සීගිරි ගී-2-විවරණය iii

Wikibooks වෙතින්
Jump to navigation Jump to search

519. ස්වස්ති

ගියක් නො දී නො මෙ ගල් (මා) ආයෙ සිහිගිරි ගියක් නො දුන්මො ඇප් අප මන දුන්මො දන්වන්නෙයි.


සීගිරි ගී 237

අන්වය :- ගියක් නොදී මා සිහිගිරි ගල් ආයෙ. තොමෙ? ඇප් ගියක් නො දුන්මො. අප මන දුන්මො. දන්වන්නෙයි.

අර්ථය :- යහපතක් වේවා!

ගීයක් නො දී මම සිහිගිරි ගලට ආවෙමි. නො වේ ද? අපි ගියක් නො දුනිමු. අපගේ මන දුනිමු. (එය) දැන්විය යුත්තේය.

විස්තර :- ගීය රචනා වූයේ කතුන් පිළිබඳව ද යනු සැක සහිතය. සීගිරි පර්ව තය ගැන ලියූ බවක් ද පාඨකයාට හැඟී යනු ඇත

කාලය - 9වෙනි ශතවර්ෂීයේ අවසාන භාගය.

වෘත්තය - පළමුවැනි පාදයෙහි අවසාන ‘මෙ’ අක්ෂ.රය දීර්ඝයක් සේ ගත හොත් යාගී විරිතයි.

520. ස්වස්ති

වහ(දිව) සිහිමියන් ගෙ ......................මෙ ලීයි. (නො වැ අය)හ යෙහෙ වි(ද්) වියොවබුන ‍(‍ෙ)කළබි නො වී සිරිබර අව ත සිහිගිරි කිසිහි (‍ෙ)කළ(බි)ම් අයහ නු.

අන්වය :- සිරිබර සිහිගිරි අව, අයහ නො වැ යෙහෙ විද් වියොව් අබුන ත කෙළබි‍ නො වී? කිසිහි කෙළබිම් අයහ නු?

අර්ථය :- යහපතක් වේවා!

වහදිව (නම් ස්ථානයෙන් පැමිණි) සී (නමැති) හිමියන්ගේ වංශයහි වූ ................ මෙය ලීය.

සිරිබර සිහිගිරියට අවුත්, අයහපතක් නො වී යහපතක් වූව ද, වියොවඟනක1 (නිසා) තා කැලඹි2 (ගියේ) නො වේද? කිසිවක් කෙරෙහි2 කැලඹීම අයහපතක් නො වේ ද?



238 සීගිරි ගී

1. වියොව් + අබුන - ප්රිීයයාගෙන් වියෝවූ කතුන්.

2. කෙළබි - ‘කළබ’ ධාතුයි. සං. සං + √ රභ, සාරමහ කළඹා. ම .ස. 97 පද්යීය.

3. කිසිහි.

විස්තර :- මේ ගීය නො 530 ට ලීයූ පිළිතුරකි

කාලය - 9වෙනි ශතවර්ෂ3යේ මුල්භාගය වෘත්තය - යාගී.

521. ස්වස්ති මිහිදලකිවින් මෙ ගිය ලීවෙ

ඇසි (වී ද මී)ලැස් බැලි (ද) සිත් ගලතද් වී (බලත) සිත් ගත් එක්වන් හි(ම) මබු වු අතින් මල් ගත්.

අන්වය :- ‘මීලැස් බැලි ද සිත් ගල තද් වී’ ඇසි වී ද, අතින් මල් ගත් වූ හිමමබු බලත එක්වන් සිත් ගත්.

අර්ථය :- යහපතක් වේවා!

මිහිදල් (නමැති) කවියා මේ ගීය ලීවේය

‘මියුලැසිය බලන ලද්දේ වුව ද (ඇගේ) සිත ගල (මෙත්) තද වී’ (යනු විසින්) අසා ඇති නමුත්, අතින් මල් ගත් කාන්තාව බලන කල, (ඈ) නිරතුරු1 සිත් ගත් (තැනැත්තියක) (වූවාය)

1. එක්වන්.

විස්තර :- කාලය - 9වෙනි ශතවර්ෂනය. වෘත්තය - යාගී.

විස්තර :- රුහුණ් (දන) වූ (යෙහි) දෙළමෙහොම්බුයන් (ආ) රජ(වෙ) ද්සිව පෙරු1 මෙකිතිහිමි මය් ලියු ගී. ජනමහ යුන්හු එක්(තැ)නින් නො තොර් (වැ ‍කැ) ණෙක් තහද්හය් කළ පින් කරය් දත්තාක් මෙ තම. සීගිරි ගී 239 අන්වය :- ජනමහ! කළ පින් තම දත්තාක් මෙ නහද්හය් කරය්, එක්තැනින් කැණෙක් නො තොර් වැ හුන්හු.

අර්ථකය :- රුහුණු ජනපදයෙහි දළණ මෙහොම්බු (නම් ස්ථානයෙන්) පැමිණි, රාජවෛද්ය‍ සිවගේ වංශයෙහි වූ මෙ - කිති හිමි (නම්) මා විසින් ලියූ ගීයයි.

දන්නෙමු! (තොප) කළාවු පින්, තමන් දත් පරිදිම නො හදගා කළ නිසා, එක් තැනකින් මොහොතක්වත් නො සෙල් වී ‍(තොපි) හුන්නාහුය.

1. ව. සිං. ‘පේරුවෙහි’ යන අර්ථ්ය විය හැක.

පෙර පින් කළ හෙයින් මේ කාන්තාවෝ රූප සම්පත්තියෙන් යුක්ත වෙති. නමුත් ඔවුන්ට ප්රීපති වීමට අවකාශයක් නැත සිටගත් තැනින් සෙලවීමට ද ඉඩක් නැත. ශ්රසද්ධාව හා වැ‍ටහීම යන දෙකින්ම තොර ව ඔවුන් පින් කළ හෙයින් ඔවුන්ට මෙසේ සිදු වූ බව මේ ගීය ලියූ තැනැත්තාගේ අදහසයි.

විස්තර :- කාලය - 8වෙනි ශතවර්ෂේයේ අවසාන භාගය හෝ 9වෙනි ශතවර්ෂ යේ මුල්භාගය.

වෘත්තය - උමතුගී.

523. (නො) බල (මෙ)ය බලතුජ් නො වි මට් අස්වැසිලී කිම මෙ(හි) ආ නො ජැනැ තැ ගලැ කළ තද් ළ (ඇ)ත් (තී)

අන්වය :- මෙය නො බල. බලතුජ් මට් ඇස්වැසිලී නො වි. ගලැ කළ තද් ළ ඇත්තී නො ජැනැ තා මෙහි ආ. කිම?

අර්ථය :- මෙය නො බලන්න. (මෙය) බලන කල ද මට අන්වැසිල්ලක් නො වීය. (ඇය) ගලින් කළ තද ළය ඇත්තියක් (බව) නො දැන තෝ මෙහි ආවෙහි. කිමෙක්ද?

විස්තර :- කාලය - 9වෙනි ශතවර්ෂළය

වෘත්තය - දෙ‍වැනි පාදයෙහි අවසාන අක්ෂළරය දීර්ඝයක් සේ ගත හොත් යාගී විරිතයි.



240 සීගිරි ගී

524. සලලමල ලී මෙ ගී

විසුහ යි එ වෙත ගෙහි ත(බ) ග(ල) මා මෙළෙ(හි) නො යි දැ(කැ) ම එන ගල ම නො ලද බසක් (මෙ) ලී තද වියෙන්

අන්වය :- ‘එ වෙත ගෙහි විසුහ යි මා ගල තබ මෙළෙහි නො’ යි ම ගල එත දැකැ මෙ ලී තද වියෙන්, ම බසක් නො ලද.

අර්ථය :- ‘ඒ සමීපයෙහි1 ගෙයක (අප) විසූ (කරුණින්) මා ගල (මත) තබා (තෝ) මෙළෙහි නොවේ ද’ යි (තමාටම කියා ගනිමින්) මා ගල (කරා) එන කල (මා) දැක මේ කාන්තාව පරුෂ වූ හෙයින්, 2 මා (විසින්) බසක් නො ලබන ලද්දේය.

සලලමල (නමැත්තා) කියූ මේ ගීයයි.

1. වෙත - සං. උපාන්ත + ක. ධ. අ. ගැ. 127.

2. තද වියෙන්

සිත්තම් ගත වූ කාන්තාව මේ ගීය ලියූ තැනැත්තා සමග කථා නො කළාය. ඇය ගල් බිත්තියෙහි තබා මියගියේ මොහු යයි ඇය සිතූ හෙයිනි. කාන්තාව එසේ තැබුවේ රජතුමාය. තමා කෙරම් දැකුම්කලු අයකු වී ද යත්කතුන් විසින් මොහු කාශ්යීප රජතුමා යි වරදවා වටහා ගත් බව මේ ගීයෙන් ප්රිකාශිත යි.

විස්තර :- කාලය - 9වෙනි ශතවර්ෂවය

වෘත්තය - යාගී

525. කිති නො ලී වි ද මා නො ව වැ රැන්දිත ත ර වන ගතවලෙක්හී තමා සුවෙ නම දුකට පදෙ දුක් සුවවින්දිනා බ(න්දු ) යෙ

අන්වය :- තමා ගත් අවලෙක්හී තර වන රැන්දි වැ නො ව. සුවෙ නම දුකට ‍‍පදෙ දුක් සුව වින්දිනා බන්දු යෙ.

සීගිරි ගී 241

අර්ථය :- කිති (නම්) මා විසින් මෙය නො ලි වි ද?

තමා යෙදෙන (රති) ක්රි)ඩාදියෙහි1 අධික ලෙස2 නො ඇලෙව. සුව නම් දුකට මාවතය. 3 දුක (නම්) සුව විඳීම බඳුය.

1. අවලෙක්හි - අවල; සං. ආලය ; කා. ගෙ. iv .47

2. තර වන = තර කොට, ධ. අ. ගැ. 146.

3. පදෙ - මාර්ගරය.

නි‍වනට පද = පා අමතස්ස පදං, ධ. අ. ගැ. 78

විස්තර  :- කාලය - 8වෙනි ශතවර්ෂායේ අවසාන භාගය.

වෘත්තය - දෙවැනි පාදයෙහි ‘හි’ අක්ෂෂරය සහ තුන්වැනි පාදයෙහි අවසාන අක්ෂවරය ද දීර්ඝ සේ ගත හොත් කව්ගී. විරිතයි.

526. ම(ල්බ)න්දුසනි මල් දම් ගිළි හෙත් වැ ආ ක අතර් වයනෙ ම සිහිගිරියෙ තට අන් නො පිය ද ආ ගණන්.

අන්වය :- මල්බන්දුපනි! මල්දම් ගිළි හෙත් ක අතර් වැ ආ? ම තට සිහිගිරියෙ වයනෙ. ආ ගණන් අන් පිය නො ද?

අර්ථය :- මල් බඳු තැනැත්තියෙනි! මල් දම් ගිළි හෙන කල (ඒවා) කා අතරට පැමිණියේ ද? මා විසින් තිට සිහිගිරි යෙහි දී (සංගීතය ) වාදනය කරනු ලැබෙයි. ආ පමණ අන්1 (තැනැත්තන්) (තිට) ප්රිිය වූයේ නො වේ ද?

1. ආ ගණන් අන් - ව සිං. ආපු ගණන් අතින් අය.

විස්තර  :- සිත්තමෙහි කතක් මල්දමක් අතින් හෙලූ බව මේ ගීය රචනා කළ තැනැත්තා පවසයි. එය ඔහු කරා නො පැමිණියේය. කතුන්ට සංගීතය වාදනය කළේ මොහු නිසා ඔවුන්ගේ අනුග්ර හය ලැබිමට මොහු සුදුස්සෙකි. ස්ථිර අදහසක්



242 සීගිරි ගී

නොමැති කාන්තාව අන් සෑමදෙනා කෙරෙහිම දයාව දැක් වූ නමුත් ඊට සුදුසුකම් තිබුණු තැනත්තාට කාරුණික නො වූවාය.

කාලය - 9වෙනි ශතවර්ෂරය.

වෘත්තය - යාගී.

527. ස්වස්ති ලෙදරු බුද(ල්මි)

ම ලද රන්ව(නු)න් ගලැ බලන්නෙ බණක් කිය(නෙය) සැනෙක හැරැ ‍යතෙ එ ද නැත බණන මැය සැබැවිනෙ පවෙහි ආ (‍ෙ)කනෙක් මතු මෙ ජනතෙ

අන්වය :- ම [ගලැ ලද රන්වනුන් බලන්නෙ බණත්

‘සනෙක හැරැ යනෙ’ කියතෙය. සැබැවිනෙ මැය එ ද බණන නැත. මතු පවෙහි ආ කෙනෙක් මෙ ජනනෙ.

අර්ථය :- යහපතක් වේවා!

බුදල් (නමැති) ලෙඛකයා1 වෙමි.

මා විසින් පර්වයතයෙහි දී ලද රන්වනුන් බලන්න. (ඔවුන්) කථා කරන කල්හි ‘සැනෙකින්ම හැර යන්න’ (යනු විසින්) කියනු ඇත. සැබවින්ම මැය (කෙරෙහි) එ (පමණ) ද බිණිමක් නැත. අනාගතයෙහි පර්වයතයට ආ කෙනෙකුන් (විසින්) මෙය දත යුතුය.

1. ලෙ - දරු

විස්තර :- කාලය -‍ - 8වෙනි ශතවර්ෂ ය

වෘත්තය - තුන්වැනි පාදයෙහි ‘එ’ අක්ෂරය දීර්ඝෂයක් සේ ගෙන දෙවැනි පාදයෙහි ‘සැනෙක’ යන තැන ‘සැ’ අක්ෂරයට පසුව යතිය පිහිටුව හොත් මිණිමල් නම් විරිතින් බැඳි සිවුපදයක් ලැබේ. සතර පාදයන්හිම අවසාන අක්ෂර දීර්ඝ සේ උච්චාරණය කළ හොත් සදොල්කෙළි නම් විරිතයි.

සීගිරි ගී 243

528. මින්ද්මි ගී

මෙහි මි(නිසුන් නැගී) සිරි නො දැකැ ගත්තෙව් දැකැ දෙඩී තමන් ර(න්වනු)න් දකුත් මෙ ළ සිහිල් වෙයි.

අන්වය :- රන්වනුන් දකුත් මෙ තමන් ළ සිහිල් වෙයී, මිනිසුන් නැගී සිරි නො දැකැ, දැකැ ගත්නතෙව් දෙඩී.

අර්ථය :- මින්ද් (නමැත්තා) වෙමි. මගේ ගීයයි.

රන්වනුන් දුටු ‍විගසම1 තම හදවත් සිහිල් වෙතැයි (කියමින්) මිනිස්සු, (මෙය) නැග, මෙහි සිරිය නොදැක, දැක ගත්තාක් මෙන් දෙඬුවාහුය2

1. දකුන් මෙ.

2. නො. 532 වැනි ගීයට පිළිතුරු වශයෙන් ලියන ලද්දකි.

විස්තර :- කාලය - 9වෙනි ශතවර්ෂවයේ මුල් භාගය.

වෘත්තය - යාගී.

529. ස්වස්ති

වියොවුන දැට සිරිබරිනි අඟනෙ මෙ හෙජෙයි සිකිසද දැට සියොවුන් යින් නො නික්මෙන රිසි කෙරෙයි

වෙහෙල්නරුපිරිවෙන්වැසි රක්සළබතිමි ලීමි.

අන්වය :- සිකිසද වියොවුන දැට මෙ අගනෙ සිරිබරිනි. හෙජෙයි. සියොවුන් දැට එයින් නික්මෙන රිසි කෙරෙයි නො?

අර්ථය :- යහපතක් වේවා!

(මගේ) මිතුරුතුමා (පෙම්වතුන්ගෙන්) වියෝවූවන් දැක1 මේ අඟනුන් ගේ සිරිබරින්2 ඇදී යයි. (පෙම්වතුන් හා) එක්වූවන්3 දැක එතැනින් නික්මෙන ආශාවක් (ඇති) කර ගන්නේ නො වේ ද?


244 සීගිරි ගී

වෙහෙල්නරු පිරිරෙවෙනෙහි වැසියකු වූ රක්සල බත (නමැත්තා) වෙමි. ‍(මෙය) ලීමි.

1. දැට 2. කවර අඟනන්ගේ ද යනු පැහැදිලි නැත. 3. සියොවුන්.

විස්තර :- කාලය - 8වෙනි ශතවර්ෂ ය.

වෘත්තය - දෙවැනි පාදයෙහි ‘ම’ අක්ෂ‍රය දීර්ඝ යක් සේ ගත හෝත බමරගී විරිතයි.

530. මම යහපත්මි අයිහපත් මයි කෙරෙ නැත් නවතයි වෙමි යහපත් වන යහක් ඇත්තෙයිම් මත්තෙ.

අන්වය :- මම යහපත්මි මයි කෙරෙ අයිහපත් නැත්. නවතයි යහපත් වෙමි. මන්තෙ වන යහක් ඇත්වතෙයිම්.

අර්ථය :- මම යහපත්ව සටිමි. මා කෙරෙහි අයහපතක් නැත නැවත වරක්1 යහපත් වෙමි. අනාගතයෙහි වන්නාවූ යහපතක් මට ඇත්තේය.

1. නවතයි - නවතා, මු. දා. 120.

විස්තර :- කාලය - 8වෙනි ශතවර්ෂ්යේ ‍අවසාන භාගය හෝ 9වෙනි ශතවර්ෂ යේ මුල් භාගය.

වෘත්තය - පළමුවැනි පාදය ‘අයිහපත්’ යන්නෙහි ‘අ’ යන්නෙන් කෙළවර වන සේ ගෙන දෙවැනි පාදයෙහි ‍රෙ’ අක්ෂරය දීර්ඝ‍යක් සේ උච්චිරණය කළ හොත් බමරගී විරිත ලැබේ.

531. කිය අ සිරිත් (වී) ද කත් අවෙක් හය් (යෙ)ත තම ළවත් ම(ළ) කල (මා) එත සිහි වෙත ඔ යන්නක් (වෙයි.)

අන්වය :- අ! කත් අවෙක් හය් තම යෙත සිරිත් වී ද කිය ළවත් මළ කල මා එත, සිහිවෙත, ඔ යන්නක් වෙයි.

සීගිරි ගී 245

අර්ථය :- හා! කාන්තාව (මෙහි) ආ තැනැත්තකු සමග1 (තමන් ම) යෑම චාරිත්රාීනුකූල2 වී ද . (යනු) කියව. ප්රිායයා3 මිය ගිය විට මා එන කල, (ප්රිතයයා) සිහිවත්ම, ඕ තොමෝ (මා සමඟ) යන්නී වෙයි4


1. අවෙක් හය් 2. සිරිත් වී ද 3. ළ - වත්.

4. යන්නක් වෙයි - යන තැනැත්තියක් වෙයි.

විස්තර :- ප්රොශ්නයක් හා උත්තරයක් අඩංගු ගීයකි. ගීයෙහි දෙවැනි කොටස කියූ තැනැත්තා දැකුම්කලු අයෙකි. කතුන්ගේ මියගිය ප්රිඅයයා බඳු රූසපුවකින් යුක්තය. ඔහු එම මියගිය ප්රියයයා ලෙස කතුන් විසින් වරදවා ගත හැකි බව මෙහි කිය ලදි. එහෙත් මේ ගැහැණු චාරිත්රත විශෙෂයන් නො ඉක්මවා සිටින ශීලාචාර අය බව මෙහි ප්‍රකාශිත යි.

කාලය - 9වෙනි ශතවර්ෂරය.

වෘත්තය - යාගී.

532. පිළිබිබ් එ රන්වනුන් දුට් ඇසින් ළ සිහිල් වත් කිවැන්නැ හො සිරිබර් එ කොමුළ් අවුද ළෙන් තනපහස් මාගලම්බ් මිහිදලමනුල් ගේ අග්බොය්මි ලීමි.

අන්වය :- එ රන්වනුන් පිළිබිබ් ඇසින් දුට් ළ සිහිල් වත් එ සිරිබර් කොමුළ් තනපහස් ළෙන්අවුදැ කිවැන්නැ හො?

අර්ථය :- ඒ රන්වනුන්ගේ පිළිබිඹු ඇසින් දුටු කල හදවත සිසිල් වේ නම්. ඒ සිරිබර කොමළ (තැනැත්තියගේ) පයොධරස්පර්ශ ය (තමන්ගේ) ළ පැත්තෙන් 1 ලද හොත් කෙබඳු ද?

මාගලම්බ් (නම් සථානයෙහි) මිහිදලමල් නමැත්තාගේ වංශයෙහි වූ අග්බොය් (නමැත්තා) වෙමි. (මෙය) ලීමි.




246 සීගිරි ගී

1. ළෙන් - උරෙන්, ළ පැත්තෙන්.

ළ = සං. හෘද්>* හඩ (ප්රාව. හඩක්ක) >*හළ >* ලහ >*ළා> ළ; ළ = පා. උර, ධ. අ. ගැ. 102.

විස්තර :- කාලය - 8වෙනි ශතවර්ෂෙයේ අවසාන භාගය හෝ 9වෙනි ශතවර්ෂ යේ මුල්භාගය.

වෘත්තය - පළමුවැනි පාදයෙහි ‘පිළිබිබ් එ’ යනු ‘පළිබිබෙ’ යි සන්ධි කර තුන්වැනි පාදයෙහි ‘එ’ අක්ෂපරය දීර්ඝවයක් සේ උච්චාරණය කළ හොත් දුවඟගී විරිතයි.

533. කිසි මහගිම් වුයුද් මෙවෙන්නො වූ ‍ෙ(ව)සිසිහිල් කිව යෙහෙ යි එසවූ දිග්නුයුනුත් රත් අත් එ හිදි.

අන්වය :- කිසි මහගිම් වුයුද් මෙවෙන්නො සිහිල් වෙසි වූ. එ හිදි දිග්නුයුන් ‘කිව යෙහෙ’ යි රත් අත් එසවූ.

අර්ථය :- කිසියම් මහා ග්රිසෂ්මයක් වුව ද මෙබඳු (තැනැත්තියෝ) සිහිල් වැස්ස (මෙන්) වූහ එහි1 සිටි දිගැසියෝ ‘කීවා2 හොඳය’ යි (කියමින් මෙන්) රතු අත් එසවූහ.

1. එ හිදි. 2. කිව යෙහෙ.

විස්තර :- කාලය - 8වෙනි ශතවර්ෂයයේ අවසාන භගය.

වෘත්තය - යාගී

534. බල(.) මෙ තො(ප සිහි) නො වූයු ද මි(ලැ)ස් තොපට මන (හැ)ජි උන්නො (ස)න්ද්හ (න් නැ)තියින් ඔයුන් මහ වන්.

අන්වය :- මෙ බලත තොප සිහි නො වුයු ද, මීලැස් තොපට මන හැජි උන්නො. ඔයුන් සන්ද්හන් නැතියින් මහ වන්.



සීගිරි ගී 247

අර්ථය :- මෙය බලන කල්හි (ඔවුන්ට) තොප සිහි නො වුව ද, මියුලැසියෝ තොප කෙරෙහි සිත් ඇදී උන්නාහුය. ඔවුන්ට (යහපත්) සිහිය1 නොමැති හෙයින් කමන්න.

1. සන්ද්හන් - සං. සන්ධාටන; අමා. 36, කව්සි. 596 පද්යඑය, රු. ම. 118 පද්යසය.

විස්තර :- කාලය - 8වෙනි ශතවර්ෂධයේ අවසාන භාගය හෝ 9 වෙනි ශතවර්ෂ යේ මුල් භාගය.

වෘත්තය - පළමුවැනි පාදයෙහි ‘මෙ’ අක්ෂඅරය දීඝර්යවක් සේ ගත හොත් යාගී විරිතයි.

535. i. සි(ටි)නෙ සිකි ‍අය් (මා) තමන් මන අන්නට් දී (අස)ද් නොද් බෙණෙත තමන් මන අන්නට් ජොලො දී

ii. දනින නමිදින්නට් අ(ය)ත් වෙ යහපහස් පෙරෙ මුයුනට් කෙ දම්බට් නෙ නුමු දැපුත් ‍පා කෙ තෙ නුමු ‍සිස්

අන්වය :-

i. සිකි! අත්නට් ජොලො දී අසද් තමන් මන නොද් බෙණෙත, අය් මා, තමන් මන අන්නට් දී සිටිනෙ

ii. දතින නමදින්නට් යහපහස් අයත් වේ. දම්බට් පෙරෙ මුයුනට් කෙ නුමු නෙ? දැපුත් කෙ සිස් පා නෙ නුමු?

අර්ථය :-

i. මිතුර! අන් අයට තැවුලිය1 දී අශ්රණද්ධාවත් (තැනැත්තිය) තම සිත නො කියන්නීය. (මෙහි) ‍පැමිණි2 මම, මගේ සිත අනුන්ට දී සිටින්නේ (වෙමි).



248 සීගිරි ගී

ii. දණින් (වැටී) (මේ කතුන්) නමදනා අයට යහපත් ස්පර්ශීය3 අයත් වන්නේය. වාටුවෙන්4 (යුතුව) පෙර (කල) මොවුන්ට කවරෙක් නැමුනේ5 නො වී ද? ඔවුන් අහංකාරය (පළ කරන කල්හි6), කවරෙක් (තම) හිස (ඔවුන්ගේ) පා (දක්වා) නො නැමු වේ ද?7

1. ජොලො 2. අය් මා 3. යහ - පහස්.

4. දම්බට් - සං දම්හ 5. නුමු නෙ.

6. දැපුත් - ‘දප’ ධාතුයි; සං. √ ද්යාවප්; දැපී, එ. ල. 20

7. නුමු - ‘නම’ ධාතුයි. සං √ නම්; ‘වැඳීම්’ අර්ථදයි.

විස්තර:- කාලය - 9 වෙනි ශතවෂර්යේහ මුල් භාගය.

වෘත්තය - 1 සතරවැනි පාදයෙහි  ‘ ලො’ අක්ෂරය දිඝියක් සේ ගත හොත් යාගී විරිතයි.

11 යාගී.

536. ස්වස්ති

(සිරි)පුරෙ(න් ආ) (දාපු)ළා ගී. පි(ය)පහ(ස මෙ) දිගැස ‍සන්දෙේහි ලත් වෙමි සුවපත් සඟවන් (බෙයන්ද් ) ආ කල (ව)න්නෙමි. බලය් (සිත තො)ස්.

අන්වය :- මෙ දිගැස පියපහස ලත් සන්දෙිහි සුවපත් වෙමි. සගවන් බෙයන්ද් ආ කල බලයි තොස් වන්නෙමි.

අර්ථය :- යහපතක් වේවා!

සිරිපුර (නම් ස්ථානයෙන් පැමිණි) ‍දාපුළ් (නමැත්තාගේ) ගීයයි.





සීගිරි ගී 249

මේ දිගැසියගේ ප්රි4ය ස්පර්ශණය ලත් කල සුවපත් වෙමි. දෙව්ලාව බඳු1 බෙයදට ආ කල (එය) බලා සිත තොස් වන්නෙමි.

1. සගවන් - ස්වර්ගාය බඳු

විස්තර :- කාලය -9වෙනි ශතවර්ෂුය. වෘත්තය - යාගී.

537. ස්වස්ති කිත්මි

බැලුම් බුමු බෙයන්දිහි රන්මිලැස්ලි ලී හෙළි කිම දුකැ මත් මෙ පන්නෙ යි මෙ මෙ දෙයහි (සෙ)න්නෙ (හින්දිි)න්නෙ යි

අන්වය :- බුමු බැලුම් බෙයන්දිහි රන් මිලැස්ලි මෙ මත් පත්තෙ කිම දුකැ යි හෙළි ලී. මෙ මෙ දෙයහි (සෙ)න්නෙ (හින්දි්)න්නෙ යි

අර්ථය :- යහපතක් වේවා! කිත් (නමැත්තා) වෙමි.

කරකවා1 (බැලූ) බැලුම් (ඇති) බෙයදෙහි රන් මියුලැස් ලිය මෙය මුදුනට පැමිණියේ කවර දුකකින් දැයි හෙළි කළාය.2 මේ මේ දේවලට 3 සිනාසෙමින් (ඕ) දිඳින්නීය.

1. බුමු - ‘බම’ ධාතුයි; සං. √ භ්රයම; බමා, ති.සං. 141

2. හෙළි ලී - හෙළි කර ලූවාය.

3. මෙ මෙ දෙයහි - නොයෙක් දේවලට’ යන අදහසයි.

විස්තර :- කාලය - 8වෙනි ශතවර්ෂෙයේ අවසාන භාගය. වෘත්තය - දුවඟගි

538. ස්වස්ති .......................................... සමන්මි.

අවුද් ගොසින් තමන් (වෙ) ත රන්වනුන් සිටිමින් එ(හි) සිටියවුන් (ගල) වැසැ නැහැන්දිිනැ සිටිනුවන් වැනි. 250 සීගිරි ගී

අන්වය : අවුද් තමන් රන්වනුන් වෙත ගොසින්, එහි සිටිමින් ගල වැසැ සිටියවුන් නැහැන්දිුනැ සිටිනුවන් වැනි.

අර්ථය :- යහපතක් වේවා!

.............................. සමන් නමැත්තා වෙමි.

(මෙහි) පැමිණ තමන්ම රන්වනුන් වෙත ‍ගොසින් එහි සිටගෙන සිටින (ඔවුහු) ගලෙහි වාසය කර සිටියවුන් නො හඳුනමින් සිටිනා තැනැත්තන් වැන්නෝය.

විස්තර :- සිත්තම් ළඟටම ගොස් එහි කතුන් නිසා භාවප්රතකොපනයකට හසු නො වු පුද්ගලයකු දැක මේ රචකයා සිය විස්මය පළ කරයි.

කාලය - 9වෙනි ශතවර්ෂයය. වෘත්තය - යාගී

539. ස්වස්ති

ගත වරජෙක්නි එක් ජැයෙක් බොහො(යෙන් ග)ත ත(ම) ඉසිතදහු දඩදෙරෙ සහ තබා (මෙ) ළෙය් (මෙ) ‍ප(වෙ) ගැ(හැනුන්)

අන්වය :- එක් ජැයෙක් බොහොයන් තම ගත, වරජෙක්නි ගත. ඉසිතදහු ගැහැනුන් මේ පවෙ අඩිදෙරෙ සය තබා මෙළෙය්.

අර්ථය :- යහපතක් වේවා!

එක් දෙයක් අධික සෙයින් තමා විසින් ගන්නා ලද්දේ නම්, (එය) වැරදි ලෙසින් ග්නාන ලද්දේය. මහත් ඊර්ෂ්යා වෙන් යුතු තැනැත්තා, 1 (සිය) ගැහැණුන් මේ පර්වාතය අද්දර සිටුවා 2 තබා මළේය.

1. ඉසි - තදහු

2. සය - සං √ සී, සාය්ය්ති.



සීගිරි ගී 251

විස්තර :- කාලය - 8වෙනි ශතවර්ෂ යේ අවසාන භාගය. වෘත්තය - දුවඟගී.

540. ස්වස්ති සෙන්පැවි(ජෙ)මි (ලීමි).

මෙසෙ සිති පහසක් සෙ වී මුළ රුවහි එත රිසි යෙත (මුළ) එළෙ සෙ පූ නුබ සිරිබර්නි පින්සබර් ජන්ම.

අන්වය :- රුවහි මුළ වී රිසි එත මෙසෙ පහසක් සෙ සිති. යෙත නුබ පූ සෙ මුළ එළෙ. සිරිබර්නි පින්සබර් ජන්ම

අර්ථය :- යහපතක් වේවා!

සෙන් (නමැති) පැවිද්දා වෙමි. (මෙය) ලීමි.

රූපයෙහි මුළ වි ආශාව1 එත්ම, මෙසේ (මේ ‍ කාන්තාව) (රස)පහස් (සඳහා යොග්යැයයි2 (තොප විසින්) සිතන ලද්දේය. (ආශාව) යත්ම අහසට දැමූ3 (යමක්) සෙයින් මුළාව වැටෙයි4 (ඔවුන්ගේ) සිරිබරින් (ඔවුන්ගේ) පුණ්යඳසම්භාරය දනිමු.

1. රිසි - තණ්හාව, රාගය

2. පහසක් සේ - ‘සමේහාග සුඛය සඳහා සුදුසු තැනැත්තියක සේ’ යන අර්ථ.යි.

3. පූ - සං ප්රවහිත, පා පහිත. ‘මීසි කළා වූ’.

4. එළෙ - √ එළ; සං. අච + √ ලි

එළවය් - පා. පට්ඨපත්වාඳ, ධ. අ. ගැ. 109. පහත් කිරීම, පහත් වීම, වැටීම යන අර්ථ යි.

විස්තර :- මේ රචකයා පැවිද්දෙකි. රූපය ගැන ඔහු මුළා වූ පුණ්යඅසම්භාරය බැව් ඔහුගේ අදහසයි. මේ ගීය ලියා ඇත්තේ නො. 536



252 සීගිරි ගී

වැනි ගීයට පහළිනි කතුන්ගේ පහස ලැබීමටආශාව දැක්වූ තැනැත්තාට මේ ගීය අවවාදයක් බඳුය. නො 538 වැනි ගීය ඉහතින් දැක්වූ (540 වැනි ගීයට) යටින් ලියා ඇත. සිගිරි කතුන් දැක ඇතැම් අය කම්පිත නො වී සිටි අයුරු විස්මය ජනක යයි ඔහු ලවා ප්ර කාශ කරවීමට මේ පැවිද්දා පොහොසත් වීය.

කාලය - 9වෙනි ශතවර්ෂ ය

වෘත්තය - දෙවැනි හා තුන්වැනි පාදයන්හි අවසාන අක්ෂලර දීර්ඝ සේ ගත හෝත දුවඟගී විරිත ලැබේ.

541. ස්වස්ති

ඇති සබා මහසිත් ද සිත්තමින් සිටුවය් ඇසින් බල්ය රවල් ලමු තන සිත් වින්දැ ද් සිටුවය්.

රජ්විටිවැසි විජුර කසුබ් පැවිජ්ජෙමි ලීම

අන්වය :- මහසිත් ඇති සබා ද සිත්තමින් සිටුවය් ලමු රවල් ඇසින් බලය් තන සිත්වින්දිි ඇද් සිටුවය්.

අර්ථය :- යහපතක් වේවා!

මනොවිඥාන ධාතුවෙහි1 නියම ස්වභාවය ද2 (සිත්තරා) සිත්තමෙහි පිහිටුවයි. දිගු වරල3 ඇසින් බලා නොයෙක්4 මනොභාවයන් ද5 ඇඳ6 (සිත්තම් කර) පිහිටුවයි.

රජ්විටි (නම් ස්ථානයෙහි) වැසියකු වූ රජුර කසුබ් (නම්) පැවිද්දා වෙමි.

1. මහසිති - පා මහග්ගතං චිත්තං. නො. 150 වැනි ගීය බලන්න.

2. ඇති සබා ද

3. ලමු රවල් - එල්බෙන වරල, දිගු වරල රවල් = සං. වාල > වරල් > රවල්; ව සිං. රැවුල-



සීගිරි ගී 253

4. නන 5. සිත් - වින්දිස = හැඟීම්

6. ඇද් - සං. √ අඤ්ජ්.

විස්තර :- සීගිරි චිත්ර. ඇඳි සිත්තරාට කළ උපහාරයකි.

කාලය - 8වෙනි ශතවර්ෂරය.

වෘත්තය - එලු සඳැස් ලකුණෙහි නොලැබෙන විරිතකි. දෙ‍වැනි පාදයෙහි ‘සිටුවය්’ යන්න ‘සිටුවයි’ යනු විසින් ගෙන, අවසාන ‘යි’ අක්ෂ‘රය දීර්ඝයක් සේ උච්ච්ාරණය කළ හොත් යාගී විරිත ලැබේ.

542. ඔතක් මිහි (ද) ජත නො මිලැසියන් ඇස හමියෙ බල(මි න්) ලිවි තක් ජනා වහනෙ වැහැජ් බුණ (නො බිණි).

අන්වය :- ඔතක් නො ජත විහි ද? ජනා ලිවි කත් ඇස් හමියෙ බලමින් මීලැසියන් වහනෙ. වැහැජ් බුණ නො බිණි.

අර්ථය :- ඔපමණ1 (දෙයක්) නො දත්තේ වී ද? ජනයා ලියූ තාක් (දෙය) ඇස් හමුවෙහි බලා (සිටිමින්) මියුලැසියෝ ඉවසා2 සිටිති. (එසේ) ඉවසන (ඔවුහු) බැණවුව ද නො බිණූහ

1. ඔ - තක් = ව. සිං. ඔය - තාක්. ඔච්චර

2. වහනෙ

විස්තර :- කාලය - 9වෙනි ශතවර්ෂඉය

වෘත්තය - යාගී.

543. ස්වස්ති මහමෙත්හිමියා අබු නාල් හිමියබුයුන් ග ලියු (මෙ) ගී.

‍නො ජනම්හ මුන් මිහි විලබු කුම් ජැයක් ආව මෙ ලියපියෙ එයුත් මෙ තමන් දිවි යවි යි පවසා


254 සීගිරි ගී

අන්වය :- විලබු කුම් ජැයක් ආව තමන් දිවි යමි යි මිහි එයුන් මෙ පවසා මුන් මේ ලියපියෙ නො ජනම්හ.

අර්ථය :- යහපතක් වේවා!

‍මහමෙත්හිමිගේ භාය්යාත ව වූ නාල් (නමැති) ආර්යාමව (විසින්) ගයා ලියූ මේ ගීයයි.

විල (තමැති) කාන්තාවට1 කුමන දැයක් (පැමිණියේ) වුව ද2 තමන් දිවි නැසේය යි3 මෙහි ඔවුන් විසින්ම ප්ර කාශ කර මොවුන් මේ (ගිය) ලියූවේ4 (මන්දැයි) නො දනුම්හ.

1. විල් + අබු = විලබු, විලඹු.

2. ආව.

3. යවි - ව . සිං. යාවි; සං යානව්යි.

4. ලියපියෙ - ‘ලියාතැබුවේ. ලියාදැමුවේ’ යන අදහසයි. ‘ලියාපීය’ යන වචන හා සසඳනු මැනමි.

විස්තර :- බබළන ජලය, හංසයින් සහ පිපුණු මල් සහිත සිහිගිරි තඩාගය කාන්තාවකි. ඕතොමෝ සිහිගිරියට පැමිණි තැනැත්තන් වශි කරවා, සිත්තම් ගත වූ කතුන් ලජ්ජාවට පත් කළාය. (580 වැනි ගීය බලනු) එසේ වුව ද මේ කතුන්ගේ ආදරය දිනාගත නොහැකි නම් මියයන බව ඇතැම්හු කීහ. මේ ගීය (නො. 543) ලියූ කාන්තාව මෙබඳු ස්ථීර අදහසක් නොමැති පුද්ගලයින් ගැන ස්වකීය අප්රනසාදය පළ කරන්නීය.

කාලය - 9වෙනි ශතවර්ෂලය

වෘත්තය - තුන්වන පාදයෙහි පළමුවන ‘මෙ’ අක්ෂරය දීර්ඝ යක් සේ ගත හොත් යාගී විරිත යි.




සීගිරි ගී 255

544 ස්වස්ති

වි මල ගත්තහ දු බ)ල)නො ම අතින් ගත් මල් අ මෙ ඇදි මන බ (බෙය) දහි රන්වනුන්න් දි(ගැ)සි(න්) තම.

අන්වය :- මල ගත්තහු දු වී ම අතින් ගත් මල් බලානො බෙයදහි රන්වනුන් තම දිගැසින් මේ අ ම මත ඇදි.

අර්ථය :- මල ගත්තහු දු වී ම අතින් ගත් මල් බලනො බෙයදහි රන්වනුන් තම දිගැසින් මෙ අ ම මත ඇදි.

අර්ථය :- යහපතක් වේවා!

(තමන්) මල් ගෙන සිටියේ වී නමුත්, මා අතින් ගත් මල් (දෙස) (ඔවුහු) බලන්නෝය. බෙයදෙහි රන්වන් (තැනැත්තියෝ) තම දිගු ඇසින් මෙහි ආ මගේ සිත ඇදගතත්තාහුය.

විස්තර :- කාලය - 8‍ හෝ 9වෙනි ශතවර්ෂිය වෘත්ත්ය - යාගී

545. ස්වස්ති රුහුණින් ආ (අග්) බොයිහිමියන් ගේ ව(දුර්මි) -

සළමගිනි එන දන සව කළ කල ද සළ සිත මනා මන ඇත්තන් ආ ක(ල උ)න් ගනූ හදහයි.

අන්වය :- සව කළ කල ද සළමගිනි එන දන සිත සළ මනා මන ඇත්තන් ආ කල උන් හදහයි ගනූ.

අර්ථය :- යහපතක් වේවා!

රුහුණින් ආ අග්බොයි හිමියන්ගේ මංශයෙහි වූ වදුර් (නමැත්තා) වෙමි.

ශපථ1 කළ කල්හි පවා වංචනිකකමින්2 එන ජනයාගේ සිත වංචනිකය. යහපත් සිත් ඇත්තන් ආ කල ඔවුන් විශ්වසා කර (පිළි) ගන්න.

1. සව - සං. ශපථ

2. සළමගිනි - සළ = සං . ශඨ. 256 සීගිරි ගී

විස්තර :- කාලය - 8වෙනි ශතවර්ෂ යේ අවසාන භාගය හෝ 9වෙනි ශතවර්ෂ යේ මුල් භාගය විය හැකිය.

වෘත්තය - යාගී.

546. කිතල්මි මෙ ගී.

කසුන් ලියක් සේ දිසි බෙ(යන්ද.)හි (හෙ)ළි(ල්ල)මබු මෙහි

අ(ති)න් මල් ගත්(තී) සිටි නො දැකි සෙය් තොප (මෙ) තකුද්

අන්වය :- මෙහි බෙයන්දැහි සිටි කසුන් ලියක් සේ දිසි අතින් මල් ගත්තී හෙළිල්ලම්බු මෙතකුද් තොප දැකි සෙය්.

අර්ථය :- කිතල් (නමැත්තා) වෙමි. මේ (මගේ) ගීයයි.

මේ බෙයදෙහි සිටි රන් ලියක සේ දිස්වූ, අතින් මල් ගත් රූමතිය මෙ‍තෙක් (කල්හි ) පවා තොප (විසින්) නො දක්නා ලද සේය.

විස්තර :- කාලය - 9වෙනි ශතවර්ෂ ය

වෘත්තය - යාගී.

547. (ස්වස්ති)

ද(කු)ත් විසි බන්දුූ කත දුරෙත මා සිත (ග)ත වී (වී)සි නො වී දි(ගැසි)න් බැලු කල සිටි කි කත දුට් කා.

අන්වය :- කත දකුත් විසි බන්දුි. දුර එත මා සිටත ගත වී. දිගැසින් බැලු කල කත දුට් කා විසි නො වි සිටි කි?




සීගිරි ගී 257

අර්ථය :- යහපතක් වේවා!

කාන්තාව දුටු කල වර්ශය වූ බඳුය. දුරින් එත්ම මා සිත ගත්තේ වී. දිගු ඇසින් බැලූ කල කාන්තාව (විසින්) දක්නා ලද කවරෙක් වශී නො වී සිටියේ යයි කියන ලද ද?

විස්තර :- කාලය - 8 හෝ 9වෙනි ශතවර්ෂ ය

වෘත්තය - යාගී.

548. ................. ලීමි.

(හිමබි) මත හින්දි මෙ (බ)ලනෙය බෙයන්ද සිත් සෙය් නො බලනෙය දැකැ මෙසෙ වී මෙ(හි) එත මතු බෙ(ය)න්ද් මා.

අන්වය :- ‘බෙයන්දා මත හින්දිු මෙ හිමබි සිත් සෙයි බලනෙය.’ ‘මා මෙහි බෙයන්ද් මතු එත, දැකැ මෙසෙ වී. නො බලනෙය’.

අර්ථය :- .................. ලීවෙමි.

‘බෙයද මත සිටි මේ කාන්තාව රිසි පරිදි බලනු මැනවි’. ‘මා මෙහි බෙයද මතුවට එත්ම, (ඇය) දැක (මට) මෙසේ විය. ( එහෙයින් ඇය දෙස) නො බලනු මැනවි.’

විස්තර :- කාලය - 8 හෝ 9වෙනි ශතවර්ෂ්ය

වෘත්තය - පළමුවැනි පාදයෙහි ‘මෙ’ අක්ෂ රය දීර්ඝයක් සේ ගත හොත් යාගී විරිත ලැබේ.

549. ජෙරෙන් මිරිකෙයි යොවුන් පෙළෙයි ක(ය) වියයින් නෙක (වෙ) ජිවි නි (යතින්) හී ‍යනෙ මෙ හින්දිසයෙව් එ නැත්තයුන් (කි)තිමි ලීමි මෙ ගී.

9


258 සීගිරි ගී

අන්වය :- යොවුන් ජෙරෙන් මිරිකෙයි. නෙක වියයින් කය පෙළෙයි. නියතින් ජිවි හී යතෙ වෙ. එ නැත්තයුන් මෙ හින්දි එව්.

අර්ථය :- යොවුන් බව ජරාව නිසා මිරිකෙයි.1 නොයෙක් ව්යායධීන්2 නිසා ශරීරය පීඩා ‍වෙයි. නියතින්ම ජිවිතය ක්ෂබය වී3 යන්තෙ වෙයි. එබඳු (ත්ත්වයක්) නොමැති (ඇත්තන්) මෙහි හිඳිනා සේය.

1. ‘මිරික’ ධාතුයි. සං. √ මෘක්ෂන හෝ √ම්රයක්ෂ(. මිරිකෙයි. අමා. 52 යෞවනය ජරායෙන් මිරිකෙන පරිදි, ධර්මනප්ර.. 179

2. වියයින් - වියය = සං. ව්යාමධි.

3. හී - ‘හෙ’ ධාතුයි. සං. √ හා; හෙන, බු. අ. 16 පද්ය,ය.

විස්තර :- කාලය - 9වෙනි ශතවර්ෂුයේ මුලභාගය

වෘත්තය - එළු සඳැස් ලකුණෙහි නො ලැබේ. ‘මිරිකෙයි’ යනු ‘මිරිකෙ’ යනු විසින් ගත හොත් යාගී විරිත ලැබේ.

550. බොයි පැවි‍ජ්ජෙමි ලී(මි). (ගිය) දු රිසි වන් (දැ)කැ (අ)ද මිණිමුසි සන්දග කදබෙ

විසබ අප කදනා තොප ගුණබර පව්රිසි පුතා.

අන්වය :- කදබෙ මිණිමුසි සන්දස අද රිසි වන් දැකැ ගිය දු තොප විසබ, පව් ගුණබර අප රිසි පුනා කදනා.

අර්ථය :- බොයි (නම්_ පැවිද්දා වෙමි. (මෙය) ලීමි.

කදම්බ (වෘක්ෂොයන්) පිපීගිය1 සඳ අවුත් රිසි පරිදි (තොප) දැක( අප) ගියේ වීනමුත් තොපගේ ආදරය2 (සහ) පර්ව තය (හා සමාන) ගුණභාරය3 (තොප කෙරෙහි) අප රිසිය නැවත (නැවත) කැඳවයි4




සීගිරි ගී 259

1. මිණිමුසි - මිණි - මුතු. සසදා, 96 පද්ය.ය. මණියෙන් මුක්ත, කොපුවෙන් මිදුණු යන අරුත් ඇත්තේය.

2. විසබ - සං. විශ්රුමහ. ‘විශ්වසනීය ගතිය’ යන අර්ථුයි.

3. පව් ගුණ බර

4. කදනා.

විස්තර :- කදම්බ වාක්ෂතය මල් හටගත් කල මොහු මෙහි පැමිණි බව කියා ඇති නමුත් ඉන් අදහස් කළේ කුමක් ද යනු පැහැදිලි නැත.

කාලය - 8වෙනි ශතවර්ෂ යේ අවසාන භාගය හෝ 9වෙනි ශතවර්ෂඉයේ මුල්භාගය විය හැකිය.

වෘත්තය - යාගී.

551. ස්වස්ති බුද්ගමියෙ වැසි කිතග්බොයි ගී.

සිරිහව් මේ කත දුට් සැදැ යහපත් වන්නෙ යි. පරවිටියෙ සිහිනෙ දුට් යහපත් දිටි (සෙ)ය් මෙ (වෙ)යි.

අන්වය:- ‘සිරිහව් මෙ කත දුට් සැදැ යහපත් වන්නේයි. ‘පරවිටියෙ සිහිනෙ දුටි, දිටි සෙස් මෙ යහපත් වෙයි’

අර්ථය :- යහපතක් වේවා!

බුද්ගම් (නම් සථානයෙහි) වැසියකු වූ කිත්ග්බොයි (නමැත්තාගේ) ගීයයි.

‘ශ්රී කාන්තාව1 හා සමාන2 මේ කාන්තාව දුටු සඳ යහපත්3 වන්නේ ය.’ ‘(ඇයගේ) අතිභිමුඛයෙහි 4 (ඇය) සිහිනෙන් දුටු කල, (අභිමුඛයෙහි දී)දුටු සෙයින්ම යහපත් වන්නේ ය.’

1. සිරි - ලක්ෂ.මි

2. හව්.


260 සීගිරි ගී

3. සතුටට පත්වන්නේය යන අර්ථඛයි.

4. පර‍විටියෙ.

විස්තර :- කාලය - 8වෙනි ශතවර්ෂකය. වෘත්තය - කව්ගී.

552. ස්වස්ති

කිම තද වන්නෙයින් බැලුවින් දි(ගැසින්) සිටි ගිරි බැලුමො පුයුත්ර් දිගැසින් නො (බලය්) දෙස. ව(හගලු) පිරිවෙන් වැසි (සඟ)ල් පැවි(ජ්ජෙමි මෙ) ගී ලීමි.

අන්වය :- සිටි දිගැසින් තද වන්නෙයින් බැලුවින් කිම? දිගැසින් නො බලය් පුයුතුර් ගිරි බැලුමො.

අර්ථය :- යහපතක් ‍ වේවා!

(මෙහි) සිටි දිගැසියෙන්ගේ (සිත්) තද හෙයින් (ඔවුන්) බැලී‍ෙමන් (ඇති ඵලය) කිම? දිගැසියන් දෙස නො බලා ඉතා ප්ර.සිද්ධ1 පර්වුතය බැලුවෙමු.

වහගලු පිරිවෙනෙහි වැසියකු වූ සඟල් (නම්) පැවිද්දා වෙමි. මේ ගීය ලීමි.

1. පයුතර් - පුවතර , රූ. ම. 412 පද්යුය. සං. පෘථු - තර යන්න හා සසඳනු.

විස්තර :- කාලය - 8වෙනි ශතවර්ෂොයේ අවසාන භාගය හෝ 9වෙනි ශතවර්ෂ යේ මුල් භාගය විය හැකිය. වෘත්තය - උමතුගී.

55‍3. ස්වස්ති

තමා තමන් දැනී හින්දිස වන් (නෙ)ක් තමා සිත් මෙසෙ යත දු යන්නෙ යි දැ(නැ) නොවනත සෙ යහක් (ඉ)න් කිසි (ම)ල් වතුමඬලෙන් ආ (දෙ)වල බද් (‍ෙ)ම ගී සීගිරි ගී 261

ඇතැම කැනකුන් ම(න) තමහට කළ සෙනෙ තිබී යෙයී සිතසර සරකක් සේ දිටි කල (එ) ත ජ (ත් වෙ)යි

මල්වතුමඬලෙන් ආ අග්බොයි මෙ ගී.

අන්වය :- i තමා තමන් දැනී දැනී හින්දිද වන්නෙක් , තමා සිත් මෙසෙ යන දු. ඉන්

                     කිසි යහක් නොවන සෙ දැන යන්නෙ යි.
         ii	තමහට කළ සෙනෙ තිබී ඇතැම් කැනකුන් මත සිතසර සරකක් සෙ 
                   යෙයි.	ඵ දිටි කල ත ඡත් වෙයි.

අර්ථය:- යහපතක් වේවා!

i. තමහට තමන් අවබොධ වී සිටින්නෙක්, තමාගේ සිත මෙසේ (මුළා වී) ගියේ1 වුව ද එයින් කිසි යහපතක් නොවන අයුරු දැන, (එසේ සිත) යවයි.

මල්වතුමඬල (නම් ස්ථානයෙන් පැමිණි) දෙවල (නමැත්තා) බැඳි මේ ගීයයි.

ii. (ඔවුන්ට) කළ ආලය තිබියදී සමහර කෙනකු‍න්ගේ සිත වල්මත් වූ2 ඵළදෙනකුගේ 3සෙයින් හැසිරෙයි4 එය5 දුටු කල තා (විසින්) දැනගනු ලැබෙයි.

මල්වතුමඬල (නම් ස්ථානයෙන් පැමිණි) අග්බොයි (නැමත්තාගේ) මේ ගීයයි.

1. යත දු - හැසුරුණේ වුව ද

2. සිත සර - ‘සිත් පරිදි හැසිරෙන යන අර්ථියි. නිසසර (සැල. ස. 14) යන වචනය හා සසඳනු.

3. සරකක් = සරක් + අක්. ‘අක්’ ප්රසත්යසය ස්ත්රීැ ලිංගයෙහි යෙදෙයි.







262 සීගිරි ගී

4. හිතොපදෙශයෙහි ද මෙබඳු අදහසක් ලැබේ. ගවාස්තෘණමිවාරණ්යෙෙ ප්රා්ර්ථුයන්නි නවං නවම්. (I. 19 පද්යීය.)

5. සිත්තම්ගත වූ ගැහැණුන්

විස්තර :- කාලය - 9වෙනි ශතවර්ෂ්ය.

වෘත්තය - ගී දෙකම යාගී නම් විරිතින් බඳනා ලද්දේය.

554 ගැනැ පලබතිනි මල්දමක් හෙළිල්ලමබු සි(ටි) ‍නො මෙ බැණැ ළ සනහය් (දි)ග් නුයුනැ මොළො(කින්) බැල්මෙන් (මා‍නාපව්) පිරිව (නවැසි) සම(නල බතිමි ලීමි.

අන්වය :- පලබතිනි මල්දමක් ගැනැ සිටි හෙ‍ළිල්ලම්බු නො මෙ බැණැ දිග්නුයුනැ මොළොකින් බැල්මෙන් ළ සනහය්

අර්ථය :- දිගු අතින්1 මල්දමක් ගෙන සිටින රූමතිය කථා නොම කර, දිගු ඇසෙහි මොළොක් බැල්මෙන් (කෙනකුගේ) හදවත සනසන්නීය.

මනාපව් පිරිවෙනෙහි වැසියකු වූ සමනල බත (නමැත්තා )වෙමි. මෙය ලීමි.

1. පලබ් + අතිනි = පලබ අතිනි. පලබ = සං. ප්රැලම්බ.

විස්තර :- කාලය - 8වෙනි ශතවර්ෂ යේ අවසාන භාගය හෝ 9වෙනි ශතවර්ෂ යේ මුල් භාගය විය හැක.

වෘත්තය - දෙවැනි පාදයෙහි අවසාන අක්ෂ රය දීර්ඝ යක් සේ ගත හොත් යාගී විරිතයි. සීගිරි ගී 263

555. ස්වස්ති

මහනාවුතෙන් ආ කිතලමි.

විදුකි(ද) මත (ඇ)ති ද එබිමො (දි)සි තක් දි(ටි) වී වියෙවුන් බන්දුින් බෙයදිහි රන්(වනු)න් නො (මෙ වී) බුණ.

අන්වය :- මත විදු කිද ඇති ද එබිමො. දිසි තක් දිටි වී. බෙයදෙහි උන් වියෙවුන් බන්දු රන්වනුන් නො මෙ බුණ වී

අර්ථය :- යහපතක් වේවා!

මහතාවුත (නම් ස්ථානයෙන්‍) පැමිණි කිතල (නමැත්තා) වෙමි.

උඩින්1 විදුලි ධාරාවක්2 අතිදැයි එබී (බැලීමු). දිස්වන තාක් (සියල්ල) දුටුයේ වී. බෙයදෙහි සිටි3 වියොවුවන් බඳු රන්වන්හු කථා නො ම කළාහුය.4

1. මත

2. විදු - කිද. විදු = සං. විද්යුිත්; කිද = සං. ජිහ්වා >* ජිහිව>*හිජිව >* හිජි >*කිජ >කිද. කව්සි. 332 පද්ය ය; මු. දා, 63 පද්යජය

3. උන්. (බන්දු + උන් සන්ධිි කිරීමෙන් ‘බන්දුින්’ වීය.)

4. නො මෙ බුණ වී - නො ම බිණුයේ වී.

විස්තර :- කාලය - 9වෙනි ශතවර්ෂ යේ මුල්භාගය. වෘත්තය - යාගී

556. වෙණවාණවැසි සිවලබතිමි බල බ(ද ගී);

බලනනට රමණි අහස පොකුණ කැටැබිති ගොහිනුහු සිතතම ගීරස පු කෙ(නක) මෙන් නො

අන්වය:- අහස, පොකුණ, කැටැබිති බලනනට රමණි, සිතතම ගෙහිනුහු ගීරස පු කෙනක මෙන් නො? 264 සීගිරි ගී

අර්ථය :- වෙණවාණ (නම් සථානයෙහි) වැසියකු වු සිවල ‍බති (වෙමි). (සිහිගිරිය )බලා බැඳි ගීයයි.

අහස, පොකුණ (සහ) කැටපත් බිත්තිය බලන්නට රමණීයයි. සිත්තමෙහි ගැහැණු ගීරස පානය කළ අය මෙන් නො වේ ද?

විස්තර :- කාලය - 8වෙනි ශතවර්ෂිය

වෘත්තය - කව්ගී.

557. සවස්ති

බැලු කෙනෙක් එ ම කී (ති)බි වි (ද ත) සිත් තද් වෙයි බණවත් මෙ නො මෙ බුණු වි ද වෙයි තිපි අසද්බන්ද් දසු. කැතිරි මිණිමි මෙ ගිය ලීමි නිල්මලුන් පිත්මි.

අන්වය :- ත සිත් තද් වෙයි එ ම කී තිබි වි ද, බණවත් නො මෙ බණු වි ද අසද්බන්ද් තිපි බැලු කෙනෙක් ‍දසු වෙයි.

අර්ථය :- යහපතක් වේවා!

(තොප) සිත තද වේ යයි ඒ මා කි (බස) තුබුණේ වුව ද, බැණවු කල ද නො ම බණන අශ්රබද්ධාවත් තොප (දෙස) බැලූ කෙනෙක් (තොපගේ) දාසභාවයට (පත්) වෙයි.

කැතිරි මිනි (නමැත්තා) වෙමි. මේ ගීය ලීමි. නිල් - මල් (නමැත්තා‍ගේ) පුත්රෙයා වෙමි.

විස්තර :- කාලය - 9වෙනි ශතවර්ෂ ය

වෘත්තය - යාගී.




සීගිරි ගී 265

558. ස්වස්ති නාරායණා නම් මාරා නම් දෙබෑයො රන්වනු බලන්නට ආ සද මෙ සතර්පදය ලීවො.

යහජ සහළා (වු) අනන්මන මියුර් යහ බසු මහනෙල්හි නිල්කැලුම් තොපි රහසනි නෙත් දි ගැසු සරාසිරිපුල්විලැ බ(ල)තෙ සිකිරින් මත් කළ(හ)සු යෙහෙළි යහ කල කි බසින් (ඔ) දවරැය් එයින් නො බුසු.

අන්වය :- යහජ සහ ළා අනන්මන මියුර් යහ බසු වී. රහසනි නෙත් දි තොපි මහනෙල්හි නිල්කැලුම් ගැසු. සරාසිරිපුල්විලැ සිකිරින් මත කළහසු බලනෙ. යෙහෙළි කි යහ කල බසින් ඔ දවරැය් එයින් නො බුසු.

අර්ථය :- යහපතක් වේවා!

නාරායණා (සහ) මාරානනො මැති සොහොයුරන් දෙදෙනා ‍රන්වනුන් බලන්නට ආ සඳ මේ සතරපදය ලීවාහුය.

හොඳ සිතින් ද1 මිත්රව ලීලාවෙන් ද2 (යුතු) අන්යොනන්යල යන් කෙරෙහි3 (පැවැති) මධුර, යහපත් වචන (ඇත්තේ) වීය. රහසින් (ඔවුන්හට) නෙත් දී තොපි මහනෙල්හි නිල්කැලුම් ගැසුවාහුය. ශරත් ශ්රී යෙන්පිපුණු විලෙහි මුවරදින්4 මත් වූ කළහසුන්5 බලන්න. යෙහෙළිය කී යහපත් කාන්ත6 වචනය කිසා ඕ තොමෝ දිවාරාත්රික එයින් නො බැස්සාය.

1. යහ + හජ = යහජ

2. සහ ළා

3. අනන්මන

4. සිකිරින් - අන් තැනෙක නොලැබෙන වචන යකි සං. ශිඛර යන්න හා සමාන කළ හැකියි. ‘සිකිරින් මත්’ යනු ‘මුවරදින් මත් වූ’ යන අරුත සඳහා යොදන ලදැයි සිතිය





266 සීගිරි ගී

හැකිය. සුළං වේගයෙන් විල් ජලයෙහි රළ නැගීම ඇති වෙයි. එයින් විහිදුණු හිරිපොද නොහොත් දියපොදට ද ‘සිකර’ යයි කිව හැකි බව පෙනේ.

5. කාලවර්ණග හංසයන්.

6. කල - සං. කල්ය..

විස්තර :- කාලය - 8වෙනි ශතවර්ෂියේ අවසාන භාගය හෝ 9වෙනි ශතවර්ෂ යෝ මුල්භාගය.

වෘත්තය - දිගොවිලි නම් විරිතින් බැඳි සිවු පදයකි. පළමුවැනි හා දෙවැනි පාදයන්හි අවසාන අක්ෂවර දීර්ඝ සේ ගෙන උච්චාරණය කළ යුතුයි.

559. ස්වස්ති (කො)තලමලන් බද් මෙ ගී

සොන්දච (සෙ) ක(ත් බෙ)යන්දපහි මෙ (ඇත) සිතුවර් ලියවය් නො ලැබි ජු වජනක් (මෙ) අ(ත) නෙත බ(ලත) සිත් ‍ඇති (මෙන්)

අන්වය :- මෙ බෙයන්දොහි සිතුවර් සොන්ද සෙ කත් ලියවය් ඇත. වජනක් නො ලැබි ජු, මෙ අත නෙත බලත, සිත් ඇති මෙන්.

අර්ථය :- යහපතක් වේවා!

කොතලමල් (නමැත්තා) රචනා කළ මේ ගීයයි.

මේ බයදෙහි සිත්තරා මනා සේ1 කාන්තාව අඳවා2 ඇත. (ඇගෙන්) බසක් නො ලැබුණේ වුව ද, මේ අත ද (මේ) නෙත ද බලන කල්හි (ඇය) ජිවමාන ව සිටියා3 සේය.

1. ‍සොන්දව සෙ.

2. ලියවය් - ‘ලිය’ ධාතුයි. සං. √ ලිඛි. ලියන්නට ද හෙවත් අඳනට ද, ජා. අ. ගැ. 41


සීගිරි ගී 267

3. සිත් ඇති - ‘සිත් සහිත ව මෙන්.’ ජිවය සහිත වූවා මෙන්.

විස්තර :- කාලය - 8 හෝ 9වෙනි ශතවර්ෂයය

වෘත්තය - යාගී.

560. සිරිලක්දිවැ පිහිටි සිරිබර සිහිගිරි එ(න මෙ) පතා දනන් මන ගන්නා ගිරි පන්සියක් අග්නන් නිරින්දුප සිකා සිරි බැලූමො කැට්තල් යහවන් වැ සිසිරී ලෙදරු සල බුදු බද් සතර්පදය මෙ.

අන්වය :- සිරිලක්දිවැ පිහිටි සිරිබර සිහිගිරි පතා එන දනන් මන ගන්නා මෙ ගිරි, නිරින්දුල සිකා සිරී පන්සියක් අග්නන්, සසිරි කැට්තල්, යහවන් වැ බැලූමො.

අර්ථය :- සිරිලක්දිව පිහිටි සිරිබර සිහිගිරියෙහි, (එය බැලීමට) පතා එන්නා වූ ජනයාගේ සිත් ගන්නා මේ පර්වකතය (ද), නිරිඳුගේ ශිඛා මාණික්ය්ය (බඳු) ප්රාභ‍ායෙන් යුතු1 පන්සියයක් අඟනන් (ද), සසිරි කැට්තලය (කැටපත් පවුර ද)2 සිත් සතුටින්3 බැලුවෙමු.

සල බුදු (නමැති) ලෙඛකයා බැඳි සතරපදයයි මේ.

1. සිකා සිරී.

2. කැට්තල් - අන් ගීවල ‘කැට් බිත්’ යනුවෙන් කැටපත් පවුර සඳහන් කර ඇත. මෙහි කැට්තලය යනුවෙන් හඳුන්වන ලද්දේ පවුරට යාබද පඩිපේළිය (ගැලරිය) විය හැකියි.

3. යහවන් වැ.

විස්තර :- කාලය - 9වෙනි ශතවර්ෂනය

වෘත්තය - සමුදුරුගොස් විරිතින් බැඳි සිවු පදයකි. දෙවැනි පාදයෙහි අවසාන අක්ෂඩරය දීර්ඝයක් සේ ගත යුතුය.



268 සීගිරි ගී

561. නො (වන්) බි(යප)ත් යෙහෙ වෙ(යි) බල ඇති වන් වෙනෙ ත ගිය (ද) බිය මෙහි මෙන් (ය) නො බා තමා සෙ(ල) වෙත ඔවුන්.

අන්වය :- බියපත් නො වන්. යෙහෙ වෙයි. ඇති වන් බල ත වෙනෙ ගිය ද මෙහි මෙන් බිය. සෙල ඔවුන් වෙත නො බා තමා ය.

අර්ථය :- බියපත් නො වන්න. (තට) යහපතක් වන්නේය. ඇති දෙය බලව ‍තා වනයට ගියේ ද මෙහි මෙන් (එහි ද) බියට (කරුණු ඇත්තේය) පර්වඇතයෙහි ඔවුන් (කතුන්) කරා බිය නො වී තෝ යව.

විස්තර :- පර්ව)තය නැග කතුන් කරා යාමට බියවන පුද්ගලයන් ධෛර්ය)යට පත් කරවීම සඳහා ලියූ ගීකි.

කාලය - 8වෙනි ශතවර්ෂනයේ අවසාන භාගය හෝ 9වෙනි ශතවර්ෂසයේ මුල් භාගය.

562. ස්වස්ති කිවිසි රියන්ජො පැවිජ් ම ගී.

කිසි වි හෙ මි න්දිිබිමන (ළ) ඇත්තයුන සිටිවයි වැජැ වසන රිසි වෙයි බෙයන්ද හි රන්ව (න ත)ම.

අන්වය :- ළඇත්තයුන සිටුවයි, බෙයන්දතහි වැජැ වසන මින්දිතබිමන රන්වන තම රිසි වෙයි හෙ කියි වි

අර්ථය :- යහපතක් වේවා!

කිවිසි (නම් ස්ථානයෙන් පැමිණි) රියන්ජො (නම්) පැවිද්දා (වන) මගේ ගීයයි.

සිත්පිත් ඇත්තියන් තබා1 , බෙයදෙහි ප්‍රවිෂ්ට ව වසන්නා වූ අහංකාර සිත් ඇති රන්වන් (තැනැත්තිය කෙරෙහි) තමාගේ ආශාව ඇත්තේය යි ඔහු (විසින්) කියන ලද්දේ විය.



සීගිරි ගී 269

1. සිටුවයි - ‘පසෙක දමා’ යන අර්ථ යි. ‘ළඇත්ත යුන සිටුවයි’ යනු ‘සිත් පිත් ඇත්තියන් කෙරෙහි නොව’ යනු විසින් අරුත් කිව හැයි.

විස්තර :- කාලය - 9වෙනි ශතවර්ෂ්යේ මුල් භාගය.

වෘත්තය - උමතුගී.

563. මෙ (තක් ආ) කල්හි දු වැසැ ත දුටොත් අර ගෙලෙ බ(සි)ය් ළ තො වැහැවී එහි මළ ක(ල) රජ නැගි (බැවි)න්.

අන්වය :- රජ මළ කල ළ නො වැහැවී එහි නැගි බැවින්, මෙතක් ආ කල්හි දු අර ගෙලෙ වැසැ, ත දුටොත් බසිය්.

අර්ථ්යෙ :- රජතුමා මළ කල ළය වහවනු නො හැකි ව එහි නැගි බැවින්, මේතාක් (ජනයා) ආ කල්හි ද අර පර්ව තයෙහි වාසය කළ (ඔවුන්) තා දුටු කල බසිනු ඇත.

විස්තර :- මේ ගීයෙන් හඳුන්වනු ලබන පුද්ගලයා මියගිය රජතුමා ගේ හැඩරුව ඇත්තෙකි. ඔහු තම ප්රි යයා යැයි සිතා කතුන් පව්වෙන් බසින බවක් මෙයින් කියවෙයි.

කාලය - 8වෙනි ශතවර්ෂ යේ අවසාන භාගය

වෘත්තය - යාගී

564. ස්වස්ති

ගිය නො ම හිමි මියෙ සිකි දැන් දැන් එයි සොවින් ඇවිද එකින් එකින් ලී ඇළ වී බලවු දැන් ම හිමි

අන්වය :- ම හිමි නො මියෙ ගියෙ. සිකි! දැන් දැන් සොවින් ‍එයි. ලී එකින් ඇවිද ඇළ වී දැන් ම හිමි බලවු.





27‍0 සීගිරි ගී

අර්ථය :- යහපතක් වේවා!

මගේ හිමියා මිය ගියේ නො වේ. යෙහෙළිය! (ඔහු) මෙකල ද1 ශොකයෙන් යුතුව පැමිණෙයි. කාන්තාවෙනි! එකිනෙකා2 පැමිණ ඇළ වී දැන් මගේ හිමියා බලවු.

1. දැන් දැන්

2. එකින් එකින්.

 විස්තර :-		සීගිරි කතක් යෙහෙළියකට කියන ලද්දසක් සේ රචනා විය. හිමියා මළ බව අසත්ය්යකියි පවසන ඕතොමෝ ඔහු පැමිණෙමින් සිටින බව අත දිගු කර පෙන්වන්නීය. ඔහු එන ආකාරය බැලීමට ද යෙහෙළින්ට  ආයාචනා කර ඇත. කතුන්ගේ හිමියා වශයෙන් මෙහි සැලකිය යුත්තේ මේ ගීය රචනා කළ තැනැත්තායි. තමා රජතුමා බඳු රූපයෙන් යුතු අයෙකැයි කියාගත් අයුරුයි.

කාලය - 8වෙනි ශතවර්ෂුයේ අවසාන භාගය

වෘත්තය - යොන්ගී.

565. මහනාපවුවෙහෙරැ දළමෙය්බතිමි ලීමි. පියොව් කෙරෙයි මෙ(සෙ)ය් තොප මෙනෙහි නිවසන්නට මියි (දු)දුට් මල්හූ වෙයි දුදුට් මොලත්හි සර්බඩ මෙන්.

අන්වය :- තොප ‍මෙනෙහි නිවසන්නට මෙසෙය් පියොව් කෙරෙයි. දුදුට් මියි මල් හූ වෙයි. දුදුට් සර්බඩ මොලත්හි මෙන්.

අර්ථය :- මහනාපවු වෙහෙර (සිට පැමිණි) දළමෙය්බත (නැමැත්තා) වෙමි. (මෙය) ලීමි.




සීගිරි ගී 271

තොප සිත්හි විසීමට මෙසේ (ඔහු) ප්රියෝග1 කෙරෙයි. නොමනා ලෙස දක්නා ලද කල්හි2 මීපැණි3 (දිස්වනුයේ) මල්හූ4 ලෙසිනි නොමනා ලෙස දක්නා ලද කල්හි වටිනා නිධාන‍යක්5 (දිස්වනුයේ) වැසිකිළි වළක6 (ලූ දැයක්) මෙනි.

1. පියොව් - උපායවල්.

2. දු - දුට් - සං. දුර් + දෘෂ්ට

3. මිහි - සං. මධු

4. මල් - හූ - මලින් වැගිරී ගිය දෙය. හූ = සං. ස්රැ ත >* සුත>* සුය>* සුයු>* හුයු> හූ.

5. සර් - බඩ. සර් = සං. සාර. වටිනා. බඩ = සං. භාන්ඩ. බඩු, රු. ම. 175 පද්ය*ය. ‘නිධානය.’

6. මොලත්හි - මොල + අත් (‘නුයුන + අත්’ යන්න හා සසඳනු) මොල = පා නිධමන, ධ. අ. ගැ. 131. මොළෙහි = පා ඔළිගල්ලෙ, ධර්මඅප්රග. 97

විස්තර :- සිත්තම් ගත වූ කතුන් හෙළා දැකීමට තැත් කළ අය විවෙචනය කරමින් ලියූ ගීයකි කතුන්ගේ සිත් තමා ගැනීමට නම් ඔවුන් හෙළා දැක කථා කළ යුතුය යනු ඇතමුන්ගේ කල්පනාවයි. කවර නම් යහපත් දෙයක් වුව ද සදොස් ව දැකීමට ඇතැමුන්ට පුවුවන එවිට වරද රැදෙන්නේ ‍සදොස් ව දකින තැනැත්තා කෙරෙහිය.

කාලය - 8වෙනි ශතවර්ෂනයේ අවසාන භාගය හෝ 9වෙනි ශතවර්ෂදයේ මුල් භාගය

වෘත්තය - දුවඟගී.





272 සීගිරි ගී

566. දෙකිණිපසින ආ පිළිවි රියනල ගී.

රුහුණින් (කෙ)නෙක් ආ පසන්සෙයි බලන්නට ආ ඔහු කිම යන්(නෙ) යි වරජවා ‍ගනෙ විදිබියන්

අන්වය :- පසන්සෙයි බලන්නට රහුණින් කෙනෙක් ආ. මිදිබියන් වරජවා ගනෙ, ආ ඔහු කිම යන්නෙ යි?

අර්ථය :- දකුණු පෙදෙසින් ආ පිළිවි රියනල (නමැත්තාගේ) ගීයයි.

ප්රථසන්න වූ සෙයින් (මෙය) බැලීමට රුහුණින් කෙනෙක් (මෙහි) ආයේය. අහංකාර1 (තැනැත්තියන්) කෝප කරවා ගෙන2 (මෙසේ මෙහි) පැමිණි ඔහු කවර හෙයින් යන්නේ ද?

1. මිදිබියන්

2. වරජවා ගනෙ.

විස්තර :- දකුණු පෙදෙසින් ආ කෙනෙක් රුහුණින් පැමිණි අයෙකුට කළ සරදමකි. එනම් පසු කී තැනැත්තාහට කතුන්ගේ අනුග්ර හය ලබා ගැනීමට නොහැකි වූ බවයි. රුහුණින් පැමිණි තැනැත්තා විසින් මීට දුන් පිළිතුරු නො. 629 වැනි ගීයෙහි අඩංගු වී ඇත.

කාලය - 8වෙනි ශතවර්ෂ ය

වෘත්තය - දෙවැනි පාදයෙහි අවසාන අක්ෂයරය දීර්ඝඇයක් සේ ද තුන්වැනි පාදය ‘වරජවා’ යන්නෙහි ‘ව’ අක්ෂවරයෙන් කෙළවරවන සේ ද ගත හොත් යාගී විරිත ලැබේ.

567. (ස්වස්ති) (සගමවැසි) සිරිමෙහිමියන් ගෙ විජුර් ගී.

දවරැයි එක්වන මිහි සිත් (වි) එන්නට් මය් අවුජ් බැලිමි මම් බෙයන්දරහි පුල්නිලුඋපුල්ඇස්සන්.



සීගිරි ගී 273

අන්වය :- මිහි එන්නට් මය් සිත් දවරැයි එක්වන වි, පුල්නිලුඋපුල් ඇස්සන් මම් අවුජ් බෙයන්ද:හි බැලිමි .

අර්ථය :- යහපතක් වේව!

සගම වැසියකු වූ, සිරිමෙ හිමියන්ගේ වංශයෙහි වූ විජුර් (නමැත්තාගේ) ගීයයි.

මෙහි පැමිණිම සඳහා ම‍ගේ සිත දිවා රාත්රිං නිරතුරු1 (ක්රිේයා කර), පිපුණු නිල් උපුල් වැනි ඇස් (ඇති තැනැත්තියත්) මම පැමිණ බෙයදෙහි දී බැලීමි.

1. එක්වන.

විස්තර :- කාලය - 8වෙනි ශතවර්ෂියේ අවසාන භාගය හෝ 9වෙනි ශතවර්ෂ යේ මුල් භාගය.

වෘත්තය - තුන්වැනි පාදයේ අවසානය ‘බෙයන්ද හි’ යන වචනයෙහි ‘ය’ අක්ෂවරය සේ සැලකුවහොත් බමරගී විරිතයි.

568. සුලු(වැ) සිහිමියන් ගේ බුදල්මි ම ගී (බෙ)යන්ද(හි සිහි ව (ලී) බණතුද් නො මෙ බෙණෙත එය කෙසෙ(යි)නි තුති ද ත මෙ කී (වී) ද ගිය තොස් වන් වී.

අන්වය :- එය බණතුද් නො මෙ බෙණෙත බෙයන්ද(හි ලී සිහි වෙ. කෙසෙයිනි මෙ තුති ත කී ද? තොස් වී ගිය වන් වී ද?

අර්ථය :- සුලුවැ (නම් ස්ථානයෙහි) සී (නමැති) හිමියන්ගේ වංශයෙහි වූ බුදල් (නමැත්තා) වෙමි. මගේ ගීයය.

ඇය බැණ වූ කල්හි පවා නො ම බණන බෙයදෙහි කාන්තාව සිහි වෙයි. කෙසේ ‍මේ ස්තුති (වාක්යාය) තා විසින් කියන ලද ද? සතුටු වී ගිය‍ සේ වී ද?

විස්තර :- කාලය - 9වෙනි ශතවර්ෂ්යේ මුල්භාගය

වෘත්තය - යාගී. 274 සීගිරි ගී

569. නිරින්ද්ඉසිරා වියොවිනි කී යැ මැය ගල නැගැ හින්දි නි වි ලිවි සා බෙයන්ද්කිස විසු අන් සන්ද්හ (ය්) මිණි(බෙර්)පා මිතිහිමිය(න් ගෙ මිහින්දාල්)මි ලීමි.

අන්වය :- නිරින්ද්ඉසිරා වියොවින් මැය ගල නැගැ හින්දියනි වි කීයැ ලිවි සා. බෙයන්ද් කිස විසු අත් සන්ද්හය් නො යති.

අර්ථය :- රජතුමා නමැති ස්වාමියාගෙන් වියෝ වූ හෙයින් මේ තැනැත්තිය පර්වයතයට නැග හිදින්නීය (යී)1 කියා ලීයූ සේය2 බෙයදකුස්හි3 විසූ අන් තැනැත්තකු නිසා (මෝතොමෝ එයින් පිටත් වී) නො යන්නීය.

මිණිබෙර්පා (නම් ස්ථානයෙහ්) මිති (නම්) හිමියන්ගේ වංශයෙහි වූ මිහින්ද්ල් (වෙමි). (මෙය) ලීමි.

1. හින්දි නි වි - හිඳිනේ වී 2. ලිවි සා - ලියන ලද බඳුය. 3. පර්ව ත පාර්ශවය අභ්ය න්තරයෙහි

විස්තර :- කාලය - 8වෙනි ශතවර්ෂතයේ අවසාන භාග

වෘත්තය - පළමුවන පාදය ‘වියොවිනි’ යන්නෙයි ‘යො’ අක්ෂතරයෙන් කෙළවර වන සේ ගත හොත් දුවඟගී විරිතයි.

570. සිකි තොප හය පෙරෙ කිසි ද නො කළහු මළහු කළහු සමු දිනි තොප හය මළ ඔයුහු නො බ(ණත) සෙ(යි) (ම)හ(සිව මාඬබියන් ගෙ මි)හින්ද ල ගෙ ගී.

අන්වය :- ‘සිකි! මළහු තොප හය පෙරෙ කිසි නො කළහු ද? ‘කළහු. ඔයුහු මළ තොප හය නො බණන සෙයි සමු දිනි.’





සීගිරි ගී 275

අර්ථය :- ‘මිතුරිය!1 මියගිය (තැනැත්තා) තොප සමග පෙර කල කිසිවක් නො කළේ ද? ‘(හෙතෙම) කළේය. ඒ තැනැත්තා මියගිය (කල) තොප සමග නො බණ සේ (අපට) අණ2 දුනි.’

මහසිව මාඩබියන්ගේ මංශයෙහි වූ මිහින්ද ල (නමැත්තාගේ) ගීයයි.

1. සිකි - ස්ත්රිහයකට ඇමතීම සඳහා යෙදුනේය. 2. සමු දිනි. සමු = සං. සම්මති, පා . සම්මුති. උ. ජ. 141

විස්තර :- කාලය - 8වෙනි ශතවර්ෂාය

වෘත්තය - පළමුවන හා දෙවන පාදයන්හි අවසාන අක්ෂෂර දීර්ඝ. සේ ගත හොත් යාගී විරිතයි.

571. බෙයද් බලය් දිගැසි අර ගැති තබයි ව (නු ම)යි මෙ වෙත (හි) නො (ය)මි ලයි බෙයදහි රන්වනුන් වැන්නන් කම(ල)බ(තිමි).

අන්වය :- බෙයද් බලය් මයි අර දිගැසි ගැති වනු තබයි බෙයදහි මෙ රන්වනුන් වැන්නන් වෙතහි ලයි1 නො යමි.

අර්ථය :- බෙයද බලා මා අර දිගැසිය (කෙරෙහි) වහලකු වනු තබා, බෙය‍දෙහි මේ රන්වනන් වැන්නන් වෙත පවා නො යමි.

කමලබත (නමැත්තා) වෙමි.

1. ආධාර විභක්ති ප්රවත්යවයෙන් පරව යෙදෙන ‘ලා’ නම් නිපාතයෙහි පූර්ව රූපයකි.

විස්තර :- කාලය - 9වෙනි ශතවර්ෂරය.

වෘත්තය - යාගී.



276 සීගිරි ගී

573. රැන්දික බලත සිත් (මය් නෙ)ති(න්) වෙතෙ කැන්දයවී කත බැලි වි ද මෙ තා නෙතකින් දෙව (සරන්) ‍ මෙන් හින්දිෙ(යත්) අන්වය :- ‘මය් සිත් රැන්දිි බලත, කත නෙතින් වෙතෙ කැන්දකවී.’ ‍ ‘දෙවසරන් මෙන් හින්දිෙයන් තා නෙතකින් මෙ බැලි වි ද’?

අර්ථය :- ‘මා සිත් (ආය කෙරෙහි )රැදී බලන කල්හි, කාන්තාව (තම) ඇසින් (මා ඇය) වෙත කැඳවූවා.’ ‘දිව්යෙ අප්සරාවන් මෙන් හිඳි (ඔවුහු) තා ‍(දෙස) නෙ‍තකින් ම1 බැලුවාහුද?’

1. උපහාය ගැබ් ‍කිරීමට යොදන ලදී.

විස්තර :- කාලය - 8 හෝ 9වෙනි ශතවර්ෂපය

වෘත්තය - යාගී.

573. (තද) සිත් කු(ම)ට වි ගියේ වි ද(ඇ)ති යෙ ශෙළි (වී) සොවෙන් අවෙන් වන අතුරෙ මළ (හිමි වී ම සිත් තද)

අන්වය :- ‘සිත් කුමට තද වී ගියේ වී ද? ඇති හෙළි වි යෙ.’ ‘හිමි මළ සොවෙන් වන අතුරෙ අවෙන් ම සිත් තද වී.’

අර්ථය :- ‘(තී) සිත කුමන කුරුණක් නිසා තද වී ගියේ වී ද? (සිතෙහී) ඇති (දෙය) හෙළි ‍වි යනු ඇත.’ ‘හිමියා මළ (නිසා) ශොකයෙන් (යුතුව) වනයට මැදින් ආ හෙයින් මගේ සිත තද වී ය.’

විස්තර :- කාලය - 9වෙනි ශතවර්ෂනයේ මුල් භාගය. වෘත්තය - යාගී.

574. ස්වස්ති කිවිසි තිස්පැ විජමි.

සියි වෙජ් මැකෙය් දයෙන්දිසලි පියන් හෙ වෙය් දතු දු කෙලෙසි(න්) කිපි වෙය් ‍තොප වරජක්ති යම්තම් ගුණමුහුන්ද්.



සීගිරි ගී 277

අන්වය :- දය එන්දි ලි සියි වෙජ් මැනෙය් පියන් හෙ දතු වෙය් දු ගුණමුහුන්ද් තොප යම්තම් වරජක්නි කෙලෙසින් කිපි වෙය්?

අර්ථය :- ජලයෙහි1 දඳනා ලද2 (දෙය) රේඛාවක්3 වන කල්හිම මැකෙයි.4 ප්රියයයා (විසින්) එය (එම වරද) දන්නා ලද්දේ වුව ද ගුණ සාගරයක් (බඳු වූ) තොප‍ගේ අල්ප වූ වරදකින් (ඔහු) කෙලෙසින් කිපෙන්නේ වේද?

1. දය - දිය: සං. පා. දක. 2. එන්දිේලි - ඇන්දිංලි; ව. සිං ඇඳිල්ල. 3. සියි - (සං. සීතා; ව. සිං. හීයනු හා සසඳනු.) ‘රෙඛාව’ යන අර්ථිය දීම සඳහා යොදන ලදැයි සිතය හැක. 4. ‘මක’ ධාතුයි. සං √ ම්රපක්ෂ්

විස්තරස :- කාලය - 8වෙනි ශතවර්ෂ යේ අවසාන භාගය හෝ 9වෙනි ශතවර්ෂසයේ මුල් භාගය විය හැක.

වෘත්තය - පළමුවන පාදය ‘දයෙන්දිවලි’ යන්නෙහි ‘යෙ’ අක්ෂතරයෙන් කෙළවර න සේ ද, තුන්වැනි පාදය ‘වරජක්නි’ යන්නෙහි ‘ව’ අක්ෂයරයෙන් කෙළවර වන සේ ද ගත හෝත දුවඟගී විරිතයි.

575. ස්වස්ති

රූ(හුණි) න් ආ සගලමි ගිය ලීමි.

කී ව(ද)න් ද දුට් සැදැ සියෙ(ා) වැ යහපත් වන්නෙය් ගුණෙ නම් විසැබියුන් පරවිටියෙ සන්ද්හන් කරන්නෙයි.

අන්වය:- ‘දුට් සැදැ සියො වැ යහපත් වන්නෙ’ යි කි වදත් ද? විසැබියුන් ගුණෙ නම් පරවිටියෙ සන්ද්හන් කරන්නෙයි.




278 සීගිරි ගී

අර්ථය :- යහපතක් වේවා! රුහුණින් පැමිණි සගල (නමැත්තා) වෙමි. (මේ) ගීය ලීමි.

‘(ඔවුන්) දුටු සඳ (ඔවුන් හා ) සම්බන්ධදයට1 පැමිණ යහපත් වන්නේය’යි කියන ලද්දේ (යොග්ය ) වචන ද? විශ්වාස කළ හැකි2 (තැනැත්තියන්ගේ) ගුණයක් (තිබේ) නම් (එය ඔවුන්) අනභිමුඛයෙහි3 සඳහන් කළ යුතුය. 4

1. සියො වැ 2. විසැබියුන් - සං විශ්ර(ම්භ. 3. පරවිටියෙ 4. කරන්නෙයි.

විස්තර :- කාලය - 8වෙනි ශතවර්ෂේය. වෘත්තය - සතරවැනි පාදයෙහි අවසාන අක්ෂ්රය දීර්ඝමයක් සේ ගත හොත් දුවඟගී විරිතයි.

576. ස්වස්ති අතින් (ම)ල් ගත් කලු මෙ දුට පවහි සිරෙ වෙ(යි) සිහිමියන් ත(ම)න් දුට නො (වන්) නෙ යි

(සිහි) තම (හට).

අන්වය :- අතින් මල් ගත් මෙ කලු දුට පවහි සිරෙ වෙ(යි). තමන් හිමියන් ත(ම)න් දුට නො (වන්)නෙ යි (සිහි) තම(හට).

අන්වය :- අතින් මල් ගත් මේ කලු දුට පවහි සිරෙ වෙයි. තමන් සිහියමින් දුට තමහට සිහිනො වන්නෙයි.

අර්ථය :- යහපතක් වේවා!

අතින් මල් ගත් මේ කාන්තාව දුටු කල්හි (එම තැනැත්තා) පර්ව්තයෙහි සිර කරනු ලැබෙයි. (යම් තැනැත්තකු විසින්) සිංහ ස්වාමියා දක්නා ලද ද, ඔහුට (එම සිංහයා) සිහි නො වන්නේය.

විස්තර:- කාලය - 8 හෝ 9වෙනි ශතවර්ෂනට වෘත්තය - කව්ගී. සීගිරි ගි 279

577. ස්වස්ති

කුමට ගියේ වි ද මන ගොසින් දී ගී රි(සි සෙය්) බැ(ලි වි) මෙහි හින්දිස මුන් (තයි) බැලිමි අතැ මල් ගත් (තෙන්)

අන්වය :- ‘කුමට මන ගියේ වී ද? මන ගොසින් රිසි සෙය් ගී දී මෙහි හින්දිි මුන් තය් බැලි වී’? ‘අතැ මල් ගත්තෙන් බැලිමි.’

අර්ථය :- යහපතක් වේවා!

‘කුමන කරුණක් සඳහා මුදුනට ගියේ වී ද? මුදුනට ගොසින් රිසි පරිදි ගීයක් දී මෙහි හිඳි මේ (කතුන්) ‍තෝ බැලුයෙහි වී (ද)’? ‘(ඔවුන්) අතින් මල් ගෙන සටි හෙයින් (ඔවුන් බැලීමි.’

විස්තර :- කාලය - 8 හෝ 9වෙනි ශතවර්ෂ ය වෘත්තය - යාගී.


578. සිරි ගී.

සිති ත(මා) තබයි මියනෙමි (යි) වි කණ (තො) ප ගැහති ලද (පි)නින තම හා වී හෙගුන අවිසර වී.

අන්වය :- ‘තබයි මි‍යනෙමි’ යි තොප කණ වී තමා සිතී. හා! පිනින තම ලද ගැහනි අබිසර වී හෙගුන වී.

අර්ථය :- සිරි (නමැත්තාගේ) ගීයයි.

‘(ඇය) තබා මියෙමි’ යි තොප අන්ධියකු වී1 තමා (විසින්ම) සිතන ලද්දේය. හා! භාග්යහය2 නිසා තමන් ලද ගැහැණිය අභිසාරිකාවකැයි3 හැඟුනේ විය.4

1. කණ - සං කාණ; ධර්‍මප්රන. 329. 2. පිනින. 3. අබිසර - සං. අභිසාරිකා; වෙශ්යාම ස්ත්රිඅය. 4. මේ කාන්තාව අභිසාරිකාවකැයි සිතා ඇය කෙරෙහි එසේ පැවතිම ගැන ඇගේ ප්රිඅයයාට 280 සීගිරි ගී

චොදනාවක් මෙයින් ඉදිරිපත් කෙරෙයි. නො එසේ වී නම් ඔහු මෙසේ ඇය හැර දමා නො යනු ඇත.

විස්තර :- කාලය - 8වෙනි ශතවර්ෂඔය් අවසාන භාගය. වෘත්තය - බමරගී.

579. ස්වස්ති

බලන රිසි වී තොප සුනිල් පැහැක් දිවි යෙ යි රන්ද්වා නො යමු යව යි යන්නක් තො කිය සිහිගිරි

අන්වය :- ‘සුනිල් පැහැයක් දිවි යෙ’යි තොප බලන රිසි වී රන්ද්වා නොයමු. ‘යව’ යි යන්නක් සිහිගිරි නො කිය.

අර්ථය : යහපතක් වේවා!

‘ඉතා නිල්වන් පැහැයක් දිව යෙයි’ යනු (කියමින්) තොප බලන රිසි ඇති වී. (තොප මෙහි ) රඳවා නො යමු. ‘යව’ යන වචනයක් සිහිගිරියට නො කියව.

විස්තර :- සිහිගිරි කතුන්ගේ නෙත්වලින් විහිදෙන සුනිල් පැහැය ගැන වර්ණා කර එයිනික්බිති ඔවුන් හැරැ දමා ගිය තැනැත්තෙකුට ලක් කළ උපහාසයක් මෙහි ගැබ් වී ඇතැයි සිතිය හැකිය.

කාලය - 9වෙනි ශතවර්ෂියේ අවසාන භාගය වෘත්තය - කව්ගී.

580. ස්වස්ති මලඅකරෙ එත පැහැසර් තොයිනි නිසරන් මො වෙ විලම්බු මන ම තමහට මෙ ගත වන තාකා අය කොට.

අන්වය :- පැහැසර් ‍තොයිනි තිසරන් මල අකරෙ එත, වන තකා අය කොට, මා විලම්බු ම මන තමහට මෙ ගත වේ.




සීගිරි ගී 281

අර්ථරය ;- යහපතක් වේවා !

පැහැපත් ජලය කෙරෙන් හංසයින් මල් හා අංකුර කරා එන කල, (මා) වනය සඳහා (එන) තැනැත්තෙකැයි (සලකා) ගෙන,1 මේ විල් නමැති කාන්තාව, 2 මගේ සිත තමහටම ගත්තී වී.

1. වන තකා අය කොට - ‘වනය බැලීම සඳහා එන අයකැයි සිතා ගෙන’ යන අදහසයි.

2. විල් + අම්බු - විලම්බු, විලඹු.

විස්තර :- වනයෙහි ස්වාභාවික සෞන්දගර්යබය නැරඹිමේ රිසියෙන් මොහු නො පැමිණි බවක් මින් අදහස් වෙයි. ඔහු ආයේ සිත්තම් බැලීම සඳහා වුව ද එසේ පැමිණි කල කතුන්ට වඩා සිහිගිරි තඩාගය ඔහු‍ගේ සිත වඩාත්ම පැහැරගත් බව පෙනේ. එහෙයින් මේ ගීය කතුන්ට ප්ර ශංසා මුඛයෙන් බඳනා ලද්දක් නො වේ. මීට පිළිතුරු නො 543 වැනි ගීයෙහි ගැබ්වී ඇත.

කාලය - 8වෙනි ‍ශතවර්ෂටයේ අවසාන භාගය හා 9වෙනි ශතවර්ෂ යේ මුල්භාගය විය හැක.

වෘත්තය - යාගී

581. වී සෙ(ර මො) මෙනියා කළ වී (ද) මො මෙනියා ඇන්නට් මල් අ(න්ති ගති) මට් ගලැ (කළ) සෙ වී තද

අන්වය :- මො මෙනියා සෙර වී? මො මෙනියා කළ වී ද? අන්නට් අත්නි මල් ගති. මට් ගලැ කළ සෙ තද වී .

අර්ථය :- මෙ තැනැත්තිය මෙබඳු අයුරින් සෙරක වූවා ද? මේ තැනැත්තිය මෙබඳු අයුරින් (ක්රි්යා) කළේ වී ද? අනුන් සඳහා (ඕ‍තොමෝ) අතින් මල් ගත්තීය. (එහෙත්) මා කෙරෙහි ගලින් කළා සේතද (සිත් ඇත්තියක ‍) වූවාය.




282 සීගිරි ගී

විස්තර :- කාලය - 8වෙනි ශතවර්ෂලයේ අවසාන භාගය හෝ 9වෙනි ශතවර්ෂ යේ මුලභාගය.

වෘත්තය - පළමුවැනි පාදයෙහි ‘මො’ අක්ෂඅරය භ්ර්ස්වයක් සේ ද, දෙවැනි පාදයෙහි එම අක්ෂවරයම දීර්ඝසයක් සේ ද ගත හොත් යාගී විරිතයි.

582. මත්බමරුගුළ ඇවිලි (නො)මන්ද් ලොළ වී කිහුමු ගුමම්නී මල්කසුර‍ නොසුකසු කළ යි හැමූ කුමුන්ද්වන විද්හෙ (වී සරා) සිසිරැස් හමූ නුයුළ වී ඇ(ය) නැති යි එය් නො වී ඇපි යමු.

අන්වය :- කිහුමු. නොමන්ද් ලොළ වි උගුළ ඇවිලි මත් බමර්. මල් කෙසුර නොසුක් අසු කළ යි ගුමම්නී හැමූ සරා සිසි රැස් හමූ වී කුමුන්ද්වන විද්හෙ. ඇය නුයුළ වී නැතියි. එය් නො වී අපි යමු.

අර්ථය :- පුෂ්පය1 (කෙරෙහි) නොමඳ ව ලොභ වි උගුලක අසු වූ2 මත් බමරා, පුස්ප කෙශරයන් (නිසා තමා) දුකක3 අසු වී යයි 4 ගුමු නද දෙමින්5 (එය) සපා කෑවේය6 සරා සඳ රැස් හමු වීමෙන් කුමුදු වනය විකසිත7 විය. ඇය (කෙරහි) අනුකූලතාව8 නැත්තේය. එසේ නො වී අපි යමු.

1. කිහුමු - සං. කුසුම; කිසුම, සිදත. 27 2. ඇවිලි - සං. ආ + √ වල් ; ව. සිං. අවුලනවා, ඇවිලෙනවා 3. නො -සුක් - නො - සුක 4. අසු කළ යි - අසු කළේ යයි 5. ගුමම්නී - සං. ගුංකාර, ගුංගුමායිත; ගුමන, බු . ස. 22 6. හැමු - ‘සපා කෑවේය’ යනු විසින් අරුත් පවසා ඇත. ව සි. ‘හැපු’ යන්න සමානයයි සලකමු. සැක සිහිත තැනකි.



සීගිරි ගී 283

7. විද්හෙ - ‘විදහ’ ධාතුයි; සං. වි + √ ඍජ්; විදහා, කව්සි. 62 පද්යයය; ව. සිං. විහිදන, විහිදෙන, 8. නුයුළ වි - අනුකූල වී.

විස්තර :- මකරන්දවය පානය කෙරෙමින් බොහෝ වේලාවක් පියුමෙහි රැඳුණු බමරා හිරු බැස යනකල්හි ද එහි සිටියේය. හිරු බසිත්ම, පියුමෙහි රැඳුණු බමරා හිරු බැස යන කල්හි ද එහි සිටියේය. හිරු බසිත්ම, පියුම හැකිළිණි. බමරා එහි සිර විය. ස්ත්රීයන් කෙරෙහි ලොල් වූ සලෙලුන්ටද මෙබඳු විපත් සිදුවන බව කවි සමයයි.

කාලය - 8වෙනි ශතවර්ෂතයේ අවසාන භාගය හෝ 9වෙනි ශතවර්ෂූයේ මුල්භාගය.

වෘත්තය - වියන් නම් විරිතින් බැඳි එළිසම සිවුපදයකි.

583. (ස්වස්ති)

කී (ත)ම මන නො දී දි(ටි ජනනි මා හින්දිස වන් මිණිමුත් ඇසෙළ්කෙසුර් නො අස (ලෙහි) ඇති මහනෙලෙ

ඇත(ව)ක දළසි(ව) හිමියන් ගෙ දළසිවමි ලීමි.

අන්වය :- දිටි මන නො දී ජනනි! මා හින්දිසවත් නම කී. ‘මහනෙලෙ අසලෙහි ඇති මණිමුත් ඇසෙළ් කෙසුර් නො’?

අර්ථය :- යහපතක් වේවා!

(මා) දැක (මාහට තොප) හදවත් නො දී (සිටි) ජනයෙනි! මා හිඳි ආකාරය තොපි (මෙසේ) කීවාහුය. ‘මහනෙල් මල අසල ඇති පිපුණු ඇසළ (මලක) කෙශරය නො වේ ද’?

ඇතවක (නම් ස්ථානයෙහි) දළසිව හිමියන්ගේ වංශයෙහි වූ දළසිව (නමැත්තා) වෙමි (මෙය) ලීමි.

විස්තර :- මහනෙල් පැහැයෙන් යුත් කතකගේ ආසන්නයෙහි සිටි රන්වන් එකියක විසින් කියන ලද්දක් සේ රචිතය.

284 සීගිරි ගී .

කාලය - 8වෙනි ශතවර්ෂපයේ අවසාන භාගය හෝ 9වෙනි ශථවර්ෂතයේ මුල්භාගය.

වෘත්තය - සතරවැනි පාද යෙහි අවසාන අක්ෂාරය දීර්ඝෙයක් සේ ගත හොත් ‍යාගී විරිතයි.

584. බුදල්ාමි ගී.

නිරින්දු. මළ බව අසයි ආ (‍ෙ)ම හෙළිල්ලබුයු(න්) මියමො (ගත්) මල් හයි සෙලගින් හෙන්නායුන් (වැන්නො).

අන්වය :- නිරින්දු මළ බව අසයි ආ මෙ හෙළිල්ලබුයුන් ‘මියමො’ ගත් මල් හයි සෙලගින් හෙන්නයුන් වැන්නො.

අර්ථය :- රජතුමා මළ බව අසා (මෙහි) පැමිණි මේ රූමතියෝ ‘(අපි) මිය යම්හ’යි (කියමින් අතින්) ගත් මල් සමග1 පර්වෝතය මුදුනින්2 පනින ආකාරය3 (ගත්තාහුය).

1. මල් හයි - මල් හා 2. සෙල් + අගින් - සෙල’ගින් 3. හෙන්නයුන් වැන්නො - ‘පනිනවුන් වැන්න.

විස්තර :- කාලය - 9වෙනි ශතවර්ෂ්ය. වෘත්තය - පළමුවන පාදය ‘අසයි’ යන්නෙහි ‘ස’ අක්ෂවරයෙන් කෙළවර වන සේ ද, තුන්වන පාදය ‘සෙලගින්’ යන්නෙහි ‘ල’ අක්ෂාරයෙන් කෙළවර වන් සේ ද ගත හොත් යාගී විරිතයි.

585. ස්වස්ති. උතුරපසින ආ සල සිවලමි මයැ ගී.

බිණියැවි තෙන ජ කෙළි බැලුම දිග ඇසහි තබයි බෙර උඩල යමො ගෙට බෙයන්දලහි ‍කුම සෙයි යෙහෙ යි මෙයි.



සීගිරි ගී 285

අන්වය :- බිණියැවි නෙත ජ, කෙළි, දිග ඇසහි බෙලුම තබයි. බෙර උඩල ගෙට යමො. මෙයි බෙයන්දතහි. කුම සෙයි යෙහෙ යි?

අර්ථය :- යහපතක්‍ වේවා!

උතුරු පෙදෙසින් ආ සල සිවල (නමැත්තා) වෙමි. (මෙය) මවිසින් ගයන ලදී.

(ඇය විසින්) බිණිය යුත්තක්1 නැත ද, කෙල්ල (ඇගේ) දිගු ඇසෙහි (ඇගේ) බැල්ම තබන්නීය. බියකුරු2 සේ හඬා3 (අපි) ගෙට යමු.

මේ බෙයද කුමක් නිසා යහපත් වෙයි ද?

1. බිණියැවි - සං භාණිතව්ය .

2. බෙර - සං. භෛරව, පා. බෙරව = බෙරව, ධ. අ. ගැ. 42

3. උඩ + ල = හැඬුම් ලැ. උඩ = සං. ඌර්ධ්ව, ධර්ම ප්රබ . 78.

විස්තර :- කාන්තාවන්ගේ වචනය මෙන්ම බැලුම ද බියකරු බව මන් බවසා ඇත පළමුවැනි ආයුධය පාවිච්ඡි නො කළ මුත් දෙවැනි ආයුධය වන ‘දිගු ඇසින් යවන බැල්ම’ මේ රචකයා ගෙරෙහි යොමු කිරීමටමැය සැරසෙන ලකුණු පෙනුන හෙයින් බියපත් වූ ඔහු වහා ගෙදර යාමට අදහස් කරයි.

කාලය - 8වෙනි ශත වර්ෂනය

වෘත්තය - තුන්වැනි පාදය ‘බෙයන්දහහි’ යන වචනයේ ‘ය’ අක්ෂතරයෙන් කෙළවර වන භ්රබස්වයක් සේ සලකන්න. යාගී විරිතයි. ‘න්දස’ අක්ෂ රයේ ‍නාසිකය සම්පූර්ණ‍යෙන් ම උච්චාරණය නො කට යුත්තේ ය.




286 සීගිරි ගී

586. (නො) රිසි වෙ සොර්සිනා කොමුළ් බැලුම් රුස්නාකි සිකි ත මහනෙල් වනනට් එක් දවසක් වි කා ර(ජු බ)න්දු . දියඅග් මහදෙව්මි ලීමි.

අන්වය :- සිකි! සොර්සිනා නොරිස් වෙ කොමුළ් බැලුම් රුස්නා ත කි. මහනෙල් වනනට් එක් දවසක්කා රජු බන්දුසවී?

අර්ථය :- මිතුර! (ඇගේ) සොර සිනාව නොරිසි වේ (යයි ද) කොමළ බැල්ම රුස්නා (බව ද) තා (විසින්) කියන ලද්දේය. මහනෙල්වනුන්ට එක් දිනක කවරෙක් රජතුමා මෙන් (දිස්) වී (ද)? ‍දියඅග් මහදෙව් (නැමැත්තා) වෙමි. (මෙය) ලීමි.

විස්තර :- කතුන්ගේ සොර සිනාව සහ කොමළ බැලුමින් ද පෙනී යන්නේ ඔවුන්ගේ සිත් ගත් තකැනැත්තෙකු පැමිණි බවයි ඒ තැනැත්තා රජතුමා මෙන් විය යුතුය මේසේ ඔවුනගේ සිත් ග්ත‍ේත තමා ද නැත හොත් තම මිතුරා ද යනු විසින් මෙහි ප්රැශ්නයක් මතු වී ඇත.

කාලය - 9වෙනි ශතවර්ෂවයේ මුල් භාගය. වෘත්තය - දුවඟගී

587. ස්වස්ති

දක්නා (සෙ) සිත (ව)ත මෙ (නැ)ගිය නො හී සිට මෙහි ම ගිය බෙයන්ද්් රැන්දී් සිත ඇවිත් බලත මෙ සි (ත්තම)

අන්වය :- නැගිය නො හී මෙහි සිට මෙ දක්නා සෙ සිත වත, ඇවිත් මෙ සිත්තම බලත, ම සිත බෙයන්ද් රැන්දීද ගිය.

අර්ථය :- යහපතක් වේවා!

(මෙය) නැගිය නො හැකි ව මෙහි සිට, මෙය දක්නා සේ සිත් ඇති වූ කල්හි, (එයිනික්බිති මෙහි) පැමිණ මේ සිත්තම බැලූ විට. මගේ සිත බෙයදෙහි රැඳී ගියේය.



සීගිරි ගී 287

විස්තර :- කාලය - 9වෙනි ශතවර්ෂතයේ අවසාන භාගය. වෘත්තය - යාගී.

588. .................... බතිමි මෙ ගී ල‍ීමි.

(ඇ)න්දි. (යෙන් මෙ) සිතුවර් ග(ත්) මෙ(න් මල්) අතින් තොප දිසි සෙ(ය්) සග (වී) බෙයන්ද් දිසි අම්බු සෙය් මි(න්දි්)බි තො වි

අන්වය :- අතින් මල් ගත් මෙන් මේ සිතුවර් තොප ඇන්දිදයෙන්. බෙයන්ද් සග වී දිසි සෙය් . මින්දිගබි නො වි සෙය් අම්බු දිසි

අර්ථය :- ............. බත (නැමැත්තා) වෙමි. මේ ගීය ලීමි.

අතින් මල් ගත් සෙයින් මේ සිත්තරා තොප සිත්තම් කළේය. පර්ව)ත පාර්ශ්වය සවර්ගසය වි දිස් වූ සේය. අහංකාර තැනැත්තියක නො වූ බඳු ගැහැණිය දිස් වූවාය.

විස්තර :- කාලය - 8 හෝ 9වෙනි ශතවර්ෂ ය වෘත්තය - යාගී

589. ස්වස්ති

යෙහෙනි තමා පුයුත් කෙසේ මෙ කි (වි) ඇ(ස දු)ට් මෙන් නොහී බෙයන්ද් නැගී දැකැ (දි)සි මෙ(හි) විල සිරින් මෙ කී.

අන්වය :- ‘තමා යෙහෙනි පුයුත්, බෙයන්ද් නැගී දැකැ නොහී ඇස දුට් මෙන් කෙසේ මෙ‍ කී වි?’ ‍ ‘මෙහි දිසි විල සිරින් මෙ කී.’

අර්ථය :- යහපතක් වේවා!

‘තමන් (විසින්) සන්තුෂ්ටිය1 පානය කළේ වුව ද2 , පර්වේත පාර්ශ්වයට නැගී දැකගත නො හැකි ව, (තම) ඇසින් දුටුවාක් මෙන් කෙසේ (නම්) මෙය කියන ලද්දේ වී ද?’


288 සීගිරි ගී

‘මෙය දිස් වූ විලෙහි ශොභාව නිසා (ම විසින්) මෙය කියන ලද්දේය3’.

1. යෙහෙනි.

2. ‍පුයු + ත් - පුයු = සං. පීත.

3. සිහිගිරිය නැග සිත්තම් බලා ගනීමට නො හැකි වූ තැනැත්තකු විසින් තමන් විඳි සැපත ගැන පුරසාරම් දෙඩු නිසා ඔහුට උපහාසයක් වශයෙන් ගීයෙහි මුල් කොටස රචනා විය.සතරවැනි පාදයෙහි ඔහුගේ පිළිතුර අඩංගු වී ඇත එනම් ඔහු ආස්වාදය ‍ලැබුවේ කතුන් බැලීමෙන් නොව විලෙහි ශාභාව දක්නට ලැබුණු ‍ෙහයිනි

විස්තර :- කාලය - 9වෙනි ශතවර්ෂියේ මුල් භාගය වෘත්තය - යාගී.

590. දැකිණිගිරිවෙහෙරින් ආ දයල්බතිමි ලී (මී) නැගී සිහි වන නිති දැකැ රමණි මෙයට කිසි ජු දැකැ නො හී ගිය දී මන මය කතුන (ට) මෙ සිත්තම.

අන්වය :- දැකැ නිති සිහි වන රමණි මෙයට තැගී කිසි ජු දැකැ නො හී මෙ සිත්තම කතුනට මන දී මය ගිය.

අර්ථය :- දැකිණිගිරී වෙහෙරින් පැමිණි දයල්බත (නමැත්තා) වෙමි. (මෙය) ලීමි.

දැක නිතර සිහිවන රමණිය මෙයට නැගී කිසිවක් දැකගත නො හී මේ සිත්තමෙහි කතුන්ට හදවත දි මම ගියෙමි1.

1. මය ගිය - කර්මිකාරකයි.

විස්තර ;- කාලය - 8වෙනි ශතවර්ෂ යේ අවසාන භාගය හෝ 9වෙනි ශතවර්ෂ යේ මුල් භාගය වෘත්තය - යාගී.



සීගිරි ගී 289

591. ස්වස්ති (රු)හුණින් ආ විජුරලබතීන් ගී.

වන නම් නො නවත්මි එක් වී (නෙ ගියෙ දුර ගමන්) (නෙ) වැ යෙ දැ යි එ වර් එකුන් නොදැට යෙ දැ යි භජනෙ මා

අන්වය :- වන නම් නො නවත්මි. එක් වි දුර ගමන් නො ගියේ? ‘යෙ නෙ වැ දැ’ යි ‘එකුත් නෙ දැට යෙ දැ’ යි එ ව‍ර් මා භජතෙ?

අර්ථය :- යහපතක් වේවා!

රුහුණින් පැමිණි විජුරලබත (නමැත්තාගේ) ගීයයි.

වනය (මැදින් යාමක් වේ) නම් නො නවතිමි. (අනුන් හා) එක් වී දුර ගමන් නෙ ගියෙහි ද? ‘යනු නො වේ ද’ යි ‘එය නො දැක යේ ද’ යි (කියමින්) එකල (යමෙකු විසින්) මා අදිනු ලබන්නේ (කිම)?

විස්තර :- නො. 120 වැනි ගීයට ලියූ පිළිතුරකි. ‍කාලය - 8වෙනි ශතවර්ෂ ය වෘත්තය - යාගී

592. ත සෙය් රූබර්නි නුගිමනවුන් නො මින්දියබියන් හසුන් ළතා ළතා ළ නො මෙළෙකෙන්නෙය් තම(න)ට්

අන්වය :- ත සෙය් රුබර්නි නුගිමනවුන්. නො මින්දිිබියන් ළ - තා, ළ - තා හසුන් තමනට් ළ නො මෙළෙකෙන්නෙය්.

අර්ථය :- තොප බඳු රූ බරින් (යුතු තැනැත්තියෝ) ඇනුකම්පා සහගත සිත් ඇති අය1 (වෙති). අහංකාර අය නො (වේ). හදවතක්. හදවතක් සඳහාම2 හසුනක් (ඇත). (නමුත්) තමන් කෙරෙහි (තමන්ගේ) ළය මෙළොක් වන්නේ නො වේ.

10




290 සීගිරි ගී

1. නුගි - මනවුන් - නුගි = අනුගත; සසදා 131 පද්යනය. අනුකූලතාව, අනුකම්පාව සහිත සිත් ඇත්තවුන්

2. ළ - තා ළ - තා.

ළ = හදවත.

තා = තාක්.

විස්තර :- කාලය - 9වෙනි ශතවර්ෂ්ය

වෘත්තය - ‘මින්දි බියන්’ යන්නෙහි ‘න්දිග’ අක්ෂපරය සම්පූර්ණ.යෙන් උච්චාරණය කර තුන් වන පාදයෙහි අවසාන ‘ළ’ අක්ෂාරය දීර්ඝ්යක් සේ ගත හොත් ‍යාගී විරිත ‍ලැබේ.

593. ස්වස්ති

අවුජ් බැසී ජවින් කා වුසු නෙවෙසුනකට තුබු සෙ නො තම යෙනු බල ජු නොදැකැ කැටබිත තුබු සෙය.

අන්වය :- ජවින් අවුජ් කා වුසු නෙවෙසුනකට බැසී? කැටබිත තුබු සෙය නොදැකැ ජු තම යෙනු තුබු සෙ බල නො?

අර්ථය :- යහපතක් වේවා!

වේගයෙන් අවුත් කවර (තැනැත්තකු) විසූ නිවෙසකට (තෝ) බැස්සෙහි ද? කැටපත් බිත්තිය තිබූ ආකාරයට නො දැක ම, තමා යනුයේ (සිහිගිරිය) තිබූ ආකාරය බලා නො වේ ද?

විස්තර :- කාලය - 9වෙනි ශතවර්ෂනය

වෘත්තය - දෙවැනි පාදයෙහි අවසාන අක්ෂතරය දීර්ඝයයක් සේ ගත හොත් යාගී විරිතයි.



සීගිරි ගී 291

594. (රත්)අතැ රන්වනුන් මල් ඇති ද නො ගත සෙ වි අ (වි) ම දැකැ ද දත් බවක් කළ තද්මනින් නො වි තම.

අන්වය :- රන්වනුන් රත්ඇතැ මල් ඇති වී ද නො ගත සෙ වී. අ ම දැකැ ද තම කළ තද්මනින් දත් බවක් නො වි

අර්ථය :- රන්වනුනුගේ රතු අතෙහි මල් ඇත්තේ වුව ද, නො ගත් සේ විය. (මෙහි) පැමිණි මා දැකැ ද, ඔවුන් (චගා) කළ තද අහංකාරය නිසා (මගේ පැමිණිම) දත් බවක් (ඔවුන් කෙරෙහි) නො වී.

විස්තර :- සම්භාවනී අමුත්තකු පිළිගැනීම සඳහා කාන්තාවෝ අතින් මල් ගෙන සිටින්නාහුය. මේ ගීය රචනා කළ තැනැත්තා පැමිණි විට කතුන්ට තමන් ගෙන සිටි මල්වලින් ප්රයයොජනයක් ගැනීමට ඉඩ තුබුණි. ඔවුන් එසේ නො කළ හෙයින්, අතින් ගත් මල්වලින් ප්රුයොජනයක් නො වීය.


කාලය - 8 හෝ 9වෙනි ශතවර්ෂනය වෘත්තය - යාගී.

595. ස්වස්ති.

හමුළ් මරු ජහස්සුහුහස්සන්ද්යල්ලා තුරු ගළ් කො හළ් හූ මලගල්හි හැල්ලා ගණනින් මුත් කලබ් කළ තම්බළපල්ලා (ලා) පැ රැය දිගැස් ත දුන් හසුන් කුම් වාල් ලා.

අන්වය :- මරු හමුළ් දලු ආ, ජහස් සුයුහස්සන් තුරු ගළ්. කො හූ හළ් මලගල්හි හැලි ආ. ගණනින් මුත් කලබ්. රැය, තම්බළපල්ලා පැ කළ. දිගැස්! ක දුන් හසුන් කුම් වාල් ලා?





292 සීගිරි ගී

අර්ථය :- යහපතක් වේවා!

සුළඟ හැමීය. දළු ආ, දහස් සුවහස් (ගණන්) ගස් (බිම) පතිති විය1. කොහො නාද2 පැවැත්විය3. මලය පර්ව තයෙන් (දිය) හැලි නිකුත්4 වීය. ගණන් නොමැති5 ‍කදෝකිමියන්6 විසින්, රාත්රි්ය, තඹවන් ළා දළු පැහැය (සහිත ) කැරිණි. දිගැසිය! තා දුන් හස්ත කවර ආධාරයක් සඳහා වේ ද’?

1. ගල් - සං √ ගල්.

2. හූ.

3. හළ් - සං. √ හා.

4. හැලි + ආ - හැල්ලා.

5. ගණනින් මුත් - ගණනින් මිදුණු.

6. කලබ් - කව්සි. 421 පද්ය.යෙහි ලැබෙන ‘කබබ’ යන්න ද මේ අදහසම ගෙන දෙයි. ‘ඉන්ර්් මගොපක’ යනු විසින් සන්නයෙහි ඊට අරුත් පවසා ඇත. ‘කලබ්’ යනු සං. ශලභ යන්න හා සසදනු මැනවි

7. වාල් ලා - වහලක් ලයි ද? ‘ලා’ යනු ‘ල’ ධාතුවෙන් නිපන්, ප්රතථම පුරැෂ එක වචන, වර්තවමාන කාල ක්රිංයා පදයකි.

විස්තර :- වර්ෂාර ඍතු වර්ණලනයකි. පෙම්වතුන් එක් වීමට ආශාව දක්වන කාලයයි. වැසි දිනයන්හි දී කණමැදිරියෝ රාහිභූත ‍වී රාත්රි කාලය තුළ ඔබ මොබ පියාඹත්. ඇතැම් ගස් වර්ගෝයන්හි ළා දළු පැහැය ගනිමින් ඔවුහු රාත්රිවය ශොභාමත් කරවති.

කාලය - 8වෙනි ශතවර්ෂනයේ ‍අවසාන භාගය හෝ 9වෙනි ශතවර්ෂ්යේ මුල් භාගය. වෘත්තය - සමුදුරුගොස් නම් විරිතින් බැඳි එළිසම සිවුපදයකි.

"https://si.wikibooks.org/w/index.php?title=සීගිරි_ගී-2-විවරණය_iii&oldid=5419" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි