Jump to content

ස ඟ ස ර ණ-i

Wikibooks වෙතින්

නමො තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස


"යංඝං රණං ගච්ජාමි -සඟ රණ යෙමි”


සඟගුණ වැණුම


1. සිංහතෙල් ඹත් නකපාත්ර සෙයින් ඒ සර්ව.ඥසිංහරාජයා ගේ සධම්ම නමැති සිංහතෛලය නො නසා ධරණ සඟුරුවන් සරණ යෙමි යි සඟසරණ යා යුතු.


2. නිධාන රක්නා ධනසර්පමයන් සෙයින් ඒ සර්වයඥයන් වහන්සේ වදාළ සංර්මනය රක්නට ම නියැලී වසන්නා වු සඟුරුවන් සරණ යෙමි යි සඟසරණ යා යුතු.


3. රක්නට බැරි ඇතු පිරිමසා රැකෙන ඇත්ගොව්වන් සෙයින් පුරන්නට නො පිළිවන් වු පිළිවෙත් ම පුරා වැටෙන්නා වු සඟුරුවන් සරන යෙමි යි සඟසරන යා යුතු.


4. ගුරුළුබියෙන් ගල් ගැලැ පියා හොත් නාගරාජයන් සෙයින් සසරබියයෙන් ඒ මහත්දහම්පිළිවෙත් ගිලු සඟුරුවන් සරණ යෙමි යි සගසරණ යා යුතු.


තවද සියලු මනුෂ්යරයෝ තමන් විසු ගමින් බැහැර යෙත් නම්, එ ගම්හි රසතෘෂ්ණාව තුබු සේ තබා ශරීරය මතු ගෙණැ යන්නාහ. මාගේ ස්වාමිදරුවන්ගේ පුත්රහ වු සඟුරුවන් වු කලි එක් තැනෙක්හි වැසැ අනික් තැනකට වඩනා කල්හි පසුපස්සෙහි හඬා එන දුපුතුන් නැති හෙයින් විරහ ඉවසා ගත නො හී හඬා එන හඹුවන් නැති හෙයින් හුන් තැනැ කොටු පුරා රැස් කළ විසාල් නැති හෙයින්. ගේ පුරා තුබු රත්රන් අමුරන් තැති හෙයින් . ඇති දෙයක් ඇත. තුන් සිවුරු ය යනාදින් තමන් එක ශරීරයෙහි ම රැඳුනු හෙයින් කිසි තැනෙක්හි අපෙක්ෂාවක් තැනැත්තාහ.

තව ද, ගොදුරුබිමින් ගොදුරු කා යන පක්ෂිහු පොවා ‘නැවත මෙතැනට එම්හයි, එ තැනට නැඟි යම්හ යි. තෘෂ්ණාවක් ‘නැවත මෙතැනට එම්හයි. ඒ තැනට නැඟි යම්හ’යි තෘෂ්ණාවක් තබා යෙත් ම යැ. මේ ස්වාමිදරුවානන් වහන්සේගේ පුත් වු සඟු රුවන් වු කලි හුන් තැන්හි දු සිඟා ම ලබන අඟරක් බැවින් යන තැන්හි ඳු සිඟා ම ලබන අහරක් බැවින්, නො ලත් දෙයෙහි සිතිවිල්ලක් නැති හෙයින්, මල්කුසුම්වතමසත්කයෙහි හමා යන පවන ‘මේ වල හැරැ කොයට යෙම් ද? යන ශොකයක් නො කොට යන්නා සේ කිසි තැනෙක්හි ශොකයක් නැත්තාහ.

ප්රිපාත වු ගොචරයක් ම ගන්නා ඉන්ද්රි්යයන් සේ ‘දෙව’ යන බස් නැති වැ සැදැහැ ඇත්තවුන් දුන්නක් ම පිළිගන්නාහ. දිව්යැරූප යෙහි උපන්නා වු චක්ෂුර්විඥනය තමන්ගේ ආයුපමණක් ම සිටැ නිරුඬ වන්නා සේ, දෙව්ලෝ වැනි තැනට සිඟා වන් ද, තමන් සිටිනා තෙක් කල් ම සිටැ සිඟන බව මුත්, බුදුන් විසින් නියම කළ කාළය නො ඉක්මවන්නාහ. වන් තැන්හි විහාරයක් ඇත, එහි වසන්නාහ. එ තැන. රුක්මුලෙක්හි වසන්නාහ. හෙ ද තැත. ගිස්බිම්ගි හිඳි නාහ. තැන්හි තැන්හි මුතුදැල් එල්වු රන්කම් කල වියන් බඳ සිරියාන්ගබඩායෙහි වසන රජකුමරුවන් සෙයින් විශුඬ වු සඳරැස් නමැති මුතුදැල් එල්වු විසිතුරු වු තරුවැලයෙන් ම රන්කම් කළ අහස්වියන් බඳ අභ්ය වකාශයෙහි ම යෙහෙන් වසන්නාහ.

එබැවින් අප වන්නේ ගමකට ය යි සතුටක් නැත්තාහ අප වන්නේ වලට ය යි රැහැණියක් නැත්තාහ. කාන්කාරයෙහි මිනි සුන් පොලොඹා කනුව යකුන් මැවු පුරය යක්ෂපුර යකැයි දන්නාවුනුව ණ’තියා’ පුරයකට වනිමි යි සතුටු නො වන්නා සේ සත්තවයන් බඳන පිනිස යක්රු හැරැ මිනිස්රු ගත්තා වු ගෑණුන් විසින් ගැවසී ගත් ගම් වැඳැ ‘ගමකට’ වනුමුහ’යි සතුටු බවක් නැත්තාහ.ක්විති වන පිණැති ව මුළු සක්වළ හැරැ පැවිජි වැ ‘අප හළුයේ මුළු සක්වළෙහි සැපතැ’ යි පෙරළා සිහි නො කරණුවාහ එබැවින් ගමක් හැරැ ගම කට යන කල්හි ‘අප හළ ගම යාපතැ’යි අපෙක්ෂාවක් නො කරත්නාහ. ආඥසම්පන්තරජහුගේ මෙහෙවර ගොස් ‘මෙ දවසට එමි’ යි අවධි ලියුහු ඒ අවධි නො වරදන පිණිස දිවන ගමන්හි අතරමංහි සමෘධි වු ගම් ද්රහට ද, එහි ‘සැතපෙමි’ යන අදහස් නැති වැ මෙහෙවරට ම දිවන්නා සේ, බුදුරජානන් වහන්සේ දුන් කමටහන් ගෙණැ ඒ පිළිවෙත් පුරණුවට විහාරයට ම කල් නො වරදවා ම වඩනා සඟු රුවන්වන් ගම යහපතැ’යි එහි අපෙක්ෂාවක් නො කරන්නාහ.


කිඹුල්වත්හි නිරපෙක්ෂ වැ ගිය පියානන් වැනි දරුවන් බැවින් බිජුවටහි ඉපිදැ වැඩි ඒ බිජුවට පෑළුනු කල්හි එහි අපේෂා වක් නැති වැ ම පස්සෙහි යන්නා වු පක්ෂිපොතකයන් සෙයින් ගම්හි බපිදැ වැඩි එගම්හි අපෙඛ්ෂාවක් නැති වැ යන මහණහු බුදුන් වදාල පිලිවෙත් පසුපස්සෙහි යන බව මුත් හැරැ යන ගම්හි අපෙක්ෂා වක් නැත්තාහ. “මෙ මම රුස්සමි. මෙ මම නුරුස්සමි”යි කියා ගත නො හෙන්නා වු කුමාරයා මව අතින් මුවෙහි තුබු අහරක් ම කා යැපෙන්නා සේ සැදැහැතියන් දුන් දානයකින් ම යැපෙනබව මුත් මේ යහපත මේ නපුර’ යන බසෙක්හි රස නො දන්නාහ.

බුධශාසන තැමැති කාඤචතගුහායෙහි සිංහපෝතතයන් බඳ්රන වු මෙබඳු නිරපෙක්ෂා ගුණ ඇති බුධශාසන නැමැති චිත්ර්කූටපර්වඳතයෙහි ස්වර්ණබහංසපෝතකයන් බඳු වු, බුධශාසන තැමැති මහහිඹුල්රුක්හි ගරුඩපෝතකයන් බඳු වු. බුධශාසන නමැති රත්නාකරයෙහි මා හැඟි රුවන් බඳ්රු වු, බුධශාසන නැමැති සාගරකුක්ෂියෙහි මුතුරුවන් බඳු වු, බුධහාසන නමැති පරසතුරුක්හි ගත් මහමල්කැන් බද්රව වු. බුධශාසන නැමැති බ්රුහ්මවිම නයන්හි බ්ර්හ්මකුමාරයන් බද්රස වු . බුධොත් පාද නැමැති බ්ර්හ්මවිම නයන්හි බ්රවහ්මකුමාරන් බඳ්ර‍ වු. කොටුවෙහි වී නුපුරා ගෙහි රත්රන් අමුරන් නුපුරා හැම ලෙසින් සිත්හි ගුණ ම පිරූ, සිගසිඟා සිටිගෙහි ඇත්තවුන් දුක් දුන් ගේ පිළිගන්නා බව මුත් යටත් වැ යාචකකමින් ඉල්වන සේ නො දන්නා බලාත්කාර යෙන් බැණපියා හැරැ ගන්නා සේ නො දන්නා, වඤ්චායෙන් හැරැ ගන්නා සේ නො දන්නා. අනුන් මිඩිය දුන් කුඩුකනදැ සතරවර මුන් දුන් පාත්ර යෙන් පිළිගන්නා වු, පියානන් වහන්සේ කල දැයක් ම කරන්නා වු, බණමුහ යි සිතූ කල්හි තමන්ට ස්වාමි වු ලොකස්වාමි වු සධම්මස්වාමි වු සම්මාසම්බුදුරජානන් වහන්සේ නො බිණුව මැනැවැ යි වැළකු දෙතිස්කථාවට තුඩු නො ලා බනන්නා වු, තමන්ට ද තමන් වන් සස්නට ද නුසුදුසුසකු නො බැණැ අසා අසා හුන්නන්ට ස්වර්ග්සම් පත්තියක් නිර්වාබණසමපත්තියක් සාධා නො දෙන දැයක් නො බැණැ, බුදුන් ඇසුව ද ‘බිණු සේ යහපතැ’යි වසාරණ පරිද්දෙන් බස් බණන්නා වු, සසුන් පිළිවෙන් පුරන ධෛය්ය් ර්‍ ඇති ‘බණක් ධර්මිෂ්ට කථාවක් නොවන ව්යපත්ර්ථා වකට තුඩු නො පොපියව යි වදාල අව වාද දිවි පියාත් නො ඉක්මවන්නා වු (බෙලිකුස්හි වන් දිය මුතු වෙයි නැත. හිස් වැ තිබෙයි. නයිදළ මුල්හි තිබෙන්නා වු වීසදිය එයට දුරින් දුරුය. එසෙයින්ම) *මේ සගුරුවන්බණක් දහමක් ම බණන සෙයක එ නැත. මුවෙන් නො බණන සෙයෙක. අධර්මණකථා යෙක් වු කලි. එ තුඩට දුරින් දුරු ය.

  • වරහන් තුළ තිබෙන පාඨය අවශ්ය් නමුත් ගැළපුනු පරිදි නුසුදුසු ය.


මුළුලෝ තුඩැ තුඩැ වැකු වැකු ගුණ ඇති, ්සි කෙනෙකුන් හා විරොධයක් නැති, රිසි සත්තවකෙනෙකුන්ට දණ්ඩනයක් නො කරණ, මේ ගිනි ගත් සසරෙහි නිවි වසන,මෙ සසරැ බඳ මල හෙළන,නිවන්පුර වඳනට බුදුසස්නෙහි දවගැති වු, බලන් මිහිරිවෙස් ඇති. සිතත් මිහිරිඟුණ ඇති, මරහු ඇස ගැසු ගිනි ගෙණැ දිලි යෙන යකටු ඇති, ත්පුරුෂයන් ඇසට අමෘතපරිෂෙකයක් වැනි, ග්රින්ථධුර විදර්ශෂනාධුර දෙක ම මුත් තුන්වන ධුරයෙක්හි නො බඳ, “සුපටිපනෙතා ගනවතො සාවසධෙඝා, උජුපටිපන්නෝ භගවතො සාවකසංඝො, ඤයපටිපන්නෝ භගවතො සාවක සංඝො, යාමිටිපටිපන්නෝ භගවතො සාවකසංඝො. යදිදං චත්තාරි පුරිසයුශානි අඪ පුරිසපුග්ගලා ‘එස භගවතො සාවක සංඝො ආහුනෙය්යාන දක්ඛිණෙය්යොෝ අඤජලි කරණියො අනුත්තරං පුඤ්ඤකෙඛත්තං ලොකස්ස”යි නාලොවෙහි පටන් බඹලොව දක්වා තමන්ගේ දක්වා තමන්ගේ ගුණයෙන් එක කොලාහර කරවු සැරියුත් මහමුගලන් දෙ අගසව්වන් පරම්පරා යෙන් ආවා වු, ගුණවත් සිල්වත් සඟුරුවන් සරණ යෙමියි සඝසරණ යා යුතු.


තවද මනාපිළිවෙත්හි පිලිපන්නා වු, මුහුදට වන් මහගඟ පැන් පෙරළා ගඟට නො වදනා සේ නිවන් වන් සඳැ පෙරළා සසරට නො වදනා පිළිවෙත්හි පිලිපන්නා වු, සෙලින් හෙත දිය සෙල අනු ව යන බව මුත් පිළිලොම් වැ නො යන්නා සේ නිවනට අනුපිළිවෙත් පුරණ බව මුත් නිර්වා්ණයට ප්රතතිපක්ෂ වු ප්රනතිපත්තියක් නො පුරන්නාවු ,උදයයෙහි සිටැ අසත්යට අවක්ර වු මඟින් යන හිරු සඳු දෙදෙනා සේ අවක්රි වු පිලිවෙතින් නිවනට වදනා වු බුදු පසේ බුදු මහරහතන්ගේ උත්තම වු ප්රිතිපත්තියෙහි පිළිපන්නා වු. තිලෝගුරු බුදුන්ගේ දරුවහ යන බසට සුදුසු වු පිළිවේහි පිලිපන්නා වු, ස්වාක්ඛ්යාසත ධර්මවවිනය දෙක්හි වදාල පරිද්දෙන් පිලිපන්නා වු. කාම සුඛානුයොගය ආත්මකලමථු ය යන දෙක හැරැ මධ්යකම වු ප්රුතිපත්ති යෙන් හුදු නිවන් සාධක පිණිස පිළිපන්නා වු, කයින් වත් බසින් වන් සිතින් වත් කිසි වක්රපකමක් නැති පිළිවෙත්හි පිළිපන්නා වු, සියක් යොදුනෙනුදු දහසක් යොදුනෙනුදු තමා හුන් තැනට විඩා වැඳ අවුත් සත්කාර ට යුතු වු, දෙව්ලෝ හැරැ පියා ද බඹ ලෝ හැරැ පියා ද තමන් හුන් තැනට අවුත් පුජා කට යුතු වු, දුරින් ආවවුන්ට කළමනා සත්කාර තමන්ට ම කට යුතු වැ සිටියා වු, තමන්ට දුන් දෙය මහත්ඵල මහානිසංස කරණ හෙයින් ඉහලොව පරලොව හදහා දෙන දන් පිළිගන්නට සුදුසු වු, මිනිසුන් කෙරෙහි පටන් ගෙනැ සහම්පති මහාබ්රුහ්මයා දක්වා සනත් කුමාරමහාබ්රපහ් යා දක්වා


තිස්සමහාබ්රහහ්මයා දක්වා හාරිතමහාබ්රකහ්මයා ද්වා එක හෙලා මුදුනෙහි දොහොත් තබා ගෙනැ වඳනට සුදුසු වු, හැල් වපුරණ හැල් කෙතක් සෙයින් සියලු සත්ත්වයා වපුරන්නා වු කුසල් නමැති බිජුවට මහාපල මහානිසංස කරන්නා වු සාර වු මහතෙක් බඳු වු, සොවාන්මාර්ගායෙහි පිහිටි ස්වාමිදරුවානෝ එක් නෛ, ‘සෝවාන් ඵලයෙහි පිහිටි ස්වාමිදරුවානෝ එක් කෙනැක සකාදා ගාමිමාර්ගායෙහි පිහිටි ස්වාමිදරුව‍ානෝ එක් කෙනෙක සකෘදාගාමි ඵලයෙහි පිහිටි ස්වාමිදරුවානෝ එක් නෛක අනාගාමි මාර්තකයෙහි පිහිටි ස්වාමිදරුවානෝ එක් කෙනෙක; රත්මඟ පිහිටි ස්වාමිදරුවානෝ එක් කෙනෙක, යන මේ අට දෙනා වහන්සේ මුතු මට අනික් සර‍ාෙණක් නැත. මට අනික් පිහිටෙක් නැත. මට අනික් සමයායයෙක් නැත. මට අනික් දිවයඖෂධයෙක් නැත. මට දෙව්මිනිස්ලෝසුව පතමු තමුදු මොවුන් සරන යෙමි. බඹලොව නිරාමිස සුව පතම් නමුදු මොවුන් රණ යෙමි. රාග වෙෂ මොහ නමැති පාපධර්මුයන් නො වන්නාවු අමාමහනිවන් සුව පතමු නමුදු මොවුන් ම සරන යෙමිත මාගේ අකුසලින් බුදුරුව දැකැ ගත නො හිනිම් නමුදු ඔවුන්වෙස ගත්තා වු මේ සඟුරුවන් මා ඇස පැණෙන්නේ මාගේ භාග්ය යෙක. බුදුන් උපදනට පළමු උපන්නාට නො ලැබෙන්නාහ. පස්වදහසින් ඔබ්බෙහි නො ලැබෙන්නාහ තුමු දුශ්ශීල වැ නරකයට යෙත් නමුදු “මොහු බුදුන් දරුවෝ ය” යි යන සිතින් වැන්දවුන්ටා වු කලි අමමහනිවන් නො වරදවා දෙන්නාහ.


පැවිදි වන්නට කුලභෙදැයක් ඇත ද බුදුන්සසුනෙහි මහණ වු තැන් සිටැ සියලු ජාතිභේදය හැර මහාමාහාදෙවින් වහන්සේට මුනුබුරු වැ සුදොවුන්මහරජානන් වහන්සේ මුතුන් තැන්හි තබා යශොධරා දේවින් වහන්සේ මවුතැන්හි තබා හාක්යන කුලයෙහි උපන් සර්ව්ඥයන්වහන්සේ පිය තැන්හි තබා සර්වයඥපුත්රහ වු රාහුලකුමාරයන්වහන්සේ මල්බෑතනතුරෙහි තබා එක සර්ව ඥයන් වහන්සේගේ කුලයෙහි මාඇඟි කුල ලදින් සිටියහ. හිරිඔතප් වැනි දෙදහමුන් දෙකෙළවර ලා තුමු මධ්යේයෙහි ිටියහ. සිහි වැනි පසිඳුරන් රක්නා දොරටුගොවුවන් ලදහ. සිල් වැන් පිහිටක් ලදහ, සමාධි වැනි නිධානයක් ලදහ. ප්ර්ඥව වැනි ඖෂදයක් ලදහ. පඤ්චකාම වැනි ගැර්හිත වු කුණු නො වළදා හලහ. නිවන් වැනි මහඇඟි මිහිරක් වළඳන්නට සිටියහ: සිතක් වැනි චඤ්චලයක් වසඟ රන්නට සිටියහ. තෘෂ්නා නමැති යකින්නක මන් බිඳින්නට සිටියහ. සසර වැනි සිරගෙයකින් නික්මෙන්නට සිටියහ. ලාබ පිනිස ලද ගුණ ප්රගකාහ නො කරන්නාහ. තමන් නැතිදා ම බුධොත්පාදය නැතැයි කියන පරිද්දෙන් සර්වහඥයන්ට ආවශ්ය ම සිටියහ: බඹලොව ගිය බඹවිමන්හි වැසැ භාවනා කරත්: මහමුහුදු වැද දිය පිහිරා ඉන්ද්රැනීලමණි ගුහා යෙහි හිඳිනා යේ ජලගර්භයයෙහි හිඳැ බාවනා කරත් ඇල්දැ හිරමඬුලු ගෙන්වා පිටට සිහිලු පිටාටු කරත්: ඔවුන් ම සිතුසේ කරණ පරිද්දෙන් මහාසෘධි ඇති සඟුරුවන් පරපුරෙහි ආහ. අහසට ගැසු අත්හි වැඳැ ගන්නා දෙය් නැත්තා ‍ේ කිසි වස්තුයෙක්හි සංගයන් නැත්තාහ සරට වක්රනයහ මරහට සතුරහ. සජ්ජනයන්ට හස්තසාරයහ, මෙසේ වු සංග වක්රරය මරහට සතුරහ, සජ්ජනයන්ට හස්තසාරයහ, මෙසේ වු සංඝ රත්නය නම් මට අනික් රත්නයෙක් නො වෙයි; හුදේ අබිමාතාත්ර්ථ සාදා දෙන්නා වු වින්තාමාණිකයරත්නයෙක.

බුදුමු තමන් වහන්සේගේ ශ්රීඅ මුකයෙන් ම වදාරණ සෙයක්

“යො ච බුධඤ්ච ධම්මඤ්ච -සංඝඤ්ච සරණං ගතො,

වන්තාරි අරියසච්චානි -සම්මප්පඤ්ඤාය පස්ති”

යනාදි ගාතායෙන් ‘තමන් වහන්සේසේ ද තමන් වහන්සේ විසින් දෙශිතවුධර්මදරත්නය ද තමන් වහන්සේගේ පුත් වු සගුරුවන් දසරන ගිය තැනැත්තහුට නාර්වානණප්ර තිවෙධය සිධ වෙ”යි වදාරණ සෙයෙක් ලොකරක්ෂාවට මේ ඝුරුවන් තමන් වහන්සේ හා සම කොටැ තබා වදාළසෙයෙක.

“තව ද කෙළලක්ෂයක් ස්වල ආඥ පවත්නා වු ධජග්ග පරිත්තය වදාරන්නා වු ස්වාමිදරුවෝ ‘තොපට දුකක් වුව , මා හෝ සිහි කරවු තැන දහම් සිහිරව් නැත, සඟුරුවන් හෝ සිහි කරවු , මේ තුණින් එකක් සිහි කල කෙණෙහි වැඩි විනාශයක් තබා භයෙක් වත් ලොමුදහ ගැන්මෙක් වත් තැනි ගැන්මෙක් වත් නො වෙ”යි වදාරන සෙයෙක්

“අරඤෙඤ රුක්ඛමුලෙ වා- සුඤඤගාරෙ ව භික්ඛවො,

අනුස්සරෙත සම්බුධං - භයං තුමහාක නො සියං


නො වෙ බුධං රෙය්යාබථ -ලොකජෙඪං නරාසභං

අථ ධම්මං සරෙය්යාාථ -නීයනිකං සුදෙසිතං


නො වෙ ධම්මං සරෙය්යානථ -නීයානිකං සුදෙසිතං,

අථ සංඝං සරෙය්යායථ -පුඤ්ඤකෙඛතතරං අනුත්තරං


එවං බුධං සරන්තානං -ධම්මං සංඝඤට භික්ඛවො,

භයං චා ජම්භිනත්තං වා -ලොමහංසසො න හෙස්සති”යි

වදාළසේක.

තව ද, විශාලා මහනුවර ජනපදරොගය ප්රථලය කරන්නා වු සර්වසඥයන්වහන්සේ යක්ෂභය, දුර්භික්ෂභය, රොගභය යන තුණ සංසිඳුවන්නට තමන්වහන්සේගේ ආනුභාව හා තමන්වහන්සේ ගේ සඟරුවන්හි ම ආනුභාව හා තකා වදාරණසේක් තුන් භයට තුණුරුවන් බෙදා සිටුවාල්වක් සේ තුනුරුවන් ගුණෙහි සත්යණයෙන් උපද්රාව තුණ දුරු කොටැ වදාල සෙහෙක. මෙසේ මා ඇඟි වු සඟුරුවන් සරන ගියා වු මට සියලු දුක් නො වනබවට සර්වඇඥයන්වහන්සේ ඇප සේක. එහෙයින් මේ ජාතියෙහි පටන් නිවන් දක්නා ජාති දක්වා මට සියලු දුක් නො වන පිනිස සියලු අපද්රනවයන් නො වන පිනිස සියලු සැපක් සිධ වන පිණිස ඒ සගුරුවන් සරන යෙමි යි සගසරණ යා යුතු.

තව ද, සසුන් නැමැති මහවිල්හි රාජහංසයන් වැනි වු, බුදු සසුන් නමැති මහපියුම්හි කෙශරපක්ති වැනි වු. බුදුසසුන් නමැති අහස්හි තරුකැල වැනි වු. බුදුසසුන් නමැති කප්රුක්හි මල්කැන් වැනි වු. බුදුසසුන් තැමැනි බෙලිකුස්හි මුතුරුවන් වැනි වු, බුදුසසුන් නමැති රුවන් ආකරයෙහි මිණිරුවන් වැනි වු, බුදුසසුන් තැමති මාර්ගමවිත්ත යෙහි රැස් වු චෛතසිකධර්මනයන් වැනි වු, බුදුසසුන් නමැති මාර්ගවචිත්ත යෙහි රැස් වු චෛතසිකධර්මනයන් වැනි වු, බුදුසසුන් තැමැති මලය පර්ව තයෙහි භවගත් සඳුන් රුකක් වැනි වු. බුදුසසුන් නැමැති චෛඩුය්ය්‍ර්‍ භූමියෙහි පහල වු රත්නාංකුරයන් වැනි වු, බුදුසසුන් නමැති මහාජම්බු පෙසියෙහි තැගි කනකංකුර වැනි වු,බුදුසසුන් නැමැති ගන්ධමාදන පර්වංතයෙහි හටගත් මහාඖෂධ වැනි වු, බුදුසසුන් නැමැති ජද්දන්ත වනයෙහි උපන් සදත්පොව්වන් වැනි වු. බුදුසුන් නැමැති කෙලශයුධයෙහි ශිල නමැති ආහුද ගත් මහායොධයන් වැනි වු , බුදු සසුන්නමැති විද්යායහාලායෙහි ශික්ෂා කරන අතැවැස්සන් වැනි වු, බුදුසසුන් නමැති කෙත්හි පැළ පැහැරැ හිදිවු ශස්යාංනකුර වැනි වු, සීල නමැති ආභරන පැලඳ සැරහුනා වු සීල නැමැති විලෙපන යක් ගත් සුගන්ධප්රිනය වු, සසුන් පිලිවෙත් වැනි දුෂ්කරක්රි යා කරන වැරසර ඇත්තා වු. බුදුසසුන් වන්නවුන් සිත් ගෙනැ වසන ඉඟි දන්නා වු. ඒ සස්නෙහි වැසැ පොවා ල සේ නපුරු බිනු සේ නපුරැ’යි කීයවා නො ගන්නා සකක් කටයුත් ඇත්තා වු නිවන් වැනි හාන්ති පුරයට මහවත්හි සිටියා වු, තෙළෙස් ධුතාංග වැනි බැරි පිලිවෙතක් පුරන්නා වු. සිගා වලදන බත් වැනි නිරවද්යලබතක් වළදන්නා වු. දංසුකූලචිවරය් වැනි නිරවද්යලචීවරයක් පොරෝණා වු, බුදුන් වැනි පියන් ලද්දා වු, දහම් වැනි ඇසිය යුත්තක් අසන්නා වු, විදර්ශදර්නාි වැනි භාවනා කට යු්තක් භාවනා රන්නා වු, තිලකුනු වැනි මෙනෙහි කට යුත්ත් මෙනෙහි කරන්නා වු, මෛත්රිු වැනි අමායෙක්හි සිත් ගලන්නා වු, කායගතාසති නමැති සිහි ලද්දා වු, අහරපිලිකුල්සංඥ වැනි සංඥවක් ලද්දා වු,සපදානචාරිකාවක් වැනි මනහර චාරිකාවක් ලද්දා වු කුසල්වැනි රොපනය කටයුත්තක් රොපනය කරන්නා වු, පනිවා නමැති නො කටයුත්තක් නො රන්නා වු, මුසුවා නමැති නොබිණිය යුත්තක් නොබණන්නාවු , රාමෙ වැනි නොබිය යුත්තක් නොබන්නා වු, පඤචකාම නමැති ගරවිල්කුණක් කරින් අනා හළු වා වු, නැටුම් විප්රමකාර වැනි කායවිප්ර කාරයක් නො බලන්නා වු, ගී වැනි සංසාරවිලාපයක් නො අසන්නා වු, අත්තකිලමථානුයොග නමැති වධ්යිභුමියෙහි දම්ගෙඩියකින් මිදි සිටියා වු, මල්ගඳවිලවුන් වැනි සර්පමශිවිෂයක් ඇඟ නො පහරවා දුරු කළා වු , උච්චසයන මහාසයන වැනි අකපයයෙහි නො හිඳිනා වු, රන්රිදිමු කහවණු නමැති තෘෂ්ණා වඩනා අපථ්යාදෙයක් වෙහෙරින් ම පිටත් කළා වු,විකාලබොජන නමැති ගිනි ගෙන දිලියෙන යවට මුවෙහි නො තබා දුරු කළා වු දහම් නමැති බුධදායාදයයක් බෙදා වලදන්නා වු, විනය විනිහ්චයයෙන් කරන දොෂනිහ්චය ඇති, බුදුසසුන් වැනි ධර්මාහධිකරණ ලද්දා වු, සැරියුත්මහමුගලන්දෙඅගසවුවන් වැනි කුසෙහි හොත්තක් ලද්දා වු, මරන නො බාන වික්රහම ලද්දා වු, බුදුන් වැනි සිහි ට යුතු කෙනෙුන් සිහි කරන්නා වු, සසර වැනි එතෙර නො විය හැකි තැනෙින් එතෙර කරන්නට සිටියා වු, සතර ඹඝ නැමැති මහවනතුරු පිහිනන්ට සුදුසු විය්ය් ර්‍ ඇත්තා වු, රාජ්යිය වැනි මහහෙයකින් එතෙර වැ සිටියා වු, දෙසැටදෘෂ්ටි නැමැති ගිනිවළක් පැනැ එතෙර වැසිටියා වු, සසරපමනින් ව්යැසනසාගරයෙහි ඇවිදැ සසුන් වැනි මනා වු පටුන්ගමකට වන්නා වු, තෘෂ්ණා වැනි කුලහිමියක අතින් මිදි සැපත් ගන්නා වු, සාරාසංඛ්ය කල්පයලක්ෂයක් බුදුන් පතා ලද දරු වු පාපයෙන් භය පත් වැ වසන්නා වු බුදුන්ට දිවි පුදා වසන්නා වු, සක්විති රජ වු සමයෙහි උපදනා සක්රුවන් සේ


බුධොත්පාදයෙහිම උපන්නා වු, “මම නිමන්ත්ර ණය කල ගෙයි වළඳමි. මාගේ සහ හු පැවරුම් නො ඉවසා සිඟා කති. මම ගහපතිචීවරය ඉවසමි. මාගේ සඟහු පංසුකූලිකයහ. මම මනහර වෙහෙර වෙසෙමි . මාගේ සඟහු ගස්මුල්හි අභ්ය වකාශයෙහි වෙසෙති” යනාදි බුදුන් තමන්ට වර්ණ නා කරත්, සුදුසු වැ සිටියා වු . ත්බුමුමහල් ධරා සිටි බිමි තලාන් මහටැම් යෙින් පිළිවෙත් නමැති මහපා දරා ිටියා වු මහඇගි වු මහටැම් වැනි වු වඳ්රනන් නිසිදු මෙනෙහිකරත් නිසි වු ,ධර්ම්නිධානවු , “මහණෙනි, මේ ියනු අසවයි කැදවා කියන බණ අසන්නට සුදුසු වු , ශොත්රි ය ගණැදුරන් වැනි, නිග්රා්හ්යවයන්ට නිග්ර්හ කරන්නා වු, සිතක් වැනි සුල ගක් බදා ජව නැති කොට එක අරමුනෙහි බඳනා, තෘෂ්ණාව ද විජිගිෂුවු දුෂ්කෘතදුභීෂිතමාත්රනයක් බාන විරූ වු, අටපිරි කර පමණක් බොහෝ කොට ිතන අපිස් සතොස් වු, ආශ්රණවයන් වැනි උසස් පිනු විජම්නයගැඹුරුසයුරු කැලඹු, අනන්තාපරියන්ත ගුන ඇත්තා වු සඟුරුවන් සරන යෙමියි සගසරණ යා යුතු.


8. සැරියුත්වත

[සංස්කරණය]

එක්සමයෙක්හි සැරියුත්මහතෙරුන් වහන්සේ විවේකයට වඩනා සෙයෙක්,මුගලන්මහතෙරුන් වහන්සේ හා එක් වලෙක්හි වසන සේක. එක් දවසක් සැරියුත්මහතෙරුන් වහන්සේට බඩේ රුජාවෙන් ඇති වැ බලවත් දුක්කවේදනා ඉපැදැවිය. මුගලන්මහ තෙරුන් වහන්සේ සවස්වේලෙහි ආයුෂ්මත් වු සැරියුත්මහ තෙරුන් වහන්සේට උපස්ථානයට ගොසින් තෙරුන් වහන්සේ වැඩැ හොත්තවුන් දැකැ එපවත් විාරා ැනැ “ස්වාමිනි, නුමවහන්සේට පෙරත් මේ රුජාව ඇති වු කල්හි කුමකින් සංසිදේ දැ’යි විචාළදැ ය. තෙරුන් වහන්සේ “ඇවැත්නි, ගිහිකලැ අපගේ මෑණියෝ හෙළගිතෙල් මී යකුරු එක් ‍ොට යොදා දිය නුමුසු කොට හුදෙක් කිරෙන්ම පිසු බත් දෙති. එයින් ම සංසිදේ ය’යි වදාලසේක. මහමුගලන් තෙරුන් වහන්සේ ද නුඹවහන්සේගේ වත් මාගේ වත් පිනෙක් ඇත් නම් ,ලබන්නමෝ වේ දැයි කි දැ ය. එවුන් දෙදෙනා වහන්සේ කී බස් ස්මන් කෙළවරැ වෘක්ෂයෙක්හි දෙවතාවා අසා “සෙට ආය්ය්්ර්යවන්ට කිරිබතක් උපදවමි”යි එවිට තෙරුන්වහන්සේට උපස්ථාන කරන කුලයට එළඹැ එකුලෙහි වැඩිමහලුපුතු ශරීරයෙහි පිහිටා ගෙණැ ගැහැට කළහ.

ඉක්බිති ඕහට පිළියම් රන්නට ය යි රැස් වු නෑයන්ට “සෙට සැරියුත් මහ‍තෙරුන් වහන්සේට ගිතෙල්මිසකුරු එක් ‍කොට කිරිබතක් යැවුව හොත් හරිමි යි”කිව. එ අසා කුලෙහි ඇත්තෝ “තොප නො කීව ද අපි තෙරුන් වහන්සේට නිරන්තරයෙන් බත් දෙම්හ යි දෙවන දවස් එබදු වු කිරිබත් සැපයුහ. මුගලන්මහතෙරුන් වහන්සේ ඇදාසන ම අවුත් “ස්වාමිනි. මම යම් තාක් පිඳු සිගා එම් ද ඒතාක් මෙහි ම වැඩහුන මැනැවැ”යි කියා ගමට වන්දැ ය. ඒ මිනිස්සු නැගි සිටැ තෙරුන් වහන්සේගේ පාත්රයය ඇරැ ගෙනකිරිපිඩු පුරා දුන්හ තෙරුන් වහන්සේ ගමනාකාර දැක්වු‍ේක. ඒ මිනිස්සු “ස්වාමිනි, නුම වහන්සේ වලඳා වදාල මැනැව. අනික් කිරිබත්පාත්රේයකුත් දෙම්හයි කියා තෙරුන් වහන්සේ ගොස් “ස්වාමිනි, වැලදුව , මැනවැ”යි කිරිබත් එළවුදැ ය සැරියුත් මහතෙරුන් වහන්සේ ද ඒ බලා ‘කිරිබත ඉතා යහපත.කෙසේ උපන් දෝ හො”යි සලකනසේක්, දෙවතාවා උපාසකකුලයට එළඹැ දුක් දී ඉපදවු බව දැන, “ඇවැත්නි, මේ ආහාරය අනුභවයට සුදුසු නො වෙයි. පහ කරව”යි වදාල සේක.

මුගලන්මහතෙරුන්වහන්සේ ද “ම බඳක්හු පොවා ගෙණා ආහාරය නො වළදනා සේකැ’යි සිතක් නුපදවා එක වචනයෙන්ම පාත්රර මුවවිට අල්ලා ගෙනැ එක් පසෙක්හි මුණින් නැමු සෙයෙක කිරිබත් බිම් හුනු කෙණෙහි ම තෙරුන් වහන්සේට පහරින් රුජ ව සන්හින. එතැන් බටන් පන්සාළිස්හවුරුද්දක් නැවත රුජාව නො පහල මෙසේ කාය ජීවිතයෙහි ඇලුම් නැති වැ බුදුන් වහන්සේ වදාල ප්‍රතිපත්ති වු පරිද්දෙන් ප්රනතිපත්ති පුරන සැරියුත් මහතෙරුන් වහන්සේගේ පරම්පරායෙන් ආවා වු සුපිලිපන් වු. නම් කීවවුන්ට සිහි කලවුන්ට සතුනි කලවුන්ට අමාමහනිවන් දෙන සඟුරුවන් සරනයෙමියි සගසරන යා යුතු.


9. බෑන සංඝරක්ඛිත වත

[සංස්කරණය]

තව ද, බෑන සංඝරක්කිත නම් සාමණේර කෙනෙුන් වහන්සේ උදාසන සිහිල් බත් වළදා හුන්සෙයෙක. වළදන්නා බලා වැඩහුන් උපාඬ්යා යයන් වහන්සේ විසින් “සාමනේරයෙනි, නො පස්විකා වැළදීමෙන් තො පගේ දිව නො දවා අනුබව කරව’යි කියනගද බස් අසා සංවේගයට සුපරිශුඬ වු තමන් වහන්සේගේ ප්ර ත්යනය සන්තිශ්ශ්රිවතශිලය මුල් කොට ගෙන හුන් තැන ම හිඳැ බාවනා කොට රහත් වුසේක. මෙසේ ප්රටත්යියසන්නිශ්රිනතශ්රීැලය රක්ෂා කල අන්වහන්සේ ආදි කොට සුපිලිපන් වු මහාසංඝයා සරන යෙමියි සඝසරන යා යුතු.


10. අම්බඛාදක තිස්ස තෙර වත

[සංස්කරණය]

තව ද, අම්බඛාදකතිස්ස නම් එක් තෙරකෙනෙකුන් වහන්සේ බත් නැති වැ මහාායෙකැ මගැ වඩ නායෙයේ බත් නැති වැ මහාසායෙකැ මගැ වඩ නාසෙයෙක් බත් නැති වැ විඩා වුදැය. නොවේලෙහි පල ගත් අම ගස් මුලැ තමා ම හුනු අමපල බලබලා සරුප පරිද්දෙන් ම අම පිලිගන්වා ලත කෙනෙකුන් නැති හෙයින් සාදුින් පීඩිත වැ ද ප්රෙත්යයයසන්නිහ්ශ්රි තශිලයට හානි යක් නො කොට “පිලිගන්වන කෙනෙකුන් නැති වැ මේ අම මම හැරැ ගෙන අනුබව කෙළෙමි වී නම්, මාගේ සර්වැඥයන් වහන්සේ වදාල ප්රබතිපත්තියට පටහැනණියක් කළා නම් වේ ද? එහෙයින් දිවි ගැල වෙතුදු බුඬවචනයට විරොධයක් නො කෙරෙමි”යි වැඩහොත්සේක.

එසමයෙහි වැඩිමහලුඋපාසකයෙක් එසේ දුර්‍වල වැ වැඩැ හොත් තෙරුන්වහන්සේ සමීපයට ගොස් “වහන්ස,ඉතා විඩ දැය. අඹපැන් ව වැළදුව හොත් ඉතා යහපතැ”යි හුනු විලිකුන් අඹ අවුලා ඔවුන් වහන්සේට අඹපැන වළදවා පයින් වැඩිය නොහෙන හෙයින් තමා පිටැ හිඳුවා තමා වසන තැනට ගියේය. එවේලෙහි ඔවුන් වහන්සේ ද ‘මේ මා උසුලා ගෙණැ යන්නා වු උපාසකතෙමේ මාගේ පියපක්ෂයෙහි එකෙකුන් නො වෙයි. මවුපක්ෂයෙහි එකෙකුත් නො වෙයි. සෙසු නෑ එකෙකුදු නො වන්නේ ය. ගැතිපක්ෂයෙහි එකෙකුදු නො වෙයි. බැළපක්ෂයෙහි එකෙකුදු නො වෙයි. එතෙකුදු වුවත් ‘මා සිල්වතැ’යි සිතා මට මේ සා උපකාරයක් කරන්නේ ය”යි තමන්වහන්සේට අවවාද රන සෙයක් විදර්ශ්නා වඩා ඔහු පිටැ හිඳම භාවනා කොට රහත් බවට පැමිණි සෙයක. මෙසේ “දිවි ගැලවෙතුදු ප්රාතිපත්තියට විරෝධි නො කෙරෙමි”යි ඉදිරියෙහි තුබු අඹ අතින් ඇරැ ගෙනැ වලදා ප්රෙත්යයයන්නිශ් ශ්රීඅතශිලය රක්ෂා කල අම්බකාදකතිස්ස නම් තෙරුන්වහන්සේ ආදි කොටැ ඇති සුපිලිවන් මහාසංඝයා වහන්සේ සරණ යෙමියි ශඟසරණ යා යුතු.

"https://si.wikibooks.org/w/index.php?title=ස_ඟ_ස_ර_ණ-i&oldid=9252" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි