සිදත් සඟරා විවරණය-විවරණය vii

Wikibooks වෙතින්
Jump to navigation Jump to search

12 අලඞ්කාරාධිකාරය


12 – 1

සම හවියට තැකූ - කිසි වත් උවම් නම් වේ. ලබනුයෙ උවම් ඒ හා - උවමේ නමින් පළ වේ. ඉති උවම් උවමේ.


අන්වය : සම හවියට තැකූ කිසි වත් උවම් නම් වේ. ඒ හා උවම් ලබනුයෙ උවමේ නමින් පළ වේ.

අර්ථ : සමාන භාවය සඳහැ සැලැකුවා වූ කිසි (යම්) වස්තුවෙක් උපමා නම් වෙයි. ඒ (උපමා වස්තුව) සමඟ උපමා ලබන්නේ උපමෙය නාමයෙන් ප්රයකාශ යැ.


මෙ සේ යැ උපමා උපමෙය

                                             12.අලඞ්කාරාධිකාරය                  545

විස්තර : එක් දැයක් තවත් දැයකට සම කොටැ සැලැකීමේ දී සාම්යමය දක්වනුයේ උපමා නාමයෙන් ද ඒ (සාම්යසය) ලැබෙනුයේ උපමෙය නාමයෙන් ද ප්ර කාශ වන බව යි එයින් දැක්වුණේ.

ඇලපිල්ල දෑකැත්ත වැනි යි කී කලැ ඇලපිල්ල උපමෙය ද දෑකැත්ත උපමානය ද සෙයිනි සැලැකෙනුයේ. සාම්යකය දැක්වීමෙන් දෑකැත්ත උපමාන පක්ෂයේ ද සාම්යිය ලැබීමෙන් ඇලපිල්ල උපමෙය පක්ෂයේ ද වෙයි. ඒ මිනිහා නයා වැනි යැ මේ ගැහැනිය සැපින්න වැන්නෑ යන

මෙහි උපමා උපමෙය සැලැකෙනුයේ ගති පැවැතුම් පසිනි. නයා නපුරු ගති පැවැතුම් ඇත්තේ යැ; සැපින්න ද ඒ ඇත්තී යැ. එ බැවින් එ බඳු ගති පැවැතුම් ඇති නරො එ උවම ලැබෙත්.

හේ පියා සරි යැ හෝ මව සම යැ යන

තන්හි දු එ නය මැ යැ. කම්පස් දයාබර පියෙක් ද එ බඳු මැ මවක් ද එයින් ගැනෙත්. වහරෙහි එ වන් උවම් බෙහෙව.

‘කියත එක් පලඟක් - තැනෙක්හි වූ යම් සේ උවම් නමෙ’ හි විතර - නියර කියනෙම් හෙ මෙ සේ’ යි.

සියබස්ලකරේ එයි.

ආචාර්ය වාමනයෝ -

‘උපමානොපමෙයස්ය ගුණලෙශතඃ සාම්ය මුපමා’ යනුයෙන් (උපමා උපමෙය දෙ පසේ ගුණ ලවයෙකින් වන්නා වූ සම කම උපමා යැ) කියත්.

                                                                                                                  35

546 සිදත් සඟරා විවරණය

‘හෘද්යං සාධර්ම යමුපමා’ යි

(කාර්ය කාරණොත්පත්තියෙන් උපමා උපමෙය සාම්යිය වේ නම් ඒ උපමා යැ) ශ්රීන හෙමචන්ද්රා චාර්යයන් විසින් කාව්ය නුශාසනයෙහි කියැවිණ. ‘උපමානොපමෙයත්ව - යොග්යමයොරර්ථතයොර්වයොඃ හෘද්යංප සාධර්ම්යමුපමෙ - ත්යු‍ව්ය තෙ කාච්ය වෙදිහිඃ’ යනු චිත්රෘමීමාංසා ප්රමකාශ යි.

උපමා උපමෙය දෙ පක්ෂයට අනුක්රඋමයෙන් යොග්ය අර්තො වයයෙකැ කමනීය සාම්යදය උපමා යැ යනු එයින් පැවැසිණ. ආදි කියැවුණු ලකුණු නියා උපමාන, උපමෙය, සාධාරණධර්මථ වාචක යැ යි උපමානය පිළිබඳ ප්රාධාන අඞ්ග සතරෙකි.

‘උපමා යත්රධ සාදෘශ්යැලක්ෂ්මීරුල්ලසති වයොඃ’ යනු ආචාර්ය ජයදෙව ප්රාකාශ යැ. යම් තැනෙකැ දෙ තැනක් කෙරේ සම සිරි දුලා නම් ඔවුන් කෙරේ උවම් උවමේ ඇතැ යනු යැ එයින් කියැවුණේ.

‘යථා කථඤ්චිත් සාදෘශ්යං යත්රොයද්භූතං ප්ර තියතෙ උපමා නාම සා තස්යාඃ් ප්රයපඤ්චො’ යං නිදර්ශෙයතෙ’ යනු කාව්යාමදර්ශොයක්ති යි.

උපමා උපමෙය පිළිබඳ සංස්කෘතාලංකාරික මත විවිධ බවට දෙස් මෙයින් පෙනෙයි.

ටිප්පණී : 1. හවියට - බවට; හාවයට, 2. තැකූ - සැලැකු. 3. කිසි වත් - කිසි යම් වතෙක් (වස්තුවෙක්) යනු යූ නියා යැ.




                                          12.අලඞ්කාරාධිකාරය                       547

4. උවම් - උපමා, උපමානය යන දෙක මැ සාධු යි.

5. උවමේ - උපමෙය.


12 - 2

‘නුවන් ඉඳුවර වන් - ඉඳු වන් වුවන් සවැණිය’ සම දම් ඉති යෙදුයෙන් - මෙ වියූ වත් උවම් නම්.


අන්වය : සවැණිය නුවන් ඉඳුවර වන්; වුවන් ඉඳු වන්. ඉති සම දම් යෙදුයෙන් මෙ වත් උවම් නම් වියූ.

අර්ථය : සර්ව.ඥ නෙත්ර; ඉන්දීවර සදෘශ යැ; චක්ත්ර ය චන්ද්ර තුල්ය යැ. මෙ සේ සාධර්මමය යුක්ත කළා වූ හේතුයෙන් මේ. (අලංකාරය) වස්තූපමා නාම යැ කියූ හ.

විස්තර : බුදු රදුන් දෙ නෙත් නිල් මහනෙල් බඳු බව ද මුහුණ පුන් සඳු බඳු ද එයින් ඇඟැවිණ. බුදු නෙත් නිල් ම‍ානෙල් බඳු වූයේ පැහැයෙනි ; මුහුණ සඳු බඳු වූයේ සොමි ගුණයෙනි. එ සේ සම දම් ඇති බැවින් ඒ වත් උවම් යැ. බුදු නෙත් නිල් මහනෙල් පරදවන බවට ඇතැම් පැරැණි හෙළ මහ කිවි සඳහන් වන තැනුදු ලැබේ. එ බව බුත්සරණ මඟින් -

‘ඈතැ ධූලීන් වැසි ගිය ඇත් රජ යැ; මෑතැ ස වනක් ඝන බුදු රසින් සැදී ගිය බුදු රජාණෝ යැ: ඈතැ කොපයෙන් රත් වැ ගිය යවට වැනි ඇස් ඇති ඇත් රජ යැ: මෑතැ කරුණායෙන් තෙත් වැ ගිය නිල් මහනෙල් පෙති පරසන ඇස් ඇති බුදු රජාණෝ යැ’ යනුයෙන් පළ කෙරෙති විද්යාසචක්රරවර්තීහු.



548 සිදත් සඟරා විවරණය

‘චන්ද්ර වද්වදනං තස්යා නෙත්රෙන නිලොත්පලෙ ඉව පක්ව බිම්බං හසත්යොදෂ්ඨඃ පුෂ්පධන්වධනුර්භ්රැෙවඃ’ යනු සංස්කෘතාලඞ්කාරිකොදාහරණ යැ.

‘රාජීවමිව තෙ වක්ත්රංන - නෙත්රේ නිලොත්පලෙ ඉව ඉයං ප්රවතීයමානෛක - ධර්මාෙ වස්තූපමෛව සා’ යනු කාව්යාුදර්ශ ප්ර්කාශ යි.

                                        සියබස්ලකර දක්වනුයේ - 

‘පියුමෙ ‘ව් තී වුවන් - වී ඉඳුවරෙ ‘ව් දෙ නුවන් වියත් වත් උවම් මේ - පිළිහැඟුණෙ ‘ක් දහම් වේ’ යනු යැ.

ටිප්පණි : 1. සවැණිය - සර්ව-ඥ; තථාගත යන අර්ථේ යැ. 2. ඉඳුවර - ඉන්දීවර; නිල් මහනෙල්. 3. වුවන් - වත; මුහුණ; වක්ත්රරය, ‘උවන්’ යනු දු වේ. 4. ඉඳු - සඳු ; චන්ද්රහයා. 5. ඉති - මෙ සේ. 6. සම දම් - සමාන ධර්ම ය; සාධර්මරයය.


12 – 3

ඉඳු සැවු පිරිවැටූ - මහමෙර ලොවැ දැඟුම් වත සුගතිඳු බඳ එ බඳු වී - හඟනේ අබුතුවම් නම්.


අන්වය : ඉඳු සැවු පිරිවැටූ මහමෙර ලොවැ දැඟුම් වත, සුගතිඳු බඳ එ බඳු වී හඟනේ අබුතු උවම් නම්.


                                           12. අලඞ්කාරාධිකාරය                   549

අර්ථ : ඉන්ද්ර චාපයන් විසින් පරික්ෂිප්ත වූ මහාමෙරුව ලොකයෙහි ජඞ්ඝම වත් හොත් සුගතෙන්ද්ර කායය එයාකාර යැ කියා හැඟීම අද්භූතොපමා නම් යැ.

විස්තර : මහමෙර දේදුනු වටා ගෙනැ ලොවේ ඇවිදිත් හොත් බුදු බඳ එ බඳු යැ යි හැඟීම අද්භුත උපමා බව යි ඉන් දැන්වුණේ. හැඟුම් පමණින් මැ ඒ පිරිමසී ද?

බුදු බඳ දේදුනු මැදි වැ ඇවිදුනා මහමෙර බඳු යැ යි ඉඳුරා කිව, ආශ්චර්ය බැවින් අබුතු උවම් නම් වෙයි.

‘යත්රොැපමෙයධර්මාඃ ස්යු.රුපමානෙ ‘ධිරොපිතාඃ චමත්කාරවිධානාර්ථං තාමාහුරද්භුතොපමාම්’ යනු අද්භුතොපමා පක්ෂයෙහි ඇතැම් ආචාර්ය මත යි.

අසන්නහු ගේ විස්මය හෝ චමත්කාරය හෝ ඇති කිරීමට කිසි යම් උපමාවෙකැ උපමෙයය කෙරේ මතු යුතු දහම් ආරොපණය කරනු ලැබුණේ නම් ඒ උපමානය අද්භුතොපමා යැ යි යෙත් යනු යැ එයින් කීයේ.

‘යදි කිඤ්චිද්භවෙත් පද්මං - සුභ්රැය විභ්රාදන්ත ලොවනම් තත් තෙ මුඛ ශ්රිතයං ධත්තා - මිත්යැසාවද්භුතොපමා’

යනුයෙන් එයි කාව්යාිදර්ශතයේ.

මම්මට, වාමන, විශ්වනාථ යන විශාරදයෝ අද්භූතොපමා අතිශයොක්ති නාමයෙන් ප්රපකාශ කෙරෙති.

                                       සියබස්ලකරේ - 

‘නැඟි බැම සසල නෙත් - යම් කමලක් වත් හොත්

හේ වත් සිරි දෙරේ තී - වියත් අසිරි උවම් නම්’ යි       

එයි.

550 සිදත් සඟරා විවරණය

‘විදු ලග මේ කුළක් - වැනි රුවනිදි උදුළ දළ පෑ පත් වැටුපු ළං ඉඳු මිණි පෑ දිනියැ සේ අත් සො‍ඬෙක වත් යුවළ’ත් කුම් වැනි යැ

ප‍ඬෙර ගිරි පසැ හුණු - ගඟුලැ’ලි යුවළ          විලස’ළ 

ලඹ දෙන ළ කල් අක පට අම පි‍ඬෙ’ව් ගත නුබ ගඟැ සුනි’ ල හස වැළ ඇත එ සිරි ගත’ ඈ විසින් නාථ දෙව වර්ණසනයට බට තිසර ස‍ෙන්දතශ කාර කවීහු ද ‘සුනිල් හස වැළ ඇත’ යනුයෙන් සිත් මත් ඇසිරි උවමක් දක්වත්. ‘විසිත් සව් බරණ - මෙරජින ‘වල තුනු සිරින්

පරයා නන් රුවන් රස් - විහිදි රුසිරු දැඟුම් මෙර’ 

යනුයෙන් අබුතු උවම් කියති කළුසිළුමිණි කරුවාණෝ

ටිප්පණී : 1. ඉඳු සැවු - ඉන්ද්රණචාප; දේදුනු. 2. පිරිවැටූ - ‘පිරි’ පූර්වු ‘වට’ ධාතු යි. සකර්මුක වූ ඒ ධාතු පෙරැළි (පරිවර්තින) අරුත් මුත් පරික්ෂිප්තාර්ථක දානයෙහි අසමර්ථව යැ. 3. දැඟුම් වත් - ජඞ්ඝම වත් හොත්; ඇවිදිත් හොත්. 4. සුගතිඳු - (සුගත් + ඉඳු = සුගතිඳු) යහපත් ගත් ඇත්තේ සුගත්. බුදු රජ මනා ගත් ඇතියේ යැ. එ බැවින් එ නමි. ‘ඉඳු’ යනු උත්තමාර්ථහ යැ. යහපත් ගමන් ඇති බැවිනුදු බුදු රදු සුගත් නම් වෙති යි යෙති. 5. බඳ - කය ; කායය; දෙහය 6. වී - ‘කියා’ යන අර්ථයෙහි නිපාත ක්රි්යා යැ.






                                            12.අලඞ්කාරාධිකාරය                     551

7. හඟනේ - හැඟීම යන අරුත්හි වෙයි.

8. අබුතු - අද්භූත ; ආශ්චර්යා; විස්ම දනවනුයේ අබුතු යි.


12 – 4

පෙදෙන් අතින් හොත - දෙ වතට සම ගුණ යොදා පවසත සබඳ අරුතින් - එ වියූ සෙලෙසු ‘වම් නම්.


අන්වය : පෙදෙන් (හොත) අතින් හොත දෙ වතට සම ගුණ යොදා අරුතින් සබඳ පවසත එ සෙලෙස් උවම් නම් වියූ.

අර්ථ : පදයෙන් හෝ අර්ථයෙන් හෝ උභය වස්තුවට සමාන ගුණ යුක්ත කොටැ අර්ථයෙන් සම්බන්ධය ප්ර කාශ කරත් හොත් ඒ අලඞ්කාරය) ශ්ලෙෂොපමා නාම යැ යි කීහ.

විස්තර : පද අරුත් යන දෙකින් කවරෙකින් හෝ උපමා උපමෙය දෙ පසේ සම කම දැක්වේ. නම් ඒ සෙලෙස් උවම් යැ යි එයින් කියැවිණ.

කිසි යම් පද්යදයෙකැ විශෙෂණ පද රූප වශයෙන් උභය පක්ෂයට සාධර්ම්ය වීමෙන් දෙ පක්ෂය ආලිඞ්ගනය කෙරේ නම් ඒ ශ්ලෙෂ යි. එහි පද සාධර්ම්ය් වුව ද අර්ථ අසාධර්ම්ය් වේ නම් පද ශ්ලෙෂ වෙයි; පද සේ මැ අර්ථ ද සාධර්ම්යක නම් අර්ථ ශ්ලෙෂ යි. ‘සෙවි සුවිමල් සවග පළ කළ මහ වියත් මඟ කෙලෙසග නිවු නිසග වඳිම් සදහම් බාරුසී ගඟ’



552 සිදත් සඟරා විවරණය

යන මෙහි සඬමි පක්ෂයෙහි - ‘සුවිමල් අග සවු සෙවි මහ වියත් මඟ පළ කළ නිසග කෙලෙස් අග නිවූ - අති පරීශුඬ අග්රස ශ්රාතවකයන් විසින් සෙවුනා ලැබුණා වූ මහා ව්ය ක්ත මාර්ගය ප්ර කාශ කළා වූ ස්වභාවයෙන් ක්ලෙශ නමැති වහ්නිය නිවුවා වූ’ ඈ පදාර්ථ ද -

ගංගා පක්ෂයෙහි - ‘සවග සුවිමල් සෙවි මහ වියත් මඟ පළ කළ කෙලෙස් අගනි වූ නී සග බාරුසී - ස්වර්ගවයෙහි මනා ළිහිණි සමූහයා විසින් සෙවුනා ලැබුවා වූ මහත් වූ ආකාශ පථය ප්රුකාශ කළා වූ කෛලාස මස්තකයෙන් පහළ වූ ස්වර්ග නදී වූ හාගීරථ’ යන පදාර්ථ ද ලැබේ.

