Jump to content

සීගිරි ගී-2-විවරණය iv

Wikibooks වෙතින්

596 ස්වස්ති

තොප වන වුහිමින් හිමක් එතක් නො තබය් උකැ(ට)ලි මුහුන්දත පිහිනනු (වැනි) අන්ද පිලු ගෙලෙ (‍ගම )න

සගලබතිමි (ලී)මි.

අන්වය:- හිමින් වනවූ තොප ‘එ -තක්’ හිමක් නො තබය් උකැටලි මුහුන්දව පිහිනනු. පිලු ගෙලෙ අන්දප ගමන වැනි.

අර්ථය :- යහපකත් වේවා!

ස්වාමියාගෙන් වියො වූ තොප ‘ඒ - තාක්1’ (යනු විසින්) සීමාවක් නො තබා උකටලීභාවය (නමැති) සාගරයෙහි පිහිනීම (කෙබඳු ද යත්) කොරකුගේ2 ගෙලෙහි (එල් බි) අන්ධ(යකු ‍ගමනක් (යනු) වැනිය.

සගල බත (නමැත්තා) වෙමි. (මෙය) ලීමි.

1. ‘මෙපමණ කාලයක්’ යනු විසින් කාල සීමාවක්.

2. පිලු - සං පඞ්ගුල; පිලු ධර්මසප්ර.. 144. අබ්බගාතයා, කොරා.

විස්තර :- කොරෙකුට හෝ අන්ධුයකුට තනි තනිව ගමනක් යෑම අසීරු කරුණකි. ශක්තිමක් ශරීරයකින් යුත් අන්ධයකුගේ ගෙලෙහි හොඳින් ඇස් පොනීම ඇති කොරෙකු එල්බ ගත හොත් ඔවුන්ට ගමනක් යෑමට පහසුය. එසේ නොව කොරෙකුගේ ගෙලෙහි අන්ධයකු එල්බ ගත හොත්, ඉන් දෙදෙනාටම ප්ර යෝජනයක් විය නො හැක. සිත්තම් ගත වූ ගැහැණු ද වියෝ වූ හිමියා ගෙන ශෝක වෙමින් උකටලී ව සිටිති. ඉන් ‍ප්රදයෝජනය කුමක් ද? ඔවුන් බැලීමට ආ ආගන්තුකයින් සමග විනෝද විය හැකි නම් එසේ කිරීම නුවණට හුරු බව මේ ගීයෙහි සැඟවුණු අදහසයි.





294 සීගිරි ගී

ඉහතින් සඳහන් උපමාව සංඛ්යු දර්ශිනයෙහි ද පුරුෂ, ප්රකකෘති යන දෙක්හි ක්රි යා කාරිත්වය විස්තර කිරීම සඳහා යෙදී ඇත්තේය. (සාංඛ්යක - කාරිකා xxi ) නාම රූප දෙක්හි ‍අන්යො න්යබ ස‍හයෝගය දැක්වීම සඳහා මෙම උපමාව ම‍ බෞද්ධ දර්‍ශනයෙහි ද ඇතුළත් වී ඇත. (විසුද්ධි මගග II .576 පිටුව )

කාලය - 8වෙනි ශතවර්ෂුයේ අවසාන භාගය හෝ 9 වෙනි ශතවර්ෂ යේ මුල් භාගය.

වෘත්තය - දෙවැනි පාදයෙහි ‘එ’ අක්ෂරය දීර්ඝ යක් සේ ගත හොත් යාගී විරිත ලැබේ.

597. ලද (ඔ)යු(න්) වී ගත් ද නො වැහැවෙය් නො ලද් වී දිග්නෙතුනි තෙපලක් දෙව ඇති ද ගෙන(නැ ම)ල් ත(ම) අ(ත)

අන්වය :- ‘ඔයුන් ලද වී ගත් ද?’ ‘නො ලද් වී නො වැහැවෙය්.’ ‘දිග්නෙතුනි! තම අත මල් ගෙනැ ඇති ද තෙපලක් දෙවු’

අර්ථය :- ‘ඔවුන් ලැබ ගත්තේ යයි සිතන්නෙහි ද1?’ ‘(ඔවුන්) නො ලද හෙයින් නො වෑවෙමි’. ‘දිගැසියෙනි! තම අතින් මල් රැගෙන සිටිනේ වී නමුත් බසක් දෙව.’

1. ගත් ද?

විස්තර :- කතුන්ගේ අත්හි තුබූ මල්වලින් ඔවුන්ගේ සිත් ප්රදකාශ වූව ද මේ රචකයා ඉන් සෑහිමටක පත් නො වී ඔවුනගෙන් වචනයක්ම බලා පොරොත්තු වෙයි.

කාලය - 8වෙනි ශතවර්ෂනයේ අවසාන භාගය හෝ 9වෙනි ශතවර්ෂතයේ මුල් භාගය

වෘත්තය - යාගී.



සීගිරි ගී 295

598. ස්වස්ති කිතල්මි ලීමි.

(නැගී) දැකැ කා නො වි තද වත වත මුළා කත තර වත වත තමා සිත දඟ ලී නො ද බෙ(ය)න්ද්හි මෙ.

අන්වය :- නැගී දැකැ, කත වත තද වත කා මුළා නො වී? වත තර වත තමා සිත මෙ බෙයන්ද්හී දඟ ලී නො ද?

අර්ථය :- යහපතක් වේවා!

කිතල් (නමැත්තා) වෙමි. (මෙය) ලීම.

(පර්වෙතයට) නැගී (ඇය) දැක, (එයනික්බිති ඇගේ) කාන්තාවගේ මුහුණ සරොස් වත්ම1 කවරෙක් මුළ නො වී ද? (ඇගේ) මුහණ පැහැපත් වූ කල2 , අයෙකුගේ සිත3 මේ බෙයදෙහි සිර වූයේ4 නො වේ ද?

1. තද වත - තද ගතිය නොහොත් නපුරු ගතිය ඇතිවත්ම. 2. තර වත. 3. තම සිත. 4. දඟ ලී - සිරෙහි ලූයේ.

විස්තර :- කාලය - 8‍ හෝ 9 වෙනි ශතවර්ෂවය වෘත්තය - යාගී.

599. ස්වස්ති

නිලි (පු)ල් මල්වැටි ගත් මහනෙල්වනට බද් ගී.

බණ අස ගී ම ලී තී සිතක තොජනමි කී යත ත සෙ සිරි වියො වි (කි)ම නො මෙ

බැණැ සිටි(ය මා සි)ත

අන්වය :- ‘බණ ම ලී ගී අස. තී සිතක තොජනමි.’ කී ත සෙ සිරි වියො වි යත, සිතනො මෙ බැණැ මා සිටිය කිම?


296 සීගිරි ගී

අර්ථය:- යහපතක් වේවා!

මහනෙල් මල් පොකුරක් ගත් මහනෙල්වන් (තැනැත්තිය සඳහා) බැඳි ගීයයි.

‘කථා කරන්න. මා ලියූ ගීය අසන්න. තිගේසිත නොදනිමි.’ (මෙ‍සේ තා විසින්) කියන ලද්දේය. තා සෙයින්ම ශ්රී කාන්තාව ද වියෝ වී යන කල්හි (මා) සිත නො ම කියා මා සිටිය (හොත්) කිම?

විස්තර :- කාන්තාව හැරැ දමා රචකයා යන බැවින් ඇය නිශ්ශබ්දව සිටින බව, ඇය ලවැ කියවූ සැටියි.

කාලය - 9වෙනි ශතවර්ෂැය වෘත්තය - යාගී.

600. නමුඬගමු මුගලනු ගි දළ අහුළලමලුත පුත්.

මහනෙල්වන් බෙ(ය)න්ද්හි රනවනුන අතරෙ වනු කළ සිත මුළා දැකැ කීමො මෙතනි තමනහ(ට)

අන්වය :- බෙයන්ද්හි රනවනුන් අතරෙ මහනෙල්වනන් දැකැ සිත මුළ වනු කළ. තමහට මෙතනි කීමො.

අර්ථයය :- දළ - අහුළල - මල් (නමැත්තාගේ ) පුත්, නමඬගමු (නමු ස්ථානයෙන් පැමිණි) මුගලන ( නමැත්තාගේ) ගීයයි.

බෙයදෙහි රන්වනුන් අතරෙහි මහනෙල්වනුත් දැක මගේ සිත්හි මුළාව (ඇති) කළේය. තා කෙරෙහි1 මෛත්රීනයෙන්ම කීවෙමු.

1. තමනහට - රචකයාම හෝ ඔහු ඉදිරිපිට සිටින පුද්ගලයා මින් අදහස් කළා විය හැකිය. රචකයා අදහස් කරන ලද නම් ‘තමන් කෙරෙහි’ යනු විසින් අරුත් කිව යුතුය.




සීගිරි ගී 297

විස්තර :- කාලය - 8වෙනි ශතවර්ෂ ය වෘත්තය - පළමුවැනි පාදය ‘බෙයන්ද්හි’ යන් නෙහි ‘බෙ’ අක්ෂතරයෙන් කෙළවර වන සේ ද, එය දීර්ඝ’යක් සේ ද ගත හොත් යාගි විරිත ලැබේ.

601. (සෙත)ල්බතීමි ලීමි. (බෙය)න්ද්හි (මෙ) මීලැස් ‍මයි ම(න) කෙරෙ(යි) කුල්මත් අව හය් එ තෙබෙණත ද අසර් කුල්මත්ත(න් මෙනි)

අන්වය :- බෙයන්ද්හි මෙ මිලැස් මයි මන කුල්මත් කෙරෙයි. අව හය් එ නොබෙණත ද, අසර් කුල්මත්තන් මෙනි.

අර්ථය :- සෙනල්බත (නමැත්තා) වෙමි. (මෙය) ලීමි. බෙයදෙහි (සිටි) මේ මියුලැසිය මගේ මන කුල්මත්1 කරන්නීය. ආ තැනැත්තන්2 සමග ඇය කථා නො කරන නමුත්, (ඇගේ) හැසිරීම3 කුල්මත් (තැනැත්තියන්ගේ) මෙනි.

1. සං. හ්ලාද + මත්ත; කා. ශෙ. X.83. 2. අව 3. අසර් - සං. ආචාර; අසර, සිදත. 48.

විස්තර :- කාලය - 9වෙනි ශතවර්ෂතයේ මුල්භාගය වෘත්තය - තුන්වන පාදයෙහි ‘එ’ අක්ෂමරය දීර්ඝියක් සේ ගත හොත් යාගී විරිතයි.

602. ස්වස්ති

සිහිවත් මෙ රන්වන මෙහි යෙහෙන් අනුන් අ නම් මන දියවන්නකින් හැදි වැහුණ ගිල්ම බෙලෙන් ආ.

කබල්තාපාපිරිවන් වැසි දෙවල්බතිමි (ලී)මි.





298 සීගිරි ගී

අන්වය :- මෙ රන්වන සිහිවත්, අනුන් මෙහි යෙහෙන් අ නම්, දියවන්නකින් හැදි වැහුණ ගිල්ම බෙලෙන් මන ආ.

අර්ථය :- යහපතක් වේවා!

මේ රන්වන් (තැනැත්තිය) සිහිවන කල - අන්යනයන් මෙහි (මීට ඇදී) යෙහෙන්ආයේ නම්, ජලාශයකින්1 ඇදී වෑස්සුණු දියඇල්ලක2 වේගයෙන් (ඔවුන්ගේ) සිත (එය කරා) ආයේය.

1. දිය - වන්නකින්. ජලය එකතු වූ ස්ථානය. 2. ගිල්ම - ව. සිං. දියගිල්ම.

විස්තර :- කාලය - 9වෙනි ශතවර්ෂුය වෘත්තය - යාගී.

603. මෙ කත ‍තමලවන් නො බිණි සෙන(හ නැ)න්තී හිම (බියො) සෙ‍නහැත ද උන්නහ (සි)ත තද සෙ(යින්)

අන්වය :- ‘තම - ලවන් සෙනහ නැත්ති මෙ කත නො බිණි’ ‘සෙනහැත ද, සිත තද සෙයින් හිමබියො උන්නහ.’

අර්ථය :- ‘තඹවන් තොල්1 ඇති, සෙනෙහෙ නැති මේ කාන්තා තොමෝ නො බිණුවාය.’ ‍ ‘සෙනෙහෙ ඇත ද, සිත තද අයුරින් කාන්තාවෝ සිටියාහුය.’2

1. තම ලවන් - මේ වචනය ‘තමල - වන්’ යනු විසින් ද කියවිය හැකිය ‘තමාල වෘක්ෂ්යේ කොළවල පැහැය ඇති’ යනු එහි අදහසයි. ගැහැණුන්ගේ හිසකේ තමාල වෘක්ෂැයේ කොළ වලට උපමා කර ඇත ද, ඔවුන්ගේ පාහැය ඊට උපමා කළ තැනක් නො දනිමු.

2. දෙබසක අයුරින් රචනා වූ ගීයකි.





සීගිරි ගී 299

විස්තර :- කාලය - 9වෙනි ශතවර්ෂනය.

වෘත්තය - පළමුවන පදයෙහි ‘මෙ’ අක්ෂ.රය ද දීර්ඝ සේ ගත හොත් කව්ගී විරිත ලැබේ.

604. බෙයන්ද්හි රන්වන් මනකල සෙය් තා අ(ව) (ද) සෙ යි නො වි (සි)හි හි(මි) තමන් අන්න (හය්) කි තා කෙ(සෙ)

අන්වය :- මනකල සෙය් තා අව ද , තමන් හිමි සිහි නො වී, බෙයත්ද්හි රන්වන් අතන හය් යෙයි තා කෙසේ කී!

අර්ථය :- සිත් අදනා ඇයුරින්1 ‍තා පැමි‍ණියේ වුව ද,2 තම හිමියා සිහි නො වී බෙයදෙහි රන්වනුන් අනුන් හා යති යි තා (විසින්) කෙසේ (නම්) කියන ලද ද? 1. මනකල සෙය්. 2. අවද - ආයේ වුව ද.

විස්තර :- කාලය - 9වෙනි ශතවර්ෂිය. වෘත්තය - යාගී. ‘බෙයන්ද්හි’ යන වචනයේ ‘හි’ අක්ෂ රය දීර්ඝයයක් සේ සැලැකිය යුතුය.

605. කොණොතල්මි ලීමි.

වස(යු) යෙහෙ යෙති දු ජන්නයුන් ලස යි දකුතුජ් ඉතණා හිර් කුම්බුර්වැවින් සෙයින් එ යෙන්නයු සෙ.

අන්වය :- ‘යෙහෙ වසයු’ යෙති දු, ලස යි ජන්නයුන් දක්තුජ්, කුම්බුර් වැවින් ඉතණ හිර් සෙයින් එ සෙන්නයු සෙ.

අර්ථය :- කොණොතල් (නමැත්තා) වෙමි. (මෙය) ලීමි.

‘යහතින් වෙසෙත්වා’ යි (ඔවුන්) කිව ද, (ඉන්) ප්ර වේසම් විය යුතුයි1 දන්වනවුන් (විසින්) දක්නා ලද ද,




300 සීගිරි ගී

කුඹුරුවලින් (සහ) වැව්වලින් ඊතණ හා හිරි2 (නැගෙන අයුරින්) ඒ (තැනැත්තා) (එය කරා) යන්නාක් බඳුය.

1. ලස - සං. ආලස්යන. ලස් = පා. පපඤ්ච, ධ. අ. ගැ. 13 ‘ප්රැමාදය.’ 2. හිර් - ව. සිං. හිරි; කුඹුරු සහ මගුරු බිම්වල වැවෙන වල් පැලැටි වර්ග්යකි.

විස්තර :- නැණවතුන්ගේ අවවදා නො සලකා ස්ත්රී න්ගේ සමාගමය පතන්නටවුන්හට එල්ල් කළ උපහාසයකි. කුඹුරු වැව් ආදියෙන් වල් පැලෑටි ඉබේම නැගෙන ආකාරය ඔවුන්ගේ එම අත්තනොමතික ක්රි යාවට නිදසුන් කර පෙන්වා ඇත.

කාලය - 8 වෙනි ශතවර්ෂුයේ අවසාන භාගය වෘත්තය - එළු සඳැස් ලකුණෙහි නොලැබෙන විරිතකි.

606. ස්වස්ති

නිකළවැසිසිහිම ය මය් පිරිබුන් සෙව් ම සිත හුදුකලා සෙ අද ස(තු)ට නොවන්නෙක් දෙසෙ උන් නො (ය)

අන්වය :- ‘ති සිහි වැසි කළ මි (ය)1 ම සෙව් මය් සිත පිරිබුන්.’ ‘හුදුකලා සෙ අද සතුට නොවන්නෙක් උන් දෙස නො ය’

අර්ථතය :- යහපතක් වේවා!

‘(මම) තී (මගේ) සිහියෙහි වැසියකු කළේ වෙමි. මගේ ශොකය2 ‍මගේ සිත බිඳ ලීය.’3 ‘හුදකලාව මෙන් (මෙහි) අවුත් සතුටු නොවන්නෙක් උන් (සිටින) දිශාවට නො යැ යුතුය.

1. සංයෝජකයක් වශයෙන් යොදන ලද්දකි. 2. සෙව් . 3. පිරිබුන් - සං. පරිභින්න + ක.



සීගිරි ගී 301


විස්තර :- කාලය - 8වෙනි ශතවර්ෂභයේ අවසාන භාගය හෝ 9වෙනි ශතවර්ෂ යේ මුල්භාගය. වෘත්තය - යාගී.

607. (කි)ත් මෙ ගී.

මෙවැන්නි . සුව වින්දි නවතයි නා එත් මා සිහි සිත් ජිවි සෙ නො (බ)ල මෙ යි නා මා කී වි වරජ නැ(ති).

අන්වය :- සුව වින්දි මෙවැන්නී, මා එන් සිහි නවතයි නො? ‘සිත් ජිවි සෙ මෙ නො බල’ යි මා කී නො? වරජ නැති වි.

අර්ථලය:- කිත් ( නමැත්තාගේ) මේ ගීයයි.

සැප විඳි මෙවැනි තැනැත්තිය, මා (මෙහි) එත්ම (ම‍ගේ) සිහිය නවතන්නී නො වේ ද? ‘සිත් දිවු පරිදි මෙය නො බලන්න’ යි මා කීයේ නො වේ ද? (මගේ) වරදක් නැත්තේ විය.

විස්තර :- කාලය - 8වෙනි ශතවර්ෂේයේ අවසාන භාගය හෝ 9වෙනි ශතවර්ෂ යේ මුල් භාගය.

වෘත්තය - තුන්වන පාදයෙහි ‘සෙ’ අක්ෂඅරය දීර්ඝ යක් සේ ගත හොත් යාගී විරිතයි.

608. ස්වස්ති නාල්බතීන් ලී ගී.

නො බිණි ද මිලැසි සිටි මල් පෙරෙට් කොට් හො එ දිගැස් එදෙසන් ත එත ඇසිරි කී වි සිටි තමා.

අන්වය :- මිලැසි නො බිණි ද, හෝ මල් පෙරට් කොට සිටි ත ‍එදෙසන් එත එ දිගැස්, සිටි තමා ඇසිරි කි වි.

අර්ථය :- යහපත් වේවා!

නාල්බත (නැමැත්තා) ලියූ ගීයයි.


302 සීගිර ගී

මියුලැසිය නො බිණුව ද, ඕ මල් පෙරටු කර ගෙන සිටියාය. තා ඒ දෙසින් එන කල, ඒ දිගැසිය, (එහි) සිටි (තැනැත්තිය) තම ඇසුර (සඳහා යොග්යේ බව) කීයේ වීය.

විස්තර :- කාලය - 8වෙනි හෝ 9වෙනි ශතවර්ෂටය වෘත්තය - යාගී.

609. ස්වස්ති

පෙරෙ තා නොලද්දිය දැයෙක් නොලද් වෙයෙ රනට් ජො ක ලද අයුත් සිහිනෙක අහස් ලද වෙය්.

අන්වය :- ‍ ‘පෙර තා නොලද්දිය, රනට් නොලද් දැයෙක් වෙය, අයුත් කා ලද ජො?1’ ‘සිහිනෙක අහස් ලද වෙය්.’

අර්ථය:- යහපතක් වේවා!

‍ ‘පෙර (කාලයෙහි) තී නො ලබනා ලද හෙයින් (මෙකල) රත්රන්වලට (පවා) නොලද (හැකි) ‍දැයක් වෙයි. (මෙහි) පැමිණ, කවරකු ලැබ ගත්තෙහි ද?’ ‘සිහිනෙන් අහස ලබා ගත්තේ වෙයි.’

1. ප්ර හ්නාර්ථ‘යෙහි යෙදෙන නිපාත පෙදයෙකි ව. සිං. දෝ.

විස්තර :- කාලය - 8වෙනි ශතවර්ෂ යේ අවසාන භාගය හෝ 9වෙනි ශතවර්ෂ යේ මුල්භාගය වෘත්තය - එළු සඳැස් ලකුණෙහි නොලැබෙන විරිතකි.

610. කියග (සිකි) සන්දබ කී කල්හි කුම් (සෙ සිතු) වෙය් මෙ වැය්මෙ සිත් හළ කි කල උදහස තුනු වෙ බොහෝ වෙය්.

අන්වය :- සිකිසන්දස! කියග. ‘වැය්මෙ සිත් හළ කී කල උදහස තුනුවෙ’ කී කල්හි මෙ කුම් සෙ සිතුවෙය්? බොහෝ වෙය්.



සීගිරි ගී 303

අර්ථය :- මිත්රෝත්තමය! කියන්න. ‘වාදනයෙහි ආශාව අත්හළ (බව) කී කල (ඇගේ) උදහස තුනී වෙයි’ (යනු විසින්) කී කල්හි එය කුමන අයුරින් සිතන ලද්දේ වේ ද? (එ සේ කී කල, ඇගේ උදහස) බොහෝ වෙයි.

විස්තර :- කාලය - 8වෙනි ශතවර්ෂ යේ අවසාන භාගය හෝ 9වෙනි ශතවර්ෂ යේ මුල්භාගය.

වෘත්තය - යාගී.

611. කිත්මි මල දුටතර බිණි මෙන් මෙ යගී.

හසුන් ත ම සනහය් දළසැනැහැ බි(ජි) තැන් දත් දෙත තා ගත් (ම)ල කෙසෙ එ රන්වන් කී අන්(හට)

අන්වය :- ත හසුන් ම සනහය්. දළ සැනැහැ බිජි තැන් දත්. තා ගත් මල දෙත, එ රන්වන් අන්හට කෙසෙ කී?

අර්ථය :- කිත් (නමැත්තා) වෙමි.

‍ මේ යාගීය, මල දුටු සඳ1 කියූ පරිදිය. තිගේ හස්ත මා සනසයි. දැඩි ස්නේහය රැඳුණු2 තැන (ම විසින්) දන්නා ලද්දේය. තී (අතින්) ගත් මල දෙන කල්හි, ඒ රන්වන් (තැනැත්තිය) අනුන් සඳහායයි (ඔහු) ‍කෙසේ කියයි ද?

1. දුටතර - දුටු + අතර 2. බිජි - ‘බජ’ ධාතුයි; සං √ හජ්.

විස්තර:- කාලය - 8 වෙනි ශත වර්ෂ ය වෘත්තය - තුන්වනපාදයෙහි අවසාන අක්ෂවරය දීර්ඝ යක් සේ ගත හොත් යාගී විරිතයි.

612. වරෙක කණස්වලු වරෙ වන්නෙය් අත්නි (රි)සි මෙ අය් හින්දිරන්නෙ වි නැවති යහකජ්1 සිතන්න නො වෙය්.

අන්වය:- වරෙක කණස්වලු වරෙ රිසි අත්නි වන්නෙය්. අය් මෙ නැවති හින්දි න්නෙ වි. අජ් යහක් සිතන්නෙ නො වෙය්.


304 සීගිරි ගී

අර්ථය :- වරක් කනස්සල්ලෙන් (යුතුව සිටි තැනැත්තා) වරක් (තම) රිසිය අත්පත් කර ගත්තේ2 වෙයි (මෙහි) ආ මේ (තැනැත්තා) (මෙහි) නැවතී හිඳින්නේ වෙයි. අද (දින) (ඔහු) යහපත් (දෙයක් ගැන) සිතන්නේ නො වෙයි.3

1. යහක් + අජ් = යහකජ්. 2. අත් + නි - අත් = සං. ආප්ත 3. මේ තැනැත්තාට අද දින තම අදහස් මුදුන්පත් කර ගැනීමේ බලාපො‍රොත්තුවක් නැත. ගීයෙහි ප්ර ථාමර්ධායෙන් කියූ කරුණු සැලකීමට ගත් කල පසුව ඔහුට තම බලාපොරොත්තු ඉටු කර ගත හැකි බව‍ පෙනේ. ඔහු රැඳී සිටින්නේ එනිසාය.

විස්තර :- කාලය - 8වෙනි ශතවර්‍ෂයේ අවසාන භාගය හෝ 9 වෙනි ශතවර්ෂැයේ මුල් භාගය

වෘත්තය - පළමුවැනි පාදයෙහි අවසාන අක්ෂවරය දීර්‍වසයක් සේ ගත හොත් යාගී විරිත ලැබේ.

613. (වැ)ලිගම් වැසි ජෙටලු ගී. මෙයට් නැගි ජනෙ ලයු ඇති මිහිරි රෙසෙ (එ‍ෙ)රව් මෙනිස් අ විය පණයු (ල)ක් ම සොයුසයර් ගොර් සිතව්.

අන්වය :- මෙයට් නැගි ජෙනෙ ලයු ඇති මිහිරි රෙසෙ එරෙව්! අ මිනිස් විය පණයු ලක් ම ගොර් සොයුසයර් සිතව්.

අර්ථය :- වැලිගම්හි වැසියකු වූ ජෙටල (නමැත්තාගේ) ගීයයි.

මෙට නැගි ජනයා සැබවින්ම (මෙහි) ඇති මිහිරි රසයෙහි ගිලෙත්වා!1 (මෙහි) ආ (තොප)






සීගිරි ගී 305

මිනිසුන් වී නම් (තොපගේ) ප්රේආමයට2 ලක් වූ මා (නිමග්න වි සිටින) ඝොර ශොක3 සාගරය4 (පිළිබඳ ව) සිතත්වා!

1. එරෙව් - ‘ඔර’ ධාතුයි; සං. අච + √ රුහ්; එරුණු, සිදත 124; එරෙයි = ඔතරති, ධ. අ. ගැ. 77

2. පණයු - සං ප්රහණය; පණා, රු. ම. 116 පද්ය;ය පණ - ඩබර, සසදා, 214 පද්යරය.

3. සොයු. 4. සයර් - සං සාගර.

විස්තර :- කාලය - 8වෙනි ශතවර්ෂියේ අවසාන භාගය හෝ 9වෙනි ශතවර්ෂ යේ මුල් භාගය.

වෘත්තය - දෙවන ‍පාදයෙහි ‘සෙ’ අක්ෂනරය දීර්ඝ7යක් සේ ගත හොත් යාගී විරිත ලැබේ.

614 සිවි එ(ත) තිබී කිම ස(න් ද්)හ(න් නො) වී ගිය සෙය කිපි (සෙ) තිපි බැලු වර ජිවි බිය වි ද ඇ(විද් මා) දු(ට)

අන්වය  :- ‘එත සිවි තිබී කිම? සන්ද්හන් නො වී ගිය සෙය. කිපි සෙ තිපි බැලු වර ජිවි’ ‘ඇවිද් මා දුට බිය වි ද?’

අර්ථය :- ‘(මා) නෙ කල්හි සිනාවක්1 තිබුණේ වුව ද කිම? (තොපට මා) අමතක2 වී ගිය බඳුය. කිපායාක් මෙන් තොප ( මා දෙස) බැලූ විට, (මම) දුව ගියෙමි’3

1. සිවි 2. සන්ද්හන් නො වී.

3. ජිවි - කර්ම්කාරක වාක්යකයෙකි. උක්ත කර්තෘ පදයක් නො දැක් වේ. ‘ජිවි’ යනු වර්ත්මාන සංහලයට නැගිය යුත්තේ ‘(මා) දිවි’ යනු විසිනි.

විස්තර :- කාලය - 8 වෙනි හෝ 9 වෙනි ශතවර්ෂසය. වෘත්තය - යාගී.



306 සීගිරි ගී

615. ශ්රීී කර්ත තිවර්මියෙහි ලීමි.

වියෙන් සිහි වෙය් දුට කෙරෙය් අත් සොන්ද් ම සිහිල් හෙ මන්ද් නම් ඔහු ලවය් අනෙක් තැනෙක ගලක් බන්ද්වයු.

අන්වය :- දුට වියෙන්1 සිහි වෙය්. සොනදි සිහිල් ම අත් කෙරෙය්. හෙ මන්ද් නම් ඔහු ලවය් අනෙක් තැනෙක ගලක් බින්ද්වයු.

අර්ථය :- ශ්රීන!

කීර්ත වර්මන (නමැත්තා) වෙමි (මෙය) ලීමි.

(එය) දුටු නිසා සිහි වෙයි. (එය) සුන්දමර වූ සිහිලක් ද මා අත් කෙරෙයි. එය මඳ වේ නම් , ඔහු ලවා අනෙක් තැනෙක පර්වසතයක් බිඳවිය යුත්තේය.

1. ‘වෙ’ ධාතුයි - සං √ භූ; වියෙන්, වියින්, වීයින් යනු විසින් ද ලැබේ.

විස්තර :- සිහිගිරියෙහි සෞන්දිර්යසයෙන් කෙනෙක් තෘප්ත නො වේ නම් ඔහු අන් තැනෙක එබඳු පර්වකතයක් සකස් කළ යුතු බව මින් පැවසෙයි.

කාලය - 8වෙනි ශතවර්ෂකයේ හෝ 9වෙනි ශත වර්ෂ යේ මුල් භාගය

වෘත්තය - තුන්වැනි පාදයෙහි ‘හෙ’ අක්ෂවරය දීඝර්යලක් සේ ගත හෝත දුවඟගී විරිත ලැබේ.

616. ස්වස්ති

තොප පරවිටියෙ අන්න හය් සෙනු බණන්නයු කෙළෙමි ජන්මි විමකින් තොප සම වෙත් ද අන් සෙස්සො

අන්වය :- තොප පරවිටියෙ අන්න හය් සෙනු බණන්නයු කෙළෙමි ජන්මි විමකින් අන් සෙස්සො තොප සම වෙත් ද?


සීගිරි ගී 307

අර්ථය :- යහපතක් වේවා!

(මා) තොප අනභිමුඛයෙහි අනුන් හා සිනාවීමට ද කථා කිරීරමට ද කරවූ තැනැත්තියක1 බව දනිමි. (මා එසේ) විමෙන් සෙසු අනුත්2 තොප හා සම වෙත් ද?


1. කෙළෙමි ජන්මි - ‘කරවා ඇති තැනැත්තිය වෙමි යි දන්නෙමි’ කෙළෙමි = සං. කෘතා’සමි.

2. ව. සිං. අශෙෂ අනික් අය.

විස්තර :- සිහිගිරියෙහි කාන්තාවක් තම ප්රි්යයා අමතා කථා කළ සැටි යෙන් රචනා විය. ඇතැම් පද්යහයෙක් සඳහන් වූ පරිදි සීගිරි කතුන්ට ඔවුන්ගේ ප්රි.යයා විසින් අන් අය හා කථා කිරිම තහනම් කර ඇත. එසේ නොව බව කියා, අන් අය හා සිනා වීමට ද කථා කිරිමට ද තම ප්රිනයයා විසින් අවසර දී ඇති බව මේ කාන්තාව කියන්නීය. ඇය ස්වකීය අභිමතය පරිදි එසේ නොකරන්නේ, තම ප්රිකයයා හා සමාන අන් කෙනෙකුන් නො ලැබෙන හෙයිනි.

කාලය - 9 වෙනි ශත වර්ෂ.යේ මුල් භාගය

වෘත්තය - දුවඟගී විරිතයි. පළමුවන පාදය ‘අන්න’ යන වචනයෙහි ‘අන්’ යන්නෙන් කෙළවර වෙයි. දෙවැනි හා සතරවැනි පාදයන්හි අවසාන අක්ෂ ර දීර්ඝි සේ ගත යුතුයි.

617. වැලැබිබ් වන් ලවන් පැහැපත් හෙළිල්ලම්බුයුන් දැකැ සිත ම එලයි ගිරි රිසි ආ ඔයුන් දිකිමින.

අන්වය :- බිබ්වැල වන් ලවන්, පැහැපත් හෙළිල්ලම්බුයුන් දැක ම සිත ගිරි එලයි. ඔයුන් දකිමින රිසි ආ.




308 සීගිරි ගී

අර්ථයය:- බිඹුවැලෙහි (ඵලය බඳු පැහැයෙන් යුත් ) තොලින් යුතු පැහැපත් රූමතියන් දැක මගේ සිත පර්වැතය (කරා) එලවයි. ඔවුන් දකිමින්, ආශාව (මා කෙරෙහි) ඇයේය.

විස්තර :- කාලය - 8වෙනි ශතවර්ෂබයේ අවසනා භාගය හෝ 9වෙනි ශතවර්ෂ යේ මුල් භාගය.

වෘත්තය - යාගී. තුන්වන පාදයෙහි ‘ම’ අක්ෂෝරය දීර්ඝශයක් සේ උච්චාරණය කළ යුතුයි.

618. ස්වස්ති

බෙයන්ද් නැගි එ ම කී කත තමා හය් එයි1 ගිය හොත් සිහිගිරි මත ත නො ගන්නි සිත (සි)හිගිරි

අන්වය :- බෙයන්ද් නැගි එ ම කී කත තමා හය් එයි යි සිහිගිි මත ගිය හොත්, සිහිගිරි ත සිත නො ගන්නි.

අර්ථය :- යහපතක් වේව!

පර්වයත පාර්ශ්වයට නැගියා වූ ඒ මා කී කාන්තාව තමා සමග එනු ඇතැයි2 (සිතා) සිහිගිරිය මුදුනට ගිය හොත්, සිහිගිරිය තගේ සිත නො ගන්නේය.

1. මෙහි දීර්ඝ් ඉස්පිල්ලක් ඇතැයි ඇනුමාන කරනු ලැබේ.

2. එයි + යි = එයී.

විස්තර :- කාලය - 9වෙනි ශතවර්ෂායේ මුල් භාගය.

වෘත්තය - කව්ගී. දෙවැනි පාදයෙහි අවසාන අක්ෂයරය දීර්ඝයක් සේ ගත යුතුය.

619. අ(ත) දළලමලුත ගෙ සෙ(න)ලුහු ගී.

බල අ ගිරි වෙත යෙමො එක දෙ සිතු බෙලමෙන බෙයදහි රනවනු එ නොකළවනග නො බණනනො.

සීගිරි ගී 309

අන්වය :- අ! බල ගිරි වෙත යෙමො. බෙලමෙන එක දෙ සිතු බෙයදහි රන්වනු එ නාකළවන් අග නොබ‍ණනතො.

අර්ථය : අතදළල - මල (නමැත්තාගේ) වංශයෙහිවු සෙනෙල (නමැත්තාගේ) ගීයයි.

හා! (ඔවුන්) බලා පර්විතය (කරා) යමු. (ඔවුන්) බැලීමෙන් එක දෙයක්1 (පමණක්) සිතන ලද්දේය. බෙයදෙහි රන්වන් (තැනැත්තියෝ) එය නාක‍ළවුන් මෙන්2 නො බණන්නේ ය.

1. එක දෙ 2. අග - (සං. අග) අගක් - ආකාරයක්. සි. ල . 81 පද්ය)ය (සන්නය ) අගින් කව්සි. 88 පද්ය ය.

විස්තර :- කාලය - 8 වෙනි ශතවර්ෂ ය. වෘත්තය - උමතුගී. දෙවැනි පාදයෙහි අවසාන අක්ෂයරය හෝ ‘දෙ’ අක්ෂ රයක් සේ ගත යුතුයි.

620. මහවල්හි දළමෙය්සුර කලු ගෙ වසන කිම්බුලා ‍1 ගී. බණවත් නො මෙ බණයු වී අන්න හය් ගිරියක් කරය් සස් ගිය රජ එකල් මෙ රන්වනුන් රන් වත්.

අන්වය :- එකල් මෙ රන්වන් රන්වනුන් කරයි, ‘බණවත් අන්න හය් ගිරියක් නො මෙ බණයු’ වි සස් කරය්, රජ ගිය.

අර්ථය :- මහවල් (නම් ස්ථානයෙහි ) දළමෙය් - සුර (නම්) කාන්තාවගේ ගෘහයෙහි වසන කිමබුල (නමැත්ත‍ාගේ) ගීයයි.

එකල මේ වනයට පැමිණි2 රන්වනුන් කරවා, ‘බැණවු කළ ද අනුන් හා වචනයක්3 නොම බෙණෙවු’ (යි) කියා දිවුරුම්4 කරවා. රජතුමා ගියේය.

1. ‘කිම්බුල්’ හෝ ‘කිමබුල’ යන ප්රිකෘති රූප යෙන් තනා ගත් සම්බන්ධක විභක්තියයි.




310 සීගිරි ගී


2. රන් වන් - අරණ්යෝයට පැමිණි; රන් = අරණ්ය , සිදත. 104.

3. ගිරියක් - සං. ගිර්.

4. සස් කරය් - ‘දිවුරුමක් කරවා’; සස් = සං. සත්යස, පා. සච්ච; ධර්ම,ප්රස. 144

විස්තර :- කාලය - 8වෙනි ශතවර්ෂ්යේ අවසාන භාගය හෝ 9වෙනි ශතවර්ෂ යේ මුල් භාගය .

වෘත්තය - දුවඟගී. තුන්වන පාදය ‘එ’ අක්ෂෝර යෙන් කෙළවර වන සේ ගෙන එය දීර්ඝයක් සේ සැලකිය යුතුයි. සතර වන පාදයෙහි ‘මෙ’ අක්ෂාරය ද දිර්ඝ යක් සේ උච්චාරණය කළ යුතුයි.

621. මේ ගීය ලියා ඇති අක්ෂ’ර බෙහෝ සෙයින් මැකී ගොස් ඇත. අවශිෂ්ටව ඇති අක්ෂයර පරීක්ෂාත කරන කල පෙනී යනුයේ නො. 231 (i) ගීයම මෙහි ද ලියා ඇති බවය. පසු කී ගීය අග්බො - ඇදුර් නමැත්තකු විසින් ලියන ලද්දේය. නො. 621 වැනි ගීය ‘මහලෙ සිවලු ගී’ යනු විසින් ආරම්භ කර ඇත. ‘මහ ලේකම් සිවල නැමැත්තාගේ ගීයයි යනු එහි අර්ථමයි.

මේ වැදගත් පුද්ගලයන් දෙදෙනා අතුරින් කාව්ය චෞරයා කවරේදැයි හඳුනා ගැනීම දුෂ්කර කාර්යකයකි. අක්ෂයර තත්ත්වහය සැලකීමට ගත් කල මෙහි කාලය 9වෙනි ශතවර්ෂ්යේ මුල භාගය වශයෙන් තීරණය කළ හැකිය.

622. ස්වස්ති (ද)ළ(මෙ)යිමි ලීමි.

(ඔ)යුන සිවි එ ම (දෙ)සෙ සිතෙ වි කෙසෙ ද (ම)න් න නැත (ම)න් නැත්තෙයින් (මෙ)හි අව දිගැස්(ස)න් ම දෙසෙ සි(වි)




සීගිරි ගී 311

අන්වය :- “ඔයුත එ සිවිම දෙසෙ” “මන් නැත ත සිතෙ කෙසෙ වි ද?” “මෙහි අව, මන් නැත්තෙයින් දිගස්සන් ම දෙසෙ සිවි.”

අර්ථය :- යහපතක් වේවා!

දළමෙයි (නැමැත්තා) වෙමි. (මෙය) ලිමි.

“ඔවුන්ගේ ඒ සිනාව මා දෙසෙහි (වෙයි).” “අහංකාරයක් නොමැති නම්, (මේ අදහස) තගේ සිතෙහි කෙසේ (නම්) වී ද?” “(මෙහි) ආ විට, (මා කෙරෙහි) අහංකාරය නොමැති මෙයින් දිගැසියෝ මා දෙස සිනාසුනහ.”1

1. දිගැස්සන් සිවි - ‘සිවි’ යනු නාමපදයක් හෝ ක්රි”යාපදයක් වශයෙන් හෝ ගත හැකිය. එය ක්‍රියාපදයක් වශයෙන් ගත හොත් වාක්යගය කර්මකකාරක ව තැනූ සේ සැලකිය. යුතුය.

විස්තර :- කාලය - 8වෙනි ශතවර්ෂ යේ අවසාන භාගය හෝ 9වෙනි හතවර්ෂ යේ මුල් භාගය ‍විය හැකිය.

වෘත්තය - සතරවැනි පාදයෙහි ‘සෙ’ අක්ෂඅරය දීර්ඝයක් සේ ගත හොත් යාගී විරිත ලැබේ.

6‍23. ස්වස්ති මහවල් දළමෙසරා ගී.

විසබ කුමට් (ද උ)න් මහනෙල්වනුන් සිටි වන් කියව ආ සැ(න)සෙන්නක් නො කි(ය)ව නොසැ(න)සෙන්නක්

අන්වය :- උන් විසබ කුමට් ද? මහනෙල්වනුන් සිටි වන්! ආ! සැනසෙන්නක් කියව. නොසැනසෙන්නක් නො කියව





312 සීගිරි ගී

අර්ථය :- යහපතක් වේවා!

මහවල් (නම් සථානයෙන් පැමිණි) දළමෙසර (නමැත්තාගේ) ගීයයි.

ඔවුන්ගේ විශ්වසනීයභාවය1 කුමට ද? මහනෙල්වන් (තැනැත්තියන්) සිටි ආකාරය! හා! සැනසෙන යමක් ‍කියව. නොසානසෙන යමක් නො කියව2.

1. විසබ. 2. මහනෙල්වනුනේගේ විහ්වාසය දිනා ගැනීමෙන් මේ රචකයා තෘප්තියට පත් නො වූ බව මෙයින් කියවෙයි.

විස්තර :- කාලය - 8වෙනි ශතවර්ෂ යේ අවසාන භාගය හෝ 9වෙනි ශතවර්ෂ යේ මුල් භාගය ‍විය හැකිය.

වෘත්තය - යාගී

624. අම්බ්ගම්කුළි බුජනා (බුද)ස්මි ලීතිමි.

බෙයන්ද් නැ‍ඟී බැලුමො රන්වනුන් රජහස් නො මෙ බෙණෙත් අන්න හය් ගලැ කළ තද් ළ ඇත්තෙන් සෙය්.

අන්වය :- බෙයන්ද් නැගී රන්වනුන් බැලුමො ගලැ කළ තද් ළ ඇත්තන් සෙය් අන්න හය් අජහස් නො මෙ බෙණෙත්

අර්ථ ය :- අම්බිගම්කුළි (නම් ප්රමදෙශය) පාලනය කරන1 බුදස් (නමැත්තා) වෙමි (මෙය) ලීමි.

බෙයදට නැගී රන්වනුන් බැලුවෙමු ගලින් කළා වූ තද සිත් ඇත්තන් සෙයින් (ඔවුහු) අනුන් සමග (තම) අදහස්2 නො ම කියත්

1. බුජනා - සං √ භුජ්; බුදිනා නොහොත් භූක්ති විඳිනා යනු සාමාන්යැ අර්ථලයයි. ‘පාලනය කරන’ යන අර්ථූ ද ඉන් ලැබේ.

2. අජහස් - සං. අධ්යාාශය.



සීගිරි ගී 313

විස්තර :- කාලය - 8වෙනි ශතවර්ෂයයේ අවසාන භාගය හෝ 9වෙනි ශතවර්ෂ යේ මුල් භාගය විය හැකිය.

වෘත්ත - බමරගී. පළමුවන පාදය ‘බැලුමො’ යන්නෙහි ‘ලු’ අක්ෂතරයෙන් කෙළවර වන සේ ද, එහි ‘මො’ අක්ෂතරය දීර්ඝළයක් සේ ද ගත යුත්තේය.

625. ශ්රිද

වුයු ජ හොතින කසුබ කලී (මෙ)හි යහපතබවින් එලී මෙහි රිසිසෙයිනි ලයු ගලී විසි සෙ දිගෙසි කසුබ කලී

අන්වය :- කසුබ කලී වුයු ජ හොතින, කසුබ කලී දිගෙසි, මෙහි යහපතබවින එලී, ලයු මෙහි රිසිසෙයිනි ගලී ‍විසි සෙ.

අර්ථය :- ශ්රී .

(ඇය) කසුබ් (රජුගේ) කාලයට1 (අයත්) වුව හොත් (ඒ) කසුබ් (රජුගේ) ප්රි්යාදර2 දිගැසිය, මෙහි යහපත්භාවය (නිසා) ඇලී3 සැබවින්ම4 මෙහි රිසි පරිදි ගලෙහි (ඇය) විසූ බඳුය.

1. කලී - සං. කාල. 2. කලී - සං. කල්යා . 3. එලී - ‘ඵල’ ධාතුයි; සං. ආ + √ ලි; ව. සිං. එල්ලන, එල්ලෙන 4. ලයු

විස්තර :- කාලය - 8වෙනි ශතවර්ෂූය

වෘත්තය - උවදැ (උපජාති) නම් විරිතින් බැඳි එළිසම සිවුපදයකි.




314 සීගිරි ගී

626. ස්වස්ති තලබොලය මි(හින්ද්)ලමලුන් පුත් අබොයි ද(ළ)මෙයිමි මයි ගී.

මහනෙල්වනින් එ ක දටය මෙ‍ මෙ හෙළිල්ලබු යෙ තොප මෙනෙහි පුලුද් මෙ නෙ වි යි අ(ග)න නො කා කොට් දිට

අන්වය :- ‘මහනෙල්වනින්! එ දටය ක මෙ හෙළිල්ලබු මෙ යෙ?’ “ ‘මෙ පුලුද් නෙ වි’ යි තොප මෙනෙහි අඟන කා කොට් ‍නො දිට?”

අර්ථය :- යහපතක් වේවා!

තලබොය (නම් ස්ථානයෙහි වයූ) මිහින්දටල - මල් (නමැත්තාගේ) පුත් ‍අබොයි දළමෙයි (නමැත්තා) වෙමි. (මේ මගේ) ගීයයි.

‘මහනෙල්වන් (තැනැත්තියෙනි)! ඔහු (තොප) දැක1 කවර (තැනැත්තිය) මේ රූමතිය මැයි කියයි ද?’ “ ‘මො (මට) ඇලී2 (සිටන්නී) නො වේ’ යි (යනු විසින්) තොප සිත්හි ගැහැණිය කවර අයුරින්3 නො දක්නා ලද ද?”

1. දටය - සං දෘෂෙට; දුටු කල අසම්භාවන ක්රිියායි. 2. පුලුද් - සං. ප්රුලුබ්ධ 3. කා කොට් - ‘කවරකු කර’ යන අර්ථබයි.

විස්තර :- ගීයෙහි පළමුවන කොටස කතුන් අමතා රචිතය. ඔවුන්ට රූමතියන් යයි කීම අපහසු බව ඉන් පැවසෙයි. දෙවැනි කොටස කතුන්ගෙන් ඊට ලැබුණ පිළිතුරයි. කතුන්ගේ ආලය දිනා ගැනීමට නොහැකි වූ විට නින්දා සහගත වන කීම මිනිසුන්ගේ සිරිත බව ඔවුන්ගේ ප්ර කාශයයි.

කාලය - 9වෙනි ශතවර්ෂියේ මුල් භාගය. වෘත්තය - යාගී.





සීගිරි ගී 315


627. මහපටන්ජූයෙ තාල්මි මෙ කවු ගෙයිමි මෙ ගිය ‍ලීමි.

අබොය් නිරින්ද් පිරිවර් ඔබට් නැගි විලසා අමයරස වැම්හෙන මජවිත් කලණ්බසා අප දියහිමියා සිරිපිඬ මගුල් වෙ යසා ලිව(ය්) මෙසෙය් මෙරකි කිවය් වා දහසා

අන්වය :- අබොය්නිරින්ද් පිරිවර් ඔබට් නැගි විලසා! අමයරස වැම්හෙන මජවිත් කලණ්බසා, සිරිපිඩ් අප දියහිමියා යසා, මෙසේ මෙරක් ලිවය්ෟ, වා දහසා කිවය් මගුල් වෙ.

අර්ථය :- මහපටන් (නම්) දූපතෙන් (පැමිණි) නාල් (නමැත්තා) වෙමි. මේ කව (ගැයීමි) කීමි. මේ ගීය ලීමි.

‍අබොය් නිරිඳුගේ පිරිවර එතැනට1 නැගි ආකාරය! අමාරාස වැස්සෙන2 මිදියුෂ3 කොප්පයක්4 (බඳු) කල්යාිණ වචනයෙන් (යුතු) සිරිපිඬුවක්5 (බඳු) අප ලොකස්වාමියාගේ6 කීර්තිය මෙසේ මහමෙර (පමණ උසට) ලියුව ද, අවුරුදු දහසක්7 කියුව ද, මඬගලයක්(ම) වන්නේය.

1. ඔබට් 2. වැම්හෙන - සං. ව්යකව + √ සද්; ධර්මඋප්රය. 81, 210, 220; අමා. 158 3. මජ - සං. මද්යව, පා මජ්ජ. 4. විත් = පා. විත්ථ්, ධ. අ. ගැ. 181 5. සං. ශ්රීස - පිණ්ඩ; සිරි - පිඩ් 6. දිය - හිමියා; සං. ජගත් - ස්වාමින්. 7. වා - දහසා. වා = සං. වර්ෂ >පා. වස්ස >වස >*වහ >වා. දාහසා = සං. සහස්රි.





316 සීගිරි ගී

ශෙෂ නම් නාගරාජයාට මුව දහසක් ඇතැයි පුරාණ කථාවන්හි සඳහන් වන හෙයින් මෙහි අර්ථපය එම අදහස අනුව ද සකස් කර ගත හැක.

විස්තර :- රජපිරිසක් සිහිගිරිය නැගිනු බලා සිටි අයකු විසින් මේ පද්ය්ය රචනා කරන ලද්දේය. අබොය් නමැති හැඳින්වෙන මේ රජතුමා නිශ්චය වශයෙන්ම හඳුනා ගත නො හැක කිසියම් අයු‍ෙරකින් හඳුනා ගැනීමට පිළිවන් වී නම් මේ පද්යමය සහ ඊට සමාන අක්ෂාරවලින් ලියැවුණු පද්යි රාශියක්ම එක්තරා කාලසීමාවකට අයත් කළ හැකි වන්නට ඉඩ තිබුණි. අභාග්යසයකට මෙන් එබඳු නිගමනයකට බැසීමට තරම් සාක්ෂි මේ පද්යසයෙහි අඩංගු ‍කරණුවලින් අවුලා ගත නො හැක.

කාලය - අක්ෂුර තත්ත්විය අනුව 9වෙනි ශත වර්ෂකයේ මුල් භාගය විය හැකියි.

වෘත්තය - නරඟරඟ නම් විරිතින් බැඳි එළිසම සිවුපදයකි.

628. (ස්වස්ති)

(නො වී) ස (න් ද්)හ(න්) ම කලු අව හින්දි්ලි වි සෙ ද හැවැ‍ෙ(ල) වහසපසිනි ම දුර යන තොප භජනෙ සිවි

අන්වය :- අව ද, ‍ම නා සන්ද්හන් වී සෙ කලු හින්දිකලි වී. වහස පසිනි හැවැලෙ. සිවී, දුර යන තොප හජනෙ.

අර්ථය :- යහපතක් වේවා!

(මා මෙහි) ආ කල ද, මා (කලින්) නො හඳුනන සෙයින්1 කාන්තාව සිටියාය. 2 (ඇගේ) මඳ සිනාව3 (නමැති) පාශායෙහි4 (මා) ඇවිලුණි 5 (ඇගේ) සිනාව දුරින් යන තොප, (ඇය කරා) අදියි.





සීගිරි ගී 317

1. නො සන්ද්හන් වී සෙ - ‘නො සදහන් වූ සෙයින්.’ 2. කලුහින්දිනලි වී - ‘කාන්තාවගේ හිඳීම විය. හින්දි්ලි = ව. සිං. ඉඳිල්ල 3. වහස - සං. වි + හාස; ධර්මහප්රද. 122; කව්සි. 98 පද්යමය. 4. පසිනි - සං. පාශ; උගුල. 5. හැවැලෙ - ‘වුල’ හෝ ‘අවුල’ ධාතුයි. සං අ + √ වල්. ව. සිං. අවුලනවා, ඇවිලෙනවා

විස්තර :- කාලය - 8වෙනි ශතවර්ෂසයේ අවසාන භාගය හෝ 9වෙනි හතවර්ෂ යේ මුල්භාගය

වෘත්තය - යොන්ගී.

629. ශ්රීය වැවකැ(ටි) මුගලනබති(මි).

රුහුණින් කෙනෙ(ක්) ආ සෙ වි කියවින සිකි අසන් මෙහි මි(න්දික)බියන් ජැහැ යත් කියත් වැරැජැ යෙ යි මසිරියො

අන්වය :- රුහුණින් කෙනෙක් ආ සෙ කියවිත වී සිකි! අසත්, මෙහි මින්‍දිබියන් ජැහැ යත්, වැරැජැ යෙ යි මසිරියො කියත්.

අර්ථය :- ශ්රී .

වැවකැටි (නම් ස්ථානයෙන් පැමිණි) මුගලන් බත (නමැත්තා) වෙමි.

රුහුණින් කෙනෙකු පැමිණි ආකාරය කියවුනේ වීය. මිතුර! අසන්න. මෙහි උඩඟු තැනැත්තියන් හැර1 (දමා) යන කල, (ඔවුන්ට) වැරදි (කර ඔහු) යන්නේ යැයි ඊර්ෂ්යා වන්තයෝ2 කියත්.






318 සීගිරි ගී

1. ජැහැ. 2. මසිරියො; මසිරි = සං මත්සරින්, පා මච්ඡරී. මසුරු, ජා. අ. ගැ. 67

විස්තර :- කතුන්ගේ ආලය දිනා ගෙන ඔවුන් පිළිබද ව තෘප්තියකට පැමිණ ආපසු යන බවක් මේ රචකයා පවසයි. ඔහුගේ අදහසට අනුව නො. 566 වැනි ගීයක් ලියනු ලබන්නේ එබඳු භාග්යේයක් නො ලද පුද්ගලයකු විසිනි.

කාලය - 8වෙනි ශතවර්ෂ යට පමණ අයත් නො. 566 වැනි ගීයට ලියූ පිළිතුරකි. එහෙත් මෙහි අක්ෂබර ඊට වඩා නූතන ස්වරූපයකින් යුක්තය.

වෘත්තයට - අවසාන අක්ෂයරය දීර්ඝ යක් සේ සැල කිය යුතුයි දුවඟගී.

630. රුහුණින් ආ රක්මි ගී .

බලයි යමින් ලියි වි තා පරද්නා වනු ඉන් යහි (ද) ‍(‍ෙ)මවැනි රුසය‍රෙන කළ වි සබා වී ඇවිත්

අන්වය :- බලයි. යමින් ලියි වි තා ඉන් ‍පරද්නා වනු. ඇවිත් කළ වි සබා වි, මෙවැනි රුසයරෙන යහි ද?

අර්ථය :- රුහුණින් පැමිණි රක් (නමැත්තා) වෙමි. (මේ මගේ) ගීයය.ි

(තා විසින් මෙය) බලා යිමින් ලියන ලද්දේ විය. තා ඉන් පැරදුනේ විය. (මෙහි) ඇවිත් (තා) කළ කී1 (දෙය) සත්යග2 වී නම්,3 මෙබඳු රූප සාගරයක්4 කෙරෙන් (තෝ කෙසේ නම්) යන්නෙහි ද?

1. වි - ‘විය’ ධාතුයි; සං . √ වද් හෝ ව්යා + ඛ්යාව. වියු, සිදත. 111. 2. සබා - ‘සබව’ සං. සද් + භාව; ධ. අ. ගැ. 88; ධර්මපප්ර4. 147





සීගිරි ගී 319

3. වි - ‘වි + යි.’ √ වෙ; සං. √ භූ. 4. රු - සයරෙන = ‘රූ - සයුරෙන.’

විස්තර :- නො. 629 වැනි ගීය බලා ඊට පිළිතුරු වශයෙන් ලියූ පද්යංයකි. ඒ තැනැත්තා රූමත් කතුන්ගේ ආලයදිනා ගත් බව සත්යේ නම්, ඔහු කෙසේ නම් ඔවුන් හැර දමා යයි ද?

කාලය - 9වෙනි ශතවර්ෂ ය වෘත්තය - යාගී.

631. තොප සිහි නො වෙ ද (දු)ට් සැන්දැට යහපත් සිත රජින්ද් පත් වී (බ)ල කියව එත නො මෙ දිට්මි අ තියා

අන්වය :- තොප සිහි නො වෙ ද, දුට් සැන්දැ් යහපත් සිත වෙමි. බල! රජින්ද් පත් වී එත නො මෙ දිට්මි. අ නිය කියව.

අර්ථය :- තොප සිහි නො වන නමුත්, දුටු කල යහපත් සිත (සහිත) වෙමි.1 බලන්න! රජතුමා පැමිණියේ වී 2 (එතුමා) එන කල නො ම දිටිමි.(එතුමා) පැමිණි ආකාරය3 කියන්න.

1. වෙමි යහපත් සිත - ‍ ‘මගේ’ සිත යහපත් වෙයි. 2. පත් වි - ‘ප්රා‍ප්ත විය.’ 3. අ නියා - ‘ආ නියාව.’

විස්තර :- කතකගේ මුවින් පිට වූ වදන් කිහිපයක අයුරින් රචනා විය. මේ ගීය රචනා කළ තැනැත්තා පැමිණි විට ‍කාන්තාවට ඔහු හඳුනාගැනීම අසීරු විය. ඔහු දුටු ඉක්බිති ඇය කෙරෙහි සොම්නස් සහගත සිතක් පහළ වන්නට විය. ඊට හේතු සෙවූ ඇයට වැටහී ගියේ ඇගේ ස්වාමියා වන රජතුමා පැමිණි බවයි. තමා රජතුමා මෙන්ම මනොඥ රූ සපුවකින් යුතු අයෙකැයි රචකයා විසින් කියා ගත් අයුරුයි.





320 සීගිරි ගී

කාලය - 8වෙනි ශතවර්ෂකයේ අවසාන භාගය හෝ 9වෙනි ශතවර්ෂුයේ මුල් භාගය.

වෘත්තය - දෙවැනි පාදයෙහි අවසාන අක්ෂයරය දීර්ඝ යක් සේ ගත හොත් යැගී විරිත ලැබේ.

632. ස්වස්ති

සිතය් පතය් අවුජු බලන්නටායුන හය් බණවත් හොත් බණතුජ් එ හිජ නොය් ද අස්වැසිලි තණාමැගිරි බුදල්මි මය් ගී.

අන්වය :- සිතය් පතය් අවුජු බලයන්නට් අයුන හය්, බණවත් හොත් බණතුජ්, එ හිද ඇස්වැසිලි නොය්. ද?

අර්ථදය:- යහපතක් වේවා!

සිතා පතා (මෙහි) අවුත් (තමන්) බලන්නට පැමිනි (තැනැත්තන්) සමඟ,1 බැණවූ කල (ඔවුන්) බෙණෙත් නම්, එම (කරුණ) හදවතට ඇස්වැසිල්ලක් නො වේ ද?2

තණාමැගිරි (නම් ස්ථානයෙන් පැමිණි) බුදල් (නමැත්තා) වෙමි. ‍(මේ) මගේ ගීයයි.

1. අවුජු බලන්නට් ආයුන හය් - ව. සිං. ඇවිත් බලන්න ආ (මිනිස්සු)

2. ‍නො - ය් =නො - යි. ‘නොය් ද’ ‍ ‘නො වේ ද’ යන අර්ථලයම දෙයි.

විස්තර :- කාලය - 8වෙනි ශතවර්ෂ්ය වෘත්තය - කව්ගී

633. (ස්වස්ති. සම්)මඬු කිම්බුලෙමි මෙ ගිය ලීමි.

බෙයන්ද් නැගී මේ කලැ කළ තජ් ළ ඇත්තයුනට කුමට දෙමො සළව(ද)න් නො ජන්මො ඇ මෙහි කරන්නක්.


සීගිරි ගී 321

අන්වය :- බෙයන්ද් නැගී මෙ ගලැ කළ තජ් ළ ඇතථයුනට කුමට සළවදන් දෙමො? ඇ මෙහි කරන්නක් නො ජන්මො

අර්ථය :- යමපතක් වේවා!

සම්මඬු කිම්බුල් (නමැත්තා) වෙමි. මේ ගීය ලීමි.

බෙයදට නැගී මේ ගලින කළාක් (මෙන්) තද සිත් ඇත්තවුන්ට කුමට ප්රාටයොගකාරි වචන1 කියමු ද? ඇය මෙහි කරන දෙය 2 නො දනිමු.

1. සළ - වදන්; සළ = ශඨ 2. කරන්නක්.

විස්තර :- මේ ගීයෙහි අවසාන වාක්යළයෙන් සිත්තම් ගත වූ ගැහැණුන්ගේ චරිතයපිළිබඳ සැක පහළ කෙරෙයි. ගී රචනා කළ අන් අය මෙන් එම ගැහැණුන් වර්ණපනා කිරීමට මේ ගීය ලියූ තැනැත්තා මන්දොත්සාහී විය. ගැහැණුන් රවටා ගැනීම සඳහා ඔවුන් ඒ වචන යෙදූ බව ඔහුගේ අදහසයි.

කාලය - 8වෙනි ශතවර්ෂ යේ අවසාන භාගය හෝ 9වෙනි ශතවර්ෂවයේ මුල් භාගය.

වෘත්තය - තුන්වන හා සතරවන පාදයන්හි ලැබෙන ‘මො’ අක්ෂතර දීර්ඝව සේ ගත හොත් දුවඟගී විරිතයි.

634. පළමු තහට් සෙ (හින්දිත) අප නො ම(ළ) හොත් (අ)තියා දැපි දොහොතින් ගත දිය නො සිකි දැනැ ‍(සො) ර(හ)ස එ නො දෙයි.

අන්වය :- ‘හින්දිස අප තහට් පළමු නො මළහොත් අතියා සෙ’ දැපි දොහොතින් දිය නො ගත සිකි රහස දැනැ සෙ එ නො දෙයි. 11




322 සීගිරි ගී

අර්ථය :- ‘(මෙහි) සිටින අප තාහට පළමුවෙන් නො මළ හොත් නොමනා සේය’ (යන සිතුවිල්ල නිසා) දර්පිත ව1 (ඕ තෙමෝ) දොහොතින් දිය නො ගත්තාය. 2 (ඇගේ) යෙහෙළිය3 (එම) රහස දැනගත් හෙයින් ඊට (අවසර) නො දෙන්නීය. 4

1. දැපි - සං. √ දෘප්; දැපී. එ. ල. 20 ‘උඩඟු වී, අහංකාර වී. රොස් වී’ යනු විසින් අරුත් පැවැසිය හැක.

2. ජිවිතය අවසන් කර ගැනීම සඳහා මෙසේ කරන බවක් මිට පෙර ගීයකින් ද දැක්විණි නො. 463 ගීය ‍බලනු.

3. සිකි.

4. නො දෙයි - ‘දෙයි’ යනු ‘ඉඩ දීම, අවසර දීම’ යන අර්ථටයෙහි ද වැටේ ව සිං. ‘යන්න දෙනවා’

විස්තර :- කාලය - 8වෙනි ශතවර්ෂරයේ අවසාන භාගය හෝ 9වෙනි ශතවර්ෂ යේ මුල් භාගය.

වෘත්තය - සතරවැනි පාදයෙහි ‍ ‘සෙ’ අක්ෂෝරය දිර්ඝශයක් සේ ගත හොත් දුඟගී විරිත ලැබේ.

635. ස්වස්ති

වී අ මා යහපත් දැකැ සිහිගිරි සිත් සෙය බෙයදහි රන්වනු පෙරෙ මෙ(න්) යහපත් ආ හින්දිේත්.

අන්වය :- සිහිගිරි සිත් සෙය දැකැ මා යහපත් වී අ. ආ! පෙරෙ මෙන් යහපත් රන්වනු බෙයදහි හින්දිරත්.

අර්ථය :- යහපතක් වේවා!

සිහිගිරිය සිත පරිදි දැක මා (කෙරෙහි) සන්තුෂ්ටියට පත් වීමට ඇති විය.1 යා! පෙර කාලයෙහි මෙන් සතුටින් යුතුව2 රන්වන් (තැනැත්තියෝ) බෙයදෙහි හිඳිත්.



සීගිරි ගී 323

1. ‘මට සතුට ආයේය’ යන අර්ථයයයි. 2. යහපත්.

විස්තර :- මේ ගීය ලියූ තැනැත්තා සිහිගිරියට පැමිණි හෙයින් කාන්තාවෝ සතුටට පත් වූහ. ‘පෙර කල මෙන්’ යනුවෙන් අදහස් කළේ කාශ්ය ප රජතුමා ජිවත්ව සිටි සමයයි. කතුන්ට සතුට ගෙන දීමේ දී රචකයා ‍රජතුමා බඳු වූ බව මෙයින් වටහා ගත හැකි අදහසයි.

කාලය - 9වෙනි ශතවර්ෂටයේ මුල් භාගය වෘත්තය - කව්ගී.

636. (ස්ව)ස්ති රුහුණවැසි වි(ජු)රලබතිමි ලීමි.

කිම ල(ද) බස වි‍ තොප මෙ බෙයන්ද් ඇවි(ද්) අසදුන් ‍අද (මෙ)හි රිසි වී බැලුමෝ නො බි(ණු ද) වී (තුට්) සිත.

අන්වය : ‘තොප මෙ බෙයන්ද් ඇවිද් අසුදුන් බස කිම ලද වි?’ ‘මෙහි අද රිසි වී බැලුමො, නො බිණු ද, සිත තුට් වී’

අර්ථය :- යහපතක් වේවා!

රුහුණෙහි වැසියකු වු විජුරලබත (නමැත්තා) වෙමි. (මෙය) ලීමි.

‘තොප මේ බෙයදට අවුත් අශ්රතද්ධාවන්ත (තැනැත්තියන්ගේ) බස කිම - ලද්දේ වී ද?’ ‘මෙහි අවුත්1 (ඔවුන් කෙරෙහි) රුචිය (ඇති) වී (ඔවුන්) බැලුවෙමු. (ඔවුන්) නො බිණුව ද, (අප) සිත තුටු වීය.’

1. අද.

විස්තර :- කාලය - 8වෙනි හෝ 9 වෙනි ශතවර්ෂතය. වෘත්තය - යාගී.




324 සීගිරි ගී

637. ස්වස්ති සිවලු ගී

කිසි ඇති නො හෙ සන්ද්හ(න්) බැලු වි ද (ග)ල (මා) විසු නෙවෙසුන නො හී බල බලමින් සිටි ත (හ)ජවත.

අන්වය :- ත බලමින් සිටි මා ගජවත විසූ නෙවෙසුන බල නො හී. ගල බැලු වී ද ඇති කිසි සන්ද්හන් නො හෙ.

අර්ථය :- යහපතක් වේවා!

සිවල (නමැත්තාගේ) ගීයයි.

තී බලමින් සිටි මා (තී විසින්) අදනා ලබනු කල්හි (තී) විසු නිවෙස (මට) බැලිය නො හැකි විය. පර්ව තය බැලුයේ වුව ද (එහි) තිබුණු කිසිවක් (මට) සඳහන් නො වෙයි.1

1. නො හෙ - ‘හෙ’ යනු ආඛ්යා ත රූපයකි. වීමක් හඳුන්වන ‘වෙ’ (සං √ භූ) ධාතුවෙන් නිපන් ආඛ්යා ත රූප හා සසඳන්න. හින්දිි භාෂාවෙහි ‘හේ’ යනුවෙන් ද මීට සමාන ආඛ්යායතයක් ලැබේ.

විස්තර :- කාලය - 8වෙනි ශතවර්ෂ යේ අවසාන භාගය වෘත්තය - පළමුවන පාදයෙහි ‘හෙ’ අක්ෂඅරය දීර්ඝ්යක් සේ ගත හොත් යාගී විරිත ලැබේ.

638. තමා කෙළියෙක මෙහි විසි නො මො මුළු වියි ගල පැළැදෙසෙන (ආ) කළ මය් ක කළ තයි ගැති කරවුයෙ.

අන්වය :- ‘මො ගල මුළු වියි තමා කෙළියෙක මෙහි විසි නො?’ ‘මය් පැළැදෙසන ආ කළ.’ ‘තයි කළ?’ ‘ගැති කරවයෙ’




සීගිරි ගී 325


අර්ථය :- ‘මැය පර්වතතයෙහි මුල්ලකට වී තමාගේ (රති) ක්රීදඩාවක් (සඳහා) මෙහි1 සිටියේ නො වේ ද?’ ‘මම පිටුපස (දොරින්)2 ආ (තැනැත්තකු) කරනු ලැබුවෙමි.’ ‘තෝ කවරකු කරනු ලැබුවෙහි?’ ‘(මම) ගැතියකු3 (වහලකු) කරනු ලැබුවෙමි.’

1. මෙහි විසි නො? - මෙහි විසුයේ නො වේ ද? 2. පැළැ - දෙසෙන - පිටුපසින්; ව. සිං. පස්සා දොරින්; පැළ, පැළැ = සං. ප්රනතීක්ෂර; ක ශෙ. XII. 60 3. පා. සන්තක; සි. ල. 200 ප; අමා 17; ධප්රු 105

විස්තර :- දෙදෙනෙකු අතර ඇති වූ සංවාදයක අයුරින් රචනා වීය.

කාලය - 8වෙනි ශතවර්ෂුයේ අවසාන භාගය හෝ 9වෙනි ශතවර්ෂතයේ මුල් භාගය

වෘත්තය - දෙවැනි පැදයෙහි ‘මො’ අක්ෂ9රය දීර්ඝයක් සේ ගත හොත් යාගී විරිත ලැබේ.

639. බ(ල)ත ‍(නෙ)ත සි(ත ග)ත මා (සිහිගි)රි (සිරි) බරින් තොප දුට් මෙහි (බෙය)න්ද් නැ(ගැ) අවුදින් මා (සි)ත් (වි) ම(ත්)

අන්වය :- මා සිහිගිරි බලත සිරිබරින් නෙත සිත ගත. මෙහි බෙයන්ද් නැගැ ඇවුදින් තොප දුට් මා සිත් මත් වි.

අර්ථය :- ම‍ා සිහිගිරිය බලන කල්හි (එහි) ශ්රි භාරය නිසා (එය) මා නෙත් සිත් (පැහැර) ගති මෙහි බෙයද නැග අවුත් තොප දුටු (ඉක්බිති) මගේ සිත මත් වීය.

විස්තර :- කාලය - 9වෙනි ශතවර්ෂුය. වෘත්තය - යාගී.




326 සීගිරි ගී

640. (ස්වස්ති) මිහි(න්දු)ල් ඇපැ(ණ)න් ගී.

සිතින්ද් නො(ව)නෙක් අළ හසුන් දී එ රන්වනු ‍(යෙ)හෙළි බල නුහුනින් ඇති අග්වනො සිත් ත(ද) බ(ව)

අන්වය :- සිතින්ද් නො‍වනෙක් අළ හසුන් දී එ රන්වනු යෙහෙළි බල සිත් ඇති තද බව නුයුනින් අග්වනො.

අර්ථය :- යහපතක් වේවා!

මිහින්දබල් (නම්) ඈපාණන්ගේ ගීයයි.

(ඔවුන්ගේ) ස්නේහය නොලැබූ අයකු1 විසින් එවූ2 හසුන් (පත) දී ඒ රන්වන් (තැනැත්තියෝ) යෙහෙලිය ‍(දෙස) බලා (ඔවුන්ගේ) සිත්හි ඇති තද ගතිය නෙත්වලින් අඟවන්නාහු3ය.

1. සිනින්ද් නො‍වනෙක් - සිනින්ද් = සං. ස්නිග්ධ; සිනිඳු ධර්ම.ප්රන. 39.

2. අළ - ‘අර’ ධාතුයි; සං √ ශෘ; ධ. අ. ගැ. 283.

3. අඝ්වනො - ‘අග’ හෝ ‘හග’ ධාතුයි; සං සම් + √ ග්රනහ්; හගම් = පා. මඤෙඤ, ධ. අ. ගැ. 32

විස්තර :- කාලය - 8වෙනි ශතවර්ෂුයේ ‍අවසාන භාගය හෝ 9 වෙනි ශතවර්ෂවයේ මුල් භාගය

වෘත්තය - දෙවැනි පාදයෙහි ‘එ’ අක්ෂ.රය සහ සතරවැනි පාදයෙහි ‘නො’ අක්ෂවරය ද දීර්ඝ සේ ගත හොත් යාගී විරිතයි.

641. ස්වස්ති .....................

මිනිස් බැණැ ලත මො නො ලී වි ද තද් කොට (සිත) බෙයද හිද රන්වන ල(ද) නො හෙ ද ජෙනෙ අද බල යෙති. අන්වය :- මිනිස් බැණැ ලත මො සිත තද් කොට නො ලී වී ද? බෙයද හිදි රන්වන ලද ‍නො හෙද ජෙනෙ අද බල යෙති. සීගිරි ගී 327

අර්ථය :- යහපතක් වේවා!

මිනිසුන් කථා ‍කරන කල, මැය සිත තද කොට ලා (සිටියේ) නො වේ ද? බෙයදෙහි සිටි රන්වන් (තැනැත්තිය) ලද නො හැකි වුව ද ජනයා අවුත් (ඇය) බලා යති.

විස්තර :- කාලය - 8 හෝ 9වෙනි ශතවර්ෂවය වෘත්තය - පළමු‍වැනි පාදයෙහි ‘මො’ අක්ෂරරය දීර්ඝයක් සේ ගත ‍හොත් යාගී විරිතයි.

642. ස්වස්ති

(ගල්) තෙලෙහි ඇන්දි. මෙය හජ(නා නුයුන්) කො(ට) මන නො බැ(ණැ සි)ටී ජන ද මා සිත ඇදි වි (ගත්) තෙන් මල් වි(ජුර) ලබතිමි ලීමි.

අන්වය :- යහපතක් වේවා!

(අයකුගේ) නෙත් ආකර්ෂේණය කරනු සඳහා ගල්තෙලෙහි අඳිනු ලැබූ මැය (තම) සිත්හි (ඇති අදහස් ) නො කිය සිටින (බව මා විසින්) දන්නා ලද නමුත්, (ඇය) මල් ගෙන සිටි හෙයින් ‍මගේ සිත (ඇය කෙරෙහි) ඇදුනේ වීය.

විඡුරලබන (නමැත්තා ) වෙමි (මෙය) ලීමි

විස්තර :- කාලය - 8 හෝ 9වෙනි ශතවර්ෂිය.

වෘත්තය - යාගී.







328 සීගිරි ගී

643. ස්වස්තු ශ්රී. දිවැඬම උපතිස්හු ගී.

දහග කා කියු වී වී ජු (ආ)යුයුන් නමි(න) යන ම අත් වන ලද කිම (තො)ප සිහිගිරි බැලු ද හින්ද් (නා)

අන්වය :- ‘ ‘දහග’! නමින ‘ආයුයුන්’ වී ජු, කා කියු වී?” “සිහිගිරි හින්ද්නා තොප, යන ම බැලු ද, අත්වන ලද කිම?”

අර්ථය :- යහපතක් වේවා!

දීවැඬම උපතිස් (නමැත්තාගේ) ගීයයි.

“ ‘(ඔවුන්) අත්හරිවු!’ නාම මාත්ර්යෙන් පමණක් ‘ආ තැනැත්තන්’ වුව ද, කවරකු (විසින් මෙය) කියන ලද්දේ වී ද?!” “සීගිරියෙහි හිඳින තොප (දෙස) යන්නාවූ මා (විසින්) බලන ලද්දේ (වුව) ද (මට එයින්) අත් වන ල්දදේ1 කුමක් ද2?”

1. අත්වන ලද - ‘අත් වූයේ’

2. මේ ගීයෙහි ප්ර ථමාර්ධ ය කතක විසින් කියන ලද්දකි. කතුන්ගේ ප්රදසාදය දිනා ගැනීමට යමක් නො කළ, එහෙත් ඔවුන් අත්හැර දැමිය යුතුයයි කී ආගන්තුකයකුට ඕතොමෝ බැණවදින්නීය. ගීයෙහි දෙවැනි කොටසින් ඊට පිළිතුරු දී ඇත. කතුන් බැලීම සඳහා දුර බැහැර සිට පැමිණ කවර ප්රවයෝජනයක් ඔහුට ලැබුණේ දැ යි ඔහු අසයි.

විස්තර :- කාලය - 8වෙනි ශතවර්ෂණය වෘත්තය - දුවඟගී.

644. වස තිදස දැකැ ආ ළන්දේ පවෙ (ක)ළෙන ගල්තල් ගමන ඇළ වැ සළඟ තොප සැනැ‍හනි මගක් වූ මෙ(න්)

අන්වය :- නිදස දැකැ ආ ළන්ද‍ පවෙ වස කළෙන, සුළග ඇළ වැ සැනැහනි තොප ගල්තල් ගමන මගක් වූ මෙන්.



සීගිරි ගී 329

අර්ථය :- තිදාස (පුරය)1 බලා පැමිණි ගැහැණිය පර්වසතයෙහි වාසය කළාක් මෙන්, සුළඟට2 ඇළ වී3 අදර සහිත ව තොප ගල්තලයෙහි (යන්තා වූ) ගමන මාර්ග යක (යන්නා) වු (ගමනක්) මෙනි.

1. දෙව්ලොව

2. සුළඟ - සං චලත් + ග: සුළග, ධ , අ , ගැ 200. සුළග්, සුළගැ, සුළැගෙ , යනු විසින් ද යෙදී ඇත.

          3.      ඇළ වැ - සං. අව + √ ලී; බු. ස.  91.

විස්තර :- කාලය - 8වෙනි ශතවර්ෂ ය වෘත්තය - යාගී.

645. මෙස ගල කා කී ගිරිබිත පිය දිවි ම(ත) දැකැ දැකැ ම කී කතුන මෙ කි අනත ව(ල)කන (මෙන)

අන්වය :- ‘ගිරිබිත පිය මෙසා ගල මත දිවී ‍කා කී?’ ‘කතුන දැකැ දැකැ ම කී . අනත වලකන මෙන මෙකී!’

අර්ථය :- ‘පර්ව ත භිත්තිය හැර දමා1 (ඔහු) මෙබඳු කල මත දවි (යි) කා විසින් කියන ලද ද?’

‘කතුන් දැක දැක මවිසින් (එය) කියන ලදී. (කතුන් බැලීමෙන්) අනුන් වැලකිම සඳහා2 මෙය කියන ලදී’.

1. පිය - සං. ප්රත + √ හා, පා. පහීයති; පියත්, ධ අ. ගැ. 147.

2. වලකන මෙන වලක - සං. වි + ලඞඝ්; ව. සිං. වලකනවා.

විස්තර :- කාලය - 8වෙනි ශතවර්ෂ යේ අවසාන භාගය හෝ 9වෙනි ශතවර්ෂ යේ මුල් භාගය.

වෘත්තය - යාගී



330 සීගිර ගී

646. ස්වස්ති .......... ආ සලමෙයිබතිමි ලීමි.

(මු)ළා නො වී කෙසෙයි බලමහ අපි මෙ සෙල නැගි ආ මෙහි කෙනෙක් තුට් වී ද ඇති සෙයි (මෙ)හි අස අ(සයි)

අන්වය :- ‍ ‘මෙ සෙල නැගි අපි මුළා නො වී කෙසෙයි බලමහ?’ ‘මෙහි ඇති සෙයි අස අසයි මෙහි ආ කෙනෙක් තුට් වී ද?’

අර්ථය :- යහපතක් වේවා!

................... පැමිණි සලමෙයිබත (නමැත්තා) වෙමි. ‍(මෙය) ලීමි.

‘මේ පර්ව.තයට නැංගාවූ අපි, මුළා නො වී (එය) කෙසේ බලමු ද?’ ‘මෙහි ඇති තතු1 අස අසා2 මෙහි ආ කෙනෙක් තුටු වී ද?’

1. ඇති සෙයි - විද්යාපමාන ස්වභාවය. 2. අස අසයි.

විස්තර :- මේ වනාහි දෙබසකි. සිහිගිරිය බැලීමෙන් සිහි මුළාවට පත් වූබව ‍පළමුවැන්නා කියයි. සිහිගිරිය බැලූ ජනයා කියන කරුණු සැලකීමට ගත් කල, එය බැලීමෙන් කවර සතුටක් ඇති වේ දැයි දෙවැන්නා ප්රකශ්න කරයි.

කාලය - 8 හෝ 9වෙනි ශතවර්ෂටය

වෘත්තය - යාගී.

647. නුයුරා ගී.

සි(ටි) සලගෙ ලබු තී නිහි සින වත ද තද (සිත) වජන(ක්) නැ‍ත්තෙය් අපට ඇවිද් යන්න(මො) අස(දින්)

අන්වය :- සලගෙ ලබු සිටි තී නිහි සින වත ද, සිත තද අපට වජනක් නැත්තෙය්. අසදින්! ඇවිද් යන්නමො. සීගිරි ගී 331

අර්ථය :- නුයුර (නමැත්තා‍ගේ) ගීයයි.

පර්වරතාග්ර1යෙහි එල්බී1 සිටි තී සෙමින්2 සිනා වුව ද (තිගේ) සිත තද (වන්නේය) (තිගෙන්) අපට බසක් නොමැත අශ්ර දධාවත් තැනැත්තියෙනි! (අපි මෙහි) අවුත් (ආපසු) යන්නෙමු.

1. ලබු. 2. නිහි - සං. ස්නිග්ධ; නිහිය, මු. දා. 156 පද්යපය

විස්තර :- කාලය - 8වෙනි ශතවර්ෂ ය හො 9වෙනි ශත වර්ෂමයේ මුල්භාගය. වෘත්තය - යාගී.

648. ස්වස්ති

දසන් මුතුපල වන් දිගැසැ සැනැහින් බැල්මෙන් හෙළි(ල්ලම්බු) සැබැවින් කා මනතළා පිරිවි නො ද

අන්වය :- මුතුපල වන් දසන් හෙළිල්ලම්බු දිගැසැ සැනැහින් බැල්මෙන් කා මනතළා සැබැවින් පිරිවී නො ද?

අර්ථය :- යහපතක් වේවා!

මුතුපල බඳු දත් (පෙළින් යුතු ) රූමතිය දිගු ඇසින් (යෙමු කළ) අදර සහිත බැලුමින් කව‍රකුගේ මනස (නමැති) තඬගය1 සැබවින්ම පුරවා (ලූයේ2) නො වේ ද?

1. මන - තළා. 2. පිරිවී - ව. සිං. පිරිවි; ‘පුර’ ධිතුයි; සං √ පූර්; පුරත, කව්සි 63 පද්යපය.

විස්තර :- කාලය - 8වෙනි ශතවර්ෂතයේ අවසාන භාගය. වෘත්තය - යාගී.





332 සීගිරි ගී

649. මොළො(කතින්) ගෙනැ (ම)ල් (බ)ලය් මෙ බෙ(ය)න්දීහි (හින්දිෂ) මිලැස්සන් සිහිගිරි අ‍වෙ කිම ‍ද නො ලදින් තා

අන්වය :- මෙළොක් අතින් මල් ගෙනැ මෙ බෙයන්ද හි බලය් හින්දිර සිහිගිරි මිලැස්සන් නො ලදින් තා අවෙ කිම ද?

අර්ථය :- මොළොක් අතින් මග් රැගෙන මෙ බෙයදෙහි බලා සිටි1 සිහිගිරි මියුලැසියන් නො ලැබ තා (ආපසු) පැමිණියේ මන්ද?

1. බලය් හින්දිත - ව. සිං. ‘බලා ඉන්නවා’ යන්න හා සසඳනු.

විස්තර :- කාලය - 9වෙනි ශතවර්ෂේය වෘත්තය - කව් ගී.

650. දි (ගැස්) මල් අතැ (ගත්) බල(මින්) කෙසෙ මින්දිැබි කී ඇවිද් මෙ හින්දින ලී බෙයන්ද් බලනෙය් රිසි කොට් තමා .......................... වැසි කසුබ්හිමියන් ගේ මිහින්ද්මි මෙ ගි ලිමි

අන්වය :- අතැ මල් ගත් දිගැස් බලමින් කෙසෙ මින්දිගබි කී? මෙ ඇවිද් බෙයන්ද් හින්දි. ලී තමා රිසි කොට් බලනෙය්.

අර්ථය :- අතින් මල් ගත් දිගැසිය බලමින් (ඇය) කෙසේ (නම්) ද්රෝ හී තැනැත්තියකැයි කියන ලද ද? මෙහි අවුත් බෙයදෙහි හයිඳි කාන්තාව තම රිසි පරිදි බැලිය යුතුය.1

1. බලනෙය් - ‘බලන්නේය’ ‘බල’ ධතුයි; සං. √ හල්, ප්රාප. භාලඉ; බලන, සැල. ස. 11


විස්තර :- කාලය - 9වෙනි ශතවර්ෂෙය. වෘත්තය - යාගී.




සීගිරි ගී 333

651. ළ කා නො ද තෙක් වි අ අ කා මුළා නො කෙරෙත් (ද) බෙයන්ද්හි රන්වනු කිප් (සෙ) නො (මෙ) දුන් බස(ක්) කුම් සෙයි.

අන්වය :- කා ළ තෙත් වි නො අ ද? අ කා මුළා නො කෙරෙත් ද? බෙයන්ද්හි රන්වනු කිපි සෙ. බසක් නො මෙ දුන්. කුම් සෙයි?

අර්ථය :- කවරකුගේ ළය තෙත් වී නො ආයේ ද1? (මෙහි) ආ කවරකු (ඔවුහු) මුළා නො කෙරෙත් ද? බෙයදෙහි රන්වනුන් කිපියාක් බඳුය. (ඔවුන් විසින්) බසක් නො ම දෙත ලද්දේය. කවර හෙයින් ද?

1. ‘අනුකම්පා සහගත සිතින් නො පැමිණියේ ද?’ යන අර්ථියයි. ‘ළ තෙත් වි නො අ ද’ යනු ව. සිං ‘පපුව තෙත් වෙලා නාවා ද’ යනු හා සසඳනු.

විස්තර :- කාලය - 9වෙනි ශතවර්ෂ යේ මුල් භාගය. වෘත්තය - යාගී

652. ස්වස්ති

පාඬිරජුන් දාශඅධිරකාරි නක්මාඩම්බියා ලියූ කවි.

යජත් සෙමෙන් තිදස්පුර උසුලය් සිහිගිරි ගිරිරජ් අයසින් ඉති රිජිනි ජොය් තිවී ගිගිරි.

අන්වය :- ගජත්, සිහිගිරි සෙමෙන් තිදැස්පුර උසුලය්, ‘ගිරිරජ්! ඉති අයසින් රිජිනි ජො4’ ය් ගිගිරි තිවී.

අර්ථය :- යහපතක් වේවා!

පාඬි රජුගේ දාසයන්හට අධිකාරි වූ නක්කමෘඩම්බි (නමැත්තා) ලියූ කවියයි. (මෙරු පර්වසතය) ආයාචනා කරන කල්හි, (ඊට එකඟවූ) සිහිගිරිය සෙමෙන් තිදසපුරය උසුලා (සිට ගෙන)



334 සීගිරි ගී

‘පර්වසත රාජයාණනි! මෙබඳු1 ආයාසයකින් රිදුනේ2 දෝ’යි (අසා) (මෙරු පර්වපතයාගේ) හැඬුම්3 නැවැත් වීය.4

1. ඉති - සං. ඉත්ථ3මි; සිදත, 39. 2. සං √ රුජ්; රෙජෙයි, ධ. අ. ගැ. 162. 3. ගිගිරි - ‘ගුගුර’ ධාතුයි; අමා 143; ධර්ම.ප්ර. .248 සං √ ගර්ජ්. 4. නිවී - නිව, නිවය්, නිවය ඈ විසින් ද යෙදී ඇත. සං. නිර් + √ වා; නිවිහි, ධ. අ. ගැ. 22; ව. සිං. නිවතවා

විස්තර :- දෙව්ලොව පිහිටියේ මහමෙරු පර්වගතය මුදුනෙහිය. පර්වවතරාජයා විසින් එය උසුලා සිටිනු ලැබේය යනු කවි සමයයි. මෙබඳු බරක් දරා ගෙන සිටීමෙන් වෙහෙසෙට පත් වූ මෙරු පර්වසත රාජයා, සිහිගිරි පර්වසතයෙන් ආධාර ආයාචනා කරයි. ඒ සඳහා වහා ඉදිරිපත් වන සිහිගිරිය එම බර සිය හිසින් දරමින් සිටි ගෙන එබඳු ආයාසයක් නිසා බොහෝ වේදනාවන් වී දැයි මෙරූ පර්වඑත රාජයාගෙන් ප්රබශ්න කළ හෙයින් මෙරු පර්වදතය පැවැත්වු - ගිගුරුම් නැවතෙයි. මහාමෙරුවට වඩා සිහිගිරිය උත්තරීය බව වක්රොගක්නියකින් පැවසූ පරිදියි.

කාලය - 8වෙනි ශතවර්ෂ යේ අවසාන භාගය හෝ 9වෙනි ශතවර්ෂියේ මුල් භාගය.

වෘත්තය - කව්ගී.

653. ස්වස්ති.

බලත් මට් රිසි වියි මොයුන් සිත් (දැ)ඩි වී ඇති ගිරිබිත්හි රන්වනු ගිරිහිසින් (හෙ)න්නයුන් වැන්නො.

(මිහින්දරල්බතිමි ලීමි.)






සීගිරි ගී 335

අන්වය :- සිත් දැඩි වී ඇති මොයුන් බලත්, මට් රිසි වියි ගිරිබිත්හි රන්වනු ගිරිහිසිනි හෙන්නයුන් වැන්නො.

අරර්ථිය :- යහපතක් වේවා!

සිත් දැ‍ඩි වී ඇති මොවුන් (මෙ කතුන්) බලත කල, මට (ඔවුන් පිළිබඳ) ආශාව ඇති වීය. පර්ව ත බිත්තියෙහි සිටින රන්වන් (තැනැත්තියන්) ගිරිහිසින් පනිනවුන් වැන්න.

මිහින්දිල්බත (නමැත්තා) වෙමි. (මෙය) ලීමි.

විස්තර :- කාලය - 9වෙනි ශතවර්ෂිය වෘත්තය - යාගී.

654. ස්වස්ති

මහනෙල්වනක් ‍හින්දිල දිටියෙන් ගල් ඇවිද් මත රතතැ (මහ) නෙල් මල් ගත් (බෙයන්දමහි රැන්දිව වි) සිත් මය්.

අන්වය :- ගල් මත ඇවිද්, හින්දිය, රතතැ මහනෙල් මල් ගත් මහනෙල්වනක් දිටියෙන්, මය් සිත් බෙයන්ද.හි රැන්දින වි.

අර්ථය :- යහපතක් වේවා!

ගල මුදුනට අවුත්, (එහි) සිටි, රතු අතෙහි මහනෙල් මලක් ගත් මහනෙල් වන් (තැනැත්තියක) දුටු හෙයින් මගේ සිත බෙයදෙහි රැඳුනේ වීය.

විස්තර :- කාලය - 9වෙනි ශතවර්ෂයය වෘත්තය - යාගී.

655. බෙයන්ද් හින්දිත මිලැ(සි) වී දුට් නොජත්තන් සෙය් රතත් (නි)ලුපුල් ම(ල් ග)ත් (වී)යින් අපට් තොස් දිනි

අන්වය :- දුට් වී, නොජත්තන් සෙය් බෙයන්ද් හින්දි මිලැසි රතත් නිලුපුල ‍මල් ගත් වීයින් අපට් තොස් දිනි.



336 සීගිරි ගී

අර්ථය :- (අප) දුටුව ද, (අප) නොදතුවන් සෙයින් බෙය දෙහි සිටි මියුලැසිය රතු අතින් නිලුපුල් මල්ගත් හෙයින් අපට සන්තොෂය දුන්නාය.

විස්තර :- කාලය - 9වෙනි ශතවර්ෂයය. වෘත්තය - යාගී.

656. බෙයන්ද් නැගී මෙ (ක)ත් සි(ටි) වි (ද නො) මෙ බැණැ (බසක්) (දිග්) ඇසින් (ම)න්ද් බැල්මෙන් (ම සි)ත් (පෙ)ලෙබූ (ආ මෙහි)

අන්වය :- බෙයන්ද් නැගී බසක් නො මෙ බැණැ මෙ කන් සිටි වි ද, මෙහි ආ ම සිත්, දිග් ඇසින් මන්ද් බැල්මෙන් පෙලෙබූ.

අර්ථය:- පර්ව ත පාර්ශ්වයට නැගී වචනයක්නො ම කථා කරමින් මේ කාන්තාව සිටි‍යේ වුව ද මෙහි පැමිණි මා සිත් (ඕ තොමෝ) දිගු ඇසින් (යොමු කළ) මඳ බැලුමින් පෙලඹුවාය.

විස්තර :- කාලය - 8වෙනි ශතවර්ෂ්යේඅවසාන භාගය හෝ 9 වෙනි ශතවර්ෂමයේ මුල් භාගය. වෘත්තය - යාගී.

657. ස්වස්ති ....................

(නො මෙ බිණි) රස වදන් සනා නැතැ යි මෙවනක සිතුහු ජු ‍එසෙ වී තම නැත්තෙන් තා කිසෙ පෙලෙබු.

අන්වය :- ‘තම ‍එසෙ වී නැත්තෙන් ජු රස වදන් නො මෙ බිණි මෙවනක සනා නැත’ යි සිතුහු තා කිසෙ පෙලෙබූ?

අර්ථය :- යහපතක් වේවා!

තී එසේ නොවුව ද “(ඕතොමෝ) රස බස් නො ම බිණුවාය. මෙබඳු තැනැත්තියක කෙරෙහි ස්නේහයක් නැත්තේය” යි සිතූ පුද්ගලයෝ, තී ‍විසින් ‍කෙසේ නම් පොලඹවනු ලැබූහු ද?



සීගිරි ගී 337

විස්තර :- මේ ගැහැණිය කෙරෙහි රස බස් හා ස්නේහය නොමැත්තේය යි සමහරුන් විසින් ඇය පිළිබඳ ව නැගූ ඒ චොදනාව අසත්යසයකි. ‘තම එසේ වී නැත්තේන’ යනු කීයේ එහෙයිනි. එම චොදනාව ඔවුන් කරා නැඟූ පුද්ගලයෝ ද මේ ගැහැණිය විසින් පොලඹවනු ලැබූහ. ‍ඒ කෙසේ ද?

කාලය - 8 වෙනි ශතවර්ෂණයේ අවසාන භාගය හෝ 9වෙනි ශතවර්ෂයයේ මුල් භාගය.

වෘත්තය - කව්ගී.

658. මහමිණිවියෙන් ආ සලමෙය් දෙවමි (මෙ ගිය ලීමි)

මෙ(යට් නැගි) මි(නිසුන්) බොහොයින් සන්ද්හන් නැති යි කී කා එ දන නො කෙරෙ ද මෙනෙ මය් හිමබුන් කෙරෙය්

අන්වය :- ‘මෙයට් නැගි මිනිසුන් බොහොයින සන්ද්හන් නැති’යි කා කී? හිමබුන් එ දන නො කෙරෙ ද, මය් කෙරෙය් මෙන

අර්ථය :- මහමිණිවිය (නම් ස්ථානයෙන් පැමිණි) සලමෙය් ‍දෙව (නමැත්තා) වෙමි. මේ ගීය ලීමි.

‘මෙයට නැංගා වූ මිනිසුන් බොහෝ වන නිසා. (කතුන්ට ඔවුන් ගැන) සඳහනක් නොමැත’යි කා විසින් කියන ලද ද? කතුන් (විසින්) එම ජනයා (සිහි) නො කරනු ලැබන නමුත්, (ඔවුන්) මා සිහි කරති යි හගිමි.

විස්තර :- කාලය - 8වෙනි ‍ශතවර්ෂලයේ අවසාන භාගය හෝ 9වෙනි ශතවර්ෂ යේ මුල් භාගය . වෘත්තය - යාගී.





338 සීගිරි ගී

659. මට හො අත දි යමිනි මනා කොට් ගිය හැක්කැජ් ම අස්වමැසී බෙයන්ද් (හි) න්දි් මහනෙල් අති(න් ග)ත්තී. ශ්රී් හ(ෂී) - දෙවැමි.

අන්වය :- බොයන්ද් හින්දික මහනෙල් අතින් ගත්තී හො, මනා කොට් ගිය හැක්කැජ්, මට අත දි යමිනි ම ඇස්වැසී

අර්ථය :- බෙයදෙහි සිටි, මහනෙල් අතින් ගත් ඕතොමෝ, (තමටහ) මනා ලෙස (ඇවිද) ගිය හැකි නමුත්. 1 මට (තම) අත දී යමින් මා අස්වැසුවාය.2

ශ්රීය හර්ෂත - දෙව (නමැත්තා) වෙමි.

1. ගිය හැක්කැ - ජ්. 2. සං. ආ + √ ශ්වස්; අස්වසනට, ධර්මඅප්රය 283; අස්වැසී, මු.දා . 96. ප.

විස්තර :- කාලය - 8 වෙනි ශතවර්ෂසයේ අවසාන භාගය හෝ 9වෙනි ශතවර්ෂ්යේ මුල් භාගය.

වෘත්තය - යාගී.

60. (ස්වස්ති)

(නැ)ගී ආවෙන් කිම ලද වි ද සිහිගිරි මො සිටි දුට්(මො) ඇ(වි)ද් දි(ගැ)ස්සන් මෙ (හි) න්දි( තොස් වී (මත මා)

අන්වය :- ‘සිහිගිරි සිටි මො, නැගී අ‍ාවෙන් කිම ලද වි ද?’ ‘හින්දිම මෙ දිගැස්සන් ඇවිද් දුට්මො. මා මන තොස් වී.’

අර්ථය :- යහපතක් වේවා!

‘සිහිගිරියෙහි සිටි මැය, ( තා මෙහි) නැග ආ කල කිමෙක්ද - ලද්දේ වී ද?

‘(මෙහි) සිටි දිගැසියන් (මෙහි) අවුත් දුටිමු. (එහෙයින්) මගේ සත තොස් විය.’ සීගිරි ගී 339

විස්තර :- කාලය - 8 හෝ 9වෙනි ශතවර්ෂතය. වෘත්තය - යාගී.

661. i නෙගි කා ගල මෙහි (කළ) නො ද ගෙති බෙලමෙන කත මො බලන අත බලත මෙ තෙගී බලා නො හී අපි යමො බෙලිමු නෙගී සිත සෙය අප බල (ග)ත හෙයිනි යමො මෙහි මෙකතුන ගෙති වි ගතනා සෙ(ය සි)ත නො ලදමො

ii. ගල මත නෙගී කත (සිටි) බව තමන අසමින රතතිනි මල ගෙන. (සිටින මෙහි) රනවන බල(නෙ) නෙගී.

අන්වය :-

i. ‘මො කත මෙහි ගල නෙගි කා බෙලමෙන ගෙති නො කළ ද? මෙ නෙගී බලන අත බත බලා නො ගී ‍අපි යමො?’ ‘නෙගී සිත සෙය බෙලිමු. අප බල ගත හෙයිනි ‍යමො. මෙහි මෙ කතුන ගෙති සෙය ගතනා වී සිත නො ලද‍ මො.’

ii. ගල මත නෙගී කත සිටි බව තමන් අසමින, රතතිනි මල ගෙන මෙහි සිටින රනවන නෙගී බලනෙ.

අර්ථය :-

i. ‘මේ කාන්තාව මේ පර්ව තයට නැංගාවූ කවරුක (තම) බැලුමින් (තම) ගැති (බවට පත්) නො කළා ද? මෙයට නැගී, (අප) බලන දෙසම, (ඇය ද) බලන හෙයින් (ඇය) බලා ගත නො හැකි ව අපි යමු.’ ‘(පර්වනතයට) නැගී (ඇය) සිත් සේ බැලීමු. බලාගත් හෙයින් අපි යමු (එහෙත්) මෙහි (සිටින) මේ කතුන් ගේ ගැත්තන් බඳු වි (එසේ) ගිණිනු ලැබීමට සිත් නො ලදිමු.’



340 සීගිරි ගී

ii. පර්වීතය මුදුනට නැගී, (මෙහි) කාන්තාව සිටින බව තමා විසින්ම අසමින්, රතු අතින් මල් ගෙන මෙහි සිටින රන්වන් (තැනැත්තිය) (හෙතෙම) නැගී බලන්නේය.

විස්තර :- කාලය - 8වෙනි ශතවර්ෂනයේ මුල් භාගය. වෘත්තය - i කුසුම්සිරිඟර නම් විරිතින් බැඳි සිවුපදයකි ii යාගී.

622. ස්වස්ති

(ර)ත් අතිනි මල් ගෙ(නැ) හෙළිල්ලම්බු සිටි ම(න) මය් පිරිබුන් මන්ද් (බැ)වින් සිහිගිරි (නැ)ගියෙ මත මි(නිසන).

අන්වය :- රත් අතිනි මල් ගෙනැ සිටි හෙළිල්ලම්බු මය් මන පිරිබුන් මන්ද) බැවින් මිනිසන සිහිගිරි මත නැගියෙ.

අර්ථය :- යහපතක් වේවා!

රතු අතින් මල් ගෙන සිටි රූමතිය මා සිත කඩ කළා මඳ බැවින් මිනිස්සු සිහිගිරිය මුදුනට නැගියා හුය.

විස්තර :- සිහිගිරියට පැමිණි අන් දනන්ගේ හදවත් ද රූමතිය විසින් කඩ කළ බවක් මින් අදහස් වෙයි.

කාලය - 8 හෝ 9වෙනි ශතවර්ෂේය. වෘත්තය - යාගී.

663. ස්වස්ති (මි)හින්ද් මෙ ගී.

කතක් (ම) ජන කෙරෙන් ඇජැ (ගත් වී) බෙයන්ද් (හි) බලය් අවන් දැකැ සිත සැ(න)සිහි ද තී ගල හිජ

අන්වය :- බෙයන්ද්හි කතක් ජන කෙරෙන් ඇජැ ම ගත් වී. ‘තී ගල හිජ අවන් දැකැ බලය් සිත සැනැසිනි ද?’



සීගිරි ගී 341 අර්ථය :- යහපතක් වේවා!

මිහින්ද් (නමැත්තා) මෙය ගැයී.

බෙයදෙහි කාන්තාවක් ජනයා කෙරෙන් ඇද මා (පැහැර) ගත්තාය. 1

‘ඔබ පර්ව්තයෙහි හිඳ ගෙන2 (මෙහි) ආ තැනැනත්තන් දැක බලා සිත් සැනසූවෙහි ද?

1. ගත් වී - ගත්තේ වීය. 2. හිජ - හිඳි, හිද යනු විසින් ද යෙදෙයි. සං √ සද්, සීදති; පා සීදති.

විස්තර :- ගීයෙහි පළමුවන කොටසින් කාන්තාව සදහන් වූයේ ප්රාථම පුරුෂයෙනි දෙවැනි කොටසින් කාන්තාව අමතා කථා කරනු ලැබේ.

කාලය - 8 හෝ 9වෙනි ශතවර්ෂලය. වෘත්තය - කව්ගී.

664 (අ)යුත් (බෙ)යන්ද්හි යෙත් බ(ලය් ර)න්වන් රිසි සෙය් ගියහු නවතා බැලුයු ජු යෙන්නො ‍නැත්තන් විළි ජැහැ

අන්වය :- බෙයන්ද්හි අයුත් රන්වන් රිසි සෙය් බලය් යෙත්. බැලුයු ජු නවතා ගියහු විළි නැත්තන් ජැහැ යෙන්නො.

අර්ථය :- පර්වයත පරාශ්වයට අවුත් රන්වන් (තැනැත්තිය) රිසි පරිදි බලා (ඔවුහු) යති. (ඇය දෙස) බැලුයේ වී නමුත් (ඇය එතැනම) නමතා (ඔවුහු) ගියාහුය ලජ්ජා නැති (තැනැත්තියන්) හැර දමා (ඔවුහු) යන්නෝය.

විස්තර :- කාන්තාවන් බැලීමට සිහිගිරියට ආගන්තුකයන් පැමිණියේ ඔවුන් බිරියන් වශයෙන් පාවා ගැනීමට සුදුසු දැයි දැනගනු පිණිසය. එහි පැමණි සෑම දෙනාම කතුන් බලා සිස් අතින් ආපසු යන බවක් පෙනේ. බිරියන් වශයෙන් ‍ඔවුන් පාවා





342 සීගිරි ගී

ගැනීමට ආගන්තුයන් මැළි වන බව ඉන් පැහැදිලි වෙයි. ඊට හේතුව වශයෙන් දක්වා ඇත්තේ ඔවුන් කෙරෙහි හිරි ඔතප් නැති වීමයි. පිරිමි ඔවුන් දෙස බලන කල ලජ්ජා සහගත ව මුහුණ අන් පැත්තකට හරවා ගැනීමක් ඔවුන් කෙරෙහි දක්නා නො ලැබේ. ලජ්ජාශීලි ස්ත්රිැයක කෙරෙහි එබඳු ගතිගුණයක් ඇති බව අන් අයුරින් කියූ පරිදිය. ‘බලය්’ ‘බැලූ’ යනුවෙන් ගීයෙහි යෙදී ඇති වචන දෙක්හිම විශෙෂාර්ථමයක් ගැබ් වී ඇත. ‘බලන්න යනවා’ යනු ‍ෙමකල වූව ද, මනාලියන් බැලීමට යාමේ දී ව්යඇවහාරයේ පවත්නා කියුමකි.

කාලය - 9වෙනි ශතවර්ෂේය. වෘත්තය - යාගී

665. ස්වස්ති (ජි)විතොටවැසි (දළ)නාමි.

හින්දිර සෙය් බෙයන්දත තොප දැකැ නැගී (මෙහි රිසි සෙය්) තුට් වී ම සිත තොප මෙහි සිටියෙන් අතින් මල් ගෙනැ

අන්වය :- මෙහි රිසි සෙය් නැගී තොප බෙයන්දන හින්දි) සෙය් දැකැ, අතින් මල් ගෙනැ තොප මෙහි සිටියෙන් ම සිත තුට් වී.

අර්ථ ය :- යහපතක් වේවා!

ජිවිතොට (නම් ස්ථානයෙහි) වැසියකු වූ දළනා (නමැත්තා) වෙමි.

මෙහි රිසි පරිදි නැගී, තොප බෙයදෙහි හිඳි ආකාරය දැක, අතින් මල් ගෙන තොප මෙහි සිටි හෙයින් මාගේ සිත තුටු වීය.

විස්තර :- කාලය - 8වෙනි ශතවර්ෂියේ ‍අවසාන භාගය හෝ 9වෙනි ශතවර්ෂ යේ මුල් භාගය. වෘත්තය - යාගී.




සීගිරි ගී 343

666. ස්වස්ති බිජෙර්වතුකුළියැ සෙල බොය් (මෙ) ගී.

(ඇජැ තබ)ය් බෙයන්ද්හි (රන්)වන් පිළිබිබ් ඇත්නි (හැ)ජවෙය් මෙ(සෙය්) සිත සිරිබර්නි පෙවෙහි කා අවද්.

අන්වය :- බෙයන්දනහි රන්වන් පිළිබිබ් ඇජැ තබය් ඇත්නි, කා අව -ද් පෙවෙහි සිරිබර්නි ‍මෙසෙය් සිත හැජවෙය්.

අර්ථය :- යහපතක් වේවා!

බිජෙර්වතුකුළි (නම් ස්ථානයෙන් පැමිණි ) සෙල බෙය් (නමැත්තාගේ) මේ ගීයයි.

බෙයදෙහි රන්වනුන්ගේ පිළිබිඹු1 ඇඳ තබා ඇති හෙයින්, 2 කවරකු ආයේ වුව ද, 3 පර්ව1තයෙහි සිරිබරින් මෙසේ (ඔහුගේ ) සිත අදිනු ලැබෙයි.

1. රන්වන් පිළිබිබි - තත් පුරුෂ සමාසයකි.

2. ඇත්නි - ‘ඇත්’ හෝ ‘ඇති’ යන්නෙහි කරණ විභක්ති රූපයයි.

3. අව - ද් - ‘අව’ යනු අසම්භාවන ක්රිනයායි. ‘ද්’ යනු නිපාතයකි.

විස්තර :- කාලය - 8වෙනි ශතවර්ෂකයේ අවසාන භාගය හෝ 9වෙනි ශතවර්ෂවයේ මුල් භාගය.

වෘත්තය - යාගී.

667. ස්වස්ති සිරිසි(ග්බො අ)බා මහරජ් උදා කී වදන් මසිව් ගෙන ඇවි(ද් මෙ ගිය) ලී ‍(වෙ)

රන්වනු ගිරිබිතැ (වී ගැ)ති තමා ලී නො රිසි ද දත බ(ල) යත් සෙ එකින් සකැ රතු උපුලැති පැලැන්දි).

අන්වය :- ‘ගිරි බිතැ රන්වනු ගැති වී, තමා ලී නො රිසි ද? සකැ රතු උපුල් පැලැන්දිප ඇති එකින් දන බල යත් සෙ.’


344 සීගිර ගී

අර්ථය :- යහපතක් වේවා!

සිරිසග්බො අබා (නම් විරුද නම් ලත්) උදා (නම්) මහරජ කී වදන් ගෙන අවුත් මසිව්1 (නමැත්තා විසින්) මේ ගීය ලියන ලද්දේය.

‘පර්ව්ත භිත්තියෙහි (සිටි) රන්වන් (තැනැත්තියට) ගැති වූයේ2, තම අඹුව නො රිසි (හෙයින්) ද? ශිඛාවෙහි3 රතු උපුල් පළදා අති තැනැත්තිය කෙරෙන් ජනයා4 බලා(ගෙන) යන්නාහුය.’

1. ‘ම සිව්’ යනුවෙන් පද බෙදීම කළ හොත් ‘සිව් (නමැති) මා විසින්’ යනුවෙන් අරුත් කිව යුතුය.

2. වී - ‘විහි’ යන්නෙහි පසුකාලීන රූපයක් සේ සලකන ලදී ‘වූ’ (වී‍ෙමහි) ධාතුයි මධ්යනම පුරුෂ, එක වචන, අතීතාඛ්යාැතයි.

3. සකැ - සං. ශිඛා; ‘සක - පතරින්’ (සීගිරි ගී. 685 ප)

4. දන - ප්රහථමා විභක්ති බහු වචනයි.

විස්තර  :- මකුටයෙහි රතු උපුල් පැළඳ සිටින ස්ත්රි ය බැහැර කළ යුතුය යන අදහසක් මෙහි ගැබ් වී ඇත එවැනි විශ්වාසයක් පිළිබඳ මතිමාත්රෂයක් ඉන්දියානු හෝ ලාංකික සාහිත්යියෙහි සමු වී නොමැත. සිත්තම් ගත වූ ගැහැණුන් කරා ඇදී යාම වැළැක්වීම සඳහා මේ ගීය රචනා වීය. පාඨකයට සිය අඹුව සිහි කරවීම මෙහි පළමුවැනි කොටසින් කෙරෙන කර්යණයයි. මේ කතුන්ගේ අමනොඥ ස්වභාවය නිසා ජනයා ඔවුන් හා සම්බන්ධයයක් ඇති කර නො ගෙන ඔවුන් කෙරෙත් පලා යන බව එයිනික්බිති ව පළ කෙරන අදහසයි.






සීගිරි ගී 345

කාලය - පසු කාලයෙහි කළ කුරුටුගෑම් නිසා මෙහි අක්ෂෙර බොහෝ සෙයින් මැකී ඇත මෙහි සදහන් සිරිසග්බො අබා නම් විරුද නාමය ලැබූ උදා නම් මහ රජ I වන උදය (ක්රිය. ව. 787 – 792) විය හැකියයි අනුවාන කළ යුතුය.

වෘත්තය - තුන්වන පද්යමයෙහි ‘සෙ’ අක්ෂරය දීර්ඝ.යක් සේ ගත හොත් යාගී‍ි විරිතයි.

668. ...............................

අසය් මෙය් අයුතින් සිත් තොස් නො වී (ම) සිටියෙ (බෙ)ය (න්ද් )මෙ නො (දි)ටි (වී)යෙන් නො වෙ නොලද්(දෙන්) බසක්. ...........................

අන්වය :- මෙය් අසය් අයුතින් සිත් තොස් නො වී (ම) සි‍ටියෙ, මෙ බෙයන්ද් නොදිටි වියෙන නො වෙ බසක් නොලද්දෙන්.

අර්ථය :- මෙය (ගැන ) අසා අවුත් සිත් සතුටු නො වි මා සිටියේ බෙයද නො දුටු හෙයින් නො ව (තොපගෙන්) බසක් නො ලද (හෙයිනි)

විස්තර :- කාලය - 9වෙනි ශතවර්ෂ ය. වෘත්තය - යාගී සතරවැනි පාදයෙහි ‘වෙ’ අක්ෂහරය දීර්ඝ යක් සේ සැලකිය යුතුය.

669. ස්වස්ති ................... මෙ ගී.

මෙහි හි(න්දි.) හෙළිල්ල(ම්බු) ත කී සෙ(ය්) වෙ(න්න)ක් නො (වෙ) (ග)ත නො වී (ද) මො මල් අතින් මෙ(බ)න්දුත දුට් (සැ)න්දැද තුට් (සිත)

අන්වය :- මෙහි හින්දි. හෙළිල්ලම්බු ත කී සෙය් වෙන්නක් නො වෙ. මො අතින් මල් ගත නො වී ද, මෙබන්දු. දුට් සැන්දැී සිත තුට්



346 සීගිර ගී

අර්ථය :- යහපතක් වේවා!

..................... මේ ගීයයි.

මෙහි හිඳි රූමතිය තා කී පරිදි (වූ) තැනාත්තියක නො වේ. මැය අතින් මල් නො ගත් නමුත් මෙබඳු (තැනැත්තියක) දුටු කල සිත තුටු (වෙයි)

විස්තර :-කාලය - 8 හෝ 9 වෙනි ශතවෂර්‍ ය

             වෘත්තය	- යාගී	


670. මෙ දි(ගැස්සන්) තමන් නොලදින් ගල අවුද් නැගැ නො වී මෙහි ඇති සන්ද්හන් යෙත් දනො ගලින් බ(සි)මි(න්)

අන්වය :- ගලැ නැගැ අවුත් තමන් මෙ දිගැස්සන් නොලදින් මෙහි ඇති සන්ද්හන් නො වී ගලින් බසිමින් දනො යෙත්.

අර්ථය :- පර්වමතය නැග අවුත් තමන් විසින්ම මේ දිගැසිය්න (දිනා ගනු) නො ලැබූ හෙයින්1 මෙහි ඇති (කිසිවක් ‍පිළිබඳ ව) සඳහනක් නො වී2 පර්වනතයෙන් බසිමින් ජනයා යති.

1. නො ලදින් - ලබා නො ගත් හෙයින් 2. සන්ද්හන් නො වී - අමතක වී, සිහි නො වී.

විස්තර :- කතුන් දිනා ගැනීම අපහසු බව දැනගත් විට, අවට ඇති ශොභාව හෝ දැකුම්කලු දේ පිළිබඳ ව කිසිම සඳහනක් නොමැති ව ජනයා ආපසු යන බව කියන ලදී.

කාලය - 8වෙනි ශතවර්ෂගයේ අවසාන භාගය. වෘත්තය - යාගී.

671. ස්වස්ති (මිහිදල්)මි ලීමි.

අරන් අමි කී එඩි (ඔ)ද වැඩි වී තය් දෙඩි මුත් (සැ)න්දැ( ආ මෙහි රන්වනුන් දැ(කැ සනා බස) නො වි තය්.


සීගිරි ගී 347

අන්වය :- ‘අරන් අමි’ එඩි කී. ඔද වැඩි වි තය් දෙඩි මුත්, රන්වනුන් දැකැ තය් මෙහි ආ සැන්දැඩ සනා බස නො වි.

අර්ථය :- යහපතක් වේවා!

මිහිදල් (නමැත්තා) වෙමි. (මෙය) ලීමි.

‘වනයට ආවෙමි’ (යනු කියා තගේ) දර්ප)ය1 ප්ර්කාශ කරන ලද්දේය. ඔද වැඩි වී නො දෙඩූ2 නමුත් රන්වනුන් දැක තා මෙහි ආ සඳ (තා කෙරෙහි) අදර බසක් නො වීය.

1. එඩි - සං ඍද්ධි. 2. දෙඩි - සං √ ධෘෂ්, ධෘෂ්ට; ව. සිං. දොඩනවා; දොඩව්, ගු. කා. 362 ප.

විස්තර :- කාලය - වෙනි ශතවර්ෂ යේ අවසාන භාගය හෝ 9වෙනි ශතවර්ෂලයේ මුල් භාගය. වෘත්තය - යාගී

672. (ස්වස්ති)

මෙ කී වි තා රන්වන ගෙහිනි ලී ලැබ බැලැමට පසසන මිනිස ගෙහිනින ගත වි ගිනි තැපලයි උසුලා නො

අන්වය :- බැලැමට රන්වන ගෙහිනි ලී ලැබ තා මෙ කි වි. ‘ගෙහිනින පසසන මිනිස ගිනි තැපලයි උසුල ගත වි නො?’

අර්ථසය :- යහපතක් වේවා!

බලා සිටීම සඳහා1 රන්වන් ස්ත්රී ලතාවක්2 ලැබ ගෙන තා විසින් මෙය කියන ලද්දේ වී: ‘ගැහැණුන් (ගැන) ප්රාශංසා (මුඛයෙන් කථා කරන ) මිනිසා - ගින්න තැප ගෙන3 (නැවත එය) උසුලා4 ගත්තේ වී නො වේ ද?’



348 සීගිරි ගී

1. බැලැමට - බැලුමට

2. ගෙහිනි ලී

3. තැපලයි - √ තපි; සං √ තප්. තප්නා, සිඛ. වි. 11; ව. සිං. තපිනවා.

4. ‘උසුල’ ධාතුයි; සං උද් + √ ශ්ලිෂ්; උසුලනෙම්, ධ. අ. ගැ. 98, උසුලා, කව්සි . 205. ප.

විස්තර :- කාලය - 8වෙනි ශතවර්ෂඋය වෘත්තය - දුවඟගී.

673. (පි)රිහස් (‍ෙ)කළෙමි හිමි මළ තද්ළඇත්තාහට් (ගල) තද් ළ වන සෙය් කෙළෙ මෙළෙ කෙසෙය් පි(ය) තාහට්

අන්වය :- තද් ළ ඇත්තාහට් හිමි මළ පිරිහස් කෙළෙමි, ළ තද් ගල වන සෙය් කෙළෙ තාහට් කෙසෙය් මෙළෙ?

අර්ථය :- තද සිත ඇත්තිය නිසා හිමියා මළ (බව කියා) පරිහාස1 කෙළෙමි2 (තිගේ) ළය තද ගලක් වන සේ (ඔහු) කළේය. (තිගේ) ප්රිකයයා තී නිසා කෙසේ (නම් ) මළේ (ද)?

1. පිරිහස් - සං. පරිහාස; කවටකම, විහිළුව; පිරිහසනා ධ. අ. ගැ. 274.

2. අමතනු ලබන කාන්තාව ගැන කියන ලදී.

විස්තර :- කාලය - 9වෙනි ශතවර්ෂහය වෘත්තය - යාගී.

674. ස්වස්ති.

තමන් වි (ද) මෙහි (නැ)ගි යෙහෙන් එක්තැනැ වැසැ මො ආ වියෙනැදී ගිය ද නොපැහැදිලිනි ලෙසින් සිත් වි.


සීගිරි ගී 349

අන්වය :- තමන් මෙහි නැගි වි ද මො එක් තැනැ යෙහෙන් වැසැ ආ ඇදී ගිය වියෙන් ද, සිත් නොපැහිදිනි ලෙසින් වි.

අර්ථය :- යහපතක් වේවා!

තමන් මෙහි නැගි නමුත්, මැය එක් ස්ථානයකට සතුටින් වාසය කර (මෙහි) ආ (අයකු විසින් අදිනු ලැබ) ඇදී ගය (නිසැ) වුව ද (ඕ) සිත් නො පහන් ලෙසින් වූවාය.

විස්තර :- කාලය - 8වෙනි ශතවර්ෂැයේ ‍අවසාන භාගය හෝ 9වෙනි ශතවර්ෂ යේ මුල් භාගය වෘත්තය - කව්ගී.

675. (ස්වස්ති) ම සිත් (පි)ණි වි බලය් සිටැ සිටිගිරි බෙයන්ද්හි ‍ නො බිනි මුත් කලුන් බලය් (සිටින්නෙන් ම)න්ද්බැල්මෙන්. ගැමිණිගමු සලමෙයිමි ලීමි.

අන්වය :- සිහිගිරි බෙයන්ද් හි කලුන් නො බිණි මුත් මන්ද්බැල්මෙන් බලය් සිටින්නෙන්. බලය් සිටැ ම සිත් පිණි වි.

අර්ථය :- යහපතක් වේවා!

සිහිගිරි බෙයදෙහි කතුන් නො බිණු නමුත් මඳ බැලුමින් (මා දෙස) බලා සිටින හෙයින් (මෙය) බලා සිට මා සිත් පිනා1 (ගියේ) වී.

ගැමිණි - ගමු (නම් ස්ථානයෙන් පැමිණි) සලමෙය් (නමැත්තා) වෙමි. (මෙය) ලීමි.

1. පිණි - සං. ප්රී ණිත; පිනවන, සැල. ස. 91 ප.

          පිනා, ධර්මසප්ර‍ .302.

විස්තර :- කාලය - 9වෙනි ශතවර්ෂියේ මුල් භාගය වෘත්තය - යාගී



350 සීගිරි ගී

676. ස්වස්ති

මෙහි තුබු මෙ සිත්තම සිතු සිතු සෙය් බලය් එත බිතු තම අත ගැසු දොසින් එහි නා ලද (වි දිගැස්ස)න්

අන්වය :- මෙහි තුබූ මේ සිත්තම සිතූ සිතූ සෙය් බලය් එත, තම අත බිතු ගැසූ දොසින් එහි දිගැස්සන් නො ලද වි.

අර්ථය :- යහපතක් වේවා!

මෙහි තුබූ මේ සිත්තම (තමා) සිතූ සිතූ අයුරින් බලා එන කල්හි, තම හස්තය බිත්තියෙහි ගැසූ වරද නිසා1 එහි (සිටි) දිගැසියන් (ඔහු) නො ලද්දේ වී.

1. තම අතින් බිත්තිය පිරිමැදීමේ වරදින්.

විස්තර :- නො. 677වැනි ගීය බලන්න. එහි දැක්වූ අදහස ඊට ද වඩා කව්යොමය ස්වරූපයකින් ඉදිරිපත් කිරීමට කළ වෑයමක් මෙහි දක්නා ලැබේ.

කාලය - 8 හෝ 9වෙනි ශතවර්ෂාය වෘත්තය - යාගී.

677. (ස්වස්ති)

(ඇවිද්) මෙ බලය් යත සිත්තම සිත් ග(න්)නෙතත ‍එහි ගැසු දනන් බැස බැස අතින් මෙ නොමඩිමින් බසු.

අන්වය :- ඇවිද් මෙ බලය් බැස බැස යත, සිත්තම සිත් ගන්නෙන් දනන් එහි අත ගැසූ. අතින් මෙ නොමඬිමින් බසු.

අර්ථය :- යහපතක් වේවා!

(මෙහි) අවුත් මෙය බලා බැස බැස යන කල්හි,සිත්තම සිත් ගන්නා හෙයින්, ජනයා එහි අත ගැසුවා හුය. (තම) අතින් මෙය නො මඩිමින්1 බසින්න2


සීගිරි ගී 352

1. නො පරිමදිමින්. 2. බසු - විධි ක්රිැයායි.

විස්තර :- කාලය - 8 හෝ 9වෙනි ශතවර්ෂසය වෘත්තය - යාගී

678. ස්වස්ති ගලබොයි දෙවල්මි.

i. මෙ රන්ව(න්) මලිසිලු වි ජු අද් තබය් හිමියා කෙරෙන් සත් ජන්මයෙහිජ් ‍වියො නො වෙන්නන් වැනි වී

ii. යහපත්මි අය්හ නැත්ත්1 උකැටිලි ම (දෙ) යෙ නැත්ත් හෙය්නි අත්හෙය්නි අත් හෙයින් වනය නො දක්නෙන් මත්තෙ2

අන්වය :-

i. මල් ඉසිලු වි ජු ම රන්වන්, අද් තබය් සත් ජන්මයෙහිජ්3 හිමියා කෙරෙන් වියො නො වෙන්නන් වැනි වී.

ii. යහපත්මි. ම දෙසෙ උකැටිලි නැත් හෙය්නි අය්හ නැත්. අත් -හෙය්නි අත් හෙයින් මත්තෙ වනය නො දක්නෙන්.

අර්ථය :- යහපතක් වේවා!

ගලබොයි (නම් ස්ථානයෙන් පැමිණි) දෙවල (නමැත්තා) වෙමි.

i. මල් උසුලා ගෙන (සිටියේ) වුව ද, මේ රන්වන් (තැනැත්තිය) මෙදවස4 තබා (මතු) සත් ජන්ම යෙක්හි ද (තම) හිමියා කෙරෙන් වියෝ නොවන (තැනැත්තියක) බඳු වූවාය.




352 සීගිරි ගී

ii. මම යහපත් ව සිටිමි. මා කෙරහි උකටලී බව නැති හෙයින් (මට) අයහපතක් 5 නොමැත. ආත්ම සඩෙකාවනය6 ඇති නිසා මතු (සිදු) වන7 (යහපත) නො දක්නා හෙයින් (මෙසේ විය)

1. මෙහි අවසාන හලන්ත අක්ෂ රය ප්රාමාදයකින් ලියැවුණක් සේ සැලකිය නො හැක

2. දෙවැනි ගීය නො. 530වැනි ගීය හා සමාන කර බලන්න.

3. සත් - ජන්ම - සංස්කෘත තත්සම ශබ්දයක් යෙදී ඇති ‍අයුරු සැලකිය යුත්ොතේය. ‘(මතු) සත්ජන්මයක ද’ යනු කී හෙයින් ‘කිනම් කලක වත් (වියෝ නො වෙයි)’ යන අර්ථමය ඉන් ලැබේ.

4. අද් - තබය් - ‘අද පමණක් නො ‍ව.’

5. අය්හ - ‘අ යහ’ යන්න හා සමානාර්ථ‍වාචී පදයකි.

6. අත් - හෙය්නි - අන් තැනෙක නොදක්නා වචනයකි. ‘උකැටිලි’ නමැති මානසික ස්වභාවය පිළිබඳ කියැවී ඇති හෙයින්, ‘අත්හෙය්නි’ යනු ද එක්තරා මානසික අවසථාවක් විය හැකියි. (අත් = සං. ආත්මන්. පා. අත්තා; හෙයිනි = සං. ශ්යා.නි, √ ශ්යෛ.. √ ග්ලෛ, ග්ලානි යන්න හා සසඳනු).

අත් - හෙය්නි යන්නට ‘ආත්ම - ස‍ෙඞකාවනය, ආත්මය හැකිළවීම’ යනු විසින් අරුත් පැවැසිය යුතුයයි සලකමු.

7. වනය - ‘වන්නාවූ’ √ වූ. තොණිගල පර්වරත ලිපියෙහි ද මේ වචනය ලැබේ. (ගි. සං. III. 178). ‘වන ය’ යනු විසින් පද බෙදීම කළ



සීගිරි ගී 353

හොත් ‘වන්නාවූ යහපත’ යනුවෙන් තේරුම් කළ යුතුය. ප්රයමාදයකින් ‘හ’ අක්ෂ)රය ලිවීම අමතක වී යයි සැලකිය හැකි නම් ‘වන යහ’ යනුවෙන් ද කියවිය හැකිය.

විස්තර :- කාලය - 8වෙනි ශතවර්ෂ යේ අවසාන භාගය. වෘත්තය - i. ගාගී. ii. එළු සඳැස් ලකුණෙහි නොලැබෙන විරිතකි.

679. ස්ව(ස්ති)

නොමන්ද් නොද් සිල් ලිය පියන් එක් ජො ගිය දවස් කලක් දැන කළ වි ද හිජ මහලුකල් තපස් කළ සෙ

ලීතිමි මෙ සග්මි.

අන්වය :- ලියා සිල් නොමන්ද් නොද්? ගිය දවස් පියන් එක් ජො? මහලුකල් තපස් කළ සෙ හිජ දැන් ගලක් කළ වි ද?

අර්ථය :- යහපතක් වේවා!

ගැහැණියගේ ශීලය1 නො මඳ නො වේ ද? (යට)ගිය දවස පෙම්වතුන් (සිටියේ) එකෙක් (පමණ) ද?2 මහලු කාලයෙහි තපස් කළ සෙයින් හදවත මෙකල ගලක් ‍‍කළේ වි ද?

සග් (නමැත්තා) වෙමි. මෙය ලීමි.

1. සිල්

3. ‘එක් ජො?’ - පෙම්වතුන් ගණනාවක් සිටි බව මෙයින් හඟවන ලදී.

විස්තර :- කාලය - 8වෙනි ශතවර්ෂ්යේ අවසාන භාගය හෝ 9වෙනි ශතළුර්ෂීයේ මුල් භාගය.

වෘත්තය - යාගී.

12


354 සීගිරි ගී

680. මල්වතුකුළියැ දළමි මෙ කව මෙයට් බද්මි රවල්නි නිල්වන් පැහැපත් දපණ ජො යි බිත් (එ)ත් ද මෙය නො හී (ආ) හෙළි(ල්ල)ම්බු ලැ(සි) ග(ත්) මෙ(න්)

අන්වය :- නිල්වන් රවල්නි හෙළිල්ම්බු පැහැපෙත් දපණ ‍ජො යි බිත් එත් ද, මෙය ආ නො හී ලැසි ගත් මෙන්

අර්ථය :- මල්වතුකුළි (නම් ස්ථානයෙන් පැමිණි) දළ (නමැත්තා) වෙමි. මේ (ගැහැණිය උදෙසා )1 මේ කව රචනා ‍කළෙමි.

නිල්වන් කෙශකලාපයෙන්2 (යුතු) රූමතිය, පැහැපත් කැටපතෙක්3 දෝ හෝ යි (සිතා) බිත්තිය (කරා) එන කල ද මෙයට ආ නො හැකි ව පමා වු4 බඳුය.

1. ‘පර්වබතය අරභයා’ යනුවෙන් ද තේරුම් කළ හැකිය. 2. රවල්නි. 3. දපණ - සං . දර්පයණ 4. ලැසි ගත් - ධ. අ. ගැ. 123, පරක්කු වූ ලැසි - සං. ලාස්යන හෝ ආලස්යළ. ලැසි ගමන්, සෙමෙන් යෑම ථූ. වං. 21.

විස්තර :- කාලය - 8වෙනි ශතවර්ෂවයේ අවසාන භාගය ‍හෝ 9වෙනි ශතවර්ෂ යේ මුල් භාගය වෘත්තය - යොන් ගී.

681. ස්වස්ති මහමිපිටිවැ දළසිව (ල) මලුන් මුනුමබුරු සෙල බොයිමි මෙ දෙගිය මෙහි (ලීමි).

i. මෙනෙහි නරනින්ද් හැගි (ඔ යුන (මල)කින් ජනමින තබය ගියෙයින මා එන තක් දෙවින්ද්ගැති1 (බැ)න්දි් නො වි මා

සෙලු ගී



සිගිරි ගී 355

ii. මෙසා සිතන්නෙ වි ද විය ගැළැ දුවෙන් ඉන්දි මග ගොන රඟමි යි හග්නා මිනිසුන් ගොවුන් නො මල ලන්නේය

සෙලු (අම්බු) ගී.

අන්වය :-

i. නරනින්ද් මෙනෙහි හැගි මලකින් ජනමින මා එන තක් ඔයුන තබය ගියෙයින දෙවින්ද්ගැති මැ බැන්දින නො වි.

ii. මෙසා සිතන්නේ වි ද? විය ගැළැ දුවෙන් මග ඉන්දිෙ ගොන ‘රඟමි’ යි හග්නා මිනිසුන් ගොවුන් මල ලන්නේය් නො?

අර්ථාය :- යමපතක් වේවා

මහ - මිපිටි - වැ (නම් ස්ථානයෙහි වූ) දළ - සිවලමල් (නමැත්තාගේ ) මුනුබුරු සෙල බොයි (නමැත්තා ) වෙමි. මේ දෙගීය මෙහි ලීමි.

i. නිරිඳා (මේ කතුන්ගේ) සිත්හි (පවතින) අදහස්2 මලක (ආධාරයෙන්) දැනගෙන, මා එන තෙක් ඔවුන් (මෙහි) තබා ගිය හෙයින්3 (සක්) දෙවිඳුගේ ගැති කමට)4 බැඳුනේ නො වී. සෙල (නමැත්තාගේ) ගීයයි.

ii. (තා පිළිබඳ ව) මෙපණ සිතන්නෙහි ද? වියගස5 ගැළවී6 දුව (ගොස්) මග සිටි ගවයා7 ‘නටමි’ 8 යි සිතයි. මිනිසුන් (විසින්) ගවයන්9 තොණ්ඩුවල10 දැමීමක්11 (කරනු නො ලැබේ ද?) නැති ද? සෙල (නමැත්තාගේ) අඹුවගේ ගීයයි.

1. ‘ගැති’ යන්නෙහි ‘ත’ කාරයට මුදුනින් ඉස්පිල්ලක් දක්නට නො ලැබෙන නමුත් එය කලින් පැවැත්තේයයි සිතාගත හැකිය.

2. හැඟි.




356 සීගිරි ගී


3. ගියෙයින - මේ ගීය රචනා කළ තැනැත්තා පිළිබඳ ව කතුන් තුළ පැවති අදහස් රජතුමා දැනගත්තේ ඔවුන්ගේ අත්වල තුබූ මල්වලිනි. ඒ නිසා රජතුමා ඔවුන් එතැනම සිටුවා ගිය බවක් මෙයින් අදහස් කරනු ලැබේ.

4. සැක සහිත තැනකි අර්ථ ය නො පැහැදිලිය. රචකයා පැමිණෙන තුරු කතුන් බලා සිටි හෙයින් සක්දෙවිඳුගේ සම්පත්තිය පවා ඔහුගේ සිත් නො ගත් බව මෙයින් ප්රමකාශ කරන බවක් සැලකිය හැකියි. ‘ගැති’ යනු ‘වහල’ යන අර්ථළය දෙයි. සක්දෙවිඳුගේ සේවකයකු වීමට නම් ඔහුගේ ලොවට සැපත් විය යුතුය. එවිට දිව සැප ලැබේ. එයින් අත්වල ඵලයක් නොමැත. මන්ද? සීගිරි කතුන් ලැබීම ඊට ද වඩා උසස් සැපතක් බැවිනි. ‘ගැති’ යන වචනය කැටපත් පවුරේ ලියැවී ඇත්තේ ‘ගත’ යනුවෙනි. එය ‘ගැති’ යනු විසින් කියවිය හැකි නම් එයින් කිසියම් අදහසක් දිය හැකි බැවින් එසේ යොදා ඇත.

5. විය - සං. යුග, ජා. අ. ගැ. 127

6. ‘ගළ’ ධාතුයි . සං. √ ගල්.

7. ගොන - පා. ප්රාද. ගොණ; ව. සිං. ගොනා.

8. රඟමි - සං. රඤ්ජ්; රඟා ති. සං. 79 පද්ය ය

9. ‍ගොවුන් - ‘ගො’ ප්රපකෘතියි; සං. හෝ ගො - ගණ, ධ. අ. ගැ. 85

10. මල, තොණ්ඩුව, පාශය. සං. ‘වල්’ ධාතුවෙන් බිඳි ගිය රූපයකැයි සිතිය හැකියි.

11. ලන්නෙ - ය්.


සීගිරි ගී 357

විස්තර :- කාලය - මේ ගී ලියා ඇති අකුරුවලින් සමහරක් කාලයාගේ ඇවෑමෙන් මැකී ඇති හෙයින් ඉන් කිහිපයක්ම අනුමාන වශයෙන් කියවාගෙන ඇත. අක්ෂපර තත්ත්වනය සැලකීමට ගත් කල මේවා 8වන ශතවර්ෂකයට අයත් කළ හැකිය.

වෘත්තය - i. දුවඟගී

ii. තුන්වන පාදාන්තය ‘මිනිසුන්’ යන්නෙහි ‘මි’ අක්ෂතරය සේ ගත හොත් දුවඟගී විරිතයි.

682. පහළ කී බස මෙ සිතුයම් තමන් තබ නොහි. දහවත (මා නො සිට) ආ (මෙහි) අඟනන් බෙයන්ද් හි(න්දිු)

අන්වය :- තමන් සිතු යම් තබ නොහි මෙ බස පහළ කී. මෙහි බෙයන් ද් හින්දි අඟනන් දහවත නො සිට මා ආ.

අර්ථ්ය:- මා සිතූ යමක් (වේ ද එය) තබා (ගත) නො හැකි වී1 මේ වචනය ප්ර‍සිද්ධියේම 2 (මා විසින්) කියන ලද්දේය. මෙහි බෙයදෙහි සිටි අඟනන් කිපුණු කල්හි, (එහි) නො සිටි (ආපසු) මම ආවෙමි.

1. තබ නොහි තාබා නො හී. අන් අයට නො කියා තමන් කෙරෙහිම තබා ගැනමි කළ නො හැකි‍ ව.

2. පහළ - සං. ප්ර කට; අමා. 82

විස්තර :- කාලය - 9වෙනි ශතවර්ෂ යේ අවසාන භාගය හෝ 10වෙනි ශතවර්ෂ යේ මුල් භාගය.

වෘත්තය - පළමුවන පාදයෙහි අවසාන අක්ෂශරය ‍දීර්ඝ යක් සේ ගත හොත් යාගී විරිතයි.





358 සීගිරි ගී

683. ස්වස්ති මිහිදල්මි ලීමි.

ගත් හිද ගල් සෙයින් ම තද මෙහි ඇය බණතුද් මෙසෙයි මෙහි හිද ගතතින් මහනෙල්හි ඇති සුවන්දි න්.

අන්වය :- මෙසෙයි මෙහි හිද අතින් ගත් මහනෙල්හි ඇති සුවඳින් බණතුද්, ඇය හිද තද ගල් සෙයින් මෙහි ම ගත් .

අර්ථය :- යමපතක් වේවා!

‍මිහිදල් (නමැත්තා) වෙමි. (මෙය) ලීමි.

මෙසේ මෙහි සිටිමින්,1 අතින් ගත් මහනෙල් (මලෙහි) ඇති සුවඳින් බණන් නමුත්, ඇගේ හදවත2 තද ගලක් සෙයින් මෙහිදී මා (විසින්) ගන්නා3 ලදී.

1. හිද - හිඳ ගෙන 2. හිද - හදවත 3. ගත් - සලකන ලදී.

විස්තර :- කාලය - 8 හෝ 9වෙනි ශතවර්ෂාය. වෘත්තය - යාගී.

684. (ස්වස්ති)

(මහනෙ)ල් අතින් ගත් (මෙසෙ) කල් නො කොට් සුකසිත් සිටි රෙදෙමින් සෙ දික් අත් (ම)ලො(ල)ම්බු (සෙ) තබමින් තම වඩුන්නාබිමින් ආ බුද්මි ලීමි.

අන්වය :- මෙසේ මහනෙල් අතින් ගත් කල්, සුකසිත් නො ‍කොට්, තම දික් අත් මලොලම්බු සෙ තබමින්, රෙදෙමින් සෙ සිටි.



සීගිරි ගී 359

අර්ථරය :- යහපතක් වේවා!

මෙසේ මහනෙල් අතින් ගත් කාන්තාතොමෝ සුඛය (පිළිබඳ ව) සිත්1 (ඇති) නො කරමින්, තම දිගු අත් එල්බෙන මල්දමක්2 මෙන් තබා ගනිමින්. ‍වේදනාවෙන්3 මෙන් සිටියාය.

වඩුන්නා (නම්) ප්රබදෙශයෙන් පැමිණි බුද් (නමැත්තා) වෙමි. මෙය ලීමි.

1. සුක - සිත.

2. මලොලම්බු - මල් + ඔලම්බු. මලෝලඹු, සසදා, 290

4. රෙදෙමින් - ව. සිං. රිදෙමින්, රිදෙනවා; පැ. රූ. රිජෙ; සං. √ රුජ්; රිජෙයි, ධ. අ. ගැ. 162; ප. රූ රිදෙ; රෙදෙති. ඡා. ආ. ගැ. 12. රෙදෙමින් යනු ස්වකර්ම වාචක ක්රි2යායි.

විස්තර :- කාලය - 8 හෝ 9වෙනි ශතවර්‍ෂය. වෘත්තය - යාගී.

685. සකපතරින් සුනිල් හිස දිගැ(ස) නළල කි(ය)බු පැහැ වි දිවි සි(ටි) ම(ත) අබුයුහු (ම) ආ සන්දි (නො) බණිත්

කිත් අග්බොයිමි ලීමි.

අන්වය :- හිස සුනිල් සකපතරින්, දිගැස, නළල කියබු පැහැ දිවි වි, මත සිටි අබුයුහු ම ආ සන්දම නො බණිත්.

අර්ථය :- හිසෙහි අතිශය නිලවර්ණ වූ ශිඛා ප්රහදේශයෙන්1 (ද), දිගු ඇසින් (ද), නළලෙහි (රැඳුණු) අලකා වලියෙන් ද2 පැහැය දිවෙන්නේ වූ, මස්තකයෙහි සිටි කාන්තාවෝ මා (මෙහි) පැමිණි කල කථා නො කරත් .

කිත් අග්බොයි (නමැත්තා) වෙමි. (මෙය) ලීමි.



360 සීගිරි ගි

1. සක - පතරින් සක = සං. ශිඛා පතරින්, පතර = සං. ප්රුසර; කා. ශෙ. I.99; ධ. අ. ගැ. 124; ධර්මනප්ර . 341.

2. කියබු - සං. ශ්යා මක, අලක

විස්තර :- කාලය - 9වෙනි ශතවර්ෂ්යේ මුල් භාගය වෘත්තය - යාගී.

"https://si.wikibooks.org/w/index.php?title=සීගිරි_ගී-2-විවරණය_iv&oldid=5421" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි