Jump to content

සිදත් සඟරා විවරණය- විවරණය i

Wikibooks වෙතින්

සිදත් සඟරා විවරණය

[සංස්කරණය]

නමවු මුනි සරණ

[සංස්කරණය]
                      ම - හද ගඳ කිළි කැරැ 
		                     සව් නේ ගෙවා දත් හට 
		                     දුහුනන් දැනුම් සඳහා 
		                     කරනෙම් සිදත් සඟරා

අර්ථ  : සකල ඥෙයයන් කෙළවර කොටැ දත්තහු හට මා ගේ හෘදය ගන්ධකුටිය කොටැ, ආධුනිකයන් ගේ දැනීම පිණිසැ සිද්ධාන්ත සංග්‍රහය කරන්නෙමි.

විස්තර : බුදුන් සිහි කොටැ සිදත් සඟරාව කෙරෙමි යැ යූ සේ යැ. ඉෂ්ට දෙවතානුස්මරණයෙන් සකල අන්තරායයන් දුරු වැ මෙ සේ ඇරැඹෙන කාර්යය සමෘද්ධ වෙති යි තමන් හදහන බැවින් ග්‍රන්ථ කාරයෝ මෙ සේ බුදුන් සිහි කෙරෙති.

මේ පද්‍යයෙන් කැරුණේ ඉෂ්ට දෙවතානුස්මරණය මතු නො වේ. ග්‍රන්ථයා ගේ සංඥාදිය ද දැක්විණ. ග්‍රන්ථයෙකැ අර්ථ වර්ණනය කරන්නක්හු විසින් සංඥා යැ නිමිත්ත යැ කර්තෘ යැ පරිමාණ යැ ප්‍රයොජන යැ යි කරුණු පසක් දක්වා අර්ථ වර්ණනය ඇරැඹියැ යුතු බව පුරාතනයෝ කී හ. මේ ග්‍රන්ථයා ගේ සංඥාව සිදත් සඟරා යනු මෙහි මැ කියැවිණ. ප්‍රතිරාජ දෙවයන් ගේ ආරාධනයෙන් කැරුණු බව ග්‍රන්ථාවසානයෙහි පැවැසිණ. ඒ ආරාධනය මේ ග්‍රන්ථකරණයට බාභ්යි නිමිත්තය යි. විද්‍යාභිලාෂීන් කෙරෙහි කැරෙන කරුණාව අන්තර්නිමිත්ත යි. එ ද ගත් අවසන්හි හැඟැවිණ. පතිරජ පිරුවනුන් විසින් මෙය කැරුණු බව දෙ තැනෙකැ මැ කියන ලද. මේ ග්‍රන්ථය අධිකාර දොළොසෙකින් යුක්ත යැ. ‘දුහුනන් දැනුම් සඳහා’ යැ යි ග්‍රන්ථ කාරයෝ මැ ප්‍රයොජන දක්වති.</nowiki>

ටිප්පණි : 1. සව් නේ - සර්ව‍ ඥෙය. දත යුත්තේ ඥෙය (නේ) නමි. බුදුහු සියලු ඥෙයයන් දත්තෝ යැ.

2. ගඳ කිළි - ගන්ධකුටි. බුදුන් ගේ වාස භවනයට මේ නමි. ගඳින් (සුවඳින්) යුත් කිළිය (කුටිය - ගෙය) ගඳ කිළි නම් වේ.

3. දුහුනන් - ආධුනිකයෝ - නවීනයෝ - නුමුහුකළ නුවණ ඇත්තාහු - දුහුනෝ යැ.

4. කරනෙම් - කරනු යන කෘදන්ත නාමයෙන් සිදු වූවෙකි. වර්තමාන අනාගත අර්ථය ද්වයයෙහි මැ මේ යෙදේ. අනාගතාර්ථුය හඟවන ශුද්ධ ආඛ්‍යාතයක් කොටැ මෙයි ගන්නාහු සිංහල ව්‍යාකරණය නොදන්නෝ යැ.

5. සිදත් සඟරා - මෙහි ‘සිදත්’ යනු සංස්කෘත ‘සිද්ධාන්ත’ යන්නෙන් ලැබෙන අර්ථය දෙන්නට යෙදිණ. හේතු දැක්වීමෙන් සිද්ධ කරන ලද - ස්ඵුට කරන ලද - අන්තය ඇත්තාහු සිද්ධාන්තයෝ යැ. ඔවුන් ගේ තව ද සිද්ධ කළ යුත්තෙක් නැති. අන්තය (කෙළවර) තෙක් සියල්ල සිද්ධ යැ. එ හෙයින් සිද්ධාන්ත නාමයෙන් ගැනෙනුවෝ නම් යම් කිසි ශාස්ත්‍ර විෂයයෙකැ නො පෙරැළියැ හැකි නිගමනයෝ යැ. සිංහල ව්‍යාකරණ ශාස්ත්‍රය පිළිබඳ වූ එ බඳු නිගමනයෝ මෙහි සිද්ධාන්තයෝ යැ. ‘සඟරා’ යනු ‘සංග්‍රහ’ යන්නෙහි අර්ථය දෙයි. ‘සංග්‍රහ’ නම් එක් කිරීම යි. සිද්ධාන්තයන් එක් කොටැ දක්වා නු යි ග්‍රන්ථය සිදත් සඟරා නමින් ගැනේ.



අර්ථ : සකල ශබ්දාර්ථ‍ විධීහු ඡෙක ප්‍රයොගයනට අනුරූපයෝ යැ. මෙ සේ සංඥා සන්ධි සමාස ආදිය ව්‍යවහාරානුසාරයෙන් සම්පාදනය කරවු. සිද්ධාන්තයා ගේ පර්යන්තය තෙක් මේ සම්බන්ධ යැ.

විස්තර : ඡෙකයෝ (පණ්ඩිතයෝ) යම් බඳු ව්‍යවහාරයක් කෙරෙත් ද ඒ ශිෂ්ට සම්මත යැ. එ හෙයින් භාෂාව සම්බන්ධ පිරිසුදු බව කැමැත්තවුන් විසින් ඡෙකයන් ගේ ව්‍යවහාරයනට අනුවන්නට උත්සාහ කළ යුතු යැ. ශබ්දාර්ථය හෙවත් ව්යාකරණය නම් ඡෙක ප්‍රයොගයන් පිළිබඳ නීතිය යි. ඒ නීතියෙහි සියලු විධීන් ඡෙකයන් ගේ ප්‍රයොගයනට (යෙදුමට) අනුරූප වියැ යුතු යැ යි කියනුයේ එ හෙයිනි.

පළමු මැ ඇති වනුයේ භාෂා ව්‍යවහාරය යි. ශිෂ්ටයෝ තමන් කියූ දැයෙහි පිහිටා සිටිති. එ හෙයින් ඔවුන් ගේ වාග් ව්‍යවහාරය පිළිබඳ ක්‍රමවත්භාවයෙක් පැතිරැ සිටී. පරීක්ෂකයෝ මේ ක්‍රමවද්භාවය මතු කොටැ ගෙනැ ‘ව්‍යාකරණ’ යැ යි දක්වති. එක් එක් රීතිය පෙන්වා එ බඳු රීතියක් ඇති බවට ශිෂ්ට ප්‍රයොගයෙන් මැ නිදර්ශන පමුණුවති. ‘සියල් සද’ රුත් විදි සේ පියෝනන් අනුරූ’ යැ යි පවසනු එ හෙයින් යෙදෙයි. ශාස්ත්‍රෙයා ගේ කෙළවරට මැ මේ නීතිය සම්බන්ධ කිරීම ද අතිශයින් සුදුසු යැ.

ශිෂ්ටයෝ තමන් බසෙහි පිහිටා නො සිටිති. ඊයේ එක් ලෙසෙකින් කියූ දැය අද අන් ලෙසෙකින් කියත් : අද එ ලෙස කී දැය ද හෙට වෙනස් වූ ලෙසෙකින් පවසත්. ඔවුන් මසක් වහරට ගත් දෑ විමැසුව හොත්, එක් එක් දිනැ ගත්, එක් එක් ශබ්දයට එක් එක් පදයට එක් එක් වාක්‍යයට එක් එක් රීතිය බැගින් පහළ කළ යුතු සේ පෙනී යෙයි. ‘භාෂාව කෙලසවන්නාහු අඥානයෝ යැ. යම් කිසිවක් පැවැසියැ යුත්තේ ඔවුන් ගේ මන වඩන බසිනැ ‘ යි කියමින් ‘ සියල් සද’ රුත් විදි අසේ පියෝනනට අනුරූ’ කරන්නට සැරැසෙන භාෂා පරිවර්තකයෝ ස්වකීය අඥ භාවය, නොදන්නා පාලකයන් ගෙන්, සඟවන්නට තැත් කෙරෙති.


ටිප්පණී : 1. සද ‘රුත් - ‘සද’ රුත්’ (ශබ්දාර්ථ) යනු ව්‍යාකරණයට නමෙකි. සද (ශබ්දය) අරුත් (අර්ථ ය) වනුයේ යමකට ද ඒ ශබ්දාර්ථ ය යි. ව්යාකරණයෙන් කැරෙනුයේ ශබ්දයන් පිළිබඳ අනුශාසනය යි. සුශබ්ද සිද්ධිය ව්යාකරණයෙන් සිදු වියැ යුතු අර්ථඵලය යි. ඒ හෙයින් ඒ අර්ථය සිදු ‍කරන්නා වූ ව්‍යාකරණයට ‘ශබ්දාර්ථ.’ නාමය සුදුසු යැ.

2. විදි - මෙහි ‘විදි’ (විධි) යනු නිවැරැදි ලෙස යෙදුණේ යැ යි නො සිතේ. සන්ධිසමාසාදීහු නම් විධීහු මැ යැ. එහෙත් ප්‍රකෘති යනු කෙබඳු විධියෙක් ද? ‘කොටස්’ යන අර්ථිය දෙන්නට ද ‘විදි’ යනු සමර්ථ නො වේ.

3. සේ - ප්ර කෘතිය ‘සෙව්’ යනු යි. ‘ව’ කාර ලෝපය ද පූර්වය දීර්ඝ්ය ද වීමෙන් ‍’සේ’ යනු නිපදී. සංස්කෘතයෙහි ‍‘ඡෙක’ යනු ලැබේ. ‘පණ්ඩිත’ යනාදි අථර්‍ දෙන්නෙකි ඒ.

4. පියෝනන් - ‘පියෝ’ නම් ප්‍රයොග හෙවත් යෙදුම් යැ. සිදත් මතයෙන් ‘නන්’ යනු විබති.

5. අනුසෙරෙන් - අනුසර + එන් = අනුසරෙන් = (ස්වර පර රූපයෙන්) අනුසෙරෙන්.

6. සපයා - සපයහු = සපයවු = සපයව --= සපයා. ‘සපය’ ධාතු යි. මෙහි සැපැයීම නම් යෙදීම යි.

7. මෙ - ‘සද’ රුත් විදි සියල් අනුරූ සේ ‍පියෝනන්’ යන මේ සූත්ර ය. මේ සකල ව්යාමකරණ ශාස්ත්ර ය පාලනය කරන්නා වූ සුත්රයය යි.

                          ‘සව් පදන් සිදු සේ සලකනු
		                           මෙහි පදන් උවඟ දැනැ ........’

යන දෙ තන්හි සිදත් සඟරා කාරයෝ මැ මෙය ‘පදන්’ (ප්‍රධාන) යන නමින් ගත් හ. සකල ශාස්ත්‍රයට ප්‍රධාන වන හෙයින් ඒ නමට සුදුසු යැ. සෙස්සෝ උපාඬ්ග සූත්‍රයෝ යැ. ඔහු ‘උවඟ’ නමින් දැක්වුණ හ. ඒ නමට අනුරූප වන පරිද්දෙන් නම් ප්රකධාන සූත්රයයට දියැ යුතු නම ‘අඟ’ (අඞ්ග) යනු යි. සංස්කෘත වෛයාකරණයෝ මෙ බඳු සූත්‍රයන් ‘අධිකාර’ නාමයෙන් දත් හ.

                          ‘ශිෂ්ට ප්‍රයොගාඃ සාධවඃ’

යනු සංස්කෘත ව්යා‍කරණ ශාස්ත්රයයට සීමාව දක්වයි. ශිෂ්ට ප්‍රයෝගයෝ සාධූහු යැ (යහපත්හු යැ) යනු එහි අර්ථ යි.

                         ‘ජීනවචනයුත්තං හි’  

යනු පාළි ව්‍යාකරණයෙහි සර්ව‍ත්‍රාධිකාර යි. ජිනයන් (බුදුන්) ගේ වචනයට අනුරූප වන ලෙස මැ සියල්ල යෙදියැ යුතු යැ යන අර්ථය එයින් ලැබේ. පාළි ව්‍යාකරණය නිපැයුණේ ත්‍රිපිටක බුද්ධ වචනය පිළිබඳ වාග් රීතීන් ඉගැන්වීමට යැ.

8. සබඳැ - සබඳ + යැ. මෙ බඳු තන්හි ‘යැ’ නිපාතයා ගේ ව්‍යඤ්ජනය ලොප් වෙයි. සබඳ + ඇ = සබඳැ.

9. සිදත් පිරියත් - සිද්ධාන්තයා ගේ (සිදත් සඟරායෙහි) පර්යන්තය (කෙළවර) පිළිබඳ මත භෙදයෙක් වෙයි. සිදත් සඟරාව කෙළවර වනුයේ අලඞ්කාරාධිකාරයෙනි. එහි අග තෙක් මැ මේ සූත්‍ර බලය පවතිති යි ඇතැමෙක් යෙති. මේ සූත්‍රෙයට අනුවැ සිදත් සඟරා කාරයන් මැ - ‘එ බැවින් සන් සඳ.......’ යනාදීන් වියරණ විදි විස්සක් දක්වා ‘විසි වැදෑරුම් වියරණ විදි සපයා’ යනු කියන හෙයින්. සූත්‍රාධිකාරය ඒ විදි විස්සෙහි මැ වැටෙති යි සමහරෙක් පවසති. ඉෂ්ටානිෂ්ටාධිකාර අලඞ්කාරාධිකාර යන දෙක විසි වැදෑරුම් වියරණ විදියෙහි නොවැටෙන බැවින්. ඒ මතය පරිදි නම්, ප්‍රධාන සූත්‍රාධිකාරය ද දශමාධිකාරයද එක් තැනින් කෙළවර වෙයි. එ කලැ ‘සිදත් පිරියත් හිම්’ යනු යෙදූ සේ නොමනහර යැ. සර්වමත්‍රාධිකාරය මැ සූත්‍රයට පැවැරිණි නම් විසි වැදෑරුම් වියරණ විදි සපයන්නට කී සේ නොමනහර යැ. සිදත් සඟරාව මැ සේ පියෝනනට අනුරූ නොවන හෙයින් මේ අධිකාරය කො තැනින් සිඳුණ ද, ඉන් වන වැඩ අ‍වැඩ නැති.



අර්ථ  : එ හෙයින් (1) සංඥා යැ (2) සන්ධි යැ (3) ලිඞ්ග යැ (4) විභක්ති යැ (5) සමාස යැ (6) ප්‍රකෘති යැ (7) ප්‍රත්‍යැය යැ (8) ක්‍රියා යැ (9) ලෝප යැ (10) ආදෙශ යැ (11) ආගම යැ (12) පූර්වරූප යැ (13) ද්විත්වරූප යැ (14) විපර්යාස යැ (15) වෘද්ධි යැ (16) හානි යැ (17) නිපාත යැ (18) නියම විධි යැ (19) අනියම විධි යැ (20) අවිද්‍යැමාන විධි යැ යන විශංතිවිධ ව්‍යාකරණ විධීන් මෙහි (මේව්‍යාකරණ ශාස්ත්‍රයෙහි) සම්පාදනය කරවූ.

විස්තර : මෙ සේ මේ ශාස්ත්‍රයෙහි ව්‍යාකරණ විධි විස්සෙක් නියම කරන ලද. ඒ මෙහි දැක්වුණේ නම් විසිනි. නම්ලකුණෙන් හැඳින්වීම ඉක්බිති වැ කැරෙයි.

මෙ විස්සට සාධාරණ කොටැ දුන් ‘විධි’ නාමය සුදුසු නො වේ. ව්‍යාකරණ ශාස්ත්‍රයෙහි වනාහි ‍ෂඩ්විධ සූත්‍රයන් අතුරෙහි ‘විධි’ යනු එකෙකි. ඒ එ සේ මැ නම් සියල්ල විධි නාමයෙන් ගැනීම කෙසේ ගැළැපේ ද? ව්‍යාකරණය කොටස් විස්සකට බෙදා ඒ එක එක විදි නමින් ගත් සේ පෙනෙයි. එ සේ ද ගත් කලැ ඒ එක් අතෙකින් අසම්පූර්ණ යැ, එක් අතෙකින් අධික යැ, අනෙක් අතෙකින් අශාස්ත්‍රීය යැ.

වර හෙයින් අසම්පූර්ණව ද?

ව්‍යාකරණයෙකින් ඉගැන්වෙනුයේ නිවැරැදි වාක්‍ය නිර්මාණය යි. වාක්‍යයෙක් නම් පද සමුදායයෙකි. පදයෙක් නම් අක්ෂර සමුදා‍යයෙකි. එ හෙයින් මුඛ්‍ය වශයෙන් ව්‍යාකරණය අක්ෂර යැ පද යැ වාක්‍ය යැ යි කොටස් තුනකට බෙදියැ හැකි යැ. මේ එකෙකුදු විංශති විධියෙහි නො පැනේ. එ හෙයින් අසම්පූර්ණනත්වය ගැනැ කවර කථා ද? අක්ෂරයන් දැක්වීමට අවසර ඇරැවුණේ සංඥ වර්ණනයෙහි දී යැ. ව්‍යාකරණයෙහි ලා අවශ්‍ය වූ අක්ෂරයන් එ තරම් අනවශ්‍ය සේ සැලැකීම මහත් වරදෙකි.

‘දා පද අකම් වත’

යනාදියෙන් ‘පද’ යන්නෙහි අර්ථ‍ සිදත් සඟරා කාරයන් වටහා ගත් අයුරු පෙනී යෙයි. ක්‍රියාකාරක සම්බන්ධයෙහි ලා වාක්‍යයක සඳහන් වුව ද එය ව්‍යාකරණාංගයක් සේ සැලැකුණ හ යි කෙසේ නම් සිතමු ද?

එ තරම් දීර්ඝ ලෙස දැක්වුණු ‘හ’ කාර විනිශ්චය විසි වැදෑරුම් වියරණ විදියෙන් අවසර නොලද්දෙකි. වෙසෙසුන් වෙසෙස් අදියර යැ යි අධිකාරයක් මැ නිමැවුණු නමුදු වෙසෙසුනෙක් හෝ වෙසෙසෙක් හෝ වියරණ විදියෙක් නො වී යැ. කිරිය කරු පද සබඳ අදියර යැ යි අධිකාරයක් මැ වෙන් වුව ද කරු යනු හෝ පද යනු හෝ විසි විදයට නොගැනුණේ යැ. විබත් (විභක්ති) ද පස (ප්‍රත්‍ය) ද දෙ විදියක් ලෙස ගැනුණ නමුත් උපසග (උපසර්ගය) දැක්වූණේ ඒ ලිඞ්ගමුක්ත බව පැවැසීම පිණිසැ යැ. එහෙත් නිපා (නිපාත) විශෙෂ විධියක ලෙස පැවැසිණ.

වර හෙයින් අධික ද?

තැම් විධීහු නියමයෙන් යෙදෙති: ඇතැම්හු අනියමයෙන් යෙදෙති. මොහු ලොපාදෙශාදීන් ගේ ගති විශෙෂයක් දක්වති. එ බන්දන් වෙන් වූ ව්‍යාකරණ විධීන් කොටැ දැක්වීම අධිකයෙනුත් අධිකයෙකි.

වර හෙයින් අශාස්ත්‍රීය ද?

මෙහි ‘විදි’ නාමය මැ අශාස්ත්‍රීය යැ. දැක්වුණු විංශති විධියෙහි අශාස්ත්‍රීය වන තැන් ඒ ඒ විධි වර්ණනාවසරයෙහි පැවැසේ.


ටිප්පණි : 1. පියෙවි - ‘පියොවු’ යනු ප්රපකෘති යි. පියොවු මැ පියෙවි. ස්වාර්ථ තද්ධිත යි. 2. වී - ‘යි’ යන්නට සමාන නිපාතයෙකි. 3. විදින් - ‘විදි’ යනු දෙ වන විබත් බුහු බස ගත් තැනි.



අර්ථ : ප්‍රාණාක්ෂර ගාත්‍රාක්ෂර ආදිය නාමලක්ෂණයෙන් හැඳින්වීම සංඥා නමි.

විස්තර : මෙයින් සංඥා වර්ණ‍නය කළ හ. සංඥා විධානය කොටස් දෙකෙකින් යුක්ත යැ. එකෙක් නම් නාමය යි. අනෙක නම් ලක්ෂණය යි. ‘පණ’ කුරු ඈ නම්ලකුණෙන් හඳුන්වනු සන්’ යන තන්හි ‘සන්’ යනු නාමය යි; ‘පණ’ කුරු ගත ‘කුරු ඈ නම්ලකුණෙන් හඳුන්වනු’ යනු ලක්ෂණය යි.


මෙහි පණ'කුරු ගත'කුරු ගැනුණේ විංශතිවිධ ව්‍යාකරණ විධියට ඇතුළත් නොවූ අක්ෂරයන් දක්වන්නට අවසර ලබන පිණිසැ යැ.

‘සන්’ යනු කිමෙක් දැ යි පහදා දියැ යුතු වූයෙන් පෙනෙනුයේ මේ ග්‍රන්ථය කිසිවක් නොදන්නා බාලයන් සඳහා කැරෙන බව යි. එහෙත් සංඥාව මෙහි ලා වැනුණේ එ බන්දනට වැටැහෙන පරිද්දෙන් නො වේ. බාලයනට වනාහි ඇතැම් වැටැහෙන දෑ ද වනන්නට ගිය කලැ නොවැටැහෙන බවට පැමිණේ. මේ එ බඳු තැනෙකි. ප්‍රවීණයෝ පවා අද ද මේ සංඥා වර්ණනය පිළිබඳ මත හෙදය ප්‍රකාශ කෙරෙති. නවීනයනට කවර පිහිටෙක් ද? ‘සන්’ යනු හැරැ දමා ‘සන්ධි’ නම් මේ යැ යනාදීන් සංඥා විධානය කරන ලද නම් කො තරම් මනහර ද?

‘පණ’කුරු ගත ‘කුරු ඈ නම් ලකුණෙන් හඳුන්වනු සන් නම්’ යැ යි කියුව ද, පණ ‘කුරු හෝ ගත ‘කුරු හෝ නම්ලකුණෙන් හැඳින්වීමෙක් මෙහි නො කැරිණ. ඒ මහත් අඩුවෙකි; කෙළින් මැ පණ’කුරු ගත ‘කුරු ගණන් දැක්වීමෙන් පෙනෙනුයේ මේ ග්‍රන්ථකාරයන් පණ ‘කුරු ගත ‘කුරු නම්ලකුණෙන් හැදින්වියැ යුත්තක් සේ නොගත් බව යි. එ සේ නම් ගත යුත්තේ නම්ලකුණෙන් හැඳින්වියැ යුතු සඳ ලිඟු වීබත් ආදිය අතුරින් කි‍සිවෙකි. ව්‍යාකරණයෙහි පළමු කොටැ මැ අකුරු හැඳින්වියැ යුතු බව සැබෑ යැ. ඒ සඳහා අවසර ලබන්නට කළ යුත්තේ අකුරු ද වියරණ විදි ගණයට හෙළා ගැනීම යි. කළ යුත්ත නොදැක්මේ වරද යැ, ඒ හේතුයෙන් මැ නො කළ යුත්තක් කිරීමේ වරද යැ යි ග්‍රන්ථ කාරයෝ මෙහි වරද දෙකක් කළ හ.


1. පණ ‘කුරු - පණ වූ අකුරු යැ යන අර්ථඥය සලකා ස්වරයනට මේ නම යොදන ලද. බැහැරින් පිහිට නැති වැ මැ උච්චාරණය කළ හැකි වන බැවින් ස්වරයෝ මේ නමට සුදුස්සෝ යැ.

2. ගත ‘කුරු - ගත් (ගාත්‍ර - ශරීර) වූ අකුරු යැ යන අර්ථ යෙන් ව්‍යඤ්ජනයනට ගත් ‘කුරු (ගාත්‍රාක්ෂර) නාමය යෙදෙයි. ගාත්‍රය පවත්නේ ප්‍රාණය ඇති විටැ යැ. ව්‍යඤ්ජනය උච්චාරණය කළ හැක්කේ ස්වරය ඇති විටැ යැ. එ හෙයින් ස්වරය ප්‍රාණය හා සමාන වේ නම්, ව්‍යඤ්ජනය ගාත්‍රය (ශරීරය) හා සමාන වෙයි.

3.නම්ලකුණෙන් - නම් ද ලකුණු ද නම්ලකුණු. ඉන් නම් ලකුණෙන්. නම (නාමය) නම් වෙසෙසා ගැන්මට කරනු ලබන ප්‍රඥප්තිය යි. හැඳින ගැන්මට වහල් වන ස්වභාවය ලකුණු (ලක්ෂණ) නම් වේ.

4.හඳුන්වනු - ‘හඳුන’ ධාතු ‘පිහිට’ ආදි පර පද යි. හඳුනා - හඳුනති - හැඳින - හැඳිනි.



අර්ථ : ස්වභාෂායෙහි (සිංහලයෙහි) ව්‍යවහාරයට සුදුසු වූ ප්‍රාණාක්ෂර පසෙකි. ඒ (පස) ද ලඝු යැ ගුරු යැ යන භෙදයෙන් දශයෙක් වේ. ගාත්‍රාක්ෂර ද විස්සෙක් වෙයි.

ටිප්පණී :

1.පසෙකි - පසෙක් + යි = (‘යි’ නිපාතයෙහි ව්‍යඤ්ජන ලෝපයෙන්) පසෙක් + ඉ = පසෙකි.

2. ලුහු - උච්චාරණයෙහි දී (කියන කලැ) එක් මාත්‍රාවක් ඇත්තේ ලඝු යි. අ - ඉ යනාදිය මෙනි.

3. ගුරු - උච්චාරණයෙහි දී මාත්රාම දෙකක් ඇතියේ ගුරු යි. ආ - ඊ යනාදිය මෙනි.

4. බෙයින් - බෙ + ඉන්. ‘බේ’ නම් භෙදය යි.

5. පණ ‘කුරු පසෙකි. එ ද ..... දස වේ. ගත ‘කුරු ද විස්සෙක් වේ - සිංහලයෙහි නපුංසක ලිඞ්ග නාමයන් සමඟ එකවචන ආඛ්යා තය මැ යෙදෙන අයුරු දැක්වීමට අමොඝ නිදර්ශනයෙකි.

6.යුහූ - ‘යහ’ (සුදුසු වීමෙහි) ධාතු ‘බම’ ආදි උභය පද යි. (පර. පද) යහා - යහති - ධිහී - යුහූ. (අත්. පද) යෙහේ - යෙහෙති.



අර්ථ : අ ආ ඉ ඊ උ ඌ එ ඒ ඔ ඕ යන මේ දශය ප්‍රාණාක්ෂර නමි.

විස්තර : ඇ ඈ දෙක අ ආ දෙකෙහි මාත්‍රාංශ වෘද්ධියෙන් ඇති වූ සේ සලකා ගණනට නොගන්නා ලදි. ‘ඇප් ඈ මත ‘සින් වැඩියෙන් මත් වැඩි නම්’ යැ යි කීයේ එ හෙයිනි. එහෙත් මේ මතය අත්‍යර්ථයෙන් අශාස්ත්‍රීය යැ.

1. වෘද්ධි නාමයෙන් සිදත් සඟරා කාරයනට අභිමත වූයේ දීර්ඝය යි. ‘සිහිලෙහි’ යැ යි සිටියැ යුතු තන්හා ‘සිහිලේහි’ යැ යි කී කලැ ‘එ’ යන්න ‘ඒ’ යන්න බවට පැමිණීමෙන් වෘද්ධිය වූ බවක් දැක්වූණේ එ හෙයිනි. ‘අ’ යන්න දීර්ඝ වීමෙන් ‘ඇ’ යන්න වී නම්, ‘ඇ’ යන්න කියැවීමට යන කාලය ‘අ’ යන්න කියැවීමට යන කාලයට වඩා මඳ වශයෙන් වත් දික් වියැ යුතු යැ. අංශුමාත්‍ර වූ ද එ බඳු දීර්ඝත්වයක් ‘ඇ’ යන්නෙහි නැති බැවින් මාත්‍රාංශ වෘද්ධි මතය අතිශයින් කෂ්ට යැ.

2. ‘අ’ යන්න කණ්ඨජයෙකි. එය උසුරුවන කලැ දිව නො සැලී සිටී. ‘ඇ’ යන්න ශුද්ධ කණ්ඨජයෙක් නො වේ. එය උසුරුවන කලැ දිව සැලෙයි. ‘ඇ’ යන්න ‘අ’ යන්නට මාත්‍රාංශ දීර්ඝය වීමෙන් නිපන්නෙක් නම්, එ බඳු උච්චාරණ වෛෂම්‍යඝයක් ඇති වියැ නො හේ.

3. සිංහලයෙහි ස්වර සන්ධානයෙහි දි ‘අ’ යනු ‘එ’ ‘අ’ යන ස්වර දෙකට මැ සමාන බව පෙනෙයි. ඈත (එ + අත) - මෑත (මෙ + අත) - දෑත (දෙ + අත) යනාදි තැන් පිරික්සීමෙන් එ බව පැහැදිලි වෙයි. ‘ඇ’ යන්න ශුද්ධ කණ්ඨජයක් නොවන බවට එ ද සාක්ෂ්‍යයෙකි.

‘ඇ’ කාරයා ‘අ’ කාරයා ගේ මාත්‍රාංශ වෘද්ධියෙන් නිපන් බව ස්ඵුට කිරී‍මට ඇතැමුන් ඇරැ පානා කරුණු බාලයන් ගේ ද සිනා උපදවන තරම් විහිළු යැ. මහත් මැ විහිළු ද, ගතානුගතිකයන් විසින් මහතැ යි සැලැකෙන තැනෙකින් එන කලැ. අඥයනට චතුරාර්ය සත්‍යයට ද වඩා බර වන හෙයින් තත්ත්වය මඳක් හෙළි කළ යුතු වෙයි.

ඇ ඈ දෙක අ ආ දෙකේ මැ විකාරයක් බව කටින් උච්චාරණය කිරීමෙන් නම් දත හැකි නො වේ. කටින් උච්චාරණය කරන්නවුනට වෛෂම්‍යය මැනැවින් ප්‍රත්‍යක්ෂ වන හෙයිනි. ‘ඇ’ කාරොච්චාරණයෙහි මඳ වූ ද වක් බවෙක් නැති. ඇති වක් බවක් මැ සලකා පුරාතනයෝ ඒ වක දක්වන්නට ‘ඇ’ යන්න වක් ඉරක් සමඟ ලියන්නට යෙදූ හ යනු උමතු කථාවෙකි. ‘අ’ යන්නෙහි මැ ඇති මහ වක උච්චාරණයෙහි කවර වක් බවක් සලකා යෙදුහු ද? සකල ස්වරයනට මූලය ‘අ’ යන්න යි. එ හෙයින් ‘අ’ යන්නට මැ ඉස් පිලි පා පිලි ආදිය ගන්වා අන්‍ය ස්වරයන් දක්වත් හොත් අතිශයින් ශාස්ත්‍රානුකූල යැ. ඇතැම් වර්ණ මාලාවෙකැ ස්වරයන් දැක්වෙනුයේ එ ලෙසිනි.

‘ “අ” යන ස්වරය ලඝු වර්ණයෙකැ’ යි කියත් හොත්, ‘එ‍ සේ යැ’ යි ද, ‘ “ඇ’’ යන්නන් එ බඳු මැ ලඝුවක් වියැ හැකි නො වේ යැ’ යි කියත් හොත් ‘නො එ සේ යැ’ යි ද කියම්හ. ‘අ’ කාරය ලඝුවෙක් වේ නම්, උච්චාරණයෙහි දි කිසි සේත් නොවැඩි කාලයක් ගන්නා ‘ඇ’ කාරය කෙසේ නම් ලඝුවෙක් නො වේ ද? නො සිතා නිකම් මැ කියන කලැ, ‘ “ඉ” කාරය ද ලඝුවෙක් නො වේ’ යැ යි කියැ හැකි යැ. ඇයි? එ ද ඒ ‘අ’ යන්න මැ මඳක් විකෘත විමෙන් වී නු ?

‘ “අ” යන්න ‘ඇ’ යනු බවට පැමිණි කලැ වනුයේ මාත්‍රාව වෘද්ධියෙක් නො වේ, මාත්‍රාංශ වෘද්ධියෙකි. ‘අංශ’ යනු ත්‍රිංශද්භාගයට ද නම් බැවින් ඒ අංශය (කොටස) ද ඉතා ස්වල්ප වියැ හැකි යැ. ‘අ’ යන්නේ ශබ්දයට වඩා ඉතා සියුම් වැඩීමෙක් ‘ඇ’ යන්නෙහි ද, ‘ආ යන්නේ ශබ්දයට වඩා ඉතා සියුම් වැඩීමෙක් ‘ඈ’ යන්නේ ද වෙයි.


‘මහත් දේ කා හටත් පෙනේ. සියුම් දේ (අපට විනා) සියලු දෙනා හට මැ නො පෙනේ, තමනට නො පෙනුණ ද නැතැ යි කීම නුසුදුසු යැ.’ මේ අංශ වෘද්ධි කාරයන් ස්ව මතයට ගසන කරුවෙකි. බොළඳ කමෙකැ මහත! කො තරම් සියුම් වුව ද වැඩීම නම් වැඩීම යැ. ‘අංශ’ යනු ත්රිංශද්භාගයට පමණක් නො වැ සහස්‍ර භාගයට ද නම් වෙයි. වැඩිම එ පමණ මැ සියුම් වේ වා, එ විටැ ද ඒ වැඩීමෙකි. ‘අ’ යන්නේ ශබ්දයට කො තරම් සියුම් වැඩීමක් වුව ද, ශබ්දය දික් වීමක් මුත් පෙරැළීමක් සිදු වියැ නො හේ. මෙහි පෙනෙනුයේ මහ පෙරැළියෙකි. එසා සියුම් වැඩීම දක්නා ඇසට මෙසා මහත් පෙරැළිය නොපෙනීම වේ ද පුදුමය? මහ දාවල් එළි මහනේ අලි නොදක්නාහු මහ රැ ගන අඳුරේ වන මැදැ අබ ඇටයක් දකිති. මෙ බඳු සියුම් දෑ දක්නෝ පෙරැ ද වූ හ. එක්තරා වස්ත්‍රයක් පෙනුණේ ඔවුනට පමණෙකි.

‘ඇ’ යන්න නම් මඳක් ඇද වී කියැවෙන ‘අ’ යන්න මැ බව කා හටත් වැටැහේ ල. අපට නො වැටැහේ: තවත් බොහෝ අයට නො වැටැහේ; දඬු උපමායෙනුදු නො වැටැහේ මැ යැ. රියනක් බැගින් දික් වූ දඬු දෙකෙකින් ‍එකෙක් සෘජු යැ ; එකෙක් මඳක් වක්‍ර යැ. ස රියන් බිමෙක්, මේ කවර දඬුයෙන් මිනුව ද, ස රියන මැ යැ. වක් දඬුව වඩා දිගු වී නම්, ස රියන් බිම ඉන් මිනූ කලැ ස රියන නො පිරෙයි. මෙ තරම් දැයක් සලකා ගැන්මෙහි පොහොසත් නොවන්නවුන්, අනුනට නොපෙනෙන සියුම් දෑ තමන් දක්නා බවට කො තරම් පිළින කළ ද කවුරු ඒ හදහත් ද?

‘අ’ යන්නට සියුම් වැඩීමක් වී ‘ඇ’ යන්න ඇත් වූයේ මැ යැ යි සිතමු. ඒ එ‍ සේ මැ නම් “ඇ” යන්න උච්චාරණය කිරීම ‘අ’ යන්න උච්චාරණය කිරීමට වඩා පහසු වෙයි. යනු උමතු කථාවෙකි. හ්‍රස්වය උච්චාරණය කිරීම දීර්ඝය උච්චාරණය කිරීමට වඩා පහසු වියැ යුතු හෙයිනි. ‘උදලු’ යන ප්‍රකෘතිය ‘උදැලු’ යි උච්චාරණය කරත් හොත් සිලුටු ද පහසු ද නො වේ ල. එහෙත් ‘උදල්ල’ යනු ‘උදැල්ල’ යි උච්චාරණය කිරීම සිලුටු ද පහසු ද වේ ල. අපට නො තේර්. ‘උදලු’ යනු ප්‍රකෘතිය නො වේ. ‘උදැලු’ යනු මැ ප්‍රකෘතිය යි. ‘උදැල්ල’ යනුයෙන් මැ ඒ ප්‍රත්‍යක්ෂ වෙයි. ග්‍රාමීය ව්‍යවහාරයෙහි පද මධ්‍යගත ‘ඇ’ යන්න ‘අ’ යන්න බවට මැ පෙරැළේ. සැතැපුම - වැනැසුම යනාදිය සැතපුම - වැනසුම යන ඈ විසින් කියනු ඇසෙනුයේ එ හෙයිනි. එහෙත් පර ව්‍යඤ්ජනයෙහි ස්වර ලෝපය වනු හා සමඟ මැ ප්‍රකෘති ‘ඇ’ කාරය පැමිණෙයි. එ හෙයින්, සැතැප්ම - වැනැස්ම - යනාදිය මැ විනා, සැතප්ම - වැනස්ම - යනාදියෙක් ගමෙහි දු නො ඇසේ. කවර කටට වුව ද පහසු බව දැනෙනුයේ පුරුදු බස පුරුදු ලෙසින් මැ කියන විටැ යැ. නොවියත් කටට නම් ඒ වඩා ලා මැ එ සේ යැ. ඇතැම් ගම්මු ‘මුඳුල’ යනු ‘ඹුඳුල’ යැ යි කියති. ‘මිඳුල’ යන්නට වඩා “ඹුඳුල” යනු ඔවුන් ගේ පිටිසර කටට සුව එළවන බව ඔහු ඉඳුරා දනිත්, වියත් කටට ද එය එ සේ මැ වියැ යුතු බව සැක බිය රහිත වැ සිතත්. ‘උදැල්ල’ යන්න පමණ ‘උදල්ල’ යනු කටට සුව නොදෙනුයේ කවර හෙයින් ද? පද මධ්‍යයෙහි ‘ද’ කාර ගත ‘අ’ කාරය දුරුව්වාර්ය හෙයින් ද? නො වේ. ‘උදලු’ යනු සූච්චාර්ය වේ ල. ‘උ’ කාරයෙන් පර ‘ද’ කාරයෙහි ‘අ’ කාරය දුරුච්චාර්ය හෙයින්ද? නො වේ. ‘උදලු’ යනු මැ සාක්ෂ්‍ය යි. ‘උ’ කාරයෙන් පර ‘ද’ කාරයෙහි ‘අ’ කාරය සංයොග පර කල්හි දුරුච්චාර්ය හෙයින් ද? නො වේ. ‘උදවුව’ යනු සූච්චාර්ය වන හෙයිනි. නොඑ සේ නම් ඒ ‘උදැවුව’ යි. කියැවියැ යුතු වෙයි. ඉතින් ‘උදැල්ල’ යි කියවන කලැ කටට ඇති වන පහසු බවත් ‘උදල්ල’ යි කියවන කලැ කටට ඇති වන පහසු බවත් ‘උදල්ල’ යි කියවන කලැ ඇති වන නොපහසු බවත් කොයින් ලැබෙන්නෙක් ද? ශාස්ත්‍රත්ත්වය නොදක්නවුන් ගේ ගතානුගතිකත්වයෙන් මැ ලැබෙන්නේ යැ. කොළඹ - කොළොඹ යන දෙක කියැවීමෙහි දී පිළිවෙළින් ඇති වන පහසු නොපහසු බව, කොළම් - කොළොම් යන දෙක කියැවීමෙහි දී පෙරැළී දැනෙනුයේ ද මේ ගතානුගතිකත්ව හේතුයෙනි. ‘කොළොඹ’ යනු ප්‍රකෘතිය යි. ස්වර පර රූප විධියක් ඇති හෙයින් ‘කොළඹ’ යනු දු ලැබෙයි. එහෙත් අනත්යන ස්වර ලෝපය වන තන්හි ප්‍රකෘතිස්ථ වූ මධ්‍ය ‘ඔ’ කාරය පැමිණේ. එ හෙයින් ‘කොළොම්’ යනු මැ වෙයි. මේ ‘කොළම්’ යනු දුරුච්චාර්ය හෙයින් වන්නෙක් නො වේ. වේ නම් ‘දොඩම්’ යනු දුරුච්චාර්ය යැ යි බැහැරැ ලැ දොඩොම්’ යන්නක් ව්ය වහාරයට ගත යුතු යැ.




අර්ථ : ක ග ජ ට ඩ ණ ත ද න ප බ ම ය ර ල ව ස හ ළ අං යන මේ විස්ස ගාත්‍රාක්ෂර නම් වේ.

විස්තර : මෙහි බින්දුව දැක්වූ සේ නොමනහර යැ. ගත ‘කුරු අතරෙහි දැක්වියැ යුත්තේ ගත'කුරු ලකුණෙන් යුත් අකුරු පමණෙකි. බින්දුයෙහි ව්‍යඤ්ජන ලක්ෂණ බෙහෙවින් හීන යැ. ව්‍යඤ්ජන, පූර්‍ව වූ හෝ අපර වූ හෝ ස්වරය සමඟ බැ‍ඳෙයි. එ හෙයින් සංස්කෘත වෛයාකරණයන් ගත් මඟ ගෙනැ බිංදුව වෙන් කොටැ දක්වන ලද නම් සුදුසු යැ. ‘ළ’ කාරය දැක්වුණේ එයට නුසුදුසු තැනෙකැ යැ. ය,ර,ල,ව අන්තඃස්ථා යැ. ‘ළ’ කාරය ද අන්තඃස්ථාවෙකි. එ හෙයින් එයට සුදුසු වනුයේ ඒ ගණයෙහි තැනෙකි. එහි දු ‘ර’ කාරයට ඉක්බිති වැ සිටියැ යුතු යැ. ‘ර’ කාරය මෙන් මැ ‘ළ’ කාරය ද මූර්ධයට අන්තඃස්ථාවක් වන බැවිනි.




අර්ථ : ආ - ඊල් - ඌල් - ඒල් - ඕනා යනාදියෙහි ශුද්ධ (ව්‍යඤ්ජනයන් හා අමිශ්‍ර ) වැ ද, සා - සී - සූ - සේ - සෝ යනාදියෙහි ගාත්‍රාරූඪ කොටැ ද උච්චාරණය කරනු ලබන හෙයින් ගුරු පඤ්චකය (දීර්ඝ් ස්වර පස) ද -

               ‘තමා වදන යැ පෙමින් - නො ඉකුම්වතැ යි හැංගේ’ – 
	                        ‘ නරනිඳුහු ඉංගෙන් - සෙමෙන් ‘ද නැසී පසෙහි’ – 

මේ ආදි කාව්‍ය ලක්ෂ්‍යයෙහි ද, හංමැටි - චංඇපල ආදි ලෞකික ලක්ෂ්‍යයෙහි ද සම්පූර්ණ- කොටැ උච්චාරණය කරන හෙයින් හා රඟ - බඟහර ආදියෙහි ඌනමාත්‍රත්වයෙන් උච්චාරණය කරන හෙයින් හා බින්දුව ද මෙහි අභිමත යි.

මේ ආදි ආකාර යි.

විස්තර : මේ වර්ණ මාලාවට දීර්ඝ ස්වර පස ද බින්දුව ද ගැනීම සුදුසු බවට මේ කරුණු දැක්වූ සේ යැ.

ආ - ඊල් - ඌල් - ඒල් -ඕනා යනාදි තන්හි දීර්ඝී ස්වර පස කේවල වැ කියැවෙයි; සා - සී - සූ - සේ - සෝ යනාදි තන්හි ව්‍යඤ්ජනාරූඪ වැ කියැවෙයි. එ හෙයින් ස්ඵුට වනුයේ වර්ණද මාලාවට දීර්ඝ ස්වර පස අවශ්‍ය බව යැ.

අසක් දා පද්‍යාර්ධයෙහි ‘හැංගේ’ යනු ද කව්සිළුමිණි කුස දා පද්‍යාදර්ධයෙහි ‘ඉංගෙන්’ යනු ද එයි. එ හෙයින් බින්දුව අවශ්‍ය බවට කාව්‍යයෝ සාක්ෂ්‍ය දරත්. හංමැටි - වංඇපල යනාදියෙන් පෙනී යනුයේ ලෞකික ව්‍යවහාරයෙහි ද බින්දුව යෙදෙන බව යි. එ පමණ මැ නො වේ; බින්දුව අර්ධ වශයෙන් යෙදෙන බව ද රඟ - බඟහර යනාදියෙන් පෙනේ.

දීර්ඝ ස්වරයන් ද බින්දුව ද වර්ණද මාලාවට ඇතුළත් කළ යුතු බවට කාව්‍යයෙනුදු ලෝක ව්‍යවහාරයෙනුදු නිදසුන් දැක්වීමෙන් හැ‍ඟෙනුයේ පුරාතන සිංහල වෛයාකරණයන් මේ අකුරු තමන් ගේ වර්ණද මාලාවනට නොගත් බවෙකි. සිදතට පෙරැ මැ මේ අකුරු භාෂායෙහි යෙදුණු බවට සාක්ෂ්‍යව දැක්වීම ද නුවුව මනා යැ. බුද්ධ වර්ෂ යෙන් දස වැනි ශත සංවත්සරයට පෙරැ දීර්ඝක ස්වරයන් භාෂායෙහි වූ බවෙක් නම් ශිලා ලිපි ආදියෙන් නො පෙනේ. ලෙඛනයෙහි විශෙෂ කොටැ නො දැක්වුණද ඉංගිරිසියෙහි මෙන් හ්‍රස්ව රූපයෙන් සිටි ස්වරයන් මැ සුදුසු තන්හි දීර්ඝ කොටැ කියවන සිරිතෙක් වී ද යනු විමැසියැ යුත්තෙකි. බින්දු යෝගය ඇති වූයේ දීර්ඝ ස්වරයන් ඇති වූවාට ද කලකට පසු වැ යැ.

සිදත් සඟරා කාරයන් දුටු අන්‍ය සිංහල ව්‍යාකරණ ග්‍රන්ථ අප හමුයෙහි නැති බැවින් ඔවුන් ගේ මත පරීක්ෂණයක් ඉඳුරා නො කළ හැකි යැ. දස වැනි ශත සංවත්සරයට පෙරැ කැරුණු ව්‍යාකරණයෙක් වී නමු, උච්චාරණයෙන් කෙසේ වුව ද රූපයෙන් භින්න වූ හ්‍රස්ව දීර්ඝ හෝ බින්දුව හෝ නොදැක්වීම දොෂයෙක් නො වේ. භාෂායෙහි එ බඳු ව්‍යවහාරයක් නුවූ හෙයිනි. දිර්ඝ ස්වරයන් සඳහා වූ විශෙෂ රූපයන් ද බින්දුව ද ව්‍යවහාරයට පැමිණි පසු කැරුණු ව්‍යාකරණයෙකැ නමුදු දීර්ඝ ස්වරයන් රූප වශයෙන් නොදක්වන්නට හේතු නැත්තේ මැ නො වේ. පාණින්‍යා දි මහා වෛයාකරණයෝ හ්‍රස්ව ස්වරයන් මැ දක්වා හ්‍රස්ව දීර්ඝ ප්ලුත යන භෙදත්‍රයයක් පැවැසූ හ. ඒ අතිශයින් ශාස්ත්‍රානුකූල යැ. විශෙෂ සඬ්කෙතයෙකින් දීර්ඝත්වය හඟවන බවක් ව්‍යාකරණයෙහි පැවැසීම අවශ්‍යද නො වේ. දුරින් කැඳවන, ගයන, හඬන කල්හි සිංහලයෙහි දු ප්ලුතය ඇසේ මැ යැ. සිදත් සඟරා කාරයෝ ප්ලුතය යෙදුණු තැනුදු කිහිපයක් අරැ පෑ, එ ද ‘මෙහි රුසී’ යැ යි කවර හෙයින් නො කී හු ද? –

බින්දුව වහරට පැමිණි පසු කැරුණු ව්‍යාකරණයෙකැ නම්, වෛයාකරණයා විශෙෂයෙක් ද වී නම්, බින්දුව සාමාන්‍ය ව්‍යඤ්ජන ගණයෙහි නොදැක්වූවා වියැ යුතු යි. එය දොෂ පක්ෂයෙහි නො වැ ගුණ පක්ෂයෙහි ලා ගිණියැ යුත්තක් බව පෙරැ මැ කියැවිණ.



ටිප්පණී : 1. ආ...... ඕනා - ‘ආ’ යනු ආයුෂ - පැමිණි යන දෙ අරුත්හි වෙයි. ‘ඊල්’ යනු දෝලා (ඕවිලි - Swing) යන අරුත දෙයි. ‘ඌල්’ යනු උල්පතට (Spring) නමෙකි. පැසුණු මී ගෙඩිය ‘ඒල්’ නම් වෙයි. ප්‍රවෙශ කරන්නා වූ - (දිය ආදිය) වත් කරන්නා වූ යන අරුත්හි ‘ඕනා’ යන ‍කෘදන්ත නාමය වැටේ. ‘ඕ’ ධාතු ‘බස්’ ආදි පර පද යි. ඔවී - ඔවිති - ඔති - ඔතු.

2. සා...... සෝ - ශාඛා, ක්ෂුධා යනාදි අරුත්හි ‘සා’ යනු ද, සිංහ, කෘෂි කර්ම. යනාදි අරුත්හි ‘සී’ යනු ද සූත්‍ර (නූල්), සුප යනාදි අරුත්හි ‘සූ’ යනු ද ඡෙක (දක්ෂ) ශ්වේත (සුදු), ඡායා යනාදි අරුත්හි ‘සේ’ යනු ද ශ්‍රෝත්‍ර (කර්ණ), ශොක යනාදි අරුත්හි ‘සෝ’ යනු ද වැටේ.

3. තමා වදන යැ පෙමින් - නො ඉකුම්වතැ යි හැංගේ -‘ තමා ‍ගේ වචනය ප්‍රෙමය කරණ කොටැ ගෙනැ අතික්‍රමණය නො කෙරෙති යි කල්පනා කෙළේ යැ’ යනු අර්ථ යි. මෙහි වූ ‘හැංගේ’ යනු කවි භාෂායෙහි බින්දුව ඇති බව දක්වයි.

‘හඟ’ ධාතු ‘රක්’ ආදි පර පද යි; හඟී - හඟිති - හැඟි - හැඟි. අතීත කෘදන්ත නාමය ද ‘හැඟි’ යනු මැ යැ. එය ‘ඒ’ විබත් ගෙනැ ‘හැංගේ’ යනු වෙයි. හැඟි + ඒ = (අන්ත්යහ ස්වර ලෝපය ද අර්ධානුනාසික වෘද්ධිය ද වීමෙන්) හැංග් + ඒ = හැංගේ.

මේ පද්‍ය පාදය අසක් දා නම් කාව්‍යයෙන් ගැනුණු බව සිදත් සඟරා පුරාණ සන්නයෙහි පැවැසිණ. එ නමින් කාව්‍යයෙක් දැන් නො ලැබේ. පිටපත්හි එනුයේ ‘තමා වදනය පොමින් - නො ඉකතැ යි හැංගේ’ යනු යැ. ‘පොමින්’ යන්නට ප්‍රභුත්වය කරණ කොටැ ගෙනැ යනුයෙන් ‘නො ඉකතැ යි’ යන්නට ‘නො ඉක්මවතැ යි’ යනුයෙන් ද අරුත් පවසති. ප්‍රභුත්වාර්ථමයෙහි ‘පොම්’ ‘පොම’ යනාදිය වැන්නක් හෝ, අතික්‍රමණාර්ථරයෙහි ‘ඉක’ ධාතුවක් හෝ ඇති බවක් නො දනිමු.

‘ඉකුම්’ ධාතු ‘බස්’ ආදි අත් පද යි. ඉක්මේ - ඉක්මෙති - ඉක්මිණි, ඉක්මී, ඉකිති - ඉක්මුණු, ඉක්මි, ඉකුතු, ප්‍රයොග විෂයයෙහි ඉකුම්වා - ඉකුම්වති යනාදිය මෙන් මැ ඉක්මවා - ඉක්මවති යනාදිය ද යෙදේ.

4. නරනිඳුහු ඉංගෙන් - සෙමෙනෙ ‘ද නැසී පසෙහි - මේ කව්සිළුමිණි කුස ‍දායෙන් ගැනුණු පද්‍යාර්ධයෙකි. සම්පූර්ණ පද්‍යය මෙ සේ යැ.

                ‘නරනිඳුහු ඉංගෙන් - සෙමෙ ‘නද පසෙක්හි නැසී
		                  විලස ‘ළ ළඟැ කප් තුරු - මඳ ලෙළ හෙම් ලිය කලබ’

(ප්‍රභාවතී තොමෝ) ‘නරෙන්ද්‍රයා ගේ ඉඟියෙන් (අභිප්‍රායයෙන් - කැමැත්තෙන්) සෙමෙන් (මඳින් මඳ) අවුත් පාර්ශ්වයෙක්හි සැඟැවී, කල්ප වෘක්ෂ සමීපයෙහි මඳ වැ ලෙළුණා වූ හේම ලතා කලාපයෙක්හි (රන් ලිය කලබෙකැ) විලාසය (ප්‍රකාශ) කළා යැ’ යනු අර්ථ යි.

මෙහි ‘ඉංගෙන්’ යනු කාව්‍ය ලක්ෂ්‍යයෙහි බින්දුව ඇති බවට නිදර්ශන යි. ඉඟි + එන් = (අන්තයෙ ස්වර ලෝපය ද අර්ධ බින්දු වෘද්ධිය ද වීමෙන්) ඉංග් + එන් = ඉංගෙන්.

5. කව් ලැකියෙහි - ‘ලැකි’ (ලක්ෂ්‍ය) යනු නිදර්ශනයට නමෙකි. දැක්කැ යුත්තේ ලක්ෂ්‍යය යි. කාව්‍යයෙහි දක්නට ඇති යෙදුම් කාව්‍යලක්ෂ්‍ය නමි.

6. ලෙව් ලැකියෙහි - ලෝකයෙහි - සාමාන්‍ය ව්‍යවහාරයෙහි - ලැබෙන යෙදුම් ලෞකික ලක්ෂ්‍ය යි.

7. හංමැටි - ‘සම්මැට්ට’ නම් වූ තෘණ විශෙෂයට නමි. මේ එ කලැ කථා ව්‍යවහාරයෙහි ආ නාමයෙකි. එ හෙයින් කථා ව්‍යවහාරයෙහි ආ නාමයෙකි. එ හෙයින් කථා ව්‍යවහාරයෙහි දු බින්දුව වූ බවට නිදර්ශන වෙයි.

8. වංඇපල - පාවට්ටා නමින් ගැනෙන ඖෂධය යි. එ කලැ කථා ව්‍යවහාරයෙහි බින්දුව වූ බවට මෙ ද නිදර්ශනයෙකි.

9. රඟ - නෘත්‍ය, ආකාර යනාදි අර්ථ ඇත්තේ යැ.

10. බඟහර - සුරාවට නමෙකි.

11. උනු මතින් - ඌන මාත්‍රායෙන් (අඩු වූ ප්‍රමාණයෙන්) ‘මාත්‍රාවකට ද අඩු පමණින්’ යනු මෙහි ගැනෙන අර්ථ ය යි.

12. ඈ ගී - ඈ = ආදි. ගී = ආකාර.




අර්ථ : පූර්ව අපර වර්ණයන් ගැළැපීම සන්ධි නම් වේ. ස‍ඳෙව් - මොහොර යනාදි ආකාර යි.

විස්තර : වර්ණයන් ගැළැපීම නම් අතිශයින් ළං කිරීම යි. ‘සඳ +එව්’ යන තන්හි ‘ඳ’ යන්න ද ‘එ’ යන්න ද අතිශයින් ළං කිරීම පිණිසැ ‘අ’ යන්න නැති කොටැ ‘එ’ යන්න ‘ඳ’ යන්නට පමුණුවන ලදි. ඒ දෙක මෙයට වඩා එකිනෙ ‘කට ළං කළ නොහැකි යැ. ‘මහ + උර’ යන තන්හි වෙන් වැ සිටි ‘අ +උ’ දෙක එක් අකුරක් කිරීමෙන් ‘මහ් + ඔ + ර’ යනු ද ‘හ්’ යන්නට ‘ඔ’ යන්න පැමිණීමෙන් ‘මහොර’ යනු ද. ‘ම’ යන්නේ ස්වරය ‘හො’ යන්නේ ස්වරයේ රූපය ගැනීමෙන් ‘මොහොර’ යනු ද වී යැ.

මෙහි ළං කිරීම නම් දුර අඩු කිරීම මැ නො වේ; අතරැ සම්බාධයන් නැති කොටැ උච්චාරණ සුඛය ඇති කිරීම යි. ගල් මුල් ආදි සම්බාධයන් ඇති බිමෙකැ යන්නා වූ හොයක් ගැලීම පහසු කිරීම ඇතැම් විටැ ඇති ගල් මුල් ඉවත් කිරීමෙන් ද ඇතැම් විටැ නැති ගල් ආදි‍යක් ගෙන ‘වුත් වළ තැන් ගොඩ කිරීමෙන් ද කළ හැකි යැ. එ මෙන් සන්ධි කිරීම ද ඇති අකුරු කපා හැරිම යැ, නැති අකුරු පමුණුවා ගැනීම යැ, එක් අකුරෙකැ ආකාරයට තවත් අකුරක් පැමිණිවීම යැ යනාදි නානාප්‍රකාරයෙන් කරනු ලැබේ.


ටිප්පණී : 1. ස‍ඳෙව් - ‘සඳ වැනි’ යනු අර්ථැ යි. 2. මොහොර - මහ උර. ‘උර’ යනු ප්රාථකාරයට නමෙකි. එ හෙයින් මොහොර නම් මහත් වූ ප්රාැකාරය යි.




අර්ථ : මේ (තෙමේ) යැ (මෝ තෙ‍ාමෝ ) යැ යන ව්‍යවහාරයට කාරණ (හේතු) වූයේ ලිඬ්ග නමි. ‘දිය’ (ජගත් තෙමේ) විදු (විද්යාඥ තොමෝ) යනාදි ආකාර යි.

විස්තර : පුල්ලිංග ස්ත්‍රීලිඬ්ග යන දෙක මෙයින් දැක්වූ හ. ‘මේ’ යනුයෙන් පුල්ලිඞ්ගය ද ‘මෝ’ යනුයෙන් ස්ත්‍රීලිඞ්ගය ද, ගැනිණ. නපුංසකලිඞ්ග ව්‍යවහාරයක් සිංහලයෙහි නැති බව හඟවනු පිණිසැ අප්‍රාණවාචී නාම දෙකක් නිදර්ශන වශයෙන් දක්වන ලද.

‍’මෙ’ ශබ්දය ප්‍රථමා විභක්ති ඒකවචනය පමණක් ගන්වා බැලීමෙන් සිදත් සඟරා කාරයන් මේ මහත් වරද කළ බව පෙනෙයි. පුරුෂයකු සඳහා ද ගසක් සඳහා ද ‘මේ’ යනු එක සේ යෙදෙයි. ස්ත්රිදයක සඳහා නම් යෙදෙනුයේ ‘මෝ’ යනු යැ.

                මේ යන්නේ යැ 
		                 මේ වැඩෙන්නේ යැ 
		                 මෝ යන්නී යැ 

යනාදිය පමණක් මැ බැලූ කලැ නම් අප විසිනුදු කියැ යුත්තේ සිංහලයෙහි ඇත්තේ ලිඞ්ග දෙකක් බව යි. එහෙත් අපට එ තෙකින් නැවැත්ම නො හොබී. ‍’මෙ’ ශබ්දය ලිඞ්ගත්‍රයයෙහි වර නඟා බලමු.

විබත් පුල්ලිඞ්ග ස්ත්‍රීලිඞ්ග නපුංසකලිඞ්ග
1 වන විබත් මේ මෝ මේ
2 වන විබත් මොහු මැය මෙය
3 වන විබත් -- -- මින්
4 වන විබත් මොහුට මැයට මෙයට
5 වන විබත් -- -- මෙහි

මෙයින් පෙනී යනුයේ ලිඞ්ග ව්‍යවහාරය පිළිබඳ වැ සිදත් සඟරා කාරයන් ගේ මතය ඉඳුරා වැරැදි බව යි.


සිංහල ව්‍යවහාරය සුදුසු පමණ නො පිරික්සා, බාලාවතාරයෙහි කියැවු‍ණක් දුටු පමණින් ව්‍යාකරණ සූත්‍රයක් දෙසන්නට යෑම කො තරම් අහිතකර ද යනු මේ පැහැදිලි කෙරෙයි. බාලාවතාර කාරයෝ වනාහි -

       ‘එසො - එසා - එතං’ 

යන වහරට කරුණු වූයේ ලිඟු යැ යනු හැඟැවූ හ. සිදත් සඟරා කාරයෝ ඒ පද තුන සිංහලයට නඟා -

‘මේ - මෝ - මේ’

යන රූප තුන දැකැ, දෙ තැනෙකැ මැ සමාන වැ ආ ‘මේ’ යන්නෙන් මුළා වී නොමඟ ගිය හ. දෙ වන විබත් ගෙනැ නිපන් රූපයන් ප්‍රමාණ කොටැ ගෙනැ -

'‘මොහු යැ මැය යැ මෙය යෑ යන වහරට කරුණු වූයේ ලිඟු නම්’' යැ යි කියන ලද නම් මෙසා වරදෙක් සිදු නො වෙයි.

සිදත් සඟරා කාරයන් රෑ වැටුණු වළෙහි සන්න කාරයන් දාවල් වැටීම සිනාවට කරුණු යැ. සිංහල ව්‍යවහාරයෙහි ඇත්තේ ලිඞ්ග දෙක මැ යැ යනු ස්ථීර කිරීමට ඔවුන් ඇරැ පානා කරුණු විමැසීම ද තරම් නො වේ.

දිය - විදු යනාදියට අරුත් පවසන විටැ නම් ‘ජගත් තෙමේ’ ‘විද්‍යාල තොමෝ’ යනාදිය යෙදුණ ද, කවීන් මෙ බඳු ශබ්දයන් නපුංසක ලිඞ්ග කොටැ සැලැකූ බවට මඳකුදු සැකයෙක් නැති. පුංස්ත්රීෙලිඞ්ග ශබ්දයෝ තුන් වන (කරණ - අවධි) පස් වන (ආධාර) විභක්ති නො ගනිත්. එ හෙයින් ‘මිනිසින්’ මිනිසෙහි’ යනාදියෙක් නො ලැබේ. සිදත් සඟරා කාරයන් පුල්ලිඞ්ග යැ යි සලකන ‘දිය’ ශබ්දය ‘දියෙන්’ ‘දියෙහි’ යන රූප ද ස්ත්‍රීලිඞ්ග යැ යි සලකන ‘විදු’ ශබ්දය ‘විදුයෙන්’ ‘විදුයෙහි’ යන රූප ද නො පැකිළැ නිපදවයි. සිදත් සඟරා මතයෙහි ඇති අසාරත්වය පැහැදිලි කිරීමට අන්ය’ සාක්ෂ්‍යයෙක් නො වුව මනා යැ.

සංස්කෘතයෙහි වනාහි ‘ජගත්’ ශබ්දය නපුංසකලිඞ්ග යැ, ‘විද්‍යාන’ ශබ්දය ස්ත්‍රීලිඞ්ග යැ. සිංහලයෙහි නපුංසකලිඞ්ග නාමයන් නැති සේ සලකන්නාහු සංස්කෘතයෙහි නපුංසක වන්නනුදු සිංහලයෙහි පුල්ලිඞ්ග කෙරෙති. සිංහලයෙහි ලැබෙනුයේ මේ රීතිය මැ නම් සංස්කෘත නිසි පරිදි නොදන්නා වූ කිසිවෙක් සිංහල භාෂා ව්‍යවහාරයෙහි සමර්ථ නො වෙත්. කවර හෙයින් ද? ප්‍රාණවාචී නොවන්නා වූ ශබ්දයන් ගේ ලිඞ්ගය දැනීමට ක්‍රමයක් ඔවුනට නැති හෙයිනි. භාෂාව පරාධීන කරන්නට නිපැයුණු මෙ බඳු රීතියක් මුඳුනින් පිළිගන්නා දීනයෝ ජාතිය පරාධීන වීම ගැනැ කෙසේ නම් සොවිත් ද?





අර්ථ : නාමයෙන් පර වැ බෙදීම ලබන්නේ විභක්ති නමි. යෙහෙ - සෙබෙහි යනාදි ආකාර ඇත්තේ යැ.

විස්තර : ‘ගොන්’ යන නාමය නානා අතින් වාක්යමයෙහි සම්බන්ධ කළ යුතු තන්හි ගොනා - ගොන්නු - ගොනු - ගොනුන් - ගොනුට - ගොනුනට යනාදි විවිධ රූප නිපදවනු ලැබේ. මෙහි ‘ගොන්’ යන නාමය නම් නොබෙදුණේ යැ. ඒ නාමයට පර වැ නානා ආකාරයට බෙදී - වෙනස් වී - ගිය කොටසෙක් වෙයි. එ නම් පළමු කොටැ ‘ආ’ යැ යි ද ඉක්බිති ‘හු’ (නු) යැ යි ද ඉක්බිති ‘උ’ යැ යි ද ඉක්බිති ‘උන්’ යැ යි ද ඉක්බිති ‘උට’ යැ යි ද ඉක්බිති ‘උනට’ යැ යි ද විවිධ වැ බෙදුණු කොටස යි. මේ කොටසට ‘විභක්ති’ යන නාමය දෙන ලද. ‘විභක්ති’ යන්නෙහි අර්ථවය ද ‘බෙදීම’ යනු යි. ‘වි’ පූර්වන ‘හජ්’ (බෙදීමෙහි) ධාතු යි. ‘ති’ ප්ර ත්යියය යි. විභජ් + ති = විභක්ති.

‘යෙහෙ’ යන තන්හි ‘යහ’ යනු නාම ප්ර කෘතිය යි. ‘එ’ යනු විභක්ති යි. යහ + එ = (පූර්වම ස්වර ලෝපයෙන්) යහෙ - (ස්වර පර රූපයෙන්) යෙහෙ. ‘යහපතෙක්’ (තෙමේ) යනු අර්ථ) යි.

‘සෙබෙහි’ යන්නෙහි ‘සබ’ යනු නාම ප්රේකෘති යි. ‘එහි’ යනු විභක්ති යි. සබ + එහි = (පූර්වා ස්වර ලෝපයෙන්) සබෙහි = ස්වර පර රූපයෙන්) සෙබෙහි. ‘සහායෙහි’ යනු අර්ථව යි.

සිදත් මතයෙන් ප්ර ථමා, කර්මස, කර්තෘර, කරණ, සම්ප්රරදාන, අවධි, සම්බන්ධ, ආධාර, ආලපන යැ යි විභක්ති නවයෙකි. ආලපනාන්තය වාක්ය් සම්බන්ධයෙහි නොගැණෙන හෙයින් හළ කල්හි විභක්ති අටෙකි. ‘යෙහෙ’ යන තන්හි වූ ‘එ’ යනු ප්රනථමා විභක්ති යි. ‘සෙබෙහි’ යන තන්හි ‘එහි’ යනු ආධාර විභක්ති යි. එ හෙයින් මෙහි නිදර්ශධන දෙන ලද්දේ ආදි අන්ත විභක්තීනට යැ. ආද්යආන්තයන් ගත් කලැ ‘මිගපදවලඤ්ජන’ නම් න්යායයයෙන් අතරැ වූවෝ ද ගැනෙත් ල. ගලට නැ‍ඟෙන තැනැ ද මුවා ගේ පිය සටහන් පෙනෙයි; ගලින් බැසැ යන තැනැ ද පෙනෙයි. එ හෙයින් ගලැ මත පිය සටහන් නො පෙනුණ ද මුවා ගලට නැඟැ එය පසු කොටැ ගිය බව නිසැක ලෙස දැනේ. මේ යැ ‘මිගපදවලඤ්ජන’ න්යාහය නම්.


                                          1.සංඥාධිකාරය                                    69

මෙහි ‘බෙදනු ලබනුයේ’ යැ යි කී කලැ කිමෙකින් බෙදනු ලබා ද? උක්ත කර්තෘ , උක්ත කර්මන, අනුක්ත කර්තෘ , අනුක්ත කර්මි, කරණ, සම්ප්ර්දානාදි අර්ථියෙන් බෙදනු ලබයි. උක්ත කර්තෘ කර්ම දක්වන තන්හි එක් රූපයෙකි; අනුක්ත කර්තෘථ කර්මි දක්වන තන්හි එකෙකි; කරණ අවධි දක්වන තන්හි එකෙකි; සම්ප්රමදානය දක්වන තන්හි එකෙකි ; ආධාරය දක්වන තන්හි එකෙකි; ආලපනය දක්වන තන්හි එකෙකි.

සංස්කෘත ශාබ්දික මතයෙන් නම් නමින් පර වැ බෙදනු ලබනුයේ ද දයින් පර වැ බෙදනු ලබනුයේ ද විභක්ති නම් වෙයි. ප්රුථමය නාම විභක්ති යැ. ද්වීතීයය ආඛ්යා්ත විභක්ති යැ. සිදත් සඟරා කාරායෝ ද්විතීයය ප්රකත්ය.ය ගණයෙහි හෙළා ප්රමථමය පමණක් විභක්ති නාමයෙන් දක්වති. මේ ශාස්ත්රීහය නො වේ. බෙදුම් මැ දෙකක් ඇති තන්හි එකක් ‘බෙදුම්’ නමින් ද අනෙක අන් නමෙකින් ද ගැනීමට හේතු නැති හෙයිනි.

එක මැ නාමයෙන් පර වුව ද බෙදීම වන බව හැඟැවියැ යුතු හෙයින් දැක්වූ දෙ විබතට ‘යහ’ ‘සබ’ යැ යි නාම ද්වයයක් ගත් සේ නොමැනැවි. විභක්තිය පමණක් නො වැ නාමය ද බෙදනු ලබන ලෙසත් සලකා ගැනීමට එයින් අවසර ලැබෙන හෙයිනි. යෙහෙ- යෙහෙහි යන විසින් හෝ සෙබෙ - සෙබෙහි යන විසින් හෝ නිදසුන් දැක්වීමෙහි කවර බර ද?

සිදත් සඟරා කාරයෝ විභක්ති ‍නාමයෙන් කාරකයනුදු ගනිත්. එ හෙයින් ඔවුනට ‘යෙහෙ’ යන මුළු පදය මැ විභක්තියෙකි: ‘සෙබෙහි’ යන මුළු පදය මැ විභක්තියෙකි; ‘යෙහෙ’ යනු කාරකයෙකි; ‘සෙබෙහි’ යනු කාරකයෙකි. එහෙත් ‘නමින් පර වැ බෙදනු



70 සිදත් සඟරා විවරණය


ලබනුයේ විබත් නම්, යැ යි කි කලැ කාරකාර්ථාය නො ගැනේ. කාරක, විභක්ති යන දෙක දෙකක් මැ සේ සැලැකීම අතිශයින් ශාස්ත්රී ය වතුදු, තමන් ගේ මතයෙහි තමන් මැ නොපිහිටීම වෛයාකරණයකුට නො හොබී.




අර්ථ  : අනෙක ශබ්දයන් සංයොග (එකතු) වී එක ශබ්ද ආකාරයක් වන පරිද්දෙන් ගැළැපීම සමාස නමි.

මීපල් - නිලුපුලැසි (යන) ආදි ආකාර යි.

විස්තර : නොයෙක් ශබ්දයන් ගැළැපීම සමාස නමි. කෙසේ ගැළැපිම ද? සයොග වැ (සංයොග වීමෙන්) එක් එක් ශබ්දයෙකැ ආකාරය ඇති වන සේ ගැළැපීම.

‘මිහිය පල්නේ’ යන පද සඞ්ක්ෂිප්ත කොටැ ගත් කල්හි ‘මීපල්’ යනු වේ. ‘නිල් උපුල් වන් ඇස් යමක ගේ ද ඕ’ යන පද සියල්ල සඞ්ක්ෂිප්ත කළ කලැ ‘නිලුපුලැසි’ යනු ලැබේ. මෙ සේ සඞ්ක්ෂිප්ත වීමට එක් වනුයේ පද යි, ශබ්ද නො වේ. එ හෙයින් ‘නේ සදන් ගළපනු සමස් යැ යනු සත්යියට ප්රදතපක්ෂ වූ නිගමනයෙකි.

අව්යිය සමාස, විභක්ති සමාස, විශෙෂණ සමාස, අන්යායර්ථය සමාස, දකාරාර්ථ, සමාස යැ යි සමාස පස් වැදෑරුම් කොටැ සිදත් සඟරා කාරයෝ මේ පිළිවෙළින් දැක්වූ හ. ‘මීපල්’ යනු විභක්ති සමාසයට නිදර්ශාන යි. ‘නිලුපුලැසි’ යනු අන්යාීර්ථට සමාසයට නිදර්ශනන යි. විභක්තීනට නිදර්ශ න

                                            1.සංඥාධිකාරය                                  71

දැක්වූ ආරින් මෙහි දු අව්ය ය සමාස දකාරාර්ථ සමාස දෙකට නිදිර්ශමන නො දක්වා, විභක්ති සමාස අන්යා ර්ථර සමාස දෙකට නිදර්ශදන දැක්වූයේ කවර හෙයින් ද යනු අප්රිකාශ යැ. විභක්ති නිදර්ශ න සම්බන්ධයෙන් න්යාවයයක් ද දුටු ව්යායඛ්යාින කාරයෝ මෙහි ලා කිසිවක් නො දකිත්.

ටිප්පණි : 1. මීපල් - මහීපාල, ‘මහී’ නම් පෘථිවිය යි. එය පාලනය කරන්නේ යැ - රක්නේ යැ යන අර්ථමයෙන් රජ ‘මීපල්’ නම් වේ.

2. නිලුපුලැසි : නීලොත්පලාක්ෂි. නිල් මානෙල් මෙන් ශොභන වූ ඇස් ඇති ස්ත්රිලයට නම් වේ.





අර්ථඇ: ධාතු ප්රමකෘති යැ ශබ්ද ප්රීකෘති යැ කියා ප්ර කෘතිය දෙ ආකාර යි.

විස්තර : ප්රටකෘතිය කී වැදෑරුම් ද යනු කියන්නට පෙරැ ‘පියෙවි’ නම් කිමෙක් ද යනු නොකී සේ නොමනහර යැ.

පදයන් ගේ මූල ස්වභාවය ප්රනකෘති නමි. ‘මිනිසා’ යනු පදයෙකි. එහි මූලය ‘මිනිස්’ යනු යි. ‘ආ’ යන විභක්තිය යෙදීමෙන් ‘මිනිසා’ යන පදය නිපන්නේ යැ. ‘රකී’ යනු පදයෙකි. එහි මූලය ‘රක්’ යනු යි. ‘ඊ’ යන විභක්තිය යෙදීමෙන් ‘රකී’ යන පදය වූයේ යැ.

නාම ප්රයකෘති යැ ආඛ්යාීත ප්රතකෘති යැ අව්ය ය ප්රයකෘති යැ යි පියෙවි තුන් වැදෑරුම් වියැ යුතු. මෙහි අව්ය්ය ප්රෘකාතිය නොගත් සේ නොමැනැවි.


72 සිදත් සඟරා විවරණය





අර්ථ  : පදයනට යෝනි (උත්පත්ති ස්ථාන) වූයේ ධාතු ප්ර කෘති නමි.

විස්තර : පද නම් කිමෙක් දැ යි සිදන් සඟරා කාරයෝ නො කියති. දා පියෙවි, සද පියෙවි, විබත්, පස, කිරිය යනාදිය මහොත්සාහයෙන් වනමින් පදය නො ගෙනැ මැ එයට උත්පත්ති ස්ථාන වූයේ කිමෙක් ද යනු දැක්වීමෙන් ආධුනිකයනට කිසි පිහිටෙක් නො වේ. ‘විභක්ත්යකන්ත වූයේ පද යැ’ යනු සංස්කෘත වෛයාකරණයන් ගේ කියුමි. නාම යැ ආඛ්යාකත යැ අව්යැය යැ යි පද තුනෙකි. නාමාඛ්යා.තයෝ විභක්ත්යරන්තයෝ යැ. ‘ගජන්’ යන පදය ‘අන්’ විභක්ත්යේන්ත යැ. විභක්තිය වෙන් කළ කලැ ‘ගජන්’ යන පදයට යෝනි (උත්පත්ති ස්ථාන) වූ ‘ගජ’ යන ප්රකකෘතිය ලැබේ. ‘පද යොන් දා පියෙවි’ යනු සැබෑ නම් මේ ‘ගජ’ යනු දා පියෙවියෙකි. එහෙත් ඒ සද පියෙවියක් බව සිදත් සඟරා කාරයෝ මැ කියති. ‘පද’ යනුයෙන් ආඛ්යාකත පද පමණක් ගැන්මට ද ව්යාාකරණ ශාස්ත්ර යෙන් අවසරයෙක් නැති. ‘කිරිය යොන් දා පියෙවි නම්’ යැ යි කියැවිණි නම් මෙ බඳු අවුලෙක් නො වේ.

‘පද යොන් දා පියෙවි නම්’ යැ යි කිමෙන් තව ද අවුලෙක් මතු වෙයි. නාම පද යැ ආඛ්යාපත පද යැ අව්ය ය පද යැ යන සියල්ලට මැ යෝනි වූයේ දා පියෙවි යැ. එ‍ සේ නම් ‘පියෙවි දෙ වැදෑරුම්’ යනු අසත්යා වේ.




                                                1. සංඥාධිකාරය                             73

අර්ථ  : විභක්ති ආදීනට ආශ්ර යය (වූයේ) ශබ්ද ප්ර කෘති නමි.

විස්තර : ‘විබත් ඈනට’ යන තන්හි ‘ඈ’ (ආදි) සදින් ගත යුත්තේ කිමෙක් ද යනු නො කියැවිණ. ආධුනිකයන් සඳහා කැරෙන මෙ බඳු ව්යාකකරණ ග්රින්ථයෙකැ මෙ සේ ඉමක් නොදක්වන ‘ඈ’ සදක් යෙදීම හිත පිණිසැ නො වේ. ‘ඈ’ සදින් පස ගැනුණ හ යි සලකමු. සිදතෙහි ‘පස’ යනුයෙන් ආඛ්යාාත විභක්ති ද දැක්විණ. එ හෙයින් ‘ආඛ්යා ත විභක්තීනට අශ්රෙයය වූයේ ද සද පියෙවි යැ’ යි ගත යුතු වෙයි. එයින් වනුයේ දා පියෙවි ද සද පියෙවි ගණයට වැටීමෙකි. ‘ඈ’ සද පියා ‘විබත්නට ඇසිරූ සද පියෙවි නම්’ යැ යි කියන ලද නම් යම් තමකට පිරිමැසෙයි.

ටිප්පණී : 1. ඇසිරු - මේ ‘ඌ’ කාරාන්ත ප්රාකෘතියෙකි. ‘උපා ඇසිරූ කෙලෙ’ව් සිරිමත්’

යනු කාව්යසශෙඛර පාඨ යි.







අන්වය: එ දෙක වෙන වෙන නිපන් තසම තබවැ යි තෙබේ .......................


74 සිදත් සඟරා විවරණය

අර්ථ : ඒ (ප්ර කෘති) දෙක වෙන් වෙන් වැ නිෂ්පන්න යැ තත්සම යැ තද්භව යැ යි ත්රි භෙද යැ. කිසි අන්යි භාෂාවෙකින් මිශ්රව නුවුයේ සිංහල ද්වීපයෙහි ප්ර කට වූයේ නිෂ්පන්න නමි. මාගධ සංස්කෘත ආදි හණිතයන් (වචනයන්) හා සමාන වූ භාෂණය (කීම) තත්සම නමි. මාගධ සංස්කෘත ආදියෙන් හින්න වූයේ තද්භව නම් වෙයි. එහි ප්රධයොගයන් පරීක්ෂා කොටැ දැනැ ගන්නැ.

විස්තර : ‘නිපද’ ධාතු ඉපැදීමෙහි වැටේ. ‘නිපන්’ යනු ඒ දයින් නිපන් අතීත කෘදන්ත නාම යි. එ හෙයින් ‘උපන්නා වූ’ යන අර්ථම ඇත්තේ යැ. බැහැරැ බසෙකින් නොගැනුණු, එ හෙයින් ලක් දිවැ මැ උපන් සේ සැලැකියැ හැකි ප්රැකෘතිහු නිෂ්පන්නයෝ යැ. මාගධ සංස්කෘතාදියෙහි වූවන් හා සමානයෝ තත්සම ප්රනකෘතීහු යැ. අන්ය භාෂාවෙකින් බිඳී ආ ප්රහකෘතීහු තද්භව නම් වෙති.

මේ සිංහල ව්යාඳකරණය බාලයනට අප්රිභය කැරැවීමට ද ආප්තයනට විහිළුවක් බවට පැමිණැවීමට ද කැරුණු කම් නැති බෙදුමෙකි. ප්රැකෘතියක් නිෂ්පන්න බව හෝ තත්සම බව හෝ තද්භව බව හෝ දැන්ම ඒ ප්ර කෘතිය භාෂා ව්ය්වහාරයෙහි යෙදීමට යම් තම් වූ ද වහලෙක් නම්, මේ එ තරම් මැ ගර්භනණීය නො වේ. මෙයින් වනාහි ව්යාලකරණ ඥානයට අංශු මාත්‍ර වූ ද වහලෙක් නැති. මෙ සේ ප්රාකෘතීන් වෙන් කොටැ හැඳිනැ ගැන්මෙහි සිදත් සඟරා කාරයෝ මැ අසමර්ථකයෝ යැ. ඔවුන් ගේ මී නියා ව්යාඟකරණ ග්රතන්ථයෙන් පිහිට පතන අශරණ බාලයෝ කෙසේ නම් සමර්ථ වෙත් ද?

‘තසම’ ‘තබව’ යන දෙ නම කෙසේ වුව ද’නිපන්’ යනු මේ අර්ථතය දෙන්නට යෙදීම නුසුදුසුයැ. ප්රරකෘතිප්ර’ත්යමයයන් එක් විමෙන් නිපැදුණු (උපන්) ශබ්දයකට මේ නම



                                          1.සංඥාධිකාරය                                  75

යෙදියැ යුතු වන හෙයිනි. ‘දෙශීය’ යනු මෙ බඳු ප්රගකෘතීනට වෛයාකරණයන් දෙන නාමය යි. ‘දෙශයට අයත්’ යනු එහි අර්ථී යි.

සිදත් සඟරාව ව්යාාකරණ ශාස්ත්රෙයා ගේ කෝටි ප්රා ප්තිය යැ යි ගත් ඇතැම් ගතානුගතික ආචාර්යයනට ද මෙ සේ ප්රෙකෘති භෙදයක් ඉගැන්වීමේ ඇති දුෂ්කරත්වය ද අර්ථ රහිතත්වය ද දැන් වැටැහී ඇති බව පෙනෙයි. එහෙත් එ බන්දන් නානා භාෂාවන්හි ප්රහකෘතීන් නිශ්චය කැරැ ගන්නා අයුරු නම් සිනා උපදවන්නට නොවරදනා ගුරු ‍කමෙකි. සිංහලයෙහි ‘වඳුරු’ ‘බත්’ යන ප්ර කෘතීන් මාගධ ‘වානර’ ‘භත්ත’ යන ප්රදකෘතීන් ගෙන් බිඳුණු සේ සලකන්නවුනට පරිහාස කරන්නෝ, වඞ්ග හින්දි භාෂාවන්හි වූ ‘බඳර’ ‘හාත්’ යන ශබ්දවලින් බිඳුණු සේ සැලැකීම පසසිත්. භාෂාව කුමක් වුව ද එයින් සිංහලයට ප්රිකෘතීන් පැමිණීමක් මුත් සිංහලයෙන් එයට යෑමක් නම් මොවුන් ‍මතයෙන් නො වියැ හැකි යැ. අහෝ. ඉතා පැරැණි වූ ජාතියෙකැ භාෂාව ඒ ජාතියෙහි මැ වූවන් විසින් කො තරම් පහත් ලෙස සලකනු ලැබේ ද? ඇතැම් මහා ශාබ්දිකයන් ගේ මතයෙන් බොතල (බෝතල) - පෙයාර් (පේර) - බොතම් (බොත්තම්) යනාදිය වඞ්ග ප්ර(කෘති යි. ඉංගිරිසියෙහි Bottle – Pear – Button යනාදිය කියවා පුරුදු සත් හැවිරිදි ශිෂ්යහයෙක් මේ ගැනැ කුමක් සිතා ද?‍ මහාරාෂ්ට්රිු‘කරම්බු’ යන්නෙන් මැ සිංහල ‘කොළොම්’ යනු බිඳුණේ ල. මාගධ සංස්කෘත ‘කදම්බ’ යන්නෙන් බිඳිණි නම් (මූර්ධන්යය) ‘ළ’ කාරය නොතැන් ල. (දාන්ත්ය්) ‘ල’ කාරය ලියා ගෙනැ ‘කදම්බ’ යන්නෙන් මැ බිඳුණේ යැ යි කියන්නකුට කවර පිළිතුරෙක් ලැබේ ද?





76 සිදත් සඟරා විවරණය




අර්ථ  : ‘රුකුර’ (කිරීමෙහි) – ‘නරඹ’ (බැලීමෙහි) (යන) ආදිය නිෂ්පන්න ධාතු ප්ර‍කෘති නමි.

විස්තර : මෙ සේ කියතුදු ‘රුකුර’ යනු සංස්කෘත ‘කෘ’ ධාතුයෙන් නිපන් ‘චකාර’ යන්න වැනි රූපයෙකින් ද ‘නරඹ’ යනු ‘නිරීක්ෂ්’ යන්නෙන් ද බිඳුණ හ යි කියන්නවුන් කවුරු වළකත් ද?

ටිප්පණී : 1. රුකුර - මේ ධාතු ‘බස්’ ආදි පර: පද යි. රුකුරී - රුකුරිති - රිකිළි - රුකුළු. 2. නරඹ - ‘බල’ ආදි පර: පද යි. නරඹා - නරඹති - නැරැඹී - නැරැඹූ.





අර්ථ. : ‘යා’ (ගමන්හි) – ‘දා’ (දීමෙහි) – ‘කර’ (කිරීමෙහි) (යන) ආදිය තත්සම ධාතු ප්රණකෘති නමි.

විස්තර : ගමනයෙහි ‘යා’ ධාතුව සකු මගද දෙ බස්හි ද ලැබේ. දානයෙහි ‘දා’ ධාතුවෙක් සිංහලයෙහි නම් නො ලැබේ. සකු මගද දෙ බස්හි ඒ ධාතුව ඇති වීම මැ සිංහලයෙහි ද ඇතැ යි කීමට හේතු නො වෙයි. දානර්ථවයෙහි සිංහල දාතුව ‘දෙ’ යනු යි. දෙවා - දෙවති - දෙවී - දෙවූ යනාදි ප්රරයොජ්යස රූපයන් ගෙන් එ බව ස්ඵුට වෙයි. ‘මෙහි


                                       1. සංඥාධිකාරය                                      77

දයින් පර වැ ‘ව’ පස රුසී’ යනු සිදත් සඟරා කාරයෝ මැ කියති. ධාතුයෙන් පර වැ ‘ව’පස වේ නම්, ‘ව’ පසින් පෙර වැ වනුයේ ධාතුව යි. ‘දෙවා’ යන තන්හි ‘ව’ පසින් පෙර වැ ඇත්තේ ‘දෙ’ යනු යි. එ හෙයින් එය යි ධාතුව.

මාගධ භාෂායෙහි කරණාර්ථන ‘කර’ ධාතුව වෙයි. සංස්කෘතයෙහි වනුයේ ‘කෘ’ යනු යි. මෙයින් හින්න යැ යි කියැ යුතු වුව ද මාගධයෙහි ‘කර’ යනු ලැබෙන හෙයින් තත්සම සේ සැලැකිණ.

ටිප්පණී : 1. යා - ‘බම’ ආදි උභය පද යි. පර: පද. - යා - යති - ගිය - ගිය. අත්: පද. - යේ - යෙති. අයුහි ධාතු ප්ර ත්ය:ය දෙක වෙනු‍වට ‘ගිය’ යනු නිපතිත වෙයි.

2. දා - ‘දෙ’ ධාතු ‘බස්’ ආදි පර: පද යි. දේ - දෙති - දිනි - දුනු.

3. කර - මේ ධාතුව ‘බම’ ආදි උභය පද යි. පර: පද. - කරා - කරති - කිරි, කළ - කිරූ, කුරූ, කළ, අත්: පද, - කෙරේ - කෙරෙති. අයුහි ‘කළ’ යන නිපතිත රූපය මැ යැ වහරෙහි ලැබෙනුයේ.

      			‘පහනෙ ‘ව් වතුන් අලු කළ’ 

යන තන්හි රහල් මහ තෙරණුවෝ එය යෙදූ හ.





78 සිදත් සඟරා විවරණය

අර්ථ  : ‘දන’ (ජයෙහි) – ‘නැඟි’ (නැඟුම්හි) – ‘සමර’ (සිහි කිරීමෙහි) – ‘තුලුර’ (වැලැඳෑ - ගැනීමෙහි) (යන) ආදිය තද්භව ධාතු ප්රීකෘති නමි.

විස්තර : ජයනාර්ථ යෙහි ‘දන’ ධාතුව පාළියෙහි ‘ජී’ ධාතුයෙන් වූ ‘ජිනාති’ යන්න වැනි රූපයෙකින් බිඳුණ හ යි යෙති. ජනනාර්ථියෙහි ද ‘දන’ ධාතු වෙයි. සංස්කෘත ‘ජන්’ ධාතුයෙන් බිඳුණේ ල.

‘නැඟි’ යනු ධාතු ප්රදකෘතියක් ලෙස දැක්වීම සිනාවට හේතුවෙකි. ධාතුව ‘නඟ’ යනු යි. ‘නැඟි’ යනු නම් ප්රුයොජ්ය විෂයෙහි නැඟිවා - නැඟිවති යනාදිය ලැබියැ යුතු යැ. සකු මගද දෙක්හි සම වැ ලැබෙන ‘ලඝි’ ධාතුයෙන් මෙ බිඳුණේ යැ යි සැලැකේ. අතිපුරාණ සිංහල භාෂායෙහි යෙදුණේ ‘ලැඟි’ යනාදිය යි.

සිහි කිරීමෙහි ‘සමර’ ධාතුව සංස්කෘත ‘ස්මෘ’ ධාතුයෙන් හින්න වූ සේ ගැනෙයි.

‘තුලුර’ යනු වරනැ‍ඟෙන සැටි හෝ කවර බසෙකින් බිඳිණි ද යනු හෝ අප්ර කාශ යැ. පුරාතන ව්යා ඛ්යාඳනයෙහි මේ ධාතුව ආලිඞ්ගනාර්ථ බව පැවැසිණ. ආලිඞ්ගනයට ‘තුරුලු කිරීම’ යැ යි වහරෙහි එයි. ‘තුරුලු’ නාමයෙකි.

ටිප්පණී : 1. දන - ජයනාර්ථභයෙහි ද ජනනාර්ථ්යෙහි (ඉපැදීම් අරුත්හි) ද ‘දන’ ධාතු ‘බම’ ආදි උභය පද යි. පර: පද. දනා - දනති - දිනී - දිනූ, දුනූ, අත්: පද. - දෙනේ - දෙනෙති. 2. නැඟි - ‘බල’ ආදි ‘නඟ’ ධාතු පර: පද යි; සකර්මයක යි. නඟා - නඟති - නැඟී - නැඟු. ‘පිහිට’ ආදි ‘නඟ’ ධාතු පර: පද යි; අකර්මික යි. නඟා - නඟති - නැඟි - නැඟි.

1. සංඥාධිකාරය 79 ‘වැසි නඟන්නා හා .............................’ ‘රක්’ ආදි ‘නඟ’ ධාතු උභය පද යි; අකර්ම ක යි. පර: පද. - නඟී - නඟිති - නැඟි - නෑහි. අත්: පද. නැ‍ඟේ - නැ‍ඟෙති - නැඟිණි - නැඟුණු.

3. සමර - ‘බස්’ ආදි පර: පද යි. සමරී - සමරිති - සමළි, සමළ - සමළු, සමළ.

4. තුලුර - වරනැ‍ඟෙන අයුරු නො පෙනේ.




අර්ථ. : කොළොඹ - කරළු (යන) ආදිය නිෂ්පන්න ශබ්ද ප්ර කෘති නමි.

විස්තර : යාත්රා. තීථියට ‘කොළොඹ’ යනු සිංහල නාමයෙක් ල. රුවන්මල් නිඝණ්ටුයෙහි - ‘සෙත් කොළොඹ’ ළෙ මහත්මා’

යන තන්හි ‘කොළොඹ’ යනු ඒ අර්ථ.යෙහි යෙදිණ. මේ එක මැ ස්ථානය නො වේ නම්, යාත්රාි තීථි වාචි ‘කොළොඹ’ සදක් යෙදුණු තැනක් දැක්වියැ හැකි ද යනු විමැසියැ යුත්තෙකි. රුවන්මල කරන ලද්දේ සිදත් සඟරාවට හවුරුදු බොහෝ ගණනකට පසු වැ යැ. එ හෙයින් ඒ කොෂය කළ පැරැකුම්බා රජාණනුදු සිදත් සඟරායෙන් මැ යාත්රාඑ තීථි වාචි ‘කොළොඹ’ සදක් උගත් සේ සිතීම අයුක්ත නො වේ. ඒ එ සේ මැ නම්, ‘කොළොඹ’ යනු දැන් මෙන් එ කලැ ද කල්යාොණී නදී මුඛයට දකුණින් පිහිටි යාත්රා‘ තීථි නගරයට වූ විශෙෂ නාමයක් බවට සැකයෙක් නො වේ. මෙ ස්ථානය කවර හෙයින් ‘කොළොඹ’ නම්



80 සිදත් සඟරා විවරණය

වී ද යනු අවිනිශ්චිත යැ. දෙමළෙහි ‘කලම්පු’ යනු කලපුවට නමි. දැන් බේරේ වැව නමින් ගැනෙන ජලාශයය සලකා මේ කොළොඹ නම් වී යැ යනු එක් මතයෙකි. අසලැ වූ මහත් කොළොම් ගසක් නිසා කොළොඹ නම් වූයේ යැ යනු තවත් මතයෙකි.

‘කරළු’ යනු නව (අලුත්) වස්ත්ර වාචි යැ යි පුරාතන ව්යායඛ්යානන කාරයෝ කියති. ‘”ගුජරාටි” භාෂායෙන් නව වස්ත්ර ය “කරල්” කියත් ලු’ යි පවසමින් ඇතැමෙක් “කරළු” යන්නෙහි නිෂ්පන්නත්වය ගැනැ සැක කෙරෙති. එහෙත් සිංහලයෙහි “කරළු” යන්න ගුජරාතියෙන් ලැබුණේ ද නොහොත් ගුජරාති “කරල්’’ යන්න සිංහලයෙන් ගියේ ද යනු විමසන්නට ඔහු නො වෙහෙසෙති.





අර්ථන : ගජ - කර - කිරණ (යන) ආදිය තත්සම ශබ්ද ප්රතකෘති නමි.

විස්තර : ඇතාට නම් වූ ‘ගජ’ ශබ්දය ද අතට හා රශ්මියට හා නම් වූ ‘කර’ ශබ්දය ද රශ්මිය නම් වූ ‘කිරණ’ ශබ්දය ද සකු මගද දෙ බස්හි මැ සමාන වැ ලැබේ.




අර්ථ  : අත් - රුක් - සමන්බහදුරු - ඇදුරු - කන් - ඇඹුල් (යන) ආදිය තද්භව ශබ්ධ ප්ර‍කෘති නමි.

                                        1. සංඥාධිකාරය                                81

විස්තර : අර්ථි, අන්න, අස්ත, හස්ත යනාදි අර්ථි ඇති ‘අත්’ ශබ්දය ඒ සංස්කෘත ශබ්දයන් ගෙන් හෝ අත්ථ, අන්ත, අත්ථ, හත්ථ යන පාළි ශබ්දයන් ගෙන් හෝ බිඳුණු සේ සලකති.

වෘක්ෂ වාචි ‘රුක්’ ශබ්දය පාළි ‘රුක්ඛ’ යන්නෙන් ද බුදුනට නම් වූ ‘සමන්බහදුරු’ යනු සංස්කෘත ‘සමන්තභද්‍ර’ යන්නෙන් ද ආ සේ ගනිත්.

පර්වසත වාචී ‘ඇදුරු’ සද සංස්කෘත ‘ආද්රි ’ යනුයෙන් ද ආචාර්ය වාචි ‘ඇදුරු’ සද සංස්කෘත ‘ආචාර්ය’ පාළි ‘ආචාරිය’ යන දෙකින් එකෙකින් ද ආ හ යි යෙති.

කර්ණය වාචී තන්හි ‘කන්’ සද පාළි ‘කණ්ණ’ යනුයෙනුදු අක්ෂි වාචී තන්හි දෙමළ ‘කන්’ යනුයෙනුදු බිඳුණේ ල.

පාළි ‘අම්බිල’ ශබ්දයෙන් බිඳුණු ‘ඇඹුල්’ සද අම්ල රස වාචී යැ යි ද සකු මගද ‘කම්බල’ ශබ්දයෙන් බිඳුණු ‘ඇඹුල්’ සද ‘පඬුඇඹුල්’ යන තන්හි මෙන් කම්බල වාචී යැ යි ද දෙමළ ‘අම්බලම්’ යන්නෙන් ආ ‘ඇඹුල්’ සද විශ්රාමම ශාලා වාචී යැ යි ද කියත්.




අර්ථර : ධාත්ර යෙන් (පර වැ) හෝ නාමයෙන් (පර වැ) හෝ කරනු ලැබනුයේ ප්රවත්යීය නමි.

තිළී - කරණී - නියැරි (යන) ආදි ආකාර යි.

විස්තර : සතුටු වීමෙහි ‘තුළ’ ධාතුයෙන් පර වැ ‘ඊ’ ප්ර ත්ය‍යය වී ‘තිළී’ යනු නිපදී. ‘සතුටු වුණේ යැ’ යන


82 සිදත් සඟරා විවරණය

අර්ථ වත් අතීත ආඛ්යා ත පදයෙකි. ‘කර’ ධාතුයෙන් පර වැ ‘ණී’ ප්රථත්ය යය කළ කලැ ‘කටයුතු යැ’ යන අරුත්හි ‘කරණී’ යන කෘදන්ත නාමය වේ ල. ‘නුවර’ යන නාමයෙන් පර වැ ‘එහි වූයේ යැ’ යන අර්ථඛයෙහි ‘ඉ’ ප්රැත්යවයය යෙදීමෙන් ‘නියැරි’ යන තද්ධිත නාමය ලැබෙයි.

‘තිළී’ ‘කරණී’ යන දෙක දයින් වන පසට ද ‘නියැරි’ යනු නමින් වන පසට ද නිදසුනි. ‘තිළී’ යන තන්හි වූ ප්ර්ත්ය’යය නම් ආඛ්යා ත විභක්තියෙකි. ‘කරණී’ යන තන්හි කෘදන්ත ප්රේත්යයයයෙක් ද ‘නියැරි’ යන තන්හි තද්ධිත ප්රනත්යයයයෙක් ද වූයේ යැ. ස්ත්රීය ප්ර ත්යයය විකරණ ප්රිත්ය ය යනාදිය සැලැකුණු බවෙක් නො පෙනේ.

දයින් වන ‘ඊ’ ‘ණී’ ආදිය ද නමින් වන ‘ඉ’ ආදිය ද පමණක් ප්රනත්යඊය නාමයට හිමි කොටැ නමින් වන විභක්තීන් ප්ර ත්ය’ය සඞ්ඛ්යානයෙන් බැහැරැ කිරීම ග්රමන්ථය අශාස්ත්රීනය පක්ෂයට හෙළීමට කැරුණ පියොවෙකි. ‘කරණී’ යනු සිංහලයෙහි ධාතු ප්රයත්යළය දක්වා නිපැදැවියැ හැක්කෙක් නො වේ. ‘කර’ යැ යි ධාතුවක් ලැබුණ ද ‘ණී’ යැ යි ප්ර ත්යකයයක් සිංහලයෙහි නොලැබෙන හෙයිනි. සංස්කෘතයෙහි වනාහි ‘අනීය’ යනු සකල ධාතුන් කෙරෙන් යෙදෙන ප්රහත්යයයෙකි. එ හෙයින් ඒ පසින් නිපන් කරණීය - මරණීය - රමණීය - ඛාදනීය - භොජනීය - ගමනීය - චීන්තනීය යනාදි සිය ගණන් රූපයෝ ලැබෙති. ‘කරණීය’ යන්න මැ සිංහලයෙහි මඳක් විකෘත වැ සිටියා බලා, ඒ සඳහා මැ ප්රයත්යසය දක්වා නිපදවන්නට, නැති ධාතු කීයක්, නැති ප්රහත්ය‍ය කීයක් ඇදැ ගත යුතු වේ ද?




                               1.සංඥාධිකාරය                                  83

අන්තරඞ්ග වහිරඞ්ග යන දෙ පක්ෂය එක් වීමෙන් පදයෙක් නිපදී. එහි අන්තරඞ්ග නම් ප්රෙකෘතිය යි. ඒ නාමයෙක් හෝ ධාතුවෙක් හෝ වෙයි. වහිරඞ්ගය ද පූර්වර අපර වශයෙන් ද්විබෙද වේ. පූර්වාකඞ්ගයෝ උපසර්ග්යෝ යැ. අපරාඞ්ගයෝ ප්රශත්යෙයයෝ යැ. විභක්ති ප්ර්ත්යගය යැ තද්ධිත ප්රූත්යඅය යැ කෘදන්ත ප්රෙත්ය ය යැ විකරණ ප්ර ත්යරය යැ යි ප්රහත්ය‍යයෝ චතුර්විධයෝ යැ. විභක්තීහු ද නාම විභක්ති යැ ආඛ්යා ත විභක්ති යැ යි දෙ ගණයෙක් වෙති. ප්රයකෘති ප්ර ත්යයය අතරෙහි යෙදෙන ප්රහත්ය්යයෝ විකරණයෝ යැ.

ටිප්පණී: 1. කැරෙනුයේ - ‘කරනු’ යනු කර්තෘිකාරක ද ‘කැරෙනු’ යනු කර්ම.කාරක ද වේ. මේ භෙදය සැලැකියැ යුත්තේ යැ. අර්ථ‘ ව්යතක්තියට මහොපකාරි වන හෙයිනි.

2. තිළී - සතුටු වීමෙහී ‘තුළ’ ධාතු ‘බල’ ආදි පර: පද යි. තුළා - තුළති - තිළී - තුළූ. ‘රක්’ ආදි අත්: පද්ද වෙයි. තිළේ - තිළෙති - තිළිණී, තිළි - තිළුණු, තිළි.

‘ඇඳැ රතු වතුනු ‘රැ ලා අඹුන් තිළී මන හිමින්’

යන සස දා පාඨයෙහි තිළී යනු ආඛ්යාලත වැ සිටියේ යැ.

‘තිළී’ යැ යි අතීත කෘදන්ත රූපයෙක් ද පෙනේ. ‘සලෙළු තිළී දැකැ-’ ‘තිළී දොළී වැසැ ළු සලීමලීයා-’

යන සිදත් සඟරා පෙළ මැ ඒ දක්වයි.

3. නියැරි - ‘නාගරිකයා’ යනු අර්ථ යි. නුවර + ඉ = නියැරි. තද්ධිත ‘ඉ’ ප්රකත්ය යය යෙදෙන කල්හි ප්රාකෘතියෙහි

84 සිදත් සඟරා විවරණය

ලොප් නොවන්නා වූ ස්වරයෝ අනම්ය වෙති. නම්යප යැ අනම්ය යැ යි ස්වරයෝ ද්විභෙදයෝ යැ. යුක්ත ස්ථානයෙහි පිළිවෙළින් ඇ - ඉ - එ බවට නැමෙන හෙයින් අ- උ- ඔ යන ස්වරයෝ නම්ය- නම් ද, එ සේ නොනැමෙන හෙයින් ඇ - ඉ - එ යන ස්වරයෝ අනම්යම නම් ද වෙති. ‘නුවරි’ යැ යි සිටියැ යුතු තන්හි ‘උ’ ‘ඉ’ වෙයි : ‘අ’ ‘ඇ’ වෙයි. මෙ සේ ‘නිවැරි’ යනු වූ කලැ ‘ඉ’ කාරයෙන් පර වූ ‘ව’ කාරයට ‘ය’ කාරදෙශ වීමෙන් ‘නියැරි’ යනු ලැබේ.





අර්ථට : ද්රදව්ය’ නුවූයේ, ගුණ නුවූයේ, ද්රිව්ය’ ආශ්ර ය කොටැ ධාතුමය වැ සිද්ධ වූයේ ක්රි්යා නමි. දිනී - වැජැඹෙහි - දෙන්නෙම් (යන) ආදි ආකාර යි.

විස්තර : ක්රිආයාව නම් ද්ර ව්ය යෙක් නො වේ, ගුණයෙක් ද නො වේ. ද්රේව්යර නුවුව ද, ක්රියයාව ද්ර ව්යෙ ආශ්රිය කොටැ ඇති වෙයි. ක්රිමයාව නිපදවනු ලබන්නේ කර්තෘක, කර්මද, කරණ, සම්ප්ර්දාන, අවධි, ආධාර යන කාරකයන් විසිනි. ඒ ධාතුමය යැ (ධාතුයෙන් මැ වුණේ යැ.)

මෙ සේ ක්රි යාව හඳුන්වා දීමට කැරුණු උත්සාහය ඉතා මහති. එ ද සඵල නො වි යැ. මෙ කී දැයින් වනුයේ, ක්රි යාව ගැනැ නිකම් මැ එක්තරා දැනුමක් ඇත්තහු ද මුළාවට වැටීම යි.

ක්රි්යාව ද්රකව්ය නො වේ ල, ගුණ නො වේ ල. එ පමණෙක් ද? ක්රි්යාව ජ‍ාති ද නො වේ, සංඥා ද නො වේ.


1.සංඥාධිකාරය 85

තව ද දහසක් දක්වා, ක්රි යාව නම් ඒ දහසින් එකෙකුදු නො වේ යැ යි ද කියැ හැකි යැ. එයින් අන් කුමක් හැඳින්වුණ ද, ක්රි යාව නම් නො හැඳින්වෙයි.

ද්රිව්ය. ආශ්රිය කොටැ ක්රිනයාව සිද්ධ වේ ල. ‘ඉවැසිල්ලෙන් සැනැසිල්ල උපදී’ යන තන්හි ‘උපදී’ යනු ක්රිකයාවෙකි. මේ ක්රිසයාවට ආශ්රසය වූ ධර්ම දෙකෙකි. එකෙක් ඉවැසිල්ල යැ. අනෙක සැනැසිල්ල යි. එකෙකුදු ද්රශව්ය. නො වේ. ඉතින් ‘දැව් නිසා සිදු කිරිය’ යැ යනු සියලු තන්හි යෙදේ ද?

‘දාමුවා වැ සිදු කිරිය නම්’ ල. මෙහි ‘කිරිය’ යනුයෙන් ආඛ්යාාතය ගැනුණු බව දිනී. වැජැඹෙහි - දෙන්නෙම් යන නිදසුනෙන් පළ වෙයි. ‘කැවුම්’ යනු ‘කා’ යන ධාතුවට ‘උම්’ ප්රසත්යියය වැ සිදු හෙයින් දාමුවා වැ සිදු යැ. එහෙත් ඒ මෙහි ලා කිරිය නමින් ගැනුණු ආඛ්යාැතයෙක් නො වේ.

ඉතා මහත් උත්සාහයෙනුදු කළ ක්රිකයා වර්ණැනය කො තරම් දුෂ්ට ද යනු මෙ සේ පැහැදිලි වෙයි. වර්ණරනය නො කැරැ මැ. තේරෙන යම් යම් දෑ තෝරන්නට තැන් නොකිරීම නුවණට හුරු යැ. තෝරන්නට ගිය කලැ තුබුණු තේරුමක් අවුල් වියැ හැකි බැවිනි. ක්රි්යාව ද එ බන්දෙකි. සිදත් සඟරාව ආධුනිකයනට වැඩ සඳහා කැරුණෙක් ල. එහි වූ ක්‍රියා වර්ණානය ආප්තයනට ද ළිහා ගත නොහැකි තරම් අවුලින් යුත් වූ කලැ, ආධුනිකයනට වියැ හැකි කෙ බඳු වැඩෙක් ද?

‘දන ධාතුවට අතීත කාල පරස්මෛපද ප්ර්ථම පුරුෂ එකවචන ආඛ්යාවත විභක්තිය වූ ‘ඊ’ යනු යෙදු කලැ දිනි’ යනු වෙයි.



86 සිදත් සඟරා විවරණය

‘වජඹ’ ධාතුවට වර්ත මාන කාල ආත්මනෙපද මධ්යරම පුරුෂ එකවචන ‘එහි’ විබත යෙදූ කලැ ‘වැජැඹෙහි’ යනු නිපදී.

‘දෙ’ ධාතුවට සිදත් සඟරා මතයෙන් අනාගත කාල උත්තම පුරුෂ එකවචන ‘එන්නෙම්’ ප්ර්ත්යවයය කළ කල්හි ‘දෙන්නෙම්’ යනු ලැබේ.

මෙ සේ මේ නිදර්ශ න තුනින්, කාල තුන ද පුරුෂ තුන ද හැඟැවිණ. දෙ බස නො හැඟැවිණි.

ටිප්පණී : 1. දිනී - ‘දන’ ධාතු ‘බම’ ආදි උභය පද යි. මේ ගණයෙහි ධාතුන් අයුහි වරනැ‍ඟෙන කලැ ධාතුයෙහි ‘අ’ කාරය ‘ඉ’ බවට පැමිණේ. පර රූප හෝ ගනි. දන + ඊ = දිනී. දන + ඌ = දිනූ හෝ දුනූ. 2. වැජැඹෙහි - (පැවැත්මෙහි) ‘වජඹ’ ධාතු ‘රක්’ ආදි උභය පද යි. පර: පද. - වජඹී - වජඹිති - වැජැඹී - වැජැඹි. අත්: පද. - වැජැඹේ - වැජැඹෙති - වැජැඹිණි - වැජැඹුණු.

ඇතැමෙක් සංස්කෘතයෙන් සිංහල පද සිද්ධිය කෙරෙමින් ‘චි’ පූර්ව ‘ජඹ’ ධාතුවක් දක්වති; පදය නිමවා ගන්නට ඇති නැති පෙරැළි ද කෙරෙති. ‘චි’ පූර්ව ‘ජඹ’ ධාතුවක් ගන්නට පෙරැ, මේ අපූර්වහ ‘ජඹ’ ධාතුව කොහි වේ ද යනුත් නො විමැසුව මනා ද?

‘රක්’ ආදි ගණ ධාතු ආත්මනෙපදයෙහි වරනැගෙන කලැ ධාතු ස්වරයෝ අනම්යන වෙති. වජඹ + එහි = වැජැඹෙහි.

3. දෙන්නෙම් - ‘දෙන්නේ’ යන කෘදන්ත නාම පදය මධ්යජම පුරුෂත්වය හඟවන ‘මි’ ප්රිත්යයයය ගත් කලැ


 1.සංඥාධිකාරය                               87

‘දෙන්නෙමි’ යනු ද, අන්ත්ය ස්වර ලෝපය වූ කලැ ‘දෙන්නෙම්’ යනු ද වේ. මේ සිංහල රීති යි. ‘එන්නෙම්’ ප්රකත්ය.යයක් දක්වන්නෝ පාළි සංස්කෘත රිතීන් කෙසේ වුව ද සිංහල රීතිය නම් නොදන්නෝ යැ.

සිංහලයෙහි වනාහි අනාගතාර්ථවය හඟවන විශෙෂ ආඛ්යාොත රූපයෙක් නො ලැබේ. වර්තථමාන රූපය මැ ඒ අර්ථ ය ද දෙයි. විස්තර ක්රිෙයාධිකාරයෙහි එන හෙයින් මෙහි මේ පමණි.

දීම, ජීවත් වීම යන දෙ අරුත්හි මැ ‘දෙ’ ධාතුව යෙදෙයි. සිංහල ධාතු රූප නොහඳුනන්නන් අතුරින් ඇතැමෙක් ‘දිව’ යනු ද ඇතැමෙක් ‘දී’ යනු ද ඇතැමෙක් ‘ද’ යනු ද පණ දැරීමෙහි ධාතුව කොටැ දක්වති. මේ අර්ථියෙහි ධාතුව ‘දිව’ යනු නම් දිවවා - දිවවති යනාදිය ද ‘දී’ යනු ‍නම් දිවා - දිවති යනාදිය ද ‘ද’ යනු නම් දවා දවති යනාදිය ද ප්රීයොජ්යථ විෂයයෙහි ලැබියැ යුතු බව සලකා ගත නොහැකි අවිචාරක ශාබ්දිකයන් ගෙන් සිංහල භාෂාව මේ තාක් රැකුණ පුදුමයෙකි.




අර්ථණ: වර්ණ යන් අනුච්චාර්ය (නො කියැවියැ යුතු) වීම ලෝප නමි.

නත් - වරද - මහසුප් - රදු - බා - පා (යන) ආදි ආකාර යි.

විස්තර : ‘අනත්’ යනු ‘නත්’ යැ යි සිටී නම් එහි මුල’කුර නැති වැ ගියේ යැ. ‘යුව රද’ යනු ‘වරද’ යි සිටී


88 සිදත් සඟරා විවරණය

නම් ‘අවරද’ යනු ‘වරද’ යි සිටී නම් එහි ද මුල ‘කුර නැති වි යැ. ‘මහ කසුප්’ යනු ‘මහසුප්’ යැ යි සිටිනුයේ මැද’ කුර නැති වීමෙනි. ‘රද දූ’ යනු ‘රදු’ යැ යි සිටිනුයේ ද මැද ‘කුර නැති වීමෙනි. අග’කුර නැති වීමෙන් ‘බාහු’ යනු ‘බා’ යැ යි ද ‘පාද’ යනු ‘පා’ යැ යි ද සිටී ල. මෙ සේ ආදියෙහි හෝ මධ්යදයෙහි හෝ අවසානයෙහි හෝ අකුරු නැති වී යනු ලෝප නම් වේ.

‘අනු’ සුරු වීම’ යනු නො කියැවියැ යුතු වීම යි. ඉංගිරිසියෙහි නම් මෙ සේ නො කියැවියැ යුතු අකුරු වෙයි. ‘Know – Hour’ යනාදි තන්හි මෙනි. එහි K.H. යන අකුරු නො කියැවියැ යුතු වුව ද ලියනු ලැබේ. මෙ බඳු තැනෙකැ ‘අනු’ සුරු වීම්’ යනු යෙදෙයි. එහෙත් නො කියැවියැ යුතු අකුර නො ලියා මැ හරනා තැනෙකැ වනුයේ අකුර හැරැ දැමීමෙකි, හුදු අනු ‘සුරු වීමෙක් නො වේ. එ හෙයින් ‘වණන් අනු’සුරු වීම් ලොප් නම්’ යනු නොයෙදෙන්නෙකි. සංස්කෘත ශබ්දිකයෝ -

‘වර්ණාබදර්ශකනං ලොපඃ’

යනුයෙන් වර්ණ‍යන් ගේ අදර්ශොනය ලෝප නමැ යි සුදුස්සක් මැ කී හු.

ටිප්පණී : 1. නත් - අනත්. කෙළවරක් නැති දැයට ද අනන්ත නම් නාගයාට ද මේ නමි. අතක් (අන්තයක් - කෙළවරක්) නොවනුයේ යමක්හු ගේ ද හේ අනත්.

2. වරද - ‘යුව රද’ යන්නෙහි ‘යු’ යන්ත ලොප් වීමෙනුදු ‘අවරද’ යන්නෙහි ‘අ’ යන්න ලොප් විමෙනුදු ‘වරද’ යනු ලැබෙයි. යුව රද නම් තරුණ රාජයා යැ


  1. සංඥාධිකාරය 	                            89

(ඉන්නා රජ ගේ ඇවෑමෙන් පසු රජ වන්නට සිටින්නේ යැ.) අවරද නම් අවරජයා යැ. අවර වැ - පසු වැ - ජාත වූයේ - උපන්නේ - අවරජ යි. මල් බෑයාට නමි.

3. මහසුප් - මහ කසුප්. මෙ නමින් මහා කාශ්යයප ස්ථවීරයෝ ගැනෙති. 4. රදු - රද දූ . රජහු ගේ දුව. 5. බා - බාහුව. ‘බාග’ යන්නෙහි ‘ග’ යන්න ලොප් වීමෙනුදු ‘බා’ යනු නිපදී ල. එ කල්හි භාග, භාග්යන, යන අර්ථබ ඇත්තේ යැ. බාහු - බාග යන දෙක මැ සිංහලයෙහි නොයෙදෙන බැවින් සංස්කෘත ශබ්දයන් බලා මෙ තන්හි ලෝපයක් සැලැකීම සුදුසු සේ නො පෙනේ.

6. පා - පාද. ‘පාප’ යන්නෙහි ‘ප’ යන්න ලොප් වීමෙනුදු ‘පා’ යනු ලැබේ ල. ‘පාද’ යනු ද ‘පාප’ යනු ද සංස්කෘත හෝ පාළි හෝ වෙයි. එය බලා ‘පා’ යනු ලෝපයෙකින් ඇති වූ සේ ගැනීම යුතු නො වේ.



අර්ථේ : (එක්) වර්‍යනයක් ලොප් කොටැ (අන්ය ) වර්ණ‘යක් කිරීම ආදෙශ නමි.

සැරියුත් - අයුණු - වැහැප් (යන) ආදි ආකාර යි.

විස්තර : ‘සැරි පුත්’ යැ යි කියුව මනා තන්හි ‘සැරියුත්’ යනු වත් හොත් ‍එහි ‘ප’ යන්න වෙනුවට ‘ය’ යන්න පැමිණියේ යැ. ‘අගුණු’ යැ යි වියැ යුතු තන්හි.

90 සිදත් සඟරා විවරණය

‘අයුණු’ යනු වූ කලැ ‘ග’ යන්න ආයේ යැ. ‘වැහැබ්’ යැ යි සිටියැ යුතු තන්හි ‘බ’ යන්න වෙනුවට ‘ප’ යන්න පැමිණීමෙන් ‘වැහැප්’ යනු වී.

එක් අකුරක් වෙනුවට අනෙක් අකුරක් පැමිණීම මෙ තුන් තන්හි මැ පෙනෙයි. ඒ යැ ආදෙශ නම්, ලොප් කිරීමෙක් මෙහි නැති. අකුරෙක් ලොප් කැරේ නම් ඒ ලෝප විධියෙනි. ලොප් කළ පසු වුව ද අමුතු අකුරෙක් ගැනේ නම් ඒ ආගම විධියෙනි. එ හෙයින් මෙහි ලෝපයක් කීම අයුක්ත යැ.

සන්ධ්ය ධිකාරයෙහි ස්වරාදෙශයෙක් ද එයි. මෙ තන්හි එය අමතක වූ සේ යැ.

ටිප්පණී : 1. සැරියුත් - සැරිපුත්. ශාරීපුත්රි. 2. අයුණු - ‘අගුණ’ යනු පළමු වැ ස්වර පූර්වය රූප විධියෙන් ‘අගුණු’ යි සිටී. ‘අයුණු’ වනුයේ ඉක්බිති වැ යැ. 3. වැහැප් - ප්රැකෘතිය ‘වසබ’ යනු යැ. ‘හ’ කාරාදෙශයෙන් ‘වහබ’ යනු ද අනම්යතයෙන් ‘වැහැබ’ යනු ද වෙයි. මෙහි අන්ත්යි ස්වර ලෝපයෙන් ‘වැහැබ්’ යනු වූ පසු අඝොෂාදෙශයෙන් ‘වැහැප්’ යනු වෙයි. ස්වර ලෝප‍ය වූ තන්හි ග - ද - බ යන ඝොෂාක්ෂරයනට පිළිවෙළින් ක - ත - ප යන අඝොෂාක්ෂරයන් වීම අඝොෂාදෙශ නමි.





                                            1. සංඥාධිකාරය                         91

අර්ථ  : වර්ණ යක් ආශ්රාය කොටැ. ඒ වර්ණ ය ලොප් නො කොටැ වන්නේ ආගම නමි.

නිරලඹ රුවාරූ (යන) ආදි ආකාර යි.

විස්තර : ‘නි + අලඹ’ යනු ‘නිරලඹ’ වූයේ අමුතු අකුරක් පැමිණිමෙනි. ඒ අකුර නම් ‘නි’ යන්නට පර වැ පැමිණි ‘ර’ යන්නයි.

‘රූ + අරූ’ යන තන්හි ‘ව’ යන්නක් අමුතු වැ පැමිණීමෙන් ‘රුවාරූ’ යනු වැ ‘ඌ’ කාර ‘අ’ කාර දෙක්හි දිර්ඝනත්ව හ්රරස්වත්ව දෙක මාරු වීමෙන් ‘රුවාරූ’ යනු වී.

‘නිරලඹ, යන තන්හි ‘ර’ කාරය ආගම වූයේ කවර වර්ණ ය ආශ්රනය කොටැ ද? පූර්ව වූ ‘ඉ’ යන්න ද? නොහොත් අපර වූ ‘අ’ යන්න ද? සාමාන්යි වශයෙන් ආගමයක් වනුයේ ස්වර දෙකක් මැදැ යැ. ඉන් එකෙකුදු නො වී නම් ආගමය ද නො වේ. එ හෙයින් කියැ යුත්තේ දෙක මැ ඇසුරූ කොටැ ආගමය වන බව යි. ‘වණක්හු නිසා’ යන තන්හි එක බස නුසුදුසු බව මෙයින් පෙනේ.

‘ඔහු නො ලොපා’ යනු අතිශයින් නිරර්ථනක යැ, ආගමය නම් පැමිණීමෙකි. යම් කිසි තැනකට යම් කිසිවක්හු ගේ පැමිණීම වන බව කියුව මනා තන්හි, ඔහු එකකු නො නසා පැමිණෙති යි වෙසෙසා කීමෙන් හැ‍ඟෙනුයේ, සාමාන්යි වශයෙන් පැමිණීමක් වත් හොත් ඒ එකකු ගේ විනාශය පිණිසැ වන බව යි. ‘වණක්හු ලොපා වණක්හු කිරීම් අදෙස් නම්’ යන අශාස්ත්රීවය සූත්රපයට අනුරූප වන සේ තව ද අශාස්ත්රීමය සූත්රවයක් කළ සැටි මෙයින් පෙනේ.



92 සිදත් සඟරා විවරණය

මෙහි නිදසුන් තෝරා ගත් අයුරු නො හොබී. සිංහලයෙහි සාමාන්යද වශයෙන් ආගම වන අකුරු නම් ය - ව යන දෙක යැ. මිටිය (මිටි + අ) - හීය - රසය - ඇය අඬුයෙන් - මෙය - හොය - වඩුවා (වඩු + ආ) - රුව - දියකාවා - උරුලෑවා යනාදියෙන් එ බව හෙළි වෙයි. එ හෙයින් නිදසුන් දියැ යුත්තේ ඒ අකුරු දෙක ආගම වන තැනට යැ. නිරලඹ - නිරොද - නිරතුරු - පුනරුත් - සිවුරැස් යනාදි තැන් නි+අලඹ - නි + ඔද නි + අතුරු -සිවු +අස් යන විසින් වෙන් කළ කලැ, ආගම වූ ‘ර’ කාරයෙක් පෙනේ මැ යැ. එහෙත් ඒ සිංහල රීතියක් අනුවැ කැරුණෙක් නො වේ. සංස්කෘතයෙහි නිරාලම්බ - නිරොජස් - නිරන්තර - චතුරශ්රබ යනාදි ප්රතකෘතීන් නිසා ව්යාවහාරයට පැමිණියෙකි. ‘ව’ කාරාගමය දක්වන්නට ගත් ‘රුචාරූ’ යනු අවුලෙකි. එහි ‘ව’ කාරාගමය පමණක් නො වැ ‘ඌ’ යන්න ‘උ’ වීමෙන් හා ‘අ’ යන්න ‘ආ’ වීමෙන් හා වූ විකාර දෙකෙක් ‍පෙනෙයි. ආධුනිකයනට පිහිට වනුයේ මෙ බඳු ‍නිදසුන් නො වේ. ‘තුනුවඟ’ යනු වැන්නෙක් නම් හොබී.

ආගම වනුවෝ ව්යූඤ්ජනයෝ මැ නො වෙත්. ස්වරයෝ ද ආගම වන්නාහු යැ. මලුදු (මල් + දු) - දැනුදු (දැන් + දු) - මෙයිදු (මේ + දු = මේ + ඉඳු) - මයිදු (මා + දු = මා + ඉදු) යනාදිය නිදර්ශුන යි.

ටිප්පණී : 1. නිරලඹ - ‘නි + අලඹ’ යැ යි වෙන් කළ ද සිංහලයෙහි ලැබෙනුයේ ‘ලඹ’ යනු යි. ‘නිරාලම්බ’ යනු ‘එල්බීමක් - පිහිටක් නැති’ යන අර්ථජය දෙයි.




 1.සංඥාධිකාරය                            93

2. රුවාරූ - රූපය ද අරූපය ද රූපාරූප නමි.





අර්ථ. : පර වර්ණයයා හට පූර්වම රූපය කිරීම පූර්වද රූප නමි.

විස්සම් - (යන) ආදි ආකාර යි.

විස්තර : ‘විස් + කම්’ යනු ‘විස්සම්’ වුව හොත්, ‘ක’ යන්න ‘ස’ යන්න වූයේ යැ. කවර හෙයින් ඒ ‘ස’ යන්න මැ වුයේ ද? එයට පූර්වො වැ ‘ස’ යන්න වූ හෙයිනි. ‘ක’ යන්න පර යැ. ‘ස’ යන්න පූර්වත යැ. පර වූ අකුර පූර්ව’ වූ අකුරේ රූපය ගත් හෙයින් මෙහි වූයේ පූර්වය රූපය යි.

පූර්ව රූපය වනුයේ ව්ය ඤ්ජනයට පමණක් නො වේ. ස්වරයනට ද ඒ වේ මැ යැ. සැරද (සැර + දෙ) - පිරිසිදු (පිරි + සුදු) යනාදිය නිදර්ශ න යි. ස්වරයන් පූර්ව රූප ගන්නා කලැ මධ්ය යෙහි ව්යූඤ්ජනය නො සැලැකේ.

ටිප්පණී : 1. විස්සම් : - විශ්වකර්මපයා. හේ දෙවියන් ගේ ශිල්පියා යැ. ‘විශ්ව’ නම් සියල්ල යි. සියල්ල කරන්නේ යැ යන අර්ථයෙන් විශ්වකර්ම නාමය වෙයි. පාළියෙහි ඒ ‘විස්සකම්ම’ යි සිටී. සිංහලයෙහි පළමු කොටැ ‘විස්කම්’ යනු වැ පූර්වව රූප විධියෙන් ‘විස්සම්’ යනු නිපදී.

94 සිදත් සඟරා විවරණය







අර්ථ : වර්ණ යා හට ද පදයා හට ද ද්විරූප (රූප දෙකක්) ඉපැදැවීම ද්විරූප නමි.

ලොපල්ලා - තෙත්තා - නෙත්තා - කොත්තා - දිදි - විඳැ විඳැ - පළැ පළැ (යන) ආදි ආකාර යි.

විස්තර : ‘ලොපලු’ යන්නට ‘ආ’ විබත යෙදී ‍’ලොපලු + ආ’ යැ යි සිටි තන්හි ‘උ’ ලෝපයෙන් ‘ලොපල් + ආ’ යනු වෙයි. ඉක්බිති ‘ල’ කාරය ද්විරූප වැ ‘ලොපල්ල් + ආ’ යනු ද ස්වරාරෝහණය වැ ‘ලොපල්ලා’ යනු ද ලැබේ. ‘තෙත්තා’ ආදිය ද මේ නයින් සලකන්නේ යැ. තෙතු + ආ = තෙත් + ආ = තෙත්ත් + ආ = තේත්තා නෙතු + ආ = තෙත් +ආ = නෙත්ත් + ආ = නෙත්තා. කොතු + ආ = කොත් + ආ = කොත්ත් + ආ = කොත්තා. මේ වර්ණ යා හට ද්විරූප වූ සේ යැ.

‘දි’ යන අතීත කෘදන්ත (පූර්ව ක්රිතයා) නිපාතය ද්වීරූප වීමෙන් ‘දිදී’ යනු වෙයි. දීර්ඝූ ස්වරාන්ත පදයක් ද්වරූප වූ කලැ පූර්වත පදාන්තය හ්රණස්ව වන හෙයින් ‘දිදී’ යන් සාධු යි.


                                     1.සංඥාධිකාරය                                    95

‘විඳැ විඳැ’ යනු ‘විඳැ’ යන අතීත කෘදන්ත නිපාත රූපය ද්විරූප ගැනීමෙනි වූයේ යැ.

‘පළැ පළැ’ යනු ‘පළැ’ යන පස් වන (ආධාර) විබත් ගත් පදය ද්විරූප වූ තැනි. ‘තන්හි තන්හි’ යනු අර්ථ යි. මේ පදයා හට ද්වරූප වූ සේ යැ.

වර්ණේ ද්විරූපය වනුයේ ‘ඉ’ කාරය හෝ ‘උ’ කාරය හෝ ලොප් වූ තැනෙකැ යැ. පල්ලා - තෙත්තා - නෙත්තා -කොත්තා යන නිදර්ශෙන සතර මැ ‘උ’ කාර ලෝපය වූ තන්හි ද්විරූපයට නිදසුනි. කෙක්ක (කෙකි + අ) - ඇත්තේ (ඇති + ඒ) - වැද්දා (වැදි + ආ) - නිම්ම (නිමි + අ) යනාදිය ‘ඉ’ කාර ලෝපය වූ තන්හි වන ද්වීරූපයට නිදසුනි.

මෙහි දැක්වුණු නිදර්ශ.නයන් ගෙන් පෙනී යනුයේ පදයන් අතුරින් අතීත කෘදන්ත (පූර්ව ක්රිුයා) නිපාතය ද පස් වන විබත් ගත් පදය ද ද්විරූප ගන්නා බව යි. අතීත කෘදන්ත (මිශ්ර ක්රි යා) නිපාතයෙහි අර්ථගය දෙයි. ‘දිදී’ යනු ‍’දෙමින්’ යන්නට සමාන යැ. ‘විඳැ විඳැ’ යනු විඳිමින්’ යන්නෙහි අර්ථවය හඟවයි. පස් වන විබත් ගත් පදය ද්විරූප ගත්තේ අනෙකාර්ථඳය ප්රෘකට කෙරයි. ‘පළැ පළැ’ යනු අර්ථදයෙන්, ‘එක් තැනෙකැ නො වැ නොයෙක් තැන්වලැ’ යන්නට සමාන යැ. මෙ බඳු ද්විරූපය ඇතැම් විටැ ‘සියලු’ යන අර්ථනය ද අදී. ‘ගසැ ගසැ’ යනු ‘ගසක් පාසා’ – ‘සියලු ගස්හි’ යන්න හා නොවෙනසි.

විධානයෙහි ක්රිපයාව ද ද්විරූප ගනී. ‘යව යව’ යනාදිය නිදර්ශින යි. මෙහි මැ දැක්වුණු ‘පළැ පළැ’ යනු ඇතැම්හු ‘පල පල’ යැ යි ලියා, ද්විරූප වූ විධි ක්රි‘යා



96 සිදත් සඟරා විවරණය

රූපයක් කොටැ ගනිති. සකලාර්ථ ය හැඟැවුව මනා තන්හි කෘදන්ත නාමය ද ද්විරූප වෙයි. ‘යන යන මිනිසා’ යනුයෙන් යන සියලු මිනිස්සු ගැනෙති. ‘ගිය ගිය තැන’ නම් ගිය සියලු තැනුයි. අවධාරණය සඳහා ද ඇතැම් පදයෝ ද්විරූප වෙති. ‘දැන් දැන් එයි’ යනු ද ‘දැන් මැ එයි’ යනු ද සමාන යැ.

ටිප්පණී : 1. තුටු කෙළෙ එ ලොපල්ලා - ‘එ රජ තුටු කෙළේ යැ’ යනු අර්ථ. යි. ද්විරූපයට නිදසුන් වනුයේ මෙහි ‘පල්ලා’ යනු පමණ යැ. මහා කවි ප්රායොගයෙහි එය ලැබෙන බව හැඟැවීමට පද්යහ පාදයෙක් මැ දැක්විණ. මේ කව්සිළුමිණි කුස දායෙන් ගැනුණෙකි. ‘නන් උයන් ඇසිරි - පෑ අමතා පුර පියන් එ තරැ උයන් පල්ලා - කෙළ තුටු එ ලෝපල්ලා’ ‘එ ලෝකපාල (රජ) තෙමේ පුර ප්රිායාවන් ආමන්ත්රැණය කොටැ නානා උද්යාාන ආශ්චර්යය දක්වා, ඒ ක්ෂණයෙහි උද්යාආන පාලයා තුෂ්ට කෙළේ යැ’ යනු අර්ථව යි.

‘ලොපලු’ යනු ඇතැමෙක් ‍’ලොපල්’ යැ යි හලන්ත ප්ර කෘති කොටැ ගනිති. අන්න්ය් ස්වර ලෝපයෙන් ‘ලොපල්’ යනු සිදු වුව ද ප්රැකෘති නම් ‘ලොපලු’ යනු මැ යැ. ‍ ‘ලොපල්ලා’ යනු මැ එයට සාධක යි.

2. කුලුණින් ළ තෙත්තා - ‘කරුණායෙන් හෘදයය තෙත් වූ තැනැත්තේ යැ’ යනු අර්ථ‘ යි. ඇතැමෙක් ‘තෙත්’ යනු ප්ර කෘතිය කොටැ ගෙනැ ‘තෙත් + ආ’ යනුයෙන් ‘තෙත්තා’ යනු සිදු වූ ලෙසක් දක්වති. මුළායෙනි. ‘තෙතු’ යනු අකර්මෙක ‘තෙම’ ධාතුයෙන් වූ අතීත කෘදන්ත



                          1.සංඥාධිකාරය                            97

නාම යි. අකර්ම ක ‘තෙම’ ධාතුව ‘බස්’ ආදි අත්: පද යි. තෙමේ - තෙමෙති - තෙමිණි, තෙමි, තෙති - තෙමුණු, තෙමි, තෙතු, ‘තෙතු’ යන තන්හි අන්තය ස්වර ලෝපය වීමෙන් ‘තෙත්’ යනු ලැබෙතුදු’ එය ප්ර කෘතිය සේ සැලැකීම නොමැනැවි.

3. තෙ දියට එක නෙත්තා - ‘තුන් ලොවට අසහාය (එක මැ) ඇස යැ’ (ඇස් වැනි තෙනැත්තේ යැ) යනු අර්ථහ යි. ‘නෙත්තා’ යන තන්හි ‘නෙතු’ යනු ප්රැකෘති යි. ‘සිය නෙතුවෙන් ලිය දුටුවෙන් නුදුටු පෙර’

4. රණ මැදැ දිය කොත්තා - මෙහි අර්ථ නම් ‘යුද්ධ මධ්ය්යෙහි ජය කෙතු යැ’ (ජය කොඩිය යැ) යනු යි. ‘කොතු’ යනු ප්රකකෘති යි. කොත් යනු ලැබෙනුයේ ප්රිකෘතියෙහි අන්ත්ය) ස්වර ලෝපයෙනි.

5. පළැ පළැ - පුරාතන ව්යායඛ්යාසන කාරයෝ මෙය ‘පල පල’ යි ගෙනැ ‘ “පල’’ යනු අනුකරණ ශබ්දයෙකැ ‘යි කියති. අනුකරණ නම් යම් කිසිවෙකින් නික්මෙන අර්ථත ශුන්ය ශබ්දයකට අනුව කැරෙන හ‍ඬෙකි. කිණි කිණි - සිරි සිරි - සුරු සුරු - පට පට යනාදිය මෙනි.





අර්ථන : ‘පාසා’ යෝගයෙහි වරක් කීම ද අභිමත යි.



98 සිදත් සඟරා විවරණය

‘සක්වළක් පාසා මහ මෙර’ (යන) ආදි ආකාර යි.

විස්තර : පස් වන (ආධාර) විබත් ගත් පදය ද්විරූප වූ කලැ ලැබෙන අර්ථ්ය මැ දෙ වන විබත් ගත් පදය ද්විරූප කොටැ එය හා ‘පාසා’ යනු යෙදීමෙන් ලැබේ.

‘සක්වළක් සක්වළක් පාසා මහ මෙර’

යනුයෙන් - ‘සක්වළෙකැ සක්වළෙකැ මහ මෙර, යන්නෙහි අර්ථ ය ලැබේ. ‘පාසා’ යනු යෙදෙන කල්හි පදය ද්විරූප නුවුව ද අර්ථ ය ලැබේ. එ හෙයින් - ‘සක්වළක් පාසා මහ මෙර’

යනු ද මැනැවි.

ටිප්පණී : 1. සකිත් - සංස්කෘතයෙහි ‘සකෘත්’ යනු ‘එක් වරක් යන අර්ථකය දෙන්නේ යැ. මේ ‘සකිත්’ යනු එයට නොවෙනසි.

2. සක්වළක් පාසා මහ මෙර - සියලු සක්වළවලැ මැ මහ මෙර වන බව මෙයින් කියැවේ.




අර්ථව : ස්වර විපර්යාස යැ වර්ණ විපර්යාස යැ පද විපර්යාස යැ විභක්ති විපර්යාස යැ ක්රි.යා විපර්යාස යැ යි විපර්යාසය පස් ආකාර යි

                                        1. සංඥාධිකාරය                               99

විස්තර : රීතියකට නොගැළැපෙන වෙනස් වීම විපර්යාස නාමයෙන් මෙහි ගැනිණ. සිංහල භාෂායෙහි එ බඳු විපර්යාස පසෙක් ල. ඒ එක එක වෙන් වෙන් වැ විස්තර වන්නේ යැ.



අර්ථ : වසල් - රික් - කිසුම් - ඉපැන් (යන) ආදිය ස්වර විපර්යාස යි.

විස්තර : විසල් - රුක් - කුසුම් - උපන් යන මේ තන් හි ස්වරයන් විපර්යාස වැ, වසල් - රික් - කිසුම් - ඉපැන් යනු වු හ යි ද එ හෙයින් පිලි පෙරැළියට නිදර්ශසන වෙති යි ද ව්යාිඛ්යාපන කාරයෝ කියති.

විශාලාථියෙහි ‘වසල්’ යන්නක් යෙදුණ ද එහි විපර්යාසයෙක් නැති. විසල් ‘යන’ තන්හි වූ ‘ඉ’ කාරය ‘අ’ කාර බවට පැමිණෙත් හොත් එයට හේතුවෙක් පෙනෙයි. එ නම් පසු වැ සිටි ‘අ’ යන්න යි. මේ ස්වර පර රූප විධිය යි.

‘රුක්’ ශබ්දය තුන් වන (කරණ, අවධි) පස් වන (ආධාර) විබත් ගන්නා කලැ ස්වරය අනම්යය වත් හොත්, එ ද රිත්යානූකූල යැ. රුක් + ඉන් = රුකින්. රුක් + එහි = එහි = රුකෙහි = රිකෙහි.

‘සෙලිනුත් රිකින් හුණු කලැ’

යනු කාව්යුශෙඛර පාඨ යි. තුන් වන පස් වන විබත් ගන්නා කලැ එක් ශබ්ද ගණයෙකැ ස්වරයෝ අනම්යඛ වෙත්. කම් (කැමින්, කැමෙහි) - දම් (දැමින්, දැමෙහි) –




100 සිදත් සඟරා විවරණය

දහම් (දැහැමින්, දැහැමෙහි) - මුව (මීයෙන්, මියෙහි) යනාදිය ඒ ගණයට අයත් වෙයි. මෙ බඳු රීතියකට විපර්යාස නාමය නො යෙදේ.

‘කිසුම්’ යනු මෙ සේ මැ යෙදුණු තෙනෙක් වේ දැයි නො දනිමු. ‘කුසුම්’ සද ද තුන් වන පස් වන විබත් ගෙනැ වූ කිසිමින් - කිසිමෙහි යනාදි යම් කිසි රූපයක් දැකැ ‘කිසිම්’ යන්නෙක් ගැනිණි ද යනු චින්ත්යි යි. එ සේ නම් එ ද පෙරැ කී රිතියට අනුකූල යැ . ‘කිසිම්’ යනු සඳහා ‘කිසුම්’ යනු ලිපි දොසක් වනු නොබැරි වේ.

‘ඉපැන්’ යනු ලිපි දොෂයෙකැයි ද, වියැ යුතු ‘ඉපැදැ’ යනු යැ යි ද හැ‍ඟේ. ‘උපද’ ධාතුයෙන් නිපදනා අතීත කෘදන්ත (පූර්වන ක්රිියා) නිපාතය ‘ඉපැදැ’ යනු යි. උපද + ඇ = ඉපැදැ. අතීත කෘදන්ත ‘ඇ’ ප්රාත්යඉයය ද ‘ඊ’ ප්ර ත්යඇයය ද යෙදෙන කලැ ධාතු ස්වරයෝ අනම්ය් වෙති. මේ රීතියෙකි, විපර්යාසයෙක් නො වේ.

ස්වරයන් පිළිබඳ විපර්යාසය ද භාෂායෙහි ඇති වියැ හැකි ය. ව්යරවහාර භාෂාවෙකැ එ බන්දෙක් නො වේ නම් පුදුමයෙකි. එහෙත් රීත්යනනූකූල වැ සිදු වන්නෙක් විපර්යාසයෙක් වේ නම්. විපර්යාස නොවන්නෙක් කොයින් ලැබේ ද?

පිලි පෙරැළි වණ පෙරැළි යන නම ද මෙහි නුසුදුසු යැ. ස්වරයන් ව්ය ඤ්ජනයට සම්බන්ධ කැරෙන අතු පිලි නාමයෙන් ගැනේ. ඉස් පිලි පා පිලි ඇළ පිලි ආදි විසිනි. වෙන් වැ සිටි ස්වරය ‘පිලි’ නම් නො වේ. ‘රුක්’ යනු ‘රික්’ වුව හොත් පිලි පෙරැළි නාමය යෙදුණ ද ‘ඉපැදැ’ යන තන්හි ‘උ’ යන්න සඳහා ‘ඉ’ යන්න වීමට ඒ නාමය නො යෙදේ මැ යැ. ‘වණ’ (වර්ණය) යනුයෙන්


                                 1.සංඥාධිකාරය                                        101

සියලු අකුරු ගැනේ. එය ව්ය ඤ්ජනයට පමණක් විශෙෂ වූ නාමයක් කොටැ ගැන්මට කිසි ද යුතු කමෙක් නැති. ‘සර පෙරැළි’ යැ ‘ගත් පෙරැළි’ යැ යනාදි නාමයන් යෙදියැ හැකි කලැ ද ‘පිලි පෙරැළි’ යැ ‘වණ පෙරැළි’ යැයි අයොග්යය නාමයන් යෙදීම නම් පෙරැළියෙකි.

එක් අකුරකට අනෙක් අකුරක් මාරු වීම ආදෙශ නාමයෙන් ගැනුණෙකි. ඒ විධිය පසෙකැ තිබියැ දී යළි ඒ සඳහා මැ පෙරැළි නමක් ගැනීම බස් පෙරැළීයෙකි.

හුරිර - යහන් යනාදි නිදසුනෙන් පෙනෙනුයේ වඤ්ජනයන් තැන් මාරු කිරීම ව්යිඤ්ජන විපර්යාසය නම් වන බව යි. රුහිර = හුරිර. මෙහි ‘ර’ කාර ‘හ’ කාරයෝ තැන් මාරු කැරැ ගත් හ. ස්වර විපර්යාස වශයෙන් දැක්වෙනුයේ එක් ස්වරයක් සඳහා අනෙක් ස්වරයක් වීම යි. එකකට අනෙක නොගැළැපෙනුයෙන් මේ විදි පෙරැළියෙකි.

අනම්යැ පූර්වි රූප, පර රූප ආදි රීතියකට අසු නො වැ යන්නෙක් වේ නම්, ඒ පෙරැළියෙකැ යි ගත ද වරදෙක් නො වේ.





අර්ථ : කෙණෙර - හුරිර - යහන් - මහණ (යන) ආදිය වර්ණ විපර්යාස යි.

විස්තර : කෙරෙණ - රුහිර - හයන් - හමණ යැ යි සිටියැ යුතු තැන් පිළිවෙළින් කෙණෙර - හුරිර - යහන් - මහණ යැ යි සිටි හෙයින් මේ වණ පෙරැළි ල.



102 සිදත් සඟරා විවරණය

ඇතින්නට සිංහලයෙහි ‘කෙණෙර’ යනු නමෙකි. පෙරැ ද මේ ශබ්දය සිටියේ මේ සේ යැ. දැනුදු සිටිනුයේ මෙ සේ මැ යැ. අන් ලෙසෙකින් පෙරැ තිබි දැන් මෙ සේ වී නම් පෙරැළියට නිදසුන් කළ ද වරදෙක් නො වේ. එහෙත් හැම කල්හි එක ලෙසින් මැ සිටින්නෙකැ කවර පෙරැළියෙක් ද? සංස්කෘතයෙහි ‘කරෙණු’ යනු මේ අථියෙහි වූයේ යැ යි ද එය සිංහලයට බි‍ඳෙතොත් ‘කෙරෙණ’ යි බිඳියැ යුතු යැ යි ද එ සේ නො වැ ‘කෙණෙර’ යැ යි බිඳුණ හෙයින් ‘ර’ කාර ‘ණ’ කාර දෙ දෙනා ගේ පෙරැළියෙක් වුයේ යැ යි ද යෙති. සිනාවට සුදුසු කථාවෙකි. මේ නයින් බලන කලැ සංස්කෘත ශබ්දයකට මඳ ලෙසෙකිනුදු සමාන ශබ්දයෙක් ‍සිංහලයෙහි වී නම්, සංස්කෘතයෙහි සිටි ලෙසින් මැ සිංහලයෙහි දූ ඒ නො සිටියේ නම්, එ බඳු සියලු තන්හි පෙරැළිය වෙයි. එ හෙයින් මේ පෙරැළි බසෙකි, හෙළු බසෙක් නො වේ.

පාළියෙහි ලැබෙනුයේ හස්තිනි වාචි ‘‍කණෙරු’ ශබ්ද යි. එයින් බිඳුණු සේ ගත් කලැ සිංහල ‘කෙණෙර’ යන්නෙහි වණ පෙරැළියෙක් නො පෙනේ. ‘ණ’ කාර ‘ර’ කාර පාළි ශබ්දයෙහි සිටි පිළීයෙළින් මැ සිංහල ශබ්දයෙහි ද සිටි හෙයිනි. එය නො සලකා සංස්කෘත ශබ්දය හා මැ සසඳා බලා පෙරැළිය ගෙණෙත් නම් සිංහලයට ගැලැවිමෙක් නො ලැබේ. පාළි ශබ්දයට සමාන වැ සංස්කෘත ශබ්දයට අසමාන වී නම් ඒ පෙරැළියෙකි. එ නයින් මැ සංස්කෘත ශබ්දයට සමාන වැ පාළි ශබ්දයට අසමාන වී නම් එ ද පෙරැළියක් වියැ යුතු. ‘කර’(කිරීමෙහි) ධාතුව පාළි ‘කර’ ධාතුවට සමාන වතු දු, සංස්කෘත ‘කෘ’ ධාතුවට අසමාන යැ. එහෙත් තද්භව යැ යි නො කියා, පාළියට බර වැ -




  1.සංඥාධිකාරය                                103

‘යා - දා - කර ඈ තසම දා පියෙවි නම්’ යැ යි කි හ. මෙ ද වියරණ යැ.

‘හුරිරු’ යනු ලෙහෙයට නමි. සකු මගද දෙක්හි මේ අරුත්හි වනුයේ ‘රුධිර’ යන්න යි. එය ‘රුහිර’ යි නො සිටැ ‘හුරිරු’ යි සිටි හෙයින් වූයේ ‘ර’ ‘හ’ දෙකෙහි පෙරැළියෙකි. ‘රිහිරි’ යනු බෙහෙවින් යෙදුණු රූපය යි.

ශයනයට (ඇඳට) ‘යහන්’ නම වෙයි. මෙය සිංහලයෙහි සිටිනුයේ මෙ ලෙසින් මැ යැ. ‘සයන්’ යන ලෙසින් හෝ ‘හයන්’ යන ලෙසින් හෝ නො වේ. සංස්කෘතයෙහි ‘ශයන’ යනු ද පාළියෙහි ‘සයන’ යනු ද මේ අර්ථයය දෙයි. එහි අකුරු සිටි ‍පිළිවෙළින් ගෙනැ ‘ස’ කරට ‘හ’ කර අදෙස් වීමට අවසර දී, ‘හයන්’ යැ යි නොසිටි හෙයින් හ - ය දෙකෙහි මාරුව සලකා මෙහි වණ පෙරැළිය දකිති.

ශ්රතමණයාට (පැවිද්දාට) සිංහල නාමය ‘මහණ’ යනු යැ. පාළියෙහි ‘සමණ’ යනු වනුයෙන් ‘හ’ කාරාදෙශයට ද ඉඩ තබා ‘හමණ’ යනු නො වැ ‘මහණ’ යනු මැ වූයෙන් හ - ම දෙකෙහි පෙරැළියක් මෙහි වූ හ යි යෙති.

‘වණ’ (වර්ණැ) යනු ස්වර ව්යමඤ්ජන දෙ පක්ෂයට මැ සාධාරණ සේ සිදත් සඟරායෙහි යෙදිණ.

‘පෙර පර වණන් ගළපනු සඳ නම්’.

‘වණන් අනු’සුරු වීම් ලොප් නම්.’

යනාදියෙන් ඒ මොනොවට පැහැදිලි වේ. එහෙත් මෙහි ‘වණ’ සදින් ව්යදඤ්ජනයෝ මැ ගැනුණාහ. ‘ගත’ කුරු’ යැ යි මුලැ දී මැ දුන් විශෙෂ නාමය නො සලකා මෙ බඳු අවුල් නමක් ගැනීමට මඳ වූ ද හේතුවෙක් නැති.

104 සිදත් සඟරා විවරණ

එක් ස්වරයකට අන්ය. ස්වරයක් මාරු වීම පිලි පෙරැලි කොටැ ගත් හෙයින් මෙහි ‘ගත් පෙරැළි’ ලෙසින් ගත යුත්තේ එක් ව්ය ඤ්ජනයකට අන්යත ව්යුඤ්ජනයක් මාරු විම ය. ‘මේ නුසුදුසු යැ.

‘කෙණෙර’ යනාදි තන්හි ‘වණ පෙරැළි’ මැ කියා නැවැතුණු සේ ද අයුතු යැ. ‘‍කණෙරු’ යනු ‘කෙණෙර’ යැ යි සිටී නම්, ණ - ර දෙකෙහි මාරුයෙන් වණ පෙරැළිය වේ වා. ‘අ’ යනු ‘එ’ වීමෙන් හා ‘උ’ යනු ‘අ’ වීමෙන් හැ පිලි පෙරැළියෙක් නො වේ ද? ‘ඒ’ යනු ‘එ’ වීමෙන් මත් අඩුවෙක් නො වේ ද?





අර්ථඑ : ‘රජ දත්’ (යන) ආදිය පද පෙරැළි යි.

විස්තර : සංස්කෘතයෙහි ‘රාජදන්ත’ යනු උඩු ඇන්දෙහි මැදැ වූ මහ දත් දෙකට නම් යැ. ‘දන්තානාං රාජ රාජදන්තඃ’ යනු විග්රිහ වාක්ය් කොටැ දක්වත්. ‘දත්නට රජ රාජදන්ත යැ’ යනු එහි අර්ථර යි. ‘දන්තරාජ’ යැ යි සිටියැ යුතු තන්හි ‘රාජදන්ත’ යනු වූයෙන් මේ පරනිපාත යැ යි ශාබ්දිකායෝ කියති. පාළියෙහි දු මෙ සේ මැ යැ. එහෙත් සිංහලයෙහි ‘රජ දත්’ යන්න නිපැදැවීමට මෙ බඳු පෙරැළියෙක් අනවශ්ය යැ. ‘රජ’ සද ‘මහත්’ යන අරුත ද දෙන හෙයින් රජ දත් නම් මහ දත් යැ. ‘රජ දත්’ යන තන්හි පෙරැළියෙක් වේ නම් ඒ පෙරැළිය මැ ‘මහ දත්’ යන තන්හි දු වියැ යුතු යැ.


1. සංඥාධිකාරය 105


පිලි පෙරැළියෙහි ලකුණු සලකන කලැ, මෙහි දු ලකුණු පෙරැළියෙක් පෙනේ. එක් ස්වරයකට අන්යම ස්වරයක් වීම පිලි පෙරැළි නම්, පද පෙරැළි වියැ යුත්තේ එක් පදයකට අන් පදයක් වීම යි.





අර්ථළ : ........................ සපුන් මෙන්................................................. (යන) මේ ආදිය විභක්ති විපර්යාස යි.

විස්තර : ‘සපුන්’ යන තන්හි විභක්ති විපර්යාසය වේ ල. සිදත් සඟරා කාරයන් ගේ මතයෙන් මෙහි යෙදියැ යුත්තේ ‘‍සප්පු’ යන ප්රාථමා විභක්ති බහුවචනාන්ත පදය යි. කවර හෙයින් ද උපමෙය වූ ‘දුදනෝ’ යනු ප්රුථමා බහුවචනාන්ත වන හෙයිනි.

මේ අතිශයින් කෂ්ට වූ මතයෙකි. ‘මෙන්’ නිපාත යෝගයෙහි ප්රඅථමා විභක්ත්යින්ත පදයක් සම්බන්ධ වීම සිංහලයෙහි නොලැබෙන්නෙකි. ද්විතීයාන්ත (දෙ වන විබත ගත්) පදය සම්බන්ධ වීම ලැබෙන්නේ මැ යැ. ඉතින් ධර්මවය ද්විතීයාන්ත පදය යෙදීම නම්, ඒ පෙරැළියෙක් නො වේ, රීතිය යි.

සකු මඟද දෙක්හි රීතිය වෙනස් වේ. එහි ‘මෙන්’ අරුත ‘ඉව’ යන්නෙන් ලැබේ. ‘දුජිනයෝ සර්පඑයන් වැන්නෝ යැ’ යන අර්ථ ය -


106 සිදත් සඟරා විවරණ

‘දුජිනාඃ සර්පාා ඉව’ ‘දුජ්ජනා සප්පා ඉව’

යනුයෙන් සකු මගද දෙක්හි පැවැසේ. එහි ‘දුජිනාඃ’ යනු මෙන් මැ ‘සර්පාඃු’ යනු ද ප්රහථමාබහුවචනාන්ත යැ. ‘දුජ්ජනා’ ‘සප්පා’ යන දෙක ද එ බඳු යැ. ‘ඉව’ නිපාතය හා ප්රනථමාන්ත පද යෝගය ඒ දෙ බසෙහි රීති විරොධ නොවන බව මෙයින් පෙනේ. එහෙත් සිංහල රීතිය ඉඳුරා වෙනස් යැ. ‘සපුන් මෙන්’ යන තන්හි මෙන් ද්විතීයාන්ත යෝගය එහි රීතිය යි. එ හෙයින් ‘සපුන්’ යන තන්හි මඳ වූ ද පෙරැළියෙක් නො පෙනේ. සංස්කෘත මාගධ ප්ර්යොගයන් බලා සිංහල රිතීන් නියම කිරීම, පුතු ගේ ලෙස බලා දුවට බෙහෙත් නියම කිරීම වැනි විහිළුවෙකි.

ටිප්පණි : 1. ගතු’ගතු ද ................ – ‘දුදනෝ, ගත් උගතු ද, සහකටමැණ සපුන් මෙන්, නිරිඳු මලදා පිරිරැඹැ, පරනට බිය මැ රුකුළෝ’ යනු ගියෙහි අන්වයය යි. ‘දුජිනයෝ තුමු, ග්රරන්ථයන් උගත්තාහු ද කණ්ඨ මාණික්යෙ සහිත වූ සර්පඹයන් මෙන්, නරෙන්ද්රගයා (රජ) නමැති මලයජ (සඳුන්) වාක්ෂය පරිරම්හණය කොටැ (වැලැඳැ ගෙනැ) අන්යනයනට භය මැ කළෝ යැ’ යනු අර්ථර යි. දුජිනයෝ සර්පරයන් වැන්නෝ යැ. දුජිනයන් උගත් ශාස්ත්රරය සර්පියන් ගේ කණ්ඨ මාණික්ය ය වැනි යැ. උත්තම වූ ද මාණික්යථයෙන් සර්ප්යන් ගේ විෂය නොමැ‍ඬෙන්නා සේ විනයයට හේතු වූ ද ශාස්ත්රවයෙන් දුජිනයන් ගේ දුෂ්ටත්වය නො වැළැකේ. එ බඳු සර්ප්යෝ සඳුන් ගස වෙළා ගෙනැ සිටැ එ ගසින් වැඩ ගත හැකි අනුනට භය උපදවති. එ මෙන් මැ උගත් දුර්ජනනයෝ රජුන් ආශ්රභය කොටැ (රාජ සේවාවට පැමිණැ) රජුන් ගෙන් වැඩ පතන ලෝකයාට භය උපදවති.


                                        1.සංඥාධිකාරය                              107

උගත් දුදනන් රාජ සේවාවට පැමිණ කලැ සිදු වන අවැඩ එසා මහත් නම්, මීයන් රැඳුණු වහල දිගේ යන ගැරැඬින් මෙන්, අප්ර වීණ වූ පාලකයනට අනුශාසනය කරන්නට වන් නූගත් අධමයන් නිසා සිංහල භාෂාවට වන අවැඩ ගැනැ කවර කථා ද?

‘පිරිරැඹැ’ යනු ‘පිරිරඹ’ ධාතුයෙන් වූ අතීත කෘදන්ත (පූර්වග ක්රිපයා) නිපාත යි. ‘පිරරඹ’ දා ‘රක්’ ආදි පර: පද යි. පිරිරඹී - පිරිරඹිති - පිරිරැඹි - පිරිරැඹි.

        ‘රුකුළෝ’ යනු ‘රුකුර’ දයින් නිපන. 





අර්ථ: ............ දිස්නේ .................. ගනී (යන) ආදිය ක්රිරයා විපර්යාස යි.

විස්තර : සාමාන්යි වශයෙන් සිදු වන්නක් කියන කලැ වර්තතමාන ආඛ්යාමතය යොදනු භාෂා රීති යි. ‘තමා වරද අස නොදිස්නේ (තමා ගේ වරද අංශුවෙකුදු නො පෙනේ) යනුයෙන් පැරැකුම්බා රජාණෝ සාමාන්යර ධර්මනයන් කියති. මෙහි ‘දිස්නේ’ යනු අනාගත ආඛ්යාරතයෙකැ යි ද වර්ත මානාඛ්යාකතය යෙදුව මනා තන්හි ඒ කිරිය පෙරැළියෙකැ යි ද සිදත් සඟරා කාරයෝ සිතති.

මහත් භ්රාැන්තියෙකි. ‘දිස්නේ’ යනු ආඛ්යා්තයෙක් නො වේ. වර්ත මාන කෘදන්ත නාමයෙකි. විශෙෂයෙන්

108 සිදත් සඟරා විවරණය

අනාගතාථිය දෙන්නා වූ රූපයන් සිංහලයෙහි නොවන හෙයින් මෙ කියන පෙරැළිය සිංහලයෙන් කරන්නට සමතෙක් නැති. ‘දින්නේ’ යනු වර්තැමානාථිය මැ දෙන වර්ත මාන කෘදන්ත නාමයක් වන බැවින් මෙහි නම් අංශුමාත්රා වූ ද පෙරැළියෙක් නැත්.

මෙහි ‘දිස්’ ධාතුව ‘රක්’ ආදි උභය පද යි; අකර්මොක යි. (පර : පද) දිසී - දිසිති - දිසිති - දිසිති - දිසි. (අත්:පද) දිසේ - දිසෙති - දිසිණි - දිසුණු. දිසී - දිසිති යනු දෙ බස්හි වර්ත මාන ආඛ්යාරත රූප යි. දිස්නේ - දිස්නෝ යනු දෙ බස්හි ප්රීථමාන්ත වූ වර්තදමාන කෘදන්ත නාම යි.

‘ගනී’ යනු ‘ගන්’ ධාතුයෙන් නිපදනා වර්තනමාන ප්ර.ථම පුරුෂ එකවචන ආඛ්යා්ත පද යි. ප්රකථම පුරුෂ ආඛ්යාපතය විධානයෙහි නො‍ යෙදේ. ‘මොනරිඳු එ කල්හි පුල් සලගැනවා ගනී’ (මයුරෙන්ද්රයය, ඒ කාලයෙහි පිපුණු සල් (ගස්) අගැ නවා තන් ගනුව) යනු කවි ප්රයයොගයෙකි. මෙහි යෙදියැ යුතු ‘ගනු’ යන විධි රූපය යැ යි ද ඒ වෙනුවට ‘ගනී’ යන ප්රෙථම පුරුෂ ආඛ්යාවතය යෙදු හෙයින් කිරිය පෙරැළියෙකැ යි ද සිදත් සඟරා කාරයෝ සලකත්.

මෙ ද භ්රාැන්තියෙකි. විධානයෙහි යෙදෙනුයේ ‘ගනු’ යන රූපය මැ නො වේ. මධ්යකම පුරුෂ ආඛ්යාෙත රුපය වූ ‘ගනිහි’ යනු ද යෙදෙයි. සමාන ස්වර මධ්ය යෙහි වූ ‘හ’ කාරය ලොප් වීමෙන් ‘ගනි + ඉ’ යනු ද සවර්ණධ දීර්ඝූයෙන් ‘ගනී’ යනු ද ලැබේ. (සමාන ස්වර දෙකකට එක් දීර්ඝ යක් වීම සවර්ණු දීර්ඝෙ යි). ප්රලථම පුරුෂ එක වචන ආඛ්යා තය නොවන්නා වූ ද විධානයෙහි පෙරැළියක් නොවන සේ යෙදියැ හැකි වූ ද ‘ගනි’ යන රූපයක් ඇති බව සිදත් සඟරා කාරයෝ නොදත්තු යැ: ඔවුන් ගේ පුරාතන ව්යා ඛ්යාරන කාරයෝ ද නොදත්තු යැ.



                                         1.සංඥාධිකාරය                             109

නූතන ව්යා ඛ්යා න කාරයෝ ද නොදත්තු යැ. එය දැක්වූ කලැ ද වටහා ගැනීමේ ශක්තිය නැත්තෝ දැනුදු සිදත් සඟරාවට බාව සන්න ලියති.

ටිප්පණී : 1. තමා වරද’ස නොදින්නේ - මේ කව්සිළුමිණි කුස දා ගීයෙකින් ගැනිණ. මුළු ගීය - ‘තමා වරද’ස නො - මෙරමා දොස් මැ දිස්නේ නුවන් බැහැරැ නහමා - තමා මැ නොදක්නේ කිම්’ යි එයි. ‘තමා ගේ වරද අංශුවකුදු (ස්වල්ප මාත්ර යකුදු) නොදිස්නේ. මෙරමා ගේ (අනුන් ගේ) දොස් මැ පෙනේ. ඇස් බැහැරැ (පිටත් කොටැ) තමා මැ නොදක්නේ කිමෙක් ද?’ යනු අර්ථ යි. ‘තමා ගේ වරද බි‍ඳෙකුදු නො පෙනේ. අනුන් ගේ සියලු වරද පෙනේ. යනු භාව යි.

2. මොනරිඳු එ කල්හි පුල් සලගැ නවා ගනී - මේ පාඨය මයුර ස‍වෙන්දිශයෙන් ගැනුණු බව පුරාතන ව්යා ඛ්යායන කාරායෝ කියති. සිදත් සඟරාවට මේ පාඨය දුන් මයූර ස‍ැෙන්දනශයක් පෙරැ පැවැති බවක් බොහෝ දෙන සිතති. දැන් ලැබෙන මයූර ස‍ෙන්දදශය සිදතට පසු වැ කැරුණෙකි.





අර්ථව: පඤ්ච විපර්යා ස ආදිය කරනුයේ ශබ්ද ධර්මශයෙනි. නොහොත් ඡ‍ෙන්දාපහෙතුයෙනි.



110 සිදත් සඟරා විවරණය

විස්තර : අඛණ්ඪ ව්ය වහාරයෙහි වැටෙන භාෂාවෙකැ ශබ්දයන් කල් යත් යත් වෙනස් වනු ධර්මවතා යැ. ඒ යම් කිසිවකු සිතා බලා පිරික්සා කරන්නෙක් නො වේ. එ බඳු වෙනසක් වනුයේ යම් කිසි කෙනකුන් ගේ අසමර්ථ තායෙනි. උසස් වූවෝ ද ඇතැම් තන්හි අසමර්ත් වෙති. එ බන්දකු ගේ අසමර්ථතතාව ද සෙස්සවුනට පෙනෙනුයේ සමර්ථවතාවක් ලෙස යැ. එ කලැ එ සේ වූ වෙනස පවා බොහෝ දෙනා ගේ සම්භාවනාවට භාජනය වෙයි. මේ භාෂාවකට විපර්යාසයන් එන එක් නියරෙකි. පහත් පෙළෙහි වූ අසමර්ථ යන් ගෙනුදු විපර්යාසයන් එන ක්රිමයෙක් ද වේ. කිහිප දෙනකුන් හැරැ සෙසු සියල්ලවුන් මැ එ බඳු අසමර්ථ යන් වූ කලැ, ඔවුන් අතින් නැඟුණු විපර්යාසයක් බෙහෙවින් පැතිරැ ගිය කලැ, සමර්ථ යෝ ද එය නවතා ලන්නට අසමර්ථ් වෙත්.

මේ ශබ්ද ධර්මසයෙන් වන විපර්යාස යි. ඒ කරනු ලබන්නේ නො වේ. නිතැනින් වන්නේ යැ. එ හෙයින් ‘පස් පෙරැළි ඈ කරනු සද දහමින්’ යැ යනු කිසි සේත් සුදුසු නො වේ. ‘පස් පෙරැළි ඈ වනු සද දහමිනැ’ යි කියුව යෙදෙයි.

පද්යනයෙහි වනාහි පස් පෙරැළි ඈ කිරීමෙක් ද වන්නේ යැ. ඒ සඳැස රැකැ ගන්නට අන් අයුරක් නැති විටැ යැ. එළි සමය පද්යප ලක්ෂණයක් වූ පසු මෙ බඳු පෙරැළියට මහ දොර හළුවා මෙන් වියැ. එ හෙයින් තොටගමුයේ රහල් මහ තෙරුන් වැනි සමර්ථවයාණ කෙනෙක් ද-

‘දැ හ නන් දිගත පිහිකුළු ගන තර පුවළ ප හ රැ බරින් මෙන් සිය මඬුලැ ‘තුළු කළ ස හ සකර වැටෙත පැහැසී සයුරු රළ ප හ ළෙව් පෙනේ පිටතට වළබ ගිනි සිළ’



                                     1.සංඥාධිකාරය                             111

යන පද්ය යෙහි දුරුච්චාර්යත්වය ගුණයක් කොටැ ගත්තා සේ, ‘දැහැ’ යනු ‘දැහ’ යන්නට පෙරළා, සිදත් සඟරා කාරයන් ගේ පිලි පෙරැළි සූත්ර’යෙන් පිහිට ලැබූ හ. ඔහු මැ -

‘මහ වෙල් දිය කිරළ සරන දියකා කොක වැළ සිහිල් දිය කෙරවළ සදිසි සුදු වැලි රිදී පට’ තුළ’

යන තන්හි ‘කෙළවර’ යනු ‘කෙරවළ’ යන්නට පෙරළා වණ පෙරැළි සූත්ර‘ය සනාථ කළ හ; ‘කුල’ ග මිණි පිවිතුරු දෙමටාන ගමැ කඳවුරු තොටගමු වැසි සොඳුරු උතුරුමුළ මහ තෙරිඳු මුනුබුරු’

යන තන්හි, ‘දෙමටාන ගමැ කඳවුරු කුල පිවිතුරු අග මිණි’ යැ යි කියැ යුත්තේහි එළි රක්නා සඳහා මහ පෙරැළියක් කොටැ පද පෙරැළි සූත්රිය ද ඉකුම්වා ගිය හ;

‘රි වි තැවුලේ පිපි කමලේ විල් ගැවැසි ම ත කොවුලේ තුරු වදලේ හඬන නිසි වන සැවුලේ මඟ අසලේ පොර සැලැසි ගුරු බැවුලේ යව අවුලේ නො වී කිසි’

යන එක මැ පද්යැයෙහි, තැවුලින් - කමල් - කොවුලන් - සැවුලන් - අවුල් යැ යි සිටියැ යුතු තැන්, තැවුලේ - කමලේ - කොවුලේ - සැවුලේ - අවුලේ යැ යි යොදා, විබත් පෙරැළි සූත්රපය නිදසුන් පසෙකින් මැ පිදූ හ; 112 සිදත් සඟරා විවරණය

‘ නො ළ ඟා එ හිමි දිගු තුඟු නැහැයට වොරැඳී මු ර ගා අහෝ මිණි කාළම වෙහෙස විඳී’

‘ද නා කැමැති දෙන පලඹ’ත එ සුරපති දි නා දිමුතු අතු සිරි සුර තුරැ පැවැති’

යන විසින් වර්තතමානාඛ්යා තය යොදා විබිසණ දෙවියන් වනන තන්හි මැ,

‘සුර රද දෙ බැම ලේ ගන ලේ සිරි කියෙලී’ ‘ළ හිරු සිරින් දිළිහිණි හිමි නෙත් සඟල’

යන විසින් අතීතාඛ්යාිතය ද යොදා වනමින්, කිරිය පෙරැළි සූත්ර ය සුදුසු බවට පැමිණැවූ හ.

‘පස් පෙරැළි ඈ’ යන තන්හි ‘ඈ’ සදින් වැඩි අඩු දෙක ගත් හ යි සිතේ. ව්යායඛ්යාලන කාරයෝ බස රකිත්.





අර්ථ : වාද්ධිය නම් මාත්රාහ වෘද්ධිය යි. ඇස් - ඇල් - ඇප් - උවාරණ - නවාම් - මල’ වල සල සිහිලේහි (යන) ආදි ආකාර යි.

විස්තර : අස් - අල් - අප් - උවරණ - නවම් - සිහිලෙහි යැ යි සිටියැ යුතු තන්හි, ඇස් - ඇල් - ඇප් - උවාරණ - නවාම් - සිහිලේහි යැ යි සිටි හෙයින් මාත්රා වෘද්ධිය වී ල.

                                 1.සංඥාධිකාරය                                     113

ඇස් - ඇල් - ඇප් යන තුන් තැන වෘද්ධිය නම් ‘අ’ ‘ඇ’ වීම යි. මෙ සේ කියනුයේ ‘අ’ යන්නෙහි මාත්රාං්ශ වෘද්ධියෙන් ‘ඇ’ යන්න වූයේ යැ යන මහා අශරණ මතය පිටැ සිටැ යැ. දැන් විචාරාර්හ ද නො වෙ යි.

උවාරණ - නවාම් යන දෙ තන්හි ‘අ’ යනු ‘ආ’ වීම වෘද්ධිය සේ සැලැකිණ. සිංහලයෙහි ලැබෙනුයේ ‘උවාරණ’ යනු විනා ‘උවරණ’ යනු නො වේ. ‘උවරණ’ යන්නක් තිබී එයින් ‘උවාරණ’ යනු නිපනි නම්, වෘද්ධි වාදයට මඳ අවසරයක් දියැ හැකි යැ. සකු මගද දෙ බස්හි ‘උපකරණ’ යනු සිංහලයෙහි ‘උවකරණ’ වෙයි ; ‘ක’ කාරයට ‘හ’ කාරාදෙශය වීමෙන් ‘උවහරණ’ යනු ලැබේ. සමාන ස්වර මධ්ය යෙහි ‘හ’ කාරය ලොප් වීමෙන් ‘උව + අරණ’ යනු ඉතිරි වැ, සවර්ණි දීර්ඝහයෙන් ‘උවාරණ’ යනු නැ‍ඟෙයි. ‘උවරණ’ යන්නට ඉඩක් නූවූයෙන් වාද්ධි කථා අමූල යි. නව + කම් = නව + හම් = නවාම් සිද්ධිය මෙ සේ වන හෙයින් මෙහි දු වෘද්ධි මතය අශරණ යැ. ‘නවාම්’ යනු මෑතෙකැ දි ‘නවම්’ යැ යි ද වහරට වැටිණ. එය නිදසුන් වත් හොත් හානි විධියට යි, වෘද්ධි විධියට නො වේ.

‘සිහිලේහි’ යන නිදසුනෙන් ‘එ’ යන්න ‘ඒ’ වීම වෘද්ධි බව හැඟැවෙයි. එ නම් එ සේ මැ යැ. මේ ද්වාදශ මාත්රධ (වසන්ත වෘත්ත) පද්යව පාදයක් සේ පෙනෙයි. ඒ එ සේ නම් ‘සිහිලේහී’ යැ යි වෘද්ධි දෙකෙකින් යුත් පදයෙකි. දීර්ඝාය ද සඳැස රක්නට ආ සේ යැ. ‘මල් අවල සල සිහිලෙහි’ යන්නෙහි අර්ථ‍ය ‘මලින් ආකුල වූ ශාල වෘක්ෂයා‍ ගේ ශිතල භාවයෙහි’ යනු යි. ‘මල් වල් සල්’ යනු ‘මල වල සල’ වූ හ යි ද එ හෙයින් එහි දු

                                                                                                                    8


114 සිදත් සඟරා විවරණය

වෘද්ධි ත්ර යයක් වෙති යි ද ව්යා ඛ්යා න කාරයෝ කියත්. ‘සල’ යනු කෙ සේ වුව ද ‘මලවල’ යනු නම් ‘මල් වල්’ යන්නෙන් නුවු බව පැහැදිලි යැ.




අර්ථ : හානිය (අඩු වීම) නම් මාත්රා් හානිය යි.

දඟ - සැඬ - කඳ - බඹු - සෙ ගුණෙන් - නුවණ නි සයුරා (යන) ආදි ආකාර යි.

විස්තර : දංග - සැංඩ - කන්ද - බම්බු - සේ ගුණෙන් - නුවණ නී සයුරා යන විසින් සිටියැ යුතු තැන් දඟ - සැඬ - කඳ - බඹු - සෙ ගුණෙන් - නුවණ නි සයුරා ඈ විසින් සිටි හෙයින් මාත්රාැ හානිය වි යැ යෙති.

ජඞ්ඝා - චණ්ඩ - ස්කන්ධ (මාගධ - බන්ධ) - බ්ර හ්ම යන සංස්කෘත මාගධ ප්රඩකෘතීන් සැලැකීමෙන් හානියක් ඇති සේ ගැනුණ බව මුත් සිංහලයෙහි නම් දඟ - සැඞ - කඳ - බඹ යනු කිසි හානියක් නැති ප්රසකෘති රූප යි. දංග - සැංඩ යනාදියක් නැති හෙයිනි.

‘සේ ගුණෙන්’ (ඡෙක ගු‍ණයෙන්) යැ යි කියැ යුත්ත ‘සෙ ගුණෙන්’ යැ යි කියුව හොත් මාත්රා හානියෙක් පෙනේ.

‘නුවණ නී සසුරා’ (ඥාන නමැති නදියට සාගරය) යන තන්හි ‘නී’යනු ‘නි’ වනුයේ හානියෙනි. මේ මුවදෙව් දා කාරයන් (ප්ර්ථම පද්යනයෙහි) සඳැස රක්නට කළ හානියෙකි.