Jump to content

සූනියම් දෙවියෝ

Wikibooks වෙතින්



සූනියම් දේව කන්නලව්ව

පස්වහන් දහසකට මේ ශ්‍රී ලංකාද්දිපයේ අතුරු සිදුරු නොමැතිව ගම් කොරටු බාරව සියලු නර සතුන්ගේ පුජාවන්ට දිවැස් හෙලා ඒ සියලු සත්වයා හට ශාන්ති දානය සලස්වන ශ්‍රීමත් සිද්ධ සූනියම් දිව්‍ය රාජෝත්තමයාණන් වහන්සේට දොහොත් මුදුන් තබා වැඳගෙන කියා සිටින කන්නලව්ව නම් සෘද්ධිමත් මහා බල ඇති සිද්ධි ඔඩ්ඩිසි සූනියම් දිව්‍ය රාජෝත්තමයාණන් වහන්ස නීල වර්ණ දේහයකින් හා එසේම තුරඟ වාහනාරූඩව ත්‍රිශුලය ගිනිකබල වඩිග කඩුවක් ද එක් අත දරා ඇති භයංකර රාක්ෂ අවතාරයක් මවාගෙන ලේ පොළගෙක් කටින් ගෙන සිරස ගෙල අත් උදර වටා නංවා සර්පාභරණයක් ගෙන ඔප් නැගී යකුන් පිරිවරා ගෙන ගමන් කරන සිද්ධ බලකාර ගම්භාර සූනියම් දිව්‍ය රාජෝත්තමයාණන් වහන්ස මේ අසරණවූ මගේ කන්නලව්වට දිෂ්ටි දිවැස් හෙලා වදාරා නොදැන කල වරදක් ඇතොත් ක්ෂමා වී මාගේ අදහස් ඉෂ්ට කරදී වැඩ වදාරන සේක්වා !!!

"https://si.wikibooks.org/w/index.php?title=සූනියම්_දෙවියෝ&oldid=11555" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි