සිරි රහල් පබඳ-පරෙවි අස්න i

Wikibooks වෙතින්

කලරැවු ස‍ඳෙස



1

සැරද පරෙවිඳු සඳ - පඬුවන් සුරත් සරණින්

පහළ වූ කිරි මුහුදින් - සහ පබල පලු සක්වන්.


2

මිතුරු තුරු සරහන - ම මිතුරු නව වසත යුරු

නු බි නෙන ස‍ඛය ෙඳහි නඳ මද මද පවන ලෙ ලි

හෙ බි පුල් කුමුදු හැගැ නොගතු ද අතිනි ගි ලි

සුරගගින’ල නෙලුඹු - දැලි සඳහස නොවෙත පත

සු දු බු දු නිවෙසිනෙ’න තොප දැක ලෙව් එ ස ඳ

සු දු බු දු රැස් පිඩෙකැයි නොකළෝ ද පු ඳ


ස‍ දෙ කි න් නඳුනුයනිනෙ’න මලෙක සුර න ඹේ

ස දෙ කි න් ලොබින් වටලා නොදැමූ ද ඉ ඹේ

ති දු කි න් අවුද සකි සඳ අතර මග නු ඹේ

ඉ ති කි න් අපට සැප නම් දැක්මම යි නු ඹේ


3 ත මා ඉටු මිතුරු කරර්ණ, පැමිණි ව ර

ප මා නොවෙති සුදනෝ මෙත් දහම ක ර

පෙ මා එයිනුවම් මිණි රුවනින් පව ර

මෙ මා වදන් පස් කැන් කන් ලකර ක ර



4 වි පු ල් කුළුණු මෙත් ගුණයෙන් ලෙව් පු ස්න

කොපු ල් අත දළැස ලෙස තෙද රැස් ඉ ස්න

තෙ පු ල් ගෙන සුරිඳු රකිනා ලෙව් ය ස්න

උ පු ල් ‍වන් සුරිඳු දැක දෙවු මේ අ ස්න



5 තු නු රුවනෙහි බැති පෙම් තර සත නිතො ර

උ නු නොව යුත් පහ දද බිහිදොර පත ර

ම නු කුල මුදුන් නිරිඳුන් රඳන හැම ව ර

ද නු ම මිතුර ජය වද්දන පුර පව ර



පුර වැනුම[සංස්කරණය]

6 ක ළ සුල කළ හෙළ රුවනින් තුඟු නැබ ළ

ලෙ ල සිලිලෙන් පිරි පිරි වෙත පවුරු දු ල

අ ළ ලන වර කිරණව මත් පහර බ ල

ප ළ කළෙ සළාදී නැගි වට තරහ වැ ල



7 සො බ ම න් වුවන් නෙත් පියයුරු බැම සස ල

අ ග න න් දිය කෙළිනු දැක මෙහි ගෙදිගු වී ල

ග න ර න් පියුම් නිලුපුල් තිසර බිඟු කැ ල

ද න කැ න් දනිති තොරතුරු ඇසුමෙන් තෙප ල



8

කි කි ණි දැලින් ලෙල දෙන මුතු ලැල් සම ග

ගි හි ණි ලකුළු තුගු පහ මුදුන මන ර ග

කි ර ණි නොවිදි සැදි රත මිණි කැරළි අ ග

පැ මි ණි මෙ පුර නුබ මැද හිරු ලහිරු ර ග



9

නි ල් මිණි පැහැති තුඟු පහ මිහිඟුති නදි නේ

කු ල් මිත් මෙනෙන් රැවටුණු මැදුරු සිකි කැ නේ

තු ල් ගන ගිගුම් අසමින් නොමද ඇම දි නේ

පි ල් නොම හඹත් දිනිඳුට මුත් උදෑස නේ



10

ම න හ ර පුළු‍ලුකුළු පියයුරු බරන් දැ ක

මෙ හෙ ව ර සියුම් බඹ නොහසළ වනැයි සැ ක

හැ ම ව ර ගනන් මැද පෙදෙසින් නොලැබු සෙ ක

පු ර තු ර සරණ සලෙලුන් බල සකි නොයෙ ක


11

මෙ පු ර ගනන් තනපිඩු වැනි යොවුනිති රි

එ බ ර සුලා හඬනෙව් නද මෙවුල් සි රි

ප ව ර මොනර කරදඟ වී තම නොස රි

නි ත ර කියන වැනි මිණි නුපුර ගිගි රි



12

කො ම ල අදර කර සරණත ලපලු ද ර

උ දු ල දසන් කුසුමැති තෙන පල පත ර

ස ලො ල සලෙලු යදි දන මන නඳන ක ර

ල ක ළ මෙ පුර ලිය කප්ලිය වෙනි පව ර



13

ඇ ති දොර දොර ඉඳුනිල් මිණි රන් තො රණ

පැ ති ර අඳුරු කර හැර පැළඹෙත කි රණ

ති ති රැය සරණ වේ මැද සුරඟන හ රණ

වෙ ති මෙහි බිසරැ දිගැසිය සහ තුටු උ රණ



14

ත ර පහ අග ලකළ කලදෝ කො තේයා

හ ර ගිරි ගිසින් හුණු සුරගඟ ව තේයා

තොර නොව ලෙලෙන රන් දද පල වෙ තේයා

සු ර ගන එ ගඟ බැස කෙළිතී සි තේයා



15

ද ළ සි ළු කැ කු ළු කොක වැ ළු දුලු සිරුරු ක ළු

ම ද වෙ ළු කැ කු ළු බි ඟු තැ ළු කන් තලනු ලෙ ළු

රු පු ර ළු ගි ම ළු පි හි කු ළු ගන කුළු එක ළු

ග ජ මු ළු නැ බු ළු සු ල කු ළු මුළු බල යත ළු



16

ම ද ග ළ වරණ ගළ පළ කළ කුළු පුව ළ

රු පු ඔ ළ මොල ගහළ හළ ලෙල පුරණ තු ළ

නොව හ ළ විරල රළ පෙළ හෙළ දහර ස ළ

ර සු දු ළ ලකළ හය පෙළ බල සකි කොම ළ



17

රැඳී රජ මිතුරු මහ සෙන් උවිඳු කිවි ගු රු

සුවිමල් කමල් සර මින් දද දන ඉසු රු

යුතු හරිසඳු තිරිඳු විජයොත් පහ තිසු ‍රු

මෙ ලෙසින් මේ පුරවර පුරදර පුර අයු රු



18

දෙසඳුන් සපු මුහුළු සහයුරු වෙ‍ළෙප් ම තු

නද දුන් ගිරා පික සැළ‍ලිහිණි බිඟු යු තු

දුළ නන් කුසුම් රොන්’වුල් වැලිතල දිමු තු

ගෙවුයන් සියන් දැක ඇදගත නො හැකි සි තු



19

සුරපුර මේ පුර දෙ තටුව සව් සිරින් පු රා

මහබඹ මෙර තුලාකර බලනවර කී රා

ලුහුබැවිනෙ’දෙව් පුරරැඳු නෙව සුතෙර සි රා

බට වැනි බරින් දෙරණට මෙ පුර ‍මනහ රා



20

ලෙ සේ පබලු රන් රිදී මුතු මිණි අක ර

ගො සේ පසගතුරු සිවුරඟ සෙන් නිතො ර

වි සේ ස වත් ඉසුරෙන් දිනු අලක පු ර

කෙ සේ වණම් එක මුවකින් සිරි මෙ පු ර


23 තව ද මේ පුර ප්රසවරාධිප ප්රවණත නරපති මකුට මණි විරාජිත චරණාරවින්ද යෙන්

විරාජමාන මහා රාජාධිරාජයා ගේ ගුණ වර්ණරයෙකැ. එ ද අසා කණර්‍

සඵල්යමය ලබ.


24 ස ත කු ම් බා ගිරියුරු ගුණැති තිරසර

මෙ න කු ම් බා යොන් පා කළ රුපු සයුර

බ ද කු ම් බා සරි යැදි1 දන නඳන කැර

පැ රැ කු ම් බා නරිනිඳු දින මෙ පුර වර2


25 දි න කර කුලග මෙ නිරිඳු අයුරු පුරුඳුරු

ග න තෙද කලඹ3 දිවයුරු කිරණින් රුදුරු

වෙ න මිහිපල් කල් පුල් නෙතුපුල් අතුරු

දැ න විණි4 කඳුළු පිනි බිඳු බලව විසිතුරු


26 ග න ව ල් ගිරි දුදුළු සෙවුනා විපුල්වන

යු ද ලො ල් රදුන් සිළු මල් ගිහිණි ගල්වන

ම න ක ල් මෙ රද සරණතැ තඹර තුල්වන

නි ය ම ල් කිලුටු කළ මණෙකි නිමල්වන


27 යු ග ත පත සහසපත සිය කිරණ බඳු

දි මු ත මොහු තෙදග රුපු අගිලැ’ විළැ රුදු

දි ග ත දිවෙත යස දුම ගුණ සුවඳ රැඳු

ම ලොත සරල් වරලස උනඹුබෝ මිදු


28 උ ර ගි ඳු නිහර හර සුදඟර ගඟ වියත

කෙලෙසි ඳු ඉඳු සිඳුරු සිඳුවර නිසිඳ සිත

පි රි සු දු කරත මෙ නිරිඳු යන රැස දසත

කි රි සි ඳු පැමිණි වරැ කිතු යුගය සිරි ගත


29 ‍ලෙව් දන මනැ1 කරවන සහතොස විපුල

මෙ නිරිඳු රුවට සරදිනුවට පළමු කල

මෙහෙසුරු දළැස’ ගින් කළ බව ගත විකල

සිතෙසි2 මදන හට එ මැ යැයි සෙතට මුල


30 සවුළු කුල කමලකර දිමුතු දිය ‍ නෙත

මෙ නර පවර සුනිමල් පැවැතුමෙන් යුතු

පසිදු දියතැ නුවනත යළි නුවණ නෙත

මෙ සක් යුවළ පැමිණි යැ සවනතැ සතත


31 ති ල ක ට තිලක වන් මොහු දියැ ඉසුරු පත

නි ල ක ට ගෙනැ කොපුල් ඇඳි ගජසමින් යුත

ව ල ක ට වැදැ විසල් ගෙනැ උමයඟන අත

සෙ ල ක ට නැඟී තව රකිනුව3 පටන් ගත4


32 කි ර නි ඳු කුල කමල රජ හස5 වන් ලකුළු

මෙ නි රි ඳු උදය ගිරි6 සැදි මිණි කිරුළු කුළු

පි රි සි දු හිරවරණ පිරි සඳිනි නො හකුළු

නෙනි රි ඳු සුපුල් කර සියපත් වියැ කැකැළු7


33 වැ ර සර නොයෙක සිවුරඟ සෙනඟ පිරිවැරූ

පු ර වෙය පත අරා අයිරාවණ සිඳුරූ

ව ර මිණි කිරුළු සහ සිවු සැට බරණ දැරූ

න ර ලොවැ සපක් පුරඳුර සිරි පියි මෙ විරූ


34 ක ර ද ර විරුදු රණ’ දිළි ළැවග බඳ

ති ර ස ර සුමෙර සරි මෙ නිරිඳු ගෙ මනනඳ

පෙර ස ර සන තුබු යස දස දිගතැ ඇඳ

උ ර හ ර ගිරය8 තෙලි මකුළුතු කිරි මුහුද


35 නූ නා පැලිඳි සිරි මොහු තිලිණ යස සක

ගා නා ස‍ඳෙහි සුරඟන වෙණ තබා ඇක

නා නා දෙස වැනෙන නෙලෙන’ත තිදස රුක

පා නා වැනි සතොස සලමින් හිස නිසැක


36 කි රි සමුදුර වෙනු1 සුර වරණ තිදසිඳු

කි රි හස තිවට කලදෝ ගිර මෙහෙසුරු දූ

දි රි කැරසුලා සිටිනේ2 නිතර වැ3 පුරුදු

සි රි සිරි පතා දෝ යසසට මෙ නරනිඳු


37 ද ඹ දෙණි අලකපුර වැසි4 දිනිසුරු විලස

ලො බ වත මෙ රජු වෙතැ’සරසවි සිරි නිවස

ත ඹ ර’ණැ පිවිසැ වියොවග වනුව සිහිලස

බ ඹ දිය බඳ දෙ දෙන වි‍ඳිනෝ වෙ ද වෙහෙස


38 මි න් ඉබු කුරා වරා නරසී ගොපලු වෙස

වෙ න් ගත් මෙ ඈ නන් විකරන් දැකැ සියැස

පි න් වත් අප නිරිඳු වෙතැ පවතිනෙක ලෙස

ම න් තුස්වමින්6 වුසු සිරි සඳ ඇම දවස


39 අ ණ තද විකුම් පින් යස තෙද මියුරු බණ

නැ ණ බල රුසිරු දප් හිරොතප් මෙත් කුලුණ

ර ණ දිරි සැදෑ දන් සිල් සිහි මෙ ඈ ගුණ

ග ණ සහ නිපන් මෙ නිරිඳු තුලැ සලකලණ


40 ම හ ත සැපත මොහු ගුණ තෙද සවසත ය

ස ත ත සහසනෙත දෙව් මැති පසවත ය

ව ත ත සවත දිත ගුරු සොමි බඹ කන ය

ස ම ත මෙ සුර සක7 හැරැ නත නො සමත ය


41 පු ව ත ර සව් සිරින් නර ලොවට පත් මුඳුන්

න ඳ ක ර යැදි1 දනන් මෙන් සුරබී නව නදුන්

ම න හ ර බසින් විලසින් හෙබි මෙ නරනිඳුන්

අ ව ස ර රැගත් සිරි පා තඹර දී මුදුන්


42 පෙ ර මුනිඳුන් තම හට කළ ගුණ පවර

ක ර සඳහන් සුර රද පිදු කිරුළ යුර

ත ර සර මිවි පහතුරැ වොරැදි විසිතුර

ත ර පතරැති පත රන් මිණි කරඬු’තුර,


43 වි හි දා කැලුම් සිත ලෙව් සත නෙනැ තරඟ2

සු ස දා රදන හෙළ දිව’ඹර ළ සඳ රඟ

ඇ ම දා සතන් නඳ කළ සුර නර උරග

ද ළ දා හිමිඳු වැඳැ පල ලබ සග’පවග


44 දි න ර ත් න මා වන් තෙද යස කොත් නඟන

පැ න ර ත් න මා මිතුරින් සෙත් මඟ මඟන

ප න ර ත් න මා ලය යුතු උර තලැ රඟන

ව න ර ත් න මා හිමි වඳු සහ මහ සඟන


45 දි ත් රද පිණිසැ සුරු පියුමැයි නමිති මොළ3

ග ත් සිය අතින් කොතිනැ’නැ මෙර සිදුරු කළ

ග ත් තෙද රැසෙව් මහසෙන් දෙව් රදුනුදුළ

සි ත් සහ තොසින් නමඳුව දෙනුව මන ‍ දොළ


නික්මුම්[සංස්කරණය]

46 දි න ක ර දිනැ හතයැ සොමි ළදැරි ලග තුරු

ප ත ව ර4 නැමැඳැ තෙරුවන් සිතිනි පිවිතුරු

සි රි බ ර මෙ නුවරින් මනරම්5 ඉටු මිතුරු

සි හි ක ර යතුරු කර කරණිමෙත් සුතුරු


47 ලො ල වඩවන ගජ හය පුන් කලස් හිවි

කු ල ඟන සසක්1 කුසතණ බමුණන් පෙරවි

න ල සෙවු ඉදිරි වන ගෙනැ මුවරඳ සකවි2

බ ල සුබ නිමිති තොප යන පෙර මඟැ පරෙවි


48 නු බ මිණි අලුත් වත වන කත් අතු අතින

ල ඹ මල් කැනිති3 සෙමෙරින් විදි විඳැ පවන4

දො ඹ අතු සෙවණ’ තුරු සැතැපී ඉඳ යෙහෙන

නු ඹ සිතු ලෙසින්5 මිතුරිඳු එ තැනින් වඩන