Jump to content

සිරි රහල් පබඳ-කව් සේකරය v

Wikibooks වෙතින්

අටවන සග

[සංස්කරණය]

1 එලමෙහි අතෙව වැල ලියනු ගීයෙන් මනනඳ රඟිනි කළ පියොබඳ10 තිළි රඟ හලැ11 නිරිඳු වැඩිහිඳ

2 සමහින් බිසෝවර අගරු දුම් රැඳි මන හර කුසුමතුළ පෙති බර යහන් සිරි ගේ බිජි නරවර


1. සඳුනෙන් 2. ගේ 3. වැලිනි; වැලෙනි 4. සැඳැවලා 5. උඳුල 6. සැඳෑ 7. කලු 8. නිලුපුල 9. සසලප 10. පියබඳ 11. හළ


3. කස්තුරු සුවඳ අල සිඹැ සිඹැ ළකල1 ගල මුල වැලැඳැගෙනැ මන කල පිමිණි නිඳි සැප රජ යහන් ත ල

4 රෑ අවසනැ එ වර පොබයන ලෙසින් නර වර වන්දිවරු පුවතර කියත් මේ ලෙසින් තෙපුල් මන හර

5 තෙද කැලුමෙන් නිතොර මිතුරු තඹරන් නඳ කැර2 රුපු අඳුරු දුරු කැර සරද3 මහ රජ සහස කර යුර

6 එනලුයම්4 සිරි සඳ උදා අවරග ඉර ‍සඳ බැහු සවනත සොඳ සදිසි වේ දැන් ලකළ යුග පෙඳ

7 පෙරටු වැ සහස කර දුරු කෙළෙ අරුණු ගනඳර ඔබ වඩන මඟතුර ඉවත කරනෙව් සතුන් වෙත දර

8 පියුම් මුවරඳ බර සුවඳැ නල එත5 මනහර වැලඳැ ද කලුන් කර දුකට පැමිණෙත් ලියෝ සමහර


1. ලකළ 2. පොබකර 3. සැරදෙළු 4. එතලුයම් 5. හෙත


9 රති කෙළියෙන් වහළ සුර1 දිගැසියන් තන පෙළ කොකුමඟරා හසළ පැමිණි නව රිවි කැලුම් පහ කුළ

10 වෙසෙසින් උන් ළැඟී අසමින් කියන තියු ගි රජ යහනින් නැගී කෙළේ සඳහන් මතුරු අනැඟී

11 බමුණෙක් වේද දත් කුස තණ සහල් දිය හොත් සක ගෙනැ දකුණුවත්2 එ සක අතැ පාරවා කෙළෙ සෙත්

12 තම සිරි පා තඹර මිහි කත මුදුන් පත් කැර පළොල් මල් ඉඳුවර සුවඳ සිලිලෙන් වත් වැඩුම් කැර

13 ඉටු දෙවියන් නැමැඳ3 පන් සිල් රැගෙනැ මන නඳ රන් පය ගි තෙලැ සොඳ බලා සිය මුව තඹර මහ රද

14 කැටපත් විමනැතුළු වැදැ රන් මිණි බරණ සළු වඩමින් මල් ‍ සෝළු පැළාඳැ එ දවස ලෙසට සුලකුළු


1. පුර 2. දැකුන්පත්; දැකුපත් 4. නැමද


15 සිහසුන් අරා හිඳ සිවුරඟ සෙ‍නඟ දැකැ සොඳ රජ සිරිතින් මෙ බඳ පැවැත, ඉක්බිති නිරිඳු මන නඳ

16 පවර සෙන් පඩි සඳ කැඳවා ළඟට, මන නද1 එදිනැ මැදි පෝ2 ලද අසන රිසි බව දැනවි බණ පද

17 රජු කී බස් අසා බෝසත් වෙමින් ‍සතොසා මැනැවැ යි කී නිසා එ වරැ නුවරෝ රැස් ව නො ලසා

18 නව මිණි ටැම් කොතුරු දැව පේකඩින් පියකුරු ලිය මල් කම් සොඳරු මඬුව සරසත්3 සුදම් සබ යුරු

19 අඩ සඳ සහ බුබුළු විසිතුරු පිරිලි4 සුලකුළු වියන් බැඳැ පට සළු කළෝ තැනැ තැනැ මලෝ ලඹු මුළු

20 රන් කම් කළ රුවට සරහා අනැඟි5 තිර වට නා වැට ද ලිය වැට සුවඳ තෙල් ලා පහන් අලු කොට


1. මහරද 2. පො‍හො 3. සරහත්; සැරසූ; සරසා 4. පිළි; පිලිලි 5. අනගි


21 නිල් මිණිනි බැඳි බිම සිවු දෑ ගඳ කළල් ඇම පිරිබඩ ගෙනැ බැරම වපුට ලද පස් මලින් මනරම

22 කසුන් පුන් කලසා මා රුක් මලින් ගවසා තබමනි එ මැ ලෙසා පැනෙව1 මහනෙල් කළස සකසා

23 බලමින් පුද වෙසෙස තොස පත් සුරඟනන් රැස නිසල වැ සිටින ලෙස යෙදු රන් රූ මැණික් ටැම් පස

24 දළ පුඬු සේ සතා බැඳැ රන් මලින් දිමුතා ඉඳිනුව මහ සතා සරබ පලගක්2 තැනූ දෙනෙතා

25 එහි මළු හාත් පස ගන කොටැ දිමුතු මුතු හිස ලා මිණි තොරණ රැස රිදී රන් දද සැදූ3 දෙස දෙස4

26 ඉති දම්සබ සදත් දිනිඳා අතග ඇතු මත් සිදු විලසින් වහත්5 වැලැඳි විලසින් පියා සර ගත්


1. පැනෙව් 2. පලහක් 3. නැඟු 4. දස දෙස 5. මහත්


27 පිළිබිඹු ලෙසිනැලෙන රිවි හිමි විලඹු වෙන් වන රළතින් වැලඳැගෙන සැලූ බිඟු කඳුළුපුල් නුවනින

28 රිවි පැය සිඳු සිලිල ගැලෙත සඳ හිමි නිස කල වෙතැ එත අඳුරු කැල එ මැදැ දිසි වන් කඩතුරා නිල

29 හිමි බණ මඟුලැදිව් ඉසි ලද පස් මලෙව් දිව් උළු රිළු සැදිණි දිව් එ පළිබිඹු වැනි පොළො තෙලෙ1 දිව්

30 පුන් සඳ වටා පත ගත2 උදයතින් නිස කත මඳ සුවඳ සිහිලොත පවන් හැමි පිනවමින් සත සිත

31 සක් සින්නම් දළහං සිරිවිළි3 ලකළ ඩැක්කී උඩැක්කි බෙර මිහිඟු මද්දළ වස් දඬු කුළල් වීනා කනක කාහළ කළෝ එ සඳැ තුරු රැව් දස දිග පතළ

32 රුසිරු සිරුර4 නනබරණින් සරාගෙන විමල් උතුරු සළු පට කරැ දරාගෙන කියන වැඳි ගණන් තියු කන් පුරාගෙන පසිඳු පඩිවරන් සිය පිරි වරාගෙන


1. පෙළ 2. ගෙන 3. සිරිවිල 4. සිරුරූ


33 නි ල් ව ර ලේ බැඳි මල් වොටුනු ඉසැ දැරූ ර ත්1 උ පු ලේ මල් කඩිනුදුළ2 පිවිතුරූ ස දැ3 ත කු ලේ පරසතු ලමග සඟයුර4 මු ව ක ම ලේ සුවඳට බමර පිරිවැරූ

34 දි ගු පු ළු ලේ නුවනත සුපිපි5 නිලුපුලේ නැ මි බැ ම ලේ නිල් පැහැ සුරිඳ දුනු පිලේ වැ නි සි සි ලේ රන් පට සැදි නළල් තෙලේ මි ණි කොඬ ලේ ලෙළ දෙන යුවළ කන් ව වැලේ

35 පැ හැ දු ළ ගහන තුඟු දිගු රන අකුසු යුත ප ළ ක ළ බෙදුණු වට රතදර පබළු පත සු ළ ක ළ දැළි හසින් හොබනා රුසිරු වත ව ට ක ළ බමර වැළ සියපත සසිරි පත

36 කසුන් දහන් හූ මුතු හර එකා වැළ අඟුපළදන පලඹත රන් වළලු ‍ ලෙළ දහවලු සහළ හැඳැ හිණ සැද පුවලුකළ සුලකළ එ පින්සර පෙනුණේ සබය තුළ

37 පුරඳර සමඟ බට දෙව් සෙන් සෙයින් සොඳා නරනිඳු සමඟ උන් මහ සෙන් මුහුදු මැදා තිකුළග රුවන් ගිරි සි‍රි6 පෙළපමින් එදා සැදූ සරබ පලගෙහි වැජ‍ඹි ගුණ බඳා

38 පිවිතුරු නිය තරඟ සිහි නියරන්7 හොබන8 සන්හුන්9 ගැඹුරු සරු හිද10 වෑ කුසැ රඳන11 හිමි සඳ මහ කුලුණු සිලිලින් අඩු නො වන රජ සබ කෙත නමා ඉඳු නිල් නෙත් යොතින


1. රත 2. නුදුල 3. සඳ 4. සහයුරු 5. සුපිරි 6. හිස 7. මියරින් 8. හොබින 9. සන්සින් 10. හදඳ 11. වැකුණු රදනින


39 පිරිසුදු උදුල දසනග කිරණ ලෙළ නුරූ එන සරසවිය පයැ මිණි සලඹ හඬ යුරූ ගැඹුරු මියුරු සසිනිඳු1 නඳිනි පියකරූ දෙසනුව පටන් ගති සදහම් ති ලෝ ගු රූ


නව වන සග

[සංස්කරණය]

1 දහමත් සෙවුම්2 කැර ස වග සතුරන් දුරු කැර ඉඳුරන් වසී කැර පවතු මහ රජ නො හැරැ ගුරුවර

2 කරව දෙවියන් පුද දෙවිය්න මෙන් ගුරුන් යද විමසා දෙයක් සොඳ කරන් මහ රජ දෙ ලොව නො3 වරද

3 සබා ගු‍ණයෙන් යුතු මිතුරන් ගේ නමා සිතු අදරින් සියන් සිතු විසී කැර මතු පවතු දැනැ තතු

4 පෙමින් ලිය සිත් ගෙන ‍දීමෙන් වහල් සිත ගෙන සෙසු සත රිසි අ ඳින පවතු මුළු ලෙව සදව යසසින

5 අනුන් කල්4 දෙයකට කිසි අනදරක් නො මැ කොට සිය සඳහන් ලෙසට පවතු කුලුණින් දුගී සත හට


1. සුසිනිඳු 2. ඇසුරු 3. නිවරද 4. කල


6 සියල්ලන් තුටු වන ලෙසැ පිය තෙපුල් කියමින ඉතයන් හට සිතන දිවි දු දෙන සේ පවතු නිතියෙන

7 දැකැ ගෙට පැමිණි සත දියුණු කරවා යහපත දීමන් දෙමින් ඇත වරද ඉවසව1 නො වව කුල්මත

8 පර වැඩ කරන සඳ නො කැමැති නො වව සතුනද තැවෙන ලෙසැ බස් තද නිසැක2 නො කියව උගනු බණ පද

9 එක් වැ නෑයන් තම දවසැරැ වෙමින් දළ පෙම මෙ වියත්3 ගුණෙන් ඇම විසි කරැ ලොව පවතු රජ තුම

10 බස් කීමෙහි හසළ බුහුටී ගුණෙන් නිකසළ සිහි ඇති කළ නො කළ දෙයෙහි යුතු මහ සෙනඟ ළං කළ

11 කලා සත සිප් දත් සතුරන් සිදුරු දැනැගත් මිතුරු කල් දෙස් දත් පැවැති අය බදු පමණ දැනැගත්


1. ඉවසන් 2. නිසක 3. මෙ විසූ



12 බය රොස1 ලොබ සසල නො වැ රළු මසුරු කෙළි ලොල සෙවුනා ගුණ නිමල රජුන් පැමිණෙත ලොව මඟුල් හල

13 අතු පතර කපමින මොර කන්නවුන් විලසින අන්නෑයෙන් කරන නසාරට තොට නූපයන් දන

14 රොන් ඇරැගෙනැ මලිනි මී බඳන බමරුන් මෙනි ලොව නො පෙළා යෙහෙනි එයින්2 දන රැස් කරන් නිරි‍ඳිනි3

15 ඇඟ ගත් ගිනි රැසේ නො ලසා නිවන්නකු4 සේ කට යුතු දැන එ සේ කරව5 කල් නො යවා මැ සකසේ

16 යළි කල් යැවියැ යුතු ඉක්මන් කරනු කට යුතු වන වැඩට ඉන් මතු අඟුළු හෙළු මැ යි කියත් තතු දතු

17 වරද කළවුන් හට ගිවිස්වා ඇති පමණට කරවන නිගාවට සඟහ සරි කොටැ කියත් පෙරැ සිට


1. බසරොස 2. අයින් 3. නිරිඳුනි 4. නිවන්නෙකු 5. කරවු


18 නුවණින් නො විමසා බස් පසු ගියොත් නො ලසා ලොව නො රැකෙන නිසා නො කළ මැනැවි යැ රජිනි එ ලෙසා

19 සිවුරඟ සෙනඟ ගෙන ජයටත් වඩා පැමිණෙන සිය නුවණින් ලැබෙන1 ජය මැ බෝ කල් මැනැවි නිරිඳින2

20 ලොවැ කවුරුන් වූවත් අවමන් නො කැරැ බස් දෙත් අසමින් යුත්3 පවත් රැගෙනැ නිස්සක් කෙ‍රේ පැනවත්

21 කෙ‍ළවර නපුරු ලෙස් නො මඳ වැ ලුබුණු4 සැප තොස් විපත් හා නො වෙනස් කියන5 දැනැගන් මෙ වියතුන් බස්

22 නුවණ නැත්තන් ලද රජ සැප නැරෑ6 පිළිබඳ එ මැ පැනවතුන් ලද නො සරි වේ මැ යි සැපත් සුර රද

23 සතුන් දිවි නැසුමුත් අන් සතු දෙය ගැනිමුත් පරදර රා බොනුත් මෙ පව් සිදු වේ කයින් සැක නැත්


1. ලබන 2. නිරිඳුන 3. යුතු, 4. ලැබුව 5. කියති 6. නිරා


24 කියනු දැනැ ‍දැනැ බොරු තෙපුලුත් නො වන වැඩකරු කේළාමුත් නපුරු බිණුම් බස වේ මෙ සිවු උවදුරු

25 දළ ලොබ අන් සැපත වනස සිතිවිලි නො වා ඉත යළි මිස දිටු පවත මෙ තුන නියත වැ1 පහළ වේ සිත

26 සතකු2 බව දැනුම ද මරනුව සිත් පයෝග ද දිවි යනු සියත බ ද පසහෙකැයි යෙත් පළමු සික ප ද

27 නියෝ පිළිගැන්ම ද එ කරනු යට කියන ලද පියෝ ඇරැ තම බද සතඟි සතරඟ සහ තියෝගද

28 වෙන අය8 අයැති වත් එ බව දැනුමුත් සොර සිත් පියෝ ඉන් ගැනුමුත් දෙ වන සිකපද පස‍ඟෙකැයි යෙත්

29 මෙහෙවර ගිවිස්මත් ඔහු එ මැ සේ කිරීමත් හැරැ යට පියෝ අත්4 එ සිවු සමඟින් සතඟි නිය වත්


1. මෙතුන් නියවත 2. සතෙකු 3. වෙනිනය 4. පත්


30 නො ලැගියැ1 යුතු තැනත් ඉවැසුම් සෙවුම් රිසි වත් මඟිනි2 මඟ සමවත් සතර අඟි පර දර3 සැක නැත්

31 රා බව බොන රිසිදු බොන තැන් ඇති වැ පිමුදු මඳ රඟ මෙර බොනුදු සතර අ‍ඟෙකින් යුතු වැ වේ සිදු

32 නො තතු සඟවන සිතු කීමුත් එ මැ සිතට නතු අ සුවවු4 දැනුම් යුතු මුසා සතරහ මෙසේ දත යුතු

33 වෙන් කරවන සිතින් නොහොත් පිය බව් කැමැතින් දැනුමුත් ඔහු තැනින් සමඟැ පෙහෙසුන් සිවගි නියතින්

34 සතෙකි බිණුමසනා5 සමඟින් කිපුණු සිතිනා බිණිම ද තදිනා මෙ සේ තුනඟින් පරුස වදනා

35 රාමායණ බරත ඈ තලු6 දෙඩුම් මුල් යුත කීමුත් බසු නිරත යුතු වැ දෙ අඟින් අනුව නියවත


1. නොලැහිණි 2. මඟිනි 3. පරසසග 4. ඇසුවන් 5. බිනුබසිනි 6. ඇතුළුව


36 බඩුවෙකි අන් අයැති තමහට නැමුම් කැරැ රුති මෙ සේ දෙ අගින් යුති දනුව දළ ලොබ අන් සැපතැ ඇති

37 අන් සතෙකි1 යම් කිසි කෝ කැරැ ඔහු නසන රිසි මෙ සේ දෙ අගින් දිසි වනස සිතිවිලි2 දනුව තතු ලෙසි

38 වරදවා සිතුමත් එ ලෙසින් මැ වැටැහීමත් මිස දිටු දෙ අඟ යුත් වේ යැ නැත හේ අකිරියෙන් ගත්

39 එකොළොස් මෙ පව් කළ තිරිසන් පේ නිරෑ වළ උපදිති3 ඒ නො කළ ස දෙව් ලොවැ සැප ලැබේ සුලකළ

40 දන් සිල් බාවනා පින් දෙනු අනුමෝදනා බණසනු දේසනා පිදිය යුත්තන් පුදනු සමනා

41 කරනු ද වතාවත් පින් කරු ගුණ වැනීමත් සරණ සිහි වීමත් දොළොස් පින් දැනැ කරව යාපත්


1. සතෙකි 2. සිතිවිලි 3. උපදිත් 4. වැණිම


42 බත් පැන් වත් යහන මල් සුවඳ සහ විලෙවුන පහනට තෙල් විමන මෙ ලෙස දන් වත් සමඟ වාහන

43 දන් දුන් දෙය ඉදිරි පල දෙයි නැණින් පෙරදැරි දුන් දන් ථ ලොබ ඇරි ජවන් සිත වේ මෙ කි රඟ සරි

44 කයින් තෙපලින්1 වන පවිනුත් යළි නපුරු වන පසක් වෙළදාමෙන සකා2 වළකිනු සිලැ යි දැන ගෙන3

45 සිත කිලුටු කරනා රාගාදි පව් මඬනා සිතැවිලි බාවනා දෙකෙකි4 විදසුන් සමත විසිනා

46 මෙයින් පර ලොව පත් උදෙසා එ බඳු පේ සත් දෙනු නිසි අහර වත් ‍දනෙහි අනුසස් වේ යැ5 පින් පෙත්

47 නො කැමති සමුරු දොස් දුරැ ලා වෙමින් සිත තොස් අනුන් දුන් පින් රැස් ගැනුම් අනුමෝදන යැ ‍සොඳ ලෙස්


1. තෙපුලින්, වවසින් 2. නිසැක 3. දැනගන 4. දෙකෙක 5. මේය


48 නො හැඟැ පුද ලබ යස හිත අදහසින් මුනි බස අන් හට මොක් පිණිස කියනු දේසනි මහත් අනුසය

49 මෙ බණ මැ1 ඇසූ කල ඇතැයි සිතමින් පින් පල එකඟ වැ මුනි තෙපල අසනු බණසන කුසලි මනකල

50 ගුණයෙන් පසු නො බට මුනි වර කුල දෙටුන් හට වැඳුම් ඈ නිසි කොට කරනු පුද වේ ‍මනා දෙ ලොවට

51 පින් කිරියෙහි නො හොත් ගිලින් ගුණවත් හට වත්3 කරනු මෙහෙ යහපත් වතාවන් නම් වෙති තෙපලන්

52 සත හට පින් කරන සතුටු වීරිය වඩවන ඔවුන් ගුණ පවසන කලට පැසැසුම් කුසලි දස වන

53 පහ වූ කෙලෙස් රණ ලොවැදුරු නැණ කුලුණු ගුණ සලකා කැරැ සරණ දැනුම්3 මෙ සරණ කුසලි රජ මෙණ


1. මේ බණ 2. යටපත් 3. ගැනුම්


54 දන් සිල් ඈ කුසල් අනුසස් විසින්1 හැම කල් සඳහන් වනු විමල් සිතින් සිහි නම් කුසලි මනකල්

55 කළ මේ පින් දොළොස අත්පත් සිත් රුවන් ලෙස පැතූයම් අදහස ලෙසට සග මොක් යනු සැබෑ බස

56 සෙට යැ යි පෝ දවස අද දවසැ මැ නොයෙක ලෙස කට යුතු තම නිවෙස කියා අලු යම නැඟී2 එ දවස

57 දැවටු කා නී පෙර සනහා ගිහි සුවඳ හැර මල් දුම් ගෙනැ පවර පුදා තෙ රුවන් නැමැඳැ බැති කැරැ

58 ඇත මුනි උවසු වෙත අඩ දැණි වැ දි මුඳුනත දිනැ රෑ3 කැරැ නියත ගනුව පේ වස් කැරැ සැදෑ සිත

59 සතුන් දිවි නො නසා අන් සතු නො ගෙනැ වෙසෙසා ගැමි දම්‍ බොරු බසා දුරු වැ රා බොනු සමඟ මෙ පසා


1. ලෙසින් 2. නැඟිට 3. දවරෑ


60 ඉර මුදුනෙන් නුමුම් යව කැලි ‍වතෙක වැළැඳුම්1 උමතු බව නො ලැඟුම්2 විකල් බෝජුනෙහි මෙ සිවු අඟ නම්

61 නටනු ගයනු වයනු3 මල් ගඳ ද පෙර දැරි වනු දැකුමැ සුමුදු දරනු4 සතට සික පද මෙ තුන් අඟ වනු

62 පා වඩු රියනිනුස් ඇඳතුළ නො කැප තිළි රැස් එ බව දැනසුන් උස් මහස්නේ සැතැපුමු දු සිවු ලෙස්

62 වරණ අට මේ පදන් කියමින් වව සමාදන් මහණකු5 ලෙසට දන් වළඳ කර බණ අසව මුනිඳන්

64 සත් විද මෙවුන් දම් කෝ වෙර බැඳුම් නළ කම් ‍තද මත්සරි ගැනුම් පමා මද ඈ දුරු වැ නො දහම්6

65 නිසි බාවනා කැර රැකැ නො කඩ අට සිල් වර දෙ වැනි දිනැ මනහර දෙවව7 දන් යති ගණට නරවර


1. වැලඳුම් 2. නොගිලම් 3. නටනව ගනු වයනු 4. දරනු 5. මහණෙකු 6. නොවදම් 7. දෙවව්, දෙවවු


66 අඩ තුන් කෙළක් කෙස් නවනුදහස් රොම් රැස් විසි නිය දත් දෙ තිස් සමත්1 සියලඟැ සිටි වසා මස්

67 නව සිය මස් වැදැලි නව සියයක් නහර වැලි තුන් සිය ඇට සැකිලි පුරා සිටුනා ඇට මිදුලුවලි

68 වකු ගඩු ද අද වත් අක්මා දලබු මස්මත් බඩ දිව පපු කැනත් දෙ තිස්රියනක් ඇතුණු2 වැටියත්

69 අතුණු බද බහන ද නො පැසුණු අහර කසළ ද ඉස් මුල් පිත් සෙම් ද සැරව ලේ සෝ දිය මෙ තෙල් බද

70 කඳුළු3 ද චූරුණු තෙල් කෙළ සොටු පිරෙන ඇම කල් අසු සිය සඳවල් පිරුණු සඳ මිදුලු මූ පිළිකුල්

71 දුගඳ දෙ තිසක් කුණු මෙ පෙවෙත් අහස විහිදුණු විදුලි ඇතු පය හුණු කුකුළු බිජු මෙන් අනියැ මිරිකුණු


1. සමුත් 2. අතුනු 3. කඳුලු


72 ජරා ලෙඩ ඈ දුක් වළකන කවර පිහිටෙක් එ පවත්1 දැනැ නියක් ලබන සැටියේ තැත් කරව මොක්

73 සව් සත හදළේ සත‍ මොහඳුරු විදාළේ නැති කිසි ගදාළේ2 මෙ සේ වැඩ ඇති බණ වදාළේ

74 උ තු ‍ම න් දෙසු ඒ සදහම් තෙපුල් අමා ‍සොබ ම න් නිරිඳු බි සවනත විතින් පෙමා සි ය ම න් ලෙසින් සේ සත රජ ඉසුරු ඇමා බු හු ම න් කෙළේ පුද කැරැ පිය බසින් තෙමා

75 පු ර රට පැන සර දෙනෙ3 තියු තෙපලා සි ර සිනි වැඳ ‍වැඳ හිමි සිරි පතුලා කැ ර තම ඉටු දෙවි ලෙසැ පුද සියලා හැ ර අකුසල් ලදි සග මොක් එ කලා

76 රතිනා ර ඳ නා සියපත ලෙසිනා නරනා සු ර නා මුදුනත සදනා සුමනා දි ය නා පද යුග සොබනා සවනා ලෙසිනා වැජඹිණි යසිනා



දස වන සග

[සංස්කරණය]

1 එකලෙක්තරා එක් දුප්පත්4 මහලු බමුණෙකු තැනිත් කැරැ දන බික් ලදි කහවනු පමණ දහසක්


1. එපවත 2. හදාළේ 3. දොන් 4. දුක්පත්


2 බමුණු එ දහස ලත් බමුණු කුලයෙකැ පෙරැ දත් තබමින් ලොබින් සිත් ගියේ සිඟනුව වතුන් නැවතත්

3 ගම් රජ දහන්1 වට ඔහු යදි සිඟිමට තුබු2 කහවණු ගෙට කළෝ3 වියදම් සිතූ මතකට

4 ඇවිදින් දද මහලු දැක ඒ කුලන් නිවහලු ම තිබු දන සියලු දෙ වයි වයි කී බස්4 ඇමිසි මුලු5

5 තිබු දන එ දවස වියදම් වූයෙන්6 නො ගිවිස වැඳැ කන්නළවු ලෙස කියත් බමුණත්7 බැමිණි මේ ලෙස

6 පෙරැ අප දැනැ ඇඳින ඉඳුනා හෙයින්8 නො වැ වෙන ගෙයි ඇති නො පදමින කෙළෙමු9 වියදම් මොබැ තුබු දන

7 නූයෙන් අප අයැති පසු පෙය10 දෙන්න මං නැති ණය කවුරු දන්11 දෙති සිලවුවට12 ඒ යළි එකෙක් ඇති


1. ගම් රජදනම් 2. නැබු; තිබූ 3. කොළෝ 4. දෙවයිවයිබස් අසා දද මුලු 5. ඇවිසි මුලු 6.වූවෙන් 7. බමුණුත් 8. සෙයින් 9. කළමු, කමසි, ඈතැති 10. පෙර 11. දැන් 12. සිලවූ කොටැ


8 වතින් සොමි සඳ වූ රන් ලිය සිරින බඳ වූ තෙනෙන්1 රන් පෙ‍ඳ වූ දියණියන්2 තම ළඟට කැඳ වූ,

9 දක්වාලා ඔහුට අත් පා මෙහෙ ගැනීමට3 මැනැවි ද පින්වතුට කියා පිළිවිසියෝ දෙදෙන සිට

10 නො ලදත් ඒ දහස සිදු වූ හෙයින් අදහස විඳිමි යි4 රස පහස එ ළඳ දැකැ මහලු කැරැ මඳ හස

11 ඉත පුරුදු පෙරැ කල දැන් තොප මෙ සේ කි කල නො කොටැ තව කොලහල සොඳ යි පාවා ගිනිමි මනකල

12 කීයෙන් ඔහු මෙ සේ අදහළ නකත්5 දවසේ පාවා දෙන ලෙසේ පටන් ගෙනැ පිය බමුණු නෙ ලසේ

13 රසඳුන් නුවනැඳා බුලතින් රතොට පහදා අත් කවුතුක බැඳා සදා පෝමන් විතර එ ළඳා


1. තෙනින් 2. දුවණියන් 3. කිරිමට 4. විඳිමි 5. නැකත්


14 ගිතෙලෑ1 හුනන් කැර ගිනි දෙවි පුදා දද වර තම දුව රුසිරු බර ඔහුට පාවා දිනී තිර කැර

15 පාවා ගෙනැ මෙ ලෙස දද යෝන හා එ දවස මහලු බමුණා තොස යනුව අවසර ගනුත් සිය දෙස

16 පිය බමුණු සෙදවා නෙතිනෙත කඳුළු රඳවා දුව ළඟට කැඳවා මෙ සේ අවවාද කී සොඳවා

17 නො කියා සිය හිමිට නැති වැ ද උතුරු සළු පට ගමන් ඉක්මන් කොට නො යන් නුඹ වසන ගෙන් පිටතට


18 මහලු වෙද මහණන හැරැ නොයෙක සෙසු මිරිමින යමඟැ සිටැ එක තැන කතා නො කරනු නුරා තෙපුලෙන

19 පෙකනිය2 නො දක්වා සළු ඇඳැ බොලට දක්වා නො පව තන සක්වා සිනා නො මැ සෙන් දසන් ‍ දක්වා


1. ගිතෙල් 2. නිබිය


20 හිමි නෑ හට ද ගුරු පවතුව ලෙසින් මෙහෙකරු1 සැතිරියන ‘වැඩ කරු කරව යෙහෙළියන් ලෙස පිය කුරු

21 ඇත මෙහෙකරු දනා පවතු දුකැ2 සැපැ සමනා සැපත ඇත වැඩෙනා ගරුබ මඳකුත් නො වව3 නො මනා4

22 අබිසරු ලිය තැපල සෙර වෙසි දැසි නළඹ කැල මල් කල රිදී කල සබඳ නො කරව සිත5 තොප කුල

23 ඉඟුරු දුරු ඈ යුතු මල් ගොමු හා වවා වතු ගව මී තමා නතු දසුන් පිළිවිසැ බලව ඇති තතු

24 ඉරු ගිලෙත දවසේ ගහණ දෙ පොහෝ දවසේ සඳ සිකුරු දවසේ ගොමින් පිරිබඬ ගනුව නිවසේ

25 නිති ගේ දොර ඇමැඳ6 කැලි කසළ දැකැ නො මැ ඉඳ උදාසනැ සවසැ ද පහන් දල්වව විමනැ නො වරද


1. පියකරු 2. දුක් 3. නොවවු, නොවවූ 4. උරනා 5. සිතන 6. ඇමද


26 නවහමැ මැදින් දින පැමිණෙත මැදි පොහෝ දින එ දවස් උදාසන ගෙ දෙවි පුද බත් පහන් සුවඳින

27 හිමි ගමනක් ගොසින් ගෙට ආ කලට සතොසින් නො ඇණවා දාසින් නුඹ මැ පය සෝදවන් මෙසෙසින්1

28 දොරකඩ රැක සිටුම් උයන් වතුවල ඇවිදුම් මෙහෙවරට මැළි කම් නො කර මෙ කි සියලු නො තරම්

29 නො කරතොත්2 වියදම් කරතොත්3 ඉතා වියදම් කියමින් ඇති පදම් රහසැ දන්වන් හිමිට කැරැ පෙම්

30 ගෙයි ඇති නොයෙක් බඩු රකිමින් නිති නො කැරැ අඩු දරුමන් හට ද වැඩු නොදෙන් නොකියා යළි නො දැනැ පුඬු

31 තමා හිමි සිතු ලෙස දුටුවොත් වෙනතැ සනහස නුවන් කඳුළින් මිස යළිත් නො කියන් බසින් පිළිවිස


1. සතොසින් 2. නොකරතත් 3. කරතත්


32 හිමි හට ඉත1 කැමැති දැනැ බත් මාළු ඇම2 නිති පිසැ කවමින් පැවැති දකින් දුක සැප මවක සේ ඉති

33 හිමි වෙතට යන කල අබරණ සුවඳ මනකල පට පිළියෙන් උඳුල යන්නැ සැරැසී ලෙසින් සිරි කල

34 පැමිණෙන කලැ යහන සුදු තුනු සිහිල්3 සළුවෙන ගිවි කන් අබරණින මලින් සුවඳින් සැදෙව රිසි වන

35 හෙව පසු කොටැ ඇමට අලුයමැ පළමු නැගි සිට හිමි පුබුදින කලට ළඟැ මැ සිටිනේ යැ රකවල් ‍ කොට

36 මතුත් දැන් වන වැඩ දැනැ ගෙනැ නො වී අඩදඩ නො කොටැ සනහස කඬ යමක් නො කරන් හිමින් අත් මැඩ

37 හිමි වූව ද උරණා නො කියා තෙපුල් දරුණා වඩව සිතැ කරුණා වැළිත්4 නො සිතව දෙ තැනැ සරණා


1. හිත 2. ඈ 3. සිහින් 4. යලිත්


38 පිය බමුණු සකසා ඔවා බස් දී මෙ ලෙසා සිඹැ දුව ගෙ සිරසා යන්නැ කී හිමි සමඟැ නො ලසා

39 එ බමුණු මනකලේ කැඳවා ගොසින් එ කලේ බරණැසට අසලේ වැටුම් සරි වූ ගමෙකැ පියලේ

40 සමඟැ තම හිමි සඳ දුකැ සැපැ බැඳී ඇම සඳ ඇලුපැසිරි වැ එ ළඳ කලක් කරතාවක්1 ලෙසින් ඉඳ

41 අමා යුරු බස්සමු රුසිරින් සදිසි විස්සමු දත් රහස පස්සමු ‍යොවුන් බමුණකු කළා ඇසසමු

42 මල්වර සර නෙ‍ා මද දැදුරු වැ ඵ ළද ළෙහි වැද ඵ ද්රු දුන් පිය දද වගළ වන් වී ඔවා ඵ මැ සද

43 යෙහෙළිය කී බෙසින් දක්වන නුරා විලසින් ඔහු විසි කළ විසින් සමඟැ විසුවා හිමිට රහසින්


1 කලරාවක. (සැකැසුම්.)


44 එ සේ මැ යි එ පවත් පෙර කල් සිටැ මැ මෙ දියත් පිනැවියැ නො හැකි වත් පමණ සොළොසෙකි, ඒ කෙ සේ යත්

45 රළ පෙළ දුළ ගුගුළ සමුදුර රුවන් සුලකළ ගං සියලු ලොව තුළ වැදැ ද නො පිරේ යළි නො වේ දළ

46 සිළු කුළු නැඟි මහත් දස දස වතළ දුම් යුත් ගිනි කඳ ඇවිළැගත් නො සැතැපේ දර ලුව ද කො තෙකුත්

47 අකර කෙත් වතිනුදු ලකළ පුර සෙන් වතිනුදු රටවල් ලැබැ පසිඳු පිනා1 යාමෙක් නො වේ නරනිඳු

48 නො ඇසූ බණ උතුම් දුදනන් සොවුන නො තරම් නුනුවණ2 සතෙක් යම් ඇඹෙයි නො සිතා කරන පව් කම්

49 රති කෙළි යෙදීමෙන් අබරණ ලා සැදීමෙන් දරුවන් වැදීමෙන් ‍‍ වෙසෙති අඟනෝ3 නො තිත් වීමෙන්


1. පිණා 2. අනුවණ 3. ගෑනු ද


50 තැන් ඇති නිරතුරූ සියෝ විදු ලොබ මිතුරූ අටඟ නියෙනුතුරූ බමුණු පමණැ යි නො හිඳි මිතුරූ

51 එකඟ වැ තමා සිත් කෙලෙසුන් පසුන් අටගත් බහවුන් කරු මහත් නො වේ සමවත් සුවෙන් පිරියත්

52 පත් සිවු සස් නැණේ විමල ගුණයෙන් යෙදුණේ සෙක් සතරී ගෙණේ කෙලෙස් ගෙවුමෙන් නො වේ පිරුණේ

53 සසර තතු දැක්මෙන් වන සික පද නො ඇක්මෙන් සලේ ගුණ හික්මෙන් තපසි නො සතපි දුහඟ රැක්මෙන්

54 නිවනට ගිය සිතා ලොබ නො කළ දිවි පෙවෙතා ‍කරන වැර සතතා පැවිදි වයමින් පමණ නො සිතා

55 වැටැහෙන නුවණ යුත් අනති1 තෙපුලැති පැන වත් සසඳ ලීමෙන් ගත් ඇතැ යි මෙ විතර නො වේ තොස පත්


1. අනත


56 සත් දත් විනිවිදා බුහුටී වියත් නො මඳා එතත් මහ සමුදා පිනා යාමෙක් නො වේ නිබඳා

57 සඟනට පසත්තේ කරන උවටන්1 නිත්තේ බද සැදැහැ ඇත්තේ ඉතින් මඳ දැ යි සිතනු නැත්තේ

58 කළබ මෙන් වස්නා විතරණ ගුණ පසස්නා පොහොසත් නො සොස්නා ඇතැ යි දිමෙන් නො වේ තොස්නා

59 ඇම පව් කරන දුර මනව්2 වඩවන නො විතර බණ ඇසුමෙන් නො තොර පවස නො නිමා පවර පැනසර

60 ති ලෝ නෙත් පඬුරු බුදු රජ සිරුරු රුසිරු දැක්මෙන් නිරතුරු නො යේ රසි සිවු පිරිස් උතරු

61 එ ළඳ ද මෙ සොළොසින ‍ පෙරැ කී ලියන් ගුණයෙන සොර හිමි සමඟැ වන නො තිත් වූවා මෙවුන් දහමින


1. කරඌවටන් 2. මනා


62 ගෙ හිමි ගෙන් පලවා සැක නැති වැ නිති නිලවා සොර හිමිය ඇලවා සමඟ වන ලෙසැ බිමිණි ලොලවා

63 සිතැවිලි සිතා ගෙන නුවණින් කඳුළු බා ගෙන දුකෙකැ යි කියා ගෙන වැතිරැ ගත්තී කුද ගසා ගෙන

64 ගෙ හිමි ද ගෙට ඇවිත් ළඟැ ඉඳැ ඇයගෙ රූපත් තුනුවඟැ තබා අත් සොඳුර දුක් සැප කිමැයි පිළිවිත්

65 කෙඳිරි පරගානී ඇති සිතැ ඉඟි නො පානි පෑ ආනිබානී කියා එ බසට බැමිණි ගෑනී

66 අත නො සතපායේ දැරැ දුක වහල් මෙයේ යන රිසි යැ ආයේ සොඳුරු සරණෙකැ මෙ මා ආයේ?

67 මෙ ගෙයි ‍මා මෙ ලෙස් නිති මේ1 කරනු කෙ ලෙස් බමුණාණෙනි කෙ සේ වූවත් වහලක ගෙනෙත් නොලසේ


1. මෙහෙ


68 ඇසූ සඳැ එ පවත් තැළිණැ යි සිතා1 ලිය සිත් සැලගුම් වෙවුලුම් ගත් මෙ කී බමුණා වෙමින් බිය පත්

69 සොඳ වත2 ගෙයි පැවැති නුඹට‍ නො දැනෙන තතු නැති කියනු කිමැ? මෙ මැ ඇති සිතට නෙ දැනෙන රහස් නම් නැති

70 ඉතිකින් නිති දවස ම විසින් මෙහෙ කරනු මිස වහලක්3 ගෙනෙන ලෙස කොයින් මුදලක් ඇද්ද මියුලැස

71 ඔහු තෙපලු මෙ බස් අසා ලිය කී මේ ලෙස් තැනැ තැනැ සිඟා ගොස් සොයා මිලයක් ගෙනෙන් දැසි දස්

72 අඹු සොඬ කල විකල බමුණු එ බසට මනකල යහපත වහල් මිල ගිවිසැ ගෙනෙමැ යි කියා මෙ තෙපල4

73 සත නෙතට පාරණ රුසිරු ලිය වන් නාරණ සොඳුර5 කැරැ තීරණ මඟට සරසව නිසි උවාරණ


1. කියා 2. සඳවත 3. වහලක 4. තෙපුල 5. සොඳුර


74 එ බසසා දිගුනෙත් අමුතු වැ පණක් මෙන් ලත් සිත් සැපයෙන් සරත්1 තනා පිළියෙළ ලෙසින් බැති යුත්

75 පුරා සම් පිවා ලමින් අත්සුනු2 බෝවා තබා ඔහු ගාවා බමුණු යන්නට බැමිණි කීවා

76 බැඳැ ගේ වටා වැට යළි බත බුලත සරි කොට තබා තම අඹුවට යනුව සැරැසී ලා බමුණු සිට

77 පැදකුණු කොට එ ළඳ සිවු තැනෙකැ පැසැ හෙවැ වැඳ බියෙනැකිළි වැලැඳ නිකට ගෙනැ සිඹැ කියා පෙම්බඳ3

78 “නුවන් කනුපුල් ලෙළ දසනග කිරණ මිණි වැළ තුනු රන් ලිය උදුළ මෙ තොප ඇඳි සේ සිතමි සිත තුළ

79 අම රසයෙන් රැඳ4 නුවනඟ බැලුම් සිනිඳු මඳ මඳ හස යෙදූ සිතමි තොප වත සෙ ඳුර පුරුදු


1. සැපත් 2. අක්සුනු 3. පෙම්බැඳ; පෙම්හද 4. යෙදු


80 දිගුනෙත වත සොඳුරු රත ලවන බඳුවද යුරු හැසුණු1 පින් පියොවුරු පුළුලුකුළ ඇරැ කෙ සේ වෙමි2 දුරු

81 කළ පින් ගෙවුණු කල කවුරුත් වෙන් වැ යෙති බල පියකරු රුවට තෙල අහෝ ළ තවනු කිම් ද උදකල?

82 තොප2 රුසිරු පියබඳ නිති බලත එක තැනැ ඉඳ ඇසි පිය වැටෙන සඳ නො වෑ වෙන ‍මම කෙ සේ යෙමි අද?

83 මෙ වරැ නුඹ මනහර දුරු රට ගියත් අත් ඇර නො ලසා එමි සොඳුර ඉඳින් බියපත් වැ4 රැකැ ගේ දොර”

84 කියා පිය තොපලා වහන් සඟළත් පයැ ලා පත් කුඩය ඉසැ ලා පයිය බැඳැ කරැ තිබා ගෙනැ ලා

85 නියම් ගම් රටවල ඇවිදැ සිඟමින් පුරවල සත් සියයක් එ කල බමුණු කහවණු ලදින් මනකල


1. හසුන් 2. යෙමි 3. සොඳ 4. ‍යහපත්වැ: දියපත්වැ


86 දැසි දස් මිලයකට පමණැ යි සනිටුහන් කොට ආයේ බැසැ මඟට එ විටැ එන්නේ තමා පියෙසට

87 බක්මී අඹ1 දොළුම් මිදෙල් සල් ලප්නාරම් පලු මල් සැදි උතුම් දෙ ගොඩැ සිටුනා තුරින් මනරම්

88 මල් පල රසින් මත් මිහි ලොල් කොවුල් නද යුත් තුරු සෙවණලු මහත් නොයෙක් මුව ගණ කෙළන කුල්මත්

89 මහවෙල් දිය කිරළ සරන දිය කා කොක වැළ සිහිල් දිය කෙරවළ සදිසි සුදු වැලි රිදී පටතුළ

90 ලෙහෙල් පෙටි මහඟුළු ලුහුල් වළ පොතු තෙලි දළු රෙහෙ මස් රන් කකුළු නොයෙක් කෙළනා මස් කැසුබු මුළු

91 බුන් මිණි මෙන් දිලී සිලිලෙන් පිරුණු2 නිමලී දොළක් දැකැ විපුලී ඉවුර වෙතැ ඉඳැ බමුණු එ කලී


1. දඹ 2. පෙනෙන


92 මුදමින් සත් බතුර අත්සුනු1 ර‍ැගෙනැ මනහර වැළැදී දැනැ විතර නැඟිටැ පයි කට2 බඳිනු නොසමර

93 තම ලිය මෙනෙහි කොට අද යෙමි සිතා පියෙසට දිය බොන ලෙසැ දොළට වෙලෙවි ගමනින් එ තෙමෙ ගොස් බට

94 රුක් සිදුරෙකැ වැදේ උන් කළු නයෙක් එ ස‍ඳේ පසුම්බියැ නො බැ‍ඳේ තුබු අත්සුනු අසා3 සුව‍ඳේ

95 පයි ඇතුළතට පත්4 උරඟිඳු දරණ ලා ගත් කැරැ නිසොල්මන් ගත් සෙමෙන් අත්සුනු කකා වැදැ හොත්

96 බමුණු පිහිවා සෙද ඇතුළත නො විමසා බැඳ කරැ තබමින් නො මඳ සතොස සැලැසී එ මඟැ යන සඳ

97 රස් කෙසුරින් ගිහිණි වලා සිය පෙති සපැමිණි අරුණු වන් නුබමිණි අවරඹර සැරැ ‍සරෙව් වැජැඹිණි


1. අක්යුනු 2. පහි කට 3. අගා 4. ඇතුළට සැපත්


98 සවසැදුරු දිස්නා නුබ පහණේ නහස්නා රන් වටිනි රස්නා නැහැසි ඉරි මෙන්1 වලා දිස්නා

99 එ කල වැදි ලියතුළ ඇතිරිලි අති ලමඟ කොළ මඳ නල වැදැ වගළ සුවඳ මල් රොන් පටින් සුලකළ

100 දුනුකේ තැඹිලි තුරු වට කළ මුහුලු සහයුරු නාලිය රැඳි2 මහරු පුවක් ළැහැබින් සැදුණු විසිතුරු

101 තරු බරිනි දෙරණට බට නුබිනඩක් විලසට මල්පුල් එක ලෙසට සුනිල් කැලයක් අතර මඟැ දිට

102 මුල මුව රළ3 කෙළෙන වෙළෙපෙහි මෙනර4 පැලැඹෙන සුනිල් කොළ ලෙළ දෙන විහිදි අතු අගැ කොවුල් හඬ ලන5

103 මිණිමුතු මල් කැනිති අගැ කෙළන මිහිලොල් සැති එහි එක් රුකෙකැ නිති වසන දෙවියෙක් සාස්කම්6 ඇති


1. වන් 2. සැදි 3. රැළ 4. මොනර 5. නද දෙන 6. හාස්කම්


104 මිණි කිරුළිස පැළැඳ බැඳැ මුරුතමල් ඉණ සැද සැදී දිව සළු හැඳ පෙනී සඳ රැසිනෙව් වෙළෙප් මැද

105 “අස බමුණ ගම් වැසි මඟැ රැඳුණ අද තෝ1 නසි ගෙට ගිය අඹුව නසී” අතුරුදන් වී2 කියා මේ ලෙසි

106 මේ කිමෙකැ යි කියා බලමින් නො දැකැ දෙවියා සිතැ දුක් කියකියා බියෙන් අඩමින් බමුණු දුගියා

107 පඬුරු ගෙනැ මනකල හැසිරෙන නොයෙක් දන කැල කරන නිති කොලහල පැමිණි බරණැස් නුවරැ වාසල

108 මහසත් සඳ පසක් මෙතේ බෝසතු විලසක් ගෙනැ බණ කියන එක් වි යැ එ දවස ද පසළොස් වක්

109 එ පවත් අසා සෙද3 බණ අසන ලෙස මනනඳ ඇරැ ගෙනැ පඬුරු පුද නොයෙක් රටිනෙන පිරිස් දිටි දද


1. තො මැ 2. විය 3. සොඳ


110 පෙර දිගැ කොසොල් දෙස නේපල් අඟු මගද දෙස අගරු කස්තුරු රැස කසුන් පොදි හා රජුන් එන ලෙස

111 දකුණසැ1 මහිස්මති කොතල්2 වේදඛ නම් ඇති මගරට ද මිහිපති ගෙනෙන රන් මිණි බරණ හිමි3 නැති;

112 සූසැදි පැළ දිගත4ර දෙව් සබ දසණ5 නරවර ඉඳි පලු රස මිහිර පඬුරු ගෙනැ එන6 ලෙස ද මනහර;

113 උතුරැ සක7 කෙක රද කීර කම්බුජ හුණ8 රද සලළ දෙව්දර සොඳ වෙරළු මරකත මිණි ගෙනෙන ලෙද;

114 අසුන් ගෙනැ කුරු රද මිණි මල් ගෙනැ පසල් රද කතුන්9 ගෙනැ මුදු10 රද ගෙනෙන සේ සත් සේති රටැ11 රද;

115 ගන රන් පුටු පවර මිණි කිරුළු ගෙනැ මනහර සූරසෙන් විසල් පුර රජුන් එන දිටි එ සැටැ12 පුර දොර


1. දකුණත 2. කෝතල්, වෙදඛ 3. ඉමි 4. දිගතුර 5. දසන 6. ගෙනෙනා 7. උතුරුදෙස 8. නර 9. තකුල් 10. මල් 11. වෙති 12. එනු දිටි එයිව්; එනු දිටි එවිට



116 කලිඟු රට මහ රද පළ හෙළ සුබ ලකුණු සොඳ සරන ගිරි පෙළ බඳ ගනෙන ලෙස දිටි අතුන් මනන‍ඳ

117 වීදුරු ද ගුරුමලා ඇරැ ගෙනැ පඬුරු නිමලා1 පුරිනෙන තක්සලා රජුන් වියතුන් මැඟී ට කලා

118 තඹ වන් ගඟ පහළ අරැ ගෙනැ මහඟු2 මුතු වැළ මේ වන් පැහැ උදුළ දිටි එන පඬි රජුන් සුලකළ

119 එල් බිජු මල බුලත් මිරිස් දෑ පල තකුලුත් ගෙනැ මිණි පඩුරු වත්3 දිටී නො ලස වැ එන මලල කැත්

120 කස්තුරු කපුරු ගෙන කළුවැල් සෙමර වල් ගෙන කස්මිර රටින් එන දිටී රන් වන් රජුන් බබළන

121 නද දෙන මිණි කිකිණි කසුන් රත ගෙනැ බද4 මිණි සමඟ මහ සෙන් ඇණි ගුජර රජ දිටි එ තැනැ සැපැමිණි


1. ළකලා 2. මැහැගි 3. ගෙනැරැ බණ පඬුරුත් 4. බැඳැ


122 විජිනි ඉටි පහනුත් ගෙන්වා එනරමණ කැත් නන් වගැ මිල මහත් දින රජු දිටි ගෙනන පට වත්

123 හෙළ සඳුනුත් කපුරු ඇරැගෙනැ පඬුරු විසිතුරු දෑවා1 රටින් දුරු එ සඳු එනු දිටි රජුන් පියකරු

124 එ මැ තම කසී රට සිවු කුලැ දනන් පුදයට කසී සළු මල් පට ගෙනෙනු එ බමුණු බලබලා සිට

125 අඳැ පැළැඳැ ගෙනැ නිසි පුද පඬුරු ගෙනැ නො වැ ලැසි පින්වතිනේ2 මෙ ලෙසි කොයි ද යන්නේ ? කියා පිළිවිසි

126 බමුණ3 අද දවසී තුන් ලොවට ගුරු වෙසෙසී සෙන් මහ පඬි නිසී මියුරු සදහම් දෙසුම්4 පැවැසී5

127 සත්6 සතන පව් මැඩ මහත් අත් වැඩ පර වැඩ දැනැලා කියන ඉඩ කියු යම්මැ යි දනෝ තුඬ තුඬ


1. දවා; ජවා; පාවා 2. පින්වතිනි 3. බමුණු 4. දෙසුම 5. සැලැසී 6. සත



128 කුලුණින් ළ තෙත්තෝ සියලු කරණි දත්තෝ මෙ වැනි1 නුවණැත්තෝ සතුන් දුක් දුරැ ලන්න වත්තෝ

129 සිතා ඉති දුප්පත් එ බමුණු බිණු2 එ පවත් දනන් සහ ගුණ වත් අසන රිස්සෙන් එ බණ වැඩ යුත්

130 කුඩ පෙණ පිඬු ලකළ සලනා සෙමර රළ වැළ පිදු නන් රජ පෙළ රුවන් වළබග3 සිළින් පැහැ දුළ4

131 සදහම් ගොස පවර ති ලෝ ගුරු වන් මහ මෙර5 එ සබා මහ සයුර නැවෙව් බට සිටැ කතර ගඟ‍තර

132 එ තැනැ දිය හිමි සඳ බණ අස්න ළඟැ මනනඳ තම සිත දුකින් තද වැනී අඬමින් සි‍ටියෙ6 ඉකි බිඳ

133 සුර ගඟ තරඟ රඟ අමා වැනි වස්නා රඟ සමුදුරෙහි නන් රඟ උකා ඉසිනෙව් රුවන් මනහරඟ


1. මෙවෙනි 2. අස 3. වළගක් 4. සිරි පළකළ 5. තිලොවග, රුවන් මනහර 6. සිටිය


134 බඹ වමි ගුරු සිකුරු පසු කැරැ බසිනරුත් සරු මහ බෝසත් විසරු දෙසත සදහම් විලස මොකැදුරු

135 වහරේ කලැ මොනර තුටු වන මෙන් කෙ‍කා කැර රජ පිරිස1 මනහර අසති තියු කැරැ පැහැදැ නො විතර

136 දහම් මැති සකසා ආවන්2 විනිස උදෙසා බලනෙව් ඉඟි ලෙසා බලති පඬුවෝ සබය විමසා


137 එයින් පඬි සිළු මිණි අයමින් නෙතිඳු නිල් මිණි දම් සෙබෙහි3 මැ ගිහිණි බැලී උන් සිටි පිරිස් සැපැමිණි

138 සඳ රැසිනි පුබුදින කුමුදු මැදැ පියුමක් මෙන් පිරිස් මැදැ තොස් වන බලා බමුණා මලානික වන

139 මරණ බිය ගතැ4 සිත් ගම් වැසි‍යකු බැගෑ පත් ලෙසින් දොම්නස් යුත් මුහුණු5 බමුණුගෙ දිසි කදුළු ගත්


1. රජ පිරිස් 2. ආවත් 3. දම් සෙබෙයි 4. බියයෙන් 5. මුහුණ


140 බැවින් දැන් නියත දිය බිඳු මෙන් නෙළුම් පත තඹ වලඳ මල පත කෙණෙකැ දුරු වන ලෙසින්1 ඇඹුලොත

141 අමායෙන් විස තද බාන විලසින් සුර වෙද මොහු සිතැ දුකු නො මඳ සිතා දුරු කෙරෙමි2 වී පින් බඳ

142 කැඳවා මහලු දද සිටුවා දහම් සබ මැද ඔහු ගෙ සුව දුක් ලෙද සෙමෙන් පිළිවිසි එ බෝසත් සඳ

143 වතත් මලානික වියැ වෙවුල3 සිය ගතින් සිතත් එකඟ නො වැ කඳුළැලි වැහේ4 නෙතින් ඉතත් පුරුදු කෙනකුන් වෙන් වී ද වෙතින් අතත් තුබු සැපතෙක් පිරිහිණි ද ඉතින්

144 වතා සොමි ස‍ඳෙව් නෙත5 නිලිපුලන් වන පතා දිගැසියක නො ලදි ද කැමැති වන සිතා ඉඳින සැපතක් නො ලදි ද6 යෙහෙන විතාළ ඉති ඔහු දුක් සැප7 දිය නඳන

145 දල ලඹ නිලබ ගැබැ නැඟි ගුම් අසා ලා ගිම් කලැ තැමුලි8 මිලි නිල්ගල9 ‍‍ගොසා ලා ඔද වැඩි ලෙසින් සැනැහී10 වක ගසා ලා කී මේ ලෙසින් දද මුව අත වසා ලා


1. සෙයින් 2. කරවම් 3. වෙව්ලමිනි 4. වැහෙයි 5.නෙත් 6. නොලැබිද 7. දුකුඅප දුකු සැප 8. තැව්ලි 9. නිල් ගෙල 10. සනසි


146 අ ස න් ගුණ මුහුදු මහසෙන් පඬි සඳ දෙ ස න් තර ඇවිදැ මා මොබට එන සඳ ප ස න් තුනු කැලුම් බබළන ළ හිරු බඳ ව ස න් බරණ සැදි තුරු දෙව් තුමෙක් සොඳ

147 “නො කීවෙ යි නො කිය අප වන දෙය1 බමුණ අද නො රැකෙයි බැමිණි ගෙට ගිය2 මඟැ ලැග්ග තොද” පැවැසි මෙයින් බිය ගෙනැ දුක් විඳිමි තද තෙපලව මෙ තතු නුවණින් කෙණෙකැ විනිවිද

148 අවනත බැගෑ පත් බමුණා කිය බස අසමින් ති ලෝ පඬි සකිවිති සහස්රැස විහිදා එ සඳැ සුවිමල් තම නුවණ රැස විමැසී එ සව් පදරු තනලු කැරැ මෙ ලෙස