සිදත් සඟරා විවරණය-සිදත් සඟරා ii

Wikibooks වෙතින්
Jump to navigation Jump to search

6. වෙසෙසුන් වෙසෙස් අදියර[සංස්කරණය]

1. පාමොක් අත වෙසෙස් වනන පද වෙසෙසුන් නම්. වෙසෙසැ යෙදූ ලිඟු විබත් වෙසෙසුන් පෙදේ සම වේ.

2. යොදත වෙසෙස් සම වේ වෙසෙසුනැ ලිඟු විබත් බස් නො යොදත තබා ‘ නියමින් කිවි කම්හි තෙර පතුයේ.

3. ‘නමවු මුනිඳු තුමා - තුමා සිරින් පබසරා සරා සිසි කල්දසනා - සනාරෙස ‘නදහු දියේ’ ඉති වෙසෙසුන් වෙසෙස් සම ලිඟු විබත් බස් පියෝ.

4. ‘ නමවු පිරිසිඳැ සැබා - වින් අයු අනා වත්මන් පද අතුනෙ’ක කෙණේ දත් - පවර මුනි රජහු සරණ’ ඉති අනියමින් තුබු වෙසෙසුන් පියෝ.

5. වෙසෙසුන් වෙසෙස් විදි - කිවි කමසරිනි වනුයේ. අරුත් වියකන වරෙහි - වෙසෙසුනැ යොදා වූ දා.


- 6 -කිරිය - 1 -7) 25 සිදත් සඟරා

6. තෙලෙ යන මහ වැහැප් රුවන් නම්, සඳ නම් හෙළිල්ලඹු එන්නී. ඉති කිවි කමසරින් වෙසෙසුන් වෙසෙස් විනිය. වෙසෙසුන් වෙසෙස් අදියර ස වනු. ____________

7. කිරිය අදියර[සංස්කරණය]

1. ඇති සිටි ගිලි රෙදුම් - නිඳි රැඳි බිය වැසි සිනා තුටු හැඬි තිනුම් පැකුළුම් - දිව් ඈ දා කම් විමුත්.

2. දිස් බල සිඳි දැනුම් - යා රක් වද බඳ බොජුන් කර පිසි ‘සි වැහි හර දා - නම් ඈ දා සකම් නම්.

3. දා පද අකම් වත - කතු හවු පියෝ වනුයේ, කතුකම් යැ යි සව් පියෝ - සහකම් ගෙණෙහි වනුයේ.

4. අන් ත ම සදන් බඳ - කිරිය දනු තෙ - කලේ එහි නිමියේ අයු නොනිමියේ - වත්මන් නොපැටියෙ අනා.

5. ඒ ඉ ඊ උ ද අයු - වත්මන් ඉ ඕ ඒ ආ නේයුත් අන් එනො’න් නේ - අන්කරු එක ‘තැ’ නායේ.

හ හු යුතු වියුතු ඌ - බුහු බසැ ඕ උ උන් හා යළ අති ‘තෙ’ තො’ ත් අන්නෝ - අන්නාහු නාහු ද වේ.

6. ඒ - දිවකුරු මුනි යමා ඉදුහු කෙළේ. ඉ - සව් ලෝ දා එ නරඹා තිටි. ඊ - මහ දෙනේ කෙලෙසුන් වැනැහී උ - එ තැනැ බුදු සිරි සයුරෝරේ කුමුටු. ඉති අන් කරුහි එක ‘රතැ අයු පස.

7. ඉ - අප සෑසීහු නවඟ සසුන් පවති. ඕ - මුළු ලෙව් ‍ඔබ දහමො ‘ ද බෝ. 26 (කිරිය 8- සිදත් සඟරා

ඒ - ඔබ අරී සඟ තොටුවන් දෙනේ ආ - එ තුනුරුවන් නියවත් පුදා ඉති අන් කරුහි එක’රුතැ වත්මන් පස.

                                        _______

8. අන්නේ - මෙතේ දිනිඳු පස් මරුන් දනන්නේ. එන්නේ - අපවග අමා දෙන්නේ. ඔන්නේ - එ මහ දෙනේ බොන්නේ. නේ - එ උළෙලැ පොසොන් වැසි වස්නේ.

                     ඉති අන් කරුහි එක ‘ රුතැ අනා පස. 
                                        ______

9. ඌ - රුසිහු මහ ගත් ගෙතු - ගෙතු හ - ගෙතු හු.

10. හා ‘කරින් පස නැති වැ ද හ හු වේ. ඕ - පඬිහු අරුත් පළ කළෝ - කළ හ - කළ හු. උ - එ නියවත්හු උගත්තු - උගත් හ - උගත් හු. උන් - මර සෙන්හු බුන් - බුන් හ - බුන් හු. ඉති අන් කරුහි බුහු බසැ අයු පස.

                                              _________

11. අත් - වත්වත්හු මුනි ගුණ වනන්. ඉත් - ළ ඇතියෝ එ විඳිත්. එත් - දනැ ‘තියෝ දන් දෙත්. ඔත් - උඩනුවෝ මෙර බොත්.

12. ‘යළ’ යනුයෙන් ‘ඉ’ යුතු ද රුසී. ඉති අන් කරුහි බුහු බසැ වත්මන් පස. _______

13. අන්නෝ - සුසිරී කළහු මෙතේ දිනිඳු පුදන්නෝ. අන්නාහු - එ සස්නෙහි පැවිදි වන්නාහු. නාහු - අනිතිරිය පා කළාහු ඔබ නොදක්නාහු -19) 27 සිදත් සඟරා

14. ‘ද’ කරින් ‘උ’ වියුතු ද වේ.

                            ඉති අන් කරුහි බුහු බසැ අනා පස. 
                                               _________

15. ත සද කරු අරුතැ - මෙ මැ පස හි හු සියෝ වේ. ම සබඳැ ඉ යුතු උ යුතු - වි‍යුතෝ යුතු මකර හා.

16. තෝ තෙප් පෙරැ සුසිරි කෙළෙහි - කළහු - දැන් රජ කෙරෙහි - කරහු - මතුසෙත් පුර අත් පත්කරන්නෙහි කරන්නහු. ඉති ත සබඳ තෙ කල් කිරිය.

                                           __________


17. මම - ඇප් - පෙරැ සපුරිසන් බිජීම්, බිජීම් - බිජූමු, බිජූමෝ, බිජූම්හ. බිජුම්හු. දැන් දුලබ මුනි පුත් තනතුරු බෙජෙම්, බෙජෙම් - බජමු, බජමෝ, බජම්භ, බජම්හු. මතු ලොවුතුරා දහම් බජන්නෙම්, බජන්නෙමි - බජන්නමු, බජන්නමෝ.

18. වහරැ යෙදෙන සේ පස යොදනු ඉති ම සබඳ තෙ කල් කිරිය.

                                            ______

19. දැන් සදහම් රජ කරන්නේ ‍ගොයුමා - පණන් වෙළපන්නී අවිදු - මායා තුසී පුරෙහි වුසූ - මහමුහුණු සොම්නස් නම් ‍පසේබුදු වනුයේ - විසා උවැසී රහත් පල බජන්නී ඈ සද දහමින් අරුත් කිරිය සද වත ‍කල් නො ඇරැඹැ පස ලදින් ලිඟු විබත් බෙජේ.


28 (කිරිය 20- සිදත් සඟරා

20. පියෙදු කිරිය බේ - අන් ත සද විදි ආසී කම’රුතැ තෙ කල් කිරිය ද - දනු පද අසබහව් හා.

21. පරා විසින් මෙහෙයන ලදහු කිරිය පියෙදු කිරිය නම්.

22. මෙහි දයින් පර වැ ව පස රුසී කම් කෙලෙස් සසරැ පණන් බැමැවී - මනයොනා යෝනන් කෙළවා - මෙතේ සුගතිඳු ලෙවන් ගලවන්නේ - 23. ත ම සද දෙක්හි ද යෙදියැ යුතු.

24. අකම් සකම් වේ - පියෙදුම් ලද විසාහි බුහු කම් සකම් පියෙදුම් - ලද හට ලවා හා වේ. ‘සුදෙට අතැවැසි ලවා මේ පිසවා’ ඈ ගී.

25. හා කරින් කිසි තන්හි නො වේ :- ‘මුවවස්නි යුතු බුලත් දිදී දෙවා දරුවන්’. මෙ ඈ ගී. ඉති පියෙදු කිරිය.

                                                           ____

26. වත්මන් අනා රූ - නොවෙන් වැ හොත අනදරින් අදරින් හොත ත අන් සද - සබඳ විදහන් විදි නම්.

27. මෙහි අ - ඒ - අන්නේ - අන්නැ - අවු - උ පස රුසී. අ - බමුණ, පන දා බොජ. ඒ - සැර දේ මහබා. අන්නේ - මේකරු මේ පිසන්නේ. අන්නැ - හිමි, නුඹ දහම් දෙසන්නැ. අවු - ගුණෙකැ’ත් නම් මෙහි බජවු උ - සජනෙනි, යහක් දක්කු.

28. මෙහි කිසි විදි ආසීගබැ. ඉති විදි කිරිය. -38) 29 සිදත් සඟරා

29. ‍ඉටු නොපත් තෙ සද බඳ අනා අරුත් පැතුම් ආසී නම්.

30. මෙහි පසින් පර වැ වා පස රුසී සරසවිය මා මුව තඹරැ ඉස්බේ වා. නර පවර වැජැඹෙහි වා දිය හිය කිරීමෙහි වත් වෙම් වා.


ඉති ආසී කිරිය.

                                                        ______

31. මෙ වියූ සව් කිරිය - පෙදෙහි කිරිය කම’රුත බැරි වැ විවැකු නම් කම් - පස යෙදෙන සේ කරනු.

32. අයුහි දා පස මදැ ණ පස පිලි පෙරැළි ද අනාවත්මන්හි පිලි පෙරැළි මත් වැඩි ද රුසී. අග මඟ’ගිනි කෙලෙස් කැස දැවිණි - සුසිරි වතුරින් ඇණියහ වැසේ - සසුන් පිරියතැ දාණන් විසින් සතර රූ මැවෙන්නේ - මෙ ඈ විමසනු.

33. මෙහි අරුත් වියකන වරැ ලබ දා යොදනු රුසී.

34. නිතැතින් සැපැයෙන කතු අරුත් හට ද මෙ පස රුසී. බැබැළිණි ඈ ගී.

35. ‘කුසුල් තෙමෙ බි‍ඳේ - මෙ ඈ තෙමෙ කතු තෙමෙ කම් නම්.

36. විදි විසාහි කරනු - බොජනු ඈ වේ.

37. මෙහි නු පස රුසී

38. හව් තන්හි යෙදෙන සේ බුහු බස් සලසනු

                        ඉති කම් කිරිය. 

30 (කිරිය39-

සිදත් සඟරා 39. තෙ කලැ තෙ සදැ රූ නොවෙන් වත හොත අනියම් අරුතැ කල් අරුතා හොත කිරිය සබ්හව් නම් වේ.

40. මෙහි ත පස රුසී.

41. නොබැරි තැතැ ‘තියන’ පවග යත - වනත බැරි මුනි ගුණ සියල් - උරදා කල් කරත ඔසුනි තන පා රඳවන් -

	 	මෙ ඈ ගී. 

42. ලෝ විසා නො සිතියැ හැකි - බවුනින් මොක් දැක්කැ හැකි - සස් කිව යෙහෙකි - සුසිරී කළ මැනැවි - මෙ ඈ ද අසබහව්හි යෙදේ.

43. පස යෙදෙන සේ සලසනු.

44. එකකතු කිරියනෙන් - පෙර කිරියට ඇ ආ ඊ ඉන් ලා යුතු ද වියුතු ද - මුසු බැවැ මින් මින ම්නි ද

45. ඇ - බව’ ණවු තැරැ යහ විඳිත්. ආ - පැරුම් පුරා බුදු වූ. ඊ - ගිරිනිල් මල් කැනෙකැ යි සැකී ඉන් - පවිටු කොබ ගොසින් රැකේ. ඇලා - දිටුමඟුල් මතඟු දැකැලා නැවැත් ආලා - කරණි පිරික්සාලා කරනු. ඊලා - බමර පොසොන් පතරැ මී බිලා සේ. ඉන්ලා - සග යහ ගොසින්ලා නහමවු.

46. ද කරින් අවුත් - අවුදු - ගොස් යනු දු රුසී.

47. මුදාගනී - කියාලන්නේ ඈ පෙර කිරිය පස’තින් වූ ගන - ල - පස ඈ දා වූ සේ.

                    ඉති පෙර කිරිය. 


49 - පස’රුත් 1 – 4) 31 සිදත් සඟරා

48. මින් - මර සක් තනමින් පැලෑ. මින - සිකිනට පියමින. මිනි - මුනි රිවි උදා දෙත තිතු ‘ළු කැන් මිලියෙම්නි අතුරුදහන් බිජී. ඉති කිරයි මුසු.

                                   _______


49. කල් අරුත් කිරිය පවසනු වස් මෙහි සන් පමණෙක් වියන ලදි. විතර වහරින් විමසනු. කිරිය අදියර සත් වනු. _______

8. පස’රුත් අදියර[සංස්කරණය]

1. දයින් නමින් හොත - කැරැ අරුතට නිසි පසන් සපයා සදන් පස ‘රුත් - හිම් නො ලැඟැ ලොවැ වහරන්.

2. දයින් වන පස ස කරු අරුත්හි ද හව්හි ද වේ

3. කට යුතු - කරණි - පියැ යුතු - පැන් - බිදියැ යුතු - බොජුන් - කෑ යුතු - කදු - ගොතන ලද - ගත් - දෙන ලද - දන් - මෙ ඈ කම් කරු පසින් නිපන්.

4. කරනුයේ - කතු - ගණන්නේ - ගැණි - විදිනේ - වැදි - යදනේ - යදි - දුවන්නේ - දාවා -


32 (පස’රුත් 5- සිදත් සඟරා

පයින් නොයන්නේ - පන්වා - උරින් යනුයේ - උරා - පැන් ඉස්නේ - පැනී -

සොබන - කොබන - ලොබන - ලළන - ගලන - බබළන - වස්නා - තුස්නා - මුස්නා - උදුළ - හමළ - වහළ - සිටි - කැපි - දැපි - කිපි - තුටු - කුමුටු - මෙ ඈ කතු කරු පසින් නිපන්

5. කෙටු - වැටු - ගැහැටු - වුහුටු - දුටු - පිවිටු - කැපූ - සැපූ - දැපූ - ලු - බැලූ - ගැලූ - දුරූ - පිරූ - වැරූ - සැරූ - මැරූ - වැළූ - හෙළූ - නෙළූ - වෙළූ - පැළූ - කියූ - ලියු - පියූ - කළ - හළ - වළ - සුන් - බුන් - හුන් - වුන් - දුන් - එන - කන - දෙන -

මෙ ඈ කම් කතු කරු දෙකට සම පසින් නිපන්.

6. එයින් යේ නු යි - යන් - එයින් ‍වසා නු යි - වසන් - එයින් සනහා නු යි - නහනු - එයින් කෙරේ නු යි - කර - මෙ ඈ කරණ කරු පසින් නිපන්.

7. ඕහට දෙනු ලැබේ නු යි - දානී - බමුණු මෙ ඈ සපදන් කරු පසින් නිපන්.

8. ඔහු කෙරෙන් බත් නු යි - බෙම් - රකුසු - මෙ ඈ අවදි කරු පසින් නිපන්.



-22) 33 සිදත් සඟරා

9. එහි වෙත් නු යි - බිම් - එහි සැපත් පිරේ නු යි - පුර - මෙ ඈ අදර කරු පසින් නිපන්.

10. කරනු - දෙනු - වළඳනු - මැඟුම් - නැඟුම් - සිඳුම් - නැමැඳුම් - මෙ ඇ හව් පසින් නිපන්. ඉති දයින් පස.

                                     ____

11. මනුහු පිත් - මන්වා - නර. දනුව පිත් - දන්වා - අසුර. සමණහු පිත් - හෙරණ -

12. සුගත් දෙව් මෝහට - සොගත් - උවසු. වා දෙව් මෙ දෙසට - වයඹ -

13. නකත් දතුයේ - නැකැති -

14. පදනට හිය - පදී -

15. දනන් සුමු - දෙනෙතා -

16. සියල් ලොව් - ලෝතා -

17. ගම්හි වූයේ - ගැමි - සගෙහි වුයේ - සැගි -

18. රුවනින්, දඬුයෙන්, මවන ලද, රුවන්මුවා, දඬුමුවා -

19. තුරු මෙන් - තුරුවත් -

20. නැව් දවවනුයේ - නැවි -

21. තොටැ නියුතු වූයේ - තොටි -

22. කුම් කෙරෙම් දැයි පිළිවිසැ කරනුයේ. කිකරු - 3

34 සිදත් සඟරා (පස’රුත් - 23 -වුත් අවුත් -1-5-

23. දිපැතියේ - දිමුත් - නිය ඇතියේ - නියවත් - බල, කර, අත්, ඇතියේ - බිලි, කිරි, ඇත් -

24. සබට රහ - සැබි - මෙ ඈ නමින් පර වැ ඒ ඒ අරුත් පසින් නිපන්.

25. ඉඳුරු ගිනි යම ඈ දසහු තම හිමියන් නමින් ද, මල් පිලි ඈ ඒ ඒ ලිය රුක් නමින් ද, අබේ උවසරින් පසවත් කිරීමෙන් හොත වහරැ යෙදෙත්.

පස’රුත් අදියර අට වනු. ____

9. වුත් අවුත් අදියර[සංස්කරණය]

1. බජත තම විබත් - කම් කතු’රුතු අවුතු නම්. ඔහු දෙ දෙන වුතු නම් වෙත් - පළමු විබත් බජනුවෝ.

2. ලබ දා යුතු කම’ත - වුතු නම් නැත අවුතු නම්. වුතු වත කම් කතු අවුත් - කතු වුතු වත අවුත් කම්.

3. ‘දහම් නරදම් සැරිහු විසින් දෙසිණි’ - මෙ ඈහි කම් වුත් කතු අවුත් නම්.

4. ‘එ දම් අරී සඟ පිළිපදනේ’ - මෙ ඈහි කතු වුත් කම් අවුත් නම්, ඉති හුදු කිරිය පෙදෙන් වුත් අවුත්,

5. ගිම් රිවි තෙදින’දන් ගජ රජ කුමුටු වන විල් එහි පිළිබිඹු ඔහු බලා නො සැහැ වනසන මෙනෙනෙ’ව්. මෙ ඈ සකම් කිරියනෙන් වුත් කතු.


9-කිරිය කරු 1-5) සිදත් සඟරා 35

6. රුදුරු බියෙනි’ තුන් හද දැදුරට පිවිටි කම් එහි දෝ හට කටොල් දෙත් වත්නට වැරැදැ කෙ රැකෙත්?

මෙ ඈ අකම් කිරියනෙන් වුත් කතු.

7. සලෙළු තිළී දැකැ - පියොවුරු බෙයද පියබඳ වුහුටෙ’හි සක් නරද හිස - තැනැවී උපුරන’ සිනෙ’ ව්. මෙ ඈ අරුත් කිරියනෙන් වුත් කම්.

8. ඒ ඒ විබත්හි අරුත්හි සමස් පස තම තම විබත් අරුත් වුතු නම් කෙරේ.

9. අන් කිරියක් නැත පෙරවිබත්අත් හට වු දා යොදනු. වුත් අවුත් අදියර නව වනු. ____

10. කිරිය කරු පද සබද අදියර[සංස්කරණය]

1. කම් කතු කරණ හා - සපදන් අවදි අදර ද මෙ වියූ විබත් සයට මැ - කරු නම් විසූ පඬුවෝ.

2. කිරිය නිපැත්මට - හේනෙන් මේ ස කරු නම්. සබඳ අලප ද බිහි වී - මෙ වැනි අයුරක් නොලදින්.

3. යොදනු සබඳ නම් - මෙ විබත් කිරිය පද හා. මෙ විනා නො වති වැකියෙක් - විවැකු අරුත් පවසත.

4. මුළු දෙට පා පිඬු කනා ඉකිළියේ සඳුන් කටින් පිසැ සඟනට දී බෙවෙන් මිදිණි. ඉති කිරිය කරු පදන් යොදන අයුරු.

5. සියල් තැනැ යත ලබින් යොදනු. කිරිය කරු පද සබඳ අදියර දස වනු.


36 සිදත් සඟරා (ඉටු’නිටු 1 –

11. ඉටු ‘නිටු අදියර[සංස්කරණය]

1. ඉති වියරණ දැනැ - කිවියර පදී බඳනා ඉටු ‘නිටු ගණ අකුරු ඈ - ලකුණු විමසා බඳනේ.

2. සියලු පටනැ මැදැ අවසනැ වත ගලන එ ම න බ ය ජ ර ස ත නමින ‘ට ගණ වන දියො ‘ද සෙතා’ ලෙඩ දළ සෝ මර වැසන පටන බිදන් පසැ සිටුවා කළ කෙමෙන.

3. තියකුරු ගෙණෙක් ‍නම්.

4. නිමෙස් කල් මත්.

5. උසුරු වීමෙහි එක් මත් ඇතියේ ලුහු නම්.

6. දෙ මත් ඇතියේ ද හලින් පෙරටු ද ගුරු නම්.

7. ගත් අඩ මත් ඇතියේ.

8. ඇප් ඈ මත ‘සින් වැඩියෙන් මත් වැඩි නම්.

9. ම - සෙත් වේ වා න - තොපට බ - වේ සුබ ය - තිලෝනා ජ - ම‍ඬෝර ර - බාරුසී ස - නරසී ත - සප්දෑහි ඉති ඉටු ‘නිටු අට ගණ පියෝ.

10. එ ක ය ම ර ජ අ ණ න ළ අං අවා ‘කර උ ප බ ග හා නර නමි’ තිරි වේ අමර සුර ‘ කර පෙරැ පසැ වැඩ දේ අවා ‘කර නසා සුබ සියල් නර ‘කුරු මැදුම් සර ඉති ඉටු ‘නිටු වණ. -20) සිදත් සඟරා 37

11. අ ඹ ත ල ඈ වගැ වණ සිටි පිළිවෙළින යොදා නකුල්- මියු - මහවත් - වග - සපුන තුරඟ - බිලීපුටු - සරඟුන් දැනැ කෙමෙන පෙරැ පසැ යොන් බඳු නම යෝනට සොබන ඉති ඉටු ‘නිටු යොන්.

                                        _____

12. පදී දුබා මැදැ - සසඳ සඳ සමස් පස විබත් කරනු විදදෝ - නො රුසිත් රුසින් විසි දත්.

13. අතින් පෙදෙන් හොත - පවසත පුන වියූවා පුනරුත් අරුත් ඒ දනු - යළ සද ද පුනරුත් සේ.

14. ‘වනනට මෙ දලදා දල දෙනුයෙ දලදා නම් සොවිනො ‘බල තුනු තුනුවඟ සිඟු කෙළෙ’ නඟ කැරැ නිඟා’

15. පද සසඟින් හොත - බෙදුමෙන් හොත අතින් හෝ හුණත’ නිටු ගැමි අරුත් - එ විරුදු අරුත් දොස් නම්.

16. ‘දිව් රඟැ විසකුණන් - තොප කිත් නිළිය නස්නට සොමි ගුණ බමව හිමි නිති - දස දසතැ කොඳ හැති සේ.’

17. පෙරැ පිළිවෙළ යෙදි - පසු පෙදෙ ඉකුත් වී නම් එ උපිළිවෙළ නම් දොස් - පැවැසූ පදී පඬුවෝ.

18. ‘සියහ පියතම වූ - ගිරිදු - සිරි - විසිනට කසුන් - කලදෝ - මේවන් - දෙවියෝ සෙතෙ ‘ළවත් වා’

19. ‘ලේවන් සමුදුරින් - උලැඟියෙ වරහ දෙරණත’ වියැ යුතු බැවින් මුලුසුන් - සප් ලේ මෙ වේ නේ දොස්.

20. ‘එ තට දිය දේ වා - රිවි රා උරා කට මැණ’ නොපැලැඟි කෙළෙනැ ‘සුරූ - මේ දොස් අසබහව් නම්.


38 සිදත් සඟරා ‘නිටු -21 - ලකර 1-6

21. ‘දෙවි බර ‘ඩඅඩනෙන් - පස් විසි වා රකන තා’ නැසුණ ‘ත අරුත් ඇතියෙන් - මේ දනු ගුළු අරුත් දොස්.

22. ‘සිසි සේ හසක මෙන් - විමල් අඹර තළන් මෙන් රිවි එව් කදෝ හොබනේ - නහ එව් බෙළෙ හිමි ගෙරෙන්.’

23. බුන් ලිඟු බස මෙ සේ - උකට නිසු ‘ වම් මහ දොස් විමසා කව් කරනුයේ - සබ මදැ යස බජනුයේ.

24. මෙ ඈ යුණු වරා - පොරණැ ‘දුරන් දැනැ පදී මත් සඳ එළි ද ය ව හ න් - සම සේ යොදා බඳනේ

ඉති ඉටු ‘නිටු අදියර ‍එකොළොස් වනු.

                                                 ______

12. ලකර අදියර[සංස්කරණය]

1. සම හවියට තැකු - කිසි වත් උවම නම් වේ ලබනුයෙ උවම් ඒ හා - උවමේ නමින් පළ වේ. ඉති උවම් උවමේ.

2. ‘නුවන් ඉඳුවර වන් - ඉඳු වන් වුවන් සවැණිය’ සම දම් ඉති යෙදුයෙන් - මේ වියු වත් උවම් නම්.

3. ‘ඉඳු සැවු පිරිවැටු - මහ මෙර ලොවැ දැඟුම් වත සුගතිඳු බඳ එ බඳු වී - හඟනේ ‍අබුතු ‘වම් නම්

4. පෙදෙන් අතින් හොත - දෙ වතට සම ගුණ යොදා පවසත සබඳ අරුතින් - එ වියූ සෙලෙසු ‘වම් නම්.

5. ‘පියෙවි රා වඩා - කොස් දඬු පත් ගුණ සියෝ දල පල් දුගැ ද සිටියේ - පැරැදි පියුමැ ‘ය සරණින්.’

6. ‘සුවට කෙමෙනු’ ලැඟි අඹරතැ රැඳි කොකුම් වන් ත රුපුනැ ‘ලැ යපනුයේ වමි තෙනෙ නො මැ ළ තික්රස්’ -16) සිදත් සඟරා 39

7. ‍’සොමි කිස වන සුලු - රිවි සැඬැ සයුරු තනනුයෙ. ක හි තට ලොවැ උවම් වේ’ - මෙ වියූ නිඳි උවම නම්.

8. ඇති නැති කැරැ හොත - නැති ගුණ කැරැ ද ඇති සේ පවසත වෙසෙස් අරුතක් - එ වියූ විරුදු වා නම්.

9. ‘කනු දු නැති වතක් නොදෙනු දනුමෝ පුවතින් මහබා තො බිය නැත්තෙහි පරනට කෙසේ බිය දෙහි?’

10. උතුරු පසුතුරු දෙන - දෙ දෙනකු වදන් පිරියතැ වැනිය ‘ටි සිරිත් වෙසෙසක් - පළවතු ‘බබස් නම් වේ.

11. ‘සඳවණ සිඳු කිය කුඹුයොන නම සතරා කියී සෙවෙත තො ද වැලි නී යළ තො ගොරා අරුණු කි හෙනි වී කෙරළන් ලැබැ හුරිරා පැටි වනෙ’ දෙසැ යුද පතිරජ දිය ඉසුරා’


12. ගරහා කිසි ලෙසින් - පවසන උකට අරුතක් එ වියූ නිඳි පසස් නම් - ලකර මහ ගතු ‘ගතුවෝ.

13. ‘ගනුතු තොප කෙරෙන් - මතඟදැරිය ‘සි ලිය සැම් පරහු පිරිරූ ත දුරින් - එ බැවිනි හඟිම් මහබා’

14. නැසි ළෙහි තුබු - කිසි හව් පළ කරනු වස් පසන අන’ත් කරුණක් - එ වියු අන් අලප් නම්.

15. ‘මඟා මැඟී සුව විසලි මලී යා තිළී දොළී වැසැ එ සලීමලී යා බොමී වි මී ලි තුඩු විලි පිලී යා පිලින් නෙලෙන් උලැඟී බැලි මිලී යා

16. පියෙවි අයුරෙකින් - ඇසිරෙන අරුත් වෙසෙසක් සලකනු අන් අයුරෙකින් - වේ දනු උපේ ලකරා.


40 සිදත් සඟරා (ලකර-21)

17. ‘අපොළත’ රියොර බිමැ තන බඳු පෙඳ නො සැහැ මෙන් බියෙනෙ ‘ ව් හිණි නුවන් වන් කත කන් කපල් පල්ලේ’

18. සමුදා එකතැ හෝ - අන් අරුත් රූ හවියෙන් විකපා ‘යුරෙ’ව් පවසත - එ වියූ රූ ලකර නම්.

19. ‘යස ‍ප‍ඬෙරො’හු සුපුල් - සිසි කෙමි ගහ රැස් කෙසුරු සේ වලා දල කෙලෙස් - නළ මුළු දිය විලැ බිජි’

20. ‘ගැඹරින් සයුරු වී - සොමි ගුණෙනි ‘ඳු රිවි තෙදින් ඇදුරු දිරින් තිළිණෙන් - සුරතුරු’ මෙ හේ රූ නම්

21. ය හ ඈ වණන් මුත් - තුබු පද නො ලා සඳ වස් නො මැ ලැඟැ පෙර කිවි සමා - කව් බැඳැ යස බඳ දෙ වා.

ලකර අදියර දොළොස් වනු ______

1. මෑ පෙළ පමණ සිඹි - කිවිමන් දනන් පසසත ගරහත යළි දු කම් කිම් - පඬුවෝ මැ මෙහි පමණෝ.

2. දුහුන දන හට මුත් - මෙ කුදු සිදතින් වියතිනි පිරියත්නට නැත ද ‘තක් - මෙහි කළ ම තැතැ තුස්වා.

3. දකණ ලක සියල් - බුජ මහ ‘වුරිනි රක්නා දද රදල ගම් විමන ‘ගැ - පතිරජ දෙව් සැර දෙනේ.

4. අදරින යදත ඔහු - විබතෑ ‘ නිරණ සිය බසැ පළ කරනු වස් මෙ කෙළෙම් - කුලුණින් සිදත් සඟරා

5. මෙහි පදනු ‘වඟ දැනැ වියරණ සිඳු බජමින නිතැතිනි මන පැසිඳැ විතඬන දපිනි ‘පිලෙන යස රළ දිගෙ ‘ළැඹෙන විතර පත සයුරු මෙන නඟනු මෙ ලකැ නිති දිය දදන නර ‘නන මින


සිදත් සඟරා නිමි.