සිදත් සඟරා විවරණය-විවරණය vi

Wikibooks වෙතින්
Jump to navigation Jump to search

8. ප්රරත්ය්යාර්ථාධිකාරය

8 - 1

දයින් නමින් හොත කැරැ අරුතට නිසි පසන් සපයා සදන් පසරුත් හිම’ නො ලැඟැ ලොවැ වහරන්.


අන්වය : දයින් (හොත) නමින් හොත අරුතට නිසි පසන් කැරැ ලොවැ වහරන් හිම් නො’ ලැඟැ පසරුත් සදන් සපයා.

අර්ථ : ධාතුයෙන් හෝ නාමයෙන් හෝ (පර වැ) අර්ථරයට යොග්ය (වූ) ප්රථත්ය:යයන් (යොජනය) කොටැ ලොකයෙහි ව්යනවහාරයන් ගේ සීමාව අනුල්ලඬ්ඝනය කොටැ ප්ර‍ත්ය යාර්ථ ශබ්දයන් සම්පාදනය කරවු.


440 සිදත් සඟරා විවරණය

විස්තර : ධාතුවෙකින් හෝ නාමයෙකින් හෝ (පර වැ) අර්ථඅයට යොග්යර ප්ර ත්යනය යොජනයෙන් (යෙදීමෙන්) ලොක ව්යලවහාර සීමාව අඛණ්ඩ කොටැ ප්රපත්යරයාර්ථ ශබ්ද සාධනය කට යුතු යැ යි එයින් කියැවිණ.

ඉතර වියරණ ඇජරන් විසින් ‘කෘදන්ත, තඬිත’ යනුයෙන් දෙ පක්ෂයෙකැ ලැ ඇඳින්වුණු සරිය යි හදන්ත අනවමදර්ශීන් විසින් එක් පක්ෂයෙකැ ලැ අඳුන්වනුයේ.

ධාතුවෙකින් පර වූ ප්ර ත්යඅය සාධනයෙන් ලැබෙන පදය කෘදන්ත නාමයෙන් ද නාමයෙකින් පර වූ ප්රයත්යාය සාධනයෙන් ලැබෙන පදය තඬිත නාමයෙන් ද ප්රයකාශිත යි අන්යර වෛයාකරණ‍යන් විසින්.

ලොක ව්ය වහාරය අඛණ්ඩ කොටැ ප්රනත්යණයාර්ථ ශබ්ද සම්පාදනය කරන්නට කීම අර්ථ රහිත යැ. ඡෙක ව්යෛවහාරය ප්ර තිෂ්ඨා කොටැ එ සේ කළ මනා බව පැවැසිණි නම් නොයෙදෙනුයේ නො වේ. එ සඳහා ‘සදන්’ යනු කියූ සේ ශාස්ත්රිමය නො වේ.

ටිප්පණී : 1. නමින් - මෙය ‘නෙමෙන්’ යනුයෙන් ගන්නෝ පිහිට ලබත් ද? 2. පසන් - ‘පස’ සද දෙ වන විබත් බුහු බසින් සිටි තැනි. 3. වහරන් - ‘වහර’ සද දෙ වන විබත් බුහු බස් වූ තැනි. 4. නො ලැඟැ - ‘ලඟ’ (ලඞ්ඝනයෙහි) ධාතුයෙන් සිඬ අතීත නිපාත ක්රි.යා යි. වියැ යුත්තේ ‘උලඟ’ (උල්ලඞ්ඝනයෙහි) ධාතුයෙන් සිඬ ‘උලැඟැ’ යන අතීත නිපාත ක්රිායා යි.





                                       8.ප්රහත්ය යාර්ථාධිකාරය                             441

5. පස’රුත් - (පස + අරුත්) ප්රඬත්යරයාර්ථ. 6. සදන් - ‘සද’ දෙ වන විබත් බුහු බස් වුණු සිටි යි. 7. සපයා - සපයහු = සපයවු = සපයව = සපයා.


8 - 2

දයින් වන පස ස කරු අරුත්හි ද හව්හි ද වේ.


අර්ථ : ධාතුයෙන් වන්නා වූ ප්රේත්යුය ෂට් කාරකාර්ථයෙහි ද භාවයෙහි ද වෙයි.

විස්තර : ධාතුවෙකින් පර වැ යෙදෙන ප්ර්ත්යයය කාරක සයෙහිත් භාවයෙහිත් මතු යැ යනු යූ සේ යැ.

ටිප්පණී : සකරු - ෂට් කාරක. කර්තෘන කර්මය, කරණ, සම්ප්රාදාන අවධි, ආධාර යනු යැ එයින් ගැනුණේ. 2. හව්හි - භාවයෙහි. කෘදන්ත නාමයෙහි යනු යි. ඉන් දැන්වූණේ.


8 - 3

කට යුතු - කරණී - පියැ යුතු - පැන් - බිදියැ යුතු - බොජුන් - කෑ යුතු - කදු - ගොතන ලද - ගත් - දෙන ලද - දන් -

මේ ඈ කම් කරු පසින් නිපන්.

412 සිදත් සඟරා විවරණය

අර්ථ : කර්තව්ය ය (කළ යුතු) වූයේ කරණී

පානය කළ යුතු වූයේ පැන් භොජනය කට යුතු වූයේ බොජුන් ඛාදනය ,, ,, ,, කදු ග්රනන්ථනය කරන ලදුයේ ගත් දානය ,, ලද්දේ දන්

විස්තර : මේ ආදිය කර්මල කාරක ප්රුත්යයයයෙන් නිෂ්පන්න යැ. කර්මර කාරක ප්ර ත්යමයයෙන් සිඬ කෘදන්ත නිදර්ශරන යි එයින් දැක්වුණේ.

‘කර, පා, බොජ, කද, ගොත, දා’ යන ධාතුන් කෙරෙන් ‘ණී, ඇන්, උන්, අ, අන්’ යන ප්රනත්ය,ය වීමෙන් ‘කරණී, පැන්, බොජුන්, කදු, ගත්, දන්’ යන කර්මර කාරක කෘදන්ත සිඬ යැ යි ව්යායඛ්යා්න කාර විඥයෝ කියත්. එහි ලා ග්රමන්ථ කර්තෘ භ්රයමය අභිහචනය කරනුයේ ව්යා ඛ්යාකන කාර භ්රඑමය යි!

දැක්වුණු කෘදන්ත සාධනයෙහි එ කී ධාතු හෝ ප්රමත්යකය හෝ නො ලැබේ. කාරණ, පානී, භොජන, ඛාද්යල, ග්ර න්ථ, දාන ආදි ශබ්ද ‘කරණී, පැන්, බොජුන්, කදු, ගත්, දන්’ ඈ විසින් හෙළ බසින් සිටි සැටි යි එයින් ගත යුත්තේ.

‘ගොතන ලද, දෙන ලද’ යනු කර්ම කාරක ද නො වේ; හුදු කර්තෘට කාරක යැ. එහි විස්තර ආදියෙහි කියැවිණ.






                                      8. ප්රාත්යසයාර්ථාුධිකාරය                           443


‘කට යුතු කරණී’ නයින් හළ යුතු හරණි ‘පියැ ,, පැන්’ ,, කියැ ,, කැන් ‘බිදියැ ,, බොජුන්’ ,, යෙදියැ ,, යොජුන් ‘කෑ ,, කදු’ ,, බෑ ,, බදු ‘ගොතන ලද ගත්’ ,, පොතන ලද පත් ‘දෙන ලද දන්’ ,, වදන ලද වදන් යනු ද නුසුදුසු නො වේ.


8 - 4

	කරනුයේ 	-	කතු	-

ගණන්නේ - ගැණි - විදිනේ - වැදි - යදනේ - යැදි - දුවන්නේ - දාවා - පයින් ‍නොයන්නේ - පන්වා- උරින් යනුයේ - උරා - පැන් ඉස්නේ - පැනී - සොබන - කොබන - ලොබන - ‍ලළන - ගලන - බබළන - වස්නා - තුස්නා - මුස්නා - උදුළ - හමළ - වහළ - සිටි - කැපි - දැපි - කිපි - තුටු - කුමුටු - මෙ ඈ කතු කරු පසින් නිපන්.




444 සිදත් සඟරා විවරණය

අර්ථ : (ක්රි යාව) කරන්නේ (කර්තෘ) කතු ගණනය (ගිණිම) කරන්නේ ගැණි ව්යයධනය (විදිම) ,, වැදි යාච්ඤා (යැදීම) ,, යැදි ධාවනය (දිවීම) ,, දාවා පාදයෙන් ගමනය නොකරන්නේ පන්වා වක්ෂසින් ,, කරන්නේ උරා පානිය ඉච්ඡා (කැමැති) වනුයේ පැනි

ශොභන - ක්ෂොභන - ලොහ වන - ලලිත වන - ගලිත වන - භ්රා ජමාන වන - වර්ෂ්ණය වන - තුෂ්ට වන - මුක්ත වන-

උජ්ජ්වල වූ - වහනය වූ - කෘශ (වෑරුණා) වූ - ස්ථිත වූ - කම්පිත වූ - දර්පිත වූ - කුපිත වූ - තුෂ්ට වූ - නිමග්න වූ - මේ ආදිය කර්තෘ කාරක ප්රමත්ය යයෙන් නිෂ්පන්න යැ. –

විස්තර : කර්තෘ කාරක ප්ර ත්යනයයෙන් නිෂ්පාදිත කෘදන්ත. නිදර්ශණ යැ එයින් දැක්වූයේ.

කරනුයේ කතු නො වේ කරු යැ. ගණන්නේ ගැණි ,, ,, ගණු ,, විදිනේ වැදි නො වේ විදු යැ. යදනේ යැදි නො වේ යදු යැ. දුවන්නේ දාවා ,, ,, දවු, දුවු යැ. ‘ගණු’ මැ ‘ගැණි’ නයිනි ගණන්නේ ‘ගැණි වනුයේ.. ‘යැදි’ යනු දු එ සේ යැ.




                                          8. ප්ර්ත්යයයාර්ථාධිකාරය                        445

සිදත් නියරින් - වරනුයේ - වතු- බණන්නේ - බැණි - සිඳිනේ - සැඳි- අදනේ - ඇදි - භවන්නේ - හාවා යැ.

ධාවනය කරන්නේ යනු ‘දාවා’ යි ගැනුණු සේ යැ. දිවුම්හි (ධාවනයෙහි) ආදි වහරෙහි ‘දව’ ධාතු ද අද වහරෙහි ‘දුව’ ධාතු ද වෙයි. දවු, දුටු, යන කර්තෘ කාරක කෘදන්ත යි එයින් ලැබෙනුයේ. ‘පයින් නොයන්නේ පන්වා’ යන්නට වඩා පනිනුයේ පන්වා යනු යැ නිසිත් පැහැදිලිත්.

‘උර, පැන්’ යනු ධාතු නොවන බැවින් ඉන් කෘදන්ත සාධනය උගහට යැ. උරා, පැනි තඬිත යැ. තදාකාර කෘදන්ත තඬිත මිශ්ර ණය ව්යා කරණ විකාර යැ.

ටිප්පණී : 1. සොබන - ‘ශොභන’ යනු හෙළ රුවින් වන් තන් යැ. එ බැවින් කෘදන්ත නො වේ ඒ; ශබ්ද ප්රපකෘතියෙකි. ව්යතඛ්යාශන කාර වියතුන් ‘සොබ’ ධාතුවක් දක්වතුදු එ වැන්නෙක් හෙළ බසේ නො ලැබේ: ලැබෙනුයේ ‘හොබ’ (හෙබුම්හි) ධාතු යි. එ මැ හ කාර ලොපයෙන් ‘ඔබ’ යි සිටී.

2. කොබන - ‘කොබ’ (ක්ෂොහයෙහි) ධාතුයෙන් සිඬ කෘදන්ත නාම යි.

3. ලොබන - ‍’ලොභ වන්නා වූ ‘ යන අරුත්හි සිටි ශබ්ද ප්ර කෘති යැ. සොබන හා සරි ය. ‘ලොබ’ ධාතුයෙන් නිපන් බව කියන්නෝ පිහිට නොලැබෙන්නෝ යැ. ධාතුව ‘ලොබය’ වියැ යුතු.




446 සිදත් සඟරා විවරණය

4. ලළන - ‘ලෙළ’ ලෙල - ලොළ, ලොල’ යනු මුත් ‘ලළ’ ධාතුවෙන් වහරෙහි නො වේ. පාළියෙහි ‘ලළ’ යනු ලෙළුම් අරුත්හි වැටෙන බැවින් එයින් සිඬ කෘදන්තයක් සේ යැ සැලැකියැ යුතු.

5. ගලන - ‘ගල’ ධාතු (ගැලුම්හි - වහනයෙහි, ගිලීමෙහි, ගිලිහීමෙහි) තුන් අරුතෙකැ වැටෙන බැවින් කවර අරුත්හි වේ දැ යි ඉඳුරා නො කිව හෙයි. වර්ත’මාන කෘදන්ත නාම යැ.

6. බබළන - ‘බබළ’ (බැබැළුම්හි) ධාතුයෙන් සිඬ වර්තකමාන කෘදන්ත නාම යි.

7. වස්නා - ‘වස්’ (වර්ෂහණයෙහි) ධාතුයෙන් සිඬ වර්ත මාන කෘදන්ත නාම යැ.

8. තුස්නා - ‘තුස්’ (සතොස්හි) ධාතුයෙන් සිඬ වර්තාමාන කෘදන්ත නාම යැ.

9. මුස්නා - ‘මුස්’ (මිදීමෙහි) ධාතුයෙන් සිඬා වර්තරමාන කෘදන්ත නාම යැ.

10. උදුළ - ‘උ - දුළ, උ - දුල’ දෙ රුචීන් මැ ලැබේ. ඒ (උදිළුම්හි) ධාතු. අතීත කෘදන්ත නාම යි. ‘ගල, දුළ (දුල) උදුළ (උදුල) බඳ, ලඹ, ලෙළ (ලෙල) ලොළ (ලොල) සල’ යන මේ ධාතූහු ස්වරූපයෙන් මැ අතීත කෘදන්ත නාම වැ සිටිත්.

11. හමළ - (‘හම’ හැමුම්හි) ධාතුයෙන් වූ අතීත කෘදන්ත නාම යි.

‘හමළ කොමළ පවන්’ යනු සස: පෙළ යි.



                                    8.ප්රාත්යෙයාර්ථාධිකාරය                              447

12. වහළ - ‘වහර’ (වැහැරුම්, විහරණ, ව්ය වහාර යන අරුත්හි) ධාතුයෙන් නිපන් අතීත කෘදන්ත නාම යැ.

13. සිටි - ‘සිට’ (සිටුම්හි) ධාතුයෙන් වූ අතීත කෘදන්ත නාම යි.

14. කැපි - ‘කප’ (කම්පනයෙහි) ධාතුයෙන් වූ අතීත කෘදන්ත නාම යි.

15. දැපි - ‘දප’ (දර්පිත වීමෙහි) ධාතුයෙන් වූ අතීත කෘදන්ත නාම යි.

16. කිපි - ‘කුප්’ (කිපුම්හි) ධාතුයෙන් වූ අතීත කෘදන්ත නාම යි.

17. තුටු - ‘තුස්’ (සතොස්හි) ධාතුයෙන් වූ අතීත කෘදන්ත නාම යි.

18. කුමුටු - ‘කුමුඳු’ (කිමිඳීමෙහි) ධාතුයෙන් වූ අතීත කෘදන්ත නාම යි.

                                         8  -  5

කෙටු - වැටු - ගැහැටු - වුහුටු - දුටු - පිවිටු - කැපූ - සැපූ - දැපූ - ලූ - බැලු - ගැලු - දුරූ - පිරූ - වැරූ - සැරූ - මැරූ - වැළූ - හෙළූ - නෙළූ - වෙළූ - පැළූ කියූ - ලියූ - පියූ - කළ - හළ - වළ - සුන් - බුන් - හුන් - වුන් - දුන් - එන - කන - දෙන. මෙ ඈ කම් කතු කරු දෙකට සම පසින් නිපන්.


අර්ථ : කෙටුවා වූ වැටුවා වූ ගැහැටුවා වූ වුහුටුවා වූ දුටුවා වූ පුවුටුවා වූ කැපුවා වූ සැපුවා වූ දැපුවා වූ ලුවා වූ

448 සිදත් සඟරා විවරණය

බැලුවා වූ ගැලුවා වූ දැරුවා වූ පිරුවා වූ වැරුවා වූ සැරුවා වූ මැරුවා වූ වැළුවා වූ හෙළුවා වූ නෙළුවා වූ වෙළුවා වූ පැළුවා වූ කියුවා වූ ලියුවා වූ පියුවා වූ කළා වූ හළුවා වූ වැළැකුවා වූ සිඳුණා වූ බිඳුණා වූ හුන්නා වූ වින්දා වූ දුන්නා වූ එන්නා වූ කාන්නා වූ දෙන්නා වු.

මේ ආදිය කර්මන (කාරක) කර්තෘ කාරක ද්වයයට සමාන වූ ප්රආත්ය‍යයෙන් නිෂ්පාන්න යැ. විස්තර : ‘කෙටු’ යන්නෙ සිටැ ‘දුන්’ යනු දක්වා ලැබෙන සරිය අතීත කෘදන්ත ද ‘එන කන දෙන’ යන මේ වර්තසමාන කෘදන්ත ද වෙයි. කර්ම් කාරක කර්තෘන කාරක දෙ පක්ෂයට සමාන ප්රෘත්යයය ග්ර්හණයෙන් නිෂ්පන්න කෘදන්ත එයින් කියැවිණ.

ටිප්පණී : 1. කෙටු - කෙටූ වියැ යුතු. ‘කොට’ (කෙටුම්හි) දයින් සිදු යි. ‘බල’ ආදි ගණ පර: පද සකර්මකක ‘කොට’ ධාතු - කොටා - කොටති - කෙටී - කෙටූ ඈ විසින් වරනැ‍ඟේ.

2. වැටු - වැටූ යනු යැ සරි. ‘වට’ (වට කිරීම, පැවැත්වීම යන අරුත්හි වැටෙන) ධාතුයෙන් සිඬ යැ. ‘බල’ ආදි පර. පද සකර්ම,ක ‘වට’ ධාතු - වටා - වටති - වැටී - වැටූ ඈ විසින් වරනැහෙනුයේ. වට කිරීමෙහි -

‘පෙරැසුර පුරට ‍පවුරෙ’ව් මෙර වටා සිටී’ ‘ස මු දු ර තරඟ සෙමෙරට වූ කිරණ මිටි යු ග ඳ ර පටන් අඩෙකින් එකිනෙකට මිටි මන හ ර රුවන් සත් කුල පවුවනුදු දි ටි’ යනු (ගුත්තිලය)




                                    8.ප්රේත්ය යාර්ථාධිකාරය                              449

නිදර්ශ න යි. පැවැත්වීමෙහි - ‘කළ ලො සසුන් වැඩ ලීලාවතී හිමි සඳ පළ කළ දම් රජ සිරි මෙ වැටුම්හි පිටු බල වී’ (සසදා) යනු

නිදසුනි. ‘වට වැටීමෙහි ධාතු’ කථා අයථා යැ මෙහි.

3. ගැහැටු - ගැහැටු යනු යැ නිවැරැදි. ‘ගහට’ (ගැහැටුම්හි) දයින් වියැ. ‘හ’ කාර ලොප සවර්ණට දීර්ඝය ආදියෙන් ගෑටූ යනු දු වේ. ‘ඝට්ටන’ අරුත හෝ ‘ගැහැට’. ධාතු හෝ නො යෙදේ.

4. වුහුටු - විහිදීම් අරුත්හි වන ‘විහිද, වුහුස්’ යන උභය ධාතුයෙන් මැ ‘වුහුටු’ යනු සිදු යැ. ‘වි’ පූර්ව් සද ධාතු දක්නෝ අසරණයෝ යැ.

5. දුටු - ‘දිස්’ (දැක්ම්හි) දයින් වී . එහි ලා ‘දස’ දයක් දැක්ම අරුමයට ඇරුණෙකි. හෙළ බසේ කොයින් ලැබේ ද ‘දස’ ධාතු ?

6. පිවිටු - ‘පුවුටු’ වියැ යුතු යි. අකර්ම ක ‘පිවිස’ (පිවිසුම්හි) ධාතු ‘බස්’ ආදි ගණ අත් : පද යි. පිවිසේ - පිවිසෙති - පිවිසිණි, පිවිසි, පිවිටි - පිවිසුණු, පිවිසි, පුවුටු ඈ විසිනි වරනැඟුම. ‘ප පූර්වි විස ධාතු’ කථනය අපූර්‍ව යැ. අතිශය අවිෂය ද වෙයි.

7. කැපූ - ‘කප’ (කැපුම්හි) දයින් විණි.

8. සැපූ - ‘සප’ (සැපුම්හි) දයින් සිදු යි.

9. දැපූ - ‘දප’ (දැපුම්හි - ජපයෙහි) ධාතුයෙන් සිඬ යැ.

                                                                                                      29

450 සිදත් සඟරා විවරණය

10. ලූ - ‘ල’ (ලීම, බැහීම, කෑපීම ඈ අරුත්හි වන) දයින් වියැ.

11. බැලූ - ‘බල’ (බැලුම්හි) ධාතුයෙන් නිපන.

12. ගැලූ - ‘ගල’ (ගැලුම්හි - වහනයෙහි) දයින් වී.

13. දුරූ - ‘දර’ (දැරුම්හි) ධාතු ‘බම’ ආදි ගණ උභය පද වූ තන්හි අතීත බහුවචන රූපය ‘දුරූ’ යනු ද ‘බල’ ආදි පර: පද වූ තන්හි ‘දැරූ’ යනු ද වෙයි.

14. පිරූ - ‘පුර’ (පිරුම්හි) දය ‘බල’ ආදි ගණ පර: පද වන තන්හි වු සැටි යි.

15. වැරූ - ‘වර’ (වැළැකුම්, විවැරුම් යන අරුත්හි වන ) දයින් සිදු යි.

16. සැරූ - ‘සර’ (වරණ. අලඞ්කරණ අරුත්හි) ධාතුයෙන් වියැ.

17. මැරූ - ‘මර’ (මැරුම්හි) දය ‘බල’ ආදි ගණ පර: පද වූ තන්හි නිපන් සැටි යි.

	18. වැළූ -‘වළ’ (පටන් ගැන්මෙහි) ධාතුයෙන් ද ‘වළ’ (වැළුම්හි - වැළැකුම්හි) ධාතුයෙන් ද සිඬ අතීත බහුවචන රූපය ‘වැළූ’ යැ. ප්ර ථමය සකර්මුක ද ද්වීතීයය අකර්ම්ක ද වේ. 

19. හෙළූ - ‘හෙළ’ (හෙළුම්හි) දයින් සිදු යි.

20. නෙළූ - ‘නෙළ’ (නෙළුම්හි) ,, ,,

21. වෙළූ - ‘‍ෙවළ’ (වෙළුම්හි) ,, ,,

22. පැළූ - ‘පළ’ (පැළුම්හි) ,, ,,

23. කියූ - ‘කිය’ (කියුම්හි) ,, ,,

                                        8.ප්රිත්ය යාර්ථා ධිකාරය                             451

‘කී = කිමෙහි’ දයක් කීම කීයක් අගි.

24. ලියූ - ‘ලිය’ (ලියුම්හි) දයින් සිදු යැ. ‘ලි = ලීමෙහි’ ධාතු කථනය ලී ලීමෙහි කෙසේ වතුදු ලිවීමෙහි නම් නො යෙදේ.

25. පියූ - ‘පිය’ (පියුම්හි) ධාතුයෙන් සිඬ යි.

26. කළ - ‘කර’ (කිරීමෙහි) ,, ,,

27. හළ - ‘හර’ (හරණයෙහි) ,, ,,

28. වළ - ‘වර’ (වැළැකුම්, විවැරුම් අරුත්හි වූ ) දයින් නිපන. ආවරණාර්ථ.යෙහි අසමර්ථ යැ ‘වළ’ යනු.

29. සුන් - ‘සිඳු’ (සිඳුම්හි) දය ‍’බස්’ ආදි ගණ අත්: පද වූ තන්හි ලැබෙන අතීත බහුවචන රූප අතුරින් එකෙකි. ‘සුන්’ යනු ද, එහි අකර්ම ක යි.

30. බුන් - ‘බිඳ’ (බිඳුම්හි) ධාතු ‘බස්’ ආදි ගණ අත්: පද වූ තන්හි වන අතීත බහුවචන රූපවලින් එකෙකි; සකර්ම ක යි.

31. හුන් - ‘හිඳ’ (හිඳුම්හි) ධාතු ‘බස්’ ආදි ගණ පර: පද වූ තන්හි වන අතීත බහුවචන රූප අතුරින් එකෙක් මේ යැ. අකර්මික යි.

32. වුන් - ‘විඳ’ (විදුම්හි) දය ‘බස්’ ආදි ගණ පර: පද වූ තන්හි ලැබෙන අතීත බහුවචන රූපවලින් එකෙකි; සකර්මළක යි.

33. දුන් - ‘දෙ’ (‍දීමෙහි) ධාතු ‘බස්’ ආදි ගණ පර: පද වීමේ දී නිපන් අතීත බහුවචන රූපය ‘දුන්’ යනු දු වේ; සකර්මික යි. ‘දා = දීමෙහි’ ධාතු හෙළ බසේ නම් නො ලැබේ. මෙ තෙක් දැක්වුණේ අතීත කෘදන්තනාම යි. මෙ තන් පටන් දැක්වුණේ වර්ත මාන කෘදන්ත නාම යි.


452 සිදත් සඟර විවරණය

34. එන - ‘එ’ (පැමුණුම්හි) ධාතුයෙන් සිඬ යි. ‘එ’ ධාතු අකර්ම ක යි. ‘ඉ = ගමන්හි’ ධාතු පිහිට ලබනුයේ කොහි ද?

35. කන - ‘කා’ (කෑමෙහි) ධාතුයෙන් සිඬ යි. ‘කා’ ධාතු සකර්මතක යි.

36. දෙන - ‘දෙ’ (දීමෙහි) ධාතුයෙන් සිඬ යි. ‍’දෙ’ ධාතු සකර්ම ක යි.

එහි දු ‘දා = දීමෙහි’ ධාතු පෑම මුළා යැ ව්යා ඛ්යාින කාර වියතුන් ගේ ධාතු කථනයේ සාවද්යා තැනුදු මෙහි පැහැයිණ.


8 - 6

එයින් යේ නු යි - යන් - එයින් වසා නු යි - වසන් - එයින් සනහා නු යි - නහනු - එයින් කෙරේ නු යි- කර -

මෙ ඈ කරණ කරු පසින් නිපන්.


අර්ථ : එය කරණ කොටැ ගෙනැ ගමනය කෙ‍ෙර් නු යි යාන (යැ).

,,      ,,         ,,	,,       ඡාදනය    ,,       ,,  ,, වස්ත්රි  ,,.
,,      ,,         ,,     ,,       ස්නානය  ,,       ,,   ,, නානු  ,,.
,,      ,,         ,,     ,,       කාර්යය   ,,       ,,   ,, හස්ත ,, .

මේ ආදිය කරණ කාරක ප්ර ත්ය යයෙන් නිෂ්පන්න යි.

විස්තර: එයින් දැක්වුණේ කරණ කාරක නිදර්ශනන යැ. එ ද දුරවබොධ පක්ෂාලම්බන යි.



                                  8.ප්ර ත්ය.යාර්ථාවධිකාරය                                453

විග්ර හ මුක්ත ‘යන්, වසන්, නහනු, කර’ යනු විධානාඛ්යා ත (විධි ක්රිරයා) ස්වරූප භනජය මැ කෙරේ. එ බැවින් කරණ කාරකාවබොධයට එ ද බාධක යැ.

යානයෙන් මතු නො වැ පයින් උරින් යන්නෝත් වෙත්. නරයෝත් දෙ පා සිවුපා තිරිසන්නුන් පයින් ගමන් කෙරෙත්. උරගාදීහු උරින් ගමන් ගනිත්. ඔවුන් ගමන් පා, උර කරණ කොටැ ගෙනැ බැවින් එ ද යාන ගෙණේ ගෙණේ ද?

වැසීම කැරෙනුයේ වස්ත්ර යෙන් මතු යැ? ඇයි සම්, කොළ, පැදුරු, පිදුරු, පොල් අතු, ගෝනි, කලාල ආදි තව ද නන් දෑ වැසීමට නො ගැනේ ද? ඉතින් වස්ත්ර මතු කරණ වනු කෙසේ පිහිට ලබා ද? තව ද, ‘වසන්’ යනු වාස ගෘහයට ද නාම වන බැවින්, එයින් වසා නු යි වසන්’ යනුයෙන් ගෙය ද ගැනෙ යි.

බියෙන් බිසරුවන් වේ මඟැ බැසැ සරත ව ස න් සියනැ රසින’ලු කළ රුවන් කොත ල මි න් එ දැකැ අද සීකර නුඹේ ගත ප හ න් වෙතී උන් නොපහන් නො කර පත’

යනුයෙන් වාසගෘහර්ථඋ යෙහි ‘වසන්’ යනු මධුර ස‍ෙන්දදශ කාර කවිශ්වරයෝ ද යොදති.

‘නහනු’ යනු හිසැ ගල්වනු සඳහා ඖෂධ සංයොගයෙන් පිළියෙළ කොටැ ගන්නා ද්රනව විශෙෂයෙකි : නැකැත් පිළිවෙළට හා පුරා කියා අලුත් අවුරුදු ස්නානයේ දී නැකැතට නානු ගානු සිරිති. එ සඳහා ගැනෙන්න යැ එ නමින් ඉතා ප්රයකට. ‘පැන් සනහා’ යනු මැ වහර බැවින් ‘එයින් සනහා නු යි - පැන් - ‘ යනු යැ නිසිතර වනුයේ.




454 සිදත් සඟරා විවරණය

‘කර’ යනුයෙන් අත, ඇත් සොඬ මතු ගැනෙනුයේ නො වේ; රශ්මිය, ග්රීෙවාව, උරහිස, ක්ෂුරය (කරය), අය බද්ද, කාරාගාරය (සිර ගෙය) කර ගැටය, අණ්ඩය, මුහුද, භ්ර මණය, හිත, කර්කශය, මැර, ක්ෂාරය (ලුණු), කාරම, ගද්රඅභයා. ක්රිඋයාව, නැටුම, දෙශය, හත නැකැත, තල් හස, කුශ තෘණ, ක්රමය පත්රරය, සමීපය යනාදිය ද ගැනේ. එ බැවින් -

‘එයින් කැරේ නු යි - කර - ’ යනුයෙන් තැනක් දෙකක් පමණක් වෙසෙසා නිදසුන් කළ යුතු නො වේ.

ටිප්පණී : 1. යන් - ගමන් සඳහා උදවු වන රිය ආදිය යි යාන නාමයෙන් ගැනෙනුයේ.

‘හම්බම් ඈ දලයන් සරා වැඩි ‘ඳුවා ඒ සව් යන්නහි සඟුන්’ යන තන්හි ජලයාත්රාමර්ථායෙහි දලයන් (ජලයාන) යනු යොදත් ගංගාරොහණ වර්ණමනා කාර තෝමිස් සමරසේකර දිසානායකයෝ.

ඇත්, අ ස්, ගදුබු, ඔටු ආදීන් පිටැ නැඟී යන ගමනුදු, වේ. ‘සිකියන් ඇරූ සුර හිමි සඳුට බර කර’ යන තන්හි ‘සිකියන්’ යනුයෙන් ස්කන්දදේව මයූර වාහන සඳහන කෙරෙත් බරණ ගණිතාචාර්යයෝ ස්වීය නිලකොබෝ ස‍ෙන්ද ශයෙහි.

තදාකාර සප්රා‍ණ යාන ද ‘එයින් යේ නු යි -‘ යන් - යන්නෙන් ගන්නේ කෙසේ ද?

කුශල මාර්ග ය ද ‘යාන’ නාමයෙන් ගැනෙන බවට ඉඟි -




                                 8.ප්ර ත්යියාර්ථ්ධිකාරය                                     455

‘පාන නැඟී ගොස් වැදැ මුනි විමන් තොසේ

යාන 	සෙයින් යන පුරඳර පුරය 	           දෙසේ 
පාන 	වෙමින් වැදැ වඩමින් කුසල් 		             රැසේ 
මාන ඔයින් යා ගන් පින් පිඬක්                       ලෙසේ’ යන මයූර ස‍ෙන්ද ශ පාඨය ද

‘දා නේ කියන ලද වැනි මහ නිදානේ

මා නේ 	වඩන රුසිරින් සුර	          	සමානේ 
යා නේ 	එ දුටු සත ලොබ හැරැ         	 පියානේ 
සේනේ 	ගම එ දුට දුරු වෙයි          	අසේනේ’ යන හංස ස‍ෙන්දයශ පාඨය ද කරන නියා පෙනේ. 

2. නහනු - ස්නානීය ද්ර ව්යේ යි එයින් ගැනෙනුයේ. ‘හ’ කාර ලොප ස්වර්‍ණ දීර්ඝේ යන මෙයින් නානු යනු දු වේ.


8 - 7

ඕ හට දෙනු ලැබේ නු යි - දානී - බමුණු - මෙ ඈ සපදන් කරු පසින් නිපන් :


අර්ථ : ඔහුට (ඒ ප්ර තිග්රාුහකයාට ) දානය කරනු ලැබේ නු යි දානී - බ්රා හ්මණ යැ. මේ ආදිය සම්ප්රහදාන කාරක ප්ර ත්ය්යයෙන් නිෂ්පන්න යි.

විස්තර : සම්ප්රාදාන කාරක ප්රරත්යනය නිදර්ශාන දැක්වුණු සැටි යි ඉන් පෙනෙනුයේ.

බහුණා පමණ යැ දන් ලබනුයේ? මහණ, බමුණු (ශ්ර්මණ, බ්රාඉහ්මණ) දෙ පක්ෂය මැ දාන ලාභීහු යැ. එ බව නන් තන්හි සඳහන් ද ලබයි. යැදියෝ (යාචකයෝ) ද

456 සිදත් සඟරා විවරණය

දාන ලාභී පක්ෂයේ ගැනෙත්. එ බැවින් ඒ ත්රිසවිධ පාක්ෂිකයෝ මැ ප්ර තිග්රාෙහකයෝ යැ. එහි ලා බමුණු පස මැ වෙසෙසනු බ්රාපහ්මණ ප්රි ය භාවයෙන් ද?

‘ඕහට , දානී’ ඈ දකුත් මැ හැඟී යනුයේ බැමිණිය ලක් කොටැ කී සේ යැ.

එක් මැ නිදස්නක් දක්වා මේ ඈ යනු කියූ පමණින් ප්රයස්තුතය සසරණ නො වේ.

ස්වාථිය මැ විනා පරාර්ථය අපෙක්ෂා කැරුණු බවෙක් එ බන්දෙහි නො පෙනේ.

ටිප්පණී : 1. ඕහට - ඔහු + හට යනු සන්ධි වීමෙන් සිදු සැටි යි. 2. දානී - ‘ද’ = දීමෙහි ධාතු කෙරෙන් ‘නී’ ප්ර ත්යමයය වීමෙන් ‘දානී’ වන නියා කියත් ව්යාීඛ්යාුන කාර ශුරයෝ. අසත්යත ප්රනකාශ යැ. සිංහලයෙහි දනාර්ථ ‘දෙ‍’ ධාතු විනා ‘ද’ ධාතු නො ලැබේ; ‘නී’ යන ප්රවත්යනයයෙකු දු නො වේ. සිදත් සඟරා නියරිය නම් ප්රවත්ය‘ය නොවන අකුරක් සිංහලෙයේ නැති සේ යැ. හෙළ වහරින් නම් ‘දානී’ යනුයෙන් ගැනෙනුයේ වැද්දා යැ.


8 - 8

ඔහු කෙරෙන් බත් නු යි - බෙම් - රකුසු - මේ ඈ අවදි කරු පසින් නිපන්.


	අර්ථ : ඔහු (එ නම් තැනැත්තහු) කෙරෙන් හීත වෙත් නු යි හීම - රාක්ෂස - (යැ). 



                                     8. ප්ර්ත්යෙයාර්ථාධිකාරය                       457

මේ ආදිය අවධි කාරක ප්ර ත්ය යයෙන් නිෂ්පන්න යි.

විස්තර : අවධි කාරක ප්ර ත්යනය සාධනය ද එක් මැ නිදස්නෙකින් දැක්විණ. ආධුනිකානුග්රරහ ප්රානථිකයන් විසින් ආදර්ශස කටයුතු අමොඝොපායයෙකැ යි නො කිව මනා ද?

රාක්ෂසයා කෙරෙන් මතු යැ හීතිය වනුයේ? යක්ෂ, ප්රෙආත, චණ්ඩ ප්ර්චණ්ඩ නර, මෘග, සර්පර ආදීන් කෙරෙන් ඒ නොවනුයේ ද?

‘බා = බියෙහි’ ධාතු කෙරෙන් ‘ඉම්, එම්’ ප්රඩත්යරය වැ ‘බෙම්’ වූ සේ යැ ව්යාාඛ්යානන කාර ශුරයන් කියනුයේ. කෘත්රි්ම කාරක නිදර්ශුනයට ද වඩා ආශ්චර්යා තත් ප්රාත්යනය කථනය යි. විග්රිහ පිණිසැ මෙ තෙක් එකවචන ක්රිශයා වියැ. මෙහි වන්නා බහුවචන ක්රි යා යි. ‘ඔහු කෙරෙන් බා නු යි...’ වී නම් නියරකට සිටියේ නො?

ටිප්පණී : 1. බෙම් - රාක්ෂස පර්යා‍ය යි. රකුසු තොට (රාක්ෂස තිර්ථරය) වූ බැවින් බෙම්තොට (හීමතීර්ථ ) නම් ද එ මැදින් ගලන ගඟ බෙම් ගඟ (හීම ගඞ්ගා) නම් ද වූ බවට කතා යැ.


8 - 9

එහි වෙත් නු යි - බිම් - එහි සැපත් පිරේ නු යි - පුර - මෙ ඈ අදර කරු පසින් නිපන්.


අර්ථ : ඒ ආධාරයෙහි වෙත් නු යි භූමි (යැ).

       ,,          ,,       සම්පත් පූරණය වේ නු යි නගර (යැ). 


458 සිදත් සඟරා විවරණය

මේ ආදිය ආධාර කාරක ප්ර ත්ය යයෙන් නිෂ්පන්න යි.

විස්තර : ආධාර කාරක ප්ර ත්යනය නිදර්ශ න යි එයින් දැක්වූයේ.

‘වූ = වීමෙහි ධාතු කෙරෙන් ඉම් ප්ර ත්යිය වැ ව කාරය හට බ කාරදෙශ වී’ ‘බිම්’ සැදුණු සේ ද - ‘පුර = පිරීමෙහි’ ධාතු කෙරෙන් අ ප්රදත්යැය වැ පුර වූ ‘ සේ ද ව්යදඛ්යා න කාර විඥයෝ පවසත්. අපූර්ව ප්රාකාශ යැ කියැ යුතු මැ යැ.

‘ව’ ධාතු මුත් ‘වූ’ ධාතුවෙක් හෙළ බසේ නොලැබෙන බව කලිනුදු කියැවිණ. ‘බිම්’ නම් සද පියෙවියෙකි. එයින් කෘදන්ත භූමි සාධනය සිංහලයට අනවශ්ය් යැ. ‘පුර’ ද සඳ පියෙවි යැ. එ බැවින් එහි දු එ සැදුම් නුවුව මනා යැ. ව්යා.ඛ්යාරන මාර්ග යෙනුදු ප්රෘකාශ වූයේ ව්යාුකරණ නො වේ. අපභ්රංමශ යැ. එහි දු ‘වෙත්’ යන බහුවචන ක්රි්යාව පෙනෙයි. එ නම් නොයෙදෙන සේ යැ. තද්භව ක්රහමානුගමනයෙනි මේ ප්රඳත්යනය නිදර්ශ න වැඩි සරිය. දැක්වුණේ. සංස්කෘත, මාගධ අනුගමනයෙන් සැපැයෙන වියරණ නය හෙළ බසේ පිහිටනුයේ නො වේ.


8 - 10

කරනු - දෙනු - වළඳනු - මැඟුම් - නැඟුම් - සිඳුම් - නැමැඳුම් -

මෙ ඈ හව් පසින් නිපන්. ඉති ‍දයින් පස.


අර්ථ : කිරීම, දීම, වැළදීම, මැඟීම, නැඟීම, සිඳීම, නැමැඳීම.

මේ ආදිය භාව ප්රනත්යකයයෙන් නිෂ්පන්න යි.



                              8. ප්ර ත්යීයාර්ථාධිකාරය                                459

මෙයාකාර යැ ධාතුයෙන් ප්ර ත්ය8ය.

විස්තර : භාව කෘදන්ත ප්ර්ත්යයය නිදර්ශතන එයින් ප්රිකාශිත යි.

‘නු, උම්, ඊම්, ඉලි’ යැ යි භාව ප්රකත්යිය සතරෙකි. ඉන් දෙකක් ‘නු, උම්’ පමණක් සිදත් ‍කතු පාණන් විසින් දුටු බවට දෙස් යැ නිදසුන් මඟින් පෙනෙනුයේ.

කර + නු = කරනු කර + උම් = කැරූම් කර + ඊම් = කිරීම් කර + ඉලි = කිරිලි දෙ + නු = දෙනු දෙ + උම් = දෙවුම් දෙ + ඊම් = දීම් දෙ + ඉලි = දෙවිලි වළඳ + නු = වළඳනු වළඳ + උම් = වැළැඳුම් වළඳ + ඊම් = වැළැඳීම් වළඳ + ඉලි = වැළැඳිලි මග + නු = මඟනු මඟ + උම් = මැඟුම් මඟ + ඊම් = මැඟීම් මඟ + ඉලි = මැඟිලි නඟ + නු = නඟනු නඟ + උම් = නැඟුම් නඟ + ඊම් = නැඟීම් නඟ + ඉලි = නැඟිලි




460 සිදත් සඟරා විවරණය

සිද + නු = සිඳ + ඉ + නු = සිඳිනු සිඳ + උම් = සිඳුම් සිඳ + ඊම් = සිඳීම් සිඳ + ඉලි = සිඳිලි

නමඳ + නු = නමඳ + ඉ + නු = නමඳිනු නමඳ + උම් = නැමැඳුම් නමඳ + ඊම් = නැමැඳීම් නමඳ + ඉලි = නැමැඳිලි

‘රිම්’ පර කලැ ‘එ, ඔ’ පර රූප ගනු නියරි.

දෙ + ඊම් = දීම් පො + ඊම් = පීම්

වර්තරමාන ‘ඊ, ඉති’ විභක්ති ගන්නා ධාතුන් කෙරෙන් පර ‘නු’ ප්රතත්ය යය වීමේ දී ධාතු දී ධාතු ප්රවත්යාය මධ්ය යෙහි ‘ඉ’ ද යෙදෙයි.

වද + නු = වද + ඉ + නු = වදිනු පබඳ + නු = පබඳ + ඉ + නු = පබඳිනු

කිය, පියා, ලිය, පිස, විද, විය, සල, හිඟ, පොහො දෙ ආදි ධාතූන් කෙරෙන් භාවයෙහි ‘මන්’ ප්ර ත්ය,යය ද යෙදේ.

කිය + මන් = කියමන් පිය + මන් = පියමන් ලිය + මන් = ලියමන් පිස + මන් = පිසමන් විද + මන් = විදමන් විය + මන් = වියමන්


                                      8. ප්ර ත්යදයාර්ථාධිකාරය 			461

සල + මන් = සලමන් හිඟ + මන් = හිඟමන් පොහො + මන් = පෙ‍ාහොමන් දෙ + මන් = දීමන්

‘දෙ’ ධාතුයෙන් පර වැ ‘මන්’ ප්රයත්ය‍යය යෙදීමේ දී ධාතු ස්වරය ඊ වෙයි.

‘ඔ ද ම න් යොවුන් මද මතඟන පෙලැඹුමට ස ල ම න් සලඹ සන් කොලහල යනෙන විට සොබමන් තමන් දඟ සරි යැ යි තොප කරට අ ව ම න් කරන වැනි ඉන් යා ගන් නො සිට

යන තන්හි ‘සල’ ධාතු කෙරෙන් භාවයෙහි ‍’මන්’ ප්රරත්යීයය යොදති මධුර ස‍ෙන්ද‘ශ කාර කවීශ්වරයෝ.


8 - 11

මනුහු පිත් - මන්වා - නර. දනුව පිත් - දන්වා - අසුර. සමණහු පිත් - හෙරණ -


අර්ථු : (වෛවස්වත) මනු පුත්ර්යා මානව නමි - මනුෂ්යප යැ. දෛත්යය පුත්ර යා දානව නමි - දෛත්ය් යැ. ශ්ර්මණ පුත්ර යා සාමණේර නමි. විස්තර : ‘ආ, අ’ යන ප්රතත්යයය යොජනයෙන් ‘මනු, දනු, සමණ’ යනු ‘මන්වා, දන්වා, හෙරණ’ යන තඬිත සිඬ සේ එයින් කියැවිණ.

‘මන්වා’ යනු මනු පිත් අරුත් දෙත් සමත් ද? ‘මන්’ (මිනුම්හි) දයින් සිදු ‘මන්වා’ යනු ප්රුයුක්තාර්ථ

462 සිදත් සඟරා විවරණය

වන්නා ප්ර කාශ යැ. “මනුහු” යන ෂෂ්ඨ්යවන්තයා කෙරෙන් අපත්යුර්ථ,යෙහි (=ඔහුගේ දරු යන අර්ථ යෙහි) “දයින් නෙමෙන් හොත” යනාදි උපාඞ්ග සූත්ර යෙන් වා ප්රථත්යිය කොට අඞ්ග සූත්රෙයෙන් හු විභක්තිය හා නකාරස්ථ උකාරය ද ලොප් කොට “මන්වා” යි සිටි කල්හි නම් වත් කොට පෙර විබත් එකබස් ආ ප්ර ත්යාය කොට එහට ලොප් කිරීමෙන් පදසිද්ධිය වේ.’

ව්යා්ඛ්යාවන කාර පක්ෂයේ ‘මන්වා’ විස්තරයෙකි මේ ! සැබැවින් මැ කුමක් කී නියා ද මෙහි? දුහුනන් සඳහා කැරුණු එ බඳු වියරණ තකා පිරිමස්නේ මෙ බඳු පැහැයුම් මැ වේ ද?

‘ආ’ යනු තද්ධිත ප්රේත්ය යයෙක් නො වේ.

‘‍හෙරණ’ යනු ‘සමණ’ යන්නෙහි සකාර මකාර දෙකට හ කාර ර කාරාදෙශ වැ ළු කාර පිලිපෙරැළි වැ අ විභක්ති වැ’ සිඬ තඬිත නාමයක් මෙන් ව්යාැඛ්යාපන කාර ව්යතක්තයෝ දක්වති. අස්වාභාවික යැ; අවිචාර යැ.

ටිප්පණී : 1. මනුහු - වෛස්වන නම් වූ සප්තමයාණෝ එ නම් වූ හ. ‘විවස්වත්’ නාම සූර්යැයාට පුත්රළ වූ බැවින් වෛවස්වත නම් වූ සේ කියත්. දැනට ලොවැ වන තාක් ප්රා‍ණීන ගේ ප්රරභවය ඔවුන් ගෙන් වූ නියා යැ දැක්වෙනුයේ. සූර්ය වංශයෙහි ආදි පුරුෂයාණන් මෙන් සැලැකෙන්නෝ ද ඔහු යැ.

‘මනු’ නමින් දන්නා තුදුස් දෙනෙකි. ප්රනථමයාණෝ ‘ස්වායම්භුව මනු’ නම්මු යැ. ඔවුන් විසින් ‘ප්රනජාපතී’ නාම දශ මහර්ශීහු නිපැදැවුණු ල. මනු ස්මෘති, ‘මානව ධර්මව ශාස්ත්ර යන නම්වලින් ඇඳින්වෙන මනු නීති ග්ර න්ථය ඔවුන් විසින් කැරුණෙකැ යි යෙත්.




                                        8.ප්රනත්ය්යාර්ථාධිකාරය                      463

(1) ස්වායම්භූව (2) ස්වාරොවිෂ (3) ඖත්තමි (4) තාමස (5) රෛවත (6) වාක්ෂුෂ (7) වෛවස්වත (8) සාවර්ණි (9) දක්ෂසාවර්ණි (10) බ්රතහ්මසාවර්ණි (11) ධර්මවසාවර්ණි (12) රුද්රයසාවර්ණි (13) රෞච්ය දෙවසාවර්ණි (14) ඉන්ද්රව. සාවර්ණි යනු තුදුස් මනු නම් (චතුර්දශ මනු නාම) යැ. ‘මනු’ යනු පුරුෂාර්ථතයෙහි වැටෙන නාමයෙක් ද වේ.

2. පිත් - පුත්ර4 පර්යාාය ශබ්දයෙකි. සංස්කෘතයෙහි, අපත්යාාර්ථන යැ. දරු මුනුබුරු අරුත්හි වෙයි එයි.

3. දනුව - අසුර මව (දෛත්යය මාතා) යැ යෙත් මෙහි. 4. දන්වා - අසුරාට නමෙකි. ජාති නාම යැ: තඬිත නාම නො වේ. 5. හෙරණ - සාමණේර (ශ්රා.මණේර) යැ. උපසපන් (උපසම්පදා) නුවු (අධීශීලය නොලැබු) භික්ෂුව එ නමින් ගැනෙයි.


8 - 12

සුගත් දෙව් මෝහට - සොගත් - උවසු වා දෙව් මෙ දෙසට - වයඹ -


අර්ථෙ : තථාගත (තෙමේ) දෙවතා වූයේ මොහු හට නු යි සෞගත නම් උපාසක යැ. වාතය (තෙමේ) දෙවතා වූයේ මේ දිශාවට නු යි වයඹ නමි.

විස්තර : ‘සුගත් යන ප්රිථමාන්තයා කෙරෙන්’ දෙවතාර්ථයෙහි අ ප්ර්ත්යබය කොට ප්රවත්යශය ලොප විභක්ති ලොප ස්වර විපර්යාතසයන් කළ කල්හි “සොගත්” යනු වේ. ව්යාශඛ්යා නයෙකැ එන විස්තරයෙකි. විපර්යාස මැ යැ. එ නම්!



464 සිදත් සඟරා විවරණය

‘වා යන ප්ර ථමාන්තයා කෙරෙන් දෙවතාර්ථයෙහි ‘යබ’ ප්රකත්යවය කොට වකාරස්ථ අකාරය හට මාත්රාය හානි හා නම්වත් කිරීම් ආදියෙන් “වයබ” යනු වේ. “වයඹ” යන පාඨයෙහි “යඹ” යන ප්රාත්ය‍ය යි සැලකිය යුතු.’

ව්යාවඛ්යාහ කථනය එයාකාර යැ. සර්ව ප්රහකාර විකාර යැ. නිදර්ශ න විග්රයහයට වඩා ශත ගුණයෙන් ආකුලයැ ව්යාිඛ්යා් විස්තරය. මහාභාෂ්ය. සූත්රාබවබොධයට ද වඩා තදවබොධයට අසමර්ථයෝ නො වෙත් ද ආධුනිකයෝ

ටිප්පණී : 1. මෝහට - මොහු + හට යනු සන්ධි වීමෙන් මෝහට. 2. සොගත් - ‘සෞගත’ යන්නෙහි හෙළ මුහුණුවර ‘සොගත්’ යි ගත හෙයි. 3. වයඹ - ‘ඔබ, මොබ’ යනාදිය තඬිත නාම විනා සර්වහ නාම නො වේ. ‘මොබ’ යනු ‘මුඛ’ මුඹ, නුබ, නුඹ’ යනුයෙන් ද ලැබේ. ‘බ’ යන තඞිත ප්රිත්ය යය ‘ඹ’ යනු දු වන බව එයින් පෙනේ යි. ‘වයබ’ යනු වයඹ වූයේ ද එ නයිනි. ‘දියබ’ යනු ‘දියඹ’ වනු ද එයින් සලකන්නේ යැ.

වායුවට අධිපති දෙවයා ‘වායු’ නාමයෙන් ප්රවකට යැ සංස්කෘතයෙහි විශෙෂ ආධිපත්ය ය වයඹ දිගට බව ද සඳහනි. ‘වායුවි’ නාමයෙනි සකුයෙහි එ දිග ගැනෙනුයේ. වා දෙව් මෙ දෙසට’ යනු එ අනුවුණු සැටි යි.






                               9.උක්තානුක්තාධිකාරය                                465


8 - 13

නකත් දතුයේ - නැකැති -

අර්ථ : නක්ෂත්ර ජානනය කෙළේ නැකැති නමි.

විස්තර : නැකැත් පිළිබඳ (නක්ෂත්රේ (තාරකා) ප්ර තිබඬ) දැනීම ඇතියේ යැ නැකැති නම්.

ටිප්පණී : 1. නැකැති - නැකැත් (නක්ෂත්රක) යනුයෙන් ගැනෙනුයේ ග්ර‍හ තාරකා යැ. නකත් ශබ්දයට ‘ඉ’ යන තුඬිත ප්ර‍ත්යතයය වූ තැනි. නකත් + ඉ = අනම්ය යෙන් නැකැති. එය නොදන්නෝ ‘මාත්රාංතශ වෘඬි’ ආදි අනන් මනන් ‍බෙණෙන්.

8 - 14

පදනට හිය - පදී -


අර්ථ : පාදයනට හිත වූයේ පදී නමි.

විස්තර : ‘පදනට යන චතුර්ථ්යූන්තයා කෙරෙන් හිතාරර්ථකයෙහි ඊ ප්ර්ත්ය ය කිරීම් ආදියෙන් “පදි’ යනු වේ. පද්යප සංඛ්යා්ත ගාථා ශ්ලොකාදියට නමි. ඊ කාරාන්ත යි.’

ව්යාතඛ්යාකන කාර වියතුන් කියන්නා යැ එයින් පෙනෙනුයේ. ‘ඊ’ යන තඬිත ප්ර‍ත්ය‍යයෙක් නො ලැබේ. එ බැවින් ‘පදී’ යනු තද්ධිත නො වේ.

‘ඉති’ ප්ර්ත්යොයයාන්තය ස්ත්රීැ අර්ථ යෙහි ඊ ප්ර ත්යඛයය ගන්නා සැටි නම් - (මලිත්තිය - පැටිත්තිය) මලිත්තී. පැටිත්තී යනාදියෙන් පෙනේ.

                                                                                                                  30
466                                 සිදත් සඟරා විවරණය 

8 - 15 දනන් සුමු - දෙනෙතා -


අර්ථ : ජනයන් ගේ සමූහ ජනතාවෝ (දෙනෙතා) නමු.

විස්තර : ‘දෙනෙතා’ යන තන්හි ‘තා’ යනු බහ්වර්ථ යි. එ බැවින්, ‘ජනයන් ගේ සමූහය තෙම දෙනෙතා නමි.’ යන ව්යාවඛ්යා ව නො යෙදේ.

‘සරසවිය බැලුම - සෙක්නි වෙත් වා කිවි දන පෙදෙහි රස හව් විඳුනා - දෙනෙතා ඉතා දුලබෝ’

යනුයෙන් මඳ වූ ද සැකයට ඉඩ නො වඩති කව්සිළුමිණි කරුවාණෝ.

ටිප්පණී : 1. සුමු - සමූහ; රාශි. 2. දෙනෙතා - ජන රැස; මහ දනා.

8 - 16

සියල් ලොව් - ලෝතා


අර්ථ්: සකල ලොකය ලෝතා යැ. විස්තර : ලෝ ‘සද’ යි; ‘තා’ පස යි.

8 - 17

ගම්හි වූයේ - ගැමි - සගෙහි වූයේ - සැගි -


8. ප්ර ත්ය යාර්ථාධිකාරය 467

අර්ථ. : ග්රා‍මයෙහි වූයේ ගැමි නමි.

ස්වර්ග යෙහි වූයේ සැගි නමි.


8 - 18

රුවනින්. දඬුයෙන් මවන ලද - රුවන්මුවා, දඬුමුවා -


අර්ථ්: රත්නයෙන් ද කෘෂ්ඨයෙන් ද නිර්මාගණය කරන ලද්ද රුවන්මුවා, දඬුමුවා නමි.

විස්තර : ‘රුවන්, දඬු’ යන ශබ්ද ද ‘මුවා’ යන ප්ර ත්යවයය ද වේ.

8 - 19

තුරු මෙන් - තුරුවත් -


අර්ථ : වෘක්ෂ දොහෝ නො හොත් තාරකා වැනි වූයේ තුරුවත් නමි.

විස්තර : ‘තුරු’ යනුයෙන් රුක් (වෘක්ෂ), තරු (තාරකා) යන දෙ පස මැ ‍ගැනෙ යි. ‘වත්’ යනු ‘වැනි’ යන අරුත් දෙයි. මෙහි හලන්ත ශබ්ද ද ‘අ’ අන්ත ශබ්ද ද පර වැ ‘වත්’ ප්ර ත්ය‘ය ද ‘ඉ, උ’ යන ස්වරාන්ත ශබ්ද පර වැ ‘මත්’ ප්රමත්ය’යය ද වීම යැ තඬිත රීතිය නම්. සිල්වත්. නැණවත්, ඉදිමත්, සිඟුමත්, සිඟුමත් යනාදිය නිදර්ශනන යැ. ඒ හෙයින් ‘තුරුවත්’ යනු සදොස් යැ. 8 - 20

නැව් දවවනුයේ - නැවි -


468 සිදත් සඟරා විවරණය

අර්ථ : නෞකා ධාවනය කරවනුයේ නාවික (නැවි) නමි.

ටිප්පණි : 1. දවවනුයේ - දිවිම (ධාවනය) කරවන තැනැත්තේ. ‘දව’ (දිවුම්හි) ධාතුයෙන් වූ ප්රනයුක්ත කෘදන්ත යි.


8 - 21

තොටැ නියුතු වූයේ - තොටි -


අර්ථ : තීර්ථොයෙහි නියුක්ත වු තැනැත්තේ තොටි නමි.

විස්තර : ඔරු, පාරු, අඟුල් යනාදි යාත්රා මාර්ග.යෙන් ගංගා ආදියෙන් දනන් එ තෙර කරවන්නා යැ තොටි නමින් දන්නේ.


8 - 22

කුම් කෙරෙම් දැ යි පිළිවිසැ කරනුයේ - කිකරු -


අර්ථ : කුමක් කෙරෙම් ද කියා ප්ර්තිපෘච්ඡනය කොටැ කරන තැනැත්තේ කිංකර (කීකරු) නමි.

විස්තර : තන්නිදර්ශුනය තඬිත පක්ෂ ග්රාකහයට අසමර්ථො යැ. බැළයෝ බෙහෙවින් ඒ ඒ කටයුතු පිළිවිසැ කෙරෙත්. එ බැවින් ඔහු කම්කරු (කර්ම කාර) පෙළට වැටෙත්. එයින් මෙහෙ කරනුයේ ‘මෙහෙකරු’ යනු දු තඬිත වියැ යුතු යි. තව ද ලිපිකරු, කව්කරු, වරදකරු, සිරකරු, විනිසකරු, පියකරු, බියකරු, හියකරු, විසකුරු, යනාදිය ද තඬිත වනු නො වළකී එ නයින්.


                                      8.ප්රනත්ය,යාර්ථාධිකාරය                       469

‘කිකරු’ යන තැන්හි “කුම් කෙරෙම්” යන කර්ම පදය හා ක්රිරයා පදයත් තබා එයින් පරවැ පෘච්ඡාකරණාර්ථකයෙහි උ ප්රනත්යපය කොට “කුම්” යන්නට “කි” යන ආදෙශ හා කෙරෙම් යන්නහු ගේ විභක්ති ලොප ද කළ කල්හි ‘කිකර + උ’ කියා සිටී. ඉක්බිති සංහිතෘකාර්ය වැ නම් වත් වැ විභක්ත්යාන්ත විමෙන් “කිකරු” යි සිදු වේ. තඬිතාවස්ථා හෙයින් ධාතුහු කෙරෙන් ප්රඑත්ය ය නො කටයුතු”

එ සැටි යි ව්යා්ඛ්යා්න කාර විඥයන් කියනුයේ. ඔහු තමන් එ පහයනු පිණිසැ කුමක් කියත් දැ යි තුමු මැ දනින් දැ යි සැක දැනැවේ.

තඬිත ප්රුත්යැය අතරැ ‘උ’ ප්ර ත්යතයය නො ‍ලැබේ. කොටින් මැ ‘කිකරු’ යනු තඬිතයෙක් නො වේ; කෘදන්තයෙකි. ‘කරනුයේ - කරු’ යන තන්හි ලැබෙනුයේ ‘උ’ ප්රඅත්යඋයය යි. කෘදන්ත ප්රුත්ය යය තඬිත ප්රකත්ය යය මෙන් වරදවා ගැනිණ.

ග්රවන්ථ කර්තෲන් විසින් කෘදන්ත තඬිත න්යා‍යය මතු නො වැ සිලවු නයක් ද එහි ලා දක්වා දුන් සේ ය.

කෘදන්ත පක්ෂයට තඬිත ප්රනවෙශාවකාශ කළ බැවින් සිලවු පිණිසැ තඬිත පක්ෂයට කෑදන්ත ප්රනයේශවකාශ ද කළ නියා යැ.


8 - 23

දිපැතියේ - දිමුත් නිය ඇතියේ - නියවත් - බල, කර, අත් ඇතියේ - බිලි, කිරි, ඇත්.


අර්ථඇ : දිප්තිය ඇතියේ දීප්තිමත් (දිමුත්) නමි. ඥානය ඇති තැනැත්තේ ඥානවන්ත (නියවත්) නමි. බලය ශුණ්ඩය හස්තය ඇත්තේ බිලි, කිරි, ඇත් නමි.


470 සිදත් සඟරා විවරණය


විස්තර : ‘දීප’ යන ප්රතථමාන්තයා කෙරෙන් අස්ත්යබර්ථ.යෙහි “මත්” ප්ර්ත්ය ය කොට විභක්තියට හා පකාරයහට ලොප්ද මකාරස්ථ අකාරයහට පිලිපෙරැළි උකාරද කිරීමෙන් “දිමුත්” යනු වේ’ යනු ව්ය ඛ්යාය යැ. සත්ය වශයෙන් මැ ඒ ව්යා කරණ කථනයෙක් ද? ආශ්චර්යාවහ යැ.

‘මුත්’ යන තඬිත ප්රථත්ය?යයෙක් නො වේ. ඇතියේ යන අරුත්හි වනුයේ ‘ඉ’ ප්රථත්ය?යය යි. ඉක්බිති, නිදර්ශෙන මාර්ග.යෙන් මැ ඒ ස්ඵුට යැ. අරුත නියර කවර වුව ද ‘දිපැතියේ - දිමි යනු කියු නම් එ තරම් මැ අරුම නො වේ. ‘දිමුත්’ යනු ‘දීප්තිමත්’ යන්නේ හෙළ රුව බව යි කිව යුතු.

ටිප්පණී : 1. දිපැතියේ - ‘දිප්’ යනුයෙන් කාන්තිය (දීප්තිය) කියයි සකුයෙහි. එ මැ ගෙනැ (දිප් + ඇතියේ) ‘දිපැතියේ දිමුත්’ යනු නිදසුන් කැරිණ. අතිශය අව්යෙක්ත යැ. 2. නියවත් - නැණවත්. ‘නිය’ යනු නැණ -නුවණ ( ඥාන) යැ. එ ඇතියේ නියවත් යැ. 3. බිලි - බල ඇතියේ බලි යැ. එ අරුත්හි ‘බිලි’ යනු ධම්පියා අටුවා ගැටපද සන්යත කාර පස් වන කාශ්යණප රජහු කියති. යක්ෂාදි අමනුෂ්යල ගණයා කෙරෙහි දෙවෙන බලි (පිදැවිලි) ආදිය යි ‘බිලි’ නමින් පතළ වහරෙහි එනුයේ.

4. කිරි - කර (සොඬ) ඇතියේ කිරි. ‘කර’ යනුයෙන්’ ඇත් සොඬ (හස්ති ශුණ්ඩය) යි එහි ගැනෙනුයේ. සංස්කෘතයෙහි ‘කරින්’ යනු ඇතාට නමි.





                                  8.ප්රැත්යෙයාර්ථාධිකාරය                               471

‘ඇත් සරඟ මතඟ වරණ ‘කිරි පිනිපා ගජ දත් නා’ යනුයෙන් ඇත් නම් යෙත් රුවන් මල් කරු ස වන පැරැකුම්බාවෝ. ‘නිරිඳු කිරිඳු කඳ - උදයගැ රිවි විලස් දෙත් අමට මින් කැලෙ’ක් මෙන් - අද දැවැ වතළ රජ රැස්’යී

කව්සිළුමිණි කරුවාණෝ ද -

‘ත රි ඳු ගුණයෙන් ගැඹරින් කි රි ඳු කි රි ඳු බලයෙන් දිරියෙන් ගි රි ඳු ගි රි ඳු නුවණින් විකුමෙන් සි රි ඳු සි රි ඳු දින පැරැකුම්බුජ නි රි ඳු’

යනුයෙන් පැරැකුම්බා සිරිත් කරුවෝ ද ‘කිරිඳු’ නමින් ඇතා කියත්.

5. ඇත් - අත් ඇතියේ ඇත්. එහි දු සොඬ සලකා කියැවිණ. සොඬය ඇත් අත් වන බැවින් එ සේ කියනු යෙදේ.


8 - 24 සබට රහ -සැබි මේ ඈ නමින් පර වැ ඒ ඒ අරුත් පසින් නිපන්.


අර්ථ : සබයට රස වූයේ සභ්ය (සැබි) යැ. මේ ආදිය නාමයෙන් පරාවර්ති වැ තත් තත් අර්ථ ප්ර ත්යසයයෙන් නිෂ්පන්න යි. විස්තර : ‘සබට රහ - සැබි’ යනු යෙදෙන ලෙසෙක් නො පෙනේ. සබයේ වූයේ - සැබි යනු නම් යෙදේ.



472 සිදත් සඟරා විවරණය

‘සභාවට අර්භ වූයේ සැබි නමි’ යි ව්යාිඛ්යාසන කාර ව්ය්ක්තයන් කියතුදු ඒ අප්ර තිෂ්ඨා යැ. ‘රඟ’ යනු අර්හාර්ථ දානයෙහි අසමර්ථ බැවිනි.

‘සැබි’ යනු ‘සහ්ය.’ යන්නේ හෙළ මුහුණුවර පෑ සේ යැ.


8 - 25

ඉඳුරු ගිනි යම ඈ දසහු තම හිමියන් නමින් ද මල් පිලි ඈ ඒ ඒ ලිය රුක් නමින් ද අබේ උවසරින් පසවත් කිරීමෙන් හොත වහරැ යෙදෙත්, පස’රුත් අදියර අට වනු.


අර්ථ : ඉන්ද්ර අග්නි යාම්ය ආදි දිශාවෝ ස්ව ස්වාමීන් නාමයෙන් ද පුෂ්ප ඵල ආදිය තත් තල්ලතා වෘක්ෂ නාමයෙන් ද අභෙදොපවාරයෙන් හෝ ප්රඵත්ය්යවත් කිරීම හෙතුයෙන් හෝ ව්යෝවහාරයෙහි යුක්ත වෙත්.

අට වැනි වූ ප්ර්ත්යයයාර්ථාධිකාරය යි.

විස්තර : නැ‍ඟෙනහිර ගිනිකොන දකුණ යන දිශා එහි අධිපතියන් නමිනුදු මල් පල යන මේ ඒ ඒ ගස් වැල් නමිනුදු අභෙදොපචාරයෙන් හෝ ප්රනත්යනය යොජනයෙන් හෝ වහරේ යෙදෙන සේ කී නියා යැ.

ඉන්ද්රා දි දිශාධිපයන් නමින් ඒ ඒ දිශා ද වෘක්ෂ ලතා නාමයෙන් ඒ ඒ පුෂ්ප එල ආදිය ද සලකා ගැන්ම අභෙදොපචාරයෙන් වුව ද ප්රවත්යනය මාර්ග යෙන් ඒ සේ වනු වහර නියර නො වේ.




                                           8.ප්රයත්ය දාර්ථාධිකාරය                        473

අමරකොෂයෙහි :- ‘ඉන්දො වග්නිඃ පිතෘපති නෛර්සෘතො වරුණො මරුත් කුවෙර ඊශඃ (පතයඃ පූර්වාඊදීනාං දිශාං ක්ර මාත්)’ යනුයෙන්

දිශාධිපයන් දක්වති අමරසිංහයෝ.

ඉන්ද්රප, වරුණ ආදීන් ප්රාධාන කොටැ, ඉඳුරු දිග වරුණ දිග ඈ විසින් ගැනෙනු වහර යැ. එහි අභෙදොපචාරවිනා ප්රධත්ය,ය ව්යදවහාර අප්රනකාශ යැ.

අරලිය මල්, දෑසමන් මල්, රුක් මල්, සල් මල් යනාදිය අරලිය, දෑසමන්. රුක්, සල් නමින් ද වෙරළු පල, අඹ පල, කොස් පල, දෙල් පල, කැකිරි පල ඈ වෙරළු, අඹ, කොස්, දෙල්. කැකිරි නමින් ද අභෙදොපචාරයෙන් ගැනෙයි. එහි දු ප්රපත්යසය ව්යසවහාර අවිද්යඅමාන යි. ගල් වැල් නමින් මැ යැ එ කී මල් පල ගැනුණේ. රුක් ලිය (ගස්, වැල් - වෘක්ෂ ලතා) යන වහර විනා ලිය රුක් (වැල් ගස් - ලතා වෘක්ෂ) යනු වහර නො වේ. සංස්කෘතයෙහි දශොපචාර අනුගමනයෙන් ප්රකත්යවය කථා රුචි වූ නියා යැ. මේ අධිකාරයේ දී තද්භව ක්රරමය බෙහෙවින් පිහිට කොටැ ගැනුණු සේ යැ පෙනෙනුයේ.

ටිප්පණි : 1. ඉඳුරු, ගිනි, යම - ඉන්ද්ර , වහ්නි, පිතෘපති, නෛර්සෘත, වරුණ, මරුත්. කුවෙර, ඊශ යනුයෙන් අෂ්ට දිශාධිප දෙවතාවෝ ගැනෙත්.

ඉන්ද්රි දෙවතා පූර්ව දිශාවට (නැ‍ඟෙනහිරට) ද වහ්නි (අග්නි) දෙවතා අග්නි දිශාවට (ගිනිකොනට ) ද පිතෘපති (යම) දෙවතා දක්ෂිණ දිශාවට (දකුණු දිගට) ද



474 සිදත් සඟරා විවරණය

නෛර්සෘත දෙවතා (නෛර්සෘත දිශාවට) නිරිත දිගට ද වරුණ දෙවතා වරුණ දිශාවට (බස්නාහිර දිගට) ද මරුත් (වායු) දෙවතා වායු දිශාවට (වයඹ දිගට) ද ඊශ (ඊශ්වර) දෙවතා ඊශාන දිශාවට (ඊසාන දිගට) ද අධිප යැ යෙත්.

2. දසහු - දිශාවෝ.

3. පිලි - එලි; ගෙඩි. ‍ ‘පල පිලියට වන යා කළ කල්හි’ යනුයෙන් ගුරුළුගෝමි පාදයෝ ඵලාර්ථලයෙහි ‘පිලි’ යනු යොදත් ධර්මවප්රලදීපිකාවෙහි.

4. අබේ උවසරින් - අහෙදොපචාරයෙන්. දෙකෙකින් එකක් අනෙක සේ සැලැකීම යැ උවසර (උපචාර) නම්, එයින් වනුයේ සඞ්ක්ෂෙපණය යි. ඒ නොවෙනස් (අභෙද්යර) වීම යැ ‘අබේ’ නම්. ‘කොස් පල’ යනු ‍’කොස්’ යි ගැන්ම උපචාර යි. ‘කොස් පල මිල යි’ යනු ‘කොස් මිල යි’ ගත අභෙදොපචාර යැ.

5. පසවත් - ප්ර්ත්යයයාන්ත ; ප්රලත්ය ය යුක්ත.

තඬිතොදාහරණ ප්රවකාශය ද අසම්පූර්ණප යැ. නිදර්ශනන දැක්වීම අත්තනොමතික වැ විනා නියරකට නො කැරිණි.

‘අ’ ආණ, තර, තම, මය, බ, මුවා, තා , අණි, ඉ, ඉති, අටි, අටු, අණු, වත්, මත්, අස්, අත්, එක්, යන එකුන් විසි තඬිත ප්ර ත්‍. යයෙන් ලැබේ. එයින් ‘ආණ, තර, තම, මය, අණි, ඉති, අටි, අටු, අණු, මත්, අස්,අත්, එක්, යන ප්රතත්යමය සිදත් සඟරා කර්තෲන් විසින් අඥාත යි.

ආණ : රජාණ, සිටාණ, ඇජරාණ, තෙරිඳාණ යනාදිය යි. පුම ලිඟු යි. බුහු බස් දෙ වන විබත් ගණය මැ. ගන්නේ වේ.

රජාණෝ, රජා‍ණ‍න්, රජාණනට, රජාණනි ඈ විසිනි.


8.ප්රවත්ය‍යාර්ථාධිකාරය 475

තර : හිතතර, හියතර, දිරිතර, පැනතර, එඩිතර යන මේ යැ.

තම : වරතම, රමතම, පියතම, තරතම, දැඩිතම යනු යි.

මය : රන්මය, රිදීමය, රුවන්මය ආදිය යි.

අණි : මෑණි, නැඟණී, බුනණි, නැන්දණි යනාදිය යි. ඉතිරි ලිඟු බුහුබස් විබත් මැ ගන්නේ යැ. මෑණියෝ, මෑණි‍යන්, මෑණියනට, මෑණියනි යන සෙයිනි.

ඉති : පැටිති, ළමිති,බටිති, කැනිති, පැනිති ආදිය වෙයි. සම ලිඟු යැ.

පැටිත්තා කැනිත්ත පැටිත්තී පැනිත්ත යනු නය යි.

අටි : මොළොකැටි යනු (පුම, ඉතිරි ) දෙ ලිඟු සම යැ.

පුම එක් : ඉතිරි එක්:

මොළොකැටියා මොළොකැටිය ඈ විසිනි

කලටි යනු නිපුස් යැ.

එක : බහු: කලටිය කලටි

අටු: පෙරටු, හරටු කොරටු ආදිය යි. ස්ත්රීනලිඞ්ග වූ තන්හි ස්වර අනම්ය යි. නපුංසක

එක: බහු පෙරටුට පෙරටු හරටුව හරටු කොරටුව කොරටු

476 සිදත් සඟරා විවරණය


පුං : ස්ත්රී : පුං : ස්ත්රීි: එක: එක: බහු:

පෙරටුටා පෙරැටිය පෙරටුවෝ

අණු : මලණු, බෑනණු, මයිලණු යනාදිය යි. පුම ලිඟු යි: බුහු බස් විබත් මැ ගනි. මලණුවෝ, මලණුවන්, මලණුවනට, මලණුවනි, යනුයෙනි.

මත්: සිරිමත්. දිරිමත්, සුරුමත් ආදිය යි. ‘වත්, මත්’ ප්ර ත්යබයාන්ත තඬිත නාම සාධාරණ ලිඞ්ග යි. ස්ත්රි් අර්ථයයෙහි ඊ ප්රලත්යවයය වේ.

පුං : ස්ත්රිත: පුං: ස්ත්රී්: ගුණවතා ගුණවතී සිරිමතා සිරිමතී ඈ සෙයිනි.

අස් : උසස්, යසස්, සිහිලස්, මෙළෙකස් යනු යැ, එහි මූල ප්ර්කෘති ලිඞ්ග මැ වෙයි.

පුං : ස්ත්රීය: පු : ස්ත්රීි එක: එක: බහු: උසසා උසස උසස්හු. උසස්සු

                                              නපුංසක 

එක : බහු: උසස: උසස්:

අත් : කනත්,දියත්, ගහණත්, වෙරළත් යනාදිය යි. මුල් පියෙවි අනුවැ ඒ නිපුස් ලිඟු මැ වේ.

එක් : රජෙක් රැජනක් රියෙක්. ‘එක්’ ප්රිත්යසයාන්ත තඬිත නාමය තුන් ලිඟු වර නැ‍ඟිල්ලේ දි ප්රකත්ය යයේ ද වෙනස වේ.

                                    8.උක්තානුක්තාධිකාරය                           477

පුං : ස්ත්රී : නපුංසක: 1. රජෙක් රැජනක් රියෙක් 2. රජකු රැජනක රියක් 3. - - රියෙකින් 4. රජකුට රැජනකට රියකට 5 - - රියෙකැ

පුල්ලිඟු ‘එක්’ යනු පළමු වන විබත්හි පමණ යි. වනුයේ. සෙසු තන්හි ‘අකු’ යනු යැ. ස්ත්රීඟලිඞ්ගයෙහි පෙර විබත්හි ‘අක්’ ද සෙසු තන්හි ‘අක’ ද වෙයි. නපුංසකලිඞ්ගයෙහි පළමු වන, තුන් වන, පස් වන විබත්හි ‘එක්’ දෙ වන සිව් වන විබත්හි ‘අක්’ ද වේ.

ප්රසත්යහයාර්ථාතධිකාරය නිමියේ යැ.

9. උක්තානුක්තාධිකාරය.


9 - 1

බජත තම විබත් - කම් කතුරුතු අවුතු නම්. ඔහු දෙ දෙන වුතු නම් වෙත් - පළමු විබත් බජනුවෝ .


අන්වය : කම් කතු අරුතු තම විබත් බජත අවුතු නම්. ඔහු දෙ දෙන පළමු විබත් බජනුවෝ වුතු නම් වෙත්.

අර්ථ : කර්මත කර්තෘම අර්ථඅයෝ ස්වීය විභක්ති භජනය කරන කල්හි අනුක්ත නම්මු යැ. ඔහු (තත් කර්මව කර්තෘී අර්ථයෝ) දෙ දෙනා ප්රවථමා විභක්තිය භජනය කරන්නාහු උක්ත නම් වෙති.


478 සිදත් සඟරා විවරණය

විස්තර : කර්මා ර්ථය කර්ම විභක්තිය ද කර්ත්රඅර්ථය කර්තෘද විභක්තිය ද සෙවනය කිරීම යැ තම විබත් බිජිම යනුයෙන් දැක්වුණේ. ඒ දෙ පක්ෂය එ සේ විබත් බිජි‍මේ දී අනුක්ත නාමයෙන් දන්නා බව කියැවිණ.තත් කර්මාබර්ථය ද කර්ත්රනර්ථය ද ප්රමථමා විභක්තිය භජනය කිරීමේ දී උක්ත නාමයෙන් දන්නා බව ප්ර කෘශිත යැ. ‘ඹහු බත පිසේ’. ‘ඔහු විසින් බත පිසිනු ලැබේ. යනුයෙන් ව්යාැඛ්යාදනයන්හි කර්ථ ත උක්තානුක්ත නිදර්ශතන ප්රිතිෂ්ඨා රහිත යැ.

ටිප්පණි : 1. අවුතු - අනුක්ත. 2. වුතු - උක්ත.


9 - 2

ලබ දා යුතු කමත - වුතු නම් නැත අවුතු නම්. වුතු වත කම් කතු අවුත් - කතු වුතු වත අවුත් කම්.


අන්වය : ලබ දා යුතු කම් අත වුතු නම්: නැත අවුතු නම්. කම් වුතු වත කතු අවුත්. කතු වුතු වත කම් අවුත්.

අථී: ‘ලබ’ ධාතු යුක්ත කර්මා:ථීය උක්ත නමි: නැත් හොත් අනුක්ත නම් යැ; කර්මකය උක්ත වන කල්හි කර්තෘක අනුක්ත යැ. කර්තෘු උක්ත වන කල්හි කර්මයය අනුක්ත යි.

විස්තර : ‘ලබ’ ධාතු යුක්ත යන මෙයින් අභිමත වූයේ එයින් නිපන් ලැබේ.-ලැබෙති - ලැබිණි - ලැබුණු යන කර්මේ කාරක ක්රිතයා යැ, ‘ලබ’ ධාතු ආත්මනෙ පද වූ තන්හි දු මෙ කී ක්රිබයා රූප ලැබෙන බැවින් සාවද්ය‍ ප්රරකාශ යැ.



                                     9.උක්තානුක්තාධිකාරය                           479

දුව සිල් රකි දුව විසින් සිල් රකිනු ලැබේ

යන මෙයින් මුල් වැකියේ කර්ම ය අනුක්ත ද ඉක්බිති. වැකියේ කර්මනය උක්ත ද යනු යැ සිදත් නියර. ‘ලබ දා’ යනුයෙන් කී පරිදි දෙ වන වැකියේ පෙනෙන ‘ලැබේ’ යනු කර්මලය උක්ත නො කෙරේ. කර්තෘක කාරක විනා කර්ම කාරක නොවන බැවිනි. කර්මයය උක්ත වන්නට නම් වැකිය -

දුව විසින් සිල් රැකේ යනු වියැ යුතු.

ටිප්පණි : 1. කමත - (කම් + අත ) කර්මාීර්ථරය. 2. නැත - නැත හොත්. 3. අවුත් - අනුක්ත.


9 - 3

‘දහම් නරදම්සැරිහු විසින් දෙසිණි -‘ මෙ ඈහි කම් වුත් කතු අවුත් නම්.


අර්ථහ: ධර්ම්ය නරදම්ය සාරථිහු විසින් දෙශනා කැරිණ.

මේ ආදියෙහි කර්ම ය උක්ත (නම්) යැ; කර්තෘි අනුක්ත, නම් යැ.


9 - 4

‘එ දම් අරි සඟ පිළිපදනේ -‘ මෙ ඈහි කතු වුත් කම් අවුත් නම්. ඉති හුදු කිරිය පෙදෙන් වුත් අවුත.


480 සිදත් සඟරා විවරණය

අර්ථ : ඒ ධර්ම ය ආර්යත සඞ්ඝ තෙමේ ප්රනතිපාදනය කරන්නේ වේ.

මේ ආදියෙහි කර්තෘ උක්ත නම් ද කර්ම ය අනුක්ත නම් ද වේ.

ශුඬ ක්රිහයා පදයෙන් උක්තානුක්ත මෙ සේ යැ.

විස්තර : ‘පිළිපදනේ’ යනු නාම ක්රිතයා පදයෙකි; ශුඬ ක්රිවයා පදයෙක් නො වේ. එ බැවින් ඒ නිදශීනය ග්ර න්ථ කර්තෲරන් ගේ අභිමතාර්ථ සාධනයෙහි අසමර්ථ යැ. ‘පිළිපද’ ධාතු ‘රක්’ ආදි ගණ පරස්මෛපද වූ තන්හි - පිළිපදී - පිළිපදිති - පිළිපැදි - පිළිපැදි යනු ද ‘බස්’ ආදි ගණ පරස්මෛපද වූ තන්හි - පිළිපදී - පිලිපදිති - පිළිපනි, පිළිපන්, පිළිපන - පිළිපනු, පිළිපන්, පිළිපන යනු ද ශුඬ ක්රි යා පද මෙන් සිටී. මේ ධාතු ‘රක්’ ආදි සකර්මවක ද ‘බස්’ ආදි අකර්මශක ද වේ.


9 – 5

ගිම් රිවි තෙ‍දිනදි’න් ගජ රජ කුමුටු වන විල් එහි පිළිබිඹු ඔහු බලා නො සැහැ වනසන මෙනෙනෙ’ව්

මේ ඈ සකම් කිරියනෙන් වුත් කතු.


අන්වය : ගිම් රිවි තෙදින් අදන් වන විල් කුමුටු ගජ රජ නො සැහැ වනසන මෙනෙන් එව් ඔහු පිළිබිඹු එහි බලා.

අර්ථ : ඝර්ම සූර්යල තෙජසින් පීඩිත වැ වන්ය් තටාකයෙහි නිමග්න වූ හස්ති රාජ තෙමේ ක්ෂමා නො කොටැ විනාශ කරන සිතින් මෙන් ඒ ඝර්ම සූර්ය යා ගේ ප්රොතිබිම්බය තද් වන තඩාගයෙහි අවලොකනය කෙරේ.


                              9.උක්තානුක්තාධිකාරය                                481

මේ ආදිය සකර්ම ක ක්රි යායෙන් උක්ත කර්තෘත යැ. ගිම් රිවි තෙදින් අදන් ගජ රජ ............ කුමුටු’ ඈ විසින් පෙළ දක්වමින් මෙය අකර්ම ක නිදර්ශින පක්ෂයෙහි ලා දක්නෝ පිහිට නොලබන්නෝ යැ. එයින් ඔහු ග්රදන්ථ කර්තෘම පාදයන් අස්ථාන ව්යාපකරණ ඝාත චොදනාවට ද ලක් කෙරෙත්. ‘කුමුටු’ යනු සඳහා ‘නිමග්න වී’ යන අර්ථ කථනය නම් අපූර්වමතම යැ.

‘.................. ගජ රජ ............... පිළිබිඹු .................. බලා’ යන මෙහි ‘බලා’ යනු සකර්මජක වර්ත.මාන එකවචන ක්රිුයා යැ. එහි කර්තෘඅ ‘ගජ ජ යැ’ කර්මබය ‘පිළිබිඹු’ යැ.

ටිප්පණි : 1. ගිම් රිවි - සර්ම’ සූර්යයා, චණ්ඩ රශ්මි යුක්ත සූර්යයා යනු යු නියා යැ.

2. අදන් - පීඩිත යන අරුත ගත යුතු මෙහි.

3. කුමුටු - ‘කුමුඳු’ (කිමිඳුම්හි - නිමග්නයෙහි) ධාතු ‘බස්’ ආදි ගණ පර: පද වූ තන්හි ලැබෙන නාම ක්රි යා (අතීත කෘදන්ත නාම) යැ. මෙහි එ සේ සිටි. අතීත බහුවචන ආඛ්යාමත රූපය ද මේ මැ යැ. මේ ධාතු අකර්මැක යි.

4. නො සැහැ - ‘සහ’ (ඉවැසුම්හි) ධාතුයෙන් වූ පූර්වඑ ක්රිායා (අතීත නිපාත ක්රිතයා) යැ: අතීත කෘදන්ත නිපාත නම් ද වේ. නො ඉවසා (ක්ෂමා නො කොටැ) යනු අර්ථ යි.

5. මෙනෙන් - සිතින්; අදහසින්.

6. එව් - මෙන්.

31


482 සිදත් සඟරා විවරණය


                                      9 – 6 

රුදුරු බියෙනි ‘තුන් හද දැදුරට පිවිටි කම් එහිදෝහට කටොල් දෙත් වත්නට වැරැදැ කෙ ‍රැකෙත්? මෙ ඈ අකම් කිරියනෙන් වුත් කතු.


අන්වය : කම් රුදුරු බියෙන් ඉතුන් හද දැදුරට පිවිටි. එහි දු ඕහට ‍කටොල් දෙත්. වත්නට වැරැදැ කෙ රැකෙත්?

අර්ථ : කාම (අනඞ්ග) තෙමේ රුද්රප භීතියෙන් ස්ත්රීුන් ගේ හෘදය ජර්ජරයට ප්රෙවිෂ්ට වියැ. තත් ස්ථානයෙහි දු (ස්ත්රී්හු) ඒ අනංගයාට දුඃඛ දානය කෙරෙත්. ශක්තයනට විරොධ වැ කවුරු (නම්) රක්ෂිත වෙත් ද?

මේ ආදිය අකර්ම්ක ක්රිතයායෙන් උක්ත කර්තෘා යැ.

ව්යාදඛ්යාමන කාර විඥයෝ මෙය සකර්මරක නිදර්ශ න කොටැ අක්වත්. ‘කුමුඳු’ ධාතු මෙන් මැ ‘පිවිස’ ධාතු ද අකර්මශක යි. ඉතින් ඔහු කෙසේ පිහිට ලබත් ද?

‘පිවිටු’ යනුයෙන් බහුවචන රූපයක් ගැන්මෙන් ගත් කරුවන් දොස් ලක් කිරීමට ද නො පැකිලෙත් ඔහු. ‘පුවුටු’ මුත් ‘පිවිටු’ යි බුහුබස් රුවෙක් ‘පිවිස’ දයින් නො ලැබේ.

‘මෙහි ‘පිවිටු’ යනු ‘විස’ පිවිසීමෙහි යන සකර්මයක ධාතුයෙන් කර්තෘව කාරකයෙහි අන්කරු අයුකල් එකබස් උ ප්රුත්ය‘ය වැ සිඬ හෙයින් සකර්මෙකක්රිුයාවකි. එ හෙයින්


                                9.උක්තානුක්තාධිකාරය                                483

මේ ක්රිියා යොගයෙහි “හදදැදුරට” යනු කර්මි විය. කර්තෘ කාරක ප්ර්ත්යතය වූ හෙයින් කර්තෘර උක්තය, කර්ම”ය අනුක්ත යි.’ මේ ව්යාතඛ්යාක කථනය හාස්යෘ ජනක යැ.

විස්තර : වරක් කුපිත වූ ‍මහෙශ්වරයා ස්වකීය ලලාටාක්ෂියෙන් වහ්නි ජවාලාවක් නිකුත් කොටැ අනඞ්ගයා හස්ම කෙළේ යැ යෙත්. ‘තෙනෙත්හු කම් දම්’ යනුයෙන් සිදත් සඟරා කර්තෲහු මැ එයට නිදසුන් සපයත්. දෙවියන් ගේ යැදුම් හෙයින් මෙහෙසුරු තෙමේ තමා ගේ ආවාහ දිනෙහි අනංගයාට දිවි දිනි යනු දු කියත්. එයින් බිය පත් වූ අනඞ්ග තෙමේ මෙහෙසුරු කෙරෙන් රැකුම් පතා කතුන් ගේ හද නමැති බෙණයට වැදැ ඉඳී. ඒ කත්තු එහිත් උහුට වධ දෙති. බලවත්නට වැරැදි කෙටැ රැකෙන්නවුන් නොවන බවට ඒ සාධක යැ.

සකර්ම්ක අකර්ම ක උක්ත කර්තෘව නිදර්ශඳන දැක්වුණු ආකාරය ද ආකුල යැ. ‘දෙත්, රැකෙත්’ යනු ඒ පහය යි.

ටිප්පණී : 1. කම් - කාමයා; අනඞ්ගයා. 2. රුදුරු - රුද්ර යා ; මහෙශ්වරයා. 3. ඉතුන් - ස්ත්රිතන් යන අරුත්හි යෙදිණ. 4. දැදුරට - බෙණයට ; සිදුරට ; ජර්ජරයට. 5. පිවිටි - අකර්ම ක. ‘පිවිස’ (පිවිසුම්හි) ධාතුයෙන් වූ අතිත එකවචන ක්රි.යා යැ. 6. කටොල් - දුක්; වධ. 7. වත්නට - ශක්තිමත්නට ; ශක්තයනට; බලවත්නට. 8. වැරැදැ - ‘වරද’ (වැරැදුම්හි) ධාතු අකර්මමක යි. එ බැවින් නො යෙදේ. වරද කොටැ යන අරුත ඉන් නො ලැබේ.




484 සිදත් සඟරා විවරණය

9. කෙ - සර්ව නාම යි; කවුරු යන අරුත්හි බහුවචන යි.


9 - 7

සලෙළු තිළි දැකැ පියොවුරු බෙයද පියබඳ වුහුටෙ’හි සක් නරද හිස. තැනැවි උපුරන ‘සිනෙ’ව්. මෙ ඈ අරුත් කිරියනෙන් වුත් කම්.


අන්වය : සලෙළු පියබඳ පියොවුරු බෙයද දැකැ, තිළි, එහි වුහුටු සක් නරද උපුරන අසින් එව් හිස තැනැවී.

අර්ථ: සල්ලාල (කාමුක) තෙමේ ප්රි ය කාන්තාව ගේ පයොධර නමැති පර්වඅත පර්ශ්වය දර්ශ නය කොටැ, තුෂ්ට වැ, තත් පයොධර පර්විත පාර්ශ්වයෙහි විහිදුවන ලද වක්ෂුස් නමැති නාරාවය. උත්පාටනය කරන අධ්යා්සයෙන් මෙන් ශීර්ෂ්ය කම්පිත කැරැවී.

මේ ආදිය අර්ථය ක්රිීයායෙන් උක්ත කර්මව යි.

විස්තර : උක්තය හැඳින්වීමේ දී මෙහි ආදියෙහි මැ කියූ දැයට මේ ප්ර්තිපක්ෂ යැ. අන් තන්හි මෙන් මැ මෙහි දු කැරුණේ අවුලෙකි. කර්ම්, කර්තෘන අර්ථ ප්ර‍ථමා විභක්තිය භජනය කිරීමේ දී උක්ත ‍නම් වන බව ආදියේ කියා, ඉක්බිති මෙ සේ කීම කෙසේ නම් යෙදේ ද?

ටිප්පණි : 1. බෙයද - උස් වූ පියයුරු පෙදෙස් මෙයින් ගැනේ.



                                    9.උක්තානුක්තාධිකාරය                           485

2. තිළී - තුළ (සතුටෙහි) ධාතු ‘රක්’ ආදි ගණ අත්: පද වූ තන්හි ලැබෙන පූර්වස ක්රි යා යැ.

3. වුහුටු - විහිද (විහිදුම්හි) ධාතුයෙන් වූ නාම ක්රිගයා (අතීත කෘදන්ත නාම) යි. 4. සක් නරද - නෙත් නමැති හීය; චක්ෂුස් නමැති නාරාවය. 5. උපුරන - ‘උපුර’ (ඉපිරුම්හි) ධාතුයෙන් සිද්ධ නාම ක්රි(යා (වර්ත)මාන කෘදන්ත නාම) යැ. උදුරන (උත්පාටනය කරන) යන අරුත යි. 6. අසින් - අදහසින් ; අධ්යාපසයෙන්. 7. තැනැවී - ‘තන’ (තිනුම්හි - කම්පනයෙහි) ධාතුයෙන් නිපන් ප්‍රයුක්ත එකවචනාඛ්යාාත යි.


9 - 8

ඒ ඒ විබත්හි අරුත්හි සමස් පස තම තම

  		විබත් අරුත් වුතු නම් කෙරේ. 


අර්ථ : තත් තද් විභක්තියෙහි ද තත් තත් අර්ථයෙහි ද සමාස හා ප්රථත්යතය හා තම තමා ගේ විභක්තිය ද අර්ථය ද උක්ත නම් කෙරෙයි.

විස්තර : මෙයින් කියනුයේ වැකියෙකැ උක්තය නො වේ. ‘එරුණුහස්, දැමිඳුරු’ ආදි අන්යානර්ථ සමාස ද ‘කරනුයේ - කතු’ ඈ විසින් දැක්වුණු ප්ර:ත්යදයයාර්ථ නාම ද පිළිබඳ උක්ත කථනය යි මෙහි ලා කැරුණේ. ආධුනිකයන් සඳහා කරන බවට ප්රපතිඥා දානය කළ ව්යාණකරණයේ තත්ත්වය ආශ්චර්ය යි!




486 සිදත් සඟරා විවරණය


9 - 9

අන් කිරියක් නැත, පෙරවිබත් අත්හට වූ දා යොදනු. වුත් අවුත් අදියර නව වනු


අර්ථ : අන්යව ක්රිතයාවක් නැත් හොත් ප්රාථමා විභක්ත්යයන්තයාට වූ ධාතුව යුක්ත කරනු.

නව වැනි වූ උක්තානුක්තාධිකාරය යි.

විස්තර : උක්තය හා බැ‍ඳෙන ආඛ්යාැතයෙක් නො වේ නම් ‘ව’ (වීමෙහි) ධාතුයෙන් නිපන් ක්රි යා පදයක් යෙදීම මෙයින් පැවැසිණ. ‘වූ’ ධාතු කථා සා අං පිළිබඳ කථා හා සරි යැ.

ගද්ර භයා සිවුපාවෙක් යැ. තාරාවෝ දෙ පාවෝ යැ. මේ වැකි දෙකෙහි මැ උක්තය හා යෙදෙන ආඛ්යාවත නො ලැබේ; ලැබෙනුයේ සමාප්තියෙහි නිපාත මතු යැ. එ බඳු තන්හි ‘වේ, වෙති’ යන ක්රිෙයා යොදා, ගද්රධභයා සිවුපාවෙක් වේ. තාරාවෝ දෙ පාවෝ වෙති යනුයෙන් ගැන්ම යි ‘වූ දා’ යෙදීම නමින් කියැවුණේ.

උක්තානුක්තාධිකාරය නිමියේ යැ.

10. ක්රිමයා කාරක පද සම්බන්ධාධිකාරය


10 - 1

කම් කතු කරණ හා - සපදන් අවදි අදර ද මෙ වියූ විබත් සයට මැ - කරු නම් වියූ පඬුවෝ.


                            10. ක්රිායා කාරක පද සම්බන්ධාධිකාරය              487

අන්වය: කම් කතු කරණ හා සපදන් අවදි අදර ද මෙ වියූ විබත් සයට මැ පඬුවෝ කරු නම් වියූ.

අර්ථ : කර්මූ කර්තෘ් කරණ (ද) සම්ප්රනදාන අවධි අධාර (ද) (යන) මෙ කියන ලද විභක්ති ෂටිකයට මැ පණ්ඩිතයෝ කාරක නාමය කියු හ.

විස්තර : විභක්ති කාරක නාමයෙන් කීම නය හුරු නො වේ. එ බැවින් පඬුවන් කිව ද නුසුදුසැ යැ යි කියැ යුතු යැ.

පඬුවා පඬුවෝ පඬුවා පඬුවන් පඬුවාට පඬුවනට පඬුව පඬුවෙනි

විභක්ති නාමයෙන් දන්නේ බෙදන ලද්ද (විභක්ත කරන ලද්ද) යි. ‘පඬු’ යන පියෙවිය (ප්රෙකෘතිය) නන් අයුරින් බෙදුණු නියා මෙහි පෙනෙයි. ඒ බෙදීමේ එන ‘ආ,ඕ, ආ, අන්, ආට, අනට, අ, එනි’ යන මේ විභක්ති යැ. සිදත් සඟරා කර්තෲන් විසින් පිළිගැනුණු පණ්ඩිත මතයෙන් යටැ දැක්වුණු කර්ම්, කර්තෘි ආදි විභක්ති කාරක නාමය ලැබේ.

විභක්තිය එකෙකි. කාරකය අනෙකෙකි. කර්මන විභක්තිය, කර්ම, කාරකය යන දෙක මැ එක ද? ‘කම් කතු කරණ හා - සපදන් අවදි අදර ද’ යන තන්හි ‘හා ද’ නිපාත යොගය නොමනහර යැ.




488 සිදත් සඟරා විවරණය

‘කම් .........................හා - සපදන් .............හා’ යි හෝ ‘කම්.......................... ද - සපදන් ............. ද’ යි හෝ වීම යැ නිසි. සමුච්චයාර්ථ ‘ද’ නිපාතය වර්තමමාන ව්ය.වහාරයෙහි ප්රනකට බවට පැමිණියා සේ මැ තදර්ථථ ‘හා’ නිපාතය ද අතීත ව්ය.වහාරයෙහි ප්රකකට බවට පත් නියා - ‘කෙළෙ මෙ ද සඳ නොවෙන් යෙසෙ ඔහු කැලුම්හි වුවන් වසන් පහළ සේ පියන් පියන ‘දහස් පිරි හා’ (කව්සිළුමිණ) ‘සරතස හා විනොයා’ (ධර්ම ප්ර)දීපිකාව)

යන ප්ර්කාශ මාර්ගහයෙන් ප්ර.ත්ය ක්ෂ යි. අර්ථ පක්ෂයෙන් සමාන වුව ද රූප පක්ෂයෙන් අසමාන බැවින් මිශ්ර.ණය සුදුසු නො වේ. සමුච්චයාර්ථ ‘හා’ නිපාත ව්යඅවහාරය අද අප්රෙකට බැවිනි වෙසෙසින් මැ.


10 - 2

කිරිය නිපැත්මට - හේනෙන් මේ ස කරු නම්. සබඳ අලප ද බිහි වී - මෙ වැනි අයුරක් නොලදින්.


අන්වය: කිරිය නිපැත්මට හේනෙන් මේ ස කරු නම්. සබඳ අලප ද මෙ වැනි අයුරක් නොලදින් බිහි වී.

අර්ථ : ක්රිනයා නිෂ්පත්තියට හේතු වන බැවින් මෙ කී විභක්ති ෂට්කය ෂට් කාරක නමි. සම්බන්ධ්යන (ද) ආලපනය ද මේ බඳු ලෙසත් නොලත් හෙයින් බැහැරැ වියැ-


                           10.ක්රි)යා කාරක පද සම්බන්ධාධිකාරය                 489

විස්තර : ආදියේ මැ ප්ර කාශිත ෂඩ් විභක්ති ක්රිකයා නිෂ්පාදනයට හේතු වනුයෙන් ෂට් කාරක නාමයෙන් ගැනෙන බව ද සම්බන්ධ ආලපන යන විභක්ති ක්රිකයා නිෂ්පාදන හේතු නොලබන බැවින් බැහැරැ වූ බව ද මෙයින් කියැවිණ.

විබත් අදියරෙහි ‘පළමු (වන), කම්, කතු, කරණ, සපදන්, අවදි, සබඳ, අදර, අල්ප්, ඈ විසින් දැක්වුණු නව විබතින් මෙහි සඳහන් ලදුයේ අටෙකි. ‘පළමු’ (වන) විබත සදහන් නූවූයේ ඇයි? එහි දූ අවුලෙකි.

ටිප්පණී : 1. නිපැත්මට - නිපැදුමට; නිෂ්පත්තියට. 2. හේනෙන් - හේතු වන බැවින්.


10 - 3

යොදනු සබඳ නම් මෙ විබත් කිරිය පද හා. මෙ විනා නො වති වැකියෙක් විටැකු අරුත් පවසත.


අන්වය : මෙ විබත් කිරිය පද හා යොදනු සබඳ නම්. මෙ විනා වැකියෙක් විවැකු අරුත් පවසත නො වති.

අර්ථ : මෙ කියන ලද විභක්ති ක්රිායා පද සමඟ යෙදීම සම්බන්ධ නමි. මෙ කී සම්බන්ධය හැරැ වාක්යදයෙක් විවක්ෂිතාර්ථ ප්රීකාශයෙහි අසමාර්ථ යැ.

විස්තර : තත් ප්රවකාශයෙහි අනාකුලත්වය අවිද්යසමාන යැ. කාරක නාමයෙන් අනුඥාත විභක්තීන් ක්රිෙයා පදයක්


490 සිදත් සඟරා විවරණය

සමඟ යෙදීම ක්රි යා කාරක පද සම්බන්ධය බව යි එයින් ප්රවකාශ වනුයේ. තත් සම්බන්ධය විනා අභිමතාර්ථ ප්ර්කාශයෙහි වාක්යරයෙක් අසමර්ථ යැ යනුයෙන් ඒ පරිස්ඵුට යැ .

සිදත් සඟරා කර්තෲන් එ සේ කියතුදු ක්රි යා කාරක පද සම්බන්ධය යනුයෙන් ප්රකකට වනුයේ උක්තාඛ්යාධන සම්බන්ධය යි.

ගොනා පනී

ගොනා තණ කයි.

යන වාක්යක වයය නිදර්ශාන යැ. ප්ර්ථමය අකර්මථක ද විතීයය සකර්ම ක ද වෙයි. තද් වාක්යය වයයෙහි විවක්ෂිතාර්ථ (අභිමතාර්ථ) ප්රථකාශයෙහි අසාමර්ථ්යයයෙක් විද්යෙමාන ද? අවිද්ය්මාන නම් එහි ක්රිකයා කාරක පද සම්බන්ධය වේ මැ යැ. සිඬාන්ත ප්රනකාශය අදුරදර්ශී යැ.

ටිප්පණී : 1. විවැකු - අදහස් කළා මූ; විවක්ෂිත. සකර්මක ‘විවක’ (විවැකීමෙහි) ධාතු ‘බල’ ආදි ගණ පර: පද යි. මේ එයින් නිපන් නාම ක්රිැයා යැ.

2. නො වති - නො පොහොසත් (අසමර්ථි) යැ.


10 - 4

‘මුළු දෙට පා පිඬු කනා ඉකිළියේ සඳුන් කටින් පිසැ සඟනට දී බෙවෙන් මිදිණි.’ ඉති කිරිය කරු ‍පදන් යොදන අයුරු.



                            10. ක්රි‍යා කාරක පද සම්බන්ධාධිකාරය               491

අර්ථ : සූද ජ්යෙ ෂ්ඨ (තෙමේ) පායස පිණ්ඩ කනක භාජනයෙහි චන්දන කාෂ්ඨයෙන් පවනය කොටැ භික්ෂූනට දානය කොටැ භවයෙන් මුක්ත විණි.

ක්රිතයා කාරක පදයන් යුක්ත කරන ආකාරය මෙ සේ යැ.

විස්තර : අරක්කැමි දෙටු තෙමේ කිරිබත් රන් සැළියෙහි සඳුන් දරින් උදවු කැරැ බිකුනට දී සසරින් ගැලැවිණි යනු එයින් කියැවිණ. යථොක්ත ෂට් කාරක නිදර්ශන යැ ඒ දැක්වුණේ.

මුළු දෙට යනු යැ උක්තය; කර්තෘ කාරක යි. පා පිඬු යනු අනුක්ත කර්ම යි; කර්ම කාරක යැ. කනා ඉකිළියේ යනු ආධාර යැ; ආධාර කාරක යි. (සඳුන්) කටින් යනු කරණ යි; කරණ කාරක යැ. සඟනට යනු සම්ප්රයදාන යි: සම්ප්ර්දාන කාරක යැ. බෙවෙන් යනු අවධි යැ; අවධි කාරක යි.

අකර්මයක ‘මුද’ ධාතු ඝනාර්ථ විනා මුක්තාර්ථි දානයෙහි අසමර්ථ යැ. එ බැවින් ‘සසරින් ගැලැවිණි’ ‘යන අරුත බෙවෙන් ‘මිදිණි’ යනුයෙන් නො ලැබේ. කිරි මිදිණි’ යන තන්හි ලැබෙන අරුත මැ යැ එයින් ලැබෙනුයේ. ‘මුද’ (මිදු‍ම්හි - මොචනයෙහි) ධාතු සකර්මබක වූ තන්හි ‘මිදිණ’ යන කර්ම කාරක අතීත එක වචනාඛ්යා්ත රූපය ලැබේ. නිදර්ශිත වාක්යතය එයට අවකාශ නො දේ. කො තරම් මුළාවෙක් ද? සිදත් සඟරා කතෲන් මතු නො වැ ව්යාීඛ්යා්න කාර ව්යෙක්තයෝ ද එහි ලා ඉඳුරා මුළා වූ හ.

ටිප්පණී : 1. මුළු දෙට - සුද ජ්යෙරෂ්ඨයා ; අරක්කැමි දෙටුවා. 2. පි පිඬු - පායස පිණ්ඩ; කිරි බත් කැටි. ‘පා’ යනු ක්ෂිරාර්ථයෙහි වැටේ.




492 සිදත් සඟරා විවරණය

        ‘ස ත පා 	සයුර නඳ පිනිපා කම් 			අසර 

ස ර පා සෙයින් මල්සර පා කරන දුර ර න පා කෙසර තෙල් මුනිපා දහම් දර යති පා තඹර වර පිනිපා කර මොනර’

යනුයෙන් මයූර සන්දෙශ කාාර කවීශ්වර කවීහු ද ක්ෂීර සාගරය කියන තන්හි ‘පා’ යනු එ අරුත්හි යොදත්.

3. කනා ඉකිළියේ - ‘ඉකිළ’ යනු භාජනාර්ථ භජනය කෙරේ මෙහි. ස්වර්ණන (කනා) භාජනයේ (රන් සැළියේ) යනු අරුති.

4. කටින් - කාෂ්ඨයෙන්; දරින්.

5. බෙවෙන් - (බව + එන් බෙවෙන්) භවයෙන්; සසරින්.

6. මිදිණි - අකර්මක ‘මුද’ (මිදිමෙහි - ඝන වීමෙහි) ධාතුයෙන් සිඬ අතීත එකවචනාඛ්යාිත යි. ‘රක්’ ආදි ගණයි: ආත්මනෙපද යි. මිදේ - මිදෙති - මිදිණි, මිදි - මිදුණු, මිදි ඈ විසින් වරනැ‍ඟේ.

10 - 5

සියල් තැනැ යත ලබිත් ‍යොදනු. කිරිය කරු පද සබඳ අදියර දස වනු.


අර්ථ : සකල ස්ථානයෙහි යථා ලාභයෙන් යුක්ත කරනු.

දස වැනි වූ ක්රිඳයා කාරක පද සම්බන්ධාධිකාරය යි.

විස්තර : හැම තන්හි ලද පරිදි යටැ කී කාරකයන් යෙදීම එයින් අනු දැනිණ. එ පමණෙක් මැ කියැවිණි නම් මෙ පමණ අවුලෙක් නො වේ.

ක්රිණයා කාරක පද සම්බන්ධාධිකාරය නිමියේ යැ.

                               11. ඉෂ්ටානිෂ්ටාධිකාරය                        493

11. ඉෂ්ටානිෂ්ටාධිකාරය


11 - 1

ඉති වියරණ දැනැ - කිවියර පදී බඳනා ඉටු’නිටු ගණ අකුරු ඈ - ලකුණු විමසා බඳනේ.


අන්වය : ඉති වියරණ දැනැ පදී බඳනා කිවියර ඉටු අනිටු ගණ අකුරු ඈ ලකුණු විමසා බඳනේ.

අර්ථ : මෙ සේ ව්යාදකරණය ජානනය කැරැ පද්යට බන්ධනය කරන කාව්යණ කාරයා ඉෂ්ටානිෂ්ට ගණ අක්ෂරාදි ලක්ෂණ විමංසනය කොටැ බන්ධනය කරන්නේ යැ.

විස්තර : දශ වන අධිකාරයෙහි කර්ථණත ආකාර ව්යාමකරණ ඥානයෙන් යුක්ති වැ. පද්යන බන්ධනය කරන කවියා ශුභාශුභ ගණ අක්ෂර ආදි කාව්යි ලක්ෂණ පරීක්ෂා කොටැ තත්ත්වාකාරයෙන් ස්වකාර්යඅයෙහි ව්‍යාවෘත වනු මනා බව යි එයින් ප්‍රකාශ වූයේ.

සාමාන්යව පද්ය් බන්ධනයෙහි නිරත වන කවියා එ කී පරිදි විමැසුම් කෙරේ අවධානය යොමු නො කෙරේ. ඒ සබැවින් මැ අනවශ්ය යැ එහි ලා නම්. ස්වර ශාස්ත්ර. නියමය පරිදි කැරෙන බන්ධනයෙහි දී වන්නා එ කී ලක්ෂණාවධානය අවශ්ය් යි. සෙත් කව් වස් කව් යන මේ යැ එහි ගැනෙනුයේ. තත් කාව්ය බන්ධනයෙහි ලා වියරණ දැනුම මතු පිළිසරණ වනුයේ නො වේ. එහි ලා ප්රනගුණ කළ මනා අන්ය ශාස්ත්රණ ක්ර්ම ද ඇත් මැ යැ.

හදන්ත අනවමදර්ශිහු තුමු මැ තන් ප්රරකාශානුගත නුවු හ. ස්ව සිඬාන්ත සංග්රශහහාරම්භය කැරුණේ අපායාක්ෂරයෙකිනි. ‘ම - හද ගඳ කිළිකාරැ’ යන ආරම්භය


494 සිදත් සඟරා විවරණය

මැ නිදර්ශංන යැ. එ නයින් බලත් ඔවුන් වියරණ නො දැනැ පද බැදුම කළ බව යි කිව යුතු. සෙසු තන්හි මෙන් මැ එහි දු අවුලෙක් කැරිණ.


11 - 2

සියලු පටනැ මැදැ අවසනැ වත ගලන එ ම න බ ය ජ ර ස ත නමින’ට ගණ වන දියො’ ද සෙතා’ ලෙඩ දළ සෝ මර වැසන පටන ‘බිදන් පසැ සිටුවා කළ කෙමෙන


අන්වය : සියලු පටනැ මැදැ අවසනැ ගලන වත ම න බ ය ජ ර ය ත නමින් අට ගණ වන පටන් අබිදන් පසැ සිටුවා කළ කෙමෙන දිය ඔද සෙත් ආ ලෙඩ දළ සෝ මර වැසන.

අර්ථ : සකල ස්ථාන යැ ආදි යැ මධ්ය යැ අවසාන යැ (යන මෙහි) ගුරු ලඝු යන කලැ එය ‘ම’ ගණ ‘න’ ගණ ‘බ’ ගණ ‘ය’ ගණ ‘ජ’ ගණ ‘ර’ ගණ ‘ස’ ගණ ‘ත’ ගණ නාමයෙන් අෂ්ට ගණයෙක් වන්නේ යැ. (කව්ය‘) ආරම්භයෙහි ද අභිධාන (නාම) පාර්ශ්වයෙහි ද ස්ථාපනය කොටැ (කාව්ය බන්ධනය) කළ හොත් ක්ර මයෙන් ජය ඔජස් ශාන්ති ආයුෂ රෝග දෘඪ ශොක මරණ ව්යාසන (යැ.).

විස්තර: හ්රාස්ව දීර්ඝ දෙ පක්ෂ්ය. ලඝු ගුරු යනුයෙන් ඇඳින්විණ. ඒ දෙ පක්ෂය සකල ස්ථානයෙහි ද මධ්ය්යෙහි ද අවසානයෙහි ද යන විසින් යෙදු කලැ අෂ්ටාකාරයෙක් ලැබේ. අෂ්ට ගණ නාමයෙන් දන්නා ලැබෙනුයේ ඒ යැ. එ මැ ම , න, බ, ය, ජ, ර, ස, ත යන ගණ නාම පිළියෙළින් ලැබෙන බව ද පූර්වො.ක්ත විපාක දෙන බව ද කියැවිණ.



                                  11.ඉෂ්ටානිෂ්ටාධිකාරය                           495

ගණ නාම විපාක 1. සියලු ගුරු ම දිය 2. ,, ලුහු - - - න ඔද 3. පටනැ ගුරු - - බ සෙත් 4. ,, ලුහු - ය ආ 5. මැදැ ගුරු - - ජ ලෙඩ 6. ,, ලුහු - ර දළ සෝ 7. අවසනැ ගුරු - - ස මර 8. ,, ලුහු - ත වැසන


යථොක්ත අෂ්ට ගණ විස්තරය යි මෙයින් දැක්වුණේ. එයින් ආදි සතර ශුභ පක්ෂයෙහි ද ඉතර සතර අශුභ පක්ෂයෙහි ද ලා ගැණි‍ණ.

මේ ගණ විභාග සංස්කෘත ජන්දතශ්ශාස්ත්රාලශ්ර යයෙන් දක්වන ලද්දේ වේ. ‘ගණ්යතත ඉති ගණඃ’ යනු නිර්ව්චනයැ. ගණනු ලැබේ නු යි ගණ නමි.

වෘත්තරත්නාකර කාර ශ්රීණ කෙදාරහට්ටාචාර්යයන් විසින් -

‘ම්ය්රස්තජහ්නගෛර්ලාන්තෛරෙහිර්දශහිරක්ෂරෛඃ සමස්තං වාඞ්මයං ව්යා්ප්තං ත්රෛ්ලොක්යනමිච විෂ්ණුනා’

යනුයෙන් ම, ය, ර, ස, ත, ජ, හ, න යන අප ගණ දැක්විණ. ම, න, බ, ය, ජ, ර, ස, ත යනුයෙන් සිදත් සඟරා කතෲන් විසින් දැක්වුණේ ද එ මැ යැ. වෘත්ත රත්නාකර කර්තෲහු ශුභ ගණ චතුෂ්කය විධ වශයෙන් ආද්ය,න්ත කොටැ ද අශුභ ගණ චතුෂ්කය මධ්යශ කොටැ ද දක්වති.

සිදත් සඟරා කර්තෲ හු ශුභාශුභ ගණ පිළිවෙළින් පවිත් අමුත්ත එ පමණ යි.




496 සිදත් සඟරා විවරණය

සංස්කෘත ඡන්දශ්ශාස්ත්ර යෙහි ගණ විභාග ප්ර කාශය විරිත් අඳුන්වනු සඳහා යැ. වෘත්තරත්නාකර තෘතීයාධ්යාපය මාර්ගපයෙන් ඒ ප්රනත්යික්ෂ යි. එහි -

‘මො නාරී’ (මඃ = ‘ම’ ගණය ‘නාරී’ වෘත්ත යි) ‘රො මෘගි’ (රඃ = ‘ර’ ,, මෘගී ,, ,,) ‘ය කෙශා’ (ය = ‘ය’ ,, කෙශා ,, ,,)

ආදි වශයෙන් එන ගණ විභාග නිදර්ශ=න යි.

හෙළ පැදි බැඳුම වැඩි විසින් කැරෙනුයේ මත් විරිත් මඟිනි; ගණ විරිත් මඟින් නො වේ.

‘මඳුරු තුඬැ’ත් සොඬක් කොටැ දක්වන’ ණුදක්නය ම - බොළඳ බසැ රස වනන මහනමුනිහි නො සැහැසෙව’ (පැසැසුම් සමර)


ති ත් ගන තිමිර දුරැ හළ දිවයුරා මුඳුන් ප ත් තුන් ලෝ අඹර තුරැ පුර සරා සඳුන් වෙ ත් බෝ දුමිඳු කළ ගුණ කැරැ පුරා බඳුන් නෙ ත් පුද කරන රඟ බල ලොවුතුරා බුදුන්

යනු නිදසුන් යැ. වැඩි විසිතුරු එළු සඳැස් ලකුණ. විරිත් වැකිය ඈ ගත් ඇසුරින් දන්නේ යැ.

සකු සිලෝ නියරින් බඳනා ලද එළු සිලෝ නම් පැදි වෙසෙස පමණ යි හෙළ පැදි අතරැ ගණ විරිත් නියමය අනුවනු.



                                  9.ඉෂ්ටානිෂ්ටාධිකාරය                             497

පර වැඩ ඇදුරාණෝ ලෝ සියල් එක් නොතාණෝ දියටෙ’ක වියතාණෝ මොක් පුරේ එක් රාජාණෝ බව සිඳු පසුරාණෝ තිත් නළන් මත් ගජාණෝ සුර නර ඉසුරාණෝ සව් සැපත් කප් රුකාණෝ (ප්රාුතිහාර්ය ශතකය)

‘ඇ ල් පවනක් හමති යි හඟවා පත් ම ල් සුවඳින් සඳ කැන් හැනුම යි ඒ ක ල් යැ ගැනීමට සිල් සඳ යේ දැන් සැ ල් ම වැවේ රළ ගත් බඳු සේයා’ (වවුලුව)

‘සෝදා මුළා මල ලෙවන් නුවණැ ‘ස් වසා ගත් පෑදු බුදුන් බෙලෙනු ‘සස් සිවු සස් අඳුන් ගා

අත් ගත් මනා යුවළ මේ අබිරම් පබා නම් 

සිත් සේ සදා සුව සදා හෙළයත් සදත් වා’ (මඟුල් ඇටිය)

සුර ලෝ නහමා දෙ නෙත් වසා දිග නින්දේ ඔබ වන් පවත් අසා කිමෙකැ යි මෙ වුයේ දැනුම් නිසා කො තැනින් දෝ ඇදුණේ දනන් එසා (අමර සමර) ඒ නිදසුන් යැ මේ පෙනෙනුයේ!

ආදියේ මැ කියන ලද පරිදි ඉෂ්ටානිෂ්ට විපාකාපෙක්ෂක පද්යග බන්ධනයෙහි දී පමණ යි එ කී ගණ විශෙෂ සිංහලයෙහි තැන් ලැබෙනුයේ.

ටිප්පණී : 1. සියලු - හැම තන්හි

32

498 සිදත් සඟරා විවරණය

2. පටන - ආරම්භය ; ආදිය ; පටන් ගැන්ම.

3. ගලන - ගුරු ලුහු යනු සඳහා යෙදූ සැටි යි. ‘ගුරු ලඝුන්’ යනු ඇතැම් ව්යා ඛ්යා නයෙකැ පැනෙන අරුති. පදාර්ථ දෙ පක්ෂය මැ අමනොඥ යැ.

4. වත් - වන කල්හි.

5. වන - වන්නේ යැ.

6. පටන් - කාව්යායරම්භයෙහි ද යන අරුත්හි වේ.

7. අබිදන් පසැ - නම් පසෙහි (නාම පාර්ශ්වයෙහි)

8. වැසන - විපත්; ව්යෙසන.

11 – 3

තියකුරු ගෙණෙක් නම්.

අර්ථ : අක්ෂර ත්ර යයෙක් ගණයෙක් නම් යැ.

විස්තර : සාමාන්යතයෙන් සැලැකෙන අක්ෂර ක්රකමය නො වේ. මෙ කී ගණ නියමයේ දී සැලැකෙනුයේ. හ්රගස්ව දීර්ඝර භෙදය ඇත ද’අ, ආ’ යන දෙක මැ එක් එක් අක්ෂරය මෙන් අභෙදයෙන් සැලැකෙයි සාමාන්යර ක්රාමයට. එහෙත් ‘අක්’ යනු එ සේ නො සැලැකේ. ඒ සැලැකෙනුයේ අක්ෂර වයයක් හැටියට යි.

‘බුදුහු’ යනු හ්ර ස්වාක්ෂර ත්රදයයෙකින් යුක්ත පදයෙකි. එහි ගණයෙක් වෙයි. ‘සේපාලී’ යනු දීර්ඝාතක්ෂර ත්රනයයෙකින් යුක්ත පදයෙකි. එහි දු වනුයේ ගණයෙකි. සාමාන්ය ක්ර්මයට හෝ ගණ නියමයට හෝ ඒ අක්ෂර කිසිදු වෙනසක් නො දක්වයි. ‘අක්’ යනු ‘ආ’


                                         11.ඉෂ්ටානිෂ්ටාධිකාරය                        499

යනු මෙන් මැ දීර්ඝ යෙකි. එ සේ වුව ද එ මැ සාමාන්ය ක්රඒමයට අක්ෂර වයයක් හැටියට සැලැකෙන අතරැ ගණ නියමයට එකාක්ෂරයක් සෙයින් සැලැකේ.

‘සක්සින්නම්’ යන්නෙහි සාමාන්යයයෙන් ෂඩක්ෂරයක් වුව ද ගණ නියමයෙන් ත්ර්ැකෙයක්ෂරයෙකි. ‘සර්ව ගුර්මොර මුඛාන්තර්ලෞ සරාවන්තගලෞසතෞ ග්මධ්යානද්යෞොජ්භෞත්රිරලො නො’ෂ්ටෞහවන්ත්ය ත්රර ගණාස්ත්රියකා;’

යන කෙදාරහට්ට ප්රරකාශය ගුරු කොටැ මේ නියමය කැරුණු නියා යැ.

‘මස්ත්රිට ගුරුස්ත්රි ලඝුශ්ච නකාරො හාදිගුරු: පුනරාදි ලඝුර්යඃඝ ජොගුරුමධ්ය් ගතොරලමධ්යඃ‍ සොන්න ගුරු: කර්ථධතොන්ත ලඝුස්තඃ’

යනුයෙන් අෂ්ට ගණයෙහි ලඝු ගුරු ක්ර‍මය ඡන්දොමඤ්ජරියෙහි දක්වත් ගඞ්ගාදාසයෝ ද. එළු සඳැස් ලකුණ, කව් ලකුණු මිණ, හෙළ දිව් අබිදාන වත යන ගත්හි දු ගණ ආදියෙහි විවිධ විස්තර ‍එයි.

ටිප්පණි: 1. තියකුරු - ති + අකුරු = ‘ය’ කාරාගමයෙන් = තියකුරු.

2. ගෙණෙක් - ගණ + එක් = ගණෙක් = ස්වර පර රූපයෙන් ගෙණෙක්.


11 – 4

නිමෙස් කල් මත්.


500 සිදත් සඟරා විවරණය

අර්ථ : නිමෙෂ කාලය මාත්රාණ නම් යැ.

විස්තර : සංස්කෘතයෙහි නිමිෂ, නිමෙෂ දෙක මැ එකාර්ථ යි. නිමෙෂ යනු ඇසිපිය හෙළීම යි. ඇසිපිය හෙළන කාලය මාත්රාෙවක් මෙන් මෙයින් කියැවිණ.

ටිප්පණි : 1. නිමෙස් - නිමිෂ; නිමෙෂ 11 - 5

‍උසුරුවීමෙහි එක් මත් ඇතියේ ලුහු නම්.


අර්ථ : උච්චාරණය කිරීමෙහි එකමාත්රාල ඇත්තේ ලඝු (හ්රනස්ව) නම් යැ.

විස්තර : හැඬැවීමේ ලා එක් මත් ඇත්තේ වේ නම් ඒ ලඝු නාමයෙන් ගැනෙන බව යි මෙයින් කීයේ.

ටිප්පණී : 1. උසුරු වීමෙහි - උච්චාරණය කිරීමෙහි; හැඬැවීමෙහි.

හැඬැවිමේ ධාතු ‘උසුර’ යනු යැ. ඉසිරැවීමෙහි යනු යැ නිසි.

11 - 6

දෙ මත් ඇතියේ ද හලින් පෙරටු ද ගුරු නම්.

අර්ථ : විමාත්රාට යුක්ත වූයේ ද ව්යරඤ්ජනයෙන් පූර්ව වූයේ ද ගුරු (දීර්ඝ ) නාම යැ.

විස්තර : මාත්රා වයයෙකින් යුක්ත වූ ද ව්යනඤ්ජනයෙන් පූර්වූ වූ ද අක්ෂරය ගුරු (දීර්ඝා) යනුයෙන් ඇඳින්විණ.

                                          11. ඉෂ්ටානිෂ්ටාධිකාරය                      501

ටිප්පණී : 1. හලින් - ව්ය ඤ්ජනයෙන්. ‘හල්’ නමිනි ව්යගඤ්ජනය ඇඳින්වෙනුයේ.

2. පෙරටු - ආදි; පූර්වඳ. 11 - 7

ගත් අඩ මත් ඇතියේ.


අර්ථ : ගාත්රා ක්ෂරය අර්ධමාත්රා් ඇත්තේ වේ.

විස්තර : ව්ය ඤ්ජනයේ මාත්රා්ර්ධ‍යක් ඇති බව යි මේ කීයේ.

ටිප්පණි : 1. ගත් - ගාත්රා්ක්ෂරය (ව්යේඤ්ජනය) ගැනෙයි එයින්. 11 - 8

ඇප් ඈ මතසින් වැඩියෙන් මත් වැඩි නම්.


අර්ථ : ඇප් ආදිය මාත්රාං ශයෙන් වර්ධිත හෙතුයෙන් මාත්රාජ වෘඩි නාම යි.

විස්තර : ‘අ’ යන්නේ මාත්රාංවශ වෘඩියෙන් ‘ඇ’ යන්න වි යැ යි වූ මුළායෙන් කැරුණු ප්රනකාශයෙකි. විවරණයේ ප්රශථම භාගයේ සංඥාධිකාරයෙහි (1 – 37) විස්තර දැක්වෙන බැවින් මෙහි නො දැක්වෙයි.

අනුභූති ස්වරූපාවාර්යයන් විසින් -

‘එකමාත්රොූ භවෙද්ධ්රසසේවා විමාත්රොේ දීර්ඝෙ උච්ය තෙ

ත්රිතමාත්රභස්තු ප්ලුතො ඥෙයො ව්යොඤ්ජනංචාර්ධමාත්රඝකම්’ යි. 


502 සිදත් සඟරා විවරණය

මාත්රා විස්තර සාර්ස්වත ව්යා කරණයෙහි දැක්විණ. හ්රමස්වය (ලුහුව) එකමාත්රළ යැ; දීර්ඝ ය (ගුර) විමාත්රණ යැ; ප්ලුතය ත්රිුමාත්රළ යැ; ව්ය ඤ්ජනය (හල) අර්ධමාත්ර යැ යනු යි එයින් පැවැසෙනුයේ.

‘ලහුකා මත්තා පමාණං යෙසන්තෙ ලහුමත්තා මත්තා සද්දො චෙ’ත්ව අච්ඡරා සංඝාත අක්බිනිමීලන සංඛාතං කාලං වදති; තාය මත්තාය එකමත්තා රස්සා; විමත්තා දීඝා; අඞ්ඪමත්තා ව්යංඤ්ජනා’ යනු මහා රූපසිඬි ප්රතකාශ යි. සිදත් සඟරා කර්තෲනුදු ඒ සකු, මගද පිහිට ලබා මත් තතු යූ නියා යැ.

‘වාෂස්තු වදතෙ මාත්රංෙ විමාත්රංඟත්වෙච වායසඃ ශිඛී රෞති ත්රිාමාත්රංි තු නකුලස්ත්වර්ධමාත්රවකම්’

යනුයෙන් මාත්රාත නිදර්ශ්න ද දක්වති සාරස්වත කර්තෲහු චාෂයා එකමාත්ර ශබ්දය ද වායසයා (කපුටා) විමාත්ර ශබ්දය ද මයුරයා ත්රිාමාත්රබ ශබ්දය ද නකුලයා (මුගටියා) අර්ධමාත්ර් ශබ්දය ද ඇති බව එයින් කියැවේ. ‘චාෂ’ (වාස) යනු කවුඩු පක්ෂයේ පක්ෂියෙකැ යි ද කිරළා යැ යි ද කියත්; තලකිරිති නමිනුදු අඳුන්වත්. සංස්කෘත ඉංග්රීදසි කොෂ කාර ශුරීහු ‘වාෂ’ යනු බ්ලු ජේ’ ( Blue Jay) නමින් අඳුන්වති.

කුමරතුඟු මුනිදස්හු නාඩි අනුවැ මත් පහයුව කෙරෙත් හෙළ මියැසියෙහි. එක් ලේ පහරක් ගැසීමේ දී නඟරය පිපීමට ගෙවෙන කාලය එක් මත් යැ යි ඔහු කියත්. හෙළ මීයැසියේ 13, 14, 15 යන පිටුවලැ මත් විසිතුරු එයි.

සංගීත පක්ෂයෙන් පෙනෙනුයේ මාත්රා ක්රයමයේ තව ද අමුතු වන බව යි. එහි දී දෙ මත් අකුර ඇතැම් විටැ




                                          11.ඉෂ්ටානිෂ්ටාධිකාරය                        503

තවත් මත් කිහිපයෙකින් වැඩි වනු පෙනෙයි. ගායනයට උචිත ප්රටස්තාරය අනුවැ සිදුවන්නෙකි ඒ. මුනිදසුන් විසින් බැඳී හෙළ මියැසියේ එන මැ- නමඳු ගීය අට මත් පිය (පාද) ඇත්තේ වේ.

‘මා ම - ගෙ මා ම - ගෙ පිය මා හෙළ බිම නමඳිම්’

යන මෙයින් පෙනෙයි එ කී මත් අමුත්ත.

ගිය ගිය අතැ පා මහිමය මොළයේ දිවි හෙළ තුනුරුවනේ දෙමින’ ද සත පා දප රුපු දළයේ පුලුන මැ කළ පවනේ මඟ රුසි මඟ පා ගුරු දෙවි හෙළයේ මුනිදසුන’ප රුවනේ ඔබ උවදෙසු ‘පා නිදි රැකැ මෙ ළයේ සමරමු සියලු දිනේ

යනු දෙ තිස් මත් පිය ගීයෙකී. මත් පිළිවෙළින් නම් සැබැවින් මැ වනුයේ ස විසි මතෙකි. අගැ එළි වැටට ගැනුණු ‘නේ’ යනු ගැයුමේ දී දෙ මත් නො වැ අට මත් වැ සිටී. ගී පිය දෙ තිස් මත් වනුයේ එයිනි.

‘ව්යවඤ්ජනංවාර්ධමාත්රිකම්’ යන සාරස්වත ප්ර කාශයට අනුවීමෙන් හෝ ‘ගත් අඬ මත් ඇතියේ’ යන සිදත් සඟරා පැවැසුම හෙළ පැදි පසින් නම් පිහිට ලබන සැටියෙක් නො පෙනේ.

දැන් ලැබෙන ආදි මැ හෙළ පැදි ගත් යොන් ගී විරිතිනි බැඳුණේ. එළු සඳැස් ලකුණු කරු හදන්න භද්රෙ පාදයෝ -



504 සිදත් සඟරා විවරණය.


‘අටින් දෙසෙන් වසම් - ඇරිනෙකොළොසින් සෙමෙහි සමහල්නි බඳ යොන් ගී - නමින් පළ වේ හෙ මෙ සේ’

යනුයෙන් එ විරිත් කියත්. විෂම (1, 3) පාදයන්හි මාත්රා් අට, දසය බැගින් ද සම (2, 4) පාදයන්හි මාත්රාව එකොළොස බැගින් ද යන විසින් මත් ‍සතළිසෙකින් බඳනා ලද්දේ යොන් ගී නමින් පළ යැ යනු එයින් කියැවිණ.

‘බඹා යදුන් ගෙනැ - හිස සේ ‍සතින් පිළිසන් දියට සෙතට සැහැසී - මහ බා තට දිය දෙනේ’

යනු එළු සඳැස් ලකුණේ මැ එන නිදසුන යි. මාත්රාන පක්ෂයෙන් ප්රා.ණාක්ෂර ‍ගාත්රාැක්ෂර භෙදයක් සැලැකුණු නියා එයින් නො පෙනෙයි. ගත’කුර ද එක් මත් කොටැ ගත් බවට සාධක බාධක නැති වැ ලැබේ එයින්. සිදත් සඟරාව, එළු සඳැස් ලකුණ යන දෙ ගතට මැ ආදි වු සස දාවෙහි -

‘නමවු නොමින් අන් - බුදුනුදු වනත ගුණ ගණ සරණ දෙවි දෙවි මුඳුන් - මිණි තර තොයින් උතුමා’

යනුයෙන් එන මෙයින් ඒ ඉඳුරා තහවුරු යැ.

එළි සම හෙළ පැදියේ ද මෙ මැ නය බව පෙද විරිතින් බඳනා ලද සොළොස් මත් යුත් -

‘ සෙත් සිරි දෙන මහ ගුණ මුහුදාණන් ස ත් හට වන බව දුකට ‍ වෙදාණන් ති ත් ගන’ඳුරැ දුරැ ලන දිනිඳාණන් සි ත් සතොසින් නමඳිම් මුනිඳාණන්’

යන මෙයින් පෙනෙයි.


                               11.ඉෂ්ටානිෂ්ටාධිකාරය                       505

ටිප්පණී : 1. මත’සින් - (මත් + අසින්) මාත්රාං ශයෙන්.

2. වැඩියෙන් : - වැඩි හෙයින්; වර්ධිත හෙතුයෙන්.


11 - 9

ම - සෙත් වේ වා න - තොපට බ - වේ සුබ ය - තිලෝනා ජ - ම‍ඬෝර ර - බාරුසී ස - නරසී ත - සප්දෑහි ඉති ඉටු ‘නිටු අට ගණ පියෝ.


අර්ථ : ය - (තිලෝනා) ත්රෛඅලොක්යය නායක (තථාගත).

ජ - (ම‍ඬෝර) ශක්ර) ප්රිියාවක ගේ නාමය යි. ශක්ර(යා ම‍ඬොරපිය නම් වනුයේ එයිනි. වැසලිකිළිය ද කියත් ඉන්.

ර - (බාරුසි) ආකාශය (අහස) ගත යුතු යැ. ‘බාරුසී ගහ’ යනු ආකාශ ගඩ්ගාව, භාගිරථ නදිය යනාදි අර්ථ යැ.

ස - (නරසි) විෂ්ණුහුට නමෙකි.

ත - (සප්දෑහි) සර්පට ජාතියෙහි යනු යැ.

මේ ආකාර යැ ඉෂ්ටානිෂ්ටාෂ්ට ගණ ප්ර)යොග.

506 සිදත් සඟරා විවරණය

විස්තර :

‘මො භූමිස්ත්රි ගුරුඃ ශ්රි යං දිශතියො වෘඬිං ජලඤ්චාදිලො රො ‘ග්නිර්ම ධ්යශලඝුර්විනාශමනිලො දෙශාටනං සො’ න්ත්ය ගඃ තොව්යො මාන්තලඝුර්ධනපහරණංජෝ ‘ර්කොරුජංමධ්යාගො හශ්චන්ද්රොි යශඋප්ජ්චලංමුඛගුරුර්නොනාක ආයුස්ත්රිුලඃ’ යි අෂ්ට ගණ ගණාධිප ඵල විඵල යනාදිය කියැවිණ.

තද් විභාග - ‘උර්චිමස්ත්රි- ගුරුඃ ශ්රි්යාං විතනුතෙ නඃ ස්වස්ත්රිො ලො ජීවිතං රොග්නිර්මමධ්ය‍ ලඝුර්මෘ්තිං සපවනො දෙශභ්ර්මං ප්රාරන්තගඃ යොවාර්යාදි ලඝුර්ධෘතිං දිනමණිර්මඝධ්යෙෘ ගුරුර්ජොරුජං දොස්තො මූර්ධලඝුඃ ක්ෂයං ගුරුමුඛො හස්තාර කෙශොයශඃ’යි


ඡ‍ෙන්දාඝමඤ්ජරි‍ෙයහි දැක්විණ. භූමි, ජල, අග්නි, වායු, ආකාශ, සූර්ය, චන්ද්රර, දෙව යනුයෙන් එයින් ප්රිකාශිත ගණාධිපත්ය ය ශුභාශුභ යන මේ අපේ පැරැණි ‍ඇජරන් විසිනුදු සැලැකුණු නියා පළ යැ. එයට දෙස් සිදත් සඟරායෙනුදු ලැබේ. මහී, ජල, අග්නි, වායු, ආකාශ, රවි, චන්ද්රර, ස්වර්ගු යනුයෙනි ගණාධිපත්යශය වාත්තරත්නාකරයෙහි දැක්වෙනුයේ.

ටිප්පණී : 1. ඉටු ‘නිටු - ඉටු අනිටු. 2. පියෝ - ප්රයයොග.

11 - 10

එ ක ය ම ර ජ අ ණ න ළ අං අවා’කර උ ප බ ග හා නර නමි’ තිරි වේ අමර සුර ‘කර පෙරැ පසැ වැඩ දේ අවා’ කර නසා සුබ සියල් නර’කුරු මැදුම් සර ඉති ඉටු ‘නිටු වණ.


 11. ඉෂ්ටානිෂ්ටාධිකාරය                    507

අන්වය : එ ක ය ම ර ජ අ ණ න ළ අං අවා අකරැ. උ ප බ ග හ නර නම්. ඉතිරි අමර වේ. සුර අකර පෙරැ පසැ වැඩ දේ. අවා අකර සියල් සුබ නසා. නර අකුරු මැදුම් සරැ.

අර්ථ : එ, ක, ය, ම, ර, ජ, අ, ණ, න, ළ, ආ ( යන එකාදශය) අපායාක්ෂර යැ. උ, ප, බ, ග, හ, (යන පඤ්චකය) මනුෂ්යා ක්ෂර නම් (යැ.) ‘අතිරික්තය දිව්යාුක්ෂර යැ. දිව්යාසක්ෂර ආදියෙහි (ද) (නාම) පාර්ශ්වයෙහි (ද) අභිවෘඬි දානය කෙරේ. අපායාක්ෂර සකල ශුභ නාශය කරයි. මනුෂ්යාෂක්ෂර මධ්ය ම සාර යැ.

ඉෂ්ටානිෂ්ට වර්ණ් මෙ සේ යැ.

විස්තර : අවා, නර, අමර විසින් පස් විසි අකුරෙක් තුන් පසකට බෙදිණ. එයින් එ, ක, ය, ම, ර, ජ, අ, ණ, න, ළ, අං යන එකොළොස අවා අකුරු යැ; උ, ප, බ, ග, හ, යන පස නර අකුරු යැ; ඉතිරිය නමින් කී, ඉ, ඔ, ට, ඩ, ත, ද, ල, ව, ස යන නවය අමර අකුරු යැ.

අවා අකුරු විපත් දා බැවින් සියලු සුබ කටයුත්තේ හළ යුත යැ. අමර අකුරු වැඩ දා යැ. පැදි පටන් ගැන්ම නම දෙ පැත්තේ යෙදීම එයින් කළ කලැ යහපත් වේ. නර අකුරු එ සේ යෙදීමෙන් ලැබෙනුයේ මැදි පල යි. සෙත් කම් තකා කැරෙන පැදි සඳහා යැ මෙ කී නය ද.

ටිප්පණී ; 1. අවා - අපාය. 2. අකර - අක්ෂර. 3. හා - ‘හ’ වියැ යුතු යි. විරිත් පිරිමැස්මට යෙදු සැටි යි. 4. ඉතිරි - අතිරික්තය ; ශෙෂ්ය .




508 සිදත් සඟරා විවරණය

5. පෙරැ - පද්යා රම්භයෙහි. දිව්යා ක්ෂරයෙකින් පද්යා රම්භය මනා යැ යනු ඇඟැවූ නියා යැ.

6. පසැ - පද්යායෙහි නාමයෙක් ඇතුළු වේ නම් නම දෙ පසේ සුර අකුරු යෙදීමෙන් යහපත සිදු වන බව යූ සේ යැ.

7. වැඩ - අභිළවෘඬිය යි මෙයින් කියනුයේ.

8. මැදුම් - මධ්යයම ; තරමක්.

9. සරැ - (සරු + යැ) සාර යැ. මෙයින් ගත යුත්තේ ඵල යන අර්ථ ය යි.

10. වණ - වර්ණ+. අක්ෂර යැ මේ කීයේ. 11 - 11

අ ඹ ත ල ඈ වගැ වණ සිටි පිළිවෙළින යොදා නකුල් මියු මහවත්වග සපුන තුරඟ බිලීපුටු සරඟුන් දැනැ කෙමෙන පෙරැ පසැ යොන් බඳු නම යෝනට සොබන

ඉති ඉටු ‘නිටු යොන්.

අන්වය : අ ඹ ත ල ඈ වගැ වණ සිටි පිළිවෙළින් යොදා නකුල් මියු මහවත් වග සපුන් තුරඟ බිලිපුටු, සරඟුන් කෙමෙන් දැනැ පෙරැ පසැ නම යෝනට සොබන. යොන් බඳු.

අර්ථ : අ ඹ ත ල ආදි වර්ග යෙහි වර්ණද ස්ථිත ක්රයමයෙන් යුක්ත කොටැ මුගටි මහිෂ උලූක ව්යාඅඝ්රර සර්පෙ අශ්ව කාක. මෘග (යන මොවුන්) පිළිවෙළින් දැනැ (ගෙනැ) ආදියෙහි ද උභය පාර්ශ්වයෙහි ද නාම යොනියට ශොභන වූ, යොනි බන්ධනය කරව.

මෙ සේ යැ ඉෂ්ටානිෂ්ට යොනි.

                                        11.ඉෂ්ටානිෂ්ටාධිකාරය                        509

විස්තර : අක්ෂර වග්ර් ‍ අටකට බෙදේ. ඒ බෙදුම පරිදි ලැබෙන වර්ග අට අෂ්ට යොනි හිමි යැ. ඒ ඒ යොනියෙහි සපක්ෂ විපක්ෂ තත්ත්වය ක්රඅමානුකූල වැ ප්රගත්යික්ෂ කට යුතු යි. ඒ සේ ප්රරත්ය ක්ෂ කිරීමෙන් පද්යා්ර්ම්භයෙහි ද නාම උභය පාර්ශ්වයෙහි ද අවිරුඬ යොනි සතු අකුරු යෙදුව මනා යැ. මේ යැ එයින් ප්ර්කාශ වූයේ.

පද්යව රචනාභිලාෂ වූ ආධුනිකයනට කවර සිටුබල ද ඉන්: ඉහතින් කියැවුණේ දිව්යා්ක්ෂරයෙකින් පද්යාකරම්භය ශුභ දායක බව යි. ඉක්බිති වැ එ මැ අවිරුඬ යොනියෙකින් කළ යුතු සේ කියනු නො යෙදේ. එහි දු අවුලෙකි. ඒ පද්යයයෙන් ප්රමකාශ වූයේ ද ශාන්තිය සඳහා කැරෙන පද්යෙ රචනයට අදාළ නියර යි. එහි දී ගැනෙන නාමයේ උභය පාර්ශ්වයේ අවිරුද්ධ යොනි හිමි අක්ෂර යොජනය සාධු යි.

1. නකුල් (මුගටි) අ ඹ ත ල 2. මියු (මහිෂ) ආ ඕ ද ව 3. මහවත් (උලූක) ඉ ක න ස 4. වග (ව්යාඋඝ්ර ) ඊ ග ප හ 5. සපු (සර්පඋ -නාග) උ ජ බ ළ 6. තුරඟ (අශ්ව) ඌ ට ම අං 7. බිලිපුටු (කාක) එ ඩ ය - 8. සරඟ (මාග) ඒ ණ ර -


අෂ්ට යොනිය ද එය හිමි අක්ෂර වර්ගස ද මෙයින් පෙනෙයි. එහි ලා ගැනුණු සතුන් අට දෙනා අතුරින් පළමු සතර දෙනා පිළිවෙළින් ඉතර සතර දෙනාට සතුරු බව යි එයින දැක්වෙනුයේ.




510 සිදත් සඟරා විවරණය

මුගටියා නයාට සතුරු යි මියුවා අශ්වයාට ,, ,, මහවතා කපුටාට ,, ,, ව්යතඝ්රායා මෘගයාට ,, ,,

මෙ සේ යැ ඒ.

මහවතා දිවාන්ධ යැ; ඉන් දාවල් ගමන් නැත්තේ යැ. උහු දුටු තැනැ කපුටා කොටයි. එ බැවින් සැබැවින් මැ සතුරු වනුයේ කපුටා යැ.

1 – 5, 2 – 6, 3 – 7, 4 – 8, යන විසින් අට යොන්හි සතුරු බව වනුයේ.



11.ඉෂ්ටානිෂ්ටාධිකාරය 515

මේ චක්රොයෙන් ඒ ප්රරකාශ යැ. සෙත් පතා පැදි බැඳීමේ දි නම් සඳහන් වත් හොත් ඒ දෙ පයැ මේ දැක්වුණු සතුරු පිළිවෙළ හල යුතු යි. ‘ඇ’ යනු මුල් වැ එන නමක් වුවොත් එ මැ ‘අ’ යනු මුල් වැ එන සේ සැලැකේ. ‘ක’ ඈ විසින් ගතුකුරු මුල් වැ එන නම් ‘කැ, කි’ ඈ විසින් හෝ ‘සා, සි, සේ’ ඈ විසින් හෝ සිටිය ද කිසි දු වෙනසෙක් නො වේ. අෂ්ට යොනි හිමි අකුරු වග මැ එහි පිහිට කොටැ ‍ගන්නේ යැ.

ප්රමස්තුත පද්යදයෙහි දුෂ්ට රූප කීපයෙකි. ‘බිලිපුටු’ යනු විරිත රක්නට කැරුණු දරුණු විකාරයෙකි. ‘යෝනට’ යනු ප්රාිර්ථනාර්ථ දානයෙහි අසමර්ථ යැ. ‘යෝන’ යනු යුවතියට (තරුණ ස්ත්රිඅයට) නමෙකි.

‘බලත්ගමුවැ බල නව යෝනන් කෙළන’ ‘දන සක රඳන නව යෝනන් සොබමාන’ ‘සත් සතුටු වත් නොපටු සිත් වඩති යෝනෝ’

යනු කවීශ්වර ප්රතකාශ යැ.

‘සැළැලි, යෝන’ යනු රුවන් මල් බස් යැ. මෙ තෙක්’ අතින් පෙනෙනුයේ ‘යෝනියට’ යන අරුත්හි සිටීමට ‘යෝනට’ යනු නොසමත් බව මැ යැ. ‘සපුන’ සරඟුන්’ යනු දු නොමනා යැ. එළි, විරිත් දෙ පස නිසා කැරුණු, පිරිමැස්මෙකි. නොනිසි මැ යැ. ‘නකුල්, මියු, මහවත්, වග, සපු, තුරඟ, බිලිපුටු, සරඟ’ යනු හෝ ‘නකුලන්, මියුවන්. මහවතුන්. වගුන්, සපුන්, තුරඟුන්, බිලිපුටුවන්, සරඟුන්’ යනු හෝ යැ නිසි නියර.

ටිප්පණී : 1. සපුන් - ‘සපු’ යනු එළි, විරිත් නිසා යෙදු නියා යැ. උරග (නාග) යැ.




512 සිදත් සඟරා විවරණය

2. බිලීපුටු - ‘බිලිපුටු’ යනු විරිත් හෙයින් යෙදුණු සැටියි. ‘කපුටු’ යනු අරුති. 3. සරඟුන් - ‘සරඟ’ යනු විරිත් හෙයින් යෙදු පරිදි යි. ‘මෘග’ (මුව) යනු අරුත් යැ. 4. යෝනට - ‘යෝනියට’ යනු සඳහැ යෙදුණු දුෂ්ට ‍පදයෙකි. 5. සොබන - ශොභන. මෙයින් සැබැවින් මැ ගත යුතු අරුත් හොබනා (ඔබින), නිසි යනු යැ.


11 - 12

පදී දුබා මැදැ - සසඳ සඳ සමස් පස විබත් කරනු විදදෝ - නො රුසිත් රුසින් විසි දත්.


අන්වය : පදී දුබා මැදැ සසඳ සඳ සමස් පස විබත් කරනු රුසින් විසි දත් විදදෝ නො රුසිත්.

අර්ථ : පද්යපයා ගේ විභාග මධ්ය යෙහි සංසන්දනය වන්නා වූ සන්ධි සමාස ප්ර:ත්යපය විභක්ති (යන මේ) කිරීම සෘෂි භාෂිතය ජානනය කළා වු විදග්ධයෝ රුචි නො කෙරෙත්.

විස්තර : පද්ය‍යෙකැ ප්රමථම ද්විතීය පාද වයය එක් භාගයෙකි ; තෘතීය චතුර්ථ පාද වයය ඉතර භාගය යි. ඒ ද්විභාග (ද්විතීය, තෘතීය පාද) මධ්ය ය සන්ධි සමාස ප්ර ත්යයය විභක්ති යන මෙයින් සම්බන්ධ කිරීම පූර්වා චාර්ය මත දත්තා වූ විද්වත්තු නොකැමැති වෙත් යනු එයින් කියැවිණ. එ ද සංස්කෘත රිත්ය නුගමනයෙන් කැරුණු ප්රයකාශයෙකි.




                                   11.ඉෂ්ටානිෂ්ටාධිකාරය                              513

‘ශ්යා මා කාමාකුල රාමා වමා හොගාය චාප්ය තෙ - නෙක ජන්මසුපුණ්යා‍නාං නිවයො න චිතො යදි’

‘සුරාසුරශිරොරත්න ස්ඵුරත්කිරණ මඤ්ජරී - පිඤ්ජරිකෘතපාදාබිජ චන්චං වන්දෙ මහාමුනිම්’ යන මෙයින් පෙනෙයි සන්ධි; සමාස දෙ පක්ෂයට නිදර්ශන තත් ප්රිකාශයෙහි ලා.

පඬිහු දත් සත් තතු නන් ගත් සපයති එ ගතු ගතුවෝ යැ එකයුතු වැඩ වඩන්නෝ පරපුරට මතු යන මේ එ කී සන්ධි නිදර්ශඑන දක්වයි.


ගොර බිය බර සසර කතරින් එ තෙර වන වර මඟ අළෝ බඹසුර නර පිදුම් ලද බුදුහු මැ යැ තර

යනුයෙන් එ කියන ලද සමාස නිදර්ශ න පෙනේ.

මිනිස් බව සිය පණ ලෙස රැක්මේ නියුතු ගුණ වත් දනෝ අපමණ බැති සිතින් පිළිපදිති බුදු බණ යන මෙයින් ලැබෙනුයේ ප්රිත්යපය නිදර්ශණන යි.

33

514 සිදත් සඟරා විවරණය

සිදත් සඟරා කර්තෲත් කියන පරිදි සියලු ප්රපත්යිය මෙ සේ යෙදෙනුයේ නො වේ; ‘වත්, මත්, තා, මිනි, නුව, තු, යනාදිය පමණ යි යෙදෙනුයේ. හදන්න අනවමදර්ශීන් ගේ ප්ර්ත්ය යාවබෝධය ද නිරාකුල නුවු බවට දෙස් ග්ර.න්ථාරම්භයෙහි ලැබේ. විවරණයේ ප්රමථම භාගය (1 – 22) එ තතු හෙළි කෙරේ.

ළෙහි ගුණ පසින් සිස් බව පෑ හිඳිනෝ මිනිස් හු ද උනට වත හිස් මොළ පුදුමයෙකි පෙළනු සිය හිස් යනු විභක්ති නිදර්ශවන දෙයි.

ස්ව ප්ර කාශ පක්ෂයෙන් එක ද නිදර්ශතනයක් නො දක්වා වදාළ ග්රකන්ථ කර්තෘු පාදයෝ කො තරම් ප්රදශංසාර්ග ආධුනිකානුග්රාහය කෙරෙත් ද? ව්යාෘඛ්යාුන කාර ශූරයෝ ද ‘සුබොධ’ බණ පමණින් රඳා වදාරති. කවරක් සඳහා ද? ‘දුහුනන් දැනුම් සඳහා’ කැරුණක් සඳහා! කවර දුහුනාට ද මේ දුර්බොධ? ඉතින් වත් ප්රසත්ය ක්ෂ නො ‘සුබොධ’ ප්රේමාණය?

පද්යබ බන්ධනයෙහි අප්ර්කට ප්ර්මාද යි එයින් ප්රණස්තුත වුයේ. එ හෙයින් වනැ කාව්යාපදර්ශි, සියබස්ලකර ඈ ගත්හි එ සඳහන් නුවුයේ.

ටිප්පණි : 1. පදී - ‘පද්ය ’ යනු හෙළ හුරු කළ සැටි යි. ‘පැදි’ යනු යැ නිසි. ‘පද්යය’ ‘පදී’ නම් ‘ගද්යහ’ ‘ගදී’ නොවිමට හේතු නො පෙනේ.

2. දුබා - ද්විභාග ; දෙ අඩ (කොටස) යන අරුත්හි වෙයි.





                                       11.ඉෂ්ටානිෂ්ටාධිකාරය                        513

3. සසඳ - සැසැඳීම; ඈඳීම ; සංසන්දනය. සම්බන්ධය යි මෙයින් කියනුයේ.

4. රුසින් - සෘෂින්. පැරැණි මහ වියතුන් යනු යු සේ යැ.

5. විසි - භාෂිතය; වදන්. බස් යන අරුත් ඉන් ලැබේ.

6. විදදෝ - වියත්තු; පඬුවෝ ; විදග්ධයෝ.

7. නො රුසිත් - අරුචි (නොකැමැති) වෙත්. ‘රුස්’ (රුචි - කැමැති විමෙහි) ධාතුයෙන් නිපන් බහුවචනාඛ්යානත යි.


11 – 13

අතින් පෙදෙන් හොත - පවසත පුන වියූවා පුනරුත් අරුත් ඒ දනු - යළ සද ද පුනරුත් සේ .


අන්වය : අතින් (හොත) පෙදෙන් හොත වියුවා පුන පවසත ඒ පුනරුත් අරුත් දනු ; යළ සද ද පුනරුත් සේ (දනු.)

අර්ථ : අර්ථයෙන් හෝ පදයෙන් හෝ කියන ලද්ද නැවැතැ කියත් හොත් ‍ඒ පුනරුක්තාර්ථ යැ යි දන්නේ යැ ; වැළි, ශබ්දයා ගේත් පුනරුක්තාකාරය දන්නේ යැ.

විස්තර : වරක් කියු දැය යළිත් කියන කල්හි ඒ පුනරුක්ත වෙයි. පද, අරුත් යන දෙකින් කවරෙකින් වුව ද එ සේ යැ. තව ද ශබ්දයත් පුනරුත් වේ යනු එයින් පැවැසිණ.




516 සිදත් සඟරා විවරණය

එ කී පුනරුත් අරුත් ‘එකාර්ථ’ නාමයෙනි සංස්කෘතයෙහි ප්ර කාශ වනුයේ. එහි දී ඇතැම් ආචාර්යවරයනට අභිමත වූයේ ශබ්දාර්ථ දෙ පක්ෂය පමණ යි. එ බව එකාර්ථ දොෂ දර්ශ නය කරන මහා කවි දණ්ඩීහු -

‘අවිශෙෂෙණ පූර්වො ක්තං - යදි භූයොපි කීර්තකයතෙ අර්ථතඃ ශබ්දතොවාපි - තදෙකාර්ථං මතං යථා’ යි

කාව්යා්දර්ශායෙහි දක්වති.

සියබස්ලකර කරුවෝ ද -

සදන්නි පෙරැ යුවක් - යළ කියතේ’ එකක් නම් හෙ මෙ සේ මේ විදුමත් - උකටලි කල කුසී කෙරේ.

යනුයෙන් එ මැ කියත්.

‘උක්තාර්ථපදමෙකාර්ථම්’

‘ශබ්දයොඃ පුනර්වරචනං පුනරුක්තමන්යකත්රාිනුවාදාත්’ යන සූත්රාේනුගත වූ හදන්ත අනවමදර්ශීහු අර්ථ පද ශබ්ද යන ත්රි‍විධ පක්ෂය දකිති.

ටිප්පණි : 1. අතින් - අරුතින් ; අර්ථයෙන්. 2. පෙදෙන් - (පද + එන් = පදෙන් = පර රූපයෙන් පෙදෙන්) පදයෙන්. 3. හොත - හෝ යන අරුත්හි වෙයි. 4. වියුවා - කියුව; කියන ලද්ද. ‘විය’ (වියුම්හි - කියුම්හි) ධාතුයෙන් වූ නාම ක්රිායා යැ. 5. පුන - යළි; නැවැතැ.



                                        11.ඉෂ්ටානිෂ්ටාධිකාරය                       517

6. පුනරුත් - (පුන + උත් = ර කාරාගමයෙන් පුනරුත්) නැවැතැ කියන ලද යනු අරුති. ‘උත්’ යනු උක්ත (කියන ලද) යන අරුත දෙයි.


11 - 14

‘වනනට මෙ දලදා දල දෙනුයෙ දලදා නම්. සොවිනොබල තුනු තුනුවඟ සිඟු කෙළෙ ‘නඟ කැරැ නිඟා’.


අන්වය : මෙ දලදා වනනට දල දෙනුයෙ දලදා නම් : අනඟ සොවින් ඔබල තුනු තුනුවඟ නිඟා කැරැ සිඟු කෙළෙ.

අර්ථ : මේ මෙඝය දොහෝ නො හොත් වග්නිය විරහිණින් හට ජල දානය දොහෝ නො හොත් දාහ දානය කරනුයේ දලදා නම් යැ; අනඞ්ගයා ශොකයෙන් දුර්වවල කෘශ තන්වඩ්ගියට නිග්රමහ කොටැ ‍කෘශ කෙළේ යැ.

විස්තර : දලදා දල දෙනුයෙ යන දෙකින් මැ ලැබෙනුයේ සමාන පදාර්ථ යි. එ බැවින් ඒ පද අරුත් දෙ අතින් මැ පුනරුත් යැ. කෘශ ස්ත්රිැය කෘශ කෙළේ යැ. යනුයෙනුදු පද අරුත් දෙ පසින් මැ පුනරුත් වෙයි.

‘තුනු තුනුවඟ’ යනුයෙන් ‘තුනු ශබ්දය දෙ වරක් කියන ලද’ යි ව්යාතඛාන කාර වියතුන් විසින් කැරුණු නිගමනය යුක්ත ද? ‘තුනුවඟ’ යනු ස්ත්රිනයට නමෙකි. රුවන් මල් කරු සිරි පැරැකුම්බාවන් විසින් -

‘සොඳුරු, ඉතිරි, බිරි, ලිය, සඳ, කත්. මෙහෙලි, කල්, ගැහැනි, සිඟුවලඟ, මලඟ, මාගම්, වමි. පියතමා -

518 සිදත් සඟරා විවරණය

‘අඹඹු, වනිති, ඉතිරි, කුලපැල්, පමා, පියනඟ, තුනුවඟ, අඟන, විලසී. කලතුරු යොන (ද), පියබඳ, දරකැන්’ යනුයෙන් දැක්වුණු මෙයින් එ බව පළ යැ. එ නයින් ‘තුනු තුනුවඟ’ සිඟු සිඟුවලඟ’ යනුයෙන් සිහින් (කෘශ) ස්ත්රිනය ඇඳින්වීමේ කිසි දු බාධාවෙක් නො වේ. වෑරුණු (කෘශ), දුර්ව ල ස්ත්රිිය ‘තන්වී’ නාමයෙන් ඇඳින්වෙයි සකුයෙහි. එ පමණක් බලා ‘තුනුවඟ’ නම් සිහින් කත යැ යි නිනයත් නම් ඒ නොපිරිමස්නේ යැ. පුනරුත් ගුණ කියැවෙන තැනුදු ලැබේ.

‘අනුකම්පාද්යණති‍ශයො - යදි කශ්චිත් විවක්ෂතෙ න දොෂඃ පුනරුක්තොපි - ප්ර ත්යුදතෙයමලඞ්ක්රි්යා’

යනු කාව්යාතදර්ශප ප්රතකාශ යි.

කියුම්හි දු පිළි දොස් නැතැ කුලුණෑ අතිසයෙන් මලවිය කල් වනසා පිය තෙපල කල් වනසා’ යනු

එයට සියබස්ලකර නිදර්ශසනයි.

ටිප්පණි : 1. දලදා - ‘දල’ යනුයෙන් ‘දිය, ගිනි’ යන දෙ අරුත මැ ලැබේ. ‘දා’ යනු ‘දායක’ (දෙන) යන අරුත්හි වෙයි. දිය දෙන (ජල දායක) අරුතින් මෙඝය (වැසිවලා කුළ) ද ගිනි දෙන (වග්නි දායක) අරුතින් දාහය (දැවිල්ල) ද එයින් ගැනෙයි.

2. වනනට - විරහිණිනට, වල්ලභයන් (ප්රිදයයන්) කෙරෙන් වියොගයට පැමිණියා වූ ස්ත්රීඑහු යැ විරහිණිහු නම්. ඔවුනට මෙඝය දාහ දායක බව -


                                     11.ඉෂ්ටානිෂ්ටාධිකාරය                       519


‘ළ හුණු පුල් කඳුළු - සල ලඹ පියොවුරු මඬල කිලිට ‘ඹර ගන සමා - වියෝ පමා විලස් ලද

‘ සහ කඳළ වන වත - සහ කඳළ වන වත ළ දල වත වන කල් - ළධ ල වත වන කල් ‘ යන කව්සිළුමිණි පැවැසුම් මඟින් පළ වෙයි. සඳ කැන්. මඳ පවන්, කොවුල් නද, පිනි දිය, සඳුන් කළල් යනාදිය ද ඔවුනට අභිත බව පැරැකුම්බා සිරිතින් පෙනෙයි. ප්රිලයාවන් කෙරෙන් විරහ වූ වල්ලභයනට ද එ සැටි යි. සීතාවන් කෙරෙන් වියෝ වූ රාමයන් චන්ද්ර‍ රශ්මිය ධරා ගත නො හී වැලැපුණේ -

‘සෞමිත්රෙව නනු සෙව්ය‍තාං තරුතලංචණ්ඩාංශුරුප්ජෘම්භතෙ

චණ්ඩාංශොර් නිශි කා කථාරඝුපතෙ චන්දොයමුන්මීලති 
වත්ස්යෛොතද් විදිතං කථංනු භවතාදන්තෙ කුරඞ්ගං යතඃ 
ක්වාසි ප්රෙනයසි හා කුරඞ්ගනයනෙ චන්ද්රාරනනෙ ජානකී’ 

යනුයෙනි.

3. ඔබල - දුබල; දුර්වල.

4. තුනු - සිහින් ; කෘශ.

5. සිඟු - සිහින් ; කෘශ.


11 - 15

පද සසඟින් හොත බෙදුමෙන් හොත අතින් හෝ හුණත’ නිටු ගැමි අරුත් එ විරුදු අරුත් දොස් නම්.


520 සිදත් සඟරා විවරණය

අන්වය : පද සසඟින් හොත බෙදුමෙන් හොත අතින් හෝ අනිටු ගැමි අරුත් හුණත එ විරුදු අරුත් දොස් නම්.

අර්ථ : පදයන් ගේ සංසර්ගයෙන් හෝ බෙදීමෙන් හෝ අර්ථයෙන් හෝ අනිෂ්ට වූ ද ග්රානම්ය් වූ ද අර්ථ ශ්රයවණය වත් හොත් ඒ විරුඬාර්ථ දොෂ නම් යැ.

විස්තර : එක් වූ පද වෙන් වු (තනි) පද අරුත් යන මෙයින් කවරෙකින් වුව ද අයහපත් ගැමි අරුත් ඇසෙත් හොත් ඒ විරුඬාර්ථ දොෂ බව යි එයින් කියැවුණේ. ආකුල ප්රොකාශයෙකි. එක් වූ‍ හෝ වෙන් වූ හෝ පද මඟින් අයහපත් ගැමි අරුත් අසේ නම් ඒ විරුදු අරුත් දොස් යැ යි කියැවිණි නම් නිරාකුල යැ. පදයෙහි අර්ථය මැ ප්රුස්තුත හෙයිනි ප්රැකාශයෙහි ආකුලත්වය ප්ර්ත්යරක්ෂ වනුයේ.

ගැමි අරුත් මැ ද විරුදු අරුත් නම්; ව්යා‍ඛ්යා්න කාර විද්වත්හු ග්රා ම්යාරර්ථ ද විරුඬාර්ථ පක්ෂයෙහි මැ ගෙණෙත්. ‘ග්රාවම්යෙ’ ‘විරුඬ’ වන නියා අප්ර්කාශ යැ.

ටිප්පණි : 1. සසඟින් - එක් වීමෙන් ; සංසර්ගයෙන් ; සංයොගයෙන්. 2. හුණත - ඇසෙත් හොත් ; ශ්රමවණය වත් හොත්.


11 - 16

දිව් රඟැ විසකුණන් තොප කිත් නිළිය නස්නට සොමි ගුණ බමව හිමි නිති දස දසතැ කොඳ හැති සේ.



                                        11. ඉෂ්ටානිෂ්ටාධිකාරය                    521

අන්වය : හිමි, විසකුණන් දිව් රඟැ තොප කිත් නිළිය නස්නට සොමි ගුණ කොඳ හැති සේ නිති දස දසතැ බමව.

අර්ථ : ස්වාමිය, විචක්ෂණයන් ගේ ජිහ්වා (නමැති) රඞ්ගයෙහි යුෂ්මත්හු ගේ කීර්ති (නමැති) නර්තකිය නෘත්යම කරනු සඳහා සෞම්යය ගුණය කුන්ද ස්තබකාකාරයෙන් දශ දිශාන්තයෙහි භ්රයමණය කරව.

විස්තරය විරුඬාර්ථ නිදර්ශන යි එයින් දැක්වුණේ. පද්යාෘර්ථ ව්යුක්ත යැ. එහෙත් ‘විසකුණන්, නස්නට බමව’ යන පද ඇසෙත් මැ කිසි යම් අකාන්ත භාවයක් දැනැවෙනු අසත්ය‘ නො වේ. අර්ථ පක්ෂයෙන් නම් එහි එ කී පරිදි ග්රාැම්යතත්වයෙක් නො පැනෙයි.

ව්යා ඛ්යාවන කාර ව්යවක්තයෝ ‘දිව්රඟ වී සකුණන් තොප අක් ඉත්කිළිය නස්නට සොමි ගුණ බමව හිමිනි, ඉතිදු දස දසත කොඳ හැති සේ. යනුයෙන් පද දක්වනුවෝ එ මැ ‘සුරතාගක්රාොශ’ පක්ෂාර්ථ ඇති නියා ද හඟිත්. ස්වාභිමතාර්ථ සාධක පක්ෂ ග්රා හ වැ ශ්ලෙෂ න්යාකයයෙන් එ සේ පද යොදා අබුතු කියනු කෙසේ යෙදේ ද? එ නයින් -

‘තමා වරද’ ස නො - මෙරමා දොස් දිස්නේ’ යනු තම ආ වරද අස; මෙරැ අමා දොස් දිස්නේ නො යි පද පෙළ ගසා. අඳර පැමිණි දෙස අසට. මෙරෙහි සඳ නැති වරද පෙනෙනුයේ නො වේ ද යන අරුත් බිණිමේ කවර බාධා ද?

‘ග්රාඳම්යන’ යනු ‘අශ්ලීල’ ‘අසභ්යෙ’ යන අරුතුදු දෙයි. ඇතැම් සංස්කෘතාලංකාරිකයන් විසින් විවිධ වැ දැක්වුණු ග්රා‘ම්යා ර්ථ දොෂය ද විරුඬාර්ථ පක්ෂයෙහි ලා ගැන්මෙන් වූ මුළායෙන් ග්රරන්ථකාර ව්යා‍ඛ්යා න කාර දෙ පක්ෂය මැ අවුලට වැටුණු නියා යැ.




522 සිදත් සඟරා විවරණය

‘එක වාක්යෙ ප්රණබන්ධෙවා - පූර්වාපරපරාහතම් විරුඬාර්ථතයා ව්යයර්ථ - මිති දොෂෙෂු පඨ්යපතෙ

‘ජහි ශතෘබලං කෘත්ස්නං - ජය විශ්වම්හරාමීමාම් ‘තව නෛකොපි විවේෂ්ටා - සර්වි භූතානුකම්පිනඃ’

යනුයෙනි විරුඬාර්ථ ප්රාකාශ ‍කාව්යාහදර්‍ශයෙහි එනුයේ.

‘පෙරැ පසුහි නොසුදුසු විරුදත් තො සතුරන් හරු සව් සත්නට කුලුණුතම තට රුපු කවර යනු සේ’ යි.

එ මැ කියැවිණ සියබස්ලකරෙහි දු

ටිප්පණී : 1. විසකුණන් - විචක්ෂණයන්. ව්යපක්ත පක්ෂයෙහි දක්ෂයෝ එයින් ගැනෙත්.

2. දිව් - දිව: ජිහ්වා.

3. රඟැ - රඞ්ගයෙහි ; නැටුම් පිලෙහි.

‘මනරඟ මන රැඟැ - රැඟැවී මෙ ද මිද ‘ඳු දු තුරු නළ නරනිඳු තමා - පුර පිවිටි හා සෙනහින්’


යනුයෙන් කව්සිළුමිණි කරුවෝ ද මෙ අරුත්හි ‘රැඟැ’ යනු යොදත්.

නස්නට - නැටුමට : නෘත්යි කිරීමට. ‘නස’ ධාතු නෘත්යාඅර්ථයෙහි දු වැටේ.

5. කොඳ හැති - කුන්ද ස්තබකය (පොකුර).

                                               11.ඉෂ්ටානිෂ්ටාධිකාරය                523


11 - 17

පෙරැ පිළිවෙළ යෙදි - පසු පෙදෙ ඉකුත් වී නම් එ උපිළිවෙළ නම් දොස් - පැවැසූ පදි පඬුවෝ.


අන්වය : පෙරැ යෙදි පිළිවෙළ පසු පෙදෙ ඉකුත් වී නම් පදී පඬුවෝ එ උපිළිවෙළ දොස් නම් පැවැසූ.

අරථ : පූර්වයෙහි යොජිත වූ පරිපාටිය පශ්චාත් පාදයෙහි. අතික්රාකන්ත වූයේ නම් පද්ය පණ්ඩිතයෝ ඒ උත්පරිපාටික දොෂය නම් යැ යි ප්රීකාශ කළ හ.

විස්තර : පළමු පදය හා බැඳී සිටින්නක් පසු පදයෙහි නොවෙනස් වැ සිටියැ යුතු යි. යම් හෙයෙකින් වෙනස් වේ නම් ඒ පිළිවෙළ නො වේ. පද්යත පක්ෂයෙහි තත්ත්වඥයන් විසින් එ මැ උත්පරිපාටික දොෂ නාමයෙන් ප්රෂකාශිත යැ යනු එයින් දැක්විණ.

ටිප්පණී : 1. යෙදි - අව්යාැකරණිය පදයෙකි. ‘යෙදු’ යනු යැ නිසි. ‍’යොද’ (යෙදුම්හි) ධාතු සකර්මක යි. (කතු කරු) යොදා - යොදති - යෙදී - යෙදු - (කම් කරු) යෙදේ. යෙදෙති - යෙදිණි - යෙදුණු යන රූප යි ලැබෙනුයේ.

2. ඉකුත් - ‘වෙනස්’ යනු යැ මෙයින් ගත යුතු අරුත. ‘ඉකුත්’ යනු එකෙකි. ‍’වෙනස්’ යනු අනෙකෙකි.

3. උපිළිවෙළ - නොපිළිවෙළ ; උත්පරිපාටික.



524 සිදත් සඟරා විවරණය


11 - 18

සියඟ පියතම වූ ගිරිදු - සිරි - විසිනට කසුන් - කලදෝ - මේ වන් දෙවියෝ සෙතෙ’ ළවත් වා.


අන්වය : ගිරිදු - සිරි - විසිනට සියහ පියතම වූ කසුන් - කලදෝ - මේ වන දෙවියෝ සෙත් එළවත් වා.

අර්ථ : පාර්වතී, ශ්රී කාන්තා සරස්වතී යන මොවුනට නිරන්තර ප්රි යතම (වල්ලඟතම) වූ කාඤ්චන, කලධෞත මෙඝ (යන) වර්ණ යුක්ත දෛවතයෝ ශාන්තිය ආවහනය කෙරෙත් වා.

විස්තර : උමා, කමලා, බ්රානහ්මි යන මොවුන් ගේ නිත්යන ප්රිුයතමයෝ මහෙශ්වර, විෂ්ණු, බ්රීහ්ම යන මොහු යැ. ප්රිනයාවන් ස්ව නාම මාර්ගුයෙන් ඇඳින්වුණු අතරැ ප්රියයයන් ස්ව වර්ණා මාර්ගමයෙනි ඇඳින්වුණේ. කාඤ්චන වර්ණ්යා බ්රයහ්ම යැ; කලධෞත වර්ණනයා මහෙශ්වර යැ; මෙඝ වර්ණරයා විෂ්ණු යැ. පාර්විතී, ශ්රීකකාන්තා, සරස්වතී යන මුල් පද හා බැ‍ඳෙන්නට නම් පසු පද මහෙශ්වර, විෂ්ණු, බ්රීහ්ම යනුයෙන් වියැ යුතු යි. එ සේ නුවුයෙන් පූර්වොරක්ත දොෂ දුෂිත ප්රමකාශයෙකි මේ .

එ කී දොෂයට නිදර්ශ න වශයෙන් -

‘ ස ඳ රිවි තමන් රහු මුවැ පත් වන ස‍ඳෙහි බි ඳ ගන අඳර එළි කරනුව රැ දෙවෙහි බැඳ සිය කිරණ පට ගිය මෙන් පහ අගෙහි සොඳ රන් රිදී දද බබළයි පුරවෙරෙහි’



                                    11.ඉෂ්ටානිෂ්ටාධිකාරය                    525


යන ගිරා ස‍ෙන්ද ශ පද්ය ය ද දැක්වියැ හැකි යැ. ‘සඳ. රිවි’ යනු මුල් පද යැ; ‘රැ දෙවෙහි’ යනු ඉක්බිති පද යැ; ‘රන් රිදී’ යනු පසු පද යැ. මුල්. ඉක්බිති පද දෙ පස හා බැඳීමට නම් පසු පද ‘රිදී, රන්’ වියැ යුතු යැ. ‘සඳ, රිවි’ යනු මුල් පද යැ; ‘රෑ දෙවෙහි’ යනු ඉක්බිති පද යැ; ‘රන් රිදී’ යනු පසු පද යැ. මුල්, ඉක්බිති පද දෙ පස හැ බැඳීමට නම් පසු පද ‘රිදී, රන්’ වියැ යුතු යැ. ‘සඳ රස්’ රිදී මෙන් ද ‘රිවි රස්’ රන් මෙන් ද ගැනෙන බැවිනි. එය නොසැලැකුණු හෙයින් දොස් ලක් යැ.

‘උද්දෙශානු ගුණො ‘ර්ථා.නා - මනුද්දෙශොන වෙත් කෘතඃ අපක්රශමාහිධානං තං - දෙෂමාචක්ෂතෙ බුධාඃ ස්ථිති නිර්මාමණසංහාර - හෙතවො ජගතාමමී ශම්භුනාරායණාම්භොජ - යොනයඃ පාලයන්තු වඃ’ යි

අපක්රමම දොෂ නාමයෙන් එ දැක්වේ කාව්යාපදර්ශමයෙහි.

‘පෙරැ යු වත යළ කියු නො යෙදෙත නොපිළිවෙළ නම් මැවුම් පැවැතුම් හැකුළුම් හර බඹ ගොවිඳුහු කෙරෙන්’

යනුයෙන් එ මැ සියබස්ලකරේ එයි නොපිළිවෙළ නමින්.

ටිප්පණී : 1. ගිරිදු - පාර්ව තී; උමා. හිමාලය පර්වීත රාජයා ගේ දුව මෙන් ගැනෙන බැවින් ඕ එ නම් වුව ; මහෙශ්වර භාර්යා යැ.

2. සිරි - ශ්රීමකාන්තා ; කමලා: විෂ්ණු භාර්යා යැ.

3. විසිනට - ‘විසි’ යනු සරසවියට (සරස්වතියට) නමෙකි. ඕ බ්රෙහ්ම භාර්යා යැ යෙත්. ගිරිදු, සිරි. විසි යනු සමාස නයින් විබත් ගැන්වීමෙනි ‘විසිනට’ වූයේ. ඒ නො යෙදේ.

4. සියහ - සතත; නිත්යි ; නිරන්තර

526 සිදත් සඟරා විවරණය

5. පියතම - ප්රි යතමයන්, වල්ලභයන්. සැමියෝ යැ එයින් ගැනෙන්නෝ. ප්රි-යවනට ප්රිොයයන් (අඹුවනට සැමියන්) ඉතා ප්රිගය යැ යන අර්ථයෙන් ‘පියතම’ යනු යෙදිණ.

6. කසුන්වන් - කාඤ්චන වර්ණොයා ; රන්වනා. බඹා යැ එයින් ගැනෙනුයේ. බ්රිහ්මයා ස්වර්ණ වර්ණ (රන් වන්) යැ. යෙත්.

7. කලදෝවන් - කලධෞත වර්ණරයා ; රිදීවනා මහෙශ්වරයා රජත වර්ණ. (රිදී වන්) යැ කියති.

8. මේවන් - මෙඝවණර්යාණ ; මෙවනා, වෛෂ්ණවයා මෙඝ වර්ණැ (මේ වන්) යැ යෙති. මෙඝය (වැසි වලා කුළ) කළු පෑ ඇත්තේ යැ. විෂ්ණු තෙමේ එ පෑ ඇත්තේ කළුතුනු නම් ද වෙයි.

9. දෙවියෝ - එයින් ගැනු‍ණාහු බ්ර‍හ්ම, විෂ්ණු, මහෙශ්වර යන මොහු යැ. විෂ්ණු, ‍මහෙශ්වර දෙ දෙන දේව ගණයේ ලා ගිණීම ප්ර,කට යැ. බ්රශහ්මයා ද එහි ලා ගණිනු යුතු ද? ඇතැම් හෙළ කිවියන් විසින් දේව ශාන්තිය පතා ස්ව කාව්යගයන්හි පද්‍යයක් ඇතුළු කළ බව දඹදෙණි අවධියේ පටන් පෙනෙයි. එහි දී ඔහු ද බඹහු දේව ගණයේ ලා දුට හ.

10. එළවත් වා - පමුණුවත් වා: ආවහනය කෙරෙත් වා!


11 - 19

ලේ වන් සමුදුරින් උලැඟියෙ වරඟ දෙරණත වියැ යුතු බැවින් මුලුසුන් සප් ලේ මෙ වේ නේ දෙස් .



                                          11. ඉෂ්ටානිෂ්ටාධිකාරය                    52

අන්වය : වරඟ ලේ වන් සමුදුරින් දෙරණත උලැඟියෙ. මුලුසුන් සප් ලේ වියැ යුතු බැවින් මෙ නේ දොස් වේ.

අර්ථ : වරාහයා අතින් ලොහිත වර්ණ් වූ සමුද්ර යෙන් ධරණිය උද්ගත වූයේ යැ. මුලොච්ජින්න වූ සර්ප රුධිරය කියැ යුතු හෙයින් මේ නෙය දොෂ වෙයි.

විස්තර : සමුද්රජය ලොහිත වර්ණු වූයේ වරාහ ක්ෂුර ප්රයහාරයෙන් ජිවිතක්ෂයට පැමිණියා වූ නාගයන් ගේ රුධිරයෙනි. ‘එ බැවින් සැබැවින් මැ . කියැ යුතු වූයේ වරාහයා ස්ව ක්ෂුර ප්රකහාරයෙන් අභාව ප්රාමප්ත නාග රුධිරයෙන් රක්ත වර්ණු වූ සමුද්ර්යෙන් මහීතලය උද්ගත කෙළේ යැ යනු යි. එ සේ නොකියැවුණු හෙයින් සුගම නො වේ. ඒ යැ නේ දොස් නම් .

අර්ථ ව්යික්ති විපර්යනය නෙයාර්ථ දොෂ නාමයෙන් ශ්රී්මද් දණ්ඩීහු කාව්යා්දර්ශ්යෙහි කියති. ශ්රීා මම්මටහට්ටයන් විසින් කාව්යතප්ර කාශයෙන් ද ශ්රිද විශ්වනාථ කවිරාජයන් විසින් සාහිත්යනදර්පණයෙන් ද දැක්වුණේ ලක්ෂ්යාථර්ථ පක්ෂයෙහි මුඛ්යාාර්ථ අසම්බන්ධය නෙයාර්ථ යනුයෙනි. ආලඞ්කාරික ප්රාකාශ විවිධ යැ දීර්ඝන යැ එ අතින්.

‘මහී මහාවරාහෙණ ලොහිතාදුද්ධෘතො දධෙඃ ඉතීයත්යෙරව නිර්දිෂ්ටෙ නෙයා ලෞහිත්යස හෙතවා’

යන ආලංකාරිත ප්රෙකාශය මැ යැ සිදත් සඟරා කරු මාහිමියන් විසිනුදු නිදසුන් කැරුණේ.

ටිප්පණි : 1. වරඟ - වරාහ. සූකර, ඌරු යනු අර්ථ යි. විෂ්ණුහු ගේ දශාවතාරයෙන් එකෙකි. එ නම් ඌරු



528 සිදත් සඟරා විවරණය

වෙස් ගත්තා වූ විෂ්ණු තෙමේ සිය කුර පහරින් සුන් නයි ලෙයින් රත් පැහැ වූ සමුදුරින් පොළොව නැංවී යැ යෙත්.

‘මතස්යඃන කූර්මොය වරාහශ්ව නරසිංහො’ථ වාමනඃ රාමො රාමශ්ව කෘෂ්ණශ්ව බුඬඃ කල්කී ච තෙ දශ’ යනුයෙන් විෂ්ණුහු ගේ දශාවතාර දැක්විණ.

2. ලේ වන් - ලොහිත වර්ණශ; රත් පැහැ.

3. දෙරණත - දෙරණ මැ දෙරණත. ස්වාර්ථ තඬිත යි.

4. උලැඟියෙ - ‘උලඟ’ (උල්ලඞ්ඝනයෙහි) ධාතු සකර්ම ක, අකර්මමක දෙ පක්ෂයට මැ සාධාරණ වෙයි. අකම්රලක පක්ෂයෙහි වූ ‘උලැඟි’ යන නාම ක්රියයාව ප්රශථමා එකවචන ‘ඒ’ විබත් ගැන්මෙන් (උලැඟි + ඒ = ‘ය’ කාරාගමයෙන් උලැඟියේ = අන්ත්ය හ්ර්ස්වයෙන් උලැඟියෙ) එ සේ ලැබේ. මෙ තන්හි ඒ නො යෙදෙයි. එ පෙළට බිණු අරුතුදු පිහිට ලැබෙනුයේ නො වේ. වරාහයා අනින් ලේ වන් සමුදුරින් දෙරණත උලැඟියේ වී යන අරුත් යැ පිරිමස්නේ. ‘උලැඟුයෙ’ යනු විණි නම් අවුලෙක් නැති. ‘බල’ ආදි ගණ (පර:පද) සකර්මමක ‘උලඟ’ ධාතු (කතු කරු) ‘උලඟා - උලඟති - උලැඟී - උලැඟු’ (කම් කරු) ‘උලැ‍ඟේ - උලැ‍ඟෙති - උලැඟිණි - උලැඟුණු’ යනුයෙන් ද ‘රක්’ ආදි ගණ (උභය පද) අකර්ම ක ‘උලඟ’ ධාතු (පර: පද) ‘උලඟී - උලඟිති - උලැඟි - උලැඟි’ (අත්: පද) උලැ‍ඟේ - උලැ‍ඟෙති - උලැඟිණි - උලැඟුණු’ ඈ විසින් ද වරනැ‍ඟේ.

5. මුලුසුන් - මුල් + සුන් = ‘උ’ කාරාගමයෙන් මුලුසුන්. මූලොච්ඡින්න. මුළුමනින් සුන් යන අරුත යි.

6. සප් - නයි ගැනෙත් මෙයින්.




                                       11.ඉෂ්ටානිෂ්ටාධිකාරය                        529

7. නේ - නෙය.


11 – 20

එ තට දිය දේ වා රිවි රා උරා කට මැණ නොපැලැඟි කෙළෙනැ ‘සුරූ මේ දොස් අසබ්හව් නම්


අන්වය : රා උරා කට මැණ එ රිවි තට දිය දේ වා. ඇසුරූ නොපැලැඟි කෙළෙන් මේ අසබහව් දොස් නම්.

අර්ථ : රාහු නමැති නාගයා ගේ කණ්ඨ මාණික්යා සදෘශ වූ ඒ සූර්යියා යුෂ්මත් හට ජය දානය කෙරේ වා! ආශ්ර යය අයොග්යස කළා වූ හේතුයෙන් මේ අසම්භාව්යය දොෂ නම් වේ.

විස්තර : රාහු තෙමේ සූර්යයා ග්ර හණය කෙරේ ල. යථොක්ත ප්ර්කාශයෙන් ප්ර ත්යාක්ෂ වනුයේ රාහු කෙරෙන් හිරු පරාජයට පත් බව යි. තමා පැරැදැ සිටියැ දී අනෙකකු දිනවනුයේ කෙසේ ද? එ වැන්නකු ගෙන් ජය පතනු සුදුසු නො වේ. එ බඳු පැතුම් අසම්භාව්ය දොෂ පක්ෂයෙහි ලා දැක්විණ එයින්. එ මැ අනුචිතාර්ථ දොෂ නාමයෙනි සංස්කෘත ආලංකාරි‍කයන් ගෙන් ප්රඅකාශ වූයේ.

ටිප්පණී : 1. රා - රාහු. අසුර, ග්ර හ දෙ පක්ෂයෙහි මැ ලැ සැලැකෙයි.

2. උරා - නයා; නාගයා.

                                                                                                      31


530 සිදත් සඟරා විවරණය

3. කට මැණ - කණ්ඨ මාණික්ය්ය; ගල මිණ උත්තම නාගයෝ කණ්ඨ මාණික්යක ඇත්තාහු යැ යෙත්. රාහු විසින් ග්ර හණය කැරුණු රිවි නාග කණ්ඨ මාණික්ය‍ය සෙයින් එයින් කියැවිණ.

‘එ පුරෙහි සරන අබිසරු ලිය සොර බැ වි නි සොබමන් විමන් දොරැ මිණි පහන ව ස මි නි මල් දම් සුඹුළු කැරැ ගත සල ගත් අ ති නි ගල මිණි පැමිණි පණිඳකු ගත් එ කග වැ නි’ යි මයූර ස‍ෙන්ශෙ කාර කවීශ්වර කවීහු නාග කණ්ඨ මාණික්යව ප්රනකාශය කෙරෙත්.

4. දිය - ජය.

5. ඇසුරූ - ආශ්රජයය. කැරුණු පැතුම යැ ඇසුර නමින් මින් කීයේ.

6. නොපැලැඟි - අනුචිත ; අයොග්ය ; නුසුදුසු. ‘පැලැඟි’ යනු යොග්ය . සමාන යන අරුත්හි වෙයි.

7. අසබහව් - අසම්භාව්යා; අනෞචිත්යැ: නොනිසි.


11 - 21

දෙවි බර’ඩ අඩ නෙත් පස් විසි වා රකන තා. නැසූණත අරුත් ඇතියෙන් මේ දනු ගුළු අරුත් දෙස්.


අන්වය : බර අඩ අඬ නෙත් දෙවි පස් විසි වා තා රකන. අත නැසුණු අරුත් ඇතියෙන් මේ ගුළු අරුත් දොස් ‍දනු.


                                  11.ඉෂ්ටානිෂ්ටාධිකාරය                               531

අර්ථ : වාදශාර්ධාර්ධ නෙත්ර දෛවතයා පඤ්ච (ගුණිත) විංශති වර්ෂ යක් යුෂ්මත්හු රක්ෂා කරන්නැ. අන්ත ගුප්තාර්ථ යුක්ත හේතුයෙන් මේ ගූඪාර්ථ දොෂ යැ යි ජානනය කරන්නේ යැ.

විස්තර : තිනෙතා (ත්රිරනෙත්රතයා) සිය වස් (ශත වර්ෂ යක්) ඔබ රක්නේ යැ යනු කියැවුණු සැටි යි එයින් දැක්වුණේ. අරුත ඉතා වැළැහී සිටි බැවින් ආයාසයෙනි නඟා ගත යුත්තේ. ප්ර්කටාර්ථ පක්ෂයෙන් ඉතා ඈත් වූ අප්රයකටාර්ථ පක්ෂයට ඉතා ආසන්න වූ එ බඳු ප්රකකාශ ගූඪාර්ථ දොෂ යුක්ත යැ.

සංස්කෘතාලංකාරිකයෝ අපුෂ්ටාර්ථ දොෂ නාමයෙන් එය දක්වන්නාහු -

‘ශතාර්ධපඤ්චාංශභුජො වාදශාර්ධාර්ධ ලොචනඃ විංශත්යඤර්ධාර්ධමූර්ධා වඃ පුනාතු මදනාන්තකඃ’

යන නිදර්ශ්න ද දෙත්.

‘ශත අර්ධ පඤ්ච අංශ භුජඃ වාදශ අර්ධ අර්ධ ලොචනඃ චිංශති අර්ධ මූර්ධා මදන අන්තකඃ වඃ පුනාතු දශබාහු, ත්රිිලොචන, පඤ්චවක්ත්රට යුක්ත ස්මර මාරක (මහෙශ්වර) (දස අත් තුන් නෙත් පස් වත් යුත් සමර මර - මෙහෙයුරු -) තෙමේ තොප පිවිතුරු කෙරේ වා යනු කියූ නියා යැ. ශත අර්ධ පඤ්ච අංශ භුජඃ යනුයෙන් සියයේ අ‍ඬෙකින් පසින් කොටසක් අත් යැ යි දශබාහු ද වාදශ අර්ධ අර්ධ ලොචනඃ යනුයෙන් දොළොසේ අඩින් අඩක් නෙත් යැ යි තුන් නෙත් ද විංශති අර්ධ අර්ධ මූර්ධා යනුයෙන් විස්සේ අඩින් අඬක් වත් යැ යි පස් වත් ද ගැනිණ. ‘මූර්ධා’ යනුයෙන් ‘හිස්’ කියැවුණ ද මෙහි ගැනෙනුයේ වත් යැ.

සිදත් නිදසුන මෙ පැවැසුම අනූවූ බව පෙනෙයි.




532 සිදත් සඟරා විවරණය

ටිප්පණී : 1. බර අඩ අඩ නෙත් දෙවි - ‘බර’ යනු දොළොස යැ. එහි අඩ සය යි. ඉන් අඩ තුන යි. තුන් නෙත් දෙවියා නම් මෙහෙසුරා යැ. හේ තිනෙත් නම් වේ එයින්. එය යූ සැටි යි.

2. පස් විසි වා - පස් ගුණ වූ විසි වස්. සිය වස් යූ නියා යැ.

3. රකන - රක්නේ යැ යන අරුත්හි යෙදුණු සේ යැ. රක්නා, රක්න, රකින, රකිනා, රකිනු යනු විනා නො යෙදෙයි.

4. අත - අන්තයට : කෙළවරට මැ යන අරුත්හි වේ.

5. නැසුණු - සැඟැවුණු : ගුප්ත වූ . ‘නස’ ධාතු සැඟැවිමෙහි දූ වෙයි. එ අරුත්හි ‘පිහිට’ ආදි ගණ අත්: පද යි: අකර්මයක යි. නැසේ - නැසෙති - නැසිණි - නැසුණු ඈ විසින් වරනැ‍ඟේ.

‘නැසී සිටැ සවන - රුකුළෝ කුහුල් මෙනෙනො’ හු පිළි මෙ රූ දුටු දනතා - වදන් පැවැතුම් කිමැ වී’ යි එ අරුතැ ‘නස’ ධාතු දුටු බවට කව්සිළුමිණි කරුවෝ ද දෙස් දෙත්.

6. ගුළු - ගුඪ: සැඟැවුණු.


11 - 22, 23

සිසි සේ හසක මෙන් විමල් අඹර තළන් මෙන් රිවි එව් කදෝ හොබනේ නඟ එව් බෙළෙ හිමි ගෙරෙන්.

බුන් ලිඟු බස මෙ සේ - උකට නිසුවම් මහ දොස් විමසා කව් කරනුයේ - සබ මැදැ යස බජනුයේ.


                                 11.ඉෂ්ටානිෂ්ටාධිකාරය                          533

අන්වය : සිසි හසක මෙන් සේ: අඹර තළන් මෙන් විමල් : කදෝ රිවි එව් හොබනේ : බෙළෙ හිමි ගෙරෙන් නහ එව්.

මෙ සේ බුන් ලිඟු බස උකට නිස් උවම් මහ දොස් විමසා කව් කරනුයේ සබ මැදැ යස බජනුයේ.

අර්ථ : චන්ද්රයයා හංස ධෙනුවක ආකාර ධවල යැ; ආකාශය තඩාගයන් සෙයින් නිර්ම්ල යැ; ඛද්යොවතයා සූර්යයා මෙන් ශොභන යැ; හටයා ‍ස්වාමී ගෞරවයෙන් ශුනකයා වැනි යැ.

මේ ආකාරයෙන් හින්න ලිඞ්ග (ද) හින්න වචන (ද) උත්කෘෂ්ට නීච උපමා (ද) (යන) මහා දොෂ විමර්ශනනය කොටැ කාව්ය බන්ධනය කරන තැනැත්තේ සභා මධ්ය යෙහි කීර්තිය භජනය කරන්නේ යැ.

විස්තර : හින්න ලිඞ්ග, හින්න වචන, උත්කෘෂ්ට උපමා, නිච උපමා යන චතුර්විධ දොෂ නිදර්ශනන එයින් පැවැසිණ; එ දොස් වරා කව් බඳින්නවුන් වියත් සෙබේ යසසට හිමි වන බවට ඉඟි ද කැරිණ.

චන්ද්රවයා පුරුෂලිඞ්ග ද හංසිය ස්ත්රීිලිඞ්ග ද වන බැවින් ඒ හින්නලිඞ්ග යැ.

ආකාශය එකවචන ද කඩාගයන් බහුවචන ද වනුයෙන් ඒ හින්න වචන වෙයි.

සූර්යයා අතිශ්රෙඩෂ්ඨයෙකි. ඛද්යොනතයා අත්යැල්පයෙකි. එහෙයින් උත්කෘෂ්ට උපමා යැ.

හටයා උච්චයෙකි. ශවකාම්යවයා නීචයෙකි. නීච උපමා යැ එයින්.




534 සිදත් සඟරා විවරණය


තද්දොෂ දූෂණය සංස්කෘතාලංකාරිකයන් විසින් අනාදෘතාකාර -

‘යද්හින්නලිඞ්ගමිත්යුකක්තං විහින්න වචනඤ්ච යත් උපමා දූෂණං තන්න යතොවෙගො න ධි මතාම්’

යනුයෙන් පෙනෙයි.

‘හංසිව ධවලශ්චන්ද්රඃු සරාංසීවාමලං නහඃ හර්තෘ හක්තො හටඃ ශේචව ඛද්යොමතො භාති හානු වත්’

යන මෙහි අනුවාදය යි සිදත් සඟරා නිදස්න වූයේ.

හදන්ත ශ්රීු සඞ්ඝරක්ෂිතයෝ ද යථොක්ත ශ්ලොකානුවාදය -

‘හංසීවා’යං සසී හින්න - ලිඞ්ගා ‘කාසං සරානිව විජාති වචනා හීනා - සා ‘වහත්තො හටො ‘ධිපෙ’ යි සුබොධාලඞ්කාරයෙහි දක්වති.

ටිප්පණි : 1. හසක - හංසියක; හංස ධෙනුවක. 2. සේ - ශේවත; ධවල; සුදු. 3. තළන් - තඩාගයන් ; විල්. 4. විමල් - මල (කසළ) පහ වූයේ විමල් යැ. 5. කදෝ - ඛද්යොලතයා ; කණමැදිරියා.

‘අදෝ කදෝ වැනි දෝහිමිට සරි කළ’ යනු ශ්රීක රාහුලොක්ති යි.

6. හොබනේ - ශොභන යැ. 7. බෙ‍ළෙ - (බළ + ඒ = බෙළේ = බෙළෙ) හටයා; හට තෙමේ.


                                    ඉෂ්ටානිෂ්ටාධිකාරය                            535

8. හිමි - ස්වාමි. 9. ගෙරෙන් - (ගරු + එන් = ගරෙන් = ස්වර පර රූපයෙන් ගෙරෙන්.) ගෞරවයෙන් යනු අර්ථ යැ. 10. නහ - ‘නහා’ වියැ යුතු යි. විරිත් හෙයිනි ‘නහ’ වූයේ. ශුනකයා; ශවකාම්ය්යා; බල්ලා. 11. උකට - උත්කෘෂ්ට; උතුම්. 12. නිස් - නීච; පහත්.


11 – 24

මෙ ඈ ‘යුණු වරා - පොරණැ ‘දුරන් දැනැ. පදී මත් සඳ එළි ද යාවහන් - සම සේ යොදා බඳනේ. ඉති ඉටු ‘නිටු අදියර එකොළොස් වනු.


අන්වය ; මෙ ඈ අයුණු වරා, පොරණ ඇදුරන් පදී දැනැ, මත් (ද) සඳ (ද) එළි (ද) ය ව හ න් ද සම සේ යොදා බඳනේ.

අර්ථ : මේ ආදි වූ අගුණ දුරු කැරැ පුරාතනාවාර්යදයන් ගේ පද්ය දැනැ ගෙනැ මාත්රා ද ඡන්දඅස් ද එළි (වැට) ද ය ව හ න් ද සමාන ආකාරයෙන් යොදා (පද්යර) බන්ධනය කරන්නේ යැ.

එකාදශම වූ ඉෂ්ටානිෂ්ටාධිකාරය මෙ සේ යැ.

විස්තර : මේ තාක් දැක්වුණු දෙසින් වැළැකීම ද පැරැණි වියතුන් ගේ පැදි බැඳුම් ගුරු කොටැ ගැනීම ද මත් සඳ එළි ය ව හ න් ආදිය සම වැ යෙදීම ද මනා බවට ඉඟි නව පබඳුවනට කැරිණ එයින්.

මාත්රාද පක්ෂයෙන් සංක්ෂිප්ත ප්රටකාශ යැ මෙහි කැරුණේ: ඡන්දවස් එළි වැට ය ව හ න් ආදිය ගැනැ නම්


536 සිදත් සඟරා විවරණය

සඳහනින් බැහැරැ ‍සනෙකුදු නො කැරිණ. එ අතින් බැහැරින් මැ සරණ ‍පතන ඉඩ වැඩිණ. මෙහි නොකියැවුණු තව ද දොස් සැබැවින් මැ වන බවට ඉඟි යැ ‘මෙ ඈ අයුණු’ යනුයෙන් කැරුණේ. ‘දුහුනන් දැනුම් සඳහා’ යැ යි පිළින කළ ගතකට අගනාතම ඉඟියෙකි. එ නම්!

මෙහි සඳහන් ලදුයේ එකොළොස් දෙසෙකි. එ ද සැකෙවිනි. තත් තත් පක්ෂයට ෂොඩශ වශයෙන් පද, වාක්ය , වාක්යාිර්ථ යන ත්රි්විධ පක්ෂයෙහි අෂ්ටවත්චාරිංශන්මහා දොෂයෙක් සංස්කෘතාලංකාර ග්ර න්ථයන්හි ප්රංකාශිත යැ.

‘ව ය න් නන් පෙදෙයි ලා තබා ගී තමනස්නේ අ ඟි න් නන් රඟන්නන් සුරන් යැ යි සිතෙන්නේ මෙවන් රූ නුවන් වන් ලෙවන් කුම් කියන්නේ ම ලි න් දුන්න ගත්තේ ද ගැත්තේ යැ උන්නේ’ (මයූර ස‍ෙන්දදශය)

මෙහි මත්, සඳ (මාත්රාන, ඡන්දරස්) දෙ පස මැ සම සේ යෙදිණ.

‘වි ග සෙ ක කළ මඳක් හෝ අකුසලෙක් වෙ ද අ හ සෙ ක සමුදුරෙකැ ගිරි ලෙනෙකැ විසුව ද නොවැළැක පල දෙතී කී තෙපලැ මුනි සඳ අද සැක හළෙමි අත් පිටැ දුටු හෙයින් සෙද (සඳකිඳුරු දා කව)


‘නෙත් සනහමින් බලමින් බුදු රුවන් වෙස අ ත් වන පිණිසැ මොක් බවැ දුක් නොවන ලෙස සි ත් තනමින් පතමින් පින් පල වෙසෙස අ ත් තනගල්ල නමඳුව නමමින් සිරස (මධුර ස‍ෙන්ද ශය)



                                ඉෂ්ටානිෂ්ටාධිකාරය                                    537

‘සිතු මින් සෙ යි න් සි රි දු න් එ හිමින් වඳිනේ කිය මින් ග ම න් සමු ගන් මින් මන් නඳිනේ නුබ මින් යෙ මින් අ ව ර න් ගිරි වන් සඳිනේ නුඹ මින් ගො සි න් ගෙ උයන් ව දි මි න් ලගිනේ’ (මයූර ස‍ෙන්ද ශය)

යනුයෙන් පෙනෙනුයේ අටළොස් මත් පෙළේ තුන් පැදියෙකි. පළමු වැන්නේ සිවු පියේ මැ අටළොස් මත් සම වැ ලැබේ; දෙ වැන්නේ තෙ වන පියේ සතළොස් මත් ද සෙසු තුන් පියේ අටළොස් මත් ද වේ. තෙ වැන්නේ සිවු පියේ මැ ලැබෙනුයේ එකුන්විසි මත් යැ. මෙ වන් තන්හි දුහුන කුහුල නූපදනුයේ ‍නො වේ. එ හෙයින් පහයනු මනා යැ.

නිදසුන් දුන් තුන් පැදියෙන් දෙ වන තෙ‍ වන පැදි එ සේ මෙ සේ කෙනකුන් අතින් බැඳුණෙක් නො වේ; වියත් සක්විති ගුරුළුදැමි මහ ඇජර මුනුබුරු කිවිසුරු අතින් බැඳුණෙකි; සිය මියුරු අස්නේ එන්නේ යැ. එ බැවින් ඉඳුරා නිවරද බවට කවර සැක ද?

එළු සඳැස් ලකුණෙහි -

‘යති හේනි කිසි ගුරු - ලුහු වේ ලුහු දු ගුරු වේ. පද ලකුණෙහි දු ගුරු ලුහු - පිරිහේ වඩි වඩුත් හේ’

යන නියමය පරිදි නිදසුන් මියුරු දෙ පැදිය සම මත් යැ.

යති හේතුයෙන් කිසි යම් ගුරෙක් ලඝු වේ; (කිසි යම්) ලඝුවෙක් ගුරු ද වේ. පාද ලක්ෂණයෙහි ද හේතු වත් හොත් ගුරු ලඝු වෙයි; ලඝු ගුරු වෙයි. (‘පිරිහේ’ යනුයෙන් ලඝුව - හ්රයස්වය - ද ‘වඩි’ යනුයෙන් ගුරු - දීර්ඝවය - ද කියැවිණ). එ නයින් අටළොස් මත් පැදියෙකැ සිවු පියේ මැ හෝ එක් පියෙකැ හෝ සතළොස් මත්,



538 සිදත් සඟරා විවරණය

එකුන්විසි මත් ඈ විසින් වුව ද ඒ සම මත් (අටළොස් මත්) ඇති නියා මැ ගෙණේ. සෙසු විරිත්හි එ නය පිහිට ලබන සේ නො පෙනේ.

‘බළ කොටු වන් තර මෙ සසර පවුරේ මු ලැ ‘ස ටු වන් දළු ලන පව් පඳුරේ වි ස ක ටු වන් සග මොක් මඟ අතුරේ මි ස දි ටු වන් අයටත් පින් ‍ෙනා පිරේ’ (ලෝවැඩ සඟරාව)

‘ස ව න ක් රස් දුටු සව් සත ම න ස ක් තුටු කෙරෙති සතත සගමොක් සිරි ලබනු නියත දි ව ස ක් ලා බලව සුගත’ (සඳකිඳුරු දා කව)

‘දෙන සග සැප නැතක් සිහි කළවුනට මොහොතක් මොක් පුර මහවතක් කියම් මුනි රජු ගේ පෙර සිරිතක්’ (ගුත්තිලය)

‘යමල් හලැ මුනි ලෙසින් වදහළ මෙ ලක රකිනුව මෙත් සිතින් උපුල් වන් දෙව් රජුන් පිළිරුව වඩිනු දැකැ මහ සයුරතින් විමල් ගුණ යුත් ‍නමින් දාපුලුසෙන් රජෙක් ආ එ මොහොතින් විපුල් සිරි දෙව්නුවර කරවා පිහිට කැරැවී යහපතින්’



                                ඉෂ්ටානිෂ්ටාධිකාරය                            539

පැනය කියන විසඳන කලැ මිලිඳු නිරිඳු සදිසි වාද වි නය සුත’බිදම් ස සමය තකු සත දිඞ්නාග පාද ස නය විකුම් පැරැකුම්බා නිරිඳු කිඳුරු මදුරු නාද වි නය විතන වසුමති පති මවුලි මාල සුරබි පාද’ (පැරැකුම්බා සිරිත) යන මෙයින් එය බලන්නේ යැ. ‘සම එළි’ යනුයෙන් අදහස් කැරුණේ පැදියේ එළි වැට පිළිබඳ නුමුසු ‘ණ න ළ ල’ යැ.

‘ගි ලි ය නො දී සැට මහණන් බව මහණ

ම ලි ය    දෙව් තෙරිඳු වැඩැ හිඳැ දෙසු 	බණ
 දි ලි ය     පස් මහල් පායෙහි මිණි	කිරණ
 බැලිය    හැකි වි නම් දැකැ වැඳැ යා 	කලණ

(සැලළිහිණි අස්න)

‘ සත් මිණි අබරණ සිලිලාර දුහුලින

 සැදි මහවැලි ගං මුතු හරිනි	බබළන 
 සිරි ලක’ ඟන මතැ කිරුළෙක අයුරු	වන
 එහි වට දා ගෙය වැඳියොත් වැඩෙයි 	පින

(තිසර සන්දෙශය) ‍ ‘නැ සී දිළිඳු අඟනක් දී කොසඹ කොළ

 නි සී		තිදස පහයෙකැ වැදැ 	රුවනු’දුළ
 රු සී		රුවින් පුරවයි සුරනිඳුන් 	දොළ
 කු සී		නො වුව මහ පල දේ කුසල් 	කළ

(ගුත්තිලය)

‘දි නු බිම මහිම ඇති මුනි මාර බල

වැනූ		තැනක් වැනි සත පින්	සාර පල
තැනූ		නොයෙක් කෙත් වත් සරු	සාර පල
ද නු		පිසිඳු වෙහෙරෙකැ සැදි	කෑර ගල’ 

(හංස සන්දෙශය)

යන මෙයින් පෙනෙයි එ කී සම එළි.

540 සිදත් සඟරා විවරණය

අළගියවන්න දවස් දක්වා සම එළි පිළිවෙළ රැකුණු නියා නොපෙනෙනුයේ නො වේ.

‘තුරු හිමියෝ ලිය ලිය වළඳිමිනි සාමුව දරු වඩමින් සා අතිනි බිඟු සන් සුරතල් බස් මල් මුවීනි කියමින් නළවන වැනි ලෙළවමිනි’

යන මයූර පද්යාළර්ථහරණයෙන් -

‘එ උ ය න ලිය ලියන් තුරු හිමි වලඳිමින ලෙළදෙන අතු අතින් සාමුව සුතන් ගෙන සු පි පෙ න ලත ලවන් යුත් කුසු‍මන් වතින න ළ ව න වැන්නැ බිඟු සන් සුරතල් බසින’ යි.

අළගියවන්නයන් විසින් කුස ජාතකයෙහි බැඳුණු පැදියෙනුදු එහි දෙස් ලැබේ. එ පැදි තෙ වන පියේ ‘සුපිපුණ’ යි නියතින් මැ වියැ යුතු වුව ද එළි නියර නොසම වනු නොදෙනු පතා මැ ‘සු‍පිපෙන’ යනු යෙදිණ. ඔවුන් අවදියෙන් ඉක්බිති විදු මිණි සිරිදම්රම් නා හිමි පාණන් අතින් ‘ණ, න, ළ, ල’ තතු පැහැයුණු තෙක් පැදි බැඳියවුන් විසින් එ අතින් යෙදුණේ නොසම එළි ය. එ නා හිමිපා අතැවැසි දෙ තුන් තැනක් මඟිනුදු විදත් වාසල මුදලි ගුණවර්ධනයන් අතිනුදු පැදි පසැ සම එළි යළි පෙනිණ. කුමර, මීපා, වන සැවුල් ඈ. අසුනුදු උපමාලංකාරය ද ඇසුරින් එ තතු දත හෙයි. නූතන පද්යැයෙහි සම එළි බෙහෙවින් තැන් ලබන්නට වූයේ මුනිදස් මඟිනි. විරිත් වැකි අනුසස් හෙයින් ඇති වුණු රුවන් වැළින් එහි වෙසෙස් දෙස් ලැබේ.

ලකුණු සරෙහි -

‘ය ව හ න් සිවු’ කුරින් - පදතැ එක ‘කුරක් වත් එයට ඉදිරි කැරැ කිසි - එක ‘කුරු නො පැව මහ දොස්’ යි. ය ව හ න් නියර එයි.


                                       ඉෂ්ටානිෂ්ටාධිකාරය                              541

‘ය ව හ න්’ යන සතර අකුරින් එකක් පැදි පිය අගැ (පද්ය පාදාන්තයෙහි) වන කල්හි ඒ අකුරට පෙරට කොටැ කිසි යම් එක් අකුරක් නො දක්වන හොත් ලොකු දෙසෙකැ (මහා දොෂයෙකැ) යනු එයින් කියැවිණ.

‘මු නි දි ය නා පෙරැ දිය නා කළ දුළිය ඉ න් දි ව නා තොස දිව නා පුද කෙළිය ගඟැබැසැනා මඟැ බැසැ නා කැරැ’ ගිළිය තො ද විසිනා බ ල වි සි නා මස්කෙළිය’

                                                                            (මයූර ස‍ෙන්දලශය)

‘දි සි දිය කුස හැම සියොතුන් ගේ ගුරුව නිසි යස රැස කියවන නුවණින් සරුව ඉ සි වර ලෙස නිති පණිවායෙන් දුරුව රි සි පල රස විඳැ සතොසින් දවස’ රුව’ (ගිරා ස‍ෙන්ද ශය)


‘කෙසේ හිමිහු වදාළ හ කිවිහු උනුන් විතාළ හ හිමි යස ගොස හදාළ හ ගෙනැ සළු හිසැ සිසාළ හ’ (කාව්ය ශෙඛරය)

‘සිඳු බොන අටින් මේ කුළු රැස් වූ සෙ වටින් බැඳි කඹ පටින් සිටි නා ගලන මද කටින් නුඹ රත දිටින් දැකැ නො මැ බමිනි සිතු අටින් යා කර තුටින් පුවතර පවර මාතොටින්’

                                                                        (කොකිල ස‍ෙන්දෙශය)



542 සිදත් සඟරා විවරණය

දනිති ද අපට මෙ දවස් සිදු කළ සරිය අත බිඳ ගෙනැ හොවි දුක් බැණැ ම-ගෙ බිරිය මම ඇඳ පෙළමි දුන් රිදුමෙන් දෙ දසරිය අ රු ම ද ඉතින් අප අතැ නො රඳත දිරිය

නි ය තින් අසල් වත යුතු තරමට තිදිව සැ ප තින් එ දා ඉතිරි ගිය මෙ හෙළ දිව හැම’ තින් මෙ දා පිරිහෙනු කඳකුමර දිව නෙතනින් නොගනු කිම බසැ මම නමමි දිව

මරු බිඳැ ගුරු වැ තුන් ලොවැ වදහළ අරහ සරු වට බදා සදහම් සදහට මැ රහ දුරු කැරැ අවැඩ සොඬ දිවි බර තර තරහ උරු මය පතා අග මඟ යහ මහ සරහ

ලැබැ පණ දිවෙන්නට වුණු ගිරි කුළෙ’ක සෙයින් බු දු ගු ණ නොදත් නාලාගිරි ගිජිඳු වෙයින් එ ත බැණ නැඟී සිටැ සුගතිඳු නො වී අයින් බ ල ද ණ ගස්වමින් දමනය කරනු මෙයින් (අමර පැදිය)

යනුයෙන් ය ව හ න් නිදසුන් (එ දා මෙ දා) පැදි දෙ පසෙකි. එළි හෙයින් එ දා පැදි පසින් දැක්වෙන වෙස් මෙ දා පැදි පසින් නොදැක්වෙන නියා පසක් කරවනු යැ එහි අදහස.

‘ය, ව’ පිළිබඳ එළි අතින් ‘අ’ යුතු වියුතු යෙදුම් මුසු වනු සම එළි නියරට නො සිටී. ‘ව’ එළි නිසා නිදසුන් වූ එ දා පැදියේ මුල් තුන් පියේ ‘ගුරු වැ, සරු වැ, දුරු වැ’ යනු ‘අරුව’ යනු හැ සිටුනා තකා ‘ගුරු ව, සරු ව, දුරු ව’ යි සිටැවිණ. සම එළි නියර ඉඳුරා රැක්මෙක් නො වේ ඉන්.



                                    ඉෂ්ටානිෂ්ටාධිකාරය              543 

‘බෝසතුට ජය වියැ වසවත් පරා ජය වියැ මෙක් පුරට ජය වියැ ‍ෙම තෙමෙ තෙ දියට එක මැ ජය වියැ’ (සඳකිඳුරු දා කව)

(‘එක මැ රජ වියැ’ යනු දු අත්පිටපත්හි එයි.)

‘සු බ ද සියල් සිවු වේ දැනැ පිවිතුරු වැ පැළැඳ කසුන් හූ අබරණ විසිතුරු වැ නොමඳ පෙරෙවි බමුණන් සිටැ නිරතුරු වැ එ ස ඳ කියන ජය තුති නද අනතුරුවැ’ යනු. (ගිරා ස‍ෙන්ද ශය)

‘බෝසතුට ජය විය වසවත් පරාජය විය මොක් පුරට ජය විය මෙ තෙමෙ තෙ දියට එක මැ ජය විය’

‘සු බ ද සියල් සිවු වේ දැනැ පිවිතුරු ව පැළැඳ කසුන් හූ අබරණ විසිතුරු ව නොමඳ පෙරෙවි බමුණන් සිටැ නිරතුරු ව එ ස ඳ කියන ජය තුති නද අනතුරු ව’

යනුයෙන් යෙදුම් නය වීරුදු බව කිය යුතු යැ.

සිදත් නියමය ඇතැම් පැදි බඳුවන් විසින් නොසැලැකුණු බවට දෙස් -

‘අහිරික අනොතපස පවට විළි නැති නොබනුය නොසන්සුන් සිතනුය දනුව උදහස් නමැ යි සබවය

544 සිදත් සඟරා විවරණය

‘පිළිවෙළිනු පදනෙන් නො වේ ඉසුරෑ කරුනෙන් සසර දොස් විසිඳින් නිරෝදය නම් නිවනි සැප වන්’ යන සිරි රහල් පැවැසුම් මඟින් ලැබේ. පැදියෙකැ සිවු පියෙන් දෙ පියෙකැ ‘ය ව හ න්’ සම එළි වනු පමණ යැ යන ඇජර නියර ද වෙති යි යෙති.

ටිප්පණී : 1. අයුණු - අගුණ. දොස් යැ මෙයින් ගැනෙනුයේ. 2. වරා - පහ (දුරු) කැරැ. 3. බඳනේ - බඳින්නේ (බන්ධනය කරන්නේ) යැ.

ඉෂ්ටානිෂ්ටාධිකාරය නිමියේ යැ.