Jump to content

සීගිරි ගී-විවරණය i

Wikibooks වෙතින්

සීගිරි ගී

1. (ස්වස්ති)

ඵළෙනෙ(ල)කුළි මැටියා1 ලී ගී බෙයන්ද් අවැජ් නොලද් එක් ගියක් (කියී2 මා) (බස)ක් රන්වතැන් වතැන් බැලිමි අසිරි සිහිගිරී 3

අන්වය  :- බෙයන්ද් අවැජ් මා එක් ගීයක් කියී. වනැන් රන්වනැන් බසක් නොලද්. සිහිගිරි අසිරි බැලිමි.

අර්ථ්ය:- යහපත් වේවා! එළෙතෙ‍ලකුළි (නම් ස්ථාසන යෙන් පැමිණි) මැටි (නමැත්තා) ලියූ ගීයයි.

බෙයදට අවුත් මවිසින් එක් ගීයක් කියූ මුත් (සිය පෙම්වතාගෙන්) වියෝවූ4 රන්වන් (ලියන්ගෙන්) බසක්වත්‍ ‍නොලදිමි. එහෙයින් (මම) සීගිරියෙහි ආශ්චර්ය්ය බැලීමි.

1. මැටියාගේ 2. කියි + යී > කියී. 3. සිහිගිරිහි > සිහිගිරී. සිහිගිරියෙහි යන අර්ථ‍යි. 4. වනැන්.

විස්තර :- කාලය - 8 වෙනි ශත වර්ෂයය වෘත්තය - යා ගී.

2. ස්වස්ති

පැජින් පස්වැසි මෙයල්බතීන්1 ගී. බෙයන්ද්හි ‍රන්වතැන් අ(න්ද්ව)ය් (මියැගියෙ) රජ් මහනෙල් අත්නි ගත් මෙ හිමබුයුත් නො බුණුයෙන්.

අන්වය ;- මහනෙල් අත්නි ගත් මෙ හිමබුයුත් නො බුණු යෙන් රජ් බෙයන්ද්හි රන්වතැන් අන්ද්වය් මියැගියෙ.


67

68 සිගිරි ගී


අර්ථතය:- යහපතක් වේවා! නැගෙනහිර දෙස වැසි මෙයල් බතගේ ගීයයි.

මහානෙල් අතින්ගත් මේ කතුන්2 කථා නොකළ හෙයින් - රජතුමා, බෙයදෙහි3 රන්වනුන් (ලියන්) සිත්තම් කරවා මිය ගියේය.

1. ‍ මෙයල්බත නමැත්තාගේ. 2. හිමබුයුත් - හිමබු, හිමඹු, හිමබි, ඈ විසින්ද යෙදෙයි. රූමත් කතුන් යන අර්ථයයි. 3. බෙයද - පර්ව.ත පාර්ශ්වය.

විස්තර:- කාලය - 8 වෙනි ශත වර්ෂ,ය. වෘත්තය - කව් ගී.

3. සව බරණින් සැජි ගිරිහිසැ සිටිහි කුමට යෙහෙළි කියා1 මො2 නුමුත අපහිමි (බ)න්දු් (දෙ‍ෙ)ස ලූ නෙත්.

අන්වය :- සව බරණින් සැජි කුමට ගිරිහිසැ සිටිහි? අප හිමි බන්දු් දෙසෙ මො නුමුත නෙත් ලු යෙහෙළි කියා.

අර්ථතය:- “සියලු ආභරණයන්ගෙන් සැදී කඳු මුදුනෙහි සිටින්නේ මන්ද?” “අප ස්වාමියා බඳු (කෙ‍නකුන් දෙස) මේ (තැනැත්තිය) නිරන්තරයෙන් නෙත් හෙලු බව මේ (මගේ) යෙහෙළිය කියයි.”3

1. කියයි > * කියය > කියා. 2. මො යනු ස්ත්රීක ලිංගික සර්වහනාම පදයෙකි. 3. මේ ගීය ප්ර්ශ්නයක් හා පිළිතුරක් ‍අඩංගු වූවකි.

විස්තර :- කාලය - 9 වන ශතවර්ෂපයේ මුල්භාගය. වෘත්තය - පළමුවන පාදයෙහි ‘ජි’ අක්ෂමරය, දෙවන පාදයෙහි අවසාන අක්ෂ රය සහ තුන්වන පාදයෙහි ‘මො’ යන අක්ෂැරයද දීර්ඝාසේ ගත හොත් යා ගී විරිතයි.



සිගිරි ගී 69

4. ස්වස්ති

(නැ)ගි අලුයම අවුජ් බලය් සිටියිනි මෙහි මය් වින්දිලමි මන්ද මරු ගස එත තමු(රු) වෙනෙහි සුවන්ද් මෙහි. අග්බොය් (හිමියෙමි මෙ) ගී ලීමි.

අන්වය:- අලුයම අවුජ් මෙහි නැගි මය් බලය් සිටියිති මන්දොමරු ගස එත තමුරු වෙනෙහි සුවන්ද් මෙහි විඳිමි.

අර්ථහය :- යහපතක් වේවා !

අලුයම අවුත්, නැග මේ (දෙස) බලා සිටි මම මන්ද මාරුතය සමග ගසා එන නෙලුම් වෙයෙහි සුවඳ මෙහි විඳිමි.

අග්බෝ හිමි වෙමි. මේ ගීය ලීමි.

විස්තර :- කාලය - 9 වන ශතවර්ෂටය වෘත්තය - යා ගී

5. සිතහි යහපත වි ද බලය ‍(මෙහි) රනවනබුත බලත නො මෙ ජතුමහ සිත ජතුමහ මෙ සිහිපන ක(ල) සෙන්බො1 දෙවල ලියු ගී

අන්වය :- මෙහි රනවනබුත බලය සිතහි යහපත වි ද? මෙ බලත සිත නො ජතුමහ. මෙ සිහිවන කල ජතුමහ.

අර්ථහය :- මෙහි රන්වන් ලියන් දුටු (ඔබ) සිත යහපත් වීද? මේ දෙස බලමින් සිටි අපි අප සිත (සැබැවින්ම) නොදනිමු. මෙය සිහිවන කල දතිමු.2

සෙන්බො දෙවල (නමැත්තා) ලියූ ගීයයි. 1. සෙන්බො යනු ස්ථාන නාමයකැයි සිතිය හැක. 2. මේ ගීය සැඟවුණු අරුත් ඇත්තේය.

විස්තර :- කාලය - 8 වෙනි ශතවර්ෂයය වෘත්තය - යා ගී.




70 සීගිරි ගී

6. අ(ද)තෙ සිත ම කත මෙ මෙහි තො(මෙ) බිණිවිද තෙපුල් සිත අදනු බණ(නා) බන්දුහ (මහනෙල්) ගෙනැ ඇති යෙහින් අ(ම්බග)ණවතු බුද්මි ලීමි.

අන්වය :- මෙහි මෙ කත තෙපුල් නො මෙ බිණිවිද ම සිත අදනෙ. මහනෙල් ගෙනැ ඇති හෙයින් ‍බණනා බන්දුු සිත අදනු.

අර්ථ ය:- මෙහි සිටින මේ කාන්තාව කථා නොකළ මුත්, ඇ ම සිත අදියි. (අතින්) මහනෙල් ගෙන සිටින හෙයින්, (ඇය) කථා කරන සෙයින්ම, සිත අදියි. අ(ම්බග) ණවතු (නම් ස්ථාිනයෙන් පැමිණි) බුද්(නමැත්තා) වෙමි. මෙය ලිමි.

විස්තර :- කාලය - 8 වෙනි ශත වර්ෂපයේ අවසාන භාගය හෝ 9 වෙනි ශත වර්ෂතයේ මුල් භාගය විය හැක. වෘත්තය - යා ගී.

7. තෙගි බෙයන්ද් බලමිනි මෙ දෙසෙ සිතියම ජන සිටි තොප මෙදෙස අසලින් මෙය අද (‍ෙ)බලි වෙ යහ (ස)බ න්දිි(නි) සෙන් පෙවිජන් ගී.

අන්වය :- බෙයන්ද් නෙගි ජන මෙ දෙසෙ සිතියම් බලමිනි සිටි. සබන්දිිති! මෙ දෙස අසලින් අද බෙලි තොප යහ වෙ.

අර්ථඅය:- බෙයද ‍නැගි දනෝ මෙ දෙසෙහිම වී සිත්තම් බලමින් සිටිත් සබඳිනි! මෙ දෙස අසලින අවුත්1 බලන්නේ නම්, තොපද යහපත් (ප්රීටතියට පත්) වන්නාහුය. සෙන් (නම්) පැවැද්දාගේ ගීයයි. 1. අද - අවුත්.

විස්තර :- කාලය - 8 වෙනි ශත වර්ෂ ය. වෘත්තය - යා ගී.



සීගිරි ගී 71

8. හින්දි් මෙ (සි)ත් හෙජුයූ1 (හි)ම(ම්බි)න් (වී) තබන් දනො2 (නො ජෙ) නී හෙජි ගිය (ම)) හි න්දිහන්නො මින්දි්බියො.

අන්වය :- අනො! මෙ හිමම්බින් සිත් හෙජුයූ වී සිත් තබන්. හින්දි න්න මින්දි බියො නො ජෙනී මා ගෙජි ගිය.

අර්ථදය:- ජනයිනි! (මෙහි) සිටින කතුන් (ජනයාගේ) සිත් අදනා අය වෙති යන අදහස (බැහැර කරව්) තබව්. මෙහි සිටින අය මුරණ්ඩු. ස්වභාව3 ඇතියවුන් බව නොදැන, (ඔවුන් විසින්) අදිනු ලැබ, මම (එහි) ගියෙමි.

1. සං.√ සජ් - ආකර්ෂිණය කිරීම. 2. සමේබාධනී - (ආලපන) විභක්තියි. 3. මින්දිනබායො

විස්තර :- කාලය - 8 වෙනි ශත වර්ෂ.ය.

වෘත්තය - පළමුවන පාදයෙහි ‘යු’ අක්ෂ‍රය සහ සතරවන පාදයෙහි ‘නො’ ‘යො’ අක්ෂ ර දීර්ඝෂ සේ සලකා, ‘මින්දිනබියො’ යන්නෙහි ‘න්දි‍’ අක්ෂාරය සම්පූර්ණියෙන්ම උච්චාරණය කළහොත්, යා ගී විරිත ලැබේ.

9. ස්වස්ති

(දෙවල) ගම සලදළලහැ ගී පෙරෙ නො පැරැජැ (ගි)යොද ඇසින් මේ දුට් සන්දෙන (තා) කිම ගමන මිහි(තල) බැසැ ගොස් තම අබු දිනා කිම

අන්වය:- පෙරෙ නො පැරැජැ ගියො ද මෙ ඇසින් දුට් ස‍‍න්දෙ තා කිම මිහිතල බැසැ ගමන? තම ගොස් අබු දිනා කිම?





72 සීගිරි ගී

අර්ථ ය :- (යහපතක් ‍වේවා!)

දෙවලගම සලදළලගේ ගී යයි.

පෙර කල නො පැරද ගියේ වී නමුත්, මෙය ඇසින් දුටු කල (තෝ), කවර යෙහින් බිමට2 බැස යන්නෙහිද? එහි ගොස් කතුන් දිනා ගැනීමෙන් කවර නම් (යහපතෙක් ද?)

1. තා යනු එකවචන වුවද, පළමුවන ‍පාදයෙහි එක ‘ගියො’ යනු බහු වචනයි. 2. මිහිතල

විස්තර :- කාලය - 8 වෙනා ශත වර්ෂඑය වෘත්තය - යා ගී

10. ස්වස්ති

මය්ලි1 බොය් ලී ගී ‍කිනෙන් අසද්බද ආයුන්නහට් නො බණත තොප පැරැ පියා මළ නො එ මළ තද්ළඇත්තය්නට්

අන්වය :- “අසද්බද! තොප පැරැ පියා මළ, කිතෙන් ආයුන්නහට් නොබණත?” “තද් ළ ඇත්නය්නට් එ මළ නො?”

අර්ථතය :- යහපතක් වේවා! මය්ලි බොය් (නමැත්තා) ලියූ ගීයයි.

“අශ්රයද්ධාවත් තැනැත්තිය!2 තිගේ පළමු ප්රි යයා මළේ (වුවද) කවර හෙයින් (මෙහි) පැමිණි අයට කථා නො කරන්නී ද ?” “තද සිත් ඇත්තන් නිසා ඔහු මළේ නොවේ3 ද”?

1. මය්ලි යනු පුද්ගල නාමයක් ලෙස භාවතා කළ ස්ථාන නාමයෙකි. 2. අසද්බද 3. මෙහි ‘තො’ යනු, ප්රෙශ්නාර්ථ යෙහි යෙදුණේය


සීගිරි ගී 73

විස්තර :- කාලය - 8 වෙනි ශත වර්ෂකය. වෘත්තය - පළමුවන පාදයෙහි අවසාන අක්ෂෙරය දීර්ඝ යක් සේ ගත හොත් යා ගී විරිතයි.

11. (වැ)නි සිසිහි පැහැ ඇ‍ඟෙ සුළැඟෙ හියිල්1 එහි මෙහි යෙ ඔයුන් හය්නෙය් නො ඔයුත හය් සිට්වය්

අන්වය:- සිසිහි වැනි ඇගෙ පැහැ හියිල් සුළැගෙ එහි මෙහි යෙ. ඔවුන් නො හය්නෙය්? හ්ය! ඔයුත සිට්වය්.

අර්ථෙය:- චන්දියාගේ පැහැය මෙන්වූ ඇගේ ශරීර ශොභාව, සිහිල් සුළඟෙහි එහි මෙහි යයි. (එය) ඔවුන් නො අදියිද ?2 හා!3 (එය) ඔවුන් (එතැනම) සිටුවයි.

1. සිහිල් 2. හය්නෙය් 3. හය්

විස්තර :- කාලය - 8 වෙනි ශත වර්ෂරය.

වෘත්තය - තුන්වැනි ‍පාදයෙහි පළමුවන අක්ෂිය. වන ‘යෙ’ දීර්ඝයයක් සේ සැලකුව හොත් උමතු ගී නම් විරිත ලැබේ

12. (බ)ලත් 1 පොයල්මි මය් ගී. බෙයන්ද්හි දිග්නෙත් මහ වන් හෙළිල්ලබුයුන් අවු(ජ් තුට්) සිත් කළ මරණෙක් දැකැ තො මුස්නෙය් මය්

අන්වය :- බෙයන්ද්හි දිග්නෙත්! මහ වන්! අවුජ් සිත් හෙළිල්ලබුයුන් තුට් කළ. දකැ මරණෙක් මය් නො මුස්නෙය්.





74 සීගිරි ගී


අර්ථමය :- පොයල් නම් යුද ‍සෙ‍ෙනවියා වෙමි.මගේ ගීයයි.

බෙයදෙහි දිගැසිය! සමාවන්න! 3 (මෙහි) ආ ම‍ෙග් සිත රූමත් කතුන්3 විසින් තුටු කරන ලදි. (ඔවුන්) දුටු විට මරණය ගැන පවා මට වික්ෂෙිපයක්4 නොවේ.

1. රාජ මාලිගය ආරක්ෂාටකයා, රාජ දූතයා යන අරුත්ද මින් ලැබේ. 2. මහ වන් 3. හෙළිල්ලබුයුත් 4. මුස්නෙය්

විස්තර:- කාලය - 9 වෙනි ශත වර්ෂතය.

වෘත්තය - මාත්රාුවන්හි දීර්ඝ හ්ර්ස්ව හෙදයක් නොසැලකුව හොත්, මෙහි එන විරිත කාරිකා නමි.


13. (ස්ව)(ස්ති) සිතින්ද් (පැ)හැබර් රතත් නි(ලු)පු(ල්) ම(ල)ක් ඉසුලු බෙයන්ද්හි රන්වනක් ගත මන මය් එකින්1 තොරය්

අන්වය:- බෙයන්ද්හි, සිතිනද් පැහැබර් රතන් නිලුපුල් මලක් ඉසුලූ රන්වනක්, මය් මන එකින් තොරය් ගත.

අර්ථනය :- යහපතක් වේවා!

බෙයදෙහි (සිටි), සිතිඳු, පැහැබර, රතු අතින් නිලුපුලක් ගත් රන්වන් (තැනැත්තිය), මගේ සිත, එකියකගෙන් පැයැරගෙන2 (උදුරා) ගත්තාය.

1. ස්ත්රීකලිංගය 2. නොරය්

විස්තර :- කාලය - 8 වෙනි ශත වර්ෂ්යේ අවසාන භාගය.

වෘත්තය - එලු සඳැස් ලකුණෙහි නොලැබෙන විරිතකි.


සීගිරි ගී 75

14. ස්වස්ති සමනල ගී.

බලන් නැගියුත හය් තො මෙ (බැණැ) හි න්දිෂමිනි ව(ජන්) සිරිබ(රි)න් තම වෙත සිකි 1 භජනෙ හිමියබි බෙයන්ද්හි

අන්වය :- සිකි! බලන්. බෙයන්ද්හි හිමියබි නැගියු හය් වජන් තො මෙ බැණැ හින්දිකමිනි, සිරිබරින් තම වෙත හජතෙ.

අර්ථදය :- යහපතක් වේවා! සමනල ගේ ගීයයි.

යහලුව! බලන්න බෙයදෙහි කාන්තාව, (පර්ව තය) නැග ආ (අය) සමග2 ‍ වචනයක්වත් නොබැණ හිඳිමින් (ඔවුන්) තමාගේ සිරිබරින් තමා වෙත අදියි.

1. ආලපත (සමේබාධනී) විභක්ති යි. 2. නැගියුත.

විස්තර :- කාලය - 9 වෙනි ශත වර්ෂ)ය.

වෘත්තය - යා ගී.

15. (ස්වසති) (උ)තුර්පස්වැසි සමනලබතීමි. (‍ෙ)ම හි ලීමි.

(අ)රත අවුජ් බෙයදගිර නැගල ඇ(ති ප)වසයෙනි පියසිනි (එ)වනේනහි1 එනො සිහිනෙයිනි දුටුයයුත සෙයි

අන්වය :- අරත අවුජ් ‍බෙයදගිර නැගල ඇති පවසයෙනි පියසිනි එ වනෙහි එනො සිහිනෙයිනි දුටුයයුත සෙයි.

අර්ථසය :- යහපතක් වේවා! උතුරු පෙදෙසෙහි වැසියකුවූ සමනලබත2 (නමැත්තා) වෙමි. මේ ගීය ලීමි.

වනයෙහි අවුත් බෙයද නැගීමෙන් ඇතිවූ පිපාසය8 නිසා, අපහසුවෙන්4 අර වනයෙහි එන අය, සිහිනයකින් මෙන් පෙනෙයි.


76 සිගිරි ගී

1. ‘වනෙහි’ යනුවෙන් කියවිය යුතුය. ‘ව‍තේනහි’ යනු ලෙඛක දොෂයකැයි සිතිය හැකි. 2. බත + මි. = බතීමි. 3. පවසයෙනි. 4. පියසිනි (සං. ප්රමයාස)

විස්තර:‍- කාලය - 8 වෙනි ශත වර්ෂනය.

වෘත්තය - ‘නැගල’ යනු ‘නැග’ යනුවෙන්ද,’එනො’ යනු ‘එනේනා’ යනුවෙන්ද, ‘සිහිනෙයිනි’ යනු ‘සිහිනෙයි’ හෝ ‘සිහිනෙති’ යනුවෙන්ද කියවිය හැකි නම් යා ගී විරිත ලැබේ නො එසේ නම් මේ විරිත එලු සඳැස් ලකුණෙහි නොදැක්වූවකි.

16. පොතකි (වෙ)ණද (ති)ස(හු) ගී. දසදන ආ ද අළි දිසි රජ වි සිති සෙබවිත ගල කළ (ළ) බෙයදහි (වෙස වි)ද තද අසර(යට) තිපි

අන්වය :- අළි ! ආ දසදන සෙබවින දිසි රජ වි සිති ද? බෙයදෙහි වෙස ළ ගල කළ වි ? තිපි අසරයට තද ද?

අර්ථිය  :- පොත්තැබීම (කරන) නිස වෙළඳාගේ ගීයයි. යහලුව!1 ආ2 (තැනැත්තා) ඔබේ දාසයකු වුවද, සැබවින්ම ආයේ රජතුමා යයි සිතන ලදද? බෙයදෙහි විසීම නිසා තොප සිත ගලක් වි ද? තොප ‍ඇසුර සෙව්නාහට තද බව (සහිත) වන්නහුද ?8

1. අළි - (සමේබාධනී) ආලපන විභක්තිය සේ ගන්නා ලදී (සං ආලි.) 2. ආ. 3. පළමු පාදය එක් කතක විසින් තව කතකට කියූ සේද, දෙවැනි පාදය ඊට ලැබුණු පිළිතුරු සේද ගත මනාය.






සීගිරි ගී 77

විස්තර :- කාලය - 8 වෙනි ශත වර්ෂ ය.

වෘත්තය - යා ගී.

17. (ප)ලාව(තු)වෙ(ලැ) අරම්බ් තැනූ සඟපල් (බතී)මි මෙ ගිය ලීමි. බෙයන්ද් ගොසින් බැලූමො සිත් සුරුස්නා සෙය් බණතුජ් නොබෙණෙතත් ඇ(සිපි)යෙව් එයුත් ලයු නැත්තෙ.

අන්වය:- බණතුජ් නොබෙණෙතත් බෙයන්ද් ගොසින් සිත් සුරුස්නා සෙය් බැලූමො. එයුත් ඇසිපියෙව් ලයු නැත්තෙ.

අර්ථමය:- පලාවතුවෙල අරම තැනූ සඟපලබත (නමැත්තා) වෙමි. මේ ගීය ලීමි.

කථා කළද, කථා නොකරන කතුන්, බෙයදට ගොස් සිත රිසි පරිදි බැලුවෙමු. ඔවුන් කෙරෙහි ඇසිපිය හෙලීමක් පවා නැත්තේය.

විස්තර :- කාලය - 8 වෙනි ශත වර්ෂ.ය

වෘත්තය - ප්රෙථම පාදයෙහි ‘බැලුමො’ යන්නෙහි ‘ලු’ සහ ‘මො’ ‍අක්ෂ‍ර දීඝීයේ ගතහොත්, මේ ගීය යාගී නම් විරිතින් බැඳුණේය.

18. (ස්වස්ති) නිරිඳු මෙළෙයින් වැ සොව්පත් බැණැ මුළ්මුළහි කමට් ජ මෙ ගල් පිය සලගින් හෙන්නයුන් වැ(න්න)ට

අන්වය :- නිරිඳු මෙළෙයින් සොව්පත් වැ මුළ්මුළහි බැණැ සලගින් හෙන්නයුන් වැන්නට මෙ ගල් කුමට් පියජ?

අර්ථනය :- යහපතක් වේවා ! රජතුම‍ා මළ හෙයින් ශොකයට පත්ව, මුළු මුළුවල කථා කරමින් (සිට ඇය) ගලින් වැටෙන ආකාරයක් ගෙන සිටිනේවී නමුත් මේ පර්වනතය, කවර හෙයින් (ඇයට) ප්රියය මනාප වීද? 1



78 සීගිරි ගී


1. රජතුමා මළ ශොකය දරාගත නොහැකිව පර්වකතයෙහි සිට පිනීමට කතුන් තැත් කරතියි කී අයට උපහාසයක් වශයෙන් මේ ගීය රචනා වු බව පෙනේ.

විස්තර:- කාලය - 9 වෙනි ශත වර්ෂ1ය.

වෘත්තය - පළමුවන පාදයෙහි එත ‘වැ’ අක්ෂ1රය දීඝීයක් සේ ගතහොත් යා ගී විරිත ලැබේ.

19. කියෙ ලය සිවලු ගී තනරන්මලී1 වෙණ අතනි ගත් හො රන්වන් ලි නිරිදු මෙළෙන් එකල් නො මෙ බෙ(ණෙය්) අන් න්න3 හය් යාචත් මහමෙත්මි ලීමි.

අන්වය :- රන්මලී නත, වෙණ අතනි ගත් හො රන්වන් ලි එකල් නිරිදු මෙළෙන් අන් හය් යාවත් නො මෙ බෙණෙයි.

අර්ථයය:- ලය3 සිවල (නමැත්තා) කියූ ගීයයි.

රන් මලකින් පියයුරු (සදා) වීණාව අතින් ගත් ඒ රන්වන් ලිය, එකල නිරිඳු මළ හෙයින්, අන් කිසිවකු හා4 නො බෙණෙයි. 5

මහමෙත් වන මම ලීමි.

1. රන්දම යන අරුතද දිය හැකිය. 2. අනවශ්යය අක්ෂ රයෙකි. 3. ලෙඛකයා යන අරුතද දිය හැකිය 4. යා + වත් - පද දෙකක් සේ ගත යුතුය. 5. වීණාවක් අතින් ගත් කතකගේ සිත්තමක් දැන් සීගිරියෙහි නොලැබේ.




සීගිරි ගී 79

විස්තර :- කාලය - 8 වෙනි ශත වර්ෂ ය. ගීය කියූ හා ලියූ අයගේ නම් දෙක වෙන් වෙන්ව දක්වා ඇත.

වෘත්තය - යා ගී.

අන්වය :- සිහිගිරි නැගි ගල් බිත්ති රන්වන් බලුමො. ගල මතිනී හෙන්නයුන් වැනි හො කෙසෙ මෙන්1 මෙහි හින්දිි ?

අර්ථ ය :- යහපතක් වේවා! සීගිරියට නැගී, ගල් බිත්තියෙහි (සිටි) රන්වන් (ලිය) බැලුවෙමු. ගල මුදුනින් වැටෙමින් සිටින සේ පෙනෙන ඕ‍තොමෝ කෙසේ නම් මෙහි හිඳින්නී ද ?

1. මෙන් - සමානාර්ථ ය දෙන නිපාතයක් නොවේ. සං.මන්යෙ යන්න හා සැසදිය හැක.

විස්තර :- කාලය - 9 වන ශත වර්ෂවයේ මුල් භාගයට අයත්ය.

වෘත්තය - පළමුවන පාදයෙහි ගි, මො, යන අක්ෂ්ර සහ තුන්වන පාදයෙහි. සෙ, යන අක්ෂදරය ද දීර්ඝ සේ ගතහොත් යාගී විරිත ලැබේ.

21. සපු (මල) නිළිබදල ගත හෙළිල්ලබුයකු මත මයි දි නෙත තමා මෙ බල (ඇ)ත ම බණවත නො බෙණෙයි.

අන්වය :- සපුමල, නිළිබදල ගත හෙළිල්ලබුයකු මන, නෙතමයි දි තමා මෙ බල ඇත. ම බණවත නො බෙණෙයි.







80 සීගිරි ගී


අර්ථයය :- සපුමල් සහ නෙළුම් දල (අතින්) ගත් රූමත් කතක්, (ඇගේ) සිත ද, නෙත ද මට දී (මා වෙත යොමුකර) තමා මා දෙස බලා ඇත. (එහෙත්) මා (ඇයට) කථා කළ විට, ඈ කථා නොකරන්නී ය.

විස්තර :- කාලය - 8 වෙනි ශත වර්ෂනය.

වෘත්තය - යා ගී.

22. මළ නොමියයය්හී වසතු(ජ්) මෙතෙක් කල්හි නොදක්මො ම්නා මිනිසක් වී1 පව් වසන්නෙය් තෙප්. මය(ල)හි ගී.

අන්වය :- මළ, නොමියයය්හී වසතුජ්, මනා මිනිසක් මෙතෙක් ‍කල්හි කල්හි නො දක්මො වී, තෙප් පව් වසන්නෙය්.

අර්ථකය :- “(ඔහු) මෙළේ වී නමුත්, වියයා නොහැකිව2 (අප) මෙහි විසුවද, මනා මිනි‍සකු මෙතෙක් කල් නොදක්මු” යි කියා තොපි පර්විතයෙහි වසන්නහුය.

මයල (නැමැත්තා ගේ) ගීය යි.

1. කියා. 2. නො -මිය - යය්හී

විස්තර :- කාලය - 8 වෙනි ශතවර්ෂිය

වෘත්තය - දෙවෙනි පාදයේ අවසාන අක්ෂවරය දීර්ඝපයක් සේ ගතහොත් යාගී විරිත ලැබේ.

23. (i) ‍තොජ මරණ තොමො (අ)න දි නො මරනා (‍ෙ)තක්නි ජිවි තහෙයි තොමො නු(රා) මා (යෙ)වෙන1 බියෙනි (ii) ඇතුළතිනි ජු බැහැරියෙන් එකවට ගත(නි) අබු මිනිසුත් ඉසලු කු(ළ) පිනූ සෙයිනි.



 					සීගිරි ගී					81


අන්වය :- තොමො අන දි මරනා තෙක්නි මරණ තො ජ. තොමො නුරා මා යෙවෙන බියෙනි ජිවි තහෙයි. ඇතුළතිනි ජු බැයැරියෙන් එකවට ගතනි, මිනිසුන් අබ ඉසිලු, කුළ පිනූ සෙයිනි.

අර්ථසය:- තොමෝ ම අණ දී (මා) මරන තෙක් (මට) මරණයක් නැත්තේ ය. ඇයගේ අනුරාගය මා (කෙරෙන්) බැයැරිවේය යන බිය නිසා (මට) ජිවත් වීමක් ද නොමැත ඇතුළතින් ද, බැහැරින්ද එක්වර (අල්වා) ගෙන ඇති හෙයින්, මිනිසුන් (විසින් කරනු ලබන) අඹුවන් රැකීම, ගල් කුළකින් පිනීමක් බඳුය.

1. යැවෙත, බැහැර කෙරෙන යත අරුත් දිය හැකිය. “මා කෙරෙහි කළ ආලය බැහැර කරනු ඇත” යනු අදහසයි.

විස්තර :- කාලය - 9 වෙනි ශතවර්ෂනය.

වෘත්තය - එක් පාදයකට මාත්රාි 18 බැගින් ඇති එළිසම සිපුපදයකි. සමුද්රද ඝොෂා නම් වෘත්තයයි කිවහැකි වුවුද, සෑම පාදයකම දසවැනි මාත්රාෘව කෙළවර විරාමයක් නොලැබේ.

24. (ස්ව)ස්ති වෙණජ කිතලු ගී

නිලි මහනෙල නිලුපුල වන දිගඇස නිසසල එ බලමිනි සිටි ජනත බල දිග නුයුත ල(යි) (තම)

අන්වය :- නිසසල දිග ඇස නිළි මහනෙල නිලුපුල වන. එ දිග නුයුත ලයි තම බලමිනි සිටි ජනන බල.

අර්ථනය:- යහපතක් වේවා! කිතල (නම්) වෙළ‍ඳාගේ ගීයයි.

(ඔබේ) නිසසල දිගු ඇස නල් මහනෙලටද නිලුපුලටද1 සමානය එ දිගැස් ලා තමන් (දෙස) බලමින් සිටින දනන් බලන්න.

6

82 සීගිරි ගී

(1) නිලුපුල් සහ මහනෙල් යනු දෙවගයක් බව මේ ගීයෙන් පෙනේ.

විස්තර :- කාලය - 8 ‍වෙනි ශත වර්ෂනය.

වෘත්තය - පළමු පාදය නිලුපුල යන වචනයෙන් කෙළවර වනසේද, තුන්වන පාදයෙහි පළමුවන අක්ෂනරය වන ‘එ’ කාරය දිර්ඝයයක් සේද සැලකුව හොත්, යාගී විරිත ලැබේ.

25. යොමු කෙහෙ මල්දමබැරැ නිල්තැලි දිගැස් මල ලූ කතක් තෙත් හැයු බෙයදහි රන්වනුන් අතුරෙ. යහගමු දාපුළමි (‍ෙ)ම ලීමි,

අන්වය :- බෙයදෙහි රන්වන් (ලියන්) අතුරෙ මල්දමබැරැ යොමු කෙහෙ, නිල්තැලි දිගැස් කතක්, තෙත් හැයු, මල ලූ.

අර්ථතය:- බෙයදෙහි රන්වන් (ලියන්) අතර සිටින මල් දමින් බරවූ එල්බෙන1 කෙහෙ (ඇති) නිල් තිලකය2 කින් (හොබනා) දිගැසියක් (තමා වෙත) ඇදි ඇස් අතියවුන්ට පාශයක් ලූවාය.

යහගමු (නම් ස්ථානයෙන් පැමිණි) දාපුළ (නමැත්තා වෙමි. මෙය ලීමි

1. යොමු. (සං. අධොමුඛ.) යටිකුරුවූ. 2. ‘තැලි’ යනු ආභරන විශෙෂයකි. එහෙත් ‘නිල්’ යන විශේෂණය නිසා ඊට එම අරුත දීම අයෝග්යර බව පෙනේ. සං. තිලක ශබ්දය හා සමානයයි අදහස් කරමු.

විස්තර :- කාලය - 8 වෙනි හෝ 9 වෙනි ශත වර්ෂදය විය හැකිය.

වෘත්තය - පළමුවන පාදයෙහි අවසාන අක්ෂෙරය දීර්ඝංයක්සේ ගත හොත් යාගී විරිත ලැබේ.

සීගිරි ගී 83

26. (ස්වස්ති) ඇවිජ් (මුයුන්) බලත් බෙයන්ද්(කිය්හි) රන්වනුන් බැලුම් මුත් අන් තෙපුල් නොදුන් නුයුතින් නිසසල රුහුණින් ආ (දළ) සිව්මි (මෙ ගිය) ලීමි.

අන්වය:- ඇවිජ් බෙයන්ද්කිස්හි මුයුන් රන්වනුන් බලත්, නිසසල සුයුතින් බැලුම් මුත් අන් තෙපුල් නොදුන්.

අර්ථමය ‍:- යහපතක් වේවා !

(අප) ඇවිත් බෙයදකුස්හි මේ රන්වන් (ලියන්) බැලු නමුත් නිසසල ඇසින් බැලුම් විනා, අන් (කිසි) තෙපුලක් (ඔවුන්ගෙන් නොලැබිණ.


රුහුනින් පැමැණි දළසිව් (නැමැත්තා) වෙමි. මේ ගිය ලීමි.

විස්තර:- කාලය - 9 වෙනි ශත වර්ෂවය

වෘත්තය - 4 වන පාදයෙහි අවසාන අක්ෂෙරය දීර්ඝියක් සේ ගතහොත් යා ගී විරිත ලැබේ.

27. අප බස එවැන්නෙක් ඇසුවෙ ද හළෙ මෙ දස් වී හිමි තම මළ සිවි තමා දත් ද කී අත මල් ගත්.

අන්වය  :- “තම හිමි මළද, අතමල් ගත් එවැන්නෙක් සිවි. තමා දත් ද?” අප කී බස ඇසුවෙද, මෙ දස් වී හළෙ.

අර්ථසය - “තම ස්වාමියා මළේවී නමුත්, අතින් මල් ගත් එබඳු තැනැත්තිය සිනාසුණු බව තමා දැනගත්තේද “? (යනුවෙන්) අප කී පස (ඔහුට) ඇසුණෙවී නමුත්, මේ (ලියට) වහලකුවී හෙතෙම (එ බස) ඉවත ලීය.

විස්තර :- කාලය - 9 වෙනි ශත වර්ෂුයේ මුල් භාගය.

වෘත්තය - යා ගී.

84 සීගිරි ගී

28 (ස්වස්ති) මුනිරද්හු සැරැහූ මුන්ද ලින්ද් සිහිගිරි නම් පව් සිරිබර් නිල බුසූ මන ගන්නි දුට්වන් මෙන්

අන්වය :- සිහිගිරී නම් සිරිබර් පව්, මුනිරද්හු සැරැහූ මුන්ද ලින්ද් නිල බුසූ මෙන් දුට්වන් මනගන්නි.

අර්ථයය :- යහපතක් වේවා! සිහිගිරි නම් සිරිබර පර්ව-තය, මුනිරද (බුදුන් විසින්) සැරැසූ මුචලින්ද (පර්ව තය) බිමට1 බටුවාක්2 මෙන්, දුටුවන් සිත් ගනියි.

1. නිල - සං. නිලය. භූමිය. 2. බුසූ - ‘බසි’ ධාතුයි. සං. √ භ්රංසස්.

විස්තර :- කාලය - 9 වෙනි ශත වර්ෂසය.

වෘත්තය - යා ගී.

29. එවැ‍ෙනනති මහබළ් වී අත්සරු විළි ජුහූ මින් නිස් ගුණෙන් කළ එ කළ ‍නො කිම ද යනයුත.

අන්වය :- මහබළ්වී අත්සරු විළි එවැන්නෙති ජූහූ. මින් තිස් ගුණෙන් එ කල යතයුත කිමද නො කළ ?

අර්ථතය :- මහ සෙබළකුවී 1 (අයෙකුගේ) හස්තසාර ධනය වන විළිය, එවැනි (අල්පමාත්රයවූ දෙයකට) (තොප විසින්) අත්හරින2 ලදී. මීටද වඩා නීවවූ 3 අයුරින් ඔහු ක්රි‍යාකර ඇත. (මෙතැනින්) ‍යන්නවුන් විසින් (ඇත්තෙන්ම) කවර නම් (දෙයක්) නොකරන ලදද ?4

1. මහබළ්. 2. ජුහු. 3. තිස්. 4. ගීයෙහි පළමු කොටස සෙබළකු කළ නිගාවකි. ඔහු ඊට දුන් පිළිතුර දෙවැනි කොටසින් ලැබේ.

					සීගිරි ගී 					85

විස්තර :- කාලය - 8 වෙනි ශත වර්ෂ4යේ අවසාන භාගය හෝ 9 වෙනි ශත වර්ෂතයේ මුල් භාගය විය හැකිය.

වෘත්තය - තුන්වැනි හා සතරවැනි පාදයන්හි අවසාන අක්ෂැර දීර්ඝග සේ ගතහොත් යාගී විරිත ලැබෙ.

30. දළ (සිවමි මෙ) ගි (ය) ලීමි. සරග මල පලන ගලළග මලබර (ව)රල මහතෙල සපු කුසුමක අතිනි ගත හෙ‍ළිලම්බුයුක.

අන්වය :- සරග මල පලත, මලබර වරල, ගලළග හෙළිලම්බුයුක, මහතෙල සපු කුසුමක අතිනි ගත.

අර්ථකය :- දළසිව (වන ම්ම) මේ ගිය ලීමි.

සුවඳ1 මල් පැලඳි,2 මලින් බර වරලින් යුතු, ගලෙහි ඇලුණු රූමත් කතක්, මහනෙල් හා සපු කුසුමක් අතින් ගත්තීය.

1. සරග. 2. ‘පලඳ’ ධාතුයි. පා. පිලන්ධ නි. සං. පි + √ තහ්.

විස්තර :- කාලය - 8 වෙනි ශත වර්ෂ.ය

වෘත්තය - යොන් ගී.

31. ස්වස්ති (මෙ)හි බලත හිමබියො වෙත කා විසියො දත දෙනෙ රනවන මෙ සෙ කී වි සිත නොබැලියො ද කොට ඇ(ස්) තද. මෙ කසබල ගී.

අන්වය :- මෙහි බලත, හිම්බියො කා වෙත විසියො දෙනෙ දත. මෙසෙ සිත කී වි රනවත ඇස් තදකොට නොබැලියොද ?


86 සීගිරි ගී

අර්ථනය :- යහපතක් වේවා!

මෙහි කාන්තාවන් (දෙස) බැලූ කල, (ඔවුන්) කා වෙත විසූදැයි දනෝ දතුවාහ මෙසේ (ඔවුන්ගේ) අදහස් 1 කී හෙයින්,2 රන්වන් (ලියෝ) (ජනයා දෙස) තද ඇසින් 3 නොබැලූහුද ?

මේ කසබලගේ ගීයයි. 1. සිත. 2. වි 3. ඇස් තදකොට. උදහස්වූ සෙයින්.

විස්තර :- කාලය - 8 වෙනි ශත වර්ෂ යේ අවසාන භාගය.

වෘත්තය ‍- යා ගී.

32. ස්වස්ති කිති මුගලන මලනගෙ කිති (මි ලීමි) ම සොව නිව ඇ මෙසෙයි දුදුළසෙල අඩදරිහි විසිය යහඅසරට නු කිම නින්දි නොගිය යහනෙයි.

අන්වය :- ම සොව නිව, මෙසෙයි දුදුළසෙල අඩදරිහි ඇ විසිය යහ අසරට නූ! යහනෙයි නින්ද: නොගිය කිම ?

අර්ථයය:- යහපතක් වේවා!

කිති මුගලන මල (නමැත්තා ගේ වංශයෙහි වූ1) කිති වන මම ලීමි.

මගේ ශොකය නිවා, මේ අයුරින් බල කොටු2 පව්ව අද්දර 3 ඇය විසුයේ යහපත් ඇසුර 4 සඳහාමැයි! (නමුත්) යහනෙහි (මට) නින්ද නො ගියේ කිම ?

1. ගෙ 2. දුදුළ 3. අඩදරිහි 4. යහඅසර


සීගිරි ගී 87

විස්තර :- කාලය - 8 වෙනි ශතවර්ෂළය. වෘත්තය - කව් ගී.

33. මෙ පළ (ද) වරද ලෙද ම නොගත් කි වදන් තා අතින් (ගිලි හුණ) මල් ගත් මෙළෙන් වරල මුදත් හිමි.

අන්වය :- මෙ වරද ලෙද පළ ද, තා කී වදන් ම නොගත්. හිමි මෙළෙන්, වරල මුදත්, ගිලි හුණ මල් අතින් ගත්.

අර්ථ්ය :- (මා මේ කරන්නේ) වරදක් බව ප්රතකට (කරුණක් වුව)ද, තොප (විසින්) කියන ලද වචන ම විසින් පිළිනොගන්නා ලදී. ස්වාමියා මළහෙයින්, වරල මුදන කල ගිලි හුණු මල් (ඇය) අතින් ගත්තා පමණි.1

1. 27 වැනි ගීය හා සම්බන්ධ ය. හිමියා මළේ වී නමුත් කතුන් මල් ගෙන සෙල්ලම් කරතියි යන චොදනාවට මේ ගීයේ දෙවැනි කොටසින් පිළිතුරු ලැබේ.

විස්තර :- කලය - 8 වෙනි ශතවර්ෂළය. වෘත්තය - යා ගී.

34. රුහුණි(න්) ආ (කිත)ලු ගී වනවූ හිමින් හිමබි යැ යි හෙ සිතිය තමා වි යහපත් දෙතා බෙයදහි රන්වනුන් දුටුයෙන්.

අන්වය :- හිමින් වනවූ හිමබි තමා යැ යි සිතිය, බෙයදහි රන්වනුන් දුටුයෙන්, හෙ දෙතා යහපත් වි.

අර්ථෙය:- රුහුණින් ආ කිතලු (නමැත්තා ගේ) ගීයයි.

ස්වාමි‍යාගෙන් වියෝවූ1 කතුන් තම‍ාගේ යයි සිතුවිට,2 බෙයදහි රන්වන් (ලියන්) දුටුයෙන්, හෙතෙම දෙගුණයක්3 සතුටට4 පත්විය.

1. වනවු 2. සිතිය අසම්භාවත ක්රිවයායි.

88 සීගිරි ගී

3. දෙතා - ‘වැඩියක්’ යන අරුත ද ‍දියහැකිය. 4. මේ අර්ථගය දෙන සේ මේ වචනය යෙදුණු තවත් අවස්ථා කිහිපයක් සිගිරි පද්ය‍ අතර දක්නට ලැබේ.

විස්තර :- කාලය - 9 වෙනි ශතවර්ෂවය. වෘත්තය - කව් ගී.

35. ජනු (යනුයුන්) මෙ ලී මහ වන් හෙළිල්ලම්බියෙන් කවර් දෙස ආම ‍මග් මෙ මැ පැනිනි යත් කො ද බැහැර් මග්

අන්වය :- යනුයුන් මෙ ලී ජනු මහ වන්. හෙළිල්ලම්බි යෙන්! කවර් දෙසෙ ආම, මෙ මග් මැ පැනිති. බැහැර් යත් මග් කොද ?

අර්ථයය:- (ආපසු) යන්නවුන් විසින් මෙය ලියූ බව දනුව. සමාවන්න! රූමත් කතුනි! කවර දෙසින් ආ 1 කලද, මේ මග ම පැනිනි බැහැර (පිටත්වී) යන කල මගක් කොයින්ද?3

1. ආම. ආවාම. අසම්භාවන ක්රිුයාසේ සැලකිණි. 2. ස්ත්තමෙහි දැක්වෙන කතුන්ගෙන් අවසරයක් නොමැතිව ඔවුන් අභිමුඛයෙහි පෙනී සිටීම ගැන ඔවුන්ගෙන් සමාව අයැද ලියූ ගීයකි.

විස්තර :- කාලය - 9 වෙනි ශතවර්ෂයය වෘත්තය- දුවඟ ගී.

36. ස්වස්ති සිරි (පිටි) සමත්මි. නැගී බැලූමො මිලැන්න එ ත ගී සුරතත්හි මල්දම් නො හො(බි)යි කිසිසිලු රන්වන්.

අන්වය  :- ත ගී එ මිලැස්න නැගී බැලුමො. සුරතත්හි මල්දම් ඉසිලු රන්වන් කිසි නො හොබියි.


සීගිරි ගී 89

අර්ථරය:- යහපතක් වේවා! සිරපිටි (නම් ස්ථානයෙන් පැමිණි) සමන් (නැමැත්තා) වෙමි. තා විසින් ගී (තැනූ) ඒ මියුලැසියන් (පව්වට) නගී බැලූමු. සුරතත්හි මල්දම් ඉසිලු (ඒ) රන්වන් (ලියන්ගේ ස්වභාවය) කිසිසේත් නොහොබියි. 1

1. හිමියාගෙන් වියෝවූ හෙයින් උත්සව පැවැත් වීමකට මෙන් මල්ගෙන සිටීම නොහොබී. යනු මේ ගීයෙහි අදහස විය යුතුය.

විස්තර:- කාලය - 8 වෙනි ශත වර්‍ියයේ අවසාන භාගය.

වෘත්තය - එලු සඳැස් ලකුණෙහි නොලැබෙත විරිතකි.

37. බෙයන්ද් නැගී බැලූමො රන්වනුන් අතුරෙන් හිණැ පිළි ලිහිලස් කතක් ද අප හිමබුයුන් හො

සිරිදා අග්බොය්මි ලීමි.

අන්වය :- බෙයන්ද් නැගී රන්වනුන් අතුරෙන් හිණැ පිළි ලිහිලස් කතක් බුලූමො හො අප හිමබුයුන් ද?

අර්ථමය :- බෙයද නැග රන්වන් (ලියන්) අතර සිටි හිණෙහි. වස්ත්ර්ය ලිහිල් වූ කතක (දෙස) බැලුමු. ඇය අප අඹුවද?1

සිරිදා අග්බොය් (නමැත්තා) වෙමි. (මෙය) ලීමි. 2

1. හිමබුයුන් - හිමි + අබු. 2. මේ ගීයද, නො. 351 අරන ගීයද එකකි. එහෙත් එක අතකින්ම ලියැවිණිද යනු සැක සහිතය.

විස්තර :- කාලය - 8 වෙනි ශතවර්ෂියේ අවසාන භාගය

වෘත්තය - කව් ගී


90 සීගිරි ගී

38. නො බලහි1 බල දති වි දළසබව ජන මළ ද වි නො (බිණි) ද සිකිනහට ‍ම සෙ ගිරි‍හි(ස නො යන් අසරට

අන්වය :- ‍‍තො බලහි. ජන මළද දළසබව වි බල දතිවි අ! ම සෙ සිකිනහට නො බිණි. අසරට හිරිහිස නොයන්.

අර්ථයය :- (ඇය දෙස) නො බලන්. 1 ජනයා මළේවී නමුත් (ඇය) දැඩි ස්වභාව 3 ඇතියක සේ (සිටින බව) බලා 3 දැන ගන්නා ලදි 4 හා! මා වැනි මිතුරකු සමග ද (ඕ තොමෝ) නො බිණුවාය. (එහෙයින්) ඇගේ ඇසුර පතා ගිරිහිසට නොයන්. 1. බලහි විධික්රිෝයාර්ථ්යි. 2. දළසබව. 3. බල. බැල්මෙන්. 4. දති වි. දන්නා ලද්දේ විය

විස්තර :- කාලය - 9 වෙනි ශත වර්ෂ යේ මුල් භාගය.

වෘත්තය - යා ගී.

39. ස්වස්ති

 .i 	(සිකි ස)න්ද  බුණ බිණි යි එප උන්හි තබන්න ඇසි දිටියා සැමැගැ සිහි හය් නොවන්නෙක් අන්(හි) තබයි

.ii බිණුවත් කෙළියෙන් ඇති (සැ)ටි (‍ෙ)ම මෙය් දක්වත් දමක් කඬා හැත් (නි)ගැළි පත් මහනෙල් කඬන්(නෙ ද)

අන්වය :-

   .i 	සිකිසන්ද ! බුණ බිණි යි උන්හි ඇසි තබන්න එප. දිටියා සැමැගැ සිහි හය් නොවන්නෙක් අන්හි තබයි.
  .ii 	කෙළියෙන් මෙ බිණුවත් ඇති සැටි මෙය් දක්වන්. හැත් තිගැළි දමක් කඬා මහනෙල් මත් කඬන්නෙද ?


සීගිරි ගී 91


අර්ථරය :- යහපත්ක් වේවා!

 .i	මිතුරු තුමනා! (ඔවුන්ට) කථා කළවිට (ඔවුන්) කථා කළේයි (සිතා) උන් (කෙරෙහි) ඇස තබා නොසිටින්. (ඔවුන්) දුටු විගස1 සිහි එලවා සිටින 2   අයෙක් (තම ඇස්) අන් (දේ) කෙරෙහි තබයි.	

.ii කෙළිමතින් මේ කියවුද මේ (කරුණ) ඇති සැටියෙන්ම මෙසේ දක්වන්න. ඇතා (තමන්) බැඳ තැබූ 3 දම්වැල කඩා දැමුවද (ඒ අයුරින්ම) මහනෙල් පත් කඩයිද ?4

1. දිටියා සැමැගැ 2. සිහි හය් නොවන්නෙක් - මෙහි අර්ථලය පැහැදිලි නැත. ‘සිහි නැති නොවී සිටින අයෙක්’ යනු විසින් අදහස් කරන ලදැයි හැ‍ඟේ. 3. තිගැළි 4. පළමු ගීය ලියූ තැනැත්තා, කතුන් දෙස බලා ශොකයට පත් නොවනසේ තම මිතුරන්ට අවවාද කරයි. ශ්රෙකෂ්ඨ පුරුෂයන්ගේ සිත් පවා වෙනස් කළ මේ කතුන්ට, මේ ගී ලියන කවියන්ගේ සිත් වෙනස් කර දැමීම එතරම් කරුණක් නොවන බව දෙවැනි ගීයෙන් කියවේ.


විස්තර :- කාලය - 8 වෙනි ශත වර්ෂීයේ අවසාන භගය හෝ 9 වෙනි ශත වර්ෂතයේ මුල් භාගය.

වෘත්තය - යා ගී.

40. තොප නුයුන් මහනෙල් විය ද ම හෙ නැ පැහැදියෙ ම නොකෙළෙයින් තමන් පින් දැන් මට තොප නුදුන් බස.



92 සීගිරි ගී

අන්වය :- තොප නුයුන් මහනෙල් වියද, ම හෙ පැහැදියෙ නැ. ම පින් ‍නො කෙළෙයින් දැන් මට තොප තමන් බස නුදුන්.

අර්ථයය :- තොප නුවන් මහනෙල් වුවද, මා ඉන් පැහැදුනේ නැත. (පෙර අත්බැව්හි) මා පින් නො කළ හෙයින්, දැන් මට,තොපි තමන් බස නුදුන්නාහුය.

විස්තර :- කාලය - 8 වෙනි ශත වර්ෂයයේ අවසාන භාගය.

වෘත්තය - යා ගී.

41. නිදලු මිහිදබු සෙවු මෙ (ගී).

මහනෙලබර වරල ගෙල හුණ පිහිරල රසන් ඇදිනි තමා මෙ බැලුම සෙවනක වි අප නුයුනග තා.

අන්වය :- මහතෙල බර, පිහිරල රසන් වරල ගෙල හුණ. තා නුයුනග මෙ බැලුම, තමා සෙවතක වී, අප ඇදිනි.

අර්ථයය  :- නිදලු මිහිද් (නමැත්තාගේ) අඹුව වූ සෙවු (නමැත්තාගේ) ගීයයි.

මහනෙලින් බර වූ, පීරා 1 ගෙතූ 2 වරල, ගෙල (දක්වා) හිණි. තොප නුවනගින් (කෙරෙන) මේ බැල්ම, ඇත්තෙන්ම 3 සපත්නියකගේ 4 මෙනැයි අප විසින් හඳුනාගන්නා ලද්දේය.

1. පිහිර-ල. සං. ප්රඇ + √ කෲ, ප්රැකිරති. 2. රසන්. සං, රවන. 3. තමා. උපහාසය, අවධාරණය සඳහා යෙදෙන ‘තමයි’ යන්න හා සසඳනු. 4. සෙවතක සං. සපත්නී. ධ.අ.ගැ. 28

    සෙවෙත්. දෙවැනි භාර්යා ව.

විස්තර :- කාලය - 8 වෙනි ශත වර්ෂගයේ අවසාන භාගය හෝ 9වෙනි ශත වර්ෂතයේ මුල් භාගය.

සීගිරි ගී 93 වෘත්තය - තුන්වන පාදයෙහි ‘මෙ’ අක්ෂ‍රය දීර්ඝයයක් සේ ගතහොත් දුවන ගී විරිත ලැබේ.

42. i. දිගඇසී මහනෙල්වතිනි තොප වැහැසින් අප (දැ)කුම නැතත් බැල්ම වියැ දිග ඇසින් බැණැ අස්වසන්නැ

ii. (අම්බු) යුක් පැනි පැනී මෙ ආවවුන(ට්)දි මුහුණ් දි සිත කිසිත් නොබෙණෙ මන දැකැ ‍ අ කුමක් වන් කරන්නෙ අන්වය :-

i. දිග ඇසී මහනෙල් වතිනි! තොප අප දැකුම වැහැසින් නැතත්, බැල්ම වියැ. දිග ඇසින් බැණැ අස්වනන්නැ.

ii. මෙ ආවවුනට් පැන පැනී මුහුණ් දි සිත දි, අම්බුයුක් මන නොබෙණෙ. අ! දැක කුමක් වන් කරන්නේ ?

අර්ථණය:- i. දිගු ඇසින් යුතු මහනෙල්වන් කතුනි! තොප අප (දෙස) බලන්නේ මද සිනාව 1 (සහිතව) නොවුවද, (තොප කෙරෙන්) බැලුම් (පමණක්) වීය. දිගු ඇසින් කථාකර (අප) අස්වසන්න.

ii. මෙහි ආ අයට පෙනි පෙනී මුහුණ දී සිත දී (සිටින) කතක්,2 තම සිත් (අදහස්) නොකියයි. හා! 3 (ඇය) දැකීමෙන් (පමණක්) කුමක් කරනටද ?

1. වැහැසින්. 2. අම්බුයුක්. 3. අ.

විස්තර :- කාලය - 9 වෙනි ශතවර්ෂ යේ අවසාන භාගය හෝ 10 වෙනි ශතවර්ෂියේ මුල් භාගය විය හැක.

වෘත්තය - දුවඟ ගී. 94 සීගිරි ගී

43. රුහුණින අවුද් බෙයන්ද්හි රන්වනුන් දුට්මො මෙ නො මෙ බෙණෙත් ද තම (හය්) හිමම්බු රත්අතැ ම(ල්) ග(ත්).

අන්වය :- රුහුණින අවුද් බෙයන්ද්හි රන්වනුන් දුට්මො. රත්අතැ මල් ද ගත් මෙ හිමම්බු තම හය් නො මෙ බෙණෙත්.

අර්ථිය :- රුහුණින් අවුත් (අපි) බෙයදෙහි රන්වන් (ලියන්) දුටිමු. රුතුවන් අතින් මලුත් රැගෙන සිටින මේ ලියෝ අප සමග කථා නොම කරත්.

විස්තර :- කාලය - 8 වන ශත වර්ෂ යේ අවසාන භාගය හෝ 9 වන ශත වර්ෂණයේ මුල් භාගය විය හැක.

වෘත්තය - පළමුවන පාදය ‘බෙ’ අක්ෂඅරයෙන් කෙළවර වේ නම්, එය දීර්ඝභයක් සේ ගත හොත් යා ගී විරිත ලැබේ.

44. තොහි ද කසුන්ගිරිරද් අප සිරිලක් සිහිගිරි පසු පන්සිය අග්තන් සග යන්නා කෙළෙ පසු එඩිරුපු දප් පින්දඅල(ය්) අ(ත)ළෙ (නැගැ) බෙයද් ආ හිසු වහසින් (ත)ම මිලියෙන් ඇස කළෙ සි(ට) අග්නන් ම අසු. කි(ත්) (සං බෙ))ය‍ා බද් සතර්පදයි.

අන්වය :- අප සිරිලක් සිහිගිරි කසුන්ගිරිරද් පසු නොහිද ? පන්සිය අග්නන්, සග යන්නා පසු කෙළෙ. එඩි රුපු දප් බින්දිලය්, අතළෙ නැග බෙයද් හිසු ආ, අග්නෙන් සිට, තම වහසින් මිලියෙන් ම දසු කළෙ.

අර්ථ,ය:- අප සිරිලක්හි වූ සිහිගිරිය (නිසා) කසුන් ගිරිරද (මේරු පර්ව,තය) පසු නොබෑවේද? පන්සියයක් අඟනෝ, දෙව්ලොව බලා යන (අය‍ගේ) ගමන (පමා) කළාහ. අහංකාර සතුරන්ගේ මානය බිඳපියා, (ගල්) අතළද




සීගරි ගී 95

නැග, පව්ව මුදුනට ආ(විට), (මෙහි සිටින) අඟනෝ (තමන්ගේ) මඳ සිනායෙන්ද,1 ඇසිපිය 2 හෙලීමෙන්ද, මා (ඔවු‍න්ගේ) දාස භාවයට පත් කළාහුය.

කිත් සංබොය් (නමැත්තා විසින්) රචනා කළ සතර පදයයි. 1. වහසින්. (සං. වි + හාස) 2. මිල‍ියෙන්. ‘මිලි’ (සං. මිලිත. √ මීල්).

විස්තර :- කාලය - 9 වෙනි ශතවර්ෂ ය.

වෘත්තය - එලු සඳැස් ලකුණෙහි නොපැබේ.

45. නැගී ඇති බලනට බැලීමි සිහිමියන් සිහිගිරි මනදොළ පුරය් ඇති බලතරිසි බෙයන්ද් රන්වන්.

අන්වය :- ඇති බලනට සිහිගිරි නැගී, මන දොළ පුරය් සිහිමියන් බැලිමි බෙයන්ද් රන්වන් බල රසි ඇති නොවේ.

අර්ථ්ය  :- ඇති(දෙය) බලනට සිහිගිරි නැග, මනදොළ පුරා, සිංහ ස්වාමිහා 1 බැලීමි. බෙයදෙහි (සිටින්නාවූ) රන්වන් (ලිය) බැලීමට රුචියක් (මා කෙරෙහි) ඇති නොවේ. 1. සි-හිමියන්ය. සීගිරියේ ඇති සිංහ රූපය ගෞරවාර්ථහයෙන් සැලකූ බඳුය. විස්තර :- කාලය - 9 වෙනි ශතවර්ෂංය

වෘත්තය - එලු සඳැස් ලකුණෙහි නොලැබේ.

46. බලා නො මෙ බැණැ යන් තවර් අප සිහිගිරී නොබෙණෙත් මිලැස් ලෙය් කළ කළ වනින් මෙ ත(මන්).

බඩී දාපුළ් ඈපැමි මෙ (ලීමි)

අන්වය :- අප සිහිගිරී තවර් බලා නො මෙ ‍බැණැ යන්. තමන් මෙ ලෙය් කළ කළ වනින් මැලැස් නො බෙණෙත්.

96 සීගිරි ගී

අර්ථනය :- අපේ සීගිරි නුවර බලා (මුවෙන්) නො බැණ ම යන්න. තමන් මෙසේ සිත්තම්1 කළාවූ කළාවූ අයුරින් ම (සිටින) (එකී එකී) මියුලැසියෝ නො බෙණෙත්.

බඬී දැපුළ් (නමැති) ඈපා වෙමි. මෙය ලීමි. 1. ලෙය් කළ කළ. ‘කළ’ යන වචනය දෙවරක් යෙදීමෙන් සෑම සිත්තමක් ගැනම කවියා අදහස් කළ බව පෙනේ.

විස්තර :- කාලය - 9 වෙනි ශතවර්ෂවයේ අවසාන භාගය. වෘත්තය - කව් ගී.

47. ස්වස්ති තිස හි(මියන්) ගී. මෙය්හි වෙය් සෙය් තිලි රන්වන් ගිරිබෙයන්දනහි වෙසෙය් මළ හො පියා එහි නෙ බැසි ගත්තෙන් (සිත).

අන්වය :- ගිරි බෙයන්දරහි රන්වන් මෙය්හි නිලි වෙය් සෙය් පියා මළ, තෙ බැසි, එහි සිත ගත්තෙන් හො වෙසෙය්.

අර්ථයය :- යහපතක් වේවා! තිස හිමියන්ගේ ගීයයි. බෙයදෙහිවූ රන්වන් (තැනැත්තිය) මෙහිම වසන 1 බඳය.(ඇගේ) ප්රිබයයා මළ (හෙයින්), නොබැස, ඒ (ස්ථානය) සිත් ගත් හෙයින් ඕතොමෝ, (එහි) වසන්නීය.

1. නිලි (සං. නිලය, නි + √ ලි)

විස්තර :‍- කාලය - 8 වෙනි ශතවර්ෂමය හෝ 9 වෙනි ශත වර්ෂ(යේ මුල් භාගය. වෘත්ත්ය - තුන්වන පාදයෙහි ‘හො’ අක්ෂ රය දිර්ඝයයන් සේ ගත් කල කව් ගී විරිත ලැබේ.

48. සිහිහිමියන් ගී ද(කු)ත් න(ැ)මි වී සිත අතින් මල් ගත් මීලැ(සි) වියි දි රිසි (‍ෙ)ක(‍ෙ)ස(යින්) (තා) බල(ය්) අ සද නැගී මෙය.


සීගිරි ගී 97

අන්වය:- අතින් මල් ගත් මිලැසි දකුත් සිත නැමි වී. නැගී මෙය බලය් අ සද තා රිසිය කෙසෙයින් වියි ද?

අර්ථයය :- සිහිහිමියන්ගේ ගීයයි. අතින් මල් ගත් මියුලැසිය දුටුවිට, (ම) සිත(ඇය කෙරෙහි) නැමුණේය. නැගී (මෙය) බලා ආපසු පැමිණි විට, (ඔවුන් පිළිබඳ) තොප රිසිය කිසෙයින් වීද ?1

1. පද්යසයේ දෙවැනි පාදය ප්රගථම පාදයෙහි කී අදහසට උපහාසාත්මක වශයෙන් බැඳුණේය. පළමුව කියූ දෙය සත්යසයක් නම්, රචකයා, එහිම ලග්නවි සිටිනු මිස, ආපසු ඒම ඔහුට අසීරු කරුණක් වනු ඇත.

විස්තර :- කාලය - 8 වෙනි ශතවර්ෂපයේ අවසාන භාගය හෝ 9 වෙනි ශතවර්ෂ යේ මුල් භගය විය හැක. වෘත්තය - යා ගී.

49. ස්වස්ති බුද්ගමුවෙහෙරැ නියම්ජෙට් නා සගය්මි ලීමි. බලන්නට් ගැහිනින් බැලූමො සිහිගිරී (පි)රි මනජොළ් කතුන් ම ය(ත්) තළ ජොලන්නට් හුන්.

අන්වය :- ගැහිනින් බලන්නට් සිහිගිරී බැලුමො. යත්, තළ ජොලන්නට් හුන් කතුන් ම මනජොළ් පිරි.

අර්ථ්ය:- යහපතක් වේවා! බුද්ගමුවෙහෙර නියම්දෙටු 2 වන නා-සගය් වන මම ලීමි.

ගැහැණුන් බැලීම සඳහා සීගිරියට (පැමිණ) බැලුවෙමු. (යනවිට) තොප ළය2 දවාලන්නට 3 (මෙන්), එහි සිටි කතුන් (නිසා) මා මනදොළ පිරී ගියේය.

1. නියම්ජෙට් - ප්රවධාන පාලකයා 2. ළ. 3. ජොලන්නට් 7

98 සීගිරි ගී

විස්තර :- කාලය - 9 වෙනි ශතවර්ෂ යේ මුල් භාගය වෘත්තය - කව් ගී.

50. (ස්ව)ස්ති තොප නුයුත මිණිවිට්නි වැම්හෙන පැහැදිසෙ(ය්) තො කෙළෙ ත(ම)න් තෙ(මම්) එ ඉන් (ද) නිම්

                              තොප සුරබව

අන්වය :- මිණිවිට්නි වැම්හෙන පැහැ තොප නුයුත දිසෙය්. එ තෙමම් තමන් නො කෙළෙ. ඉන් තොප සුරබව දනිමි.

අර්ථෙය:- යහපතක් වේවා! මිණිපහනින් වැමේමෙන පැහැය තොප නුවන් වලින් දිස්වෙයි. (නුවන්හි වූ) එ ශොභා විහිදුවිම1 තමන් (ආයාසයෙන්) කළ දෙයක් නෙ‍ාවෙයි. එහෙයින් තොපගේ දිව්යොමය භාවය දනිමි.

1. ‘තෙමම්’ - නිසල බව යන අරුතද දී ඇත. (සං. √ස්තිම්. සේතමයාම්.)

විස්තර :- කාලය - 9 වෙනි ශත වර්ෂඇය. වෘත්තය - දෙවැනි පාදය ‘විට්නි’ යන්නෙහි ‘නි’ යන්නෙත් ආරම්භවූ සේ සැලකුවහොත් කව් ගී විරිත ලැබේ.

ශ්රීභ 51. දකුත් නැමී සිත ගත නෙත ගත කත ළ තො පෙරෙ ජලගත දැකැ ම නොගත සැබැවැ රජක් නො වි ගත තදගල ගත බල ‍මගයන්නො යති එගි ය නුමුත

අන්වය :- කත දකුත් සිත නැමීගත. නෙත ගත. දැකැ ම නොගත, ළ පෙරෙ ජල නොගත. සැබැවැ රජක් ගත නො වි, තදගල ගත. මගයන්නො යති. එති. ය නුමුත බල.



සීගිරි ගී 99

අර්ථරය :- කාන්තාව දුටුවිට, ම සිත (ඇය කෙරෙහි) යොමුවිය. ඈ ම නෙත් ගත්තාය. (මා) දුටු (ඉක්බිති) මා තොප ප්රිනයයා සේ (පිළි) නොගැනේ නම්, පෙර කල තොප හදවත දැල්වී 1 නොතිබුණු (සේය.) සැබවින්ම, (තොප විසින්) රජකු පවා (පිළි)තොගත් මුත්, තද පර්ව තයක් (පිළි)‍ ගෙන ඇත. මග යන්නෝ යති. එති. මෙසේ2 නොනැවතී3 ඔවුන් දෙස බලති.

1. ජලගත 2. ය 3. නුමුත.

විස්තර:- කාලය - 9 වෙනි ශතවර්ෂ යේ මුල් භාගයට අයත්ය.

වෘත්තය - පදක නම් විරිතින් බැඳි එළිසම සිවුපදයකි.

52. ........................(කි)ත(ල් හිමිය)න් ගී තා නු(යු)ත (මහතෙ)ල (බෙය) න්දගහි සිටි (හෙළිල්ලම්බි) දසන් මිණිතරින් අලුජ හජ බැණැ ලන් තම (‍ෙ)ස(මෙ)න්

අන්වය :- බෙයන්ද.හි සිටි හෙළිල්ලම්බි! තා ඳසන් මිණිතරින් නුයුත මහනෙල අලු ජ, තම හජ සෙමෙන් බැණැ ලන්.

අර්ථජය:- ...................... කිතල් හිමිගේ ගීයයි.

බෙයදෙහි සිටි රූමත් අඟන! තොප දසන් නමැති මිණි ‍කැලුමින් නුවන් නමැති මහනෙල් ආලෝකමත් 1 වුවද, (තොප) අදහස් (අපහට) සෙමින් කියන්න.

1. අලු - සං. ආලොක.




100 සීගිරි ගී

විස්තර :- කාලය - 8 වෙනි ශත වර්ෂකයේ අවසාන භාගය හෝ 9 වෙනි ශත වර්ෂතයේ මුල් භාගය විය හැකිය.

වෘත්තය - යා ගී.

53. මිහිදල ඇපණන්ගෙ සිත් ගී පුරුජුගුණ සි(ත) නොගත අදහයි ඇබි සෙයි. බෙයන්ද්හි රන්වන් ඇති මන ග(න්නි) ම(නා වෙ)සෙන්

අන්වය :- ඇබි සෙයි පුරුජුගුණ, අදහයි නොගත, සිත (නොගත). මනා වෙසෙන් ඇති බෙයන්ද්හි රන්වන්, මන ගන්නී.

අර්ථනය :- මිහිදල ඈපාණන්ගේ (වංශයෙන් ආ) සිත් (නමැත්තාගේ ) ගී‍යයි.

අඹුවකගේ මෙන් පුරුදු ගුණ (ඇති ඈ) (යමෙකුගේ) ඇදහීම් නොලැබුවාය. සිත් නොගත්තාය. මනා වෙශයකින් ‍යුතුව බෙයදෙහි (සිටි) රන්වන් (තැනැත්තිය) (කවර‍කුගේද) සිත් ගත්තාය.

විස්තර :- කාලය - 9 වෙනි ශත වර්ෂ)ය.

වෘත්තය - ප්රැථම පාදයෙහි අවසාන අක්ෂතරය දීර්ඝයයක් සේ සැලකිය හැකි නම් යොන් ගී විරිත ලැබේ.

54. නො(ස)දහන් වැ (යෙ මෙ)ය අනුන් හය් (එ)ක්වත තා දුවය උඩගල ය(න) මෙන් ත(බ)යි අන්දස යෙනු (මෙ)හි ...............ගැමියෙ අ(ග්බො) යා බද් ගී.

අන්වය :- අනුන් හය් එක්වන, මෙය හා නොසදහන්වැ යෙ. මෙහි තබයි අන්දස යෙනු, උඩගල දුවය යත මෙන්.


සීගිරි ගී 101

අර්ථරය :- අනුන් හා එක්වන කල්හි, මෙය තොපට නොසඳ හන්වැ ගොස් (සිතින් බැහැර වනු ඇත). (මෙය) මෙතැන තබා, අන් දෙස යෑම, උඩගලකට1 දිවීම මෙන් (අපහසු කරුණකි)

....................... ගැමියෙහි අග්බොයා බැඳි ගීයයි.

1. කඳු මුදුනකට

විස්තර :- කාලය - 9 වෙනි ශත වර්ෂ)ය. වෘත්තය - යා ගී.

55. (ස්වස්ති) යෙනු(යු)න් නියත් ගියෙ පුන සිහි වෙමින් සිහිගිරි සිහිපත් කුමට් මෙ නො වෙය අන් සන්ද්හන් ‍ (නො වැ ගිය)ත්.

අන්වය :- සිහිගිරි යෙනුයුත්, සිහි වෙමින් පුත ගියෙ නියත්. අන් සන්ද්හන් නොවැ ගියත්, මෙ සිහිපත් නො වෙය කුමට් ?

අර්ථ ය:- (යහපතක් වේවා!) සිහිගිරියට යන්නවුන්, එය සිහිකරමින් නැවත එහි යන බව නියතය. අන් කරුණු අමතක වුවද, මෙය සිහිපත් නොවීමට කරුණු කිම?

විස්තර :- කාලය - අක්ෂපර මතුයෙහි පසු කාලයෙහි කළ කුරුරුගෑම් නිසා මෙහි කාලය නිශ්චිත වශයෙන් කීම අපහසුවී ඇත.

                  වෘත්තය  -	යා ගී.

56. ස්වස්ති බෙයන්ද් අවුජ් අප මහනෙල්වනුන් තෙවෙස්නට් ගියක් නො දී ඇ(ය)ට් ගියෙ නියත් හො උදහනේනයි ඇ .............. (ගම සග)ල්(හිමියන්)ගී.



102 සිගිරි ගී

අන්වය :- මහනෙල්වනුත් බෙයන්ද් නෙවෙස්නට් අවුජ, ඇයට් ගියක් නො දි අප ගියෙ. හො උදහන්නෙයි නියත්.

අර්ථිය :- යහපතක් වේවා! මහනෙල් මල් වර්ණගය (ඇති තැනැත්ත‍ියන්ගේ) නි‍වාසය වන බෙයදට පැමිණ, ඇයට ගීයක් නොකියා (නොදී) අපි යන්ට ගියෙමු. ඇය උදහස් වනු 1 ‍නො අනුමානය. ............ ගමහි සගල්හිමියන්ගේ ගීයයි.

1. උදහනේන යි.

විස්තර :- කාලය - 9 වෙනි ශත වර්ෂ යේ මුල් භාගය. වෘත්තය - පළමු පාදය මහනෙල් යන වචනයෙහි ‘ම’ යන්නේන් කෙළවර වනසේද, සතරවන පාදයෙහි එන ‘හො’ අක්ෂරරය දීර්ඝයක් සේ ද සැලකුව හොත් යාගී විරිත ලැබේ.

57. ගියහ(ැ) (බ)සින(ැ) න(ැ)ති සෙ වෙ(ය්) එ නැගි මි) තිස්නට් මි යනැ තබය් සි කිසන්ද් කුමක් කියනෙය් පිරික්සයු බුදල්(මි මෙ) ........බද්මි.

අන්වය:- ගියහැ බසිනැ නැති සෙ වෙය්. එ නැගි මිනිස්නට් කුමක් කියනෙය්, සිකිසන්ද්, මි යන තබයි, පිරික්සයු.

අර්ර්ථ්ය :- (මුදුනට) ගිය අය නො බසින සේය. ඒ නැගියාවූ මිනිසුන්ට කුමක් සිවයුතුද යනු මා යහලුවා1 විසින් මෙහි (මුදුනට) නොගොස් පිරික්සනු (ලැබේවා)

බුදල් වෙමි මෙ ............බැඳීමි.

1. සිකිසන්ද්.



සීගිරි ගී 103

විස්තර :- කාලය - 8 වෙනි ශත වර්ෂමය

වෘත්තය - දෙවැනි පාදයේ අවසාන අක්ෂමරය දිර්ඝටයක් සේ ගත හොත් දුවඟ ගී විරිත ලැබේ.

58. රකැසලු ගී.

එවැනි දැයැකට බියෙ (නො)බසන්න බණව(න්නෙ)ක් හෙ නො සැබැවින් බෙයන්ද්හි රන්වනුන් (දැක්)නෙ(න්) උකටලි

අන්වය :- බසන්ත බණවන්නෙක් එවැනි දැයැකට බිය නො? බෙයන්ද්හි රන්වනුත් දක්නෙන් හෙ සැබැවින් උකටලි නො?

අර්ථය:- රකැස‍ලගේ ගී යයි.

බැසීම (සඳහා) අමතන තැනැත්තෙක් එවැනි 1 දෙයකට බිය නොවේද? රන්වනුන්දැක සැබැවින්ම ඔහු උකටලී නොවේද ?

1. මින් අදහස් කළේ සිත්තම් ගතවූ ගැහැණුන්ය. ඔවුන් ගැන තැකීමක් නොකළ යුතු බව උපහාසාත්මක ලෙස කියන ලදි.

විස්තර :- කාලය - 8 වෙනි ශත වර්ෂ යේ අවසාන භාගය.

          වෘත්තය -  	තුන්වැනි පාදයෙහි අවසාන අක්ෂැරය දීර්ඝ්යක් සේ ගතහොත් දුවඟ ගී විරිත ලැබේ.

59. බලය් සිට තා මුත් දකුත් මෙ කී සි(ත තද) ‍(මෙහි ත) අ තම දී මන තමහට මෙ (සො)ව් දී (ගත).

අන්වය :- සිට, තා මුත් බලය්, දකුත්‍ මේ, සිත තද කී.ත මෙහි අ, තම මන දි තමහට මෙ සොව් දී ගත.


104 සීගිරි ගී

අර්ථය:- සිටගෙන ඔවුන් දෙස බලා, (ඔවුන්) දුටු විගස 1 උන් සිත තද (ගති) ඇති බව තොප (විසින්) කියත ලදි. තා මෙහි විත්, උන්ට තොප සිතදී, තමා කෙරෙහිම ශොකය පමුණුවා ගන්නා ලදී.

1. දකුත් මෙ

විස්තර :- කාලය - 9 වෙති ශත වර්ෂවය.

වෘත්තය - කව් ගී

60. බෙයදහි රන්වනුන් බියපත් මෙන් නොබැණැ සිටි සිටි මල ගෙනැ අතින් මෙ දිගැස් තමන් නො බෙ‍ණත ජු

අන්වය :- බියපත් මෙන්, රන්වනුන් නො බැණැ, බෙයදහි සිටි නොබෙණෙත ජු, මෙ දිගැස්, තමන් අතින් මල ගෙනැ සිටි.


අර්ථය :- බියපත් වූවා මෙන් රන්වන් (ලියෝ), නොබැණ බෙයදට වී සිටිත්. (තමන්) කථා නොකරන නමුදු, මේ දිගැසිය, නම් අතින් මලක් ගෙන සිටින්නීය.

විස්තර :- කාලය - 8 වෙනි හෝ 9 වෙනි ශත වර්ෂඅය තුන්වන පාදයෙහි අවසාන ‘මෙ’ අක්ෂ8රය දීර්ඝගයක් සේ ගත හොත්, යාගී විරිත ලැබේ.

61. මහ(අ) ...... වැසි කිති කසුබු හිමියන ගී නැසැ ප(ර)ලොවො යෙමි වයි රජ මොයුතැ අජවය ‍ගලට කොට පණයු වී යි ගියෙක මොයුනට


අන්වය :- ‘නැසැ පරලොවො යෙමි’ වයි මොයුතැ අජවය, ‘ගලට පණයු කොට ‘වසයු’ යි මොයුනට වී, රජ ගියෙ.

අර්ථය :- මහ - අ ............. වැසියකුවූ කිති කසුබු හිමියන්ගේ ගී යයි.


සීගිරි ගී 105

‘නැසී පරලොව යෙම්වා’ යි (සිතමින් මෙන්) මොවුන් (කතුන්) සිත්තම්1 කොට, ‘ගලට පෙම්2 කෙරෙමින් තොපි මෙහි වෙසෙත්වා’ යි උනට කියා3 රජතුමා (මිය) ගියේය.

1. අජවය 2. පණයු කොට 3. මොයුනට වී

විස්තාර:- කාලය - 8 වෙනි ශත වර්ෂමයේ මුල් භාගයට අයත්ය.

වෘත්තය - පළමුවෙනි හා සතරවෙනි පාදයන්හි අවසාන අක්ෂ ර දීර්ඝය සේ ගත හොත් යාගී විරිත ලැබේ.

62. බිණි‍ෙ(ය ‍ෙ)තොප (පු)වත් මුළුරට්හි එක්වන නම් බලන්නට් සසිරී ඇති සිහිවන්නට් සිහිගිරී

අන්වය :- මුළුරට්හි එක්වන නම් සසිරි සිහිගිරී බලන්නට් ඇති සිහිවන්නට්, තොප පුවත් බිණියෙ.

අර්ථය :- මුළු රටෙහිම පතළා වූ1 නමක් ඇති (බැලූ ඉක්බිති නිතර) සිහියට නැංවෙන සසිරි සිහිගිරිය (පිළිබඳ) පුවත් (ජනයා පෙළඹවීම සඳහා) තොප විසින් කියන ලදී.

1. එක්වන - අසහාය, අද්විතීය යන අරුත්ද දිය හැකිය.

විස්තර :- කාලය - 9 වෙනි ශත වර්ෂැයේ අවසාන භාගය.

                    වෘත්තය - 	පළමු පාදයෙහි තුන්වන අක්ෂැරය වන ‘යෙ’කාරය දීර්ඝ යක් සේ ගත හොත් යාගී විරිත ලැබේ. 


63. (ස්වස්ති) (සෙන්) රජගෙහි වැ(සි) කළි(යා)ගී කුම්ට් දු දන්මො රන්අසර එකත් (වි)සි එක(ල්) එක(ල්) මෙහි යහවන් තා නො(වි) අසරයට මෙන් තම


අන්වය :- එකත්, එකල් රන්අසර විසි කුමට් දු දන්මො එකල් යහවන් අසරයට තා මෙහි තො වි මෙන්.



106 සීගිරි ගී


අර්ථය :- යහපතක් වේවා! සෙන් රජතුමාගේ ගෙහි නිවැසි කළි (තමැත්තාගේ) ගීයයි.

ඒ කාන්තාව, එකල සිටම වනාශ්රී ත1 (පෙදෙසක) විසූයේ මන්දැයි අපි දනිමු. එකල, යහපත් සේ ඇසුර (ලැබීම සඳහා) තොප මෙහි නොවූ බව සිතමි.2

1. රන් අසර (සං. අරණ්ය + ආශ්ර)ය) 2. මෙන් - (සං. මත්යෙර)

විස්තර:- කාලය - 9 වෙනි ශතවර්ෂීයෙහි මුල්භාගය.

වෘත්තය - යා ගී.

64. (ස්වස්ති) අගනිති අත් සලව් මෙ ගී පොහොන්තෙක් නැති ද නවබග්ළසන්ද් දුට් මිනිසක්හු නො වජන්නෙයි

අන්වය :- අගනිති! අත් සලව් ! මෙ ගී පොහොන්තෙක් නැති ද ? නවබග්ළසන්ද් දුට් මිනිසක්හු නො වජන්තෙයි.

අර්ථය :- යහපතක් වේවා!

කතුනි! මේ ගීය වටිනා (එකක් සේ) සලකන කෙනෙක් නැත්තේද? බක් මස තව ළසඳ දුටු අයකු ප්රාතික්ෂේපැ නොකට යුතුතේය. 2

1. නො වජන්නෙය් - (සං √ වෘජ්) 2. දෙවැනි පාදයෙන් අදහස් කෙරෙන අර්ථකය පැහැදිලි නැත බක් මස ළසඳ දැකීම භාග්යය සම්පන්න කරුණකැයි කියූ බඳුය.

විස්තර :- කාලය - 8 වෙනි ශතවර්ෂ යේ අවසාන භාගය හෝ 9 වෙනි ශතවර්ෂ යේ මුල් භාගය විය හැක.

වෘත්තය - එලු සඳැස් ලකුණෙහි නොලැබෙන විරිතකි.




107 සිගිරි ගී


65. (සි)රිපුරි මුග‍ලනු ගී වැහැවෙත් කිසෙය් බෙයදහි රන්වනුන් දුටුවො සිවියු(ද) ‍(‍ෙ)තපුල නැත (උන්) රහසට (නො)බෙයද අතුරෙ (සිටි)


අන්වය :- බෙයදහි රන්වනුත් දුටුවො කිසෙය් වැහැවෙත් ? සිවියුද උන් තෙපුල නැත. බෙයද අතුරෙ සිටි රහසට නො ?


අර්ථය ‍:- සිරිපුරි මුගලන්ගේ ගීයයි. බෙයදෙහි රන්වන් (ලියන්) දුටු අය කෙසේ නම් වැහැවෙත් ද ?1 ඔවුන් සිතා 2 වුවද උන්ගෙන් බසක් නැත. බෙයද අතර ඔවුන් සිටියේ රහසකට නොවේද?

1. සං. √ වහ් - ඉවසා සිටීම, අරා සිටීම. 2. සිවියුද - (සං. √ සමි)


විස්තර :- කාලය - 8 වෙනි ශතවර්ෂායේ අවසාන භාගය.

වෘත්තය - පළමු පාදයෙහි අවසාන අක්ෂ්රය දීර්ඝමයක් සේ ගතහොත් දුවඟ ගි විරිත ලැබේ.


66. නොසදහන් මෙන් තද වරජ් ම නියත්නි (නොගත) මා ඇසි බැලි සෙ ඇද ගත එ සත් ජි‍වියෙන්ම ගත.


අන්වය :- ම තද වරජ් නො සදහන් මෙන් නියන්ති තො ගත. මා බැලි සෙ ඇද, ඇසි ගත. එ සත් ජිවියෙන්ම ගත.

අර්ථය :- මා (කළ) මහ වරද නො සඳහනින් මෙන් නිගතයෙන්ම (ඈ ගණනකට) නොගත්තාය. මා (ඇය දෙස) බැලූ විගසම, මා ඇදගත්තාය. නෙත ගත්තාය. අත් බැව් සතකදිම (මෙසේ මා තමා කෙරෙහි ඇද) ගත්තාය.



108 සීගිරි ගී


විස්තර:- කාලය - 9 වෙනි ශතවර්ෂෙය.

වෘත්තය - ගීයෙහි අවසාන අක්ෂසරය දීර්ඝෙයක් සේ ගතහොත්, යාගී විරිතයි.

67. දුටු ද සිතුවර වන(බ)ව දීමෙන් කළවුන් එකක්හට මන දි තුබු වනබැවින් සියක් බන්දුි

අන්වය :- සිතුවර වන බව දීමෙන් කළවුන් දුටුද එකක් හට මත දි තුබු, වනබැවින් සියක් බන්දු


අර්ථය :- සිත්තරා (විසින්) වර්ණඑවත්1 කිරීමෙන් (බිහි) කළවුන් අප විසින් දක්නා ලදී. (උන්ගෙන්) එකියකට විඥානය (මත) දෙන ලද නම්, සායම් කළ සියයකට වඩා අගී.


1. වනබව.

විස්තර :- කාලය - 9 වෙනි ශතවර්ෂනයේ අවසාන භාගයට අයත්ය.

වෘත්තය - තුන්වන පාදයෙහි ‘දි’ අක්ෂ‍රය හ්රාස්වයක් සේද පද්යායවසානයෙහි එන අක්ෂවරය දීර්ඝ්යක් සේද ගතහොත් කව් ගී විරිතයි.

68. හො වූයු නො‍ වෙ ද හිමියා වියොවැ වියරුයක් රිජියක් නො වෙ යි ජත්මො ගියක් ලැබි හො සිහිගිරී

අන්වය :- හිමියා වියොවැ හො වියරුයක් වුයු නො වෙද? රිජියක් නො වෙ යි ජත්මො. සිහිගිරී ගියක් ලැබි හො.

අර්ථය :- හිමියාගෙන් වියෝවූ හෙයින් ඇය වියරුවී සිටිනු නොවේද? ඇය රදවියක 1 නොවන බව අපි දනිමු. සිහිගිරියේදී ගීයක් ලැබූ තැනැත්තියකි ඇය.

1. රිජියක්



සීගිරි ගී 109

විස්තර :- කාලය - 9 ශතවර්ෂහයේ මුල් භාගය.

වෘත්තය - පළමු පාදයෙහි ‘හො’ අක්ෂෂරය සහ අවසාන පාදයෙහි අවසාන අක්ෂජරය දීර්ඝෙයක් සේ සැලකුව හොත් කව් ගී විරිත ලැබේ.

69. මෙසා තොප බන්දුහහු කියවූහ සිතන්නා සෙ ඔක(ඩ්)නා සියලග් ලොමුදහ ගැනවී සිහිගි(රී)

අන්වය :- තොප බන්දුකහු මෙසා සිතන්නා සෙ කියවූහ. සිහිගිරී ලොමුදහ ගැනවී ලියලග් ඔකඩ්නා


අර්ථය:- සිතට ආ පරිදි කීමට (ජනයා පුරුදු වූයේ) තොප නිසාය. සීගිරියේදී, ලොමුදහ ගැන්වීමෙන් සියලඟ ඔකඳ කරවනු ලබන්නේත් (තොප නිසාය)


විස්තර :- කාලය - 9 වෙනි ශතවර්ෂායේ අවසාන භාගය හෝ 10 වෙනි ශතවර්ෂ යේ මුල් භාගයට අයත් විය හැක.

වෘත්තය - පළමුවෙනි, දෙවෙනි සහ සතරවෙනි පාදවල අවසාන අක්ෂතර දීර්ඝ සේ සැලකුවහොත් යා ගී විරිත ලැබේ.

70. (ස්ව)ස්ති නො වී පෙරෙ කල් මෙන සිතා අ විමෙන් මිනිසත තා කළ වරද එ කතුන් සිතින් නො තොර වෙ සිහිගිරි

අන්වය :- මිනිසත අ විමෙන් පෙරෙ කල් මෙන සිතා නො වී. තා කළ වරද සිහිගිරි එ කතුන් සිතින් නො තොර.

අර්ථය :- යහපතක් වේවා! පෙර කල මෙන්, මිනිසුන් ආ විට, සිනාවක් නොවීය. තා කළ වරද, සිහිගිරියේ ඒ කතුන්ගේ සිතින් තොර නොවන්නේය.





110. සීගිරි ගි


විස්තර :- කාලය - 10 වෙනි ශතවෂර්ය..

වෘත්තය - යා ගී

71. (බි)ජෙර්වතුකුළියෙ................... අග්බොහි ගී. එ නො බලයු ජහ යම්හ රතවන බට්තන බණවත තොමෙ බණයු ගිරිහිස්හි නට්බත නො වසනෙන්

අන්වය :- එ නො බලයු. බට්නත, රනවන ජහ යම්හ. ගිරිහිස නට්බිත වසනේන්, බණවත නො මෙ බණයු.

අර්ථය :- බිජෙර්වතුකුළියෙහි ......... අග්බොහි ගේ ගී යයි.

එය නොබලනු වැහැරැණු පියොවුරන් 1 ඇති රන්වන් (ලිය) බැහැර කොට 2 යම්හ. ගිරිහිස, නටුවාව බිත්තියෙක වසක යෙහින්, බැණවූ මුත්, නො බණන්න‍ාහ.

1. බට් තන 2. ජහ.

විස්තර :- කාලය - 9 වෙනි ශතවර්ෂ යේ මුල් භාගය.

වෘත්තය - පළමු පාදයෙහි ‘එ’ අක්ෂ රය සහ තුන්වන පාදයෙහි ‘යු’ අක්ෂයරය දීර්ඝ සේ සැලකුව හොත් බමර ගී විරිත ලැබේ.

72. නැගී සිහිගිරී සිහි කොට් ගියක් බ(ද)නා බතීමි නැ ගී නුයුන් මන ගන්නානට් ජනා

අන්වය :- සිහිගිරී නැගී, සිහි කොට් ගියක් බදනා බතීමි, ජනා නුයුන් මන ගන්නානට් ගී නැ.

අර්ථය :- සිහිගිරි නැග, (යම් යම් දේ) සිහි කර ගීයක් ලියන මම, බතී (නමැත්තා) වෙමි. ජනයන්ගේ නෙත සිත (පැහැර) ගන්නා (කතුන්ට) ගීයක් නැත.

විස්තර :- කාලය - 9 වෙනි ශත වර්ෂමය

වෘත්තය - යොන්ගී.


සීගිරි ගී 111

73. මද් හැ සුරලොයු ‍මොම්බ තබය් නිරින්ද් මෙළෙ (නෙ) වී මේ හෙලින් නො ලී දිව් ගී නෙලෙන් වෙළෙන මල් පල්ලට

අන්වය :- සුරලොයු මද් හැ. මොම්බ තබය් නිරින්ද් මෙළෙ වි නො? නෙලෙන් දිව් මෙ හෙලින්. ලී වෙළත මල් පල්ලට හී නො?


අර්ථය :- ‍(මේ කතුන්ට) සුරලොවද මඳය. (එසේ සිතමින්) (මොවුන්) මොබ තබා, නිරිඳා නො මෙළේ ද? (එසේ වුවද) සුළං (වේගයෙන්) දුවගොස්1 මේ හෙලින්, (මේ) ලිය 2, වෙලාන්තයෙහි 3 මල් පලු අතර නොවැටුණිද ?4

1. දිව් 3 වෙළත ආසන්න ප්ර්දෙශය 2 ලී 4 හි

විස්තර :- කාලය - 9 වෙනි ශත වර්ෂමය

වෘත්තය - සතරවෙනි පාදයෙහි අවසාන අක්ෂයරය දිර්ඝඳයක්සේ සැලකුවහොත් දුවඟ ගී විරිත ලැබේ.

74. හි(ම)බියන් සි(හි) වත ගලලග වරල ලෙස මට මෙ නැගි අ ගල් බෙය(න්ද්)(මා) බලමින් අතින් (ගත් මල්)

අන්වය :- හිමබියන් ගලලග වරල ලෙස මට සිහි වත, මෙ ගල් බෙයන්ද් නැගි, අතින් ගත් මල් බලමින් මා අ.

අර්ථය:- කතුන්ිගේ ගලෙහි ලග්නවූ වරලසෙහි ආකාරය සිහිවූ කල්හි, මම මේ ගල් බෙයද නැග, (ඔවුන්) අතින් ගත් මල් බලමින් (මෙහි) පැමිණියෙමි.

විස්තර :- කාලය - 9 වෙනි ශත වර්ෂ ය

වෘත්තය - යා ගී




112 සීගිරි ගී

75. ස්වස්ති මෙසෙයි මෙ අග්නන් අද්වයි විසි එ නරවරා අවුද් බැලුයොත් තා කියවි ගුණ එ නරවරා නැහැජිනැ ඉද් නම් වරජක් මම් කෙළෙම් නම් තිපි සහව වරජකජ් ඇත මහවන් හෙළිල්ලම්බියෙන්

අන්වය :- එ නරවරා මෙසෙයි මෙ අග්නන් අද්වයි විසි. අවුද් බැලුයොත් එ නරවරා ගුණ තා කියමි. මම් වරජක් කෙළෙම් නම්, තිපි නැහැජිනැ ඉද් නම් සහව. හෙළිල්ලම්බියෙන්! වරජකජ් ඇත මහවන්.


අර්ථාය :- යහපතක් වේවා! ඒ නරපති තෙමේ මෙසේ මෙ අඟනන් සිත්තම්1 කරවා (මෙහි) විසීය. අවුත් බැලුවහොත්, ඒ නරපතියාගේ ගුණ තොප (විසින්) කියනු ලැබේ 2 මම වරදක් කෙළෙම් නම්. තොප නො හැඳන 3 සිටින්නේම් නම්, (තොප විසින් එය) ඉවසනු4 ලැබේවා. රූමත් කතුනි! වරදක් ඇතද, සමාවන්න.5

1. අද්වය් 2. ත‍ා කියවි 3. තැහැජිනැ 4. සහව 5. මහවන්

විස්තර :- කාලය - 9 වෙනි ශත වර්ෂජය

වෘත්තය - මේ ගී දෙකකි. අදහස් ‍අතින් අසමානය. එසේ ‍වුවද ගී දෙකම ලියා ඇත්තේ එක් අයකු විසිනි. මෙහි ලැබෙන විරිත එලු සඳැස් ලකුණෙහි දක්වා නැත.

76. ස්වස්ති ඇතම් තැනැ පිරිබුන් ඇතම් තැනැ පැහැපැහන් සිකි කල්හු ලයු මෙ කල්හි එ කල්හි (නැ)ත ළපබන්දො







සීගිරි ගී 113

අන්වය :- සිකි! මෙ කල්හි කල්හු ලයු ඇතම් තැනැ පිරිබුන්. ඇතම් තැනැ පැහැපැහන් එ කල්හි ළපබන්දො නැත?

අර්ථය:- යහපතක් වේවා! යහලුව! මෙ කල්හි ඇතැම් තැනෙක ලියෝ සැබවින්ම1 විරූපී2 වෙති. ඇතැම් තැනෙක ඔවුන්ගේ වර්‍ණය මැලවී ඇත.3 එ කල (ඔවුන් කෙරෙහි) ළබැඳි අය නො සිටියාහු ද?

1. ලයු (සං. ඛලු) 2. පිරිබුන් 3. පැහැන්. (සං. ප්රූහීණ)

විස්තර :- කාලය - 9 වෙනි ශත වර්ෂ ය

වෘත්තය - එලු සඳැස් ලකුණෙහි නොදැක්වුණු විරිතකි. අවසාන පාදයෙහි තවද මාත්රාැවක් තිබුණි නම් යා ගී විරිත වන්නේය.


77. ස්වස්ති

තමහට නො දිස් වූ මෙන් වෙ(ද) සිත ජනේන(තම) දිසෙයි නැගෙන බන්දුක සිකි (අ)බුරෙහි කිමින්දිි සෙ තහට

අන්වය :- තමහට දිස්වූ මෙන් තම සිත ජනේන නො වෙ ද? නැගෙන බන්දුෙ දිසෙයි - සිකි! තහට අබුරෙහි කිමින්දි සෙ.

අර්ථයය :- යහපතක් වේවා! (යමක්) තමහට දිසිවූ අයුරින් තම සිතට දැනෙනු නොවේද ? නැගෙන්න‍ාසේ 1 මට දිස්වෙයි. යහලුව ! තොපහට (දිස්වනුයේ) අහසෙහි කිමිදෙන විලසටය.2

1. කතකගේ සිත්තම. 2. මේ ගීය නො.178 වෙනි ගීයට ලියූ පිළිතුරකි.

විස්තර :- කාලය - 9 වෙනි ශත වර්ෂ යේ මුල් භාගය.

වෘත්තය ‍- තුන්වෙනි පාදයෙහි අවසාන අක්ෂශරය දීර්ඝයක් සේ ගත හොත් යාගී විරිතයි.

8

114 සීගිරි ගී

78. ස්වස්ති

උපදැ ත උපන් (දි)වෙකැ නො හැජැනැ හිජ් නැත මා තොප පිය වහන් පය නම කළයුන්ම තම(‍ෙ)න

අන්වය :- ත උපන් දිවෙකැ උපදැ නො හැජැනැ හිජ් මා නැත. තොප පිය පය වහන් නම කළයුත් ම නමනෙ.

අර්ථ ය :- යහපතක් වේවා! තොප උපන් දූපතකම උපන් හෙයින් (තොප) නොහැද‍ින හිඳිමක්1 මට නැත. තොප ප්රිනයයාගේ පා වහන් තම කළ අය, මාගේ නමස්කාරයට ද (සුදුසු වන්නාහ.) 1. හිජ්

විස්තර :- කාලය - 8 වෙනි ශත වර්ෂ ය

වෘත්තය - එලු සඳැස් ලකුණෙහි නොලැබෙන විරිතකි.

79. සිහිමි සිහිගිරියට ගී. ගියහොත ඔයුත මො වැසැ අයහ වින්ද න1 දර ගොසින මෙ ඔයුත හය පිළි‍විසි ‍ වරදෙ(ක) වෙද

අන්වය:- ඔයුන ගියහොත මො වැසැ අයහ අනදර වින්දික. ඔයුන ගොසින, පිළි මෙ විසි වරදෙක වෙ ද ?

අර්ථිය :- සිහි (නමැත්තා) වෙමි. සිහිගිරියට (බැඳි) ගීයයි.

ඔහු ගිය කල්හි (මෙහි) විසූ මේ (කාන්තාව) අයහපතද, අනාදරයද වින්දාය. (සැබැවින්ම) ඔහු හා විසූ (ඉක්බිති)2 (ඔහු ගිය පසු) නැවත3 මෙහි සිටීම ‍වරදෙක්ද?

1. වින්දි( + අනදර 2. ස්ත්රි(යක් පුරුෂයකු සමග සහවාසය කිරීම. 3. පිළි.




සීගිරි ගී 115

විස්තර :- කාලය - 8 වෙනි ශත වර්ෂ.ය හෝ 9 වෙනි ශත වර්ෂපයේ මුල් භාගය

වෘත්තය - පළමුවන පාදයෙහි අවසාන ‘මො’ අක්ෂෂරය දීර්ඝයක් සේ ගත හොත් උමතු ගී විරිත ලැබේ.

80. ස්වස්ති මෙ නො ජත්වි නු අ සි(ටි) මිලැසි ලි විසබ1 නම(තා) සුක2 ලද දැ(කැ) සිවි3 (ද)නා (නැ)ත විසබ තා ආ විට


අන්වය :- අ මිලැසි ලි! විසබ නම නො ජත්වි තා මෙ සිටිනු? සිවි දැකැ, දනා සුක ලද විසබ නැත තා ආ විට.

අර්ථලය :- යහපතක් වේවා! හා! මියුලැස් කාන්තාව! විශ්ර ම්යහෙහි නාම (මාත්ර ය පවා) නොදත් සේ ඔබ මෙහි සිටියෙහි වේද? (මගේ) සිනාව දැකීමෙන්, (අන්) අනෝ සැපවත් වූහ. (මා කෙරෙහි) විශ්‍රම්භයත් නොවේයයි, ඔබ පැමැණිවිට (කියන්නෙහි).


1. සං. විශ්ර ම්හ - විශ්වාසය. 2. සැප ලද්දාහ. 3. සිනාව.

විස්තර :- කාලය - 8 වෙනි ශත වර්ෂවයෙහි අවසාන භාගය හෝ 9 වෙනි ශත වර්ෂනයෙහි මුල් භාගය විය හැක.

වෘත්තය - යා ගී

81. සි(ග)ම්හි වැසි දළසිවහිමියන් (ගී) හැ(ජැ)නැ නි‍යළෙත්1 මයු2 කුමට එ මින්දිමබියන් තිරිදු සෙවැ යෙහෙන් වැසැ නො මළ තද්ළ ඇත සරනට්






116 සීගිරි ගී

අන්වය :- එ මින්දිිබියන් හැජැනැ මයු කුමට නියළෙත් ? නිරිඳු සෙවැ යෙහෙන් වැසැ, මළ, නො සරනට්, තද් ළ ඇත ?

අර්ථයය :- සිගම්හි වැසි දළසිව හිමියන්ගේ ගීයයි.

ඒ උඩඟු3 කතුන් හැඳිනැ මේ (මිනිසුන්) ශොකී වන්නේ ඇයි ? නිරිඳුන් ඇසුරු කොට4 යෙහෙන් වැස, (ඔහු) මළ කල, (ඔහු) සිහි නොකිරීමට 5 පවා (ඔවුහු) තද ළය ඇති අය වෙත් ද?

1. සං (නි + කෘෂ් - පා. නිකට්ඨ) ශොකි වීම 2. මූ. 3. මින්දි බියන්. (මිත්ත - දුගි. යන පාලි වචනය හා සසඳනු) ධ.අ.ගැ. 103 4. සෙවැ. 5. සරනට් (සං. √ ස්මෘ) පා. සරති.

විස්තර :- කාලය - 8 වෙනි ශත වර්ෂ.යේ අවසාන භාගය හෝ 9 වෙනි ශත වර්ෂතයේ මුල් භාගය.

වෘත්තය - දෙවැනි පාදයෙහි එන ‘එ’ අක්ෂ.රය දීර්ඝයක් සේ සලකා, එම පාදයෙහිම ‘න්දි‘’ යන්නෙහි අර්ධඝ අනුනාසිකය සම්පූර්ණෙයෙන් උච්චාරණය කළ හොත් යා ගී විරිත ලැබේ.

82. මෙ අග්තන් (නු)ගි වැ පැනෙන්නෙක් පුරුද්දෙන් සි(ති) මෙ දිවියට් රිසි මෙන් රිසි වනේනක් සිහිගිරී

අන්වය :- මෙ අග්නන් නුගිවැ පැනෙන්තෙක්, පුරුද්දෙන් සිති. මෙ දිවියට් රිසි මෙන්, සිහිගිරී රිසි වන්නෙක්.

අර්ථයය:- මේ අඟනන් (තම) ඇසුරට සුදුසු සේ සිතූ අයෙක්, (එසේසිතූ යේ) පුරුද්දෙනි. තම ජි‍වතයට ඇති ආශාව යම් බඳුද, එබඳුවූ ම රුචියක් සිහිගිරිය කෙරෙහිද (ඔහු විසින්) ඇති කර ගන්නා ලද්දේය.





සීගරි ගී 117

විස්තර :- කාලය - 9 වෙනි ශතවර්ෂායේ අවසාන භාගය.

වෘත්තය - තුන්වන පාදයෙහි ‘මෙ’ සහ ‘සි’ යන අක්ෂමර දීර්ඝසේ ගත හොත් යා ගී විරිත ලැබේ.

83. බලත් පැනෙය් ඇති පිළිබිබ් මතු දසදෙසෙ මෙළෙකෙ මෙ සිත් කිපිනුවන් වි ගි‍ෙ(යය) නො කළ පුරුදින් රක්සා බද් මෙ(ගී)

අන්වය :- බලත්, මතු ඇති පිළිබිබ් දසදෙසෙ පැනෙය්. සිත් මෙළෙකෙ මෙ, කිපිනුවන් වි ගියෙය. කළ පුරුදින් නො?

අර්ථනය :- බලන කල, මතුයෙහි ඇති පිළිබිඹුව දස දෙසෙහිම (අපට) පෙනෙයි. ඇයගේ හදවත මෙළෙක් වුවද, ඇත්තෙන්ම, ඇය කිපියා සේය. (එය ඇය වගා) කළ පුරුදු නිසා නොවේද?

මේ ගීය රක්සා (විසින්) රචනා කරන ලදී.

විස්තර :- කාලය - 9 වෙනි ශත වර්ෂයය.

වෘත්තය - පළමුවන හා දෙවන පාදයන්හි අවසාන අක්ෂදර දීර්ඝ සේ ගත හොත් යා ගී විරිත ලැබේ.

84. ගත රිසි කොට් වයමිනි වෙණ ඔරත් ළග කොට් වයමිනි. නිරිද් ඉසිරා මෙළෙ යි, ඇනැ කඬ නො කළ වෙණ රන්වන්

අන්වය :- රන්වන්, ගන රිසි කොට්, වෙණ ‍ඔරන් ළග කොට් වයමිනි, තිරිද් ඉසිරා මෙළෙයි, වෙණ ඇතැ කඬ නො කළ ?

අර්ථාය :- රන්වන් (තැනැත්තිය), ගායනා කිරිමේ රිසියෙන් වීණාව උරහිසට ළංකර, වයමින් (සිටියාය.) රජතුමා නමැති හිමියා මළ බැව් (අසා), (ඕ තොමෝ) වීණා - වෙන් ගසා, ‍එය කැබලි‍ නො කළාද?




118 සීගිරි ගී


විස්තර :- කාලය - 8 වෙනි ශත වර්ෂැයේ අවසාන භාගය හෝ 9 වෙනි ශත වර්ෂතයේ මුල් භාගය විය හැක.

වෘත්තය - පළමුවන පාදය ‘වයමිනි’ යන්නෙහි ‘ය’ කාරයෙන් කෙළවර වන සේ ගතහොත් බමර විරිත ලැබේ.

85. සිරිසලහි ගී

බලයි දිගැසි තමන බෙයන්දලහි සිත හද(වත) ජැහැ අයිමි විතයුම ගැන කියලි රනවන ජැහැ ව ජ

අන්වය :- දිගැසි බලයි තමන සිත බෙයන්දනහි හදවත, ‘ජැහැ අයිමි විනයුම ගැන, කියලි, ‍රනවන ජැහැ වජ ?

අර්ථිය :- සිරිසලගේ ගී යයි.

දිගැසියන් බලා තොප සිත බෙයද දෙසට ඇදෙන කල1 ‘(ඇය) බැහැර කොට, ආයේ (ඇයගේ) විනයුම සඳහාය’ 2 යනුවෙන් (තොප) කීයේ, (සැබවින්ම) රන්වන් (ලිය) බැහැර කිරීමෙන් පසුද ?

1. හදවත 2. ඇයට පාඩමක් ඉගැන්විමටය.

විස්තර :- කාලය - 8 වෙනි ශත වර්ෂලයේ අවසාන භාගය

වෘත්තය - දෙවැනි පාදයෙහි අවසාන අක්ෂ රය දීර්ඝවයක් සේ ගත හොත් යාගී විරිතයි.

86. නො(ව)න්නො ද පුලුදු ගුණබජ් (‍ෙ)නා වරග්න(න්) නො සිටිය ‍ෙ(ව) දි හැද සමුන්ද කළ පුන්සන්දැු උදායෙ

අන්වය :- පුන්සන්දැ උදායෙ කළ දි හැද සමුන්දි නො සිටිය වෙ. ගුනබජ්නො වරග්නන් පුලුදු නොවන්නො ද ?





සීගිරි ගී 119

අර්ථරය :- පුන් සඳ උදාවූ කල ජලය1 හැදගෙන සමුදුර නොසිටිනා සේ, ගුණ (ධර්ම‍යන්ට) ආශා2 කරන අය වරඟනන් නිසා බැඳී 3 පවත්නාහ.

1. දි හැදා 2. ගුන බජ්නො. 3. පුලුදු - (සං. ප්රහලුබ්ධ)

විස්තර :- කාලය - 9 වෙනි ශත වර්ෂ‍යේ මුල් භාගය

වෘත්තය - පළමුවන හා සතරවන පාදයන්හි අවසාන අක්ෂ්රද, දෙවන පාදයෙහි ‘ගුණ බජ්තො’ යන්නෙනහි ‘තො’ අක්ෂ රයද, දීර්ඝා සේ සැලකුව හොත් යාගී විරිත ලැ‍බේ.

87. .i බතීමි ලීමි කැලුම් බැලුම් මුත් සතා මන නැත්තෙන් හය්. ළ තද්ගලැ කළ (බව) ජතිම් තො තොප අසද්බන්දෙ න්

          .ii	බතීමි ගී 

බෙයන්ද්ග(ත) සිරිබර්නි අග්(න)ක් කෙළෙය් මෙය්.ගැසූ ඒ අබියෙසැ නුයුන්මිණිකැල්ලෙ පහස්නෙන්.

අන්වය :- .i කැලුමු බැලුම් මුත් සනා මන නැත්තෙන් හය් අසද් බන්දෙගන්! තොප ළ තද්ගලැ කළබව නො ජනිම් ?

.ii බෙයන්ද් අග්න සිරිබර්නි, නුයුන්මිණිකැල්ලෙ ‍පහස්නෙන් ඒ අබියෙසැ ගැසු අග්නක් මෙය් කෙළෙය්.

අර්ථය :- .i බතී වෙමි මෙය ලීමි. තොප (කෙරෙහි) බැලුම් හා කැලුම් මිස ආදර 1 සිතක් නොවන හෙයින්, හා! ද්රෝ.හී 2 කතුනි! තොප ළය තද ගලින් කළ බව මම නොදනිම්ද?


.ii බති වෙමි. (මේ මගේ) ගී යයි. බෙයදෙහි කතුන්ගේ සිරිබරින් ද, (ඔවු‍න්ගේ) නුවන් නැමැති මිණියෙන් නිකුත් ශොභාව ඇය අබියෙස ගැසූ හෙයින් ද (ඉන් වශීවූ) අගනක් මෙය ලිවාය.3




120 සීගිරි ගී

1. සතා මත. 2. අසද්-බන්දව. (සං. අ-ශ්රිද්ධා) 3. මේ ගී දෙකෙහිම කර්තෘ ත්වේය අඟනකට හිමි වන්නේය.

විස්තර :- කාලය - 8 වෙනි ශත වර්ෂියේ අවසාන භාගය හෝ 9 වෙනි ශත වර්ෂතයේ මුල් භාගය විය හැක.

වෘත්තය - .i තුන්වැනි පාදයෙහි අවසාන අක්ෂ රය දීර්ඝවයක් සේ ගෙන, ‘අසද් බන්දෙඅත්’ යන්නෙහි ප්රාථම අනුනාසිකය සම්පූර්ණලයෙන් උච්චාරණය කළහොත් බමර ගී විරිතයි.

.ii කව් ගි විරිතයි

88. හු(න)ගිරි ‍(‍ෙ)වහෙරිත අ හෙරණිමි. වෙසෙයි ජන එ කි ස්වණිහි රකනෙය සිහි ල මන මය බියි කැරැ හැ පුළහසු විජනිතත තතනුය.

අන්වය:- එකී ජන වෙසෙයි. සිහි සවණිහි ල රකනෙය. බියි කැරැ හැ පුළහසු විජනින, මය මන තතනුය.

අර්ථය :- හුතගිරි වෙහෙරින් ආ හෙරණ වෙමි.

එකී තැනැත්තා 1 (මෙහි) වෙසෙයි. (එහෙයින්) සිහිය (යොමුකර) ‍(දෙකනෙහි තබා ගන්නාක් මෙන්) (මනාසේ) ආරක්ෂාය කළ යුත්තේය.2 (මා) බිය පත් කරවන ඇගේ 3 පුලුල් සිනාව4 විහිදෙත්ම 5 මගේ සිත (වඩාත්ම) කැලඹෙයි.6

1. සිතියම්වූ කතුන් ගැන කළ සඳහනකි. 2. ඇය කථා කළ හොත් ඊට වශීවී සිත කැලඹීමට පත්විය හැකි හෙයින්, දෙකන්හි සිහිය තැන්පත් කරගෙන මෙන් සිටිය යුතු බව කියැවිනි. 3. හැ. 4 පුළ -හසු (පුළ - සං. ස්ඵුට. පා ඵුට.)





සීගිරි ගී 121

5. වීජනිත. (සං. වි + සජිත). 6. තතනු + ය. (සං. √ තන්)

විස්තර :- කාලය - 8 වෙනි ශතවර්ෂටයේ අවසාන භාගය.

වෘත්තය - යා ගී.

89. තනරන්මලීහිමබුහු (කැ)න්ද්වනා මා (වෙත) මෙනෙ මහ(ට්) පහපත හිමබුහු දුටුයැන සග අයහ

අන්වය :- තනරන්මලීහිමබුහු වෙත ම‍ා කැන්ද්වනා. පහපත හිමබුහු දුටුයැත සග අයහ මහට් මෙනෙ.

අර්ථය :- ප‍ියොවුරන්හි රන්දම් පැලදි (ලියෝ) මා (ඔවුන්) වෙත කැඳවති. මා පැහැපත් කතුන් දුටු හෙයින් දෙව්ලොව අයහපතැයි (මට) හැ‍ඟේ.

විස්තර :- කාලය - 8 වෙනි ශත වර්ෂ(යේ අවසාන භාගය.

වෘත්තය - යා ගී

90. සුනිල්බැමැ තනහස් මිහිකළ ඉගක් පළමුව කළ වන් තො(ල්) සැබැවින රැ(පැ) සිරි ඹත් වනින් යොමු වැ

අන්වය :- සුනිල් බැමැ, තනහස් මිනි කළ ඉගක්, පළමුව කළවන් තොල් සැබැවිත සිරි යොමුවැ ඔත් වනින් රැපෑ.


අර්ථවය  :- සුනිල් බැම, තනහසුන්, සිහිනිඟ 1 පබලුමය තොල්,2 (යන මේ සියල්ලම නිසා) සැබවින්ම සිරිකතට අභිමුඛවැ 3 සිටි 4 අයුරු පළ වීය.5

1. මිතිකළ ඉගක් - (සං. මිත - සීමාවූ) 2. පළමුව කළ වත් තොල්. (සං. ප්ර වාලමය යනු හා සසඳනු) 3. යොමු වැ: 4. ඔත් - (සං. අවහිත යනු හා සසඳනු ) 5. රැපැ



122 සීගිරි ගී

විස්තර :- කාලය - 9 වෙනි ශත වර්ෂ ය

වෘත්තය - තුන්වැනි පාදයෙහි අවසාන අක්ෂශරය දීර්ඝයයක් සේ ගතහොත් යා ගී විරිත ලැබේ.

91. (සි)රිනැ(දි)මි. (මෙ)හි ම සිකි ඇ (පියා) මළ කිම් ළපල්ලක් (ගතු) පෙම ලද කිහි මෙහි ම අද (පෙම) ල(දද)න් ‍නො(සිටි)මෙහි.


අන්වය :- ම සිකි! ඇ පියා මළ, මෙහි ළපල්ලක් කිම ගතු ? ම මෙහි අද, ලද කිහි. පෙමලද්දන් මෙහි නොසිටි.

අර්ථයය :- සිරිනැදි (නමැත්තා) වෙමි.

මා යහලුව! ඇගේ (පැරණි) ප්රි,යයා මළේ වී නමුත් මෙහි (ඇය) ළපල්ලක් ගෙන සිටිනේ කිම? මා මෙහි විත්, (ඇගේ) පෙම (දිනා) ගත් බව (තෝ) කීවෙහි. (එසේ වුවද) ඇගේ පෙම (දිනා) ගත් අය මෙහි රැ‍ඳෙන්නේ 1 නොවේ.

1. පෙම ලද්දන් නොසිටි මෙහි - ඇගේ ප්රේ‍මය දිනාගත් අය නොමැත යනු මෙහි ව්යංනගාර්ථියි.

විස්තර :- කාලය - 9 වෙනි ශත වර්ෂ‍යේ මුල් භාගය

වෘත්තය - යා ගී.


92. තිඩීබ්මි කසු ලීතිමි. හිදයත් නොබුන් තො හුණ් සෙණ් මිහිකත් තො ගුලු අහො (‍ෙ)මසා දරුණා කවර් මරණක් ළ ත(ද්) වි තී

අන්වය :- හිදයත් නොබුන්. සෙණ් නොහුණ්. මිහිකත් නො ගුලු. අහො! මෙසා මරණා කවර් දරුණා ? තීළ තද් වි.




සීගිරි ගී 123


අර්ථරය :- තිඩී කසුබ් වෙමි. මෙය ලීමි.

(තොප) හද නොබිඳුණි. (තොප මත) සෙණ නොහිණි. මිහිකතද ‍(තොප) නොගිල්ලාය. අහෝ! මෙබඳු මරණයෙක් කෙතරම් අරුණුද ? (සැබැවින්ම) තොප හද දැඩිය 1

1. මේ ගීය කසුබ් රජතුම‍ාට, සිත්තමෙහි ඇඳි කතක විසින් තමා හැරදමා යාම ගැන කළ දොෂාරොපණයක් සේ පෙ‍නේ. එසේ නැතහොත් කසුබ් රජ තම පියාවූ ධාතුසේන රජතුම‍ා මරුමුවට පැමිණ වීම සිහියට නංවමින් සීගිරි නැගි පුද්ගලයෙකු විසින් රචිතයයි සැලකිය හැක.

විස්තර:- කාලය - 8 වෙනි ශත වර්ෂකයේ අවසාන භාගය හෝ 9 වෙනි ශත වර්ෂතයේ මුල් භාගය විය හැක

වෘත්තය - තුන්වැනි පාදයෙහි ‘අහො’ යන්නෙහි ‘හො’ අක්ෂමරය දීර්ඝශයක් සේ ගතහොත් බමර ගී විරිත ලැබේ.

93. තාල්හිමියමි. තාස්වැසෙයි කිසි යහජැය්හිජ් තමා සිත් වූයූ හය වෙය් දැ යි වහය් තිලස් වැ ඇස් හුමුයුක්.

අන්වය :- කිසි යහජැය්හිජ් තමා සිත් නාස් වැසෙයි. ‘වුයු සහ වෙය්දැ’යි ඇස් හමුයුක් නිලස්වැ වහය්.

අර්ථුය :- නාල්හිමි වෙමි. යහපත් දෙයක පවා ඇය සිත නො අස්වැසෙයි. ‘තුබු සහපත(නැවත) පැමිණේදැ’යි (සිතමින් මෙන් ඕ ‍තොමෝ) ‍ඇස් හමුවට ආ කුමක් වුව නොලස්වැ ගනියි1 1. වහය්


විස්තර :- කාලය - 8 වෙනි ශත වර්ෂසය

වෘත්තය - පියුම් ගී.



124 සීගිරි ගී


94. බලයි ලද් ‍යහඉසිරැ මන්ද් වු නු සිහිගිරි නොමන්ද් නොන්දල පියබත්ද් නැතැද් (මෙ) අග්නන් බෙයන්ද්හි ධර්මා්න්විතොමි ලීතිමි ගී.

අන්වය :- සිහිගිරි බලයි ලද් යහඉසිරැ මන්ද් වූ නු ? බෙයන්ද්හි (මෙ) අග්නන් නැතද්, පියබන්ද් නොමන්ද් ?

අර්ථය :- සිහිගිරි බැලීමෙන් ලද යහපත සහ ඉසුර මඳ වූයේ නොවේද ? බෙයදෙහි මේ කතුන් නැතිවුවද, පියඹුවන් නොමඳ පියඹුවන් නොමඳ ද?

ධර්මාහන්විතො වෙමි. මේ ගීය ලීමි.

1. සීගිරිය නැගීමෙන් කිසියම් ආස්වාදයක් නොලැබූ අයගෙන් කෙනෙකි මේ. “ධර්මාකන්විතො” යනු ආරූඪ නිමයක් විය යුතුය.

විස්තර :- කාලය - 9 වෙනි ශතවර්ෂ යේ අවසාන භාගය.

වෘත්තය - පළමුවන පාදය ‘ඉසිරැ’ යන්නෙහි ‘ඉ’ අක්ෂ.රයෙන් කෙළවර වනසේද, තුන්වන පාදය ‘නැතද්’ යන්නෙහි ‘නැ’ යන අක්ෂ්රයෙන් කෙළවර වන සේද ගතහොත් යොන් ගී විරිත ලැබේ.

95. නාලහිමියන් ගී. වි(‍ෙ)සස් නොගොස් මග පින් නොහද්හයි කෙළෙන් මො නො(ජො)ල්ලයි ජනා තමා අතරෙ තබය් සිත්.

අන්වය :- විසෙස් මග නොගොස්, නොහද්හය්, පින් කෙළෙන් , තමා සිත් තම අ‍තරෙ තබය්, මො ජනා ‍නො ජොල්ලයි.

අර්ථ‍ය :- නාල් හිමියන්ගේ ගීයයි. විශෙෂ ම:ගියක 1 නොගොස්, ඇදහීමක් නොමැතිව (සිටින මේ තැනැත්තිය) පින් කළ ‍නමුත්, (තම) සිත තමා කෙරෙහිම තබා සිටින හෙයින් ජනයන්ගේ (හදවත්) නොදල්වයි 2




සීගිරි ගී 125


1. විසෙස් මග නොගොස් - ‘මග’ යනු ආගමික අර්ථදයෙක යෙදිණි. ‘අරියො අට්ඨංඞ්ගිකො ම‍ග්ගො’ යනු හා සසඳනු.

2. මේ ගීයෙහි කතුවරයා නො.93 ගීය ලීයූ නැතැත් නාම බව පෙනේ. එසේ වුවද අක්ෂයරවල ඇතැම් වෙනස්කම් දැකිය හැකිය.

විස්තර :- කාලය - 9 වෙනි ‍ශතවර්ෂමයේ මුල් භාගය

වෘත්තය - පළමුවන පාදයෙහි අවසාන අක්ෂැරය සහ සතරවන පාදයෙහි ‘රෙ’ අක්ෂ රය දීර්ඝ සේ ගතහොත් යා ගී විරිත ලැබේ.


96. විජුරු බතිමි ලුමි. සිසා සිසා දුදුළ සෙලාතහි අ(ඩද)රහි නොසිටුයු තිප අහයි වහයි අවුජිනි මයි ළග වයු

අන්වය :- දුදුළ සෙලාතහි අඩදරහි සිසා සිසා නොසිටුයු. අහයි! තිප වහයි අවුජිනි මයි ළග වයු.

අර්ථය :- විජුරු බති (නමැත්තා) වෙමි මෙය ලීමි. දුර්ග යෙහිවූ1 ශෛලාන්තයෙහි (අද්දර)2 සිසාරමින්3 නොසිටිවු අහා! තොපි වහා අවුත් මා ළඟට වවු.

1. දුදුළ. (සං √ දෲ) 2. සෙලාතහි අඩදරහි. සෙලාත = ශෛලාන්ත; අඩ - දර = අද්දර 3. ‘සිසා’ යන්නෙහි නියමාර්ථසය පැහැදිළි නැත ‘සිසාරමින්’ යනු විය හැකිය.

විස්තර :- කාලය - 8 වෙනි ශතවර්ෂදයේ අවසාන භාගය හෝ 9 වෙනි ශතවර්ෂ යේ මුල් භාගය විය හැක.

වෘත්තය - යා ගී.





126 සීගිරි ගී

97. ස්වස්ති සිති යෙහෙ(ළි)න් (කැ)ඬි මත් අස් වැසෙන්නයුහට මහ පින්සල හැවී සත රන්ද වැයෙ පෙලෙ කවර වාළ කිතමි ලීමි

අන්වය :- මහපින්සල, යෙහෙළින් කැඬි මත් අසවැසෙන්නයුහට හැවී සිති. සත රන්දමවැයෙ පෙලෙ කවර ?

අර්ථය ;- යහපතක් වේවා ! යෙහෙළියන් ඇඬූ 1 පමණින් කඳුළු වගු‍රුවන එකීය කට, මහපින් ඇති අයෙක් 2 සාප 3 ‍කළේයයි (තෝ) සිතන්නෙහි. ජනයා සතුටු කිරීමෙන්4 ඇති ඵලය කිම ?5

වාළ කිත් (නමැත්තා) වෙමි. මේ ගීය ලීමි.


1. කැඩි - (සං. ක්රයන්දිමත) 2. මහ -පින් - සල 3. හැවී - (‘හව’ ධාතු. සං √ ශප්) 4. රන්දයවැයෙ. (සං. √ රඤ්ජ්) 5. මේ ගීයෙහි අර්ථආය සැක සහිතයි. යහලුවන්ගේ දුක දකිනා විට ඔවුන් හා එක්ව ශොකීවන්නාවූ. කරුණා ගුණ‍ෙයන් යුතු ස්ත්රිදයකට පවා(තවුසකු වැනි ගුඹුරු ගුණදහමින් යුතු අයකු විසින්) ශාප කරනු ලැබේ නම්, ජනයා සතුටු කරන්නට යෑමෙහි ඇති පලය කිම යනු මේ ගීයෙහි අදහස සැටියට ගන්නා ලදී මේ වනාහි නො.226 වෙනි ගීයට ලීයූ පිළිතුරක් බඳුය.


විස්තර :- කාලය - 8 වෙනි ශතවර්ෂාය.

වෘත්තය - එලු සඳැස් ලකුණෙහි නොලැබෙන විරිතකි.

98. ස්වස්ති මිනි ..............න (සි) යෙරුන සි ........... සිවු ගී මමජ් මෙසෙ(යි)න මෙ උපන් ජැය්හි විසජමි දී සි(ත්හි එ) සියල් ව(න)සරන් බව් මිහිතෙලෙ






සීගිරි ගී 127

අන්වය  :- උපන් මෙ ජැය්හි, එසියල් සිත්හිදී, මමජ්, මෙසෙයින විසජමි. අසරන් මිහිතෙලෙ බට් වන්.

අර්ථය:- යහපතක් වේවා ! සිවු .........(නැමැත්තා!ගේ) ගීයයි. පැන නැගි මේ කරුණ පිළිබඳව, ඒ (කියූ කරුණු) සියල්ලම ගැන සිතා බලාමමද මෙසේ විසඳමි. (එනම්) දෙවඟනන් මිහිතලයට බටුවාක් මෙනි.


විස්තර :- කාලය - 8 වෙනි ශතවර්ෂයයේ අවසාන භාගය හෝ 9 වෙනි ශතවර්ෂ යේ මුල් භාගය විය හැකියි.

වෘත්තය - පළමුවන පාදයෙහි අවසාන අක්ෂ රය සහ තුන්වන පාදයෙහි ‘එ’ අක්ෂවරයද දීර්ඝය සේ ගතහොත් කව් ගී විරිත ලැබේ.

99. ස(ස)ර කත(ර) බව මිනිස් පිය නො සුලබැ බව නො කිසි වි ජන්නහුන් ඇත අසතු නො වන නැසෙන්නට. කණ්ණාමි ලීමි.

අන්වය:- සසර කතර බව, මිනිස් පිය නොසුලබැ බව, ජන්නහුන කිසි ඇත වි, නො නැසෙන්නට අසතු නොවන


අර්ථැය  :- කණ්ණා වන මම ලීමි.

සංසාරය කාන්තාරයක් බව සහ මිනිස් බව (ලැබීම) දුලබ බවද දන්නා අය ඇත්තේ වී (ද), නොනැසෙන්නට නම් (ඔවුන් කෙරෙහි) අසක්ත 1 නොවන්නේය.

1. බැඳි පැවතීම.

විස්තර :- කාලය - 9 වෙනි ශත වර්ෂ(යේ මුල් භාගය.

වෘත්තය - පළමුවැනි පාදයෙහි අවසාන අක්ෂිරය දීර්ඝයයක් සේ ගතහොත්, යාගී විරිත ලැබේ.



128 සීගිරි ගී


100. ස්වස්ති. කිත් අග්බොමි. අයු කියු අය්හි දිග්හි මය් නො මන්ද් වන්නට් පිළි නො පෙලෙම්බි දිගැස් දිගැස්හි මින්දිබි ගැහැවියා


අන්වය :- අයු කියු, මය් දිග්හි අය්හි මන්ද් වන්නට් නො ? මින්දිබි ගැහැටියා දිගැස්හි පිළි නො පෙලෙම්බි.

අර්ථසය :- යහපතක් වේවා! කිත් අග්බො වෙමි.

එව , කථා කරව, මගේ දෙසින් (තොප)ආයේ 1 සෙසු (තැනැත්තකු)2 වන්නට නොවේද? උඬඟු ගහපතියා 3 දිගැසියන්ගේ දිගැස් වලින් තවද නො පෙළඹුණේය. 4

1. මය් දිග්හි අය්හි 2. මන්ද් වන්නට් නො - (සුලු අයකු වන්නට නොවේද) 3. මින්දිබි ගැහැවියා 4. නො. 138 ගීයට පිළිතුරු වශයෙන් ලීයූ ගීයකි.

විස්තර :- කාලය - 9 වෙනි ශත වර්ෂ යේ මුල් භාගය.

වෘත්තය - එලු සඳැස් ලකුණෙහි නොලැබෙන විරිතකි.

"https://si.wikibooks.org/w/index.php?title=සීගිරි_ගී-විවරණය_i&oldid=5167" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි