සීගිරි ගී-2-විවරණය i
සීගිරි ගී (ද්විතීය භාගය)
351. බෙයන්ද් නැගී බැලූමො රත්වනුන් අතුරෙන් හිණැ පිළි ලිහිලස් කතක් ද අප හිමබුයුන් හො1 සිරිදා අග්බොය්මි ලීමි
අන්වය :- බෙයන්ද් නැගී රන්වනුනු අතුරෙන් හිණැ පිළි ලිහිස් කතක් බැලූමො හො අප හිමබුයුන් ද?
අර්ථොය :- බෙයද නැග රන්වන් (තැනැත්තියන්) අතර සිටි හිණෙහි වස්ත්ර ය ලිහිල් වූ කතක දෙස බැලූමු ඇය අප අඹුව ද? සිරිදා අග්බෙය් (නැමැත්තා) වෙමි. (මෙය) ලීමි.
1. මේ ගී නො. 37 වැනි ගීය හැ හැත්පසින්ම එකාකාරය
විස්තර :- කාලය - 8 වෙනි ශතවර්ෂ්යේ අවසාන භාගය වෘත්තය - කව්ගී
352. ත හයි ත යත් යමි යෙවි පිය ත ළ ගල වී
තද වෙත ළ කරව ලී තද මයි බෙ(යදැ) කරවය
අන්වය :- ‘ත යත්, ත හයි යම්’ ‘ ත ළ ගල වී පිය යෙවී.’ ‘තද බෙයදැ කරවය මයි ළ ත ද වෙත කරව ලී’
අර්ථතය :- ‘තොප යන කල (මම ද) තොප සමය යමි.’ ‘තොප ළය ගල් වී (ඇති හෙයින්) (තොප) ප්රිලයයා (තොප විසින්) යවා ඇත.’ ‘(මෙවැනි) තද බෙයදෙක කරවා (තබා) ඇති හෙයින්, (ඔහු_)2 මා ළය තද වන සෙයින් කරවා ලීය.’
1. සිත්තම් ඇඳ වූ කාශ්ය ප රජතුමා
විස්තර :- කාලය - 8වෙනි ශතවර්ෂදය වෘත්තය - යොන්ගී
118 සීගිරි ගී
353. (ස්වස්ති)1 (මළ වි ද ඔයු)න් රන් අතින් ගත් බ(ව) මල්දම් ඇ(තිවෙ)ය් දු ලයු තොප් ගල්කළ තද්ළ ඇත්තෙන් මුත්
අන්වය :- තොප් ගල්කළ තද්ළ ඇත්තෙන් මුත්, ඔයුන් මළ වී ද, රත් අතින් මල්දම් ගත් බව ලයු ඇති වෙය් දූ?
අර්ථමය :- යහපතක් වේවා!
තොප ගලින් කළ තද ළය ඇති බැවින් මිස2 ඔහු මළේ වුව ද,3 රතු අතින් මල් දම් ගත් බවක් සැබවින්ම (තොප කෙරෙහි) ඇති වේ ද?
1. මේ වචනය ලියැවී ඇත්තේ නාගරී අක්ෂඇර වලිනි;
2. ඇත්තෙන් මුත්
3. සිත්තම් ගත වූ ගැහැණුන්ගේ සවාමියා (රජතුමා) යනු අධ්යා හාරයි
විස්තර :- කාලය - 8වෙනි ශතවර්ෂියේ අවසාන භාගය වෘත්තය - පළමුවැනි පාදයෙහි එක් අතිරෙක මාත්රානවක් වී නම් යාගී විරිතයි.
354. ලම්බු කැරැ (එ)ක පස තබය අතහි අති ළග කොට ගත අතහි මලකඬෙ එක බල සි (ටි) රතවන කුළැහි
මණලන ගී
අන්වය :- පස ලම්බු කැරැ, අතහි අත ළඟ කොටැ තබය, අතහි මලකඬෙ ගත බල එක රනවන කුළැහි සිටි.
අර්ථකය :- පැත්තකට ඇලවී,1 (එක්) අතක් (අනික්) අතකට තබා ළං කර2 අතින් මලක්3 ගෙන බලමින් එක් රන්වන් (ලියක් (ගල්) කුළෙහි සිටින්නිය.
මණල (නැමැත්තාගේ) ගීයයි.
සීගිරි ගී 119
1. ලම්බු කැරැ - එල්බ ගෙන යනු විසින් ද අරුත් කිව හැකිය
2. ළඟ කොට - ළග = සං ලග්න.
3. මලකඬෙ - මෙහි ‘කඬෙ’ යනු නිපාත පදයකි යකඩ, තඹ ලොකඩ යන වචන හා සසඳන්න.
විස්තර :- කාලය - 8වෙනි ශතවර්ෂ ය වෘත්තය - යාගී
355. කියබු සුරල නළල අතර ලියුණ වරල එක පසෙක මෙබිතදෙසින් මලදමක ඇජැ දෙ යෙමිනි ලබුයට
පියල් (බති) මෙ ගිය ලියා දල ආ.
ඇලෙ වැ එක අතනි එනු කිර එකපසෙක (සිට) මහනෙලපැහැසමවනක රතඅතනි මලදමක අජමිත.
අන්වය :-
i නළල අතර කියුබු සුරල ලියුණ වරල එක, මෙ බිත දෙසින් පසෙක ලබුයට මලදමක ඇජැ දෙ.
ii. මහනෙල පැහැ සමවනක රත අතනි මලදමක අජමින එක අතනි ඇලෙ වැ එකපසෙක සිට, කිර, එනු.
අර්ථවය :-
i. නළල අතර කියුඹ1 සහිත ව එතී ගිය2 ලිහිල්3 වරල4 ඇති එක් (කතක්) මේ හිත්තිය දෙසින් පසෙකට වී පහතට5 යමින් මල් දමක් ඇද6 දෙයි.
මේ ගීය ලියා පියල් බති (නමැත්තා) ආයේය.
ii. මහනෙල් පැහැය ඇති සම්පන්7 එකියක්, රන් අතින් මල්දමක් අඳිමින්, 8 එක් අත්කින් ඇලව, එක් පසෙක සිට සැබවින්ම,9 එන්නීය.
120 සීගිරි ගී
1. කියබු - කියඹු. (සං, අලක)
2. සුරල = සරල්, (පා. කුඤ්චිත), ජා. අ. ගැ. 49
3. ලියුණ = සං. ශ්ලථ් - ව. සිං. ලිහනවා.
4. වරල්, වරල, වරලස, වරලසෙ ඈ විසින්ද යෙදෙහි. (සං. වාල)
5. ලබුයට - (සං ලම්බිත)
6. ඇජැ - (සං. අඤ්චි)
7. සම් = සං. ශ්යචම.
8. අජමින - ‘ගෙන’ යනු විසින් ද අරුත් කිව හැකිය
9. කිර - (පා කිර) අවධාරණර්ථ්යෙහි යෙදෙයි.
විස්තර :- කාලය - 8 වෙනි ශතවෂර්යේඅ අවසාන භාගය. වෘත්තය - i දුවගගී. ii පළමුවැනි පාදයෙහි එක් මාත්රාසවක් අදික ව ද, අවසාන පාදයෙහි එක් ඌන ව ද තිබුණි නම් දුවඟගී විරිතයි. පළමුවැනි පාදයෙහි අවසාන අක්ෂගරය දීර්ඝ යක් සේ සලකා, සතරවැනි පාදයෙහි ‘රත අතනි’ යනු සන්ධිස කර උච්චාරණය කළ හොත් එම විරිත ලැබේ.
356. ස්වස්ති පොත් දෙව්මි මෙ ගී
ජිවෙල් ගෙනයින් මෙ සිරිබර්නි මයි ආ රස බැලුමො ගුයුන බ(ල)න් බෙ(ය)න්ද්හි රන්වනුන් දුට්මො
අන්වය :- ජිවෙල් ගෙන අයින් මෙ සිරිබර්නි මයිරස ආ. ගුයුත බැලුමො. බලත් ෙබයන්දිහි රන්වනුන් දුට්මො.
අර්ථෙය :- යහපතක් වේවා! පොත් දෙව් (නමැත්තා) වෙමි. මෙ ගැයි.
සීගිරි ගී 121
ආහාරපාන1 රැගෙන මෙහි ආ සඳ, මෙහි සිරිබරින් මට රස (මතු වී) ආයේය. අහස2 බැලීමු. (එසේ) බලන කල, බෙයදෙහි රන්වන් (කතුන්) දුටුවෙමු.2
1. ජිවෙල්. ‘ආහාරපාන’ යන අරුත දීම සඳහා මෙහි යොදන ලදැයි සිතිය හැකිය. සෙල්ලිපිවල ‘ජිවෙල’ යනු යෙදී ඇත්තේ ජිවත් වීම සඳහා දෙනු ලබන ඉඩකඩම් හැඳින්වීම සඳහාය. (සං. ජිවිත)
2. ගුයුන (සං ගගන)
3. සීගිරියට ‘ජිවෙල්’ ගෙනවුන් අහස දෙස බැලුයේ මන්ද යනු සිතා බැලිය යුතුය. හිර මුදුන් වූ විට අහර ගැනීමේ කාලය එලඹි බව සැලකීමට වත්මන් කල වු ද සිංහලයින් පුරුදු වී ඇත. සිගිරියට අහර ගෙන ඒම නිසා, හිරමුදුන් මී ද යනු සලකා ගැනීමට අහස දෙස බැලීමට සිදු විය. එහි තවද ප්ර තිඵලයක් නම් පර්වගත පාර්ශ්වයෙහි සිටි කතුන් දැකීමය.
විස්තර :- කාලය - 8වෙනි ශතවර්ෂ්යේ අවසාන භාගය. වෘත්තය - පළමුවැනි පාදයෙහි අවසාන අක්ෂිරය දීර්ඝයයක් සේ ගත හොත් යාගී විරිත ලැබේ.
357. සග්බතිමි ගී
i. බැලුමො රිසිසෙයි බෙයන්ද්හී මෙ හිරියැත්ත දකුත් මෙ තොස් දි නැමි එ අතින් මල් මල්දමක් ලතති
ii. (එත සී) අමඩ්ලෙඩ් වුන තම්තොල් වුනා රසන් ගැළැ හුණ බන්දුස වන උඩ්වටු තනා ජනා මන ගන්නා මත ගල ගැනැ හුනා මෙතෙක් මෙ අත්තමිනා විධි රන්වනා (ස්වස්ති)
122 සීගිරි ගී
අන්වය :- i. බෙයන්දිහී මෙ හිරි ඇත්ත රිසිසෙයි බැලුමො. අතින් මල්දමක් ගතනී දකුත් මෙ, එන නැමී, තොස්දී
ii. සි එත අම්ලෙඩ් වුන; තොල් නම් වුනා; රසන් ගැළැ හුණ බන්දු් තනා උඩ්වටු වන. ගල මත ගැනැ හුනා ජනා මන ගන්නා රන්වනා මෙකේ මෙ අත්මිනා වීයි.
අර්ථටය :- සහ්බති (නමැත්තා) වෙමි. මේ ගැයී.
i. බෙයදෙහි මේ ලජ්ජා සහිත තැනැත්තිය රිසි සේ බැලූමු. අතින් මල්දමක් ගත් ඇය දිකිත් ම, ඕතොමෝ (අප ඇය දෙසට) නැඹුරු කර අපට තුෂ්ටිය ගෙන දුන්නාය.
ii. (දෙතොල්හි) සිනාව රැඳෙන්ම, කැකිරි ගෙඩියක1 බීජ පඩකතිය2 (එහි) තිබුණු බඳුය. (ඇයගේ) තොල් තඹ මෙන් (පැහැපත්) විය. රසනාදාමය ගැලැවී හුණ සෙයින් මෙන් පයෝධරයෝ උඩු කුරුවී සිටියාහ. පර්වනත මස්තකයට වී සිටි, ජනයාගේ සිත් (පැහැර) ගන්නා රන්වන් (ලිය කෙරෙහි) තිබුණු අවි3 මෙපමණක් මය.
යහපතක් වේවා ! 1. අමඩ් 2. ලෙඩ්
3. අත්තමිනා - අත්තම් + ඉන්+ ආ අත් + කම් (අත්තම්)
විස්තර :- අන් ගීවල මෙන් නොව මෙහි ‘ස්වස්ත’ යන වචනය ලියැවි ඇත්තේ පද්යතවසානයෙහිය.
කාලය - 8වෙනි ශතවර්ෂ්යේ අවසාන භාගය නැත හොත් 9 වෙනි ශතවර්ෂයයේ මුල් භාගය.
සීගිරි ගී 123
වෘත්තය - i. පළමුවැනි පාදයෙහි ‘ලු’, ‘මො’ අක්ෂපර දීර්ඝ සේ ගත හොත් යාගී විරිතයි.
ii. සමුදුරුගොස් විරිතින් බැඳි එළිසම සිවුපදයකි.
358. ස්වස්ති
i. (නො දෙ)යි කෙසෙය් සිතෙ(ය්) කළ (යහ)ගී අසා මෙය් බෙයන්ද්හි රන්වනන් අත ලූ ෙ(ද)පෙති (ම)හ(නෙ)ල්මලින් මල්
(ඔ)ජලු ගී.
ii. ගැහැනීලියක් බෙයන්ද්හි රන්වනුන් අ(ත)රෙ මන ම තමහට් මෙ ගත් හත්හි මල්දම් අතින් (මැ)ඩැලැ
ඕ (ජ)ලමි ගී.
අන්වය :-
i. කළ මෙය් යහගී අසා, අත ලු දෙපැති මහනෙල් මලින් මල් නො දෙයි කෙසෙය් සිතෙය්?
ii. බෙයන්ද්හි රන්වනුන් අතරෙ ගැහැනී ලියක් හත්හි මල්දම් අතින් මැඩැලැ ම මන තමහට් මෙ ගත්
අර්ථය :- යහපතක් වේවා!
i. (මා රචනා) කළ මේ ගහගී1 අසා බෙයදෙහි රන්වන් (ලිය) (තම) අත තුබූ දෙපෙති2 (සහිත) මහනෙල් මල්වලින් මල්, නො දෙයි දැයි (තොපහට) කවර හෙයින් සිතේ ද?
ඔජල (නමැත්තාගේ) ගීයයි.
124 සීගිරි ගී
i i. බෙයදෙහි රන්වනුන් අතර (සිටි) ස්ත්රීි ලතාවක්3 (එක්) අතක තුබූ මල්දම්(අතික් අතින්) මැඩ, ලා4 මා සිත තමහට ම ගත්තාය.
ඔජල (නමැත්තා) වෙමි. (මේ මගේ) ගීයයි.
1. ‘රසවත් ගීය’ යනුවෙන් ද අරුත් කිව හැකිය.
2. ‘දෙපෙති මහනෙල් මල්’ යනු කමුක් දැ යි අදහස් කර ගත නො හැක
3. ගැහැනිලියක්
4. මැඩැලැ = මැඩ + ල
විස්තර :- කාලය = 8වෙනි ශථවර්ෂිය වෘත්තය = i. දුවඟගී
ii. පළමුවැනි පදය ‘බෙයන්ද්හි’ යන්නෙහි ‘බෙ’ අක්ෂතරයෙන් කෙළවර වන සේ ගත හොත් බමරගී විරිතයි.
359. ස්වස්ති බෙයද්හි අද්භයි ආ දැන් සිත සෙ මෙ ගැහැනි ලියක් ඇති මන ම නැයුළ(වී) ද ලබුයුක් ගත් (වී) කිත් (සෙන්) පවිජ(න්) ගී ගලවි රි(ය)න්මි
අන්වය :- බෙයද්හි අද්හයි ආ දැන් ඇති මෙ ගහැනි ලියක් ලබුයුක් ගත් වී. අද්භයි සිත සෙ දැන් ආ ම මනද නැයුළ වී.
අර්ථය :- යහපතක් වේවා! බෙයදෙහි සිටින මේ කාන්තාව පිපුණු මල් කිනිත්තක්1 (අතින්) ගත්තීය. (ඇය කෙරෙහි) විශ්වාසය තබා ගෙන සිත් පරිදි (මෙහි) දැන් පැමිණි ( මාහට ඇය විසින්) ම සිතෙහි ද ශොකය2 ජනිත කරවන ලදී.
කිත්සෙන් (නමැති) පැවිද්දාගේ ගීයයි. ගලවි (නම් ස්ථානයෙන් පැමිණි) රියන් නමැත්තා වෙමි 3
සීගිරි ගී 125
1. ලබුයුක් = සං. ලම්බක.
2. නැයුළ = නියළ. (සං. නි + කෘෂ්)
3. මේ පුද්ගලයා තමාගේ නාමය කිත්සෙන් පැවිද්දාගේ නාමයට පසුව ලියුවේ මන්ද යනු කිව නොහැකිය. ගී රචනය පැවිද්සා විසින් ද එය කැටපත් පවුරේ ලිවීම රියන් නමැත්තා විසින් ද කළ බව ගත හැකියි.
විස්තර :- කාලය - 8වෙනි ශතවර්ෂැය වෘත්තය - පළමුවැනි පාදයෙහි අවසාන අක්ෂදරය දීර්‍න්යක් සේ ගත හොත් යාගී විරිත ලැබේ.
360. ස්වස්ති
ති සලමි ලබු කර සිටි (ෙ)ම(හි) අබුයුනි (ගලැ) (වන නිවැ)සි වල්මි තී යහ කො(ට්) මම් ඇ ගත්මි
අන්වය :- ‘මෙහි ගලැ සිටි අබුයුනි! ති ලබු කර සලමි වන නිවැසි ති වල් මී.’ ඇ යහ කොට් මම ගත්මි.
අර්ථය :- යහපතක් වේවා!
‘මෙහි ගල (මත) සිටි කාන්තාව! තොපගේ එල්බෙන හස්ත1 සොලවමි. 2 වනයෙහි නිවැසි ති. වල්- මීපැණි3 බඳුය’ ඇය යහපතැයි (කියා) මම (පිළි) ගත්තෙමි.
1. කර
2. සලමි - සං.√ වල්; සලය්, ධ. අ. ගැ. 261. ‘අතට අතදී ආචාර කිරීම, යන අර්ථිය මෙහි ඇතැයි සිතිය යුතුය.
3. වල් - මී. ‘කැලයෙන් ලබා ගන්නා මීපැණි, විය යුතුයි.
126 සීගිරි ගී
විස්තර :- කාලය - 8වෙනි ශතවර්ෂ ය වෘත්තය - දෙවැනි, සතරවැනි පාදයන්හි අවසාන අක්ෂ ර දීර්ඝය සේ ගත හොත් යාගී විරිතයි.
361. අවුලිහු ගී
කී පරැ ද මලදම හිමබු යක ඇතැ දි(ටි) මන ගති මා දෙතා බෙයද බෙලුම වතනෙය
අන්වය :- හිමබුයක අතැ දිටි මලදම් කී වරැජ ද, මා මන ගති යෙද බෙලුම දෙතා වනනෙය
අර්ථය :- අවුලි (නමැත්තාගේ) ගීයයි.
කාන්තාවකගේ අතෙහි දක්නට ලැබෙන මල් දමෙක්හි කවර වරදක්ද, (එය) මා සිත ගත් හෙයින් පර්වයත පාර්ශ්වය බැලීම වැඩිලව යෙන්1 (සිදු) වන්නේය. 2
1. දෙතා (සං දවි + තා; දිවි + තස්) ‘දෙගුණ ව, අදික ව’ යන අරුත් මින් ලැබිය හැකියි.
2. වනනෙය = වන්නේය.
විස්තර :- කාලය - 8වෙනි ශතවර්ෂනය වෘත්තය - දෙවෙනි පාදයෙහි අවසාන අක්ෂෙරය දීඝර්‍යයක් සේ ගත හොත් උමතුගී විරිතයි.
362. (ස්ව )ස්ති වජුර කිත්මි.
බෙයන්ද් අමො සි මැ ඇති හියරු බලය් ගත්මොු ගියක් ඇජ ලීමො රිසි සෙ බෙය්ද් ද බලය් ආමො
අන්වය:- බෙයන්ද් ආමා මැ සි ඇති හියරු බලය් ගත්මො. ඇජ ගියක් ලීමො. රිසි සෙ බෙයන්ද් ද බලය් ආමො
සීගිරි ගී 127
අර්ථය : යහපතක් වේවා! වජුර කිත් (නැමැත්තා) වෙමි.
බෙයද (කරා) පැමිණියෙමු මැයගේ සිනාවෙහි1 ඇති ස්වරූපය2 (භාවභාවය) බලා ගතිමු. අපි ගීයක් ලීවෙමු. රිසි පරිදි බෙයද ද බලා ආවෙමු.
1 .සි - ( සං සමිත) ; ධ. අ. ගැ 180 2. හියරු - (සං. ස්ව + රූප > සිය - රු). භාව භාවය විලාසය යන අරුත් මින් ගත හැකියි. සිතමු. එහෙත් මේ වචනය අන් තැනෙක නො ලැබෙන හෙයින් එහි නිරුක්ති සැක සහිතයි.
විස්තර :- කාලය - 9වෙනි ශතවර්ෂනය වෘත්තය - පළමුවැනි හා සතරවැනි පාදයන්හි ලැබෙන ආමො’ යන වචනයෙහි ‘අමො’ අක්ෂමරය දීර්ඝන සේ උච්චාරණය කළ හොත් යාගී විරිතයි.
363. නිල් විසැරබි (ෙ)මින් සනහ කි ලග වි බණමනා සැටි තා මා හෙළිලබට් වහ(ලි)න් දත
අන්වය :- ලග වී නිලි විසැරබි සෙවින් සෙරින් සනහ කී. හෙළිලබට් බණමනා සැටි මා වහලින් තා දත.
අර්ථ ය :- (ඇය) ළඟට පැමිණ වාඩි වී1, විශ්වාසී ව2 සෙමින් සහ රහසින්3 (ඔහු ඇයට තමාගේ) ප්රේ-මය කීය. රූමත් කාන්තාවට කථා කළ යුතු ආකාරය මගේ ආධාරයෙන් තොප (විසින්) දැන ගන්නා ලදී.
1. නිලි - (සං නි + √ ලි); නිලවා, කා. ශෙ. X -62
2. විසැරබි - (සං. විශ්රනම්භිත).
3. සෙරින් - ව. සිං. හොරෙන්, (සං. වෞර්ධ ය)
විස්තරය :- කාලය - 9වෙනි ශථවර්ෂනය. වෘත්තය - යාගී.
128 සීගිරි ගී
364. ස්වස්ති බොයලමි මයි ගී.
නිලබැමැසැව් හැජැ සුනිල්කි(ය)මුබුවැළනෙන් වන ලක් වි(දි) ම සිත් (සෙයි) දිග්ඇස් ඇස්හියෙන්
අන්වය :- සුනිල් කියම්බු වැළනෙන් නිල බැමැ සැව් හැජැ දිග් ඇස් දිග්ඇස්හියෙන් ම සිත් ලක්වන සෙයි විදි.
අර්ථඇය :- යහපතක් වේවා!
බොයල (නමැත්තා) වෙමි. (මේ) මගේ ගීයයි.
අතිශය නිල් වන් කියඹු වැළ (නමැති දුනුදියෙන්) නිල්බම (නැමැති) දුන්න ඇද, දිගැසිතොමෝ දිගු ඇස් (නැමැති) හීයෙන් මා හදවත1 ඉලක්කය සේ (ගෙන) විද්දාය.
1. සිත්
විස්තරය :- කාලය - 8වෙනි ශතවර්ෂ්ය. වෘත්තය - පළමුවැනි පාදයෙනි අවසාන අක්ෂවරය සහ දෙවැනි පාදයෙහි ‘බු’ අක්ෂරරය ද දීඝර් වශයෙන් උචචාරණය කළ හොත් යාගී විරිත ලැබේ.
365. කිතලු ගියි
ලබුතිරීයෙන් මා ලී ගන්තනි ස්වලී ගළවමිනි මලක් ආ (ත)බ(ය්) එහි රන්වනනට්
අන්වය :- මා ලී ලබුතිරීයෙන් ගතතනි සවලී මලක් ගළවමිනි එහි රනවනනට් තබය් ආ.
අර්ථ ය :- කිතල් (නමැත්තාගේ) ගීයයි.
මගේ භාර්යියාවගේ1 එල්බෙන උතුරු සළුවෙහි2 බහා ගත් සවලී3 මලක් ගළවමින් එහි (සිටි) රන්වනුන් (සඳහා) තබා (ආපසු) ආවෙමි.
සීගිරි ගී 129
1. ලී.
2. ලබු + උතිරීය. ලබු = සං. ලම්බිත උතිරීය = සං. උත්තරිය.
3. සවලී යනු අවිනිශ්චික මල් විශෙෂයකැයි ගන්නා ලදී. සං සංචලිත යන්නෙන් බිදී ආ වචනයක් සේ සලකත හොත් ‘තමහට අයත් වු’ යන අරුත දිය හැකිය යි සිතිය හැක.
විස්තර :- කාලය - 8වෙනි ශතවර්ෂුයේ අවසාන භාගය. වෘත්තය - කව්ගී
366 ලබු දෙවලු ගී
නිලපිළියක හනගු ලෙවන ජපක ගෙති සබද අප (යෙමි)නි බෙයදහි රතවනුන අතිරෙ
විස්තර :- මේ ගීය නො. 185 දරන ගීය හා සාකල්ය යෙන්ම සමානය සගල නමැත්තා ලියූ බවක් එහි කියැවි ඇත. මෙහි කතුවරයා ලබුරදෙවල නම් වූ අයෙකි. මේ දෙදෙනා අතරින් කාව්යරවෞරයා කවරේදැ යි දැන ගැනීම අපහසු වී ඇත. අක්ෂරර තත්වය අතින් බලන කල නො. 185 වැනි ගීයෙහි ලැබෙන අකුරු මදක් නූතන බව පෙනේ. එහෙත් මේ කරුණ ප්ර මාණ කර ගෙන එබඳු තීරණයකට එලඹිම අයෝග්ය.ය.
කාලය - 8වෙනි ශතවර්ෂයය වෘත්තය - දෙවැනි පාදයෙහි ‘ලෙ’ අක්ෂ රය සහ අවසාන අක්ෂතරය ද, සතරවැනි පාදයෙහි ‘රෙ’ අක්ෂරය ද දීර්ඝ් සේ ගත හොත් කව්ගී විරිත ලැබේ.
367. යත ජන්නයුන් රත් අත නිතතින පැහරැටි මධුර වජන අස අසැ හෙළිල්ලන් බල අය මා එ කවි ය(ත) ගී
5
130 සීගිරි ගී
අන්වය :- රත් අත් නිතනින පැහරැටි, මධුර වජන අස අසැ, හෙළිල්ලන් බල ජන්නයුන් යත, මා අය.
අර්ථයය :- (ඔවුන්ගේ) රතුවන් අත් නිතැතින්1 ස්පර්ශද කිරීමට2 ආශා වී, මිහිරි වදන්3 අස අසා , 4 රූමතියන් බලා, දතුවන්5 යන කල්හි, මම (ආපසු) ආවෙමි.
ඒ කවියා යන කල්හි ගැයි.
1. නිතතින - (නි + තත්); ව සිං නිතැතින් තැත් = යං යතිත >* තයිත >* තයත >තැන්, ධ. අ. ගැ. 99
2. පැහරැටි = පහර + අටි. ‘පහර’ ධාතුයි
3. මධුර වජන.
4. අස අසැ. ‘අස අසා’ යනුවෙන් අරුත් පවසන ලදි.
5. දැනගත් අය = උගත්තුන් ?
විස්තර :- කාලය - 8වෙනි ශතවර්ෂතය වෘත්තය - කව්ගී.
368. (නැත්ත)ක් නො කී මා ඇති බැවින් ම ඇස්හි දිසි තමා මෙ (ග)ල් බෙ(ය)න්ද් ගොස් නැති ද ඇති බලය් ග (න්)
අන්වය :- ම ඇස්හි ඇති බැවින් මා නැත්තක් නො කී. තමා මෙ ගල් බෙයන්ද් ගොස් ඇති ද නැති ද බලය් ගන්.
අර්ථ ය : - මා ඇස් (හමුවෙහි) දිස් වී ඇති හෙයින් ම විසින් අසත්යදයක් නො කියන ලදී. තමාම ගල් බෙයද (කරා) ගොස් ඇතිද නැති ද යනු බලා ගන්න.
විස්තර :- කාලය - 8වෙනි ශතවර්ෂකයේ අවසාන භාගය හෝ 9වෙනි ශතවර්ෂ යේ මුල් භාගය විය හැකිය.
වෘත්තය - යාගී.
සීගිරි ගී 131
369. කී යමො මෙදවස් ත ගී ලැසි නො යි කෙළි මා කෙ එත් තොප කෙරෙ වි එඩි එන් උනට් අක්මය් (වය්)
අන්වය :- ‘ත මෙදවස් ගී ලැසි නො යමො’යි මා කී කෙළි තොප කෙරෙ එඩි වී කෙ එත්? එත් උනට් අක්මය්මය්.
අර්ථතය :- ‘තොප මෙදින ගීවලට රිසි1 නො කරන බඳුය. (එහෙයින් අපි) යමු’යි ම විසින් කියන ලද්දේ කෙළියටය. තොප කෙරෙහි රොෂය2 (සහිත ව) කව රෙක් පැමිණෙයි ද? පැමිණෙන හොත් (ඔවුන්ට) කමත්ත.
1. ලැසි - ‘ලස’ ධාතුයි සං√ ලස්. අන්තැනෙක සමුනොවන වචනයකි.
2. එඩි වි - ‘රොස් වී’ යනු අර්ථ යි. ‘අහංකාරය’ යනු විසින් ද අරුත් පැවසිය හැක.
විස්තර :- කාලය - 9වෙනි ශතවර්ෂථය වෘත්තය - පළමුවැනි පාදයෙහි ‘මො’ අක්ෂ.රය දීර්‍වුයක් ගත් හොත් යාගී විරිත ලැබේ.
370. ශ්රීල රුහුණ් අග්බොය්හු ගී.
නො සිලි ලි ත එ ලි ලත් සැනැහැන්නන් වැජැජ් දුර් මෙනෙහි වසවත හජවය් කිය (ඇවි) ලි එක්තැන්ද ත්
අන්වය :- සැනැහැ ඇත්තන් දුර් වැසැජ් මෙනෙහ් වසවත එ ලි ත ලත් සිලි ලි නො? දත් ඇවිලි එක්තැන් හජවය් කිය.
අර්ථය :- ශ්රී් - රුහුණින් (පැමිණි) අග්බොය් (නමැත්තාගේ) ගීයයි.
132 සීගිරි ගී
(තම) ප්රේපමය ලද ඇත්තන්1 දුර (පෙදෙසක වසන නමුත් තම) සිතෙහි රඳවා ගන්නාසුලු2 එම කාන්තාව තා විසින් බලා ගන්නා ලදි. (ඇය) ධර්මිෂ්ඨ කාන්තාවක්3 නො වේ ද? (තා) දත් යාදිනි4 (සියල්ලම) එකතු කර ගෙන කියව 5
1. සැනැහැ + ඇත්තන්
2. මෙනෙහි වසවත - ‘සිත්හි රඳවා ගන්නා කල’ යනු විසින් අරුත් කිව යුතුව ඇත
3. සිල ලි = ගුණවත්, සදාචාරශීලී කාන්තාව යනාදී වශයෙන් ද අර්ථිය. සලකා ගත හැකියි
සිලි; සිල් = සං. ශීල
4. ඇවිලි - සං ආහ් වාන යන්න හා සසඳනු ‘යාඥාව’ යන අදහස ලැබේ. පුරුෂයකු ගෙන් ස්ත්රිහයකට අසන්ට ලැබෙන කන් කෙඳරිගෑම් ගැන අදහස් කළා විය යුතුය.
5. එක් තැන් හජවය් - එක් තැනකට ඇදගෙන, එක්කාස් කරගෙන යන අරුත් ලැබේ.
විස්තර :- කාලය - 8වෙනි ශතවර්ෂෙයේ අවසාන භාගය වෘත්තය - යාගී.
371. බෙයදහි උඩුගලැ පැහැ රනවනුන් දුටුමො බලා ගලා ගලා බසි ම සිත (බැන්දැ ) ලන්නා සෙයි
අන්වය :- බෙයදහි උඩුගලැ රතවනුන් පැහැ දුටුමො ගල් බලා ආ ම සිත බැන්දැග ලන්නා සෙයි ගලා බසි.
අර්ථය :- පර්ව ත පාර්ශ්වයෙහි ද,1 මස්තකයෙහි ද2 රන්වනුන්ගේ පැහැය දුටිමු. පර්වයතය බලා පැමිණ මගේ සිත බැඳ ලීමට මෙන් (එම පැහැය) ගලා බසියි. 1. බෙයදහි 2. උඩුගලැ
සීගිරි ගී 133
විස්තර :- කාලය - 9වෙනි ශතවර්ෂ යේ අවසාන භාගය. වෘත්තය - පළමුවැනි පාදයෙහි ‘හි’ අක්ෂඅරය සහ දෙවැනි පාදයෙහි අවසාන අක්ෂමරය ද දීර්ඝග ගත හොත් යාගී විරිත ලැබේ.
372. විජුරක්බො පැවිජ්ජන් ලී (මෙ) ගී.
(ෙ)නලෙන් වී පිරිපත නළල කෙහෙ පිටිහි හුණ මලදම ගැනැ ලියි විසිර බියපත් වැ අප බෙයන්ද නැගියෙ.
අන්වය :- නොලෙන් පිරිපත වී. නළල කෙහෙ පිටිහි හුණ මලදම ගැනැ විසිර ලියි. අප බියපත් වැ බෙයන්දී නැගියෙ.
අර්ථ්යැ :- විජුර් - අක්බො (නම්) පැවිද්දා ලියූ මේ ගීයයි.
සුළඟ නිසා බාධා1 වීය. නළලෙහි කෙස් පිටිපසට විසි වුනි (සුළඟ) මල්දම ගෙන විරස ලීය. අපි බියපත් වී බෙයද නැගීමු.
1. පිරිපත - සං. පරිපත්ථන. පිරිවත්, ධ. අ. ගැ. 32.
විස්තර :- කාලය - 8වෙනි ශතවර්ෂමයේ අවසාන භාගය. වෘත්තය - දුවඟගී.
373. සර(ද)රහු බ(ද්) ගී. ලබුපලුටක ළ සෙය් කත්නි මල්දමක් ගත් සෙ යම්හ යි හෙළිල්ලබු ගියෙ මහ වන් බෙයන්ද්හි කිපි සෙයි.
අන්වය :- කත්නි! මල්දමක් ගත් සෙ! ළ පලුටක ලබු සෙය්. ‘යම්හ’ යි හෙළිල්ලබු ගියෙ මහවන්, බෙයන්ද්හි කිපි සෙයි.
අර්ථය :- සරදර (නමැත්තා) බැදි ගීයයි.
134 සීගිරි ගී
කාන්තාවෙනි! (තොප) මල්දමක් ගෙන සිටින ආකාරය! (තොප) ළය වියල1 ලබුගෙඩියක්2 සේය. ‘අපි යන්නෙමු’යි (කියමින්) රූමත් කාන්තාව ගියාය. සමාවන්න! බෙයදෙහි (සිටි ඇය) කිපියා සේය
1. පලුටක මෙහි අර්ථ ය පැහැදිලි නැත ‘වියලි’ යනුවන් අරුත් පවසා ඇත්තේ මතිමාත්රෙ වශයෙනි.
2. ගීයෙහි ප්රතථමාර්ධ්යෙන් කතුන්ට අපහාසයක් කෙරෙයි. හිමියා මළ හෙයින් ඔවුන් මල්දම් පැලඳ සිටීම අයොග්ය බවත් එහෙයින් ඔවුන්ගේ හදවත් ඉතා දැඩි විය බවත් යනුවෙන් කියවෙන එම අපවාදය ඇසීමට නොකැමති කාන්තාවෝ නැගී සිට යාමට තැත් කරති. රචකයා එවිට ඔවුන්ගෙන් සමාව අයදියි.
විස්තර :- කාලය - 8වෙනි ශතවර්ෂ්ය. වෘත්තය - සතරවැනි පාදයෙහි අවසාන අක්ෂතරය දිර්ඝයයක් සේ ගත හොත් දුවගගී විරිත ලැබේ.
374. රුහුණ් වජැරා ශී
මන ම නියළි ජ කත දිගත් දී යනුයුනට (න)ගය ම දස වඩයි ඇස ත එය ද සිත් තය තමා.
අන්වය :- ම මන නියළි ජ, කත යනුයුනට දිගත් දී, ඇස නගය, ම දස වඩයි. තය සිත් තමා ත ද එය?
අර්ථිය :- රුහුණෙන් (පැමිණි) වැජැර (නමැත්තාගේ) ගීයයි.
මගේ සිත දොම්නස් කළ ද, කාන්තා තොමෝ, යන්නවුන්ට (තම) දිගු අත් දී, ඇස නගා, මා දෙස විහිදුවන්නීය.1 තොප සිත් (ඇය කෙරෙහි) නමා තො ද ආ2යෙහි?
සීගිරි ගී 135
1. වඩයි. මෙහි ‘ඉදිරිපත් කරයි’ යන අරුත ද ඇත්තේය
2. එය - ‘එ’ ධාතුයි. සං. ආ + √ එ
3. ස්ත්රී5න්ගේ චපල භාවය ගැන මෙහිදී රචකයා කරුණු ඉදිරිපත් කරයි. තමාගේ රාගය දැන වු එම ස්ත්රිචය ඔහු ඉදිරියෙහිදී ම අනෙකකුට ද පෙම් කරන්නීය. ඇගයේ අනුග්ර හය ලැබීමට තුන්වැන්නකු ද එමව ඔහුගේ මවිතයට කුරුණකි.
විස්තර :- කාලය - 8 වෙනි ශතවර්ෂනය වෘත්තය - දෙවැනි පාදයෙහි අවසාන අක්ෂරය දීර්ඝෙයෙක් සේ ගත හොත් යාගී විරිතයි.
375. ස්වස්ති
(දූ)තතුරා නොවෙහෙරා(බො)හි නිලල් ඔළ්කමුණන් අතවැසි තුන්ජනමො මෙ ගී සිතය් ලීමො.
බල(නු) තබය් දවස් යා නොහැ වී ද ලද රැයු නහමම්නි සිටියටහු දස නො දෙහි (බ)ලය් මිණිනුයුන්. ගැණැන්නමො.
අන්වය: බලනු තබය් දවස් යා නොහැ වී ද රැයු ලද තහම්මිනි සිටියහු දස බලය්. මිණිනුයුන් නො දෙහි?
අර්ථයය :- යහපතක් වේවා!
දුනතුරා1 - නා - වෙහෙර ඔළ් කමුණ2 (වන) ආබොහි නිලල් (තමැත්තාගේ) අතවැසි තුන්දෙනා (වන අපි) මේ ගීය සිතා ලීවෙමු.
(තොප දෙස) බලනු නො මැතිව3 දවල් කාලය ගත කළ නො හැකි වූව ද, 4 රාත්රිො කාලය පැමිණියේය. 5 (තොප දෙස) බලා සිටියවුන් 6 (සිටින) දිශාව බලමින්, (ඔවුන්ට තොප) නෙත්ර (නමැති) මාණික්ය යන් නො දෙන්නෙහි?
(අපි) ගෙනෙන්නෙමු. 7
136 සීගිරි ගී
1. නා - වෙහෙර පිහිටියේ දුනතුරා නම් ලද ග්රාගමයක විය යුතුයි.
2. iv වැනි මිහිඳගේ මිහින්තලා පුවරු ලිපියෙහි ද ලැබෙන මේ වචනයෙහි අර්ථරය අවිනිශ්චිතයි. ආගමික ආයතනයක රැකියාවෙහි යෙදුනු කිසියම් නිලධරයකු විය යුතුයි සිතමු
3. තබය් - ‘නො මැතිව’ යන අරුත දෙයි. ධ. අ. ගැ. 205
4. දවස් යැ නොහැ වී ද
5. රැයු ලද - ‘රාත්රිමය ලබන ලද්දේය’ යන අර්ථියි.
6. නහමම්නි සිටියහු නහම = සං. නි + √ සම් ධ. අ. ගැ. 57, නහමනුවහට = පා දස්යිනො
7. කතුන් විසින් දුන් පිළිතුරක් සේ සැලකිය හැකිය.
විස්තර :- කාලය - 8වෙනි ශතවර්ෂියේ අවසාන භාගය. වෘත්තය - යාගී
376. ස්වස්ති
අත් කිත් ගී
නො අස්වැසෙය් බලයි කී මේ මගින් යත් කිම් දැකැ ජ ඔයුන් ලයු විසු නෙවෙසුන් දකු මෙහි යෙහෙන්.
අන්වය : ‘බලයි නො අස්වැසෙය්. කී මෙ මගින් යත් කිම්?’ ‘ඔයුන් ලයු දැකැ මෙහි යෙහෙන් විසු නෙවෙසුන් ජ දකු.’
අර්ථ ය :- යහපතක් වේවා!
අත් කිත් (නමැත්තාගේ) ගී යයි.
‘(ඔවුන්) බලා අස්වැසීමක් නො ලැබේ. කියන ලද මේ මාර්ගකයෙන් ගියේ ද කිම්?’ ‘ඔවුන් සැපවින් ම දැකැ, මෙහි සැපතින්1 විසූ නිවාසයද බලව.’ 2
සීගිරි ගී 137
1. යෙහෙන් - ව සිං යහතින්, සතුටින්.
2. සීගිරියට පැමිණි අයකුට, පර්ව,තය මුදුනේ ඇති මාලිගයට යන පාර දිගේ යා යුතුයයි ඔහුගේ සගයා කිය. එහෙත් එයින් ලැබිය හැකි ප්රේයෝජනය කුමක් දැ යි ප්රයශ්න කළෙත් ඊට ලැබුණු පිළිතුරු එයිනික්බිති පළවෙ.
විස්තර :- කාලය - 8වෙනි ශතවර්ෂ ය වෘත්තය - කව් ගී.
377. ස්වස්ති
නිල් කඩ (සිරි) ගී ලි(ය) තනරනමලී රතඅතින ගත විලුවන් මලදම්සිරි නිනබු කියබු මා සෙ දුටුයුන අදවයි.
අන්වය :- ලිය තන රතමලී, රත අතින ගත විලවුන්, මලදම් සිරි, නිතබු කියබු , මා සෙ දුටුයුන අදවයි.
අර්ථෙය :- යහපතක් වේවා!
නිල්කඩ (නම් ස්ථානයෙන් පැමිණි) සිරි (නමැත්තාගේ) ගීයයි.
කාන්තාවගේ පයෝදරයෙහි (පැලඳි) රන්දාමය ද, රතු අතින් ගත් විලෙවුන් ද,1 මල්දමෙහි ශෙභාව ද, 1 මල්දමෙහි ශොභාව ද, පහතට නැමී ගිය2 අගකාවලිය ද3 (යන මෙකී එකිනෙක්ම) මා සෙයින් දුටුවන් අදවයි.
1. විලුවන් - සිං. විලෙපන. 2. නිතබු - (නි + නබු; සං. නම්රව) 3. කියුබු - (සං. අලක; ශ්යදමක.) ‘කියඹු’ යනු විසින් ද යෙදෙයි.
විස්තර :- කාලය - 9වෙනි ශතවර්ෂනයේ මුල් භාගය. වෘත්තය - ‘කියබු’ යන්නෙහි ‘ය’ යන්න තුන්වන පාදාන්තය සේ ද, සතරවැනි පාදයෙහි අවසාන අක්ෂ්රය දීර්ඝ්යක් සේ ද ගත හොත් දුවගගී විරිතයි.
138 සීගිරි ගී
378. දිමුත් වරලසෙ නිල් දුල්වන් මල් ගවසමින පැහැබර් තමා සිනවින් රන්වන් අවන් සිත් (ගත්) (මො) ළොබා වැසි සිරිනාපැ (වි) ඡඡමි.
අන්වය :- දිමුත් නිල් වරලසෙ දුල්වන් මල් ගවසමින, පැහැබර් රන්වන් තමා සිනවින් අවන් සිත් ගන්.
අර්ථිය :- දීප්තිමත් නිල්වන් වරලසෙහි බබළත පැහැය ඇති1 මල් ගවසා2 ගනිමින්, පැහැබර රන්වන් (තැනැත්තිය) තම සිනාවෙන් (මෙහි) ආවුන් සිත් ගත්තාය.
1. දුල්වන් - (දුල්, සා පවලිත)
2. ගවසමින - ‘ගවස’ ධාතුයි. (සං . අව +ඡද් අවච්ඡාදයති >* අවඡදති >* භවසයයි> ගවසයි; ‘ගවසා’ - සැ. ල. ස., 44 පද්යිය
විස්තර :- කාලය - 9වෙනි ශතවර්ෂතය. වෘත්තය - යාගී.
379. ස්වස්ති සිහින් පිළහන් අ(ග) නෙළිපල වන්න් ලිය තන කිය වලා සෙ පැනෙය කෙ ද බණවන්නො යෙහෙළියො
අන්වය : සිහින් පිළි හන් අග, නෙළිපල වන් තන ලිය කෙ වලා සෙ පැනෙය ද, කිය. යෙහෙළියො බණ වන්නො
අර්ථ,ය :- යහපතක් වේවා! සිහින් වස්ත්රයයෙන් වැසූ1 අඟපසඟ, නෙරළු පල2 බඳු පියොවුරන් ඇති කාන්තාව්ගේ කවර නම් දෙයක් වලා සෙයින් දිස්වෙයි ද3? කියව. (මෙසේ) යෙහෙළියෝ (ඔවුන්) බණවන්නාහුය.
1. හන් - ‘හැදගත්’ යන අර්ථවයි. සං ඥන්න. ඔ. අ. ගැ. 12
සීගිරි ගී 139
2. නෙළිපල - පොල් ගෙඩි, සං. නාරිකෙල සිදත 121, නැළි
පියොවුරව් නෙළි - පලවලට උපමා කර ඇත ද මෙහි නෙළි - පල යනුවෙන් ගත යුත්තේ ‘රන් - තැඹිලි’ විය යුතුයි. සිංහල ගැමියන් අතර මෙය සුලභ උපමාවකි.
3. පැනය - ‘පැනෙ’ ධිතුයි. වං සිං පේනවා, පා පඤ්ඤායති, සං. ප්රද + √ ඥා. පැනෙයි, ධර්මයප්ර 5.
ඉවිස්තර :- කාලය - 9 වෙනි ශත වර්ෂමය වෘත්තය - දෙවෙනි සහ සතරවෙනි පාදයන්හි අවසාන අක්ෂරර ද, සතරවෙනි පාදයෙහි ‘නො’ අක්ෂරරය ද දීර්ඝියක් ස් ගත හොත් යාගී විරිතයි.
380. ශ්රීය රුහුණ් බදස්හු ගී
(ඇ)ය විසි මල් බලය් නො මෙ බැණැ හි රසැත්තක් (නින)බු සුනිල් කියම්බු හෙළිල්ලම්බු ලම්බු සිත් මය්
අන්වය : රසැත්තක් නො මෙ බණැ හි ඇය විසි මල් බලය් නිනබු සුනිල් කියම්බු හෙළිල්ලම්බු මය් සිත් ලම්බු
අර්ථ්ය :- ශ්රීස - රුහුණින් (පැමිණි) බුදස් (තමැත්තාගේ) ගීයයි. රසවත් යමත් නොම කියා ගත හැකි1 ඇය (විසින්) විසුරුවන ලද මල් බලා - පහතට නැමුණු 2 සුනිල් කියඹු ඇති රූමතිය (කෙරෙහි) මගේ සිත එල්බෙයි.3
1. නො මෙ බැණැ හි - නො ම බැණ: හෙන, කියා ගත නොහෙන
2. නිතබු.
3. ලම්බු - අවසාන ක්රි යාව සේ සලකන ලදී.
140 සීගිරි ගී
විස්තර :- කාලය - 8වෙනි ශතවර්ෂායේ අවසාන භාගය. වෘත්තය - තුන්වන පාදයෙහි ‘මබු’ අක්ෂනරය සම්ර්පුෙර්ණැයෙන් උච්චාරණ්යී කළ හොත් කව්ගී චරිත ලැබේ.
381. ස්වස්ති. කබරමිණිමි. මියෙලඬි අ රන්වන අන කළ තක් තා මා මුළා වන කළ ම තමා ව කීව බණ රන්වනට්
අන්වය: මියෙලඬි! අ රන්වත! තා අත කළ තක් මා තමා ම මුළ වන කළ ම කීව රන්වනට් බණ
අර්ථරය : යහපතක් වේවා! කබරමිණි (සමැත්තා) වෙමි “සොඳුර1 හා රන්වන් (තැනැත්තිය)! තොප මට අණ කළ තාක් (දෑ සියල්ලම) මා විසින් ම මුළා වෙන් කළ තාක් (දැ සියල්ලම) මා විසින් ම මුළා වෙන් කරන ලද්දේය.” මා මේ කී දෑ රන්වන් (තැනැත්තියට) කීයව
1. මියෙලඬි - මේ වචනය අන් තැනෙක නො ලැබේ. පාඨ සම්බන්ධරය අනුව සලකා බලන කල එය ආදරවයන්තියකට ඇමතිම සඳහා යෙදෙන වචනයක් බව පෙනෙ. ‘මියෙ’ (සං . මධු) + ‘ළ’ (හදවත) + ‘ණ්ඩි’ (ගෞරවාර්ථ’ ප්රංත්යේය) = මියෙලඬි වී යයි ගන්නා ලදී. මේ වචනය එකල ව්යථවහාර භාෂාවෙහි යෙදුනා විය හැක. ‘සොඳුර’ යනු සමානාථර්වා චී පදයෙකැයි සිතමු.
විස්තර :- කාලය - 9වෙනි ශතවර්ෂයය වෘත්තය - ‘මුළා’ යන්නෙහි ‘ළා’ අක්ෂ රය භ්ර ස් වයක් වශයෙන් උච්චාරණ්යම කළ හොත් කව්ගී විරිත ලැබේ.
382. සමනාහිමියන (ගැ)ගී මෙයට එන මදනල වල්විජ්නා සියල්ලෙනි සෙයි මෙ අය් (ග)ත ලියයුත ග(ල්)බෙයද ආ මු(දුන) ට
සීගිරි ගී 141
අන්වය :- මෙයට එන මදනල මෙ ගල් ෙබයද මුදුනට ආ ලියයුන ගත වල්විජ්නා සියලෙල්ති අය් සෙයි.
අර්ථිය :- සමනා හිමි ගැයූ ගීයයි මේ ස්ථානයට හමන මන්දමාරුතය, මේ ගල් බෙයද මුදුනට පැමණි කාන්තාවන් විසින් ගත් වල්විදුනා සියල්ලෙන් ආ සෙය
විස්තර :- කාලය - 8වෙනි ශතවර්ෂබය වෘත්තය - යාගී.
383 අමඩලෙඩ වි (නො) සි ගල ළඟ මලබර වරල පණයදබර කළ වන බෙයදහි අබි (වි හින්දි ) යෙ
අන්වය :- අමඩලෙඩ සි නො වී. මලබර වරල ගල ළග. බෙයදහි අබි පණදබර කළ වන හින්දි:යෙ වි.
අර්ථනය :- කැකිරි ගෙඩියක බීජ පඩකතිය1 (බඳු) සිනාව (එහි) නො විය. මල්බර වරල ගෙලෙහි ලග්න විය බෙයදෙහි කතාන්තාව, ප්රේ ම කලහයක්2 කළ සෙයින් සිටිනේ විය.
1. අමඩලෙඩ
2. පණයදබර = බණ - ඩබර , සසදා 214 පණය (සං. ප්රහණය) දබර (සං. මදී. >* මරද >* දමර > දබර) පෙම්වතුන් අතර ඇතිවන කලහය’ යන අර්ථහයි.
විස්තර :- කාලය - 8වෙනි ශතවර්ෂවය ව්ය්ත්තය - සතරවැනි පාදයෙහි අවසාන අක්ෂෂරය දීර්ඝ්යක් සේගත හොත් යොන්ගී විරිතය.
384. ස්වස්ති
පිරිබුන හුණස්න වින මෙසෙය් නසිතො අ අයුයුන් හය් තී කළ කිම ද හිමියා හිණ හිග දෑ දෙවල්ජෙටුන ගී
142 සීගිරි ගී
අන්වය :- හුණ් අස්න පිරිබුන වින අ! මෙසෙය් නසිනො අයුය්න් හය් තී කීම කළ ද? හිමියා හිණ හිග ද?
අර්ථයය :- යහපතක් වේවා!; හිඳ ගෙන සිටි ආසනය කැඩුණේ විය.1 හා! මෙසේ (මොවුහු) වැනසෙන්නෝය.2 (මෙහි) ආවුන් සමග තො කුමක් කළෙහි ද? (තොප) ස්වාමියාගේ අතමිට3 හිඟ ද?
දෙවල් - ජෙටු (නමැත්තාගේ) ගී යයි.
1. හුන් අස්න පිරිබුන් වින. මේ ප්රුස්තා පිරුළකැයි සිතය යුතුය. තමන් යමෙකුගෙන් යැපෙ යි ද, එබඳු අයකුගේ අනුග්රයහය නො ලැබී ගිය කල්හි මෙබඳු කියුම් අසන්නට ලැබෙනු ඇත. කතුන්ගේ නෙමනා හැසිරීම නිසා ඔවුන් (කෙරෙහි) තම හිමියා හොඳ හිත නැති වී ගිය අයුරු මින් පැවසේ ය යි සැලකිය හැක.
2. සීගිරියට පැමිණෙන අමුත්තන් සමග මේ කතුන් නොමනා ලෙස හැසිරෙති යි මෙයින් ඉඟි කරනු ලැබේ.
3. හිණ හිග ද?
හිමියාගේ ධනය විනාශ වී ගිය හෙයින් ජිවත්වීමට මගත් නොමැතිව මෙසේ ඔවුන් නොමනා අයුරින් හැසිරෙතියි කියන ලදී. හිණ හිඟ ද? අතමිට හිඟ ද? යනාදී කියුම් වත්මන් කල වුව ද ව්ය?වහාරයේ පවතී.
විස්තරය :- කාලය - 9වෙනි ශතවර්ෂ්වයේ මුල්භාගය.
වෘත්තය - දෙවැනි හා සතරවැනි පාදයන්හි අවසාන අක්ෂවර ද, ‘නසිනො’ යන්නෙහි ‘නො’ අක්ෂනරය ද දීර්ඝි සේ සැලකුව හොත් බමරගී විරිතයි.
සීගිරි ගී 143
385. i. පින් කළ කල් තට් එක් කෙනෙක් නට් සෙ නිකොට් කතුනි රන්වතින් කිසෙ (වී) කැරුනෙ මෙ ද තද් සේ.
ii. මේ රන්වන් තමා මනා එක් කෙනෙක් නට්හි වෙසෙය් ගිරිබිත්හි ලය් කිසෙය්කින් ද නිවහල් ලි
අන්වය :- i. තට් කළ පින් කතුනි! රන්වනිනි! එක් කෙනෙක් නට් සේ නිකොට්, මෙ තද් සෙ කිසෙ කැරුනෙ වී ද?
ii. මනා එක් කෙනෙක් නට්හි මේ නිවහල් රන්වත් ලි තමා ගිරිබිත්හි ලය් කිසෙය්කින් වෙසෙය් ද?
අර්ථමය :-
i. (පෙර ජාතියක) කළ පින්වල ( ඵලය විඳීමේ) කාලය තොපහට (එලඹියේය) කාන්තාවෙනි! රන්වන් (තැනැත්තියෙනි)! එක් අයකු විනාශ වූ ආකාරය (ගැන) නො සලකා, 1 මෙබඳු (දැයක්) දත (සිතින්) යුතුව කෙසේ නම් කරන ලද්දේ වී ද?
ii. (තමහට) ආලයක කළ කෙනකුන් නැසී ගිය කල, මේ අසරණ2 රන්වන් කාන්තාව, තමන්පර්ව ත භිත්තියෙක ලා3 ගෙන කවර අයුරකින් ජිවත් වන්නී ද,
1. නිකොට් - (නි + කොට් = සං. නි - කෘත්වාඹ)
2. නිවහල් - වහල් නොමැති, පිළිසරණක් නොමැති යන අර්ථ.යි.
3. ලය් - සං √ ලා; එ. සිං. ලනවා.
විස්තර :- කාලය - 8වෙනි ශතවර්ෂතර්යේැ අවසාන භාගය. වෘත්තය - i. සතරවැනි පාදයෙහි අවසාන අක්ෂණරය දීර්ඝේයක් සේ ගත හොත් යොන්ගී විරිතයි.
ii. යොන්ගී.
144 සීගිරි ගී
386. ස්වස්ති නරතුරු අතුර් නො දි සතුර් මිතුර් වන ළ සනහන්නා අතුර් සො දී දිගැසින යොව්(නන්).
අන්වය :- සතුර් මිතුර් අතුර් නො දී දිගැසින යෙව්නන් නරතුර් අතුර් නෙ දී ළ සනහන්නා වන.
අර්ථය :- යහපතක් වේවා!
සතුරු මිතුරු (වශයෙන්) භෙද රහිතව1 දිගැස් සහිත තරුණියෝ, නිරන්තරයෙන්ම2 අතරක් නොමැති ව, 2 හදවත් සනසන්නියෝ වෙති.
1. අතුර් නො දී - විශෙෂයක් නො පෙන්වා.
2. නරතුර්
3. අතුර් නො දී - විවේක කාලයක් නොමැති ව නොහොත් ‘නො නවත්වාම’ යන අර්ථෙය දිම සඳහා යෙදූ බව පෙනේ.
විස්තර :- කාලය - 8 වෙනි ශතවර්ෂසයේ අවසාන භාගය හෝ 9වෙනි ශතවර්ෂ යේ මුල් භාගය විය හැක.
වෘත්තය - දෙවැනි පාදයෙහි අවසාන අක්ෂසරය දීඝ්රීභයක් සේ ගත හොත් යොන්ගී විරිතයි.
387. ස්වස්ති (බැහි) ළිවතු(ගමින්) ආ මෙන්( හිමියන් ගෙ) කිතල්මි (ලීමි)
(සි)හිගිරි ම අ සන්ද්හි සිතු (පැතු සෙ) ය් ලද වි නො ද ම (සිතු) සනහය් යවනෙය බැවින් ගලකළ තා මෙහි.
අන්වය :- ම සිහිගිරි අ සන්ද්හි සිතු පැතු සෙය් නෙ ලද විද, මෙහි තා ගලකළ බැවින් ම සිතු සනහය් යවනෙය.
අර්ථය :- යහපතක් වේවා!
සීගිරි ගී 145
මෙත් (නමැති) හිමියන්ගේ වාංශයෙහි වූ බැළිහිවතු (නම්) ගමින් පැමිනි කිතල් (තමැත්තා) වෙමි. මෙය ලීමි.
මා සිහිගිරි ආ සඳ සිතු පැතු (දේ) එලෙසම නො ලද්දේ වුව ද, මෙහි (සිටින) තොප ගලින් නිර්මිතවූ1 හෙයින් (එම කරුණ) මා හදවත2 සනසා යවන්3 නේය.4
1. ගලකළ - ගලින් කළා වූ
2. සිතු 3. යවනෙය
4. මේ තැනැත්තාට කතුන්ගේ අනුග්රිහය නොලැබුණේය ඊට හේතුව ඔවුන් සිත් පිත් නොමැති ගලින් නිර්මිතවූවන් බැවිනි. එසේ හෙයින් එය ඔහුගේ අඬුපාඬුවක් නො වේ. ඔහුට සැනසීමට එම කරුණම ප්රඅමාණවත්ය.
විස්තර :- කාලය - 8වෙනි හො 9වෙනි ශතවර්ෂකය වෘත්තය - යාගී
388. උතුරුපස්වැසි ......................... (මි ලීමි).
දිගැසිනි පිනා යෙමු මෙ ගල් නැග(ැ) ගමො කුමට ජු නෙපලක් නා ඇසු ජනා කුමක් (ද) නො කෙරෙ සිහිගිරි
අන්වය :- දිගැසිනි! පිනා යෙමු කුමට මේ ගල් නැගැ ගමො ජු? තා තෙපලක් ඇසු ජනා මිහිගිරි කුමක් නො කෙරෙ ද?
අර්ථය :- උතුරු පෙදෙසෙහි වැසියකු වූ .............. (නමැත්තා) වෙමි (මෙය) ලීමි.
දිගු ඇස් ඇත්තියෙනි! (අපි) සතුටට පත්ව යෙමු. කුමට මේ පර්ව තය නැගැ ගනිමු ද? තොපගෙන් වදනක් ඇසූ ජනයා සිහිගිරියෙහි √ කවර නම් දෙයක් නො කරත් ද?
146 සීගිරි ගී
විස්තර :- කාලය - 10වෙනි ශතවර්ෂ ය. කැටපත් පවුරු ගී අතර ඇති ඉතාම නූතන පද්ය යන් ගෙන් එකකි.
වෘත්තය - යාගී
389. දයල්මි මය් ගියි
මෙ පැවැසි මග බලයි දි(ගැස්) පුරවා කන්දු ලින් (ම) සෙ දුට්හු කළ ක(ළ) සැනැහින් නො(දත්) වැන්න බැහැර්
අන්වය :- දිගැස් කන්දුනලින් පුරවා මෙ පැවැසි මග බලයි. ම සෙ දුට්හු කළ කළ සැනැහින් බැහැර් නොදත් වැන්න.
අර්ථ්යන :- දයල් (තමැත්තා) වෙමි. (මේ ) මගේ ගීයයි.
දිගු ඇස් කඳුලින් පුරවා ගෙන මේ ප්ර වාසිතාව1 මාර්ග ය බලන්නීය. මා මෙන් (ඇය) දුටුවන් (විසින් නැවත නැවත ප්රකාශ) කළාවු2 ස්නෙහයෙන් අන්ය වූ3 (ස්නෙහයක් ඇය) නොදත් බඳුය.
1. පැවැසි - සං ප්රනවාසිතා ‘පිටුවාහල් කළ තැනැත්තිය’
2. කළ කළ
3. බැහැර් - බාහිර, අන්ය)
විස්තර :- කාලය - 9වෙනි ශතවර්ෂියේ අවසාන භාගය වෘත්තය - යාගී
390. අරෙ කි(ය)ව තු(ට් නො) වි මිනිස් කළ වෙහි සන්දස(හන්) ආ සිත තු(ට්) නො වී මෙයට් පුරජන (ජි)වී ආ වන. (ම)ළපලා මිහි (දල) ගී.
අන්වය :- අරෙ! තුට් නො වි කියවය? මෙයට් ආ මිනිස් සිත තුට් නො වී සන්දයහන් කළ වෙහි? පුරජන ජිවි ආ වන.
සීගිරි ගී 147
අර්ථය :- හා! තුටු නොවී යයි කියව් ද? මෙහිආ මිනිසුන්ගේ සිත් තුටු නො වී යයි සඳහන් කළ හැකි ද? පුරවැසින්1 (මෙහි) දිව2 ආ බඳුය
මිළපළා මුහිදල (තමැත්තාගේ) ගීයයි.
1. පුරජන
2. ජිවි - ‘ජුව’ ධාතුයි. සං √ ජු
විස්තර :- කාලය - 9 වෙනි ශතවර්ෂිය වෘත්තය - යාගී.
391. මෙහි බිම අවු නොසිටි එති නො බැලුමො යි සිහිගිරි බෙයදහි රන්වනුන් දකු මෙහි ම නො සන්ද්හන් වැ (දො)ස
සිද්දත්මාඩබිය්න ගෙ (තම්බ) ගොලු කිතිමි.
අන්වය :- “ ‘සිහිගිරි බැලුමො’ යි මෙහි අවු නොසිටි බිම එති නො?” “ම දොස නො සන්ද්හන් වැ මෙහි බෙයදහි රන්වනුන් දැකූ”
අර්ථය :- “ ‘ සිහිගිරිය බැලුවෙමු’යි (කියමින්) මෙහි හිරුරැස් නොමැති භූමියට (ඔවුන්) නො එත් ද?” “මගේ දොස් සඳහන් නො කර මෙහි බෙයදෙහි රන්වන් (තැනැත්තියන්) දකුව ?”
සිද්දත් මාඩබි (නමැත්තාගේ) වංශයෙහි වූ තම්බ ගොලු කිති (නමැත්තා ) වෙමි.
1. සිහිගිරිය යම්තමින් බලා ගෙන සෙවන ඇති තැන්වලට වී සිටින අයට නැගූ අපවාදයක් ගීයෙහි ප්ර ථමාර්ථ යෙන් දැක්වෙයි. එකෙකුගෙන් ඊට ලැබුණු පිළිතුර දෙවැනි කොටසෙහි ලැබේ. අනුන්ගේ දොස් නො සොයා තමාගේ කාර්යනයක් බලාගන්නැයි ඔහු කියූ බඳුය.
විස්තර :- කාලය - 9 වෙනි ශතවර්ෂ යේ අවසාන භාගය වෘත්තය - යාගී.
143 සීගිරි ගී
392. දයල්මි මය් ගී මල්විජ්නා පෙරෙට් මිණි පැය් දිග්ඇස්සක් ගත් අතැ රන් සොලුයෙක් තොමො ලීව් මෙ රන්දම් පැලැන්දී.
අන්වය :- වල්විජ්නා පෙරෙට් මිනි පැය් දිග් ඇස්සක් රන් සොලුයෙක් ඇතැ ගත් රන්දම් පැලැන්දී තොමො මෙ ලීය්
අර්ථරය :- දයල් (නමැත්තා) වෙමි ( මේ) මගේ ගීයයි වල් විදුනාවට අභිමුඛයෙහි1 මාණික්යතයන් පෑවා වූ2 දිගැසියක් රන් සෝලුලීයක්3 අතින් ගත්තීය රන්දමක් පැලඳි තොමෝ ම මෙය ලීවාය.
1. පෙරට් - සං පුරඃස්ථ පුරෙට්, ධ අ. ගැ. 67 පෙරට්, අමා. 70
2. ‘මිණි’ සහ ‘වල්විදුනා’ යනුවෙන් මෙහි අදහස් කළේ කන්තාවගේ නෙත්රණ සහ කෙශ කලාපය විය යුතුයි. කෙශකලාපය නමැති වල්විදුනාවට පෙරටුව තැබූ මාණික්ය බඳ නෙත්ර යන්’ යනුවෙන් අරුත් කිව හැකිය. ‘නුවන්මිණි’ යනු පැරණි සාහිත්යයයෙහි ලැබෙන සුලභ රූපකයකි. කෙශකලාපය කළු පැහැය ඇති හෙයින් එම පැහැය ඇති වල්විදුනාවක් අදහස් කළා විය හැකියි. ධවලවණර් සහ කාලවර්ණන වල්විදුනා ඇති බවක් ටිබේ දෙශය ගැන ලියු ග්රවන්ථණයක් සඳහන් වෙයි. (M. Pallis, Peaks and Lamas)
3 සොලුයෙක් - (සෝලු = කා. ශෙ. VIII. 14)
විස්තර :- කාලය - 8වෙනි ශතවර්ෂලයේ අවසාන භාගය. වෘත්තය - එළු සඳැස් ලකුණෙහි නො ලැබෙන විරිතකි.
සීගිරි ගී 149
393. (ස්ව)ස්ති කරය් ලබු පෙ(රෙ)ට් පියහට් ගැන්දැැව් සන්ද්හය තොමො ඔ සැ(දී) අ ගමන් ම හජන් එල්බ මල්කඩ ගත.
අන්වය :- ලබු පෙරෙට් කරය් ඔ තොමෝ සැදී පියහට් ගැන්දැසව් සන්ද්හය ගමන් අ ම හජත්, එල්බ මල්කඩ ගත.
අර්ථය :- යහපතක් වේවා! පිපුණු මල් කිනිත්තක් පෙරටු කර ගෙන සැදි (සිටි1) ඕ තොමෝ ප්රිණයයා සමග ගන්ධ ර්ව2 (විවාහය) සඳහා ඉදිරියට ආවාය. 3 මා (විසින්) ඇය ආකර්ෂුණය කරනු4 ලැබු කල්හ, ඕ තොමෝ තැමී4 (මා දුන්) මල්කඩ ගත්තාය.
1. සජ්ජිත -ම නා සේ හැඳ පැලඳ ගෙන.
2. ‘තූර්යරවාදනය කර සංගීතයෙන් ප්රිනයයා සන්තොෂ කරවීමට’ යනු විසින් ද අරුත් පැවසිය හැක
3. ගමන් අ - ව. සිං. ගමනක් ආවාය; ‘ඉදිරියට ආවාය’ යනු විසින් අර්ථ් පවසන ලදී.
4. හජත් - සං √ සජ්ජ්.
5. එල්බ - ‘නැමි’
විස්තර :- කාලය - 8වෙනි ශතවර්ෂියේ අවසාන භාගය වෘත්තය - බමරගී
394. බන්දු් බැ(මැ) නිම්පතෙක්හි (සන්ද්) හය් එක වනා එමු වැරැයු ළදැරිය තොල්හි ළ(ප)ලු න(ා) ළගොබ්පතක් බන්දුළ මහනෙල් ලමු කරනා ම හය් කල් යෙහෙළි කි දිග අත් (සලමි)නා
කියබුරෙ (සෙ)න් පැ(වි)ජ්ජ(මි).
150 සීගිරි ගී
අන්වය :- “බැමැ නිප්පතෙක් හි බඳු. එ මු සන්ද්හය් එක් වනා ළදැරිය තොල්හි නා ළපලු පැරැයු.” මහනෙල් ලමු කරනා, ළ ගොබ්පතක් බඳු කල් යෙහෙලි දිග අත් සලමිනා, ම හය් කි.
අර්ථය : - “(ඇගේ) බැම කොසඹ1 පත්රඳයක් බඳුය. ඇගේ මුහුණ2 චන්ර්ිසියා හා එකාකාරය. ළදැරියගේ තොලින් නා දලුව පරදවන ලදී.” මහනෙල් මලක් එල්බෙන3 අතින් යුතු, ළා දලුවක්4 බඳු පියකරු 5 යෙහෙළි තොමෝ, දිගු අත් සලමින් (මෙ සේ) මා සමග කීවා ය.
කයබුර (නම් ස්ථානයෙන් පැමිණි) නේ (නම්) පැවිද්දා වෙමි.
1. නිමි = සං. නිබ්බ.
2. මු = සං. මුඛ; මුය, බු. ස. 182
3. ලමු = ලබු; සං. ලම්බිත ලමු = පා ඔකාර, ධ. අ. ගැ. 33 තො - ලමු = පා. අනොම, බ. අ. ගැ. 135
4. ළ ගොබ්පතක් = ළ - ගොබ් - පත්, කව්සි. 540 ප.
5. කල් - මනහර, රමණිය, ප්රි යංකර යන අරුත් දෙයි. සං කල්ය ; ධ අ. ගැ. 13
විස්තර :- මිට පසුව ලැබෙන ගිය ලියා ඇත්තේද මෙම අත් අකුරුවලිනි. එහෙත් දෙදෙනකු විසින් රචිත බව ඔවුන්ගේ අත්සන් පිරික්සීමෙන් දත හැකිය. එකම ගම් ප්රවදෙශයකට අයත් ඔවුන් දෙදෙනාම එකතුව සීගිරියට පැමිණ ගී දෙකක් රචනා කර, එක් අයකු විසින් ලියා තබන ලදැයි සතීම යොග්ය ය.
කාලය - 8වෙනි ශතවර්ෂුයේ අවසාන භාගය. වෘත්තය - අනියම් විරිතකින් බැඳි එළිසම සිවුපදයකි.
සීගිරි ගී 151
තුන්වැනි හැ සතරවැනි පාදවල සමුදුරුගාස් නම්විරිත පෙනේ. පළමුවැනි පාදයෙහි එක් මාත්රාිවක් අධිකව පවතී. දෙවැනි පාදයෙහි එම විරිත රැකීමට එහි ලැබෙන ‘යු’ අක්ෂෙර දීර්ඝීයක් සේ උච්චාරණය කළ යුතුය.
395. හැමැ - ජෙනෙ රන්වනුනු දුට් (මො) යි බොරු කියති (බස්) (හෙ) නො කියැ හෙය්නි සොවි කොට් හිරි වැ(ටි) බෙවින් (නො) බසි(යි) වය් ............................කයබුරෙ සිවු ගී.
අන්වය :- ‘රන්වනුන් දුට්මො’ යි හැමැ ජෙනෙ බොරු බස් කියති. හිරි වැටි බෙවින් නො කියැ හෙය්නි සොව් කොට් හෙ මය් නො බසියි.
අර්ථය :- ‘(අපි) රන්වනුන් දුටුවෙමු’යි හැමදෙනාම බොරු වදන් කියති. ලැජ්ජා1 සහිත බැවින් (බොරු) කියා ගත නො හී, ශොක කොට හෙතෙම සැබවින්ම3 නො බසියි.
1. හිරි - සං ශ්රී , පා. හිරි.
2. වය් - සං ෛව.
විස්තර :- කාලය - 8වෙනි ශතවර්ෂ්යේ අවසාන භාගය වෘත්තය - දුවගගී
396. ශ්රීඃය නො යෙ තමහට් අන්හි සිත්සයුරෙ පනිමින් මෙ සිත් උඞ්ලී වරජ වරජෙක්හි අක්මය්වයු සිරි(මෙ)ය් මිහින්දමි මෙයි මා ලී ගී.
අන්වය :- ‘තමහට් අන්හි සිත්සෙයුරෙ පනිමින් නො යෙ.’ ‘මෙ උඞ්ලී සිත් වරජ’ ‘වරජෙක් හි අක්මය්වයු.’
152 සීගිරි ගී
අර්ථය :- ශ්රීත - ‘තමන් හැරෙන්ට අන්යරයන් පිළිබඳ ව (ශොක නැමැති ) සිතිවිලි සයුරෙහි පැන (කෙනෙක්) නො යත්’1 ‘මේ උඩගු2 සිත වරදකි. ‘ ‘වරදක් ඇති නම් සමාවන්න.’ සිරිමෙය් මිහින්ද් (නමාත්තා) වෙමි. මෙ මා ලියු ගීයයි.
1. තමාගේ මිස අන්ය්යන්ගේ කාර්යතයන්හි දී සිත් තැවුලියට පත් වීමට කවරෙක් නම් උත්සුක වෙයි ද?
2. උඩලී - සං උද්ධච්ච
විස්තර :- කාලය - 8වෙනි ශතවර්ෂියේ අවසාන භාගය හෝ 9වෙනි ශතවර්ෂ යේ මුල්භාගය විය හැක. වෘත්තය - කව්ගී.
397. පජලව වැසි බු(ද්මි)ත් පැවිජෙමි ගී. දැකැ තර වෙයි ලත සෙයින් හෙළිල්මබුයුනන් පණයියන් සිටි සිහිලස බැලුම් බලයි (ලො)ලුප හර්නා
අන්වය :- හෙළිල්ලමබුයන් දැකැ, ලත සෙයින් තර වෙයි. සිටි, පණයියන් හර්නා, ලොලුප, සිහිලස බැලුම් බලයි.
අර්ථය :- පජලව (නම් ස්ථානයෙහි) වැසියකු වූ බුද්මිත් නමැති) පැවිද්දා වෙමි. (මේ මගේ) ගී යයි.
රූමතියන් දැක (ඔවුන) ලබා ගත් සෙයින් (හෙතෙම් ප්රීබතියෙන්) උදම්1 වෙයි. (එහි) සිට ගෙන, පෙම්වතුන් ආකර්ෂ්ණය2 කරවන, මහත් ආශාව දනවන, 3 සිහිලස් බැලමු (හෙතෙම) හෙලයි.
1. තර - සං. තාර, සහ - තර - තරු, ධර්මකප්ර . 227
2. හර්නා - සං √ හෘ
3. ලොලුප - සං. ලොලුප.
සීගිරි ගී 153
විස්තර :- කාලය - 9වෙනි ශතවර්ෂුය. වෘත්තිය - පළමුවැනි පාදයෙහි අවසාන ‘ත’ අක්ෂ-රය දීඝර්යෂක් සේ ගත හොත් දුවඟගී විරිතයි.
398. (නො බල) එනො පිලිබිතු දනො (මෙ) දිගැස් සෙ(නෙ) වී වෙන වී පතුව(මො) තු(ට්) බැලුමො කැට්බිත පැහැදුල්
අන්වය :- මෙ දිගැස් සෙනෙ වී දනො පිළිබිතු නො බල එනො. වෙන වී තුට් පතුවමො . පැහැදුල් කැට්බිත බැලුමො.
අර්ථය :- මේ දිගැසියන්ට ස්නෙහවත් ව, 1 ජනයා පළිඟු බිත්තිය2 නො බලා එන්නොය. (ඔවුන්ගෙන්) වෙනස් ව2 සතුටට පත් විමු4 පැහැපත් කැටපතක්5 (වැනි) බිත්තිය බැලුවෙමු.
1. සෙනෙ වි
2. පිළිබිතු - පිළි = සං. ස්ඵටික, පා. එටික.
3. වෙන වී - වෙස් වී ‘ඔවුන් කළ දෙයම නො කර අනෙකක් කර’ යන අර්ථ.යි.
4. පතුවමො.
5. කැට් - කැටැ, කැට. සං කාව >* කව>* කස>*කහ>* කැහැ>* කෑ> කැ කැ + ට, කව්සි. 214. ප. කැටබිත, මු. දා. 11. ප.
විස්තර :- කාලය - 8වෙනි ශථවර්ෂළයේ අවසාන භාගයේ හෝ 9වෙනි ශතවර්ෂ යේ මුල් භාගය වෘත්ය - කව්ගී
154 සීගිරි ගී
399. වහවත වහවමහ (මෙ) සෙයනි අ(ප) සිති වියි(න) (නො)රෙන්දො වෙනෙ සිනපට බෙජි (එ) රනවන (මෙ) පිළිසනට
අන්වය :- වනවත, මෙසෙයනි අප සිති වියිත වහවමහ. ‘සිනපට බෙජි එ රතවන පිළිසනට මෙ වෙනෙ නොරෙන්දෙෙ.’
අර්ථය :- වැහැවිය යුතු නම්. 1 මෙසෙයින් අප සිතූ හෙයින් වැහැවෙමු. ‘චීන රෙදි2 (වලින් තැනූ ඇඳුමක්) හැඳැ ගත්3 ඒ රන්වන් (තැනැත්තිය) සැඟවී සිටීම4 සඳහා මේ වනයෙහි නො රඳන්නීය.’5
1. ‘වහ’ ධාතු - උසුලා සිටීම, දරා ගැනීම.
2. සින - පට 3. බෙජි - සං √ භජ්, ‘භජනය කළ’ යන අර්ථියි. වටහැ ගැනීමේ පහසුව සඳහා ‘හැඳ ගත්’යනුවෙන් අරුත් පවසන ලදී.
4. පිළිසනට - සං. ප්රවතිචඡන්න; පිළිසන්, අමා. 141
5. මේ කාන්තාව සුඛොපභොගී ජිවිතයට පුරුදු වූ තැනැත්තියකි. ඒ බව ඇයගේ ඇඳුම්වලින් පෙනේ. කිසියම් කරුණක් සඳහා මිස, එබඳු තැනැත්තියක් වානාශ්රිරත පෙදෙසකට ප්රිමය නොකරනු ඇත. මේ ගීය රචනා කළ තැනැනත්තා සමග මැය යනු ඇතැයි ඔහුගේ විශ්වාසයයි.
විස්තර :- කාලය - 8වෙනි ශතවර්ෂරයේ අවසාන භාගය වෘත්තය - යාගී
400. සෙන්බතී ගී වි බස රිසි බෙයද් ඇවිද් (ඔ) යුන් අනොබ යෙත් අනොබ සිටි එනයුන් අව සිත් තමා සනසන් දැන්
අන්වය :- බස රිසි වී ඔයුන් බෙයද් ඇවිද් අනොබ යෙත් අනොබ සිටි එනයුන් අව තමා සිත් දැන් සනසන්.
සීගිරි ගී 155
අර්ථය :- සෙන් බතීගේ ගීයයි.
(තොපගෙන්) වචනයක් ලබනු රිසියෙන් බෙයදට පැමිණි ඔවුහු අන් තැන්වලට1 යෙත් අන් තැන්වල සිටියා වූ (මේ ස්ථානය කරා) එන තැනැත්තන්, 2 ආ හෙයින්, 3 තම සිත් දැන් සනසා ගන්න.
1. අන් + ඔබ = අනොබ
2. එනයුන්
3. අව.
විස්තර :- කාලය - 9වෙනි ශතවර්ෂ්ය. වෘත්තය - යාගී
401. බැලුමො රිසි සෙයි බෙය(ද) හි රන්වන් දිලැස්සන් වැ(ැ)ළ(ැ ළැ)ගිනි හර්නයුන් රතත්නි මල්දම් උසුලන්නන්
කළි කස (බ)ල් ගී.
අන්වය :- වැළැළැගිනි හර්නයුන්, රතන්ති මල්දම් උසුලන් තන්, රන්වන් දඅගැස්සන් බෙයදහි රිසි සෙයි බැලුමො.
අර්ථය :- සිහින් අගපසගින්1 (දුටුවන්) ඇද ගන්නා2, රතු අතින් මල් දම් උසුලන රන්වන් දිගැසියන් බෙයදෙහි දී රිසි පරිදි බැලුවෙමු.
කළි කසබල් (තමැත්තාගේ) ගීයයි. 1. වැළැළගිනි - වැළළ, වහළ; සං. ඛෘශ; සං. විද්රැබත + ක. අගිනි, අග; සං. අංග; අගින්, කව්සි. 88
2. හර්තයුන්
විස්තර :- කාලය - 9වෙනි ශතවර්ෂමයේ මුල්භාගය. වෘත්තය - දුවඟගී.
156 සීගිරි ගී
402. මෙතෙක් මත් ජෙෙ(න ආ කි)හු ලයු අසද්බන්ද් බව කා අ බණනො ද ජැන්හි මු හජන්නාක් නො කියත්
අන්වය :- මෙතෙක් මත් ආ ජෙ නෙ ලයු අසද්බන්ද් බව කිහු. හජන්නාක් මු නො කියත් කා අ බණතො ද? ජැන්හි?
ඇර්ථය :- මෙතෙක් පමණ1 ආවා වූ ජනයා සැබවින් ම (මොවුන්) ද්රෝඅහී තැනැත්තියන්2 බව කීවාහුය. (සිත්) අදනා3 (යමක්) මොවුන්4 නො කියත් නම් කවුරුන් ආ කල5 කථා කෙරෙත් ද? දන්නහි?6
1. මත් - මාත්රථ, ප්ර්මාණ. 2. අසද්බන්ද්.
3. හජන්නාක්. 4. මු. 5. කා අ
6. ජැන්හි - ‘ජන්’ ධාතුයි. සං. √ ඥා, ජානාති; ජන්ත, ධ. අ. ගැ. 7
විස්තර :- කාලය - 9වෙනි ශතවර්ෂුය. වෘත්තය - තුන්වැනි පාදයෙහි අවසාන අක්ෂිරය ද, සතරවැනි පාදයෙහි ප්ර්ථම අක්ෂයරය ද දීර්ඝව සේ ගත හොත් යාගී විරිත ලැබේ.
403. නිල්මහනෙල් මලක් අතින් ගැනැ ගිරිබිත්හි සිටි මහනෙල්වන් කතක් වෙය් ද දැකැ මෙහි (ස)ග රසි.
අන්වය :- නිල්මහනෙල් මලක් අතින් ගැනැ ගිරිබිත්හි සිටි මහනෙල්වන් කතක් මෙහි දැකැ සග රිසි වෙය් ද?
අර්ථය :- නිල්මහනෙල් මලක් අතින් ගෙන පර්වගත භිත්තියෙහි සිටි මහනෙල්වන් කාන්තාවක මෙහි දී දැක ස්වර්ග ය (සඳහා) රුචියක් (ඇති) වේ ද?
විස්තර :- කාලය - 8වෙනි ශතවර්ෂැයේ අවසාන භාගය හෝ 9වෙනි ශතවර්ෂ යේ මුල් භාගය විය හැකිය. වෘත්තය - දෙවැනි පාදයෙහි අවසාන අක්ෂශරය දීර්ඝයයක් සේ ගත හොත් යාගී විරිතයි.
සීගිරි ගී 157
404 ස්වස්ති
අවුජ බලිය් යන (මත)ක (මද) (ෙ)බවිනි අ මෙ දන ඉසි ද මල බෙයදහි රනවනුන අතුරෙ
අන්වය :- අවුජ බලයි යන මතක මද බෙවිනි අ මෙ දන බෙයදහිරනවනුන අතුරෙ මල ඉසි ද?
අර්ථය :- යහපතක් වේවා!
(මෙහි) අවුත් බලා යෑම පමණක්1 නුසුදුසු බැවින්2 (මෙහි) ආ මේ ජනයා, බෙයදෙහි රන්වන් ලියන් අතරට මල් ඉසීම3 (කළාහු) ද?
1. මතක - මාත්ර්යක්
2. මද බෙවිනි - මද බැවිනි
3. ඉසි - සං √ සිඤ්ච්; ව සිං. ඉහිනවා මල ඉසි ද? ව සිං. මල් ඉස්සා ද?
විස්තර:- කාලය - 8වෙනි ශතවර්ෂසය වෘත්තය - පළමුවෙනි, දෙවෙනි හා සතරවෙනි පාදයන්හි අවසාන අක්ෂුර දීර්ඝදසේ ගත හොත් කව්ගී විරිත ලැබේ.
405. මෙයට් ඇවිජ් ගියක් නො බදහ යි නගින බියෙන් බියපතිමි (තැ)වෙයි හද අව රනවනන් අතරෙ
අන්වය :- ‘මෙයට් ඇවිජ් ගියක් නො බදහ’ යි නගින බියෙන් බියපතිමි. රනවවනන් අතරෙ අව හද තැවෙයි.
අර්ථය :- ‘මෙහි පැමිණි ගීයක් නො බඳිනා ලදී’ යි1 නැගෙන බියෙන් බියපත්වී සිටිමි. 2 රන්වන් (තැනැත්තියන්) අතරට ආ සඳ හදවත තැවෙයි.
1. නො බද - හ. අවසාන ක්රි යාවකි. එහෙත් එහි උක්ත කර්තෘහ පදය නො පෙනේ. ‘තමන්ට ගීයක් රචනා කිරීමට නුපුළුවන් වෙයි යන බිය’ පිළිබඳ ව මෙහි සඳහන් වි ඇත.
2. බියපතිමි.
158 සීගිරි ගී
විස්තර :- කාලය - 8වෙනි ශතවර්ෂ යේ අවසාන භාගය හෝ 9වෙනි ශතවර්ෂ යේ මුල් භාගය විය හැකියි. වෘත්තය - තුන්වැනි හා සතරවැනි පාදයන්හි අවසාන අක්ෂුර දීර්ඝය සේ ගත හොත් යාගී විරිතයි.
406. තබයි පිළිබිබ් මොබ තමහට මෙ හො තදරයි1 නි(රි)ද්ඉසිරා වියෙවැ මියරිසි පත් (නො වන්) නෙය. දළමි.
අන්වය :- පිළිබිබුව මොබ තබයි, හො තමහට මෙ තද් අරයි. නිරිද්ඉසිරා වියෙවැ මියරිසි පත් නො වන්නෙය.2
අර්ථය :- (ඇගේ) පිළිබිඹුව මොබ තබා, ඕතොමෝ තමහටම (සිත්) තද (ගතිය) ආරොපණය1 කරගන්නීය. නිරිදා (නමැති) හිමියාගෙන් වියො වුව ද (ඇයට) මිය යන රිසියක් ඇති නො වේ 2
දළ (නමැත්තා) වෙමි.
1. තද් + අරයි = තදරයි. ‘අරයි’ යනු ‘ආරොපණය කර ගැනීම’ යන අරුත් ඇත්තේය. ‘අර’ ධාතුයි. සං. ආ + √ රුහ්. 2. ඇගේ පිළිබිඹුව පමණක් මෙහි තැබීමෙන් ඇයගේ සිත් තද ගතිය මොනවට පළ කෙරයි. ඇය සිත් පින් නැති තැනැත්තියක බව කියමින් අයෙක් චෝදනා කරති. ඒ චෝදනාව තමහටම ආරොපණය කර ගත් බවක් මෙහි කියවී ඇත. හිමියාගෙන් වියෝ වුව ද ඇයට මිය යන රිසියක් නැතැයි යනුවෙන් තවද චෝදනාවක් මේ ගීය රචනා කළ තැනැත්තා විසින් ඉදිරිපත් කරන ලද්දේය.
සීගිරි ගී 159
විස්තර :- කාලය - 9වෙනි ශතවර්ෂතය වෘත්තය - කව්ගී
407. වෙති මිහි දෙ(ව)සරන් (සි)ති එ රන්වනුන් වි දුට් (මි)හි (සිතන) කෙනකුන් ඇත මිලැස් (උ)න් සිතන සෙ(ය්).
අන්වය :- ‘මිහි දෙවසරත් වෙති’ එ රන්වනුන් දුට් වි සිතිම්ලැස් උන් සිතන සෙය් සිතන කෙනකුන් මිහි ඇත?
අර්ථය :- ‘මෙහි දෙවඟනන් සිටිති’ යි ඒ රන්වන් (තැනැත්තියන්) දුටු1 (හෙතෙම) සිතීය මියුලැසිය. ඔවුන් සිතන ආකාරය (ඇත්තියක බව) සලකන කෙනෙක්2 මෙහි ඇති ද?
1. දුට් වී - ‘දුටු අයකු වී’ යනු විසින් අරත් කිව යුතුයි. එහෙත් වටහා ගැනීමේ පහසුව සඳහා ඉහතින් සඳහන් පරිදි යෙදීමු.
2. සිතන කෙනකුන්
විස්තර :- කාලය - 8වෙනි ශතවර්ෂ යේ අවසාන භාගය. වෘත්තය - යාගී
408. තොප පර (විටි)හි තමහට අසබන්දු (ක)ත් වී හැදි (බ)ණත වනපත් හය් කිසෙය් (නො) මෙ දත් සෙය් සිටි
අන්වය :- කත්, තොප පරවිටිහි තමහට අසබන්දද වී. හැදි, වනපත් හය් බණත, මෙ නො දත් සෙය් කිසෙය් සිටි?
අර්ථය :- කාන්තාතොමෝ, තොප අනභිමුඛයෙහි 1 තොපහට දෝහී වූවාය. ආකර්ෂ ණය කරනු ලැබූ2 (ඇය) වනයට ප්ර1විෂ්ටවූවන් සමග කථා කරන කල්හි, (තෝ) මෙය නො දත් අයුරින් කෙසේ සිටින්නෙහි?
1. පරවිහිටි 2. හැදි.
160 සීගිරි ගී
විස්තර :- කාලය - 8වෙනි ශතවෂර්යේස අවසාන භාගය හෝ 9වෙනි ශතවර්ෂ යේ මුල් භාගයෙ වෘත්තය - යාගී
409. තොප අතමල අත්ති ගතවි නො (හී) නොතනිල්උපුල් දැක්මෙන් නො ආ මට අස්වැසිලි
අන්වය :- තොප අතමල තමන් අතින් ගත නො හී වී. නෙතනිල්උපුල් දැක්මෙන් මට ඇස්වැසිලි නො ආ.
අර්ථමය :- තොප අත (නමැති) මල මා අතින් ගත නො හැකි විය. නෙත් (නැමැති) නිල් උපුල් දැකීමෙන් මා හටඅස්වැසිල්ලක් නො ආයේය.
විස්තරය :- කාලය - 8වෙනි ශතවර්ෂහයේ අවසාන භාගය හෝ 9වෙනි ශතවර්ෂයයේ මුල් භාගය.
වෘත්තය - තුන්වැනි පාදයෙහි ලැබෙන ‘නිල් උපුල්’ යන්න් ‘නිලුපුල්’ යනුවේන සන්ධිෙ කර උච්චාරණය කළ හොත් කව්ගී විරිතයි.
410. ස්වස්ති
පිළ අපුලන තොට් නැත්තෙන් හළුගර් නැත්තෙන් වැ(දැ) වෙසෙය් රිදියක් බෙයන්ද්හි රන්වනුන් අතුරෙ
වැලිගම්(වැ)සි අග්බොහිමි ලීමි ගී
අන්වය :- පිළි අපුලන තොට්. තැනැත්තෙන්, හළුගර් නැත්තෙන්, රිදියක්, බෙයන්ද්හි රන්වනුනු අතුරෙ වැදැ වෙසෙය්.
සීගිරි ගී 161
අර්ථසය :- රෙදි1 ඇපිල්ලීම2 (සඳහා) තොටක්3 ද (ඒ රෙදි වනා තැබීම සඳහා ) ගෙයක් ද4 නොමැති හෙයින් රජක ස්ත්රි1යක්5, බෙයදෙහි රන්වන් (තැනැත්තියන්) අතරට වැද වෙසෙන්නීය.
වැලිගම වැසියකු වූ අග්බොහි (නැමැත්තා) වෙමි. මේ ගී ලීමි.
1. පිළ - ‘පිළි’ යනු විසින් කියවිය යුතුයි. කැටපත් පවුරේ ලියා ඇත්තේ ‘පිළි’ යනු වෙති. ‘ළ’ කාරයට මුදුනින් ඉස්පිල්ලක ඡායාමාත්රසයක් පවා දැකිය නො හැක.
2. අපුලන - ‘අපුල’ ධාතුයි. සං. ආ + √ ප්ලු; ව සිටි අපුල්ලනවා
3. තොට් - සං නීර්ථ; ජලය ලබා ගැනීමට පැමිණෙන ස්ථානයට නම්. ළිං - තොට, පැන් - තොට ඈ විසිනි. රජකයන් රෙදි ඇපිල්ලීම කරන තැනට ‘රදා - තොට’ යි ද ව්යඈවහාරය කරනු ලැබේ.
4. හළුගර් - අවිනිශ්චිත පදයෙකි. අන් තැනක ද නො ලැබේ. අර්ථ යට සැක සහිතයි.
5. රිදියක් - සං.රජිකා; රජකීත රිදී - කල්, කා. ශෙ. X -22; ව සිං රිදි - නැන්දා.
විස්තර :- කාලය - 9වෙනි ශතවර්ෂ්යේ අවසාන භාගය වෘත්තය - එළු සඳැස් ලකුණෙහි නොලැබෙන විරිතකි.
411. බැලූමෝ රිසිසෙය් පිරීමො අප ම(න)ජොළ් බෙයන්දිහි රන්වනුන් ගත්පහයින්කන්ද්බැන් ගිජුමො.
6
162 සීගිරි ගී
අන්වය :- රිසිසෙය් බැලූමො. අප මනජොළ් පිරීමො. බෙයන්ද්හි රන්වනුන් ගත් පහයින් කන්ද්බැන් ගිජුමො.
අර්ථය :- (කතුන්) රසි පරිදි බැලුවෙමු. අපගේ මනදොළ පිරුවෙමු.බෙයදෙහි රන්වන් තැනැත්තියන් (විසින්) ගත් පලඳනා1 රාශිය2 ගැන ගිජුවෙමු.3
1. පහයින් - සං. ප්රදසාධන, පා. පසාධන
2. කන්ද්බැන් - කන්ද්බ .(සං කදම්බ); කදඹෙන්, ධර්ම.ප්ර(. 122
3. ගිජුමො -ගිජ්; සං . ගෘධ්ර .
විස්තර :- කාලය - 9වෙනි ශතවර්ෂ ය. වෘත්තය - යාගී.
412. බෙයන්ද්හි රන්වනුන් බලත් සිතැ ආ සිහිල හෙළිල්ල (බුයුත් නො) බෙණෙත ජහ (යම්හ) උන් අතුරෙන්
අන්වය :- බෙයන්ද්හි රන්වනුන් බලත් සිතැ සිහිල ආ. හෙළිල්ලබුයුන් නො බෙණෙත ජහ, උන් අතුරෙන් යම්හ.
අර්ථය :- බෙයදෙහි රන්වන් (තැනැත්තියන්) බලයන කල සිත් සිහිල්1 විය. රූමතියන් නො බණත හෙයින් (ඔවුන්) හැර දමා2 ඔවුන් කෙරෙන් යම්හ.
1. ‘සිත සතුටට පත් විය’ යනු සාමාන්ය අදහසයි. ‘කරුණා සීතල හදයං’ යන සුමඞගල විලාසීනී (1 පිටුව) පාඨය සසඳා බලන්න.
2. ජන - සං. √ හා, ජහානි. ජහන, ධ. අ. ගැ. 21 දහ, දහත්, ධ. අ. ගැ. 280
සීගිරි ගී 163
විස්තර :- කාලය - 8වෙනි හෝ 9වෙනි ශතවර්ෂදය වෘත්තය - දෙවැනි පාදයෙහි අවසාන අක්ෂහරය දීර්ඝශයක් සෝ ගත හොත් යාගී විරිතයි.
413 අයුතින් අසය් (මෙ)ය අස ම හය් නො බෙණෙත් මුකන් සෙය් නැවතී තමහට් අර ළ(ග) වන්නො
අන්වය :- අයස් අයුතින් මෙය අස මුකන් සෙය් ම හය් නො බෙණෙත් අර! නැවතී තමහට් ළග වන්නො.
අර්ථය :- (මෙය) අසා අවුත් (සිටින මා විසින් කියනු ලබන) මෙය (ද) අසව. ගොළු තැනැත්තින් 1 සෙයින් (මේ කාන්තාවෝ) මා සමග කාථා නො කරත්. අන්ත2! (ඔවුහු) නැවතී මා වෙත ළාගා වන්නෝය.
1. මුකන් සෙය්. මුකන් = සං මුක.
2. අර! - විස්මයාර්ථමය දෙන නිපාත පදයකි. සං ආරත්.
විස්තර :- කාලය - 8වෙනි ශතවර්ෂදයේ අවසාන භාගය. වෘත්තය - එළු සඳැස් ලකුණෙහි නොලැබෙන විරිතකි
414 කිතලු ගී සිත තද වැනි ත(මා) අතින් ගෙ(නැ හෙ) ළිල්ලබු මළ (ද) තමා (හි)මි විය මල් ඇති හෙ(යින්) දැන් තා
අන්වය :- හෙළිල්ලබු! තමා හිමි මළ ද, දැන් තා අතින් මල් ගෙනැ ඇති හෙයින්, තමා සිත තද වැනි විය.
අර්ථය :- කිතල් (නමැත්තාගේ) ගී යයි.
රූමතිය! තම හිමියා මළේ වුව ද, දැන් තොප (තම්) අතින් මල් ගෙන ඇති හෙයින් තොප සිතතද වැනි විය.
164 සීගිරි ගී
විස්තර :- කාලය - 8වෙනි ශතවර්ෂ යේ අවසාන භාගය හෝ 9වෙනි ශතවර්ෂ යේ මුල් භාගය. වෘත්තය - කව්ගී
415. (ති)පි සෙන වන වුයුවහ සිත (ත)ද් ආ නු යෙ දසග තාක් අග්රා ලු පැහැ නිල් තොප (ගත) වෙ බද
අතළග(ම්)...........................(ද)ළමි.
අන්වය :- තිපි සෙන වන වුයුවහ. සිත තද් නු ආ යෙ දසග තාත් අග්රා ලු තොප ගතනිල් පැහැ බද වෙ
අර්ථය :- තොපි සිනාසෙන වන වුහු. සිත තද (ගතිය) සැබවින්ම1 ආයේ2 යි. දශවිධ අඞගප්ර:ත්ය ඞගයන්හි3 සැමතැනම අංගරාගය4 යෙදූ තොපගේ ශරීරයෙහි නිල් පැහැය බැඳී (ගියා) වෙයි. 5
අතළගම (නම් සථානයෙන් පැමිණි) දළ ....... (නැමැත්තා) වෙමි.
1. නු . 2. ආ යෙ.
3. දසඟ - මේ වචනය අන් තැනෙක නො ලැබේ.
4. අග්රා - සං. අංග - රාග; අග - රා, ධ. අ. ගැ. 222 හම අලංකාර කිරීමට යොදන ද්රනව්ය.ය.
5. පද්යායෙහි ප්රංථමාර්ථොයෙන් කියූ කරුණ දෙවැනි කොටසින් පැහැදිලි කෙරෙයි. අර්ථා න්තරන්යාථස නම් අලංකාරයයි.
විස්තර :- කාලය - 8වෙනි ශතවර්ෂ යේ අවසාන භාගය වෘත්තය - යොන්ගී
416. සිතීමි රිටිගල් බුද්මි.
වි හැජි යෙතෙ යි සත්හු හුණ් සෙයින් මෙ (දැ)න්වියෙ සිත්හි (කැළ)බිම් වෙනු සිකිසන්ද් නැගැ බසිත් වය් සිහිගිරි
සීගිරි ගී 165
අන්වය :- හුණ් සෙයින් සත්හු හැජි වි යෙතෙ යි මෙ දැන්වියෙ. සිකිසන්ද්! සිහිගිරි නැගැ බසිත්, වය් සින්හි කැළබිම් වෙනු.
අර්ථය :- (මෙසේ) සිතීමි. රිට්ගල් (නම් ස්ථානයෙන් පැමිණි) බුද් (නමැත්තා) වෙමි.
(කතුන් එහි) හිඳි ආකාරයෙන්1 ජනයා ආකර්ෂැණය2 වී යතැයි (සිතා) මේ (කාරණය ) දන්වන ලදී.3 යහළුව! සිහිගිරිය නැග බසින කල සැබවින්ම4 සිත්හි කැලඹීම ඇතිවන්නේය.
1. හුණ් සෙයින් 2. හැජි වි
3. දැන්වියෙ 4. වය්.
විස්තරය :- කාලය - 8වෙනි ශතවර්ෂරයේ අවසාන භාගය වෘත්තය - දුවඟගී.
417. ස්වස්ති එ රජ්හු අග්නක් (බැලීමො) ආ අප (ඇ)ස්නි බලමින් හෙර් සෙයින් බණ(න්ති) අත්(නෙත්) ආ හය්
අන්වය :- ආ අප, එ රජ්හු අග්නක්, ඇස්නි බැලීමො. හෙර් සෙයින් බලමින්, ආ හය් අත්තෙන් බණන්නි.
අර්ථය :- යහපතක් වේවා! (මෙහි) ආ අපි, ඒ රජතුමාගේ කාන්තාවක, (අප) ඇසින් බැලීමු.1 (ඕතොමෝ) සෙරක. සෙදයින් බලමින්, ආ (තැනැත්තන්) සමග අතින් කථා කරන්නීය.2
1. නරපතියන්ගේ අන්තඃපුරවලට අයත් කතුන් හුදකලාව වාසය කිරීමට සලස්වා තිබුණු බැවින් ඔවුන් බලා ගැනීමට සාමාන්යම ජනයාට අවකාශයක් නො ලැබුණි.
2. හස්ත - මුද්රා වෙන්
166 සීගිරි ගී
විස්තර :- කාලය - 9වෙනි ශතවර්ෂුය වෘත්තය - තුන්වැලනි පාදය ‘බණ්න්නි’ යන්නෙහි ‘බ’ අක්ෂතරයෙන් කෙළවර වන සේ ගත හොත් යොන් ගී විරිත ලැබේ.
418. මිතිල්පැවිජන් ලී ගී
මෙතෙ(ක)ලැ මහමගෙහි (උන්) සිත්මෙන් දවස් ලය් අවු(ද්) බැලුමො සිතැ(ගි) ර(න්)වනුන් හින්දිඅ සිහිගිරි
අන්වය :- මෙතෙකලැ උන් සිතෙමෙන් මහමගෙහි දවස් ලය් අවුද් සිහිගිරි හින්දි් රන්වනුන් සිතැගි බැලුමො.
අර්ථය :- මිතිල් (නම්) පැවිද්දා ලියූ ගීයයි.
මෙතෙක් කල් ඔවුන් (ගැන) සිතමින් මහාමාර්ගදයෙහි දවස් ගෙවා1 (මෙහි) පැමිණ, සිහිගිරියෙහි සිටි රන්වනුන් සිත් පරිදි බැලුවෙමු.
1. දවස් ලය් - දවස් ලා. ‘දවස් ගත කර’ යන අදහසයි.
විස්තර :- කාලය - 9වෙනි ශතවර්ෂටයේ මුල් භාගය. වෘත්තය - දෙවැනි පාදයෙහි ‘ලු’ ‘මො’ අක්ෂිර දීර්ඝම සේ ගත හොත් යාගී විරිත ලැබේ.
419. ඇසක් ඇසක් යොමු වරල් (දො) හීල් දළකලබ් බැලුමො රසිසෙය් බෙය්න්ද්හි රන්වනුන් රිසිසෙය්
අන්වය :- ඇසක් ඇසක් යොමු වරල් දො හීල් දළකලබ් (දො යි) බැලුමො. බෙයන්ද්හි රන්වනුන් රිසිසෙය් දුට්මො.
අර්ථය :- සෑම අයෙකුගේම ඇස්1 හමුයෙහි වූ යේ වරල ද නොහොත්2 සිහිල් මහමෙඝයක් ද3 යනු (දැන ගැනීමට ඇස් නගා) බලුවෙමු. (එකල) බෙයදෙහි රන්වනුන් රිසි පරිදි දුටුවෙමු.
සීගිරි ගී 167
1. ඇසක් ඇසක් - ‘සෑම ඇසක්ම’ යන අර්ථරයි. ව. සිං. ඇහැක් ඇහැක්.
2. දෝ
3. දළකලබ් - දළ = සං. දෘඪ කලබ් = කල + අබ්; සං. කාලාභ්රො. කලඹ, ගු. කා . 8. ප.
විස්තර :- කාලය - 8වෙනි ශතවර්ෂීයේ අවසාන භාගය. වෘත්තය - තුන්වන පාදයෙහි ‘ලු’ ‘මො’ අක්ෂ.ර දීර්ඝඑසේ ද, එය ‘බෙයන්ද්හි’ යන්නෙහි ‘බෙ’ අක්ෂමරයෙන් කෙළවර වන සේ ද ගත හොත් යොන් ගී විරිත ලැබේ.
420. නැගැ මෙ අයුතින් ගිරෙ (මෙ) බලත රිසි සෙ (ර)න්වන(න්) අ මොහොත ද(ත්)මො හි(ම)බුන් (මෙහි) ඇසිරි(යට) සිටි (බව)
අන්වය :- මේ ගිරෙ නැගැ අයුතින් මෙ රන්වන් රිසි සෙ බලත, හිමබුන් මෙහි සිටි ඇසිරියට බව අ මොහොත දත්මො.
අර්ථය :- මේ පර්වමතය නැග ගෙන පැමිණ1 මේ රන්වන් (තැනැත්තිය අප) රිසි පරිදි බලන කල්හි, කතුන්2 මෙහි සිටියේ මිත්රෙ සන්ථබවය3 (සඳහා) බව, (මෙහි) පැමිණි මොහොතේ දී ම4 දැනගතිමු.
1. අයුතින් - ඇවිත් 2. හිමබුන්
3. ඇසිරියට - සං. අශ්රහය.
4. අ මොහොත - ආ මොහොතේ දී ම
විස්තරය :- කාලය - 8 වෙනි ශතවර්ෂ යේ අවසාන භාගය හෝ 9 වෙනි ශතවර්ෂයයේ මුල් භාගය වියි හැකිය. වෘත්තය - යාගී.
168 සීගිරි ගී
421. ස්වස්ති
තමා (අ)ත මල (මන්ද්)සිනා ඇති ද වයනහි යහ මය (හය්) නො බණත වහවම් හිද (කුම් සෙ) යි(න්)
අන්වය :- තමා අත බල, වයනහි වස්ද්සිනා ඇති ද, මහ හය් යහ නො බණත, කුම් සෙයින් හිද වහවම්?
අර්ථය :- යහපතක් වේවා! තොප අත මලක් සහ මුහුණෙහි1 මඳ සිනාවක් ඇත ද, මා සමග යහපත්2 (වචනයක්) නො කියන හෙයින්, කවර අයුරකින් හදවත වහවමි ද?3
1. වයනහි - සං. වදන 2 යහ
3. වෑවෙමි ද? – ‘වහ’ ධාතුයි. ‘උසුලා සිටීම’ අර්ථ(යි.
විස්තර :- කාලය - 9වෙනි ශතවර්ෂිය වෘත්තය - කව්ගී.
422. ස්වස්ති පොත්දල සෙනල්හිමියන් ගේ අබය් ලීමි.
බෙ(යන්ද් ගො)සින් බල(ය අ) රන්වනුන්1 අතුරෙ (තබය් මෙ යම් සිකි2) තබය් මෙ යෙම් සිකිසන්ද් ම සිත් මය් (හ)ය් (නැ)ත් තෙ(න්)
අන්වය :- අ! සිකිසන්ද්! රන්වනුන් අතුරෙ බෙයන්ද් ගොසින් බලය, තබය්, ම සිත් මය් හස් නැත්තෙන් මෙ යෙමි.
අර්ථය :- යහපතක් වේවා!
පොත්දල සෙනල් හිමියන්ගේ (වංශයෙහි වූ) අබය් (නමැත්තා) වෙමි. (මෙය) ලීමි.
හා! මිතුරුතුමනි! රන්වනුන් අතරින් බෙයද (කරා) ගොස් (ඔවුන්) බලා, (ඔවුන් එතැන ම) තබා මගේ සිත මා සමග නො පවතින හෙයින්, යන්නෙමි3 .
සීගිරි ගී 169
1. ‘රන්වනුන්’ යනු විසින් කියවිය යුතුය එසේ නම් විරිත රැක ගැනීම සඳහා ‘අතුරෙ’ යන්නෙහි අවසාන අක්ෂඑරය දීර්ඝුයක් සේ උච්චාරණ්යී කළ යුත්තේය.
2. මෙ අකුරු අට වැරදීමක් නිසා ලියවුණු බව සලකමු.
3. මේ යෙම් - ව. සිං. මේ යනවා.
විස්තර :- කාලය - 9වෙනි ශතවර්ෂකයේ මුල් භාගය වෘත්තය - කව්ගී.
423. ස්වස්ති
දැකැ වහවම් කුම් සෙ රන්ව(න)ක මල්කැන් අතැ අසත් කිය සිටුනා ලද නියමින් දුන් තෙපුලකි
අන්වය :- “රන්වනක අතැ මල්කැන් දැකැ කම් සෙ වහවම්?” “ ‘අසත් කීය’ සිටුවනා ලද නියමින් දුන් තෙපුලකි.”
අර්ථය :- යහපතක් වේවා!
‘රන්වන් (තැනැත්තියකගේ) අතෙහි මල් කිනිත්තක්1 දුටු හෙයින්, කවර අයුරින් වෑවෙම් ද?’
“(තොපගෙන්) ප්රේශ්න කළ හොත්2 මෙසේ (පිළිතුරු) කියව”3 (යනු) (විසින්) පැණ වූ4 නියමයට5 (අනුව) දුන් තෙපුලකි. 6
1. මල් - කැන්.
2. අසත් - ඇසූ කල්හි, ප්ර ශ්න කළ කල්හි.
3. කිය - කියව
4. සිටුවනා ලද - පිහිටවූ, තැබූ, පැණවූ, යන අරුත් ඇත.
5. නියමින් - නීතිය, නියමය.
170 සීගිරි ගී
6. මේ වනාහි දෙබසකි. කතුන්ගේ අත්හි තුබූ මල්කැන් දැක එක් තැනැත්තකුගේ සිතෙහි ඇතිවූ හැඟීම් ගීයෙහි ප්ර ථමාර්ථෙයෙන් ප්රැකාශ වෙයි. ඊට අතිකාගෙන් ලැබුණු පිලිතුරු එයිනික්බිති ලැබේ. පළමුවැන්නාගේ වචන කලින් සුදානම් කර ගත් ඒවා බවත් එතැනදී ම සිතා නො කියූ බවත් ඔහුගෙන් ලැබුණු පිළිතුරුයි.
විස්තර :- කාලය - 9වෙනි ශතවර්ෂගය. වෘත්තය - තුන්වැනි පාදාන්තය ‘ලද’ යන්නෙහි ‘ල’ අක්ෂ රය සේ ගත හොත් යාගී විරිතයි.
424. බෙ(යන්ද් නැ)ගී බලය් නො යෙමො ඇප් මෙ පතා නො රැදි යත නො හය්මො හිද තුට් ක කළ ම මෙ මුත
අන්වය :- බෙයන්ද් නැගී බලය්, ඇප් මෙ තා නො යෙමො. නො රැදි යත නො හය්මො. මෙ මුත, ක හිද තුට් කළ?
අර්ථය :- බෙයදට නැගී බලා, අපි මොවුන් (කතුන්) පතමින් (සිටින හෙයින්) නො යමු. (මෙහි) නො රැඳී (සිට ආපසු) යාමට නො හැකිය. 1 මේ (කතුන්) මුත්, (අන්) කවරෙක්2 හදවත3 තුටු කළේ ද?
1. යත නො හය්මො - යා නො හෙ යි.
2. ක.
3. හිද - හිද
විස්තර :- කාලය - 9වෙනි ශතවර්ෂතය.
වෘත්තය - දෙවැනි හා තුන්වැනි පාදයන්හි ‘මො’ අක්ෂ.ර ද, සතරවැනි පාදයෙහි ‘මෙ’ අක්ෂ9රය ද දීර්ඝ සේ ගත හොත් කව්ගී විරිතයි.
සීගිරි ගී 171
425. යෙමින් සිටැ ගමනක් සිහි ගි(රිකැ)ට්බිතට් නැගි ලියා ලියි ම ගියක් මිලැසියකට් බිතට් සොබ්නා.
අන්වය :- ගමනක් යෙමින් සිටැ සිහිගිරි කැට්බිතට් නැගි ම මිලැසියකට්, සොබ්නා බිතතට් ගියක් ලියා ලියි.
අර්ථය :- (අන්) ගමනක් යමින් සිට සිහිගිටියේ කැපපත් බිත්තියකට නැගි මා (විසින්) මියුලැසියකට ද,සොබමන් බිත්තියට ද ගීයක් ලියන ලද්දේය. 1
1. ලියා ලියි - ලියා ලීය; ‘ලියා දැමිය, ලියා තැබීය’ යනු විසින් අරුත් පැවසිය හැක.
මේ ගීයෙහි ප්රලථමාර්ථුය නො. 428 වැනි ගීයෙහි ද මීට වෙනස් අත් අකුරු වලින් ලියා ඇත.
විස්තර :- කාලය - 9වෙනි ශතවර්ෂබයේ අවසාන භාගය. වෘත්තය - යාගී.
426. සිසා සිසා දුදුළ් බෙයද් සෙල්අඞ්ද (රහි) (නොසිටු)යු ති(පි) අහය් වහය් අවුජ්නි මය් වෙත් වය්
අන්වය :- නො . 96 ගීය බලනු
අර්ථය :- නො. 96 ගීය බලනු,
විස්තර :- වචන දෙකක් හැරෙන්ට මෙහි ලැබෙන අන් සියළුම වචන නො. 96 ගීය හා සමානය. පසු කී පද්යැය රචනා කළේ විජරු බත නමැත්තකු විසිනි. මේ ගීය රචනා කළ තැනැත්තා නිර්නාමිකව පෙනී සිටියි. එහෙත් දෙතැන්හි ම අත් අකුරුවල වෙනස පැහැදිලි ව පෙනේ. පද්ය.ය මුලින්ම රචනා කළේ විජුරු වත නමැත්තා ද යන්න නිශ්චය වශයෙන් කිව නො හැකිය. නො 96වැනි ගීයෙහි ලැබෙන ‘සෙලාතහි’ යන්න වෙනුවට මෙහි ලියා ඇත්තේ ‘බෙයද් - සෙල’ යනු විසිනි. පළමුවැන්න ‘පර්ව‘ත අන්තයෙහි’ යනුවෙන් ද දෙවැන්න ‘ප්ර පාත සහිත පර්වුතය’ යනු විසින් ද තේරුම් කළ හැ. නො. 96 ගීයෙහි ‘ළග’ යන්න සඳහා මෙහි ඇත්තේ සමානාර්ථනවාචී ‘වෙත්’ යන වචනයයි.
172 සීගිරි ගී
වෘත්තය :- ‘වහය්’ යන්නෙහි ‘ය්’ අකෂරය ‘යි’ වශයෙන් සහ එහි ‘හ’ අක්ෂරය තුන්වැනි පාදාන්තය සේ සලකා දෙවැනි පාදයෙහි අවසාන අක්ෂරය දීර්ඝැයක් සේ උච්චාරණය කළ හොත් යාගී විරිත ලැබේ.
427. මහනාපවවෙහෙරැ වසන දළමෙයහි බද්මි
මුහුන්දැ. ගිනිපෙත් ගැ(සි) නිය(ගි)න මැණික් වි(ද ලී) කපුරු යෙ වැලැ නිප්ලි (මු) යුන අසරැ යි කා සි(ති)
අන්වය :- මුහුන්දැා ගිනිපෙත් ගැසි නියගින මැණික් විද ලී තිප්ලි වැලැ කපුරු යෙ මුයුන අසරැ යි කා සිති.
අර්ථය :- මහනා - පව විහාරයෙහි වසන දළමෙය (නමැත්තා) වෙමි. (මෙය ) බැඳීමි.
මුහුදෙහි ගිනිමැල1 ගසන ලදී. නියගින් මැණික් විදින ලදී. තිප්පිලි2 වැලෙහි කපුරු සැදෙයි. 3 මොවුන් (කාන්තාවන්) ආශ්ර)යට (යොග්යැය) යි කවුරුන් විසින් සිතන ලද ද?4
1. ගිනි - පෙත්. ‘ගිනි - මැල’ යන්න හා සමානාර්ථු දෙන බව පෙනේ. ‘ගිනි මැල ගහනවා’ - ව. සිං.
2. සං. පිප්පලී.
3. කපුරු යෙ - කපුරු යයි. ‘කපුරු සැදෙයි’ යන අර්ථනයි.
4. සිත්තම් ගත වූ කතුන් ආශ්රකයට යෝග්යියයි බොහෝදෙනා කීහ මේ ගීය රචනා කළ තැනැත්තා සිදු විය නොහැකි කරුණු තුනක් දක්වා, මුලින් පළවූ අදහස ඉදිරිපත් කළ අයට සරදම් කරයි.
විස්තර :- කාලය - 9වෙනි ශතවර්ෂියේ මුල්භාගය. වෘත්තය - තුන්වැනි පාදයෙහි ‘යෙ’ අක්ෂරය ද, අවසාන අක්ෂරය ද දීර්ඝ් සේ ගත හොත්යාගී විරිත ලැබේ.
සීගිරි ගී 173
428. (ම)හනෙල්මලන් සුරත් ඇතැ හෙ(ළි)ල් ලබියෙන් (නැගැ) අව කැට්බිතට් (ම)ය් (ලී) සිහිගිරී සිට්වය්.
අන්වය :- හෙළිල්ලබියෙන්! නැහැ කැට්බිතට් අව සුරත් ඇතැ මහනෙල්මල් මය් සිහිගිරි සිට්වය් ලී.
අර්ථය :- රූමත් කතුනි! (මා) නැග කැටපත් බිත්තිය (කරා) ආ සඳ1 (තොප) සුරත් අත්හි වූ මහනෙල් මල් මා සිහිගිරියෙහි සිටුවා ලීය.
1. අව - ‘එ’ ධාතුයි. අසම්භාවන ක්රිතයායි.
විස්තර :- කාලය - 9වෙනි ශතවර්ෂයයේ මුල් භාගය. වෘත්තය - එළු සඳැස් ලකුණෙහි නොලැබේ.
429. සග දිසි සිතා මෙහි බලමින් අයුතින් බෙයන්ද් දිගිසින් අත මල් (දැකැ) මනමත් කෙ ද නොවන්නො කෙසේ ද?
අන්වය :- සග දිසි සිතා මෙහි අයුතින් බෙයන්ද් බලමින් දිගැසින් අත මල් දැක මතමත් නොවන්නො කෙ ද?
අර්ථය :- ස්වර්ගිය දිස්වෙය යි සිතා මෙහි ඇවිත් බෙයද බලමින් (සිටියෙමු). දිගැසියන් අත (තිබුණු) මල් දුටු විට සිහිමුළ1 නොවන්නෝ කවරහු ද?
1. මනමත්.
විස්තර :- එක් වාක්යියක් වන සේ ගළපා ලීය ඇති පද්ය1යෙකි. සුඛාවබොධය සඳහා වාක්යම දෙකක් වන සේ ගළපා අර්ථන සැපයීමු.
කාලය - 9වෙනි ශතවර්ෂේය වෘත්තය - තුන්වෙනි හා සතරයවෙනි පාදයෙන්හි අවසා අක්ෂනර දීඝර් සේ ගත හොත් යාගී විරිත ලැබේ.
174 සීගිරි ගී
430. නො වී වහවැට්ලී යෙමින් සිටිමින් ගජ් ලී සි(මින් මෙ) අසද් ලී ගිරි මෙ සිටියැන් කෙ අස්වැසිලී
අන්වය :- වහවැට්ලී නො වී යෙමින් සිටිමින් ගජ්ලී මෙ අසද් ලී මෙ ගිරි සිමින් සිටියැන් කෙ අස්වැසිලී?
අර්ථය :- වෑවෙනු1 නො හැකි ව, යමින් හා සිටිමින් (හෙතෙම) හැඬීය.2 මේ අශ්රයද්ධාවත් කාන්තාව3 මේ පර්වීතයෙහි සිනාසෙමින්4 සිටින (කරුණින්) කවර අස්වැසිල්ලක් ද?
1. වහ - වැට්ලී වහ - ‘වහ’ ධාතුයි වැට්ලී - ‘වට්’ ධාතුයි. සං. √ වෘත් ‘වහවැට්ලී’ යනු ‘වැහැවීම’ යන අර්ථනයි.
2. ගජ්ලී - ‘ගජ්නය ලීය’ යන අදහසයි. ‘ගජ්’ ධාතුයි. සං √ ගර්ජ්
3. අසද් ලී. 4. සිමින්
විස්තර :- කාලය - 9වෙනි ශතවර්ෂපය වෘත්තය - එළිසම සිවුපදයෙහි එළු සඳැස් ලකුණෙහි නො දැක් වූ විරිතක් වූව ද සිංහල පද්යඑ සාහිත්ය යෙහි සුලභ ව ලැබෙන්නකි.