සිදත් සඟරා විවරණය-විවරණය v
7. ක්රිරයාධිකාරය
7 - 1
ඇති සිටි ගිලි රෙදුම් - නිඳි රැඳි බිය වැසි සිනා තුටු හැඬි තිනුම් පැකුළුම් - දිව් ඈ දා කම් විමුත්.
අර්ථ : අස්ති - ස්ථිත - නිමග්න - විනිර්මුක්ත - නිද්රාෙ රඤ්ජිත - හීති - වර්ෂ ණ - හාස්ය - තුෂ්ට - ශබ්ද - කම්පන - ප්ර්ස්ඛලන - ජීව ආදි ධාතු කර්මන විමුක්ත යි.
විස්තර : එයින් දැක්වුණේ අකර්මයත (කර්ම විමුක්ත) ධාතු නිදර්ශණන යැ. එක ද ධාතුයෙක් එහි නම් නො ලැබේ. අත්යර්ථයෙන් අසත්ය් ප්රුකාශයෙකි!
ඒ ධාතු නම් - ඇතිවා - සිටිවා - ගිලිවා - රෙදුම්වා - නිඳිවා - රැඳිවා - බියවා - වැසිවා - සිනාවා - තුටුවා - හැඬිවා - තිනුම්වා - පැකුළුම්වා - දිව්වා යන ප්ර යුක්ත රූප වියැ යුතු යි; සැබැවින් මැ කොහි වේ ද? හෙළ බසේ නම් නො වේ! ඒ කාලයේ සිංහල ශාබ්දිකත්වය මෙ තරම් මැ දුර්ව ල වී ද? නො හැදැහියැ හැකි යි!
ටිප්පණී : 1. ඇති - ‘වේ’ යන අර්ථයෙහි වූ (සංස්කෘත) ‘අස්ති’ යනු හෙළ බසෙහි ලැබෙන සැටි යි. එහි ධාතුව හෙළ බස්හි නො වේ. 2. සිටි - නාම ක්රිධයා (අතීත කෘදන්ත නාම) යැ. සිදත් නයින් ප්රහත්ය යාර්ථ නාම යි. ‘සිටු’ ධාතු යැ. 3. ගිලි - නාම ක්රිනයා යැ. ගිලිමෙහි, ගිලා බැස්මෙහි (නිමග්නයෙහි) වැටෙන ‘ගිල’ ධාතු යි.
7.ක්රියාධිකාරය 359
‘ගිල’ ධාතු සකර්මමක අකර්මක උභය පක්ෂයෙහි මැ වැටේ; ‘රක්’ ආදි ගණ උභය පද ද වෙයි. පර: පද සකර්මමක යි: අත්: පද අකර්ම‘ක යි. ළමයා තඹය ගිලී. ළමයා දියේ ගිලේ. දෙ පසට නිදසුන් මෙයින් ගන්නේ යැ.
ධාතු මතු නො වැ ඒ භෙදය ද අඥාත බවට සාක්ෂ්යක යි. ධාතු විස්තර කැමැත්තාහු ක්රිඒයා විවරණ සරණ ගනිත් වා! 4. රෙදුම් - භාව නාම ක්රි යා යැ. ‘රොද’ (වැළැකුම්හි) ධාතු යි. 5. නිඳි - නාම ක්රිරයා යැ. ‘නිඳ’ (නිඳුම්හි) ධාතු යි. 6. රැඳි - නාම ක්රිරයා යැ. ‘රඳ’ (නැවැත්මෙහි) ධාතු යි. 7. බිය - ජාති නාම යි. 8. වැසි - ජාති නාම ද, ‘වස්’ (වාසයෙහි) ධාතුයෙන් නිපන් නාම ක්රි.යා ද යන දෙ ලෙසින් මැ ගත හැකි යි. 9. සිනා - ජාති නාම යි. 10. තුටු - නාම ක්රි.යා යැ. ‘තුස්’ (සතොස්හි) ධාතු යි. 11. හැඬි - ‘හඬ’ ඇතියේ හැඬි. තද්ධිත යි. ‘අඬ, ඇඬි, යනු ද සලකන්නේ යැ. 12. තිනුම් - භාව නාම ක්රි යා යැ. ‘තන’ (කම්පනයෙහි) ධාතු යි.
360 සිදත් සඟරා විවරණය
13. පැකුළුම් - භාව නාම ක්රි යා යැ. ‘පකුළු’ (පැකිළීමෙහි) ධාතු යි. 14. දිව් - නාම යි. ජීව, දිව්යය, ද්වීප. කන්වයින්, යහන්, පහන් ඈ අරුත්හි වේ. 15. දා - ධාතු. 16. කම් විමුත් - කර්ම විමුක්ත, ‘අකර්මනක’ යනු කියු සැටි යි.
7 - 2
දිස් ලබ සිඳි දැනුම් - යා රක් වද බඳ බොජුන් කර පිසි’සි වැහි හර දා - නම් ඈ දා සකම් නම්.
අර්ථි: දර්ශාන - ලාභ - ඡෙදන ශුෂ්ක - ජානන - කථන, ගමන - රක්ෂණ - විජායන, ප්ර වෙශන - බන්ධන - භොජන - කරණ - පවන - සිඤ්චන, ඉච්ඡා - වහන - හරණ - දාන - නම්න ආදි ධාතු සකර්මැක නමි. විස්තර : එයින් ධාතු ගණයේ ගෙණෙනුයේ ‘දිස් ලබ, යා, රක්, වද, බඳ, කර, හර, දා’ යනු පමණ යි . ‘නම්’ යනු ධාතු මෙන් නො ගැනේ. ‘නම’ යනු යැ ගැනෙනුයේ. ‘සිඳි, දැනුම්, බොජුන්, පිසි, ඉසි, වැහි, යනු නාම ගණයට අයත් යැ. ‘පිසි, ඉසි’ යනු ‘පිසි’සි’ යි සන්ධි කොටැ දැක්වීම මනා නො වේ. ප්ර යොජ්ය ක්රිසයාව අඳුන්වන ගත්කරු මාහිමියෝ මෙහි දයින් පර වැ’ව පස රුසී’ යනු අනුදනිත්. එ නයින් ‘සිඳිවා, දැනුම්වා, බොජුන්වා, පිසිවා, ඉසිවා, වැහිවා යනු යැ ලැබෙනුයේ. එ බඳු ප්රියොජ්ය ක්රිවයා සිංහලයෙහි දුටුවාහු ඔබ මැ විනා වෙන කවුරු ද?
7.ක්රිරයාධිකාරය 361
ධාතු ඇඳින්වූ සැටි ද ක්ර මානුකූල නො වේ. පළමු වැන්න ‘කම් විමුත්’ නම් දෙ වැන්න ‘කම් නියුත්’ නම් ද දෙ වැන්න ‘සකම් නම්’ පළමු වැන්න ‘අකම් නම’ ද වීම යැ ක්රුමය නම්. කර්තෘනපාදයන් ක්ර මොල්ලඞ්ඝන අප්රවමත්ත බවට ග්ර්න්ථ සාක්ෂ්යම බහුල යි.
ටිප්පණී : 1. දිස් - ‘දිස්’ (දැකුම්හි) ධාතු ‘රක්’ ආදි ගණ උභය පද වන තන්හි අකර්ම ක යි. පර : පද - දිසි - දිසිති - දිසි - දිසි. අත් : පද - දිසේ - දිසෙති - දිසිණි - දිසුණු. ‘බස්’ ආදි ගණ වන තන්හි සකර්මලක යි.
දකි - දකිති - දිටි, දිට - දුටු, දුට ඈ විසින් වරනැඟුම වර්තයමානයෙහි ‘දක්’ යනු ද කර්මත කාරකයෙහි ’පෙන්’ යනු ද ආදෙශ යි.
පෙනේ - පෙනෙති - පෙනිණි - පෙණුණු යනු කම් කරු වරනැඟිල්ල යි. ‘දිස්’ ධාතුව කෙවල සකර්මපක නොවන බැවින් එහි ලා නිදර්ශරන කළ සේ නො යෙදේ. 2. ලබ - ‘ලබ’ (ලැබුම්හි) ධාතු ‘බල’ ආදි ගණ පර: පද ද ‘බස’ ආදි ගණ අත්: පද ද වෙයි. දෙ ගණයේ මැ සකර්මමක යි. 3. සිඳි - නාම ක්රිපයා යැ.
‘සිඳු’ ධාතු සිඳුමහි ( ඡෙදනයෙහි) වැටෙන තන්හි ‘රක්’ ආදි පර. පද යි: සකර්මාක යි; වියැළීමෙහි (ශුෂ්ක වීමෙහි), සුන් (ශුන්යය) විමෙහි වැටෙන තන්හි ‘බස්’ ආදි අත්: පද යි; අකර්මෙක යි.
362 සිදත් සඟරා විවරණය
කපුවා කෙසේ සිඳී
ළිඳ සිඳේ.
අතමිට සිඳේ.
එයින් ලැබේ සකම් අකම් නිදසුන්.
එ ද යකම් නිදසුන් කළ නියා නොයෙදෙ යි.
4. දැනුම් - හාව නාම ක්‍රියා යැ. ‘දන්’ (දැනුම්හි) ධාතු ‘බස්’ ආදි ගණ පර: පද යි; සකර්මාක යි. 5. යා - ‘යා’ (යිමෙහි, කීමෙහි - ගමන්හි) ධාතු යි. ‘යා’ ධාතු ‘බම’ ආදි ගණ උභ්යද පද යි: අකර්මකක යි. (කීමෙහි) පර: පද - යා - යති - යී - යු.
අත්: පද - යේ - යෙති. (ගමන්හි) පර: පද - යා - යති - ගිය - ගිය.
කෙවල අකර්මයක ධාතුවක් සකර්ම ක සේ පෑම කො තරම් මුළාවෙක් ද?
6. රක් - ‘රක්’ (රැකුම්හි) ධාතු යි. 7. වද - ‘වද’ (වැදුම්හි - විජායන, ප්ර්වෙශන දෙක්හි) ධාතු යි. විජායනාර්ථයයෙහි ‘බල’ ආදි ගණ පර: පද යි; සකර්මරක යි. ප්රිවෙශනාර්ථයෙහි ‘බස්’ ආදි ගණ උභය පද යි; අකර්ම්ක යි. දේවිය කුමරියක වදා සොරා ගෙට වදී නයා තුඹසට වැදේ යන සකම් අකම් නිදසුන් සලකන්නේයැ. ‘වද’ නිදසුන ද නුසුදුසු යැ එයින්.
7.ක්රි යාධිකාරය 363
8. බඳ - ‘බඳ’ (බැඳුම්හි) ධාතු ‘රක්’ ආදි ගණ පර: පද ද ‘බස්’ ආදි ගණ පර: පද ද වෙයි; සකර්මකක යි දෙ ගණේ මැ. 9. බොජුන් - ජාති නාම යි; ධාතු ගණයේ ලා දැක්ම මහ මුළා යැ. 10. කර - ‘කර’ (කිරීමෙහි) ධාතු බම ආදි ගණ උභය පද යි; සකර්ම ක යි. 11. පිසි - නාම ක්රි යා යැ. ‘පිස’ (පිසුම්හි - පවනයෙහි, පහනයෙහි) ධාතු ‘බල’ ආදි ගණ පර: පද ද වෙයි. තුන් ගණයේ මැ සකර්මික යි. දැස්ස බත පිසා හෝ පිසී හෝ දස්සා දුවිලි පිසී යනු
පවන, පහන දෙ පසට නිදසුනි. ‘පහන’ අරුත්හි ‘බණ. රක්’ ආදි ගණ යි. 12. ඉසි - නාම ක්රි.යා යැ. ‘ඉස්’ (ඉසුම්හි - සිඤ්චන, ඉච්ඡා දෙකෙහි) ධාතු ‘රක්’ ආදි ගණ පර: පද යි; සකර්මරක යි; (ඉච්ඡා) ‘බස්’ ආදි ගණ අත්: පද යි; අකර්මෙක යි. ඒ නිදසුන ද නො වටී. 13. වැහි - වර්ෂ.ණාථි ජාති නාම යි. ව්යාමඛ්යා න කාර විඥයෝ ‘වහනාථි ධාතු’ යැ යෙත්. ‘වැහි’ යනු ධාතුවක් මෙන් දැක්වීමට ද වඩා පුදුම දනවයි. ඔවුන් ගේ අර්ථ කථනය. ‘වහ’ (ඉසිලුම්හි) ධාතුයෙන් ‘විහී’ යන අතීත එකවචනාඛ්යාලතය ලැබේ. ‘බම’ ආදි ගණ උභය පද බැවින් එයින් ලැබෙනුයේ - පර: පද - වහා - වහති - විහී - විහූ, වුහු - යනු ද අත්: පද - වෙහේ-
364 සිදත් සඟරා විවරණය
වෙහෙති යනු ද වෙයි. ‘වැහි’ යනු ලැබෙන්නට - වහී - වහිති - වැහි - වැහි යනුයෙන් ‘රක්’ ආදි ගණ පර: පද වියැ යුතු යි. එ සේ නොවන බැවින් එහි දු පිහිට නො ලබයි.
‘වස’ ධාතුයෙහි ‘ස’ කාරයට ‘හ’ කාරාදෙශ විමෙනුදු ‘වහ’ යනු ලැබේ. එයින් ලැබියැ හැක්කේ ද ‘වැහී’ යනු යැ. එයින් ධාතු, ක්රි යා, ක්රිවයා නාම ආදි ත්රි’විධ පක්ෂයෙන් එක ද පක්ෂයකට හෝ ‘වැහි’ අයත් නො වේ. එ බැවින් නො යෙදේ.
14. හර - ‘හර’ (හැරැම්හි - පෙරැළීමෙහි හරණයෙහි) ධාතු යි. පෙරැළීමෙහි - හැරීමෙහි - ‘පිහිට’ ආදි ගණ අත් පද යි; අකර්ම ක යි. හැරේ - හැරෙති - හැරිණි - හැරුණු යනු වරනැඟිල්ල යි. හරණයෙහි ‘බස්’ ආදි ගණ පර: පද යි. සකර්මරක යි. හරි - හරිති. හළි, හළ - හථ, හළ ඈ විසිනි වරනැඟුම. සිවලා වමට හැරේ. දුසිලා සිවුරු හරි යනුයෙන් සකම් අකම් බෙය දන්නේ යැ. 15. දා - ‘දා’ (දෑමෙහි - කැපීමෙහි, දහනයෙහි) ධාතු යි.කැපුම් අරුත්හි ‘බල’ ආදි ගණ පර: පද යි; සකර්මැක යි. දා - දති - දෑ - දෑ යන විසිනි වරනැඟුම. ගොවියා ගොයම් දා යනු සකම් නිදසුනි. ‘ගොයම් දා මැඬැ’ ඈ යෙදුම් සඬර්මරත්නාවලී ආදි ගත්හි ලැබේ. ගොයම් ආදිය කැපීමට ගැනෙන උචාරණ (උපකරණ) දෑකැති නමින් ගැනෙනුයේ එයිනි. දා + කැති = දෑකැති. දෑ + කැත්ත = දෑකැත්ත. දහනාර්ථ ‘දා’ ධාතු ‘බල’ ආදි ගණ පර: පද ද බස්’ ආදි ගණ අත්: පද ද අකර්ම ක ද වෙයි. දැවේ -
7.ක්රිරයාධිකාරය 365
දැවෙති - දැවිණි, දැවි, දැඹි, දම්, දඹ - දැවුණු, දැවී, දඹු, දම්, දඹ ඈ විසින් අත්: පද වරනැඟිල්ල. ව්යා-ඛ්යාඹන කාර විද්වත්හු ‘දා’ ධාතු දානාර්ථ කෙරෙත්. තදර්ථ ‘දා’ ධාතුයෙක් හෙළ බස්හි නො ලැබේ.
16. නම් - ‘නම’ ධාතු නැමුම්හි වෙයි. ඒ ‘නම්’ යි නොසිටුනා බැවින් සදොස් යැ. ප්රලයුක්ත ‘නමවා’ යනු මධ්ය. ස්වර ලොප වැ නම්වා යි ද මධ්යි ස්වර ලොප, පූර්ව රූප යන මෙයින් ‘නම්මා’ යි ද සිටී. ‘නම’ ධාතු ‘බල’ ආදි ගණ පර: පද වූ තන්හි සකර්ම ක යි; ‘බස’ ආදි ගණ අත්: පද වූ තන්හි අකර්මදක යි. දුගියා හිස නමා දුගියා ගේ හිස නැමේ යනු සකර්මාක අකර්මනක නිදර්ශයන යි.
එහි දු සකර්මමක අකර්මමක මිශ්රශණාදිය ධාත්වවබොධ ද්යෞආර්වරල්යපය ප්ර ත්යක්ෂ කෙරේ.
7 - 3
දා පද අකම් වත කතු හවු පියෝ වනුයේ කතු කම් යැ යි සව් පියෝ සහකම් ගෙණෙහි වනුයේ
අර්ථ : ධාතු පදය අකර්මෙක වන කල්හි කර්තෘණ, භාව ප්රඅයොග වන්නේ (යැ). කර්තෘඅ යැ කර්මක යැ යන සකල ප්රහයොග සකර්මරක (ධාතු) ගණයෙහි වන්නේ යැ.
විස්තර : අකර්මඅක ධාතුන් කෙරෙන් කර්තෘන ප්රවයොග භාව ප්රයොග ද්වයයෙහි ක්රිරයා ද සකර්ම්ක ධාතූන් කෙරෙන්
365 සිදත් සඟරා විවරණය
කර්තෘ , කර්ම , භාවාදි ප්රරයොග ත්ර යයෙහි ක්රිගයා ද වන බව එයින් ඇඟැවිණ. සකර්ම ක ධාතූන් පිළිබඳ තන්හි භාව ප්ර යොගය ඉඳුරා නො දැක්වුණ ද ‘සව් පියෝ’ යනුයෙන් එයට ඉඟි කැරුණු සේ සලකනු අයුතු නො වේ.
ධාතුව පදයෙක් නො වේ: වනුයේ විබත් ගත් පසු යැ. ක්රි.යාව විනා ධාතුව පදයක් සෙයින් නොගැනෙන බැවින් ‘දා පද’ ය’ කියනු නො යෙදේ. ‘සකම්’ යනු යෙදීමට පුරා ඉඩ තිබියැ දී ‘සහකම්’ යනු යෙදු සැටී ද නිසි යැ යි කිය නො හේ. ‘අකම්, සකම්, වෙනුවට ‘කම් විමුත්, සහකම්, යනුත් මනහර නො වේ. නිළිය නටා නළුවා නටනවා නිළිය නැටුවා යනු එ කී අකර්මවක කතෘ, භාව ප්ර යොග නිදර්ශයන යි. ‘නටනු’ නටනවා, නටන්නා, නටන්නේ, නැටුම්, නැටීම්, නැටිලි යනාදිය ද භාව ප්රදයොග යැ.
ඇතැම් ව්යාවඛ්යාටනයෙකැ භාව ප්රීයොග ක්රිැයා ‘භාව කාරක ක්රි්යා, නාමයෙන් ඇඳින්විණ. අකර්මැක ධාතූන් කෙරන් සිඬ වැ, කර්ම, කාරක ආඛ්යා ත රූපයට අනුරූප වූයේ භාව කාරක ආඛ්යා.ත නමි. ප්රෙථම පුරුෂ එකවචන රූපය පමණ යි එහි ලැබෙනුයේ. නිළියට නැටේ නළුවාට නැටිණි යනුයෙන්
එය සලකන්නේ යැ. ව්යුඛ්යෘකන කාර විඥයන් අඳුන්වන්නා තැන් නො ලබයි එයින්.
7.ක්රිඳයාධිකාරය 367
රජ ඔටුනු පළඳි දේවිය අබරණ පැළැඳී රජු විසින් ඔටුනු පැළැඳේ. දේවිය විසින් අබරණ පැළැඳිණ සෙන්පතියා කඩු පළඳිනවා සෙන්පතියා විසින් කඩු පැළැඳෙනවා
යනු සකර්ම ක කර්තෘැ, කර්ම7, භාව ප්රායොග නිදර්ශ න යැ.
පළඳිනු, පළඳිනවා, පළඳින්නා, පළඳින්නේ, පැළැඳුම්, පැළැඳීම්, පැළැඳීලි, පැළැඳෙනු. පැළැඳෙනවා, පැළැඳෙන්නා, පැළැඳෙන්නේ යනාදිය ද කර්තෘි කර්මක භාව ප්ර යොග යි.
සාමාන්යි කථා ව්යවවහාරයෙහි නම් - මට ඇඬෙනවා මට ඇඬුණා මට නැටෙනවා මට නැටුණා යනු දු ලැබේ.
7 - 4
අන් ත ම සදන් බඳ කිරිය දනු තෙ කලේ එහි නිම් යේ අයු නො නිමියේ වත්මන් නොපැටියෙ අනා.
අන්වය : අන් ත ම සදන් බඳ තෙ කලේ කිරිය දනු. එහි නිමියේ අයු; නොනිමියේ වත්මන් ; නොපැටියෙ අනා.
368 සිදත් සඟරා විවරණය
අර්ථම: අන්ය ශබ්ද තශබ්ද මශබ්ද සම්බන්ධ කාල ත්රෙයයෙහි ක්රිැයාව ජානනය කරව. තත් ත්රෛ කාලික ක්රිමයායෙහි නිෂ්ඨා වූයේ අතීත(යි): නිෂ්ඨා නුවුයේ වර්තමාන (යි); අනාරබ්ධ වූයේ අනාගත (යි).
විස්තර : අන්යය කාරක, තශබ්ද කාරක, මශබ්ද කාරක යනුයෙන් ද ප්ර්ථම පුරුෂ, මධ්යරම පුරුෂ, මධ්ය,ම පුරුෂ, උත්තම පුරුෂ ආදි වශයෙන් ද ව්ය්වහාර කරන ශබ්ද ත්ර යය ප්‍රතිබද්ධ ත්රෛමකාලික ක්රිරයා යොජනය ද තත් ක්රිතයා සම්බන්ධ කාල ත්රය විභාග ද එයින් දැක්විණ. සංස්කෘත, මාගධ වෛයාකරණයන් අනුගමනය කරන ලද බවට සාධක ඉන් ලැබේ.
සිංහලයෙහි වනාහි ත්රෛරකාලික ක්රිැයා නො ලැබේ ; ද්විකාලික ක්රි යා යැ ලැබෙනුයේ. අතීත, වර්තමාන යනු යැ එනම්, ව්‍යවහාරය සාක්ෂ්යග ධර යි. අනාගතාර්ථතයෙහි දූ වර්තමාන ක්රිැයාව යෙදීම යි සිංහල රීතිය.
‘සිල්ප සත් වැනි දවසැ දක්වමි’ යන ගුත්තිල පෙළෙ එහි ලා අවිවාද නිදර්ශලන යි. සිංහල ව්ය වහාරයෙහි අනාගතාඛ්යාලතයක් නොවන බව එයින් ප්රරත්යික්ෂ යි.
‘අභවත්, භවති, භවිෂ්යරති යන සංස්කෘත ව්යිවහාරය ද- ‘අකාසි, කරොති, කරිස්සති’ යන මාගධ ව්ය්වහාරය ද ප්ර-තිෂ්ඨා කොටැ සිංහලයෙහි ද අතීත, වර්තමාන, අනාගත කාල භෙදයක් දැක්වීම ‘වහරනුසෙරෙන් සපයා, යන ස්විය උපදෙශයට ද හානිකර ක්රිභයාවෙකි.
ටිප්පණී : 1. අන් ත ම සදන් - පෙළ අනුවැ අරුත් බිණියැ යුත්තේ අන්ය.ශබ්දයන් තශබ්දයන් මශබ්දයන් යනුයෙනි. ‘සද’ යනු යැ නිසි. එ බැවින් ‘අන් ත ම සද සබඳ’ ඈ විසින් වුව මැනැවි!
7.ක්රි යාධිකාරය 369
2. නොපැටියේ - පටන් නොගත්තේ: අනාරබධ වූයේ. ‘නොපැටියේ’ යනු විරිත රක්නට යෙදුණු සැටි යි.
7 - 5
ඒ ඉ ඊ උ ද අයු
වත්මන් ඉ ඕ ඒ ආ
නේ යුත් අන් එනො ‘න් නේ
අන් කරු එක ‘තැ ‘නායේ.
හ හු යුතු වියුතු ඌ
බුහු බසැ ඕ උ උන් හා
යළ අතිතෙ ’තො ‘ත් අන්නෝ
අන්නාහු නාහු ද වේ.
අන්වය : අන් කරු එක් අතැ අයු ඒ ඉ ඊ උ ද වත්මන් ඉ ඕ ඒ ආ අනායේ නේ යුත් අන් එන් ඔන් නේ. බුහු බසැ හ හු යුතු වියුතු ඌ ඕ උ උන් හා යළ අත් ඉත් එත් ඔත් අන්නෝ නාහු ද වේ.
අර්ථහ : අන්යන කාරක එකාර්ථයෙහි අතීතයේ ඒ ඉ ඊ උ (යන ප්රපත්ය’ය) ද වර්තමානයේ ඉ ඕ ඒ ආ (යන ප්රහත්යරය) ද අනාගතයේ නේ (යන්නෙන්) යුක්ත අන් එන් ඔන් (යන ප්රහත්යරය) ද නේ (යන ප්රේත්ය යය) ද වේ.
(අන්ය් කාරක අතීත) බහුවචනයෙහි හ යනු හු යනු යුක්ත වියුක්ත ඌ (ප්රයත්යරයය) ද ඕ උ උන් (යන ප්රවත්යයය) ද ඉක්බිති (වර්ත.මාන බහුවචනයෙහි) අත් ඉත් එත් ඔත් (යන ප්රයත්යබය) ද (අනාගත බහුවචනයෙහි) අන්නෝ අන්නාහු නාහු (යන ප්ර ත්යරය) ද වෙයි.
24
370 සිදත් සඟරා විවරණය
විස්තර : අතීත එකවචන ප්ර ත්ය ය : ඒ, ඉ, ඊ, උ, වර්ත මාන ,, ,, : ඉ, ඕ. ඒ, ආ. අනාගත ,, ,, : අන්නේ, එන්නේ. ඔන්නේ, නේ.
අතීත බහුවචන ,, : ඌහ, ඌහු, ඌ, ඕ,
උ, උන් වර්ත මාන ,, ,, : අත්, ඉත්, එත්, ඔත් අනාගත ,, ,, : අන්නෝ, අන්නාහු. නාහු
අන්යත කාරක උභය වචන සම්බන්ධ ත්රෛ:කාලික ක්රිඉයා ප්ර.ත්ය ය කර්ථතතාකාර යි එයින් පෙනෙනුයේ අශාස්ත්රීරය කථනයෙකි. ප්රාත්යරය න්යාකයය අමනොඥ ද වේ.
අන්යඥ කාරක එකවචනය ‘අන් කරු එක’ තැ’ යි යොදා තත් බහුවචනය ‘බුහු බසැ’ යි යෙදූ සැටි නොමැනැවි. ඒ ‘එක ‘තැ’ නම් මේ බුහු අතැ වියැ යුතු යි. මේ බුහු බසැ නම් ඒ එක් බසැ වියැ යුතු.
අන්ය කාරක අතීත එකවචනයෙහි ‘ඒ, උ’ යන ප්ර්ත්ය‘ය සිංහල ව්යයවහාරයෙහි නො ලැබේ: ලැබෙනුයේ ‘ඉ, ඊ යන ප්රත්යය පමණ යි. ඉසි දිසි රැකි වැකි බිණී බිමී තනි පිනී යනාදිය නිදර්ශේන යි. ‘බල’ ආදි ගණයෙහි වන ඇතැම් ධෘතු මතු අතිතයෙහි ‘අ’ ‘ඈ’ යන ප්රයත්යය ගන්නා සැටි වහරෙහි පෙනෙයි. එහි තවත් අමුත්තෙක් නම් එක් බස් බුහු බෙය නොතැකීම යැ ඒ ගැන්මේ දී.
‘යා’ (ගමන්හි) ධාතු ‘බම’ ආදි ගණ උභය පද යි. වරනැඟෙනුයේ - (පර: පද) යා - යති - ගිය - ගිය.
7.ක්රිබයාධිකාරය 371
අත් : පද) යේ - යෙති ඈ විසිනි. එයින් පෙනෙයි. අතීතයෙහි ‘අ’ ප්රතත්ය යය ගත් සැටිත් එක් බස් බුහු බස් වෙනස නොතැකූ නියාත්.
‘කා’ (කෑමෙහි) ධාතු ද එ ගණ පර: පද යැ. කා - කති - කෑ - කෑ විසිනි වරනැඟීම. එහි පෙනෙයි. ‘ඈ’ පස. එක් බස් බුහු බස් වෙනස එහි දූ නො වේ. එ නියර ගන්නා අවශෙෂ ධාතු - ගා, පා, බා, දා, නා, පල, මල යනු යැ.
‘ර’ කාරොපධා කොටැ ගත් බොහෝ ධාතු අතීතයෙහි දෙ බස්හි මැ සමාන රූප ගන්නා සැටි ද වහරින් පෙනේ. ‘බල’ ආදි ගණ පර, පද වන ‘කකාර’ (කැකෑරූම්හි) ධාතු වරනැඟෙනුයේ කකාරා - කකාරති - කැකෑරී, කකාළ - කැකෑරූ, කකාළ ඈ විසිනි. ගුගුර, වපුර, වදාර, හදාර යනාදිය ද එ බඳු යි. එ සේ ලැබෙන තාක් රූප නිපතිත රූප සෙයිනි සැලැකෙනුයේ. අන්යය කාරක වර්තමාන එකවචනයෙහි ‘ඉ, ඕ’ යන ප්ර්ත්යවය ව්යයවහාරයෙහි නො වෙයි. වනුයේ පර: පද ‘ආ’ ඊ’ යන ප්රාත්යිය ද්වයය ද අත් : පද කම් කරු ‘ඒ’ ප්රයත්යඕයය ද පමණ යි. ගලා බලා තළා පෙළා ගසා වසා පින වනා උර මරා ගයා වයා අඬා දොඩා - ආදී බඳී දනී මනී දකි රකී කටී සිටී නසී බසී - කෙරේ බෙණේ දෙහේ නෙළේ පෙනේ වෙසේ - කැරේ බැණේ දැහේ වැසේ වැරේ ඇරේ යනාදිය නිදර්ශෙන යි.
ව්යේවහාරයෙහි අනාගත ක්රි යා නොලැබෙන බව යටැ කියැවිණ. ධර්ම කීර්ති මාහිමියන් විසින්, බාලාවතාර නම් වු පාළි ව්යාරකරණ ග්රමන්ථයෙහි එන ‘පවිස්සති’ යනු තකා ‘මතු පිසේ’ යන අර්ථ කථනය කැරිණ. එ ද වැදැගත් නිදස්නෙකි.
372 සිදත් සඟරා විවරණය
අන්ය කාරක අනාගත එකවචනයෙහි ‘අන්නේ එන්නේ, ඔන්නේ, නේ’ යනුයෙන් දැක්වුණු සතරින් එකෙකුත් ප්රනත්යයය නම් නො වේ. ‘ඒ’ ප්රයත්යයය නම් - අඳින්නේ, පළඳින්නේ, කටින්නේ, වටින්නේ, බණින්නේ, නඟින්නේ යනාදිය තකා ‘ඉන්නේ’ ප්රිත්ය යයක් ද එ පෙළට එකතු නොකිරීම මහ අඩුවෙකි.
ටිප්පණී : 1. එක’ තැ - එක් + අතැ = එකතැ. එක් අරුත්හි (එකාර්ථසයෙහි), එකවචනයෙහි යනු කී නියා යැ. 2. අයු - අයුහි වියැ යුතු යි. 3. වත්මන් - වත්මනැ වුව මනා යැ.
විස්තර : අන්ය- කාරක අතීත බහුවචනයෙහි ‘ඌහ, ඌහු, ඕ, උන්’ යන ප්ර ත්යනය සිංහල භාෂායෙහි කොහි වේ ද? එහි වනුයේ ‘ඉ, උ, ඌ’ යන ප්රපත්යනය පමණ යි අතීත බහ්වර්ථ යෙහි. රැකි ලැගි බටු මුතු මැරූ සැරූ යනු නිදර්ශ න යි.
‘අත්, ඉත්, එත්, ඔත්, යනුයෙන් දැක්වුණු වර්තමාන ප්ර ත්ය ය එකෙකුදු වහරෙහි නො ලැබේ. ලැබෙනුයේ ‘අති, ඉති’ යන පර: පද ප්රනත්යය ද්වයය ද ‘එති’ යන අත්: පද, කම් කරු ප්රිත්යයයය ද වෙයි. ‘එති’ (කෙරෙති කෙරෙත්) යන්නෙහි අත්ත්ය ස්වර ලොපයෙනි ‘එත්’ යනු වනුයේ. ගසති මරති කපති කොටති ගනිති පනිති සිඳිති බිඳිති බෙමෙති වෙසෙති සෙරෙති පෙනෙති යනු නිදසුනි.
අනාගත ප්රනත්යඳය සෙයින් දැක්වුණු ‘අන්නෝ, අන්නාහු, නාහු’ යනු ද ප්රගත්යරය ගණයෙහි නො වැටේ. අනාගත ක්රිුයා නොවන තන්හි ප්රතත්ය්ය වනුයේ කොයින් ද?
7.ක්රියාධිකාරය 373
ටිප්පණී : 1. වියුතු - වියුක්ත. නොවන යනු අරුති. 2. හා - ‘ද’ යන සමුච්චයාර්ථර නිපාතයට සමාන යැ. එ දා වහරෙහි දක්නා ලැබේ. ‘තොප පිය රජ හට - පිරිපත් මැ නො කැරෙන්නේ
කළ මෙ නිබඳින් සබඳිනි - සිමිඳිවු අනා කල් හා’
‘සරතස හා විනොයා’ යනු කව්සිළුමිණි, ධර්ම ප්රාදිපිකා පාඨ යි.
7 - 6
ඒ - දිවකුරු මුනි යමා ඉදුහු කෙළේ. ඉ - සව් ලෝ දා එ නරඹා තිටි. ඊ - මහ දෙනේ කෙලෙසුන් වැනැහී උ - එ තැනැ බුදු සිරි සයුරෝරේ කුමුටු
ඉති අන් කරුහි එක ‘රුතැ අයු පස.
අර්ථ : දීපඞ්කර තථාගත (තෙමේ) යමක සෘඞ් (ප්රාිතිහාර්ය ය) කෙළේ (යැ.):
සකල ලොක ධාතුව ඒ (යමක සෘඞ් ප්රාුතිහාර්ය ) නිරීක්ෂණය කොටැ තුෂ්ට වී යැ: මහජන (තෙමේ) ක්ලෙශයන් විනාශ කෙළේ යැ: ඒ (යමක ප්රා)තිහාර්ය) ස්ථානයෙහි බුඞ ශ්රීන සාගර කුක්ෂියෙහි නිමග්න වූ යැ. මෙ සේ යැ අන්යම කාරකයෙහි එකාර්ථයෙහි අතිත ප්රථත්යඞය. විස්තර : අන්යර කාරක අතීත එකවචන ක්රිෙයා නිදර්ශ න දැක්වුණු සැටි යි එයින් පෙනෙනුයේ.
374 සිදත් සඟරා විවරණය
‘කෙළේ’ යනු ක්රි යාවෙක් නො වේ: නාම ක්රිරයාවෙකි (කෘදන්ත නාමයෙකි.) ‘කර’ දයින් නිපන් ‘කළ’ යන නාම ක්රිියාව (අතිත කෘදන්ත නාමය) ‘එ’ විබත් ගත් තැනි. කළ + ඒ = කළේ = ස්වර පර රූපයෙන් කෙළේ. ‘කළ තැනැත්තේ’ යන අරුත දෙයි.
එකවචනයෙහි ‘උ’ ප්රතත්යරයය නොයෙදෙන බවට දෙස් ‘කුමුටු’ යනුයෙන් ලැබේ. එහි උක්තය ඉඳුරා නොලැබෙන බැවින් ‘දනෝ’ යනු අධ්යානහාර කළ මනා සේ පෙනේ. එකවචන නිදර්ශයන තත්ත්වය ප්ර කට යැ එයින්.
දැක්වුණු නිදසුන් වැකි පිළිබඳ මඳ සැකයෙකි. දිවකුරු මුනි යමා ඉදුහු කෙළේ: සව් ලෝ දා එ නරඹා තිටි : එ තැනැ බුදු සිරි සයුරෝරේ කුමුටු මහ දෙනේ කෙලෙසුන් වැනැහී’ යනු එ සැටි දැක්විණි ද යනු යැ ඒ සැකය.
ටිප්පණී : 1. යමා ඉදුහු - යමක සෘඞිය, එයින් ගැනෙනුයේ සෘඞි ප්රා තිහාර්ය ද්වයයෙකි. බුදු සිරිරින් දිය ගිනි දෙක එක් වරැ නික්මීම යමා මහ පෙළහර (යමක මහා ප්රාඉතිභාර්ය ) යැ යෙත්. (යමා - යමක යනු දෙක යැ.) 2. කෙළේ - කළ තැනැත්තේ. 3. සව් ලෝ දා - සකල ලොක ධාත්රැව. සව් ලොව් (සියලු ලෝ වැසි ජන) තෙමේ යන අරුතෙහි යෙදුණු සේ යැ. 4. තිටි - ‘තුස්’ (තිසුම්හි) ධාතුයෙන් සිඞ එකවචන ක්රිෝයා යැ.
7.ක්රි.යාධිකාරය 375
5. මහදෙනේ - මහා ජන තෙමේ. ‘දන’ සද (ජන ශබ්දය) ඒ විබත් ගත් තැනි. පැරැණි වහරෙහි එ වැනි එක් බස් නියර පෙනේ. ‘බමර ගෙණේ නිරිඳු පොබයා’ යනු මුවදෙව් දා පෙළ යැ.
6. වැනැහී - ‘වැනැසී’ යන අරුත්හි යෙදීණ. ‘වනස’ (වැනැසුම්හි) දයෙහි ‘ස’ කාරයට ‘හ’ කාරාදෙශ වැ ‘වැනැහී’ යනු වියැ. 7. සයුරෝරේ - (සයුරු + උදරේ = සයුරෝරේ) සයුරු කුසේ: සාගර ගර්භයෙහි (කුක්ෂියෙහි). 8. කුමුටු - ‘කුමුඳු’ (කිමිඳුම්හි) දයින් නිපන් බහුවචන ක්රි යා යැ. නාම ක්‍රියා (අතිත කෘදන්ත නාම ද) වෙයි. එකවචන ‘කිමිටි’ යනු යැ. 9. අන් කරුහි - අන්යද කාරකයෙහි. 10. එක’රුතැ - එකාර්ථයෙහි. එකවචනයෙහි යනු වූ සේ යැ. 11. පස - ප්ර ත්ය්ය.
7 - 7
ඉ - අප සැසීහු නවඟ සසුන් පවති. ඕ - මුළු ලෙව් ඔබ දහමොද බෝ. ඒ - ඔබ අරී සහ තොටුවන් දෙනේ. ආ - එ තුනුරුවන් නියවත් පුදා. ඉති අන් කරුහි එක ‘රුති වත්මන් පස.
අර්ථ : අප ගේ ශාක්යක සිංහයා ගේ නාවාඞ්ග ශාසනය ප්ර වෘත්ත වේ.
376 සිදත් සඟරා විවරණය
සකල ලොකය (තෙමේ) ඔබ ගේ ධර්මා මෘතය පානය කෙරේ.
ඔබ ගේ ආර්ය සඞ්ඝ (තෙමේ) තීර්ථකයන් ජය ගනී. ප්රාේඥ (තෙමේ) රත්නත්රනය පූජනය කෙරේ. අන්යේ කාරකයෙහි එකාර්ථයෙහි වර්තධමාන ප්රත්ය ය මෙ සේ යැ.
විස්තර : අන්යක කාරක වර්තනමාන එකවචන ප්රෙත්යෙය නිදර්ශනන යි එයින් කියනුයේ. ‘ඉ, ඕ’ ප්රරත්ය්ය පිළිබඳ නිදර්ශින ප්ර තිෂ්ඨා රහිත යි.
ටිප්පණී : 1. නවඟ සසුන් - ‘සුත්ත, ගෙය්යත, වෙය්යා්කරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අබ්භූතධම්ම, වෙදල්ල යනු නවාංග (ශාස්තෘ) ශාසනය යි. 2. පවති - ‘පවතී’ වියැ යුතු යි. එහි ඊ ප්රෙත්යතයය මුත් ‘ඉ’ ප්රේත්යුයය නො වේ. ‘පවත්’ (පැවැතුම්හි) ධාතු ‘රක්’ ආදි ගණ උභය පද යි. පවතී - පවතිති - පැවැති - පැවැති ඈ විසිනි පර: පද වරනැඟුම. 3. මුළු ලෙව - සකල ලොකයා යනුයෙන් එයින් අදහස් කැරුණේ සියලු ලෝ වැසි ජන තෙමේ වේ. 4. බෝ - ‘පො’ (බීමෙහි) ධාතුවට වර්ත්මානයෙහි ‘බො’ ආදෙශ යි. ‘ආ’ ප්රමත්යපයය වෙයි. බො + ආ = ‘ඕ’ ආදෙශයෙන් බෝ. කාරක ත්ර යයෙන් එකෙකැ හෝ කාල ත්රපයයෙහි මැ ‘ඕ’ ප්රසත්යධයය නො යෙදේ. 5. අරී සඟ - ආර්ය සඞ්ඝ. සතර මඟ සතර පලයට පැමිණියාහු අරි සඟහු නම්මු යැ. රහත්තු වෙත්. වාර්ගාමර්ථත එකවචන කළ තැනි.
7.ක්රිගයාධිකාරය 377
6. තොටුවන් - තිර්ථ කයන්. නිර්ග්ර න්ථයන්. ‘තොටු’ නමින් දන්නේ බලු තවුස් වෙස් දරුවා යැ. සළු පිළී වරන බැවින් දිගම්බර නාමය ද කියත්. 7. දෙනේ - ‘දන’ (දිනුම්හි) දයින් නිපන් වර්ත මාන එකවචන (ආත්මනෙපද) ක්රි‘යා යැ. 8. නියවත් - නිය (නුවණ) ඇතියේ නියවත්. පැනවතා : ප්රා’ඥයා.
7 - 8
අන්නේ - මෙතේ දිනිඳු පස්මරුන් දනන්නේ එන්නේ - අපවග අමා දෙන්නේ ඔන්නේ - එමහ දෙනේ බොන්නේ
නේ - එ උළෙලැ පොසොන් වැසි වස්නේ.
ඉති අන් කරුහි එකරුතැ අනා පස.
අර්ථ : මෛත්රෙ ය ජිනෙන්ද්රන (තෙමේ) පඤ්ච මාරයන් ජය ගන්නේ (යැ):
(හේ) නිර්වා ණය නමැති අමෘතය දානය කරන්නේ (යැ.)
ඒ (නිර්වාතණාමෘතය) මහාජන තෙමේ පානය කරන්නේ (යැ)
තදුත්සවයෙහි ප්ර්සුන වර්ෂාණ වෂීණය වන්නේ යැ. අන්ය් කාරකයෙහි එකාර්ථැයෙහි අනාගත ප්ර්ත්යයය මෙ සේ යැ.
විස්තර : ’මෙතේ දිනිඳු පස් මරුන් දනන්නේ : අපවග අමා දෙන්නේ. එ මහ දෙනේ බොන්නේ. එ උළෙලැ පොසොන් වැසි වස්නේ.
378 සිදත් සඟරා විවරණය
මෙනේ බුදුන් පස් මරුන් දිනුම් අතින් සිවු පසට සිවු නිදසුන් දුන් මෙන් ඉන් පෙනෙයි. මෙතේ බුදුහු පස් මරුන් දනත්; වැළි නිවන් අමා දෙත්. මහ දනා එ මැ බොත්. එ බුදුන් පස් මරුන් දනත, නිවන් පහයත, ලෙවන් එහි මෙහෙයවත මල් වැසි වස්නා බව යූ නියා යැ. හෙළ බසේ අනාගත ක්රිසයා නො ලැබෙත, ඒ කීම කෙසේ නම් පිහිට ලබා ද? බුදු වත් නයිනි ලැබෙනුයේ. සියලු බුදුහු සම වත් ඇත්තාහු යැ. බුදුන් තථාගත නම් වනුයේ එයිනි. ඉකුත් බුදුවරු පස් මරුන් දනා, නිවන් පසක් කොටැ ලෙවන් එහි මෙහෙයැවූ යැ. මතු බුදුහු දු එ සේ මැ කෙරෙත්. ඒ අනාගතය තකා වර්තහමානය යෙදේ ඉන්. ‘අන්නේ’ ඈ විසින් දැක්වුණු එකෙකුදු ප්රුත්යසය නො වේ. දනනුයේ, දන්නනා, දෙනුයේ, දෙන්නා, බොනුයේ, බොන්නා යනාදිය ද වහරේ වන බැවින් අනුයේ, අන්නා, එනුයේ, එන්නා, ඔහුයේ, ඔන්නා ආදියත් ප්රබත්යරය නො වේ ද එ නයින් ?
‘දනනු’ යන කර්තෘ කාරක නාම ක්රි,යාවට ‘ඒ’ විභක්තිය ද ‘ය’ කාරාගමය ද ‘උ’ ලොපය ද ‘න්’ වීරූපය ද වීමෙන් ‘දනන්නේ’ යනු ලැබේ. දිනිම යන අරුත යි. ඉක්බිති, ‘මෙතේ දිනිඳු ගේ පස් මරුන් දිනීම (වේ)’ යන අරුතෙහි යැ එ කී වැකිය සිටිනුයේ. ‘දෙනු’ බොනු’ යන කර්තෘව කාරක නාම ක්රිනයා ද ‘දෙන්නේ’ බොන්නේ’ වේ එ නයින්. දීම, බීම යනු අරුති. ‘වසිනු’ යන කර්තෘැ කාරක නාම ක්රි’යාවට ‘ඒ’ විභක්තිය ද ‘උ’ ලොපය ද මධ්යර ස්වර ලොපය ද වීමෙන් ‘වස්නේ’ යි සිටී ‘වැසි’ (වර්ෂ ණය) වීම යන අරුත යි.
7.ක්රිේයාධිකාරය 379
වසින, වසිනා, වස්නා, වසින්නා, වසිනේ, වසින්නේ යනුත් වහරෙහි වන බැවින් ඉන, ඉනා, නා, ඉන්නා, ඉනේ, ඉන්නේ යන ප්රවත්යය අසාධු ද එ නියරින් ?
ටිප්පණී : 1. දනන්නේ - දනනු + ඒ = ‘ය’ ආගමයෙන් දනනුයේ = ‘උ’ ලොප් වැ ‘න්’ දෙරූ වැ දනන්නේ. 2. අපවග - නිවන; නිර්වාිණය. 3. දෙන්නේ - ‘දනන්නේ’ යනුයෙහි මැ නය යි. 4. බොන්නේ - එ නය මැ යැ. 5. පෙසොන් - ප්රයසූන; මල්. 6. වස්නේ - වස් + නු = වස් + ඉ + නු = වසිනු = වසිනු + ඒ = වසිනේ = මධ්ය- ස්වර ලොපයෙන් වස්නේ.
7 - 9
ඌ - රුසිහු මහ ගත් ගෙතු - ගෙතු හ - ගෙතු හු.
අර්ථ : සෘෂීහු මහා ග්රයන්ථ ග්ර.න්ථනය කළ ; කළ හ; කළ හු.
විස්තර : ‘ගොත’ (ගෙතුම්හි) දයින් නිපන් අතීත බහුවචන ක්රි යාව ‘ගෙතූ’ යනු යැ. එහි ‘ඌ’ ප්රනත්ය යය වෙයි. ‘හ, හු’ යනු ප්රතත්ය=ය නො වේ; ආඛ්යාෙත පූරණයෙහි නිපාත යැ. හෙළ වහරෙහි එ බඳු නිපාත සතරෙකි. ‘හ, හු, යැ, යි’ යනු යැ ඒ සතර. ‘යැ, යි’ යනු එක් බස් ටුහු බස් දෙ පසට මැ යෙදේ.
380 සිදත් සඟරා විවරණය
ඒ වෛද්යූ විශාරදයණෝ විජේරත්න නම් හ. ජ්යොයතිර් ගණිතය කළාහු හෝරා ශාස්ත්රවඥ විද්යාෝරත්න නම් හු.
ආචාර්යහ රේරුකානයෝ අභිධර්ම් දෙශනය කළෝ යැ.
වෛද්යය කුමාරසිංහයෝ රුහුණු ඔසු හල පිහිටැවූවෝ යි.
ඒ සිවු තන්හි ‘හ, හු, යැ, යි’ යනු ‘වූ, වෙත්’ යන බුහු බස් අරුත් දෙයි.
‘රුසිහු මහ ගත් ගෙතූ හ, ගෙතූ හු’ යන තන්හි ‘හ, හු’ යනු එ කී නිපාත යැ.
7 - 10
හා ‘කරින් පස නැති වැ ද හ හු වේ. ඕ - පඬිහු අරුත් පළ කළෝ - කළ හ - කළ හු. උ - එ නියවත්හු උගත්තු - උගත් හ - උගත් හු. උන් - මර සෙන්හු - බුන් - බුන් හ - බුන් හු.
ඉති අන් කරුහි බුහු බසැ අයු පස.
අර්ථඅ : ‘හ’ කාරයෙන් ප්රඑත්ය-ය රහිත වැ හෝ ‘හ, හු’ යනු වෙයි.
පණ්ඩිතයෝ අර්ථ ප්රුකාශය කළෝ; කළ හ: කළ හු.
ඒ ප්රතඥාවන්තයෝ උද්ග්රහණය කළෝ ; කළ හ: කළ හු.
මාර සේනාවෝ හින්න වූ ; හින්න වූ හ: හින්න වූ හු.
මෙ සේ යැ අන්යන කාරක බහුවචන අතීත ප්රවත්ය:ය.
7. ක්රියාධිකාරය 381
විස්තර : ‘හ හු යුතු වියුතු ඌ’ ඈ විසින් දැක්වුණු සූත්ර ප්ර කාශය තකා යැ ‘හා’ කරින් පස නැති වැ ද හා, හු වේ’ යනු කියනුයේ. එ ද නිරර්ථයක ප්ර්කාශයෙකි. එයින් වූයේ අවුල බලවත් විම යි.
නියර නිවැරැදි වුව ද උක්තාඛ්යා න (කර්තෘල, ක්රිකයා) උභය පක්ෂයෙහි මැ සමාන ප්රැත්යඋය ග්රපහණය නො විණි නම් මැනැවි.
‘කළෝ’ යනු ක්රියයා නො වේ: නාම ක්රි.යා (කෘදන්ත නාම) යි. ‘කළ’ යනු ප්රරථමා බහුවචන (නාම විභක්ති) ‘ඕ’ ප්රාත්ය්යය ගත් කලැ ‘කළෝ’ යි සිටී. කළා වූ තැනැත්තෝ යනු යැ එයින් ලැබෙන අරුත.
‘උගත්තු’ යනු ‘උගත්හු’ යන්නෙහි ‘හ’ කාර ලොපයෙන් ද ව්යීඤ්ජන පූර්වත රූපයෙන් ද වූයෙකි: ඉගෙනැ ගත් ඇත්තෝ යන අරුත්හි වේ. ‘බස්’ ආදි ගණ පර: පද ‘උ- ගන්’ (උ පූර්වග ගන්) ධාතුයෙන් ලැබෙන අතීත බහුවචන ක්රි‘යාව ‘උගතු’ යනු යැ. ‘බුන්’ යනු ‘බිඳ’ (බිඳුම්හි) දයින් වූ ‘බුනු’ යන අතීත බහුවචන ක්රිබයායෙහි අන්ත්යා ස්වර ලොපයෙන් සිඬ යි. ‘බස්’ ආදි ගණ පර: පද ‘බිඳ’ ධාතු - බිඳි - බිඳිති - බිනි - බුනු ඈ විසින් වරනැඟේ. ප්රවකෘති රූපය නිදර්ශලන කිරීම යි නිසි.
‘ඕ, උන්’ ප්‍රත්ය ය අව්ය වහාර යි.
තදාකාර ව්යාසකරණොපදෙශයෙන් ආධුනිකානුග්රලහ ප්රාඅර්ථුනය ව්යරර්ථ ප්රකයාස යැ.
382 සිදත් සඟරා විවරණය
7 - 11
අත් - වත්වත්හු මුනි ගුණ වනත්. ඉත් - ළ ඇතියෝ එ විඳිත්. එත් - දනැතියෝ දන් දෙත්. ඔත් - උඩනුවෝ මෙර බොත්.
අර්ථ : වක්ත්ර (මුඛ) යුක්තයෝ තථාගත ගුණ වණර්න ය කෙරෙත්.
හෘදයාන්විතයෝ තද්වර්ණ:නය වින්දානය කෙරෙත්.
ධනාන්විතයෝ වස්තු දානය කෙරෙත්.
අඥයෝ (උඩතයෝ) සුරා පානය කෙරෙත්.
විස්තර : ‘වනත්’ යනු ‘වනති’ යන්නෙහි අන්ත්යග ස්වර ලොපයෙන් වියැ ‘විඳිත්, දෙත්. බොත්’ යනුත් ‘විඳිති, දෙති, බොති’ යනු එ නයින් වූ සැටි යි.
‘අති, ඉති’ යනු විබත් බැවින් වනති, විඳිති, දෙති, බොති යනු මැ ප්රිකෘති රූප යැ. ‘අති, ඉති’ යනු අන්ත්යඳ ස්වර ලොපයෙන් ‘අත්, ඉත්’ වනුයේ වරනැඟුණු ‘පසු පමණ යි. දැක්වුණු නයින් නම් එයින් එකෙකුදු ‘පස’ නො වේ.
ටිප්පණී : 1. වත්වත්හු - මුව (කට) ඇත්තාහු. 2. උඩනුවෝ - අඥ, අසත්පුරුෂ, උඬත යනාදි අර්ථ් දානය කෙරේ ‘උඩනු’ යනු, තත් ත්රි විධ පාක්ෂිකයෝ මැ ගැනෙන් එයින්. ඔහු මතු යැ මෙර බොන්නෝ ? ඥානවන්තයෝ, සත්පුරුෂයෝ, අනුඬතයෝ එය නොබොන්නෝ මැද ?
7.ක්රිොයාධිකාරය 383
3. මෙර - සුරා; මද්ය ය.
7 - 12
‘යළ’ යනුයෙන් ‘ඉ’ යුතු ද රුසී. ඉති අන් කරුහි බුහු බසැ වත්මන් පස.
අර්ථඅ : නැවැතැ යන්නෙන් ‘ඉ’ කාර යුක්තය ද රුචි (අභිමත) යි. අන්ය කාරක බහුවචනයෙහි වර්ත:මාන ප්රනත්ය‘ය මෙ සේ යැ.
විස්තර : ‘අත්, ඉත්, එත්, ඔත්’ යනුයෙන් දැක්වුණු ප්රයත්ය ය ‘ඉ’ කාර යුක්ත කිරීම ද අභිමත බව එයින් කියැවිණ. එ සේ කළ ද ‘ඔති’ ප්රාත්යවයය පිහිට නො ලබා මැ යැ. කළ යුත්ත නො කියා නො කළ යුත්තක් කියත්. හාස්ය ජනක ප්රවත්යකයාවබොධයෙකි!
7 - 13
අන්නෝ - සුසිරි කළහු මෙතේ දිනිඳු පුදන්නෝ. අන්නාහු - එ සස්නෙහි පැවිදි වන්නාහු. නාහු - අනතිරිය පා කළාහු ඔබ නොදක්නාහු.
අර්ථ : සුචරිත (පුණ්යන ක්රි යා) කළෝ මෛත්රේය ජිනෙන්ද්රියා පූජනය කරන්නෝ යැ.
ඒ ශාසනයෙහි ප්රජව්රඅජ්යා(ව ලබත්නාහු (යැ).
ආනන්නයි අකුශලය කළ තැනැත්තෝ ඔහු (ඒ ජිනෙන්ද්ර යා) දර්ශහනය නොකරන්නාහු (යැ).
384 සිදත් සඟරා විවරණය
විස්තර : සන්මාර්ගර ගාමින් මෛත්රෙ ය තථාගතයන් පුදන බව ද ඔවුන් එ සසුන් පැවිද්ද ලබන බව ද ආනන්තර්යව පාප කර්මෙය කළවුන් ඒ බුදුන් නොදක්නා බව ද එයින් පැවැසිණ.
අන්යන කාරක බහු වචන ප්රයත්යිය මෙන් ‘අන්නෝ’ ඈ විසින් දැක්වුණු නිදසුන් එ නම ලබන්නට පොහොසත් නො වේ.
‘පුදනු’ යන කර්තෘන කාරක නාම ක්රිෙයාව වරනැඟිමේ දී ලැබෙන ප්රිථමා බහුවචන රූප අතුරින් එකෙකි. ‘පුදන්නෝ’ යනු. එ සේ මැ ‘වනු, දකිනු’ යනුයෙන් ‘වන්නාහු, නොදක්නාහු’ යනු දු ලැබේ.
පුදනුවාහු, පුදනුවෝ, පුදනෝ, වනුවාහු, වනුවෝ, දකිනුවාහු, දකිනුවෝ, දකින්නෝ, දක්නෝ යනු නුදුටු වැනැ: දුටු නම් අනුවාහු. අනුවෝ, ඉනුවාහු, ඉනුවෝ, ඉන්නෝ, නෝ යන ප්රනත්ය ය ද දක්වනු නියත යි.
‘කළහු’ යනු ප්රෘථමා බහුවචන නො වේ; කර්මා ථි දෙ වන විබත් එකවචන යි. කළාහු, කළෝ යනු යැ ප්ර ථමා බහුවචන. එ බැවින් ‘කළහු’ යන උක්තය දුෂ්ට යැ.
ටිප්පණී : 1. සුසිරි - සුචරිත නමින් එයින් කියන්නේ පින් කම් යැ. 2. අනතිරිය පා - ආනන්තර්ය පාපය. ‘පා’ යනු පාපාථි යි). අනතුරු (මී ළඟැ) ආත්ම භාවයෙහි දී මැ විපාක දේ නු යි ආනන්තර්යය නමි. පඤ්චානන්තර්ය කර්ම යනුයෙන් එ වන් අකුසල් පසෙක් දැක්වේ.
7.ක්රියයාධිකාරය 385
මතෘ ඝාතය, පිතෘ ඝාත ය, අභීත් ඝාතය, සඞ්ඝ භෙදය, ලොහිතුප්පාදය (මවුන්. පියන්, රහතුන් මැරුම, සඟ බෙය කැරුම, බුදු ගතැ ලේ සෙලැවුම) යනු ඒ පඤ්ච අකුශල යැ. අවීවි මහා නරක ජාතයට ජාතයට උපනිශ්රර ය වෙයි.
7 - 14
‘ද’ කරින් ‘උ’ වියුතු ද වේ. ඉති අන් කරුහි බුහු බසැ අනා පස.
අර්ථ : ‘ද’ කාරයෙන් ‘උ’ කාරය වියුක්ත ද වෙයි. අන්ය කාරකයෙහි බහුවචනයෙහි අනාගත ප්රඅත්යෙය මෙ සේ යැ.
විස්තර : බහුවචන ප්ර ත්යය සූත්ර යෙහි දැක්වුණු ‘ද’ කාරය පිහිට කොටැ ‘අන්නාහු, නාහු’ යන තන්හි ‘උ’ කාර ලොපයෙන් ‘අන්නාහ, නාහ’ යි ගන්නැ යි කී නියා යැ. සූත්රානන්ත තත් පශ්චාත් පූරණ (ඒ පසු පුරු) යැ ප්ර ස්තුනය අතිශයින් අශාස්ත්‍රීය ද ආකුල ද කරනුයේ.
‘යළ ද’ ආදි අර්ථ රහිත අනුසන්ධාන ප්ර කාශ අනවකාශ කොටැ අභිමත ප්රයකාශයට අවශ්ය අවකාශ සැලැසිණි නම් එ තරම් මහත් අවුලෙක් වේ ද? ආධුනිකයන් විසින් අනායාසයෙන් දත යුත්ත ප්ර වීණයන් විසින් ආයාසයෙනුදු දත නොහෙන පමණට අවුල් කළ සේ යැ යි කිව අයුතු නො වේ.
‘අන්නාහු’ යනු ‘උ’ වියුක්ත (ලොප්) කොටැ ‘අන්නාහ, නාහ’ යනුයෙන් ගන්නට කිම මුළාව ද වරද ද 25
385 සිදත් සඟරා විවරණය
දෙ ගුණ කිරිමෙකි. ‘අන්නාහු, නාහු’ අනාගත බහුවචන ප්ර ත්යාය නොවනුයේ යම් සේ ද ‘අන්නාහ, නාහ’ යනු නොවනුයේ ද එ සේ මැ යැ.
කළාහු, ගියාහ යනාදිය සඳහා අතීත බහුවචන ‘ආහු, ආහ’ ප්රුත්ය ය දැක්වීම ද ඉතා යුතු නො සිදත් නයින්?
පැරැණි වහරෙහි කිහැ. වදාළාහැ ආදිය ලැබේ. ‘බුත්සරණ ඈ ගත් මඟින් ඒ පෙනෙයි. අද වහරේ එ මැ ලැබෙනුයේ කීහ, වදාළාහ ඈ විසිනි. කීහු + යැ = කිහැ. වදාළාහු + යැ = වදාළාහැ. මෙ සේ යැ ඒ වූයේ. පුදන්නාහු + යැ = පුදන්නාහ. වන්නාහු + යැ = වන්නාහ. දක්නාහු + යැ = දක්නාහ. මෙ නය නොදැන්මෙන් වු මුළා යැ සිදත් පැවැසුමෙන් පෙනෙනුයේ.
7 - 15
ත සද කරු අරුතැ - මෙ මැ පස හි හු සියෝ වේ. ම සබඳැ ඉ යුතු උ යුතු - වියුතෝ යුතු ම කර හා.
අර්ථ : ත ශබ්ද කාරකාථියෙහි මේ ප්රතත්ය්යයෙහි මැ හි හු සමාගමය වෙයි. ම ශබ්ද කාරක සම්බන්ධයෙහි ඉකාර යුක්ත (වූ ද) උකාර යුක්ත (වූ ද) වියුක්ත (වූ ද) ඕ කාර යුක්ත (වූ ) ම කාර (ද වේ).
විස්තර : ත ශබ්ද කාරකයෙහි දු අන්යර කාරක ප්ර ත්ය)ය මැ අනුමත කෙරෙමින් ‘හි, හු’ පමණක් අමුතුයෙන් දක්වත්. ම ශබ්ද කාරකයෙහි දු අන්යම කාරක ප්රශත්යහය අනුදනිමින් ‘ඉ, උ’ සහිත හෝ රහිත හෝ ‘ම’ යනු ද ‘ඕ’ සහිත ‘ම’ යනුද එයට එක් කෙරෙත්.
7. ක්රි,යාධිකාරය 387
උක්ත ප්ර කාර අන්ය කාරක ත්රෛඑකාලික ප්රිත්යධය මැ ත ශබ්ද කාරක ත්රෛ කාලික ප්ර්ත්ය ය ද වෙයි. අන්ය, කාරක (සිදත්) නිදසුන් මැ ගෙනැ ත ශබ්ද කාරක ‘හි, හු’ යොදා තත්ත්වය පරීක්ෂා කළ මනා යැ.
අතීත එක : කෙළේහි, තිටිහි, වැනැහිහි, කුමුටුහි වර්ත මාන එක : පවතිහි, බෝහි, දෙනේහි, පුදහි අනාගත එක : දනන්නේහි, දෙන්නේහි, බොන්නේහි. වස්නේහි * අතීත බහු : කළෝහු, කළහහු, කළහුහු වර්ත මාන බහු : වනහු, විඳිත්හු, දෙත්හු, බොත්හු අනාගත බහු : පුදන්නෝහු, වනන්නාහුහු, දක්නාහුහු මෙ සේ යැ පරීක්ෂණ
තත්ත්වය.
කළහි, තිමිහි, වැනැසීහි, කිමිටිහි පවතිහි, බොහි, දෙනෙහි, පුදහි දනන්හනෙහි, දෙන්නෙහි, බොන්නෙහි කළහු වනහු. විඳිහු, දෙහු. බොහු පුදන්නහු, වනන්නහු, දක්නහු යනු යැ.
යහපත්.
‘කර’ දයින් නිපන් ‘කළ’ යනු අතීත එකවචන බහුවචන දෙකෙහි මැ සම යැ. එ බැවින් ත ශබ්ද කාරක අතීත එකවචන ක්රි යාව කළහි යි ද බහුවචන ක්රිතයාව කළහු යි ද සිටි.
* ‘වස්නෙහි’ යනු වර්ෂතණයෙහි නො වැ ‘වාසයෙහි’ යන අරුත්හි ලා ගත යුතු යැ එහි.
388 සිදත් සඟරා විවරණය
එ නයින් ම ශබ්ද කාරක තතු ද පිරික්සියැ යුතු යි, මී, ම්, මු, ම්, මෝ යනු ද එක් කෙරෙමින්.
අතීත එක : පවතිමි, පවතිම අනාගත එක : දනන්නේමි, දනන්නේම අතීත බහු : කළෝමු, කළහම්. කළහුමෝ වර්ත මාන බහු : වනත්මු, වනත්හුම්, වනත්මෝ අනාගත බහු : පුදන්නොමු, පුදන්නෝම්, පුදන්නෝමෝ. ඒ පිරික්සුම් තතු මෙ බඳු
යි.
කළමි පවතිමි දනින්නෙම් කළමු වනමු පුදන්නමු යනු යැ සරි. කළමු + හ = කළමුව = කළමෝ වනමු + හ = වනමෝ. පුදනුවමු + හ = පුදන්නමෝ.
ම ශබ්ධ කාරක එකවචනයෙහි ‘මි’ ප්රඟත්ය්යය ද බහුවචනයෙහි ‘මු’ ප්රබත්යනයය ද වෙයි. ‘මි’ යන්නේ ‘ඉ’ ලොප් වැ ‘ම’ යනු ලැබේ; බහුවචනයෙහි නො ලැබේ.
7.ක්රි යාධිකාරය 389
7 - 16
තෝ - තෙප් = පෙරැ සුසිරි කෙළෙහි - කළහු දැන් රජ කෙරෙහි - කරහු මතු සෙත් පුර අත් පත් කරන්නෙහි - කරන්නහු. ඉති ත සබඳ තෙ කල් කිරිය.
අර්ථ : තෝ පූර්ව්යෙහි සුචරිතය කෙළෙහි වර්ත මානයෙහි රාජ්යවය කෙරෙහි අනාගතයෙහි ශාන්ති පුරය හස්ත ප්රාතප්ත කරන්නෙහි (යැ) තෙපි පූර්වශයෙහි සුචරිතය කළහු වර්තමානයෙහි රාජ්යයය කරහු අනාගතයෙහි ශාන්ති පුරය හස්ත ප්රාළප්ත කරන්නාහු (යැ)
මෙ සේ යැ ත (ශබ්ද) සම්බන්ධ ත්රෛහකාලික ක්රි)යා.
විස්තර : ‘කෙළෙහි’ යනු ක්රියා නො වේ. නාම ක්රි යා (කෘදන්ත නාම) යි. ‘කළහි’ යනු යැ ක්රි යා වනුයේ. ‘කරන්නෙහි’ යනු අනාගත ක්රිරයා නො වේ. නාම ක්රිකයා යි. එකවචනයෙහි ‘කෙරෙහි’ යන ආත්මනෙපද ක්රිතයා වු හෙයින්, ‘කෙරෙහු’ යනු යැ බහුවචනයෙහි නිසි. ‘කරහි’ යන පරස්මෛපද එකවචන වී නම් ‘කරහු’ යෙදෙයි. ‘කරන්නහු’ යනු දු නාම ක්රිනයා යැ.
සූටත්රා ක්තය එකෙකි. නිදර්ශ න දර්ශ්නය අනෙකෙකි. සූත්රන දෙහනය දෙකට රඳවා නිදර්ශනයට පමණක්’ ඉඩ වැඩිණි නම් එසා මහත් අවුලේ හෙත් ද?
390 සිදත් සඟරා විවරණය
ටිප්පණී : 1. තෙප් - ත ශබ්ද කාරක බහුවචන යි. ‘තෙපි’ යනු හා සම යැ.
7 - 17
මම - ඇප් - පෙරැ සපුරිසන් බිජිම්. බිජිම් - බිජූමු, බිජූමෝ, බිජූම්හ, බිජූම්හු. දැන් දුලබ මුනිපුත් තනතුරු බෙජෙම්,
බෙජෙමි -
බජමු, බජමෝ, බජම්හ, බජම්හු. මතු ලොවුතුරු දහම් බජන්නෙම් බජන්නෙමි - බජන්නමු, බජන්නමෝ.
අර්ථ : මම පූර්වනයෙහි සත්පුරුෂයන් භජනය කළම්, කළමි.
වර්ත මානයෙහි දුර්ලභ බුඞපුත්රි ස්ථානාන්තර භජනය කෙරෙම්. කෙරෙමි.
අනාගතයෙහි ලොකොත්තර ධර්මෙ භජනය කරන්නෙමි, කරන්නෙමි.
ඇප් පූර්ව යෙහි සත්පුරුෂයන් භජනය කළමු, කළමෝ, කළම්හ, කළමහු;
වර්තුමානයෙහි දුර්ලභ බුඞපුත්ර ස්ථානාන්තර භජනය කරමු. කරමෝ, කරම්හ, කරම්හු;
අනාගතයෙහි ලොකොත්තර ධර්ම භජනය කරන්නෙමු. කරන්නමෝ.
7.ක්රිනයාධිකාරය 391
විස්තර : වර්ත මාන, අනාගත දෙ පක්ෂයට නිදර්ශ න ක්රකමානුකූල නො වේ. වර්තවමාන එකවචනයට ආත්මනෙපද ද, බහුවචනයට පරස්මෛපද ද නිදර්ශ න කැරිණ. දෙ පසට එක් වගැ පදයෙන් හෝ උභය පදයෙන් මැ හෝ නිදසුන් දීම යැ නියම නියර වියැ යුත්තේ.
වර්තුමාන එක වචන : බජමි, බජම, බෙජෙමි, බෙජෙම්. ,, බහු වචන : බජමු. බජම්හ, බජමෝ - බෙජෙමු. බෙජෙම්භ, බෙජෙමෝ අනාගත එකවචන : බජන්නෙමි, බජන්නෙමි - බෙජෙන්නෙමි, බෙජෙන්නෙමි. ,, බහු වචන : බජන්නමු, බජන්නමෝ - බෙජෙන්නමු. බෙජෙන්නමෝ.
මෙ මැ යැ නියර.
‘බජම්හු, බෙජෙම්හු’ යනු නිවරද වුව ද වහරැ නො වේ. පැරැණි වහරැ ‘කරමහ’ ඈ නොහසු විණි ද? හසු විණි නම් ‘අ’ යුතු ද දක්වනු නියති. එකවචන නිදර්ශ’නයෙහි විකෘති රූපයට ඉක්බිති වැ යැ ප්රනකෘති රූපය යෙදුණේ. ප්රෙකෘති රූපයට ඉක්බිති වැ විකෘති රූපය යෙදීම යැ ක්රණමය නම්, ‘බිජීම්, බෙජෙමී’ යනු ප්රීකෘති රූප යැ. ‘බිජිම්. බෙජෙමි’ ඈගි ‘ඉ’ ලොප් වැ ‘බිජිම, බෙජෙම’ වේ. බහුවචනයෙහි ‘බිජුමෝ, ‘බිජූම්හ - බජමෝ, බජමහ’ යනු දු වරදවා යෙදිණ. බිජූමු + හ = බිජූමු + ව = බිජූමෝ. මේ නියර බැවින් ‘බිජුමහ, බජමහ’ යනු ආදි කොටැ යැ යෙදියැ යුතු.
‘සත්පුරුෂයන්’ යනු තකා ‘සපුරිසන්’ යන යම් තම් හෙළ පිරිමැස්මට වඩා ‘සුදනන්’ යනු යැ මනා.
392 සිදත් සඟරා විවරණය
‘දුලබ මුනිපුත් තනතුරු’ යනුයෙන් වැදැගත් ඉඟියෙක් ද කැරිණ. එ දා ද නියම මහණ කම දුලබ වැ ගිය බව යි එනම්! නියත තථාගත පුත්ර ස්ථානාන්තර ධරයෝ නම් විනය ශික්ෂා සුප්රගතිපන්නයෝ යැ.
‘මතු ලොවුතුරා දහම් බජන්නෙම්’ යනු කුහුලට ඉඩ වඩන නියා යැ. දැන් බජනුයේ ‘ලොවුතුරා දහම’ නො වේ ද යන කුහුල යි. ලොවුතුරා දහම් (ලොකොත්තර ධර්මද) නමින් එයින් අදහස් කැරුණේ නිවන යි. එ සේ ගත යුතු.
බුඬ ධර්ම.ය නවලොකොත්තර ධර්මයය (නවලොවුතුරා දහම්) වශයෙන් ප්ර කට ව්යනවහාර බැවින් සෙන්දවහයට ඉඩ තබා කිව මනා නො වේ.
අන්යධ කාරක ත්රෛකකාලික ක්රි යා නිදර්ශුන කථනයේ දී නොගත් මඟෙක් ත ශබ්ද ම ශබ්ද කාරක ද්වයය සම්බන්ධයෙන් ගැනිණ. ‘පෙරැ, දැන්, මතු’ යනුයෙන් වෙසෙසීම යැ එ නම්, මොඝ කථනයෙකි.
ටිප්පණි : 1. ඇප් - ‘ම’ ශබ්ද කාරක බහුවචන යි. ‘අපි’ යනු හා සමාන යැ.
7 - 18
වහරැ යෙදෙන සේ පස යොදනු. ඉති ම සබඳ තෙ කල කිරිය.
අර්ථ : ව්යබවහාරයෙහි යොජනය කැරෙන ආකාර ප්රඝත්යඅය යොජනය කරනු.
ම (ශබ්ද) සම්බන්ධ ත්රෛිකාලික ක්රිනයා මෙයාකාර යැ.
7.ක්රිරයාධිකාරය 393
විස්තර : ව්යබවහාරානුරූප ප්ර ත්ය.ය යොජනය අනුමත කැරිණ එයින්. එ අතින් තමන් අවිනිශ්චිත බවට සාධක යැ.
එසා ආයාස නො ගෙනැ, අනුනුදු නො ගන්වා ආදි මැ එ සේ කියූ නම් කො තරම් අගනේ ද?
7 - 19
දැන් සදහට රජ කරන්නේ ගොයුමා -
පණන් වෙළපන්නි අවිදු -
මායා තුසි පුරෙහි වුසු -
මහමුහුණු සොම්නස් නම් පසේබුදු වනුයේ -
විසා උවැසි රහත් පල බජන්නා
ඈ සද දහමින් අරුත්කිරිය සද වත කල්
නො ඇරැඹැ පස ලදින් ලිඟු විබත් බෙජේ.
අර්ථ : වර්ත.මානයෙහි සඬර්මි රාජ්යයය කරන තැනැත්තේ ගෞතමයා (යැ).
ප්රාරණින් ප්ර මාද කරන තැනැත්ති අවිද්යාස (යැ).
(මහා) මායා (දේවිය) තුපිත පුරයෙහි වාසය කළා.
උලුක (තෙමේ) සෞමනය්යි නාම ප්ර ත්යෙයක්බුඬ වන්නේ (යැ).
විශාඛා උපාසිකා (තොමෝ) අරහත් ඵලය භජනය කරන්නී (යැ.)
තදාදිය ශබ්ද ධර්මනයෙන් අර්ථ ක්රිනයා ශබ්ද වන කල්හි කාලාපෙක්ෂා නො කොටැ ප්ර ත්යමය ලැබූ බැවින් ලිඞ්ග විභක්ති ගයනය කෙරේ.
විස්තර : සංස්කෘතයෙහි කෘදන්ත නාමයෙන් ගැනෙන්නේ එ කි අර්ථ ක්රි්යා යැ. නිදසුන් කළ එකෙකුදු
394 සිදත් සඟරා විවරණය
අභිමතාර්ථයෙහි නො වේ. අන්ය කාරක අනාගත එකවචන ක්රිණයාවට දුන් මුල් නිදස්නෙන් මැ ප්ර ථමය අශරණ යැ. ‘වුසු’ යනු අතීත බහුවචන ක්රිලයා යි.
අර්ථ ක්රි්යා ශබ්ද කාලාපෙක්ෂා නො කොටැ ප්රරත්යචය ලබන බව කිම මෘහාවාද යැ. ‘කර’ ධාතුයෙන් සිද්ධ ‘කරන්නේ’ යනු වර්තාමානය නම් ‘කෙළේ’ යනු අතීතය යි.
විවරණයේ ප්රෙථම භාගයේ ( 1 – 49, 1 – 50, 1 -51) විස්තර එනුයෙන් මෙහි නො කෙරෙම්හ. එ මැ බලත් වා!
ටිප්පණී : 1. කරන්නේ - ‘කරනු’ ය න කර්තෘ9 කාරක නාම ක්රි–යාව ‘එ’ විබත් ගෙනැ (කරනු + ඒ = ‘ය’ කාරාගමයෙන් කරනුයේ = ‘උ’ ලොප ‘න්’ ද්විරූප ආදියෙන්) ‘කරන්නේ’ යි සිටි.
2. පණන් - ප්රාකණින්, ලෙවන් (ලොකයා) යන අරුත්හි වෙයි.
3. වෙළපන්නි - ‘වෙළපනු’ යන කර්තෘ් කාරක නාම ක්රියාව ස්ත්රිල අර්ථ ඊ ප්ර ත්යනයය ගැන්මෙන් සිඬ යි. ‘වෙළප’ ධාතු යි.
4. වුසු - ‘වස’ (වාසයෙහි) ධාතුයෙන් සිඬ අතීත බහුවචන ආඛ්යාලත යි. ස්ත්රීහලිඞ්ග උක්තය එකවචන වුව ද අතීතයෙහි බහුවචන ආඛ්යාුතයක් ගැන්ම රිති යි.
‘ආකරයෙන් රු ව න් වෙනෙනිබුන් වෙලින’ ස් ව න් සිය රැකුමැ තුටු ව න් දෙරණ ලිය දුනු ඔහුට එකු ව න්’
යන කාව්ය ශෙඛර පාඨය ද සලකන්නේ යැ.
7 . ක්රිනයාධිකාරය 395
5. මහමුහුණු - අලුක; මහවත්. බකමූණා සොම්නස් නමින් පසෙබුදු වන්නේ ල. 6. වනුයේ - ‘වනු’ යන කර්තෘහ කාරක නාම ක්රි යාව ‘ඒ’ විබත් ගත් පසු ‘ය’ කාරාගමයෙන් සිඬ යැ. 7. විසා උවැසී - විශාඛා උපාසිකාව. ගොයුම් බුදු සසුන්හි මහ උවැසිය (මහොපාසිකා) සෙයින් සැලැකෙන්නී යැ. 8. බජන්නී - ‘බජනු’ යන කර්තෘ. කාරක නාම ක්රි්යාව ස්ත්ර යථී ඊ ප්රසත්යනයය ග්රාහණයෙන් සිඬ යි. 9. නො අැරැඹැ - (‘අරඹ’ ධාතු යි) මුල් නො කොටැ; එහි ‘අපෙක්ෂා’ අර්ථ යැ.
7 - 20
පියෙදු කිරිය බේ - අන් ත සද විදි ආසී කමරුතැ තෙ කල් කිරිය ද - දනු පද අසබ්භව් හා.
අන්වය : පියෙදු කිරිය බේ අන් ත සද විදි ආසී කම් අරුතැ තෙ කල් කිරිය ද අසබහට පද හා දනු.
අර්ථ : ප්ර යොජ්යේ ක්රිියා භෙදය (ද) අන්යම (කාරක) ත ශබ්ද (කාරක) විධි (ක්රිපයා) ආශිර්වාදද (ක්රි(යා) (ද) කර්මාාර්ථයෙහි ත්රෛ කාලික ක්රි)යා ද අසම්භාව්ය (ක්රි)යා) පද ද ජානනය කරව.
විස්තර : ප්රෙයොජ්ය්, අන්ය - ත ශබ්ද කාරක, විධි, ආශිර්වා ද, කර්ෂාිර්ථ ත්රෛතකාලික, අසම්භාව්යි යනාදි ක්රි යා ප්ර-කාශය ආරබ්ධාකාර යි. ආශිර්වාහද පක්ෂයෙන් ම ශබ්ද කාරකය සූත්රා න්තගිත නො කළ ද අභිමත බවට සැක නැති .
396 සිදත් සඟරා විවරණය
7 - 21
පරා විසින් මෙහෙයන ලදහු කිරිය පියෙදු කිරිය නම්.
අර්ථ : අන්යියා විසින් ප්රෙඟරණය කරනු ලද්දා ගේ ක්රි-යාව ප්ර්යොජ්ය් ක්රිවයා නමි.
විස්තර : අනෙකකු ගේ මෙහෙයිමෙන් යමකු කරන ක්රිේයාව ප්ර්යොජ්යම නාමයෙන් දැන්විණ.
7 - 22
මෙහි දයින් පර වැ ව පස රුසී. කම් කෙලෙස් සසරැ පණන් බැමැවී. මනයොනා යෝනන් කෙළවා. මෙතේ සුගතිඳු ලෙවන් ගලවන්නේ.
අර්ථ : ක්රිලයායෙහි ධෘතුයෙන් ඉක්බිති වැ ‘ව’ ප්රාත්යරයය රුචි යි.
කර්මග ක්ලෙශ (තෙමේ) සංසාරයෙහි ප්රාකණීන් භ්රරමණය කැරැවී.
අනඞ්ගයා යුවතීන් ක්රීලඩනය කරවා.
මෛත්රොය සුගතෙන්ද්රී (තෙමේ) ලොකයා මුදවන්නේ (යැ).
විස්තර : ප්රදයොජ්යෘ ක්රිසයා විෂයයෙහි ධාතුයෙන් පර වැ ‘ව’ ප්රිත්යයය අභිමත යැ. ධාතු, ප්රතත්යය වයය අතරෙහි ‘ව’ කාරයක් යෙදීම යි එයින් ගත යුතු.
7.ක්රියයාධිකාරය 397
‘බැමැවී’ කෙළවා, ගලවන්නේ’ යනුයෙන් තුන් කල් නිදසුන් දැක්වීණ. ‘ගලවන්නේ’ යනු නාම ක්රි යා විනා ක්රිියා නම් නො වේ. එ කී මෙහෙයුම් නම් දැක්වුණු නිදසුන් මගින් ඉඳුරා පළ නොවනු පෙනේ.
කර්මය ක්ලෙශ සංසාරයෙහි සත්ත්වයන් බැමැවීම
අනංගයා යුවතින් කෙළැවීම.
මෛත්රෙ ය තථාගතයා ලොකයා ගැලැවීම කා විසින් මෙහෙයන ලද බැවින් වී ද?
ටිප්පණී :
1. මෙහි - ප්රයයොජ්යි ක්රි යා විෂයෙහි යනු එයින් කියැවිණ.
2. කම් කෙලෙස් - කර්‍ම ක්ලෙශ නම් පෙරැ කළ, දැන් කරන ප්රා.ණඝාතාදි පාප කර්ම. යැ. ‘කම්මං ච තං කිලෙස සම්පයුත්තත්තා කිලෙසො චාති කම්ම කිලෙසො.’ (කර්මකය ද එ මැ යැ. ක්ලෙශ සම්ප්රමයුක්ත හෙයින් ක්ලෙශ ද එ මැ යැ).
3. මනයොනා - අනංගයා. ‘මනයොන්’ යනු ඔහුට නමෙකි.
4. යෝනන් - යුවතීන් ; තරුණියන්.
7 - 23
ත ම සද දෙක්හි ද යෙදියැ යුතු.
අර්ථ : ත (ශබ්ද) ම ශබ්ද (කාරක) වයයෙහි දූ යොජනය කට යුත්තේ (යැ).
398 සිදත් සඟරා විවරණය
විස්තර : මධ්ය ම පුරුෂ උත්තම පුරුෂ වයයෙහි ද ප්රායොජ්යු ක්රියයා යොජනය අනුමත කැරිණ එයින්. 7 - 24
අකම සකම වේ - පියෙදුම ලද විසාහි. බුහු කම සකම පියෙදුම් - ලද හට ලවා හා වේ. ‘සූදෙට අතැවැසි ලවා මේ පිසවා’ ඈ ගී.
අන්වය : පියෙදුම් ලද විසාහි අකම් සකම් වේ; සකම් බුහු කම් (වේ); පියෙදුම් ලද හට ලවා හා වේ. අර්ථ : මෙහෙයුම් ලදුවහු ගේ (ක්රි යා) විෂයයෙහි අකර්මනක (ක්රියයා) සකමර්කම (ක්රිවයා) වෙයි; සකම්ක්ෂය (ක්‍රියා) බහුකර්මාක (ක්රිෂයා) වෙයි; මෙහෙයුම් ලදුවහුට ‘ලවා’ (යනු) ද වෙයි. සූද ජ්යෙ ෂ්ඨ (තෙමේ) අන්තෙවාසිකයා ලවා භොජනය පවනය කරවා ආදි ආකාර යි.
විස්තර : ‘උතුරා, උපදී’ යනු අකර්මභත ‘උතුර’ ‘උපද’ ධාතූන් කෙරෙන් සිද්ධ වර්තාමාන එකවචන ක්රිතයා යැ. එ මැ -
ගඟ උතුරා කුහුල උපදි යනුයෙන්
වැතියෙහි සිටි. අකර්මහක ධාතූන් කෙරෙන් සිඬ ක්රියයා ද ප්රමයොජ්යරයෙහි සකර්මෙක වෙයි. එ නයින් -
මහ මේ (මහා මෙඝය) ගඟ උතුරුවා දුහුනා (ආධුනිකයා) කුහුල උපදවා යනු ලැබේ.
ගඟ, කුහුල යන උක්ත ප්රකයුක්ත විෂයයෙහි කර්ම ස්වරූප ගනී. එ නය තකා යැ ‘පියෙදුම් ලද විසාහි අකම් සකම් වේ’ යනු කීයේ. එහි ලා නිදසුන් නොදැක්වීම. අඩුයෙකි.
7.ක්රියයාධිකාරය 399
ප්ර යුක්තයෙහි ලා විනා ‘ලවා’ යෙදෙන සේ නො පෙනේ.
ගය, මර යන සකර්මික ධාතූන් කෙරෙන් ගයා, මරා යන ක්රි යා නිපදී. එයින් - සැසියා ගී ගයා සෙබළා සතුරා මරා යන
වැකි යෙදේ. සසුවා සැසියා ලා ගි ගයවා නිරිඳා සෙබළා ලා සතුරා මරවා යනුයෙනි
ප්රියුක්තයෙහි සිටිනුයේ. පළමු වැකියෙහි සැසියා, ගී යනු ද දෙ වන වැකියෙහි සෙබළා, සතුරා යනු ද කර්මප වෙයි. ‘සකම් බුහු කම්. පියෙදුම් ලද හට ලවා හා වේ’ යනු කියා ‘සූදෙට .............’ ඈ නිදසුන ද දැක්වුයේ එ සඳහා යැ. නය එ සේ වුව ද වහරෙහි -
පුරන් කොටවයි නැකැත් බලවමි ඈ විසිනුදු වේ. කුඹුරු හිමියා ගොවියන් ලා පුරන් කොටවයි මම ගුරුන් ලා නැකැත් බලවමි යනු යැ එ සැටි දැක්වුණේ. සෙස්ස අධ්යාවහාරයෙන් ලැබේ.
ටිප්පණි : 1. පියෙදුම - ‘පියොද’ (පියොදුම්හි - ප්රියොගයෙහි) ධාතුයෙන් වූ භාව නාම ක්රිපයා යැ. මෙහෙයුම් යන අරුත්හි යෙදිණ. 2. විසාහි - විෂයයෙහි.
400 සිදත් සඟරා විවරණය
3. බුහු කම - බහු කර්ම . කර්මි එකකට වැඩි වූයේ බුහු කම යැ. 4. හා - ‘ද’ යන සමුච්චයාථ්රසයෙහි නිපාත යි. 5. සූදෙට - සුද ජ්යෙ ෂ්ඨයා; අරක්කැමි දෙටුවා; මඟ අරක්කැමියා. 6. අතැවැසි - අන්තෙවාසිකයා. ගෝළයා යන අරුත්හි වෙයි. 7. මේ - භොජනය ; අහර. 8. ගී - මෙන්, ආකාර යන අරුත්හි නිපාතයෙකි.
‘පස් කම් මඳ යෙහෙ - පටනැ පිළි වේ මහ දුක්
මියුරු ගී ගී පුලුඳු - දුක් දා මුවනට පුලුදු’ යන
කව්සිළුමිණි පෙළ සලකන්නේ යැ.
7 - 25
හා කරින් කිසි තන්හි නො වේ :- ‘මුවවස්නි යුතු බුලත් දිදි දෙවා දරුවන් මෙ ඈ ගි.
ඉති පියෙදු කිරිය.
අර්ථ : සූත්ර යෙහි හා (ද) කාරයෙන් ඇතැම් තැනෙකැ නො වෙයි. මුඛවාස යුක්ත තාම්බුල දානය කෙරමින් දාරකයන් දානය කරවා. මේ ආදි ආකාර යි.
මෙ සේ යැ ප්ර.යොජ්යක ක්රියයාව.
විස්තර : ‘ලවා හා’ (ලාව ද) යනුයෙන් සූත්රනයෙහි දැක්වුණු පරිදි සියලු තන්හි එය නොවන බව යි එයින්
7.ක්රිදයාධිකාරය 401
කියැවෙනුයේ, කිසි යම් තැනෙකැ ‘ලවා’ යනු නොවන බවට නිදර්ශිනයෙක් ද දැක්විණ. ඒ සියල්ලෙහි මහත් අවුලෙක් පැනේ. ග්රාන්ථ කර්තෘශපාද ප්ර කාශ ආදියට වඩා අන්තාකුල යැ. අභාග්යවයෙකි.
මුවවස්නි යුතු බුලත් දිදි දරුවන් දොව’යි හෝ මුවවස්නි යුතු බුලත් දිදී දරුවන් ලවා දෙවා’ යි හෝ නිරාකුලාර්ථාමවබොධයට ප්ර්තිෂ්ඨා වේ ද?
‘මුවවස්නි යුතු බුලත් දොවා’ යි කියැවිණි නම් අවබොධයට බාධා නො පෙනේ.
ඉරටා මස්වා
පෙරටා වළදවා යන විසින්
ප්රටයොජ්යි ක්රි්යා දෙකක් එක් වැකියෙකැ වන කලැ දෙ වැන්න පමණක් ප්රවයොජ්ය් රූපයෙන් සිටිම යැ නියර.
ඉරා මස්වා
පෙරා වළඳවා යනුයෙනි.
‘වෙන් ගස් කරන විකුමන් මන්වමින් කිරි ම න් හස් දරන රජ දම් මිණි නිදන් වරා ර න් හස් සරන සිරි ලක් සර සිරින් සරා ස න් හස් කරන කැමිඳුන් මන් රිසින් පුරා’
යන තන්හි මයූර සෙන්ද්ශ කාර කවීශ්වරයෝ ‘විකුමන් කිරවා මන්වමින් වෙන් හස් කරන’ යනු ‘විකුමන් කිරා මන්වමින් වෙන් හස් කරන’ යනුයෙන් නියරින් කියත්.
26
402 සිදත් සඟරා විවරණය
ටිප්පණී : 1. මූවවස්නි යුතු - මුඛවාස යුක්ත (සමඟ) . මුව සුවඳ (මුඛ සුගන්ධය) ගන්වන දෑ (ද්රණව්ය)) මුඛවාස, මුඛවායන නාමයෙන් කියති සංස්කෘතයෙහි. එන්සාල් (කර්දමුඩගු) , ඉඟුරුපියලි, කරාබුනැටි ආදිය යි එහි ගැනෙනුයේ. එ දෑ සැපු කලැ මුව සුවඳ වේ. 2. දිදී - ‘දී දී’ යන අතීත නිපාත ක්රි්යා (පූර්වු ක්රිආයා) විත්ව වූ තැනි. දෙමින් (දානය කෙරෙමින්) යන වර්තවමාන නිපාත ක්රිරයා (මිශ්රර ක්රි යා) අර්ථ ය එයින් ලැබේ.
7 - 26
වත්මන් අනා රූ - නොවෙන් වැ හොත අනදරින් අදරින් හොත ත අන් සද සබඳ විදහන් විදි නම්.
අර්ථව : වත්මන් අනා රූ නොවෙන් වැ අනදරින් හොත අදරින් හොත ත අන් සද සබද විදහන් විදි නම්.
අන්වය: වර්තවමාන අනාගත රූප වෙනසක් නො වී අනාදරයෙන් හෝ ආදරයෙන් හෝ ත ශබ්ද (කාරක) අන්ය් (කාරක) සම්බන්ධ විධානය විධි නමි.
විස්තර : අන්ය( කාරක ත ශබ්ද කාරක උභය පක්ෂයට වර්තෙමාන අනාගත රූප අභෙද වැ කරන විධානය විධි නම් ද එය ආදරයෙන් කළ ද අනාදරයෙන් කළ ද එ සේ වන බව ද එයින් පැවැසිණ.
වර්තරමාන අනාගත උභය කාලයට මැ සමාන රූප යුක්ත ක්රි යා පද මාර්ගයයෙන් ආදරයෙන් හෝ අනාදරයෙන් හෝ ප්රනථම මධ්යිම පුරුෂ වයය සන්තක පක්ෂයක් ප්ර යොග කිරීම විධි ක්රිරයා නාමයෙන් දැන්විණ.
7.ක්රි යාධිකාරය 403
සංස්කෘත ශාබ්දික පක්ෂයෙහි ඇත්තෙක් - ‘විධිඃ - ප්රෙ රණම්; නිමන්ත්රශණං - නියොගකරණම්; ආමන්ත්ර්ණං - කාමචාර කරණම්; අධිෂ්ටඃ - සත්කාර පූර්වකොව්යාිපාරඃ’ යි (ප්රෙරරණ - නිමන්ත්ර;ණ - ආමන්ත්රනණ - ආධීෂ්ට) චතුර්විධ විධි ක්රිරයාර්ථය දකිත්.
ප්රේරණ - සෙවකාදින් පියෙදීම (ප්ර්යොග කිරීම). ‘නිමන්ත්රරණ - දාරකාදීන් අවශ්යය කාඨියෙහි නියොග කිරීම. ආමන්ත්රනණ - අභිමත වී නම් කිරීම අනුදැනුම. අධීෂ්ට - සත්කාර පූර්වඅක ව්යාරපාරය.
ඒ දශන විශෙෂ මෙ සේ යැ.
ඉතර පක්ෂයෙකැ සංස්කෘත ශාඛදිකයෝ ද මාගධ වෛයාකරණයෝ ද එ මැ එකාර්ථධයෙහි ලා සලකත්. හදන්ත අනවමදර්ශිහු ද තත් පක්ෂග්රාඑහ වූ හ.
ටිප්පණී : 1. අනදරින් - න + අදරින් = අනදරින්. 2. හොත - ‘හෝ’ යන නිපාතාර්ථ=යෙහි යෙදිණ. 3. විදහන් - විධානය; නියොගය: නියමස. 4. විධි - විධි ක්රියයා යැ යූ සේ යැ.
7 - 27
මෙහි අ - ඒ - අන්නේ - අන්නැ - අවු - උ පස රුසී අ - බමුණ, පන දා බොජ. ඒ - සැර දේ මහබා. අන්නේ - මේකරු වෙ පිසන්නේ. අන්නැ - හිමි, නුඹ දහම් දෙසන්නැ. අවු - ගුණෙකැත් නම් මෙහි බජවු. උ - සජනෙනි, යහක් දක්කු.
404 සිදත් සඟරා විවරණය
අර්ථ : මේ විධි ක්රි යායෙහි අ, ඒ, අන්නේ. අන්නැ, අවු, උ (යන) ප්රථත්ය ය අභිමත යැ.
‘අ’ : බ්රාභහ්මණය, පුනර්දිනයෙහි (පසු දිනැ) අනුභව කර. ‘ඒ’ : මහා භාග්යිවන්තය, විර කාලයක් ජීවත් වව. අන්නේ : අරක්කැමියා බොජුන් උයන්නෙ යැ. අන්නැ : ස්වාමියා, ඔබ ධර්ම දෙශනය කරන්නැ. අවු : මේ කාව්යම බන්ධනයෙහි ගුණයෙක් විද්ය මාන වේ නම් (එය)
භජනය කරවූ.
උ : සප්ජනයෙනි, ශුභයක් දර්ශ නය කරවු.
විස්තර : ප්ර ත්යකය අවුල එහි දු ප්රයකට යි. නිදර්ශපන කැරුණු එකෙකුත් විධි ක්රිතයා ප්රපත්යරය නො වේ.
විධානය ත ශබ්ධ කාරකයෙහි (මධ්යයම පුරුෂයෙහි) කැරෙන බැවින් තත් කාරකයට අයත් ක්රිකයා රූප යෙදීම යි නියර. අන්යක කාරකයෙහි විධානය යෙදෙන සේ නොපළ යැ.
ටිප්පණි : 1. පන - පුන; පසු.
2. බොජ - බොජ (බෙජුමහි - අනුභවයෙහි) ධාතුයෙන් සිඬ යි. ’බොජව’ යනු යැ විධානයෙහි වියැ යුත්තේ. බමුණ (තෝ) බොජහි. ‘බොජහි’ යන තන්හි ‘හ’ කාරයට ‘ව’ කාරාදෙශ වැ බොජව. විභක්ති ලොපයෙන් ‘බොජ’ යනු වේ.
3. මහබා - මහා භාග්යන ඇත්තේ යමෙක් ද හේ මහබා. මහා බාහු ඇතියේ ද මහබා නමින් ගත හැක්කැ.
7.ක්රි.යාධිකාරය. 405
4. සැරදේ - ‘සැර’ යනු විර කාල (බෝ කල්) යන අර්ථ යෙහි අව්ය.යයෙකි. ‘දේ’ යනු ’දෙ’ (පණ දැරුමහි) ධාතුයෙන් වූ වර්තනමාන එකවචන ආඛ්යා ත යි; ජීවත් වේ යන අර්ථයයෙහි වැටේ; මධ්යපම පුරුෂ එකවචන විභක්ති ගැන් මෙන් (දේ + හි) දෙහි යනු ද ‘හි’ පොප් වැ ‘දෙ’ යනු ද වෙයි. විධානයෙහි වනුයේ ’දෙ’ යනු යැ. ‘දේ’ යනු සදොස් යැ.
5. පිසන්නේ - ‘පිස’ (පිසුම්හි) දයින් නිපන් නාම ක්රිදයාවෙකි (කෘදන්ත නාමයෙකි). පිසීම යනු අරුති. විධානාඛ්යානත යැ යනු විකාර යැ. එහි විස්තර යටැ කියැවිණ.
6. දෙසැන්නැ - ‘දෙසනු’ යන නාම ක්රිායාවට පර වැ සමාප්තියෙහි ‘යැ’ නිපාතය වීමෙන් සිඬ යැ. දෙසනු + යැ (මධ්‍ය ස්වර ලොප, ව්යවඤ්ජන පූර්වැ රූප යන මෙයින්) දෙසන්නැ. වහරෙහි වන්නා විදහන අදරින් කැරෙන තන්හි භාවය පැවැසීම යි නියර.
‘වහන්සේ වඩනා බව යැ’ (සඬර්මෙරත්නාවලිය) ‘වඩනා මැනැවි මන නඳනා වැලිගමට’ (මයූර සෙන්දනශය) ‘වඩනා මැනැවි මුනි රජ සිරිපා නැමැඳ’ (පරෙවි ,, යනු සලකන්නේ යැ.
7. බජවු - ‘බජ’ ධාත්රර යි. ‘බජහු’ යන මධ්ය්ම පුරුෂ බහුවචන ආඛ්යා තයෙහි ‘හ’ කාරයට ‘ව’ කාරාදෙශ වැ ‘බජටු’ යනු නිපන. අවුලට යැ ‘අවු’ ප්රනත්යටය නිදර්ශ නය.
8. දක්කු - ‘දිස්’ ධාතුවට වර්තිමානයෙහි ‘දක්’ ආදෙශ වෙයි. ‘බස්’ ආදි ගණ පරස්මෛපද වන තන්හි. එ මැ මධ්ය ම පුරුෂ බහුවචන විභක්ති ගත් කලැ දිකිහු
406 සිදත් සඟරා විවරණය
යනු වේ. දකි + මු = මඬ්යය ස්වර ලොප, ව්යුඤ්ජන පූර්වය රූප යනාදියෙන් දක්කු. ඒ යෙදුණේ ද විධානයෙහි අප්රිකට රූපය යි. ප්ර කට රූපය ‘දකු’ යැ.
‘දකු මනරම් සව් සිරි පිරි තෙටගමුව (ගිරා සන්දෙශය) යනු නිදිසුනි.
‘දනු සිරි පිරි ගඟසිරිපුරවර මොනර’ (මයුර සෙන්දයශය ) ‘ නිති මනරම් වදු රයිගම් පුරවරම්’ ( ,, ,, ) ‘ගනු අවසර එ නිරිඳු සිරි පතුල් වැඳ’ (සැලළිහිණි සෙන්ද ශය) යනු දු සලකන්නේ යැ. කරා, පලා, අසග, කියග, බලග, ඈ වහර තකා ‘ආ, ග’ යන ප්ර්ත්යගය ද නොදැක්වීම අඩුවෙකි.
7 - 28
මෙහි කිසි විදි ආසිගබැ. ඉති විදි කිරිය.
අර්ථ : මේ කියන ලද්දෙහි කිසි යම් විධි ක්රිසයාවෙක් ආශිර්ග භ යැ.
මෙ සේ යැ විධි ක්රි යාව.
විස්තර : එහි දු හදන්ත අනවමදර්ශීහු අදුරදර්ශීහු වූ හු. ‘මේ මේ විධි ක්රිතයා ආශීර්වාදදගහි යැ’ යනු ඉඳුරා නො දක්වා තත් ප්රශකාශ මාත්ර යෙන් අවබොධ කොටැ ගැන්මේ සමථි ආධුනිකයෝ කවුරු ද? දිව්යඳ ඥානය ඇත්තාහු මැ වෙත් ද ඔහු නම?
7.ක්රියාධිකාරය 407
‘සැර දේ’ යන තන්හි ’දේ’ යනු ආශිර්වාාදගහි යැ; ප්ර ථමා විභක්ති එකවචනාඛ්යා ත යි. ඒ ආශිර්වාේද ක්රියයා ගණයේ විනා විධි ක්රි යා ගණයේ නො ගෙණේ.
7 - 29
ඉටු නොයත් තෙ සද බඳ අනා අරුත් පැතුම් ආසි නම්.
අර්ථන: ඉෂ්ට (වූ ද) අප්රා්ප්ත (වූ ද) ශබ්ද ත්ර යය ප්රිතිබද්ධ (වූ) අනාගතාථි ප්රානර්ථ නය ආගිර්නාම යැ.
විස්තර : ප්රඅථම, මධ්ය ම, උත්තම යන පුරුෂ ත්ර යය පිළීබඳ යහපත් වුත් නොපැමිණියා වූත් අනාගතාර්ථි ප්රා්ර්ථපනයෙක් වේ නම් එ මැ ආශීර්වාද නම් යැ යි එයින් ඇඟැවිණ.
එහි නොපත් (අප්රාතප්ත) යනු ආකුල යැ. අප්රාැප්ත අනාගතාර්ථද යනුයෙන් ප්රාිප්ත අනාගතාර්ථ් ඉගි වන බැවිනි.
සංස්කෘත ශාබ්දිකානුගමන සාධක යැ ඒ; ප්රගස්තුන සූත්රේ පාඨය මැ ව්යාකකුල යි.
7 - 30
මෙහි පසින් පර වැ ව පස රුසී. සරසවිය මා මුව තඹරැ ඉස්බේ වා. නරපවර වැජැඹෙහි වා. දියහිය කිරීමෙහි වත් වෙම් වා.
ඉති ආසී කිරිය.
408 සිදත් සඟරා විවරණය
අර්ථ : මේ ක්රි යායෙහි ප්රසත්යියයෙන් පරවර්තී වැ ‘වා’ ප්රතත්යදයය රුචි යැ.
සරස්වතිය මා ගේ මුඛ තාමරසයෙහි (පද්මයෙහි) විශ්රා්ම ගනී වා.
නරප්රතවරය (නරොත්තමය) (තෝ) විජෘම්භණය වෙහි වා.
(මම) ජගඬිත කරණයෙහි පොහොසත් වෙම් වා. ආශීර් ක්රිවයාව මෙයාකාර යි.
විස්තර : පුරුෂ ත්රයයයෙන් එකෙකැ හෝ උක්ත ප්රආකාර අනාගතාර්ථම තන්නිදර්ශින මාර්ගෂයෙන් නම් නො ලැබේ. ඒ ලැබෙන්නට නම් සිය නියර අනුවැ -
සරසවිය මා මුව තඹරැ ඉස්බෙන්නේ වා නරපවර වැජැඹෙන්නෙහි වා දිය හිය කිරීමෙහි වත් වෙන්නෙම් වා’
යනු වියැ යුතු යි.
ටිප්පණී : 1. ඉස්බේ වා - ‘රක්’ ආදි ගණ අත්: පද ‘ඉසුඹු’ (ඉස්බුම්හි - විශ්රාීමයෙහි) ධාතුයෙන් සිඬ ප්ර ථම පුරුෂ වර්ත මාන එකවචන ආඛ්යාුතය ඉස්බේ යනු යැ.
2. නරපවර - නරප්‍රවරයා. රජ ගැනෙයි එයින්.
3. දිය හිය - දිය නම් ජගත් ලොව (යැ). ‘හිය’ නම හිත (අභිවෘඬිය) යි. ජගඬිත; ලොකාහිවෘඬි.
3. වත් - පොහොසත්.
7.ක්රිරයාධිකාරය 409
7 - 31
මෙ වියූ සව් කිරිය, පෙදෙහි කිරිය කමරුත බැරි වැ විවැකු නම් කම් පස යෙදෙන සේ කරනු.
අන්වය : මෙ වියූ සව් කිරිය පෙදෙහි කිරිය කම් අරුත් බැරි වැ විවැකු නම් කම් පස යෙදෙන සේ කරනු .
අර්ථක : යථොක්ත සකල ක්රිියා පදයෙහි ක්රිියාව කර්මා ර්ථ . හාර වැ විවක්ෂිත වූවාහු (අදහස් කළාහු) නම් කර්මෙ ප්රවත්ය්ය යුක්ත වන ආකාර කරන්නේ යැ.
විස්තර : මේ තාක් දැක්වුණු කර්තෘි කාරක ක්රිමයා කර්මම කාරක ක්රි යා මෙන් දැක්වීමට අදහස් කැරේ නම් කර්මැ කාරක ප්ර්ත්යකය යුක්ත කරන්නේ යැ යනු කියූ නිසා යැ. එ තෙක් දැක්වුණු කර්තෘැ කාරක ක්රිමයා අතරැ අකර්මික ක්රිනයා ද වන බැවින් ‘සව් කිරිය පෙදෙහි’ යනු කියනු නො යෙදෙයි.
ටිප්පණී : 1. වියූ - ‘විය’ (කිවුම්හි) ධාතුයෙන් සිඬ නාම ක්රිදයා (අතිත කෘදන්ත නාම) යි. 2. බැරි - බර ඇතියේ බැරි. තඬිත යි. කම් අරුත් බර (කර්මාර්ථ භාර) බව යි ඉන් ඇහැවුණේ. 3. විවැකු - ‘විවක’ (විවැකීමෙහි) ධාතුයෙන් වූ නාම ක්රි)යා (අතීත කෘදන්ත නාම) යි. අදහස් කළාහු යනු අරුති.
410 සිදත් සඟරා විවරණය
7 - 32
අයුහි දා පස මැදැ ණ පස පිලි පෙරැළි ද අනාවත්මන්හි පිලි පෙරැළි ද මත් වැඩි ද රුසි.
අග මඟ ‘ගිනි කෙලෙස් කැස දැවිණි - සුසිරී වතුරින් ඇණියඟ වැසේ - සසුන් පිරියතැ දානන් විසින් සතර රූ මැවෙන්නේ - මෙ ඈ විමසනු .
අර්ථ : අතීතයෙහි ධාතු ප්ර ත්යඅය මධ්යියෙහි ‘ණ’ ප්රතත්යඅයය (ද) ස්වර විපර්යාසය ද වර්ත.මාන අනාගත වයසෙහි ස්වර විපර්යය ද මාත්රාි වෘඬිය ද රුචී යි.
අග්ර මාර්ගා ග්නියෙන් ක්ලෙශ කච්ඡය හස්ම විණි.
සුචරිත ප්රදවාහයෙන් අණුමාත්ර් වූ පාපය ප්රිච්ඡන්න වේ. ශාසන පර්යින්තයෙහි ධාතූන් විසින් ශාස්තෘ රුපය නිර්මිත කැරෙන්නේ (යැ.)
මේ ආදිය විමර්ශ්නය කරන්නේ යැ.
විස්තර : කර්මක කාරක අතීත ක්රිියා යොජනයේ දී ධාතූ ප්රරත්ය ය මධයෙහි ‘ණ’ කාරය ද ස්වර විපර්යය ද වර්තයමාන අනාගත වයසේ දී ස්වර විපර්ය ය ද මාත්රාම වෘඬිය ද අනුඥාත යි.
රහත් මඟ නමැති ගින්නෙන් කෙලෙස් නමැති ළැහැබ පැලැහිණි. (අර්හන්මාර්ගි නමැති වග්නියෙන් ක්ලෙශ නමැති කච්ඡය හස්ම විණි.) සුචරිත නමැති දගරින් අල්ප මාත්රි (ඉතා කුඩා) වූ පව වැසී යෙයි. සසුන් කෙළවරැ දාවන් විසින් බුදු කය (බුඞ කායය) මැවෙන්නේ (නිර්මිත කැරෙන්නේ) යන නිදර්ශන ද එහි ලා දැක්විණ.
7.ක්රිදයාධිකාරය 411
තත් ප්රනකාශය යි විශාලතම විපර්යාස ප්රඑදර්ශිනය කරනුයේ. කර්ම කාරක ආඛ්යා්තය පිළිබඳ අණුමාත්රය වූ ද අවබොධයෙකැ ඡායා මාත්රුයක් පවා නුවු බව එයින් ප්රයත්යික්ෂ යි.
ආත්මනෙපද කර්මා කාරක භෙදය, ඒ දෙ පක්ෂයෙහි ආඛ්යායත විභක්ති, කර්තෘෙ කාරක කර්මර කාරක දෙකෙහි මැ අතීතයෙහි ධාතු ස්වර අනම්යෙය, ‘බස’ ආදි ගණ අතිත රූප සාධනයේ දී ධාත්වන්ත ව්යවඤ්ජනයට අන්යය ව්යරඤ්ජනයක් ආදෙශ හෝ ආගම හෝ වීම, ඇතැම් කර්මධ කාරක රූප සාධනයේ දී ව්ය ඤ්ජනාගමය යනාදිය පිළිබඳ අනවබොධය සූත්ර පාඨයෙන් පරිස්ඵුට යැ.
ආත්මනෙපද, කර්ම කාරක දෙ කට මැ වනුයේ සමාන විභක්ති යැ.
එකවචන බහුවචන වර්තමාන ඒ එති අතීත ඉණි උණු
‘ගර’ (ගැරුම්හි) ධාතු සකර්මසක යි. එයින් - කර්ම’ කාරක වර්තිමාන : ගැරේ ගැරෙති ,, ,, ගැරිණි ගැරුණු. හෙ (හීමෙහි - වැටීමෙහි) ධාතු අකර්මරක යි. ඉන් - ආත්මනෙපද වර්ත,මාන හේ හෙති
,, අතීත හිණි හුණු.
‘රක්’ ආදි ගණ ධාතු ආත්මනෙපද වු තන්හි අතිත එකවචන බහුවචන දෙකෙහි මැ ‘ඉ’ විබත් ද ගනි. ‘බස්’ ආදි ගණ ධාතු ආත්මනෙපද වූ තන්හි අතීත එකවචනයෙහි ‘ඉ’ විබත් ද බහුවචනයෙහි ‘උ’ විබත් ද ගන්නේ යැ.
412 සිදත් සඟරා විවරණය
‘රක්’ ආදි ගණ ආත්මනෙපද ‘එළඹ’ (එළැඹුම්හි) ධාතු අකර්ම්ක යි. එයින් -
එකවචන බහුවචන වර්තනමාන එළැඹේ එළැඹෙති අතීත එළැඹිණි, එළැඹි එළැඹුණු එළැඹි
‘බස්’ ආදි ගණ ආත්මනෙපද ‘වතුර’ (වැතිරුම්හි) ධාතු අකර්ම ක යි. ඉන් -
එකවචන බහුවචන වර්තනමාන වැතිරේ වැතිරෙති
අතීත වැතිරිණි, වැතිරි, වතිළි, වැතිරුණු, වැතිරි, වතුළු.
කර්ම කාරක, ආත්මනෙපද අතීත විභක්ති විශෙෂය මෙ සේ දන්නේ යැ.
සංස්කෘතයෙහි වූ ගුණ, වෘද්ධි ද සකු, මගද දෙකෙහි ‘ඇ ඈ’ නොවනු ද බලා, ‘ඇ’ යනු ‘අ’ යන්නේ මාත්රාන වෘද්ධිය මෙන් දැක්වුණු නය මැ යැ අනම්යෘය තකා ද කියේ.
‘ දැවිණි’ යනු හුදු කර්මස කාරක ක්රිනයාවෙක් නො වේ. ‘ද’ (දෑමෙහි) ධාතු ‘බස්’ ආදි ගණ ආත්මනෙපද වූ තන්හි අකර්මික යි. එයින් නිපන් කර්තෘ කාරක අතීත එකවචනාඛ්යාතත අතුරින් එකෙකි. ‘දැවිණි’ ද.
‘මැවෙන්නේ’ යනු නාම ක්රිඅයාවෙකි (කෘදන්ත නාමයෙකි). ‘මට’ (මැවුම්හි) ධාතු සකර්මරක අකර්මවක උභය පාක්ෂික යැ; සකර්මනක වූ තන්හි ‘බල’ ආදි ගණ පර: පද ද අකර්මකත වූ තන්හි ‘රක්’ ආදි ගණ අත්: පද ද
7.ක්රියාධිකාරය 413
වෙයි. එ බැවින් කර්තෘ කාරක කර්ම7 කාරක දෙ පක්ෂයට මැ සාධාරණ යැ ‘මැවෙන්නේ’ යනු. භෙදය අඥාන හෙයින් වූ මුළා යැ.
‘වහරැ යෙදෙන සේ යොදනු, මෙ ඈ විමසනු යනුයෙන් වියරණ උගන්වන්නට නම් වෛයාකරණයෝ අනවශ්ය යෝ යැ.
ටිප්පණි : 1. පිලි පෙරැළි - ස්වර විපර්ය. ‘පිලි’ යනු ස්වර යැ. ’පෙරැළි’ නම් විපර්යාස යි. 2. අනාවත්මන්හි - අනාගතයෙහි වර්තෝමානයෙහි යනු යූ සේ යැ. යහපත් නො වේ. අතිතයට ඉක්බිතිත වනුයේ අනාගතය නො වෙයි; වර්ත්මානය යි. එ බැවින් අයු වත්මන්. අනා යනු යැ නියර. 3. මත් වැඩි - මාත්රාන වෘඩිය. නැමියාව (අනම්ය ය) සඳහා යූ සේ යැ. 4. අග මඟ’ගිනි - අග මඟ අගිනි. රහත් මඟ නමැති ගින්නෙන්. ‘අග’ යනු අග්ර (උත්තරිතර) යැ. ‘මඟ’ නම් මාර්ග ය යි. අග්රයමාර්ග් යනුයෙන් එයින් අභිමන වූයේ රහත් මඟ (අර්හන්මාර්ග්ය) යි. රහත් මඟට (අර්හන්මාර්ග යට) පැමිණියාහු සකල ක්ලෙශයන් ප්ර්භීන කෙරෙත් යනු දහම් බැවින් ‘අග මඟ’ ගිනි කෙලෙස් කැය දැවිණි’ යි කියැවිණ.
‘දිනසුරු බස පුබුදු අග තෙක් ගුණෙන් පිරිසුදු කෙමි දුළන ළෙන් ඉදු වඳිමි මහ සඟ තඹුරු කැල බඳු’ යි
සිරි රහල් මාහිමියෝ ද ‘අග’ යනුයෙන් රහත් අරුත් දකිත්.
414 සිදත් සඟරා විවරණය
5. කැස - කච්ඡය; ළැහැබ; පඳුර. රාග, වෙෂ, මොහාදි ක්ලෙශ කච්ඡයෙක් (ළැහැබෙක්) නම් රහත් මඟ එය දවන ගින්න යි.
‘සෙවි සුවිමල් සවග පළ කළ මහ වියත් මඟ කෙලෙස’ග නිවු නිසග වඳිමි සදහම් බාරුසී ගඟ’යි
කෙලෙස් ගිනි සෙයින් දැක්විණ කාව්යනශෙඛරයෙහි.
6. දැවිණි - ‘දා’ (දෑමෙහි) ධාතුයෙන් නිපන් අත්: පද අතීත එකවචනාඛ්යාිත යි. ‘බස්’ ආදි ගණ අකර්ම)ක ‘දා’ ධාතු - දැවේ - දැවෙති - දැවිණි, දැවි, දැඹි, දම්, දඹ - දැවුණු, දැවි, දඹු, දම්, දඹ ඈ විසින් වරනැඟේ
‘දැවිණි, දැවුණු, නික්මිණි, නික්මුණු’ යනාදි ආත්මනෙපද රූප ද - ‘ගැරිණි, ගැරුණු, රැකිණි, රැකුණු, යනාදි කර්මන කාරක රූප ද - දැවිණ, දැවුණ’ නික්මිණ, නික්මුණ - ගැරිණ, ගැරුණ, රැකිණ, රැකුණ ඈ විසින් සිටී ස්වරාදෙශයෙන්.
‘ධාතු ප්රශත්යගය මධ්ය්යෙහි ‘ණ’ ප්රුත්යණයය ද ස්වර විපර්යාසය ද’ යනු මොඝ ප්රුකාශ යැ.
7. ඇණියඟ - අල්පමාත්රු පාපය (ඉතා මැ සුළු පව) යන අරුත්හි යෙදිණ.
8. පිරියතැ - පර්යන්තයෙහි ; කෙළවරැ .
9. දානන් - ධාතූන්.
10. සතර රූ - ශාස්තෘ රූපය. බුඬ කායය (බුදු කය) කියැවේ එයින්.
7.ක්රිබයාධිකාරය 415
7 - 33
මෙහි අරුත් වියකන වරැ ලබ දා යොදනු රුසී.
අර්ථ : මේ කර්මස කාරක ක්රිගයායෙහි අර්ථි ව්යා ඛ්යා න වාරයෙහි ලබ ධාතු යොජනය අභිමත යැ.
විස්තර : කර්මද කාරක ක්රි යා පිළීබඳ අර්ථය කථනයේ දී ‘ලබ’ යනු යෙදුව මනා බව යැ එයින් අනුදැනුණේ එ සේ කිව ද ඒ නො යෙදේ.
බුදුන් විසින් දහම් දෙසනු ලබා බුදුන් විසින් දහම් දෙසනු ලැබේ. බුදුන් විසින් දහම් දෙසනු ලැබිණි. බුදුන් විසින් දහම් දෙසන ලදි යනු
කර්මන කාරක නයින් ගන්නට කී නියා යැ. බොහෝ දෙනා එ මැ කර්ම් කාරක වාක්ය කොටැ සලකත්. එහෙත් එහි වනුයේ කර්තෘැ කාරක රූප මැ යැ.
‘ලබ’ ධාතු ‘බස්’ ආදි ගණ අත් : පද වූ තන්හි - ලැබේ - ලැබෙති - ලැබිණි, ලැබී. ලදි, ලද - ලැබුණු, ලැබී, ලදු, ලද යන කර්තෘර කාරක රූප සිඬ යැ.
‘ලැබේ - ලැබෙති - ලැබිණි - ලැබුණු’ යන කර්මය කාරක රූප ද වෙයි.
හෙළ බස් සක්විති ගුරුළුගෝමීහු ‘මම් මෙ තන් පටන් ගෙනැ තොප දක්නා නො ලැබෙමි’ යනු අමාවතුරින් පෙන්වති.
‘වහන්සේ දන් නො ලැබෙති’ යනු පූජ්යන ධර්මොසෙන ස්වාමින් විසින් සඞර්මහරත්නාවලියෙන් පෙන්වන සැටි යි.
416 සිදත් සඟරා විවරණය
7 - 34
නිතැතින් සැපැයෙන කතු අරුත් හට ද
මෙ පස රුසී. බැබැළිණි ඈ ගි.
අර්ථ : නිරුත්සාහයෙන් සැපැයෙන්නා වූ කර්ත්ර්ර්ථයට ද මේ ප්රසත්යයය රුචි යි.
බැබැළිණි ආදි ආකාර යි.
විස්තර : නිරුත්සාහ ක්රියයාව යි එයින් ඇඳින්වුණේ. එහි දු කර්මය කාරක ප්ර්ත්යරයය මැ අනුදන්නා ලද. ‘බැබැළිණි’ යනු නිරුත්සාහ ක්රි්යා නො වේ. ආත්මනෙපද ක්රි්යා යැ. එහි අවබොධය නොලද බැවින් කැරුණු සාවද්යහ ප්රිකාශයෙකි.
7 - 35
‘කුසුල් තෙමෙ බිඳේ’ – මෙ ඈ තෙමෙ කතු තෙමෙ කම් නම්.
අර්ථ : කුශුලය තෙමේ භෙද වේ.
මේ ආදිය ස්වයං කර්තෘු ස්වයං කර්‍ම නමි.
‘බිඳේ’ යන ක්රි්යාවට කර්තෘර වූයේ ද කර්මප වූයේ ද ‘කුසුල්’ යනු යැ සලකා කියැවිණ.
විස්තර : ‘බිඳ’ (බිඳුම්හි) ධාතු පරස්මෛපද ආත්මනෙපද දෙකෙහි මැ කෙවල සකර්මික යැ. එ බැවින් එ කී පරිදි වීමෙක් වහරින් නො පෙනේ. සංස්කෘතයෙහි ‘ස්වයං’ යනු බලා කරන ලද ප්රමකාශයක් වනැ.
7.ක්රි්යාධිකාරය 417
මයුර සන්දෙ ශකාර කවීශ්වරයෝ -
‘ස ඳා නැගෙන බලනෙ’ව් තුරු කොළ’තුරිනි එ දා නිසඹු තොමො තම හට සැක වෙමිනි ස දා සිතින් බොරු තතු හිමිට පාමිනි ස ඳා වෙල සහල ‘ඟුරු මැඬැ නිවු වැනි’
යනු කියත්. එහි ’තොමො’ යනු වාක්යියෙහි උක්තය නොදක්වන බැවින් ‘ස්වයං’ යනු වැනි යැ. ‘තොමො තම හට සැක වෙමිනි’ යනු නිපාත ප්ර යොග සෙයිනි එහි ගැනෙනුයේ.
ටිප්පණී : 1. කුසුල් - කුශුලය. කොටුවට නමි.
7 - 36
විදි විසාහි කරනු - බොජනු ඈ වේ.
අර්ථ : විධි ක්රිුයා විෂයයෙහි කරනු - බොජනු ආදිය වෙයි.
විස්තර : එයින් කියනුයේ කර්ම කාරක විධි ක්රිනයා ද? එ සේ නම් දුන් නිදසුන් නො යෙදෙයි; කර්තෘ කාරක බැවිනි.
7 - 37
මෙහි නු පස රුසී.
අර්ථ : මේ විධි ක්රිැයා විෂයයෙහි නු ප්රබත්යඑයය අභිමත යි.
27
418 සිදත් සඟරා විවරණය
විස්තර : විධානාඛ්යා තයෙහි ‘නූ’ ප්ර ත්ය යය නො යෙදේ; යෙදෙනුයේ කර්තෘ, කර්‍ම, භාව යන නාම ක්රිවයා විෂයයෙහි යැ.
බලනු බෙමෙනු බැණෙනු යනු නිදසුනි.
කර්මන කාරක විධාන අව්යාහාර බැවින් නිරර්ථ කථන යැ.
7 - 38
හව් තන්හි යෙදෙන සේ බුහු බස් සලසනු. ඉති කම් කිරිය.
අර්ථ : සකල ස්ථානයෙහි යුක්ත වන ආකාර බහුවචන සම්පාදනය කරනු.
විස්තර : කර්මන කාරක ක්රි යාව මෙයාකාර යි.
කර්මත කාරක එකාර්ථ විනා බහ්වර්ථ කථනය නිදර්ශයන නුවු බැවින් එ සේ පැවැසිණ.
‘අර’ (ඇරුම්හි) ධාතුයෙන් සිද්ධ කර්ම කාරක රූප -
එකවචන බහුවචන වර්තමානයෙහි : ඇරේ අැරෙති අතීතයෙහි : ඇරිණි ඇරුණු යනු යැ. හැම තන්හි මෙ මැ නය යි.
7. ක්රි්යාධිකාරය 419
වර්තමාන බහ්වර්ථයෙහි ස්වර ලොපයෙන් ‘ඇරෙත්’. යනු දු අතීත එකාර්ථ බහුවාර්ථ දෙකෙහි මැ ස්වරාදෙශයෙන් ‘ඇරිණ, ඇරුණ’ යනු දු වේ.
ටිප්පණී : 1. හව් - සව්; සර්වඇ, සියලු යන අරුත්හි ‘සව්’ යනුයෙහි ‘ස’ කාරයට ‘හ’ කාරාදෙශ වැ ‘හව්’ යනු සිදු යැ.
‘සි ව් වත වන් සව් සත ඇති කරවන් ට හ ව් නෙත වන් හව් රුපු දිරි සිඳුවන් ට ලෙව් සිතු වන් සිව් සඟරා වත දෙන් ට දෙ ව් හිමි වන් දෙව් තුර පුර සරහන් ට’
යන තන්හි ‘සව් රුපු’ යනු ‘හව් රුපු’ යනුයෙන් ගනු මයුර සන්දෙශ කාර කවීශ්වරයෝ ද රුසිත්.
7 - 39
තෙ කලැ තෙ සදැ රූ
නොවෙන් වන හොත අනියම්
අරුතැ කල් අරුතැ හොත කිරිය ‘සබහව් නම් වේ.
අන්වය : තෙ කලැ තෙ සදැ රූ නොවෙන් වන අනියම් අරුතැ හොත කල් අරුතැ හොත කිරිය අසබහව් නම් වේ.
අර්ථ : කාල ත් අයයෙහි (ද) ශබ්ද ත්රෙයයෙහි (ද) රූප අභෙද වන්නා වූ අනියමාර්ථයෙහි හෝ කාලාර්ථයෙහි හෝ ක්රියාව අසම්භාව්යන නාම යැ.
420 සිදත් සඟරා විවරණය
විස්තර : කාල ත්ර යය පුරුෂ ත්ර යය යන මෙහි වෙනසක් නැති වැ අනියමාර්ථ, කාලාර්ථ දෙක්හි යෙදෙන ක්රි යාව අසම්භාව්ය නාමයෙන් දැක්විණ.
කාල ත්ර්යයෙහි නෙසක් නැති බව කිමේ අවුලක් නුවුව ද පුරුෂ ත්ර යයෙහි වෙනසක් නොවන බව කීමේ දී අවුලකට ඉඩ වැඩෙයි. අසම්භාව්ය ක්රිසයායෙන් ඇඟෙන ක්රිුයාව කරන්නවුන් දක්වන නාමය ගන්නා විබත කි නම් දැ යි නො දැක්විණ. එ හෙයිනි අවුලට ඉඩ වැඬෙනුයේ. එය නොදැක්වීම වරදෙකි.
අසම්භාව්ය ක්රි යායෙන් ඇඟෙන ක්රියාව කරන්නවුන් දක්වා ලන නාමය දෙ වන විබත් ගැනීම යැ නියර.
රජු නිඳතු සතුරා මාළිගයට වනි රජුන් යුද වදුතු දේවීහු වැලැපුණු තා අද නටන් මම බෙර වයමි තොප ගී ගයත් අපි කන් නමමු අප කවි සෙවියැ දී කුකිවියෝ ඉවත් වෙත් යනු සලකන්නේ යැ.
7 - 70
මෙහි ත පස රුසී.
අර්ථ : මේ ක්රියයායෙහි ත ප්රකත්යයය රුචි යි.
විස්තර : ප්රයතිෂ්ඨා රහිත ප්රරත්යයයයක් මැ නිවෙදනය කිරීම යි විස්මය නම්. එ කී ත පස එහි නො රුසී. සකල ධාතුන් කෙරෙන් යෙදෙන ප්රැත්යීය ත්ර්යයෙක් එහි ලැබේ. ‘තු, අ, ඉයැ, යනු යැ.
7.ක්රි යාධිකාරය 421
‘තු’ - කර්තෘ කාරක පරස්මෛපද - බල + තු = බලතු ,, - ,, ,, ආත්මනෙපද - බම + තු = බෙමෙතු ,, - කර්ම ,, - බල + තු = බැලෙතු ‘ඳ’ - කර්තෘ කාරක පරස්මෛපද - බල + අ = බැලුව
,, - ,, ,, ආත්මනෙපද - වට + අ = වැටුණු + වැටුණ ,, - කර්ම ,, - බල + අ = බැලුණු + බැලුණ
‘අ’ ප්ර ත්යයය පර කල්හි ධෘතුව අතිත ප්ර ථම පුරුෂ බහුවචන ආඛ්යාටත රූපය ගන්නා සැටි යි ඒ පෙනෙනුයේ.
‘ඉයැ’ - ප්රයත්යපයය පර කල්හි ධාතු ස්වරය අනම්යු ද වේ.
බල + ඉයැ = බැලියැ
‘පිහිට’ ධාතු ස්වරය පමණක් අනම්ය නො වේ.
පිහිට + ඉයැ = පිහිටියැ
‘බම’ ආදි ‘බණ’ ආදි ධාතු ස්වරය පර රූප ද ගනී.
බම + ඉයැ = බිමියැ බණ + ඉයැ = බිණියැ
‘කිය - පිය’ ආදි ධාතුවලැ ‘ඉයැ’ ලොප් වේ.
කිය + ඉයැ = ක් + ඉයැ = කියැ පිය + ඉයැ = ප් + ඉයැ + පියැ
ලිය - විය - හුය - සොය ආදි ධාතුවලැ ‘ය’ කාරයට ‘ව’ කාරාදෙශය වෙයි.
422 සිදත් සඟරා විවරණය
ලිය + ඉයැ = ලිවියැ විය + ඉයැ = විවියැ හුය + ඉයැ = හිවියැ (ඉවියැ) සොය + ඉයැ = සෙවියැ
‘තු’ ප්‍රත්යයයයෙහි ස්වර ලොපය ද වේ. බලතු = බලත් එ සේ වූ තන්හි ‘අ’ කාරයෙක් ද වෙයි. බලත් + අ + බලත
‘ඉයැ’ ප්ර ත්යබයයෙහි පද භෙද කාරක භෙද ආදිය නො වේ.
7 - 41
නොබැරි තැතැතියනපවග යත - වනත බැරි මුනි ගුණ සියල් - උරදා කල් කරත ඔසුනි තන පා රඳවන් - මෙ ඈ ගි.
අර්ථ : උත්සාහවන්තයන් නිර්වා-ණයට (අපවර්ගයට) ගමනය කරත් හොත් අහාර (අදුෂ්කර) යැ.
සකල බුද්ධ ගුණය වර්ණනය කරත් හොත් හාර (දුෂ්කර) යි.
ඖරස ප්ර්ත්ර යා කාල ක්රියයා කරන කල්හි ඖෂධයෙන් ස්තන ක්ෂීරය නිවර්තනය කරනු. මේ ආදි ආකාර යැ.
7.ක්රි්යාධිකාරය 423
විස්තර : ඉඳුරා නො වෙසෙසුණ ද ‘යත, වනත’ යනු අනියම් අරුත්හි ද ‘කරත’ යනු කල් අරුත්හි ද යෙදුණු සේ යැ එයින් පෙනෙනුයේ. ‘කරත’ යන්නෙහි අනියම් අරුත් ද වෙයි.
එ තන්හි ‘කාල ක්රිෙයා කරත් හොත්’ යනු දු එයින් ලැබේ. හිර බසිත පියුම් හැකිළේ යන තන්හි බසිත යනු මෙන් නියත කල් අරුත ‘කරත’ යනු නො දේ. අනියමාර්ථප නියත වන තන්හි ක්රිේයා පර වැ දු, හොත්. හොත්නි, හොතින්. හොතින යනාදිය ද යෙදේ. නියමාර්ථ, නියත වන තන්හි ක්රිියා පර වැ ‘මැ’ නිපාතය ද වෙයි.
සුදනා හොඳ කරතු දු දුදනා නොහොඳ කෙරේ ඔබ දන් දෙත හොත් මසුරු සිත් දුරු වෙයි රැසට වැඩ වනුයේ බසට තැන දුන හොතිනි දහමට ඉඩ ලැබුණ හොතින් අදහමට ඉඩ අඩු යැ ගඟට බට හොතින කිඹුල් උවදුරු නුදුරු වේ. බවුන් වඩත් මැ සිත දැමේ යනු සැලැකුව මනා යැ.
ටිප්පණි : 1. තැතැ’තියන’ පවග - තැන් ඇතියන් අපවග. 2. උරදා - උරොජාත. ඖරස පුත්රැ. තමාට මැ ජාතක වූ දරුවා යැ එයින් ගැනෙනුයේ. 3. කල් කරත - ‘කාල ක්රි.යා කරන කල්හි’ යන අර්ථක දානයෙහි ඒ අසමර්ථය යැ; සමර්ථා නම් -
කල් මරත යනු
424 සිදත් සඟරා විවරණය
කාල ක්රි යා මාරණය කරන කල්හි යන අර්ථ දානයෙහි අසමර්ථය වේ ද? එ අරුත්හි ‘කල් කිරිය කරත’ යනු පිරිමස්නා සේ යැ පෙනෙනුයේ. කාල ක්රිුයාර්ථායෙහි ‘කළුරිය’ යනු යැ වහරෙහි වනුයේ. ‘කාල’ යනුයෙන් යමයා (මාරයා) ගැනෙයි සකුයෙහි. කියත් මැ නො මහා කවි දණ්ඩීහු -
‘බ්රයහ්මාණ්ඩච්ඡත්රය දණ්ඩඃ ශතධෘති භවනාම්හොරුහො නාල දණ්ඩඃ ක්ෂොණීනෞ කූප දණ්ඩඃ ශරදමරසරිත්පට්ටිකා කෙතු දණ්ඩඃ ජ්යොරතිෂ්චක්රාදක්ෂ දණ්ඩඃ ත්රිරඟුවන විජයස්තම්භ දණ්ඩොඩ්ඝ්රිර දණ්ඩඃ ශ්රෙරයස්ත්රෛජ වික්රදමස්තෙ විතරතු විබුධවෙෂිණාං කාල දණ්ඩඃ
යනු දශ කුමාර චරිතයෙහි.
මාරයා ගේ ක්රිචයාවක් හැටියට යි මරණය සැලැකෙනුයේ. කාල ක්රිීයා නම් මාර ක්රිියා යැ එයන්. ‘කාල ක්රි.යා’ යනු (කළු + කිරිය) කළුරිය යනුයෙන් වහරට වැටුණු නියා යැ. එයින් මරණය කියන තන්හි කළුරිය කළ, කළුරිය කෙළේ යනු යෙදෙන සේ සැලැකියැ හැකි යැ. 4. ඔසුනි - ඔසුයෙන්; ඖෂධයෙන්. 5. තන පා - ‘තන’ නම් ස්තන (පයොධර) යැ. ‘පා’ නම් කිරි (ක්ෂීර) යැ. ‘තන කිරි’ කියැවිණ ඉන්.
‘සත පා සයුර නඳ පිනිපා කම් අසර
සර පා සෙයින් මල්සර පා කරන දුර
රන පා කෙසර තෙල් මුනි පා දහම්දර
යති පා තඹර වර පිනිපා කර මොනර’
7.ක්රි(යාධිකාරය 425
යන තන්හි ‘පාසයුර’ යනු කිරි සයුරු අරුත්හි යෙදිණ. මයුර සන්දෙ ශ කාර කවිශ්වරයනට ද ‘පා’ යනුයෙන් ක්ෂීරය අභිමත යැ එයින්.
7 - 42
ලෝ විසා නො සිතියැ හැකි - බවුනින් මොක් දැක්කැ හැකි - සස් කිව යෙහෙකි - සුසිරි කළ මැනැවි -
මෙ ඈ ද අසබහව්හි යෙදේ.
අර්ථ : ලොක විෂය චින්තනය නො කරත් හොත් හැක්කේ යැ.
භාවනායෙන් මොක්ෂය දර්ශිනය කරත් හොත් හැක්කේ යැ.
සත්යාය කථනය කරත් හොත් යහපතෙක් වේ.
සුචරිතය කරත් හොත් මනා යැ.
මේ ආදිය ද අසම්භාව්යනයෙහි යොජනය වේ.
විස්තර : ලොක විෂය අචින්ත්යන යි. යනු සම්මත බැවින් ‘නො සිතියැ හැකි’ බවක් පුනා කියනු කුමට යැ.
ටිප්පණි :
1. ලෝ විසා - ‘විසා’ යනු ඉසවුව (සීමාව) යන අරුත්හි වේ. ලෝක සීමාව යනු ඉන් ගැනෙයි. 2. සිතියැ - සිතත් හොත්.
426 සිදත් සඟරා විවරණය
3. දැක්කැ - දකුත් හොත්. දක් + ඉයැ = දැකියැ = මධ්යල ස්වර ලොප, ව්ය ඤ්ජන පූර්ව රූප යන මෙයින් දැක්කැ. නිදර්ශැන කළ යුතු ‘දැකියැ’ යන ප්ර කාති රූපය යි. 4. සස් - සත්යවය ; සැබෑව. 5. කිව - කියත් හොත්. කිය + අ = කී + අ = කිව. කිය + අ = කියු + අ = කියුව. ‘කිය’ (කියුම්හි) ධාතුයෙන් ‘කියු’ ‘කී’ යන ප්රයථම පුරුෂ බහුවචන රූප දෙක මැ ලැබෙන බැවින් ‘කිව’ කියුව’ යන අසම්භාව්ය රූප ද්වයය ද වෙයි. 6. කළ - කරත් හොත්. කර + අ = කළ 7. මැනැවි - මනා මැ මැනෑ. තඬිත යි. මනා + යි = මැනෑ + යි = මැනැ + ඉ = මැනැවි. අමා වතුරු කරු භාෂා චක්ර වර්ති ගුරුළුගෝමි පාදයෝ යක්ෂයා මුඳුනෙහි ඇඳිලි බැඳැ සිටියහු දැකැ, “මහ යක, මේ රජ කුමරුවා තට බිලියම් සඳහා ඇළියෙ යැ. මොහු කත් මනෑ මැ යැ; බොත් මැනෑ මැ යැ. තට රිසියෙන්නක් කරා” යි ඇරැ දුන්හු’ යනු අළවු යක් දමනයෙහි පවිත්.
7 - 43
පස යෙදෙන සේ සලසනු.
අර්ථ : ප්ර ත්ය ය යෙදෙන්නා වූ අයුරින් සපයන්නේ යැ.
විස්තර : අසම්භාව්යත ක්රි යා ප්රයත්යනය ඒ ඒ තැනට නිසි පරිදි යෙදීම එයින් කියැවිණ. නිදසුන් නො දක්වා එ පමණක් මැ කියා නැවැත්තා නම් යැ මනා.
7.ක්රිවයාධිකාරය 437
7 - 44
එකකතු කිරියනෙන් - පෙර කිරියට ඇ ආ ඊ ඉන් ලා යුතු ද වියුතු ද - මුසු බැවැ මින් මින මනි ද.
අන්වය : එකකතු කිරියනෙන් පෙර කිරියට ඇ ආ ඊ ඉන් ලා යුතු ද වියුතු ද, මුසු බැවැ මින් මින ම්නි ද (වෙයි).
අර්ථ : එකකර්තෘුක ක්රිියාවන් ගෙන් පූර්වා ක්රිුයාවට ඇ ආ ඊ ඉන් (යනු) ලා යුක්ත (වැ) ද වියුක්ත (වැ) ද, මිශ්රට භාවයෙහි මින් මින මිනි (යනු) ද (වෙයි.)
විස්තර : කිරිය එක් කතු සතු (ක්රිවයාව එක කර්තෘම සන්තක) කලැ පෙර කිරියට (ප්රරථම ක්රිුයාවට) ‘ලා’ යනු ඇති වැ හෝ නැති වැ හෝ ඇ ආ ඊ ප්රිත්යපය වන බව ද මුසු (මිශ්රැ) වූ කලැ මින්, මින ම්නි යන ප්රආත්යරය යන බව ද එයින් දැන්විණ.
ගොවියා පැල් රැකැ ගෙදරැ එයි හරකා වරකා කා ලගි බිලිඳා කිරි බී නිඳයි. සිඟන්නා සිඟමනේ ගොසින් නසී මැඬියා නයා දැකැ ලා වෙවුලා දුව මල් නෙළා ලා මවට දෙයි උවසුවා පින් දීලා දන් ගනී දරුවා පන්සල් ගොසින්ලා බුදුන් වඳී දැහැමියා සිල්රකිමින් තුසී සතුරා බිය පියමින ළැඟේ.
428 සිදත් සඟරා විවරණය
අහස ගුගුරන සැඬයා සැසැලෙමින් ගෙට දුවා යනු එ කී නයින් පෙර කිරිය මුසු කිරිය දෙ පසට නිදසුන් වේ. පූර්වෙ ක්රි යා ප්රිත්ය ය තුනෙකි වහරෙහි වනුයේ. ආ ඇ ඊ යනු යැ ඒ. බලා රැකැ නැසී යනු එ මැ යෙදුණු සැටි යි. සිදත් සඟරායෙහි පස අටක් (ප්රාත්යරයාෂ්ටක) දැක්වුණේ එකාන්ත අනවබොධයෙනි. ‘ඉන්’ යනු ‘ඉනි’ ප්රැත්යනය තකා යු සේ යැ.
‘ය’ (ගමන්හි) ධාතුයෙන් ගොස්, ගොසින්’ යන නිපතිත පූර්වක ක්රිහයා යැ ලැබෙනුයේ. ‘ගොසිනි’ යන තන්හි ප්ර ත්යපයාන්ත ස්වර ලොපයෙන් ‘ගොසින්’ යනු වෙයි. එ මැ පිහිට කොටැ ‘ඉන්’ පස කියැවිණ.
කියා ලා කැරැ ලා පිපී ලා ගොසින් ලා
යන තන්හි වනුයේ එ කී ‘අලා, ඇලා, ඊලා, ඉන්ලා ප්රසත්යෙය නො වේ. එ තන්හි ‘ලා’ යනු වෙන මැ පූර්වට ක්රිඉයාවෙකි.
පොත අල්මාරියේ ලා තබමි බෙල්ලේ ලා ගත් මාලය කොහි ද යන තන්හි ඒ පූර්වල ක්රිායාව තනි වැ යෙදුණු සැටි යි පෙනෙනුයේ. සරල වැකියෙකැ ද පූර්වි ක්රි යා දෙකක් යෙදෙන සැටි වහරින් පළ යැ.
දරුව ගි ගයා ලා යව යන වැකියෙහිත් දරුව ගි ගයා යව යන වැකියෙහිත්
අරුතින් මඳ වූ ද වෙනසෙක් නො වේ.
7.ක්රිරයාධිකාරය 429
මුල් වැකියේ ගයා ලා යන්නෙහි ලා යනු අමුතු අරුතක් නො දේ; කිසි යම් පිරුමක් පමණක් කෙරේ.
නැ ඟැ ලා බැහැ ලා හැපී ලා වැටී ලා
යනාදියෙහි ලා යනු ද එ සේ මැ යැ.
කඩා ගෙනැ බිඳැ ගෙනැ මැරී ගෙනැ ගසා දමා ඇදැ දමා මරා පියා බැඳැ පියා යනු ද වහරෙහි වන බැවින් ගෙනැ, දමා, පියා යනාදිය ද සිදත්නයින් පස (ප්ර ත්ය ය) වියැ යුතු යැ, එ ද කපා ලා යන තන්හි ලා යනු මෙන් පුරණ මාත්ර්යෙකැ විනා විශෙෂාර්ථනයෙකැ නො යෙදේ. එ බැවින් එ සේ යෙදෙන ලැ, ගෙනැ, දමා, පියා යනාදිය නිරර්ථනක යැ.
ඇතා ගොවුවා මරා පලයි
යන වැකියෙන් ඇතා පලා යෑමට පෙරැ ගොවුවා මැරූ බව ඇඟැවෙන බැවින් අතීතාර්ථ යි.
ළමයා පොත බලා සිටී.
430 සිදත් සඟරා විවරණය
එයින් ඇඟැවෙනුයේ ළමයා පොත බැලීම නිමවා සිටීම නො වේ; බලමින් සිටුනා බව යි. එහි ලා බලමින් යනුත් යෙදේ. එ බැවින් බලා යනු වර්තනමානාර්ථයෙහි පූර්ව ක්රි යා යැ.
ගොවියා දිය රඳවා වෙහෙලි බඳී.
දිය රඳවනුව (ගොවියා) වේලි බැඳි බවෙකි එයින් ඇඟැවෙනුයේ. එ බැවින් රඳවා යනු අනාගතාර්ථක යි.
ගොනා කොටියා දැකැ ද හිඳී
කොටියා දකිතුදු යන අරුත එයින් ලැබේ. දකිතු යනු ආවස්ථික නිපාත (අසම්භාව්යු) ක්රිබයා බැවින් තදර්ථ දැකැ යන පූර්ව ක්රිනයාව ආවස්ථීකාර්ථ යැ.
සුළඟ හමා පහන නිවේ.
පහන නිවීමට, සුළඟ හැමීම හේතු වූ බැවින් හමා යනු හෙත්වර්ථ පූර්වං ක්රිඳයා යැ.
නළුවා නැටුම තර වැ හසළේ යැ.
තිර වන පරිදි හසළේ යැ යනු අරුති. වැ යනුයෙන් හසළ අයුරු ඇඟැවෙන බැවින් ප්රදකාරාර්ථ යි. සුළඟ හමා පහන නිවේ ගඟ ගලා ගම යට විණි
යන තන්හි හැමීම කරනුයේ සුළඟ යි, ගැලීම කරනුයේ ගඟ යි. එ වන් තන්හි පූර්වම ක්රි යාව හින්න කර්තෘුක යැ. සම්බන්ධ වන කර්තෘරහු ගෙන් හින්න (වෙනස්) වන කර්තෘහු ලැබෙන හෙයිනි. ඉන් බැහැරැ තන්හි පූර්වත ක්රිහයාව සමාන කර්තෘවක යැ.
7.ක්රි.යාධිකාරය 43
මිශ්ර ක්රිකයා සාධනයෙහි ‘මිනි’ ප්රුත්යරයය යෙදේ. ප්ර කෘතිය එය වුව ද නිදර්ශ න කැරුණේ එහි විකෘති යි. මිශ්ර් ක්රියයායෙහි ද පුර්වව ක්රිරයායෙහි මෙන් මැ ෂඩර්ථශ වෙයි.
මහල්ලා රියට යට වෙමින් නසී. රියට යට වී යනු හා සරි බැවින් අතිතාර්ථ යි. ළමයා අඬමින් දුවයි. ඇඬීම ද දිවීම ද එක් වරැ කැරෙන බැවින් වර්තයමානාර්ථම යි.
ගොවියා නියර බඳිමින් ගමන් වළක යි.
නියර බඳිනුව ගමන් කළකා යන්නට සමාන හෙයින් බඳිමින් යනු අනාගතාර්ථු යි. මුවා වැද්දා දකිමින් ද හිඳී.
වැද්දා දකිතුදු හිඳී යනු අරුත් වන හෙයින් එහි දකිමින් යනු දකිතු යන්න හා සරි යැ. එයින් ආවස්ථ්ර්‍කාර්ථ යැ.
ගලේ හැපෙමින් රිය හැරිණ.
ගලේ හැපීම නිසා යැ රිය හැරුණේ. එ බැවින් හැපෙමින් යනු හෙත්වර්ථම යි. සොරා ගෙහිමියනට පෙනෙමින් සිටී.
පෙනෙන අයුරු සිටී යනු හා සමාන යැ. පෙනෙමින් යනු ප්රෙකාරාර්ථ් යැ ඉන්.
ටිප්පණි : 1. එකකතු - එකකර්තෘ ක. දැරිය තෙරුවන් පුදා යෙයි.
යනු එකකර්තෘනක යැ. පිදිම, යෑම යන දෙක මැ දැරිය ගෙන් කැරුණු බැවිනි.
432 සිදත් සඟරා විවරණය
හිර පායා අඳුරු දුරු වේ යන තන්හි එ සේ නො වේ.
2. කිරියනෙන් - කිරිය + එන් = ‘න’ කාරාගමයෙන් කිරියනෙන්.
7 - 45
ඇ - බව’ ණවු තැරැ යහ විඳිත්. ආ - පැරැම් පුරා බුදු වු. ඊ - ගිරිනිල් මල් කැනෙකැ යි සැකී. ඉන් - පවිටු කොබැ ගොසින් රැකේ. ඇලා - දිටුමඟුල් මතඟු දැකැලා නැවැත්. ආලා - බමර පොසොන් පතරැ මී බිලා යේ. ඊලා - බමර පොසොන් පතරැ මී බිලා යේ. ඉන්ලා - සග යහ ගොසින්ලා නහමවු.
අර්ථ : හවාර්ණගවය තරණය කොටැ සුඛානුභව කෙරෙත්.
පාරමි පූරණය කොටැ තථාගත වූ හ.
ගින්නෙර පුෂ්පස්තවකයෙකැ කියා ශඩ්කිත වැපාපිෂ්ඨයා කවර ස්ථානයෙකැ ගමනය කෙරෙමින් රක්ෂිත වේ ද?
දෘෂ්ටමඞ්ගලිකාව මාතඞ්ගයා දර්ශිනය කොටැ ලා නිවෘත්ත වූ.
කර්තටව්යාය පරික්ෂා කොටැ ලා කරන්නේ යැ.
භ්රතමරයා ප්රයසූන සමූහයෙහි මධු පානය කොටැ ලා ගමනය කෙරේ.
7. ක්රිගයාධිකාරය 433
ස්වර්ග සම්පත්තිය ගමනය කොටැ ලා නිරීක්ෂණය කරවු.
විස්තර : සූත්රම මාර්ගරයෙන් කථිත පූර්ව ක්රිකයා ප්රගත්ය ය සම්බන්ධ නිදර්ශ න යැ එයින් දැක්වුණේ. ප්රරත්ය්ය විස්තර යටැ කියැවිණ.
ටිප්පණී : 1. බව අණවු - භවාර්ණරවය ; සසර (සංසාරය - භවය) නැමැති සයුර (සාගරය). ‘අණවු’ යනු සයුරට නමි.
2. තැරැ - ‘තර’ (තැරුම්හි) දයින් වූ පූර්වය ක්රි යා (අතීත නිපාත ක්රිැයා) යැ. ‘තරා’ යනු යැ වඩා නිසි.
3. පැරුම් - පාරමි. දශ පාරමිතා නාමයෙන් ගන්නා පැරුම් දම් එයින් ඇඟවිණ. එ අරුත්හි ‘පෙරුම්’ යනු නො සිටී. ෙපර’ (පෙරීම්හි) ධාතුයෙන් සිඬ භාව නාම ක්රිුයා යැ පෙරුම් නම්. ‘පැරුම් පුරා බුදු වූ’ යන තන්හි ‘වූ’ යනුයෙන් ‘මහසත්හු’ යනු උක්ත යි. බෝසත්හු හො යැ. එ තන්හි උක්තය අධ්යානහාර යි.
4. සැකී - වාක්යයය අසම්පූර්ණ. යැ. සැක කොටැ කිමෙක් කැරිණි ද යනු නොඇඟැවෙන බැවිනි.
ගිරිනිල් මල් කැනෙකැ (පොකුරෙකැ) යි සැකී රැඳිණ යන ලෙසෙකින් වැකිය පිරුණු පසු යැ ‘එකකතු කිරියනෙන්...’ වනු නම්.
‘සක’ (සැකුම්හි - සඞ්ඛ්යාසනයෙහි) ධාතුයෙන් ‘සැකී’ යන අතීත එකවචනාඛ්යායතය ලැබේ. එ තන්හි ඒ නො යෙදේ; යෙදෙනුයේ ‘සක’ (සැකයෙහි) ධාතුයෙන් සිඬ ‘සැකී’ යන පූර්වය ක්රිනයාව හෝ සැකි යන ආඛ්යාැතය හෝ වෙයි.
28
434 සිදත් සඟරා විවරණය
5. පවිටු - පා (පව්) ඉටු (කැමැති) යමෙක් ද හේ පවිටු. අතිශය පාපිෂ්ඨයා (පාපියා) යැ එයින් ගැනෙනුයේ.
6. කොබෑ - කොහි; කි නම් තන්හි . ඔබැ, මොබැ යන ගණයේ යැ.
7. දිටුමඟුල් - දිට්ඨමඞ්ගලිකා (දෘෂ්ටිමඬ්ගලිකා.). 8. මතඟු - මාතඞ්ග පණ්ඩිතයා ; එ නම් රුසියා (සෘෂියා).
දිට්ඨමඞ්ගලිකා, මාතඞ්ග විස්තර අමාවතුරේ ගෘහපති දමන නම් සතර වන පරිච්ඡෙයෙන් දන්නේ යැ.
9. නැවැත් - ‘නවත’ (නැවැතුම්හි) ධාතුයෙන් සිඞ් ආත්මනෙපද අතීත බහුවචනාඛ්යාතත යි. ‘නැවැති’ යන්නෙහි අන්ත්යත ස්වර ලොපයෙන් නැවැත්. අතීත එකවචනාඛ්යාතතය ද ‘නැවැති’ යනු යැ. ස්ත්රීෙ ලිඞ්ග උක්තය බැවින් එහි බහුවචනාඛ්යාීත යි.
10. කරණී - කර්තව්ය : කිස.
11. පොසොන් පතරැ - ප්රයසූන (පුෂ්ප) සමූහයෙහි; මල් පොකුරෙහි යනු යූ සේ යැ. ‘ප්ර සූන පත්රැයෙහි’ යන අරුත නො යෙදේ.
12. යේ - යෙයි. ‘යා’ (ගමන්හි) ධාතුයෙන් වූ ආත්මනෙපද වර්ත මාන එකවචනාඛ්යායත යි.
13. නහමවු - නිරීක්ෂණය කරවු; බලවු. ‘නහම’ (නැහැමුම්හි - බැලුම්හි) ධාතුයෙන් සිඬ විධානාඛ්යාණත (විධි ක්රිියා) යැ.
7.ක්රිවයාධිකිරය 435
7 - 46
ද කරින් අවුත් - අවුදු - ගොස් යනු දු රුසී.
අර්ථ : (සූත්ර යෙහි දැක්වුණු) ද කාරයෙන් අවුත්, අවුදු, ගොස් යන මේ (රූප ත්රතයය) ද රුචි යි.
විස්තර : සූත්ර ද කාර සරණ නැති වැ මැ බැරි සැටියෙකි. ආකුලය ව්යාතකුල කිරීමේ උපායයෙකැ යි කිව යුතු.
‘එ’ (පැමිණුම්හි) ධාතුයෙන් අද, අවුදු, අවුත්, ඇවිත්, අවුදින්, ඇවිදින් යන නිපතිත අතීත නිපාත ක්රිුයා (පූර්වෙ ක්රිටයා) යෙදේ. ‘අවුත්’ යනු ‘අවුදු’ යන්නෙහි අන්ත්ය ස්වර ලොප වැ. අඝොෂාදෙශ වැ සිදු වන්නෙකි. එ පවත් නොදැන්මෙන් වූ මුළා යැ එයින් පෙනෙනුයේ.
‘ගොස්’ යනු ‘යා’ (ගමන්හි) ධාත්ර යෙන් නිපතිත අතීත නිපාත ක්රි’යා යැ. එ මැ ‘ඉන්’ ප්රෂත්ය යය ගෙනැ ‘ගොසින්’ යනු වෙයි. ආදියෙහි ප්රදථමය වෙනුවට විතීයය යි නිදර්ශ න කැරුණේ. අතිශයින් අශාස්ත්රීයය කථන යැ.
7 - 47
මුදාගනි - කියාලන්නේ ඈ පෙර කිරිය පස’තින් වූ ගන - ල පස ඈ දා වූ සේ. ඉති පෙර කිරිය.
අර්ථ : මුක්ත කොටැ ගමන් කෙරේ කථනය කොටැ ලිම වේ ආදි පූර්වා ක්රි යා ප්රතත්යකයාන්තයෙන් සිඬ ගල ල ප්රාත්යරයාදිය ධාතු වූ ආකාර යි.
මෙ සේ යැ පූර්වය ක්රි යාව.
436 සිදත් සඟරා විවරණය
විස්තර : ‘ගන, ල’ යනු ප්රණත්යරය බවට ද ඉක්බිති ධාතු සැටියට ද එයින් ඇඳින් විණ. අපූර්ව ඇඳින්වීමෙකි. එ නම්!
‘මුදාගනි’ යන තන්හි ‘ගනි’ යනු පූරණාර්ථර මාත්රබයක් විනා විශෙෂාර්ථනයක් නො දෙයි. ‘කියාලන්නේ’ යන තන්හි ‘ලන්නේ’ යනු ද එ සේ මැ යැ. (7 – 45 විස්තර බලන්නේ යැ).
‘ගන’ යනු යම් සේ ප්රඇත්යවය නො වේ ද එ සේ මැ ධාතු ද නො වේ. ‘ගන’ යනු මෙඝයට නමි. හෙළ බසේ එ මැ ‘ධාතු’ සැටියෙන් සිටි තැනක් එ සා විශාරද ගුරුළුගෝමීනුදු නුදුටු බවට යැ දෙස්! සිදත් කරුවන් ඔබත් පසු කරනු බැලූ නියා යැ ශාබ්දිකත්වයෙන්. ‘ගන්’ යනු යැ ධාතුව.
කියුම් සිදත් සඟරා යැ; කැරුම් නොදත් සඟරා යැ.
ටිප්පණී:
1. පසතින් - පස අතින්. එහි දු කී සැටි අවුල් යැ. පූර්ව ක්රිෂයා ප්ර්ත්යනයාන්තයෙන් වන සේ කීම නො යෙදේ. ප්රඅත්ය.ය නො වී නම් ක්රිියා වනුයේ කෙසේ ද? (කිරිය අතින්) ක්රි.යාන්තයෙන් යනු කිව මනා තන්හි ඒ කී සේ යැ.
7 - 48
මින් - මර සක් තනමින් පැලෑ. මින - සිකිනට පියමින ම්නි - මුනි රිවි උදා දෙත තිතු’ළු කැන් මිලියෙම්නි අතුරු දහන් බීජී.
ඉති කිරිය මුසු.
7. ක්රිමයාධිකාරය 437
අර්ථ : මාරසෙනා කම්පිත වෙමින් පලා ගිය මයූරයනට හරිමින.
තථාගත (නැමැති) රවිහු උදය ප්රායප්ත වත් මැ තිර්ථ ක (නැමැති) තාරකා රාශිය ම්ලාන වෙමින් අන්තර්ධාන භජනය කළ.
මිශ්ර ක්රි යාව මෙයාකාර යැ.
විස්තර: එයින් නිදර්ශයන කැරුණේ ප්ර ත්ය්ය නො වේ; එහි විකාර යි.
‘මිනි’ යනු
අන්ත්යන ස්වර ලොපයෙන් ‘මින්’ යි ද’
එහි ‘න්’ යන්නට ‘අ’ වීමෙන් ‘මින’ යි ද
‘මි’ යන්නේ ස්වරය ලොප් වැ ‘ම්නි’ යි ද සිටී.
සෙසු තන්හි ‘ඉති පියෙදු කිරිය’ ඈ විසින්. කියා එහි ‘ඉති කිරිය මුසු’ යනු කී සැටි නො වටී.
ටිප්පණී : 1. මර සක් - මර සෙනඟ: මාර සෙනා. 2. තනමින් - සැලෙමින්, වෙවුලමින් : කම්පිත වෙමින්. ‘තන’ ධාතු කම්පන අරුත්හි වැටෙන තන්හි ‘බම’ ආදි ගණ උභය පද යි.
පැලෑ - ‘පලා’ (පැලෑමෙහි - පලා යෑමෙහි) ධාතු ‘බල’ ආදි ගණ පර පද යි. අතීතයෙහි එකවචන බහු වචන දෙකෙහි මැ ‘පැලෑ’ යනු යෙදේ.
4. සිකිනට - මයූරයනට. සිකි යනු මොනරාට නමෙකි.
438 සිදත් සඟරා විවරණය
5. පියමින - හරිමින්. ‘පිය’ ධාතු මෙහි හැරුම් අරුත්හි වේ.
6. උදා දෙත - බබළන කල්හි යනු යූ සේ යැ. උදා දීම නම් බැබැළීම යි.
7. තිත් - තීර්ථක නිර්ග්‍රන්ථ : නුවටා (නිගණ්ඨයා) තිත් නමින් කියත්.
උළු - තරු. තාරකාවනට නමෙකි. උනට අධිපති බැවින් සඳු උළිඳු නමින් ගනිත්.
9. කැන් - රැස්; සමූහය.
තීර්ථකයන් තාරකාවනට උපමා කරනු නො යෙදේ.
‘සව් දෙව් සැවු වොරඳ පසුන් කළ තිත් මුවරඳ මැඬැ හළ කෙලෙස් රද වඳිම් අදරින් සුගත් ගන රද’ යි
අළගියවන්නයෝ ද දහම්සොඬ දා කවෙහි මෙ බඳු නුසුදුස්සක් කෙරෙත්.
10. මිලියෙම්නි - ‘මල’ (මැලැවුම්හි) ධාතු යි. ස්වාඛ්යාගත වූ තන්හි ලැබෙන වර්තෝමාන නිපාත ක්රිමයා (මිශ්රෙ ක්රිලයා) රූප අතුරින් එකෙකි. ක්රියා විවරණයේ ද ව්යාදකරණ විවරණයේ ද විස්තර එයි.
11. අතුරුදහන් බිජී - අතුරුදහන් බිජීම (අන්තර්ධාන භජනය) නම් නො පෙනී යෑම යි. මේ ඒ කී නියා යැ. ‘බජ’ ධාතු (භජන, භ්රා.ජන දෙකෙහි මැ වෙයි.) ‘භජන’ අර්ථයෙහි සකර්මබක යි. ‘භ්රා(ජන’ අර්ථයෙහි අකර්මෙක යි. මෙහි ‘භජන’ අර්ථ එකවචනාඛ්යා ත යි.
8.ප්ර ත්ය යාර්ථා ධිකාරය 439
7 - 49
කල් අරුත් කිරිය පවසනු වස් මෙහි සන් පමණෙක් වියන ලදි. විතර වහරින් විමසනු. කිරිය අදියර සත් වනු.
අර්ථ : කාලාර්ථ ක්රිියා ප්ර.කාශ කරනු පිණිසැ මේ අධිකාරයෙහි සංඥා ප්රථමාණයෙක් කථනය කරල ලද. විස්තර ව්යාවහාරයෙන් විමංසනය කරනු.
සත් වැනි වූ ක්රියයාධිකාරය යි.
විස්තර : ආධුනිකයනට අගනාතම උපදෙශයෙකි. ව්යාවහාර විමංසනයෙන් විස්තර දැන්මේ සමත්තු ඔහු මා වෙත් ද.
ක්රිසයාධිකාරය නිමියේ යැ.