පූජාවලිය-ප්‍රස්තාවනය

Wikibooks වෙතින්
Jump to navigation Jump to search

පූජාවලිය-ප්‍රස්තාවනය


පූජාවලී නම් වූ මේ මාහැඟි මහා ධර්ම ග්‍රන්ථය මයුරපාද පරිවෙණාධිපති බුද්ධ පුත්‍රයන්වහන්සේ විසින් ස්වභාෂාභිවුද්ධි කාමීන්ගේ ප්‍රයෝජනය පිණිස නවගුණ පාඨයට අයත් “අරහං” යන්න මාතෘකා කොට බුද්ධ වර්ෂ 1809 ටත් 1818 (ක්‍රි .ව. 1266-75) ටත් අතර කා‍ල‍ය තුල සමන්තකූට පර්වත ප්‍රාන්තයෙහි පිහිටි පළාබත්ගල දේව ප්‍රතිරාජ ඇමතියා විසින් කරවා පිළිගන්වන ලද ‍දෙමහල් පහයෙහි දී රචනා කරණ ලද්දකි.

මයුරපාද පිරිවෙණ

බුද්ධ වර්ෂ 883 දී රජ පැමිණි බුද්ධදාස රජතුමා විසින් අනුරාධපුර මහා විහාරයෙහි මයුරපාද නමින් පිරිවෙණක් කර වූ බැව් පිරිවෙණක් කරවූ බැව්, “පස්විසි රියන් පහයකින් හොබනා මොණර පිරිවෙණ මහාවිහාරයෙහි කර වී ය.” “සමණ ය, ගෝලපානුව ය යන ගම් දෙක ඊට පුද කළේ ය. දහම් දෙසන භික්ෂූන්ට භොගයන් හා කැපකරුවන් ද දුන්නේ ය. *යන මහාවංශ වාක්‍යයෙන් හා නිල් භික්ති, නිල් පදනම්, නිල් සෙවෙනි ආදීන් මයුරා කාරවූ මොණරපා නම් මහාපායක් කරවා, සාඬ්ඝික කොට පිළිගන්වා-සඟ පන්සියයකට නිති දන් දෙවා, ගොලගම්, -මහණගම්-දන්වරු පෙත් වරු පෙත් කරවා මේ මොණරපා පිරිවෙණ අ‍ාදී වූ බොහෝ සඞ්ඝාරාම කරවා බුදු බව පතා යන” පූජාවලී (778 පිට) වාක්‍යයෙනුත් හැ‍ඟේ. මේ හැර වෙන මයුරපාද පිරි‍වෙණක් ගැණ ‍තොරතුරු සඳහන් වූ තැනක් මේතාක් සොයාගෙන නැත.

*පඤ්ච වීසති භත්ථෙන - පාසාදෙනො’ප සොභිතං, 
 මහා‍ විහා‍රෙ මොරව්හ - පරිවෙණම’ කාරයී.
 සමණං ගොලපාණුං ච - අදාගාමද්වයං තහීං,
 ධම්මඝොසක භික්ඛුනං - භොගෙ කප්පිය කාරකෙ.
 
       මහාවංශ-පරි. 37 -ගාථා-122-123

දෙවනි පැරකුම්බා රජතුමා

ශ්‍රී සඞ්ඝබොධි වංශයෙන් පැවත ආ නැම්බඹර කාලිංග විජයබාහු රජුට පරාක්‍රමබාහු-බුව‍ෙනෙකබාහු ය ඨී පුත්‍රයෝ දෙදෙනෙක් වූහ. එයින් පැරකුම්බා කුමරු කුඩා කල ම සඬ්ඝරක්ඛිත මහා සාමීන්ට භාර කළහ. උන් වහන්සේ දිඹුලාගල ආරණ්‍යක මහ‍ාකාශ්‍යප සඬ්ඝ රාජයන්ගේ ශිෂ්‍ය, ටීකාචාර්ය්‍ය ශාරිපුත්‍ර සඞ්ඝ රාජයන්ගේ ශිෂ්‍යවරයෙකි. අප්‍රතිහත පාණ්ඩිත්‍යයෙන් හෙබි සඞ්ඝනෙතෘවරයෙකි. මහා ග්‍රන්ථ කර්තෘවරයෙකි. වුත්තෙ‍ාදය - සුබොධාලංකාර යන පාලි ඡන්දොමලඞ්කාර ග්‍රන්ථද්වය හා සුසද්ද සිද්ධීප්පයොග - සුමඞ්ගලප්පසාදිනී (බුද්දක සික්ඛාටීකා) සම්බන්ධ චින්තා යන පොත් නිපදවන ලද්දේ ද උන්වහන්සේ ය.

තමහට භාරකරන ලද ශිෂ්‍ය කුමාරයාට සෘති-ස්මෘති ව්‍යාකරණ ආදී අෂ්ටා දශ විද්‍යාවන් හා අක්ෂර-ලිඛිත - ගණිත ආදී චතුඃෂෂ්ටිකලා ශිල්පයන් ද, සාර්ථකථා සහිත ත්‍රිපිටක පාළිය ද ප්‍රගුණ කරවූයේ ය. පිය රජු ඇවෑමෙන් බු.ව.1779 (ක්‍රි.ව.1236) දී මායා රට අග රජු වශයෙන් අභිෂෙකයට පත් මේ තරුණ කුමාරයාට‍ සඞ්ඝරක්ඛිත මහාසාමීන් ප්‍රමුඛ මහා සඞ්ඝ සභාවෙන් “කලිකාල සාහිච්ච සබ්බඤ්ඤු පණ්ඩිත” * යන ගරු නාමය ද ලැබුනේ ය.

*කලිකාලාදී සාහිච්ච - සබ්බඤ්ඤු පණ්ඩිතො’ති සො, 
 පතීතං නාමධේ‍යම්පි - පණ්ඩිතත්තා සයං ලභි.
                             මහාවංශය - 82- පරි.ගාථා 3. 

සතලිස් දහසක් සතුරු සෙන් සහිත ව රුහුණු-පිහිටි දෙරට වනසමින් සතලිස් වසක් ලක්රජය කළ මාඝ-ජ‍යබාහු යන මළල-ද්‍රවිඩ දෙරජුන් ද, රජ පැමිණි එකොළොස් වැන්නෙහි ජාවක රටින් සතුරුව ආ චන්ද්‍රාභානු රජු ද, බොහෝ සංග්‍රාම කොට සාධා, දෙමළ කසලයෙන් කෙලෙසී තිබුනු වැව්-අමුණු සකස්කොට ධ‍ාන්‍ය වැපිරවීමෙන් රටත්, කඩා බිඳ හෙලන ලද විහාරාරාම ප්‍රතිසංස්කරණය කොට ශාසන ශොධනයක් කිරීමෙන් බුද්ධ ශාසනයත් සමුර්ධ කළේ ය. සැදැහැවත් වූ මේ රජතුමාගේ අධිෂ්ඨානය පරිදි දළදා සාමීන් විසින් දක්වන ලද පෙළහරක් නිසා බුදු සසුන කෙරෙහි අතිශයින් පැහැදුනේ බොහෝ පින්කම් කළේ ය.

රජතුමා විසින් කරවන ලද ලොක - ශාසනික කටයුතු මහාවංශයේ 82-83 පරිච්ජෙදයන්හි ද, පූජාවලී (786-797) පිටු වල ද, රාජාවලී ආදී අනිකුත් වංශ කථාවල ද සඳහන් වෙයි. අවසාන කාලයෙහි රෝගාතුරව සිට රජතෙමේ මහා සංඝය‍ාගේ සහ මහාජනයාගේ සම්මත ය ලෙස රාජ්‍යපාලනය සිය දෙටු පුත් iv විජයබා කුමරුට පැවරී ය. හෙතෙමේ පියරජු කොට නොනිමි රුවන්වැලිසෑය ආදී පූජනීය ස්ථානත්, වල්බිහි ව තිබුන පොළොන්නරුවත් ප්‍රතිසංස්කරණය කරවා, පූර්ව රජුන්ගේ අග්‍ර රාජධානිය වූ එහි දී නැවත වරක් පියරජු අභිෂෙක කරවූයේ ය. ඒ විජයබා රජතෙම වාගිරිගල දුර්ගස්මස්තකයෙහි ඉත‍ා උස් පවුරෙන් වටකරණ ලද මහඟු රජ මැඳුරක් කරවා පියරජු විසින් දෙන ලද මහාධනය ආපදා පිණිස එහි සුරැකිව තැබී ය. ඒ මහ පව්වවෙහි ම යහපත් සඞ්ඝාරාමයක් කරවා මහානේත්‍ර පාද මූල1 විහාරයෙහි2 නායක තෙරුන් වඩා ගෙනවුත් ඒ ආරාමය උන්වහන්සේට‍ දී මහා පූජා ද කොට දන්වැට තැබුයේ ය.3 ඒ රජුගේ ජාතික ආගමික කටයුතු මහාවංශ 88-89 පරිච්ඡේදයන්හි හා පූජාවලී (798-805) පිටුවලත් විස්තර වෙයි. ‍අවසාන කාලයෙහි විවේක ජීවිතයක් ගතකළ ii පැරකුම්බා මිහිපල් තෙමේ ස්වකීය ආචාර්ය්‍යයන් වහන්සේ අනුගමනය කිරීම් වශයෙන් දෝ විසුද්ධිමාර්ග මහාසන්නය නිස්-සන්දෙහ නම් වන විනිස සන්නය යන පොත් නිපදවා, සඞ්ඝසභාව විසින් තම‍ා වෙත පිරනමන ලද විරුද නාමය අර්ථානුගතකොට තබා රාජ්‍යොදායෙන් පන්තිස් වැන්නෙහි කීර්තිශෙෂ භාවෝපගත විය.

ප්‍රතිරාජදේව ඇමතිතුමා

දුනුකේවතු වංශයෙහි උපන් ප්‍රතිරාජදේව, දෙවෙනි පැරකුම්බා රජුගේ අගමැති ය. හේ රණ සූරයෙකි. සිංහල ජාතියේ ත්, සම්බුද්ධ ශාසනයේ ත් දියුණු ව පිණිස දිවි පුදා කටයුතු කළ වීරයෙකි. බුදු බැව් පතා කුසල් කළ බෝසත් කෙනෙකි. ත්‍රිසිංහලය එක්සත් කිරීමෙහි ලා මාඝ-ජ‍යබ‍ාහු ප්‍රධාන සතළිස් දහසක් මළල-දමිළ යෝධයන් හා බිහිසුණු සටන් කිරී‍මෙහි ද, “අපි ත් බෞද්ධයම්හ”යි ලක්දිව ගොඩබැස විස පෙවූ හී වලින් දුටු දුටු ජනයන් විද මරමින් රට වැනසූ චන්ද්‍රභානු ප්‍රධාන ජාවක ජාරයන් ලක්දිවින් නැත‍හොත් මෙලොවින් තුරන් කිරී‍ෙමහි ද බුවනෙකබාහු-වීරබාහු කුමරුවන් මෙන් ම මොහු ද රජුට ‍බොහෝ උපකාරී විය. සිදතෙහි උභයභාෂාලඞ්කාරයට ද්‍රෘෂ්ටාන්තකොට තිබෙන කේරළ සංහාරය පිළිබඳ කවිය4 මොහුගේ යුද්ධ කාමීත්වය පෙන්නුම් කරණ දර්පන තලයකි.

1. මහානෙත්‍ර ප්‍රාසාද - ඇතැම්  
2. මේ ගැණ සැලකිය යුතු විස්තරයක් පසුව කිය වේ.
3. මුන්වහන්සේ මයුරප‍‍ාද පරිවෙණාධිපතීන් වහන්සේගේ ධර්මා‍චාර්ය්‍යවූ ද, සොහොවුරු වූ ද සුමංගල මහා සාමීන් ය.
4. සඳ වන සිඳු! කිය! කුඹුයොන නම සත රා 
   කිවි සෙවෙත තො ද වැලිනී යල තොගො රා
   අරුණු කිහෙනි වී කෙරලන් ලැබ හුරි රා
   පැටිවනෙ ‘දෙස යුධ පතිරාජ දිය ඉසු රා

