සියබස් ලකර විවරුව-විවරුවv

Wikibooks වෙතින්

8. වැතිරෙක කියමන

201. බසින් ආ නම් හෝ හැඟිණි නම් හෝ සම බව්, දෙ වතුන් අතුරු දක්වත් වැතිරෙක නම් යැ හෙ මෙ සේ.

පෙළ ගැස්ම - සම බව්, බසින් ආ නම් හෝ හැඟිණි නම් හෝ දෙ වතුන් අතුරු දක්වත් වැතිරෙක නම් යැ. හෙ මෙසේ.

තේරුම - සමතාව (එක් වැනියාව) වදනින් පැමුණුණේ හෝ වේ වා; හැඟී ගියේ හෝ වේවා; දෙ වතෙකැ (වස්තු දෙකෙකැ) වෙනස පෙන්වන් හොත් ඒ වැතිරෙක නමි. ඒ මෙ සේ යැ.

පැහැදුම - වදන් යෙදුම අනුවැ සමහර විටැ වත් දෙකෙකැ සමතාව දිසි වෙයි., එ නොහොත් හැඟීයෙ යි. ඒ කෙසේ හෝ වේවා, ඒ දෙ වතෙහි යම් කිසි වෙනස් බවක් ඉස්මතු කරත් හොත් ඒ වැතිරෙක නම් ලකර වෙසෙසට වැටෙයි.

ගැට ලිහුම

දෙ වතුන් = උවම යැ උවැමිය යැ යන දෙ වත (වස්තු දෙක) වැතිරෙක = වෙසෙසි වෙනස් ලකුණ යනුයි මෙහි අරුත. මේ හෙළු වදන් මුල් තුනක් එකට ඈඳී තැනුණු වදනෙකි. වි+ඇතිරි+අක යනුයි. ඒ තුන් වදන් මුල වි යන්නේ අරුත වෙසෙසි යනුයි ඇතිරි නම් වෙනසයි. (අතුරු මැ ඇතිරි යැ) අක නම් ලකුණ යි.

මේ වග නොදත්හු “ව්ය තිරේක නම් සකු වදනින් මේ බුන්හයි හිතති. අලි මැ දුමුල් හිතුමෙකි. වැතිරෙක ලකරින් කරනුයේ ද උවමත් උවැමියත් අතරැ වූ වෙසෙසි වෙනස් ලකුණු ඉස්මතු කිරීමයි. ව්ය තිරේක යන සකු වදන සපයන, වෙසෙසි යැ වැනැසුම යැ ඉක්මුම යැ යන ඈ කිසිද අරුතෙක් මේ ලකර සඳහා හෙළු වදන දෙන අරුත තරම් ජයට නො ගැළැපෙයි.”

I තනි වැතිරෙක

202. මුහුදු සෙමෙ තො, දිරිය මහ අත්ම ගැඹුරු ගුණෙන්. අතුරු වත් නරපවර පිවිතුරු ත-මෙ තුනු සිරින්.

පෙළ ගැස්ම - නරපවර, දිරිය මහ අත්ම ගැඹුරු ගුණෙන් තො මුහුදු සෙමෙ. අතුරු වත් ත-මෙ පිවිතුරු තුනු සිරින්.

තේරුම - මිනිස් උතුම, දිරිය මහ අත්ම යැ ගුඹුරු යැ යන ගුණවලින් තෝ මුහුද හා සම වන්නෙහි යැ. වෙනස් වත හොත් තගේ මේ පිරිසිදු ඇගේ සොබාවෙන් යැ.

පැහැදුම - මහ රජාණෙනි, ඔබ හරියට මුහුද වගෙයි. දිරි ගුණයෙන් මහත්මා ගුණයෙන් මුහුද කො තෙකුත් වෙරළ ඉක්මීමට මැ දිරි ගනියි කපක් ගියද මුහු දේ ඒ දිරිය නොසුන් වෙයි. ඔබ ද කොතෙකුත් හතුරන් මැඩීමට මැ දිරි ගනිති මුහුද ඉමක් කොනක් නොපෙනෙන දිය කඳෙකින් යුතු යැ. ඔබ ඉමක් කොනක් නොපෙනෙන ගුණ කඳෙකින් යුතු යැ. එ හෙයින් මුහුදත් ඔබත් මහත්ම ගුනයෙන් යුත්තෝ යැ. මුහුදේ දිය කඳ ඉතා ගැඹුරු යැ, ඔබ ගේ නැණ කඳ ඉතා ගැඹුරු යැ, ඔවු මහරජාණෙනි, ඒ හෙයින් මුහුදත් ඔබත් එක් බඳු සැයි. එහෙත් මුහුද හා ඔබ හා අතරැ වෙනසක් වතහොත් ඔබේ රුසියාවෙන් පමණෙකි. මෙහි මුහුද උවමයි. නරපවර උවැමිය යි. මේ දෙක අතර සබඳ කම දක්වා; එක් වැනියාව පහදා ඉක්බිති හුදක් කඑක පසෙක පමණක් වූ අමුත්තක් ඉස්මතු කරන ලදී. එ හෙයින් මේ තනි වැතිරෙක ලකර නම් වෙයි.

ගැට ලිහුම

මුහුද සෙමෙ තො දිරිය මහ අත්ම ගැඹුරු ගුණෙන් = මෙහි ගුණෙන් යනු දිරිය මහ අත්ම ගැඹුරු යන තුන් වදනට මැ අයත් යැ. තෝ දිරිය ගුණෙන් මහ අත්ම ගුණෙන්, ගැඹුරු ගුණෙන්, මුහුද සෙමෙ. යන සේ යැ එ විට පද පිළියෙල වන්නේ.

අතුරු = ඉඩ; වෙනස් නරපවර = රජ,

203. නුබුන් හිමුහු ගැඹුරුහු යළ මහ මුහුද හා තොද හෙ අඳන වතුරු සුරක් පිළි තො කසුන් පැහැ සිරුරු.

පෙළ ගැස්ම - මහ මුහුද හා තො ද නුබුන් හිමුහු. යළ ගුඹුරුහු. හේ අඳන වතුරු සුරක් පිළි තෝ කසුන් පැහැ සිරුරු.

තේරුම - (ලෝ පල්ල, ) සයුර හා ඔබත් නොබඳින ලද මායිම් ඇත්තහු යැ, එ විතෙරෙකැ, ආයේ පවසනවා නම් ගැඹුරු වුවාහු යැ (හැබැයි) ඒ මහ මුහුදු තෙමේ අඳුන් බඳු දහරා ඇත්තේ යැ, ඔබ රන්වන් සිරුරු ඇත්තහු යැ.

පැහැදුම - තනි වැතිරෙකින් දැක්වුණේ උවැමියැ යැ උවම යැ යන දෙක එක් පසෙකැ එක්තරා වෙනස් කමක් ඉස්මතු විය යුතු වූ වගයි. එහෙත් යුවල වැතිරෙක එයට වඩා බිඳක් වෙනසි. දෙපසෙහිමැ යම් යම් වෙනස් කම් එහිදි ඉදිරිපත් වේ. මේ බලන්නැයි “වෙරළ නොබිදුණා ගුනයෙන් හා ගැඹුරු ගුනයෙනුත් මුහුදත් රජුත් එක් සැටියි. ඒ නමුත් මුහුද අඳුන් බඳු නිල් දහරා ඇත්තේ යැ. රජ රන්වන් සිරුර ඇත්තේයැ.” මෙසේ දෙපැසෙහිම නොසම කම ඉස්මතු වන යුවල වැතිරෙක ලකර තනි වැතිරෙක ලකරට වඩා පිරිපුන් නොවේ දැයි. සමහර විටැ ඔබට සිතෙනු නොබැරි. එහෙත් එසේ නොසිතන්නැ. යුවල වැතිරෙක ලකරින් කැරැණුයේ දෙපසෙහිම ඇති වෙනස් බව කිවියා මැ ඉස්මතු කර පෑමයි. එහෙත් තනි වැතිරෙකැ ලකරින් කිවියා එක් පසෙකැ පමණක් වූ වෙනස් කම හුවා දක්වා අනෙක් පසේ වූ වෙනස් කම විමසා ගන්නට කියවන්නාට ඉඩ හරී. ඒ නිසා විමසුම් ගුණයෙන් හෙබි රස විඳුවන් හට යුවල වැතිරෙකට වඩා තනි වැතිරෙක රසවත් වනු නියති.

ගැට ලිහුම

නුබුන් = නොබුන්; නොබිඳුනා ලද, හිමු = හිමුහු; හිම් ඇත්තහු, අඳන = අඳුන් (අඤ්ඡන) වතුරු = සැඬ පහර. ජලයට වතුර යැයි අද වහරෙ එයි. ඒ ඉතා නොවියත් වහරෙකි. “සැඬ පහර” යන අරුතේ විනා “දිය” යන අරුතට වතුරු සඳක් සංහල බසෙහි නැති හෙයිනි ඒ ඇයි? දියහුරු (දියා රු) බවට පැමිණෙනවාට සිංහලයත් යොදන්නේ කවර වදනෙක් ද? දිය යන වදන යි. සීනි දිය වෙනවා; ලුනු දිය වුණා; මේ පැණි දියයි. මෙ සේ දිය යන වදන විනා වතුර යන වදන නො වෙ, දිය බඳු රසයටත් සිංහලයන් යොදන්නේ දිය යන වදන මැයි. “මේ පැණි දිය රහයි; ” මෙ සේ විනා වතුර රහයි යන වදනෙක් සිංහල කට වහරේ පවා නැති. එ හෙයින් දිය යන අරුත සඳහා වතුර යන්නක් යෙදීම මේ මෑත මැ මැතැ බසට ඇතුළු වුණු නොවියත් වහරෙකි.

සුරක් = සමාන (සුරු + අක්>සුරක් හුරු වූ සමාන වු ලකුණු යැ සුරක් නම්) “අක්” යන වදනේ වූ බොහෝ අරුත් අතුරින්; පෙනුම යැ, ලකුණු යැ, යන දෙ අරුත මැ මෙ තැනට නිසියි.

කුසුන් පැහැ = රන් පාට; රන් වන්,

Iii සෙලෙස් වැතිරෙක


204. දලනිදු තොද මහ සතුහු තෙද යුතු හු; පවතු මුළු කල් තො, හෙ නස්නෙ ; පන වසරැස් හෙ තො මහ කුලුණු.

පෙළ ගැස්ම - දලනිදු තොද මහ සතුහු; තෙද යුතුහු තො මුළු කලු පවතු; හෙ නස්නේ. පන හෙ වස රැස් තො මහ කුලුණු.

තේරුම - මහ මුහුද හා තෝත් මහ සත්හු වන්නහු යැ. තෙදස යුත්තෝත් වනුනහු යැ. තෝ සදා පවතින්නෙහි යැ, හේ නස්නේයැ. යළි කියනවා නම්, හේ තෙමේ වස රැසෙකි; තෝ මහ කුලුණු රැසෙක් වෙහි.

පැහැදුම - “තල්මසුන් වැනි මහ සතුන් වන හෙයින් මුහුද මහසත් නමට නිසි යැ. මහ සත් ගුණයෙන් යුතු හෙයින් තෝ මහසත් නමට නිසි යැ. නොයෙක් වගයේ මිණි රුවන් වන හෙයින් මුහුද තෙද යුතු යැ. තෙද ගුණයෙන් යුත් හෙයින් තෝ ද තෙද යුතු යැ ” යන සෙයින් අයෙක් මේ පැදියේ සෙලෙස් වගක් දක්වති.

එහි ඇති සෙලෙසක් නිසා නම් මේ කව සෙලෙස් වැතිරෙක ලකර සඳහා නිදසුනක් ලෙස නො මැනැවි. පැදියේ නිසි වැතිරෙක ගුණය රඳා පවත්නා කියමනෙහි සෙලෙස් ගුණය වත හොත් ය සෙලෙස් වැතිරෙක යන්නට මේ නිදසුන නිසි වන්නේ. බලමු ද එ බඳු ගුණයෙක් මේ පැදියේ වේ දැයි? “දලනිදු තොද මහ සතුහු තෙද යුතුහු” යනු උවම් උවැමි දෙකේ සම හරිය යි. “තො මුළු කල් පවතු හෙ නස්නේ; තො මහ කුලුණු හෙ වසරැස් ” යන කොටසයි උවම් උවැමි දෙකේ නොසම හරිය. ඔන්න ඔය නොසම හරියෙයි සෙලෙස් ගුණය වත හොත් තමා මේ සෙලෙස් වැතිරෙක ලකරට නිසි නිදසුනක් වන්නේ ඔවු ඉතින් ඒ හරියේ සෙලෙස් ගුණය වෙයි ද? වෙයි.

තෝ මුළු පවතු - මහ රජ තෝ සදා පවතින්නෙහියැ; තෝ පියාවන් සමූහය සමඟ වෙසෙන්නෙහි යැ. මුළු කල් යනු සදා යන අරුත දෙයි. කල් මුළු යනු පියාවන් මුළුල්ල යන අරුත දෙයි. හේ නස්නේ - හේ තමේ (මහ මුහුද) වැනැසෙන සුලු යැ, හේ තෙමේ නටන්නේ යැ. නස්නේ යනු වැනැසෙන නටන යන දෙ‍ෙ අරුත මැ දෙයි. මුහුද නිසල වැ මොහොතක් හෝ නො සිටියි. කොතෙකු ත් පැදි පැදි නටයි. එසේ මැ කප ඇගදී මුහුද වැනැසීය යි වඩබා ගින්නෙන් හෝ යුගත් සුළඟින් හෝ

නො මහ කුලුණු - මහ රජ තෝ මහ කරුණා ගුණය ඇත්තෙහි යැ, තෝ ලොවට මහ ටැබ වන්නෙහි යැ. කුලුණ යනු කරුණාව යැ ටැඹ යැ යන දෙ අරුත මැ දෙයි.

හෙ වස රැස් - හේ තෙමේ (මහ මුහුද) දිය රැසින් යුතු වුයේ යැ, හේ තෙමේ විස සමූහයෙන් ද යුතු යැ. වස යන වදන දිය යැ විස යැ යන දෙ‍ෙ අරුත දෙයි. මුහුදේ විස රැස වන වග කිරි මුහුද ඇළැලීමේදී “හලාහලය” නැඟුණු පවතින් ඔප්පු වෙයි. මෙ සේ වැතිරෙක කියමන (උවම් උවැමි දෙ‍කේ වූ නො සමතාව පැවැසෙන කියමන) සෙලෙස් ගුණයෙන් යුතු වූ නිසායි මේ සෙලෙස් වැතිරෙක ලකරට නිසි නිදසුන් පැදියක් වූයේ.

ගැට ලිහුම

දලනිදු = මහ මුහුද දිය නිදහනක් වූ හෙයිනි. (ජලනිධි සකු)

Iv කරුණු වැතිරෙක

205. දරනුදු වූ දෙරණ ගිරි සයුරු දිව්නි සීයෝ; බුජඟිසුරු බැවින් උරිඳු නරනිඳු තට යටත් වේ.

පෙළ ගැස්ම - නරනිඳු ගිරි සයුරු දිව්නි සියෝ දෙරණ දරනුවු දූ උරිඳු බුජඟ ඉසුරු බැවින් තට යටත් වේ.

තේරුම - එම්බල රජ, කඳු, මහ මුහුදු, දූපත් යන මෙයින් යුතු වූ මහ පොළෙ‍ාව උසුලන නමුත් අතතා, නයින් ගේ දෙටුවා නිසා තට යටත් වෙයි.

පැහැදුම - කදු යැ මහ මුහුදු යැ දූපත් යැ යන මෙයින් යුතු වූ මහ පොළොව දරන්නෝ දෙ දෙනෙකි. එකෙක් මහරජ යැ අනෙකා අනත් නම් නා රදා යැ. ඔය මහ පෙළෙ‍ාව දරන නිසා දෙදෙනා ඔවුන්නොවුන් හා එක වගේ ඇත්තෝ යැ. එය එහෙම නමුත් අනත් නම් නයා නයින්ගේ දෙටුවා යැ. නයි නම් බඩ ගාන තිරිසන් සත්තු වෙසෙසෙකි. ඉතින් එවුන්ගේ දෙටුවාත් තිරිසනෙක් මැ නොවැ? අන්න ඒ නිසා අනත් නම් නයිඳා කො තරම් දිරිමත් වැ මහ පොළොව උසුලා සිටි. නමුත් රජුට වඩා පහත් කෙනෙකි. මෙහි නොසමතාව පැවැසිණ. නොසමතාවට හෙය ද පැවැසිණ. එ හෙයින් මේ “කරුණු වැතිරෙක” නම් වේ.

