සියබස් ලකර විවරුව-දෙවැනි සග i
දෙ වැනි සග
68. කව් සිරි අරන ‘ත්හු
ලකරු ඔහු අද දක්වා
විකැපෙත් කෙ ඔවුන සියල්
කියත පොහොසත්හු දියේ?
69. ඉතිදු හොත එ වියත්
පෙරැ ඇදුරත් කළ වීකප්
වහරෙන් එක් දෙක් බිඳක්
කියතැත් පවස් මෙ තමා.
70. වත් කියමන්, උවම්,
රූපක, දීපක නමුදු
ඇවැතුම්, අකෙව් නම් හා
පිළි අතතුරුනැසුදු ඇත්.
71. වැතිරෙක, විබහවුන්,
සමස්, අතිසය හා නම්,
අයළ සිතැවිලි, හේ නම්
සියුම්, ලව, පිළිවෙළ නම්;
72. පිය, රසවත්, හිවි
පරියා, සමාහිත නම්
උදැත්තා නම් පිළිකෙවූ
සෙලෙසැත් වෙසෙස් සමයෝ.
73. විරුදත්, නොපත් වැනුම්,
වැජ වැනුමුදු නිදසුන්
සහ කියමන් පෙරැළුමුදු
පිළි ආසී මුසු හැඟුම්;
74. මෙ බස් ලකුණු ලකුළු
ලකර මුළු රුවන් රැස්
කළ හොත් සිත් මඳොස්හි
සිරිමත් නොවන්නො කවුරු ?
1. වත් කියමන
[සංස්කරණය]75. පදත් නන් නියරිනි සිටුනා රූ දක්වත්, වත් කියමන් නම් යැ ඒ පිළි දෑ කියුම් හෙ මෙසේ.
දෑ වත් කියමන
76. තුඩින් වක් සුරත් මරා පැහැ කොමළ පියෙන් ගෙලෙන් මොහු තිවණ රජ මියුරු වදන් සුවො සියල්.
පැවැතුම් වත් කියමන
77. කල රැවු ගබ ගෙලෙන් පරැවි පිය සසල නෙතින් පිරිවත්මින’ ඟන තමා සිඹී විසඹ රිසි සියෝ.
සොබා වත් කියමන
78. ලොමු දැහැඟු බදමින් සිතුහි ද නිවුම් කෙරෙමින් පියවම්නි නුවන් යුග ද පියන් පහස් පවතිනේ.
දැව් වත් කියමන
79. නිල් ගෙලෙනත්ලෙ ලූ කබල්ලෙන් සිනිඳු තඹ දෙළෙන් ගවයාන් පළ වී සිසි කඩ කඩා මල්කඩ.
80. දෑ කිරිය ගුණ වත්
සතර කියුම් මෙ තියර
මුළු ගත්හි ඉසුරු බෙජේ
පිළි කව්හි දු පළට වේ.
2. උවම් කියමන
[සංස්කරණය]81. කියත එක් පළඟක් තැනෙක්හි වූ යම් සේ උවම් නම් යැ; එහි විතර නියර කියතෙම් හෙ මෙසේ.
දහම් ! උවම
82. “කමලෙවු රතත් තල තී” මෙ වියත් ඇති දහමුවම් දෙ වත්හි ඇති දහම් පළ කොටැ තිදිස්වීමෙන්.
වත් උවම
83. “පියුමෙවු තී වුවන් වී ඉඳුවරෙවු දෙනුවන්” වියත් වත් උවම් මේ පිළි හැඟෙනෙක් දහම් වේ.
පෙරැළුම් උවම
84. “වුවනෙව් තී පුබුදු පියුම් වී යැ” යි යත් ලෙව් පළටත් පෙරැළුමෙන් මේ පෙරැළුම් උවම් නම් වේ.
උනුන් උවම
86. “තී වුවත් කමලක් හා මෙ සුදුසු නො අත් හා” වීයතනුවම් වැළැක්මෙන් නියම් උවමැ වියත් මේ.
අනියම් උවම
87. “තී වුවත් පියුමෙක් වැනි; පිළි අනෙ ‘පළඟ වත් එ උවම් ද වේ වා” මේ වියත ‘නියම් උවමැ යෙත්.
සමුසු උවම
88. “පැහැයෙන් මතු වුවන් සිරි තී සඳ නො අනු වේ සැනැහීමෙනුදු අනු වේ.” වියත් සමුසු උවම් නම්.
අතිසය උවම
89. “තී කෙරෙ වේ වුවන් සිරි තී, නුබෙ සුපුන් සඳ දිටිම් මෙ තෙක් මෙ අතුරු.” වියත ‘ තිසය උවමැ යෙත්.
අයළ සිත් උවම
90. “ම-මෙ කෙරේ ඈ වත් සිරි වී දැපෙන් සඳු හට තො පත් හේ පියුමැ ද ඇත්’, වියත ‘යළ සිතුවම් වේ.
අසිරි අවම
91. “නැගි බැම සසල නෙත් යම් කමලක් වත් හොත් හේ වත් සිරි දෙරේ තී” වියත් අසිරි උවම් නම්.
මොහො උවම
92. “සුපුන් සිසි මඬලැයි මෙ තී වුවනත උපෙයිම්, පිළිපදිමියි එද වතෙවු” වියත් එ මොහො උවමැ යෙත්.
සැක උවම
93. අතුර බමන බමර කමලෙකැ හො සසල නුවන් වුවුනත හො තී ම-මෙනේ ලෙළෙ යත් සැක උවමැ යෙත්.
නිරන උවම
94. “සඳ නිගත් කමලහු කැල්මෝ සඳ නො වෙළපත් වුවුනත මෙ තී මෙ එයින්” වියත නිරන උවම් නම්.
එක් සෙලෙස් උවම
95. “මෙ තී වුවන් සසක් පිළිවක්, සුවඳ සිරිමත් සුපුල් කමලෙවු ලගනේ” වියතෙක් සෙලෙසුවම්, මේ.
පබඳ සෙලෙස් උවම්
96. “කළ හෝ පලු, මුහුලු වරලින් යුත් රුපු නුවර මෙ තා ඇතොරන් හා සෙයැ.” වියත් පබඳ සෙලෙසුවම්.
ගරහ උවම
97. “පියුම් රජ රැස් මුසු සසක් කිස අත් මෙ බෙජෙ මෙ දෙක සෙමෙදිතිරි ති-වත්” වියත් ගරහ උවමැ යෙත්.
පසස් උවම
98. “සිව් වතු ‘පත් කමල සඳිසුරු සිරෙනි දැරූ මෙ දෙක් සෙමෙ තී වත් හා” වියත් පසස් උවම් නම්.
පවස් උවම
99. සඳ සෙමෙ තී-වත් වී කියනු පවසී මා සිත්; හෙ වේ වා ගුණ ‘යුණු හෝ” වියත් කියනු පවසුම්.
විරුදු උවම
100. පුබුදු පියුම් සරා සිසි බිඹු සොමි වුවන් තී මෙ තුන් විරුදොවුනොවුනට වියත් විරුදු උවමැ යෙත්.
පිළිසෙවු උවම
101. “පොහොසත් බවෙක් නැත් සැහැසෙත් තී වුවන් හා, සහ කැඩුම පත් සිසි හට” වියත් පිළි සෙවුවම් නම්.
සෙවු වදන් උවම
102. මියුලැසිනි යුත් තී උවනත සඳ මුව සියෝ ඉති දු හොත නො වෙසෙස් වේ” වියත් මෙ සෙවු වදනුවම්.
තතු කියුම් උවම
103. උවන් මෙ නො පියුම් පිළි නො බමර යුග නුවන් වියතෙක් වැනි විලස්නෙන් තතු කියුමුවම් නම් වේ.
නො සම උවම
104. සඳ කමලෙක් වැනි විලසික්මැ තී මෙ වුවන් අත් මෙ සෙමෙ වී යත් නො අන් සුදුසු උවම් නම්.
අසිරි උවම
105. තැනෙක්හි වූ හැම පියුම් පැහැසර රස් මෙන් වොරජනේ තී වත් යත් නොවූවම් නම් වියත් මෙ.
දුහුදු උවම
106. වස සෙ සඳින් සඳුන් දෙලෙන් හුතැස් වෙන් තී මෙ වත්නි කැකුළු වදන් වියැ යත් දුහුදුවම් නම්.
බුහු උවම
107. සඳුන් දල, සඳ රස් සිසිකත, මරු, කපුරු හර හැලි හෙල්මැලි සිහිල් තී පහසැයි යත් බුහු උවම්.
විකර උවම
108. “කළ වන් සිසි බිඹුනි ගෙනැ උපුළ වත තිවුවන් තඹුරු ගැබැනි තුනුවඟිය” වියත් විකර උවම් යෙත්.
දම් උවම
109. “නුබැ දවසෙවු, දවසැ හිරෙවු හිරිහි රස් එවු සිය වික්ම ත-කෙරේ දිනි සිරි” යත් මල් උවම් නම්.
පබඳ උවම
110. වද පබඳක් සියො වැ වද පබඳරුත් සම වත වද පබඳුවම් නම් වූ හෙ එක් නො එක් එවු සදෑ.
111. සල නෙත් වොරජනා
දසන් මෙ රජ වුවන් තී
බුමූ බමරුදුල කෙසුරු
පුබුදු පියුමෙවු හොබනේ.
112. සර වන් එ තුනුවහ
කමල් සෙමේ වුවන්හි
බමරෙවු බිබී කෙළෙනෙම්
මුව මී මී සුදුසු වූ.
පිළිවත් උවම
113. කියා එක් වත් එක් දහමක්හු දක්වත් හොත් සම බව් පිළිවත්නු වී පිළිවත් උවම්; හෙ මෙසේ.
114. ත සේ නැත’න් රදෙක්
උපදනා රදුනතුරේ
දෙවනු වැ නැත් මැයි තුරෙක්
පරසතු නම් තුරුවරට.
සමයෝ උවම
115. ඉතිරි යමක්හු හා මෙරමා එක් සෙ කම්හි සමයෝ කැරැ පවත්වත් සමයෝ උවම්; හෙ මෙසේ.
116. දෙවිඳු රකි සුර ලෝ;
හිමිඳු රකී මුළු පොළෝ,
වනසා හෙ අසුර සහස්;
හිමි වතසා රුපු සහස්
හේ උවම
117. පැහැයෙන් මහ රජිඳ නිසයුරු, තෙදින් හිරු තෝ, ගැඹුරින් සයුරු වැන්නෙහි; යත් මේ හේ උවම් නම්
සමස් උවම
118. කමල තල; ඉඳුසැව් බැම ලේ; ලතු දල ලවන්; කන කතුරු මිටු කන් පට; කන කැට මිටු සුවට කට;
119. කිසලත; සඳ වුවන්;
ඉඳුවර නෙතකුසු ගහන්;
විදුරු මැද තුනු; තිසර
පියවුරු, කොඳ, වැළ දසන්;
120. කඩ තඹර පා තල;
රඹ යුග වටොර; බිඟු රජ
වසා; සරා සිසි මෙරජ
සිරි පත් සිතා යෝනන්.
121. සසක් වුවන්; මිණි
නිල් නෙත්, ලිය කොමළගෑ
කියු අරුත එටු සද හළ
පිළි මේ සමසුවම් නම්.
122. එ අන් පදරුත් සර
උතුරු පද’රුත් සර හා
පෙර පද අරුත් සර හා
දෙ පද අරුත් සර දු ඇත්.
දොස් නිදොස් වග
[සංස්කරණය]123. නොයෙක් ලිඟු වදනුදු කුදු මහ වතුදු උවමට නිදොස් පෙරැ කිවි වරන් පියෝ අසුරු කරත් හොත්.
124. “ගැහැනියෙවු හෙ සෙරේ;
පිරිමිහු මෙන් හෝ ෙබණේ;
ණුන් සෙ පිය වී සබඳ;
වුහු විදුහු දනකෙව් රැස්.
125. ත-මෙන් හිමි මිහිපල්
වොරජනේ සක් දෙව් රජ,
පළ තෙදිනි තො සහස්රස්
සෙමෙ” යත් නිදසුනෙතුනට.
126. සිසි හස් කතෙවු සුදු;
නුබ වී විමල් විල් සේ;
හිමි බැති බෙෙළ සුවටු වන්;
රිවි මෙන් කදෝ දිස්නේ.
127. ඇත ද හෙ නියවත්හු
නො මැ පසසිත් මේ උවම්.
දැසි, සුදුසු, රඟ, එක් හා
සම, එවු, නුරූ පිළිරූ;
128. අයුරු, වලා, පළඟ,
වැනි, හරන, ගින්, මෙන්, ලෙස්
හළු, සුළා, යහළු, විලස්
විපක්, පිළිවක්, බඳු සේ;
129. නොපිටි ගනී, සැටේ,
ගැහැටේ, නසා, වනසා,
නො අඩු වෙ, වඩා, වඩවා,
පියවා, මන්, පරදවා;
130. සැහැසේ, රෙසේ’’සේ
පැහැසේ, වැසේ, අවුසේ,
දෙනේ, තෙනේ, අනුවේ
කෙවුලා, කොවා, වෙළපා,
131. මේ ඈ නන් උවම්
කියන වදන් මිණි රුවන්
කිවින් හිද අත්හි කරත්
පොහොසත් වත්; කවර බර ?
3. රූපක කියමන
[සංස්කරණය]132. උවම් මෙ නැසුණු බේ රූපක නම් යැ, හෙ මෙසේ; බහුලිය, අත් තල පියුම් නුවනිඳුවර, උවන් සඳ.
නො සමස් රූපකය
133. සුරතැඟිලි වී පලු නිය රස් වී කුසුම් රැස් අතුදු වී යැ ලිය වසත් සිරි තො-අපට පසක් සර.
134. පෙරැ කියුව සමස යැ;
නොසමස නම් මේ යැ. පිළි
සමස නොසමසුදු ඇත්;
දක්වන්නෙම්, හේ මෙසේ.
සමස් නොසමස් රූපකය
135. සොමි වුවන් සුපුන් සිසි මඬල තී කල්බද සිරි පත් සිනා මෙ මෙරජ ම-මන කුමුදු පුබුදු වී.
136. සියල්ලෙන න් සෙයින්
තතු වැළැක්මෙන්, හෙයිනුදු;
උවම්, වැතිරෙක, සෙලෙස්
වෙසෙස්, වසම්, අකෙව් දැත්.
සියල් රූපකය
137. සුරතැඟිලි පත් පෙළ නිය රස් කෙසුරු ත-සරණ කමල් මිහිපල් මුදුනේ නරනිඳු අරද රඳනේ.
අරමුණු රූපකය
138. රත් නුවන් මහනෙල් සසල ලවන් කිසල් තී වුවනතැ කවර කරුණෙනි විසිනත නැත තමා දොස්.
139. සුනත් බැම ලේ මුත්
සරම දල බිඳු රත් නෙත්
පළට කෙරේ මද සමා
සිරිමත් වත් පියුම් තී.
එක් ඇඟි රූපකය
140. මද රත් කොපොල් රත් නුවන් මහනෙල් නෙත් කල් වුවනතිනි තී මෙ සියල් දන රැස් රා මුවා වී.
බුහු ඇඟි රූපකය
141. එකඟ රූපක මේ මෙසේ දෙ අඟ තුනඟ වේ, සිදු වූ රූපකින් යළ පළ වූ රූපක මෙසේ;
යුතු රූපකය
142. සිනා සුදු කුසුමු දුල සසල නෙත් බිඟු තී වුවනැතැ වියත; කුසුම් බිඟු සියොවින් යුත් වියෙත්.
නො යුතු රූපකය
143. කොමළ සිනා සිසි රස් සිනිඳු නෙතුපුලුවන් වියතුපුල් සිසි රස් හා නො යුතින් මේ අයුතු නම්.
විසම රූපකය
144. බුමූ බැම ලිය සැවු මද රත් කොපොල් මල් හී වුවන් සිසි මඬලෙන් තී දිනත පියල් දිය සියල්.
වෙසෙසුන් රූපකය
145. මුදුන් ලඟ නුබ ගඟ දල වැරැලිහි පියුම් නැබ සරණත දිත බියෙන් මුත් සුර සොම්නස් දද දෙනේ;
විරුදු රූපකය
146. මුහුලු කෙරෙ නො පියුම් ඉළු නො ද බෙමෙ නුබෙ වුවන්, සිසි තී වැටේ මෙ තමා මරනට යත් විරුදු නම්.
කරුණු රූපකය
147. ගැඹරිනි තො දලනිඳු සරින් මෙරෙ තෙදින් හිරු කැමැතියත දා බැවිනුදු පිළි කප් තුරු මුළු දියේ.
සුසිලිටි රූපකය
148. තී වුවනත තඹුරු මේ රජ හස් බජන් වත් සිරිනුදුල ලකළ මුහුලු සියහ දියෙහි වොරජනේ.
උවම් රූපකය
149. මෙදෙන් රතු පැහැපත් තී මෙ වුවන් සුපුන් සඳ සඳ කැලුමන් මැදැ දුලන උදයගෙහි සඳ බඳු වී.
වෙසෙසි රූපකය
150. උළිඳු සුරනට වී තම හට තී වුවන් සඳ හේ නො පිරුණේ මඳ වේ සියහ සුපුන් විලස් මේ.
නැවැති රූපකය
151. පැනෙමිනනුන් මෙසේ තවනා කල දහම් යුත් වුවනෙත සඳට තී දැන් පියොබඳ නැති උළිඳු බව්.
සමදන් රූපකය
152. තී වුනත් සඳ ද තවා යැ දරුණු වැ තමා, තමා කළ පවිනෙ වියත් සමදන් රූපක වියෙත්. රූපක රූපකය
153. වුවන් පියුම් රඟෙහි
පළ තී බැම ලිය නිළිය
ලීලා නැටුම් පානී
කා මන සියල් නො ගනී?
අන් සැටි රූපකය
154. මෙ වුවන් පියුම් පිළි නො ති නුවන් බමර යුග කෙසුරු මෙ යැ නො දසන් රස් පියවුරු නො තී රන්හස්.
155. උවම් රූපක දෙක
කරතත් නැත් මුළු විකප
සෙසුදු මෙ මඟිනි වියත්
කිවිනනුමත් කරත් යුත්.
4. දීපක කියමන
[සංස්කරණය]156. දීපක නම් යැ දෑ කිරිය ගුණවත් දක්වා සිටි කවැ මුළු තෙපලතට වහල් වදනෙක්හි මෙසේ.
වග පෙටු දීපකය
157. දකුණු මරු තුරු හිස් සලා හරී පරණලා; වැටේ යැ නව පියන් යළ මනැ වතළ ම- බිඳුමට
පවතු පෙරටු දීපකය
158. සෙරෙත් සියු සයුරු හිමින් ඇතූළු සක්වළෙහි ගජ රජහු ත-පුබුදු කොඳ වන සුදු යස පබඳ හුදු.
ගුණ පෙරටු දීපකය
159. සුනිල් පැහැ වූහු දිගුහු බද පවුස් මෙනෙන් පොළෝහු දු සිනිඳු ලද නව සදල රැස්නි සියල්.
වත් පෙරටු දීපක
160. නරණා විසින් පළ, වික්මෙන් යුතු සුර සියන් සිරිසර කවර නො පැලෑ සුරනිදුහු නො කවර පත්?
161. මෙ කී හැම කව් පෙරැ
දිපක යැ මින් මෙ සියල්
වදනුත් මැද ‘වසන්හි දු
පිළි දක්වනෙම් හෙ මෙසේ.
වග මැදි දීපකය
162. නටත් ගයත් කෙකා රැවින් බෙයද මුදුනේ සිකිනිඳුහු බඳිති නුවන් ගෙනෙ සොමිනසැස්දර ගබ්.
163. මඳ සුවඳ සිහිලස්
තල කර වෙ සඳරස් සමු
හුතැස් පිළි සඳතලෙවුන්
ගත සත් වැසි වියෝනට.
වග අගු දීපකය
164. දල දලදරිනුතුළ කැල විමන් සිකි නළන් සල සිය විදු කිඳුහු දු බළෝ කුසුමවිය සියල්.
පවතු අගු දීපකය
165. තී සවන ඉඳුවර සර සැවුහි මුවරදදා මනමරුහි දු තමා යන සම කල්හි තුන් මෙ කෙළේ.
166. මැදැ ගුණවත් වසන්-
හි දෙ වත් කියත් පත් මේ
මෙගින් සැකෙවින් සුයුමු
අන් වදනුදු පවුත් යුත්.
දම් දීපකය
167. පෙරඩ සම සිසි හට වැඩුමට හෙද කඳප් හට, කඳපුදු රාමනට, හෙද දහර මනදොළ කෙළියට.
සෙලෙස් දීපකය
168. විසුල පියගඳ තුඟු තමල්ලිය නිල් නෙත් කල් බෙමෙන් දලදරහු නුබේ මිහිහි මී මත් ඇත්හුදු.
පිළි අරුත් දීපකය
169. කඳප්හු දප් වඩත් බඳ දලදරහු රූසිරු කෙරෙත් තුනු ගිම්හු හමළ පවනසිනුදුහු තෝ බිඳු.
සම අරුත් දීපකය
170. හරිත් දිගුන් විතර ගනිත් තරු වැළ ද යළ අදිත්පණුත් මෙ තමා මහ මේහු මේ වැජැඹෙන.
171. මලින් සෙලෙස්තෙන්
විරුදනිනෙකතින් මෙසේ
සෙසු දු මෙ මෙ තියම්නෙත්
විකපත් පත් කිවි දනා
5. ඇවැතුම් කියමන
[සංස්කරණය]172. පිළි ඇවැතුම් තමැත් තුනෙක් පෙදෙන් අරුත්නි දු ඒ දෙක්නි දු; පිළි ඇවැත් කැරැ වත්නෙම් හේ මෙසේ.
අරුත් ඇවැතුම
173. පුබුදි කොළොඹිළු; පිපෙ කඳුලු; මිණිමුස්සි මුහුලු; විහිදි දුනුකෙහි කැකුළු; මිණි දැදිරි හෝ තුරු පෙළ.
පද ඇවැතුම
174. දෙනෙ වසත් සහමල් පලු ලිය තුරින් සසිරී දෙතෙ මුවර දෙදෙ සියල් ලිය සැවුහි මල් හීයෙන්.
දෙසැටි ඇවැතුම
175. දනා සියල් හිමි වෙසේ දැන් ඇතොරන් හා වෙසේ දෙවසරත් හා පිළි ත-රුපු වග සග පත්.
6. වැළැකුම් කියමන
176. අකෙවු නම් පිළිසෙවු; හේ කල් විසින් තුන් සේ වැළැකුම් වතුන් හේනිදු හෙ මෙ වේ අනත මේ ගින්.
ගිය වැළැකුම
177. පස් කුසුමන් සෙරෙන් දිනී මුවර දෙදෙ සියල්; ඉති දු එ තො හැදැහුම් වත් නොහොත් විසිතුරු වන් හේ.
නොගිය වැළැකුම
178. කුමක් හේ කෙරෙහි සවන් ඉඳුවර සවන්හි; මෙකම්හි කුම් නොපමණ වී හඟිහි තී දිඟුනෙත්?
නො ආ වැළැකුම
179. අන් ලවනත ලගතෙ ‘ ලා රෙසෙන් රත් තෙත්තෙත් දකුත් තො නොලබව තමා හිමි, හදන මා මෙ වදන්.
180. ඉකුත් කල් වීසා
පෙරැ කීයෙ; වත්මනු කල්
විසා පිළි කීයෙ; අනා
කල් විසා යළ කීයේ.
දහම් වැළැකුම්
181. තී සියලඟ පතළ
මේ කොමළ බව් නොසබව්.
ඉදි හෙ සබවෙක් වී නම්;
කිම රදවා තමා හද?
දැහැමි වැළැකුම
182. පිය බඳ හො මෙ; නො වෙ හො! කෙසේ මෙ අතුරු දැනේ? පැනේ මතු පැහැ පබඳ පැහැ ඇසිර ඇස්හි නො හේ.
හේ වැළැකුම
183. දෙ නෙත් රත් පැහැ ගත් නො සන්හුන් ලවන් තී බුමුත් රැලි හි බැම ද යළි වණ දොස් නැත් බිය තමා.
කම් වැළැකුම
184. හාත්නි ගනකල් වැ ද දුරුහි ගත් තමා කල් ලිය තුරුහු පුල්හි සියල් පිළි නො මෙළෙම් කෙරෙම් කුම්?
නුදැනුම් වැළකුම
185. නො තැවුලියට වැටේ සෙරෙන් මෙ මට තා ගමන් යා යුතු යැ තා යත් හොත් සැක මෙහි නො මැ කරත් පත්.
රොස් වැළැකුම
186. යනෙම් වී පළ වී ත මෙ විසිනද මේ වදන් නො යනුදු මෙ ත විසින් දැන් තම හට කීමැත් මඳ පෙම්?
පැතුම් වැළැකුම
187. යා යතොත් මහ බා; තට හිය මෙ වේවා මඟ! මා ද එහි දෑ වේ වා ගියෙ නම් හිමි තෙනක් යම්!
යැතුම් වැළැකුම
188. ත රුස්ත රුසිනුයෙම්; යවී ත යත් පැසැසියෙම්; පළ වී නො ය වී තමා වදනුදු කුමක් මෙ කෙරෙම්!
උපා වැළැකුම
189. අදසුනෙ අඳන ලද පියබඳ සෙහෙම් ත-වියෝ, යමැඳිය නෙත්හි තමා නහමා ද නො කුසුම් සර.
190. දහම්, දැහැමි, කරුණු,
පල, ගමනට අනුදැනුම්,
රොසා සී, තැත්, උවෙනිදු
කරතන් විකප් මේ මඟ.
7. අතතුරුනැසුම් කියමන
[සංස්කරණය]191. අතතුරුනැසුම් නමෙ ලවා යම් වතෙ සාහත් පොහොසත් වතුන් දක්වා කියමන්; මෙ අට සේ වේ.
192. දිය පතළේ වෙසෙස්-
පිහිටි සෙලෙසත් සවිරුදු
අයුත්කරු යුත් අත්මෙක්
පිළි යුත් නොයුත් මෙයිතන්.
දිය පතළ අතතුරුනැසුම
193. සිරිමත් වැ ලො දෙනෙත් වැ යෙත් මේ හිරු සඳ හු දු හත් ගිරි; බලවු කවරෙ ද වළකන්නෙ නස්න දහම්?
වෙසෙස් අතතුරුනැසුම
194. හරිත් මෙ දල දරහු ලෙව්හි තැවුල් සයල්නට; මහතුන් ලදත්බව් නම් පර දුක් දුරුකරන්නට.
සෙලෙස් අතතුරුනැසුම
195. සතහම්නි ලෝ තැඟි සියල් සුපුන් සරා සඳ; විමලත්මෝ අමා දා සනහත් නු ලෝ වැස්සන්?
සවිරුදු අතතුරුනැසුම
196. වස නම් වැ ද රස වැ වැළැඳේ දිය මුළු දියේ; අම අත්මෝ සදොස් වැ ද පර වැඩ කෙරෙත් නු මහත්?
අයුත්කරු අතතුරුනැසුම
197. මී බීමෙන් මියුරු ගෙලෙනෙළැඹැ ද බමර රැවු නොකන්කලු, සියල්ලෙන් වියොවුන් පව් තුබු සේ.
යුතුඅත්ම අතතුරුනැසුම
198. දවා නු අඟ මේ තමා කමල් දල යහන්! යෙදේ නො දහනෙක් රූ දහන මෙ පියෙවි වන්නේ?
යුතු නොයුතු අතතුරුනැසුම
199. පෙළා වා රිසි සේ සඳ මා, වසතිඳු කෙසේ පෙළා? මිලිනත්මන් කම් නොයුතු සුවඳ විසුදුනට.
නොයුතු යුතු අතතුරුනැසුම
200. කුමුදිළු පවා මා තවා. පියුමිළු නො කෙසේ? සිසි ගැතියන් කුරිරු වත්; රිවි ගැතියෝ වෙද්ද මොළොක්?
8. වැතිරෙක කියමන
[සංස්කරණය]201. බසින් මෙ ආ නම් හො සම බව් හැගිණි නම් හෝ දෙ වතුන් අතුරු දක්වත්; වැතිරෙක නම් යැ; හෙ මෙ සේ.
එක් සැටි වැතිරෙක
202. මුහුදු සෙමෙ තො දිරිය මහ අත්ම ගැඹුර ගුණෙන්; අතුරු වතොත් නරපවර, පිවිතුරු ත මෙ තුනු සිරින්.
දෙ සැටි වැතිරෙක
203. නො බුන් හිමු ගැඹුරුව යළ තො ද මහ මුහුදු දු; හෙ අඳන වතුරු සුරක් පිළි තො කසුන් පැහැ සිරිරු.
සෙලෙස් වැතිරෙක
204. දලනිදු තො ද මහ සතුහු තෙද යුතුහු. පවතු මුළු කල් තො! පන නස්නෙ වස රැස් හෙ; තො මහ කුලුණු.
කරුණු වැතිරෙක
205. දරනු දු වූ දෙරණ ගිරි සයුරු දිවිනි සියෝ, බුජඟිසුරු බැවින් උරිඳු නරනිඳු තට යටත් වේ.
වැළැකුම් වැතිරෙක
206. තහවුරු වැ සිටිනේ රුවනාර දු දිරිය සර මිලිනෙ මුහුදු ගුණ මුහුදු සම බව් නො එළැඹේ තා.
207. මෙ සේ එකින් දෙකින්
සෙලෙස්නි හෙයින් අකෙවින්
වදනින් ආ සුදුසු බව්.
පිළි හැඟෙනු මේ වැනි බව්.
වෙනස් වැතිරෙක
208. තී වුවන් කමල දු මෙ දෙක්හි අතුරු කියත්; කමල් දෙලෙහි දතනුයේ තිය ඇසිරැ යැ තිය වුවන්.
වඩා වැතිරෙක
209. නො පත් බැම ලේ හවු මද රා නැත් මියුල්නෙත්; තුනුවඟ තී මෙ යුග නුවන් සියලෙ ගුණෙන් වොරජනේ.
සවග වැතිරෙක
210. රුවනලුයෙන් සියල් රිවි රස්ති ද නො තස්නා නුවනැඳිරි ගන්වනු වූ යොවුන් තම යෝනේ දුනු.
සදිසි වැතිරෙක
211. තිය වුවන් පියුමුදු පුබුදු සුවඳ යැ කල්බඳ, බුමූ බමර යුග පියුම් වුවන් තිය සසල නුවන්.
සැසැඳුම් වැතිරෙක
212. සඳ අඹරැ පස්කැන් සිරි හස් දලැ පලඳනේ සහ තර තරු වැළ ගුවන් පුබුදු කුමුදු සිලිල් විල්.
213. හුදු තොරතුරිනිතිරි
යෙන් සියදෑනිදු යළ
වදනින් ආ සම සමඟ
සම බව්නි අන්නි දු වී.
9. විබවුන් කියමන
[සංස්කරණය]214. හල දිය පතළ හේ අයළ හේ බවුනෙන් හෝ අහේනී හෝ වනුවා විබවුන යැ යෙන්; හෙ මෙසේ.
නොකරුණු වුබවුන
215. නො බී මත් තිසර ගෙණෙ; නො හමට විමලඹුරු; නො පැහැයූ සියුම් තෝ; මනහර වී දිය සියල්. නොවිරුදු විබවුන
216. නො මෙ ඇඳිය ද සුනිල්
නුවනත නො නැඟුව ද තී
බැම ලේ සුනත ලවනත
පිළි තො රැඳිය ද රත් වී.
පල විබවුන
217. ත මේ වුවන් තිසග සුවඳ යැ, පියවි රූසිරු බඳ, නිකරුණැ රුප දු සඳ; වියත් මේ පල-විබවුන්.
10. සමස් කියමන
[සංස්කරණය]218. වතක් යම් කියටි වැ. එ වැනි මෙ යම් වතක් අන් පුවසත් සකෙව් රූනෙන් සමස් යැ වියත්; හෙ මෙසේ.
219. බොමින් මී රිසි සේ
බමර සුපුල් පියුම් හි
පිය ගඳ තො පත් කල්හි දු
බල එළැඹේ නව මුහුලු.
220. වළඳ මන ඇතියා
සරතර කුමරිය කෙරේ
හැඟේ බඳ අදහස් නුගි
මෙයින් පුවළ ‘ඟන’තුරේ
221. නුබුන් වෙසෙස්නෙකැ
බුන් නුබුන් වෙසෙස්නෙකැ
නුවුවිරී වෙසෙස්නෙකැ,
පිළි මේ තුනට නිදසුන්.
නුබුන් වෙසෙසුන් සමස
222. මුලෙරුණ මහරු රුක් මුළු කල් සියල් පුස්නා පල රැස්නි, ගන සේ මේ පිළි ලදිම’ද විදි බෙලෙන්.
බුන් නුබුන් වෙසෙසුන් සමස
223. පල මල්නි ලකළ වතළ දද පෙළ බිඟු මුළු ගන සේ සතප්න සියල් තහවුරු තුරැසිරැ වෙසෙම්.
නුවු වෙසෙසුන් සමස
224. නැවැති බුජහ සසඟ නිසග මියුරු රස සමඟ කලෙක්නි සසල වියො හා වියැළේ මේ මහ මුහුදු!
225. යහ හිමි ලබ විඳුම්
නොබුන් වෙසෙස්නෙන්, බුන්
නොබුන්; පැසුළු හැඟෙ කී
වෙසෙස්න හෙයින් මරන දු
11. අතිසය කියමන
[සංස්කරණය]226. කියත පවසින් යම් වෙසෙසික්මැ ලෝ වැටමෙන් හේ අතිසය කියුම් නම් ලකතුරුම වේ මේ ගින්.
227. අලෙවුණු සඳුන ‘ලෙවු
මලිගිය මල් බැර වරල්
සෙ දුහුල් හන් බිසරුවෝ
සිසි රස්හි නො පෙතෙනුවෝ.
228. සැක නිරතින් මෙ වේ
ලකර වේ අත් සෙයිනුදු.
වදත වරා සුරැජරා
පිළිබත් ලැබැ කියත් යුත්.
සැක අතිසය
229. පියොවුරු බර දුවන් බර මැදෙහි තී කල්බඳ තුනු ඇතැ හො නැතැ හෝ වී සැක නො වැළැකේ මෙ තමා.
තිර අතිසය
230. ඇතැ වී යත් සබඳ තුනු මැද තී රුසිරු බඳ ඉදිනෙ නැත කිම ද මෙ සේ තනන තන සිටුමට වත්.?
අසිරි අතිසය
231. අහෝ අසැකි යැ තා යස රැස් මනත් යම් සේ මෙනේ මේ තුන් ලෝ කුස් මිහිපල් විසල්නි තමා
12. අයළ සිත් කියමන
[සංස්කරණය]232. සසේනි වන්හු හෝ අන්හු පැවැතුම් අන් සේ විකපත් හොතන් සෙයිනුදු අයළ සිතැ යෙත්; හෙ මෙසේ.
233. මැදුම් පත් රිවි තැවු-
ලී පත් මතැත් විල් වන්
රිවි ගැතියෙනුපරන්නට
රිසිනැ වී හඟිමි කමල්.
234. ම මේ දික් වැළැකූ
කනතහු බරණ වී යැයි
සවනිඳුවරැස් කැල්මෙන්
තිය ඇක්මෙතියි සැකියෙම්.
235. සැකියෙම් පිරික්සම්
හඟිම් සිතම් විසිතම් වි
මේ ඈ සදිනයළ සිත්
විලිත් වේ එවු සදිනුදු.
236. ලිපා එවු අඟ තම
නුබෙතඳන රැස් වැසි එවු
වී බහලඳර වදනින්
මෙ පළට කළ අයළ සිත්.
237. කෙනෙක් මෙ උවම් වී
පමදිත් එවු සදින් නැත්
කිරිය පෙදෙනුවම් වියූ
වදනික්මැ කී වියතුන්.
13. කරුණු කියමන
[සංස්කරණය]238. හෙ වදන බරණැ පිළි හේ කරු දන්වනු ද වේ පැවැතුම් නැවැතුමෑ නේ නියරැත් මෙ; මේ ගින් වේ.
ඉපැදුම් කරුණු
239. නව ලොඳුළ සඳනෙහි ලද ලෙළ පලු දල පහස් උපදවා සොම්නස් හවු දතතට මෙ දකණ පවන්.
නැසුම් කරුණ
240. සඳුන් වනනළලා මල ගල ගඟුල්හි පහස් ලැබැ අද ළැඟෙව හෙ සුළඟ, වියෝ දතතට නැස්මට.
විකර කරුණ
241. සහමල් පලු කමල් විල් වන පුල් සුපුන් සඳ වනන් නුවන් වස සියල් කෙළෙ කම් රකුස් නොසරස්.
පැමිණි කරුණ
242. මතට යොග කෙරෙමියි වී කල්හු තන්හි තුබූ කල වමියක් බලා බුත් බැම රත් නෙත් සල ලවන්.
කල් ඉඟි කරුණ
243. “රිවි හත් පත්; සිසි දු දිස්නෙ; සියොත් නිවෙස් යෙත්” වියත් මෙයින් සවස් කල් දන්වත් මෙ තෙමෙ පොහොසත්.
ගනි ඉඟි කරුණ
244. නොනැසෙන සඳතලෙවූ- නිඳු සඳ රස් පහස්නි දු සියලඟ හුණින් මෙ හැඟේ වියොවග සමඟ තී සිත්.
245. නිපදනා කල් ලද
නව ලොඳුළ යන්නෙන් දිටු
සහ මල් පලු මනට යොග
යනු විකර පැමිණෙන කම්.
246. පෙරැ නැති බව්, බහා
ලොල නැති බවො, වුනොවුනුදු
කෙරෙ නැති බව්, සවාරෙන්
පිළි නැති බව් දු හේ වේ.
නොවූ කරුණ
247. නො සෙවියෙනුදු විදු පිළි නො සසගින් සජනන් ඉඳුරන් නො විසියෙන් හා වසන් දෙනේ මිතිස්නට.
වූ කරුණ
248. ගියෙ වියොවග කල් පිළි මෙළෙ නව යොන විලස් සිවිණි මොහ, දිනිණි තණ අද කෙළෙමෙති මමත තෙවෙ.
නූවූ වූ කරුණ
249. වෙනෙ මේ නො ගේ; පිළි මොහු ගඟහු නො වරඟනෝ; මුව මූළු මෙ නො සිය බිලිඳු; මන නඳනේ එනි තමා.
නොවූ මැ කරුණ
250. අරී දනනට නැත් පැවැතුම් තො මෙ පිරික්සා ඒ බැව්නි ඕනට සව් සියහ සිරිසර වඩනේ.
වූ නොවූ කරුණ
251. සහයුරු පඟුරු ‘යන් නො මිණිමුතු නො වෙ මත් බිඟු මැඟී වන අඹුවන් කැන් සිලිලැඳිලි මෙ කෙළෙ වහල්.
252. පෙරැ නැති බැවැ සතර
බේ වතට ද හෙ බව් වේ.
වත දු හේ බවෙක් යළි
අබවට හෙයිදු මේ ගින්.
253. දුරු පෙලෙකෙකැත් පල
අනතුරු නිපදන අනෙක්
පල සහද නම් එක් යළ
පිළි යුත් නම්, නොයුත් තම්.
දුරු පල කරුණ
254. තැනෙක්හි එක් හිණි යහ දසතත් නුවන් හී සකි සඳිනෙයින් මෙ තමා මන මෙ පහරෙක් ලක් වී.
පෙරටු පල කරුණ
255. පැසුලු නැඟී මෙරජ විහිදැ වැජැඹි සුපුන් සඳ උතුළේ යැ රා මහ මුහුදු පෙරැ මෙ මියුලැසන් සියල්.
සහ පල කරුණ
256. පහළ වේ විය තව යොතන් තනන තෙනෙන් යුත් සියහ සියල් දන මෙනේ සමඟ නරඟ වියරු හා.
යුතු පල කරුණ
257. දෙරණිසුරතත්තල තඹරිළු මුහුලු කළෙ යුග සරණ නිය සඳ රස් තා මිණි මුතු කොඳ කුමුදු සුදු.
නොයුතු පල කරුණ
258. මිහිපලුතත් පියුම් ඉළු තා මේ සරණ පැහැ නව රිවි රස් කෙරෙ මුහු ලු අරද මහ රද කවර සෙ?
14. සියුම් ලව කියමන
[සංස්කරණය]259. හැඟෙත්නෙන් ඉගියෙන් සියුම් ගුණෙන් සියුම් නම් ලව නම් ලෙසින් ඇඟැවූ සබව මෙ දෙකෙහි මේ ගින්.
ඉඟි සියුම
260. කිකලෙක්හි වේ හොයි කියත කලුහු යහ පහස් තො පොහොසතෙ දත් අඟනක් සවනිඳුවර කළ මුහුලු.
261. සවස්හි වනුයෙන් පියුමිළු මුහුලු එ කොමළ මුහුලු කළ සවනිඳුවර එ සඳ මෙ නොවිස බඳ කෙළෙ.
සැටි සියුම
262. ත අතුරු උතුළ රා වුටුහු නුවනෑ සසිලුටු ලිය ගී ගඳැව්නි බිජී කවරිලු මුව පුල් තඹරෙ.
263. ලිය ගීනෙකල් කල
මඳක් ඒ කල් කල් හට
තම ඉස්නා රහස් බස්
කියූ පියොදම්නි නුවන්.
264. හඟුත් හොත් දෙලෙහෙනි අත් සමස් මෙ සියුම් තම් මේ දෙක්හි මෙ වියත් අත් කරනු විය මුලු නො තමා!
ලවය
265. ඇතොරතතුරේ කළ සිතු යුතු ලොමුදෙහෙන් මා දතිති හෝ අන් හා වී සිහිල් තෙලෙ යේ මෙ උයන්.
විළි ලවය
266. ලද යහ දසුනුතුළ සතුටු කඳුලැති මෙ වියෝ අහෝ කුසුම් රෙදෙන් තෙත් කැලැඹිණි පවනිනුදුහූ.
267. රහසක් ලෙසෙක්නි
වැනුම් කෙනෙක් ලවැ වියෙත්
පිළිවෙළිනි මෙ විලිත් වූ
ගරහ වියෙතන්හු මෙසේ.
තොහු ලවය
268. සිකී මෙ තමා හට කිමෙකෙ කුරුරස්හු විසින් නියුණුවට මෙ ඇරියුමේ යුහු පියොවෙකැද්ද යමෙක්?
නිඟා ලවය
269. කෙළි දල තැත් වරා රණ වෙස්හි බඳ ද යමෙක්; තියට හැකි කිය සබඳ හෙ දහර නිරිඳු සුරිඳු බඳ.
15. පිළිවෙළ කියමන
[සංස්කරණය]270. පෙර කීවන් පමණ පිළිවෙළනි යළ කීවන් යෙදුමොවුනොවුන් හා වන් වෙ හේ පිළිවෙළ; මේ ගින්.
271. සිනිඳු සිනා වුවන්
නුවන් පැහැ විල් කෙළියේ
සරතස් තෙනී කල්බඳ
කුමුදු කමලිඳුවර තී.
16. පිය, රස, හිවි, කියමන
[සංස්කරණය]272. පිය නම් කල් වදන්, රසවත් නම් රෙසෙන් යුත්, හිවි නම් දුනූ අහිකර; ලකර සිරි තුන් මෙ නියර.
පිය
273. යමෙක් ද අද ගොවිඳු සතොස් ගේ ආ කල්හි තම හට උපන් හේ වෙනු පිළි තා මෙ ආ ගමනින්.
274. සිසි, හිරු, මරු, දෙරණ,
අග, තෙ, ගුවන්, හුනන්, යුත්
ත-මේ විලසික්මැ තෙනෙත,
කරතැස් සමු කවරමෝ?
රස
275. නිදිටි පෙරැ මියුරු රස පණැ මිහි විසඹ, රොස්, විරු, කුලුණු, අසිරි, වහස් බියදා නැහැරුම ‘ට වේ.
විසඹ රස
276. මියෙතැය හා සමඟ මියැ ද යහ දසුනිස්නා තම හට එතර මෙ සියෝ සිරිසර වී කවර සේ?
රෝස් රස
277. රැගෙනැ කෙහෙපත ඈ යමැදි ද මා පෙරට ලා, පවිටු එ දුසසුවා දුටු මොහොතෙක්හි කුම් දෙනුයේ?
විරු රස
278. දැනැ නො සහ සයුරු දෙරණ; කැරැ නො ම- හුනන් නො පවත්වා මහත් දන් මිහිපල් වම් මම් කෙසේ?
කුලුණු රස
279. ඒ කොමළඟට මල් යහනුදු හොත රද දෙනෙත් හෝ දැන් හොවි කවර සේ සියා දෙලෙහි වියෝ වී?
අසිරි රස
280. පළ රඟ පට කිසල් රුසිරබරණ කුසුම් රැස් ගන සා වර නිවෙස් මේ විසිතුරු එ නඳන තුරුන්.
වහස් රස
281. නුබුන් මනැතිය, මේ පියොවුරු බර වොරජනා නව ලද පැටි කරත් පත් නිය රද උතුරු සළුයෙන්.
බියදා රස
282. මෙ සුර රජහු වදුරු අවියැ දරනොසළ හුතැස් සමරුත් දිනඟනො යමක් දැහැ සන්න හෙත් ද තෙලේ.
නැහැරුම් රස
283. බිබී තා සතුරන් හුරිරු දොහොතින් උකහා නසිත් පියස්හු කවඳ සුවහස් හා තුණබරණ.
හිවි
284. නො වේවා බිය තා මෙනෙහි පිළිවක්මී වී වැළැහෙත් නමොවුනතුරේ පිළි නොපවති තමා කග.
17. පරියා කියමන
[සංස්කරණය]285. කැමති අත නොකියා පිළි ඒ මෙ සිදු වන්නට පිළිපදනා වදන් යම් පරියා කියුමි හෙ මෙසේ.
286. කඩා මල් කොවුල්
නව ලොදුළ අඹ යටියේ
වළකම් මමෙ උයන්හි,
දෙ දෙන යෙහෙන් දවස් ලවු’
18. සමහිත කියමන
[සංස්කරණය]287. සමහිත නම් යමක් නිපැදමේ බද තැන් හට පුත ඒ මේ සාහනුවා විදින් පිළිලබ හෙ මෙසේ.
288. සහ වන්නසිත් ඇය
කරන සරණත මුදුනේ
තම හට ‘ වහර වැ යෙහෙන්
ගන ගැජුමුපන් එ කෙණ්
19. උදැත්ත කියමන
[සංස්කරණය]289. සැපතට සිතට හෝ අනුතුරු යම් මහත් බව් කියත් වියත් මහත්මෝ උදැත්ත යැ යෙත්; හෙ මෙසේ.
290. රුවන් බිත් පුවුටු
පිළිබිඹූ සහස්ති සියෝ
හනුමතු තැනින් දත් ලක්
පුරෙහි දසගිව්හු සෙබේ.
291. නොවත් විලු ඒ රම්
ගුරුහු වදනික්මෙන්නට
යමෙක් ද වූයේ සහස්
දසගිව්හු හිස් සිඳමට.
20. පිළිසෙවු කියමන
[සංස්කරණය]292. පිළිසෙවු වෙ වළකා එකක්හු අන්හු දසුන් හෙ මෙ සේ, නොපස්හී කුසුම් සර එවුහු සුවහස් වී.
293. “ සඳුන් සිසි රස් දකුණු
මරු මට වී හුතැස් රැස්,
සිහිලස් ලු අනුනට” යත්
විසා පිළිසෙවු නම් වේ.
294. අමා මෙරජ සුපුන්
සිසි යත් තැත් තමා හේ
වසදා රැසැත් මේ වියත්
සුරූ පිළිසෙවු නම් වේ.
21. සෙලෙස් කියමන
[සංස්කරණය]295. නො එක් අරුත් යුතෙක් රූ වදන් වෙ සෙලෙස් නම්, හේ වේ නුබුන් පද, බුන් පද අත්මැ යී දෙ නියර
296. දිය මුදුනට එක්
ලකර කෙසුරු සිරි සියෝ
ලද පළ තෙදිනි පුබුදු
පිළි දැන් මෙ රජ කමලුදු.
297. සිටැ දස රද දමින්
ඒ රජ නා වොරජනා
අනුබඳ දන් සිරිත් බඳ
සිය සපු ලොලුන් අසහස්
298. උවම් වැතිරෙක රූ
අකෙවු මෙ ඈ කළ විසා
පෙරැ දැක්වූ සෙලෙසිනන්
දෙසෙකැත් එතෙර වන්නෙම්.
299. නොබුන් කම් සිතියම්
අවිරිදු කම් මෙයින් අන්
විරුදත්ම නොවිරුදු රූ
නියම් අකෙවු සියෝ නම්,
300. සිනිඳු පියෝ මියුරු
පළට කළ රා වමියන්
නුවනත්හු සිකි කත්හු දු
පියොදත් මෙ අදිති පියත්
301. සයුරෙහි මෙ යැ විපක්,
සල සැවුහි මෙ ගුණ සිඳුම්
ගජනතුරේ මෙ මෙදෙ විකර;
නරනිඳු රකුත් ත-දෙරණ
302. විලිත් කළ රා දල
වල අඟ මැගි තැවුමෙක්
පුවස් නැසී සහස්රස්
මුවර දෙදෙ මෙ වජඹනේ
303. මියුරු මනකල් රා
වඩන කොමළ කෙවිල්ලන්
ඇසෙත් තෙපුල්හු සියල්
පැහැසෙත් නිලුපුලැසියෝ
304. නො වෙන් වැද සියල්
දිය රක් හි තො අනත් වැද
නො නාහි ඉසුරු වුව ද
පිළි ත-බුජඟ සසඟ නැත්.
305. උදා එළැඹි පතළ
තෙදුදුල දඳිඳු ලෝ පල්
විමලත්ම උතුම් අනත්
සිරි ලකළ තො කලාවත්.
306. රකුත් තා මෙ දෙරණ වක් බළනන්හි සැවු මෙද; මෙහෙයු සිකි කතුනතුරේ වමියන් බැම යුග ද වක්.
22. වෙසෙසි කියමන
[සංස්කරණය]307. යම් වැයල් දක්නක් දැ කිරිය ගුණ වත්නෙහි වෙසෙස් නිපත් වත් හොත් වෙසෙස වී යෙත්; හෙ මෙසේ.
308. නො වේ දෙවඟනකුදු
නොද ගඳඹ කුලෙහි නිපන්;
ඉති දු මේ කත් පොහොසත්
තව බිඳිනු වස් බඹහුදු.
309. නොබුන් බැම ඩහටොට
නොද යළ නොරත් නෙත්; එද
ත විපක් කුල බිම් හැපිලි
සියල්ලෙන් වියැ නරනිඳ
310. අවි වියොවගහු නොද
තියුණු, පිළි නොද කැකුළු යැ;
ඉතිදු හොත් දැනොහු විසින්
සියල් දිය මෙ දනන ලද.
311. නො අස්හු දු නොද රිය
නො ගජරජහු නො සෙබළෝ
විහස්නි මේ දෙනෙත් මෙ නු
මියුලැස්හු මෙ දිය සියල්
312. රිය එක් සක්, වසම්
අස් හු, නො සැරි ගමන සර,
පළ තෙද හිරැක්මෙ සියල්
දිය යත් හේ වෙසෙස් නම්
23. සමයෝ කියමන
[සංස්කරණය]313. කියටි මෙ වූ ගුණෙන් මහ අත්මන් සුදුසු කොටු හෙ යමක්හු දක්වත් හොත් සමයෝ ලකර; මේ ගින්.
314. යම කුවෙර වරුණිඳු
හිමිහු මහත් වැ දියේ
නො අන් සබඳ ලෝපල්
වියන වදන් සිරි දෙරෙත්.
315. තුනුවඟනඟ සසඟ
විරුදු පද අත් සසඟක්
දසුන් වත් විරුදු වස්
විරුදු නමැ යෙත්; හෙ මෙසේ.
24. විරුදු කියමන
[සංස්කරණය]316. තැනෙක්හි එක් යම් විරුදු පද අන් සසඟක් දසුන්වත් විරුදු වස් විරුදු නමැ යෙත්; හෙ මෙසේ.
317. වඩී වැජැඹැ මෙදෙන්
මනකල් වැ රජ හස් හඬ
පිරිහෙ රැවු දු සිකි කැලන්
සියල් සොම්නස වන වූ
318. ලඹ දුවන් යුත් තුනු
තුනු මැද රතොට නිල් නෙත්
නැමුණු නැබුඩුවටු තෙනේ
තුනු කා නොනැස්මට වත්?
319. පිය ගඳ මඳ සිහිල්
නෙලෙනා නා කුසුම් රොන්
නුවනත නො ළඟ වෙමිනුදු
කෙනෙකුන් කඳුලු ගන්වා
25. නොපත් වැනුම් කියමන
[සංස්කරණය]320. නොපත් වැනුම් තම් පර ඇසුරූ දෙලෙනොබල මන ඇතියන් පවස්නා වදනිත් බිඳුම්; හෙ මෙසේ.
321. නො මෙරමන් ඇසිරූ
මුවෝ වෙනෙහි යෙහෙන් දෙත්
නිතැත්නි මෙ ලද සදලෙන්
සිහිල් දෙලෙන් සියන් හා
322. උපද්නා සිතිතෙනි
සත් හූ සෙත් පත් හු දියේ
සිතැවිලි සල් හි රෙදෙන්
හිදොවුන් නො මෙ තනන්නේ.
26. වැද වැනුම් කියමන
[සංස්කරණය]323. කියන්නන් ගි අයුණු හුදු ගුණය මෙ බණන් හොත් දොසක් වැනි ගුණ සුලබ කළ වැද වැනුම් ඉති වේ.
324. දිනී ද රම් යමක් තවුස් වැ, රජ වැ දතා දිනූ දැනේ දෙරණ මෙ; පිළි තමද නොකරත් පත්!
325. කලතුරු ත මෙ පොළෝ
සියහ බුජඟ සසඟ ලද
දැන් අහිකර කවර සේ
පහළ වියැ හොත මුළු දියෙ!
27. නිදසුන් කියමන
[සංස්කරණය]326. පෙරැ දක්වා වතක් එවන් සුදුසු පලක් ඉදි දක්වත් එයින් අන් හෝ වෙ හේ නිදසුන්, මේ ගින්
327. නැඟෙත් මෙ හිරු සිරි
පතුරුවා තඹර වෙනේ
පොහොසත් හෙ හඟවන්නට
පළ වූ සුළානුගුරා
328. අසුර බළො සහ රොස්
නසිත්, නසුත් මෙ රුදුරා
දියෙහි ඉසුරු විරුදුනට
වනස් වනු දන්වනුවෝ.
28. සහ පෙරැළුම් කියමන
[සංස්කරණය]329. සහබව් කියමනින් සහා කියමන් නම් වේ, පෙරුළුමෙන් පෙරුළුම් නම් ගුණ කම් මෙ දෙක මේ ගින්
330. දිගු වී මැයි මෙ රෑ
සමඟ තමා නිසස් හා
වසනා පළඳනා පඬු
පැහැ ගත් සමඟිතඟ හා
331. සියල් යස මෙ ගත්හි
සෙරෙන් රුපු දෙරණිසුරන්
රැස් කළ සඳ රස් විමල්
ත- අත්ති කග පහර දී.
29. ආසී කියමන
[සංස්කරණය]332. කැමැතිය වත්හි වූ පැතිවිලි වෙ ආසී නම්; හෙ මෙසේ “තා රකී වා තෙනෙත් විසියත් නො වීසා.”
30. මුසු කියමන
[සංස්කරණය]333. ලකළ එක් ලකරක් උවමැ නො එක් ලකරිනි සුදුසු රුවන් දම් මුසු යැ වියෙත් විසිතුරු; හෙ මෙසේ.
334. නැඟෙත් පියුම් රිවි
සිරිමත් වත් සඳෙවු තා
පළ තෙදුනුදා පැමිණෙත්
සබඳහු දියේ පැළැඹෙත්
31. හැඟුම් කියමන
[සංස්කරණය]335. කිවින් වදන් පබඳ විසා කළ යම් ලකරෙක් එ හැඟුම නම් වේ; එයට නිදසුන් හැම පබඳ වේ.
336. නොතොර වුව ද හැඟුම්
ලකර සියල් ලකරෙහි
උතු නියර වියතැදුරෝ
හඟවත් නම්නි වෙන් කැරැ.
337. වන් කියම නුදු හව්
සිරිසර ලකර දෙනියර
හව් සිරිසරිනුදු පවා
සෙලෙස් ලකර උතුමැ යෙත්.
338. නො තන්හි වැනුමෙවත්
නො වෙසෙස් කියමන් කිවින්
නො සබඳ පබඳ දු සවන්
පිය වදන් නොකරත් පත්.
339. විතර අත්නි ලකළ
ලකරිනි පසුතුරා තිස්
පිළි මුළු කව් සුර නුවර
මඟ මෙ මැදුම් සග ගියේ.