Jump to content

පියදාස සිරිසේන නවකථා එකතුව- 03/වලව්වක පළහිලව්ව

Wikibooks වෙතින්

වලව්වක පලහිලව්ව හෙවත්

වික්‍රම පාලගේ තුන්වන වික්‍රමය

(ක්‍රි.ව. 1921)



සංඥාපනය


මේ වනාහි අප විසින් ලියන්නට ආරම්භ කරණලද, පරීක්ෂක ප්රාබන්ධ කථා. නමැති පොත් සංක්තියේ තුන්වෙන් පොතය. මේ කථාන්තරය අපේ අනික් කථාවලටත් වඩා රටට වැදායක් වේයයි සිතිය හැක. උසස්යියි සම්මත පවුල් වල පවත්නා දුශ්චරිතත් ඒ උසස් යයි තමුන්ගේ සිතාගෙණ ඉන්න මිනිසුන් තුල පවත්නා දැඩි ලෝභ කමත් මේ පොතෙන් ප්ර කට මේ. රට විනාශකරමින් පවුල මගට බස්සවමින් වැඩකරණ මිනිසුන් ගැන තොරතුරු දැනගැනිමටත් එබඳු අධර්මසවාදීන් මැඩපවත්වා රටට යහපතක් කිරීමටත් මේ පෙ‍ාත ඉවහල් වේයයි සලකමු. අපේ පොත්වලිය් සදාචාරයක් ස්වජාති මමත්වයත් ආගම භක්තියත් සාමාන්ය. වශයෙන් ඇතිවන බව පොත් කියවූ භවතුන්ට මතක්කිරීම නුවුවමනාය. එහෙත් එක් එක් පොතෙන් විශේෂ කාරනයක් රටට උගන්වා දීමත් අපේ පරමාර්ථයයි. මේ වලව්වක පලහිලව්වෙන් උගන්වා දෙන විශේෂ ගුණය නම් නිරිභීතකම වේ. බියසුල්ලෙකු මනුෂයයෙකුට වඩා නිර්භීත තිරිසනා උතුම්ය. මනුෂ්යය නාමයට නිග්රදහයක්වූ බියසුළු ගතිය සිංහල ජාතියෙන් බැහැර කිරීමට මේ පොත අථ්යලර්ථයෙන් අධාරවේයයි අපට හැගේ. පුද්ගලික වශයෙන් කාටවත් අවමන් ‍කිරීමට අපි අදහස් නොකළෙමු. මේ ‍පොතේ සඳහන් දුසිරිත් කරන්නන්ගේ ඒ වැරදි ප්රසකාශ කරණ ලද්දේ ඔවුන් කෙසේ වෙතත් ඔවුන්ගේ දරුමුනුබුරනුවත් යථා මාර්ග යෙහි ගමන්කරවීමටය. දැන් ‍අපේ අනවකාශැවය පසුගිය කාලයටත් වැඩිය. එබැවින් සුද්ධි පත්ර බැලීමේදී සුද්ධකළ නොහැකිවූ තැන් ඉතාමත් අධිකව ති‍බේ. මෙබඳු පොතකින් ගතහැකි ප්රවයෝජනයට ඒ බාධා නොවන බැවිනුත් දෙවැනි වරට මුද්රේණය කිරීමට ඉක්මනින්ම සිද්ධවන බැවිනුත් මෙහි සුදිධිපත්රෙයක් නොයෙදීමු. මේ පොත මේ වාරයෙහි මුද්රනණය කිරීමට පරිශ්රිම දැරූ යූ.ඩී. කොර්නේලිස් අප්පුහාමිට ස්තූති කරමු. මින් ඉදිරියට මේ පොත මුද්රමණය කිරීමාදී සියළුම අයිතිවාසිකම් අපටම බව සැලකිය යුතුය.


මේ වගට, හිතකාමි

පියදාස සිරිසේන

වර්ෂා 1921ක්වූ ම‍ාර්තු මස 10වැනි දින කොළඹදී

සිංහල ජාතික කන්තෝරුවේදී



01. පිරිච්ඡේදය

විමල තිස්ස හාමුදුරුවන්ගේ මුදල් පෙට්ටිය සොයා දීමෙන් කරණ ලද වික්රමමය ඇසූ මගේ මිත්රදයන්ට මේ ‘වලව්වක පලහිලව්ව’ අමෘතයක් හා සමානවනු නිසැකය. දයානන්ද වීරසේකර මහතා‍ගේ මංගල්යි පිරිසත් සමඟ දෙසැම්බර මස විසිවෙනිදා කොළඹට පැමිනි නමුත් මාසයකටත් වැඩි කාලයක් හිත කය දෙකෙන්ම අධිම පරිශ්රමම දැරූ බැවින් දෙතුන් දිනක් නිස්කලංකව ඉඳීම යුතු බව සලකා මගේ නිවසෙහි සිටියෙමි. මීට හත් අට දිනකට පෙර මා සම්බවෙන්නට අවුත් ගිය නවරත්න බණ්ඩාර මහතා‍ෙග් නො පැමිණිම මට මහත් කණගාටුවක් විය. බලවත් ව්ය්සනයකට මූණ පා සිටි මේ තරුණයා අනතුරකට පත්වූයේ ද නැතහොත් තමාගේ අමාරුව අන්යට ක්රණමයකින් සංසිඳවා ගත්තේ දැයි කල්පනා කිරීම මට දුෂ්කර විය. නවරත්න බණ්ඩාර එදා මට කියූ හැටියට නම් ඔහුගේ විනාශය සිද්ධ‍වියයි සිතිය යුතු තරම්ය. ඒ කොයි හැටි උවත් ඔහුගෙන් ලියමනක් පමණවත් නො ලැබී ඔහු ගැන විපරම් කිරීමට කෙසේ යම්දැයි සිතමින් දෙසැම්බර මස විසිපස් වෙනිදාති ගතකෙළෙමි. තවමත් නවරත්න බණ්ඩාර පැමිණියේවත් ඔහුගෙන් ලියමනක් ලැබුනේවත් නැති බැවින් කණගාටුවට පත් මට මහා පරාක්රෙමබාහු රජකුමාර‍යාගේ කීම සිහි විය. “ මෙහි කටයුතු නො කොට ඉදින් මම උදාසීනවීම නම් කිසි කලෙකත් මාගේ ම‍ෙනාරථයා‍ගේ නිෂ්පත්තිය නොවන්නේය.” මේ පාඨය තුන් හතර විඩයක්ම කල්පනාවට ආ මට නවරත්න තරුණ බණ්ඩාර සොයන පිණිස උඳුගොඩට යන්නට සිත් විය. මගේ අවංක අතවැසි ළමයාට මා යන පැත්ත කියා ඒ ගමනට උවමනා නොයෙක් ඇඳුම් හා බඩුමුට්ටු ආදී සියල්ලක්ම සූදානම් කිරීමට නියම කළෙමි. විසිපස් වෙනිදා නත්තල් යයි ප්රීසිද්ධ උත්සව උවත් මට ඒ ගණනක් නොවිය. මක්කිසාද මා ක්රිතස්තියානි නොවන හෙයින්. ප්රී තිවන්නන් සමඟ ප්රීයතිවීම කාගේත් යුතු කමක් බැවින් මගේ ක්රිොස්තියානි මිත්රපයන් දෙතුන් දෙනෙකුට සුළු වශයෙන් සංග්ර්හ කොට නවරත්න බණ්ඩාරට කුමක්වීදැයි මහත් විතර්කයෙන්ම දවස ගතකර ගැනීමට අපහසුව සිටින විට අල්විස් නමැති මගේ මිත්රමයෙන් මා සම්බවෙන්නට ගෙදර පැමිණි බැවින් මගේ කාලය හුදකලාව ගතකර ගැනීමට බැරිව පැවති අමාරුව මඟ ඇරී ගියේ යයි සිතුවෙමි. අල්විස් උන්නැහේ ස්වජාතිය කෙරෙහි


40 වලව්වක පලහිලව්ව

බලවත් ආලය ඇති කෙනෙක් බැවින් මගේ කටයුතු ගැන සැලකිල්ලක් ඇතිව සි‍ටියේය. අල්විස් උන්නැහේ පැමිණ වාඩි ගත් ඉක්බිති මට කතා කොට මෙසේ කීවේය. “ මහත්මයා විමලත්ස්ස හාමුදුරුවන්ගේ මුදල් පෙට්ටිය සෙවීමට පන්සල්වලට ගිය ආ බැවින් ශ්රමමණ වේශධාරීහු කොඳුරති. ශාසනයට පැමිණ මහණදම් පුරන උත්තමන් වහන්සේල් නම් මහතාට ප්රනශංසා කරති. දැන් මහත්මයාට ප්ර්ශංසා කරන අයගෙනුත් අප්ර ශංසා කරන අයගෙනුත් කොයි පක්ෂය වැඩි දැයි අපට තේරුම් ගන්නට අපහසුය. මහත්මයා එය නැසැක ලෙස දන්නෙහි ද” යි යනාදිය ඇසුයේය. මගේ මිත්රනයෙක් වන අල්විස් මහතා මා කෙරෙහි බලවත් ආදරයෙන්ම අසන ලද ප්ර්ශ්නයක් නිසා නො වේ නම් මෙය හිතටවත් ගැනීම උවමනා නො කෙරේ. අල්වින් මහතාට ගරුකිරීමක් වශයෙන් මොස් කීවෙමි. මා කරන්කාවූ ක්රිියාවේ විපාකය මා තේරුම් ගෙන තිබෙන්ගේ මෙසේය.

යො මග්ග පස්සෙ මධුරම්බු බීජං
ඡායා ඵලත්ථාය මහාජනානං
රොපෙහි තස්මිං හි බණෙව තෙත
ඡායා ඵලෙ පඤ්ඤමලඬ මූඬං” යිග

ප්රාකාශිත ආචාය්ය්නං මතය පරිද්දෙන්ය. මෙහි අදහස මග යනෙන ජනයාට සෙවනක් ඵලත් ලැබෙන පිණිස යම් පින්වතෙකු විසින් මං පසෙක මධුර අඹ ගසක් වවන්නට කල්පනා කොට ඇටයක් රෝපනය කරන ලද්දේ නම් ඒ ක්ෂණයෙහිම අඹ ‍ගසේ සෙවණෙනුත් ඵලවලිනුත් මගී ජනයා ප්ර්යෝජන වින්ද කලිහි ලැබෙන කුශල ‍‍ලැබෙන්නේ යම්සේ ද. එමෙන්ම අවංක වූ පරාර්ථකාමී චේතනාවෙන් යම් වචනයක් කීවේ නම්, යම් ක්රිවයා‍වක් කරන ලද්දේ නම්, යම් සිතිවිල්ලකි සිතන ලද්දේ නම්, එහි විපාක නො අනුමානව ලැබෙන්නේමය. මා විසින් මීට ප්රනථමයෙන් කරන ලද වික්‍රම ක්රිවයා දෙකක් ආත්මාර්ථකාමී අධමයන්ටත්, ජාති භ්ර්ෂ්ට සංකීර්ණයන්ටත්, ශ්රබමණ වේශධාරීන්ටත්, පණ්ඩිතමානී කුහකයන්ටත්, තව නොයෙක් වල් අදහස් කපටින්ටත්, අමාරු වු නමුත් ඒ ස්වල්ප වශයෙනි. ඉතින් ඒ ස්වල්ප වශයෙන් ප්රිකාශිත වූ දොස් ගැන මෙසේ කී මා කෙරෙහි ආඝාත බැඳ ගත් පිරිසක් සිටි නම් දැන් මා අතේ තිබෙන ඉතාමත් ගුප්ත කාරණය සෙව්විට මා කෙරෙහි වෛර කරන්නෝ කෙතරම් වෙද්දැයි සිතා සෙමින් කීවෙමි. අල්විස් මහතා ඒ කාරණයය කලින් නොදැන සිටි නිසා ඉතාමත් ආශාවෙන් “ අනේ මහත්මයාණනි, දැන් පරීක්ෂා කිරීමේදී යෙදී ඉන්නා කාරණය රහසිගතව පියදාස සිරිසේන නවකථා එකතුව 41 මට පමණක් කිව මැනවැයි අයැදියේය”. හොඳයි අල්විස් මහතාණෙනි. කිසිවෙකුට නොකියා සිතේම තබාගන්ට, රුපියල් ලක්ෂ පහක් පමණ වූ බුදල් දෙකක් අත්කර ගැනීම සඳහා වැදගත් පවුල් දෙකක් සමූල ඝාතනයෙන් විනාශ කිරීමට සූදානමක් මට දැනගන්නට ලැබී තිබේ. රූපශ්රි්යෙන් හා ගුණ නුවණින් යුත් තරුණයෙක් හා තරුණයක්ද දැන් මරණයට හෝ මරණ සමාන දුකට පත්වී සිටිත් යයි කිවයුතු තරම් භයංකර වූ මේ ‘වලව්වක පලහිලව්ව’ පරීක්ෂා කොට යම් කිසි යුක්තියක් ඉෂ්ට කරන්නට වීරිය කරන බැවින් සමහර විට මුළු ලක්දිවම ඇවිදින්නටත් සිද්ධ නොවේයයි නොසිතමි. ලොකු කඩා බොහෝ වලව්වලටද, තවත් නොයෙකුත් ධනවතුන්ගේ ගේ වලටද යන්නට සිද්ධවෙනවාට අනුමාන නැත. ඉතින් ඒ ඒ තැන්වල ප්ර්කටව ‍හෝ අප්ර කටව පවත්නා තොරතුරු මා විසින් ප්රනකාශ කරන්නට යෙදුන කල්හි ඇත්තෙන්ම අපේ රටටත් අපේ ජාතියටත් මෙතෙකැයි ප්රකමාණ කළ නොහැකි යහපතක් සිද්ධවනු නියතය. ඒ යහපත ඇති කර දෙන්නට ලැබුණි නම් මා සමඟ කෙතරම් විශාල පිරිසක් අප්ර සන්න වූවත් මට කෙතරම් අලාභ හානි පැමිණියත් කාරණයක් නොවේ. ලේ හා මස් ආදියෙන් සර්ජිත වූ මගේ මේ කුණු ශරීරය මා ධරාගෙන ඉන්නේ රසමසවුනෙල් යුත් බත් අනුභවයට යයි නොසිතුව මැනවි. පරාර්ථය පිණිස වෙහෙසෙන්නට බැරි නම් මගේ ශරීරයටත් නින්දා වේවා! ශ්රීප රාම චන්ද්රරභාරතී නම් වූ මහා පණ්ඩිතයා කියා ‍තිබෙන හැටි බලත්වා. “ ජගදූප කෘතිරෙව බුද්ධ පූජා තදපාකෘතිස්තෙව ලොකනාථ පීඩා ජිනජගදප්ර්කෘත් කථං න ලජ්ජේ ගදිතුමහං තව පාදපද්ම භක්තඃ”

“ ‍ලෝවැසිසන්ට උපකාර කිරීම සර්වඥයන් වහන්සේට පූජා වන්නේය. ලෝකනාථ වූ බුදුරාජාණෙනි. ලෝකවාසීන්ට ද්රෝීහි කිරිම ඔබ වහන්සේට පීඩා වන්නේය. පස් මරුන් දිනූ සර්වඥයන් වහන්ස ප්රාරණඝාත, අදත්තාදානාදී වූ අවැඩ කරන්නාවූ මම නුඹ වහන්සේගේ ශ්රී පාද පද්මය භජනය කරන එකෙක්මියි කියන්නට කෙසේ ලජ්ජා නොවෙම්දැ’යි මේ මහා පණ්ඩිතයා ප්රකකාශකරන ලද්දේ බුද්ධ පූජාව වන්නේත්, ධර්ම පූජාව වන්නේත්, සංඝ පූජාව වන්නෙත්, ඉහල පුණ්ය කර්මය වන්නේත්. අන්යේයන්ට යහපත කිරීම බවත්, අන්න්ට දුක් දී තමා සැප පහසු විදීම අන්තිම නීච ක්රි්යාව බවත් නිසාය. එබැවින් මට කෙතරම් අමාරුවුනත් හෙට උදේ නවරත්න බණ්ඩාර සොයා ගෙන මම 42 වලව්වක පලහිලව්ව යන්නෙමි. ඔහුත් ඔහුගේ ආරක්ෂාවේ සිට නැවත අධමයන් අතට පත්ව සිටින තරුණ ලීලාවතී මැණිකේත් ජීවත්ව සි‍ටියෙත් අහස පෙ‍ාළව ගැටලාලවත් සොයන්නෙමි. එ‍සේ කිරීමේදී එකකුත් දහසකත් වැඩි ගුප්ත කරුණු ද ප්රලකාශ කරන්නෙමි’යි කීවිට අල්විස් මහතා අතිශයින් ප්රීගතියට පැමිණියේය. රාත්රීර බත ම‍ගේ නවැතැන් පළේදීම අනුභව දොට මධ්යරම රාත්රී වනතුරු නොයෙක් රසවත් වනි ආදිය කියමින් සිට නිදාගතිමු.

සු ර ඹු න් සමඟ විද දිව සුව සහස් සො ද
සැ ප ති න් යුත් පවර සුරපුර විසු ‍නමු ද
ලොව අ න් සත වැඩක් කරනට නොමැති ස ද
සු ප ස න් නොවෙති සුදනෝ මෙත් ගුණැති හ ද
බ ල ව ත් ගිනිදෙලෙන් වෙළෙවින් නොව අතු රු
වි ඳි ත ත් නිරා දුක පරවැඩැතොත් මහ රු
නි ර ය න් සොඳ තැනකි සුදනන්ට පියක රු
ලොව නැත් වෙන සැපක් පර වැඩ කෙරුම යු රු
ත ම න් කුණු සිරුර රැකුමට දුක් විඳි න
ද න න් තිරිසනුන් සම බව නිසැක ව න
අ නු න් සැප පිණිස එතුමන් දුක් විඳි න
ප ස න් බෝසතුන් හට නමදිමි බැති න
සා ග ර තුළෙහි ඉඳ පෙර නැව බිදුණු ස දේ
පා ක ර සිය පණැටැලුම් බෝසත් සුහ දේ
ආ ද ර සිය මවුන් දිවි රැකියෙන් ලොබැ ‍‍ඳේ
මෙ ව ර තෙක් පවති නම ඇඳි ලෙසට ස ‍ඳේ
ස යි න් ඉඳිවි දෙව තගෙ මස් සතු‍ටි න්නා
හි ඟ න් නෙකු බසට සාවෙක් සුපස න්නා
ත ම න් මස් දෙන්ට ගිනිමැලයට පැ න්නා
මෙ ව න් සත දැනුත් මේ මිහිපිට ඉ න්නා
ප සේ බුදුරදුට දෙන දන වල කා ලා
රො සේ මරු මැව්ව ගිනි වල නර ඹ‍ා ලා
තො සේ එ මැද පැන දිවි ‍ලොබ දුර ලා ලා
මෙ සේ උතුම් සත පරවැඩ සල කා ලා

පියදාස සිරිසේන නවකථා එකතුව 43

කි රු ළ ත් අඹුවන්තු සුරතල් පිය සුත න
සි ර ස ත් අත පයත් ලේ මස්ද සිය ප න
ලොව ස ත් වැඩ පිණිස දුන් ලෝ නුවන් ව න
ම හ ස ත් තුමා නමදිමි ම දිවි පුදමි න

මේ ආදී රසවත් කවි කියමින් ප්රීිතියෙන් සිටි අපට සුවසේ නිදාගන්නට පිළිවන් විය. පසු දින උදේ හතේ දුම්රියෙන් මහනුවරට යන පිණිස පිටත්ව ගියෙමි. මගේ තරමක් විශාල පෙට්ටියේ ගුප්ත පරීක්ෂකයෙකුට උවමනා කිසිවක් අඩු පාඩු ‍නැතිව තිබුණු බැවින් මාස ගණනක් උවත් කොළඹ නොපැමිණ ම මේ වලව්වක පලහිලව්ව පරීක්ෂා කරීමට පිළිවන්කම තිබුණේය. මහනුවර හිතෛෂීහු සිටිතත් මට පුරුදු හෝටලයට ගොස් එහි කාමරයක් ගෙන නවාතැන් ගතිමි. නවරත්න බණ්ඩාරගේ තොරතුරු දැනගැනිමට ඉඳිගොමට යන්නට සිතා එදා දවසෙන් කොටසක් ගෙවී තිබුණු බැවින් පසු දින උදේම යන්නෙම්යි නියම කරගෙන එදා නුවරම ඇවිදින්නට කල්පනා කෙළෙමි. මගේ ස්වභාව වේශයෙන් ගිය ආවිට පහත් මිනිසුන් හා කථා කරන්නට ඉඩ නැති බැවින් ඈත ගමක තරුණයෙක් ලෙස සැරසී බෝගම්බර වැව අද්දර අවිදිමින් සි‍ටියෙමි. මේ වේලාව සවස පහට පමණ විය. ඒ වේලාවේ මල්වතු විහාරය පැත්තේ සිට මහලූ සත්රිායක් එන බව මට‍ පෙනුනේය. මේ තැනැත්තිය අවුරුදු පණහක් පමණ වයසැති උඩරට වැදගත් පවුලක කෙනෙකි. නමුත් විශාල වශයෙන් තුබුණු ඉඩම් කඩම් සියල්ලම අඥානකමින් හා අයුතු ක්රිතයාත් නිසා නැතිකර ගෙන තවමත් අශික්ෂිත භාවයේ ඇලී ගැලී වාසය කරන තැනැත්තියකි. නීච ක්රිීයාවෙහි තත්පරවූ ස්ත්රිියක් හො පුරුෂයෙක් ස්වභාව වශයෙන් තම‍ාට වඩා පහත්වූවන් සමඟ ආශ්රසය කිරීමට කැමති වේ. මක්නිසාද ධනයෙන් හෝ ශික්ෂිත භාවයෙන් හීන තැනැත්තා ‍හෝ තැනැතිතී සුළු උපකාරයක් නිසා තමා කැමති නොමණත් ක්රි යාවකට යොමුකර ගතහැකි හෙයිනි. මේ මහලු ස්ත්රිිය මා ළඟට අවුත් ටිකක් නුරා සහිතව සිනාසී “ උඹ කොයි යනවාදැ” යි ඇසුයේය. එවිට මම ඉතා පහත් කෙනෙකුගේ ලීලාව දක්වා “ මැණිකේ මම කොහේවත් නවතින්ට සෙයමින් ඉන්නවා. මම යන්ට තැනක් නැති මිනිහෙක්මි” යි කීවෙමි. ඇත්තෙන්ම මා කෙරෙහි බලවත් ඇල්මක් ඇතිකළාවූ ඒ ස්රිණි ය ඒ ළඟ තිබුන බංකුව උඩ වාඩිවී මටත් පැත්තකින් වාඩිවෙන්ට කියා මෙසේ කීයේය. උඹ අපේ වලව්වේ නවතින්ට එතොත් මම පණ තියනකම් රක්ෂාවෙන්ට කටයුතු


44 වලව්වක පලහිලව්ව දෙන්නෙමි. මගේ බොහෝ ඉඩකඩම් හා කුඹුරු තිබේ. අපේ පරම්පරා‍ව නම් බොහෝම ඉහලයි. උඹ මා සමඟ යන්ට කැමතිදැයි ඇසුවාය. මේ මොන කාරනයක් දැයි තේරුම් ගන්නට බැරි නමුත් මේ මහලු ස්ත්රිුයගෙන් මා ප‍රීක්ෂාකරන කාරණයට යම්කිසි පිරිමැස්මක් නූනත් වෙන යම් කිසිවක් වත් ඉගෙන ගන්නට පිළිවනැයි සිතා “හොඳයි මැණිකේ මට රක්ෂාවක් දෙනවා වම් මම මැණිකේලාගේ වලව්වට එන්නෙමි. මගේ ගම ඉඳිගොඩයි. මම අඩු ජාතියේ මිනිහෙක්මි. කැමති නම් එන්නෙමි” යි කීවාම මැණිකේ තවදුරටත් මා දෙස බලා ‘අනේ උඹ සමඟ කොහොම නමුත් යන්නටම ඕනෑ. ඉඳිගොඩ අපේ මස්සින්ලාගේ වලව්ව දන්නෙහිද? උඔලාගේ ගෙවල් කහඹිලියාවත්ත ළඟදැයි” ඇසැවාය. ඒ සම්බන්ධ කිසිත් නොදත් නමුත් මැණිකේට ඉඳිගොඩ ඥාතීහු ඉන්නා බව හැඟුණු නිසා “ඔව් අපේ ගෙවල් කහඹිලියාවත්ත ළඟමයි. ‍අපේ අප්පොච්චිත් අම්මත් දෙන්නාම ළඟ ළඟදිම මැරී ගියා. තවත් අපට හිටි එකම නංගිත් ගිය මාසේ මළා. ඉතින් ඒ ගමේවත් ඉන්ට එපාවී මම රක්ෂාවත් සොයා‍ ගෙන මේ පැත්තට ආවෙමි” යි කීවාම මැනිකේ සුසුම් ලා” අනේ ගැ‍ටයෝ බලාපන් අපි කර්මයට විපාක නැහැ කියා සිතාගෙක අපරාධ කරනවා. බලාපන් උඹපගේ අප්පෙච්චිත් අම්මත් එකත් එකට අපේ මස්සිනාත් සමඟ එකතුව නවරත්න බණ්ඩාරට අයිතිවෙන්ට තිබුණු බූදලේ කොල්ල කන අදහසින් කළු බණ්ඩා නැති කිරීමට උපක්රිම යෙදූ ‍අය වෙන්ට ඇති, දැනට අවුරුදු දෙකකට වැඩි කාලයක් පටන් අපට නෑ හුරුකම් ඇති ඉඳිගොඩ පවුල් තුන හතරක්ම වස විස වලින්ම හා තවත් නොයෙක් උපක්රඉම වලින් විනාශ වෙනවා. මා කල්පනා කළේ සමහ‍රවිට ඒ අසල පසල පදිංචි උඹලාගේ මිනිස්සුත් ඕවාට පැටලෙන්ට ඇත කියලයි. ඇයි එහෙම ඇත්නම් උඹත් දන්නවා නොවේදැ’යි ඇසුවාය. “‍ අනේ මැණිකේ අපේ අප්පෙච්වත් ඔන්න එහෙම කුමන්ත්ර ණයත් කරලා කවුදෝ හූනියමක් කරලා ඒ නිසාම අප්පෙච්චත් අම්මත් නංගිත් අපේ පවුලම මළායයි මිනිසුන් කියති. මම කුඩා කාලෙම කෝරල තුනේම අපේ බාප්පලාගේ ගෙදරට ගොස් සිට ගමට ආවේ අප්පොච්චගේ අසනීපයටමයි. ඒ නිසා මම ඒ ගැන කිසිවක් නොදනිමි. සමහරවිට මාත් ගම උන්නා නම් මටත් ඒ හූනියම වදිනවාට අනුමානයක් නැත. ඉතින් මැණිකේ ඒ වලව් තුනේ මහත්තැන් කරගත් ගම් පෙරළිය දන්නවාද? අනේ අපේ අප්පොච්චචත් පැටලී විනාශවුනු ඒ කථාන්තරය දැනගන්නට ඇත්නම් මම බොහෝම කැමතියි” කීවාම මැණිකේ මගේ නම ඇසුවාය. මගේ නම “ පොඩියා” යයි මම කීවෙමි. එවිට මැණිකේ යමන් පොඩියෝ

පියදාස සිරිසේන නවකථා එකතුව 45 ඔය කාරනය ඉතා බාරදූර එකකි? ඔය පල හිලව්ව විස්තර මා දන්නා තරම කීයතත් පැය ගණනක් නැතුව බැරිය’යි කීවාය. ඇත්තෙන්ම මගේ හිත අත්ශයින් පිනා ගියේය. නවරත්න බණ්ඩාර ගැන වචන මාත්රමයක්වත් දැනගැනීමට මාස ‍ගණනකිය් නොහාකිවේයයි සිතාගෙන සි‍ටි නමුත් මේ මහලු මැණිකේ ගෙන් හුඟක් දුර තොරතුරු දැනගන්නට සිටි නමුත් මේ මහලු මැණිකේ ගෙන් හුඟක් දුර තොරතුරු දැනගන්නට පිළිවන් බව පෙනුනේය. “හොඳයි මැණිකේ හිතේ තියෙනතාක් සියදලුම දේ හෙට ගෙවන්නට ප්ර ථම දැනගනිමි’යි සිතා මැණිකේත් සමඟ ඒ තැනැත්තියගේ ‍වලව්වට යන්නට පිටත්විමි. මේ යන්නේ කොයිබටදැයි මට දැනුමත් නැති නමුත් තේ වතුර කඩයක් දැක මැණිකේ ඇතුල්වී මටත් අඬගසා තේවතුර බොන්නට ලෑස්තිවිය. පාන් කෙසෙල්ගෙඩි කා තේවතුර බී ශත 56ක් ගෙවන්නට වූ බැවින් එය මැණිකේ අතින් දෙන්නට ප්රතථම මා අතේ තිබෙන බව කියා මම ම දුනිමි. මැණිකේ මා දෙස බලා “ පොඩියෝ උඹ අ‍තේ හුඟාක් මුදලුත් තිබෙනවාදැ”යි ඇසීය. රුපියල් පන්සියයක් පමණ මා අතේ තිබුණු බැවින් ඒ සියල්ලම මැණිකේට පෙන්වා “ මම මෙහි රක්ෂාමක් සොයාගෙන ‍ආවේ අතේ තුට්ටුව නැතුව නෙ‍ාවෙයි. මම මේ මුදල් බෝහෝ කාලයක පටන් ප්ර වේශම් කරගෙන එන එකකි. උවමනානම් ඒ සියල්ලමත් මැණිකේට දෙන්නෙමි” යි කීවිට මැණිකෙත් මා කෙරෙහි වඩාත් විශ්වාස තබා “හොඳයි පොඩියෝ අපට ඒවා මක්කරන්නට බැරිද? වරෙන් ගමට ගොස් ඔක්කෙම කතා බස් කර ගනිමුය” යි කියා මැණිකේලාගේ වලව්වට සවස හයට පැමිණියෙමු. එය නමින් ‘වලව්ව’ නමුත් දි‍රා ගිය පිදුරු සෙවිලි කරන ලද ගේ පැලකි. මේ ‍කොයිබඳ? නුගවෙලය. ගමේ නම කලින් අසා තිබුනු නමුත් මේ මා පැමිණි පළමුවෙන් වතාවයි. ඉතින් මැණිකේගේ වැඩකාරියන්ගේ උදව් ඇතිව කෑම සූදානම් කොට මටත් කෑම පිඟානක් දුන්නාය. බත් කන්නට ප්ර්ථම මගේ ඉනේ සඟවා තිබුන කුඩා විෂ්කි බෝතලයෙන් කොටසක් මැණිකෙට දුන්නෙමි. සුරාවට අතිශයින් ගිජුවූ ඒ තැනැත්තී එය වහා බී බත් නා “සූර්” පිටම අවුත් ගෙයි උඩම වාඩිවී මාත් සමග කථා කරන්නට පටන් ගත්ත‍ාය. “ ඉතින් මැණිකේ ඉඳිගොඩ වලව් තුන කර කියාගත් කාරණා මොනවාද? මගේ අප්පොච්චත් විනාශව ගිය කාරණා මට නොකිව්වොත් මම ඉන්නේ නැතැ” යි කීවාම මැණිකේ ම‍ගේ පිටට තට්ටුකර “ පොඩියාට මම දන්නා සියල්ලම කි‍යමි. පත්ව්ර තාව රක්ෂා කළ නිතරම පින්දහම කරන කිසිම කලබලයක් නැති රූපයෙන් දිව්යාංැගනාවක් හා සමාන


46 වලව්වක පලහිලව්ව

කෙනෙකි. අපේ මස්සිනත් ඒ මැණිකේ කසාද බැන්දාට පසු කලින් කල දුසිරිත් නවත්වා නිතර පින්දහම් කිරීමේ යෙදුනේය. මේ අතර ඔවුන්ට පුදුම දියණියක් ලැබුණාය. ඇත්තෙන්ම පොඩියෝ මම නොයෙක් රටවල අවිද්දා. පාත රටත් ‍ගොහින් තිබෙනවා. නමුත් ලීලාවතී නමැති අපේ මස්සින්ගේ දියණිය තරම් ලක්ෂණ ගෑණු ළමයෙකු මට දකින්නට බැරිවුනා. ඉතින් ඒ ගෑණු ළමයා ලැබුණු දවසේ පටන් මස්සිනාට වස්තුව ගලන්නට පටන් ගත්තා. අවුරුදු පහක් ගතවන කොට ඒ පළාතේම ඉඩම් කඩම් කුඹුරු ආදිය මස්සිනාට වෙච්චි. මුදලුත් ගෙදර එමට මස්සිනාගේ මැ‍ණිකේ නිකරුනේ මුදල් වියදම් නොකරන සකසුරුවම්කම හොඳින් දන්නා කෙනෙක් බැවින් ඔවුන්ගේ ධනය වැඩිවුනා මෙන්ම ප්රිවේසම් ද විය. ඉතින් මේ කාලේ අපේ නඟා. එනම් මස්සිනාගේ නඟා පහල වලව්වවේ කිරිබණ්ඩාට කසාද බදවා තිබුණා. කිරිබණ්ඩාට ඒ කසාද බඳින කාලේ මස්සිනාට වඩා හත්අට ගුණයක දේපල තිබුණු නමුත් අපේ නඟාවන පුංචි මැණිකේගේ අඥාන කමත් නරක හැසිරීමත් නිසා තමාගේ අයියාගේ පවුලට ඊර්ෂ්යා කරන්නට පටන් ගත්තේය. දෙතුන් වතාවක් තමාගේ අයියාගේ භාර්යාවට වස දුන්නේය. තමාගේ රහස් මිත්ර්යන්ට මත්පැන් පොවා ඒ මැණිකේ මැරවීමට උපක්රේම යොදන ලදී. මේ විධියට තමාගේ අයියාගේ පවුල විනාශ කිරීමට උපක්රේම යොදන කාලේ පස් අවුරුදු වයසැති ලීලාවතී නම් කුඩා ළමයා අපේ නෑනාගේ මලයා කෙනෙක් වන නවරත්න නිලමෙලා ගේ ගෙදර යවා සිටියාය. එසේ කළේ ඉඳිගොඩට වඩා මාතලේදී ළමයාට උගන්වා හොඳට ඇතිකර ගන්නට පුළුවන්වූ බැවිනි. ඒ ළමයාට අවුරුදු 10 ක් ‍වන කාලේ මස්සිනාට කවුදෝ සතුරෙකු විසින් වෙඩි තබා මරණ ලදී. තවමත් ඒ මිනීමරුවා අල්ලා ගත නොහැකි විය. තමන්ගේ ප්රේ මවන්ත ස්වාමියා නැති ශෝකයෙන්දෝ කවුරුත් විසින් වසවිස දීමකින් දෝ ඒ අපේ නෑනත් මළාය. එවිට ලීලාවති නමැති මාතලේ සිටි කුඩා මැණිකේත් ඇගේ මාමා වන නවරත්න බණ්ඩාර හා මැණිකෙත් ඔවුන්ගේ පුත්ර යා වන මද්දුම බණ්ඩාරත් ඉඳිගොඩට ගොස් පදිංචි වූහ. එසේ පදිංචිවූයේ ලීලාවතී කුඩා මැණිකේගේ බූදලේ ආරක්ෂාකර වැඩි දියුණුකොට ඒ ළමයා නිසි වයසට පැමිණි පසු ලීලාවතීගේ ඇවැස්ස මස්සිනා වන මද්දුම බණ්ඩාරට ඈ පාවාදී ඔවුන්ට යහපතක් කරන පිණිසයි. මේ සිදුවීම අපේ නෑනාටත් කිරිබණ්ඩාටත් කලින් තිබුණාටත් වඩා අමාරු කාරණයක් විය. කිරිබණ්ඩාත් ඔහුගේ මැණිකේත් ස්වකීය සහෝදරයා ගේ පවුල විනාශ කරන්ට කල්පනා කළේ ඔවුන් සතු සියල්ල තමන් සන්තක කරගෙන සැපවිඳින්නටයි. නමුත්


පියදාස සිරිසේන නවකථා එකතුව 47

ඒ අදහස ඉෂ්ට නොවන නිසා බලවත් ක්රෝ ධයෙන් දිලිහි ‍එහා ගමේ අප්පුහාමිගේ නපුරු ඉලන්දාරියෙක් වන රන්හාමි මිත්රනකර ගෙන ඔහුට ලීලාවතී පොඩි මැණිකේ විවාහකර දෙනවායි පොරොන්දුව නවරත්න නිලමෙත් ඔහුගේ මැනිකෙගෙත් එකම පුත්රයයා වන නවරතන මද්දුම බණ්ඩාරත් විනාශ කරන්ට යයි ඉගැන්නුවේය. නිතරම සුරාපානය කිරීමෙන් හා අයුතු අධර්ම කථාවලින් දූසිතවූ රන්හාමි ශරීර ශක්තිය ඇති කෙනෙක් නිසා ඔහුට ලීලාවතී ලැබුනොත් ඒ පළාතේ පළමු‍වෙනි ධනවතා වෙන්ටත් පිළිවන් බැවින් කිරිබණ්ඩාගෙත් ඔහුගේ මැණිකේ ගේත් ඉගැන්නුම් අනුම ක්රිවයා කරන්නට පටන් ගත්තේය. ඉඳි‍ගොඩට ආසන්න වෙලේගොඩ මැණික්හාමි වෙඳ මහතා නැසීගිය අපේ මස්සිනාගේ ඥාති සහෝදරයෙක් සහ හිතෛෂි මිත්රමයෙක් බැවින් ඒ මස්සිනාගේ එකම දියණිය වන ලීලාවතී මැණිකේ ගේ ආරක්ෂාවට නිතරම යන එන කෙනෙක් විය. රන්හාමි ලීලාවතී පොඩි මැණිකේ සම්භව කථා බස් කරන්නට උත්සාහ කළ නමුත් ඒ ළමයා ඔහු වැනි ජඩයෙකු ස්වකීය වත්තක මුරකරුකමටත් නොගන්නා බැවින් රන්හාමිට බලවත් කේන්ති ඇතිව කිරිබණ්ඩා ගේ උවමනාමටත් වඩා තමාගේ ඕනෑ කමින් නවරත්න පවුල නැති කොට ලීලාවතී බලහත්කාරයෙන් හෝ විවාහකර ගන්ට සිතුවේය. මෙසේ සිතා කලක පටක් තම‍ා අඳුනන පහතරට ඉලන්දාරියකු වන ඇන්ඩෲ සමභව මේ ලොකු බූදලේ විත්තිය කියා ඔහු ද තමාගේ කුමන්ත්රලණයට සම්බන්ධ කර ගත්තේය. මෙසේ ටික. දවසක් යන අතර ඔවුන්ගේ පිරිසට තවත් ජා ගැටයෙක් ද එකතු විය. මොවුන් තුන්දෙනා ඉඳිගොම දෙවනත් කරමින් සිටියහ. ඒ කාලේ අපේ නඟා වන කිරිබණ්ඩාගේ මැණිකේ කටේ බ‍ඩේ පණුවන් කා මළාය. කිරිබන්ඩයියා නම තවමත් ඉන්නවා. ඉතින් මේ රන්හාමි ඇතුළු තුන්දෙනා එක්ව ඉන්නා කාලේ ඔවුන්ට උඩමුල්ලේ වලව්වේ ලොකු බණ්ඩාද එකතුවිය. මේ නපුරු හතරදෙනා ඔහොම කලක් මිත්රවව ලීලාවතිගේ බූදලය කොල්ලකාගන්නට ක්රිෙයා කළහ. නවරත්න නිලමේ හදිසියෙන් මළ බවත් ඊට පසු ඔහුගේ මැණිකේ ලෙඩකින් මළ බවත් ලීලාවතිගේ ආරක්ෂාකාර මැණික්හාමි කවුදෝ කරුවලේ සිට ගහපු පොලු පහරකින් ඔත්පලම සිට මළ බවත් ඉන්පසු ලීලාවතී සහ ඇගේ මස්සිනා නවරත්න බණ්ඩාරටත් මක් වුනාද කියා ආරංචි නැති බවත් මා සමඟ කෙනෙකි කීවේය.දැනට ඒ ලීලාවතීට අයිති ඉඩකඩම් නොයෙක් මිනිස්සු භුක්ති විඳිත්. වැඩි කොටසක් උඩහමුල්ලේ වලව්වේ 48 වලව්වක පලහිලව්ව ‍ලොකු බණ්ඩාර භුක්ති විදින්නේය. රන්හාමි හිරේලු. ඇන්ඩෲ කියන මිනිහත් අනිත් ජා ගැටයාත් තවමත් ඉඳිගොම ඉන්නවාලු. ඉතින් මේ පසුගිය පස් අවුරුද්ද තුළ මැණික්හාමිත්, කිරි බණ්ඩාත්, නවරත්න නිලමේත්. ලොකු බණ්ඩාත්, රන්හාමිගේ මාමා වන රතනපාල උන්නාන්සේත්, තවත් කීප දෙනෙකුත් කියාගත් නඩු හබත් සට කපටත් අනේ අප්පේ ‍කාට මතකඳ? කවුරු දන්න හුද? නමුත් අපේ මස්සිනාගේ පවුලටත් නවරත්න නිලමේගේ මවුලටත් හදි කිරීමට යම්තම්වත් සම්බන්ධවූ සියලු දෙනාම විනාශවී ගොස් ඉවර බව නම් පේනවා. තවම ලොකුවට ඉන්නේ ලොකුබණ්ඩා පමණයි. ඉතින් පොඩියෝ ආරංචි හැටියට උඹලාගේ අප්පොච්චත් අපේ මස්සිනා කෙනෙක් වන පහල වලව්වේ කිරිබණ්ඩාගේ ගජ යාලුවෙකි. සමහරවිට ඒ මිනිහාත් ඔය අපරාධ වලට මැදිහත් වෙලා විනාශ වෙන්ට ඇති. ඔයිට වඩා ඔය කාරණය ගැන මට මොකුත් දැනුම් නැත. ඉතින් පොඩියෝ ඔය කාගේවත් යටගිය පලහිලව්වලින් අපට කමක් නැත. ලීලාවතී මැණිකේත් දැන් නැති බවට ඒත්තු ගොසි අවුරුදු දෙකක් පමණ වෙනවා. මේ වනතුරු ඒ ගෑණු දරුවා ජීවත්ව උන්නානම් අවුරුදු 18 ක් වයස වන තරුණියකි. ඇත්තෙන්ම ඔය හතුරු වියවුල් ඇති නොවී ඒ මව්පියන් සමඟ ඉන්නට ලැබුනා නම් අපේ හතර වර්ගයේවත් කිසිකලෙක ඇති නූන තරම් ලක්ෂන කුමාරියෙකි. ඉතින් පොඩියෝ අපි ඕවා ගැන දැන් ලතවෙලා මක්කරන්ටද? කියා මැණිකේ තව ටිකක් සූර් වැඩිවූ බැවින් තමාගේ වයසවත් තත්වයවත් නොසලකා මා සමඟ කථාබස් කරන්නට පටන් ගත්තාය. ඇත්තෙන්ම මේ වයස්ගත ස්ත්රි යගේ ආශ්රතය ඇතිවීමෙන් නීච පැවතුම් ඇතියන්ගේ අදහස් දැනගැනීමට පමණක් නොව නවරත්න බණ්ඩාගේ පලහිලව්වේ සුළු ආරංචියක් දැනගැනීමට පමණක් නොව නවරත්න බණ්ඩාගේ පලහිලව්වවේ සුළු ආරංචියක් දැනගැණීමටත් ලැබුනු බැවින් ප්රීපති වූ මම මැණිකේට කථාකොට මට අධික නිදි මත බැවිනි අපේ මතු පැවැත්ම ගැන පිළිවෙලක් හෙට‍ යොදා ගන්නට කල් තබා මම දොරපිළි උඩ නිදාගතිමි. මැණිකේ සහ වැඩකාරියොත් ගෙට ඇතුල්වූ පසු පැයක් පමන නිදා සිට වහාම නැගිට එතැනින් නැඟිට එතනින් පිටත්ව කටුගස්තොට පාළම උඩට පැමිණ සම්පූර්ණ චන්ද්රත රශ්මියෙන් යුත් ඒ රාත්රිමයේ මහවැලිඟ‍ිඟේ ශ්රිගයාව බලමින් ටික වේල‍ාවක් සිටියෙමි. ස ඳ හෙල සඳුන් කැටයෙන් නිසඹ තුටු හ දා සො ඳ සඳ කැළුම් සුණු ඉසිනා සදෙහි එ දා ම ඳ මඳ පවන් පාළම මතෙහි වීද ඉ දා කො ඳ මට ඉඩක් යන්නට සිහි නුවණ යො දා පියදාස සිරිසේන නවකථා එකතුව 49

නුගවෙලින් අවුත් කටුගස්තොට පාලම උඩ චන්ද්ර රශ්මිය විදිමින් වුන් මට පුදුම ගතියක් ඇතිවිය. මහවැලි ග‍9්ඟේ ජල සුලි වලින් නඟින පෙණ ශ්වේත වර්ණ චන්ද්රත රශ්මිය කරණ කොට ගෙන වජ්ර කැට සමූහයක් මෙන් පෙණුනේය. ඒ පෙණ උඩට වරින් වර පණින මත්ස්යියන්ගේ පිණුමද බලමින් සිටියෙමි. රෝස ‍ආදී මල් ඇති ගෙවුයන්හි වැදි උස් කඳුවල පිණි කැටවල සිහිල් ගුණය උකාගෙන එන මන්ද මාරුතය විදිමින් සිටි මව අනංගයාගේ පංචායුධය මතක් විය. සම්පූර්ණ තරුණ වයසේ පිහිටි නිරෝගී වූ ශරීරයක් ඇති මා සඳරැස් යට මහවැලි ග‍ඟේ පාළම උඩ සිටිය වේලාවේ මට අනංග යුද්ධය සිහිවීම ගැන මගේ සිතටම ලජ්ජා්හටගත්තේ ය. ඒ වේලාවේ මග යන එන කිසිවෙක් නැති බැවින් ද මධ්යාම රාත්රි ය ඉක්ම ගොස් සිටි බැවින් ද කවර ස්ථානයක ලැඟුම් ගනිමිදැයි කල්පයනා කරමින් ඒ පාළමෙන් ටිකක් ඈත තුබුණු කඩපෙළ දෙසට ගමන් කෙළෙමි. ටිකක් දුර යනවිට බලවත් කැළඹිමක් ඇසුනේය. “ඔන්න හොරා, ඔන්න ඔය නාකියව අල්ලපියෝ, මුන් තමා අපේ ලොක්කෝ” කියමින් කෑගසන්නෝ ද, ඔල්වට හ‍ඞ දෙමින් සින‍ාසෙන්නෝ ද, නෝනොහාමි කළ වැඩේ බොහොම හොඳය”යි කියන්නෝ මහා පාරේ එක් කඩයක් ඉදිරිපිට රැස් කකා සිටිනු දුටු මම අගන්තුකයෙක් හැටියට නොව ඒ ගමේම කෙනෙක් හැටියට ඒ සෙනඟ මැද්දට ගියෙමි. එසේ ගොස් එහි සිටි දෙකටහරි වයසක කෙනෙකුගෙන් “මොකද බණ්ඩො මේ කලබලෙ, කවුද හොරු” කියා ඇසුවෙමි. බන්ඩාට නිදිමතේදෝ ඔහුගේ මිත්ර ඖෂධහාමි යයි සිතාගෙන “ආ ඖෂධහාමි උඔ ඇසුවේ නැද්ද, අපේ ලොක්කත් ඔහුගේ මල්ලිත් අනිත් මල්ලිගේ පුතති යන තුන් දෙනාම එකවිඩේ අසුවෙලා මේ ඉලන්දාරි වගයක් කොලොප්පන් කරනවාය” යි කීයේය. ඉතින් අප්පේ “අමුහිංගලෙන්ම” එය මට විස්තර කරන ලදී. මේ කොලොප්පම නිසා මේ කියන අධිපතීන් තුන්දෙනාගෙන් අවුරුදු 6ක් පමණ වයසැති ලොක්කත් මට ඇඳනගන්නට පුළුවන් විය. අනිත් ඉලන්දාරියා කවුසාහි සෙනඟ මැද්දේ බලාගන්නට බැරිවිය. ඉතින් මෙවුන්ගේ තොරතුරු කියන ඇතැම් මිනිසුන් මෙසේ කීහ. “මොනවද බානවට, ඉස්සර බලීතිබ්බ අය දැන් රඳළ වුනාට කොහේ හරි යනවාද? පන්සල් වලත් විහාර වලත් ආදායමෙනුත් නූගත් අසරණ ගම්වාසීන්ගේ ඉඩකඩම් කොල්ලකෑමෙනුත් ලොකු පොහොසත්තු වුන නමුත් ඉතා පහත් නීචගති පැවතුම් ඇති මව්පියන් නිසා අටගෙණ, හරි ඉගෙනීමක්, හික්මීමක් නැති මේ හාදයෝ නුවර වුන්නත්, ගම්පල වුන්නත්,ගාල්ලේ වුන්නත්, කටුගස්තොට, මාතලේ ආගමක පළාතක වුන්නති ඔවුන්ගේ 50 වලව්වක පලහිලව්ව නීචගතිය කොයි කොයි විධියකින් වත් අත්හරින්කට අමාරුයි. විහාර දේවාලයන් සන්තක ධනය කකා පාපකාරී අධමයන් බෝ කරමින් රටෙ ‍ගමේ කෙනෙකුට ඔළුව උඩගන්නට ඉඩ නොදී ඉන්නා මොවුන් කවදා නමුත් අ‍පේ රටෙන් “තෝන්චි” නූනොත් අපට නම් මේකේ ඉදීමක් නැත කියන්නෝද, “මේ නාකියි, ඉලන්දාරියි, කොල්ලොයි, මෙසේ කඩපිල් ගානේ ඇවිදිමින් කිය නොහැකි දුශ්චරිත කරමින්, මෙහේ සිටින අතර වලව්වල විත්තිය ඇහුවොත් පුදුම නොවී ‍නොහැක. නමුත් මුන්ටත් හාමුදුරුවෝය. මොවුන්ගේ බිරින්දලාට “වලව්ලේ හාමුදුරුවෝය” කියවා ගන්නට ලොකු කැමැත්තක් තිබේ. මේවා වැඩිකල් යන්නට ප්ර ථම රටට ප්රනකාශ කර දී අනුන් තලාපෙලා විහාර දේවාල කොල්ල කමින්, මත් පැන්, පරදාරාදී දුශ්චරිත සාගරයෙහි ගෑණු පිරිමි දෙපක්ෂයම එකාකාරව ගැලී ඉන්නාවූ මේ බලිබත් තබන්නන්ගේ පරම්පරාවත්, දෙමළත් සිංහලත් මිශ්රා වූවන්ගේ පරම්පරාවත්, ඔවුන්ගේ හතර චරීගේත් ලොවට පෙන්වා දිය යුතුයි. නෝනොහාමි පාත රට ඥානවන්ත ස්ත්රිගයක් නිසා මොවුන්ට හොද දැනුමක් කමක් කර තිබේ. ඉතින්වත් මොවුන්ගේ වැදගත් කමක් ගුණවත් කමක් කොයාදැ” යි කියන්නොත් ඒ පිරිසේ බොහෝ වූහ. මේ කථාබස් අසා ඉවර වී ටිකක් දුර යන විට දෙකට නැම්ච්ච මිටිපාහේ වයසක කෙනෙක් තවත් දෙදෙනෙකුත් සමඟ යනවා දැක මම ද ඔවුන්ට එකතුව ගමන් ගතිමි. මේ වනාහි නුගවෙල මහතෙකි. උන්නැහේ දුටු හැටියේ මම අචාරකොට, මොකද මහ නිලමේ මේ මහා රාත්රීත බැහැරක් ‍ගොහින් යහපත් වෙනවා දැයි අසිමි. එවිට මගේ මූන දෙස බලා “තෝ කොහි ගොහින් එනවාද, තෝ මේ අහන්නේ මොනවාදැ”යි ඇසීය. නෑ අයුබෝවන්ඩ මම නුවර ගොස් එනවා. රෑ බෝවූ බැවින් මේ වේලාවේ මෙතනින් යන්නට වුනා. මම දුම්බර මිනිහෙක්, මම මොකුත් නොදැනයි මේ තොරතුරු අසන්නේ කීවාම මහ කිලමේ මා දෙස බලා “තෝ යන්ට පල, මෙන්න මේ විදියේ වල් ස්ත්රීලයක්ගේ ගෙදර කොලොප්පමක් වෙලා ඒක බලනඩ ගියා. තට ඕවායින් කාරියක් නැතැ” යි කීයේය. එවිට මම මොකුත් නොදත් කෙනෙක් වාගේ ‍ ‘අනේ මහ නිලමේ මට දැන් බොහොම රෑ වුනා. අපේ ගමටත් යාගන්ට අමාරුයි. උදේ වනතුරු වලව්වේ කුස්සිය පැත්තේ නිදාගෙන ඉඳලා උදේම යන්ටදැ” යි ඇසුවෙමි. එවිට නාකි නිලමේ මා දෙස බලා, හොදයි වර. “අ‍පේ වලව්ව ඉදිරිපිට තිබෙන මඩුවේ නිදාගෙන ඉඳලා ගියාට වරදක් නැති” යි කීයේය. මේ අවසරය නිසා මමත් ඔවුන් සමගම ගියෙමි. මා යනකොට ඒ මඩුවේ කෙනෙක් නිදාගෙන

පියදාස සිරිසේන නවකථා එකතුව 51

උන්නේය. නිලමේ වලව්ව ඇතුළට ගියාට පසු එහි නිදාවුන් මිනිහා ලඟින්ම පැදුරු කඩමල්ලක් ලාගෙන නිදාගන්නට සූදානම් වන විට ඔහු අවදි වී ගිනි කූරක් පත්තුකොට බලා මාත් සමඟ කථාවට බැස්සේය. “ උඔ මේ මහා ‍රෑ කොහේ ඉඳලාද? මමත් මේ වන්දන්වේ ගොහින් එන ගමන් නිදාගන්නට නොලැබුණේය. මම මෙතන ඉන්නා මැණිකේලාත් අර එහායින් පෙණෙන කුඩා‍ ගෙයි ඉන්නා තවත් මැණිකේ කෙනෙකුත් සමඟ මා ආගිය තැන්වල විස්තරත් දැන් උඩරට පවතින චාරිත්රම ව‍ාරිත්රයත් කථා කරමින් උන්නෙමි. මට මේ කථා සියල්ලම පුදුමයක් මෙන්වී මේ වන්දනාකාර‍යා සම්බවීමත් හොඳටම සිද්ධ වූ එකකැයි සිතා “ අනේ උපාසක උන්නැහේ මම උඩරට කෙනෙක් නොවෙමි. මගේ ගම කොළඹ පලාතේ ය. මට ලොකු ඇබැද්දියක් වෙලා මගේ ‍සහෝදරියගේ දුවක් වන ගෑණු ළමයෙක් නැතිවෙලා ඈ සොයන මම ගමින් පිටත් වෙලා මාස දෙකක් පමණ වෙනවා, තවමත් සොයන්නට ලැබුනේ නැත. ඉතින් තමුසේ නොයෙක් තැන්වල ඇවිද්ද නිසා රටේ තොරතුරු මටත් ටිකක් කියන්නටය” යි කීවෙමි.

එවිට ඒ අමුත්තා, “අනේ මිත්රටයා, නැතිවී ඉන්නා තමුසේගේ සහෝදරියගේ දියණිය කවරෙක් ද කියා මට දැනගන්නට පිළි‍වන්කමක් නැත. නමුත් වත්තේගමදී මට පුදුම තරුණියක් දකින්නට ලැබුනා. ඒ ඇත්ති එහි ලංසි ගෙදරක වැඩ කරන කෙ‍නෙකි. නමුත් එක් දිනක් තමාගේ වයසේ යහළු තරුණියක් සමඟ කියන කව් කිපයක් ඒ මිත්රෙ තරුණිය ලියාගෙන තිබී මට ද දකින්නට ලැබුණා. ඒ මිත්ර් තරුණිය නම් තේ වතුර කඩකාරියකගේ දියණියකි. මෙන්න ඒ කවි කොළය බැලුවම තමුසේට සිංහල භාෂාව තේරෙතොත් පුදුම නොවී නොහැකි තරම්ය. මේ කවි ඒ ලංසි ගෙදර උන් තරුණිය විසින් සාදන ලද්දකි ‍නම් සත්තකින්ම ඒ තැනැත්තී උසස් ඉගෙණීමක් ඇති ශික්ෂිත කෙනෙක් බව ඒකාන්තය” යි කියා ඔහු ‍‍ඒ කවි හතර මට දුන්නේයත

රූ ස ඳ ගඳට රස පහසට වෙන වෙන ම දී‍ සෙ ද පස් දෙනෙක් දිවි නසති කර පෙ ම බෝ ත ද නපුරු ව මෙම කාරණ පස ම වූ ස ඳ කෙනෙකු හට වන දුක කියනු කි ම


52 වලව්වක පලහිලව්ව

සි ය දි වි දෙවැනි කොට රැකි තිවිද රත්නය මගෙ දි වි නිසා දිවි දුන් එ නම රත්නය රැ ක දි වි සිටි නමුත් ඔබ සමිදු රත්නය නැත දි වි නැත නිසැක දැනගත් එ වැන්නය

ත ම සැ ප දැඩිව සලකන අමනයන් නි සා ගි ය අ ප සී හසුන පැවතුන දහස් ව සා දු ක අ ප දැන් විදින එබඳුම දනන් නි සා දි වි කැ ප කරමි මතුවන් වැඩවන පිණි සා

දු කි නා දුකම ගොතමින් නොමද අනුබ ඳු සි ත නා නොයෙක් සේ බැස සිතිවිලි මුහු ඳු නො දැනා දෙගුරු සොහොයුරු පෙම්බර සමි ඳු ඉ ඳි නා මම සමතියෙකි වෙන නොමැති බ ඳු

මේ කවි හතර තුන් හතර විධයක් කියවැ බැලු මම පුදුමයට ආ උපාසක මහත්මයෝ, මේ කවි කොළය ලැබුණේ ‍කාගෙන් ද අනේ මට ඇත්ත න කියනු මැනවැ” යි කීමි. එවිට උපාසකරාළ මා ගැන අනුකම්පා කලාක් මෙන් “‍වත්තේගම දුම්රිය පොළට නුදුරුව තේවතුර කඩයක් තිබේ. මම ඒ කඩේ දෙදිනක්ම නවාතැන් ගෙන සිටියෙමි. ඒ කඩේ ඉන්නා පොඩිහාමි නමැති ගෑණු ළමයෙක් මට ඔය කවි කොළය දුන්නාය. ලංසි ගෙදරක සිටින තවත් ලමිස්සියෙක් ඈට දුන්බව කීවාය” යි කී‍වේය. ඇත්තෙන්ම මෙලොව එපාවෙලා ඇවිදින උපාසක රාළගෙන් ඔයිට වඩා යමක් දැනගත නොහැකි බව කල්පනා වී වෙලාව බැලූ විට උදේ හතරමාර බැවින් උන්තැනින් නැඟිට මහනුවරට පැමිණියෙමි. මා නවතින ඉඳිගොඩටද ‍නැතහොත් වත්තේගමට දැයි නිශ්චය කරගත නොහැකිව පැයක් පමණ මේ විතර්ක කරමින් ඉදිගොඩට යන්නට ප්රනථම වත්තේගමට යන්නෙමි යි සලකා උදේ හතට පමණ මට පුරුදු කලිසම් මේස් සපත්තු ආදී ඇඳුමෙන් සැරසී වත්තේගමට යන පිණිස පිටත් වීම්. දවල් දොළහට පමණ එහි ගොස් වන්දනාකාරයා කී කෝපි කඩේ සොයා ගතිමි. ඇත්තෙන්ම වන්දනාකාරයා මට බොරු නොකී බව වැටහුනේය. ඔහු කී විධියේ ගෑණු ළමයෙක් ද එහි සි‍ටියාය. මගේ ඇඳුමේ ප්ර මා‍ණයට ඒ කඩේ නැවතීම සුදුසු නොවන නමුත් උවමනාවේදී ඒ කිසිත් නොසැලකිය යුතු බැවින් කඩේ ඇතුළට ගොස් පියදාස සිරිසේන නවකථා එකතුව 53

මට දවාලට ආහාර පිස දුන මැනවයි කියා එහි සිටි තලතුනා ස්ත්රිනය අතට රුපියලක් දුනිමි. ඒ කරුනාවන්ත ස්ත්රිුය ද ඉතා සතු‍ටින් එය පිළිගෙන ඒ වේලාවේ ඈට පිළිවන් තරම් හොඳින් මට ආහාර සම්පාදනය කළාය. මා කරුනයෙක් නිසා ඇගේ දියනිය වන පොඩිහාමි අස්සෙන් මුල්ලෙන් එබෙනු මිස මා ඉදිරිපිට නො ඒම මගේ කාරණයට බලවත් බාධාවක් විය. සමහර සිංහල ගෑනු ළමයින්ගේ අස්ථාන බියසුලු ගතිය නොහොබනා නමුත් තමන් හොඳ හැටි නොදත් තරුණ වයසේ සිටිය වුන් සමග විලිබිය රහිතව කථාබස් කිරීමාදිය නරක බැව් කිව යුතුය. ඒ කෝපි කඩේ මහලු සත්රිථය පි‍ළියෙල කරදුන් ආහාර අනුභව කොට ඈ ළඟට අඬ ගසා මම ඈත පළාතක කෙනෙක් බවත් පැමිණියේ එක්තරා කාරණයක් දැන ගැනීමට බවත් කියා ඇගේ දියනිය ගෙන් ඒ මට උවමනා කාරණය දැනගන්නට සලන්ව‍ා දියයුතු බවත් කීවෙමි. එවිට ඈ ටිකක් භය වුනාක් සිට දුවට අඬගැසීය. ඒ ළමයා මව්ගේ පැත්තකින් සිටියදී “කරුණාවන්ත නංගී උඔට මම සුළු උපකාරයක් කරන්නෙමි. උඹට මේ කවි කොළයක් දුන් ගෑනු ළමයි ඉන්නා තැන මට කියාපන්නැයි” කීවෙමි. ඒ ළමයා තිගැස්සී “ඔය කවි හතර මට දුන්නේ ජෑන්ස් මහත්මයාලාගේ ගෙදරවුන් ලිසීය. දැන් ලිසී නැත. ඒ ළමයා ඇවිත් මසයක් පමණ සිටියාය. ඒ සිටිද්දී කවුදෝ සතුරෙක් ඈට බලාත්කාරකමි කරනවාය කියා රහසින් මා සමග දෙතුන් දිනක් කීවා. ඒ ළමයා අප වාගේ කෙනෙක් නොවේ. මට ඇත්ත නොකීවත් ඈ උසස් වලව්වක උගත් නෝනා කෙනෙක් බව මට තේරුනා මොකක් දො විපතක් වෙලා ජෑන්සි මහත්මයාගේ ගෙදර හිටිය‍ා. ඒ සිටියදී ‍එක දවසක් අඬ අඬා අන්න අර ගල ළඟ සිටගෙන වරින් වර ඔය කවි කොළය බලමින් මා අතට කවි කොළය දීලා ‘ උඹට ඔය කවි තේරුණාද” යි මගෙන් ඇසුවාය. මට හොඳට තේරෙන්නේ නැති නමුත් කියවන්නට පුළුවන් නිසා අරගතිමි. මම ඒක මේසේ උඩ තියා මොකක්ද වැඩකට ගිය වේලේ එදා මෙතන නවාතැන් ගත් වන්දනාකාරයා අර ගෙන කිය කියා සිටියා. දැන් ලිසී කොහේ ගියාද කියා ජෑන්ස් නෝනලාටත් දැනගන්නට බැරුව පොලීසියටත්දැනුම් දී තිබෙනවා. ඒ ඇර වෙන කිසිවත් මම නොදනිමි” යි පොඩිහාමි භයෙන් මෙන් වෙව්ල වෙව්ලා කීවාය. ඇගේ කථාවෙන් මා පරීක්ෂා කරන ලීලාවතී මැණිකේම බව තේරුම් ගෙන හොඳයි නවරතන බණ්ඩාරත් ලීලාවතිත් තවමත් ජීවත්ව ඉන්න බවට ලකුණු තිබේ. එසේ නම් “වික්රරමපාල” වූ මට ඔවුන් සොයා ගන්නට පිළිවන්නයයි සිතමින් බලවත් ප්රී තියක් ඇතිවිය. ඉක්බිති පොඩිහාමිට තෑගි වශයෙන් රුපියල්

54 වලව්වක පලහිලව්ව පහක් දී ඉඳිගොඩ යන කල්පනාවෙන් සවස මාතලේ සිට එන දුම්රියේ දෙවෙනි පදක්තියේ කාමරයකට නැග්ගෙමි. ඒ කාමරයේ අද්භූත පුද්ගලයෙක් සිටියේ ය. ඔහු මා ඒ කාමරයට ඇතුල්වන විට රෞද්රු කොටියෙක් මෙන් මා දෙස බලා සිට නැවත මිනිත්තු පහත් පමණ උඩ බලාගෙන කල්පනා කර ඊට පසු බිම බලමින් මඳක් සිනාසී “දුම්බර, දුම්බර” කියමින් ටිකක් හයියෙන් කෑ ගසා අඬන්නට පටන් ගත්තේය. මේ උන්මත්ත‍කයෙක් ය. මා නැග්ගේ මේ කාලකන්නියා සිටි කාමරයට නොවේදැයි සිතමින් ඊළඟ දුම්රි‍ය පලේදී වෙන කාමරයකට ඇතුල්වෙන කල්පනාවෙන් සි‍ටියෙමි. ඒ අතර ඒ උන්මන්තයා මට කථාකොට “ අයියේ. උඹ මම කවුද කියා දන්නවා ද, මම..... දේවාලේ බස්නායක නිලමේ. ඊයේ දේවාලේ ඉඩමක් බදු දී රුපියල් 1500 ක් ගතිමි. අපේ අප්පොච්චත් ඒ දේවාලේම බස්නායක නිලමේව සිටියාය. මම බීමටත් වෙන වෙන වැඩ වලටත් වියදම් නොකලා නම් මගේ බරට වඩා රන් රදී මුතු මැණික්ම සම්බ කලෙමි. උඹ කොහේ මිනිහෙක්ද, පාත්තයෙක් දැයි ඇසුවේය. ‍එවිට මම ටිකක් ධෛර්යමත්ව නෑ බස්නායක නිලමේ මමත් උඩරට කෙනෙක්මි, මම වත්තක “ කොන්දොස්තර කෙනෙක්, අපේ ගම කෑගල්ල පළාතේය” යි කීවෙමි. “අන්න එහෙනම් හොඳයි. අපේ පරම්පරා වලට අයිති විහාර දේවාලගම් ආදිය අපට ඕනෑ හැටියට භුක්ති විඳින්නට ඉඩ නොදෙනු පිණිස කටුගස්තොට පැත්තේ මිනිහෙක් පාත්තයිනාට හා ඉගෙනගත්තාවූ උඩරට මිනිසුන්ටත් එකතුව වැඩ කරනවා. ඔවුන් අපට මක්කා කරන්ටද? අපේ පරම්පරාගත අයිතිවාසිකම් ඔවුන්ට නැතිකරන්නට පුළුවන්ඳ? කියමින් ඔඩොක්කුවේ තිබී විස්කි බෝතල කාලක් එළියට අරගෙන එයින් ටිකක් ‍කටේ වක්කර ගෙන මටද ඒ පුංචි බෝතලය දී ටිකක් බොන්නට කීවේහ. එවිට මම මහත් ගෞරවයක් පෙන්වා අනේ ආයුබෝවන්ඩ. බස්නායක මැතිතුමා බොන බෝතලය කටේ තියෙන එක හොඳ නැහැ. නැත්නම් මම බොන්න කැමතියි කීවෙමි. එවිට පිස්සෙක් මෙන් සිටි බස්නායක තැන මගේ කරට තට්ටු කර “ බීපන් පැන්චෝ, වැදගත්කම් බීමට කොයින්ද? අපේ ගමේ ඉන්නා රොඩී මිනිස්සු බොන තැබෑරුමේ මමත් බොනවා. ඔවුන් බොන වීදුරුවල මමත් බොනවා. මත්පැන් බීමටත් පර‍දාර සේවනයටත් අපි නම්බුවක් ගෞරවයක් සලකන්නේ නැහැ. ඒ අපේ නම්බුවක් ගෞරවයක් ඔක්කොම වෙන වෙලාවල්වල ඔන්න ඔහේ බීපන්” කියන කොටත් මහයියාවේ දුම්රිය පලට දුමිරිය ළඟාවනු බැවින් බස්නායක බැස්සේය. මම ද බීම බෝතල කාලත් එම දුම්රිය කාමරයේම තිබියදීම එම දුම්රිය

පියදාස සිරිසේන නවකථා එකතුව 55

පලෙන් බැස දුම්රිය පලේ පැත්තකට වී සිටියෙමි. බස්නායක එතැනින බැස අතේ තිබුනු පොට්ටයනියත් කිහිලි ගන්නාගෙන කොකෝවා වත්තක් මැදින් යන්නට පටන් ගත්තේය. ඔහුට බඹ තිහ හතළිහක් පසුවී මමද හෙමින් හෙමින් ගමන් ගතිමි. බස්නායක ඒ කොකෝවා වත්තෙක් එහා අප්රිසිද්ධ පාරක් අයිනේ තිබුණු ගේකට ඇතුල්වීය. මම ඒ ළඟටම ගොස් එය සවිස්තරව සිතේ තබ‍ාගෙන ඉන් එහා තිබෙන සන්ධියට ගියෙමි. 02. පරිච්ඡේදය

පැ ය දෙකක් පමණ පාර අයිනේ හැසිරෙමින් සිටියෙමි. බස්නායක නිලමේ ඒ ගෙයින් පිටතට නො එන නිසා රාත්රීන දහයට පමණ මා නවතින හෝටලයට ගොස් බත් අනුභව කොට ලීලාවතී සෙවීමට කවර උපක්ර මයක් යොදම්දැයි සිතා රාත්රීු දොළහ වනතුරුත් මට නිදාගන්නට බැරිවිය. අන්තිමේදී විරියෙන් හිත නිස්කලන්ක කරගෙන නිදාගෙන උදේ 5ට තරම් නැඟිට බස්නායක ලැගුම්ගත් දිසාවට ගියෙමි. මගේ වාසනාවක්! බස්නායක මට මඟදීම සම්බ විය. ඔහු ලැඟලා එන ගෙදර මා දත් බැවින් හා ඔවුන්ගේ තත්වය මට තේරුම් තිබුනු බැවින් මා ඇඳගෙන සිටි කෝට එක සහ ටිවිඩි රෙද්දත් ලිහා පොට්ටනිකර ගෙන එයත් කිහිල්ලේ ගසාගෙන පිටිසර ගම් වැසි පහත් පංතියේ මිනිහෙක් ලෙස ගමන් කෙළෙමි. එසේ ‍බස්නායක නිලමේ නැවතී සිටිය ගෙදර ළඟට ගොස් පරීක්ෂා කරන විට ඒ ගෙදර සිටි වයසක අම්මා කෙනෙක් මගෙන් “කුමක් සෙයන්නනෙහිදැ” යි ඇසුවාය. මට යමක් කියන්නට නැති බැවින් “මේ කිට්ටුව අපේ ගමේ පවුලක් පදිංචිව ඉන්නාබව ආරංචි නිසා ඒ ගැන ටිකක් සොයමි” යි කීවාම අපේ ග‍ම කොහේදැයි ඒ මහලු ස්ත්රිඒය ඇසැවාය. එවිට ‍ඉඳිගොඩ යයි කීවෙමි. ඇත්තටම ඔවුන් ඉඳිගොඩ මිනිස්සු නිසා “ ඔව් අපිත් ඉඳිගොඩ තමා උඹ ඉඳිගොඩ කොයි හරියේදැ” යි ඇසුයේය. මට ඒ ගැන කිසිවක් කියන්නට නැති බැවින් ගේ ඇතුළට ගොසි වාඩිවී ටිකක් කණගාටුවෙන් මෙන් කල්පනා කරන විට තරුණ ප‍ාහේ ස්රිකණගායක් කුස්සියේ සිට මා වුන් ශාලයට විත් “ අම්මේ මේ රන්හාමිගේ පුතා නොවේදැ”යි කීය. ඇත්තෙන්ම කියන්නට කිසිවක් නැතිව සිටි මට ඒ ස්ත්රිොය මතක් කළ කාරණය හොඳටම සෑහි” මම රන්හාමිගේ පුතා තමයි, අනේ මා අපරාදේ හිරේ වැටී සිට අවුරුද්දකට පසු මේ එනවා මගේ රූපයත් විරූප වූණා’යි කීවාම ඒ මහලු කිරිහාමි “ අනේ කුඩා බන්ඩෝ උඹව මට අඳුනන්නට බැරිවුනා. උඹ හිරේ හිටියායින්දෝ දැන් පාට වැටිලා ලක්ෂණවී ඉන්නවා. උඹ මෙහාට ආවේ. අපි මෙහි ඉන්නා 56 වලව්වක පලහිලව්ව

බව දැනගත්තේ කොහොමදැ”යි ඇසුවාය. ඉත්න් මගේ කාරිය ඉෂ්ටවේයැයි ප්රීැතිව “ මම නුවට සිට මේ පැත්තට එනකොට බස්නායක නිලමේ මගදී හම්බවෙලා උඹලා මෙහි ඉන්නා බව කීවා. ඉතින් කොහොමද අපේ ගෙවල්වලත් ‍ගමෙත් තොරතුරු” කියා ඇසුවාම ‘මැහැල්ලි නිකට අල්ලේ තබාගෙන එලිපත්ත උඩ වාඩිවිය. තරුණ ස්ත්රිාය සුසුම්ලලා “ අනේ බන්ඩයියේ මොනවා කියනවාද ඉඳිගොඩ එහෙම පිටින්ම විනාශයි. නවරත්න බන්ඩාර මහතාත් ලීලාවතී මැණිකේත් මැරීමට යන්තම්වත් මැදිහත්වුනු කෙනෙක් ඇත්නම් ඔක්කෝම විනාශවුනා. අපේ මේ අම්මාත් ඒකට මැදහත්වෙලා ඊට විපාක වශයෙන් අපේ අප්පොච්චත් නයෙක් ගසා මැරුණා. අයියා ගහකින් වැටී මැරුණා. ඒ අපරාධ කරපු අධම බස්නායකයා අපට රජසැප දෙනවාය කියා මෙහාට ගෙන්වාගෙන දහ දොලොස් දවසකට වරක් කට ගණනක් සුරා බීගෙන මෙහි අවුත් පණම් හතරක් පහක් දීලා අපට කොහේවත් යන්ටත් නොදි අපව රස්තියාදු කරනවා අනේ කර්මයට විපාක නැත කීම අපරාධයකි. ලීලාවතී මැණිකේටත් එ පවුලට කළ අපරාධයට විපාක වශයෙන් දැන් විස්සක් තිහක් ඉවරයි. ඇන් ඒ වලව්වල ධනය හම්බයන් විසින් භුක්ති විඳිනවාය” යි කියමින් මහත් ශෝක දැක්වූවාය. මා සොයමින් සිටි තොරතුරු නිරායාසයෙන්ම දැනගන්නට ඉඩ ලැබුනු බැවින් අපමණ ප්රීතතියට පැමිණ මගේ අතින් රුපියල් පහක් මැහැලිය අතටදී අනේ නැන්දේ මම දවසක් හමාරක් මෙහි නැවතී ඉඳලා යන කල්පනාවයි. උඹ කඩේට ගොහින් දෙතුන් වේලාවකට තුනපහ අරන් වරෙන්නැයි කීවෙමි. ඈ ද මහත් සතුටට පැමිණ කඩේට ගියාය. ඒ අතර තරුණිය සමඟ කථාව පටන්ගෙන අනේ මැණිකේ මට ඔක්කොම කියන්නට ඕනෑ ලීලාවතී මැණිකේ මැරුවද නවරත්න බණ්ඩාරත් මැරුවද කියා ඇසුවෙමි. එවිට හීන්හාමි නමැති ඒ තරුණිය මෙසේ කියන්නට විය. “අපට ආරංචි හැටියට නම් ඒ පවුලේ දෙකම විනාශයි. නමුත් ඉතා ඥාණවන්ත නවරත්න බණ්ඩා ‍කොහේ වුවත් සැඟවී සිටිනවාට අනුමාන නැතැහි බස්නායකයා කීවා. ලීලාවතී මැණිකේ කසාද බඳින්ට ඉහළ වලව්වේ ලොකු බණ්ඩාර හාමුදුරුවන්ගේ පුතාට කැමති කරවාගන්ට බැරි කේන්තියට නවරත්න බණ්ඩාර මැරවීවට ඔවුන් වීරිය කර අන්තිමේදී අපේ අම්මාගේ කෛරාටික කමින් පණ වාගේ සිටි නවරත්න බණ්ඩාර මහතා ‍කෙරෙහි ලීලාවතී මැණිකේගේ සිත කලකිරවා ඔවුන් භේද කළා ඉන්පසු ඔවුන්ට කුමක් වුනාදැයි අපට මොකුත්

පියදාස සිරිසේන නවකථා එකතුව				           57

දැනගන්ට බැරිවිය. අපි මෙහාට ආවා. ඉතින් මැණිකේ උඹලාගේ අම්මා කළ කෛරාටික කම මොකක්ද? ඔවුන් භේද කළේ ‍ෙකාහොමදැයි ඇසුවෙමි. එවිට ඈ විස්තර සහිතව මෙසේ කියන්නට පටන් ගත්තේය. අපේ අම්මා නිතරම ලීලාවතී මැණිකේලාගේ වලව්වේ වැඩ පල කරන කෙනෙකි. ඒ ළමයා අ‍පේ අම්ම‍ා තදින් විශ්වාස කළා. මෙහෙම ඉන්නා අතර අපේ අප්පොච්චා ලොකු බණ්ඩාර හාමුදුරුවන්ගේ වත්තකට හිරියාලට යවා. මෙහි එන යන.... බස්නායකයා අපේ අම්මා යාළු කරගෙන ලීලාවතී මැණිකේගේ හිත නවරත්න බණ්ඩාර මහතා කෙරෙහි කලකිරවන්ට කළ උපාය පුදුමයි. අපේ අම්මා ලීලාවතී මැණිකේට ගෞරව සහිතව කථාකොට අනේ මැණිකේ, මැණිකේගේ ලක්ෂණ රූපයත් මැණිකේගේ විශාල බූදලයක් අයිත් වෙන්ට තිබියදී නවරත්න බණ්ඩාර මහතා නොයෙක් විධියේ තරුණියන් සමඟ මිත්රිව ඉදීම යුතුද? මැණිකේ හරියටම පත්තිනි දෙයියන් මෙන් ඉතාමත් පිරිසුදු හිතින් මැණිකේගේම ප්රාතණයටත් වඩා නවරත්න බණ්ඩා විස්වාස කරගෙන සිටිය නමුත් උන්නැහේ එහෙම හිතෛෂිවන්ත කමක්වත් පිරිසිදු කමක්වත් ඇති කෙනෙක් නොවේ. මම හත් අට දවසක් ඔහුගේ හැසිරීම දැකලා පුදුම උනායයි කීවාම ලීලාවතී මැණිකේ මෙසේ කීවේය. “දැන් අපේ ර‍ටේ ස්ථිර ගුණයේ පිහිටි මිනිස්සු සොයා ගැනීම අමාරු තමා, නමුත් මගේ මස්සිනා මගේ පියාණන් විසින් මා ලොකුවුණාට පසු කසාද බදින්නටයයි තීන්දුකර පාවාදුන්. මට සියලුම ගුණ ධර්මත් යුතු අයුතු කමුත් උගන්වා දුන් දිවි යතත් අයුතතක් නොකරන පිරිසුදු සිංහල මහතෙක් වූ නවරත්න මහතා රාග සිතින් අන්යු ස්ත්රිනයක් දෙස බැලුවායයි කියන කථාව නම් මම විශ්වාස ‍නොකරමියි කීවාය. එවිට කපටිවූ අපේ අම්මා ‍හොඳයි, මැණිකේටම ඇසින් බලාගන්ට මම කාරණය පෙන්වා දෙමියි කියා පොරොන්දුව ඊට පසුවදා සවස් වරුවේ මට හොදට අන්දවා මාත් සමඟ වලව්වට යන්ට සැරසුනේය. මීට ඉස්සර මම කවදාවත් වලව්වට ගියේ වත් ලීලාවතී මැණිගේ හෝ නවරත්න බණ්ඩාර මහතා සමඟ කථා කළේවත් ඒ කිසිවෙකු අඳුන්න්නේවත් නැත. ඉතින් අම්මාගේ කීමට හැතැප්ම දෙකක් පමණ දුර යන විට වලව්ව වත්තේම තිබෙන කන්තෝරුවට මාත් සමඟ අපේ අම්මා ගොහින් එහි පිටිපස්සා පැත්තේ දොර ඇර අඩවල්කර හීන්හාමි මම එනතුරා කිසිවක් කතා නොකර නුඹ සිටපන්නැයි මට කියා අම්මා යන්ට ගියේය. මේ වේලාවේ ඒ කාමරයට එහා සාලේ ලියන මේසේ ළඟ


58 වලව්වක පලහිලව්ව

වාඩිවී නොයෙක් මිනිසුන් සමඟ නොයෙකුත් ගණුදෙනු කථාකරමින් නවරත්න බණ්ඩාර මහතා උන්නේය. ටික වේල්වකට පසු අපේ අම්මා ලීලාවතී මැණිකේත් සමඟ කන්තෝරුවේ මා ඇතුල් කළ කාමරයට අවුත් ලීලාවතී මැණිකේට මා ‍පෙන්වා ඉක්මණින්ම යන්ට ගියේය. මෙය දුටු හැටි‍යේ ලීලාවතී මැණිකේගේ හිත මහත්සේ කලකිරි නවරත්න බණ්ඩාරත් ලෝකයේ සාමාන්යෙ මිනිසුන් මෙන් ඉඩක් ලැබුණොත් අයුතු පංචකාම සැපය වුවත් විදින්නෙත් යයි සිතා මෙබඳු ලෝකයක ඉඳීම කුමන ඵලක්දැයි මහත් දොම්නසට පැමිණියාය. ඉතින් බණ්ඩයියේ....බස්නායක අපේ මවුත් සමග කටයුතු යොදාගෙන අප පවුල ඒ ළඟදීම මෙහාට ගෙනාවේය. ඊට පසු ඉඳිගොඩ සිද්ධවුනු කරුණු මම හරිහැටි නාදනිමි. නමුත් අපට අ‍ාරංචි හැටියට නම් ලීලාවතී මැණිකේත් ඒ මැණිකේගේ මව් හා පියාච් නවරත්න බණ්ඩාරත් මැරී ගෙහින්ය. ඔවුන්ගේ විනාශයට හේතු කටයුතු කළ... බස්නායකයාට පිස්සුය. ලොකු බණ්ඩාරගේ පුතාටත් දූවරු දෙන්නාටත් නයින් විසින් දෂ්ට කරණු ලැබ මළාහ. ලීලාවතී මැණිකේලාට හිතෛෂිව සිටි ඒ ඇත්තන්ගේ මාමා කෙනෙක් වන හාමුදුරු කෙනෙක්ද ලිදේ වැටී මළායයි ආරංචිවූ නමුත් ඒ මරනය සිද්ධවුනේ කොහොමදැයි දෙවියන් මිස වෙ න කිසිවෙක් නොදති. නමුත් කළු හාමිලාගේ පවුලේ අටදෙනාම විනාශ විය. අනිකක් තබා නවරත්න බණ්ඩාර මහතාගේ හුරතලා නමැති ලක්ෂණ සම්පන්න ගොනා මරාගෙන කාපු පවුල් හතකම කීපදෙනෙකු එදා රෑම ජල සන්නිය හැදී පසළොස් දෙනෙක් මළාහ. අනේ බණ්ඩයියේ මට ඒ පළාතේ සිද්ධ වෙච්ච පුදුම විනාශය විස්තර කර කියන්නට බැරිය. උඹ ගමට ගියාම ඔක්කෙම විස්තර දැනගන්නට පිළිවන්ය”යි කියනකොටත් මැහැලි තුනපහත් අරගෙන කඩේ සිට ආයේය. එවිට ඈ තේ තිබුණු බුලත් මිටිය අරගෙන බුලත් කාමින් “ආ නැනදේ ඇන් මැද්දේ වලව්වේ ලොකු බණ්ඩාර හාමුදුරුවන්ට ජයද”යි ඇසුවෙමි. එවිට මැහැල්ලී සිනාසී සිංහලේ රජ්ජුරුවන් අල්ලා දීමට ටිකක්වත් සම්බන්ධ වූ නිලමේලාගේ පවුල් එහෙම පිටිම්න මකබෑවී ගියේ යම්සේද නවරත්න බණ්ඩාර මහතාගෙන් ලීලාවතී මැණිකේ ගෙත් සරණ මංගල්යේය කඩා ඔවුන් භේද කොට විනාශ කළ සියල්ලන්ටම සිද්ධවුනෙත් ඒකමයි. ලොකු බණ්ඩාර හාමුදුරුවන්ට උවමනා තරම් දේපල තිබේ. නමුත් දැන් පිස්සා වෙලා සෑම ‍වේලේම හීනෙන් භය වෙමින් මර භයෙන් මෙන් ඉන්නවා. පලයන් ඉඳිගොඩ. එතකොට එහි ඇති භයානක කම තේරුම් ගන්ට පුළුවන් යයි මැහැල්ලී කීවාය.

පියදාස සිරිසේන නවකථා එකතුව 59

ඇත්තෙන්ම මගේ හිත මහත් සතුටට පැමිණ මේ පුදුම රහස් කාරණය සම්පූර්ණයෙන් සොයමියි අධිෂ්ඨාන කරගෙන “ හොඳයි, නැන්දේ මගේ යාළුවෙක් ස්ටේසමේ ඉන්නවා ඔහු හම්බවෙලා එන්නෙමි” යි එතනින් පිටත්ව මා නවතින හෝටලයට ගියෙමි. එහදී හොඳ හැටි වතුර නා දවල් පත් අනුභව කොට මගේ පුරුදු කලිසම් මේසා සපත්තු ආදී ඇඳුම් ඇඳ ගෙන එදා සවස් භාගයෙහි වැව අද්දර ඇවිදින්නට ගොස් සවස 5ට පමන ‍ගසක් යට බංකුවක් පිට වාඩි ගතිමි. ටික වේලාවක් ඉන්නා විට කලිසමට උඩින් රෙදි කැබැල්ලක්ද ඇඳි හරි වයසේ සිංහල මහත්මයෙක් ද මා සිටි බංකුව පිට වාඩිවී මා දෙස කීප වරක් බලා මාත් සමඟ කථාවට බැස්සේය. උන්නැහේ ක්රිවස්තු භක්තිය වැළඳ ගත් උඩරට සිංහලයෙක් නිසා ‍ගමේ නමත් සමඟ ක්රිවස්තියානි නාමයක් පාවිච්චි කරන්නෙකි. මෙහි ‍අපේ දෙබසේදී ඒ ක්රිවස්තියානි නාමය පමණක් යොදනු ලැබේ. බැනඩික්ට් - මහත්මයා කොයි පළාතේද, මහනුවර වාසියෙක්ද? මම - මම කොළඹ පළාතේ කෙනෙක්මි. උවමනාවක් සඳහා නුවරට අවුත් සිටිමි.

බෑ - මමත් සිංහලයෙක්මි, එසේම ක්රිවස්තියානිකාරයෙක්මි.

මම - හොඳයි ඒකට ඇති වරදක් නැහැ. නමුත් මිනිහෙතුගේ ජාතිය මස ආගමෙන් ඔහුට ආමන්ත්රඒණය කිරීම පුදුමයකි. බෞද්ධයෙක් වුවත් ක්රි්ස්තියානිකාරයෙක් වුවත් ඒ ඇදහිම පළමු කොටම එළියට ගන්නේ කුමන ප්රසයෝජනයකටද?

බැ - ඔව්, ඒක වරදක් බව මටත් කල්පනා වෙනවා. පළමු කොට යමෙකුගේ ජාතියත් තත්වයත් විමසාගෙන තවදුරටත් ඔහුගේ ආගම දැනගැනීමට සුදුසු ප්රතස්තාවක් පැමිණ විටකදී විමසනු මිස පළමුකොටම ආගම ගැන ඇසීම අපේ මෝඩ කමක් බව හැබෑ තමයි.

මම - සත්තකටම මහත්මයා වරද වරද හැටියට පිළිගත්තාට ස්තූත් කරමි. අප රටේ කලක පටන් පුදුම විකාර බෝවී තිබේ. ධර්ම ශාස්ත්ර ප්රේකටව යන මේ කාලේ ඒ වැරදි කල්පනා හා ක්රිතයාදුරු කරන්නට ඕනෑ. ආගම ගැන යම් මිනිහෙකුගෙන් විමසිය 60 වලව්වක පලහිලව්ව

යු‍ත්තේ අවශ්ය යෙන්ම උවමනා කළ තැනකදීය. ඒ මිස “ආගම පිස්සන්” වාගේ පළමුව ආගම ගැන ප්රළශ්නයක් කිරීම බලවත් වරදකි. හොදයි, එය එසේ වේවා මහත්මයා සිංහලයෙකි. මමත් සිංහලයෙක්මි. ආගම අතින් කෝක වුනත් අපට එකම ‍සහෝදරයන් ලෙස ගරු බුහුමන් සැලකිලි පවත්වන්නට බැරිද? බැ - ඔව් බැරිකමක් නැහැ. අවාහ විහාහ ආදිය ඇර අන්ති කටයුතු ආගම ගැන මතක් නොකරවක් කරන්නට පුළුවනි. ඒ උවත් යුරෝපීය ක්ර මයට “සීලාචාර” වෙලා ඉන්නා මහත්මයා ක්රියස්තියානි නොවී ඉදීම මට පුදුමයකි. මා මේතාක් සිතාගෙන වුන්නේ ඉංග්රීසස් ඉගෙනගත් කලිසම්, මේස්, සපත්තු අදිනා කෙනෙක් ක්රිඉස්තියානි නොවී නොවී නොසිටිය යුතු බවයි. මම - මහත්මයා තද මුලාවක වැටිච්ච කෙනෙක් බව පෙනේ. මම ඉංග්රීීස් ඉගෙනගත් නමුත්, කලිසම් ආදිය ‍අඳින නම‍ුත් යුරෝපීය “ශීලාචාරේ” ක්රිමස්තියානි වීමත් කොටසක් බව නොදැන සිටියෙමි. ඒ එසේ නම් ඇදහීම පරලොව සැප පිණිස නොමේ යයි සිතිය හැක. එහෙම නොවේද? බැ - පරලොව සැප පිණිසත් තමයි. නමුත් ආගම් වාදයකට නම් නොබසිමි. මගේ තාත්තා අම්මා බුද්ධාගම්කාර‍යෝය. මගේ හිතට බුද්ධාගම “ශුන්යග ධර්මයක්” බව වැටහීමෙන් ‍මම අත් හැරියෙමි. මම - ඇත්තෙන්ම මහත්මයා සමඟ දෙතුන් පැයක් කථා කළත් ප්ර්යෝජනයි. මක් නිසාද බොහෝ සෙයින් සිංහල මින්ස්සු ක්රිධස්තියානි වී සිටින්ගේ පරම්පරාගත ඇඳහීම නිසාත් කුඩා කාලේ ක්රිධස්තියානි පාඨශාලාවල ඉගෙන ගුරුවාදීන්ට මුලාවීම නිසාත් තවත් සමහරු නොයෙක් ලාභ ප්රඨයෝජන ආදිය නිසාත්ය. මහත්මයා බුද්ධාගම “ශුන්යා ධර්මයක්” බව තේරුම් ගෙන වැඩි විය පැමිණියාට පසු සිය කැමැත්තෙන්ම බුද්ධාගම අත්හැර තිබේ. ඉතින් මහත්මයාට බුද්ධාගම “ශුන්යම ධර්මයක්” බව වැටහුනු හැටි මටත් කියා දුන්නොත් මහත් ප්රුයෝජනයයි. බැ - ඔව්, “නිර්වමණයයි” කියන්නේ ශුන්යු තැනකටයි. මම - හොඳයි, මහත්මයා කල්පනා කරන්නට පටන්ගත්තේ ඒකමද? ඒ සම්බන්ධව කල්පන් කිරීමට ප්රහථමයෙන් ඉගෙන ගත යුතු කරුණුත් දන්නෙහිද? බැ - ඔව්, මම තවත් කරුණු දනිමි. නමුත් ශුන්ය් නිසා බුද්ධාගම ගැන


පියදාස සිරිසේන නවකථා එකතුව 61 කලකිරුනෙමි. මම - ඉතාම ඉහළ ගණිත ප්රමශ්නයක් කුඩා ළමයෙකුට හෙවත් අංක ගණිතයවත් නොදත් කෙනෙකු ඉදිරියේ තබා මේ ගැටලුළු වූ ගණන බේරාපන් කියා යමෙකු විසින් පවරනු ලැබුවොත් පුද්ගලයා ඒ ගැඹුරු ගණන හදන්නට සමර්ථවේද? ඔහු එය හැබෑ ගණනෙක් හැටියට සලකයිද? බැ - ඔව්, යම් පුද්ගලයෙකුගේ ඤාකයට හෙවත් ඉගෙණීමට ඉහළින් යමක් විසර්ජනය කරන්නට කීවොත් ඔහුට අමාරු වේ. ඔහු මුළා වෙන්නට පිළිවනි. මම - ඇත්තෙන්ම මහත්මයාට වෙලා තිබෙන්නේ ඒකමයි. ඉතා පැටලිලි සහිත ගැඹුරු ගණිත ප්ර ශ්න තිබේ. පිළි‍වෙළට ක්රිමයෙන් ගණිත ශාස්ත්ර උගතෙකුට ඒ විසදීමට බැරිකම නැත. නමුත් අංක ගණිතයවත් නොදත් ‍ඉතා සුළු දැනුවත් ඇතියෙකුට ඒ ගැඹුරු ගණන විමසන්නට සිද්ධවූවොත් ඔහු එය බොරුවක් හැටියට හෙවත් උත්තරයක් නැති බොරු ගණනක් හැටියට සලකන නිසැකය. එහෙම නොවේද? බැ - ඔව්, ඒක ඔහොම තමයි. නමුත් බුද්ධාගමේ හැටියට මිනිහෙකුට ක්රීකඩාවක් කරන්නට. රසවත් ආහාරයක් පානයක් ගන්නට, ඇසට ප්රිකය රූපයක් බලන්නට, කොටින්ම ප්රි්යකරු වූ පංචකාම සැප විදින්නට ඉඩක් නැත. එබඳු ආගමක් දුඃඛිතවූ සියල්ලම ශුන්යියයි කියන බලාපොරොත්තු රහිත එකක් නොවේද? මම - ඇත්තෙන්ම මහත්මයා ගැන මම අනුකම්පා කරමි. බුද්ධාගමේ එහෙම තහනමක් කවදාවත් නෑසිමි. බුද්ධාගමය කියනු ලබන්කේ ක්රමමයෙන් සත්වයා උසස් පිරිසිදු භාවයට පමුණුවමින් අන්තිමේදී පඥා විසුද්ධිය කරණකොට ගෙන ස්වභාව ධර්මය තත්වූ පරිද්දෙන් අවබෝධකර දෙන නිත්යව මංගල පරම සුන්දරවූ සැප ස්වභාවයකට සත්වයා පමුණුවන උතුම් ධර්මයකටය. බැ - ඉතින් බුද්ධාගමේ කෙළි සෙල්ලම් ආදී කිසිවකට ඉඩදී නැත කියන්නේ? මම - ඒ කාගේද බොරු කථාවක්, බුද්ධාගම කෙළිසෙල්ලම් උගන්වන ආගමක්වත් ඒ තහනම් කරන ආගමක්වත් නොවේ. බුද්ධාගමේ කතෘන් වහස්සේ සර්වකඥ හෙයින් කෙළිසෙල්ලම් තබා කිසිම එකක් තහනම් නොකළසේක. උන්වහන්සේගේ ධර්මය ක්ර්මානුගතයි.


62 වලව්වක පලහිලව්ව

බැ - ඒ මොකද? ක්ර මානුගතව කීවේ කුමක්ද? මම - උපන් දින සිට ළදරුවෙකුට අවුරුද්දක් පමණ යන තුරු මව්ගේ කිරි හෝ වෙන ඒ සමාන දෙයක් දෙනු ලැබේ. එතැන් සිට දෙතුන් අවුරුද්දක් යනතුරු පහසුවෙන් දිරවිය හැකි සැහැල්ලු ආහාර දෙනු ලැබේ. එතැන් සිට අවුරුදු දහය දොළහ වනතුරාත් අධික බර ආහාර නොදේ. ඉන්පසු තරුණ වියේදී වැඩි සැළකීමක් නොකොට බර ආහාර දෙනු ලැබේ. ඉතින් එකම මනුෂ්යසයා ඒ ඒ කාලයට සුදුසු ආහාරපාන ගත යුතුවා මෙන්ම බුද්ධාගම ඉගෙන ගන්න පුද්ගලයාද තමාගේ ඤාණය මුහුකුරා යන ප්රමමාණය බලාගෙනම ප්ර්තිපත්ති පුරුදු කරන්නේය. බැ - මහත්මයාගේ කීම මට තේරුම් ගන්නට අමාරුයි. හොඳයි පළමුවෙන්ම බුද්ධාගම අදහන ඇත්තා කටයුත්තේ කුමක්ද? මම - ඔව්, මහත්මයාගේ ඇසීම බොහොම හොඳයි. බුද්ධාගම අදහන්නට පටන්ගන්න තැනැත්තා බුදුන් දහම් සංඝ යන රත්නත්රහය සංසාර භයින් මිදීමට පිහිටයයි. භක්ත්යායදරයක් සිතේ ඇතිකරගෙන ඒ උතුම් රත්නත්රපයේ සරණ යායුතුය. බැ - ඒ තරමින් බුද්ධාගම්කාරයෙක් වේද? මම - සත්තකින්ම ඒ තරමින්ම බුද්ධාගම්කාරයෙක් වේ. නමුත් සිල්වත් බුද්ධාගම්කාරයෙක් නොවේ. බැ - ඔන්න ඔතන තමයි අමාරුව? සිල්වත් බුද්ධාගම් කාරයෙක් වෙන කොට මේ ලෝකේ කිසි‍වක් කරන්නට බැරිය. එහෙම නොවේද? මම - ඇත්තෙන්ම මහත්මයා මුළා කරණු ලැබුවෙක් බව මට පෙනේ. ලෝකයේ තිබෙන ආගම් වලින් අණ කිරීමක් නැති අතිශයින්ම නිදහස් ඇති එකම ආගම නම් නිදහස්ව කල්පනා කිරීමේ ‍ෙශ්රතෂ්ඨයා වන ශාක්‍ය මුනීන්ද්රදයාණන් වහන්සේගේ ආගම පමණකි. යම් යම් වැරදි දක්ව‍ා එහි විපාක ප්රරකාශ කරන ලෝකනාථවූ බුදුරජානන් වහන්සේ සාමාන්යානයන් බෞද්ධ උපාසකයාටත්, එතනින් අට සිල් රක්නා උපාසකයාටත්, සාමණේර භික්ෂුවටත්, උප සම්පන්න භික්ෂුවටත් සුදුසු වතාවත් ආදිය නියමකර ති‍බේ. ඒ සියල්ලක්ම කිසි අමාරවක් නැතුව කියික චෛසික කිසිම දුකකට නොපමුනුවන පිරිසිදු ප්රඒතිපත්තියි. ඉතින් ඒවා අමාරුය. පිළිපැද්ද නොහැකියි කියන්නේ හෝඩිය හොඳින් ඉගෙන නොගෙන තුන්වෙනි හතරවෙනි පොත්


පියදාස සිරිසේන නවකථා එකතුව 63 කියන්නට ලෑස්ති වුනු ශිෂ්යවයාට අමාරුවන අන්දමටයි. පස්පවේ ආදීනව දැන පව් වලින් නොවැලකුණු අයෙකු මහණකොට ඔහුට උපසම්පදා සීලය පිළිපදින්නට සැලැස්සුවාට කවදාවත් එය ඉෂ්ට නොවේ. ඒ අන්දමටයි. බැ - ඔහෝ මට තේරුනා. දැන් මහත්මයා කියන්ගේ ඒ ඒ පුද්ගලයාගේ දක්ෂකමේ ප්රුමාණයේ හැටියට ඒ ඒ තත්වයේ සිටගෙන බුද්ධාගම අදහන්න‍ට පුලුවන් බවයි. මම - ඇත්තෙන්ම බුදුහාමුදුරුවන්ගේ ආගම සාධාරණ රාජාණ්ඩුවක් වැනිය. ගම් වැසි යහපත් මිනිහාට ගම් මුලාදෑනිකම ලැබේ. ඔහු ඒ කටයුත්ත නැවැරදි ලෙස කලක් කළාට පසු විදාන ආරච්චිකම දෙනු ලැබේ. ඒ රාජකාරියද හොඳින් කළා නම් උගත්කම තිබෙතොත් මුහන්දිරම් කමද දේ. නීති ප්රබකාර ඒ රාජකාරිය කළොත් මුදලි ධූරයට පවා යැ හැක්කේය. ඇතැම් සුලු ලිපිකරුවෝ ඒජන්ත වරුන්ගේ සහකාර නිලධාරී තනතුරුවලට පාවා පත්ව සිටින බව අපට පෙනේ. ඉතින් ක්රාමයෙන් රාජකාරියෙන් ඉහළ නැග්ග මිනිහට ඒ උසස් රාජකාරිය තමා සිටි පහත් එකට වඩා අමාරුවක් නැත. නමුත් පහතින් කටයුතු නිසිපිළිවෙළට පුරුදු නොකළ අයෙකුට නම් එබඳු උසස් රාජකාරියක් කරනු තබා හිතන්නටවත් අමාරුය. බුද්දාගමේ ප්රරත්පත්ති පුරුදු කිරීමත් ඔය අන්දමටයි. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ යන පංචකාමයෙන් ආකූල ව්යාඋකූල වූ මේ ලෝකයේ උපන් සියල්ලන් ම එකැවැර එයින් තුරන් කිරීම නොකට හැක්කකි. ඒ හෙයින් පංචකාම ගොඩේම සිටියදී ඒ කාම සැප නිවැරදි ලෙස විඳීමට සර්වෙඥවූ බුදුරජානන් වහන්සේගේ ප්රැතිපත්තියෙහි පිළි‍වන් අයට ඉඩ හැර ති‍බේ. බැ - ඒ බෞද්ධාගම පිළිගත් හෙවත් සංසාර දුකට රත්නත්රේය පිහිට කොට ගත් උපාසකයා පළමු කොට පිළිපැදිය යුතු සීලය කුමක්ද? මම - පංච සීලයයි - එනම්,

01. පානං නහානෙ නච ඝාතයෙය්ය නවානුජඤ්ඤා හනතං පරෙසං සබේබ්සු භූතෙසු නිධාය දණ්ඩං යෙථා වරායෙච තසන්තිලොකෙ 64 වලව්වක පලහිලව්ව

02. තනො අදින්නං පරිචජ්ජයෙය්ය කිංවික්වචී සාවකො බුඤ්ජමානො නහාරයෙ හරතං නානුඤ්ඤා සබ්බං අදින්නං පරිවජ්ජයෙය්යබ

03. අබ්රිහ්මචරියං පරිවජ්ජයෙය්ය ‍ අංගාරකාසුං ජලිතංචවිඤ්ඤු අසම්භූන්නතො පණබ්රිහ්ම චරියං පරසසදාරං නාතික්කමෙය්යව 04. හග්ගතොවා පරීසග්ගතොවා ඵකස්ස චෙකො න මුසාභණෙය්යී න භානයෙ භණතං නානු ජඤ්ඤා සබ්බං අභූතං පරිවජ්ජයෙය්යය 05. මජ්ජඤ්චපානං න සමචාරෙය්යය ධම්මං ඉමං රොවයෙ යොගහට්ඨො න පාපයෙ පිබතං නානු ජඤ්ඤා උම්මාදනන්තං ඉතිනං ‍විදිත්වා.

යන මේ ශිකෂාපද පසයි. මේ පස්ත නියම කිරීමේ ශක්තියෙන් තොරවූ තම තමාගේ නිදහස් කැමැත්තෙන් ඉෂ්ටකළ යුතු පණ්ඩිතොපදේශයක් හැටියට ලෝකයේ උපන් අද්විතීය නිදහස් කල්පනාකාරයානවහන්සේ ප්ර කාශ කොට වදාළේය. එහි සංක්ෂොප අදහස් මොසේය. 1. ප්රාදණඝාත නොකරන්නේය. අනුන් ලවාද නොකර වන්නේය. ප්රා.ණඝාත කිරීමට අන්යරයන්ට අවසර නොදෙන්නේය. සියලු සත්වයන් කෙරෙහි හිංසා පීඩා පිණිස ගන්නා දඬු මුගුරු ආදියත් අත්හැර වාසය කරන්නේය. 2. හිමියන් විසින් නො‍ඳෙන ලද ස්වල්පවූද බොහෝවූද කිසිම දෙයක් කිසිම තැනකදී නොගන්නේය, අනුන් ලවාද නොගන්වන්නේය. අනිකෙකුට ගැනීමට අවසරද නොදෙන්නේය, අනුන් සතු නුදුන් වස්තුව ගැනීමෙන් වෙන් වන්නේය. 3. ඤාණවන්ත තැනැත්තේ ගිනිගෙන දිලිසෙන අඟුරුවලක් මෙන් සලක‍ා කාම සේවනය නොකරන්නේය. එසේ නොහැකි තැනැත්තේ වරදවා කාම සේවනය නොකරන්නේය. 4. සහා ශාලාවකට පැමිණියේ හෝ පිරිස් මැදකට පැමිණියේ හෝ

පියදාස සිරිසේන නවකථා එකතුව 65

හුදකලාවූයේ හෝ එකෙකුටත් බොරු නොකියන්නේය. අනුන් ලවාත් බොරු නොකියවන්නේය, සියලු බොරුකීම දුරු ක‍රන්නේය.

5. මත්පැන් පානය උමතුව කාරණැයි දැන ඒ මත්පැන් පානය කිරීමෙන් වළකින්නේය. අනුන්ටද නොපොවන්නේය. බොන්නවුන්ගේ ක්රිමයාවටද අනුබල නොදෙන්නේය යනුයි. ඉතින් මහත්මයාණනි. මේ පසෙන් වැලකීම මඳක්වත් ගුණ්නුොවණ ඇතියෙකුට අපහසුද?

බැ - මහත්මයාණනි, අපි බුද්ධාග‍ම තේරුම් ගත්හැටි වැරදියි. අප ඔය මහත්මයා කියන අන්දම ඇසුවේම නැහැ. බුද්ධාගම ඇදහීමට අමාරුවක් නැති බව දැන් මට දැනුනා. නමුත් හාමුදුරුවරු කියන්නේ ඔහොම නොවෙයි. මම - ඔන්න මහත්මයා මුලාවී තිබෙන තැන හාමුදුරුවන් විසින් පිළිපැදිය යුතු ප්රමතිපත්ති ගිහි අපේ ප්රිතිපත්තිවලට වෙනස්ය. මහත්මයා කියන්නේ ඒකද?

මෙසේ අප කථාකරමින් සිටින විට භික්ෂූන් වහන්සේලා දෙනමක්ද වැව අයින දිගේ මලවත්තේ විහාරේ සිට දළදා මාලිගාවට එන බව පෙණුනේය. එවිට බෙනඩික්ට් මහත්මයා මව කථාකොට “මහත්මයණෙනි, බෞද්ධයන් කෙළි සෙල්ලම් බැලුවොත් නොයෙකුත් කථාන්තරාදී පොත් කියවුවොත් අපායට යන බව ඔය හාමුදුරුවන්ගෙන් ඔප්පුකරන්නටදැ” යි මගෙන් ඇසුයේය. “ ඇත්තටම එසේ පළිවන්නනම් හොඳය. එහෙම නම් අපි එය හාමුදුරුවන් සමඟ කතා කරමුයි” යි අපි දෙන්නාම වාඩිවී වුන් බංකුවෙන් නැගිට්ටෙමු. මේ වේලාවට හාමුදුරුවරුත් අප ළඟඑය ආහ. මම ඒ දෙනමට ගෞරව සහිතව නමස්කා‍ර කොට ස්වාමීන් වහන්සේලාට ඉක්මන් නැත හොත් කරුණාකර මෙහි ටික වේලාවක් වැඩ ඉන්ටය”යි කීවෙමි. සිතා මුහුනෙන් යුත් ඒ ස්වාමීන් වහන්සේලාද “ ඔව් අපට ඉක්මන් නැත. දළදා සාමීන් වඳින්නට පැමිණිය යුත්තේ හතටයි. අපට කටයුත්තක් නැති නිසා වේලාපසින් ආවෙමුය” යි කියා උන් වහන්සේලා අතේ තිබුණු පත්තඩක් එලාගෙන බංකුව පිට වාඩි ගත්හ. එවිට අපි දෙදෙනා එහි සිටගෙන සිටියෙමු. ඉතින් අප අතර සිද්ධවූ කථාව මොසේය. මම - ස්වාමීන් වහන්සේලා මල්වත්තේ විහාරේ හාමුදුරුවන් වහන්සේලාද? නැතහොත් වන්දනාම පිණිස ඈතින් ‍අවුත් වැඩ ඉන්නාහුද? ස්වාමීන් වහන්සේ - අපි කොළඹ පළාතේ. ඊයේ දවල් කොළඹ සිට 66 වලව්වක පලහිලව්ව ආවෙමු මම - ස්වාමීන් වහන්සේලාගේ නම්! ස්වා - මම ජිනරතනයි. මේ ධම්මවංසයි. මම - ස්වාමිනි, දැන් මෙතනදී අපි වාදයක් කළෙමු. මම බෞද්ධයෙක්මි. මේ ඉන්න අනිත් මහත්මයා ක්රිධස්තියානිකාරයෙකි. නෘත්ය බැලීම නරකයයි කවුදෝ සංඝයා වහන්සේ නමත් කියා දීමෙන් මේ මහත්මයා ක්රිහස්තියානිවෙලා තිබෙනවා. බුදු හැමුදුරුවන්ගේ ධර්ම්යේ නෘත්යබ බලන්නට තහනම් කර තිබෙන බව හැබෑද? ස්වා - කෙළි සෙල්ලම් හොඳ නෑ නොවෙන්නම්! මම - ඒ නරක කාට ද, අපට ද ඔබ වහන්සේලාට ද? ස්වා - කාටත් හොඳ නැහැ. මම - එක් කෙනෙකුට එකක් නරක නම් එය ඔක්කෝටමත් නරකද? ස්වා - ඔව් ‍එහෙම තමයි. මම - ස්වාමීන් ‍වහන්සේ ධර්ම ශාස්ත්රත දත් කෙනෙක් බව මට නොපෙණේ. ඉතින් මේ කථාවෙන් අපට පලක් නොවේ. ස්වා - ඇයි එහෙම කීවේ? මම ලොකු ප්රොසිද්ධ ජිනරතන. මට වඩා බණ දන්නා කෙනෙක් ඇත කියා හිතන්නටවත් එපා.! මම - ස්වාමින් සමාවෙන්ට ඔන්න ඇ‍ඟේ උණ තිබෙන අයට බත් කන්නට නරකයි. එතකොට නිරෝගීවූ අපටත් බත්කන්නට නරකද? ස්වා - (ටිකක් තිගැස්සී) ඔව කෙළි සෙල්ලම බත් වාගේද? මම - හොඳයි තමුන්නාන්සේලා රූට දානේ නොවළදන්නාහ. ඉතින් අපටත් නරකඳ? ස්වා - (ටිකක් බිම බලයි.) මම - හොඳයි තමුන්නාන්සේලාට මුදල් හඳල් ගණුදෙනු කරන්නට නරකයි. නමුත් අපටත් තහ‍නම්ද? හොඳයි. තමුන්නාන්සේ බණ නොදන්නා බව දැන් හැබෑ නොවේද? බැ - අනේ මහත්මනයා, අප සමඟ නම් ඔය හාමුදුරුවරු බොහොම කථාකරත්. දැන් නම් නිශ්ශබ්දයි. මම - මිත්රහයාණනි, තමුන්නාන්සේට ඇත්තක් කියන්නෙමි. අපේ පියදාස සිරිසේන නවකථා එකතුව 67

බුදුහාමුදුරුවන්ගේ ශාසනය මහා සාගරය වාගේය. එය ක්රතමයෙන් ගැඹුරුව පවතී. ලෝකයේ තදබල අපරාධ නම් කාටත් සාධාරණ වශයෙන් නරක බව හැබෑය. නමුත් ප්රනතිපත්ති ක්රයම ක්රුමයෙන් ඒ ඒ පුද්ගලයන්ගේ තත්වයේ හැටියට සියුම්වේ. ඔන්න ලෝකයේ ඉතාමක් නපුරු පව් පහක් පවතී. එනම් දිවි නැසීම, සොරකම් කිරීම, අයුතු කාම සේවනය, මුසාවාදා කීම සහ සුරාපානය කිරීමත් යන මේ මහ අකුසල් පස කිසිම සත් පුරුෂයෙකු විසින් නොකළ යුතු නින්දිත කරුණු වෙත්. මේ නිසා බෞද්ධ නාමය දරන්නාගේ පටන් සියලුම භික්ෂුණ සාමණේර උපාසකාදී කවුරුත් සාධාරණ වශයෙන් මේ පව් අත්හැරිය යුතුයි. ඉතින් සාමාන්යී බෞද්ධයාට වඩා විශේෂ ප්රවතිපත්තියක් රක්ෂාස කිරීමට සතුටුවූ අටසිල් උපාසකයා විසින් ඉහතකී පස්විද පණතද ඇතුළත් ප්රිතිපත්ති අටක් රක්නේය. එනම්, පාණං නහානෙ නව දිනන මාදියෙ මුසා නභාසෙ නව මජ්ජපොසියෙ අබ්ර හ්මචරීයලවිරමෙය්යස මෙථුනා රත්තිග නබුඤ්ජෙය්යර විකාල භොජනං

මාලං නධාරෙ නව ගන්ධමාචරෙ මඤ්චෙ ජමාසං වසයෙථ සන්ථතෙ එතාහි අඨංගිකමාහු පොඝථං බුධෙත දුක්ඛන්ත ගුණං පකාසිතං

ගෘහස්ථ ශ්රානවක තෙම සතුන් නොමරන්නේය. සොරකම නොකරන්නේය. බොරු නොකියන්නේය. අබ්රසහ්මචය්යා.තිනව යයි කියන් ලද මෛථුන සේවනයේ නොහැසිරෙන්නේය. ඉර අවරවූ කල්හි ආහාර නොගන්නේය. නෘත්යන ගිතාදිය දැකීමෙන් හා මල්ගඳ විලවුන් ආදියෙන් වෙන් වන්නේය. උසසුන් මහසුන් පරිහරණය නොකරන්නේය. සියළුම වෘත දුක්ඛය ප්ර ත්යඋක්සව ඇනගත් ලෝක නාථවූ බුදුරජාණන් වහන්සේ විසින් ප්ර කාශ කරන ලද මේ සීලය අංග අටකින් යුක්තය. ඉතින් මිත්රස මහතාණෙනි, පන්සිල් රක්ෂාකරණ උපාසකයා විසින් අත් නොහළයුතු කරුණු කීපයක් අෂ්ටාංග සීලය රක්ෂාකරණ උපාසකයා විසින් අත් ඇරිය යුතු බව ‍මෙයින් පෙනේ. දසසිල් උපාසකයාද සාමණේර භික්ෂුවද උප සම්පන්න භික්ෂුවස මීටත් සියුම්වූ, ප්රඋණීත වූ ප්රෂතිපත්ති රක්ෂාකරන්නෝ වෙති. ඉතින් උසස් ප්රසතිපත්ති පහත් පංක්තියේ ප්රදතිපත්ති 68 වලව්වක පලහිලව්ව රක්නා බෞද්ධයන් විස්න් ආරක්ෂා නොකළාට කිසි අවැඩක් නොවේ.

බැ - එතකොට මේ “පහාස” කියන නරකය කාටද? මම - එහෙම නරකයක් තිබෙතෙත් එය අටසිල් හෝ දසසිල් හා සාමණේර සීලය හෝ උපසම්පදා සීලය හෝ සමාදන්ව නෘත්ය ගීත ආදිය බලන, බලවන ඒ පවත්වල, ඊට අනුබල දෙන, අයට විය යුතුයි. දැන් මසු කහවණු පිළිගන්නා භික්ෂුව “කාසි” නිරයක් සදති. ඉතින් පංච සීලය රක්ෂාකරණ බෞද්ධ ජනයා ඒ ‘පහාස’ නරකයට නොයන්නාක් මෙන්ම මේ ‘කාසි’ නරකයටත් මුදල් පරිහරණය කරණ භික්ෂූන් මිස අන් කිසිවෙක් නොයයි. නරක වල හැටි ‍ඔහොම තමයි. බැ - මහත්මයා නත්යෙඅ බැල‍ීමට යන කෙනෙක්ද? මම - ඇත්තෙන්ම ශාස්ත්රාකනුකූලව වැදගත් තෘත්යන බැලීමට මමත් යමි. බැ - නෘත්යන බැලීම හොද නෑ නොවේද? මම- ඔව්

අනභ්යාිසේ විෂං ශාස්ත්රී මජිර්ණෙ භොජනං විෂං දාරිද්ර ස්යං විෂං ඝොෂ්ටි වෟද්දස්යභ තරුණි විෂං මෙහි කියන්නේ අසරණ දිළිඳු අයට සෙල්ලම විෂම බවයි. ඒ හැබැයි. පනම හතරක් සපයන ‍එකෙක් ඒක දීලා තෘත්යය බැලීම ඔහුට විෂක්ම තමයි. නමුත් උත්තමයන්ගේ චරිතත්, පුරුෂ පරාක්ර‍මයත්, සත්යපවාදී භාවයත්, යුක්තියට ජීවිත පරිත්යා්ග කිරීමාදියත්, ස්වකීය රට හා ජාතිය කෙරේ ‍අවංක ප්රේතමයත්, ඇති කිරීම ආදී උසස්ස ගුණ ධර්ම ගැන කථා බස් නොකොට දැන් මේ රටේ කරක කථාබස් දේශනා ආදිය රටට ඉතාමත් අභීත වේ. සුඛිතවූ දියුණුවූ මිනිසුන් තුළම පමණක් ශක්ති සම්පන්න ඥානයක් පවතී. දුර්වලවු, ආත්ම ගෞරවයෙන් හීනවූ. එදා වේල සපයා ගෙන කෑමටවත් නොපිළිවන්, පහත් මිනිසුන්ට හේතු ඵල ධර්මනය උගන්වන්නට උත්සාහ කිරීම නිරථිත වැඩකි. අපේ රටේ බෝහෝ ස්වාමීන් වහන්සේලා ලෝක ස්වභාව නොදැන, උගත් ගුණ ධර්මයෙන් පිහිටි මිනිසුන්ට පමණක් අවබෝධ කරගත හැකි ධර්මය මනුෂ්‍ය නාමයෙන් යන්තම් ජීවත් වන මිනිසුන්ටත් කියමින් නිරර්ථකයේ කාළය ගතකරති. මිනිසුන් මුලාවට පමුණුවති. ඇතෙකු විසින් ඉසිලිය පියදාස සිරිසේන නවකථා එකතුව 69

යුතු බර කොටළුවෙකුට ඉස්ලිය හැකිද? බුද්ධාගමේ සියුම් ප්රාතිපත්ති වර්ත මාන සි‍ංහලයන්ගෙන් සියේයට පස් දෙනෙකුටවත් නොතේරේ. ඇන් කටයුත්තේ ජාතියේ ජනයා පංචවිධ දුශ්චරිතයෙන් වළක්වා සුලභවූ ආහාරපාන ඇති සුඛිතවූ ශරීර ඇති පිරිසක් කිරීමයි. ඒ තත්වය පැමිණි පසු බුදුහාමුදුරුවන්ගේ ගැඹුරු ධර්මය ඉගෙනීමේ ප්‍රමාණය සලකා බලා කියා කරදීම මිස, ඔය ‘පහාස’ නරකාදී යන කථා උවමනා නොකෙරේ. අප මේ කථාව කරමින් සිටින විට අප ලඟින් වල්ප‍ාහේ මිනිස්සු සතර දෙනෙකුත් තලතුනා නිලමෙ කෙනෙක්ත් අප දෙසවන් නොබලා ඉතා ඉක්මන් කටයුත්තක් සඳහා යන් වුන් මෙන් යන්ව ගියහ. මේ නිලමේ මට දුම්රියේදී සම්බ වූ නිලමේය. ඒ නිසා මොවුන්ගේ ගමන පරීක්ෂා කරන්නට උවමනායයි සිතා හාමුදුරු දෙනමට නමස්කාර කොට බැනඩික්ට් මහත්මයාටත් අතට අතදී මමත් ඉක්මණින්ම බස්නායක නිලමේ ඇතුළු පස්දෙනා පස්සේ ගියෙමි. මේ ‍වේලාව සවස 6ට පමණ විය. ඔවුන්ට බඹ හැට හැත්තැවකට පසුව යන මා ගැන ඔවුහු සැලකීමක් නොකළාහ. ඔවුහු දෙයියන්නේවෙල පැත්තට ගොස් කුඹුරක් අයිනේ තිබෙන පරණ ගේකට ඇතුල් වූහ. මේ ගේ ඉදිරිපිට කඩ පේළියක් ද තිබේ. එහි හම්බයෙකුගේ ‍තේ වතුර කඩයක් ද තිබේ. ඒ සියලු ‍තොරතු‍රු බලාගෙන මම වහාම හෝටලයට අවුත් මගේ කලිසම් මේස් සපත්තු ආදිය ඉවත්කොට වේලාපහින් බත් අනුභවකොට නිලමේ සමඟ ගිය මිනිහෙකුට මඳක් සමානවන අන්දමට සැරසී දෙයියන්නේවෙලට ගියෙමි. මම එතැනට යන විට රාත්රීද අටහමාරට පමන විය. හම්බයාගේ කඩය ඇර අනිත් ගෙවල් හා කඩපිල් සියල්ලම පාහේ වසා ති‍බුණේය. මම හම්බයාගේ කඩේට ගොස් බුලත් විටක් රැගෙන ඒකත් හපමින් එහි තිබුණු කුඩා බංකුවක් පිට වාඩිගතිමි. තරුණ ස්ත්රිහයකගේ කටහඬක් මට ඇසෙන්නට විය. ඉතා මිහිරිවූ කටහඬක් බව දැනුනේය. මම ඊට හොඳින් ඇහුමකන් දෙන්නට ප්රයථම කවි කියක් කියන ලදදැයි මට කිව නොහැක. නමුත් මට හෙඳින් අහුණු කවි මෙසේය.

03. පරිච්ඡේදය ගි යා යි න් දිනුදු පැළ දික් පියඹ දෙ සේ පි යා ඹ න් ට නොහැකිව ඉඳ තඹර කු ‍ෙස් ල යා ව න් සෝක කඩිසර බිඟු දෙන සේ පි යා න න් නැතිව මම දුක් විඳිමි මේ සේ

70 වලව්වක පලහිලව්ව

හැ කි ලී තඹර විල් ගණදුරු මහ වතු රේ පැ ට ලී යා නොහැකි මුවදෙනසෙ හිම තු රේ නි ම ලී ගුණ මපිය දී නිතිය නැතිව ත රේ වි ය ලී සෝ දුකින් මම ඉඳිම් සුරව රේ

සු ව යෙ න් විසුව සිය පිය හිමි කුරු ල්ලා ගි ලි යෙ න් උකුසු ලද සිත් තද තැවු ල්ලා වි ල සි න් කිරිලියක තනිවී වෙවු ල්ලා ල සො වි න් ඉඳිමි වෙන්වී හිමි උදු ල්ලා

ඉ ර ත් හඳත් පොළවත් කිසි දෙයක් නැ තී වු නො ත් අහෝ විසුමට සමතෙක් නොවෙ තී ම වු ත් පිය හිමිත් ගෙදරත් නැතිව ඉ තී දි වි ත් රැක සිටින මම නොවෙමිද සම තී

මේ කවි සතර ලියා ගන්න කොටම පාරේ සිටි පාදඩ බල්ලෙක් බුරන්නට පටන් ගත් බැවින් ‍ඊ‍ට පසු කියන ලද කවි ලියා ගන්නට බැරිවිය. නමුත් මේ කවි කා විසින් කොතැනක සිට ගෙන කියනු ලැබේදැයි පරීක්ෂා කරගන්නා පිණිස හම්බ ක‍ඩෙන් එළියට අවුත් පරීක්ෂාකරනවිට මා ඉදිරිපිට තිබෙන පරණ ගෙයි සිටින කෙනෙකු විසින් කියන බව දැනුනේය. ඉතින් එහි ඇතුල් වෙන්කේ කෙසේද? මට ප්රනථමයෙන් මෙහි ආ බස්නායක් හා අනිත් වල් මිනිසුන් සතර දෙනාත් මෙහි ඉන්නාහුද යන මේ විතර්කයෙන් මගේ හිත බලවත් ව්යාමකූල භාවයට පත්විය. කොයි දෙයක් උවත් මේ ගේ තුළම යන්ටම ඕනැයයි සිතා රෑ දහයමාරට පමණ එම ගෙය් ඉස්තේප්පුවට ගොඩවැදී දොරට ගසා “ නිලමේ, නිලමේ” කීවෙමි. එවිට මහලු ස්ත්රිමයකගේ කටහඬින් කවුද කථාකරන්නේ ‘ජමල් ද?’ නිලමේත් උක්කුවලාත් යන්ට ගියා. රෑ තුනට එනවයි කීවා. ජමල් ඒ ගොල්ලන් සමඟ ගියේ නැද්ද”යි දොට නොඇර ගේ තුළම ඉඳගෙන ඇසුයේය. ජමල් කියා මිනිහෙක් මේ කට්ටියේ ඉන්නා බව මට හොඳින් වැටහී ඉතින් ජමල්ම වෙමියි මා අ‍තේ තිබුණු ජා ලේන්සුව ඉසේ බැඳගෙන ‘ජමල් තමයි කථාකරන්නේ ටිකකට දොර අරින්ටය’ කීවාය අවුරුදු 18ක් පමන වයසැති තරුණියක් දොර ඇරියාය. මීළඟට කුමක් කියම්දැයි කල්පනා කරන මා දෙස ඒ ලමිස්සී බලා සිට “මොකද ජමල් ‍අයියේ තෝන්තුවෙල් ඉන්නේ කාරිය වල් වුනාද” යි ඇසුවාය. ඇත්තෙන්ම මෙතන ලොකු රහසක් ඇති බව හැඟුන නමුත් කුමක් කියමදැයි නැවතත් පියදාස සිරිසේන නවකථා එකතුව 71

විතර්කයන් ඇතිව දොරකඩ ටිකක් එහායින් තුබුනු ඉරී ගිය බූරු ඇඳ පිට වාඩිගතිමි. එවිට ඒ ලමිස්සී අම්මාට කථාකොට ‘ජමල් අයියා තෝන්තු වැදිලා තිබෙන්නේ මොකද දන්නේ නැත. අම්මේ මෙහෙ එන්ටය”යි කීවාම ඒ මහලු ස්ත්රින කාමරයක නිදාගෙන ඉඳ නැගිට ආවාය. මගේ මූන යටකර ගතිමි. එවිට ඒ ස්ත්රී “බලාපන් ජමල්, අපේ අප්පුවාට හොරෙන් කීවා ඔය ගමන යන්ට එපාය කියා බස්නායක් නිලමේ අපට ඇප උපකාර කරතත් මිනීමරන්ට යුතුද? අපේ අප්පුවාත්, රන්කිරාත්, ජොංගාත්, නිලමේත් අත්හැර උඹ ආවේ මොකද ඔවුන් ගියේ කඩුගන්නා කන්දට නොවැ! මොකද උඹ හැරී ආවේ?” කියා මගේ ඇඟට තට්ටු කළාය. එවිට මට කාරණය ටිකක් තේරී ගොස්’ ඒ ගමනේ වැඩ තව ලෑස්ති නැහැ. ඒ ගමන යන්නේ දොළ‍හෙන් පසුයි. මම ටිකක් ඉ‍සේ ඇම්ම නිසා මඟ රැකගෙණ ඉන්ට බැරුව ආවෙමි. ඇන් ඒ ගමන යන්ට ඉස්සරින් බස්නායකත් අප්පුවාලත් මෙහි එන්නාහ. උඹලාට එහෙම කීවේ නැද්දැ”යි මම ඇසුවෙමි. එවිට මැහැල්ලී කණගාටුවෙන් මෙන් “ඇයි ජමාල්, උඹලා ගියේ බණ්ඩාගෙන් ලියවිල්ලකට අත්සන් ගන්ට නොවේද? ඔහු අත්සන් නොකළෙ‍ාත් ඔහු කොහාටවත් සඟවා ගෙන යන්ට නොවේද? අද ජමාල්ට ‘අඩි’ වැඩිවෙලා සිහියක් නැතුවා වාගේය. අනේ මේ අපරාධ කිරීමට මගේ එකම කොලුවාත් මැදහත් කරගත් බස්නායකයාට හෙනහත ගහන්ට ඕනෑ. අනුන්ගේ බූදල්කොල්ලකා ගන්ට මේ නිලමෙලා වැඩකාර අපරාදේ පවුලක් විනාශ වුනා. ඒත් මදිව අහකින් ඉන්න අපත් පටලා මේ කරන්ට හදන අනර්ථයට මොවුන්ට ගෙන ගහන්ට ඕනෑ. ජමල් ‍එහෙනම් දැන්ම යන්නේ නැද්ද මට ඔයින් කමක් නැහැ. වරෙන් ඩිංගිරි නිදාගන්ට” කියා මැහැල්ලිත් ඇගේ දුවත් කාමරයට වැදී නිදා ගත්තාය. මේ වෙලාවේ මට සිහියක් නැතිවිය. බස්නායකයාත් ඔහුගේ අනුවරයොත් කාට උවත් අනතුරක් කරන්ට ගිය බවත් ඒ නොඅනුවානවම නවරත්න බණ්ඩාර හා ලීලාවතී මැණිකේ සම්බන්ධ කාරණයක් බවත් වැටහුනු මට සිහියක් නැතිවිය යුතු බව මේ කියවන්නාටද තේරෙණවාට අනුමාන නැත. ඉතින් මම කුමක් කරම්ද? සිතමින් බූරු ඇඳ පිට වාඩිවී අනේ ඩිංගිරි උඹ දැන් කලින් කිවු කවි අසාගෙන හත් අට දෙනෙක් ප‍ා‍රේ රැක උන්නා. ඒ කවි මොන පොතේ කවි දැයි ඒ මිනිස්සු කීවාහ. ‍අනේ ඩිංගිරි මට නින්ද යන්නේ නැහැ. උඹට තෑගි වශයෙන් මම රුපියලක් දෙන්නෙමි. ඒ කවි තව වරක් කියාපන්නැ” යි ඩිංගිරිට කීයේය. එවිට ඩිංගිරි දොරහැර ඇවිත් රුපියල ගනිමින් “ජමල් අයියා දන්නේ නැද්ද ඔය කවි මට

72 වලව්වක පලහිලව්ව ඉගැන්නුවේ මැණිකේ කෙනෙකි. එයා ලොකු බණ්ඩාර හාමුදුරුවන්ගේ පුතාට කසාද බදින්ට කැමති කරවා ගන්ට බැරුව පේරාදෙනියේ සොල්දර කඩේ තුන්හාර මාසයක් නවත්වා සිටියද්දී ඒ මැණිකේ කියන වේලාවට අසා ඉඳ ‍ඉගෙනගත් කවියි.දැන් කවි කියන්ට නරකයි. හෙමින් නම් කියන්නෙමි” යි කීවාය. මට ඕනෑ ක‍ළේ කවි අහන්ට නොව මේ අද කරන පලහිලව්ව ගැන යමක් තේරුම් ගන්ට බැරි බැවින් බැවින් ඩිංගිරිගෙන් කවි වෙනුවට මෙසේ ඇසුවෙමි. ඉතින් ඩිංගිරි ඒ ලක්ෂණ තරුණ මැණිකේ පේරාදෙනියේ හිටලා කොහේ ගියාද, උඹලා එතැනින් ආවේ මන්දැයි ඇසුවෙමි. එවිට ඩිංගිරිගේ මව ඔලුවේ සිට රෙද්දක් පො‍රවා ගෙන ‍එලිපත්ත උඩට අවුත් ‘ජමාල්, බස්නායක නිලමේත් සමඟ ඇවිදින තමුන් තවමත් මේ පලහිලව්ව දන්නේ නැද්ද”යි ඇසුවාය. මොකද මම නොදන්නේ නමුත් ඒ මැණිකේට මක්කළාද කියා මම දන්නේ කොහොමද? එකට හිටි උඹලා මිසක් ඔය බලවතුන්ගේ පලහිලව්වල් අපි දන්නේ කොහොමඳ’යි කීවාම ඒ අඥාන මැහැල්ලී “අනේ ජමලා ඔය, බස්නායකයාත් ඔය ඉඳිගොඩ ලොකු බණ්ඩාර හාමුදුරුවොත් තවත් තක්කඩියෙකුත් කළ අපරාධ පස්වාදහසක් කල්ගියත් මතක නැති නොවන අපරාධයකි. ලීලාවතී මැණිකේ නමැති ඒ තරුන කුමාරියගේ මවුත්, පියත්‍, ඒ ඇත්ති‍යගේ පෙම්බර පුරුෂයා වන නවරත්න බණ්ඩාරත් තවත් කීපදෙනෙකුත් මරාලාද, වෙන‍ කොහෙටවත් පිටමන් කරලාද, අනේ මම දන්නේ නැහැ. ඒ අත්තන්ගේ විශාල බූදලය ගන්ට මේ තරුණ කුමාරිහාමි උඩහ වලව්වේ ලොකු බණ්ඩාර හාමුදුරුවන් බේබදු “කළුකුම්බර” පුතාට කසාද බදිවන්ට නොයෙක් බෙහෙත් ඉනා මන්ත්රග කරලාත් බැරුව අන්තිමේ ඒ ලමිස්සී කොයිබදෝ ඈත පළාතකට ගෙනගොස් “අඩු ජාතියේ” මිනිහෙකුට පාවා දෙන්ට තීන්දු කර ගත්තා‍. ඉතින් එහෙම කළාට පස්සේ පේරාදෙණියේ ගේ අත හැර අපට මෙහාට එන්ට වුනා අහෝ සුරංඟනාවියක් වැනි ඒ මැණිකේ අඩු ජම්මක්කාරයෙකුට දුන්නා නම් තදබල අපරාධයකි. අනේ ජමාල්. අනේ මේ ඩිංගිරි සමඟ මාස තුනක් පමණ ඒ මැණිකේ එක කාමරේ නිදා ගනිද්දී මෙකී ඉගෙනගත් කවි සොලෝ අප්ර මාණයි. හැබෑ ගුණවත් , උගත්, සීදේවි, කුමාරි හාමිට දැන් මක්වුනාදැයි කාටවත් කියන්ට බැරිය. මේ කළ අපරාධය නම් දැරිය නොහැකි එකකි. ඉතින් අද උඹලා ගියෙත් ඒ පැටලිල්ලක් ගැනම නොවේදැ”යි කියක කොටම මිනිස්සු ක‍ට්ටියක් අවුත් ගෙයි ඉස්තෝප්පුවට ගොජවැදුනු බව මට දැනී පිටිපස්සා පැත්තේ තිබුණු කුඩා දොර ඇරගෙන මම පිටවිමි. මේ පිරිසේ


පියදාස සිරිසේන නවකථා එකතුව 73

බස්නායක, අප්පුවා, රන්කිරයා, ජොංගා, ජමාල්, කළුබණ්ඩා යන හදෙනාම උන්හ. මම ගෙයි පැත්තකින් තිබුණු කෙසෙල් අඳුරට මුවාවී බලා සිටියෙමි. අප්පුවා ඔහුගේ මව්ට කථාකොට දොර අරවා ගෙයි තිබුනු තුවක්කුවක් හා කිනිස්සාක්ද රැගෙන දොර වසා ගනිල්ලා යයි කියා කණ්ඩායම සමඟ එළියට බැස යන්න ගියහ. මොවුන් හදෙනාම තදින් සුරාපානය කර තිබෙන බව මට දැනුනේය. කුමක් වෙතත් මොවුන් පස්සේම යමියි සලකා කාණු හයේ පිස්තේලයත් ඉනෙන් අතට ගෙන උවමනා වුනොත් මෙවුන් හදෙනාටම තබා තවත් දොළහකටවත් ඉල බිදෙනතුරු තලන්නෙමියි දැඩි හිතකින් යුතුව බඹ විස්සකට තිහකට පසුව ගමන් ගතිමි. අන්ධකාරය නිසාත් වෙරිමතේ නිසාත් ඔවුන්ට ‍මගේ ගමන දැනුනේවත් එබන්දක් සිතීමට ඔවුන්ට කාරණයක් වු‍නේවත් නැත. මේ වෙලාව රාත්රීට 12 ට පමණ විය. හැතැප්මක් පමණ මහ පාරේ ගොස් නැගෙනහිර පැත්තට තිබෙන කැලෑ පාරකට බැස ගමන් කරන මේ පිරිස පස්සේ මම ද ගියෙමි. ඒ කැලෑ පාරේ හැතැප්ම දෙකක් පමණ ගිය පසු කන්දක් උඩ ලාම්පුවකුත් රැගෙන ගමන් කරන දෙදෙනෙකු ඉදිරියෙන් යන බව පෙණූන බැවින් එළිය නිසා මා පෙණේයයි තවත් ටිකක් පසුවී ගමන් ගතිමි. ඒ එළියත් රැගෙන යන්නේ නොතාරිස් මහතතයෙකුත් ගමේ මුළාදැනියාත්ය. ඔවුන් දෙදෙනා දුටු හැටියේ බස්නායක ආදී පිරිස “ කවුද මේ රාළහාමිලාද? දැන්ද ඔය යන්නේ. අපි හිතුවා මෙලාහකටත් කන්ද මුල්ලේ ගෙදරට ගොහින්ය කියා. හොඳයි ‍එහෙනම් අපිත් සමඟ යමුය” යි කියා කණ්ඩායමේ අටදෙනාම එක්ව සිනා සහිත නොයෙකුත් කතා කියමින් ගමන් ගත්හ. මමද බොහෝ පසුවී ගමන් කළෙමි. නොත‍ාරිස්තැන හා විදාන රාළත් සම්බවු තැන සිට විශාල කන්දකට නගින්නට විය. ඔවුහු ටිකක් දුර ගොස් පාරේ තිබෙන කිතුල් ගහක් යට නැවතුනාහ. මම පාර අයිනේ කැලෑවට මුවාවී ගතිමි. එතෙක් ගහට ගොස් විශාල රා මුට්ටියක් බෑවේය. අට දෙනාම එකත් බී ගත්හ. එය බීලා බුලත් ද කා නැවතත් යන්ට පටන් ගත්හ. එතන සිටත් හැතැප්ම තුන් කාලක් පමණ දුර ගොස් ‘ටිකිරා’ ‘ටිකිරා’ කියා බස්නායක කෑගසන විට කළු තරබාරු මිනිහෙක් ගිනිහුලක් රැගෙන එළියට ආයේය. එවිට මේ පිරිසේ අටදෙනාම ක‍ඩොල්ලෙන් පැන ඒ ගෙට ඇතුල්වූ පසු මේ දුෂ්ට සුනඛයන්ගේ බිරීමත් කලබලයත් මට තව කරදරයක් විය. එසේද උවත් මේ පුරුස පරාක්ර්මයෙන් වත් මනුෂ්යඇ ඥානයෙන්වත් කිසි ඵලක් නැතැයි සිතා කඩොල්ල අසලට නොගොස් වැට අල්ලාගෙන ගෙයි දකුණු පැත්තට ගොස් වැටෙන් රිංගා වත්තට පැනගතිමි. ඒ පැත්තේ මහා

74 වලව්වක පලහිලව්ව

කැලෑව නිසා කිසිවෙකුට මගේ ඒම දැනගන්නට බැරිවිය. බල්ලන්ගේ හැසිරීමත් ගෙයි ඉස්තෝප්පුවේ බැවින් පැත්තකින් සැඟවී සිටිවනා දැනගන්නට බැරිවිය. තොතාරින් විදානේ, බස්නායක ආදීහු වාඩිගත් පසු දහයක් පමණවූ අනුචරයෝත් ඒ ගේ අයිතිකාර ටිකිරාත් ඔහුගේ භාර්යාව හා කුඩා පුත්රූයාත් ඇර රණමුක බණ්ඩාර කියා තවත් කෙනෙක් ගේ තුල න්නා බව මට දැනුනේය. මිනිත්තු ‍දහයකට පමණ පසු බස්නායක ටිකිරාට කථාකොට “ඌරාගේ මස් ඔක්කොම ඉව්වාදැ”යි ඇසීය. “ඔව් ආයුබොවන්ඩ එක්කොම ලෑස්තිය” කියා කෑම ලෑස්ති කළේය. මේ වේලාවේ ටිකිරාගේ කුස්සිය පැත්තේ කිසිවෙක් නොසිටි නිසාත් ගෙයි වහල ඉතා පහත් බැවිනුත් මම හෙමින් ඒ පැත්තට වෙලා පිටිපස්සා පැත්තේ කයිරුව උඩට නැගි පිදුරු සෙවිලි කළ වහලෙන් එබී බැලුවෙමි. නොතාරින්, විදානේ, බස්නායක යන තුන්දෙනා කෑමට වාඩිවී රණමුක බණ්ඩාර නමැති අහිංසක සත්පුරුෂ පෙණීමක් ඇති තව්ත්ි මනුෂ්ය යෙකුට කෑමට අඬගසන බව පෙණුනේය. ඔහුද පණ බයේ ඇර අනික් තුන්දෙනා අරක්කු ද බොන බව මට පෙණුනේය. මෙසේ මා ටික වේලාවක් සිටින විට ටිකි‍රාගේ නපුරු බල්ලන්නට මා ඉන්නා බව දැනී ඒ පැත්තට ආහ. අත්තෙන්ම ගහෙන් වැටුනු මිනිහාර ගොනා ඇන්නා වැනි සිද්ධවීමක් මට වූ බව සිතිය යුතුයි. නපුරු බල්ලෙක් දිව ආ ගමන් මගේ ඇඟටම පැන්නේය. නමුත් ස්ථානෝචිත කල්පනාවෙන් යුත් මම එක අතකින් හොම්බත් අනිත් අතින් ඉස්සරහ කකුල් දෙකත් අල්ලා ඌ උස්සා ගෙන හෙමින් ගොස් පිරිපස්සා පැත්තේ කැලේට විසිකළෙමි. මෙය දුටු අනිත් බල්ලා බුරා බු‍රා දිවන්ට විය. මේ බල්ලා විසිකොට ඒ ළඟ තිබුණු කොස් ගහට නැගගෙන නිසොල්මනේ සිටියෙමි. එවිට ඒ බල්ලා ද කැලේ බිදගෙන ගේ ළඟට ගොස් මරහඬ දෙමින් බුරන්නට විය. ගෙයි කෑම කන අයට මෙය කරදරයක් වූ නිසාදෝ බල්ලන් බැඳ තබන්නට කී බැවින් ටිකිරාත් තවත් දෙතුන් දෙනෙකුත් එළියට අවුත් බල්ලන් බැන්දාහ. ඉතින් මම ද ගසින් බැස අවුත් ගෙයි පිටිපස්සේ වහල යටින් එබී ගෙන ඇතුළේ කෙරෙන තොරතුරු බලමින් සිටියෙමි. නිලමේලා සතර දෙනා කාබී ඉවර වුනාට පසු ටිකිරා ඇතුළු එකොළොස් දෙනාද ඌරු මාලුත් බතුතු කමින් අරක්කු බෝතල දෙකක් පමණ බීගත්හ. ඔවුන් කා බී ඉවරවුනාට පසු නොතාරිස් තැන රණමුක බණ්ඩාට කථාකොට “ මෙන්න බණ්ඩාර මහත්මයෝ ඔප්පුව. මේ ඔප්පුවට බණ්ඩාර මහතාගේ සියලුම ගොඩමඩ දේවල් ඇතුළත්ය. අ‍පේ බස්නායක නිලමෙට මේ දේපල උගස්

පියදාස සිරිසේන නවකථා එකතුව 75

කොට රුපියල් තිස්දාහක් ගත්බව මේ ඔප්පුවේ ලියා තිබේ. ඉතින් ඉක්මන් කරන්ට ඕනැය” යි කීය. අනේ අප්පෝ මගේ පරම්පරාව විනාශ කරන්නේ ඇයි? මම මොන වරදක් කළාට මේ අපරාධය කරනවාදැ”යි රණමුක බණ්ඩාර අඬමින් කියන්ට පටන් ගත්තේය. එවිට තොටියෙක් වැනි බස්නායක නැගිට ඒයි බණ්ඩෝ, එක්කෝ උඹ ඔප්පුවට අත්සන් කරන්ට ඕනෑ නැත්නම් උඹ මරා මේ වත්තේ කොනක වලලනවා. අපි නවරත්න බණ්ඩාරට කළ දේවල් එළි නොකළොත් උඹේ ඉඩම් කඩම් මම ගන්නා එකක් නැහැ. උඹෙන් මේ ඔප්පුව ගන්නේ ඒ කටයුත්ත එළිනොවන පිණිසයි. වහාම අත්සන් නොකළොත් දැන් මරණවායි” යි තර්ජනය කළේය. එවිට ටිකක් එහායින් වාඩිවී උන් අප්පුවා හා ජමාල්ද රන්කිරාද කොටියන් මෙන් නැඟියන් මෙන් නැගිට අවුත් “ රණමුක නිලමේ මැරුම් නොකා අත්සන් කරනවාදැ” යි මේ දුර්වල මිනිහාගෙන් ඇසූහ. ඇත්තෙන්ම මේ ලෝකය අප‍රාධ වලින් පිරිලාය. දුර්වල අසරණ මනුෂ්ය යෙකු හොර ගුහාවකට ගෙනවුත් මෙබඳු බලවත් පිරිසක් විසින් කරන්නට තනන අපරාධ කෙසේ ඉවසිය හැකිද? කුමකින් කුමක් වුනත් මේ නීචයන් එකොලෙස්දෙනාට තලා මේ අපරාධය වලක්වමියි තදින් අධිෂ්ඨාන කරගෙන කයියෝරුවෙන් බිමට බැස මගේ පිස්තෝලය හා “කාටරීජස්” මිටියද හෙමින්ම කයියෝරුව උඩ තබා, මා ඇඳ ගෙන වුන් කෝට්එකද ගලවා තබා. මේස් බැනියම යටකොට සරම ශක්තිමත් ලෙස ඇඳගෙන ඊෂිට පටියත් බැඳගෙන තවත් වීරිය පරීක්ෂා කිරීමක් වශයෙන් අතපය දිගහැර සිත දැඩිකරගෙන, වසා තිබුණු පිටිපස්සා පැත්තේ කුඩා දුර්වල දොරට පයින් ඇන්නෙමි. එවිට ඒ දොර ගැලවී විසිවී ගොස් ටිකක් එහායින් වාඩිවී වුන් නොතාරිස් හා විදානේගේත් ඔලුව උඩ වැ‍ටුනේය. ඉක්බිති මම ගෙට ඇතුල්ව එක ප‍ාරටම බස්නායකයාට එකක් බෙදුවෙමි. ඔහු හතිදාගෙන ඇඳ වැටුනේය. ප්රමසිද්ධ හයිකාරයන් වන ටිකිරා අප්පුවා. ජමාල් ආදී කාටවත් දෙපාරක්. ගහන්ට ඉඩ නැති විය. එකොළොස්දෙනාටම එක එක පාර ගැසූ හැටියේ ඒ ඒ තැන වැටුනාහ. රණමුක බණ්ඩා මේ බලා සිටි මේ දෙවියෙක් වෙන්නට ඇතැයි පළමුකොට සිතූ බව ඔහු පසුව මා සමඟ කීවේය. වැටී සිටින මේ චණ්ඩි පිරිසට තවත් එක දෙක අනින විට කුස්සියේ නිදාවුන් ටිකිරාගේ ස්ත්රිපයත් කො‍ල්ලොත් නැඟිට “මිණීමරණවෝ” කයමින් මරහඬ දෙන්නට පටන් ගත් බැවින් ඔවුන්ට ඉපලක් ගෙන ගසා වත්තෙන් එලවා දමා බීමත්ව වුන් පිටට මගේ පහ‍රවලින්‍ හොඳට දුර්වල වූ එකොළොස් දෙනාම ගෙයි සිටියදී රණමුක බණ්ඩාරට

76 වලව්වක පලහිලව්ව

කථාකොට “එන්ට බණ්ඩාර මහත්මයෝ. මම මොවුන් එකොළොස් දෙනා තබා මේ ගමේ ඔක්කෝම ආ නමුත් ඔවුන්ගේ නියපිට පාරක් නොලබා ඔක්කොටම “බෙදා” තමුසේ ගලවා ගනිමි. ඕන් ඔය ඔප්පුවක් ගන්න එන්න විගහට කියා මගේ කෝට් එකත් ඇඳගෙන, පිස්තෝලය ද අතට ගෙන, ඒ ගෙයි තිබුණු තුවක්කු තුනම පොළවේ ගසා කඩා විසිකර බණ්ඩාරත් සමඟ ගිය පාරෙන්ම ආපසු එන්නට පටන් ගනිමු. ඒ එනකොට නොතාරිස්ට සිහිය අවුත් “අනේ බස්නායක මා විනිශය, අර ‍යෝද පුරුෂයා රණමුක බණ්ඩාරවත් ගලවාගෙන මගේ ඔප්පුවත් අරගෙන ගියා. අනේ තමුසේගේ චණ්ඩි අටදෙනා ඔය කළ හැටිද” යි කියනවාත් අපට ඇසුනේය. කොටින්ගෙන් ගැලවුනු ගව පැටවෙක් වැනි රණමුක බණ්ඩා මටත් ඉස්සරවී දුවන්නට පටන් ගත්තේය. නුපුරුදු පාරේ ඝනාන්ධතාරයෙන් ඉක්මණින් යාගත නොහැකි මා පස්සේ මේ බේබදු රැළ එන බව මට පෙණුන නමුත් ශත්කි සම්පන්න සිහි බුද්ධි ඇත් මට මෙවුන් තිහ හතළියක් උවත් එළවා දමන්නට පිලිවන් බව සන්තක හෙයින් කැනහිල් රැළක් පසු පස්සේ ‍එනවිට ගමන්ගත් කේසර සිංහ රාජයෙක් මෙන් මම ගමන් ගතිමි. මෙවුන් ගිනිහිලුත් ගෙන මුගුරුත් අරගෙන ඈත එන බව පෙ‍ණුනේය. එවිටම මොවුහු එළිය නිවා පසු බැස්සෝය. බඹ හතරෙන් හතරට වෙඩිල්ලක් පත්තු කරමින් රැ දෙකට පමණ යන්තම් මහපාරට පැමිණ එතැන සිට ඉතා වේගයෙන් ගමන් කොට රෑ තුනහමාරට නුවර මා නැවතී ඉන්නා හෝටලයට පැමිණියෙමු. මා නිසා දිවි ගලවාගත් රණමුක බණ්ඩාරට ඇතිවූ ප්රීුතිය නිසා ඔහුට සිහිසන් නැතුව තමුන්නාන්සේ “දෙවිකෙනෙක්ද, මනුෂ්ය යෙක්දැ” යි මගෙන් අසමින්ම හෝටලේ ඉස්තෝප්පුවට ගොඩ වැදුනේය. ඒ වචනයට මම සිනාසී “ හොඳයි බණ්ඩාර මහත්මයා ඒ සම්බන්ධව කදිම විස්තරයක් කියන්නෙම්. ඇන් අපේ වෙහෙස සංසිඳුවා ගනිමු” යයි හෝටලේ දොර අරවා මගේ කාමරයට ගොස් රණමුක බණ්ඩාරටද අමුතු රෙද්දක් හා බැනියමක් ද මමද මගේ ඇඳුම් වෙනස් කොට, තේ වතු‍ර ගෙන්වාගෙන වී නිදාගතිමු. පැය දෙකක් පමණ නිදාගත් නිසා රාත්රිුයේ ලැබූ හිරිහැරත් මහන්සියත් මග හැරුණු බැවින් ද මාස එකහමාරක් තිස්සේ සොයමින් සිටි නවරත්න බණ්ඩාර සම්බන්ධ කරුණු දැනගැනීමට මඟ පෑදුනු බැවින්ද අටගත් ප්රීඩතිය නිසා එදා උදේ ම අමුතු මිනිහෙක් මෙන් ම හැඟුනේය. ඇත්තෙන්ම තමා අධික පරිශ්රසමයෙන් සොයන යමක් ලැබුණු විට ඒ පුද්ගලයාට ඇතිවල ප්රී තිය ඔහුගේ මොල ධාතු ආදිය පිනවන්නට ශක්තිය සම්පන්න නම් ‍ක්ලේශෝත්පාටනයට ‍‍වීය්‍ආදර්‍ වඩන උත්තම මනුෂ්යගයන්ට ඒ ධ්යානනන පියදාස සිරිසේන නවකථා එකතුව 77

සම්පූර්ණ වීමෙන් ඇතිවන ප්රීතතිය කෙසේ විස්තර කළ හැකිද? ඒ එසේ නම් සක්කයා දිට්ඨි, විචිකිච්ඡා, සීපබ්බත පරාමාස යන ක්ලේෂයන් ප්රඑහීන කළ ‍උත්තමයාටත් ඉනුත් ඔබ්බට ගොස් කාමරාග, ව්යාාපාද නැතිකළ උත්තමයාටත් ඉනුත් ඔබ්බට ගොස් රූප රාග, අරූප රාග, මාන, උද්දච්ච, අවිද්යාට යන මේ ක්ලේශයන් නැති කළ මහෝත්තම පුද්ගලයාටත් ඇතිවන පුදුම ප්රී තිය ‍අපට කෙසේ සිතාගත හැක්කේද? නොහැක්කේමය. ඉතින් බලවත් ප්රීපතියෙන් පිනාගිය මම, රණමුක බණ්ඩාර සමඟ උදෑසන කටයුතු ආගම කෘත්යීය කොට තේවතුර බී මගේ කාම‍රයේ දොර වසාගෙන රණමුක බණ්ඩාර සමඟ කථා කරන්නට පටන් ගතිමි.

04.පරිච්ඡේදය

බ ණ්ඩාර මහතාට ඊයේ රාත්රිපයේ සිද්ධවන්නට තිබුනේ කුමක්ද? එහි රහස කුමක්ද? යනාදී සියල්ලම මට කියා දුන මැනවැ”යි කීවෙමි. එවිට රණමුක ටිකක් බයපත්ව “අපේ මහත්මයා කවරෙක් දැයි නොදැන මට සිද්ධවූ විපත විස්තර කරන්ට සැකය. කරුණාකර මහත්මයා ගේ තොරතුරු පළමු කොටම කිව මැනවැයි”යි ටිකක් චංචල ලෙස කීයේය. එවිට මා සිනාසී බණ්ඩාර මහතා මා ගැන සැක නොකළ යුතුය. කෝන්ගොඩ වික්රමමපාල ය කියන්නේ මටය. බණ්ඩාර මහතාලාට පැමිණි තිබෙන බලවත් විපත සොයා එයින් නිදහස් කිරීමට අදට වසර 40 ක් පමණ අහස පොළොව ගැටලන්නාක් මෙන් විරිය කළෙමි. යම් කිසි ධර්ම ශක්තියක බලයෙන් ඊයේ රාත්රීන බස්නායක ඇතුළු පාපීන් රැළ මර්දන කොට බණ්ඩාර මහතා මුදා නොගන්නා ලද්දේ නම් කුමක් සිද්ධ නොවන්නේදැ”යි මෙසේ කියන කොටත් රණමුක බණ්ඩාර මහතා එක පාරටම ප්රේබෝධව සතුටු කඳුලු වගුරුවමින් මා වැළඳගෙන “අනේ වික්රමමපාල මහත්මයෝ තමුන්නාන්සේට බුදු බව ලැබේවා! මම තමුන්නාසේ නැඳුනමි. නමින් නම හොදට දනිමි. අපට අමාරු පැමිණි ගෙන එද්දී නොයෙක් විට තමුන්නාන්සේ ගැන සිහිවුනා. නමුත් අපේ දුර්වල කමින් මේ කාරණය කියා දෙන්නට බැරි උනා. ඉතින් වීර වික්ර මාන්විත වික්රයමපාල මහතාණෙනි. සුපිරිසිදු සිංහල වංශහි ජාත පුරුස සිංහයාණෙනි, මට පැමිණි විපත මුල පටන් කියන්නෙමි. මට ඔබගේ පිහිට ඇර අන් පිහිටක් නම් නැතැ”යි න කියා ගුණවත් රණමුක බණ්ඩාර මෙසේ කියන්නට පටන් ගත්තේය. “ ඉදිගොඩ ප්රතසිද්ධ වලව්වේ ධනය ඉතා

78 වලව්වක පලහිලව්ව

මහත්ය. ඒ වලව්වේ දේපලවලට එකම උරුමක්කාරි ලීලාවතී මැණිකේ පමණකි. රූපශ්රිේයෙන් දිව්ය ප්සරාවක හා සමාන ශබ්ද ශාස්ත්රා දිය මොනවට හසාල වූ මේ කුමාරිහාමි ස්වකීය ‍මාමගේ පුත්රමයා වන නවරත්න බණ්ඩාරත් සමඟ විවිහවීමට දෙපක්ෂයේ මව්පියන් ගේ සමානච්ඡන්දයෙන් නියමව සිටියාය. ඔවුනොවුන් තුළද, බලවත් ප්රේටමයක් පැවැත්තේය. මේ අතර ලීලාවතීගේ පියා හදිස්සියෙන් මිය ගියේය. යම් කෙනෙකුගේ උපක්රමමයෙන් ඔහු මැරුණේයයිද බොහෝදෙනා කියති. මේ අතර ඉහළ වලව්වේත් පහල වලව්වේත් අය හා ඔවුන්ගේ නෑයෝ නවරත්නට නොදී මේ විශාල බූදලේ කොල්ලකා ගන්නට උපක්ර්ම යෙදූහ. මේ සඳහා යොදන ලද අපරාධයත් කියා කෙළවර කරන්ට බැරිය. නවරත්න කෙරෙහි ලීලාවතීග් හිත කල කිරවා. වෙන්කරන්ට යෙදූ උපා අප්රීමාණය, බෙහෙත් හා මන්ත්ර. ගුරුකම් සඳහා පවුම් දෙතුන් සියයකට වඩා වියදම් කරන ලදී. උඩහ වලව්වේ ලොකු බණ්ඩාරගේ පුත්රුයාට ලීලාවතිය කසාද බඳවා ගැනීමට කරන ලද සියලුම උපක්රරම නිෂ්ඵල වූ බැවින් ලීලාවතිත් නවරත්නත් දෙන්නා නැති ‍කිරීමට ඒ වලව් දෙකත්......... බස්නායකයාත් තවත් ආරච්චිරාළ කෙනෙකුත් බලවත් අධම පිරිසක් ලෑස්තිකර ගෙන අවුරුදු එක හමාරක් වෑයම්කර අන්තිමේදී දෙන්නාම විනාශ කරණ ලදී. දැන් ඒ විශාල බූදල් දෙකම නැකම් අතින් මොවුන්ට හිමිවී තියේ. මේ නවරත්නත් ලීලාවතිත් යන දෙදෙනා හා ඔවුන්ගේ පවුල් දෙකට මොවුන් කළ අපරාදය හොදින් දන්නේ මා පමණකි. මේ නිසා මා ගැන සැකකොට මගෙන් කිසිම වචනයක් පිට නොවන පිණිස ඇපයක් වශයෙන් මගේ දේපල සියල්ල ලියවා ගන්ට ඔවුන් කල්පනාකර ටිකිරාගේ ගෙදරට උපක්රලමයෙන් මා කැඳවා ගෙන තිබේ. තමුන්නාන්සේ නොපැමිනියේ නම් මා විනාශය. අනේ, වික්රමමපාල මහත්මයෝ තමුන්නාන්සේ දෙවිකෙනෙක්දැ”යි කියමින් රණමුක බණ්ඩාගේ ප්රීිතිය ධරාගත නොහැකිව තව වරක් මා වැළද ගත්තේය. එවිට මම රණමුක බණ්ඩාර අස්වසා “බණ්ඩාර මහත්මයෝ ඇන් අපේ රටේ දෙවියන් හැටියට සලකන බොහෝ දෙනාත් මනුෂ්යායෝයි. රාසින් දෙයියෝ, දැඩිමුණ්ඩ දෙයියෝ, කැබැල්ලාවේ දෙයියෝ ආදීහු වික්රාමන්විත මනුෂයයෝයි. සාමාන්යහ මිනිසුන්ට‍ කළ නොහැකි වීරවික්රනම ක්රියයා කරන මනුෂ්යියන් ජීවත්ව ඉන්නා කාලයේදී දිව්ය් බලයකින් මන්ත්රි බලයකින් ක්රිියා කළෝ යයි කියති. එබඳු වික්රේමාන්විත මනුෂ්යදයන් මළායින් පසු “ දෙවියෝ” යි කියනු ලබති. මේ කොයි ‍රටවලත් පවත්නා සිරිතකි. රාම කුමාරයා දෙවියෙකු මෙන් සලකන කෝටිගණන් මිනිස්සු සිටිති. දිව්යම කියන

පියදාස සිරිසේන නවකථා එකතුව 79

සත්ව කොට්ඨාසය සමහර කරුණු වලින් මනුෂ්ය යන්ට වඩා දුර්වලය. ඊර්ෂ්යාට ක්රෝකධ බහුල නොවූ පිරිසිදු හිතක් ඇත් දෙවියෝ කියන සත්ව කොට්ඨාසයේ ගත්ගුණ මනුෂ්යුයාටද ඇතිකර ගත හැක්කේය. අනුන් කෙරෙහි ඊර්ෂ්යාු ක්රෝ ධ නොකිරීම, තමන්ගේම සැප පහසුව කොසැලකීම, තමාට වඩා උසස් සමර්ථ කෙනෙක් නැතැයි අහංකාර නොවිම යන‍ාදී දුරුගුණ සම්පූර්ණයෙන් පහකළාවූ ධර්මය දත්. ධර්මයෙහි හැසිරෙන, සත්පුරුස දෙවියන්ට වඩා උසස් යයි කිවහැක. මක්නිසාද සත්තිස් බෝධි පාක්ෂිුක ධර්මය ආදී ආර්ය ගුණ පුරුදු කිරීම සාමාන්යද දෙවියන් කෙරෙහි අවිද්යාෂමාන බැවිනි. දෙවියන්ට වඩා අධික පිරිසිදු භාවයක්, අධික තේජසක්, අධික ධෙර්යයක්, අධික දැනීමක් මනුෂ්යායාට ඇති කළහැක. දෙවියන්ගේ උසස් ගුණය උත්පත්තියෙන්ම ලැබූ පමණකි. නමුත් මනුෂ්යැයාට උත්පත්තියෙන් නොලැබූ බොහෝ ගති ගුණ කළ්යායණ මිත්රාමදීන්ගේ සේවනයෙනුත් ධර්ම ශාස්ත්රෝ ඉගෙණීමෙනුත් දියුණු කරගන්නට පිළිවන්කම තිබේ. අපේ මුතුන්මිත්තන් උසස් ධර්ම ශාස්ත්රළ ඉගෙන ධර්මවාදීන් කල්ගත කළ කාළේ දෙවියන්ට සමානවත් ඇතැම් විටක උසස්වත් ක්රිලයා කොට තිබෙන බව ඉතිහානයෙන් හා පුරාවෘත ආදියෙන් පොනේ. මේ කාලේ කරන ඇතැම් ක්රිඉයාද ඊට නිදර්ශන වශයෙන් සලකා ගත හැක. දෙවියන්ට අහසින් යා හැක්කේ ඔවුන්ගේ උත්පත්ති බලය නිසාමයි. නමුත් උසස් සියුම් ශාස්ත්රිය නිසා අහසින් මිනිස්සුද ගමන් කරති. දෙවියන්ට ඉපදවිය නොහැකි පංචාහිඥා අෂ්ට සමාපත්ති බලයද ධර්මධර වීර්යාධික යෝගාචචරයන්ට ඉපදවිය හැක. මේ නිසා පිරිසිදු පැවතුම් ඇති නිසා මාර්ගයෙහි යොදවන ලද ඥාණය ඇති මනුෂ්යටයා දෙවියන්ට අසමානයයි මොහොතකටවත් නොසිතිය යුතුය. ඇමෙරිකාවේ පැවති තද මිථ්යාය කල්පනා දුරිභූත කළ කර්නල් ඉංගර්සෝල් නම් විචක්ෂණ පඬිතුමා කියා තිබෙන්කේ “උගත් මිනිහා නූගත් මිනිසුන්ගේ දෙවියා” බවය. එහෙයින් අපට නොපෙණෙන දෙවියන් ගැනම නොසිතා දෙවියන්ට සමානවූ හෝ දෙවියන්ට ‍වඩා උසස් මිනිසුන් මේ ර‍ාටේ අධික කර ගැනීමට කල්පනා කල යුතුය.” යි කීවෙමි. මේ කථාව ඉතාමත් ඕනෑකමින් අසා සිටි රණමුක බණ්ඩාර මහතා මා දෙස බලා “ ආ මහත්මයෝ. එසේ අපට ඕනැකරන අන්දමේ මිනිසුන් ඇතිකරගන්ට පිලිවන්ද? දැන් අපේ ‍ර‍ටේ දිව්යතගත් ඇති උත්තමයෝ නැත්තේ මන්ද? අනේ මේවා ගැන අපි කිසිත් දන්නේ නෑ නොවැ. මහත්මයා මට මුණගැසීම සතර මහා නිධානය ලැබු‍නාක් වැනිය”යි කියමින් සතුටු කඳුලු පිරුණු ඇසින් යුතුව මාදෙස බැලුයේය. 80 වලව්වක පලහිලව්ව

“බණ්ඩාර මහතාට මම ඇත්තක් කියන්නෙමි. බණ්ඩාර මහතාගේ හේන හෝ කුඹුර ශාස්ත්රාමනුකූලව විපුලොත් උවමනා කරන සුවඳ හැල් ආදී යම්කිසි ශස්ය් ජාතියක් ලබාගැන්ට බැරිද? එමෙන්ම ඒ කුඹුර හෝ හේන නිසරුවෙන්නට ඉඩ ඇර නිසොල්මනේ සි‍ටියොත් තණකොළ, බලුනකුට, තුංකිඤ්ඤා ආදී නිසරුදේ වැවෙන්නේ නැද්ද? සත්තකෙන්ම වැවෙනවා එමෙන්ම මනුෂ්ය යෝ ධර්ම ශාස්ත්ර‍ දෙක දැන ඒ අනුවපිළිපැදීමෙන් පින්වත් මහෙශාක්ය‍ පුත්රස දුහිතෲන්ද මෘගයින්මෙන් සුරාපානය කාම මිථ්යා්චාරාදී අකුසල් ගැලී කාලය ගතකළොත් මෘගයන්ට සමානවූ පව්කාර ‍අල්පේශාක්යච පුත්ර දුහිතෲන්ද ලබත්. මේ ප්රරත්ය ක්ෂ කාරණයකි. ඉතින් අපේ රටේ යහපත් දූදරුවන් ඇති වීමට ඉවහල් වූ පිළිපැදීමක්ද ඇත්තේ නැත. ඒ සම්බන්ධ හරි ඉගෙනීමක් ඇති කෙනෙක්වත් ඒ සම්බන්ධව වචන මාත්ර්යයන් කථාකරන කෙනෙක්වත් නැත. සිංහලද්වීපය නමැති රාජ උද්යා්නය විජය කුම‍ාරයා ආදිකොට මෙහි ප‍ැමිණි සිංහලයන් නමැති උයන්පල්ලක් විසින් ධර්ම ශාස්ත්රාවනුකූලව පරිපාලනය කරන කාලයෙහි යහපත් දරුවන් නමැති ප්ර යෝ ජනවත් වෘක්ෂ වලින් අලංකාරව පැවත්තේය. නමැති උගත් දක්ෂ රජදරුවන් නමැති උයන්පල්ලන් නැතිව ගිය පසු දුඃඛිත පව්කාර සිංහලයන් නමැති තුංකිඤ්ඤ, බලුනකුට ආදී වල්පල් පැලවී නිසරුව පවතී. තව වරක් මේ උයන ප්ර්යෝජනවත් වෘක්ෂ නමැති පින්වත් සිංහලයන් ලෙන් සමුපලක්ෂිත කරවීමට වැඩකිරීම ‍අපේ බලවත් යුතු කමකි. ඇන් ඉතින් බණ්ඩාර මහතාට සංකේෂපයෙන් කාරනා ටිකක් දැනගන්නට ලැබුණා. දෙවියන්ගෙත් මනුෂයයන්ගෙත් තොරතුරු මින් පසුව සුදුසු ප්රාස්ථාවකදී තව දුරටත් කියා දෙන්නෙමි. ඉතින් මිත්රපයනාණෙනි. ලීලාවති මැණිකේගේත් නවරත්න බණ්ඩාරගේත් නිදහස ලබාදීමට වෑයම් කිරීමට කාලය පැමිණ තිබේ. විපතට පත් කෙනෙකු දිව්වත් පිදීම සත්පුරුෂයන්ගේ ප්ර වේණියෙකි. අපේ මේ කුණු ශරීර - මහාමාරිය වසූරිය, අතීසාරය, ජලසන්නිය ආදී මාරක රෝගවලට ගොදුරුව විනාශයවන බව අපට පෙණේ. නමුත් අනුන්ට සුව ගෙනදීම පිණිස මේ කුණු ශරීර වියදම් කළහැකි නම් පුවක් ගෙඩියක් දී රක්ත මාණික්යණ රත්නයක් ලබාගැනීමට වැනි ලාභයකි. ඉතින් බණ්ඩාර මහත්මයෝ නවරත්න බණ්ඩාරට මක්වුනාද? ලීලාවතී මැණිකේ කොයිබඳ? ඒ සම්බන්ධව දන්නා තරමක් කියන්නටය”යි කියා සිටි බැවින් රණමුන බණ්ඩාර මහතා තමක් දන්නා සියල්ල කියනන්ට ආරම්භකරන විටම තරුණන් තුන්දෙනෙක් මා සම්බවෙන්ට අවුත් එළියේ ඉන්නා බව

පියදාස සිරිසේන නවකථා එකතුව 81 හෝටලේ වැඩකරුවෙක් අවුත් වට කීවේය. අපේ කථාව ටිකකට නවත්වා මම එළියට ගියෙමි. එහි ඇවිත් වුන්නේ අ මැල් නමැති මගේ මිත්රමයෙකුත් තවත් තරුනයන් දෙදෙනෙකුත්ය. කුමක් සඳහා පැමිණියාහුදැයි ඇසූවිට “‍ වෙසක් උත්සවයේදී වන්දනාකාරාදීන්ට සංග්රදහ ක‍ිරීමට මුදල් සම්මාදම් කිරීමට ආ බව කීහ. මම ඒ ගැන අත්ශයින් සතුටුව රුපියල් ‍දහයක් දී ‍ඔවුන් පිටත්කොට යැව්වෙමි. මේ තොරතුරු බලා සිටි වෙතින් මහත්මයෙක් සිනාසී මොකද’ අමුතු වෙසක් සැයි ඇසීය. ‘ ඔව් මහත්මයා මේ වෙසක්වලට ප්රිධම මේ කල්පයේදී නොලැබූ වෙසක් මේ වෙසක්මය. මෙය එසේ මෙසේ පුද්ගලයෙක් නිසා ඇතිවුන වෙසක් නොව, අසරණ සරණවූ, සරණගත වජ්රග පංජරවූ, කරුණා නිදානවූ, දේවාති දේවවූ, ශක්රා ති ශක්ර වූ, නිවණට දොර හලුවාහහු. සවර්ගනයට හිණිපෙති පෙලක් බුඳුවූ, නිර්මානාදී තු‍ච්ඡ දෘෂ්ටි බිදහැර චතුරාය්‍ වර්‍ සත්යූය ප්රරකාශ කොට වද‍ාළ තථාගත සම්මා සම්බුදු රජානන් වහන්සේගේ ඉපදීමත් බුදුවීමත් පිරි නිවන් පෑමත් සිනා ඇති වූ උතුම් වෙසක් බව සැළකිය යුතුය” යි කීවෙමි. එවිට බෞද්ධ නොවන ඒ මහතා මා දෙස බලා “මිත්රියා ඉතා නිර්භීත භාවයෙන් කියන ඔය බුදුරජානන්ගේ ස්වභාව හෙවත් ගුණය අපටත් දැනගැනීමට ටිකක් කීවොත් මැනව”යි කියා හාන්සි පුටුවෙන් නැගිට ඒ ළඟ තිබුණු අත්පුටුව උඩ වාඩිවිය. එවෙලාවට බුද්ධාලම්බන ප්රී්තියෙන් පිනා ගොස් සිටි මම මාගේ සිවාමි දරුවන් ගේ ගුණය මා දත් තරමින් මෙසේ කියන්නට පටන් ගතිමි. මගේ මේ කථාව රණමුක බණ්ඩාරත් පරම්පරාගත මිථ්යා්වාදියෙක් වන ගුණසේකර නමැති ඒ ආගන්තුක මහතාත් පමණක් නොව හෝටගයේ සිටි තවත් බොහෝ දෙනෙක්ද ආගෙන වුන්හ. දැන් ඒ කථාව අසන අයටද, ඒවේලාවේ ඒ අසාගෙනවුන් අයට මෙන්ම ප්ර්යෝජනවේ. එහෙයින් ඤාණය ඇති ජනයා මෙහෙයා මෙහි ප්රමයෝජන ගත යුත්තේය. මේ උතුම් වූ වෛශාඛ පෞණිම් දිනයෙහි උපන් ලෝකනාථයන් වහන්සේ හා සමාන උත්තමයෙක් මේ අන්තඃකල්පය තුළ නුපන්නේය. ලෝකයෙහි වාසය කරන සත්වලයන්ගේ ස්වභාවට නම් තමාගේ ප්රානණය හා සමානයයි ඇතැම්විට සලකන පුත්රෞයා උවත් මරණයට පත් කොට තත්පරයක් පමණ කල්වත් ජීවත්වීමට සතුටුවීමය. එබඳු ලෝක සත්වයා අතර අනන්ත අප්රතමාණ කාලයක්, අනන්ත අප්ර මාණ ආත්මවල දී ස්වකීය ජිවිතය අවසන් කොට ඇතා සියලුම වස්තුව හා අංග ප්රමත්යං ග ආදිය පරිත්යාාග කිරීමට සමර්ථයෙක් ඇතිවිම සැබැවින්ම ආශ්චර්යය, අද්භූතය. මක්නිසාද තමාගේම ශුභසිද්ධිය පිණිසවත් සුචරිතයෙහි නො හැසිරෙන ලෝක සත්වයා අනුන්ගේ 82 වලව්වක පලහිලව්ව

යහපත පිණිස කිසිවක් ‍කරයිද? කිසිත් නොකරන්නේය. ආත්මාර්ථචර්යාව යයි කියන තමාගේ ආත්ම භාවයට ම‍තු මත්තෙහි සැප ඵලවන දාන සීලාදී කුසල් කරන සත්වයෙක් සත්වයන් ලක්ෂියකින් වත් සොයා ගත නොහේ. හෙට ලබන සතියේ මරණින් මත්තේ කුමක් සිද්ධවුවත් මේ මොහොතොදී හිතට කයට සැපයයි හැ‍ඟෙන කෙතරම් නින්දිත ක්රිදයාවක් උවත් කිරීමට සතුටුවූ ලක්සයක් සත්වයන් මධ්යුයේවත් තමන්ගේ ආත්මභාවය කෙලහණ ප්රාුණඝාතාදි දුශ්චරිතයෙන් වැළකී සුචරිත ක්රි්යාවෙහි යෙදෙන්නෙක් දුර්ලභ වන්නේය. ඒ අපට ප්රතත්ය ක්ෂකාර ගැනිමට අනන්ත සාක්ෂි ඇත්තේය. මේ මහත් ලෝකයෙහි වාසය කරන සියලුම මිනිසුන්ට වඩා එක ගුලක වාසය කරන කුහුඹි වැඩිවේ. වේයත්, කුහුඹුවන්, කුනිස්සන් ආදී සතුන්ගේ සංඛ්යාහව අනන්තවත් මනුෂයන්ගේ සංඛ්යාලව ප්රවමාණවත් පවතින්නේ මක් නිසාද? මනුෂ්යා්ත්ම භාවය ලැබිය හැකි පුණ්යවකර්ම කරන්නන්ගේ ඌනභාවය නිසාම බව පෙනේ. අනන්ත තිරිසන්ගත සත්වයන් ලෝකයේ පිරී සිටියදී මනුෂ්යබව උපදින්නෝ ස්වල්වය. ඒ ටිකවූ මනුෂ්යකයන් අතරද සුඛිතවූ පින්වත් වූ පිරිස ඉතාමත් ස්වල්ප වෙයි. මේ කුමක් නිසාද? තමාගේම ආත්ම භාවය සුඛිතකර ගැණීමට හේතුවූ පින් දහම්වත් නොකොට ප්රාමණඝාතාදී ලාමක පාප කර්මයෙහි හැසිරෙන්නන්ගේ අධිකත්වය නිසාමය. මෙසේ අතිශයින් හීනවූ ආත්මාර්ථ ප්රුතිපත්තියෙන් හෙවත් තමාගේම යහපත් පිණිස පිළිපැදීමෙන් ලැබිය හැකි මනුෂ්යාිත්මය අතිශයින් දුර්ලභ නම් අතිශයින් ශ්රේපෂ්ඨතරවූ පරාර්ථ ප්ර‍තිපත්තිය හෙවත් අනුන්ගේ යහපත පිණිස පිළිපැදීම අමාරු බව දැක්වීමට උපමාවක් ලෝකයේ ඇත්තේ නැත. එයින් කීහ,

පුත්තස්ස දුක්ඛං කත්වාාපි ලොකෙ අත්ථද සුඛත්ථ‍කෙ පරත්ථංත පටිප්ජ්ජන්තො කොහි නාම භවිස්සති.

පුත්රනයා හටත් දුක්දී තමාගේම සැප කැමති සත්වයන් අතර පරවැඩ කරණ කවරේක් ඇතිවේද? ඉතින් මෙබඳු ලෝකයෙහි විශ්වාස භාවයක් නැති කළ ගුණ මතක නැති කරණ දුෂ්ට වූ ලෝක සත්වයන්ට පිහිට වන්ටය කියා ආයාචනාවකුත් නැතිව සිය කැමැත්තෙන්ම ඒ ලෝක සත්වයාට පිහිට වීමර යමෙක් සිතයි නම් ඒ අද්භූත ‍ම‍හෝත්තමයාණන් වහන්සේ මේ වෙසක් පුණු පොහෝ දින උපන් මාගේ ස්වාමිදරු පියදාස සිරිසේන නවකථා එකතුව 83

තිලෝගුරු බෝධිසත්වයන් වහන්සේය. අනුන් විසින් වින්ද යුතුවූ කටුක දුක් තමන් වහන්සේට පිටට ගෙන ඒ සතුටින් විඳින්නට අධිෂ්ඨානකර අන්ය සත්වයන් දුකින් මුදනා තුරුම දෘඪ වීර්යය අත් නොහල යම් වීර පුරුෂයෙක් ලෝකයේ ඇතිවීද? ඒ මේ වෙසක් පුණු පොහෝදා උපන් මාගේත් යුෂ්මතුන්ගේ හා සියලු දෙවියන්ගේත් බ්රුහ්මයන්ගේත් ස්වාමී වූ තථාගත සම්මා සම්බුදු රජාණෝය. අනුන්ගේ යහපත පිණිස ධනයත්, ගෙදොරත්, රාජ්යවයත්. ඇසුත්, මසුත්, ලේත්, ජීවිතයත් පරිත්යා,ග කළ පරාත්ථිතකාමි මහා වීරයෙක් ලෝකයේ ඇතිවීද? ඒ මේ වෙසක් පුණුපොහෝ දින ලුම්බිනි ශාලවනොද්යාපනයෙහිදී මහාමායා රාජදේවීන් කුසින් බිහිවූ සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේමය. අචිචිය ආදී නරකවල භයංකාර ගින්න දැක දැකත් ලෝක සත්වයා කෙරෙහි පතලාවූ මහා කරුණාව නිසා තමන් වහන්සේ අතට පත් අම්මාහ නිවන් සැප ප්ර තිකේෂප කොට ඒ නරකාදී දුක් පවා විඳ ලෝක සත්වයන් සුවපත් කිරීම පිණිස දස පාරමී‍, දස උප පාරමී, දස පරමාර්ථ පාරමී පුරණ ස්වාමි දරුවාණන් වහන්සේ රෞද්රකවූ සතුන් හට ගොදුරු බවට පැමිණ වැගිරවූ රුධිරය සතර මහ සාගරයේ ජලයට උපමාකළ යුකු නම් ඒ පුණ්යග ක්රිමයාවෙන් ලක්ෂරයෙන් කොටසක් වත් සිතා ගැනීමට හෙවත් ඇදහීමටවත් සමර්ථයෙක් ලෝකයේ අතිශයින්ම දුර්ලභ නම් ඒ උතුම් පාරමී ධර්ම පිරීමට සිතන්නෝ කසේ ඇතිවෙද්ද? මේ අද්භූතවූ පරාත්ථර ප්රරතිපත්තියත් අතිශයින් සම්පූර්ණත්වයට පැමිණ වූ දිව්යම බ්රරහ්මදීන්ගේ මස්තකයෙහි ස්වකීය පාද පද්මය සෑදූ මාගේ සිවාමිදරුවන් වහන්කේ මේ වෙසක් පුනු පොහෝ දියයෙහි උපන් බැවින් මෙය එසේ මෙසේ වෙසක් නොව ආශ්චය්‍පොර්‍‍ අද්භූත වෙසක්ම වේයයි කීවෙමි. අබෞද්ධ වූ ඒ මහතා ආදී පිරිසකට වෙසක් සබ්බන්ධව කියා නැවතත් මගේ කාමරයට රණමුක බණ්ඩාරත් සමග පැමිණ ලීලාවති හා නවරත්න ගැන තමාදන්නා සියල්ලම කියන්නට යයි කීවෙමි. රණමුක බණ්ඩාර සුසුම්ලමින් “ ලීලාවතී මැණිකේ නවරත්න බණ්ඩාරගෙන් බිඳුවන පිණිස නා නා උපක්රිම යොදා නුපුළුවන් වූ පසු නවරත්නට දකින්නට පව‍ා නැතිවිය. ඔහු මරාදමන ලද්දේද නැතහොත් කොහේවත් සඟවනු ලැබ සිටීදැයි කිව නොහැක. නමුත් අවුරුද්දකින් පමණ ඔහු ගැන කිසිම ආරංචියක් මට අසන්නට බැරිවිය. ලීලාවතී මැණිකේ ඉඳිගො‍ඩ වලව්වෙන් පේරාදෙනිය අසලට ‍ගෙනවුත් ගේක නවත්වාගෙන උන්නේය. ඒ මැණිකේට ආරක්ෂාෙ කාරියක් වශයෙනි...... දේවාලේ බස්නායක නිලමේගේ දියණියත් එහි 84 වලව්වක පලහිලව්ව

නවත්වා තිබුණු බව මම දනිමි. ග්රෙ ස් නමැති ඒ තරුණිය ලීලාවතී මැණිකෙත් සමග තවත් වැඩකාරීයන් එක්ව මාස හතක් පමණ එහි සිටි නමුත් ඒ කාලේදී නොයෙක් අන්දමට වෑයම් කරලත් ලීලාවතී මැණිකේ සමග කවදාවත් කථාකරන්නට ලැබුනේ නැත. නමුත් මීට තුන් මාසයක‍ට ඉස්සර ඒ ලීලාවතී මැණිකේ ලොකු බණ්ඩාගේ පුතා සමග කසාද බඳවන්ට සතුටු කරවා ගත නොහැකිව දුම්බර පළාතට ගෙන ගොස් පහන් කුලේක මිනිහෙකුට බලහත්කාරයෙන් පාවාදෙන ලද්දේ යයි ආරංචි විය. නමුත් මේ කථාවේ සත්යබ තොරතුරු ග්රෙ ස්ගෙන් නම් දැනගත හැක. ග්රේටස්ගේ ඒ ලංසි තරුණය‍ාගේ මාර්ගයෙන් ඔහුගේ මිත්රෙ ග්රේැස්ට මිත්රතව ඇගෙන් ලීලාවතී මැණිකේ සම්බන්ධ තොරතුරු රාශියක් විමසාගත හැක. වෙන කිසිවක් මට කියා දෙන්නට නැතැයි රණමුක බණ්ඩාර කීයේය.

05.පරිච්ඡේදයි

මේ කථාවෙන් ඩවරවෙන විට දවල් එකොළහමාර පමණ වූ බැවින් රණමුක බණ්ඩාරත් සමඟ දවල් බත් අනුභව කොට දුෂ්ට බස්නායකයාගෙන් හා නිලමේගෙනුත් ප්රලවේශම්ව ඉන්ට යයි රණමුක බණ්ඩාර පිටත්කර යවා මම හෝටලේ ඉස්තේප්පුවේ තිබුනු හාන්සි පුටුවක් පිට වාඩිවී මීළගට කුමක් කරම්දැයි කල්පනා කළෙමි. ලීලාවතී මැණිකේ පහත් පංක්තියේ අයෙකුට විවාහකර දෙන ලද්දේ නම් ඇගේ ජීවත්වීම අනුමානය. ජීවත්ව සිටියත් ඈ කිලිටි භාවයට පත්වෙලාය. නවරත්න බණ්ඩාර මා සම්බවෙන්ට ගොස් ආවාට පසු සතුරන් විසින් මරණලදැයි සිතීමට ඉඩ තිබේ. ඉතින් මෙබඳු ව්යා වසනයට පත් දෙදෙනෙකු පරීක්ෂාි කිරීම මට මහන්සියක් මිස. අන්යය ඵලයක් ඇති කරුණක් නොවේ යයි සිතෙන කොටම මගේ හෘදය තදින් ගැහෙන්නට පටන් ගත්තේය. මගේ හිත මට මෙසේ අවවාද කරන්නට පටන් ගත්තේය. “කුලසේකර රජගෙන් අමාරුව පත් පඬි රජු අපේ පරාක්ර්මබාහු රජතුමාගෙන් පිහිට ඉල්ලා එවි විට ශ්රීම දණ්ඩනාථයන් යට‍කතේ සිංහල සෙනඟ ලක්ෂමයක් ඉන්දියාවට යවන ලදී. ශ්රීණ දණ්ඩනාථ තුම‍ා මදුරාපුර තල්විල්තොටදි කුලසේකර රජුගේ සේනාවට පහර දෙන විටම පඬිරජු මැරූ ආරංචි වූ බැවින් ඒ බව පාරාක්රේමබාහු රජුට දන්වා එවුවිට අයුත්ත කළ අධම රජුට දඬුවක් කොට පඬිරජුගේ පරපුරෙන් පැවතෙන කාට උවත් එම රජය පවරා දෙව” යි නියම කරන ලදී. ඉතින් සිංහල් ගතියට

පියදාස සිරිසේන නවකථා එකතුව 85

විරුද්ධව වික්ර මපාල සිතු සිතුවිල්ල ඉතාම නපුරු යයි මගේ හිතම මට කියන්නට පටන් ‍ගත්තේය. මා සොයන මේ ගුණවත් තරුණ තරුණියන් විනාශව ගිය නමුත් ඔවුන්ට අනර්ථ කළ අධමයන්ටවත් පාඩමක් උගන්වන්ට ලැබුනොත් මා ගන්න් උත්සාහයට හොඳටම ඇතැයි මට සිත මහත් ධෛර්යයෙන් නැගිට මට පුරුදු ඉංග්රීොසි වේශයෙන් සැරසී දවල් දෙකට පමණ දළදා මාලිගාව පැත්තට යනවිය වැදගත් පෙනීමක් ඇති මහලු මිනිහෙක් දළදා මාලිගාවේ දොරකඩ වාඩිවී සිට මට ඔලුව පාත්කොට යමක් පිකට ඉල්ලුවේය. මගේ හිතේ බලවත් කරුණාවක් ඉපිද “ මොකද ලොකු උන්නැහේ හිඟා කෑ යුතු කෙනෙක් බව රූපයෙන් තේරුම් ගන්ට අපහසුයි. ඇයි මේ හිඟාකන්ගේ කියා අසමින් සත විසිපහේ කාසියක් ඔහුට දුනිමි. මෙය ඔහුට රාජ්යගයක් ලැබුණාක් මෙන් සතුටුදායකව “අනේ මහත්මයාට බුදු බව ලැබේවි. ඊයේ දවාලට කෑවාට පසු තවම කිසි දෙයක් කන්ට ලැබුනේ නැහැ. දැන් මම අහාරයක් ගන්ට යන්නෙමි. මා සිඟා කෑයුතු කෙනෙක් නොවෙමි. නමුත් මගේ පූර්වට අපරාපරිය වේදනීය කර්මයක් ඉදිරියට අවුත් මට මේ අමාරුව සිද්ධ වී තිබේ.අක්කර ‍ෙදතුන් සියයකට වැඩි ගම් බිම් ඇති මට ‍ලොකු පුතෙකුත් ඉන්නවා. ඔහු ලොකු රාජකාරියක් කරන්නෙකි..... රටේ මහතාගේ දුවනිය කසාද බැඳලා ලොකු “බ්රැඔහැනියට” ඉන්නවා. නමුත් මම හිඟා කනවා. අනේ මක්කා කරන්ටද? කියා සුසුම් ලෑවේය. එවිට එම් මනුෂ්යායාගෙන් තවත් යමක් දැනගන්ට පිළිවක් බව මට වැටහී ඔහුත් සමග තේවතුර කඩයකට ගොස් ඔහුට උවමනා තරම් කෑම කන්නට දෙවා ඔහු සුවපත්වූ පසු නැවතත් පිට්ටනියට අවුත් බංකුවක් පිට වාඩිවී කථාකරන්නට පටන් ගෙන ආ ලොකු උන්නැහේ තමුසෙගේ ගමබිම කුඹුරුවලට කුමක්වීදැයි ඇසුවෙමි.

අනේ ආයුබෝවන්ඩ, අපේ රටේ මහත්මයා ඔක්කොම කොල්ලකෑවා. එයාම ගත්තා නොවෙයි. මා සමඟ එදිරියකට නඩු කීමෙන් ඒ සියල්ලම විකිණී ගියා. මගේ පමණක් නොවේ මේ පළාතේම ආත්ම ගෞරවය ඇති කිසිවෙකුට සැපසේ ඉන්ට හිටින්ට ඉඩ නොදෙන අධම ලොකු පිරිසක් සිටිති. මොවුන් පන්සල්වලත් දේවාලවලත් ආදායම සියල්ලම කොල්ලකාගෙන අසරණයන්ගේන් වැඩ ගනිමින් දියුණුවී ආණ්ඩුවේ ඇතැම් නිලධාරීන්ට අත්ලස් දීමෙනුත් තවත් කිය‍ නොහැකි නින්දිත පරිත්යාසග කිරීමෙනුත් ඔවුන්ගේ සහාය ලබාගෙන අසරණයක්ට විරුද්ධව වැඩකරමින් හොදින් කල්ගත කරති. මේ පාදඩයන්ගේ ආත්මාර්ථකාමී අධම නිහීත අදහස් නිසා මා වාගේම හිඟමනට බැස යන එන මං නැතුව 86 වලව්වක පලහිලව්ව

ඉන්නා ජනයා ප්රවමාණයක් නැත. ඇත්ත යුත්ත කථා කරන කිසිවෙක් අප ර‍ටේ නැත. එහෙම කෙනෙක් උපන්නොත් මක්කරලාවත් ඔහු විනාශකර දමනු ලැබේ. මේ ප්ර්ධානියා කියා තමුන්ම සිතාගෙන ඉන්න අධමයන් විනාශ කළ පන්සල්, දේවාල, පවුල් ගණන බොහොමයි. ඉතින් ‍අප්පේ මොවුන් කරන අපරාධ වෙන් වෙන් වශයෙන් කියතොත් දවස් ගණනක් නැතුව බැරිය”යි කියමින් මහලු මනුෂ්ය යා තව වරක් සුසුම් ලෑවේය. ඉක්බිත් මම ඔහු ධෛර්යමත් කරමින් “ පසුගිය දේට පසු තැවිලිවීම මෝඩකමකි. ඒ ගැන කනගාටු වෙන්නට එපා. ඉතින් ඔය අපරාධ කරන අයට යම්කිසි දඬුවමක් කරන්ට බැරීද? මොකද ඒ ගැන උත්සාහකළේ නැද්ද’ යි ඇසුවෙමි.” අනේ ආයුබොවන්ඩ, මා විනාශවුනේ අපේ ගමේ ඉන්න ප්රවධානියාට නීති මගින් දඬුවම් කරන්ට ගොහින් තමා. අපේ ගමේ පහත් කුලයකට අයිති පවුලක ලක්ෂණ තරුණියන් දෙන්නෙක් වුන්නා. අවුරුදු 50ක් පමණ වයස ඇති මේ අධමයා ඒ තරුණියන් දෙදෙනාම දූෂ්යග කරපි. මීට කිපුණාවූ ඒ තරුණියගේ සහෝදරයෙක් ඔහුට එක් රාත්රි යක් හොඳටම තැලුවේය. ඉතින් අන්තිමේදි ඔහු ගමේ හා පොලිසියේද මුලාදෑනිනි ගෙන් ආධාරයෙන් තමාගේ වරද කිවැරදි කරගෙන නඩු කියා මේ අසරණයා පස් අවුරුද්දකට දඟගෙයි නිවැරදි කරගෙන නඩු නියා මේ අසරණයා පස් අවුරුද්දකට දඟගෙයි දමන ලදී. ඔහුට පක්ෂව මමත් සාක්ෂි කීවෙමි. අර තරුණියන් දෙදෙනා ලවා නඩු කියවා ඔහුට අච්චුකරන්නට වීරිය කළෙමි. නඩුව අපට වාසීවෙන්ට තිබුනු නමුත් අපේ නීතීඥයාට මේ අධිපතියා අල්ලස්දී තවත් නින්දිත පරිත්යාතගයක්ද කොට අපේ නඩුව අවනඩුව කරපි. නඩුවෙන් පැරදුනා. ඒ නිසා එතැන් පටන් මා සමඟ එදිරිවූ ඒ අධමයා මුළු ලෝකයම පටලවමින් නඩු හබ සන්ඩු කෝලහාල කර මා නැති කරපි. අර අසරණ පවුලද තවත් පවුල් හත අටක්ද මඟට බස්සාපි. ඉතින් ඔහු ‍රජෙක් වාගේ දැන් ඉන්නවා. මසකට විහාරස්ඛානෙන් හා දේවාල දෙකෙන් පවුන් තුන් සියයක් දේ ලැබේ. අනුන්ගෙ ඉඩ කඩම් වලිනුත් එපමණ ලැබේ. අනුන් ලවා නොමිලයේ කුඹුරු වපුරවා ගැනීමාදී‍යෙන් ඔහුට තවත් රුපියල් දෙතුන් සියයක් ලැබේ. ඉතින් මොහුට “ හාමුදුරුවේය” යි සහ මොහුගේ ගෙට ‘වලව්වය’ කියති. කිසිම ගුණයක්. ධර්මයක්, මෙලොවක්, පරලොවක් ගැන නොසලකා මනුෂ්යු තිරිසනුනු මෙන් සිටින අප රට කන ලොක්කන්ගේ තොරතු‍රු කියන්ට ගියොත් මට අද ගමට යැමක් නැත. ඉතින් අප්පේ මේ මහත්මයා මට බඩ පුරා කන්ටත් බොන්ටත් දීම ගැන මම පින් දෙනවා මිස වෙන මක්කා කරන්ටද? නමුත් තරුණ මහත්මයෙක් නිසා ළගදී ‍අපේ ගමේ කිරිබන්ඩා නමැති මොනිටර් කෙනෙකු ගෙන් අසා ඉගෙනගත් පියදාස සිරිසේන නවකථා එකතුව 87

පුදුම කථාන්තරයක් කියන්නෙමි. ඒක අසුවාම අපේ රටේ මිනිසුන්ගේ තත්වය තේරුම් ගන්ට පුළුවනි. ඉඳිගොඩ පළාතේ ධනවත් පවුලක තරුණ මැණිකේ කෙනෙකු තමාගේ බෑනා කෙනෙකුට ජෝඩු කොට ඒ තරුණිය අසතුටු වූ බැවින් ඒ ළමයාගේ බූදලය කොයි ක්රටමයකින්වත් අත්පත් කරගන්නට වීරිය කරන බස්නායකයෙක් හා තවත් බණ්ඩාරලා කීප දෙනෙකුත් ඒ තරුණිය සරණ වීමට ගිවිසගෙන සිටි නවරත්න නමැති උගත් රූප සම්පන්න තරුණයාත් විනාශකොට ඉක්බිති ඒ ලීලාවතී මැණිකේ නමැති තරුණියට වධ තිස්දෙක දීලාත් තමාගේ බෑනා කෙරෙහි සතුටුක‍රවා ගන්ට නුහුනු හෙයින් අන්තිමේදි ඒ ගුණවත් උගත් රූප සම්පන්න තරුන මැණිගේ උඩඳුම්බර පළාතේ ‘ගහල’ මිනිසෙකුට ප‍වා දුන් බව මම ඇසුවෙමි. ඉතින් අප්පේ මෙබඳු අධම මිනිසුන් ගැන ඇසුවාම මට මේ කරලා තිබෙන අයුත්තත් අපේ ගමේ වෙන වෙන මිනිසුනට කරලා තිබෙන කමුත් මොන අන්නැවල්ද? උසස් පරම්පරාගත, උගත් ගුනවත්, කාන්තාවක් ඇගේ බලවත් විරුද්ධත්ව පවතිද්දී අශික්ෂිත නීච අසරණ කාලකන්නියෙකුට පාවාදී ම මිනීමැරීමටත් වඩා ලොකු අපරාධයක් යයි කිවයුතු තරම්මය. ඉතින් ධනලෝභයෙන් මෙබඳු අපරාධ කරන අයත් දැන් සිංහලේ ලොක්කන් අතර ඉන්නා කල, විහාර සන්තක දේවල් කන අසරණ මිනිසුන්ගේ වතුපිටි කොල්ලකා ගෙන කනවුන් සිටිත් යයි කීම පුදුමදැයි ලොකු උන්නැහේ සුසුම් ලමින් කීයේය. ඇත්තෙන්ම මගේ බලාපොරොත්තුවටත් වඩා මේ ලොකු උන්නැහේ සමඟ කථා කිරීමෙන් ප්රතයෝජන ලැබුනු මම මහත් සතුටට පැමිණ. ඒ ඩිංගිරි බණ්ඩා නමැති මොනිටර් සම්භවීමට යාමට සිතා ගතිමි. ඒ බව ලොක්කාටද කීවිට ඔහු සතුටුව අනේ මහත්මයෝ. තමුන්නාන්සේ අපේ ගමට ගොහින් වෙහෙසෙන්ට කමක් නැහැ. මම ඩිංගිරි බණ්ඩාත් සමඟ හෙට උදේ තමුන්නාන්සේ නැවතී ඉන්කා තැනකට එන්නෙමියි කීයේය. එය මට මහත් පහසුවක් හෙයින් කොහොම හරි ඩිංගිරි බණ්ඩත් සමඟ උදෙන්ම එන්ට යයි ඔහුට තවත් රුපියලක් දී පිටත්කර ඇර මම මගේ ‍හෝටලයට ගියෙමි. පසුදින ලොකු උන්නැහේ කී ලෙස ඩිංගිරි බණ්ඩාත් සමඟ මා නැවතී සිටින‍ හෝටලයට පැමිණියේය. ලොකු උන්නැහේ සත්යඟවාදී අවංක මනුණ්යියෙක් බව වැටහුණු මට මහත් ප්රීලතියක් ඇතිවිය. ඔවුන් දෙදෙනාම කාමරයට එක්ක ගොස් වාඩිවෙන්ට සලස්වා තේ වතුර ආදියෙන් සංග්ර්හකරවා ලීලාවතී මැණිකේ සම්බන්ධව ඩිංගිරි බණ්ඩා දන්නා සියලුම කාරනා කියන්නට කීවෙමි. ඩිංගිරි බණ්ඩා ඉතාමත්ම ශික්ෂිතා කෙනෙක් මෙන් මෙසේ කියන්නට පටන් ගත්තේය. 88 වලව්වක පලහිලව්ව

“මහත්මයාණනි. ඉඳිගොම වලව්වේ ලීලාවතී මැණිකේත් නවරත්න බණ්ඩාර මහතාත් සම්බන්ධව මම මොකුත් නොදනිමි. උඩුදුම්බර අපේ පාඨශාලාව ත්යෙන ගම් දෙකකට එහා තැනක “සරණා” නමැති ගහල මිනිහෙක් උසස් පවුලක මැණිකේ කෙනෙකු ගෙන අවුත් ඉන්නා බව ආරංචි විය.ඒ හැබැදැයි විමසන්නට අපි කීප දෙනෙක්ම ගියෙමු. ඒ ගෙදරට අපි යන විට කරණා නමැති ඒ කාලකන්නි මනුෂ්යඅයා සහ ඔහුගේ ඥාති මුත්රාිදීහු ගෙදර රැස්වී උන්හ. ඉතාමත් දුඃඛිත ලීලාවෙන් කඳුළු වගුරුවමින් එම ගේ ඇතුලේ වුන් ආයුස පිරිහුන දෙවඟනක් බඳු ලීලාවතී මැණිකේ අපි දුටුවෙමුත ඒ ස්ත්රිනයගෙන් මේ මක්වුනාදැයි ඇසූ නමුත් එකම වචකයක් කථාකළේ නැත. සරණාගෙන් ඒ සම්බන්ධව ඇසූවිට ඔහු පේරාදෙනියේ දුම්රිය පළේ කුලී උස්සමින් සිටින අතර බස්නායක නිලමේලාගේ කුලී වැඩක් කරදීමෙන් ඔවුන් දැන කියාගත් බවත්, මෙසේ ‍කලක් ඩන්නා අතර එක් රාත්රිතයක ඔහු කැඳවා මේ මැණිකේ තමාට ගෙනයන්ටදී මෙහි ඊමට උවමනා කරත්තයක් ද බඳවා දී, රුපියල් දහයක්ද දී. පටත්කර එව් බවත් කීයේය. එසේත් කියා මේ පින්වත් කුම‍රිය මගේ භාය්‍හයකර්‍ාකමට පවා ‍ගත්තොත් මට හෙනහත ගැහුවත් මදිය. මම මේ අත්තමියට පත්තින් දෙවියන්ට මෙන් ගෞරව සත්කාර කොට අයිතිකාරයන්ට භාර දෙමියි ඔහු කීයේය. ඉතින් ඒ ලීලාවතී මැණිගේ සම්බන්ධව ඔයිට වඩා මොකවත් මම නොදනිමි. ඊට තුන්හතර දිනකට පසු ඒ මැණිකේ ගැන සොයා බැලූ නමුත් එතනින් සැඟවී ගිය බව දැනගතිමි. දැනට ඒ තැනැත්තී දුම්බර පලාතේ නැති බව කිවහැකිය” ඩිංගිරි බණ්ඩා කියේය” හොඳයි ඒ සරණා නමැති මනුෂ්යියා එහි ඉන්නේ දැයි ඇසුවෙමි. ඔහුත් එයි නොසිටියේය. දැන් අවුත් ඉන්නෙදැයි නොදනිමි. ස්කොලේ නිවාඩු දී අදට දොලොස් දිනක් පමණ වේ. මා ආව‍ාට පසු ඒ සම්බන්ධ කුමකින් කුමක් වීදැයි නොදනිමි”යි ඩිංගිරි බණ්ඩා කීයේය. “ හොඳහි නවරත්න බණ්ඩා ගැන මොකවත් දන්න් නැද්දැයි ඇසුවෙමි. මම කිසිදෙයක් නොදනිමි. නිකම් දුෂ්යැමාන ආරංචියක් නම් තිබේ. නවරත්න බණ්ඩාර මහතාගේ මෘත ශරීරය මාවැලි ග‍ඟේ පාවී තිබුණු බවත් ආණ්ඩුවේ පරීක්ෂාවේදී හදිසියෙන් ග‍ඟේ වැටී මළ දෙමළ කුළිකාරයෙකුගේ මිනියක් බව තවත් සමහරු කී බව මම ඇසුවෙමි. ඒ මිස කිසිවක් නොදනිමි” යි කීයේය. ඉතින් මම ඔවුන් දෙදෙනාට රුපියල් දෙකක් දී මේ ටිකවත්‍ දැනුම් දුන්නාට සතුටු වෙමියි ස්තුති කොට ඔවුන් පිටත් කර යවා ඉඳිගොඩ ඉහල වලව්වේ ලොකු බණ්ඩාර සම්බවීමට යාමට සිතා සැරසුනෙමු.

අංජනම් එළියෙන් ශාස්ත්රබ කියන්නෙක් හැටියට සූදානම් වීම. ඒ සඳහා පියදාස සිරිසේන නවකථා එකතුව 89

උවමනා අඳුන වෙනුව‍ට අඟුරුත් පොල්තෙල් ටිකක් අඹරා ගෙණ දුන් පිඹීමට තුන් කුළුදුල් මිණි ඇටය වෙනුවට හෝටලේ රොඩු බාල්දියෙන් සොයාගත් එළු ඇට කැබෙල්ලක් ද තවත් කපටි ශාස්ත්රො කාරයන්ගේ රැවටිලි බඩු එනම්. නවග්රදහයන් ඇඳ තිබුනු කොලය, කවඩි නවදෙන, මොණර පිහාටු ‍කැබෙල්ල ආදී උපදරණත් ඔලග්මවේ ලාගෙන අවුරුදු 65 ක් පමණ වයස ඇත් කෙනෙක් බව හැ‍ඟෙන්නට වෙස් මාරු කරගත් ඇඳුමක් ඇද ගෙන ඉඳිගේඩට යන්නට පිටත්වීමි. මා ඉඳිගොඩට පැමිණ හැටියේම මා විසින්ම මරණයෙන් ගැලවූ රණමුක බණ්ඩාර ගැනද මතක්වී. ඔහු ගැන පරීක්ෂාකළ නමුත් ඔහු පළාත අත්හැර හාරීස්පත්තුවට ගොස් සිටින බව ආරංචිවූ බැවින් ඉහල වලව්වේ ලොකු බණ්ඩාර මහතා සම්බවීමට සිතා සවස 5ට පමණ ගියෙමි. එතන පුදුම ස්ථානයකි. දහයක් පහලොවක් පමන වල්පාගේ මිනිස්සු ‍නිතරම ගැවසෙති. ගෙදර දොරේ වැඩ කරන ගෑණු පිරිමින් දහ දෙනෙකුට වැඩිය. පවුලේ මව්පිය දෙදෙනා ඇර දූවරු සතර දෙනෙක්ද, පුත්රුයෝ දෙදෙනෙක්ද සිටිති. මේ ගෙදර ළඟට ගොස්, “බණ්ඩාර හාමුදුරුවනේ, කේන්ද්රි බැලුම්, ශාස්ත්රක කීම, යක්තොවිල් ආදියත් කරන්ට පුළුවන. මම රුහුනේ කෙනෙක්මි. යම් කිසි අමනුෂ්ය් උපද්රහවයක් තිබේ නම් මා ලවාත් තොවිලයක් කරවාගෙන බැලුවොත් මැනවැ”යි කීවෙමි. බලවත් කලකිරීමකින් මෙන් සිටි අවුරුදු 60 ක් පමණ වයසැති කළුපාට වූ තරබාරු වූ, අවලක්ධණ ශරීරයකින් යුත් මේ ලොකු බණ්ඩා රාවණාගේ සෙහෙයුරුවූ කුම්භකරණයා මෙන් වාඩිවී වුන් කිලුටුවූ හාන්සි පුටුවෙන් නැගිට, “ උඹහේට අංජනම් එළිබලන්නට පුළුවන්දැ” යි ඇසුයේය. “ ඔව් හාමුවුරුවනේ මට ඉතාම හොඳට පුළුවනැ” යි ක‍ීවාම. මා කැඳවා. පිලේ පැදුරු කබලක් පෙන්වා එහි වාඩිවෙන්ට කියා. ඉක්බිති මෙසේත් කීයේය. “ හැබැයි උඹහේට කාරියක් කියඤ්ඤා. මාතරය, වැලිගමය කොළඹය යනාදිය කියමින් මේ පළාතාට ආ යකදුරෝත් ශාස්ත්ර” කාරයොත් අපට ‍රවටා රුපියල් දෙතුන් දහක් කොල්ලකාගන්තා, මට දැන් හිතීතිබෙන්නේ බොරු කාරයෙක් දකින්ට ලැබුනොත් හොඳටම අච්චු කරනටයි. උඹගෙන් මම දැන් අංජනම් එළියක් බලනවා. එක් බොරු උනොත් උඹහේට අච්චුකරණවා. ඒකට කැමතිදැ”යි ම‍ගෙන් ඇසුයේය. ඇත්තෙන්ම ලොකු බණ්ඩාරලා ගේ පලහිලව්ව හොඳින් දන්නා මට ඔහු බලාබොරොත්තුවටත් වඩා හොඳින් “අන්ජනම්” එළියෙන් කරුණු ප්රටකාශ කරන්ට හැකිනිසා, “අනේ බණ්ඩාර හාමාදුරවනේ සමාවෙන්ට, මා කියන කීමක් බොරු උනොත් මට ඕනැ අච්චුවක් කරන්ට. හැබැයි මා කියන එක හැබැ උනොත් මට ලොකු තෑගි දෙන්ට ඕනැය” යි කීවෙමි. එවිට 90 වලව්වක පලහිලව්ව ලොකු බණ්ඩාර තමාගේ වෙතේව කාරයින්ට කථාකොට “ඔන් බොලව් මේ යකදුරාට උවමනා දෙයක් දීපියවි කියා උවමනා කුමක්දැයි ඇසුවේය. පුටුවක්, ඇතිර්ල්ලක්, මල් පස් වගයක්, කෙසෙල් ඇවරියක්, තැඹිලි ගෙඩියක්, බුලත් අතක්, රිදී පඬුරු හතක්, සඳුන් ටිකක්, අඟුරු කබලක් දුම්මල ටිකක්, මට උවමනා බව කීවිට වහාම එය සපයා ගෙණාහ. ඉක්බිති මම අංජනම් කාරයා හැටියට ඒ සියල්ල පිළියෙළ කොට, මගේ ඉසේ රත් ජටාවක් බැඳගෙන අඟුරු දුම්මල අල්ලමින් මන්ත්රටයක් කියා “ප්රවලය” වුනිමි. ඒ මන්ත්රැය මෙසේයි. “ ඕං හීං ඉෂ්ටප්රේකාලී වාවා සර්වබ යන්ත්රව මන්ත්රම සූනියං ඉගිල වාවා, අංජනං දේවි සලිත ගිඩි ගිඩි ප්රංල ප්රකල ඒස්වාහඃ, ‍ඕං රීං-සත් මුහු‍දකට එසේත් නුග වෘක්ෂ යේ වැඩ වසන මඳන පිල්ලු ඔඩිඩි කුමාරයා වාවා, බොගහ මුදුනේ වසන ඩිංගි‍රි නිසා අසරන කරත්තකාරයා බිලිගත් සූනියම් යක්ෂදයා වාවා, එකම මඳන දිෂ්ටිය නිසා එක කාමරයේ එක විඩේ සිට අසුවූ අප්පා, පුතා, බාප්පා, නම් වූ තුන්දෙනා මර්දනය කළ බලසම්පන්න යක්ෂඅනිය නුගගහමුදුනේ පැන මාගේ මන්ත්රබ ජිවමට දිෂ්ටි බෙලා වාවා. මධ්යඅම පළා‍තේ විහාර දේවාලාවලට අරක්ගෙන එහි රීරි මාංස උරා ගෙන කන ‍සියලුම යක්ෂුයෝ වාවා, අසරණයන්ගේ වතුපිටි කොල්ලකා අන්න්ගෙන් බැලමෙහෙ ගණිමින් තමා සැප විඳින සියලුම යක්ෂගයෝ වාවා. ඕං ජය ජය වාමුංඩි ත්රීමදය මණිමකුට කෝටි සංඛ්යාඅත රත්නත්රොය සතු වස්තුවෙන් වලව් සාදාගෙන ඉන්නාවූ යක්ෂියෝ වර වර ඒ ස්වාහඃ-ඕං කියියුරුන්ඩු මා කාලි දේවා තීනි ‍ආදේස් නිර්දේෂ පවුල් විනාශ කරණ අධර්මවාදී යක්ෂායා මාගේ අංජනමට දිෂ්ටිලා වර වර ඒ සිවාහඃ-ඕං දේව වරං ගුරුවරං ගුරුපත්රාකාලි වරං. දේවපත්රවකාලි දිෂ්ටිවරං, සුරපත්රලතාලි දිෂ්ටි වරං, ජාති බ්රගෂ්ට සංකර වරං, ආත්මාර්ථකාමී අධම වරං, ස්ත්රිංයාන් වනසොඝ සිංහලයා චරං, කිසිවක් නොකර හොඳින් කකා බිබී ඉන්නා බලිචද්දා වරං, සිව සිවාන් කන්දස් ස්වාමි පත්රකකාලී අම්මේ සිවසිවාන් දිස්ටි වැරුම්” යනාදි මන්ත්රවක කියා මම ටිකක් විකාර ගති දකවමි. එවිට ලොකු බණ්ඩාර ද, ඔහුගේ මැණිකේ ද, තවත් විසිපක් දෙනෙකුට වැඩි පිරිසඳ මා වටකර බලා හුන්හ. අංජනම් එළිය බලන්නට සූදානම්ව හිත පිරිසිදු කරගෙන එක කාරණයක් හිකා ගෙන මේ කපුරු කැබෙල්ල දල්වා මල් බුලත් පුටුව උඩ තබන්ට යයි කියා කපුරු කැබෙල්ලක් දුනිමි. ලොකු බණ්ඩා මාකී ලෙස කළේය. ඉක්බිති මම මහත් ගෞරවයෙන් ‍රටේ ඉන්නා අනිත් අංජනම්කාරයන් ලෙසම අඳුන ගෑ පිරිසය පානදැල්ලෙන් බලමින් මෙන්න් අංජනම් දේවි හාරිස්පස්තුවට යනවා. එහි ගහලගෙදරකට ඇතුල්වුනා ලීලාවතී මැණිකේ ඉන්නවා. ඈට අසනීප හැදිලා. මරණාසන්න

පියදාස සිරිසේන නවකථා එකතුව 91

වෙලා, තව සතියකට ඉස්සරින් මැරෙණවා යයි අංජනම් දේවි කියනවා යයි කීවෙමි. ඇත්තෙන්ම මෙවුන් බලාපොරොත්තු වූ මේ කාරණා දිව්ය ඥානයෙන් මෙන් නම් ගමත් ඇතිව කී මම සමර්ථ නොවේමද? දැන් ලොකු බන්ඩා හා පිරිස මා කෙරෙහි කලින් තිබුණාට වඩා ‍පුදුම සැලකිල්ලක් ඇතිකර වහාම තේවතුර කොප්පයක්ද ගෙන්වා දී තමන්ගේ ගෙදරට වැදී තිබෙන අනවින අංජනම් එළියෙන් බලන්ට කීයේය. මම ඒ ගැන ඉතා හොඳින් නොදන්නා නමුත්, එහෙන් ‍මෙහෙන් දැනගත් තොරතුරු ගලපා මෙන්න බණ්ඩාර මහත්මයෝ වත්තේ කොනේ මහසෝනා ඉන්නවා. එතනට එහායින් අලුත මැරී ප්රේ තයා වි උපන් තරුණ බන්ඩා කෙනෙක් ඉන්නවා. තවත් එහායින් වයසක පෙරේතියක්ද, ඊටත් එහායින් පෙරේතයෝ 15ක් විතරත්, වෙද පෙරේතයා ඊටත් එහායින් සිටගෙනද ඉදිත්. ඒ එක්කම අළුත මළ බස්නායකයෙකුත් තවත් මාලිග්වේ නිලයක් කළ දිග රැවුලක් ඇති කෙනෙකුත් කටින් බඩින් පණු කැදලි වැක්කිරී විලාප තිය තියා ඉස බැඳගෙන දුවති. පණිති, වැලපෙති. මොවුන් මධ්යායේ මහා සන්නි යකාත් මහ‍සෝනාගේ පිරිවර 13 දෙනෙකුන් ඉඳිති. දිසාවට නායක යකෙක් හා බුද්ධසන්තක දේ කාලා මැරීගිය ගිරා තුඩක් ඇති මහා ප්රේ්තයෙකුත් බළු ඔළුවක් ඇති තවත් විශාල ප්රේහතියකුත් වත්තේ බස්නාහිර පැත්තේ සිටිති. රන් පිළිමයක් වැනි එකක් ඔළුව උඩ තියාගත් පාන් වැටකට අල්ලා බඳින ලද පෙරේතයෙකුත්, රත්කරපු යකඩ කුරු හතක් අඟපසාරු වෙනට ගසනු ලැබ හූ කිය කියා ඇවිදින තවත් පෙරේතයෙක්ද උතුරු පැත්තේ ඉන්නවා. හිස මුඩුකර ගත් මහ ප්රේ්ත ගලක් එහායින් නිර්වස්ත්රනව ඉඳිති. අනේ අප්පේ මට මේ විකාරේ බලන්ට පවා අමාරුයි. යක්කුන් පුදුම පෙරේතයොත් මේ මත්තේ කෙළවරක් නැහැ. ඉතින් මේ මොන පුදුමයක්ද” යි කීවෙමි. ලොකු බණ්ඩා බියපත්ව “ අනේ ගුරුන්නාන්සේ මහත්මයෝ අප ආරක්ෂාකර ගන්නට” යි මා ළඟටම ලංවී ගැහෙන්නට පටන් ගත්තේය. මා පළමුවෙන් කී තරුණ බණ්ඩාගේ නම කවුදැයි මගෙන් ඩතා බැගැපත්ව ලොකු බණ්ඩාර ඇසුවේය. එවිට මම නැවතත් මතුරමින්” අංජන දේවි කියපන්, කියාපන්, ඇත්ත කියාපන්ය” යි කොඳුරා ඔන්න බණ්ඩාර මහත්මයෝ අංජනම් දේවි ඇඟිල්ලෙන් අකුරු අඳිනවා- මට තේරෙන්නේ නැහැ. මම අකුරු කියන්නෙමි. ඔන්න නයනු, වයනු, රයනු, අල්තයනු, නයනු,” කීමි. එවිට ලොකු බණ්ඩා ‍මගේ දෙපතුල ලඟ වැටී “ ඉතින් ඇති, අදට ඔය ඇති, ගුරුන්නාන්සේ මහතා තමයි හැබෑ ශාස්ත්රොවන්තයා මේ කියාපු ඔක්කොම සත්තකයි. අරත්තෙනුත් ඇත්තයි. ඇන් අංජනම් බැලුවා ඇති. ඉතින් යක්ෂ රාක්ෂ පිරිසගෙන් 92 වලව්වක පලහිලව්ව

අපව ආරක්ෂාකර ගන්ටය” යි කියා මැණිකේ සමඟ මොකක්දෝ කථාකොට ගෙට ගියේය. ලොකු බණ්ඩාර නැවතත් අවුත් මට පවුන් විසිපහක් දී “‍අපට පැමිණි අනතුරු වලින් ‍අප ආරක්ෂා කරගැනීම ගුරුන්නාන්සේ මහතාට බාරය. මේ යක්ෂ ප්රේවත පිරිස අපේ පවුල විනාශ කරයි. මොවුන් එලවා බැඳ දමා අපට ශාන්තියක් ‍කළොත් තවත් පවුන් සියයක් හා පොල් ඉඩමකුත් දෙන්නෙමි” යි කීයේය. මා විසින් අංජනම් එළියෙන් කියාපු කරුණු සත්යන බව වැටහුණු නිසා ‍ලොකු බණ්ඩාරටත් වඩා මැණිකේ ඇදි බවලත්තු මා කෙරේ බලවත් භක්තියක් ඇති කලෝය. ස්වහාවෙන්ම පිරිමින්ට වඩා ස්ත්රී්හු මායාවට මුළාවෙති. දේව භක්තිය තදින් ඇතුව පූජකයන්ගේ පාශයේ වැටී දඟලන්නෝ වැඩි වශයෙන් ස්ත්රීවහුය. මන්ත්රූයක් තොවිල් බලි පූජාදියට මහත් ‍‍ගෞරව කරන්නෝත් ස්ත්රීමහුමයි. ලෝක ධර්මය හොඳින් ධර්මය හෙඳින් දනගත් අයට මේ තොවිල් හා බලිත් යාඥා විලුත් විකාර ක්රි යා බව දැනේ. මන්ත්රඥ. සෙත් නමි ආදියෙන් ගුණා ගුණ නැතැයි මෙහිදී මුළා ‍නොවිය යුතුයි.

ලොකු බණ්ඩාර සහ ඔහුගේ මැණිකේද අනිත් සියලුදෙනාද මා ලවා තොවිලයක් කරවීමට මහත් ආසාවෙන් මට යාඥා කරන්ට පටන් ගත්හ. මේ පිරිසේ කිසිම දෙයක් තේරෙන අයෙක් නැති බැවින් එ‍වලේම තානා කියන කවි මන්ත්රිවලින් වැඩේ කරන්නට පිලිවන් බවඳත් මම කිසි චකිතයක් නැතිව, ප්රේනතයන් බැඳීම සඳහා තොවිලයක් කරන්ට උවමනා දේවල් කීවෙමි. එනම් කෙසෙල් කඳක්, ගොක් අතු දෙකක්, තැඹිල් වෑවර, දෙහි කටු, කොස්කොල ගොටු, කුකුලු බිල්ල, හත් මාළු‍ව, ඇටඇටී පස්වගය, මල්, බුලත් පුටුව යනාදිය උවමනා සියලු දේ වහාම ගෙනත් දුන්හ. පිදේති තටු පහත් හදා පුරුදු නැතත් ‍දෙතුන් වරක් ඒවා දුටු බැවින් යන්තමි තටු පහක් හදා මල් යහනක්ද තනා සවස හත වන විට තොටිලය ආරම්භ කළෙමි. මට උපකාර වශයෙන් බෙරය ගැසීමටත්, අත්වැල කීමටත්, ගුරෙක්ද ලැබුනේය. ඔහු මගේ හිතට ඉතාමත් රුචිචු ක්රීිඩාවෙන් කාලය ගත ක‍රන කදිම තරුණයෙකි. ඔහුට පමණක් මගේ බොරු තොවිලය තේරුණේය. ලොකු බණ්ඩාරගේ මැණිකේත්, ලොකු බණ්ඩාරත්, දූලා දෙන්නෙකුත් ආතුරයන් වශයෙන් වාඩි ගත්හ. පොල්මල්, සහල්, කලස්, තෙලබෝ, සීරැස්ස, හා මොහොල් ගසක් දෙපතුලට තබා කඩතුරාවක් අල්ලා සිටියදී, කටට එන දිෂ්ටී මන්ත්රෙ කිය කියා යාගය පටන් ගතිමි. ඒ සියල්ලම නොව මා විසින් කී සමහර කවීන් මන්ත්‍රත් මේ කියවන මගේ මිත්රියන්ට සිනහවීමට යොදන්නෙමි.

පියදාස සිරිසේන නවකථා එකතුව 93 06. පරිච්ඡේදය පළමුව බුදුන් වැ ඳ දෙවනුව දෙසු දහම වැ ඳ මහ සඟරුවන් වැ ඳ පටන් ‍ගණිමුව ගණ දෙවිඳු යැ ඳ

රට නසන යක්කු දුම්බර මැමබ රා පන්සල් නසන යක්කු රත්නා දෙවිඳු පව රා දෙවොල් කන යක්කු සබාවේ අත රා වරෙවි මෙරඟට මෙහැම යක්කු සිටි යකුන් බල නැසිය නොහැ රා

දුප්පත් දන න්්ගේ තෙද මහිම දැ ක්කු රිටිමොල කන ර න්ගේ අනයෙන් නොව පර ක්කු රටේ මහතු න්ගේ බීගෙණ අර ක්කු කෝරලේ ආරච්චිය න්ගේ ‍ වරෙව් සබයේ සියළු ය ක්කු

බස්නායක නමැ තී ආයුබෝ වේ වා බුදලිඳු මුහන්ද්රතම් ඇ තී ආතුරන්හට බෝ වා වංසපති කම් ඇ තී රටට වැඩ වේ වා සියළු යක්සෙන් මෙරඟ බැසළු තී කතරගම දෙවි ‍සෙත් කෙරේ වා

උඩදුම්බර වේ ලේ අල්ලා කඩතු රා ගොඩිමබර තෙද පත ලේ ඉන්නා මෙතන ඇඳු රා මහසෝනාගෙ බ ‍ලේ දොල බිලි සිතු යු රා පොරණ බිදිලෙස හොඳින් මෙක ‍ලේ ඉතින් දක්වමි විදිසෙ මතු රා

ඉ න් ද්රි දිගින් නුග ‍විමනේ වසන යකා වාවා සු න් ද්රල කොමළඟන පිරිවර සමඟ බිබී වාවා ම න්ත්ර් දිෂ්ටි අණවින සූනියම ඉගිල වාවා ඉ න් ද්රර දිගේ ‍රටකන සැම යකුනි සැනෙන් වාවා

අ ග් නි දිසාවේ නායක සංකාර යකු වාවා අ ග් නි දිගේ විහාර කෑ සියලු යකුනි වාවා ඵ ක් ස නයෙන් හලඹ ඇදන් සිටින යකුනි වාවා ම න් ත්රර දිෂ්ටි අණවින සූනියම් ඉගිල වාවා 94 වලව්වක පලහිලව්ව

ව ය ඹ දිගේ මඬවල් වල නොලැග යකුනි වාවා ව ය ඹ දිගේ බෝමුල් බිඳගෙන වත් මෙහි වාවා ව ය ඹ දිගින් මල්වැස්සට මූණ පාල වාවා ව හ ඹ සිටින සියලු යකුනි රඟමඬලට වාවා

ගඟසිරිපුර කාපු යකුනි රන්පිළිමය කාපු යකුනි කඩමන්ඩිය කාපු යකුනි

මෙරඟ බලා පන් යාලුවේ දිෂ්ටි හෙලා පන්

රටේ සෙනඟ වැනසෙ නවා මුන්ගේ වලව් ලොකු වෙ නවා දුශ්චරිතත් වැඩිවෙ නවා

මෙබඳු යකුනි-මෙරඟ බලා පන් මෙතනට දිෂ්ටි හෙලා පන්

බුදුනුන් නැහැ-දෙවියොත් නැහැ තමා පමණි හාමුදුරු වො අනිත් දනෝ තිරිසන්නු ය

සිතන යකුනි-මෙරඟ බලා පන් මෙතනට දිෂ්ටි හෙලා පන්

ම රා දාපු මිනි ගණන මෙපමණකැයි නැ ත් තේ ප රා දරය කරපු ලියන් ගණන පමණ නැ ත් තේ සු රා බොන්ට දාතු පිළිම විකුණා මිළ ග ත් තේ වි රා ජිතවූ යකුනි තොපට සරසමි අවන ත තේ

ස ත් හට නිතර දුක් දෙන ‍අවගුණ දැ ක් කු අ ත් වැඩ මිසක් පර වැඩ ගැන නොම තැ ක් කු ව ත් සය සුරිඳු අනුහසයෙන් නොපර ක් කු බ ත් කඩ පාළි බල මහ සිංහල ‍ය ක් කු

එ ලු ගව කුකුලනුත් ගෙණ විලස අල්ල සා බ ලු ගති පපා වනසන දුප්පත් පිරි සා බැ ලු මට බයංකර හාමුදුරුයි පව සා ස ලු පාළිය බල මේ රුදු යක් පිරි සා පියදාස සිරිසේන නවකථා එකතුව 95 ක න් ඩ බුදුන් දෙයියන් සතු දෙය නිති නී ච න් ඩ සිතු දරණ පරලොව නොතකමි නී ‍ඉ න් ඩ බැරි විෂ්ණු අණ පවසමි ඉති නී කෙන් ඩි පාළි බල බස්කායක යකු නී

ස ල ස් වා කලහ උනුනුත් අතර බො රු වි ණි ස් සැලට පමුණා රට කන නපු රු අ වි ස් වාස කේපම් කියන තකති රු ක ල ස් පාළි බල ආරච්චි පල් හො රු

යා ළු කමට මෙන් උනුනුන් වෙත පිවි සේ දේ ළු ගිනිගෙඩිය අල්ලස් ගෙණ නොල සේ ‍ගෝළු ගණිති දැකුමට නොගෙනා දව සේ මා ළු පාළි බල කොරල යක් පිරි සේ

බැ බැ ලි ය වලව් අල්ලස් මුදලෙන් දැ ක් කු මෙක ලි ය සහල් බෙදුමෙන් වාසිය එ ක් කු නි සැ ලි ය අනුන් ලේ බොන ලෙස බැලිම් ක් කු තැ ඹි ලි ය පාළි දැක වර රට කන ය ක් කු

ග ම ව ල තිබුණු පන්සල් දෙවොල නැතික ලා ක ම් ප ල නොදැන කරමින් දුසිරි හැම ක ලා න ම ම ල සිතු බාරකරු යකුනි නොව මු ලා දු ම් ම ල පාළියට වර මෙරඟ බල බ ලා

ම හ ප න් සල් දෙවොල් මාලිග කන යකු නී දු ගි ය න් පෙළා වතු පිටි ගත් මඟ යකු නී අ ව ම න් ‍ස ලේ රීරගෙ අණලමි ඉ ති නී බ ල මි න් සැවුල් පාළිය මෙහි එනු සැණි නී

ම රා ව ත් අනුන්තම දන වැඩෙ ව් වේ හොරා වත් කකා නිලතල ලැබෙ ව් වේ නි රා ප ත් වන්ට ඉන්නා වල ව් වේ ගො රා යක් සෙනඟ එන් හත් ඉල ව් වේ

ර ට ක න කෝරලේ නක ගම් පෙදෙස් ක න ප න් ස ල් විහාරේ කන දේවාලෙ ක න හැ ම තැන දුගින් කන මුලු රටම පෙරල න අ ව ගු ණ සැම යකුනි එච් මෙරඟට සැණි න 96 වලව්වක පලහිලව්ව

සිරිලක පෙ මා වන් ‍අපෙ කුල දම් අමා වන් රකිව් නොපමා වන් මෙ‍මගෙ වරදක් දුටු කමා වන්

මෙ උඩ රට මැ ද්දේ යකුනි රට වනස න සිටගෙන යකුන් යැ ද්දේ තොපෙ ‍අමන ගති දුරුව න ගැසු බෙර ස ද්දේ පිණිස මහ කුලුණෙ න ඇසූ යක්සෙන් නොයව් බැ ද්දේ හරිමි කඩතිර ඉතින් මෙලෙසි න

සි දු රු ඇතත් අල්ලස් ගැන පිළිකුල් කරමි න වි දු රු ගිරිසෙ බබලන පිරිසිදු ගුණ දහමි න අ ඳු රු ඉවත හල සිරිලක සිහල ගුණය ගැ න ක ඳු රු ගමේ අන්හසයෙන් කඩතිර හරිමි න

මු නි රා‍ ජේ වදන රකින සිය පන විලසි න හෙ න රා ජේ පරදන හොඳ බස් සබ පවස න තු රු ‍රා‍ ජේ විලස තිලක වෙසෙසින් බබල න ර ණ රා ජේ අන්හසයෙන් කඩතිර හරිමි න

ස බ් බා සැප ලඳත් අයුතු කරණට නොසිත න ස බ් බා සත සැප වේවයි හොඳ වැඩ කරල න ගු බ් බා යම් රා විකුනන වැසුමට දඟල න කොබ් බා කඩු අනුහසයෙන් කඩතිර හිරිමි න

ප ත් තේ දු ක ඇතත් උතුම් දහමට දිවි දෙ න ස ත් වු එ ක බසම රකින හැබෑ සිහල ගු න ප ත් මේ ල ක සුරපුරයෙන් සුරපුරයෙන් පුරතුර සමව න ර ත් න ය ක අනුහසයෙන් කඩතිර හරිමි න

සිවමස්තු නමො රාමඃ කන්දසස්වාමි නමො නමඃ විහාර දේවාල කන්නන්ට ඔඩ්ඩි යක්කු දිෂ්ටි හෙලාව්

ඕං සෙයිවන්දනාගේ නාග පුලයේසුම්-නුගවෙලින් ව‍ාරුම් පදිනෙට්ටු ඔඩ්ඩියාරේ දෙමල යක්ෂ යා වාරුම් - කල්ලු සැර පරන්දු සතර දේවාලෙන් ඉඟිල වාවා- මෙර හතර මුදුනේ. කොදෙව් දෙදහසේ, මඬවලේ, සොහොන් පියදාස සිරිසේන නවකථා එකතුව 97

පල්ලේ නොසිට වාවා-ගෙන ගිනිධාරෙන්. වෙත්තකාවේන්නුම්. වයිරස්ඩි වාවා අසරණයන් පෙළා වැඩගන්නා ඔඩ්ඩි යක්ෂ්යෝ මෙරඟ මඬලට වාවා, රයිර වඩ්ග වජ්රෙ වයිර ඔඩ්වාවා හාහේස් කල්ලුගිනිපබ්රනලාඩි වයිර ඔඩිවාවා. ආගමත් ජාතියත් අතහැර නීච දුශ්චරිතයකට ගිජු වූ නමුත් අඥානයන්ගෙන් හාමුදුරුකම් ගන්නා කෛරාටික යක්ෂියෝ ඕඩි වාවා. අසරණ පවුල් දුෂ්යි කර කර සිටින සල්ලාල නිච ජාතිබ්රිෂ්ට සංකීර්ණ බේබඳු පිසාචයෝ මාගේ මේ නාග ඔඩ්ඩි ජපය අසා - ප්ර ල ප්රපල ඒ සිවාහඃ-

ඕං නමෝ ඒ සක්වලේ, මේ සක්වලේ, දස දහසක් සක්වලේ, දස දහසක් සක්වලේ, තාරුකා දිව්යේලෝකේ, මෙරහතර මුදුනේ, කොදෙව් දෙ‍දහසේ, ශ්රීි ලංකාද්වීපයේ කතරගං දේවාලේ, විෂ්ණු දේවාලේ, පත්තිනි දේවාලේ, සමන් දේවාලේ. දැඩිමුණ්ඩ දේවාලේ, විභීෂණ දේවාලේ, ගලේබණ්ඩාර දේවාලේ, විහාරේ, මළුවේ, දාගැබේ, ශ්රී, දාෂ්ට්රාතධාතු මන්දි‍රයේ, සමන්තකුට පර්වතයේ, විල් හතේ, දෙවොල් හතේ, ලිං හතේ, සිද්දපත්තින් සලඹේ. අරක්ගෙන ඒ ඒ ස්ථානවලින් අඹු දරුවන් රකින, ජින්, බ්රැදන්ඩි බොන අනුන්ට නඩුහබ පමුණන සියල්ලත් කෙරේ ශ්රී් කන්දෙදහ්වර කන්දදකුම‍ාර දෙවියන්ගේ බැල්ම ඇතිවේවා. ඕං හිරිං, ගිනිකුම්බර වාහල නායේ රුම්, බෞතීස්ම සම්භොගනාන්තාබ්රෙතස්, නාම භ්රෙෂ්ට බුද්ධසෙපර ආධෛදස්, ඉන්දර සන්දිර කාමසෙල්ලුම්, තුර්ල ගිනිකාලි ඔඩ්ඩියාරේ වැරූම්. එකාරච්චි වසමට පවුන් හැත්තෑව ඔඩුම්, කොරලේ වසමට දෙසීයක් පවුන් වාරුම්, හෙනගිනි ධාරණේ අසරණයන් මකබෑවේ චාරුම්, තට්ටුව නැති හිඟන්නාගේ රුපියල් පහ ඉල්ලන අධිපත‍ි ගොන්ජහිරා හේජාරුම්, අනුන්ගේ දුක් නොපෙණෙන් තමන්ගේ බොක්කම තරකරණ, විලි බිය නැති මනුෂ්යේ නාමධාරින් කොරේ දැඩිමුණ්ඩ දේවසැර දිෂ්ටි දෙවොල් සමාගම් භූත කුරුම්බර දිෂ්ටි, ඔඩ්ඩි කුම‍ාර ශිවරාම දිෂිටි ඒ සිවහඃ

ක කා අනුන් ගිනි තව තව සොයන් නා - නොව සැ කා බිය බුදුන් සතුදේ ගිලින් නා ක කා පණු වැදලි මරු ඇඳ සිටින් නා - අද ය කා මහ සොහොන් කවුදැයි පෙණෙන් නා

පා ර තොට රුවැති අඟනන් බලන් නා -කිසි චා ර යක නොසිට ජඩ ගති යොදන් නා ගෝ ර මරු මැරෙණකොට නම් පෙණෙන් නා -රට සූ ර කන යකුන් මා දෙස රවන් නා 98 වලව්වක පලහිලව්ව

මා බ ස රන් කඩුව වෙසමුනි අන තැව රූ -අද තා හි ස දෙපළු කරණට යොදමි නොව බො රූ වි රො ස තවත් කෙරුවොත් රටට අනතු රූ -තොප ආ යු ස ඉවර බව දනු යකුනි බියක රූ

උඩ යන උ ස්සෝ බිම යන යක් රකු ස්සෝ මුදු කුනි ස්සෝ මෙ ගෙට සෙත දෙව් හාල් මැ ස්සෝ

තමන් ලෙස අනු නු ත් සලකන්නට වේවා සි ත් රට ගමේ දුසිරි ත් දුරුකරන්ට යුතුය ‍කාට ත්

මව් පිය වල ව් වේ දුසිරිත් කර වෙසෙ ව් වේ දරුවොත් ‍එසෙ ව් වේ එතැන් සිට වෙයි හත් ඉල ව් වේ

ආයු බෝ වේ වා යාගෙන් සෙතක් වේ වා වලව් හොඳ වේ වා ඉලව් දුසිරිත් ඉවත් වේ වා”

 මේ ආදී කවි මන්ත්රේ කියමින් එළිවෙන තුරා තොවිලය කෙළෙමි. මගේ සහකාර ගුරුන්නාන්සේ ද හොඳ හොඳ බෙර පද ගැසීමෙන් මකේ සමර්ථකම අධික කළේය. ලොකු බණ්ඩාර මහතා ආදී ආතුරයන් සතර දෙනාටම හුඟක් සනීප ලැබුනු බව උදේම කීහ. ඇත්තෙන්ම  යක්තොවිල් කරවාගන්න අය  මේ ගැන කල්පනා කළයුතුයි. මා මේ කිවු කවි සහ මන්ත්රල වෙන කිසි පොත පතක ඇති ‍එකක් නොව ඒ වෙලාවට ‍කටට ආ ඒවාය. එසේ ද උවත් ඒ අසාගෙන සිටි අඥානයන්ගේ අසනීප කම් දුරුව සුවය ලැබුනේය. “ උගත් මිනිහා නූගත් මිනිසුන්ගේ දෙවියෝය” යි කී ඉංගර්සෝල් පඬ් තුමාගේ කීම හොඳින්  ස්ථිර විය. දැන් අප රටේ කරන කොයි තොවිලුත් මේ වාගේමයි. මන්ත්රම ශාස්ත්රඅ එක් ක්රවමයක බලයක් ඇති විපාක ඇති එකකි. ඒ එසේ උවත් තොවිල් වලින් නම් යම් කිසි ගුණයක් ලැබෙන්කේ ඒ තොවිලයට සම්බන්ධවන ආතුරයාගේ සිත ඇදුරා

පියදාස සිරිසේන නවකථා එකතුව 99

විසින් සතුටු කිරීමේ ප්රථමාණයට මයි. මේ මන්ත්රග ශාස්ත්රසය දත් කෙනෙකුට තුන්සිය හැටපස් දවසක් මුළුල්ලේ යාහ කලත් කිසිපලක් නොවේ. යම් මන්ත්රයයක්, හෝ කවියක් යම් පුද්ගලයෙකු සඳහා බදනා ලද්දේ නමි එයින් ඔහුට පමණක් ගුණ ඇතිවේ. සාමාන්යම වශයෙන් බඳනා ලද ඒවා නමි එහි මුල් කාළයේ කීප දෙනෙකුට ගුණ ලැබු‍නත් ක්රලමයෙන් එහි බලය අඩුවේ. හරියටම වෙඩි පහරක් ‍හෝ ඊ පහරක් සැරය පළමුවෙන් ඝ්ෂටණයවූ වස්තුවට තදින් පිඩාවි තවත් සැර තිබුනොත් ඊලඟ වස්තුවට ද වැදේ. මේ මන්ත්රට ශාස්ත්රතය ද ඒ ආකාරයි. මේ මන්ත්ර හෝ ශාස්ත්රා නුකූලව බඳනා ලද කවි නිවැරදි අක්ෂරොච්චාරණයෙන් පිරිසිදු පැවතුම් ඇතියෙකු විසින් මිස අනිකෙකු විසින් කොපමණ රාශියක් කීවත් කිසිම කිසිම පලක් ඇති නොවේ. දැන් අප ර‍ටේ ඉන්නා යකදුරන් අතර ශබ්ද ශාස්ත්ර යවත් උගත් කෙනෙකු සොයාගැනීම ඉතාම අමාරුය. මේ නිසා දැන් ‍අප රටේ පවත්නා යාග හෝම මෝඩයින්ගේ රැවටීම බව ‍කොටින්ව සිතා ගත යුතුයි. ඒ කොයිහැටි උවත් ලීලාවතී මැණිකේ හා නවරත්න බන්ඩාරත් සොයා ගැනීමට ඇවිදින මට මොන ප්රායෝගයකින් වත් ඔවුන්ගේ තොරතුරු දැනගැනීම අවශ්යම වැබින් ලොකු බණ්ඩාර මහතා‍ිගේ සැලකිල්ලත් විශ්වාසයත් ඇතිකර ගන්ට මේ කළ “තොවිලය” ඔවුන්ට හොඳක් විය.

තොවිලය නිසා නිදි මැරූ මට මහත් අමාරු ඇතිවිය. නවයට පමණ වතුර නා වේලා පසින්ම දවල් බත් අනුභව කොට තුන් පැයක් පමණ නිදාගතිමි. සවස තුනට පමණ නැගිටින විට මට  හොඳහැටි තේවතුර, කැව්ම්, කෙසෙල් ගෙඩි, ආදිය සූදානම්කර තිබුනේය. ලොකු බන්ඩාර මහතාත් මමත් එක්ව තේවතුර බී බුලක්විටක්ද කමින් පුරාණ සිංහල මිනිසුන්ගේ සූ ක්රිමයා ආදිය ගැන කථාකරමින් සිටියවිට ලොකු බණ්ඩාරගේ වලව්වේ  ආවතේවකාර පිරිසද අපි පිරිවරා ගත්හ. ඔව්හු කීප දෙනෙකු අතර ජා මිනිහෙක් ද සිටි බැවින් ඒ පරීක්ෂා කරනවිට රණමුක බන්ධාරගෙන් හොර ඔප්පුව ගැනීමට සූදානම් ගිය පිරිස ගෙන් එකෙක් වන මගෙන් ද පාර කිපයක් කාපු ජා තරුණයා බව ඇඳින ගතිමි. මා කෙරෙහි මහත් විශ්වාසයක් ඇති ලොකු බණ්ඩාරට කථාකොට “ ආ බණ්ඩාර මහත්මයෝ මෙතරම් පිරිසක් නිතරම වලව්වේ ඉන්නේ කුමක් පිණිසදැ” යි ඇසුවෙමි. එවිට බන්ඩාර මහතා ටිකක් වේලා කල්පන්කාර මෙසේ  කියන්නට පටන් ගත්තේය. “මම යකදුරු උන්නැහේට ඇත්ත කියන්නෙමි. අපේ මේ තොවිල් පවිල් කෙරිලිත් මේ ප්රේැතයන් මළ යකුන් ඇතිවීම වලට හේතුන් ඉතාමත් බරපතල පලහිලව්වක් නිසා හටගත් දේවල්ය. ඒ සියල්ලම දැන් කියන්ට

100 වලව්වක පලහිලව්ව

බැරිය. කියන්ටත් හොඳ නැත. මම රාත්රි යට කියන්නෙමි”යි කියා නවරත්න බණ්ඩාර හා ලීලාවතී සම්බන්ධ තොරතුරු සියල්ලම තව වරක් වසඟ කළේය. ඒ කථාව ඒ තරමින් නවත්වා ලොකු බණ්ඩාර මාත් සමඟ ලීලාවතී මැණිකේගේ පියාට අයිති ඒ ළඟමා තිබෙන අක්කර 60ක් පමණ විශාල කම ඇති පොල්වත්තකට ක්රීිඩා වශයෙන් ගියේය. “මෙන්න යකදුරු උන්නැහේ මේ අපට අළුතෙන් අයිතිවුනු වත්තකි. මේ වත්තත් මේ තරමටත් වඩා ලොකු වතු දෙකකුත්, කුඹුරු වී අමුණු විස්සක පමණ වපසරියත්, තවත් නොයෙක් වතු පිටි රන් මැණික් ආදී ආභරණ රාහියක් ද පවුන් 2000 ක් පමණ මුදල් ද අපට හදිසියෙන් අයිති වී තිබේ. මේ ධනයත්, ඉඩකඩමත් නිසා අවුරුදු තුනක් මුලුල්ලේ පැවති කලබල, හිරිහැර, නඩුහබ නමි කෙළවරක් නැත. නමුත් මගේ අදහස කොයි අන්දමට උවත් ඉෂ්ට වී‍ තිබේ. මා මුලදී හිතාගත් හැටි නම් කොහෙත්ම හරි ගියේ නැත. කරන්ට දෙයක් නැත. “අචින්තිතමපි හවිස්සති-වින්තිතම්පි විනස්සති” යන දේශනාව ඇත්ත යයි කීය. මේ කාරණය හොඳින් දන්නා මම ලීලාවති ලාට අයිතිවන්නට ත‍ිබුනු ධනයට මොහු උගුල් ඇද තිබෙන හැටි කල්පනා කර ඔහු කී “ගාථා පදය” ඇසී අනේ ලෝකේ පැතිරී යන අධර්මයක හැටි? බොහෝ ගිහි පැවිද්දන් මිනි මැරීමාදී අපරාධ කරමින් ඊට සාධකා වශයෙන් කියන්නෙත් “බණ” අහෝ! අධර්මයට ලැබී තිබෙන බලය ධර්මය මුව වී, ධර්මය කිය කියා ධර්මයම උපාය මාර්ගය කරමින් මිනි මරණ හැටි! පවුල් භේද කරන හැටි! සතර පාරාජිකා ආදී දරුණු පාප කර්ම කරන හැටි! යනාදිය සිතමින් ලොකු බණ්ඩාරත් සමග හෙමින් හෙමින් ‍වත්තේ බංගලාව දෙසට යන විට දෙකට හරි වයසේ මනුෂ්යමයෙක් ඉතා ඉක්මන් ගමනින් එහි පැමිණ ලොකු බණ්ඩාර මහතා ළඟටම කිට්ටු වී “ මේ එක්ක යන්නේ හිතෛෂිවන්තයෙක්ද? මා මෙහි එව්වේ බස්නායක හාමුදුරුවෝ- අපේ මේ බණ්ඩාර හාමුදුරුවන්ට රහස් කියන්නට ය” යි කීවේය. ඇත්තෙන්ම මගේ හිස ගිනිගත්තාක්මෙන් අමාරු විය. මක්නිසාද මා සම්බන්ධ පණිවුඩයක් බව නියත හෙයින් ය. ඉතින් ලොකු බණ්ඩාර මහතා මගේ මූණ දෙස බලා සිනාසී” ආ උක්කුවෝ‍, අපේ බස්නායක මස්සිනා කිව් පණිවුඩයක් ඇත්නම් දැන් කිව්වාට වරදක් නැත. මේ ඉන්නේ ඉතාමත් ඈත පළාතක අපට හිත ඇති යකදුරු මහත්මයකි. ඒනිසා උඹ කිසි බියක් චකිතයක් නැතුව මස්සිනා කිව් කාරණය කිව්වාට වරදක් නැතැයි කියේය. එවිට උක්කුවාද මගේ මුහුණ බලමින් මෙසේ කියන්නට පටන් ගත්තේය. “ පසුගිය කාලේ මීවිටිගල ඩිංගිරි මැණිකා කුමාරිහාමි සොයා පුදුම දස්කමක් කළාවූ ද, ඊට පසු විමලතිස්ස හාමුදුරුවන්ගේ පියදාස සිරිසේන නවකථා එකතුව 101

මුදල් පෙට්ටිය සොයා ලෝක ශාසන දෙකට සංග්ර හ කළාවූද, පුදුම ඤාණ ශක්තියක් ඇති කෝන්ගොඩ වික්රනමපාල නමැති රහස් පරීක්ෂගක මහතා, බන්ඩාර හාමුදුරුවන්ලාගේ ගමට ඊයේ නැත්නම් පෙ‍ෙර්දා පැමිණි බවත්, ඔහු මොන ‍වේශයකින් ආවාද කියා කාටවත් දැනගන්නට බැරි නිසා ඔහුගේ මායමට රැවටෙන්ට එපාය කියාත් කියන්නට මා පිටත්කර එව්වා. බස්නායක හාමුදුරුවොත් අද රෑ බතට යහපත්වෙන බව කී‍වාය”යි කියන කොටත් ‍මගේ මයිල් කෙළින් හිටියේය. ඇත්තෙන්ම ලොකු බණ්ඩාරත් ටිකක “තෝන්තු” වූවෙකු මෙන් ටික වේලාවක් හිටිපියේ ම නැවතී සිට “ ආ යකඳුරා උන්නැහේ තමුසේ මෙහාට ආවේ කවදා දැයි” යි ඇසීය. එවිය මම කිසිත් නොදත් කෙනෙකු මෙන් ඇයි අපේ බණ්ඩාර මහතාට මතක නැද්ද? මම ඉඳිගොඩට අවුත් දැන් දවස් දොළහක් පමණ වෙනවා. නමුත් බණ්ඩාර මහතුන්ටගේ වලව්වට ඇවිත් හතර දවසක් වේච්චි මම මෙහාට ආවේ පුන්චප්පු හාමි‍ලාගේ ගෙදරත්, කිරි අප්පුලාගේ ගෙදරත්, අබන්චි නයිදේලාගේ ගෙද‍රත්, තොවිල් තුනක් කරලා නොව? අනේ අප්පේ! එහෙම ඇසුවේ ඒ වික්රදමපාලය කියන්ගේ මමවත්යයි සැක කරගෙන දැ”යි ඇසූවිට මගේ හිත මඳක්වත් අප්රාසන්න කරන්නට අසතුටු ලොකු බණ්ඩාර මහතා නැත. එහෙම නොවෙයි. මේ උක්කුවා මතක් කළ කාරණය ගැන නිකම් පරීක්ෂා කළා. යකදුරු උන්නැහේ එහෙම කෛරාටිකයෙක් නොවන බව මට සත්තක යයි කියා භයවන තුරු ඒ ‍වත්තේ ඇවිද මාත් සමඟ වලව්වට ගියේය.

06. පරිච්ඡේදය

බ ස්නායක එන්නට ප්ර්ථම දැන් ලීලාවතිට හා නවරත්න බණ්ඩාරටත් කුමක්කරන ලද්දේදැයි දැන ගැණීමට උවමනා බැවින් මුළු ලෝකය උමතු කරවන සුරාවෙන් ලොකු බණ්ඩාර උමතු කරලාවත් මගේ අදහස ඉෂ්ට කර ගිනිමියි සිතා “ බණ්ඩාර මහතෝ, දැන්නම් හිතයි පුන්චි අඩියක් ගහන්ට ඇත්නම් හොඳ”යි කීවෙමි. එය මතක් කරණකොටම කාමරයට ගොස් “සීල් පරණ අරක්කු” බෝතලය හා වීදුරුවත් ගෙනවුත් “මෙන්න යකදුරේ” ‍එහෙනම් අඩියක් දෙකක් ගහමු” කියා මා අතට දුන්නේය. මම ද ඉතාමත් සතුට පෙන්වා පුරවලා වීදුරුවක් ලොකු බණ්ඩාරට දුනිමි. ඔහු කිසි අමාරුවක් නැතුව බීලා හාන්සි පුටුවේ ආල විය. මම ටිකක් කරුවලට ගොස් බොරුවට බෝතලය ඇලකොට වීදුරුව මුඛය ළඟට කොට නැවතත් වීදුරුවක් වත්කොට බන්ඩාරට දී 102 වලව්වක පලහිලව්ව

මොකද අද එක වීදුරුව, මම නම් දෙකක් ගැහුවෙමි තමුන්නාන්සේත් දෙකක් නො බීවොත් හොඳ නැත” කියා තවත් එකක් පෙව්වෙමි. ඔහුගේ ප්රකමාණයට පළමුවෙන් වීදුරුවත් වැඩිව සිටියදී දෙවෙනි වීදුරු බී ගත් පසු ඔහුට සිද්ධවෙන දේ මේ කියවන්නාට වැටහෙනු සැක නැත. ඉක්බිති මමත් ඔහු ඉදිරිපිට තිබුනු කුඩා ඇඳ උඩ වාඩිවී “ඉතින් බණ්ඩාර මහතෝ” අද දවල් මට කියනවාය කී කථාන්තරය කියතොත් දැන් තමා වෙලාව” කීවිට, “මේ යකදුරු අහන්නේ අපේ ලීලාවතීට ගිය‍කළ ද, හොඳයි හිතුවක්කාර කෙල්ලාන්ටත්, ඉංග්රීීසි ඉගෙනගත්, මහා උගත්කම් ඇති මිනිසුන්ටත් යන කලදසාව දැනගැනීමට යකදුරාටත් ඒ කථාන්තරය කියන්නෙමි. අන්න අර පෙණෙන පහල වලව්වේ අපේ මස්සිනා කෙනෙක් වුන්නා. එයා කසාද බැන්දේ මාතලේ පැත්තේ ගෙදරකිනි. ඒ ගෙනා මැණිකේ හොඳ කෙනෙක් තමයි. මුලදී මස්සිනාට අපට විතරවත් යමක් නොතිබුනු නමුත් ඒ මැණිකේ ගෙනාවට පසු මේ දැන් අපට අයිති වෙලා තිබෙන ඉඩම්, කුඹුරු, රන්, රිදී, මුතු මැණික් , මුදල් ආදී සියල්ලම ඉතා ඉක්මණින් සම්බවුනා. ඉතින් මස්සිනාට ලැ‍බුනේ එකම දුවෙකි. ලීලාවති නමැති ඒ ළමයා උපන් දිනේම මගේ පුතාට මද්දුම බණ්ඩාට කසාද බඳවාදෙන්ට මමත් ම‍ගේ මැනිකේත් නියම කිර ගත්තා ඉතින් ඒ ළමයා පස් අවුරුද්දවූ හැටියේම මාතලේ පැත්තේ මස්සිනාගේ මැණිකේගේ නෑ ගෙදරක නවත්වා. ඉංග්රිේසි, සිංහල, භාෂා ශාස්ත්රනත්. මැහුමු ගෙතුම් ආදියත් උගන්වා, වැඩි වයසට පැමිණියාට පසු මෙහාට ගෙන්ව‍ා ගත්තාය. ඒ ලීලාවතී මැණිකේ ඇවිත් දවස් දහයකට පස්කේ අපේ මස්සිනාගේ මැණිකේගේ බාප්පාගේ පුතෙක් වන නවරත්න පුංචි බණ්ඩාර නමැති තවත් තරුණයෙක් ද මෙහාට ආවේය. ඔහු මෙහාට ආවේ කුමකටදැ”යි සොයා බැලූවිට ලීලාවතී කසාද බසින්ට නියමකර ගත් ඔවුනොවුන් විසින්ද ගිවිසගත් කෙනෙක් බව අසා හිතේ බලවත් වෛරයක් ඇතිවිය. ඉතින් එදාම අපේ මස්සිනාගේ ගෙදරට මමත් මගේ මැනිකේත් ගොස් ‍‍අපේ පුත්රායා වන මද්දුම බන්ඩාට ලීලාවතී මැණිකේ කසාද බැඳ දෙන්ට කැමතිදැයි ඇසුවෙමි. එවිට අපේ මස්සානිගේ මැණිකේ අපට ඔච්චමට වශයෙන් සිනාසී, අයියන්ඩිලා තරහාවෙන්ට එපා. අපේ ලීලාවතී මද්දුම බන්ඩාට පාවාදීම ඔටුවෙකු ‍කරේ මුව දෙ‍නෙකු ඈදීම වැනි වැඩකි. අපේ ළමයා උගත් ගුණ ධර්මයේ හික්මුණු, සුඛුමාලව ඇති දැඩිවුණු කෙනෙකි. මද්දුම බණ්ඩා ගැන අපි කවුරුත් දන්නවා. ඒ නිසා අයියන්ඩිලාගේ අපේ නෑකමට කිසි වරදක් වෙන එකක් නැතැයි කීය. අපේ මස්සිනාද ඒ කිම ස්ථිර කළෝය. මේ කතා බස් එහායින් ඉඳගෙන අසාවුන් ලීලාවතිත් ඇගේ පියදාස සිරිසේන නවකථා එකතුව 103

ප්රේාමවන්තායා වන නවරත්න අපට පෙනෙන්ටම සිනාසූනාහ. ඉතින් එදා මට සිත්වුනේ ලීලාවතී මගේ පුතාට කසාද බඳවන්ටත්, එසේ නො හැකි වුනොත්, නවරත්නත්, මුලු පවුලත් විනාශකර කමා ලීලාවතී “අඩු ජාතියක” එකෙකුට පාවා දී එවුන්ගේ මුළු දේපල මා සන්තක කර ගැනීමටත්ය. ඉතින් එතැන් පටන් මස්සිනාගේ පවුලත්, අපේ පවුලත්. අපේ මල්ලිලා‍ගේ පවුලත්, තවත් අපට පක්ෂපොත පවුල් හත අටකුත් අතර බලවත් ගොලහාල නඩුහබ ඇති විය. “ කියන්ට බණ්ඩාර මහත්මයෝ ඒ ඔක්කොම මට උවමනා නැහැ. මම දැනගන්ට කැමති ඒ ලීලාවතී මැණිකේටත් නවරත්න පුංචි බණ්ඩාටත් මක් වුනාද යන්න් පමණය”යි මම කීවෙමි. “හිටපත් යකඳුරෝ මේ පුදුම කතාන්තරය ඔක්කොම ලුහු‍ඬෙන් කියන්නෙමි. මගේ අවතේව කාරයෝ අපේ මස්සිනාට කොටපි! ඒ තුවාල වලින්ම ඔහු මළේය. ඒ සොකෙන් ඔහුගේ මැණිකේ ලීලාවතී ගේ මව්ද මළේය. ඊට පසු නවරත්නගේ මව් පියන් ද ගෙන්වා ඔවුන් සිටින විට නවරත්න කෙරෙහි ලීලාවතී කලකිරවන්ට මායමේ දක්ෂ ස්ත්රිසන් යොදවා. අපේ මස්සිනා වන බස්නායක නිලමේ විසින් නොයෙකුත් උපක්ර ම යොදවන ලදී. ඒ උපක්රනම වලින් මුලදී ටික ටික ප්රායයෝජන තිබුනු නමුත් ධර්ම ශාස්ත්ර” උගත් ඥානවන්ත වූ ඔවුන් කලකිරවන්ට නොහැකි විය. ඊට පසු මේ ජමාල් ආදී මගේ මිනිසුන් හත් අටදෙනා නවරත්න රහසින් වෙන පළාතකට ගෙනයන ලදී. ඊට පසු ලීලාවතී මෙහෙන් පේරාදෙණියට ගෙනගොස් නොයෙක් මන්ත්ර . ගුරුකම් ඉනා බෙහෙත් ආදී අනන්ත උපක්ර්ම කරලත් මගේ පුතා සමඟ කසාද බඳවන්ට කැමති කරගත නොහැකිව, හත් අට ‍මාසයක්ට පසු ඈත මැද මහනුවර පළාතේ “ගහලයෙකුට” පාවාදී ඈ විනාශකර දැම්මෙමු. නවරත්නය‍ා එක වරක් මගේ මිනිසුන්ගෙන් බෙරී ගිය නමුත් ඊට පසු ඔවුන් විසින් අල්වා කුමක් කළාදැයි මටවත් දැනගන්නට බැරිවිය. දැන් ලීලාවතීවත් නවරත්න බණ්ඩාවත් ජීවතුන් අතරේ නැත. අපට ඔවුන්ගේ දේපල සියල්ලක්ම අයිති වුනා. ඉතින් යකදුරෝ තමුසේ ඔවුන්ගේ පිංතූර දුටුවොත් පුදුම නොවී නොසිටි “ අනේ පෙන්වන්ට, මම දකින්නට කැමති” කී විට, ලඟින් සිටි වැඩිමල් පුතා වන මද්දුම බණ්ඩාට කතාකොට ‍කාමරේ තිබෙන (ට්රනන්ක්) පෙට්ටිය ගෙනෙන්නට කීය. ඔහු එය වහාම ගෙනාවේය. ලීලාවතී මැණිකේගේත් නවරත්න බණ්ඩාගේත් “කැබිනට් ප්රාමාණයේ පින්තූර දෙක අතට ‍‍අරගෙන එය බලමින්ම පෙට්ටිය ඇත්ලේ පුරවා තිබෙන ලියුම් ආදිය කුමක්දැයි ඇසුවෙමි. එවිට ලොකු බණ්ඩාර සිනාසී, “ ඔන්න බලන්න යකදුරෝ, අපේ රටේ “මෝඩ මිනිස්සු” ගෑණු දරුවන්ටත් ඒවාගේම පිරිමි 104 වලව්වක පලහිලව්ව

දරුවන්ටත් ඕනැවටත් වඩා ඉහළින් උගන්වති. ඔය පෙට්ටියේ තිබෙන්නේ ලීලාවතිත් නවරත්න බණ්ඩාරත් හුවමාර කරගත් ලියුම්ය. අපේ දරුවන්ට මොකුත් නුගන්වන්නේ ඔය නිසා තමා. ලියුම් වල කවි, සිලෝ, ඉ‍ංග්රී සි තව තව මොනදා නැද්ද? ගුරුන්නාන්සේ නිවාඩු පාඩුව කියවා බැලු‍වොත් පුදුම නොවී ඉන්නේ නැතියි‍” කීයේය. මගේ හිතට වැඩි ප්රීලතියක් නැතිවිය. මක්නිසාද මේ වැදගත් උගත් තරුණයත් තරුණියත් දෙන්නාම විනාශ වෙලායයි වේ කථාවෙන් වැටහුනු බැවිනි. ඒ එසේ ද උවත් මේ උගත් තරුණ තරුණියන්ගේ ප්රේෙමාන්විත රසවත් ලියුම්වත් කියවා බැලීම සැපයකැයි සිතා. වෙරිමරග‍ා‍තේ වුන් ලොකු බණ්ඩාරත් සමඟ බත් කා ඉස්තොප්පුවේ කාවරයට වී, ඒ ලියුම් පෙට්ටිය එකක් පාසා ටික ටික කියවා බලා ලියුම් විස්සක් පමණ තොරා ඒ ටිකත් ඔවුන් දෙදෙනාගේ පින්තූර දෙකත් මගේ පොට්ටනියට දමා බැඳගෙන, යකඩ පෙට්ටිය වසා නිදාගතිමි. මා නින්දට වැටුනු හැටියේ ලොකු බණ්ඩාරගේ මස්සිනා වෙන බස්නායක අවුත් කථා කළේය. එවිට මම තද නිනිදේ ඉන්නාක් මෙන් හැ‍ඟෙන්නට “ගොරවමින්” පරීක්ෂා සහිතව උනිමි. බස්නායක ගෙට ගොඩ නැගී වාඩිගන්ට පළමුව “මස්සිහනේ, මෙහි කවුරුවත් ආවාද? කොන්ගොඩ වික්රසමපාල නමැති රහස් පරීක්ෂකයා පසු ගිය මාස දෙක තුළම මහනුවර නැවතී සිට දවස් තුනකට ඉස්සර ඉඳිගොඩට ආ බව ආරංචිය. උඹලාට ඒ බව කියා එවා ඇති. ඉතින් උඹලා ප්රිවේසම් ගත්තහුද”යි ඇසුවේය. මේ වේලාවේ ලොකු බණ්ඩාර‍ලාගේ ගෙදර ආවතේව කාරයෝ දහයක් තරම වුන් හෙයින් මට ටිකක් සැක සහිත විය. ඒ එසේ ද උවත් වැරදුනොත් තුන් හතර දෙනෙකුට තුවාලකරලාවත් පැනගණිමි” යි සිතා, පතරොන් සහිත පිස්තෝලයත් ඉනේ තබාගෙන සිටියෙමි. බස්නායක මේ කථාව කී හැ‍ටියේ එතන වුන් ජමාල් නමැති ජා ඉලන්දාරියා ඉදිරියට අවුත් “ මේ කාමරයේ ඉන්නා යකදුරා එසේ මෙසේ කෙනෙක් නොවේ. ඔහු එදා තොවිලේදී කියාපු කවි මන්ත්ර ත් වෙන මිනිසුන් කියන ඒවා නොවේ. මට නම් ඒ මින‍ිහා ගැන හොඳටම සැකයි. ලොකු බණ්ඩාර හාමුදුරුවෝ රැවටිලා ඒ මිනිහා සමග ඔක්කොම තොරතුරුත් කීවා. අනේ මම දන්නේ නැහැ. අන්න ඒ මිනිහා ඉස්තේප්පුවේ කාමරේ ගෙරොද්දේ අඳිමින් නිදියයි කීවාම ලොකු බණ්ඩාරගේ පුතාටත් මහත් භයක් හටගෙන ලාම්පු කුප්පියකුත් රැගෙන බස්නායකයාත් සමඟ මා නිදාවුන් කාමරයට අවුත්, “ඒයි, යකදුරා රාල උඹව ටිකක් පරීක්ෂාකරන්ට ඕනැය” යි කීහ. මම අධික නිදිමත කෙනෙක් හැටියට ඒ අත පෙරෙලෙමින් කෙඳිරි ගාමින් නිදාගතිමි. ඒ බව දුටු

පියදාස සිරිසේන නවකථා එකතුව 105

බස්නායක “ මේ යකා ඔය කියන මිනිහා වෙන්ට බැහැ. මේ කොතනකද නාකි යකදුරෙක්. කෝන්ගොඩ ‍වික්රනමපාලය කියන අය ලක්ෂණ තරුණයෙක්ලු. මේකා ගැනනම් උඹලා සැක කරන්ට එපාය”යි කියා බස්නායක ගෙට වැදී කන්ට පටන් ගත්තේය. “ඒ අතර ලොකු බන්ඩාරගේ පුංචිම දියණිය වන බන්ඩාර මැනිකේ. බස්කායකයා ළඟට විත්, මාමංඩි, ඔය මිනිහා කාමරේ නිදාගෙන ඉන්දැද්දී මම ජනේලයෙන් එබී බැලුවා. එතකොට කොන්ඩයක් තිබුනේ නැහැ. ඉලන්දාරියෙක් වාගේ පෙණුනා. නමුත් එළියට එනකොට දැන් ඉන්නා මහලු වේසයෙන් ආවා” යයි කියන කොට බස්නායක කෑමත් නවත්වා, එහි සිටි වැඩකාරාදීනාට මා අල්ලා බඳින්නට නියම කළේය. එවෙලාවට ලොකු බණ්ඩාරට මඳක් සිහි ඇවිත් තිබුණු නමුත් මා වික්රාමපාල වූවොත් සිද්ද‍වන විපත නිසා මහත් භයකින් සිටියේය. ජමාල. අප්පුවා. ආදී චන්ඩි හතර පස් දෙනෙක් බස්නායක හා ලොකු බන්ඩාරත්, ඔහුගේ පුත්ර මද්දුම බණ්ඩාර නමැති “තඩියාත්” මා වුන් කාමරේ දොරකනඩ අවුත් “එළියට වර තක්කටියා තා යකදුරු වේශයෙන් ආ හොරෙකි. තට කරන අච්චුව පලාපිය” යි මට බනින්නට පටන් ගත්හ. මේ වේලාවේ මක්කරලාවත් මොවුන්ගෙන් ගැල වෙමියි සිතා “ අනේ! ලොකු බණ්ඩාර මහතෝ, මම තමුන්නාන්සේට කිව් අංජනම් එළියත්, කළාවූ තොවිලයත් බොරුවක්ද? දවස් තුනක් ලෙල්ලම් වෙලා තමුන්නාන්සේලාට යහපතක් කළ මට මෙසේ කරන එක හරිදැයි ඇසුවෙමි. ලොකු බණ්ඩාර කථාකරන්නට ඉසස්ර “රෞද්රැවූ බස්නායකයා ඉදිරියට අවුත්, මුගේ මේ කථා බහට රැවටෙන්නට වැඩක් නැහැ. හෙට උදේ මූ ගැන හොඳට පරීක්ෂාකර ගනිමු. දැනට මොහුට මේ කාමරයේ ඉන්ට ඉඩදෙමු . උඹලා නිදිවර ඇතුව කාමරය මුරකර පල්ලා” යයි කියා ජමාල් ආදී එකොලෙස්දෙනාට මා මුරකරන්නට සලස්වා වලව්වේ උදවිය ගේ ඇතුළට වී නිදාගත්හ. කිසිත් නොදත් රටක දී එකොළොස් දෙනෙකු විසින් මුරකරන ලද ‍මම කුමක් කරම්දැයි සිතමින් පැදුර උඩම වාඩිගතිමි. කාමරය කුඩා එකකි. එළියක් මා අතේ නැතත් එදා රාත්රිැය හඳ එලියෙන් යුත් බැවින් එහි තුළ තිබෙන දේවල් පවා ඇදින ගැනීමට කවුළුවලින් එළිය වැටී තිබුනේය. රාත්රීබ 11 වනතු‍ර පරික්ෂාකාරීව සිටියෙමි. ජමාල් ආදී බස්නායකයාලාගේ අනාච‍රයෝ කථා කරකර ආවිදිමින් ඉන්නා බව දැනුනේය. කා‍මරයේ දොර ඇරගෙන පැනලායන්ට නොලැබෙන බව මට ඒකාන්ත විය. ඉතින් කුමක් කරමදැයි සිතමින් වට පිට් බලන විට කාම‍රයේ මුල්ලක යකඩ උලක් දිටිමි. එය පොල් ලෙලි ගහන උලකි. එය අතර රැගෙන

106 වලව්වක පලහිලව්ව මෙයින් වත් ප්රවයෝජන ගනිමියි සිතා. මා ඉන්නා කාමරයට අල්ලපු ගේ ඇතුලේ කාවරටය රිංගන්නට අදහස් කොට ඉතාමත් සෙමින් බිත්තිය සිදුරු ‍කලෙමි. මට රිංගන්ට තරම් සිදුරු ලොකු කරගත් පසු මගේ ඇඳුම් බැඳුම් හා ලීලාවතී මැණිකේගේ හා නවරත්න බණ්ඩාර ගේ පින්තූර දෙකත්, ඔවුන්ගේ ලියුම් වලින් 20ක් පමණක් යන මේ සියල්ලම පොට්ටනියකට බැඳ ඒ සියල්ලත් රැගෙන. මා හිටි කාමරයේ දොර නොපලා පිටතින් ඉඳ අරින්ට නොහැකි හැටියට වසා, අල්ලාපු කාමරයට රිංගා ගතිමි. නිසොල්මනේම එහි ඇතුල්ව ගිනිකූරක් දල්වා බැලූවිට පොල් තෙල් පත්තුකරන පානක් තිබෙනු දැන එයදල්වා බැල්වෙමි. ඒ කාමරයේ ලොකු බන්ඩාරගේ මැනිකෙත් දූවරු දෙන්නාත් නිදා වුන්හ. එහි රං රිදී බඩු ආදිය තිබෙන අල්ම‍ාරියද තිබුණේය. ලොකු මැණිකේගේ ඉහ ළඟ කොට්ටයට යටින් තිබෙන යතුරු කැරැල්ල රැගෙන එක් අල්මාරි ලාච්චුවක් ඇර බැලුවෙමි. එහි නොතාරිසි ඔප්පු 25 ක් පමන තිබුනේය. ඒ වාද රැගෙන මගේ පොට්ටනියට දමා බැඳගෙන තවත් ලාච්චුවක් ඇර බැලුවෙමි. එහි මුදල් රන් රිදී ආභරණතිබුණේය. තොවිලය කිරීම ගැන මට රුපියල් 100 ක් දෙන බව කව් නමුත් ඒ කිසිත් කල්පනා නොකොට, ඔවුන්ගේ මුදල් ආදියට අතවත් නොතබා. කාමරයේ දොර හැර සාලේට අවුත්, එතනින් කුස්සිය පැත්ත්ට ගොස් කුස්සියෙ පිටිපස්සේ දොර ඇරගේන හෙමින් යන්ට ගියෙමි. මා ගෙයින් එළියට බසින විට හඳත් බැහැගෙන යන වේලාව විය. මේ විශාල වත්තෙන් කොයිබට බසිම්දැයි නොදත් මම ඈත මෑත බලන විට ලොකු බණ්ඩාරතේ වලව්වට බඹ 50 ක් පමණ එහායින් තිබෙන විශාල පිදුරු මඩුවක් දැක අමාරුවෙන් ඒක ‍ඇතුළට රිංගාගෙන පිදුරු උඩ නිදාගතිමි. එහි මැද්දට වී කාටවත් නොපෙණෙන්ට සිටිය හැකි බැවින් මගේ හිතට සැකක් නැතිව රාත්රීැ ඉතුරු කාලය නිදාගතිමි. මා සිටි තැන සිට වලව්වේ කතාබස් ආදිය හොඳින් අසාගන්ට පිළිවන. උදේ හයට පමණ ජමාල් ආදීහු මා නැගිටින තුරු කාමරය මුර කරමින් සටින විට ‍ලොකු බන්ඩාරගේ මැණිකේ නැඟිට රාත්රීම ඔවුන් ගේ කාමරයට හොරෙක් ඇතුල්ව බඩුත් පැහැරගෙන ගොස් තිබෙන බව කියමින් කෑගසන්නට පටන්ගත්තාය. රාත්රීව සුරාමතින් මත්ව තවමත් කිදමින් හුන් ‍ලොකු බන්ඩාරත් බස්නායක ආදී පිරිසත් කඩිමුඩියේ නැඟිට මා වුන් කාමරයේ දොර කඩා බැලූ විට මා නැති බැවින් මහත් භයට හා පුදුමයට පත් වූ බව මේ කියවන කාටත් සිතාගත ‍හැක කරුණකි. ඔවුන්ගේ ප්රතසිද්ධ චන්ඩි දස දෙනෙකුත් ගෙදර සිටියදී. කිසිවෙකුටත් දැන නො ගන්ට, ලීලාවතී මැණිකේලා ගේ ඉඩකඩම්පල ඔප්පුත් රැ‍ගෙන

පියදාස සිරිසේන නවකථා එකතුව 107

ගිය මා වික්රේමපාලයයි සමහරු කියන බව මට ඇසුනේය. උදේ තේ වතුරටත් ප්ර මාද නොවී බස්නායකත් ලොකු බණ්ඩාරත් ජමාල් ආදී හතර දෙ‍නකුත් වහාම නුවරට යන්ට පිටත් වූහ. කෑගල්ල පැත්තට මා යන්ට ඇත යන සැකය පිට අප්පුවා ආදී තුන් දෙනෙක් එහි ගියාහ. මෙවිට ගෙදර සිටියෝ වැඩි සමර්ථ කමක් නැති වැඩ කරුවන් දෙතුන් දෙනෙක් හා ‍ලොකු බණ්ඩාරගේ පුතා වන මද්දුම බණ්ඩාරත් පමණක් හෙයින්. ඔවුන් සියලුම දෙනාම මැඩ පවත්වන්ට ශක්තිය ඇති මම, කිසි භයක් චකිතයක් නැතුව, කලින් සිටි යකදුරා වේශය අත්හැර, උඩරට සාමාන්ය් මිනිහෙක් හැටියට සැරසී පිදුරු මඩුවෙන් එළියට අවුත් ඉහල වලව්ව අද්දරින්ම තිබෙන අඩි පාරේ ගොස් මහ පාරට බැස නුවරට දවල් බතට පැමිණියෙමි. මා නවතින හෝටලය ළඟට යන විට බස්නායක ආදී පිරිස එහි ඉදිරිපිට පාරේ උන්හ. මම හෝටලය ඇතුළට නො ගොස්, ඔවුන් සමඟ යමක් කතා කරමියි සිතාමොකද නිලමෙලා කාවද විපරම් කරනනේ කියා ඇසුවෙමි. “උඔ හේ කව්ද. ආයි අපෙන් ප්රකශ්න කළේ” කියා බස්නායක ඇසුයේය. “ නෑ ආයුබෝවන්ඩ, තරහා අවසර ලැබෙන්ට එපා. මම හඟුරන්කෙත කෙනෙක්. මම මේ හෝටලයට ‍දර දෙන කොන්ත්රා්ත්කාරයා,‍ හෝටලයෙන් යමක් දැනගන්නට නම් මට විභාග කර දෙන්ට පිළිවනි. ඒ නිසා තමයි ඇසුවේ” කීවාම ඔව්හු එය විශ්වාස කොට එහෙනම් උඹහේට අපි රුපියල් දෙකක් දෙන්නෙමු. මේ හෝටලයේ කොන්ගොඩ වික්ර මපාල යන අය ඉන්නවාස කියා දැනගෙන ව‍රෙන්නැ යි කිය. එවිට මම “දෙන්ට රුපියල් දෙක” කියා අත දික්කලා ම උඹ දනගෙන ආවමෙ දෙන්නෙමු” යි ලොකු බණ්ඩාර කිය, “එහෙම මෝඩකම් කරන්නෝ දැන් තුම්පනෙත් නැත. නිලමෙලාට ඕනෑ නම් දැන් රුපියල් දෙක දෙන්නටයි කීවාම, ඔවුන්ගේ ඕනෑ කමේ දැඩි බව නිසා රුපියල් දෙක දුන්හ. මම ඒකත් මිට මොලවා ගෙන හෝට‍ලේ ඇතුලේ මගේ කාමරයට ගොස් මා ගෙනා ඔප්පු ආදිය පෙට්ටියේ දමා, ඇඳගෙන වුන් ඇඳුම ලිහා, මූණ අතපය සෝදා ගෙන, පිරිසිදු රෙද්දක් හා බැණියමක් ද, කෝට් එකක් ද ඇඳගෙන මගේ ප්රතකෘති වේශයෙන් ඉස්තොප්පුවට අවුත්, පාර අයිනේ උන්හ බස්නායකටත් ලොකු බණ්ඩාරටත් අඬ ගැසිමි. ඔව්හු එහි අවුත් මගේ මුහුන බලමින් සැක සහිතව ඉන්න විට ඔවුන්ට වාඩිවෙන්ට කියා, තමුසේලා වික්රිමපාලය කියා කෙනෙකු සොයනවා යි, අපේ දරකාරයා කීවා. මම මේ හෝටලේ කළමනාකාරයා යි. වික්රයමපාල මහත්මයා නුවර ආවිට ඉන්නේ මේ හෝටලේ තමයි. නමුත් දැන් නැත. උන්නැහේ සිටියත් තමුසේලා වැනි අයට සොයා ගන්ට බැරිය යි කීවාම “ ඇයි 108 වලව්වක පලහිලව්ව

අපට ‍එහෙම කියන්නේ, අපිත් ඒ තරම් අඥානයෝ දැ” යි බස්නායකයා ඇසුවේය. “ඔව් සත්තකටම තමුසේලාගෙන් බොහෝදෙනා ඒ තරමටම අඥානයෝ තමා එසේ රට වාසීන්‍ අඥානකර තිබෙන්නේ තමුසේලාම වැනි ආත්මාර්ථකාමී අධම අඥානයන් විසිනි. තමුසේලාගේ පළාත්වල මිනිස්සු අඥාන නැත්නම් මේ රට කන හාදයන් බස්නායක, බාරකාරාදී ධූර වලට පත් කර ගනිද්ද? ජාතිය ගැනවත්, පාරාර්ථය ගැණවත් දැනීමක් නැතියන් ර‍ටේ අධිපතියන් කරගෙන ඉන්නේ, ඔවුන්ටථ ගරු බුහුමන් දක්වන්නේ, ඔවුන්ට දාස මෙහෙ කරන්නේ. තමුසේලාගේ නොදත්කම නිසාමයි. අනිකක් තබා කිසිම සත්වානුකම්පාවක්, පොදු ‍ජනයාගේ යහපත ගැන අබමල් රේණුවක වත් උපකාරයක් නොකරන පිරිසක් එංගලන්තයට යවන්ට සම්මාදම් දීමෙන් ම තමුසේලාට මොකුත් නොතේරෙන අය බව ප්රයත්යදක්ෂ නැද්ද? 1915 වේ අයුතු කරද්දී, මැරූ මිනිසුන්ගේත්, විනාශ කළ දේපල වලත්, ගෙව්වාවූ වන්දි වලත් අයුත්ත එංගලන්තේ මන්ත්රීින්ට කියා දීමට මැදිහත් වන්ට බැරිය කී උදවිය වැන්නන් ජන ප්රරදානින් හැටියට සලකන තමුසේලාට වඩා අඥානයෝ වෙන කොහේවත් නැත්තාහ. ඉතින් තමුසෙලා වැනි අඥානයන්ට ඇගේ හැපුනත් ‍කොස්ගොඩ වික්රතමපාල වැනි සිංහළ වික්රනමවන්තයෙකු කෙසේ දැ‍නගන්ට පිළිවන් වේද” කීවාම, මා දෙස රවමින් සිටි ලොකු බණ්ඩාර එන්ඩ මස්සිනන්ඩි” කියා බස්නායකයාත් අ‍ඬගසා ගෙන යන්නට ගියේය.

07. පරිච්ඡේදය ඉ ක්බිති මම දාවල් බත් අනුභව කොට මගේ කාමරයේ දොර වසාගෙන නවරත්න බණ්ඩාරගේ හා ලීලාවතී මැණිකේගේ පින්තූර දෙක ඉතා පරීක්ෂාවෙන් බලා, අ‍හෝ මේ පින්වත් සිංහල මහතාත්, කුලාංකනාවත් විනාශ වුනා නම් අප ජාතියට වන්නේ මහත් විපතකි. ජාතියේ උපදින පුණ්ය වන්තයන් ආරක්ෂා කිරීමට ජීවිත පරිත්යා.ග කිරීමත් අපේ යුතුකමිකි, ඒ හෙයින් මේ දෙදෙනා සෙවීමටත්, මොවුන්ට විපත්ති කළවුනට මට්ටු කිරීමටත්, මගේ ජීවිතයවත් පුදන්නෙමියි අධිෂ්ඨාන කරගෙන ඒ පින්තූර දෙක පෙට්ටියේ දමා නවරත්නත් ලීලාවතීත් යම් යම් අවස්ථාවලදී ලියාගත් ලියුම් වලින් මා ගෙනා ටික බලන්ට පටන් ගතිමි. ඉතින් මුලින්ම අතට ගත් ලියම් කවි වලින්ම යුත් එකකි. දැන් මේ කියවන මගේ මිත්ර යන්ට ටිකක් ප්රමබෝධ ගතියක් ඇති

පියදාස සිරිසේන නවකථා එකතුව 109 කරණු පිණිස එය පළමුකොටම කියන්නෙමි. උ ර සැ රැ දියඹ යස මුතුහර ලංකාර බු දු කු රු දම් පුරණ බිය නොව සංසාර පි ය ක රු නව රුවන් නිම් දැරු බංඩාර නි ර තු රු දිවිසෙ සලකමි හිමි පිංසාර

පෙ මා දම් යදම අප බැඳි ලමි නී තමා පුතුට අඹු කෙරුමට තැත් ලමි නී මෙ මා නිතර වෙහෙසයි දැන් හිමි සඳි නී ප මා වනු කෙහෙත් යුතු නැත ඒ බැව් නී

සු මු දු රස වදින් මී බිඳු පිරුව ක නේ පු බු දු කළ මමන කොඳ තුරු රද සිරි නේ පු රු දු පර වැඩෙහි බුදුකුරු හිමි සඳි නේ වැ ර දු නොත් කරුණු කිම සිටලා මෙතැ ‍නේ

ස තු ර න් නසනු යුතුමය බැරි නම් එලෙ ස වි ග සි න් ඉවත යව කිව් පඬිදුන්ගේ බ ස ස ල ක න් නට පමාවන දත මෙදිය කු ස නො ම දි න් ගොදුරු වෙති විපතට නපුරු ලෙ ස

ද න ය ට නපුරු බලයට නිලතල වල ට හැ ම වි ට ජය ඇතත් දන අතරෙහි නිව ට ගු ණ ය ට සුසිරිතට නොම කිලුටු විකුම ට පි දු ම ට දිවි යුතුය පිරිසිදු සිහලුන ට

මු සු ලේ වැනෙන මුත් මඩෙ ඉන්දු දඬු ලෙ සේ සි හ ලේ සැබෑ වියැකිද හිමියනි එලෙ සේ අ ප ‍ලේ උනත් රැක තිර ගුණය නිසි ලෙ සේ ස ප ලේ වෙයි ලඟම අත් බවයෙහි සක සේ

මේ කවි ලියුමේ එක කොටසක් සම්බ නූන බැවින් මහත් කනගාටුවෙන් එකින් එකට මා ළඟ තිබුණු සියළුම ලියුම් කියවා බැලිමි. ලීලාවතී මැණිකේ විසින් ලියන ලද ලියුම් ද නවරත්න බණ්ඩා විසින් ලියන ලද ලියුම් ද තිබුනේය. මේ ලියුම් බලා ඉවර වෙන විට සවස් විය. රාත්රීද වේලාපසින්ම නිදා උදේ දෙකකුත් ගණනට එන දුම්රියෙන් කොළඹට යන්ට සිතා මගේ ඇදුම් පෙට්ටිය ආදී සියළුම උපකරණත් රැගෙන 110 වලව්වක පලහිලව්ව

දුම්ර්යපලට අවුත් තවත් වේලා තිබෙන බැවින් තුන්වෙනි පංක්තියේ මගීන් ගැවසෙන පැත්තට ගියෙමි. එහි කිසිම එළියක්වත් මගීන්ට වාඩි වෙන්ට ආසනවත් නැත. අපේ රටේ අසරණ මිනිසුන් ගැන කාගෙවත් වැඩි සැළක්ල්ලක් නැති බවට අපේ දුම්රිය පලවල් ම සාක්ෂිය. අසරණයන්ගේ දුක ගැනවිලි සොයා බලන ලොකු මිනිස්සු විරල මේ ර‍ටේ සියලුම සැප පහසුවත් ආධාර උපකාරත් ලැබෙන්නේ ලොක්කන්ට මය. මේ තුන්වෙනි පංක්තියේ මගීන් අසලින් උළුවස්සකට හේත්තුව ටික වේලාවක් ඉන්න විට දෙකට හරි වයසේ බවලතෙක් තමාගේ දියණියට වූ විපතක් තවත් කෙනෙකුට කියන්නට පටන් ගත්තේය. එනම් තමාගේ අසරණකම නිසා දියණිය කුඩා වියේදීම.... වලව්වේ සිට වූ බවත්, එහිදී ඈට වලව්වේ අයවලුන්ගේ කතා බස් ද ක්රි.යාකාරකම් ද පුරුදුව ඈඳ දුශ්චරිතයට බැස මවුටත් අකීකරුව වලව්වේම හාමු කෙනෙකු සමග ඔහුගේ වත්තකට සැඟ වී ගොස් සිට එතනින්ද සැලකිල් මද වූවාට පසු වෙතින් කෙනෙක් සමග සැඟවී ගොහින් යයිද ඔව්හු නුවර ඉන්නාහු යයි ආරංචිව බලන්ට ආ නමුත් දකින්ට නැති බවත් ලීලාවතී නම් වැදගත් මැණිකේ කෙනෙකු බලහත්කාරයෙන් රැගෙන ගිය චණ්ඩි කාන්ඩයේ එකෙක් වූ ඒ තමාගේ දියණියගේ දැන් පුරුෂයා මාසයකට පමණ ඉස්සර මළ බවත් දැනට තමාගේ දියණිය සත්කෝරලේ වලව්වක නැවතී සිටින බවත් යනාදිය මේ ස්ත්රි යට සමාන වයසේ තවත් ස්ත්රිනයක් සමඟ කීයේය. ඇත්තෙන්ම මේ කථාව මට අමෘතයක් මෙන් විය. ඉතින් මම ඒ ස්ත්රීේ හොඳහැටි මුර කරමින් එහිම සිටියෙමි. දුම්රියට කාලය ආසන්න විය. අවසර පත්රේ දෙන්ටද පටන් ගත්තේය. මිනිසුන් අතුරු සිදුරු නැතිව පොර කකා ටීකැට් ගන්ට වූ බැවින් මහලු ස්ත්රීටන්ට ඉතාමත් අපහසු විය. මමත් තුන්වෙන් පංක්තියේ ගමන් කරන්නට සිතා අස්සෙන් රිංගා ගෙන ගොස් ටිකැට් එකක් ගතිමි. ඒ ස්ත්‍රියට ටිකැට් අරන් දෙන්ට ඇසූ විට ඒ තැනැත්තී පින් කියා ටිකැට් එක අරගෙන දෙන්ට යයි මුදල් දුන්නේය. ඒ තැනැත්තිය යන්නේ ගාල්ලටය. මම ඈට ටිකට් එක අරගෙන දී නගින කාමරයේම නැග්ගෙමි. මෙසේ සපත්තු ආදී යුරෝපීය ඇඳුමෙන් සැරසී නො සි‍ටි බැවින් මා සාමාන්ය මිනිහෙක් ගණයට සිතාගත් ඈ මාත් සමග කාථාවට බැස්සේය. කලින් ඈ තවත් ස්ත්රි යක් සමග කී කථාන්තරය ම‍ාත් සමග ද කීයේය.ඉතින් මට එයින් ඵලක් නැති බැවින් දුවගේ නම ඇසිමි. ඇ‍ගේ නම “ජුස්තිනා” බවත් දැනට සත්කොරලේ වලව්වක ඉන්නා බවත් මිස ඊට වැඩි තොරතුරක් නො දන්නා බවත් කලින් ඈ සිටියේ සියනෑ කො‍රළේ බවත් ඒ වලව්වේ නම මටත් කීවේය. මීට වඩා ජුසතිනා ගැන කිසි‍වක්

පියදාස සිරිසේන නවකථා එකතුව 111 දැනගත නො හැකි බැවින් මගේ කොළඹ ගමන නවත්වා පොල්ගහවෙලින් බැස්සෙමි. එසේ බැස උදය නවය වනතුරු කුරුණෑගලට යැමට දුම්රියක් නැති බැවින් මගේ උපකරන ආදිය එම දුම්රිය පලේ ලියන වැඩක් කරන මගේ මිත්ර මහතොගේ කාමරයේ තබා මම කඩවීදිය පැත්තට ගියෙමි. තේවතුර බොන අදහසක් ඇතුව ගිය මම අවකල් ක්රිතයා වෙන් කාලය ගත කරන වල් ස්ත්රී න්ගේ කඩයක්ම බලමින් ගොස් එබඳු එකකට රිංගා ගතිමි. එහි තරුණපාහේ ස්ත්රී්න් දෙතුන් දෙනෙක්ද උන්හ. දෙකට හරි වයසේ ස්ත්රිසයක් මට වැඩිවෙන්ට කියා තේවතුර ලෑස්ති කෙලේය. මේ අතර මම එහෙ මෙහෙ බලන බව දුටු අනික් ස්ත්රිතය මොනවද බලන්කේ නැතිවෙච්ච කෙ‍නෙකු සොයනවැදැයි සිනා සෙමින් ඇසූහ. ඔව් ඔව්, මම “ජුස්තිනාය සොයනවායැයැ කීවාම එහි සිටිය ස්ත්රීවන්ගෙන් එකියකගේ මුහුණ ටිකක් අප්රයසන්න වූවාක් මෙන් මොන ජුස්තිනාදැයි ඇසීය...... බණ්ඩාර හාමුදුරුවන්ගේ “මිස්ට්රැනස්” යයි කීවෙමි. එවිට ජුස්තියා මා ළඟට අවුත් උඹ බණ්ඩාර හාමුදුරුවන්ගේ වත්තේඉඳලා ආ කෙනෙක්ද, අනේ ලෝකේ පුදුම! උඹ මා මෙහි ඉන්නා බව දැනගත්තේ කොහොමදැ” යි ඇසුයේය. හොඳයි දැන් නුඹ - සම්බ උනාට පසු ඒවා ගැන කතාකරගත හැකිය කියා ඉක්මණින් තේවතුර බී ගෙයි පිලිකන්න පැත්තේ වත්තට ගොස් ජුස්තිනාගේන් තොරතුරු ඇසීමි. ඉතින් බණ්ඩාර මහතා ඈට කළ අයුත්තත් උන්නැහේ පුදුම මනුෂ්යියෙක් බවත්, ස්ත්රීතන්ගේ පරම හතු‍රෙක් බවත් ඔහු ළඟ ඉන්ට බැරිව “ජමාල්” නමැති වත්තේ මුරකාරයා සමඟ සැඟවී ගිය හැටිත් කීහ. ජමාල් කියන‍ කොටම මගේ ඇඟ හිරි වැටුණේය. ආ ජුස්තිනෝ උඹ ජමාල් සමඟ ගොස් නැවතී සිටියේ කොහේසැයි ඇසීමි. එවිට ජුස්තිනා කනගාටුවෙන් මෙන් අනේ අයියේ ඔහු සිංහලයෙක් යයි සිතා ගෙන ගියෙමි. නමුත් ඔහු ජාවෙකි. මාත් සමඟ ගොස් ‍පේරාදෙනියේ කඩයක් කුලියට ගෙන කීප දවසක් සිටින විට බස්නායක හාමුදුරුවන්ගේ වැඩපල කරන්ට පටන් ගත්තා. බස්නායක හාමුදුරුවෝ ලීලාවතී මැණිගේ නම් තරුණ කුම‍ාරියාමි කෙනෙකු ගෙනවුත් ගහල මිනිහෙකුට පාවාදී තවත් බණ්ඩාර කෙනෙකු සඟවා ගෙන යන්ට සලස්වා මහා ‍ගම් පෙරළියක් කලා ඒ තරුණ බණ්ඩාර මහතා බින්තැන්න පැත්තට ගෙන ගොස් දමා නැවතත් ජමාල් පේරාදෙනියට අවුත් වුන්නා. එහෙම ටිද දවසක් සිට මගේ කනේ කරේ තිබුණ ආබරණත් අරගෙන නිත‍රම මට අඩන්තේටට්මි කරන්ට වූ බැවින් මම හොරෙන් සැඟවී කුරුණෑගලට අවුත් එතැනින්..... වලව්වට ගොස් එහි ‍රක්ෂාවේ සිටියා. අනේ අප්පේ එතැන හැබෑ වලව්වට ලොකු මැණිකේත් බණ්ඩාර හාමුදුරුවෝත් 112 වලව්වක පලහිලව්ව

කවදාවත් කථා නොකරති. දූලා දෙන්නෙකුත් පුතෙකුත් ඉන්නවා. පුතාට සයරෝගයේ දූලා නමි පුදුම ගෑනු. බණ්ඩාර හාමුදුරුවෝ උදේ හතට පටන් ගත්තාම රෑ අටවන තුරුත් එකාකාරම බොයි. ලොකු මැණිකේත් බොනවා. දූලාත් බොනව, පුතාට සයරෝගේ. මොකද නොබෙන වේලාවක් නැහැ. එතන ටිකක් හැඩහුරුකම් ඇති ස්ත්රියයකටවත් හැඩහුරුකම් ඇති පිරිමි වැඩ කාරයෙකුටවත් වැඩි කලක් ඉන්නට බැරිය. මම සුමානයක් ඉඳලා ඉබා‍ගාතේ වාගේ මෙහාට ආවා. ඉතින් උඹ මාව සොයන්නේ ලොකු බණ්ඩාර හාමුදුරුවන්ගේ කීමටදැ”යි ඇසුයේය‍. “ඔව් ඒකටය” යි කීවාම” ඔය උ‍ෙඕ බොරුවක්. එහෙනම් මම එන්නටදැ”යි ඇසීය. “නැත උඔ එක්ක එන්ට කීවේ නැත. උඔ ඉන්නා තැන බලාගෙන එන්ට කීවැයයි කිවාම ඈත් එය විශ්වාස කොට එහෙනම් මට රුපියල් දෙකක් දියන්. උඹ ඒ එනතුරු මම මෙහි ඉඟිමියි කිය. මම ඈට රුපියල් දෙකක් දි එනතුරු මේ හෝටලේම හිටපන්නැයි කියා දුම්රිය පලට ගොස් එදා දවස මගේ මිත්රී ලියන මහතාත් සමඟ කාලය ගතකොට පසුවදා උදේ ඈ කලින් සිටියා යයි කී වත්තට මුරකරු වේශ‍යක් ගියෙමි. ඒ වත්ත එවකට විකුණාලාය. දැන් එහි අය‍ිතිකාරයා අනිකෙකි. මම ඒ අසල තිබෙන අම්බලමක වාඩිගෙන ඉන්නා විට මහලු මිනිහෙක් තනියම මොනවාද කතා කරමින් අඬමින් යනවා දැක පුදුමව ඔහු පස්සෙන් ගමන් ගතිමි. ටිකක් දුර යන අතර ඔහුට කිට්ටුව මොකද අයුබෝවන්ඩ මහත් නො සන්සුන් ගතියකින් අඬමින් යන්නේ කියා ආසුවාම “ අනේ බලාපන් මිනිහෝ ලොකු බූදලයක් ඇති තරුණියෙකු මගේ පුතාට කසාද බන්දවා දෙනවායයි කියා ඇගේ මාම‍ා අපෙන් පවුන් සියයක් ඉල්ලා ගත්තා, අපි ඒ පවුන් සියය දුන්නේ අප සන්තක සියලුදේම උකසට බැඳලා සියේට විසි හේ පොළියට ණයට අ‍රගෙනයි. අන්තිමේදී ඒ තරුණිය තමා කලින් මිත්රිව සිටි තරුණයෙකු විසින් ගෙන යනු ලැබ ඔහු හා විවාහ විය. අපට ලොකු බූදලේ තබා දැන් ඉන්ට හිටින්ට තැනක් නැතිවුනාය”යි ඉකිබිඳිමින් අඬන්ට පටන් ගත්තේය. මේ පුදුම කතාව අසා තමාගේ තරාතිරම කිසිත් නොතකා බුදල් සමග ස්ත්රීයන් සොයන අමනයන්ට කදිම පාඩමකැයි සිතමින් ටිකක් දුර ඔහුත් සමඟ ගොස් නැවතුනෙමි. පොල් වත්තක කම්බි වැට අයිනේ වාඩිවී ඉන්නවිට රා බීපු රෞද්රම මිනිසුන් තුන්දෙනෙක් වත්තේ මැද්දේ සිට මා ‍දැක මා දෙසට එන බව පෙනුනේය. මෙවුහු අශික්ෂිත සූදුකාර බේබද්දක් බව දුරදීම වැටහී මේ මට ඉතා හොඳ පිරිසක්, මොවුන් සමඟ මිත්රබවෙමියි සිතා මම ප්රීමතියෙන්

පියදාස සිරිසේන නවකථා එකතුව 113

වුනිමි. ඔව්හු මා ළඟට අවුත් “ යකෝ-මේ කොහේ යනවාද, අපට අඩියක් අරන් දිපන්” කීහ. “හොඳයි වරෙල්ලා, මම නම් දැන් අඩියක් ගැහුවා, උඹලාට අරන් දෙන්නෙමියි කියා. ඔවුනුත් සමඟ එතැන සිට හැතැප්ම බාගයක් පමණ ඈතින් පිහිටි තැබෑරුමට ගොස් අරක්කු බෝතලයක් රැගෙන ඔවුන්ට දුනිමි. ඔව්හු එය බීගත් පසු මා “අඹ” යාළුවෙක් මෙන් වැටහී, ඔව්හු මගේ තොරතුරු ඇසූහ. මම ගිරිඋල්ලේ දියෝනිස් බව කීවෙමි. ඔවුහු මට එතන සිට ‘දියොනිසා’ යයි කියමින් ආමන්ත්රවණය කළහ. මේ පිරිස නම් කරොන්චියා. ඇඩ්මා, බාලයා, යන තුන්දෙනාය. අපි බමුණුගමට අවුත් එහිදී පාන් හා මස්ද කා ප්රීඇතිවිමු. වියදම් මා අතින්ය. මෙහි ටික වේලාවක් කථා කරමින් සිටින විට “අඩේ, අද රාත්රීි ලොකු සූදුවක්, ඉඳිගොඩ මද්දුම බණ්ඩාත් ජමාල් ආදී සූදුකාරයොත් පැමිණෙති, දියොනිසා ළඟ කාසි තිබෙන නිසා සූදුකෙළීමට යන්ට නරකදැයි බාලයා ඇසුයේය. එම් කතාව අසා මට උවමනා තැනටම පැමිණියෙමියි සතුටුව “ඔව් ඔව් අපිත් යමු මා ‍අතේත් රුපියල් තිහ හතළිහක් තිබෙනවා යයි කීවාම සවස් වනතුරු එහිම සිට අං‍ගංගොඩ කියන ගමට ගියෙමු. සූදු පලේ මිනිසුන්ට කෑම, බීම, තේවතුර, රා අරක්කු දෙන ගෙයක් සූදුපොලට හැතැප්ම කාලකට මෙහා කන්ද පාමුල ‍තිබේ. අපි එතනට ගියෙමු. එහි මහලු මිනිහෙකුත් දෙකට හරි වයසේ ස්ත්රීසන් දෙදෙනෙකුත් තරුණියකුත් කෙල්ලන් දෙතුන් දෙනෙකුත් සිටිති. මා ඇර අනිත් තුන්දෙනාම එතන පුරුදුකාරයෝය. ආගන්තුකයෙක්වූ මා ගැන තොරතුරු එහි සිටි ප්රනධාන ස්ත්රීු ‍කරොන්චියා ගෙන් ඇසුවේය. කරොන්චියා වෙරි පිටම සිටි බැවින් “මම ගජ පොහොසත් බවත් අවිවාහකයෙක් බවත් නිර්භීත චණ්ඩියෙක් බවත් ඒ මැන්චිහාමිට කී බැවින් ඈ මා කෙරෙහි මහත් සැලකිල්ලක් ඇති කොට ඉක්මනින් කෑම උයවා අපට කන්ට දුන්නේය. සූදු කාරයෝ ඇවිද්දැයි බලාගෙන එන්ට මගේ මිත්රඅයෝ තුන්දෙනා සූදු‍පලට ගියහ, ඔවුන් එනතුරු මට එහි නවතින්ට කී බැවින් ස්තොප්පුවේ තිබුණු කබල් ඇඳක හාන්සිවී කල්පනා කරමින් සිටින විට මැන්චි නෝනා මා ළඟ ඉදිරිපිට වාඩිවී. “ මේ මුදලාලා මෙහාට ආ පළමුවෙන් වතාවයි. ග‍ම් ර‍ටවල් කොහේ දැයි වත් අපි දන්නේ නැත. මෙතන බාගදාට බොහොම වැරෙන් සුදූ කෙළිනවා ලොකු වලව්වල මහත්තැනුතු එනවාය”යි කියමින් මා සමඟ කථාවට බැස්සේය.

මමද ඈ කෙරේ බලවත් පැහැදීමක් ඇති බව අඟවමින්, “ මේ ගමන මම ගමට යන්නේ සුමානයක් විතර මෙහෙ ඉඳලයි. මේ ගමේම උදවිය 114 වලව්වක පලහිලව්ව

දැ” යි ඇසුවාම ඔව්හු කැළණිය පැත්තෙන් අවුත් බොහෝ කල් වල බවත් ඔවුන්ගේ විස්තරත් මට කීය. එහි සිටි තරුණිය ඇගේ දියණිය බවත් ඒ ළමිස්සී.... වලව්වේ හාමු ගණනේ සිටින කාලේ සතර කෝරළේ ධනවත් පවුලක කුමාරිහාමි කෙනෙකු හොරුන් විසින් ගෙනගිය බව දැනගෙන ඒ හොරුන් අල්වා ඒ කුමාරිහාමිව කසාද බැඳගන්ට වීරිය කොට කිය නොහැකි පුදුම “ජරමර” රාශියක් සිද්ධවෙල් දැන් ඒ බන්ඩාර මහතාතා තවත් දෙතුන් දෙනෙකුත් ‍ඒ පලහිලව්ව නිසා ගමේත් නොසිට - වෙල්ලස්සේද - බින්තැන්නේද - ඔන්නඔය කොහේද ඈත පළාතකට ගොස් සිටින බවත් ඒ නිසා ඇගේ දුව “ ඩේසි නෝනා දැන් ගෙදර අවුත් ඉන්න බවත් මා සමඟ කීයේය. මට මේ කථාව ඇසෙන‍ කොටම කාරණය හුඟක් දුරු අවබෝධ ව “ හොඳයි නවරත්න බන්ඩාරලා ජීවත්ව සිටිතොත් ඉතින් සොයන්නෙමි” යි අධිෂ්ඨාන කරමින් මැන්චිහාමිට කථාකොට මට මෙහාට එන්ට වීම ගැන සතුටුවෙමි. මගේ අදහස් අම්මාට කියන්නෙමියි කීවෙමි. එතකොටම බාලයා ආදී තුන්දෙනා ම මාත් සමඟ සූදුපලට යන්ට ආහ. මැන්චි ඉදිරියට අවුතු අනේ මුදලාලි අපේ ලොකු ඕනැ කමක් තිබේ. මුදලාලි යනකොට දෙනකන් මට රුපියල් විස්සක් දෙන්ටයයි ඉල්විය. රුපියල් විස්සෙන් මැගේ හිත ගත හැකි බව දැන වහාම ඒ මුදල ඈට දී සූදුපොළට ගියෙමි. මට සූදුකෙළිය නොදැනේ. නමුත් ‍කරොන්චියා ලඟින් වාඩිගෙන සූදුව පටන් ගතිමි. ඒ පිරිසේ මුළාදෑනියෙකුත් උන්නේය. සූදු කෙළවන්නා ර‍ටේ මහත්මයෙකුගේ බැනා කෙනෙකි. රාත්රීස 12 වන විට රුපියල් පණහක් පමණ මම පැරදුනෙමි. මගේ අනිත් මිත්රයයෝ තුනිදෙනාද පරාද වූහ. පුන්චා නමැති මිනිහෙක් වැඩි වශයෙන් දිනා ගත්තේය. පැරදුන අය හත් අට දෙනෙක් පුන්චාට තුවාල කොට මුදල් පැහැර ගන්ට සූදානම් වන බව මට දැනී. තොන්කාරයා ළඟට මට ගොස් ඒ බව රහසින් කීවෙමි. ඔහුත් ඒ කොල්ලේ කොටස් කාරයෙක් නිසා, “ පලයන් යකෝ උඹ කටපියාගෙන හිටපන් කියා එළවගත් බැවින්, මේ පුන්චාට පැමිණෙන මරණය හෝ මරණය සමාන දුකින් ඔහු ගලවාගන්නේ කෙසේදැයි සිතා සූදු කෙළි කාන්ඩේ සිටි මාත් ඇතුළු 14 දෙනාම එක තැන කට රැස්කර මම මෙසේ කීවෙමි. “අපි දැන් සූදු කෙළ ලා ඉවරයි. මම මේ සූදුපලට ආ පළමුවෙනි වතාවයි. මම පරාද වූනා. නමුත් මගේ ගණනේ සංග්රලහයක් කරන්ට ඕනෑ. ඉඳා කරොචියා උඹ දුවලා ගොස් මේ රුපියල් තුන දීලා මැන්චි නොනලාගේ කඩෙන්-අරක්කු බෝතල තුනක් අරන් වරෙන්නැ”යි කියා වහාම පිටත් කර යැව්වෙමි. පවුම් එකසිය පණහක් පමණ දිනා ගෙන ඉන්ට පුන්චාට සිද්ධවන දේ ඔහු නොදත් නමුත් මට දැනුන බැවින් ඔහු පියදාස සිරිසේන නවකථා එකතුව 115

ළඟම ඉඳගෙන සිටියෙමි. අහිංසක මේ මොඩයා මරා හෝ තුවාල කොට මුදල් පැහැර ගන්ට ඉන්න අතරෙන් ජමාල්, මද්දුම බණ්ඩා, ආරච්චියා හා පුන්චි නිලමේ යන ශක්තිමත් මිනිස්සුය. මගේ මිත්ර් කරොන්ඩියා හා ඇඩ්මාත් දැඩි රෞද්ර් මිනිස්සුය. ඒ හෙයින් මේ සතර දෙනාට යහමින් පොවා දුර්වල කොට ඔවුන්ටත් අනික් හදෙනාටත් හොඳටම ඇනලා පුන්චා ගලවා ගැනීම මගේ කල්පනාව විය. අරක්කු බෝතල තුන ගෙනාහ. එය මා විසින්ම මට උවමනා අයවලුනාට අඩු වැඩි ‍කොට බොන්ට දුනිමි. කලිනුත් හොඳටම බීලා සිටි මොවුන්ට මේ විඩේ හොඳටම ‍අමාරුවිය. මේ වෙරින් ඉන්න අට දෙනෙකුට වත් තලන්ට මට ශක්ති ඇතිබව වැටහුනු බැවින් පුන්චාට කථාකොට “ පුන්චෝ උඹට වරද්දන්ට මොවුන් වෑයම් කරති. අපේ රටේ මිනිසුන් ගේ ගතිය ඔහොම තමා. සූදුකෙළිය ජඩ ක්රිකයාවකි. නමුත් ඒ ජඩ ක්රිසයාවෙන් ජය ගත් එකාට තලා ඔහුගේ දිනුම කොල්ලකා ගැනීම තවත් ජඩ ක්රිසයාවකි. මොවුන් උඹට අත පොව්වොත් ඔක්කොටම තලමි”යි කියනකොට තදින් වෙරිව සිටි ජමාල් හා අ‍ාරච්චිලාත් මා බඳාගත්හ. ශක්තිමත් ළමයක් විසින් කුඩා බෝනික්කන් දෙන්නකු විසිකරනු ලබන්නේ යම්සේද, මමද ඔවුන් දෙපැත්තට විසිකොට පයින් එක එක ඇන තවත් මට විරුද්ධ ආ දෙතුන් දෙනෙකුටද ඇන පුන්චාත් සමඟ යන්ට පිටත් විමි. මගේ ශක්තිය ඉතා විශාලයයි පිළිගත් කරොන්චියා ආදී මගේ යාළුවෝද පුදුමව බලා සිටියා මිස මා පස්සේ නාවෝය. පුන්චා “අඩුකුලේ” මිනිහෙක් නිසාත් දුර්වල මිනිහෙක් නිසාත් ඔහුට කල අපකාරය ඉතා ඉහළින් සලකා, අනේ නිලමේ තමුන්නාන්සේට පින සිද්ධවෙන්ට මම ගැලවුනා. තමුන්නාන්සේ නොසිටියා නම් මාත් මරා මා දිනාපු කාසිත් මේ නපුරු මිනිස්සු පැහැර ගන්නවා. ඒ නිසා තමුන්නාන්සේට කොටසක් මෙන්න කියා රුපියල් 750 ක් මට දුන්නේය. අන්න්ගේ යහපත් උදෙසා, කියක එක වචනයටත්, එක ක්රිටයාවටත්, එ‍වලේම ඉෂ්ට විපාක ලැබෙන බව වේ සුදුව නමැති ජඩ ක්රීකඩා ස්ථානයේ දි කළ පරාර්දකාමී ක්රිගයාවෙන් කාටත් ප්රකත්ය ක්ෂ වේ. නිවැරදිවූ යහපත් ස්ථානයකදී යහපත් මිනිසුන්ට කළ උපකාරය කෙතරම් ලොකු පිනක් ඇතිනොකෙරේදැයි මේ කියවන්නාට වැටහෙනවා ඇත. ඉතින් පුන්චාත් සමඟ ඔවුන්ගේ ගමට ගොස් ඔහු විසින් කරණ ලද බලවත් ගෞරවාදර ලබා එදා රෑ නිදා සිට උදේම පුංචාට කථාකොට “පුංචෝ උඹ මට අපකාරයක් කරන්ට ඕනෑ. එනමි සූදුකාරයන්ට බීම ආදිය විකුණන මැන්චි කොනාගේ දුව සමඟ මට යාලුවෙන්ට උවමනා කර තිබේ උඹට එය ඉෂ්ට කරන්නට පිළිවන්දැ’යි අසුවාම එක්ෂණයකින් එය සලසන්ට 116 වලව්වක පලහිලව්ව

පුලුවන් බැවි කී හෙයින් පුන්චාත් සමඟ නැවතත් මැන්චි නොනාලාගේ ගෙදරට පැමිණ, මැන්චි නෝනාගේත් අවසර ඇතිව ඇගේ දියණිය වන ‍ඩේසි නොනාටත් සමඟ කථාවට පටන් ගතිමි. ඩේසිනෝනා දීග කීපයක ගිය ස්ත්රිනයක් නමුත්, මා ඇගේ මනමාලයාම යයි සිතා ගත් බැවින් මා කෙරෙහි බලවත් ලැජ්ජා වක් දක්වන්ට පටන් ගත්තේය. ඇත්තෙන්ම එය මට මෙන්ම මෙය කියවන්න‍ාටද සිනාවකි. ඒ කොයි හැටි උනත් ඩේසි නෝනාට කථාකොට ඩේසි, මගේ හිතට රුචි වුනොත් උඹව කසාද බැඳ ගනිමි. උඹ... බණ්ඩාර මහතා සමඟ අවුරුදු පහක් පමණ සිටි බව මම දනිමි. මට අවමනා කරන්නේ, ඔහු උඹ අත් හැරිය කාරණය දැන ගැණීමටයි. උඹ ඒ කාරණය තත්වු පරිදි නොසඟවා මට කීවොත් එය උඹේ ප්රියෝජනයටය. මේ තැනැත්තිය මෙසේ කියන්ට පටන් ගත්තේය. “ අනේ මුදලාලි, දැන් කාලේ ලොකු පවුල්වල තරුණ මහත්තැන්ගේ ගතිය මතක් කරන්ට එපා. ඔය බණ්ඩාර පමණක් නොව කොයි හාමුලත් පාහේ. ස්ථිර වචනයක් ගුණයක් ඇති අය නොවෙති. හැමදාම වෙනස්වන චපලයොයි. මත්බීම බොන කෙනෙක් ඇත්නම් ඔහු සල්ලාලයෙකි. මත්පැන් බොන්නෙක් නීච සල්ලාල ක්රි්යා නොකරණවා යයි යමෙක් කීවොත් ඊට වඩා ලොකු බොරුවක් ක‍ාටවත්ම කියන්ට බැරිය. සල්ලාල ක්රි්යාවේ යමෙක් යෙදුනේ නම් ඔහු බොරුකාරයෙකි. මත්පැන් බොන සියලුදෙනාම සල්ලාලයන්වන්නේ යම් සේද සල්ලාලකම ක‍රන සියළු දෙනාමත් බොරුකාරයෝ වෙති. බොරුකාරයා සියල්ලෝම හොරුය. ඉතින් හොරුන්ට මෙලෝ ‍පරලෝ දෙකම නැත. එහෙයින් මෙලොවත් පරලොවත් දෙකම නොතකන කාලකන්කි කමට බැසලා සිටින අපේ ලොකු මිනිස්සු ගැන කුමට කථාකරනවා දැ’යි ඩේසි මහ උගත්තියක් මෙන් කීවාය. ඇත්තෙන්ම මගේ මේ වචන ටික ගැන මගේ හිත අතිශයින් ප්රාශන්නව, “ ආ ‍ඩේසි නොනා, උඹ ඉගෙන ගත්තේ කාගෙන්ද, උඹේ රූපයටත් වඩා උඹේ දැනීම මම පැහැදුනෙමි”යි. කී විට ඩේසි මහත් ප්රී තියට පැමිණ ‍එහෙනම් මම මුදලාලි මහතාට ඇත්ත් කියන්නෙමි. මම.... බණ්ඩාර මහතා‍ ගේ වසඟයේ සිටියද වැඩිපුර යමක් ඉගෙන නොගත්තෙමි. අන්තිමේදී මම උන්නැහේගෙන් වෙන්වී එන්ට මාස පහකට ව‍ාගේ ඉස්සරින් “ ලීලාවතී මැණිකේ කියා කුමාරි හාමි කෙනෙකුස් බණ්ඩාර මහතාගේ බංගලාවට ගෙනෙන ලදී. ඒ කුමාරිහාමිගේ කථා ප්රඩවෘත්තිය කියන්ට ගියොත් මුදලාලිටත් මටත් වෙන වැඩක් අද ඇතිවෙන්නේ නැත. නමුත් ටිකක් දුර කියන්නෙමි. ඒ කුමාරිහාමිගේ මව්පියන් වත්, ඒ තැනැත්තී විවාහ වෙන්ට නියම පියදාස සිරිසේන නවකථා එකතුව 117

කරගෙන වුන් නවරත්න බණ්ඩාරගේ මව් පියන් වත් වනසා ඈ සිවකීය පුත්ර යාට කසාද බඳවා, ඇගේ විශාල බූදලය උරුම කරගන්නට ඇගේ මාමා කෙනෙක් හා තවත් කීප දෙනෙකු ගේ මීරියෙන් උත්සාහ කර ති‍බේ. නමුත් ස්ථීර වචනය රක්ෂාකරණ ඒ ගුණවත් කුමාරිහාමි කොතරම් දුක් විඳගෙනවත් ඒ දුෂ්ට මාමාගේ අදහසට එකඟ නොවුව‍ාය. මේ අතර ඇ‍ගේ ස්වාමි පුරුසයා බවට නියම කර ගෙන වුන් තරුන බණ්ඩාර කොහෙටදෝ යවා නොයෙක් උපක්රවම වලිනුත් ඈ නම්මාගත නොහැකිව අන්තිමේදී ගහල මිනිහෙකුට පාවාදී තිබේ. මේ දිව්යකප්සරාවක් වැනි කුමාරිය සමග ගිය ගහලයා තද රතේ තිබෙන යකඩයක‍ට මැසි පලගැටියන්ට කිට්ටු විය නොහැකිවා මෙන්ම මේ උත්තමීය ආශ්රනය කරන්ට අසමර්ථව, කාගේදෝ උපක්රිමයකින්, ඒ කුමාරිහාමිත් අපේ බන්ඩාර මහතාගේ බංගලාවට ගෙන එනලදී. එසේ ගෙනා විට ඇගේ රූපයත්, කුල වංශයත්, විශාල බූදලයත් ගැන ආසූ බන්ඩාර මහතා ඒ කුමාරිහාමිත් සමඟ ආ මහලු මිනිහාටත් ස්ත්රීගටත් එ‍වලේම රුපියල් සියයක් තෑගි දී, ඈ ආරක්ෂා කර ගැනීමට මට භාර කළේය. ඉක්බිති ඇගේ සිත තමා කෙරෙහි සතුටු ගන්ට මාස පහක් මුලුල්ලේ ගත් උත්සාහය ඇත්තෙන්ම සිතාගන්ට වත් මට නම් බැරිය. හොඳින් ද, නරකින් ද, බලහත් කාර කමින් ද ඈ තමා වසඟයට ගැනීමට පස් මාසයක් තිස්සේ කළ උත්සාහය නිෂ්ඵල විය. ඉතින් ඒ කාලේදී ඒ උතුම කුමාරියාමිගෙන් මම ඉගෙනගත් දේ පාඨශාල‍ාවකට ‍ජීවිතය තිබෙන තුරු ගියත් ඉගෙනගන්ට බැරිය”යි කීවාය. ඇත්තෙන්ම ඩේසි නෝනා සමඟ මිත්ර වීම මට මහත් යහපතක් වූ බැවින් ප්රීකතිමත්ව “හොඳයි ළමයා පස්සෙ ඔය කාරණය විස්තරව කතා කරමුය”යි ඇගේ කතාව නවත්වා ඈ අතර රුපියල් පහක් දී දවාලට හොඳටම කෑම ලෑස්ති කරන්නටයයි කීවෙමු. ඩේසි මහත් සතුටට පැමිණ එය මවුට දී අහාර සූදානම් කරණු අතර ලීලාවතී මැණිකේට සිවකීය ආදර වන්තයා වන නවරත්න බණ්ඩා විසින් සතුරන් අතර අසුව දුක් විඳිමින් සිටියදීත් එවන ලද කනගාටුදායක ලියමන ඩේසි අතට අසුවී තිබුනු බැවින් එය මට ගෙනත් දුන්නේය. ඒ මෙසේය:-




118 වලව්වක පලහිලව්ව 08. පරිච්ඡේදය සී ලා දිගුණෙත් යුත් උවැසි මනර මේ දී ලා පණම පණ ගෙණ බැඳි පෙම් යද මේ ලී ලා වතී මැණිකේ කිම යෙදුනේ මේ වා ලා ‍වී ඉඳිම් සතුරන් මැදෙහි හි මේ

දි සි ග ත සුරඹ නුමුදා මවෙත බැදි සෙ නේ ප ති ව ත රකින පිස දා අදර සිය ප නේ ම ට නැ ත සිහිය මෙ සඳා නුඹට කිම උ නේ නු‍ ඹෙ ව ත තඹර කව දා දකිනෙම්ද අ නේ

පෙ නේ සඳ මෙහිම මැද පෑ දිනිඳු ලෙ සේ ක නේ යවුල් මෙන් කොවුලන්ගෙ හඬ ඇ සේ සෙ නේ බැඳි තවම පවතිනවද දිගැ සේ අ නේ පියඹ ගැන මම දැනගනිමි කෙ සේ

රු සි ‍රෙ න් සුරඹ දිනු පියබඳ සමගි න්නේ ස තු ටි න් ඉඳ වලව්වේ සිතල තැ න්නේ ප ව කි න් වියෝවී කොනියැති දුක් ගි න්නේ ස තු ර න් මුර ඇතුව නිවසමි බින්තැ න්නේ

අ පා යේ වගක් යුතු අයුතු නොවීම සා උ පා යෙන් අනේ නැවැරදි දනන් න සා සැ පා විඳින අප රට අමන යන් නි සා අ පා යක් සිහල දිවයින මේ දව සා

මා මේ කවි ටික බලමින් සිටින අතර ඩේසි නොනා කෑම සූදානම් කොට කථාකළ බැවින්. බත් කා නැවතත් දෙකට පමණ ඈ සමඟ කථාවට බැස මෙසේ ඇසීමි. “ ආ ඩේසි නෝනා, ඔය බණ්ඩාර මහතාට ලීලාවතී මැණිකේ සතුටු කර ගන්ට බැරිවුනේ කුමක් නිසාය යි උඹට දැනගන්ට ලැබුනාද?” එවිට ඩේසි ඉතා මහත් සංවේගයෙන් මෙන්, අනේ මුදලාලි, ස්ත්රිටය චපල අශික්ෂිත වර්ගය කැයි සමහරු කියතත්, යකඩ කලුගල් ආදියට වඩා ස්ථීර ගුණවත් උතුම් ස්ත්රීයන් සිටින බව ලීලාවතී මැණිකේගෙන් ඔප්පු වෙනවා. ඔන්න ලීලාවතී මැණිකේ ගෙණවුත් හතර දිනකට පසු එක රාත්රිවයක බණ්ඩාර මහතා ඒ කුමාරිහාමිත් සමග එක මේසේ ආහාර අනුභව කොට මාත් ඉදිරියේ කළ කථාවක් මෙසේය. “ලීලාවතී මැණිකේ. පහත් ගහලයාගෙන් මුදවා මා විසින් මෙහාට පියදාස සිරිසේන නවකථා එකතුව 119

ගෙන්නුවේ අයුක්තියක් අපරාධයක් කරන්ට නොවේය. අපේ පරම්පේරාවත්, අපේ ධනවත් කමත් මැණිකේට දැන් තේරෙනවා ඇති. මැණිකේ නීතිප්රමකාර විවාහ කරගෙන බලවත් සැප පහසු දෙන පිණිසම ගෙන්වූ වෙමි. ඉතින් ඊට අසතුටු වෙන්ට කාරනය කියන්ටය”යි බණ්ඩාර මහතා කීයේය. එවිට මැ‍ණිකේ කඳුළු හෙලමින් “ ප්රේතමවන්ත සහෝදරයාණනි, මා ගෙන්වා මට මේ කරන සත්කාර ගැන මම තමුන්නාන්සේට පින් දෙමි. පුරුෂයන් විසින් ස්ත්රි න්ට යම් කිසි උපකාරයක් කළ යුත්තේ ස්ත්රි.න් භාර්යාකමට පාවාගැණීමම පෙරදැරි කරගෙන නම් පුදුමයකි. මම තමුන්නාන්සේගේ සමඟ විවාහ වෙන්ට අකමැති වෙන කිසිම වරදක් නිසා නොවේ. මගේ මවුපිය දෙදෙනා විසින් මා කෙනෙකුට පාවා දෙන ලදී. ඒ මගේ ප්රාේණය හා සමාන ස්වාමි පුරුෂයා සතුරන් විසින් අල්වා‍ගන්නා ලදී. එතුමා ජීවත්ව ඉන්න වාද නැද්ද යනු මම නොදනිමි. එතුමා ජීවත්ව සිටිතොත් මා අන්ය පුරුෂයෙක් සමඟ විවාහවීම නීතියටත් සත් චාරිත්රෙයටත් යන දෙකටම විරුද්ධය. එත්මා නැති නාලේ යම් පුරුෂයෙකු හා කල්ගතකොට, එතුමා පැමිණි කාලයක නැවතත් එතුමාගේ භාර්යාව වීම මා වැනි කුල ස්ත්රිගයකට කළ හැකි වැඩක් නොවේ. මගේ පුරුෂයා කෙරෙහි බැඳි ‍ස්නේහයත්, ඔහු කෙරේද දැක්විය යුතු පාදපරිචාරිකා භාවයත්, ඔහුගේ හෝ මගේ ජීවිතක්ෂය වීමෙන්ම මිස වෙනස් කළ නොහැක. ඒ හෙයින් තමුන්නාන්සේ සතුටු නම්, මගේ ස්වාමි පුරුෂයාණන් ගැන විමසාලා බලා එතුමන් මළායයි නිශ්චිත වශයෙන් දැනගත් පසු මගේ කැමැත්ත කියන්නෙමි” යි ලීලාවති මැණිකේ කීවාය. ඉතින් එදා ඊට පසු කිසිවක් කථා නොකළ නමුත් ඊට දෙතුන් දිනකට පසු ටිකක් බලයත්කාර කමින් මෙන් ලීලාවතී මැණිකේගේ හිත හැනිමට වීරිය කළ නමුත්, කිසිවකට භයක් චකිතයක් නැති ඒ පුදුම ස්ත්රිපය ඒ ගැන කිසිත් කොසලකා තුෂ්නිම්භූතව සිටියාය. ඉතින් මුදලාලි. ඒ ලිලාවතී මැණිකේ මාත් සමඟ එක කාමරේම නිදාගැනීමාදියෙන් ඉතා හිතෛෂි විය. අපි එක්ව නිදන විට ඒ මැණිකේ මට කියා දීපු ධර්ම කථාත් අවවාදත් ඇත්තෙන්ම පුදුමයි. බණ්ඩාර වැනි වලෙක් සමඟ කල් යැවීමට වඩා කුස ගින්නෙන් ඉදීම හොඳයයි සිතා මම ගෙදර ආවේත් ඒ කුම‍ාරියාමිගේ උසස් ධර්ම කථා ආසීමෙනි. ඔන්න ස්ත්රි න් ගැන ඒ ගුණවත් කුමාරිහාමිගේ කථාවක් මෙසේය.” කරුණාවන්ත ‍ඩේසි, උඹට මම සත්යකයක් කියන්නෙමි. ගුණ ධර්මයෙන් පිටත සැපක් නැත. ගුණධ‍ර්මයෙන් වෙන්ව සැපතක් සොයන්නා මනුෂ්යන නාමධාරී තිරිසනෙකි. දැන් අපේ ‍රට නරක් වෙලා. අසරණවෙලා, කාලකණ්ණි


120 වලව්වක පලහිලව්ව

අසරණයන්ගෙන් පිරිලා, අභව්ය වූ දුක්ඛිත වූ මිනිසුන්ගෙන් පිරිලා තිබෙන්නේ අපේ ‍පක්ෂය පහත් නිසායම. රටකට පුණ්යකවන්තයන් ඉපදීමට පුරුෂ පක්ෂය මෙන්ම ඇතැම් විටක පුරුෂයන්ටත් වඩා ස්ත්රීටහු ධර්ම ශාස්ත්රඉ උගත් ස්ථීර ගුණයෙන් පිහිටි, පිරිසුදු කුල චාරිත්රර රක්ෂාකරණ, නිර්භීත කොටසක් විය යුතුයි. ඒ මක්නිසාදැයි උඹට තේරුමක් නැත. ඔන්න මව් හරියට කුඹුරටම සමානය. හොඳින් පොර යොදා නිසි පිළිවෙලට සකස් නොකරන ලඳ, උවමනා තරම් ජලය නැති කුඹුරක වැපුරුවත් ගොයම් ගස් වලට වඩා තෘණ ගස් ආදී වල් පැලද පැලවේ. ගොයම් ගස් අතරෙන් පතර තිබුනත් ඒවා වැඩි සරුවක් නැතිව කිසි අස්වැන්නක් නොලැබෙන් බව අපට පෙනේ. එමෙන්ම යම් ස්ත්රිසයක් ධර්ම ශාස්ත්රඹ නොදත්, බිය සුළු වූ, පව්කරන්නා වූ, චපල වූ කුල ධර්ම වලින් පරි බාහිර වූ, උදාරතර කල්පනා නැත්තා වූ, කෙනෙක් නම්, ඈ කොපමණ ඉහල පරම්පරාවක, වලව්වක කෙනෙක් උවත් ඇගේ කුසේ උපදින දරුවෝද ඥානයෙන් හා ගුණයෙන් හීනවූ, චපල වූ, අවලක්ෂණ වූ ලෙඩවූ, අදක්ෂයෝ වෙති. මීට හේතු උඹ දන්කේ නැතැයි සිතමි. ඔන්න ඩේසි, මාර්තෘ ගර්භයේ ළමයෙක් පිළිසිඳුනාම ඒ ලමයාගේ වැඩිම මවුගේ ගති ගුණවලට අනුවය. මක්නිසාද නවමස් පසළොස් දිනක් මුළුල්ලේ මවුගේ සිතිවිල් හා ගති ක්රිලයාදියත් ඒ ලපටි මස් පිඩේ වැදීමෙන් හා ආශ්රලයෙන් මවුගේ ආශ්වාස ප්රාලශාවාස ‍යෙන්ම ජිවිත් වීමත් නිසාය. මවු යම් කිසි පහත්, ලාමක තුච්ඡ කල්පනා ඇත්තියක් නම්, ඒ කල්පනා සියල්ලක්ම කුසඔත් ලපටි දරුවාගේ මොළේ ඇ‍ඳේ, මවු කරන කියන සිතන සියලුම දුශ්චරිත හෝ සුචරිත ක්රිේයාදිය කුසඔත් ළමයා තුළ සම්පූර්ණයෙන්ම පිහිටන්නේය. බලන්ට සමහර ස්ත්රීයහු ගර්භනීව ඉන්නා විට යම් කෑම බිමාදියකට දොළක් ඇති වීනම් ඒ දොළ ‍නොසන්නිදෙව්වොත්, ඇ‍ගේ කුසෙන් උපන් දරුවාට යම්කිසි ව්යා ධියක් ඇතිවන බව පෙණේ. එසේ වීමට හේතුව නිත‍රම ආස්වාස ප්රාාස්වාස බලයෙන් මවුගේ හිතේ පවත්නා පරද ළමයාගේ ශරීරයට ඇතුල් විමය. ඉතින් දැන් අප රටේ ඉන්නා ස්ත්රීරන්ගෙන් සියේට අස‍ූපස් දෙනෙක් ලෝකයේ තොරතුරු ධර්ම ශාස්ත්රාටදී කිසිවක් නොදතා තැනැත්තියෝය. සියේට පස් දෙනෙක් පමණක් මඳක් උගත් ශිෂ්ටාච‍ාර තැනැත්තියෝ යයි කිවහැකි ස්ත්රිකහුත්, අනික් දසදෙනා මිලේච්ඡ වූ, තුච්ඡ වූ, යුරෝපීය පඤ්චකාමය ‍එහෙම පිටින්ම භාරගත් තැනැත්තියෝය. නූගත් අශික්ෂිත සිංහල ස්ත්රී න්ටත් වඩා යුරෝපීය ශිෂ්ඨාචාරය හස පිටට ගත් අපේ ස්ත්රීරහු නරකය. ඩේසිට

පියදාස සිරිසේන නවකථා එකතුව 121

ඒ බව හොඳහාටි ප්රවත්යගක්ෂ වන කාරණයක් මම කියන්නෙමි. දැන් අපේ වලව් දිහා බලන්ට, වලව් සියේකට පහක් පමණ උසස් ගුණ ධර්ම රක්ෂාකරන කුළ ස්ත්රීාන් වාසය කරන තැන් හැටියට පිළිගත හැක. අනිත් අනු පහේම ඉන්නා යම දූතියෝ, ස්ටයිල් එකත්, අදික කාම සැපත් අහංකාරයත්, පර සිරිත් කෙරෙහි බලවත් ඇල්මක් ඇත්නියෝය. ඉතින් ඔවුහු නපුරු බෝඩීන් පාඨශාලාවල කුඩා කාලයේ පටන් බලවත් දුශ්චරිතවල ගැලී සිට, ගෙදර අවුත් අවුරුදු තිහ හතළිහ වනතුරු ගෙදරදීත්, නොයෙක් දුශ්ඩරිත කරමින් සෛවරීව සිට, බූදලයක් නිසා හෝ වෙන අවමානයක් සඟවා ගැනීම පිණිස දීගයක ගියත් දරුවන් නොලැබේ. ඉඳ හිටලා දරුවෙක් ලැබුනත් එක්කෝ කො‍ර වූ, අන්ධ වූ, බිහිරි වූ ජඩ වූ කාලකණ්ණියෙකි. එසේත් නැතිනම් උපන්දා පටන්ම රෝගියෙකි. හොඳයි ඩේසි උඹ දන්නා හැටියටත්, අපේ රටේ වලව්වලින් සියේට අනූපහක් පමණ උපන් ප්රදසිද්ධ උගතෙක්, දක්ෂයෙක් කීර්තිමත් කෙනෙක් ගැන උඹට කියන්ට පුළුවන්ද? වලව් සියේට පහක පණ ගුණවත් දක්ෂ් ප්ර සිද්ධ මහත්වරු සිටිති. ඒ උතුම් ප්ර්තිපත්ති රක්ෂා කරණ තැන්ය. ඉතින් ස්ත්රීණන්ගේ සදාචාරයත්, ස්ථිර ගතියත්, මහේශාක්යෂ භාවයත් නිසාම ජාතියේ පුණ්යරවන්තයන් උපදින බව තේරුම් ගත හැක. දැන් අපේ රට හරියටම අසූචියට මළකුණු ආදී තවත් දුඟඳ දේ එකතු කළාක් මෙන් වී තිබේ. එනම්, ස්ත්රිටන්ගේ පහත් ගතියට වඩා පුරුෂයන්ගේ බේබඳ ජඩ ගතියකි. මිශ්රුවූ මිනිසෙක් නිසා උපන් දරුවෙකුට කිසි කළෙකත් මහේශාක්යග උදාරතර භාවයක් ඇති නොවේ. ඒ ‍එසේ වුවත් විශේ‍ෂ වශයෙන් ම අප රටේ වලව් සුරා ගැබ්බෑයම් හා සමානය. විස්කි, බ්රැෂන්ඩි ආදී තද මත්පැන් නැති වලව්වක් සොයා ගැනීම ඇට කැබලි , හම් කැබලි නැති නරි ගුහාවක් සොයා ගැනීම වැනි දුෂ්කර ක්රිවයාවකි. දැනට අප ජාතියේ සිටින ධනවත්ය, උසස්ය කියන පංක්තියෙන් සියේට අනුපස් දෙනෙක් විෂ්කි ආදි සැර බීම ජාති බීමෙන් හිතත්, ශරීරයත්, ගුණධර්මයත් විනාශ භාවයට පමුණුවා ගත් අධමයෝය. අනිත් අතට අපේ ඉතාම පහත් නූගත් අසරණ පක්ෂධය රා ආදී ලාභ සුරා ජාති බීමෙන් සියල්ලෙන්ම පිරිහුණු මනුෂ්යක තිරිසනුන්ය. මේ දෙකොටස වෙන්කළාම ඉතුරුවන මධ්යපම පංක්තියෙන් සියේට අසූවක් පමණ ටික ටික බොන “කපටිය”. ඔවුන් ගැන හරිහැටි පරීක්ෂා කර බලන විට බේබද්දන් මෙන් බී විකාර කරන වලව්වල මිනිසුන්ටත් පහත් පංක්තියේ මිනිසුන්ටත් වඩා රටට අන්තරාදායක බව පෙනේ. මක්නිසාද අදිකව බොනවුන් නිසා දරු


122 වලව්වක පලහිලව්ව

පිරිසක් රටේ ඇති නොවන හෙයිනි. දුඃඛිත වූ කාලකණ්ණි වූ, රෝගී වූ අඥාන වූ, දූදරුවන් ඇතිවීමට තිබෙන ප්ර ධාන හේතුව නම් මවුපියන්ගේ සුරාපානයයි. බලන්ඩ ඩේසි, අපේ රටේ පුරාණ තොරතුරු පරීක්ෂායකරන විට අපට දැන් පැමිණ තිබෙන අන්තාරය සිදුධවුයේ වි‍දේශිකයන් ගෙන් පුරුදුවූ සුරාපානයෙන්ම බව ඒකාන්ත ලෙස වැට‍හේ. සුරා බිඳකින් ලේ බින්දු තිහ හතළිහක් දුෂ්යහ කෙරේ. එතකොට සුරා බෝතලයක් දෙකක් බොනු ලැබූ තැනැත්තාගේ ලේ විෂ ගුලියකැයි යුතු නොවේද? මේ සුරා විෂයෙන් දූෂිත වූ විලිබිය නැති, මෙලෝ පරලෝ දෙක නොදත් අමණ මනුෂ්යරයා ගේ ආශ්රූයට පත් ස්ත්රීොයද ඒකාන්තයෙන්ම මනුෂ්යි යක්ෂණියෙකි. ඈට ධර්ම ශාස්ත්රර ඉගෙනීමට ඉඩක්වත්, උතුමෙකුගේ චරිතයක් හෝ සත්ක්රිකයාවක් ගැන සිතීමට ඉඩක් වත්, සිතට ප්රී තියක්වත්, නිර්භයව නිසැකව ඉඳීමට ඉඩක්වත් නැති බැවින් සුරා බොන්නා ගේ භාර්යාව දුකින් පෙළෙන නිදහස නැති වහල් ස්ත්රිවයකට සමාන වේ. දැන් කාලේ ‍අපේ රටේ වලව්වලින් බොහෝමයක් කාලකණ්ණින්ගෙන්, කනුන්, කොරුන්, ගොළු බිහිරන්ගෙන් පරිපූර්ණ ස්ථාන බව උඹට මම කීවෙමි. නමුත් එසේ වීමට හේතුව නුඹ දන්නෙහිද? ඔන්න මවුප‍ියෝ ළමයින කුඩා වියේදීම ඔවුන් ඉදිරිපිටම බොමින් සමහර විට ඔවුනටද ටික ටික පොවති. තවත් කිය නොහැකි දුශ්චරිත ද කථා බස් ද දරුවන් ඉදිරිපිටම දක්වති. කියති. මේ නිසා මවු පියන් කෙරෙහි, වැඩිහිටියන් කෙරෙහි. භක්තියක්, ගෞරවයක් නැති ඒ දරුවන් ලොකු උනාම ඉගෙන ගන්නේ යුරෝපීය ක්ර මයට කෑමට බීමට ඇදීමට සෙල්ලම් කිරීමට පමණකි. ඉතින් පරම්පරාගත ධනය තිබෙන නිසා මෝඩ තක තීරුවන්ගෙන් ගරු බුහුමන් ලැබීමට කොතනවත් කන්තෝරුවක ලිපිකාර ධූරයකට පත් ව තවත් ධනවත් වලව්වකින් කසාදයක් බඳිති. එසේ කසාද බදින්ගේ පරම්පරාව, ජාතිය වර්ධනය කිරීම සඳහා පින්වත් දූ පුතුන් ලැබීමට නොව චාරිත්ර යක් හැටියටත්, ලොකු ධනයක් ලබා ගැනීමටත් පමණකි. ඔහු කසාද බැඳ ආ දිනේ පටන් කලින් පවති දුසිරිත් කිසිවක් අත් නොහරී. නිසම් නමට වලව්වේ මහතෙක් සිටිතත් විලි බිය නැති මේ හාමුගේ දුරාචාරය කෙතරම්දැයි ඩේසි සමගවත් මට කියන්ට බැරිය. ඉතින් වලව්වේ මහත්මයා සුරා බීලා කොටියෙක් ව‍ාගේ ඉන්නා රාළහාමිට හෙවත් හාමුට බයේ කිසිත් නො කියා භාවනා කරමින්, සුසුමි ලමින් කාලය ගත කරති. හාමු හරියටම කොටියෙක් වාගේ ලෝකේ ඇතිතාක් දුශ්චරිත කරමින් හැසිරේ. ඉතින් සමහර වලව්වේ

පියදාස සිරිසේන නවකථා එකතුව 123

මහත්වරුද මොටෝස කාර් ‍ඩ්ර යිවර්ලා, කුදිරකාරයන් අප්පුලා සමග “ උප විවාහයකට ඇතුළත් වී ඔවුන්ට රුච්වූ පරිද්දෙන් හැසිරෙති. ඉතින් මොවුන්ගේ ඒ පරම්පරාව හෙවත් වලව්ව ඉවර වේ. දැන් මේ ර‍ටේ ධනය ඇත් පවුලේ සියේකින් අනූපහක්ම අශික්ෂිත, අධම, කාලකණ්ණින් ගෙන් පරිපූර්ණ බව සත්යශයකි. මෙසේ විමට හේතුව මනුෂ්යේයෙකුගේ පවුලක, ගමක, රටක, ජාතියක, පැවැත්මට හා ‍අභිවාද්ධියට ගුණ ධර්ම කුලචාරිත්රර අවශ්ය් බව නොතකා මිථ්යාහදී පූජකාදින්ට වහල්ව පුහු ඉගැන්වීමට අවනත ව වැරදි මාර්ගයේ ගමන් කරීම බව සැළකිය යුතුය. ගුණ ධර්ම කුල චාරිත්රාගදීයෙන් පොහොසත් කෙනෙක් දනය නැති වුවත් දුප්පතෙක් නොවේ. ගුණධර්මාදිය රක්ෂාකරන කෙනෙකුට හෙවත් සුරාපානය නොකරන කෙනෙකුට අන්තිම දිළිදුකම කිසිකළෙකත් නොලැබේ. ලෝක පාලක ධර්මය නම් විලි බිය දෙක වේ. ඒ ලෝක පාලක ධර්මයෙන් පරිභාහිරවූ තැනැත්ත‍ාට කිසි කළෙකත් ලෝකයේ සුකිතව වාසය කළ නොහැක්කේය. මේ සිනා අපේ රටේ දරුවන්ට සුචරිත ධර්මය පුරුදු කරනතුරු කෙතරම් පාඨශාලා පිහිටෙව්වත්. ලක්ෂණ ඇඳුම් ඇන්දෙව්වත් එයින් කිසි ඵලක් නැත ඉතින් ඩේසි උඹ සුඛිතව මෙලෝ පරලෝ දෙකට ප්‍ එයෝජනවත්ව ජීවත්වන්ට කැමති නම් කිසි කළෙකත් සුරාපානය කරන කෙනෙකු ආශ්‍රය කරන්ට වත් එපා. උසස් ගුණධර්මයෙන් පරිබාහිරව හැබැ දිණුවක් නැති බව පිළිගත් සත්යායකි. දැන් යුරෝපය පවත්නා අන්දමට තවත් කාලයක් පැවතුනොත් මේ ඇතිවී ‍තිබෙන දියුණුව සීනයක් වාගේ වෙනවාට සැක නැත්තේය. දඹදිව හා මේ රටේ තොරතුරු ඉතිහාසයෙන් අපට පෙනේ. ඒ සා විශාල දියුණු භාවය නැති වූයේ මක්කිසාද? අපේ රටේ අධර්මය බොවීමෙනි. ඉන්දියාවෙන් බුද්ධ ධර්මයක් නැති කළ හින්දු මහමත් පූජකයන් නිසා භාරතය දාස භාවයට පැමිණියේය. ලක්දිවට පැමිණි පරංගි ආදී දුෂ්ට විදේශින් හා දුෂ්ට සොළී ආදීන් විසින්ද බුද්ධ ධර්ම ප්ර චාරය වලක්වා මිථ්යා , පහත්, නිශ්ශාර ආගම හා නීච සිරිත් බෝ කිරීමෙන් පසු ලක්දිව පිරිහුනේය. දැන් එක එක පවුල් දෙස බැලුවාත් ‍ඩේසිට මා කියන කාරනය තේරුම් ගත හැක. මේ වත්තට එහා පාර දෙපැත්තේ පදිංචිව ඉන්නා සහෝදරයන් දෙදෙනෙක් වන මුදලිහාමිත්, රන්හාමිත් දෙදෙනාගේ පවුල් දෙ බලමු, මුදලිහාමි ආගම ධර්මය හා හොඳ නරක දැන පිළිපදින මනුෂ්යලයෙකි. ඔහුගේ භාර්යාව හා දරුවෝ පිරිසුදුවට ඇඳ පැළඳ සිත්වූ පරිදි කා බී ප්රීුතියෙන් සුවසේ කලගත කරති. නමුත් ඒ ඉදිරිපිට ඉන්නා රන්හාමි සුරාබොමින්, සල්ලාල ක්රි යා කරමින්, 124 වලව්වක පලහිලව්ව

සූදු කෙළමින්, සතුන් මරමින්, නොයෙකුත් දුශ්චරිත කරමින් සිටියි. ඉතින් ඔහුගේ භාර්යාවත්, දරුවෝත් කිළුටු වැරහරලි ඇඳගෙන කුස ගින්නේ මිරිකෙමින් විලාප කියමින් අඬමින්, වැලපෙමින්, සණ්ඩු කරමින් දුකසේ කල් යවති. පරීක්ෂා කරණවිට මුදලිහාමිටත් වඩා රන්හාමි වැඩ පල කරන වීර්ය ඇති මිනිහෙකි. නමුත් ඔහුගේ අධර්මවාදී හැසිරීමේ ප්රඩතිඵල වශයෙන් මුලු පවුලම දුකට භාජන කොට මනුෂ්යව ප්රේරතයෙක් මෙන් වැසය කරයි. මේ අන්දමට බලව විට අපේ ‍මුළු රටම පිරිහී තිබෙන්නේ, විනාශවී තිබෙන්නේ, රටවාසීන්ගේ දුශ්චරිත අධිකවීමෙන් බව ප්රනත්යශක්ෂය. මේ නිසා ස්වකීය පවුල, ගම, රට, ජාතිය කෙරෙහි මඳක්වත් ප්රේමමයක් ඇති අය සම්පූර්ණයෙන්ම දුශ්චරිතයෙක් වෙන්විය යුතුයි. අපේ රටේ අඥානයන්ට නොතේරෙන නිසා මේ දුශ්චරිත කරමින් සුචරිතයෙන් තොරව සිටින නමුත් ඇත්ත වශයෙන් නුවණින් සලකා බලනවිට සුචරිතයෙහි හැසිරීම, වියදම් අඩු වූ, පහසු වූ, සැපදායක වූ හැසිරීමකි. ඒ සැප පහසු වූ, සැහැල්ලුව පිරිසිදු හැසිරීම අන්තරාදායක වූ බර වූ, අපිරිසිදු වූ ජීවිතයක් ගත කිරීමට දුශ්චරිතව කරන අය කෙතරම් අඥාන කාලකණ්ණියෝ දැයි කල්පනා කරපන්නැ”යි ඒ ගුණවත් ලීලාවතී මැණිකේ මට කීවා යයි ඩේසි මා සමඟ කියා ඉවරවෙනවාත් සමගම ඇගේ මෑණියන් වන මැන්චි නොනා අප තැනටම දුවගෙන අවුත් අන්න මුදලාලි...... බස්නායක මහතාතා සමඟ ලොකු පිරිසක් මෙහාට එන බව පෙනෙනවා, සූදුපලට යනවා නම් මහා කන්ද අයිනෙන් යනවා මිස මේ පාරෙන් එන්නේ නැත. පසළොස් දෙනෙක් තරම එන්නේ මෙහාටයි කාරණය තේරුම් ගන්ට අමාරුය. බාග වේලාවට මුදලාලි එදා පුන්චාට පක්ෂව ක්රිටයා කළාට පලිගන්ට වියහැකි” යි කීවාම කාරණය මට තේරී හොඳයි අම්මේ ඔවුන් එන්නේ මා නිසාම බව පෙනේ. මේ ලොකු පිරිසකට මා අසුවුනොත් කාරණය නරක්විය හැක. ඉන්නිසා කරුණාකර මා සඟවාලා දැන් මෙහි නැති බව කියා මා ගලවාගෙන්ට යයි කීවෙමි. ප්රසයෝගයෙහි දක්ෂ මේ මහලු ස්ත්රිැ “ මම ඒ සියල්ලම බලා ගන්නෙමි” යි කියා ඇගේ කාමරයට මා එක්ක ගොස් එහි මුල්ලක මා වාඩිකරවා පැදුරු හත අටක් ‍හේත්තු කොට එනකොටමත් බස්නායක හා ඔවුන්ගේ චන්ඩි පිරිසත් මැන්චිලාකේ ගෙදරට අවුත් “ කෝ උඹලාගේ ගෙදර වුන් දියොනිසා” කියා ඇසුයේය. මැන්චි නෝනා කිසි බියක් චකිතයක් නැතුව ඒ මිනිහා ‍ඊයේ හවසම යන්ට ගියා. ඇයි මේ බාලයාත් සමඟව ද ගියේ? දැන් ඔහුව සොයන්කේ කුමටදැ”යි මැන්චි පියදාස සිරිසේන නවකථා එකතුව 125

කීවාම. ඒ කිම බස්නායකයා හා පිරිස සම්පුර්ණයෙන්ම විශ්වාස කොට මැන්චි නෝනාට මෙසේ කියන්ට පටක් ගත්තේය. “මැන්චි නෝනා දැන් අපි සූදුපලට යනවා. ඒ දියෝනියා කියන මිනිහා මෙහාට ආවොත් මක්කරලාවත් නවත්වා ගන්ට ඕනෑ. උඹට මම ඒ ගැන රුපියල් පණහක් දෙන්නෙමි. ඊට අත්තිකාරමක් වශයෙන් මෙන්න මේ රුපියල් විස්ස තියා ගණින්. ඔය මිනිහා සූදුකාරයෙක් වශයෙන් දඩාවතේ ඇවිදින මිනිහෙක් වශයෙන් ආව නමුත් එසේ මෙසේ මිනිහෙක් නොවෙයි. අප කාණ්ඩේම සමහර විට උඹත් සමගම පර උගුලකට පත්කරන්නට ඇවිදිනා රහස් පරීක්ෂකයෙකි. අර ඩිංගිරි මැණිකාව සොයාගත් කොන්ගොඩ වික්රමමපාලයි. ඒ නිසා ඔය මිනිහාව අල්වාගන්ට උදව් කිරීම උඹට භාරයයි කියා ඔවුහු යන්ට පිටත්වූහ. මේ කථාව අසමින් ගෙයි මුල්ලේ වුන් මගේ ඇගේ ලේ හුණු විය. මක්නිසා දමේ දුෂ්ට ස්ත්රීු බස්නායකයාගේ කීමට භයපත්ව මා අල්වා දේයයි සිතුනු හෙයිනි. මම කාමරයෙක් එළියට අවුත් මේ පිරිසත් මැන්චිනාත් මක්කරවාදැයි බැලුවෙමි. බස්නායක හා ඔහුගේ පිරිස මැන්චිගේ ගෙයින් බඹ හත අටත් දුරවූ පාරට බැස්ස හැටියේ මැන්චි ඔවුන්ට කථාකොට ඔහොම ටිකක් ඉන්ටය කියන කොට මගේ හිසසෙක් ද යන තරම් භහ ගින්නක් ඇතිව දැන් නම් මැ මොවුන්ට අතට මේ දුෂ්ට ස්ත්රීිය විසින් පමුණුවනු ඒකාන්තයයි කල්පනාවි ඈත මෑත බැලිමි. පිටිපස්සා ප‍ැත්තේ මැන්චිගේ දුව ඩේසිත් තවත් කෙල්ලෝ දෙතුන් දෙනෙකුත් සිටියහ. ඉස්සරහ පැත්තේ මැන්චිත් බස්නායකයාගේ දුෂ්ට පිරිස පසලොස් දෙනෙකු පමණ දුටිමි. ඉතින් මොවුන්ට නොපෙනී කෙසේ මෙතනිනි පැන ගණිම්දැයි සිතමින් කලබලේ ඈත මෑත බලන විට ඔවුන්ගේ ගෙයි සාලේ වී දමන පරණ කබල් පෙට්ටියක් තිබෙන බව පෙනුනේය. මෙය ඒ ගෙදරට එන අමුත්තන්ට වාඩිවෙන්ට, නිදාගන්ට, තිබෙන ආසනයකි. මෙහි පැදුරක් ද එලා තිබුනේය. මම එතනට ගොස් බැලූවිට එහි සුළං යැමට තරම් සිදුරු තුන හතරක්ද තිබෙන බැවින් වහාම ‍ඒ පෙට්ටියට රිංගන බව කිසිවෙක් දුටු‍වේ නැත. ඉතින් මැන්චි බස්නායකයාට ටිකක් නවතින්නටය කී හැටියෙම ඔවුන්ද නැවතී මොනවාදෝ කතාකර නැවතත් කණ්ඩායම ගෙට ආහ. මැන්චි එකපාරටම මා වුන් කාමරයට අවුත් පැදුර ඉවත් කොට මා කො දැක පිලිකන්න පැත්ත දුවගොස් “ අර මුදලාලි මෙහෙන් පිටවී ගියාදැයි’ ඇසුවාය. එවිට ඩේසි හා අනික් කෙල්ලෝද මා පිටවි යනවා නුදුටු බව කිහ. ඉතින් බස්නායකයා


126 වලව්වක පලහිලව්ව

ජමාල් ආදී පිරිසත් කලබලවි මා සොයන්නට පටන් ගත්හ. නොඅනුමානව ඩේසිලාට නොපෙනී පිටිපස්සා පැත්තෙන් පැනලා ගිය බව ඔවුහු නිශ්චය කරගෙන ඒ පැත්තෙනි කාණ්ඩයම පිටවී කැලේ පඳුරක් ගානේ සොයන්ට පටන් ගත්හ. මැන්චි ගෙයි එහෙ මෙහෙ සොයමින්’ තොපි වාගේ අපරාධකාරයෝ තවත් නැත. ඔය ආවේ ‍එසේ මෙසේ කොනක් නොවේ. අපෙන් යම් කිසි ඔත්තුවක් දැනගෙන අපේ බස්නායක හාමුදුරුවන්වත් අපවත් අල්වා නඩු මගට පමුණුවන මහා සූර රහස් පරීක්ෂකයෙක්ය. ඔය මිනිහා මේ දොරකඩින් පිටවෙනවා තොපට බලාගන්ට බැරිවුනා නොවේදැයි කියමින් මැන්චි දූලාට බණිමින් ගෙයි පැදුරක් මල්ලක් නෑර අවුස්සන්ට පටන් ගත්තාය. මේ වේලාවට මගේ හිත ඉතාමත් භයට පතවී ඇතැයි මේ කියවන්න හිතනු නොඅනුමානයි. නමුත් මම ඇත්තක් කියන්නෙමි. මේ පෙට්ටියට රිංගන්ට ප්රාථමයෙන් ම නම් මගේ සිතේ බලවත් භයක් ඇතිවිය. නමුත් පෙට්ටියට රිංගාගෙන මිනිත්තු දෙකක් ගිය පසු කිසිම භයක් චකිතයක් නැතිව මගේ පිස්තෝලයත් අතට ගෙන දහ පහලොස් දෙනෙක් උවත් තුවාල කොට පැන ගණිමියි ආත්ම ශක්තියෙන් හා ආත්ම ගෞරවයෙන් මම සිටියෙමි. මා සොයන්ට කැලේ වුන් පිරිස ‍එසේ සොයද්දී බස්නායක ගෙට අවුත් මා වුන් පෙ‍ට්ටිය උඩම වාඩිවී “ ආ මැන්චි නෝනා, මේ මිනිහා පැන ගත් හැටි පුදුමයි. උඹ සමග මා කළ කතාව ඔහුට ඇසී තිබේ. ඕකා නො අනුමානව දැන් කැලේ ගහකටවත්, ගස් බිලි‍යකටවත් වෙලා ඇති. දැන් වේලාව හවස් වූ බැවින් කරුවලේ සොයන්ටත් අමාරුය. උඹලාගේ දුවත් සමඟ ඹය මිනිහා කථාකළායයි මම හිතෙනවා. ඒ ළමයාට මෙහාට අඬගැසුවොත් හොඳයි” යි කීවේය. එවිට මැන්චි ඩේසිට අඬගැසැවාම ඇද පැත්තකින් සිට ගත්තාය. බස්නායක ‍ඩේසිට කථාකොට “ ආ ළමයෝ, උඹ අර වික්රාමපාලට රැවටිලා කළ කථා බස් මොනවාද? අපේ ලීලාවතීගේ තොරතුරු හේම කීව‍ාදැ”යි ඇසීය. එවිට ඩේසි පුදුමව “ බස්නායක හාමුදුරුවනේ ඔය මිනිහාගේ පුදුම වේශය අපි දන්නේ කොහොමද? මාව කසාද බඳිනාවායයි අම්මා සමඟ කථා බස් කරගෙන උදේ පටන් මේ දක්වාම කථා කළා..... වත්තේ බණ්ඩාර හාමුදුරුවන්ගෙන් මං වෙන්වුනේ කුමක් නිසාදැයි ඇසුවාය. ලීලාවතී මැණිකේ ගෙනවුන් කළ කී දේවලුත්. දැන් ඒ මැණිකේ කොයිබ ගියාද ‍‍නොදන්නා බවත් මම කීවෙමි” යි ඩේසි කියන කොට බස්නායකයා ඔළුයට ගසා ගනිමින්” අනේ මැන්චි, උඹලා අප ගිනිවද්දාපි බාගවේලාවට අමාරු පැමිණෙන්නේ අපට පමණක් නොව උඹලාටත් සමගයි. ඉඳිගොඩ අපේ මස්සිනාලාගේ ගෙදරට ගොහින් තොවිල් කරලා, හුනියන් කපාලා, පියදාස සිරිසේන නවකථා එකතුව 127

එතන තිබුනු ඔප්පුවත් අරගෙන ඔය මිනිහා මෙහාට අවුත් කරපු ටිකත් මදි නැ. පුදුම සතා මේ විඩෙත් ඔය හාදයාව අල්වා ගන්ට නම් නොලැබේ. ඉතින් මේකට මක්කරනවාදැ”යි කියමින් බස්නායක පෙට්ටිය උඩම නිදා ගත්තේය. දැන් හොඳටම අන්ධකාරවූ බැවින් මා සොයමින් කැලේ ඇවිද්ද පිරිසද මැනිචිලාකේ ගෙදරට ආහ. ඔවුහු සියලුදෙනාම අරක්කු බෝතලය අරගෙන බී ගත්හ. රාත්රි බත්කාලා මා සොයන්නට යන පිළිවෙල මෙසේ කථාවර ගත්හ. තුන්දෙනෙක් පොල්ගහවෙලටත්, තුන් දෙනෙක් කෑගල්ලටත්, අන්ක් සියළුදෙනාම මේ කැලේ පරීක්ෂා කිරීමත්ය. ඉතින් මැන්චිලාගේ ගෙදර සියලු දෙනාටම කැම සූදානම් කොට හතහමාරට පමණ කාලා. ඒ නියම කරගත් හැටියට ඒ ඒ පැතිවලට ගියාහ. බස්නායක මා වුන් පෙට්ටිය උඩම නිදා ගත්තේය. රෑ නවය පමණ වන විට ‍මම බොහෝ බඩගිනිත් වෙන අමාරුත් ඇතිවූ බැවින් මේ එක මිනිහෙකු නිසා මම කුමට පෙට්ටියක් ඇතුලේ ඉදිමිදැයි සිතා හොඳහැටි සූදාසම්ව එක පාරටම පෙට්ටියේ දොර ඇරගෙන නැගි‍ට්ටෙමි. හොඳටම නින්ද ගොස් සිටි බස්නායක පෙටිටියේ දොරට යටවී බිත්තිය අයිනට විය. මම වහාම එළියට අවුත් ‍බස්නායකට තදින් පහර දෙකක් තුනක් ගසා ගෙයි මිනිස්සු හා බස්නායකයාත් මරහඬ දෙ‍ද්දී ගෙයින් පිටව පාරට බැස ඉතාමත් වේගයෙන් ගමන් කොට යන්තම් බමුණුගම කඩමණ්ඩියට පැමිණියෙමි. ඒ වෙලාවට එකම හම්බයෙකුගේ තේවතුර කඩයක් පමණක් විවෘත කර ගෙන වුන් බැවින් ඒකට ඇතුල්ව පාන් කා තේ වතුර බී පොල්ගහවෙල පැත්තට යන්ට පිටත්විමි.

10. පරිච්ඡේදය මේ

කරදරයෙන් ගැලවි රාත්රි ම පොල්ගහවෙලට අවුත් මගේ මිත්රත ලියන මහතා සමඟ මට සිද්ධවූ කරුණු කියා ඔහුත් සමඟ එහිදී ආහාර ගෙන නිදාගතිමි. රාත්රී  දෙක වනතරු නිදාගෙන සිට නවරත්න හා ලිලාවතින් ගැන හිතේ පැවැති කනස්සල්ල නිසා අවදිවි ඔවුන්ගේ පින්තූර දෙකද බලා ඔවුන් හුවමාරු කර ගත් ලියුම් වලින් එකක් බලන්ට ගතිමි. මේ කියවන මගේ මිත්රරයන්ට මඳක් සිත් ධෛර්ය වීම පිණිස එක ලියමනක් මෙහි දක්වන්නෙමි.

“ ප්රේරමණීය ලීලා, නුඹ විසින් එවන ලද ලියමන දෙවරක්ම කියවා බැළුවෙමි. තවත් දො‍ළොස් දිනක් පසුවනතුරු මට මාතලෙන් එන්නට නොලැබේ. අපේ රට කාලකණ්ණි දුඃඛිත භාවයට පත්කරන ලද්දේ අඥාන අධිපතියන් 128 වලව්වක පලහිලව්ව

විසිනි. යුරෝපයේ මිෂනාරිවරුන්ට ස්වකීය දූ දරුවන් භාර කරන ‍අපේ මිනිසුන්ට මොලේ තිබෙනවා නම් තිරිසනුන්ට වඩා හොඳ එකක් විය නොහැකිය. මිෂනාරීන්ගේ පරමාර්ථය ඔවුහු නොදනිති. ඔය මිෂනාරීගේම රටවල කෙළ ලක්ෂ ගණන් පාදඩකම් ක‍රන්නවුන් සවර්ගයට ගෙන යාමට වැඩ නොකොට විදේශිකවූ, ඉතාමත් ඈත හිටිය අප ගැන අනුකම්පාකර මෙහාට එන්නේ කුමක් නිසිදැයි ප්රේ මීය හිතන්නෙහිද? ඔවුන්ගේ අනුචර භාවයට, ඔවුන්ගේ අත් අඩංගුවට අප ගත් පසු ඔවුන්ට මේ රටේ තිබෙනතාක් යස ඉසුරු සිවකීය ජාතියට පමුණුවන්නට පිළිවන් බව ඔව්හු දනිති. වපුරා නැවත කපා පාගා ගැණීමේ ක්රමමය ඉතා හොඳින් දන්නා මිෂනාරීහු අපට සීනිබෝල ආදියත් වෙන වෙන රැවටිලික් කොට අපේ කුල චාරිත්ර වලින්ද, ආගම භක්තියෙන්ද, ස්වදේශ වාත්සල්යලයෙන්ද, පැරණියන් කෙරේ භක්ත්යාතදරයෙන්ද, අප තුරන් කොට ඉක්බිති ඔවුන්ගේ අදහස්වලට වාලාකොට අපව ‘මැස්මරයිස්’ කර ගණිති. ඊට පසු අප ජාතියම දුර්වල කිරීමට උවමනා කරන උපාය මාර්ග සියල්ලක්ම අපේම සෙනඟ ගෙන් ඔවුන්ගේ වාල්භාවයට පත් අය ලවා කරවමින් ඒ මිෂනාරිවරු සිනාසිසී කැමාර සැප විදිමින් අපට අධිපතිකම් කරති, කොපමණ ප්රිකට ඇත්තක් වුවත් එය ස්වජාතිකයන්ගේ ප්රපයෝජනය තකා යට පත්කොට බොරු කීමට පිළිවන් මිෂනාරීන්ගේ ගති ගුණ‍ ගැන වැඩි යමක් කීම උවමනා නොකෙරේ. මොවුන්ගේ ආශ්රරයට ගිය ස්වදේශින්‍ ඔවුන්ගේ දාස මෙහෙයෙහි නියුක්තව ජාති ගෞරවය කියන්නේ කුමක්ද කියාවත් නොදනිති. අපේ ‍රට භ්රිෂ්ට කර ගැණීමට ඔවුහු ඇතිකර ගත් මාරපාශ්ය අමෘතයක් මෙන් පිළිගෙන දූ කරුවන් ඔවුනට භාර කොට රට වනසන අඥාන ස්වදේශිකයන් ඉන්නාතුරු කවදාවත් අපට වගතුවක් නොවේ. මොවුන්ගේ බෝඩින් ස්කෝල වලක් පාඨශාලා. කන්යා මඩම් ආදියෙත් විස්තර ප්රේලමිය සියැසින්ම දැක ලිය එව් බැවින් වැඩිපුරු නොකියමි. අපේ පාතරට උසස් පවු‍ල් ඔක්කොම මේ මාරපාශයේ වැටී විනාශ වුනා. ඉක්බිති උඩ රටට ද එයම සිද්ධවේගෙන යයි. දැනටමක් උඩරට කුල ස්ත්රීාන්ගේ නාම යුදෙව් ගෑණුන්ගේ නම් වෙච්චි! උතුම් සිංහල කුලසිරිත් සියල්ලම මිලේච්ඡ අරාබි යුදෙව් සිරිත්වලට මාරුවෙච්චි. මධුර වූ මාර්තෘ භාෂාවට බලවත් පිළිකුලක් ඇතිකරයි! මුළු ලෝකයේම ඇති වූ ආගම්වලින් එ‍වලේම හැබෑ බොරු බව තමාටම ප්ර ත්ය ක්ෂ කරගත හැකි වූ තථාගත ධර්මය අන්ධයාට මැණික මෙන් නිෂ්පල විය. මාර්තෘු භාෂාවත්, ජාතික චාරිත්රනයත් පරම්පරාගත ගෞරවයත් නැතිකර ගත්

පියදාස සිරිසේන නවකථා එකතුව 129

කිසිම - කෙනෙකුට නිදහස් සැපතෙහි අගය ‍නොතේරේ. ළාමක වූ පංචකමයම තදින් අල්වාගත් එබඳ පහත් මිනිසුන් ගෙන් අපේ ජාතිය පරිපූර්ණ වී ගිය බැවින් අපට සිද්ධවූනාවූ ද, මතුවට සිද්ධවන්නාවූද, හානිය අප්රූමාණ වේ. ගුණ ධර්මයත්, ම‍හේසාක්යව භාවයත්, ආත්ම ගෞරවය හා ජාති ගෞරවයත්, වචන පමණකැයි සිතන්නෝ, තමන්ම රවටා ගන්නා පල්හොරු වෙති. ඒ කී සියල්ලම, ජීවිතය-ජීවන ශක්තිය බවට පමුණුවා ගන්නා තුරු මනුෂ්ය්යා නියම මනුෂ්යම ගතියෙන් යුක්ත නොවේ. නියම මනුෂ්යණ ගතියෙහි නොපිහිටියෙකුට උසස් ජාතියක සාමාජි‍කයෙක් විය නො හැක. ඒ ඒසේ නම් උසස් මිනිස් ගතියෙහි ප්රාතිඵල වශයෙන් ලැබෙන දිව්ය. ගතිය ලැබිය හැකිද? සත්තකෙන්ම නොපිළිවන. කාට උවත් යාච්ඥා කොට ලබාගන්න ‍දේ ඉතාමත් නීච එකකි. තමාගේ උසස් ගුණයට, උසස් ක්රි යාවට විපාක වශයෙන් ලැබෙන දේම උසස් වෙයි. දැන් අපි බලමු, තමා උසස් ඉගෙනීමක් ලබා, විභාගයකින් උසස් ලෙස සමර්ථව, තමාගේ දක්ෂකම පෙන්වා ලබාගන්නා නිලයත් කාටවත් කන්නලව් කියා අල්ලස් තෑගි ‍‍බෝග දීලා ලබාගන්නා නිලයත් එක සමානද? මේ දෙවනු කී එක කෙතරම් පහත්ද යනු එබඳ තනතුරු බලාගෙන ඉන්නන්ට ඔහුගේ අධිපතියන් විසින් දක්වන‍ අගෞරවය නොසැලකිලි වලින් මනාව තොරේ. ඒ එසේ නම්. පරලොව වශයෙන් කෙනෙකුට යාච්ඤාකර, කෙනෙකුගේ ආධාරයෙක් ලබන සැපත ස්වර්ගය, ස්වකීය උත්සාහයෙන්, සිවශක්තියෙන් ලබාගන්නා නිරය පමණක්වත් හොඳයයි මොහොතකටවත් නොසිතිය යුතුයි. අපේ මිනිස්සු ධර්ම ශාස්ත්රය නොදැන දැන් මෙහි පවත්නා පුහු ඉගැනවීමෙන් හා මිෂනාරී ප්රමයෝග වලින් මුළාව, අඥානව කාරනා තේරුම් ගත් නිසා නොවේ නමි අනුන්ගෙන් ඉල්ලා කන්නා ‍දාසයා බවත් අනුන්ගෙන් ගැලවුම් බලන්නා තිරිසනා බවත් තේරුම් ගත යුතුය. ඉතින් ප්රේතමිය, පසුගිය ශත වර්ෂ තුනක් මුළුල්ලේ පාතරට මිනිසුන් ට මිෂනාරීන්ගේ උපාය වලින් පැමිණි අභ්යුන්තර දූෂිත භාවයත්, පසුගිය ශතවර්ෂයට ටිකක් අඩු කාලයක් මුළුල්ලේ උඩරට වාසින්ට පැමිණි දූෂිත භාවයත් සහමුලින්ම නැතිකර ගැනීමට යටත් පිරිසෙයින් තව පරම්පරා දෙකක්වත් පසු නොවී නොහැක්කේය. එපමණ කල් පසු වෙලාවක් අපේ ජාතිය පරිශුද්ධ භාවය ඇතිවීමට නම් කාරණය අවබෝධ කරගත් අප ටික දෙනා විසින් නොකඩවා ම මේ කාරනා රට වාසීනාට කියා දිය යුතුය. අපේ ජාතික ඉගැන්විම කුමක් කරලාවත් ඇතිකර විය යුතුය. අපේ කුල චාරිත්රගවල ප්රිනීත කමත්, ආත්ම ශක්තිය හා ආත්ම ගෞරවය නැතියන්ට 130 වලව්වක පලහිලව්ව

මෙලොවවත්, පරලොවවත් කිසිම සැපත් නොලැබෙන බවත්, ලෞකික විමුත්කි සැපතින් මෙලොවදී මිනිසුන්ට පරලෙ‍ාවදී සැපතක් අධිපති භාවයත් නොලැබිය හැකි බවත් අපේ මිනසුන්ට කියාදිය යුතුය. ප්රේාමියට මුණගැසෙන මිෂනාරී ස්කෝලවලත්, බෝඩිං ස්කෝලවලත් ඉගෙන ගන්නා වැදගත් පවුල්වල තරුණියන්ට කාරණය සියුම් ලෙද අවබෝද වන ලෙස කියාදිය යුතුයි. මම අපේ නාරන්දෙණියේ කුඹුරු බලන්නට යන බැවින් මේ ලියමන මෙයින් සමාප්ත කරමි. සැපවේවා! මේ වගට - ආදරණීය නවරත්න.‍ මේ කියවන මගේ මිත්රතයන් නවරත්න මහතාගේ ගැඹුරු දනීම කල්පනා කරන විට මෙබඳු සිංහලයෙක් විනාශ වෙන්නට ඉඩ හැර නිසොල්මන් විම “වික්රෙමපාල” යන නම ඇත් මට ‍ සෑහේ දැයි සිතනු අනුමාන නැත. ඒ හෙයින්ම හොඳට එළිවෙන්නටත් ප්රමථම මගේ කළමනාත් ලෑස්ති කර ගෙන ‍උදේ පහට තරම් පොල්ගහවෙලට පැමිණෙන දුම්රියේ නැගී කොළඹට ගියෙමි. මේ ගමන මා කොළඹට පැමිණියේ මාස එකහමාරකින් පමණ කොළඹට නා බැවිනුත්, මට උවමනා කරණ තවත් කළමනාරාසියක් ගැනීමට තිබුණු නිසාත් පමණක් නොවේ. නවරත්න බණ්ඩාර මහතා බින්තැන්න පළාතේයයි ඩේසිගේ කථාවෙන් හැඟුන නමුත්, ලීලාවතී මැණිකේ පාතරට පැත්තේම යයි මට සිතුන බැවින්, මේ පැත්තේ ටිකක් දුර ප‍රීක්ෂා කරන පිණිසත් මම කොළඹට ආ බව සැලකිය යුතුයි. උදේ අටටත් ප්රාථම මගේ නවාතැන්පලට ආවෙමි. මගේ අතවැසි ළමයි ඉතා හොඳින් කල්ගත කර ති‍බෙන බැවි දුටු ම‍ට මහත් ප්රී්තියක් විය. මා ආ බැව් ඇසූ මගේ ඉතා හිතෛෂී අල්විස්, වීරසේකර ආදී මහත්තැන් මා සම්බවෙන්නට අවුත් “ මෙපමණ දවස් කුමක් කරන ලද්දේදැයි ඇසුවෝය.” මා විසින් කරණ ලද දේවලුක් විදින ලද දුකත් අප්ර මාණ නමුත්, අසවල් දෙයක් කරන ලදැය කීමට තරම් මගේ කාරණය සඵල නොවූ බව ඔවුන්ට කීවිට ඔවුහු කණගාටුව.” ‍අනේ මහත්මයෝ මේ භායානක ගිරි දුර්ග වන දුර්ග ආදියේත් චන්ඩ පරුෂ මිනිසුන් මධ්යලයේත් තනිව නෑවිද මෙන්න‍ මෙහෙ සුවසේ කල්ගත කරන්නට. එය හිතන්නටවත් බැරි ගුප්ත කරුණු සොයාගන්ට ගොස් අන්තිමේදී භයානක අනතුරට පැමිණෙන්ටත් පිළිවන. ඒ නිසා ඔය කල්පන්වල්

පියදාස සිරිසේන නවකථා එකතුව 131

දුරුකොට නිරුපද්රිකතව නිදහස් කටයුත්තක් පිළියෙළ කරගන්ටය” යි මා කෙරෙහි අරති හිතෛෂිභාවය නිසා කීවාහ. ඇත්තෙන්ම ඔවුන්ගේ කරුණා සහගත කීම් වලට නො කිපී අපේ බෝධිසත්වයක් වහන්සේ ගේ චරිතයක් සංක්ෂේපයෙන් කියන්ට කල්පනා කොට එය කට පාඩම් වන පිණිස කවියෙන්ම කීවෙමි. ඒ මෙසේය:-

ය ට ගිය දවස බරණැස් පුර ඉසුරු බ ර සෙට වන ගුණැති බඹදත් නම් නර පව ර ර ට වැසි සනසමින් දස රජ දම් නොහැ ර තු ට ලෙස රජ කරණ සඳ සක් සුරිදු යු ර

පෙ රුම න් පුරණ බෝසත් පරහිත නිර ත වෙළ දු න් කුලෙක ඉපදී ස‍ව්සිරි නුමු ත ග ණ නි න් පන්සියක් ගැල් රැගෙය විදි යු ත ස ර මි න් නොයෙක් දෙස දෙස වෙළදම් කර ත

පෙ දෙ සක සිට වෙළඳ බඩු අරගෙන නොමි නී නි රු ද ක මඟක් පසුකර යන්නට තිබු නී දි න ය ක දහවලෙහි කාටත් කිසි ලෙසි නී නොල ළැ ක ගමන එකතර ගිනි ගොඩන් වැ නී

මි ටි න් ගත් කලට නොම රඳන මඳකු දු සි හි න් වැලිම ඇත් ඒ මරු කතර රු දු ග ම න් කරණ දන දර පැන් ගෙණ පුරු දු ගැ ලි න් රැයෙහි පමණට එහි යති සුසැ දු

අ රු ණු නැඟුණු විට ගවයන් මුදා ලා ක රු ණු දැන එගැල් වටකොට තබා ලා ද රු ණු හිරු රැසෙන් නොමදින් තැවි ලා සැ රු ණු ගමන යෙති රෑ මඟ බලා ලා

ස මු දු රු රුදුරු ගමණක් වැනි මේ කත ර නු බ තු රු ලකුණු බලමින් සරති පසුක ර මෙ න පු රු කතර ගිය බෝසත් පසිරිව ර අ න තු රු බවට පැමුණුනි කරුමයෙක යු ර 132 වලව්වක පලහිලව්ව ම ග සැ ට යොදුන් පසුකර අන්තිම දව සේ තව ර ක රැ යි න් ගමකට යන බව සුවෙ සේ දැ න සි ටි ද නන් දිය ගල හිස්කොට සක සේ එ ම රැ ය ග මන් ගති ඉක්මන්ව නොල සේ

තු න් දවසක් ම බෙහෙවින් නිදිමැරූ බැවි නා නි න් දට වැටුනි මුල් ගැල පැද්දවූ ද නා ගො න් නුද නිසි මඟක් නැති වැල්ලේ යමි නා එ න් නට සැරුණු ආ පස්සට කැරකෙමි නා

කි සි වෙ ක් ඒ කිසිත් නොමදැන නිදිමති නී මු ලු එ ක් රැයක් ආපසු මඟ ගිය බැවි නී දෙ රැ ය ක් ගමන් මරු කතරෙහි ඇති වෙමි නී වි ප ත ක් කරගතිය දර පැන් හිස් බැවි නී

නි දා වුන් ගැලෙන් මහ බෝසත් එස ඳ උ දා සනම නැගටී දැක විපත න ඳ හ දා සො බියෙන් නොතැවී නොව පම ඳ මු දා ලව් ගොනුන් පවසා බසින් සො ඳ

ව ට පි ට එබෝසත් වැලි කතර ඇවිද ලා පු දුමෙ ට තිබුනු ඊතණ පඳුරක් දැක ලා නි සැ ක ට එතන දිය ඇති බව වැටහී ලා ක ණ න ට කිව් ලිඳක් බිය සැක දුරුකර ලා

ලැ ව ගි නි වැනි ‍වැදෙන හිරු රැස් නොතකවි නී දි වි පෙ ම ඇති බැවින් එපිරිස වෙහෙසෙමි නී සෙ ව් ම ට දිය කපන ලිඳ සැට රියන් වු නී කි ව් ඉ න් පසු නොහැකි බව එපිරිස දුකි නී

නො හ රි ව් වීරිය ලඟ ඇත දිය කපව් ව ල හි ම කි ව් බසට අනිකෙක් බැස එවල තු ල ගො ඩ ඵ ව් පස් කපා තව දෙරියන්ක් ව ල න ර ඹ ව් අහෝ! කලුගල විය එවල තු ල

ප සු ත් මෙහි ඉවර විය දැන් ගලකි අ නේ ඉ ස ත් පැලෙන්නට එයි තද හිරු රැසි නේ දි වි ත් මට එපායයි ඔහු ගොඩ නැඟු නේ ම හ ත් හඬින් අඬමින් පිරිස දුක්වු නේ පියදාස සිරිසේන නවකථා එකතුව 133 වී රි ය කරණ අයහට පසු නොබා සි ත කා රි ය සිදු නොකළ හැකි මේ ලොවේ නැ ත සූ රි ය රැසට බිය නොව ‍අපගෙ බොස ත දි රි ය ගෙණ බැසිය එම වලට නොනැ ව ත

ක ලු ග ල යට ජලය තිබෙන් බව දැනු නී නොසස ල එහිමි අත වැස්සකු කැඳවමි නී මෙ ම ග ල බිදුව යක්ලෙන් පහර දෙවමි නී ව ද හ ල බන අසා ‍හේතෙම සහතුටි නී

බ ල ව ත් ලෙසින් කුළුගෙඩියෙන් ගසන වි ට එ ම හ ත් ගල බිදුනි බෝසත් සිතු ලෙස ට පැ හැ ප ත් නිල් මැණික් වැනි ‍ජලය සහතු ට දැ ක සි ත් පිනා ගිය හැමගේ එක ලෙස ට

ජ ල යෙ න් සුපිරිසුදු ලිද සපිරුණ කල ට දෙ ව මි න් ගොනුන් හට ආහර උදව් කො ට න හ මි න් සියලු එපිරිස එදින පසු කො ට බ ඳි මි න් එලිඳ ලඟ කොඩියක් ලකුණ ක ට

පැ ද ගො ස් තමන් ගැල් ගැල් අදහස් කළ තැන ට ස හ තො ස් වෙළදු වෙළදම් බඩු ගති විකු ට ස ම තැ ස් එබව වීරිය හළ යති‍ඳෙකු ට නි ස ලෙ ස් වදහළේ මෙම දා විතර කො ට

නි රු ද ක කතර දි නැත යන අදහසි නී ක ර සැ ක නොකර වීරිය උනුනම දුකි නී පි රි සෙ ක මිනිස් ගව වැනසෙනු සලකමි නී දි ය ස ක තිලෝගුරු බෝසත් යුත් නැණි නී

වී රි ය වඩා කැණු ලිඳ සතට සැප විය සූ රි ය ලෙස ඔබගේ නම ලොව පතළ විය දි රි ය වඩන හට බැරි කිසිවක් නො විය ආ රි ය වංසයට මේ උරුමයක් විය

ඉතින් අල්විස් මහත්මයාණෙනි, බැරිය කියන දෙයක් ලෝකයේ නැත. යම් හෙයකින් මේ ආත්මයේදී හෝ ආත්ම හත අටකදී යම්කිසි කටයුත්තක් මස්තකප්රාතප්ත කර ගැණීමට නො හැකිවූ වත් වීරිය කරණ පුද්ගලය‍ාට එය ඉෂ්ටකර ගන්නට බැරි වෙන්නේම නැත. පුනරුප්පත්තිය එකාන්න 134 වලව්වක පලහිලව්ව

නැති අඥාන මිනිස්සු භාරදූර කටයුතු පටන්ගන්ට භය වෙති. මක්නිසාද? මේ ආත්මයේදී කරගන්ට‍ බැරි වුනොත් කවදාවත් ඒ ගත් මහන්සියේ ඵලක් නොලැබේය යන කල්පනාවෙනි. නමුත් ඇත්ත නම්, ආත්මයෙන් ආත්මයට උත්සාහ වන්තයාගේ මහේශාක්ය. භාවය වැඩිවී ගොස්, මේ ආත්මයේදී අවුරුදු සියයකින් කළ නොහැකි වැඩේ මතු ආත්මයකදී ‍දිනකින් දෙකකින් ක‍ිරීමට තරම් බලසම්පන්නයෙක්ව ඉපදීම ඒකාන්ත බවයි. එහෙයින් මේ දුකට පත්ව සිටින ලීලාවතී මැණිකේ හා නවරත්න බණ්ඩාත් ගැලවීමට වීරිය කරන මට යම්කිසි අනතරුක් වුනත්, මී ළඟම ආත්ම භාවයේද මෙ‍සේ අනතරුකට පත් දෙදෙනෙකු නොව දෙතුන් දාහක් ගලවාගැනීමට ශක්තිය ඇතිව උපදින්නට ලැබෙනු මට ප්ර්ත්යදක්ෂය. එහෙයින් මේ කුණු ශරීරය පරිත්යාදග කොට උදාතර ගුණයෙන් හා මෙහේශාක්යග භාවයෙන් අග්රෙප්රාණප්ත උසස් ආත්මභාවයක් ලබන්නට පිළිවන් නම්, ඊට කැමති නොවන පුද්ගලයා හණ මිටිය ඉස උඩ තියාගණ රත්රන් පෙන්වද්දීත් එය ප්රලතිකේෂප කොට ගොස්, වැස්සෙන් හණ තෙමී බර වැඩිව, කුලල කඩාගත් අඥානයාට සමානයි කීවාම අල්විස් මහත්මයා ඇතුළු මගේ මිත්රැයන් කීපදෙනා මුවෙන් නොබැණ නිශ්ශබ්ද වූහ. එදින රාත්රිබය ගෙදරම ගතකොට මගේ මගේ ප්රරකෘති වේශයෙන්ම කොළඹ ප්ර්සිද්ධ ධනවත් වලව්වක නැවතී ඉන්නා අප්පු කෙනෙක් සම්භවෙන්නට ගියෙමි. අන්දෝරිස් නමැති මේ තරුණයා ශක්තිමත් දේහයක් ඇති මනා පෙනිමක් ඇති විසිපස් අවුරුද්දේ අයෙකි. මොහු කුඩා කාලේදී අඳුනන බැවින් හා බෝහෝ වලව්වවල තොරතුරු අත් කෙනෙක් හෙයින් මා සොයන ලීලාවතී මැණිකේ ගැන ආරංචි මාත්රුයක් මොහුගෙන් දැන ගන්නට පිළිවන්දැයි බලන පිණිස මොහු සම්බවෙන්ට ගියෙමි. මගේම වාසනාවට මෙන් වත්තේ දොරකඩ ළගදිම ඔහු මුණ ගැසුනේය. මා දුටු හැටියේ අනදොරිස් ප්රීොතියට පැමිණ, බැහැරක් යනවා දැයි අසා මා ඔහුගේ කාමරයට කැ‍ඳෙව්වේය. නමුත් මට උවමනා කථා බස් එහිදී කරගැනීම දුෂ්කර හෙයින් ඔහුත් කැඳවා ‍මහ පාරෙන් ගොස්, කු‍ඩා පුටු විදියක රැස්කොට තිබුණු පරණ යකඩ ‍‍ගොඩක් උඩ වාඩිවී ඔහු සමඟ කථාකරන්නට පටන් ගතිමි. “අනේ අනදෝරිස්! මම ලොකු අමාරුවක වැටී සිටිමි.” ලීලාවතී මැණිකේ නමැති උසස් කුලාංගනාවක් නැතිවී සිටී. දැන් මාස දෙකක් පමණ ඈ සොයා ගැනීමට වීරිය කරමි. උඹ ගිය ආ තැනක මෙබඳු ලක්ෂණ ඇති තරුණියක් දුටුවේ නැද්දැයි අසා මගේ සාක්කුවේ තිබුනු ලීලාවතීගේ පින්තූරය පෙන්වීමි. අන්දෝරිස් පින්තූරය හොඳ හැටි පරීක්ෂාකර බලා උඩ බිම බලමින් කල්පනා කරන්නට

පියදාස සිරිසේන නවකථා එකතුව 135

පටන්ගත්තේය. මිනිත්තු පහක් පමණ ඔහු කල්පනා කරමින් සිට “ මහත්මයෝ ඔය පින්තූරයේ පෙණෙන අන්දමට ඔය තැනැත්තී මා අඳුනන කෙනෙක් නොවේ. ඔය විධියේ මුහුණුවර ඇති තරුණ ආයා කෙනෙක් එක්තරා වලව්වක සිටි බව මට මතකයි. නමුත් දැන් ඉන්නවාද මොක ද නොදනිමි” යි කියා පුරාණ කාලේ රැවුල් කපන මිනිසුන් වැඩි වශයෙන් ගැවසුනු ප්රවදේශයේ වලව්වක් සඳහන් කළේය. අන්දෝරිස් එබඳු ආයා කෙනෙකු දුටුවේ කොපමණ කලකට පෙරදැයි ඇසූවිට මාසයකට පමණ ඉස්සරයයි කී බැවින් මගේ හිතේ බලවත් සැකයක් ඇතිව ඉතින් අන්දෝරිස් උඹ නැවතී ඉන්නා වලව්වේ තොරතුරු කොහොමදැයි ඇසුවෙමි. “ අනේ මහත්මයෝ ඒවායේ විත්තිය කියන්ට ගියොත්” බල්ලෝ බත් නොකති” මම එතන ඉන්නේ මගේ පුරුද්දේ ශක්තියට ය. කම්මලේ ඉන්න බල්ලා හෙන ශබ්දයට භය නැතුවාක් මෙන් කුඩා කාලේ පටන් වළව්වල ඉඳලා පුරුදු වූ අයටත් ඒවායේ කෙරෙන තිරශ්චින ක්රිේයා ගැන පිළිකුලක්, භයක් , චකිතයක්, ඇත්තේම නැත. අපේ ලොකු හාමුදුරුවෝ මනුෂ්ය තිරිසනෙකි. වලව්වේ හාමුදුරුවෝ උන්නැහේට කථාකරන්නේ “බොල” තා, තො කියායි. සමහර වෙලාවට දෙන්නා එකතුව ලොකු තැන්වලට යති. නම‍ුත් ගෙදර ඉන්න කොට, ගැරැඬියත් හැපින්නත් වාගේය. වලව්වේ හාමුදුරුවන්ට උවමනා කොපමණ වැරදි ක්රිහයාවක් කළත් ‘ලොකු හාමුදුරුවන්ට’ අහන්ට බලන්ට අවසර නැත. මක්නිසාද ලොකු හාමුදුරුවන්ගේ පලහිලව් සියල්ලම වලව්වේ හාමුදුරුවෝ දන්නා බැවිනි. ලොකු හාමුදුරුවන්ගේ අප්රවසිද්ධ පවුල්හත අටක්ම ඒ ඒ වතුවල සිටිති. මේ බව දන්නා වලව්වේ හාමුදුරුවෝ එයාටත් උවමනා අන්දමට හැසිරුණාම ලොකු හාමුදුරුවන්ට කථාකරක්ට වත් ඉඩ නොදෙති. ඉතින් ලොකු හාමුදුරුවෝ කවදාවත් සිහිය ඇතුව ගෙදර නො සිටිති. උදේ දහයට ගියාම තමාගේ කටයුතු කරලා සවස හයට පමණ එන්නේය. එ ‍එනකොට සුරා පානයෙන් අමුතව මිසක් නො එති. මෙතරම් සුරා පානයකරන්නේ මන්දැයි වැදගත් මහත්මයෙක් ලොකු හාමුදුරුවන්ගෙන් ඇසූවිට එක දවසක් කීවේ මෙසේය. “ මිත්රණයාණෙනි, මම තමුසේට ඇත්ත කියන්නෙමි. සුරාපානය කිරීම නරක බව මම හොඳටම දනිමි. නමුත් සුරා නොබී අපේ ගෙදර ඉන්ට බැරිය. ඉතාමත් දුර්ගන්ධය ඇති තැනකට නොහොත් කුණුවු මිනියක් කපන තැනකට පැමිණෙන දොස්තරවරු දුර්ගන්ධ විනාශ කරන ඹෞෂධ වර්ග ආඝ්රාමණය කරමින් ඒ කටයුත්ත සඳහා පැමිණෙත්. එමෙන්ම අපේ ගෙවල් වැනි ගේවල ඉන්නා පිරිමිත් ඒ ගෙදරට ඒමට නම් සිහිය නැතිවන තරම් බීගෙනම ආ යුතුය. සිහිය තිබෙන කෙනෙකුට අපේ මේ 136 වලව්වක පලහිලව්ව

ගේවල පැවැත්ම, චාරිත්ර දැක දැක ඉන්ට අමාරුය” යි කියනවා මම මෙහායින් ඉඳගෙන අසා සිටියෙමි. මා ඉන්නා වලව්වේ ලජ්ජා භය කියන ඒවා බේතකටවත් ගන්ට නැත. එහි හාමුලත්, නොනා හාමුලත්, එකෙක් දෙන්නෙකුට වඩා නැති නමුත්, වෙනත් ඥාති හෝ වලව් වලින් ඇවිත් ඉන්න පිරිස නම් කෙළවරක් නැත. ඔවුහු සියලු දෙනාම ලජ්ජා භය නාඳුනති. මේ මා ඉන්න වලව්වේ කිසිම නෑ කමක් නැත. කවුරුත් ඒ ඒ අයගේ නම් කියා ආමන්ත්රලණය කරති. අයියා සිගරැට් එක බොමින් ඉනානාවිට නංගී දුවගෙන අවුත් එය උදුරා බොයි අනිත් අයත් එසේයි නටන විට. කන විට, බොන විට, නිදා ගන්නවිට, නාන විට, ස්ත්රීා පුරුෂාදීන්ගේ වෙනස් කමක් නැත, කවුරුත් එක්වම ඒ ඒ කටයුතු කරති. ඉතින් මේ තැන්වල ඉන්න අප්පුලත් ආයාලත් වැඩකාරයෝවාට මොකද ‍එවුන් සියල්ලම යාන වාහනවල වාඩිවෙති. මේ හාමුලා හාමිලා සමඟ කරට කර දාගන කතාබන් කරති, ඇවිදිති, මටත් එතන තිබෙන සැප පහසු ඇත්තෙන්ම ලොකු හාමුදුරුවන්ටත් නැති තරමයි. පළමුවෙනි පංක්තියේ කෑම පළමුවෙනි පංක්තියේ බිම ලැබේ. නමුත් දැන් මට දුකක්ව තිබෙන්නේ කොයිවත් ඕනැවට වඩා අධික වීමයි. ඕනෑවට වඩා යමක් විදීම, කිරීම ඉතාමත් දුකකි, මේ වලව්වේ ළමයින්ට සතුටු ඵලවන මොනම ක්රි යාවක් වත් කිරීමට තහනම නැත්තේය. මගේ අප්පේ, වික්රිමපාල මහාතා සමඟ මා ඉන්නා වලව්වේ විත්තිය සම්පූර්ණයෙන් විස්ත කරන්ට ගියොත් දවසක් ගතවේවි. ඊටත් වඩා විස්තර කිරීමට එතන ඉන්න නිසා මට භය ලජ්ජා නැතත් මහත්මයාට අසන්ට අමාරුයි. නොබෝදා එහි නෑදෑයෝ දෙතුක් දෙනෙක් එකතු වුනා, එහිදී මෙසේ කෑම අනුභව කරද්දීම කථාවක් වුනා. නොනාගේ වැරැද්දක් මහත්මයා නොනාගේ මව්පියන් ඉදිරියේ කීවාම නොනා කකා හිටිය මස්කෑල්ල මහත්මයාගේ මූනට ගසා, තෝ මගේ වැරැද්ද කියනවා, තොගේ තරම තොගේ නගාගෙන් හෝ නගාලාගෙ ගෙදර ඉන්නා වැඩකාරීන්ගෙන් හා වැඩකාරයන්ගෙන් දැන ගන්ට පුළුවන්යයි කියන කොටම “මම්මා” දූට තර්ජනය කොට එහෙම නොපණත් ලෙස මව් පියන් හා ස්වාමිපුරුෂයාද ඉදිරියේ හැසිරීම අයුතුයයි කීවාය. එවිට දියණිය කොටි ‍දෙනකි මෙන් නැගිට මව්ට අත දිගු කරමින් “ නාකිච්චි, මට දැන් ගුරුකම් කියන්ට හදනවා. අවුරුදු පණහ හැට වුණාට පසුත් අපේ ඇස් ඉදිරිපිට කල්ගත කරන හැටි අපි දන්නේ නැද්ද? අපේ පොඩි වරදක් දුටුවොත් අවවාද කරනවා. පප්පාව කී දවසක් ‍කණෙන් අල්ලා දොට්ට දැම්මාද? පප්පා බල බලා සිටියදී..... හා සමඟ කී දවසක් රෝන්දේ ඇවිද්දාද? බණ්ඩාරවෙල ගියාද? දැන් අපට අවවාද පියදාස සිරිසේන නවකථා එකතුව 137

කරනවාට” යි බැන වැදුනාය. එවිට හොඳටම අඩි ගහලා හිටි ලොකු හාමුදුරු‍වෝ වී, වී, මේකිලාගේ කුණු ගොඩවල් ඔවුනොවුන්ම අවුස්සන හැටි! අනේ! අනේ! අපට ගියකල” කියා කෑම ‍මේසෙන් නැගිට යන්ට ගියා. නොනා හාමුගේ මහත්මයා නැඟිට පිස්තෝලයක් සොයන්ට පටන් ගත් බව දුටු මම දුවගෙන ගොස්” අනේ හාමුදුරුවනේ ඔයින් කමක් නැත. ඉවසන්නටය, ඉවසීම තමා මහා සැනසීම” කියා ඒ මහතා මොටර් රථයේ නංවාගෙන සිවකීය වලව්වට එක්ක ගියෙමි. නමුත් නොනා හාමුට ඒ කිසිත් ගණන් නැතුව අනිත් කවුරුත් ‍ෙම්සෙන් නැඟිට ගියාට පසු පුළුවන් තරම් කාලා, විස්කි අඩි තුන හතරක් ගහලා ඉස්තොප්පුවේ තිබුණු හාන්සි පුටුවට වෙලා සිගරැට් එකක් බොන්ට පටන් ගත්තාය.