පරසතුරු උවදුරුවලින් රට බේරා ගැණීමෙන් පසු ව රජතුමා මෙන් ම මොහු ද ලක්වැසියන්ගේ දෙලොව අභිවෘද්ධිය පිණිස ක්‍රියා කළේ ය. එක් දිළින්දෙකු දැක තම අඹුදරුවන් සහිත සියළු සම්පත් ඔහුට දී “මම බුදුවන්නෙමි” යි බුදුබැව් පැතී ය. මොහුගේ පුණ්‍ය ක්‍රියා අසා අතිශයින් ප්‍රසන්න වූ රජතෙමේ දුර බැහැර පළාත්වල ශෙෂ ව තුබූ කරන්නට දුෂ්කර පුණ්‍ය ක්‍රියා රැසක් තමා නමින් කරණ ලෙස නියෝග කළේ ය. සමන්-කුළු නගින දුෂ්කර මාර්ගය හේදඬු-පාලම් දමා‍ සකස්කොට සමන්දෙවිරුවක් මළුවෙහි තැබීම ද, අත්තනගල්ලෙහි තෙමහල් පහයක් කොට අනවමදර්ශී සඞ්ඝරාජ‍යන් ට පිදීම ද, පස්යොදුන්රට එතරවි‍ය නොහැකි ඉතා පෘථුල වූ ගංහෙබ් වලට බොහෝ දීර්ඝ පාලම් හතරක් දැමීම ද, බෙන්තොට වෙහෙර හා කළුගංතොට අතර යොදනක් පළල් තන්හි පරාක්‍රමබාහු නමින් පොල් උයනක් කිරීම ද, පළාබත්ගල දෙමහල් පහයක් කොට වනවාසී භික්ෂුන්ට පැවරීම ද, මාදෙල් ගස් නම් වනය කප්පවා අභිනව නගරයක් මවා එහි විහාරයක් කිරීම ද එයින් සමහරකි. නරපතිතෙමේ උහු විසින් කරවනලද මාදෙල් ගස් ගම ආදී ගම් උහුගේ කුල සන්තක කොට “මෙ තෙමේ මට ත්, සසුනට ත් හිත සේවයෙහි තත්පර ය. එ හෙයින් මම ද ප්‍රිය වස්තුවෙන් දළදා සාමීන් පුදමි” කියා අඹුදරුවන් සහිත ඒ ඇමති තුමා බුදුන් දළදාවට දින. මෙසේ රටට ත්, සසුනට ත් මහඟු සේවයක් කළ මෙතෙමේ පසුව දක්ෂිණ ලඞ්කාව ආරක්ෂා කරමින් තමහට ප්‍රවේණිකොට දෙන ලද මහදෙල් ගස් (රජ්) ගම් විසූ බැව් සිදතෙහි සඳහන් *අයදුම් ගී වලින් පෙනේ. මොහුගේ සත්ක්‍රියා ගැන විස්තර මහාවංශ 86 පරිච්ඡේදයෙහි හා පූජාවලියෙහි (795-97) පිටුවලත් සඳහන් ව තිබේ.


පතිරාජ පිරිවෙන්

අත්තනගල්ල - පළාබත්ගල හා මාදෙල් ගස්ගම ත් සිය නමින් ප්රා්සාද කරවනලද බව කලින් කියා ඇත. ලක්දිව අතී‍තයෙහි පිරි‍ෙවණ යන නාමය විද්යා‍ස්ථානයක‍ට ම නෙ‍ාව, බෞද්ධ පූජනීය ස්ථානයකට සඬ්ඝාරාමයකට-භික්ෂූන් වහන්සේ වැඩ සිටින කුටිය (කාමරය) කට ව්යහවහාර කරන ලද්දකි. එය ප්රාජචීන විද්යාසස්ථානයකට පමණක් සීමා වූ නමක් නෙවේ. එහෙත් එ කල හැම පූජනීය ස්ථායනයක ම පාහේ-


දකණ ලක සියල්  -  බුජමහවුරෙනි රක්න‍ටා,
දෙදෙව්  රදළගම්  විමන’ ගැ -  පතිරජ දෙව් සැරදෙනේ.
අදරෙන් යදත ඔහු -   විබතැ නිරණය  සිය බසැ,
පළ කරනු  වස්  මෙ කෙළෙම් -  කුළු‍ණෙන් සිදත් සඟරා.


-ධර්ම-විනයධර මහාස්ථවිරයන් වහන්සේලා විසූ හ. ප්රාiචීනභාෂා ශාස්ත්රන උගන්වන විහාරස්ථානවලට පමණක් පිරිවෙන් නාමය ලැබුනේ, පෙර මෙන් සෑම විහාරස්ථානයක ම බහුශෘත භික්ෂූන් නොවිසූ සමයක, අනිත් විහාරස්ථාන අතුරෙන් විද්යාූස්ථාන වෙන් කොට දැක්වීම පිණිස විය හැක. ප්රරතිරාජදේවයන් විසින් කරයන ලද සඬ්ඝාරාම අතුරෙන් පළාබත්ගල අත්තනගල්ල පිරිවේන් නාමයෙනුත්, ඒවායේ විසූ අධිපතීන් පතිරජ පිරුවන් හිමි නාමයෙනුත් ප්රරකට ව විසූ බැව් අපට කිවහැක්කේ ඒ හිමිවරුන් විසින් කරණ ලද ශාස්ත්රී ය කෘතීන් අප අතර තිබෙන නිසා ය. මාදෙල්ගස් ගම ආදියෙහි ඔහු විසින් කරවන ලද ඉතිරි ප්රා සාද කවර නාමයකින් හැඳින්වූයේ දැ යි කිව නොහැක්කේ ඒ ස්ථානයන්හිදී කෙරුන යම්කිසි ශාස්ත්රී ය කෘතියක් අප අතර නැති නිසාය.


