සිරි රහල් පබඳ-කව් සේකරය ii

Wikibooks වෙතින්

දෙ වැනි සග[සංස්කරණය]

සව් ඉසුරට නිවෙස්
සුසැදි සුර පුර එක ලෙස්
දඹදිව් තල සකස්
නමින් නුවරෙක් වී යැ බරණැස්


පිරි මෙවුලෙන් බැබැළු
‍මහවුරු වැළ පුළුලුකුළු
ගෙ දි ගු විල් තඹරිළු
සුවඳ මඳ නල සුසුම් සුලකුළු


සැදි රන් විමන් වත්
ඉදු නිල් මිණි 6 කවුඵ නෙත්
සුරත් ද්රෙිර මුව යුත්
ගදැව් පියකුරු නදින් සිත් ගත්


උයන් නිල් වරලී
රුවන් වැලි තල දුහුලී
මිණි තර සිව් දිලි
ඵ පුර වරඟන විලස කියෙලි


පහ කොත නිල් රතන
පැහැ රැඳි දුහුල් දද වන
වැසි කලැ වලා මෙන
විමන් මොනරුන් පහන් කෙළෙ මන


අට රට ගිජිඳු පෙළ
පෙරැ නුදුටු තම වන ගළ
බලා පුර සිරි දුළ
සිනා සෙන වැනි බපා දළ දළ


එහි ස විසි කුල හස
දැකැ හස දිවෙන සේ හස
නෙසැහැ මෙන් නුබ කුස
වැසූ කුර රජ පෙළින් ගිම් රැස


තොලතුල් පතුල් පලු
හස මල් කැනින් සිත් කලු
පියොවුරු පල ඉසුලු
ලියෝ ලිය වැනි පුර සරන සුලු


සසක් මිණි පබළූ
ගණන වෙළඳත් කකුළූ
කපුරු වැලි බැබැළූ
අවුණු සිඳු එහි ගොසින් නැඹුළූ


මුළු තුන් ලොව තු‍රේ
පතළ යස අම වතුරේ
කෙළන සත නිතොරේ
ජනක නම් වී රජෙක් එ පුරේ


සුර තුර නම් ගසෙකි
සිතු රුවන නම් පහණෙකි
සුරබිය යනු දෙනකි
මොහුට තිළිනෙන් කවර උවමෙකි


සසිර සිඟු නැගෙතත්
ගිරි හිසැ පියුම් පිපෙතත්
මෙර මදුරු විදිතත්
මෙ නරනිඳු කි බසෙකැ බොරු නැත්


මොහු රණ දෙරණතා
ගජ භය බළන් සිඳුතා
රත වැකි කග ලතා
වැන්නැ විරු සිරි සරණැ අලතා


කිත් නළඟන මෙ රද
රඟත කිවි ගොස බෙර නද
කරකැවුණු සඳැ සෙද
පතළ තරු වැළ6 විසුළ හර බඳ


මොහු නෙත නිලු පුලේ
වූවනත සුපුන් සස ලේ
හළු කළ8 රුපු කැලේ
කෙ ලෙසැ ඇති විද ‍තෙදග විපුලේ


දුන් පිය බසින් සිරි
එ දත් අසරින් පෙර දැරි
අදර ගුණයට සරි
කෙළේ නරනිඳු පැමිණි රජ සිරි


පිරිසුදු කුල දිමුත්
සිරි බර දිය පතළ කිත්
ඔහු අගහර මහත්
බමුණු උතුමෙක් වෙසේගුණ වත්


එ දද වර සුනි මල
කරන නිසි ලෙසැ ඇම කල
හුනන් ගිනි දුම් කැල
දිඹිලි ගත් වැදැ ගොසින් නුබ තල


ඉතිහස කිවි කලා
ලකුණු දම් වෙද සකලා
උගත් නැණ සක ලා
ඔහුට නැති ගුණෙන් එකලා


කම් සය දත් සොඳුරු
එ බමුණු වර සඳුන් තුරු
වැලැඳි රන් ලිය යුරු
බැමිණි අහනක් වූ යැ පියකරු


ඇගෙ නිල් මිණි නුදුළ
සලඹින් සරණ සුලකළ
බමර වැළ වට කළ
සුපිපි තඹරන් විලස දුරෑ හළ


නුපුබුදු තැඹිලි මල්
ඇගෙ දඟ යුගට මන කල්
පැරැදැ සැඟැවුණු තුල්
කොළපු ඇතුළට පිවිසි ඇම කල්


පැහැ සර සිලුටු මට
සරි නො වන ඇගෙ වටෙරට
ගජනත් ඉදිරි කොට
සරනු විළි නැති බැවින් ඇම විට


සුලකළ මිණි මෙවුල්
රත සක ලෙසින් සුවිපුල්
පුළුලුකුළ මන කල්
යොවුන් මිණි ගඟැ වැලි තලා තුල්


කරන දන මන දඟ
ගත හැකි මිටින් ඉහ යුග
සපිරි පියොවුරු යුග
නිබඳ උසුලා වැහැරැ ගිය රඟ
රැඳුණු පැහැ සිසිලේ
නැබ තෝ තැන්න නිමලේ
වසා රොද සුනිලේ
තමලු ලිය සිරි රැපැයි ළකලේ


ඇගෙ තුනු සිරි මැඳුර
සුසැදු රන් කළස යුර
මහරු පියොවුරු බර
බැලුවන් ගේ සිතට එ මැ බර


මලවි දෙව් මුදුනත
සපු මල්දමෙව් පැහැ පත
ඇ ගෙ යුවළ මොළො කත
නිතොරැ දිසි විදු දමෙකැ3 සිරි ගත


සොඳුරු තුන් හිරි රැඳි
ඇගෙ කරට දන මන බැඳි
නිසැක වැ සක පැරැදි
රජුට මුර ගා නිබඳ දුක් විඳි


ඇගෙ එක වත පවර
සිරි ලබන රසි5 නැම වර
එ දෙදෙන සඳ තඹර
සිතේ බැන්ද යි අනුන් වෙතැ වෙර
සළමුතු පෙළිනි සුලකළ
පබළු දළු සිරි පළකළ
ඇගෙ මඳ හිසි නුදුරළ
සුරත් ලවනත පුරා මන දොළ


දෙමට තල මල ලෙස
දිගු තුගු ගහන මියුලැස
නළල් තල රන හස
පෙවූ තුඩු වැනි වුව තඹර දෙස


දිග යන සඳැ සෙදින
රොසිනෙව් කනට නවතන
කෙළවර රත ලෙළෙන
නුවන් යුග ඇගෙ බැබැළි වෙසෙසින


දෙ බැම දෙව්දුනු වන්
පටු නළල අඩ සඳ වන්
ඇගෙ දිගු යුග සවන්
කෙළන රුසිරු රනෝවිලි වන්


ඇය පිල් බර එකළු
මුහුළට පැරැදැ සුලකුළු
ඉසිමින් පොද කඳුළු
සොවින් වලපින වන් කළබ කුළු


මිණි සලඹ මුතු වැළ
පට සළු ද රන් කම් කළ
සුවඳ මල් දම් ලෙළ
මෙ ඇම සැරැසිණි ගතින් එ කොමළ


මඳ මඳ සිනා යුත්
ඇගෙ නුවනගින් බැල්මත්
මොළොකැටි රස බසත්
මඳ ද බඳිනුව දුටු දනන් සිත්


ගෙලෙ මිණි මල් පවර
මුහුලස කුසුම් සිරිහර
නළලත තලා දර
සඳස් ලකුණින් එ ළඳ සැදි යුර


නත් වරද ලොප් වන
කිරිය අදියර සත් වන
අදෙස් හැදහිලි වන
එ සඳ ගුණයෙන් සද ලකුණු වන


එ බැමිණි දොසින් මුත්
රූපේ ලකර සිරි යුත්
මියුරු ගුණ රස වත්
වියත් මහ කව් සබඳ තන් පත්


දුටුව ද නොයෙක කල
දුට ද අමුතු වැ මනකල
රිසි එක ලෙසැ මැ කල
කෙ සේ පවසති රුසිරි කිවි කැල


සි ලි ලේ බිදු නොලග5 වන පොකුරු පත මෙන
නො ඇ ලේ ඇසිතු හිමි දෙසැ මිසැ ‍තැනෙකැ වෙන
වි පු ලේ බැඳි සනහස ඉන් ඔවුනොවුන‍
එ ක ලේ වූයු‍ූ සමඟ වැ6 රන් රස ලෙසින


මෙ ළඳුන් සමගින් එ බමුණු දනුමැති
ලබනුව පුත් රුවනක් රූ පින් ඇති
පුදමින් දෙවියන් යෙදිමින් කැරැ තුති
මතුරු දපා පණසා දන් දේ නිති