සිරි රහල් පබඳ-සැලළිහිණි අස්න i

Wikibooks වෙතින්

සැල ලිහිණි ස‍ඳෙස

1 සැරද සුලකළ ‘ කුරු - මියුරු තෙපලෙන් රඳනා රජකුල රහසැ මැතිනිය සියනි ‘හි සැල ළිහිණි සඳ!


2 පුල් මල් කෙසරු මෙන් - රන් වනි තෙලෙ සරණ යුග;

ස පු ම ල් කැ ලෙ ව් තුඩ මද රතිනි මනහර නි ලු පු ල් දෙ ලෙ ව් සම වනි පිය පිය පතර

මලින් කළ රූ එව් - එ බැවින් නුබින් එන වරැ

නි ලූ ද ලද සිඳඹුවො දිගු වරලැ නිලූ නි ලූ ද වට බිඟු පෙළ අද තඹර නිලූ

ව න දෙව් ලියෝ නො කොළො ද සවනැ අබරණ එ න මඟැ දුකෙක් නො වී ද සබඳිති කලණ ස න හස බැඳුණු තැනැ නො හරින කැරැ දියුණ වෙන සැප කුමට තොප දකිනා එ මැ පමණ

3 ල ප නො මැ වන් සඳ මෙන් සොමි ගුණ ගිහිණී ඔ ප වැඩි ගතැ හෙල්මැලි සියුමැලි පැමිණී සැ ප රිසි දෙන වැනි රස බසැති සිතුමිණී තොප දැකුමෙන් අප පින් කළ බව දැනිණී

4 මි තු රු තු මෝ දුක් සැප දෙකෙහි මැ පැවැති බි තු සි තු වම් රූ මෙන් පිටු නො පාවිති යු තු ම තු වැඩ ම තෙපල එ වැනි ගුණ ඇති සි තු න තු කැරැ අස යහළුව වඩන රුති




194 සිරි රහල් පබඳ


5 ප ව් රද කඳ නා ලෝ මුල් දිගතු බර ලෙව් තුර සුසැදු යස මිණි මුතු මල් පතර ස ව් සිරි පිරි සුර පුර වන් කැලණි පුර දෙ ව් මෙ හසුන් විබිසණ සුරිඳුට පවර

6 ග න ව න් මියුරු නඳ දෙන ගුවනැ වනු විට වි ල සි න් මෙ මා කරවන මිතුර මන් තුට එ හ සු න් පැසුළු පවසමි රස නුසුන් කොට අ ස දැ න් ත යන මඟ සලකුනු මෙ තැන් සිට

7 පොහොස ද් ද න ඇති තුනු රුවනැ බැති ‍ පෙමා මු ලු ව ද් ද න සුර පුර පිරි සිරින් හැමා ජ ය ව ද් ද න කිරුමෙල් සුසැදු තම නමා ජ ය ව ද ද න පුරවර දනු මිතුරු තුමා

8 සැ දි රත තඹර පෙළ රන තිසරුන් රුවැති වි දි දිය දහර ලෙළ දෙන දිගු නරු පටැති රැ ඳි රළ රළ ති හොයා දියවන්නා නමැති ඇ ඳි පුර අඟන පට සළු සිරි රැපැයි නිති

9 ස ම නොළ මුහුළ මහ සමුදුර මෙවුන් බර සු ල ක ළ පුවළ ලකඟන සිරි යොවුන් වර ත ර ක ළ විසල් වාසල් යතුර මෙ නුවර බැ ඳ හ ළ රුවන් තන පට කියෙලියැ පවුර

10 සි හි ල් සපු සුවඳ ගෙනැ එන උයන්වල සි හි ල් නෙලෙන් හඬවන මිණි කිකිණි කැල වි පු ල් රත් සෙමෙර බඳ රන් දද සසල ළ ක ල් මෙ පුර තුළැ වළහා රිවි තැවුල

11 ත ර සර හිවි මහල් මෙහි පහ පෙළ නිතොර සු ර සිදු විදුදරන් සැදි සඳලු මනහර ක ර වන මඟුල් කෙළියෙන් නොමැති අවසර පු ර සිරි බලන ලෙස බට සුර විමන් යුර



  							සැලහිණි සඳෙස			195

12 සි සි වන වුවන ඉහ සුඟු ගත හැකි මිටින නි සි පුළුලුකුළ රිය සක යුරු තිසර තන දි සි රන ලියෙව් රූසිරි යුත් මෙ පුරඟන ඇ සි පිය හෙළන පමණින් නො වෙති දෙවඟන

13 සො ඳු රු සිය නදන් අනුතුරු දෙසැ සිටින කි නු රු නිය සරන් කදහස වෙතැ නො වන ඉ සු රු දන ද සිය නිකෙලෙස් තැනැ රඳන උ තු රු දිගිඳු පුර දිනි මෙ පුර වැජැඹෙන


නික්මුම

14 උ දේ සැපත් සුර ගුරු අලු කැරැ අවට ස ඳේ මුදුන් වත අස්විද නැකිතැ සිට න ‍ඳේ සිතින් තම කුල දෙවිය සිහි කොට යෙදේ ගමන් යහළුව මෙ පුරෙන් තොපට

15 න ල මුදු සුවඳ, පිරි කුමු මියුරු අඹ ගෙඩි පු ල හෙළ කුසුම ලිය පිය තෙපල රන් කෙඬි ස ල සුදා සෙමෙර සේ සත් ගිජිඳුනොද වැඩි බ ල සුබ නිමිති පෙර මඟැ නැකතටත් වැඩි

16 ලො වැ වි හි දා සුදු පැහැ සඳ රැසෙව් සැදී දෙන නො ම දා සිරි සග මොක් සැප නිසැදී ල ද මු නි දා දම් කඳ පහස මන බැඳී ව ඳු ද ළ දා හිමි තෙ මහල් පහයැ රැදී

17 ග න ර න් කොතින් දිලිහෙන මිනි රස් විහිදු ප ව නි න් ලෙළෙන පල අගැ මුතු ලැල් සිනිඳු ස ඳ කැ න් මිණෙන් බඳ යුතු බිතු පෙළින් රුදු එ තැ නි න් ගොසින් සැණෙකින් රජ විමන් වදු




196 සිරි රහල් පබඳ


18 රි වි බි ම් බා යුරු රිවි කුල කමලකර පි යු ම ම් බා නිතොර වැ රැඳි උර මැඳුර මෙන ර ම් බා හිමි රූ සිරිනි මනහර පැ රැ කු ම් බා නරනිඳු සඳ දකු මිතු

19 උ නු නොවැ බරණ සිවු සැට වොටුනුත් පැළැඳ වෙ නු මෙන් පසක් උන් සඳැ සි හසුන් මැද ම නු රජ කුලෙන් පැවැතෙන පිලිවෙළ නො සිඳ ග නු අවසර එ නිරිඳ සිරි පතුල් වැඳ

20 පෙ ර ව සඳ කිරණ පිපි කුමුදු මල් විටින් ප ර ව තඹර පෙති ගිලි දිය තලා පිටින් ත ර ව සිහි ඇති වැ පර තෙරට යන අටින් ක ර ව පියා සර සකි කොන්තගන්තොටින්

21 ක ළු වැ ල් කපුරු දුමැතුළැ ලෙළෙන දද පෙළ සු වි ස ල් මිහිඟු සක් සන් මිණි හඬ පතළ කැ ‍රැ ලො ල් සතන් පවසන තියු ගී දෙමළ ම න ක ල් ඉසුරු කෝවිලැ ලගිනේ ලකළ

22 වෙ ස ඟන තුඟු තන යුගැ රොන් කොකුමඟර පි ස එත මඳ පවන් ඇදැ විල් ළිහිණි සර ගොස ඇලුයම් පස තුරු සවනතෙහි කැර ඇ ස නිඳි ගැට හැරැ නැඟැ සිටු උදා හිර

23 උ දා ගිරි කසුන් රිට වැටි හිසැ බැබැළි එ දා සහසකර පහනෙව් කරත හෙළි යො දා නුවන් ඉසුරට කරන පුද කෙළි වි දා පියා නිලඹර යන් නො වී මැළී

24 සු ර ර ද සමන් සමඟින් සුරඟන එ වර පැ හැ න ද වඳාරා පරසතු මල් පතර කැ රැ පු ද වඳින රැඳි මුනි සිරි පා තඹර ස කි ස ඳ පෙනේ සමනොළ ගල නැගෙනහිර



								සැල ළිහිණි සඳෙස		197

25 ග නේ මිණි බැබැළි කිරණෙවු සතපාය ර නේ යටගැ සැවුලිඳු දද කළපාය අ නේ ලකර කළ පුර අප නරපාය පෙනේ දකුණැ මහසෙන් දෙව් රද පාය

26 ව ල ඳින අදහසින් මෙන් සුර ගඟ අඟන න ල බල සසල දළ රළ පෙළ නුබ නැගෙන වෙල ළසැ ගැවැසි මුතු සක් පබළු බබළන බ ල මහ මුහුද එ මැ සඳැ උතුරින් පෙනෙන

27 ස න් න න් සිහින් ගෙඳි සෙවණලු වැලි තෙලෙන තැ න් තැ න් වලැ මැ සැතැපී සියුමැලි බැවින ර න් ව න් කරල් ගෙනැ එන ගිරවුන් අතින ය න් ම න් තොසින් මඟැ තොරතුරු නියම දැන

28 නි ල තුරඟුට නැහෙමින් රිවි දෙව් සරින දු ල කැරැ සේ සත් මිණි බරණ කිරණින බ ල පිරිසෙන් සහ යාපා පටුන් ගෙන බ ල සේනා නායක සපු කුමරු එන

29 අ ග පිපි මල් මලිගිය ලිය කැලේ යා ව ග බැඳැ හෙන රජ හස පුල් විලේ යා ළ ග තුරු මල් ගිලිහුණු රොනවුලේ යා ම ග බැසැ යව පළ හෙළ වැලි තෙලේ යා

30 අ යි රාවණ වූවත් නවතන රිසින් එන අ යි රා දහස් දිළි දුනු කොත් සිපත් ගෙන ක යි කාවෙලෙහි දැකැ සෙබළුන් රැකැ සිටින ව යි යා කරන් මල් තුරු ගන වන හිසින

31 නි ම ල් සඳ පහන් වැනි වැලි පිටැ උදුළ සු පු ල් මල් යහන් ලිය මඬු ලිය ගො පෙළ එ ක ල් කෙළන වන දෙව් ලිය දැකැ කොමළ ළ ස ල් රුකෙකැ සැතැපෙව ළ පලු සිහිල’ළ




198 සිරි රහල් පබඳ


32 ම ල් ද ම් සුවඳ දුම් දුන් සොඳ වරලසිනි ක ල් ගි ම් නිවා සැනැහෙන සිහිලස රසිනි කො ල් ල ම් ගසින් නිල් ඉවුරැති පොකුණසිනි ව ල් අ ම් බලම දැකැ යා ගන් ‍සහතොසිනි

33 කස්තුරු තිලක සැදි නළලත සුමටාන

           පුල් රතු උපුල් මල්                                                                                දවටාන

සලෙඵන් යනෙන නිති කැරැ කෙළි කවටාන රිවි මුදුනතැ වන මැදැ වදු සුමුටාන

34 ම ඟ නි ල මි න් සිටි නා දොඹ නි පියල පි ය ස ල මි න් මලගෙහි කෙළැ රොනිනවල ත තු ඬ ල‍ මි න් බිඳැ විලිකුන් මියුරු පල ඉ සු ඹු ල මි න් යා සැල අඹ පඳුරුවල

35 රි වි තැ වු ලේ පි ප ක ම ලේ විල් ගැවැසි ම ත කොවු ලේ තු රු ව ද ලේ හඬන නිසි ව න සැ වු ලේ ම ඟ අ ස ලේ පොර සැලැසි ගු රු බැ වු ලේ ය ව අ වු ලේ නො වී කිසි

36 ව න සි රි පියුම් රා බඳ රන බරණ යුරු ව ට පි රි සුපුල් දුනුකේ මල් මුරුත තුරු බි ඟු පි රි වැරූ ඔලුපුලැඹුලවල තඹුරු හි ම ස රි සිහිල් දිය හෙබ දැකැ යන් මිතුරු

37 ස ලා දු ලා පියොවුරැ තඹර රොන් රත පු ලා නි ලා උපුලන් ලා ගෙනැ කනත ක ලා පි ලා නො වැ ඇල් රෙවි කෙළන ඉත බ ලා ප ලා යව අස් වන් ගුරුව කෙත

38 බ න් නේ මරා මිණි දුළ පබළු මුතු පට වැ න් නේ ගමඹු ගෙල පල මල් කුමුකු වට ග න් නේ ත සිත එ බැවින් නො වැදැ කෙළියට ය න් නේ වෙළෙඳගොඩ දැකැ මඳ කලක් සිට සැල ළිහිණි ස‍ඳෙස 199


39 අවට සුපිපි සපු දුනුකේ සලළාන හඉන තැනින් තැනැ විලිකුළු කිරළාන පැසී නැමි කරල් රත් හැල් සහළාන වඩින මැනැවි මල මහ වෙල වෙරළාන

40 ප ත් ගන පුල් මල් දොඹ තුරෙකැ පියකුරු සි ත් පිනවා ඉඳැ සැල ළිහිණින් අතුරු ග ත් සරතස හැරැ විඳැ සුවඳ මද මරු කි ත් සිරි මෙ වෙහෙරට වදුව පස් වරු

41 සො ඳ මුනි රද පිඬු කළ යස මෙරද සම පු ද කළ ඔහු නෙත් නිල් කැලුමෙව් බැරම ස ඳ යුරු සඳ වෙලෙන් රැඳි රුසිරි මනරම ව ඳ නෙහි තෝ දා ගප් මහ බෝ පිළිම

42 ස ල් සපු කීණ දොඹ රෑරඟ නා මිදෙලී පු ල් එරහැදි හෝ පලු මී අඹ පළොලී පො ල් පුවකුගු රඹ මල බුලත සලිමලී නි ල් ගන සා සෙවණලු දෙ තෙරැ මනකලී

43 ග ව සා සුපුල් කඩුපුල් මල් නිල් වරල ස ල සා උකුළු වට රසුදුළ මිණි මෙවුල ස ක සා දෙ තන හර සඳනෙත් කැරැ සිහිල දෙ ප සා ඉසින නිල් පැහැ නෙතැ දිගු පුළුල

44 ම න හර නා මෙනෙවියනිදැ ළ වැලි පිට ගෙ න මිණි වෙණ තත් නියගින් මැදැ රුවට ක න එවැ කියන බුදු ගුණ ගී මියුරු කොසිට සැ න හෙව කැළැණි ගඟ බඩැ මද කලක් සිට

45 ස පු ම ල් යොහොඹු ලා බැඳැ වරල මන රඟ පැ හැ දු ල් දොඹ කැකුළු හර කැරැ ලා තනග රොන වු ල් ‍නා කුසුම් කනැ ලැ කො‍ඬොල් රඟ ද ව හ ල් උයන් කෙළි කෙළැ සලෙළුන් සමඟ



200 සිරි රහල් පබඳ

46 නු ව නි න් නිල් උපුල් මඳ හසිනි හෙළැඹුල වු ව නි න් කමල් පෑ ලවනතිනි රතුපුල ප ව නි න් අඹළ රන ලිය වන්ලියන් කැල රු ව නි න් ලකළ ගඟැ දිය කෙළැ නිමුණු කල

47 ව දි මි න් සවසැ නල හැසිරෙන දිගතුවල සොබ මි න් සුනිල් මිණි නිල් නුබ තුරැ විපුල ප ත ස න් අවර ගිර නැටියෙන් වැටෙන කල වි ලි කු න් සුරන්පල වැනි වේ රිවි මඩල

48 ම හ තු න් හසළ තම හට යස පිහිට ලෙස නි ය ති න් නො හළ යුතු බව පැමිණෙත වෙහෙස සු ද න න් පැවැති සිරිතැ යි දන්වන විලස නු බ මි න් සමඟ ගෙවෙනු යැ දවහල් දවස

49 සැ දෑ ලෙන් වරුණ දෙව් රද මුහුදැ විසූ සැ දෑ සහසකර එන සග වත සැලැසූ වි දෑ උපුල් පිළ මෙන් රත් පටින් වැසූ සැ දෑ වලා පෙළ පැළ දිගැ පෙනුණු පසූ

50 උ දු ළ සොමි කැලුම් නිසයුරු හිමි පුවළ ප හ ළ වන බැවින් තම වෙතැ නිසඹු දොඹ ල ක ළ ගුවන් තල සිරි යහනැ නිකසළ ස තු ළ කුසුම් විලසින් සැදෙත තුරු වැළ

51 ද න කැ න් ගෙනැ දමන ගෙදුරට නො හැකිළිය ප නි මි න් දියෙන් ඔවුනොවුනැඟෙහි පෙරැළිය ලෙහෙලු න් කෙ‍ළන කැරැ පෙණ පිඬු රළ රැළිය එ තැ නි න් පියා සර කරැ දකු මස්කෙළිය

52 පැ හැ ස ර ණි ය මි ණි පැ මි ණි ය කොත් අගට බ ඳ කි කි ණි ය ද ද ගි හි ණි ය විමන් වට නොවැපැ රැ ණි ය ව න ර ම ණි ය විටින් විට සැ ල ළි හි ණි ය ව දු කැ ළ ණි ය පුරවරට



සැල ළිහිණි ස‍ඳෙස 201

53 දි ය ක ඳ ගැඹර පිරි පුවතර මහ සයුර මු ව ර ද ලෙසින් වන අගතිසි කර තඹර ම න න ඳ කරන මණි ගණ මෙන් දිසි එ වර පැ හැ න ද පහන් එහි මහ වෙයැ බල මිතුර

54 උ ද ය ග පියුම්රා පැහැ වැදැ මෙන් රැඳුණු පෙර දි ග පෙනෙන සඳ සඳ කැල්මෙන් දිලුණු ම න ර ඟ එ පුර සඳකත ගෙහඹින් වැඩුණු සු ර ග ඟ පතිනි දම් රැකුමෙහි වැනි දැපුණු

55 සු නි ල් වලා නව සඳනිලුපුල් පබළු වි ම ල් සක් ගිජිඳු කුඹු සිරිවස බැබැළු වි පු ල් පුලින් රඹ සිකි ගල මුතු ළදළු ළ ක ල් රන ලියන් සරනා බල යහළු

56 ඔ ද වැඩි කෙළි මඟුල් ලැබැ තුටු නිසා කල ස ඳ සක් ම‍ඳොසිනැදැ දෙත දුනු කැන් දුහුල සො ඳ සුර අඟන පහ සුමුඟින් පැහැ උදුල සෙ ද දුනු අඹර මතු ඇය රස් මිණි මෙවුල

57 ත ව ර කැරැ කොකුම් ස‍මඳනෙත් තුනු සියල ප ව ර සුවඳ මල් දම් පැළැඳැ මනකල බැ හැ ර සිතු නො ලු හිමි නඹුවො කෙළි ලොල එ පු ර ඉඳිති සඳ පානේ සඳලුවල

58 මුව ලඹ රඹ වලු බර රන් තැඹිලි තුරු සැදි ගෙ උයන් ගෙවමින් වේ මඟැ අතුරු කරකැවෙමින් දකුණට අවුදින් මිතුරු වදු වෙහෙරට සිහි කරැ නව ගුණ මතුරු

59 දි ය තෙ ක් පැතිරැ සිටි බුදු ගුණ කියා හැම ස ග මො ක් ලබනු වස් පිය යුග ඔබා බිම සි ය ස ක් පුරා දුටු මෙන් තුටු වැ මුනි තුම ව ඳු ල ක් තිලක ගෙයි වැඩැ උන් මහ පිළිම



202 සිරි රහල් පබඳ


60 පෙ ර ද ල නිඳු දිය කඳ රට බිම් ගලත සු ර කු ල හිමි රකිනුව ලක මැවූ සත ම න ක ල ඒ සමුදුර පැහැයෙන් දිමුත ව ඳු ස ල පිළිම හිමි සිරි සරණ නියපත

61 ගි ලි ය නො දී සැට මහණන් බව මහණ ම ලි ය තෙරිඳු වැඩැහිඳැ දෙසූ බණ දි ලි ය පස් මහල් ප‍ායෙහි මිණි කිරණ බැ ලි ය හැකි වි නම් දැකැ වැඳැ යා කලණ

62 පෙ ර උ වි ඳා ගෙ නැ ගි රි ඳා සිඳු සලත නැ ඟි පැ හැ දා පෙ ණ ස මු දා සැටි නුමුත මෙ න උ ළි දා පැ හැ වි හි දා නෙ දිගු බිත සැ දි ව ට දා ගෙ යි ව ඳු දා ගබ දිමුත

63 දි ගු නෙ ත් නිලුපුලෙව් රතදර පබළ රඟ සි රි ම ත් සුපුන් සඳ වැනි වූවන මනරඟ පැ හැ ප ත් ලකළ රන් වන් විලසින් ලොවග වැ ද හො ත් පිළිම හිමි වඳු පායැ පැළැ දිග

64 අ හ සින් අවුත් මිණි අක් නයිඳු යැදුමට ර හ තත් මැදෙහි මුනි හිඳැ මිණි පලඟ පිට ද හ මුත් දෙසූ තැනැ කළ සැට රියන් කොට ම හ දා ගප් හිමින් වඳු සොළොස තැන් සිට

65 ස ව න සතියැ වැසි වසිනා දස දිගෙහි පෙ ණි න සෙවෙනි මුදලිඳු නා දරණ ගෙහි ස ව න හිඳිනු දන’ නඳනා නෙතු යුගෙහි ව ඳ න මැනැවි පිළිමය නා පිළිම ගෙහි

66 ස ස රි න් මුදා ලෙව් සදහම් අමා දී එ ක ඟි න් මුනිඳු උන් වැනි නිපරමාදී ල කු ණි න් සපිරි පිළිමය දැකැ සමාදි වැ ඳැ ග න් මිතුර තුන් සිත කැරැ සමාදි

සැල ළිහිණි ‍‍ඳෙස 203


67 අ ප මු නි ඳු බුදු වන දින මුරුන් පිදූ පැ හැ වි හි දු දිලි ‍කලදෝ යටින් යෙදු සැ දි සි නි ඳු ඉඳු නිල් මිණි සතෙක බඳු වැ ඳැ දු මි ඳු වන පින් පල ත අත් බඳු

68 වි ටං ක පැකිලිඳු දකුණසැ දොරටුයෙන නි සිං ක යෙන් පුද නන් තුරු ගොස’ සමින

	ක	ලං	ක	නො වැ කළ සුබ ලකුණු 	බබළන

ති වං ක නම් දෙ පිළිම නමැඳැ බැසැගෙන

69 ස ම නො ළ ගිරි ගිජිඳු දිගු කළ නො‍ඬෙක සැටි සි හි ල ළ ගඟැ සිලිල් සනහා මුනි නො ගැටි පැ හැ දු ළ තුන් සි _ රු ඇඳැ පෙරවැ වැඩැ සිටි තැ නැ ක ළ සිවුරු දා ගබවඳු නො පෑ පිටි

70 නි රි ඳු න් කැලැණි තිස් නිවැරැදි රහත් තැන සැ ක යෙ න් ලැවූ හුණු ලේ සැළ තුබු තැන බැ ති යෙ න් පිනැතියන් කළ විසිතුරු විමන වැ ඩැ උ න් පිළිම හිමි නමඳින් යහදසන

71 පි රි සි ඳ නො දත හැකි මෙ වැඳුම් පින් පඬුරු ම න බැ ඳ රැගෙනැ දෙන ලෙසැ දැකැ එ සුර විරූ සු ර ර ද පාය වන් විජයොත් නම් මහරු එ මැ ස ඳ වඩන රජ ගෙට මිතුර වැඩකරු

72 පු ලා සුවඳ මල’වුල් කැරැ වරල් බැඳ දු ලා රන් පතින් සරසා සවන් සොඳ නි ලා දිගු නුවන් රසඳුන් තනා ඇඳ බ ලා සිටු රඟන රඟ මඩලැ කල්බඳ

73 වි දෙ න ලෙළෙන නරු බර පුළුලුකුළැ රැදී හෙ ළ න න ඟ න ඇතැ නුවනග බැලුම් දිදී රු වි න දි ලෙ න අබරණ කැලුම ගත යෙදී සැලෙ න ප හ න සිළු වැනි රඟන ලිය සැදී



204 සිරි රහල් පබඳ


74 ල ක ළ පුළුලුකුළැ බඳ මිණි මෙවුල්ලා ස ම ඟ රන් නලඹ රැවු දී ‍ වෙවුල්ලා ව ය න පදට තබමින් පද කමල්ලා ර ඟ න ළඳුන් බල රූ සිරි සියල්ලා

75 ව ස් පැවැති අනතුරු ගී රැගුම් පුද රැ ‍ ස් වූ සෙයින් සත් සර රස ගී සොඳුරු අ ස් වන ලියන් දැකැ ලිය කිඳුරඟන යුරු තො ස් කර ත සිත සවනත නුවනත මිතුරු

76 මෙ ‍ සේ පැවැති අනතුරු ගී රැගුම් පුද තො සේ සිතින් වැඩැ සිටි සුර විමන් ‍මැද ය ‍ සේ පතළ දිය තළැ උතුළ මනනද ඇ ‍ සේ පුරා දකු විබිසණ සිරිඳු සඳ

77 පැ මි ණි සිටි අඳුන් ගිරි කුළු මුදුන වෙත රෙහෙ ණ නැකැතැ ගැල සිරි විලසින් දිමුත ස ර ණ මුළු ලොවට එ සුරිඳු සිරස පත ක ල ණ කිරුළ දිසි මුතු ලැල් ‍රුවන් යුත

78 සු නි ලේ පැහැය හැරැ සුදු වනු යැ ගන වෙලේ වි දු ලේ එයින් වියොවට පැමිණැ වියවුලේ නි ස ලේ එ මේ සිරි ගත් සුරිඳු හැම කලේ උ දු ලේ දො හෝ රන් පට මෙන් නළල් තෙලේ

79 රු වි නේ උතුම් එ සුරිඳු මිනි ඊල මෙනේ ස ව නේ රැඳුණු රසුදුළ තෝඩු ගන රනේ ‍වු ව නේ වැජැඹි සිරි සරසවිය හැම දිනේ සොබ නේ කනා කැට පත් යුවළ විලසිනේ

80 නම කළ සත හැලේ සි හි ලේ සැප සිලිලී බිය සෙණ රුපු කැලේ තු මු ලේ දෙන ‍ නො කලී නළලත ගිරි තෙලේ සු නි ලේ රැසිනිපිලී සුර රද දෙ බැ ම ලේ ග න ලේ සිරි කියෙලී



සැල ළිහිණි ස‍ඳෙස 205


81 ස තු රු සුර අඳුරු එක පැහැරැ දුරු කළ මි තු රු තඹුරු වන නිරතුරු පුබුදු කළ අ තු රු තුසර සිදුවන දැකුමෙන් පහළ ළ හි රු සිරින් දිළිහිණි හිමි නෙත් සඟළ

82 ය ස ගා න කල තැනැ තැනැ සිදඟනන් සැදී නො ළ ඟා එ හිමි දිඟු තුඟු නැහැයට වොරැඳී ස ම ඟා රජුන් දෙවියන් සෙවුමෙන් නිසැදී මු ර ගා අහෝ මිනි කාලම වෙහෙස විඳී

83 සි රි ස ර හිඟුල් විලැ සේ හස වැළෙව් ගන සු ර ව ර සලෙළ රත ලවනත දළ දුළන ම න හ ර සඳ වලා පෙළ කෙළවරැ පෙනෙන පැ හැ ස ර ළ සඳ යුවළෙක් ඇත් නම් එ මෙන

84 ක නා මිණි වළලු නැඟි රස් මල් කැනැති ම නා දිගු ඇඟිලි නව තඹ ළ පලු ඇති ද නා කැමැති දෙන පලඹත එ සුර පති දි නා දිමුතු අතු සිරි සුර තුරැ පැවැති

85 පා නා සෙනේ සුසිනිඳු මඳ ‍ලස බැල්ම ගා නා නිමහමෙව් දෙවඟන නෙත් කැල්ම නා නා සුරිඳු පුළුලුර සිරි සඳ ඇල්ම නූ නා කෙළන ගලතළ වැනි ඉඳුනිල්ම

86 ල කු ළු පුළුලුකුළු වට බිම එ සුර විරු වෙ ර ළු මිණි කැලුම් පතරින් මෙවුලතුරු නැ ඹු ළු සොඳුරු සුසිලිටු වටොර රඹ තුරු බැ බැ ළු සිලිල් ඉසිනා විලස සිරි දැරු

87 ව ද නා සුරන් කිරුළග රුවන කැලුමෙනා බ ඳ නා කොමළ ලතු විලසළ රතින් මනා ම ඩ නා බැවින් සියපත එ හිමි පතුලෙනා බි යෙ නා ළ තඹ හෝ පලු සදිසි වෙවුලනා



206 සිරි රහල් පබඳ


88 වෙ සෙ සි න් පහන් පැහැ සර ගැඹුරු පිවිතුරු බැ ලු ව න් ඇලුම් කරවන යළි දු බියකුරු සි රි පි න් රුවන් පිරි එ සිරිඳු සයුර යුරු මු ‍ වෙ කි න් කියා නිමැවියැ හැකි ද රූ සිරු

89 ලෙ ව් හට තමන් නම කිව රිසි දෙන විසිනි දෙ ව් තුර සුරබි සුර මිණි සරි ද කෙ ලෙසිනි ප ව් රෝ දුකුදු දුරැ ලන පොකුරඹ හසිනි දෙ ව් වෙද ඇසෙන පමණෙකි වියතුන් බසිනි

90 ම න් පිනවන යස සිරි තෙද නැණ විපුල සෙ න් යුද ජය රජ බව තනතුරු සියල දෙ න් නෙන් පැතූ විටැ සුබ වැඩ දිගා බල පි න් නම් සතුනු කළ දෙව් රජ මැ යැ මෙ කල

91 තු න් ලෝ තමා නතු ‍කළ රවුළු සොහොවුරු තු න් ‍කල් බලා රමිඳුට වූ ඉටු මිතුරු තු න් වේ ඇදුරු පුලතිසි කුල මිණි මිතුරු තු න් ‍විටෙකැ මැ වඳු එ සුරිඳු පා තඹුරු

92 අනතුරු බලා අදහස අවසර පිගස යුහුසුලු නොවී සලකා පසු පළමු බස පෙරදැරි කොටැ සුරිඳුට තිසු වදන් ගොස සැළ කර ත ගිය කටයුතු සිටැ එකත් පස

93 ත ර ස ර සු නෙ ර තද තෙද දිමුතු දිවයුර පු ව ත ර ගැ ඹ ර සමුදුර කැලුම නිලඹර සොමි බ ර ප ව ර නිසයුර නුවණ සුර ගුර සු ර ව ර දෙ සැ ර විබිසණ නම් කැලැණි පුර

94 ර ජ කු ල සුපුල් විලැ රජ හස වන් සරන පෙ ර ම ල වියා වන් රුසිරින් මනනඳන හැ ම ක ල විපුල සව් සැපතින් නො අඩු වන තෙද බ ල විකුම් ගුණ මිණි බරණින් තෙවුන



සැල ළිහිණි සඳෙස 207


95 ග රු ත ර නන්නුරු තුනයා නැමැති මැති සි හි කැ ර නිතර මහ පුද පඬුරු දි රුති නොවි සි ර ඔබට දන්වන ලෙසැ කී සිතැති සු ර ව ර මඳක් කල් එ පවත් ඇස‍ියැ යුති

96 රි වි කු ල ලමැණි ගොත් පිරිසුද ගුවන් මැද පැ හැ දු ල සරා කල් පත් සහසකර බඳ කි වි කැ ල ගලට මුතු හර වන් යස පබද සි රි ක ල කුල නිවෙස් දිය පතළ තද තෙද

97 හ ළ දුසිරි දැන තෙ වළා මුනිඳු බණ කෙ ළ පත් සියල් අවි සිප් කව් නළු සතණ ඔ ළ මොළ රුපුනු දප මඩැ පෑ උපා නැණ ක ළ මුළු ලක් දිව එක සේ සත් සෙවණ

98 සත ‍නෙත දුන් රූසිරි රස අඳුන් වන පත නර ලොවැ පුරඳර සිරි අඳුන් වන විකුමෙන් එ දඹදිවැ නිරිඳුන් මුදුන් වන අප පැරැකුම් නිරිඳුට දූ ළඳුන් වන

99 සි රි ස ඳ ව න් සව් සිරි දියුණු වැ රදන සි තු මි ණි ව න් යැදි සැදි හට දනින් දෙන ස ර ස වි ව න් නුවණින් පහළ වැ පෙනෙන න ව ස ඳ ව න් ලෙව් වැසි අදරින් වඳන

100 යෙ‍ හෙ ළි න් කෙරේ සකි සැප සමඟ සිත්මේ කු ලු ණි න් දැසි දසුන් වෙතැ ‍වසින වත්මේ ර කි මි න් පතිනි දම් යහපත් සිරි‍ත්මේ සි හි නෙ න් නිපන් වන් අය පින් පැවැත්මේ

101 මි හි රි තෙපලැ තන්වැසි කිවි කම් පුරුදු ඉ ති රි බ‍ ති පෙමැති පෙ‍ළ දහමෙහි මුනිඳු නොහැරි පෝයැ අට සිල් රැකුම පිරිසුදු ස සි රි උලකුඩය දේවිය හට පසිදු



208 සිරි රහල් පබඳ


102 දී ත් රුපු කිරුළු මල් දම් සුවඳ ‍ මී වැස තෙ ත් සිරි පා යුත් සුරිඳුනි තලෝ ඇස සි ත් පිනව‍‍ ඇති ආ සිරි නුවණ යස පු ත් රුවනක් සොඳ දුන මැනැවි නිසි ලෙස

103 බි සො ව ට පළමු රත්නාවලි නම් සොඳුරු ස හ තු ට දෙවු හිමි දිවැසින් කුලුණු පිරු මෙ ල ක ට ඉසුරු වී පැරැකුම් රජ කුමරු ප ළ කොට කිමෙකැ ඔබ සොඳ තෙද බල මහරු

104 එ සෙ යි න් දෑසමන් මහනෙල් කුසුම් ගෙන පු ද මි න් එ සුර වර සිරි සරණ ‍වඳිමින බු හු ම න් කරන රජ දූ සඳුට මෙ කියන දු න පි න් සමඟ යස සිරි වඩි පුත් රුවන

105 මෙ හ සු න් සුරිඳු හට සැළ කැරැ මෙසේයා ව ඳි මි න් බැතින් පැදැකුණු කොටැ තොසේයා ද කි මි න් බිසෝ දෙවියන් නො වැ ලසේයා කි ය මි න් යදින් සකි සඳ මෙ මැ ලෙසේයා

106 පැ හැ ප ත් පුන් ස‍ඳෙව් කිරි සමුදුර පළට සි යගො ත් බබුළුවන දෙව්රජ කුමර හට නැ ව ත ත් එකලා වැ අවසර ලැබුණු විට මෙ ප ව ත් කියව සැළ කරනුව සුර රදුට

107‍ මෙ සි ය ලු මැ අදහස් කුලුණින් ගිහිණි සේ සි ය පත සලසා උදයැ දිනමිණි නෑ සි ය ඉටු මිතුරු සමඟින් සැල ළිහිණි වා සි ය පවතු සිතු ලෙසැ සැපතින් පැමිණි


_________________



සැල ළිහිණි සදෙස 209


108 (පැ රැ කු ම් රජුට පන් තිස් වන නවම් මස ම න ර ම් කැරැ බඳුතු මෙ හසුන් නො වී ලස ඇ යැ දු ම් ලෙසට සිදුකැරැ කිවිඳු අදහස දෙ ව් ර ම ම මිතුරු දුන් ගබ බිසොවට සකස

109 ස ති ස් වන නවමැ පුර අස්ලිස නකත ප හ ස් ලැබැ සුපුන් සඳ නුබතුරැ පෙනෙත ස හ ස් කර කුලට ‍‍ වැඩ වන ලෙස සතත වෙසෙස් රජ කුමරු විලසින් දැකුස් පත

110 ක ඳ වු රු කුල මැඳුරු මිණි පහනෙව් සුසැදි නැණ ගු රු ස බස සමය ද දැනුමෙහි වොරැදි ර ජ ගු රු විජයයබජ පිරුවන් හිමි පැහැදි මෙ මි යු රු පදැති සැල ළිහිණිය අස්න යෙදී)


පැරැණි සන්නකුරු