ත්‍රිපිටකය ග්‍රන්ථාරූඩ කළ මාතලේ අළුවිහාරය, අටුවාටීකා සම්පාදිත අනුරාධපුර මහාවිහාරය හා පොලොන්නරුවේ ජේතවනාරාමය හැරෙන විට ධර්ම-ශාස්ත්‍රී ග්‍රන්ථ සම්පාදනය පිළිබඳ මුල් තැන ලබෙනුයේ පළාබත්ගලට ය. එහි විසූ ආන්නද වනරතන-ධර්මකීර්ති පෙළපත්වලට අ‍යත් පඬිවරයන් වහන්සේලාට 1.අභිධම්මමූලටීකා, 2. සමන්ත-කූටවණ්නා, 3. සද්දලක්ඛණ, (සිදත් සඟරා) 4.රසවාහිනී, 5.බාලාවතාර, 6.රූපාවතාර, 7.දාඨාවංශ, 8.මහාවංශ, 80-90 පරිච්ජේද , 9. පාරමී සතකය, 10.ජනානුරාගචරිතය, 11.සද්ධර්මාලංකාරය, 12.ජිනබොධා‍වලිය, 13.නිකායසංග්‍රහය, 14.ගඩලාදෙණිදන්නය, 15.සද්ධර්මරත්නාලිය යන පොත් ලිවීමට හා බුද්ධපුත්‍ර හිමියන්ට 16. පූජාවලාය ල‍ිවීමටත් ඒ ස්ථානය උපකාර වූ හෙයිනි. අත්තනගල්ලේ ප්‍රතිරාජ පිරුවණෙන් ලියන ලද්දදේ දෛවඥ කාමධෙනුව හා හත්තවනගල්ල විහාරවංසත් පමණකි.


පිරිවෙන් හිමියන් පිරිවේන් නාමයෙන් ප්රලකට වීම නිසා කලකට පෙර සිදත් සංශොධකයක් අතර පතිරජ පිරුවන් හිමි අවුලක් ද ඇතිවුයේ ය. එයින්පක්ෂයක් “දෛවඥකාමධෙනුවහිත්, සිදතෙහිත් ආරම්භ පද්යු අදහස් විසින් සමාන මුහුණු වරක් ගන්නා හෙයිනුත්, දෛවඥකාමධෙනු කර්තෲන් ද, පතිරජ පිරුවෙන් හිමි නම්න් ප්රඥසිද්ධ ව සිටි හෙයිනුත්, සිදත අනොමදස්සි සංඝරාජයන්ගේ යයි කියන අතර, අනිත් පක්ෂය රසව‍ාහිනී-සමන්තකූටවණ්නා- සද්ධර්මාලංකාර- කාව්යෙශෙඛර යන ග්ර්න්ථයන්හි සඳහන් යවන වෙදෙහ මහා සාමීන් කළ සිංහල සද්දාලක්ඛණයත් සිදතත් එක ම ලක්ෂයෙන් යුක්ත නිසාත්, උන් -වහන්සේ ද පතිරජ පිරුවන් හිමි නමින් ප්රීසිද්ධව සිටි නිසා ත්, සිදත් කතුතුමා වෙදෙහ මහා සාමීන් ලෙස සලකති. සිදත් කතුතුමා තෝරා ගැනීමට නම් සේ කරුණු ටික ත් ප්රතමාණවත් ය යි සිතමි. මට පෙණුන අඩුපාඩුව නම් මේ එය නොව, වෙදෙහ පක්ෂය ගත් අය වත් උන්වහන්සේ විසූ වන වාසික පතිරජ පිරුවන පෙන්නුම් කරන්නට සමත් නොවීම ය.


මයුරපාද පරිවෙණාධි පතීන් වහන්සේ

මුන්වහන්සේ ටීකාචාය්ය්රර්‍ ශ්රීක ශාරිපුත්රො සඬ්ඝරාජයන් වහන්සේ ගේ ශිෂ්යනවූ ද, ප්ර්සිද්ධ වූ ගණවැසි වංශයෙහි උපන් අභිධම්මත්ථ විභාවිවනි (අභිධම්මත්ථ සඩ්ගහටීකා) අභිධම්මත්ථවිකාසිනී (අභිධම්මාවතාරටීකා) යන ග්රධන්ථයන්හි කර්තෘවූ ද, මහානෙත්ර පාදමූල සුමඬ්ගල මහා සාමීන්ගේ සොහොයුරෙකි.කුඩා කල ම පැවිදිව සොහොයුරානන් වහන්සේ වෙතින් ම ධර්ම ශාස්ත්රා ද්ධ්යායන ය කොට බහුශ්රැ ත භාවයට පැමිණි පඬිවරයෙකි. බුද්ධත්ව ය ප්රා ර්ථනා කිරීමෙහි අධ්යාලශය ඇතිකරවා, එහි මෙහයෙවනලද මාර්ග දෙශකයෙකි. අධිගමලාභීන්ගේ අවසානයෙන් පසු ලංකාවාසීන්ගේ දෙලොව අභිවෘද්ධිය පිණිස සිත ත්, කය ත්, වෙහෙසා අනල්පොත්සාහයෙන් දීර්ඝ කාලයක් සේවය කළ මහා පුරුෂ‍ෙයකි. උන්වහන්සේගේ එකී සේවය ජීවිතාන්තය දක්වා‍ එක ම තැනක වැඩ සිට කරන ලද්දක් නොව ආය්ය්ාර්ර්ල් තිපදාව අනුව චාරිකාවෙහි හැසිරෙමින් කලින් කල ලක්දිව නොයෙක් තන්හි වැඩ‍ ව‍ාසය කරණ ලද්දකි.

එසේ ම කරණ ලද ශාසනික ක‍ටයුතු හා ලියන ලද පොත පත ද කුහකකමින් ‍ෙතාර ව, බොරු සිල් රටට නොපෙන්වා ලොකිර්ථචය්ය්නර්‍ාව ම මුල්කොට කරණ ලද සේ පෙනේ. සත්වයන්ගේ මනෝරෝග නිවාරණය පිණිසත්, II පැරකුම්බා රජු ලවා බුද්ධත්ව ප්රා්ර්ථනය මුදුන් පමුණුවා ගැනීම පිණිසත්, දේවප්රරතිරාජයන්ගේ ආරාධනයෙන් (බු.ව. 18 09) පළාබත්ගල දී; පූජාවලිය ලියූ උන්වහන්සේ , ඉන් නව වසකට පසු I භුව‍ෙනෙකබාහු නිරිඳුගේ ආරාධනය පිළි‍ෙගන එතුමාගේ ප්ර‍ත්යබයදාන ප්රනතිග්රහහණය කරමින් වාගිරිගල වැඩ සියටින කල්හි සත්වයන්ගේ කායික රෝග නිවාරණය පිණිස වෙදපොත (යොගාර්ණවය) ක් මයුරපාද පිරුවන්හි වැඩ සිටිමින් තවත් සින්දුරම් වෙදපොත (ප්රහයෝගරත්නාවලී) කු ත් ලිය යි.

මනෝරෝග නිවාරණය පිණිස පූජාවලියෙහි: “රජහු බොධිසත්ව පාරමිතාවෙහි වීය්ය්ිර්ව ඩවන පිණිස හා සිංහල භාෂාව දන්නා සත්පුරුෂජනයන් ගේ බොහෝ කලක් ශ්රාවද්ධාබුද්ධි ජනනය කරවා ත්රි්විධ වූ සම්පත් සාධාදෙන පිණිස හා නවවන බුද්ධොත්පාද ක්ෂණ සම්පත්තිය ලද්ද‍ාවූ මේ මාගේ ද අභිමත වූ ප්රා්ර්ථනාව සාධාගන්නා පිණිස ලියූ “යොගාර්ණවයෙහි” ශොක සිතින් වූ ක්ෂයරෝගීහට නෘත්යි ගීතවාද්යා්දියෙන් නිත්ය යෙන් සතුටු කරවනු, එළුවන් අතුරරේ සිටුවනු-වඳුරන් දක්වා ලුහුබඳයනු-ස්ත්රී න් හා සිපගන්වනු, මේ ආදියෙන් සමණ වේ.” (93 පිට උතුනී ලෙයට: සඳුන් තාකෙසරු මී ලමඳු මානෙල් අල කකාරා කිරි පෙවනු: මනාවේ” ( 204 පිට)- යමෙක් අතින් වක්ලා හෝ ඉසින් වක්ලා හෝ යෝනියට ආයේ ද, යමෙක් එක් පයකින් යෝනියට ආයේ ද, යමෙක් එක් පයකින් වන් ගුදයට‍ ආයේ ද, මොහු හැම දෙන සැතින් කපා හළ යුත්තාහ. (207-පිට) ප්රිජානෂ්ටයට: රත් කුඹුක් සුඹුලු ලා කවුඩුමස් පිස සත්දවසක් දෙනු (199 පිට) හෝ ප්රුයෝගරත්නාවලීයෙහි: මීමස්මරට: නූපුන් ඇසළ වැල්පෙනෙල බැබිල තුන්මුල් උතුනී කෙනෙක් ලවා ගෙන්වා ඉලපත මුන ගසනු, මනාවේ.” (110 පිට) නැතහොත් “ මේඇසුවත් සර්පයෝ දෙ‍ාළොස් අව්රුද්දක් නොකත්” යි මන්ත්රතයක් හෝ ලියයි.

දෙවැනි පැරකුම්බා රජුගේ රා‍ෙජ්යාහදයෙන් 25 වැන්නෙහි පඤ්චමූල-පරිවෙණාධිපතීන්, ගර්භණී-කුමාර චිකිත්සා දෙක හැර භික්ෂූන්ගේ (පුරුෂපක්ෂයේ ) ප්ර යෝජනයට පමණක් භෙසජ්ජමඤ්ජුසාව ලියන අතර මුන් වහන්සේ ස්ත්රීය-පුරුෂ දෙපක්ෂයේ ම ප්ර යෝජනය පිණිස වෙදපෙ‍ාත් ලියයි.


ශාස්ත්‍රීය කෘති

ඉතා මෑතක් වනතුරු උකන් වහන්සේ‍ගේ ශාස්ත්රේඥානය මැන ගැනීමට ඉවහල් වූ එක ම ශාස්ත්රී.ය ක‍ෘතිය වශයෙන් සොයා ගෙන තිබුණේ පූජාවලිය පමණකි. පූජාවලී ප්රසථම සංශොධකයන් විසින් ලියනලද ස්වකීය ප්ර ස්තාවනාවන්හි “‍ මේ පූජාවලිය හැර මයුරප‍ාද පිරිවෙණ සාමීන් කළ හා අන්ය ග්රලන්ථයක් දැනට අප අතර නැත්තේ ය. ශාස්ත්රහඥානය තිබී සතුරු උවසුරු වලට ගෙදුරුවන්ට ත් බැරි නැත. ඒ කෙසේ නමුත් මේ ග්රරන්ථය ම මුන්වහන්සේගේ පාණ්ඩිත්යැය ප්ර මාණ කරගැනීමට‍ නොමඳ ය යි හඟිමු” යි ලියනල ද වාක්ය යන්ගෙන් ඒ බව ඔප්පු වේ.

උන්වහන්සේගේ නියම ප්රවභාව ය ලංකාවාසීන් අතට පත්වූයේ සත්වයන්ගේ කායික රොග නිවාරණය පිණිස ලියන ලද යොගාර්ණවය නම් වූ පැරණි සිංහල වෙදපොත හා ප්රලයොගරත්නාවලී නම් සිංහල භාෂාවෙන් ලියන ලද එක ම සින්දුරම් වෙදපොතත් 1943 දි අපගේ සංශොධනයෙන් පළවු පසුව ය. යුද්ධකාලයෙහි හදිසියෙන් ම දෙතුන් වර පළවූ ඒ පොත් වල සැලකියයුතු විස්සතරයක් ඇතුළත් නොකළේ උන් වහන්සේ මනො රොග නිවාරණය පිණිස ලියූ ‍ මේ පූජාවලි ය ත් සම්පූර්ණ කොට විවේචනාත්මක සවිස්තර ප්ර ස්තාවනාවක් ලිවීමේඅදහස උඩ ය. මෙසේ උන්වහන්සේ ගේ ‍කෘා ගැණ ත්, ශාස්ත්රචඥාණය ගැණ ත් සැලකිය යුතු තරමේ යමක් ලිවීම‍ට කරුණු සොයා ගත හැකි වූයේ ලක්දිව පැරණි පුස්තකාල පරීක්ෂා කිරීමෙන් මා ගත් උත්සාහයේ ප්රණතිඵල නිස‍ා ය.

1.පූජාවලිය,- 2. යොගාර්ණවය,- 3. ප්රුයෝගරත්නාවලිය මේ උන් වහන්සේගේ කෘතීහු ය. හැම ග්ර න්ථයක ම තමා පිළිබඳ ව හා තත්කාලීන ලංකා ඉතිහාසය හා ශාසන ප්රිවෘත්ති ඇතුළත් පූර්විකාවක් ලිවීමෙන් උන්වහන්සේ ග්රමන්ථ සම්පාදනයෙහි අමුතු මගක් ගෙන තිබේ. එයින් ශාස්ත්රා රසිකයන්ට ලැබෙනුයේ ඉමහත් ප්රියෝජනයකි. එසේ ම ඒ ග්රකන්ථ සම්පාදනය කරණ අවස්ථාවන්හි උන්වහන්සේගේ තත්වය ද ඒ පූර්විකාවන්ගෙන් පැහැදිලි වෙයි.


පූජාවලිය

උන්වහන්සේගේ විසින් පළමුවෙන් ලියන ලද පොත මෙය යි. ලියන ලද්දේ දෙ වෙනි පැරකුම්බා රජුගේ රා‍ජ්යොන දයෙන් තිස් වැන්නහි පසු බු.ව. 1808 ටත් 1818 (ක්රිේ.ව.1266-75) ට ත් අතර පූජාවලිය පෙ‍ාත ලිවීමට ආරාධනය කලේ දේව ප්ර තිරාජ ඇමතියා ය. එකල වැඩ සිටියේ පළාබත්ගල ප්ර තිරාජ පිරිවෙන් විහාරයේ ය. මාතෘකාව නවගුණ පාඨයට අයත් “අරහං” යන්න ය. දීපංකර ප්රුණිධියෙහි පටන් බුදුන් පිරිනිවී 1809 දක්වා මෙ දැතුරෙහි දිව්ය්-බ්රා හ්මාදීන් විසින් පවත්වන ලද පූජාවන් සංග්රෙහ කොට කරණ ලද හෙයින් මෙයට පූජා+වලී= පූජා පංක්තිය (=පෙළ =වැළ) යන අන්වර්ථනාම ය තබ‍ා තිබේ. පොත ලිවීමට හේතු වූයේ ධර්මදානයෙන් බුදුරදුන් පුදා තමන්ගේ අභිමතාර්ථ (බුද්ධත්ව) ය සාධා ගැනීම ත්, දෙවැනි පැරකුම්බා රජු ලවා බුද්ධත්වය ප්රාමර්ථනා කරවීම ත් ය. “තව ද, ස්වභාෂා ලිඛිත වූ ධර්ම ව්යේඛ්යාොන කථාවෝ ද අ‍ටමහ ලෝවැඩක් කරන්නා හු ය” යි වැඩි දුරටත් මෙහි ප්රකයෝජනය විස්තර කර යි මෙහි ප්රිමාණය පරිච්ජේද 43 කි. ග්රකන්ථ සූවිසිදයසකි. බණවර 96 කි. අක්ෂර සත්ලක්ෂ අට සැ‍ට දහසකි.

බුද්ධ දර්මය කෙරෙහි අචල ශ්රාද්ධාව දියුණුවූමට ඉවහල් ස්වභාෂ‍ාවෙන් ලියූ මෙ වැනි අන්ය එක ද ග්රලන්ථයක් නැත. ශාසනවංශය-රාජාවලිය-ලංකා ඉතිහ‍ාසය-තත්කාලීන ලංකාශාසන ප්‍රවෘත්ති-සම‍ාජ චාරිත්රහ-රාජ්යලපාලන තොරතුරු හා ගම්බද සිරිත්-විරිත් ගැණ පවා දැනගැණීමට ත්, අනිත් වංශ කථාවල එන ඇතැම් සංසයස්ථාන නිරවුල් කර ගැණීමට ත්, මෙයින් ලැබෙන ප්රයයෝජනය අනල්ප ය. මෙහි සඳහන් ධර්ම කොට්ඨාස මෙන් ම අනිත් ප්රතවෘත්ති ද පරම සත්ය යෙන් යුත් බැව් අවබෝධ වූ වාර එකක් දෙකක් නොවේ.

“තපස්සු භල්ලුක වෙළඳ දෙබෑයෝ ලක්දිව ගොකර්ණය (ත්රිුකොණමලය) අසල ගිරිහඬු වෙහෙර කෙසධාතු නිදන් කළහ” යන මෙහි සඳහන් ප්රරවෘත්තිය බොහෝ දෙනාගේ සැකයට භාජනය වෙමින් පැවති එක් කරුණකි. එහෙත් ඉතා මෑතකදී එය සඳහන් ශිලා ලිපි‍යක්’ ඒ ස්ථානයේ තිබී සොයා ගැණීමෙන් පසු ව පූජාවලී කර්තෘන්වහන්සේගේ කීමේ සත්යගතාවය ප්රේකට වී ය.

මුන්වහන්සේගේ පොත් ගැණ දීර්ඝවිවේචන ලියා මහන්සි වීමට උවමණා නැත. උන්වහන්සේ අතින් ම එයඉ සිදු වී තිබෙන හෙයිනි. පූජාවලිය ලිවීමේ අදහස පොතේ (12-13) පිටු වල ත්, කර්තෘ හා කාලය ගැණ 12-13-46-62-804-805 පිටු වල ත්, මයුරපාද පිරිවෙණ ගැණ 778 පිටේ ත්, පොතේ ප්‍රමාණය ගැන 805 පිටේත්, ප්‍රයෝජනය ගැණ ද්වීතීය පරිච්ජේදයේ ත්, රජතුමා කල පූජාවලී පූජාව ගැණ 805-806 පිටේ ත් ඇතුළත්ව තිබෙන හෙයිනි. උන්වහන්සේ ගේ ප්‍රථම ග්‍රන්ථය වූ මෙය ඉතා තරුණ අවස්ථාවේහි ම ලියනලද්දක් බව “මහනෙත් පාමුල සුමංගල මහා ස්ථවිරයන්ගේ සහෝදර වූ ඔවුන්ගෙන් ම කිසි යම් දහම්නයක් දැනගත්තා වූ මයුරපාද පිරිටවෙණාධිපති බුද්ධ පුත්‍ර ස්ථවිරයන් විසින්2 යන වාක්‍යයෙන් හැඟේ. උන්වහන්සේ ගේ ලෝක- ශාසනික ක්‍රියා‍ නොරුස්නා පිරිසක් ද සිටි එකල සිටින්නට ඇති බැව් පූජාවල‍ිය ලියා පැරකුම්රජුට අවස්ථාවේ කීවේ ය යි ජන ප්‍රවාදයෙහි එන විහිළු කවියකින් පෙනේ. එ සේ ම උන්වහන්සේ යම්කිසි අංගවිකලත්වයකින් ද පෙළෙන්නට ඇතැයි එයින් ම හැ‍ඟේ.

1.Epigraphia Zeylanica Tiriyay Rock Inscription.  Vol. IV, 
2.පූජාවලිය 754 පිට


මයුරපාද පරිවේණාධිපතීන් වහන්සේ ගේ දෙවැනි කෘතිය වූ මෙය ලියන ලද්දේ පූජාවලිය ලියා නව වසකට පසුව ය. නැතහොත්i බුව‍ෙනෙකබාහු රාජ්යොනදයෙන් දෙ වැන්නෙහි යොගාර්ණවය ය. එ කල උන්වහන්සේ වැඩ විසූයේ දෙ වැනි පැරකුම්බා රජුගේ වැඩිමහල් පුත් වූ ද, මිත්රන නම් අමිත්ර දුෂ්ටයෙකු නිසා දරුණු මරණයකට ගොදුරු වූ ද, පියරජු ඇවෑමෙන් දෙවසක් ලක් රජය කළා වූ ද, iv විජය රජුට ස්වකීය පිතෘරාජයාගෙන් ලැබුන ධනය නිධන්කොට එහි ම උන්වහන්සේගේ සොහොවුරු වූ ද, ධර්මාචාය්ය්නර්‍ වූ ද, මහානෙත්රේපාදමූල සුමංගල මහා සාමීන්ට කරවා පිළිගන්වන ලද වාගිරිගල පිහිටි මහා ප්රමසාදා‍ෙය‍හි ය.

i භුවනෙකබාහු නරෙන්ද්රංය‍ාගේ ආරාධනයෙන් එතුමාගෙන් ම සිවුපසය ලබමින් එහි වැඩ සිටින අවස්ථාවෙහි ම මෙය ලියන ලද බැව්, “ග්රවන්ථාරම්භයෙහි කර්තෘස්ථානාදී දක්වන්නාහු - අප මහා ගෞතම තථාගතයන්ගේ ප්රදථම බොධියෙහි පටන් එක්වාදහස් අටසිය අටළොස් අවුරුද්දක් ඉකුත්-අපිව-ශ්රීඅ ලංකාද්වීපොත්පත්ති විජයෙන්ද්රාුදී නරෙන්ද්රෙයන් එක්සිය එකානූදෙනෙක්හුගේ අතික්ර්මණයෙහි අප ශ්රී් සඬඝබෝධි ශ්රී භුව‍ෙනෙකබාහු නරේන්ද්ර‍යන් ලංකාවිජය කොට අභිෂේක මංගල්ය යෙන් විජෘම්භිත කල්හි ඔවුන්ගේ ම ප්ර ත්ය ය දාන ප්රෙතිග්රාකහක ව වාතගිරි පර්වතයෙහි චිරානුගත කාලයක් වැස සර්ව ස්ථානයෙහි කරණලද තථාගත ප්රා ර්ථනා ඇති මයුරපාද පරිවෙණාධිපති තථාගත පුත්රර වූ ස්ථවිරයන් විසින් බුදුන් ගේ අර්හත් ගුණාදි නෛක තථාගත ගුණයන් තමන්ගේ බුද්ධිචය්ය්දර්‍ාවගේ ඒකදේස ප්ර්කාශ ‍ෙකාට, ලොකාර්ථචය්ය්‍ර්වෙණහි දු මනොබන්ධය කොට නවවැනි බුද්ධොත්පාදක්ෂණ සම්පත්ති ලද නෛකව්යාධධිගත සත්වයන් ශරීර සාර-ජීවිතසාර ග්රලහණයට අසමර්ථයන් සේ දැක, ඔවුන් කෙරෙහි උපදනා ලද කරුණා මෛත්රිඅයෙන් චොදිත ව, ඔවුන් ආරොග්යන ප්රෛතිලාභයෙන් ත්රිතවිධ වූ සුචරිත ධර්මයෙහි යෝජනය කරවා තමන්ගේ ද අභිමතය ප්රායර්ථනාවන්ගේ ද අර්ථය සඳහා” යන යොගාර්ණව ග්රාන්ථාරම්භ පූර්විකාවෙන් පෙනේ.

කලින් ලියන ලද පොත පූජාවලිය බව ත්, i භුව‍ෙනෙකබාහු 193 වැනි ලංකේශ්වරයා බව ත් මෙයින් කිය වේ. එහෙත් මහා වංශයෙහි* සඳහන්ව තිබෙන්නේ මොහු 155 වැනියා ලෙස ය. සෑම අසණීපයක් ගැණ ම නිධානදිරොගලක්ෂණ හා ප්රනත්යයක්ෂ හස්ත සාර ඖෂධයෝග ඇතුළත් අද්ධ්යාණය 48කින් මේ පෙ‍ාත අවසන් වෙති.

W.  Geiger  -  1930  


ප්‍රයොග රත්නාවලිය

උන්වහන්සේගේ තුන් වැනි කෘතිය මෙය යි, යොගාර්ණවයේ වැඩිමහල් සහෝදරයා ලෙස ගිනිය හැකි මෙය සිංහලයෙන් මේ තාක් පළවුන එක ම රස (සින්දුරම්) වෙදපොත යි. අද්ධ්යාුය 29 කින් අවසන් වන මෙහි නැකත්-මන්ත්ර්-සත්ය ක්රිියා රස බෙහෙත් ක්ර්ම හා රස භෂ්ම-ඖෂධ ශුද්ධිය ගැණත් ඉතා සියුම් කෙටි ක්රූම මැනවින් දක්වා තිබේ. ප්ර ධාන වශයෙන් ඇතුළත් ව තිබෙන්නේ යොගාර්ණවයෙහි සඳහන් වෛද්යත ක්රෂම වලින් සුවකළ නොහැකි රෝගවලට සින්දුරම් ක්රුම ආදී වෛද්යු ප්රැයෝගරත්න සමූහයකි.

මෙහි පූර්විකාවෙහි දැක්වෙන “ජගත්රතය වාසීහු විසින් වැන්ද යුතු වූ අඤ්ජලිකෘපණයකොට හෙවත් සකසා නමස්කාරය කොට මෙයින් අනන්තරයෙහි ග්රින්ථාරම්භයක් ප්ර්කාශ කරමි. හේ කවරේ ද යත්: නානාවිධ සත්වවර්ගයා අනේක ප්රාකාර රොගෝපද්ර වයන්ගෙන් පෙළී ත්රිනවිධ මහාසාර සැපත් සාධාගත නොහැකි සේ දැන මොවුන් කෙරේ කරුණාපුරඃසරාභිලාශයෙන් සමුද්රි්ත ව අ‍ාරොග්යලප්ර තිලාභයෙන් ජීවිත සාරකොට සුසිරිත් පුරා මොක්ෂ ග්රාහණය පිණිස මේ මතු වෛද්යන-ප්රලයෝග වර්ණනා කරනු ලැබේ.” – “මේ මහා වෛද්යන ශාස්ත්රයය ජීවකයින් ලවා විශෙෂයෙන් ප්රනකාශකර වූයේ- ඍෂීන් විසින් ග්රාන්ථ වශයෙන් සාධා තුබූ පරිද්දෙන් දැනගත නොහැක්කා වූ සත්වයන්ට ලෝ වැඩකිරීම යහපතැයි --සිතා “සද්ධර්ම නමැති මහා සමුද්රෙයෙහි බැස, චතුර්වේද නමැති ගංගා තෙරට පැමිණ, කාව්යර නමැති ජලයෙන් අභිෂෙක කළාවූ මයුරපාද ස්ථවිරයන් වහන්සේ විසින් පදාර්ථ විදහා අස්විනීන්ගේ නාමයට ස්තුතිකොට දක්වනු පිණිස වෛද්යෂ ශාස්ත්රන නමැති මහා සමුද්රකයෙන් සංක්ෂෙප මාත්රෛයක් එලි පහලි කොට දක්වන ලද්ද‍ා වූ මේ ප්ර්කාරණය ලෝක සත්වයාගේ දුඃඛ නිවාරණය කිරීමට‍ සිංහල දෙශ භාෂාවෙන් ප්රිකාශයට ග්රඛන්ථාරම්භ විස්සර්ජනය කරන ලද්දදේ,” “කෙශාග්රවය පටන් පාදාග්ර්ය දක්වා චිකිත්සාවලින් එලි පහලි කෙරෙමි” යන අදහසින් පළමුකොට ගර්භොත්පත්ති රොගයට ඖෂධ චිකිත්සා කියම් හ.” යන වාක්යොයන් ගෙන් හැගෙන්නේ මෙය පැසුණු බුද්ධියකින් යුක්ත ව වෘද්ධ අවස්ථාවෙහි වැඩ සිටිය දී ලියන ලද්දක් බව ය. එසේ ම උන්වහන්සේගේ අවසාන කෘතිය ත් මෙය විය හැක. භක්තිපූජාව (පූජාවලිය) ක් හා වෙදපොතකුත් කලින් කල බැව් මේ පූර්විකාවෙන් හැඟේ. මේවායේ සඳහන් වන්නේ සිංහල වර්ගයා අතර අවුරුදු දහස් ගණනක් භාවිතා කර ගෙන ආ ප්රාත්ය ක්ෂ හස්තාසාර ඖෂධ යෝග ය. එසේ ම මින් පසු සම්පාදිත - වරසාරාර්ථසංග්රඟහ- (බුද්ධදාස රජුගේ සාරාර්ථ සංග්ර්හ සන්නය) භෙසජ්ජ මඤ්ජුසා සන්න‍ය - වරයොග සාරය ආදී මහා වෛද්ය ග්ර්න්ථ පෝෂණයෙහි ලා බොහෝ සේ ඉවහල් වී තිබෙන්නේ මේ යොගාර්ණව - ප්රෝයොගරත්නාවලී වෙද පොත් දෙක ය.


බු.ව. 883 දී බුද්ධදාස රජතුමා විසින් අනුරපුර මහ වෙහෙර කරවනලද මයුරපාද පිරිවෙණ හැර වෙන මයුරපාද පිරිවෙණක් ගැණ හෝ තවත් මයුරපාද පරිවෙණාධිපති කෙනෙක් ගැන හෝ දැන ගන්නට නැති නිසා ඒ පිළිබඳ මත භෙදයක් ඇති වීමට ඉඩක් අතැ යි නොසිතමි. එහෙයින් අප විසින් පිළිගත යුත්තේ එම පිරිවෙණ පිහිටුවා අවුරුදු නවසිය පණහකින් පසු මේ බුද්ධ පුත්‍රයන් වහන්සේ ද එහි ආධිපත්‍යය උසුලමින් තත්කාලීන ii පැරකුම්බා - iv විජයබා - i භුවනෙකබා යන මනු ජෙන්ද්ර්යන් විසින් කරවන ලද මහා විහාරයන්හි ඔවුන්ගේ ආරාධනය ලෙස වෙසෙමින් ලංකාවාසීන් ගේ ‍දෙලෝ වැඩ පිණිස ක්රිියා කළ බව ය. එසේ ම පූජාවලායෙහි ත්රි පිටක ධර්මය පිළිබඳ අප්රාතිහතඥනය ත් ලංකා ඉතිහාසය හා ගම්බද-සිරිත් විරිත් ගැණ පවා පැතිරී ගිය බුද්ධිප්රාභාවය ත්‍, අනික් ග්ර න්ථද්වයෙන් වෛද්යංශාස්ත්ර ය විෂයෙහි පැවත විශාරද භාවය ත් මැනවින් ම වැටහේ.


පණ්ඩිත කිරිඇල්ලේ ඤාණවිමල ස්ථවිර

2495 ජූලි 18 දිනට පැමිණ ඇසළ

1951 පුර පසළොස්වක ලත් බුද දින

මාරපණ ශාස්ත්රොලදය පිරුවන්හි දී ය.

"https://si.wikibooks.org/w/index.php?title=පූජාවලිය-ප්‍රස්තාවනය&oldid=11278" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි