සිය බස් මල් දම-අන්වය, අර්ථය හා විස්තර iv
151. පි රි ස ද සොමි උවන පියයුරු රණ තිස ර ම ද ර ද දුන්මිටෙ’ව් මැද දෙස ඇති පව ර සු ර ර ද ලියෙ’ව් රුසිරැ’ති අඟණන් නො හු ර මි ග ර ද ගම් මැදට පැන මුරිය නද ක ර
අන්වයඃ මිග රද ගම් මැදට පැන, නද කර, පිරි සඳ සොමි උවන, රණ තිසර පියයුරු, මඳ රද දුනු මිට එව් මැද දෙස ඇති, පවර සුර රද ලිය එව් රුසිරු ඇති අඟනන් නො හැර මැරී ය. අර්ථයඃ සිංහ රාජයා ගම් වලට පැන ශබ්ද කර, පිරුණු සඳ වැනි සෞම්යඃ මුහුණු වලින් ද, රන්වන් හංසයින් බඳු පයෝදර වලින් ද අනංගයාගේ දුන්න වැනි සිහින් ඉඟටියෙන් ද යුතු, රූප ශ්රීැයෙන් උතුම් දෙවඟනන් හා සම වූ කාන්තා- වන් අත් නො හැර මරා දැමී ය. 106 සිය බස් මල් දම
152. න න’ බ ර ණි න් සැ ර සූ කිරි බොන ලද රූ පැ න අ වු දි න් නද කර මැරුවයි කෙස රූ ගු ණ නැණයෙන් අග පත් හිමි සඳ මහ රූ වෙ න ති රි ස න් නැසූ වග කියනු ද කවු රූ
අන්වයඃ කෙසරු පැන අවුදින් නද කර, නන් අබරණින් සැරසූ කිරි බොන ළදරූ මැරුවයි. ගුණ නැණයෙන් අග පත් මහරූ හිමිසඳ, වෙන තිරිසන් නැසූ ව කවුරු කියනු ද?
අර්ථයඃ කේසර සිංහයා පැන ඇවිත් නාද කර, නොයෙක් ආභරණයන්ගෙන් සරසනු ලැබූ, කිරි බොමින් සිටි ළදරුවන් මරා දැම්මේ ය. ගුණයෙන් හා නුවණින් අග තැන් පත් උසස් රජ තුමනි, සිංහයා වෙන තිරිසන් සතුන් නැසූ වගත් කවුරු කියත්. (එය ඉතා සුළු දෙයකි.)
153. ලො ව ර කි නා පින්වත් නිරිඳුනි දැන ට මෙ ම ලෙ සි නා නැසුවොත් අප ගෙ මුළු ර ට කි ම ලැ බෙ නා පල ත් මෙ බිය දුරු කො ට නො ව ල සි නා සෙත කළ මැනව මෙ අප ට
අන්වයඃ දැනට ලොව රකිනා පින්වත් නිරිඳුනි, අපගේ මුලු රට මෙම ලෙසිනා නැසුවොත් ඉන් ලැබෙනා පල කිම? ඉන් මෙ බිය දුරු කොට, ලසිනා නොව මේ අපට සෙත කළ මැනව.
අර්ථැයඃ දැනට ලෝකය ආරක්ෂා කරන පින්වත රජ තුමනි, මේ විදියෙන් අපගේ මුලු රට ම විනාශ වීමට ඉඩ ඇරියොත් කුමන යහපතක් වේ ද? එහෙයින් මේ බය දුරු කර වහා අපට යහපතක් කර දුන මැනවි.
විස්තරඃ ලසිනා නො ව. ප්රමමාද නො ව. ලස යනු ප්රුමාදය යි.
154. මෙ ලෙ ස ට ගම් වැසි හැම දෙන එ රදුට සැල කළ විගසි න ලෙ ව න ට පැමුණුණු එ බිසට වගු රද තුම තද ළ සොවි න යු ද ය ට ගොස් මිගිඳු මරණ විලසට රැස් කර මැතිග ණ මො න ව ට අණ දී වදාළ සේක මෙ ලෙස ලොවට පෙමි න
සිය බස් මල් දම 107
අන්වයඃ මෙ ලෙසට ගම් වැසි හැම දෙන එ රදුට සැලකළ විගසින, වගු රද තුම, ලෙවනට පැමුණුණු එ බියට තද ළ සොවින, මැති ගණ රැස් කර, යුදයට ගොස් මිගිඳු මරන විලසට ලොවට පෙමින මෙ ලෙස මොනවට අණ දී වදාළ සේක.
අර්ථීයඃ මෙ සේ ගම් වැසියන් සියලු දෙන ඒ රජ තුමාට පැමිණිලි කළවිට ලෝ වැසියනට පැමිණි තිබෙන බය නිසා මහත් සිත් සෝකයට පත් වගු රජතුමා ඇමති මඩුල්ල රැස් කරවා යුඬයට ගොස් සිංහයා මරන ලෙස ලෝකයා කෙරෙහි ආදරයෙන් මෙ සේ අණ කළේ ය.
155. බ ල ත ර යුද කර පෙර දිනුමට සෙනෙහැති අමතිවරු නි රු දු ත ර මිග රදෙක් අවුත් අප සතු රට නසන බැව් නි පු ව ත ර සිවුරඟ සෙන් ගෙන ගොස් යුදකර - එහු මරමි නි දු රු ක ර එව් අප රට පත් විපත් එ බිය තොප බලයෙ නි
අන්වයඃ පෙර බලතර යුද කර දිනුමට සෙනෙහෙ ඇති ඇමති වරුනි, රුදු තර මිග රදකු අවුත් අප සතු රට නසන බැවිනි, පුවතර සිව් රඟ සෙන් ගෙන ගොස් එහු මරමිනි, තොප බලයෙනි අප -රට පත් විපත් ඒ බියදුරු කර එව්.
අර්ථබයඃ පෙරදි බිහිසුණු යුද්ධ කර ජය ගැනීමෙහි ආසා දැක් වූ ඇමතිවරුනි, ඉතා විශාල සිංහයකු පැමිණ අප රට විනාස කරන හෙයින් අපගේ ප්රිසිඬ චතුරංගනිය සේනාව ගෙන ගොස් ඌ මරා තොපගේ බලයෙන් අපගේ රටට වී තිබෙන විපත් හා බිය දුරු කළ මැනවි.
විස්තරඃ සිව්රඟ සෙන්. ඇත්,අස්, රිය පාබළ යන, රජකු සතු පුකාරයේ බල ඇණි. මිග රදෙක් අවුත් යනු වියරණ දොසකි. මිග රදකු කියා ශුඬ විය යුතු.
156. ස සො බ න රදු වදහළ බස අසමින් මැතිවරු හැම දෙ න එ ම ස න යෙන් අණබෙරකර මහ සෙන් රැස් යන විලසි න ස ර ස න සැර නඩු අඩයටි සඳසක් ඈ නන’වි රැගෙ ණ අ ප ම ණ සිවුරඟ සෙන් සහ නිරිඳුන් වැඳැ අවසර ගෙ ණ
108 සිය බස් මල් දම
අන්වයඃ මැති වරු හැම දෙන ස සොබන රදු වදහළ බස අසමින් මහ සෙන් රැස් වන විලසින එම ඝණයෙන් අණ බෙර කර, සරසන, සැර, කඩු, අඩයටි, සඳ සක් ඈ නන් අවි රැගෙන, අ පමණ සිවි රඟ සෙන් සහ නිරිඳුන් වැදැ අවසර ගෙන.
අර්ථයඃ මන්ත්රීව වරු සියලු දෙනා යහපත් රජ තුමන් කී වචන අසා, මහ ජනයා එකතු වන ලෙස එම මොහොතෙහි ම අණ බෙර ලවා, දුනු, හී, කඩු, අසයසි, චන්ද්රාසයුධ, පාරා වළලු ආදී නොයෙකුත් ආයුධ සහිත ව, බොහෝවූ චතුරංගනිය සේනාව ද ගෙන, රජු වැඳ අවසර ලබා,
විස්තරඃ ඝණයෙන් ක්ෂණයෙන් යන්නෙන් බිඳ ගන්නා ලද්දකි.
අඩයටිඃ අඩක් යෂ්ටියක් වූ ආයුධයකි. කඩුවක් හා සමාන ව තලයකින් ද මිටියකින්ද යුතු ආයුධයක් බව පෙනේ.
සක්: චක්රි ශබිදයෙන් හෝ ශාඛා ශබ්දයෙන් බිඳී ආයේ ය. චක්රි ශබ්දයෙන් බිඳුනේ නම් මෙය වළල්ලකි. ශාඛ ශබ්දයෙන් බිඳුනේ නම් යුදයෙහි ගෙන යන ජයශංඛ වේ.
157. ප ස තු රු ගොසකර පෙරටුව ගොඩ යන සිඳු රද විලස ට යු ද ක රු මහ සෙනඟ ගොසින් එම සී රද සිට පියස ට නොමතුරු වට කරමින් අවියෙන් අවි ගැවසෙන තරම ට වි සි තු රු අවි ලෙළවා සිය දහස් විදුලි ගසන රඟ ට
අන්වයඃ පෙරටු ව පසතුරු ගොස කර, ගොඩ යන සිඳු රද විලසට එම සී රද සිටි පියසට යුද කරු මහ සෙනඟ ගොසින් අවියෙන් අවි ගැසෙන තරමට නොම තුරු වට කරමින්, සිය දහස් විදුලි ගසන රඟට විසිතුරු අවි ලෙළවා. අර්ථයඃ ඉදිරියෙන් පංචාංග තූය්යි ර් නාද කරමින්, ගොඬ ගමන් ගන්නා ලද සමුද්රර රාජයා පරිද්දෙන්, සිංහ රාජයා සිටි පෙදෙසට ඒ යුදට සැරසුණු සෙනඟ ගොස්, ආයුධ එකිනෙකට හැපෙන තරමට ඉඩක් නැති ව වට කර ගෙන, සිය දහසක් විදුලි කොටන්නාක් මෙන් ඒ පවිත්ර ආයුධ සොලවමින්.
සිය බස් මල් දම 109
විස්තරඃ පසතුරුඃ ආතතය, විතතය, ආතත විතතය, ඝනය, සුසිරය යන පංච තූය්ය්, ල භාණ්ඩ පස තුරු සේ හැඳින්වේ.
158. ර ණ බෙර කරවා රුදු තර ඔල්වරසන් දෙමින් කුරි රු සෙ ණ සුවහස් ගසන විලස කළ රණ ගොස අසා කෙස රු ව න මැද ඔත්පලින් නැඟිට කර බුරවා සොඳ විසිතු රු පැ න අහසට ඔබමොබ බමනය කරැ සිය විදුලි අයු රු
අන්වයඃ රණ බෙර කරවා, රුදු තර ඔල්වරසන් දෙමින්, කුරිරු සෙන සුවහස් ගසන විලස කළ රණ ගොස කෙසරු අසා, වන මැද ඔත් පළින් නැඟිට සොඳ විසිතුරු කර බුරවා අහසට පැන සිය විදුලි අයුරු ඔබ මොබ බමනය කරැ. අර්ථයඃ යුද බෙර ශබ්ද කර, මහත් සේ ප්රී ති නාද පවත්වමින්, කෲර සෙන දහසක් ගසන්නාක් මෙන්කරන ලද යුද්ධ ඝෝෂාව ඇසූ කේසර සිංහයා වන මැද ඔහු සිටි තැනින් නැගිට, ඉතා අලංකාර කෙසරු සලා, උඩ පැන, සිය ගණනක් විදුලි මෙන් තැනින් තැන කරකැව්. විස්තරඃ රුදු තරඃ රුදු යනු විශාල යන අරුත් ඇත්තේ ය. බොහෝ දෙන රුදු යනු රෞදය යි වරදවා අරුත් කියන බව පෙනේ. තර යනු සංස්කෘත හා පාළියෙහි අධිකාර්ථ යෙහි යෙදෙන නිපාතයකි. කර බුරවාඃ කරෙහි වු කේසර (ලොම්) කර යනුවෙන් අදහස් වේ. බුරවා යනු සලා යනුවෙන් අරුත් කිව හැකිය. කර ඔසවා කියා ද ගැනීම අපහසු නො වේ. එ විට බුරවා යනු අභිරුය්හ යන්නෙන් බිඳ ගත්තක් විය යුතු ය.
159. ප ළ කරමින් සී රද විකුම් නද කරැ වැද සෙනඟ මැද ට දු ල තර ඇත් අස් සමඟින් දුටු දුටු සත මරණෙ’ම වි ට බ ල යුදයෙන් සිත් බිය ගෙනැ කටු බැදිවල පැනැ විගස ට ඵ ල වා ගෙන එතැ යි සිතා පසු බලමින් දුවන කල ට
අන්වයඃ සි රද විකුම් පළ කරමින් නද කර සෙනග මැදට වැද, දුල තර ඇත්, අස් සමගින් දුටු දුටු සත මරන එම විට,
110 සිය බස් මල් දම
බළ යුදයෙන් සිත් බිය ගෙනැ විලසට කටු බැදි වල පැන, එලවා ගෙන එතියි සිතා පසු බලමින් දුවන කලට.
අර්ථුයඃ සිංහ රාජයා වික්රපමය පෙන්වමින් නාද කර, සෙනඟ අතරට පැන, ශෝභන ඇතුන්, අශ්වයින් හා දුටු දුටු අනෙකුත් සතුන් ද මරන විට, යුද්ධ භටයෝ, ඒ යුද්ධ යෙන් බියට පත් ව, වහ වහා, කටු සහිත කැලෑවලට- පැන, සිංහයා තමා ලුහු බඳිති යි සිතමින් ආ පසු බල බලා දුවන විට, විස්තරඃ මරණෙම විට. මරණ+එම විට යනු අදහස යි. එසේ මරන විට යනු අදහස් වේ. මේ ඉතා දුබල යෙදුමකි.
160. සි ර දුට අසු නොවී සිටිය ඉතිරි හසුන් එන බව දැ ක සි ර දුම ය යි සිතා ඉතා තද බිය ගෙන දිව් නොව ල ක වෙර ඇඳි වත් කටු දැවටී ඉරී රැඳුණු බවත් නො දැ ක දු ර ට ගොසින් වැටී ගත්තු මරණින් ගැලවී වැදැ දු ක
අර්ථ යඃ සිංහ රාජයාට අසු නො වී ඉතිරි වු අශ්වයින් එනු දැක, එත් සිංහයා ම ය යි සිතා, මහත් බියෙන් යුතු ව, නො නැවතී දිව, තමන් ඇද සිටි ඇඳුම් ද කටුවල පැටලී ඉරී රැදුණු බව පවා නො දැක මරණයෙන් බේරී දුකින් යුතු ව ඈතට පැන ගත්හ. විස්තරඃ නො වළක දිව. නො නැවති දිව.
161. මෙ ලෙ ස ට කටු ඇනී අයෙක් සියල් සිරුර ලේ ගාගෙ ණ සි න ර ද ට කන් පැළුණු අයෙක් සමහරු අප ගත වතුරෙ ණ වි ග ස ට දුව වැටී අයෙක් අත පය තුනටිය බිඳගෙ ණ කැ ල ය ට වැද ඒ ඒ තැන සැඟවී සිට මරණ බියෙ න
අන්වයඃ සු ගම යි. අර්ථයයඃ මෙ සේ සමහරෙන් කටු ඇන ගෙන මුලු සිරුරෙහි ම ලේ, තවරා ගත්හ. සිංහ නාදයට කන් පැළුණු සම හරෙක්ඇදුම්ද ගැලවී ගොස්, වහා දුව වැටී, අත් පා හා තුනටිය ද පොඩි කරගෙන. කැලයට පැන මරණ බියෙන් තැනින් තැන සැඟවී සිටියහ.
විස්තරඃ අපගත වතුරෙන. වතුරු යනු මේ කවෙහි වස්ත්රත යන් නෙත් බිඳ ගන්නා ලද්දකි. ඉවත ගැලවුණු ඇඳුමෙන් යුතු ව යනු අදහස යි. සිය බස් මල් දම 111
162. පැ ළ ඳි බරණ ඇඳි වත් අවි පස’තුරු තැන තැන දමමි න මු ල දි දොඩා ගිය කට මැත සිතා තදින් ලජ්ජායෙ න කොල අතු ඇඳ ලේ පෙරමින් ගිය ගිය තැන්වලින් සෙමි න ග ල වා ගෙන පණ පමණක් එක තැනකට රැස්ව සොඳි න
අන්වයඃ සු ගම යි.
අර්ථයඃ පැළද සිටි අාහරණ හා අැඳ සිුටි වස්ත්ර් ද, පංචාංගික තූය්ය් භාණ්ඩ ද තැනින් තැන දමා මුලින් වහසි බස් කීයෙන් ඒ ගැන ලජ්ජා වී, කොළ අතු හැඳ, ලේ පෙරමින් ඒ ඒ ගිය තැන් වලින් යන්තමට ජීවිතය පමණක් බේරා ගෙන, ඔව්හු එක් තැනකට රැස් වූහ.
163. වි ය රු වැටුණු අය විලසට කිසිවක් නො ම දැන එමවි ට රු දු රු ලෙසට හඬා වැළප ඉලව් වලම් දී එම වි ට කෙ ස රු යෙදෙන් මැරුම් නොකා ආ බව සිතමින් බලය ට සො ඳු රු නිරිඳු වෙතට අවුත් සිරි පද වැඳ කිවු මෙලෙස ට
අන්වයඃ එම විට වියරු වැටුණ අය විලසට කිසිවක් නොම දැන, රුදුරුලෙසට හඬා වැලප, ඉලව් වලම් දී, කෙසරු යුදෙන් මැරුම් නො කා ආ බව බලයට සිතමින්, සොඳුරු නිරිඳු වෙතට අවුත් සිරි පද වැඳ මෙලෙසට කිව්.
අර්ථනයඃ එ විට උමතු වූ අය මෙන් කිසිත් නො දැන, බිහිසුණු ලෙස හඬා වැලපී, මෘත දේහයන් පිළිබඳ කටයුතු ද කර, සිංහයා හා යුද වැද මැරුම් නො කා ආ බව පමණක් තම බලය වසයෙන් සිතමින්, යහපත් රජ තුමා ඉදිරියට පැමිණ, පා වැඳ මෙ සේ කී හ.
විස්තරඃ ඉලව් වලම්, මෘත දේහයන් පිළිබඳ ආදාහන හා භූමදාන කටයුතු.
164. මිග කියා සිහ යුදට ගිය සෙබළුන් කෙරෙන් එක සෙබළළෙකු ත් මිග රදුගෙ ඉදිරියට යන ලෙස අඩියකුත් නොතිබිය කො හෙ ත් මිග පතිහු නද අසා දෙ සවන් පැළී මළහුය නොයෙක් ස ත් මිග රදුට අසුවෙමින් මැරු ඇත් අස් මිනිස් ගණනක් නොමැ ත්
112 සිය බස් මල් දම
අන්වයඃ මිග කියා සිහ යුදට ගිය සෙබළුන් කෙරෙන් එක සෙබළෙකුත් මිග රදුගෙ ඉදිරියට යන ලෙස කොහෙත් අඩියකුත් නො තිබී ය. නොයෙක් සත් මිග පතිහු නද අසා දෙ සවන් පැළී මළහු ය. මිග රදුට අසු වෙමින් මැරු ඇත් අස් මිනිස් ගණනක් නොමැත්. අර්ථ යඃ වහසි බස් කියා සිංහයා හා යුද්ධ කිරීමට ගිය යුද්ධ භටයන් අතුරින් එක භටයෙක් වත් සිංහයා ඉදිරියට යෑමට අඩියක් නො තැබී ය. බොහෝ දෙනෙක් සිංහ නාදය අසා කන් පැළී මළහ. සිංහයාට අසු වී මරණයට පත් ඇතුන්ගේත්, අසුන්ගේත්, මිනිසුන්ගේත්, ගණ- නෙහි සීමාවක් නැත. විස්තරඃ මැරු. මරණයට පත් යන අදහස දීමට යෙදුණකි.
165. ඉ තු රු වුණු අපි දිව ගොසින් කටු ලැහැප්වල විදී ලා ව තු රු අබරණ නන’වි පස’ තුරු තැනින් තැන මඟ දමා ලා සි රු රු සිදැ බිදැ ගොසින් තැන තැන පැහැර ගල් මුල් ඇනීලා සි වු රු පෙරවූ විලස රත් විය මෙ අප ඇඟ ලේ රැඳී ලා අන්වයඃ සු ගම යි.
අර්ථයයඃ ගැලවී ගත් අප දුව ගොස් මහා කටු ලැහැප්වල සැඟවී, ඇඳුම් පැළඳුම් නොයෙක් ආයුධ හා පංචාංග තූය්ය්ාා භාණ්ඩ, මග තැන තැන දමා, මග වැටී ගල් මුල් වල හැපී ශරීර තුවාල කරගෙන, ලේ තැවරුණු හෙයින්, අප සිවුරු පෙරවූ කලෙක්හි මෙන් ලේ වලින් සිරුර රත් වී ගියේ ය. 166. ලො ව ට අගපත් හිමි සඳිනි පඩි නොලැබෙතත් අප හැමට අදසි ට අ ප ට බැරිමට යුද කරන්නට තද විකුම් මිග රදකු ලඟ සි ට නු ඹ ට අපගෙන් වැඩක් ඇතහොත් කුමට ඇරියෙද මෙබඳු සටන ට දැ න ට මිගිඳකු ලවා අප මැරවුමෙන් වන පල මොකද නිරිඳු ට
අන්වයඃ ලොවට අග පත් හිමි සඳිනි, අප හැමට අද සිට පඩි නො ලැබෙතත්, තද විකුම් මිග රදකු ළඟ සිට යුද කරන්නට අපට බැරිම ය. නුඹට අපගෙන් වැඩක් ඇතහොත් මෙ බඳු සටනට කුමට ඇරියෙ ද? දැනට මිගිඳකු ලවා මැරවුමෙන් නිරිඳුට වන පල මොකද?
සිය බස් මල් දම 113
අථීයඃ ලෝකයට නායක වූ ස්වාමිනි, අප සියලු දෙනාට අද පටන් පඩි නො ලැබෙතත්, මහා වික්ර මයෙන් යුත් සිංහයකු ඉදිරියට ගොස් යුද්ධ කිරීමට අපට බැරි ය. ඔබට අපගෙන් ප්රටයෝජනයක් ඇතොත් මෙවැනි යුද්ධයකට අප කුමක් හෙයින් යැවුවෙහි ද? සිංහයකු ලවා අප මැරවුමෙන් ඇති ප්රියෝජනය කුමක් ද?
විස්තරඃ මෙහි භාෂා විලාෂය ඉතා ග්රායම්ය ය. 167. මෙ ලෙස සැල කළ ස ඳ සිහ යුදට ගිය මැති ස ඳ රද දිතට දුක් වැ ද ඔවුන් තුටු කර තෙපුල් දී සො ඳ
අන්වයඃ සිය යුදට ගිය මැති සෙද මෙ ලෙස සැල කළ සඳ, සිතට දුක් වැද රද එවුන් තුටු කර සොඳ තෙපුල් දී අර්ථයඃ සිංහයා හා යුදට ගිය මැති වරුන් වහා මෙ සේ කියා සිටි විට, සිතෙහි සෝක භටගත් රජතුමා ඔවුන් සතුටු කරමින් යහපත් වචන කියා, 168. හැර පිටත ඔවුනැ’ ම මැතින් ගෙන්වා එවලෙ ම ලෙව් සතට කර පෙ ම මෙලෙස පැවසී වදන් මනර ම
අන්වයඃ ඔවුන් ඇම පිටත හැර, එවලෙ ම මෑතින් ගෙන්වා. ලෙව් සතට පෙම කර , මනරම් වදන් මෙ ලෙස පැවසී. අර්ථයඃ ඔවුන් සියලු දොන පිටත් කර යවා, එ වෙලෙහි ම මන්ත්රී න් කැඳවා ලෝක වාසීන් කෙරෙහි වූ ආදරයෙන්, මෙ සේ යහපත් වචන කීය. 169. මැති වරුනි මසු දහසකින් බැඳි පියල්ලක් ගෙණැ තබා ඇතුපි ට අ ති දරුණු මිග රදුගෙ ඉස සිඳැ යමෙක් ගෙණවුත් දුනොත් මෙ අප ට ව ති සුරුද ස මෙරන් දහසද ඔහුට දෙන බව කියා තුටුකො ට ඉ ති සියලු වගු රටෙහි අප සතු ලවව් අණ බෙර ඉතා විගසට
114 සිය බස් මල් දම
අන්වයඃ මැති වරුනි, මසු දහසකින් බැඳි පියල්ලක් ගෙනැ ඇතු පිට තබා අති දරුණු මිග රදුගෙ ඉස සිඳ යමකු මෙ අපට ගෙනැවිත් දුනොත්, වත් ඉසුරු ද සහ මෙ රන දහස ද ඔහුට තුටු කොට දෙන බව කියා ඉති අප සතු සියලු වගු රටෙහි ඉතා විගසට අණබෙර ලවව්. අර්ථයඃ මන්ත්රී වරුනි, මසුරන් දහසකින් යුත් පොට්ටනියක් ඇතකු පිට තබා, ඉතා දරුණු සිංහයාගේ හිස කපා ගෙන දුන් කෙනකු හට ඒ රන් දහසක්, තවත සම්පතුන් තුටු පඬුරු කර දෙන බව කියා, අපගේ මේ වගු රට පුරා වහා අණ බෙර ලවව්. විස්තරඃ යමෙක් ගෙනැවුත් දුනොත් යන තැන්හි යමෙක් යනු සදොස් හෙයින් එය යමකු කියා ශුඬ විය යුතු. ඉති. සංස්කෘත හා පාළි භාෂාවන්හි ‘මෙසේ’ යන අරුත් ඇති නිපාත පදයකි. යමකු කී වදන් අවසන මෙය යෙදේ.
170 මැති සඳහු මෙ ලෙසි න ලැවූ අණ බෙර අසමි න එ මිග රද පුත් ව න සිංහබා නම් කුමරු විගසි න
171 ගොසින් තම මවු වෙ ත අණබෙර ලැව් එ පුව ත දන්වා ලා නැව ත මෙ ලෙස පැවසී වදන් නොම රු ත
අන්වයඃ මැති සඳහු මෙ ලෙසින ලැවු අන බෙර අසමින එ මිග රද පුත් වන සිංහ බා නම් කුමරු විගසිත තම මවු වෙත ගොසින් අණ බෙර ලැව එ පුවත දන්වාලා නැවත නොම රුත වදන් මෙ ලෙස පැවසී. අර්ථයඃ මන්ත්රී වරුන් මෙ සේ ලැවූ අණ බෙර අසා, ඒ සිංහයා ගේ පුත්රරයා වූ සිංහබාහු කුමාරයා, වහා තම මව සමීපයට ගොස්, අණ බෙර මගින් දැන්වූ පුවත කියා යළිත් අසතුටු දායක වචන මෙ සේ කියන්නට විය. විස්තරඃ නොම රුත. රුචි නොම වී යන්නෙන් සකස් කර ගත් රුත නොම යනු, පද පෙරැළි කර යෙදුණි සැටි යි.
සිය බස් මල් දම 115
172. අ ම් ම මම ගොසින් සී රදහු මරමි න
දැ ම් ම හිස ගෙනැත් වගු රදු දක්වමි න නි ම් ම නැති නොයෙක් යස ඉසුරු ලබමි න ර ම් ම වන සුවෙන් දවසරිමි කී තැ න
අන්වයඃ සු ගම යි. අර්ථයඃ මෑණියෙනි, මම ගොස් සිංහ රාජයා මරා, වහා ම හිස ගෙන ඇවිත් වගු රජුට දක්වා නිමක් නැති බොහෝ සම්- පත් හා කීර්තිය ද ලබා ඉතා සැපතින් කල් යවමියි කී විට. විස්තරඃ දැම්මඃ දැම්ම යනු හළි සමය සඳහා සකස්කර ගත් දුබල යෙදුමකි. රම්මඃ රම්යද යන්නෙන් බිඳිණි.
173. එ බසට මිගිඳු වෙ ත් සිත ඇති ඉතා බලව ත් බිසෝ සඳ යහප ත් මෙ ලෙස පැවසී පුතුට පෙම යු ත්
අන්වයඃ මිගඳු වෙත් ඉතා බලවත් සිත ඇති යහපත් බිසෝ සඳ එ බසට පෙම යුත් පුතුට මෙ ලෙස පැවසී.
අර්ථඳයඃ සිංහයා කෙරෙහි බොහෝ සෙනෙහස ඇති ඒ යහපත් බිසව එම වචනයට පිළිතුරු වසයෙන් කම පෙම්- වත් පුතුට මෙසේ කීවා ය. 174. පු ත එ ලෙසින් ඇතත් තොප බල විකුම් ස ර නැ ත දෙ ලොවින් වැඩක් මැරුවොත් පිය කෙස ර න ත ඉසුරෙන් පිරුණත් එම වෙයි නොස ර සි ත තබමින් මෙ වග නොය යුදට එ කෙස ර
අන්වයඃ පුත, එලෙසින් තොප බල විකුම් සර ඇතත්, පිය කෙසර මැරුවොත් දෙ ලොවින් වැඩක් නැත. නත ඉසුරෙන් පිරුණත් එම නො සර වෙයි මෙ වග සිත තබමින් එ කෙසර යුදට නො ය. අර්ථනයඃ පුත්රදය, එ සේ තොපගේ බලය හා වික්රඇම සාරය ඇතත්, තම පියා වූ කේසර සිංහයා මැරුවොතින් දෙ ලොව ම පිරිහේ. අනන්ත සැපතින් පිරී ගියත් එහි සාරයක් නැත. මේ බව සිතෙහි තබා ගෙන සිංහයා හා යුද්ධයට නො යනු.
116 සිය බස් මල් දම
විස්තර :- නත. අනන්ත ශබ්දයෙන් බිඳිණි.
175. මෙ ලෙ ස එ බිසව දෙවරක් ම නවතමින් සිටි සඳ කුම රා එ ලෙ ස තෙ වැනි ව ලැවූ අණ බෙර අසා ගොස් මවටත් සො රා සි තො ස විළඑම අණ බෙරය නවතමින් සපැමිණ රජුකරා සි යැ ස ලෙ රැකි තමා පිය වන සිරදු මරණෙමි කී ව රා
අන්වය : මෙ ලෙස එ බිසව දෙ වරක් ම නවතමින් සිටි සඳ, එ කුමරා එ ලෙස තෙ වැනි ව ලැබු අණ බෙර අසා මවටත් සොරා ගොස් , සතොස වී එම අණ බෙරය නවතමින් රජු කරා සපැමිණ, සිය ඇස ලෙස රැකි තමා පිය වන සී රදු මරණෙමි කී වරා.
අර්ථමය : මෙ සේ බිසව විසින් දෙ වතාවක්ම නවත්වන ලද කුමාරයා තුන් වෙනි වර හඬ නැඟි අණ බෙරය අසා. මවට ද හොරා ගොස් සතුටින් අණ බෙරය නවතුවා, රජු වෙත පැමිණ තමා ඇසක් මෙන් රකින ලද තම පියා වූ සිංහයා මැරිය හැකි බව කී විට.
176. නි රි ඳු එ බසට පිණා සතුටින් සුහද කුමරුනි විකුම් සරුව න මි ගි ඳු හිස ගෙණැ දුනොත් මෙ අපට සෙනෙවිරත් තනතුරුද සමගි න නොමඳු නෙක සව් ඉසුරුදී තොප තුටු කරන්නෙමි කී සඳ එ නර ණ ප සි ඳු එ කුමරු නිරිඳු පදසර නැමැදැ අවසර රැගෙණැ විගසි න
අන්වය : නිරිඳු එ බසට සතුටින් පිනා, විකුම් සරු වනද සහුද කුමරුනි, මෙ අපට මිහිඳු හිස ගෙන දුනාත් සෙනෙවිරත් තනතුරු ද සමගිනි නො මඳු නෙක සව් ඉසුරු දී තොප තුටු කරන්නෙමි. එ නරණ කී සඳ, පසිඳු එ කුමරු නිරිඳු පද සර නැමද විගසින අවසර රැගෙන.
අර්ථය: ඒ බසට සතුටු වූ රජතුමා, වික්ර මයෙන් සාරවූ යහපත් කුමාරයාණෙනි, සිංහයාගේ හිස අපට ගෙන දුනහොත්, සෙනෙවිරත් තනතුර ද බොහෝ වූ නොයෙක් සැප සම්පත් ද දී තොප සතුටු කරන්නෙමි”යි කී විට. ඒ ප්ර සිදධ කුමාරයා රජුගේ පා පියුම වැඳ මහා අවසර ගෙන.
සිය බස් මල් දම 117
විස්තර : නරණ : නරයින්හට නායක වූ යන අරුතෙහි රජුට යෙදේ. මේ පදය මෙම කවෙහි අනවශ්ය ය.
පදසර : පා නමැති නෙළුම් මල්.
177. පි වි ස වනයට එ සී රද දැකැ වරෙන් සිහදර යුදට විගසින කි බ ස අසමින් ඉතා සතුටු වැ මිගිඳු එ කුමරු ළඟට එන තැ න වි ග ස විස පෙව් කරල් හීයක් රැගෙණැ කෙසරුට විදපි සරොස න එලෙ ස විදි ඒ සැරය ආපසු බලා වැටුනෙය මිහිඳු කුළුණෙ න
අන්වය : වනයට පිවිස එ සී රද දැකැ, සිහ යුදට නො ලසින වරෙක් කී බස අසමින් ඉතා සතුටු වැ මිහිඳු එට කුමරු ළඟ එන තැන විගස විස පෙව් කරල් හීයක් රැගෙනැ රොසින කෙරුට විදපි. එ ලෙස විදි ඒ සැරය මිගිඳු කුලුණෙන ආපසු බලා වැටුණෙ ය.
අර්ථ ය : වනයට ඇතුළු වී ඒ සිංහ රාජයා දැක, “සිංහ රාජය. වහා ම හ යුදට එනු” යි කී වදන් අසා සතුටට පත් සිංහයා කුමාරයා සමීපයට එන විට විස පොවන ලද නපුරු ඊතලයක් කෝපයෙන් කුමාරයා විසින් විඳින බිඳී. ඒ හී තලය සිංහයා තුළ වු කරුණාව නිසා ආපසු වැටිණි.
විස්තර : කරල් ගීයක්. කරල් යනු, සකු ඛරාල ශබ්දයෙන් මිදී අයේ ය. ඛරාල යනු තද, දරුණු, නපුරු යන අරුත්හි වැටේ. දරුණු හීතලයක් යනු අදහසයි.
මිගිඳු කුළුණෙන : සිංහයා තම පුතා කෙරෙහි දැක්වූ කරුණාව ඒ නිසා හී තලයෙන් ඌට තුවාල නො වීය. ‘වරෙන් සිහරද යුදට’ ආදිය ග්රානම්යො යෙදුම්ය.
178. දෙ වෙ නි වර විදි හී ගසත් එම ලෙසට බිම හුනු බව ද දැක ලා තෙ වෙ නි එකුමරු විඳිනබව දුටු සී රදහු මෙත් අඩු වෙලා ත ද නි එසැරය සිරුරවදිමින් සිදුරු කරබිමහුනුක ලා බෙ ලෙ නි වැඩි සී රදහු එ තැනම වැටුනි කය බල සුන් වෙ ලා අන්වය : සු ගම යි.
118 සිය බස මල් දම
අර්ථය : දෙ වෙනි වර විදින ලද ඊ තලය ද එසේ ම බිමට වැටුණු බව දුටු කුමරු තුන් වෙනි වරට ද විද්දේ ය. එ විට සිංහයාගේ සිතෙහිවූ මෛත්රී ය අඩු වූයෙන්, ඒ ඊය උගේ සිරුර සිදුරු කර බිම වැටිණි. මහත් බලවත්සිංහ රාජයා. සිරුරෙහි ශක්ති නැති වී එ තැන ම වැටුණේ ය.
179 සැ ර ප හ රි න් වෙහෙසට පත් එ සී ර ද දැ කැ වි ග සි න් නිහබා කුමරු මන න ද පෙර බැති යෙ න් රැකි බව සිහි කර එ ස ද මෙ ම වි ල සි න් දුක් මුසු බස් කියයි ත ද
අන්වය : සැර පහරින් වෙහෙසට පත් එ යි රද මනනඳ සිහබා කුමරු විගසින් දැකැ. පෙර බැතියෙන් රැකි බව සිහි කර එ සඳ, මෙම විලසින් තද දුක් මුසු බස් කියයි.
අර්ථය : ඊ තල පහරින් තුවාල වූ ඒ සිංහ රාජයා ප්රි්ය වඩන සිංහ බාහු කුමරුන් වහා දැක, පෙර තමන් ඔහු ආදරයෙන් ආරක්ෂා කළ අයුරු සිහි කර, මෙ සේ ඉතා දුක් මුසු වදන් කියන්නට විය.
180. ම ම, තොප දකින්ට ආවෙමි අ නේ කි ම, මට දුන්නේ මෙලෙසි නේ මෙ ම, වන තොප දකිතොත් දරුව නේ මෙ ම, තොප දුන් දුක් මට නො දැ නේ
අන්වය : මෙ තොප දකිනට මෙහි අවෙමි.’ අනේ, මට මෙලෙසින් දුක් දුන්නේ කිම? දරුවනේ, පෙම වන තොපදකිතොත්, මෙම තොප දුන් දුක මට නොම දැනේ.
අර්ථය : මම තොප දැකීමට පැමිණියෙමි. අහෝ! මට මෙ සේ දුක් ඇති කරල ලද්දේ කුමක් හෙයින් ද? දරුවෙනි. ආදරය ඇති කරවන තොප දැක්මට ලැබෙතොත්, මට මේ තොපගෙන් වූ දුක් නො දැන්.
181 සු ත, න’ඹුවන් දක්නා ආ නි සා සි ත, ලැදි නො ව මට මිදි බව අ සා ව ත, සඳ වන් තොප මවු මියුලැ සා සි ත, දුක් නො වැ ඉඳිනෙද කොයි ලෙ සා
අන්වය : සුතන්. අඹුවන් දක්නට ආ නිසා, සිත ලැදි නොව මට විදි, බව අසා, වත සඳ වන් තොප මවු මියුලැසා, සිත දුක් නො ව කොයි ලෙසා ඉදිනෙ ද? :
සිය බස් මල් දම 119
අර්ථතය : දරුවන් හා බිරිඳ දැකීමට පැමිනි හෙයින්, සිතෙහි කිසි ආදරයක් නැති ව, මට මෙ සේ තොප විදින ලද බව අසා, සඳ වැනි මුහුණක් ඇති, මුව දෙනුන්හට බඳු ඇස් ඇති තොපගේ මව සිතෙහි කනගාටු නැති ව සිටී ද?
විස්තර : මියුලැසා: මියුල් + ඇසා, මුව දෙනුන්ගේ වැනි චකිත වන ඇස් ඇත්තී. මෙය රූමත් කාන්තාවන් සදහා යෙදෙන පදයකි. මුව දෙනුන්ගේ වැනි ඇස් ඇති වීම කාන්තාවන්ගේ රූම්ත බවෙහි අංගයක් සේ සැලැකේ. සංස්කෘතකාව්යතයන්හි ‘මෘගාක්ෂි’ යනුවෙන්ද දැක්වෙන්නේ මේ පදය ම ය.
182 දු ක්, විඳැ පෙර තොප ඇති කළ හ දා එ ක්, ගුණ ලවයක් නැතිවම ස දා දු ක්, මට දුන් ගොරතර ලෙස අ දා ම ක්, කර ඉවසමි දැන් පතු ස ඳා
අන්වය : දුක් විඳැ පෙර තොප ඇති කළ සඳා, එක් ගුණ ලවයක් භදා නැති ව ම අදා මට ගොරතර ලෙස දුන් දුක්. පුත සඳා, දැන් මක්කර ඉවසමි.
අර්ථොය : දුක් විඳිමින් පෙර තොප රැකි කල්හිත්, කිසි ම ගුණයක් හදවතෙහි නැති ව අද මට බොහෝ දරුණු ලෙස දුන් දුක්, දැන් පුතණුවෙනි, මම කෙ සේ ඉවසම් ද?
විස්තර : ඇති කළ සදා - ඇති කළ විට ද, ඇති කළ නමුත් යනු අදහස යි.
ගුණලවයක් - ගුණ බිඳක්.
අදා - අද යනු එළිසමය සඳහා යොදා ගත් සැටි ය.
183 එම, ගිම රද මෙලෙසින් කී ක ලා කුම, රිඳු සිහබා නම් දුක් වෙ ලා තම, අත තුබු දුනු හී බැහැර ලා ලම, දිය අත ගසමින් අසු හෙ ලා
අන්වය : මෙ ලෙසින් එම මිග රද කි කලා සිහ බා නම් කුමරිඳු දුක් වෙලා තම අත තුබූ දුනු හී පැහැරලා ළමදිය අත ගසමින් අසු හෙලා.
120 සිය බස් මල් දම
විස්තර : අසූ : සකු අශ්රැහ. පාළි අස්සු ශබ්දයෙන් බිඳී ආයේ ය. කඳුලු.
184 පෙ ර, තම මවු සමගින් තුන් දෙ නා තො ර, නොව රැකි බව සිහියට ගෙ නා ම ර, ණට පත් සිදුරට වැඩියෙ නා ත ර, ලසොවින් හැඬි ම ම කියමි නා
අන්වය : පෙර තම මවු සමගින් තුන් දෙනා තෙර නො වැ රැකි බව සිහියට ගෙනා, මරණට පත් සි රදුට වැඩියෙනා, තර ළ සොවින් මෙම කියමිනා හැඬි.
අර්ථය : පෙර දී තමන්ගේ මව ඇතුළු ති දෙනා හොඳින් ආරක්ෂා කළ අයුරු සිතමින්, මිය ගිය සිංහ රාජයාට ද වඩා මහත් සිත් ශෝතයෙන් මෙ සේ කියමින් හඬන්නට විය.
විස්තර : ළ සොවින්. සිතෙහි සෝකයෙන්
මෙම කියමිනා : මෙ යනු මෙ සේ යෙදීම අනුවිත ය.
185 ගජ කුඹු පළ පලා, බුදිමින් ඉස මො ලා නොම හිඳ වල තුලා, සුතන’ ඹුවන් ලො ලා ඇවිදින් හුදකලා, මරණට පත් වෙ ලා තිබෙන මෙ නුඹ බලා, විය මට දුක් ද ලා
අන්වය : ගජ කුඹු පල පලා ඉස මොලා බුදිමින්. වල තුළා නොම හිඳ, සුත අඹුවන් ලොලා ඇවිදින්, උදකලා මරණට වලො තිබෙන මෙ නුඹ බලා මට දළා දුක් විය.
අර්ථය : ඇතුන්ගේ හිස් මුදුන් බලා මොල කමින්, වනයෙහි නො හිඳ, අඹු දරුවන් ලොබින් ඇවිද, තනි ව මරණයට පත් වී සිටින නුඹ දැක මට පහත් කනගාටු ඇති වේ.
විස්තර : දළා. දළ යනු දැඩි හෙවත් තද යන අරුත් දෙයි. සකු දෘඪ ශබ්දයෙන් බිදිණි.
තිබෙන මෙ නුඹ, මෙය සිටින මෙ නුඹ කියා වුවහොත් වඩා යොග්ය වේ.
186 වන මැද එක ලෙසේ, ඇවිදැ නොමඳ ලෙ සේ ගෙණනෙක පලරසේ, ලා ගිරි ලෙණ කු සේ දී අප රුති ලෙසේ, ඇති කළෙ දෙ සක සේ ඉන් පල දුන් මෙසේ, නුඹට මෙ දුක් රැ සේ
සිය බස් මල් දම 121
අන්වය : වන මැද එක ලෙසේ ඇවිදැ, නො මඳ ලෙසේ නෙක පල රසේ ගෙන, ගිරි ලෙන කුසේ ලා,අප රුති ලෙසේ දී, ඇසක සේ ඇති කළෙ. ඉන් නුඹට මෙ දුක් රැසේ පල දුනි.
අර්ථය : වනය තුළ හැම තැන ඇවිදිමින්, බොහෝ සේ නොයෙකුත් මිහිරි පලතුරු ගෙන, ගල් ලෙන තුළ දමා, අපට කැමැති පරිදි දෙමින්, ඇස් දෙක මෙන් නුඹ අප රැක්සකෙහි ය. එ හෙයින් මේ දුක් සියල්ල පල දුනි.
විස්තර : දෙසක සේ : දෙ + ඇසක + සේ; ඇස් දෙකක් මෙන්
187 යක් දරු නිතිලෙසේ, වාවිති දුක් රැ සේ යක් මවු පිය කුසේ, නො වාවිති ය එ සේ පෙර සිට එන බසේ, බොරු නැති බව මෙ සේ දැන් අත් පිට ලසේ, දුටුවෙමි තතු ලෙ සේ
අන්වය: යක් දරු නිති ලෙස් දුක රැසේ වාවිති. යක් මවු පිය එසේ කුසේ නො වාවිති ය. පෙර සිට එන බසේ බොරු නැති බව මෙසේ. දැන් ලසේ අත් පිට ලෙසේ දුටුවෙමි.
අර්ථය : යක්ෂ දරුවෝ නිතර ම දුක් විඳිමට සමත් වෙති. එහෙත් යක් මව් පියෝ තම කුස ගින්න ඉවසීමට නො සමත් වෙති. පෙර සිට එන මේ කියමන බොරු නැති බව මෙ සේ දැන් සෙමින් වුව ද ඇස් ඉදිරි පිට ම තත් වූ පරිදි අවබෝධ කර ගතිමි.
විස්තර : යක්ෂ දරුවන් බඩගිනි ඉවසීමට සමත් වෙතත්, ඔවුන් ගේ දෙමා පියනට එය බැරිය යන පැරණි කියමන සැබෑබව කුමරුට දැන් පෙනේ. තමාට මේ දුක් ඉවසිය හැකි වුවද ත ම පිය සිංහයාට බැරි බව් ඔහුට පෙනෙන හෙයිනි.
188 මට පිට පිය වනා, මිග රද මැරුවෙ නා මෙ ලොව සියලුදනා, ගරහයි නො මදි නා පර ලොවැ රුදුවනා, සිව් අවයෙහි දි නා දුක් විඳ ාන පමණා, මිදෙම්ද කොයි දි නා
අන්වය : මට පිය වනා පිය මීග රද මැරුවෙනා, මෙ ලොව සියලු දනා නො මඳිනා ගරහයි. පර ලො වැ රුදු වනා සිව් අවයෙහි දිනා නො පමණා දුක් විඳැ කොයි දිනා මිදෙමි ද?
122 සිය බස මල් දම
අර්ථය : මගේ පියා වූ අදරැති සිංහයා මැරුවෙන්, මේ ලෝකයේ හැම දෙනෙක් ම මට බොහෝ සේ ගරහති. පරලොවදී ඉතා මහත් (රෞද්රක) හතර අපායෙහි ඉපදී කෙළවරක් නැති දුක් විඳ කවදා එයින් මට ගැවිය හැකි ද?
විස්තර : රුදු: මෙහි අර්ථය ‘විසාජ’ වූව ද මෙහි යොදා ඇතිතේ රෞද්රී යන අදහස දීමට බව පෙනේ.
සිව් අවය: නරක, ප්රේ ත, අසුර හා තිරිසන් යන සතර අපාය.
189 අප සිය ඇස ලෙසා, රැක වැඩුනොව ල සා මිග රද ගුණ රැසා, සිතට නො ගෙණ මෙ සා ගිවිස නිරිඳු බසා, නපුරක් කළ නි සා දෙ ලොවින් දුක් රැසා, මට විය එක ලෙ සා
අන්වය : අප සිය ඇස ලෙසා නො ලසා රැක වැඩු මිග රදා මෙ සා ගුන රැසා සිතට නො ගෙන නිරිඳු බසා ගිවිස නපුරක් කළ නිසා මට දෙලෙවින් එක ලෙසා දුක රැසා වීය.
අර්ථය: තමන්ගේ ඇස මෙන් අ ප්රළමාද ව අප ආරක්ෂා කරමින් හදා වැඩු සිංහයාගේ මේ තරම් ගුණ සමූහය නො සලකා රජු හා පොරොන්දු වී නපුරු දෙයක් කළ හෙයින් මට දෙ ලොවෙහි ම එක පරිදි දුක් රාශියක් පැමිණේ.
විස්තර : මෙ සා : මෙ තරම්.
190 මෙ ලෙස කුමර වරා, හඬමින් සිටී ව රා මිග රද කන් පුරා, අසමින් එම ස රා විගස දෙයැස ඇරා, බලමින් එ කුම රා පෙර විඳි දුක් ඇරා, පවසයි මෙම යු රා
අන්වය : කුමර වරා මෙ ලෙස හඬමින් සිටි වරා, මිග රද එම සරා කන් පුරා අසමින්, විගස දෙ ඇස අරා, එ කුමරා බලමින් පෙර විඳි දුක් තරා මෙ අයුරා පවසයි.
අර්ථය : උතුම් කුමාරයා මෙ සේ හඬමින් සිටින අතර, සිංහයා එම හඬ හොද හැටි අසා වහා දෙ නෙත් ද හැර’ කුමාරයා දෙස බලමින් තමා පෙර වින්ද බොහෝ දුක් ගැන මෙ සේ කියයි.
සිය බස් මල් දම 123
විස්තර : සිංහයා ඇස් හැර බලා නැවතත් කථා කරන බවක් මේ කවෙන් කියැවෙතත්, ඔහු මිය ගිය ලව මීට පෙර 184 වෙනි කවෙ හි ‘මරණට පත් සි රදුට වැඩියෙනා’ යන තැන්හි සඳහන් විය.
එම සරා : එම ස්වරය - එම කට හඬ.
191 පෙර දි නේ තොප මව’හනේ වෙළඳුකුගේණේ සෙනෙහස යෙ නේ ස ම ගි නේ ඔහු මහ වෙනේ මැද යන තැනේ මව දකිමි නේ ක ර සෙ නේ එකතට මෙනේ නද කරමිනේ කොස් වන් තැ නේ බි ය ගෙනේ එ වෙළඳ ගණේ ඇය හරිමිනේ බැදිවන් දිනේ
අන්වය : පෙර දිනේ තොප මවඟනේ සෙනහසයෙනේ වෙළඳකු ගෙනේ සමගිනේ ඔහු මහ වෙනේ මැද යන තැනේ මා දකිමිනේ. එ කතට මෙනේ සෙනේ කර, නද කරමිනේ ගොස් වන් තැනේ, එ වෙළඳ ගණේ බිය ගෙනේ ඇය හරිමින් බිදි වන් දිනේ.
අර්ථිය : පෙර දවසක තොපගේ මව ප්රේමයෙන් යුතු ව වෙළෙන්දකු සමඟ මහ වනය මැදින් යන විට ඔවුන් දැක, ඇය කෙරෙහි සිතෙහි ඇල්මෙන් මම නාද කරමින් ඔවුන් අතර පැන්නෙමි. බියට පත් වෙළෙඳ සමූහයා ඇය අත් හැර කැලයට පැන්න විට,
විස්තර : වෙළඳකු ගෙණේ යනු වෙළෙන්දකුගේ කණ්ඩායමක් කියා ද ගත හැකි ය.
ද වෙනි පදයේ, ඔහු යනු මෙහි අනවශ්ය පදයකි. මෙනේ : සිතෙහි,
192 අ ද රි නා එම වරඟනා පිට තබමිනා ගොස් විගසි නා ගි රිලෙ ණා සිටුවා ගණා පල රසයෙනා තුටු කරමි නා උ ම ඟ ණා සිහි’සුරු මෙනා රන් රස මෙනා තද බැතියෙනා ස ත ති නා රති රසපතිනා මන පරණමිනා වසනා දි නා
අන්වය : සු ගම යි.
124 සිය බස් මල් දම
අර්ථයය : ආදරයෙන් එම උතුම් කාන්තාව පිටෙහි තබා ගෙන ගොස් වහා ගල් ලෙනෙහි රඳවා මිහිරි පලතුරු වලින් සතුටු කරවමින් ඊශ්වරයා හා උමයංගනාව මෙන් ද, රත්රන් හා රසදිය මෙන් ද භක්තියෙන් යුතු ව, නිබඳ රති සැපතින් සිත් පිනවමින් සිටින අතර.
විස්තර : උමඟනා සහිසුරු මෙනා: උමඟනා සහ ඉසුරු මෙනා ඊශ්වර හා පාර්වති ය මෙන්
රන් රස මෙනා : රත් රන රස දිය හා එකට ගැලපෙන හෙයින් පෙම් වතුන් එක් ව වසන විට යෙදෙන උපමාවකි. මේ .
කාව්ය ශේඛරයෙහි ද,
“සි ලි ලේ බිඳු නො ලඟ වන පොකුරු පතමෙ න නොඇලේ ඇ සිතු හිමි දෙස මිස තැනෙක වෙන වි පු ලේ බැඳි සෙනෙහස ඉන් ඔවුනොවු න එ ක ලේ විසූ සමගින් ව රන් රස ලෙසි න”
යනුවෙන් මේ උපමාව දැක්වේ.
193 අ ප ස ඳා දරු පිළිසිඳා කුස සිටි සදා දොල දුක් වැ දා ව න මැ දා විඳ රුති ලොදා පල රස යොදා දී දොල මු දා දි වි ලෙ දා රකිනා ලදා ම විසින් එදා සිට ගැබ සො ඳා පි රි ස දා මස් විළි රුදා විය තද ලෙදා එ කතට සෙ දා
අන්වය : අප සදා කුස දරු පිපිසිඳා සිටී සඳා දොළ දුක් වැදා, වන මැදා ඇවිද රුති ලෙදා පල රස යොදා දී දොළ මුදා, ම විසින් එ දා සිට දිවි ලෙදා රකිනා ලදා සොඳ ගැබ, මස් සඳා එ කතට සෙදා විලි රුදා තද ලෙදා විය.
අර්ථගය : අප නිසා කුසයෙහි දරුවන් පිළිසිඳ දොළ දුකින් ඈ සිටි විට වනය තුළ ඇවිද, කැමති පරිද්දෙන් පලතුරු යුෂ ගෙන දී මම ඇගේ දොළ සන්සිඳවිමි. එ තැන් සිට ම විසින් පණ මෙන් රකින ලද, සොඳ දරු ගැබට නියම මාස ගණන පිරී ඇයට මහත් සේ ප්රසසව වේදනා ඇති විය.
විස්තර : මස් පිස සඳා, දස එකඩ මසක් පිරීමෙන් පසු.
සිය බස මල් දම 125
194 එ ම වි ටා මගෙ දොහොතට වැදු දෙදෙනාටා දරු පෙම් කො ටා පි ට ත ටා ගොදුරටා නො ම ගොස් සිටා නද නො ම කො ටා එ ක ත ටා වැදු දා සිටා රස හර සෙ ටා වි කු ම ටා දන බිය කොටා තැන තැන සිටා ගෙණැ දි තු ටා.
අන්වය : එම විටා මගේ දොහොතටා වැදු දරු දෙදෙනටා, පෙම් කොටා, මම ගොදුරටා පිටතබා නොම ගොස් සිටා නද නොම කොටා, වැදු දා සිටා එ කතට රිසි රිසි විටා සෙටා රස අහර විකුමටා දන බිය කොටා, තැන තැන සිටා තුටා ගෙන දී.
අර්ථ ය : එ වේලෙහි මගේ දෑතට වදන ලද දරු දෙ දෙන හට පෙම් කර අහර පිණිස වත් මම පිටතට නො ගොස් නාදයක්ද නො කර සිටියෙමි. දරු ලද දින සිට ඒ කාන්තාවට ඈ කැමැති හැම විටෙක ම වික්රසමයෙන් ජනයා බිය ගන්වා නොයෙක් තැන්හි සිට සතුටින් අගනා රස ආහර ගෙන දී.
විස්තර : විකුමටා, විකුමයෙන් යනු එළිසමය සඳහා යොදා ගත් සැටි යි.
195 ස ඳ මෙ නේ වත සිඹිමිනේ තද සතුටිනේ දරු වඩමි නේ සු බ ගු ණේ යුත් මොහොතිනේ බත් දෙව මිනේ සත් මස කිනේ එ ම දි නේ නම් තබමිනේ දෙ දෙනම ගෙණේ දරු කෙළිමි නේ මෙලෙසිනේ පුතු සමගිනේ දුව රකිමිනේ දවසරි මි නේ
අන්වය : සු ගම යි.
අර්ථඅය : සඳ වැනි මුහුණු සිඹිමින්. මහත් සතුටින් දරුවන් වඩමින්. සත් මසකට පසු ශුභ මොහොතක බත් කවා එ දින ම නම් ද තබා දරු දෙ දෙනා ගෙන සෙල්ලම් කරමින්, මෙ සේ පුතු හා දුව, රැක ගෙන කල් යවමින්.
විස්තර : එම දිනේ නම් තබමිනේ : නම් තැබීමට සත් මසක් ගත වන තෙක් බලා සිටීම සාමාන්ය සිරිත නො වේ.
196 ව ය සි නා දරු එ දෙදෙනා හට සොළොස් වස පිරෙනා තු රූ ම වි සි නා තද දුක් ගෙණා රැකියෙමි දිදී රස අමයු රූ අ ද දි නා තොපි මෙලෙසිනා ඇති කළනිසා මට මෙ නපු රූ අ ද දි නා විය නෙ සිරිනා තොප පවතිවා හිමි දිව යු රූ
126 සිය බස් මල් දම
අන්වය : එ දරු දෙ දෙනා හට වයසින සොළොස් වස පිරෙනාතුරු ම විසිනා තද දුක් ගෙනා අම අයුරු රස දිදී රැකියෙමි. අදරිනා තොප මෙ ලෙසිනා ඇති කළ නිසා මට අද දිනා මෙ නපුරු විය. නෙ සිරිනා තොප දිවයුරු හිම් පවතීවා.
අර්ථ ය : ඒ දරුවන් දෙදෙනාට දහසය වයස පිරෙන තෙක් ම බොහෝ වෙහෙස ගෙන දිව බොජුන් වැනි අහර ගෙන දෙමින් රැක්කෙමි. ආදරයෙන් මෙ සේ තොප ඇති දැඩි කළ හෙයින් මට මේ නපුර සිදු විය. නොයෙකුත් ශ්රීයයෙන් යුතු ව තොප හිරුපවතිනා තෙක් ජීවත් වේවා.
විස්තර : ම විසිනා රැකියෙමි, හා තොපි ඇති කළ නිසා යන තැන් වියරණ දොස් සහිත ය. මම රැකියෙමි හා තොප ඇති කළ නිසා ආදි වසයෙන් මේ හුද්ධ විය යුතු ය.
197 ව ත ක ලා පති සිරි සුලා දිලි පිරි කලා පති ලපතු ලා නොවි ක ලා මට එක් වෙලා සිටි මවු කලා සහ ගුණ ව ලා ම න ක ලා තොප සංකලාටද මෙම කලා මා සිහි ක ලා නොව මු ලා කිය තොප බලා මගෙ දුක් කැලා දැන් ගියෙ පලා
අන්වය : වත කලා පති සිරි උසුලා දිලි, පිරි කල පති ලප තුලා, නො විකලා මට එක් වෙලා සිටි ගුණ අවලා මවු කලා සහ මන කලා තොප නං කලාට ද , මෙම කලා මා සිහි කලා, දැන් පලා ගිය මගේ දුක් කැලැ තොප බලා නො ව මුලා කීය.
අර්ථමය : මුහුණු චන්ද්රගයාගේ සෝබාවෙන් යුතු වූ ද, පූර්ණ චන්ද්රනයා හා සස ලපය මෙන් වෙනස් නො ව, මා හා එක් ව සිටියා වූ ද, ගුණයෙන් පිරි තොපගේ මවට ද, ප්රි,ය වඩවන තොපගේ නැඟනියට ද, දැන් මා සිහි වූ විට, දැන් මරණයට පැමිණෙන මගේ දුක් රැස බලා ඇති සැටියෙන් කියව.
විස්තර : කලාපති : චන්ද්රෙයා කලා දහසයකින් යුතු ය.
මවු කලා : මෑණියන් වූ කාන්තාව කලා යනු කාන්තාව අරුත්හි වැටේ.
නං කලා : නැඟනිය වූ කාන්තාව.
198 ස තො ස වී කුමරු හට මරණ පත් ක ලා මෙ ලෙ ස පෙර විඳපු දුක් රැස කිය ක ලා එ ලෙ ස දරු කුමරු විදි සැරෙනි තද බ ලා වි ග ස සැඟ වුනෙ යි සි රදුගෙ පණ න ලා
සිය බස් මල් දම 127
අන්වය : මරණ පත් කලා කුමරු හට ස තොස වී, මෙ ලෙස පෙර විඳපු දුක් රැස කියන කලා, එ ලෙස දරු කුමරු විදි තද බලා සැරෙනි සී රදුගෙ පණ නලා විගස සැඟවුණෙයි.
අර්ථුය : මරණයට පත් විට ද. කුමාරයා කෙරෙහි සතුටින්, තමා පෙර විඳින ලද දුක් රැස මෙ සේ කියද්දී, පුත් කුමරුවා විසින් විදින ලද දරුණු හී පහරින් සිංහ රාජයාගේ ප්රායණ වායුව වහා සැඟවී ගියේ ය.
199 කු ම රු ස ඳා දැක එ සී රදා මළ බව එ සදා දුක වැද නොම දා නි රි ඳු ස ඳා බස් ගිවිස සෙදා පිය මිඳු විදා මැරුවෙමි සුහ දා කි ය මි නෙදා හඬමින් අමදා යලි කඩුව ඇදා මිගීදුගෙ පිය දා සි ර ස සි ඳා ගෙණැ මඟට වැදා එන කලට එදා ගම් වැඩි සමු දා
අන්වය : කුමරු සඳා එ සී රඳා මළ බව දැකැ එ සඳා නො මඳා දුක් වැද, සෙදා නිරිඳු සදා බස් ගිවිස, සුහදා පිය මගිඳු විදා මැරුවෙමි. කියමින් එ දා අ මඳා හඬමින්, යළි කඩුව ඇදා දා පිය මිගිඳුගෙ සිරස සිඳා ගෙනැ එ දා මඟට වැදා එන කලට ගම් වැසි සමුදා.
අර්ථලය : සිංහයා මළ බව දුටු කුමාරයා ඒ විට බොහෝ දුක් වී වහා, ‘රජුගේ වචනය අදහා යහපත් පිය සිංහයා විද මැරවෙමි’යි කියමින් බොහෝ සේ හඬා, නැවතත් කඩුව ගෙන සිංහයාගේ හිස කපා, එ දින මාවතට බැස එද්දී ගම් වැසි සෙනග
විස්තැර : ආ මඳ මඳ නො වූ හෙවත් බොහෝ සේ.
200 එ බ ව අ සා නෙක පඬුරු රැසා ගෙණැ මගට බැසා කුමරුට දි යැ සා ර ට ව න සා සිටි මිගිඳු නසා පට සෙත සලසා කළ පිහිට නි සා සි ය ලු දි සා වෙහි එක විලසා පළ විය නො ලසා ඔබ විකුම් රැ සා නෙතු ති බ සා පවසා මෙ ලෙසා හැම පඬුරු රැස සා දී එම විග සා
අන්වය : අ බව අසා, නෙක පඬුරු රැසා ගෙන මඟට බැසා, රට වනසා සිටි මිගිඳ නසා අපට සෙත සලසා කළ පිහිට නිසා, සියලු දිසාවෙහි ක විලසා නොලසා ඔබ විකුම් රැසා පළ විය (යි) දියැසා කුමරුට මෙ ලෙසා නේ තුති බසා පවසා. එම විගසා හැම පඬුරු රැසා දී.
128 සිය බස මල් දම
අර්ථය : එ ( කුමාරයා එන, ) බව අසා නොයෙකුත් තැගි ගෙන මඟට බැස, “රට විනාස කරමින් සිටි සිංහයා මරා අපට යහපත සලසා දුන් නිසා, සෑම පැතිවල එක පරිදි මහා ම ඔබගේ වික්ර මයන් ප්ර කට විය” යි ලොවට ඇසක් වන් කුමාරයාට මෙ සේ බොහෝ ස්තුත් වචන කියා, එ වේලෙහි ම සියලු තැගී ද දී.