සිදත් සඟරා විවරණය-විවරණය iv
4.විභක්ත්යනධිකාරය 277
4 – 34
කතු කම් බැරි කිරිය - දරනුයෙ අදර නම් වේ. එක ‘තැ එහි ඒ හි ඇ වේ - බුහු අත් බසැ අන්හි වේ.
අර්ථක : කර්තෘර කර්ම භාර වූ ක්රිවයාව ධරන්නේ අධාර නම් වෙයි. එකාර්ථයෙහි (එකවචනයෙහි) එහි - ඒ - හි - ඇ (යනු) වෙයි. බහ්වර්ථ වචනයෙහි අන්හි (යනු) වෙයි.
විස්තර :- සමහර ක්රි යාවෝ කර්තෘ හුට භාර වෙති. සමහරෙක් කර්මයට භාර වෙති. ඒ කවර ක්රිවයා කෙනකුන් වුව ද දරන්නේ ආධාරය යි.
“මිනිසා බත් පිසී’ යන තන්හි පිසීම් ක්රිරයාවක් එක් අතෙකින් කතෘහුට භාර යැ. කවර හෙයින් ද බත් වීමට අවශ්ය වූ තණ්ඩුල විකාරය මිනිසා බැහැරැ සිටැ ගිනි ලිම් ආදියෙන් ඇති කරන හෙයිනි. අනෙක් අතින් පිසිම් ක්රිරයාව කර්ම්යට භාර යැ. පිසිම් සඞ්ඛ්යා ත තණ්ඩුල විකාරය බත ඇති කැරැ ගන්නා හෙයිනි. ‘මිනිසා ගෙහි බත පිසී’ යන තන්හි කර්තෘ හුට භාර වූ පිසීම් ක්රිායාවට ගෙය ආධාර වන බව හැඟෙයි. එ හෙයින් ගෙය කර්තෘිහුට භාර වූ ක්රිායාව දරන්නේ යැ. ‘මිනිසා සැළියෙහි බත පිසී’ යන තන්හි සැළිය කර්මායට භාර වූ පිසීම් ක්රිහයාවට ආධාර වන බව පෙනෙයි. එ හෙයින් සැළිය කර්මායට භාර ක්රිියාව දරන්නේ යැ. එහි - ඒ - හි - ඇ යන එක වචන විභක්ති රූප සතරක් දක්වන ලද නම්ත් හි - ඇ යන දෙකින් කාර්යය පිරිමැසේ.
278 සිදත් සඟරා විවරණය
සිංහල ව්යා කරණයෙහි පස් වන විබත යි. ප්රාරණි වාචි නාමයෝ මේ විබත නො ගනිත්. එ හෙයින් එකවචන බහුවචන දෙක්හි පද රූප සමාන යැ. කවීහු ඇතැම් විටැ නපුංසක ලිඞ්ග නාමයනුදු පුල්ලිඞ්ග ස්ත්රීචලිඞ්ග නාමයන් සේ සලකා වරනඟන්නට තැන් කෙරෙති. එ හෙයින් ඇඟිලි - පියොවුරු - පියුම් යනාදිය ඇඟිල්ලෝ - පියොවුරුහු - පියුමන් යන ආදි විසින් යොදති. මෙ නයින් පස් වන විබතට ද බහු වචන රූපයෙක් නිපැදැවිණ. ඒ ‘අන්හි’ යනු යි.
4 - 35
එහි - කුලෙහි නොලැගි මුනි පිත්.
ඒ - එ පුරේ නිරිඳෙක් වී. හි - සිත්හි තබා ඇදුරු උගහා. ඇ - මුනි බසැ කරා හැදැහිලි. අන්හි - පහනැ තඹරන්හි බමන බමර මුළු තමඹ පිරියෙසැ සරන තිමිර
බළලු වළා.
විස්තර : ‘මුනි පුත් කුලෙහි නොලැගි.’ (සර්වදඥ පුත්රඒ හෙවත් බෞද්ධ භික්ෂු තෙමෙ කුලයෙහි නොලැගියේ යැ හෙවත් නො ඇලුණේ යැ.) කුල + එහි = කුලෙහි.
‘එ පුරේ නිරිඳෙක් වී.’ පුර + ඒ = පුරේ.
‘ඇදුරු උගහා සිත්හි තබා.’ (ආචාර්යයන් ගෙන් ලද උද්ග්ර හණය හෙවත් ඉගැනීම සිත්හි තබව.) සිත් + හි = සිත්හි.
4.විභක්ත්යසධිකාරය 279
‘මුනි බසැ හැදැහිලි කරා.’ (බුද්ධ වචනයෙහි ඇදැහීම කරව.) බස් + ඇ = බසැ. ‘පහන තඹරන්හි බමන බමර මුළු තම අඹ පිරිසෙසැ සරන තිමිර බළල් වළා.’ (ප්රාඅතඃකාලයෙහි හෙවත් උදා කල්හි පද්මයන්හි භ්රසමණය කරන්නා වූ භ්රහමර සමූහයෝ තමස හෙවත් අන්ධකාරය නමැති මව සොයා හැසිරෙන්නා වූ අන්ධකාර පෝතකයන් වැන්නෝ යැ. කාලවර්ණස බැවින් බමරු අඳුරු පැටවුන් වැනි වෙත්.) තඹර + අන්හි - තඹරන්හි.
ටිප්පණී : 1. ලැගි - ‘ලග’ ධාතු ‘රක්’ ආදි උභය පද යි. (පර : පද) ලගි - ලගිති - ලැගි - ලැගි. (අත්: පද) ලැගේ - ලැගෙති - ලැගිණි - ලැගුණු. 2. හැදැහිලි - ‘හදහ’ ධාතු ‘බල’ ආදි පර: පද යි. හදහා - හදහති - හැදැහී - හැදැහු. 3. බමන - ‘බම’ ධාතු උභය පද යි. (පර: පද) බමා -බමති - බිමී - බිමූ. බුමු. (අත්: පද) බෙමෙ - බෙමෙති. 4. පිරියෙසැ - ‘පිරියෙස්’ (සෙවීමෙහි) ධාතු ‘රක්’ ආදි පර: පද යි. පිරියෙසි - පිරියෙසිති - පිරියෙසි - පිරියෙසි. 5. සරන - ‘සර’ ධාතු ‘බල’ ආදි පර: පද යැ. සරා - සරති - සැරි - සැරූ.
මේ ධාතු ‘බම’ ආදි උභය පද ද වෙයි, (පර: පද) සරා - සරති - සිරී - සුරූ. (අත්: පද) සෙරේ - සෙරෙති.
280 සිදත් සඟරා විවරණය
4 – 36
‘යෝනන් කෙරෙහි ක හි ගුණ එකයුරු’ මෙ ඈ වෙත් අරුත් සදින් වේ.
අර්ථ : ‘යෝනන් කෙරෙහි ක හි ගුණ එක් අයුරු.’ (යුවතීන් කෙරෙහි කවර ගුණයෙක් වනාහි එකාකාර ද?) මේ ආදිය සම්පාර්ථු ශබ්දයෙන් වෙයි.
විස්තර : ‘යෝනන් කෙරෙහි’ යනු ආධාරාර්ථුය හඟවයි. මෙහි ආධාරාර්ථෙය හඟවන විබත ගත්තේ ‘යෝන’ ශබ්දය නො වේ, සමීපාර්ථ ‘කර’ ශබ්දය යි, ‘යෝන’ යනු ‘අන්’ විබත් ගෙනැ ‘යෝනන්’ යනු වී. ප්රාකණි වාචි ශබ්දයන් පස් වන (ආධාර) විබත් නොගන්නා හෙයින් මේ ක්රාමය අවශ්ය වෙයි.
4 – 37
‘මදු රදුන් රන් යා දී වෙසතුරු තනන් දිනි’ ඈහි පෙර කිරිය කරන්නහුට අදර අරුතැ කම් විබත් හා එ මැ කිරියට ‘දී’ පස හා රුසී.
අර්ථ් : ‘මදු රදුන් රන් යා දී වෙසතුරු තනන් දිනි’ (මද්රිම රාජ දුහිතෲන් අරණ්යයට යා දී විශ්වන්තර තෙමේ දරුවන් දුන්නේ යැ) (යන) ආදියෙහි පූර්වණ ක්රිටයාව කරන්නහුට ආධාරාර්ථයෙහි කර්මැ විභක්තිය ද එ මැ ක්රිියාවට ‘දී’ ප්ර්ත්යරයය ද අභිමත යි.
විස්තර : මෙහි ‘රදුන්’ යනු ආධාර අර්ථයෙහි කර්ම් විභක්ති ගත්තේ යැ යි කියන්නට මඳ වූ ද යුතු කමෙක්
4.විභක්ත්යිධිකාරය 281
නැති. ‘රදුන්’ යන තන්හි දෙ වන විබත ඇති බව සැබෑ යැ. එහෙත් ඒ ආධාරාර්ථයක් නො වැ කර්ත්ර්ර්ථයය ප්ර කාශ කරන්නේ යැ.
පියා පුතාට නැටුම් බැලියැ දේ. ,, ,, ,, ,, දිනි. ,, ,, ,, ,, දී යෙයි.
මේ වත්මන් වහරෙහි යෙදෙන සැටි යැ. පුරාණ ව්යීවහාරයෙහි නම්.
‘පියා පුතු නැටුම් බැලියැ දේ.
යනාදිය වී. මෙහි ‘බැලියැ’ යනු අසම්භාව්යය කෘදන්ත නිපාතයෙකි. මේ අර්ථිය මෙ සේ ද පැවැසියැ හැකි:-
පියා පුතු නැටුම් බලද් දී යෙයි.
‘බලත්’ ‘බැලියැ’ යන දෙකෙහි අර්ථමය බෙහෙවින් සමාන බව මෙයින් පෙනේ. ඉතින් බැලීම් ක්රි යාවට කර්තෲ වන හෙයින් පුතුට ඇත්තේ කර්තෘ්ත්වයෙකි; ආධාරත්වයෙක් නම් අසලෙකැ වත් නැති. එ හෙයින් ‘පුතු’ යනු කර්ත්රේර්ථියෙහි දෙ වන විබත් ගත්තේ යැ.
‘රදුන් යා දී’ යන තන්හි ද පද ප්ර යොගය මෙයට නොවෙනසි. ‘යා’ ධතුවට ‘ඉයැ’ ප්රිත්යයය යෙදුණු කල්හි ‘යා’ යනු ‘ආ’ කාරාන්ත ධාතුවක් වන හෙයින් ප්රදත්ය’යය ලොප් වෙයි. ‘යා’ යනු මැ ඉතිරි වෙයි. යා හැකි - යා යුතු - බැලියැ හැකි - බැලියැ යුතු යනාදි තැන් සමාන කැරැ බැලීමෙන් එ බව පැහැදිලි වේ. එ හෙයින් ‘යා’ යනු ‘බැලියැ’ යනු වැනි අසම්භාව්යි කෘදන්ත නිපාතයෙකි. එයින් හැඟැවෙන ක්රි යාවට ‘රදුව’ කර්තෘ වූ හෙයින් ‘රදුන්’ යන තන්හි වනුයේ කර්ත්ර ර්ථරයෙහි දෙ වන විබත යි.
282 සිදත් සඟරා විවරණය
‘යා දී’ යන තන්හි ‘දී’ යනු ප්රවත්යවයයෙක් නො වේ. අතීත කෘදන්ත (පූර්ව ක්රි යා) නිපාතයෙකි. ඉදින් මෙ තන්හි ‘දී’ යනු ප්රදත්යපයයෙක් වේ නම් - යා දෙනු - යා දුන් - යා දෙමි -
යනාදි තන්හි වන දෙනු - දුන් - දෙමි යනාදිය ද ප්රදත්යහයයෝ යැ.
මෙහි සිදත් සඟරා කාරයෝ මහ වරද සතරක් කෙරෙති. ‘රදුන්’ යනු කම් විබත් ගත්තේ යැ යි කීවා පළමු වන මහ වරද යැ. එහි විභක්තිය ආධාරාර්ථ් යැ යි කීවා දෙ වන මහ වරද යැ. ‘යා’ යනු පෙර කිරියෙකැ යි කීවා තුන් වන මහ වරද යැ. ‘දී’ යනු ප්රකත්යයයයෙකැ යි කීවා සතර වන මහ වරද යැ. සූක්ෂ්ම දර්ශදක ස්ථූලාදර්ශ්ක ව්යායඛ්යායන කාරයෝ මෙ සතරට මැ වඩා මහත් වරදක් කෙරෙති. එ නම් ශාස්ත්රාිලොකයෙන් බබළන මෙ කල්හි ද වරද නිවරද කරන්නට තැන් කෙරෙමින් හාස්යර ජනක මොඝ තර්කයන් ගෙනැ ඇරැ පෑම යැ. සිදත් සඟරා කාරයනට වැරැදුණේ සංස්කෘත ව්යා කරණ රීතීන් මැ සිංහලයට ද යොදන්නට යෑමෙනි. ව්යාකඛ්යාෑන කාරයනට වරදිනුයේ කියා දුන් කලැ ද වටහා ගැන්මට තරම් බුද්ධියක් නැති හෙයිනි. ‘මද්රි රාජදුහිතරි වනං ගතායං විශ්වන්තරස්තනයාන් දදෞ’ යනු ‘මදු රදුන්’ යනාදීයෙන් කියැවුණු අර්ථව සංස්කෘතයෙන් පැවැසෙන සේ යැ. එහි ‘ගතායාං’ (ගිය කල්හි) යනු සප්තමී (ආධාර) විභක්තිය ගෙනැ සිටි කෘදන්ත නාමයෙකි. ‘මද්රි්රාජදුහිතරි’ යනු ද සප්තමී
4.විභක්ත්යාැධිකාරය 283
විභක්තිය ගෙනැ සිටි සමාස නාමයෙකි. ‘ගතායාං’ යන තන්හි කාලාර්ථ යක් වන බව ද සැබෑ යැ. මෙය බලා සිංහල රීතියට අනුවැ සිංහලයෙහි යෙදුණුවිබතක් කර්මි යැ යි කියන්නට හෝ ආධාරාර්ථි යැ යි කියන්නට හෝ අසම්භාව්යත කෘදන්ත නිපාතය අතීත කෘදන්ත (පූර්වු ක්රියයා) නිපාතයෙකැ යි පවසන්නට හෝ ‘දී’ යන අතීත කෘදන්ත නිපාතය ප්ර ත්යයයක් කරන්නට හෝ වියරණ දන්නා කවරෙක් නම් සාහසික වේ ද?
ටිප්පණී : 1. යා දී - මෙහි ‘යා’ යැ ‘දී’ යැ යි පද දෙකකි. ‘යත් දී’ (යද්දී) යන තන්හි ‘යත්’ යන අසම්භාව්යය කෘදන්ත රූපය යෙදිණ. මෙහි ‘දී’ යන්නෙහි අර්ථිය ‘හැරැ’ යනු යි. ‘යා දි’ යනු ද ‘යන්නට හැරැ’ යනු ද අර්ථතයෙන් සමාන යැ. ‘යා’ ධාතු ‘බල’ ආදි උභය පද යි. (පර: පද) යා - යති - ගිය - ගිය. (අත් : පද) යේ - යෙති. පර: පද අයුහි දෙ බස්හි මැ ‘ගිය’ යනු නිපතිත වේ.
4 – 38
‘බලා වැළ දළ යුතු - විදු දිව් දහර ලඹ කෙස්
මහ මේ රකුසු හමු වත - පිය නම් මතුරු දප වන.’
මෙ ඈ කල් අරුත් කිරිය විසාහි අදර අරූතැ කම් විබත් රුසී.
ඉති අදර විබත්.
අර්ථ : ‘වන, බලා වැළ දළ විදු දිව් දහර ලඹ කෙස් යුතු මහ මේ රකුසු හමු වත, පිය නම් මතුරු දප.’
284 සිදත් සඟරා විවරණය
(විරහිණිය බලාකාවලී හෙවත්, කොක් පෙළ නමැති දංෂ්ට්රා ද විද්යු්ත් නමැති ජිහ්වා ද ධාරා නමැති ලම්බ කෙශ හෙවත් එලෙන කෙස් ද යුක්ත වූ මහා මෙඝ නමැති රාක්ෂසයා සම්මුඛ වන කල්හි, ප්රි යයා ගේ හෙවත් වල්ලඟයා ගේ නාමය නමැති මන්ත්රඛය ජප කරව. වැසි කල පැමිණැ - රාගය නො ඉවැසියැ හැකි කල්හි වල්ලභයා කැඳව යි කී සේ යැ.) මේ ආදි කාලාර්ථ ක්රිලයා විෂයයෙහි ආධාරාර්ථ යෙහි කර්මව විභක්ති අභිමත යි. ආධාර විභක්තිය මෙ සේ යැ.
විස්තර : ‘රකුසු හමු වත’ යන තන්හි ‘වත’ යනු කලාර්ථව අසම්භාව්ය කෘදන්ත නිපාත යි. එයින් හැඟෙන ක්රිනයාවට කර්තෘ’ වන හෙයින් ‘රකුසු’ යනු කර්ත්රාර්ථ.ය ප්රහකාශ කෙරෙයි. එහි විභක්තිය දෙ වැන්න යි. සිදත් සඟරා කාරයෝ සිංහල රීතිය නො බලා ආධාරාර්ථ යෙහි කර්ම විභක්තියක් දෙසති.
ටිප්පණී : 1. දප - ‘දප’ ධෘතු ‘බල’ ආදි පර : පදයි. දපා - දපති -දැපී - දැපූ.
1 – 39
එ වියු අලප් නම් - ඇමැතුව තමා අමු කැරැ ඇ අ ආ එක ‘තැ බුහු බසැ - ඉන් එන් නෙන් ඉ යුතු ද නි.
අන්වය : තමා අමු කැරැ ඇමතුව එ අලප් නම් වියූ. එක ‘තැ ඇ - අ - ආ. බුහු බසැ ඉන් - නෙන්. ඉ යුතු ද නි (ද.)
4. විභක්ත්යදධිකාරය 28
අර්ථ : තමාට අභිමුඛ කොටැ ආමන්ත්ර4ණය කළ හොත්, ඒ ආලපන නමැ යි කී හු. එකාර්ථඅයෙහි ඇ - අ - ආ (යන විභක්ති වෙයි.) බහු වචනයෙහි ඉන් - එන් - නෙන් (යනු වෙයි.) බහු වචනයෙහි ඉන් - එන් - නෙන් (යනු වෙයි.) (ඒ) ‘ඉ’ යුක්ත ද (වෙයි). ‘නි’ (යනු) ද (වෙයි). විස්තර : ආමන්ත්ර ණය ආලපන නම් වේ.
ටිප්පණී : 1. ඇමැතුව - අසම්භාව්යණ කෘදන්ත නිපාත යි.
‘අමත’ ධාතු ‘බල’ ආදි පර: පද යි අමතා - අමතති - ඇමැතී - ඇමැතු.
4 – 40
ඇ - පුතැ, තෙමියැ, සිරිනි ඉති පුවළ තෙප් නළද හවු කිරම පළ කළා. ?
අ - සැර දේ, මහ රජ. ආ - හෙ සඳා, වනන් නුපුලුස. ඉන් - සවනින් , සැනැහේ සදහමින්. එන් - සජනෙන්, මහා පරලොව්. නෙන්- සත්නෙන්, දුලද නො බජවූ. ඉයුතු ද - නෙතිනි, නරඹා මුනි රූ. මහණෙනි, බවුන් නො පිරිරවු වත්නෙනි, නො වවු ඉසුරු මත්. නි - බිඟුනි, මී ලොලින් කල් ඉකුත් තඹරෝරේ දඟ නො වැ. නියවත්නි, තණ වනසා.
ඉති අල්ප් විබත්.
286 සිදත් සඟරා විවරණය
විස්තර : ‘පුතැ, තෙමියැ, සිරිනි ඉති පුවළ තෙප් නළ ද හවු කිම පළ කළා.’ (පුත්ර ය, තේමියය, ශ්රීතයෙන් මෙ සේ ප්රෞ ඨ වූ තෙපි. වඤ්චක භාවය කවර හෙයින් ප්ර කාශ කළහු ද? ) පුත් + ඇ = පුතැ. තෙමිය + ඇ = තෙමියැ. ‘මහ රජ, සැර දේ.’ රජ + අ = රජ.
‘හෙ සඳා, වනන් නුපුලුස.’ (එම්බා චන්ද්රශයා, විරහීන් දැවීම නො කරව.) සඳ + ආ = සඳා . ‘සවනින්, සදහමින් සැනැහේ.’ (ශ්රබවණයෙනි, සද්ධර්මීයෙන් සැනැහෙවු.) සවන් + ඉන් = සවනින්. මේ රූප වර්තමාන භාෂායෙහි ‘ඉ’ යුක්ත වැ මැ යෙදේ.
‘සජනෙන් පර ලොව් මඟා’ (සජ්ජනයෙනි, පර ලෝකය බලවු.) සජන + එන් = සජනෙන්. ‘සත්නෙන්, දුලද නො බජවූ’ (සත්ත්වයෙනි, දුරුලබ්ධිය හෙවත් මිථ්යා් දෘෂ්ටිය භජනය නො කරවු.) සත් + නෙන් = සත්නෙන්. ඉක්බිති වැ එනුයේ ‘ඉ’ කාර යුක්ත ‘ඉන්’ ආදියට නිදර්ශෙන යි. ‘නෙතිනි, මුනි රූ නරඹා’ (නෙත්රනයෙනි, සර්වෙඥ රූපය බලවු.) නෙත් + ඉනි = නෙතිනි. ‘මහණෙනි, බවුන් නො පිරිරවු.’ (ශ්රලමණයෙනි, භාවනාව නො හරිවු.) මහණ + එනි = මහණෙනි.
‘වත්නෙනි, ඉසුරු මත් නො වවු.’ (ප්රලභූනි, ඓශ්චර්යයෙන් මත්ත හෙවත් උඩඟු නො වවු.) වත් + නෙනි = වත්නෙනි.
‘බිඟුනි, මි ලොලින් කල් ඉකුත් තඹරෝරේ දඟ නො වා.’ (හෘඞ්ගයෙනි, මධු ලෞල්ය යෙන් හෙවත් මීයට
4.විභක්ත්ය ධිකාරය 287
කළ ආශායෙන් කාලාතික්රා න්ත වූ හෙවත් කාලය ඉක්මැ ගියා වූ පද්මොදරයෙහි හෙවත් පියුම් ඇතුළෙහි සිර නො වවු.) බිඟු + නි = බිඟුනි.
‘නියවත්නි, තණ වනසා.’ නුවණ ඇත්තෙනි, තෘෂ්ණාව විනාශ කරවු.) නියවත් + නි = නියවත්නි.
එක් විබතකට නිදර්ශින දෙකක් දීම මේ දක්වා නොකැරුණෙකි. මෙහි එ සේ කිරීමට හේතු නො පෙනේ.
ටිප්පණී: 1. තෙමියැ සිරිනි ඉති පුවළ තෙප් - ව්යාතඛ්යාහන කාරයන් ගන්නා පාඨය ‘තෙමිය සිරෙනි’ යනු යි; කියන අර්ථය ‘තෙමිය කුමාරයෙනි’ යනු යැ. 2. කළා - කළහු, යන්නට සමාන යැ. ‘කළහු’ = (අන්ත්ය ‘උ’ කාරයට ‘අ’ කාර වීමෙන්) කළහ = (‘හ’ ලෝපයෙන්) කළ + අ = (සවර්ණෙ දීර්ඝ යෙන්) = කළා. ‘හ’ කාරයට ‘ව’ කාරාදෙශය වීමෙන් ‘කළව’ යනු ද වේ. 3. හෙ - ආමන්ත්රෙණයෙහි නිපාතයෙකි. 4. නුපුලුස - නො + පුලුස = (ස්වර පර රූපයෙන්) නුපුලුස.
මෙහි ‘පුලුස’ ධාතු ‘බල’ ආදි පර: පද යි. පුලුසා - පුලුසති - පිලිසී - පිලිසූ. මේ දැන් වහරැ නොයෙදෙන රූප යි. ‘පුලුස’ ධාතුව ‘බස්’ ආදි අත්: පද ද වෙයි. පිලිසේ - පිලිසෙති - පිලිසිණි, පිලිසි, පිලිටි - පිලිසුණු, පිලිසි, පුලුටු.
288 සිදත් සඟරා විවරණය
දැන් සමාන්ය ව්ය වහරායෙහි ලැබෙනුයේ පුලුස්සා - පුලුස්සති - පිලිස්සේ - පිලිස්සෙති යනාදි ප්රියොජ්යු රූපයෝ මැ යැ.
5. සැනැහේ - සැනැහෙහු (‘ව’ ආදෙශයෙන්) සැනහෙවු = (‘වු’ ලෝප පූර්ව් දීර්ඝෙ වී මෙන් ) සැනැහේ. 6. මඟා - මහහු = (‘උ’ හට ‘අ’ විමෙන්) මඟ + හ =(‘හ’ ලෝපයෙන්) මඟ + අ (සවර්ණ දීර්ඝයෙන්) මඟා. 7. බජවු - බජහු = (‘ව’ ආදෙශයෙන්) බජවු. 8. පිරිරවු - පිරිරහු = (‘ව’ ආදෙශයෙන්) පිරිරවු.
‘පිරිර’ (දුරු කිරීමෙහි) ධාතු ‘බල’ ආදි පර: පද යි. පරිරා - පිරිරති - පිරිරි - පිරිරූ. 9. වනසා - වනසහු = (‘උ’ හට ‘අ’ වීමෙන්) වනසහ = (‘හ’ ලෝපයෙන්) වනස + අ = (ස්වර්ණඝ දීර්ඝශයෙන්) වනසා.
4 – 41
නොවියු මෙහි විබත් - අකරකු ඇත ඔහු යෙදුම් ආණෑ පස ද යුතු බස් - ලැකිය ‘නුසරින් දන්නේ.
අර්ථප : මෙහි නොකියන ලද විභක්ත්ය්ක්ෂරයක්හු ඇත හොත් ඔහු ගේ යෙදීම ද ‘ආණ’ ආදි ප්ර ත්ය්යයන් යුක්ත වචන ද ලක්ෂ්යා නුසාරයෙන් දන්නේ යැ. විස්තර : සිංහල ව්යාහකරණයෙහි විභක්ති අතින් ස්වකීය ග්ර න්ථය බෙහෙවින් වැරැදි බව කෙසේ වුව ද
4.විභක්ත්යකධිකාරය 289
අසම්පූර්ණ බව නමන් සිදත් සඟරා කාරයෝ මැ දනිති. එ හෙයින් නොකියැවුණ දෑ ව්යණවහාරානුසාරයෙන් උගන්නට කියත්. කී දෑත් නො කියා, සියල්ල ව්යහවහාරයෙන් උගන්නට කියන ලද නම්, මෙ තරම් මහත් වරද සිදු නොවන්නේ යැ.
මෙහි නොවියූ විබත් අකරන් දැන් විමසමු.
1. ප්රතථමෛකවචනයෙහි ‘ඒ - ආ’ පමණක් දැක්විණි. එහෙත් ස්ත්රීොලිඞ්ග නපුංසකලිඞ්ග නාමයෝ ‘අ’ විබත ගනිත්. කත - ගස යනාදිය නිදර්ශොන යි. එය නොදැක්වීම මහත් අඩුවෙකි. 2. ප්රයථමා බහුවචනයෙහි ‘උ’ යනු ද යෙදෙයි. ‘බමර’ ආදි ශබ්ද ගණය මේ විබත් මැ ගනී. බමරු - දෙබරු - කබරු - සබරු - කවුරු - සමහරු යනාදිය නිදර්ශ න යි. ‘කතී වෙන මීයන’ ‘පර සතුරන් එති එති යන බසටා’
යනාදිය බලා ප්රඑථමා බහු වචන ‘උන්’ විබතක් ද ඇතැමෙක් දක්වති. සිදත් සඟරා කාරයන් විභක්ති දක්වන අශාස්ත්රීුය ක්රඩමයට අනුවැ නම් ඒ නුසුදුසු නො වේ. එහෙත් මේ විශෙෂ සිංහල රීතියෙකි. ‘යි’ නිපාතයෙන් සම්බන්ධ වන්නා වූ අන්තර්වාක්යංයෙකැ සංශය වර්තාදි අර්ථයෙකැ යෙදෙන ආඛ්යා තය ‘යි’ නිපාතයට පූර්ව් වැ යෙදේ නම්, උක්තය දෙ වන විබතින් සිටී. ආඛ්යාිතය අධ්යාාහාර්ය වුව ද ඒ එ සේ මැ වෙයි. ‘සුරනැ යි යනු කුමට’ යනාදිය නිදර්ශයන යි.
19
290 සිදත් සඟරා විවරණය
‘ආණෑ පස’ යනුයෙන් ආණ - අණු - ඇණි යන ප්ර ත් යයෝ ගැනුණ හ. සිදත් සඟරා කාරයෝ මොවුන් කුමක් කොටැ ගත්තු ද යනු අවිනිශ්චිත යැ. ප්රඟත්යුයාර්ථාධිකාරයෙහි නො දැක්වුණ ද ආණාදීහු ගෞරවාර්ථයෙහි තද්ධීත ප්ර ත්‍රායයෝ යැ. මේ ප්රකත්යායාන්තයන් බුහු බස්හි මැ වරනැඟෙන බව පමණක් විභක්ත්යතධිකාරයෙහි පැවැසියැ යුතු වේ. එහෙත් දැන් ඇතැම් උගත්තු ‘දියණිය’ යනාදිය ද විළි නැති වැ යොදත්. ස්ථූලාදර්ශින සූක්ෂ්ම දර්ශ කායෝ ‘ආණ’ ආදියෙහි ‘ණ’ කාර වුව ද ‘න’ කාර වුව ද යෙදෙති යි යෙති. සිංහලයෙහි ණ - න යොගය පිළිබඳ පරම අශාස්ත්රී්ය වූ හාස්ය ජනක දෑ ද වදාරත්. සිංහලයෙහි බොහෝ තන්හි වූ ණත්ව විධිය විකල්ප යැ යි කිව හැකි ල. තතු නොදන්නා කලැ කුමක් නම් නො කියැ හැකි ද? ණාමය - ණගරය - ණැටුම් යනාදියත් මෙ සේ ලියුවාට ඇති වරද කිම?
මේ ණත්ව විධීය විකල්ප බැවීන් ‘ආන’ ආදි ප්රහත්ය යයන් ගේ ප්රණකෘතිය දන්තජ නත්වයෙන් යුක්ත වියැ යුතු ල. මේත් ශාස්ත්රී ය නිගමනයෙක් ද? තමන් කුමක් කීවත් පිළිගත යුතු යැ යි සිතන්නකුට මුත් අන් කිසිවකුට මෙ බඳු දෑ කීම නින්දාවට හේතු වේ. ‘ලෝකයෙහි ඇතැම් වස්තූහු ආශ්‍්දයයෙන් විකාරයට පැමිණෙන්නෝ වෙත්.උච්චාරණය එ සේ යි.’ මේ මහා පණ්ඩිත සූත්රණයෙකි. මෙ සේ කියන්නෝ යන්ට - එන්ට - කන්ට - ගන්ට යනාදිය ‘න’ කාර යුක්ත
4.විභක්ත්යෙධිකාරය 291
කොටැ මැ ලියත්. ‘ට’ කාරාශ්ර යයෙහි පූර්වෙ ‘න’ කාරය මිනිස් මුවෙකින් නම් (දාන්ත්යත කොටැ) නො කියැවියැ හැකි යැ.
සංස්කෘත සූත්රතයට නමස්කාර කෙරෙමින් මේ මහ පඬිවරු ‘ර’ කාරයට පර වැ එන ‘න’ කාරය මූඞ්ණ්ය වියැ යුතු යැ යි යෙති. ‘ර’ ‘න’ මධ්යටයෙහි ස්වර හෝ ‘හ - ය - ව’ යන අකුරු හෝ වුවද ‘න’ කාරය ‘ණ’ වියැ යුතු යැ යනු සංස්කෘත රීතිය යි. එහෙත් කරණ - මරණ - දරණ - හරණ යනාදිය ලියමින් සංස්කෘතයට හිස නමන්නෝ කරවන - මරවන - දරවන - හරවන ආදිය ලියමින් පයින් පහර දෙති.
අර්ථ විරොධයක් වියැ හැකි තන්හි (‘ණ’ කාරය) විකල්ප නො වේ ල. තෘණාර්ථයෙහි ‘තණ’ යනු ද ව්රාණාර්ථයෙහි ‘වණ’ යනු ද තන - වන යි ලියුව හොත් පයොධරාරණ්යහයන් සමඟ විරුද්ධ වියැ හැකි බැවින් විකල්පයට නොතැන් වේ ල. එහෙත් ‘කණ’ යනු ‘කන’ වුවත් වරදක් නොවන සැටි යැ. ආශ්චර්ය යි.
‘ආණ’ ‘අණු’ යන දෙ පස පුල්ලිඞ්ග නාමයන් කෙරෙනුදු ‘අණි’ පස ස්ත්රීැලිඞ්ග නාමයන් කෙරෙනුදු වෙයි. සිටාණෝ - පුතණුවෝ - දියණියෝ යනාදිය නිදර්ශීන යි. ‘අණි’ යෙදෙන කල්හි ලොප් නොවන ස්වරයෝ අනම්යය වෙත්. දු + අණි = (අනම්යොයෙන්) දී + අණි = (‘ය’ ආගමයෙන්) දියණි = (හ්රයස්වයෙන්) දියණි. නඟ + අණි = (අනම්යතයෙන්) නැඟ + අණි = (පූර්වද ස්වර ලෝපයෙන්) නැඟණි. මා + අණි = (අනම්යයයෙන්) මෑ + අණි = (පර ස්වර ලෝපයෙන්) මෑණි. මේ ‘මෑණි’ යනු උඩු පිටින් බලා දෝ ඇතැමෙක් ‘අණි’ පස ‘ඇනි’ යැ යි ලියා ගනිත්. ඇති ‘ඇ’ යනු මකමින් නැති ‘ඇ’ යනු ඇදීම වේ ද සිනාවකට කාරණය ?
292 සිදත් සඟරා විවරණය
4 – 42
ඉතිරි පුම ලිඟු දෙකැ - එ මෙ ඈ සද විබත් බස්
ත ම සද දෙක ද නිතැතින් - වහරිනි ලොවැ පළට වේ.
අර්ථස : ස්ත්රී පුරුෂ ලිඞ්ග දෙකෙහි එ - මේ ආදි ශබ්දයන් ගේ ද ත - ම (යන) ශබ්ද දෙකෙහි ද විභක්ති වචන, ලෝකයෙහි ව්යථවහාරයෙන්, නිරුත්සාහයෙන් ප්රලකට වෙයි.
විස්තර : වෛයාකරණයන් විසිනුදු උත්සාහයෙන් සොයා ගෙනැ මහත් සැලැකිල්ලෙන් දැක්වියැ යුතු දෑ ‘ලොවැ වහරිනි නිතැතිනි පළට වේ’ යැ යි කියා තමන් බේරීම පමණ ශාස්ත්රවය ලඝු කිරීමට අමොඝ වූ අන්යහ උපායයෙක් නො ලැබේ.
එ - මෙ ශබ්දයෝ තුන් ලිඟුයෙහි යෙදෙති. වරනැඟීම මෙ සේ යැ :-
‘එ’ ශබ්දය
පුල්ලිඞ්ග ස්ත්රී්ලිඞ්ග නපුංසකලිඞ්ග එක : බහු: එක: බහු: දෙ බසැ 1. හේ ඔහු හෝ ඔහු ඒ 2. ඔහු ඔවුන් ඇය ඔවුන් එය 3. - - - - එයින්, ඉන් 4. ඔහුට ඔවුනට ඇයට ඔවුනට එයට, ඊට 5. - - - - එහි
4 විභක්ත්ය ධිකාරය 293
‘මෙ’ ශබ්දය
පුල්ලිඞ්ග ස්ත්රී ලිඞ්ග නපුංසකලිඞ්ග එක: බහු: එක: බහු: දෙ බසැ 1. මේ මොහු මෝ මොහු මේ 2. මොහු මොවුන් මැය මොවුන් මෙය 3. - - - - මෙයින්,මින් 4. මොහුට මොවුනට මැයට මොවුනට මෙයට, මීට 5. - - - - මෙහි
භාෂාව පුරා යෙදෙන එය, මෙය - ඉන්, මින් - එයට, මෙයට - එහි, මෙහි යනාදි රූපයන් දැකැ දැකැ, ‘ඉතිරි පුම ලිඟු දෙක එ මෙ’ සද යැ යි කීමට ද වඩා ආශ්චර්ය වනුයේ මේ කාලයෙහි පවා ව්යාඉඛ්යා න කාරයනට ශබ්ද ව්යඩවහාරය නොපෙනීම යි.
‘ම’ ශබ්දය පිළිබඳ පුං ස්ත්රී ලිඞ්ග භෙදයෙක් නැති.
එකවචන බහුවචන 1. මම්, මම ඇප්, අපි 2. මා අප 3. - - 4. මට අපට 5. - -
‘ත’ ශබ්දයා ගේ වනාහි ස්ත්රී්ලිඞ්ග එකවචන රූපයෝ වෙන් වැ පෙනෙති.
එකවචන බහුවචන පුං ස්ත්රී 1. තෝ තී තෙප්, තෙපි
294 සිදත් සඟරා විවරණය
2. තා තී තොප 3. - - - 4. තට තිට තොපට 5. - - -
ත - ම ශබ්දයන් ගේ නපුංසක ව්ය වහාර නැති.
‘එ - මෙ ඈ සද’ යි කී තන්හි ‘ඈ’ යනුයෙන් කො - කුම් - කවර - ඇතැම් - අය - අන් - තම - තෙල - මෙරමා යනාදිය ගන්නේ යැ.
4 – 43
දෙනෙ දැනැ මෙ සිදත පතිරජ පි රු ව න
සැනෙවිනි පළ කළ දැනුමට ස රු ව න
දද බැවිනිවර වැ මහ ගතු ක රු ව න
සෙබෙ වති වැජැඹෙත සජනෙනි වැ රු ව න.
විබත් අදියර සතර වනු.
අන්වය : සජනෙනි, පතිරජ පිරුවන සැකෙවිනි පළ කළ, දැනුමට සරු වන මෙ සිදත දැනැ, දද බැවින් ඉවර වැ, මඟ ගතු කරුවන සෙබේ රුවන වැ වැජැඹෙත, දෙනෙ වති.
සතර වනු විබත් අදියර .
අර්ථව : සජ්ජනයෙනි, පතිරජ පිරුවන සඞ්ක්ෂෙපයෙන් ප්ර කාශ කළා වූ දැනීමට සාර වන්නා වූ මේ සිඞාන්තය ඉගෙනැ, මුග්ධ භාවයෙන් මිදි, මහා ග්රීන්ථ කාරයන් ගේ සභායෙහි රත්න වැ විජෘම්හමාණ වත් හොත්, ජන තෙමේ සමර්ථ යැ.
4.විභක්ත්ය්ධිකාරය 295
සතර වැනි වූ විභක්ත්ය ධිකාරය යි. විස්තර : මේ විභක්ති නවයට නිදර්ශ න එක් පද්යොයෙකින් දක්වන තැනි.
‘දෙනෙ’ යනු ප්ර්ථමාන්ත යැ. දන + ඒ = (පූර්වග ස්වර ලෝපයෙන්) දනේ = (ස්වර පර රූපයෙන්) දෙනේ = (හ්රකස්වයෙන්) දෙනෙ.
‘සිදත’ යනු කර්මෙ විභක්ත්ය න්ත යැ. (කර්මාසර්ථයෙහි දෙ වන විබති.) සිදත් + අ = සිදත ‘පිරුවන’ යනු කර්තෘ් විභක්ත්යේන්ත යැ. (කර්ත්රරර්ථ යෙහි දෙ වන විබති.) පිරුවන් + අ = පිරුවන.
‘සැකෙවිනි’ යනු කරණ විභක්ත්යවන්ත යැ. (කරණාර්ථයෙහි තුන් වන විබති.) සකෙවු + ඉනි + සකෙවිනි + (අනම්යියෙන්) සැකෙවිනි.
‘දැනුමට’ යනු සම්ප්රභදාන විභක්ත්යයන්ත යැ. (ප්රතයොජනාර්ථයෙහි සිවු වන විබති.) දැනුම් + අට = දැනුමට. ‘බැවින්’ යනු අවධි විභක්ත්ය න්ත යැ. (අවධි අර්ථ)යෙහි තුන් වැනි විබති.) බවු + ඉන් = බවින් = (අනම්ය්යෙන්) බැවින්.
‘මහ ගතු කරුවන’ යනු සම්බන්ධ විභක්ත්යදන්ත යැ. (සම්බන්ධාර්ථයෙහි දෙ වන විබති.) මහ ගතු කරු + අන = මහ ගතු කරුවන.
‘සෙබෙ’ යනු ආධාර විභක්ත්ය)න්ත යැ. (ආධාරාර්ථ.යෙහි පස් වැනි විබති.) සබ + ඒ = (පූර්වු ස්වර ලෝපයෙන් ) සෙබේ. (ස්වර පර රූපයෙන්) සෙබේ = හ්ර ස්වයෙන් සෙබෙ.
‘සජනෙනි’ යනු ආලපන විභක්ත්ය න්ත යැ. (ස වන විබති.) සජන = එනි (පූර්ව් ස්වර ලෝපයෙන් ) සජනෙනි.
296 සිදත් සඟරා විවරණය
අන්ය වෛයාකරණයෝ එක මැ නාමය නව විබතෙහි යෙදෙන අයුරු එක් තැන් කොටැ දක්වති. විබතෙහි නියම අර්ථිය එයින් පැහැදිලි වෙයි.
‘වෘක්ෂස්තිෂ්ඨති කානනෙ කුසුමිතෙ වෘක්ෂං ලතාඃ සංශ්රිිතාඃ වෘක්ෂෙණාහිහතා ගජා නිපතිතා වෘක්ෂාය දෙයං ජලම් වෘක්ෂාදානය මඤ්ජරීං කුසුමිතාං වෘක්ෂස්යං ශාඛොන්තතා වෘක්ෂෙ නීඩමිදං කෘත ශකුනිනා හෙ වෘක්ෂ කිංපශ්ය සි.’
කුසුමිත වනයෙහි වෘක්ෂය සිටී. ලතාවෝ වෘක්ෂය ඇසුරූ කළෝ යැ. වෘක්ෂයෙන් ගසන ලද හස්තීහු වැටුණෝ යැ. වෘක්ෂයට දිය දියැ යුතු. වෘක්ෂයෙන් පිපුණු කැනිත්තක් ගෙනෙව. වෘක්ෂයා ගේ ශාඛාවෝ උස් හ. පක්ෂියා විසින් මේ කදල්ල වෘක්ෂයෙහි කරන ලද. එම්බා වෘක්ෂය, කුමක් බලහි ද?
ටිප්පණී : 1. දෙනෙ - මෙය රූපයෙන් එකවචන වුව ද අර්ථෂයෙන් බහුවචන යැ. ජාත්ය පෙක්ෂායෙහි එකවචන යැ යෙති. අර්ථවයෙන් කො තරම් බහුවචන වුව ද ‘එ’ විබත ගත් පදය එකවචන ආඛ්යාඅතය මැ බලයි. ‘මහ දෙනේ කෙලෙසුන් වැනැහී’ – ‘බමර ගෙණේ නිරිඳු පොබයා’ -
යනාදිය නිදර්ශෙන යි.
2. පතිරජ පිරුවන - ‘පිරුවන්’ යනු සඞ්ඝාවාස විශෙෂයෙකි. පාළියෙහි ‘පරිවෙණ’ යනු වෙයි. සංස්කෘතයෙහි සමාන නාමයෙක් නො පෙනේ. පිරුවනට අධිපති තෙරහු ද පිරුවන් නමින් මැ ගැනෙත්.
4.සමාසාධිකාරය 297
3. මහ ගතු කරුවන - මෙහි ‘අන’ විභක්තිය පෙනේ. විබත් දක්වන තන්හි නොකියැවුණෙකි. එහෙත් භාෂායෙහි නම් අවිරල වැ පෙනේ.
5. සමාසාධිකාරය
5 - 1
කියොලත එක අරුත - සබඳ වැ සදන් නන’රුත්
එ වියූ සමස් විදි නම් - එහි බේ දැන් පවස්මෝ.
අර්ථය : නානාර්ථත වූ ශබ්ද සම්බන්ධ වී එකාර්ථ යක් ප්‍රකාශ කෙරේ නම්, ඒ සමාස විධී නමැ යි කී හු. එහි භෙදය දැන් කියමු.
විස්තර : නානාවිධ වූ අර්ථය ඇති ශබ්දයන් එකතු වී එක් අර්ථ යක් ප්රකාශ කරන කල්හි ඒ සාමස නම් වෙ ල. මෙහි ආකුලත්වයෙක් පැනේ. ‘රජු ගේ පිරිස්’ යනු සමාස වැ ‘රජපිරිස්’ යනු වූ හ යි සිතමු. මෙහි ‘රජ’ යනු එක් අර්ථයක් දෙන සදෙකි. ‘පිරිස්’ යනු අනෙක් අර්ථයක් දෙන සදෙකි. ඉතින් ඒ දෙ සද එක් වැ එක් අර්ථයක් ප්ර්කාශ කෙරෙයි. කිමෙක් ද ඒ අර්ථය? ‘රජහුට අයත් පිරිස’ යැ යන මේ අර්ථය යි. ‘රජු ගේ පිරිස්’ යනු නානාර්ථ යැ. ‘රජපිරිස්’ යනු එකාර්ථ යැ යනුයේ කවර හෙයින් ද? අපට නො තේරේ. ‘රජු ගේ පිරිස්’ යන තන්හි යම් බඳු නානාර්ථත්වයෙක් වේ ද, ‘රජපිරිස්’ යන තන්හි දු එ බඳු වූ මැ නානාර්ථත්වයෙක් වෙයි. ‘රජපිරිස්’ යන තන්හි යම් බඳු වූ එකාර්ථ ත්වයෙක් වේ ද ‘රජු ගේ පිරිස්’ යන තන්හි දු එ බඳු වූ මැ එකාර්ථ ත්වයෙක් වෙයි.
298 සිදත් සඟරා විවරණය
ඇතැම් පූර්වා වාර්යයයන් විසින් කියන ලද සේ, ‘සමස් නම් පද සංක්ෂෙප යැ’ යි කියැවිණි නම්, මේ අවුල නො වෙයි. පද කිහිපයක් එක් කොටැ සංක්ෂෙප කිරීමෙන් එක් පදයක් බවට පැමිණැ වීම සමාස යි. ‘සියක් පා ඇතියේ’ යන අර්ථයෙහි ‘සියපා’ යැ යි කියූ කලැ සමාසයෙකි. ‘සියක් පා ඇතයේ’ යැ යි පද තුනක් වූ තන්හි ‘සියපා’ යැ යි එක් පදයක් වූ කලැ කො තරම් සංක්ෂෙපයෙක් ද?
ටිප්පණී : 1. පවස්මෝ - පවසමුව. පවසමු + ව = (‘ව’ ලෝපයෙන්) පවසමු + අ = ‘උ + අ’ දෙකට ‘ඕ’ අදෙස් වීමෙන්) පවසමෝ = (මධ්ය ස්වර ලෝපයෙන්) පවස්මෝ. ‘පවසමු’ යන්නට පර වැ ‘හ’ නිපාතය වැ ‘පවසමු හ’ යැ යි සිටි තන්හි ‘හ’ යන්නට ‘ව’ ආදෙශ වීමෙන් ‘පවසමුව’ යනු වෙයි.
5 - 2
අවිය සමස්, විබත් සමස්, වෙසෙසුන් සමස්, අන්අරුත් සමස්, දඅරුත් සමස් යැ යි සමස් පස් වැදෑරුම්.
අර්ථ : අව්ය.ය සමාස යැ විභක්ති සමාස යැ විශෙෂණ සමාස යැ අන්යායර්ථ සමාස යැ දකාරාර්ථ සමාස යැ යි සමාසය පඤ්චවිධ යි.
විස්තර : පස් වර්ග යෙකැ සමාස වෙති යි මෙ සේ කියති. එක එක වෙන් වැ වැනේ.
5.සමාසාධිකාරය 299
5 -3
පෙර කඩැ උසුරු වන - යව් කු ප න ඈ අවියන් පර සද සබඳ ලද හොත් - අවිය සමසැ යි එ වියූ.
අර්ථප : පෙර කොටසෙහි කියනු ලබන්නා වු යව් - කු - ප - න ආදි අව්යපයයන් පර පදය හා සම්බන්ධය ලැබුව හොත්, ඒ අව්යිය සමාස යැ යි කී හ.
විස්තර : පද දෙකක් එක් වන තන්හි මුල් පදය අව්ය්යයෙක් (නිපාතයෙක් හෝ උපසර්ගදයෙක් හෝ) වී නම්, ඒ වනුයේ අව්ය(ය සමාසයෙකැ යි මේ කී සේ යැ. ‘අනුබල’ යනු මෙ නයින් බලන කලැ අව්යයය සමාසයෙකි. පස්සෙහි වන බලය ‘අනුබල’ නමි. ‘පස්සෙහි වන’ යන අර්ථයෙහි ‘අනු’ යන අව්ය යය වෙයි. ‘අනුබල’ යන තන්හි ‘බල’ යනු මැ ප්රථධාන යැ. ‘අනු’ යනු එයට විශෙෂණ වෙයි. සමාසයෙහි වූ කොටස් දෙකින් එකෙක් අනෙකට විශෙෂණ වේ නම්, එයට දියැ යුත්තේ විශෙෂණ සමාස යැ යන නම යි. එහෙත් මෙහි දෙන ලද්දේ ‘අව්යවය සමාස’ නාමය යි. ඒ ආශාස්ත්රීේය යැ.
අව්ය ය සමාස නම් කිමෙක් ද? යම් සමාසයෙකින් අව්යෙයාර්ථයෙක් ලැබේ ද ඒ අව්යයය සමාසයෙකි. ‘දිවි හිමට’ යන අරුත්හි ‘යව්දිව්’ යනු වේ. ‘දිවි හිමට’ යැ යි නො කියා එය සඞ්ක්ෂෙප කොටැ ‘යව්දිව්’ යැ යි කී හෙයින් සමාසයෙකි. ‘යව්’ යන අව්යියයා ගේ අර්ථය ප්රිධාන කොටැ ගෙනැ ‘යව්දිව්’ යන්න අව්යසයයක් බවට පමුණුවන ලදුයෙන්, මේ අව්යනය සමාස යි. සංස්කෘතයෙහි ‘අව්යයීභාව’ යනු නමි.
300 සිදත් සඟරා විවරණය
අව්ය ය සමාසයෙකැ පෙර කොටස අව්ය යයක් මැ වන බව සැබෑ යැ. එහෙත් එ පමණින් අව්යයය සමාසයෙක් නො වේ. යම් තැනෙකැ අව්යනයය අප්ර්ධාන වැ - විශෙෂණ වැ සිටියේ ද එහි වනුයේ විශෙෂණ සමාසයෙකි. අනුබල - කුපුරිස් - දුලබ - සුවඳ උපවන යනාදිය නිදර්ශසණ යි. යම් තැනෙක්හි අව්යධයය ප්ර්ධාන වැ සියල්ලෙන් අව්යවයාර්ථයක් ගෙනැ දේ ද ඒ අව්යකය සමාස යි. යව්දිව් - යතවිදි - නොහිම් යනාදිය මෙනි. ‘යව්’ ආදිය යැ ‘කු’ ආදිය යැ ‘ප’ ආදිය යැ ‘න’ ආදිය යැ යි සිදත් සඟරා කාරායෝ අව්යයයයන් සතර කොටසකට බෙදා දක්වති. කවර කවර ලක්ෂණයන් සලකා එ සේ බෙදු හු ද යනු අප්රටකාශ යැ. මෙහි ලා ව්යයඛ්යා න කාරයන් ගෙන් පිහිටෙක් නැති.
5 - 4
‘සක් කැබැලි සියෝ - අඟිනෙක් පසක් ‘යව්දිව්’ ඈහි දිව් හිම් යව්දිව්. ‘යව්අමත් බමණන් අමත.’ ‘තුනු හොළ වට හළ - යතලබ සතොස් සිත් හළ’ ඈහි යම් යම් ලබැ යතලබ. විදිය නො ඉක්මැ යතවිදි. පැසුළු බල අනුබල. මෙ ඈ යව් ඈ සමස් නම්.
අර්ථ : ‘අඟින් එක් පසක් යව්දිව් සක් කැබැලි සියෝ’ (අඞ්ගයෙන් හෙවත් ශරීරයෙන් එක් පාර්ශ්වයෙක් දිවි ඇති තාක් ශඞ්ඛ කුෂ්ඨයෙන් සංයුක්ත යැ හෙවත් යුක්ත වුයේ යැ) යනාදි තන්හි, ජීවිත සීමාවට යව්දිව් යැ.
5.සමාසාධීකාරය 301
‘යව්අමත් බමණන් අමත’ (අමත්ර ) හෙවත් භොජන පාත්රමයන් ඇති පමණට බ්රාතහ්මණයන් ආමන්ත්ර ණය කරව.
‘තුනු හොළ වට යතලබ සතොස් සිත් හළ’ (ශරීරයෙහි දුඃඛ වෘත්තිය හළුයේ යැ හෙවත් දුරු කෙළේ යැ. යථාලාභ සන්තොෂ චිත්තය හළුයේ යැ) යනාදි තන්හි යම් යම් ලාභයෙකැ (යන අර්ථයයෙහි) ‘යතලබ’ (යනු වෙයි.)
‘විධිය අතික්ර මණය නො කොටැ’ (යන අර්ථයයෙහි) ‘යතවිදි’ (යනු වෙයි.) පසු වූ බලය ‘අනුබල’ (නමි.) මේ ආදිය යව් ආදි සමාස නමි. විස්තර : අව්යලයීභාව සමාසය නිත්ය වේ. එ හෙයින් එයට බැඳුණු පදයෝ අසමාස වැ, වෙන් වැ නො සිටිත්. සමාස විග්ර හය ද ස්වකීය පදයන් ගෙන් මැ නො කළ හැකි යැ. ඇතැම් පදයන් වෙනුවට අන්යර පදයන් ගෙන් මැ නො කළ හැකි යැ. ඇතැම් පදයන් වෙනුවට අන්යෙ පදයන් ගෙනැ හෝ සමාස වැ නොබැඳුණු පදයන් අමුතුයෙන් මැ ගෙනැ හෝ විග්ර්හ කළ යුතු වෙයි. එ බඳු විග්රුහය ඇති සමාස ‘අස්වපද විග්රෙහ’ නම් වේ. ‘ස්වපද (ස්වකීය පද) විග්ර හ නොවන’ යනු අර්ථඅ යි. සමාසාදීන් ගේ සඞ්ක්ෂිප්ත වූ පදයන් විදහා දැක්වීම ‘විග්රහහ’ නාමයෙන් ගැනේ.
‘යව්දිව්’ යනු අව්ය’ය සමාසයෙකි. ‘දිව් යව්’ යැ යි මේ අසමාන වැ නො සිටී. ‘දිව් හිම්’ යනු ‘යව්දිව්’ යන්නෙහි විග්ර හය යි. එහි ලා ‘යව්දිව්’ යන්නෙහි ‘යව්’ යනු වෙනුවට ‘හිම්’ යන අන්යැ පදය ගත් හෙයින් මේ අස්වපද විග්ර‘හයෙකි. ‘යව්දිව්’ යන මෙහි ‘යව්’ යනු ‘යම් තාක්’ යන අර්ථදය දෙන අව්යියයෙකි. ඒ අව්ය යයා ගේ
302 සිදත් සඟරා විවරණය
අර්ථ ය ප්රයධාන කොටැ ගෙනැ සමාසාර්ථදය වන හෙයින්, මේ අව්යදය සමාසයට සුදුසු මැ වූ නිදර්ශෙනයෙකි. සංස්කෘතයෙහි ‘යාවජ්ජිවං’ යනු ලැබෙයි. ‘යව්අමත් බමණන් අමත’ යනු නිකම් මැ දක්වා, ‘යව් අමත්’ යන සමාස පදය විග්ර හ නො කොටැ මැ හළ සේ නොමැනැවි ‘අමත්’ යැ යි විග්රවහය වෙයි. මෙහි ‘අමත්’ නම් භොජන පාත්රත යි. දන් දෙනු පිණිසැ බමුණන් කැඳවන්නට කීයේ ඒ පාත්රර ඇති පමණට යැ. ‘යාවදමත්රංර’ යනු සංස්කෘත යි. ‘යතලබ’ යන්නෙහි විග්රෙහය ‘යම් යම් ලබැ’ යනු යි. ‘ලබ’ යම් සේ ද එ සේ’ යැ යි ද විග්රිහය කළ හැකි. ‘යම් යම් ලැබීමෙහි’ යනු අර්ථල යි. සංස්කෘතයෙහි ‘යථාලාභ’ යනු වෙයි. ‘යතලබ’ යනු ‘ලබ යත’ යැ යි අසමාස වැ නොසිටිනුයෙන් මේ නිත්යග සමාස යි. ‘යත’ යන අව්යියයා ගේ අර්ථසය ප්රෙධාන වූයෙන් අව්ය යීභාව යි. ස්වකීය පදයන් ගෙන් මැ විග්රථහය නො කළ හැකි හෙයින් අස්වපද විග්රනහ යි. ‘යතවිදි’ (සංස්කෘතයෙහි ‘යථාවිධී) යන්නෙහි විග්රගහය ‘විදිය නො ඉක්මැ’ යනු යැ. ‘විදිය යම් සේ ද එ සේ’ යැ යි ද ගත හැකි. මෙහි ද අව්යැයීභාව ලක්ෂණ නොඅඩු වැ ලැබෙයි. ‘පැසුළු බල’ යනු ‘අනුබල’ යන්නෙහි විග්රතහ යි. මෙහි ප්ර‘ධාන වැ ලැබෙනුයේ ‘අනු’ යන අව්යබයයා ගේ අර්ථය නො වේ. ‘බල’ යන නාමයා ගේ මැ අර්ථය යි. පැසුළු වුව ද නොපැසුළු වුව ද බලය නම් බලය මැ යි. ‘අනුබල’ යනු අව්යපයයෙක් නො වේ. නාමයෙකි. එ හෙයින් මෙය අව්ය්ය සමාසයෙකැ යි ගැනිම ශාස්ත්රවයට
5.සමාසාධිකාරය 303
පිටු පෑමෙකි. ‘අනු’ යන අව්යුයයා ගේ අර්ථ ‘පැසුළු’ යන අන්ය පදයෙන් දී විග්රපහ කළ හෙයින් මේ අස්වපද විග්ර හ වුව ද මඳ වු ද අව්යරය ස්වභාවයෙක් මෙහි නැති. ‘අනු’ යන ‘බල’ යන්න වෙසෙසයි. එ හෙයින් මේ විශෙෂණ සමාස ගණයට අයත් යැ. සංස්කෘත වෛයාකරණයෝ මෙයට කර්මෂධාරය සමාස යැ යි කියත්.
ටිප්පණී : 1. සක් කැබැලි සියෝ - අඟිනෙක් පසක් යව්දිව් - අසක්දා කවෙහි පද්යා ර්ධයෙකැ යි පුරාතන ව්යා ඛ්යාකන කාරයෝ කියති. ‘සක් කැබලි’ නම් කුෂ්ඨ විශෙෂයෙකි. කබලු මැ කැබැලි. ස්වාර්ථ තද්ධිත යි. ‘කබලු’ නම් කුෂ්ඨය වසා සිටි සිවිය යි. 2. අමත - ‘අමත’ ධාතු ‘බල’ ආදි පර: පද යි. අමතා - අමතති - ඇමැතී - ඇමැතු. 3. තුනු හොළ වට හළ - යතලබ සතොස් සිත් හළ - මෙ ද අසක් දා පද්යා ර්ධයෙකැ යි යෙති. ‘තුනු’ (තනු) නම් ශරීරය යි. ‘හොළ’ යනු දුකට නමි. වෘත්තිය (පැවැත්ම) ‘වට’ නම් වෙයි.
5 - 5
ගැරැහුම් ලද පුරිස් කුපුරිස්. නිඳි ලද ලද දුලද. මනා ගඳ සුවඳ. මෙ ඈ කු ඈ සමස් නම්.
අර්ථ : ගැරැහීම (ගර්භාව - නින්දාව) ලැබු පුරුෂ තෙමේ ‘කුපුරිස්’ (කාපුරුෂ) යැ.
304 සිදත් සඟරා විවරණය
නින්දා ලැබූ ලබ්ධිය (ඇදැහීම) ‘දුලද’ (දුර්ලබ්ධි) යැ. යහපත් වූ ගන්ධය ‘සුවඳ’ (සුගන්ධ) යැ.
මේ ආදිය ‘කු’ ආදි සමාස නමි.
විස්තර : දැක්වුණු තුන මැ විශෙෂණ (කර්ම ධාරය) සමාසයට නිදර්ශැන යි. අව්යතය සමාස ගණයට හෙළීමට ප්ර මාණ කොටැ ගන්නා ලද්දේ අව්යවයයක් පූර්වර වීම පමණෙකි. ‘කුපුරිස්’ යන තන්හි ‘පුරිස්’ යන්නෙහි අර්ථය මැ ප්ර්ධාන වෙයි. ‘කු’ යනු ඒ අර්ථය වෙසෙසයි. දුලද - සුවඳ යන දෙ තන්හි දු - සු යන අව්යනය දෙක ද විශෙෂණ වැ මැ සිටී.
ටිප්පණී : 1. ගැරැහුම් - ‘ගරහ’ ධෘතු ‘බල’ ආදි පර: පද යි. ගරහා - ගරහති - ගැරැහී - ගැරැහූ. 2. කුපුරිස් - නින්දිත පුරුෂයා යැ යන අර්ථ ඇත්තේ යැ. 3. දුලද - දුර්ලබ්ධිය නම් මිථ්යාැ දෘෂ්ටිය යි.
5 - 6
උකටින් හොබනේ පබ. වෙතැ වන උපවන.
මෙ ඈ ‘ප’ ඈ සමස් නම්.
අර්ථම : උත්කෘෂ්ට භාවයෙන් (උසස් වැ) ශොභමාන වනුයේ ‘පබ’ (ප්රඈභා) යැ.
සමීපයෙහි වනය ‘උපවන’ යි. මේ ආදිය ‘ප’ ආදි සමාස යි.
5. සමාසාධිකාරය 305
විස්තර : ‘පබ’ උපවන’ යන දෙක ද විශෙෂණ (කර්ම ධාරය) සමාස යි. ‘ප’ යනු ‘බා’ යන්නට ද ‘උප’ යනු ‘වන’ යන්නට ද විශෙෂණ වන හෙයිනි.
ටිප්පණී : 1. හොබනේ - ‘හොබ’ ධාතු ‘රක්’ ආදි උභය පද යි. (පර: පද) හොබි - හොබිති - හොබි - හෙබි. (අත් : පද) හෙබේ - හෙබෙති - හෙබිණි - හෙබුණු. 2. පබ - ප්රිභා. ‘කාන්ති’ යන අර්ථ ඇත්තේ යැ. 3. උපවන - ගෘහ සමීපයෙහි වනය මෙයින් ගැනේ.
5 - 7
සුර නොවන්නේ අසුර.
නොදෙන ලද්දේ අයින්. කුසල් නොවන්නේ අකුසල්. මෙ ඈ න අරුත්හි කෙළෙන් න අරුත් සමස් නම්
අර්ථ : ‘සුර නොවන්නේ අසුර’ (දෙවි නොවනුයේ ‘අසුර’ නම්) යැ. ‘නොදෙන ලද්දේ අයින්’ (දානය නොකර ලදුයේ ‘අයින්’ හෙවත් අදින්න) යැ. ‘කුසල් නොවන්නේ අකුසල්’ (කුශලය නොවනුයේ ‘අකුසල්’) යැ.
මේ ආදිය ‘න’ (යන) අර්ථ(යෙහි කරන ලද හෙයින් නාර්ථක (නඤර්ථැ) සමාස නමි.
විස්තර: ‘සුර’ යනු දෙවියනට නමෙකි. දිව්යහ නොවන්නකු හැඟැවුව මනා තන්හි ‘නො’ නිපාතය හා යෙදීමෙන් ‘නොසුර’ යනු වෙයි. සංස්කෘතයෙහි ‘නො’
20
306 සිදත් සඟරා විවරණය
යන අර්ථ ය දෙනුයේ ‘න’ (නඤ්) නිපාතය යි. නාමයෙකැ පූර්වං වැ මේ ‘න’ නිපාතය යෙදී සමාස වන කල්හි ‘න’ යන්නට ‘අ’ ආදෙශ වෙයි. එ හෙයින් ‘න සුර’ යනු ‘අසුර’ යි සිටී. පාළියෙහි දෙන ලද්දේ ‘දින්න’ නම් වෙයි. නොදෙන ලද්දක් හැඟැවුව මනා තන්හි ‘දින්න’ යන්නට පූර්වස වැ ‘න’ නිපාතය යෙදෙයි. සමාසයෙහි ‘න’ නිපාතයට ‘අ’ ආදෙශය වැ ‘අදින්න’ යනු නිපදී. ඒ සිංහලයට පැමිණැ ‘අයින්’ යැ යි සිටී.
කුසල නොවන්නක් හඟවන්නට පාළියෙහි ‘කුසල’ ශබ්දයට පූර්ව‘ වැ ‘න’ නිපාතය යෙදී එයට ‘අ’ ආදෙශ වැ ‘අකුසල’ යනු වේ. සංස්කෘතයෙහි ‘අකුශල’ යනු ලැබේ. ‘අකුසල’ යනු සිංහලයට පැමිණැ ‘අකුසල්’ යනු වේ.
සිංහලයෙහි වනාහි ‘න’ නිපාතයෙක් නො ලැබේ. ලැබෙනුයේ ‘නො’ නිපාතය යි. ‘නො’ නිපාතයට ‘අ’ ආදෙශ විම සිංහල රීතියට අනුකූල නොවන්නෙකි. මිටි නොවන්නේ නොමිටි. හොඳ නොවන්නේ නොහොඳ. උස් නොවන්නේ නොඋස් (නූස්.) ‘නො’ නිපාතයට ‘අ’ ආදෙශයෙක් වෙයි නම්, අමිටි - අහොඳ - අනුස් යනාදිය ද වහරට සුදුසු වියැ යුත්තේ යැ. එ සේ සුදුසු නොවන හෙයින් ෙ’නො’ නිපාතයට ‘අ’ ආදෙශය සිංහලයෙහි නොලැබෙන්නෙකි. ඒ එ සේ මැ නම් ‘ඇසුර’ යනාදීහු කෙසේ සිද්ධයෝ ද? පාළි, සංස්කෘත භාෂාවන්හි නීතීනට අනුවැ සිද්ධ යි. ශුද්ධ සිංහල රීතියෙන් උපන් බැලූ - බුමු - බිණු - පිහිටි - රැකි - බට යනාදි කෘදන්තයන් සමඟ යෙදෙන ‘නො’ නිපාතය
5.සමාසාධිකාරය 307
සිටුනා සැටි බලමු. නොබැලු - නොබුමු - නොබිණු - නොපිහිටි - නොරැකි - නොබට. මෙ තන්හි කිසි ලෙසෙකිනුත් ‘අ’ ආදෙශය නො වෙයි.
5 - 8
මෙහි පෙර ‘කුරු පණ ‘කුරු වුව ඔහු වෙතැ
‘න’ අගම් කර.
එකක් නොවනුයේ අනේ. – අදර නොවන්නේ අනදර -
මෙ ඈ විමසනු. ඉති අවිය සමස්.
අර්ථඅ : මේ ස්ථානයෙහි පූර්වාතක්ෂරයා ප්රාදණාක්ෂරයක්හු වුව හොත් ඔහු සමිපයට ‘න’ ආගමය කරව. එකක් නොවන්නේ ‘අනේ’ (අනෙක) යැ. අදර (ආදරය) නොවන්නේ ‘අනදර’ (අනාදර) යැ. මේ ආදිය පරීක්ෂා කරනු. අව්යකය සමාසය මෙ සේ යැ.
විස්තර : ‘න’ නිපාතයට ‘අ’ ආදෙශ වැ පර ශබ්දය හා සමාස වන කල්හි, ඒ පර ශබ්දයෙහි මුල් අකුර ස්වරයක් වුව හොත්, ඒ ස්වරය සමීපයට (ඒ ස්වරයට පූර්වහ කොටැ) ‘න’ කාරාගමය කළ යුතු බව මෙ කී පරිදි යි.
න + ඒ = අ + ඒ = (‘න’ ආගමයෙන්) අනේ. න + අදර = අ + අදර = ,, අනදර.
308 සිදත් සඟරා විවරණය
මෙ ද පාළි, සංස්කෘත රීතියෙකි, සිංහල රීතියෙක් නො වේ. ‘ඒ’ යනු සිංහලයෙහි එකට නම් වන බවෙක් නො දැක්විණ. එහෙත් ‘එකක් නොවනුයේ අනේ’ ලු. ‘අනේ, අනේ’ යැ යි නො කියා අපි වෙන කුමක් කියමු ද? අනෙක - අනදර යන මෙය සිංහලයට පැමිණැ අනේ - අනදර යැ යි සිටිනු විනා, මෙ නයින් සමාස සිදු කිරිම සිංහලයට නුහුරු යැ.
‘එක්’ යනු හා ‘නො’ නිපාතය සිංහල රීතියට අනුවැ සිටුනා සැටි බලන්නැ. නො එක් = (‘ය’ ආගමයෙන්) නොයෙක්. ඉදින්, සිදත් සඟරා කාරයන් කියන සේ ‘න’ නිපාතයෙක් සිංහලයෙහි ලැබේ නම්, සමාස විෂයයෙහි එයට ‘අ’ ආදෙශය වේ නම්, පර ශබ්ධයෙහි මුලකුර පණකුර වුව, ඔහු වෙතැ ‘න’ අගම් කරනු යෙදේ නම් -
අමු නොවන්නේ අනමු - ඇද නොවන්නේ අනැද - ඉතිරි නොවන්නේ අනිතිරි - උස් නොවන්නේ අනුස් - එළු නොවන්නේ අනෙළු - ඔරු නොවන්නේ අනොරු -
යනාදියත් අතිශයින් සුදුසු වියැ යුතු ______________ විභක්ති සමාසය.
5 - 9
පෙර පසු විබත් හැරැ - සෙසු සත් විබත් අත් පද පර පද හා සමස් වත - එ විබත් සමස් නම් වේ.
5. සමාසාධිකාරය 309
අර්ථ : පූර්ව පශ්චිම (ආදි, අන්න - මුල, අග) විභක්ති හැරැ ඉතිරි සප්ත විභක්තියෙන් අන්ත වූ පදය පර පදය හා සමාස වන කල්හි, ඒ විභක්ති සමාස නම් වේ.
විස්තර : පෙර විබත් නම් ප්රාථමා විභක්තිය යි. පසු විබත් නම් ආලපන විභක්තිය යි. ප්රමථමාන්ත පද ය ද ආලපනාන්ත පදය ද පසු පදය හා සමාසයට නො පැමිණේ. කර්ම් කර්තෘ කරණ සමුප්‍රදාන අවධි සම්බන්ධ ආධාර යන විබතෙකින් අන්ත වූ පදය පසු පදය හා සමාසයට පැමිණේ.
මේ නාම වර්ණතනාව නිර්දොෂ නො වේ. අන්යාණර්ථ සමාසයෙහි ද සෙසු සත් විබත් අත් පද මැ පර පද හා සමස් වන හෙයිනි. වෙනස පහදා නොදීම මහත් අඩුවෙකි. විභක්ති සමාසයෙහි වනාහි පර පදයා ගේ අර්ථ්යන මැ ප්රසධාන වෙයි. පූර්වත පදය විශෙෂණ වැ සිටි. අන්යා ර්ථ සමාසයෙහි දී ප්රවධාන වනුයේ පූර්ව පදයා ගේ හෝ පර පදයා ගේ හෝ අර්ථය නො වේ. අන්ය වූ මැ පදයක්හු ගේ අර්ථය යි.
සංස්කෘත වෛයාකරණයෝ මෙයට තත්පුරුෂ සමාස යැ යි කී හ.
5 - 10
ගත කරනුයේ ගත්කරු - කිවි - කිඬි කරනුයේ කිඩියර - ඉඳුරුදැලි - මිහිය පල්නේ මීපල් - කැත් - මි බොනුයේ මීපා - සපු - පන බොනුයේ පිනිපා - කිරි - හිර අවුරනුයේ හිරවරණ - සත් -
මෙ ඈ කම් විබත් සමස්.
310 සිදත් සඟරා විවරණය
අර්ථ : ග්ර න්ථය කරනුයේ ගත්කරු (ග්රකන්ථකාර) යැ. කවියාට නමි.
ක්රීාඩා කරනුයේ කිඩියර (ක්රීයඩාකාර) යැ. ඉන්ද්ර ජාලිකයාට නමි. මහිය (පෘථිවිය) පාලනය කරන්නේ මීපල් (මහීපාල) යැ. ක්ෂත්රිපයයාට (රජුට) නමි. මධුව (මල් පැණි) බොනුයේ මීපා (මධුපා) යැ. ෂට්පදයාට (බමරාට) නමි. පන (නැවැතැ) බොන්නේ පිනිපා යැ. ඇතැට නමි. සූර්යයා අවුරන්නේ (වළකන්නේ) හිරවරණ යැ. ඡත්රයයට (කුඩයට) නමි.
මේ ආදිය කර්ම( විභක්ති සමාස යැ.
විස්තර : ‘ගත්කරු’ යැ යි කී කල්හි ‘ගත’ යනු ‘කරු’ යන්නෙන් කියැවෙන ක්රි්යාවට කර්මතය වෙයි. ගත ‘කරනුයේ’ යන තන්හි ‘ගත’ යනු දෙ වන (කර්මර) විබත ගෙනැ සිටියේ යැ. විබත ලොප් කොටැ පර ශබ්දය හා සමාස කළ හෙයින්. පූර්වග පදය දිවිතියා (කර්ම්) විභක්ත්ය න්ත වැ සිටි හෙයින්, මේ ද්විතීයා (කර්මම) විභක්ති සමාස යි. කරනුයේ කරු යි. මෙහි විග්ර9හය වියැ යුත්තේ ‘ගතට කරු ‘ගත්කරු’ කියා යැ. එ නයින් බලන කලැ මේ ද්විතීයා (කර්මී) විභක්ති සමාසයට නිදර්ශතන නො වේ. ‘කර’ ධාතුයෙන් නිපන් කෘදන්තයක් නො යෙදී ධාතුව මැ යෙදිණි නම්, ද්විතීයා (කර්ම.) විභක්ති සමාස යැ යි කියැ හැකි. ‘ග්රසන්ථ කර්තෘ ’ යන තන්හි ග්ර්න්ථයා ගේ (ග්රින්ථයට ) කර්තෘය ග්ර න්ථ කර්තෘ නම් වෙයි. ග්රයන්ථය කරනුයේ ග්රරන්ථ කර්තෘය යැ යැ විග්ර හ කළ, ඒ අශාස්ත්රීයය යි.
‘කිඬියර’ යනු නම් ද්විතියා විභක්ති සමාසයට නිදර්ශ න කළ සේ යෙදෙයි. ‘කර’ ධාතුයෙන් නිපන් කෘදන්තයෙක්
5.සමාසාධිකාරය 311
එහි නො වේ. වනුයේ ‘කර’ ධාතුව මැ යැ. ‘කිඩි කර’ යන තන්හි ‘කිඩි’ යනු ‘කර’ යන්නෙන් වාව්ය වන ක්රි යාවට කර්ම ය වේ.
‘මීපල් යන තන්හි ‘මි’ (පෘථිවිය) ‘පල්’ යන්නෙන් වාව්යන වන ක්රිමයාවට කර්මය යි. ‘ඇතැමෙක් මිය පල්නේ මීපල්’ යැ යි කියත්. ‘මිය’ යනු පෘර්ථීවි වාවක නො වේ. ‘මිහි’ යන තන්හි ‘හ’ කාර ලෝපය ද සවර්ණ දීර්ඝකය ද වී නිපන් මි’ යනු නම පෘථිවියට නම් වෙයි. ‘හ’ ලෝප වූ තන්හි පැමිණි දීර්ඝනත්වයක් වන බැවින් (මි + අ = ) මිය යි හ්ර ස්වයක් නො කළ හැකි වෙයි.
මී බොනුයේ මීපා යනු දුෂ්ට විග්රවහයෙකි. ‘පා’ යැ යි. ධාතුවෙක් සිංහලයෙහි නො ලැබේ. පාළි, සංස්කෘත දෙක්හි වන ‘මධුප’ යනු සිංහලයට පැමිණැ ‘මීපා’ යැ යි සිටී.
‘පිනිපා’ යනු සිහංලයෙහි ඇතැට නම් වන බව නම් සැබෑ යැ. එහෙත් කවර අර්ථයෙන් ඒ නම යෙදේ ද යනු අවිනිශ්චිත යැ. මෙ බඳු තන්හි සිදත් සඟරා කාරයන් ගේ මැ කීම ප්රඅමාණ කරන්නට අපි මඳක් බම්හ. ‘නැවැතැ’ යන අරුත්හි ‘පිනි’ යන්නෙක් නො ලැබේ. ලැබෙනුයේ ‘පන’ යන්න යි. එය මෙහි ‘පිනි’ යි වන්නට මඳ වූ ද හේතුවෙක් නො පෙනෙයි. ඇතා පැන් බොනුයේ දෙ වරකට යැ. පළමු වන වර හේ සොඬට පැන් ඇදැ ගනි. ඒ ප්රුථම පානය යි. ඉක්බිති, සොඬෙහි පැන් මුවට ඔවී. ඒ ද්විතීය පානය යි. මෙ සේ දෙකෙකින් බොන හෙයින් සංස්කෘතයෙහි ඇතැ ‘දිවිප’ යන නම් වේ. හිර අවුරනුයේ ‘හිරවරණ’ නම් නො වෙයි. හිරට අවරණ (ආවරණය) හිරවරණ යි. එ හෙයින් ‘හිරවරණ’ යනු කිසි සේත් ද්විතීයා (කර්මය) විභක්ති සමාසයෙක් නො වේ.
312 සිදත් සඟරා විවරණය
ටිප්පණී : 1. ඉඳුරුදැලි - ඉන්ද්ර ජාලික. ඇස් බැන්දුම් කාරයා. මෙහි ‘ඉන්ද්ර ’ යනු චක්ෂුරින්ද්රිඳයයට නම් වන සේ පෙනේ. ඇසට දැලක් බඳු වන්නේ ඉන්ද්රිජාල නමි. ඉන්ද්රනජාලය (ඇස් බැන්දුම) කරනුයේ ඉන්ද්රාජාලික යි. 2. මීපා - මේ නම රජුට ද යෙදේ. ඒ අර්ථය ගැනෙන විටැ විග්රහය කෙ බඳු දැයි නොදැක්වූවා බලවත් වරදෙකි. සංස්කෘතයෙහි ‘පා’ ධෘතු බිමෙහි මෙන් මැ රැක්මෙහි ද වැටේ. මධුව බොන්නේ ‘මධුප’ යි . මහීය (පෘථිවිය) රක්නේ ‘මහීප’ යි සිංහලයෙහි රක්ෂණාර්ථයෙහි ‘පා’ ධාතුවක් දක්වමු ද? 3. සපු - ‘ෂට්පද’ යනු සිංහලයෙහි සිටි සැටි යි. ෂට්කයක් (සයක්) පදයක් (පාදයන්) වනුයේ යමක්හු හට ද හේ ෂට්පද යි. බමරාට පා සයෙකි. 4. පිනිපා ‘පන’ යනු ‘නැවැතැ’ යන අරුත දෙයි. සිදත් සඟරා කාරයෝ මැ ‘පුන වියුවා’ යනාදි තන්හි එය යෙදු හ. ‘පුනපුනා’ යන ඈ විසින් වහරෙහි දු ඒ ලැබේ. එයින් නිපන ද ලැබියැ යුත්තේ ‘පුනපා’ යනු යි. ස්වර පර රූපයෙන් ‘පුනු’ යන්නක් ලැබැ අනම්යි විධීයේ වහල සෙවුව හොත් ‘පිනි’ යනු නො ලැබියැ හැක්කේ නො වේ. 5. හිර අවුරනුයේ හිරවරණ - සිංහලයෙහි ‘අවුර’ ධාතුයෙන් ‘අවරණ’ යන්නෙක් කිසි ලෙසෙකිනුත් නො ලැබෙයි. ‘අවුරන’ යන්නක් නම් ලැබියැ හැකි යැ. එහි ‘න’ කාරය ‘ණ’ කාර බවට පැමිණැවිමට රීතියෙක් සිංහලයෙහි නැති. පාළි සංස්කෘත දෙක්හි ලැබෙන ‘ආවරණ’ යන නම් සිංහලයෙහි ‘අවරණ’ යි සිටී.
5.සමාසාධිකාරය 313
5 - 11
පරා විසින් පුටුයේ පරපුටු - සමත් යදි හෝ
බඹහු විසින් දෙන ලද්දේ බඹදත් - සිවුරු දෙව්හු විසින් දෙන ලද්දේ දෙව්දත් - බොජුන්
මෙ ඈ කතු විබත් සමස්.
අර්ථ : අන්ය-යා විසින් පොෂණය කරන ලද්දේ පරපුටු (කොකිලයා, යාචකයා හෝ ) යැ.
කොවුලාට ද යැදියාව ද නමි.
බ්රුහ්මයා විසින් දානය කරන ලද්දේ බඹදත්
(බ්ර හ්මදත්ත) යැ.
චීවරයට (සිවුරට ) නමි.
දෛවතයන් විසින් දානය කරන ලද්දේ දෙව්දත්
(දෙවදත්ත ) යැ.
භොජනයට (බොජුනට ) නමි.
මේ ආදිය කර්තෘ් විභක්ති සමාස යි.
විස්තර : ‘පරපුටු’ යනු පරා විසින් පෙහෙණි (අන්ය(යා විසින් පුෂ්ට) වූයේ ‘පරපුටු’ යැ යි විග්රදහ කළ කල්හි ඒ කර්තෘන විභක්ති සමාසයට නිදර්ශපන වෙයි.
‘බඹදත’ යනු කර්තෘු විභක්ති සමාසයට නිදර්ශ න කළ සේ නො යෙදෙයි. ඒ එ තරම් මැ අශාස්ත්රීභය යි. දානාර්ථයෙහි වැටෙන ‘දත්’ යන්නෙක් සිංහල භාෂායෙහි නම් නො ලැබේ. සංස්කෘතයෙහි දානාර්ථ වාචි ‘දත්ත’ යනු පිහිට කොටැ, එ මැ සිංහල ව්යා කරණයට නිදර්ශ්න කිරීම බලවත් වරදෙකි. බඹහු විසින් දන්නා ලද්දේ
314 සිදත් සඟරා විවරණය
‘බඹදත්’ යැ යි විග්ර හ කිරීම යි සිංහල නියරින් නම් වියැ හැක්කේ. එහි දී ලැබෙනුයේ මෙහි දී දැක්වුණු අරුත නො වේ. බඹා වෙද මතුරු (වෙද මන්ත්රය) දනී. එ බැවින් එ අරුත් මුත් සිවුරු අරුත් දෙත් බඹදත් නිවත් මැ යැ. පරෙවි සන්දෙශයෙහි -
‘දද කොඳ කුසුම් දම් සෙවි සරසවිය කල රඳනා නිමල එ සුරුඳු මුදු මුව කමල පිරි අම පියුම්රා මිණි විතෙකැ යි උදුල තෙපලන බඹුට ගොවි කී වෙද මතුරු තුල’ යි
සිරි රහල් මාහිමියන් විසින් කැරුණු සඳහනුදු එයට පිහිට සපයයි.
‘බ්රලහ්මදත්ත’ නම් චිවරාර්ථයෙහි ලා නො ගත හැක්කේ නො වේ. ආදියේ මැ බ්රරහ්මයා විසින් සිඬාර්ථ ගෞතමයන් කෙරේ සිවුරු පිරිකර දන් දුන් බැවිනි. ඒ සංස්කෘත යැ; මේ සිංහල යැ.
‘දෙව්දත්’ යනුත් එ සැටි මැ යැ. දෙව්හු විසින් දන්නා ලද්දේ ’දෙව්දත්’ යන විග්ර හය විනා දෙව්හු විසින් දෙන (දානය කරන) ලද්දේ ‘දෙව්දත්’ යන විග්රිහය අවසර නො ලැබේ.
සිදත් සඟරා කාර අනවමදර්ශී මාහිමියෝ ග්රමන්ථාරාම්බයෙහි - ‘කළ පනත සන්නම්, දෙව්දත් - බඹදත් - ඈ’ යනුයෙන් ‘සංඥා’ නිදර්ශවන දැක්වූ හ. එහි එ පනත් මෙහි නොපනත් බවට නො පමුණුවත් ද ඔබ තුමු මැ? තව ද වරදෙකි ඒ.
‘දෙව්දත් - ඹඔදත්’ (දෙවදත්ත -බ්රිහ්මදත්ත) යනු සංඥා (පුද්ගල) නාම යැ එ කී ප්ර ඥපති (නියමය) පරිදි. ඒ නාම ප්රවකටාර්ථයට ගියේ යැ. එ බැවින් අන් අරුත්හි ලා ගැන්ම නය විරිදු ද වෙයි.
5.සමාසාධිකාරය 315
තාරකාවනට අධිපති අරුතින් ‘තරිඳු, තරමැණ’ යනු සඳුට නම් යැ. ‘තර’ යනු රශ්මියට ද නමෙකි. එයට අධීපති බැවින් හිරුට ද ‘තරිදු’ තරමැණ, තරමිණි, යන නම් අතිශයින් සුදුසු නො? නො වේ; චන්ද්ර නාම වශයෙන් ප්රධකටාර්ථ වැ වැටෙන බැවින් න්යාිය විරොධ යැ.
ටිප්පණී : 1. පරපුටු - පරා විසින් පුටු (පුස්නා ලද්දේ) පරපුටු. මෙයින් ගැනෙනුයේ කොවුලා යැ. කෙවිල්ල කවුඩු කැදැල්ලේ බිජු ලන්නි යැ. කැවිඩිය එ බිජු රක්නි යැ; පුස්නී යැ. කොවුලාට (කොකිලයාට) පරපුටු නම යෙදෙනුයේ එයිනි. ‘සමත්’ යනුත් කොවුල් නමෙකි. ‘හස සමත පවන් - කල්හර සඳි’ ඳුවර තෙප් පැරැදැ ඔවුන’තින් හා - කුරුරස ව ම දුඹුල් හට ‘ යි එ කියත් කව්සිළුමිණි කරුවාණෝ. 2. යදි - යැදියා ; යාචකයා. හෙ ද පරා විසින් පුස්නා ලද්දේ යැ. යැදියා දොරින් දොරැ සිඟා ගොස් ලද දැයින් රැකෙයි. ඒ සැබැවින් මැ පරන් (අනුන්) කෙරෙන් පුස්නා ලැබීම යි. එ බැවින් පරපුටු නම යැදියාට ද යෙදේ. 3. පුටු - ‘පුස්’ (පිසුම්හි - පොෂණයෙහි ) ධාතුයෙන් සිඬ නාම ක්රි යා (අතීත කෘදන්ත නාම ) යි; සිදත් සඟරා නියරින් ප්රෂත්ය)යාර්ථ නාම යැ. 4. බඹදත් - බඹහු විසින් දෙන (දානය කරන) ලද්දේ යන හැඟුමෙන් සිවුරු සදහා යෙදිණ. ‘දත’ යනු ‘දන්’ (දැනුම්හි) දයින් නිපන් නාම ක්රිරයා (අතිත කෘදන්ත නාම) යි. එ බැවින් දන් (දීම්) අරුත් දෙන්නට ඒ
316 සිදත් සඟරා විවරණය
නොසමත් යැ: සමත් වනුයේ ‘දෙ’ (දීමෙහි - දනෙහි) දයින් ලැබෙන ‘දුනු, දුන්’ යනු යැ. එ හෙයින් ‘බඹදන්’ යනු නම් පිරිමස්නා සේ යැ.
5. දෙව්දත් - දෙව්හු විසින් දෙන (දානය කරන) ලද්දේ යන අදහසින් බොජුන් සලකා කියැවිණ. ‘බඹදත්’ නය මැ යැ එහි දු වනුයේ. පිරිමැසුම් නම් ‘දෙව්දන්’ යැ, බුදු රදුන් කෙරේ අහර දන් මුලින් මැ පිරිනැමුණේ දෙවියන් විසිනැ යි යෙන හෙයිනුදු.
5 - 12
බමර කරණෙන් උදුළේ බමරුදුළ - හැති - අත් කරණෙන් වන කම් අත්තම් - බා කරණෙන් සුරු වූයේ බාසුරු - කෙසර කැසින් බොනුයේ කැසුබු - දීයෙන් හැනු බත් දීබත් - කිරින් පිසූ බත් කිරිබත් -
මෙ ඈ කරණ විබත් සමස්.
අර්ථ : භ්ර මරයන් කරණ කොටැ ගෙනැ උජ්ජ්වල
වූයේ බමරුදුළ (පුෂ්පස්තබකය) යි.
මල් පොකුරට නමි.
හස්තය කරණ කොටැ ගෙනැ වන්නා වූ කර්ම්ය
අත්තම් (හස්ත කර්ම ) නමි.
බාහුව කරණ කොටැ ගෙනැ ශුර වූයේ බාසුරු
(සිංහයා) යැ.
කෙශර සිංහයාට නමි.
5. සමාසාධිකාරය 317
කච්ඡයෙන් පානය කරනුයේ කැසුබු (කච්ඡප) යැ. දධියෙන් හැනුවා වූ බත් දිබත් (දධි හක්තය) යි. ක්ෂීරයෙන් පිසුවා වූ බත් කිරිබත් (ක්ෂීර භක්තය) යි. මේ ආදිය කරණ විභක්ති සමාස යි.
විස්තර : සිංහලයෙහි ප්රා ණි වාචි ශබ්ද කරණ විබත් නො ගනී: ගනී නම් ‘බමරින්’ යනු ද නොලැබෙන්නට හේතු නැති. එහෙත් වහරෙහි ඒ නො ලැබේ. එ බැවින් ‘බමරුදුළ’ යනු කරණ විභක්ති සමාසයට නිදර්ශ න කිරිම ශාස්ත්රී.ය නො වේ. අතින් කරන කම් අත්තම් නම් යැ. භස්තය කරණ කොටැ ගෙනැ කැරෙන කර්මඅ බැවින් ඒ නිදර්ශ නය කරණ විභක්ති සමාසයට යෙදෙයි. බායෙන් සුරු (බාහුව කරණ කොටැ ගෙනැ ශුර) වූ හෙයින් සිංහයා බාසුරු යැ යි නිදසුන් කළ සේ ද නොසරි යැ. ‘කැසින් බොනුයේ කැසුබු’ යනු සඳහා ව්යාසඛ්‍යාන කාර වියත්තු “කච්ඡයෙන් (=මුඛසම්පුටයෙන්) පානය කරන තැනැත්තේ කැසුබු නමි,” “කච්ඡයෙන් අර්ථ කථනය කෙරෙත් . ඔහු කවර අරුත් තකා එ සේ කියත් දැ යි. පැහැදිලි නො වේ. ‘කච්ඡ’ යනුයෙන් මෙහි ලා ගත යුත්තේ ජලය ආශ්රරය වන තැනෙකි. එ සේ ගත කල්හි ඒ නිදර්ශානය පිහිට නොලබන බව යි පෙනෙනුයේ.
‘දී බත්, කිරිබත්’ යන නිදසුන් ද යෙදෙයි.
ටිප්පණී : 1. බමරුදුළ - මල් පොකුර (පුස්පස්තබකය) සඳහා යෙදිණ. ඒ ‘හැති’ නම් ද වෙයි. ‘කුසුම් කැන’ (මල් කැන) ‘හැති, හැණි’ දෙ නමින් මැ අඳුන්වත් රුවන් මල් කරුවෝ. කරණ විබත් සමස් නිසා ‘බමරුදුළ’ නිදසුන් කිරීම මුළා යැ.
318 සිදත් සඟරා විවරණය
2. අත්තම් - අතින් කරන කම් (හස්ත කර්ම ). අත් + කම = පූර්වම රූප සන්ධි වැ අත්තම් වෙයි.
3. බාසුරු - සිංහයා. රුවන් මල් කරුවන් දක්වනුයේ ‘බාසුරු’ යනු හුදෙක් හිරුට මැ නම් වු බව යි. සිංහයා ‘බාසුරු’ නමින් ගැනුණු තැන් වහරෙහි නො ලැබේ. ‘කෙසර’ යනු සිංහයාට නමි.
‘පැලැඹුම් නොහමුයේ - තමා වුව ද දන බොහෝ හමුයේ නොබාසුරු සී - පුවළ සමද ගජ රජන (කව්සිළුමිණ)
‘වි සේ සවන විකුමෙන් බාසුරු කෙ ස ර ලෙ සේ අසුර ගජ දප් බිඳුමෙහි ළ ත ර තොසේ උපුල්වන් සුරනිඳු තුම මේ පු ර වෙ සේ නිතොර පුරඳුරු මෙන් තිදස පුර’
(තිසර සන්දෙ’ශය)
‘මෙ සේ සැරැසී ගෙ න වීණාව ගෙන්වා ගෙ න සමඟ අතැවැසි ද න නික්මැ බාසුරු සී රදකු මෙ න’ (ගුත්තිලය)
මේ සියලු තන්හි පෙනෙනුයේ ‘බැසුරු’ යනු සිංහලයාට විශෙෂණ වශයෙන් යෙදුණු නියා යැ.
4. කැසුබු - ‘කැසින් බොනුයේ කැසුබු’ යනු සිදත් සඟරා විග්ර හය යි. මෙ කියන කැස නම් කිම් දැ යි ව්යසඛ්යා්න කාර විද්වත්හු ඉඳුරා නො කියත්. ‘කච්ඡයෙන් පානය කරන, යන සඳහන් පමණින් අර්ථාාවබොධයට ප්රනතිෂ්ඨා නොවන බැවින් අඩුවෙකි. මෙහි පියෙවිය (ප්ර කෘතිය) ‘කැස’ ද ‘කැස්’ ද? ‘කැස්’ යනු ‘කිසිලි’ අරුත්හි ලැබේ සිඛ වළඳෙහි’ ‘කැස’ යනු මෙවුලට ද ‘කැස්’ යනු සැකයට ද
5.සමාසාධිකාරය 319
නම කොටැ දකිත් රුවන් මල් කරුවෝ. ‘කච්ඡ’ යනුයෙන්, සකු නියරින් මෙහි ලා ගත යුතු අරුත යටැ දැක්විණ. පාළියෙහි ‘කච්ඡ’ යනු ‘කිසිල්ල, වගුරුබිම්, යනාදි අරුත්හි වැටේ. ඉන් ආදිය ගත් හොත් ලැබෙනුයේ කිසිල්ලෙන් බොනුයේ ‘කැසුබු’ යනු යැ. සිඛවළඳ බසිනුදු එ මැ ලැබේ. සැබැවින් මැ කැස්බා බොන්නේ කිසිල්ලෙන් ද? එය පැහැයීමේ ලැ අපි නම් ඉතා අසරණයම්හ. සත්ත්ව විද්යා්ඥයෝ මැ පහයත් වා! කෙසේ හෝ එ සේ නො වේ නම් අවුලෙකි.!
පාළියෙහි දෙ වැනි වැ දැක්වුණු ‘වගුරු බිම’ නම් සකුවට ද අසල් යැ. එබැවින් කැස්බා වගුරු බිමින් බොන්නේ වේ නම් ලැබෙනුයේ කරණාර්ථ නො වේ. අවධි අර්ථ යි. එ සේ කල්හි කරණ විභක්ති සමාස ප්රේකාශය ප්රවතිෂ්ඨා රහිත යැ.
තව ද කම් විබත් සමස් දක්වන තන්හි - ‘මී බොනුයේ මීපා’ පන බොනුයේ පිනිපා’ යනුයෙන් දුන් නිදසුන් අනුවැ ‘කැසින් බොනුයේ කැසුපා’ යි කියැ යුතු නො? එයින් බලත් ‘කැසුබු’ යනු සැකයට’ අවුලට ඉඩ වඩයි. ‘කච්ඡප’ යන්නෙන් බුන් ‘කැස්බන්’ ගන්නා ‘මාතෘ භාෂා’ විශාරදයෝ එහි ලා කුමක් කියත් ද?
5. දී බත් - මුදවා - පු කිරියැ ‘දී’ නමින් කියන්නේ. පියෙවිය ‘දිහි’ යැ. ‘හ’ කාර ලොප සවර්ණ දීර්ඝය යන මෙයින් ‘දී’ යනු ලැබේ. මිදැවූ කිරින් හැනුවා වූ බත යි එයින් කියැවුණේ. එ දා කෙසේ වුව ද මෙදා නම් බඳු බත් දන්නා නො ලැබෙයි. ‘දිය බත්’ නම් දැයක් දැන් සමහරු පිළියෙළ කෙරෙත්. පොල් කිරි යැ එයට ගැනෙනුයේ.
6. කිරිබත් - හුදු කිරින් මැ පිසැ ගන්නා ලද බත් යැ මෙයින් කීයේ. එ බත් පිසීමේ දී වෙසෙසින් දඹදිව්
320 සිදත් සඟරා විවරණය
වැස්සන් විසින් එළකිරි මැ ගැනුණු බව පැරැණි හෙළ ගත් මඟින් පෙනෙයි. මෙ රටේ එ දා කොයි සැටි වුණ ද මෙ ද නම් එ සඳහා ගැනෙනුයේ පොල් කිරි යැ.
5 - 13
බමුණනට දියැ යුතු දන් බමුණුදන් - සිවුරු පිණිස පිරිනැමු පිළි සිවුරුපිළි - මෙ ඈ සපදන් විබත් සමස්.
අර්ථ : බ්රාවහ්මණයන් හට දෙත් හොත් යුක්ත වූ දානය බමුණුදන් (බ්රාහ්මණ දානය) යි. චීවර නිසා පිරිනැමුවා වූ වස්ත්රර සිවුරුපිළි (චීවර වස්ත්රත) යැ. මේ ආදිය සම්ප්රනදාන විභක්ති සමාස යි.
විස්තර : ප්රනථම නිදර්ශරනය ‘බමුණනට දියැ යුතු දන් බමුණුදන්’ යි දැක්වුණු බැවින් චිතීය නිදර්ශනය සිවුරට පිරිනැමියැ යුතු පිළි සිවුරුපිළි යනුයෙන් දැක්වීම යැ මනා.
5 - 14
සොරු ගෙන් බිය සොරබිය - මිණියෙන් මුතු මිණිමුතු - රහු කෙරෙන් මුත් රහුමුත් - මෙ ඈ අවදි විබත් සමස් .
අර්ථ : චෞරයා ගෙන් (වන්නා වූ) හීතිය සොරබිය (චෞර හීතිය) යි.
කොෂයෙන් මුක්ත (වූයේ) මිණිමුතු (ප්රනබුඬ) යැ. රාහු සමිපයෙන් මුක්ත (වූයේ) රහුමුත් (රාහුමුක්ත)යැ. මේ ආදිය අවධි විභක්ති සමාස යි.
5. සමාසාධිකාරය 321
විස්තර : පුං ස්ත්රී ලිඞ්ග නාම අවධි විභක්ති නො ගැනීම සිංහල රිති යි. එ බැවින් අවධි විභක්ති සමාස වශයෙන් දැක්වුණු ‘සොරබිය, රහුමුත්’ නිදර්ශනන ග්ර්න්ථ කර්තෘද පාදයන් ගේ අභිමතාර්ථ සාධනයට අසමර්ථ වෙයි. ‘මිණිමුතු’ නිදර්ශරනය තදර්ථ සාධනය නො කෙරේ. ඒ හෙයින් එ තුන් නිදසුන් මැ ගත්කරු හැඟුම් පල නො ගන්වයි.
ටිප්පණී : 1. මිණීමුතු - මිණිය (පුෂ්ප කොෂය - මල් කොපුව) හළුයේ මිණිමුතු යැ. පිපුණු (ප්රිබුඬ) යනු අරුති. ‘මිණි’ යනුයෙන් මල් කොපුව ගැනෙයි. ‘මුතු’ යනු ‘මුස්’ (මිදීමෙහි) දයින වූ නාම ක්රි යා (අතීත කෘදන්ත නාම) යි. ‘මිණිමුතු කොඳ කුමුදු - පැහැ වතුරේ සබ සියල් ගලමිනි මෙන් සසිනිඳු - දසන’ග ළ සඳ කැල්මෙන්’ යි.
පිපුණු’ (ප්ර බුඬ) යන අරුත්හි ‘මිණිමුතු’ යනු යොදති මුවදෙව්දා කරුවෝ.
2. රහුමුත් - මෙහි ‘රහු’ යනුයෙන් ‘රාහු’ නාමයෙන් ප්රුකට ග්ර හයා ගැනිණ. ‘මුත්’ යනු ‘මිදුණු’ යන අරුත්හි වෙයි; නාම ක්රියා (අතීත කෘදන්ත නාම) යි. එහි දු ‘මුස්’ දය යි. ‘රහු’ යනු ‘රාහු’ අසුරා නම් ද වේ. මහ ඇජර ගුරුළුගෝමීන් ගේ අමාවතුරු අසුර දමනයෙන් එ පවත් දන්නේ යැ. රාහු ග්රුහයා හිරු, සඳු ග්ර හණය කෙරෙති යි යෙති. ජ්යොරතිශ්ශාස්ත්ර්ය කියන සැටි යි. එයින් ‘රහුමුත්’ යනුයෙන් හිර සඳ දෙ දෙන ගත ද ඒ ඔවුනට නම් විසින් නො සිටි. යම් හෙයෙකින් සිටිය ද ඒ අවධි විභක්ති සමාස නො වේ.
21
322 සිදත් සඟරා විවරණය
5 - 15
රජු ගේ පිරිස් රජපිරිස් - බුදුන් ගේ ගුණ බුදුගුණ - රිය ගේ හිමි රියහිමි - සුරනට සතුරු සුරසතුරු - මේ ඈ සබඳ විබත් සමස්.
අර්ථ : රාජයා ගේ පෂිද් රජපිරිස් (රාජපෂිද යැ. සම්බුඞයාණන් ගේ ගුණ බුදුගුණ (බුඞගුණ) යැ. රතිය ගේ ස්වාමියා රියහිමි (රතිස්වාමි) යැ. දෛවතයන් ගේ ශත්රැ සුරසතුරු (දෛවතශත්රැැ) යැ. මේ ආදිය සම්බන්ධ විභක්ති සමාස යි.
විස්තර : එ දුන් නිදසුන් සබඳ විබත් සමසට එක්වන නො යෙදෙයි. ‘සුරනට සතුරු සුරසතුරු’ යි සිවු වැන්නට දැක්වුණු නිදස්නේ ‘සුරනට’ යනු ‘සුරන් ගේ’ යන අරුතට වැටේ. එ බැවින් සම්බන්ධාර්ථ වෙයි. ‘රජපිරිස්’ යනුයෙන් හුදු රජවරුත් ගැනෙත්. රාජ සමුහයා සඳහන් ලබන තන්හි රජපිරිස්’ යනු ලැබේ. ‘රියහිමි’ යනු ‘රථස්වාමියා’ ද වෙයි. රියේ හිමියා = රයිහිමි. එහි ලැබෙනුයේ ආධාර විභක්ති යි. අවිචාර නිදර්ශාන යි.
ටිප්පණී : 1. රියහිමි - රය නම් ‘රතිය’ යි. ‘හිමි’ නම් ‘ස්වාමි’ යි. රතිය ගේ ස්වාමියා අනංගයා යැ. රිය නම් රථය යි. හිමි නම් ස්වාමියා යි. එයින් රියේ (රථයේ ) ස්වාමියා ද රියහිමි (රථස්වාමි) නම්.
5.සමාසාධිකාරය 323
2. සුරසතුරු - සුරන් (දෛවතයන්) ගේ සතුරෝ (ශත්රෑදහු) අසුරෝ (දෛත්ය යෝ) යැ.
5 – 16
උරෙහි දා උරදා - දහම්හි සොඩා දහම්සොඬ - නෙරළුයේ තෙල් නෙරළුතෙල් - තැඹිලියේ තෙල් තැඹිලිතෙල් - සරා කල්හි සඳ සරාසඳ - මෙ ඈ අදර විබත් සමස්.
අර්ථ : හෘදයයෙහි ජාත වූයේ උරදා (හෘදයජාත) යැ.
ධර්ම යෙහි ආසක්ත වූයේ දහම්සොඩ (ධර්මා සක්ත) යැ.
නාරිකෙලයෙහි තෛලය නෙරළුතෙල් (නාරිකෙල - තෛලය ) යැ.
සන්නීරයෙහි තෛලය තැඹිලිතෙල් (සන්නීර තෛලය) යැ
ශරත් කාලයෙහි චන්ද්රියා සරාසඳ (ශරච්චන්ද්රලයා) යැ.
මේ ආදිය ආධාර විභක්ති සමාස යි.
විස්තර : නෙරළු (නාරිකෙල) මෙන් මැ තැඹිලි (සන්නීර) ද පොල් වගට අයත් යැ. එහෙත් නෙරළු තෙල්, ‘පොල් තෙල්’ නමින් වහරෙහි අව ද ‘තැඹිලි තෙල්’ එනුයේ එ නමින් මැ යැ. එ බල සලකා වියැ හැකි යි එ සේ වෙසෙසා දැක්වීම අභිමත වූයේ. ඇතැම් ව්යාිඛ්යානන කාර ව්යකක්තයෝ ‘නෙරළු තෙල්’ ‘නැළි තෙල්’ නමින් ද ‘තැඹිලි තෙල්’ ‘තැලි තෙල්’ නමින් ද ගනිත්. ‘නෙරළු තෙල්’ සඳහා ‘නැළි තෙල්’ යනු විශුඬිමාර්ග
324 සිදත් සඟරා විවරණය
සන්ය යෙහි පෙනුණ ද ‘තැඹිලි තෙල්’ තකා ‘තැලි තෙල්’ යනු යෙදුණු වෙන තැනෙක් නො පෙනේ. ‘හදෙහි, දහම්හි, සරා කල්හි’ යනු හා ගැළැපෙනුයේ ‘නෙරළුයෙහි. තැඹිලියෙහි’ යනු යැ; ‘නෙරළුයේ, තැඹිලියේ ; යනු නො වේ.
ටිප්පණී : 1. උරදා - හදෙහි (සිතෙහි) දුනුයේ (හෘදයයෙහි ජාත වූයේ) ‘උරදා’ නමැ. හැඟුම් යනු ඉන් ගත මැනැවැ යි පෙනෙයි. ‘උර’ සද ‘හද, සිත’ ඈ අරුත්හි වෙයි මෙහි. 2. දහම්සොඬ - දහමෙහි ඇලුණේ (ධර්මා සක්ත වූයේ) ‘දහම්සොඬ’ යි.
5 - 17
අතැ වසනුයේ අතැවැසි -
මෙ ඈහි විබත් නො ලොපා නිපදවනු. ඉති විබත් සමස්.
අර්ථව : සමීපයෙහි වාසය කරනුයේ අතැවැසි (අන්තෙවාසික) යැ.
මේ ආදියෙහි විභක්ති ලොපය නො කොටැ නිෂ්පාදනය කරන්නේ යැ.
මෙ සේ යැ විභක්ති සමාසය.
විස්තර : තන්නිදර්ශ නය ද අධාර විභක්ති සමාසයට දෙවුණෙකි. එ බන්දෙහි විබත් ලොප් නො කොටැ නිපැදැවීම අනුදැනිණ. එ නයින් ‘සගවැසි, පුරවැසි’ යනාදිය අසාධු යි; ‘සගැවැසි, පුරැවැසි’ ආදිය යි සාධු.
5. සමාසාධිකාරය 325
ටිප්පණී : අතැවැසි - ‘අත්’ සද සමීපාර්ථයෙහි දු වැටේ; ආධාරාර්ථ ‘ඇ’ විභක්ති ගල් කලැ ‘අතැ’ යි සිටී. ‘වැසි’ යනු වසනුයේ (වාසය කරනුයේ) යන අරුත් දෙයි. සමස් වැ ‘අතැවැසි’ වෙයි. ‘අන්තෙවාසික’ යන්නෙන් ‘තැවැසි’ ආ සේ ගන්නෝ කෙසේ පිහිට ලබත් ද? ගෝළයා (ඡාත්රවයා) අතැවැසි නමින් ගැනෙයි.
‘අතැවැසි වැ ද නොදැමි මොහු හා වාද නොතරමි එ තෙකුදු වුවත් හිමි සිල්ප සත් වැනි දවසැ දක්වමි’ යන ගුත්තිල පෙළ ද එය තිරයයි. ‘අත්’ අරුත් (හස්තාර්ථ) වන තන්හි වෙනසෙකි.
‘ල ද ය ම් කෙනෙක් සරසවි බැලුමසක් නිසි කොතරම් වුවත් මුළු ලොව කෙරෙති අතැවැසි එ ත ර ම් පසිඳු සරසවි දෙවිය අතැ වැසි ම න ර ම් කෙනෙක් තෙපි මැ යැ පරසිදු සුබැසි’
යනු ගිරා සන්දෙශ පාඨ යි. එහි තෙ වන පියේ එන ‘අතැ වැසි’ යනු ‘අතෙහි වසන්නා වු’ යන අරුත්හි වෙයි. ඒ සමාස නො වේ. එයින් කියැවුණේ -
‘තව කරකමලස්ථාං ස්ඵාටිකිමක්ෂමාලාං නඛකිරණවිහින්නාං දාඩිමිබිජබුඬ්යාා ප්රිතිකලමනුකර්ෂ්න්යෙෙන කීරො නිෂිඬඃ ස භවතු මම භූත්යෛත වාණි තෙ මන්දයහාසඃ’
යනුයෙන් සරස්වතී හස්ත වාසි ගිරවා පිළිබඳ වැ කළ සඳහන යි.
326 සිදත් සඟරා විවරණය
5 - 18
විදෑ වතින් තොර - සියදෑ වතට සම වත
වෙසෙසා සද සබඳ වත - වෙසෙසුන් සමස් එ වියූ.
අන්වය: විදෑ වතින් තොර සියදෑ වතට සම වත වෙසෙසා සද සබඳ වත එ වෙසෙසුන් සමස් වියූ.
අර්ථ : විජාතික වස්තුයෙන් අන්යා වූ ස්වජාතිය වස්තුවට සමාන වූ වස්තුව විශෙෂණ කොටැ ශබ්දය සම්බන්ධ වන කල්හි එය විශෙෂණ සමාස යැ යි පැවැසූ හ.
විස්තර : මේ විශෙෂණ සමාස ප්රෙකාශය ආකූල යැ. ව්යායඛ්යා න මාර්ගරයෙන් වූයේ නිරාකුල නො වේ. ව්යාූකුල යැ. ‘දුහුනන් දැනුම් සඳහා’ යි සඳහන් ව්යා කරණය ප්රාවීණයනට එ බඳු නම් ආධුනිකයනට කෙ බඳු ද?
‘විදෑ වතින්’ (විජාතික වස්තුයෙන්) යනුයෙන් හින්නාධිකරණ ද ‘සියදෑ වතට’ (ස්වජාතික වස්තුවට) යනුයෙන් තුල්යානධිකරණ ද අදහස් කැරුණු නියා යැ. ස්ත්රීි කෙශ කලාප මෙඝ කූට, ශෛවාල ආකාරයෙන් දුට හ කවීහු. ‘ නිල්මුහුළ දෙවු වන්’
‘එ මතු නො වෙයි ඉතා නිල්සෙවෙලැ යි සිතා
කොමළඟනන් මුතා සරල් වරල් ගතා’
යන මෙයින් ඒ පෙනෙයි. එයින් කියැවෙන ‘නිල්මුහුළ’ නිල්සෙවෙල’ යන දෙ තන්හි ‘නිල්’ යනු විශෙෂණ ද
5.සමාසාධිකාරය 327
‘මුහුළ සෙවෙල’ යනු විශෙෂ්ය ද වෙයි. ‘දෙව්’ යනු මේ කුළට ද නමි. ඒ කළු යැ. සෙවෙල ද කළු යි. එ හෙයින් සිදත් නියරින් එහි වෙසෙසුන් වූ ‘නිල්’ යනු හින්නාධිකරණ වෙයි. ඇයි? කළු කෙස්, කළු සෙවෙල් සඳහා ‘නිල්’ යනු වෙසෙසුන් වූ බැවින්, සැබැවින් මැ ඒ දෙ තන්හි ලැබෙනුයේ තුල්යාලධිකරණ සමාස යි. පෙර දිගු කවිසමයයෙහි නිල්, කළු දෙක අවිශෙෂයෙන් සැලැකෙයි. එයිනි.
මැහැලි අඟනක ගේ කපු කුල්ලක් සෙයින් සුදු වැ පෙනෙන කෙස් කලබ (කෙශ කලාපය) සේ වලා උවම (ශ්වෙතාබ්රොනපම) වන තන්හි ‘සේමුහළ’ හෙළමුහුළ, සේවරල, හෙළවරල’ ඈ විසින් සිටී. පැසුණු කෙස් සේ වලාව (සුදු වලා කුළ) වැනි බැවිනි. තාම්ර වර්ණි කෙශ ද වෙයි. තඹ පෑ බැවින් එ මැ ‘තඹකෙස්’ ධි වෙසෙසුන් සමස් පෙළට වැටේ. එයින් එ කී ‘විදෑ, සියදෑ’ කතාව පිහිට නොලබන නියා පෙනෙයි. ව්යාවකරණ සූත්රද ප්රතහෙලිකා නම් නො වියැ යුතු යි. විශෙෂණ හෙතුයෙන් වන සමාස විශෙෂණ සමාස සෙයින් ඇඳින්විණි නම් කවර අවුලෙක් ද?
ටිප්පණි: 1. සියදෑ - ‘විදෑ’ යනු හා ගැළැපෙනුයේ ‘සදෑ’ යනු යැ.
‘සැ දෑ ළෙන් වරුණ දෙව්රද මුහුදැ විසූ ස දෑ සහසකර එන මහවතැ සැලැසූ’
යන සැලළිහිණි වදන් නිදසුන් වෙයි.
328 සිදත් සඟරා විවරණය
5 - 19
නිල් වූයේ ද එ මැ උපුල් වූයේ ද නිලුපුල් - හෙළිලි වූත් ඔ මැ අඹු වුත් හෙළිල්ලඹු - සිහ එව් සිහ. නර වූයේ ද එ මැ සිහ වූයේ ද නරසී- ලිය එව් කොමළ ලියකොමළ- සරා එව් සරා. සරණ මැ සරා සරණසරා- එක ද එ මැ විරු ද එකවීරු -
ලොව්හු දෙ දෙනෙක් එක් කොටැ සලකන ලදහු දෙලෝ නම් - තෙසරණ - සිවුසයුරු - පස්මහගඟ - සරස - සත්කුලපවු - අටනාකුල - නවදොර - දසරජ දම් ඈ මෙ මැ ගී. ඉති වෙසෙසුන් සමස්.
අර්ථව: නීල ප්රමභා වූයේ ද එ මැ උත්පල වූයේ ද නිලුපුල් (නීලොත්පල) යැ.
ගෞර වුවා ද ඕ (තොමෝ) මැ අම්බා වුවා ද හෙළිල්ලඹු (ගෞරාම්බා) යැ.
සිංහ සදෘශ වූයේ නු යි සිංහ නමි. මනුෂ්යය වූයේ ද හේ (තෙමේ) මැ සිංහ තුල්යව වූයේ නු යි නරසී (නරසිංහ) යැ.
ලතා ආකාර කොමල වූවා නු යි ලියකොමළ (ලතාකොමල) යැ.
පද්මයක් සමාන වූයේ නු යි පද්ම නමි. පාදය (වරණය) මැ පද්ම සදෘශ වූයේ සරණසරා (පාද පද්ම - වරණ පද්ම) යැ.
එකසාඞ්ඛ්යම වූයේ ද ඒ (තෙමේ) මැ වීර වූයේ ද එකවිරු (එකවීර) යැ.
5.සමාසාධිකාරය 329
ද්විලොක කෙනෙක් එකත්වයෙහි ලා සැලැකීම ලදුවාහු දෙලෝ (ද්විලොක) නම්මු යැ.
ත්රිදශරණාර්ථෙ තෙසරණ - වතුස්සාගරාර්ථො සිවුසයුරු - පඤ්චමහාගඞ්ගාර්ථ පස්මහගඟ - ෂඞ්රසාර්ථ සරස - සප්තකුට පර්වථතාථි සත්කුලපවු - අෂ්ටනාගකුලාර්ථ අටනාකුල - නවද්වාරාර්ථ නවදොර - දශරාජධර්මාාර්ථ දසරජදම් ආදිය මෙ කියන ලද අයුරු (ඉත්යු්ක්තාකාර) යැ.
මෙ සේ යැ විශෙෂණ සමාසය.
විස්තර: නීල, රක්ත, ශ්වෙත ආදි වශයෙන් උත්පල විශෙෂ ත්ර්යයෙකි. නිලුපුල්, රතුපුල්, හෙළුපුල්, (නීලොත්පල, රක්තොත්පල, ශේවතොත්පල) යනු මෙන් මැ නිල් මානෙල්, රත් මානෙල්, එළ මානෙල් යනු වහරෙහි ලැබේ. හෙළ පියුම් (ශේවත පද්ම) සඳහා සුදු නෙළුම් යනු සේ මැ හෙළුපුල් සඳහා සුදු මානෙල් යනුත් කියත්.
ඉහළතම හෙළ දෙවියාණෝ උපුල්වන් නමින් (උත්පලවර්ණ් නාමයෙන්) දන්නා ලැබෙන්නෝ යැ. ඔවුන් පිළිබඳ තොරතුරු නොදන්නකු නම් පමණින් ඔහු කී නම් වන් ද (කවර වර්ණ්) ද යනු ඉඳුරා දන්නේ කෙසේ ද තුන් වගෙකැ උපුල් ලැබෙන බැවින් ? එහි දී ද වෙසෙසුන් සමස් ඇඳින්වීම අවුලට සිටී. ‘සිහ එව් සිහ’ ඈ විසින් දැක්වුණු නිදසුන් වෙසෙසුන් සමස් ගණයේ සැබැවින් මැ සිටී ද? එහි දී උපමානොත්තර උපමාන පූර්ව් මිශ්රබණය ද අනුචිත යැ. ‘දෙලෝ, තෙසරණ’ ආදි සංඛ්යා් පූර්වව පද විශෙෂණ සමාස පක්ෂයෙහි ලා දැක්වීම ද සිංහල න්යාරයයෙන්
330 සිදත් සඟරා විවරණය
ශාස්ත්රී ය වීමට බාධා යැ. පර ප්ර යොගානුසාරයෙන් සිංහල ව්යාමකරණ සම්පාදනයෙහි තත්පර වූ කර්තෘාපාදයන් අමාර්ගප ගාමි වූ නියා ප්රහත්යක්ෂ යි.
ටිප්පණී : 1. නිලුපුල් - නිල් + උපුල් = නිලුපුල්. විශෙෂණ සමාස යි. නිල්මිණි, රත්මිණි (නීලමණී, රක්තමණි) යනාදිය ද එ නයින් සලකන්නේ යැ. ‘නිලුපුල්’ යන්නෙහි විශෙෂණ විශෙෂ්යග ද්වයය මැ පුල්ලිඟු බව ඇතැම් ව්යානඛ්යාලනයෙකැ දැක්විණ. මාගධ ‘නිලුප්පලං’ සංස්කෘත ‘නිලොත්පලම්’ යනාදියෙහි විශෙෂණ විශෙෂ්යය දෙ පක්ෂය මැ නපුංසකලිඞ්ග බව ද තත් භාෂාගත නපුංසකලිඞ්ග සිංහල භාෂායෙහි පුල්ලිඞ්ග වැ ව්යවවහාර වන බව ද වැඩී දුරටත් කියැවිණ. හාස්යා ජනක ප්රවකාශයෙකි! තව ද සංස්කෘතයෙහි ත්රිකශබ්දෛක කර්මිධාරය සමාස න්යාතයයෙන් ‘සුවඳ මඳ නල’ යනු විශෙෂණ සමාස වශයෙන් සිංහලයෙහි සෙවියැ හැකි බව ද පැවැසිණ. එයින් සැබැවින් මැ ලැබෙනුයේ ‘ත්රිහශබ්ද නො වේ ; චතුර් ශබ්ද යි. ‘මාරුතය’ (සුළ) ‘සෞරබ්යව’ ශෛත්යා, මාන්ය්ණි ’ ආදී ගුණෂ ත්රදයයෙන් යුක්ත යැ. එ බැවින් ‘නල’ යන වෙසෙසට ඒ තුන මැ වෙසෙසුන් වැ ‘සිහිල්සුවඳමඳනල’ යි සමස් වෙයි. වහරෙහි බෙහෙවින් එනුයේ ‘මඳනල’ යනු යි. සෙසු දෙ ගුණය උවසරින් (උපචාරයෙන්) ගැනෙන නියා යැ. 2. හෙළිල්ලඹු - හෙළළු (එළළු) ස්ත්රීෙ නමු. ‘හෙළිලඹු’ වියැ යුතු යි. හෙළිලි + අඹු = හෙළිලඹු. පූර්ව ස්වරලොප සන්ධි විනා ද්විරූප සන්ධි යෙදෙන ලෙසෙක් නො පෙනෙයි. යෙදේ නම් මැහැලි + අඟන = ‘මැහැල්ලහන’ යි නොයෙදෙන්නේ නො වේ. මැහැල්ල,
5.සමාසාධිකාරය 331
කිරිල්ල, කෙවිල්ල යනු අනුවැ ‘හෙළිල්ල’ යනුයෙන් එළලු අඟන ගත හැකි යි. එහෙත් සමාස වන තන්හි වෙනසෙකි. ‘මන් බැඳ ලගින් කෙවිලඟනක තුරුල්ලේ’ යනු කොකිල සන්දෙළශ වචන යි. ‘හෙළිලි විත් ඔ මැ අඹු වීත්’ යන පෙළ ගන්නෝ පිහිට නොලබන්නෝ යැ. එ කී වෙසෙසුන් වෙසෙස් සමස් කර්මලධාරය සමාස නාමයෙන් අඳුන්වත් සකු වියරණ ඇජරෝ. 3. නරසී - විග්රීහය අනුවැ ‘නරසිහ’ වියැ යුතු යි. සී එච් සී. නර වූයේ ද එ මැ සී වූයේ ද නරසි’ යන විග්රරහයෙනි ‘නරසී’ ලැබෙනුයේ. ‘සිහ’ (සිංහ) යනු උත්තමාර්ථ වාචි ශබ්ද ගණයේ ප්රවථමය සේ ප්රඅසිද්ධ යැ. සිංහ, ව්යාසඝ්රා, හස්ති, චන්ද්රශ, හංස, වෘෂභ’ යන මේ නාමයකට පර වැ සිටි කල්හි උත්තමාර්ථ දෙන බව ව්ය්වහාරයෙහි පෙනෙයි. ‘එ බසර එ නරසී’ ‘ පෙර මහ කිවිවරණ’ ‘සැපැමිණැ මෙ රද හංසා’ ‘මුනිරජ වැහැප් බැබැළි’ යනු නිදර්ශනන යි. ‘නරසීහ’ යනු බුදුනට නමෙකි පාළියෙහි: ‘මනුෂ්යි සිංහ’ යන අර්තයෙහි සිටී. එහි ‘සීහ’ සංඥු වීර වික්රිමාන්විත යන අරුත්හි යැ. බුදුහු අවධාරණයෙන් මැ නරශ්රෙයෂ්ඨ ද වූ හු. එයින් එ නම් වූ නියා යැ. හෙළ වහරෙහි එ මැ ‘නරසී’ යි සිටියැ හෙයි.
332 සිදත් සඟරා විවරණය
‘නරසිංහ’ යනු විෂ්ණුහු ගේ දශාවතාරයෙන් එකකට නමි.
‘මත්ස්යඃ කූර්මො වරාහශ්ච නරසිංහො ‘ථ වාමනඃ රාමොරාමශ්ව කෘෂ්ණශ්ච බුඬඃ කල්කි ච තෙ දශ.’
යන මෙයින් සිවු වැන්න යි. එ ද හෙළ වහරෙහි සිටිනුයේ ‘නරසී’ විසිනි.
‘මි න් නරසී කසුප් කුරු ඈ වෙස් ගෙනැ’ර මෙන් කැර නළ විසූ ව යි උවිඳු ගෙන් පෙර’
යනු පැරැකුම්බා සිරිත් පවත් යැ.
විෂ්ණුහු දෙවත්වයෙහි ගැනුණ ද එ කී අවතාරය නරත්වයෙහි ලා ගත ඔහුට ද ඒ සරි යැ. එයින් බුදු, වෙනු දෙ පසට මැ සම යැ ඒ. ඉන් රිසියෙන අරුතක් දැක්මේ බාදා නැත්. උපමානොත්තර යි. 4. ලියකොමළ - වැලක් (ලතාවක්) සෙයින් කොමල වූ තැනැත්තිය යනු අරුති. කොමළඟන (කොමල ස්ත්රි ය) යි. උපමානපූර්වන යි. 5. සරණසරා - පා පියුම (පාද පද්ම) වූයේ යමකුගේ ද හේ සරණසරා යැ. ‘වත’ (වක්ත්රිය) ද පියුම් උවම් (පද්මොපම) වන්නා ලැබේ. එයින් වත් පියුම (චක්ත්රම පද්ම) වූයේ වත්සරා යැ. උපමානොත්තර යි. එහි දු පැනෙනුයේ සංස්කෘත රීත්ය නුගමනය යි. ‘සිහ එච් සිහ’ ඈ තන්හි දක්නා ලැබෙනුයේ ‘සමුද්ර ඉව ගම්භීරඃ = සමුද්ර්ගම්භීරඃ, අචල ඉව ස්තීරඃ = අචලස්ථීරඃ යන නය මැ යැ. 6. එකවිරු - එක මැ වීරයා යන අර්ථ ඇත්තේ යැ. එයින් ගත යුත්තාහු බුදුහු යැ.
5.සමාසාධිකාරය 333
7. දෙලෝ - එ ලෝ මෙ ලෝ දෙක මැ සඳහන් වන තන්හි එ සේ ලැබේ. 8. තෙසරණ - බුද්ධ, ධම්ම, සඞ්ඝ යන ත්රි විධ රත්න ප්රාතිෂ්ඨා එ නම් යැ. 9. සිවුසයුරු - මහමෙර සතර පැත්තේ වෙති යි යෙන සතර සයුර එයින ගැනෙයි. 10. පස්මහගඟ - බ්රෙහ්මපුත්රව, ගඞ්ගා, අචිරවති, සරභූ, මහී නම් යැ. 11. සරස - මියුරු, ඇඹුල්, ලුණු, තිත්,කුළු, කසට යනු යි. 12. සත්කුලපවු -
‘යුගන්ධරො ඊසධරො කරවීකො සුදස්සනො
නෙමින්ධරො විනතකො අස්සකණ්ණො කුලාවලා’ යි
දැක්වුණු (යුගන්ධර, ඊශධර, කරවික, සුදර්ශ්න, නෙමින්ධර, විනතක, අශ්වකර්ණස) තත් සප්තකූට පර්ව,තය මහාමෙරු පර්වතතය වටා පිහිටා සිටිති යි යෙති.
13. අටනාකූල - එයින් දිගැතුන් කියැවුණු සැටි යි. අමරසිංහයෝ -
‘ඓරාවතඃ පුණඩරිකො වාමනඃ කුමුදොඤ්ජනඃ
පුෂ්පදන්තඃ සාර්වනභෞමඃ සුප්රුතිකශ්ච දිග්ගජාඃ’ යි
අට ඇත්කුල (අෂ්ටනාගකුල) දක්වත්. මහ ඇජර ගුරුළුගෝමීහු දශබල පරිකථා කරනුනාහු-
‘කාළාවකඤ්ච ගඞ්ගෙය්යංට පණ්ඩරං තම්බපිඞ්ගලං ගන්ධ මඞ්ගල හෙමඤ්ච උපොසථඡද්දන්තිමෙදස’ යි
දස ඇත් කුල කියත් ධර්ම ප්රථදීපිකාවෙහි.
334 සිදත් සඟරා විවරණය
14. නවදොර - ශරීර ප්රිතිබද්ධ නවද්වාරය එයින් ගැනෙයි. දෙ ඇස්., දෙ කන්. දෙ නැහැපුට, මුඛ, අධොමුඛ, මූත්රාමාර්ගන යන මේ යැ. 15. දසරජදම් - ‘දානංසීලං පරිච්චාගං අජ්ජචං මද්දචං තපං අක්කොධො අවිහිංසා ච ඛන්ති ච අවිරොධතා’
යනුයෙන් දැක්වුණු දාන ශිල පරිත්යාවග සෘජුත්ව මෘදුත්ව තපස අක්රොඑධ අවිහිංසා ක්ෂාන්ති අවිරුඬතා ආදිය දශරාජධර්මා නමි.
‘ෙදලෝ’ ආදි කොටැ දැක්වුණු නිදසුන් පර වියරණ සරණ ගිය සැටි යි. සකු, මගද වියරණ ඇජරන් විසින් ‘විගු’ සමාස නාමයෙනි එය ඇදින්වුණේ. සංඛ්යාි පූර්වණ පද විශෙෂණ සමාස නපුංසකලිඞ්ග, එකවචන වනු යි එ වියරණ නියර. ‘විගු’ යනු තත්පුරුෂ සමාස එක දෙශයක් බව ද සකු වියරණ ඇජර මත යැ. සිය බසට එ නියර සරි ලන සැටි නම් නො පෙනෙයි.
5 - 20
කියොලත අන් අරුත් - පදන’ත් අනේ වැ සියෝ එ සමස් අන් අරුත් නම් - එහි බේ සත් විබතැ වේ.
අන්වය : අනත් අනේ පද සියෝ වැ අන් අරුත් කියොලත එ සමස් අන් අරුත් නම්. එහි බේ සත් විබතැ වේ.
අර්ථඅ : අන්යා්ර්ථ වූ අනෙක පදයන් සංයොග වැ අන්යාෙර්ථයක් ප්ර කාශ කරත් හොත් තත් සමාසය අන්යාහර්ථ නාම යි. තදීය භෙදය සප්ත විභක්තියෙහි විද්යසමාන යැ.
5.සමාසාධිකාරය 335
විස්තර : අන්යා ර්ථ සමාසය ඇඳින්වුණු සැටි දු ක්රධමවත් නො වේ. එයින් එ පිළිබඳ වැටැහීමෙක් නො ලැබේ. නමු පියෙවි (නාම ප්ර කෘති) කිපයක් එක් වී ඒ එකෙකිනුදු නො ලද හැකි වෙන මැ අරුතක් දෙන තන්හි යැ අනත් සමස් (අන්යා ර්ථ සමාසය) ලැබෙනුයේ. සක් අත්හි වූයේ යමකු ගේ ද හේ ‘සකත්’. හිම වූ කර යමකු ගේ ද හේ ‘හිමකර’ ‘සකත්’ (වක්රසපාණි) යනු විෂ්ණුහුට නමෙකි. ඔහු ගේ අතේ සකක් (චක්රාකයුධයක්) වන බැවින් හේ සකත්, ‘හිමකර’ යනු නමෙකි චන්ද්රඔයාට. සඳු හිම (සිසිල්) වූ කර (රස් - රශ්මි) ඇති හෙයින් හේ හිමකර. මේ නිදසුන් යැ.
සියො වැ නමු පියෙවි නො ලද හැකි එ එකෙකිනුදු අන් මැ අරුතක් දෙනු නම් වේ අනරුත් සමස් නම්
ඈ ලෙසෙකින් ඇඳින්විණි නම් අවුලකට ඉඩ වැඩේ ද? සංස්කෘතයෙහි බහුව්රකහි සමාස නාමයෙනි ඒ දන්නේ.
ටිප්පණී :
1. අනත් - (අන් + අත් = අනත්) . අන් අරුත් (අන්යාිර්ථ) යනු යැ.
2. අනේ - අනෙක: නොයෙක් .
3. සියෝ - එක්; සංයොග.
4. කියොලත - ‘කියොල’ (පැවැසුම්හි) දයින් වූ ආවස්ථික නිපාත ක්රි.යා යැ; ‘අසම්භාව්ය් ක්රිමයා’ නාමයෙන් ද දන්නේ යැ. පවසත් හොත්, පවසන කල්හි ඈ අරුත්හි වෙයි.
336 සිදත් සඟරා විවරණය
5. බේ - වෙනස: භෙදය.
5 - 21
හස් එරුණේ යමකට ද එ තෙමේ එරුණුහස්
නම් - තළා -
දමන ලද ඉඳුරෝ යමක්හු විසින් ද එ තෙමේ දැමිඳුරු නම් - මුනි - යම් කරණෙන් බත් සුන් එ තෙමේ සුන්බත් - අට - යම් කරණෙන් තුරු සුන් එ තෙමේ සුන්තුරු - පරසු - දෙන ලද වත් යමක් හට ද එ තෙමේ දුන්වත් නම් - බමුණු - ගිලිහුණු ගොනඟුල් යමෙකින් ද එ තෙමේ ගුලුගොනඟුල් නම් - රුක් - සඳ වන් වත් සිඟු වලඟ ඇත්තී එ නම් - දස බල පස් ඇස් ඇතියේ එ නම් - මත් නේ ගජන් ඇතියේ එ නම් - රන් - නන් සුරු විරු බළන් ඇතියේ එ නම් - එ බඳු රණගණ තරු වැළ සහ වූයේ සහතරුවැළ - අඹර - සම උදර ඇතියේ සොහොවුරු -
අර්ථද : හංසයා අවරොහණ (අවතීර්ණඟ) වූයේ යම් ස්ථානයකට ද තත් ස්ථානය තෙමේ එරුණුහස් (අවරොහණහංස - අවතීර්ණව හංස). තටාකයට (තළාවට - විලට) නමි.
5.සමාසාධිකාරය 337
දමිත ඉන්ද්රි යයෝ යම් පුද්ගලයක්හු විසින් ද තත් පුද්ගල තෙමේ දැමිඳුරු (දමිතෙන්ද්රිමය) යි. තථාගතයා හට (බුදුහුට) නමි.
යමක් කරණ කොටැ ගෙනැ භක්තය ජීන්න ද නත් කාරණය තෙමේ සුන්බන් (ජින්නභක්ත) යැ. කලහයට (ඩබරයට) නමි. යමක් කරණ කොටැ ගෙනැ වෘක්ෂය ජින්න ද නත් කාරණය තෙමේ සුන්තුරු (ජින්නවෘක්ෂ) යි. පරශුවට (පොරොවට) නමි. දානය කරන ලද වස්ත්රර යමක්හු හට ද තත් පුද්ගල තෙමේ දුන්වත් (දානවස්ත්රස) යැ. බමුණාට (බ්රාරහ්මණයාට) නමි.
ගලිත ගොලාඞ්ගූල යම් ස්ථානයෙකින් ද තත් ස්ථානය තෙමේ ගුලුගොනඟුල් (ගලිතගොලාඞ්ගුල) යි. රුකට (වෘක්ෂයට) නමි. චන්ද්රන සදෘශ වක්ත්ර ද කාශ මධ්යය ප්රොදෙශ ද යුක්ත වූවා තන්නාම යැ. දශබල ද පඤ්ච අක්ෂි ද යුක්ත වූයේ තන්නාම යි. මත්ත අනෙක හස්තීන් යුක්ත ස්ථානය තන්නාම යැ. අරණට (ආරණ්ය යට) නමි. නානාවිධ ශුර විර භටයන් යුක්ත ස්ථානය තන්නාම යි. තදාකාර යුද්ධාංගණය යි. තාරකාවලිය සහිත වූයේ සහ තරුවැළ (සහතාරකාවලී) යැ. අඹරට (ආකාශයට) නමි.
22
338 සිදත් සඟරා විවරණය
සමාන මාතෘකුක්ෂි යුක්ත වූයේ සොහොවුරු (සහොදර) යි. විස්තර : සූත්රේ ප්ර මාණයට මැ ව්යාරකුල යැ නිදර්ශවන ද. සප්රා ණ අප්රා2ණ දෙ පක්ෂයට මැ ‘එ තෙමේ’ යනු සාධාරණ ද? තැනෙකැ නිදසුන පහයා, තැනෙකැ ‘එ නම්’ යනු පමණක් පෑම කිම ? එ ද කිසි දු නියරකට සිටි සැටියෙක් නම් නො වේ. ‘දුහුනන් දැනුම් සඳහා’ නම් එ සඳහන් අයුරු වියැ යුතු නො? එ වැනි අවධානයෙකැ සඳහනුදු වු බවට ලකුණු පැවැසුම්හි නම් කැලම නැති. දුන් ඇතැම් නිදසුන් වහර හුරු නො වේ. සංස්කෘත, මාගධ ශාබ්දිකානුගමනයෙහි අවධානය ද සිංහල ශාබ්දිකාවබොධයෙහි අනවධානය ද සුප්ර්කාශ යැ. බළල් තතු පැහැයීමේ ලා මැටි බළලුන් නිදසුන් කොටැ පාන්න වැන්නැ යි නො කිව මනා ද?
ටිප්පණී : 1. එරුණුහස් - ‘එර’ (එරුම්හි) ධාතු අවරොහණාර්ථය ද වේ. ‘අර’ ධාතු ආරොහණාර්ථ වන්නා මෙනි. ‘එරුණු’ යනු ‘බටු’ යන අරුත් දෙයි ඉන්. හංසයෝ විලට බටු යනු හා සරි යැ හංසයෝ විලට එරුණු යනු ද, ගිලුණු (ගිලී ගිය) යන අරුත්හි යැ ‘එරුණු’ යනු වහරෙහි බෙහෙවින් දන්නා ලැබෙනුයේ. ‘හස් එරුණේ යමෙකැ ද ඒ එරුණුහස්’ යන විග්ර හය ද යෙදෙයි. ඒ ආධාර විභක්ති යැ, දැක්වුණේ කර්ම විභක්ති යි. ‘එර’ ධාතු අකර්ම ක යැ. එ බැවින් ‘එරුණුහස්’ යන කර්මණ විභක්ති අන්යාිර්ථෙ සමාස දර්ශධනය අපූර්ව තම යැ. 2. දැමිඳුරු - දැමුවා වූ ඉඳුරන් ඇත්තාහු (ඉඳුරන් දැමුවාහු) දැමිඳුරු යි. බුදු, පසේබුදු, රහත් (බුඬ
5.සමාසාධිකාරය 339
ප්ර ත්යෙ කබුඬ, අර්හත්) යන තුන් පසට මැ ඒ සරි යැ. බුදුහු මැ සාධු යැ යි ගත තව ද අවුලෙකි. සෘෂීහු ද, මුනි නම් වෙති. පාණිනි. හරත, වශිෂ්ඨ, ව්යාවස, නාරද ආදීහු ද එ නමින් අඳුන්වනු ලැබෙත්. එ බැවින් බුදු, සුගත්, පසැස් යන මෙයින් නමෙකි. බුදුන් සඳහා නිසි බව පෙනෙනුයේ. ‘දම’ (දැමුම්හි - දමනයෙහි) ධාතු සකර්මි අකර්ම දෙයාකාර මැ ලැබේ. ‘දැමු’ සකර්මැ නම් යැ. ‘දැමි’ අකම් නම් යැ. ‘දැමිඳුරු’ යන තන්හි සකම් නය යි. දැමු + ඉඳුරු = දැමිඳුරු. දැමි + ඉඳුරු = දැමිඳුරු යි ගත, සදොස් යැ. 3. සුන්බත් - යම් හෙයෙකින් සුන් වූ බත අට (කලහ) වේ නම්, එනයින් - සුන් වූ පැන් (පානය) සුන්පැන් සුන් වූ වත් (වස්ත්රමය) සුන්වත් සුන් වූ දත් (දන්තය) සුන්දත්
යනාදිය ද එ සේ නොවන්නට හේතු නො පෙනේ. ‘සුන්දත්’ යනු නම් වඩා ගැළැපෙන නියා යැ. කලහයේ දී බෙහෙවින් සිදු වන්නක් බැවිනි. ‘අට’ අටවන්නට වටනා පෙළේ පැවැසුමෙකි.
4. සුන්තුරු - පොරොව නම් කැරිණ එයින්. හෙළ බසින් නම් නො ලැබේ. එ නම් පොරොවෙක්. ‘සුන්තුර තුරු නසයි සුන්තුර තළව සුන්තුර නසන තුරු සුන්තුරින් තුරු නැසේ සුන්තුරට මිල දිනි ද සුන්තුරේ මිට නො වේ යන වහර ද පැහැයිණි නම් මනා යැ.
340 සිදත් සඟරා විවරණය
5. දුන්වත් - ‘වත්’ යනුයෙන් වස්ත්රළය (පිළිය) මෙන් මැ වස්තු ද ගැනෙයි. එයින් බමුණා ‘දානවස්ත්රා’ සේ මැ දානවස්තු නම් ද වේ. එ මඟින් පෑ බමුණු ද පිහිට ලබන ලෙසෙක් නො පැනේ. සිය බස නො දක්වයි. එ බඳු බමුණකුදු. 6. ගුලුගොනඟුල් - ‘ගැලුගොනඟුල්’ වියැ යුතු යි. ‘වඳුරාට’ නමෙකි ‘ගොනඟුල්’ යනු. ‘ගුලු’ යනු වැටුණු යන අරුත්හි යෙදිණ. ඉන් දැක්වුණේ රුක යි. වඳුරන් වැටෙනුයේ රුකින් මතු යැ? මිනිස් පියෙස්හි නිවෙස් පියසි ආදියෙනුදු වැටෙත් වඳුරෝ. රුකෙක් හිණ යන අරුත්හි ගුලුගොනඟුලෙක් හිණ යි වුව, එ අරුත් මැ ලැබේ ද නො හොත් කිසි යම් වගෙකැ වඳුරෙක් වැටිණ යන අරුත් ලැබේ ද? එ නම් රුක් ද හෙළ බසින් තව මැ නො ලැබේ.
‘ගිළිහුණුගොනඟුල්’ ................................ ගුළුගොනඟුල්’ ගිළිහුණ ගොනඟුල් ............’ ඈ විසින් පෙළ ගන්නෝ පිහිට ලබත් ද? ‘ගල’ (ගලිහීමෙහි) දයින් කොයින් ලැබියැ හැකි ද ‘ගිළි, ගුළු’ යනාදි රූප.
7. සඳවන්වත් - සඳු බඳු වත (මුහුණ) ඇත්තා වූ තැනැත්තී ‘සඳවත්’ නමු. 8. සිඟුවලඟ - සිහින් වූ මැද පෙදෙස ඇත්තා වූ තැනැත්තී ‘සිඟුවලඟ’ නමු. කොමල වු අඞ්ග (ශරීර) ඇත්තී කොමළඟ (කොමලාඞ්ගී) නම් වන්නා මෙනි. ‘සිසි වන වුවන ඉඟ සුඟ ගත හැකි මිටින’ යන සැළලිහිණි වැනුම් නිදසුන් වෙයි ඒ දෙ තන්හි. 9. දසබල - බුදුහු දස ඇත් බල ඇත් ල; එයින් ‘දසබල’ නම් හ. ධර්ම.ප්ර දීපිකා දසබල බලත් වා!
5.සමාසාධිකාරය 341
10. පසැස් - මසැස, පැනැස, දිවැස, බුදුඇස, සමතැස යන පස් ඇස් ල බුදුනට, ඉන් වූ යැ පසැස් නම්. 11. රන් - අරණ එ නමි. එ සඳහා ‘මත් නේ ගජන් ඇතියේ එ නම්’ යනුයෙන් කැරුණු විග්රඉහය නොපිරිමස්නේ යැ. පිරිමස්නේ ‘මත් වූ නේ ගජහු යමෙක්හි ද ඒ මත්නේ ගජ’ යනු යි. මත් ඇත්තු (මත්තහස්තීහු) මැ මතු යැ ‘රන්’ වන්නෝ? නොමත් ඇත්තු නොවන්නෝ ද? ‘මත්’ වැඩි යැ එයින්. ‘නේ ගජන්’ යනු පමණි. ‘රන්’ යනු අරණට නම් වන බව -
‘වන් මෙදෙන් යුද අන් රදුන් රඹ රන් තැළුම් මද මත් ගජාණෙනි පු න් ස ඳින් සඳ කැන් ලෙසින් බට පුන් යසින් රගු රම් රජාණෙනි ර න් ක ඳි න් කළ මෙන් රුවින් රස’ඳුන් ළඳුන් නෙතැ මින් දජාණෙනි න න් සි රි න් විඳැ මන් තොසින් ඉඳු පින් උතුම් පැරැකුම් රජාණෙනි’ (පැරැකුම්බා සිරිත)
‘රන්දාරා නේ මිණි සමඟ කළ නද
රන්දාරා නද’සා මෙ හිමි ගේ තද රන්දාරා පිය වෙස් ගෙනැ විරිදු රද රන්දාරා ගිය පිය සුත’ඹු ගෙනැ සෙද’
(කොකිල සෙන්දසශය)
යන මෙ තැනුදු දක්වයි.
‘ මදු රදුන් රන් යා දී වෙසතුරු තනන් දිනි’ යනු මෙහි මැ එයි.
342 සිදත් සඟරා විවරණය
12. රණහණ - (රණ + අභණ) යුද බිම ගැනෙයි එ නමින්. ‘රන්’ විග්ර හය අනුවැ නම් වියැ යුත්තේ ‘නන් සුරුවිරු බළන් ඇතියේ එ නම් - රණඟණ’ යනු යැ. ‘එ බඳු’ යනු ඇයි දැයි අපට නො වැටැහේ. ‘බළෝ’ (භටයෝ) නම් සුරු විරු මැ වෙද්ද? ඉන් එහි දු නන් බළන් යි විණි නම් පිරිමසී.
‘රණ ගණ වන් රුපු වෙරැ ලේ දිය ඉසි’යි ව පැරැකුම්බා සිරිත් කරුවාණෝ ද ‘යුද බිම’ යන අරුත්හි ‘රණ ඟණ’ යනු යොදත්.
13. සහතරුවැළ - ඉන් සැඳැහුණේ අහස යි. තාරාධිප (තාරාවනට අධිප) බැවින් චන්ද්රයයා තුරුපති නමි. එයින් සඳු නොගැනීමට හේතු කවරේ ද?
‘තරු පිරිවරන ලද සරා සඳ මඬලක් ලෙද
යනු ද එහි පිහිට වෙයි. ‘අහසේ තරු දිළේ’ යනු සහතරුවැළේ තරු දිළේ යනුයෙන් ගත කෙසේ ද? ‘අහස’ එ නම් වුණු වෙන තැනෙක් නො ලැබේ. රකුසු කව් නයින් (රාක්ෂය කාව්යඅ න්යානයයෙන්) නො වේ සමාස නාම දියැ යුත්තේ.
14. සොහොවුරු - එක මාතෘ කුක්ෂි වූවාහු ‘සහොදර’ නම් හ. සහ + උදර = සහොදර යනු සකු නය යි. එයින් බලත් ‘සම උදර ඇතියේ’ යන විග්රේහය අනුවැ සමොදර යනු ලැබියැ යුතු බව යි පෙනෙනුයේ. එක් (මවු) කුසැ ඔත්තු යැ සොහොවුරෝ නම්. වහරෙහි සොහොවුරු, සොහොයුරු දෙ පරිදි මැ වෙයි. ‘පයොධර’ (ස්තන) පියොවුරු, පියයුරු දෙ අයුරු මැ වන බව ද
5.සමාසාධිකාර 343
සලකන්නේ යැ. ‘සහ සමානමුදරං යස්යා සෞ = සොදරඃ’ ආදි නිර්ව චන ආශ්‍්නයයෙන් ‘සම උදර ඇතියේ සොහොවුරු’ යන විග්රඃහය දැක්වුණු නිසා යැ.
5 - 22
ලඹ සවන් ඈ තගුණ නම්.
අර්ථව : ලම්බකර්ණස ආදිය තගුණ (තද්ගුණ) නම් යැ.
විස්තර : සංස්කෘත වෛයාකරණයන් විසින් ‘තද්ගුණ සංවිඥාන’ නාමයෙන් අනුඥාත වූ ව්යංවහාරානුකරණය කැරුණු තැනි. සඳහන් ගුණයෙන් වැටැහෙන බව යි. එයින් කියැවෙනුයේ. තද්ගුණ (ඒ ගුණය) යනු ‘තගුණ’ යි හෙළ මුහුණුවර ගැන්විණ. ටිප්පණී : 1. ලඹසවන් - ලම්බකර්ණම. ලඹන (එලෙන) කන් (සවන) ඇත්තේ යමෙක් ද හේ ලඹසවන්. ‘ලම්බකර්ණම’ යනු ගොත්ර (වංශ) නාමයෙකි. ‘මෞර්ඨේ වංශය’ ලඞ්කාවෙහි දී ‘ලම්බකණර් වංශය’ නම් වූ කියත්. හෙළ බසෙහි ‘ලමැණි කුල’ නමින් එයි.
ස වන පැරැකුම්බා රජහු එ කුල ඇත්තාහු වෙත්.
සිරි රහල් මාහිමියෝ -
‘සුනිමල් ලමැණි කුල - තිලකෙ’ව් උදුල හැම කලැ’ යනුයෙන් පරෙවි සෙන්දකශයෙහි එ සඳහන් කෙරෙත්.
5 - 23
ඉකුත් සයුරු ඈ අතගුණ නම්, ඉති අන්අරුත් සමස්.
344 සිදත් සඟරා විවරණය
අර්ථ : අතික්රා න්තසාගර ආදිය අතගුණ (අතද්ගුණ) නම් යැ.
මෙ සේ යැ අන්යා ර්ථ සමාසය.
විස්තරය : ‘අතද්ගුණ සංවිඥාන’ නාමයෙන් සකු වියරණ ඇජරන් විසින් අනුදත් වහර අනුවැ ගිය තැනෙකි. ඉන් පැවැසෙනුයේ සඳහන් ගුණයෙන් නොවැටැහෙන බව යි. අතද්ගුණ (ඒ ගුණය නොවන) යනු ‘අතගුණ’ යි හෙළ මුහුණුවරට හැරැවුණු තැනි. එ කී සමාසය තව ද බෙදුම් දෙකෙකින් ගනිත් සකු, මගද වියරණ ඇජරහු. සමානාධිකරණ, ව්යණධිකරණ යන විසිනි. එයට ‘තුල්යා ධිකරණ, හින්නාධිකරණ” යනු පර්යාය නාම වශයෙන් ව්යහවහාර වන බවත් කියත්.
ටිප්පණී : 1. ඉකුත්සයුරු - යාත්රාෙව සඳහා කියැවිණ. යාත්රාු මතු නො වැ මිනිසුනුදු සයුරු ඉකුත් කරනු ලැබේ. පිනීමෙනි. එයින් ඔහුත් ගෙණෙත් ඉකුත්සයුරු ගෙණේ.
5 - 24
අඟ පාමොක් වත - සමුදා මැ හෝ එ පදන් ද අරුතැ වූ පද සමාම් - ද අරුත් සමස් නම් වේ.
අන්වය : එ පදන් අඟ පාමොක් වත සමුදා මැ හෝ ද අරුතැ වු පද සමාම් ද අරුත් සමස් නම් වේ.
අර්ථ් : (සමාස) පදයන් ගේ කොට්ඨාශ ප්ර මුඛ වූ කල්හි (ෙහා්) සමූහය මැ (ප්ර මුඛ වූ කල්හි) හෝ ද කාරාර්ථ යෙහි වූ පද සමාගමය ද කාරාර්ථෙ සමාස නාම යි.
5.සමාසාධිකාරය 345
විස්තර : තත් ප්ර කාශය ද නිරාකුල වුයේ නො වේ. ‘එ පදන්’ යනුයෙන් කියනුයේ කි නම් ‘පදන්’ ගැනැ ද? ‘අඟ’ යි අඟවනුයේ කිම? එසා ආයාස නො ගෙනැ ආයාසයට ඉඩ ද නො වඩා, සමාස වන පද දෙකක් හෝ වැඩියක් හෝ ‘ද’ කාර සම්බන්ධ වූ කල්හි ඒ ‘ද’ කාරාර්ථඅ සමාස නම් යැ යි කියැවිණි නම් කි නම් අවුලෙක් ද? ‘හිරසඳ’ යන තන්හි පද දෙකෙකි. ‘හිර’ එකෙකි. ‘සඳ’ යි අනෙක. දෙකට වූ ‘ද’ කාර සම්බන්ධයෙන් ‘හිරසඳ’ යන සමාසය වියැ.
‘ඇත්අස්රියපද’ යන තන්හි පද සතරෙකි. එහි දු ‘ද’ කාර සම්බන්ධයෙනි’ ඇත්අස්රියපද’ යි සමාස වූයේ. ‘පද කොටස්’ යනු දු ආකුල යැ.
එ කී ‘ද’ කරාර්ථ සමාසය සංස්කෘතයෙහි ‘වාර්ථසමාස, ද්වන්ද්වසමාස’ යි ද මාගධයෙහි ‘වත්ථ,සමාස, ද්වන්දසමාස’ යි ද එයි. ඒ දෙ බස්හි ‘වාර්ථ, වත්ථි ද්වන්ද්ව, ද්වන්ද’ යන පාර්යා ය නාම ද එයට කියත්. සිදත් කතු පාණෝ එ අනුවු යැ.
ටිප්පණී - 1. අඟ - පද කොටස් යැ එයින් ඇඟැවුණේ. 2. පාමොක් - ප්ර මුඛ; ප්ර ධාන; මුල් 3. සමුදා - සමූහය. 4. සමාම් - සම + හම් = සමාම් . සමාගමය; එක්වීම.
5 - 25
හිර ද සඳ ද හිරසඳ - සැරියුත් ද මහ මුගලන් ද සැරියුත්මහමුගලන් - ඇත්හු ද අස්හු ද රිය ද පද ද ඇත්අස්රියපද -
346 සිදත් සඟරා විවරණය
අර්ථ : රවි ද චන්ද්ර ද හිරසඳ (රවිචන්ද්රව) යැ.
ශාරිපුත්ර ද මහාමෞද්ගල්යාදයන ද සැරියුත්මහමුගලන් (ශාරිපුත්ර මහාමෞද්ගල්යා යන) යැ. හස්තීහු ද අශ්වයෝ ද රියහු ද පදාතීහු ද ඇත්අස්රියපද (හස්ත්යඅශ්වරථපදාති) යැ.
විස්තර : සංඥා නාම සමාස ග්රාතහය මනොඥ යැ යි නො හැඟෙයි. සාතන් ද දෙව්දත් ද සාතන්දෙව්දත් (සාතන්දෙවදත්ත) යි සමාස වූ කල්හි කෙසේ ද? ඇත් ද අස් ද රිය ද පද ද, යනු හෝ ඇත්හු ද අස්හු ද රියහු ද පදහු ද යනු හෝ යැ නිසි. ‘රිය’ යනුයෙන් රියසෙන් (රථසෙනා) ගැනෙනු යැ.
ටිප්පණී : 1. ඇත්අස්රියපද - හස්ති අශ්ව රථ පදාති. පද (පදාති) යනුයෙන් ‘පාබළ’ කියත්. එයින්අස්රියපාබළ නම් ද වෙයි. සිවුරඟ සෙනඟ (චතුරඞ්ග සේනා) එ නමින් දනිත්.
5 - 26
මෙහි අඟ පා මොක් තැනැ බුහු බහු රුසී. බඹසුරනරෝ නමඳිත්.
අර්ථර : මේ සමාසයෙහි කොට්ඨාශ ප්ර මුඛ ස්ථානයෙහි බහුවචන අභිමත යැ.
විස්තර : එ කී සමාසයෙහි ‘බඹ සුර නර’ යැ යි පද තුනෙකි. එහි බඹ, සුර, නර ඈ විසින් එක් එක් පදය මුල් කොටැ සැලැකෙන සැටි ඇඟැවිණ. අවසන්
5.සමාසාධිකාරය 347
පදය වන ‘නර’ යනු බුහු බස් විබත් ගන්වා සෙසු දෙ පදයට ද සාධාරණ කැරිණ. සප්රා ණ වන තන්හි බුහු බස් මුත් එක් බස් වන බවෙක් වහරෙහි නො පෙනේ. එ බැවින් එය වෙසෙසීම (විශෙෂ කිරීම) නිරථීක යැ. දෙව්බඹහු, දෙව්බඹුන්’ යන වහර විනා ‘දෙව්බඹා, දෙව්බඹු’ යන වහර නොවන හෙයිනි. ‘බඹසුරනරෝ’ යන තන්හි ‘ඕ’ විබත් නොසරි යැ; සරි වන්නට නම් ‘බඹෝ ද සුරෝද නරෝ ද’ ‘බඹසුරනරෝ’ වියැ යුතු යි. ‘බඹ’ සද බුහු බස් ‘ඕ’ විබත් නොගන්නා බැවින් එහි වියැ යුතු ‘හු’ විබත යි. ‘බඹහු ද සුරහු ද නරහු ද’ ‘බඹසුරනරහු’ යනු යැ යෙදෙනුයේ. ‘නමඳ’ (නැමැඳුම්හි ) ධාතු සකර්මේක යි. එයින් ‘බඹසුරනරෝ නමඳිත් යනු අඩුවක් දක්වයි. බඹසුරනරහු බුදුන් නමඳිත් යනු යැ නොඅඩු.
5 - 27
සමුදා පාමොක් තැනැ එක බස රුසී. ගීනැටුම්. ඉති ද අරුත් සමස්. සමස් අදියර පස් වනු.
අර්ථ : සමූහය ප්ර මුඛ ස්ථානයෙහි එකවචන අභිමත යි.
ගීතනෘත්ය: මෙ සේ යැ දකාරාර්ථ සමාසය.
පස් වැනි වූ සමාසාධිකාරය යි.
විස්තර : එහි ‘ගීනැටුම්’ යන පද මුල් වූ සේ ගැනිණ. එ බැවින් එක් බස් බව කියැවිණ. අප්රාීණ වන තන්හි
348 සිදත් සඟරා විවරණය
බුහු බස් වහරෙක් හෙළ බසේ නො ලැබේ. එයින් ඒ ප්රවකාශය ද අනවශ්යබ යැ. ‘ගීනැටුම්’ යනුයෙන් ඇඟෙනුයේ ගී නටන බවෙකි. එ බැවින් නො යෙදෙයි. නැටුම් ගැයුම් වැයුම් යනු යැ වහර. ‘නෘත්ය ගීත වාද්යඑ - නච්ච ගීත වාදිත’ යන සකු, මගද වහරිනුදු ඒ පළ යැ. ‘ගීනැටුම්’ පමණින් නැවැත්තේ ඇයි? එක් බස් නිදස්න පිරිමස්නට නම් ගීනැටුම් වෙයි යනු වියැ යුතු යි. සමාසාධිකාරය නිමියේ යැ.
6. විශෙෂණ විශෙෂ්යායධිකාරය
6 - 1
පාමොක් අත වෙසෙස් වනන පද වෙසෙසුන් නම් වෙසෙසැ යෙදු ලිඟු විබත් වෙසෙසුන් පෙදේ සම වේ.
අර්ථ : ප්රබමුඛ අර්ථය විශෙෂ්යර (නමි) . වර්ණ නා කරන්නා වූ පදය විශෙෂණ නමි. විශෙෂ්යඛයෙහි යොජිත ලිඞ්ග විභක්ති විශෙෂණ පදයෙහි සමාන යැ.
විස්තර : ප්රෂධාන වූ අර්ථය විශෙෂ්යිය නම් වන බව ද වර්ණපනා කරන පදය විශෙෂණය නම් වන බව බද විශෙෂ්යරයෙහි යෙදුවා වූ ලිඞ්ග විභක්ති විශෙෂණ පදයෙහි සමාන වන බව ද එයින් කියැවිණ. එ ද සංස්කෘත මාගධ රීතිය ඉඳුරා පිහිට කොටැ පැවැසුණෙකි.
සංස්කෘතයෙහි පුල්ලිඞ්ග ‘වානර’ ශබ්දය විශෙෂ්යාය වැ ‘උදාර’ ශබ්දය විශෙෂණය වැ වරනැඟෙනුයේ -
6.විශෙෂණ විශෙෂ්යායධිකාරය 349
ප්ර ථමා එකවචන විවචන බහුවචන උදාරඃ වානරඃ උදාරෞ වානරෞ උදාරාඃ වානරාඃ ආදි වශයෙනි:
ස්ත්රී ලිඞ්ග ‘දුර්ගාව’ ශබ්දයට ‘උදාර’ විශෙෂණ වූ කලැ- ප්ර්: එක: වි: බහු: උදාරා දුර්ගාර උදාරෙ දුර්ගෙ උදාරාඃ දුර්ගාඃස’
ඈ විසිනි ; නංපුසකලිඞ්ග ‘මන්දිර’ ශබ්දය ‘උදාර’ විශෙෂණය ගත් විටැ - එක: වි: බහු: උදාරං මන්දිරං උදාරෙ මන්දිරේ උදාරානි මන්දිරානි යනුයෙනි.
ත්රිෙ වචනයෙහි මැ විශෙෂ්ය ක්ර මයෙහි ලිඞ්ග විභක්ති විශෙෂණයට ද සාධාරණ යනු එයින් ප්රහත්යයක්ෂ යි.
මාගධයෙහි ‘කම්මකාර, මාතු, නගර’ යන විශෙෂ්යණ ‘උදාර’ විශෙෂණය ගත් කල්හි - පඨමා එක: බහු : උදාරො කම්මකාරො උදාරා කම්මකාරා උදාරා මාතා උදාරො මාතරො උදාරං නගරං උදාරානි නගරානි
යනාදි වශෙයන් පුං ස්ත්රීක නපුංසක ලිංග ත්ර යයෙහි වරනැඟෙයි. තදුක්ත සමානත්ව සාක්ෂ්යක එහි දූ පැනේ. පුම, ඉතිරි, නිපුස් ලිඟු කුකුළු, කිකිළි මල් යන තුන් වෙසෙස් රතු යන වෙසෙසුන් සබඳින් සම වන සැටි බලමු ඉතින්.
350 සිදත් සඟරා විවරණය
රතු කුකුළා රතු කුකුළෝ රතු කිකිළිය රතු කිකිළියෝ රතු මල රතු මල් යනුයෙනි. පළමු විබත් එක් බස් බුහු බස් වරනැඟුම තුන් ලිඟුයෙහි මැ එ කී නයින් වන්නට නම් - රත්තා කුකුළා රත්තෝ කුකුළෝ රත්තිය කිකිළිය රත්තියෝ කිකිළියෝ රත්තා මලා රත්තෝ මලෝ යනුයෙන් සිටියැ යුතු යි. සිය බසේ එ සේ නොසිටුනා බැවින් අතිශයින් අව්යානකරණීය යි. එ කී ‘වහරනුසෙරෙන්’ සපයන සැටී ද ඒ? සකල විශෙෂණ අවිශෙෂයෙන් විශෙෂ්ය යෙහි ලිඞ්ග විභක්ති භජනය කිරීම සකු, මගද නයෙහි හෝ නො වේ. තච්ඡාබ්දිකයන් විසින් ‘තුල්යා ධිකරණ, හින්නාධිකරණ’ යි විශෙෂ භෙදයක් දැක්වුණේ එ හෙයිනි.
6 - 2
යොදත වෙසෙසැ සම වේ
වෙසෙසුනැ ලිඟු විබත් බස් නො යොදත තබා’නියමින් කිවි කම්හි තෙර පතුයේ.
5. විශෙෂණ විශෙෂ්යාෂධිකාරය 351
අන්වය: යොදත, වෙසෙසුනැ ලිඟු විබත් සමස් වෙසෙසැ සම වේ. නො යොදත, කිවි කම්හි තෙර පතුයේ අනියමින් තබා.
අර්ථො: යොජනය කරත් හොත් විශෙෂණයෙහි ලිඞ්ග විභක්ති වචන විශෙෂ්ය යෙහි සමාන වේ. යොජනය නො කරත් හොත් කවි කර්මෂයෙහි තිර ප්රාෂප්ත තැනැත්තේ අනියමයෙන් ස්ථාපනය කෙරේ. තුල්යාමධිකරණ වශයෙන් යොදත් හොත් විශෙෂ්යේයෙහි ලිඞ්ග විභක්ති වචන යනාදිය විශෙෂණයෙහි දු යෙදීමත් හින්නාධිකරණ වශයෙන් යොදත් හොත් විශෙෂණයෙහි ලිඞ්ග විභක්ති වචන යනාදිය අනියමයෙන් (අසමාන සෙයින්) තිබීමත් එයින් කියැවිණ.
ටිප්පණී : 1. තෙර පතුයේ - කෙළවරට පත් තැනැත්තේ තීර (කොටි) ප්රා ප්ත වූයේ.
(පැමිණුම්හි) ධාතුයෙන් වු ‘පතු’ යන නාම ක්රිෂයාවට ‘ඒ’ විබත් ද ‘ය’ කාරාගමය ද වීමෙන් (පතු + ඒ = පතු + ය් + ඒ) පතුයේ යනු ලැබේ.
6 - 3
‘නමවූ මුනිඳු තුමා - තුමා සිරින් පබසරා සරාසිසිකල්දසනා - සනාරෙසෙනද’ හු දියේ’
ඉති වෙසෙසුන් වෙසෙස් සම ලිඟු විබත් බස් පියෝ.
අන්වය : තුමා සිරින් පබසරා සරාසිසිකල්දසනා. දියේ සනාරෙසෙන් අදහු මුනිඳු උතුමා නමවු.
352 සිදත් සඟරා විවරණය
අර්ථ : ස්වීය (තමා ගේ) ශ්රී යෙන් ප්ර භාස්වර වූ ශරච්චන්ද්රාදකාර කාන්ත (කල්යා ණ) දර්ශ නාන්විත වූ ලොකයා කෙරෙහි ස්නෙහරසාර්ද්රප වූ මුනීන්ද්රො ත්තමයා අභිවාදනය කරවු.
විශෙෂණ විශෙෂ්ය ලිඬ්ග විභක්ති වචන සමාන ප්ර්යොගය තදාකාර යි.
විස්තර : විශෙෂණ විශෙෂ්යි ලිඬ්ග විභක්ති වචන සාම්ය්ය එහි අවිද්ය මාන යැ.
විශෙෂ්යවය වූ ‘මුනිඳුතුමා’ යනු පුල්ලිඞ්ග යි; කර්මව විභක්ති යි; එක්වචන යි. විශෙෂණ වූ ‘පබසරා, කල්දසනා, අදහු’ යනු දු පුල්ලිඞ්ග යැ; කර්මච විභක්ති යැ; එකවචන යැ. එ බැවින් ඒ තුල්යාිධිකරණ (සමානාධිකරණ) විශෙෂණ යි. ‘තුමා’ යනු පුල්ලිඞ්ග යි; සම්බන්ධ විභක්ති යි; එකවචන යි. ‘සිරින්’ යනු කරණ විභක්ති යි. ‘දියේ’ යනු ආධාර විභක්ති යි. ‘සනාරෙසෙන්’ යනු ද කරණ විභක්ති යි. එයින් ‘සිරින්, සනාරෙසෙන්’ යනු ‘පබසරා, දියේ, අදහු’ යනාදියට හින්නාධිකරණ (ව්යිධිකරණ - අසමානාධිකරණ) විශෙෂණ යි. උක්ත ප්රියොගය අශාස්ත්රීිය බවට ඒ සාධක යැ.
ටිප්පණී : 1. තුමා සිරින් - තමා ගේ දෙහ (ශරීර) ශ්රී-යෙන් (ශොභායෙන්). 2. පබසරා - ප්රිභාස්වරයා ; පැහැපතා. 3. සරාසිසිකල්දසනා - ශරච්චන්ද්රායකාර කාන්ත (කල්යා ණ) දර්ශ,නයා; සරද සඳ බඳු මනා පෙනුම් ඇත්තා.
6.විශෙෂණ විශෙෂ්යාාධිකාරය 353
4. දියේ - ලොවෙහි (ලොකයෙහි) : ජගත්හි. ලොකයා කෙරෙහි’ යන අරුත්හි වෙයි. 5. සනාරෙසෙන් - ස්නෙහ රසයෙන් : සනා නමැති දියෙන්. 6. අදහු - ආර්ද්ර යහු : තෙත් වුවහු.
6 - 4
‘නමවු පිරිසිඳැ සැබැ - වීන් අයු අනා වත්මන් පද අතුනෙ’ක කෙණේ දත් පවර මුනි රජහු සරණ’
ඉති අනියමින් තුබු වෙසෙසුන් පියෝ.
අන්වය : අයු අනා වත්මන් පද අතුන් සැබැවින් පිරිසිඳැ එක කෙණේ දත් පවර මුනි රජහු සරණ නමවු.
අර්ථප: අතීතානාගතවර්ත මාන පදාර්ථ යන් තත්ත්වාකාරයෙන් පරිච්ජින්න කොටැ එකක්ෂණයෙහි ජානනය කළා වූ ප්රතවර වූ සර්ව්ඥ රාජයා ගේ වරණාභිවාදනය කරවු.
අනියමයෙන් ස්ථාපිත වූ විශෙෂණ ප්රරයොග මෙ සේ යැ. විස්තර : තථාගතයාණෝ අතීත වර්තතමාන අනාගත යන කාල ත්රගයය ප්ර්තිබද්ධ සකල පදාර්ථඅ ප්රයත්ය ක්ෂ කොටැ සැණෙකින් දත්තාහු වෙත්. ‘තුන් කල් දත් බුදුන්’ යන්නෙන් ඔවුන් අඳුන්වනු එ හෙයිනි. එ වන් වරතම ඔබ පා වඳනා මැ වටී: ‘වඳව’ යි එයින් කී හ.
23
354 සිදත් සඟරා විවරණය
‘නමවු’ යන ක්රි යාවට කර්ම වූයේ ‘සරණ’ යනු යි. එයට යෙදු එක ද වෙසෙසුනෙක් නො වේ. එ බැවින් එ කී අනියම් වෙසෙසුන් පියෝ - හින්නාධිකරණ විශෙෂණ ප්ර යොගය - හින්න යැ.
ටිප්පණි : 1. අයු අනා වත්මන් - ‘අයු වත්මන් අනා’ (අතිත වර්තිමාන අනාගත) යනු වහරෙහි එන සැටි යි. 2. පද අතුන් - ‘අත්’ සද ‘උන්’ විබත් ගත් තැනි. ‘පද’ යනුයෙන් එහි ගැනුණේ ලොවෙහි ඇති තාක් දෑ යැ. බුදුන් සියල්ල දත්තවුන් බැවින් යෙදෙයි. 3. සැබැවින් - ස්වභාවයෙන්; තත්ත්වාකාරයෙන් ; ඇති සැටියේ. 4. පිරිසිඳැ - පරිච්ජින්න කොටැ; වෙන් කැරැ. 5. කෙණේ - ක්ෂණයෙහි ; සැණෙකින්.
6 - 5
වෙසෙසුන් වෙසෙස් විදි - කිවි කමසරිනි වනුයේ.
අරුත් වියකන වරෙහි - වෙසෙසුනැ යොදා වූ දා.
අන්වය : වෙසෙසුන් වෙසෙස් විදි කිවි කමසරිනි වනුයේ. අරුත් වියකන වරෙහි වෙසෙසුනැ වු දා යොදා.
අර්ථන : විශෙෂණ විශෙෂ්යි විධිය කවියා ගේ කාමචාරයෙනි වන්නේ. අර්ථන ව්යුඛ්යාින වාරයෙහි විශෙෂණයෙහි වූ (යන) ධාතුව යොජනය කරව.
6. විශෙෂණ විශෙෂ්‍යාධිකාරය 355
විස්තර : විශෙෂණ විශෙෂ්යය (යොජන) ක්රයමය කවියා අභිමත පරිදි වන බවත් අර්ථ ව්යා ඛ්යා න (කරන) කාලයෙහි විශෙෂණාන්තයෙහි ‘වූ ‘ ධාතුව යුක්ත කට යුතු බවත් එයින් පැවැසිණ.
‘වෙසෙසුන් වෙසෙස් විදි පමණ යැ කිවි රිසි පරිදි වනුයේ? ඉන් බැහැරැ සරිය වනුයේ අනුන් රිසි පරිදි ද? එ වැනි පැනයකට ඉඩ දෙයි එ කියමන. එහි දු අවුලෙකි.
අර්ථ කථනයේ දී විශෙෂණාන්තයට වූ ධාතුව යෙදීම අවශ්ය ද? නිලමණ්යා කාරනෙත්රණ යුක්ත යනු නිල් වූ මිණි වැනි වූ නෙත් යුත් යන අරුත් බිණුම් මැ වුව මනා ද? එ බවෙක් වහරින් නම් නො පෙනේ.
නිල් මිණි වැනි නෙත් යුත් මුත් නිල් වූ මිණි.....’ යනු හෙළ වහර නො වේ. එ කී නයින් නම් -
කළු යකා කණ කොකා තද මිනිසා පර ගැතියා යනු
කළු වූ යකා කණ වූ කොකා තද වූ මිනිසා පර වූ ගැතියා ඈ විසින් වියැ යුතු යි. ‘වූ’ යනු ධාතුවක් බව කීම විහිළුවෙකි. ‘ව’ (වීමෙහි) ධාතුයෙන් සිද්ධ අතීත බහුවචන ක්රිවයාව මෙන් ද නාම ක්රිකයාව සෙයින් ද ඒ සිටි හෙළ බසෙහි. සිදත් සඟරා නියරින් ඒ බහුවචන ආඛ්යාත ද ප්රෙත්යියාර්ථ නාම ද වෙයි.
356 සිදත් සඟරා විවරණය
‘ව’ ධාතු අකර්ම ක යි; ‘බම’ ආදි ගණ උභය පද යි: පරස්මෛපද: වා - වති - වී - වූ : ආත්මනෙපද: වේ - වෙති;
‘පිහිට’ ආදි ගණ ආත්මනෙපද ද වෙයි. වේ - වෙති - විණි - වුණු. මෙ සේ යැ දෙ ගණයෙහි වරනැඟීම.
‘කිවි’ යනු ‘කවියා, පණ්ඩිතයා’ යන උභය පාක්ෂිකයනට මැ සාධාරණ අර්ථි භජනය කෙරේ. එ බැවින් ඒ දෙ පක්ෂයේ මැ රිසි පරිදි වූ, යෙදුම් එහි ලා සලකන්නේ යැ. ඒ එ සේ වතුදු ‘කිවි’ යනුයෙන් ‘කවියා’ මැ ප්රුස්තුත නම් ගද්යක කාව්යව නිෂ්පාදනය කළාහු මැ එයින් ගැනෙත්. බුත්සරණ, අමාවතුර, කව්සිළුමිණ, මයුර සෙන්ශෙය ආදිය නිපැදැවුවාහු යැ ඔහු නම්! මෙ දා මෙන් පැදි කරුවා මැ කිවියා මෙන් ගැන්මක් එ දා නුවු බැවින් ගැදි, පැදි දෙක මැ සඳහා වූ යෙදුම් සලකා ‘කිවි කමසරින්’ වන බව පැවැසුණු නිසා යැ. එ බැවින් ඉන් අදහස් කැරුණේ පැදි යෙදුම් මතු යැ යි නො ගත යුතු.
ටිප්පණී : 1. කමසරිනි - කාමචාරයෙනි : රිසි (රුචි) පරිද්දෙනි.
6 - 6
තෙලෙ යන මහ වැහැප් රුවන් නම්, සඳ නම් හෙළිල්ලඹු එන්නී ඉති කිවි කමසරින් වෙසෙසුන් වෙසෙස් විනිස. වෙසෙසුන් වෙසෙස් අදියර ස වනු.
6. විශෙෂණ විශෙෂ්යාිධිකාරය 357
අර්ථ : ඒ යන්නා වූ මහා වෘෂභ (තෙමේ) රත්න නාම යැ. චන්ද්රා නාම ගෞරාම්බා (තොමෝ) සම්ප්රාමප්ත වන්නී (යැ). මෙයාකාර යැ කවි කාමචාරයෙන් (වු) විශෙෂණ විශෙෂ්යා විනිශ්වයය. ස වැනි වූ විශෙෂණ විශෙෂ්යාරධිකාරය යි. විස්තර : කිවි රිසි පරිදි වෙසෙසුන් වෙසෙස් යෙදියැ හැකි බවට නිදසුන් එයින් දෙවිණ. අර යන මහ ගොනා (මහා වෘෂභයා) රත්න නමැත්තේ යැ. අර යන රත්න නමැත්තා මහ ගොනා (මහා වෘෂභ) යැ. සඳ (චන්ද්රාො) නම් එළලු අඟන එන්නී (යැ). එන්නී එළලු අඟන සඳ (චන්ද්රා ) නමැත්තී (යැ). වෙසෙසුන වෙසෙස ද වෙසෙස වෙසෙසුන ද වන සැටි පැහැසුමට පෑ නිදසුන් එයින් පෙනෙයි. ‘සඳ’ යනු ‘චන්ද්රා ’ නම් ඉන්ද්රාස යනු ඉඳ නම් නො වේ ද?
ටිප්පණී : 1. තෙලෙ - ඒ; අර. පෙනෙන මානයේ යනු ඉන් ඇඟැවේ.
විශෙෂණ විශෙෂ්යාෙධිකාරය නිමියේ යැ.