හේ ළි ම ඟ

Wikibooks වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

හේ ළි ම ඟ




පිදුම[සංස්කරණය]

1. මහ විරු ‘කුමරතුගු මුනිදස්’ රුසි රදාණෙනි, හෙළ තෙ රුවනින් මුළු ‍ෙලාව සුසුදු කළ මුනිඳාණෙනි,


 2.      ඔබ  සිරි  පා  තඹරැ,

මේ මල් දෝත පුදමින්, අද මාරතු දෙ වැනි දා ‍ සැනැසෙයි, මෙ සැබිහෙළයා.



හේ ළි ම ඟ[සංස්කරණය]

1. උගනිවු මා බස අපේ; මොළවවු, ගිනි එඩි ළිපේ; පෙන්වවු තෙද හෙළ දපේ; කරවු කුදිටු ‍ලොව හ‍ෙප්.


2. “තොටිල්ලේ නිදන ඉබොළඳ දරුවකු ගේ සිනා කැල්ම මෙන් මනහර බස අප ගේ” කිලිටි කරනු දැකැ දැකැ, නිවටයකු වගේ නො ඉඳිනු, අගුළු ලා-ගෙනැ තෙල වදන් මගේ


3. මිනිස් සතා ගේ සිතැවිලි ළිදිරවන, තිරිසන් කැමින් මිනිසා එක’තින් මුදන, මා බස බලෙන් ඇදැ වළැ ලන කුදිටු දන මෙ ලොවින් නෙරැපීම වෙයි, ඉහළ මැ නිවන.


4. මිනිසා ගේ මිනිස් කම ‍ෙහාඳින දක්වන ලකුණ මා බසයි, එම්බල යහ දසුන එය වැඩුමට හිතැ ගතැ මුළු වැර යොදන මිනිසා තමා, දෙවියා මෙ ලොව හොබවන


5. මිනිසා ගෙන් හේ යැ, මහ ඉහළ මැ මිනිසා. රුසියා හේ තමා, අව දොර තබන වසා. එ හෙයින්, මිනිසුනේ, එ පිණිසැ ගන්නැ උසා. එ මගින් ලන්නැ, මෙ දිළිඳි හෙළ රැස සනසා.


6. මිනිසා ගේ හද පතුලෙහි සැඟැවි ඔද ඔහු ගේ හදෙහි සැඟැවුණු මහ සැගි පණෝ’ද අළලා පුබුදුවන මහ දැඩි බලය වැද තෙරැපී රැකි ඇත්තේ කොයි ඔසුයෙකැ ද?


7. එ ඔසුව තමාළ ඔබ ගේ මා බස හෙළය, හෙළ බස වෙයි යතුර, පොබයන හෙළ මොළය. වනසා - ලන මිනිසි හිතැවිල්ලේ ඵළය අ‍හෝ, මේ සැබෑවට දෙනු, ඔබේ ළය.


( 2 )[සංස්කරණය]

8. මෙ මගින් ගෙනැ යන්නැ, ඔබ ගේ හිතැවිල්ල. මේ පදනමෙහි අටවනු , දිවි ඇටැවිල්ල. එම්බා විනයුවෙනි, හෙළ බස් මහ ඇල්ල දෙසට ඔබයි, විගසින් වියැ යුතු එල්ල.


9. හෙළ පරපුර වචන වඩුවා ඔබයි, ලොවේ. හෙළයේ නැසුම සැනැසුම ඔබ අතෙහි මැ වේ ඔබයි, නියොමුවා එඩිතර මෙ හෙළ නැවේ. ඔබ ද දුඹුල් වත හෙළ මව ‍ෙසාවින් දැවේ.


10. බඩ වියතක් නිසා බස, රැස, නසන්නට නො හිතනු මැනැවි, මහ පව් කම් කරන්නට. බැරි නම් ඔබට මේ හටනට පනින්නට; දෙනු හැකි එකකු හට එය කරට ගන්නට.


11. දිළිඳි හෙළ රැසේ මතු පණ නල ඔබට කැප කොටැ තිබේ, හොඳ හැටියට, වවනුවට. හෙණ හත වදින වැඩ නො කරනු, තෙල හිසට. හෙළයා නසා නො හිතනු ‍පණ රකිනුවට.


12. කොඳු ඇටයට දෙන්නැ, යකඳෙකැ නැති සවිය; ගන්නැ අතට, මහ එඩිමත් බස් අවිය. හෙළ හැඟුමෙන් දිරිමත් කොටැ හදැ සිවිය විනයුව නැගෙනු, “බස” “රැස්” “දෙස” කොටැ දිවිය.


13. හෙළ බස මකන දෙවියා බල්ලෙකැයි සිතා එනු, එනු, පෙරට හෙළයට පණ දෙන්න පතා. නැති නම්; ඔබ ලබන තඹයට ණයයි ඉතා. ඔබ වෙති එ විටැ රැස වනසන නිවට සතා.


14. දරුවන් හදන කම්දොරුයේ මහ සත්තු; ‍ වෙති, හෙළ බස මකන්නට නම් ඉසමත්තු. හෙළ මෑණියෙනි, ඔබ ගේ හෙළ ගුරු පුත්තු වෙන් මා උන් ඉදිරියේ එ කඩොල් ඇත්තු!


15. නුදක්නය උඩින් බලමින් ගුරුහු දෙස මෙහි එනු, යැ යි කැඳවත, වහලකු විලස බස් මරුවා වෙතට එන අඩ දණින් බැස නිවට සතා වනසයි, මේ සුදුසු රැස.


( 3 )[සංස්කරණය]

16. හෙළ බස මකන කුහු නිලදරුවනට ඔබේ දැක්වේ වා එඩිය, සිය ගුණයක් වැ ඉබේ! අරඹනු මොවුන් වනසන එඩිතර මැ හබේ. එ විටැ ඔබ විහින් මුළු තුන් ලොව මැ හෙබේ.


17. බසට රැසට හෙණ දෙන්නන් තනන්නට එපා, එපා, ඒ පව් කම කරන්නට. දැක්කෙන්නන් රැළක් ඇති කොටැ ගොනුන් හට නො හිතනු මැනවි විනයුව, ඉසුඹු ලන්නට.


18. අයුතු කම ඉදිරියේ සත් වෙස් ගැනුම. යුතු කම ගැනැ හදවත උදුරා පිදුම හොඳ හැටියට දරුවන් හට හුරු කැරුම එඩිතර විනයුවකු සතු ලොකු මැ යුතුකම.


19. හෙළ මෑණියෙනි, ඔබ ගේ මෙ බිළිඳි දරුවෝ වෙති, දවසෙකැ ලොව මැ රජයන මහ විරුවෝ. ඒ මග කමට මඟ පාදන හෙළ ගුරුවෝ වෙත් වා, හෙළ බසෙහි හැඟමෙහි මහ සූරුවෝ!


* * * *


20. අහෝ, පරම පිවිතිරි ඔබ ගේ වදන නමයි, හෙළ මවුනි, ම- හදට රස බඳුන කොමළයි, බොහො මැ සොඳුරුයි; හද ගබ පිනන පුදුම අමා ඌලෙකි, එය ලොබ වවන.


21. හෙ ළ අකුරෙහි රුසිරින් හද පණ පොවමි. හෙ ළ වදනෙකැ මිහිරින් උමතු වැ ගනිමි. හෙ ළ මෑණියෙනි, ම-ගෙ පිවිතිරි පෙමට හිමි. හෙ ළ ගීයක් ගයා මම ලොව වටේ යමි.


22. හෙළ වදනෙහි කිඳුණු පිවිතුරු අරුත් රස උරමි, උරමි, දෝතින් ගෙනැ යස මැ යස මිහිරි ලොවේ කිමිදි පතුලට මැ බැස බමමි, බමමි; මම දැන් බමරයක් ලෙස.


23. දුංහිඳ ඇල්ලක මෙන් හිතැවිල් දහර ගලා බසී, බසී; මා ගේ හද පතුල බලා. විඳිමි, විඳිමි; මම රස හෙළ සිහිය ලාල. නටමි, නටමි; සොම්බස හද බිනෙහි උලා.


( 4 )[සංස්කරණය]

24. ගල් පලපලා පල් බොරු ලිවු විමල් කිතු හිමියන් වැනි සත්තු එති, නැ‍ඟෙන ලෙස හතු වදනේ රස අහෝ වදනේ මිහිර මතු වන්නා හා මැ ඌ වෙති පරලොවට නතු


25. අ‍හෝ හෙළ වදන, මගෙ පරම පිවිතිරි මහ නිදහන ඔබ ම-හදට පුදති, දිරි හෙළ කුහුවන් නසන්නට එඩියෙන් සපිරි කඳක් ඔබ දුන්හ, මට නොගැහෙන කිහිරි


26. කොතෙකුත් කි‍ඳෙමි, මම ඔබ ගේ අරුත සොයා; කොතෙකුත් ලමි, යට ගිය තතු නඟා-පියා. ඇත මැ ඇත පතුලෙහි රස උරා-පියා, පෙරැළෙමි, නටමි, දඟලමි; උමතුවකු නියා.


27. අවුරුදුන දහසු දස දොළොසක් මහ යටට කි‍ඳෙත ම-ගේ හද, වැදැ හෙළ වදනකට උතුරා නැ‍ඟෙන සොම්නස් දහරින් ඔබට ව‍ැවක් මවමි, හෙළ මවුනේ නහන්නට.


28. මෙ බ ඳු රහ පිරුණු ඉතිරුණු මෙ හෙළ බස මකන අ‍හෝ වනසන, කුදිටුවන් දෙස වෑවි කෙසේ බලමි ද; එම්බල මිනිස? උන් නො නසා කුමට ඉඳිමි ද මෙ ලොවැ වැස?


29. හෙළයකු වි ලොවේ ඉපැදුණු මහ සතුට විඳනුව අහෝ, රිසි ඇතියේ නම් ඔබට; හොඳ සිහියෙන් නැඹුරු වනු හෙළ බස දෙසට එම්බල මිනිස, එය මහ නිවනෙකි, ලොවට.


30. මේ නිවනේ පිරුණු පිවිතුරු ‍ෙසාඳුරුතම අමා රස මකන්නට වෙර වඩන හැම කුහුවන් හට උගන්වන ඉහළ මැ ඇටුම ඔබ එඩිතර හෙළයකු ලෙස හඟිමි මම.


31. ඔව්, ඔව්, නැ‍ඟෙනු; මේ මහ හටනට වදිනු; බස වනසන නිවටයන් පරලොව යවනු. හෙළ මෑණියන් ගේ මුහුණේ දුක බලනු; ඇය සනසා-ලන්න මුළු හද කැප කරනු.


( 5 )[සංස්කරණය]

32. බසයෙහි නගිනු, ‘හෙළ බස මම වවමි’ කියා; ඉංගිරිසිය කටට ගත් කැත සි- හෙළයා. හමු වෙයි. හරි මැ එඩිතර පිරිමියකු නියා හටනට වදිනු, වට පිට රස වවා - පියා


33. යන්නැ, දුම්රියේ නැඟැ තවුසකු ලෙසට; දෙන්නැ, ඔබේ කන බස් මකුවන් බසට; ගන්නැ, ඉහළ යක්‍ වෙස් දිරිමත් හදට; ලන්නැ, ඔවුන් හට හෙන නො මැ නැගෙන්නට.


34. මහ දෙසුවන් දෙසන විටැ වැදැ සබා මැද එම්බල හෙළය, කන් දෙනු සන්හිදි -ඉඳ බස වනසන කියුම් වුව ඒ රැගෙනැ සෙද. නැගෙනු. දෙදරවා මුළු මහ පිරිස් කඳ


35. කුහුවා හට ඔබ දෙන එක එක වදන වේ වා. විදුරු අවි ඔහු ගේ හද මකන! නැ‍ඟෙනු, මුළු සබා ගබ අළලනු සෙදින; සුණේ සුණු කරනු, ඔහු ‍ගේ එඩි බඳුන.


36. ලක් සරසවිය වෙයි, හෙළයේ දෙටු මැ පොළ එ ද, එහි සුලබ වෙයි, හෙළ බස නසන මොළ. සරසවි දරුවනේ. නැහැ - එවු. එ ගොන් රළ පලවවු. දක්වමින් තොප ගේ එඩිය හෙළ.


37. දැඩි උඩඟුයෙන් ඉදිමුණු උන් පුහු මොළය. නසනුව ඔහු යොදති. පිවිතිරිතම හෙළය. බඩ රැකුමට නසන බස මෙ කුදිටු නළය නසනුව දරුවනේ. ඔබ සුදු බළ මුළය.


38. බලුන, බලනු තෙල ‘දිනමිණි’ කම්දොරුව. ඔබ ගේ බස නසයි. එම්බල හෙළ විරුව. එ බලා තවත් නිදති. ද, ඔබ පියකුරු ව? ‍ නො නිදනු නැගෙනු. සෙද ඉවැසිල්ලෙන් දුරු ව.


39. හෙළ බස මකන තැන් හොඳ හැටි හිතට ගෙන ඇරැඹියැ යුතු යැ, මහ එඩිතර බස් හටන. බි‍ඳෙකුදු මෙ ගැනැ නො තකා සැබැවින් නිඳන හෙළයා තිරිසනෙකි, මුළු පොළොව කෙලෙසන.


( 6 )[සංස්කරණය]

40. ‘ම-ගේ බස යැ’ යන සිවු අකුරින් ම-හදේ නො ඉදේ නම් හැඟුමෙක් පෙම්බර සබ‍ඳේ; මා මිනිසකු ලෙසට සලකන ඔබ මරැ’‍ඳේ ලඟ වන මිනිසාට හරි මිනිසි නම යෙදේ.


41. අවුරුදු දහසු දස දොළොසෙකැ සිටැ හැදුණු මහ බස් රජකු වැනැසිමේ මුල පිරුණු බුදු ගොස් හිමිඳු කළ මහ පවු කම දරුණු සිහි වත, හද පුපුරවයි, සොව -‍ පෙණ නැඟුණු


42. පොත් ගිනි ලැ නගන්නට පණ ඕද අපගේ දෙමළ වසලයන් සැමැරෙන හදට ම-ගේ නැඟැ- එන කොට යවමි නම් කඩ මුව’ත දිගේ “මුළු සක්වළ මැ මොහොතින් වැනැනසෙති’යි හැ‍ඟේ.


43. කලිඟු මගුව, තෝ එව මා ඉදිරියට. බලව, මෙ හෙළ අත එසැවුණුත හිසට පොහොර කරමි, ත-ගෙ ඇට කුඩු මෙ පොළොවට; ත-සෙනඟ යවමි. එක හුස්මෙන් යම ලොවට.


44. සසුන රකින්නට ගිය එ වහර තිසුවා සුසුදු හෙළ හැඟුම් වැල උදුරා- දැමුවා. සී සී, එ වග නො හැතව හිත එ පවිටුවා එ කැමින් නිරා වළැ වග තුග අත් දුට‍ුවා.


45. හඞක්කට එපා, එම්බා හෙළ මිනිස, පිරිමි කම හැඞුම නො මැ වෙයි, හටන මිස වෙළනු, අහෝ වේලනු. සෙද ඔබේ ඇස, හෙළ කග අමෝරනු බස් මරුවන් පිණිස.


46. ඉංගිරිසිය නසමඟැ මුසු කොටැ අපේ බස කෙලෙසන්නට සැරැසෙන පවිටුවන් දෙස බලනු හැබැ එඩිතර පිරිමියකු ලෙස වළඳන්නට නො දෙනු උන් නහට මෙ ලො වැ රස.


47. අ‍පේ බසෙහි කිඳවා - ලා ‍ඉංගිරිසි වදන් රකින්නට දක්වන මහා මැ රිසි පුදුම සතුන් ලුහුබැඳැ - ගොස් උනට නිසි දඬුවම් වහ මැ දෙවු හෙළයෙනි; නො වවු ලැසි.


( 7 )[සංස්කරණය]

48. හෙළ වැකියට ඇඳා - ගෙනැ සකු වදන බලු හඬ නඟන්නට සැරැසෙන නිවට දන ‍ තා ඉදිරියෙන් එත ‍තො ද ඉදිරියට පැන හනු පුපුරා යන්න දෙනු; මිටු පහර දෙන.


49. සකුව අපේ මා බස ලෙස හිතන්නට. ඇටැවුණු බමුණු බණ මෙ ලොවින් නෙරන්නට මුළු දිවිය මැ කැප කළ පඬි තුමන් හට නමදිමු, හෙළයනේ මහැ බැති පෙමින් සිට.


50. සිතනු, සිතනු. වා සිය ගණනෙකැ සිටැ ම සකුවයි, වැනැසුයේ අප ගේ බස් දහම. මිනිසුනි, ඉතින් නො පතවු. තවත් ඉවැසුම. පලවවු, ලොවින් බිහිසුණු එ බමුණු හැඟුම.


51. අප ගේ බස මකන ගොරහැඬි සකු වදන මරුවා බව දනිවු, අප ගේ හද නසන. බි‍ඳෙකුදු එයට නො මැ පෙන්වවු සෙනෙහෙ මන; දෙවු. මෙ ලොවේ සියලු වද සකුවට ඉතින.


52. පෙළ බස ඔබ බසේ නැඟුමට හරස් කපා- සිටි හෙළයනේ, එ දෙසට වඳිනු එපා. ලමු, නිදහනෙකැ එය තනි ‍ෙකාටැ රැගෙනැ - කපා. ලියමු, බුදු දහම හෙළ බස් මතුර දපා.


53. සකුවට දෙමළුවට කුමට යැ ගැති වන්නේ? හෙළුව ලොවේ මුල් බස බව දැනැ - ගන්නේ. හෙළය තමා, සැබියාවෙහි මුල වන්නේ. හෙළයා තමා, යළි ලොවැ රස මොළොවන්නේ.


54. හෙළ බස මගේ මහ පිවිතිරි පෙම් දහර, අහෝ සදා ඔබ දෙති මට අම අහර ම- ගේ මුළු දිවිය එළි කළ හෙළ මිහිර, ඔබ යැ. ම-ගේ හිත විනොයන දිවි මතුර.

55. ඔබ රැකැ ගන්නැ, ඔබ ගේ ඔද පෙන්වන්න, ඔබේ ඉහළ කම ලොවට මැ දක්වන්න. ලෙවියා ලවා ඔබ සිරි පා වඳවන්න, ගෙවමි, මෑණියෙනි, ම- දිවිය දැනැ-ගන්න.


( 8 )[සංස්කරණය]

56. නමදිමි ඔබේ සිරි පා බැති පෙමින් නැමි. හෙළ බස් මෑණියෙනි, ම- ගෙ හරසරට හිමි. ඔබ වෙනුයෙන් සදා මම මෙ දිවිය ගෙවමි. ම- ගෙ ඇට මස් නහර ඔබ වෙනුයෙන් පුදමි.


57. හෙළ බස් මෑණියන් වෙනුයෙන් දිවි දෙන්න ඇලි මැලි වන නිවට මිනිසුන් වනසන්න. හෙළ බස අපේ රජයේ බස කැරැ- ලන්න, හෙළයෙනි, ඔබට හැකි හැම දිරිය මැ ගන්න.


58. හෙළ බස වවා එ මගින් මුළු ලොවට “සදා සන්හිඳියාව” දිමේ මහ හැඟුම බදා, හද, “බස, රැස, දෙස” යන තෙ රුවනට පුදා, හටනේ යෙදෙන හෙළයා වෙයි, ලොවේ රදා.

"https://si.wikibooks.org/w/index.php?title=හේ_ළි_ම_ඟ&oldid=5928" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි