහු සතොස් කෙරෙති’
3.ලිඞ්ගාධිකාරය 187
යනු තිසර සංන්දෙ ශ පාඨයෙකි. මෙහි ‘පියයුරු’ ශබ්දය පුල්ලිඞ්ග සේ යෙදිණ. ‘හු’ විබතට අවසර ලැබුණේ එ හෙයිනි. සිංහල රීතියට අනුවැ නම් යෙදියැ යුත්තේ - ‘පියයුරු සතොස් කෙරේ’
යනු යි.
ටිප්පණී : 1. අනුසෙරෙන් - අනුසර + එන් = (පූර්වි ස්වර ලෝපයෙන්) අනුසරෙන් = (ස්වර පර රූපයෙන්) අනුසෙරෙන්. 2. පැනේ - ‘පන’ ධාතුයෙන් වූ ආඛ්යාපත යි. ‘පෙනේ’ යන්නෙහි අර්ථ.යට ආසන්න වූ අර්ථූයක් දෙතුදු ‘පන’ ධාතු ‘පෙනේ’ යන්නෙන් අන්ය’ යි.
‘පන’ ධාතු ‘පිහිට’ ආදි අත්: පද යි: අකර්මරක යි. පැනේ - පැනෙති - පැනිණි - පැනුණු. ප්රතයොජ්ය් විෂයයෙහි පනවා - පනවති - පැනැවී - පැනැවූ යනාදිය වෙයි.
අර්ථි : සාධනය (පුරුෂ ලකුණ) යුක්ත වූ ප්රාාණීන් ප්ර කාශ කරනුයේ පුල්ලිඞ්ග වෙයි. යෝනි සහිත සත්ත්වයන් ප්රකකාශ කළා වූ ශබ්දය ස්ත්රී ලිඞ්ග නම් වේ.
විස්තර : ‘හදන්’ යනු පුරුෂ ව්යණඤ්ජනයට (පිරිමි ලකුණට) සිංහල නාම යි. එය ඇති ප්රාිණීන් හඟවන
188 සිදත් සඟරා විවරණය
ශබ්දය පුල්ලිඞ්ග වේ. යෝනිය ඇති ප්රා ණීන් හඟවන ශබ්දය ස්ත්රීයලිඞ්ග යැ. මේ ප්රාුණි වාචි ශබ්දයන් ගේ ලිඞ්ග භෙදය වන අයුරු යැ.
‘පවසනුයේ’ යැ යි වර්තිමාන රූපයෙන් පළමු කොටැ කියා ‘කියෙලු’ යැ යි අතීත රූපයෙන් පසු වැ කීම රමණීය නො වේ.
ටිප්පණී : 1. පවසනුයේ - ‘පවස’ (ප්රොකාශ කිරීමෙහි) ධාතු ‘බල’ ආදි පර: පද යි. පවසා - පවසති - පැවැසී - පැවැසූ.
පවස - පුවස යන ධාතු දෙක මැ එකාර්ථ යැ. ‘පුවස’ ධාතු ද ‘බල’ ආදි පර: පද යි. පුවසා - පුවසති - පියැසී - පියැසූ.
2. කියෙලු - ‘කියොල’ ධාතුයෙන් වූ අතීත කෘදන්ත නාම යි. ඇතැමෙක් ධාතු විභාග නො දැනැ ‘කියෙලු’ යනු සුපාඨය කොටැ ගනිති; ‘කියා ලු’ යන්නට සමාන සේ ද සලකත්.
‘කියොල’ (පැවැසීමෙහි) ධාතු ‘බල’ ආදි පර: පද යි. කියොලා - කියොලති - කියෙලී - කියෙලු.
අර්ථල : බඹ - සුර - අසුර - නර - නා ගුරුළු - පත්රිය (යන) ආදිය පුල්ලිඞ්ග යි.
විස්තර : ප්රා ණි වාචි පුල්ලිඞ්ග ශබ්දයනට මේ නිදර්ශටනය යි.
3.ලිඞ්ගාධිකාරය 189
ටිප්පණී : 1. නා - නාග. එණි හස්ති යන අර්ථි දෙක්හි මැ මේ ශබ්දය වැටේ. 2. පත්රිය - පත් (පක්ෂ - පියා) මැ රිය (රථය) වනුයේ යමකු හට ද හේ පත්රිය. පක්ෂියාට නමෙකි. උහු ගේ රථය නම් උහු ගේ මැ පියා පත් යැ. සංස්කෘතයෙහි ද ‘පත්ර රථ’ නාමය වෙයි.
ව්යාකඛ්යා න කාරයෝ මෙය ‘පත්’ යැ ‘රිය’ යැ යි ශබ්ද දෙකක් කොටෑ ගෙනැ ‘පදාති වාචි පත්’ යැ යි ද ‘රථ වාචි රිය’ යැ යි ද අරුත් පවසති. ‘පදාති’ නම් එයින් ගොස් යුද කරන භටයා යැ. ඒ අර්ථමයෙහි සිංහලයෙහි ලැබෙනුයේ ‘පද’ යන්න යි, ‘පත්’ යනු නො වේ. ‘ඇත් අස් රිය පද, යනු විනා ‘ඇත් අස් රිය පත්’ යන්නෙක් කොයින් ලැබේ ද? ‘පද’ යන්නෙහි අන්ත්යය ස්වර ලෝපයෙන් ‘පත්’ යනු සිදු වතුදු ශබ්ද ප්රයකෘතිය නම් ‘පද’ යනු මැ යැ.
අර්ථම : දෙව් දූ - නැයිනී - ගුරුළු මෙණෙවි - අඹු - සුහුල් (යන) ආදිය ස්ත්රී ලිඞ්ග යි. විස්තර : ප්රා ණි වාචි ස්ත්රීනලිඞ්ග ශබ්දයනට මේ නිදර්ශ න යි.
ඇතැම් ශබ්දයෙක් ප්රගකෘති වශයෙන් මැ ස්ත්රීරලිඞ්ග යැ. දූ - අඹු - සුහුල් යනාදිය නිදර්ශ්න යි. මේ ශබ්ද පුල්ලිඞ්ග ශබ්දයට ස්ත්රීද ප්ර ත්ය යය කිරීමෙන් නූපන්නේ යැ.
190 සිදත් සඟරා විවරණය
ඇතැම් ශබ්ද ස්ත්රී ලිඞ්ග වනුයේ පුල්ලිඞ්ග වූ හෝ වාව්යණලිඞ්ග වූ හෝ ශබ්දයට ස්ත්රීත ප්රලත්යේයය කිරීමෙනි. මෙණෙවි - යන්නී - නැයිනී - කළා - දුනු යනාදිය නිදර්ශතන යි. ඇතැම් ශබ්දයන් ගෙන් ස්ත්රීර අර්ථුය ප්රීකාශ වනුයේ ප්රණකෘති ශබ්දයට පර කොටැ ස්ත්රීගලිඞ්ග ශබ්දයක් යෙදීමෙනි. දෙව් දූ - ගුරුළු මෙණෙවි - දිවි දෙන - හස’ඟන යනාදිය නිදර්ශන යි.
මෙහි ‘නැයිනි’ යන රූපය දුෂ්ට යැ. ශිෂ්ට ව්යෙවහාරයෙහි ලැබෙනුයේ ‘නැයිනි’ යනු යි. ‘නය්’ ශබ්දයට ‘ඉනි’ ප්රුත්යනයය යෙදීමෙන් නිපන්නේ යැ. ක - ත - ප - ය ස යන අකුරින් අන්ත වන ශබ්ද ස්ත්රීි අර්ථැයෙහි ‘ඉනි’ පස ගනි. යකිනි, කෙකිනි - ඇතිනි - සැපිනි - නැයිනි - ඇසිනි (වෙළඹ) - මැසිනි (මත්ස්යත ධෙනුව) යනාදිය නිදර්ශඇන යි. ‘නැයිනි’ යැ යි ශබ්දය ‘ඊ’ කාරාන්ත වේ නම් එය ‘අ’ විබත ගත් කලැ ‘නැයින්න’ යනු සිදු නො වේ. ‘ඊ’ කාරය ලොප් නොවන හෙයිනි.
ඇතැම් සුක්ෂ්ම දර්ශධක කෙනෙක් ‘මන්වා’ සදින් ‘මෙණෙවි’ යන්නක් නිපදවති. ප්රා්තිහාර්යයෙකි. එහෙත් එ තරම් සූක්ෂ්ම දර්ශීක නොවන්නාහු ‘මණවු’ ශබ්දයෙන් ‘මෙණෙවි’ යනු නිපදින බව ද දීර්ඝායන්ත නොවන බව ද ඉඳුරා දනිති.
ටිප්පණී : 1. ගුරුළු මෙණෙවි - ‘මණවු’ (මාණවක) යනු තරුණයාට නමි. එ හෙයින් ‘ගුරුළු මෙණෙවි’ (ගරුඬ මාණවිකා) නම් ගුරුළු තරුණිය යි.
3.ලිඞ්ගාධිකාරය 191
2. සුහුල් - ස්වශ්රෑ . නැන්දණියෝ.
අර්ථ. : දිය - දල - ඇදුරු - මේ - අඹර - අවි - තුරු - රණ - හදන් - රෝ - රා - ගහ - මරු - දහන් - අඟ - ගුම් - සඳ - රස - රුවන් - පිරිකර - පිය - අබ - මුනි - පා - නිඳු - කට -වස් - මස් - කේ - සර -කර - බණ- මුළු - වත් - සක් - දිව් - මැසි - විසා - පස් - සස් - ගුණ - නඟුල් - සත් - සෝ - බා - ඇඹුල් (යන) ආදි පුල්ලිඞ්ග ශබ්දයන් ශබ්දාර්ථු දත්තාහු බොහෝ සෙයින් පැවැසු හු.
විස්තර : අප්රා ණ වාචි ශබ්දයන් අතුරින් පුල්ලිඞ්ග වන්නවුන් මෙ සේ දක්වති. සිංහල රීතියෙන් මේ සියල්ල නපුංසක ලිඞ්ග යි. සංස්කෘතයෙහි පුල්ලිඞ්ග ශබ්ද නපුංසකලිඞ්ග ශබ්ද යන දෙ කොටස මැ සිංහලයට බිඳී ආ කලැ පුල්ලිඞ්ග වන සේ සලකන ලද බව පෙනෙයි.
ටිප්පණී : 1. දිය - ජගත් (ලෝක) - ජය - ජය යන අර්ථපවලැ යෙදෙන කලැ පුල්ලිඞ්ග යැ යි ගත ද ‘ජ්යා ’ (දුනු දිය) යන අර්ථරයෙහි වැටෙන කලැ මෙය ස්ත්රීඞ ලිඞ්ග වියැ
192 සිදත් සඟරා විවරණය
යුතු. ‘ජ්යා ’ යනු ස්ත්රී වන හෙයිනි. සිංහල රීතියට අනුවැ නම් මෙ වරද නො නැඟෙයි. අප්රාාණ වාචි බැවින් ‘දිය’ යනු නපුංසක ලිඞ්ග යන හෙයිනි.
2. දල - පත්රා - ජල - ජ්වාල - වහ්නි (ගිනි) - අර්ධ - දාහ යන අරුත්හි යෙදේ. 3. ඇදුරු - අද්රි (පර්ව‘ත) යන අරුත්හි වැටේ. අප්රා ණ වාචී ශබ්ද ගන්නා තැන් වන හෙයින් අචාර්යා ර්ථ ය මෙහි නො සැලැකේ.
4. මේ - මෙඝ - මේහ (වැගිරීම) - මෙහන - (පුරුෂලිඞ්ග) - කර්මා න්ත - ඔදන (බත්) යන අරුත්හි යෙදෙයි. ‘මෙධා’ (ප්රරඥා) යනු ද ‘මේ’ ශබ්දයා ගේ එක් අර්ථනයෙකි. එහෙත් සිදත් රීතියෙන් එය ස්ත්රී ලිඞ්ග වියැ යුතු. ‘මෙධා’ යනු ස්ත්රීඝලිඞ්ග වන හෙයිනි.
5. අඹර - (අම්බර) ආකාශ - වස්ත්රත යන අරුත දෙයි.
6. අවි - ආයුධාර්ථර යි.
7. තුරු - වෘක්ෂ - තාර (තාරකා) - තූඨි - (ආතත විතතාදිය) - පක්ෂි - සන්තොෂ යන අරුත්හි වැටේ.
8. රණ - ‘යුද්ධ’ යනු අර්ථ( යි.
9. හදන් - ‘ලිඞ්ග’ යන ඇරුත්හි යෙදෙයි. ‘හදන්’ යනු මේහනයට (පුරුෂයා ගේ ලිඞ්ගයට ) මැ නම් වතුදු සංස්කෘතයෙහි ‘සාධන’ යනු මේහන - යෝනි යන දෙක මැ හඟවයි.
10. රෝ - රෝග - රෝෂ යන අරුත්හි වැටේ.
3.ලිඬ්ගාධිකාරය 193
11. රා - රති (කාමාශාව) - වර්ණම - රාහු යන අරුත්හි යෙදෙන කලැ මේ ගණයට ගැණෙයි. ‘සුරා’ යනු ද එක් අර්ථ යෙකි. එහෙත් ඒ අර්ථ යෙහි ‘රා’ සද සිදත් මතයෙන් ස්ත්රීයලිඞ්ග වියැ යුතු.
12. ගහ - ‘ග්ර හ’ යනු අර්ථු යි.
13. මරු - මාරුත - වාලුකා (වැලි) - කාන්තාර (නිරුදක දෙශ) යන අරුත් දෙයි.
14. දහන් - ධ්යාතන - දහන (ගිනි) අරුත්හි යෙදෙන ‘දහන්’ සද මෙහි ගැනේ. සංස්කෘතයෙහි ‘ධානී’ යනු ස්ත්රීනලිඞ්ග වන හෙයින් ‘රජදහන්’ (ජාජධානි) යනාදි තන්හි එන ‘දහන්’ සද නො ගැනේ.
15. අඟ - ‘අඞ්ග’ (අවයව) යනු අර්ථෙ යි.
16. ගුම් - ගුල්ම (ගොමු) යන අර්ථනවලැ යෙදේ.
17. සඳ - චන්ද්ර් - ඡන්දය (කැමැත්ත ඡන්දහස් (වෘත්ත ශාස්ත්රහය) - සන්දෙ හ (සැක) - සන්ධි යන අරුත් දෙන ‘සඳ’ සද මෙ තැනට යෙදෙයි. ‘සන්ධ්යා(’ යනු ස්ත්රීණලිඞ්ග වන හෙයින් ඒ අර්ථතයෙහි ‘සඳ’ යනු නොසලකන ලද බව පෙනෙයි.
18. රස - මධුරාදි ශෘඞ්ගාරාදි රස - පාරද (රස දිය) - ජල යන අරුත් දෙයි.
19. රුවන් - රත්න.
20. පිරිකර - පරිෂ්කාර.
21. පිය - පාද.
22. අබ - අහ්රප(වලා) - සර්ෂරප (සිදුහතු) යන අරුත්හි වැටේ. ඇතැමෙක් ‘පියබ’ යනු එක සදක් කොටැ 13
194 සිදත් සඟරා විවරණය
ගෙනැ ‘ප්ර ගල්හ’ යැ යි අරුත් පවසති. ඒ ගුණ සදක් වන බැවින් වාව්ය ලිඞ්ග වෙයි. මෙහි ගැනෙනුයේ එ බඳු ශබ්ද නො වේ.
23. මුනි - සිත.
24. පා - පාද - රශ්මි - ස්තම්භ - පාශ - පාත්ර - පාප - පාදප (වෘක්ෂ) - පාඨ - පයස් (ක්ෂීර හෝ ජල) යන අර්ථ යන්හි වැටේ.
25. නීඳු - නදීන්ද්රර (සමුද්රථ.)
26. කට - කණ්ඨ - කාෂ්ඨ (දර) - මුඛ යන අරුත් දෙයි.
27. වස් - කුල - වර්ෂඨ - වංශ (බට) යන අරුත් හඟවයි.
28. මස් - මාස - මාංස - ශ්මශ්රැම (රවුළු) යන අරුත්හි යෙදෙයි.
29. කේ - කෙශ - කේතක යන අරුත්හි වැටේ.
30. සර - ස්වර - නාද - වාර (ගමන) - සරස් (තඩාග) - සාරස (පද්ම) යන අරුත්හි යෙදේ.
31. කර - හස්ත - රශ්මි - ක්ෂාර (ලුණු) - ශුල්ක (අය බදු.)
32. බණ - ධර්ම - වචන - බාණ (හී.)
33. මුළු - සමූහ. සකලාථියෙහි දු ‘මුළු’ සද යෙදෙයි. ඒ වාච්යගලිඞ්ග වන බැවින් මෙහි නො ගැනේ.
34. වත් - වස්ත්ර් - වස්තු - වක්ත්රණ (මුහුණ) - ච්රවත (පැවැත්ම.)
35. සක් - චක්ර් - ශඞ්ඛ - චක්ෂුස් (ඇස්) - සේනා - ආඥා.
3.ලිඞ්ගාධිකාරය 195
36. දිව් - ද්වීප - දීප (පහන්) - ජීවිත. ජිහ්වාර්ථ යෙහි දු මේ යෙදෙයි. ‘ජිහ්වා’ යනු ස්ත්රීවලිඞ්ග වන හෙයින් ඒ අර්ථපයෙහි ‘දිව’ යනු දු ස්ත්රී9ලිඞ්ග යැ යි සිදත් සඟරා කාරයෝ සිතති.
37. මැසි - මඤ්ච (මැස්ස) - මර්ෂථ (කොප.) මක්ෂිකාර්ථ5යෙහි ‘මැසි’ යනු ප්රා.ණි වාචි වන හෙයින් නො ගැනේ.
38. විසා - විෂය (දෙශ - ගොවර.)
39. පස් - පාංශු - පාර්ශ්ව - පාශ.
40. සස් - ශස්යු - සත්ය .
41. ගුණ - (ශෞයීවීර්යාශදි) ධර්මය - සූත්ර).
42. නඟුල් - නඩ්ගල .
43. සත් - ශාස්ත්රග - ඡත්රධ - ශක්තු.
44. සෝ - ශ්රොතත්ර - ස්රොරතස් - ශොක.
45. බා - බාහු - භාග - භාග්යර.
46. ඇඹුල් - අම්ල - ආමලක (නෙල්ලි) - කම්බල - අම්බලම් (විශ්රාදම ශාලා.)
47. පියැසු - ‘පුවස’ (පැවැසීමෙහි) දයින් වූ අතීත ආඛ්යා ත යි.
‘පුවස’ ධාතු ‘බල’ ආදි පර: පද යි. පුවසා - පුවසති - පියැසී - පියැසූ. අයුහි ධාතු ස්වරයන් අනම්ය වැ, ‘පිවැසූ’ යැ යි සිටියැ යුතු තන්හි, ‘ඉ’ කාර පර හේතුයෙන් ‘ව’ හට ‘ය’ වී ‘පියැසු’ යනු නිපන.
196 සිදත් සඟරා විවරණය
අර්ථ : විදු - ලිය - වසා - පෙළ - නිසා - දෝ - ලද - පැන - පවස් - කිඩු - බිම් - මෙවුල් (යන) ආදි නාම ස්ත්රීයලිඞ්ග යැ යි දන්නේ යැ.
විස්තර : අප්රාෙණ වාචී ශබ්දයන් අතුරින් ස්ත්රී්ලිඞ්ග වූවනට නිදසුන් මෙ සේ දක්වති. සිංහල රීතියෙන් නම් මේ සියල්ල ද නපුංසකලිඞ්ග යැ. සංස්කෘතයෙහි විද්යා - විද්යුසත් - ලතා යනාදිය ස්ත්රී ලිඞ්ග වන හෙයින් සිංහලයෙහි විදු - ලිය යනාදිය ද ස්ත්රීිලිඞ්ග වෙති යි සලකති.
ටිප්පණී : 1. විදු - විද්යාය - විද්යුගත්. 2. ලිය - ලතා. කාන්තාථ්රලයෙහි ‘ලිය’ ශබ්දය ප්රාගණි වාචි යැ. 3. වසා - මේදස් (මස් තෙල්) - රොමරාජි (වසා රොද.) 4. පෙළ - පාළි - පීඩා - පඞ්ක්ති . 5. නිසා - රාත්රිය - හරිද්රාක (කසා.) 6. දෝ - ජ්යොරතිෂ්. 7. ලද - ලජ්ජා - ලබ්ධි. 8. පැන - ප්රජඥා ප්රාඥාර්ථායෙහි ‘පැණ’ යනු නො යෙදේ. ‘දැ න බස් අරුත් නොවිරුදු සරස සළකරන්
පැ න සහ සිහිය නොවැරැදි ලෙසට සළකරන්’
3.ලිඞ්ගාධිකාරය 197
‘ පැ න රත්නමා මිතුරිය සෙත් මඟ මඟන ව න රත්නමා හිමි වඳු සහ මහ සඟන’
යන තන්හි රහල් හිමියෝ ‘පැන’ සද මැ යෙදු හ.
9. පවස් - පිපාසා 10. කිඩු - ක්රී්ඩා 11. බිම් - භූමි . 12. මෙවුල් - මෙඛලා.
අර්ථ. : අර්ථම ක්රි යා ශබ්ද ද ගුණෙ ශබ්ද ද ස්ත්රීණ අර්ථ යෙහි වන කල්හිත් පුල්ලිඞ්ග ශබ්ද ද ස්ත්රිමයක ප්රකාශ කරන කල්හිත් බොහෝ සෙයින් ප්‍රත්ය යය ‘ඊ’ ආදිය යි.
විස්තර : සුර - නර - ගොන් යනාදි ඇතැම් නාමයෝ පුල්ලිඞ්ගයෝ යැ. අඹු -දු - නැඳි අාදි ඇතැම් නාමයෝ ස්ත්රී.ලිඞගයෝ යැ.සිදතෙහි නො කියැවුණ ද දිය - දල ආදි ඇතැම් නාමයෝ නපුංසකලිඞ්ගයෝ යැ. කළු - හෙළ - නැබුළු - තෙමනු - මවනු - තුසිනු - මුසිනු - තෙමු - මැවූ - තුටු - මුතු යනාදි සියලු නාමයෝ වාව්ය-ලිඞ්ගයෝ යැ. (‘වාව්ය ’ නම් කියැ යුත්ත යි. කියැ යුතු අර්ථ යට අනුකූල වූ ලිඞ්ගය යම් ශබ්දයකට වේ නම් ඒ වාව්යයලිඞ්ග යැ. ‘මහලු’ යනුවෙන් පුරුෂයකු කියැවෙන කලැ ඒ පුල්ලිඞ්ග යැ, ස්ත්රිුයක කියැවෙන කලැ ස්ත්රීිලිඞ්ග යැ, ස්ත්රි්යක කියැවෙන කලැ ස්ත්රීනලිඞ්ග යැ. අචෙතනයක් කියැවෙන කලැ නපුංසකලිඞ්ග යැ. මෙ සේ තුන් ලිඟුවට හැරෙන ශබ්දයෝ වාච්යයලිඞ්ගයෝ යැ.)
198 සිදත් සඟරා විවරණය
පුල්ලිඞ්ග නාමයෙනුදු වාච්ය ලිඞ්ග නාමයෙනුදු ස්ත්රීව අර්ථගය ප්රතකාශ කරන කල්හි බොහෝ සෙයින් ‘ඊ’ ආදි ප්රවත්ය යයන් යෙදෙන බව සිදත් සඟරා කාරයෝ කියති. සංස්කෘතය බලා ‘ඊ’ ප්රඅත්යයයයට මෙහි ප්රසධාන ස්ථානය දෙන ලද නමුදු සිංහලයෙහි ඉතා සැලැකියැ යුතු ස්ත්රිර ප්ර්ත්යයයය නම් අනම්යන ප්රිත්යායය යි. ස්ත්රී් අර්ථනය ප්රපකාශ කළ මනා තන්හි පුල්ලිඞ්ග නාමයෙහි හෝ ගුණ නාමයෙහි හෝ ස්වරයෝ අනම්යය වෙත් නම් ඒ අනම්යන ප්ර ත්ය යය යෙදුණේ නමැ.
පුල්ලිඞ්ග නාම එ මැ ස්ත්රීව ප්රදත්යතයය ගෙනැ කවුඩු - කැවිඩි රකුසු - රැකිසි කුකුළු - කිකිළි සොර - සෙර
ගුණ නාම ළු මැ ස්ත්රී ප්ර ත්යරයය ගෙනැ
කළු - කැළි කොට - කෙට කැකුළු - කැකිළි නැබුළු - නැබිළි
ක - ත - ප - ය - ස යන අකුරෙකින් අන්ත වන නාමයෝ ද ‘රජ’ ශබ්ද ද ස්ත්රීෙ අර්ථතය ප්රදකාශ කරන්නට ‘ඉනි’ ප්රනත්ය‘ය ගනිති.
කොක් - කෙකිනි ඇත් - ඇතිනි සප් - සැපිනි නය් - නැයිනි අස් - ඇසිනි රජ - රැජිනි
3.ලිඞ්ගාධිකාරය 199
සිදත් සඟරා කාරයෝ ‘නැයිනී’ යන්නක් ගෙනැ එහි ‘ඊ’ ප්ර ත්ය යය වෙති යි තතු නො දැනැ කියති. ඔවුන් රැ වැටුණු වළෙහි ව්යාධඛ්යා න කාරයෝ දාවල් වැටෙත්.
නු - උණු - අන්න කෘදන්තයන් කෙරෙන් ද ඇතැම් පුල්ලිඞ්ග නාම ගුණ නාම ආදිය කෙරෙන් ද ‘ඊ’ ප්රකත්ය්යය වෙයි.
තෙමනු - තෙමන්නී වැටුණු - වැටුණී කුමර - කුමරී කොමළ - කොමළී
අතීත කෘදන්තයන් කෙරෙන් පර වැ ‘ආ’ ප්රනත්යයය යෙදෙයි.
බැලු - බැලුවා බුමු - බුමුවා බිණු - බිණුවා පිහිටි - පිහිටියා රැකි - රැකියා - රැක්කා බටු - බටුවා කළ - කළා වැටුණු - වැටුණා
මොහු යැ සිංහලයෙහි යෙදෙන ස්ත්රී ප්රතත්යයයෝ.
අර්ථ : තෙමන්නී - මවන්නි - තුස්නී - මුස්නී (යන) ආදිය අර්ථාක්රිැයා ශබ්දයන් කෙරෙන් වූ ‘ඊ’ ප්ර ත්යමයය යි.
200 සිදත් සඟරා විවරණය
විස්තර : සිදත් සඟරා කාරයන් අරුත් කිරිය නමින් ගන්නේ කර්තෘි කාරක කර්ම කාරක කෘදන්ත යි. මෙහි නිදර්ශ න දැක්වූණේ කර්තෘි කාරක වර්ත මාන කෘදන්තයට පමණෙකි. කර්තෘන කාරක අතීත, කර්ම කාරක වර්ත මාන අතීත කෘදන්තයට නිදර්ශනන සලකා ගත යුතු වෙයි.
තෙමනු + ඊ = තෙමන්නී මවනු + ඊ = මවන්නී තුසිනු + ඊ = (තුසිනී) තුස්නී මුසිනු + ඊ = (මුසිනී) මුස්නී
තෙමෙන්නී - මැවෙන්නී - මිසෙන්නී යනාදිය කර්මැ කාරක වර්තයමාන කෘදන්ත නාම යි.
කර්තෘත කාරක පරස්මෛපද අතීත කෘදන්තයන් කෙරෙන් ‘ඉ’ පස නො යෙදෙයි. යෙදෙනුයේ ‘ආ’ පස යි.
කර්තෘද කාරක ආත්මනෙපද, කර්ම කාරක අතීත කාදන්ත නාමයන් කෙරෙන් ඊ - ආ යන දෙ පස මැ යෙදෙයි. තෙමුණි, තෙමුණා - මැවුණී, මැවුණා - මිසුණී, මිසුණා.
ටිප්පණී : 1. තෙමන්නී - ‘තෙම’ (තෙත් කිරීම් තුති කිරීම් අරුත්හි) ධාතුවට ‘නු’ ප්රුත්යතයය වීමෙන් ‘තෙමනු’ යනු වේ. ‘ඊ’ ප්රුත්යපයය වැ ‘තෙමනු + ඊ’ යැ යි සිටි කලැ, පූර්වත ස්වර ලෝප ද ද්විරූප ද වීමෙන් ‘තෙමන්නී’ යනු වෙයි.
‘තෙම’ ධාතු ‘බල’ ආදි පර: පද යි. තෙමා - තෙමනි - තෙමී - තෙමු.
3.ලිඞ්ගාධිකාරය 201
2. මවන්නී - මව + නු = මවනු. මවනු + ඊ = (පූර්ව් ස්වර ලෝප, ද්විරූප වැ) මවන්නී.
‘මව’ (නිර්මා ණයෙහි) ධාතු ‘බල’ ආදි පර: පද යි. මවා - මවති - මැවි - මැවූ.
3. තුස්නී - තුස් + නු, ‘බණ’ ආදි ‘රක්’ ආදි ‘බස්’ ආදි ගණවලැ ධාතුන් කෙරෙන් ‘නු’ පස වන කලැ මධ්ය්යෙහි ‘ඉ’ වෙයි. තුසිනු. තුසිනු + ඊ = (පූර්වා ස්වර ලෝපයෙන්) තුසිනී = (මධ්ය’ ස්වර ලෝපයෙන්) තුස්නී.
‘තුස්’ ධාතු ‘බස්’ ආදි පර: පද යි. තුසී - තුසිති - තිටි - තුටු.
මේ ධාතු ‘බණ’ ආදි පර: පද ද වේ. තුසී - තුසිති - තිසී - තිසූ, තුසු,
මුස්නී - මුස් + නු = මුස් + ඉ + නු = මුසිනු. මුසිනු + ඊ = මුසිනී = මුස්නි.
‘මුස්’ (මිදීමෙහි) ධාතු ‘බස්’ ආදි පර : පද යි. මුසී - මුසිති - මිති - මුතු.
අර්ථම : තෙමන්නෝ - මවන්නෝ යන ආදිය බහු වචනයෙහි දී ‘ඊ’ ප්රිත්ය යය ලොප් කොටැ ‘ඕ’ විභක්තිය පැමිණැවූ පරිදි යි.
විස්තර : ‘තෙමන්නී’ යනු එකවචනයෙහි මෙ සේ මැ යෙදුණ ද බහුවචන විභක්ති යෙදෙන කල්හි ‘ඊ’ ප්රචත්යමයය
202 සිදත් සඟරා විවරණය
ලොප් වෙයි. එ හෙයින් මේ නාමයන් ගේ පුල්ලිඞ්ග බහුවචන රූපයෝ ද ස්ත්රීෙලිඞ්ග බහුවචන රූපයෝ ද සමානයෝ යැ.
මෙයින් ඉතා සැලැකියැ යුතු සිංහල රීතියෙක් ප්රැකාශ වෙයි. එය නොදන්නාහු දැන් තෙමන්නියෝ - මවන්නියෝ යනාදි අපභ්රංවශ ලියා භාෂාව කිලුටු කෙරෙති. කෘදන්ත නාමයන් කෙරෙන් වන්නා වු ස්ත්රීල ප්‍රත්යෙයය බහුවචන විභක්ති යෙදෙන කල්හි නො සිටී.
ඇතැම් තන්හි තද්ධීත ප්රයත්යචයය ද මේ සේ පහ වන බව පෙනේ.
එකවචන බහුවචන ගම්හි වූයේ ගැමි - ගැමියා ගම්මු නුවරෙහි වූයේ නියැරි - නියැරියා නුවරෝ රටෙහි වූයේ රැටි - රැටියා රටෝ
ගැමියෝ - නියැරියෝ - රැටියෝ යනාදිය ද යෙදෙන බැවින් මෙ තන්හි ප්රේත්යනයාපගමය අනත්යැ බව පෙනේ. ප්ර්ත්යයය අස් වනු හා සමඟ මැ ප්රහත්යරය හේතුයෙන් වූ අනම්ය භාවය ද අස් වීම සැලැකියැ යුත්තේ යැ.
අර්ථි : හෙළිල්ලී - කොමළී - ගොරී (යන) ආදිය ගුණ ශබ්දයෙන් ‘ඊ’ ප්රයත්යලයය යි.
විස්තර : ගුණ ශබ්දයන් කෙරෙන් පර වැ ‘ඊ’ පස යෙදෙත හොත් ඒ අනියමිනි. බෙහෙවින් මැ යෙදෙනුයේ
3. ලිඞ්ගාධිකාරය 203
අනම්ය ප්ර ත්ය යය යි. මෙහි මැ දැක්වුණු ‘හෙළිල්ලී’ යනු භාෂායෙහි නොලැබෙන්නෙකි. ලැබෙනුයේ ‘හෙළිලි’ යනු යි. ‘හෙළලු’ යන ගුණ ශබ්දයෙහි ස්වරයන් අනම්ය වීමෙන් ‘හෙළිලි’ යනු ලැබේ. ‘හෙළිලි + අඹු’ යනු ‘හෙළිල්ලඹු’ යැ යි වූයේ එ තන්හි ‘ඊ’ ප්ර ත්යහයයක් නුවු හෙයිනි.
කොමළී - ගොරී යන දෙ තන්හි ‘ඊ’ ප්රිත්යපයය පෙනේ.
ටිප්පණී : 1. ගොරි - ‘ගෞර (සුදු) ස්ත්රීු ‘ යැ යනු අර්ථක යි. ගොර + ඊ = ගොරි.
අර්ථ. : නිළී - නැයිනී - පැටි - සැතිරී - කුමරී - යෙහෙළී - මැහැලී (යන) ආදිය ස්ත්රීව අර්ථීයෙහි වූ පුල්ලිඞ්ග ශබ්දයන් කෙරෙන් ‘ඊ’ ප්රයත්යීයය යි.
විස්තර : මෙයින් ‘ඊ’ ප්රශත්ය්යය පෙනෙනුයේ ‘කුමරී’ යන්නෙහි පමණෙකි. සෙසු තැන් නිළි - නැයිනි - පැටි - සැතිරි - යෙහෙළි - මැහැලි යන විසින් හ්ර ස්වාන්ත වියැ යුතු. ‘නැයිනි’ යන තන්හි ‘ඉනි’ ප්රනත්යමයය ද සෙසු තන්හි අනම්ය ප්රවත්ය-යය ද පෙනේ. ‘නළු’ යන්නට අනම්යය ප්රමත්යයය යෙදුණු කලැ වියැ යුත්තේ ‘නැළි’ යනු යි. එහෙත් මෙ තන්හි ‘අ’ කාරය අනම්යු නො වැ පර රූප ගනි. ‘යහළු’ යන තන්හි ‘අ’ කාරයට ‘එ’ කාර වැ ‘යෙහෙළි’ යනු ලැබේ. මෙහෙණ (මහණ) - මෙණෙවි (මණවූ) යන තන්හි දු මේ විශෙෂය පෙනේ.
204 සිදත් සඟරා විවරණය
‘මහලු’ යනු පුල්ලිඞ්ග ශබ්දයෙක් නො වේ, වාච්ය ලිඞ්ග ශබ්දයෙකි. ඒ තුන් ලිඟුයෙහි වරනැඟෙනුයේ මෙ සේ යැ : -
පුල්ලිඞ්ග එක වචන බහුවචන
1 විභක්ති - මහල්ලා මහල්ලෝ 2 ,, - මහල්ලා මහල්ලන් 4. ,, - මහල්ලාට මහල්ලනට 6. ,, - මහල්ල මහල්ලෙනි
ස්ත්රීභලිඞ්ග 1 ,, - මැහැල්ල මැහැල්ලෝ 2 ,, - මැහැල්ල මැහැල්ලන් 4 ,, - මැහැල්ලට මැහැල්ලනට 6 ,, - මැහැල්ල මැහැල්ලෙනි
නපුංසකලිඞ්ග එකවචන බහුවචන 1 විභක්ති - මහල්ල මහලු 2 ,, - මහල්ල මහලු 3 ,, - මහල්ලෙන් මහලුවලින් 4. ,, - මහල්ලට මහලුවලට 5 ,, - මහල්ලෙහි මහලුවලැ 6 ,, - මහල්ල මහලු
මෙ සේ තුන් ලිඟුවට වරනැඟෙන සේ ද පෙනී යද්දී ‘නො පැනේ වහරැ වෙසෙසෙක් - පුමි ‘තිරි ලිඟු දෙකවිනා’ යැ යි යු සේ නම් මැනැවි.
3.ලිඞ්ගාධිකාරය 205
පුම සද ඉතිරි අරුත් සද නළු නිළි නය් නැයිනි පැටි පැටි සතුරු සැතිරි කුමර කුමරී යහළු යෙහෙළි මහලු මැහැලි
ටිප්පණි : 1. නිළි - නාටිකා (නටන ස්ත්රීද.) 2. පැටි - මේ පුංස්ත්රී(ලිඞ්ග ද්වයයෙහි මැ සමාන යැ. අනම්ය ප්ර ත්යයයය වූ කලැ ද වෙනස් වීමට ස්වරයක් නැති හෙයිනි.
අර්ථන : (‘ඊ’ ඈ පස’ යන තන්හි ) ‘ඈ’ ශබ්දයෙන් කැළි - වැසි - මියුලැසි - කළා - දුනු (යන) ආදිය සිද්ධ යි.
විස්තර : ‘ඊ’ ඈ පස බුහුසු’ යැ යි පෙරැ කියන ලදි. එහි ‘ඈ’ ශබ්දයෙන් තවත් ප්‍රත්ය’යයන් ඇති බව හැඟැවිණ. කවර ප්ර ත්ය යයෝ ද? කැළි - වැසි යනුයෙන් එක් ප්රයත්ය යයෙක් දැක්වෙයි. ‘මියුලැසි’ යනුයෙන් හැඟැවෙනුයේ එක් ප්රසත්ය යයෙකි. ‘කළා’ යනුයෙන් දැක්වෙනුයේ තවත් ප්රැත්ය්යයෙකි. ‘කළා’ යනුයෙන් දැක්වෙනුයේ තවත් ප්රුත්ය යයෙකි. ‘දුනු’ යනුයෙන් අනෙක් ප්‍රත්යකයයක් හැඳින්වෙති යි සිදත් සඟරා කාරයෝ සිතති.
206 සිදත් සඟරා විවරණය
කැළි - වැසි - මියුලැසි යන තුන ‘ඉ’ ප්රෝත්ය.යය වීමෙන් සිදු බව ව්යා ඛ්යාසන කාරයෝ කියති. කළු - වසු - යන දෙක කැළි - වැසි යි වූයේ අනම්ය යෙනි. ‘මියුලැස්’ යනු ‘ඉ’ ප්රයත්යයය යොගයෙන් ‘මියුලැසි’ යැ යි වේ මැ යැ. ‘ඉ’ ප්රිත්ය යය නැති වැ ද (‘මියුලැස්’ යනුයෙන්) ස්ත්රීය අර්ථයය ප්රමකාශ වෙයි.
‘එ ගඟ වර මියුලැස්’
යනාදිය නිදර්ශින යි.
‘කළ’ යන කෘදන්ත නාමයට ‘ආ’ ප්ර ත්යදයය වීමෙන් ‘කළා’ යනු සිද්ධ යැ. සියලු අතීත කෘදන්ත නාමයන් කෙරෙන් මේ ‘ආ’ ප්ර ත්ය‘යය වෙයි. බැලුවා - බුමුවා - බිණුවා - පිහිටියා - රැකියා - බටුවා යනාදිය නිදර්ශ න යි.
‘දුනු’ යනු ‘දන’ ධාතුයෙන් පර වැ අයුහි ‘උ’ ප්රුත්යයයය වැ නිපන් ‘දුනු’ යන කෘදන්ත නාමයට ‘ඌ’ යන ස්ත්රීු ප්රහත්යපයය වීමෙන් නිපන් හ යි ව්යාදඛ්යාලන කාරයෝ කියති. ‘දන’ දිනීමෙහි ධාතුයෙන් වූ ‘දුනු’ යන කෘදන්ත නාමයෙන් භාෂායෙහි නො ලැබේ. ‘දන’ ධාතුව ‘බම’ ආදි උභය පද යි. (පර: පද) දනා - දනති - දිනී - දිනූ, දුනු. (අත් පද) දෙනේ - දෙනෙති. අතීත බහුවචන ආඛ්යාරත රූපය ද කෘදන්ත නාම රූපය ද සමාන යැ. එ හෙයින් කෘදන්ත නාම රූපය ද ‘දුනු’ යනු යැ. ඒ ‘ඌ’ යන ස්ත්රී ප්ර ත්යඅයයක් වීමෙන් නිපන්නේ නො වේ. ‘දුනු’ යන කෘදන්ත නාමය ස්ත්රී අර්ථනයෙහි යෙදුව මනා කල්හි ‘ආ’ ප්රුත්යයයය වැ ‘දුනුවා’ යනු වෙයි.
ස්ත්රීමලිඞ්ග නාම පදයක් එකවචන වුව ද එය උක්ත කරන අතීත ආඛ්යාීතය බහුවචන රූපයෙන් යෙදීම සිංහලයෙහි විශෙෂ රීතියෙකි.
3.ලිඞ්ගාධිකාරය 207
‘දැරූ දොළ දුක් ලකුණු දද දූ’ – ‘ බැමිණි ලිය සසො බා එ පුත් රුවන’ ග වැදු මහ බා’ – ‘පියැසූ බිසෝ මෙ වදන්’ – ‘පෙවු විල් කල්බඳ’ –
යනාදි මහා කවි ප්රබයොගයෝ ඒ බව ස්ඵුට කෙරෙති. මේ ස්ථානයන්හි බහු වචනාඛ්යාාතය යෙදීමට හේතු සංස්කෘත මාගධ ව්යාිකරණයන්හි නුදුටුවා වු සිදත් සඟරා කාරයෝ ‘ඌ’ යනු ස්ත්රීව ප්රකත්යයයයක් කොටැ ගෙනැ සිංහල ව්යා්කරණය පෙරැළූ හ.
ටිප්පණී : 1. කැළි - කළු ස්ත්රිුය, සූක්ෂ්ම දර්ශයකයෝ ‘කැලි’ යන්නක් ලියා ගෙනැ, ‘කලු’ යන්නට ‘ඉ’ ප්රයත්යයය වීමෙන් වෙති යි දෙසති. ‘කල්ලී’ යනු කාලවර්ණ ස්ත්රිළය ලු. සූක්ෂ්ම දර්ශඉකයන් ගේ දැකුම් මෙ බඳු යැ. 2. වැසි - සාමාන්ය් ව්යරවහාරයෙහි ලැබෙනුයේ ‘වැස්සී’ යනු යැ. 3. මියුලැසි - මියුලන් ගේ (මුව දෙනුන් ගේ) ඇස් වැනි ඇස් අත්තී මියුලැසි. ස්ත්රිහයට නමෙකි. 4. කළා - කළ තෙනැත්තී. 5. දුනු - උපන්නී යැ - දිනුවා යැ යන අරුත්හි යෙදේ.
208 සිදත් සඟරා විවරණය
අර්ථ : (‘ඊ’ ඈ පස බුහුසු ‘ යැ යි කී තන්හි ) ‘බුහුසු’ ශබ්දය කරණ කොටැ ගෙනැ ව්ය වහාරය උල්ලඞ්ඝනය නොකිරීම (නොඉක්මැවීම) අභිමත යි.
විස්තර : ‘ඊ’ ආදි ප්රමත්ය්යයන් බොහෝ සෙයින් වන බව කියන ලද්දේ යැ. එහි බොහෝ සෙයින් වෙති යි කී හෙයින් ව්යමවහාරය ඉක්මවා කවර ප්රැත්යඑයයක් වුව ද නො යෙදියැ යුතු බව දත යුත්තේ යැ.
(1) අර්‍ථක්රියයා ශබ්ද ස්ත්රීබ අථියෙහි යෙදීම යැ (2) ගුණ ශබ්ද ස්ත්රීර අර්ථායෙහි යෙදීම යැ. (3) පුල්ලිඞ්ග ශබ්ද ස්ත්රීී අර්ථදයෙහි යෙදීම යැ යි.
ස්ත්රීර ප්රඞත්ය්යයන් කිරීම තුන් කොටසකට බෙදා දක්වන ලද්දේ යැ. මේ තුන් තන්හි ‘ඊ’ ආදි ප්රඅත්යතයයන් යෙදෙන බව ද කියන ලද්දේ යැ. ‘ඊ’ ආදි ප්රහත්යඊයයන් යෙදෙන බව ද කියන ලද්දේ යැ. ඊ - ඉ - ආ ඌ යැයි ප්ර ත්ය ය සතරක් ද හඟවන ලද්දේ යැ. එක් එක් ප්රනත්ය.යය යෙදෙන තැන් වෙසෙසා නියම නොකරන ලද බැවින් ව්ය.වහාරය මැ ගුරු කොටැ ගත යුතු වෙයි. ‘බුහුසු’ යනු යොදන ලද්දේ එ බව හඟවන පිණිසැ යැ.
අර්ථබ : ත - ම - එ - මෙ (යන ශබ්ද) ද රමණී - දිගු සව් (සර්වය) - තුරුණු (තරුණ) - මුදු - ලොල් - හැළි (සුදු) ඇල් (යන) ආදි ගුණ ශබ්ද ද, ද්විලිඞ්ග සම යැ යි දන්නේ යැ.
3.ලිඞ්ගාධිකාරය 209
විස්තර : ත - ම - එ - මෙ යන ශබ්ද සර්ව නාම යි. රමණී - දිගු - සව් - තුරුණු යනාදිය ගුණ ශබ්ද යි. මේ සියල්ල දෙ ලිඟු සම යැ යි සිදත් සඟරා කාරයෝ කියති. ‘ත’ ශබ්දයා ගේ ස්ත්රී ලිඞ්ග ඒකවචන රූපයෝ වෙනස් වැ ද පෙනෙති. ති - තිට යනාදි විසිනි. එ - මෙ ශබ්දයෝ තුන් ලිඟුයෙහි වෙනස් වැ වරනැඟෙත්.
පූම ලිඟු
එකවචන බහුවචන 1. හේ - මේ ඔහු - මොහු 2. ඔහු - මොහු ඔවුන්, උන් - මොවුන්, මුන් 3. ඔහුට, උහුට - ඔවුනට, උනට - මොවුනට, මොහුට, මුහුට මුනට
ඉතිරි ලිඟු
එකවචන බහුවචන
1. හෝ - මෝ ඔහු - මොහු
2. ඇය - මැය ඔවුන්, උන් - මොවුන්, මුන්
3. ඇයට - මැයට ඔවුනට, උනට - මොවුනට, මුනට
නපුංසක
දෙ බස්හි
1. ඒ - මේ 2. එය - මෙය 3. එයින්, ඉන් - මෙයින්, මින් 4. එයට, ඊට - මෙයට, මීට 5. එහි, ඉහි - මෙහි, මිහි
14
210 සිදත් සඟරා විවරණය
අන්ය නාමයකට විශෙෂණ වැ යෙදෙන කලැ නම් ‘දිගු’ ආදි ගුණ නාමයෝ නොවෙනස් වැ යෙදෙති එහෙත් වරනැඟෙන කල්හි වෙනස පෙනෙන හෙයින් ගුණ නාමයන් දෙ ලිඟු සම යැ යි කියනු නො යෙදේ.
‘සව්’ යනු මෙහි ගුණ ශබ්දයක් සේ ගැනිණ. එහෙත් සංස්කෘතයෙහි ‘සර්වය’ යනු ද පාළියෙහි ‘සබ්බ’ යනු ද සර්වකනාම ගණයෙහි වැටේ. එහි වරනැඟීම වෙනස් වන හෙයින් ඒ යෙදෙයි. සිංහලයෙහි එ බඳු වෙනසක් නැති හෙයින් ගුණ ශබ්ද ගණයෙහි හෙළීම නිදොස් වෙයි.
අර්ථ : අර්ථමක්රිියා ශබ්ද ස්වකීය අර්ථ යට සමාන වූ ලිඞ්ගය භජනය කෙරෙයි. යනු - එනු - මැඟුම් (යන) ආදි භාවක්රි්යා ශබ්ද පුල්ලිඞ්ගාර්ථී වෙයි.
විස්තර : අර්ථෙක්රිනයා නාමයෝ වාව්යදලිඞ්ග වෙති. එ හෙයින් පුරුෂයන් හඟවන කලැ පුල්ලිඞ්ගයෝ යැ. යන්නේ - එන්නේ යනාදීන් මෙනි. ස්ත්රීහන් හඟවන කලැ ස්ත්රීඞලිඞ්ගයෝ යැ . යන්නී - එන්නී යනාදින් මෙනි. යන්න - එන්න යනාදීන් මෙන් අප්රාිණයන් හඟවන කලැ නපුංසකලිඞ්ගයෝ වෙති.
භාවක්රිායා ශබ්ද පුල්ලිඞ්ගාර්ථහ වෙයි යනු අසත්යතයෙකි. යන්න - එන්න - මැඟුම යනාදි විසින් නපුංසකලිඞ්ග වැ වරනැඟෙන හෙයිනි.
3.ලිඞ්ගාධිකාරය 211
ටිප්පණී :
1. බෙජේ - ආත්මනෙපද ආඛ්යා ත පද යි.
‘බජ’ (සේවනයෙහි) ධාතු ‘බම’ ආදි උභය පද යි. (පර:පද) බජා - බජති බිජි, බිජු, බුජු. (අත් : පද) බෙජේ - බෙජෙති.
අර්ථ : නිති - අනුබඳ (නිරන්තරයෙන්) - රිසිසේ (යන) ආදි ක්රි-යා විශෙෂණ ශබ්ද ද විස්සල් (ශීඝ්රු වැ හෝ නිරන්තරයෙන් හෝ ) - ඉරා (අධික) - යොර යොර (නැවැතැ නැවැතැ ) - පුන (නැවැතැ) - තුමුටු (වහා) - සිනි (සෙමෙන් ) - සහසා (ශීඝ්ර වැ) - සු (ශොභන) - ඉති (මෙ සේ - යැ යනාදි අරුත්හි ) - යළ (නැවැතැ) - සැර (බොහෝ කල් ) - රඹ (ආරම්භ) - ඉහි (සමඟ) - නිහිය (මඳ කොටැ) – (යන) ආදි නිපාත ශබ්ද ද අනු - උ - පිරි - ස - ප - නි - දු (යන) ආදි උපසර්ගි ද ලිඞ්ගමුක්ත වෙයි.
විස්තර : ක්රි-යා විශෙෂණ යැ නිපාත යැ උපසර්ග් යැ යන ත්රි(විධ ශබ්ද විශෙෂයන් අලිඞ්ග බව හෙවත් ලිඞ්ග භෙදයක් නොදක්වන බව මෙයින් කියන ලදි.
ක්රි යා විශෙෂණ නමින් ශබ්ද විශෙෂයක් දැක්වීම අභාග්ය යෙකි. ‘නිති’ යනු යම් පමණ ක්රිියා විශෙෂණ
212 සිදත් සඟරා විවරණය
වේ නම් විස්සල් - යොර යොර - පුන -තුමුටු යනාදිය ද එ පමණ මැ ක්රිියා විශෙෂණ වෙයි. එ හෙයින් එකක් ක්රිියා විශෙෂණ යැ යි ද අනෙක නිපාත යැ යි ද වෙසෙසීමට මඳ වූ ද යුක්තියෙක් නැත්තේ යැ. දෙ පක්ෂය මැ නිපාතත්වයෙන් සැලැකුණු කලැ වන හානියෙක් ද නො පෙනේ. එ පමණෙක් මැ නො වේ. සෙමෙන් - ඉක්මනින් - ඉක්මනට යනාදිය ද ක්රි යා විශෙෂණ වෙයි. එ හෙයින් මේ ශබ්ද ද ලිඞ්ගමුක්ත වියැ යුතු වෙයි.
‘රිසි සේ’ යන තන්හි පද දෙකෙකි. ‘රිසි’ යනු එකෙකි. ‘සේ’ යනු එකෙකි. මේ දෙක අතර හැරැ ලියා ක්රිියා විශෙෂණ ශබ්දයෙකැ යි කීම ශාස්ත්රියට ගිනි ලීමෙකි. පද්යරයෙකැ එළි සමය ආදිය පිණිසැ ’සේ රිසි’ යැ යි කීම ද නිදොසි. ‘සේ තමා රිසි’ යි කිව ද ව්යා කරණය නො කිපෙයි, අර්ථ ය අවුල් නො වෙයි. එ බඳු තැනෙකැ දී කුමක් ක්රියයා විශෙෂණ ශබ්දය කොටැ ගනිමු ද? ‘රිසි සේ’ යනු එක් ශබ්දයෙක් නම් ඒ ‘සේ වූ රිසි’ යැ යි විකල කළ නොහැකි වෙයි. වණ පෙරැළියෙන් එ සේ වූ බවක් කියත් හොත්. ‘සේ තමා රිසි’ යන තන්හි අතරට වැටුණු ‘තමා’ යනු එයට අවසර නැති කෙරෙයි. ශබ්දයක් පමණක් නො වැ, ශබ්ද කිහිපයෙකින් වු ඛණ්ඩ වාක්යියෙක් ද ක්රියයා විශෙෂණ වැ යෙදෙයි. වාක්යවයකට වුව ද ක්රිෙයා විශෙෂණත්වය ලැබීමට බාධා නැති. ක්රිවයා විශෙෂණ වූ පමණින් මැ ‘රිසි සේ’ යන්නෙහි එකශබ්දත්වයෙක් වේ නම්, ඛණ්ඩ වාක්ය යෙහි ද එකශබ්දත්වය ලැබේ මැ යැ.
අවිය සද ලිඟු මුත් බව කියා නැවැත්තාහු නම් මෙ තරම් අවුලකට මඟ නො පෑදේ.
3.ලිඞ්ගාධිකාරය 213
අර්ථ : ‘සුවසේ’ (යන) ආදිය ගුණයෙන් ක්රි යාව විශෙෂණය කරන හෙයින් ක්රි යා විශෙෂණ ශබ්ද නමි.
විස්තර :- ක්රි‘යා විශෙෂණ ශබ්ද යැ යි අමුතු ශබ්ද විශෙෂයක් ගත් හෙයින් එය හැඳින්වීම ද අවශ්යි වී යැ. එහෙත් මෙ තන්හි ගැනුණු ‘සුව සේ’ යනු ද එක් ශබ්දයෙක් නො වේ. පද දෙකෙකි. ‘සුව’ යනු එකෙකි, ‘සේ’ යනු අනෙක යි.
ටිප්පණි : 1 වෙසෙසන - වර්තෙමාන කෘදන්ත නාම යි.
මෙහි ‘වෙසෙස’ ධාතු ‘බල’ ආදි පර: පද යි. වෙසෙසා - වෙසෙසති - වෙසෙසි - වෙසෙසූ.
අර්ථ : හිගුම් - නිකුත් - ව - වැනි - වනාහි - කලි - නම් - විනා - වෙන - පු - හු - ල -ලු - ද - මැ - න - කි - කිම් - හොත - යම්සේ - එසේ - මෙසේ - සහ - අද - එදා (යන) ආදිය නිපාත ශබ්ද නමි.
214 සිදත් සඟරා විවරණය
විස්තර : හිගුම් - නිකුත් යනාදිය නිපාත ශබ්ද යි. නිපාත ද මූල නිපාත යැ නිෂ්පන්න නිපාත යැ යි දෙ වගෙකි. ප්රදකෘති වශයෙන් මැ නිපාත වූයේ මුල නිපාත යි. නිෂ්පන්න නිපාත නම් ප්රදකෘති ප්රයත්‍යය දක්වා නිපැදැවියැ හැක්කේ යැ. ඉන් මෙහි ගැනුණේ මූල නිපාත යැ යි කියැ යුතු වුව ද යම් සේ - එ සේ - මෙ සේ - එ දා යන නිදසුනෙන් එ සේ කීමට බාධා පැමිණේ. ‘යම් සේ’ යනාදිය කිසි සේත් නිපාත නොවන හෙයිනි.
ව්යායඛ්යාසන කාරයන් පවසන සේ නම් මේ නිපාතයන් ගේ අර්ථ මෙ සේ යැ.
හිගුම් - ශීඝ්රානර්ථ නිකුත් - නිෂ්ක්රාන්තාර්ථ ව - අස්මදර්ථ (‘මම’ යැ යන අරුත) වැනි - සමානාර්ථ වනාහි - පද පූරණාදියෙහි කලි - පද පූරණාදියෙහි නම් - පරිකල්පකොපාද්ය ර්ථයෙහි විනා - වර්ජනයෙහි වෙන - අන්යායර්ථයෙහි පූ - පද පුරණාදියෙහි හු - පද පුරණාදියෙහි ල - ශ්රපති සූචනයෙහි (ඇසූ දෑ කීමෙහි) ලු - ශ්රැුති සූචනයෙහි ද - සමුච්චයයෙහි මැ - අවධාරණයෙහි න - නිෂෙධයෙහි කි - ප්රහශ්නයෙහි කිම් - ප්රහශ්නයෙහි හොත - අනියමාර්ථයෙහි යම්සේ - ‘යම් ලෙසෙකින් ‘ යන අර්ථයෙහි
3. ලිඞ්ගාධිකාරය 215
එසේ - ‘එ ලෙසින්’ යන අර්ථයෙහි මෙසේ - ‘මෙ ලෙසින්’ යන අර්ථයෙහි සහ - සහිතාර්ථයෙහි අද - ’මේ කාලයෙහි’ යන අර්ථයෙහි එදා - ‘ඒ කාලයෙහි’ යන අර්ථයෙහි
‘හිගුම්’ යන නිපාතය යෙදුණු තැනක් ඇපි නුදුටුමහ. ‘හිගු’ යනු නම් ශිඝ්රාගර්ථයෙහි යෙදුණු තැන් පෙනෙයි. ව්යාුඛ්යාසන කාරයෝ නිකම් මැ අරුත් පවසති, භාෂායෙහි ඇති නැති බවක් සොයන්නට නො වෙහෙසෙත්.
‘නිකුත්’ යනු ‘නිකුම්’ ධාතුයෙන් වූ අතීත බහුවචන ආඛ්යා ත පදය ද අන්ත්යක ස්වර ලෝපයෙන් ‘නිකුත්’ යැ යි සිටී. ‘නිකුම්’ ධාතුව ‘බස්’ ආදි අත්ඥ පද යැ. නික්මේ නික්මෙති - නික්මිණි, නික්මි, නිනිති - නික්මුණු, නික්මි, නිකුතු ඈ විසින් වරනැඟීම වෙයි. පද සිද්ධිය නොදත් හෙයින් ‘නිකුත්’ යනු දු නිපාතයක් සේ ගන්නා ලද බව පෙනෙයි.
අස්මදර්ථයෙහි (‘මම’ යන අරුත්හි) ‘අව’ යන්නෙක් දම්පියා අටුවා ගැට පද ආදියෙහි පෙනේ. එ ද නිපාත ශබ්දයෙක් නො වේ.
‘වැනි’ යනු සාමානාර්ථප ගුණ නාමයෙකි. වැන්නේ - වැන්නී - වැන්න යනාදි විසින් තුන් ලිඟුයෙහි වරනැඟේ. නිපාත ශබ්දයෙකැ යි කීමට හේතු නො පෙනේ.
වනාහි - කලි - නම් යන තුන මැ උපන්යානසයෙහි නිපාත යි.
වනාහි කොටියා වූ කලි මස් බුදින්නෙකි. නම්
216 සිදත් සඟරා විවරණය
‘නම් යනු අනියමයෙහි දු යෙදේ. රජ රට රකී නම්, අපට කවර බරෙක් ද?
‘විනා’ යනු සකු මගද දෙ බස්හි ද ලැබෙන්නා වූ නිපාතයෙකි.
‘වෙන’ යනු අන්යාගර්ථදයෙහි ගුණ නාමයෙකි. ‘වෙන වෙන’ යන තන්හි නම් නිපාතාර්ථ යෙක් ද ලැබෙයි.
‘පු’ යනු නිපාතයෙක් නො වේ, ‘පිය’ ධාතුයෙන් සිදු අතීත කෘදන්ත නාම යි. බලා පූ - නසා පූ යනාදි තන්හි ඒ පෙනෙයි.
‘හු’ යනු අර්ථායවසානයෙහි නිපාත යි. අතීත බහුවචන ආඛ්යා තයෙකින් පර වැ යෙදේ. මැරූ හු - බැලූ හු යනාදි තන්හි මෙනි.
‘ද’ යනු ප්ර ශ්නයෙහි දු යෙදෙයි.
සිංහලයෙහි ‘න’ නිපාතයෙක් නො ලැබේ. ලැබෙනුයේ ‘නො’ නිපාතය යි.
‘කි’ යනු ’කො’ යන සර්වඒ නාමයට ඇතැම් තන්හි වන ආදෙශයෙකි, නිපාතයෙක් නො වේ. කො සේ = කිසේ
යම් සේ - එ සේ - මෙ සේ යනාදිය නිපාත වේ නම්, ගොනකු සේ’ - දෙනක සේ - ගසක් සේ යනාදිය ද නිපාත වියැ යුතු.
සිංහලයෙහි ‘අද’ යනු නාමයෙකි. අද - අදින් - අදට යනාදි විසින් ඒ වරනැඟෙයි.
3.ලිඞ්ගාධිකාරය 217
‘එ දා’ යනු නිපාතයෙක් වේ නම්. කවර දා - ගිය දා - ආ දා - උපන් දා - මළ දා යනාදිය ද නිපාත වෙයි. ‘දහ’ යනු දිවසාර්ථග නාමයෙකි. ‘හ’ ලෝප සවර්ණ දීර්ඝය යන දෙකින් ‘දා’ යනු ලැබේ. දහ = ද + අ = දා.
218 සිදත් සඟරා විවරණය
අර්ථ : ‘පගා’ (ප්රඟග්රලහ - Reins) ආදියෙහි ‘ප’ යනු යැ, ‘පැරැදෑ’ ආදියෙහි ‘පර’ යනු යැ, ‘අවසේ’ (අවශ්යාබය - පිනි) ආදියෙහි ‘අව’ යනු යැ, ‘සබඳ’ (සම්බන්ධ) ආදියෙහි ‘ස’ යනු යැ, ‘අනුදැනැ’ (අනුඥා කොටැ) ආදියෙහි ‘අනු’ යනු යැ. ‘නිරොද’ ‘නිරසක්’ (නිරාශඞ්ග) ආදියෙහි ‘නි’ යනු යැ. ‘විලස්’ (විලාස) ආදියෙහි ‘චී’ යනු යැ, ‘අදර’ (ආදර හෝ ආධාර) ආදියෙහි ‘අ’ යනු යැ. ‘අදියර’ (අධිකාර) ආදියෙහි ‘අදි’ යනු යැ, ‘සුබැසි’ (සුභාෂිත) ආදියෙහි ‘සු’ යනු යැ, ‘උලැඟි’ (උල්ලඞ්ඝිත - උඩට නැඟුණු) ආදියෙහි ‘උ’ යනු යැ, ‘අබියෙස්’ (අහ්යා්ස -ආසන්න) ආදියෙහි ‘පිරි’ යනු යැ, ‘උපේ’ (උපෙක්ෂා) ‘උවසර’ (උපවාර) ආදියෙහි ‘උප’ යනු යැ, ‘අපදන්’ (අපාදාන = පහ වීම) ‘පහ වැ’ ආදියෙහි ‘අප’ යනු යැ, ‘පසක්’ (ප්ර ත්ය ක්ෂ) ‘රුකක් පාසා’ ආදියෙහි ‘පස්’ යනු යැ, ‘පිළිලබ’ (ප්ර තිලාභ) ආදියෙහි ‘පිළි’ යනු යැ, ‘ඉතිරි’ ‘ඉබොහෝ’ (අතිබහුල) ‘ඉකුත්’ (අතික්රා න්ත) ආදියෙහි ‘අති’ යනු යැ, ‘පිහිකුළු’ (ප්ර තිච්ඡන්න = වැසුණු) ආදියෙහි ‘පි’ යනු යැ යන මේ විස්ස උපසර්ගී නම් වෙයි.
තුන් වැනි ලිඞ්ගාධිකාරය යි
විස්තර ‘ප’ ආදි විස්ස උපසර්ගප නම් වේ ල.
සංස්කෘත ව්යා‘කරණය විසි උපසග දක්වතු දූ සිංහලයෙහි මේ සියල්ල උපසග සේ යෙදෙති යි නො කියැ හැකි යැ. උපසර්ගයයක් යෙදෙනුයේ ධාතුවකට පූර්වය වැ යැ. එ හෙයින් උපසර්ගලය වෙන් කළ කල්හි ධාතුව ශෙෂ වෙයි. අවසේ - නිරොද - විල්ස් - අදර - සුබැසි - අබියෙස් - පිරිබුන් - උපේ - අපදන් - පහ - පසක් - ඉතිරි - ඉබොහෝ - ඉකුත් - පිහිකුළු යනාදි තන්හි උපසර්ග වෙන්
3.ලිඞ්ගාධිකාරය 219
කොටැ කවර කවර ධාතූන් දක්වමු ද? සගන් - නිගන් - උගන් - පිළිගන් යනාදි තන්හි උපසර්ග්යන් ද ධාතූන් ද වෙන් කොටැ දැක්විය හැකි වුව ද, සංස්කෘතයෙහි මෙන් ධාතුපසර්ගනයන් බෙදැ දැක්වීම සිංහලයෙහි සුකර නො වෙයි.
ටිප්පණී : 1. පැරැදැ - මෙහි ‘පරද’ යනු මැ ධාතු යි. ඒ ‘රක්’ ආදි උභය පද යි. (පර: පද) පරදිති - පැරැදි - පැරැදි. (අත්:පද) පැරැදේ - පැරැදෙති - පැරැදිණි - පැරැදුණු.
2. උලැඟි - ‘උ’ පූර්වැ ‘ලඟ’ (නැඟීමෙහි) ධාතු ‘බල’ ආදි පර: පද යි. සක. උලඟා - උලඟති - උලැඟී - උලැඟු. ‘රක්’ ආදි උභය පද ද වෙයි. අක. (පර: පද) උලඟී - උලඟිති - උලැඟි - උලැඟි. (අත්: පද) උලැඟේ - උලැඟෙති - උලැඟිණි - උලැඟුණු.
3. පිරිබුන් - ‘පිරි’ පූර්වි ‘බුදු’ (බිදිමෙහි = පරිභොග කිරීමෙහි) ධාතු ‘බස්’ ආදි පර : පද යි. පිරිබුදී - පිරිබුදිති - පිරිබිනි - පිරිබුනු. ‘පිරිබුනු’ යනු අන්ත්ය් ස්වර ලෝපයෙන් ‘පිරිබුන්’ යැ යි වේ.
3. පහ වැ - ‘අපහ වැ’ යැ යි සිටියැ යුතු තන්හි ‘අ’ ලෝපය වී දෝ?
5. පාසා - ‘පස්’ යන උපසර්ග යට වූ දෑ නො පෙනේ.
6. ඉතිරි - ‘උතුරු’ ධාතු මෙහි ‘බස්’ ආදි අත්: පද යි. ඉතිරේ - ඉතිරෙති - ඉතිරිණි, ඉතිරි, ඉතිළි - ඉතුරුණු, ඉතිරි, උතුළු.
220 සිදත් සඟරා විවරණය
7. ඉකුත් - ‘ඉකුම්’ ධාතු ‘බස්’ ආදි අත්: පද යි. ඉක්මේ - ඉක්මෙති - ඉක්මිණි, ඉක්මි, ඉකිති - ඉක්මුණු, ඉක්මි, ඉකුතු,
ලිඞ්ගාධිකාරය නිමියේ යැ. ______
4. විභක්ත්යයධිකාරය
අර්ථ : ස්වරාන්ත හලන්ත භෙදයෙන් ශබ්දයෝ ද්වීවිධයෝ යැ. ඒ දෙක සකල විභක්තියෙහි බොහෝ සෙයින් ස්වකිය රූපය නො හරී.
විස්තර : ස්වරාන්ත (ස්වරයෙකින් අන්ත වන්නේ) යැ, හලන්ත (ව්ය ඤ්ජනයෙකින් අන්ත වන්නේ) යැ යි සියලු - ශබ්ද දෙ කොටසකට බෙදේ. ශබ්දයක් වරනැඟෙනුයේ කෙසේ දැ යි දැනැ ගැනීමට ඒ ශබ්දය ස්වරාන්ත ද හලන්ත ද යනු දැන්ම වහල් වෙයි. ‘දන’ ශබ්දය ‘අ’ කාරාන්ත යැ. දනා - දනෝ - දනන් ඈ විසින් වරනැඟීම වෙයි. ‘ගොන්’ ශබ්දය ‘න’ කාරාන්ත යැ. වරනැඟීම වනුයේ ගොනා - ගොන්නු - ගොනු - ගොනුන් ඈ විසිනි.
සංස්කෘතයෙහි ඇතැම් ශබ්දයෝ සමහර විභක්තීන් පර කලැ ප්රනකෘති රූපය හැරැ විකෘත රූපයක් ගනිති. ‘රාජන්’ ශබ්දයේ වරනැඟීම මෙ සේ යැ: -
4.විභක්ත්යයධිකාරය 221
එකවචන ද්විවචන බහුවචන 1. රාජා රාජානෞ රාජානඃ 2. රාජානම් රාජානෞ රාඥඃ 3 රාඥා රාජභ්යාවම රාජහිඃ 4. රාඥෙ රාජභ්යාාම් රාජභ්යාඃ 5 රාඥඃ රාජභ්යාභම් රාජභ්යඃභ 6 රා ඥඃ රාඥොඃ රාඥාම් 7. රාඥී රාඥොඃ රාජසු
ඇතැම් විභක්තීන් පර කල්හි ශබ්දය ස්වකීය රූපය පියන (හරින) පරදි මෙයින් පෙනේ. සිංහලයෙහි ශබ්දයන් මෙ සේ ස්වකීය රූපය නොහරනා බව සිදත් සඟරා කාරයෝ කියත්, ‘බුහුසු’ සදින් පිහිට ලැබෙන හෙයින් සමහර විභක්තීන් පර කල්හි ඇතැම් සිංහල ශබ්දයනුදු සිය රූ පියන බව සිදත් සඟරා කාරයෝ නුදුටුවාහු මැ යැ යි නො කියැ හැකි. ‘එ දෙක සිය රූ නො පියා’ යන්නෙහි අර්ථක ව්යායඛ්යාදන කාරයෝ නුදුටු හ.
මුව - බව් - කම් - දම් - දහම් ආදි ශබ්දයෝ තුන් වන (කරණ - අවධි) පස් වන (ආධාර) විභක්ති පර කල්හි සිය රූ පියති.
3 5
මුව:- මියෙන් - මියෙහි
බව්:- බැවින් - බැවෙහි
කම්:- කැමින් - කැමෙහි
දම් :- දැමින් - දැමෙහි
දහම් :- දැහැමින් - දැහැමෙහි
222 සිදත් සඟරා විවරණය
මෙහි සිය රූ පියුම වනුයේ ප්ර කෘති ශබ්දයා ගේ ස්වරයන් අනම්යා වීමෙනි.
ටිප්පණී : 1. එ දෙක - පූර්වාෘර්ධයෙහි ‘සදහු’ යැ යි කියා, ඒ සඳහා මැ අපරාර්ධයෙහි ‘එ දෙක’ යැ යි නපුංසකලිඞ්ග ප්රනයොගය කළ සේ නොමැනැවී. සුදුසු වනුයේ ‘එ දෙ දෙන’ යනු යි. ආඛ්යාැතය ද එයට සුදුසු වන සේ ‘පියත්’ යැ යි බහුවචන වියැ යුතු. 2. පියා - ‘පිය’ (හැරුම්හි) ධාතු ‘බල’ ආදි පර: පද යි. පියා - පියති - පියී, පී - පියූ, පී, පූ.
අර්ථ : දම්රජ - දන්වා - මුනි - සෑසී - මරරුපු - බූ - හේ - යෝ - සිදුහත් (යන) ආදිය පුල්ලිඞ්ග යි.
විස්තර : දම්රජ - දන්වා යනාදි අට ස්වරාන්ත පුල්ලිඞ්ග ශබ්ද යි. ‘සිදුහත්’ යනු හලන්ත පුල්ලිඞ්ග ශබ්දයෙකි. ස්වරාන්ත ශබ්ද අතුරෙහි දු - අ - ආ - ඉ - ඊ - උ - ඌ - ඒ - ඕ යන අකුරින් අන්ත වන ශබ්ද පිළිවෙළින් දැක්විණ. ඇ - ඈ - එ - ඔ යනුයෙන් අන්ත වන ශබ්ද නො දැක්විණ. සැහැ (ශාක්යත) - නෑ (ඥාති) - මෙහෙ - ලොහො යනු පිළිවෙළින් ඒ අකුරින් අන්ත වන ශබ්දයට නිදර්ශ න යි.
දම්රජ - මුනි - සැසී - මරරුපු යන සතර බුදුනට නමි. ‘දන්වා’ නමින් අසුරයෝ ගැනෙති. ‘බූ’ යනු
4.විභක්ත්ය ධිකාරය 223
භූතයනට නම් වේ. හේතු - සේතු යන දෙකට ‘හේ’ නම යෙදෙයි. යෝධයාට ද යෝගයට ද ‘යෝ’ යනු නමි.
අර්ථා : නිස (රාත්රිිය) - වසා (රොම රාජිය) - සිරි (ශ්රී් - ගි (ගීති) - විදු (විද්යුෝත්) - දූ (දුහිතෘ) - ලේ (ලේඛා) - දෝ (ජ්යෝතිෂ්) - කත් (කාන්තා, කාන්ති) ආදිය ස්ත්රී ලිඞ්ග යි.
විස්තර : මෙහි දූ ඇ - ඈ - එ - ඔ යන මෙයින් අන්ත වූ ශබ්ද නො දැක්විණ. ‘පැහැ’ (ප්ර භා) යනු ‘ඇ’ කාරාන්ත යැ. ‘දෑ’ (ජාති) යනු ‘ඈ’ කාරාන්ත යි. මේ ශබ්ද ස්ත්රීගලිඞ්ග වනුයේ සිදත් සඟරා රිතියෙනි. සිංහල ව්යානකරණ රීතියෙන් නම් නපුංසකලිඞ්ග යි. නිස - වසා - ගී - විදු - ලේ - දෝ යනු ද එ සේ මැ යැ. ‘ගී’ යනු ‘ගීති’ යන්නෙන් බිඳුණු සේ සලකා ඉතිරි ලිඟු යැ යි කියත්. ‘ගීත’ යන්නෙන් බිඳුණේ නම් සිදත් මතයෙන් පුල්ලිඞ්ග වියැ යුතු. ‘ගීති’ යන්නෙන් මැ බිඳුණු සේ ගැන්මට පිහිට වූ රීතිය වැළැහුණෙකි.
224 සිදත් සඟරා විවරණය
අර්ථ : අවිශිෂ්ට පදාර්ථය උක්ත වත් මැ (උක්ත වන කල්හි) ප්රථථමා විභක්තිය භජනය කරන්නේ යැ. එකවචනයෙහි ඒ - ආ (යන විභක්ති රූප) වන්නේ යැ. නැවැතැ බහුවචනයෙහි ඕ - හු (යන විභක්ති රූප) වෙයි.
විස්තර : කර්ම. කර්තෘැ කරණ ආදි විසින් නොවෙසෙසන ලදුයේ ‘ෙනාවෙසෙයි’ (අවිශිෂ්ට) නම් වේ. එ බඳු පදාර්ථය උක්ත වන කල්හි ප්ර්ථමා විභක්තිය සෙවුණේ යැ.
දුහුනන් දැනුම් සඳහා කළ වියරණෙහි මේ සූත්‍රයා ගේ අර්ථ විනිශ්චයය කැරැ ගත නොහැකි වැ ව්යාමඛ්යා න කාරයෝ අද ද වාද කෙරෙති. එහෙත් ගතානුගතික වූ දිවාන්ධ සූක්ෂ්ම දර්ශටකයෝ සිදතින් මැ සිංහල ව්යා්කරණය ඉගැන්වීමෙහි වැර වඩති. ආධුනිකයෝ සිංහලය බෙහෙදක් මෙන් සෙවිති.
ආඛ්යාසතයෙන් අරමුණු කරන ලද පදාර්ථය ප්ර ථමා විභක්ති ගනී.
ගොනා තණ කා
කවරෙක් තණ කා ද? ගොනා තණ කා. ‘කා’ යන ආඛ්යා.තයෙන් උක්ත වනුයේ ‘ගොනා’ යැ. එ හෙයින් මේ පළමු වන විභක්තියට තැනි. මෙහි විභක්තිය නම් ‘ආ’ යන්න යි. සිදත් සඟරා කාරයෝ විභක්ති - විභක්ත්යමර්ථ යන දෙක අවුල් කොටැ දක්වා ආධුනිකයන් නොමඟ යැවූ හ. එ පමණෙකින් මැ නො නැවැතී, විභක්තීනට ආශාස්ත්රීතය වූ නම් දී, අවබෝධයට තුබු මං වසා දැමූ හ.
4.විභක්ත්ය ධිකාරය 225
සිදත් සඟරා කාර මතයෙන් ප්ර ථමා, කර්ම., කර්තෘර, කරණ, සම්ප්ර දාන, අවධි, සම්බන්ධ, ආධාර, ආලපන යැ යි විභක්ති නවයෙකි. මේ නම් මඳක් පිරික්සා බලමු. ‘ප්ර ථමා’ යනු ‘පළමු වැනි’ යන අර්ථ ඇත්තේ යැ. ඒ එ සේ නම් සෙසු විබත් ද්විතියා (දෙ වැනි) තෘතීයා (තුන් වැනි) යනාදි නමින් ගත යුතු වෙයි. මිනිසුන් පෙළක් සිටි කලැ ප්රශථමයා, කුමාරදාස, භවභූති, මාඝ යනාදි විසින් ගණනුයේ නියම සිහි අත්තෙක් නො වේ. සෙසු විබත් කර්මාරදි නාමයෙන් ගත මනා මැ වී නම්, පළමු වැන්නට ද ‘උතු විබත්’ යනු වැනි අර්ථානුගත නාමයක් නො දී, ස්ථාන වශයෙන් ගැනෙන නාමයක් දීමට මඳ වූ ද යුතු කමෙක් නැත්තේ යැ.
විභක්ති නවයක් දක්වතු දු සිංහලයෙහි ඉතා මහත් උත්සාහයෙනුදු දැක්වියැ හැක්කේ විභක්ති සයෙකි. එහි දූ පුල්ලිඞ්ග ස්ත්රීයලිඞ්ග නාමයෝ තුන් වන පස් වන විභක්ති නො ගනිති. නපුංසකලිඞ්ග නාමයෝ සියලු විභක්ති ගනිත්.
පුල්ලිඞ්ග ‘ඇත්’ ශබ්දයා ගේ වරනැඟීම මෙ සේ යැ:-
එකවචන බහුවචන 1 වන විභක්ති : ඇතා ඇත්හු,ඇත්තු 2 ,, ,, : ඇත්හු, ඇතු, ඇතා ඇතුන් 3 ,, ,, : - - 4 ,, ,, : ඇත්හුට, ඇතුට, ඇතාට ඇතුනට 5 ,, ,, : - - 6 ,, ,, : ඇත ඇතුනි
ස්ත්රීඞලිඞ්ග ‘කත්’ ශබ්දය
එකවචන බහුවචන 1. කත කත්හු, කත්තු 2. කත කතුන්
15
226 සිදත් සඟරා විවරණය
3. - - 4. කතට කතුනට 5. - - 6. කත කතුනි නපුංසකලිඞ්ග ‘අත්’ ශබ්දය එකවචන බහුවචන 1. අත, අත් අත, අත් 2. අත, අත් අත, අත් 3. අතිනි, අත්නෙනි අතිනි, අත්නෙනි, අත්වලිනි 4. අතට අතට, අත්වලට 5. අතැ, අත්හි, අතෙහි අතැ, අත්හි, අතෙහි, අත්වලැ 6. අත අත්
මේ තුන් තන්හි යෙදුණු විභක්ති රූප මෙ සේ යැ:-
පුල්ලිඞ්ග ස්ත්රීඞලිඞ්ග නපුංසකලිඞ්ග
එක: බහු: එක : බහු: එක: බහු:
1. ආ හු අ හු අ අ
2. හු, උ, ආ උන් අ උන් අ අ
3. - - - - ඉනි, නෙනි ඉනි, නෙනි, වලිනි 4. හුට, උ, ට, ආට උනට අට උනට අට අට, වලට
5. - - - - ඇ, හි, එහි ඇ, හි, එහි,
වලැ
6. අ උනි අ උනි අ අ
4. විභක්ත්ය,ධිකාරය 227
සාමාන්ය වශයෙන් තුන් ලිඟුයෙහි හලන්න නාමයන් ගන්නා විභක්ති මේ යැ. පුල්ලිඞ්ග නාමයන් ගන්නා විභක්තිවලැ ‘ආ’ යන්න ස්ත්රීිලිඞ්ග නපුංසකලිඞ්ග නාමයන් කෙරෙහි දී හ්රතස්ව වෙයි. ස්ත්රී්ලිඞ්ග නාමයෝ (2) හු - උ - හුට - උට යන විභක්ති නො ගනිති.
නපුංසකලිඞ්ග නාමයෝ එකවචන බහුවචන දෙක්හි බෙහෙවින් සමානයෝ යැ. පළමු වන දෙ වන විභක්ති ලොප් ද වෙයි. මෑතෙකැදී බහ්වර්ථයය හඟවනු පිණිසැ ප්රිකෘති විභක්ති දෙක අතරෙහි ‘වල්’ යන්නෙක් යෙදෙන්නට වී යැ.
‘අ’ කාරාන්ත පුල්ලිඞ්ග ‘පිය’ ශබ්දය එකවචන බහුවචන 1. පියා, පියේ පියෝ 2. පියා පියන් 3. - - 4. පියාට පියනට 5. - - 6. පිය පියෙනි
‘අ’ කාරාන්ත ස්ත්රීයලිඞ්ග ‘ලිය’ ශබ්දය එකවචන බහුවචන 1. ලිය ලියෝ 2. ලිය ලියන් 3. - - 4. ලියට ලියනට 5. - - 6. ලිය ලියෙනි ‘අ’ කාරාන්ත නපුංසක ලිඞ්ග ‘ලිය’ ශබ්දය
එක: බහු: 1. ලිය ලිය 2. ලිය ලිය
228 සිදත් සඟරා විවරණය
3. ලියෙනි ලියෙනි, ලියවලිනි 4. ලියට ලියට, ලියවලට 5. ලියැ, ලියහි, ලියෙහි ලියැ, ලියහි, ලියෙහි, ලියවලැ 6. ලිය ලිය
මෙයින් තව ද විභක්ති කිහිපයෙක් එකතු වෙයි.
පුල්ලිඞ්ග ස්ත්රීඞලිඞ්ග නපුංසකලිඞ්ග
එක: බහු: එක : බහු: එක: බහු:
1. ඒ ඔ - ඔ - -
2. - අන් - අන් - -
3. - - - - එනි එනි
4. - අනට - අනට - -
5. - - - - - -
6. - එනි - එනි - -
4. විභක්ත්ය,ධිකාරය 229
දැන් විභක්ති රූපයන් ගේ ස්වභාවය සාමාන්ය වශයෙන් ප්රවකාශ යැ. විශෙෂ සියල්ල පහදා දීමට මේ නොතැනි.
‘එක බසැ ඒ ආ වනුයේ යළ ඕ හු වේ බුහු බසැ’ යැ යි කියනුයේ ස්ත්රී ලිඞ්ග නාමයන් සම්පූර්ණු වශයෙන් සිතින් දුරු කිරීමෙනි.
ටිප්පණී : 1. බජනුයෙ - ‘බජ’ ධාතු ‘බම’ ආදි උභය පද යි. (පර: පද) බජා - බජති - බිජී - බිජූ, බුජූ, (අත් : පද) බෙජේ - බෙජෙති.
2. වෙසෙසි - මෙහි ‘වෙසෙස’ ධාතු ‘රක්’ ආදී අත්: පද යි. අකර්ම ක යි. වෙසෙසේ - වෙසෙසෙති - වෙසෙසිණි, වෙසෙසි - වෙසෙසුණු, වෙසෙසි.
විස්තර : ‘බෙළේ බළාම් කෙරේ’ (හට තෙම් භට කර්ම කෙරෙයි) යන වාක්යරයෙහි ‘බෙළේ’ යන තන්හි ‘ඒ’ විභක්තිය පෙනේ. බල + ඒ = (පූර්ව ස්වර ලෝපයෙන් ) බළේ = (ස්වර පර රූපයෙන්) බෙළේ. කවරෙක් බළාම් කෙරේ ද? බෙළේ බළාම් කෙරේ. මෙ සේ ‘බෙළේ’ යනු ‘කෙරේ’ යන ආඛ්යාරතයෙන් උක්ත වූයේ (කියැවුණේ) නමැ. එ හෙයින් මෙහි
230 සිදත් සඟරා විවරණය
‘බළ’ නාමය ප්ර ථමා විභක්ති සේවනයට සුදුසු වූයේ යැ. සෙසු තන්හි දු මේ නයින් සලකන්නේ යැ.
‘හරා අරා කෙලෙස් කුළු’ (ඊශ්වර තෙමේ කෛලාස කූටයට නඟී) යන වාක්යඅයෙහි ‘හරා’ යන තන්හි ‘ආ’ විභක්තිය වෙයි. හර + ආ = (පූර්වක ස්වර ලෝපයෙන් ) හරා.
‘බමණෝ කුල දම් රකිත්’ (බ්රා හ්මණයෝ කුල ධර්ම රක්ෂා කෙරෙත්) යන වැකියෙහි ‘බමණෝ’ යනු ‘ඕ’ විබත ගෙනැ සිටී. බමුණු + ඕ (පූර්වර ස්වර ලෝපයෙන්) බමුණෝ = (ස්වර පූර්වබ රූපයෙන්) බමණෝ.
‘තවසරහු දම් දෙසත්’ (තපස්විහු ධර්මනය දෙශනා කෙරෙත්) යන මෙහි ‘තවසරහු’ යනු ‘හු’ විබත ගත්තේ වෙයි. තවසර + හු = තවසරහු.
ටිප්පණී : 1. බළාම් - බළ + කම් + (‘හ’ ආදෙශයෙන්) බළ + හම් = (‘හ’ ලෝපයෙන්) බළ + අම් = (ස්වර්ණ( දීර්ඝ යෙන්) බළාම්.
2 කෙරේ - ‘කර’ ධාතු ‘බම’ ආදි උභය පද යැ යි කියැ හැකි. (පර : පද) කරා කරති. (අත් : පද) කෙරේ - කෙරෙති - අයුහි ලැබෙනුයේ ‘කළ’ යන නිපතිත රූපය යි. 3. අරා - ‘අර’ (ආරොහණයෙහි) ධාතු ‘බල’ ආදි පර: පද යි. අරා - අරති - ඇරී - ඇරූ.
4. රකිත් - ‘රක්’ ධාතු පර: පද යි. රකී - රකිති - රැකි - රැකි.
4.විභක්ත්ය:ධිකාරය 231
‘රක්’ ආදි ගණයෙහි ධාතූහු වත්මන්හි ඊ. ඉති විභක්ති ගනිත්. අයුහි දෙ බස්හි මැ වනුයේ ‘ඉ’ විභක්තිය යි.
4. දෙසත් - ‘දෙස’ ධාතු ‘බල’ ආදි පර : පද යි. දෙසා - දෙසති - දෙසී - දෙසූ.
අර්ථ : ‘නිදෑලියෝ පෙහෙසුන් තෙපලත්’ (දයාලු නුවුවෝ හෙවත් අකාරුණිකයෝ පෛශුන්ය ය හෙවත් කේලාම් කියති) - ‘පඬුවෝ දැනුම් වඩත්’ (පණ්ඩිතයෝ නුවණ වඩති) - මේ ආදියෙහි විභක්තියට පූර්වර වැ ‘ය’ කාර ‘ව’ කාරාගමය අභිමත යි.
විස්තර : නිදෑලි + ඕ = (‘ය’ ආගමගෙන්) නිදෑලියෝ, පඬු + ඕ = (‘ව’ ආගමයෙන්) පඬුවෝ. ‘ඉ’ කාරයෙන් පර වැ ‘ය’ ආගමය ද ‘උ’ කාරයෙන් පර වැ ‘ව’ ආගමය ද වන බව මෙයින් පෙනේ.
විභක්ති සම්බන්ධ විමෙහි දී වනුයේ ආගමය පමණක් නො වේ.
ගොන් + ආ = ගොනා (ස්වරාරොහණය) ගොන් + හු = ගොන්නු (ව්යහඤ්ජන පූර්වව රූපය) හර + ආ = හරා (පූර්වය ස්වර ලෝපය) මහලු + ඕ = මහල්ලෝ (ද්විරූපය) මී + අ = මිය (හ්රිස්වය)
232 සිදත් සඟරා විවරණය
මේ සන්ධි විධි ද විභක්ති යෝගයෙහි දී පැමිණෙන බව පෙනේ.
ටිප්පණී : 1. තෙපලත් - ‘තෙපල’ ධාතු ‘බල’ ආදි පර: පද යි. තෙපලා - තෙපලති - තෙපැලී - තෙපැලූ. 2. වඩත් - මෙහි ‘වඩ’ ධාතු ‘බල’ ආදි පර : පද යි. වඩා - වඩති - වැඩී - වැඩූ.
අර්ථ : පුංස්ත්රීීලිඞ්ග ද්වයයෙහි ප්ර ථමා අර්ථ ව්ය ඛ්යාදනයෙහි තෙමේ - තොමෝ - තුමූ යනු අභිමත යි.
ප්රෝථමා විභක්තිය මෙ සේ යැ.
විස්තර : ප්රිථමා විභක්ත්ය න්ත පුල්ලිඞ්ග නාමයකට අර්ථ කියන කලැ ‘තෙමේ’ යනු ද ස්ත්රීකලිඞ්ග නාමයකට අර්ථන කියන කලැ ‘තොමෝ’ යනු ද බහුවචන වී නම් ‘තුමු’ යනු ද යෙදීම මැනැවැ යි මේ කී සැටි යැ.
මේ ව්යානකරණය කරන කාලයෙහි පදාර්ථු කථනය කො තරම් බලවත් වැ පැවැතිණි ද යනු මෙයින් ප්රහකාශ වෙයි. ව්යාමකරණයක් කැරෙනුයේ නිවැරැදි වාග්ව්යුවහාරය ඉගැන්වීමට යි. එහෙත් මේ, පදාර්ථු කියන සැටි උගන්වන ව්යාගකරණයෙකි. සිංහල භාෂායෙහි රසය ද ශක්තිය ද හීන වූයේ මේ ව්යාවඛ්යාකන භාෂාව කරණ කොටැ ගෙනැ යැ.
4.විභක්ත්යනධිකාරය 233
එ තරම් අනර්ථයක් කළ ව්යා ඛ්යා න භාෂාවට කැරුණු ව්යාභකරණය කො තරම් අනර්ථයක් කෙළේ ද කෙරේ ද යනු සලකා ගැන්ම දුෂ්කර නො වේ.
මෙහි ‘පටන් අරුත් වියකන්හි තෙමේ - තොමෝ - තුමූ යනු රුසී’ යැ යි කියැවුණ ද මේ පදයන් අර්ථ ව්යා ඛ්යා නය පිණිසැ නො වැ, එක් විශෙෂාර්ථයක් හඟවනු පිණිසැ යෙදුණු බව මහා කවි ප්රකයොගයන් ගෙන් ස්ඵුට වෙයි.
‘නොදිස්ව වැ ලී කම් සර - තෙමෙ ලක් වන බියෙන් මෙන්’ – දම් සබ’ඹ තොමො ද දම් - පිරිවහන වන් නරතුරු’ –
‘සක බිමැ පෙරැළෙමින් ගැලැ බඬු නිසල කෙරෙමින් පවතින මෙන් නොමින් තුමු දුක් විඳිති රකිමින්’
මේ පටන් අරුත් වියකන් ද?
‘බෙළේ - හට තෙමේ’ – ‘සිරි - ශ්රී තොමෝ’ – ‘බමණෝ - බ්රාබහ්මණයෝ තුමූ’ යන ආදි විසින් පදාර්ථ ව්යාරඛ්යෘ නය කරනු සිරිති. එහෙත් තෙමේ - තොමෝ - තුමූ යනු ඒ සඳහා නිපන්නේ නො වේ.
‘තෙමෙ ලක් වන බියෙන් මෙන්’ යන තන්හි ‘තෙමෙ’ යනු ආඛ්යාෙතයෙකින් උක්ත නො වේ. ‘තම’ ශබ්දයට ‘ඒ’ විබත් යෙදීමෙන් ‘තෙමේ’ යනු නිපන් බව නම් සැබෑ යැ. එහෙත් මෙහි ‘තෙමේ’ යනු සංස්කෘතයෙහි ‘ස්වයං’ යනු මෙන් නිපාතයක් වැ
234 සිදත් සඟරා විවරණය
යෙදුණු බව මොනොවට පැහැදිලි වෙයි. ‘දම් සබ’ ඹ තොමො ද දහම් පිරිවහන වන්’ යන තන්හි ‘තොමෝ’ යනු ද එ සේ මැ යෙදුණෙකි.
ටිප්පණී : 1. තෙමේ - තම + ඒ = (පූර්වේ ස්වර ලෝපයෙන්) තමේ = (ස්වර පර රූපයෙන්) තෙමේ. අන්ත්යම ස්වරය හ්ර්ස්ව වීමෙන් ‘තෙමෙ’ යනු ද වෙයි. ඇතැමෙක් මෙය ‘තෙම’ යැ යි වරදවා ගනිති.
2. තොමෝ - මේ නිපාතනයෙන් වූයේ යැ. අන්ත්ය ස්වරය හ්ර ස්ව වීමෙන් ‘තොමෝ’ යනු වෙයි.
3. තුමු - තම + හු = (ස්වර පර රූපයෙන්) තුමුහු = (‘හ’ ලෝපයෙන්) තුමු + උ = (ස්වර්ණු දීර්ඝයයෙන්) තුමු.
ප්රරථමා විභක්තිය යි.
අර්ථ : කර්තෘ හු ගේ ක්රිපයාව හා යුක්ත වූ පදාර්ථ.ය (තෙමේ). කර්මල නාමය භජනය කෙරෙයි. එකාර්ථයෙහි (එකවචනයෙහි) අ - උ - ආ - හු - ට (යනු යැ.) බහුවචනයෙහි උන් - න - ආන - න් - නට - අන් (යනු යැ.)
විස්තර : ඇතැම් ආඛ්යාතතයෙක් උක්තය පමණක් අපෙක්ෂා කෙරෙයි.
4.විභක්ත්යකධිකාරය 235
මම යමි ගොනා දිවේ සඳ බබළා
යනාදිය නිදර්ශ න යි. ඇතැම් ආඛ්යාතතයෙක් මෙ පමණින් නො නවතී, උක්තය පමණක් නො වැ අන් කිසිවකුදු අපෙක්ෂා කෙරෙයි.
මම කමි ගොනා අදී සඳ බිඳී
යනාදි තන්හි මෙනි. මම කුමක් කම් ද? ගොනා කුමක් අදී ද? සඳ කුමක් බිඳි ද? මේ ප්ර්ශ්නයනට උත්තර නොසැපැයෙන තුරු වාක්යනයන් ගේ අර්ථ සම්පූර්ණ් නො වේ.
මම බත් කමි ගොනා රිය අදී සඳ අඳුරු බිඳී
යැ යි කී කලැ අර්ථය සම්පූර්ණන වෙයි. මෙ සේ අර්ථය සම්පූර්ණ කිරීම සඳහා ‘කමි’ යන ක්රිනයාව හා ‘බත්’ යනු ද ‘අදී’ යන ක්රි යාව හා ‘රිය’ යනු ද ‘බිඳී’ යන ක්රිීයාව හා ‘අඳුරු’ යන් ද යුක්ත වී යැ. එහි බත් - රිය - අඳුරු යන තුන කර්‍ම නාමය ලබයි.
මෙහි විභක්ති රූපයන් දැක්වූ සේ නොමනහර යැ. ‘එක ‘තැ අ උ ආ හු ට උන්’ යැ යි කි කලැ ‘උන්’ යනු දු එකවචනයට අයත් සේ පෙනෙයි. එ බව සලකා දෝ ඇතැමෙක්
‘එකතැ අ උ ආ හු ට උන්නානන් නටන් බුහු බසැ’
236 සිදත් සඟරා විවරණය
යි ගී පාද බෙදා සඳැස බිඳිති.
‘අ උ ආ හු ට එක ‘තැ උන් නා ‘න’ න් නටන් බුහු බසැ’
යි අවුල් දුරු කොටැ කීම සුකර යැ.
විස්තර : ‘රජ දම් නියෙන් මිහිය පුස්නේ.’ (රජ තෙමේ ධර්මෙ නීතියෙන් මගිය හෙවත් පෘථීවිය පොෂණය කරන්නේ යැ) ‘මිහිය’ යනු ‘අ’ විබත ගෙනැ සිටී. මිහි + අ = (‘ය’ ආගමයෙන්) මිහිය.
‘සිදුහත් කුමරු සුදවැසියෝ පළමු පිළිගත්හු.’ (සිද්ධාර්ථජ කුමාරයා ශුද්ධාවාසිකයෝ තුමූ ප්රැථම කොටැ පිළිගත්තාහු යැ.) ‘කුමරු’ යන තන්හි ‘උ’ විබත යි. කුමර + උ = (පූර්වජ ස්වර ලෝපයෙන්) කුමරු.
4.විභක්ත්යපධිකාරය 237
‘රවුළා මැරී රම් රජ.’ (රාවණයා රාම රාජ තෙමේ මැරී යැ.) ‘රවුළා’ යන තන්හි ‘ආ’ විබත යි. රවුළු + ආ = (පුර්ව ස්වර ලෝපයෙන්) රවුළා.
‘සුරුහු රෙණෙහි විමසනු.’ (ශුරයා යුද්ධයෙහි දී පරීක්ෂා කරනු.) ‘සුරුහු’ යන තන්හි ‘හු’ විභක්තිය යි. සුරු + හු = සුරුහු.
‘රජ ගෙට පිවිසි මැති ගෙණේ.’ (රාජ ගෘහයට අමාත්ය සමූහය තෙමේ ප්රෙවිෂ්ට වූයේ යැ.) ‘ගෙට’ යන තන්හි ‘ට’ විබත යි. ගෙ + ට = ගෙට.
‘මහණුන් නමඳනේ’. (ශ්ර මණයන් වඳින්නේ යැ.) ‘මහණුන්’ යන තන්හි ‘උන්’ විබත යි. මහණ + උන් = (පූර්ව ස්වර ලෝපයෙන්) මහණුන්.
‘පිළිමල්න දනන්නැ.’ (ප්රණතිමල්ලයන් දිනන්නැ.) ‘පිළිමල්න’ යන තන්හි ‘න’ විභක්තිය යි. පිළිමල් + න = පිළිමල්න.
‘නරඹන්නැ මොනරාන නස්නා,’ (නටන්නා වූ මොනරුන් බලන්නැ.) ’මොනරාන’ යන තන්හි ‘ආන’ විබත යි. මොනර + ආන = (පූර්වර ස්වර ලෝපයෙන්) මොනරාන.
‘දනන් මහ අලුපා දෙළේ යොදා වෑ කර එව් සරුපා.’ (මහත් වූ ද අල්ප වූ ද ජනයන් වෑය ද කරය ද මෙන් සරූප වූ ධුරයෙහි යොදවු.) ‘දනන්’ යන තන්හි ‘න් විබත යි. දන + න් = දනන්.
‘රුක්නට නැඟෙත් සාමුවෝ.’ (ශාඛාමෘගයෝ හෙවත් වානරයෝ වෘක්ෂයනට නැඟෙති.) ‘රුක්නට’ යන තන්හි ‘නට’ විබති. රුක් + නට = රුක්නට.
238 සිදත් සඟරා විවරණය
‘දරුවන් බලන්නහු ළ සැනැහේ. ‘(දරුවන් බලන්නහු ගේ ළය සැනැහෙයි.) ‘දරුවන්’ යන තන්හි ‘අන්’ විබති. දරු + අන් = (‘ව’ ආගමයෙන්) දරුවන්.
‘දනන්’ යන තන්හි ‘න්’ විබත යැ යි කී සේ නොමැනැවි. ‘අඟනන්’ (අඟන + අන්) යන තන්හි ‘අන්’ විබත නම් ‘දනන්’ යන තන්හි දු එය මැ නොවීමට හේතු නො පැනේ.
ඇතැමෙක් ‘සුරුහු’ යනු ‘සුරහු’ යැ යි ලියා ගනිති. එ තන්හි වියැ යුත්තේ ‘අහු’ විබත යි, ‘හු’ විබන නො වේ . ‘සුරු’ යනු ප්රමකෘතිය යි.
ටිප්පණී : 1. පුස්නේ - ‘පුස්’ ධාතු ‘බස්’ ආදි පර: පද යි. පුසී - පුසිති - පිටි - පුටු. 2. පිළිගත්හු - ‘පිළි’ පූර්වු ‘ගන්’ ධාතු යි; ‘බස්’ ආදි පර: පද යි. පිළිගනි - පිළිගනිති - පිළිගති - පිළිගතු. 3. මැරී - සකර්මුක ‘මර’ ධාතු ‘බල’ ආදි පර: පද යි. මරා - මරති - මැරී - මැරූ. 4. රෙණෙහි - රණ + එහි = රණෙහි =රෙණෙහි. 5. විමසනු - ‘විමස’ ධාතු ‘බල’ ආදි පර: පද යි. විමසා - විමසති - විමැසී - විමැසූ.
6. පිවිසි - ‘පිවිස්’ ‘ධාතු’ ‘බස්’ ආදි අත්: පද යි. පිවිසේ - පිවිසෙති - පිවිසිණි, පිවිසි, පිවිටි - පිවිසුණු, පිවිසි, පුවුටු. 7. නමඳනේ - ‘නමඳ’ ධාතු ‘රක්’ ආදි පර: පද යි. නමඳී - නමඳිති - නැමැඳී - නැමැඳී.
4.විභක්ත්යාකධිකාරය 239
8. දනන්නැ - දනනු + යැ = (මධ්ය ස්වර ලෝපයෙන්) දනන් + යැ = (ව්ය ඤ්ජන පූර්‍ව රූපයෙන්) දනන්නැ. ‘දන’ ධාතු ‘බම’ ආදි උභය පද යි. (පර: පද) දනා - දනිති - දිනි - දිනූ - දුනු. (අත්: පද) දෙනේ - දෙනෙති. 9. නස්නා - මෙහි ‘නස්’ ධාතු ‘බස්’ ආදි පර: පද යි. නසී - නසිති - නටි - නටු. 10. දනන් මහ’ලුපා ........ සරුපා - වෑය දෑය හැසීමට ද කරය දැළි රවුළු කැපීමට ද ගැනේ. කරය හැසීමට ද වෑය දැළි රවුළු කැපීමට ද ගත, සරුප් දෙළෙහි යෙදුණේ නො වෙයි. 11. යොදා - ‘යොද’ ධෘතු ‘බල’ ආදි පර: පද යි. යොදා - යොදති - යෙදී - යෙදූ. 12. නැඟෙත් - මෙහි ‘නඟ’ ධාතු ‘රක්’ ආදි උභය පද යි. (පර: පද) නඟී - නඟිති - නැඟි - නැඟි. (අත් : පද) නැඟේ - නැඟෙති - නැඟිණි - නැඟුණු. 13. සැනැහේ - ‘සනහ’ ධාතු ‘බල’ ආදි පර: පද යි. සනහා - සනහති - සැනැහී - සැනැහූ. කම් කරුහි සැනැහේ - සැනැහෙති ආදිය වෙයි.
අර්ථ : ‘සේනන් බුහුමනන්නේ’ (ඡෙකයනට බහුමාන කරන්නේ යැ.) ආදිය ශ්රෑ යමාණ භාවයෙන් (ඇසෙන බැවින්) ‘නන්’ විභක්තියෙන් සිද්ධ වූ පාඨ යි.
240 සිදත් සඟරා විවරණය
විස්තර : ‘උන්නා ‘නන් නට ‘න්’ යන තන්හි උන් - න - ආන - න් - නට - අන් යන විභක්ති කියැවිණි. එහෙත් ‘උන්නා’ නන් යන තන්හි ‘නන්’ යන්නෙක් ඇසේ. එය ද විබතක් ලෙස ගත හැකි යැ. ‘සේනන්’ යන තන්හි පෙනෙනුයේ ඒ විබත යි. සේ + නන් = සේනන්.
‘හුණන බැවින්’ විබත් දැක්වීම ආධුනික සඞ්ග්ර යෙක් නො වේ. ශාස්ත්රනයක් ඉගැන්වියැ යුත්තේ ඉතා නිරාකුල කොටැ යැ. ඇති තාක් විභකති මේ මේ යැ යි දැක්වීම, පසු වැ ‘හුණන බවක්’ ගැනීමට වඩා නොමැනැවී ද?
අර්ථන : ‘තිලෝගුරු තෙ මස් මුරුනට අබිදම් දෙසී’ (ත්රිොලොක ගුරු හෙවත් සර්වමඥ තෙමේ තුන් මසක් දෙවියනට අභිධර්මුය දෙසී යැ.) මේ ආදිය අත්ය්න්ත සංයොගයෙහි ද -
‘දෙව්දත් මවට මැනැවි’ (දෙවදත්ත තෙමේ මාතෘවට යහපති) ආදිය ඉත්ථම්භූතාර්ථවයෙහි ද -
‘ඉසිමතුන් විනා මෙ ගත් ක හට නොරිසි ද’ (මේ ග්රෙන්ථය ඊර්ෂ්යාි ඇත්තවුන් විනා කවරකු හට අනහිමත ද?) මේ ආදිය විනා යෝගයෙහි ද කර්මව විභක්තිය අහිමත යි.
4.විභක්ත්ය ධිකාරය 241
විස්තර : කාලයක් හෝ මාර්ගයක් හෝ ක්රිවයා ගුණ ද්රාව්ය යන මෙයින් එකක් සමඟ නිරන්තර වැ යෙදීම අත්යමන්ත සංයොග නමි. මිනිසා රැයක් නිඳයි. මෙහි රැය කාලය යි, නිඳීම ක්රිංයාව යි. ‘රැ’ යන කාලයෙහි ද ‘නිඳීම’ යන ක්රියයායෙහි ද අත්යතන්ත සංයොගය වෙයි. මිනිසා මඳක් කුදු යැ. මෙහි ‘මඳක්’ යන කාලයෙහි ද ‘කුදු’ යන ගුණයෙහි ද අත්ය න්ත සංයොගය යි. ලෙඩාට මසක් කැඳ යි.
මෙහි අත්ය්න්ත සංයොගය ‘මසක්’ යන කාලයෙහි ද ‘කැඳ’ යන ද්රිව්යයයෙහි ද වේ. ක්රි යා - ගුණ - ද්ර ව්යහ හා මාර්ගය හා සම්බන්ධයෙහි වන අත්ය්න්ත සංයොගය මෙ සේ යැ: - මාර්ගය + ක්රි යා - ගොනා ගවුවක් දිවේ. මාර්ගය + ගුණ - මඟ ගවුවක් වක් වැ. මාර්ගය + ද්ර ව්යම - මඟ ගවුවක් ගල් යැ.
මේ ස තැනින් කාල වාවක මාර්ග වාචක නාමය කර්මව විභක්තිය සෙවුනේ යැ. ‘තිලෝගුරු තෙ මස් මුරුනට අබිදම් දෙසී’ යන තන්හි ‘මස්’ යනු ද මෙ නයින් කර්මක යි. අත්යබන්ත සංයොග වූ ක්‍රියා කාල යන දෙකින් කාලය හඟවන හෙයිනි.
‘ඉත්ථනම්භූත’ යන්නෙහි අර්ථ නම් ‘මෙ සේ වූ’ යනු යි. මෙ සේ නුවූවක් මෙ සේ වීම ඉත්ථාම්භාවය යි. කලක්
16
242 සිදත් සඟරා විවරණය
මවට නොමනා වැ සිටි දෙව්දතු පසු වැ මනා වීම මෙහි ඉත්ථඟම්භාවය යි. ඉත්ථනම්භාවයට ආධාර වන අර්ථමය අඟවන පදය කම් විබත ගනී. මෙහි ‘මවට’ යනු මෙනි.
‘විනා’ යන නිපාතය සමඟ යෙදුණු කර්මවය ‘විනා’ යෝගයෙහි කර්ම යි. එයට දුන් නිදර්ශනය නම් සුදුසු සේ නො පෙනේ. ‘ඉසිමතුනට විනා ක හට මෙ ගත් නො රිසි ද’ යන අර්ථය, ‘ඉසිමතුන් විනා මෙ ගත් ක හට නොරිසි ද’ යනුයෙන් නො ලැෙබ්. ‘ඉසිමත්හු කා හටත් නොරිසියෝ යැ. මෙ ගත් කා හට වුවත් නොරිසි වියැ යුතු නො වේ’ යන අර්ථය ප්රතකාශ කිරීමට ‘ඉසිමතුන් විනා මෙ ගත් ක හට නොරිසි’ යනු කියැ හැකි. ‘ඉසිමතුනට නම් මෙ ගත් නොරිසි වියැ හැකි යැ. අන් කවරකු හට නම් මෙ ගත් නොරිසි ද’ යන මේ අර්ථය සඳහා නම් ‘ඉසිමතුනට විනා මෙ ගත් ක හට නොරිසි ද’ යනු යෙදෙයි.
පළමු වන ස වන (ආලපන) යන විබත් හැරැ අන් සියලු විබත් ගත් පද ‘විනා’ යනු හැ යෙදෙ යි. දෙ වන විබත් :- අහර විනා පහර මට නුවුව මනා යැ. තුන් වන ,, :- පයින් විනා අතින් කවුරු යෙත් ද. සිවු වන ,, :- නෙතට විනා කනට නො පෙනේ. පස් වන ,, :- ළිඳෙහි විනා මුහුදෙහි මිරි දිය නො වේ.
ටිප්පණී :
1. ඉසිමතුන් - ඉසි ඇතියේ ඉසිමත්; උන් ඉසිමතුන්. ඇතැමෙක් ‘ඉසිවතුන්’ යනු ලියා ගෙනැ පාඨය කෙලෙසති. ‘ඉ’ කාරයෙන් පර වැ ‘මත’ යනු විනා ‘වත්’ යනු අස්ත්යනර්ථයෙහි නම් යෙදේ ද?
4.විභක්ත්යඅධිකාරය 243
අර්ථ : ‘බුදුන් කරා එළැඹැ -‘ (බුදුන් සමීපයට පැමිණැ). මේ ආදිය සමීපාර්ථ ශබ්දයෙන් වෙයි.
කර්මා විභක්තිය මෙ සේ යැ.
විස්තර : ‘බුදුන් කරා එළැඹැ - ‘යන තන්හි ‘කරා’ යනු කර්මම වී. එහෙත් කර්මබ වියැ යුත්තේ ‘බුදුන්’ යනු යි. මෙ බඳු තන්හි විභක්තිය සමීපාර්ථ ශබ්දය කෙරෙන් වේ. මෙහි සමීපාර්ථ ශබ්දය නම් ‘කරා’ යනු යි. ‘වෙත් අරුත්’ යන තන්හි ‘වෙත්’ නම් සමීපය යි.
ටිප්පණී : 1. එළැඹැ - ‘එළඹ’ (පැමිණීමෙහි) ධාතු ‘රක්’ ආදි අත්: පද යි. එළැඹේ - එළැඹෙති - එළැඹිණි, එළැඹි - එළැඹුණු එළැඹි. 2. කරා - ‘කර’ යනු නපුංසක ලිඞ්ග ශබ්දයෙකි. එ හෙයින් ‘ආ’ විභක්තියට නුසුදුස්සේ යැ. මේ නිපතිත රූපයෙකි.
244 සිදත් සඟරා විවරණය
අර්ථ : නියෝගයක් ලැබුවා වූ හෝ නොලැබුවා වූ හෝ ක්රියයාව කරන්නේ කර්තෘථ නමි. (ඒකවචන බහුවචන යන) උභය වචනයෙහි ට - නට (යන විභක්ති) හැරැ (ඉතිරි) කර්ම) විභක්ති සමාන පරිද්දෙන් යොදවු.
විස්තර : ක්රිමයාව කරනුයේ කර්තෘච යැ. මෙහෙයුම් ලද නොලද බව මෙහි නො සැලැකියැ යුත්තේ යැ. එක බසැ අ - උ - ආ - හු යන විභක්ති ද බුහු බසැ උන් - න - ආන - න් - අන් - නන් යන විභක්ති ද යෙදේ ල.
ටිප්පණී : 1. මෙහෙයුම් - ‘මෙහෙය’ (යෙදීමෙහි) ධාතු ‘බල’ ආදි පර: පද යි. මෙහෙයා - මෙහෙයති - මෙහෙයී - මෙහෙයූ. 2. ලද - මෙහි ‘ලබ’ ධාතු ‘බස්’ ආදි අත්: පද යි. ලැබේ - ලැබෙති - ලැබිණි, ලැබි, ලදි - ලැබුණු, ලැබී, ලදු. ලදු (අන්ත්ය ස්වර ලෝපයෙන්) ලද් = (‘අ’ පැමිණීමෙන් ) ලද.
4. විභක්ත්යබධිකාරය 245
විස්තර : ‘සරණ තඹරැ වරල සෙවෙල් අවල කැරැ අරියන රදුව පෙරැ කළ අවමන කුසා නිරිඳු නොසොමෙළේ’ (වරණය හෙවත් පාදය නමැති පියුමෙහි කෙශ කලාපය නමැති සෙවෙල් ආකුල කොටැ ආරාධනය කරන්නා වූ රාජ දුහිතෘව (විසින්) පූර්වමයෙහි කරන ලද්දා වූ අවමානය කුශ රජ තෙමේ ස්මරණය නොකෙළේ යැ.) රදු + අ = (‘ව’ ආගමයෙන්) රදුව = (හ්රරස්වයෙන්) රදුව. ‘කළ’ යන කෘදන්තයෙන් හැඟැවෙන ක්රි යාවට කර්තෘ වූයෙන් ‘රදුව’ යනු කර්තෘද විභක්ති ගත්තේ යැ.
‘රජු අනුදත්තේ කුල දම්’. (රජහු විසින් අනුඥාත වූයේ හෙවත් අනුදන්නා ලද්දේ කුල ධර්ම්ය යි.) රජ + උ = රජු. ‘අනුදත්තේ’ යන කෘදන්ත ක්රි්යාවට කර්තෘ රජ යැ. ‘මුනිඳා වැළැඳු පා ද’. (මුනීන්ද්රජයා විසින් වළඳන ලද්දා වූ පාත්රෙ ධාතුව යි.) මුනිඳු + ආ = මුනිඳා.
‘පින් සිපිහු කළ අත්තම්.’ (පුණ්යජ නමැති ශිල්පියා විසින් කරන ලද හස්ත කර්මාින්තය යි.) සිපි + හු = සිපිහු.
‘දදුන් කළ වරද කමන්නැ.’ (මෝඩයන් විසින් කරන ලද වරද ඉවසන්නැ. ) දද + උන් = දදුන්. ‘මීපල්න ගත් වෙස් රුස්නේ’. (මහීපාලයන් හෙවත් රජුන් විසින් ගන්නා ලද වෙස රුවි වන්නේ යැ.) මීපල් + න = මීපල්න. ‘නරාන කළ කමට ඉඳුරෝ දෙස්.’ (මිනිසුන් විසින් කරන ලද කර්මනයට ඉන්ද්රි යයෝ සාක්ෂීහු යැ.) නර + ආන = නාරාන. ‘කිවින් නුදුටුයේ කෙ උවම්.’ (කවීන් විසින් නොදක්නා ලද්දේ කවර උපමා ද?) කිවි + න් = කිවින්.
246 සිදත් සඟරා විවරණය
‘අඟනන් වුහුටු නුවන් නරද දිරිය ඇදුරු දැදුරු කෙළේ.’ (ස්ත්රීකන් විසින් හරනා ලද නයන හෙවත් ඇස් නමැති නාරාවය තෙමේ ධෛර්යළ නමැති අද්රි ය හෙවත් පර්වමතය ජජිර කෙළේ යැ. අඟනන් බැලූ කලැ එ සේ බැලුණහු ගේ ධෛර්යරය ළිහිල් වී යැ යූ සේ යැ.) අඟන + අන් = අඟනන්. ‘හුණන බැවින්’ ලැබුණු විබතට නිදර්ශ න නො දැක්විණ.
ටිප්පණි : 1. අරියන - ‘අරිය’ (ආරාධනයෙහි) ධාතු ‘බල’ ආදි පර: පද යි. අරියා - අරියති - ඇරියී - ඇරියු. 2. සෙමෙළේ - ‘සමර’ (සිහි කිරීමෙහි) ධාතු ‘බස්’ ආදි පර: පද යි. සමරි - සමරිති - සමළි - සමළු. සමළු = සමළ. සමළ + ඒ = සමළේ = සෙමෙළේ. 3. අනුදත්තේ - අනුදතු + ඒ. ‘අනු’ පූර්වි ‘දන්’ ධාතු ‘බස්’ ආදි පර: පද යි. අනුදනි - අනුදනිති - අනුදති - අනුදතු. 4. වැළැඳු - ‘වළඳ’ ධාතු ‘බල’ ආදි පර: පද යි. වළඳා - වළඳති - වැළැඳී - වැළැඳු. 5. සිපිහු - සිප් දතුයේ සිපි. 6. කමන්නැ - කමනු යැ. ‘කම’ ධාතු ‘බල’ ආදි පර: පද යි. කමා - කමති - කැමි - කැමූ. 7. රුස්නේ - ‘රුස්’ ධාතු ‘රක්’ ආදි පර: පද යි. රුසී - රුසිති - රිසි - රිසි.
4.විභක්ත්ය‘ධිකාරය 247
8. වුහුටු - මෙහි ‘විහිදු’ ධාතු ‘බස්’ ආදි පර: පද යි. විහිදී - විහිදිති - විහිටි - වුහුටු.
4 – 15
අරුත් වියකන්හි ‘විසින්’ විබතින් පර වැ රුසී.
තෙනෙත්හු විසින් කම් දම්.
අර්ථත : අර්ථ. ව්යාබඛ්යාරනයෙහි දී ‘විසින්’ යනු විභක්තියෙන් පර වැ අහිමත යි.
තෙනෙත්හු විසින් කම් දම්. (ත්රිථනෙත්ර්යා හෙවත් ඊශ්වරයා විසින් කාම තෙමේ දැවිණ.) විස්තර : ව්යාවකරණය අමතක කොටැ අර්ථ් ව්යානඛ්යාශනයට බට තව ද තැනෙකි. “විසින්” විබතින් පර වැ රුසී’ යැ යි කී බව මුත් “විසින්” යනු කවර පදයෙක් දැ යි නොකියැවිණ. ‘වස’ ශබ්දයට ‘ඉනි’ විබත වීමෙන් ‘විසිනි’ යනු නිපදී. වස + ඉනි = වසිනි = (ස්වර පර රූපයෙන්) විසිනි. අන්ත්යඅ ස්වර ලෝපයෙන් ‘විසින්’ යනු ද යළි ‘අ’ කාරය පැමිණීමෙන් ‘විසින’ යනු ද ලැබේ. ‘තෙනෙත්හු විසින්’ යන්නෙහි අර්ථ’ ‘ත්රි)නෙත්ර යා ගේ වශයෙන්’ යනු යි. එ හෙයින් ‘තෙනෙත්හු’ යන්නෙන් කර්ත්රරර්ථරයෙක් නො ලැබේ. ලැබෙනුයේ සම්බන්ධාර්ථ ය යි.
ටිප්පණී : 1. දම් - මෙහි ‘දා’ (දෑමෙහි) ධාතු ‘බස්’ ආදි අත්: පද යි. දැවේ - දැවෙති - දැවීණි, දැවී, දඹී - දැවිණු, දැවි,
248 සිදත් සඟරා විවරණය
දඹු. දඹි = (අන්ත්ය ස්වර ලෝපයෙන්) දම්බ් = අවසානයෙහි ව්ය්ඤ්ජන ද්වයයෙන් දෙ වැන්න ලොප් වීමෙන්) දම්. මේ නයින් මැ ‘දඹු’ යනුයෙනුදු ‘දම්’ යනු වෙයි.
4 – 16
‘සුගතිඳු හා කහි සම?’
‘වාරේ වරැ වනන් හැ සමර සමර කෙරෙයි.’
මෙ ඈහි ‘හා’ සබඳෙහි කතු විබත් රුසී.
ඉති කතු විබත්.
අර්ථක : ‘සුගතිඳු හා කහි සම?’ (සුගතෙන්ද්ර්යා හා කවරෙක් වනාහි සම ද? ‘වාරේ වරැ වනන් හා සමර සමර කෙරෙයි.’ (වැසි කාලයෙහි විරහීන් හෙවත් කාන්තා වියෝගයට පැමිණියවුන් හා ස්මර හෙවත් අනඞ්ග තෙමේ ස්මර හෙවත් යුද්ධ කෙරෙයි. (වැසි කාලයෙහි විරහීනට බලවත් රාගයෙන් පීඩා වෙති යි. යූ සේ යැ.) මේ ආදියෙහි ‘හා’ සම්බන්ධයෙන් කර්තෘය විභක්ති අභිමත යි.
කර්තෘ විභක්තිය මෙ සේ යැ.
විස්තර : ‘හා’ යන නිපාතය සමඟ යෙදෙන නාමය කතු විබත් ගෙනැ සිටිති යි මෙයින් කියත්. කාරක නාමයෙන් විභක්ති හැඳින්වීම සිනාවට කරුණු වන බවට අන්යක සාක්ෂ්යහයෙක් නුවුව මනා යැ. ‘මෙහෙයුම් ලද නොලද කිරිය කරනුයෙ කතු’ ලු. ‘සුගතිඳු හා කහි සම’ යන තන්හි සුගතිඳු කවර ක්රිියාවක් කරන හෙයින් කතු වේ ද? දෙ වන විබතැ යි කියූ කලැ මෙ බඳු විහිළුවෙක් නැඟේ ද?
4.විභක්ත්යිධිකාරය 249
සංස්කෘත ව්යා කරණය බලා ‘හා’ සබඳෙහි කතු විබත් දෙසුව ද සිංහලයෙහි ‘හා’ සබඳෙහි නොයෙදෙනුයේ පළමු වන ස වන (ආලපන) විබත් පමණෙකි.
තුන් වන විබත් :- දරුවා මවට අතින් හා පයින් හා අනී. සතර ,, ,, :- ගොනාට හා දෙනට හා තණ දෙව. පස් ,, ,, :- රුකෙහි හා ලියෙහි හා මල් පිපේ.
‘දරුවා මවට අතින් හා පයින් අනී’ යනු උමතු බසෙකි. ‘ගොනා හා දෙනට තණ දෙව’ යි කියුව හොත් හැඟෙනුයේ ගොනා හා එක් වැ දෙනට තණ දෙන්නට කියු බවෙකි. ‘රුක් හා ලියෙහි මල් පිපේ’ යනුයෙන් ලියෙහි මල් පමණක් නො වැ රුක් ද පිපෙන බවෙක් හැඟෙයි. සිංහලයට ව්යාහකරණය සැපැයියැ යුත්තේ සිංහල ව්යවහාරය විමැසීමෙනි, සංස්කෘත, මාගධ ව්යායකරණ ග්රින්ථයන් පෙරැළීමෙන් නො වේ.
4- 17
කිරිය සැපැයුමෙහි - ඉවහල් කතු කරණ නම
ඉන් එන් නෙන් ඉයුතු - වියුතු දෙ බසෙහි සම නි ද.
අර්ථඑ : ක්රිවයා සම්පාදනයෙහි දි කර්තෘාහුට අතිශයින් උපකාරි (වූයේ) කරණ නමි. ‘ඉ’ කාර යුක්ත වූ ද වියුක්ත වූ ද ඉන් - එන් - නෙන් (යනු) ද ‘නි’ යනු ද උභය වචනයෙහි සමාන යැ.
විස්තර : ක්රිදයාව සපයන්නේ කර්තෘන යැ. කර්ම- - කරණ - සම්ප්ර දාන - අවධි - ආධාර ආදීහු ඔහුට උපකාරි වෙති. ඔවුන් අතුරින් අතිශයින් මැ උපකාරි වනුයේ කරණය යි.
250 සිදත් සඟරා විවරණය
කරණාර්ථ ය හඟවන විභක්ති එකවචන බහුවචන දෙක්හි සමාන යැ. ඉන් - එන් - නෙන් යන තුන මෙ ලෙස මැ ද, ‘ඉ’ කාරයෙකින් යුක්ත වැ ඉනි - එනි - නෙනි යි ද යෙදෙයි. ‘නි’ යනු ද යෙදේ. එ කලැ ඉන් - එන් - නෙන් - ඉනි - එනි - නෙනි- නි යි එකවචන විභක්ති සතෙකි. බහුවචනයෙහි ද මේ විභක්ති මැ වෙයි.
විභක්ති දැක්වූ අයුරු නම් කිසි සේත් හොබනේ නො වේ. ඉන් - එන් - නෙන් යනු විභක්ති යි. ‘ඉ’ යුතු වැ ද යෙදෙයි. ‘නි’ ද වෙයි. මෙ සේ නො කියා, ඉන් - එන් - නෙන් යනු දී, එය ‘ඉ’ කාර යුක්ත කොටැ ගන්නට කියා, යළි ‘ඉ’ කාරය නැති කොටැ ගන්නට ද කියත්.
මෙහි යෙදෙනුයේ ‘එනි’ විබත පමණෙකි. සෙසු සියල්ල එයින් මැ සාධ්යය යැ.
1. එනි එනි 2. ‘න’ ආගමයෙන් නෙනි 3. ස්වර පර රූපයෙන් ඉනි 4. (එනි) අන්ත්ය් ස්වර ලෝපයෙන් එන් 5. (නෙනි) ,, නෙන් 6. (ඉනි) ,, ඉන් 7. (එන්) ‘අ’ පැමිණීමෙන් එන 8. (නෙන්) ,, නෙන 9. (ඉන්) ,, ඉන
‘නි’ යනු ලැබෙනුයේ ‘ඉනි’ යන්නෙහි ‘ඉ’ ලෝප වීමෙනි. අවධි අර්ථයෙහි යෙදෙනුයේ ද මේ විබත් මැ යැ. ප්රා ණිවාචි නාමයෝ මේ විබත් නො ගනිත්.
4.විභක්ත්යිධිකාරය 251
ටිප්පණී : 1. සැපැයුමෙහි - ‘සපය’ ධාතු ‘බල’ ආදි පර: පද යි. සපයා - සපයති - සැපැයි - සැපැයූ.
4 – 18
ඉන් - වතින් ගුරුන් අරියනු.
එන් - ගුණෙන් දනා සගන්නේ. නෙන් - මෙත්නෙන් වෙර පරයනු. ඉයුතු :- - ඉනි - සිතිනි වේ දුසිරි සුසුරී. එනි - නියෙනි පළට වනු. නෙනි - තැත්නෙනි බව පියවු. නි - නමවු හිය මඟනි නිවන් වන්.
විස්තර : ‘වතින් ගුරුන් අරියනු’ (ව්රිතයෙන් හෙවත් පැවැත්මෙන් ආචාර්යයන් ආරාධනය කරනු හෙවත් සතුටු කරනු.) වත් + ඉන් = වතින්. ඇරියීමට ‘වත’ ඉවහල් වූයෙන් ඒ කරණ විබත් ගනී.
‘ගුණෙන් දනා සගන්නේ’ (ගුණයෙන් ජනයනට සඞ්ග්ර හ කරන්නේ යැ.) ගුණ + එන් = ගුණෙන්. ‘මෙත්නෙන් වෙර පරයනු’ (මෛත්රීයයෙන් වෛරය පරාජිත කරනු.) මෙත් + නෙන් = මෙත්නෙන්. ‘ඉ’ කාර යුක්ත වූ තන්හි නිදර්ශෛන මෙ සේ යැ: ‘සිතිනි වේ දුසිරී සුසුරි.’ (දුශ්චරිත ද සුවරිත ද සිතින් වෙයි.) සිත් + ඉනි = සිතිනි. ‘නියෙනි පළට වනු.’ (ඥානයෙන් ප්ර්කට හෙවත් ප්ර්සිද්ධ වන්නේ යැ.) නිය + එනි = නියෙනි.
252 සිදත් සඟරා විවරණය
‘තැත්නෙනි බව පියවු.’ (උත්සාහයෙන් සංසාරය දුරු කරවු.) තැන් + නෙනි = තැන්නෙනි. ‘නමවු හිය මඟනි නිවන් වන්.’ (හිත මාර්ග යෙන් නිර්වා)ණයට පැමිණියහු වඳිවු.) මඟ + නි = මඟනි. වතින - ගුණෙන - මෙත්නෙන යනාදි රූපයෝ ද සාධූහු මැ යැ. ‘වතින්’ යන ඈ විසින් සිටි කලැ අන්තයෙහි ‘අ’ කාරය පැමිණීමෙන් ඔහු සිදු වෙත්. වතිනි - වතින් - වතින - වත්නි - වත්තෙනි - වත්නෙන් - වත්නෙන යන රූප සතින් කුමක් වුව ද සුදුසු වෙයි. මේ සියල්ල සිදු වනුයේ එක මැ ‘එනි’ විබතිනි.
වත් + එනි = (‘න’ ආගමයෙන්) = වත්නෙනි = (අන්ත්යස ස්වර ලෝපයෙන්) = වත්නෙන් = (‘අ’ පැමිණීමෙන්) = වත්නෙන වත් + ඉනි = (ස්වරාරොහණයෙන්) = වතිනි (අන්ත්ය් ස්වර ලෝපයෙන්) = වතින් (‘අ’ පැමිණිමෙන්) = වතින (‘ඉ’ ලෝපයෙන්) = වත්නි
ටිප්පණී : 1. සගන්නේ - ‘ස’ පූර්ව ‘ගන්’ ධාතු යි. ‘බස්’ ආදි පර: පද යි. සගනී - සගනිති - සගති - සගතු. 2. පරයනු - ‘පරය’ ධාතු ‘බල’ ආදි පර: පද යි. පරයා - පරයති - පැරැයී - පැරැයූ. 3. පියවු - ‘පිය’ ධාතු ‘බල’ ආදි පර: පද යි. පියා - පියති - පියී - පියු. 4. නමවු - මෙහි ‘නම’ ධාතු ‘බල’ ආදි පර: පද යි. නමා - නමති - නැමී - නැමු.
4.විභක්ත්ය‘ධිකාරය 253
4 – 19
‘සැර දේ නුවන් මිණි පඬුරින් - ඈ උපලකුණූ අරුත්හි ද මෙ විබත් රුසී. ඉති කරණ විබත්.
අර්ථක : ‘නුවන් මිණි පඬුරින් සැර දේ’ (යන) ආදි උපලක්ෂණාර්ථ යෙහි ද මේ විභක්තිය අභිමත යි.
කරණ විභක්තිය මෙ සේ යැ.
විස්තර : නයන (ඇස්) නමැති මිණි පඬුරින් (මණි පඬුරු ලැබැ) බොහෝ කල් ජීවත් වෙව - සියල්ලන් ගේ ඇස් තොප දෙසට යොමා බලන බැලුම් ලැබෙමින් බොහෝ කල් වසව යනු ‘සැර දේ නුවන් මිණි පඬුරින්’ යන්නෙහි අර්ථ යි. ශ්රීිමතකු දෙස සියල්ලන් බලනු සිරිති. එ සේ බලන්නවුන් ගේ ඇස් ඔහු දෙසට හැරැවූ කලැ, ඒ ඇස් ඔහුට දෙනු ලබන මිණි පඬුරු වැනි වේ.
මේ උපලක්ෂණාර්ථියෙහි කරණයට නිදර්ශනන යි. උපලක්ෂණ නම් සමීපස්ථ ලක්ෂණය යි. මේ ආශිර්වානදය කරන ලද්දේ යමකුට ද ඔහු ගේ උපලක්ෂණය වූ කලි අනුන් ගේ නුවන් මිණි පඬුරු ලැබීම යි, හෙවත් අනුන් විසින් සම්භාවනයෙන් බලනු ලැබීම යි. හේ ඒ උපලක්ෂණයෙන් යුක්ත වෙයි. නුවන් මිණි පඬුරු සැර දීමට ඉවහල් නුවුව ද උපලක්ෂණ වන බැවින් කරණ විබත යෙදිණ.
ටිප්පණී : 1. දේ - දෙහි = (ස්වර පූර්ව් රූපයෙන්) දෙහෙ = (‘හ’ ලෝපයෙන්) දෙ + එ = (ස්වර්ණැ දීර්ඝ යෙන්) දේ.
254 සිදත් සඟරා විවරණය
මෙහි ‘දෙ’ ධාතු ජීවත් වීමෙහි වැටේ; ‘බස්’ ආදි පර : පද යි, දේ - දෙති - දිනි - දුනු.
4 – 20
දන් ඈ ලබනුයේ - පිණිස නිසි හා සපදන්
හටෙ’ කතැ අනට බුහු බසැ - ට නැතෙ යෙදු කම් විබත්.
අන්වය: (අපරාර්ධයෙහි) එකතැ හට. බහු බසැ අනට. ‘ට’ නැත එ යෙදු කම් විබත්.
අර්ථ : දාන ආදිය ලබන්නේ ද ‘පිණිසැ’ යන්නට නිසි වුයේ ද සම්ප්රබදාන යි. එකාර්ථබයෙහි ‘හට’ (වෙයි.) බහු වචනයෙහි ‘අනට’ වෙයි. ‘ට’ නැත හොත් ඒ (‘ට’ යන්න) යෙදු කර්මට විභක්ති (ද වෙයි.)
විස්තර : දානාදිය ලබන්නේ සම්ප්රනදාන යි. එ හෙයින් දානාදිය ලබන්නහු හඟවන නාමය සම්ප්රබදාන විභක්ති ගනී. ‘පිණිසැ’ යන නිපාතය හැ යෙදීමට සුදුසු වූ නාමයට ද සම්ප්ර දාන විභක්ති යෙදේ.
‘දාන’ නම් දීම යි. ‘දන් ඈ’ යන තන්හි ‘ඈ’ සදින් කිමෙක් ගැනිණි ද යනු ව්යාටඛ්යා්න කාරයෝ ඉඳුරා නො කියති. ‘ආදි’ ශබ්දයෙන් කර්තෘක තෙමේ යමක්හු උදෙසා ක්රිායාව කෙරේ නම් ඒ ක්රියයොද්දෙශ්යත තැනැත්තේ ද හෙවත් ක්රිහයායෙන් උදෙසනු ලබන තැනැත්තේ ද සමුප්රයදාන නම් වේ’ යනු එක් ව්යාහඛ්යානනයෙකැ එයි. එහෙත් මෙහි ලැබීමෙක් නො පැනේ. ‘දන් ඈ ලබනුයේ’ යැ යි කී හෙයින් ගත යුත්තේ ලබන්නෙක් මැ යැ.
4.විභක්ත්ය ධිකාරය 255
‘පිණිස නිසි’ නම් ‘පිණිස’ යන්න යෙදීමට සුදුසු තැනි, ‘පිණිසැ’ යෙදු තැන නො වේ.
‘ට’ කාරය නැත හොත් එය යෙදු සියලු කර්ම’ විභක්ති මෙහි යෙදේ. එ මතු නො වෙයි. එක බසැ ‘හට’ යනු ද බුහු බසැ ‘අනට’ යනු ද ලැබේ. අ - උ - ආ - හු - ට යන මේ යැ එකවචන කර්මැ විභක්ති. ‘හට’ යනු ද නැති තන්හි ‘ට’ යෙදූ මේ කර්ම- විභක්ති ද ගත් කලැ හට - අට උට - ආට - හුට - ට යැ යි සම්ප්ර‘දානෛකවචන විභක්ති සයෙක් වෙයි. ‘අනට’ යනු ද නැති තන්හි ‘ට’ යෙදු උන් - න - ආන - න් - නට - අන් යන බහුවචන කර්මහ විභක්ති ද ගත් කලැ අනට - උන්ට - නට - ආනට - න්ට - අන්ට යැ යි බහුවචන විභක්ති ද සයෙක් ලැබේ.
මේ විභක්ති දැක්වීම අශාස්ත්රීයය යැ. ‘හට’ යනු විභක්තියෙක් නො වේ. සම්ප්රසදානාර්ථරය හඟවන නිපාතයෙකි.
‘මේ නම වෙති දැනැ ගන්නේ හට ගුරුළු’ ‘හිමියන් හට දෙ ගුරු’
යනාදි ප්රනයොගයන් ගෙන් එ බව ස්ඵුට වෙයි. ගුරුළු හට - දෙ ගුරු හට යන තන්හි ‘හට’ යනු විභක්තියෙක් වේ නම්, හට ගුරුළු - හට දෙ ගුරු යනාදියක් කිසි සේත් යෙදියැ හැකි නො වේ.
පුතු හට - පියා හට - යන්නහු හට - මහතුන් හට - හීනයන් හට යනාදි අනෙක ස්ථානයෙහි ‘හට’ යනු විභක්තියෙකින් පර වැ සිටී. නොඑ සේ යැ යි කියත් හොත් උහට - ආහට - හුහට උන්හට - අන්හට යනාදි විභක්ති රූප ද දැක්වියැ යුතු වෙයි. එ කලැ ‘හටෙ ‘කතැ’ යනු පෙරළන්නට සිදු වේ; බුහු බස්හි ද ‘හට’ යනු පෙනෙන හෙයිනි.
256 සිදත් සඟරා විවරණය
4 – 21 හට - ජර ඩවින්න විය මුවින් සිපා රැහැ උරා නිරොද තුනු කෙහට මර හට නොදෙන තෙක් තුන් දොරින් සුසිරී පිරුව යෙහේ. අට - උකටලියට දලැඳිලි දෙනු පිය සමාම්හි. උට - පෙරෙවි රජුට ආසී දේ. ආට - යදියාට දන් දෙනු. හුට - වෙළෙඳහුට බඬු දේ. ට - මෙ ගෙට සෙත් වඩම්. උන්ට - මහතුන්ට කරා පිණිපා. නට - දුඹුලෝ පරනට පිටු දෙත්. ආනට- තළා කෙළියෙහි තරඟ දෙබේරා බට පබවත වත තඹරානට නිඟා දින්. න්ට - මහත්මෝ පරඟනන්ට උර රුපුන්ට පිටු ද නො දෙත්. අන්ට - මෙහෙලියන්ට නිසෙනි හැඟි නොපවසනු. අනට - සරසවිය පුදනුවනට නිය දේ.
විස්තර : ‘ජර ඩවින්න විය මුවින් සිපා රැහැ උරා නිරොද තුනු කෙහට මර හට නොදෙන තෙක් තුන් දොරින් සුසිරි පිරුව යෙහේ.’ (ජරා නමැති ඩාකිනිය හෙවත් යකින්න ව්යානධි නමැති මුඛයෙන් විකා රසය උරා නිරොජස්ක වූ ශරීර නමැති සපය මාරයා හට නොදෙන තාක් තුන් දොරින් සුවරිතය පිරුව හොත්
4.විභක්ත්ය ධිකාරය 257
යහපත් වේ.) මර + හට = මරහට. මෙහි තුනු කෙහට දන ලබනුයේ මර යි. එ හෙයින් ‘මර’ සද සපදන් විබත් ගත.
‘උකටලියට පිය සමාම්හි දල ඇඳිලි දෙනු. (උත්කණ්ඨීතාවය හෙවත් ප්රිඋය විප්රහයොග දුඃඛයෙන් මැඬුණියට ප්රිහය සමාගමයෙහි දී ජලාඤ්ජලියක් හෙවත් දිය දොහොතක් දෙන්නේ යැ.) උකටලී + අට = උකටලීයට (හ්රිස්වයෙන්) උකටලියට.
‘පෙරෙවි රජුට ආසී දේ’. (පුරොහිත තෙමෙ රාජයා හට ආශිර්වා ද දෙයි. ) රජ + උට = රජුට. ‘යදියාට දන් දෙනු.’ යදි + ආට = යදියාට. ‘වෙළෙඳහුට බඬු දේ’ වෙළෙඳ + ආට = යදියාට. ‘මෙ ගෙට සෙත් වඩම්.’ (මේ ගෙට ශාන්ති පමුණුවම්.) ගෙ + ට = ගෙට. මෙහි දන් ඈ ලැබීමෙක් නො පෙනේ. ‘මහතුන්ට කරා පිණිපා.’ (මහාත්මයනට ප්රණණිපාත හෙවත් නමස්කාර කරවු.) මහත් + උන්ට = මහතුන්ට මෙහි දානාදියෙක් නො නො පෙනේ. ‘දුඹුලෝ පරනට පිටු දෙත්.’ (දුර්ව ලයෝ අන්යෙයනට පිට දෙති හෙවත් පිටු පස හරවති. පරනට බියෙන් පලා යෙති යි යූ සේ යැ.) පර + නට = පරනට. ‘තළා’ කෙළියෙහි තරඟ දෙබේරා බට පබවත වත තඹරානට නිඟා දින්.’ (තඩාග ක්රීදඩායෙහි හෙවත් දිය කෙළනා කලැ තරඬ්ගයන් ද්විභාග කොටැ හෙවත් දෙකට බෙදැ බටුවා වූ ප්රදභාවතිය ගේ වක්ත්රාය පද්මයනට නිග්රහහ දුන්නේ යැ, තඹර + ආනට = තඹරානට.
17
258 සිදත් සඟරා විවරණය
‘මහත්මෝ පර අඟනන්ට උර රුපුන්ට පිටු ද නො දෙත්.’ (මහාත්මයෝ පර ස්ත්රී නට ළය ද සතුරනට පිට ද නො දෙති. පර ස්ත්රීප සෙවනයක් හෝ සතුරන් කෙරෙන් පලායනයක් හෝ නො කෙරෙති යි යු සේ යැ.) රුපු + න්ට = රුපුන්ට, ‘පර’ඟන + න්ට’ යනු ද ‘පර’ ඟනන්ට’ යි වෙති යි ව්යාතඛ්යාලන කාරයෝ කියති. අක්ෂර ප්ර වෘත්ති හඳුනන්නෝ එ බඳු නිදර්ශිනයන් දීමට මැළි වෙති. සිදත් සඟරා කාරයන් එ බන්දකට නොබන බව ‘න්’ විබතට ‘අඟනන්’ යනු නිදසුන් කිරීමෙන් පෙනේ. ‘මෙහෙලියන්ට නිසෙනි හැඟි නොපවසනු’ (මහිලාවනට හෙවත් ස්ත්රීහනට නිඃශෙෂයෙන් අභිප්රා යය නොකියනු.) මෙහෙලි + අන්ට = මෙහෙලියන්ට. මෙහි දු දානාදියෙක් නො පෙනේ. ‘සරසවිය පුදනුවනට නිය දේ’ (සරස්වතී තොමෝ ජූජා කරන්නවුනට ඥානය දෙයි. පුදනු + අතට = පුදනු වනට.
ටිප්පණී : 1. ඩවින්න - ‘ඩවිනි’ යනු ප්ර කෘති යි. 2. සිපා - වහරෙහි ‘සපා’ යනු විනා ‘සිපා’ යනු නො ලැබේ. ‘සප’ (සැපිමෙහි) ධාතු ‘බල’ ආදි පර: පද යි. සපා - සපති - සැපී - සැපූ. 3. උරා - ‘උර’ ධාතු ‘බල’ ආදි පර: පද යි. උරා - උරති - ඉරි - ඉරූ. 4. දෙන - ‘දෙ’ දීමෙහි ධාතු ‘බස්’ ආදි පර: පද යි. දේ - දෙති - දිනි - දුනු.
4.විභක්ත්ය‘ධිකාරය 259
5. පිරුව - මෙහි ‘පුර’ ධාතු ‘බල’ ආදි පර: පද යි. පුරා - පුරති - පිරි - පිරූ. 6. යෙහේ - ‘යහ’ (සුදුසු වීමෙහි) ධාතු ‘බම’ ආදි උභය පද යි. (පර : පද) යහා -යහති - යිහී - යුහු. (අත් : පද ) යෙහේ - යෙහෙති.
7. සමාම්හි - සම + ගම් (සමාගම) = (‘හ’ ආදෙශයෙන්) සම + හම් - = (‘හ’ ලෝපයෙන්) සම + අම = (ස්වර්ණි දීර්ඝ යෙන්) සමාම්.
8. වඩම් - මෙහි ‘වඩ’ ධාතු ‘බල’ ආදි පර: පද යි. වඩා - වඩති - වැඩී - වැඩූ. 9. දෙබේරා - ‘දෙ’ යනු උප පද කොටැ ඇති ‘බේර’ ධාතු යි. ‘බල’ ආදි පර: පද යි. දෙබේරා - දෙබේරති - දෙබේරී - දෙබේරූ. 10. බට - ‘බස්’ ධාතු පර : පද යි. බසි - බසිති - බටි - බටු. ‘බස්’ ආදි ගණයෙහි විශෙෂ ලක්ෂණය නම් අයුහි ධාත්වන්තයට ආදෙශයක් හෝ ආගමයක් හෝ වීම යැ. ‘බස්’ ධාතුයෙහි ‘ස’ කාරයට ‘ට’ කාරාදෙශ වෙයි. අයුහි විභක්ති ඉ - උ යනු යි. 11.දින් - දිනි = (අන්ත්යත ස්වර ලෝපයෙන්) දින්. 12. නිසෙනි - නිඃශෙෂාථියෙහි ‘නිසේ’ යනු වෙයි. නිසේ + ඉනි = (‘ඉ’ ලෝපයෙන්) නිසේ + නි (හ්රකස්වයෙන්) නිසෙනි. ‘ඉතිරි නො කොටැ’ යනු අර්ථඉ යි.
4 - 22
‘පිණිස’ නිසි තැනැ ‘අට’
සටනට නික්මිණි. මඟුලට සැරැසිණි. බුජ නම් මැවිණි දෙන්නට ද කොටන්නට ද.
260 සිදත් සඟරා විවරණය
අර්ථ : ‘පිණිස’ යන්න සුදුසු තන්හි ‘අට’ (විභක්තිය වෙයි.)
‘සටනට නික්මිණි.’ (යුද්ධයට නික්මුණේ යැ.)
‘මඟුලට සැරැසිණි.’
‘බුජ නම් මැවිණි දෙන්නට ද කොටන්නට ද.’ (ඟුජය හෙවත් අත දීමට ද කපන්නට හෙවත් සතුරනට පහර දෙන්නට ද මැවුණේ යැ.)
විස්තර : ‘පිණිස නිසි හා සපදන්’ යැ යි පෙරැ මැ කියන ලද. එයින් ගැනෙනුයේ ‘පිණිස’ යන්න යෙදෙන තැන නො වේ; ‘පිණිස’ යන්න යෙදීමට සුදුසු තැන යි. එ බඳු තන්හි යෙදෙනුයේ ‘අට’ විබත යි. ‘සටනට නික්මිණි’ යනු ‘සටන් පිණිසැ නික්මිණි’ යැ යි කියන්නට සුදුසු තැනි. එ හෙයින් ‘සටනට’ යනු ‘පිණිස’ නිසි තැනෙකි. එහි ‘අට’ විබත වී යැ. ‘සටන් පිණිස’ යි කියුව හොත් ‘සටන්’ යනු දෙ වන විබත්’ (සිදත් සඟරා මතයෙන් නම් කර්මැ විභක්ති) ගත්තෙකි. ‘පිණිස’ යන නිපාතයා ගේ යෝගයෙහි දෙ වන විබත මැ යෙදේ. මඟුලට - දෙන්නට - කොටන්නට යනු ද මඟුල් පිණිසැ - දෙනු පිණිසැ - කොටනු පිණිසැ යැ යි කිමට සුදුසු තැනි.
ටිප්පණී : 1. සැරැසිණි - ‘සරස’ ධාතු ‘බල’ ආදි පර: පද යි. සරසා - සරසති - සැරැසී - සැරැසූ. කර්ම’ ප්ර යොගයෙහි සැරැසේ - සැරැසෙති - සැරැසිණි - සැරැසුණු යන විසින් වරනැඟීම වේ.
2. මැවිණි - ‘මව’ ධාතු ‘බල’ ආදි පර : පද යි. මාව - මවති - මැවි - මැවූ. කර්මර ප්ර යොගයෙහි මැවේ - මැවෙති - මැවිණි - මැවුණු යන විසින් වරනැඟීම වේ.
4.විභක්ත්ය ධිකාරය 261
3. කොටන්නට - මෙහි ‘කොට’ ධාතු කැපීමෙහි වැටේ; ‘බල’ ආදි පර: පද යි. කොටා - කොටති - කෙටී - කෙටු.
4 – 23
මේ අරුත්හි ‘වස්’ යනු ද රුසී. ‘බුදු වන්න වස්’ - ඈ ගී ඉති සපදන් විබත්.
අර්ථස : මේ (පිණිස) අර්ථ යෙහි ‘වස්’ යනු ද අභිමත යි. ‘බුදු වන්න වස්’ (බුදු වීම පිණිස) යනාදි ආකාර යි.
සම්ප්රදදාන විභක්තිය මෙසේ යැ.
විස්තර : ‘බුදු වන්න වස්’ යනු ‘බුදු වන්නට’ යනු හා සමාන යැ. එ ද ‘බුදු වනු පිණිසැ’ යන අර්ථකය මැ ප්රරකාශ කෙරෙයි. එ හෙයින් ‘වස්’ යනු ‘පිණිසැ’ යන අර්ථ්යෙහි යෙදෙන නිපාතයෙකි. ‘වන්න’ යනු එය හැ යෙදෙන දෙ වන විබත් ගත් පදයෙකි. වනු + අ = වන්න. ‘වීම’ යනු අර්ථි යි. ‘වස් යනු ප්රතත්යරයයෙක් නො වේ.
සංස්කෘත, මාගධ භාෂාවන්හි වන ‘තුම්’ ප්රශත්ය.යාන්ත කෘදන්ත නිපාතයනට සමාන වූවක් සිංහලයෙහි නො වෙති යි ද ඒ වෙනුවට යනු - කරනු ආදි භාව කෘදන්ත - යනට (පිණිසැ නිසි තැනට යෙදෙන) ‘අට’ යන්න යෙදීමෙන් යන්නට - කරන්නට යනාදිය සැපැයෙති යි ද සූක්ෂ්ම දර්ශ ක මහා පණ්ඩිතයෝ වදාරති. ඔවුන් ගේ මෝහය කො තරම් මහත් ද? ‘නුව’ ප්රිත්යනයාන්ත යනුව - කරනුව යනාදි කෘදන්ත නිපාතයන් සංස්කෘතයෙහි ‘තුම්’ ප්රිත්යනයාන්තයනට සාකල්යායෙන් සමාන බව ඔහු අද ද නො දනිත්.
262 සිදත් සඟරා විවරණය
4 – 24
පද අත් පැවැත්මට - හිමි වුයේ අවදි නම්
කරණ විබත් ද ගෙන් යුත් - ට නට විනා කම් විබත්.
අර්ථ : පදාර්ථ යා ගේ පැවැතීමට සීමා වූයේ අවධි නමි. කරණ විභක්ති ද ‘ගෙන්’ යන්නෙන් යුක්ත වූ ‘ට’ ‘නට’ නැත්තා වූ කර්මද විභක්ති ද (මෙහි වෙයි.)
විස්තර : පදාර්ථබයක්හු ගේ පැවැත්ම නම් ක්රිමයාවෙකි. ක්රිතයාවකට සීමාව අවධි නම් වේ.
මේ අර්ථ්යෙහි සියලු කරණ විභක්ති ද ‘ගෙන්’ යනුයෙන් යුක්ත වූ කර්මර විභක්ති ද යෙදේ. කර්මව විභක්ති අතුරින් ට - නට යනු නො ගැනේ. එ හෙයින් ඉන් - එන් - නෙන් - ඉනි - එනි - නෙනි - නි යන මේ දෙ බස්හි සම වැ ද අ ගෙන් - උ ගෙන් - ආ ගෙන් - හු ගෙන් යනු එක් බස්හි ද උන් ගෙන් - න ගෙන් - ආන ගෙන් - න් ගෙන් - අන් ගෙන් යනු බුහු බස්හි ද ලැබෙනු වෙයි.
සත්යනය මෙයින් අන්ය් වේ. අවධී අර්ථනය හඟවන අමුතු විභක්තියෙක් නො වේ. කරණාර්ථනය යම් විබතෙකින් ලැබේ ද අවධි අර්ථනය ලැබෙනුයේ ද ඒ විබතින් මැ යැ. සිංහල ව්යා කරණයෙහි ඒ තුන් වැනි විබත යි. ප්රාදණි වාචි ශබ්දයෝ එය නො ගනිත්.
ගෙන් යනු විබතෙක් නො වේ: කරණ අවධි අර්ථවයන් හඟවන නිපාතයෙකි. ප්රා.ණිවාචි ශබ්ද විෂයයෙහි කරණාවධි අර්ථනයන් හැඟැවෙනුයේ මේ නිපාතයෙනි.
4.විභක්ත්යණධිකාරය 263
ටිප්පණී : 1 පැවැත්මට - ‘පවත්’ ධාතු ‘රක්’ ආදි පර: පද යි. පවති - පවතිති - පැවැති - පැවැති.
4 - 25
ඉන් - කතක් මහසතු සෙලින් හෙළූ.
එන් - දෙව්දත් දැහැනෙන් පිරිහිණි. නෙන් - රුක්නෙන් හිණි විලිමුවා. අගෙන් - හිරියගෙන් තොරි නිවට. උගෙන් - සොරුගෙන් බිය වේ. ආගෙන් - නොතහවුරු පරාගෙන් ගතු. හුගෙන් - ස වනක් කදුඹු මුනිඳුහුගෙන් දිවේ.
මේ ඈ යොදනු.
විස්තර : ‘කතක් මහසතු සෙලින් හෙළූ’ (කාන්තාවක් තොමෝ මහාසත්ත්වයා හෙවත් බෝසත්හු ශෛලයෙන් හෙවත් පර්ව.තයෙන් හෙළුවා යැ.) සෙල් + ඉන් = සෙලින්. ‘සෙලිනි’ යනු දු යෙදෙයි. මෙහි පදාර්ථ ප්රෙවර්ත නය නම් හෙළිම යි. එයට සීමා වූයේ සෙල යි. එ හෙයින් එය හඟවන නාමය අවදි විබත් ගෙනැ සිටියේ යැ.
‘දෙව්දත් දැහැනෙන් පිරිහිණි.’ (දෙවදත්ත තෙමේ ධ්යාානයෙන් පිරිහුණේ යැ.) දැහැන + එන් = දැහැනෙන්. ‘දැහැනෙනි’ යනු දු වෙයි.
‘රුක්නෙන් හිණි විලිමුවා.’ (වලීමුඛ හෙවත් වානර තෙමේ රුකින් වැටුණේ යැ.) රුක් + නෙන් = රුක්නෙන්.
264 සිදත් සඟරා විවරණය
‘නිවට හිරියගෙන් තොරි.’ (නිර්ග්රවන්ථ තෙමේ ලජ්ජායෙන් තොර යැ.) හිරි + අගෙන් = හිරියගෙන්. ‘සොරුගෙන් බිය වේ.’ සොර + උගෙන් = සොරුගෙන්. ‘පරාගෙන් ගතු නොතහුවුරු.’ (අන්ය+යා ගෙන් ගන්නා ලද්ද ස්ථාවර නො වේ.) පර + ආගෙන් = පරාගෙන්. ‘මුනිඳුහුගෙන් සවනක් කදුඹු දිවේ.’ (මුනීන්ද්රායා ගෙන් ෂඩ්වර් හයක් රශ්මි ධාවනය කෙරෙයි - විහිදෙයි.) මුනිඳු + හුගෙන් = මුනිඳුහුගෙන්. නිදර්ශධන දක්වා වෙහෙසට පැමිණි ලෙසත් හඟවමින් ‘මෙ ඈ යොදනු’ (මේ ආදිය යොදන්නේ යැ) යි නවතිති. එක මැ විභක්තිය දෙ තුන් පළෙහි ලියා ගනිමින්, විභක්තින් නිපාතත් එක් කොටැ ගෙනැ, නැති විභක්ති උපදවමින් නිදර්ශආන දෙන කලැ නැවැත්වියැ යුත්තේ රාජාඥායෙනි; තුමූ මැ විඩාවට පැමිණැ නවත්වත් නම් කො තරම් සැනැසිල්ලෙක් ද?
ටිප්පණී : 1. හෙළූ - ’කතක්’ යන උක්තය එකවචන වුව ද ස්ත්රීෙලිඞ්ග වන හෙයින් ආඛ්යාහතය බහුවචන වි. අතීතඛ්යාකත විෂයයෙහි මේ සිංහල රීති යි. ‘හෙළ’ ධාතු ‘බල’ ආදි පර: පද යි. හෙළා - හෙළති - හෙළී - හෙළූ 2. පිරිහිණි - ‘පිරි’ පූර්ව් ‘හෙ’ ධාතු යි, ‘පිහිට’ ආදි අත්: පද යි. පිරිහේ - පිරිහෙති - පිරිහිණී - පිරිහුණු. 3. හිණි - ‘හෙ’ ධාතු ‘පිහිට’ ආදි අත් පද යි. හේ - හෙති - ගිණි - හුණු.
4.විභක්ත්ය’ධිකාරය 265
4. තොරි - තොර + යි = (‘ය’ ලෝපයෙන් = තොර + ඉ = (පූර්වි ස්වර ලෝපයෙන්) තොරි. 5. නිවට - නිර්ග්ර න්ථ නම් නිර්වතස්ත්ර තාපස විශෙෂයෙකි. ‘ක්ලෙශ ග්රයන්ථ (කෙලෙස් ගැට) නැති හෙයින් නිර්ග්ර න්ථ වම් හ’යි තුමු මැ යෙති.
4 – 26
මෙ අරුත්හි ‘තෙක්’ ‘දක්වා’ යනු ද රුසී.
‘දිය තෙක් සෙවණ බඳනා-‘ ‘පැළැලුප් නුවර දක්වා වහරේ වටි -‘ ඈ ගී.
අර්ථප : මේ අර්ථ යෙහි ‘තෙක්’ ‘දක්වා’ යනු ද අභිමත යි.
‘දිය තෙක් සෙවෙණ බඳනා -’ (ලෝකය තාක් සෙවණ බඳින්නා වූ -)
‘පැළැලුප් නුවර දක්වා වහරේ වටි’ (පාටලීපුත්රය නගරය දක්වා වැසි වටුයේ යැ) යන ආදි ආකාර යි.
විස්තර : ‘තෙක් ‘ යන මූල නිපාතය ද ‘දක්වා’ යන නිෂ්පන්න නිපාතය ද සීමාව හඟවන්නේ යැ. සිමාව හඟවන බව මුත් අවධි අර්ථදයක් මෙහි නැති. පටන් ගන්නා සිමාව යැ නවත්නා සීමාව යැ යි ක්රිථයාවට සීමා දෙකෙකි. අවධී නම පටන් ගන්නා සීමාව යි. එය නොවන හෙයින් ‘දියි තෙක්’ යන තන්හි හෝ ‘පැළැලුප් නුවර දක්වා’ යන තන්හි හෝ අවධියෙක් නො වේ.
අවධි අර්ථය පමණක් නො වැ එය හඟවන විභක්තිය ද මෙහි නොසිටියේ යැ. ‘දිය තෙක්’ යන තන්හි
266 සිදත් සඟරා විවරණය
‘දිය’ යනු දෙ වන විබත් ගත්තෙකි. ‘තෙක්’ නිපාත යෝගයෙහි ඒ යෙදෙයි. ‘නුවර දක්වා’ යන තන්හි ‘නුවර’ යනු ද දෙවන විබත් ගත්තේ යැ. ‘දක්වා’ යන අතීත කෘදන්ත නිපාත යෝගයෙහි ‘නුවර’ යනු කර්ම යි.
සීමාව ඇතුළු වන තන්හි ‘තෙක්’ යනු ද බැහැරැ වන තන්හි ‘දක්වා’ යනු ද යෙදේ. ‘දිය තෙක් සෙවණ’ යැ යි කී කලැ ලෝකය නො හැරැ සෙවණ වන බව ද ‘නුවර දක්වා වහරේ වටි’ යැ කි කලැ නුවර හිමට වැසි වට නමුත් නුවරට නොවට බව ද හඟෙයි.
ටිප්පණී : 1. දක්වා - ප්ර යොජ්යබ අතීත කෘදන්ත නිපාත යි. ‘දිස්’ ධාතුවට ආදෙශ වූ ‘දක්’ යනුයෙන් සිදු වුයේ යැ.
‘දිස්’ ධාතු ‘බස්’ ආදි පර: පද යි. වත්මන්හි එයට ‘දක්’ යනු ආදෙශ වේ. දකී - දකිති - දිටී - දුටු. කම් කරුහි ධාතුවට ‘පෙන්’ යනු ආදෙශ වෙයි. පෙනේ - පෙනෙති - පෙනිණි - පෙනුණු.
අකර්මක ‘දිස්’ ධාතු ‘රක්’ ආදි උභය පද යි. (පර: පද) දිසි - දිසිති - දිසි - දිසි. (අත්: පද) දිසේ - දිසෙති - දිසිණි - දිසුණු.
ප්රියොජ්යස විෂයයෙහි දිස් - දක් - පෙන් යන තුන මැ යෙදේ. දිස්වා - දක්වා - පෙන්වා යනාදි විසිනි.
2. දිය තෙක් සෙවණ බඳනා - මේ කව්සිළුමිණි කුස දායෙන් ගැනුණේ යැ. මේ යැ සම්පූර්ණි පද්ය ය :-
‘ඔහු යෙසෙ සේ සත් - සිරි රුකුළෙ බඹ මුඳුනේ
සුර ගඟ යට’ගැ රඳනා - දිය තෙක් සෙවණ බඳනා’
4.විභක්ත්යනධිකාරය 267
ඔහු ගේ කීර්තිය, ආකාශ ගඞ්ගාව නමැති යටි අගෙහි රඳන්නා වූ සකල ලෝකයට සෙවණ කරන්නා වූ බ්රගහ්මයා ගේ මුඳුනෙහි වූ ශේවතචඡත්ර යෙකැ ආකාරය කෙළේ යැ.
සූක්ෂ්ම දර්ශකයෝ ඉර සඳ නොදක්නවුන් මෙන් ‘බඳනා’ යන්නට ‘බඬ වේ’ යැ යි අරුත් පවසති.
3. වහරේ - මේ ප්රකකෘතිය යි. ‘වැස්ස’ යනු අර්ථබ යි. 4. වටි - අතීත එකවචන ආඛ්යාිත යි. එ බව නොදන්නෝ ‘වසී’ යැ යි අරුත් බෙණෙති. ‘වස්’ ධතු ‘බස්’ ආදි පර: පද යි. වසී - වසිති - වටි - වටු.
4 - 27
‘වරින් වරැ රිවිහු කෙරෙන් සිසි දුරු වෙයි.’ මෙ ඈ වෙත් අරුත් සදින් වේ.
අර්ථ : ‘වරින් වරැ රිවිහු කෙරෙන් සිසි දුරු වෙයි’). (වාරයෙන් වාරයෙහි සූර්යයා කෙරෙන් චන්ද්ර යා ඈත් වේ.) මේ ආදිය සමීපාර්ථ ශබ්දයෙන් වේ.
විස්තර : මෙහි දුරු වීමට සීමාව වූයේ රිවි යැ. එහෙත් අවදි විබත ‘රිවි’ ශබ්දය කෙරෙන් නො වී යැ. සමීපාර්ථ ‘කර’ ශබ්දය කෙරෙන් වී. කර + එන් = කරෙන් = (ස්වර පර රූපයෙන්) කෙරෙන්. ‘හුගෙන්’ යනු මෙන් ‘හුකෙරෙන්’ යනුත් විබතෙකැ යි නොකීවා පුදුමයෙකි.
268 සිදත් සඟරා විවරණය
4 - 28
‘නරන් කෙරෙන් කැත් උකට’ ‘රුවනතුරින් මහඟු රත් මැණ’ ‘යන්නන්ගෙන් දාවා සෙදහල්’ මෙ ඈ නිදරණ ‘රුතැ අවදි විබත් රුසී.
අර්ථ : ‘නරන් කෙරෙන් කැත් උකට.’ මනුෂ්ය යන් අතුරින් ක්ෂත්රි‘ය තෙමේ උත්කෘෂ්ට යි.) ‘රුවන් අතුරින් රත් මැණ මහඟු’ (රත්නයන් අතුරින් රක්ත මාණික්යයය මාහාර්ඝෙ යි.) යන්නන් ගෙන් දාවා සෙදහල්.’ (යන්නවුන් අතුරින් දුවන්නේ ශිඝ්රා යි.)
මේ ආදි නිර්ධාරණාර්ථයෙහි අවධී විභක්තිය අභිමත යි.
විස්තරය : ‘නරන් කෙරෙන්’ යන තන්හි අවදි නමින් ගැනෙන විබත යෙදුණේ ‘කර’ ශබ්දයට යැ ‘රුවන - තුරින්’ යන තන්හි ‘අතුරු’ ශබ්දයට විබත යෙදිණ. ‘යන්නන්ගෙන්’ යන තන්හි සිදත් මතයෙන් අවදියට අයත් අන්ගෙන් විබත වි යැ. පද අත් පැවැත්මට හිමක් මෙහි නැත ද නිර්ධාරණයක් වන හෙයින් මේ විබතට තැන් වී යැ. නිර්ධාරණ නම් කිමෙක් ද යනු ඉක්බිති වැ කියැවෙයි.
4 – 29
දෑ ගුණ කිරිය ලකුණෙන් සමුදයින් එක් දෙසක්හු වෙන් කිරීම් නිදරණ නම්.
අර්ථ : ජාති ගුණ ක්රි යා ලක්ෂණයෙන් සමුදායයෙකින් (සමූහයෙකින්) ඒක දෙශයක් (එක් කොටසක්) වෙන් කිරීම නිර්ධාරණ නමි.
4. විභක්ත්යිධිකාරය 269
විස්තර : ජාති ලක්ෂණයෙන් හෝ ගුණ ලක්ෂණයෙන් හෝ ක්රිකයා ලක්ෂණයෙන් හෝ සමූහයෙකින් එක් පෙදෙසක් වෙන් කරනු ලැබේ නම් ඒ නිර්ධාරණ යි. මනුෂ්ය යන් අතුරින් ක්ෂත්රි්යයා උත්කෘෂ්ට යැ යි කී කලැ. මනුෂ්යධ සමූහයා අතුරින් එක් කොටසෙක් උතකෘෂ්ට යැ යි වෙන් කරන ලද්දේ යැ. එ සේ වෙන් කරන ලද්දේ ක්ෂත්රිැය නම් වූ ජාති ලක්ෂණයෙනි. රත්නයන් අතුරින් එක් රත්න විශෙෂයෙක් මහාර්ඝර යැ යි වෙන් කැරුණේ රත් බව නම් වූ ගුණ ලක්ෂණයෙනි. දිවීම නම් ක්රිියා ලක්ෂණයෙන් යන්නන් ගෙන් එකෙක් වෙන් කරන ලද්දේ යැ.
4 - 30
‘බමුණු බරණැසැ සිටැ එයි.’ මෙ ඈ හිම් වුව ද පද’තුරු සසඟින් අන් විබත් ගනි. ඉති අවදි විබත්.
අර්ථ : ‘බමුණු බරණැසැ සිටැ එයි. මේ ආදිය (පද + අතුරු) පදාන්තර සංසර්ගියෙන් (අන්ය පදයක් එක් වීමෙන්) අන්ය+ විභක්තියක් ගනී.
අවධි විභක්තිය මෙ සේ යැ.
විස්තර : ‘බුමණු බරණැසින් එයි’ යනු ද ‘බමුණු බරණැසැ සිටැ එයි. යනු ද අර්ථයෙන් සමාන යැ. දෙ තන්හි මැ ඊම් සඞ්ඛ්යා ත ක්රි‘යාවට හිමි වූයෙන් බරණැස අවධි යැ. ‘බරණැසින්’ යනු අර්ථයට සුදුසු සේ අවධි විභක්තිය මැ ගෙනැ සිටියේ යැ. එහෙත් ‘බරණැසැ’ යන තන්හි වූයේ අන්යය විභක්තියෙකි. එ නම් පස් වන (ආධාර) විභක්තිය යි. කවර හෙයින් මෙ සේ වී ද? ‘සිටැ’ යන අන්යත පදයක් එකතු වූ හෙයිනි. දැන් ‘බරණැසැ’ යනු ‘සිටැ. යන්නට ආධාර යැ.
270 සිදත් සඟරා විවරණය
‘බුදු වන්න වස්’ යන නිදර්ශ නය දක්වන තන්හි දූ පද’තුරු සසඟින් අන් විබත් ගන්නා ධර්ම’ය මතක් වී නම්, මහත් වැඩෙක් වූයේ වෙයි.
ටිප්පණී : 1. එයි - ඒ + යි = (හ්ර්ස්වයෙන්) එයි. මෙහි ‘යි’ යනු අර්ථාවසානයෙහි නිපාත යි. ‘ඒ’ යනු ආඛ්යා්ත යි. ‘යි’ පර කල්හි පූර්වු දිර්ඝැය හ්රථස්ව වේ. ‘එ’ (ඊමෙහි) ධාතු ‘බල’ ආදි පර: පද යි. ඒ - එති - අයි - අවු.
4 – 31
සබඳ වෙසෙසන වත - උනුන් පිළිබඳ වත්නෙන් සපදන් සව් විබත් කම් - ගෙ යුතු වියුතු ද සම වේ.
අන්වය : (අපරාර්ධයෙහි සව් සපදන් විබත් (ද) ‘ගෙ’ යුතු වියුතු ද සම කම් (ද) වේ.
අර්ථම : අන්යොවන්යත ප්රසතිබද්ධ වූ වස්තු අතුරින් විශෙෂණය කරන්නා වූ වස්තුව සම්බන්ධ යි. සියලු සම්ප්රිදාන විභක්ති (ද) ‘ගෙ’ යුක්ත වැ ද වියුක්ත වැ ද සමාන වූ ර්කර (විභක්ති ද) වෙයි.
විස්තර : ‘රජු ගේ පිරිස්’ යැ යි කී තන්හි අන්යො න්ය ප්රෙතිබද්ධ වූ (උනුන් හා බැඳුණා වූ) වස්තු දෙකෙකි. එකෙක් නම් රජ යැ. අනෙක නම් පිරිස යැ. ඇමැතියා ගේ පිරිස් - සිටුහු ගේ පිරිස් ඈ විසින් වියැ හැකි නානාවිධ පිරිස් අතුරින් වෙසෙසැ හැඳිනැ ගැන්මට ‘රජු ගේ’ යනු වහල් වෙයි. ‘රජු ගේ’ යනු ‘පිරිස්’ යන්න වෙසෙසයි. මෙ සේ වෙසෙසන හෙයින් ‘රජු ගේ’ යනු සම්බන්ධ යැ.
4.විභක්ත්ය ධිකාරය 271
මෙහි සියලු සම්ප්ර දාන විභක්තීහු වෙති. ‘ගේ’ යනුයෙන් යුක්ත වූත් වියුක්ත වූත් කර්ම විභක්තීහු ද වෙත්. ‘සපදන් සව් විබත්’යැ යි වෙසෙසා කී හෙයින් ද කර්මම විභක්තීනට මුත් සම්ප්රකදාන විභක්තීනට ‘ගේ’ යුක්ත කරන්නට නොකී හෙයින් ද සම්ප්රකදාන ලක්ෂණය වූ ‘ට’ යන්නෙන් යුත් විභක්තීනට ‘ගේ යනු යුක්ත නො වේ. හට - අට - උට - ආට - හුට - ට යන සම්ප්ර්දාන එකවචන විභක්ති ද අ - උ - ආ - හු යන කර්මව එකවචන විභක්ති ද එ මැ ‘ගේ’ යුක්ත වූ කලැ ලැබෙන අගේ - උගේ - ආගේ - හුගේ යන විභක්ති ද සම්බන්ධ එකවචනයෙහි වේ. අනට - උන්ට - නට - ආනට - න්ට - අන්ට යන සම්ප්රටදාන බහු වචන විභක්ති ද උන් - න - ආන - න් - අන් යන කර්මද බහුවචන විභක්ති ද එ මැ ‘ගේ’ යුක්ත වූ කලැ ලැබෙන උන්ගේ - නගේ - ආනගේ - න්ගේ - අන්ගේ යනු ද සම්බන්ධ බහුවචනයෙහි වේ. ව්යාචඛ්යා්න කාරයෝ සපදන් කම් විබත් සව් යැ යි පාඨය අශුද්ධ කොටැ ගනිති. එයට අනුවැ නම්, හටගේ - අටගේ - උටගේ - ආටගේ - හුටගේ - අනටගේ - උන්ටගේ යනාදිය ද සම්බන්ධ විභක්ති රූප සේ ගත් යුතු වෙයි. සම්බන්ධ යැ යි අමුතු විභක්තියක් දැක්වීම සිංහල ව්යාාකරණයට කිසි සේත් අවශ්යම නො වේ. ‘ගෙන්’ යනු මෙන් මැ ‘ගේ’ යනු ද විභක්තිය හැ මඳ වූ ද සම්බන්ධයක් නැති නිපාතයෙක් වේ නම්, අ - උ - ආ - හු යනාදිය දෙ වන විභක්ති වේ නමු, අට - උට - ආට - හුට යනාදිය සිවු වන විභක්ති වේ නම්, ඒ සියල්ල එක් තැන් කොටැ විශෙෂ විභක්තියක් ලෙස දැක්වීම කෙසේ නම් ශාස්ත්රීමය වේ ද? සබඳ අරුත්හි දෙ වන විබත්, සබඳ අරුත්හි සිවු වන විබත් යැ යි කී කලැ කවර හානියෙක් ද? ඇති
272 සිදත් සඟරා විවරණය
තාක් අර්ථ බලා ඒ එක එකට විශෙෂ විභක්තිය බැගින් නියම කරන්නට ගිය හොත් තවත් විභක්ති රාශියක් දැක්වියැ හැකි යැ. නිර්ව්ත්යඇ විභක්ති - විකාර්ය විභක්ති - ප්රායප්ය්බැ විභක්ති - ඊප්සිත විභක්ති - අනීප්සිත විභක්ති - උදාසීන විභක්ති - අකථිත විභක්ති - අත්යන්ත සංයොග විභක්ති - ඉත්ථීම්භූත විභක්ති - විනායොග විභක්ති - හා සබඳ විභක්ති - උපලක්ෂණ විභක්ති - දාන විභක්ති - ප්ර දාන විභක්ති - සම්ප්ර දාන විභක්ති - පිණිස නිසි විභක්ති - වස් විභක්ති - නිර්ධාරණ විභක්ති යනාදි විසිනි.
4 – 32
හට - කදෝ කිමි තමහට කිස තබා අඹරෝරට නැඟේ.
අට - තිලොවට ගුරු. උට - මුනි හිරුට විනේ තඹරහු සුපක්හු. ආට - කුලුණැතියාට කෙ පරහු. අගේ - ගිරි දුවගේ හිමි නිල්ගෙලේ. උගේ - සඳුගේ පිත් සොමි. ආගේ - තුනුවඟාගේ පසසරා සරා සඳ මඳ මරු වසත් වන ඈ. හුගේ - සෑසිහුගේ කහ වෙස් දැරීමෙහි තිවට හන් සළු පිළිගත්. ගෙවියුත් අ- සිරි වමිය පියතම උවිඳු. ගෙවියුත්ආ- හුණමින් ගුම් දුමයොනා මියුරු රඟ ගත්. ගෙවියුත් හු- රජහු අණ නො ලඟු. මෙ ඈ යොදනු.
4. විභක්ත්ය ධිකාරය 273
විස්තර : ‘කදෝ කිමි තමහට කිස තබා අඹරෝරට නැඟේ.’ (ඛද්යො ත කෘමි හෙවත් කණමැදිරි තෙමේ තමා ගේ කෘත්යතය තබා ආකාශොදරයට නැඟේ.) තම + හට = තමහට. තමා යැ කිස යැ යන අන්යොදන්යො ප්ර)තිබද්ධ වස්තු ද්වයයෙන් වෙසෙසන වත වන ‘තම’ මෙහි සම්බන්ධ යි. ‘තම කිස’ යනු තිබියැ දි ඒ අර්ථ යෙහි ‘තම හට කිස’ යනු සිංහලයට නුහුරු යෙදුමක් සේ පෙනේ.
‘තිලොවට ගුරු.’ තිලොව් + අට = තිලොවට ඇතැමෙක් ‘තිලෝ’ යනු ප්රොකෘතිය කොටැ ගනිති. එ කලැ ‘ව’ කාරාගමයෙන් හා හ්රකස්වයෙන් හා පද සිද්ධිය වේ. ‘ලොව්’ යනු මූල ප්රිකෘතිය බව ද ‘ව’ ලෝප, පූර්වි දීර්ඝි වීමෙන් ‘ලෝ’ යනු වූ බව ද පෙනේ. ‘මුනි හිරුට විනේ තඹරහු සුපක්හු.’ (සර්ව‘ඥ නමැති සූර්යයාට විනෙයයන් හෙවත් හික්මැවියැ යුත්තන් නමැති පද්මයෝ සුපක්ෂයෝ යැ.) හිර + උට = හිරුට. ‘කුලුණැතියාට කෙ පරහු.’ (කරුණාව ඇත්තාට කවුරු අන්යරයෝ ද හෙවත් විපක්ෂයෝ ද?) කුලුණැති + ආට = කුලුණැතියාට. ‘ගිරි දුව ගේ හිමි නිල්ගෙලේ.’ (පාර්වටතිය ගේ ස්වාමි තෙමේ නීලකණ්ඨයා හෙවත් මහෙශ්වරයා යැ.) ගිරිදු + අගේ = ගිරිදුවගේ. ‘සඳුගේ පිත් සොමි.’ (චන්ද්ර යා ගේ පුත්ර යා සෞම්යු හෙවත් බුධ යැ.) සඳ ඉ + උගේ = සඳුගේ. ‘සරා සඳ මඳ මරු වසත් වන ඈ තුනුවඟා ගේ පසසරා’ (ශරච්චන්ද්රව මන්දසමාරුත වසන්ත වන ආදිය අනඞ්ගයා ගේ පක්ෂවර යැ හෙවත් සේනාව යැ.) තුනුවඟ + ආගේ = තුනුවඟාගේ.
18
274 සිදත් සඟරා විවරණය
‘සෑසිහු ගේ කහ වෙස් දැරීමෙහි තිවට හන් සළු පිළිගත්.’ (ශාක්යුසිංහයා ගේ කාෂාය වෙශ ධාරණයෙහි හෙවත් සිවුරු දැරීමෙහි දී බ්ර හ්ම තෙමේ ඇඳි වස්ත්ර පිළිගත්තේ යැ.) සෑසි + හුගේ = සැසිහුගේ.
‘සිරි වමිය පියතම උවිඳු.’ (ශ්රී් කාන්තාව ගේ ප්රිියතම හෙවත් වල්ලභ තෙමේ උපෙන්ද්ර යා හෙවත් විෂ්ණු යැ.) ‘අ’ විභක්තිය බව ඉඳුරා කියන ලද. මෙ තන්හි පමණක් නො වේ. තව ද දෙ තැනෙක්හි ඒ එ සේ මැ කියන ලදි. එ සේ නො කියා ‘අ’ යනු මැ කියන ලද නම් කවර මහා විපත්තියෙක් සිදු වේ ද යනු අප්ර්කාශ යැ.
‘දුම් යොනා ගුම් හුණමින් මියුරු රඟ ගත්.’ (ධූමයොනිහු ගේ හෙවත් මෙඝයා ගේ ගර්ජ නය අසමින් මයූර තෙමේ නැටුම් ගත්තේ යැ.) දුම් යොන් + ආ = දුම් යොනා. ‘ගේ’ වියුක්ත වූ ‘ආ’ විභක්තිය යි. ‘රජහු අණ නො ලඟු (රජහු ගේ අඥාව උල්ලඞ්ඝනය නො කරව.) රජ + හු = රජහු. ‘ගේ’ වියුක්ත වූ ‘හු’ විභක්තිය යි.
මෙහි දු නිදර්ශ න දැක්වීමෙහි කෙළවරක් නො දැකැ ‘මෙ ඈ යොදනු’ යි කියා දිග සුසුමක් හෙළූ සැටි යැ.
ටිප්පණී : 1. තබා - ‘තබ’ ධාතු ‘බල’ ආදි පර: පද යි. තබා - තබති - තිබී - තිබූ, තුබූ. 2. කෙ - ‘කො’ යන සර්වනනාමයා ගේ ප්රකථමා බහුවචනාන්ත රූප යි. 3. දැරීමෙහි - මෙහි ‘දර’ ධාතු ‘බල’ ආදි පර: පද යි. දරා - දරති - දැරී - දැරූ.
විභක්ත්යධධිකාරය 275
මේ ධාතු ‘බම’ ආදි උභය පද ද වේ. (පර: පද) දරා - දරති - දිරි - දුරූ. (අත් : පද) දෙරේ - දෙරෙති. 4. හන් - ‘හඳ’ (හැඳීමෙහි) ධාතුයෙන් වූ අතීත කෘදන්ත නාම යි.
මෙහි ‘හඳ’ ධාතු ‘බස්’ ආදි පර: පද යි. හඳී - හඳිති - හනි - හනු. හනු = (අන්ත්ය්ස්වර ලෝපයෙන්) හන්.
5. හුණ - ‘හුණ’ (ඇසීමෙහි) ධෘතු ‘බල’ ආදි පර: පද යි. හුණා - හුණති - හිණී - හිණු. 6. ලඟු - මෙහි ‘ලඟ’ ධාතු ‘රක් ආදි උභය පද යි. (පර: පද) ලඟී - ලඟිති - ලැඟී - ලැඟි. (අත් : පද) ලැඟේ - ලැඟෙති - ලැඟිණි -ලැඟුණු.
4 – 33
‘සියපානට වඩා සේ ගමන’පා සපු මෙන්-‘
‘පැළැලුප් නුවරට රජගහා නුවර සත් යොත්නෙක්’
‘මහ බෝ මඬට ඉසාන කොන්හි රුවන් සක්මන.’ මෙ ඈහි අවදි අරුත්හි සබඳ විබත් රුසී. ඉති සබඳ විබත්.
අර්ථස : ‘සියපානට වඩා සේගමන් අපා සපු මෙන් -‘ (ශතපදීනට හෙවත් සියක් පා ඇත්තවුනට වඩා ජේක හෙවත් දක්ෂ ගමන් ඇත්තා වූ අපාද හෙවත් පා නැත්තා වූ සර්පෙයා මෙන්). ‘පැළැලුප් නුවරට රජගහා
276 සිදත් සඟරා විවරණය
නුවර සත් යොත්නෙක්.’ ‘මහ බෝමඬට ඉසාන කොන්හි රුවන් සක්මන.’ මේ ආදියෙහි අවධි අර්ථයෙන් සම්බන්ධ විභක්තිය අභිමත යි. සම්බන්ධ විභක්තිය මෙ සේ යැ.
විස්තර : ගමනයෙහි වේගය මිනීමට සියපාවුන් සීමා කොටැ ගත් හෙයින් අවධි අර්ථය වෙයි. එහෙත් ‘අනට’ යනු යෙදුණු හෙයින් සම්බන්ධ විභක්ති යැ යි කියන ලදි. සම්ප්රයදාන විභක්ති යැ යි කිව ද මෙ තරම් මැ සුදුසු වෙයි. ශාස්ත්රීෙය වනුයේ අවධි අර්ථයෙහි සිවු වන විබතැ යැ කී විටැ පමණෙකි. සෙසු දෙ තන්හි දු මෙ මැ නය යි. මාර්ග ප්ර මාණය නියම කිරීමට සීමාව වූයෙන් පැළැලුප් නුවරට යනු අවධි අර්ථයක් දෙයි. ‘අට’ යනු යෙදුණෙන් සබඳ විබතැ යි කියැවිණි. ඉසාන දිග නියම කිරීමට සීමාව දක්වනුයෙන් ‘මහ බෝ මඬට’ යනු අවධි අර්ථය දෙන්නේ යැ. ‘අට’ යන රූපය සම්බන්ධ විභක්තිත්වය පහළ කෙරේ.
ටිප්පණී : 1. සියපානට - සියක් පා වනුයේ යම් කෙනකුන් හට ද ඔහු සියපාවෝ; උනට සියපානට. 2. සේගමන් - සේ වූ ගමන් වනුයේ යමකුට ද හේ සේගමන්. 3. අපා - පා නොවනුයේ යමකු හට ද හේ අපා. 4. යොත්නෙක් - යොදුනෙක් = (මධ්යඅ ස්වර ලෝපයෙන්) යොද් + නෙක් = (අඝොෂාදෙශයෙන්) යොත්නෙක්.