සීගිරි ගී-2-විවරණය ii
431. දිටිමි ගොස් ගිරිබිතැ සිත රන්දානයුන් අතුරෙ බෙයන්ද්හි රන්වන් යෙහන් මල් දම් (ම අතින්) නොගත්
අන්වය :- ගිරිබිතැ සිත රන්දරනයුන් අතුරෙ ගොස් සිටිමි. බෙයන්ද්හි රන්වන් ම අතින් යෙහෙන් මල්දම් නො ගත්
සීගිරි ගී 175
අර්ථය :- පර්වතත භිත්තියෙහි සිත් අලවන (තැනැත්තියන්)1 අතරට ගොස් (එහි තුබූ දැ) දිටිමි. බෙයදෙහි රන්වන් (තැනැත්තිය) මා අතින් මනාසෙ2 මල්දම් නොගත්තීය.
1. සිත් රන්දමනයුන් 2. යෙහෙන්
විස්තරය :- කාලය - 8වෙනි හෝ 9වෙනි ශතවර්ෂෙය වෘත්තය - දෙවැනි පදයෙහි අවසාන අක්ෂ රය දීර්ඝශයක් සේ ගත හොත් ගාගී විරිතයි.
432. ස්වස්ති බොනුවැ මහදෙව් පැවිජ්ජෙමි මය් ගී
බිණුවත් අග්නන් නො බණනු වරජෙකි මෙ(සෙය්) තමන් අත ලූ හිමි නො මළ තද්ළඇත්තන්හට් (කි වරජ)
අන්වය :- බිණුවන් මෙසෙය් අග්නන් නො බණනු වරජෙකි. ‘තද් ළ ඇතතස්හට් හිමි මළ නො’ කි වරජ තමන් අත ලු.
අර්ථය :- යහපතක් වේවා!
බොනුවැ (නම් ස්ථානයෙන් පැමිණි) මහදෙව් (නම්) පැවිද්දා වෙමි. (මේ) මගේ ගී යයි.
බැණවුව ද මෙසේ කතුන් නො බිණි ම වරදකි. ‘තද සිත් ඇත්තන් නිසා හිමියා මළේ නො වේ ද’ යනුවේන එල්ල කළ චොදනාව1 (මොවුහු) තමන් කෙරෙහිම පවරා ගත්තාහුය2.
1. කි රජ - කියු වරද , ඉදිරිපත් කළ චොදනාව යන අදහසයි.
2. තමන් අත ලු - තමන් අතට ලු; ‘තමන් කෙරෙහිම නගා ගත්තාහුය’ යන අදහසයි.
විස්තර :- කාලය - 8වෙනි ශතවර්ෂ ය වෘත්තය - දුවඟගී.
176 සීගිරි ගී
433. (ඇ)සි(න්) දුටු මය් කී සිතට් ඇත වැළැ(ම්බී) මෙක් බලය් මෙය් වැනි ගිරින්දෙයක් මෙ ලක්දිව් වන් සග් මෙනි ............ ගී.
අන්වය :- මෙය් වැනි ගිරින්දේක් ඇසින් දුට් බලය්, මය් කී, සිතට් වැළැම්බීමක් ඇත. සග් මෙ ලක්දිව් වන් මෙනි.
අර්ථය : මේ වැනි පර්වවත රාජයකු ඇසින් දැක බලා මා කි (පරිදි), සිතට මායාවක්1 ඇති වෙයි2 ස්වර්ගඇය මේ ලක්දිවට පැමිණි බඳුය.
1. වැළැම්බීමක් - ‘වළඹ’ ධාතුයි; සං. වි + ඩම්බ්
2. සිහිගිරිය දැකීමෙන් පසු මේ ගීය ලියු තැනැත්තාට තම දෙනෙත් අදහා ගත නො හැකි වූ බව මෙයින් පැවසෙයි.
විස්තර :- කාලය - 8වෙනි ශතවර්ෂතයේ අවසාන භාගය හෝ 9 වෙනි ශතවර්ෂහයේ මුල් භාගය විය හැකිය.
වෘත්තය - යාගී
434. (කි)ය හුන මුන වරජ (තද්) ළ (ඇති)තී හිම(බි යි) වරජ නැත සිටි හිමබිය නො බැණැ ත(ද සිත් වන්)නෙ යි.
අන්වය :- ‘හිමබි තද් ළ අත්තී’ යි මුන කිය හුන වරජ නො බැණැ සිටි හිමබිය තද සිත් වන්නෙ යි වරජ නැත
අර්ථය :- ‘කාන්තාව තද සිත් ඇත්තීය’ යි මොවුන් කියා සිටීම වරදකි කථා නා කර සිටි කාන්තාව තද සිත් (සහිත) වීම වරදක් නො වේ.
විස්තර :- මෙම ගීයෙහි අක්ෂසර කීපයක් සම්පූර්ණනයෙන් මැකී ගොස් ඇති හෙයින් ඒ සඳහා අනුමාන වශයෙන් හිස්තැන් පුරා අකුරු යොදා ඇත. අර්ථ ය සැක සහිත යි.
කාලය - 9වෙනි ශතවර්ෂ්යේ අවසාන භාගය
වෘත්තය - යාගී
සීගිරි ගී 177
435. අ(වුද් නැගි) මෙ බෙයද් සිත් සෙ බැලිමි දි(ගැස්ස)න් තොස කතු(න්) බලත ලදිමි (සිටි) (සිහිගිරි ග)ල (මත)
අන්වය :- අවුද් මෙ බෙයද් නැගි, දඅගැස්සන් සිත් සෙ බැලිමි. සිහිගිරි ගල මත සිටි කතුන් බලත තොස ලදිමි.
අර්ථය :- (මෙහි) අවුත් මේ බෙයද නැග, දිගැසියන් සිත් පරිදි බැලුවෙමි. සිහිගිරි ගල මත. සිටි කාන්තාවන් බලන කල්හි සන්තොෂය ලිදිමි.
විස්තර :- කාලය - 9වෙනි ශතවර්ෂිය
වෘත්තය - යාගී
436. ස්වස්ති
අවුද් බෙණෙම් රිසිසය් අ(ග්නන් හ)ය් (මෙ) ගල බැලීමි රිසියෙය් බෙයන්දිීහි මල්පලුබරවරල් නිල්
(සෙ)නලු ගී දළ අහළලමලු ගෙ.
අන්වය :- මෙ ගල අවුද් අග්නන් හය් රිසිසෙය් බෙණෙම් මල් පලු බර නිල් වරල් බෙයන්දි:හි රිසිසෙය් බැලිමි.
අර්ථය :- යහපතක් වේවා!
මේ පර්වයතයට අවුත් අඟනුනු හා රිසි පරිදි බෙණෙමි. මල් හා ලා දළුවලින් බර වු නිල් වරලක් (ඇත්තිය) බෙයදෙහි දී රිසි පරදි බැලීමි.
දළ අහළලමලු (තමැත්තාගේ) වංශයෙහි වූ සෙනලු (නැමැත්තාගේ) ගීයයි.
විස්තර :- කාලය - 9වෙනි ශතවෂර්යව
වෘත්තය - පළමුවැනි පාදයෙහි අවසාන අක්ෂරය දිඝර්යක් සේ ගත හොත් යැගි විරිතයි
178 සීගිරි ගී
437. සෙනලු ගී බෙයන්ද්හී (රන්)වන් ගැනැහි ලී හා මය් (සි)වි නුයු(න් මහ)නෙ(ල් ව)න් ඇති සුර(තත්නි මල්)ද(ම්) ගෙනැ
අන්වය :- සුරතත්නි මල්දම් ගෙනැ ඇති නුයුනු මහනෙල් වන් බෙයන්ද්යී රන්වන් ගැහැනි ලී මය් හා සිවි.
අර්ථය :- සෙනෙල් (නමැත්තාගේ) ගීයයි.
සුරත අතින් මල් දම් ගෙනැ ඇති නුවන් මහනෙල් වන් බෙයන්දෙහි (සිටින) රන්වන් ස්ත්රී් ලතාව1 මා සමග සිනාසුනාය . 2
1. ගහැනී ලී
2. සිවි
විස්තර :- කාලය - 8වෙනි හතවර්ෂලය
වෘත්තය - පළමුවැනි පාදයෙහි ‘හි’ අක්ෂරය දීර්ඝ(යක් සේ ගත හොත් යාගී විරිතයි.
438. බෙ(ය)න්ද්හි මෙ දුට්වෙන් රන්වනුන් (සි)ටි බස් ඇති නෙත් දෙක දිවි යනු බන්දුත වි සෙ රන්වනුන් සිටි බල
අන්වය :- මෙ බෙයන්ද්හි සිටි, බස් ඇති රන්වනුන් දුට්වෙන් නෙත් දෙක දිවි යනු බන්දුබ වි. රන්වනුන් සිටි සෙ බල.
අර්ථය :- මේ බෙයදෙහි සිටි, කථා කළ හැකි1 රන්වන් (තැනැත්තියන්) දුටු විට, (මගේ) දෙනෙත (ඔවුන් කරා) දිවි යනු බඳු විය. රන්වන් (තැනැත්තියන්) සිටි ආකාරය බලන්න.
1. බස් ඇති - සිත්තම් ගත වූ ගැහැණුන් ගැන කළ සඳහනකැයි සිතිය හැකිය. මේ ගීය රචනා කළ තැනැත්තා විසින් දුටු, සීගිරිය බැලීමට පැමිණි රන්වන් පැහැය සහිත (ජිවමාන) කතුන් ගැන මෙහි සඳහන් කළේ යයි ද කීම අපහසු නො වේ.
සීගිරි ගී 179
විස්තර :- කාලය - 9වෙනි ශතවෂර්යේැ මුල්භාගය වෘත්තය - යාගී
439. ස්වස්ති හෙඩි(ග)ම් සිවලැ ගී
අප මන ජ(තුන් සෙය් ඔ) යුත අ වියි මලති තම සෙ ඇ(ති) හෙළි විනි (බැ)ලිමි බිතු වසන්නට මෙසෙ ගතත.
අන්වය :- ‘අ! තම මලනි අප මත ඔයුන ජතුන් සෙය් වියි.’ වසන්නට මෙසෙ බිතු ගත, ඇති හෙළි විනි සෙ බැලිමි.
අර්ථය:- යහපතක් වේවා!
හෙඩිගම් (වැසියකු වූ) සිවල (නමැත්තාගේ) ගීයයි. ‘හා! අප (විසින්) ගත් මල්වලින් අප සිත ඔවුන් දත් සේ විය.’
‘වාසය කිරීම සඳහා මේ අයුරින් (තොප විසින්) බිත්තය ගන්නා ලද බැවින්, (තොප සිත්හි ) ඇති (කරුණු) හෙළි වූ ආකාරය බැලීමි1.
1. ගීයෙහි පළමුවැනි කොටස සිත්තම් ගත වූ කාන්තාවක විසින් කියන ලද්දකි. අතින් මල් ගෙන සිටීමෙන් ඇගේ සිත් තුළ පැවති අදහස් අනුන්ට හෙලි වන්ට ඉඩක් ලැබුණි. ඒ ගැන ඇගේ කණගාටුව පළ වෙයි. කාන්තා වගේ ඒ ප්ර කාශයට පිළිතුරු දෙනුයේ සිහිගිරිය බැලීමට පැමිණි ආගන්තුකයකු විසිනි. බිත්තිය තම නිවස කර ගැනීමෙන් මෙබඳු අවුලක් සිදු වූ බව ද ඊට දොස් පැවරිය යුත්තේ ඒ කාන්තාවටම බව දඉන් කියවෙයි.
විස්තර :- කාලය - 8වෙනි ශතවර්ෂයය
වෘත්තය - තුන්වැනි පාදයෙහි අවසාන අක්ෂරය දීර්ඝතයක් සේ ගත හොත් යාගී විරිත ලැබේ.
180 සීගිරි ගී
440 මහනෙල්මලෙක් ස(මව)න ඇසින් කි (වෙ) තම දුක පියා වියෙව්නි ලත් (කත) (දැකැ) අ(ය්)වන්
(මෙ) සිහිගිරි
අන්වය :- මෙ සිහිගිරි අය්වන් දැකැ, කත, පියා වියෙව්නි ලත් තම දුක, මහනෙල්මලෙක් සමවන අසින් කී වෙ.
අර්ථය :- මේ සිහිගිරියට පැමිණි තැනැත්තන් දැක, කාන්තාතොමෝ ප්රියයයාගේ වියොගයෙන් පැමිණි තම දුක, මහනෙල් මලක් සම වන ඇසින් කීවාය.
විස්තර :- කාලය - 9වෙනි ශතවර්ෂදය වෘත්තය - යාගී.
441. ශ්රී මි(හිද)ල්මි සන්ලද්(කුබු)රෙන් (මෙහි ආ) දවැසැ (ලීමි)
ලැබු මෙ සි වී නො මන්ද් හි(මබු)නු බලත ඇති වන් මන මෙන් බෙ(වන්ද් මෙ නැගී) අව රත්(වනුන් අතුරෙ)
අන්වය :- මන මෙන් මෙ බෙයන්ද් නැගී රන්වනුන් අතුරෙ අව, හිමබුන් ඇති වන් බලත, ලැබු මෙ සි නො මන්ද් වී?
ඇර්ථය :- ශ්රී -
මිහිදල් (නමැත්තා ) වෙමි. සන් - ලද් - කුබුර (නම් ස්ථානයෙන්) මෙහි පැමිණි දින ලීවෙමි.
සිත් පරිදි ම් බෙයදට නැගී රන්වන් (තැනැත්තියන්) අතරින් ඇවිත්, කාන්තාවන් සිටි ආකාරය බලන කල්හි ලැබූ මේ සිනාව නො මඳ වී ද?
විස්තර :- කාලය - 8වෙනි ශතවර්ෂ්යේ අවසාන භාගය
වෘත්තය - සතරවැනි පාදයෙහි අවසාන අක්ෂරය දීර්ඝෂයක් සේ ගත හොත් යාගී විරිත ලැබේ.
සීගිරි ගී 181
442. ස්වස්ති (ගොල)ගමු (දෙ)වලයහු ගී
දිගනුයුනින මය මන කුම් සෙයි හරව ලයි සිවෙ යි බෙ(යන්දමහි) අප ගැහැනී ලියක් දවරැ(ය් හි) න්දික
අන්වය :- බෙයන්දිහි දවරැය් හින්දිය අප ගැහැණී ලියක් සිවෙයි දිගනුයුතින මය මන කුම් සෙයි හරව ලයි?
අර්ථය :- යහපතක් වේවා!
ගොලගමු (නම් ස්ථානයෙන් පැමිණි) දෙවල (නමැත්තාගේ) ගීයයි.
බෙයදෙහි දිව රෑ හිඳින අප ස්ත්රීප ලතාවක් සිනාවූ කරුණින්ම,1 දිගු ඇස්වලින් මා මන කෙසේ ආකර්ෂ්ණය කරන්නී ද?2
1. සිවෙ යි. 2. හරව ලයි.
විස්තර :- කාලය - 8වෙනි ශතවෂර්යේා අවසාන භාගය.
වෘත්තය - පළමුවැනි පාදයෙහි අවසාන අක්ෂවරය දීර්‍සායක් සේ ගත හොත් යාගී විරිත ලැබේ.
443. (ස්ව)ස්ති සලගලවැසි බුද්(මි)
දැකැ ඇති (නො වන්) නෙයි මෙ (නැගී) ගිරෙ බල(ත මා) (දැ)කැ මින්දිබි ගොසින් ආ මගොස් නොලද (වෙ) තා ලද.
අන්වය :- ‘මා මෙ ගිරෙ නැගී බලත, දැක ඇති නොවන්නේ යි’ ‘ආ! තා ගොසින් මින්දිබි දැකැ ලද, ම ගොස් නොලද වේ.’
අර්ථය :- යහපතක් වේවා! සලගල (වැසියකුවු) බුද් (නමැත්තා) වෙමි.
‘මා මේ පර්වසතයට නැගී බලන කල්හි, එය දැක තෘප්තියට පත් නො වෙමිත’1 ‘හා! (තොප) ගොස් අහංකාර තැනැත්තියන්2 දැක ලැබූ (දෙය), මම (එහි) නො ලබුවෙමි.’
182 සීගිරි ගී
1. අති නො වන්නේයි 2. මින්දිබි.
විස්තර :- කාලය - 8වෙනි ශතවර්ෂතයේ අවසාන භාගය හෝ 9 වෙනි ශතවර්ෂ යේ මුල් භාගය.
වෘත්තය - යාගී
444. ස්වස්ති දා පුළැ ගී
බෙයන්ද් ගොසින් බලය් බසින් බැණැ (ෙ)හය් දෙන මන මය් ගැනැ පිරිබුන් සුවසුහැ අත්නි (ම)ල රන්වන්
රුහුණින් ආ.
අන්වය :- බෙයන්ද් ගොසින් බලය් දෙන බසින්න බැණැ හෙය් රන්වන් සුවසුහැ අත්නි මල ගැනැ මය් මන පිරිබුන්.
අර්ථය :- රුහුණින් පැමිණි දාපුළ (නමැත්තාගේ) ගීයයි.
බෙයද ගොසින් (කතුන්) බැලූ ජනයාට (පහළ) බැසිම ගැන කථා කිරීමටය පුළුවන්1 විය රන්වන් (තැනැත්තිය) මනහර වූ දිලිසෙන2 අතින් මලක් ගෙන මා හදවත3 සිඳබිඳ දැමුවාය. 4
1. බැණැ හෙය්
2. සුවසුහැ - මේ වචනය අන් තැනක නො ලැබේ. සං සුවර්චවස යන්න හා සමානයි සැලකිය හැක.
3. මන 4. පිරිබුන්
විස්තර :- කාලය - 8වෙනි ශතවර්ෂියේ අවසාන භාගය වෘත්තය - එළු සඳැස් ලකුණෙහි නො ලැබේ.
445. අහස ගැසි බර හී පොළො කණන මෙන් සී තා නිගා මෙ කළ ලු මිනිසෙක් ම දෙස නොපසන් මෙන් සී
අන්වය :- අහස ගැසි බර හී පොළො කරණ මෙන් තා සි. ම දෙස නොපසන් මෙන් සී, මිනිසෙක් මෙ නිගා කළ ලු!
සීගිරි ගී 183
අර්ථය :- අහසට වැදුණු බරක් (බිම) පතිත වී පොළොව කණන අයුරින්1 තො (මට) සිනාසුනෙහි. මා කෙරෙහි අප්රිසන්න වූවාක් මෙන් සිනාසී, මිනිසෙක් සැබවන්ම2 නිගා කළේ ලු!
1. මෙන්. 2. මෙ
විස්තර :- කාලය - 9වෙනි ශතවර්ෂහය වෘත්තය - යාගී.
446. මිතල්(මි) ලී(මි) (මෙ ගී)
හිමි දැකැ (සිත්)හි කිප් වි ද ගිරිහිස නැගි එකල පිනු ලු ගිරි(හිසි)න් තොප මල්පලු පලන් සෙ කොලොබ.
අන්වය :- සිත්හි කිපි හිමි දැකැ එකල ගිරිහිස නැගි වි ද? මල්පලු පලන් තොප කොලොබ සෙ ගිරිහිසින් සුනු ලු!
අර්ථය :- මිතල් (නමැත්තා) වෙමි. මේ ගීය ලීමි.
සිත් කිපි හිමියා දැක එකල (තොප) ගිරිහිස නැගියේ වී ද? මල්පලු තොප කොළොම්2 (ගසක්) සේ පර්විතය මුදුනින්න පිනුයේ ලු!
1. පලන්
2. කොලොබ - සං කදම්බ කඳු මුදුන්හි මේ ගස වැවෙන බව කියවී ඇත. ‘වලත්කදම්බෙ හිමවන් - නිතම්බෙ’ (සෞන්දලරානන්ද . X .11).
විස්තර :- කාලය - 9වෙනි ශතවර්ෂේය. වෘත්තය - තුන්වෙනි පාදයෙහි අවසාර අක්ෂිය දීර්ඝෂයක් සේ ගත හොත් යාගී විරිතයි.
447 ස්වස්ති
අසය් සතුට් වැ ගොස් දකිම්ව යි ගැති වන්නේ එ ගොසින් බැලු සෙ සග්ඉසිරැ ගල්බෙයද්හි ලොළ්
184 සීගිරි ගී
අන්වය :- ලොළ් එ, අසය් සතුට් වැ ගොස් ‘දකිම්ව’ යි ගල්බෙයද්හි ගොසින් සග්ඉසිරැ බැලු සෙ ගැති වන්නෙ.
අර්ථය :- යහපතක් වේවා! ලොල්වු හෙතෙම, (ඒ ගැන) ආසා සතුටුව ගොස් ‘එය දකිමි’යි (සිතමින්) ගල්බෙයද වෙත පැමිණ. සවර්ගස සම්පත්තිය බැලුසෙයින් (ඊට) ගැති වන්නේය.
විස්තර :- කාලය - 9වෙනි ශතවර්ෂටය.
වෘත්තය - තුනුවැනි පාදයෙහි ‘ලු’ ‘සේ’ අක්ෂසර ද, සතරවැනි පාදයෙහි ‘හි’ අක්ෂ‘රය ද දීර්ඝ් සේ ගත හොත් යාගී විරිත ලැබේ.
448. (ම)හනෙල් අතැ සුරත් මෙ රන්වන (බෙණෙ) යි බියෙන් සගවන් බෙයන් තො ගොසින් මෙ ආ අසු දකව මෙනෙහි
(පානැදි)මි ලීමි.
අන්වය :- සුරත් අතැ මහනෙල් මෙ රන්වන බෙණෙයි බියෙන්, සගවන් බෙයන් නො ගොසින්, මෙනෙහි අසු දක්ව මෙ ආ.
අර්ථය : - සුරත අත්හි මහනෙලක් (ඇති) මේ රන්වන් (තැනැත්තිය) කථාකරතැයි බියෙන්, ස්වර්ග ය හා සමාන බෙයද1 (කරා) නො ගොස්, සිත්හි අමනාපය2 දක්වමින්මෙතෙමේ (ආපසු) අයේය.
පානැදි (නමැත්තා) වෙමි. (මෙය) ලීමි.
1. බෙයන් 2. අසු - (සං. අසූයා)
විස්තර :- කාලය - 9වෙනි ශතවර්ෂබය. වෘත්තය - යාගී.
සීගිරි ගී 185
449. (ෙ)ද(ව්)සපුවකින් යහඉසිරින් බන්ද්නා ගු(රවු) නැතෑ සිකි නින්ද් නැ ගුරවු සම වි(මි) මහනෙල්වනුන සි ගැතැ
පැහැබර් සි(න) වජන් යුනුන් මිණි හවු (අ)ති(න් මල්) ගතැ මහනෙල්වනින් ඉති(බු) අසුදු යු කුම් සෙ තමන් ළ ගතැ
බොයි දෙවලිමි ලී(මි)
අන්වය :- ‘දෙව්සපුවකින් යහ ඉසිරින් බන්ද්නා ගුරවු නැතැ. සිකි! මහනෙල්වනුන සී. ගතැ නින්ද් නැ. ගුරවු සම විමි’
‘වජන් පැහැබර් සින නියුන් මිණි හවු. අතින් මල් ගතැ. ඉතිබු මහනෙල්වනින් අසයු යු තමන් ළ කුම් සෙ ගත?’
අර්ථය :- “දිව්යම සම්පත්නිය, යසස, ඓශ්චර්යනය (ආදියෙන්) යුතු1 බූරුවන්2 නොමැත යහළුව මහනෙල්වන් (තැනැත්තියන්) සිහියට ආ කල නින්දක් නැති (එහෙයින් මම) බූරුවකු (හා) සමවීමි.”
“(ඔවුන්ගේ) වදන් (සමග) පැහැබර සිනාව ද (ඇත.) (ඔවුන්ගේ) නෙත් මැණික් (හා) සමානය3 (ඔවුහු) අතින් මල් ගත්තාහුය. මෙබඳු4 මහනෙල්වනුන් අශ්ර(ද්ධාවත් බව කියති. 5 තොප හදවත කවර අයුරින් (ඔවුහු පැහැර) ගත්තාහුද?
බොයි දෙවල (නමැත්තා) වෙමි. (මෙය) ලීමි.
1. බන්ද්නා - බාඳුණු.
2. ගුරවු - සං ගදීහ >ගඩබු, ( ධ. අ. ගැ. 49) >*ගරවු>ගුරවු.
3. හවු - හව්; සං. භාව හව්යෙකින් = පා ලීලාය, ම.බෝ. ග්රත. 19
186 සීගිරි ගී
4. ඉතිබු - සං. ඉත්ථම් - භූත සිදත. 83
5. යු - ‘ය’ ධාතුයි. (සං. ආ + √ ඛ්යාහ.) යත්, යෙ, යෙත්, යෙති ආදී වශයෙන් ද යෙදෙයි. විස්තර :- කාලය - 9වෙනි ශතවර්‍න.ය
වෘත්තය - එළිසම සිවුපදයෙකි එළු සඳැස් ලකුණෙහි නොදැක්වූවකි.
450. ස්වස්ති. උතුර්පස්වැසි අ(ග)ල්බතියුන් (ගී)
i. (බෙයන්දිසහි රන්වනුත් මය් දස බලය් නුයුනින් මහනෙල් ගත් අතිනි බෙණෙත් සෙළෙන් අයුන් මය්)
ii. සෙළෙන් අ (බැ)න්දිව මෙයට් බෙයන්දිනහි වන්දබුයුන් නිරින්දුඛ මළ නො මළ එ ගැහැනින් අසදහ යත් කී වරජ්
(බතී) කී දෙකවු.
අන්වය :- i. බෙයන්දිෙහි රන්වනුන් නුයුනින් මය් දස බලය්, මහනෙල් ගත් අතින් අයුන් හය් සෙළෙන් බෙණෙත්.
ii. බෙයන්දිෙහි වින්දබුයන් මෙයට් අ සෙළෙන් බැන්දිබ. නිරින්දුන මළ නො මළ එ ගැහැනින් අසදහ යත් කි වරජ්?
අර්ථය :- යහපතක් වේවා! උතුරුපෙදෙසෙහි වැසියකු වු අගල්බති (නැමැත්තාගේ) ගීයයි.
i. බෙයදෙහි රන්වන් (තැනැත්තියෝ) නෙත්වලින් මා දෙස බාල, මහනෙල් ගත් අත් වලින්, (මෙහි) ආ1 9තැනැත්තන්) සමග වංචනික ව2 කථා කරත්.
ii. බෙයදෙහි වැන්දඹුවෝ,3 මෙහි ආ (තැනැත්තන්) වංචනික ලෙස බන්ධනය කළාහුය. නිරිඳා මිය ගිය 4 (කල්හි) නොනැසුණු5 ඒ ගැහැණුන් අශ්රිද්ධාවත් යයි කිව හොත්6 කවර වරදක් ද? සීගිරි ගී 187
බතී (විසින්) ගියු කව් දෙකයි.
1. අයුන් - ආවන්
2. සෙළෙන් - සං. ශඨ. ධ. අ. ගැ. 96
3. වස්දබුයුන් - සං . විධවා . ජා. ස. vii. 49.
4. නිරින්දුන මළ 5. නො මළ . 6. යත්
විස්තර :- පළමුවැනි ගීයෙහි පෙළ සැක සහිතයි. කැටපත් පවුරෙහි මේ ගීය අඩංගු කොට උවමනාවෙන් මකා දැමීමට වෑයම් කර ඇති බවක් පෙනේ. අකුරුවල ඇතැම් රේඛා අවශිෂ්ට ව අති හෙයින් ආයාසයේන කියවා ගත හැකිය.
කාලය - 9වෙනි ශතවර්ෂේයේ මුල් භාගය.
වෘත්තය - i. එළු සඳැස් ලකුණෙහි නො ලැබේ.
ii. ‘බෙයන්දිවහි’ යන්න මාත්රාස පසක් අඩංගු වන සේ ද, තුන්වන පාදය ‘ගැ’ යන්නෙන් කෙළවර වන සේ සලකා එහි ‘එ’ කාරය දීර්ඝ් සේ උච්චාරණය කළ හොත් දුගගී විරිතයි.
451. සිහිගිරි දුට්මො සිහි (ව)න සෙයි කනතුන් දිටිමො සිහි වත (සිටි) මෙ මිලැස් (හිද වැහැ වෙයි) කෙසෙ තමා
අන්වය :- ‘සිහිගිරි දුට්මො සිහි වන සෙයි කතුන් දිටිමො.’ ‘සිටි මේ මීලැස් සිහිවත, තමා හිද කෙසේ වැහැවෙය’ ?
අර්ථය :- ‘සිහිගිරිය දුටිමු (නැවත) සිහිවන අයුරින් කාන්තාවන් දුටිමු. ‘ ‘(මෙහි) සිටි මේ මියුලැසියන් සිහිවන කල, තොප හදවත කෙසේ වැහැවෙයි ද’?
විස්තර :- කාලය - 8වෙනි ශතවර්ෂකයේ අවසාන භාගය හෝ 9වෙනි ශ.වර්ෂ:යේ මුල් භාගය
වෘත්තය - දෙවැනි පාදයෙහි අවසාන අක්ෂෙරය දීර්ඝ යක් සේ ගත හොත් යාගී විරිතයි. 188 සීගිරි ගී
452. බිණි වියි නො ජු නිලපුලවන් දිගුනෙත් සිටියෙ නොද(ත්) සත යනොයි හිමියම්බු සිහිගිරිබෙයන්ද්හි
අන්වය :- නිලපුලවන් දිගුනෙත් නො බිණි වියි ජු සිටියෙ සිහිගිරි බෙයන්ද්හි හිමියම්බු! නොදත් සත යතො යි.
අර්ථය :- නිලපුලවන් දිගැසිය කථා නො කළ ද1 (මෙහි) සිටියාය. සිහිගිරි බෙදෙහි කාන්තාව!2 (මෙය) නොදත් ජනයා 3 යන්නෝය. 4
1. නො බිණි වියි ජු - නො බිණි වී ද.
2 හිමියම්බු 3. සත
4. කතුන් ලවා කථා කරවීමට ගත් ආයාසයකි. ඔවුන් කථා නො කරන හෙයින්, ඔවුන් එතැන සිටින බව නොදත් ජනයා ඔවුන් ගැන නො සැලකිලිමත් ව යන බවක් ඉන් පැවසෙයි.
විස්තර : කාලය - 9වෙනි ශතවර්ෂතය
වෘත්තය - යොන්ගී
453. (බෙය)න්ද් බැලුමො යහපත් වර සි(නා) මා දස සැනැහැත්තන් මන බැන්දිො ස(න්දේ)හි (නො දිනි) බස් සොවින්
අන්වය :- බෙයන්ද් බැලුමො. යහපත් වර මා දස සිනා. සැනැහැත්තන් මත බැන්දිත සෙන්දබ හි සොවින් බස් නො දිනි.
අර්ථය :- බෙයද බැලුවෙමු. (ඇය) සෙම්නස් වූ1 කල2 මා දෙස සිනාවක් (පාන්නීය) (ඇගේ) ස්නෙහය ලද්දවුන් (කෙරෙහි ) ඇය සිත බැඳුණු කල, (ඕතොමෝ) ශෝකයෙන් (මාහට) වචනයක් නුදුන්නාය.
1. යහපත් 2. වර
විස්තර :- කාලය - 9වෙනි ශතවර්ෂවය
වෘත්තය - යෙන්ගී.
සීගිරි ගී 189
454. (සල)ගලපිරි (වෙ)න්වැසි දළසිව් පැවිජ්ජ(මි) ඉයි මල් බල ත මා බෙ(ය)න්ද්හි රන්වනුන් සිත එළි වී මලින් මෙහි උන් බැලි සන්ද්හි කි වෙ සිරිතින්
අන්වය :- මෙහි උන් බැලි සන්ද්හි ත ඉසි මල් බල ‘බෙයන්ද්හි රන්වනුන් සිත මලින් එළි වී’ මා කි වෙ සිරිතින්
අර්ථය:- සලගල පිරිනෙහි වැසියකු වූ දළසිව් (නම්) පැවිද්ධා වෙමි.
මෙහි සිටියවුන්1 බැලූ සඳ, තොප (විසින්) ඉසින ලද මල් බලා, ‘බෙයදෙහි රන්වන් (තැනැත්තියන්ගේ) සත (ඔවුන් ගත්) මල්වලින් හෙළි විය’ (යනුවෙන්) මා කීවේ සිරිත පරිදිය.
1. උන්
විස්තර :- කාලය - 8වෙනි ශතවර්ෂියේ අවසාන භාගය.
වෘත්තය - යාගී.
455. බ(ල මෙ)හි දැන් පැවසි සනා කෙබන්දුද සිහිගිරි (පැව)සි ඇති තමා නුයුන් සිති මහනෙල් හි අවු ලෙසි
අන්වය :- බල! මෙහි සිහිගිරී දැන් පැවසි සනා කෙබන්දු)? තමා සිති ඇති, මහනෙල්හි අවු ලෙසි නුයුන් පැවසි.
අර්ථය :- බලන්න! මේ සිහිගිරියෙහි මෙකල ප්රැකාශ වූ ස්නේහය කෙබඳු ද? තමසිත්හි ඇති (දෙය) මහනෙල් මලෙහි හිරු එළිය1 ලෙසින් නෙත්වලින් ප්රිකාශවිය. 2
1. අවු - අව්ව, සං ආතප
2. මහනෙල්මල පුබුදු ව්නනේ රාත්රි, කාලයෙහිය. හිරුඑළිය නිසා එය මැලවෙයි සිහිගිරි කතුන් කෙරෙහි ජනයා විසින් ප්රාකාශ කරන ලද ස්නේහයෙහි සත්යාුසත්යනතාවය තීරණය කළ යුත්තේ ඔවුන්ගේ ඇස්වලිනි හිරු එළියෙහි මැලවෙන මහනෙල් මෙන් ඔවුන්ගේ නෙත් ද මැලැවී ඇත. ඔවුන්ගේ චංචා සහගත වචනවල ස්වභාවය ඉන් ප්රවකශ වෙයි.
190 සීගිරි ගී
විස්තර :- කාලය - 9වෙනි ශතවර්ෂනය
වෘත්තය - යාගී
456. අග පිරිහිණ් ද දැක්මකුජ් ඇත තමන් හය් විවැජ්ජු සැප්මුඬු සිකි (ම)හනෙල් වන සබද නො
අන්වය :- අග පිරිහිණ් ද තමන් හය් දැක්මකුජ් ඇත. සිකි! විවැජ්ජු සැප්මුඬු එ මහනෙල් වන සබඳ නො.
අර්ථය :- (ඇයගේ) අවයව පිරිහුණු නමුත්1 ඇය කෙරෙහි දැකුමකුදු ඇත්තෙය. යහළුව! ඉවත දැමූ2 කුණු කන්දලක්3 (බඳු) ඒ මහනෙල්වන් (තැනැත්තිය) (තොපහට) සම්බන්ධමය සඳහා නො (සුදුසුය) 4
1. අග පිරිහිණ් ද - සීගිරි කතුන්ගේ රූ ඉඟටියෙන් පහළට නො දක්නා ලැබෙන හෙයින් මෙසේ කියා ඇත්තේය.
2. විවැජ්ජු - වි + වර්ජ්ජිත අහක දැමු.
3. සැජමුඦඬු = පා සප්පි - මණ්ඩ. අන් තැනෙක නො ලැබෙන වචනයකි මහනෙල්වනුන් අපහාසයට ලක් කිරීම සඳහා යොදන ලද්දේය.
4. නිල්මහනෙලක් බඳු එකියකට පෙම් කළ තැනැත්තකු අරභයා මේ ගීය රචනා විය.
457. මහමෙත්පාවෙසි බෙයමි
බිතෙ දු(ට් තී) නො ගනි (වී) කෙළෙ කා ( බෙල) මෙත (අ)න්(ති) මල් ගනෙත්න් කෙළෙ වී ද නී බ(ස) නෙතෙත්න්
අන්වය :- බතෙ දුට් නී, බෙලමෙන කා ගෙති නො කෙළෙ? බස නෙතෙතන්, අතින් මල් ගතෙත්න් තී කෙළෙ වී ද?
අර්ථය :- මහමෙත්පා (නම්) ස්ථානයෙහි වැසියකු වූ බොය. (නමැත්තා) වෙමි.
සීගිරි ගී 191
බිත්තියෙහි දක්නට ලැබෙන තෝ (තම) බැලුමින් කවරකු (තම) ගැති බවට (පත්) නො කෙළෙහි? (තොප කෙරෙහි) බසක් නොමැති හෙයින්, අතින් මල් ගත් කරුනින් තෝ (එසේ) කෙළෙහි ද?
විස්තර :- කාලය - 8වෙනි ශතවර්ෂෙය.
වෘත්තය - දෙවැනි පාදයෙහි අවසාන අක්ෂශරය දීර්ඝයයක් සේ සලකා උච්චාරණය කළ හොත් යාගී විරිතයි.
458. ස්වස්ති දයල් ගී
පලු කළ අත්ලැ මිටි ම(න්ද්) බැලුම නුයුනින් (දුන්) (නි)ලුපුල එළවනු මෙ බෙයදහි රන්වනුන් අතරෙ
අන්වය :- මිටි කළ අත්ලැ පලු නුයුතින මන්ද් බැලුම දුන් මෙ බෙයදහි රන්වනුන් අතරෙ නිලුපුල එළවනු
අර්ථය :- යහපතක් වේවා! දයල් (නමැත්තාගේ) ගීයයි.
මිටු මෙලෙවා ගත් අත්ලෙහි පලු (පත්) (ඇත). නුවන්වලින් මඳ බැලුම දෙන ලද්දේය. බෙයදෙහි රන්වන් (තැනැත්තියන්) අතරට නිලුපුලක් දමන්න. 1
1. එළවනු - සං අව +√ ලි. එළවය් = පට්ඨපත්වා, ධ. අ. ගැ. 109. ‘පහත දැමීම’ යන අර්ථනයි.
විස්තර :- කාලය - 9වෙනි ශතවර්ෂ.ය වෘත්තය - යාගී
459. දයල් ගී
සුරත් අත් දි (සි)ත් ති අප එත අතින් ගත් සෙ (ය්) යනෙ යි අව යතුජ් අ වි සිටි වීද් (අවු(ද්) යනෙන් යි
අන්වය :- ති සුරත් අත් සිත් දි අප එන, අතින් ගත් සෙය්. අව යනෙ යි. යතුජ් අ වි සිටි විද් අවුද් යන්නේ යි.
192 සීගිරි ගී
අර්ථය :- දයල් (නමැත්තාගේ) ගීයයි.
තිගේ සුරත් අත් (කෙරෙහි) සිත් යොමා අප එන කල්හි (තී විසින් අප) අතින් (පිළි)ගත් බඳුය. (අප) ආ කල (තෝ) යන්නෙහි. යන්නේ වි නමුත් (අප) ආයේ වීය. (තී) සිටියේ වුව ද(මෙහි) පැමිණි (අපි) යන්නෙමු.
විස්තර :- කාලය - 9වෙනි ශතවර්ෂතය
වෘත්ය - යාගී
460. පතුර්වමි(න්) සතා බස ලත් වින්දිය සියොව් (සු)ව මා බන්දු.වන් ති බැ(ලුව)න් ඇසි මතක් ලී (හ) දහය්
අන්වය :- සනා පතුර්වමින් බස ලත් සියොව් සුව වින්දි . මා බන්දු)වන් ති බාලුවන් ඇසි මතක් හදහය් ලී.
අර්ථය :- ස්නේහය පතුරවන වචනය (මා විසින්) ලබන ලදී (තී සමග) සමෙහාග සැපය ද1 (මා විසින්) විඳින ලද්දේය. මා මෙන් තී (දෙස) බලූ (තැනැත්තන් විසින්) ඇසූ පමණ දෙය2 විශ්වාසයට ගෙන3 ලියන ලද්දේය.4
1. සියොව් සුව - සම්භොග සුඛය.
2. ඇසි මතක් - ඇසූ මාත්රගයක්, ඇසූ පමණක්
3. හදහය් - අදහාගෙන.
4. ලී - සං ලිඛිත>* ලියිත>* ලියියි> ලියි> ලියි> ලී
විස්තර :- කාලය - 8වෙනි හෝ 9වෙනි ශතවර්ෂිය
වෘත්තය - යාගී.
461. (ප)ලාවතුවෙහෙරින් ආ නුගතෙරමි (ලී)මි. මහනෙල්වනුන් එහි සිත්වන් වූ බලන්නෙයි (මෙහි) රන්වනුන් මෙය් හුන් (වී) රත් අත්ති ග(ත් මල්)
සීගිරි ගී 193
අන්වය :- සිත්වන් වූ මහනෙල්වනුන් එහි බලන්නෙය්. මෙය්! රත් අත්නි මල් ගත් රන්වනුන් මෙහි හුන් වී.
අර්ථය :- පලාවතු වෙහෙරින් පැමිණ නුග (නමැති) ස්ථවිර වෙමි. (මෙය) ලීමි.
(තොප) සිත් පරිදි වූ මහනෙල්වන් (තැනැත්තියන්) එහි (සටිනු) බලන්න. මේ1! රතු අතින් මල් ගත් රන්වන් (තැනැත්තියෝ) මෙහි සිටියාහුය2
1. මෙය්! - ‘මෙ’ බල්නන’ යන අථර්යසයි.
2. හුන් වී - උන්නාහුය.
විස්තර :- කාලය - 8වෙනි ශතවෂර්යේල අවසාන භාගය හෝ 9වෙනි ශතවර්ෂහයේ මුල්භාගය.
වෘත්තය - යාගී.
462. දිගලු දළමෙයි (හිමිය)න් ගෙ නරසිහි (මෙ) ගී. අළි විළියෙන් මෙ කී ජන ආ (නො දත් මෙ)න් සිටි සළු ගිළී හින ජු පෙදෙස් ඔයුන් ඔයුන් (නො) දුට්වන් සෙය්
අන්වය :- අළි’ විළියෙන් මෙ කී. ජන ආ නො දත් මෙන් සිටි. සළු ගිළි හින ජු ඔයුන් ඔයුන් පෙදෙස් නො දුට්වන් සෙය්
අර්ථය :- යෙහෙළිය1! ලැජ්ජාවෙන් මෙය කියන ලද්දේය. ජනයා (මෙහි) පැමිණි (බව) නො දත් මෙන් (තෝ එහි) සිටියෙහි. (තිගේ) සළු ගිලිහුණු නමුදු2 ඒ ඒ3 පෙදෙස් (තී) නො දුටු සේය4
1. අළි - සං. අලි
2. ගිළී හින ජු - ගිළිහුණ ද
3. ඔයුන් ඔයුන්.
7
194 සීගිරි ගී
4. සිත්තම් ගත වූ කතකට ඇගේ යෙහෙළියක හෝ සීගිරියට පැමිණි ආගන්තුකයකු විසින් කියන ලද්දකි.
විස්තර :- කාලය - 9වෙනි ශතවෂර්යර වෘත්තය - දුවඟගී.
463. i. කිහි නෙදෙම් දයින්දි ලි මන ඇ(දෙ)ත් එක්නට් ජිවි තබය් මන ම පිරිබුන්හ එය් මතු කියන්නෙය්
උතුරොළ පිරිවන කරයු ලෙ රියන්දළමි ලීමි
ii. යහපත්මි අය්හ තැන් උකැටලි මදෙස නැන් කිය එය්හි අය්හ නැත්ව ව ද යහකැත්තෙහයිම් මත්තෙ.
අන්වය :-
i. එක්නට් මන ඇදෙත් ‘දයින්දි ලි නෙ දෙම්’ කිහි. ම ජිවි තබය් මන පිරිබුන්හ. එය් මතු කියන්නෙය්.
ii. ‘යහපත්මි. අය්හ නැත්.’ ‘ම දෙසෙ උකැටලි නැත් කිය’ ‘එය්හි අය්හ නැත් ව ද?’ ‘මත්තෙ යහක් ඇත්තෙයි ම්.’
අර්ථය :- i. එක් (කතකට මගේ) සිත ඇදෙන කල ‘උදකාඤ්ලිය1 නො දෙමි’ යි (තෝ) කීවෙහි. (ඔවුහු) මගේ ප්රාඤණය2 ඉතිරි කර හදවත කඩ කළාහුය.3 එය පමණක්4 කිව යුත්තේය.
උතුරොළ පිරිවෙන කරවූ රියන්දළ (නමැති) ලෙඛකයා වෙමි. (මෙය) ලීමි.
ii. ‘යහපත් ව සිටිමි. අයහපතක් (මා කෙරෙහි) නැත.’ ‘මා තුළ5 උකටලී නැත (බව) කියන්න.’ ‘ඇය කෙරෙහි අයහපතක්8 නැතිව ද?” ‘මතු (මට) යහපතක් ඇති වන්නේය.’
සීගිරි ගී 195
1. දයින්දි ලි - සං උදකාඤ්ජලී, ජලාඤ්ජලි. මියගිය තැනැත්තන් සඳහා අත්ලට ගෙන ඉසින වතුර ‘ජලාඤ්ජලී’ නම් කෙනෙකු මරණාසන්න වූ විට ඔහු යහතින් මිය යා යුතු යයි විශ්වාස කරමින් ඔහුගේ මුවට වතුර වත් කිරිම සිංහල මිනිසුන් අතර පවත්නා චාරිත්රක විශෙෂයකි. උකටලිය දලැන්දි ල දෙනු පිය සමාහි, සිදත. 90 බලනු.
2. ජිවි - ජිවය.
3. පිරිබුන්හ - සං. පරිහින්න + ක. පිරිබුන්, කව්සි. 464 ප.
4. මතු = පා. මත්ත. ධ. අ. ගැ. 245
5. ම දෙසෙ
6. අය්හ - අයහපත; ‘යහ’ යනු ‘ස්තොෂය’ යනු විසින් ද ‘අය්හ’ යනු ‘සන්තෝෂය’ යනුවෙන් ද තේරුම් කළ හැකිය.
විස්තර :- කාලය - 8වෙනි ශතවර්ෂහයේ අවසාන භාගය
වෘත්තය - එළු සඳැස් ලකුණෙහි නො ලැබේ.
464. ස්වස්ති සෙන් මාඩබින් ගෙහි සතමුණෙ ෙ(ද)පයලක්
ලදි විජුරා දය්මි (වි)ලතෙරෙබො සිරිනා අබමි ගී.
සැනැහැතති ඇල්මෙන් හෙඬි නො හො යි වැරැජැද් බැලු බැල්මෙන් නො වන් තම වෙත කොව් හැඬු අහස්හි අ කොහො
අන්වය :- ‘සැනැහැත්ති. ඇල්මෙන් හෙඬි නො හො’ යි වැරැජැද් බැලු. ‘බැල්මෙන් තම වෙත කොච් නොවන්; අ! කොහො අහස්හි හැඬු.’
196 සීගිරි ගී
අර්ථය :- යහපතක් වේවා!
සතමුණ (නම් ස්ථානයෙහි) පයල 1 දෙකක් ලත්, සෙන් මාඩබි (නමැත්තාගේ) වංශයෙහි වූ විජුරා දය් (නමැත්තා) වෙමි; විලතෙරෙබො2 (නම් ස්ථානයෙහි) සිරිනා අබ (නමැත්තා) වෙමි; (අපගේ) ගීයයි.
‘පෙම්වතිය3 ආදරය නිසා හැඬුවේ4 නො වේ ද’ යි (සිතමින් මම) අමනාපයෙන් වුවද5 (ඇය දෙස) බැලීමි. 6 ‘බැලුමෙන් මා කෙරෙහි කෝප7 නොවන්නා; හා! කොවුලා8 ගුවන්හි හැඬීය9’
1. ඉඩම් මිනුමකි
2. ස්ථාන නාමයකි - ‘විල්තෙරෙහි පිහිටි බොධි වෘක්ෂය’ යන අර්ථ.යයි.
3. සැනැහැත්ති.
4. හෙඬි - ‘හඬ’ ධාතුයි. හැඬි, ධ. අ. ගැ. 62.
5. වැරැජැද් - වරදක් ඇතද.
6. බැලු - අකර්තෘඇක ක්රියයා පදයකි ‘(මා) බැලි’ (මවිසින් බලන ලද්දේය) යනු විසින් අරුත් කිව හැක
7. කොව්.
8. කොහො - සං. ක්රෞ ඤ්ව, පා. කොඤ්ව.
9. පෙම්වතියකට වැර්දිි කළ පෙම්වතකු විසින් කියන ලද වදන් ගීයෙහි ප්රිථමාර්ඨියෙහි අඩංගු වී ඇත. දෙවැනි කොටස කාන්තාවට කෙළින්ම ප්රරකාශ කරන ලද්දක් සේ රචනා වී ඇත.
විස්තර :- කාලය - 8වෙනි ශතවර්ෂඇයේ අවසාන භාගය
වෘත්තය - යාගී.
465. ස්වස්ති උජල ගී i. ලද වි සිහි එ(වි) හෙ එවි ලයු මෙතෙක් කල් වත් සෙළෙන් එළපන් සිත ත(ට) පිරිහී ගියා කියා කුල සීගිරි ගී 197
දළසිවු ගී.
ii. ඇති සැබැවින් ම සෙයි මෙ එන්නෙයි ගලින් පියා අපිය තමහට ගෙන ලයි අපිය ඔයුනට කෙරෙවියෙ නැති.
අන්වය :-
i. ‘සිහි ලද වි එවි.’ ‘මෙතෙක් කල් වත්, ලයු හෙ එවි කුල පිරිහී ගිය කියා තට සිත සෙළෙන් එළපන්.
ii. ඇති සැබවින් ම සෙයි ගලින් පියා මෙ එන්නෙයි තමහට අපිය ගෙනෙලයි මයුනට අපිය කෙරෙවියෙ නැති
අර්ථය :- යහපතක් වේවා!
උජල (නමැත්තාගේ) ගීයයි.
‘සිහි ලද කල්හි (ඔහු) එවි.’ ‘මතෙක් කල් ගතවූ හෙයින් 1 සැබවින්ම ඔහු ඒවි (ඔහුගේ) වංශය පිරිහී ගිය බව කියා තී කෙරෙහි (ඔහුගේ) සිත කපටිකමින්2 යොමු කරන්න3’
දළ සිව (නමැත්තාගේ) ගීයයි
(තී කෙරෙහි) ඇති සත්යගවාදීභාවය4 නිසා, මා මෙන්, පර්ව්තය කෙරෙන් (තිගේ) ප්රියයා මෙහි එන්නේය. තමහට අප්රි්යජනක (දෙය) (ඕතොමෝ) පිළිගන්නීය5 (එහෙත්) ඔහුට අප්රිහයජනක6 (යමක්) කරවූයේ නැත.
1. වත් - ‘වූ’ ධාතුවෙන් නිපන් අසම්භාවන ක්රිරයායි.
2. සෙළෙන් - සං ශඨ.
3. එළපන් - ‘එළ’ ධාතුයි. සං අව + √ ලි වළවය් = පා. පටඨපත්වා , ධ. අ. ගැ. 109. එළවනු, සීගිරි ගී. 458.
198 සීගිරි ගී
4. සැබැවින් - ‘ස්වභාවය’ යනු විසින්ද අරුත් පැවැසිය හැක. පෙර ගීයෙහි එන ‘සෙළෙන්’ යන වචනයට ප්රවතිවිරුද්ධ අර්ථගයක් දීම සඳහා ‘සත්ය වාදීභාවය’ යන වචනය යොදන ලදී.
5. ගෙනෙ ලයි = ගෙන ලන්නේය.
6. අපිය
විස්තර :- බොහෝ කල් ගත වූ හෙයින් ප්රි යයා තම කැමැත්තෙන් එන තුරු බලා සටීම නුසුදුසු බව ද, එහෙයින් උපායකින් ඔහුගේ අවධානය යොමු කළ යුතු බව ද පළමුවන ගීයෙන් පැවසේ. ඊට වෙනස් අදහසක් දෙවැනි ගීය ඉදිරිපත් කරයි. ඇගේ සත්යෙවාදීභාවය නිසා ඔහුගේ අවධානය ඇය කෙරෙහි යොමු කරවිය හැකි බව ඉන් කියවෙයි.
කාලය - 8වෙනි ශතවෂර්යේන අවසාන භාගය
වෘත්තය - i. පළමුවන පාදයෙහි ‘හෙ’ අකෂරය දීර්ඝයයක් සේ ගත හොත් යාගී විරිතයි.
ii. දුවඟගී
466. සලමෙයි පැවිජ්ජෙමි.
සරාසිසිරැස්නි පුමබු දි වැජැ මී (සි)න්දුය ජූ කන්දුැ (ත)ළා හැනැ රිස යෙය් නො කා මුළා
අන්වය :- සින්දුැ, සරාසිසිරැස්නි පුම්බු දී මී වැජැ, ජූ, කන්දු , තළා හැනැ. රිසි යෙය්. මුළා කා නො?
අර්ථය :- සලමෙයි (නම්) පැවිද්දා වෙමි.
මහාසාගරය, 1 සරා සඳ රැසින් පිම්බී2 පොළොවෙහි3 හැපී,4 දූපත්,5 කදු6 ඉවුරු7 (ආදියෙහි) ඇනී8 (තම) රිසිය හරියි.9 මුළා වු කවරකුට (එබන්දක් සිදු) නො වේ ද?. 10
සීගිරි ගී 199
1. සින්දු9 - සිඳු, සිං සින්ධුබ
2. පුම්බු දී - පුම්බු = සං. ප්ර + √ ධ්මා. පුම්තාක්හු, ධ. අ, ගැ. 85 පුම්වා = පා. ධමාපෙත්වා , ධ. අ. ගැ. 126 පුඹුතු, කව්සි 291. පද්ය,ය ‘පුඹ’ ධාතුයි.
3. මී - මිහි, සං. මහී.
4. වැජැ - වැද. වැදී; සං අභි + √ ධා.
5. ජූ - සං. ද්වීප.
6. කන්දු - සං. ශානු.
7. තළා - සං තට + ක; තළා, රු. ම . 162 පද්ය ය.
8. හැනැ - සං √ හන්.
9. රිසි සෙය් - ව. සිං. රිස්ස යන්වා මෙහි ‘රිස’ යනු ‘උඩඟුව’ යන අරුත යයි සැලකිය හැකිය.
10. මේ ගීයෙහි වක්රොහක්තියක් ගැබ් වී ඇත. සරා සඳ රැසින් ඉදිමී ගිය සාගරය උඩගුකමින් යුතුව පොළොවෙහි හැපෙන්නාක් මෙන්, සීගිරියට පැමිණි ඇතැම් ආගන්තුකයෝ එහි කතුන්ගේ රූප සම්පත්තිය දැක ඔවුන් අවනත කර ගත හැකියයි සිතති. ඔවුන්ගේ මේ ආයාසය මහාසාගරය පොළොවෙහි හැපී වෙහෙස වීම හා සමාන කළ හැක
විස්තර :- කාලය - 8වෙනි ශතවර්‍ො යේ අවසාන භාගය
වෘත්තය - පළමුවැනි පාදයෙහි අවසාන ‘නි’ අක්ෂරය දීඝර්යභක් සේ ගත හොත් උමතුගී විරිත ලැබේ.
200 සීගිරි ගී
467. මහනෙල් මල කනැ (ලි) නවත බද් (දුල්) පට් රත් තන ළ උඩ්වටු තනන පැහැ රන්වන් සිහිගිරි
අන්වය :- සිහිගිරි ලි කනැ මහනෙල් මල උඩුවටු තනන ළ තන දුල් රන් පට් තවන බද්. පැහැ රන්වන්
අර්ථය :- සිහිගිරියෙහි කතෙකගේ1 කනෙහි මහනෙල් මලකි. උඩුකුරුවූ2, කම්පිත වන්නා වූ3 ළපටි පයේධරයෝ4 බබළන5 රන් පටකින් නවතා බඳනා ලද්දාහුය. (ඇගේ) පැහැය රන්වන්ය.
1. ලී 2. උඩ් - වටු. 3. තනන
4. ළ තන. 5. දුල්.
විස්තර :- කාලය - 9වෙනි හතවර්ෂවයේ අවසාන භාගය
වෘත්තය - තුන්වැනි පාදයෙහි අවසාන ‘න’ අක්ෂරය දීර්ඝ යක් සේ සැලගුව හොත් යාගී විරිතයි.
468. කිත්මි ගී.
(ගො)ස් බැලිමි මට කිය (නැ)ත (එ)හි කිසි බැලී(ම)ට එත් ත (සෙය් නැ)ගි දනො අන් තතු ජන් වෙය් ත සෙය් (උන්)
අන්වය :- ‘ගොස් බැලිමි’ ‘මට කිය’ ‘එහි බැලීමට කිසි නැත.’ ‘ත සෙය් නැගි අන් දනො එත්. ත සෙය් උන් තතු ජත් වෙය්.’
අර්ථය :- කිත් (නැමැත්තා) වෙමි. (මේ මගේ) ගීයයි.
‘ගොස් (එය) බාලුවෙමි.’ ‘(එහි ඇති දෙය) මට කියව.’ ‘එහි බැලීමට කිසිවක් නැත’ ‘තා මෙන් (මේ පර්විතය) නැගී අන් ජනයා ද එති. තා මෙන් ඔවුන් ද (සැබෑ) තත්ත්වය දත යුතුය1.’
සීගිරි ගී 201
1. මිතුරන් දෙදෙනකු අතර ඇති වූ දෙවසකි. සිහිගිරියෙහි බැලිමටයමක් නැති බව පළමු වැන්නා කියන කල, දෙවැන්නා එය විශ්වාසයට නො ගෙන අන් අයගේ වචනය ද සලකා බැලිය යුතු යයි කියයි.
විස්තර :- කාලය - 9වෙනි ශතවර්ෂපය.
වෘත්තය - යාගී.
469. (මි හින්දය(ල්) මහාපාණන් ගේ මැණලු ගී. කරය වජ(න්) නෙ)දි අ)යුතින් අයස් ආයුන් පිරිබින් ජිවි (මෙ ගල්) බෙයදහි රන්වනන් සිට්වය්.
අන්වය :- අයුතින් කරවය, වජන් නොදි, මෙ ගල් බෙයදහි රන්වනන් සිට්වය්, අසය් ආයන් ජිවි පිරිබින්.
අර්ථය :- මිහින්දගල් (නමැති) මහාදිපාදයාණන්ගේ (වංශයෙහි වූ) මැණල (නමැත්තාගේ) ගීයයි.
අයුක්ති සහගත ව1 (ඔවුන්) කරවා, (ඔවුන්ට) වචන (ශක්තිය) නො දී, මේ කල් බෙයදෙහි රන්වනුන් සිටුවා. (හෙතෙම) (ඔවුන් ගැන) අසා පැමිනි තැනැත්තන්ගේ2 ජිවිත විනාශ කෙළේය3.
1. අයුතින් 2. ආයුන්. 3. පිරිබින්
විස්තර :- කාලය - 9වෙනි ශතවර්ෂදයේ මුල්භාගය
වෘත්තය - යාගී
470. අවුද් බැලුමෝ බෙයන්ද හි රන්වනැන් කෙල්ලන් නැමෙ සිත් කෙසේ වන්නෙයි දිගැස්හි තද් වනෙ වහස් ද ලද්. සිවත්නා මාඩාබියන් ගේ සිවත් නැගැ බලා ගීයෙ.
අන්වය :- අවුද් බෙයන්දගහි රන්වනැන් කෙල්ලන් බැලුමො. සිත් නැමෙ. දිගැස්හි තද් වනෙ, වහස් ද ලද්, කෙසේ වන්නෙයි?
202 සීගිරි ගී
අර්ථය :- (මෙහි) පැමිණ බෙයදෙහි රන්වන් කෙල්ලන් බැලුවෙමු. (ඔවුන් කරා0 සිත් නැමෙයි. දිගු අස්හි (සිත්) තදගතිය ප්රතකට වුව ද, (අප විසින්) සිනාව ද ලබන ලද (හෙයින්) (එබඳු කරුණක්) කෙසේ (සිදු) වන්නේ ද?
සිවන්තා - මාඩාබි (නමැත්තාගේ) වංශයෙහි වූ සිවත් (නමැත්තා) පර්ව්තය ගැන (කතුන්) බලා (මෙය) ගැයී.
විස්තර :- කාලය - අකුරුවල සාමාන්ය ලක්ෂණ අනුව මෙය 9වෙනි ශතවර්ෂ යේ අවසාන භාගයට අයත් කළ හැකිය. ‘ඇ’ සංකෙතයේ අවස්ථා දෙකක් මෙහි දක්නට ලැබෙන හෙයින් ගීය රචනා කළ කාලය ඇතැම් විට 9වෙනි ශතවර්ෂකයට පෙරාතුව බව පෙන්විය හැකිය.
වෘත්තය - ‘බෙයන්දතහි’ යන්නෙහි අනුනාසිකය සම්පූර්ණයයෙන් උච්චාරණය කර දෙවැනිපාදය එහි ‘ද’ අක්ෂරයෙන් පටන්ගන්නා බව සලකා එහි ‘හි’ අක්ෂරය ද දීර්ඝගයක් සේ ගත යුතුයි එසේම සතරවැනි පාදය ‘දිගැස්හි’ යන්නෙහි ‘ගැ’ අක්ෂරයෙන් පටන් ගන්නා බව ද සලකත හොත් දුවඟගී විරිත ලැබේ.
471. ස්වස්ති
පියා වියෙවැ සිකි(ස)න්ද් එ ළ(න්දු‘)න් මින්දියබි සෙය් සිටි කුම(ට් මග් බ)ලය් එහි එකක් සෙර් කළ සෙ නැත්.
සීගිරි ගී 203
අන්වය :- සිකිසන්ද්! පියා වියෙවැ එ ළන්දුෂන් මින්දිමබි සෙය් එහි එකක් සෙර් කළ සෙ නැත්, කුමට් මග් බලය් සිටි?
අර්ථය :- යහපතක් වේවා!
මිතුරුතුමනි! ප්රිේයයා වියෝ වූ හෙයින්, ඒ කාන්තාවන් අවඥාසහගතව1 (සිටි) සේය. එහි එක් තැනැත්තියක2 (කෙරෙහි) ද්‍රෝහි ක්රි යාවක් කර සිටින ආකාරය නොමැති3 නම්, කවර හෙයින්4 (ඕතොමෝ) මග බලා සිටින්නී ද?
1. මින්දිීබි - ‘අහංකාරය තැනැත්තිය’ යන අරුත මෙහි ලැබේ යයි සිතිය හැක.
2. එකක්
3. සෙර් කළ සෙ නැත් - ව. සිං. ‘හොර කළා සේ නැති නම්’ සෙර් = සං වෞර්ඨ නැත් - අසම්භාවය ක්රි යායි.
4. කුමට්
විස්තර :- කාලය - 8වෙනි ශතවර්ෂායේ අවසාන භාගය.
වෘත්තය - ‘මින්දිරබි’ යන්නෙහි ‘න්දිග’ යන්න අර්ධන අනුනාසිකයක් සේ සලකා සතර වැනි පාදයෙහි ‘සෙ’ අක්ෂරය දීර්ඝකයක් සේ උච්චාරණය කළ හොත් බමරගී විරිතයි.
472. (මි)හින්ද් කී ගී. නො ලබන්නේ බසක් ගි(ය) බන්ද්මි හො සෙර ෙස සිවි ම යත් යත් අය්හ නො වි ද බ(ලමි)න් සොවින් හින්දිහනා
අන්වය :- බසක් නො ලබන්නේ ගිය බන්ද්මි. අය්හ නො වි ද මස යත් යත් බලමින් සොවින් හින්දිබනා හො සෙර සෙ සිවි.
204 සීගිරි ගී
අර්ථය :- මිහින්ද් (නැමැත්තා) කී ගීයයි.
(ඇගෙන්) බසක් නො ලබමින් (මේ) ගීය රචනා කෙළෙමි අසන්තෝෂයක්1 නොමැති වුව ද, 2 මා යන කල3 (ඉදිරිය) බලමින් ශොකයෙන් හිඳිනා ඕතොමෝ4 සෙරක සෙයින් සිනාසුනාය. 5
1. අය්හ
2. නො වි ද
3. ම යත් යත්; ‘යත්’ යනු අසම්භාවන ක්රිචයා යි.
4. හො
5. සිවි.
විස්තර :- කාලය - 8වෙනි හෝ 9 වෙනි ශතවර්ෂාය.
වෘත්තය - යාගී.
473. බොයිගමුවැසි ම කිවි මිහිදලැ ගී i. නුයුන් හැයි මතෙ ගිරි බල)ත) මෙය් අයුතින් ඇසින් බලන්නට් මෙ (අ)තින මල් (ග)ත් ලියක් බිත්සිත්තෙමෙ මෙ කව මිත්බතින් එ සිත්ත(ම) සිහි වි එන ඇ(සි වි)
ii. බලයත් මෙය නො මෙ සිත් ගත්තාහු කිවියරුහු නම් වෙ කි ලු සෙලෙති නෙත් මන්දමක් (එ)පිටනි යොතෙක් ඇදි වෙත.
අන්වය :-
i. මෙ බිත් සිත්තමෙ අතින් මල් ගත් ලියක් ඇසින් බලන්නට් අයුතින් මය් බලත, ගිරි මතෙ නුයුන් හැයි.
ii. මෙය බලත් සිත් නො මෙ ගත්තහු කිවියර්හු නම් පිටින් යොතෙක් නෙත් වෙත ඇදි මන්දලක් සෙලෙති කි ලු වෙ. සීගිරි ගී 205
අර්ථය :- බොයිගමු (නම් ස්ථානයෙහි) වැසියකු වු මිහිදල කවියා (නමැති ) මා (ගැයූ) ගීයයි.
i. මේ බිතු සිතුවමෙහි (සිටි) අතින් මල් ගත් ලිය (සිය) ඇසින් බැලිමට පැමිණ මයෙ බලන කල, පර්වසතය මුදුනට නෙත් අදිනු1 ලැබේ.
ඵම සිත්තම සිහි වී මිත් බති (නමැත්තා) (මෙහි) ඵන කල මේ කව අසන ලද්දේ විය.
ii. මෙය බලන කල සමිත් නොම ගත් (තැනැත්තන්) කිවියර (යනුවෙන්) නම් (කරනු ලැබේ නම්), පිටත සිටි ලනුවක් නෙත් කරා අදින කල ( එම නෙත්) මඳක් සෙලවෙති යි කියන2 ලද්දේ ලු3
1. හැයි - ‘හය’ ධාතුයි; සං. √ කෘෂ්, කෂිනි. හැයී = පා නිකකඩ්ඪි, ධ. අ. ගැ. 67
2. කි ලු වෙ - කීවේ ලු වෙයි. ‘ලු’ යනු ශ්රැ√තිසුවනාර්ථනයෙහි යෙදෙයි.
3. සිත්නම් ගත වූ කතුන් කෙරෙහි කිසියම් හැඟීමක් ඇති නොවන අය සිත් පිත් නැති රූකඩ බඳු බව මෙයින් අදහස් වෙයි. ඔවුනගේ ඇස් සෙලවෙන්නේ පිටතින් ඇති කිසියම් ආකර්ෂ්ණ ගතියක් නිසාය. ඇසින් දක්නා දෙය බලා රස විඳීමේ හැකියාවක් ඔවුන්ට නොමැත.
විස්තර :- කාලය - 8වෙනි හෝ 9වෙනි ශතවර්ෂඇය.
වෘත්තය - i. ‘අයුතින්’ ‘ඇසින්’ යන වචන දෙක සන්ධිස කර උච්චාරණය කළ හොත් යාගී විරිත ලැබේ.
ii. යාගී.
206 සීගිරි ගී
474. තොප සුරල් වරල් මහනෙල් වනුන් වූ සෙය් නුහට ජු සුරල් වරල් මහනෙල්වනුන් වු සෙය්.
අන්වය : ‘මහනෙල්වනුන් තොප වරල් සුරල් වූ සෙය්!’ මහනෙල්වනුන් වරල් සුරල් වූ සෙය් කුමට ජු?’
අර්ථය : ‘මහනෙල්වනුන් (වන) තොපගේ කෙශකලාපය බොකුටු1 වූ ආකාරය (කදිමයි)!’
‘මහනෙල්වනුන්ගේ කෙශකලාප බොකුටු වූ ආකාරය කුමට ද?2’
1. සුරල්
2. මහනෙල්වන් එකියකගේ කෙස්කලබ දුටු තරුණයෙක් කියූ වදන් පළමුවැනි කොටසෙහි ඇතුළත් ව ඇත. ඊට කාන්තාවක ගෙන් ලැබුණු පිළිතුරු එයිනික්බිති ලැබේ. ප්ර්ශංසා මුඛයෙන් කියූ මේ වදන්වලට කාන්තවා පිළිතුරු දෙන්නේ උපෙක්ෂා සහගතව වූව ද සත්යමවශයෙන්ම ඇය ප්රීනතිවන බව ඉන් පෙනේ.
විස්තර :- කාලය - 9 වෙනි ශතවර්ෂීයේ මුල්භාගය
වෘත්තය - යොන්ගී
475. බෙයන්ද් බලය් (නැගී අ) වහි ද ල මුන් කෙරෙ සිත් බ(ල)ත ළද කත මාදැකැ (ම)ල් ද(ම) ලමු කෙළෙ ම (දස)
අන්වය :- ‘බෙයන්ද් නැගී බලය් මුන් කෙරෙ සිත් ල අවහි ද?’ ‘බලත, ළද කත මා දැකැ ම දස මල්දම ලමු කෙළෙ.’
අර්ථය :- ‘බෙයද නැගී බලා මුන් (කතුන්) කෙරෙහි සිත් තබා1 ආවෙහි ද?’ ‘(එය) බලන කල, තරුණ කාන්තාව2 මා දැක මා දෙසට මල්දම බර3 කළාය4’.
සීගිරි ගී 207
1. ල - ලා; ව. සිං. ලනවා 2. ළද කත
3. ලමු කෙළෙ. 4. මෙහි දෙබසක් අඩංගුය.
විස්තර :- කාලය - 9වෙනි ශතවර්ෂගය වෘත්තය - යාගී
476. (දි)ගැ(ස්) ගිරිහිසැ හින්දිා ඇවිද් මෙ ග(ල) බැලුමො (බ)ලමනා තක් ඇවි(ද්) බැලුමො සී සිහිගිරි
අන්වය :- මෙ ගල ඇවිද් ගිරිහිසැ හින්දිව දිගැස් බැලුමො ඇවිද් බලමනා තක් සිහිගිරී සී බැලුමො.
අර්ථය :- මෙ පර්වගතය කරා අවුත් ගිරිහිස සිටි දිගැසිය බැලුවෙමු. (මෙහි) අවුත් බැලුවමනා තාක් (දෙය වන) සිහිගිරියෙහිසිංහයා බැලුවෙමු.
විස්රත :- සිහිගිරියෙහි බැලිය යුතු එකම දෙය සිංහ රූපය පමණක් බව කියා ඇති හෙයින්, එහි සිටි කතුන් ගැන කථා කළ අය එයින් උපහාසයට ලක් කළ බව පෙන්.
කාලය - 9වෙනි ශතවර්ෂිය වෘත්තය - ‘බැලුමො’ යන වචනයෙහි ‘මො’ අක්ෂ.රය දීර්ඝ සේ ගත හොත් කව් ගී විරිතයි.
477. ස්වස්ති
වන ඇවිද් වැටි වැටි නො තොර් වී සොන්නට් වන් පයු තෙක් තොප ‘දෙසෙ සිරිබර්නි පිසලද් බර් වි තමා
අන්වය :- වැටි වැටී වන ඇවිද්, තොප දෙසෙ සිරිබර්නි පයු තෙක්. තමා බර් පිස ලද් වි, තොර් නො වී සෙන්නට් වන්.
අර්ථය :- යහපතක් වේවා! වැටී වැටී වනයට අවුත්, තොප දෙසෙහි සිරිබරින් බිව් තාක්1 (ජනයා)ථ තමන්ගේ කරදර2 පිසදමන ලද හෙයින්3 අතරක් නොමැති ව4 සිනාසෙන්නට වූහ.
208 සීගිරි ගී
1. පුයු තෙක්. පුයු = සං. පීත. තෙක් = සං . තාවන් + ක, පා තාවතක සිදත, 95 සීමාව හඳුන්වන නිපාත පදයකි.
2. බර - සිත්හි ඇති කරදර
3. පිස ලද් වි - පිස ගෙන ගිය හෙයින්, අමතක වූ නිසා
4. තොර් නො වී - ව. සිං. තොර තොන්චියක් නැතිව
විස්තර :- කාලය - 8වෙනි ශතවර්ෂදයේ අවසාන භාගය.
වෘත්තය - තුන්වැනි පාදයෙහි ‘සෙ’ අක්ෂෂරය දීර්ඝියක් සේ සැලකුව හොත් දුගගී විරිතයි.
478. පැවි(ජ්) (මෙ)යමි. තිප් එට (යො)වුන් පැති ද තොපට නො කී තමන් (ම)න (සිටියෙ)න් ගිරිහිස නිබන්ද් උකැට්ලි මුන් සිතෙන්නෙය්.
අන්වය :- තිප් එ යොවුන් පැති ද තමන් මන තොපට නො කී. ගිරිහිස නිබන්ද් සිටියෙන් මුන් උකැට්ලි. සිතන්නෙය්.
අර්ථය :- මෙය (නම්) පැවිද්දා වෙමි.
තොප (විසින්) ඒ යෞවනිය පතන ලද නමුත්2 ඇයගේ සිත තොපට නො කියන ලද්දේය. ගිරිහිස නිබඳ ව සිටි නිසා මොවුහු උකටලී වුවාහුය. (මෙසේ මට) සිතෙන්නේය.
1. පැති ද
විස්තර :- කාලය - 8වෙනි ශතවර්ෂසයේ අවසාන භාගය.
වෘත්තය - යාගී.
සීගිරි ගී 209
479. ම(හ)නෙල වීන් නෙත වජ (න්) තිබි මෙ කෙල්ලන්ට් සිතු හෙයින් මෙ (ග)ල (නැගි) ආමි සි(හිගි)රි (බෙය) ද (හි)
අන්වය :- ‘නෙත මහනෙල වින් මෙ කෙල්ලනට් වජන් තිබි.’ සිතු හෙයින්ථ මෙ ගල නැගි සිහිගිරි බෙයදහි ආමි.
අර්ථය :- ‘(ඔවුන්ගේ) නෙත් මහනෙල් වූ හෙයින්1 මේ කෙල්ලන්ට වචන (ශක්තිය) තිබුණි (මෙසේ) සිතූ හෙයින් (මම) මේ පර්වේතය නැග සිහිගිරියෙහි බෙයදට පැමිණියෙමි
1. වීන් < වියින් - ව. සිං. වූයෙන්
විස්තර :- කාලය - 8 හෝ 9වෙනි ශතවර්ෂිය.
වෘත්තය - යොන්ගී
480. කොළ ගී
බෙයද බල(ත) පත් ම තී කෙළෙ යි වී අත්පත් (ඉ)සි මල් බලමින් ති ෙ(ම) පිපි සතරණමල් වි ගත
අන්වය :- පත් ම, තී ඉසි මල් බලමින් තී අත්පත් කෙළෙ යි වී බෙයද බලත, මෙ ගත පිපි සතරණමල් වි.
අර්ථය :- කොළ (නමැත්තාගේ) ගීයයි. (මෙහි) පැමිණි මා1 තී (විසින්) ඉසින ලද මල් බලමින්, තී (මා විසින්) අත්පත් කරන ලදැයි සිතා2 බෙයද බලන කල්හි මගේ ශරීරය පිපුණු සතරණ මලක්3 (බඳු) විය4
1. පත් ම. 2. වී.
3. අවිනිශ්චිත මල් විශෙෂයකි - සං. සප්ත - පණි යන වචනය හා සමාන කළ හැක.
4. කතුන් විසින් ඔහු පිළිගත් ආකාරය නිසා ඔහුගේ ශරීරයෙහි ලොමු දැහැන්වීම වූ බවක් මින් අදහස් කර ගත හැක.
210 සීගිරි ගී
විස්තර :- කාලය - 9වෙනි ශතවර්ෂරය
වෘත්තය - යාගී
481. කළහු වහසි (න්) සිර මෙ ලිවියෙක් ජැනැ නැත්තේ (යි) හො නැවති මෙයි කී තමන් නො දැකැ රන්වනුන් සිටි (සෙ)
අන්වය :- ‘වහසින් සිර කළහු.’ මෙ ලිවියෙක් ජැනැ නැත්තෙ යි. හො නැවති. රන්වනුන් සිටි සෙ නො දැකැ තමන් මෙයි කී.
අර්ථය :- ‘(කාන්තාවෝ තම) සිනාවෙන් (ජනයා) සිර කළාහුය.’ මෙය ලියූ තැනැත්තා1 (ඇති සැටි කරුණු) දැන (සිටියේ) තැන ඕතොමෝ නැවැත්තාය. රන්වනුන් සිටි ආකාරය නො දැන ම විසින් මෙය කියන ලද්දේය2 .
1. ලිවියෙක් - ලියූවෙක්.
2. කතුන් සිය සිනාවෙන් ජනයා සිර කළ බව කී අයට මේ රචකයා සරදම් කරයි. ඊට පසු ඔහු රූමතියක දුටු මෙයින්, වැරදි ගියේ තමාට බව පිළිගනියි.
විස්තර :- කාලය - 9වෙනි ශතවර්ෂදය
වෘත්තය - යාගී.
482. මානැන්දීය ලීමි.
එතෙක් තැනින් ආ(න්දිදලි) අ(න්ද්)වා තබය් සිහිගිරි බලන්නට රිසි වී ජිවි හිඟුළැ වී කකුළයු කඬ්
අන්වය :- එතෙක් නැති ඇන්දිුලි අන්ද්වා සිහිගිරි තබය්, වී හිඟුළැ කකළයු කඞ් බලන්නට රිසි වී ජිවි.
අර්ථය :- මා නැන්දි (නමැත්තා) වෙමි. (මෙය) ලීමි. ඒ තාක් නැත්හි සිතියම්1 අඳවා සිහිගිරියෙහි තබා (හෙතෙම) විය2 සිදුරෙන්3 කකුළුවාගේ4 බෙල්ල5 බැලීමට රිසි වී වහා ගියේය.6
සීගිරි ගී 211
1. ඇන්දිීලි
2. වි<වියි <විය; සං. යුග; ව. සිං. වියගහ
3. හිගුළැ - පා . ජිග්ගල; ව. සිං. හිළ
4. කකුළයු - සං. කර්කගටක
5. කඬ් - සං කණ්ඨ; කට, රු. මත 283 පද්ය4ය
6. ජිවි - ‘දිවීය’ යන අදහසයි. ‘ජුව’ ධාතුයි.
විස්තර :- ඉහතින් සඳහන් කළ උපමාව මජ්ඣිම නිකායෙහි බාල පණ්ඩිත සූත්රියෙහි ද මඳක් වෙනස් ව දක්නා ලැබේ. එනම් මහා සාගරයෙහි සුළඟින් ඔබ මොබ පැද්දෙන වියගහක සිදුරින් එක් ඇස් සහිත කැස්බෑවකුට ගෙල ඇතුලු කළ හැකි වුවත්, මිනිස් අත් බැවින් පිරිහී ගිය සංසාරගත සත්වතයකුට නැවත මිනිස්බව ලැබීම ඉතා දුෂ්කර බවයි. මේ ගීයෙහි කැස්බෘවා වෙනුවට ගෙන ඇත්තේ කකුළුවායි. ‘හෙතෙම දිවීය’ යනුවෙන් අදහස් කළේ සිහිගිරියෙහි සිත්තම් අඳවා තබා කාශ්ය ප රජතුමා ඉතා දුෂ්කර කර්ත ව්යරයක් කිරීම සඳහා වහා ගිය බවයි. සිය පියා මරුමුවට පත්කිරීෙම අකුසල කර්මීය නො වැරදීම විපාක දෙනු ලබන්නෙක් හෙයින් ඔහුට ඊලඟ අත්බැව්හි දී අත්විය යුතු ඉරණම ගැන සඳහන් වූවා ද විය හැකිය.
කාලය - 8වෙනි ශතවර්ෂවයේ අවසාන භාගය
වෘත්තය - යාගී.
483. අග්බොය්මි ලීමි.
මහනෙල්මලක් ගැනැ සුරතන්නි මන්ද්බැල්මෙන් (ගැ)සු නිල් මහනෙල්කැලුම් කිම දැ කුම් සෙය් ත ම (න) වෙය.
212 සීගිරි ගී
අන්වය :- සුරත් අත්නි මහනෙල්මලක් ගැනැ, මන්ද්බැල්මෙන් ගැසු නිල් මහනෙල්කැලුම් කිම දැ ත මන කුම් සෙය් වෙය?
අර්ථය :- අග්බොය් (නමැත්තා) වෙමි. (මෙය) ලීමි.
සුරත් අතින් මහනෙල් මලක් ගෙන (සිටිනිගේ) මඳ බැලුමෙන් විහිදුණු1 නිල්මහනෙල් කැලුම් කවරේදැයි2 තිගේ සිත්හි කෙසේ3 වැටහේවි ද?4
1. ගැසු - ‘ගස’ ධාතුයි. සං √ කාශ්. ව සං. දිස්නෙ ගහනවා
2. කිම දැ - කුමක්දැයි
3. කුම් සෙය්
4. වෙය - වන්නේද? අරුත් සලකා ගැනීමේ පහසුව සඳහා ‘වැටෙහේවි ද’ යනු විසින් යෙදීමු.
විස්තර : එක් කාන්තාවක් මහනෙල් මලක් අතින් ගෙන එය දෙස බලමින් සිටින්නීය. ඇගේ ඇස ද මහනෙල බඳුය. දෙතැතින්ම විහිදෙන කැලුම් එක් වී මිශ්ර වෙයි. මේ දෙවර්ගෙය වෙන් කර හඳුනා ගැනීම මේ කාන්තාව විසි්න කෙසේ කරනු ලැරබේ ද යනු කිවියාට ප්ර්හේළිකාවකි.ඇගේ ඇස් නිල්මහනෙල් බඳුය යනු කාව්යයමය භාෂාවෙන් කියූ සැටියි.
කාලය - නො. 482 වෙනි ගීයෙහි ලැබෙන ඇත්අකුරුවලින්ම මේ ගීය ද ලියා ඇත. මිතුරන් දෙදෙනකු විසින් ගී දෙකක් රචනා කළ බව සහ ඒ දෙකම එක් අයකු විසින් ලිය ලද බවත් මින් අදහස් කර ගත හැකිය.
වෘත්තය - සතරවැනි පාදයෙහි අවසාන අක්ෂ්රය දීර්ඝෙයක් සේ ගත හොත් දුඟගී විරිතයි
සීගිරි ගී 213
484. ඇසීමි දුන් හසුන් හසුන් සෙයින් විල් දුට් මුළා ළ ම සැනැහි පුල්පියුමන් සෙය් බමර් දුට්
අන්වය :- විල් දුට් හසුන් සෙයින් දුන් හසුන් ඇසීමි. පුල්පියුමන් දුට් බමර් සෙය් ම මුළා ළ සැනැහි
අර්ථය :- විලක් දුටු හංසයින් මෙන් (ඇය) දනු හස්ත1 ඇසීමි. පිපුණු නෙළුම් දුටු බමරකු මෙන්, මගේ මුළා වූ හදවත සැනසුනි 2
1. හසුන් - සං. ශාසන; සන්දෙශය, පණිවුඩය.
2. සැනැහි - ‘සනහ’ ධාතුයි. සං. සම් + ආ +√ ස්වස්; සනහන, ගි. ස 97 පද්ය්ය
විස්තර :- කාලය - 8වෙනි ශතවර්ෂුයේ අවසාන භාගය හෝ 9වෙනි ශතවර්ෂ යේ මුල් භාගය විය හැකිය.
වෘත්තය - කව්ගී
485. එ රජ මෙය් නැගැ කෙ(ෙ)ස ම(ත) ආ වී ජු කෙෙ(ළ) තී මන ගත් ලෙසි වි සිවි තී දිවි එහි රිසි ත දැකැ මත
අන්වය :- එ රජ කෙසෙ මෙය් නැගැ මත ආ වී ජු තී කෙළෙ. මන ගත් ලෙසි තී සිවි වි. මත න දැකැ රිසි එහි දිවි.
අර්ථය :- ඒ රජ කෙසේ මෙයට නැගී මුදුනට ආයේ වී ද, තී කරවිය. (තිගේ) සිත (පැහැර)ගත් බඳු සෙයින් තිගේ සිනාව විය. මුදුනෙහි (සිටි) තී දැක (මගේ) ආශාව එහි දිවීය.
විස්තර :- කාලය - 8වෙනි ශතවර්ෂායේ අවසාන භාගය හෝ 9වෙනි ශතවර්ෂ යේ මුල් භාගය.
වෘත්තය - යාගී
214 සීගිරි ගී
486. බෙයන්ද්හි රන්වනු බලත් හො ජෙළෙ ම ගතුන් සෙ සිත් (හො) රිසි කෙරෙ තම හ තමන් නුයුනින් හැකිල්ලෙ ල
අන්වය :- බෙයන්දිහි රන්වනු බලත් හො ම ජෙළෙ ගතුන් සෙ තමන් නුයුතින් හැකිල්ලෙ ල, හො සිත් තමහ රිසි කෙරෙ
අර්ථය :- (මා) බෙයදෙහි රන්වනුන් බලන කල ඕතොමෝ මා සුරතල්1 කිරීම (සඳහා) ගත් සේ (වූවාය). තම නුවන්වලින් (මා) විලංගු කර දමා2 ඕ තොමෝ (මගේ) සිත තමහට අභිමත කළාය. 3
1. ජෙළෙ - ජළ,දළ, දෙළෙ ඈ විසින් ද ලැබේ දොළෙ = සං ධුරයෙහි , කව්සි . ස. 27 පද්යෙය. සං දාර්ඪ්යහ යන්න හා සසඳනු ‘රති ක්රී ඩාවෙහි යෙදීම’ යන අර්ථෙය මින් අදහස් කරගත හැක.
2. හැකිල්ලෙ; හැකිලි = සං ශෘංඛලා , ධ. අ. ගැ. 266
3. රිසි කෙරෙ.
විස්තර :- කාලය - 9 වෙනි ශතවර්ෂඅය
වෘත්තය - සතරවැනි පාදයෙහි අවසාන අක්ෂනරය දීර්ඝංයක් සේ සැලකුව හොත් බමරගී විරිතයි.
487. ස්වස්ති
වැනි වැ තම දස් වී ඇති ද සිත තද වන්නෙ යි තද සිත හො ද ඇති මෙයහි සිතින් නො තොර් වන්නෙ යි.
අන්වය :- තම දස් වැනි වී ඇති ද සිත තද වන්නෙ යි. හො තද සිත ඇති ද සිතින් මෙයහි තොර් නො වන්නෙ යි.
සීගිරි ගී 215
අර්ථය :- යහපතක් වේවා!
(කෙනෙක්) ඇගේ දාසයකු වැනි වී ඇති නමුත් (ඇගේ) සිත තද වන්නේ ය. ඕ තද සිත් ඇත්තියක වූව ද (කෙනෙකුගේ ) සිතින් මෙහි දී ඉත් නො වන්නීය.1
1. තොර් නො වන්නෙ යි.
විස්තර :- කාලය - 8වෙනි ශතවර්ෂනයේ අවසාන භාග හෝ 9 වෙනි ශතවර්ෂ යේ මුල් භාගය.
වෘත්තය - සතරවැනි පාදයෙහි අවසාන අක්ෂරය දීර්ඝෂයක් සේ ගත හොත් යාගි විරිතයි.
488. නො ජන්මො පෙරෙ කල් ගිමන් දහරක් නැත්තෙ යත් ගමනක තොප දිරියබල කුම් සෙ ද රක්නෙ
අන්වය :- පෙරෙ කල් ගිමන් අදහරක් නැත්තෙ, තොප ගමනක යත් දිරිය බල කුම් සෙ රක්නෙ ද නො ජන්මො.
අර්ථය :- පෙර කාලයෙහි ග්රීදෂ්මය නිසා ඇති වූ ගඟදිය ගැලීමක්1 (පමණවත් තොප කෙරෙහි) නොමැති හෙයින්, තොප ගමනක් යන කල (තොපගේ) ධෛර්යෙය හා ශක්තිය (තොප විසින්) කවර ලෙසකින් ආරක්ෂා කර ගනු ලැබේදැයි (අපි) නො දනිමු.2
1. ගිමන් දහරක්. ගිමන් = සං. ගිම්හාන; කා. ගෙ. iii 46. දහර = සං. ධාරා; කව්සි . 178 පද්ය.ය.
2. ගමන් කරමින් සිටින විලාසය පෙන්වන සීගිරි කතුන් අමතා ගැයූ ගීයකි.
216 සීගිරි ගී
විස්තර :- කාලය - 8වෙනි ශතවර්ෂකයේ මැද භාගය
වෘත්තය - පළමුවන, දෙවන හා සතරවන පාදයන්හි පිළිවෙළින් ‘මො’ ‘තෙ’ ‘නෙ’ යන අක්ෂර දීර්ඝ සේ ගත හොත් යැගී විරිතයි.
489. ගලගොම්බු මිතල්බතී ලී (ගී) සිහිගිරි වෙත ගැහැනි (මල්) ග(ත් අ)ත්නි බිතෙ එ නෙ ලබනෙ දන සිරිත් සෙය් බැලි වි ද තමා රි(සි සෙය්)
අන්වය :- එ සිහිගිරි බිතෙ වෙත අත්නි මල් ගත් ගැහැනි තමා රිසි සෙය් බැලි වි ද, සිරිත් සෙය් දන නෙ ලබනෙ.
අර්ථය :- ගලගොම්බු (නම් ස්ථානයෙන් පැමිණි) මිතල්බතී ලියූ ගීයයි.
ඒ සිහිගිරි බිත්තිය වෙත (සිටියා වූ) අතින් මල් ගත් ගැහැණිය, යමෙකුගේ රිසි පරිදි1 (ඇය විසින්) බලන ලද්දේ වුව ද, චාරිත්රාගනුකූල ව2 ඔහු3 (ඇය) නො ලබන්නේය.
1. තමා රිසි සෙය් 2. සිරිත් සෙය්
3. දන - ‘තැනැත්තෙක්’ යන අර්ථුයි. අරුත් කීමේ පහසුව සලකා ‘ඔහු’ යනුවෙන් යෙදීමු.
විස්තර :- කාලය - 9වෙනි ශතවර්ෂිය
වෘත්තය - දෙවැනි පාදයෙහි අවසා ‘එ’ අක්ෂරය දීර්ඝථයක් සේ ගත හොත් යාගී විරිතයි.
490. ස්වස්ති ...............
සිහිවනක් එ(හි) නැති සිත රදන සෙය් බැලිවි (ද) පෙරෙ දක්නා ලෙසිත උන් දැන් නො දක්නා (කු)ම් වි (ද)
සගිරි ගී 217
අන්වය :- සිත රදන සෙය් බැලි වි ද එහි සිහිවනක් නැති. පෙරෙ දක්නා ලොසින උන් දැන් නො දක්නා කුම් වි ද?
අර්ථය :- යහපතක් වේවා!....................
(කෙනෙකුගේ) සිත් අලවන1 අයුරින් (ඔවුන්) බැලුයේ වුව ද හිටි (මා) සිහිවන අයෙක් නැත.2 පෙර කාලයෙහි (මා) හඳුනත ලෙසින් සිටි3 (ඔවුන් ගෙරෙහි) මෙකල හඳුනන විලාසයක් නාමැත.4 කුමක් (සිදු) වී ද5?
1. රදන - සං. රඤ්ජ් 2. හදුනන අයෙක් නැත
3. දක්නා ලෙසින් උන් 4. නො දක්නා
5. මේ ගීය රචනා කළ තැනැත්තා සීගිරි කතුන් කලින් හඳුනාගෙන සිටි තැනැත්තෙකි. මෙකල ඔහුග් මේ තැනැත්තා නො හඳුනන්නාක් මෙන් සිටිති. ඊට හේතුව ඔහු විමසයි.
විස්තර :- කාලය - 9වෙනි ශතවර්ෂුය.
වෘත්තය - යාගී
491. මල නොරිසි නො මෙ තී බස වෙය් ල(ද හො)තින් රිසි සි(ටි) බෙයදහි රන්වනුන් බලමින් කා මත් වෙනු නො.
අන්වය :- මල නො මෙ නෙරිසි තී බස ලද හොතින් රිසි වෙය්. බෙයදහි සිටි රන්වනුන් බලමින් කා මත් නො වෙනු?
අර්ථය :- මල නො රිසි නො වෙයි. තිගේ බස ලද හොතින් රිසි වෙයි. බෙයදෙහි සිටි රන්වනුන් බලමින් කවරෙක් මත් වනු නො වේ ද?
විස්තර :- කාලය - 9වෙනි ශතවර්ෂ ය වෘත්තය - යාගී
218 සීගිරි ගී
492. ස්වස්ති
මෙ ගෙත්තමට සිතු (ජු) කෙනෙක් ද එ කවෙක් හින්දෙි ලී (මෙ බෙ)ලුව ලී නො හිස් ගී බලත දක්නා සෙ ගෙති.
අන්වය :- මෙ ගෙත්තමට සිතු ජු, කෙතෙක් හින්දෙ ලී එ කවෙක් ද? මෙ බෙලුව ගී ලී නො? බලත දක්නා සෙ ගෙති.
අර්ථය :- යහපතක් වේවා!
මේ (කාව්යී) රචනා කිරීමට1 සිතා දෝ කෙනෙක් හිඳ ලීවේ ඒ කිවියක් ද? මෙය බලා (ඔහු) හිස් ගී ලියූවේ නො වේ ද? බලන කල්හි දක්නට ලැබුණු දෙය (ඒ අයුරින්ම)2 (ඔහු) රචනා3 කළේය. 4
1. ගෙත්තමට - රචනයට.
2. දක්නා සෙ
3. ගෙති.
4. බැලූ බැල්මට පෙනෙන දෙය ඒ අයුරින්ම වාර්තා කිරීම කාව්ය රචනාවක් නො වේය යනු මේ තැනැත්තාගේ අදහසයි. ස්වභාවොක්තිය පිළිබඳ මතභෙද මොහු ද දැන සිටි බව පෙනේ.
විස්තර :- කාලය - 8වෙනි හෝ 9වෙනි ශතවර්ෂමය
- සතරවැනි පාදයෙහි අවසාන අක්ෂ රය දීර්ඝපයක් සේ ගත හොත් යාගී විරිතයි.
493. ස්වස්ති.
තොප තමා අතුරෙ එ ඇත ජ හොත් තමා සිත් බොල එව ජල පො(ළො) සෙය්නි ගල් තද කුමක් සෙය්නි (වි)
සීගිරි ගී 219
අන්වය :- තොප! තමා අතුරෙ තමා එ සිත් ඇත ජ හොත් ජල පොළො සෙය්නි බොල එව ගල් - තද කුමක් සෙය්නි ද වි?
අර්ථය :- යහපතක් වේවා!
තොප!1 තමන් තුළ තමන්ගේ ඒ සිත ඇත හෝත ජලය පෘර්ථතවිය සෙයින් ඝත2 වන්නේමය.3 ගල - (එහි) තද (ගතිය) කුමක් සේ ද?4
1. ආලපන විභක්තියෙහි යොදන ලදී.
2. බොල - සං . බලහ ධර්ම ප්ර . 78
3. එව - සං. එව
4. කතුන්ට හදවතක් ඇති නම් ජලය ද පෘථිවිය මෙන්ම තදගතියෙන් යුතු වෙයි. ගලකට ද වඩා තද ගතිය ඇති යමක් ගැන සිතීමට රචකයා වෙහෙසුන බව පෙනේ.
විස්තර :- කාලය - 9වෙනි ශතවර්ෂතය
වෘත්තය - පළමුවැනි පදයෙහි අවසාන අක්ෂෂරය දීර්ඝතයක් සේ ගත හොත් යාගී විරිතයි.
494. ස්වස්ති.
(වි)සි කළ සෙ මෙ අ(යු)න් දිගැස් (නො මෙ බැණැ) බසකුද් නිරින්දු) නට් සෙ මෙ නැසෙ (දන) පැන (එ)ත (එහී මෙහි මෙ) තක
අන්වය :- බසකුද් නො මෙ බැණැ දිගැස් මෙ අයුන් විසි කළ සෙ! මෙ තක මෙ දන එහි මෙහි පැන එත, නිරින්දුබ නට් සෙ නැසෙ.
අර්ථය :- යහපතක් වේවා!
වචනයකුත් කථා නොම කර, දිගැසිය, මෙහි ආ (තැනැත්තන්) වශී කළා වු ආකාරය! මේ තාක් මේ ජනයා එහි මෙහි පැන එන කල්හි, රජතුමා නැසුන අයුරින් (ඔවුහු ද) නැසෙන්නාහුය.
220 සීගිරි ගී
විස්තර :- කාලය - 9වෙනි ශතවර්ෂහයේ අවසාන භාගය වෘත්තය - යාගී.
495. i. මෙ අත වරෙක් ගියා ම ගොස් එ තුනුකැලුම් බැලියෙ (තො)ප කියවි ජ ලීයෙ මුස දාස් නො වි ආවෙ මො(යුන)ට
ii. එ සිත් ලී කව මෙන් ජිවි පැවතියෙන් සිති ගිය ග(ල ය)න මිනිසුන් ත ව ද රැදිවියැ ජිවියෙහි ගුණට යැටිලිගමු සෙන්මි බදගිරි උදබතීමි.
අන්වය :-
i. මෙ අත වරෙක් ම ගිය. ගොස් එ කුනුකැලුම් බැලියෙ. මුස ලීයෙ තොප කියවි ජ මොයුනට දස් නො වි ආවෙ
ii. ජිවි පැවතියෙන් සිති ගිය එ සිත් කව මෙන් ලී. ජිවියෙහි ගුණට ගල යන මිනිසුන් රැදිවියැ ත ව ද?
අර්ථය :-
i. මෙ දෙසින් වරක් මම ගියෙහි . (එසේ) ගොස් ඒ (කාන්තාවගේ) ශරීර කාන්තිය (මවිසින්) බලන ලද්දේය. (මෙහි) මුසා ලියන ලදැයි තොප කියුව ද (මම) මොවුන්ට වහලකු නො වී ආවෙමි.
ii. ප්රා(ණය (තමන් කෙරෙහි) පැවති හෙයින් (ඔහුට) සිතී ගිය ඒ අදහස කවරක් මෙන්1 (ඔහු) ලීය. ජිවිතයෙහි රසය සඳහා2 පර්වසතය (බලා) යන මිනිසුන් රැඳවුයේ තෝ වෙහි ද?
යැටිලුගමු (නම් ස්ථානයෙන් පැමිණි) සෙන් (නමැත්තා) වෙමි.
බදගිරි (නම් ස්ථානයෙන් පැමිණි) උදබති (නමැත්තා) වෙමි.
සීගිරි ගී 221
1. කව්ය2 රචනා කරන්නේ යයි සිතගෙන
2. ජිවියෙහි ගුණට - ලස්සන කතුන් බැලීමට පර්වෙතය කරා යන මිනිසුන් නැවැත්වීමට පළමුවැනි ගීය ලියූ තැනැත්තා අපොහොසති. පණ ගලවා ගෙන යාම මිස බැරෑරුම් කටයුතු වල යෙදීමට ඔහුගේ කැමැත්තක් නැත. දෙවෙනි ගීය පළමුවැන්නට උපහාසාත්මක වශයෙන් රචනා විය.
විස්තර :- කාලය - 8වෙනි ශතවර්ෂ්යේ අවසාන භාගය හෝ 9වෙනි ශතවර්ෂ යේ මුල් භාගය.
වෘත්තය - ගී දෙකම බඳනා ලද්දේ යාගී විරිතිනි
496. ස්වස්ති
(දිගැස්) මහනෙල රත් අ(ත්)නි ගත් මෙ සෙය් මුකන් වි බල(තු)ද් නෙතින් නො දුන් බස නම් (හිමි මෙ)ළෙ(න් මට)
අන්වය :- රත් අතින් මහනෙල ගත් මෙ දිගැස් නෙතින් බලතුද් තම හිමි මෙළෙන් මුකන් සෙය් වි මට බස නො දුන්.
අර්ථය :- රතු අතින් මහනෙල ගත් මෙ දිගැසිය (මා දෙස) ඇසින් බලන්නේ වී නමුත්,1 තම ස්වාමියා මළ කරුණින් ගොළු (තැනැත්තියක)2 මෙන් වී, මට බස නුදුන්නාය.
1. නෙතින් බලතුද්
2. මුකන් - සං. මුක; මුක, රු. ම. 417. පද්ය4ය.
විස්තර :- කාලය - 8 හෝ 9වෙනි ශතවර්ෂිය.
වෘත්තය - තුන්වන පදයෙහි ‘වි’ අක්ෂරරය භ්ර ස්වයක් සේ ගත හොත් යාගී විරිතයි.
222 සීගිරි ගී
497. ස්වස්ති
බලය් බෙ(යන්ද.)හි දු(ට) සිවෙය් කී කා ර(න්)වන ආ මෙ(හි) බලබලය් ම(ත වෙ)නි සෙන්නො තිපි බෙයන්දිහි.
මිහින්දිනමි ලීමි.
අන්වය :- බෙයන්දෙහි දුට රන්වන් සිවෙය් කා බලය් කී? මත් බලබලය් මෙහි ආ, තිපි බෙයදහි සෙන්නො වෙති.
අර්ථය :- යහපතක් වේව!
බෙයදෙහි දුටු කල කල රන්වන් (තැනැත්තිය) සිනා වන්නීය යි කවරකු ( විසින්) බලා කියන ලද ද? (පර්වනත) මස්තකය බල බලා මෙහි පැමිණි තොපි, බෙයදෙහි සිනාසෙන්නාහු වෙති.
මිහින්ද් (නැමැත්තා) වෙමි. (මෙය) ලීමි.
විස්තර :- කාලය - 9වෙනි ශතවර්ෂ යේ අවසාන භාගය
වෘත්තය - යා ගී
498. (ස්වස්ති) මි(ත)ලු කිය (ලු ගී) සුක තොප (වි) දි(වි) ගිය (මො)යින නො වියි නි(බි) දු තද ගත මයි නිවසෙ මෙහි (එ)ත (සිත හැ)දී සිට මොයිනට.
අන්වය :- මොයිනට සිත හැදි සිට එත, මොයින තද නො වියි තිබි දු, මයී මෙහි නිවසෙ ගත, තොප සුක දිවි ගිය වී.
අර්ථය :- යහපතක් වේවා!
මිතලු (නමැත්තා) කියා ලූ ගී යයි.
(තා) මොවුනට1 (මෙ කතුන්ට) සිත ඇදී සිට (මෙහි) එන කල්හි, මොවුන්ගේ (සිත්) තද නො වී තිබියේ වුව ද, මා මෙහි නිවෙස් ගත් කල්හි, තගේ සන්තොෂය පහව ගියේ විය2 සීගිරි ගී 223
1. මොයිනට - මොයුනට යනු විසින්ද යෙදෙයි.
2. මේ කතුන් ඉතා හොබනා පෙනුමින් යුතුය. ඔවුන්ට පෙම් කිරීමට පැමිණි එක් අයකුට කිසි සන්තොෂයක් නො විය. මන්ද? තවෙකෙක් එහි පැමිණි හෙයිනි.
විස්තර :- කාලය - 8වෙනි ශථවර්ෂයයේ අවසාන භාගය
වෘත්තය - යායී
499. ස්වස්ති බලම්හ යි සිටි ගිරිබිත්හි දිග්නෙත් කි ෙ(ව) මා බෙයන්ද්හි රන්වනු ගිරිබිත්නි හෙන්නයුන් වැන්නො.
අන්වය :- ‘බලම්හ’ යි දින්නෙත් ගිරිබිත්හි සිටි. බෙයන්ද්හි රන්වනු ගිරිබිත්හි හෙන්නයුන් වැන්නො මා කි වෙ
අර්ථය :- යහපතක් වේවා!
‘(ඔහු) බලම්හ’යි (සිතමින්) දිගැසිය ගිරිබිත්තියෙහි සිටියාය. (එහෙත්) බෙයදෙහි රන්වනුන් ගිරිබිතින් පනින සේ වැනිය (යි) මා (විසින්) කියන ලද්දේ විය1.
1. පර්ව.තයෙන් පනින ආකාරයක් කතුන් කෙරෙහි ඇතැයි යන අදහස වැරදි බව ද, ඔවුන් එහි සිටියේ තමන් බලා ගැනීම සඳහා බව ද මේ ගීයෙන් පැවසෙයි.
විස්තර :- කාලය - 8වෙනි ශතවර්ෂනයේ අවසාන භාගය
වෘත්තය - තුන්වැනි පාදයෙහි අවසාන අක්ෂරය දීඝර්යක් සේ ගත හොත් යාගී විරිතයි.
500. සි(යො)තුන් සිතෙහි අත්වටු කපා ලු ලො එක ගෙ යෙත් දකින රිසි තුබුහි ද (තා) දිටි සෙය් තොස වනුව නැති
224 සීගිරි ගී
අන්වය :- අත්වටු කප ලු සියොතුන් සිතෙහි ලො එක ගෙ යෙත් දකින රිසි තුබුහි ද, දිටි සෙය් තා තොස වනුව නැති.
අර්ථය :- පියාපත්1 කපා ලූ කුරුල්ලන් ගේ සිත්හි ලොකය එක ගෙයක් යි කියා ඇත2 (මෙය) දකින රිසිය තිබුණේ වුව ද, දුටු සෙයින්3 තා තොස(පත්) වනු නැත.
1. අත්වටු - ව. සං. අත්තටු
2. යෙත්
3. දිටි සෙය් - දුටු සෙයින්. ව. සිං දැක්කා වගේ
විස්තර :- කාලය - 9වෙනි ශතවර්ෂතය
වෘත්තය - යාගී
501. ජිවය් වෙත සිකි ඔ අ අ වි මහසෙල ද අව නැගි ම(න්දි)හසෙ (මරක ලා) බද වර(ල) මා අද(වනෙ) සි(ත)
නැදීමි ලීමි.
අන්වය :- ‘සිකි! වෙන ඔ ජිවය් අ.’ ‘නැගි අව මහසෙල ද අ වි. ‘ මරක ලා බද වරල මන්දීහසෙ මා සිත අදවනෙ.’
අර්ථය :- ‘යහළුව! (මා) වෙන ඕ දුව ගෙන ආවාය.’ ‘(එයට) නැග ආ විට, මහා පර්වීතය දැ ආයේ විය.’ ‘මරක1 (නමැති මල්) යොදා බැඳි වරල (ඇගේ) මදහසට මා සිත අදවන්නේය2.’
නැදි (නමැත්තා) වෙමි. (මෙය) ලීමි.
1. සැක සහිත තැනකි. අවිනිශ්චිත මල් විශෙෂයෙකැයි සිතිය හැක පැරණි සිංහල සිහිත්යනයේ ලැබෙන මාරුක් නම් මල් වර්ගෙය විය හැකියි.
සීගිරි ගී 225
2. දෙබසකි - සිත්තම් ගත වූ ගැහැණිය එක් අයකු කරා පැමිණි බව පළමුවෙන් කියා ඇත. ඊට ලැබුණු පිළිතුර උපහාසාත්මකය. එබන්දක් සිදුවිය හැකි නම් පර්වටතයක් ද තමා ළඟට එනු ඇත. සත්යස වශයෙන් කිව හොත් මොහු පර්වපතය හා කතුන් කරා ගියා මිස, ඒවා මොහු ළඟට පැමිණියා නො වේ.
විස්තර :- කාලය - 8වෙනි හෝ 9වෙනි ශතවර්ෂණය
වෘත්තය - යාගී
502. ම මන තා (පෙලෙම්බූ නෙ හැජලය පි(යා මන) තනරන්මල්(ක)ඩා මල් කඩිනිලිපුල්ලෙන් ගොවැඩ්මි ලීතිමි.
අන්වය :- තන රන්මල් කඩා මල් - කඩ් නිලිපුල්ලෙන්, පියා මන නෙ හැජ්ලය, ම මන තා පෙලෙම්බු
අර්ථය :- පයොධරයෙහි රන් මාලයෙන් ද, මස්තකයෙහි1 නිල්උපුලෙන් ද (තිගේ_) ප්රිියයාගේ සිත ඇද තො ලා2, මගේ සිත තී (විසින්) පොළඹන ලද්දේය.
1. කඩා - මල් - කඩ් - ‘කඩා පලන් මල් - කඩ්’ යන්න සංක්ෂිප්ත කිරීමකි. රු. ම. 69. පද්ය ය; මස්තකය, ශිඛාව යන අර්ථැයයි.
2. නෙ හැජල - නො ඇද ලා ගීයෙහි දෙවැනි භාගය එක් සමාස පදයකි.
විස්තර :- කාලය - 8වෙනි ශතවර්ෂායේ අවසාන භාගය හෝ 9වෙනි ශතවර්ෂ යේ මුල්භාගය
වෘත්තය - උමතු ගී.
503. දුනුවාගම කස(බල්)මි.
(අස්වැසිල් නො මෙ ල)දු සිරිබර්නි ම සිහි (ගි)රි බෙයන්ද්හි රන්වනක් නො මෙ බිණිය් මය හය් යහ යමක්. 8
226 සීගිරි ගී
අන්වය :- බෙයන්ද්හි රන්වනක් මෙය හය් යහ යමක් නො මෙ බිණිය්, සිහිගිරි සිරිබර්නි ම අස්වැසිලි නො මෙ ලදු.
අර්ථය :- දුනුවාගම (නම් ස්ථානයෙන් පැමිණි) කසබල් (නමැත්තා) වෙමි.
බෙයදෙහි රන්වන් (තැනැත්තියක්) මා සමග1 මනහර යමක්2 නො ම බිණු හෙයින්, සිහිගිරියෙහි සිරිබරින් මා (විසින්) අස්වැසිල්ලක් නො ම ලබන ලද්දේය.
1. මය හය් - මා හා. 2. යහ යමක්
විස්තර :- කාලය - 9වෙනි ශතවර්ෂමය.
වෘත්තය - අක්ෂර කිහිපයක් මැකී ගොස් ඇති හෙයින් මෙහි ප්ර්ථම පාදය කියවා ගෙන ඇත්තේ සැක සිහිත වය. ඉහතින් දැක්වූපෙළට අනුව මේ ගීයෙහි විරිත යාගී විය යුතුයි.
504. මහත්වග සමන ගී සගල් රෙජන ගෙ පසිල්ලන් අබුයු අප ගැහැනි නෙ වි බැන්දි යාගි සැහැලි තා සැනැහැත්තන් වියොවැන් බල මුන් මන නෙ හැදි යන්නන්
අන්වය :- අප ගැහැනි නෙ වී සැනැහැත්තන් වියොවැන්, මන නෙ හෙදි යන්නයන් මුන් බල තා යාගී සැහැලි බැන්දින.
අර්ථය :- සගල් (නම්) රැජිනගේ වංශයෙහි වූ පසිලි (නමැත්තාගේ) භාර්ය්යාවව වූ මත්වග සමනගේ ගීයයි.
අප ගැහැණුන් නො වේ. පෙම්වතුන්ගෙන් වියෝ වූ, (තා, විසින්) සිත් නො අදවනු ලැබ යන්නා වූ මේ ගැහැණුන් (දෙස) බලා තා (විසින්) යාගී සහ සැහැලි බඳනා ලද්දේය.
විස්තර :- කාලය - 8වෙනි ශතවර්ෂිය
වෘත්තය - බමරගී
සීගිරි ගී 227
505. (නො) බැණැ දිගැසි හිමබි බසක් තා නිලිපුල ගත් මෙ ලො ත ජ ත් වී (සි)ටි කිව ඔත් (ම) (දෙසෙහි) හිමබි ඇස්
අන්වය :- ‘දිගැසි හිමබි! බසක් නො බැණැ තා නිලිපුල ගත්. මෙ ලො ජගත් වී සිටි’. කිව ම දෙසෙහි හිමබි ඇස් ඔත්.
අර්ථය :- ‘දිගු නෙත් (සහිත) කාන්තාව ! වචනයක් කථා නො කර තී (විසින්) නිලුපුලක් ගන්නා ලද්දේය. මේ ලෝකය තී හඳුනා ගෙන1 සිටියි2.’ (මෙසේ) කියූ කල මා දෙසට කාන්තාව නෙත් යොමු කළාය3 .
1. ජත් වි - දැනගත්තේ වී.
2. මේ ගීයෙන් කියවෙන අන්දමට මැය නරක චරිතයක් ඇති තැනැත්තියකි. ඇගේ චරිතය ගැන ලෝකයා දැන සිටි බවක් ඉන් අදහස් වෙයි.
3. ඔත් - ‘ඔ’ ධාතුයි; සං. අවභිත ධ. අ. ගැ. 124
විස්තර :- කාලය - 9වෙනි ශතවර්ෂිය
වෘත්ත්ය - යාගී.
506. (අතුළ)විටිපෙරිවෙනැ වැසි ද(ය)ල්බතිමි ස්වස්ති නො සිටිහු අ යන කල මෙ ගී ඇසෙ(ත එත් වෙ)ත මයි ත කියු බ(ස වී) නොසසු අසද් හ යන්තක් මියුලැසී.
අන්වය :- අ! යන කල නො සිටිහු. මෙ ගිඇරෙසත මයි වෙත එත්. ‘මියුලැසි අසද් හ’ යන්නක් ත කියු බස නොසසු වි.
අර්ථය :- අතුළවිටි (නම්) පිරිවෙනෙහි1 වැසියකු දයල්බති (නමැත්තා) වෙමි.
යහපතක් වේවා!
228 සීගිරි ගී
හා! (මා) යන තුරු ඔවුහු (කාන්තාවෝ) නො සිටියාහුය. මේ ගීය ඇසෙන කල (ඔවුහු) මා කරා පැමිණෙති. ‘මියුලැසියෝ අශ්රවඬාවත් හ’ යනුවෙන් තා කියූ බස අසත්ය(2 වී.
1. පෙරිවෙනැ - ‘ප’ කාරයට මුදුනින් ඉස්පිල්ලක ලකුණු ද විද්යා්මානය. එහෙත් කොම්බුව ද ඉතා පැහැදිලි වලියා ඇත. මෙය ලෙඛකයාගේ ප්රයමාදයක් විය හැකියි.
2. නො සසු සසු = සං. සත්යය, පා සච්ච සස, සස්, ඈ විසින් ද යෙදී ඇත.
විස්තර :- කාලය - 8 හෝ 9වෙනි ශතවර්ෂඇය
වෘත්තය - තුන්වැනි හැ සතරවැනි පාදයන්හි අවසාන අක්ෂර දීර්ඝය සේ ගත හොත් දුවඟගී විරිතයි.
507. අයුත් (සිත) අද්නෙත් සෙය් තොස් මෙ ඇස්හමියෙ සිහි වෙත යන්නෙය් ගල(ට) දකින්නෙ තොස් (වී සි)ත
අන්වය :- සිත අද්නෙත් අයුත් මෙ ඇස්හමියෙ තොස් සෙය්. සිහි වෙත ගලට යන්නෙය් සිත තොස් වී දකින්නෙ.
අර්ථය :- (මෙය) සිත අදනා හෙයින් පැමිණ, මෙය ඇස් හමුවෙහි දී (ඔහුගේ) සිත තොස් වූ සේයි. (මෙය) සිහිවන කල පර්වමතය (කරා) යන්නේ,1 සිත තොස් වී දකින්නේය.
1. ‘යන තැනැත්තා’ යන අර්ථ යි.
විස්තර :- කාලය - 9වෙනි ශතවර්ෂිය
වෘත්තය - දෙවෙනි හා සතරවෙනි පාදයන්හි අවසාන අක්ෂර දීර්ඝය සේ ගත හොත් යාගී විරිතයි.
සීගිරි ගී 229
508. (නො)බැ(ණැ) විසි මා ගල කි ත ලිමි ලො ත කළ කි යි ති (වරජ) ජෙනි වි හැඟැ (ද) වි මෙසා කණස්වල්ලෙ
අන්වය :- ‘නොබැණැ මා ගල විසි’ න කී. ‘ලො ත කළ කි’ යි ලිමි. ති වරජ ජෙති වී හැඟැ මෙසා කණස්වල්ලෙ වී ද?
අර්ථය :- ‘කථා නො කරමින් මම ගලෙහි විසුවෙමි’ (මෙසේ) තී (විසින්) කියන ලද්දේය. ‘ලෝකය තී කළ (දෙය ගැන) කථා කරති’ යි (මම) ලීමි. තිගේ වරද (අනුන්) දත් බව (තිට) හැඟී මෙබඳු කනස්සල්ලක් වී ද?
විස්තර :- කාලය - 8වෙනි ශතවර්ෂවට
වෘත්තය - යාගී.
509. නො සිටිත් හුණුයුහු පිළිපන්හ ඇති එක්වන් මළ හො මෙතෙක් (හි)ම(බු)යු දෙ ඇස් පුරය් දැකල මා
අන්වය :- හුණුයුහු නො සිටිත්. ‘මෙතෙක් හිමබුයු දෙ ඇස් පුරය් දැකල මා මළ හො එක්වන් ඇති’ පිළිපන්හ.
අර්ථය :- වැටුණා වූ තැනැත්තෝ1 (එහි) නො සිටිත් ‘මෙපමණ කතුන් දෙ ඇස් පුරා දැක මා මළේ වුව ද සම්පූර්ණනයෙන්ම2 ඇති’ (කියා මෙහි ඔවුහු) පැමිණියාහුය.3
1. හුණුයුහු.
2. එක්වන්, රු. ම. 45 පද්ය ය;- පා. අභික්ඛණම්, ධ. අ. ගැ. 199 එක්වත් ඇති - ව සිං. ඕනෑ තරම් ඇති.
3. පිළිපන්හ - සං ප්රසතිපන්න, පා. පටිපන්න. ධර්ම.ප්ර . 243, කව්සි. 359 පද්ය.ය.
විස්තර :- කාලය - 9වෙනි ශතවර්ෂිය.
වෘත්ත්ය - යොන්ගී
230 සීගිරි ගී
510. ස්වස්ති .................. රුකුළි හෙළ ගී.
මන් බුණ කලක් මත (දැකැ සි) හිගිරි ආ වෙ මා ඔ වි තො පැනහි සෙ වලකයි ගිරි(න්) හෙනයුන් වැනි කා.
අන්වය :- සිහිගිරි මත මන් බුණ කලක් දැකැ මා ආ වේ. ගිරින් හෙනයුන් වැනි ඔ නො පැනහි සෙ, කා වලකයි වි?
අර්ථය :- යහපතක් වේවා!
........... රුකුළි (නම් ස්ථානයෙන් පැමිණි) හෙළ (නමැත්තාගේ) ගීය යි.
සිහිගිරිය මත උඬගුව බිඳීගිය කාන්තාවක දැක මම ආවෙමි. පර්වහතයෙන් වැටෙන්නා වැනි ඔතොමෝ (එයින්) නො පිනූ සේ ය. කවරෙක් (ඇය) වළකන්නේ වී ද1?
1. කාන්තාව පර්ව තයෙන් පානින අයුරු පෙනේ. එසේ වුව ද වැටී නැත. කවියාගේ අදහසට අනුව ඇයට එසේ කිරීම නුපුළුවන් වී ඇත.
විස්තර :- කලය - 9වෙනි ශතවර්ෂමය
වෘත්තය - යාගී.
511. i. පුවුතින් අසය් ගොස් මෙය් කුම් හ යි සිහිගිරි නැගැ බැලුමො සිසිකිස්නි කළ බිත් තුබූ සෙය් අර මිහින්දිෙමි ලීමි.
ii. (මි)හින්ද් මෙහි එවිදින් බලයි ගී මෙ ලී(වෙ යි)
අන්වය :-
i. පුවුතින් අසය් ගොස් ‘මෙය් කුම් හ’ යි සිහිගිරි නැගැ ඇර සිසිකිස්නි කළ බිත් තුබූ සෙය් බැලුමො.
ii. මෙහි එවිදින් බලයි මිහින්ද් මෙ ගී ලීවෙ යි. .....................................................................
සීගිරි ගී 231
අර්ථය :-
i. (ඒ ගැන) ආරංචි මාත්ර.යෙන්1 අසා ගොස් ‘මේ කුමක් ද?’ යි (සිතා) සිහිගිරිය නැග එහි චන්ද්ර කාන්ත පාෂාණයෙන්2 කළ බිත්තිය පැවති ආකාරය බැලුවෙමු.
මිහින්ද් (නමැත්තා) වෙමි. (මෙය) ලීමි.
ii. මෙහි පැමිණ බලා මිහින්ද් (නමැත්තා) මේ ගීය ලීවේය. .............................................................................
1. සුයුකින් = සං. ප්ර.වෘත්ති
2. සිසිකිස්නි = සඳකැන්. සැල. ස. 18 පද්ය ය. සං චන්ද්රිකාන්ත
විස්තර :- කාලය - 8 වෙනි ශතවර්ෂ.යේ අවසාන භාගය.
වෘත්ත්ය - i. දෙවැනි පාදයෙහි අවසාන අක්ෂේරය සහ තුන්වැනි පාදයෙහි ‘මො’ අක්ෂනරය දීර්ඝහයක් සේ ගත හොත් යාගී විරිතයි.
ii. ගීයෙන් අර්ධ.යක් විනාශ වී ඇත ද කව්ගී විරිතට අනුව රචනා වූ බව එහි ප්රංථමාර්ධනය පිරික්සීමෙන් දත හැකිය.
512. ස්වස්ති
ආමි දැකැ අතුෙ(න් නො මෙ බැ)ණැ (ර)න්වන්නු හු(න්) පෙ(ම්)වජන් නොවි(යි)න් අමි දිගැසි(න් අ)තුරෙ අද ලද
අන්වය :- ‘නො මෙබැණැ හුන් රන්වනුන් දැකැ අතුරෙන් ආමි.’ ‘දිගැසින් අතුරෙ අද පෙම්වජන් නො ලදවියින් අමි.’
232 සීගිරි ගී
අර්ථය :- යහපතක් වේවා!
‘කථා නොකර හුන් රන්වන් (තැනැත්තියන්) දැක, (ඔවුන්)අතරින් ආවෙමි.’ දිගැසියන් අතරින් අවුත් පෙම්බස් නො ලද හෙයින් ආවෙමි1.’
1. මුලින් කී අදහස සාර්ථ්ක ලෙස ඉදිරිපත් කිරීමට ගත් වෑයමක් ගියෙහි දෙවැනි කොටසින් ලැබේ.
විස්තර :- කාලය - 9වෙනි ශතවර්ෂ ය
වෘත්තය - යාගී.
513. ස්වස්ති
එ කලු එත ගල මෙ (අප) බැලු බැලමැන නැමී. ත(ම)න් (නො) බැණ කලුනුන සිත විනි සිවි එ
අන්වය :- මෙ ගල එත එ කලු බැලු බැලමැන අප නැමී කලුන් තමන් නො බැණ උන. එ සිවි අප සින විනි
අර්ථය :- මේ පර්වසතය (කරා අප ) එන කල්හි ඒ කාන්තාව බැලූ බැලුමින් අප (සිත් ඇය කෙරෙහි) නැමුවාය. කාන්තාවෝ තමන්ම කථා නො කර සිටියාහුය1. (ඔවුන්ගේ) ඒ සිනාව අප සිනා වූ හෙයින් වීය.
1. කලුනුත - කලුන් + උන, කාන්තාවෝ සිටියාහුය
විස්තර :- කාලය - 8වෙනි ශතවර්ෂියේ අවසාන භාගය හෝ 9වෙනි ශතවර්ෂ යේ මුල්භාගය
වෘත්තය - දෙවැනි හා සතරවැනි පාදයන්හි අවසාන අක්ෂර සහ සතරවෙනි පාදයෙහි ‘වී’ අක්ෂරයද දීර්ඝර සේ ගත හොත් යොන් ගී විරිතයි.
514. (ස්වස්ති) සිටිත් ගල්මතමබුර දිගැසින් තොල් මළෛාක් කොට් කිපී රජ සි(ටි) තම වෙත කිපී කි වජන් නො එ මෙට
(දුනුවාග)මු අ(ග්)බො(මි)
සීගිරි ගී 233
අන්වය :- ‘රජ තම වෙත කිපී සිටි. කිපී කි වජන් මෙට නො එ’ දිගැසින් තොල් මොළොක් කොට් ගල් මත අම්බුරෙ සිටිත්.
අර්ථය :- යහපතක් වේවා!
‘රජතුමා අප කෙරෙහි කිපී සිටියි. කිපී (ඔහු) කී වදන (නිසා) මෙය (සිදු) නො වෙයි1.’ (මෙසේ සිතමින් මෙන්) දිගැසියෝ තොල් මොළොක් 2 කර ගෙන පර්වඅතය මත අහසෙහි සිටිත්.
දුනුවාගම (නම් ස්ථානයෙන් පැමිණි) අග්බො (නමැත්තා) වෙමි.
1. මෙට නො එ - මෙයට නො එයි. අරුත් තේරුම් ගැනීමේ පහසුව සලකා ‘මෙය සිදු නො වෙයි’ යනු විසින් යෙදීමු.
2. සං මෘදු + ක. මු. දා .67 පද්යවය.
විස්තර :- කාලය - 9වෙනි ශතවර්ෂ ය වෘත්තය - යාගී
515. ස්වස්ති. කිතල්බතිමි ලීමි මෙ මය් ගී
ගිය ගැළැවියි කනින් පත් එක පිම්මෙහි තබය් යුවළ තන රන්මලි (අ)යි මුකා වි (ජු) අවුද් බිණි.
අන්වය :- කනින් ගැළැවියි ගිය පත්, එක පිම්මෙහි තබය් රන්මලි තන යුවළ අයි මුකා වී ජු අවුද් බිණි
අර්ථය :- යහපතක් වේවා!
කිතල් බත (නමැත්තා) වෙමි. මෙ මගේ ගීය ලීමි.
කනින් ගැළවි ගිය (මල්)පෙත්ත, එක පිම්මට තබා1 රන්මාලය (සහිත) පයොධර යුවළ (කරා) ආයේය. (ඇය) ගොළු වුව ද, (ඒ මල් පෙත්ත) අවුත් කථා කළේය.
1. එක පිම්මෙහි තබය් - ව. සං. එක පාරටම, එක හුස්මටම, එක පිම්මටම, එක පිම්මට තියලා යනාදී යෙදුම් හා සසඳනු. 234 සීගිරි ගී
විස්තර :- කාලය - 9වෙනි ශතවර්ෂපය
වෘත්තය - යාගී.
516 ලම්ජනවූයෙන් ආ විජුර්මි ගිය ලීමි. විදුවිට්වුයුවන් මුයුන් තිප් කලත මළෙන් මෙලෙසින් පැනී කැරැ තුට නොදින් වී බස අගන වියෙන්
අන්වය :- නිප් කලත මළෙන් විදුවිට්වුයුවන් මයුන්. තුට කැරැ මෙලෙසින් පැනී. අගන වියෙන් බස නොදින් වී?
අර්ථය :- ලම්ජතවු (නම් ස්ථානයෙන් පැමිණි) විජුර් (නමැත්තා ) වෙමි. (මේ) ගීය ලීමි.
තගේ භාර්ය්යා.ව1 මළ හෙයින් විදුලි පහන්2 බඳු මොවුන්, සන්තොෂය (ඇති) කරවමින්. මෙලෙසින් පැනී (ගියාහුය). අගන්න වී නම් (ඔවුන්) බස නො ම දෙත් ද3?
1. කලත - සං කලත්ර.
2. විදු - විට් - විදුලි පහන්.
විදු = සං. විද්යු ත්
විට් = සං. වර්තිකා.
3. භාය්යා් ව මළ හෙයින් තම මිතුරා ප්රයකෘති සිහියෙන් නො සිටියේ ය. ඔහුට සීගිරි සිත්තම් දිස් වූයේ මායාවක් ලොසිනි. මේ ගීය රචනා කළ තැනැත්තාගේ මතයට අනුව සිහිගිරියෙහි සිටියේ ගැහැණුන් නො වේ. මන්ද? ඔවුන් නිශ්ශබ්ද ව සිටින හෙයිනි. ගැහැණුන්ට නිශ්ශබ්ද ව සිටිය නො හැකි බව හෙතෙම පැවැසීය.
විස්තර:- කාලය - 9වෙනි ශතවර්‍ෂය වෘත්තය - දුවඟගී
සීගිරි ගී 235
517. ස්වස්ති වදුර් ගී.
පුයුත් මන්ද් මෙන් මියුලැස්නි කොට් තොප රු එක් සා වඩයි මෙ ආ රස දියුණ් කෙළෙ අඞබුද් සා
වදුර් ලියු ගී
අන්වය :- මියුලැස්නි’ තොප රූ එක් කොට් පුයුත් මන්ද් මෙන් මෙ ආ රස සා වඩයි. අඞබුද් සා දියුණ් කෙළෙ.
අර්ථය :- මියුලැසියෙනි! තොප රූ එක්කාසු කර බිව හොත්1 මඳ යයි සිතමි2 (මට) මේ ආ රසය (ඒ සඳමා) සා(ගිනි) වඩයි. අඩක් බුදිනා ලද දෙය3 (නිසා) සා(ගින්න) දියුණු විය4
1. පුයුත් - සං පීත.
2. මෙන් - සං. මන්යෙො>* මඤෙ> මෙනෙ> මෙන> මෙන්.
3. අඩ්බුද් 4. දියුණ් කෙළෙ.
විස්තර :- කාලය - 8වෙනි ශතවර්ෂඑය
වෘත්ත්ය - කව්ගී
518. i. නැති වි සැරසිනි තමහට් ත හිමි අ(ද) මෙනියා වසන ජෙනෙ හො ඇත මිහි (එ) වෙහි සොර් ගැනැ සැරැසියා
ii. කරයි ඔ සල මුණිහි යත මා පෙවින් කැ (න්දි යෙ) එත මහා දිගැස් බලනෙ ය මිගැටි සෙ දිගැස්සෙන් සොන්ද්මි ලිමි (මෙ දෙගී).
අන්වය :-
i. ත හිමි තමහට් අද නැති වී මෙ නියා සැරසිනි. හො මොහි වසන ජොනෙ ඇත හො එ සොර් ගැනැ සැරැසියා වෙහි.
236 සීගිරි ගී
ii. ඔ මුණිහි සල කරයි. මා පෙවින් යත මා කැන්දි යෙ එත, දිගැස් මහා, මිගැටි සෙ දිගැස්සෙන් බලනෙය.
අර්ථය :-
i. තිගේ හිමියා තී කරා1 ආයේ2 නැති වුව ද මේ ඇයුරින් සැරසුනීය මෙහි වසන කෙනෙකුන්3 ඇතිහෙයින් දෝ4 ඒ සොර සඳහා5 (ඕතොමෝ) සැරසුණු (තැනැත්තියක්) වන්නීය.
ii. ඕතොමෝ මුහුණින් වංචාව6 (පළ) කරන්නිය. (මා) පර්ව,තයෙන්7 යන කල්හි (ඕ) මා කැඳවූවාය. (මා) එන කල්හි, දිගැසිය, බලා8 (සිට) මුව පැටවකු9 සේ දිගු ඇසින් බලන්නීය.
1. තමහට් 2. අද. 3. ජෙනෙ
4. හො - සං. අහො. සංශයාර්ථ යෙහි නාපාත පදයකි. සිඛ. වි. 55, ධර්ම.ප්ර-. 133.
5. ගැනැ 6. සල - සං. ඡල.
7. පෙවින් - පව්වෙන්.
8. මගා - සං √ මෘග්. මගමින්. කව්සි. 321. පද්ය.ය
9. මිගැටි - ‘මුගටියා’ යන අර්ථයය ද මින් ලැබිය හැකිය.
විස්තර :- කාලය - 8වෙනි ශතවර්ෂනයේ අවසාන භාගය හෝ 9වෙනි ශතවර්ෂ යේ මුල් භාගය විය හැකිය.
වෘත්තය - i. යාගී. ii. කව්ගී.