සිදත් සඟරා විවරණය-සිදත් සඟරා i

Wikibooks වෙතින්
Jump to navigation Jump to search

නමවු මුනි සරණ


මහද ගඳ කිළි කැරැ

සව් නේ ගෙවා දත් හට

දුහුනන් දැනුම් සඳහා

කරනෙම් සිදත් සඟරා.



1. සන් අදියර[සංස්කරණය]

1. සද’රුත් විදි සියල් - අනුරූ සේ පියෝනන් ඉති සන් සඳ සමස් ඈ - වහර’ නුසෙරෙන් සපයා

2. එ බැවින් සන් සඳ - ලිඟු විබත් සමස් පියෙවි පස කිරිය ලොප’දෙස’ ගම් - පෙර රූ දෙ රූ පෙරැළි

වැඩි අඩු නිපා නියම් - අනියම් අවිදුමන් විදි වී විසි වැදෑරුම් මෙහි - වියරණ විදින් සපයා.

3. පණ’කුරු ගත’ කුරු ඈ නම්ලකුණෙන් හඳුන්වනු සන් නම්.

4. පණ’කුරු පසෙකි එ ද - ලුහු ගුරු බෙයින් දස වේ ගත’කුරු ද වේ විස්සෙක් - වහරට යුහු සිය බසැ.

5. අ ආ ඉ ඊ උ ඌ එ ඒ ඔ ඕ - මෙ දස පණ’කුරු නම්


2

                                                 සිදත් සඟරා                    (සන් 6-

6. ක ග ජ ට ඩ ණ ත ද න ප බ ම ය ර ල ව ස හ ළ අං - මෙ විසි ගත’කුරු නම්.

7. ආ - ඊල් - ඌල් - ඒල් - ඕනා - ඈහි හුදු වැ ද, සා - සී - සූ - සේ - සෝ ඈහි ගත් අරුණු කැරැ ද උසුරුවනු හෙයින් ගුරු පස ද -

‘තමා වදන යැ පෙමින් - නො ඉකුම්වතැ යි හැංගේ’ ‘නරනිඳුහු ඉංගෙන් - සෙමෙන’ද නැසී ප‍සෙහි’

මෙ ඈ කව් ලැකියෙහි දු - හංමැටි - වංඇපල - ඈ ලෙව් ලැකියෙහි දු සපුරා උසුරුවනු හෙයින් ද, රඟ බඟහර ඈහි උනු මතින් උසුරුවනු හෙයින් ද, බිඳු ද මෙහි රුසී.

මේ ඈ ගී.

8. පෙර පර වණන් ගළපනු සඳ නම්, ස‍ඳෙව් - මොහොර ඈ ගී

9. මේ යැ මෝ යැ යන වහරට කරුණු වූයේ ලිඟු නම්. දිය - විදු ඈ ගී.

10. නමින් පර වැ බෙදනු ලබනුයේ විබත් නම්. යෙහෙ - සෙබෙහි ඈ ගී.

11. නේ සදත් සියො වැ එක සද අයුරක් ‍වන සේ ගළපනු සමස් නම්. මීපල් - නිලුපුලැසි ඈ ගී.

12. පියෙවි දෙ වැදෑරුම්, දා පියෙවි සද පියෙවි වී.

13. පද යොන් ද පියෙවි නම් 14. විබතෑ’නට ඇසිරූ සද පියෙවි නම්. -27) සිදත් සඟරා ‍ 3

15. වෙන වෙන දෙක නිපන් - තසම තබවැ යි එ තෙබේ කිසි අන් බසින් නුමුසු - හෙළ දිවැ පළ නිපන් නම්

මගද සකු ඈ බණ - සම වූ බස තසම නම් බිඳුණේ තබව නම් වේ - විමසා දනු එහි පියෝ.

16. රුකුර - නරඹ ඈ නිපන් දා පියෙවි නම්

17. යා - දා - කර ඈ තසම දා පියෙවි නම්.

18. දන - නැඟි - සමර - තුලුර ඈ තබව දා පියෙවි නම්

19. කොළොඹ - කරළු ඈ නිපන් සද පියෙවි නම්.

20. ගජ - කර - කිරණ ඈ තසම සද පියෙවි නම්.

21. අත් - රුක් - සමන්බහදුරු - ඇදුරු - කන් - ඇඹුල් ඈ තබව සද පියෙවි නම්.

22. දයින් නමින් හොත කැරෙනුයේ පස නම් තිළී - කරණි - නියැරි ඈ ගී.

23. නොදැව් නුගුණ දැව් නිසා සකරුනෙන් දාමුවා වැ සිදු කිරිය නම්. දිනී - වැජැඹෙහි - දෙන්නෙම් ඈ ගී.

24. වණන් අනු’සුරු වීම් ලොප් නම් නත් - වරද - මහසුප් - රදු - බා - පා ඈ ගී

25. වණක්හු ලොපා වණක්හු කිරීම් අදෙස් නම්. සැරියුත් - අයුණු - වැහැප් ඈ ගී.

26. වණක්හු නිසා ඔහු නො ලොපා වනුයේ අගම් නම්. නිරලඹ - රුවාරූ ඈ ගී. 27. පර වණ හට පෙර රූ කරනු පෙර රූ නම්. විස්සම් ඈ ගී.

4 (සන් 28- සිදත් සඟරා

28. වණ හට ද පද හට ද දෙ රූ දැනුවුම් දෙ රූ නම් ‘තුටු කෙළෙ එ ලො පල්ලා’ – ‘කුලුණින් ළ තෙත්තා’ – ‘තෙ දියට එක නෙත්තා’ – ‘රණ මැදැ දිය කොත්තා’ – දිදී - විඳැ විඳැ - පළැ පළැ ඈ ගි.

29. ‘පාසා’ යෝහි සකින් උසුරුවනු ද රුසී. සක්වළක් පාසා මහ මෙර ඈ ගී.

30. පිලි පෙරැළි, වණ පෙරැළි, පද පෙරැළි, විබත් පෙරැළි, කිරිය පෙරැළි වී පෙරැළි පස් වැදෑරුම්.

31. වසල් - රික් - කිසුම් - ඉපැන් ඈ පිලි පෙරැළි.

32. කෙණෙර - හුරිර - යහන් - මහණ ඈ වණ පෙරැළි.

33. රජ දත් ඈ පද පෙරැළි.

34. ‘ගතු’ ගතු ද දුදනෝ - සහකටමැණ සපුන් මෙන් පිරිරැඹැ නිරිඳු මලදා - පරනට බිය මැ රුකුළෝ’ ඈ විබත් පෙරැළි.

35. ‘තමා වරද’ ස නොදිස්නේ’ – ‍’මොනරිඳු එ කල්හි පුල් සලග නවා ගනි’ ඈ කිරිය පෙරැළි.

36. සද දහමින් සඳ හෙනි හොත පස් පෙරැළි ඈ කරනු.

37. වැඩි නම් මත් වැඩි. ඇස් - ඇල් - ඇප් - උවාරණ - නවාම් - මල’ වල සල සිහිලේහි ඈ ගී.

38. ‍අඩු නම් මත් අඩු. දඟ - සැඬ - කඳ - බඹු - සෙ ගුණෙන් - නුවණ නි සයුරා ඈ ගි.

-50) 5 සිදත් සඟරා

39. පියෙවි නිසා හොත නොනිසා හොත කෙළේ නිපා නම්. ගුරුළු ගෝමි - සඳ ගෝමි - රතැසි පා - ගොස් ඈ ගී.

40. දමෝරා ඈ නියම විදි.

41. කිසි සඳ විබත් ඈ අනියම් විදි.

42. සිය රූ නොහළ සුදඅත් - පඬුඇඹුල් ඈ, අවිබත් අවිය සද ඈ අවිදුමන් විදි. ඉති විසි වැදෑරුම් වියරණ විදි නිමි.

43. සව් පදන් සිදු සේ සලකනු. _________

44. දෑ දැව් ගුණ කිරිය - සන් වී පදන් පස් බේ. අනුරුත් අරුණු වෙසෙසින් - විමසා දෙ බේ හා දන්.

45. බුන් අරුත්හි නිය සද දෙ දෙනා නො බිඳැ පවත්වන්නි දෑ නම්. සුර - නර - ගොන් ඈ.

46. ගුණ ඈනට අදර වූයේ දැව් නම් ටැඹ - කුඹු ඈ.

47. ‍දැව් ඇසිරැ පෙරැළෙන සුලු වූයේ ගුණ නම්, කළු - හෙළ - නැබුළු ඈ.

48. කිරිය ලකුණු වියන ලද මැ යි. එහි බේ මෙ තන්හි නොසැබැහැව්නි බැවින් කිරිය අදියරැ පවස්නමෝ.

49. හව් කිරිය අරුත් කිරිය වී කිරිය සද දෙ වැදෑරුම්.

50. නටනු - ගනු - වයනු - තැවුලි - පිරියස්ලි - බොජුන් - නැමැඳුම් ඈ හව් කිරිය සද නම්.


6 (සන් 51- සිදත් සඟරා 51. දෙන්නේ - සේනුයේ ඈ අරුත් කිරිය සද නම්.

52. කළ පනත සන් නම්, දෙව්දත් - බඹදත් ඈ

53. ‘හැළි සිඟුමත් දුවන ගොන් දෙව්දත් නම් වී.’ මෙ පස් සදන් එක පද ‘රුත්හි විකපන සේ.

ඉති පස් බේ.

                      ______________

54. පැන් - කැසුබු - මියුලැසි ඈ අරුත් ඇරැඹැ නිපන් බැවින් අනුරුත් සද නම්.

55. සෙලු - තෙල්බූ - මඟුල් ඈ අරුත් විලොම් බැවින් අරුණු සද නම්.

ඉති දෙ බේ. ________ 56. අදෙස් අගම් විදි - පියෙවි සබඳ ද ‘හ’ කරන් වෙසෙසා හැඳිනැ යොදනු - උගහා නො දැහැ ඇදුරන්.

57. ‍සුදු, හුදු - විසදා, විහිදා - සිඳි, හිඳි - සුදී, හුදී - සැමැඳැ, හැමැඳැ- සැඳිනැ, හැඳිනැ - සොබී, හොබී -, සොබ හොබ - සිඹැ, හිඹැ - පිරිසිඹු, පිරිහිඹු - සුණමින්, හුණමින් - ලසුනු, ලුහුනු - පසණ, පහණ - සල්, හල් - සුල්, හුල් - සැල්, හැල් - මුසල්, මොහොල් - සුසුල්, සුහුල් - සිඹුල්, හිඹුල්,- සැදැහිලි, හැදැහිලි - සැලි, හැලි - සකර, හකර - සිඟුරු, හිඟුරු - සුරු, හුරු- සූ, හු - සේ, හේ - සෝ, හෝ - සිම්, හිම් - සැමි, හැමි - සික්මුම්, හික්මුම්, - සැම, හැම - සව්, හව් - සවා, හවා, සිවන්, හිවන් - සිතු, හිතු - සුළු, හුළු - සඟුළු, හඟුළු - සිටි, හිටි - විසට, වුහුට - සටහන්, හටහන් - පසන්. පහන් - සසුන්, හසුන් - සින්,


-62) 7 සිදත් සඟරා

හින්-සන්, හන්- සිස්නා, හිස්නා - සිස්, හිස් - සස්, හස් - සිකු, හිකු - සැකි, හැකි - සැති, හැති - සිගු, හිගු - සඟු, හඟු ඈ ‘ස’ කරට අදෙස් ‘හ’ කරින් සිදු පා

58. සිදුහත් - ඇස්දහර - සැදෑහැ - සදහම් - රජදහන් - දහන් - ඉදුහු - සටහන් - අදහස් - බහස්ම ඈ අගම් ‘හ’ කරින් සිදු පා.

59. ‍හුරු - හොරු - හොළ - හළ - හමළ - හැඟි - හඬ - හුණු - හිවි ඈ පියෙවි පා.

60. අඳුන් - ඇඳැ - එරුණු - අරුණු - අරා - අලු - අලුත් - අද -ඉදි - එද - එළු - උළු - ඔළු - ඇලි - අළු - ඇවිණි - අස්වස් - අල - එළැඹි - අසි - ඉක් - ඇසිඳැ ඈ පණ’කුරු පා.

61. හැරැඹැ, ඇරැඹැ - හමු, අමු - හසර, අසර - හසළ, අසළ - හැකිළැ, ඇකිළැ - හැදෑරුම්, ඇදෑරුම් ඈ ‘ස’ කරට අදෙස් ‘හ’ කරින් ද ‘අ’ උපසගින් ද සම වැ සිදු පා.

62. ‘රත’ ත දිදී ඉහිල් - වසන ‘තුරින් රසන් දම්’ - ‘කියව කර හලලා - පැහැ බර දිගු නුවන් ලා’ – ‘කළ වන් බිඟු මහත් වන හිරු හත් වත’ – මෙ ඈ සේ පාහි වියබිසර දස්නෙන් අනියම් විදි ද සලකනු.

ඉති ‘හ’ කර විනිස. සන් අදියර පළමු වනු. _________




8 (සඳ 1- සිදත් සඟරා

2. සඳ අදියර[සංස්කරණය]

1. පෙර පර වණන් නිසි විදිනි ගළපනු සඳ නම් වණ ලොප් අදෙස් ඈ එහි ලැකිය’ නුසරින් දන්නේ.

2. ‍විදුරවියේ - දිගා - දිනිසුරු - කනීල් - බමරුදුළ - නොමරූල් - ස‍ඳෙව් - ‍යළේහි - පහරොත - හ‍ඬෝනා ඈ පෙර සර ලොපා පර සර ගතට පැමිණැවූ බැවින් පෙර සර ලොප් සඳ නම්.

3. ඌලේසුම් - සුස්මෙන් - තියුණු - වැටූසිපත ඈ පර සර ලොප් සඳ නම්.

4. පසැස් ඈ සර ලොප් නැත ද සර ගතට පැමිණැ වූ බැවින් සර ඳ නම්.

5. මෙහෙසුරු - මොහොර - ලඹෝරා ඈ ‘අ’ ‘ඉ’ ‘උ’ න් ලොපා ‘එ’ ‘ඔ’ ‘ඕ’ අදෙස් කළ බැවින් සර දෙස් සඳ නම්.

6. අත්වරු - සිත්වරු - මහණුවම් - දඬුවම් - ගිනියම් ඈ පර ‘ක’ කරනට ‘ව’ ‘ය’ න් හා, කප්පිල් - කැසුප්පොතු - ලප්නාරඟ - හෙප්තොට - සුත්බත් - බුත්සරණ ඈ ‘බ’ ‘ද’ න් සර ලොපා ‘ප’ ‘ත’ න් හා අදෙස් කළ බැවින් ගත ‘දෙස් සඳ නම්.

7. අත්තම් - වත්තම් - ගෙත්තම් - පන්නම් - විස්සම් ඈ පර ‘ක’ කරනට පෙර රූ ලද්දෙන් පෙර රූ සඳ නම්.

8. ගංරන් - වංමුතු - මුංබියලි - නෙළුම්මල් - අම්මල් ඈ ‘ග’ ‘බ’ න් ලොපා මත් වැඩූ බැවින් ගත’කුරු ලොප් සඳ නම්.





10-ලිඟු 1-6 9 සිදත් සඟරා

9. පිරියත් - මියුඟුණු - සිපියෙව් - දුවඟ - රුවාරූ - තුනුවඟ - පුනරුත් - නිරොද ඈ පෙර සර ලොපා ‘ය’ ‘ව’ ‘ර’ න් අගම් කෙළෙන් අගම් සඳ නම්.

10. වැල්ලවුරු - හෙළිල්ලඹු - තඹ පල්ලෙන් - කුල්ලෙව් ඈ පෙර සර ලොපා ගතට දෙ රූ දැනැවූ බැවින් දෙ රූ සඳ නම්.

සඳ අදියර දෙ වනු. _______

3. ලිඟු අදියර[සංස්කරණය]

1. සකු සත් අනුසෙරෙන් ඇත ද සදනට ලිඟු බේ. නො පැනේ වහරැ වෙසෙසෙක් පුමි’තිරි ලිඟු දෙක විනා.

2. පණන් හදන් යුත් - පවසනුයෙ පුම ලිඟු වේ. සහයොන් සතුන් කියොලූ - සද වේ ඉතිරි ලිඟු නම්.

3. බඹ - සුර - අසුර - නර - නා - ගුරුළු - පත්රිය ඈ පුම ලිඟු

4. දෙව් දූ - නැයිනී - ගුරුළු මෙණෙවි - අඹු - සුහුල් ඈ ඉතිරි ලිඟු.

5. දිය දල ඇදුරු මේ - අඹර’වි තුරු රණ හදන් රෝ රා ගහ මරු දහන් - අඟ ගුම් සඳ රස රුවන්

පිරිකර පිය ‘ බ මුනි - පා නීඳු කට වස් මස් කේ සර කර බණ මුළු - වත් සක් දිව් මැසි විසා

පස් සස් ගුණ නඟුල් - සත් සෝ බා ඇඹුල් ඈ පුම ලිඟු සදන් පියැසූ - බුහුසූ සද’තු දතුවෝ.

6. විදු ලිය වසා පෙළ - නිසා දෝ ලද පැන පවස් කිඩු බිම් මෙවුල් ඈ නම් - ඉතිරි ලිඟු වී දන්නේ. 10 (ලිඟු 7- සිදත් සඟරා

7. අරුත් කිරිය සද - ගුණ සද ද වත ඉති අතැ පුම සද ද ඉති පවසත - ඊ ඈ පස බුහුසු.

8. තෙමන්නී - මවන්නී - තුස්නී - මුස්නී ඈ අරුත් කිරිය සදින් ඊ ‍පස. කිරිය සදින් ඊ පස.

9. තෙ‍මන්නෝ - මවන්නෝ ඈ බුහු බසැ ඊ පස ලොපා ඕ විබත් පැමිණැවූ සේ.

10. හෙළිල්ලී - කොමළී - ගොරී ඈ ගුණ සදින් ඊ පස.

11. නිළී - නැයිනී - පැටී - සැතිරි - කුමරි - යෙහෙළී - මැහැලී ඈ ඉතිරි අරුත් පුම සදින් ඊ පස.

12. ‘ඈ’ සදින් කැළි - වැලි - මියුලැසි - කළා - දුනූ ඈ සිදු.

13. ‘බුහුසු’ සදින් වහර නොලඟනු රුසි.

14. ත ම එ මෙ ද රමණි - දිගු සව් තුරුණු මුදු ලොල් හැළි ඇලැ ගුණ සද ද - දෙ ලිඟු සම වී දන්නේ.

15. අරුත් කිරිය සද - තම’රුත් වැනි ලිඟු බෙජේ. යනු එනු මැඟුම් ඈ හවු - කිරිය සද වේ පුම ‘රුත්.

16. කිරිය වෙසෙසුන් සද - නිති නුබඳ රිසි සේ ඈ විස්සල් ඉරා යො‍රයොර - පුන තුමුටු සිනි සහසා සු ඉති යළ සැර රඹ - ඉහි නිහියෑ නිපා සද අනු උ පිරි ස ප නි දු ඈ - උපසග ද වේ ලිඟු මුත්.

17. ‘සුව සේ’ ඈ ගුණෙන් කිරිය වෙසෙසන බැවින් කිරිය වෙසෙසුන් සද නම්.

18. හිගුම් - නිකුත් - ව - වැනි වනාහි - කලි - නම් - විනා - වෙන - පු - හු - ල -ලු - ද - මැ - න - කි - කිම් - හොත - යම් සේ - එ සේ - මෙ සේ - සහ - අද - එ දා ඈ නිපා සද නම්.



19-විබත් 1-2) 11 සිදත් සඟරා

19. ප - ‘පගා’ ඈහි පර - ‘පැරැදැ’ ඈහි අව - ‘අවසේ’ ඈහි ස - ‘සබඳ’ ඈහි අනු - ‘අනුදැනැ’ ඈහි නි - ‘නිරොද’ ‘නිරසක්’ ඈහි දු - ‘දුලද’ ඈහි වි - ‘විලස්’ ඈහි අ - ‘අදර’ ඈහි අදි - ‘අදියර’ ඈහි සු - ‘සුබැසි’ ඈහි උ - ‘උලැඟි’ ඈහි අබි - ‘අබියෙස්’ ඈහි පිරි - ‘පිරිබුන්’ ඈහි උප - ‘උපේ’ ‘උවසර” ඈහි අප - ‘අපදන්’ ‘පහ වැ’ ඈහි පස් - ‘පසක්’ ‘රුකක් පාසා’ ඈහි පිළි - ‘පිළිලැබැ’ ඈහි අති - ‘ඉතිරි’ ‘ඉබොහෝ ‘ ‘ඉකුත්’ ඈහි පි - ‘පිහිකුළු’ ඈහි මෙ විසි උපසග නම්.

ලිඟු අදියර තුන් වනු. _____

4. විබත් අදියර[සංස්කරණය]

1. සදහු දෙ වැදෑරූම් - සරඅත් හල’ත් වෙසෙසින් බුහුසු සියලු විබතේ - එ දෙක සිය රූ නො පියා.

2. දම්රජ - දන්වා - මුනි - සෑසී - මරරුපු - බූ - හේ - යෝ - සිදුහත් ඈ පුම ලිඟු.




12 (විබත් 3 - සිදත් සඟරා

3. නිස - වසා - සිරි - ගී - විදු - දූ - ලේ - දෝ - කත් ඈ ඉතිරි ලිඟු.

4. බජනුයෙ පෙර විබත් - නොවෙසෙසි පද’ත වුතු වත එක බසැ ඒ ආ වනුයේ - යළ ඕ හු වේ බුහු බසැ.

5. ඒ ‍- බෙළේ බළාම කෙරේ. ආ - හරා අරා කෙලෙස් කුළු. ඔ - බමණෝ කුල දම් රකිත්. හු - තවසරහු දම් දෙසත්.

6. නිදැලියෝ පෙහෙසුන් තෙපලත් - පඬුවෝ දැනුම් වඩත් - මෙ ඈහි විබතට පෙර වැ ‘ය’ ‘ව’ ‘ගම් රුසී.

7. පුම ඉතිරි ලිඟු දෙකැ පටන් අරුත් වියකන්හි තෙමේ - තොමෝ - තුමු යනු රුසී. ඉති පළමු වන විබත්. ________

8. යුතු කතු කිරිය හා - පද’රුත් බෙජේ කම් නම්. එකතැ අ උ ආ හුට උන් - නා ‘න’ ‘න් නට’ න් බුහු බසැ.

9. අ - රජ ධම් නියෙන් මිය පුස්නේ. උ - සිදුහත් කුමරු සුද වැසියෝ පළමු පිළිගත්හු. ආ - රවුළා මැරී රම් රජ. හු - සුරුහු රෙණෙහි විමසනු. ට - රජ ගෙට පිවිසි මැති ගෙණේ. උන් - මහණුන් නමඳනේ. න - පිළිමල්න දනන්නැ. ආන - නරඹන්නැ මොනරාන නස්නා. න් - දනන් මහ ‘ලුපා දෙළේ යොදා වෑ ‍කරෙ’ව සරුපා.




-14) 13 සිදත් සඟරා

නට - රුක්නට නැ‍ඟෙත් සාමුවෝ. අන් - දරුවන් බලන්නහු ළ සැනැහේ.

10. ‘සේනන් බුහුමනන්නේ’ ඈ හුණන බැවින් ‘නන්’ විබතින් සිදු පා.

11. ‘තිලෝ ගුරු තෙමස් මුරුනට අබිදම් දෙසී’ - මෙ ඈ අසත්යෝගි ද, ‘දෙව්දත් මවට මැනැවි’ – ඈ ඉතිබූ අරුත්හි ද, ‘ඉසිමතුන් විනා මෙ ගත් ක හට නොරිසි ද’ – මෙ ඈ විනා යෝහි ද කම් විබත් රුසී.

12. ‘එලැඹැ බුදුන් කරා’ - මෙ ඈ වෙත් අරුත් සදින් වේ.

ඉති කම් විබත්. _____

13. මෙහෙයුම් ලද නොලද - කිරිය කරනුයෙ කතු නම්. දෙ බසෙහි යොදා සම සේ - ට නට විනා කම් විබත්.

14. අ - සරණ තඹර වරල - සෙවෙල’ වල කැරැ අරියන රදුව පෙරැ කළ ‘වමන - කුසා නිරිඳු නොසෙමෙළේ. උ - රජු අනුදත්තේ කුල දම්. ආ - මුනිඳා වැළැදූ පා දා. හු - පින් සිපිහු කළ අත්තම්. උන් - කමන්නා දදුන් කළ වරද. න - මීපල්න ගත් වෙස් රුස්නේ ආන - නරාන කළ කමට ඉඳුරෝ දෙස්.





14 (විබත් 15- සිදත් සඟරා

න් - කිවින් නුදුටුයේ කෙ උවම්. අන් - අඟනන් වුහුටු නුවන් නරද දිරිය ඇදුරු දැදුරු කෙළේ.

15. අරුත් වියකන්හි ‘විසින්’ විබතින් පර වැ රුසී :- ‘තෙනෙත්හු විසින් කම් දම්’.

16. ‘සුගතිඳු හා ක හි සම’ ? ‘වාරේ වරැ වනන් හා සමර සමර කෙරෙයි.’ මෙ ඈහි ‘හා’ සබ‍ඳෙහි කතු විබත් රුසී.

ඉති කතු විබත්. ____


17. කිරිය සැපැයුමෙහි - ඉවහල් කතු කරණ නම්. ඉන් එන් නෙන් ඉයුතු - වියුතු දෙ බසෙහි සම නි ද.

18. ඉන් - වතින් ගුරුන් අරියනු. එන් - ගුණෙන් දනා සගන්නේ. නෙන් - මෙත්නෙන් වෙර පරයනු.

ඉයුතු :- ඉනි - සිතිනි වේ දුසිරී සුසිරි. එනි - නියෙනී පළට වනු. නෙනි - තැත්තෙනි බව පියවූ නි - තමවු හිය මඟනි නිවන් වන්.

19. ‘සැර දේ නුවන් මිණි පඬුරින්’ ඈ උපලකුණු අරුත්හි ද මෙ විබත් රුසී.

ඉති කරණ විබත්. ______

20. දන් ඈ ලබනුයේ - පිණිස නිසි හා සපදන් හටෙ’කතැ අනට බුහු බසැ - ට නැතෙ ‘යෙදු කම් විබත්.


-24) 15 සිදත් සඟරා

21. හට - ජර ඩවින්න විය මුවින් සිපා රැහැ උරා නිරොද තුනු කෙහට මරහට නොදෙන තෙක් තුන් දොරන් සුසිරී පිරුව යෙහේ. අට - උකටලියට දලැ ‘ඳිලි දෙනු පිය සමාම්හි. උට - පෙරෙවි රජුට ආසී දේ. ආට - යදියාට දන් දෙනු. හූට - වෙළෙඳහුට බඬු දේ. ට - මෙ ගෙට සෙත් වඩම්. උන්ට - මහතුන්ට කරා පිණිපා. නට - දුඹුලෝ පරනට පිටු දෙත් ආනට - තළා කෙළියෙහි තරඟ දෙබේරා බට පබවත වත තඹරානට නඟා දින්. න්ට - මහත්මෝ පර’ඟනන්ට උර රුපුන්ට පිටු ද නො දෙත්. අන්ට - මෙහෙලියන්ට නිසෙනි හැඟි නොපවසනු අනට - සරසවිය පුදනුවනට නිය දේ.

22. ‘පිණිස’ නිසි තැනැ ‘අට’ :- සටනට නික්මිණි. මඟුලට සැරැසිණි. බුජ නම් මැවිණි දෙන්නට ද කොටන්නටද.

23. මෙ අරුත්හි ‘වස්’ යනු ද රුසී :- ‘බුදු වන්න වස්’ ඈ ගි.

ඉති සපදන් විබත්. ____

24. පද අත් පැවැත්මට - හිම් වූයේ අවදි නම්. කරණ විබත් ද ගෙන් යුත් - ට නට විනා කම විබත්.


16 (විබත් 25- සිදත් සඟරා

25. ඉන් - කතක් මහ සතු සෙලින් හෙළූ. එන් - දෙව්දත් දැහැනෙන් පිරිහිණි. නෙන් - රුක්නෙන් හිණි විලිමුවා. අගෙන්- හිරිය ගෙන් තොරි නිවට. උගෙන්- සොරු ගෙන් බිය වේ. ආගෙන්- නොතහවුරු පරා ගෙන් ගතු. හුගෙන්- සවනක් කදුඹු මුනිඳුහු ගෙන් දිවේ.

               මෙ ඈ යොදනු. 

26. මෙ අරුත්හි තෙක් - දක්වා යනු ද රුසී. ‘දිය තෙක් සෙවණ බඳනා’ – ‘පැළැලුප් නුවර දක්වා වහරේ වටී’ – ඈ ගී.

27. ‘වරින් වරැ රිවිහු කෙරෙන් සිසි දුරු වෙයි’ - මෙ ඈ වෙත් අරුත් සදින් වේ.

28. ‘නරන් කෙරෙන් කැත් උකට’ ‘රුවන’ තුරින් මහඟු රත් මැණ.’ ‘යන්නන් ගෙන් දාවා සෙදහල්’ මෙ ඈ නිදරණ ‘රුතැ අවදි විබත් රුසී.

29. දෑ ගුණ කිරිය ලකුණෙන්’ සමුදයින් එක් දෙසක්හු වෙන් කිරීම් නිදරණ නම්.

30. ‘බමුණු බරණැසැ සිටැ එයි’. මෙ ඈ හිම් වුව ද පද’තුරු සසඟින් අන් විබත් ගනී. ඉති අවදි විබත්.

31. සබඳ වෙසෙසන වත - උනුන් පිළිබඳ වත්නෙන් සපදන් සව් විබත් කම් - ගෙ යුතු වියුතු ද සම වේ.


-35) 17 සිදත් සඟරා

32. හට - කදෝකිම් තමහට කිස තබා අඹරෝරට නැ‍ඟේ. අට - තිලොවට ගුරු. උට - මුනි හිරුට විනේ තඹරහු සූපක්හු. ආට - කුලුණැ ‘තියාට කෙ පරහු. අගේ - ගිරි දුව ගේ හිමි නිල්ගෙලේ. උගේ - සඳු ගේ පිත් සොමි. ආගේ - තුනුවඟා ගේ පසසරා සරා සඳ මඳ මරු වසත් වන ඈ. හුගේ - සෑසීහු ගේ කහ වෙස් දැරීමෙහි තිවට හන් සළු පිළිගත්. ගෙ වියුත් අ - සුරි වමිය පියතම උවිඳු. ගෙ වියුත් ආ - හුණමින් ගුම් දුමයොනා මියුරු රඟ ගත්. ගෙ වියුත් හු - රජහු අණ නො ලඟු. මෙ ඈ යොදනු.

33. ‘සියපානට වඩා සේගමනපා සපු මෙන්’ - ‘පැළැලුප් නුවරට රජගහා නුවර සත් යොත්නෙක්’. ‘මහ බෝ මඬට ඉසාන කොන්හි රුවන් සක්මන’. මෙ ඈහි අවදි අරුත්හි සබඳ විබත් රුසී. ඉති සබඳ විබත්. _______

34. කතු කම් බැරි කිරිය - දරනුයෙ අදර නම් වේ. එක’තැ එහි ඒ හි ඇ වේ - බුහු අත් බසැ අන්හි වේ.

35. එහි - කුලෙහි නොලැගි මුනි පිත්. ඒ - එ පුරේ නිරි‍ඳෙක් වී.




18 (විබත් 36- සිදත් සඟරා හි - සිත්හි තබා ඇදුරු උගහා. ඇ - මුනි බසැ කරා හැදැහිලි. අන්හි - පහනැ තඹරන්හි බමන බමර මුළු තම’ඹ පිරියෙසැ සරන තිමිර බළල් වළා.

36. ‘යෝනන් කෙරෙහි ක හි ගුණ එක ‘යුරු?” මෙ ඈ වෙත් අරුත් සදින් වේ.

37. ‘මදු රදුන් රන් යා දී වෙසතුරු තනන් දිනි’ ඈහි පෙර කිරිය කරන්නහුට අදර අරුතැ කම් විබත් හා එ මැ කිරියට දී පස හා රුසී.

38. ‘බලා වැළ දළ යුතු - විදු දිව් දහර ලඹ කෙස් මහ මේ රකුසු හමු වත - පිය නම් මතුරු දප වන. මෙ ඈ කල් අරුත් කිරිය විසාහි අදර අරුතැ කම් විබත් රුසී.

ඉති අදර විබත්. ______ 39. එ වියූ අලප් නම් - ඇමැතුව තමා අමු කැරැ. ඇ අ ආ එක ‘තැ බුහු බසැ - ඉන් එන් නෙන් ඉයුතු ද නි.

40. ඇ - පුතැ, තෙමියැ, සිරිනි ඉති පුවළ තෙප් නළ ද හවු කිම පළ කළා? අ - සැර දේ මහ රජ. ආ - හෙ සඳා, වනන් නුපුලුස. ඉන් - සවනින්, සැනැහේ සදහමින්. එන් - සජනෙන්, මහා පර ලොව. නෙන් - සත්නෙන්, දුලද නො බජවු.

ඉයුතු :- නෙතිනි, නරඹා මුනි රූ. මහණෙනි, බවුන් නො පිරිරවු.

43-සමස් 1-4) 19 සිදත් සඟරා

වත්නෙනි, නො වවු ඉසුරුමත්. නි - බිඟුනි, මී ලොලින් කල් ඉක්මැ තඹරෝරේ දඟ නො වා. නියවත්නි, තණ වනසා. ඉති අලප් විබත්. _____ 41. නොවිසූ මෙහි විබත් - අකරකු ඇත ඔහු යෙදුම් ආණෑ පස ද යුතු බස් - ලැකිය ‘ නුසරින් දන්නේ.

42. ඉතිරි පුම ලිඟු දෙකැ - එ මෙ ඈ යද විබත් බස් ත ම සද දෙක ද නිතැතින් - වහරින් ලොවැ පළට වේ.

43. දෙනෙ දැනැ මෙ සිදත පතිරජ පිරුවන සැකෙවිනි පළ කළ දැනුමට සරුවන දද බැවිනි වර වැ මහ ගතු කරුවන සෙබෙ වති වැජැඹෙත සජනෙනි වැරුවන

විබත් අදියර සතර වනු. _____

5. සමස් අදියර[සංස්කරණය]

1. කියොලත එක අරුත - සබඳ වැ සදන් නන’ රුත් එ වියූ සමස් විදි නම් - එහි බේ දැන් පවස්මෝ.

2. අවිය සමස්, විබත් සමස්, වෙසෙසුන් සමස්, අන්අරුත් සමස්, ද අරුත් සමස් යැ යි සමස් පස් වැදෑරුම්.

3. පෙර කඩැ උසුරු වන - යව් කුපන ඈ අවියන් පර පද සබඳ ලද හොත් - අවිය සමසැ යි එ වියූ.

4. ‘සක් කැබැලි සියො අඟිනි එක් පසක් යව්දිව්’ ඈහි දිව් හිම් යව්දිව්. 20 (සමස් 5- සිදත් සඟරා

‘යව්අමත් බමණන් අමත’ ‘තුනු හොළ වට හළ - යතලබ සතොස් සිත් හළ’ ඈහි යම් යම් ලබැ යතලබ. විදිය නො ඉක්මැ යතවිදි - පැසුළු බල අනුබල - මෙ ඈ යව් ඈ සම්ස් නම්.

5. ගැරැහුම් ලද පුරිස් කුපුරිස් නිඳි ලද ලද දුලද - මනා ගඳ සුවඳ - මෙ ඈ කු ඈ සමස් නම්

6. උකටින් හොබනේ පබ - වෙතැ වන උපවන - මෙ ඈ ප ඈ සමස් නම්

7. සුර නොවන්නේ අසුර - නොදෙන ලද්දේ අයින් - කුසල් නොවන්නේ අකුසල් - මෙ ඈ න අරුත්හි කෙළෙන් න අරුත් සමස් නම්.

8. මෙහි පෙර ‘ කුරු පණ’ කුරු වුව ඔහු වෙතැ න අගම් කර එකක් නොවනුයේ අනේ - අදර නොවන්නේ අනදර - මෙ ඈ විමසනු. ඉති අවිය සමස්.

                                       ______

9. පෙර පසු විබත් හැරැ - සෙසු සත් විබත් අත් පද පර පද හා සමස් වත - එ විබත් සමස් නම් වේ.


-15) 21 සිදත් සඟරා

10. ගත කරනුයේ ගත්කරු - කිවි - කිඩි කරනුයේ කිඩියර - ඉඳුරුදැලි - මිහිය පල්නේ මීපල් - කැත් - මී බොනුයේ මිපා - සපු - පන බොනුයේ පිනිපා - කිරි - හිර ‍අවුරනුයේ හිරවරණ - සත් - මෙ ඈ කම් විබත් සමස්.


11. පරා විසින් පුටුයේ පරපුටු - සමත්, යදි හෝ - බඹහු විසින් දෙන ලද්දේ බඹදත් - සිවුරු - දෙව්හු විසින් දෙන ලද්දේ දෙව්දත් - බොජුන් - මෙ ඈ කතු විබත් සමස්.

12. බමර කරණෙන් උදුළේ බමරුදුළ - හැති - අත් කරණෙන් වන කම් අත්තම් - බා කරණෙන් සුරු වූයේ බාසුරු - කෙසර - කැසින් බොනුයේ කැසුබු - දියෙන් හැනූ බත් දීබත් - කිරින් පිසූ බත් කිරිබත් - මෙ ඈ කරණ විබත් සමස්.

13. බමුණනට දියැ යුතු දන් බමුණුදන් - සිවුරු පිණිසැ පිරිනැමූ පිළී සිවුරුපිළී - මෙ ඈ සපදන් විබත් සමස්.

14. සොරු ගෙන් බිය සොරබිය - මිණියෙන් මුතු මිණිමුතු - රහු කෙරෙන් මුත් රහුමුත් - මෙ ඈ අවදි විබත් සමස්.

15. රජු ගේ පිරිස් රජපිරිස් - බුදුන් ගේ ගුණ බුදුගුණ - 22 (සමස් 16- සිදත් සඟරා

රිය ගේ හිමි රියහිමි - සුරනට සතුරු සුරසතුරු - මේ ඈ සබඳ විබත් සමස්.

16. උරෙහි දා උරදා - දහම්හි සොඬ දහම්සොඬ - නෙරළුයේ තෙල් නෙරළුතෙල් - තැඹිලියේ තෙල් තැඹිලිතෙල් - සරා කල්හි සඳ සරාසඳ - මේ ඈ අදර විබත් සමස්.

17. අතැ වසනුයේ අතැවැසි - මෙ ඈහි විබත් නො ලොපා නිපදවනු. ඉති විබත් ‍සමස්. ______


18. විදෑ වතින් තොර - සිය දෑ වතට සම වත වෙසෙසා සද සබඳ වත - වෙසෙසුන් සමස් එ වියූ.

19. නිල් වූයේ ද එ මැ උපුල් වූයේ ද නිලුපුල් - හෙළිලි වුත් ඔ මැ අඹු වූත් හෙළිල්ලඹු - සිහි එව් සිහ. නර වූයේ ද එ මැ සිහ වූයේ ද නරසී - ලිය එව් කොමළ ලියකොමළ - සරා එව් සරා. සරණ මැ සරා සරණසරා - එක ද එ මැ විරු ද එකවිරු - ලොව්හු දෙ දෙනෙක් එක් කොටැ සලකන ලදහු දෙලෝ නම් - තෙසරණ - සිවුසයුරු - පස්මහගඟ - සරස - සත්කුලපවූ - අටනාකුල - නවදොර - දසරජදම් ඈ මෙ මැ ගී.

ඉති වෙසෙසුන් සමස්. ________

-24) 23 සිදත් සඟරා

20. කියොලත අන් අරුත් - පද’නත් අනේ වැ සියෝ එ සමස් අන්අරුත් නම් - එහි බේ සත් විබතැ වේ.

21. හස් එරුණේ යමකට ද එ තෙමේ එරුණුහස් නම් - තළා - දමන ලද ඉඳුරෝ යමක්හු විසින් ද එ තෙමේ දැමිඳුරු නම් - මුනි - යම් කරණෙන් බත් සුන් එ තෙමේ සුන්බත් - අට - යම් කරණෙන් තුරු සුන් එ තෙමේ සුන්තුරු - පරසු - දෙන ලද වත් යමක් හට ද එ තෙමේ දුන්වත් නම් - බමුණු - ගිලිහුණු ගොනඟුල් යමෙකින් ද එ තෙමේ ගුලුගොනඟුල් නම් - රුක් - සඳ වන් වත් සිඟුවලඟ ඇත්තී එ නම් - දස බල පස් ඇස් ඇතියේ එ නම් - මත් නේ ගජන් ඇතියේ එ නම් - රන් - නන් සුරු විරු බළන් ඇතියේ එ නම් - එ බඳු රණ ‘ඟණ තරු වැළ සහ වූයේ සහතරුවැළ - අඹර - සම උදර ඇතියේ සොහොවුරු -

22. ලඹසවන් ඈ තගුණ නම්.

23. ඉකුත්සයුරු ඈ අතගුණ නම්.

ඉන් අන්අරුත් සමස්. _____

24. අඟ පාමොක් වත - සමුද්රර මැ හෝ එ පදන් ද අරුතැ වූ පද සමාම් - ද අරුත් සමස් නම් වේ.



24 (සමස් 25-වෙ. වෙසෙස් 1- සිදත් සඟරා 25. හිරි ද සඳ ද හිරසඳ - සැරියුත් ද මහ මුගලන් ද සැරියුත්මහමුගලන් - ඇත්හු ද අස්හු ද රිය ද පද ද ඇත්අස්රියපද -

26. මෙහි අඟ පාමොක් තැනැ බුහු බස රුසී. බඹසුරනරෝ නමඳින්.

27. සමුදා පාමොක් තැනැ එක බස රුසී. ගීනැටුම්.

ඉති ද අරුත් සමස්. සමස් අදියර පස් වනු. _____