Jump to content

සීගිරි ගී-විවරණය iii

Wikibooks වෙතින්

201. ස්වස්ති පොත ක(ම්බරා)ණන ගෙ සලදළ ගී දෙඅතහි හොදල තන රනහසු තබක වන සැනැහි මුළා ළ මයි බෙයදහි රනවනුන අතරෙ

අන්වය :- දෙ අතහි හොදල තබක රනහසු වන තන බෙයදහි ‍රනවනුත අතරෙ මයි මුළා ල සැනැහි.

අර්ථය :- යහපතක් වේවා! පොත1 කම්බරාණනගේ වංශයෙහිවූ සල දළ (නමැත්තාගේ) ගී යයි.

දෙ අත්හි අශොක2 දළද තරුණ රන් 3 හසුන් වන් පියොවුරන්ද ඇති, බෙයදෙහි රන්වන් (ලියන්) අතර (පැවැති) මගේ මුළා වූ සිත සැනහීමට (පත්විය)

1. ‘පොත් තබන්නා’ යන අරුත් ‍ඇතැයි සිතිය හැක. 2. හො = සං. අශොක 3. නබක = සං. නව + ක; ද.සි. 11 පිටුව - නාඹ.


විස්තර:- කාලය -8වෙනි ශතවර්ෂනයේ අවසාන භාගය.

වෘත්ත්ය -පළමුවැනි හා සතරවැනි පාදවල අවසාන අක්ෂඅරද, පළමුවැනි ප‍ාදයෙහි ‘හො’ අක්ෂඅරයද දීර්ඝසේ ගතහොත් යා ගී විරිත ලැබේ.

192 සීගිරි ගී


202. එ (දස) වී අඟනුන අසයි එ(ත) රතවන ලී ළ නො වැහැවෙ ත (‍ෙ)ම (බැලු කල වැහැ(වෙ ම) ළ දැකැ ර(න)ව(න) පිහිලිවැසි (මෙය)ල බතිමි ගී.

අන්වය :- රනවන ලී අසයි එත එ අඟනුන දස වී, මෙ බැලු කල ත ළ නො වැහැවෙ. රනවන දැකැ ම ළ වැහැ වෙ.

අර්ථය :- රන්වන් ලිය (ගැන) අසා (මෙහි) ‍එත්ම, ඔහු අඟනුන්ගේ දාස බවට (පත්) විය. මෙය බැලු කල තා (පිළිබඳව නම්) ළය නොවැහැ වෙයි. රනවන්(ලිය) බැලු කල ‍මගේ ළය වැහැ වෙයි1

1. මේ ගීයෙන් අමතනු ලබන පුද්ගලයාට ද තවත් අයෙකුටද සිදු වු සිද්ධියක් විස්තර කර, කවියා පමණක් ගැලවී පැමිණි බව මෙහි සඳහන් වී ඇත.

විස්තර :- කාලය -8 වෙනි ශත වර්ෂමය

වෘත්තය -යා ගී.

203. ස්වස්ති

බැලුමො රිසි සෙය් උකැටලී ජැහැ යෙහෙන් බෙයන්ද්හි රන්වනු බිණිය නො හෙයෙන් ම නො බිණියෙ

අන්වය :- උකැටැලී ජැහැ රිසි සෙය් යෙහෙන් බෙයන්ද්හි රන්වනු බැලූමො බිණිය නොහෙයෙන් ම නො බිණියෙ.

අර්ථය :- යහපතක් වේවා! උකටලී බව දුරුකර, රිසිසේ, යෙහෙන්, බෙයදෙහි සිටි රන්වන් (ලියන්) බැලූමු. (ඇයට) බිණිය නොහැකි යෙහින්, මම(ද) නොම බිණුවෙමි.

විස්තර :- කාලය - 8 වෙනි ශත වර්ෂබය

වෘත්ත්ය - කව් ගී.


සීගිරි ගී 193

204. නො වෙ මෙ රු ඹලම්බු මල් ජතීමි සස මෙය් වි වරජ නොදැනී මා ගි ලිවෙන් බැල්මෙන් නො ව තමා තද්.

අන්වය :- මෙ රු ඹලම්බු නොවෙ. සස ජතිමි. මෙය් වරජ වී. නොදැනි මා ගී ලිවෙන් බැලුමෙන් තමා තද් නොව.

අර්ථය :- මේ රුව එල්බෙන1 මල් (වැලක්) නොවේ. සත්යාය2 දනිමි. මේ (මගේ)3 වරද විය. ‍(මෙය) නොදැන ම‍ා ගී ලියූ හෙයින්, තොප, බැලුමෙන් තද නොවන්න.

1. ඔලම්බු. < සං. අවලම්බ. 2. සස - පා. සච්ච. සං. සත්ය). 3. මෙය් - මෙ. (පා. ඉම + ක. හා සසඳනු) (මෙය් = පා. අයං. ධ. අ. ගැ. 136)

විස්තර :- කාලය - 8 වෙනි ශත වර්ෂ.යේ අවසාන භාගය හෝ 9 වෙනි ශත වර්ෂතයේ මුල් භාගය විය හැක.

වෘත්තය - යා ගී.


205. සීරජු යසස සිරි තුබූ මුළුලොව් පැතිරි නිලුපුල් ඇසුන් අසිරී බැලුමො සිහිගිරි

අන්වය :- මුළුලොව් පැතිරී යසස සිරි තුබූ සී රජු අසිරි නිලුපුල් ඇසුන් සිහිගිරී බැලුමො.

අර්ථය:- මුළු ලොව පතළා වූ යසස සහ සිරියද ඇති සිංහ රාජයාද, අසිරිමත් නිලුපුල්ඇස් (ඇත්තියන්ද) සිහිගිරියේදී බැලුවෙමු.


විස්තර :- කාලය - 8 වෙනි ශත වර්ෂුය

වෘත්තය - කඳ විරිතින් බඳනා ලද සිව්පදයෙකි. සෑම පාදයක්ම මාත්රය දශයකින්

13

194 සීගිරි ගී

යුක්ත වියයුතු බැවින්, මෙහි දෙවන හා තුන්වන පාදයන්හි අවසාන අක්ෂනර තුන්වන පාදයන්හි අවසාන අක්ෂනර හ්රෂස්ව ලෙස සලකා උච්චාරණය කළ යුතුයි.


206. ස්වස්ති පැළපස ඇබල(වැ වැ)සි කිතල්මි මයි ගී නො එක් ජන අර්බය් හසර හෙළිල්ලබුයුත ඇජ තබයි පිළිබිබ් (අහො) ගියෙ රජ කතුන් රස කොට

අන්වය :- නොඑක් ජන අර්බය් හෙළිල්ලබුයන කතුන් පිළිබිබ්, හසර රස කොට ඇජ තබයි රජ ගියෙ.

අර්ථය :- යහපතක් වේවා! බටහිර පෙදෙස ඇබලවැ (නම් ස්ථානයෙහි) වැසියකුවූ කිතල් (නමැත්තා) වෙමි. (මේ) මගේ ගීයයි.

නොයෙක් ජනයා අරභයා1 රූමත් කතුන්ගේ 2 පිළිබිඹු,මාර්ගමය3 (අසල) විසිතුරු 4 කොට ඇඳ තබා, රජතුමා ගියේය. අහෝ !5

1. අර්බය් = සං. ආ + √ රහ්. 2. හෙළිල්ලබුයුත කතුන් 3. හසර 4. රසකොට 5. නොයෙක් තරාතිරමේ ජනයාට දැකිය හැකි පරිදි මහ මග අසල තම කතුන්ගේ රූ ඇඳ තබා යෑම ගැන කවියා රජතුමාට දෝෂාරොපණ කළ අයුරුයි.

විස්තර :- කාලය - 8 වෙනි ශත වර්ෂ ය

වෘත්තය - යා ගී.

207. නිලුපුලවන් ඇසින් (බැලී) ද බලනුයුන් ලී බෙයන්ද්හි නතුර් සිට ළෙහි ගල (ඇ)ය බජ්නා සෙයි.

අන්වය :- නිලුපුලවන් ඇසින් බලනුයුන් ලී බැලී. නතුර් බෙයන්ද්හි සිට ඇය ළෙහි ගල බජ්නා සෙයි.



සීගිරි ගී 195

අර්ථය :- නිලුපුල්වන් ඇසින් (තමා) බලන්නවුන් (‍‍ෙදස) කාන්තාව බැලුවාය. නිතර 1 බෙයදෙහි සිටි බැවින් ඇය ළෙහි ගල බැඳී 2 (ගිය) සේය 8 .

1. නතුරේ = නිතර. (නො + අතු‍ර්) 2. බජ්නා = සං. √ භාජ්. බජ, බජ්නො, බිජි, බෙජි. 3. ඇය ‍ෙළහි ගල බජ්නා සෙයි.

විස්තර :- කාලය - 8 වෙනි ශත වර්ෂභයේ අවසාන භාගය හෝ 9 වෙනි ශත වර්ෂතයේ මුල් භාගය විය හැක.

වෘත්තය - සතරවැනි පාදයෙහි අවසාන අක්ෂනරය දීර්ඝයක් සේ ගත හොත් යාගී විරිත ලැබේ.

208. බල හිමබුනි අසද් ඇසිමු ජො(‍ෙ)හා නො බණනා බණවත නො මෙ බණන්නුමු හි(ද) ගල කෙළෙයින් සිගිරි බඩගිරි පසිලි ගී.

අන්වය :- “ අසද් හිමබුනි! බල! නො බණතා ජොහො ඇසිමු.” . “බණවත, නො මෙ බණන්නුමු සිගිරි හිද ගල කෙළෙයින්”

අර්ථය :- “ද්රෝ හී 1 කාන්තාවෙනි! 2 බලව් ! තොපි නොබණන්නහු දෝහෝයි 3 (අපි) ඇසුවෙමු”. “බැණවූ කල්හි (පවා) නොම බෙණෙමු. සීගිරිය (අප) හදවත් ගල කළ හෙයිනි” 4

බඩගිරි 5 පසිලි (නමැත්ත‍ාගේ ) ගී යයි.

1. අසද් 2. හිමබුනි 3. ජොහො = දෝහෝ. 4. පද්ය යෙහි පළමු කොටස කතුන්ගෙන් ඇසූ ප්රොශ්නයෙකි. දෙවැනි කොටසින් ඊට ලැබුණු පිළිතුරු කියවෙයි.





196 සීගිරි ගී

5. බඩගිරි යනු ස්ථාන නාමයෙකැයි සිතිය හැකිය. පසිලි යනු පුද්ගල නාමයක් ‍වුවද සුලභව ව්යිවහාරයේ පැවති බවට සාක්ෂි නොමැත.

විස්තර :- කාලය - 9 වෙනි ශත වර්ෂියේ අවසාන භාගය.

වෘත්තය - දෙවැනිපාදයෙහි ලැබෙන ‘සි’ අක්ෂෂරය දීර්ඝයක්සේ ගත හොත් යා ගි විරිතයි.

209. මහවි(ටි සිව්)ගී තනරතමලී ගී ගතින් (අ)මය එක් වන ගී සිටි ගත නිලි මෙ බෙයදිහි තු(ට ළ වූ) බව අග්වය.

අන්වය :- තනරතමලී ලී, ‍අමය එක් වන ගී ගතින් තුට වූ බව අග්වය, මෙ බෙයදිහි නිලි සිටිගත.


අර්ථය :- මහවිටි සිව් (නමැත්තාගේ) ගී යයි. පියොවුරන්හි රන් මාලයක් (පැලද සිටින) කාන්තා‍වා 1, අමෘතය හා සමන 2 ගීතය (පිළි) ගත් හෙයින් 3 සිත සතුටුවූ බව 4 හඟවා 5 මේ බෙයද (තම) වාසස්ථානය 6 කොට, සිට ගත්තාය. 7

1. ලී ‍= ලිය (සං. ලතා) 2. අමය එක් වන = අමෘතය හා එකාකාරවූ. 3. ගතින් 4. ළ තුට වූ බව. 5. අග්වය. √ හඟ. (සං. සං + ග්ර හ්. හගම් = පා. ම‍ඤ්ඤෙ. ධ.අ. ගැ. 32) හඟු. හග්නා, හග්නො, හැඟාක්, හැඟි, හෙගුන, අඟවනො, අග්වය, ආදි වශයෙන් යෙදි ඇත.) 6. නිළි = සං. තිලය. 7. සිටි ගත.

විස්තර :- කාලය - 8 වෙනි ශත වර්ෂනයේ අවසාන භාගය හෝ 9 වෙනි ශත වර්ෂතයේ මුල් භාගය විය හැක.

වෘත්තය - යා ගී.



සීගිරි ගී 197

210. සපු(ගසවැ)ටියෙ යහනගොවු කිතලමි. මෙ යගිය ගියි ලයිමො යෙහෙයි දිග ඇසිනි එ වට (බ)සින මෙ(න) බෙලුයූ වූ ජ තද වි පසු නො (මෙ) ආ අස

අන්වය :- මෙ යගිය ගියි ලයිමො. යෙහෙ යි බසින මෙන දිග ඇසිනි එ වට ජ බෙලුයු වු. පසු තද වී අස නො මෙ ආ.


අර්ථය :- සපුගසවැටි (නම් ස්ථානයෙහි වැසියකු වූ) කිතල (නමැති) යහන් 1 ගොවුවා වෙමි.


මේ යාගී (විරිතින් බඳනා ලද) ගීය ලියුවෙමු 2 යහපතැයි 3 සිතා, බැසීමට මෙන්, දිගු ඇසින් (ඕ තොමෝ) අවටද බැලුවාය 4 පසුව, තද (සිතින් යුතුව) මා අසලටවත් 5 නොම ආවාය.


1. ‘යහන් - ගැබ ආරක්ෂ්කයා’ යන අරුත දිය හැක. එසේම ‘ඇත් - ගොවුවා’ යන අරුතක්ද මෙහි ඇත්තේය. 2. ලයිමො 3. යෙහෙයි 4. බෙලුයූ වු 5. අස. = (සං. අංශ; ආශා ) පාර්ශ්වය.

විස්තර :- කාලය - 8 වෙනි ශත වර්ෂ4යේ අවසාන භාගය.

වෘත්තය - යා ගී.


211. (බැලු)යුන් සිතෙ නිය වැ එ රව(ල) නො විළිවස ලයු ) (ද)න (බෙ)ණෙත පැහැදී බස නොල(සි)වි(න්) අ ම අමතයි.

අන්වය :- ලයු නො විළිවස එ බැලුයුන් සිතෙ නියවැ රවල, දත පැහැදී බස බෙ‍ණෙත, තොල සිවින් අම අමතයි.



198 සීගිරි ගී

අර්ථය :- සැබැවින්ම 1 විළියක් නොමැති 2 ඕ තොමෝ 3 තමා (දෙස) බැලූවන්ට සිත් පරිදි 4 රව‍ා (බලා) (අනිකුත්) ජනයා පැහැදී (ආදර) බස් කියන කල, තොල (රැඳි) සිනාවෙන් 5 (යුතුව) (මෙහි) පැමිණි මා 6 අමතන්නීය.

1. ලයු 2. නො විළිවස 3. එ 4. සිතෙ නිය වැ = සිත්හි ඇති ආකාරයට, සිත් පරිදි 5. තොල සිවින්. සිවි = √ සි+ වි - සිනාවිම (සං. √ ස්මි) 6. අ ම = ආවාවූ මා විස්තර :- කාලය- 8වෙනි ශත වෂ්ය්ිම

                    වෘත්තය- යා ගී              
            
                 212             වජුර් මිහින්ද්මි. 

අයුතින් නැගී ගල බලන මෙන් සිහිගිරි දිටි මෙහි රන්වනුන් බෙයන්ද්හි මලදමින් දිනි.

අන්වය :- ගල නැගී සිහිගිරි බලන මෙන් අයුතින් මෙහි බෙයන්ද්හි දිටි රන්වනුන් මල දමින් මට සන් දිනි.

අර්ථය :- ‍වජුර් මිහින්ද් (නමැත්තා) වෙමි. පව්වට නැගී සිහිගිරිය බලන ලෙස පැමිණි (මා විසින්) මෙහි බෙයදෙහි දක්නා ලද රන්වන් (ලියෝ)’ මල් දමින් මට සංඥාවක්1 කළාහුය.

1. සන් දිනි.

විස්තර :- කාලය - 8 වෙනි ශතවර්ෂ යේ අවසාන භාගය හෝ 9 වෙනි ශතවර්ෂ යේ මුල් භාගය විය හැක.

වෘත්තය - යා ගී.


213. තද් මෙන් සිත් (වි) සිකි තන්විසිබව නැතියුන් තද් මෙන් සිත් ලි(යන්) උන් කෙළි සෙයින් වද නො




සීගිරි ගී 199

අන්වය :- “සිකි! තන්විසිබව නැතියුන් සිත් තද් මෙන් වි.” “සිත් තද් මෙන් ලියන් උන් කෙළි සෙයින් ව ද නො” ?


අර්ථය :- “මිතුර ! තත්වැසි 1 බව නැති අය කෙරෙහි සිත් තද බව (ඇති)සේය.” “සිත් තද සෙයින් ලියන් සිටි‍යේ කෙළි (මතින්) හුන් 2 නිසා නොවේද ?

1. ස්ථානවාචී - තැනට සුදුසු වචන කිම. 2. උන්.


විස්තර :- කාලය - 9 වෙනි ශතවර්ෂය .

වෘත්තය - උමතු ගී.


214. (දිගි)ලි කිතලමලනගෙ මි(හි)ද ලමි (මෙ මය්)ගී. තොප අතැ ගත් මහනෙලමලින් මලක් අ(ප හ)ට නො මෙ (දුන්) හෙ(යින්) කුම් සෙයි ඇති බස ස(නා තෙප)ල(ය්).


අන්වය :- තොප අතැ ගත් මහතෙමලින් මලක් අපහට නො මෙ දුන් හෙයින් සනා බස තෙපලය් ඇති කුම් සෙයි ?


අර්ථය :- දිගිලි කිතල මල (නමැත්ත‍ා‍ගේ) වංශයෙහි මිහිදල වෙමි. මේ මගේ ගීයයි.

තොප අතින් ගත් මහ‍ෙනල් මල්වලින් මලක් අපහට නොම දෙන ලද හෙයින් ආදර බස් තෙපලන ලදැයි කෙසේ නම් (කිවහැකිද ?)1

1. සනා බස තෙපලය් ඇති.

විස්තර :- කාලය - 8 වෙනි ශතවර්ෂය

වෘත්තය - “මහනෙල” යන වචනයෙහි එන ‘නෙ’ අක්ෂෙරය ප්ර්ථම පාදාන්තය සේ සැලකුවහොත් යා ගී විරිත ලැබේ.

200 සීගිරි ගී


215. (තොප) නුයුනමහනෙල දකුත් මෙ සිත් මුළා වෙය (ළ වහ)වම්හ කුම් සෙයින් නො මෙ බ(ැ)ණ(ැ) (අ)ජ(හ)ස් (සි)ටිත. (බ)ලලුවාණව(ැ)සි නාරායණා 1 ගී.


අන්වය :- තොප නුයුත මහතෙල දකුත් මෙ සිත් මුළා වෙය. අජහස් නො මෙ බුණැ සිටිත කුම් සෙයින් ළ වහවම්හ ?

අර්ථය :- තොප නුවන් මහනෙල් දුටු විගසම (අප) සිත් මුළාවෙයි. (තොප) අදහස් නොම කියා සිටින කල්හි කෙසේ ළය වැහැවේද ? බලලුවාණ (නම් ස්ථානයෙහි ) වැසියෙකුවූ නාරායණ (නමැත්තාගේ) ගීයයි. 1. නාරායණ යන්නට ෂෂටි (සම්බන්ධි) විභක්ති ප්රගත්යග ගැන්වූ කල නාරායණා වේයයි සිතිය යුතුය. විස්තර :- කාලය - 8 වෙනි ශතවර්ෂනයේ අවසාන භාගය හෝ 9 වෙනි ශතවර්ෂ යේ මුල් භාගය විය හැක. වෘත්තය - යා ගී.

216. කෙ නො යහපත වනා ම සෙයි මෙ දුට්තායෙන් රතඅත්ල වට්කන්ද හෙම්යටි තම්බතොලත එ නුයුන් දිග.

පිහිවැසි මෙයලතීමි ගී.

අන්වය :- රතඅත්ල, වට්කන්ද , හෙම්යටි, තම්බතොලත, එ දිග නුයුන් දුට්තායෙන් ම සෙයි කෙ නො යහපත වනා ?

අර්ථය :- රත් අතුල්, වට උරහිස1, රන් දාමය 2, තඹ(වන්) තොල්3 (සහ) ඒ දිගු නුවන් දුටු බැවින් 4 මා වැනි කවර නම් අයෙක් සතුටු නොවෙත්ද ?



සීගිරි ගී 201

පිහිලි (නම් ස්ථානයෙහි) වැසියකුවු මෙයල බත (නමැත්නා) වෙමි. (මේ මගේ) ගීයයි.

1. වට් - කන්දි = වට උරහිස. කන්ද. = සං, ස්කන්ධු. 2. හෙම්- යටි = රන්දාමය. යටි = සං. යෂ්ටි 3. තොල් = සං. තාලු. 4. දුට් - ‍ත‍ායෙත, ‘දුට් - තා’ යනු ‘දුටු - බව’ යන අරුත දෙයි.

විස්තර :- කාලය - 8 වෙනි ශතවර්ෂසයේ අවසාන භාගයයි.

වෘත්තය - දුවඟ ගී.

217. ස්වස්ති නො වී ලද බස(කු)ද් දෙක (ම)ල් අත රන්වනුන් මෙ ගි සෙල තෙගි හින්දිු බන්ද් හිමියා පෙරෙ මෙළෙන් තම

අන්වය :- රන්වනුන් අත මල් දෙක බසකුද් ලද නො වී මෙ ගී බන්ද්. පෙරෙ තම හිමියා මෙළෙන් සෙල නෙගි හින්දිම.

අර්ථය :- යහපතක් වේවා! රන්වන් (ලියන්) අත තුබූ මල් දැක, (ඔවුන්ගෙන්) බසකුත් නොලැබ මේ ගීය බඳනා ලද්දේය. පෙර (කල) තම හිමියා මළ හෙයින්, පව්වට නැග (රන්වන් ලියෝ) හිඳිත්.


විස්තර :- කාලය - 8 වෙනි ශතවර්ෂය.

වෘත්තය - යා ගී


218. ස්වස්ති රතත ගත් මල් තම මෙ හෙළිල්ලම්බු හින්දික මත නොගි රිසි සෙය් බෙ(ය)න්ද් මෙ කෙළිමින් (යෙ)හෙන් බෙලුමො.


202 සීගිරි ගී


අන්වය :- කෙළිමින් බෙයන්ද් රිසි සෙය් නෙගි. තම රත් අත් මල් ගත් මත හින්දි මෙ හෙළිල්ලම්බු යෙහෙන් බෙලුමො.


අර්ථය :- ‍යහපතක් වේ‍වා! කෙළෙමින් (ගොස්) බෙයදට රිසි සේ නැග, තම රත් අතින් මල් ගෙන, (පව්ව) මත හිඳින මේ රූමතිය යෙහෙන් බැලුවෙමු.


විස්තර :- කාලය - 8 වෙනි ශතවර්ෂයය. මෙහි ලැබෙන අත් අකුරු ඉහතින් සඳහන් කළ (217 වැනි) ගීය ලියූ අකුරුවලට හාත්පසින්ම සමානය.

වෘත්තය - සතරවැනි පාදයෙහි අවසාන අක්ෂයරය දීර්ඝයක් සේ ගතහොත් කව් ගී විරිත ‍ලැබේ.

219. .i නො හෙළිල්ලා මෙ කි බිත්ති දිග්නෙතක් මයි තෙපලන් පියොවුර් මැජැ කළ ල මුක ඇරැ නිල් තැල්ලක්

.ii (බිණි පට) වැ(රැ)ල්ල හැන්දැහ සිටින්නී මෙ සබද ම හය් බූණු කෙනෙක් මය් සතු බ(ව ප)වසා ලන්‍(නෙ).

අන්වය :- .i බිත්හි කෙළිල්ලා දිග් තෙතක් මය් මෙ නොකි? “පියොවුර් මැජැ කළ නිල් තැල්ලක් ල මුක ඇරැ තෙපලන්.”

.ii සබද! පට වැරැල්ල හැන්දැ සිටින්නී මෙ ‍බිණි. “ම හය් බුණු කෙනෙක් මය් සතුබව පවසා ලන්නෙ.”

අර්ථය :- .i බිත්තියෙහි (සිටි) රූමත් දිගැසිය මට මෙය නො කීද ? “පියොවුරන් මැද1 (විශෙෂයෙන් පිලියෙල 2) කළා වූ නිල් තැල්ලක් බහා 3 මුව විදහා 4 කථා කරන්න. 5 ”



සීගිරි ගී 203 .ii සබඳ! පට පිළියක් 6 හැඳ සිටින (තැනැත්තිය) (මට මෙසේ) කීවාය. “මා හා බිණු තැනැත්තා මා සතු බව පැවසිය යුත්තේය.”

1. මැජැ 2. කළ - මනාලයා මනාලියට පලඳවන තැල්ල (තාලිය) ඒ සඳහා විශෙෂයෙන් පිළියෙල වූවකි. 3. ල = ලා, බහා 4. මුක ඇරැ තෙපලන්. 5. තැල්ල ගෙල පැලඳවිම අද දක්වා ද්රතවිඩ ජනයා අතර පවතින වීවාහ චාරිත්රශයකි. 6. වැරැල්ල වැරලි. = සං. විරලිකා. 7. පවසා ලන්නෙ.


විස්තර :- කාලය - 8 වෙනි ශත වර්ෂියේ අවසාන භාගය.

වෘත්තය -.i -දෙවැනි පාදයෙහි එන ‘හි’ අක්ෂ.රය දීර්ඝයක් සේ ගත හොත් බමර ගී විරිත ලැබේ.

.ii යා ගී.

220. එ පින්බර කියත් එක් කැතෙක්නට් එක් හස්නක් දිගැසින් එකක් එකක් බෙණවි අසැරයට තිස්සක්.

අන්වය :- එ පින්බර එක් හස්නක් එක් කැනෙක්නට් කියත්, දිගැසින් එකක් එකක් අසැරයට නිස්සක් බෙණවි.

අර්ථය :- එ පින්බර (තැනැත්තිය) එක් හස්තක් 1 එක් අයකුට කියන කල්හි, දිගැසියන්ගෙන් එක් එක් 2 (තැනැත්තිය) මිත්ර්ත්ව යට යොග්යන 3 පරිදි (යමක්) බිණුවාය.

1. සන්දෙ ශයක්. 2. දිගැසින් එකක් එකක්. 3. අසැරයට තිස්සක්.

විස්තර :- කාලය - 8 වෙනි ශත වර්ෂසයේ අවසාන භාගය.

වෘත්තය - පළමුවන පාදයෙහි එක් මාත්රාෙවක් අධිකව ලැබෙන හෙයින් යා ගී විරිත නොලැබේ.


204 සීගිරි ගී

එහි ‘කියත් එක්’ යන වචන දෙක ‘කියතෙක්’ යනුවෙන් සන්ධිිකර උච්චාරණය කළහොත් එම විරිත ලැබේ.

221. ශ්රී

බලය් ලනු බෙයන්හි රන්වනුන් අතුරෙ මිණි‍කැලුමුතුළෙ දිගැස් අත විසිතු‍ර් පට් වැරැල්ලෙක් අග්බො මාඩබියන් ගෙ වීරා(O)කුරා නම මෙකී දැපිල්ල හය් විදීමහයි.


අන්වය :- බෙයන්හි රන්වනුන් අතුරෙ මිණි කැලුම් උතුළෙ දිගැස් අත විසිතු‍ර් වැරැල්ලෙක් බලය් ලනු.


අර්ථය :- ශ්රී. - බෙයදෙහි රන්වන් (ලියන්) අතර සිටි මිණි කැලුම් විහිදවු 1 දිගැසිය අත විසිතුරු පට පිළියක් (සොයා) බලා තබව. 2

අග්බො මාඩබිගේ3 වංශයෙහි වූ විරාංකුර (වන) මම, මෙකී යාදින්නෙන් 4 විද්දෙමි.

1. මිණි කැලුම් උතුළෙ = මිණිකැලුමුතුළෙ 2. ලනු. 3. මාඩබි යනු නිලතල විශෙෂයකැයි සිතිය යුතුය.

         4.	දැපිල්ල  -  යනු යාඥාව යන අර්ථැයි. අඩ නිරුවතින් සිටි කතුන් දුටු මෙ කවියා, ඔවුන්ගේ ප්රේ මය දිනා ගැනීමට දෝ ඔවුන් වෙත  ත්යාවගයක් වශයෙන් පට පිළියක් විදි බව මෙයින්  කියවේ. 

‘දප’ ධාතුයි. = සං. √ ජප් - දැපූ, දැපි.

විස්තර :- කාලය - 8 වෙනි ශත වර්ෂ√යේ අවසාන භාගය.

වෘත්තය - දෙවන පාදයෙහි පළමුවන හා අවසාන අක්ෂශර වන ‘හි’ ‘රෙ’ , යනු දීර්ඝා සේ ගතහොත් බමර ගී විරිත ලැබේ.



සීගිරි ගී 205


222. පිරිබුන් සතා බල යි (ත අ)ස ලි උඩ්හුර් ලයි ගළවය් හිණින් පිළි බිණිහි හැ තො (නො මෙය් නො (දි)ටු වන්.

අන්වය :- “සනා පිරිබුන් බල” යි ලි, හිණින් පිළි ගළවය්, ත අස උඩ්හුර් ලයි. “මෙය් නො දිටුවන් තො නො බිණිහි යැ?”


අර්ථය :- “(මගේ) ප්රේ මය1 භග්තවූ 2 සැටි බලව” යි (කියමින්) කාන්තාව 3 හිණින් පිළී ගලවා, තා අසල කෙඳිරිගාන්නීය.4 “මෙය නුදුටුවකු සේ තෝ නො බිණු වෙහි” ? 5

1. සනා. 2. පිරිබුන්. 3. ලි 4. උඩ් - හුර් (සං. උර්ධ්වස්වර ). උඩු - හුරු - ල, උඩුහුරු ලත්, (වර්ත-මාන සිංහල. උඩු - බුරුන් - ලතවා) 5. දෙදෙනෙකු අතර ඇතිවූ කථාවකි.


විස්තර :- කාලය - 8 වෙනි ශත වර්ෂබය

වෘත්තය - ය‍ා ගී.

223. ස්වස්ති

රතඅ(ති)නි ගත එක වැරැලි කදහස බැලි(ද) මේ බල හිදි (සෙ) වි ලියක (සෙ)ර් (බෙය)න්ද හි රන්(වනු)න් අතරෙහි ‍ෙ(ජ)ට(ග)ලව(ැ)සි බොයගොත්හිමි(යන් ගෙ ‍ෙ(ද)වලි(මි)ගී.


අන්වය :- බෙයන්ද හි රන්වනුන් අතරෙහි මෙ එක බැලි කදහසද, රත අතිනි වැරැලි ගත. බල සෙර් ලියක හිදි සෙවි.



206 සීගිරි ගී


අර්ථය :- යහපතක් වේවා!

බෙයදෙහි රන්වන් (ලියන්) අතර (සිටි) මේ (තැතැත්තිය),1 (ඇය දෙස) බැලූ කවරවිටක 2 වුවද, රත් අතින් පිළියක් 3 ගෙන සිටිනු (පෙනේ). (අවට) බලමින් (ඇය) සිටින්නේ සෙර ලිකය 4 සෙයිනි.

ජෙටගල වැසියකුවූ, බොයගොත්හිමිගේ වංශයෙහි වූ, දෙවල (නමැත්තා) වෙමි. ‍(මේ මගේ) ගී යයි.

1. මෙ එක. (මෙකී. මේ තැනැත්තිය) 2. කදහස. (සං. කදාවිත්) 3. වැරැලි 4. සෙර් ලියක (සොර ගැහැණියක)


විස්තර :- කාලය - 8 වෙනි ශත වර්ෂ යේ අවසාන භාගය හෝ 9 වෙනි ශත වර්ෂතයේ මුල් භාගය විය හැක.

වෘත්තය - දුවඟ ගී.


224. ස්ව)ස්ති අ(බා මි)හිදුවහදුයෙන් ආ කුද්ගත්සිරිනාතෙරුන් ලෙදරු සලමෙයිමි ලීමි. නොදුන්නහු යෙහෙයි රැහැ එක් බසක් වෙ සනා (අප) අ සෙ නො දැකැනිල් උපුලවන් දිග්ඇස් රත් කොට්

අන්වය :- අප අ සෙ නොදැකැ නිල්උපුලවන් දිග්ඇස් රත් කොට් එක් සතා බසක් වෙ යෙහෙහි රැහැ නොදුන්නහු.

අර්ථය :- යහපතක් වේවා! අබා මිහිදු 1 වහදු (විහාරයෙහි වූ) කුද්ගත්සිරිනා 2 තෙරුන්ගේ ලෙඛකයා 3 (වන) සලමෙයි (නමැත්තා) වෙමි. (මෙය) ලීමි.



සිගිරි ගී 207

අප ආ බව නොදුටු (ඔවුහු) නිල්උපුල්වන් දිගු ඇස් රත් කොට4, එක් ආදර 5 තෙපුලකින් පවා අපට යහපත් රසයක් නොදුන්නාහුය.

1. මේ ආවාසය පිහිටියේ අභයගිරි විහාරයෙහිය. වහදිව, වහදු.(ශි.සං. I. 166, 201, 202, 204, 206, වූ. වං. XLVIII. 65) 2. ‘කුදුගත පිරිවහන’ යන අරුත් අරත්තේය. සූත්රූ පිටකයෙහි එන බුද්දක නිකාය මෙයින් හැඳින්වෙයි. සිරිනා යනු පුද්ගලික නාමයෙකි. 3. ලෙ - දරු = ලෙය්දරු. ලෙ - දරුවක්, යනු විසින්ද යෙදෙයි. ශි. සං. I. 111, බලනු. 4. රොෂය නිසා රතුවූ ඇස් ඇතිව. 5. එක් බසක් වෙ සතා.

විස්තර :- කාලය - 8 වෙනි ශත වර්ෂයයේ අවසාන භාගය.

වෘත්තය - පළමුවැනි පාදයෙහි අවසාන අක්ෂිරය දීර්ඝයක් සේ ගත හොත් යා ගි විරිතයි.

225. ස්වස්ති. දෙවල්මල්මි.

පළමු බස සෙය් එත කතුන් බෙනෙත් ම තුටු සෙය් ස(ගසරි ක)ල එ කෙළෙ යහ එකදෙසි මන දි නො මෙ ගත

අන්වය :- පළමු බස සෙය් ම එත, තුට් සෙය් කතුන් බෙණෙත් සගසරි කල යහ එ කෙළෙ, ‍මන දි එක‍ෙදසි‍ෙනා ‍ෙම ගත අර්ථය :- යහපතක් වේවා! දෙවල්මල් (නමැත්තා) වෙමි. පළමුව (දුන්) වචනයට අනුව මා එන කල්හි, තමන් තුටුවූ අයුරින් කාන්තාවෝ කථා කෙරෙත්. ස්වර්ගොනපම සම්පත්තියක් ඒ කාන්තාව (ඇති) කළාය 1 (එහෙත් ඈ) මනදී, (මා) නිශ්චය වශයෙන් 2 නො (පිළි) ගත්තාය.





208 සීගිරි ගී

1. සගසරි කල එ කෙළෙ යහ. 2. එක - දෙසි = එකාකාරව, නියතවශයෙන්ම, නිශ්චිත ව යනාදි අරුත් දිය හැක.

විස්තර :- කාලය - 9 වෙනි ශත වර්ෂ,ය

වෘත්තය - යා ගී.


226. ස්වස්ති . තම(ඩග)ම මහසෙත්මි ලීමි. ගලළග මුත්වරල් නුයුත් මිණිකැලුම්සුලු යෙන්නහු සැබැවින් එකල්හි රන්වනුන් දුටු (වො)


අන්වය :- ගලළග, මුත් වරල්, මිණි කැලුම් ඉසුලු නුයුත් රන්වනුන් එකල්හි දුටුවො සැබැවින් යෙන්නහු.


අර්ථය :- යහපතක් වේවා! නමඩගම (වැසියකුවූ) මහසෙන් (නමැත්තා) වෙමි.(මෙය) ලීමි.

පර්වමතයෙහි ඇලුණා වූ 1, මිදූ වරලස 2 ඇති, මිණි කැලුම් විහිදෙන නුවන් ඇති රන්වන් (ලියන්) එකල්හි දුටු (අය), සැබැවින්ම යන්නාහුය 3


1. ගලළඟ 2. මුත් වරල් 3. කාන්තාවන් දෙස බොහෝ වේලාවක් බලා සිටි අය යන්නට පටන්ගත් බව ‘එකල්හි’ යන වචනය යෙදී මෙන් හැ‍ඟේ.

විස්තර :- කාලය - 8 වෙනි ශත වර්ෂ්යේ අවසාන භාගය.

වෘත්තය - අවසාන පාදයෙහි එන ‘හි’ , ‘වො’ යන අක්ෂනර දීර්ඝ සේ සැලකුව හොත් යාගි විරිත ලැබේ.

227. බොයි(ල)මි මෙ (ම)යි (ගී) අත මල් නුයුන් මිණිකැලුම් ඉසුලු යෙන්නහු සැබැවින් ගැහැනිහු සැබැවින් රන්වනුන් දුටු(වො)


සීගිරි ගී 209

අන්වය :- අතමලි, මිණි කැලුම් ඉසුලු නුයුන්, සැබැවින් ගැහැනිහු රන්වනුන් දුටුවො, සැබැවින් යෙන්නහු.


අර්ථය  :- බොයිල (නමැත්තා) වෙමි. මේ ‍මගේ ගීයයි.

අත්හි මල් ද, මිණි කැලුම් (සහිත) නුවන් ද ඇති, සැබැවින්ම ගැහැණුන් වන රන්වන් (ලියන්) දුටුවෝ සැබැවින්ම යන්නාහු වෙත්. 1

1. මේ වනාහි (226 වැනි) ගියට ලියූ පිළිතුරකැයි සිතිය හැකිය. සිත්.මෙහි නිරූපිත ගැහැණුන් බඳු රූමත් කතුන් දුටු අය, සිත්තම් බැලීම හැර දමා, මගට බට බව මෙයින් ප්රකකාශ වෙයි.


විස්තර :-	කාලය   -	8 වෙනි ශත වර්ෂියේ අවසාන භාගය 

වෘත්තය - සතරවැනි පාදයෙහි අවසාන අක්ෂ්රය දීර්ඝයක් සේ ගතහොත් කව් ගී විරිත ලැබේ.


228. දළසෙන් පැවිජ්ජ(න්) ගී.

ස්වස්ති

පිනි ගත රතමහනෙලහි පත් ළග කළ ත මා ත සෙය අසය අස ද මුළ වී කලුන්හී ගැන්වෙයි.

අන්වය :- පිනි ගත රතමහනෙලහි පත් ත මා ළග කළ, ත සෙය අසය අසද මුළ වී කලුන්හී ගැන්වෙයි.

අර්ථය :- දළසෙන් (නමැති) පැවිද්දාගේ ගී යයි.

යහපතක් වේවා!

පිනි(බිඳු ඇති) රත් මහනෙල් පෙති තොප (විසින්) මා ළඟට (පත්) කරන 1 ලදී. තොපගේ ස්වභාවය ගැන නැවත නැවත අසා 2 (ජනයා) මුළා වුවද, තොපි ආලය කළ 3 යුත්තන් අතරට පත්වන්නාහුය.4

14 210 සීගිරි ගී 1. මේ කතුන් ඔවුන් බැලීමට පැමිණි ජනයා ශොකයට පත්කර, ඔවුන්ගේ ඇසින් කඳුලු ධාරා, වැස්වූ බව ව්යතඞ්ග්යායෙන් කී පරිදියි. 2. ත සෙය අසය අසද = තොප‍ගේ ස්වභාවය අසා අසා ද යනුවෙන් අරුත් කියන ලදී. එහෙත්, ‘ත අසද සෙය අසය’ යනුවෙන් ගත හොත් ‘තොප අශ්ර්ද්ධාවත් (ද්රෝයහී) ස්වභාවය ඇත්තන් බව අසා’ යනුවෙන් තේරුම් කරත හැක. සෙය > සෙ සං. වෙතස්. 3. කලුන්හී = (සං. කල්යා .) කල, කලී, කලක්, කලි, කලු, කලුන්හි, කල්හු ආදී වශයෙන්ද මේ අර්ථසය සඳහාම යෙදී ඇත්තේය. 4. ගැන්වෙයි = සැලකෙයි, ගණන් ගැනෙයි.

විස්තර :- ‘පත්’ යනු සංයුක්තාක්ෂනරයක් වශයෙන් ‘පතන්’ යනුවෙන් ලියා ඇත.

කාලය - 8 වෙනි ශත වර්ෂ ය.

වෘත්තය - සතරවැනි පාදයෙහි ලැබෙන ‘වී’ ‘හි’ අක්ෂවර දීර්ඝ සේ ගතහොත් යා ගී විරිත ලැබේ.

229. ස්වස්ති

දිග්නුයුන් සුනිල් මහනෙල් කැලුම් ඉසුලු බෙයදැ(හු)න් මි(ලැසි මය් දෙසෙ) සැනැහින් නුයුන් ලූ

අන්වය :- බෙයදැ හුන් සුනිල් මහනෙල් කැලුම් ඉසුලූ දිග්නුයුන් මිලැසි සැනැහින් මය් දෙසෙ නුයුන් ලූ.


අර්ථය  :- යහපතක් වේවා!

බෙයදෙහි හුන්, සුනිල් මහනෙල් කැලුම් ඉසුලූ දිගුනෙත් ඇති මියුලැසිය, ආදර සහිතව මා දෙස නුවන් ලූවාය.



සීගිරි ගී 211

විස්තර :- කාලය - 8 වෙනි ශත වර්ෂ.යේ අවසාන භාගය හෝ 9 වෙනි ශත වර්ෂතයේ මුල් භාගය විය හැක.

වාත්තය - දෙවැනි ප‍ාදයෙහි අවසාන අක්ෂශරය භ්ර ස්වයක් සේ ගතහොත් යොන් ගී විරිත ලැබේ.

230. බෙයන්ද්හි සම්වතක් ළ මය් ගත යැහැයෙන් මුතුවැළැ එක් අතින් එක් අත්නි ගත් පට්වැරැල්ලක්. පෙසි(ලි) කිතලමලැ ගෙ............ කොකෙළැ දෙවැමි.

අන්වය :- මුතුවැළැ එක් අතින් පට් වැරැල්ලක් එක් අත්නි ගත් බෙයන්ද්හි සම්වනක්, යැහැයෙන් මය් ළගත.


අර්ථය :- මුතුවැළ එක් අතකින්ද පට පිළියක් ‍එක් අතකින්ද ගත් බෙයදෙහිවූ සම්වන් 1(එකියක්) , (ඇගේ) සිත්කලු බවින් 2 මගේ හදවත (පැහැර) ගත්තාය.

පෙසිල කිතලමල (නමැත්තාගේ) වංශයෙහිවූ කොකෙළැ දෙ වැ (නමැත්තා) වෙමි.

1. ශ්යා ම වර්ණේය ඇති තැනැත්තියක් - සම්වනක්. 2. යැහැයෙන - යැහැය යහ (සං. යශස්යැ. යශස්) කරුණාහරිත ගුණය, දයාන්විත බව, සිත්කලු ගතිය යනාදී අරුත් දිය හැකිය.

විස්තර :- කාලය - 8 වෙනි ශත වර්ෂයයේ මුල් භාගය.

වෘත්තය - එලු සඳැස් ලකුණෙහි නොලැබෙන විරිතකි.

231. .i ස්වස්ති කළපිටැකුළියෙහි අග්බොඇදුර්මි මෙ ගිය ලීමි. තොප යහදස්නෙ නෙවැසැනෙන් සන්ද්හි තම කැ(ලු)ම් ගත ඇපි තොප සිහිලසිනසක් ගතකියමො මෙහි සිගිහිරි




212 සීගිරි ගී

.ii අග්(බො)ය් (මි) කි යතයුත හය් බ(ැ)ති පුයුතෙක්හි සන්ද්හන් කොට් බලමිනි සිටියැ දී(ටි) කා දහමැ ඇතත් තොප(ට් රි)සි

අන්වය :- .i යහදස්නෙ! ‍සන්ද්හි තොප සිහිලසින් අසක් ගත ඇපි මෙහි සිහිගිරි කියමො

.ii යතයුන හය් පුයුතෙක්හි සන්ද්හන් කොට් බැති කි තොපට් දහමැ රිසි ඇතත්, බලමිනි සිටියැ කා දිටි ?

අර්ථය :- .i යහපතක් වේවා! කළපිටැකුළියෙහි (වැසියකුවූ) අග්බො (නමැති) ඇදුරා වෙමි. මේ ගීය ලීවෙමි.

යහදර්ශවනාවෙනි! 1 ස‍ඳෙහි (වූ) තොප නිවෙසින්, තමාගේ කාන්තිය (ලබා) ගත්තාහුය. තොප සිහිලසින් අංශුවක්2 ගත් බව අපි මෙහි සිහිගිරියෙහිදී කියමු 3

.ii අග්බො (නමැත්තා) වෙමි. යන (තැනැත්තවුනට), සිදුවූ දේ 4 සඳහන් කෙරෙමින්, තොපි බක්තිමත් වචන කීවාහුය. තොපට (ගුණ) දහම් 5 කෙරෙහි රිසි ඇත්තේ වී නමුත්, (එතැන) බලමින් සිටි (තොපි), කවුරුන් විසින් අක්නා ලැබුවහුද ?

1. යහදස්නෙ 2. සිහිලසින් + අසක්. 3. මේ ගීයෙහි අර්ථටය සැක සහිතය. සීගිරි අප්සරාවෝ අතිශයින් ශොභා සම්පන්න වෙති. චන්‍්ය ස යාගේ ශොභාවද ඉමහති. චන්ර්වුරයා වාසභූමිය කරගත්





සිගිරි ගී 213


මොවුන් චන්ර් යෙයා කෙරෙන් එම කාන්තිය ලබාගත් බවක් කවියා විසින් අදහස් කරන ලදැයි සිතිය හැකිය. ඔවුන්ගෙන් සිහිල ලබාගැනීමට කවියා සීගිරි ගිය බවක්ද කියවී ඇත්තේය.

4. පුයුතෙක්හි = සං. ප්රනයුක්ත සිං. පුයුත 5. තොපට් දහමැ රිසි ඇතත් = සුවරිත ධර්මනය ගරු කිරීමට තොපට රිසි ඇත්තේ වී නමුත්.

විස්තර :- කාලය - 8 වෙනි ශතවර්ෂනයේ අවසාන භාගය හෝ 9 වෙනි ශතවර්ෂ යේ මුල් භාගය විය හැකිය.

වෘත්තය - .i දුවඟ ගී. .ii යා ගී

232. සපු කුසුමත්නි ගත් මය් මන දකුත් සම්වන් ගැහැනිලිය තන ලී බෙයන්දිනහි රන්වනැන් අතුරෙ ................. ගී.


අන්වය :- බෙයන්දිතහි රන්වනැන් අතුරෙ සපු කුසුම් අත්නි ගත් සම්වන් ගැහැනිලිය අකුත් මය් මන තන ලි.


අර්ථය - බෙයදෙහි රන්වන් (ලියන්) අතර සිටි, සපු කුසුම් අතින් ගත් ශ්යා ම1 වණර්ව ත් ස්ත්රිය2 ලතාව දක්නා කල, මගේ සිත කම්පනය 3 කරවීය. 4 ........................ (ගේ) ගීයයි.

1. සම්වන් 2. ගැහැනි - ලිය 3. තන = (සං. √නත්)කව්සි. තෙනේ. (297 පද්ය.ය.) තතන යනුවෙන්ද යෙදෙයි. තම්පනය කරවීම යන අර්ථෙයි. 4. ලී = (සං. √ලා.) තන ලී - කම්පනය කරවීය.





214. සීගිරි ගී


විස්තර :- කාලය - 8 වෙනි ශතවර්ෂය.

වෘත්තය - සතරවැනි පාදයෙහි අවසාන අක්ෂතරය දීර්ඝයක් සේ ගතහොත් යා ගී විරිත ලැබේ.

233. ස්වස්ති. පොලොනරුයෙන් ආ ජෙ(ට්ම)ලමි මෙ ගී ලීමි. ලිය මල්(කැ)නක් ග(ත්) දිලි අත්නි (ලො)බනා සෙයි ගත් මන මය් දිගැස් බෙයදහි සම්වනක්ද යෙහෙ.

අන්වය :- “දිලි අත්නි ලොබනා සෙයි මල් කැනක් ගත් දිගැස් ලිය මය් මන ගත්.” බෙයදහි සම්වනක් යෙහෙ ද ?”


අර්ථය :- යහපතක් වේවා! පොලොනරුයෙන් පැමිණි ජෙට්මල (නමැත්තා) වෙමි. මෙ ගීය ලීමි. “දිලිසෙන අතින්’ (සිත්) ලොභ උපදවන ‍අයුරින් මල් කැනක් ගත් දිගු ඇස් (ඇති) කාන්තා තොමෝ ම‍ෙ‍ග් සිත ගත්තාය” “බෙයදෙහි සිටින ශ්යාිම වර්ණක තැනැත්තියක (තොපට) ‍යහපතිද ?”

විස්තර :- කාලය - 8 වෙනි ශතවර්ෂකයේ අවසාන භාගය.

වාත්තය - සතරවැනි පාදයෙහි අවසාන අක්ෂ රය දීර්ඝ‍යක් සේ ගතහොත් යා ගී විරිත ලැබේ.

234. කිත්මෙය් ගී.

බෙයන්ද්හි රන්වන් ලි හින්දිද සිවින්ම අ දඟලයි (දැ)කැ (‍ෙ)නා සිකි යන සිහි වනි හිදු ම සබද සිහිගිරී

අන්වය :- බෙයන්ද්හි හින්දි) රන්වන් ලි, අ ම, සිවින් දඟ ලයි “සිකි! දැකැ යන සිහි නොවති” “මෙ සබද! සිහිගිරී හිදු”



සීගිරි ගී 215

අර්ථය :- කිත්මෙය් (නමැත්තාගේ) ගියයි.

“බෙයදෙහි සිටි රන්වන් ලිය, (මෙහි) පැමිණි 1 මා, (ඇගේ) සිනාවෙන්2 හසු කර ගත්තීය. 3 මිතුර! ඇය දැක (ආපසු) යන අදහසක් 4 මට නොමැත.” “ම මිතුර! සිහිගිරියෙහි හිඳුව.”

1. අ ම 2. සිවින් 3. දඟ ලයි. 4. යන සිහි.

විස්තර :- කාලය - 9 වෙනි ශතවර්ෂලයේ අවසාන භාගය

වෘත්තය - සතරවැනි පාදයෙහි අවසාන අක්ෂාරය දීර්ඝයක් සේ ගත හොත් යා ගී විරිත ලැබේ.

235. අමතයි තොප අයුත් මහතෙල්වතින් එක් ජන් ඇති වී ද නො බණන වන් දැකැ ආ අත මල් තිපි නදමල් ම ගියු ගී

අන්වය :- මහනෙල් වනින්! එක් අයුත් තොප අමතයි ජන්. නො බණත වන් ඇති වීද, තිපි අත මල් දැකැ ආ.


අර්ථය  :- මහනෙල් ‍වන් (තැනැත්තියෙනි!) එක් අයකු1 (මෙහි) පැමිණ තොප අමතන බව දනුව නො බණත බවක් (තොප කෙරෙහි) ඇතිවුවද, තොප අත තුබු මල් දැක (ඔහු) ආයේය. 3

නදමල් (නමැති) ම‍ා විසින් ගැයූ ගීයයි.

1. එක් 2. නො බණන වන් 4. දැකැ ආ.

විස්තර :- කාලය - 8 වෙනි ශත වර්ෂයයේ අවසාන භාගය හෝ 9 වෙනි ශත වර්ෂතයේ මුල් භාගය විය හැක.

වාත්තය- සතර වැනි පාදයෙහි අවසාන අක්ෂ රය දීර්ඝයක් සේ ගතහොත් යා ගි විරිත ලැබේ.




216 සීගිරි ගී


236. එසා අසද් ගලකලතදළඇත්තන් හයි නො ලයු කිය අ(ජ)හස ඇති සි(තැදි) වි සෙය් ළඇත්තහට

අන්වය :- ලයු එසා අසද් ගල කළ තද ළ ඇත්තන් හයි ළ ඇත්තනට සිත් ඇදි වී සෙය්, ඇති අජහස නො කිය.

අර්ථය :- සැබවින්ම, 1 එබඳු ද්රෝඇහී 2 (වූද), ගලින් කළාවූ (මෙන්) තද ළය ඇත්තන් සමග ළය ඇත්තන්ට සිත් ඇදී (ගියා)3 සේ (තොප සිතෙහි) අදහස නො කියව.

1. ලයු = සං. ඛලු 2. අසද්. 3. සිතැදි = සිත් + ඇදී.


විස්තර :- කාලය - 8 වෙනි හෝ 9 වෙනි ශත වර්ෂ.ය

වෘත්තය - පළමු වැනි හා සතර වැනි පාදයන්හි අවසාන අක්ෂඇර දීර්ඝසේ ගත හොත් දුවඟ ගී විරිත ලැබේ. 237. ස්වස්ති ගලැ කළ තද(ළ) වන සිටිවි ද නිල් තැලි පැලැන්දැත සිතැදි ම අත්හි මල්දම් මීලැස් සිතැදි ත බරැ වරල් කිතල්(බ)තීමි ලීමි.

අන්වය :- ගලැ කළ තද ළ වත, නිල් තැලි පැලැන්දෑ සිටිවීද ? මී ලැස්, අත්හි මල්දම් ම සිත් ඇදි. වරල් බරැ ත සිත් ඇදි.

අර්ථය :- යහපතක් වේවා !

(ඇය) ගලින් කළ හදවතක් (ඇත්තියක) නම්, නිල් තැලි පැලඳ (මෙහි) සිටීවිද ? මියුලැසිය (පිළිබඳව නම්,) අතින් ගත් මල්දම (නිසා) ම සිත ඇදී (ගියේය.) වරල් බරින් තොප සිත ඇදී (ගියේය.)

කිතල්බත (නමැත්තා) වෙමි. (මෙය) ලීමි.

විස්තර :- කාලය - 9 වෙනි ශත වර්ෂදය

වෘත්තය - දුවඟ ගී.


සීගිරි ගී 217

238. ස්වස්ති කුමාරකසබා (ගී)

නලවය ග‍ිරෙ මත් වූ පිරිමින සිතින එක්වන බෙයන්ද‍හි රන්වන පහස කළ වැනි පාජ කෙළිමින

අන්වය :- බෙයන්දහහි රන්වන පාජ කෙළිමින නලවය, එක්වන මත් වූ ගිරෙ පිරිමිත පහස කළ වැනි.


අර්ථය :- යහපතක් වේවා ! කුමාර කසබ (නමැත්තාගේ) ගී යයි.

බෙයදෙහි රන්වන් (තැනැත්තිය) පාජ1 (ක්රී්ඩාව) කෙළිමින්, ඔවුන් රවටා,2 (ඔවුන් පිළිබඳව) නිතර 3 සිහි විකල (බැවින් යුතුව) පර්වටතයෙහි සිටි පිරිමින් ස්පර්ශව කළ බඳුය.

1. පාජ යනු ක්රි‍ඩා ‍වශෙෂයකි. ඒ පිළිබඳව සාහිත්යව යෙහි සඳහනක් සමුවි නැත. මේ ක්රීළඩාවෙහි යෙදෙන විට එකිනෙකාගේ ශරීර ස්පර්ශහ කිරීමක් සිදුවන බව, ගීය විමසීමෙන් පෙනේ. සීගිරි සිත්තම් අතරද, අනිකකු ස්පර්ශර කිරීමට මෙන් එසවූ අත් සහිත රූප දැකිය හැකිය. 2. නලවය. (සං. √ ලල්.) 3. එක් වන


විස්තර :- කාලය - 8 වෙනි හෝ 9 වෙනි ශත වර්ෂතය.

වෘත්තය - යා ගී.

239. අයුතින් අසය් ඇති වනු. රන්වනුන් එක්වත් නොදත මිහි නැගි වර බැසි බව හිරු දග සිත මිහි.


අන්වය :- රන්වනුත් එක්වන් මිහි ඇතිවනු අසය් අයුතින් නැගි වර, සිත. මිහි දග හිරු බැසි බව නොදත.

අර්ථය :- රන්වන් (ලියන) නිතර මෙහි ඇති බව අසා, 1 පැමිණ, 2 (පර්ව‍තය) නැගි කල, සිත මේ ගැන (කෙතරම් ක්රි්යාත්මක වීද 3 කිවහොත්,) හිරු බැසි බව පවා නොදැනුණි.

1. රන්වනුන් එක්වන් ඇතිවනු. 2. අයුතින්. 3. සිත මිහි දග. (දග - සිර වීම) 218 සිගිරි ගී


විස්තර :- කාලය 9 වෙනි ශත වර්ෂඅයේ මුල් භාගය.

වෘත්තය - සතරවැනි පාදයෙහි අවසාන අක්ෂතරය දීර්ඝයක් සේ ගත හොත් යාගී විරිත ලැබේ.

240. ස්වස්ති රුහුණින් ආ (සිවු) ගී. .i තමා අස්රය් කළ දිළින්දි න් සිතට් යම් ඉසි (ඉ)සිනි තො(ප නො මෙ) යත් හොත් මිනිසෙක් වෙමි යන්නෙකින් කිම

.ii යෙ නො හො යන්නෙයි එක් ම නො කෙළෙයින් වන්නෙ යි

සිත් තබතෙයි කැරැ පින් පතන් මත්තට් මහත් බව්


අන්වය :- .i තමා අස්රය් කළ දිළින්දිහන් සිතට් යම් ඉසි, ඉසිනි තොප නො මෙ යත්හෝත “මිනිසෙක් වෙමි” යන්නෙකින් කිම් ?

.ii හෙ නො හො යන්නෙයි එක් නො කෙළෙයින් මෙ වන්නෙයි. පින් කැරැ මත්තට් මහත් බව් පතන් සිත් තබනෙයි.


අර්ථය :- යහපතක් වේවා! රුහණින් පැමිණි (සිව) නමැත්තාගේ ගීය යි.

.i තමා කෙ‍රෙහි පැවති 1 දිළිඳු බව නිසා තොප සිත ඊර්ෂ්යාවක් 2 ඇතිවී (ඒ) ඊර්ෂ‍යාව නිසා,තොප (කතුන් කරා) නොම යත හොත්, “මිනිසෙක්‍ වෙමි” යනු (කීමෙන් ඇති පලය) කිම ?

.ii (කතුන් කරා) යෑමටද නොයෑමටදැයි එකෙක් 3 (සිතයි). (පෙර කාලයෙහි පින්) නොකළ හෙයින් මෙසේ වන්නේය. (එහෙයින්) පින් කර, මත්තට උසස් බව පැතිය (යුතු බව) 4 සිත තබා ගත යුත්තේය 5



සීගිරි ගී 219

1. අස්රය් කළ - ඇසුරු කළ 2. ඉසි 3. යෙ නො හො යන්නෙයි එක් 4. පින් කැරැ මත්තට් මහත් බව් පතන්. 5. සිත් තබනෙයි.

විස්තර :- කාලය - 8 වෙනි ශත වර්ෂඉයේ අවසාන භාගය.

වෘත්තය - .i දුවඟ ගී

.ii දෙවැනි පාදයෙහි එන ‘මෙ’ අක්ෂවරය දීර්ඝයක් සේ ගත හොත් ගි විරිතයි.

241. මුතු පැලැ(න්දි එ) දිගැසි (තමා) කෙළි පොපි දු නුයුන් අත්(නි ග)ත් වී මහ(නෙල්) නො ජත්මි වී (මෙහි) කරන්නක්.


අන්වය :- මුතු පැලැන්දි එ දිගැසි තමා කෙළි නුයුන් පොපී දු අත්නි මහනෙල් ගත් වී. “මෙහි කරන්නක් නො ජත්මි” වී.


අර්ථය :- මුතු පැලඳි ඒ දිගැසිය, කෙළි(මත්බවින් යුතුව) ඇසින් ඉඟි කළා 1 (පමණක් නොව), අතින් මහනෙල් ද ගෙන (සිටියාය). (එහෙත් ඔහු) “(ඔවුන්) මෙහි කරන්නේ කුමක් දැයි නොදතිමි” යි කීය. 2

1. පොපි (සං. ප්රකකම්පිත) 2. වී. (‘වීය’ ධාතු = සං. √ වද් හෝ ව්යාඟ + ඛ්යාප හා සසඳනු).


විස්තර :- කාලය - 8 වෙනි ශත වර්ෂ=යේ අවසාන භාගය හෝ 9 වෙනි ශත වර්‍තරයේ මුල් භාගය විය හැක.

වෘත්තය - දුවඟ ගී.



220 සීගිරි ගී


242. ත(මා මෙ) තමහ(ට) නොරුස්නා(ක්) නො කෙරෙජ් බල(ය) ගත් බෙයන්ද්හි සිටි (තමා) අම්බුයුක් ‍මය් මහනෙ(ලින්) රුහු(ණින්) ආ (බො)ය(ල තම) සිත අම්බු යොම‍ා ගැ ගී

අන්වය :- තමහට නො රුස්නාක් තමා මෙ බලය නො කෙරෙජ්. බෙයන්ද්හි සිටි අම්බුයුක් තමා මහනෙලින් මය් ගත්.


අර්ථය :- තමහට නොරුස්නා (දෙයක්) තමා මැ බලා නො කරයි (එසේ වුවද) බෙයදෙහි සිටි කතක්, තමන් ගත් මහනෙලින් මා (පිළි)ගත්තාය.

රුහුණින් ආ බොයල (නමැත්තා), ස්ත්රිෙය (පිළිබඳව) සිත යොමා ගැයූ ගී යයි.

විස්තර :- කාලය - 8 වෙනි ශත වර්ෂරයේ අවසාන භාගය හෝ 9 වෙනි ශත වර්ෂතයේ මුල් භාගයවය හැක.

වෘත්තය - යා ගී.


243. දැකැ (බස) තු ජු බලයු ගෙවී යි තුප (කෙ)රෙ එති අවුජු දිටි(යි) තුප ගැහැනිලිය නො බලයු නුයුත ලය.


අන්වය :- “දැකැ බසතු ජු බලයු. ගෙවී යි තුප කෙරෙඑති.” “අවුජු දිටියි, නුයුන ලය ගැහැනි ලිය තුප නොබලයු.”


අර්ථය :- “ (තොපි) (කතුන්) දැක බැස යන්නේ වී නමුත්,1 (නැවත) ඔවුන් (දෙස) බලවු 2 තොප ගැයූ හෙයින්, 3 ඔවුහු තොප කරා එති.”

“ඔවුන් අවුත් තොප (දෙස) බැලූ නිසාම ගැහැණි ලිය4 (දෙස) නුවන් ලා තො බල වු.”

1. දැකැ බසතු ජු. 2. බලයු.



සීගිරි ගී 221

3. ගෙවී යි. (සිං. √ ග = සං. √ ගෛ. වර්තනමාන සිංහල. ‘ගාතවා’ හා සසඳනු. ‘ගැ’ යනුවෙන්ද මේ යෙදෙයි.)

4. ලතාවක් මෙන් වූ ගැහැණිය; ගැහැනි ලිය.


විස්තර :- කාලය - 8 වෙනි ශත වර්ෂ.ය.

වෘත්තය - දෙවැනි පාදයෙහි අවසාන අක්ෂලරය දීර්ඝරයක් සේ ගත හොත් යා ගී විරිත ලැබේ.

244. නොජැනි ම ඇස්හි මෙය් සිත් එක්වන් ආ නු යෙති ම(හ‍ෙ)ම(යැ) ගැනැ (සෙය්නි) ආ සිහිල් පැනිත්තක් ප(ව)න්

අන්වය  :- මෙය් නොජැනි නුම ඇස්හි ආ යෙති. මහමෙයැ සිහිල් පැනිත්තක් ගැනැ පවන්, සිත් එක්වන් ආ සෙය්නි.

අර්ථය :- මෙය නොදැනුවත්ම, දැන් 1 මා අස් (හමුවට) ආ (බව) කියති.2 වර්ෂාා සමයෙහි 3 පවන් (සමග) සිහින් වැසි පොද4 සෙයින් සිතුවිලි එක්ව 5 (නැගී) ආ සේය.

1. නු. 2. යෙති. 3. මහ මෙයැ. (මහා මෙඝ සමයෙහි) 4. සිහිල් පැනිත්තක්. 5. සිත් එක්වන්.

විස්තර :- කාලය - 9 වෙනි ශත වර්ෂවය

වෘත්තය - යා ගී


245. ජෙට්මි මිමජ් ලීමි. සෙනෙහින් ළැගු කසුබ් කලු පියය් ඇ(විද්) මය් ගිඅතුරෙ පෙලෙබි කුමට් ය ගී මෙහි ලියන්නෙය් පරද්ද ගියෙමි.



222 සීගිරි ගී


අන්වය :- කසුබ් සෙනෙහින් ලැගු කලු පියස් ඇවිද් මය්, පෙලෙබි, මෙහි ගි අතුරෙ කුමට් ය ගී ලියන්නෙය් ?

අර්ථය :- ජෙට් (නමැත්තා) වෙමි. මමද ලීවෙමි.

කසුබ් (විසින්) ආදරයෙන් ඔසවා තැබූ1 කාන්තාවන් (හැර)පියා2 ආ මා, (ඔවුන් විසින්) පොලඹනු ලැබූ (හෙයින්), මෙහි ගී අතර, (ම විසින්) කවර හෙයින් යා ගී ලිය යුතුද ? (විරුද්ධවාදියා) පරදවා ගියෙමි.

1. ළැගු = නැගු, නැංවූවාවූ 2. පියය්.

විස්තර :- පැරණි කාලවලදී, සීගිරිය බැලීමට පැමිණි ජනයා අතර පද්යු රචනා තරඟ පැවති බවට මේ ගීය නිදසුන් වශයෙන් ඉදිරිපත් කළ හැකිය.

කාලය - 8 වෙනි ශත වර්ෂශයේ අවසාන භාගය.

වෘත්තය - සතරවැනි පාදයෙහි ලැබෙන ‘ය ගී’ යන්න ‘යා ගී’ වශයෙන් උච්චාරණය කළ හොත් කව් ගී විරිත ලැබේ.

246. ශ්රි කිත්දෙව්මි පැරැද්දැ යන්නට් ආ සැන්දැ් ලීමි. දැකැජ් තොප සුනිල් මහතෙල්කැලුම් බැල්මක් නොයයහන මිනිසුන් කුමට් යගී මෙහි ලියන්නෙය්.

අන්වය :- තොප සුනිල් මහනෙල් කැලුම් බැල්මක් දැකැජ් නොයයහන මිනිසුන් මෙහි කුමට් යගී ලියන්නෙය්.

අර්ථය :- ශ්රීල - කිත්1 දෙව් (නමැත්තා) වෙමි. පරාජිතවී යන්නට ආවිට ලීමි.

තොප සුනිල් මහනෙල් කැලුම් (වන්) බැල්මක් දැකද නොයා 2 හෙන මිනිසුන් (විසින්) මෙහි කුමට යා ගී ලියනු ලැබේද ?




සීගිරි ගී 233

1. ‘ශ්රී(’ යනු ‘ස්වස්ති’ යන්නට සමානසේ සලකා වෙන් කර ලියන ලද නමුත්, එය පුද්ගල නාම යෙහි කොටසක් වශයෙන්ද ගත හැක. 2. නො - ‍යයහහෙත = නො යා හෙත (වර්තයමාන සිංහල)

විස්තර :- කාලය - 8 වෙනි ශත වර්ෂතයේ අවසාන භාගය.

වාත්තය - එලු සඳැස් ලකුණෙහි දැක්වූ පරිදි කාරිකා නම් විරිතින් බඳනා ලද නමුත් ඊට අවශ්යැ දීර්ඝාකක්ෂරරයන්ගේ ප්රබමාණය මෙහි නො ලැබේ.


247. උතුරා අබු සිව්කල බද් ගියි.

බෙයන්ද්හි රන්වනු නිරින්ද්(ඉ)සිරා වියෙව්හි මෙසිනි මියහෙම්ය යි ගල් ඇගැනි හෙතයුන් වැන්නො.

අන්වය :- නිරින්ද් ඉසිරා වියෙව්හි බෙයන්ද්හි රන්වනු මෙසිනි “මිය හෙම්හ”යි ගල් ඇගැති ‍හෙනනුන් වැන්නො.

අර්ථය  :- උතුර් (නමැත්තාගේ) භාර්යාිව වූ සිව්කල (විසින්) බැඳි ගී යයි.

තිරිඳු හිමියාගේන් වියෝ වූ 1 හෙයින් බෙයදෙහි රන්වනුන් සොවින් 2 “මිය හෙම්හ”යි (කියමින්) ගල මුදුනින් 3 (පහතට) පනින අයුරුය.

1. වියෙව් හි 2. මෙසිනි. (සං. අමර්ෂූ.) මැසි. 3. ගල් ඇගැනි. පර්ව1තාග්ර්යෙන්. 4. හෙනයුන්. හෙන - (වැටෙත - √ හෙ.) (සං √ හා) හි, හුණ්, හුණ, හෙණ ඈ විසින්ද යෙදී ඇත.


විස්තර :- කාලය - 8 වෙනි ශතවර්ෂනයේ අවසාන භාගය

වෘත්තය - පළමුවැනි හා සතරවැනි පාද‍යන්හි අවසාන අක්ෂෂර දීර්ඝ සේ ගතහොත්, යා ගී විරිත ලැබේ.


224. සීගිරි ගී


248. ගලකැටැ ව(ජි)රා ගී අසය තුප ආ(යු)ත පරවිටි සෙර සනා සෙයි. අයිමි ද නොබිණි (ද) සබව ග(ත ම)ත ගල (තු)ප (ම) සි(ත)

අන්වය :- ආයුත පර‍විටි තුප සෙර සතා සෙයි අසය අයිමි ද සබව නොබිණි ගල මත තුප ම සිතද ගත

අර්ථය :- ගලකැට (නම් ස්ථානයෙන් පැමිණි) වජිර (නමැත්තා‍ගේ) ගී යයි.

මෙහි ආ අයට පරවිටි1 වැ තොප (පවත්වාගෙන යන) රහසිගත ආලය පිළිබඳව 2 අසා ආ මුත් 3 සැබැවක් 4 (තොප විසින්) නො කියන ලද්දේය (එසේ ද වුවත්) ගල මත (සිටින) තොප (විසින්) ම සිත ද (පැහැර) ගන්නා ලදී.

1. සං. පරාවෘත්ති = පා. පරාම්මුඛ. පිටුපසින්. 2. සෙර සනා සෙයි 3. අසය අයිමි ද 3. සබව (සං. සද් + භාව)

විස්තර :- කලය - 8 වෙනි ශතවර්ෂැය.

වෘත්තය - යා ගි.

249. ස්වස්ති වීරාවිදුර් බතිමි ලී(මි). .i සිහිල් පිනිබින්දිින් අද් සවන්ද් පවන්(‍ෙ)ගන මන්ද් හමුළෙ කොන්ද් කුමුන්ද් වසත් අව්හි මල් සු(සැදි වි) හෙ(බි)මුළුළෙ තබය් එය් මෙ රන්වනුන් දකුත් මෙ සිත් කාතර කෙළෙ විදි යමින් මෙ මන්ද් බලමිනි වගුළෙමි මෙ ගිරිතෙළෙ

.ii පන්සිය අග්නන් රිසිසෙය් බලය් ගිරිතෙ(ළෙ) නො ග(නිසි ස)ග් මෙනෙ මය් එකක් මෙ(නෙහි) කොට් මනාකොට්


සීගිරි ගී 225

අන්වය :- .i සිහිල් පිනි බින්දිටන් අද් මන්ද් පවන් සවන්ද් ගෙන හමුළෙ වසත් අව්හි කොන්ද් කුමුන්ද් මල් සුසැදි වි මුළුළෙ හෙබි එය් තබය් මෙ රන්වනුන් දකුත් මෙ සිත් කාතර කෙළෙ. යමින් මෙ මන්ද් බලමිනි විදි මෙ ගිරිතෙළ වගුළෙමි.

.ii ගිරිතෙළෙ පන්සිය අග්නන් රිසිසෙය් බලය් එකක් මනා කොට් මෙනෙහි කොට්, සග් මය් මෙනෙ නො ගනියි.

අර්ථය :- යහපතක් වේවා! විරාවිදුර්බත (නමැත්තා) වෙමි. (මෙය) ලීමි.

.i සිහිල් පිනි බිඳුවලින් තෙත් වූ 1 මඳ පවන, සුවඳ රැගෙන 2 හැමිය. වසත් කල අව්වෙහි කොඳ කුමුදු මල් මනාසේ සැදී සිට සැමතැනම බැබළුණි. ඒ හැර, 3 මේ රන්වන් (ලියන්) දුටු කල, ම සිත කැලඹීමට පත්විය. 4 යමින් (සිටි මම ඔවුන්ගේ) මඳ බැලුමින් විදිනු ලැබ, මේ ගිරි තෙලෙහි වගුළෙමි.

.ii ගිරි තෙලෙහිවූ පන්සියයක් අඟනුන් රිසි සේ බලා, එකියක පිළිබඳව මනාසේ මෙනෙහි කළ හෙයින් 5 දෙව් ලොව 6 පවා මා සිත් නොගනියි.

1. අද් - ආර්ද්රනවූ, තෙත් වූ 2. සුවඳවත්ව යන අර්ථ,යි 2. එය් තබය් - ඒ තබා, ඒ හැරෙන්ට 4. මෙ සිත් කාතර කෙළෙ. කාතර - (සං. කාතර) - ක්ෂෙ හය, කැලඹීම. 5. එකක් මනා කොට් මෙනෙහි කොට් 6. සග්.

විස්තර :- සීගරි පද්යො අතර ඇති ඉතාම දිගු රචනාවලින් එකකි. කාලය - 9 වෙනි ශතවර්ෂ යේ අවසාන භගය.

වෘත්තය - .i දිගහුරු නම් විරිතින් බැඳි සිවුපදයෙකි.

.ii බමර ගී

15


226 සිගිරි ගී


250. පෙරෙ ජත්(ත) මා දිවෙල ගි බද ද මො නිල්උපුලෙ පැහැ බැලි වී ය මඟ කළා (සොඳ) අ කමයවය

අන්වය  :- පෙරෙ දිවෙල ජත්තමො. ගි බද ද නිල් උපුලෙ පැහැ මො මඟ බැලි වීය. කළා සොඳ. අ කමයවය

අර්ථය :- පෙර (කල ඇගේ) ජිවිකාව1 (කෙබඳුවීදැයි) දනිමු. (ඇය පිළිබඳව අප විසින් ) ගී රචනා කළ නමුත්, නිල් උපුල් පැහැය ගත් මේ (තැනැත්තිය) මග බලා (සිටින්නී) වීය. 2 (ඇය) කළ (‍ෙදය) යහපති. 3 (මට) කමන්තැ 4

1. දිවෙල (සං. ජිවත. ජිවත) (ධ.අ.ගැ.127 දිවෙලින්) 2. මඟ බැලි වී. 3. කළා සොඳ 4. කමයවය. (සං √ ක්ෂ ම්)


විස්තර :- කාලය - 8 වෙනි ශත වර්ෂ‍යේ අවසාන භාගය හෝ 9 වෙනි ශත වර්ෂතයේ මුල් භාගය විය හැකිය.

වෘත්තය - තුන්වන පාදයෙහි අවසාන අක්ෂ රය දීර්ඝයක් සේ ගත හොත් කව් ගී විරිතයි.

251. කිත්මි 1 පැරැද්දැ යෙමින් ලීමි.

.i පෙරෙ යම් (හැ)ජි(න්) නම් ම පහතිජ් නම් අලලෑ මා එ යත් මෙ එත් තැත පිළි එය්හි සැර්හි මැ

.ii නැතැජ් එ කලු රුතු ගැළ හී හොවිත් බිමා නො කෙල්ලන් වීයින් කියය් අ සි කැරෙය් කිමැ

අන්වය :- .i පෙරෙ යම් ම හැජින් නම් අලලෑ පහනිජ් නම් මා යත්, එ එත් පිළි එය්හි සැර්හිමැ නැත.

.ii එ කලු රුතු නැතැජ්, ගැළ හි, බිමා හොවිත්. අ! කෙල්ලන් නොවීයින්, කියය් කිමැ සි කැරෙය් ?


සීගිරි ගී 227

අර්ථය :- කිත් (නමැත්තා) වෙමි පැරදි යමින් ලීවෙමි.,

.i පෙර(කල) මා හැඳින2 සිටි (තැනැත්තියක වී නම්),(මා කෙරෙහි) ඇලී3 (එම කරුණින්) ප්රසසන්නව 4 සිටියේ නම්. (ඇය කරා) මා යත කල (මොව්හු ඇය කෙරෙත්) එන් 5 තවද 6, ඇය කෙරෙහි සැරසිලි ද 7 නොමැත 8

.ii මේ කාන්තාවන්ට ඍතුවීමක් 9 නොමැතිවුවද (ඔව්හු) වෙන්වී (එහි) වැටී, බිම හොවිත් 10 හා! 11 ඔවුන් කෙල්ලන් නොවන හෙයින්, ඔවුන්ට කීමෙන් කුමක් සිහි ‍කැරෙයිද 12 ?

1. 246 වැනි ගීයෙහි එන කිත් දෙව් නමැත්තාද මොහු විය හැකි ගී දෙකම ලියා ඇත්තේ සමාන අත් අකුරු වලිනි. 2. යම් හැජින්. 3. අලලැ - √ අල. (සං සං + √ ලි) අල්නා, ඇලී, ඇලුණ, ඇලුම්, ඇල්ම ඈ විසින්ද යෙදී ඇත. 4. පහනි ජ්. (සං. ප්රාසන්න) පහනි, පහන්නෙමි ඈ විසින්ද යෙදෙයි. 5. මෙහි උක්තය වන ‘මොවුහු’ යන්න අධ්යාිහාරයි. 6. පිළි. 7. සැර්හිමැ (සැරසීම, සැරසිලි √ සරහ) (සං. සං + √ රව්. පා සම් + විදහන්නො) සර්හය්, නැරහු, සැර්හිම ඈ විසිනි.

8. මේ කාන්තාව තමාගේ පළමු බිරිය බවද , ඇය කරා යන විට අන් පුරුෂයන් ඇය කෙරෙන් එනු දුටු හෙයින් තමා වෙත පැවති ආලය අන් අය වෙත රඳවා ඇති බවද මෙයින් පැවසෙයි. ඔහු පිළිගැනීමට ඇය පලඳනා ආදිය සහිතව නැරසී නොසිටින බවද කියා ඇත.






228 සීගිරි ගී


9. රුතු. 10. ඍතුවීම පවත්නා සමයෙහි බිම හෙවැ නිදීම පැරණි කල ලක්දිව ස්ත්රිනන්ගේ විරිත විය. මේ ගීය රචනා කළ තැනැත්තා, සිත්තම් කිහිපයක් බිම වැටී ත‍ිබෙනු දැක මෙසේ කීය. 11. අ 12. සි කැරෙය්. ‘සි’ යනු ‘සිහි’ යන්නෙන් බිඳුණි සේ සැලකිය යුතුය.

විස්තර :- කාලය - 8 වෙනි ශත වර්ෂකයේ අවසාන භාගය

වෘත්තය - .i තුන්වන පාදයෙහි එන ‘එ’ සහ ‘මෙ’ අක්ෂලර දීර්ඝ සේ ගත හොත් කව්ගී විරිත ලැබේ.

.ii පළමුවන පාදයෙහි එන අවසාන අක්ෂැරය දීර්ඝයක් සේ සලකා උච්චාරණය කළ හොත් උමතු ගී විරිතයි.

252. ස්වස්ති (බෙයන්ද් මී ලැස්සන් හි ) න්දිෂ බෙවෙන් අර්වන්නෙය් දැනැවෙය් ලූ නුවන් මමහනෙල්නි රද් දැක්ව(නු)රා

අන්වය :- මිලැස්සන් හින්දි බෙවෙන් බෙයන්ද් අර්වන්නෙය්. රද් දැක්ව නුරා, ලු නුවන් මහනෙල්නි දැනැවෙය්.

අර්ථය :- යහපතක් වේවා! මියුලැසියන් හිඳින නිසා බෙයද සිත්කලු ය 1 රජතුමා දැක්වූ අනුරාගයට 2 (සමානවූවක්) , (මිනිසුන් දෙස) යොමු කළ නුවන් නමැති මහනෙලින් දැනැවෙයි. 3

1. අර්වන්නෙය්. √ අර. (සං √ හෘ. ධ.අ.ගැ. 283) අර-ගත්, අර්-ගත්, අර්වන්නෙ, අර්වත්, අළ, ඇර, ඇරැ ඈ විසින්ද යෙදෙයි.

දැකුම්කලු, සිත්කලු, සිත් පැහැර ගන්නා සුලු, යන අරුත් දිය හැක.



සීගිරි ගී 229

2. දැක්වනුරා = දැක්වූ අනුරා. 3. දැනැවෙය්. √ දන (සං √ජන්) දිනි. කව්සි. 417 පද්යසය. ජනිත කරවීම, ඉපදවීම, යන අර්ථගයි.

විස්තර :- කාලය - 9 වෙනි ශතවර්ෂාය

වෘත්තය - යා ගී.


253. බෙයන්ද්හි රන්වන් මනජොළ් රහස්බැල්මෙ රැහැ ජත්තයුහු සැබැවින් ඇති සැබැවින් අකල්හි යෙහෙන්

අන්වය :- බෙයන්ද්හි රන්වන් එකල්හි සැබැවින් මනජොළ් රහස් බැල්මෙ රැහැ, ඇති සැබැවින් යෙහෙන් ජත්තයුහු.

අර්ථය  :- බෙයදෙහි රන්වන් (ලියෝ), එකල, සැබැවින්ම (සිය) මන දොළ (දෙස) රහස් බැලුම් (හෙ‍ලීමේ) රසය,1 තත්වාකාරයෙන්ම, 2 හොඳින් අතුවාහුය. 3

1. රැහැ. (සං. රස) 2. ඇති සැබැවින්. 3. යෙහෙන් ජත්තයුහු.


විස්තර :- කාලය - 8 වෙනි ශතවර්ෂේයේ අවසාන භාගය හෝ 9 වෙනි ශතවර්ෂ යේ මුල් භාගය විය හැක.

වෘත්තය - පළමුවන පාදය. ‘මනජොළ්’ යත් නෙහි ‘ම’ අක්ෂතරයෙන් කෙළවර වන සේ ‍ගත හොත් යා ගී විරිත ලැබේ.

254. යෙවු රත්ඇසිනි මන්ද්බලමිනි ආ (නු) වෙද බෙයන්ද්හි රන්වනක් සිටි ම කෙන්දමනොවන නියා නො(‍ෙ)ව

අන්වය :- රත් ඇස්නි මන්ද් බලමිනි ආ නූ යෙවූ වෙද ? රන්වනක් බෙයන්ද්හි සිටි ම කෙන්ද: නොවන තියා නොවෙ ?


230 සීගිරි ගී


අර්ථය :- ඇගේ රතු ඇසින් මඳ බැලුම් හෙලමින් (තමා කරා) පැමිණියවුන් 1 සැබැවින්ම, 2 (ඇය විසින්) යවන ලද්දේ වේද ? 3 රන්වන් (ලියක්) බෙයදෙහි සිටියේ මා නොකැඳවන 4 නියායෙන් නොවේද ?

1. ආ. 2. නු 3. ‘යෙවූ වෙද’? වර්ත මාන සිංහල, ‘යැවුවා - ද’? යැවීම යනු එලවා ගැනීම යන අරුත දීම සඳහා යොදන ලදැයි සිතා ගත හැක.

4. කෙන්දනොවන කෙන්ද - √ කැඳ. (සං √ ක්ර න්ද්) කැඳී, කව්සි. 108 පද්ය√ය ‘කැඳවනවා’ යනු වර්තතමාන සිංහලයි. කැඳවි, කැඳියෙ, කැඳවනා, දෑ විසින්ද යෙදී ඇත.

විස්තර :- කාලය - 8 වෙනි ශතවර්ෂතයේ අවසාන භාගය හෝ 9 වෙනි ශතවර්ෂයේ මුල් භාගය විය හැක.

වෘත්තය - පළමුවන පාදයෙහි අවසාන අක්ෂෙරය දීර්ඝ‍යක් සේ ගත හොත් යා ගී විරිතයි.

255. කිසි ත(ම)හට නොරුස්නා කා අ නු කි(ය)ත් නම් බිය වෙත් තමා යහ තෙපලක් ඔයුනට කියන්නෙය.

අන්වය :- නු ද කා තමහට නොරුස්නා කිසි කියත් නම් බියවෙත්. ඔයුතට සහ තෙපලක් තමා කියන්නෙය.

අර්ථය :- දැන්, 1 (මෙහි) ආ කවරකු 2 (විසින් වුවද) ඔවුන්ට (කතුන්ට) නොරුස්නා යමක් කියනු (ලැබේ නම්), (ඔවුහු) බියවෙත්. (එහෙයින්) ඔවුන්ට යහපත් තෙපුලක් 3 තොප 4 (විසින්) කිවයුතුය. 5

1. නු - සැබවින්ම යන අරුතද මින් දිය හැකිය. 2. කා ආ. 3. යහ තෙපලක් “මිහිරි වදනක්” යන අර්ථයයි. 4. තමා. 5 . කියන්නෙය.



සීගිරි ගී 231

විස්තර :- කාලය - 9 වෙනි ශතවර්ෂය

වෘත්තය - යා ගී.

256. උකන්ද්හි ආ නුමුත් උකා පැනෙන්නා (ද) සෙය් ඔක(ඩ්)නා සියලඟ ලොමුදහ (ග)ස්නා සිහිගිරි

අන්වය :- සියලඟ ඔකඩ්නා, ලොමුදහ ගස්නා සිහිගිරී නමුත් ආ උකන්ද්හිද උකා පැනෙන්නා සෙය්.

අර්ථය :- ලියලඟ මැඩ 1 ගනිමින්, ලොමුදහ ගන්වන සිහිගිරියෙහිදී අනවරතයෙන් 2 ඇතිවූ ප්රීොතියද, 3 වර්ධනනයවී 4 පෙලෙන සේය.

මෙහි අර්ථ ය තරමක් දුරට සැක සහිතය

1. ඔකඩ්නා - √ ඔකඩ. (පා. අවකඩඪති) මැඩගැනීම, යටපත් කිරීම. 2. නුමුත්. 3. උකන්ද්හි ද (පා. ඔක්කන්තික) පස්වනක් ප්රී.තියෙන් එක් ආකාරයකි. ‘ඔකඳ’ (182 ගීය) යනුවෙන් ද යෙදී ඇත. 4. උකා = √ උකහ. (සං. උත් + √ කෘෂ් ). කව්සි. 292 ගීය බලනු. වැඩි දියුණුවී යාම, නැගීම ආදී අරුත් ඇත.

විස්තර :- කාලය - 10 වෙනි ශතවර්ෂය

වෘත්තය - යා ගී.


257. සිහි කැරැ සෙපියන් වියොවඟනන් නුයුන් කඬ ප(හ)රින් බුනෙ(න් සි)ය(දි)රි සිට බෙ(‍ෙ)ණත් බල සිහිගිරි


අන්වය :- නුයුන් කඩ පහරින් සියදිරි බුනෙන්, වියොව් අඟනන් සෙපියන් සිහි කැරැ, සිට සිහිගිරි බල බෙණෙත්.


232 සීගිරි ගී


අර්ථය :- නුවන් හී1 පහරින් ‍සිය ධෛර්යිය බිඳුනු, (පෙම් වතුනගෙන්) වියෝවූ 2 මේ කාන්තාවෝ, සේවනයට යෝග්යනවූ සිය ප්රියයයන් 3 සිහිකර, (මෙහි) සිට සිහිගිරිය බලමින්, බෙණෙත්.

1. කඬ - (සං. කාණ්ඩ.) - ඊතලය. කඩ පහරිනි, කව්සි. 680 පද්ය ය. 2. වියොවඟනන් - (වියොව් + අඟනන්) 3. සෙපියන්.

විස්තර :- කාලය - 8 වෙනි ශතවර්ෂනයේ අවසාන භාගය හෝ 9 වෙනි ශතවර්ෂයේ මුල් භාගය විය හැක.

වෘත්තය - පළමුවන පාදයෙහි එන ‘සෙ’ අක්ෂෂරය දීර්ඝයක් සේ උච්චාරණය කළ හොත් යා ගී විරිත ලැබේ.

258. (ගත)බගිරි මෙයුලමි මයි ගී. බලත ‍ෙ(ම)ය ත ම හයි ත කී විසි ඇය අ(ත) මල් මෙ ලි (නිනබු) කියබු සුනිල් වෙ සිරිත මෙ ව(ද) වි(යො)වන

අන්වය :- ම හයි ත මෙය බලත සුනිල් කියබු මෙ ලි. නිතබු, ඇය අත මල් විසි ත කී, වියොවන මෙ සිරිත වෙ? වද.

අර්ථය :- ගතබහිරි (නම් ස්ථානයෙන් පැමිණි) මෙයුල (නමැත්තා) වෙමි. (මේ) මගේ ගීයයි.

මා හා (එක්ව) තොප1 මෙය බලන කල සුනිල් කියඹු 2 ඇති මේ කාන්තාව පහතට නැමී 3, ඇය අත තුබූ මල් විසි 4 කළ බව තොප (විසින්) කියන ලදි. (ප්රිීයයන්ගෙන්) වියෝවූ (කතුන්ගේ) සිරිතක් වේද මෙය ? 5 කියව. 6

1. ත ම හයි.





සීගිරි ගී 233

2. කියබු. (සං. ශ්යාවමක. අලක. ආදී වචන හා සැසඳිය හැක.) පා. අඩ්ඪ - පාදට්ඨපත.) කියඹු, කියඹු - වැළැ, කියඹු වැළැනෙන්, ඈ විසින්ද යෙදී ඇත.

3. නිනබු- (නි + නබු). සං. නම්ර.. පහතට නැමුණු.

4. විසි. √ වසි. (සං. √ වෘෂ්) වර්ත.මාන සිංහල. වහිනවා. ‘මල් විසි කළ’ යනු මල් වැස්සක් වැස්සවීම යනුවෙන් අරුත් කිවහැක. වැසෙන, වැස්ලි, ඈ විසින්ද යෙදී ඇත.

5. මෙ වියොවන සිරිත වෙ?

6. ‘කියනු මැනවි’ යන අදහස දීම සඳහා ‘වද’ භාවිතා කරන ලදැයි සිතිය හැකිය. මේ ගීය 380 වැන්න හා සම්බන්ධ‘ය.


විස්තර :- කාලය - 8 වෙනි ශතවර්ෂය හෝ 9 වෙනි ශතවර්ෂයේ මුල් භාගය විය හැක.

වෘත්තය - දෙවැනි පාදයෙහි ලැබෙන ‘කි’ අක්ෂ9රය දීර්ඝ්යක් සේද, තුන්වැනි පාදයෙහි එන ‘ලි’ අක්ෂ රය භ්රබස්වයක් සේද ගතහෝත යාගී විරිත ලැබේ.

259. සුක තොට් ගල බලා සිට ගී කියවන්නක් ත(ම්බ)ලවන් තුනු ඉග් නියෙ(ළ) කතුන් අප සිහිගිරි

අන්වය :- ගල බලා සිට ගී කියවන්නක් තොට සුක. තම්බ ලවන්, තුනු ඉග් සිහිගිරි කතුන් අප නියෙළ.

අර්ථය :- ගල (දෙස) බලා සිටිමින් ගී කියවීම තොපහට සුඛදායක (කරුණකි) 1 තඹවන් ලවන්ද, සිහිනිඟද 2 ඇති සිහිගිරි කතුන් (විසින්) අප ශොකයට3 පත් කරවන ලදී.


234 සීගිරි ගී

1. සුක - සැපයකි. 2. තුනු ඉග්. තුනු (සං. තනු.) සිහින්. ඉඟ (සං. උත්සඞ්ග) ඉඟටිය. හිඟ, ඉඟක්, ඈ විසින්ද යෙදී ඇත. 3. නියෙළ. √ නියළ. (සං, නි + කෘෂ්; නිකෘෂ්ට). පා නිකට්ඨ.) නියැළුම් කව්සි. 634 පද්යදය. ‘ශොකයට පත්වීම’ යන අර්ථළයි. නියැළි, නියළෙත්, නියළෙය, නියැළැ ආදී වශයෙන්ද යෙදී ඇත.

විස්තර :- කාලය - 10 වෙනි ශත වර්ෂෙය

වෘත්තය - කව්ගී.

260. ස්වස්ති

(අ)ද නැගි මෙ බැලුමො රිසි පැතු පාන සිහිගිරි සිටි මෙ(හි දිගැසින්) බැලුමො මුකන් සෙය් බසකුද් නො දි

අන්වය :- රිසි පැතු සිහිගිරි අද මෙ නැගි බැලුමො. මුකන් සෙය් බසකුද් නො දි මෙහි සිටි දිගැසින් බැලුමො.


අර්ථය :- යහපතක් වේවා! රිසිවූද, පැතුවා වූද (සියල්ලම) පාන්නාවූ 1 සිහිගිරි පැමිණ, 2 මෙය නැග බැලුම්. ගොළුවන්සේ 3 බසකුද් නොදී මෙහි සිටින දිගැසියන් ද බැලූමු.

1. √ පා. ඉදිරිපත් කරන, පෙන්වන (සං. ප්රහ + √ ධා හෝ ප්රග + √ කෘෂ් හා සසඳනු) 2. අද = (සං. ආපද්යක.) - අවුත්

3. මුකත් සෙය්. (සං. මුක.) ‘මුකන් - නාක්’ යනුවෙන්ද යෙදී ඇත.



සීගිරි ගී 235

විස්තර :- කාලය - 9 වෙනි ශත වර්ෂ.ය

වෘත්තය - පළමුවන පාදයෙහි අවසාන අක්ෂ රය දීර්ඝයක් සේ ගත හොත් යා ගී විරිතයි.

261. දුනුවෙ(ග)මු සෙන් (ගී) නැගී (ගල) මෙ අ(වු)ද් නො බලය යනෙන කෙසෙ යාත් මෙ සිහිගිරි (බෙය)න්ද්හි අ(තරෙ)

අන්වය :- මෙ අවුද් ගල නැගී සිහිගිරි බෙයන්ද්හි රන්වනුන් අතරෙ මෙ කත් නො බලය කෙසෙ යන්නෙ?

අර්ථය :- දුනුවෙගමු 1 (නම් ස්ථානයෙන් පැමිණි) සෙත් (නමැත්තාගේ) ගීයයි.

මෙහි අවුත්, ගල නැගී, සිහිගිරි බෙයදෙහි රන්වන් (ලියන්) අතර(සිටි) මේ කාන්තාව නොබලා කෙසේ යන්නද ?

1. දුනුවෙගමු යනු දුනුවායින්ගේ ගමයි.


විස්තර :- කාලය - 9 වෙනි ශත වර්ෂදය

වෘත්තය - දෙවැනි පාදයෙහි ‘නෙ’ ‍ ‘සෙ’ අක්ෂ(ර, තුන්වන පාදයෙහි ‘මෙ’ අක්ෂ‘රය සහ සතරවැනි ප‍ාදයෙහි ‘හි’ සහ ‘රෙ’ යන අක්ෂෂරද දීර්ඝසේ සලකා උච්චාරණය කළ හොත් යා ගී විරිත ලැබේ.

262. ශ්රීර (සමනල්) බතීමි ගී

ලූ නුයුන්මහනෙල්අත්තම් පින්ඇ(ත්ත)නට් වරජ තමා දෙසෙ හි(න්දැ.) ලබය් හබය් හෙජෙ(වි) යාවත්

අන්වය :- නුයුත් අත්තම් මහනෙල්, පින් ඇත්තනට් ලූ ‍වරජ තමා දෙසෙ හින්දැත. හෙජෙවි යාවත් ලබය් හබය්.

අර්ථය  ;- ශ්රීත. සමනල් බත (නමැත්තා) වෙමි. (මේ මගේ) ගී යයි.


236 සීගිරි ගී

නුවන් හී 1 නමැති මහනෙල් පින් ඇත්තනට ලූ වරද, ඇය කෙරෙහිම පැවැත්තේය.2 (ඇය විසින්) ඇද ගන්නා3 ලද කවරකු වුවද 4 පිළිගෙන5 පලවා හිරිනු ලැබේ. 6

1. අත්තම් - (අත් + කම්) අත් = (සං. අස්ත්රළ) ආයුධය. ‘අත්තමිතා’ යනුවෙන්ද යෙදී ඇත. ‘අත්තම්’ යනු ඊතලය යන අරුතදීම සඳහා යොදන ලද්දේයයි. සිතිය හැක. 2. තමා දෙසෙ හින්දැය. 3. හෙජෙවි √ හජ. (සං. √ සජ්ජ් - ඇදීම් අර්ථළයි). 4. යාවත්. 5. ලබය්. 6. හබය්. √ හබ (සං. සං + √ බහ්) හඹය් ධ.අ.ගැ. 104 - පළවා හැරීම.

විස්තර :- කාලය - 8 වෙනි ශත වර්ෂහයේ අවසාන භාගය හෝ 9 වෙනි ශත වර්ෂතයේ මුල් භාගය විය හැක.

වෘත්තය - තුන්වන පාදයෙහි එන ‘සෙ’ අක්ෂෂරය දීර්ඝයක් සේ ගතහොත් දුවඟ ගී විරිතයි.

263. දි(යවාණ) සිවලමලුන් ගෙ(සි)රිදෙවු ගී. නො අස්වැසෙය් (මන මහ)තෙල්වනුන් අතරෙ බෙයන්ද්හි රන්වනුන් හි(න්දිතනු) දුට් සන්දය පහරය්

අන්වය :- බෙයන්ද්හි මහනෙල්වනුන් අතරෙ රන්වනුන් පහ‍රය් හින්දි්නු. දුට් සන්දය මන නො අස්වැසෙය්.

අර්ථය :- දියවාණ, සිවලමල (නැමැත්ත‍‍ාගේ) වංශයෙහි වූ සිරිදෙවුගේ ගී යයි.

බෙයදෙහි මහනෙල්වන් (ලියන්) අතර රන්වන් (ලියන්) (එකිනෙකා) පහරමින් 1 හිඳිනු දුටුසඳ, සිත නො අස්වැසෙය්. 2






සීගිරි ගී 237

1. පහරය් - ‘ස්පර්ශල කිරීම’ යන අර්ථනය කවියා විසින් අදහස් කරන ලදැයි සිතිය හැකිය. √පහර. (සං. ප්රන + √හෘ)ව පහරමි. ධ.අ.ගැ. 216. පහරදීම, ස්පර්ශර කිරීම යන අර්ථිය ලැබේ.

2. √අස්වය (සං. ආ + √ ශ්වස්.)

විස්තර :- කාලය - 9 වෙනි ශත වර්ෂ යේ මුල් භාගය.

වෘත්තය - දෙවැනි පාදයෙහි අවසාන අක්ෂනරය සහ තුන්වන පාදයෙහි ‘හි’ අක්ෂ රය දීර්ඝ සේ ගතහොත් යොන් ගී විරිතයි.

264. නැවැතැ තමහට් කැනෙක් මුකන්නාක් සර්හය්

 තමා රිසි ලූ සිකි මෙයි උන් නොහැඟාක් හග්නෙය්. 


අන්වය :- කැනෙක් නැවැතැ මුකන්නාක් තමහට් සර්හය්. සිකි! මෙයි තමා රිසිලු! උන් නොහැඟාක් හග්නෙය්.

අර්ථය :- (එක්) කෙනෙක් නැවතී, ගොළු තැනැත්තියක 1 තමන් (සඳහා) 2 සරහයි මිතුර ! මේ තම රිසිය ලු! උනට (පෙර) නොහැඟුණු (දෙයක්)3 හැගේවිද ?

1. මුකන්නාක්. 2. තමාගේ බිරිය කරගැනීම සඳහා සැරසූ බව අධ්යානහාරයි. 3. පෙර නොහැඟුණු දෙය නම් ප්රේසමයයි. මේ ගීය ලියූ තැනැත්තා කතක සැරහූයේ ඇය තම බිරියකර ගැනීම සඳහාය. මේ උත්සාහය ව්ය ර්ථමවූ බව කීයේ, මේ කතුන්ට එවැනි හැඟීම් පෙර ඇති නොවූ හෙයින්, මෙකලද ඇති විය නොහැකි හෙයිනි.

විස්තර :- කාලය - 9 වෙනි ශත වර්ෂටය.

වෘත්තය - පළමු වන පාදය ‘කැ’ යන්නෙන් කෙළවර වනසේ ගෙන, අවසාන පාදයෙහි ඇති ‘හැඟාක්’ යන්නෙහි අර්ධත අනුනාසිකය සමපූර්ණතයෙන් උච්චාරණය කළහොත් යොන් ගී විරිත ලැබේ.

238 සීගිරි ගී


265. රහසහි අදහන සහළා කෙනෙක් එක් වැ ජ බසත් ආ ජිව් කීහො(ත) රහස් (ජි)වු සතුරන් වෙත

අන්වය :- රහසහි අදහන සහළා කෙනෙක් එක් වැ ජ, ජිව් ආ බසක් කීහොත, රහස් සතුරන් වෙත ජිවු.


අර්ථය :- කථා කරන කල, රහසින් (හෝ), ඇදහිය හැකි සුහද1 කෙනෙකුන් සමගද, දිවට ආ 2 (දෙයක්) කිවහොත් (තම) රහස් සතුරන් වෙත දිවෙයි. 3

1. සහළා 2. ජිව් ආ 3. ජිවු - (අතීතාඛ්යා තයි) √ ජුව (සං. √ ජු, ජවතෙ) ජුවත රිය. ධ.අ.ගැ. 93 ජිවය්, ජිවි, ජිවී, ඈ විසින්ද යෙදී ඇත.

විස්තර :- කාලය - 9 වෙනි ශත වර්ෂදය.

වෘත්තය - පළමුවන පාදයෙහි අවසාන අක්ෂ රය දීර්ඝයක් සේ ගත හොත් යා ගී විරිත ලැබේ.

266. ජෙට්රජුන් කෙරෙ වූ (නිතග්)බො (හිමි) අ(ම්බු නිසා) හිමියම්බුයු(මි) මෙ ගී ලීමි. ව(ද) සිත් දුන් අයුත් මියුලැස් එ අය්හි තබය් තොපට් න(ැ) හත් තෙළෙ යෙහෙන් වසමො ඇප් කිව යෙහෙ යි.


අන්වය :- අයුත්, සිත් දුන් එ මියුලැස් තබය් අයිහි ව ද? තොපට් හත් කෙළෙ නැ. “ඇප් යෙහෙන් වසමො” කිව යෙහෙයි.

අර්ථය :- කිතග්බො හිමිගේ භාර්යා ව වූද, ජෙට් (නම්) කුමරිය වෙත සිටියාවූද, නිසා (නම්) ආර්යා ව1 වෙමි. මේ ගීය ලීමි.

(මෙහි) අවුත්, (තොප) සිත දුන් ඒ මියුලැසිය හැර දමා පැමිණියෙහිද? 2 (ඇය) තෝ අත්කර නොගත්තෙහි 3 ‍(එසේද වුව), “අපි යෙහෙන් වසමු” යි තෝ කීවෙහි 4 යහපති.5 සීගිරි ගී 239

1. හිමියම්බුයු. 2. එ මියුලැස් තබය් අය්හි ව ද ? ඒ මියුලැසිය හැරදමා ආයේ වේද ? 3. තොපට් හත් කෙළෙ නැ. ‘හත් කෙළෙ’ යනු වර්තයමාන ‘අත්කරනවා’ යන්නට සමානය. 4. ක‍ිව 5. යෙහෙයි - ‘හොඳය’ ‘කදිමයි’ යන අරුත උපහාසාත්මකව යොදන ලදී.


විස්තර :- කාලය - 8 වෙනි ශත වර්ෂ යේ අවසාන භාගය.

වෘත්තය - සතර වැනි පාදයෙහි එන ‘බො’ අක්ෂෂරය දීර්ඝයක් සේ ගතහොත් යා ගී විරිතයි.

267. (බ)සින් මෙ(ය්) එත වෙතැ එක්සෙ එක්නි තම වෙ (දු)ක් මෙ වැන්නැයි නැ හැක්කැ අන්නට් කියනට්.

අන්වය:- බසින්! එක්නි එක් සෙ වෙ තම මෙය් වෙතැ එත, දුක් මෙ වැන්නැයි අන්නට් කියනට් නැ හැක්කැ.

අර්ථය :- බසින්න. (මේ කතුන් අතරින්) එකියක සමඟ එක්වන සේ1 තමන් මේ වෙත එන කල,2 (ඉන් ඇතිවූ) දුක් මෙබඳු යයි අන් අයට කීමට නොහැකිය.3

1. එක්නි එක් සෙ වෙ. 2. තම මෙය් වෙතැ එන. 3. කතුන්ගේ සිත් දිනාගැනීමට නොහැකිවූවකුගේ ගීයකි. එබඳු උත්සාහයක් දැරීම නිෂ්ඵල කර්තනව්යවයක් බව අන් අයට කියා පෑ අයුරුයි.


විස්තර :- කාලය - 8 වෙනි ශත වර්ෂඅයේ අවසාන භාගය හෝ 9 වෙනි ශත වර්‍තරයේ මුල් භාගය විය හැක.

වෘත්තය - දෙවන, තුන්වන පාදයන්හි ‘වෙ’ ‘නැ’ යන අවසාන අක්ෂතරද, තුන් වැනි පාදයෙහි ‘මෙ’ අක්ෂනරයද දීර්ඝ සේ සලකා උච්චාරණය කළ හොත් කව් ගී විරිතයි.


240 සීගිරි ගී

268. ස්වස්ති සපු කුසුමතිනි ගත උඩු(වටු)වන බරවරල දැකැ මතම නියළ බෙයන්ද්හි රනවනක දි(ගනෙ)ත.

අන්වය :- සපු කුසුම් අතනි ගත උඩුවටුවන වරල බර රතවනක දිගනෙත බෙයන්දතහි දැකැ ම මත නියළ.

අර්ථය  :- යහපතක් වේවා! සපු කුසුම් ‍අතින් ගත්, උඩුකුරුවූ 1 වරල් භාරය ඇති රන්වන් දිගැසිය බෙයදෙහි දැක මගේ සිත ශොකයට2 පත්විය.

1. උඩුවටුවන - අක්බඹුරුවූ කෙශ කලාපය. (සං. කුඤ්චිත කෙශ). උඩුවටු = සං. ඌර්ධ්වාවාත්ත. 2. නියළ.

විස්තර :- නො 296 වැනි ගීයද (අතරින් පතර වෙනස් කම් ඇතිවූවද) මේ අර්ථතයම දෙයි. කාලය - 8 වෙනි ශත වර්ෂවය

වෘත්තය - කව් ගී.

296. එකෙල්ලට සුදුසු දියැ හැකි පතක් රුස්නා ඇවිද් සීගිරි නෙගි නො කළ අන් කුම් කියන්(නෙය්).

අන්වය :- “එ කෙල්ලට රුස්නා සුදුසු පතක් දිය හැකි”. “සීගිරි ඇවිද් නො නෙහි? කළ අන් කුම් කියන්නෙය්.?

අර්ථය :- “ඒ කෙල්ලට රුචිවන පරිදි සුදුසු පතක් දිය හැකිය.” “ සීගිරි ඇවිත් නො නැඟියෙහිද ? කළා වූ අන් කුමන දෙයක් (ගැන) කියන්නෙහිද ?” 1

1. දෙබසක අයුරින් රචනා වූවකි. පළමුවෙන් කථා කළ තැනැත්තා, ස්ත්රීින් පිළිබඳ කටයුතුවලදී කිසියම් සාර්ථවක බවක් නො දැක්වූ බව එයින් උපහාසාත්මකව කියවෙයි.

විස්තර :- කාලය - 9 වෙනි ශත වර්ෂථය

වෘත්තය - යොන් ගී. සීගිරි ගී 241

270. ස්වස්ති තල(පා පි)රිවෙ(න්) වැසි සෙන් පැවිජන් ගී. කෙසෙ සිනා වි ජ නී කුම්සෙ(යින්) ත ළ සල අ වෙ තා ආ දැකැ සිතා ගියෙ පිළිම අල්නා රජ්


අන්වය :- “තී සිනා කෙසෙ වී ජ? අ! කුම් සෙයින් ත ළ සල වෙ?” “තා ආ දැකැ සිනා ගියෙ. පිළි, ම අල්නා රජ ගියෙ.”


අර්ථය :- යහපතක් වේවා !

තලපා පිරිවෙන්හි වැසියකුවූ සෙත් (නමි) පැවිද්දායේ ගී යයි.

“තිගේ (මේ) සිනාව කෙසේ වීද 1?” හා! තිගේ ළය 2 කවර හෙයින් ගලක් වීද ?” “තොප පැමිණි බව් දැක සිනා සීමි.3 තවද,4 මා ‍(කෙරෙහි) ඇලුම් ඇති රජතෙමේ5 ගියේය.”

1. තී කෙසෙ සිනා වි ජ? 2. අ! කුම් සෙයින් ත ළ සල වෙ ? 3. තා ආ දැකැ සිනා ගියෙ. 4. පිළි - නැවතද, තවද යන අරුත් ඇත. 5. මා අල්නා රජ ගියෙ. කතුන්ගෙන් ඇසූ ප්රනශ්නයක් සහ ඊට ඔවුන්ගෙන් ලැබුණු පිලිතුරක් ද මෙහි ඇතුළති.

විස්තර  :- කාලය - 8 වෙනි ශත වර්ෂරයේ අවසාන භාගය

වෘත්තය - යා ගී.

271. වියොවුන් නො වැද්දැ දෙ තම කත් (මා ල)ද්දෙන් සියොවක් වන පියොවක් සිතය ගියෙමි නො බල ම(ම)

අන්වය :- තම කත් මා ලද්දෙන් ‍වියොවුන් නො වැද්දදෙ. සියොවක් වන පියොවක් සිතය මම නො බල ගියෙමි.

16


242 සීගිරි ගී.

අර්ථය :- මගේ ප්රිායාව මා ලද හෙයින් වියෝවූවන් වැද්ද නොදෙන්නීය. එකතුවීමේ 1 උපායක් 2 මෙනෙහි කරමින්, 3 මම නොබලා, (එහි) ගියෙමි.

1. සියොවක් = සංයෝගයක්. 2. පියොවක් = ප්රෝයෝගයක් 3. සිතය = සිතා

විස්තර :- කාලය - 8 වෙනි ශතවර්ෂවයේ අවසාන භාගය

වෘත්තය - කව් ගී.


272. ස්වස්ති

අග්නු(වී) හිමියම්බුයුට ගී. කළ සිව් (තැ)නින් ගී ගොණෙන ආ සිහිගිරී මුත් කී නොකිසි අස ගුලු අපට් දුන් අබුයුය්

අන්වය :- සිහිගිරි ආ ගොණෙන! සිව් තැනින් කළ ගී කී මුත් අබුයුයු අපට් අස ගුලු දුන් කිසි නො.


අර්ථය :- යහපතක් වේවා! අඟනන් (වන අප විසින්) කාන්තාවට (ගැයූ) ගීයයි.

සිහිගිරියට ආ (එම්බා) මුඪයෙනා! 1 සතර උපා යෙකින්2 (තොප) ගී (තනා) කී මුත් ස්ත්රීෙන් (වන)3 අපට ‘අස’4, ‘ගුලු’5 (ආදිය) දුන් කිසිවෙක් නැත.

1. ගොණෙත (මෝඩයන්ට ‘ගොනා’ යනුවෙන් ඇමතීම ස්වභාවයෙකි.) 2. සිව් තැනින් සතරවැනි වරට කළ උත්සාහය නිසා ගී රචනා කිරීමට හැකිවූ බව අදහස් කරගත හැක. සතරදෙනෙකුගේ උත්සාහය නිසා කළ බවද සිතා ගැනීම අපහසු නොවේ. 3. අබුයුය් 4. සං. ආසාව (Rum) නම් මත්පැන් විශේෂයයි. 5. සං. ගුඩ. පා. ගුළ. (Molasses) උක්පැණි.



සීගිරි ගී 243

විස්තර :- කාලය - 9 වෙනි ශතවර්ෂය

වෘත්තය - දෙවැනි හා තුන්වැනි පාද‍යන්හි එන අවසාන අක්ෂඇර දීර්ඝ සේ ගතහොත් කව් ගී විරිතයි.


273. ජිවියා ගී

මෙනෙ මයි වැනි විසී බලය් ත දස් දැක්මෙ මත (ම)හනෙල්මල් අත්නි ගෙත1 යමො හිමම්බිය නො බුණියෙන්.

අන්වය :- ත බලය් මය් මෙනෙ විසී වැනි, දැක්මෙ මත ත දස්. මහතෙල් අත්නි ගත හිමම්බිය නොබුණියෙන් ‍යමො.


අර්ථය  :- ජිවි (නමැත්ත‍ීාගේ) ගීයයි.

තොප දැකුමෙන් මගේ සිත වශී(වුවා) වැන්න. තොප දැකීම් මාත්රැයෙන් 2 (මම තොප) දාසයා (වීමි). මහනෙල් මල් අතින් ගත් කාන්තාව නොබිණු හෙයින් (අපි) යන්නෙමු.

1. ‘ගත’ යි කියවනු. 2. දැක්මෙ මත දුටු පමණින් යන අර්ථමයි.


විස්තර :- කාලය - 8 වෙනි ශතවර්ෂයයේ අවසාන භාගය හෝ 9 වෙනි ශතවර්ෂයේ මුල් භාගය විය හැක.

වෘත්තය - යා ගී.

274. දහපෑම් හෙකිතත් බසර්ගත් කි යෙහෙළියක් දුට් ජනන් අරියන මහනෙ1මලක් අතින් ගත්තී

අන්වය  :- දුට් ජනන් අරියන මහනෙල් මලක් අතින් ගත්තී, දහ පෑම හෙකිනන්, යෙහෙළියක් කී බස් අර්ගත්.


244 සීගිරි ගී


අර්ථය :- දුටු දනන් සතුටු කරවන,2 මහනෙල් මලක් අතින් ගත් තැනැත්තිය (තමාට) රොෂය3 පෑමට හැකිවුවද,4 යෙහෙළියක කියූ බස(පිළි) ගත්තාය.5

1. ‘මහනෙල් මලක්’ යනුවෙන් කියවිය යුතුය. ‘ල්’ කාරය ප්රපමාදයෙකින් අමතකවූ සේය. විරිත රැක ගැනීම සඳහා “ම‍හනෙල් මලකතින්” යනුවෙන් සන්ධිහ කර උච්චාරණය කළ යුතුය. 2. අරියත. (සං. අ+√ රාධ්). √ අරිය. 3. දහ. √ දහ. (පා. උජ්ක්ධානයති) කෙන්තියාම. 4. හෙකිතත්. = හෙකිතත් (සං. √ ශක් + ත.) 5. අර්ගත්. අරගත්තාය. (√ අර = සං. √ හෘ)


විස්තර:- කාලය - 9 වෙනි ශතවර්ෂය.

වාත්තය - යා ගී.

275. කපුගමපිරිවෙන කර(යු උ)පති(ස්) හිමියන්ගෙ මානාමි ලියිමි. බෙයන්ද්හි රන්වනුන් එහි තුබු මුළුල්(ලෙ)න් බැලූමො මුහුණ් පිටපස් නො දුට්මො මුළුල්ලෙන්


අන්වය :- එහි බෙයන්ද්හි තුබු රන්වනුන් මුහුණ් මුළුල්ලෙන් බැලුමො. පිටපස් මුළුල්ලෙන් නො දුට්මො.

අර්ථය :- කපුගම පිරිවෙන කරවූ උපතිස් හිමියන්ගේ (වංශයෙහි වූ) මානා (නමැත්තා) වෙමි. මෙය ලීවෙමි. එහි බෙය‍ෙදහි තුබු රන්වන් (ලියන්ගේ) මුහුණු සම්පූර්ණායෙන් 1 බැලුවෙමු. (එහෙත් ඔවුන්ගේ) පිටිපස මුළුමනින්ම නුදුටුවෙමු.)

1. මුළු - ලු (සං. සමුඪ.)

  • සමුඩු > *හමුඩු > * හමුළු > *මුහුළු > *මුළු > මුළු ‘සම්පූර්ණ යෙන්ම’ ‘මුළුමනින්ම’ යන අරුත් දීම සඳහා යොදන ලදි.

මුළු -ලු යන්නෙහි - ලු යනු ප්රළත්යහයෙකි.



සීගිරි ගී 245

විස්තර :- කාලය - 8 වෙනි ශතවර්ෂයයේ අවසාන භාගය.

වෘත්තය - දෙවැනි පාදයෙහි එන ‘බු’ අක්ෂගරය, සහ තුන්වැනි පාදයෙහි එත ‘ලු’ ‘මො’ අක්ෂ’රද දීර්ඝ සේ ගෙන, සතර වැනි පාදයෙහි එන ‘මො’ අක්ෂ’රය හුස්මයක් සේ උච්චාරණය කළ හොත් කව් ගී විරිත ලැබේ.

276. ස්වස්ති (උ)තු(රපස)වැසි අගලබතියුත ගියි. බෙයදහි රතවනට මය මෙ(සෙ) අදවා බැසැ ඇ බැසැ යත නො හෙ යි සිටිනුහු මය හයි නො කියය.

අන්වය :- බෙයදහි රනවනට ‍මය මෙසෙ අදවා බැසැ, ඇ බැසැ යත නොහෙයි සිටිනුහු මය හයි නො කියය.


අර්ථය :- යහපතක් වේවා! උතුරු පෙදෙසෙහි වැසියකුවූ අගල බති (නමැත්තාගේ) ගීයයි.

බෙයදෙහි රන්වන්(ලිය කරා) මා මෙසේ අදවා (පසුව) බැස (ගත් නමුත්) ඇයට බැස යා නො හැකි බව(සිතමින් ඔවුහු) සිටිත්. (නමුත්) මා සමග නොකියත්.1

1. කාන්තාවන්ගේ පාර්ශ්වයෙහි තමා සිටි බැවින්. වශවූ ඇය එතැනම යා ගත නොහැකිව සිටින බව කවියා කි අයුරුයි. කවියාට මග පෙන්වු අය රන්වන් තැනැත්තිය ගැන සිතූ ආකාරය ගැනද මෙහි ඉඟිකර ඇත.

විස්තර :- කාලය - 8 වෙනි ශතවර්ෂය.

වෘත්තය - සතරවැනි පාදයෙහි අවසාන අක්ෂවරය දීර්ඝයක් සේ ගත හොත්, කව් ගී විරිත ලැබේ.


277. ස්වස්ති

නො වැ බියපත් බල මිලැ(ස්ස)න් ම සෙ ආ වෙ ජො අරැක්කන් කිස් ලො සහයි හය් යහජ වනෙ


246 සීගිරි ගී

අන්වය :- ආ ම සෙ බියපත් නො වැ මිලැස්නස් බල. ලො සහයි හය් යහජ වනෙ අරැක්කන් කිස් වෙ ජො.

අර්ථය :- යහපතක් වේවා!

(මෙහි) පැමිණි මා මෙන් බියපත් නොවී මියුලැසියන් බලව. ලෝකයා සහායයකු හා මිතුරුවන්නේ 1 ආරක්ෂීකයකුගේ කාය්ර්ර‍යය2 (ඔවුන්ගෙන් සිදු)වේ දැයි 3 (සලකමිනි)

1. යහජ (යහ + හජ) ‘හජ’ යනු ‘හද’ යන්න හා සමානාර්ථ දෙන වචනයෙකි. 2. කිස් (සං. කෘත්යර පා. කිච්ව) සිං. කිස. 3. වෙ ජො - ව. සිං. වේදෝ.

විස්තර :- කාලය - 9 වෙනි ශත වර්ෂවය

වෘත්තය - පළමුවන හා අවසාන පාදයන්හි අවසාන අක්ෂවර දීර්ඝ සේ සැලකුව හොත් කව් ගී විරිතයි.

278. සිහිපත ළ කකියා සිගලැඟහි ලෙ කකියා මෙ තොප දුන් බියයු‍ර් හුර් දඟයා ඉඟ මා ළෙන්

අන්වය :- මෙ තොප සිහිපත ළ කකියා. සියලැඟහි ලෙ කකියා බියයුර් යුර් දුන්. ඉඟ ‍මා‍ ළෙන් දඟයා.


අර්ථය :- මෙ තොප සිහිපත් වන විට ළය කකියයි.1 සිගලඟ ලෙයද උණුවෙයි 2 බියකරු හඩද3 (මවිසින්) නගන ලද්දේය. (තොප) ඉඟ (දැකීමෙන් මගේ) සිත4 (තොප කෙරෙහි) බඳවන 5. ලද්දේය.

1. √ කකිය. (සං. ප්රය +√ක්වෙථ්. පා පක්කට්ඨිතද ධ.අ.ගැ. 50). 2. ‘ලෙය කකියයි’ යනුවෙන් කීමට වඩා ‘ලෙය උණුවෙයි’ යනුවෙන් අරුත් පැවසීම් යෙහෙකි. 3. හූර්. (සං. ස්වර) 4. ළෙන්. ‍5. දඟයා. (සං. දෘංහ) සිරකිරීම, තදකිරීම, බැඳීම ආදී අරුත් ඇත.



සීගිරි ගී 247

 විස්තර :-	කාලය  -	10 වෙනි ශත වර්ෂ.ය 

වෘත්තය - ‘දඟයා’ යන්නෙහි අනුනාසිකය සම්පූර්ණතයෙන් උච්චාරණය කළ හොත් යාගී විරිත ලැබේ.


279. ස්වස්ති

රුහුණ් පඬුලගමු සඟ මෙ (ගී). බෙණෙත සැනැ නැත්තන් ජො(ලො) එය මැසි තු(බු)යුනට නො(තු)බුයුහට නො(මෙ එ)ය යන් එ රන්(වනුන්) ජැහැ

අන්වය :- සැනැ නැත්තන් බෙණෙත මැසි තුබුයුනට එය ජොලො. එ ‍තොතුබුයුහට එය නො. මෙ රන්වනුන් ජැහැ යන්.


අර්ථය :- යහපතක් වේවා!

රුහුණෙහි පඬුලගමු (නම් ස්ථානයෙහි වැසියකුවූ) සඟ (නමැත්තාගේ) මේ ගීයයි.

ස්නේහය1 නැත්තන් කථා කරන කල, අමර්ෂ ය 2 සහිත වූවන්ගේ (හදවත්) දැල්වීම 3 (වන්නේය) ඒ (අමර්ෂඟය) නොමැති වූවන්ට එසේ නොවෙයි. (එහෙයින්) මේ රන්වන් (ලියන්) හැර 4 දමා යන්න 5

1. සැනැ 2. මැසි. අමර්ෂ්ය. රොෂය. තරහ. කෝපය. 3. ජොලො. (සං. ජ්වාලා) - දැල්වීම, පිළිස්සීම, පීඩාව, වේදනාව. 4. ජැහැ. √ජහ. (සං. √හා ජහාති.) (ජහන. ධ.අ.ගැ. 21, දහ, දහත්, ධ.අ.ගැ. 280) 5. සිත්තමෙහි වූ කාන්තාව කථාකරන්ට පළමු එතැනින් යන ලෙස කවියා අවවාදයක් කරයි. ස්නෙහයක් නොදත් ඇය යමක් ක‍ිව හොත්, වහා කිපෙන පුද්ගලයන්ට සිත් පී‍ඩා ඇතිවිය හැකි හෙයිනි.



248 සිගිරි ගී

විස්තර :- කාලය - 8 වෙනි ශතවර්ෂකයේ අවසාන භාගය.

වෘත්තය - සතරවැනි පාදයෙහි එන ‘එ’ අක්ෂ‍රය හෝ එහි අවසාන අක්ෂගරය දීර්ඝයක් සේ සැලකුව හොත් යා ගී විරිත ලැබේ.

280. මෙයිවන තබරසලමලන ගෙ දළලමි. සි(හි) වී (සි)තන වන හ(ම)තයි අතිනි තමා තම මන කෙරෙලි රහස මෙ(නො මෙ) නගිනායිනි(තා)

අන්වය :- සිහි වී සිතත මන තමා අතිනි හමතයි තා මෙ නොනගිනායිනි, මෙ ලි තම මන රහස කෙරෙ.

අර්ථය :- මෙයි වන (නම් ස්ථානයෙහි වැසි) තබර-සල-මල (නමැත්තාගේ) වංශයෙහිවූ දළල (නමැත්තා) වෙමි.

‍(තොප) සිහි වී (තොප ගැන) සිතන්නාක් මෙන් සිටින (ඈ) තම අතින්‍ (තොපට) ආමන්ත්ර ණය1 කරයි. තා මෙයට නොනගින හෙයින්, මේ කාන්තාව2 තම සිතුවිලි 3 තම සිතුවිලි 3 රහසක් කෙරෙයි.

1. හමතයි. √ හමත.(සං. ආ + √ මන්තෘ) ඇමතීම. 2. ලි. ලිය. කාන්තාව. 3. මන

විස්තර :- කාලය - 8 වෙනි හෝ 9 වෙනි ශත වර්ෂ√ය.

වෘත්තය - කව් ගී.

281. පැ(නෙ)යි ව(රල්) සුනිල් අප (එ)ත පසෙහි ‍ෙ(ම ග)ල ඇවි(නි) මහතෙලහි මුහුළ ලැගි උන් ඇත මන්දනමරුන්.

අන්වය :- මෙ ගල පසෙහි අප එත, සුනිල් වරල් පැනෙයි. මන්දඑමරුන් උන් මුහුළ ඇවිනි මහනෙලහි ලැගි ඇත.

අර්ථය :- මේ පර්වසත පාර්ශ්වයට එන කල අපට (කතුන්ගේ) සුනිල් වරල් පෙනෙයි. මන්දමාරුතය නිසා (එය) ඔවුන්ගේ මකුටයෙහි1 ඇවිනි2 මහනෙලෙහා ලග්නවී ඇත. 1. මුහුළ. (සං මකුට). මුහුළු. ධප්රම. 204. 2. සං. අවිද්ධ + නි

සීගිරි ගී 249

විස්තර :- කාලය - 9 වෙනි ශතවර්ෂඅය.

වෘත්තය - දෙවැනි පාදයෙහි එන ‘හි’ අක්ෂමරය දීර්ඝ යක් සේ ගත හොත් යාගී විරිතයි.

282. මා නොබා ම(ඟ) ඉග් ග(ත්‍ සෙ)අප වදන් නො ජිවි එ අග්නනට ප(හ)ස් රඬු කළාක මෙන් ගැහැවි(යා)

අන්වය :- නොබා මා ඉග් මඟ. අප වදන් ගත් සෙ. නො ජිවි. ගැහැවියා එ අග්තනට පහස් රඬු කළාක. මෙන්.

අර්ථය :- “බිය නොවී මගේ ඉඟ(දෙස) බලන්න 1. අප වදන් (ඔහු) (පිළි) ගත් සේය. නො දිවූ (හෙයිනි).” ගැහැවියා 2 ඒ අඟනුන්ට අපහාස 3 හා අනතුරු 4 කළ බඳුය” 5‍

1. මඟ √ මග. (සං. √මෘග්. මගමින් කව්සි. 321 පද්යපය.) “බැලීම” යන අර්ථ.යි. 2. ගැහැවියා (සං. ගෘහපති. පා. ගහපති.) 3. පහස් (සං. අපහාස) 4. රඬු (සං. රන්ධුෘ ) වර්ත.මාන සිංහල රණ්ඩු වරද, වරද සෙවීම. දබර කිරීම, ‘අනතුරු කිරීම්’ යන අරුත මෙතැන්හි ගැලමේ යයි සිතිය හැක. 5. පද්යියෙහි ප්රනථමාර්ධිය, ගැහැණියක විසින් කියනු ලැබූවක් සෙයින් ලියන ලද්දේය. ඇගේ වචන කාන්තාවකගෙන් බලාපොරොත්තු විය නොහැකිය. ඒ බව පද්යාගවසානයෙහි පෙන්වා දෙන ලදි.


විස්තර :- කාලය - 9 වෙනි ශත වර්ෂෙයේ අවසාන භාගය.

වෘත්තය - යා ගී.


283. ස්වස්ති

උතුරො(ළ) මිලින්දි (බති)මි මෙ ගී ගීමි. අසද් සෙයින් මෙ ගත් මළ හිමි ඇත්නි ගැනැ (ම)ල් අනන්දස (සති) මුන් සිතැ ගැනැ කො කළ මෙත් සව්සත්නට


250 සීගිරි ගී

අන්වය :- හිමි මළ, මල් ගත්, මෙ, අසද් සෙයින් ගැනැ ඇත්නි, අනන්දද (සති) මුත් සිතැ ගැනැ, සර්ව, සත්නට මෙත් නො කළ.

අර්ථය :- ‍යහපතක් වේවා! උතුරොළ (නම් ස්ථානයෙක් පැමිණි) මිලින්දික - බත (නමැත්තා) වෙමි මේ ගීය ලීවෙමි.

හිමියා ‍මළේ (වී නමුත්, මොවුන් අතින්) මල් ගත් (බැවින්), මොවුන් ද්රෝයහී (තැනැත්තියන්) 1 සෙයින් (පිළි) ගෙන ඇත සිහි කල්පනාවද2 ආනන්දයද, මොවුන්ගේ සිත් තුළ (පහළ වී ඇති වුවද,) සව් සත්නට ඔවුහු මෛත්රිදය නොකළාහුය.

1. අසද් සෙයින් 2. සති - සිහිය. සිහි කල්පනාව.


විස්තර :- මේ වනාහි 310 වැනි ගීයට ලීයූ පිළිතුරකි.

කාලය - 8 වෙනි ශත වර්ෂ3යේ අවසාන භාගය

වෘත්තය - යා ගී.

284. යන රිසි හය් නො වී තා (දුටු)යෙන් මුහුණ්වර් පොලොබය් ගත් මිය් නුයුන් (ම)හ(නෙ)ල මෙන් අන්දු්න්වය්


අන්වය :- තා මුහුණ්වර් දුටුයෙන් හය්! යන රිසි නොවී. මහනෙල මෙන් අඳුන්වය් නුයුන් මය් පොලොබය් ගත්.


අර්ථය:- තොප මුහුණුවර1 දුටුවිට, හා! (මට) යත රිසියෙක් නොවීය. මහනෙල මෙන් (මවිසින්) හඳුනා2 ගත් (තොප) නුවන් මා පොලඹා3 ගති.

1. මුහුණ්වර් - උතුම් මුහුණ යන අරුත් ඇත. 2. අන්දු්න්වය් - හඳුන්වා √ අඳුන. (සං. සං + √ඥා.) ව. සිං. හඳුනනවා 3. පොලොබය් - √ පොලොබ (සං. ප්රී + √ලුහ්)

සීගිරි ගී 251

විස්තර  :- කාලය - 8 වෙනි ශත වර්ෂ√යේ අවසාන භාගය හෝ 9 වෙනි වර්ෂතයේ මුල් භාගය විය හැක.

වෘත්තය - යා ගී.

285. මිත්මි ලීතිමි.

තහම් ගනු අසන්වූ ඇසිරියින් ළ දොලො ආයෙය් නො බන්ද්වයු මුහුළ් පියොවුර් නිලුපුල්ඇස්සෙන්

අන්වය :- ඇසිරියින්, අසන්වූ, ළ දොලො අයෙය් තහම් ගනු, නිලුපුල් ඇස්සෙන්! මුහුළ් පියොවූර් නොබන්ද්වයු.

අර්ථය :- මිත් (නමැත්තා) වෙමි (මෙය) ලීමි.

ඇසරු කරනවුන්ටද 1 ලග සිටියවුන්ටද 2 චිත්ත පීඩාවක්3 ආයේයයි නහමක්4 සිතව නිලුපුල් ඇස් (ඇති කතුනි!) (තොප වරල්) මුහුළු (සෙයින්ද) පියොවුරන් (පටියෙන් ද) නො බඳව.

1. ඇසිරියින් - ආශ්රි තයන්. (සං. ආශ්ර)ය) 2. අසන් වූ - (සං. ආසන්න) 3. දොලො - (සං. ජ්වාලා) ජොලො. දැවිල්ල, වේදනාව. 4. සං මා ස්ම. තහම් සිත = පා. මා චින්තය. ධ.අ.ගැ.223 ‘තහමක්’ යනු ‘‍නො’ යන අරුත දෙන නිපාතයෙකි තහමක් සිතව = නොසිතව .

විස්තර :- කාලය = 9වෙනි ශත වර්ෂමය.

වෘත්තය - එලු සඳැස් ලකුණෙහි නොලැබෙන විරිතකි.

286. (සා)තාකලු ගෙ වසන වුජර් අග්බොය්මි ගල්මුන්දුංන් නැගී බැලිම් බෙයන්දැ මා සිත් රෙපෙ දුන් මගුල් කෙළෙමි සිහිමියා බැලැනි වී

අන්වය :- ගල් මුන්දුමන් නැගී බැලීමි. මා සිත් රෙපෙ දුන් බෙයන්දැය මගුල් කෙළෙමි. සී හිමියා බැලැනි වී.


252 සිගිරි ගී

අර්ථය :- සාතා (නම්) ආර්යා වගේ ගෘහයෙහි වසන වුජර් අග්බොය් (නමැත්තා) වෙමි.

පර්වයතය මුදුනට නැගී බැලුවෙමි. ම‍ගේ සිත ඇර1 පෑ දුන් පරිදි (සිත් පරිදි) බෙයදෙහි උත්සව පැවැත්වූයෙමි.2 (මෙ සියල්ලම සිදු‍වූයේ) සිංහ ස්වාමියාගේ බල මහිමයෙනි.

1. රෙපෙ - රැපැ. (ඇර + පැ) ප්රදකාශ කළ 2. මගුල් කෙළෙමි.

විස්තර :- කාලය - 8 වෙනි ශත වර්ෂ+යේ අවසාන භාගය හෝ 9 වෙනි ශත වර්ෂතයේ මුල් භාගය විය හැක.

වෘත්තය - යොන් ගී

287. බගොත මෙතෙපා ලී ගී. නො ගතිමි ම(හ)තෙල අතනි (සි)ත ව ද (ද)නනෙත බෙයන්ද හි රනවනින ග(නි)මි මලදම අත ලෙල.

අන්වය :- අතනි මහනෙල නොගතිමි. සිත දතනෙත ව ද? බෙයන්දරහි රනවනින! අත ලෙල මලදම ගතිමි.

අර්ථය :- බගොන (නම් ස්ථානයෙන් පැමිණි) මෙතෙ-පා (නමැත්තා) ලියූ ගී යයි.

‘(තොප) අතින් මහනෙල නොගනිමි.’ ‘ම සිතෙහි (වූ දෙය) දත් හෙයින් වත්ද?’1 ‘බෙයදෙහි රන්වන් (ලියෙනි!) තොප අතෙහි ලෙලෙන මල්දම ගතිමි’.2

1. සිත ව ද ‍දනනෙත - සිත දන්නෙන් ව ද? සිත දන්නෙනි වේ ද? සිත (පැවති දෙය) දත් නිසා වත්ද?

2. මේ ගීයෙහි වාක්යන තුනකි පළමුවැන්න පුරුෂයකු විසින් කතකට කියන ලද්දකි. දෙවැන්න ඊට ඇගෙන් ලැබුනු පිළිතුරයි.තුන්වැනි වාක්යලය


සීගිරි ගී 253

පුරුෂයා දුන් අවසාන පිළිතුරයි. මේ වනාහි සංකෙත මගින් කළ දෙබසකි. එකල පෙම්වතුන් මල්වලින් කවර හැඟීම් ප්රිකාශ කළේ දැයි දැන ගැනීමට ඉඩක් නොමැති හෙයින් මේ ගීයෙහි අදහස කුමක්දැයි නිශ්චය වශයෙන් කිව නොහැක.

විස්තර :- කාලය - 8 වෙනි ශත වර්ෂැය .

වෘත්තය - තුන්වැනි පාදයෙහි අවසාන අක්ෂිරය දීර්ඝකයක් සේ ගතහොත් යොන් ගී විරිතයි.

288. උතුර්පස් අම්බිගම්කුළි ගුණාකරමි. ගිය හො(ත්) බෙය(න්ද්) ආ ජො‍(ලො) සිහි කොට් නො(ගි)ය හොත් කුමක් ආ තොප පියොවුරු ළ(ද) මීලැ(ස් බ)ලය් ගත.

අන්වය :- බෙයන්ද් ගිය හොත් ජොලො ආ. නොගිය හොත් සිහිකොට් (ජොලො.ආ.) ළද මිලැස් පියොවුර් බලය් ගත තොප කුමක් ආ?

අර්ථය :- උතරු පෙදෙසේ අම්බගම් - කුළි (නම් ස්තානයෙන් පැමිණි) ගුණාකර (නමැත්තා) වෙමි.

බෙයදට ගිය හොත් ශොකවීමට සිදුවනු ඇත. 1 නොගිය හොත් සිහි කිරීමෙන් ශොකවීමට සිදුවනු ඇත. තරුණ 2 මියුලැසියන්ගේ පියොවුරන් බලාගත් කල්හි තොපට කුමක් සිදුවනු 8 ඇතද 4 ?

1. ජොලො ආ. හදවත වේදනාව ආයේය. 2. ළද (ළ + ද) සං. ජාතික යන්න හා සසඳනු ළඳ යනු විසින්ද යෙදෙයි. 3. තොප කුමක් ආ. තොපට කුමක් ආයේ ද? 4. මෙහි අර්ථ ය සැක සහිතය. ඉහතින් සඳහන් වූයේ හැකිතාක් දුරට අර්ථ.වත් වන සේ වර්තසමාන සිංහලයට නැගීමට කළ උත්සාහයකි.





254 සීගිරි ගී

විස්තර :- කාලය - 9 වෙනි ශත වර්ෂකය

වෘත්ත - යා ගී.

289. බෙයද නැගී මෙ ගැයු(ම්)නි ත වැයිමෙ ය(ද)ම් ඇලී නැග සිටි(මී) සිතී සිකි රනවන.

අන්වය :- සිකි! මෙ බෙයද නැගී තා ගැයුමිනි වැයිමෙ රනවන සිතී “‍යදම් ඇලී නැග සිටිමී.”

අර්ථය :- මිතුර! මේ බෙයද නැගී තොප ගැයුම් සමග වැයුම් කරන කල ‍රන්වන් (ලිය) ‍(මෙසේ) සිතීය. “යකඩ දම්වැල අල්වාගෙන 1 නැගී (එහි) සිටිමි.”2

1. ඇලී - √ අල. (සං. සං + √ලි) 2. සංගීතය නො ඇසෙන සේ පව්ව මුදුනට නැගීමට කාන්තාව සිතූ බවක් මින් අදහස් වෙයි. සිය යහලුවාගේ ගැයුම් හා වැයුම්හි දස්කම් පිළිබඳව කවියා එතරම් පැහැදී සිටි බවක් මින් නොපෙනේ.

විස්තර :- කාලය - 8 වෙනි ශත වර්ෂැයේ අවසාන භාගය.

වෘත්තය - පළමුවැනි පාදයෙහි අවසාන අක්ෂොරය වන ‘මෙ’ යන්න දීර්ඝියක් සේ ගත හොත් මත්වල ගී නම් විරිත ලැබේ.

290. ස්වස්ති ගියක් තා හුන් මම් නැගී බලත් සිට් වයි. එ ගී නො ජන්නෙයින් නො ලී ගල් බෙයන්ද් ‍ම‍ත්තෙ.

අන්වය :- ත ගියක් සිට්වයි බලන්, මම් නැගී හුන්. තො ජ‍න්නෙයින් එ ගල් බෙයන්ද් මත්තෙ ගී නො ලී.

අර්ථය :- යහපතක් වේවා! තොප 1 ගීයක් ලියා2 බලන කල, මම නැගී හුන්නෙමි. (ගී රචනා කිරීම) නොදත් හෙයින් ඔහු 3 ගල් බෙයද මත්තෙහි ගී නො ලීය.




සීගිරි ගී 255

1. මේ ගීයෙහි ප්ර ථම ප‍ාදයෙහි අර්ථදය සැක සහිතය. අර්ථචවත් වන සේ වර්ත.මාන සිංහලට නැගීමට කළ වෑයමක් ඉහතින් පළවෙයි. 2. සිට්වයි - ‘ගියක් සිට්වයි’ යනු ‘ගීයක් පිහිටුවා’ යන අරුත දෙන බවක් සැලකිය හැක. එහෙත් මේ වනාහි මති මාත්ර යක් පමණි. 3. එ = හේ.

විස්තර :- කාලය - 8 වෙනි ශත වර්ෂ‍යේ අවසාන භාගය

වෘත්තය - කව් ගී.


291. හි(ම)ම්බු ලක් (වි)මි ති (අ)ත මල් ගත් නෙත්හියට් බෙයන්ද හි තැගී බලමින් මල් (ග)ත් (හිමම්බු අ‍ාමො මෙ)

අන්වය :- හිමම්බු! අත මල් ගත් තී තෙත් හියට් ලක්විමි. බෙයන්දගහි නැගී මල් ගත් මෙ හිමම්බු බලමින් ආමො.

අර්ථය :- ‘කාන්තාව!’ අතින් මල් ගත් තොපගේ නෙත්ර ශරයට 2 මම ලක්විමි.’ ‘බෙයදෙහි නැගී, (අතින්) මල් ගත් මේ කාන්තාව බලමින්, (ප්රහවේසම් සහිතව ආපසු) ආවෙමු.’3

1. හිමම්බු - (හිමි + අඹු - හිමඹු - හිමබු) හිමියඹු යනු විසින්ද යෙ‍ෙදයි. 2. හියට් - හි. හී. (සං. ඉෂු) ඊතලය. 3. පද්යහයෙහි දෙවැනි කොටසින් කියවෙන්නේ ඔවුන් කතුන්ගේ නෙත් පහරට ගොදුරු නොවූ බවය.

විස්තර :- කාලය - 9 වෙනි ශත වර්ෂ ය.

වෘත්තය - යා ගී.





256 සීගිරි ගී

292. ස්වස්ති

(ඇ)ත(‍ෙ)මක් කි(ය)ත් දිට මන ජොල් ලය් මුහුළ් තිප් බෙයන්ද්හි රන්වනින් හෙ මෙ ජෙනෙ තිප් මෙ මය් අබුයු යැ යහලා තිසහු ගී.

අන්වය :- මුහුළ් තිප් දිට මන ජොල් ලයි ඇතමෙක් කියත්. බෙයන්ද්හි රන්වනින්! තිප් මෙ මය් අබුයු යැ හෙ මෙ ජෙනෙ (කියත්)

අර්ථය :- යහපතක් වේවා !

මුහුළ (සෙයින් සැදූ තොප වරල) දුටුවිට, සිත් පීඩාව1 වන 2 බව ඇතැම්හු කියත්. බෙයදෙහි රන්වන් ලියෙනි! තොප මේ මගේ අඹුවන් යැයි 3 එම ජනයාම (කියත්)

යහලා තිස (නමැත්තාගේ ) ගී යයි.

1. මන ජොල් - සිත් ඇවිලීම. සිත් වේදනාව. 2. ලය් - ල යි. (මන ජොල්ලයි). යි = සං. පා. ඉති. 3. යැ = සං. පා. ඉති.

විස්තර :- කාලය - 8 වෙනි ශතවර්ෂකය.

වෘත්තය - යා ගී.


293. ස්වස්ති

හෙළදිවි අ ජබුදුවු දතිමි පතක දි කෙ(සෙ) ලමි. ත ලී පත ආ සිහි ලත අන ලද සැටි තා අතින

අන්වය :- ජබුදුවු හෙළ දිවි අ. පතක කෙසෙදි ලමි දතිමි. ආ! ත ලී පත සිහි ලත. තා අතින අන ලද සැටි.



සීගිරි ගී 257

අර්ථය :- “ලක්දිවට 1ඉන්දියානුවෙක් 2 ආයේය. ඔහුට ලිපියක් කෙසේ ‍දී ලම් දැයි දනිමි.”3 “ආ! තා ලියූ පත සිහි 4 විය” “තා අතින අණ ලැබුනු සැටියටය”5

1. හෙළදිවි. (පා සිහලදීප) 2. ජබුදුවු. (පා. ජම්බුදීපික) 3. දතිමි. අතීතාඛ්යාහතයි. 4. සිහි ලත - සිහි ලද. ‘සිහියට ආයේය’ යනු අර්ථ”යි 5. තමාගේ ස්වාමියා ඉන්දියාවෙහි සිටින බවද, ඉන්දියාවෙන් ආගන්තුකයකු පැමිණි බවද කාන්තාවක් සිතයි. තම සැමියාට ඔහු අත පතක් දී යැවීමට පුලුවන් බව ඇගේ කල්පනාවයි. මෙය ඇසූ ආගන්තුකයා ඇය පළමුව යැවූ ලිපිය සිහිගට නංවයි. මේ ආගන්තුකයා වනාහි සිය සැමියා බව එවිට වටහා ගත් කාන්තාව ඔයුගේ සේවිකාව වෙයි.

විස්තර :- කාලය - 8 වෙනි ශතවර්ෂාය.

වෘත්තය - යා ගී.

294. තමහට දුකක් නො වෙ’ සැපතක් දෙන මෙන් පත් දී සිත් මෙ අයුරෙන් ඇතුළ්දුකක් නොවෙ තට

අන්වය :- තමහට දුකක් නොවෙ. සැපතක් දෙන මෙන් පත්. මෙ අයුරෙන් සිත් දී තට ඇතුළ් දුකක් නො වෙ.

අර්ථය :- තොපට කිසි දුකෙක් නොව්. (තොපට) සැපතක් දෙන සේ (මෙහි) පැමිණියෙමි. මේ අයුරින් (තොප) සිත් (මා හට දුන්විට) චිත්ත 1 පීඩාවක් තොපට නොවන්නේය .

1. ඇතුළ් දුකක් - අභ්යතන්තරික දුඃඛයක්, සිත් වේදනාවක්. 17




258 සීගිරි ගී


විස්තර :- කාලය - 9 වෙනි ශත වර්ෂදය

වෘත්තය - තුන්වැනි පාදයෙහි ‘මෙ’ අක්ෂදරය සහ සතරවැනි ප‍ාදයෙහි ‘වෙ’ අක්ෂ රයද දීර්ඝඃයක් සේ ගත හොත් කව් ගී විරිත ලැබේ.

295. කි(ම නො)කියහි යා යි තකුද් ආ මි(හි ද)ස්නට් මොබ ආ තුප කෙසෙ බැලුමො (නැ)ග ආ මග සිහිගිරී.

අන්වය :- මිහි ආ අස්තට් යා යි තකුද් කිම නො කියහි. තුප සිහිගිරි නැග ආ මග බැලුමො. මොබ කෙසෙ ආ.

අර්ථය :- “මෙහි පැමිණි (තොප) දාසයනට ‘යන්න’1 යි පමණවත් 2 කවර හෙයින් නොකියන්නෙහි” ? “ තොප සිහිගිරි නැග ආ මග බැලුවෙමු. (තොපි) මොබ කෙසේ ආවහුද?”3

1. යා යි. 2. තකුද් = තක් + උද්. තක් = සං. තාවත්. පා. තාව. පැරණි සිංහල. තවක, තුවක, තාක්. උද් = උජ්. (සං. ව) ද,ත්. ගඳුජ් = ප‍ා. ගන්ධංද ච.

3. පද්ය=යෙහි මුල් කොටස කතුන් ගෙන් ඇසූ ප්ර ශ්නයක ආකාර‍යකි. ඔවුන්ගෙන් ලැබුනු පිළිතුරු දෙවැනි කොටසෙහි ඇත. ආගන්තුකයින්ට ඔවුන් නොකමැති බවක් එයින් පළ වෙයි.


විස්තර :- කාලය - 8 වෙනි ශත වර්ෂ යේ අවසාන භාගය හෝ 9 වෙනි ශත වර්ෂතයේ මුල් භාගය විය හැක.

වෘත්තය - සතරවැනි පාදයෙහි අවසාන අක්ෂෙරය දීර්ඝයක් සේ ගත හොත් ය ගී විරිත ලැබේ.



සීගිරි ගී 259

296. ස්වස්ති දළසිවලහු ගී.

සපුකුසුම් අතිනි ගත් උ(ඩුව)ට්වන් බර රවල් 1 දැකැ මන ම නියළ බෙයන්දදහි රන්වනක් දිග්නෙත්.

අන්වය :- සපු කුසුම් අතිනි ගත්, උඩුවට්වන් වරල් බර, දිග්නෙත් රන්වනක් බෙයන්දනහි දැක ම මන නියළ.

අර්ථය :- යහපතක් වේවා! දළසිවල (නමැත්තාගේ ගීයයි).

සපු කුසුමක් අතින් ගත්. උඩුකුරුවූ වරල් භාරයද, දිගුනෙත්ද ඇති රන්වන් (ලියක) බෙයදෙහි දැක මගේ සිත ශෝකයට පත්වීය.

(මේ ගීය නො‍: 268 වන ගීයට හාත් පසින්ම සමානය.)

1. වරල් -වණ පෙරැළියෙන් ‘රවල්’ වීයයි සිතමු.

විස්තර :- කාලය - 8 වෙනි ශතවර්ෂ යේ අවසාන භාගය හෝ 9 වෙනි ශතවර්ශයේ මුල් භාගය විය හැක.

වෘත්තය - ‘කුසුම් අතිනි’ යනු සන්ධිම කර ‘කුසුමනිති’ යනුවෙන් ගෙන, ‘බෙයන්ද්හි’ යන්නෙහි ‘හි’ අක්ෂ‘රය දීර්ඝයක් සේ උච්චජරණය කළ හොත් යා ගී විරිතයි.

297. ස්වස්ති සලබතිමි ලීමි.

කහට් කුම වි යන ජො හො සිත්මි අන් මෙය් මුත් අසද්න හය් ඇලුණ මුළා ළ වි ජ ගත් කිසි දොස්

අන්වය :- මෙය් මුත් අන් කහට් කුම් වි යන සිත්මි ජො හො. අසද්න හය් ඇලුණ මුළා ළ කිසි දොස් ගත් වී ජ?




260 සීගිරි ගී


අර්ථය :- යහපතක් වේවා! සලබත (නමැත්තා) වෙමි, මෙය ලීමි.

මේ (තැනැත්තිය) හැරෙන්ට අනෙකෙකුට කුමක් වී දැයි මම සිතුවෙම්ද? ද්රෝ)හී තැනැත්තියන්ට ඇලුනු මුළාවූ සිත (ඔවුන්ගේ) කිසියම් දෝෂයක්. (පිළි) ගත්තේ වීද ?

විස්තර :- කාලය - 9 වෙනි ශතවර්ෂයේ මුල් භාගය.

වෘත්තය - ඇලුණ යන්නෙහි අවසාන අක්ෂතරය දීර්ඝයක් සේ ගතහොත් බමර ගී විරිතයි.

298. පෙරෙ සෙ මෙ (ගත්ත)වුන් හින්ද්නො නො හින්දිරය ජොලොවී කුමක් ග(ත්)තන් ත කී වෙ ද(අ)ත මල ගත්තන් ම කි වෙ.

අන්වය :- ගත්තවුන් පෙරෙ සෙමෙ හින්ද්නො නො හින්දි ය ජොලො වී. ත කි කුමක් ගන්නන් වෙ ද? ම අත මල ගත්තන් කි වෙ.

අර්ථය:- “පෙර කාලයෙහි මෙන්ම, ගත්තාහු 1 හිඳිති. නොහිඳියේ නම් ඔවුන්ට චිත්ත පීඩාව2 වන්නේය.” “තා කීවේ කුමක් ගත් අය පිළිබඳවද?” “අතින් මල් ගත් අය (පිළිබඳව) මම කීවෙමි.”

1. මල් ගත් තැනැත්තියෝ - ගත්තාහු. කුමක් ගත් අය පිළිබඳව කියනු ලැබේදැයි පද්යා්වසානයෙහි සඳහන් වෙයි. 2. ජොලො

විස්තර :- කාලය - 9 වෙනි ශතවර්ෂය.

වෘත්තය - යා ගී.


299. ස්වස්ති කොත්නාමි

නැගි සිසි සන්දව බලය් බසි(ත) සන්ද්හන කොට (ම)ත නෙ(ත්) නිල් මි(ලැස්න) පිළිදී ජෙ‍ාත්න සිහි විනි


සීගිරි ගී 261

අන්වය :- සිසි නැගි සන්දි බලය් බසිත මිලැස්න නිල් නෙත් මත සන්ද්හත කොට පිළි දී ජොත්න සිහිවිනි.

අර්ථය :- යහපතක් වේවා! කොත්තා (නමැත්තා) වෙමි. චන්ර් ළියා උදාවූ සඳ (මෙය) බලා බසින කල, මියු ලැසියන්ගේ නිල් නෙත් සිතෙහි සඳහන් 1 කර (ගැනීම නිසා), පළිඟු පහනක 2 ආලොකය 3 (මට) සිහිවීය.

1. සන්ද්හත. (සන්ද්හන්. සඳහන් ඈ විසින්ද යෙදෙයි) සං. සන්ධා න. 2. පිළි ‍- දී. පිළි = සං. ස්ඵටික. පා. ඵටික.

    දී   = සං. දීප. සිං.  පහත. 

3. ජොත්ත = සං. ජ්යෙ.තිෂ්. පා. ජොති. ජොති - රස් = පා. ජොති - රංස ධ. අ. ගැ. 70 ජොති. ජොත්ත. යනු විසින්ද යෙදෙයි.

විස්තර :- කාලය - 8 වෙනි ශතවර්ෂ යේ අවසාන භාගය හෝ 9 වෙනි ශතවර්ෂයේ මුල් භාගය විය හැක.

වෘත්තය - එලු සඳැස් ලකුණෙහි නොලැබෙන විරිතකි.

300. (ස්ව)ස්ති.

නරනින්ද් ලයු මෙළෙයින් සෙවින් ළ නො වහන්නේන් බෙයන්ද්හි රන්වනු ගිරිහිස්නි හෙන්නයුන් වැන්නො.

අන්වය :- නරනින්ද් ලයු මෙළෙයින් සෙවින් ළ නො වහන්තෙන් බෙයන්ද්හි රන්වනු ගිරිහිස්නි හෙන්න යුත් වැන්නො.






262. සීගිරි ගී

අර්ථය:- නිරිඳා සැබවින්ම 1 මළ හෙයින් (ඉන් ඇතිවූ) ශොකයෙන් ළය නොවෑවෙන හෙයින් බෙයදෙහි රන්වන් (ලියන්) ගිරිහිසින් පතින අයුරුයි.

1. ලයු.

විස්තර :- කාලය - 8 වෙනි ශතවර්ෂහයේ අවසාන භාගය.

වෘත්තය - එලු සඳස් ලකුණෙහි නොලැබෙන විරිතකි.

"https://si.wikibooks.org/w/index.php?title=සීගිරි_ගී-විවරණය_iii&oldid=5169" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි