සියබස් ලකර විවරුව-විවරුවvi

Wikibooks වෙතින්
Jump to navigation Jump to search

251. සහයුරු පඟුරු’යන්

           නොමිණිමුතු නො වෙ; මත් බිඟු.
           මැඟි වන අඹුවන් කැන්
           සිලිලැඳිලි මෙ කෙලෙ වහල්.

 පෙළ ගැසුම - මත් බිඟු සහයුරු පඟුරු උයන් නොමිණිමුතු නො වේ. මැගී වන අඹුවන් කැන් වහල් කෙළේ සිලිල් ඇඳිලි මේ.

තේරුම - මත් වුණු මි මැස්සන් ඇති , මි අඹ යැ පඟුරු යැ යන වන වදුලු නොපිපුණේ නො වේ. ( එ හෙයින්) මැඟියන් ගේ විරහ වූ අඹුවන් රැසට උදවු කෙළේ දිය ද්රෝ්ත මැයි

පැහැදුම - මී මැස්සන් මත් වී ඔබ මොබ බමනවා නම්; ආයේ ඉතින් විමසා බලන්නට ඕනෑ යැ? මී අඹ වන වදුලු හා පඟුරු වන වදුලු ද පිපුණේ මැ තමා. නොපීපුණේ නම් අර බමරුන් කිසේ ද මත් වැ බමන්නේ? ඉතින් ඒ නිසා වසත් සමය උද්ර වන බවට නිසි පෙර ලකුණූ වනි. එ හෙයින් දුන් ඉතින් මැගියන් ගේ විරහ අඹවන් හට පිහිටට ඇත්තේ දිය ද්රෝ ත මැයි

පැහැදුම - මී මැස්සන් මත් වී ඔබ මොබ බමනවා නම්; ආයේ ඉතින් විමසා බලන්නට ඕනැ යැ? මී අඹ වන වදුලු හා පඟුරු වන වදුලු ද පිපුණේ වැ තමා . නොපිපුණේ නම්.අර බමරුන් කිසේ ද මත් වැ බමන්නේ? ඉතින් ඒ නිසා වසන් සමය උද්ර වන බවට නිසි පෙර ලකුණු වනි. එ හෙයින් දැන් ඉතින් මැගියන්ගේ විරහ අඹුවන් හට පිහිටට ඇත්තේ දිය ද්රෝ තයි ඒ ඇයි? හැයි ද අහනවා! වසත් සමය එළැඹෙත් විරහ වු අඹූවෝ නුරායෙන් මත් වැ මුස පත් වන්නෝි යැ. උන් ගේ දිවි රැකෙනුයේ මුහුණට දිය ද්රෝතත ගැසීමෙනි.

       විරහ අඹුවන් මුස පත් වුයේ පිපුණු සහයුරු පඟුරු උයන් දැකැ එයින් ඉඳි නැගුණු නුරාව නිසායි . ඔවුන් හට දිය ද්රෝ ත දෙන්නට වුයේ ඒ නුරාවෙන් වු මුසපත් විම නිසායි. ඉතින් ඒ දිය ඇඳිලිය පිටුවහලට එන්නට කලින් මැ සහයුරු පගුරු උයන් වදුලු පිපීගිය වග කීයැ යුතු ද? මෙ සේ හේතුව මුලින් මැ කල්තබා මැ ඇති වු හෙයින් මේ පෙරැ ඇති කරුණු කියමන නම්.
                      සියබස් ලකර විවරුව	355

ගැට ලිහුම -

    සහයුරු = මී අඹ ( සහකාර)
    පඟුරු - දෙහි නාරම් පවුලට අයිති ලොකු මැ ග්යෙ. පැගිරි පවුලට අයිති මහ මැ ගස නිසා මේ පඟුරු නමින් ගැනේ.

මැඟි වන අඹුවන් = හිමියා වෙළෙඳ්රමම් ඇ නොයෙක් කට යුතු සඳහා හෙයින් බැහැරැ වුයේ යැ හිතමු එ විටැ ඔහු වනුයේ අතර මඟයි; සිය ගෙයි නො වේ . එ හෙයින් හේ මැගී නමි. ඔහුගේ අඹුව ඔහු ගෙන් වියෝ වැ නොවැ වසන්නේ? එ හෙයින් ඕ වන අඹුව යැ. - විරහ වූ අඹුව යැ-

               ඉතින් මැගියන් ගේ වන අඹුවෝ මැගී වන අඹුවෝ යැ.

252. පෙරැ නැති බවෑ සිව්

              මේ බවට දු හෙ බව් වේ.
              අබවට හේ බවෙව් යළ
              බවට ගේනුදු මේ ගින්.

‍ෙපළ ගැසුම - “ පෙරැ නැති බව් ඇ සිව් මේ බවට දු හෙ බව් වේ. අබවට හේ බව එවු යළ බවට හේනු දු මේ ගින්.

තේරුම - “ පෙරැ නැති බව” ආදි හතර බෙදුම් මේ බව කියමනට ද හේතු බව වෙයි. අබව් කියමනට හේතු බව මෙන් මැ යළි මේ බව කියමනට හේතුන් ද මේ සැටි යැ. පැහැදුම - මේ හේතු ලකර කියමන් පිළිවෙළ අට සැටියෙකි.


356 යබස් ලකර විවරුව


පෙර නැති,

                     මෙද්ර  නැති,
                     කෙරේ නැති,
                     සවාරෙන් නැති,


                     යන හතර හා මෙයට දැක්වුණු  නිදසුන් ද ඔබ, දනිත් නොවැ? ඉතින් එහි මැ විරුදු පස වු, 


පෙර ඇති,

                    මෙද්රව ඇති,

කෙරේ ඇති, සවාරෙන් ඇති,

                යන හතරෙන් මුල් මැ නිදසුන යැ “ සහයුරු පඟුරු’යන්” යන ආදී ලෙසින් දැක්වුණේ . ඉතිරි තුන් පිළිවෙළ ගැනැ නිදසුන් සෙවීම ඔබට මැ පැවැරිණ. වැවහරට මනස යොමා නිදසුන් විමසා බලන්නැ.

ගැට ලිහුම -

 හේනුදු = හේතුන් ද,

253. දුරු පෙලෙකෙකැන් , පල

              අනතුරු නිපදන අනෙක්,
               පල සහද නම් එක් යළ,
              පිළියුත් නම් , නොයුත් නම්.

පෙළ ගැස්ම - දුරු පෙලෙ එකෙක් ඇත් , පල අනතුරු නිපදන අනෙක් , යළ පල සහද නම් එක්; පිළි යුත් නම්, නොයුත් නම්.

තේරුම - දුරු පල නම් එක් කරුණු කියමනෙක් ඇති. පලය ඉක්බිති වැ ඉස්මතු කරන අනෙක් කියමනෙක් ද ආයේ පලය හා එකට හටගන්න පල සහද නම් කියමනෙක් ද; නැවත යුත්; නොයුත් නමින් කියමන් ( දෙකෙක් ) ද ඇති.


                          සියබස් ලකර විවරුව                     357

පැහැඳුම - කරුණු කියමන් ලකරේ තව පස් පිළිවෙළක් මෙයින් දක්වන ලදි.

	 පලය කලින් මැ ඉදිරිපත් කොටැ කරුණු ඉක්බිති වැ ඉස්මතු කරන කියමන් පිළිවෙළ යැ; 
	කරුණ කලින් මැ ඉදිරිපත් කොටැ පලය ඉක්බිති වැ ඉස්මතු කරන කියමන් පිළිවෙළ යැ;
	කරුණත් පලයත් දෙක විටැ මැ ඉස්මතු කරන කියමන් පිළිවෙළ යැ යන සැටියෙන් කල් බෙය අනුවැ කරුණු කියමන තුන් ලෙසකට බෙදී යන සැටිත්;
              යුත් යැ නොයුත් යැයි තවත් දෙ ලෙසකට බෙදෙන සැටිත් ඒ පස් පිළිවෙළින් පැහැදිලි වෙයි. හැබැයි ඒ පස් කියමන් පිළිවෙළින් මුල් තුන් පිළිවෙළ ගැනැ එක් වගක් පැවැසියැ යුතු සේ හැගෙයි. “ මේ කියමන් කරුණු කියමන් නිසා, මේ තුන්  ලෙසට තම දිය යුත්තේ පලය  අනුවැ ද? නැති. කරුණ අනුවැයි. එ හෙයින් පලය කලින් මැ ඉදිරිපත් වේ නම්, තව මැ කරුණ ආයේ කලින්  නො වැ? පලය ඉදිරිපත් වුයේ පසු වැ නම් කරුණ ආයේ කලින් නො වැ? පලයත් කරුණත් එක් විටැ ඉදිරි පත් වත හොත්  කරුණ තව මැත්  පහු වැ ගියේ නෑ නොවැ? අන්න ඒ නිසා කරුණේ කල් දවස ගැනැ තකා
	 නොආ කල් කරුණ,
	ගියකල් කරුණ,
	නොගිය කල් කරුණ; යන සැටියෙන් මෙයට තම යෙදිණි නම් ඉතා මැනැවි යනු එ වඟයි.

357 සියබස් ලකර විවරුව

i නොආ කල් කරුණ

254. පැසුළු නැඟි මෙරජ

                විහිදැ වැජැඹි සුපුන් සඳ
                 උගුළේ යැ රා මඟ මුහුදු
                  පෙරැ මෙ මයුලැසන් සියල්.

පෙළ ගැස්ම - සුපුන් සඳ පැසුළු නැගී මෙරජ විහිදැ වැජැඹි; සියල් මියුලැසන් රා මහ මුහුදු පෙරැ මෙ උතුළේ යැ.

තේරුම - පුරා හඳ පසු වැ නැගී දිස්නය විහිදමින් වොරැඳුණේ යැ; සියලු දිඟැසියන් ‍ඟේ නුරාව නමැති මහ මුහුද කල් තබා මැ උතුරාගියේ යි.

පැහැඳුම - හඳ නැඟුණු පසුයි ඒ නෙ‍ාහොත් හඳ නැගෙනු හා සමගයි සොබායෙන් මැ මහ මුහුද උතුරන්නේ ( වඩ දිය ගලන්නේ) දිගැසියන් ගේ නුරාව නමැති මහ මුහුදේ සැටිත් එ සේ මැයි. හ‍ඳේ රස් නික්මෙත් නික්මෙත් මැ තමා ඔවුන් ගේ නුරා හැඟුම් මෝරන්නේ . එහෙත් මෙහි අමුත්තෙකි හඳ නැගෙන්නට කලින් මැ ඔවුන් නුරායෙන් මත් වැගිය සැටියි. එ හෙයින් හඳ නැඟුණේ ඔවුන් නුරා මතින් පෙළැඹෙන්නට වූවාට පසුයි දිගැසියන් නුරායෙන් මත් වන්නේ හ‍ඳේ සිහිල් රස් නිසායි ඉතින් නුරා මහ මුහුද ඉතිරිමට හෙය තමා හඳු ගේ නැඟීම. මෙහි දී ඒ හේතුව උද්රෙ වන්නට කලින් මැ පලය පැනැ නැගින එ හෙයින් යැ මේ නො ආකල් කරුණ නම් වනුයේ.

ගැට ලිහුම -

   පැසුළු = පසු වැ
    මෙරජ = දිස්නය ( එළිය) මරීචි - සකු.
   මියුලැසන් = මියුල් ඇස් ඇතියන්; මියුලැසියන් ( දිගැසියන්) අහනන් යැ කියු සැටියි.
       උතුළේ = උතුර යනුයි පවතුව.
                    සියබස් ලකර විවරුව                          359


Ii ගියකල් කරුණ

              255 . තැනෙක්හි එක් ගිණි
                            යහ දසනන් නුවන් හී
                             යකි සදිනෙයින් මෙ තමා
                              මන මෙ පහරෙක් ලක් වී.

පෙළ ගැසුම - සකි සඳිනි. යහ දසනන් නුවන් හී එක් තැනෙක්හී ගිණි. එයින් මෙ තමා මත මෙ පහර එක් ලක් වී.

තේරුම - (1) යහළුවාණෙනි, කොමළඟනන් ගේ නුවන් ගී ( ඇස් කොන් බැලුම නමැති ගී නල) එක් තැනෙකට වැටිණි. එයින් මෙ මගේ හිත මැ පහරට එක එල්ලය වූයේ යැ. යන අරුතයි ඔය පැදියෙන් එක එල්ලේ හිතට නැගෙන්නේ. එහෙන් බිඳක් විමසාබලන් මැ එයට වඩා වෙනස් අරුතෙක් ද මනසට නැ‍ඟෙයි . සකි සඳිනි, යනුවෙන් යෙහෙළියනට ද ඇමැතියැ හැකි යැ. එ විටැ අරුත මෙන්න. (3) යෙහෙළණියෙනි, යහදසනාවන් ගේ ( මෙ ඔබ තුමිය ගේ ) නුවන් ගිය ( ඇස් කොනින් බැලුම නමැති ගීය) වෙන තැනකට වැටිණි එයින් මේ මගේ මනස මැ පහරට එක මැ ලක වුයේ යැ.

පැහැදුම - මනස නුරා සැර පහරට ගොදුරු වීම මෙහි පලයයි. ඒ පලය ඇති වුයේ කලින් මැ විහිඳීගිය නුවන් ගීය නිසායි.

            “ යෙහෙළිණියෙනි, ඔබ මා දෙපැ බලන වගක් හෝ මම කලින් නො හිතිමි. ඔබ කෙරේ පිළිබඳ හිතක් හෝ එ හෙයින් මට කලින් නො තිබිණ ඔබ බැලුසේ අන් කෙනකු දෙසැ වන්නට පිළීවනි එ හෙයින් මා පිළිබඳ නුරා හැගුමක් ඔබට ද නො විණැයි මම අදහමි. හැබැයි ඔබ ඒ ද්ර  බැලු  ඒ බැල්මෙන් සැර පහර කැයෙේමගේ මනසයි.”


360 සියබස් ලකර විවරුව


මෙ සේ පැදියේ අරුත් දහරාව හා එකට හිතැවිල්ල යවන විටැ මනස අනඟ සැර පහර ලැබීම පිළිබඳ පලය පසුවැත් එයට හෙය වූ නුවන් බැලුම කලිනුත් වූ බව පැහැදිලි වෙයි. එ හෙයින් මේ අතීත හේතු කියමන හෙවත් ගියකල් කරුණු කියමන නමි.

ගැට ලිහුම -

 පහරෙක් ලක් = පහරට එක මැ ලක ( එක මැ ඉලක්කය) 

මෙ තමා මන මෙ = මේ මගේ හිත මැ. යහ දසනන් නුවන් හී = යහදසතාවන් ගේ නෙත් නමැති. හීය. ( යහදසන නම් මනහර දැකුම් ඇත්තිය යැ.)

සකි සඳිනි = යහළුවා‍ෙළුනි, යෙ‍ෙහළණි යෙනි, යන දෙ අරුත මැ මේ වදනින් ලැබියැ හැකිය.

iii . නොගිය කල් කරුණ

255. පහළ වේ විය නව

              යොනන් තනන තෙනෙන් යුත්;
               සියඟ සියල් දන මෙනේ
              සමඟ නරඟ වියරු හා

පෙළ ගැස්ම - නව යොනන් තනන තෙහෙන් යත් විය, සියහ සියල් දන මෙනේ තරඟ වියරු හා සමඟ පහළ වේ.

තේරුම - අලුත් තුරුණුවියන් ගේ වෙවුලන තනයෙන් යුත් වයස, නිතොර වැ සියලු දනන් ගේ හිතෙහි අනඟ පිස්සුව හා එක් වැ පහළ වෙයි.

පැහැඳම - ගැටවර කෙල්ලන් ගේ වෙවුලන ( දෙදැරුම් කන) තනයෙන් යුතු වයස උදු වන්නේ තනියම මැ නො වේ. තවත් යම් විත්තියක් හා සමඟ එකටයි ඒ කල දවස උද්රම වන්නේ . කිමෙක් ද ඒ එකටයි ඒ කල දවස උද්රල වන්නේ . කිමෙක් ද ඒ විත්තිය? හැයි ඒ දක්නා සියලු පිරිමින් ගේ මදන පිස්සුව. ඔවු; ඒ දෙක මැ .

                      සියබස් ලකර විවරුව                      361

පහළ වන්නේ එකටයි. ( තව ගැටවර වියේ දැරියන් ගේ වෙටුලුම්කන පියොවුරන් දකුත් මැ ( එ මොහොතේ මැ) දනන් ගේ හිතේ නුරා හැඟුම බලවත් වැ ඇති වන බව යැ මේ පැවැසුණේ)

     දනන් ගේ හිතේ නුරා හැඟුම පහළ වීමට කරුණු කීම? අර වෙවුලන පියොවුරු සිගිති දැක්මයි එ හෙයින් පියොවුරු සිඟිති පහළ වන ගැටවර විය මෙහි කරුණයි. දනන් හිතැ පහළ වන තුරුණු වියරුවයි ඒ කරුණේ පලය. මෙහි කරුණත් පලයත් දෙක මැ එක් විටැ නො පහළ වන්නේ? එ හෙයින් යැ මේ නෙිගිය කල් කරුණ නම් වන්නේ.

ගැට ලිහුම-

තනන = වෙවුලන ( කම්පනය වන) තන යනුයි මෙහි පවතුව.

සියඟ = නිබඳ (නිතොර)

නරඟ වියරුව = අනඟ උමතුව.

පහළ වේ = උද්රඅ වේ ; පළට වෙයි.

Iv යුතු කරුණ

257 . දෙරණිසුරනත්තල

             නඹරි ළු මුහුලු කළෙ; යුග
              සරණ නිය සඳ රස් තා
              මිණි මුතු කොඳ කුමුඳු සුඳු.

පෙළ ගැසුම - මිණිමුතු කොඳ කුමුදු සුදු තා යුග සරණ තිය සඳ රස්, ඔබ ගේ දෙ පගුල් නමැති තිය රස් නමැති හඳ කැල්ම; රජවරුන් ගේ අතුල් නමැති නෙළුම් වනය ඇකිළැවි යැ.

361 සියබස් ලකර විවරුව

පැහැඳුම - “ හඳ කැල්මට නෙළුම වනය ඇකීළීම සොබාවෙකි. ඔබ ගේ නිය රස් ද සැබැවින් මැ හඳ කැල්ම බඳුයි. හැයි හඳ කැල්ම හරි සුදුයි නේ? ඔප ගේ නිය කැල්මත් හරියට පිපුණු කොඳ මල් වගේ කුමුදු මල් වගේ සුදුයි . ඉතින් ඒ හඳ රසට නිවට ද? ඒ හඳ රැසිනුත් නෙළුම් වනය ඇකිළිණි. රජවරුන් ගේ අත්තල නමැති  නෙළුම් වනය තමා ඒ ඔබ ගේ දෙ පතුල අබියෙසැ රජ දරුවන් දැත් එක්කොටැ ඇඳිලි බඳින්නේ තැත් ද?”
   
             ටිකක් පැහැදිලි කැරැ මෙසේ පැවැසුණා යැ හිතමු ඒ පැදි අරුත . සරණ තල නිය රස් නමැති හඳ රසට අත්තල පියුම් ඇකිළි වග පැවැසුණු නිසා නිය රස් නමැති හඳ රස කරුණ නොවැ? එහෙයින් අත්තල පියුම් ඇකිළිම එහි පය නොවැ? ඔය  කරුණින් ඔය  පලය ඇතිවීම සොබාවෙන් මැ යුතු වුවක් නොවැ? ඉතින් “යුතු කරුණ” යැයි මේ ලකර කියමනට කිම් යුතු නැද්ද?

ගැට ලිහුම -

දෙරණිසුරන් = දෙරණ ඉසුරන්; පොළො පතියන් ( රජුන)

තඹරිළු = තඹර ඉළු; නෙළුඹු වනය .

මිණිමුතු = පිපුණු - මිණිය නම් මල් කැකුළු වටා ඇති රළු පෙති වටාවයි. එය මිණි කෙඩියෙකැ හැඬයෙන් සැකැසුණු නිසා යැ ඒ නම මල් කැකුළක් පිපෙත් මැ ඒ මිණියෙන් මිදිම වෙයි. එහෙයින් යැ මිණිමුතු යනු පිපුණු යන අරුත දෙනුයේ.

යුග සරණ = දෙ පතුල් සරණ යන තැනැ අග අකුරට යෙදුණු මනා වනුයේ න මිසැ ණ නො වේ. සරනුයේ ඇවිදිනුයේ යම්කින් ද ඒ යැ සරන නම් . පතුල යන අරුත දෙන සරන යන වදන මෙසේ බලන සුසුදු හෙළ වදනෙකි.සකු ගැතියෝ ඒ වදන කෙළෙසූ හ.

                    සියබස් ලකර විවරුව           363


V නොයුතු කරුණ

258. මිහිපලුනත් පියුම

            ඉළු තා මේ සරණ පැහැ
             තුරුණු රිවි  රස් මහ රඳ
             මුහුල’රද කෙරෙ කවර සෙ?

පෙළ ගැසුම - මහ රද, තා මේ සරණ පැහැ තුරුණු රිවි රස්; මිහිපලුන් අත් පියුම් ඉළු කවර සෙ අරද මුහුලු කෙරෙ?

තේරුම - මහ රජ, ඔබ ගේ මේ පතුල් පබාව නමැති අලුත් හිරු එළිය; රජවරුන් ගේ අතුල් නමැති පියුම් වනය කොයි හැටියෙකින් හැම විට මැ අකුළවයි ද?

පැහැදුම - අලුත් හිරු එළියට නෙළුම් වනය පිපෙනු මිසැ ඇකිළෙනු නොසොබා යැ. එ හෙයින් එ බඳු කියමනක් කියත හොත් එය නොයුත් යැ. රජු ඉදිරියේ දී ලොවේ නොයෙක් අන් රජ වරු ද්රෙැහොත් නඟා වඳිති ඒ රජවරුන් ගේ අතුල් රජුන් ගේ වැඳීම හරියට බපැටි හිරු ඉදිරියේ දී පියුම් ඇකිළෙන්නා වැනි යැ. ළපැටි ගිරට පියුම් පිපෙනු විනා ඇකිළෙනු නොමනගර යැ. එ හෙයින් මේ නොයුත් කරුණු කියමනෙකි. ගැට ලිහුම -

මිහිපඳුනත් පියුම් = මිහිපලුන් අත් යපියුම්.

අරද = තිබඳ ( නිතොර)

තුරුණු රවි රස් = උද්රන වන හිරු ගේ එළිය. (පාන්දර හිරු එළිය) තුරු නම් ළඳරු යැ ළපැටි යැ. තුරු අනු වුයේ යැ තුරුනු නම්. සකු ගැති බව නිසා ඒ තුරුණු වියැ.


364 සියබස් ලකර විවරුව

      14. සියුම් ලව කියමන

259. හැගෙන්නෙන් ඉඟියෙන්

            සියුම් ගුණය සියුම් නම්.
            ඉලව නම් ලෙසින් ඇඟැවූ
             සබව යැ . මෙ දෙක මේ ගින්.

පෙළ ගැසුම - ඉඟියෙන් හැගෙන්නෙන් සියුම් ගුණය සියුම් නම් .ලව නම් ලෙසින් ඇඟැවූ සබව යැ. මේ දෙක මෙගින්.

තේරුම - යම් කිසි ගති පැවැතුම් මතෙකින් හැගෙන හෙයින් ( හැගෙන්නට සලකන හෙයින්) සියුම් ගුණය සියුම් නම් වේ ලව නම් යන්නමින් ඇඟැවු සොබාව යැ. මේ දෙක මෙන්න මේ සැටියෙනි.

පැහැදුම - අතින් මුවින් ඇසින් නැහැයෙන් දක්වනු ලබන යම් කිසි ගති පැවතුම් මතෙකින් (ඇබිත්තෙකින්) ඇ‍ඟෙන්නට සලසන අදහස සියුම් නමින් ගැනේ එ සේ හෝ නො දක්වා යන්තම් හැටියෙකින් අඟවන සොබාව ලව නමින් හැඳින්වෙයි.

ගැට ලිහුම

සබව = සොබාව

ඉඟිය = ඉඟිය නම් කිම? එය වදනින් දක්වන අදහසෙක් නො වේ නැහෙයෙන් අතින්, තොලින් , ඇසිය හඟවනු ලබන සියුම් අරුත යැ. කෙනැගිලි රසය බොහෝ විටැ ඉඟිය නිසා මැ පණ ගැන් වේ. ඉඟි බිහි පානවා ; ඉඟි මරනවා යන ඈ විසින් මේ ගැමි වහරෙහිදු යෙදෙයි.

ලව = යන්තම් ඇබිත්ත ( ලේෂ මාත්රිය) “ හිතේ ගුණ ලවවයක් හෝ නැති දුදනා” යන ඈ කියුම්වලැ දී මෙහි අරුත හොඳින් ඉස්මතු වැ පෙනෙයි. එහෙත් ලව නම් ලකර කියමනින් කැරෙන්නේ එ බඳු අල්ප සොබාවක් වෙන ගැළැපෙන මැ සොබා මතෙකින් වසා හැංඟිමයි.


           සියබස් ලකර විවරුව                            365

I ඉඟි සියුම්

   260. කිකලෙක්හි වේ හොයි
                  කියන කලුහු යහ පනස්
                  නොපොහොසතෙ දත් අඟනක්
                   සවනිඳුවර කළ මුහුලු.

පෙළ ගැස්ම - කලුහු යන පහස් කීකලෙක්හි මේ හොයි කියත නොපොහොසත් එ දත් අඟනක් සවන් ඉඳුවර මුහුලු කළ.


366 සියබස් ලකර විවරුව

තේරුම - පියුම් වන ඇකිළිම සවස් කල්හි වන නිසා; ඒ අඟන ( ඒ කොම්ළාව) ඇකුළුම් කළා වු කන් මහනෙල ඒ මොහොතේ මැ නුරා හද නො කළේ යැ.

පැහැදුම - හැයි ඒ කොමළාව කන් මහනෙල අකුළා පෑසේ? පියුම් වන ඇකිළෙන්නේ හවසට නොවැ? ඉතින් අප ගේ පෙම් දබරයන් හවස්හි වන වගයි ඇය එයින් පෑයේ. ඇය පෑ ඉඟියෙන් වසඹ සොඬා ගේ මනසට එක්තරා ඉස්පාසුවෙක් ලැබිණි. හවස් කලට නේද යන හැඟීම තිර වැ ආ නිසා. ඒ හෙයින් එ මොහොතේ මැ ඔහු ගේ මනස ඇවිසි නැගී තුබුණු නුරා හැඟුමෙන් ඈත් වූයේයි. ඉතින් හිතන්නැ අර කලින් කී පැදියෙන් කැවුණු ඉඟිය ( ඉඟි සියුම) කීමෙක් ද? “ හා හා! දැන් මැ කලබල වන්නට එපා හවසට බැරි යැ?” යන අදහසක් ඉඟියෙකින් මතු කළා යැ වරඟන. කිමෙක් ද ඒ ඉඟිය? හැයි කන් මහනෙල හැකිළැවීම?

ගැට ලිහුම

       නොවිසඹද කෙළෙ = නොවිසඹ අද කළෙ, නොනුරා හදවත කළේ යැ කල් නියමය පිළිබඳ සැනැසිල්ලක් ආ හෙයින් නුරා උමතුව බැහැර විණැයි කියු සේයි.

ii සැටි පියුම

  862. තඅතුරැ උතුළ රා
                 වුහුටු නුවනෑ සසිලිටු
                  ලිය ගී ගඳැවුනි බිජි
                   කවරෙලු මුව පුල් තඹර!

පෙළ ගැස්ම = ලිය ගී ගදැවුනි ත අතුරැ රා උතුළ නුවන් වුහුටු ඈ මුව පුල් තඹර කවරෙ සසිලිටු බිජිලූ!

තේරුම = මියුරු ගී ගැයුම නිසා තා ගේ තුරුල්ලට නුරායෙන් ඉතිරිගිය ඇස් හෙළූ ඇය ගේ මුහුණ නමැති පිපුණු නෙළුඹ කුමක් ද්රෝන සිලිටි බවක් ඇසුරු කළේලු.


සියබස් ලකර විවරුව 357

පැහැදුම - මුහුණ ඇසුරු කළ සිලිටි බවේ සේයාවක් සේයා මතක් පමණක් මෙහි දී සිත්තම් විණ. ඒ මිසැ ඇත්තෙන් මැ ඒ මේ සිලිටියාව වූයේ ද? යන ඈ කිසි මැ වගක් මෙයින් හෙළි නො වේ යන්තම් හෝඩුවා මතෙකින් කරුණු ඇඟැවීමක් නිසා මැ මේ සැටි සියුම් නම් වේ.

ගැට ලිහුම වුහුටු = විහිදුවා වූ ගැඳැවු = ගී ගැයුම, හා ඒ අනුවැ වැයුමත් ගඳවු නම් හෙළ කලාවෙහි ඉපැරැණියාවන් නිවහල්තාවත් ලොවට අඬගාපාන වදනෙකි මේ. ගයනුයේ ගයු යැ; වයනුයේ වයු යැ. ගයුවන් අනුවැ වයනුයේ යැ ගයනු වයු නම් ( ගයු + අනුවයු) මේ ගයනුවයු යන හෙළ වදන අවුරුවු සිය ගණනක් ඉක්මිමේ දී මඳින් මඳ සිලිටි විණ මෙන්න මට සිලිටි වුණ හැටි:

       ( ගයනුවයු>ගයනුවවු>ගානුවු>ගානැවු>හඳැවු) 
          මෙසේ අවුරුදු දහසු ගණනක් මුළුල්ලේ වැවහර වීමෙන් අවසනැ දී සගයුව හෙළයෝ ගඳැවු නමින් හඳුන්වන්නට වු හ. අන්න එසේ සැකැසී මටසිලිටිවැ ගිය හෙළ වදන තමා මෑතැ දී “ගන්ධර්ව” නමින් සකු මුණුවර ගෙනැ පළට වැ ගියේ.

බිජි -ඇසුරු කෙළේයි.

263. ලිය ගිති කල් කල

              මඳක් ඒ කල් කල් හට
               තම ඉස්නා රහස් බස්
               කියු පියොදමිනි නුවන්.

පෙළ ගැසුම- ලිය ගිනි කල් කල ඒ කල් කල් හට නුවන් පියොදම්නි මඳක් තම ඉස්නා රහස් බස්.

367 සියබස් ලකර විවරුව

තේරුම - ලිය ගිය නිසා හිත ඇදීගියා වු අඟන; ඒ හිත් අදනා යහළුවාට ඇස යොදමින් මඳක් කියේ (ඒ අස යෙදීම අනුවැ මඳක් හැඟැවුයේ යැ කියු සේයි) තමා කැමැති රහස් බසයි.

පැහැදුම - “ ත අකුරැ උතුළ රා” යන පැදිය ආයේ බිඳක් සිහියට ගනු මැනැවි. තුරුණු ගයුවාගේ ගී මිහිර නිසා අඟන ගේ හිත නුරායෙන් ඉතිරිගිය වගත් එහෙයින් ද්රෙ නෝ ඔහු නුවන් යෙදු ඇය ගේ මුව තඹරේ අමුතු ලෙළෙවියාවක් දිසි වුණ වගත් ඒ පැදියෙන් කියැවුණා නොවැ? ඉතින් අන්න ඒ පැදියෙන් කවන අදහසේ විවරනයයි මේ පැදියෙන් තව දුරට විහිදන්නේ.

        තුරුණුවා ගේ ලිය ගීයෙන් ඇදීගියා වූ අඟන ඔහු වෙතැ යෙදු ඇසින් කුමන අයුරක් ද ඇඟැවූයේ? ඒ ඉඟියෙක් නො වේ නිකම් අයුරෙකි. ( ආකාර මාත්රයෙකි)
       ඔවු, ඒ ඇසින් කුමන අයුරෙක් ද අඟැවුයේ? තමා කැමැති රහස් බසින් ඇය තමා ගේ අයුරින් මැ ඇඟැවුයේ අයුරු සියුම්තාවේ හැටිත්; ඉඟි සියුම්තාවේ හැටිත් ඔබට මේ නිදසුන්වලින් දැන් ඉතින් හොඳට පැහැදිලි ඇති.
       ඉඟි සියුමේන් සිදු වන්යේ ඇසින් නැහැයෙන් මුව කොනින් දක්වන ඉඟියෙන් යම්කිසි අදහසක් මනසට කා වැද්දීමයි සැටි සියුමෙන් වනුයේ යම් කිසි පැවැතුම් මතෙකින් අදහසක් ඇඟැවීමයි. ඉඟි සියුම් කෙනැඟිලි ගතියෙන් උවහස් ගතියෙන් බොහෝ විටැ ඔප නැගෙයි. එහෙත් “ සැටි සියුම” ඉතා රහසි වැ ඇඟීම ඉස්මතු කරන්නේ යැ. ඔවු අදහස පිළිබඳ වැ නිකම් සේයාවක් ව‍ෙග් ඇබිත්තක් මනසට ඇතුළු කරන්නේ යැ.                   


සියබස් ලකර විවරුව 369

ගැට ලිහුම

ත - අතුරු = අතුරු යන්න මෙහි බලවත් අරුතක් දෙයි. තා වෙනැ නුවන් විහිදු යන්නට ද වඩා එහි අරුතේ මඳ වෙනස් බවෙක් වෙයි. තගේ තුරුල්ලට ඇස් යොමු කළා වු යනු යැ සුනිසි මැ අරුත (අතුරු>අතුරුලු>තුරුලු) තා වෙතැ යැයි එයට අරුත් බිණුවෝ හෙළ වදනෙකැ නිසි අරුත නො දක්නෝ යැ.

364. හඟුන් හොත් දෙ ලෙහෙනි

          අත් සමස් මෙ සියුම් නම්
           මෙ දෙකේහි මෙ වියන් අත්
          කරනු වියුමුලු නො තමා.

පෙළ ගැස්ම - සියුම් නම් මෙ දෙ ලෙහෙනි අත් සමස් හඟුත් හොත්, වියන් මේ දෙක්හි මේ තමා අත් වියුමුලු කරනු නො?

තේරුම - සියුම් නම් වූ මේ දෙ සැටියෙන් අරුත පිඬු කිරීමට අදහස් කරත් හොත්; නුවණැතියා මේ දෙපිළිවෙළින් මෑ තමා ගේ අදහස පැවැසීම් කරනවා නොවැ? පැහැදුම - ඉඟි සියුම් යැ සැටි සියුම් යැ යන මේ දෙ සැටිය පිළිබඳ යවැ හැබැ වෙනස් වැටැහීමක් බොහෝ දෙනාට නැති. සමහරු මේ දෙ පිළිවෙළ නිකම් මැ අවුල් කොටැගනිති. එහෙත් මනසට සුනිසි වැ අදහස් ගැන්වීමේ දී මේ දෙ සැටිය මැ ඉතා වැදැගත් යැ. පැණවනා නිසි නිසි සැටියට නිසි නිසි තැනැ දී මේ දෙ පිළිවෙළින් මැ තමා ගේ අදහස ඉස්මතු කරයි.

     ( පැදියෙතැ සුනිසි අරුත විමසා බැලීමට මනස මෙහෙයවනු නොහැකි අරුත් අඳහු මේ පැදියේ ශබ් වැ පවත්නා මේ මාහැඟි අරුත මුසා මඩෙහි හංහාදැමු හ;)

ගැට ලිහුම

දෙහෛනි = දෙ සැටියෙන් ( දෙලෙස>දෙලෙහෙ> දෙලෙහෙනි)

        “ දෙලෙස” යනු තෙ වැනි විබත ගැනිමේ දී දෙ ලෙසිති කියා යැ සිටිනුයේ . එහෙත් “හ” අදෙස් වීමේ දී ඒ රුව වෙනස් වෙයි. එ විටැ දෙ ලෙගිනි කියා නොවැ “දෙලෙහෙනි” කියා සම වණ අදෙසින් වදන් රුව සකස් වෙයි. බස් අඳහු  මේ වදන් මුණුවර නිසි සේ දකිනු නො හැකි වැ දුර්වලත්වයෙන් යැයි මෙයට බොල් අරුත් බිණු හ.

වියුමුලු = වියුම් මැ යැ; වියුමුලු නම් පැවැසීම් යනුයි අරුත. විය දය පැවැසුම් අරුත දෙයි.

ලවය.


265. ඇතොරනතුරේ කළ

		සිතු යුතු ලොමු ද්රෙරහෙත් මා 
         දනිති හෝ අන් හා වී
        සිහිල් නෙලෙස් මෙ උයන්.

පෙළ ගැසුම - ඇතොරන් අතුරේ කළ සිතු යුතු මා ලොමු දෙහෙන් දනිති හෝවී “ හා මෙ උයන් සිහිල් නෙලෙ” යේ.

තේරුම - ඇතොරන් ගේ තුරුල්ලට කරන ලද සිතු ඇති මා ලොම් උදුහුමෙන් දැනැගනිද්ද්රෝර යි; “ හා අන්න! මේ උයනේ සිහිල් හුළඟ යැ”යි පවසයි.

පැහැදුම - ඇතොරන් කෙරෙහි පිළිබඳ සිත නිසා යැ; උන් ගේ තුරුල්ලේ සුවය ගැනැ කළ සිත නිසා යැ ලොම් උදැහුම වුයේ. ඒ ලොමු දැහැගැන්මෙන් මැ තමා ගේ රහස එළි වේ ද්රෙුහොයි හිතා හා අන්න මේ උයනේ සිහිල් හුළඟ යැයි පවසයි. ඒ පැවැසුමෙන් කුරුණේ

සියබස් ලකර විවරුව 374

සොබා කරුණ යටපත් කොටැ හජගා වෙන අන් කරුණක් සොබා සැටියෙන් ඉස්මතු කිරීමයි. කම් හිතැවිලි දහරාව නිසා; ඒ සුවකුරු හැඟුම මනසට නැගීම් නිසැ; ලොම් උදැහිම සිදු වෙයි. මෙහි දී සිදු වුයේ කම් හැඟුම් නිසා වූ ලොමුදැහැඟැන්ම සිහිල් හුළඟ නිසා වූ ‍ෙලාමුදැහැගැන්මක් සේ ඉස්මතු කිරීමයි . ඒ දෙක මැ සොබා තතුයි මුල් සොබා කරුණ දෙ වැනි වූයේ “ ඇතොරන් කෙරෙහි කම් හැඟුම් ඉපැදුවීම එළිදරවු වුව හොත් තමාට වරදී” යන බිය අරමුණ නිසා යැ, එ හෙයින් මේ “ බිය අරමුණු ලව කියමන” නම්.

ගැට ලිහුම

අන් හා වි = ම් පැරැණි මැ පිරිපත්වලැ වු සැටි යැ; මේ වූ සැටි ඉතා මැ හරි යැ. එහි වී සදේ අරුත කියා යනුයි. කියා, ය, විය, යනු සම අදහස් ඇති පවතු යැ ( ධාතු යැ)

“ මම මැරෙමි” කියා හේ ගඟට පනී.

“ මම මැරෙමි” කියා හේ ගඟට පනී.

“ මම මැරෙමි” කියා හේ ගඟට පනී.

         යන මේ තුන් තැන විමසා බලැන්නැ, එහි වූ කියා, යි, වී , යන ගිය කල් පවතු හෙළි ( අතීත කෘදන්ත නිපාත ) තුන තැනු‍ණේ කිය, ය, විය, යන පවතු තුනෙන් යැ. විය ලවතුයෙන් තැනෙන පවතු හෙළිය වියි යනුයි. එය බැවහර කිරීමේ දී “ වී” යන සේ මට සිලිටි විණ මෙහි වූ නිසි අරුත සකසා නොදත් අයෙක් එහි ඒ අරුත පැදියට නොගැළැපෙන හෙයින් හිතුමතයේ පැදිය කපා කොටා “ මේ” යන

372 සියබස් ලකර විවරුව


සෙයින් සැකැසූ හ. අපේ පැරැණි පත පොත රැක ගත යුත්තේ මෙන්න මෙ බඳු කාවන් ගෙන් යැ. මේ පොත් කාවෝ පැරැණි ගැදී රුවන් නිකම් මැ පුහු උමතුයෙන් කාබාසිනියා කොරති.

සිහිල් නෙලෙ යේ මෙ උයන් = “ මෙ උයන් සිහිල් නෙල” යේ මේ උයනේ සිහිල් හුළඟ යැයි පවසයි. මෙ තන්හි යේ යන්නේ රුත පවසයි යනුයි.

ඇතොරන් = බිසෝ මාලිගයේ වුවන් ( අන්තඃපුර ස්ත්රීුන් ) ඇතොර නම් බිසෝ මාලිගයයි. එහි වූවෝ යැ ඇතොරෝ.

i	 විළි ගවය
     266.   ලද යහ දසුනුතුළ
                     සතුටු කඳුළැති මෙ වියෝ
                     “ අහෝ කුසුම් රෙදෙන් නෙත්
                     කැලැඹිණි පවතිනුදුහූ”

පෙළ ගැසුම - ලද යහ දසුන් උතුළ කඳුළු ඇති ඕ මෙ වියු “ අහෝ පවතින් උදුහු කුසුම් රෙදෙන් නෙත් කැලැඹිණි”

තේරුම - ලැබු යහ දසුනින් ඉතිරිගියා වූ තුටු කඳුළු ඇති ඕ තොමෝ මෙ සේ කියුවා “ අනේ හුළඟ නිසා නැගීගිය මල් රොනින් ඇහැ කැලැඹිණ.”

පැහැදුම - කලකට පසු තම පෙම්වතා දැක්ම ඇත්තේන් මැ පෙම්වත් ලියක ගේ ඇසට ඉබේ මැ කඳුළු නැගෙන සොම්නසෙකි. එහෙත් ඒ සතුට තමාට රහසි වැ තබාගෙන පිටට ඇ‍ඟෙන්නට ඉඩ නොදී වසාගනියි ලජ්ජාවෙන් බර වූ තුරුණු විය . ඕ ඒ කරුණ, ඒ හා සම අන් කරුණෙකින් වසයි.

           “ අපොයි හුළඟින් ආ මල් රොන් නිසා ඇහැ කැලැඹුණා” මෙ සේ පවසමින්  ඕ ඇස පිසැද්රඅගනී.


සියබස් ලකර විවරුව 373

හැයි මල් රොන් නිසාත් ඇස කැලැඹෙනවා නොවැ? ඉතින් ඒ නිසාත් ඇහැට කඳුළු උනනවා නොවැ? ඒ නිසා කඳුළු ඉනීමේ කරුණ හරියට හරි ඉතින් මේ සැඟැවීමේ කරුණ කිම; වි?ළියයි; ලැජ්ජාවයි. ඒ නිසා ලවය විළි ලවය නමින් ගනිමු.

ගැට ලිහුම

 යහ දසුන = යස දසුන; මනහර දසුන , පෙම්වතාට පෙම්වතිය ගේත්; පෙම්වතියට පෙම්වතා ගේත් දසුන යහ දසුඟ යැ. මිතුරාට කලණ  මිතුරා ගේ දසුනත් යන දසුන යැ.

මෙ වියෝ = මෙ විසු ඕ. ( ඕ මෙ වියු)

කුසුම් රෙදෙන් = මල් රොනින් ; රද නම් ඉතා සියුම් කොටස් යැ. දුහුලි යැ. මලේ වූ සියුම් දුහුලි බඳු කොටස ( මල් රොන් ) යැ කුසුම් රද නම්.

පවතිනූදුහූ = පවතින් උදුහු; හුළඟ නිසා උඹට නැගීඟත් උදුහූ යන්නේ පවතුම උදහ යනුයි ලොමුදහ ( ලොම් + උදහ) යන ඈ යෙදුම් විමසන්නැ.

267. රහසක් ලෙසෙක්නි

         වැනුම් කෙනෙක් ලවැ වියෙන්
          පිළිවෙළින් මෙ විළිත් වූ
          ගරහ වියෙතන්හු මෙ සේ.

පෙළ ගැසුම - රහසත් ලෙසෙක් හි වැනුම් ලව යැ කෙනෙක් වියෙත්. මේ පිළිවෙළින් විලිත් වූ ගරහා ලවැ අන්හු වියෙන් . එ මෙ සේ.

තේරුම - රහසත් සැටියෙකින් වැනුම ලව නම් කියමන් වගය යැයි කෙනෙත් කියති මේ සැටියෙන් විදැහුණු වූ ගරහව ලව යැයි අනෙක් ඇත්තෝ කියති.


374 සියබස් ලකර විවරුව

පැහැදුම ලව ලකර කියමන ගැනැ මත ගැටුමෙක් මෙයින් එළි දරවු වෙයි. යම් කිසි වැනුමක් ඉතා සැටියෙකින් හරියට රහසක් පවසන සැටියෙකින් ඇහෙන්නට නොඇහෙන්නට වගේ වැනුම් කිරීම ලව යැයි සමහරෙක් පවසති වැනුමේ ඇති ඉතා සියුම් බව නිසා එයට “ලව” යන නම දෙති ඌ තුමු.එහෙත් අනෙක් ඇත්තන් ගේ හැගුම එයට වඩා වෙසෙස් වගයකට පමණක් අයති කුරැ පටු කැරැදමන්නට උසහගනිති. ඔවු; ඒ කෙසේ ද? ඔවුන් ගේ හැඟීම සියුම් හැටියට මැ වැනුම් කරනු ලැබු ගැරැහුම ලව යැ කියා යැ.

ගැට ලිහුම

     විලිත්වු = විරිත් වූ; විදුහු. ‘වැනුම් කළ’ යනුයි මෙහි සරල අරුත , යමක් හෝ යමක්හු හෝ වැනුම් කරනවා යැ කියන්නේ ඒ ගැනැ හෝ ඔහු ගැනැ හෝ යම් කිසි විදැහීමක් ( විහිද්රු - පෑමක්) කිරීමයි වන යැ යන පවතු දෙකේ මැ මුල් අදහස විහිදීම යනුයි.
  රහසක් ලෙසෙක්නි = සමහර පිටපත්හි “රහසෙක් ලෙසෙක්හි” පෙනේ. රහස එක් ලෙසෙක්නි රහස එක්තරා ලේශයෙකින් යැයි එයට සමහරු සන්න ද බිණු හ. එහෙත් එය මේ පැදියෙන් කැවෙන සුනිසි අරුතේ දැලි තැවැරිමෙකි.


i      තොහු ලවය

268. සිති මෙ තමා හට

         කිමෙක කුරුරස්හු විසින්
          තියුණුවට මෙ ඇරියුමේ
           යුහු පියොවෙකැද්ද යමෙක්?

පෙළ ගැසුම - සිකී, නියුණුවට මෙ ඇරියුමේ යුහු පියොවෙකැ යමෙක් ඇද්ද; එ කුරුරස්හු මේ තමා හට කිමෙකැ?

     සියබස් ලනර විවරුව                                    375

තේරුම - යෙහෙළිය, අපමණ වැ මැ සොම්නස් කිරිමේ කඩිසර වු සොබාවෙකැ යමෙක් ඇද්ද; ඒ කුරිරු තැනැත්තා ගෙන් මට කීම?


   පැහැදුම - මේ ගැරැහුමක් ලෙසින් කළ පැසැසුමෙකි. “ සුරත කමෙහි ඉතා බලවත් හපන් හැකියාවක් තම පියවතාට ඇති වග තම යෙහෙළිය සමඟ මේ එක්තරා අඟනක කී සැටියි. ඉමක් කොනක් නැති වැ මැ හේ මා සොම්නස්  කිරීම සඳහා මැ මා පිනැවීම සඳහා මැ සැරැසෙයි. ඔහු ගේ චාටු බස ද ඉමක් කොනක් නැති. ඔහු ගේ සුරත රස ද ඉමක් කොනක් නැති ඒ නිසා මැ මම විඩා වැ ඉඳිමි. මා සුරතයෙන් සොම්නස් කිරීමේ දී ද හේ ඉතා කුරිරු යැ. ඔහු ගේ ඇදැ වැලැඳැගැනීම් ඉතා දැඩියි. ඔහු සමහමට ද ඉතා වැඩි කල් ගන්නා හෙයින් ඒ ද ඉතා දැඩියි. එ හෙයින් හේ කුරිරුවෙකි. මගේ බොළඳ බව ගැනැ හෝ ඔහු ගේ හැඟීමෙක් නැති. යෙහෙළිය එහෙවු කුරිරුවා ගෙන් මට ඇති පල කිම? මෙ සේ නිගාවෙකැ සැටියෙන් පියවතා ගේ ඇත් බල බඳු සවි හපන් කම ගැන වැනුමක් කළ හෙයින්; ඒ ගුණ පැවැසුම ගැරැහුමෙකැ; නිගාවෙකැ සඟවාලූ හෙයින් මේ ගරහ ලව නමින් හැඳින්වේ.

ගැට ලිහුම

             කුරුරස්  = කුරුරු මැ ( කුරිරු මැ) කුරුරස් යැ කුරුරසා නම් කුරිරු තැනැත්තා යැ. ( කුරුරු +අස් >කුරුරස්) සියරුත් නමුයි. කුරුරස් යන වදන මේ පැදියේ ඉතා මහත් බලයක් පවත්වයි. ඔහු ( ඒ පියවනා) සුරත කමෙහි දී ඉතා සැඬ යැ ඒ වදනින් ඇය හැගැවූයේ.
  නියුණුව = ගිණිම නම් යමක් පමණ කිරීමයි. ගණිනුයේ ( පමණ කළ හැකි වනුයේ ) ගුණු යැ, නො ගණිනුයේ; පමණ කළ නොහැකි වනුයේ නිගුණු යැ. දිගුණු        
       

375 සියබස් ලකර විවරුව

( දෙ ගුණු) යන වදන දියුණු යැයි මට සිලිටි වු සේ; ති ගුණු ( තෙ ගුණු) යන වදන තියුණු යැයි සකස්  වු සේ නිගුණු යනු නිවුණු යැයි සකස් විණ. මේ වදන් ගැනැ නිසි පැහැදිලි දැනුමක්  නැති බොල් සන්න කරුවෝ මේ වදන්වලෑ අරුත් කන පිට පෙරළා මේ පැදියේ හරි අරුත වනසා - දැමු හ. දෙවරක් පහ අට යැ කියමින් හෝ කෙසේ හෝ ගණන සාද්ර  අනුන්  ගේ හොර පිළිතුරක් අඟට යොද්රම ගන්නා සමහර දරු සිඟිත්තන් මෙන්; මේ බොල් සන්න කරුවෝ ද පැදියේ වදන් අරුත් ගැනැ තඹයෙකැ සැලැකිල්ලක් හෝ නොදක්වා ඒ ගැනැ නිකම් අනන් මනන් ද්රෙකඩා කාවියා දර්ශයෙන් හිඟාගත් අදහස යන්තම් මෙහි ද මවාපාති.

ඇරියුම = සොමිනස් කිරීම . ( පිනැවීම) iii නිගා ලවය

      269.  කෙළි දළ තැන් වරා

රණ වෙස්හි බඳ ද යමෙක්

                    තියට හැකි කිය සබඳ හෙ
                     දහර නිරිඳු සුරිඳු බඳ.

පෙළ ගැස්ම = කෙළි දළ තැන් වරා යාමෙක් වෙස් හි බඳ ද; සුරිඳු බඳ හෙ දහර නිරිඳු තියට සබඳ හැකි කිය.

තේරුම - කෙළියෙහි ( කෙළි සුවයෙහි) බලවත් උසහය ඈත් කොටැපියා යම් තැනැත්තෙක් රණ වෙසෙහි මැ ( යුද සැරැසුමෙහි මැ) බැඳුණේ ද; දෙවු රජු බඳු ඒ යුව රජු හා තිට එක්වීමට හැකි දැයි කියව.

පැහැදුම - මේ යම් කිසි පතිනේරුයෙකැ දී ( ස්වයංවරයෙකැ දී) මනමාලියට ( ස්වයංවර කන්යාවට) යෙහෙළියක විසින් යුව රජකු පිළිබඳ වැ කරනු ලැබූ පැවැසුමෙකි.

සියබස් ලකර විවරුව 377

 යුව රජු ඉදිරියේ දී ඔහු ගේ මූණට මැ ඔහු ගේ නුගුණ පැවැසීම යෙහෙළියට නොකළ හැකි යි. එ හෙයින් යෙහෙළිය ගුණයෙහි සැටියෙන් සඟවා නුගුණ පැවැසීම කළා යැ . විවායට සැරැ හෙන මනමාලියට කෙ‍ළියෙහි දළ තැත් වරු නැත්තකු ගෙන් ඇති පල කිම? යෙහෙළිය මේ දහර නිරිඳ්ර  බඳු වැ මනහර යැ. එ හෙන් හේ තෙමේ කෙළි සොම්නසේ කිසි ද තැනැක් නැති වැ කොතෙකුත් යුදට මැ හැරැගී යුද කවස ඇඟැලාගත් ගමන් මැ පසු වෙයි. ඉතින් තිට ඔහු හා සබඳ වන්නට හැකි ද? යෙහෙළිය මෙ සේ පැවැසූ විටැ තවත් ඉතින් මනාලියට ඔහුට මල් දම පළඳයි ද? මෙ හෙයින් ගුණයෙකැ සැටියෙන් ගුණයෙකැ මුවායෙන් කළ අගුණ පැවැසුමෙකි මේ.

ගැට ලිහුම

 දළ තැන් = බලවත් තැන . ( දැඩි උත්සාහය)
 දහර නිරිඳු = තරුණ නිරිඳ්ර. ( යුව රජු)
               15. පිළිවෙළ කියමන.
  270.  පෙරැ කීවන් පමණ

පිළිවෙළිනි යළ කීවන්

                  යෙඳුමොවුනොවුන් හා වත්
                  වෙ හේ පිළිවෙළ; මේ ගින්.

පෙළ ගැසුම = පෙරැ කීවන් පමණ පිළිවෙළිනි යළ කීවන් ඔවුනොවුන් හා යෙඳුම් වත් හේ පිළිවෙළ වේ; මේ ගින්.

තේරුම = කලින් පවැසුණවුන් ; ඔවුනොවුන් ගළපා යෙඳුම් වත හොත් ඒ පිළිවෙළ නම් වේ. මේ සැටියි..

378 සියබස් ලකර විවරුව

පැහැඳුම - කියමනෙකැ කලින් පැවැසුණු කරුණු හා සිහෙන සේ; ඔවු, කෙසේ සීහෙන සේ ද යත්; පමණි නුත් පිළිවෙළ නම් ලකරයි.

ගැට ලිහුම -

පමණ පිළිවෙළිනි = පමණින් හා පිළිවෙළිනුත් පෙරැ කියන ලද්දවුන් ගේ පමණ නොඉක්මැවීමත් පිළිවෙළ. නොඉක්මැවීමත් යැ මෙයින් පැවැසුණේ.

යෙදුමොවුනොවුන් හා = ඔවුනොවුන් හා යෙඳුම් ඔවුන්නොවුන් ගළපා යෙදුම්. මෙහි හා යන්නේ අරුත ගළපා යනුයි. හා යනු අද හුදු හෙළියක් සේ අප යොදන නමුත් ඉස්සර එය පවතුවක් සේ වැවහර විණ.

371 . සිනිඳු සිනා වුවන්

  නුවන් පැහැ විල් කෙළියේ
   සරතස් තෙනි කල්බඳ
   කුමුදු කමලිඳුවර තී.


පෙළ ගැස්ම - කල්බද , විල් කෙළියේ සරතස් තී සිනිඳු සිනා පැහැ , වුවන් පැහැ, නුවන් පැහැ කුමුදු කමල් ඉඳුවර තෙනී.

තේරුම - ළගන්නා සිරුරිය, ( එම්බා කාන්ත දේහිනිය,) විල් කෙළියෙහි දී විඩා පත් තී ගේ සිනිඳු සිනායෙහි පැහැයත්, මුහුණේ පැහැයත්, ඇගේ පැහැයත් කුමුදු කමල් මහනෙල් ( යන මල්) හොරාගත්තේ යැ.

පැහැඳම - හොඳ සොඳුරු බොළදියක ගේ සිනායෙහි පැහැය කිමෙක් ද? කිරි සුදු නොවැ? ඒ සුදු සිනාව හරියට සුදු කුමුදු වගේ නොවැ? මුහුණේ පැහැයත් නෙළුමේ පැහැයත් දෙක මැ එක් සැටි නේද? ඉතින් ඇසත් නිල් මහනෙලත් යන දෙක! හුහ් කුමක් කියනවා ද ඒ දෙකේ පැහැයෙන් හරියට මැ එක වගෙයි. ඉතින් ඒ වඟ බිඳකට පසෙකැ තුබුණාවෙ

        සියබස්  ලකර     විවරුව                                379

අර බොළඳිය; හොඳට විඩා වන තුරු මැ දිය කෙළියේ යෙදුණා යැ හිතමු. එ විටැ ඇය ගේ හිනාවේ ලස්සන කමට කිමෙක් ද වන්නේ? තෙහෙට්ටුව නිසා මැ හිනාවේ සෙඳිරියාවක් නිකම් මැ සුදු මැළි බවට යයි මුහුණේ පැහැයත් බොහෝ දුරට වෙනස් වෙයි. ඒ විතරෙක් යැ; ඇ! ඔවු ඇය ගේ ඇසේ ලස්සන නිල්වන් ගතියත් බොහෝ සෙයින් මැ අයින් වෙයි දිය කෙළියෙන් විඩාපත් නිසා ඇය ගේ හිනාවත්, මුහුණත්, ඇසත් පැහැයෙන් අමුතු වැ සිටියාට; විලේ වූ කුමුදුත්, නෙළුඹුත් මහනෙලුත් පැහැයෙන් වෙනස් වෙයි ද? ඒවා පළමු ලස්සන පැහැයෙන් එ සේ මැ බැබැළෙයි. ඇය ඉදිරියේ දී හරියට ඒවා ඉස්සරටත් වඩා ජයට පැහැමත් වැ බබළන්නා වගෙයි.

    ඒ බැබැළීම හරියට මැ කුමක් වගේ ද? අර තුරුණුවිය ගේ හිනාවේ, මුහුණේ, ඇසේ පැහැය ඒ  ගොල්ලන් හොරකම් කැරැගෙනැ වගෙයි . කොහොම ද ඒ හොරකම කරන්න ඇත්තේ? ඇයි එය එ තරම් කාරියෙකැ? විඩාපත් වූ අය සතු වත් පොහොසත් කම හොරුන් හට නිකම් මැ හොරකම් කැරැගන්නට බැරි යැ? කෙ සේ ද පැදියේ සොඳුරුතාව? ඉතින් අපට ඇවැසි ය සෙ‍ ඳුරුතාව මැ නො වේ; ගැළැපියාවයි.
   හිනාවේ , මුහුණේ, ඇහ් පැහැය මහනෙලුත් කුමුදුත් නෙළුඹුත් හොරකම් කැරැගත්තා යැයි කිවියා යෙදුයා යැ හිතමු.  ඒ යෙදුම ගැළැපේ ද? කොයි ගැළැපිල්ලෙක් ද එ තැනැ? හැයි හත් වළාමේ හිනාවේ පැහැය මහනෙල වැනි යැ? මුහුණයි කුමුදයි පැහැයෙන් එක වැනි යැ? ඇහැයි නෙළුඹයි එක වගේ යැ? අන්න ඒ නිසා කලින් කී පිළිවෙළ හරියට මැ ගැළැපෙන්නට හරියට මැ සිහෙන්නට පසු වැ පසු වැ දැක්වු ඒවා යෙදුණ නිසා එය පිළිවෙළ කියමන නමින් හැදින්වෙයි. ඔන්න පිළීවෙළ කියමනේ හැටි.

380 සියබස් ලකර විවරුව


ගැට ලිහුම -

 සරතස් = සරත මැ සරතස් යැ. විඩාව යනුයි අරුත. විඩා වුවන් ගෙන් බැරි ද හොරුන් හට යමක් කමක් ලෙහෙසියෙන් මැ හොරාගන්නට? මගේ ඇඟිමේ හැටියට ඔය පැදියට රස මැ අරුත ආයේ ඔය සරතස් යන යෙදුම නිසායි.

තෙනි = සොරකම් කෙළේයි. තෙන යනුයි පවතුව. බල ආදී ගණයේ පවතුවෙකි.

              තෙනා - තෙනති - තෙනී - තෙනු
              තෙතේ - තෙනෙති - තෙනිණි - තෙනුණු යන සේයි වර නැගෙන්නේ.
            16. පිය රස හිවි කියමන.

272 . පිය නම් කල් වදන;

  රසවත් නම් රෙසෙන් යුත්;
   හිවි නම් දුනු අහිකර.
   ලකර සිරි තුන් මෙ නියර


පෙළ ගැසුම - පිය නම් කල් වදන්; රෙසෙන් යුත් රසවත් නම්; දුනු අහිකර හිවි නම් . තුන් ලකර සිරි මෙ නියරැ.

තේරුම - පිය නමැති ලකර වෙසෙස නම් , හිත් අදනා වදන් යැ; රසෙයෙන් යුත් වූයේ රසවත් නම්; හටගත්තා වූ උඩගුව ( ආඩම්බරය) අහිකර නම් වේ. මේ තුන් ලකරෙහි සැටි මේ පිළිවෙළෙනි.

පැහැදුම - මේ පැදියෙන් පිය යැ රස යැ හිවි යැ යන තුන් කියමන් වෙසෙස ගැනැ යන්තම් හැඳින්වීමෙක් කරන ලදි. හිත් අදින්නා ළුූ හිත් පැහැරැ ගන්නා වූ කියමන් වෙසෙස පිය නම් වේ. කිමෙක් ද? එහි හිත් අදනා යන්නෙන් අමුත්තක් ලෙස දුක්වුණේ? විමසා බලමු; ඊළඟ නිදසුනෙන්.


              සියබස් ලකර විවරුව                         381

ගැට ලිහුම -

  පිය = පියකුරු වූයේ පිය නම් වේ . (‍ ප්රේයස් සකු) 
   
  රස = රසයෙන් යුතු වූයේ රස යැ.
   හිවි = උසස් යනුයි මෙහි අදහස. හිවි නම් ලකර වෙසෙස ඌර්ජස්වී නමින් සකුයෙහි ඇඳිව්වේ.
(අ) පිය
   273. යමෙක් ද අද ගොවිඳු
                සතොස් ගෙහි ආ කල්හි
                 තම හට උපන්; ගේ වෙනු
                  පිළි තා මෙ ආ ගමනින්.

පෙළ ගැසුම - ගොවිඳු , අද ගෙහි ආ කල්හි තම හට උපන් සතොස් යමෙක් ද ; හේ පිළි වෙනු තා මෙ ආ ගමනින්.

තේරුම - එම්බා ගොවිඳ, අද ( ඔබ මගේ) ගෙට ආ කල්හි මා හට උපන්නා වූ සතුට යම් සතුටෙක් ද; ඒ සතුට, ආයේ ඇතිවන්නේ ඔබ මැ පැමිණි ගමනෙකින් යැ.

පැහැදුම - මේ පැදියේ නිදහන් කතාව තව පැදියෙකින් දංඩිහු දක්වති . එහි සේයාවක් මෙහි නො සඳහනි.

             මේ අහන්නැ ඒ නිදහන් කතාව.
  “ ඉත්යාහ යුක්තං විදුරෝ      
              නාන්යතස් තාද්ර්ශී ධෘතිඃ
     භක්ති මාත්ර සමාරාධ්යඃ
              සුප්රිතශ්ව තතෝ හරිඃ”
          ( තාද්ර්ශී ධෘතිඃ අන්යතස් න = එ බඳු සතුටක් අන් හැටියෙකින් නො වෙයි ද?
         ඉති යුක්තං විදුරෝ ආහ = මෙ සේ වු සුදුස්සක් විදුර තෙමේ පැවාසී යැ;

382 සියබස් ලකර විවරුව

      භක්ති මාත්ර සමාරාධ්යඃ හරිඃ = බැතියේ පමණින් මැ සොම්නස් කළ යුතු වු වෙනු තෙමේ;
    තතඃ සුප්රිතඃ ච = එයින් මනා වැ සොම්නස් ද වූයේ යි.)
 පිය කියමන යනු කිමෙක් ද, යන වඟ අර නිදසුනින් හොඳින් ඇ‍ඟෙන්නේ මේ මුල් පවත හා ඒ නිදසුනත් සැසැඳීමෙනි. විඳුර රජ ගෙදරට වෙනු ආයේ යැ . ඒ ආ වෙනු යන්නට සැරැසෙත් මැ රජ තෙමේ ඔහු ගේ පැමිණිමෙන් තමා විඳි සතුට මෙසේ වදනින් පෑයේයි. “ එම්බා ගොවිඳුනි ඔබ  මගේ ගෙට ආ කල්හි අද මා හට උපන් සතුට යම් පමණ සතුටෙක් ද, ඒ පමණ සතුටක් ආයේ නම් මා ලබනූයේ වෙන කවර මැ සැටියෙකින් හෝ වෙන කවරකුගේ මැ පැමිණිමෙකින් හෝ නො වේ. යළි කවර ද්රහ හරි ඔබ මැ ආ විටැ තමා ඒ සතුට මා යළිත් ලබන්නේ.
       දක්වන බැතියේ පමණට සොම්නස් වන ශ්රීස කෘෂ්ණයා ගේ වග පැත්තකට ලමු. කවර මැ කවර රළුවකුට ගොරෝසුවකුට ළඳැඩියකුට හෝ තමා පිළිබඳ වැ කියනු ලැබු මෙබඳු කියමනක් ඇහෙන විටැ තුටු කඳුළු දහරාව වැගිරෙන්නේ නැද්ද? අන්න එ සේ අරමුණු වූ තැනැත්තා කෙරෙන් තුටු කඳුළු වැගිරෙන හැටියට; ඔහු සොම්නසේ කොනට මැ පත් කරන හැටියට පබඳිනු ලබන කියමන් යැ පිය නම් ලකර වෙසෙසට අයත් වනුයේ. ඒ කියමන් පසු වැ පසු වැ අසන අයට ද බලවත් සොම්නස උපදින හෙයින් පිය යන තමට මැ ඒ ඉතා මැනැවි. ඔවු; පිය නම් කල් වදන් නොවැ?)

ඒ පිය නම් කියමන් වෙසෙසට තව ද නිදසුනෙකි; ඇහුම් කන් දෙන්නැ.

                      සියබස් ලකර විවරුව                           383
   274.        සිහි, හිරු, මරු, දෙරණ
                      අග, තො , ගුවන්, හුනන්, යුත්,
                       ත මේ විලසික් මැ තෙනෙන
	කරතැස්සුමු කවරවෝ?

පෙළ ගැසුම - තෙනෙත; සිසි , හිරු, මරු, දෙරණ, අග, තො , ගුවන් හුනන් යුත්, ත මේ විලස් ඉක්මැ ( තා) ඇස්සමු කරන් කවරමෝ?

‍තේරුම - මෙහෙසුරාණෙනි; හඳ යැ හිරු යැ, හුළඟ යැ,  පොළොව යැ; ගින්න යැ, දිය යැ; අහස යැ, යාග හෝම යෙන් යුත්තා ( යාග කරුවා) යැ යන ඔබ ගේ මේ හැඩ නිල ඉක්මවා ඔබ බලත් හොත් අපි කවරමෝ ද?

පැහැදුම - මේ පැදියේ යට ගියාව සැඳැහෙන ගීය ද සිය බස් ලකර කරුවන් නොසිහි කළ සැටි නොමැනැවි. කන් දෙන්නැ එයට.

          ඉති සාක්ෂාත් කෘතේ දේවේ
                    රාඥෝ යත් රාජ වර්මණ:
           ප්රීති ප්රකාශනං තච්ච
                    ප්රේය ඉත්යවගම්යතාම්!
    ( දේවේ සාක්ෂාත් කෘතේ: මහ දෙවියා අත්දුටු කල්හි ; රාජ වර්මණ : රාඥ: ඉති යත් ප්රිත ප්රකාශ නම්= රජ වරුම නම් රජහු ගේ මෙ බඳු යම් කිසි සොම්නස් පැවැසීමෙක් වේ ද: තවච පේරිය ඉති අවශම්යතාම් = එය ද පිය යැයි - පිය නම් ලකර වෙසෙසට අයත් පැවැසුමෙකැයි - වටහාගනු ලැබේ වා!
        රජ වරුම නම් රජු මහ දෙවියා හරි හැවි පසක් කොටැගත්තේ යැ, ඔහුට මහ දෙවියා පසක් වත් මැ ඔහුගේ මුවින් නික්මුණු උදනෙකි කලින් දුක්වුණු ගීය. “ අහෝ මහදෙවිඳ , ගඳ , හිරු, හුළඟ , පොළොව    , ගින්න, දිය , අහස, යාගකරු යැ යන ඔබ ගේ මේ අට 

384 සියබස් ලකර විවරුව

 වෙසින් පිටස්තර වැ ඔබ දකින්නට අපි කවරමෝ ද? ඔවු: ඒ අට වෙසින් පමණක් ඔබ දැකැගන්නට යැ අප නිසි වන්නේ. එයින් බැහැර එක එල්ලේ මැ ඔබ ගේ රූ සපුව බලාගන්නට තරම්  සුදුසු කම ඇත්තෝ ද අපි?
   මෙය උදන් ඇණීමක් ලෙස පැවැසුණ නමුත් මෙයින්දු වන්නේ නොපමණ ලෙස මැ මහ දෙවියා ගේ සොම්නස් වීමයි. එ හෙයින් මෙය කල් වදනෙකි. මහ දෙවියා ගේ හිත හෝ වේ වා ඇඳී යන සුලු ගුණය ඇත්තාවු වදනෙකි.

ගැට ලිහුම

මරු = හුළඟ, ( මඳ මරු ඈ යෙදුම් විමසන්නෑ)

අග = ගින්න

තෝ = දිය

හුනන් යුත් = හුනන නම් යාගය යැ, එයින් යුත් වු හෙයින්

     යාගකරු හුනන් යුත් නම් වේ.

(ඇ) රස

  274. නිඳිවිනු පෙරැ මියුරු
          රස පෙණැ? මිහි වියඹ, රොස්,
              විරු, කුලුණු, අසිරි, වහස්,
              බියඳ්රඳ , නැහැරෑමට වේ.

පෙළ ගැසුම - පෙරැ මියුරු පණැ රස නිදිටිවු? මිහි විසඹ , රොස් , විරු, කුලුණු, අසිරි, වහස් බියද්රට නැහැරුම අට වේ.

තේරුම = කලින් මියුරු නම් පණ කියමන් වෙසෙසෙහි දී රසය පිළීබඳ වැ නිදසුන් දැක්වුණා නොවැ? මෙහි විසඹ යැ රොස් යැ විරු යැ කුලුණු යැ අසිරි යැ වහස් යැ බියද්රම යැ නැහැරුම යැ යන රස වෙහෙස් අට වෙයි.

                    සියබස් ලකර විවරුව                           385

ගැට ලිහුම

විසඹ = කැමි රසය ( විශ්ර ම්භ)

වහස් = හැසි රසය ( හාස්ය )

නැහැරුම = පිළිකුල් රසය ( බිහත්ස)

බියද්රම = බිය උපදවන රසය ( භයානක)

අසිරි = විස්මය රසය ( ආශ්චර්ය්ය)

1. විසඹ රස 276. මියෙතැය හා සමග මියැ දෙ යහදසුනිස්නා

             තම හට එතරමෙ සියෝ
             සිරි සර මේ කවර සේ!

පෙළ ගැස්ම- ඇය මියෙන හා සමග මියැ ද එ යහ දසුන ඉස්නා තම හට එතරම් එ සියෝ සිරිසර කවර සේ වේ?

තේරුම - ඇය මැරෙත හොත් එකට එක් වැ ඇය හා සමගැ මියැගොස් හෝ ඒ රුමතිය ( මැ) කැමැති වන්නා වූ මට: ඒ තරම් වූ ඒ සමගම් සැපත කොයි හැටියෙකින් වෙයි ද?

පැහැඳම - “ ඇය හා විඳුනා සමහම් සැපත නිකම් සෙසු පටු සැපතෙක් නො වේ. එය වනාහි සැපතේ හර යයි, ඒ සොඳුරුවිය මැරෙන ‍ෙහාත් ඇය හා එක් වැ මැ මරනයට පැමුණුණ ද ඒ සුවය බඳු සුවයක් ඇය හා සමඟ වැ මැ දෙවු ලෝ ගිය ද නො ලැබියැ හැකියි. ඔවු; ඇය දෙවු , ලියක වුව හොත් අනෙක් හැම දෙවු ලියන් මැ ඇය ගේ තුනු සපුවට පරදිනු එකකි . එහෙත් ඇය හා සමඟ වැ මැ දෙවු ලෝ ගිය ද,

                                                                  13

386 සියබස් ලකර විවරුව

මේ දිවියේ දී මේ දුන් ඇය හා එක් වැ විඳුනා සමහම සුවය බඳු සුවයක් ඒ දෙවු ලියක වූ ගෙන් මැ හෝ නොලැබෙන්නේ යැ.”
     මේ විසඹ රසයට නිදසුනි. අරමුණ කෙරෙහි මනසේ නැගෙන බලවත් කැමැත්ත ගැදියෙන් හෝ වේ වා පැදියෙන් හෝ වේ වා සිත්තම් වු කලැ ඒ අනුසරින් මනසට නැගෙන රසවත් බවයි කවෙකැ විසඹ රස නමින් නැගෙන්නේ. කැමි රසය නමිනුදු මේ හැඳින්වෙයි. සකුයෙහි ශෘංගාර , විශ්රම්භ යන ඇ නම්වලින් යැ මේ රසය හැඳින්වන්නේ . එයට හොඳ නිදසුනක් කියම් ද? මෙන්න අහන්නැ.  මා දෙ වැනි දිවිය වූ සඟරාවට; ඉස්සර තුරුණු කල දවසැ දී මා ගැයු ගැයුමෙකි මේ. එය කැම් රසයෙන් කවර තරමට පිරිපැසිණි දැයි විමසාබලන්නැ.

“ පාණදුරා ගං ඉවුරේ කොමළ හෙළ

  වැලි අතළේ වැතිරි ඉඳැ හරි		         ලකළ
  පෙම් පිරි සිහින දක්මෝ සැති රස	         උතුළ;
  සරා, කො ද්රද සනසති ඔබ ම - මන		ද්රෙ ළ?

ඔබේ ගෙලට මා අත මල් දමක් කැර මගේළයට ඔබ ළයැ මල්කැකුළු කැර හඳ එළියෙන් ලකළ වැලි අතළේ වැතිර පෙම් මිමිනුම් මුමුනමු ද්රෝ දිනැ කවර?

         මේ දෙ පැදියේ රජයනුයේ සුනිසි කැමි රසයයි. හුදක් නුරාව මැ කැමි රසය කොටැ කෙනෙක් දකිති. මේ රහල් කියමන එ බන්දකට හොඳ ම, නිදසුනෙකි.
        “ යහනිනැකයට				ගෙන
           පුළුලුරට ගත්                                  ඇකයෙන
           ගැන්නු පට                                      පිළියෙන
           තරව වැ ගත් කර තඹර                     යුවළෙන.
                    සියබස් ලකර විවරුව                      387
           ඩා දිය බිඳු                                            විපුල්
           විළියෙන් පියූ                                  තෙපුපුල්
           තුනුවහ මුව                                         කමල්
           නො හැරැ සිඹැ   රත ලවන               මනකල්,
        
           සියුමැළි ගතැ                                   කොමළ
           වදිනෙවු විරා ඇඟ                                  තුළ
            ඇදැ වැලැඳැ                                 මන ද්රෙ ළ
            පිරි රිසි ලෙස අවල කෙළි                  කෙළ”

ගැට ලිහුම

සියෝ සිරි සර = සියෝ සිරි නම් සමහම් සැපතයි. ඒ සැපතෙහි උසස් මැ උසස් හරිය යැ සියෝ සිරි සර නම්.

යහදසුන = මනා දසුනින් යුතු වු හෙයින් අගන යහ දසුන නම්.

යහදසුනිස්නා = යහදසුන ඉස්නා; යහදසුන කැමැති වන්නා වු: ( ඒ ළඳ යම් හෙයෙකින් මැරෙන හොත් ඇය හා සමඟ වැ මැ මැරීගොස් හෝ ඇය මැ ලබා ගැන්මට කැමැති වන්නා වු)

ii රොස් රස

  277 . රැගෙනෑ කෙහෙපත ඈ
                 යමැඳි ද මා පෙරට ලා
            	පවිටු එ දුසසුවා දුට
                    මොහොතෙක්හි කිම දෙනුයේ?

පෙළ ගැස්ම - ඈ කෙහෙපත රැගෙනැ මා පෙරට ලා යම් ඇඳී ද; එ පවිටු දුසසුවා දුට, කිම් මොහොතෙක්හි දෙනුයේ?


   388                        සියබස් ලකර විවරුව                      
තේරුම - ඇය ගේ කෙස් වැටියෙන් හුරැගෙනැ මගේ ඉදිරියට දමා යමෙක් ඇද්දේ ද: ඒ පවිටු දසුසුවා ( දුස්සාසනයා)  දුටුව හොත් කිමෙක් ද එක මොහොතක් ජිවත් වෙයි ද?

පැහැදුම - මේ මහ බරත කතා පවතේ එක් සිත්තමෙකි. මෙයින් හිමයා ගේ මනසේ නැගුණු යැ සිත්තම් වුයේ. ද්රෙමරොබ බිසොව ( දිරෞපදිය) පස් පඬු සුතන් ගේ බිරිය යැ. දු කෙළියෙහි යෙදී ඇය දිනාගත් , දුර්යෝදනයන් ගේ මල් දුස්සාසනයා පස් පඬු සුතන්, ගෙන් එකකු වු හිමයා ඉදිරියේ දී මැ ඇය කෙස් පතින් ගෙනෑ ඇද්දේ යැ. අන්න ඒ කැමින් භීමයා ගේ මනසට නැගුණු දරුණු රොස යැ මේ පැදියෙන් විදැහුණේ. අරමුණ අනු වැ මනසට නැගෙන තරමව ( රොස) විදහා පානු ලැබු පබඳින් විඳැවෙන රසයයි රොස් රසය නම්. මේ අහාබලන්නැ.

   “ හැරෙවු හැරෙවු හෙළයෙහි මේ උතුරු            දෙසට,
      බලවු බලවු වනසන හැටි අපේ                           රට.
      දවසින් දවැස හෙළ දැය යයි මරු                     කටට
      ඉතින් එ දැකැ නො නැගෙත හොත් හෙණ   තොපට
       නැ‍ඟෙවු අමෝරාගෙනැ ලෙළෙන කග              පත
       ව රෙ වු වරෙවු යන්නට රණ දෙරණ               වෙත
       ග නි වු රුදුරු යක් වෙස නො මැ කරවු           මෙත;
       ප නි වු කරවු මුළු රුපු ලොව මරුට                  බත.”

ගැට ලිහුම -

කිම් දෙනුයෙ = කිම ජිවත් වන්නේද? “දෙ” පණ දැරීමෙහි ( ජිවත් වීමෙහි) පවතුවයි. “ සැර දේ” ඈ යෙදුම් විමසන්නැ.

කෙහෙපත = කෙස් වැටිය. තුනී , දිගටි, සිහින් බව පතේ සොබාවයි. ඒ සොබාව ඇති දේ ද පත් නමින් ගැනේ. අසිපත, කගපත යන ඈ මෙනි.



                    සියබස් ලකර විවරුව                           389

iii. විරූ රස

   278. දැනෑ නො සහ’ යයුරු
                 දෙරණ; කැරෑ නො මහ  හුනන්
                  නො පවත්වා මහත් දන්;
                  මිහිපල් වම් මම් කෙසේ?

පෙළ ගැසුම - සහ සයුරු දෙරණ නො දැනැ; මහ හුනන් නො කැරැ, මහත් දන් නො පවත්වා මම් කෙසේ මිහිපල් වම්?

තේරුම - මහ මුදු සමඟ පොළොව නො දිනා; මහ යාගයන් නො කොටැ; මහ දන් වැට නො පවත්වා මම කෙසේ රජ වම් ද?

පැහැදුම - මනසෙහි නැගෙන බලවත් දිරිය බලවත් උසහය මෙයින් සිත්තම් වෙයි..

       “ මා රජ තම ලබන්නට නම්; ඇත්තෙන් මැ අරුතේ හැටියෙන් මැ මා රජකු වන්නට නම්; මහ මුහුදු සමඟ වැ මුළු මහ පොළොව මැ දිනියා යුතු යැ. අශ්වමේධය වැනි මහ යාග පැවැත්වියැ යුතු යැ . මා සතු සියල්ල කිසි ද  මසුරු හැඟුමක් තැති වැ දන් දියැ යුතු ය.( රඝු රාජයා දන් දුන්නාක් මෙන් දන් දියැ යුතු ය) නො එසේ වැ මම කෙසේ රජ වම් ද?”
            මෙයින් කැවෙන උසහ හැඟුම කවර තරම් උසස් ද? විරු රසය යැ කියනු ලබන්නේ අන්න ඒ හැඟුම අනුවැ විඳැවෙන රසයයි. විරු රසය පුදුම රසයෙකි. එය මේ අහන්නැ කැමි රසය අනුවැ විරූ රසය නැගී පිබිදැගත් හැටි.

“ මැරෙමි, එහෙත් මෙ ඔබ මැ පතපතා මම

  කෙළ ලක් වරක් උපදිනුයෙම් පෙම්         පියුම.
  අප දෙදෙනා කොද්රද හරි එක් වන            තුරු ම
  පෙම් ගී ගයා කරෙනෙම් සසරේ             සැරුම.

390 සියබස් ලකර විවරුව


කපන් මගේ මස් කපමින් දිදී                      හදේ
ඔබට හිමි වනුව පතනෙමි            බොළඳ   බ‍ඳේ
මුහුද පරදමින් ලේ දන් දීම                     හො‍ඳේ
මට නොහැකි ද ඔබ ලැබෙතොත් සොඳුරු  ළ‍ඳේ?
 මුළු තුරු මුඬුල්ල මැ පරයා ගුවන්              ගැබේ
 ඇස් දන් දී පතමි බමරා වනුව                     ඔබේ
 කප් කෙළ ලකක් මා හද උදුරා                  අරඹේ
 බූවන් හට පුදමි පතමින් පෙම් මැ               ඔබේ.”
      රොස් රසය අනු වැ විරු රසය ලියලා ගිය විටැ; රොස් රසය හා සමඟැ එකට විරු රසය හැප්සුණ විටැ හරි අමුතු නිමැවුමෙන් බිහි වෙයි. මේ අහන්නැ එ බන්දක්.

“ කැපී වැටෙන මගෙ මේ දකුණු අත බලා

  සිහ වෙස ගනිමි ලෙළවා කහ වමතෙයි      ලා.
  එ ද වැනැසෙන විටැ රුපුනට එල්ල         බලා
  හෙණ පා පහර දෙමි මෙත හදවතෙහි නො ලා.
 පයක් කැපෙන මම තනි පයින්         පැන පැන
  හෙළමි හෙළමි රුපු ලොව හිසින්    ඇත ඇත;
  දෙ පය මැ සුන් වුව ද මා එඩියට           කුමන
  හෙණ පා පහර දෙමි මෙත හදවතෙහි නො ලා.

පෙරැළෙමි රණ බිමේ මම බමරයක් වගේ සුන් කරනෙමි රුපුන් දී දනට වැඩ මගේ මා හිස වැනැසුණ ද ලක් මවුනේ ඔබ ගේ කුසැ යළි පපිදැ පෙන්වම් එඩිය හෙළ කගේ.”

 හුදු තනි රසයෙන් මැ නිමැවෙන පබඳට වඩා මෙසේ රසය මුසු වැ, රසය කැලැති නිමැවෙන පබඳ මනස පුබුදුවන්නේ යැ.

සියබස් ලකර විවරුව 391

iv. කුලුණු රසය

  297. ඒ කොමළඟට මල්
                යහනුදු හොත රද දෙනෙත්
                හෝ දැන් හොවි කවර සේ
                 සියා දෙලෙහි වියෝ වී.

පෙළ ගැසුම - ඒ කෙමෙළහට මල් යහනුදු රද දෙනෙත් හොත; දැන් හෝ වියෝ වී සියා දෙලෙහි කවර සෙ හොවි?

පැහැදුම - අනේ ඕ ඉතා සියුමැළි යැ. ළඳ සියුමැළි යැ. ඇය ගේ බඳ මලට ද වඩා මොළොක් යැ. මල් යහනේ හොවිද්දී පවා ඇයට රුජා උපදියි. ඉතින් එගෙවු ඇය අනේ දැන් ගිනි දෙකකට මැදි වැලා. මා වෙන් වීමෙන් වියෝ ගින්නට මැදි වැලා; බුරබුරා නැගෙන දර සෑයේ ගින්නටත් මැදී වැලා. ඉතින් දෙවියනේ ඒ බොළඳ බඳ කව්ර හැටියෙන් ඕය දුක් ගිනි උහුලාවී ද?

   මේ පැදිය අසත් මැ සොව උපදියි. එ හෙයින් මැ නැගැළුයි බලවත් කරුණාව . “ අනේ අපොයි යන ලෙව් පපුකම” එයින් උපදියි. එහෙයින් ඒ කුලුණු රසයෙන් යුතු වූයේ තමැ. කුලුණු රසය සොව අරමුණු කොටැ බිහි වන්නේ යැ යමකු ගේ හිතේ හට ගත් බලවත් සොව; වදනින් සකසා සිත්තම් වු විටැ ඒ අසන්නා ගේ මත‍සේ හට ගන්නා දයාබර හිතැවිලි සොබාව කුලුණු නමින් මෙහි හැඳින්වේ. මේ අසන්නැ හෙළ කමලෙහි කුලුණු රසය සිත්තම් වුණු හැටි.

392 සියබස් ලකර විවරුව

102 මගෙ නිමල් කුසුමේ හෙළ දෙව් ලියේ ඔබ අහෝ කොහි ද්රෝ කොහි ද්රෝි ගියේ?

            මහ සොවේ අඳුරේ හද මා ගිලේ.
                    ඔබ අහෝ කොහි ද්රෝො මගෙ පෙම් ලියේ.

103 හද මෙ සෝ මැඳුරේ අඳුරේ හොවා

              ඇය අනේ සියනේ ගිනි ලා ගියා.
        මිහිරි පෙම් කඳුරේ පිපි පෙම් මලේ
               ඉමහ ගං වතුරේ වැඳැ කොයි ගියේ?

104 රිවි නැගේ නලැ’දේ සිහිලින් ඇති

              කොයි ද මා කමලා; කමලා අනේ!
        මිහිරිය රජයේ සුනිමල් බිසෝ
              නැහැ. අහෝ ළදවා නැහැ ඒ යැ සෝ.

105 මිඳුලැ හෝ අඳුරේ ද්රෙිර මුල්ලැ හෝ

               ම - නළවන්න අහෝ වැදැ උන්නු ද්රෝය!
       මගෙ සරා නැහැ එන් , නැහැ එන් සරා
               හද මගේ දනවා ගින්නෙන් නිරා.

106 ඔබ මියේ ලස මේ කුසුමේ ඔබා

                කස ගසේ වරලේ රුව ලා තබා
       ම -  නළවාලන්නැයි අණවා ඔවුන්
                  කොයි තිය ද මගේ කමලෝ පියෝ?

107 රැලි දිදී සොව හා ළෙහි මේ නැගේ

                 ඉකි ගගා මුවටත් හැඩු‍මේ වැඩේ
        ගලෙයි හා රෙද්දෙත් තොටැ වන් රද්ර‍
                 හොඳ මැ සේ රුව දෙයි ළය හා අතත්.
        හදිසියේ මැ සරායන් ගෙන් බිඳකට වියෝ වු සැබිහෙළයෝ යැ මේ වලපිනුවෝ මේ වැලැපිල්ලට සවන් දෙන්නා ගේ මනසට කවර හැඟුමෙක් ද ගලා ළුනුයේ? හා කිමෙක් ද කුලුණු රසය විනා? දයාබර

සියබස් ලකර විවරුව 363

හැගුම විනා අන් කිමෙක් ද ගලාඑන්නේ? ඉතින් මේ අහන්නැ කැලිදසුන් ගේ නිබැඳුමක් . රුහු රජුන් පුත් අජයන් හට පත් වියොව ඇසුරු කොටැ කැලිදසුන් කුලුණු රසයට පණ පොවන හැටි මෙන්න.

“ තදපෝහිතුමරුහසි ප්රියේ

        ප්රති බෝධේන විෂාදමාශු මේ
 ජ්වලිතේන ගුහාගතං තමස්
        තුහිනාද්රේරිව නක්තමෝෂධිඃ
ඉදමුච්ජ්චසිතාලකං මුඛ
        තව විශ්රාන්ත කථං දුනෝති මාම්.
නිශි සුප්තම්වෙක පඬකජම්.
         විරතාභ්යන්ත ෂට්පද ස්වනම්.
ශිශිනං පුනරේති ශර්චරි
    දයිතා ද්වන්ද්ව චරං පතන්රිණම්.
ඉති නෞ විරහාන්තරක්ෂෘමෟ..
    කථමන්යන්න ගතා නමාං දහේඃ?
   

නව පල්ලව සංස්තරේපි තේ

      මෘදු දුයේත යදංග මර්පිනම්.

තදිදදං විෂ්භිෂ්යතේ කථම්

       වද විමෝරු විත‍ාධිරෝහණම්.

කුසුමං කෘත ද්රෝවහෘදසත්වයා

       යදශෝකෝ යමුදීරයිධ්යති
අලකාභරණ කථන්නු තත්
       තව තේෂ්යාමි නිවාපමාල්ය තාම්.

ස්මරනේව සශබ්ද නූපුරං

     වරණානුග්රරහ මනය දුර්ලභම්
අමුනා කුසුමාශ්රු වර්ෂිණා
      න්වමශෝකේන සුගාත්රි ශෝව්යසේ.
          394                           සියබස් ලකර විවරුව
                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                     

ගැට ලිහුම -

රද = රුජාව , වේදනාව, රිදුම.

දෙනෙත් = ඉපැදෙත් හොත්.

සිය දෙලෙහි = දර සෑය සියා නම්. දර සෑයෙන් නැගෙන ලින්නයි සියා දල නම්. ( සියා දලෙහි = සියා දෙලෙහි)

V . අසිරි රස

 280 . යළ රඟ පට කියල්
             රුසිරබරණ කුසුම් රැස්
              ගන සා වර නිවෙස් මේ
               විසිතුරු එ නදනැ තුරුන්.

පෙළ ගැසුම - එ නඳනැ තුරුන් කිසල් පළ රඟ පට! කුසුම් රැස් රැසිරු අබරණ! ගන සා වර නිවෙස්! මේ විසිතුරු!

තේරුම - ඒ නඳුනෙහි; ඔවු ඒ නඳුන් වනයෙහි , ගස්වලැ දලු පතළා වු පැහැය ඇති පට යැ. ( සේ රෙදි යැ) මල් ගොන්න ලස්සන අබරණ යැ. අතු පතර නම් උතුම් නිවෙස් යැ. මේ පුදුමයි.

පැහැදුම - නඳුන් වෙනෙහි ගස්වල සැටි මෙයින් පැහැයිණ. දක්නට සුලබ නොවු විසිතුරු බව; විස්ම්කුරු බව් මෙහි ඉස්මතු වැ පෙනෙයි. එ හෙයින් මේ විස්මය රසයට නිදසුනි. ඉතා මැ අලුත් බවත්, ඉතා මැ අමුතු බවත් විස්මය රසය උපදවයි.

           ගසෙක දලු ලස්සන පට රෙදි  යැ කි විටැ; එහි මල් සොඳුරු අබරණ යැ කී විටැ කවුරු ද නො විස්මෙන්නෝ? මේ අහන්නැ රුවන්මඟ කරුවන් විස්මය රසය වපුරන හැටි. ( ඒ පෙරහැරෙකි. පෙරහැරේ කවුරු කවුරු එති ද?)
                            සියබස් ලකර විවරුව           395
“පොල් ගසක් පැරැයු උසින්,
        මහතින් නැවක් වන් කුහුඹියෙක් 
 එයි කද්රෝ  පහනක් හිසින් ගෙනැ
         මේ රැයෙක් දැයි සැක හිතෙයි.
තුන් හිසින් සොඳ සත් දළින් සැදි
         නිල් ඇතෙක් සේසත් දරයි.
 හාවියක් වලගින් කනින් නුවනින
        රැගුම් දී මන අදියි.”
 
 උසින් පොල් ගසක් වැනි, මහතින් නැවක් වැනි කුහුඹියකු කලා මැඳිරි පහනක් හිසැ තබාගෙනැ එන විටැ එයින් මුළු  වටපිටාව මැ එළිය ගැන්වුණ වග පැවැසෙන විටැ නැද්ද හැසි රසය නැඟීඑන්නේ? දළ හතෙකින් යුතු ඔළු තුනේ ඇතකු සේසත ඔසවාගෙනැ එන වග පවසන විටැ; හාවියක හරි ලස්සනට නුටුම් නටනවා පෙරහැ‍රේ ආ වග පවසන විටැ මනස විසමයෙහි ඉබේට මැ කි‍ඳෙන්නේ යැ.

ගැට ලිහිම -

පළ රඟ = පළට වූ පැහැය. මනා පැහැයෙන් යුතු.
කිසල් = දලු.



Vi. වහස් රස

281. නුබුන් මනැතිය මේ

              පියොවුරු බර වොරජනා
	    නව ලද පැටි කරන් පත්
               නිය රද උතුරු සළුයෙන්.

පෙළ ගැසුම - නුබුන් මනැතිය, මේ පියොවුරු බර වොරජනා නව ලද නිය රද උතුරු සළුයෙන් පැටි කරන් පත්.


396 සියබස් ලකර විවරුව

තේරුම - නොබිඳුණා වු මන ඇතිය, මේ මහ බර පියොවුරු හොබවන්නා වු අලුතින් ලැබු නිය කැළල උතුරු සළුයෙන් සඟවත් හොත් මැනැවි.

පැහැයුම - “ එම්බල ළඳ තිගේ අනඟ දප තව මැ නො සිඳුණේ යැ. තී තව මැ අනඟ එඩියෙන් යුතු වැ මහ සබා මැදැ පැළැඹෙන්නෙහි, මේ බලව. මේ බලව, තී ගේ පියොවුරුවලැ මේ ඊයේ රෑ ලැබූ නිය කැළැල් තව මැ ලස්සනට පෙනෙයි. හා හා ඒවා උතුරු සළුයෙන් හරි වහාගන්නැ.” එඩියෙන් යුතු අබිසරුවියක හට මේ සලෙළකු කියූවක් වන්නට ඇති. ඊයේ රූ ලැබූ නිය කැළැල උතුරු සළුයෙන් වහාගෙන හොත් මැනැවයි කී ඔවායෙන් මැ හිනාව වැගිරෙයි. වහස් රසය නම් හිනා රසයයි මේ ගැමි කියමනින් නැගෙන හිනා රසයට හිත දෙන්නැ.


“ මහ පඪි රාල රූ මැදියමැ නැඟිටැ                       ද්රෙයර
   ඇරියා නිඳි මතින් වහගෙනැ මනස්                    ද්රෙිර.
   එහෙම මැ - ඉඳැ පහ කරමින් මුතුරු                    බර
   බැලුවා අහස දෙස , කෙලෙසැයි තුරු               රුසිර.
    අද නම් අහසැ තරුවක් වත් නැතැයි                   කියා
     මුතුරු කරයි හේ දැස මැ උඩ                         බලියා
     අල්මාරිය ඇරැගෙනැ ගෙයි ද්රෙ ර යැ                 කියා
     මුතුරු කළේ රෙදිවලැ නොවැ ඒ                     ඬියා!

Vii. බියඳ්ර රස

282. මෙ සුර රජ වඳුරු

                අවියැ දරතොසළ හුතැස්
                 සමරුත් දිතඟනො යමක්
                 දැහැ සන්න හෙද්ද තෙලේ.

පෙළ ගැස්ම - යමක් සමරුත් දිත් අඟනෝ සන්න දැහැ තෙලේ හෙද්ද; මේ දරනැ හුතැස් ඔසළා, සුර රජු එ වඳුරු අවිය යැ.

                       සියබස් ලකර විවරුව          397

තේරුම - යමක් සිහි කරන් මැ අසුර අඟනෝ සිහි සන් නැති වැ බිමැ හෙද්; මේ වනාහි මුවාතෙහි ගිනි රැස් වුණා වු , සක් රජු ගේ ඒ විදුරු අවියයි.

පැහැදුම = බිය ද්රව රසය නම් බිය දනවන බිය උපදවන රසයයි. ඒ රසයෙන් හැප්සුණු නිබැඳුම කියවත් මැ මනසට ඉබේට මෙන් බිය ඇතුළු වෙයි. පැදියට ගැදියට නැගුණු විටැ උසස් කම ලකරින් සැරැසුණු විටැ බිය ද රසයෙකි. මේ බලන්නැ. “බලමු බලමු මේ සතු ගේ විදුරු අවයයි. මුවාත! හුහ් වෙහි මුවාත! හෙණ ගිනි කඳ මේ රුදුරු මුවාතේ රජ කෙරෙයි. මේ ලද මොහොතේ නො වේ. මේ දුටු මොහොතේ නො වේ; මේ ගැනැ ඇසූ මොහොතේ වුව ද අසුර අඟනෝ සිහි සන් නැති වැ එහෙම මැ බිම පෙරැළෙති. දනිවු ද ඒ හැයි - ද කියා? උන් ගේ බරුවන් ගේ - මහ මහ හපන් අසුර සෙබළන් ගේ - ඉරනම විසැ‍ඳෙන්නේ මේ රුදුරු බිහිසුණු හෙණ අපි පතය නිසා යැ.”

      මේ වදන් වැළ කියවත් මැ ඇඟ හිරි ගඩු නංගාගෙනැ බිය ඉස්මතු වැගනියි. මේ අහන්නැ; මේ ගැමි තොයිල් ගිය බියද්ර  රසයෙන් කවර තරම පොහොසත් ද?
  “ රුදුරු රියන් දළ නියවා; ලේ                  රතට
     දිලියෙන වට දැස නෙරවා       සතර         තට,
     නළමින් ගොර බිරම් හඬ; රතු දිව          ද්රෙ රට
     ලා ගිනි කකා එයි, මහසොහොන         පෙරට.”

ගැට ලිහුම -

දරතොසළ = දරතැ ඔසළ. මුවාන (ද්රරරය) අගෙහි රැස් වුණා වු

හුතැස් = ගින්න

දිනඟනෝ = දිත් අඟනෝ. අසුර ගෑනු.


398 සියබස් ලකර විවරුව Viii’. නැහැරුම් රස

883. බිබි තා සතුරන්

            හුරිරු ද්රෙරහොතින් උකහා 
           නසින් පියස්හු කවඳ
          සුවහස් හා තුණබරණ.

පෙළ ගැසුම = පිසස්හු තා සතුරන් හුරිරු ද්රෙටහොතින් බිබී කවඳ සුවහස් අතුණු අබරණ හා නසිත්.

තේරුම = පෙ‍රේතයෝ තා සතුරන් ගේ ලේ දැතින් හූරා බිබී හිස් සුන් මළ කඳන් දහස් ගණනෙකැ බඩ වැල් අබරණ කොටැ ගෙනැ ගෙනැ ඒ බඩ වැල් එහෙත් මෙහෙත් එල්ලාගෙනැ වෙළාගෙනැ පටලවාගෙන නටති.

පැහැදුම = “ තා සතුරන් හුරිරු ද්රෙගහොතින් උකහා” යන්න පමණක් ඇහෙන විටැ මේ බිය ද්ර“ රසයෙන් යුත් පැදියක් සේ හිතේ. එහෙත් බිබී යන වදනත් එයට එක් වැ; “ තා සතුරන් හුරිරු ද්රෙිහොතින් උකහා බිබී” යන්නත් ඇසෙන විටැ නැහැ එනුයේ පිළිකුලෙකි. කවඳ සුවහස් අතුණු අබරණ හා තසින් යන යෙදුම නිසා අර පිළිකුල තව ද නැගී වැවී පැතිරියෙයි ඔවු; කැහැරුම් රසය නම් පිළිකුල් හට ගනී ද; ඉබේට මෙන් පිළිකුල නැගී ඒ ද; එය පිළිකුල් රෙසෙන් රස ගැන්වුණ කියමනෙකි. හැබැයි ඒ කියමන කුලුණු රසය, බියද්රස රසය බඳු අන් රසයක් හා නො කැලැතුණ හොත් යැ පිළිකුල් රසය බලවතු වැ නැගිසිටින්නේ. “බිබී තා සතුරන් හුරිරු ද්රෙෙහොතින් උකහා “ ඈ කියමනේ බියද්ර් රසය මඳක් හැප්සී සිටියි. එහෙයින් එහි පිළිකුල් රසයට මඳ විසින් හෝ විපත් සිදු වැ ඇති වඟ පෙනෙයි.

         මේ අහා විමසන්නැ, මෙන් මේ පැදියට කුලුණු රසය කැලැතිම නිසා එයින් විඳැවෙන පිලිකුල් රසය බාල වන හැටි.


                       සියබස් ලකර විවරුව                     399

“ වැසිකිළි වළෙකැ පෙරැ ළිණි හඬ නගාගෙන

දවසෙකැ අඳෙක් හැර යටි වාරුයෙන්                 යන;

හේ බෙරිහන් නැගියැ මල මඬැ එරිගෙන නළියන පණු කැලත දැතින් පීරමින”

    මේ පැදියේ පිළිකුල් රසය සකසා ඉස්මතු වෙයි ද? මෙහි පිළිකුල් රසය හැප්සී ඇති බව සැබැවි. එහෙත් අර අඳ්ර  නිසා නැඟ එන සෝකුරු හැඟුමෙන් උපදින කුලුණු රසය;  පිළිකුල් රසයට වින කරයි. එසේ කුළුනු රසය එයට නොකැලැතිණි නම් එයින් ලබන පිළිකුල ඉතා බලවති.

ගැට ලිහුම -

 ද්රෙබහොතින් = දෙ අතින් . මෙහි සුනිසි රුව ද්රෝඑතින්  යනුයි.

උකහා = මුළුමනින් හූරාගෙනැ

නසිති = “ නස්” දය නැටුම් අරුතේ යෙදෙයි. පියසුහු = පෙරේතයෝ - පිශාවයෝ-

කවඳ = හිස් සුන් මළකඳ. “කා” නම් හිසයි. කා වඳ වූයේ යැ, හිස තුරන් වුයේ යැ; කවඳ නම්. සුවහස් = සිය දහස්.

(ඉ) හිවි

283. නො වේ වා බිය තා

             මෙනෙහි පිළිවක්ෂි වී!
              වැළැහෙත් නමොවුනතුරේ
               පිළි නො  පවති තමා කග.

පෙළ ගැසුම = පිළිවක්මිසි වී තා මෙනෙහි බිය නො වේ වා! වැළැහෙත් නම් ඔවුන් අතුරේ පිළි තමා කහ නො පවති.


400 සියබස් ලකර විවරුව


තේරුම - එදිරිවාදුයෙම් යි කියා තා ගේ මනසෙහි බිය ඇති නො වේ වා! යම් කෙනෙක් සැඟැවෙන් නම් ඔවුන් අතුරෙහි ආයේ මගේ කඩුව නො පවතියි.

පැහැදුම = “ මම ඔබට එදිරි වාදුයෙමියි කියා ඔබේ මනසට බියක් නො ගන්නැ. ඒ හැයි? යම් කිසි අයෙක් මට බියේ සැඟැවෙන් නම්; ඒ සැඟැවුණු අය හට කඬඅව ඇමේරීම මගේ ගතිය නො වේ.ඔවුනට මගෙන් හිරිහැරයෙනක් නොවේ.”

             මෙයින් හැගැවෙනුයේ බලවත් වු උඩඟුවයි. බලවත් වු මානයයි.
           “ යම් කෙනෙක් මට බියේ වල් වදිත් නම් , ඔවුනට එරෙහි වැ මා කඬුව යළි ඔසොවන්නේ නැති” යන මේ කියමනින් යම් කිසි විරුවකු  ගේ බලවතු මැ මානයක් සිත්තම්  වෙයි. හැබැව නේන්නම්! හිවි නම් දුනු අහිකර යැ කීයේ නිකමට යැ? හට ගත් මානය මැ හිවි නමින් ගැනේ.
            රැසක් නිසි ම‍ඟෙහි ගැන්වීමට නම් ඒ රුසේ ඇත්තන් තුළ නිවට ගුණ, පහන් කැනැහිල් ගුණ ඉ‍ඳෙන්නට  හැදෙන්නට වැඩෙන්නට උදවු වන හැම පිළිවෙතක් මැ වැනැසීයැ යුතු යැ. ඔවුන් මනසේ විරු ගුණය හැජසියැ යුතු යැ. නියම උසස් මිනිස් බව ඔවුන් හට සකසා හුරු පුරුදු කළ යුතු යැ රැසක් නඟා සිටැවීම් පිළිබඳ අන්න ඒ උසස් පිළිවෙතට, හිවි කියමනින් සරු වු ලිවිසැරි කම්වලින් ලබෙන අත්වැළ සුළු පටු නො වේ.
          “ විරු රසය හා සකසා මුසු වුණු හිවි කියමන” දැයක් නැංගීමේ ; මිනිස් රුසකට පණ ගැන්වීමේ උසස්තම අරමුණට එකතින් මැ සුනිසි මඟ වන්නේ යැ මේ අඟන්නැ විරු රසයෙන් මුසු වතු මැ හිවි කියමන මනස පණ ගන්වන හැටි.
                        
                   සියබස් ලකර විවරුව         401
     “ ඉදිරියට මැ යවු
             හෙළයෙනි , ඉදිරියට මැ යවු
       මරුට සිනා සෙවු
            හෙළයෙනි, මරුට සිනා යෙවු!

      හෙළ ගති සලකවු
              හෙළයෙනි, හෙළගති  සලකවු;
      හෙළයට දිවි දෙවු
               හෙළයෙනි, හෙළයට දිවි දෙවු!


           පෙර කලැ අප ගේ මුත්තේ
            දිවි දී දැය රැකැගත්තේ
           වමු ද ඉතින් අපි ගැත්තේ?
                      ඉදිරියට මැ යවු!” -මහරුසිකුමරතුගු- 

ගැට ලිහුම -

 පිළිවක්මී වි නො පවති තමා කග = එදිරි වාදුයෙමි කියා මගේ  කඩුව නො පවතියි. කීමෙක් ද මේ පැවැසුණු කඩුයේ නොපැවැත්ම; කඩුව කැඩෙන වග ද මේ කීයේ ? නැති නැති . කඩුයේ පැවැත්ම තමා හතුරන් කඩු ගෑම. අන්න ඒ පැවැත්මයි මෙහි නොවන වග පැවැසුණේ.
                   17. පිරියා කියමන

284. කැලැනි අත නො කියා

              පිළි ඒ මෙ සිඳු වන්නට
              පිළිපදනා වදන් යම
              පිරියා කියුමි; හෙ මෙසේ.

පෙළ ගැසුම - කැමැති අත නො කියා, පිළි ඒ මේ සිදු වන්නනට පිළිපදනා යම් වදන් පරියා කියුම්. හේ මෙ සේ.

තේරුම - කැමැති අදහස නො පවසා යළි ඒ අදහස මැ ඉටු වනු පිණිසැ පිළිපදින යම් කිසි පැවැසුම පිරියා කියුම නම් . ඒ මෙ සේ යැ.

402 සියබස් ලකර විවරුව

පැහැදුම - පිරි නම් හාත්පස යැ. යා නම් සැරුමයි; ගමනයි. කියැ යුතු කරුණ එක එල්ලේ කෙලින් මැ නො කියා හාත්පසින් ගමන් කරන හොත්; කරුණ ඇහෙන්නට නිකම් වටින් කියත හොත් ඒ යැ පිරියා කියුම් නම්( සකු ඇඳුරෝ එය පර්යායෝක්ති නමින් හඳුන්වති) මේ කිවි කියමනෙක් වේ ව! එහෙත් ඇත්ත නම් නො කියා මැ බැරි යැ. මෙය වනාහි සමහර විටැ නම් සැබැවින් මැ එක්තරා නිවට කියුම් වෙසෙසෙකි. පැවැසියැ යුත්ත කෙලින් මැ කියන්නට තරම් මනසට දිරි නැති වු විටැ තමා මේ කියමන් ආර සකසා ගැළැපෙන්නේ එහෙත් එක එල්ලේ මැ නො කියා ඉඟියෙන් පැවැසීමේ මේ තියාවෙන් සිහිමත් කිවියාට හොඳින් වැඩ ගත හැකි යැ. මහ රුදුරුවන් නිසි මඟට ගැනීමට පවා මේ ගාවා පැවැසීමේ පිළිවෙළ බලවත් අත්වැලෙකි.

ගැට ලිහුම- කැමැති අත - රිසි අදහස

වදන් = මෙහි වදන් යන්නේ අරුත වචන යනු නො වේ.

      කියමන් යනු යැ.

285. කඩා මල් කොවුල්

            නව ලොදුළ අඹ යටියේ
             වළකම් මමෙ උයන්හි
             දෙදෙන යෙහෙන් දවස් ලවු.

පෙළ ගැසුම - උයන්හි නව ලොදුළ අඹ යටියේ මල් කොවුල් කඩා. මම එ වළකම් දෙදෙන යෙහෙන් දවස් ලවු.

තේරුම - උයනෙහි අලුතින් ලිය ලු අඹ රිටෙහි ( තුරුණු අඹ ගසෙහි) මල්, කොවුල් තෙමේ කඩයි. මම එය වළක්වමි. දෙදෙනා හොඳින් කල් ගෙවන්නැ.

                       සියබස් ලකර විවරුව                         403

පැහැදුම - මේ එක්තරා යෙහෙළියක පෙම්වත් යුවළකට පැවැසු සැටි යැ. අඟනක් සිය යෙහෙළියගේ පෙම් ගිනි නිවනු සඳහා ඇය සමඟ උයනට ආවා යැ. ඔවු: ඇය ගේ පෙම්වතා ඇයට හමු කොට දී ඇය සනසනු සඳහා ඇය සමඟැ ආවා යැ උයනට ඉතින් ඒ දෙදෙනා එසේ එන තුරු පෙම්වතාත් බලා‍පොරොත්තුයෙන් මැ ඉන්නට ඇති. හැබැව මැතේන්නම්! ඔය තුරුණු වයසට දෙ ගොල්ල ගේ මැ බලාපොරොත්තු හුඟක් දුර එක වගේ නොවැ? ඉතින් දෙදෙනා ( පෙම් යුවළ) හමු වැ දෙඬුමට වන්හ උන් ගේ දෙඬුමට ඉඩ දී යෙහෙළිය මඟ හැරියා යැ. එ සේ ඉඩ දෙනු පිණිසැ, තමා ඈත් වන වඟ ඇයට කෙලින් මැ කියැ හැකි යැ?

             ඒ නිසා තමා, අර කොවුලා ගේ පවතක් ඇය එ තැනට ඇඳ්ර ගත්තේ. මෙසේ එක එල්ලේ කෙලින් මැ කියන්නට බැරි කරුණක් ඒ වඟ ඇ‍ඟෙන්නට මෙන් යන්තම් වටින් පිටින් ගාවා පැවැසුම තමා පිරියා කියුම් නම් වන්නේ. මෙයට “ පරියා කියුම්” යනුයි පැරැණි කියුම් යනුයි සුනිසි.

ගැට ලිහුම -

      අඹ යටිය  = තුරුණු අඹ ගස යටියක් මෙන් රිටක් මෙන් වැවී - ගත් , වඩා අතු පතර නොවිහිදි නාඹර අඹ ගස.
යෙහෙන් දවස් ලවු  = “ හොඳින් හිටැපල්ලා” යනුයි මෙයට ගැමි කියමන.

කඩා මල් කොවුල් = මෙ තැනට, මේ අදහසට මෙය මනා වැ ගැළැපෙන යෙදුමෙකි. අඹ මලත් කොවුල් හඦත් කැමි රසයෙහි ඉහළ මැ සලකුණු දෙකෙකි.


404 සියබස් ලකර විවරුව

             18. සමහිත කියමන

286. සමහිත නම් යමක්

             නිපැදමේ බද තැන් හට 
              පුන ඒ මෙ යාහනුවට
              විඳින් පිළිලබ: හෙ මෙසේ.

පෙළ ගැසුම - යම් අත් නිපැදමේ බඳ තැත් හට ඒ මේ සාහනුවට පුන විදින් පිළිලබ සමහිත නම්. හෙ මෙසේ.

තේරුම - යම් අරුතක් ( යම් අදහසක් .යම් අර්ථ සිද්ධියක්) ඉපැදැවීම පිණිසැ හෙවත් ඉටු කැරැගැන්ම සඳහා බදනා ලද උසහා ඇත්තා හට ඒ අදහස මැ ජටු වන්නට වාසනාව එළැඹීම සමහිත නම් . ඒ සෙසේයි.


පැහැදුම - යම් කිසි අදහසක් යම් කිසි පල උද්ර.වක් යම් කිසි පරම අරුතක් සඳහා වෙහෙසන කිසි යම් පුඟුලකු වෙතියි හිතමු. ඔහු ගේ අර අදහස, පල උඳ්රතව, පරම අරුත ඉටු වන හැටියට වාසනාවෙකින් මෙන් පැමිණෙන උදවුව පිළීබඳ පවන, එයට ඇහැ කන යොමන්නන් ගේ මනසට පහන් සංවෙය ඉපැදැවීමට බලවත් රුතුලෙක් වෙයි. එ හෙයින් ඒ පවන ද කියමනට ලකරෙකි, කියමනට මැරැහිල්ලෙකි. මේ අහන් නැ.

         “ හැඩි දෙමළ දන මන මඩින්නට
                            උන් නෙරන්නට හෙළ        දිවින්
            රණ දෙරණ වැදැ ඔදින් නළියන
                             දිලියෙමින් මහ රුදු       කොවින්
            සිහළ සෙනඟට අණ නඟන්නට
                              හටන් දෙවියා දෙව්        ලොවින්
             පැමිණි ලෙස ගැමුණු යැ රජෙක් වනි
                              රුහුණු මහ හෙළ රණ     නැවීන්”


සියබස් ලකර විවරුව 405

දෙමළයන් මේ දිවයිනෙන් පන්නාදමන්නට රණ බිමට වැදී සිහළ සෙනඟ ඔදින් නළියති. ඒ ඔදින් නළියන සිහළ සෙබළන් හට හටන් අණ දෙනු පිණිසැ හරියට දෙවු ලොවේ හටන් දෙවියා මෙලොවට ආවාක් මෙන් ගැමුණු නම් රජෙක් පහළ වුයේ යැ. සිංහළයන් ගේ හටන් අරමුණ සපල කුරුගැන්ම සඳහා ඔවුන් හට මුදුන් වු වාසනාව තමා ගැමුණු රජු ගේ පහළ වීම. ඉතින් මෙ බඳු කියමන් වෙසෙස් සමහිත නමින් ගැනේ.

ගැට ලිහුම -

යමක් යම් අතු; කිසි යම් අරුතක්; යම් කිසි අදහසක් . සමහර පිටපත්වලැ මෙය “ යමක්” යනුවෙන් කෙලෙසී යෙදීතිබේ.

බඳ තැන් හට = බඳනා ලද තැන් ඇතියා හට. මෙහි තැත් යනුවෙන් මැ තැන් ඇතියා ද ගැනිණ.

287. සහ වන්නිසින් ඇය

           කරන සරණත මුදුනේ
            තම හට ‘ වහර වැ යෙහෙන්
            ගන ගැජුමුපන් ඒ කෙණේ.

පෙළ ගැසුම - ඇය සහවනු ඉසින් සරණත මුදුනේ කරන තම හට යෙහෙන් උවහර වැ එ කෙණෙ ගන ගැජුම උපන්.

තේරුම - ඇය හා එක්වනු කැමැත්තෙන් පතුල මුදුනෙහි කරන්නා වූ මා හට මන සේ උදවුවක් වැ ඒ මෙ‍ාහොතේ වැහි වලා ගිගිරීම හට ගති.

පැහැදුම - මේ එක් ස‍ලෙළකු ගේ කියමනෙකි. අන් අඟනක සමඟ වු යහළු කමක් එළිදරවු වීම නිසා ද්රෝු ඔහු ගේ පියවතිය ඔහු හා මුසුජපු වැ ගතු ඉතින් ඇය ගේ හිතින් කනස්සල්ල පහ කොටැ ඇය ගේ


406. සියබස් ලකර විවරුව

    මාන්නය දුරු කොටැ ඇය හා සමඟම රස විඳුනා අටියෙන් හේ තෙමේ නොයෙක් සේ උසහා ගත්තේ යැ. මෙයින් ඉක්බිති වැ එ බඳු වෙනස් කමක් දිවි පවත්නා තාක්  නො කෙරෙමියි කියමින් ඇය ගේ සරණ තල වඳින්නට ද වූයේ යි. හා ඒ මොහොතේ මැ ඔහුට මොනොවට උදවුවට මෙන් අහස් ගිගිරිල්ල ඇති වියැ. අහස් ගිගිරිල්ල කම් රිසිය උපදවයි. එ හෙයින් බිරිය ගේ හිතේ පිපිරි පිපිරී තුබුණු තරහව ( සපත්තී රෝෂය) ඉබේට මැ පහ වැ ගියේ යි. මේ කියමනේ මුල් අරමුණට අත් උදවු පිණිසැ වාසනාවට වගේ ( දෛවයෙන් වගේ) පහළ වු ගන ගැජුම පිළිබඳ සිත්තමනිසා මෙය සමඟින නම් කියමන් ගණයට අයත් වෙයි.

ගැට ලිහුම -

 සහ වන්තිසින් = සහ වනු ඉසින්; එක්වන කැමැත්තෙන්. සමාගම් වන රිසියෙන්.

වහර වැ=  උවහර වැ; අබරණ  = බරණ අසර = සර එ මෙන් යැ උවහර යනු වහර යන සේ සැකැසුණේ . උවහර නම් උදවුවයි.

යෙහෙන් වහර වැ = හොඳ හැටියට මැ උදවු වී. ( සලෙළා ගේ අදහස මුළු මනින් මැ සපිරුණු වග මෙයින් ඇඟැවිණ.)


19 . උදැත්තා කියමන

289. සැපතට සිතට හෝ

            අනුතුරු යම් මහත  බව්
             කියත්, වියත් මහත්මෝ
            උදැත්තා යෙන්. හෙ මෙසේ.

පෙළ ගැසුම - සැපතට සිතට හෝ යම් අනුතුරු මහත් බව් කියත්, වියත් මහත්මෝ උදැත්තා යෙත්. හෙ මෙසේ.

                සියබස් ලකර විවරුව                 407

තේරුම - සැපත පිළිබඳ වැ හෝ අදහස් පිළිබඳ වැ හෝ යම් කිසි උතුම් මැ මහත් බව පවසත් හොත් නැණවත් උතුමෝ ඒ උදැතියා කියමනැයි කියති. ඒ මෙසේ යි.

පැහැදුම - යම් කිසිවකු ගේ රුවත් දන නිදහන් ආදී සැපත් පිළිබඳ වැ හෝ අදහස් උදහස් සිරිත් විරිත් නැණ නුවණ ආදී හිතුම් පැතුම් පිළිබඳ වැ හෝ කිසියම් ඉතා උතුම් උසස්තාවක් පැවැසෙත හොත් ඒ උදැත්ා නමින් ගැනේ.

ගැට ලිහුම -

අනුතුරු = ඉතා මැ උතුම් .( අත්යුැත්තම; අනුන්තර)

උදැත්තා = උසස් සේ දන්නා ලද බවයැ උදැතියා, නම්. දතු බව යැ දැතිය නම්; උදතු ( උසස් සේ දතු) බව උදැතියා නම් යැ ( උදැතියා>උදැත්තා) මේ ලකර කියමන් වෙසෙස සකුයේ උද්ර්ත්තාලංකාර නමින් ගැනේ එහි උද්රුත්ත යනුයේ “මහත්” යනුයි.

i. සැපත් උදැත්තාව

  280.  රුවන් බිත් පුවුටු
              පිළිබිඹු සහස්ති සීයෝ
              හනුමුතු තැතින් දත් ලක්
              පුරෙහි දසගිව්හු සෙබේ.

පෙළ ගැසුම - රුවන් බිත් පුවුටු පිළිබිඹු සහස්ති සියෝ දසගිව්හු ලක් පුරෙහි සෙබේ හනුමතු තැනින් දත්. තේරුම - මැණික් බිත්තිවලට පිමිසුණා වු පිළිබිඹු දහස් ගණනින් යුතු රාවනුවන් ලංකාපුර සබාවෙහි දී හනුමතා උසහයෙන් දැනැගත්තේ යැ.

පැහැදුම - රාවනුවන් ගේ සිරි සැපතෙහි මහත් බවයි මෙයින් පැවැසුණේ . ලංකා පුර රජ සබාවට ආ හනුමත් නම් පිට රුටියා ඒ අතට මේ අතට හැරිහැරි වඳින්නට


408 සියබස් කලර විවරුව

වියැ. ඒ හැයි? සිහසුන් අරා උන් මහ රජවරුන් හැම අතින් මැ පෙනෙන්නට වු හෙයිනි. අවසනැ දී තමා රැවැටුණ වග ඒ රජවරුන් හැම දෙනා මැ එක විටැ හිනා හෙන සැටි දුටු හනුමතා දැනැගති. ඉක්බිති  වැ ඔහුට කරුණු වැටැහිණි තමා වැන්දේ නියම රජුට නො වැ; මැණික් බිත්තිවලැ ඒ මේ අතින් දිසි වුණු රජ පිලිබිඹුවලට බව ඔහුට වැටැහිණි. එ හෙයින් හේ තෙමේ ඉතා උසහයෙන් හුඟක් දුර හිතා බලා නියම රාවනයන් හැඳිනැගත්තේ යැ.
      
           සිරි සැපයේ මහත් බව මෙන් මැ නැණ නුවණේ මහත් බව ද උදැත්තා කියමනින් සිත්තම් වේ. උදැත්තා කියමන අතිසය ලකර යැ යි සමහර විටැ හිතෙන්නට පිළිවනි. එහෙත් ඒ දෙකේ බලවත් වෙනස් බවෙක් වෙයි. අතිසය ලකර ඇත්තෙන් මැ වැඩි වැනුමෙකි. ඒ නමුත් උදැත්තා ලකර යැ කියනු ලබන්නේ ඇති ඇති හැබැ උසස් බව උසස් ලෙසින් මැ දැනැගන්නට  සැලැස්වීමෙකි.

ගැට ලිහුම - පුවුටු = පිවිසිනු ලැබු; “පිවිස” යනුයි මෙහි පවතුව. ඒ බස් ගණයට අයති පව්තුවෙකි.

 “පිවිසි - පිවිසිති - පිවිටි - පිවිටු
  පිවිසේ - පිවිසෙති - පිවිසිණි- පිවිසුණි.

යන සේ යැ වර නැගෙන්නේ.

ii. හැඟුම් උදැත්තාව

 291.  නොවත් වී ලු එ රම්
                ඟුරුහු වදනික්මන්නට
                යමෙක් ද වුයේ සහස්
                දසගිවිහු හිස්   සිඳුමට.


පෙළ ගැසුම - දසගිවිහු හිස් සිඳුවට සහස් වුයේ මෙක් ද, එ රම් ගුරුහු වදන ඉක්මන්නට නොවත් වී ලු!

සියබස් ලකර විවරුව 409


තේරුම - රාවනා මහ රජු ගේ හිස සිඳිමට තරම් සැහිසි වුයේ යමෙක් ද එහෙවු රාමයා ගුරුහු ගේ බස් ඉක්මීමට නො පොහොසත් වී ලු.

පැහැදුම - දසගිවු හෙවත් රාවනයා මුළු ලොව මැ පළට මහ ර විරුවෙකි ලොව මැ දිනු රණ විරුවෙකි. එහෙවු රාවනයා ගේ හිස සිඳීමට තරම් රාමයා සැහැසි වුයේ යැ. එහෙත් ඒ සැහැසි රාමයාට සිය පියා ගේ අණ ඉක්මැවීම නො කළ හැකි වියැ. හේ දංඩකයේ විසීම පිළිබඳ වැ පියා දුන් අණ අකුරට මැ පිළිපැද්දේයි. මෙයින් ඇඟැවුණෙ හැඟීමේ තිබෙන ඉතා උසස් බවයි. මෙය වැඩි වැනුමෙක් නො වේ. ඇත්තේ හැබැ පවත පැහැදිලි කීරීමයි.

ගැට ලිහුම -

සහස් = සැහැසි, නපුරු ( සාහසික)

දසගිව් = ලක් පති රාවනු නම් මහ රජ. විදෙස් කඳු බිම් දසයකට පති වු හෙයින් හේ දසගිව් යන නම් ලද්දේ යැ. හෙළයන් ගේ මහ රජු හෙයින්” රාවනු” යන නම් ලද්දේ යැ.

නොවත් = නොපහොසත්, නොහැකි; නොසමත්.

          20. පිළිසෙවු කියමන

292. පිළිසෙවු වෙ වළකා

             එක්ක්හු අන්හු දිසුම්.
              හෙ මෙසෙ “ නො පස් ගී කියුම්
              සර එවුහු සුවහස් වේ”

පෙළ ගැසුම - එකක්හු වළකා අන්හු දිසුම් පිළිසෙම් වේ. හෙ මෙසෙ; “ කිසුම්සර ගී නො පස්. උහු එ සුවහස් වේ.”



409 සියබස් ලකර විවරුව

තේරුම - එකතු නවතාපිය අනෙකකු ගේ දිස්වීම පිළිසෙවු නම් වෙයි. හේ මේ අයුරියි. “කුසුම්සරා ගේ ගී පසෙක් නොවේ. ඔහු ගේ ඒවා සියදහසසෙක් වේ”

පැහැදුම - “කුසුම්සරා ගේහී තල පසෙක් නො වේ, සිය දහසෙක් වේ.” මෙහි ලකර කිමෙක් ද? මේ කියමනින් විදුහෙන වෙහෙසිතාව කිමෙක් ද?

       කුසුම්සරා නම් අනඟා නොවැ?  අනඟාට සර පසක් වන වග කිවි දහමේ පළට යැ එහෙත් ඒ පළට පවන පවා මේ කියමනින් වෙනස් විණ. ඔහුට සර සිය දහසක් වන වගක් පැවැසිණ. ඒ අසන් මැ මනසට හැගෙන දහම්තාව කීමෙක් ද?
     “ ඒ දහම්තාව නිසි සේ අතෙක් නො වෙයි හාදයෝ ඒක යෝද යකඩ කඳක් . එයින් පාර පිට පාර කාලාත් මා යන්නම් මෙ ගොඩහට පැනැගත්තා මදි ද?” මෙහෙම කීයේ ගැමුණු හටනින් පැරැදී දඹදිවට පැනැලිය දෙමළෙකි යි හිතමු ඔහු ගේ කියමනින් කෑ පහරේ මහිමය ? හරියට අන්න ඒ වගේ අනඟාගේ හීවලින් මරු පහර කෑ එකකු ගේ කියමනෙකි. අර කලින් දැක්වුණේ.
       පුස්දෙවුවා ගේ අත යෝදා යකඩ කඳක් යැයි” කීමෙන් මැ පැහැදිලි වෙයි. දෙමළ පුස්දෙවුවා ගෙන් කෑ පහරේ බලවත් කම් ඒ වාගේ “ අනඟා ගේ හී පසෙක් නො වේ; ඔහු ගේ හී සිය දහස් ගණනෙකි. යන කියමනින් හැගෙයි සලෙළා විසින් කනු ලැබු අනඟ හී පහරේ බලවත් කම. ඉතින් කලින් තුබුණු සොබා පවත ගෙවත් මුල් පවත වළක්වා අමුතු අලුත්


සියබස් ලකර විවරුව 411

පවතක් ඉස්මතු කිරීමෙන් සිදු වනුයේ අර මුල් පවත මැ බලවත් සේ මනසට කා වැඳීමයි. ඔන්න ඔය දහමිතාව තමා පිළිසෙවු කියමනේ පරම අරුත . ඔවු; එක සොබාවක් වළකාපියා වෙන අන් සොබාවක් ඉස්මතු කිරිමෙන් මැ වනුයේ අර මුල් සොබාවට තව තව ද පණ ඔද ලැබීමයි. එ නොහොත් ඒ මුල් සොබාව තව තව ද පිරිහෙළීමයි.


ගැට ලිහුම -

පිළියෙවු = පිළිසෙවීම නම් ඇසුරින් අයින් කිරීමයි. මුල් පවත ඇසුරින් ඈත් කොටැ අමුතු පවතක් ඉස්මතු කිරීමයි පිළිසෙවු කියමිනින් කරනු ලබනුයේ. මෙය සකු පත පොතේ “අපහ්නුත්‍යලංකාර” නමින් සඳැහෙයි.

        සොබා පිළිසෙවුව
        පිරිහිවුම් පිළිසෙවුව
        පිරිහෙළුම් පිළිසෙවුව යනුයෙන් අරමුණ පිළි සෙවීමේ පිළිවෙළ අනුවැ මේ තුන් ගණයකට බෙදෙයි.
	අරමුණේ සොබාව පමණක් හුදක් මාරු කිරීම සොබා පිළිසෙවු කියමන නමි.
	අරමුණ හාත්පසින් ඔසොවා දැක්වීම සඳහා; එය මුළුමනින් හුවාදැක්වීම සඳහා වෙන සොබාවක් ඉදිරි පත් කිරීම පිරිහිවුම් පිළියෙවු කියමන නමි.
	අරමුණ හාත්පසින් හෙළා දැක්වීම සඳහා වෙන සොබාවක් ඉදිරිපත් කැරුමයි, පිරිහෙළුම් පිළිසෙවු කියමන නමින් ගැනෙන්නේ.

එහෙත් සියබස් ලකර කරුවෝ දංඩින් ගත් මඟ මැ හෙළ බසට පාන්නාහු විසා පිළිසෙවුම්, සුරු පිළිසෙවුම්, යන නමින් ඒ දෙ ගණයක් කොටැ දක්වයි.


412 සියබස් ලකර විවරුව

i. විසා පිළිසෙවුව

293. සඳුන් , සිසි රස්, මරු

            දකුණු, මට වෙ හුතැස් රැස්.
             සිහිලස් ලූ අන් හට යන්
             විසා පිළිසෙවු නම් වේ.

පෙළ ගැසුම - “සදුන්, සිසි රස්, දකුණු මරු, මට හුතැස් රැස් වෙ. අන් හට සිහිලස් ලූ!” යත්; විසා පිළිසෙවු නම් වේ.

තේරුම - “ හඳුන් යැ හඳ එළිය යැ දකුණු හුළඟ යැ යන මේවා මට ගිනි ගොඩවල් වෙයි. වෙන ඇත්තන් හට ඒවා සීතල ලූ!”මෙසේ කියත් හොත් විසා පිළිසෙවු නම් වෙයි.

පැහැදුම - විසා පිළිසෙවුව නම්, පිළිබඳ පිළිසෙවීම, පිළිබඳ පිළිසෙවීම නමි; - “විෂයාපහ්නුති” සකු .-

ii.  සුරූ පිළිසෙවුව 

294. අමා මෙරජ සුපුන්

             සිසි ය යත් නැත් තමා හේ

වස ඳ්ර රැසැන් මෙ වියත්

                         සුරූ පිළිසෙවු නම් වේ.

පෙළ ගැසුම - “ සුපුන් සිසි අමා මෙරජ ඇත් යත් හේ තමා හේ තමා නැත්. මෙ වසද්ර“ රස් ඇත්” වියත් සුරු පිළිසෙවු නම් වේ.

තේරුම - “ පුරා හඳ අමා කැලුම් ඇති යැයි කියත් හොත් කරුණු තෙමේ නැත්තේ යැ; මේ වනාහි විස හට. ගනවන කැලුම් ඇත්තේ යැ” මෙ සේ පවසන කලැ එය සුරූ පිළිසෙවුව නමි.

පැහැදුම - අරමුණ වළක්වාලීම ඔබ කලින් පැදියෙන් දත්හ. මෙ නිදසුනින් වටහනුයේ සොබාව වැළැක්වීමයි. ඇති නිසි සොබාව අයින් කොටැ දැකීමයි.

          “ සිහිල් කැල්මෙන් යුතු යැ” යනු හදේ නිසි සොබාවයි. එයට කරුණු නැති වඟ පවසා; හඳ වනාහි විස හට ගන්වන කැලුම් ඇත්තේ යැ කිම් නොසොබාවක් ඉස්මතු කිරීමෙකි හැබැයි ඒ නොසොබාව ඉස්මතු කිරීමට කරුණු ඇති.
             “ මේ බලන්ැ. හඳ කැලුම් සිහිල් යැයි බඔ කියති. ඒ සිහිල් නම් මා සිරුරේ මේ තරම් ගින්නක් ඒ හඳ උද්රරවත් මැ හට ගත්තේ හැයි? ඒ උද්රග වූ පසු මා සිරුර පළඟන්නාක් මෙන් මට හැගෙන්නේ හැයි? මෙසේ විසඹ සොඬකුට ගිජු බැවින් මැ ආතුර වුවකුට හේතු කරුණු ඉදිරිපත් කැරැ ඇසියැ හැකිය. හඳ සිහිල් කැලුම්වත් යැයි කියන්නට හේතු තෙමේ මැ නැතියි කීයේ ද මේ හෙයිනි.
     
         මෙ සේ සොබාව යට කොටැ සොබාව වළව වළහා නො‍ෙසාබාවක් ඉස්මතු කිරීම සොබා පිළිසෙවුව හෙවත් සුරූ පිළිසෙවුව නම් වෙයි.

ගැට ලිහුම -

වස ද්රහ රසැත් = මුල් පිට පත්හි වසදු රැසැත් යි පෙනේ. ඒ වැරැදියි. රැස් නම් සමුහයි. රස් නම් කාන්තියි. වස ද්ර රස් ඇත් - විස උපදන කැලුම් ඇති යනුයි මෙහි අරුත.

මෙරජ = දිස්නය; කැල්ම - මරිවි . සකු -

සුරූ පිළිසෙවු = සොබා පිළිසෙවුව . සොබා වැළැහුම් - ස්වරූප ප්රූතිෂේධය; ස්වරූප අපහ්නුතිය -


414 සියබස් ලකර විවරුව

             21. සෙලෙස් කියමන

295. නොඑක් අරුත් යුතෙක් රූ වදන් වෙ සෙලෙස් නම්.

                        හේ වේ නුබුන් පද, බුන්
                        පද අත්ම යි දෙ නියර

පෙළ ගැසුම - නොඑක් අරුත් යුත් එක් රූ වදන් සෙලෙස් නම් වේ. හේ නුබුන් පද අත්මා, බුන් පද අත්ම , යී දෙ නියර වේ. තේරුම - නොයෙක් අදහස් ඇති එක හැඩ කියමන් සෙලෙස් නම් වෙයි. ඒ සෙලෙස; නොබිදී පද ඇතුළත් සෙලෙසයැ; බිදී පද ඇතුළත් සෙලෙසයැයි දෙ සැටි වෙයි.

පැහැදුම - සම හඬ, සම හැඬ වදන්වලින් නොසම් අරුත් යුතු විසිතුරු ලකර නිමැවීමයි “ සොලෙස් නම් සැරැහිලි වෙසෙසින් අදහස් කරනුයේ මෙය පෙර දිගුකවියන් අතරැ ඉතා පළට ඉතා පියකුරු ලකර වෙසෙසෙකි.

            බිඳී පද ඇතුළත් සෙලෙස් කියමන යැ, නොබිදී පද ඇතුළත් සෙලෙස් කියමන යැයි මෙ ගතෙහි එය දෙ සැටියක් කොටැ දැක්විණ. කුමකට ද ලිහන මල්ලේ ඇඟිලි ගහන්නේ බලමු ඒ දෙ සැටිය මේ කිවියන්ගේ නිදසුන් බසින් මැ.

ගැට ලිහුම -

 එක් රූ වදන් = සම රුවින් යුතු කියමන්. එක වගේ හැඬ නිල ඇති කියමන් . මෙහි “වදන්” යනුයේ අරුත වචන යනු නො වේ. පැවැසුම් යකුයි.

අත්ම = ඇතුළත.


සියබස් ලකර විවරුව 415 i නුබුන් පද සෙලෙස

     296. දිය මුදුනට එක්
                ලකර කෙසුරු සිරි සියෝ
             ලද පළ තෙදිනි පුබුදු
              පිළි දැන් මෙ රජ කමල ඳූ.

පෙළ ගැසුම - දිය මුදුනට එක් ලකර, කෙසුර සිරි සියෝ, මෙ රජ දැන් පළ තෙදිනි පුබුදු ලද. පිළි දිය මුදුනට එක් ලකර කෙසුර සිරි සියෝ, මේ කමල දු දැන් පළ තෙදිනි පුබුදු ලද.

තේරුම - ලෝ මුදුනට හෙවත් ලෙවියා ගේ හිස් මුදුනට එක මැ සැරැසිල්ල වු; සිංහ ගතියෙන් යුතු වූ මෙ රජ දැන් පතළා වු තෙද ගුණය නිසා පිබිදීම ලද්දේ යැ. - ඉතින් පතළා වූ තෙද ගුණය නිසා පිබිදීම පිටට එක මැ සැරැසිල්ල වූ හෙවත් එකැ ම අබරණය යු; රොන් සිරියාවෙන් වෙන් නොවුණා වු මේ නෙළුඹ ද දැන් හිරු ගෙන් පිබිදීම ලද්දේ යැ.

පැහැදුම - රජ දිය මුදුනට රක මැ ලකර යැ. කොතෙකුත් ලෙවියෝ රජු නමදිති ඔවුන් ගේ හිස් මුදුනේ කවර අබරණ වුව ද කවර සැරැසිලි වුව ද කවර පළඳනා වෙසෙස් වුව ද එ හැම පිටින් මැ හෝ හිස් වෙළුම් වැනි වෙසෙසි දේ බැහැරැ කැරැදමා හෝ ලෙවියෝ රජු ගේ වෙසෙයි දේප බැහැර කැරැදමා හෝ ලෙවියෝ රජු ගේ පතුලට තමන් හිස මත්ත ළං කෙරෙති. හැයි ඔවුන් එසේ සරණ තල ඔවුන් හිස් මුදුනට හොඳ මැ පළඳනාව හෙයින් නොවැ? එහෙයින් රජ දිය මුඳුනට එක මැ සැරැහිල්ල යැ.

          කමල ඳු දිය මුදුනට එම මැ ලකර යැ. දිය මත්තේ නොයෙක් වඟයේ මල් පිපයි. ඕළු ,   හෙල්මැලි, යන ඈ කො තෙකුත් මල් පිපුණු ද නෙළුඹ තරම් ලස්සන මනහර නෙත් කලු මලෙක් කොහි වේ ද? එ හෙයින් නෙළුඹ ද ජලය මතු පිටට එක මැ ලකර යැ.

416 සියබස් ලකර විවරුව

          රජ කෙසුරු සිරි සියෝ යැ. කෙසුර නම් සිංහයා යැ බිහිසුණු මැ සිංහ රජා යැ. හේ තනි වැ හැසිරෙන්නෙකි. ඇබිත්තක් හෝ බියක් නැත්තෙකි. මහ ගිජිඳුන් ගේ හිස් මොළ පළන්නෙකි.
          ඔහු ගේ ගිගිරිල්ල අසා වනයේ සත්තු මුසපත් වැ ඇදැහෙති; සමහරු හිස ලුලු අතැ පලායෙති මේ සිංහ ගති රජුට ද ඇත්තේ යැ. හේ රණ පිටියේ සිය දහස් ගණන් හතුරන් මැදැ තනි වැ පැළැඹෙයි. ඔහු ගේ හටන් ගිඟිරිල්ල පමණක් හෝ අසා; - කව් සිළුමිණෙ කුසා ගේ හටන මතක් කරන්නැ - සියලු හතුරෝ හිස් ලුලු  ඇත පලායන්නෝ යැ. නොහොත් ඒ හඬ අසා මැ හද පැලී ගොස් රණ බිමේ එහෙම මැ සැතැපෙන්නෝ යැ. රජ සිය කග නිවටයන් හට නො අමෝරයි. ඔහු බඳු මැ විකුමෙන් යුතු මහ රණ දෙටුවන් හා සමගැයි ඔහු ගේ පොර වැදුම. මේ හෙයින් යැ රජු කෙසුරු සිරි සියෝ වනුයේ.
           කමල ඳු කෙසුර සිරි සියෝයැ.  හැයි  රෙහෙනු කෙසුරු මැ නොවැ? පිපුණු නවමු කමල ඒ කෙසුර මැ සිරියාවෙන් සකසා යුතු වුයේ යි. එයින් මුළු වට පිටාව මැ සුවඳ ගැන්වෙනුයේ  ඒ හෙයින් හතර දිගින් බමරුන් ඇ‍දෙනුයේ ඒ හෙයිනි.
           රජ පළ තෙදිනි පුබුදු ලද. අනුන් බවන තවන ගුණය තෙද නම් වේ. ඒ  තෙද පළ වත් මැ; ඔවු, ඒ තෙද පැතිරෙන් පැතිරෙන් මැ රජු උදම් වැ පපුව පෙරට ලා නැගී සිටියි. එහෙයින් හේ පළ තෙදිනි පුබුදු ලදුයේ නමැ.
          කලෙ දු පළතෙදිනි පුබුදු ලද. අනුන් තවන ගුණය පළට වැ ඇත්තේ කවුරුන් ළඟ ද? රජු ළඟැ! නෑ නෑ නෑ හිරු ළඟ යි, ඒ ගුණ ඉතා මැ පළට වැ ඇත්තේ. ඉතින් “ පළතෙද” නම් හිරු යි. හිරු  

සියබස් ලකර විවරුව 417

නැගෙත් මැ පියුම් පිපේ. පියුම් පුබුදු වේ ඔවු මැයි. පළතෙද උද්රර වත් මැ කමල පුබුදු වේ. එහෙයින් පළ තෙදින් කමල පුබුදු ලබන්නේ තමැ.

    දැන් ඉතින් ඔබට වැටැහුණා නොවැ මේ සම හඬ ඇති කියමන් දෙ පසට මැ අරුන බෙදු හැටි? මෙ සේ දෙ පසට හෝ තුන් පසට හෝ එයට වැඩි පසට හෝ අරුත් බෙදීම තමා සෙලෙස් නමින් ගැනෙන්නේ.
          ඉතින් නුබන් පද සෙලෙස නම් කීමෙක් දැයි ඇසුවා! හහ් ඔතරම් කලබල නො වන්නැ . තව ටිකක් ඉවසන්නැ. ඊළඟ වගයටත් අපි ටිකක් හිත යවමු.

ගැට ලිහුම -

 සියෝ - සියෝ වු; එක් වු; එකතු වු. මෙහි විදුරු අරුත් වදන “ වියෝ” යනුයි.


ii. බුන් පද සෙලෙස

      297.  සිටැ දස රද දමින්
                       ඒ රජ නා වොරජනා
                        අනුබඳ දන් සිරින් බඳ
                         සිය සපු ලොලුන් අදහස්.

පෙළ ගැස්ම - දස රද දමින් සිටැ වොරජනා ඒ රජ නා සිය සපු ලොලුන් අදහස් අනුබඳ දන් සිරින් බඳ

              සරද දමින් සිටැ ද වොරජනා එ නා රජ සිය සපු ලොලුන් අදහස් අනුබඳ දන් සිරින් බඳ.

තේරුම - දස රජ දහමින් යුතු වැ බැබැළෙන්නා වූ ඒ රජ උතුමා බොහෝ වු සැපත් කැමැත්තන් ගේ අදහස් - බොහෝ යදියන් ගේ බලාපොරොත්තු - නො කඩවා දෙන ලද දන් සැපතින් බැන්දේ යැ. 14


418 සියබස් ලකර විවරුව

         බලවත් කඹයෙන්  - බැදී - සිටැතාත් හොබනා වූ ඒ ඇත් රජ සිය ගණන් මී මැහි කෑදරයන් ගේ හස නමැති හස් - මුද්රා ව - නතර නො වුණු - කො තෙකුත් වැගිරෙන - මද දහරින් බැන්දේ යැ.

පැහැදුම -i. ඒ රජතුමා දස රජ දහමින් රජය කෙරෙයි. ඔහු ගේ විසීම හුදක් ජිවත් වීමෙක් මැ නො වේ; නියම බැබැළීමෙකි. සැපත් ලොලුහු නම් යදීයෝ යැ. උන් ගේ අදහස් කොහි ගොස් හෝ කවුරුන් යැදැ හෝ සැපත් ලැබීමයි. රජතුමා ඒ අදහස බැඳැ දැම්මේ යැ. ඒ කෙසේ ද? හැයි නිබඳ වැ දෙන දනින්. ඒ දන ලත් යදියෝ තව තවත් සැපත් ලබන අදහස එහි මෙහි දුවවනි ද? - ඇති යැ යන හැඟුම ඉ‍ඳෙන තුරු මැ රජතුමා යදියන් හට කො නෙකුත් දුන් වග මේ පැවැසු සැටි යි.-

        ii. මද කිපි වහා මැ , යළි මද සන්හි‍ඳෙන තුරු මැත් ඇතුන් කඹයෙන් බැඳැතිබීම සිරිති. ඒ මහ ඇතා ඇතෙක් නො වේ. ඇත් රජෙකි. පුදුම යෝද බලවත් ඇතෙකි ඌ වෝද සවිමත් කඹයෙන් බැඳැලු පසුත්; මද  වැහිරීම බිඳක් හෝ බාල වුයේ ඌ ගේ නො වේ. නො කඩවා වැගිරෙන ඒ මද දහරාවට ලොබින් කො තෙකුත් මී මැස්සෝ එති. ඌ කොතෙකුත් අව ද මද හිස් නො වේ. කොනෙකුත් මද වු නමුත් ඒ මී මැස්සනට ද සෑහීමෙක් ඇති නො වේ. එ හැයි? එ තරම් මිහිරි යැ එ තරම්  සුවඳ යැ එ තරම් උකු යැ ඒ මහ ඇතු ගෙන් වෑහෙන මද. කො තරම් පහර තතා වුව ද ඒ හෙයින් මී මැස්සෝ ඒ මද දහරාවට මැ වහති. රුවියේ අමුත්තක් නො කරති. ඒ නිසා මීමැස්සන් ගේ හද නමැති මුද්රාරව අත් රජ බැන්දේ නම් වෙයි.

සියබස් ලකර විවරුව 419

 දැන් ඉතින් විමසමු මේ කවර කවර වගයේ සෙලෙස් කියමන් ද කියා. කලින් පැවැසුණු “ දිය මුදුනට එක් ලකර යන ඈ පැදියේ” රජු ගේ පවතත් කමලේ පවතත් දෙක මැ සුනිසි සැටියෙන් බැදී සිටියි. ඒ පවත පැවැසීමට යෙදුණු සෙලෙස්  පදත් අමුතුයෙන් කැඩී බිදී නො ගියේ යැ. රජු පිළිබඳ වැ පද යෙදුණු සැටියෙන් මැයි කමල පිළිබඳ වැන් පද යෙදුණෙ .අරුත පමණෙකිවෙනස් වැ බෙදීගියේ . එහෙත්; දෙ වැනි වැ පෑ “ සිටැ දස රද දමින් එ රජනා වොරජනා” යන ඈ පැදියේ යෙදුම් එසේ නො වේ.
           ඒ පැදියෙන් පවසන කතා පවතේ රජුන්; ඇතුන් අතරැ කිසි ද සබඳ කමෙක් නැති. ඒ දෙ පවත  දෙ පවතක් සේ මැ බෙදී සිටියි. ඉතින් එ පමණෙකැ? ඒ දෙ පවන  පවසන්නට යෙදුණු සෙලෙස් පදත් දෙ පවතට දෙ සැටියෙකින් බෙදී බිඳීලියේ යි. රජුගේ පසෙහි දී “ දස රද දමින් සිටැ; රජ තා; අදහස්;” යන සෙයින් යෙදුණු පද ඇතු ගේ පසෙහි දී යෙදුණේ, “ සරද දමින් සිටැ ද; නා රජ; අද හස්;” යන සෙයින් බිදී වෙනස් වෙමිනුයි. ඔන්න ඔය කුරුණු පිළිවෙළ නිසා; කලින් පෑ නිදසුන නොබුන් පද සෙලෙස යන වගයටත් ඉක්බිති වැ පැ නිදසුන බුන් පද සෙලෙස යන වගයටත් කවියා බෙද්රතපැයේ යි. හරි දැන් ඉතින් වැටැහුණා යැ?

ගැට ලිහුම -

 දස රද දම් = දන් දීම, තෑගි කිරීම, දෙඬුමෙනුත් කැරුමෙනුත් හික්මීම, නොවක් වීම, මොළොක් වීම, හිත හික්මීම, නෙ‍තෙරහ වීම, හිරිහැර නොකිරීම,  සන් හිඳීම, නොවිරුදු වීම, යන රජුයු දහම් දසය, රටක් පාලනය කරන්නවුන් තුළැ තිබියැ යුතු මැ ගුණ දහම් දසය.


420. සියබස් ලකර විවරුව

රජ නා = රජ තුමා මෙහි නා යනු උතුම් යන අරුතේ යෙදීණ.

අහුබඳ = නොකඩ වුණු එක දිගට මැ පැවැති. සපු ලොලුන් = පැණියෙහි ගිජු මී මැස්සන්.

සරද = බලවත්.

නා රජ = ඇත් රජු.

දන් = දීමනාව, ඇතුන් කෙරෙන් වැගිරෙන මද යන දෙ අරුත මැ මෙයින් ලැබේ. සකුයෙහි “ද්රෙන” සදින් ද මේ දෙ අරුත ලැබෙයි.

අදහස් = හැඟීම, බලා පො රොත්තුව,

අද හස් = හද නමැති හස. - හිත නමැති මුද්රාසව -


298. උවම් , වැතිරෙක, රූ

          අකෙවු මෙ ඈ කළ විසා
           පෙරැ දැන්වූ සෙලෙසිනන්
           දෙසෙකැන් එතෙරෙ වන්නෙම්.

පෙළ ගැසම - උවම් යැ වැතිරෙක යැ රුවස් යැ අකෙවු යැ යන මේ ආදිය - උපමා යැ ව්යතිරේක යැ රූපක යැ ආක්ෂේප යැ යන මේ ආදිය - අරමුණු කරනු ලැබු කලින් පෙන්නු සෙලෙස් යෙදුම්වලට පිටස්තර හරියෙක් ද ඇති . මී ළඟට එය පවසමි.

පැහැදුම - උවම් කියමන , වැතිරෙන කියමන , රුවස් කියමන යන මේ කියමන්වලැ දී ඒවා පිළිබඳ සෙලෙස් යෙදුම් කලින් දැක්වුණෙ යැ. ඔවු; 95 සෙලෙස්

  සියබස් ලකර විවරුව                                 421

උවම, 96 පබඳ සෙලෙස් උවම, 148 සුසිලිටි රුවස, 204 සෙලස් වැතිරෙන යන පැදිවලැ දී ඒ යෙදුම් කලින් දැක්නුණේ යැ. මී ළඟට දැන් ඉතින් පවසුනු ලබන්නේ එයින් පිටස්තර සෙලෙස් කියමන් වෙසෙසෙකි.


ගැට ලිහුම

එතෙරෙ වත්නෙම් = එතෙර එ වත්තෙම්. ඉක්බිති වැ එය පවසමි.

දෙ‍සෙකැන් = හරියෙක් , කොටසෙක්, පෙදෙසෙක් ඇති.

299. නොබුන් කම් , සනියම්,

             අවිරුදු කම් සෙලෙස, විරුදු කම් සෙලෙස , අව්රුදු කම් සෙලෙස, විරුදත්ම සලෙස, නොවිරුදු රූ සෙලෙස, නියම් අකෙවු සෙලෙස, නම් වූ සෙලෙස් යුතු වෙයි. 

ගැට ලිහුම නොබුන් කම් සෙලෙස = අභින්න ක්රි යා ශ්ලේෂය, සනියම් සෙලෙස = සනියම ශ්ලේෂය අව්රුදු කම් සෙලෙස = අවිරුද්ධ ක්රිියා ශ්ලේෂය විරුදු කම් සෙලෙස = අවිරුද්ධ ක්රිියා ශ්ලේෂය විරුදත්ම සලෙස = විරුද්ධාත්ම ක්රිියා ශ්ලේෂය නොවිරුදු රූ සෙලෙස = අවිරුද්ධ රූප ශ්ලේෂය නියම් අකෙවු සෙලෙස = නියම ආක්ෂේප ශ්ලේෂය


           422   සියබස් ලකර විවරුව 

නොබුන් කම් සෙලෙස

   300. සිනිඳු පියෝ මියුරු
            පළට කළ රා වමියන් 
            නුවනත්හු සිකි කත්හු දු
              පියොදත් මෙ අදිති පියන්.

පෙළ ගැසුම - වමියන් පියොදත් මෙ, සිනිඳු පියෝ මියුරු රා පළට කළ නුවනත්හු, සිනිඳු පියෝ මියුරු රා පළට කළ සිකි කත්හුද පියත් අදිති.

තේරුම = අඟනන් මෙහෙයන කල්හි මැ ; සිලිටි චූ සොබවෙන් මැ සොඳුරු වූ පැහැමත් බව පළට කළා වූ ඇස්හුද; චාටු වූ කපටි වූ සොබායෙන් මිහිරි වූ නුරාව පැහැදිලි කළාවූ යහළු ගැහැණුද හිමියන් අදින්නෝ යැ.

පැහැදුම - වමියන් ගේ ඇස් ඉතා සිනිඳු යැ; සොබායෙන් මැ සොඳුරු යැ; හොඳ පැහැපත් යැ. වමියන් ගේ යහළු ලියෝද සිනිඳු යැ (චාටූ බස් දන්නෝ යැ) පියෝ යැ (කපටි යැ. ප්රයයෝග දන්නෝ යැ) මියුරු යැ - මී පැණි වැනි යෝ යැ - රාගය ගමනින් වදනින් පළට කළා හු යැ. ඉතින් ඹය ඇසුත් ඔය යහළු ලියෝත් කුමක් කෙරෙති ද? වමියන් විසින් උන් පොළොඹවනු ලබත් මැ ඒ ඇස් හුයැ යහළු ලියෝ යැ යන දෙගොල්ල මැ පියවතුන් අදින්නෝ යැ- වමියෝ උන්හට පෙම්වතුන් හොයන්න‍ට යහළු ගැහැනුත් යවති. ඒ යහළු ගෑණූ තායම් මායම් පෙන්නා පිරිමින් ඇදැගෙනැ එති. ඒ පිරිමිහු ද අර වමියන් පෙනෙන තෙක් මානයට ආ වහා මැ උන් ගේ ඇස් කොන් බැල්ම ලැබීමෙන් මැ මත් වැ උන් වෙතැ ඇදී එතියි කියූ සේයැ.-

මේ පැදියේ පළට දෙ පසෙකි. වමියන්ගේ ඇස් යැ; වමියන්ගේ යහළු ලියෝ යැ; යනුයි ඒ දෙ පස ඒ දෙ පසට මැ සම වැ යෙදුණු සිනිඳු, පියො මියුරු, යන ඈ වෙසෙසුන් පද ඒ දෙපසට ගැළැපෙන සේ වෙන වෙන මැ අරුත් දෙන හෙයින් මේ සෙලෙසේ ලකරට අයිති යැ. හැබැයි; ඒ දෙ පසේ මැ පොදු එක මැ කම ඇදීම යි. අන්න ඒ නො බිඳීගියා වූ ඇදීමේ පොදු කම මුල් කොටැගෙනැ මේ සෙලෙස් වෙසෙසනොබුන් කම් සෙලෙස් යන නමින් හඳුන්වනු ලැබෙයි.

ගැට ලිහුම -

සිනිඳු = යහළු ලියන්ගේ පසට මෙහි අරුත චාටු යනු යැ. හරි සිනිඳු ගණන්කාරයා (හරි තෙල් ගණන් කාරයා) යන සෙයින් වහරේත් මේ සිනිඳු යනු ඒ අරුතට බර වැ සමහර විටැ වැවහර වෙයි.

පියෝ = සොබායෙන් යැ කපටි යැ යන දෙ අරුත දෙයි

රා = නුරාව, පැහැය, යන දෙ අරුතට යෙදිණ. පියොදත් මෙ = මෙහෙයත් මැ, පියෙදීම නම් මෙහෙයීමයි; පෙළෙඹීමයි; උසි ගැන්නීමයි. උනන්දු කැරැවීමයි.

සිකිකත්හු = යහළු ලියෝ, (පැරැණි දඹ දිව් හැදියාව ජයට පැහැදිලි කරන පැදියෙකි මේ)

Iv සනියම සෙලෙස