ගැට ලිහුම දෙරණ දරනු වූ දූ = මහ පොළොව උසුලන නමුත් රජ මුළු මහ පොළොව රකියි. ලෙවියා ගේ සියලු ගැටළු බරවන්නේ රජුගේ හිස මතෙ හි යැ. එහෙයින් හේ මහ පොළෝ බර උසුලන්නේ නමැ. නයා වනාහි උරගවන්ගේ දෙටුවා යැ. උරගයෝ දිගටි සිරුරු ඇත්තෝයි. එ හෙයින් දිගටි ගුණය නයකු සේ දුට හ පැරැණියෝ. කල (කාලය) ඉමක් කොනක් නැති වැ දිගු ගුණයෙන් යුතු හෙයින් අපේ පැරැණියෝ එය “මහ කාල” නම් නයකු කොටැගතුහ. අහසේ ද ඉමක් කොනක් නොපෙනෙන හෙයින් ඌ තුමූ අහස ද අනත් (අනන්ත) නම් නයකු සේ දුට හ. අහසේ පොළොව පාවෙන නිසා, “අනත් නම් නයා මහ පොළොව උසුලතියි” යනු කිවියාව අනුවැ හැඩ වැඩ කැරැගත් එක්තරා පැරැණි දසුන් පවතෙකි.

බුජඟිසුරු = බුජඟ ඉසුරු, උරගයන්ගේ දෙටු (භුජංගේශ්වර) උරිඳු = උර ඉඳු නයින්ගේ දෙටුවා. අනත් නම් නයා. උරග, උර යන දෙ වදනින් නයි හැඳින්වෙති. අනතා ඒ නා දනන් ගේ මහ ඉසුරා යැ. මේ තෙමේ සිය පෙණය මත්තේ තබා ගෙනැ ලොවේ බර උසුලන්නේ ලු මේ මහ පොළොව පුදුම බඩුවෙකි. මහ කැස්බකුගේ පිටැ එහි බර රැඳී තිබේ. අට දිගින් දිගු ඇත්තු ද ඒ බර දරති. ඒ අතරැ අනතා ද ඒ උසුලයි.

V අකෙවු වැතිරෙක

206. තහවුරු වැ සිටුනා රුවනාර දිරිසර වුදු මිලිනේ ‘මුහුදු’ ගුණ මුහුදු සම බව් නො එළැඹේ තා.

පෙළ ගැස්ම - ගුණ මුහුදු, තහවුරු වැ සිටුනා වුදු රුවනාර වුදු දිරිසර වුදු මිලින එ මුහුදු තා සම බව් නො එළබේ.

තේරුම - එම්බා ගුණ සයුර, (ඔබ මෙන්) තහවුරු නිර වැ සිටුනා වූ නමුත් මිණි රුවන් ආකරයක් වූ නමුත් දිරියෙන් සරු වූ නමුත්; කිලිටි ඒ මුහුද වනා හි ඔබ හා සම බවට නො පැමිණෙයි.

පැහැදුම - මෙහි ගුණ මුහුදු, යැයි කිවිහු විසින් ඇමැතුණේනරපල්ලා යැ. නරපල්ලා තහවුරු වැ සිටියි. ඔහු ගේ කිසි ද (බිඳක් හෝ) සසල බවෙක් නැති. හේ මිණි රුවන් ආකරයෙකි. (එහෙම පිටින් මැ යෝද මැණික් පතලයෙකි) එ සේ මැ දිරියෙන් සරු වූ කෙනෙකි. මුහුදත් එසේ මැ නොවැ? සැබෑව මැයි. මුහුදත් නිර වැ පවතියි. ඕනෑ තරම් ඕනෑ වගයෙකැ අගනා මිණි රුවන් මුහුදේත් වෙයි. මුහුද ද දිරියෙන් ඉතා සරු යැ. නැති නම් කොතෙකුත් වෙරළට මැ පහර දේ යැ? එ හරි, ඉතින් නරපල්ලා මුහුද වැනි නේද? අහෝ නැති. චිහු මුහුද හරි මැ කිලිටි නොවැ? මුළු රට පුරා මැ කුණු හෝදාගෙන එන ගඟවල් ඒ කුණු ගෙනැත් ලන්නේ මුහුදට නොවැ? නො පෙනේ යැ මුහුදේ පාට? කිලිටි නිල් පාට ඉතින් කෙසේදැ මුහුද නරපල්ලාට සම වන්නේ? සම බව නො එළඹේ යැයි, එහෙම පිටින් මැ සමතාව වළකාලු හෙයින් මේ අකෙවු වැතිරෙක නමි.

ගැට ලිහුම

මිලිනෙමුහුදු - මිලින එ මුහුදු, කිලිටි වූ ඒ මුහුද, ගුණ මුහුදු = ගුණ මුහුදාණෙනි, (මේ ඇමතු සැටි යැ)

207. මෙසේ එකින් දෙකින් සෙලෙස්න හෙයින ‘ කෙවිනුදු වදනින් ආ සුදුසු බව්; පිළි මේ හැඟෙනු වැනි බව්.

පෙළ ගැස්ම - මෙසේ එකින්, දෙකින්, සෙලෙසින්, හෙයින් අකෙවිනුදු වදනින් ආ සුදුසු බව්. පිළි හැඟෙනු වැනි බැව්.

තේරුම - මේ හැටියට, තනියෙන් යුවළින් සෙලෙසින්, හෙයින් හෙවත් කරුණින්, හා අකෙවුයෙන් (දැක්වුණේ) වදන් අනුවැ පැමිණි ගැළැපියා වයි. යළි මේ (දැක්වෙන්නේ) හැඟීයන්නා වූ සදිසි බවයි.

පැහැදුම - තනි, වැතරෙක, යුවළ වැතිරෙක, සෙලෙස් වැතිරෙක, කරුණු වැතිරෙක, අකෙවු වැතිරෙක යන මේ පස් වැතිරෙකින් දැක්වුණේ හුදක් වදන් අනුවැ පැමිණි සමතාව යි; එයින් මැ නැඟුණු විසමතාව යි. හැඟීයන සමතාව හා විසමතාවත් දැන් දැක්වෙයි.


Vi හුදු තොරතුරු වැතිරෙක

208. ති වුවන කමලුදු අතුරු කියත් මෙ දෙක්හි කමල දෙලෙහි යැ දුනුයේ තී වුවන තිමෙ ඇසිරු යැ.

පෙළ ගැස්ම - තී වුවන කමල දු මෙ දෙක්හි අතුරු කියත් කමල දුනුයේ දෙලෙහි යැ. තී වුවන දුනුයේ තිමෙ ඇසිරැ යැ.

තේරුම - තී ගේ මුහුණත් නෙළුඹත් යන මේ දෙකෙහි වෙනස කියත් හොත්, නෙළුඹ හටගත්තේ දියෙහි යැ. තීගේ මුහුණ හටගත්තේ තී මැ ඇසුරු කැරැගෙනැයි.

පැහැදුම - මුහුණ යැ නෙළුඹ යැ යන දෙකෙහි සමතාව පිළිබඳ වැ කිවියා වදනක් හෝ නොපවසයි. එහෙත් එක් වෙනස් කම් ඇබිත්තක් පමණක් දක්වයි. ඒ වෙනස් බිඳ පෑම නිසා මුහුණ එහෙම පිටින් මැ වගේ නෙළුඹට සම බව ඇඟී යයි. මෙන්න මේ ඇගියාව නිසා යැ මේ වැතිරෙක වගය අනෙක් කලින් පෑ පස් වැතිරෙකයෙන් වෙනස් වන්නේ. වෙනසියාව එක ඇබිත්තක් පමණක් පෑ හෙයින් හුදු තොරතුරක් පමණක් පෑ හෙයින් මේ හුදු තොරතුරු වැතිරෙක නමි.

ගැට ලිහුම දෙලෙහි = දියෙහි මෙහි දල සද දිය අරුත දෙයි. දල දර දලදා යන වදන් වැහි වලාවට යෙදෙනුයේත් දල යනුයේ “දිය” යැ යන අදහස ඉස්මතු කැරැගෙනැයි.

Vii ඉතිරි වැතිරෙක

209. නො පත් බැම ලේ හවු මදරා නැත් පියුල් නෙත්. තුනුවඟ, තී මෙ යුග නුවන් සියලෙ ගුණෙන් වොරජනේ.

පෙළ ගැස්ම - මියුල් නෙත් බැම ලේ හවු නො පත්, මදාරා නැත්. තුනුවග තී මෙ යුග නුවන් එ සියල් ගුණෙන් වොරජනේ.

තේරුම - මුව ඇසෙහි (මුව දෙන ගේ ඇසෙහි) බැම රොදේ සොබාව නොපැමිණිණි. එහි අනඟ රසය ද නැති. ළඳ, තී ගේ මේ දෙ ඇස ඒ සියලු ගුණයෙන් මැ හොබනේ යැ.

තේරුම - මුව දෙන ගේ ඇසට කොහිද එය ලකල් කරවන බැම රොදෙක්? ඒ විතෙරෙකැ, ඒ අතට නටවා මේ අතට නටවා ඒ කොනින් මේ කොනින් බැලුම් හෙළා අනඟ රසය දැනැවීමට ද ඒ ඇසට බැරි යැ. එහෙත් තුනු වගියේ තීගේ මේ ඇස් දෙක ඒ සියලු ගුණයෙන් සපිරිණ. මෙහි මුව ඇසත් තුනුවගිය ගේ ඇසත් අතරැ වෙනස් කම් බොහෝ වැ දැක්විණ. සම බවක් වදන් මතෙකින් හෝ නො පැවැසිණ. එහෙත් ඒ සම බව අර කියුම් ඇසුරින් මැ ඇ‍ඟෙන්නේ යැ.

ගැට ලිහුම

බැම ලේ හවු = බැම රොදේ සොබාව. මද රා = මද රස - අනඟ රස - ඇසින් අනඟ රස විහිදුනා හැටි පළට යැ. මියුල් නෙත් = මුව ඇස්. (වෙසෙසින්මැ මෙහි පැවැසෙන්නේ මුව දෙනුන්ගේ ඇස් ගැනැ යැ.)

“කුහුල් වන් මියුල් දෙන් නෙතෙවු නෙත් බැලුම් ලා කමල් වන් වනින් ගී මතින් රැවු නැඟුම් ලා”

යි කිවිසුරු කිවියාණෝ ද ඒ වග ඇඟැවූ හ.

තුනු වඟ = බොහෝ කොටැ තුනු (සිහින්, හීන්දෑරී) අඟ පසඟ ඇති හෙයින් අඟනෝ තුනුවඟ නම ලබති.

Vii සිය දෑ වැතිරෙක

210. රුවනලුයෙන් සියල් රිවි රැස්නි ඳු නොනස්නා නුවනැඳිරි ගන්වනු වූ යොවුන් තමැ යෝනේ දුනු.

පෙළ ගැස්ම - සියල් රුවනලුයෙන් රිවි රැස්නි දු නොනස්නා නුවන් ගන්වනු වූ ඇඳිරි, යෝනේ දුනු යොවුන් තමැ.

තේරුම - සියලු මිණි කැල්මෙන් තබා හිරු රැසින් ද නොනසින්නා වූ ඇහැට ගන්වන්නා වූ ඇඳිරිය නම් තුරුණු කලැ දී හට - ගත් තුරුණු බව නමැති අඳුර යැ

පැහැදුම - ඇහැට වැටුණු සොබා ඇඳිරිය මැණික් බඳු කැලුම් නඟන දෙයින් බොහෝ සෙයින් පලායෙ යි. එහෙත් එ බඳු මැණිකෙකැ තුරුවෙකැ කැල්මෙන් තබා හිරු එළියෙන් ද නොනැසෙන අඳුරෙක් වේ. තුරුණු කල දවසැ දීයි සතුන්ඒ අඳුරට වැඩි කොටැ මැ ගොදුරු වන්නේ ඉතින් කුමකට ද වැඩිපුර හංගන්නේ? තුරුණු බව (ඉල්නදාරි කම) තමා ඒ අඳුර මෙහි තුරුණු කැමින් හටගන්නා මුළාව අඳුරක් කොටැ දැක්විණ. ඒ මුලාවේත් අඳුරේත් වෙනස්තාවක් නො දැක්විණ. මෙ වෙසෙසි අඳුර හා සොබා අඳුරේ ඇති වෙනස්තාව ඉස්මතු කැරිණ. මෙ සේ සමාන දෙයෙහි මැ වු එක මැ ජාතියෙහි මැවූ වෙනස්තාව පෑ හෙයින් සිය දෑ වැතිරෙක නමි.

ගැට ලිහුම රුවනලුයෙන් - රුවන් අලුයෙන්. මිණි රුවන්වලින් නිකුත් වන දිස්නයෙන්.

යොවුන් තමැ = යොවුන් තම යැ, තුරුණු අඳුර යැ. තුරුණු බව නිසා හටගත් දැයි කැමි ඇල්මෙන් උපන් මුළාව කරුණ කොටැගෙනැ මේ යුතු යැ මේ නොයුතු යැ; මේ නිසි යැ මෙ‍ෙ නොනිසි යැ ඈ විසින් වැටහීමක් නොලබන ගතියයි යොවුන් තම නම්.

යෝනේ දුනු = යොවුන් වියේ උපන්. යෝන නම් යොවුන් විය යැ යොවුන් බව යැ යන අරුත්හි වැටෙයි. (යොවුන <යෝන) යොවුන යෝන යන මේ දෙ සැටිය මැ නිසි යැ. යොවුන නම් යොවුන් වයස යැ. මේ සැටියට මැ අනෙක් කල දවස් වලට ද අපට නම් යොදා. ගත හැක්කේයැ. මහලුව; බිලිදුව; යන ඈ සැටියෙනි. එ විටැ මහලුව නම් මහලු කල දවසයි. බිලිඳුව නම් බිලිඳු කල දවසයි.

Ix වදන් සම වැතරෙක

211. තිය වුවන් පියුමුදු පුබුදු සුවඳ යැ කල්බඳ බුමු බමර යුගැ පියුම් වුවන් තිය සසල නුවන්.

පෙල ගැස්ම - කල්බඳ, නිය වුවන දු පියුම් දු පුබුදු යැ, සුවඳ යැ. පියුම් බුමූ බමර යුග යැ; තිය වුවන් සසල නුවන් යුග යැ.

තේරුම - එම්බා පියා ව, හිත් අදනා සිරුරිය, තීගේ මුහුණ හා නෙළුම් මලත් පිපී සිටියේ යැ; සුවඳවත් යැ නෙළුම් මලේ බමන්නා වූ මී මැහි යුවළ වෙති. තී ගේ මුහුණෙහි සල සහිත වූ ඇස් යුවළ වෙයි.

පැහැදුම - මේ පැදිය කියවත් මැ නෙළුම් ම‍ලේත් මුහුණෙත් ඇති බලවත් මැ එක් වැනි බව නිකම් මැ හැඟීය යි.

කිවියා ඒ දෙකෙහි වෙනස් කම් නියාවෙන් සම කම් දක්වන සැටියෙකුත් විටෙකැ හැ‍ඟෙයි. සම කම් නියාවෙන් වෙනස් කම් දක්වන සැටියෙකුත් විටෙකැ හැ‍ඟෙයි. තී ගේ මුහුණත් පියුමත් යන දෙක මැ එක සේ පිපුණේයැ සුවඳ යැ යන කියුමෙන් ඒ දෙක එක් වැනි මැ බව පැවැසිණි.

පියුමේ බමන්නා වූ බමර යුවළ යැ වන්නේ. එහෙත් මුහුණේ කොහි ද බමන්නා වූ බමර යුවළෙක්? එහි බමන්නා වූ නොවැ සසලන්නා වූ; බමර යුවළක් නො වැ නෙත් යුවළෙක් වෙයි. මෙ සේ පැවැසෙන විටැ මුහුණත් නෙළුඹත් අතරැ එක්තරා වෙනස් කමෙක් ඇගෙයි.

නෙළුම් මලේ බමන බමර යුවළෙකි. ඉතින් තී මුහුණේ කිමෙක්ද? හැයි තී මුහුණේත් වන්නේ සසල නුවන් යුවළක්. මෙ සේ සැලටකන විටැ අර වෙනස්තාවත්සමතාවක් ලෙසට මැ ඇ‍ඟෙයි. මෙන්න මේ හෙයින් වදනින් ආසමතාව නිසා වදන් සම වැතිරෙක නම් ලකර ටවටසසට මේ පැදියනිදසුන් වේ. මෙහි සමතාව ඉස්මතු වුණේ හුදක් වදන් යෙදීම අනුවයි.විසමතාව ඇඟුනේත් වදන් යෙදීමේ වෙනස්තාව අනුවයි.

ගැට ලිහුම -

    කල්බද= කල් ගුණයෙන් යුතු හිත් අදනා ගුණයෙන් යුතු,-
    බඳක්- සිරුරක් ඇති හෙයින් අඟන කල්බඳ යැ.- කානත 
   දේහිනී. සකු-

X වැවහර සම වැතිරෙක

  212.     සඳ අඹරැ පස් කැන්
                    සිරි හස් දලැ පළඳනේ
                    සහතර තරු වැළැ යැ ගුවන්
                   පුබුදු කුමුදු සිලිල් විල්

පෙළ ගැස්ම - අඹරැ පස් කැන් සඳ; දලැ පළඳනේ සිරි ගස්

      		ගුවන් සහතර තරු වැළ යැ; විල් සිලිල් පුබුදු කුමුදු යැ.

තේරුම - අහසෙහි කො‍ඬොල් සඳ යැ. දියෙහි පළඳනය උතුම් හසු යැ. අහසැ දිසුනයෙන් යුතු තරු රැස වෙයි.විල් දියෙහි පිපී ගත් කුමුදු වෙයි.

පැහැදුම - හඳත් හසාත් සම වන්නෙ කෙසේ දැයි කිවියා නො පැවැසීයැ. එහෙත් ඒ සම වන වග ලෝ වැවහර පැවැසෙයි.ඒ දෙ පසේ පැහැය සුදුයැ. එ හෙයින් ඒ දෙපස සම වෙයි. පැහැයෙන් තරුත් කුමුදුත් එක් සැටි සුදු නිසා සමාන වන බව ලෝ වැවහර යැ. මෙසේ වැවහර අනුවැ සමතාව ඉස්මතු කළ හෙයින් මේ වනාහි වැවහර සම වැතිරෙක නමි.


ගැට ලිහුම-
    පස්කැන්= කන් පළඳනා කො‍ෙඬොල් වෙසෙසෙකි.පැළැඳි විට
    පැත්තෙන්- අංශයෙන්- දිස්නය දෙන හෙයින් කන් පළඳනාව “පස්

කැන්” යන නම ලබයි. - පසින් පැත්තෙන් කැන් දෙනුටය් පස් කැන් යැ.-

සහතර = දිස්නය සහිත ‘තර’ නම් දිස්නය යැ. තරු වලට ඒ නම

  ඒ නම ලැබෙනුයේ ද ඒවායින් දිස්නය නිකුත් වන හෙයිනි- තරනු 
  යේ යැ තරු නම්-

13. හුදු තොරතුරිනි ‘තිරි-

            යෙන් සිය දැනි ඳු යළ
            වදනින් ආ සම සමග
            සමබව්නි අත්නි ඳු වී.

පෙළ ගැස්ම- හුදු තොරතුරින්, ඉතිරියෙන්, සිය දෑනිඳු යළ වදනින් ආ

     සම සමග, අත්නි ආ සම බව්නි දු වී.

තේරුම - හුදු තොරතුරැ වැතිරෙකැ යැ ඉතිරි වැතිරෙක යැ සියදෑ

     වැතිරෙක යැ යන වැතිරෙකවලින් හා ආයේ වදනින් ආ සමතා
     වැතිරෙක සමග අන් සැටියෙන් ආ -ලෝ වහරින් ආ -සමතා 
     වැතිරෙකින් ද යුතු වූයේ යැ.

පැහැදුම - හුදු තොරතුරු වැතිරෙක, භේද මාත්ර වියතිරේක ය නමින්

     ද, ඉතිරි වැතිරෙක අතිරික්ත වියතිරේක යයන නමින් ද, සිය දෑ
     වැතිරෙක සජාති වියතිරේක ය නමින් ද , වදන් සම වැතිරෙක
     සාදාශ්ය වියතිරේක ය යන ලෙසින් හා වැවහර වැතිරෙක ප්රතීත
     වියතිරේකය යන සැටියෙනුත් සකුයෙහි ඇඳින්විණ. මෙ සකු  
     නම් සකු බසෙහි යම් තරම් සියත් ද හෙළු නම් ද එපමණට මැ
    හෙළුයෙහි සියත් යැ.
          9.   විබහවුන්  කියමන

214. හළ දියැ පතළ හේ

               අයළ හේ බැහැවුමෙන් හො 
               යළ අහේනි හො යෙනුවා
               විබහවුනැ ගෙන් හෙ මෙසේ.

පෙළ ගැස්ම - දිය පතළ හේ හළ, අයළ හේ බැහැවුමෙන් හො යළ

       අහේනි හො යෙනුවා විබහවුන යැ යෙත්. හෙ මෙ සේ.

තේරුම - ලොවේ පතළා වූ මුල් කරුණ හළ විටැ- අත්හළ විටැ-

       අලුත් කරුණු පැවැසීමෙන් හෝ නැවැතැ නොකරුණින් හෝ
       කියන දැය විබහැවුන යයි කියති.ඒ මෙ මෙ සේ යැ.

පැහැදුම - යම් කිසි වගතුගක් තොරතුරක් පල උදාවක් හෝ යම් කිසි

       වැනුම් පවතක් හෝ පවසනවා යැ යි හිනමු. ඒ පවසත් මැ ඒ
       සඳහා හේතු වන අරමුණු වන පවතුන් එයට උදවු ලෙස පැවැසීම
       බොහෝ විටැ සොබාවෙක් නොවැ? ඉතින්, අන්න ඒ මුල් හේතු
      -ලෙවියා අතරැ හොඳට පතළ මුල් හේතු- පසකට දමාපියා යම් 
       කිසි අලුත් මැ හෙතුවක් මතු වන්නට සැලැසීම හෝ කිසි ද හේතු
       වක් මතු නො කැරැ සොබා වැනුම් පවත පමණක් විතර කැරුම 
       හෝ අපි කරමු නම් එය “විබහවුන” නමින් ගැනෙයි.

ගැට ලිහුම -

   අයළ = අලුත්. යළ නොවනුයේ යැ අයළ නම්. යළ සඳ; ආයේ, 
   පැරැණි, නැවැතැ යන අරුත් දෙයි. එ හෙයින් “අයළ” යනු නො
   පැරැණි-අලුත්-අමුතු- ආගන්තුක- යන අරුත් දෙයි.

බැහැවුමෙන් = මෙය පිටපත් කිහිපයෙකැ බහවුතෙන් යැයි පෙනේ.

    ඒ නිදොස් යෙදුමෙක් නොවේ. “බහව”පැවැසීමේ දයයි.එවිටැ 
   බහවුතෙන් යන්නේ අරුත පවසනයෙන් යනුයි.යමෙකින් පවස
   නවා ද එයයි පවසනය නම්. බස හෝ මුව හෝ යැ අරුත. එහෙත්
   මේ පැදිය පතන්නේ එ බඳු හඩු අරුතෙක් ද? පැවැසීමෙත් යැ 
   කියුවා මැ පැදිය පතන නිසි මැ අරුත ලැබෙයි. එහෙනම් වදන 
   “බැහැවුමෙන්” විය යුතුයි.බහවුනෙන් යනු කිසි ද බස් හසරක් නො
   දත් ලියන අප්පුවන් අතින් සිදු වූ කිලිටියෙකි.

අහේනි = නොකරුණින්- අහේතුයෙන් -

යෙනුවා = පවසන වගය -පවසන දැය යැ. පැවැසිමේ දයින් නිපන්

   පවතු බැවිය - ක්රිපයා භාවය - “යෙනු”නම් යැ. වා නම් වගයයි.දැයයි

විබහවුන = වෙසෙසි පවසනය- වෙසෙසි කියමන- යනුයි.අරුත-

   විභාවන. සකු-
යෙත් = පවසත්.
 අමුතු විබහවුන
 
 215.  නොබී මත් තිසර
                 ගෙණෙ‍, නොහමට විමලඹර   
                  නො මෙ පැහැයූ සියුම් තෝ,
                   මනහර වීදිය සියල්.

පෙළ ගැස්ම - නොබී මත් තිසර ගෙනෙ, නොහමට විමල් අඹර, නො

      මෙ පැහැයූ සියුම් තෝ, සියල් දිය මනහර වී.

තේරුම - මී නො බී නමුත් මත් වූ හංස සමූහය ඇති, නොහමදනා ලද

     නමුත් පිරිසුදුඅහස ඇති, නො ම පෑදූ නමුත් සියුම් වූ දිය ඇති 
     සියලු ලොව මනහර වූයේ යැ.

පැහැදුම = මී බිම මත් වීමට ලෝ පතළ හේතුවයි සරා සමයේ දී හස්සු

      මී නො බී නමුක් මක් වූවාහු මෙන් වෙති. පිරිසුදු වීමට නම් 
      හැමැදිය යුතු යැ. යනු පළට කරුණෙකි. එහෙත් සරා සමයේ 
      අහස කිසිවෙක් නොහැමැදියේ යැ. ඒ නමුත් වැහි වලා එකක්
      හෝ නොවූයෙන් අහස ඉතා පිරිසුදු යැ. ඔවු නොහමදනා ලද
      නමුත් අහස එ කලැ ඉතා පිරිසුදු යැ දිය සියුම් වන්නට නම් පෙරා
     බොර හැරැ පැදැවීම කළ යුතු යැ. එහෙත් සරා සමයේ දී ඉබේ මැ
     නො පෙරා මැ නො පදා මැ දිය සියුම් වි යැ. එහෙවු ලොව සරා
     සමයේ දී මනහර වුයේ යැමේ වැනුම පවනේ මත් විමට මුල් 
     හේතුව වළකාපියා මත් බව විදහන ලදි පිරිසුදු වීමට මුල් හේතුව
     බැහැරැ කැරැත් පිරිසුදු බව ඉස්මතු කරන ලද සියුම් බවට මුල් 
     හේතු කරුණු ඈත් කරැ ද සියුම් බව නඟා දක්වන ලදී.මේ මුල් 
     කරුණු වැළැකීම නිසා එයට පිටුබල වන්නා වූ අමුතු කරුණෙක්
     සරා  සමය එළැඹීම වැනි අමුතු කරුනෙක් මනසට නැ‍ුගෙයි.එ
     හෙයින් මේ අමුතු විබහවුන නම් වේ. සකුයෙහි මේ “කාරණාන්ත
     ර විභාවනා”යන නකමින් හැඳන් වේ.

ගැට ලිහුම -

  නොහමට = නො හැමිදියා වූ; හමද දය බස් ආදී ගණයෙහි වර 
      නැගේ.

වස් = වැහැපු:- වට: එදා වට වැස්ස මසකට සෑහේ.

     බස් = බැහැපූ :ා- බට: තොටට බට ඇත්තු ජයට දිය කෙළිය හ.
     හමද =හැමැදැපු:- හමට :- උදේ හමට මිදුල දැනට මැ හැඩි විණ.

නො මෙ පැහැයූ = පෑදීම නො මැ කළා වූ “පහද” දය; පහදා පහදති

   පැහැදී පැහැදූ යන සේ මැ පහයා පහයති පැහැයි යන සේ ද වර
   නැගෙයි.



සොබා විබහවුන

   216.  නො මෙ ඇඳියද- සුනිල්
                   නුවනත; නොනැඟුවද තී 
                   බැම ලේ සුනත; ලවනත
                   පිළි නොරැඳිය ද රත් වි

පෙළ ගැස්ම = කී නුවනත නො මෙ ඇඳිය ද සුනිල්;බැම ලේ නො

     නැඟුව ද සුනත; පිළි, නොරැඳිය ද ලවනත රත් වී.

තේරුම = තී‍ ගේ ඇස අඳුන් ගෑම නොකළ නමුත් මනා නිල් වන් යැ.

     බැම රොද නඟාලා නොදැක්වූ නමුත් මනා සේ නැමුණේ යැ ඔවු.
     ආයේ කියනවා නම්, ලා රස නොගැල්වූ නමුත් තොල රතු වූයේ 
     යි.

පැහැදුම = මේ සොබා විබහවුනයි. ඇයගේ ඇස සොබායෙන් මැ නිල්

     වන් යැ. නිල් වන් වැ පෙනිමට හේතු වන අමුතු අඳුන් ගැල්විමක්
     නො කළද ඇය ඇස සොබා නිල් වන් යැ. බොහෝ අඟනන් ගේ
      බැම නැමිසිටි වග දිසි වන්නේ එය පැහැ ගල්වා නඟා දැක්වූ විටැ
      යි. එහෙත් සොබායෙන් මැ ඇය ගේ ඇස් බැම නැමිණ අමුතු 
      නැඟිමක් නොවුණ ද ඒ බැම සොබායෙන් මැ නැමිණ. ලතුයෙන්
      තොල රතු කැරැ ගැන්ම අමුතු කමෙකි. තොල් රතු වැ දිසි වන්න
      ට බොහෝ විටැ හෙය වනු යේ ඔය ලතු ගැල්වීමයි. ඇය ගේ
      තොල ලතු නොගැල්වුණ නමුත් සොබායෙන් මැ රතු යැ. මෙසේ
      ඇස් නිල් වන් වැ දිසි වීමට, බැම නැමී දිසි වීමට, තොල රතු වැ 
      දිසි විමට , හේතු වු අමුතු කරුණු වළකාපියා සොබා කරුණු ඉස්
      මතු කළ හෙයින් යැ මෙ සොබා විබහවුන නම් ටන්නේ.

ගැට ලිහුම

  නුවනත = නුවන මැ නුවනත් නම් (ඇස) සියරුත් නමුයි.තමු ඇඳිය
  ක් ඈඳීමෙන් පසුත් මුල් අදහස නො වෙනස් වනුයේ සියරුත් තමු
  නමින් ගැනේ.
            වෙරළ මැ වෙරළස් යැ,
            මුහුළ මැ මුහුළස් යැ, 
            වරල මැ වරලස් යැ,   
            නෙත මැ නෙතත් යැ, 
            හද මැ හදත් යැ.
   එ මෙන් නුවන මැයි නුවනත් නම්.

සුනත = මනා සේ නැමුණු,

නො රැඳිය ද = පැහැය නොගැල්වුණ ද, රෙදි ; පෙරෙදි; තොල් ,

    අතුල්, පතුල්;  ඇ‍ෙඟෙහි පැහැ ගැල්විම යැ රැඳිම නම්. ‘රඳ’ 
    යනු යි මෙහි දය (ධාතුව).

පල විබහවුන

217.  තී මෙ වුවන් නිසග
              සුවඳ යැ; පියෙවි රූ සිරු
              බඳ; නිකරුණැ රැපු දු සඳ
              වියත් මෙ පල විබහවුන්.

පෙළගැස්ම = තී මෙ වුවන් නිසඟ සුවඳ යැ; බඳ පියෙවි රැ සිරැ; සඳ

නිකරැණු රුපු දු වියත් මේ පල විබහවුන්. 

තේරුම = ති ගේ මේ මුහුණ සොබායෙන් මැ සුවඳයි; සිරුර පියෙවි

     යෙන් මැ රෑ සිරැ යි; හඳ නිකරුණේ හතුරුයි ද කියත හොත් මේ
     පල විබහවුන් වෙයි.

පැහැදුම = පල විබහවුනේ දී මුල් කරුණ වළකා අමුතු අලුත් කරුණ

     ක් හෝ සොබාවක් හෝ ඉස්මතු කිරිමක් නොසිදු වේ.මුළුමනින්
     මැ කරුණ වළකාපියා පලය පමණක් ඉස්මතු කිරීමයි එහි දී සිදු
     වන්නේ.
            “තී ගේ මේ මුහුණ සොබායෙන් මැ සුවඳයි.” යන කියමනේ
     දී සොබායෙන් යන වදන යෙදීම නිසා මුහුණ සුවඳවත් වීම 
     පිළිබඳ හෙය වැළැකෙයි මුහුණ සුවඳවත් යැ යන පලය පමණක්
     මෙහි දී ඉස්මතු වෙයි. ඒ මිස කවර කරුණක් නිසා මුහුණ සුවඳව
     ත් ද යන ගැටළුවෙක් නො නැ‍ෙඟේ අන්න හරි දැන් ඔබට 
     වැටහෙන්න ඇති පල විබහවුන නම් කිමෙක් දැයි යන වග, 
     එහෙම නොවැ?


  			 10 .සමස් කියමන

218. වතක් යම් කියැටි වැ එ මෙ වත් වැනි අන් වතක් පුවසත් යකෙව් රූනෙක් සමයැයි කියත් මෙසේ

පෙළ ගැස්ම = යම් වතක් කියැ අටි වැ, එ වත් මෙවැනි අන් චතක් පුවසත්; සකෙව් රූනෙන් සමත් යැ කියත් හේ මේස්.

තේරුම = යම් කිසි පවතක් කියනු කැමැති වැ (හරියට) ඒ පවත මැ වැනි වූ අන් පවතක් පවසත් හෝ කෙටියෙන් පෑමේ මුණිවර නිසා සමස් යැයි කියති. ඒ මේ හැටියි.


පැහැදුම = යම් කිසි පවසක් ගැන කරැණු පවසන්නට යැ ක්වියා. අර අඳින්නේ.එහෙයින් ඒ පවතින් වදන් මතක් හෝ ඔහුගේ මුවින් නො නික්මෙයි. හැබැයි ඒ පවත හා මුළු මනින් මැ එක් වැනි වෙන පවතක් හේ ඒ සඳහා සිත්තම් කෙරෙයි. ඔහුගේ ඒ කිවි සිත්තම් කෙරෙයි. ඔහුගේ ඒ කිවි සිත්තම දුටු අයට එක එල්ලේ මැ අරමුණු වන්නේ කිවියා විසින් වසන් කළ පවත මැයි. මේ කියුම් පිළිවෙළේදී ඇත්තෙන් මැ දිසි වනුයේ උවම පමණෙකි. උවැමිය මනසට අරමුණු වෙනවා මිසැ එය කිවියා ගෙන් නො පැවසෙයි. එ හෙයින් මෙය එක්තරා කෙටි කිරීමෙකි. අන්න ඒ කෙවි කිරීමේ අරුත තකාගෙනැ මේ ලකර “සමස්” නමින් හැඳින්වේ. සමස් ලකර එක්තරා ඉඟි වෙසෙසකි. මුල් පවත නො පවසා එබඳු අන් පවතක් ඉදිරිපත් කොටැ ඉඟියෙන් මුල් පවත මනසට ගැන්වෙන හෙයිනි. ගැට ලිහුම

වතක් = පවතක්, විත්තියක් (වස්තුවක්) කියටි වැ = කිය අටි වැ; කියනු කැමති වැ සකෙවි = කෙටි, සකවනු ලැබුයේ සකෙවි නම් සකව (හකව) දය හැකුළුම් අරුතේ යෙදෙයි.

(සකැවි>සකෙවි)

සමස් = මැසුම් සහිත වූයේ යැ සමත් නම්. මස් නම් මැසීමයි; ගැළැපීමයි; පිඬු කිරිමයි; විසිරෙන්නට ඉඩ නො දී එක් කිරීමයි.

219. බොමින් මී රිසි සේ බමර සුපුල් පියුම්හි පිය ගඳ නොපත් කල්හි දු බල එළැඹේ නව මුහුලු

පෙළ ගැස්ම - බමර සුපුල් පියුම්හි මී රිසි සේ බොමින් පිය ගඳ නොපන් කල්හි දු නව මුහුලු එළැඹේ. බල!

තේරුම - බමර තෙමේ මනා වැ පිපිණු නෙළුම් වලැ මී කැමැති හැටියෙන් බොමින් මැ සුවඳ (තව මැ) නොපැමිණි කලැ දීත් අලුත් මොට්ටුවලට ළං වෙයි; බලාපියව.

පැහැදුම - කිවියා මෙහි දී යස ඉහි මැරීමක් කරයි. මුව කොනෙකින් සිනාවක් ද ඇස් කොනෙකින් උවහැසි බැල්මක් ද ලමින් යැ ඒ ඉඟි මැරීම කරන්නේ කෙසේ ද එය අපට ඇඟෙන්නේ! අර බල යන වදනින් හුහ් බලව බමරා හොඳට පිපුණු නෙළුම් මල්වල පැණියෙන් ජයට සැනැහෙයි. සෑහීමෙක් ! තව මැ පිපෙන්නට ළං වත් නො වුණු එ හෙයින් සුවඳ බිඳක් වත් නැති මොට්ටුවලටත් ඒ අතර මැ ඌ වහන හැටි! කිවියා මේ දැක්වූයේ උවම පමණ යි. මේ හා සබඳ උවැමිය කිවියා ගේ බලව යන ඉහි පෙරටු කියමනින් මැ හැඟීයෙ යි. කිමෙක්ද යැ අහුවා! හැයි වැටහුණේ නැදිද? සලෙළා හොඳ හොඳ තුරුණු වියින්ගේ රස පහස් හරි ජයට විඳිමිනුත් තව මැ මල් වර නොවූ බොළඳ කෙල්ලන් වෙතත් ඇදෙන වග නොවැ මේ ඇඟැවූයේ?

මෙසේ මුල් කියමන් මේ පසු වැ ඇඟෙන ඉඟියට මනා වැ ගැළැපෙයි. ඒ ගැළැපිල්ලෙන් මැ තමා ඉඟියේ අරුත හොඳින් වැටැහෙන්නේ. මෙ බඳු කියුම් කවි බසේ පමණෙක් නො වේ; ගැමි බසේත් කො තෙකුත් වෙයි.

ගැට ලිහුම

පිය ගඳ = මිහිරි ගඳ (සුවඳ). මේ වදනේ වූ උණුහුම් කිති කැවීම නිසා ඉඟි යන කියමන ඉබේ මැ මනසේ සිත්තම් වෙයි. නව මුහුලු = අලුත් මොට්ටු


219. වළඳමන ඇතියා

			මින් පුවළඟන අතුරේ

හැඟේ බඳ අදහස් නුගි සරතර කුමරිය කෙරේ

පෙළ ගැස්ම - මින්, පුවළඟන අතුරේ වළදමන ඇතියා සරතර කුමරිය කෙරේ බඳ නුගි අදහස් හැඟේ.

තේරුම - මෙයින්, එඩිතර ගැහැනුන් අතුරේ වළඳමන් (වැළැඳීම්) ඇති තැනැත්තා සොඳුරු මැ කුමරිය කෙරෙහි බඳනා ලද එකඟ අදහස හැඟීය යි.

ගැට ලිහුම

වළඳමන = වැළැඳීම්; බුත්ති විඳීම් යන අරුත දෙයි. වළඳමන යනු පවතු නමුවෙකි. ලියමන, කියමන, පිසමන, ඈ තැන් විමසන්නැ. සමහරු මෙය වළඳ මන යැයි දෙ කඩ කොටැගෙනැ වැළැඳුම් අදහස් යැයි උමතු දෙඩති.

සරතර = බොහෝ මැ ලස්සන; හොඳ සො ඳුරු. නුගි = එකඟ; පැත්තකට ඇදුණු; ළබැඳි.

220. නුබුන් වෙසෙස්නෙක් බුන් නුබුන් වෙසෙස්නෙක් නුවූ විරී වෙසෙසුනෙකැ තුනෙකැතැ; පිළි මෙ නිදසුන්

පෙළ ගැස්ම - නුබුන් වෙසෙසුන් එක්; බුන් නුබුන් වෙසෙසුන් එක්; නුවූ විරි වෙසෙසුන් එක් යැ තුනෙක් ඇති යැ, පිළි මෙ නිදසුන්.

තේරුම - නො වෙනස් වෙසෙසුන නම් එක් සමස් ලකරෙකැ, වෙනස් නොවෙනස් වෙසෙසුන නම් එක් සමස් ලකරෙකැ, නො වූ විරි වෙසෙසුන නම් එක් සමස් ලකරෙකැයි තුන් වගයෙක් ඇති. යළි මේ වනාහි (එයට) නිදසුන් යැ.

පැහැදුම - සමස් ලකර තුන් වගයකට බෙදේ. නො වෙනස් වෙසෙසුන, වෙනස් නොවෙනස් වෙසෙසුන, නුවූ විරූ වෙසෙසුන යන සැටියෙන්.


ගැට ලිහුම -

නුබුන් වෙසෙස්න = නොබිඳුණා වූ වෙසෙසුන (අභින්ත විශේෂණය) බුන් නුබුන් වෙසෙස්න = බිඳීගියා වූ සැටියෙනුත් යුතු නොබිඳුණු වෙසෙසුන (භින්නා භින්න විශේෂණය)

I නොවෙනස් වෙසෙසුන් සමස

221. මුලෙරුණ මහරු රුක් මුළු කල් සියල් පුස්නා පල රැස්නි ගන සේ මේ පිළි ලදිම‘ද විදි බෙලෙන්

පෙළ ගැස්ම = පල රැසින් මුළු කලු සියල් පුස්නා; ගන සේ මුල් එරුණු මේ මහරු රුක් විදි බෙලෙන් අද පිළිලඳිමි.

තේරුම = පල සමූහයෙන් මුළු කල්හි මැ සියල්ලන් රක්නා වූ; ගන සේයාව ඇති, මුල් කිඳා බටුවා වූ මේ උතුම් රුක වාසනාබලයෙන් අද පිළිලැබුයෙමි (කෙනකු නිසා ලබා ගතිමි.)

පැහැදුම - මේ ගස පිළිබඳ වැ කරන විතරෙන් මහ බලවත් දනවත් නොමසුරු උතුමකු සිහියට නංගයි. ගසටත් උතුම් දනවතාටත් යන දෙපසට මැ මෙහි වූ වෙසෙසුන් නොවෙනස් වැ ගැළැපෙයි.

ගස පල රැසින් හැම කල් හිමැ සියල්ලන් රකියි. දනවතා දන රැසින් හැම කල්හි මැ සියල්ලන් රකියි. ගසින් ගන සේයාව ලැබෙයි දනවතාගෙන් රකවරනය ඉඳුම් හිටුම් හේම ලැබෙයි ගස මුල් කිඳා බැසැ තිර වැ පිහිටියේ යි. මෙ‍ සේ දෙ පසට මැ වෙසෙසුන් නො වෙනස් හෙයින් මේ නොවෙනස් වෙසෙසුන් සමස් ලකර නම් යැ.

ගැට ලිහුම

මුළු කල් = සියලු කලැ. මුළුමනින් හිත් අදනා යන අරුත ද දෙයි. පිළිලදිමි = කෙනෙකු ගේ උදවුයෙන් ලැබීම පිළිලැබිමයි. කෙනෙකු ගේ උදවුයෙන් ගැනීම පිළිගැනීම යි.

සඟනට බත් හැන්දක් පිළිගන්වනවා යැයි හිතමු. පළමු වැ අගන සැළියෙන් බත් සැන්දක් ගනියි. ඉක්බිති ඕ තෝමෝ ඒ බත් සැන්ද යළි සඟුන් ගන්වයි. (ආයේ සඟුන් හට ගන්නට සලස්වයි.) මෙසේ මුලින් මැ තමන් මැ නො ගෙනැ අනුන් අතින් ආයේ ගැන්මක් කිරීම තමා පිළිගැන්ම නම්, පිළිගන්, පිළිලබ යන දෙ පවතුයේ මැ අරුත් මේ තයින් සලකන්නැ.

Ii වෙනස් නොවෙනස් වෙසෙසුන් සමය

228. පල මල්නි සුලකළ වතළ දද පෙළ බිඟු මුළු ගන සේ; සතප්න සියල් තහවුරු තුරැසිරැ වෙසෙම්.

පෙළ ගැස්ම - පල මල්නි සුලකළ; දද පෙළ බිඟු මුළු වතළ; ගන සේ සියල් සතප්න තහවුරු තුරු ඇසිරැ වෙසෙම්.

තේරුම - පලයෙන් මා මලිනුත් සැරැහුණා වූ; කුරුලු රෑනත් මී මැහි ගොන්නත් වැතිරුණු; ගන සේයාව ඇති සියල්ලන් සතපන තිර වූ ගස ඇසුරැ කැරැ වෙසෙමි.

පැහැදුම - මෙහි තිර වූ ගස යන්නෙන් එබඳු මහ දනවතෙක් හැගැවෙයි. පල මල්නි සුලකළ, ගන සේ සියල් සතප්න තහවුරු යන වෙසෙසුන් ඒ මහ ගසටද දන හෙටුවාට ද එක සේ ගැළැපෙයි. එහෙත් “දද පෙළ බිඟු මුළු වතළ” යන්න දන හෙටුවා ගැනැ එ තරම් ගැළැපිමෙක් නැති. දද පෙළ වතළ යන්න සමහර විටැ මඳක් සීහෙයි බමුණු දුගියන් ගැනැ හිතාමතා බැලූ විටැ. එහෙත් බිඟු මුළු යන්නෙන් මී මැහි රොද හැඟැවෙයි; එ තැන හොත් සලෙළ රෑන හැඟැවෙයි. ඒ නිසා දන හෙටු පසට එයින් වැඩෙක් නැති. මෙ සේ වෙනස් නො වෙනස් වෙසෙසුන් දෙ වගයෙන් මැ යුතු හෙයින් යැ මේ සමස් ලකරට ඒ නම.

ගැට ලිහුම-

සුලකළ = මනා සේ සැරැහුණු (අලංකාර) “ලකර” යනුයි මෙහි පවතුව (ධාතුව) දද පෙළ = දෙ වරක් උපදිනුයේ නු යි දද නම් බමුණු, කුරුලු, යන අරුත් දෙයි. බමුණා උපනයනය නිසා දෙ වන වරැ උපන් එකකු සේ (උපනයනයෙන් පසු අමුතුයෙන් මැ ආයේ උපන්නකු සේ) සැලැකේ. කුරුල්ලාගේ දෙවන වරැ උපත පළට නොවැ?

Iii නොවූ විරී වෙසෙසුන් සමස.

224. නැවැනි බුජග සසග නිසග පියුරු රස සමග කලෙක්නි සල වියෝ; හා වියැළිණ මේ මහ මුහුදු!

පෙළ ගැස්ම - බුජඟ සසග නැවැති, නිසග මියුරු රස සමඟ; සල වියෝ මේ මහ මුහුදු හා, වියැළිණ.

තේරුම - උරගුන් නොහොත් සලෙළන් හා සමඟ යහළු කම් නැවතුණා වූ (උරගුන් නොහොත් සලෙළන් ඇසුරු නොකළා වූ) සොබාවෙන් මැ මිහිරි රසයෙන් යුතු නොහොත් සොබාවෙන් මැ මිහිරි ජලයෙන් යුතු සල ගතියෙන් වෙන්වුණා වූ මේ මහ මුහුද, අහෝ වියැළිණ. පැහැදුම - අහෝ මේ මහ මුහුද වියැළිණ. ඒ පුදුම, නොවූ විරූ මුහුදෙකි. මුහුද කිසි කලැ වියළේ යැ. එහෙත් මේ මහ මුහුදු වියැළිණ. ඔබ අසා ඇත්තේ උරගුන්ගේ නිවෙස් වූ මුහුදු ගැනැ නේද? ඒත් අනේ මේ මුහුදේ උරඟු නැති. ඔබ දැකැ ඇති මහ මුහුදේ දිය මිහිරි ද?

නෑ නෑ කර රසයි. ඒත් දෙවියනේ, මේ මුහුද හොඳ මියුරු දියෙන් යුතුයි. ඔබ දැකැ ඇති මුහුදේ දිය නිසල ද? කවර බොරු ද ? හැම විටැම රළ ගෙඩි නොවැ? ඒත් මේ මහ මුහුදේ කිසි ද සල බවෙක් නැ. ඉතින්! අයියෝ ඉතින් එහෙවු මුහුද කල් ගෙවීමෙකින් වියළී ගියේ යැ. මෙ සේ මුහුද පැත්තට කිසි සේත් නොගැළැපෙන; මුහුදු පසෙහි නොවූ විරූ වෙසෙසුන් යෙදුණු නිසා මේ නොවූ විරූ වෙසෙසුන් සමස් ලකර නමි. හැබැයි; මේ වෙසෙසුන් ඉඟිය කවන පසට නම් හොඳට යෙදෙයි. අනේ ඒ උතුමා මළේ යැ. හේ හොරුන් සලෙළුන් වැනියන් ඇසුරු නොකළ කෙනෙකි. සොබායෙන් මැ මිහිරි රසයෙන් (මිහිරි ගුණයෙන්) යුත් කෙනෙකි. හොඳ තිර පැවැතුම් ඇත්තෙකි. සෑහෙන වයසක් ගෙවෙන තුරු ලොවේ විසුවෙකි. මෙ සේ ඒ පසට ගැළැපෙන හෙයින් ලකරට හානියෙක් නොසිදු විණ.

ගැට ලිහුම

බුජඟ = සලෙළෝ යැ = සලෙළෝ යැ, උරඟු යන අරුත් දෙයි. සසඟ = ඇසුර සග නම් මිතුරු යැ. මිතුරු කම සහිත වූයේ යැ සසඟ නම්.(සංසර්ග, සකු) කලෙක්නි = කල් ගෙවීමෙන්. (මෙයට මරහු විසින් යැයි එකෙක් අරුත් බෙණෙයි. ඒ අරුත් බිණිම මුළු මනින් මැ සදෙසි.)


225. යහ හිමි ලබ විඳුම් නොබුන් වෙසෙස්නෙන්, බුන් නොබුන් හැඟේ පැසළු කී හෙයින් මරනබු වෙසෙස්න.

පෙළ ගැස්ම - නොබුන් වෙසෙස්නෙන්, බුන් නොබුන් වෙසෙස්නෙන් යහ හිමි ලබ විඳුම් හැගේ. පැසුළු කී අබු වෙසෙස්න හෙයින් මරන හැඟේ.

තේරුම - (මුලින් කී) නොවෙනස් වෙසෙසුනෙන් හා වෙනස් නොවෙනස් වෙසෙසුනෙන්ද යහපත් හිමි කෙනෙකුන් ගේ ලැබුම් විඳුමෙක් හැඟෙයි. පසු වැ කී නො වූ විරූ වෙසෙසුනෙන් (එ බන්දකුගේ) මරනය හැඟෙයි.

ගැට ලිහුම -

පැසළු - ඉක්බිති;(පසු වැ) වෙසෙස්න හෙයින් = වෙසෙසුන හෙයින්, (වෙසෙසුන නිසා)


11. අතිසය කියමන

226. කියනු පවසින් යම් වෙසෙසක්හු ලෝ වැටුමන් ඉක්මැවෙ, ලකර අතිසය කියුම් නම් හේ මේ ගින්

පෙළ ගැස්ම - යම් වෙසෙසක්හු කියනු පවසින් ලෝ වැටුමන් ඉක්මැවෙ? එ ලකර අතිසය කියුම් නම් හේ මෙ ගින්

තේරුම - යම්කිසි අමුත්තක් කීමේ බලවත් කැමැත්තෙන් ලෝ පැවැතුම් (ලෝ සෝබාව) ඉක්මැවේද? ඒ ලකර අතිසය කියුම් නමි. හේ වනාහි මේ සැටි යැ.

පැහැදුම - යම් තතුවක් පවතක් පිළිබඳ වැ කිවියාගේ බලවත් රිස්ස ඒ තතුව ඒ පවත ලෝ සෝබාව පවා ඉක්මවාපියා වැනුම් කරන්නට; නඟා දක්වන්නට කිවියා සැරැසෙයි. අන්න එ බඳු වැනුම් පවත් අතිසය ලකර නම් වගයට වැටේ. සොබාහුරු කියමනට බොහෝ දෙනා රිසියි. එය හැබෑව. එහෙත් සොබා හුරු කියුමේ පවා රසය ඉස්මතු කරනු සඳහා අතිසය ලකර උදවු වෙයි.

එහෙත් අපේ බොහෝ කිවියෝ ඉස්සර කලැ දී සිටැ මැ අතිසය ලකරින් නොනිසි පල ගත්හ. රජුන් හෙටුවන් සොම්නස් කිරීම සඳහාත් ගැහැනුන්ගේ හිත් ගැන්ම සදහාත් අතිසය ලකර නොනිසි සේ යෙදූ හ. ඔයින් මෙයින් ලොවට එය තිත්ත වන තැන‍ට කරුණු සැලැසුණා පමණක් නොවැ, කිවි කියමන වනාහි බොරු පුරසාරමෙකැයි ලෙවියා ගේ මනස් පතුළට මැ කිඳා බසින තරමට මැ කරුණු යෙදිණ. ඒ නිසා මැ යැ වැඩි වැනුමට “කයිවාරුව”(කවි වහරුව - කිවියන්ගේ වැවහර) යන සෙයින් නිගා වදන් පවා බිහිවුණේ.

ගැට ලිහුම -

පවස = බලවත් රිසිය ලෝ වැටුම = ලෝ පැවැත්ම; ලෝ සොබාව ඉක්මැවීම = ඉම පැන්නීම. ඉකුම් යනුයි මෙහි දය.

227. අලෙවුණු සඳුනලෙවු මලිගිය මල් බර වරල් සෙ දුහුල් හන් බිසරුවෝ සිසි රස්හි නොපෙනෙනුවෝ

පෙළ ගැස්ම - සඳුන් අලෙවු අලෙවුණු; වරල් මලිගිය මල් බර; සෙ දුහුල් හන් අබිසරුවෝ සිසි රස්හි නො පෙනෙනුවෝ.


තේරුම - සඳුන් විලෙවුන් තැවැරීම කරුණාවූ, වරලස මලිගිය මලින් බරවුණා වූ; සුදු සිහින් පිළී ඇඳැගත් අබිසරුවෝ හඳ එළියේ දී නොපෙනෙන්නෝ යැ.

පැහැදුම - මේ අතිසය කියුමෙකි; හෙවත් වැඩිමනත් වැනුමෙකි. ඇඟේ සුදු හඳුන් මඩ තවරාගත් නිසා අබිසරුවන්ගේ ඇඟ මුළුමනින් මැ සුදු යැ. වරලසත්සුදු යැ. ඒ පැහැණු නිසාද? නෑ නෑ. මලිගිය මල් වරලස පුරා පැළැඳැගත් හෙයිනි ඒ විතරෙකැ? ඌ තුමූ හොඳ සුදු සිහින් පීළී ඇඳැගත්තාහුයි. ඉතින් එහෙවු අබිසරුවෝ සඳ එළියේ ගමන් කෙරෙති. හඳ එළියත් සුදු මැ සුදු නොවැ? සුදේ දී සුද හරියට පෙනෙනවා යැ? ඒ හෙයින් අර අබසරුවන් ගෙන් කරවරක් හෝ කිසි ලෙසකින් හෝ නො පෙනෙයි.

කෙසේ යැ කිවියාගේ වැනුම? හරියට සුදු හඳුන් අලෙවුන වගේ; මිලිගිය මල් වගේ, සුදු දුහුල් වගේ මැ හඳ එළියත් පැවැති බව කිවියා මේ වැනූ සැටියි. සරා සඳ පහනේ සොබා සොඳුරු බව කිවායා මේ ඉස්මතු කැරැ දැක්වූ සැටියි. එහෙත් කො තරම් සුදු දෙයක් වුව ද හැයි හඳ එළියේ දී නොපෙනෙන්නේ? ජයට පෙනෙයි. එ හෙයින් මේ අතිසය කියමනෙකි.

ගැට ලිහුම

අලෙවුණු = තැවැරුණු සඳුන් අලෙවු = සඳුන් කළල්. සුදු සඳුනින් පිළියෙළ කැරැගත් අලෙවුන් යැ මේ. (අ‍ාගල්පන) මලිගිය මල් = මාලතා මල් (සත් පෙති දෑසමන් මලිගිය නමින් ගැනේ.)

වරල් = ලිහාහළ කෙස් වැටි. (ඔම්මිල්ල) බිසරුවෝ = අබිසරුවෝ. (රහසේ සරන්නෝ) රෑ හොර රහසේ පෙම්වතුන් සොයා යන අඟනෝත්, පෙම්වතියන් සොයා යන පිරිමිත්, අබිසරු නමින් ගැනෙති. මේ පැදියේදී තකහනියක් මැ අබිසරු නමින් ගැනුණෝ අබිසරු ලියෝ යැ. ඌ තුමූ පෙමිවතුන් දුන් සලකුණු අනුවැ උන් සොයා යෙති.

සෙ දුහුල් = සුදු පට පිළි සිනිඳු සිහින් පිළිය දුහුල් නමි.

227. සැකින් නිරනින් මේ ලකර වේ අන් සෙයිනුදු වදන වරා සුරැජරා පිළිබන් ලැබෙ කියත් යුත්.

පෙළ ගැස්ම - සැකින්, නිරනින් අත් සෙයිනුදු මේ ලකර වේ. වදන වරා සුරැජනා පිළිබන් ලැබැ කියත් යුත්.

තේරුම - සැක හැඟුමෙන්, නිර හැඟුමනේ හා තව අන් සැටියෙනුත් මේ ලකර වෙසෙස වෙයි. වදනට උතුමා වූ දෙව් ඇදුරා ගේ සිහි නුවණ ලැබැ ඒ කියත් හොත් මැනැවි.

ගැට ලිහුම

නිරනින් = තිර හැඟුමෙන්. (නීර්ණ. සකු) පිළිබන් = වැටැහීම, සිහි නුවණ ලැබෙ‘කියත් යුත් = ලැබැ එ කියත් යුත්. ලබා ඒ කියත් හොත් මැනැවි.


I සැක අතිසය

228. පියොවුරු බර දුවන් බර මැදෙහි තී කල්බඳ තුනු ඇතැ හො නැතැ හෝ වී සැක නො වැළකේ මෙ තමා

පෙළ ගැස්ම - කල්බඳ, තී පියොවුරු බර දුවන් බර මැදෙහි තුනු ඇතැ හෝ නැතැ හෝ වී මෙ තමා සැක නො වැළකේ.

තේරුම - ලස්සන සිරුරුවිය, තී ‍ෙග් මහත් පියොවුරටත් මහත් උකුළටත් මැද්දෙහි සිරුර ඇති ද හෝ නැති ද හෝ කියා මේ මගේ සැකය වළකින්නේ නැති.

පැහැදුම - සැකය කොයි තරම් බලවත් වැ ඉඳී වැවීගොස් ඇද්ද යන වග මේ පැදිය පැහැදිලි කරයි. එහෙයින් යැ ඒ සැක අතිසය කියමනට නිදසුන් වන්නේ. ඒ සැකය බලවත් වන්න වන්න ඉඟ පෙදෙසේ සිහින් බවත් කොතෙකුත් වැඩි වෙයි. ඒ සිහින් බවේ ඉමක් කොනක් නැති වග සිත්තම් කැරැ පෑමයි මෙයින් සුදු වන්නේත් ඒ අතරැ මැ තවත් අමුත්තක් පැනනැඟෙන සේ යැ.

ඉඟ පෙදෙස් සිහින් බව කිවි සිත්තමින් ඇඟෙන්න ඇඟෙන්න තන පෙදෙසේත් උකුළු පෙදෙසේත් විසල් බව බලවත් වැ මැ වඩවඩාලා මැ ඇඟෙන්නට වෙයි.

ගැට ලිහුම

දුවන් = උකුළ (ජඝන) ඇතෑ හො = ඇති යැ හෝ; ඇති ද හෝ. නැතැ හෝ වි = නැති යැ හෝ වී; නැතිද හෝ කියා.

Ii නිරන අතිසය

230. ඇතැ වී යත් සුබද

			තුනු මැද තී රුසිරුබඳ

ඉදි‘නෙ නැත කිම ද මෙ සේ තනන තන සිටුමට වත්?

පෙළ ගැස්ම - රුසිරුබඳ, තී තුනු මැද ඇතැ වී යත් සුබඳ ඉදින් එ තැන මෙ සේ තනන තන සිටුමට වත් කිමද?

තේරුම - ලස්සන සිරුරුවිය, තී‍ ගේ ඉඟටිය හරිය ඇතැයි කියත් හොත් ඉතා මැනැවී. යම් හෙයකින් ඒ නැත හොත් මේ හැටියට වෙවුලන පියොවුරු රඳා- සිටුමට වත (වස්තුව) කවරේද?

පැහැදුම - හහ්! අනේ ඇයට ඉඟ පෙදෙසක් නැති හැටි! ඇහැට පෙනෙන්නට නම් ඉඟටියෙක් ඇයට නැති! ඇය‍ෙ ග් පියොවුරුබලවත් සේ වෙවුලයි. බලව බලව ඒ පියොවුරු වෙවුලන හැටි. හුහ් ඒ දෙ තන නටන නැටුම තමා නැටුම ! හෝ හරි හරි ! ඇත්තෙන් මැ ඇයට ඉඟටියක් තිබේ. එහි සැකයෙක් නැති. ඔවු; ඉඟටියක් ඇයට නැත්නම් ඔය හැටියට නටන වෙවුලන ඔය දඟකාර තන කො හි ද රඳා පවත්නේ? ඒක නොවේ නම්? සත්තට මැ ඇයට ඉඟටියක් තිබෙනවා මැයි.

මේ අතිසය කියමෙනකි. කිවියා මෙයින් සිත්තම් කළ අදහස කිමෙක්ද? ඒ අඟන ගේ ඉඟ පෙදෙස ඇහැට පෙනෙන නොපෙනෙන තරමට මැ සිහින් කැරැ දැක්වීමයි කිවියා මුළුමනින් මැ අදහස් කළේ. “පෙනෙන පෙනුමට නම් ඇයට ඉඟටියක් නැති. එහෙත් තනන පියොවුරු රඳා පවතින්නේ කෙසේද ඉඟටියෙක් නැත්නම්.? ඒ නිසා ඇයට ඉඟටියක් ඇත්තට මැ තිබේ මෙ සේ බලවත් වැ නිනවුවට බට හෙයින් මේ නිරන අතිසය කියමන නමින් ගැනේ.”

ගැට ලිහුම

සුබද = ඉතා මැනැවි. ඉතා සොඳුරු (සුභද්ර- සකු) තුනු මැද = සිරුරු මැඳ (ඉඟටිය) ඉඟෙටියෙහි සිහින් බව ගැහැනු සිරුරට හොඳ කඩ වැස්ම හඟවන ලකුණෙකි.

Iii ඇසුරු අතිසය

231. අහෝ අසැකි යැ තා යස රැස් මනත් යම් සේ මෙනේ මේ තුන් ලෝ කුස් මිහිපල් විසල්නි තමා.

පෙළ ගැස්ම - මිහිපල්, තා යස රැස් යම් සේ මනත් අගෝ අසැකි යැ. මේ තුන් ලෝ කුස් තමා විසල්නි මෙනේ.

තේරුම - රජ, ඔබ ගේ යසස් සමූහය යම් සේ මනත් හොත් අපොයි නොහැකියි. මේ තුන් ලෝ ගබ තමාගේ විසල් කමේ මිම්මෙන් (එය) මනින්නේ යැ.

පැහැදුම - මහරජ ඔබගේ යසස් සමූහය මිනි යැ නොහැකියි. එය එතරම් මැ විසල් යැ. මේ තුන් ලෝ ගබ තමා ගේ විසල් කම මිම්මක් සේ පිළියෙළ කොටැගෙනැ ඒ මිම්මෙන් ඔබ ගේ යසස් සමූහය මනියි.

මෙහි යසස් සමුහය ඉතා විසල් බව හැගැවුණේ එය මිනුමට උදවු වූ මිම්මේ විසල් කම අනුවැසි ඒ නිසා මෙ ම ඇසුරු (උදවු) අනිසය කියමන නමි. මේ පිළිබඳ වැ දංඩීන්ගේ නිදසුන මෙයට වඩා පැහැදිලි ගුණයෙන් යුතු යැ.

අහෝ විශාලං භූපාල භුවනත්රිතයෝදරම් මාති මැතුමශක්යෝපි යශෝ රාශියදත්රතේ

අසිරිය තිලෝ කුස විසල් වන්නේ යැ මිහිපල් යම් සේ මොබැ මනනු බැරි මනනුයෙ ද ඔබ යස රැස

මේ දංඩීන් කුමක් කී නිසා ද? මහ රජිඳ අහෝ පුදුමයි. මේ තුන්ලෝ ගබ ඉතා විසල් යැ. හැයි මා එ සේ හිත ගත්තේ? මේ ලොවේ තුළැ දී කවර උවහරනයෙකින් හෝ මනින්නට බැරි ඔබ ගේ යසස් සමූහය මේ තුන් ලොව තමා ගේ විසල් කමේ මිම්මෙන් මනියි.

මේ කියමනින් කිවියා පෑයේ රජු ගේ යසස් රැස ඉතා මහත් බවයි. එහෙත් ඒ වග හේ එක එල්ලේ නො පවසයි. එය අමුතු සැටියෙකින් රස විඳුවා ගේ මනසට කාවද්දයි. රජු ගේ යස රැස පැතිරෙනුයේ තුන් ලොවෙහි යැ. තුන්ලෝ මායිමෙන් යස රැස විහිදි නිම වෙයි. රජු ගේ යස රැස ගෙවා නිම කිරීමට (එය මැනැ නිම කිරීමට) තරම් වූ මේ තුන් ලොව කවර තරම් විසල් වියැ යුතු ද? මෙ බඳු යස රැසක් විහිදුවා නිම කිරීමට තරම් තුන් ලොව විසල් වීම ගැනැ කිවියා විස්මෙයි.

මෙසේ යස රැසේ මහත් බව ගැනැ කරුණු නොකියා ඒ යස රැසට ඇසුර වූ තුන් ලොවේ මහත් බව ගැනැ කරුණු කීමෙන් මැ යස රැසේ අතිසය කියමනක් ලෙස දංඩීන්ගේ පැදිය හෙළ පැදියට වඩා අගින්නේයැ.


12. අයළ සිත් කියමන.

232. සසේනි වත් හෝ අන් හො පැවැතුම් අන් සේ විකපත් හොතත් සෙයිනුදු අයළ සිතැ යෙත්; හෙ මෙසේ.

පෙළ ගැස්ම - සසේනි වත් හෝ අන් හො අන් සේ පැවැතුම් අන් සෙයිනුදු විකපත් හොත් අයළ සිත් යැයෙත්. හෙ මෙසේ.

තේරුම - පණ ඇති වතෙකැ හෝ අන් වතෙකැ හෝ වෙන පිළිවෙළකැ පැවැතුම් වෙන අන් සැටියෙකිනුත් සලකත් හොත් අමුතු සිත් යැයි කියති. ඒ මේ අයුරු යි.

පැහැදුම - සපණ නොපණ; සවේතනික අවේතනික යන මේ කවර දෙයකැ හෝ යම් කිසි පැවැතුම් පිළිවෙළක් වෙතියි හිතමු ඒ පැවැතුම් පිළිවෙළ වෙන අන් සැටියෙකින්; වෙන අමුතු මැ පිළිවෙළකින් සලකන හොත් අන්න එය අයළ සිත් කියමන හෙවත් “අමුතු විසිතුරු කියමන” නමින් දන්නා ලැබේ.

යළ සිත්නම් ආයේ නැවැතැ නැවැතැ පැරැණි විසිතුර මැ ඉදිරිපත් කරනු ලැබීමයි. පැරැණි නොවූ කලින් කිසි සැටියෙකින් හෝ ඉදිරිපත් නොවූ විසිතුරු යැ අයළ සිත් නම් මෙය සකුයෙහි උත්ප්රේක්ෂාලංකාර නමින් ගැනෙයි.

ගැට ලිහුම

සසේනි = පණ සහිත; සපණ. සචේතනික යන සකු වදන සිංහල මූණවර ගැනීමෙන් සසේනි යනු වී යැයි අයෙක් කියති. දරුණු මුසාවෙකි. මෙබඳු මුසා බස් පතුරන සකු හිඟන්නෝ “අපොයි අද මගේ ඇඟට බොහො මැ අහේනියි. ඇයි ද බලත් ඔය හැටි අහේනිය හත් වේලකින් බත් නැද්ද?” යන ඈ හෙළ ගැමි කියමන් දෙස වන් මනස යොමු කළාහු නම් ඔය පුහු දෙඩුම් නො දොඩති.

විකපත් හොත් = සලකත් හොත්.

I සසේනි අයළ සිත

233. මැදුම් පත් රිවි තැවු ලිය පත් මතැත් විල් වන් එ රිවි ගැතියෙන් උපුරනු රිසිනැයි කමල් හඟිනෙමි.

පෙළ ගැස්ම - මැදුම් පත් රිවි තැවුලිය පත් මත් ඇත් විල් වන්. එ කමල් රිවි ගැතියෙන් උපුරනු රිසිනැයි හගිනෙමි.

තේරුම - මුදුනට ආ හිරු ගෙන් තැවිල්ලට පත් මත් ඇතා විලට වන්නේ යැ. ඒ වනාහි නෙළුම් රිවිට ගැති හෙයින් උදුරනු කැමත්තෙනැයි සලකමි.

පැහැදුම - මද ඇතාට හිරුගෙන් වන තැවිල්ල කෙසේ හෝ දැරියැ නොහැකි යි. හිරු මුදුනට එත් මැ ඒ තැවුලේ බලවත් කම නිසා ගිම් තැවුල නිවාගනු පිණිසැ ඇතු විලට වදියි. ඇතු ගේ ඒ විල් වැදුම කිවියා අමුතු සැටියෙකින් දකියි. (අමුතු සැටියෙකින් පවසයි.)

“ මදැ‘තා නම් මද කිපුණු ඇතා යැ. හේ නිතොර වැ මැ පලි ගන්නා සුල්ලෙකි. මුදුනට ආ හිරු ඉවක් බවක් නැති වැ ලොව නවන්නට වෙයි. ඒ වේලාවෙ මේ මද ඇතා යැ කියා කොයින් ද හිරු ගේ අමුත්තෙක්? හේ සියල්ලන් තවයි. හිරු ගෙන් තැවෙන ඇතා මෙ සේ හිතයි. එම්බල ජඩ හිරු තෝ මා තවයි. හොඳ යි. මොහොතක් ඉඳු. තෝ මට අසල් වෙයි නම් තට මම කළ යුත්ත දනිමි. එහෙත් තෝ දුර නොවැ? එ හෙයින් රෑන නො දනිම් ද? හොඳා බලාපියව උන් සුනේසුන් කරන හැටි. මෙ සේ මුමුනමින් ඇතු විලට වදින්නා සේ යැ.”

සොබායෙන් වූ සැටියට වඩා අමුතු මු අලුත් මැ අලුත් මැ නොහිතු මැ පිළිවෙළකින් මෙ සේ සැලකුණ නිසායි ඒ අයළ සිත් නම ලබන්නේ.

ඇතා පණ ඇති එකෙක‍ි. ඌ ගේ පැවැත්ම අන් සැටියෙකින් සැලැකුණ හෙයින් මේ “සසේනි අයළ සිත” යන නම ලබයි.

ගැට ලිහුම

මැදුම් පත් = මැද පෙදෙසට ආ. මෙහි මැද පෙදෙස නම හිරුගේ ගමනේ මැද පෙදෙස යැ. (මැද්දහන යැ)

රිවි ගැතියෙන් = හිරුට ගැති බැවින්. ගැති නම් දස් යැ වහල් යැ. වහලා හිමියාගේ අදහස් අනුවැ පවතී. කමල් ද ඉරේ අදහස් අනුවැ පවති. ඉරේ අණින් පුබුදියි ඉරේ අණින් නිඳයි. ඉරේ අණින් බැබැළෙයි. එයින් කමල් ද රිවි ගැති නමි.

උපුරනු = ඉදිරීමට; “උපුර” යනුයි මෙහි දය.

සියබස් ලකර විවරුව

ii අහේති අයළ සිත

            234, ම - මේ දික් වැළැකු
             කනතහු අබරණ විණැසි
              සවනිඳුවරැස් කැල්මෙන්
              තිය ඇක්මෙතියි සැකියෙම්.

පෙළ ගැස්ම - මේ , ම දික් වැළැකු කතතහු අබරණ විණැයි; තිය ඇස් කැල්මෙන් සවනිඳුවර ඇත්මෙතියි සැකියෙම්.

තේරුම - මේ තෙමේ, මගේ දික් වීම වැලැකු සවනයා ගේ පලඳනාව විණැයි ( සලකා) තිගේ ඇස්; සිය ඇක්මෙන් කන් මහනෙල මඩිති යි සැක ඇතීයෙමි.

පැහැදුම - දිගැස ගේ ඇස දිගැස යැ. එය කො තෙකුත් දික්වන්න දික්වන්න ඒ ඇස වඩාලා මැ හැඩවත් වෙයි. එහෙත් ඇ‍හේ ඒ දික් වීමට හරස් කපන්නෙක් ද වෙයි. හැයි කොයි කාට නමුත් හතුරෙක් නැතැ? ඉතින් කවරේ ද ඔය ඇහැට හතුරු කමට හිටියේ? හැයිකන! කන ඉඩ දේයැ එයට ඕනෑ ඕනෑ හැටියට දික් ගැහෙන්න? ඉතින් ඇහේ රිස්ස කො තෙකුත් දික් ගැහීම නම් කනේ බලාපොරොත්තුව ඒ දික් ගැහීමට අකුල් හෙළීම නම්; ඔය දෙ දෙනා අතරැයි කියා වම් පරස් කමක් නොහට ගනී ද?

             ඇහැට ඉඩ ලද ලද හැටියෙන් පලි ගන්නටයි; ඇහේ මාන බැලිල්ලත්: කනින් පමණක් නො වැ කන ඇසුරු කරන්නන් ගෙන් පවා පලි ගන්නටයි ඇහේ අදහස. අන්න ඒ නිසා තමා ඇහැ තමා ගේ ගන නිල් කැල්මෙන් මුළු වටපිටාව මැ මඩින්නට සැරැසෙන්නේ. නිතොර කන ඇසුරු කරන්නෙකි කන් මහතෙල. ඔවු එය කන හොබවන්නෙක් නූ? එයාට හෙබුමක් වුව හොතින් නොවැ එය කන හොබවන්නේ? එයා ගේ හෙබුම කැලේ ගියෝතින, එයා ඉතින් කන හොබවන්නේ කෙසේ ද? මෙ සේ හිතා ඇස තමා ගේ දිස්නයෙන්  කන් මහනෙල් දිස්නය අකාමකා - ලන්නට සැරැසිණැසි සැක හිතෙයි.

                  මේ දිගැසක ගේ කැල්ම, මහනෙල් කැල්ම පවා පරදවන වග කිවියා පැවැසු සැටියි. ඔහු ඒ පැවැසුම කළේ සොබා සැටිය ඇසුරින් නොවු අමුතු මැ අමුතු සැටියක් ඉස්මතු කිරීමෙනි. ඇස නොපණ දෙයෙකැයි කිවියාට ඔහු ගේ සිත්තම මැවීමට කිසි ද හරසෙක් නො විණ.

ගැට ලිහුම කනතහු = සවනහු ගේ ( කන මැ කනත් නම්, ඒ පණ ඇතියකු සේ සැලැකිමෙනි කනතහු යැයි කියැවුණේ)කර්ණාන්තයා ගේ යැයි කෙනෙක් මෙයට අරුත් බෙණෙති. උමතු සැටියෙකි. පණ දෙත හොත් මුළුු අවයවයට මැ පණ දියැ යුතු නො? අන්තයට පමණක් පණ දිම එ තමර් ගුණ දෙන පණ දීමෙක් නො වේ.

   ඇක්මෙතියි = මැඩ පැවැත්වෙතියි
 235, සැකියෙම් පිරික්සම්
              හඟිම් සිතම් විසිනස් වි
              මෙ ඈ සදිනයළ සිත්
              විලින් වේ එවු සදිනුදු.

පෙළ ගැස්ම - සැකියෙම් , පිරික්සම් , සිතම් , විසිතම් වි මෙ ඈ සදිකන් එවු සදිනුදු අයළ සිත් විලින් වේ.

    තේරුම     - සැකියෙම් , , පිරික්සම් , සිතම් , විසිතම් යන මේ ආදි වදන්වලින් ද”එවු” යන වදනින් ද අයළ සිත් නම් කියමන් වෙසෙන පැහැදිලි වෙයි.
            පැහුදුම -  කවුරුන් කී කියමනෙකැ හෝ වේ වා: වු හොඳ, ඇත්තේන් මැ හොඳ සේ ද නොහොඳ නොහොඳ සේ ද දැකිමයි සුනිසි මිනිස් කම . අප මහරජාණන් කීවා කියා මේ ඔවා බස් පිළිවෙළ නම් එ තරම් උසස් කොටැ අපි නො හගිම්හ. සකසා වෙද විදුව නොහැරදැරු වට්ටෝරු වෙදුන් බඳු වැ ගොඩ කයියන් බෝ වීමට මේ ඔවා බස් පිළිවෙළ ලොකු මැ හවු හරනයක් සපයන සේ යැ අප ගේ තැකීම.
                   
                    ඔවුන් විසින් , ( අප රජාණන් විසින්) ඉඳැහිටැ දක්වනු ලැබ මෙ බඳු වාත්තු වදන්වලින් වන එක මැ පලය නම් නිමැවුම් හෝ විමැසුම් හැකියාව හෝ රස විඳුම් හැකියාව හෝ නැති නිකම් මැ සීපද කරුවන් හට උන් ගේ ඒ ඇති හැබෑ මුණුවර වසා ගැන්මට මෙයින් පිටු බලයක් ලැබීමයි.

ගැට ලිහුම

විලිත් වේ = පැහැදිලි වේ “දත් විලිත්තනවා” යන ඈ සෙයින් මේ පවතුව අදත් හෙළ ගැමි වහරේ දඅක්කැ හැකි යැ.


   286. ලිපා එවු අඟ තම

නුබෙනඳන රැස් වසි එවු

                   වී බහලඳර වදනින්
                   මෙ පළව කළ අයළ සිත්.
             පෙළගැස්ම - තම අඟ ලිපා එවු; නුබෙන් අඳන රැස් වසී එවු වී        වදනින් බහල අඳර මෙ පෙළට කළ අයළ සිත්.
      තේරුම - අඳුර අවයවයන් ගල්වයි ද ඒ බඳු යැ, කියමනින් ගන අඳුර මැ පළට කළ හොත් ඒ අසළ සිත් වේ.
            
             පැහැදුම - “අඳුර අවයවවලැ ගල්වන්නා වැනි යැ. අහසින් අඳන් රුසක් වහින්නා වැනි යැ” යන මේ කියමන් වලින් හුදක් අඳුරේ බලවත් බවෙක් හැගෙයි. මුළු වටපිටාවේ ඉතා ගන වැ ඉතා බහල වැ අඳුර පැතුරුණු වගක් නො කියා ඒ හැඟුම අන් සැටියෙකින් ඉදිරි පත් කැරුණු හෙයින් මේ යෙදුම් අයළ සිත් ගණයට ඇතුළත් ලු!
       
             වටපිටාවේ අඳුර පැතිරිම අවයවවලැ අඳුර ගැල් විමක්
    සේ; අහසින් අඳන් වැසි වැසීමත් සේ පැවැසිණ. එ හෙයින් අඳුරේ පැවැත්ම අන් සැටියෙකින් ඉදිරිපත් කරන ලද හෙයින් ඒ අයළ සිත් කියම්තැයි ගනිමු. එහෙත් අප මහ රජාණන් හුදක් දංඩීන් අනුවැ ගොස් උන් ගේ කියුම අකුරට මැ පැවැසුවක් විනා මෙහි ඇති හරයෙක් නැති.
 
          මෙහි දී දංඩීන් හට තමන් ඉදිරි පත් කරන ලද මතය ලෙවියා බැහැර කරතියි මහත් බියක් ඇති වුණු වග නම් ඉඳුරා පැහැදිලි වෙයි. එ හෙයිනි සිය මතය හුවා දක්වන්නට ඔටුන් පැදි කිහිපයෙකින් කරුණු පෑයේ. එහෙත් ඒ කරුණු සුනිසි කරුණු වු වගක් නො හැගෙයි. මේ බලන්නැ.
       “ලිම්පතිව තමෝඩ්ගානි
             වර්ෂතීවාඤ්ජනං නඟඃ
             ඉතිදමපිභූයිප්ට -
             මුත්ජරේක්ෂා ලක්ෂාණාන්විනම්”
      කො තරම් තිරයන්නට වලි කෑ නමුත් ලිම්පති ඉව වර්ෂති ඉව යන මේ යෙදුම් යකුවට තබා; ශිෂ්ට යැ යන නම යන්නමින් හෝ වැදැගත් කවර බසකට හෝ නොගැළැපෙන යෙදුම් යැ. හඩු අපභ්රංෂ වහරක් ගුරුකමට ගෙනැ දංඩින් පෑ මේ කියමන අප මහ රජාණෝ ද කිසි වග තුගක් නො විමසා ද්රේහෝ සිංහලයට නඟති;
“ලිපං එවු අඟ තම
        නුබෙනඳන රැස් ළුවු”
        යන සෙයින් , හුහ් එවු! හොඳ වියත් වහර! අඳුර අවයවවයන් ගල්වන්නා මෙනි; අහසින් අඳුන් වැස්සක් වසින්නා මෙන් යන සෙයින්විනා අඳුර අවයවයන් ගල්වයි මෙන්; අහසින් අඳුන්  වැසි වසියි මෙන් යන යෙදුම් හැදුණවුන් ගේ වහරට ( ශිෂ්ටයන් ගේ ප්රවයෝගයනට) නො ගැළැපෙයි. එහෙත් දංඩීහු කල් තබා මැ එයට කෙනකු හරස් වැ නොනැගෙන සේ ගුරු කමක් කළහ.
 “ කේෂාඤ්චිදුපමාභ්රාන්තිරිව ශෘත්යේහජායතේ”

         යන මන්තරේ මැතිරීමයි ඒ ගුරු කම. එය හරියට සේනතාම්බර පට සළුයේ කතාව බඳු යැ.
      “මෝඩයනට ඒ සවව නො පෙනේ”යි කියු කපටි වදනට යට වු මැති ඇමැති වරු පවා ඒ සළුව නො දැකැ ද ඒ නොදුටු වගක් පැවැසීමට මැළි වු හ. හැයි? තමන් මෝඩ ගණයට වැටෙතියි ආ බිය නිසා.
        ඒ වගේ “කිසියමුත් හට ( කිසියම් අඳ බොළඳුන් හට) බිරාන්තියක් ඇති වේ යැයි” දංඩින් කී කියමන අසා මැ තමන් සෙසු පටු පුඟුලන් ගණයට වැටෙතියි බියෙන් මේ කියමනේ නොනිසි බව ( මේ ආජතයේ අව්ය ක්ත බව) දුටු බොහෝ උගත්තු පවා ගොළු වත රැකීය හ.
  ගැට ලිහුම -

    ලිපා එවු, වසී එව්ර  = “ලිම්පති ඉව, වර්ෂති ඉව” යන ගුඩු බණ එ සේ මැ සිංහලයට නැඟු සැටි යැ. එහෙත් ලිපන එවු; වසින එවු. යනු යැ සුනිසි වහර. දණ්ඩින් ගේ පැදියේ පළමු දෙ පදය අකුරට මැ පිල්ලට මැ නො වරදවා මෙ සේ හෙළුවට නැඟු මුත් එහි අග දෙ පදය අප මහ රජණෝ අවුල් කළ හ. මෙය විසමා බලන්නැ.


  “ලිම්පතිව තමොඩ්ගානි
        වර්ෂතිවඤ්ජනං නඟා
   ඉතිදම්පි භුයිෂ්ට
     මුත්ජරේක්ෂා ලක්ෂණාන්විතම්”

“ තම’ග තවරයි එවු

   අහස’ඳුන් වගුරයි එවු
   මෙසේ මෙය දු  බොහෝ සේ
   අයළ සිත් ලකුණින් යුතු.” 

- අඳුර අවයව තවරන වගේ “ “අහස අඳුන් වහිනවා වාගේ “ මේ සේ මේ ( පිරුළු) කියමන් ද බොහො සෙයින් අයළ සිත් ලකුණින් යුතු යැ-

දංඩින් ගේ පැදියන්; ඒ පැදියේ ඉඳුරා පෙරැළුමත් දෙක සසඳ්රි ලබන විටැ සියබස් ලකර පැදිය තරමක් අවුලට වැටුණු පැදියක් සේ හැගෙයි.

287. කෙනෙක් මෙ උවම් වී

           පමඳිත් එව් සදිත්;” නැත්
           කිරිය පෙදෙන් උවම් විසු”
           වදනික් මැ කී වියතුන්.

පෙළ ගැස්ම - කිරිය පෙදෙස් උවම් විසු තැත්. වියතුන් කී වදන් ඉක්මැ එවු සදින් කෙනෙක් මේ උවම් වී පමදිති.

          තේරුම - කිරිය පදයෙන් (ඉක්බිති වැ) උවම් හඟවනයන් තැතියි පඩි දනන් විසින් කියන ලද වදන් (පවා) ඉක්මවාපියා සමහරෙක් මේ වනාහි උවම් යැ කියා මුළාවෙති.

            පැහුදුම - “ උවම් විසු” නම් උවම් හඟවන පදයි.ඔවු; එවු, මෙන්, සේ වැනි යන ඈ පදයෝ උවම් විසු නම් වෙති. මේ උවම් වියු , කිරිය පදයෙකින් ඉක්බිති වැ (බලයි, නටයි; හඩයි, කපති, නැටී; හැඬු , කැපූ: යන ආදි කියවු පදයෙකින් ඉක්බිති වැ) නො යෙදෙතියි පෙරැ පඬුවෝ කියු හ.
      
                           ඒ පඩි කියමින් පවා නො තකා අයෙක් මේ පිරුළු යෙදුම් උවම් යැයි හිතාගෙනැ මුළා වෙති. ‘කියවු පෙරැ පඬින් පවා කියුවා නොවැ? ඒ මේවා අයති අයළ සිත් කියමින් ගණයට යැ.
 ගැට ලිහුම-
         උවම් වී = උවම් යැ කියා.
         
          පමදිත් = මුළා වෙත්, “පමද” දය මුළා වීම අරුතෙහි වැටේ.
           
          උවම් විසූ = වියනුයේ; (පවසනුයේ ) විසු යැ. උවම් විය නුයේ යැ උවම් විසු නම්( එවු, මෙන්, සේ, යන ඈ උපමා ද්යෝතක)

13. කරුණු කියමන.

     238. හෙ වදනැ බරණැ පිළි,
               හේ කරු දන්වනු ද වේ.
               පැවැතුම් නැවැතුමැ නේ
                නියරැත් මෙ මේ ගින් වේ.

පෙළ ගැස්ම - හෙ වදනැ බරණ යැ. පිළි හේ කරු දන්වනු ද වේ. පැවැතුම් නැවැතුම් ඈ නේ නියර ඇත් මෙ, මේ ගින් වේ.

තේරුම - හේතුව (කරුණු කියමන) වදනෙහි පළඳනාව යැ. අයේ (කියනවා නම්) හේතුව කරු ද දන්වනු ද වන්නේ යැ ( කාරක ද ඥ්රසපක ද වන්නේ යැ ) පැවැත්ම යැ නැවැත්ම යැ යන ආදි සැටියෙන් නොයෙක් පිළිවෙළවල් ඇත්තා වු වේ ( කරුණු කියමන වනාහි) මෙන්න මේ අයුරින් වෙයි.

පැහැදුම - යමි කිසි අරමුණකට කරුණු ඉදිරිපත් කිරීම කරුණු කියමන නමින් ගැනේ. මේ කරුණු ඉදිරිපත් කිරීමෙන් කියමන හොඳින් නමින් ගැනේ. මේ කරුණු ඉදිරිපත් කිරීමෙන් කියමන හොඳින් මනසට කා - වදියි. එ හෙයින් ඒ කරුණු ඉදිරිපත් කිරීම වදනට පළඳනාවක් මෙන් වැ වදන හොබවයි. එහි අරුත් සවිය මනසේ පත්ලට මැ කිඳ්රවයන්නට ඒ කියමන් වෙසෙස මැ උදවු වන හෙයිනි. මේ බලන්න; හේතුව මනසට කා - වදින විටැ කියමන කවර තරම් ජයට අරුත් විහිදුවා හදවතේ එක් රජය කෙරේ දැයි.

    වසේ මසින් මසැ මසේ දිනෙන් දිනැ
                       දිනේ පැසින් පැයැ        හෙළයේ
    දනේ ගිලින්නට හොරෙන් ගලා -එන
                       දඹේ දනෝ හෙළ          මොළයේ
    නඟන් රිදුම් ඇ: තවත් දවත් මන.
                     “ වරෙවු බලවු, හෙළ        නළයේ
    බලේ” කියා හෙළයනේ වදිවු රණැ
                      අඹවු රුපුන් තුන්            හෙළයේ .
    “ අවුරුද්දෙහි මසක් පාසා, මසෙහි දිනක් පාසා, දිනෙහි පැයක් පාසා, හෙළයේ දනය ගිලින්නට හොරෙන් ගලා එන දඹදිවැ දනෝ අද හෙළ මොළයේ රිදුම් නඟති” යන මේ කියමනේ ඇුතට නැඹුරු වන්නැ. හෙළ මොළයේ රිදුම් නැහීමට හේතුව කිමෙක් ද? “ හෙළයේ ද්ර නය ගිලින්නට දඹදිව දනන් හොරෙන් හොරෙන් ගොඩ බැසීමයි.” මෙ සේ පැදියේ අරමුණට හේතුව දැක්වීමෙන් තැගුණු වේදනාව පිටු බල කොටැගෙනැ ඊළඟ දෙ පදයෙන් කිවියා රස විඳින්නන් ගේ මනස පෙළැඹැවීම කරයි මෙ සේ අරමුණට කරුණු දැක්වු හෙයින් , මේ කරුණු කියමන නම් . කරුණු කියමන, කරු යැ දන්වනු යැ යන සෙයින් දෙ වගයකට බෙදෙයි. පැවැතුම් නැවැතුම් ආදී එහි නොයෙක් නොයෙක් පිළිවෙළවල් ද වෙයි.
    විමසා - බලමු.

ගැට ලිහුම -

      කරු; දන්වනු = මේ යෙදුම නො මැනැවි.
         
         කරුනු දන්වනු ද වේ;
          කරු හඟවු යන සෙ වේ;
   යන මේ පද ලෙසින් එක් ලෙසකට යෙදිණි නම් ඒ තියමන මෙයට වඩා අගින්නේ යැ.
 i . ඉපැදුම් කරුණු
289. නව ලොදුළ සඳනෙහි
               ලද ලෙළ දලු පලු පහස්
                උපදවා සොම්නස් හවු
	            දනනට මෙ දකණ පවන්,

පෙළ ගැස්ම - නව ලොඳුළ සඳනෙහි ලෙ‍ළ දලු පලු පහස් ලද මෙ දකුණ පවන්, දනනට සොම්නස් හවු උපදවා.

තේරුම - අලුත ලියලන ලද සඳුන් ගසෙහි , වෙවුලන දලු පත් පහස ලැබූ, මේ දකුණු හුළඟ, දනන් හට සතුට හැඟීම උපදවයි.

පැහැදුම - දකුණු හුළඟ දනන් හට අමුතු විඳුමක් හට ගන්වයි. කීමෙක් ද ඒ? සතුටු හැගුම. ඒ සතුටු හැඟුම ඉපැදැවෙනුයේ කොසේ ද? අලුත ලියලන ලද සඳුන් ගස්වලැ වෙවුලන දලු පත්හි ගැවීමෙන් ඒ සුළඟ සිහිල් වෙයි. සුවඳ වෙයි. මඳ මඳ වැ හමා බසිසි. ඔන්න ඔය නිසා යැ අර අමුතු හැඟුම් දනන් හට ඉපැදෙන්නේ. මෙ සේ අමුත්තන් හට ගැනීමට ( අමුත්තක් ඉපැදීමට හේතු කරුණු දැක්වීමෙන් මේ කියමන ඉපැදුම් කරුණු කියමන නම් වේ. භාව කාර්ය්ය කාරක හේතුව යැ; භාව නිර්විර්ති කාරත හේතුව යැ යන නම්වලින් මේ කියමන් වෙසෙස ග්ර න්ථාන්තරයෙහි හැඳින්විණ.

          “මේ දන හට සොම්නස් උපදවා” යන ලෙසින් අයෙක් පෙළ ගැස්ම පිළියෙළ කොටැගෙනැ “ සියලු ජනයන් හට සතුට උපදවා” යන ලෙසින් අරුත් බෙණෙති. ඔවුන් බණන ඒ අරුත ඊළඟ පැදියේ දී එළි පිට මැ බොරු වෙයි. ඔවු; දකුණු පවන වියෝ දනන් හටත් සොම්නස උපදවයි ද?හැයි මෙ බඳු සුළු විමැසිමක් හෝ නො කොටැ පුහු අරුත් බැණැ ලෙවියන් හිනස්සන්නේ?

ගැට ලිහුම -

    දකුණු පවන = මේ වින්ධ්යා කඳු වැටිය පීරාගෙනැ උතුරු දෙසට හමන හුළඟ යැ. උතුරු භාරතීය වැස්සන් හට යැ එය දකුණු හුළඟ. “මලය මාරුත” නමක් ඌ තුමු එය හඳුන්වති.

සොම්නස් හවු = සතුටු හැඟීම. හවු නම් හැඟීම යැ. කවෙකින් (රසවත් කියමනෙකින්) ලැබෙන හැඟීම ද හවු නමින් වෙසෙසින් මැ ගැනෙයි. “පෙදෙයි රස හවු විදුනා දෙනෙතා ඉතා දුලබෝ” යි මහ පැරකුම්බාවන් විසින් පැවැසුණේ ඒ හෙයිනි.

ii නෑසුම් කරුණ 240 . සඳුන් වනනළලා

         මල ගල් ගඟුල්හි පහස්
          ලැබැ අද ළැ‍ඟෙව හෙ සුළඟ
          වියෝ දනනට නැස්මට.

පෙළ ගැස්ම - හෙ සුළඟ, සඳුන් වනන් අළලා , මල ගල් ගඟුල්හි පහස් ලැබැ වියෝ දනනට නැස්සට අද ළැ‍ඟෙව.


342 සියබස් ලකර විවරුව

තේරුම - එම්බල සුළඟ, සඳුන් කැලෑවල් කළම්බා මලය කඳු පෙදෙසෙහි ගඟුල්වලැ පහස ලබා වියෝ දනන් ගේ මරනය සඳහා ( තෝ) අද ළං වෙව.

පැදුඳුම - දකුණු හුළඟ ළං වන්නේ වියෝ දනන් ගේ මරනය පිණිසැ මැ යි. හැයි එ සේ එය වියෝ දනන් හට මරනය පිණිසැ වන්නේ? සඳුන් කැලැවල් කළම්බා හමන නිසා; මලය කඳ පෙදෙසේ ගඟුල්හි ගැවිගෑවී හමන නිසා මෙ සේ නැස්මට කරුණු පෑ හෙයින් මේ නැසුම් කරුණු කියමනෙකි. අභාව කාර්ය්ය කාරක හේතුව යැ යන නමිනුදු මේ හැඳින් වේ.

ගැට ලිහුම -

සඳන් වනන් අළලා  = සඳුන් කැලෑව කළම්බා . මේ කැලෑවේ ගස් ඒ මේ අත නටවා යැ කියු සේයි.

මල ගල් = මලය පෙදෙසේ කඳු. අපේ රටේ මැද කඳු කරය ද “මලය” නමින් එ ද්රය ගැනිණ. එහෙත් මෙ තත්හි කියැවුණේ වින්ධ්යා කඳු බිම් පෙදෙසයි.

ගඟුල් = ගඟ පටන් ගන්නා හරියේ උල්පත් ගඟුල් නමි.

           (ගං + >ගඟුල්) 

iii . විකර කරුණ

 241. පුල් කමල් සහමල්
               පලු විල් වන; සුපුන් සඳ
                සියල් වනන් නුවන් වස
                කෙළෙ කම් රකුස් නොසරස්.

පෙළ ගැස්ම - පුල් කමල් විල්; සහ මල් පලු වන; සුපුන් සද; සියල් කම් රකුස් නොසරස් වනන් නුවන් වස කෙළෙ.

තේරුම - පිපීගත් නෙළුඹු විල් ද, මල් දලුයෙන් යුතු වනය ද සුපුන් සඳ ද යන සියල්ල කම් රකුසා වහා මැ වියෝ දනන් ගේ ඇහැට වහ බටව පත් කළේ යැ.

පැහැදුම - පිපීගත් නෙළුම් විල කවර තරම් සොඳුරු දසුනෙක් ද? මල් දලුයෙන් සැදුණු වනය ඊට තිවට ද? පුරා හඳ ! හා, එහි සොඳුරුතාව ගැනැ කුමට ද කතා? එහෙත් මේ සොඳුරු දසුන් පිඬු දෙස බලන්නට හෝ බැරි අය ද වෙති. ඒවා දකුත් දකුත් මැ හරියට ඇගේ විස පත්තු වුණා වගේ ඌ තුමු නළියන්නට වෙති. හහ් කවුරු ද ඒ පුදුම සත්තු? හැයි හැයි වියෝ දනෝ! ඔවු; පියාව ගෙන් වෙන් වු පියයෝත්, පියයන් ගෙන් වෙන් වූ යියාවෝත් ඔය සොඳරු පිඬුදැකියැ නො හැක්කෝ යැ. කම් රකුසා විසින් ඔවුන් ගේ ඇහැට ඒවා වහ බවට පත් කරන ලද්දේ වනැ. එ හෙයින් ඒවා වියෝ දනන් ගේ ඇසට විස වූයේ යැ.

 හරි , ඉතින් විමසමු? හැසි වියෝ දනන් ගේ ඇස විස වුයේ ? පුල් කමල් විලත්; සහමල් පලු වනයත් සුපුන් සඳත් නිසා යැ. කම් රකුසා ඒවායින් ඔවුන් ගේ ඇස විස බවට පත් කළේ යි. මෙ සේ ඇස විස වීමට හේතුව පෑ හෙයින් මේ කරුණු කියමනෙකි. සොබායෙන් මැ සොඳුරු වියැ යුතු දසුන - නෙළුම් විල් වැනි දසුන මැ - වස වූ හෙයින් හෙවත් දසුන - නිසා මැ වස වු හෙයින් ඒ විකාර කරුණු කියමනෙකි.
 ගැට ලිහුම

නොයරස් = සරස් නම් පමාවයි. යම් කරුණකට හෝ පලයකට හෝ වෙන යම් කරුණක් හෝ පලයක් හෝ සරසට පැමිනීම ඒ කරුණේ හෝ පලයේ හෝ උද්රෝව පමා වීමට ගෙය වෙයි. මේ නිසා සරස් යනු පමා යන අරුත දෙන වදනක් බවට පෙරුළිණ කල් යෑමෙන්. ඉතින් නොසරස් නම් තො පමාව නු?

කම් රකුස් = කම් හැඟුම නැමැති රකුසා.

344 සියබස් ලකර විවරුව

      iv  පැමිණි කරුණ
         242 . මනට යොග කෙරෙමියි
                   වී කල්හු තන්හි තුබු
                   කලා , වමියක් බලා බුන්
                    බැම රන් නෙන් සල ලවන්.

පෙළ ගැස්ම - මනට යොග කෙරෙමියි කල්හු තන්හි තුබු කල, බුන් බැම රන් නෙත් සල ලවන් වමියක් බලා.

තේරුම - මනට ( මාන්නයට - ආඩම්බරයට) පුරුදු වුවකු කෙරෙමියි: පති තනතුරෙහි තබනු ලැබු යෙහෙළිය ( දෙස) බිදුණු බැම ඇති රතු ඇස් ඇති වෙවුලන තොල් ඇති අඟනක් බලයි.

පැහැදුම - බරුව වෙන අඟනක කෙරේ හිත් බැඳැගැන්ම නිසා බිරියකට ඇති වන තරඟ හැඟුම (සපත්ති රෝෂය) යැ මෙහි මන නමින් ගැනුණේ. බරුවාට ඇය ගේ රුදුරු සොබාව හුදක් තරහව නිසා මැ ඇති වුව ද එයට බරුවෝ මන යැයි ( ආඩම්බර යැයි) කියති. සිය යෙහෙළිය ඔය ආඩම්බරයට හුරු පුරුදු වුවක කිරීම සඳහා , එක තරහ ඇසින් බිඳුණු බැම් ඇති වැ අර වෙවුලන තොල ඇති වැ බලයි. හැයි ඇය යෙහෙළිය දෙස මෙ සේ රුදුරු වැ බලන්නේ? එය වූවක් නො වැ පමුණුවා ගත් හේතුවෙකි. අන්න ඒ නිසා එය පැමිණි කරුණු කියමින තමි .

ගැට ලිහුම -

    මනට යොග කෙරෙමියි = මන් ගතියට හුරු පුරුදු  කෙරෙමියි. මන නම් උඩඟුවයි. අන් බිරියකප හා හාදකම් පවක්වන බරුවාට ඔහු ගේ බිරිය දක්වන තරහ මුසු නොරිසියාව ද මන නමින් ගැනේ. මෙහි සඳැහෙනුයේ 
                    සියබස් ලකර විවරුව                 345
              එයින්  එය සකුයෙහි මාන නමින් ද; ඒ මානය දක්වන්නී මානිනී නමින් ද හැඳින්වේ. “මාධවේ, මා කුරු මානිනි මානමයේ” යනු ජයදේව කියුමි.

- අයේ මානිනි, මාධවේ මානම් මා කුරු එම්බල මනවිය, ගොවිඳ්රේට මන් නො කරව. – වමි = අඟන . ඇය පිරිමියා ගේ වමත් පසින් සිටුනා හෙයිනි. වමෙහි වුයේ වම් වැ

V කල් ඉඟි කරුණු -

243 . රිවි හත් පත්; සිසිඳු

              දිස්නෙ; සියොත් නිවෙස් යෙන්.
               වියත් වෙයින් යවස් කල්
                දන්වන මෙ හේ පොහොයත්.

පෙළ ගැසුම - “රිවි හත් පත්; සිසිදු දිස්නෙ; සියොත් නිවෙස් යෙත්.” වියන් මෙයින් සවස් කල් දන්වත් මෙ හේ පොහොසත්.

තේරුම - “ ඉරු අවරට පැමිණියේ යැ.හඳ ද පෙනෙන්නේ යැ. සියොත්හු ද නිවෙස් යෙති”යි පවසත් මැ මෙයින් සවස් කල හඟවත් හොත් මේ කරුණු සමත් වෙයි.

 පැහැඳුම - “ ඉර අවරට ගියේ යැ. හඳ ද පෙනෙන්නේ යැ.            කුරුල්ලෝ ද කැදැලි බලා යෙති.” යි මෙ සේ කියත් මැ කීමෙක් ද හැ‍ඟෙන්නේ? හවස් කල නොවැ?
          
             ඉතින් හවස් කල ඇඟැවීම සඳහා හවස් කල පැමිණියේ යැ නො කීවාට ඔය කරුණු මැ ඒ සඳහා සෑහෙයි. ඔවු, ඔය දැක්වුණු කරුණු ඇසුරින් මැ සවස් කල ඇ‍ඟෙන හෙයින් ඒ කල් ඉඟි කරුණ නමි.
 346                 සියබස්  ලකර විවරුව

ගැට ලිහුම - හත් = අවර ගිර - අස්න. සකු-

සියොත් = කුරුල්ලෝ. සියෝ වැ - එක් වැ... යුවළ යුවළ ලෙසින් හෝ රංචු රංචු ලෙසින් හෝ එක් වැ - හිඳුනා හෙයින් කුරුල්ලෝ සියොත් නම ලබති. - සියෝ මැ සියොත් යැ-

Vi ගති ඉඟි කරුණ

244. නොනැසෙන සඳුනලෙවු

             තිදු සඳරස් පහස්නිඳු
             සියලඟ හුණ්න් මෙ හැඟේ
             වියොවග සමඟ ති සිත්.

පෙළ ගැසුම = සදන අලෙවුනිදු සඳ රස් පහස්නි දු නොනැසෙන සියලඟ හුණින් මෙ වියොවග සමඟ කී සිත් හැගේ.

තේරුම - හඳුන් මඬ ගැල්වීමෙන් හා හඳ එළිය පැහැසීමෙන් ද නොනැසෙන්නා වු මුළු සිරුරේ උණුහුම් ගතියෙන් මැ අනඟා හා සමඟ තී ගේ හිත හැ‍ඟෙයි.

පැහැඳුම - ඉදිරිපත් කරනු ලබන කරුණ අනුවැ ගති පැවැතුම හැගේ නම් ඒ ගති ඉඟි තරුණ යන නමින් දන්නා ලැබේ.

           “ ති ගේ සියලඟ උණ පවතියි. නිකම් සොබා උණහුමක් නම් සඳුන් මඬ තැවැරිමෙන් දුරු වෙයි; හඳ එළිය පැහැසීමෙන් ද - හඳ එළිය ගැවිමෙන් ද - දුරු වෙයි. එහෙත් එ බන්දෙකින් තී ගේ සියලඟ නිවී සිහිල් නූණේ හැයි? තී අනඟ උණින් පෙළෙන බව නු එයින් හැගෙන්නේ?”
       මේ කරුණු පැහැදුම අනුවැ ලියක ගේ , පැවැතුම් ගතිය අපට හැගී යෙයි. එ හෙයින් යැ ගති ඉඟි කරුණ නමින් හැගැවුණේ.
                               සියබස්  ලකර  විවරුව                 347

ගැට ලිහුම -

සඳනලෙවු = සඳුන් මඬ - චන්දනාලේපන - යසෙකින් අලෙවනුයේ ද; - යමෙකින් තවරනයේ ද - ඒ අලෙවු නමි. සඳතින් සකස් කරනු ලැබු අලෙවු , සඳනලෙවු යැ. සඳුන් අලෙවු යැ සඳුන් අලෙවුන් යැ යන දෙ වදන මැ සමාන අදහස දෙයි.

සියලඟ = සියල් අඟ, මුළු සිරුර

245. නිපදනා කල්ලද

           නව ලොඳුළ යන්නෙනි දුටු.
            සහ මල් පලූ, මනට යොග
            යනු විකර, පැමිණෙන කම්.

පෙළ ගැසුම - “ ලද නව ලොදුළ” යන්නෙන් දුටු කම් නිපදනා - කම් යැ. “ සහ මල් පලු” යනු වීකර මනට යොග යනු පැමිණෙන කම් යැ.

තේරුම - ලද නව ලොඳුළ යන පැදි කියමනින් ඔබ දක්නාලද කම නිපදනා කම් නම් වෙයි. “ සහමල්පලු” යන පැදියෙන් හැඟැවුණේ විකර කම යැ. “මනට යොග” යන පැදිය පැමිණෙන කම් හඟවයි.

පැහැදුම - කලින් පෑ නිදසුන්වලින් මඳක් ගැට මුයු පැදි තුනක් මේ පැදිය එළි දරවු කෙරෙයි. ඉපැදුම් කරුණු කම; විකර කරුණු කම; පැමිණි කරුණු කම යනුයි ඒ තුන් තැන.

ගැට ලිහුම -

  නිපදනා කල්ලද = නිපදනා කම් ලද; මෙහි ලද යනු “ ලද නව ලොඳුළ” යන පැදි කොටසේ වදනයි. කම් ලද යන දෙ වදන එක් වීමෙන් කල්ලද යන සේ කිවි යෙදුම මට සිලිටි විණ, නිපදනා කම, නිර්විර්ති , කර්ම, නිර්විර්ති කාර්ය්ය යන නම්වලින් සකුගේ හැඳින් වේ.

348 සියබස් ලකර විවරුව

විකර කම - විකාර කර්ම.

පැමිණෙන කම = ජරාජය කර්ම - මෙ සේ කලින් පෑ තුන් නිදසුනක් ආයේ මතක් කුරැපියා ඒ තුන් නිදසුන හැඳින්වීම කැරැලා; ඉක්බිති වැ යළි දක්වනු ලබන නිදසුන් කීපයක් කල් තබා මැ හඳුන්වන සේ යැ ඊළඟ පැදියෙන් අපි දැන් එය විමසා බලමු.-

246 . පෙරැ නැති බව්; මෙ ද්රම

          පළ නැති බවොවුනොවුනුදු
          කෙරෙ නැති බව් සවාරෙන්
          පිළි නැති බව් දු හේ වේ.

පෙළ ගැසුම - පෙරැ නැති බව්; මෙ ද්රු පළ නැති බව්; ඔවුනොවුන් කෙරෙ නැති බව්දු; පිළි සවානේ නැති බව් දු හේ වේ.

තේරුම - කලින් මැ තැතැ බව යැ; වත්මනෙහි පළට වැ නැති බව යැ; ඇති මුත් ඔවුනොවුන් සමීපයෙහි නැති බව යැ; මුළුමනින් නැති බව යැ යනුවෙන් ද හේතු කියමන් වෙයි.

පැහැඳුම - නැති බව පිළිබඳ වැ හතර පිළිවෙළ යැ මේ පැදියෙන් දැක්වුණේ. 1. කල් තබා මැ වූ නැති බව.( ඒ නැති බව මුල හිට මැ වුයේ යැ.) 2. කිලින් තිබී පසු වැ වු නැති බව. ( මෙය කලින් තිබිණ. එහෙත් පසු වැ වැනැසිණ.) 3. තිබෙන නමුත් තමන් කෙරෙහි වු නැති බව. 4. මුළුමනින් මැ නැති බව යනුයි. ඒ හතර පිළිවෙළ . ඒ හතර පිළිවෙළ පිළිබඳ හේතු කියමන් යැ මිළඟට දක්වනු ලබන්නේ.


             සියබස් ලකර විවරුව                349 

( සැලැකිය) මේ පැදිය ගුඩු පඬුවන් උන් ගේ හපන් කම් පෙන්වන්නට ගොස් හිතුමතයේ කපාකොටා වනසා කෙලෙසාදමා තුබුණු පැදියෙකි. උන් ගේ සෝදුවත් උන් දුන් හරුප අරුත්ත් මේ සොබා පැදිය හා මේ අරුත හා සමඟ ළං කොටැ සසඳ්ර බැලුව මැනැවි. සියබස් ලකරට ඔවුන් අතින් සිදු වැ පැවැති විපතේ තරම එයින් බිඳක් හෝ ඔබට ද හැගෙනු ඇති.


ගැට ලිහුම -

   සවාරෙන් = සියලු හැටියෙක් මැ.( මුළු මනින් මැ යු සේ යි.)

Vii පෙරැ නැති කරුණ.

247 . නොසෙවියෙනුදු විඳුන්

            පිළි නොසසඟින් යජනන්
            ඉඳුරන් නො මෙ විසින් හා
            වසන් දෙනේ මිනිස්නට.

පෙළ ගැස්ම = විදුන් නොසෙවියෙනුදු පිළි සජනන් නොසසගින් ඉඳුරන් නො මෙ විසින් හා මිනිස්නට වසන් දෙනේ.

තේරුම - විදුන් - විද්යාවන් - ඇසුර නොකිරීමෙන් ද; ආයේ - කියනවා නම් - යහපත් දනන් හා එකතු නොවීමෙන් ද; ඉඳුරන් නොවසඟයෙන් ද මිනිසුන් හට විපත් උපදියි.

පැහැඳුම - මිනිසුන් හට විපත් ඉපැදීමට හේතු තුනෙක් මෙහි දැක්විණ. ඒ හේතු කරුණු විපත් හටගත් මිනිසුන් හට කලින් තිබි නැති වු ඒවා නො වේ. කල් තබා මැ නො වු ඒවා යැ. මුල හිට මැ නැති වූ ඒවා යැ. එ හෙයින් මේ පෙර නැති කරුණු කියමන නමින් ගැනේ.

350 සියබස් ලකර විවරුව

ගැට ලිහුම -

විඳුන් = විද් නම් දැනීමයි. සිහි නුවණයි. ඒ උපදනුයේ යමෙකින් ද ඒ යැ විදු නම් - විද්යා, සකු -

සෙවියෙන් = ඇසුරු කිරීමෙන් , සෙවිනු ලබනුයේ යැ සෙවි නම් - සෙවි යනුයි මෙහි පවතුව -

සසඟ = එකතු වීම; ඇසුර. - සංසර්ග - සග සහිත යැ සසඟ නම් - සහ සඟ >සාසඟ>සසඟ - විසින් = වසඟයෙන්. වසන් = විපත්, - ව්යසන-

Viii. මෙ ද්රඟපළ නැති කරුණ

  248. ගියෙ වියොවග කල්
            පිළි මෙළෙ නව යොන විලස්
             සිවිණි මොහ දිතිණ් තණ
            අද කෙළෙමෙ’ ති මමන තෙවෙ.

පෙළ ගැසුම - වියොවග කල් ගියෙ; පිළි තව යොන විලස් මෙළෙ; මොහ සිවිණි; තණ දිතිණි. එහි අද මමන තෙවෙ කෙළෙම්.

තේරුම - අනඟා ගේ කල් දවස ගෙවු‍ෙළු් යැ; යළි නව තුරුණු හැඩ නිල ද මළේ යැ ; මුළාව වෙන් වූණේ යැ; චිසුන විණි - ලොබ හැගුම් දිනාගැනුණේ යැ. එ හෙයින් අද මගේ මනස තපසෙහි කෙළෙමි.

පැහැදුම - අනඟා ගේ කල් දවස කලින් තිබිණ. එහෙත් එය මෙ ද්රණ පළට වැ නැති එ මෙන් අලත් තුරුණු බව ද මුළාව ද ලොබ හැඟුම ද කලින් තුබුණු ඒවා යැ; ඒ නමුත් ඒවා අද පළට නැති.

          අද ඒවා පළට වැ නැති හෙයින් ද මනස තපස් බැවෙහි කළේ. මෙ සේ කලින් තිබි පසු වැ නැති බවට ගියා වූ කරුණු නිසා මේ ලකර කියමන සෙද්රු පළට නැති කරුණු කියමන නමින් ගැනේ.


                    සියබස් ලකර විවරුව                   351

ගැට ලිහුම -

නව යොන විලස් = අලුත් තුරුණු බැමේ සලකුණු.
මොහ = මුළාව - මෝහය -
සිවිණි = වයුත  විණා.

තණ = ලොබ හැඟුම - තඛ්හාව.

එහි = එයින්.

නෙවෙ = තව බවෙහි - තපසෙහි.

Ix ඔවුනොවුන් කෙරේ නැති කරුණ

249. වෙනෙ මේ නො ගේ; පිළි
              මොහු ගඟහු නො වරගනෝ;
               බුව මුළු මෙ නො ගිය බිලිඳු;
               මන නඳනේ එනි තමා.

පෙළ ගැසුම - මේ වෙනෙ නො ගේ; පිළි මොහු ගගහු නො වරඟනෝ; මෙ මුව මුළු නො සිය බිලිඳු . මන නඳනේ එනි තමා.

පැහැඳුම - ගෙය හෙවණත් නවාතැනත් සපයයි; වනයත් ඒ සපයයි. එ හෙයින් ගෙයක්, වනයත් එක් බඳුයි. සිහිල් පහසත් මනහර දසුනත් දෙති වරගනෝ.එය ගඟිනුත් ලැබේ. ඒ නිසා ඒ දෙවගය එක් වැනි මැ නො වැ? ඉතික් ඔය එක් වැනියාව වූ නමුත් ගෙයක් වරඟනෝත් සිය බිලින්ද්රෝ ත් හිත කොතෙකුත් කලබලයට පත්

352 සියබස් ලකර විවරුව

 කරන්නේ යැ. එහෙත් වනයත් ගඟහුත් මුව සෙනඟත් හිත සනහා පිනැවීමට පත් කෙරෙති . මන නඳනයට කරුණු පෑ හෙයින් මේ කරුණු කියමනෙකි.
   ගෙය වැනි , වරඟනන් වැනි , බිලිඳුන් වැනි; දැනට තමන් කෙරෙහි කරුණු මේ මනස් සංහිඳියාවට උදවු වු හෙයිනි, මේ ඔවුනොවුන්  කෙරේ නැති කරුණ යන නමට නිසි වන්නේ.

ගැට ලිහුම -

    වරඟන = උතුම් අඟන යැ; වෙස අඟන යැ යන දෙ අරුත මැ දෙයි.

(1) වර - උතුම් - අඟන වරඟන යැ. (2) වර - සමුහයා ගේ - අඟන වරඟන යැ.

මුව මුළු = මුව සෙනඟ.

  මන නඳනේ එහි තමා = තවස සඳහා වලට ගිය එකකු ගිය දවස සමරමින් නොගිය දවස හා සසඳමින් සොම්නස් වූ සැටියි මේ.

x. යවාරෙන් නැති කරුණ

       250. අරි දනනට තැත්
                    පැවැතුම් නො මෙ පිරික්සා
                     ඒ බව්නි ඕනට සව්
                     සියහ සිරිසර වඩනේ.

පෙළ ගැසුම = නො මෙ පිරික්සා පැවැත්ම් අරි දනනට තැත්. එ බව්නි ඕනට සියහ සිව් සිරිසර වඩනේ.

තේරුම - නො විමසා පවත්නා පැවැත්ම අරි දනන් හටරහත් උතුමන් හට - නැති . ඒ නිසා ඔවුන් හට නිතොර සිරි සැපත වැඩි වෙයි.

                    සියබස් ලකර විවරුව                     353

පැහැදුම - නො විමසා පවතින පැවැත්ම අරි දනන් හට මුළුමනින් මැ නැති. එහි ආයේ කිසි ද සැකයෙක් අමුත්තේක් නැති. නො විමසා පැවැත් ම මුළුමනින් මැ නැති හෙයින් ඔවුන් හට නිතොර සිරි සර වැඩෙන් නේ යැ මෙසේ සිරිසර වැඩීමට ඒ හාත් පසින් මැ මුළුමනින් මැ නැති වුවක් කරුණු වූ හෙයින් ඒ සවාරෙන් නැති කරුණ නමි.

   මෙ සේ “ විදු නොසෙවියෙන් මිනිස්සනට වසන් දෙනේ” යනු පෙරැ නැති කරුණු කියමන යැ.

“ වියොවග කල් ගියෙ. එනි ම මන තව කෙළෙම” යනු මේ ද්රැ පළට නැති කරුණු කියමන යැ.

   “අරි දනනට නැත් පැවැතුම නො මෙ පිරික්සා එ බව්නි ඕනට සියඟ සිරිසර වඩනේ” යනු සවාරෙන් නැති කරුණු කියමන යැ. මේ නැති කරුණු කියමින් හතර වගය මෙන් මැ ඇති කරුණු කියමන් ද හතර වශයෙන් වෙයි.
	පෙරැ ඇති කරුණු කියමන යැ:
	මෙ ද්රත පළට වැ ඇති කරුණු කියමන යැ:
	ඔවුනොවුන් කෙරේ ඇති කරුණු කියමන යැ;
	සවාරෙන් ඇති කරුණු කියමන යැ; යනුයි
       ඒ හතර කියමනින් මුල් කියමන් වගයට පමණක් නිදසුන් ඊළඟ පැදියෙන් දක්වන්නාහු අනෙක් නිදසුන් වහරෙන් විමසනුවට පොළොඹවන්නාහු යැ. මේ බලන්නැ.
                                                                               12

356 සියබස් ලකර විවරුව

පෙරැ ඇති කරුණු කියමන් ලකර