සිරි රහල් පබඳ-කව් සේකරය vii
තුදුස් වන සග
[සංස්කරණය]1 දුක් සමුදය නිරොද මඟ සමඟින් මෙ කී පද සැබෑ කරුණින් සොඳ එ සිවු සස් නම්1 දනුව පිරිසිඳ
2 පස් කඳ සකෙලෙසේ දුක් නම් වේ යැ, එ මෙ සේ රු වෙයින් සන් රැසේ සකර වින්නැණ2 නමින් මෙ පසේ
3 පොළෝ දිය ගිනි හා සුළං බූ මෙ සතර හා සක් සො ගන දිව හා කයත් යන මේ පසා පස හා
4 පැහැ සද ගඳ ද රස ඉතිරි බව පිරිමින් ලෙස අදවත දිවි ඔදස නිපන් රූ මේ දනුව අටළොස
5 පොළෝ3 තදි, දිය තෙති ගිනි හුණු, වා පිරුම් ඇති පිහිටුවීමෙන් යුති බඳින පැසවන සලන කිය ඇති
1. නම් 2. වන්මන 3. පොළොව
178 සිරි රහල් පබඳ
6 ඇස කළු රුවා මැද
පමනින් උකුණු ඉස් බඳ
කන් සිදුර තුළ මැද
සියුම් තඹ වන් රොනැති මුඳු බඳ
7 නැහැ සිදුර ඇතුළත එළු කුර සටහනින් යුත දිව් මැදෙහි මුඳුනත උපුල් පෙති අග සදිසි තන් පත
8 කෙස් ලොම් නිය දතග වියැළි සම් මිසැ සෙසු ඇඟ පුලුනේ තෙලක් රඟ පැතිරැ සිටිනේ පසාදය ඇඟ
9 නිල් ඈ පැහැය වේ මිනිස් බස් ඈ සඳ වේ ගඳ ද්රෙබ රස සය වේ ඉතිරි බව ලිය විලස මුල් වේ
10 දැලි ඈ පුමන් සැටි පිරිමි බව මුල් වී1 සිටි අදවත මන් පිහිටි ලේ යැ කුළුදුල් පමණ ළයැ සිටි
11 දිවි සෙසු රූ2 රකින උපුල් රක්නා දිය මෙන කන බොජුනෙහි සිටින ඔද යැ රූ කඳ අටළොසක් වන
1. පිරි මින් බව 2. සේතුරු
කව් සේකරය 179
12 අරමුනු රස විඳිනු වෙයින් කඳ සන් හඳුනනු රු සක් ඈ එක් වනු පහසි පොපියනු සිත් සෙයින් වනු
13 එකඟ සිත් පිහිටනු දිවි වේ සතන් නො සිඳනු සිත් අරමුණු යවනු මෙනෙහිකරු නම් වතී1 සලකනු
14 අරමුණු සහජ දම් නඟනුය වේ විතක් නම් අලඹන පිරිමැදුම් විසර2 නිරයණ වේදි මොක් නම්
15 නො පසු බැසැ ඔසවනු විරිය යැ පිය යැ තොස් වනු කරනුව කැමැති වනු සැඳ යැ මෝහ යැ සිත් මුළා වනු
16 අහිරි යැ, අනොතප යැ පවට විළි නැති නො බනු යැ නසන්සුන් සිතනු යැ දනුව උදහස් නමැ යි සබව යැ
17 ඇලුම් ලොබ නම් වේ සිත් පෙරැළි දිටු නම් වේ උඩඟු බව මන් වේ ගැටෙන බව සිත් දෝස නම් වේ
1. වෙති 2. වහර
180 සිරි රහල් පබඳ
18 අන් සැපත නො සහනු
ඉසා නම් වේ දැනැගනු
තම සැපත සඟවනු
මසුරු නම් වයි කියා සලකනු
19 කළ නො කළ උදෙසා පසු තැවිලි වනු කුකුසා තැන1 නැති බව් උසා දුඹුල් බඳ2 මිදු සැක විසිකිසා
20 සැදැහැ සිත් පැහැදුම් සිහි කරනු වේ සති නම් පවට විළි ගිරි නම් යළි දු පවට මැ බනු ඔතප් නම්
21 අලොබ නො ඇලෙනු වේ අදොස් නො මැ සැඬි බව වේ සම වැ පැවැතුම් වේ එ මැදහත් නම් වතී පළ වේ
22 කය සිත සැහැලු බව නො බර බව හා මුදු බව කමෙහි පොහොසත් බව ගිලෙන් නොවැ ඇද නො වනු ඇති බව
23 පිරිසුදු බව් තෙපල කිරිය පිරිසුදු මනකල යළි නො කිලුටු දිවෙල කුලුණු අන් දුක් නො ඉවසනු බල
1. තැත් 2. දුඹුල් බව
කව් සේකරය 181
24 සැප වැඩි සත වෙතා
සතුටු වන සේ මුදිතා
ති ලකුණු දැනැගතා
පැන යැ පනසෙකි සකර සමතා
25 පදතුන් දැනුම් සිත් විනැණ කඳ යැ යි නම් යුත් මෙ පස්කඳ දුක් සත් මීට මුල් වේ සමුද නම් සත්
26 කම් නැමැති කුඹුරේ එ සිත් බිජුවට නො හැරේ අවිදු කස1 වපුරේ උපදි තණපින්2 මෙ කඳ අකුරේ
27 පිළිවෙළිනු පද නෙත් නො වේ ඉසුරෑ කරුණුත් සසර දොස් විසිඳුත් නිරෝදය නම් නිවනි සැ ප ව ත්
28 මඟ සත් මනකලේ සම්දිටු විකප් තෙපලේ කමත් සහ දිවෙලේ අටඟි වැර සිහි එකඟි නිමලේ
29 දෙක තුන තුන බැගින මෙ අටඟ සබව් වහලින නුවණෙහි සිලි දැහැන ඇතුව වන ලෙස දනුව කෙරෙමෙන
1. පස් 2. තණ පින්
182 සිරි රහල් පබඳ
30 පළමු වැ සිල් විසුදු
පාමොක් ඉඳුරු සැවුරු දු
දිවි වැටුම පිරිසුදු
පසය පස්විකුමැ සිවුසිල් කඳු
31 උවසරිනි යුතු වන රුවරූ අට ගණනින සමවත් වෙ ද දැහැන එ බව සිත් පිරිසුදු යැ වෙසෙසින
32 ඉතිරස පස් විසුදු එයින් මෝ දිටු පිරිසුදු තම සිවු අරූ කඳු වේ යැ රූපය අටරරූ කඳු
33 නම් රූ දෙක හැරා නැත අත් පුඟල් බැහැරා පැවතැ දෙක නො හැරා සියලු කටයුතු වේ යැ නිතොරා
34 දෑ අඳ පිළු දෙදෙන කිසි යා නො හෙති1 වෙන වෙන යෙති සමඟ වූ තැන එ වෙනි2 නම් රූ දෙක ද පවතින
35 නො අමු දරරු වෙනේ ගිනි පමතනැත3 ඔවුනේ දැනුම ද ඒ මෙනේ ඉඳුරු අරමුණු මෙ ඈ විසිනේ
1. කිසිතැන නොහෙති 2. වැනි 3. පැමිණි තැන
කව් සේකරය 183
36 මම යැ මාගේ මේ
සිත වරදවා දැනුමේ
බලා දඬු රුව මේ
සොඳුරු ලියකැ යි සිතා වැනිමේ
37 සිත ඇඟ මෙ දෙක මිස වෙන අත් නැතැ යි දත් ලෙස දිටු පිරිසුදු සකස දනුව වවියතිනි සැබෑ මේ බස
38 පිළිසඳ ද පැවැතුම දනවා විවා ජනකම උපදන පලන් ඇම කලක් සිටුවා පිටිවහල් කම
39 උපපිළ උපදනා සුව දුක් කෙරෙයි පෙළෙනා උපසිඳි කම් වෙනා දුඹුල් කම් සිඳැ විපාක දෙනා
40 ගුරු කම් පුරුදු කම් අසල් කම් සෙසු කළ කම් නැත නැත පළමු කම් නිසැක පල දෙයි පසු වැ කී කම්
41 ජවන් සිත් සතතුරු ඇ සෙයිනා මෙහි පලතුරු එ සත්වනු1 අනතුරු බැවෙහි පල දෙයි, එහි මැ පසුතුරු
1. එසත්වන
184 සිරි රහල් පබඳ
42 අනායෙහි යම් කල
පල දෙයි1 වසර ලත් කල
සසර සර නැති කල
වේ යැ වූ කම් නො දෙන කිසි පල
43 කම් දොළොස මේ කියන කම්වට ඇතුළු කොටැ ගෙන කම් පල දෙන විසින නමට රුවට ද පවස් පිරිගෙන
44 සැක දුරු කරනු වේ සැක විතරණ විසුද වේ මඟ ද පැන පත වේ නො මඟ දැනුම ද මඟාමඟ වේ
45 අටනැණ විසින් හුදු2 විවසුන් සසනුලොමිනුදු යුත් නැණ විනැණ බදු3 දනුව පිළිපද නැණ දසුන් සුදු
46 සෝවාන් සෙදගැම් අනගැමි රහත් මඟ නම් සතර මඟ නැණ තුම් වේ යැ නැණ දසන පිරිසුදු නම්
47 දුකින් බය ගන්වා
බෝ කැරැ කරුණු පෙන්වා
නිවන් සැප දන්වා
දෙසී මඟ සස් මුනි ළගන්වා
1. පල දෙවි 2. යුත්මුදු 3. නැටනැණ එබඳු; යුත් නැණ වණක එබඳු
කව් සේකරය 185
48 කුලුණුවණ රැ සා ය සම්තැසා ය
සඟ සබ මැදැ දෙ සා ය සිවු සසා ය
සතන් සෙත සලසාය නො වැ ලසා ය
කෙළේ ලොවැඩ තොසාය මෙ ලෙසා ය
සෙස්ස
[සංස්කරණය]1 බුදු රහතන් නොයෙක් මෙ කියනු දෙසූ තෙපලෙක්1 අකුරු විසි සතරෙක් වේ යැ සැපතට මොකට පිහිටෙක්
2 පළමු බුත් ස ර ණා දෙ වැනි2 වැ දහම් ස ර ණා තෙ වැනි3 සඟ ස ර ණා මෙ තෙකි පර ලොවැ බියට4 ස ර ණා
3 මහ කුලුණෙන්5 නුමුත් සම තිස් පැරුම් කුළු ගත් සියල් දත යුතු දත් නිදොස් බුදුහු යැ අනැඟි රූ පත්
4 සෝවාන් මඟ පල සෙදගැමි නැගැමි මඟ පල මොක් රහත් මඟ පල බණ ද යන මේ දස දහම් බල
5 සෝවාන් මඟ පත් සෙදගැමි නැගමි මඟ පත් රහත් මඟ එ සැපත් මෙ අට සඟ ගණ සමඟ පල පත්
1. තෙපුලෙක් 2. දෙවනු 3. තෙවෙනි 4. බයට 5. පැරුම
186 සිරි රහල් පබඳ
6 මීට දිවි පිදුමත්1
මෙ වැ පිහිට කොටැ ගැන්මත්
වැඳුමතවැසි බවත්
මෙ සිවු සැටියෙකැ සරණ ගැනුමුත්
7 දැනැ තුනුරුවන් වර ගරු කොටැ සිතා පෙම් කැර සිත2 පහදා නිතොර උවසු නම් වෙති සරණ ගිය වර
8 නෑ කම් ගුරු කමට සරණ ගත හොත් බයකට එ නො වේ පර ලොවට දෙතී හිය සැප නිසි යැ පුදයට
9 සලකා මෙ තිසරණ සැක මිස දිටු ද නුනුවණ දුරු කැරැ කිලුටු ගුණ දරා පන් සිල් අනැගි අබරණ
10 අනිස දුක් අනහත් ති ලකුණු බවා පැන වත් . එළැඹැ ඇදුරන් වෙත් කරව සග මොක් සැපත් අත් පත්
11 නිවන් පුර වන් මුනි
අවුරුදු දෙසිය ස තිසිනි
මහ බෝ ගෙනැ යෙහෙනි
පැමිණැ සිරි ලක කුලන් සමඟිනි
1. පිදුමත් 2. සිත්
කව් සේකරය 187
12 දම්සෝ නිරිඳු පුත්
මිහිඳු මා හිමි දිය කොත්
මයිල් වන රිවි ගොත්
සුමිත් කුමරුට මහත් ගුණ යුත්1
13 නමින් ජය මහලේ තනතුරු දෙවන මඟුලේ විජයිඳු රජ කුලේ දෙවනපෑ තිස් නිරිඳු එ කලේ
14 ගත සව් බරණ සැදි බලමින් ඉසැ සෙවෙළු බැඳි කිරුළ ද තම පැළැදි තබා ඔහු මුඳුනතෙහි සිරි රැඳි
15 මඟුලැතුට නංවා සේසත් තුන මැ නංවා මහත් යස පෙන්වා නමඳවා බෝ3 වෙතට ගෙන්වා
16 යළි මගද රටිනා සම්මිත් තෙරි නිවසනා වෙහෙරැ උන් සුමනා යෙහෙළි මොහු ගේ මොහුට දෙමිනා
17 මහ බෝ රකින ලෙස සැලැසූ බෝ කලක් වැස එ මහ බෝ අබියෙස විසූ කුලයෙන් මෙ ලකැ මුල් බැස
1. ගුණවත් 2. නැමදා මා බෝ
188 සිරි රහල් පබඳ
18 සිරි සඟ බෝ නිරිඳු
විකුම් වැඩි මහ සෙන් රදු
කිත් සිරි මේ නිරිඳු
බුජස් මහ නම් කුමර දස් රදු
19 අග්බෝ විජයබා මහලු පැරැකුම් මහබා කුලයෙන් ආ සුබා සවුලු විජෙබා රජුගෙ සසොබා
20 ලමැණි කුල පිවිතුරු ජය මහ ලැන මන පිරු1 ගුණ ගණ මිණි සයුරු සියල් නිරිඳුන් මුඳුන් මල් යුරු
21 පැරැකුම්බා නිරිඳු සිවු තිස් වනු මෙ හවුරුදු කිව්සේකර පසිඳු සපියා පවසා බසින් පිරිසුදු
22 ලිය කියවන ලෙස දන්නා මගද හෙළු2 බස විසිතුරු නුවණ රැස සොඳුරු ගුණ යස පථළ දස දෙස
23 සසිරි ලක සිරි සඳ උලකුඩ රජ දූ සොඳ3 පද බැඳැ කින ලද මෙ බණ ඇසුවෝ වෙමින් මන නඳ
1. මුනුබුරු 2. එලු 3. සඳ
කව් සේකරය 189
24 සිරි පෑ හිරු තිරිඳු
තෙද යස දියත පිරසිදු
මතු වන බුදු රදු
සැරදෙ තොටගමු වෙහෙරැ නතිඳු
25 මෙ තුන් ලොව සව් සත මෙත් සිත් කැරැ උනුන් වෙත වැඩෙමින් ඇති සැපත නිදුක් වෙත්වා ලැබැ නිවන් සෙත
26 දහම් පවතී වා යෙහෙන් රජ සැරදේ වා කල් වැසි වසී වා ලොවැසි සැමට මැ දිගා වේ වා!