සියබස් ලකර විවරුව-තෙවැනි සග
තෙවැනි සග
1. යමා වග
[සංස්කරණය]340. කැරැ දුරු නුදුරු හැම පදන් ඈ මැද අවසන් සම වණිනි පිළිවත් වත් යමා නම යෙත්; හෙ මෙසේ
341. සරණ තා සත්සර
සරණ තුඹුරු මෙ සිරිමත්
සරණ කැරැ සත් වග වී
සරණ සව් යන්නට තෙමෙ
342. සියල් අසරණ දිය
තමේ සරණ පියුම් සිරි
සවාරෙන් සරණ කැරැ
වී සරණ මුළු දියට හා
343. දුගී බිය ඔසරණ
මුළු සත් වග ‘පිළිසරණ
බිජි තිලෝ පිළිසරණ
පිවිතුරු තමෙ යුග සරණ
344. වසත වසත කලුන්
උයනතහි තලද වරල්
ගෙනෙ බඳ විදුලිය පැරැදි
පලු බර සිනිඳු මඳ මත්
345. සලා සඳුන් සල්
සළල පහස් ගඟුල මල
ලැබෙම්නි මරනට වී
ත-රුපු පියන් සුළඟ ළඟ
346. නුදුරු යමා මෙසේ
සියල් මැද ‘වසන්හි දු
යළ සියලෑමැදහි දු
බඳ සඳ ලකරුතුම් වේ.
347. වනන් වනන් තෙවෙන්
නවන් පියල් තවන්නේ
විරු මලාවන මන
නව ලකළ වන කළ වන.
348. විසා කළ ඈ මැද වසන් සියල් දුරු යමා නො දුරු යමා මුස්සෙන් මෙ ගින් අන් සෙයිනුදු වේ
349. පවත්නේ මෙසේ බැඳුම්
වත් හොත් බැඳුම්නි යමා
නො දුරු යමා මුස්සෙන්
මෙ ගින් අන් සෙයිනුදු වේ
350. පියුම් සියුරු පෙදෙන්
එක්පද පමණ’ඩ පමණ
නො බෙජේ යම අඩ බෙජේ
එ බව්නි වේ දොළොස් කව්
351. තැනෙක් යම බැඳැ එක්
එකෙකන් තන්හි නො මෙ බැඳැ
නොඑක් තැනැ පියම්නි දු
බඳුතු යමා සිය පමණ
352. නටත් නටත්හි රන්
ගිරි මුදුනේ සිදු වමියන්
මහ රජ වැදැ ත-රැපු බොළො
නුවන් පල ලදහ තමන්
353. මිහි මිහිර සිත් තර
පවර පවර සිරි සිලි
ලෙව් තා සියලු සියුරු
දලනිඳු මෙවුල් උසුලත
354. වියන් වියන් කැරැවී
පළ තෙද තා පවත් වත්
සහස් සහස් පණ දරණ
නැස්මෙනත ‘ක් සනුදු කැරැ
355. කලතුරු කළතුරුහි
නසුත් නසුත් පැසැසි තම
කිඳුරන් රත් ගිරි රඟෙහි
රතැසිරු රන් ගිරි රඟෙහි
356. තුනෙක්නි දෙක්හි මෙසෙ
යුත් එක්නි හුදු පෙදෙනුදු
වත් සිව් වණ පස් වණින්.
මහ යමාහි පමණ වේ
357. පියුම් සියුරු පද
කැරැ එහි යම් දෙ පදක්
කරත් යමා එක් වණෙන්
හේ වට මහ යමා වේ
358. මිණි ලකළ සල් දොර
මිණිල කල සල් දොර වී
රැපු රජුනැතැ පුර තුරඟ
සුවහස් ගඳැත් බස්නා
359. ගැවැසුණු සියල්ලෙන්
පළ නල වරණ සීයෙන්
පළ නල වරණ සීයෙන්
ත-මේ නිවර දෙරුපුන් පුර
360. නොඑක් වන් වණස් වි
ත විමන් විසිත්තම්හි
නො එක් වන් වනස් වී
තමෙ සියල් මිහි මඬුලු
361. එදා විල් පුවුටු
සැල ලී නිල් වලා ගප්
සඳවත් පබවත් වත්
සඳවත් පබවත් වූ
362. පියුම් සියුරු පෙදෙන්
මැදවසන්හි දෙ මෙසේ
බඳ සුමුඟු නො බඳෙහිදු
පද අත්හි නො බඳුන් පත්
363. පියුම්හි නන් පදන්
පද වසන කර නො වෙනස්
නන් වද හුන් සම වත්
මහ යම යැ යෙත් හෙ මෙස්.
364 තො තමා තමා මන
නො තමා තමා මන වූ
නොතමා තමා තමා මනවී
නොතමා තමා තමා මන සේ.
365. මෙ කල් වනනට කල්
මෙ කල් වනනට කල් වී
මෙකල් වනනට කල් සේ
මෙ කල් වනනට කල් වේ.
366. වණෙක්නි යම් පද’
වසන් කැරැ එ මෙ වණෙනි
ළඟ පෙදෙහි දු කල් පටන්
සඳට යමැ යෙත්, හෙ මෙසෙ
367. දිටිමි තා වනවුත්
නටුත් සුරන් දිය ගුවන්
ගුවන් විමල් මහරුවන්
රුවන් විමන් දහම් ගත්
368. හඹා එක් දෙ වණනි
අඩ බඳුතුදු කව්හි යළ
වණෙක්නි දු එක් කෙවල
පළට කළ අත් හෙ මෙසේ.
369. තතනා තනා තුනු
තුනු නිත්තෙන් තෙනා තී
රුසිර සිරි සුරු සරා
සිසි රස් සේ සරා සිරි.
370. නොනු නෑ යා නෙ නෑ
වනුයේ වැවුවා වුනු
නන් නො නෑ නෑ වේ
වියැවූවා වැවේ වා!
371. නව වුනත් වෙනෙන්
නො වෙත් වැ නේ නී- වන්
වන නින් වැව් වානෙන්
නිවිති වෙනෙත් වැවෙනුවා
372. නා නී නුනේ නී
නී තා නුනා නී තෝ
නො නූ නා නේ තා
නී නී තොනුත් නත් නී.
373. පිළි ලොම් හත් බදුරු
මිහිඟු බහනුදු ගෝමුත්
නැත ද බැඳෙන පියුම්නෙත්
පියුම් සක් ලක් පෑයෙමි.
374. පෙර දෙ පෙදෙන් පැරුම්
පද එක්නි එක් දක්වා
කළත් නියරින් අඩ යම යමා නියර පැයිම් මෙ සේ.
375. නට බිය මඟ මඟන
පර වැඩ සමත වැඩ කළ
තිවූ තමන් නුසිත් යුත්
කිවිනට මෙ බැඳුම් යෙදේ.
376. පැනුණු බැවින් මෙ සේ
කිවි ගුණ සමඟ මේ මඟ
සියල් වසම් බැඳුමිහි දු
කිවින් පියල් වනු යෙදේ
2. දෙස් වග
[සංස්කරණය]377. නො සබඳ සිඳුම් හුන් විරුදත් එකත් බුන් සඳ නො සුසද නො පිළිවෙළ හා සැකි දෙය විරුදු ද යන
378. කිවින් මෙ නව දෙස්
කිවි කමැ පියන්නට යුත්;
නො සබඳ මෙහි මතු මත්
බල්නට මුතනුතට දෙස්
379. මෙ මුහුදු බො මෙ තවුස්
මම දැන් දෙරෙන් දිරැණෙම්
මේ මේ ගැජුම් වැජැඹී
දෙවිඳුට වි එරවණ කල්
380. පෙර පසිහි නො සුදුසු
විරුදත් “ තො සතුරන් හරු
සවි සත්නට කුලුණු තම
තට රුපු කවර” යනු සේ
381. සදත්නි පෙර යූ එක්
යළ කියතේ එකත් නම්
හෙ මෙසේ ‘ මෙ ගන විදුමත්
උකටලි කල කුසි කෙරේ ‘
382. කියුම්හි දු පිළි දෙස්
නැති කුලුණැ අහිසයෙන්
“ මලවි කල් බඳ වනසා
පිය තෙපුල් කල වනසා
383. නිරණට යූ වදන්
කුහුල ට වැටෙත් සැකි නම්;
“නියවත් දෙනෙ සෙරෙන් පත්
ගුණ හුන්නනට වස දේ”
384. පෙරැ යු වත යළ කියු
නොයෙදෙත නො පිළිවෙළ නම්
“මැවුම් පැවැතුම් හැකුළුම්
හර බඹ ගොවිදුහු කෙරෙන්
385. නොමඟා ලක් ලකුනු
පියසූ වදන් නො සුසඳ
“දලනිඳු මෙවුල් මෙ දෙරණ
නරනිඳු හට බුජෙහි රකි.
386. සිය බසැ කියු පියුම්
ලකුණු කී පද තො බිඳු, තු
හුන් පද සිඳුම් දෙස් වේ
බුන් සද අඩු වැඩි වෙෙණන්
387. දෙස් කල් කලාවට
ලෝ හේ විදු මහ ගතට
වන වරද කිවි පමදින්
පිළි නිවරද ද කියතෙම්.
388. මෙ දකුණු මරු සුවඳ
කපුරු තුරුන් පහස් ලද
කලිඟු වෙනෙ ගජරැස් පිරි
අගලින් සැදි සොළී ගඟ
389. පිපේ පියමිළු රෑ
කුමුදිළු දහවල් පිපේ
වසත් පුල් දිය මිදෙල්
සිරි කඩ සිසිර කල් කල්
390. විරු විසඹ දෙ රෙසේ
සිටුනා කෝ විස්ම බව්
වෙණෙ නි දව ගම් නවතා
ස රස ගමුනු විසි මූසන්
391. සලා ගජ කෙසුරු
සලා තුරඟ තියුණු හඟ
ගුරු සර ගඳඹ අන්තුර
මෙ කිහිරි තුරු සර වියෝ
392. මුනි විරු සව් සකර
තො නසි වී සබා වී,
එ සෙ මෙ නො හෝ සියුරු නෙත්
පවතී අද ද ළෙහි මා
393. නො මෙ කළ සකර කම්
දද පිත් වෙද හදාරා
පියවි වර පිරිසිදු පිළි
මිණියට සකර කම් කුම්
394. එ රජ හු පින් තෙදින්
සිරිසර වී ඔහු උයන්
විසිතුරු වතුරු පලුපත්
අසිරි සුර තුරු සියෙන්!
395. කොලොඹ වන රොන් ඉහි
කපවන සත්පත් කුසුම්
හඟවන වනස් නිරිඳුන්
හැසිරිණි කැකුළු මෙ පවන
396. දවත සෙද හෝවිලි
නැඟී බියපත් වමියන්
මියෙන් වසම් ලිය ගී රස දන්නන් වැඩී රා
397. වියවුල් කල් වියෝ
මන වස සඳට වැඩි කල්
සඳ රසට ද වඩා අග
සිහිලැයි දෙතා සලකා
398. අපමණ පමණ වැද
පෙනෙමි නුදු නොපෙනෙනු වු
එක්තම් වැ ද නොඑක් වූ
නමකර සියල් වෙස්, තට
399. පස් පඩි සුතන් එක්
කලතුරු වූ දෙරොබ නම්
අග වූ යැ පැතිනියනට
මෙ ලෙසි දෙවියන් නිපැදුම්
400. පෙනෙනත් අත් බෙලෙන්
එන රුතුදු සදත් දෙකෙකැ
යම් සද සවනතෙහි හෙත
හැඟෙනු පෙනෙනත නම් වේ
401. වෙන වෙන දුටු සදින්
බදනෙවු පහනින් පෙනෙන
දැනෙන අනුමෙතෙනරුතට
අත් බෙලෙනෙනරුත්
402. තුමුල් සිරුරැති මේ
දහවල් බත නො බුදි යත,
දහවල් නොකනු පෙනෙනත,
රෑ බිත් බෙලෙනෙන අරැත්
403. වසම් පලග දෙසක්
ලග මහ කව් ඇඳින්මෙහි
පැන සසඟ ලද දන හට
උව වූ වසම් සග මේ
පැතුම
[සංස්කරණය]404. ලකුණු පණ අත සඳ ලකර ද ඔසළ එක් දෙස් බොළඳ තමා මෙ වදනුදු හුදු පර වැඩෙහි වේ වා!
405. වළඳ වැ සත් ලොවට
සඳ මිදුළු මහත්මෝ
පහන් මෙනෙන් පවත්නට
කෙරෙත් නු මත පිනි දහන් .. ?
කතු නිදෙස
[සංස්කරණය]406. කිවි ගුණ මැණ මඳෙස් නිදොස් ඇමැති සිරි නිවෙස් කළ තැතිනෙකත්ම තම අමරගිරි කසුබු තුමා,
407. සිරිමත් සෙන් වියත්
මිණි රස්කි කිරුළු මෙ සත්
පැහැයු වස් සේසත් කිස්
නිරිඳු කෙළේ සලමෙවන්
408. විසිතුරු දස පණින්
ලකර මහ යමැ මිණැත්
නව දොස් යු මෙ සියබස්
ලකරෙහි සිවු සිය ටැ කව්.
නිමි