මේ පද විසින් සම යැ: අරුත් විසින් නොසම යැ; එ බැවින් පද සෙලෙස් යැ.

‘වෙසෙසින් පහන් පැහැ සර ගැඹුරු පිවිතුරු

බැ ලු ව න්	ඇලුම් කරවන යළි දු 			බියකරු 
සි  රි පි  න් 	රුවන් වන් එ සුරිඳු සයුරු’		      යුරු 
මූවෙකි න් 	වනා නිමැවියැ හැකි ද 			  රූ සිරු’

(සැලළිහිණි අස්න)

යන මේ සුරිඳු, සයුරු යන දෙ පසට පද විසිනුත් අරුත් විසිනුත් සම හෙයින් අරුත් සෙලෙස් යැ.

සංස්කෘතාලංකාරිකයන් විසින් -

‘එකරූපෙණ වාක්යෙ න වයොර්හණනමර්ථයොඃ

	තන්ත්රෙ ණයත් ස ශබ්ද‍ෛඥඃ ශ්ලෙෂ ඉත්ය්භිශබ්දිතඃ’ යි 

ප්ර්කාශිත යැ.




                                          12.අලඞ්කාරාධිකාරය                     553

නන් සබ‍ඳෙහි එක් බඳු පැවැතුම් බැවින් එක් අයුරු වැකියෙකින් දෙ අරුත් බණෙකැ යි යමෙක් වේ නම් ඒ සඳ ලකර දතුවන් විසින් සෙලෙස් නමින් කියැවිණ යනු එයින් ගැනෙයි.

‘ශිශිරාංශු ප්ර තිස්පර්ධි - ශ්රීෙමත් සුරහි ගන්ධි ච අම්භොජමිව තෙ චක්ත්රය - මිති ශ්ලෙෂොපමා ස්මෘතා’ යි

කාව්යා්දර්ශයේ එයි.

සියබස්ලකර කරුවාණෝ -

‘මෙ තී වුවන් සසක් - පිළිවක් සුවඳ සිරිමත් සුපුල් කමලෙ’ ව් ළ ගනී - වියතෙ ‘ක් සෙලෙසුවම් මේ

‘කළ හෝපලු මුහුළු - වරලින් යුත් රුපු නුවර තා ඇතොරන් හා වියත් - පබඳ සෙලෙසු ‘වම් නම්’

යනුයෙන් දෙ වගෙකැ සෙලෙසු ‘වම් දක්වත්. පළමු වැන්න එක් සෙලෙසුවම් නම් ද දෙ වැන්න පබඳ සෙලෙසුවම් නම් ද වනු කියති ඔහු. ප්රෙථමය කාව්යානදර්ශ ප්ර කාශානුවාදය යි.

ටිප්පණි : 1. දෙ වතට - උපමාන උපමෙය උභය වස්තුවට 2. සබඳ - සැබැඳියාව; සම්බන්ධය. 3. සෙලෙස් - ශ්ලෙෂණය (ආලිඞ්ගනය) කරන හෙයින් එ නම්: වැලැඳැ ගැන්ම යනු අරුති.

12 - 5

පියෙවි රා වඩා - කොස් දඬු පත් ගුණ සියෝ. දල පල් දුගැ ද සිටියේ - පැරැදි පියුමැ ‘ය සරණින්.


554 සිදත් සඟරා විවරණය

අන්වය : පියෙවි රා වඩා කොස් දඬු පත් ගුණ සියෝ දල පල් දුගැ සිටියේ ද පියුම ඇය සරණින් පැරැදි.

අර්ථ : ප්රරකෘති රාග වර්ධනය කොටැ කොෂ නාල පත්ර සූත්රඑ සංයොග වැ ජලපඞ්කදුරුගයෙහි ස්ථීත වූ ද පද්මය -

ප්‍රකතෘයනූරාග වර්ධනය කොටැ කොෂ්ඨ සෙනා වාහන ෂඩ් ගුණ සඞ්ගත වැ ජලපඞ්කදුරුගයෙහි ස්ථිතිය වූ ද ඇය ගේ පාදතලයෙන් - පරාජය වියැ.

විස්තර: පද ශ්ලෙෂ නිදර්ශන මෙ සේ දැක්විණ. පද්ම, පාදතල දෙ පක්ෂයට සාධර්ම්යද සේ යෙදුණු බොහෝ පද ඉඳුරා එ සේ වන බවෙක් නො පෙනේ. පාදතල පක්ෂයට සාධාරණ සේ අදහස් කැරුණු පද බදනුයේ රද පස යැ. එ බැවින් ‘ඇය’ යනුයෙන් ‘රැජනක’ ගත යුතු යැ. ඇතැම් පද ගුළු අරුත් පසට (ගූඪාර්ථ පක්ෂයට) තතු පැහැයුණේ නො වේ. එසා ආයාසයෙන් දැක්වුණු මෙ බඳු නිදර්ශන අවබොධ කට හැක්කෝ දුහුනෝ මැ වෙත් ද! පද සෙලෙස් තතු ආදියෙහි පැහැයිණ.

ටිප්පණී : 1. පියෙවි - මුල්: ප්රහකෘති. ‘ස්වාභාවික’ යනු යැ මෙයින් ගත යුතු. 2. රා - පැහැ (වර්ණ:), නුරා (අනුරාග) යන අරුත්හි වෙයි මෙහි. 3. කොස් - කොපු (කොෂ) කොටු (කොෂ්ඨ) යන අරුත් පතා යෙදිණ. මෙ අරුත් දෙත් සමත් ‘කොස්’ හෙළ බසේ නො ලැබේ. ‘කොෂ්ඨ’ යන






                                            12.අලඞ්කාරාධිකාරය                    555

සංස්කෘත පදයේ පිළිසරණින් කැරුණු පිරිමැසුම් යැ. ‘කොස්’ යනුයෙන් හෙළ බසෙහි ගැනෙනුයේ රජුන් ගේ සප්තාංගය යි. එ මැ - ‘හිමි, ඇමැති, සුහුදු, කොස්. රට, (හා) බල, දුගු යන මෙ සත රජඟ වියත් නීති මහ ගත් දතුවෝ ‘ යනුයෙන්

කියති රුවන් මල් කරුවෝ.

4. දඬු - නළ (නාල), බළ සෙන් (හටසෙනා) යන අරුත්හි යෙදිණ. මෙ අරුත් ඉඳුරා දෙන මෙ බඳු හෙළ පදයෙකුදු නො වේ. සංස්කෘතයෙහි දංඩ යනු නාල, සෙනා අර්ථ ද දෙයි. එ අනුවුණු සැටි යි මෙයින් පෙනෙනුයේ.

5. පත් - පෙති (පත්ර.) වහු (වාහන) යන අර්ථ ප්රාහර්ථනයෙන් යෙදු නියා යැ. වාහනාර්ථයෙහි ‘පත්’ යි හෙළ පදයෙක් නැති. ‘පත්රර’ යනු වාහනයට ද නමි සකුයෙහි. එහි පිහිට යැ මෙහි.

6. ගුණ - හු (සූත්රම) ස ගුණ (ෂඩ් ගුණ) තකා යු සේ යැ.

‘සන්ධිර්නා, විග්රුහො යානමාසනං වෛධමාශ්ර යඃ’ (සන්ධි, විග්‍රහ, යාන, ආසන, වෛධ, ආශ්රමය) යනුයෙන් රජුන් පිළිබඳ වු ස ගුණ කියැවිණ.

7. සියෝ - සංයොග; සඞ්ගත. එක් වීම යනු අරුති.

8. දල - ජලය.

9. පල් - පඞ්ක. දිය හා එක් වූ මඬ යැ මෙයින් ගැනෙනුයේ.




556 සිදත් සඟරා විවරණය

10. දුගැ - දුර්ගයෙහි. ‘දුර්ග’ යන සකු ‍පදයේ හෙළ මුහුණුවර යි. ‘දුදුළු’ යනු යැ හෙළ පදය. එ කියත් ගිරා සන්දෙශ කර්තෲහු -

‘දස’ ටක් ගිරි දුදුළු ජය ගෙනැ විකුම් තෙද රළු හළ දළ රුපු අමුළු දරුණු මර සෙන් අයුරු බළ මුළු’ යි.

ගමන් ඉතා නොපහසු තැන් ‘දුර්ග’ නම් යැ- ‘දලපල්දුගැ’ යි සමාස විණි නම් යෙදේ.

11. සිටියේ - සිටීම; ස්ථිතිය.

12. සරණින් - පත්ලින්; පාදතලයෙන්.


12 - 6

සුවට කෙමෙනු ‘ ලැඟි අඹරතැ රැඳි කොකුම් වන් ත - රුපුනැ ‘ලැ යපනුයේ වමි තෙනෙ නො මැ ළ තික්රස්.


අන්වය : සුවට කෙමෙන් උලැඟි අඹරතැ රැඳි කොකුම් වන් ඇලැ ත රුපුන් යපනුයේ. වමී තෙනෙ නො මැ; ළ තික්රස්.

අර්ථන : සුවෘත්ත වූ ක්ර්මයෙන් උල්ලඞ්ඝිත වූ අම්බරාභ්යහන්තරයෙහි රඤ්ජිත වූ කුඞ්කුමවර්ණ යා ශිත කාලයේ තා ගේ ශත්රෑ්න් යාපනය කරනුයේ වේ. (ඒ) වාමාව ගේ ස්තනය නො වෙයි; බාලාර්ක යැ.


12.අලඞ්කාරාධිකාරය                             557

විස්තර : අර්ථ ශ්ලෙෂොදාහරණ යැ එයින් දක්වූයේ. බාලාර්ක, ස්තන දෙ පක්ෂයට සාධම්යා ර්ථ යුක්ත පද. යෙදු සේ සලකා එ මැ අර්ථු ශ්ලෙෂ කොටැ කියැවිණ.

රිවි (සූර්යයා) ඉතා වටකුරු යැ; පිළිවෙළින් උඩට නැ‍ඟෙයි; අහසෙහි ‍රැ‍ඳෙයි; කොකුම් පැහැ ඇත්තේ යැ.

පියොවුර ද ඉතා වටකුරු යි; (පයොධර පට්ට මාර්ග.යෙන්) ක්රදමයෙන් උද්ගත වෙයි ; සළු තුළැ (අම්බරයෙහි) රැ‍ඳෙයි. (කුඞ්කුමාලෙපයෙන්) කොකුම් පැහැ ඇත්තේ යැ.

‘අඹරතැ’ යනු බාලාර්ක පක්ෂයෙහි ආකාශාර්ථට වුව ද පයොධර පක්ෂයෙහි වස්ත්රාුර්ථ වන බැවින් ඒ කෙවලාර්ථ ශ්ලෙෂ ගණයට ඇතුළු විමේ අශරණ වැ පෙනෙයි. එහි පයොධර දිගම්බර (දිශා වස්ත්ර ) න්යා සයෙන් සැලැකේ නම් සරි යැ. එ සේ නම් අත්යිර්ථවයෙන් අර්ථ ශ්ලෙෂ යි.

සංස්කෘතාලංකාරිකයෝ ෂඩ්විධ ශ්ලෙෂයක් දක්වත්.

ටිප්පණී : 1. සුවට - ඉතා ටව කුරු : සුවෘත්ත. 2. අඹරතැ - අහස තුළැ. සළු තුළැ (ආකාශාභ්ය න්තරයෙහි, වස්ත්රා භ්ය න්තරයෙහි) යන දෙ අරුත්හි මැ වෙයි. 3. කොකුම්වන් - කුඞ්කුමවර්ණදයා. සූර්යයා ගැනෙයි මෙයින්. හිරු රන් වන් (ස්වර්ණි වර්ණළ) බැවින් යූ නියා යැ. 4. ඇලැ - ඇල්හි. ශීත අවධියෙහි යනු කී සේ යැ. 5. යපනුයේ - යැපීම (පැවැත්වීම) කරන්නේ යැ යනු අරුති. ‘යප’ (යැපුම්හි) ධාතු යි.




558 සිදත් සඟරා විවරණය

6. වමි - වනිතාව; වාමාව. 7. තෙනෙ - (තනය = ‘අය’ ට ‘ඒ’ ආදෙශ වැ තනේ = පර රූපයෙන් තෙනේ = භ්ර ස්වයෙන් තෙනෙ) පියොවුර ; පයොධරය; ස්තනය.

පියොවුරු සුවට බවට, කොකුම් අලෙවු දුන් බවට නිදසුන් -

‘නු දු න් අතුරු දුල පියයුරු යුග සුවට ස ඳු න් කොකුම් සමඟ වැ ගා සුවඳ කොට ළ ඳු න් සරන තැනැ තැනැ රූ දුටු ‍ නෙතට ස ඳු න් කපුරු එක් කොටැ අඳනේ කුමට ‘ යන

කොකිල ස‍ෙන්දුශ පද්යුයෙනුදු ලැබේ.

කව්සිළුමිණි කරුවාණෝ ද -

සුවට සඳනැ ‘ත රත් මුහුණු ‘රියත ඉහි ගමන් තනතොවුන් තන සේ මා කිමැ ළෙන් නොඋසුලන්නේ’ යන

ශලෙෂාර්ථ යුක්ත පද්යේයෙන් පියොවුරු සුවට බව පවසත්.

8. මැ - මේ අවධාරණ නිපාතය හුදෙක් පද පුරණය සඳහා යැ.

9. ළ තික්රස් - තුරුණු රිවි (තරුණ සූර්යයා), බාලාර්කයා, ‘ළ’ යනු තරුණාර්ථ ද ‘තික්රස්’ යනු සූර්යාර්ථස ද දෙයි. ‘තික්’ යනු දැඩි, සැඬ, තියුණු අරුත්හි වේ. ‘රස්’ යනු කැලුම් (රශ්මි) අරුත් දේ. සූර්යයා චණ්ඩ රශ්මි ඇති බැවින් ‘තික්මෙරද, තික්රස්, සැඬරස් ඈ නම් ලැබේ.



                                        12.අලඞ්කාරාධිකාරය                        559


12 - 7

සොමි කිස වන සුලු රිවි සැඬ සයුරු තනනුයෙ කහි තට ලොවැ උවම් වේ මෙ වියූ නිඳි උවම් නම්.


අන්වය : සොමි කිස වන සුලු: රිවි සැඬැ: සයුරු තනනුයේ. ලොවැ තට කහි උවම් වේ; මෙ නිඳි උවම් නම් වියූ.

අර්ථහ : චන්ද්රියා කෘශ වන්නා වූ ස්වභාවය ඇතියේ යැ. සූර්යයා චණ්ඩ යැ. සාගරය කම්පනය වෙයි. ලොකයෙහි කවරෙක් වනාහි යුෂ්මත් හට උපමා වේ ද? මේ නින්දොපමා නම් යැ කී හ.

විස්තර : නින්දොපමා නිදර්ශ න මෙයින් දැක්විණි. උපමානය උපමෙයයට වඩා පහත් කොටැ සැලැකීම යි. එයින් ගැනෙනුයේ. චන්ද්ර යා ක්ෂය ශීලි ද සූර්යයා චණ්ඩ ද සමුද්රයය සම්පමාන ද බැවින් ප්රිස්තුන උපමෙයයට ඒ උපමා අනුචිත සේ ඇඟැවිණ. උපමානය ගර්භා ද උපමෙයය ප්රඋශංසා ද ලක් වන සේ සැලැකෙන තන්හි වනුයේ නින්දොපමා යැ.

මයූර ස‍ෙන්දාශ කාර කවීශ්වරයෝ -

‘අ ති න් කොමළ බැවින’ළ තද යැ රන්දමා නෙතින් බලන සිරි කො ද ඉඳුවරන්දමා ග ති න් නොසරි වනුයෙන් සුරසරන්දමා ඉ ති න් මෙ ලොවැ උවමට කියනු කින්දමා



560 සිදත් සඟරා විවරණය

‘සි සී වතට කිව කිවි දන කියති සිසී නො සී කරනු ඉන් නිලුපුල නෙතට නිසී ලැ සී ගමන් වත හස ගමන පසු බසී ප සී පසින් වැඩි සැර ලති ලියෝ නිසී’යි

එ උවම් දක්වත්.

ව ර යස කිරි තලි මොහු පිරි සඳ යෙති කි ර ණව දිගුවිලි නුරුවලි උරපති හ ර ගිර කිඩ සෙලි යනැ සුර ගජපති සු ර ගඟ මල් වැලි මුතුහැරැ තුරු පෙති’

ළ ඳු න් සිනිඳු කොමළ’ත වැලැඳි සිහිලසේ න ඳුන් මෙ හිමි සොඳ බඳ රඳන ගුණ රැසේ නු දු න් අතුරු උරගුන් දරණ කළ තොසේ ස ඳු න් තුරෙක සරි යැ යි කියමෝ ද කෙසේ

සිතුමිණි බදුරු කළ කළබ තිළිනෙන් පපු කළ පුරන දන මන දොළ තමා සුරත මැ සුර තුරක් කළ ‘ යනු

පැරැකුම්බා සිරිත්. ගිරා ස‍ෙන්ද ශ, ගුත්තිල කථා යැ එහි ලා.

‘පද්මං බහු රජශ්චන්ද්රඃ - ක්ෂයී තාහ්ංා තවානනම් සමානමපි සොත්සෙක - මිති නින්දොපමා ස්තෘතා’ යි කාව්යාාදර්ශකයේ එයි.

‘පියුම් රජ රැස් මුසු - සසක් කිස අත් මෙ බෙජේ මෙ දෙ සෙමෙ දි ‘තිර ති වත් - වියත් ගරහ උවම් යෙත්’ යනු යැ සියබස්ලකර දක්වනුයේ.



                                          12.අලඞ්කාරාධිකාරය                        561

ටිප්පණි : 1. කිස - කෘශ, ක්ෂය යන අරුත්ති යෙදිණ. මේ එ අරුත් ඉඳුරා දීමේ සමත් නො වේ. සියබස්ලකර කරුවෝ ‘කිස’ යනු ‘කෘෂ්ණ’ යැ යි ගනිත්. 2. සුලු - ස්වභාවය; ශිලි. 3. තනනුයෙ - සැලෙනුයේ (කම්පා වනුයේ) යැ. 4. ක - කවරෙක් යන අරුත් පතා යෙදිණ. මැනැවැ යි නො පෙනෙයි. සර්ව.නාම පක්ෂයෙහි මේ නො සිටී මෙ අරුත්හි. ‘කා’ යනු ‘ක’ වුව ද මෙ තන්හි නො වේ. ‍ ‘කො’ වියැ යුතු යැ.

5. හි - ‘වනාහි’ අරුත්හි යෙදු සේ යැ. පිහිට ලබන නො පෙන්. ‘විස්ම’ අරුත් පිණිසැ යෙදෙන සේ රුවන් මල දක්වයි.

6. නිඳි - නින්දා: ගර්භා.


12 - 8

ඇති නැති නැරැ හොත නැති ගුණ කැරැ ද’ ඇති සේ පවසත වෙසෙස් අරුතක් එ වියූ විරුදු වා නම්.


අන්වය : ඇති නැති කැරැ හොත නැති ගුණ ඇති සේ කැරැ ද වෙසෙස් අරුතක් පවසත එ විරුදු වා නම් වියූ.

                                                                                                                    36




562 සිදත් සඟරා විවරණය

අර්ථ : පවත්නා (ගුණ) නොපවත්නා බඳු කොටැ හෝ නොපවත්නා (ගුණ) පවත්නා වැනි කොටැ හෝ විශෙෂාර්ථොයක් ප්රැකාශ කරත් හොත් ඒ විරොධොක්ති නාම යැ යි කී හ.’

විස්තර : කිසි යම් වර්ණොනයක් නිසා විද්යථමාන ගුණ අවිද්ය මාන පිරිදි කොටැ හෝ අවිද්ය මාන ගුණ විද්යටමාන නියා කොටැ හෝ කීම විරුඬ ප්රැකාශ බව යි එයින් කියනුයේ.

එයට ‘විරොධ, විරොධාහාස’ යන නම් කියති සංස්කෘතලාංකාරියෝ.

කාව්යාෝදර්ශයයෙහි -

‘ශත පත්රංය ශරච්චන්ද්රය - ස්ත්වදානනමිති ත්රරයම් පරස්පර විරොධීතී - විරොධොපමා මතා’ යි දැක්වේ.

‘පුබුදු පියුම් සරා සිසි බිඹු සොමි වුවන් තී මෙ තුන් විරුදො ‘වු නො ‘වුනට වියත් විරුදු උවම් යෙත්’

යනු යැ සියබස්ලකරේ එනුයේ.

ටිප්පණි : 1. ද - සමුච්චයාර්ථත නිපාත යි; යෙදුණේ ‘හෝ’ නිපාතාර්ථ යෙහි යැ. පිහිට ලබනුයේ නො වේ.

2. වා - ‘බස්’ යන අරුත්හි වැටේ; පැවැසුම (ප්රරකාශය) යන අරුත්හි යෙදිණ.



                                     12.අලඞ්කාරාධිකාරය                            563


12 - 9

කනු දූ නැති වතක් නොදෙනු දනුමෝ පුවතින් මහබා තො බිය නැත්තෙහි පරනට කෙසේ බිය දෙහි.


අන්වය : කනු දු නැති වතක් නොදෙනු පුවතින් දනුමෝ. මහබා තො බිය නැත්තෙහි පරනට කෙසේ බිය දෙහි ?

අර්ථ : කර්ණස රාජයා ද අවිද්ය මාන වස්තුවක් දානය නොකිරීම ප්‍රවෘත්තියෙන් ජානනය කෙරෙම්හ. මහා භාග්යවවන්තය, තෝ හීති රහිතයෙහි; අන්යජයනට කවර අයුරින් භය දානය කෙරෙහි ද?

විස්තර: කර්ණජ රාජයා දානයෙහි ප්ර කට ල. ඔහු ද තමා ළඟැ වූ යමක් මුත් නුවු දැයක් නොදීම අසා දනුම්හ. මහ පින්වත, තා බිය නැති බැවින් අනුනට බිය දෙනුයේ කවර පරිදි ද?

නිදර්ශබනයෙන් ඇඟැවෙනුයේ බිය ද දියැ හැකි වස්තු ගණයේ වන බව යි. ව්යාඟකුල යැ.

විරොධාලංකාරය අර්ථ් වි‍ෙ‍රාධ, ශබ්ද විරොධ වශයෙන් විධ වැ දැක්වේ. ඇතැම් ආලංකාරිකයන් විසින් ; සාහිත්යද දර්පවණාදියෙහි දශවිධ වැ එයි. විධ න්යා්ය ගුරු කොටැ ගැනිණ මෙහි.

සුබන්ධු, බාණ, දණ්ඩි යන මහා කවීන් විසින් විරොධාලංකාරය ඉතා පිළිගත් බවට වාසවදත්තා, හර්ෂදචරිත, කාදම්බරී, දශකුමාරචරිත ආදිය දෙස් දෙයි.



564 සිදත් සඟරා විවරණය

මහාබොධිවංශ පරිකථා කරන විශාරද ගුරුළුගෝමි පාදයෝ ද විරුඬාලංකාර කියත්. ශ්රීු ධර්මාාරාම ධර්ම ප්රමදීපිකා සංස්කරණයේ 222, 223 පිටු බලන්නේ යැ.

ටිප්පණී : 1. කනු දු - කර්ණ‍ රාජයා යැ මෙයින් ගැනෙනුයේ. මෙ සඳහා ඇතැම් ව්යා.ඛ්යා න මාර්ගරයෙන් ප්රයකාශ වූයේ ව්යාධකූලාර්ථෙ යැ.

‘එෂ කර්ණොය මහා ත්යා්ගි - එෂ හීමො මහා බලඃ යන සැටියෙන් කර්ණථ රාජයා මහා ත්යාණගියකු බව ප්රෙසිඬ යැ. කො තරම් ත්යාකගියකු වුව ද නැති වස්තුවක් නො දියැ හැකි යැ. මෙය වැලිපටන්විලැ දීපඞ්කර ස්වාමීන් විසින් හෙළි කැරුණෙකි. නිවැරැදි අරුත එය නිසා පිළිගත යුතු යැ’ යනු කියති කුමරතුඟු මුනිදස්හු. එයින් පෙනෙනුයේ වැලිපටන්විලැ හදන්න ශ්රීන දීපඞ්කර පණ්ඩිත ස්වාමීන්ද්රනයන් අතින් තදර්ථට නිරාකරණය වූ බව යි. හික්කඩුවේ හදන්ත ශ්රී සුමඞ්ගල නායක ස්වාමීන්ද්රථයාණන් ගේ ව්යාකඛ්යාරනයෙහි දු ‘කනු දු’ යනු කර්ණේ රාජ සඳහන් ලැබේ. පෙර පසු වීම කවර අතින් ද යනු නොදනුම්හ.

2. දනුමෝ - දනුමු + හ = ස්වර ලොපය නොවන තන්හි ‘හ’ ‘ව’ වීමෙන් දනුමු + ව = ‘ව්’ ලොප් වැ ‘උ + අ’ දෙකට ඕ වීමෙන් දනුමෝ.

3. මහබා - මහා භාග්ය යනු අර්ථර යි. ‘බා’ යනු බාහු අර්ථඕ ද දෙන බැවින් මහා බාහු යන අර්ථ ය ද නො ලැබියැ හැක්කේ නො වේ. එහෙත් මෙහි ප්ර ථමය මැ යැ සාධු. ආමන්ත්රොණය පිණිසැ යෙදුණු බැවින් මහා භාග්යාවන්තය, මහාභාග්යත ඇත්තව යන විසින් ගැනෙයි.





                                       12.අලඞ්කාරාධිකාරය                         565

මයූර ස‍න්දෙ ශ කාර කවීශ්වර කවීහු ද -

‘සිරි සිත බා ‘ තරැ පොලඹා රැඳි නිතොර

රුපු ගජ බා    මුල් නො තබා ගත්              	කෙසර 
ලක ඔලඹා    සිරි සු ල බා කළ මෙ 	        		පුර
දින මහබා     බු ව නෙ ක බා රජ 	               	පවර’ 

යනුයෙන් මෙ අරුත්හි ‘මහබා’ යොදත්.


12 - 10

උතුරු පසු’ තුරු දෙන දෙ දෙනකු වදන් පිරියතැ වැනිය’ ටී සිරිත් වෙසෙසක් පළ වතු ‘බ බස් නම් වේ.


අන්වය : උතුරු පසු උතුරු දෙන දෙ දෙනකු වදන් පිරියතැ වැනියැ අටි සිරිත් වෙසෙසක් පළ වත් උබ බස් නම්‍ වේ.

අර්ථ : උත්තර ප්රබත්යුෙත්තර දෙන්නා වූ දෙ දෙනකු ගේ කථාවසානයෙහි වර්ණකනය කරනු රුචි චාරිත්රන විශෙෂයක් ප්රෙකාශ වත් හොත් (ඒ) උභය භාෂණ නාම යැ.

විස්තර : සංස්කෘතාලංකාරිකයන් විසින් වක්රොික්ති නාමයෙන් ප්ර්කාශිත අලංකාරය යි උභය භාෂණ නාමයෙන් මෙහි දැක්වුණේ. දෙ දෙනකු අතරැ කැරෙන කතාවේ අවසන්හි සිරිත් වෙසෙසක් නො පැවැසුණොත් ඒ උභය භාෂණ නොවන බව යි මෙයින් පෙනෙනුයේ.

සිංහල සාහිත්යඋ වංශ ග්ර න්ථ මාලාවට අයත් පුරාතන පද්යද ග්ර න්ථයන් අතුරින් පැරැකුම්බා සිරිත මතු යැ උභය භාෂණ නිදර්ශථන පානුයේ.


566 සිදත් සඟරා විවරණය


	‘හෙ සඳ කිම මුහුද කිම සැඟැවෙනු 		වෙලත

මෙ ගජ භය අතින් පැරැකුම් රජ දිමුත දෙයි ගිජිඳුන් ඔහු මඳ හස කැරැ ලවත ත දුන් කැලුම් සොමි ගුණ යුතු පඬුරු ඇත


‘ කි ය ග මැඟිය එනු කොහි සිටැ දද සමනොළ ගොසිනා නොය කිය’මුතු එ දිගැ බමුණු සුමන සුරුඳු විසිනා ගි ය කලැ දෙ දහස් පන්සිය රජකු එති යි දියනා කි ය විණ තන්වැසිය එ නම් පැරැකුම් රජ මෙ දිනා’ යි


එයි එහි. එයින් නම් නො පෙනේ මෙයින් පෑ සිදත් ලකුණු නය. මෙ කී පරිදි නම් එයට අනුකූල බන්ධනයයහි ලා පැරැකුම්බා සිරිත් කරු‍වෝත් අසමර්ථදයෝ ද?

සංස්කෘතයෙහි ලැබෙන. උභය භාෂණ මෙයට අමුතු යැ. වක් පැවැසුම් පසිනි ඒ. ‘චක්රොමක්ති’ නාමය වනුයේ තල්ලක්ෂණ හෙතුයෙනි.

‘අඞ්ගුල්යාි කඃ කපාටං ප්රරහරති කුටිලෙ මාධවඃ කිං වසන්තො නො චක්රිත කිං කුලාලො නහි ධරණිධරඃ කිං විජිහ්වඃ එණින්ද්රඃ නාහං ඝොරාහි මර්දි කිමසි ඛගපතිර්නො හරිඃ කිං කපින්ද්රඃට ඉත්ථංඝ රාධා විවාද ප්රරතිපදවචනං පාතු වඃ පද්මනාහඃ’ යි

රාධා, කෘෂ්ණ දෙ දෙන අතරැ වූ දෙ බසෙකි.


                                     12.අලඞ්කාරාධිකාරය                           567

රාධා: කුටිලෙ, කඃ අඞ්ගුල්යා1 කපාටං ප්රධහරති? හෙම්බා කුදිය, කවරෙක් ඇඟිල්ලෙන් කවුළුව පහරයි ද?

කෘෂ්ණ : මාධවඃ. මාධව යැ. (‘මාධව’ යනු විෂ්ණු වසන්ත යන දෙ පසට මැ නම් යැ.)

රාධා: කිං වසන්තඃ? කිම, වසන්තය ද?

කෘෂ්ණ: න, චක්රී , නො වේ; චක්රීන යැ. (‘චක්රීම’ යනු විෂ්ණුහුට මෙන් මැ කුඹලාට ද නමෙකි.)

රාධා : කිං කුලාලඃ? කිම, කුඹලෙක් ද?

කෘෂ්ණ : නහි: ධරණිධරඃ. නැහැ: ධරණිධර යැ. (‘ධරණිධර’ යනුයෙන් විෂ්ණු, අනනත නාග යන දෙ දෙන මැ ගැනෙත්.)

රාධා : කිං විජිහ්වඃ එණින්ද්රඃ ? කිම, දෙ දිව් පණිඳ ද?

කෘෂ්ණ : න; අහං ඝොර අහි මර්දි. නැති, මම් ගොර සප් මඬුයෙමි. (විෂ්ණුහු මෙන් මැ ගුරුළා ද නාග මර්දනය කෙරේ. )

රාධා : කිං; ඛගපතිඃ අසි? කිම, ගුරුළා වෙහි ද?

කෘෂ්ණ : න හරිඃ . නැතැ, හරි යැ. (‘හරි’ යනුයෙන් විෂ්ණුහු සේ මැ වඳුරු . රිළා දෙ වග ද අඳුන්වත්.)

රාධා : කිං කපීන්ද්රඃර ? කිම, වඳුරෙක් ද?

ඉත්ථංද - මෙ සේ; රාධ විවාද ප්රිතිපදවචනං - රාධාව ගේ විවාදයේ දෙන ලද පිළිවදන් ඇත්තා වූ ; පද්මනාහඃ - පියුම්නැබ (විෂ්ණු) තෙමේ: වඃ පාතු - තොප ආරක්ෂා කෙරේ වා.

මෙයින් පෙනෙයි වක්රොතක්තිය.

568 සිදත් සඟරා විවරණය

ටිප්පණී : 1. උතුරු - උත්තර.

2. පසුතුරු - (පසු + උතුරු) පිළිතුරු; ප්ර ත්යුදත්තර.

3. පිරියතැ - කෙළවරැ; අවසනැ; පර්යන්තයෙහි ; අවසානයෙහි.

4. අටි - රුති; රුචී.

5. උබ බස් - උභය භාෂණ : උභය භාෂා. ‘උඛ’ යි හුදු හෙළ පදයෙක් නො ලැබේ. ‘උභය’ යනු හෙළ හුරු කැරුණු සැටි යි ඒ.


12 - 11

සඳ වන සිඳු කිය කිඹුයොන නම සතරා කියී සෙවෙත තො ද වැලි නී යළ තො ගොරා අරුණු කි හෙනි වී කෙරළන් ලැබැ හුරිරා පැටි වනෙ’ දෙසැ යුද පතිරජ දිය ඉසුරා


අන්වය : සඳ වන සිඳු, කිය කුඹුයොන; සතරා නම කියී. තො ද සෙවෙත (කියී). වැලි නී, තො ගොර, යළ කි හෙනි අරුණු? කෙ‍රළන් හුරිර ලැබැ. පතිරජ දිය ඉසුරා එ දෙසැ යුද පැටි වනැ.

අර්ථත : සන්ධ්යාෙවර්ණි නදිය, කථනය කරව කුම්භයොනිය; ශත්රැු නාමය ප්රථකාශ කෙළෙහි. තෝ ද සපත්නී (නාමය කීයෙහි.) වාලුකා නදිය, තෝ ගෞර (වර්ණ ඇත්තී) නැවැතැ කවර හේතුවෙකින් අරුණ වර්ණය වූ ද? ) කේරලයන් ගේ රුධිර ලාභයෙන් (අරුණු වන් වීමි.) ප්රනතිරාජ ජයෙශ්වරයා තද්දිශායෙහි සංග්රාාමාරම්භ කළා වැන්නැ.


                                                 12.අලඞ්කාරාධිකාරය                569

විස්තර : සාගරයන් වාලුකා නදියත් අතරැ වූ දෙ බසක් සෙයින් දැක්වුණු මෙයින් ප්ර තිරාජදෙවයන් ගේ ජයග්ර හණ වර්ණ නයෙන් කැරිණ. සාගර, නදී දෙ බස -

ස: සඳ වන සිඳු.

වැ: න: කිය කුඹුයොන.

ස: සතරා නම කියී.

වැ: න: සෙවෙත (නම) තො ද (කියී).

ස: වැලි නී, තො ගොර. යළ, කි හෙනි අරුණු?

වැ: න: කෙරළන් හුරිර ලැබැ.

ස: පතිරජ දිය ඉසුරා ළු දෙසැ යුද පැටි වනැ’ යි සිටී.

සයුර වැලි නදිය ඇමැතුයේ ‘සන්ධ්යා වර්ණද සින්ධු’ නාමයෙනි. එයින් කිපුණු ඕ ‘කියව, අගස්තිය’ යනු සාගරයට කිව. සකල නදීහු සාගර ප්රිණයාවන් මෙන් ගැනෙත්. එ බැවින් ඒ ආමන්ත්ර ණය සපත්නීරොෂ දැනැවී යැ වැලි නදියට අගස්ති නාමයෙන් සාගරාමන්ත්ර‍ණයට හේතු වූයේ ඒ යැ. කුම්භයොනිහු සයුරු සතුරු බැවින් ‘සතුරා ගේ නම කීහි’ යනු සාගරය නදියට කී. ‘සපත්නිය (සැතිරිය) ගේ නම තෝත් කීහි’ යි නදිය කිවූ. ‘හෙම්බා වාලුකා නදිය, තී හෙළලු තැනැත්තී දැන් කවර හෙයින් මඳ රත් පෑ. වුහු ද’ යි සයුර ඇසී. ‘කෝරලයන් ගේ ලේ ලබා මඳ රත් පැහැ විමි’ යනු නදී පිළිතුර යැ. ‘ප්රසතිරාජදෙවයන් ඒ පෙදෙසේ සටන් පටන් ගත් සැටි යැ’ යි සයුර බිණි.




570 සිදත් සඟරා විවරණය

මේ උභය භාෂණාවසානයෙහි ප්ර කාශ වනුයේ ප්රීතිරාජදෙවයන් ගේ රණ ශූරත්වය යි. ගංගාවෙකැ ජලය රක්ත වර්ණී කිරීමට තරම් සතුරු ලේ ඔවුන් විසින් වැගිරැවුණු සේ කීම එහි දෙස් යැ.

ටිප්පණී : 1. සඳ වන සිඳු - සන්ධ්යාරවර්ණක නදිය. ‘සන්ධ්යාහ වර්ණ ’ යනුයෙන් රත් පැහැ කියැවෙන බැවින් එ වන් ග‍ඟෙකි මෙයින් ගැනෙනුයේ. ‘සිඳු’ යනු ගඟට ද නමෙකි.

2. කුඹුයොන - කුම්භයොනි. අගස්ති මුනිහු එ නම් හ. සකුයෙහි ‘අග’ යනුයෙන් පර්වකතය ද කුම්භය (කළය) ද ගැනෙයි. පර්වඅත දමනයෙන් හෝ කුම්හොත්පත්තියෙන් හෝ ඔහු අගස්ති, අගස්ත්ය් නම් වෙත්; වෙදයෙහි විරැප්ර සිඬ සෘෂිවරයාණ කෙනෙක් ල. ඔවුන් දක්ෂිණ ජම්බුද්විපයට පැමිණැ ශාස්ත්ර ය සුලභ කළ බව ද ද්ර්විඩයන් ඔවුන් ගෙන් එය ලද බව ද කියති. වරක් ඔවුන් කෝප කළ බැවින් පළි ගනු සඳහා ද තුන් ලොව පෙළමින් ශක්ර යාට සතුරු වෙමින් සයුරෙහි සැඟැවී හුන් අසුරන් පෙන්වනු නිසා ද අගස්ති මුනිහු සයුරු දිය එක් වරට මැ දෝතට ගෙනැ පූ ල. වින්ධ්යි පර්ව තය දමනය කළ හෙයින් සිරි රහල් මාහිමියන් විසින් ඔවුනට ‘ගිරිගුරු’ නම දෙවුණු බව -

‘කිවි කිවි කඳකුමරු සිවුවත අනත ගිරිගුරු සරසවිය සුරගුරු එ පුර වනතොත් මඳක් වෙති සුරු’ යන කාව්යිශෙඛර පද්යඳයෙන් පෙනෙයි.





                                        12.අලඞ්කාරාධිකාරය                         571


‘කළයෙන් උපන් අගති’ සි නම් එකකු පෙර එකැඳිලිනි ගත් වරැ වියැළිණි සත් සයුර ඇම සුරනරන් ගත නෙ නෙතැඳිලිනි නිතොර නො නිමා වැ‍ෙඬනු මිසැ මොහු රූ එක සයුර’

යනුයෙන් ඔවුන් කළයෙන් උපන් බවත් සප්ත මහා සාගර ජලය ‍දෝතට ගත් බවත් කියති තිසර ස‍ෙන්දපශ කර්තෲයහු.

ඔවුන් කුඹුයොන් බව - ‘කුඹුයොන් සයුරු බොත එහි මිණි සේ අනත නුබ කැට තෙලෙහි දිසි මෙන් තුරු පහන් වත සැදෑ සඳුට සදමින් මඟ නිසා කත ඉසි වැනි නිමල් මලිගිය මල් සිය දිමුත’ යි

මයූර ස‍ෙන්දලශයෙහිදු දැක්විණ.

3. සතරා - සතුරා : ශත්රැම. පසමිතුරා ‘සතර’ නමින් කියති.

‘දෙ දළනෙනු ‘ර බිත් - බිඳැ උඩු නැඟු සෙබළකු අසි ගස්නි හෙන වරණා - සතර වී සිය වරණා’

යනුයෙන් කව්සිළුමිණි කරුවෝ ද මෙ අරුත්හි ‘සතර’ සද දකිත්.

4. සෙවෙත - සපත්නී . එක් පතියෙක් පත්නීන් කීප දෙනකු ඇත්තේ නම් ඔහු (තත් පත්නීහු) සෙවෙත් (සපත්නී) නම් වෙත්.

මෙ කියැවිණ කව්සිළුමිණෙහි දු -

‘කරත රත විමන් - මිණි තර ‍පතරෙ’ පුරවරැ සියො සිරි වුන් සෙවෙතුන් - සුරතැ’ස් බියෙනිදුරැ ලී’ යි.


572 සිදත් සඟරා විවරණය

5. වැලි නී - වාලුකා නදිය : වැලි ගඟ. ‘නි’ යනු නදියට (ගඟට) ද නම් යැ. බළපිටි ‘මාදු ගඟ’ ‘වැලි ගඟ’ නමිනුදු ඇඳින්වේ. මෙයින් ගැනෙනුයේ එ මැ ද?

6. ගොරා - ‘ගොර’ වුව මැනැවැ. හෙළලු (ගෞර) යනු අරුති. සංස්කෘතයෙහි ‘ගෞර’ යනුයෙන් ශ්වෙත, හරිත වර්ණ (සුදු, කහ පැහැ) කියැවේ.

7. කි - කවර යන අරුත්හි වෙයි.

8. හෙනි - ‘හේනි’ යනු සඳැස් පිරිමැස්මට යෙදුණු සැටි යි. හෙයින්; හේතුයෙන් යනු අර්ථු යැ. මෙ පෙනේ -

‘ලද සුව ම - හේනි - දැළි දුම් කෙරෙසි කපු පට උදුළ වැරැළි සරළු ගත් - අහෝ ලීලා දඬු වී’

9. අරුණු - මඳ (ළා) රත් පැහැ (මන්ද රක්ත වර්ණි). යන අරුත්හි යෙදිණ. මන්ද රක්ත වර්ණ රශ්මි යුක්ත හේතුයෙන් සූර්යයා ‘අරු‍ණුකිරණ’ නමි.

‘ද රු ණු උලැඟි කෝ නල වන් සිත් ස ත න තුරු ණු සිහිල් මෙත් ගුණ පහ වන ලෙ සි න අ රු ණු කිරණ රස් පැතිරී පෙර දි ගි න පි රු ණු තරිඳු රස් තුරු වියැකෙයි ගු ව න’

යනු ගිරා ස‍ෙන්ද්ශ ප්රිකාශ යැ

‘අරුණු සරණ තල ගජ වන් ගමන් යුතු කමල් කල් වුවන් රස පිය බස් නු මු තු විදුරවි නුවණ සොමි ගුණ මෙ නිරිඳු දි මු තු සව් දෙව් රුසිරි එක තැනැ මැවු වැනි අ මු තු’

යන පැරැකුම්බා සිරිත් වැනුමෙනුදු එ පෙනෙයි.


                                           12.අලඞ්කාරාධිකාරය                    573

10. කෙරළන් - කෙරළ සෙබළුන් (කේරල දේශයේ හටයන්) මෙයින් කියත්.

11. හුරිරා - ‘හුරිර’ යනු විරිත් හෙයින් යෙදු නියා යැ. ලේ; රුධිර.

12. පතිරජ දියඉසුරා - ප්ර්තිරාජ ජයෙශ්වරයා. ‘දිය’ යනුයෙන් ‘ජය’ ද ‘ඉසුරා’ යනුයෙන් ‘ඊශ්වර’ ද ගැන්මෙන් ‘ජයෙශ්වර’ යනු ලැබේ. ‘දියඉසුරා’ යනු ‘ජගදීශ’ යි ව්යාරඛ්යායනයන්හි හැඳින්වේ. ලංකෙශ හෝ නොවන ප්රසතිරාජදෙවයන් ලොකෙශ කරනුයේ කි නම් පෙළහරින් ද? ප්රනතිරාජදෙව සඞ්ග්රාාම ශෞර්යය ද අප්රිකට මැ යැ. එහි ලා අංශුමාත්රප සංඥාවෙකුදු ඉතිහාස පක්ෂයෙන් නො ලැබේ. එ බැවින් එ කී ‘දිය ඉසුරු’ බව ද ඔවුන් කෙරේ ආරොප විනා නො වේ.

13. පැටි - පටන් ගැන්ම, ආරම්භය යනු අර්ථා යි.

14. වනැ - (වන් + යැ = වන් + ඇ = වනැ) වැනි යැ; වැන්නැ.


12 - 12

ගරහා කිසි ලෙසින් - පවසත උකට අරුතක් එ වියූ නිඳි පසස් නම් - ලකර මහ ගතුගතුවෝ.


අන්වය : කිසි ලෙසින් ගරහා උකට අරුතක් පවසත එ නිඳි පසස් නම් ලකර මහ ගත් උගතුවෝ වියු.

අර්ථල : කිසි යම් ආකාරයෙකින් නින් දා කොටැ උත්කෘෂ්ටාර්ථ යක් ප්රථකාශ කරත් හොත් ඒ නින්දා ප්රාශංසා නාම යැ යි අලංකාරමහාග්රරන්ථොද්ග්රිහණය කළාහු කී හ.


574 සිදත් සඟරා විවරණය

විස්තර : නින්දා ව්යා ජයෙන් කැරෙන ප්රාශංසාව නින්දා ප්ර ශංසා යැ යි එයින් කියැවිණ.

එය ව්යාිජස්තුති නාමයෙන් කියති සංස්කෘතාලංකාරිකයෝ. කාව්ය්ප්ර්කාශයෙහි - ‘ව්යාලජස්තුතිර්මුඛෙ නින්දා ස්තුතිර්වාල රූඪිරන්යනථා’ යනුයෙන් දැක්විණ ආචාර්ය මම්මටහට්ටයන් විසින්.

‘ තෙ රුවන සරණ යි ම - සිත් ගෙයින් කොටසක් අත් කැරැ ගත් මුදල් නො දී

 ගුණවඩන ‍නමේ අරුත් එයින් 

හඟවන්නාණෙනි වක් බැවින් මිදී’ යනු

නින්දා ප්රණශංසා නිදර්ශමනයෙකි.

යම් කෙනකුන් අයත් දැයක් අන් කෙනකුන් විසින් ගතු යුත්තේ ඒ අයිති කරුවාණන් ගේ කැමැත්ත පරිදි හෝ එයට ඔවුනට මුදලක් ගෙවීමෙන් හෝ වෙයි. එ සේ නොවත් හොත් ඒ නින්දා කට යුතු යැ. යටැ දැක්වුණු පැදියෙහි කියැවෙනුයේ ගෙයින් කොටසක් මුදල් නො දී අත් කැරැ ගත් බව යි. ඒ සිත් ගේ යැ. කවර තරම් මුදලකට වත් ඉන් කොටසක් නම් අත් කැරැ ගනු බැරි මැ යැ. ගුණයෙන් මැ අත් කැරැ ගත යුත්තෙකි. එ නම්! පැදි කරුවාණන් ගේ සිත් ගත්තහු පිළිබඳ උසස් අරුතක් එයින් ඉඳුරා පැවැසෙන හෙයින් ඒ නින්දා ප්රනශංසා යැ.


‘දි ය බ ඳ සිවුවත කල ‘තුරු ස න හ ස සි රි ස ඳ සරසවි වෙතැ සමඟ වැ වැ ස ම න න ඳ පැරැකුම් හිමි නුබ ගුණ රැ ස කෙලෙසඳ පරදම පව් දුරු කළ ලෙස’



                                        12.අලඞ්කාරාධිකාරය                      575

යනු ස වන පැරැකුම්බා නිරිදුන් සඳහා පැරැකුම්බා සිරිත් කරුවාණන් විසින් කැරුණු නින්දා ප්රබශංසා යැ.

ටිප්පණී : 1. ලෙසින් - අයුරින් (ආකාරයෙන්) යන අරුත යි. මේ දෙනුයේ. ‘ලෙසෙකින්’ වියැ යුතු යැ. මෙයට ‘ලෙශයෙන්’ යනුයෙන් ඇතැමුන් විසින් බිණුණු අරුත් පිහිට ලැබේ ද?

3. උකට - ‘උත්කෘෂ්ට’ හෙළ හුරු කැරුණු සැටි යැ.


12 - 13

ගනුතු තොප කෙරෙන් - මතඟ දැරිය’ සි ලිය සැම් පරහු පිරිරූ ත දුරින් - එ බැවිනි හඟිම් මහ බා.


අන්වය: මහබා අසි ලිය සැම් මතඟ දැරිය තොප කෙරෙන් ගනුතු එ බැවින් පරහු ත දුරින් පිරිරූ හඟිම්.

අර්ථ : මහාභාග්යිවන්තය බඞ්ග ලතා (තුල්යඑ) ශ්යා ම වර්ණන (යුක්ත) මාතඞ්ග දාරිකාව යුෂ්මතුන් විසින් කර ග්ර හණය කළ කලැ ඒ හේතුයෙන් අන්ය්යෝ යුෂ්මත්හු දුරයෙන් පරිවර්ජනය කළ හ. (යනු) කල්පනා කෙරෙමි.

විස්තර : මහ පින්වත, කඩු පතක් මෙන් සම්’ වන් සැ‍ඬොල් කිඩිය ඔබ විසින් සරණ පාවා ගත් හෙයින් සෙස්සෝ ඔබ දුරින් දුරු කළ හ කියා අදහස් කෙරෙමි. යනු එයින් කියැවේ.

ව්යා්ඛ්යා න කාර ව්යික්තයෝ මෙහි ශ්ලෙෂාර්ථා ද: දක්නෝ -



576 සිදත් සඟරා විවරණය

‘මහබා මතඟදැරි සැම් අසිලිය තොප කෙරෙන් ගනුතු එ බැවින් පරහු ත දුරෙන් පිරිරූ හඟිම්’ යන පෙළ ද ගන්නාහු ‘මහා භාග්ය ඇත්තව හස්තිස්කන්ධයක් පවා විදාරණය කරන්නා වූ ශ්යානම වර්ණ වූ බඞ්ග ලතාව යුෂ්මත්හු ගේ හස්තයෙන් ග්රයහණය කළ කල්හි ඒ ‍භාවයෙන් ශත්රෑබහු තොප දුරයෙන් පරිහරණය කළ හ යි කල්පනා කෙරෙම්’ යනුයෙන් අරුතුදු බෙණෙති.

‘දර’ (දැරුම්හි) ධාතුයෙන් ‘දැරි’ යනු නො ලැබේ. ඒ ව්යාදකරණාතඬ්ක රූපයෙකි. ඉතින් කොයින් ද ‘විදාරණය කරන්නා වු’ යන අරුත් එයින් ලැබෙනුයේ ? ‘පිරිරූ’ යනු ‘පරිහරණය කළ හ’ යන අරුත් නො දේ. එ බැවින් ශලෙෂාර්ථ ව්යූර්ථ යැ. නින්දා ප්ර ශංසා එයින් නොලැබෙනු යි මෙයින් පෙනෙනුයේ.

ටිප්පණි : 1. අසි ලිය - ඛඞ්ග ලතාව; කග (කඩු) පත. කග ලිය’ යනු දු කියත්. එ කියැවිණ -

‘රණ’ඟණ වන් රුපු වෙරැ ලේ දිය ඉසි කග ලිය මෙ රජු ගෙ යස මල් පිපි නිසි එහි රජ සිරි පල ගෙනැ දස දම් රැසි සත දද ගණ තුටු කෙළෙ මුළු ලෝ වැසි’ යි

පැරැකුම්බා සිරිතෙහි.

2. සැම් - ‘ශ්යා ම’ යන අර්ථෙයෙහි යෙදිණ. නිල්. රන් මුසු පැහැය යි ශ්යා.ම වර්ණ- සෙයින් සැලැකෙනුයේ. ‘සම්’ යනුයෙන් දක්වති ඇතැම් වියත්හු.




                                  12.අලඞ්කාරාධිකාරය                577

‘සපු මල් කැලෙ’ ව් තුඬ මඳ රතිනි මනහර නිලු’පුල් දෙලේ’ව් සම් වනි පිය පිය පතර’

යන සිරි රහල් පැවැසුමෙන් එ පෙනෙයි.

3. මතඟ - සංස්කෘතයෙහි ‘මාතඞ්ග’ යනු හස්ති, චණ්ඩාල යන අරුත්හි වෙයි. හෙළුයෙහි ‘ස‍ැ‍ඬොල්’ අරුත්හි ‘මතඟ’ යනු එයින් ගැනිණ.

4. දැරිය - කිඩිය : කෙල්ල.

5. තොප - මෙ සේ බහුවචනයෙන් කියා ඉක්බිති ‘ත’ යනුයෙන් එකවචනයෙන් කියනු නො යෙදේ. එක් මැ වැකියෙහි මේ දෙ බස් මුහුණුවර නොමනා යැ.

6. කෙරෙන් - (කර + එන් = ‍කරෙන් = පර රූපයෙන් කෙරෙන්) . අතින් ; හස්තයෙන්. කරින් (අතින්) ගැනීම සරණ පාවා ගැනීම යන අර්ථයෙහි දු වන බැවින් කර ග්ර හණ, පාණි ග්ර)හණ යනු කියනුයේ.

7. ගනුතු - (ගන් + තු = ගනුතු) ගන්න කල්හි, ගනිත් හොත් යන අරුත්හි වැටේ.

8. එ බැවිනි - මෙයින් කැරුණු වැකි සැබැඳියාව සුදුසු නො වේ. වැකි‍යක් අවසන් වූ ඉක්බිති යැ මේ සුදුසු වනුයේ. එහි දු ‘එ බැවින්’ විනා ‘එ බැවිනි’ නම් කෙසේ වත් බැරි යැ.

සොරා ගෙයින් බඬු අදුතු එ බැවින් ගෙහිමියෝ ඔහු තැළූ හ යනු නිසි වැකියෙක් නො වේ. මේ එ වැන්නෙකි. සොරා ගෙයින් බඬු අදුතු ගෙහිමියෝ ඔහු තැළූ හ යනු හෝ සොරා ගෙයින් බඬු අදින්නට වියැ. එ බැවින් ගෙහිමියෝ ඔහු තැළූ හ යනු හෝ වියැ යුතු යැ.

                                                                                                                    37


578 සිදත් සඟරා විවරණය

‘එ බැවිනි’ යනු යෙදෙන්නට නම් -

සොරා ගෙයින් බඬු අදනට වී. එ බැවිනි ගෙ හිමියන් ඔහු තැළූයේ සොරා ගෙයින් බඬු අදනට වියැ. ගෙහිමියන් ඔහු තැළූයේ එ බැවිනි ඈ විසින් සිටියැ යුතු.

9. පරහු - අන්හු; අන්යමයෝ; සෙස්සෝ.

10. පිරිරූ - ‘පිරිර’ (පිරිරුම්හි - දුරු කැරුම්හි) ධාතුයෙන් වූ බහුවචනාඛ්යායත යි; ‘පරහු’ යනු උක්ත කෙරේ. ‘දුරින් පිරිරූ’ යනු මුළු මනින් දුරු කළ හ යන අරුත්හි වෙයි. ‘දුරින් දුරු කළ’ යනු වහරෙහි පළ යැ.


12 - 14

නැසී ළෙහි තුබු - කිසි හව් පළ කරනු වස් පවසත අන’ත් කරුණක් - එ වියූ අන් අලප් නම්.


අන්වය : ළෙහි නැසී තුබූ කිසි හව් පළ කරනු වස් අනත් කරුණක් පවසත එ අන් අලප් නම් වියූ.

විස්තර : සිතේ සැඟැවි සිටි කිසි යම් කරුණක් දැක්වීමට වෙන අරුතක් ඇති කරුණක් කිවොත් ඒ අන්යාබලාප යැ යනු යි එයින් කියනුයේ.





                                      12.අලඞ්කාරාධිකාරය                    579

සංස්කෘතාලංකාරිකයෝ අන්යෝක්ති නාමයෙන් එය කියති. එ අනුවැ මෙහි අන්යාෝලාප නාමය දෙවුණු නියා යැ.

කුමරතුඟු මුනිදස්හු වැසි අරුත් නමින් එය අඳුන්වති විරිත් වැකියෙහි.

එයට නිදසුන් බෙහෙවින් පෙනෙනුයේ කව්සිළුමිණේ යැ.

‘නන’ බරණ රහන් - මිණි හර සුන් මල් බහන් ඔබල පලු දල යහන් - ලිය විමනැ ‘ළැලී දහන් පබවත දෙවි කොපොල් - පත් සදත මුවරඳ ගෙනැ නො වුන් සරත’ත් ගෙල් කා - මුව පියුමැ’ විසි බිඟු පෙළ’

යන මෙයින් ඒ ලැබේ.

පළමු වැන්නෙන් ඇඟැවුණේ කිසි යම් දෙ පළක් විසින් යම් සැපතක් පතා දැන් දැන් සෙවුනා ලද තැනෙකි: දෙ වැන්නෙන් පබවත් අත් මෙළෙක යැ.

සිරි රහල් මාහිමියෝ -

‘අස බමුණු ගම් වැසි මඟැ රැඳුණ අද තෝ නසි ගෙට ගිය අඹුව නසි අතුරුදන් වියැ කියා මේ ලෙසි’ යි

එයට නිදසුනක් කාව්යකශෙඛරයෙහි දක්වත්.

බමුණා අත්සුනු බිදැ. බතුරු කට නො බැඳැ, දිය බිමට බැහැරැ වියැ. සඳහන් මඳ වැ සිදු වුවෙකි. අත්සුනු සුවඳින් ඇදුණු නයෙක් බතුරු අතුරට වැදිණ. පෙරළා පැමිණි බමුණා තතු නො විමසා බතුරු කට බැඳැ,


580 සිදත් සඟරා විවරණය


බතුර කරට ගෙනැ නික්මිණ. එ විටැ එක් රුක් දෙවියෙක් මෙ සේ කී යැ නො පෙනි සිටැ. යම් හෙයෙකින් බමුණා එ දා මඟැ රැඳී, යළිත් අත්සුනු කෑමට බතුරු කට ළිහා අත පොවන්නා හා මැ නයා ඔහු ඩසී. ඉන් ඔහුට මරණ පැමිණේ. නො එ සේ වැ ඔහු ඉඳුරා ගෙට ගිය හොත් බැමිණිය ‍බතුරු කට ළිහා එහි අත ලන්නී යැ. එයින් නයි ඩැස්ම ඇයට යැ. එහි දී ඕ තොමෝ යැ මර බත් වන්නී.

මේ ඒ කී නියා යැ.

ටිප්පණී : 1. ළෙහි - හදේ; සිතේ.

2. නැසී - සැඟැවී ; ගුප්ත වැ.

3. හව් - ‘හාව’ යනුයෙන් මෙයින් අදහස් කැරුණේ කරුණක් යනු යැ.

4. අනත් - (අන් + අත් = අනත්) - අන්යා ර්ථ; වෙන අරුත්.


12 - 15

මඟා මැඟී සුව වියලී මලි යා තිළී දෙළී වැසැ එ සලී මලීයා බොමි වි මි ලි තුඬු විලි පිලී යා පිලින් නෙලන් උලැඟී බැලි මිලී යා


අන්වයා : මැඟී සුව එ සලීමලියා විසලී මලීයා මඟා, තිළී දෙළී, වැසැ මී බොමි වී විලි පිලීයා තුඬු ලී; නෙලෙන් උලැඟි පිලින් මිලි යා බැලී.


                                            12.අලඬ්කාරාධිකාරය                      581

මැඟී සුව එ සලිමලි විසල් මල් මඟා තිළි දොළ වැසැ මී බොමි චී ‍විලි පිලි තුඬු ලී; නෙලෙන් උලැඟි පිලින් මිලී බැලී.

(විකාර වියුක්තාන්වය මෙ සේ යැ)

අර්ථ : මාර්ගික වූ කීරයෙක් ඒ ශාල්මලියෙහි විශාල පුෂ්ප නිරීක්ෂණය කොටැ තුෂ්ට (වැ.) ආශා (වැ.) (එහි) වාසය කොටැ, (රැඳී) මධු පානය කෙරෙමි කියා පරිණත එලයෙකැ ‘චඤ්චු ප්රැක්ෂෙපය කෙළේ යැ; (ඉන්) මාරුතයෙන් උද්ගත වූ තුල මලාන වැ අවලොකනය කෙළේ යැ.

විස්තර : මඟැ ගිය ගිරවෙක් ඒ ඉඹුලේ මහ මල් බලා සතුටු වී ආශා ඉපැදැවියැ. රැඳී පැණි බොමි යි සිතා ‍පැසුණු ගෙඩියෙකැ හොටය බැඟී යැ; එ විටැ සුළඟින් නැඟුණු පුලුන් දෙසැ මැලෑ බැල්මක් හෙළී යැ යනු එයින් කියැවුණු නියා යැ ගත යුතු.

සිය මුළාව පසක් කළ ගිරවා දොම්නස් වියැ, එයින් කැරුණේ. බැහැරි පෙනුම් පමණින් මුළා වී . ඇල්ම දල්වා, පල නැති දැයෙහි අත ගසා දොම්නස් වන්නවුන් පිළිබඳ ඉඟියෙකි.

ඒ පැදිය ඉතා අඩාළ යැ. පළමු කොටැ වියරු පද යෙදිණ: දෙ වැනි කොටැ වියරණ මැරිණ.

ව්යා ඛ්යාැන කාර වියත්හු මුළු පැදිය එක් වැකියක් කොටැ දක්වා අරුත් බෙණෙත්. එයට අවසර හෙළ බස් නයින් නම් නො ලැබේ. ‘දුහුනන් දැනුම් සඳහා’ යන පිළිනයෙන් ගත් කරුවාණන් කියන්නාට නොදෙවෙනි යැ අරුත් බණුවන් ඇතැම් තන්හි කියන්නා. එයින් දෙ පසින් මැ දුහුනනට කැරුණේ හිත නො වේ.




582 සිදත් සඟරා විවරණය

ටිප්පණී : 1. මැඟී - ‘මැඟි’ වියැ යුතු යි. ඡන්ද ස් පිණිසැ කැරුණු දීර්ඝ යැ. මඟැ යන්නා, මාර්ගිකයා මෙයින් ගැනෙයි.

2. සුව - ගිරවා ; කීරයා. 3. එ - පද පිරුම සඳහා යෙදිණ. 4. සලිමලී - (සලිමලි) වුව මැනැවැ. විරිත් හෙයින් යෙදුණු සේ යැ. ඉඹුල්, ශාල්මලී යනු අර්ථ යි. ඉඹුලෙහි (ශාල්මලියෙහි) යන අරුත්හි වෙයි මෙහි.

‘පොල් පුවකු’ගු රඹ මල බුලත සලිමලි’ යනු සිරි රහල් මාහිමියන් විසින් කියැවිණ සැලළිහිණි අස්නේ.

5. විසලී - ‘විසල්’ යනු විරිත් හෙයින් යෙදූ සැටි යි.

6. මලී - ‘මල්’ යැ නිසි. ඡන්දො හෙතුයෙන් වූ දීර්ඝයෙකි.

සංස්කෘතයෙහි ශාල්මලී, පාළියෙහි සිම්බලි නාමයෙන් - ඇඳින්වේ ඉඹුල්. සලිමලි යනුයෙන් පැරැණි ගත්හි සඳහන් ඒ කටු ඉඹුල් විනා කන්වයින් සඳහා ගැනෙන පුලුන් ලැබෙන ඉඹුල් නො වේ. ‘කොට්ට පුලුන්’, ‘පුලුන් ගස්’ නමින් ඇතැම් පෙදෙස්හි ඇඳින්වෙන එහි මල් කුඩා යැ; සුදු යැ; එක් පොකුරට සිටුනේ යැ; මල් පල එක් වරැ නො ලැබේ.

මෙ කියන කටු ඉඹුල් දෙ වගෙකි. එක් වගෙකැ මල් රතු යැ. අනෙක් වගේ ළා කහ වන් යැ. එය.





                                          12.අලඞ්කාරාධිකාරය                      583

එළ ඉඹුල් නමින් කියත්. දෙ වගේ මැ මල් ලොකු යැ. තරමින් සම යැ. එක් වරැ මලුත් පලත් ලැබේ. පල දාර බේරී සතරැස් හැඩ හුරු වැ සිටී.

පූජ්යල ගුරුළුගෝමීහු අපාය (නරක) විස්තර කරන්නාහු -

‘මෙ සෙ කුක්කුල නරකයෙහි අනෙක වර්ෂර කොටි සහස්රතයෙහි පැසී ඉක්බිති මහත් ශාල්මලී වනයෙක් ඇති ; යොදුන් පමණ උස යැ: සොළොස් අඟුල් කණ්ටක යැ; ආදීප්ත යැ; සම්ප්රයජ්ජ්චලිත යැ; සජොතිභූත යැ. එහි භයානක රාක්ෂසයො ප්ර ජ්ජ්චලිත අයොමුද්ගරයෙන් පැහැරැ, ඝොර නාදයෙන් හඬා, නෙරි සතුන් එයට නඟති. ඔවුන් නැ‍ඟෙන කලැ එ කණ්ටකයො අධොමුඛ වෙති; බස්නා කලැ ඌර්ධ්ව මුඛ වෙත්. හෙ එහි තීව්රය කටුක දුක් විඳුනේ කර්මාාධිපත්ය යෙන් මියැ නො යෙ’ යනුයෙන් කටු ඉඹුල් කියත් ධර්මුප්රනදීපිකාවෙහි.

7. තිළී - තුටු (තුෂ්ට) වැ. ‘තුළ’ (තුටු වීමෙහි) ධාතු ‘රක්’ ආදි ගණ අත් පද වූ තන්හි ලැබෙන අතීත නිපාත ක්රිුයා (පූර්ව ක්රිළයා) යැ.

8. දොළී - දොළ’ වියැ යුතු ‘දොළින්’ යන අරුත්හි යෙදිණ. ‍’දොළ’ නම් ආශා යැ. 9. වැසැ - වසා, රැඳී යන අරුත්හි වේ.

10. බොමි - බොමි + යි = බොමි + ඉ = බොමී.

11. වී - ‘කියා’ යන අරුත්හි යෙදිණ. ‘බොමි’ යනු බොමි කියා යන අරුත පළ කරන බැවින් මේ නො යෙදේ. බොමි කිය කියා යන අරුතෙහි සිටී. මෙයින්.





584 සිදත් සඟරා විවරණය


12. විලි - පැසුණු. විලිකුන්, පරිණත යන අරුත්හි වැටේ.

13. පිලි - ගෙඩිය, ඵලය යන අරුත්හි වෙයි; යෙදුණේ ගෙඩියෙකැ යන අරුත්හි යැ.

‘මෙ සෙ පැවිජි රජු හා බිසොව හා දෙ දෙන දුව් අසපුවෙහි හිඳුවා වනයට ගොස් පල පිලි ඇරැ ඇරැ කා වැටෙත්. යනුයෙන් මහ ඇජර ගුරුළුගෝමීහු මෙ අරුත්හි ‘පිලි’ දක්වත් ධර්මඇප්ර;දීපිකා මාර්ගයෙන්. ඇඟ රැළි වැටීම් කෙස් පැසීම් යනු දු විලි පිලි නම් යැ.

‘දෙවියන් ගනෙහි දිලි දිසි මෙන් ජරා විලි පිලි එ නුවර පවා කලි කලෙකැ දුබ්බික් දුකෙක් වියැ කලි’ යන

බුදුගුණ අලංකාර ප්ර කාශයෙන් එ පෙනෙයි.

14. තුඬු - කියැවුණේ එක මැ ගිරවා යැ. එ බැවින් තුඬ යැ නිසි.

15. ලී - ‘ල’ (ලීමෙහි - බැහීමෙහි) ධාතුයෙන් නිපන් අතීත එකවචනාඛ්යාංත යි. එ බැවින් ව්යාරඛ්යා න කාර විද්වතුන් ‘කෙළේ, ලූයේ’ ඈ විසින් වැකි සැබැඳියාව දක්වා බණනා අරුත් පිහිට නො ලැබේ.

16. නෙලෙන් - (නල + එන් = නලෙන් = පර රූපයෙන් නෙලෙන්) සුළඟින්; මාරුතයෙන්.

17. පිලින් - පුලුන්. මෙ අරුත්හි මෙ සේ යෙදුණු වෙන තැනෙක් නො ලැබේ. පුලුන් මැ පිලින් යනු තඬිත නියරින් නම් නො වියැ හැක්කේ නො වේ.



                                    12.අලඞ්කාරාධිකාරය                              585

18. මිලී - ම්ලානාර්ථයෙහි අතිත නිපාත ක්රිරයා (පූර්ව ක්රි යා) ‘මලා’ ‘මැලැවී’ ඈ විසිනි ලැබෙනුයේ. ‘මල’ (මැලැවුම්හි) ධාතු ‘බල, බම’ ආදි ගණ පර: පද වන තන්හි ‘මලා’ යනු ද ‘රක්’ ආදි ගණ අත්: පද වන තන්හි ‘මැලැවී’ යනු ද අතීත නිපාත ක්රියයා මෙන් ලැබේ. ‘බම’ ආදි ගැණ අතීතාඛ්යාීත ස්වරූපයෙන් විනා අතීත නිපාත ක්රි යා ස්වරූපයෙන් මේ නො සිටී.

19. යා - සතර පාදයෙහි මැ පද පූරණය සඳහා යැ.

20. බැලි - ‘බැලී’ වියැ යුතු. විරිත් රැක්මට කැරුණු නොනිසි මැ යෙදුමෙකි. අනෙකක කියැවෙන බැවිනි වඩා මැ නොනිසි. සැබැවින් මැ දුහුනන් දැනුම් සඳහා ද මේ යෙදුම් ?


12 - 16

පියෙවි අයුරෙකින් - ඇසිරෙන අරුත් වෙසෙසක් සලකනු අන් අයුරෙකින් - වේ දනු උපේ ලකරා.


අන්වය : පියෙවි අයුරෙකින් ඇසිරෙන අරුත් වෙසෙසක් අන් අයුරෙකින් සලකනු උපේ ලකරා වේ දනු.

අර්ථ : ප්ර කෘති ආකාරයෙකින් ආශ්ර ය වන්නා වූ අර්ථ විශෙෂයක් අන්යාකකාරයෙකින් සැලැකීම උත්ප්රෙෙක්ෂාලංකාර (නම්) වන්නේ යැ යි දන්නේ යැ.

විස්තර : ස්වාභාවික වූ ‍යමක් වෙන සැටියෙකින් සලකා කැරෙන පැවැසීම උත්ප්රොක්ෂා නම් වන බව යි. ඉන් දැන්වුණේ. කාව්යව සංකල්ප යැ එ නම්.

සංස්කෘතාලංකාරිකයෝ එය ත්රිාවිධ කොටැ දක්නාහු. ‘ද්රාව්ය‍, ගුණ, ක්රිකයා’ යනුයෙන් දක්වත්.

586 සිදත් සඟරා විවරණය

මයූර සන්දෙශයෙහි -

සඳා නැ‍ඟෙත බලනෙ’ ව් තුරු කොළ’තුරිනි එදා නිස’ ඹු තොමො තම හට සැක වෙමිනි සදා සිතින් බොරු තතු හිමිට පාමිනි සඳා වෙල සහල’ඟුරු මැඬැ නිවූ වැනි’ යනු ද

ගිරා සන්දෙශයෙහි -

නොමඳ බමර’කුරු රැඳි මල් රෙහෙණු පට පැ හැ ද නිතොර ඇරැ ගෙනැ සිය අතු අතට ස බ ද කොවුල් රැවු තෙපලෙන් මිහිරි කොට තු රු ද දහම් පවසන වැනි වෙහෙර වට’යනු ද නිදසුන් යැ.

ටිප්පණි:

      1.  ඇසිරෙන- ‘අසුරු’ (ආශ්රදයයෙහි) ධාතුයෙන් වූ නාම ක්රිකයා යැ.  ‘හසුරු’ ධාතුයෙහි ‘හ’ කාර ලොපයෙනුදු ‘අසුරු’ යනු ලැබේ.
      2.    උපේ- ‘උත්ප්රෙරක්ෂා’ යනු හෙළ හුරු කළ සැටියි.  එයින් ‘අපෙක්ෂා’ යනු ‘අපේ’ නො වේ ද?
      3.ලකරා- ‘ලකර’ යනු විරිත් හෙයින් යෙදුණු නියායැ. ඉතා දුඹුල් යැ.

12 - 17

‘අපොළත’ රියොර බිමැ තන බඳු පෙඳ නො සැහැ මෙන් බියෙනෙ ‘ව් හිණි නුවන් වන් කත කන් කපල් පල්ලේ.


                                           12.අලඞ්කාරාධිකාරය                     587

අන්වය: කත තන බඳු පෙද නො සැහැ මෙන් අරියොර බිමැ අපොළත නුවන් වන් කන් කපල් බියෙන් එව් පල්ලේ හිණි.

අර්ථ : කාන්තාව ස්තනාකාර වූ කන්දුකය ක්ෂමා නො කොටැ මෙන් අනවරත වැ භූමියෙහි පහරන කල්හි නෙත්රූ සදෘශ වූ කර්ණොත්පලය හීතියෙන් මෙන් පාද තලයෙහි පතිත වියැ.

විස්තර : කාන්තාව පුනපුනා පන්දුව පොළොවේ ගසන්නට වූ. එයින් වූ කය සැල්ම බැවින් කනේ පැළැඳි උපුල ගිලිහී ඇගේ පා පිටැ වැටිණ. පන්දුව සිය පියොවුර සරි වූ බැවින් නොඉවැසූ අඟන එය කො තෙකුත් පොළොවේ ගසන්නට වුණු සැටියෙකි උපුල හැඟියේ. සිය නෙත බඳු බැවින් ඇය එය ද නො ඉවසා පොළොවේ ගසති යි බිය වූවාක් මෙන් පා මතැ වැටුණු සේ යැ එයින් පෑයේ.

ටිප්පණී :

1. පෙඳ - පන්දුව; කන්දුකය. ‘නැ‍ඟෙත නුබ පහළ පෙඳ’ වමියන් හමි තෙලේ ඉහි වැ ගිය නෙතැ නිල් පෑ සස ලෙසිනි සඳැ ලැගි එව්’ යි

පෙඳ කෙළි කියති සස දා කරුවෝ.

2. නො සැහැ - නො ඉවසා; ක්ෂමා නො කොටැ. ‘ඉවැසුම්’ අරුත්හි ‘සහ’ ධාතු බම ආදි ගණ උභය පද යි. එයින් නිපන් අතිත නිපාත ක්රි යාව ‘සහා’ වියැ යුතු යැ. එහෙත් ‘සැහැ’ යනු දු යෙදෙන සේ -




588 සිදත් සඟරා විවරණය

නැබුළුවෙල්හි පැසී පඬු පැහැ වැ නැමි හැල් පෑ ඔබල වෙස් රෙසෙන’ද මේ කලු වියො සෝ බැර නො සැහැ’

යන සස දා සඳහනින් පෙනේ.

3. අරියොර - නිතර, පුනපුනා, අනවරත, අරුත්හි වේ.

4. අපොළත - මෙයින් ලැබියැ හැක්කේ ඇද හරනා කල්හි යන අරුත යි. පහරන කල්හි යන අරුත මින් නො ලැබේ. ඒ ලැබෙන්නට නම් ‘අපුළත’ වියැ යුතු යැ. දුනු දිය අපොළනු ද පන්දුව අපුළනු ද වේ. ‘අපුළ’ ධාතු ඇපිළීමෙහි ද ‘අපොළ’ ධාතු ඇපෙළුම්හි ද, වැටේ. කව්සිළුමිණි කරුවෝ -

‘සරණත පබවත - වෙලළත සදත විල් කල් බිමැ ඇපිළැ හී ගුගුරා - තරඟ’ තිනි වැල ලා මෙන්’

යනුයෙන් ‘අපුළ’ ධාතු පැහැරුම් අරුත්හි වන බවට දෙස් කියත්.

‘අපොළත’ යනු සඳහැ ‘ආස්ඵොටනය කරන කල්හි’ යනුයෙන් ව්යාඅඛ්යාුන කාර විඥයන් දෙන අරුත් පිහිට ලැබෙන සෙයෙක් නො පෙනේ.

5. කන් කපල් - කනුපුල; කර්ණොත්පලය. කපල් යනු උපුලට නමෙකි. කනේ පැළැඳි උපුල යැ මෙයින් කියනුයේ. හෙළ රතු නිල් යන තුන් වගැ උපුලින් මේ කී නම් දැ යි නො කියැවුණ ද ‘නුවන් වන්’ යන සඳහන් හෙයින් නිලුපුල ගැනෙයි මෙහි.




                                        12.අලඞ්කාරාධිකාරය                          589

උපුලින් කන් ගැවැසු ගොපලු ලියන් -

‘ක නැ ලා උපුල් මල් ගවසා කෙස් වැටිය බි ඳැ ලා පොකුරු ‘කුරු කැරැ මුතුහර සැටිය බැ ඳැ ලා ගවන් වෙතැ ගව පලු ලිය සිටිය නොබලා මිතුර යා ගන් මඟැ පොතුපිටිය’

යනුයෙන් දකිති ගිරා සන්දෙශ කර්තෲුහු.

6. පල්ලේ - පතුලේ = මධ්ය ස්වර ලොපයෙන් පත්ලේ = ව්ය ඤ්ජන පර රූපයෙන් = පල්ලේ.


12 - 18

සමුදා එකතැ හෝ - අන් අරුත් රූ හවියෙන් විකපා ‘යුරෙ ‘ව් පවසත - එ වියූ රූ ලකර නම්.


අන්වය: සමුදා (හෝ) එක් අතැ හෝ රූ හවියෙන් අයුරු එව් විකපා අන් අරුත් පවසත එ රූ ලකර නම් වියූ.

අර්ථ : සමූහයෙහි (හෝ) එකාර්ථයෙහි හෝ රූප භාවයෙන් ආකාරය මෙන් කල්පනා කොටැ අන්ය ර්ථ)යක් ප්රහකාශ කරත් හොත් ඒ රූපකාලංකාර නාම යැ යි කී හ.

විස්තර : උපමා උපමෙය පිළිබඳ එක් අරුතෙකැ හෝ අරුත් රැසෙකැ හෝ සම බව වෙන අරුත් මඟින් පෑම රූපකාලංකාර බව යි එයින් පළ වනුයේ.

සිදත් සඟරා කරුවන් විසින් ඉඟියෙකින් මතු දැක්වුණු එහි බෙදුම් බොහෝ බව දක්නා සංස්කෘතාලංකාරිකයෝ විංශති, චතුර්විංශති වශයෙන් දක්වත්.

590 සිදත් සඟරා විවරණය

‘සොඳුරු තුරුණු සියපත්සිය රස් වතුර ඉ ඳු රු දෙසෙන් වැදැ නුබ ගඟැ එක පැතිර අ තු රු සෙවෙල් තුරු සියපත් සිසි තිසර අ තු රු දහන් කැරැ පිරුණෙ යැ ලොව නො හැර’

යනු එයට නිදස්නෙකි ගුත්තිලයෙහි.

සිංහල පද්යද කාව්ය්යන්හි මතු නො වැ අමාවතුර, බුත්සරණ, සඬර්මුරත්නාවලිය ආදි ගද්ය කාව්යවයන්හි ඳු රූපකාලංකාරය බහුතර යැ.

ටිප්පණි :

1. සමුදා - සමූහයෙහි යනු අරුති. 2. අතැ - අරුතෙහි. 3. හවියෙන් - භාවයෙන්. 4. විකපා - සිතා (කල්පනා කොටැ) යන අරුත ගත යුතු. ‘විකල්පනය කොටැ’ යන අරුත පිහිටනු නො පෙනේ. 5. රූ - ‘රූපක’ යන අරුත්හි යෙදිණ.


12 - 19

යස ප‍ඬෙරො’ හු සුපුල් - සිසි කෙමි ගහ රැස් කෙසුරු සේ වලා දල කෙලෙස් - නළ මුළු දිය විලැ බිජි.


අන්වය : ඔහු සිසි කෙමි ගහ රැස් කෙසුරු සේ වලා දල කෙලෙස් නළ යස සුපුල් ‍ප‍ඬෙර මුළු දිය විලැ බිජී.



                                              12.අලඞ්කාරාධිකාරය                   592

අර්ථ : ඔහු ගේ චන්ද්ර යා (නමැති) කර්ණිකාව ද ග්රකහ රාශි (නමැති) කෙශර ද ශේවත අබ්රඔ (නමැති) පතු ද; කෛලාස (නමැති) නාලය ද (යුක්ත වූ) කීර්ති (නමැති) සුපුෂ්පිත පුණ්ඩරිකය සකල ලොකය (නමැති) තඩාගයෙහි භ්රාබජිත වියැ.

විස්තර: යසස සුපිපි හෙළ පියුමෙකි. පියුම් කෙමිය. සඳ යැ; රේණු තුරු රැස යැ; පෙති සුදු වලා යැ: දඬ හිමවු පවුව යැ. ඒ පියුම පිපුණු විල ලොව යැ; එහි පිපී බැබැළිණ.

කීර්තිය ලොව පුරා බැබැළුණු බව රූපකාලංකාරයෙන් යූ නියා යැ. සමුදා අර්ථව රූපක මෙයින් පෙනේ.

බුදුහු දහම් අමා වැගුරූ හ යන තන්හි එකාර්ථ රූපක වෙයි.

ටිප්පණි :

1. කෙමි - මල් බට්ට; කර්ණිකාව. 2. ගහ - ග්ර හ; තාරකා. 3. කෙසුරු - රේණු : කෙශර. 4. සේ - සුදු: ශේවත. 5. දල - පත්: පත්රක. පියුම් පෙති මෙයින් ගැනෙයි. 6. කෙලෙස් - කෛලාසස: හිමාලය පර්වුතය; හිමවු. පවුව. 7. නළ - නාලය: පියුම් දඬ. 8. ප‍ඬෙර - හෙළ පියුම; සුදු නෙළුම් වල. පුණ්ඩරීකය.





592 සිදත් සඟරා විවරණය

9. දිය - ලොව. 10. බිජි - බැබැළි : බැබැළිණි.

මෙයින් - ‘කවිරනුහරතිච්ඡායා - මථිං කුකවිඃ ජදං චොරඃ’ යන ප්රිකාශයට -

‘සිසි කෙමි වලා දල උළු රිළු කෙසර පෙළ දුල ඔහු යස සේ කමල බිජි පුබුදු වැ මෙ මුළු දිය විල’ යි

අළගියවන්නයෝ නිදසුන් සපයති කුස ජාතකයෙහි.


12 - 20

         	       	ගැඹරින් සයුරු වී - සොමි ගුණෙනිඳු රිවි තෙදින් 

ඇදුරු දිරින් තිළිණෙන් - සුරතුරු මෙ හේ රූ නමි.


අන්වය : ගැඹරින් සයුරු වී. සොමි ගුණෙන් ඉඳු (වී) ; තෙදින් රිවි (වී) ; දිරින් ඇදුරු (වී); තිළිණෙන් සුරතුරු (වී) ; මෙ හේ රූ ‍නම්.

අර්ථ : ගාම්භිර්යයෙන් සාගරය වියැ: සෞම්යන ගුණයෙන් චන්ද්රීයා වියැ; තෙජසින් සූර්යයා වියැ; ධෛර්යයෙන් අද්රි වියැ; විතරණයෙන් දිව්යර වෘක්ෂ වියැ. මේ හේතු රූපක නම් යැ.

විස්තර : ගැඹර බැවින් සයුර බඳු සිහිල් ගුණෙන් සඳු බඳු, තැවුමෙන් හිරු බඳු දිරියෙන් ගිරි බඳු දීමෙන් දෙව් රුක බඳු යන මෙ කියමන් හේතු ‍රූපකාලංකාර බව යි එයින් කියන ලදුයේ.


                                      12.අලඞ්කාරාධිකාරය                      593

‘ත රි ඳු ගුණයෙන් ගැඹරින් කිරිඳු කි රි ඳු බලයෙන් දිරියෙන් ගිරිඳු ගි රි ඳු නුවණින් විකුමෙන් සිරිඳු සි රි ඳු දින පැරැකුම් බුජ නිරිඳු’ යන මේ සන්දරෂ්ටය පැරැකුම්බා සිරිත් නිදස්නෙකි.

ටිප්පණී : 1. ඇදුරු - අද්රිත; පර්වකතය. පැදියෙහි ‘ඇදුරු දිරින්’ යනු සෙස්ස හා නො බැ‍ඳේ. ‘දිරින් ඇදුරු’ යනු යැ බැ‍ඳෙනුයේ.

2. තිළිණෙන් - දිමෙන්; ත්යායගයෙන්; විතරණයෙන්

3. හේ - හේතු.


12 - 21

යහ ඈ වණන් මුත් තුබු පද නො ලා සඳ වස් නො මැ ලැහැ පෙර කිවිසමා කව් බැඳැ යස බඳ දෙ වා. ලකර අදියර දෙළොස් වනු.


අන්වය : යහ ඈ වණන් මුත් සඳ වස් තුබු පද නො ලා, පෙර කිවිසමා නො මැ ලැහැ කව් බැඳැ යස බඳ දෙවා.

අර්ථ : යකාර හකාරාදි වර්ණ්යන් විනා ඡන්දාස් පිණිස ශුන්ය් පද බහා ලීම නො කොටැ පුරාතන කවිසමය ලඞ්ඝනය නො කොටැ මැ කාව්ය බන්ධනය කොටැ කීර්ති දෙහය ජීවත් කෙරේ වා.

දොළොස් වැනි වූ අලඞ්කාරාධිකාරය යි.

                                                                                                          38

594 සිදත් සඟරා විවරණය

විස්තර : විරිත් රක්නා නිසා ‘යහ’ යනු විනා වෙන හිස් පද නො යොදා, පැරැණි කිවිසමය නො ඉක්මවා පැදි බැඳීමෙන් යසස පවත්වා ගන්නට කිවියන් කෙරේ කැරුණු පැතුමෙකි ඒ.

‘ය හ’ යනුයෙන් සැඳැහුණේ සඳැස් පිරිමැස්මට ගැනෙන -

‘අතු අතිනැ ‘දැ ගසාය තුරු රැසාය කෙළෙන පන්දු ලෙසාය සහතොසාය පැනැ ගෙනැ වන හිසාය මඟ අසාය යන වඳුරන් නිසාය නො ව ලසාය’ (ගිරා ස‍ෙන්දඟශය)

‘නොහළ විරු සිරිය හ රිප’ඳුරට රිවි උදය හ පබල මෙර දිරිය හ නැඟී රියැ රියැදුරො සිටිය හ’ (ගුත්තිලය)

‘අ ග පිපි මල් මලිගිය ලිය කැලේයා ව ග බැඳැ හෙන රජ හස පුල් විලේයා ළ ඟ තරු මල් ගිලිහුණු ‍ රොන’වුලේයා ම ඟ බැසැ යව පළ හෙළ වැලි තෙලේයා’ (සැලළිහිණි අස්න)

‘පැහැදුම් රඟ වන්නමිනු’දු ලා හා සිවු සස් නිමහම් යුතු නිමලා හා සිතියම් වන මේ රස තෙපලා හා එළැවී සවනා සබ සියලා හා’

යන මේ යැ. (කාව්ය ශෙඛරය)


                                    12. අලඞ්කාරාධිකාරය                       595

‘තුබු පද’ යි සැඳැහුණේ - ‘රුසිරු සිරුරු නන ‘බරණින් සරා ගෙනැ විමල් උතුරු සළු පට කරැ දරා ගෙනැ කියන වැඳි දනන් තියු කන් පුරා ගෙනැ පසිඳු පඬිවරන් සිය පිරි වරා ගෙනැ’ (කාව්ය ශෙඛරය)

‘කස්තුරු තිලක සැදි නළලතැ සුමුටාන පුල් රතු’පුල් මල් දම් හිසැ දවටාන සලෙළුන් යනෙ’න නිති කැරැ කෙළි කවටාන රිවි මුඳුනතැ වන මැදැ වදු සුමුටාන’ (සැලළිහිණි අස්න)

ඈ විසින් සඳැස් නිසා කැරෙන හිස් පද යෙදුම් යැ. තත් ප්ර්කාශ පක්ෂයෙන් ග්ර න්ථ කර්තෲ හු කො තරම් අවධාන වූ ද යනු -

‘මඟා මැඟි සුව විසලි මලීයා තිළී දොළී වැසැ එ සලී මලීයා බොමි වි මි ලී තුඬු විලි පිලීයා පිලින් නෙලෙන් උලැඟී බැලි මිලීයා’

යන මෙයින් පසක් වත් මැ, සඳහනට නැ‍ඟෙනුයේ -

‘ඔවා දෙනු පර හට - තමා සම්මතෙහි පිහිටා සිටැ’ යන ලොකොපකාර කාර ප්රහකාශය යි.

‘පෙර කිවිසමා’ යනුයෙන්

ඉඟි කැරුණේ -

ගඟැ පියුම්, උපුල් - මිරිදිය ඇති ඇම තැනැ හසුන් - ගිරැ රන් රුවන් - යසැ, හසැ සුද - පවැ කළුව - තෙදැ,


596 සිදත් සඟරා විවරණය

කොටැ, නුරාවැ රත - මුහුදැ මැ මුවරුන් - තඹවන් නදියැ මැ මුතු - මලය පවුවැ මැ සඳුන් - වසතැ මැ කොවුල් කිල්ම - කිරි සිඳු ඇලැළුම - සිතුමිණ - බදුරුකළ - සුරබිදෙන - කප්රුක - කප්ලිය - නවමිණි - කොතබුගල - වළබමුව - හාලාහල යනුයෙන් පැරැණි කිවියන් විසින් සැලැකුණු මේ සඳහා යැ. පුරා විසිතුරු විරිත් වැකියේ සමය විටෙහි දැක්විණ කුමරතුඟු මුනිදසුන් විසින්.

ටිප්පණී : 1. සඳ - සඳැස්; ඡන්දිස්. 2. තුබු - හිස්; තුච්ඡ. අරුත් සුන් (අර්ථද ශුන්ය ) යනු සලකන්නේ යැ. 3. සමා - ‘සමය’ යන අරුත්හි යෙදිණ. පැරැණි කිවියන් ගත් මඟ යැ මෙයින් කියනුයේ. 4. නො මැ ලැඟැ - ‍ ‘නො ලැඟැ ම’ යනු යැ නිසිතර. නො ඉක්මවා මැ; ලඞ්ඝනය නො කොටැ මැ යනු අරුති. පෙරැ කිවි මඟ නො පිරිහෙළා මැ යනු යූ සේ යැ.

5. යස බඳ - කිත් සිරුර; කීර්ති දෙහය (ශරීරය.)

6. දෙවා - පවත්වා වා: ජීවත් කෙරේ වා. ‘දෙ’ (පණ දැරුම්හි) ධාතුයෙන් සිඬ අශීර්වා දාඛ්යා:ත යි. ‘දේ වා’ යනු ඡන්දෙ හෙතුයෙන් ‘දෙවා’ යැ. ‘දෙත් වා’ යන බහුවචනාඛ්යාකතය යි වියැ යුතු.

අලංකාරාධිකාරය නිමියේ යැ.

1. මෑ පෙළ පමණ සිඹි - කිවිමන් දනන් පසසත ගරහත යළි දු කම් කිම් - පඩුවෝ මැ මෙහි පමණෝ.




                                          ග්රවන්ථ සංඥා                                      597

අන්වය : මෑ පෙළ පමණ සිඹි කිවිමන් දනන් පසසත යළි දු ගරභත කම් කිම්? මෙහි පමණෝ පඹුවෝ මැ.

අර්ථ : මාතෘකා පාඨ ප්රපමාණය චුම්බනය කළා වූ කවිම්මන්යක ජනයන් ප්රථශංසා කළ ද නො හොත් ‍ගර්හා කළ ද කාර්ය කවරේ ද? මේ කෘතියෙහි ප්රථමාණයෝ පණ්ඩිතයෝ මැ (යැ.)

විස්තර : මේ කෘතියෙහි ලා මාතෘකා පාඨය පමණක් යම් තම් බැලූ අපණ්ඩිත ප්ර ශංසා හෝ නින්දා හෝ කාර්යඨ නොවන බවත් පණ්ඩිත ප්රේකාශ මැ ප්රතමාණ වන බවත් එයින් ඇඟැවිණ.

පණ්ඩිත ප්රරශංසා අපෙක්ෂා කළාහු නම් එය විඵල බවට සාක්ෂ්‍ය අනවශ්ය යැ.

ටිප්පණී : 1. මෑ - මැය; මාතෘකා. 2. පමණ - ‘පමණක්’ යන අරුත්හි වේ. 3. සිඹි - යම් තම් බැලූ යනු යූ සේ යැ. 4. කිවිමන් දනන් - කවිම්මන්යය ජනයන්; කුකිවින්; අපණ්ඩිතයන්. නැති කිවි (පඬි) බව ඇති බවට අඟවන්නෝ යැ කවිම්මන්යඩයෝ නම්. ‘කිවි’ යනු පඬුවාට ද නමි. ‘පඩුවෝ මැ’ යනුයෙන් මෙහි ඔවුන් මැ අදහස් කැරුණු සේ පළ යැ. 5. යළි දු - නො හොත්; එ සේ නැත් නම් යන අරුත් යැ මෙහි ගත යුතු. 6. පමණෝ - නිස්සෝ; ප්රදමාණයෝ.





598 සිදත් සඟරා විවරණය

2. දුහුන දන හට මුත් පිරියත්නට නැත ද’තක් මෙ කුදු සිදතින් වියතිනි මෙහි කළ ම තැතැ තුස් වා.

අන්වය : වියතිනි, දුහුන දන හට මුත් පිරියත්නට මෙ කුදු සිදතින් අතක් නැත ද මෙහි ම කළ තැතැ තුස් වා.

අර්ථ : ව්යළක්තයෙනි, ආධුනික ජනයා හට වීනා පර්යාප්තයනට මේ ක්ෂුද්රතවූ සිඬාන්තයෙන් අර්ථයක් නුවුවත් ඒ කාර්යයෙහි (ලා) මා කළා වූ උත්සාහයෙහි තුෂ්ට වවු. විස්තර : අත්ය.ල්ප වූ සිඬාන්ත සංග්රකහයෙන් ආධුනිකයනට විනා ශාබ්දිකයනට අර්ථයක් නොවන නමුදු ග්රලන්ථ කරණය අතින් දැරූ වෑයමෙහි සතුටු වන මෙන් වියතුන් දැන්විණ එයින්.

ප්රමවීණයනුදු අවුලට හෙළන සුලු ග්රනන්ථයක් ආධුනිකයනට අර්ථයක් සලසනුයේ කෙසේ ද? ග්රනන්ථ තත්ත්වය ප්රආත්යයක්ෂ කරවනුයේ ආධුනිකයනට අර්ථයට වඩා අනර්ථ යැ.

ටිප්පණී : 1. වියතිනි - වියතුනි; ව්යරක්තයෙනි. ‘ ද කු තු මෙ නිරිඳු නුවන් ලත් පල ලැබෙයි සිතුවොත් දුක් ඇරේ නු මු තු රස බස් ඇසුව දෙ ලොවැ මැ සැපත් පැමිණෙයි අර තරේ දි මු තු යස තෙද නුවණ ගුණ කිව කැමැති යම් දෙය සිදු කෙරේ අ මු තු බැඳි පද කියම් එ බැවින් අසවු වියතිනි සබ තුරේ’ යි



                                         ග්රයන්ථ සංඥා                                  599

පැරැකුම්බා සිරිත් කරුවෝ ද මෙ අරුත්හි ‘වියතිනි’ යනු යොදත්.

2. පිරියත්නට - පර්යාප්තයනට. යම් ඉසවුයෙකැ හෝ ඉසවු කීපයෙකැ හෝ පාරයට ( කෙළවරට) ගියේ පිරියතෙකි. (පර්යාප්තයෙකි). ශාබ්දික පාක්ෂිකයෝ මෙහි ගැනෙත්.

3. කුදු - ඉතා කුඩා; ක්ෂුද්රර: අත්යාල්ප යන අරුත්හි වේ. 4. සිදතින් - සිඬාන්තයෙන්. විඥ ලොකයා විසින් අවිවාදයෙන් පිළිගැනුණු මත යැ. සිඬාන්ත නම්. මෙහි එ සේ නොපෙනෙන බැවින් හැඳින්වීම අසරණ විනා සසරණ නො වේ. 5. අතක් - අර්ථයක්, පිහිටක්, උදවුවක් ඈ අරුත්හි වෙයි. 6. තැතැ - තැනෙහි; වෑයමෙහි; උත්සාහයෙහි. 7. තුස් - තුටු, තුෂ්ට යන අරුත්හි යෙදිණ. ‘තුස්’ යනු සතොස්හි ධාතු ද වේ. 8. වා - වවු. වහු = වවු = වව් = ‘ව්’ ලොප වැ පූර්ව දීර්ඝා වැ වා.

 3. 	දකණ ලක සියල් - බුජ මඟ අවුරිනි රක්නා 

දද රදල ගම් විමන’ගැ - පතිරජදෙව් සැර දෙනේ.

අන්වය : සියල් දකණ ලක බුජ මහ අවුරිනි රක්නා රදල විමන් අගැ දද පතිරජදෙව් සැර දෙනේ.

අර්ථත : සකල දක්ෂිණ ලංකාව බාහු (නමැති) මහා ප්රා=කාරයෙන් රක්ෂණය කරන්නා වූ රාජග්රා.ම නමැති විමානාග්රැයෙහි ධ්වජාකාර වූ ප්රූතිරාජදෙවයා වීර කාලයක් ජය ග්ර හණය කෙරේ (වා)






600 සිදත් සඟරා විවරණය

විස්තර : ප්ර තිරාජදෙව වර්ණ නය ද ඔවුනට ශුභ ප්රායර්ථනය ද එයින් කැරිණ. කෙබඳු ප්ර තිරාජදෙවයෝ ද? සකල දක්ෂිණ ලඞ්කා රක්ෂණයෙහි මහා ප්රා.කාරාකාර වූ බාහු බල යුක්ත රාජග්රාගම ප්රාිසාද මස්තකයෙහි ලීලොපෙත ධ්වජාකාර වූ ප්රාතිරාජදෙවයෝ යැ.

යම් සේ මහ පවුරෙක් සතුරු උවදුරු දුරු කැරැ රටක් රක්නේ ද එ මෙන් ප්රේතිරාජදෙවයෝ ද බාහු බලයෙන් මුළු දකුණු ලක රක්නෝ යැ. මැඳුරක් මුඳුනේ කොඩියක් බබළනුයේ යම් සේ ද රදගම්හි ප්රුතිරාජදෙවයන් බබළනුයේ ද එ සේ මැ යැ යනු කී පරිදි යි.

ටිප්පණී : 1. සියල් - ‘සියලු’ යන තන්හි අන්ත්යෙ ස්වර ලොපයෙන් වියැ. 2. දකණ - දක්ෂිණාර්ථයෙහි ‘දකුණු, දකුණ, දකණ’ යන තුන මැ යෙදෙයි. රුවන් මල්හි දු කියැවිණ. ‘දකුණු, දකණ’ යනු. 3. බුජ - බාහු ; අත්.

‘ගජ පති භයපති නරපති රජුනෙඩි මැඬැ ගත් කටාර බුජ බල යස වතුරු උතුරු කළ සක්වළිනුත් පිටාර ර ජ නිය මුනි බණ වියරණ කව් නළු සරසවි කොටාර වජ ඹි මෙ රජ තුති පුවතර කපට රාජ තුරු කුටාර’ යි

පැරැකුම්බා සිරිත් කරුවෝ ද සවන පැරැකුම්බාවන් ගේ බාහු බල වනති.

4. මහවුරිනි - (මහ + අවුරිනි) මහා ප්රා.කාරයෙන්. ආදියෙහි සතුරු උවදුරු දුරු කරනු සඳහා පුර වටා බැඳුණු




                                           ග්රාන්ථ සංඥා                                      601

පවුර (තාප්පය) අවුර නමින් ගැනෙයි. පසමිතුරු බල මැඬැ දකුණු ලක රැක්මේ ලා මහ පවුරක් බඳු බලවත් අත් ප්රනතිරාජදෙවයන් කෙරේ වූ බව ඉන් ඇඟැවිණ.

පුර වැනුමේ දී පැරැණි කිවියන් අතින් බෙහෙවින් සඳහන් ලද්දෙකි පවුර ද.

‘පුර කත මහ’ වුරු - උකුළු වටා බඳ ‘නුබඳ සහගුම් බිඟු වැළ පියුම් - පිරි කියෙලී රසන් දම්’

‘නරනිඳු සතරකර සෙවුනා ලෙසින් නිරතුර කිරිසිඳු’රිදු එ පුර වැන්නැ වට කළ පිරී මහ’වුර’ ඈ විසින් එ සඳහන් කෙරේ කව්සිළුමිණ, කාව්යකශෙඛර යන ග්රඈන්ථ.

5. රදල ගම් - මෙ සඳහා ව්යායඛ්යායනයන්හි ‘විප්ර ග්රානම (වංශ), රදළගම් වංශ, රදොලගම් කුලය’ යන අරුත් පෙනේ. එ සේ අරුත් පෑමේ පිළිසරණය සනෙකුත් නො වේ. පෙළ හා එ අරුත් පෑහේ ද යනු විමැසියැ යුතු. දකණ ලක සඳහන් දුන් බැවින් මෙයින් ‘රත්ගම’ ගත යුතු සේ යැ පෙනෙනුයේ. ‘බුදු සරණ’ ‘බුත්සරණ’ යන්නා සේ මැ ‘රද ගම’ ‘රත්ගම’ ද වියැ හෙයි.

සිදත් සඟරා සඳහන් පතිරජදෙව් (ප්ර්තිරාජදෙව) වුව ද පූජාවලී සඳහන් දෙවප්රඳතිරාජ යැ. ‘............................. එ මැ රජහු ගේ. අග්රාතමාත්ය වූ බුඞාභිලාෂි වූ දෙවප්ර තිරාජ ‍නම් ශ්ර.ඬා පුරුෂයාණන් ගේ ...............’ යනුයෙන් ඒ පෙනේ. දෙ ගත්හි ලැබෙන නම් සඳහන් අතින් ‘දෙව්’ පෙර, පසු වනු විනා වෙන වෙනසෙක් නො වේ. එ බැවින් දෙ ලෙස මැ එක් තැන් සඳහා බව නිසැක යැ. දකුණු ලක



602 සිදත් සඟරා විවරණය

සඳහනින් ගත යුත්තේ ප්ර තිරාජදෙවයන් රත්ගමැ වූ බව යි. ‘දෙවප්ර තිරාජ’ නාමයෙන් දැන් එහි වන විදු හල ඔවුන් නමින් නැංවුණු නියා යැ.

සමන්තකූට වණ්නනාවෙහි -

‘තස්ස සිස්සෝ ‘සි යො විජ්පගාමවංසෙකකෙතුකො ඤාතාගමො ‘රඤ්ඤවාසී සීලාදි ගුණභූසණො ‘යො ‘කා සීහළ හාසාය සීහළං සද්දලක්ඛණං තෙන වෙදෙහ ථෙරෙන කතායම්පියසීලිනා’ යනුයෙන් වෙදෙහ ස්වාමීහු තමන් සඳහන් කෙරෙත්. ඒ බලා වෙදෙහ පාක්ෂිකයන් ප්රදතිරාජදෙවයනු දු ‘විප්ර් වංශ’ කොටැ දුට ද,

‘අනුගත ජිනශිෂ්ටිර් බ්රසහ්මවංශෛක දෘෂ්ටිර් මුනිරනවමදර්ශී පාරදර්ශී කලානාම් ප්රමණයති සකලාං සද්ග්රකන්ථසාරාර්ථදොග්ධ්රීං ටිබුධජනනිෂෙව්යංා දෛවචිත්කාමධෙනුම්’ යනු තකා අනවමදර්ශි පාර්ශ්ව ගත්තවුන් ඔවුන් බ්රාමහ්මණ වංශයෙහි ලා පැව ද මෙහි පිහිට ලබනු නො පෙනේ. ප්රරතිරාජදෙවයෝ සැබැවින් මැ එ වංශ නම් පෙළේ ‘විප්’ හෝ ‘දද’ හෝ ගන්වනු කවර බර ද? ඔවුන් සඳහා මෙහි කැරුණු සඳහන් තර කරන කිසිත් පුරාණ සන්න මාර්ගෘයෙන් හෝ ඉතිහාස පක්ෂයෙන් හෝ නො ලැබේ.

6. සැර - චීර (බොහෝ කල්) යන අර්ථයෙහි අව්ය්යයෙකි.

7. දෙනේ - ‘දන’ (ජයෙහි) ධාතුයෙන් වූ ආත්මනෙපද එකවචනාඛ්යාෝත යි. ජය ගනී වා (ජය ග්ර හණය කෙරේ වා) යනු අර්ථ යි. ‘දෙනේ වා’ යි සිටියැ යුතු මේ




                                           ග්රඅන්ථසංඥා                                     603

‘දෙනේ’ යි ආශීර්වා ද ගභි වැ සිටියේ යැ. ‘පතිරජදෙව්’ යනු යැ මෙහි උක්තය. ‘දෙනේ’ යනු ජීවත් වේ වා’ යන අරුතෙහි නො සිටී.

4. අදරිනයදත ඔහු විබතෑ නිරණ සිය බසැ පළ කරනු වස් මෙ කෙළෙම් කුලුණින් සිදත් සඟරා.

අන්වය : සිය බසැ විබත් ඈ නිරණ පළ කරනු වස් ඔහු අදරින් අයදත කුලුණින් මෙ සිදත් සඟරා කෙළෙමි.

අර්ථ : ස්වභාෂායෙහි විභක්ත්යාිදියේ නිර්ණ ය ප්රුකාශ කිරීම පිණිසැ ඒ ප්රථතිරාජදෙවයා ආදරයෙන් ආයාචනය කළ කලැ කරුණායෙන් මේ සිඬාන්ත සංග්රතහය කෙළෙමි.

ටිප්පණී : 1. නිරණ - නිශ්චය ; නිර්ණැය. 2. අයදත - ‘අයද’ (ඇයැදුම්හි) ධාතු යි. ඇයැදුම් (ආයාචනය) කළ කලැ. ප්ර්තිරාජදෙව ආරාධනයෙන් ග්රයන්ථ සම්පාදනය කැරුණු සේ මෙයින් ඇඟැවිණ.

 5.	මෙහි පදනුවඟ දැනැ වියරණ සිඳු 	බ ජ මි න

නිතාතිනි මන පැසිඳැ විතඬන දපිනි‍පිලෙ න යස රළ දිගෙ ළැඹෙන විතර පත සයුරු මෙන නඟනු මෙ ලකැ නිති දිය දදන නර’නත මින

අන්වය: මෙහි පදන් උවඟ දැනැ වියරණ සිඳු බජමින දපින් ඉපිලෙන විතඬන මන නිතැතිනි පැසිඳැ, දිගැ එළැඹෙන යස රළ අනත මින විතර පත සයුර මෙන නර මෙ ලකැ නිති දිය දදන නඟනු.



604 සිදත් සඟරා විවරණය

අර්ථ : මේ සිඬාන්ත සංග්ර හයෙහි ප්රසධාන (සූත්ර් ද) උපාඞ්ග (සූත්ර ද) ජානනය කැරැ (විංශතිවිධ) ව්යාහකරණ සින්ධුන් භජනය කෙරෙමින් දර්පයෙන් උඬත වන්නා වූ විතණ්ඩ මානය නිරුත්සාහයෙන් ප්රරච්ජින්න කොටැ දශා ප්රාවප්ත වන්නා වූ කීර්ති නමැති කරඞ්ග ද අප්ර‍මාණ මත්ස්ය් සමූහයා දො‍හෝ නො හොත් රත්න සමූහය වැනි ප්රිඥා ද යුක්ත විස්තර ප්රායප්ත සාගරාකාර මනුෂ්යමය මේ ශ්රීඞ ලඞ්කාද්වීපයෙහි ජය ධ්වජයන් නංවන්නැ.

විස්තර : ග්රකන්ථ කර්තෘ , ග්රීන්ථ යන උභය පක්ෂ නාම ගර්භ වූ චිත්ර් බන්ධනයෙකි එ නම්; සංස්කෘතයෙහි ෂඩර චක්රත බන්ධ නාමයෙන් ඇඳින්වේ. ශ්රීාමන්මාඝ මහ කවීන් විසින් ශිශුපාලවධ මහා කාව්යවයෙහි දැක්වුණු චක්ර බන්ධානුගමනයෙන් බැඳිණ.

ටිප්පණි : 1. පදන් - ප්රනධාන සූත්රව යනු යි මෙයින් කියනුයේ. ‘පණ’ කුරු ගත ‘කුරු ඈ නම් ලකුණෙන් හඳුන්වනු සන් නම්’ යනු පදන් නමි. 2. උවඟ - උපාඞ්ග සූත්ර යැ මින් කියනු.

‘පණ ‘කුරු, පසෙකි එ ද - ලුහු ගුරු බෙයින් දස වේ. ගත ‘කුරු ද වේ විස්සෙක් - වහරට යුහු සිය බසැ’ යනු උවඟ නම් යැ.

සංස්කෘත ව්යායකරණ‍යන්හි සූත්ර්, අනුවෘත්ති නාමයෙන් එන නියර මෙහි පදන්. උවඟ නමින් පෑ නියා යැ.

3. සිඳු - සමුද්රි, නදී (මුහුද, ගඟ) යන දෙ අරුත්හි මැ වේ. මෙහි සයුරු අරුත් යැ.





                                           ග්රින්ථ සංඥා                                   605

4. බජමින - භජනය (ආශ්ර ය) කෙරෙමින්. 5. දපින් ඉපිලෙන - දර්පයෙන් උඬත වන්නා වූ. ඉදිමෙන්නා වූ යනු යූ සේ යැ. 6. විතඬන - නිසරු පිළිවාදුවෝ (නිස්සාර ප්රුතිවාදීහු) යැ විතණ්ඩයෝ නම්. 7. මන - මානය යන අරුත්හි යෙදිණ. ‘මන්’ යනු ‘මන’ යි යෙදුණේ සර්ව. ලඝු නියර රක්නය යැ. 8. පැසිඳැ - ‘ප’ පූර්ව ‘සිඳු’ (ප්ර ච්ජීන්නයෙහි - පැසිඳීමෙහි) ධාතුයෙන් සිඬ අතීත නිපාත ක්රිියා (පූර්වහ ක්රි යා) යැ. ‘සිඳු’ ධාතු මෙන් වරනැ‍ඟේ. 9. දිගැ - දිශායෙහි. 10. එළැඹෙන - පැමිණෙන ; ප්රාරප්ත වන. 11. අනත - අපමණ; අප්රරමාණ. 12. මින - ‘මින්’ යනු සියලු ලුහු නියර නිසා යෙදු සැටි යා; මත්ස්යප, රත්න, ප්රරඥා යන ත්රි විධාර්ථි මැ දෙයි. 13. විතර පත - පැතිරැ ගිය; විස්තර ප්රා ප්ත. 14. නර - නරය; මිනිස; මනුෂ්යාය. 15. දිය දදන - ජය ධ්වජ; ජය කෙහෙලි. ‘දද’ යනු සඳැස් හෙයින් ‘දදන’ වියැ. 16. නඟනු - නඟන්නැ, ඔසවන්නැ යන අරුත්හි වේ.







606 සිදත් සඟරා විවරණය



මේ චක්රතයේ ඉහළ සිටැ ගනුත් මැ තෙ වන වටයේ ‘පතිරජ පිරු’ යනු දු ස වන වටයේ ‘වන ගෙ සිදත’ යනු දු ලැබේ. ‘පතිරජ පිරුවන ගෙ සිදත’ යනුයෙන් ගැනෙනුයේ ‘ප්රැතිරාජ පරිවෙණාධිපයන් ගේ සිඬාන්තය’ යනු යැ. පතිරජ පිරුවනට පති වූවෝ ද පතිරජ පිරුවන් නමින් ගැනෙත්. තැන් නමින් තැන් පතියනුදු ගැනෙනු -




ග්ර න්ථ සංඥා 607

‘තෙ වළා දැනැ යෙහෙන දස අත යෙසෙන් හොබවන විජයබා පිරුවන කියන මේ බණ අසවු ‍සතොසින’

යනුයෙන් සිරි රහල් මාහිමියෝ ද තමන් සඳහනින් කාව්ය ශෙඛරයෙහි දක්වති.

මෙ විවරණ පෙර බා - කළ මුනිදස්හු පෙර බා කෙළෙනු ‘න’ තැවැසි පසු බා කළ’ මරසිරි* නොපසුබා.

(මෙයින් සිදත් සඟරා විවරණය සම්පූර්ණු යි.)



  • කළ’මරසිරි - අමරසිරි කළ