Jump to content

සිදත් සඟරා විවරණය-සංඥාපනය

Wikibooks වෙතින්

සංඥාපනය

ජයවර්ධන පුර සමයය කෙළවර වන තෙක් සිංහල භාෂාව එක්තරා ව්යාපකරණ ක්ර මයෙකැ පිහිටි බව ලක්ෂ්යා නුසාරයෙන් පෙනෙයි. එහෙත් ජයවර්ධන සමයයට ආසන්න පූර්ව් කාලයෙහි සැපැයුණු සිදත් සඟරාව මුත් අන්ය් ව්යානකරණ ග්රදන්ථයක් ඇති වූ බවට ප්රුත්ය ක්ෂ සාක්ෂ්ය යක් දැක්වියැ නොහැකි යැ. අප්ර.ත්ය-ක්ෂ සාක්ෂ්යු කිහිපයෙක් වෙයි. එහෙත් එය ඉතා සියුම් ලෙස පිරික්සියැ යුතු වේ.

පුරාතන සිංහල ව්යාේකරණ ග්ර න්ථයෙක් වී ද? නො හොත් සිංහල ව්යාහකරණය ලක්ෂ්යාගනුසාරයෙන් මැ අවබොධ කරන ලද්දේ ද? ග්රලන්ථාරූඪ නුවූ සාමයික සාමාජික නිති රිති අවිරල යැ. එය මනා සේ දන්නෝ පුරාතනයන් අතරැ බහුමාන පාත්රව වූ හ. දැනුදු සිරිත් විරිත් දන්නා වැඩී සිටියෝ සමාජයෙහි මහත් සැලැකිලි ලබති. සාමයික සාමාජික නීති රීති දැන්මෙන් ග්රැන්ථාශ්ර යයක් නැති වැ මැ ලැබේ නම්, වාග්ව්යථවහාර නීති රීති දැන්ම ව්යාබකරණ ග්රාන්ථයෙකැ පිහිටි නො ලබා මැ කළ හැකි බවට කවර සැකයෙක් ද?

සිදත් සඟරාවට පෙරැ ව්යාගකරණ ග්රින්ථයෙක් නො වී ද? වූ බවට සාක්ෂ්යටයෙක් සිදත් සඟරායෙන් මැ ලැබේ. සිදත් සඟරා කාරයෝ සිංහල අක්ෂර මාලාවට දීර්ඝ් ස්වර පස ද බින්දුව ද ඇතුළත් කෙරෙති: ඉන් මැ නො නැවැතී, එ සේ කිරීම යුක්ති යුක්ත බවට කාව්යෂ



iv සංඥාපනය

ලක්ෂ්යයයෙන්, ලොක ලක්ෂ්යතයෙන් නිදර්ශ න ද දක්වත්. ලක්ෂ්යාවනුසාරයෙන් මැ ව්යා කරණය උගත යුතු වී නම් (ව්යා‍කරණ ග්ර න්ථයෙක් නො තිබිණි නම්) ලක්ෂ්යකයෙහි වෙනසක් නො සිතියැ හැකි සේ දක්නට ලැබෙන දීර්ඝ් ස්වර ද බින්දුව ද ව්යායකරණයෙහි සුදුසු බවට නිදර්ශ්න දක්වා වෙහෙසෙන්නේ කුමට ද? පුරාණතර ව්යා කරණ ග්රබන්ථයක් වූ බවද එහි අක්ෂර මාලාවට දීර්ඝෙ ස්වර පස හා බින්දුව හා නොගැනුණු බව ද මෙයින් සලකා ගත හැකි නො වේ ද?

ඉතින් කොහි ද ඒ පුරාණතර ව්යාතකරණ ග්ර න්ථය ? දැන් නො ලැබේ. මාඝාදි පර සතුරන් අතින් නට හ යි සිතීම ද නො යෙදෙයි. කවර හෙයින් ද? ව්යාරකරණ ග්ර න්ථයෙක් නම් අතින් අතැ ලියැවී යන්නෙකි. එ බන්දෙකැ පිටපත් රට පුරා ඇති වෙයි: නගර කිහිපයෙකැ හෝ ප්රකදෙශයෙකැ මැ හෝ සකල ලඞ්කායෙන් වැඩි සරියෙකැ මැ හෝ වූ තාක් පුස්තකාලයවලැ සියලු පිටපත් නැසුව ද ව්යා කරණ ග්රතන්ථයක් නැත්තට මැ නැති වූ හ යි විශ්වාස කළ හැකි නො වේ. එ හෙයින් එ බඳු ග්රතන්ථයෙක් නො වී මැ යැ යි සිතීමට තරම් මේ කාරණයෙක් නො වේ ද? නො වේ. පොතට සතුරෝ මැ වූ හු නම් එක ද පිටපතක් නැති වන සේ පොත් වැනැසීම හෝ, වහරට නොපැමිණීමෙන් ගෙවී යෑම හෝ සිදු නො වියැ හැක්කෙක් නො වේ.

සිදත් සඟරාව එ කලැ රාජ පූජිත කෙනකුන් විසින් කැරුණේ යැ: රජුට පමණක් දෙ වැනි වූ බලවතකු ගේ ආරාධනයෙන් කැරුණේ යැ.



v සංඥාපනය

‘දකණ ලක සියල් - බුජ මහවුරිනි රක්නා දද රදල ගම් විමනගැ - පති රජ දෙව් සැර දෙනේ’

‘සඳ වණ සිඳු කිය කුඹුයොන නම සතරා කියී සෙවෙන තො ද වැලි නි යළ තො ගොරා අරුණු කි හෙනි වී කෙරළන් ලැබැ හුරිරා පැටි වනදෙසැ යුද පතිරජ දිය ඉසුරා’

යනාදිය ඒ බලවතා වැනීම සඳහා කැරුණේ යැ. එ තරම් බලවතකු ගේ ආරාධනයෙන්, ඔහු මැ වනා, එ තරම් රජ පූජිත කෙනකුන් විසින් කරන ලද ග්ර න්ථය රට පුරා පැතිරීම ද එ සේ පැතිරීමට යම් යම් සම්බාධ ඇති වුව හොත් ඒ සියල්ල රජ අණින් මෙන් දුරු විම ද ආශ්චර්යබයෙක් නො වේ. දැනුදු අධ්යාවපන මණ්ඩලයේ බලවත් ප්රචයත්නය ඇතැම් සුදුසු පොත් මුළු සක්වළින් බැහැරැ කරන්නට යි, ඇතැම් නුසුදුසු පොත් සියල්ලන් මතැ නංවන්නට යි. එ කලැ වැනි කලෙකැ නම් ඒ ප්‍රයත්නය ‍සමෘද්ධ වැ, වර නොලැබූ පොත්වලැ නම් ද රටින් මැකි යනු නිසැක යැ. වාසනාවකට මෙන් දැන් නිදහසට ද යම් තම් අවසරය ඇති කාලයෙකි.

කෙසේ වුව ද සිදත් සඟරාව සිංහල භාෂාවට අසහාය ව්යා කරණ ග්රවන්ථය වැ සිටී. අළගියවන්න මුකවෙටි තුමන් ගේ කාලයෙන් පසු ලක්ෂ්යගයන් නො විමසා මැ සිදත් සඟරායෙන් ව්යාෙකරණය ඉගැන්වීම සම්ප්රමදායය වූ සේ පෙනේ. ‘සමස්ත ලොකයෙහි මෙ තරම් ප්රඉශස්ත ව්යාමකරණයෙක් නැත්තේ යැ’ යි කියන තරමට ඇතැම් වියතුන් ගේ සිත් මේ ග්රමන්ථය කෙරෙහි ඇලුණේ යැ. ව්යාගඛ්යාම, විස්තර, භාව, ප්ර ශ්නොත්තර, වර්ණසනා, පරීක්ෂණ


vi සංඥාපනය

යනාදිය පළ වන්නට වියැ. ඇතැමෙක් ‘සිදත් සඟරාව නිවැරැදි ලෙස ඉගැන්වෙන්නේ අප ගේ ආචාර්ය පරම්පරායෙහි යැ’ යි දැපෙන්නට වූ හ. ඔවුනොවුන් සමු වූ විටැ සාමාර්ථ්ය රීක්ෂණයට අසන ගැට ද බොහෝ වියැ. සිඬාන්ත සංග්රවහ කාරයනුදු පරදවන අයුරින් ඒ ගැට රහසේ ළිහා, ‘දුටුවා ද අපේ තරම? පිළිවන් නම් වෙන තැනකට ගොසින් මෙහි තේරුම අසා ගන්නැ’ යි කියන ලීලායෙන් හාත්පසැ බලන්නෝ ද ඇති වූ හ. ඉඳැ - සිටැ- ලා වත් සිදත් සඟරායෙහි සදොස් යැ යි සිතියැ හැකි තැනක් දැක්වූවකු හට විඳින්නට වන විපාක මෙයින් සලකා ගත හැකි යි. එක් පණ්ඩිත කෙනෙක්, සිදත් සඟරාවට දොස් කියන්නට පෙරැ සිදත් සඟරාව උගත යුතු යැ’ යි අපට මැ වදාළෝ යැ. එ හෙයින් අපි උගන්නට මැ උත්සාහ කළම්හ. මේ ප්ර තිඵල යි.

ග්රපන්ථ කරණය

සිදත් සඟරා කාරයන් පිළිබඳ මත භෙදයෙක් වෙයි. පොතෙහි දැක්වූණේ පතිරජ පිරිවනුන් විසින් සිදත් සඟරාව කැරුණු බව යි.

‘දෙනෙ දැනැ මෙ සිදත පතිරජ පි රු ව න සැකෙවිනි පළ කළ දැනුමට ස රු ව න දද බැවිනි වර වැ මහ ගතු ක රු ව න සෙබෙ වති වැජැඹෙත සජනෙනි වැ රු ව න’

යන තන්හි ග්ර න්ථකාර නාමය එළියේ මැ පැවැසිණ. ග්රතන්ථාවසානයෙහි වූ ෂඩර චක්රේ බන්ධයෙහි ‘පතිරජ පිරුවන ගෙ සිදත’ යැ යි ග්ර න්ථ ග්ර‍න්ථක නාම ගර්හිත යැ. ඉතින් මේ ‘පතිරජ පිරුවන්’ නාමයෙන් ගැනුණෝ කවරු ද?


සංඥාපනය

‘පිරිවෙන්’ යනු දැන් බෞද්ධ භික්ෂූන් ගේ විද්යා ලයයකට නම් වෙයි. එහෙත් පුරාතනයෙහි මේ නම හෝ මෙයට මුල් වූ පාළි ‘පරිවෙණ’ යනු හෝ විද්යාමලයයක් නො හැඟැවී යැ. විහාරයක් මැ හැඟැවී යැ. සංස්කෘතයෙහි වනාහි ‘පරිවෙණ’ නාමයෙක් නැති. ඒ අර්ථය හැඟැවුව මනා තන්හි ‘විහාර’ යනු හෝ එයට සමාන අන්යන නාමයෙක් හෝ යෙදිණ. සඬ්ඝාවාසයෙහි සඟ පැටියන් පමණක් නො වැ ගිහි පැටියෝ ද අකු‍රු උගත් හ. එ හෙයින් ඉගැන්ම ද පිරුවනෙකැ ලකුණෙක් වූයේ යැ. ‘පිරුවන්’ නාමයෙන් විද්යාෙලයයක් ගැනෙන්නට වූයේ මෙ සේ යැ.

කිමෙක් ද, මේ පතිරජ පිරුවන ? ද්විතීය පණ්ඩිත පරාක්ර මබාහු රාජ සමයයෙහි රාජ්ය භාරය උසුලා සිටි ප්ර්තිරාජදෙව නම් අමාත්යලයන් විසින් කරවන ලද්දක් බව නාමයෙන් මැ හැ‍ඟේ.

මහාවංශයෙහි මේ එයි :-

‘තතො ගන්ත්වාන සො හත්ථ:වනගල්ල විහාරකං රඤ්ඤා වුත්තනියාමෙන කත්වා බහුධනබ්බයං’

‘කාරාපෙත්වාන පාසාදං තුඬ්ගසිඞ්ගං තිභූමකං අනොමදස්සිනාමස්ස මහාසාමිස්ස ධි‍මතො’

‘තං දත්වාන තතො තස්ස මහාරාජනියොගතො දානවට්ටම්පි කප්පෙත්වා සිලාලෙඛමකාරයි’.

(හේ එ තැනින් අත්තනගලු වෙහෙරට ගොස් රජ කී මෙහෙවරින් බොහෝ ධන වැය කොටැ, උස් සිඟු තුන් මහල් පායක් කරවා, අනවමදර්ශි නම් ප්රොඥාවත් මාහිමිහු හට එය දී, ඉක්බිති, මහා රාජ නියොගයෙන් එයට දන් වැට ද සලසා ශිලා ලෙඛනයක් කැරැවී යැ.)

viii සංඥාපනය

මෙහි ‘සො’ (හේ) යනුයෙන් ගැනුණෝ ප්රිතිරාජදෙවයෝ යැ. එහෙත් ඒ ප්රාසසාදය ‘ප්රෙතිරාජ ප්රාුසාද’ නම් වූ බවෙක් මෙහි නො කියැවිණ. මේ අඩුව අනවමදර්ශීන් විසින් මැ නිපදවන ලද ‘පරොපකාර’ නම් ජ්යොදතිෂ ග්ර න්ථය මෙ සේ පුරවා ලයි :-

‘ප්රපතිනෘපතිමහාවිහාරනෙතා ක්ෂිතිසුරවංශජනිර්මුනීන්ද්රාසූනුඃ ඉදමනවමදර්ශිනාමධෙයඃ පරමකරොත්කරණං පරොපකාරම්’.

(ප්ර්තිරාජ මහා විහාර නායක වූ බ්රා හ්මණ වංශොත්පත්ති ඇති අනවමදර්ශි නම් වූ මුනින්ද්ර පුත්රූ තෙමේ ‘පරොපකාර’ නම් වූ මේ උතුම් කරණය කෙළේ යැ.)

ප්රමතිරාජදෙවයන් මහා ප්රා සාදයක් කරවා අනවමදර්ශි මාහිමියන් හට දුන් බව මහාවංශය කියයි. ඒ මාහිමියන් අධිපති වූ විහාරය ප්රහතිනෘපති (ප්රුතිරාජ) මහා විහාර නම් වූ බව පරොපකාරය පවසයි. විරොධයක් නැති හෙයින් ‘පතිරජ පිරුවන’ නම් අත්තනගල්ලෙහි ප්ර.තිරාජදෙවයන් විසින් කරවන ලද මහා ප්රාරසාදය බව පැහැදිලි වේ.

ඉතින් සිදත් සඟරාව කවර කෙනකුන් විසින් කරන ලද ද? පතිරජ පිරුවනුන් විසින් කරන ලදි: ප්ර තිරාජදෙවයන් විසින් ආරාධිත වැ කැරුණු හෙයින් ඔවුන් ගේ කාලයෙහි කරන ලදි: ඔවුන් විසින් කරවන ලද ප්රෙතිරාජ විහාරයට අධිපති වූ කෙනකුන් විසින් කරන ලදි: ප්රුතිරාජ විහාරයෙහි එ කලැ ආධිපත්ය්ය අනවමදර්ශි



සංඥාපනය

මාහිමියනට පැවැරී තුබුණු හෙයින් අනවමදර්ශි මාහිමියන් විසින් කරන ලදි. සාක්ෂ්යානනුසාරයෙන් මේ පැමිණියැ හැකි නිගමනය යි. මේ එක් මතයෙකි.

තව ද මතයෙක් වෙයි. එ නම් වෙදෙහ නම් ස්ථවිරයාණ කෙනකුන් විසින් සිදත් සඟරාව කරන ලද්දේ යැ යනු යි. ඒ මතය සාධක දෙකක් පිටැ පිහිටියේ යැ. හදන්ත වෙදෙහයන් ගේ ‘සමන්තකූට වණ්ණනා’ ‘රසවාහිනී’ යන ග්රමන්ථවයයෙහි මැ අගැ ඔවුන් විසින් ‘සිංහල ශබ්ද ලක්ෂණය’ කරන ලද බව කීම එක් සාධකයෙකි. මේ යැ, සමන්තකූට වණ්නනා පාඨය: -

‘තස්ස සිස්සෝ’සි යො විප්පගාමචංසෙකකෙතුකො ඤාතාගමො ‘රඤ්ඤවාසී සීලාදිගුණභූසණො

‘යො’කා සීහළහාසාය සීහළං සද්දලක්ඛණං තෙන වෙදෙහථෙරෙන කතා’යං පියසීලිනා’.

බ්රාවහ්මණ ග්රාහම වංශයට අසහාය කේතු වූ දන්නා ලද ආගමය ඇති වූ ආරණ්යරවාසි වූ ශීලාදි ගුණ නැමැති ආභරණ ඇත්තා වූ යමෙක් තෙමේ ඔහු ගේ ශිෂ්යස වී ද, යමෙක් තෙමේ සිංහල භාෂායෙන් සිංහල ශබ්ද ලක්ෂණය කෙළේ ද, ප්රිභයශීලි වූ වෙදෙහ තෙරහු විසින් මෝ තොමෝ කරන ලදු.)

රසවාහිනී පාඨය මෙ සේ යැ :-

‘යො ‘කා සිහළහාසාය සිහළං සද්දලක්ඛණං යො ව සමන්තකූටස්ස වණ්ණනං වණ්ණයි සුභං තෙන වෙදෙහථෙරෙන කතා’යං රසවාහිනී’


x සංඥාපනය

(යමෙක් තෙමේ සිංහල භාෂායෙන් සිංහල ශබ්ද ලක්ෂණය කෙළේ ද යමෙක් තෙමේ සමන්තකූටයා ගේ ශුභ වූ වර්ණ නයත් වැනී ද ඒ වෙදෙහ තෙරහු විසින් මේ රසවාහිනී තොමෝ කරන ලදු.)

මේ දෙ තන්හි මැ කියැවෙනුයේ සිංහල ශබ්ද ලක්ෂණයෙකි. ඒ සිදත් සඟරාව මැ බව කෙසේ ඔප්පු කළ හැකි ද? ඒ සඳහා දැක්වෙන සාධකයෙක් ද වේ. එ නම් :-

‘නත් වරද ලොප් ව න කිරිය අදියර සත් ව න අදෙස් හැදැහිලි ව න එ සඳ ගුණයෙන් සද ලකුණු ව න’

යන කාව්ය ශෙඛර පද්ය ය යි.

මෙ කියන ‘සද ලකුණෙහි’ (ශබ්ධ ලක්ෂණයෙහි) ‘නත්’ ‘වරද’ යන තන්හි ලෝපය දැක්වෙයි, ක්රිෂයාධිකාරය සත් වැනි යැ. ‘හැදැහිලි’ යන තන්හි ආදෙශය පැවැසෙයි. එ සියල්ල සිදත් සඟරායෙහි එ සේ මැ යැ. ඉතින් වෙදෙහ තෙරහු මැ ස්වකීය ව්යායකරණය ශබ්ද ලක්ෂණ නම් බව කියත් නම්, රහල් මහ තෙරහු සිදත් සඟරාව හඳුන්වන ලකුණු තුනක් මැ දක්වා, ඒ සද ලකුණු යැ යි පවසත් නම් ඒ, වෙදෙහ තෙරුන් විසින් සිදත් සඟරාව කරන ලද බවට අභෙද්යම සාක්ෂ්යු නො වේ ද?

ප්ර තිවාදීහු මෙ සේ කියත්. වෙදෙහ ස්ථවිරයන් ප්ර තිරාජ විහාරාධිපති වූ බවෙක් කිසි තැනෙකැ නො කියැවිණ. අනවමදර්ශි ස්ථවිරයන් ඒ තනතුර දැරූ බවට වාදයෙක් නැති. තමන් ආරණ්යස වාසි බව වෙදෙහ තෙරහු මැ කියති.


xi සංඥාපනය

අරණ්යන වාසීනට ගම් විහාරයකට අධිපති බවෙක් නම් කොයින් ලැබේ ද? ශබ්ධ ලක්ෂණ යනු කවර ව්යාෙකරණ ග්ර න්ථයකට වූව ද දියැ හැකි සාමාන්යී නාමයෙකි. ‘සිංහල ව්යනකරණය’ යනු මෙනි. එකකු ‘ශබ්ද ලක්ෂණය’ යනු ස්වකීය ග්රකන්ථයට විශෙෂ නාමයක් කැරැ ගත ද අනෙකකු සිදත් සඟරාව මැ ශබ්ද ලක්ෂණ නාමයෙන් දැක්වීම දෙසෙක් නො වේ. එ හෙයින් රහල් මහ තෙරුන් ‘සද ලකුණු’ යනුයෙන් සිදත් සඟරාව මැ නො ගත් හ යි කෙසේ නම් කියැ හැකි ද? සිදත් සඟරාව මැ ස්ව කර්තෘය නාමය ‘පතිරජ පිරුවන්’ යැ යි දක්වා නම්, ඉතිහාසය එ කලැ පතිරජ පිරුවන් වූවන් අනවමදර්ශි මාහිමියනැ යි කියා නම් එ හිමියෝ ද එ බව පවසත් නම්, සිදත් සඟරාව අනවමදර්ශි මාහිමියන් විසින් කරන ලද බවට තවත් සාක්ෂ්ය වුව මනා ද?

වෙදෙහ පක්ෂයට පිහිට වන තව ද තැනෙකි. සමන්තකූට වණ්ණනායෙහි එන - ‘විප්පගාමවංසෙකකෙතුකො’

යනු සිදත් සඟරායෙහි එන, - ‘ දද දද ගම් විමනගැ’

යන්න හා මුළු මනින් මැ සමාන යැ, ඒ ග්රමන්ථ දෙක මැ එක් කෙනකුන් විසින් කරන ලද බවට බලවත් සාක්ෂ්යායෙක් නො වේ ද?

අනවමදර්ශි පක්ෂය ගත්තෝ ‘නො වෙති’ යි යෙති. සමානාර්ථස පාඨ පෙනීම මැ පොත් දෙකක් එක් කෙනකුන් ගේ යැ යි කීමට ප්ර මාණ නො වේ.



xii සංඥාපනය

අන්යපයකු ගේ යෙදුමක් ගෙනැ තමන් රචනාවෙකැ අමුණා ගැනීම එ තරම් නින්දාවට හේතුවක් කොටැ එ කලැ ලක් දිවැ බොහෝ ගත් කරුවන් සැලැකූ බවෙක් නො පෙනේ. තව ද සමාන තැන් ඇත් දැ යි බලමු. අනවමදර්ශි මහා ස්වාමීන් ගේ දෛවඥකාමධෙනුයෙහි ප්රබථම ශ්ලොකය යැ මේ :-

‘ප්රසතිඵලන්ති ජගන්ති සමන්තතො මහති යද්ධිෂණාමණිදර්පණෙ ස භගවාන් මුනිර්හිතසිද්ධයෙ හෘදි චිරං මම ගන්ධකුටීයතම්’

(යමක්හු ගේ මහත් වූ ප්ර ඥා මණි දර්පණයෙහි හාත්පසින් ලොකයෝ ප්රුතිබිම්බිත වෙත් ද, ඒ භගවත් මුනි තෙමේ. අභිමත සිද්ධිය පිණිසැ මා ගේ හෘදයයෙහි බොහෝ කල් ගඳ කිළියෙකැ මෙන් වේ වා. )

මෙ හා, සිදත් සඟරායෙහි -

‘ම- හද ගඳ කිළි කැරැ - සව් නේ ගෙවා දත් හට දුහුනන් දැනුම් සඳහා - කරනෙම් සිදත් සගරා’

යනු හා සසඳා බැලූ කලැ පෙනෙන සාම්යකය අල්ප ද? තව ද තැනෙකි. දෛවඥකාමධෙනුයෙහි මෙ සේ ද ශ්ලොකයෙක් වෙයි.

‘ඊර්ෂ්යාබපිශාචීවපලාත්මහාජො නින්දන්ති යෙ තෙෂු මමාස්ති නාස්ථා ආරාධකො’හං මහතාන්තු තෙෂාං යෙතු ශ්රිමඥාශ්ච පරාර්ථකාමාඃ’


xiii සංඥාපනය

(යම් කෙනෙක් තුමු ඊර්ෂ්යාර නමැති පිශාවිය ගේ චපල වූ ආත්මය සෙවුනාහු නින්දා කෙරෙත් ද ඔවුන් කෙරෙහි මා ගේ සැලකිල්ලෙක් නැත්තේ යැ. යම් කෙනෙක් වනාහි ශ්රගම දන්නාහු ද පර වැඩ කැමැත්තාහු ද මම වනාහි ඒ මහාත්මයන් ගේ ආරාධකයෙමි.)

මේ අර්ථ්ය, සිදත් සඟරායෙහි - ‘මෑ පෙළ පමණ සිඹි - කිවි‍මන් දනන් පසසත ගරහත යළි දු කම කිම් - පඬුවෝ මැ මෙහි පමණෝ’

යනු හා කො තරම් මහත් සාම්යායක් දක්වා ද?

සියල්ල සලකා බලන කලැ සිදත් සඟරාව අනවමදර්ශි මාහිමියන් ගේ කෘතියක් බව ඔප්පු කිරීමට දැක්වියැ හැකි අනල්ප වූ සාධකයන්, වෙදෙහ පක්ෂයේ සාධකයන් නිරායාසයෙන් මැඩැ ලන බව පැහැදිලි වෙයි.

ඉතින් කොහි ද, වෙදෙහ තෙරුන් ගේ ශබ්ද ලක්ෂණය? එ කලැ ද දැන් මෙන් අධ්යාෙපන මණ්ඩලයේ පුස්තක විචෙකයෝ වූ හු දැ යි නො දනිමු. වූ හු නම් දැන් පුස්තක විවෙචකයන් තමනට ‍තමන් ගේ මිත්ර යනට නොරිසියෙන පොතට කරන්නට කැමැති වන දෑ එ කලැ පුස්තක විවෙචකයන් සැබැවින් කොටැ මැ නො නැවත්ත හ යි කෙසේ නම් සිතමු ද?

අනවමදර්ශි මාහිමියන් ගේ කාලය ඉතිහාසයෙහි නිසැක සේ දැක්විණ. එ කලැ රජ තුමන් විසින් මැ ‘කව්සිළුමිණ’ නම් සිංහල මහා කාව්ය ය නිපදවන ලදි. කව්සිළුමිණින් නිදර්ශින කොටැ ගත් තැන් සිදත් සඟරායෙහි දු පෙනේ. එ හෙයින් කව්සිළුමිණට හවුරුදු කීපයකට මැ පසු වැ සිදත් සඟරාව කැරුණු බව නිසැක යැ.

xiv සංඥාපනය

ජ්යොපතිශ්ශාස්ත්රරයෙහි විශෙෂ සාමාර්ථ්යහයක් අනවමදර්ශි මාහිමියනට ඇති වූ බවට ඔවුන් ගේ ‘පරොපකාර’ දෛවඥකාමධෙනු’ යන ග්රරන්ථ දෙක සක්ෂ්ය යි. පරොපකාරයෙහි කර්තෘා නාමය දක්වන ශ්ලොකය පෙරැ මැ දැක්විණ. දෛවඥකාමධෙනුයෙහි කර්තෘ නාමය මෙ සේ දැක්වෙයි :-

‘අනුගතජිනශිෂ්ටිර්බ්රාහ්මවං‍ෛශෙකදෘෂ්ටීර් මුනිරනවමදර්ශී පාරදර්ශී කලානාම් ප්රමණයතිසකලං සද්ග්රරන්ථසාරාර්ථදොග්ට්රිං විබුධජනනිෂෙව්යාං දෛවවිත්කාමධෙනුම්’

(අනුගමනය කරන ලද බුද්ධ ශාසනය ඇති, බ්රාවහ්මණ වංශයට එක මැ නෙත්ර ය බඳු වූ, කලාවන් ගේ කෙළවර දක්නා වූ , අනවමදර්ශි නම් මුනි තෙමේ, යහපත් ග්රවන්ථයන් ගේ සාරාර්ථවය දෙන්නා වූ, පණ්ඩිත ජනයා විසින් ‍නිෂෙවනය කළ යුතු වූ සකල දෛවඥකාමධෙනුව කෙරෙයි.)

ප්රඥශ්නයෙක් උපදී පරොපකාරයෙහි ද ර්කදතෘ නාමය සම්පූර්ණ වශයෙන් දැක්විණ. සිදත් සඟරායෙහි පමණක් ‘පතිරජ පිරුවන්’ යන නම පමණක් දක්වන ලද්දේ කවර හෙයින් ද? කර්තෲාන් ගේ අදහස ඉඳුරා දැක්වියැ හැකි නො වේ. දෛවඥකාමධෙනුව පළමු වැ ද ‍පරොපකාරය ඉනික්බිති වැ ද කරන ලද බව සිතියැ හැකි යි. ප්ර්ථමයෙහි නොදැක්වුණු ප්රදතිරාජ විහාරාධිපති භාවය ද්විතීයයෙහි දැක්වුණු හෙයිනි. සිදත් සඟරාව කරන කාලයෙහි මේ ස්වාමින් මහත් ප්රවසිද්ධියට පැමිණැ සිටිය හ යි ද පුද්ගල නාමයෙන් නො වැ ස්ථාන



xv සංඥාපනය

නාමයෙන් මැ ගැනෙන කාලයෙහි කැරුණු හෙයින් සිදත් සඟරායෙහි ස්ථාන නාමයට මැ ඉඩ හැරුණ හ යි ද සැලැකීම යුක්ති යුක්ත වෙයි.

සිදත් සඟරාවට කළ පුරාතන ව්යයඛ්යාුනයෙක් ද වෙයි. එහි කර්තෘ නාමයෙක් නො පෙනේ. ග්රයන්ථකාරයන් ගේ මැ කෘතියෙකැ යි සලකනු ලැබේ. කෙසේ වුව ද සිදත් සඟරා පෙළ තේරුම් ගැනීමට එය මහත් වහලක් බව කියැ යුතු යැ. ඇතැම් තන්හි ප්ර්ත්යකක්ෂ වූ ද අර්ථහය වරදවා කීම පෙළත් සන්නයත් එක් කෙනකුන් ගේ මැ යැ යන මතය පෙරළයි. අව්යතක්ත ලෙඛකයන් අතින් වන වරද ද ගණනට ගත් කලැ පෙළ ද සන්නය ද එක් කෙනකුන් ගේ මැ යැ යන මතයට බල නොලැබෙන්නේ නො වේ.

සිදත් සඟරාවට මෑතෙකැ දී නිපදවන ලද ව්යාකඛ්යා ද කිහිපයෙකි. පෑලියගොඩැ විද්යාාලංකාර විද්යා ලයයාධිපති ධර්මාවරාම මහා ස්ථවිර ස්වාමීන් විසින් කරන ලද විස්තර සන්නය විශෙෂයෙන් සැලැකියැ යුත්තේ යැ. බොහෝ ආචාර්යවරයන් සිදතෙහි වරදවා ගත් තැන් මහත් ගණනෙක් එයින් හෙළි වියැ. අවසාන පද්යැය, ග්ර න්ථ ග්ර න්ථක නාම ගර්භිත ෂඩර චක්ර බන්ධයක් බව විස්තර සන්නයෙන් හෙළි වියැ. දැන් නම් කවුරුත් ෂඩර චක්රය බන්ධ අදිති, වනති, පෙරළති. එහෙත් දම්රම් හිමියන් ගේ මෙහෙය දන්නා බවක් වත් නො හඟවත්.

දම්රම් හිමියන් ගෙන් වූ මහත් මැ මෙහෙය සිංහලයෙහි ණ, න, ළ, ල යන අක්ෂරයන් ගේ ව්ය,වහාරය පිළිබඳ



xvi සංඥාපනය

විශෙෂ සිංහල රීතීන් පැහැදිලි වීම යි. පුරාතන සිංහල ග්රයන්ථයන්හි ඇතැම් දුෂිත පාඨයන් ශුද්ධ කැරැ ගැන්මට එයින් ලැබුණු වහල ඉතා මහති. එහෙත්,

‘ඊර්ෂ්යා පිශාචීචපලාත්මහාජඃ’

යනාදීන් සිදත් සඟරා කාරයන් වැනූ පක්ෂයේ ඇත්තෝ එ සේ හෙළි වූ රීතීන් දැනුදු නො පිළිගනිති. ශාස්ත්රත නියමය ද නෑ කම් මිතුරු කම් අනුවැ සලකන්නාහු මේ ‍රටෙහි දැනුත් ගරු බුහුමන් ලබති.

මෑතෙකැ දී සිදත් සඟරාවට සැපැයුණු භාව සන්නයෙක් ද පළ වියැ. විවරණයේ දී එය මැනැවින් මැ මැනෙන හෙයින් එහි විශෙෂයෙක් මෙ තන්හි නො වැනේ. භාව සන්න කාරයන් අනෙක් කුමක් දත ද, මේ භාව සන්නය ලියන කාලයෙහි දී ‘භාව’ යන්නෙහි අර්ථ් නො දැනැ සිටි බවට සැකයක් නැති බව පමණක් මෙහි ලැ කියැ යුතු යැ.

විවරණය

‘සිදත් සඟරාව පැරැණි යැ, මහාස්වාමි කෙනකුන් විසින් කරන ලද්දේ යැ, අප සිංහල ව්යාකකරණය උගත්තේ එයින් යැ, එහි ඇති දොසක් වුවත් පෙන්නා දීම ගුරු දොහි කමෙකැ’ යනු ඇතැමුන් සිතන පරිදි යි. විවරණය සපයද්දී මෙ බඳු සිතුම් එකකුත් අප සිතට නොනැඟුණු බව පළමු කොටැ මැ කියම්හ. ‘සිදත් සඟරාව සර්වඟතොභද්රට යැ, ව්යාසකරණ ශාස්ත්රොයෙහි කොටි ප්රාගප්තිය යි’ යන මතය ගත්තවුනට විවරණය සවිෂ වියැ හැකි යැ. භාව සන්න කාරයන් කියන්නා සේ ‘ඉන් අපට කම් කිම? අප‍ ගේ ප්රෙයත්නය අධුනිකානුග්රනහය පිණිස යි.’


xvii සංඥාපනය

විවරණයෙන් සිදත් සඟරා පෙළෙහි අවිපරිතාර්ථ දත හැකි යැ: පැසැස්සැ යුතු තැන්දත හැකි යැ, නො පැසැස්සැ යුතු තැන් දත හැකි යැ: ඇතැම් සන්න කාරයන් ගේ වික්ර මය දත හැකි යැ. එ පමණෙක් මැ නො වේ. සිංහලයෙහි නියම ව්යාකකරණ රීතිය ද සුදුසු තන්හි එයින් අවුළා ගත හැකි වෙයි.


මුනිදාස කුමාරණතුංග

2478 වප් පුර 10. පාණදුරේ පල්ලිමුල්ලේ දී යැ.









(ප්ර ථම භාග) දෙ වන පැහැරැවුමේ හඳුනවුව

සිදත් සඟරා විවරණය දෙ වන වරට ද එළි දකි; පළමු වරට එළි දුටුයේ අදට එකුන් විසි වසරකට ආදියේ වෙයි. විවරණ සරණ කැමැත්තෝ කලෙකැ සිටැ මැ දෙ වන පැහැරැවුම ලබන අතට නෙත් සිත් දී, ඉවැසිලි පතා සිටියෝ යැ. පළමු පැහැරැවුම නො ලැබියැ හැකි වැ තමන් මන දොළ නොපිරෙන්නට වූ හෙයිනැ. දැන් මේ නැ‍ඟේ ඒ පුරවන්නට.

ඉතා මෑතක් වන තෙක් සිදත් සඟරාව හෙළ වියරණ ලොවැ කඩා මල් කඬ සෙයින් සැලැකිණ. අද හෙළ බස් පුබුදුව සඳහා පෙරට බට වියත් එක් දෙ තැනෙක් සිදත පිළිබඳ අමුතු මත ඇත්තෝ වූ හ. එ බවට ඉඟි නොකළාහු මැ නො වෙති ඔහු. පුරා එ ඉඟි කළාහු කුමරතුඟු මුනිදස්හු - අපේ ගුරු දෙවියෝ - යැ. මේ දෙස් යැ.

සිදතට පටහැණි බණක් බණනු නව ලොවුතුරු දහමට පටහැණි බණක් බණනු පමණට මැ දරුණු කොටැ ගැනිණ. කො තරම් ද යත්, නිරැ වදනා පමණ බිහිසුණු පවක් සේ යැ ඒ. සිදත විවිසුවට ලක් කොටැ බණන්නට වන් එක් අවසරයෙකැ තමන් මැ අස්වා වදාළ බණ වරක් ගුරු දෙවියෝ තුමු සිය හඳුනවුයේ පෑ පියති.

සිදත පිළිබඳ වැ එ තෙක් පැවැති එ තතු විවරණයෙන් පසු ඉඳුරා අන් අතකට හැරෙන්නට වනැ. සිදත් මත ගැනැ සිය නොවක් හැඟුම් එළි කරන නිදහසට බියෙන් හුන් ඇතැමුන් බිය විය වියැ. අනුන් අනුවැ ගිය පවින්





xix දෙ වන පැහැරැවුමෙ හඳුනවුව

සිදත් ගුණ කෙරේ අඳ වැ ගැති බවට වැටුණාහු නොගැති බවට පෙරැළෙන්නට වන්නු යැ. පමණ ඉක්මවා ලද බුහුමනට සිදත නොහිමි වන්නට වියැ; ලද මනා බුහුමනට හිමි වන්නට වියැ: නියම හෙළ වියරණ තතු මතු වන්නට වියැ. සිදත කෙරේ නොසි‍ඳෙන පමණ තද බැති ඇති වැ සිටියවුන් අතරැ ගැණුණු ඇතැම් මැදහත්තු පවා නුවන් හයන්නට වන් හ: සිත බුරුල් කොටැ අර හුරු පුරුදු බැති නුහුරු නුපුරුදු කරන්නට වූ හ. සිදතින් නියතින් මැ ලැබියැ හැකි පල ලබන මඟ පැහැයිණ. වැඩෙක් මැ යැ වූයේ.

පළ වූයේ විවරණයේ පළමු අඩ පමණ යි. දෙ වන අඩ ද ගුරු දෙවියන් අතින් එ දවස්හි මැ ලියැවිණ. මහත් අවාසනාවකට මෙන් එක් පොත් හවුලෙකැ නොසැලැකිල්ලෙන් - බසින් නො කිව හැකි නොසැලැකිල්ලෙන් - ඒ අත් පිටපත ‍නැති වියැ. නො කැමියැ හැකි වරදෙකි! නො පිරිමැසියැ හැකි හානියෙකි!

සිදතින් එකතින් පල ලබනු රිසියෝ දෙ වන අඩ පිළිබඳ විවරණය ද ‍පතා මැ හිඳිති. ඒ අපි ඉතා දනුම්හ. කලෙකැ පටන් බොහෝ දෙනා අප ද දන්වන රිසි හෙයිනි. විරුසේකර ජයත් ඇජරන් දා බොහෝ දෙනෙක් මේ මෙහෙයෙහි මෙහෙ‍යවන්නට වන් හ ඔවුන්. ‘ගුරු දෙවියන් ගේ මුල් අඩට ‍පෑගෙන සේ දෙ වන අඩට විවරණයක් කරනු ඉතා නොපහසු කිසෙකි. එහෙත් මා සවි පමණින් එය කරන්නට පතමි’ යි ඇවිටිලි බලවත් වැ කළවුන් අස්වැසූ ඔහු. වූයේ අනෙකෙකි. ඔවුන් තව ද ඇතැම් පැතුම් මෙන් මෙ පැතුම ද නට වැ වැටිණ.

ඔවුන් ඇවෑමෙන් මෙ තකා අප මුහුණ බලන්නෝ ද වෙත් මැ යැ. අපට ද මේ වැඩි තරම් වැඩෙකි. ජයත්


xx දෙ වන පැහැරැවුමේ හඳුනවුව

ඇජරනටත් මේ එ සේ දැනිණි නම් අපට? එහෙත් පසු බා හිඳීමත් කෙසේ නම් යුතු ද? ගුරු දෙව් නියරට ද ඒ නො සිටි. උසහ හෝ කළ මනා වේ ද ඉන් මැ ? එ සඳහනින් අපි දූ අප දන්වන්නවුන් අස්වසමින් මේ තව මැ හිඳුම්හ: හිත මුත් අත නම් මෙ අතට මෙහෙයවන වර මෙ තෙක් නො ලදුම්හ.

අප අතින් ඉඳුරා වූ සැකැස්මෙක් මෙහි නැති: ගුරු දෙව් අත් පොත පිහිට කොටැ සැකැසුණු තැන් යැ වන්නේ: අමුත්තකට සිටිනුයේ මෙ වරැ පටුනක් වැද්දැ දීම යැ: සෝදු පත් බැල්මට අපට හවුල් වූ හ ගුරු දෙව් දෙටු පුත් ගෝමියෝ.

									අමරසිරි ගුණවඩු

2497 මැදින් පුර 12. පේරාදෙණියේ ලක් සරසවියේ දී යැ.









විතීය භාග විඥාපනය

සිදත් සඟරා විවරණ දෙ වන කොටස ද එළි දකී. පළමු වන කොටස එළි දුටුයේ අදට තිස් අවුරුද්දකට ආදියේ යැ. කුමරතුඟු මුනිදසුන් - අපේ ගුරු දෙවියන් - අතින් එළි දැකුම් ලැබූ ඒ කොටස පස් වන අදියරේ (සමස් අදියරේ) කම් විබත් සමස් දක්වා යැ වූයේ. දෙ වන කොටස වනුයේ කතු විබත් සමස් පටන් දොළොස් වන අදියර (ලකර අදියර) දක්වා යැ.

විවරණ ප්රසථම භාගය පළ වී තිස් වසක් ඉක්මෙන තෙක් - කුමරතුඟු මුනිදසුන් මළවුන් කෙරේ සැතැපිත් එක් විසි වරසරක් ගෙවෙන තුරු - විතීය භාගය පළ වීම පමා වියැ. විවරණ ප්රූථමාර්ධ විතීය මුද්රනණයට සැපැයුණු හඳුනවුවෙහි එයට හේතු පිළිබඳ ඉඟි අප අතින් කැරිණ.

සිදත් සඟරාවට විවරණයක් සපයනු සූකර කාර්යයෙක් නො වේ. විශෙෂයෙන් කුමාරතුංග මුනිදාසයන් අතින් ආරම්භ වැ නැවැත්තා වූ ශාස්ත්රීෂය කර්තමව්යතයක් සම්පූර්ණ කරනු කා හට වුව ද අතිභාර කාර්ය ගණයෙහි මැ වැඩෙන බව යි අප ගේ දැනුමට හැඟුමට ලක් වනුයේ. සිදත් සඟරා විවරණය මෙ තෙක් නො පිරි වැටීමට එ මැ නිදාන වූ සේ යැ සැලැකියැ යුත්තේ. ගුරු දෙවි අගසවු වීරසේකර ජයන්ත ඇජරාණන් මේ






xxii ද්විතීය භාග විඥාපනය

කාර්යය මස්තක ප්රානප්ත කිරීමේ ලා උදාසීන වීමට එක් හේතුවක් එය බව ද කිව හැකි යි. මේ කිසෙහි සිත් මෙන් මැ අත් දීම පිළිබඳ ඉටන් තර වූ ඉක්බිති මැ සිය ගුරු දෙවියන් සැතැපුණු තන්හි සැතැපීම ඔවුනට ද යෙදිණ. විවරණ දෙ වන අඩ පිරිමස්නට තුබූ තව ද නිසිතර ම‍ඟෙක් එයින් වැසිණ. පමාවට ඉඩ තව ද වැඩී සිටියේ යැ. මෙ කිස පිරිමසා ලීම තකා මෙ තෙක් අප ද පමා වීම යටැ සඳහන් කරුණු බැවිනි.

සිදත් සඟරාව කළ අවදිය ද කළ වුන් ද පිළිබඳ මඳ වූ ද අවුලෙක් හෝ මත භෙදයෙක් හෝ දැන් නො වේ. ග්රලන්ථ කාලය ද ග්රලන්ථ කර්තෲහන් ද තකා දත මනා සියලු තොරතුරු විවරණ ප්ර ථම භාගයට සැපැයුණු සංඥාපනයෙහි සවිස්තර වැ එයි. එ තෙක් සරිය මුනිදසුන් අතින් තත්ත්වාකාරයෙන් ප්රවකාශ වූ බැවින් එ පසින් යම් තම් හෝ සඳහන් මෙහි අනවශ්යා යැ.

දූර අතීතයෙහි - සිදත් සඟරාවට පූර්වායෙහි - වූ සිංහල ව්යාඅකරණ ග්රශන්ථ අතුරින් එකෙකුදු දැනට අප හමුයේ නො වේ. නාම මාත්රෙයෙන් හෝ එ වැන්නෙකැ සඳහන් දැන් නො ලැබේ. අඞ්ග සම්පූර්ණර සිංහල ව්යාැකරණ ග්ර්න්ථ එකාන්තයෙන් විද්යානමාන වුණු බවට සාක්ෂ්යි පුරාතන සාහිත්යග ග්රනන්ථ මාර්ගයෙන් අනූන වැ පෙනේ. එ දා හෙළ වියරණ ගත් පසින් දැන් අප නෙත් ලක් වැ ඇත්තේ සිදත් සඟරාව පමණ යි. ආශ්චර්යය නම් එ බඳු සම්භාවනීය සකල ව්යාදකරණ ග්රවන්ථ අශෙෂ වැ මෙ බඳු අසම්භාවනීය ව්යාරකරණ ග්ර න්ථයක් පමණක් ශෙෂ වීම යි. මහත් මැ අභාග්යයයෙකි!

සිදත් සඟරා වියරණ තතු පැහැයීම නියතින් මැ ආරම්භ වූ යේ කුමරතුඟු මුනිදසුන් අතිනි. එය පුරා


                                                                                                         xxiii

ද්විතීය භාග විඥාපනය

හෙළි පෙහෙළි වූයේ විවරණ පළමු වන කොටස පළ වුණු පසු යි. එ තෙක් සිදත් සඟරාව සිංහල භාෂාවේ අසම මහා ව්යාුකරණ ග්ර න්ථය සෙයින් ගතානුගතික විද්වත් පක්ෂයෙහි අත්යවන්ත බහුමාන පාත්ර වැ වැටිණ. අද සම්පූර්ණ් සිදත් සඟරා විවරණ සමීක්ෂණයෙහි තත්පර වන්නා වූ මධ්යතස්ථ ව්යෂක්තයනට එ මැ විස්මයට, හාසයට කාරණ වනු අනියත නො වේ.

විවරණ පූර්වා ර්ධයට ප්රහථමයෙන් සම්පාදිත ව්යාමඛ්යානන මාර්ගයෙන් ප්රවත්යධක්ෂ වනුයේ සිද්ධාන්ත සංග්ර්හානුග්රයහ විනා ආධුනිකානුග්රරහ නම් නො වේ. කාච, වජ්ර ගණයේ තබා අඳුන්වන්නවුන් සෙයින් ගතානුගතිකත්වයට පිටුබල සපයමින් සිදත් වියරණ ගුණ කථනයට බට විද්වතුන් ව්යායඛ්යාමන මාර්ගජයෙන් ග්රනන්ථ කර්තෲ න්‍ ගේ රක්ෂාවරණය මැ සලසන අතට සිය අවධානය යොමු කළ නියා යැ පෙනෙනුයේ. එ වකැ අග්රැ ගණ්යි විඥ පක්ෂයෙහි ලා සැලැකුණාහු ද ඔවුන් අතරැ පෙනෙත්. එ වැනි වියතුන් අතින් හෝ තතු නො වැළැහී සිටුනා තැනට පිහිට නොලැබීම ආධුනිකානුග්රීහයට බාධා මැ වියැ.

විවරණය පිළිබඳ ඉඟි මුනිදසුන් විසින් ප්රඅථමාර්ධ සංඥාපන මාර්ගයෙන් කැරිණ. ද්විතීයාර්ධ විවරණ කාර්යයෙහි නිරත වූ අපි දු ඔවුන් අනුවන්නට මැ බැලුම්හ. සිදත් සඟරා කර්තෘෙපාදයන් ගේ තත්ත්වාදිය කෙරේ නො වේ මෙහි ලා අප ගේ අවධානය යොමු වැ සිටියේ : ඔබ ගේ ප්රහකාශ කෙරේ මැ වේ. එ බැවින් තත් ප්ර‍කාශ අපක්ෂපාත වැ විවරණ කරන ව්යාපයාමයෙහි යාකල්ය යෙන් අවනත වැ ගතුම්හ. තදීය විවරණයේ දි




xxiv ද්විතීය භාග විඥාපනය

ග්රින්ථ පක්ෂයෙන් හෝ ව්යාදඛ්යා්‍ පක්ෂයෙන් හෝ වූ සාවද්යක ප්ර කාශ විචාර මාර්ගයෙන් පහයා ලීම යි අප ගේ පරමාර්ථය වූයේ. තත්ත්වාවබොධයට අවකාශ කරන එකාන්ත ප්රාපර්ථනයෙනි .

අනවමදර්ශි මාහිමියන් විසින් සිදත් සඟරා මාර්ගමයෙන් ප්ර කාශිත ව්යාදකරණ සිංහල භාෂා ව්ය වහාරයෙහි නොලැබෙන බව යි බෙහෙවින් පෙනෙනුයේ. එයට හේතු වශයෙන් වැටෙනුයේ පර ව්යාවකරණ පරිවර්තාන යි. සිංහල ශාබ්දික පක්ෂයෙන් තමන් වහන්සේ හසළ දැනුමට නොලක් වන බවට සාධක ස්වකීය ප්රයකාශ මාර්ගලයෙන් පැනෙයි. ස්වීය පර ව්යාීකරණ චාතුයීය ප්රගදර්ශ නය කරන අතේ සාමර්ථ්යමය යි ඔවුන් වහන්සේ පෙන්වා සිටිනුයේ. එ බැවින් හෙළ වහර අනු වැ තතු පිරික්සා බලන අතට අවධානය යොමු කරන අපක්ෂපාතයනට ප්රකත්යඅක්ෂ වනුයේ හෙළ වියරණ පසින් සිදත් සඟරාව නිසි තන් සතු කැරැ ගත හැකි තරම් සරු පෙළට ඇතුළු නොවන බව යි.

‘දුහුනන් දැනුම් සඳහා කරනෙම් සිදත් සඟරා’

යනුයෙන් ගත් කරු මාහිමියන් විසින් කරන ලද පිළින නො රැකී ගිය නියා මැ යැ ආන්තර තත්ත්ව පරීක්ෂණයේ දී දක්නා ලැබෙනුයේ. එ සඳහන් පරිදි දුහුනනට පිටුබල වැ වැටෙන අයුරින් පිරිපුන් වියරණ සිදත් සඟරායෙන් නො ලැබියැ හිකි බව වෙසෙසැ කියනු ඇවැසි නො වේ. ඇතැම් තන්හි ආධුනිකයන් තබා ප්රයවීණයන් පවා අවුලට විමතියට හෙළන පෙළේ පැවැසුම් සුදුර්ලහ නො වේ. එයින් ඉඳුරා පළ වනුයේ සිදත් සඟරා කර්තෘුපාදයන් ගේ අදහස මුඳුන් පමුණුවා දිමට ඉවහල් වන අතේ රුකුල්



  xxv

ද්විතීය භාග විඥාපනය

නො වේ. තමන් ගේ දැනුමට අකුල් මිසැ රුකුල් නොවන යම් මැ ග්රවන්ථයක් පරිශීලනය කරන ආධුනිකයන් විසින් සලසා ගත හැක්කේ කවර අර්ථථයෙක් ද?

ව්යාකකරණ ග්රරන්ථ මාර්ගකයෙන් කාව්යොතපදෙශ දානයට අවකාශ සලසා ගැන්ම ද උචිත යැ යි කීමට කිසි දු අතෙකින් ඉඩෙක් නො ලැබේ. අනවමදර්ශි මාහිමියන් විසින් ඒ අවසර ද සලසා ගැනිණ සිදත් සඟරායෙහි. එහි 11 වැනි වූ ඉටුනිටු අදියර ද 12 වැනි වූ ලකර අදියර ද එයට නිදසුත් විසින් දක්වා ලියැ හෙයි. තැන් විසින් සලකා බැලීමේ දී ඒ දෙ අදියර අනුචිත බවට වැටෙන සේ කියනු නො වළකී. නියත වශයෙන් නම් එයට අවසර සලසා ගත යුත්තේ කාව්යො පදෙශ ග්රශන්ථ මාර්ගසයෙන් මැ යැ. විද්වත් පක්ෂයෙහි ඇතැමුන් ගේ මතය සිදත් සඟරාව කෙවල පද්ය් බන්ධනය මැ පරමාර්ථ කොටැ රචිත ග්ර න්ථයක් බව යි. එ පිළිබඳ මත ප්රෂකාශයකට මෙහි අවකාශ නො කෙරෙම්හ. ඒ එ සේ මැ වුව ද සිදත් කතු පාණන් විසින් එයින් සුදුස්සක් නොකැරුණු බව යි අපේ හැඟීම.

සෙස්ස මෙන් මැ ඉටුනිටු අදියර, ලකර අදියර යන දෙක ද අඩාළ වැ වැටෙන සැටි යි අපට පෙනෙනුයේ. අපට මතු නො වැ තතු දත් කාට වුව ද එ සේ පෙනීම අමුතු නො වේ. පැදි බැදුම සඳහා පිහිටට වැටෙන පමණට උවදෙස් එයින් ලැබෙන සැටියෙක් නො පෙනේ. සාමාන්ය් පද්යැ බන්ධනයට වඩා ශුභාශුභ පද්ය් පක්ෂයට අවශ්යට උපදෙශ යි ඉෂ්ටානිෂ්ටාධිකාරයෙන් දැක්වුණේ. ආධුනික පක්ෂයේ පද්යන රචකයනට එ අතින් සුළුතම





xxvi ද්විතීය භාග විඥාපනය

වූ ද අනුග්ර හයක් වන නියා කියනු උගහට වැ සිටී. සිංහල පද්යප බන්ධනයෙහි ඉතා අප්රයකට වැ සිටුනා ගණයෙහි ලා සැලැකෙන දොස් ද එයින් පළ කැරිණ. අනවශ්යග කථන සඳහා ඉඩ වඩා ගත් සැටීත් එ අතින් නොපළ වනුයේ නො වේ. එයට කළ අවකාශ තබා අවශ්ය් සරියට තව ද අවසර සැලැසිණි නම් ඉවැසියැ හැකි අතට බුරුලක් නොලැබෙනුයේ මැ නැති.

විවරණ ප්රොථමාර්ධය ප්රාිකාශ්යඉයට පැමිණෙන්නට මත්තෙන් සිදත් සඟරාවට කැරුණු සන්න, පරීක්ෂණ, වර්ණණනා, ප්රනශ්නොත්තර, භාව සන්න යනාදිය ලැබේ. සිදත් සඟරා පුරාණ සන්නය ද එහි ඇතුළු වේ. එයට ඉක්බිති වැ කරන ලද තාක් සන්න ආදිය එහි පිහිට ලැබූ බවට සඳහන් අදී. විවරණ පූර්‍ව භාගය එළි දැක්වුණු පසු පළ වූ සිදත් සඟරා ව්යාඅඛ්යා් ද ලැබෙන්නේ වේ.

ව්යා්ඛ්යාබ සම්පාදක පක්ෂයෙහි ව්යේක්තයනුදු ප්රණමාදයට වැටුණු තැන් අවිරල බවට සාක්ෂ්යඛ තත් තත් ව්යාිඛ්යාභන මාර්ගණයෙන් පෙනෙයි. සිදත් සඟරා කර්තෘ්පාදයන් ගේ ප්රතමාධ දර්ශයනය ව්යා.ඛ්යාප සම්පාදක ගණයේ ගැණෙන වියතුන් අතුරින් වැඩි දෙනාට නොලැබුණු බවට දෙස් ද ලැබේ. ඇතැම් තැනෙකැ සිදත් සඟරා කර්තෲුන් විසින් නිවැරැදි වැ කියැවුණු දෑ ව්යාතඛ්යාර සම්පාදක පක්ෂයෙහි වූ සමහර වියතුන් වරදවා ගත් නියා ද ‍පැනේ. එ සේ උභය පක්ෂයෙන් මැ වූ ප්රනමාද ග්රින්ථ පරිශීලනයෙහි තත්පර වන්නවුනට අනථි පිණිසැ මැ වැටිණ. යටැ



                                                                                                        xxvii

ද්විතීය භාග විඥාපනය

සඳහන් තාක් සන්න ආදිය හා සමුපූර්ණ සිදත් සඟරා විවරණය සමයා බැලීමේ දී යැ සිදත් සඟරායෙහි නියම තත්ත්වය අවබොධ කොටැ ගන්නා අතට නිසිතර පිහිට ලබා ගත හැකි වනුයේ.

විවරණ ද්විතීය භාගය සමාසාධිකාරයේ කර්තෘු විභක්ති සමාසයේ පටන් අලඞ්කාරාධිකාරය දක්වා යැ යනු ආදි මැ කියැවිණ. 5. සමස් අදියර (කතු විබත් සමස් පටන්) 6. වෙසෙසුන් වෙසෙස් අදියර 7. කිරිය අදියර 8. පසරුත් අදියර 9. වුත් අවුත් අදියර 10. කිරිය කරු පද සබඳ අදියර 11. ඉටුනිටු අදියර 12. ලකර අදියර යන මේ යැ විවරණ දෙ වන කොටසෙහි ඇතුළු වනුයේ. ඒ ඒ අධිකාරය පිළිබඳ සියලු තොරතුරු විවරණයෙහි විස්තර වැ එන බැවින් එ අතින් කිසිත් මෙහි සඳහන් නො කෙරෙම්හ.

සිදත් සඟරායෙහි ඇතුළු වූ දොළොස් අදියරින් (වාදශධිකාරයෙන්) ඉතා නිස්සාර අධිකාරය සැටියට යි අට වැනි වූ පසරුත් අදියර (ප්ර ත්යසයාර්ථාිධිකාරය) දැක්වියැ යුත්තේ. එ නම අනවශ්ය අධිකාරයක් බව කිව අයුතු නො වේ. එක්තරා බසෙකින් තවත් බසකට කැරෙන පරිවර්තන නිසි පරිදි වත් හොත් සාහිත්ය‍ පක්ෂයට එයින් වැඩක් නො වියැ හැක්කේ නො වේ. එක් බසෙකැ වියරණ අනෙක් බසකට පෙරැළීමෙන් අවැඩක් විනා වැඩක් නොවන බවට දෙස් සිදත් සඟරායෙන් මැ ලැබේ. සංස්කෘත, මාගධ ව්යා කරණ රීතීන් සිංහලයට පරිවර්ත.නය කළ පමණින් ඒ හෙළ වියරණ නොවන බව අනවමදර්ශි මාහිමියනට අවබොධ නොවීම අවාසනාවෙකි. ව්යාමකරණ




xxviii ද්විතීය භාග විඥාපනය

විවරණය, ක්රි යා විවරණය යන සිංහල ව්යාළකරණ ග්රින්ථ හා සිදත් සඟරාව සසඳා බැලීමට තරම් පින්වත් වන මැදහතුන් හට තත්ත්වය පුරා පැහැදිලි වෙයි.

ග්රාන්ථ සංඥා පක්ෂයෙහි වැටෙන සරියේ ද පිහිට ලැබීමේ අසරණ වැ ගිය සඳහන් පෙනේ. සිදත් සඟරා සම්පාදනය අතින් අනවමදර්ශි මාහිමියනට ආරාධනය කළාහු ප්රසතිරාජදෙවයෝ යැ යනු ග්රශන්ථාන්තර යි. ඔවුන් ගේ සංග්රා ම වික්ර ම, දක්ෂිණ ලඞ්කා රක්ෂණ ආදිය ලක් කොටැ කැරුණු සිදත් පැවැසුම් සනාථ වන තැනට ඉතිහාස පක්ෂයෙන් කිසිත් නො ලැබේ.

විවරණ ප්රාථම භාගයට හැම අතින් සමීප වීම මේ විතීය භාග සම්පාදනයේ දී අප ගේ ඉමහත් අවධානයට ලක් වූ බව කිව මනා යැ. එහි ලා අපේ මුළු සවිය කැප කරන තැනට බලවත් තැත් දැරූම්හ. එහෙත් ඒ කො තරම් දුරට සඵල වී ද යනු අප විසින් නිගමනය කළ හැක්කේ නො වේ. අපක්ෂපාත තත්ත්වඥයෝ මැ ඒ නිගමනය කෙරෙත් වා! ඔවුන් හැඟුම් තැනැති වැ අපටත් පොදුයේ සිදත් සඟරා විවරණය පරිශීලනය කරන්නවුනටත් ප්රැමාණ වත් හොත් එයින් සැනැසෙන්නට පතම්හ අපි.

ප්ර්ත්යෙයාර්ථානධිකාරයේ (8-19) ‘තුරුමෙන් - තුරුවත් - යනු සඳහා විවරණ විස්තරයෙහි ඇතුළු වියැ යුතු කොට‍සක් කිසි යම් ප්රාමාදයෙකින් හැළී ගිය නියා පෙනෙයි. එය මෙහි ඇතුළු කෙරෙම්හ. පමාව කමාවට ලක් කෙරෙත් වා!

‘තුරු මෙන් - තුරුවත්-‘ යන තන්හි ‘වත්’ යනු තඬිත ප්ර-ත්යවයය නො වේ; වේ නම්, ගුණ මෙන් - ගුණවත් යනුත් නොවීමට හේතු නැති. තඬිත ප්ර ත්යගයය වන තන්හි


                                                                                                                  xxix

ද්විතීය භාග විඥාපනය

‘වත්’ යනු දෙනුයේ ‘මෙන්’ යන අරුත නො වේ; ඇති, යුතු යන අරුත් යැ. තඬිත න්යාේයයෙන් ‘තුරුවත්’ යනු තුරු ඇති (වෘක්ෂ යුක්ත, තාරකා යුක්ත) යන අරුතෙහි මැ සිටී.

ඒ තුරුවත් ඉඩමෙකි මේ පලවත් රුකෙකි යනු සලකන්නේ යැ.

‘ම න ර ම් සිරිපති සරසවි රසවත් ග න ගු ම් සක් සෙවි වෙරළත තුරු යුත් වි හි ගු ම් මින් නද පුන් සඳ නඳ වත් පැරැ කු ම් රජ සයුරෙකි කග මිණි ගත්’ යන තන්හි පැරැකුම්බා සිරිත් කරුවාණන් ‘රසවත්’ යනුවෙන් පතනුයේ ‘රස මෙන්’ යන අරුත නො වේ.

ඒ ප්රසත්ය’ය කථනය බොළඳ යැ; සිනා දනවන සුලු ද වෙයි.

සිදත් සඟරා විවරණ ද්විතීය භාගය වහා නිමහම් දක්වන තැනට අප මෙහෙයවා සිටියෝ කොළඹ ආරියදාස සහ සමාගමයේ අදියුරු කේ. ඒ. ආරියදාස භවතාණෝ යැ. මෙ තෙක් එ තරම් පමාවට ගොස් තුබු මේ කායීය මෙ සේ තවත් නොපමා කරවනු පතා ආරියදාස භවතාණන් විසින් ගැනුණේ අතිශය ප්රරශංසාර්භ කාලොචිත ක්රිභයා මාර්ගයෙකි. එ අතින් තැනැති විසින් ‍ඔහු අප ගේ ඉමහත් පිනට එක් ලක් වෙත්.

මෙ තරම් කායීයකට නො පැකිළැ අත ගැසීමට අපට ශාස්ත්ර මාර්ගය දක්වා දුන්නාහු ගුරු දෙවි කුමරතුඟු මුනිදස්, ගුරු විරුසේකර ජයත් යන දෙ දෙන වෙති. එහි ලා සදා බැති සිතින් ඔවුන් පින් ගන්වම්හ. xxx ද්විතීය භාග විඥාපනය

ශුඬි පත්රාගවලොකනය සඳහා සමරකෝන් වජිරසේන සොයුන් විදු (බී. ඇස්සි - B. Sc - ) වියත්හු ද මාතරැ සාන්ත තොමොසු විදු හල් පති කු. බේ. ජයසූරිය කලා විදු ( බී.ඒ - B.A.-) සූරිහු ද අපට උදවු වූ හ. ඔබ දෙ පළ ද අප ගේ නොවක් පිනට හිමි යැ.

අමරසිරි ගුණවඩු.

2508 බක් පුර 13. 1965 අප්රේ ල් 14. මාතරැ, මැද්දෙවත්තේ අමරගිරේ දී යැ.