සීගිරි ගී-විවරණය iv
301. සඟමු කෙල්වළඅරමවෙසි නරිසි ෙ(ව)ය්ද එක්තැනිනි නො තොර් වැ කණ(ක්) සෙය් දවස් රිසි (සෙයි බල) මෙය් බෙයන්ද්හි රන්වනුන් අතුරෙ මත්තෙ ගියැට් ගී.
අන්වය :- එක් තැනින් නො තොර් වැ දවස් කණක් සෙය් වෙය්ද? බෙයන්ද්හි රන්වනුන් අතුරෙ මෙය් රිසි සෙයි බල.
අර්ථය :- සඟමුවෙහි කෙල්වළ ආරාමයෙහි වැසියකුවූ නරිසි (නමැත්තා) වෙමි.
එක් තැනකින් ඉවත් නොවී1 සිටීම නිසා දවස මොහොතක් 2 සේ වෙයිද? බෙයදෙහි රන්වනුන් අතර සිටි මේ (තැනැත්තිය) රිසිසේ බලව.3
මතුවෙහි (ලියා ඇති) ගීයට (පිළිතුරු වශයෙන් ලියූ) ගීයයි.
1. නො තොර්වැ 2. කණක් - ක්ෂරණයක්. (සං. ක්ෂයණ. පා. ඛණ) 3. සිත්තම් දෙස බලා සිටින විට දවස මොහොතක් මෙන් ගෙවී ගිය බව සඳහන් වූ ගීයකට පිළිතුරු වශයෙන් මේ ලියවුනු බව කියවී ඇත.
සීගිරි ගී 263
විස්තර :- කාලය - 8 වෙනි ශතවර්ෂියේ අවසාන භාගය හෝ 9 වෙනි ශතවර්ෂ යේ මුල් භාගය විය හැක.
වෘත්තය - යා ගී.
302. සඟමු වැසි ............ මෙ ගී, බණවත් ද නොබෙණෙත යු වි මල්වැහි රසැත්තක් බෙයන්ද්හි රන්වනක් රත් අතනි ගත් වතින් මල්පත්
අන්වය :- බණවත් ද නො බෙණෙත බෙයන්ද්හි රන්වනක් රත් අතනි මල් පත් ගත් වතින්, මල් වැහි රසැත්තක් යු වී.
අර්ථය :- සඟමුවෙහි වැසියකුවූ .................... ගේ මේ ගීයයි. බැණවූ කලද නො බණත බෙයදෙහි වූ රන්වන් (ලියක්) රතු අතින් මල් පත් 1 ගත් ආකාරයෙන් මල් වැසි (වසින්නාසේ) රසැති (වදන්) කියූ 2 බඳුය. 3
1. මල් හා කොළ. 2. වනින්. ආකාරය යන අරුත දෙයි. (කව්සි. 22 පද්ය.ය) 3. යු √ ය. (සං.ආ + √ඛ්යා2 - කීම) යෙ, යෙන්.යෙනි,යු, ඈ විසින් යෙදෙයි.
විස්තර :- කාලය - 8 වෙනි ශත වර්සයේ අවසාන භාගය.
වෘත්තය - සතරවන පාදයෙහි ‘අතනි’ යන්නෙහි ‘නි’ අකෂරය දීර්ඝයක් සේ ගත හොත් දුවඟ ගී විරිතයි.
303. පොකර් පතින් මල් අත්නි ගත් බැලු තන තමා මහනෙල් වන් ගැහැනි අන්ත හය් යම්තම් නො මෙ බෙණෙයි. අන්ත හය් යම්තම්. රජලා දෙවු ගී.
අන්වය :- පොකර් පතින් මල් අතිනි ගත් තන තමා බැලු මහනෙල් වන් ගැහැනි අන්ත හය් යම්තම් නො මෙ බෙණෙයි.
264 සීගිරි ගී
අර්ථය :- නෙලුම් පත්1 සමග මල් අතින් ගත්, පියොවුරන් හරවා බැලූ, මහනෙල් වන් ගැහැණිය,සැබවින්ම, අනුන් සමග යම්තමින් වත් නොබෙණෙයි.
රජලා දෙවු (නමැත්තාගේ) ගීයයි.
1. පොකර් - පතින්. පොකර්. (සං. පුෂ්කර. පා. පොක්ඛර.)
විස්තර :- කාලය - 8 වෙනි ශත වර්ෂය.
වෘත්තය - එලු සඳැස් ලකුණෙහි නො ලැබේ.
304. ස්වස්ති දිගිලි(පෙ)ළි වජුරා ගී. නො වන් තහම මන දි(ගෙ)සින (තුප) ම නොපහනි ළ තද් වත තා එ පසොමි මොළොකක් විය පහන්නෙ(මි)
අන්වය :- දිගෙසින! ම නහම තුප මන නොපහනි නොවන්. තා ළ තද්වත, එ පසොමි මොළොකක් විය පහන්නෙමි.
අර්ථය :- යහපතක් වේවා!
දිගිලිපෙළි වජුර් (නැමැත්තාගේ) ගී යයි. දිගැසියෙනි! මා දැක,1 තාප සිත නොපහත් නොවේවා! තොප ළය තද වත කල්හි, ප්රැසන්න වෙමි.
1. ම නහම - මා දුටුවිට. (√ නහම. (සං නි + √සම්) නහමනුවහට - පා දස්සිනො. ධ.අ. ගැ. 57 නහමමිනි යනු විසින්ද යෙදී ඇත. 2. පසොමි. (පස් + ඔමි = පස් දමමි) මෙහි ‘නොසලකා හරිමි’ යන අතිරේක අරුතක් ඇතැයි සිතිය හැකිය. මේ වනාහි මති මාත්ර යක් පමණි. 3. සං. මෘදු + ක.
විස්තර :- කාලය - 9 වෙනි ශත වර්ෂ ය.
වෘත්තය - පළමුවන පාදයෙහි අවසාන අක්ෂ රය දීර්ඝයක් සේ ගතහොත් යාගී විරිතයි.
සීගිරි ගී 265
305. සිහිගිරී අග්නක් බ(ණ)වත් මෙ යන්නා වර් සෙර සෙ හොයම් දෙසෙකැ මා බැලි තොමො අගන් මෙ නියා
අන්වය :- යන්නා වර් මෙ සිහිගිරී අග්නක් බණවත්; හො තොමො සෙර සෙ යම් දෙසෙකැ මා බැලි අඟනන් මෙ නියා.
අර්ථය :- (මා) යමින්1 මේ සිහිගිරි අඟනකට කථාකළ ටිට ඕ තොමෝ සෙරක සෙයින්, යම් දෙසක මා(විද, එ දෙස) බැලුවාය ස්ත්රී න්ගේ 2 මේ ස්වභාවයෙකි.
1. යන්නා වර් = යන කාලයෙහි, යන විට. 2. අගන්. අඟනුන්ගේ
විස්තර :- කාලය - 9 වෙනි ශත වර්ෂයයේ අවසාන භාගය.
වෘත්තය - පළමුවන පාදයෙහි එන සිහිගිරි යන්නෙහි ‘රි’ කාරය දීර්ඝයක්සේ සැලකුව හොත් යා ගී විරිත ලැබේ. පෙළෙහි දීර්ඝයක්සේ දක්වා ඇත්තේ වියරණය හා විරිත රැකගැනීම සඳහාය. කැටපත් පවුරෙහි එය ලියවී ඇත්තේ භ්රසස්ව යක් වශයෙනි.
306. (ෙ)මනෙන් මි. ලැදී මන බන්ද්නා පැහැබර් සිතා රුස්න කතක්හී තොස්නා මිණිඅකුසු හිස්හි ලය් ගන්නා
අන්වය :- රුස්නා පැහැබර් සිනා තොස්නා කතක්හී ලැදී මන බන්ද්නා මිණිඅකුසු හිස්හි ලය් ගන්නා (වැනි.)
266 සිගිරි ගී
අර්ථය :- මෙනෙන් (නමැත්තා) වෙමි.
රුචීය උපදවන පැහැබර සිනා ඇති, (සිත්) සතුටු කරවන කාන්තාවක (කෙරෙහි) ලැදිව සිත් බැඳීම මණි අංකුශයක් හිස්හි ලා ගන්නා (වැන්න).
විස්තර :- කාලය - 8 වෙනි ශත වර්ෂ යේ අවසාන භාගය.
වෘත්තය - එලු සඳැස් ලකුණෙහි නොලැබෙන විරිතකි. මේ වනාහි එළිසම කළ සිව්පදයකි. සංස්කෘත සාහිත්යළයෙහි සුලභව ලැබෙන අනුෂ්ටුභ් ශේලාකය මෙන් මෙයද සිංහල කාව්ය ග්ර න්ථශ යන්හි නොමඳව දක්නා ලැබේ.
307. ස්වස්ති
පෙහෙජලමලන පිත් මිහිදල(මි) මෙ ගි බැන්දැ් ලිමි කිපී එයැ කිවැ යි මිනිසුන් දෙසෙ කරනෙය නො මෙ මෙත්
අන්වය :- පෙහෙජල මලන පිත් මිහිදලමි. මෙ ගි බැන්දැි ලිමි. එයැ කිපි කිවැයි, මිනිසුන් දෙසෙ මෙත් නො මෙ කරනෙය.
අර්ථය :- යහපතක් වේවා!
පෙහෙජලමලගේ පුත් මිහිදල (වන මම) මේ ගීය බැඳ ලිවෙමි. “ඈ කිපී සිටින්නීය” 1 යි කිව හෙයින්,2 මිනිසුන් කෙරෙහි මෛත්රිකය නොම කළ යුතුය.
1. එයැ කිපි 2. කිවැ යි
විස්තර :- කාලය - 8 වෙනි ශත වර්ෂ යේ අවසාන භාගය
වෘත්තය - සතර වැනි පාදයෙහි එන ‘සෙ’ අක්ෂ රය දීර්ඝයක් සේ ගත හොත් යාගි විරිතයි.
සීගිරි ගී 267
308. ස්වස්ති ............... ගී
(නැහැ) මෙහි ම සෙනෙහී හිමබියනැට තුප නො දහ රුසිරු රුස්නා නොයතත් සෙර නො අසරෙයට අසක්
අන්වය :- නැගැ මෙහි ම සෙනෙහී හිමබියනැට තුප නො දහ. රුසිරු නො රුස්නා යතත් අසක් අසරෙයට සෙර නො.
අර්ථය :- යහපතක් වේවා! ................. (ගේ) ගීයයි.
මෙහි නැගි මවිසින් ආදරය කරනු 1 ලබන කතුන්ට 2 තෝ රොස් නොවව 3 (ඔවුන්ගේ) රූසිරිය රිසි නොවනු 4 ඇතැයි කියත හැකිමුත් 5 සුලු කලක් 6 ඇසුරු කීරීමට තරම් ඔවුහු සල්ලාල7 (ගැහැණු) නොවෙති.
1. සෙනෙහි 2. හිමබියනැට 3. නො දහ. 4. නොරුස්නා 5. යතත්. √ය. (සං. ආ + √ඛ්යා ). කිම. 6. අසක්. (සං. අංශු) 7. සෙර - ‘සල්ලාල’ යන අමතර අරුතක් දිය හැකිය.
විස්තර :- කාලය - 8 වෙනි ශත වර්ෂඅයේ මුල් භාගය.
වෘත්තය - ය ගී.
309. බලයි මඟ පියා වනවුහිමින් මෙන් හො
(නැ)සී නො හි හිමි සමහර්හු වගුළො ගිරිබිතින්
අන්වය :- පියා හිමින් වනවූ මෙන් හො මඟ බලයි. ‘හිමි නැසි නො’යි සමහරු ගිරි බිතින් වගුළො.
අර්ථය :- ප්රිිය ස්වාමියාගෙන් වියෝ වූ 1 (තැනැත්තියක) මෙන් ඕතොමෝ2 මග බලා සිටින්නීය. “(අප) හිමි නොමළේද” යි (සිතමින්) සමහරු ගිරිබිතින් 3 පිනූහ. 4
1. වනවූ 2. හො 3. පර්ව”ත භික්කියෙන් 4. වගුළො. √ වගුර. (සං. අප + √කෲ - වැගිරීම. වැටීම යන අර්ථයි) වගුළ, වගුළෙමි, වගුළො, ඈවිසින්ද යෙදී ඇත.
268 සීගිරි ගී
විස්තර :- කාලය - 9 වෙනි ශත වර්ෂ,ය
වෘත්තය - දෙවැනි පාදයෙහි එන ‘හො’ අක්ෂෂරය සහ තුන්වන පාදයෙහි අවසාන අක්ෂ රය වන ‘ම’ යන්නද දීර්ඝයක් සේ සලකා උච්චාරඛය කළහොත් යොන් ගී විරිත ලැබේ.
310. අනන්දක සති පෙරෙටු යහ අයිහ (දෙක)හි විසි මහනෙලවනනි මල බලගන කළ තිපි රනහලපිරිවෙනව(ැ)සි අනන්ද පැවිජන ගී විසන්ද නෙ
අන්වය :- යහ අයිහ දෙකහි අනන්ද සති පෙරෙටු විසි මහනෙල වනනි! තිපි මල බලගන කළ.
අර්ථය :- යහපත අයහපත 1 යන දෙක්හි දී ආනන්දයද, (මනා) සිහියද පෙරටු කරගෙන විසූ මහනෙල්වන් (කාන්තාවෙනි!) තොපි මලක් බලාගෙන (නිර්මාණය) කරනු ලැබුවාහුය. 2
රනහල පිරිවෙන වැසියකුවූ අනන්ද (නම්) පැවිද්දා ගේ ගීය විසඳිය යුතුය.
1. යහ අයිහ - යසස. අයසස යනුවෙන් ද අරුත් කිව හැකිය.
2. මේ ගීය ප්රුහේළිකාවක් සේ ලියූ බව කියා ඇත එහෙත් ඒ විසඳීම සඳහා රුකුළක් වචනවල අරුත් විසඳීමෙන් නොලැබේ.
විස්තර :- කාලය - 8 වෙනි ශත වර්ෂයය
වෘත්තය - එලු සඳැස් ලකුණෙහි නොලැරබෙන විරිතකි.
311. එ (කි) හදහමිය් මෙ(සෙ)යි නො මෙ
තිබිද් ලි(යැ) වි මෙය්
උපද (හි)මින් මෙ සිත්මෙ(ක්) මෙතෙක්
කැනෙකුන් අතුරෙ
සීගිරි ගී 269
අන්වය :- මෙසෙයි මෙය් ලියැවී නො මෙ තිබිද්, එ කී හදහමිය්, මෙතෙක් කැනෙකුන් අතුරෙ හිමින් මෙ සිත්මෙක් උප ද?
අර්ථය :- මෙසේ මෙය ලියැවී නොතිබුණ ද, ඒ කී දෙය හදහමි. මෙතෙක් දෙනා අතර (සිටිය දී) තම හිමිය ගැනම1 සතීම යෝග්යද2 ද?3
1. මෙ 2. උප ද. උප - (සං. උපාය.) ‘යෝග්යෙ’ යන අතිරේක අරුතක් ද දෙයි. උප ද? උපායෙක් ද? යනු විසින් අරුත් කිව නොහැක්කේ නොවේ. 3. කතුන්ගේ දෘඪ භක්තිය පිළිබඳව සැක කළ අයෙකුගේ කිමක් මෙයින් තහවුරු කෙරෙන බව පෙනේ.
විස්තර :- කාලය - 8 වෙනි ශතවර්ෂ යේ අවසාන භාගය .
වෘත්තය - පළමුවන පාදය ‘මෙසෙයි’ යන්නෙහි ‘සෙ’ අක්ෂතරයෙන් කෙළවර වන සේද, සතරවන පාදයෙහි අවසාන අක්ෂුරය දීර්ඝයක් සේද ගතහොත් ය ගී විරිත ලැබේ.
312. වදැ වළ ලය් ගෙනැ කොළ්නා හව්දළෙනි (මෙ) බෙයදහි දුට්මො ඇප් මු(න්) අසරන් බ(ට) පොළො එවු.
අන්වය :- හව්දළෙති වදැ වළ ලය් ගෙනැ (මෙ) කොළ්නා පොළො බව අයරන් එවු මුත් ඇප් බෙයදහි දුට්මො.
අර්ථය :- දැඩි ආකර්ෂමණ1(ගුණය) නිසා (තමන්ගේ) කැලැල්2 (වැරදි) සඟවාගෙන3 (තමන් කරා පැමිණියවුන්) විනාශ භාවයට පමුණුවන,4 පොළොවට බටුවාවූ 5 අප්සරාවන් වැනිවූ මොවුන් බෙයදෙහිදී අපි දුටිමු.
1. හව් - දළෙනි. හව් (සං. භාව) ආකර්ෂමණය. පෙලඹවිම. දළ. (සං. දෘඪ) දැඩි.
270 සීගිරි ගී
2. වදැ. (සං. අවද්ය ) වරද. අපරාධය. කැලල.
3. වළ ලය් ගෙන - වළලා ගෙන. වසාගෙන. වළ (සං. ආවාට.)
4. කොළ්නා. √ කොළ්. (සං. √ කුට්.)
(කොළන ලද = පා ආකොටිත. ධ.අ.ගැ. 25.) කැබලිවලට කඩාදැමීම, විනාශකර දැමීම, සුන් කර දැමීම.
5. බැස්සාවූ. බට. බටුවාවූ.
(සං. භ්ර ෂ්ට. √ භ්රං ස්). සිං. √බසි.
විස්තර :- කාලය - 9 වෙනි ශත වර්ෂභයේ මුල් භාගය.
වෘත්තය - පළමුවන, දෙවන හා සතරවන පාදයන්හි අවසාන අක්ෂතර දීර්ඝක සේ සලකා උච්චාරණය කළහොත් යාගී විරිත ලැබේ.
313. අතට් (හො) අ මෙන් සුරත්අත්නි ගත් සපුමල් (කැ)නෙන් නහම් ගතහෙ ජ මන ගත්තී මුළුල්ලෙන් අග්බො(යි සෙන්)මි.
අන්වය :- අතට් අ මෙන් සපුමල් සුරත් අත්නි හො ගත්. කැනෙන් නහම් ගතහෙ ජ මුළුල්ලෙන් මන ගත්තී.
අර්ථය :- අතට (ඉබේ) පැමිණියාක් බඳු සපුමලක් සුරත් අතින් ඕතොමෝ ගෙන සිටින්නීය. (ඇයට එය) (මල්) කැනෙන්1 ගැනීම නොහැකි2 වුවද. (ඕතොමෝ) මුළුමනින්ම (මාගේ) සිත (පැහැර) ගත්තීය.
අග්බොයි සෙන් (නමැත්තා) වෙමි.
1. පොකුරෙන් (කැන. සං. කර්ණිකා. පා. කණ්ණිකා). 2. නහම් ගතහෙජ. නහම් යනු ප්රමතිෂෙධාර්ථායෙහි නිපාතයයි.
විස්තර :- කාලය - 9 වෙනි ශත වර්ෂෙය.
වෘත්තය - යොන් ගී
සිගිරි ගී 271
314. මියන රිසින් ගිරිබිතැ(විත්) හෙළිල්ලබුයුන් ඇජැ තබයි පිළිබිබ් තා ගි(ය) එක් (නො) වි තමා ගෙට් කසුබ් පැවී(ජ්ජෙමි).
අන්වය :- මියන රිසින් ගිරිබිතැවිත් හෙළිල්ලයබුයුත් පිළිබිබ් ඇජැ තබයි එක් නො වි තමා ගෙට් තා ගිය.
අර්ථය :- මියයත අදහසින් පර්වතත භික්තිය වෙත අවුත්,1 රූමත් කතුන්ගේ පිළිබිඹු එහි ඇඳ තබා, (ඔවුන් හා) එක් නොවී, තමාගේ ශෘහයට තෝ ප්රිවිෂ්ට වූයෙහි.2
කසුබ් (නමැති) පැවිද්දා වෙමි.
1. ගිරි බිත් ඇවිත් ගිරිබිනැවිත්. 2. කතුන් හා එක්ව මියයන අදහසින් රජතුමා පර්වභත භික්තිය දෙසට ආ නමුත්, ඔවුන්ගේ පිළිබිඹු එහි ඇඳ තබා, (ඔවුන් තනිකර දමා) ඔහු ගිය බව මෙයින් පැවසෙයි.
විස්තර :- කාලය - 8 වෙනි ශත වර්ෂ(යේ අවසාන භාගය.
වෘත්තය - පළමුවන පාදයෙහි අවසාන අක්ෂබරය මාත්රා දෙකක් වන සේ උච්චාරණය කළ හොත් යා ගී විරිතයි.
315. ස්වස්ති. පසක්කැමි කිතලු ගී.
ඔයුත ලයු යෙත (තා අ) වෙ මෙ ද සිතුම උසස් ගියෙ නො(ම ය)ත (වෙත ෙ)මය් මෙ නො දකිමි යි දැකැ දනා.
අන්වය :- ලයු ඔයුත යෙත, තා අ. මෙ උසස් සිතුම වෙ ද? ම මය් වෙත යන, ‘මෙ නොදකිමි’ යි දනා දැකැ නොම ගියෙ ?
අර්ථය :- යහපතක් වේවා !
පසක් - කැමි කිතලු (නමැත්තාගේ) ගීයයි.
272 සීගිරි ගී
සැබැවින්ම1 ඔවුන් යන කල්හි, (යාමට උත්සාහයක් නොකර) තෝ (ආපසු) ආවෙහිය මේ උසස් සිතුමෙක (ප්ර තිඵලයක්) වේ ද ? මා මෙය වෙත යන කල, “මේ නොදකිමි” යි කී ජනයා, බලා නොගියාහුද? 2
1. ලයු. (සං. ඛලු. පා වත) 2. මේ ගීය රචනා කළ තැනැත්තා සිත්තම් කරා යන කල්හි, එහි යා නොහැකි බව් කී ජනයා, ඒ කාර්ය ය කෙරෙහි පෙලඹුත අයුරු මින් පැවසෙයි.
විස්තර :- කාලය - 8 වෙනි ශත වර්ෂියේ අවසාන භාගය
වෘත්තය - කව් ගී.
316. තො එය් නො ජන්හිද මහල ළ ඈ තුබූ සෙය්
නැගි ජනා බො මන ගන්නි එගිරි සිහිගිරි.
අන්වය :- මහල! ඈ ළ තුබූ සෙය් තො නො ජන්හිද? එ සිහිගිරී ගිරි එය් නැගී බො ජනා මන ගන්නි.
අර්ථය :- මහල්ල! ඇගේ සිත පැවති සැටිය තෝ නො දන්නෙහිද? ඒ සිහිගිරි නම් පර්වනතය, එයට නැගි බොහෝ ජනයාගේ සිත් ගන්නේය.1
1. සීගිරි අඟනුන්ගේ සිත් තද බව කී අයකුට පිළිතුරකි. සීගිරිය දැකීම පවා සිත් සතුටු කරවන හෙයින්, එහි ඇලී වසන ගැහැනුන්ට සිත් ඇති බව ඉන් අදහස් කරනු ලැබේ.
විස්තර :- කාලය - 8 වෙනි ශත වර්ෂනයේ අවසාන භාගය හෝ 9 වෙනි ශත වර්ෂතයේ මුල් භාගය විය හැකිය.
වෘත්තය - යොන් ගී විරිතට අනුකුලවන සේ මාත්රාශ වෙන් කර ගත හැක.
317. රතත්නි ගත් මලට් දිගැස්නි මන්ද්බැල්මට් මිනිසෙක්මි මන්ද්කට් ඔස් ගනුග හිමියම්බුයුක්.
අන්වය :- රතත්නි ගත් මලට් දිගැස්නි මන්ද් බැල්මට් මිනිසෙක්මි. ඔස්! හිමියම්බුයුක් මන්ද කට් ගනුග. සීගිරි ගී 273
අර්ථය :- රත් අතින් ගත් මලට, දිගැසින් (හෙලූ) මඳ බැල්මට - මම මිනිසෙක් වෙමි. හා !1 මේ රූමතියක සුලු කලකට ගන්න 2
1. ඔස්. - හා! ඕ! යනු අරුත් අති විස්මයාර්ථැයෙහි නිපාතයෙකි (ඔස -අමා. 37 ). 2. ගනුග.
විස්තර :- කාලය - 8 වෙනි ශතවර්ෂටයේ අවසාන භාගය
වෘත්තය - තුන්වැනි පාදයෙහි එන ‘මන්ද කට්’ යන්නෙහි අනුනාසිකය සම්පූර්ණනයෙන් උච්චාරණය කළහොත් කව් ගී විරිතයි.
318. (ස්වස්ති)
ඇති සෙයැ බලය් ගත් මහනෙල්වන ජැහැ (යමි) නිල්මහනෙල්වනක් බෙයන්දෙහි අ(ජ)වතුජ් මය් (වෙත.)
අන්වය :- ඇති සෙයැ බලය් ගත්. බෙයන්දමහි නිල්මහනෙල්වනක් මය් වෙත අජවතුජ් මහනෙල්වන ජැහැ යමි.
අර්ථය :- යහපතක් වේවා!
ඇති සැටි බලා ගතිමි. බෙයදෙහිවූ නිල් මහනෙල් වන් එකියක(විසින්) මා (ඇය) වෙත අදවන්නේ 1 වී නමුත්, නිල්මහනෙල්වන් තැනැත්තිය හැරදමා2 යමි.
1. අජවතුජ්. 2. ජැහැ.
විස්තර :- කාලය - 8 වෙනි ශතවර්ෂනය
වෘත්තය - දෙවැනි පාදයෙහි අවසාන අක්ෂ රය දීර්ඝයක් සේ ගතහොත් යා ගී විරිත ලැබේ.
18
274 සීගිරි ගී
319. ස්වස්ති
බැලූයූ සසිනින්ද් අවුදු පග නො(ෙ)ම ලජුයු උපනහි මින් පිනින් ගලැකළ තදළඇත්තන් සෙය් මිණි ....................
අන්වය :- අවුදු සසිනින්ද් බැලූයූ පග නො මෙ ලජුයු. හිමින් පිනින් ගලැ කළ තද ළ ඇත්තන් සෙය් උපත.
අර්ථය :- යහපතක් වේවා !
(මෙහි) අවුත් (කතුන් දෙස) සසිනිඳු 1 බැලුම් ලූවනට (ඔවුන්ගෙන්) ධෛර්යෙයක් 2 නොලැබුණේය. (සිය) සැමියාගේ පිනින් ඔවුහු ගලින් කළ තද ළය ඇත්තන් සේ උපන්නාහ.
............ මිණි ................
1. ආදර සහිත බැලුම් 2. පග. පගාව. ධෛර්ය ය (සං. ප්ර ග්රකහ)
විස්තර :- කාලය - 8 වෙනි ශතවර්ෂ යේ අවසාන භාගය හෝ 9 වෙනි ශතවර්ෂ යේ මුල් භාගය.
වෘත්තය - පළමුවන පාදයෙහි ‘ලු’ සහ ‘යු’ අක්ෂවරද, දෙවැනි පාදයෙහි අවසාන අක්ෂමරයද දීර්ඝ සේ උච්චාරණය කළ හොත් යා ගී විරිතයි.
320. ස්වස්ති කසබල් ඇපාණන් ගේ පයමුල් ලෙය්දරු සගලු ගී. දෙවියනි මෙවැනි එක සුකක් ඇති කරනු දෙ අත් වටැ පළ මය් රු සුක රුකුරුවනු තොල් (ජැ)හැ (යනු) කොට් මින්දිඅබිය කුරුර වනු බොටුමල් බලය් සුකනු තය් යහපත් වනු.
අන්වය :- දෙවියනි! මෙවැනි එක සුකක් ඇතිකරනු. දෙ අත් වටැ පළ මය් රු සුක රුකුරුවනු. තොල් ජැහැ යනු කොට් මින්දි බිය කුරුර වනු. බොටුමල් බලය් සුකනු තය් යහපත් වනු.
සීගිරි ගී 275
අර්ථය :- යහපතක් වේවා !
කසබල් ඈපාණන්ගේ පුද්ගලික ලේකම්1 සගල් (නමැත්තාගේ) ගීයයි.
‘දෙවියනි! 2 මෙවැනි තැනැත්තියක සමග සැපතක් 3 ඇති කරන්න’
‘දෙ අත් වටා පළ වූ මගේ රූපයෙහි ආස්වාදය 4 විඳින්න.’
“දෙ තොල් හැරදමා යෑමට (මා පෙලඹවූ) අහංකාර 5 ස්ත්රිිය කුරිරු 6 වන්නීය .”
‘ගෙල වටා වූ මල් බලා ආස්වාදය ලබන්න. තොපට ගහපතක් වේවා!’7
1. පයමුල් ලෙය්දරු. .i පය -මුල් (පා-මිලි.) ශි. සං. I. 213. .ii ලෙය් - දරු (ලෙය් - සං. ලෙඛ. ලෙඛක.). (අරු - පා. දාරක. හෝ දහර.) ලෙදරුවක් (ශි. සං. . I. 111.) 2. කවියා කතුන් ගැන දෙවියන්ට කියන බවක් පෙනේ. ‘දෙවියනි’ යනු ‘දෙවතාවියෙනි’ යනුවෙන්ද ගත හැකිය. එසේනම් ආමනත්රකණය කෙරෙන්නේ සීගිරි කතුන්ටමය. 3. සුකක් - සැපතක්. (සං. සුඛ). ‘සුක - සිත්’ යනු විසින්ද යෙදී ඇත්තේය.
4. සුක රුකුරු වනු - සැපය විඳින්න. √ රුකුර - මේ නිෂ්පන්න ධාතු ප්රිකෘතියෙකැයි සිදත් සඟරාවෙහි කියවී ඇත.
රුකුළු = පා. ආරද්ධ. ධ.අ.ගැ. 85 රුකුළො = පා. පට්ඨපෙසුං. ධ. අ. ගැ. 90. (සං. අර + √ කෘ යන්නෙන් බිඳී අයේයයි සිතීමට ඉඩ ඇත) ‘රුකුරයු’ යනු විසින්ද යෙදී ඇත.
276 සීගිරි ගී
5. මින්දි බිය. පා. මීන්න - දුභි = මිදිමි. ධ.අ.ගැ.103. එහෙත් මෙහිදී මේ අරුත දේයයි සිතීම අපහසුය.
සං. මාන + ධ්මාන = මන් + දිමි යන්න හා සමානකර බලනු. ‘දිමි’ යනු ‘ඉදිමී’ යන අරුත ඇත්තේය.
මිදිබි - මන (ධර්ම’ප්ර.. 253) අහදකාර ස්ත්රිිය .
6. සං. ක්රෑ(ර. සං. කුරුර, (කුරිරු.) 7. මේ කවෙහි පළමුවන හා තුන්වන පාද වලින් සීගිරිය බැලීමට පැමිණි තැනැත්තකු තුළ කතුන් ගැන වහළවූ අදහස් ප්රදකාශ වෙයි. ඔවුන් හා විනෝද වීමට ඔහු ආශා කරන බව කියවී ඇත. කතක විසින් ඊට දුන පිළිතුර එනම් සුළු දේවල්වලින් තෘප්තියට පැමිණිය යුතු බව දෙවන හා සතරවන පාදවලින් අදහස් කෙරේ.
විස්තර :- කාලය - 8 වෙනි ශතවර්ෂුයේ අවසාන භාගය.
වෘත්තය - සමුදුරු ගොස් නම් විරිතින් බැඳි සිව් පදයෙකි. 1,2,3, පාදවල අවසාන අක්ෂසර දීර්ඝ සේ උච්චාරණය කළ යුතුයි.
321. ස්වස්ති දෙව්වජරා ගී
අයුත අවෙහිමින් පසින් ඇසිමෙන් බිණිමෙන් බෙයන්ද්හි රන්වනුන් බැලිමි සිත් සෙ මනා කොට්
අන්වය :- අයුත අවෙහිමින්, පසින් ඇසිමෙන්, බිණිමෙන්, බෙයන්ද්හි රන්වනුන් සිත්සෙ මනාකොට් බැලිමි.
සිගිරි ගී 277
අර්ථය :- යහපතක් වේවා !
දෙව් වජර (නමැත්තාගේ ) ගීයයි. (මෙහි) ආ අය 1 නිරීක්ෂයණය 2 කරමින්, (ඔවුන්ගෙන්) ප්රනශ්න3 අසමින් (ඔවුන් හා) කථාකරමින්, බෙයදෙහි සිටි රන්වන් (ලියන්) සිත් පරිදි, මනාසේ බැලීමි.
1. අයුත. 2. අවෙහිමින් (සං. අපෙක්ෂය - මාන) බලමින්, සෝදිසි කරමින්, යන අරුත් දෙයි. 3. පසින් (සං. ප්රයශ්න. පා. පසිත).
විස්තර :- කාලය - 8 වෙනි ශතවර්ෂනයේ අවසාන භාගය.
වෘත්තය - යොන් ගී.
322. ....................(ගමි)යෙන් ආ දාපුළැ ගී. කෙ තම් තොප නෙ(බෙ)ණෙති දහම් ඇත්තන් අතුරෙ ලයි නිරින්ද් - ඉසිර වියෙවැ පහයුන් නො තොර් කොට් හින්නන් 1
අන්වය :- නො බෙණෙති කෙ නම්, නිරින්ද් - ඉසිර වියෙවැ පහයුන් නොතොර් කොට් හින්නන්, තොප දහම් ඇත්තන් අතුරෙ ලයි?
අර්ථය :- .................ගමිය (නම් ස්ථානයෙන් ) පැමිණි දාපුළ (නමැත්තාගේ) ගීයයි.
“ (ඔවුහු) නො බෙණෙති” (එසේවුවද), කවරෙක් නම්, නිරිඳා නමැති හිමියා ගෙන් 2 වියෝවුවද පලඳනා 3 ඉවත් නොකොට 4 හිඳින 5 තොප ගුණවතුන් 6 අතරෙහි ලා (සලකයිද ?)
1. හුන්නන්, හින්ද්තත් යනුවෙන්ද කියවිය හැකිය. 2. නිරින්ද් - ඉසිර. 3. පහයුන්. (සං. ප්රවසාධන. පා. පසාධන.) පලඳනා. 4. නො තොර් කොට්. 5. හින්නන්. 6. දහම් ඇත්තන් . 278 සීගිරි ගී
විස්තර :- කාලය - 8 වෙනි ශතවර්ෂයය.
වෘත්තය - දහම් ඇත්තන් යනු දහමැත්තන් යනුවෙන් සන්ධිධකර කියවුවහොත් යා ගී විරිත ලැබේ.
232. ම මෙතක් නො ජන්නෙ (ද) මග බලත්හොත් සියල්ලෙ (සිත)රගත්නා ම(ය්) අසද ගලකළ තද්ළ ඇත්තිය.
අන්වය :- ගල කළ තද් ළ අසද ඇත්තිය මය් සිතරගන්නි සියල්ලෙ මග බලත්හොත් ම මෙතක් නො ජන්නෙද ?
අර්ථය :- ගලින් කළාවු තද සිතක් ඇති ද්රෝතහි තැනැත්තිය 1 (විසින්) මගේ සිත් හැරගත් 2 හෙයින්, සියලු දෙනාම මාර්ගතය දෙස බලන කල්හි,3 මෙපමණවත්4 ම(විසින් නොදන්නා ලදද ?
1. අසද 2. සිතරගත්නි = සිත් + අරගන්නි. 3. යාමට සුදානම් වන කල්හි, යන අදහසයි. 4. මෙතක්. (මෙතෙක්. මෙතක. යනු විසින්ද යෙදී ඇත.) - යාමට සූදානම් විය යුතු බව යන අදහසයි.
විස්තර :- කාලය - 8 වෙනි ශත වර්ෂ්යේ අවසාන භාගය හෝ 9 වෙනි ශත වර්ෂතයේ මුල් භාගය විය හැක
වෘත්තය - යා ගී.
324. ෙ(න)) ද තමා (ද)සරිනි මන ඔ(යි)න් පියන්නෙ වෙ
ආ (ද) ජන තට් සිතැදි දකමින් හම්තම සුවක.
අන්වය :- තට් සිතැගි ජන යම්තම සුවක දකමින් ආ ද, තමා අසරිනි ඔයුන් මන පියන්නෙ නො වෙ ද?
සීගිරි ගී 279
අර්ථය :- තොප (කෙරෙහි) සිත් ඇදී, යම්තම් සැපයක් දකිමින් ජනයා මෙහි ආයේ වී නමුත්, (තොපගේ හැසිරීමෙන්1 ඔවුන්ගේ සිත් අධෛර්යාමත් 2 වනු නො වේද ?
1. අසරිනි. (සං. ආචාර) 2. පියන්නෙ. √ පිය (සං. ප්ර් + √ හා. පා. පහියති) අනාථ කිරීම,අත්හැර දැමීම, යනාදී අර්ථත ලැබේ. ‘මන පියන්නෙ’ යනු මෙහි ‘සිත් වෙනස් කිරීම්’ යන අර්ථැය දෙයි.
විස්තර :- කාලය - 9 වෙනි ශත වර්ෂ ය
වෘත්තය - කව් ගී.
325. මහ(ගම) (මි)හින්ද්මි ලීමි. පෙසෙත වැළැන්දුෙණ සෙය් ගිළිහෙන සෙය් පිරික්සත් සිලිගි ගිය (මු)ත්වෙළැ මෙ ඇස්හි සිට්මින් බලත්වය්.
අන්වය :- පෙසෙන වැළැන්දුවණ සෙය් ගිළිහෙත සෙය් පිරික්සත්, ඇස්හි සිලිහි ගිය මෙ මුත්වෙළැ සිටිමින් බලත්වය්.
අර්ථය :- මහගම මිහින්ද් (නමැත්තා) වෙමි. (මෙය) ලීමි.
(මෙවුන්) පසක වැලඳී සිටි ආකාරයද 1 ගිළිහෙන ආකාරයද පරීක්ෂාුකරන 2 කල, ඇස් හමුයෙහි ගැලවී විසිර යන 3 මේ මුතු වැළ, මෙහි සිටිමින් බලත්වා !
1. ගැලවී එල්බෙමින් පැවති චිත්රියක් පිළිබඳ සඳහනකි. 2. පිරික්සත්. 3. සිලිහි ගිය. – ‘ ගැලවී විසිර යත’ අරුත් ඇත්තේය. සිලිහි, සිලිය, සිලිහ. (සං. √ ශ්ලථ්.)
විස්තර :- කාලය - 9 වෙනි ශත වර්ෂශයේ අවසාන භාගය.
වෘත්තය - යා ගී.
280. සීගිරි ගී
326. මගුණ් අග්බොය්මි ලීමි. නො මෙ සැනැහැති බැවෙක් පෙ(නෙ)ය බැලු බැලු ඇස්හි ඔහු මළ කල්හි හයි නොහළහු. අත්හි ලු මල්දම්.
අන්වය :- බැලු බැලු ඇස්හි සැනැහැනි බැවෙක් නො මෙ පෙනෙය. හයි! ඔහු මළ කල්හි (තොපි) අත්හි ලු මල්දම් නොහළහු
අර්ථය :- මගුණ් (නම් ස්ථානයෙන් පැමිණි) අග්බොය් නමැත්තා වෙමි. (මෙය) ලීමි.
බැලූ බැලූ ඇසකම සෙනෙහෙ ඇති බවක් නොම පෙනෙයි. හා! ඔහු මළ කල්හි (පවා තොපි) අත්හි ලූ මල්දම් ඉවත නොදැමුවාහුය.
විස්තර :- කාලය - 8 වෙනි ශත වර්ෂනයේ අවසාන භාගය .
වෘත්තය - කව් ගී
327. ස්වස්ති . වජරා ගී.
තනපට් වෙළ සරග්මල් සිහිලස් කොට් ලූ දැකැ මන ම නියැළැ බෙයනද්හි රන්වනක් දිග්නෙත්.
අන්වය :- සිහිලස් සරග් මල් තනපට් වෙළ කොට් ලූ දිග් නෙත් රන්වනක් බෙයන්ද්හි දැකැ, ම මන නියළැ.
අර්ථය :- යහපතක් වේවා! වජර් (නමැත්තාගේ) ගීයයි.
සිහිල සඳහා සුවඳ මල්1 තන පටෙහි වෙළාගත් රන්වන් දිගැසියක බෙයදෙහි දැක මගේ සිත දොම්නස් විය. 2
1. සරග් - මල් 2. නියළැ.
විස්තර :- කාලය - 9 වෙනි ශත වර්ෂ යේ අවසාන භාගය.
වෘත්තය - එළු සඳැස් ලකුණෙහි නොලැබෙන විරිතකි.
සීගිරි ගී 2813
328. ස්වස්ති. කල්නරු දළල්(මි ගී) ලීමි.
ඇය හිසිනි ගු(ළු) කෙස්මල් සු(ළගැ ජි)වි බෙවෙන් (අතැ) බෙයන්ද්හි පිළිබිබ් කතු අම්බුයු ගත් මල්දම්.
අන්වය :- කෙස්මල් ඇය හිසිනි ගුළු සුළගැ ජිවි බෙවෙන් බෙයන්ද්හි පිළිබිබ් කතු අම්බුයු මල්දම් අතැ ගත්.
අර්ථය :- යහපතක් වේවා!
ගල්නරු (නම් ස්ථානයෙන් පැමිණි) දළල් (නමැත්තා) වෙමි. මේ ගීය ලීමි.
කෙශයෙහි (දැවටි) මල් ඇයගේ හිසින් පත්තව1 සුළඟෙහි දිව කිය බැවින්, බෙයදෙහිවූ චිත්ර යෙහි (සිටි) රූමත් කාන්තාව2 මල් දමක් අතින් ගත්තාය.
1. ගුළු √ ගළ. (සං. √ ගල් - ‘ගිලිහීම්) අර්ථ යි.) 2. කතු අම්බුයු. කත් = සං. කාන්ත.
විස්තර :- කාලය - 9 වෙනි ශත වර්ෂ ය
වෘත්තය - කව් ගී
329. ස්වස්ති
ම(හ)නෙල බලය් (තු)බු (අ)තින් ගෙන(ැ) මන්ද්(බැ)ල්මෙන් බෙයන්ද්හි මී(ලැ)සි බසක් නො මෙ දුන වෙය් දු (දුන්) සෙය්.
අන්වය :- බෙයන්ද්හි මි ලැසි අතින් ගෙනැ තුබු මහනෙල බලය් බසක් නො මෙ දුන් වෙයිදු, දුන් සෙය්.
අර්ථය :- යහපතක් වේවා!
බෙයදෙහි මියුලැසිය, අතින් ගෙන තුබූ මහනෙල (දෙස) බලා බසක් නොම දුන්නේ වුවද, දුන් සේම වෙයි. 282 සීගිරි ගී
විස්තර :- කාලය - 8 වෙනි ශතවර්ෂහයේ අවසාන භාගය හෝ 9 වෙනි ශත වර්ෂතය.
වෘත්තය - යා ගි
330. නොගන්න වර් අනුන් නොහන්දු නනු කළා වෙනු ම නොසහනා අ(යෙ)කි එනු වනිනැන්දිුනි ලද් වන තී
අන්වය :- අනුන් නොගන්න වර් නොහන්දුනනනු කළා වෙනු. ‘එනු ම නනොසහනා අයෙකි’ තී වනිනි ඇන්දිදති ලද් වන.
අර්ථය :- අනුන් (පිළි) නොගන්නා කල, (ඔවුන්) නොහඳුනන සෙයින් (සිටිය යුතුය). 1 “එන තැනැත්තා 2 මා නොකැමැති අයෙකි” යි (සිතමින් මෙන්) (මගේ) සැටියෙන්ම3 ති (මා) හඳුනාගත් 4 බඳුය.5
1. මින් අදහස් වන්නේ, යම් අයකු භාරගැනීමට අකමැති නම් ඒ තැනැත්තා ඔහුව නොහඳුනන්නකු මෙන් සිටිය යුතු බවය. 2. එනු 3. වතින් (සං. වර්ණ ණ) ආකාරයෙන්ම, සැටියෙන්ම 4. ඇන්දි. √ අඳුන. (සං. සං. + ජානිත). 5. තමන්ට රිසිනොවන අයකු බව දුටු සෙයින්, ගීය ලියූ තැනැත්තා නොහඳුනන්නකු සෙයින් කාන්තාවන් නිසලව සිටි බව මෙයින් අදහස් වේ.
විස්තර :- කාලය - 9 වන ශතවර්ෂසයේ මුල් භාගය
වෘත්තරය - දෙවන පාදයෙහි අවසාන අක්ෂශරය දීර්ඝයක් සේ උච්චාරණය කළ හොත් යා ගී විරිත ලැබේ.
331. ස්වස්ති. සමන් ගැ ගී
අ(මඩ)ක් ලෙඩ් (සි)නොව් වරල් නිල්වලා සිහිල් ලබු ගැහැනි මය පෙලෙබු දී මන්ද්සිනා බැල්ම(ක්)
සීගිරි ගී 283
අන්වය :- අමඩක් ලෙඩ් සිනොව්, සිහිල් නිල්වලා ලබු වරල් ගැහැනි, මන්ද්සිනා බැල්මක් දී මය පෙලෙබු. අර්ථය :- යහපතක් වේවා! සමන් (නමැත්තා) ගැයූ ගීයයි.
කොමඬු (ගෙඩියක1) බීජ පඞ්ක්තියට 2 බඳු සිනාවද,3 සිහිල් නිල්වලා බඳු එල්බෙත 4 වරලද ඇති ගැහැනිය, මඳ සිනා සහිත බැල්මක් දී මා පෙලඹුවාය. 1. අමඩක්. (පා. ආමණ්ඩක) කොමඩු, කැකිරි 2. ලෙඩ්. (සං. ලොෂ්ට්රක පා. ලෙඩ්ඩු) 3. සිනොව්. (සං. ස්මයන.) *සිනාව> *සිනොව > සිනොව්. 4. ලබු. (සං. ලම්බිත)
විස්තර :- කාලය - 8 වෙනි ශතවර්ෂ*යේ අවසාන භාගය
වෘත්තය - තුන්වන පාදයෙහි අවසාන අක්ෂ රය දීර්ඝයක් සේ ගතහොත් යාගී විරිතයි.
332. තොප නුයුන් මහනෙල් බ(න්දුඅ)ව (ද) තොල් සිනා (ෙ)කාන්ද් ගමන (හ)සකත මෙ(නි) ගත දිගැසිනි ලද වී සිනා.
අන්වය :- නුයුන් මහනෙල්, තොල් බන්දු වද, සිනා කොන්ද්, ගමන හසකත, තොප ගත මෙනි. දිගැසිනි සිනා ලද වී .
අර්ථය :- නුවන්වලින් මහනෙල්ද, තොලින් බඳුවද (මල්) ද, සිනාවෙන් කොඳ (මල්)ද, ගමනින් හංස ධෙනුවද, තොප (විසින්) ගත් බඳුය. තොප දිගු ඇසින් සිතාවක්ද ලබන ලද්දේ විය.
විස්තර :- කාලය - 8 වෙනි ශත වර්ෂතයේ අවසාන භාගය හෝ 9 වෙනි ශත වර්ෂතය.
වෘත්තය - යා ගී.
333. මහවලවැසි දළසෙන් පැවිජන ගී. ඔයුන් පැති තමහට් නැත ජ හොත් අස්වැසිලි මිනිස්අසරැය්1 මිනිසුන් දැක්මෙ ඇසරැය් ම හැදවෙය. 284 සීගිරි ගී
අන්වය :- ඔයුන් පැති හොත් තමහට් අස්වැසිලි තැනජ මිනිස් අසරැය් 2 මිනිසුන් දැක්මෙ ඇස් අරැය් ම හැදවෙය.
අර්ථය :- මහවල වැසියකුවූ දළසෙන් (නම්) පැවිද්දාගේ ගී යයි.
ඔවුන් පැතු මාහට (තමහට) අස්වැසිලි නොමැති වුවද, මනුෂ්යපවාසයකැයි (සිතා) මිනිසුන් දැකුමට ඇස් මෙහෙයූ මම ඔවුන් වෙතට අදිනු ලබයි.
1. ‘ඇරැ + යි’ යනු විසින් කියවිය යුතුයි. 2. ‘අර’ ධාතුයි සං. ආ + √ රුහ්
විස්තර :- කාලය - 8 වෙනි ශත වර්ෂ+යේ අවසාන භාගය
වෘත්ත - දෙවැනි හා සතරවැනි පාදයන්හි අවසාන අක්ෂරර දීර්ඝඅ සේ ගතහොත් දුවඟ ගී විරිත ලැබේ.
344. ස්වස්ති අග්බොය්මි ලීමි.
නිල්ක(ට්)රොළ මලෙකැ ඇවුණු වැට්කොළ මල සෙය් සැන්දැොගැ සිහි වෙන්නෙය් මහනෙල්වන (හ)ය් රන්වන හුන්
අන්වය :- මහනෙල් වන හය් හුන් රන්වන නිල්කට් රොළ මලෙකැ ඇවුණු වැට්කොළ මල සෙය් සැන්දැනගැ සිහි වෙන්නෙය්.
අර්ථය :- මහනෙල් වන්(තැනැත්තිය ) සමග හුන් රන්වන් (තැනැත්තිය) නිල් කටරොළු මලෙක ඇවිණි වැටකොළු මල මෙන් සන්යාෙ වේදී සිහිපත් වෙයි.
1. සැන්දැි + අග.
සීගිරි ගී 285
විස්තර :- කාලය - 8 වන ශත වර්ෂනයේ අවසාන භාගයට අයත්ය.
වෘත්ත්ය - 4 වැනි පාදයෙහි මාත්රාශවක් අධිකව ඇති හෙයින් යාගී විරිත නොලැබේ. දුවඟ ගී විරිත සඳහා මාත්රා වක් අවශ්ය ව පවතී. ලෙඛකයාගේ ප්රාමාදයෙකින් අක්ෂයරයක් නොලියවි ගියේ නම්, දුවග ගී විරිතින් රචනා වූවකැයි කිව හැක්කේය.
335. අවුජු බලයු හිමබියැක ගල්බෙයන්ද වුසු වටැ ගිය (සෙ)ය්නි පැනෙයි එත ගැහැනිහු මින්දියබියෙන් අබයගිරිවෙහෙරැ සෙන්දෙවියා ගී.
අන්වය :- ගල් බෙයන්දන වුසූ හිමබියැක අවුජු බලයු මින්දි බියෙන් ! ගැහැනිහු එත වටැ ගිය සෙය්ති පැනෙයි.
අර්ථය :- ගල් බෙයද විසූ කාන්තාවක 1 දෙස බලන්න. උඩඟු තැනැත්තියෙනි!2 ගැහැනුන් (මෙහි) එත කල්හි තොප වටයෙන් 3 ගිය සේ පෙනෙයි.
අබයගිරි වෙහෙරෙහි සෙත්දෙවි (නමැත්තාගේ) ගීයයි.
1. හිම බියැක. 2. මින්දිහබියෙන්. ආලපන විභක්තියි. 2. වටේට වටේට.
අනිකුත් ගැහැණුන් එන කල්හි ඔවුන් සමුවීටම නොකැමති හෙයින්දෝ ඔවුන් මග හරිමින් සීගිරි කතුන් පව්ව වටා ගිය බවක් මින් අදහස් වෙයි.
විස්තර :- කාලය - 8 වෙනි ශත වර්ෂ යේ අවසාන භාගය.
වෘත්තය - යොන් ගී.
286. සීගිරි ගී
336. කිකලමි ලීමි.
ලී කෙනෙක් ෙ(න)) ෙ(ව ද)ත් මෙ දෙඩි (නි) යා තමන් ෙ(ම)න් රන ෙ(ම)) නර අව වනබිත නටයි ගියෙ එ පතු ද ෙ(කාස්)
අන්වය :- ලී කෙනෙක් දත් නො වෙ. තමන් මෙන් මෙ දෙඩි නියා! රනමොනර වන බිත අව එ පතු කොස් ද නටයි ගියෙ.
අර්ථය :-කිතල (නැමැත්තා) වෙමි.( මෙය)ලිමි
(මෙය) ලී තැනැත්තා (කවරේදැයි) නොම දැනේ. තමන් (විසින් ලියූවක් මෙන්) ඔහු දෙඩු නියාව! රන මොනරා වන පෙදෙසට පැමිණි කල, එතනට (පත්) කොවුලාද 1 නටා ගියේය.
1. කොස් - කැටපත් පවුරෙහි මේ වචනය කියවා ගෙන ඇති ආකාරය සැක සහිතයි.
විස්තර :- කාලය - 9 වෙනි ශත වර්ෂ ය
වෘත්තය - යා ගී.
337. ස්වස්ති
කළ මෙ වරජක් නැතජ් මෙසෙ උනො හිමියම්බුයෙන් පලන්දු මෙ මල් කඬ් සිරිබර්නි ලබුයට් අත් රුකුරයු
අනුරා ගී
අන්වය :- කළ වරජක නැතජ් මෙසෙ මෙ උනො. හිමි යම්බුයෙන්! පලන්දු මෙ මල් කඩ් සිර්බර්නි අත් ලබුයට් රුකුරයු.
අර්ථය :- යහපතක් වේවා!
කළාවූ වරදක් නැතද මෙසේම (සිදු)වීය. කාන්තාවෙනි! (මව්සින්) (තොපට) පැලඳවු මේ මල් කඩෙහි ශ්රිව භාරය (සඳහා) තොප අත්, පිපුණු මල් කිනිත්ත 1 දෙස දිගු කරවු 2 අනුරා (නමැත්තාගේ) ගී යයි. සීගිරි ගී 287
1. ලබුයට් සං බම්බක 2. රුකුරයු. ‘රුකුර’ ධාතුයි.
විස්තර :- කාලය - 8 වෙනි ශත වර්ෂ යේ අවසාන භාගය
වෘත්තය - එළු සඳැස් ලකුණෙහි නොලැබෙන විරිතකි. ප්රාථම පාදයෙහි එක් භ්රසස්ව මාත්රාුවක් අඩුකර දෙවැනි පාදයෙහි එන ‘නො’ අක්ෂරරය දීර්ඝයක් සේ සැලකුව හොත් දුවග ගී විරිත ලැබේ.
338. .i බෙයදහි රන්වනින් තොප ජල උදහ මා කුමට් නොජත්තමහ මනා සෙ ඔරම කැරැ ඇසිරැස් ආනට්
.ii නො මෙ බණත අ මා අයදි මෙසෙය් උගැන්වූ මිදිබි කරම ම(ය්) මෙසෙය් අවුජු අනුරා කියු සෙය්නි
අන්වය :- .i බෙයදහි රනවනින්! තොප උදහ කුමට් මා ජල මනාසෙ නොදත්තමහ. ඇසිරැය් ආනට් ඔරම කැරැ
.ii මය් නො මෙ බණත මිදිබි කර මෙසෙය් අම අනුරා කියු සෙය්නි අවුජු අයදි උගැන්වු.
අර්ථය :- .i බෙයදෙහි රන්වන් (කතුනි!) තොපගේ උදහස කවර හෙයින් මා දවාදැයි1 මනාසේ නොදත්තෙමු. (තොප) ඇසුර (පතා) ආ අයට (එසේ) නොකරවු 2
.ii මා සමග කථානොකරන අහංකාර තැනැත්තිය 3 වෙත මෙසේ පැමිණි මා (විසින්) අනුරා කියූ සෙයින් මෙසේ අවුත් අයැදුමක් ඉදිරිපත් කැරිණි. 4
1. ජල 2. ඔරම - සං. අවරාම 3. මිදිබි. 4. උගැන්වූ. සා උද් + .√ ග්රාහ්.
නො: 337 වැනි ගීය ලියන ලද්දේ අනුරා නමැත්තකු විසිනි . 288 සීගිරි ගී
විස්තර :- කාලය - 8 වෙනි ශත වර්ෂකයේ අවසාන භාගය.
වෘත්තය - .i දෙවැනි පාදයෙහි ‘ම’ අක්ෂනරය දීර්ඝයක්සේ ලියැවී ඇත. එය භ්රනස්වයක්සේ ගෙන, තුන්වැනි පාදයෙහි අවසාන අක්ෂ7රය දීර්ඝයක් සේ උච්චාරණය කළ හොත් දුවඟගී විරිත ලැබේ.
.ii සතරවන පාදයෙහි අවසාන අක්ෂබරය දීර්ඝයක්සේ ගත හොත් බමර ගී විරිත යි.
339. ස්වස්ති සෙනුලුහු ගී.
තමහට ඇලුම නැති ගැහැනිනට කළ සෙනෙ නුබ කියැවිටි අයුර ලියවන්නෙ සිතවැටි පහරවු.
අන්වය :- තමහට ඇලුම නැති ගැහැනිනට නුබ කළ සෙනෙ කියවිටි අයුර ලියවන්නෙ. සිතවැටි පහරවු.
අර්ථය :- යහපතක් වේවා!
සෙනුල (නමැත්තාගේ) ගීයයි. තමහට ඇලුම් නැති ගැහැනුන්ට තොප කළ සෙනහය, කියවිය යුතු අයුරින් ලියවන්නේය. (තොපගේ) චිත්ත ස්වභාවය පළකරවු.
විස්තර :- කාලය - 8 වෙනි ශතවර්ෂවය
වෘත්තය - එලු සඳැස් ලකුණෙහි නොලැබෙන විරිතකි.
340. පරත්තැ සෙන් ගී
ගමනැ කැළැකිර්ලි තුනුවත් ළසොව් තැව්ලි නුයුනින් කොට් අස්වැස්ලි තොමො හළ් බෙයන්ද් කත් ලි.
සීගිරි ගී 289
අන්වය :- කැළැකිර්ලි ගමනැ, ළ සොව් තැව්ලි තුනුවත්, කත් ලි නුයුනින් අස්වැස්ලි කොට්, බෙයන්ද් තොමො හළ්
අර්ථය :- පරත්තැ සෙන් (නමැත්තාගේ ) ගී යයි.
(සිත) කළකිරුණු සවභාවය ගමනින්ද, හෘදය ශොකය හා තැවලිය වැහැරැණු මුහුණින්ද 1 (පළ කෙරෙන) ශොභන කාන්තාව 2 නෙතින් කඳලු 3 ධාරා වගුරුවා, 4 පර්වෙත ප්රාලන්තය තොමෝම හැර දැමුවාය.
1. තුනු වත් 2. අස්. 3. කත් ලි 4. වැස් ලි
විස්තර :- කාලය - 8 වෙනි ශතවර්ෂියේ අවසාන භාගය
වෘත්තය - 2 වන හා 4 වන පාදයන්හි අවසාන අක්ෂසර දීර්ඝ සේ ගතහොත් ගජගැමි විරිතයි. එළිසම පද්ය යෙකි.
341. පෙරෙ කල්හි පින් නොකොට සිටියනහ(ට නො)මෙ(වු) රතගුරෙබු රන් ගිනියම් නො දත් (වි) ද කා නො මුයු(න්)
අන්වය :- මෙ වු පෙරෙ කල්හි පින් නොකොට සිටියන හට නො? රත්ත අගුරෙ එබු රන් ගිනියම් කා නො දත් වි ද? මුයුන් නො.
අර්ථය :- ‘මේ වූයේ පෙර කල පින් නොකර සිටියවුනට නොවේද?’ ‘රත් අඟුරුවල එබු ගිනියම් (වන බව) නොදන්නෝ කවරහුද ?’ (එය) මොවුල් නො(දත් බඳුය).
විස්තර :- කාලය - 8 වෙනි ශතවර්ෂහයේ අවසාන භාගය හෝ 9 වෙනි ශතවර්ෂ යේ මුල් භාගය විය හැකිය.
වෘත්තය - පළමුවන පාදයෙහි අවසාන ‘නො’ අක්‍ෂරය දීරිඝයක් සේ උච්චාරණය කළහොත් යාගී විරිත ලැබේ.
19
290 සීගිරි ගී
342. (නෙ)ත් (හැ)ජි (බ)ල(ත) වෙ(ත) උඩු(හු)රු (ල)ත් නුර ලැබුයෙ දෙන ල(බය) තොරො වි යනු නොත් අරතර් කරවන
අන්වය :- උඩුහුරු ලත්, (ම)වෙත් නෙත් හැජ බලත නුර ලැබුයෙ දෙන ලබය, නෙත් අරතර් කරවත, තොරො වි යනු.
අර්ථය :- වැලපෙන 1 (මා)වෙත (ඇය) නෙත් ඇද බලන කල්හි (ම විසින්) අනුරාගය ලබන ලද්දේය. (ඇගේ ප්රේ(මය නමැති) දීමනාව 2 ලබා, (ඇය) තෙත් දැඩී කරන 3 සඳ, ඉවත් වි යන්න 4
1. උඩුහුරු. 2. දෙන ලබය දෙනු ලබා යනු අර්ථගයි 3. අරතර් කරවන 4. කාන්තාව දුටුවිට මොහු හැඬු හෙයින් එවිට ඇය අනුරාගික බැල්මක් හෙලූ බව මේ පද්ය යේ පළමුවන කොටසින් අදහස් වෙයි.
විස්තර :- කාලය - 9 වෙනි ශතවර්ෂඅයේ මුල් භාගය
වෘත්තය - තුන්වැනි, සතරවැනි පාදයන්හි අවසාන අක්ෂ ර දීර්ඝසේ ගතහොත් යාගී විරිතයි.
343. හිසැනීලි මෙ ලී. කනැපතැ පෙරැන සැජු යොහොමු දැන් නන නිලි (තෙ)මෙ හෙළ්පටි(න්) අත මල් දැමි තොමො (ඔ) මූකා වෙය් සිහිගිරි.
අන්වය :- කනැපතැ පෙරැන සැජු යොහොමු දැන් තෙමේ තන නිලි. හෙළ පටින් තොමො අත මල් දැමි. ඔ සිහිගිරි මුකා වෙය්.
සීගිරි ගී 291
අර්ථය :- හිසැනිලි (නමැත්තා) මේ ලීය. කත්පෙත්තේ ඉදිරි පාර්ශ්වය සැදූ යොහොඹු 1 (මල) මෙකල, තෙමේම, පයොධරයෙහි ලග්නවීය. 2 සුදු පටින්3 (ගෙන) තොමෝම අතෙහි මල් දැමුවාය. ඕ සිහිගිරියෙහි ගොළු තැනැත්තියක වෙයි! 4
1. සං. අතිමුක්ත යන්න හා සසඳනු 2. නලි. (සං නි + √ ලි. – ‘තිලවා’. කාව්යහ ශෙඛරය X 62 ) ‘නිල’ ධාතුයි. 3. හෙළ් පටින්. - සැක සහිත තැනෙකි. පට. (සං. පට්ට - ‘පට’ කාව්යෙශෙඛරය. X 122 ). සේද, අනගි පිළිය, කිරීටය යනාදී අරුත් ඇත්තේය. 4. සීගිරි කතුන්ගේ ගොළුබව සඳහන් කළ අයට එල්ලකළ උපහාසයකි. මල් රැගෙන සංඥා කළ බව කියන මේ කවියා මේ කතුන් කෙරෙහි ගොළු බවක් නැතැයි කීමට තැත් කළ සේ පෙනේ.
විස්තර :- කාලය - 9 වෙනි ශත වර්ෂේයේ අවසාන භාගය.
වෘත්තය - සතරවැනි පාදයේ අවසාන අක්ෂ රය දීර්ඝයක් සේ ගතහොත් දුවග ගී විරිත ලැබේ.
344. (ස්ව ස්ති) (බෙයන්ද්) ඔයුන් නැගී බලය් මෙයද් සිට්වය් නො මෙ බණනු කෙළ කෙසෙය කසබුරජ් එදවස් මෙ(න්).
අන්වය :- ඔයුන් එදවස් කසුබු රජ් මෙන් බෙයන්ද් නැගී මෙයද් බලය්, සිට්වය්, නො මෙ බණනු කෙසෙය කෙළෙ?
292. සීගිරි ගී
අර්ථය :- (යහපතක් වේවා!)
ඔව්හු, එ දවස කාශ්යතප රජු මෙන්, බෙයදට නැගී මැයද බලා, (එසේම) සිටුවා, කථා නොම කරන අයුරින් (තැබීම) කෙසේ නම් කළාහුද ?
විස්තර :- කාලය - 8 වෙනි ශතවර්ෂරය
වෘත්තය - කව් ගී
345. තොප නුයුතමහනෙලැ ගිජ සසනින්ද බැලමෙ පුලුන්දුග
මෙනෙ මයි කෙබන්දි හෙජි කෙළෙ වරනන ආ නු බැලමට පොයා ලියි ගී
අන්වය :- වරතන! තොප නුයුන මහනෙලැ ගිජ, සසනින්දී බැලමෙ පුලුන්දුන, මයි මෙනෙ කෙබන්දී හෙජි කෙළෙ, බැලමට ආ නු ?
අර්ථය :- උතුම්වූ මුහුණක් ඇත්තීය ! තොප නුවන් මහනෙල්හි ගිජුව, සසිනිඳු බැලුමෙහි ලෝභීවූ 1 (හෙයින්) මා සිත කෙබඳු (අයුරින්) ඇදුනේද (යතහොත්) (තොප) බැලීමට ආයේ නොවේද ? පොය් (නමැත්තා) ලියූ ගීයයි )
1. පුලුන්දු් - සං ප්ර ලුබ්ධ ‘පුලුදු’ කව්සි. 85.
විස්තර :- කාලය - 8 වන ශතවර්ෂ යේ මුල් භාගය
වෘත්තය - එලු සඳැස් ලකුණෙහි නොලැබෙන විරිතකි. දෙවැනි පාදය එක් මාත්රාුවකින් ඌන වී නම් යා ගී විරිතයි.
346. මෙහි (ජ)නා මෙ කරන පියවි ද (සි)රජුන් ඇරැ නුව නින්ද්නිල්මිණි තොප දකුන් නො මෙ ඇසිරැ කළමො
අන්වය :- ‘සිරජුන් ඇරැ මෙහි මෙ ජනා කරන පියවිද’? ‘තොප ඉන්ද්තිල්මිණි නුවන් දකුත් නො මෙ ඇසිරැ කළමො’.
සීගිරි ගී 293
අර්ථය :- ‘සිංහ රාජයා තබා,1 ජනයා (විත්) මෙහි මේ කරන (දේ) ස්වභාවිකද?’2 ‘තොප ඉඳුනිල්මිණි නුවන් දකින කල, (ඔහු) නොම ඇසුරු කළෙමු.’ 3
1. ඇරැ - හැරදමා 2. පියවිද? සං ප්රතකෘති 3. පද්ය’යෙහි ප්රාථමාර්ධ ය, කාන්තාවන් විසින් ඔවුන් දක්නට ආ අයගෙන් අසනු ලබන ප්ර’ශ්නයකි ඊට ලැබුනු පිළිතුරු එයිනික්බිති ලැබේ.
විස්තර :- කාලය - 9 වෙනි ශතවර්ෂිය
වෘත්තය - කව් ගී
සෙත්- පවු දෙව්පැවිජ්ජන් ගී. ස්වස්ති තමා පැහැන් පැහැයම්නි සිට්මින් ගිරිතෙලෙ වහවමි ද කුම් සෙයින් (නො) ජැනෙය් දිගැස වර්වන්
අන්වය :- ගිරිතෙලෙ සිට්මින් තමා පැහැන් පැහැයම්නි, කුම් සෙයින් වහමිද ? නො ජැනෙය්. වර්වන් දිගැස !
අර්ථය :- සෙන් - පවු (නම් ස්ථානයෙන් පැමිණි) දෙව් (නම්) පැවිද්දාගේ ගීයයි. යහපතක් වේවා! ගිරිතෙලෙහි සිටිමින් තම පැහැයෙන් (එය) පැහැපත් කරමින් (සිටින තොප දැකුමෙන්) කවර අයුරින් වෑවෙම්ද ? (එය මට) නොදැනේ. උතුම් පැහැයක් ඇති දිගැසිය !
විස්තර :- කාලය - 8 වෙනි ශතවර්ෂ යේ අවසාන භාගය
වෘත්තය - යොන් ගී.
348. ස්වස්ති . රුහුණින් ආ උපතිස්පැවිජමි ගි(ය) ලීමි.
කියත් බොහො ජෙන අන්ද්ව (මෙහි)
ඇත නොබණන්නන්
බණ(ත සෙ)ය මැ කරමො ය යි බෙයන්දතහි
අරත සෙයි කියයි.
294 සීගිරි ගී
අන්වය :- ‘බණත සෙයි මැ කරමො’ යයි බෙයන්දයහි අරන සෙයි කියයි ‘මෙහි නො බණන්නන් අන්ද්ව ඇත’ බොහො ජෙත කියත්.
අර්ථය :- යහපතක් වේවා! රුහුණින් ආ උපතිස් (නම්) පැවිද්දා වෙමි. (මේ) ගීය ලීමි.
‘මැය කථා කරන (තැනැත්තියක) සේම කරමු’1 බෙයදට නැගෙන 2 අදහස 3 මෙසේ කියා ‘මෙහි කථා නොකරන්නවුන් අඳවා ඇත’ යි බොහෝ ජනයා කියත්.
1. බණත සෙයිමැ කරමො. 2. අරත ‘අර’ ධාතුයි. සං. ආ + √ රුහ්. ධ.අ.ගැ. 74. ‘අරයි’ 3. සෙයි ‘ආකාරය’ ‘අදහස’ යන අරුත් දිය හැකි බව පෙනේ.
විස්තර :- කාලය - 8 වෙනි ශතවර්ෂ්ය.
වෘත්තය - ප්රකථම පාදය ‘න්ද්’ යන්නෙන් කෙළවර වන සේ ගෙන, සතරවැනි පාදයෙහි අවසාන මාත්රා ව දීරිඝයක් සේ උච්චාරණය කළහොත් දුවඟ ගී විරිත ලැබේ.
349. .................. පැවිජෙමි. වලු බරලු මුකරුස් සිටින වන් විල (නො) අසල අසල ගෙය තිබි ද අසද්දති නටබිත ගතු වී (මෙ).
අන්වය :- අසද්දති! විල නො අසල වලු බර ලු මුකරුස් සිටින මෙන්, අසල ගෙය තිබිද මෙ නටබිත ගතු වී (මෙ).
අර්ථය :- ........................ පැවිද්දා වෙමි. අශ්රයද්ධාවත් තැනැත්තියනි ! විල සමීපයෙහි නොවූ 1 වලු බර ඇති 2 පුවක් ගසක් 3 සිටින මෙන්, (තොපි) අසල ගෙය තිබියද මේ නටබුන් බිත්තිය (නිවෙසක් මෙන්) ගත්තාහුය. 4
සීගිරි ගී 295
1. නො අසල 2. වලු බර ලු 3. පාඨ සම්බන්ධෙයට අනුව, මින් අදහස් කෙරෙන්නේ ජලාශ්රි තව හොඳින් වැවෙන ගසකි. වලු වල හටගන්නා ගෙඩි සහිත ගසක් බව ‘වලු බර ලු’ යන වදන් වලින් පෙනේ. ‘රුස්’ යනු වෘක්ෂර වාචී ශබ්දයෙකි. ‘මුක’ යන්න සං ක්ර්මුක ශබ්දයෙන් බිඳී ආසේ සලකා ‘මුක - රුස්’ යනු ‘පුවක් ගස’ යි අරුත් පවසා ඇත. 4. පුවක් ගස ජලාශ්රි තව තිබිය යුතුවාක් මෙන්ම, ගැහැණුන් සිටිය යුත්තේ නිවෙස් තුළය. මේ ගැහැණු නටබුන් බිත්තිය තම නිවෙස කළාහුය. එහෙයින් ජලය ඇති පෙදෙසකට දුරින් වැවෙන පුවක් ගසකට ඔවුන් උපමා කර ඇති බව වටහා ගත හැකිය.
විස්තර :- කාලය - 9 වෙනි ශත වර්ෂාය
වෘත්තය - යා ගී.
350. නෙළියැ වැසි කසැබ හිමියන් ගෙ ලෙණ්සිව්මි මය් ගී
.i බෙයන්ද් හෙළිල්ලන් සිටි මන්ද්සිනා සොබ්නා බණය් ඇ විසි මල කෙළි සිහි නැ වහලට් කුම් පිරික්සි
.ii සොබි ගැහැනි ලියක් බෙයන්ද් මල්දම් ගත් මන ගත්තෙයින් අන්ත(ට්) නො දින්මි අර්වන් මන ම න(මා)
අන්වය :- .i මන්ද්සිනා සොබ්නා හෙළිල්ලන් බෙයන්ද් සිටි. ඇ විසි මල කෙළි බණය්. සිහි නැ. වහලට් කුම් පිරික්සි ?
.ii බෙයන්ද් මල්දම් ගත් සොබි ගැහැනි ලියක් මත ගත්තෙයින් ම මත නමා අර්වත් අන්නට් නො දින්මි.
296. සීගිරි ගී
අර්ථය :- කසැබ හිමියන්ගේ (වංශයෙහිවූ), නෙළි 1 (නම් ස්ථානයෙහි ) වැසි ලෙණ්සිව් (නමැත්තාගේ ) ගීයයි.
.i මඳ සිනාවෙන් හොබනා ලස්සන ගැහැණු 3 බෙයදෙහි සිටිති. ඇය විසිකළ 3 මලින් (ඇගේ) ක්රී,ඩා (මත්තභාවය) ප්ර්කාශ වේ 4 (එහෙයින් මට) සිහි නොමැත. (මට) ආධාරයක් 5 (වශයෙන්) කුමක් සෙව්නා 6 ලදද ?
.ii බෙයදෙහි මල්දම් ගත් ශොභන 7 ස්ත්රීි ලතාවක් 8 මා සිත ගත් නමුත් (ඔවුන්) මා සිත නමා හැරගන්නා 9 කල (එය) අන් අයට නුදුන්නෙමි.
1. නෙළියැ යන්නෙහි ප්ර කෘති රූපයයි. 2. හෙළිල්ලන් 3. ‘වර්ෂ්ණය කළාවූ’ යන අරුතද දිය හැක. 4. බණය්. 5. වහලට් 6. පිරික්සි. 7. සොබි. 8. ගැහැනි ලියක් 9. අර්වත්. අසම්භාවන ක්රිහයායි. ‘අර’ ධාතුයි. සං √ හෘ ධ.අ.ගැ. 283. බලනු.
විස්තර :- කාලය - 8 වෙනි ශත වර්ෂහයේ අවසාන භාගය.
වෘත්තය - ගී දෙකම බඳනාලද්දේ බමර ගී නම් විරිතිනි.